සිවුමංසල කොලූ ගැටයා පොතක් ලෙස එළි දකියි

Sivu Mansala Kolu Getaya book cover: A Ravaya Publication

විද්‍යාව, තාක්‍ෂණය, සංවර්ධනය හා තොරතුරු සමාජය ගැන සරල හා සංසන්දනාත්මක විග‍්‍රහයන් රැසක් අඩංගු “සිවුමංසල කොලූ ගැටයා” ග‍්‍රන්ථය මෙවර කොළඹ ජාත්‍යාන්තර පොත් ප‍්‍රදර්ශනයේදී එළි දකියි.

විද්‍යා ලේඛකයකු හා මාධ්‍යවේදියෙකු ලෙස වසර 25ක දෙස් විදෙස් අත්දැකීම් ඇති නාලක ගුණවර්ධන විසින් “රාවය” පුවත්පතට ලියන ලද තීරු ලිපි 44ක් මේ පොතේ අඩංගු ය. එහි පෙරවදන ලියා ඇත්තේ මාධ්‍යවේදී අසෝක ඩයස් විසිනි.

ආතර් සී. ක්ලාක්, රේ විජේවර්ධන, සිරිල් පොන්නම්පෙරුම හා ඔස්මන්ඞ් ජයරත්න වැනි විද්වතුන් සමඟ සමීපව කටයුතු කළ නාලක, එ අත්දැකීම් කාලානුරූපව හා සරල බස් වහරකින් ඉදිරිපත් කරයි.

ශ‍්‍රී ලාංකික ජන සමාජයේ “හැත්තෑ හතේ දරුවන්” ගැන විශේෂ අවධානයක් යොමු කරන ලේඛකයා, ඔවුන් මෙරට පළමුවන “ටෙලිවිෂන් පරම්පරාව” හා මුල් ම “ඉන්ටර්නෙට් පරම්පරාව” බවට පත් වන සැටි ගැන කලෙක සිට අදහස් පළ කරන්නෙකි.

පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන සියළු මාධ්‍ය හරහා ද්විභාෂිකව සන්නිවේදනය කොට ඇති ඔහු, ගෝලීය තොරතුරු සමාජයේ ලාංකික ලකුණ කෙසේ ස්ථාපිත කළ යුතු දැයි මේ කෘතියේ ලිපි හරහා සාකච්ඡා කරයි.

රාවය ප‍්‍රකාශනයක් වන “සිවුමසල කොලූගැටයා” මිළ රු. 450කි. එය විශේෂ වට්ටමකට පොත් ප‍්‍රදර්ශනයේදී ලබා ගත හැකි ය.

Dispatches from a Busy Intersection: New Sinhala Book Zooms In and Zooms Out

Unknown's avatar

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

6 thoughts on “සිවුමංසල කොලූ ගැටයා පොතක් ලෙස එළි දකියි”

  1. පාසැල් සිසුවෙකු වශයෙන් මගේ පළමු කෘතිය ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතාවෙත පිළිගැන්වීමට එතුමා හා හමුවීමක් ලබාගැනීමේදී ඔබගේ උදව් ලබා ගත් ආකාරය ඔබගේ මේ ලිපි කියවන සෑම දිනම සිහිවේ.. සිවුමංසල කොලූ ගැටයා මිලදී ගෙන සියුම් ප්‍රති උපකාරයක් කිරීමට ලැබීම ගැන සතුටු වෙමි..

Leave a reply to hasithag Cancel reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.