
විද්‍යාව, තාක්‍ෂණය, සංවර්ධනය හා තොරතුරු සමාජය ගැන සරල හා සංසන්දනාත්මක විග‍්‍රහයන් රැසක් අඩංගු “සිවුමංසල කොලූ ගැටයා” ග‍්‍රන්ථය මෙවර කොළඹ ජාත්‍යාන්තර පොත් ප‍්‍රදර්ශනයේදී එළි දකියි.
විද්‍යා ලේඛකයකු හා මාධ්‍යවේදියෙකු ලෙස වසර 25ක දෙස් විදෙස් අත්දැකීම් ඇති නාලක ගුණවර්ධන විසින් “රාවය” පුවත්පතට ලියන ලද තීරු ලිපි 44ක් මේ පොතේ අඩංගු ය. එහි පෙරවදන ලියා ඇත්තේ මාධ්‍යවේදී අසෝක ඩයස් විසිනි.
ආතර් සී. ක්ලාක්, රේ විජේවර්ධන, සිරිල් පොන්නම්පෙරුම හා ඔස්මන්ඞ් ජයරත්න වැනි විද්වතුන් සමඟ සමීපව කටයුතු කළ නාලක, එ අත්දැකීම් කාලානුරූපව හා සරල බස් වහරකින් ඉදිරිපත් කරයි.
ශ‍්‍රී ලාංකික ජන සමාජයේ “හැත්තෑ හතේ දරුවන්” ගැන විශේෂ අවධානයක් යොමු කරන ලේඛකයා, ඔවුන් මෙරට පළමුවන “ටෙලිවිෂන් පරම්පරාව” හා මුල් ම “ඉන්ටර්නෙට් පරම්පරාව” බවට පත් වන සැටි ගැන කලෙක සිට අදහස් පළ කරන්නෙකි.
පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන සියළු මාධ්‍ය හරහා ද්විභාෂිකව සන්නිවේදනය කොට ඇති ඔහු, ගෝලීය තොරතුරු සමාජයේ ලාංකික ලකුණ කෙසේ ස්ථාපිත කළ යුතු දැයි මේ කෘතියේ ලිපි හරහා සාකච්ඡා කරයි.
රාවය ප‍්‍රකාශනයක් වන “සිවුමසල කොලූගැටයා” මිළ රු. 450කි. එය විශේෂ වට්ටමකට පොත් ප‍්‍රදර්ශනයේදී ලබා ගත හැකි ය.
Dispatches from a Busy Intersection: New Sinhala Book Zooms In and Zooms Out
පාසැල් සිසුවෙකු වශයෙන් මගේ පළමු කෘතිය ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාවෙත පිළිගැන්වීමට එතුමා හා හමුවීමක් ලබාගැනීමේදී ඔබගේ උදව් ලබා ගත් ආකාරය ඔබගේ මේ ලිපි කියවන සෑම දිනම සිහිවේ.. සිවුමංසල කොලූ ගැටයා මිලදී ගෙන සියුම් ප්‍රති උපකාරයක් කිරීමට ලැබීම ගැන සතුටු වෙමි..
සුභ පැතුම් :)
Well done Nalaka. My congratulations!
Good Work Nalaka. i read this. Keep it up.
A perceptive reader reviews my book – thank you for kind words. Keep engaging!
නාලක ගුණවර්ධනගේ “සිවුමංසල කොලුගැටයා” http://asidisimaanaya.blogspot.com/2012/12/blog-post_1488.html
සුබ පතනවා ඔබට!!