සිවුමංසල කොලු ගැටයා #371: සමූහ සම්මාදම් නවීකරණය හා විවිධාංගීකරණය ඕනෑ කර තිබේ!

‘Crowdfunding’ is the practice of funding a project or venture by raising small amounts of money from a large number of people. The idea has been around for a long time, in one way or another, but modern day crowdfunding using digital and web technologies has a history of just two decades. As the Internet use began to spread in the 1990s, some creative artistes soon realised the potential of appealing – and receiving – donations online.

The first dedicated web-based crowdfunding platform called ArtistShare in 2000. Since then, dozens of such platforms have emerged. These are being used to raise public support for many entrepreneurial ventures, artistic and creative projects, medical expenses, travel, or social enterprises.

In this week’s Ravaya column, published in the newspaper edition of 15 July 2018, I explore the potential for online #crowdfunding for charitable and artistic needs work in Sri Lanka. I also draw on Dr Tom Widger’s 2011-12 research on philanthropic trends in Sri Lanka to ask the question: how can we diversify local fund raising for good causes (besides large amounts of money already being donated to religious and humanitarian causes)?

Crowdfunding has been around for a long time. Technology can help reinvent the practice

පොදු වැඩකට නැතිනම් සාමයික/යහපත් කාරියකට මහජනයාගෙන් සම්මාදම් එකතු කිරීම කලක් තිස්සේ මෙරට සිදු වන්නක්.

එහෙත් බොහෝ විට මෙවැනි ‘ආධාර එකතු කිරීම්’ හරහා ඒකරාශී වන මුදල් කෙසේ වියදම් කරනවාද හා අවසාන ප්‍රතිඵලය කුමක්ද යන්න ගැන ප්‍රසිද්ධියේ වගවීමක් නැහැ.

ආගමික සිද්ධස්ථාන හා පුන්‍යායතනවලට මහජනයා ලබා දෙන මූල්‍යමය දායකත්වය ගැනත් වගකීම හා වගවීම මදි.

ශ්‍රී ලංකාවේ දානපති (philanthropic) ප්‍රවනතා ගැන මීට වසර කීපයකට පෙර අධ්‍යයනයක් කළ ආචාර්ය ටොම් විජර් (Dr Tom Widger) නම් බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥයා පෙන්වා දුන්නේ දානපති ක්‍රියා සඳහා (අපේ රටේ ආදායම් මට්ටම්වලට සාපේක්ෂව) නොමසුරුව ආධාර කිරීම සිදු වෙතත් එහි සීමා ගණනාවක් ද ඇති බවයි.

දානපති ක්‍රියා බහුතරයක් ආගමික පූජ්‍යස්ථානවලට හෝ තමන් උගත් පාසලට ඉලක්ක වන අතර, සංස්කෘතික හෝ පර්යේෂණාත්මක වැඩට ප්‍රමුඛත්වයක් නොලැබෙන බව ඔහු සොයා ගත්තා.

එසේම ආපදා සහනාධාර වැනි කෙටි කාලීන අවශ්‍යතා සඳහා ආධාර කිරීම මුල් තැනක් ගන්නා අතර සමාජීය වශයෙන් වැදගත් එහෙත් දිගු කාලීන විසඳුම්වලට රටේ දානපති ආධාර ලැබෙන්නේ ඉතා සීමිතව බවත් ඔහු සංඛ්‍යා ලේඛන සමග පෙන්වා දුන්නා.

මේ ප්‍රවනතා වෙනස් කොට වඩාත් පුළුල් වූත්, දිගු කාලීන වූත් අවශ්‍යතා වැඩි ප්‍රමාණයකට මහජන ආධාර ආකර්ශනය කර ගැනීමට කුමක් කළ හැකිද? මේ සඳහා නවීන සන්නිවේදන ක්‍රමයන් උපකාරී වන්නේ කෙසේද?

තාක්ෂණයත් සමග මෑත කාලයේ ලොව ජනප්‍රිය වූ සංකල්පයක් තිබෙනවා. සාපේක්ෂව කුඩා මුදල් ප්‍රමාණයක් බොහෝ දෙනකු විසින් එක් නිශ්චිත නිමිත්තකට පරිත්‍යාග කිරීම දැන් හඳුන්වන්නේ crowdfunding කියායි.

මෙයට නිල සිංහල යෙදුමක් තවම නැහැ. සමාජ මාධ්‍ය හරහා මා කළ විමසීම්වලදී යෝජනා කිහිපයක් ලැබුණා. ජන ආයෝජන, ප්‍රජා අයෝජන, සමූහ සම්මාදම් හා විවෘත සම්මාදම් ආදී වශයෙන්. මෙයින් මා වඩාත් කැමති සමූහ සම්මාදම් යෙදුමටයි. (මෙතනදි ආයෝජනයේ ප්‍රතිලාභ ලබන්නේ සමස්ත සමාජයම මිස ආධාර කරන්නා නොවෙයි.)

නූතන යුගයේ සමූහ සම්මාදම් සඳහා ස්මාර්ට්ෆෝන් ආකාරයේ ජංගම දුරකතන හා ඉන්ටර්නෙට් යොදා ගන්නවා.

මේ ආකාරයට සමූහ සම්මාදම් එකතු කිරීම ඇරඹුණේ 1990 දශකයේ වෙබ් භාවිතය කෙමෙන් ප්‍රචලිත වීමත් සමගයි.

වාර්තාගත මුල්ම සාර්ථක උත්සාහය සිදුව ඇත්තේ 1997දී. මැරිලියන් නම් බ්‍රිතාන්‍ය රොක් සංගීත කණ්ඩායම ඇමරිකාවේ සංචාරය කරමින් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවශ්‍ය වූ ඩොලර් 60,000ක සමස්ත වියදම වෙබ්ගත ආධාර ඉල්ලීමක් හරහා සොයා ගත්තා.

එයින් පසු එම ක්‍රමවේදය වෙනත් කලාකරුවන් හා සමාජ ක්‍රියාකාරිකයන් ද ටිකෙන් ටික අනුගමනය කිරීම ඇරඹුණා. මේ සඳහාම වෙන් වූ මුල්ම වෙබ් වේදිකාව ArtistShare නමින් 2000දී විවෘත කෙරුණා.

ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ වෙබ් හරහා සමූහ සම්මාදම් එකතු කිරීමට වේදිකා රාශියක් බිහි වී ඇති අතර පොදු වැඩට මෙන්ම පෞද්ගලික හදිසි අවශ්‍යතා (උදා- වෛද්‍ය ප්‍රතිකාර වියදම්) සඳහා ද සමූහ සම්මාදම් එකතු කරනු ලබනවා.

මේ ඉල්ලීම් හැම එකක්ම සත්‍යවාදී ද යන්න තහවුරු කිරීම අපහසුයි. එහෙත් යම් තරමක විමර්ශනයක් කිරීමට වෙබ්ගත වේදිකා බහුතරයක් තැත් කරනවා.

ආධාර ඉල්ලීම හා එකතු කිරීම පමණක් නොකර තමන්ට උපකාර කරන සියලු දෙනා සමග සබඳතා පවත්වා ගනිමින් සමූහ සම්මාදමේ ප්‍රතිඵල කෙසේ වේදැයි වාර්තා කිරීමට සමහර සමූහ සම්මාදම් වෙබ් වේදිකාවල ඉඩ සළසා තිබෙනවා.

Kickstarter.com එවැනි ප්‍රකට ගෝලීය වේදිකාවක්. ඒ හරහා කලා කෘතියකට, නව නිපැයුමකට, සොබා ගවේෂණයකට හෝ විද්‍යාත්මක පර්යේෂණයකට වුව සමූහ සම්මාදම් ඉල්ලීමට හැකියි.

එසේ ඉල්ලීමක් පළ කරන විට තමන් අපේක්ෂා කරන මුළු මුදල හා එය එකතු වීමට අපේක්ෂා කරන කාල වකවානුව (මාස කීයක් ද යන්න) එහි සඳහන් කළ යුතුයි. ඩොලර් 5 සිට ඉහළ විවිධ අගයන්ගෙන් සම්මාදම් ලබා දිය හැකි වුවත් අපේක්ෂකයාට මුදල් ලැබෙන්නේ නියමිත කාලය තුළ ඉලක්කය සපුරා ගතහොත් පමණයි. නැත්නම් සියලු මුදල් නැවත දායකයන්ටම හරවා යවනවා.

ඉලක්ක සපුරා ගත්තොත් වේදිකා පරිපාලන වියදම් සඳහා සුළු ප්‍රතිශතයක් අය කර ගත් පසු ඉතිරි මුදල අපේක්ෂකයාට ලැබෙනවා.

Kickstarter.com ඇරඹු 2009 සිට 2017 අවසන් වන තෙක් ඩොලර් බිලියන් 3.18ක් විවිධාකාර ඉල්ලීම් දහස් ගණනක් වෙනුවෙන් සමූහ සම්මාදම් ලෙස එකතු කොට තිබෙනවා.

මේ කාලය තුළ සාර්ථකව නිම වූ ඉල්ලීම් ප්‍රතිශතය 36%යි. එනම් බහුතරයක් ඉල්ලීම් තම ඉලක්කය සපුරා නොගැනීම නිසා සතයක්වත් නොලැබී යනවා.

එහෙත් වෙනත් සමූහ සම්මාදම් වේදිකා වල මෙම කොන්දේසිය නැති නිසා එකතු වූ කුමන හෝ මුදල් ප්‍රමාණය අපේක්ෂකයාට ලැබෙනවා. මෙවන් ගෝලීය වේදිකා වලට පිවිසී ශ්‍රී ලංකාවේ නමින් සෙවිල්ලක් කළොත් සමහර ලාංකිකයන් ද මේ හරහා යම් නිමිති සඳහා සමූහ සම්මාදම් එකතු කොට ඇති බව පෙනී යනවා.

ශ්‍රී ලංකාව තුළ ද වෙබ්ගත සමූහ සම්මාදම් වේදිකා මතු වී තිබෙනවා. Help.lk එබන්දක්. එහෙත් බැලූ බැල්මට නම් මේවා එතරම් ජනප්‍රිය වී නැහැ.

විදේශ රටවල දානපතියන් හෝ විදේශ රාජ්‍යයන් වෙතින් මෙරට සුබසාධන හා පුණ්‍යමය අවශ්‍යතා සඳහා ලැබෙන ආධාර අඩු වෙමින් තිබෙනවා. මේ අඩුවට එක් ප්‍රතිචාරයක් නම් දේශීය දානපති ක්‍රියාකාරීත්වය වඩා විධිමත් කිරීමයි.

Give2Lanka logo

මේ අරමුණෙන් බිහි වූ ලාබ නොතකන ආයතනයක් Give2Lanka.org නම් වෙනවා. එහි ආරම්භක හා සභාපති වන දුලාන් ද සිල්වා පුණ්‍යායතන හා රාජ්‍ය නොවන ෙක්ෂත්‍රය සඳහා අරමුදල් ජනනය විවිධාංගීකරණයටත්, නවීකරණයටත් ක්‍රමවේද සොයන්නෙක්.

ඔහු කියන හැටියට මෙරට සමහර (සාපේක්ෂව) විශාල පුණ්‍යායතන තමන්ගේම වෙබ් අඩවිවල සුරක්ෂිතව ආධාර දිය හැකි බැංකු පහසුකම් (Payment Gateways) ලබා දී තිබෙනවා. එවිට ක්‍රෙඩිට් කාඩ් හරහා තමන් කැමති මුදලක් අදාළ ආයතනයට ලෙහෙසියෙන් පරිත්‍යාග කළ හැකියි.

”එහෙත් ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන බොහෝ ලාංකිකයන් පවා වෙබ් හරහා එයින් ගනුදෙනු කිරීමට තවමත් මැලි වෙනවා. එබැවින් වෙබ්ගත ආධාර ඉල්ලීම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්” යයි දුලාන් ද සිල්වා කියනවා.

තමන්ගේම වෙබ් අඩවියට විද්‍යුත් වාණිජමය බැංකු පහසුකම් ලබා ගැනීම වියදම් සහගත වැඩක්. එසේ කළ නොහැකි කුඩා හා මධ්‍යම පරිමාණයේ සිවිල් සමාජ සංවිධානවලට මෙන්ම කලාකරුවන් හා නව නිපැයුම්කරුවන් වැනි පුද්ගලයන්ට විකල්ප දෙකක් තිබෙනවා.

එක්කෝ Give2Lanka.org වැනි දේශීය සමූහ සම්මාදම් වේදිකාවක තම ඉල්ලීම් ප්‍රකාශයට පත් කිරීමයි.

අනෙක් ක්‍රමය නම් ගෝලීය වේදිකාවක තම ඉල්ලීම පළ කිරීමයි. JustGiving.com වැනි වේදිකාවක මෙරට විවිධාකාර පොදු හා පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් ප්‍රකාශිත ඉල්ලීම් ගණනාවක් හමු වනවා. (හැම එකක්ම සාර්ථක නැහැ.)

දුගී දරුවන්ට අධ්‍යාපනයට උදව් වීම, ආබාධිත අයට පිහිට වීම, කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය වැනි නිමිති රැසක් මෙවන් ලාංකික ඉල්ලීම් අතර තිබෙනවා. සමහර පර්යේෂකයන් හා සොබා ගවේෂකයන්ද තම වියදම් කොටසක් පතමින් වෙබ්ගත ඉල්ලීම් පළ කරනවා.

මා දන්නා තරමට මෙය තවමත් පුළුල්ව නියාමනයට ලක් වන ක්‍රමවේදයක් නොවෙයි. එහෙත් සමූහ සම්මාදම් ප්‍රචලිත වීම සමග දියුණු රටවල් ගණනාවක එයට අදාළ නීති හා නියාමන හඳුන්වා දී තිබෙනවා.

තමන්ට ලැබෙන හැම ආධාර ඉල්ලීමක්ම වෙබ්ගත සමූහ සම්මාදම් වේදිකා පළ කරන්නේ ද නැහැ. ඔවුන් යම් නිර්ණායක භාවිත කරනවා. සමහර වේදිකාවලට ප්‍රමුඛතා තිබෙනවා. Give2Lanka.org වේදිකාව ළමුන් සුබසාධනය, තරුණයන් සවිබල ගැන්වීම හා අධ්‍යාපන අවශ්‍යතා වලට කැප වී සිටිනවා.

”ශ්‍රී ලංකාවේ පුණ්‍යායතන හා සිවිල් සංවිධාන අධාර සෙවිමට ඩිජිටල් හා වෙබ් තාක්ෂණයන් තවමත් යොදා ගන්නේ බෙහෙවින් සීමිතවයි. එහි විභවය ගැන බොහෝ ආයතනවලට හරිහැටි අවබෝධයක් නැහැ” යයි දුලාන් කියනවා.

එහෙත් ක්‍රෙඩිට් කාඩ් භාවිතය මෙන්ම වෙබ් භාවිතයත් ඉහළ යන සමාජයක මේ සමූහ සම්මාදම් ක්‍රමවේදය ටිකෙන් ටික ස්ථාපිත වීමට ඉඩ කඩ තිබෙනවා. එයට නිසි ප්‍රවර්ධනය හා නවෝත්පාදනය අවශ්‍යයි. ආධාර දීම ලෙහෙසි වූ තරමට එසේ කිරීමට පෙළඹෙන ජන පිරිසද වැඩි වේවි.

L to R – Dr Tom Widger, Dulan de Silva, Asoka Handagama

මේ විභවය යම් තාක් දුරට උරගා බලන්න අපේ කලාකරුවන් හා නව නිපැයුම් කරුවන් යොමු වනු ඇතැයි මා සිතනවා. හැම නිර්මාණයකටම රාජ්‍ය අනුග්‍රහය හෝ ව්‍යාපාරික අනුග්‍රාහකත්වය ලැබෙන තුරු බලා නොසිට සමූහ සම්මාදම් කිරීමේ විකල්පයක් ද තිබෙන බව සිහිතබා ගැනීම වැදගත්.

මෙයට හොඳ පූර්වාදර්ශයන් ද මෑත ඉතිහාසයේ අපට සොයා ගත හැකියි. 1940 ගණන්වල මොරටුවෙන් මතුව ආ ඇල්බට් පෙරේරා නම් ගායනයට අති දක්ෂ තරුණයකු ඉන්දියාවේ භාත්ඛණ්ඩේ ආයතනයේ වැඩිදුර සංගීතය අධ්‍යයනයට යැවීමට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර හා පත්‍රකලාවේදී ඩී බී ධනපාල තීරණය කළා.

එයට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට ධනපාල සිය ලංකාදීප පුවත්පත හරහා සමූහ සම්මාදමක් දියත් කළා. එයට රට පුරා ජනයාගෙන් ලොකු හා කුඩා ආධාර රැසක් ලැබුණා. ඒවායේ උපකාරයෙන් 1954 සිට වසර කීපයක් ඉන්දියාවේ උගත් තරුණ ගායකයා යළි මෙරටට ආවේ පණ්ඩිත් අමරදේව ලෙසින්. තමන් උගත්තේ රටේ පොදු ජනයාගේ සම්මාදමින් බව අමරදේවයන් කිසිදා අමතක කළේ නෑ.

Crowdfunding helped educate W D Amaradeva in the 1950s

නූතන යුගයේ මෙබන්දක් කළ හැකිද?

දැනටමත් මෙය උත්සාහ කළ ප්‍රකට කලාකරුවකු නම් සිනමාවේදී අශෝක හඳගමයි. 2016 දී ප්‍රදර්ශනයට ආ ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටය නිර්මාණය කරමින් සිටින කාලයේ ඔහු සමූහ සම්මාදම් ඉල්ලීමක් පළ කළා. ඒ නිව්යෝක් නුවර කේන්ද්‍ර කර ගත් Crimso නම් වේදිකාව හරහායි. එය කලා, ව්‍යාපාරික මෙන්ම ප්‍රජා ඉල්ලීම්වලටත් විවෘතයි.

2014 මාස කිහිපයක් තිස්සේ විවෘතව තිබූ මේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු ඩොලර් 6,000ක් පමණ එකතු වූ බව අසෝක කියනවා. එහෙත් චිත්‍රපටයේ සමස්ත නිෂ්පාදන වියදම වූ ඩොලර් 120,000න් එම සම්මාදම පියවූයේ 5%ක් පමණයි. චිත්‍රපටයේ සංස්කරණ වියදම් සමහරක් ගෙවීමට තමා එය යොද ගත් බව අසෝක පැවසුවා.

සමූහ සම්මාදම් ක්‍රමය අත්හදා බැලන්නට සිතන සෙසු ලාංකිකයන්ටද  අසෝක හඳගමගේ උපදෙස මෙයයි. ” වෘතාන්ත චිත්‍රපටයක් නිපදවීම වැනි අවශ්‍යතාවක් සඳහා සමූහ සම්මාදම් ක්‍රමය තවමත් ශ්‍රී ලංකාවේ ප්‍රයෝගිකව යොදා ගැනීම දුෂ්කරයි. නිෂ්පාදන වියදම සාපේක්ෂව අඩු වාර්තා චිත්‍රපටයකට සමහර විට මේ ක්‍රමයෙන් මුදල් සොයා ගත හැකි වේවි. ප්‍රජා මූලික කලා කටයුතු සඳහා නම් වෙබ්ගත සමූහ සම්මාදම් ඉල්ලූ විට සැළකිය යුතු ප්‍රතිචාරයක් ලැබීමට ඉඩ තිබෙනවා. එහෙත් ඒ සඳහාත් අදාළ වේදිකාවේ ඉල්ලීම පළ කළාට පසුව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා දිගටම ප්‍රසිද්ධිය ලබා දීම අවශ්‍ය වනවා. වේදිකාවක ඉල්ලීම පළ කිරීම යනු මුල් පියවර පමණයි.”

In 2014, noted Lankan filmmaker Asoka Handagama tried his hand in crowdfunding for a feature film – with limited success

මෙරට පදිංචි ජනගහනය මිලියන් 21ට අමතරව රැකියා සඳහා හෝ සදහටම හෝ විදෙස්ගත වූ ලාංකිකයන් ඇස්තමේන්තුගත මිලියන් 2ක් පමණ සිටිනවා. මේ අයගෙන් මෙරට පොදු අවශ්‍යතා, කලා නිර්මාණ, නව නිපැයුම් හෝ පුණ්‍යායතන සඳහා සමූහ සම්මාදම් ලබා ගත හැකිද? මෙයද අප විමසා බැලිය යුත්තක්.

විදෙස්ගත අපේ ශ්‍රමිකයන් නිතිපතා මෙරටට එවන විදේශ විනිමය අපේ ආර්ථීකයේ වැදැගත් හා තීරණාත්මක සාධකයක්. 2009දී ඩොලර් බිලියන් 3.33ක් වූ මේ ගලා ඒම 2017දී ඩොලර් බිලියන් 7.16ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකු ලේඛන පෙන්වා දෙනවා.

මේ මුදල් නිසාම යැපෙන පවුල් ලක්ෂ ගණනක් සිටිනවා. එසේම එම මුදල්වලින් කොටසක් ආගමික සිද්ධස්ථානවලට යොමු වනවා කියාත් අනුමාන කළ හැකියි.

එලොවට පමණක් නොව මෙලොවටත් සෙත් දෙන පොදු වැඩට දැනට වඩා දේශීය දානපති පරිත්‍යාග වැඩි කළහොත් විදෙස් ආධාර හා පරිත්‍යාග මත යැපීම අඩු කළ හැකියි.

සිවිල් සමාජයට, පුණ්‍යායතනවලට, කලාකරුවන්ට හා නව නිපැයුම්කරුවන්ට මීට වඩා දේශීය අනුග්‍රහය ලැබිය යුතුයි. තාක්ෂණය හරහාවත් අපට සමූහ සම්මාදම් ක්‍රමවේද මීට වඩා මුවහත් කර ගත හැකි නම්, දේශීය දානපති ක්‍රියාවලට එය රුකුලක් විය හැකියි.

තොරතුරු අයිතිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් හොඳ ආරම්භයක් – නාලක ගුණවර්ධන

Nalaka Gunawardene speaks at public forum on Sri Lanka’s new Right to Information (RTI) law. Colombo, 15 Feb 2017
Nalaka Gunawardene speaks at public forum on Sri Lanka’s new Right to Information (RTI) law. Colombo, 15 Feb 2017

On 15 February 2017, I served as main speaker at a public forum in Colombo on Sri Lanka’s newly operational RTI law and its wider socio-cultural and political implications. The event, organized by the National Media Forum (NMF), was attended by a large number of journalists, social activists, lawyers, government officials and other citizens.

Here is one news report on the event, by Lanka News Web:

තොරතුරු අයිතිය සමාජ සාධාරණත්වය වෙනුවෙන් හොඳ ආරම්භයක් – නාලක ගුණවර්ධන

තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ ඉදිරියේදී දුර්මත ගොඩනැගීමටත් දියාරු කිරීමටත් හැකියාව ඇති හෙයින් එම තත්ත්වයන්ට මුහුණ දීමට සූදානමින් සිටිය යුතු බව ප්‍රවීණ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) පැවති ජාතික මාධ්‍ය සංසදය මඟින් සංවිධානය කර තිබූ “තොරතුරු පනතට සමාජ සංස්කෘතිය ඉක්මවිය හැකිද?” සංවාද සභාවේ මුඛ්‍ය දේශනය පවත්වමිනි.

පනතේ 20 වැනි වගන්තියට අනුව ප්‍රගාමී තොරතුරු දීම සම්බන්දයෙන් කර ඇති සඳහන ඉතා හොඳ ආරම්භයක් බවයි ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.පුරවැසියන් තොරතුරු ඉල්ලීමට ප්‍රථම ස්වෙච්ජාවෙන් ඒවා ලබා දිය යුතු බවට වන වගන්තිය පුරවැසියන්ගේ තොරතුරු අයිතිය තහවුරු කරන්නක් බව පෙන්වා දෙන හෙතෙම අවධාරණය කළේ කලාපයේ තොරතුරු නිතිය ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් ඇති රටවල සහය අපටද ලබා ගත හැකි බවයි.මේ සඳහා පුරවැසියන්ගේ සක්‍රීය දායකත්වයද අවශ්‍ය බව හෙතෙම සඳහන් කළේය.

ඉන්දියානු සමාජයේ තොරතුරු අයිතිය දිනා ගැනීමේ ප්‍රබල අරගලයක් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ෂෙකර් සිං සමාජ ගත කරමින් පවතින කාරණා පිළිබඳවද නාලක ගුණවර්ධන මහතා අදහස් පළ කළේය.ෂේකර් සිං මතු කරන ප්‍රධාන කාරණයක් වන මෙම අයිතිය දිනා ගැනීම වෙනුවෙන් ප්‍රජාතාන්ත්‍රීය, ප්‍රගතිශීලි හැමදෙනාම එක්ව ක්‍රියා කළ යුතු බව ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

දේශපාලන අධිකාරිය හා නිලධාරීන් මේ සම්බන්ධයෙන් නිවැරදිව සක්‍රීයව මැදිහත් වන්නේ පුරවැසියන් ඊට දක්වන ප්‍රතිචාරය මත වන හෙයින් පුරවැසියා මේ පිලිබඳ බලගැන්වීම අවශ්‍ය කරුණක් බව හෙතෙම අවධාරණය කළේය.

L to R - Nalaka Gunawardene, Mandana Ismail Abeywickrema, Priyantha Wedamulla
L to R – Nalaka Gunawardene, Mandana Ismail Abeywickrema, Priyantha Wedamulla

සංවාද සභාව ඇමතූ ජාතික මාධ්‍ය සංසදයේ කැඳවුම්කරු මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය ප්‍රකාශ කළේ මෙතෙක් පැවති අත්දැකීම් අනුව තොරතුරු ලබාදීමට ආණ්ඩු සුදානම් නොමැති හෙයින් තොරතුරු පනත ක්‍රියාත්මක කරවාගැනීමට සිදුව ඇත්තේ වෙනසකට ලක් නොවුණු දේශපාලන සංස්කෘතික පසුබිමක හිදිමින් බවයි.පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ පවා තොරතුරු ලබා ගැනීමට නොහැකි දේශපාලන පසුබිමක අපට කටයුතු කිරීමට සිදු වූ බව ඇය පෙන්වා දුන්නේය. එහෙත් මෙම තත්ත්වයන් අභියෝගයට ලක් කළ යුතු බවත් ඊට පුරවැසියා මැදිහත් විය යුතු බවත් ය වැඩිදුරටත් පැවසීය.

Here is the video of my full speech (in Sinhala):

Can Right to Information (RTI) Transform Lankan Society? Yes, but we have much to do…

Nalaka Gunawardene speaks at public forum in Colombo on Sri Lanka’s newly operational RTI law. 15 February 2017 (Photo courtesy Lanka News Web)
Nalaka Gunawardene speaks at public forum in Colombo on Sri Lanka’s newly operational RTI law. 15 February 2017 (Photo courtesy Lanka News Web)

Sri Lanka’s new Right to Information (RTI) law became operational on 3 February 2017. Marking the culmination of an advocacy effort sustained by social activists and journalists for over 20 years, the new law enables citizens to ask for, and be assured of information held in all government entities (as well as some private and non-profit entities).

The law being new, there still are apprehensions, misconceptions as well as skepticism on whether such transparency could work in a semi-feudal society like Sri Lanka’s.

On 15 February 2017, I served as main speaker at a public forum in Colombo on Sri Lanka’s newly operational RTI law and its wider socio-cultural and political implications. The event, organized by the National Media Forum (NMF), was attended by a large number of journalists, social activists, lawyers, government officials and other citizens.

L to R - Nalaka Gunawardene, Mandana Ismail Abeywickrema, Priyantha Wedamulla and Narada Bakmeewewa
L to R – Nalaka Gunawardene, Mandana Ismail Abeywickrema, Priyantha Wedamulla and Narada Bakmeewewa  (Photo courtesy Lanka News Web)

In my presentation, I said the right to ask questions from rulers is very new, and there is no historical precedent for it in Sri Lanka. Subjects had no rights whatsoever and could not ask any questions from the absolute monarchs of Lanka who ruled the island for 20 centuries. The Portuguese, Dutch and British did not grant that right in their colony of Ceylon, and neither did any of our own governments elected since independence in 1948.

Citizens are typically intimidated by politicians and officials, and unless we overcome this wide-spread subservience, we cannot derive benefits from RTI, I argued. The new law gives an unprecedented right to all 21 million Lankans – of all walks of life and of all ages – but to exercise it well we need a political vision, tenacity and imagination.

Nurturing these qualities is the big challenge on the DEMAND side of RTI in Sri Lanka, now that the government has done an appreciable amount of work on the SUPPLY side – by keeping its 2015 election pledge and giving us both the fundamental right to information (through the 19th Amendment to the Constitution) and the law that operationalises it (Right to Information Act No 12 of 2016).

I quoted Dr Rajesh Tandon, founder and head of the Society for Participatory Research in Asia (PRIA), a voluntary organisation providing support to grassroots initiatives in India on the Indian experience of RTI. Since the RTI law was introduced in 2005, India has seen a marked improvement in governance, dissemination of information and involvement of civil society in the governance process, he says.

At the same time, he points out that some challenges remain at the implementation level. Certain states in India have been more active in creating a culture of information sharing and open government. As Indians found out, it isn’t easy to shake off centuries of misplaced state secrecy and mistrust in the public. “Old rules and procedures continue to co-exist as new laws and methods are invented. Official Secrecy Act and Right to Information Act co-exist, just as written precedent and e-governance co-exist.” (Watch my full interview with Rajesh Tandon here: https://vimeo.com/118544161).

Sunil Handunnetti, JVP (opposition) Member of Parliament, speaks during RTI Forum in Colombo, 15 Feb 2017
Sunil Handunnetti, JVP (opposition) Member of Parliament, speaks during RTI Forum in Colombo, 15 Feb 2017

I also summarized India’s RTI lessons shared with me recently by Shekhar Singh, Founder of India’s National Campaign for People’s Right to Information (NCPRI) and a former member of the State Council for RTI, New Delhi. Chief among them:

  • Be well aware of political realities and complexities when promoting RTI
  • Don’t get into ‘Us and Them’ style confrontation with govt (reality always more nuanced)
  • Work with progressive elements (MPs, officials, advisors) within govt who share RTI ideals
  • South Asian politicians know they can pass many laws and then ignore them: only sustained citizen pressure will make them implement RTI fully
  • Document how RTI has led to social justice and social development in other South Asian countries, and the positive uses of RTI in Sri Lanka from now onward; Share these widely with officials, politicians and civil society activists to inspire them.
  • RTI cuts across all sectors (education, health, child rights, labour rights, environment, etc.): NGOs, trade unions and other elements of civil society need to see value of RTI-generated info for their own work and the greater good
  • Civil society should not isolate RTI as a separate movement. Integrate RTI into all public interest work in all sectors.
  • Insist that ALL layers, arms and branches of govt obey the RTI law fully (and use appeal process when any public authority is not cooperating)

Here is one news report on the event, by Lanka News Web (in Sinhala)

Here is the video of my full speech (in Sinhala):

Part of audience at public forum on Sri Lanka's RTI Law, held in Colombo, 15 Feb 2017
Part of audience at public forum on Sri Lanka’s RTI Law, held in Colombo, 15 Feb 2017

සිවුමංසල කොලුගැටයා #287: ශ්‍රී ලංකාවේ “විශාලතම සුලුතරය” වෙනුවෙන් හඬ නගන ක්‍රියාකාරිකයා

Dr Ajith C S Perera - a life long association with cricket Photo © Ajith Perera
Dr Ajith C S Perera – a life long association with cricket Photo © Ajith Perera

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 9 Oct 2016), I profile and salute Dr Ajith C S Perera, a leading champion for accessibility rights in Sri Lanka.

A chartered chemist by profession, a former senior manager in industry, a qualified training instructor, also a former test-match-panel cricket umpire, his life changed when an accident left him a paraplegic. Today he is a writer, speaker, author, a disability rights activist and accessibility adviser-accessor.

He is the founder and holds the honorary position of Chief Executive and Secretary-General of Idiriya, a registered, not-for-profit humanitarian service organisation in Sri Lanka. He has petitioned Supreme Court seeking and successfully obtaining rulings on mandatory accessibility provisions in all newly built public buildings. Sadly, however, many such premises blantatly ignore this ruling.

Wisden Cricket noted in a profile, “Society tends to have a myopic view when it comes to the disabled: people, by and large, sympathise when they ought to empathise. Perera, despite his years of experience, can’t even become a third umpire because stadiums in Sri Lanka are not fully wheelchair-accessible.”

I was a member of the jury that selected Ajith as an ‘Unsung Hero’ at the Derana Sri Lankan of the Year 2016 awards.

See also: The Sunday Times, 29 Nov 2015: Don’t DIS the ability of the largest minority, By Dr. Ajith C. S. Perera

Jurors Nalaka Gunawardene & Dian Gomez presenting Sri Lankan of the Year - Unsung Hero award to Dr Ajith C S Perera [Photo courtesy Derana Media]
Jurors Nalaka Gunawardene & Dian Gomez presenting Sri Lankan of the Year – Unsung Hero award to Dr Ajith C S Perera [Photo courtesy Pulse/Derana Media]
දෙරණ මාධ්‍ය ආයතනය සංවිධානය කළ විශිෂ්ඨතම ශ්‍රී ලාංකිකයන්ට (Sri Lankans of the Year 2016) ප්‍රණාම පුද කිරීමේ සත් කාර්යයට ස්වාධීන ජූරි සභාවේ සාමාජිකයකු ලෙස මා ද සම්බන්ධ වුණා.

2016 සැප්තැම්බර් 23 වනදා පැවැති සම්මාන උළෙලේ නිහඬව පොදු උන්නතියට ලොකු මෙහෙවරක් කරන දිරිය ලාංකිකයන් තිදෙනකුට (Unsung Heroes of the Year) අප විශිෂ්ඨ සම්මාන පිරිනැමුවා.

ඔවුන් නම් HIV ආසාදිතයන්ගේ අයිතීන් උදෙසා ක්‍රියා කරන ප්‍රින්සි මංගලිකා, ආබාධිත සැමගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණ කරන ආචාර්ය අජිත්. සී. එස් පෙරේරා හා අසාමාන්‍ය ගණයේ ඉංග්‍රීසි ගුරුවර විල්බට් රණසිංහයි.

මේ අතරින් අජිත් පෙරේරාගේ සම්මානය සුවිශේෂී වූයේ ජූරි සභික ඩයන් ගෝමස් හා මා සභාවේ ඔහු සිටි තැනටම ගොස් එය පිරිනැමීම කළ නිසයි.

උත්සවය පැවැත් වූ තරු පහේ හිල්ටන් හෝටලයේ වේදිකාවට රෝද පුටුවක් රැගෙන යාමට පහසුකම් තිබුණේ නැහැ. වසර 20කට වැඩි කාලයක් අජිත් පෙනී සිටින මේ මූලික අයිතියක් පවා නිසි ලෙස සපුරා නොගත් තැනෙකදීම ඔහුගේ සමාජ ක්‍රියාකාරීත්වය අගැයීමට සිදුවීම උත්ප්‍රාසය දනවන්නක්.

අජිත් ක්‍රිෂාන්ත ස්ටීවන් පෙරේරා (අජිත් සී. එස්. පෙරේරා) වෘත්තීකවේදියෙක්. වරලත් රසායන විද්‍යාඥයකු ලෙස මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු දැරුවෙක්. එසේම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ වැදගත් භූමිකා රඟපා තිබෙනවා.

කොළඹ සරසවි ක්‍රිකට් පිලේත්, පළමුපෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිවලත් ක්‍රීඩා කළ ඔහු, සරසවි සිසුවකුව සිටියදීම 1975දී ක්‍රිකට් විනිසුරුවරයකු ලෙස ද සුදුසුකම් ලැබුවා. පසු කලෙක බ්‍රිතාන්‍යයේ ක්‍රිකට් විනිසුරුවරයක ලෙස සේවය කළ ඔහු 1992දී ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් විනිසුරු මඬුල්ලට ඇතුළත් කර ගනු ලැබුවා.

Christopher Martin-Jenkins (second from left), a BBC commentator and close friend of Perera, declared him a “Sri Lankan Don Bradman” for his contribution to cricket. © Ajith Perera
Christopher Martin-Jenkins (second from left), a BBC commentator and close friend of Perera, declared him a “Sri Lankan Don Bradman” for his contribution to cricket. © Ajith Perera

1992 අගදී මෙරට කළ නවසීලන්ත ක්‍රිකට් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ටෙස්ට් තරගයක් සඳහා විනිසුරුවරයකු ලෙස පෙනී සිටීමට ඔන්න මෙන්න කියා තිබියදී අජිත් අනපේක්ෂිත ලෙස හදිසි අනතුරකට මුහුණ දුන්නා.

වැසි හා සුළං තිබූ දිනයෙක කොළඹ ප්‍රධාන මාර්ගයක ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය උඩට ගසක් කඩා වැටුණා. එයින් ඔහුගේ රියදුරා මිය ගිය අතර අජිත් තුවාල ලබා බේරුණත්, කොඳු නාරටියට හානි වී (paraplegic) දෙපාවාරුව ඔහුට අහිමි වුණා.

එතැන් පටන්  සචලතාව (mobility) සඳහා දිගටම රෝද පුටුවක් භාවිත කිරීමට සිදු වුණා. එහෙත් මෙය ඔහු අභියෝගයක් ලෙස භාර ගත්තා. සචලතා ආබාධිත බව (mobility impairment) සීමාවක් වන්නට නොදී ඔහු එම ආබාධිත බව සමඟ ජීවත් වන සියලු ලාංකිකයන්ගේ අයිතීන් උදෙසා පෙනී සිටින සමාජ ක්‍රියකාරිකයකු බවට පත් වුණා.

අජිත්ගේ අනතුර ගැන මාස කිහිපයක් කල් ගත වී දැන ගත් බ්‍රිතාන්‍යයේ රාජකීය රසායන විද්‍යා සංගමය ප්‍රතිකාර සඳහා එහි යාමට උපකාර කළා. දෙපා භාවිතය යළි ලද නොහැකි වුවත් ආබාධිත තත්ත්වය හමුවේ මානසික ශක්තිය වර්ධනය කරගන්නට ඔහුට එහිදී වෛද්‍ය උපදෙස් ලැබුණා.

විවිධාකාරයේ ආබාධ සහිත පුද්ගලයන් මෙරට ජනගහනයෙන් 15%ක් පමණ සිටිතැයි අනුමාන කළ හැකියි. රෝගීන්, ගර්භනී කාලයේ පසුවන කාන්තාවන් ආදී තාවකාලික සචලතා සීමාවන්ට මුහුණ දෙන අය ද එකතු කළ විට මෙය 20%ක් දක්වා ඉහළ යා හැකියි. මේ අනුව සංඛ්‍යාත්මකව බැලූ විට මෙරට සිටින විශාලතම සුලුතරය (largest minority) මේ පිරිසයි.

සචලතා ආබාධිතයන් කීදෙනකු මෙරට සිටීදැයි නිශ්චිතව කිව නොහැකියි. මන්ද තාවකාලික සචලතා ආබාධ සමඟ ජීවත්වන සංඛ්‍යාව නිරතුරුව වෙනස් වන නිසා.

මීට වසර කීපයකට පෙර මා ද එම තත්ත්වය තාවකාලිකව අත් වින්දා. දකුණු දණහිසේ ආබාධයක් නිසා සති ගණනක් තිස්සේ පඩි නැගීමට නොහැකිව, සැරයටියක් උදවුවෙන් ගමන් කිරීමට සිදු වුණා. ඒ කාලය තුළ විදේශගත වන විට ගුවන්තොටුපළ හරහා යාමට රෝද පුටු සේවා ඉල්ලා එයින් සහනයක් ලැබුවා.

මේ නිසා සචලතා ආබාධ සහිත මිනිසුන් හා ගැහැණුන් මුහුණ දෙන අභියෝග පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් යම් පමණකට මට ද තිබෙනවා. පොදු ගොඩනැගිලි තුළ පඩි දෙක තුනක් හෝ කීපයක් නැගීමට, බැසීමට අසීරු වීම, පොදු වැසිකිළි භාවිතයේ දී මතු වන අමතර අභියෝග ආදිය ගැන මා වඩාත් සංවේදී වූයේ එයින් පසුවයි.

උඩුමහලක පවත්වන රැකියා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට එනල සුදුසුකම් සියල්ල සපුරා සිටින එහෙත් පඩි නැඟීමට පමණක් නොහැකි කෙනකුගේ තත්ත්වය ගැන සිතන්න. ඉහළ මාලයක පිහිටි පන්ති කාමරයකට පඩි නැඟ යාමට නොහැකි පාසල් දරුවකු හෝ දැරියක අසරණ වන සැටි සිතන්න.

මේ අයට අවශ්‍ය පහසුකම් සැළසීම කරදරයක් ලෙස සළකන ආයතන ප්‍රධානීන් ගැන විටින් විට වාර්තා වනවා.

ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් රැක ගැනීම හා ප්‍රවර්ධනය පිළිබඳ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණේ 1996 ඔක්තෝබරයේ. එනම් විසි වසරකට පෙර.  එම නීතියේ පැහැදිලිව කියන්නේ සහජයෙන් ඇති වූ හෝ පසු කලෙක හට ගත් හෝ ශාරීරීක මානසික හැකියාවන්ගේ යම් ඌනතාවක ප්‍රතිඵලයක් ලෙස තමා විසින් තමාගේ කටයුතු ඉටු කර ගැනීම යම් තරමකට සීමා වූ අය සඳහා නීතියේ රැකවරණය ලැබෙන බවයි.

countries-that-have-joined-the-un-convention-on-the-rights-of-persons-with-disability-as-at-may-2016

දේශීය නීතිවලට අමතරව ආබාධිත පුද්ගලයන්ගේ අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ද 2016 පෙබරවාරියේ ශ්‍රී ලංකාව අපරානුමත කළා. මේ හරහාද ආබාධිත ජනයාගේ මානව අයිතීන් සුරැකීමට ලක් රජය බැඳී සිටිනවා.

”ආබාධිත වීම ගැන ලෝක අවබෝධය හා සංවේදීතාව මෑත කාලයේ බෙහෙවින් පුළුල් වී තිබෙනවා. එසේම තාවකාලික හෝ සදාකාලික ආබාධ සහිතව ජීවත් වන අයටල අන් සියලු දෙනාට හිමි සමාජ අවස්ථා ලැබීමට මූලික මානව අයිතියක් ඇති බව ශිෂ්ඨ ලෝකය පිළිගන්නවා” යයි අජිත් කියනවා.

විවිධාකාර ආබාධ අතර අජිත් විශේෂ අවධානය යොමු කරන්නේ ඇවිදීමට අපහසුකම් ඇති අය ගැනයි. ඔවුන් කිහිලිකරු හෝ රෝද පුටු ආධාරයෙන් ගමන් කරන අතර එසේ යාමට ඇති ඉඩකඩ බොහෝ ගොඩනැගිලිවල සළස්වා නැහැ. මෙය ලෙහෙසියෙන් කළ හැකි, අධික වියදමක් නොව සරල විසඳුමක් වුවත් පැරණි ගොඩනැගිලිමෙන්ම අලුතින් ඉදිවන ගොඩනැගිලි බොහොමයකද එය හරිහැටි සිදුවන්නේ නැහැ.

එහෙත් මෙය රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ බොහෝ ආයතනවල ක්‍රියාත්මක නොවන බවද අප දන්නවාග මහජනයාට යාමට සිදුවන බොහෝ කාර්යාල තවමත් සචලතා ආබාධිතයන්ට හිතකර නැහැ. පඩි නැඟීමට විකල්ප සලසා ඇති තැන්වලද විශේෂ පහසුකම් සහිත වැසිකිළි නැහැ.

සචලතා ආබාධ සහිත පුද්ගලයන්ට හිතකර වීම මේ වන විට සංචාරක කර්මාන්තයේද පිළි ගන්නා මූලධර්මයක්. එහෙත් අපේ අවන්හල්, හෝටල් හා වෙනත් සංචාරක පහසුකම් කෙතරම් මේ ගැන අවධානය යොමු කර ඇත්ද?

හැම ආයතන ප්‍රධානියකුම එක් දිනක්වත් රෝද පුටුවකින් සිය පරිශ්‍රය පුරා සැරිසැරීම කළොත් සචලතා ආබාධිතයන් දිනපතා මුහුණ දෙන දුෂ්කරතා හඳුනා ගත හැකි වේවි.

මේ අයිතීන් ප්‍රායෝගික මට්ටමින් සාක්ෂාත් කර ගන්නට අජිත් දිගටම ක්‍රියා කරනවා. සචලතා අයිතීන් සාක්ෂාත් කර ගැනීම සඳහා මහජන අවධානය තීව්‍ර කිරීමටත්, ඒ පිළිබඳ තක්සේරු කිරීමටත් අජිත් මූලිකව ”ඉදිරිය” නම් ස්වේච්ඡා ආයතනයක් පිහිටුවා තිබෙනවා. ශිෂ්ඨ සමාජයක් ඉටු කළ යුතු වගකීම් ගැන එම සමාජයට යළි යළිත් සිහිපත් කිරීම මේ ආයතනයේ මූලික ක්‍රියාවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ අරභයා වැදගත් තීන්දු ලබා ගැනීමට අජිත් පෞද්ගලිකව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළා. මූලික අයිතිවාසිකම් පෙත්සම් හරහා ලබා ගන්නා ලද තීන්දු 2009, 2011 සහ 2013දී ප්‍රකාශිතයි.

2009දී ඔහු ඉල්ලා සිටියේ මහජන අවශ්‍යතා සඳහා ඉදිකරන සියලු නව ගොඩනැගිලි දැනටමත් රටේ පවතින ආබාධිත අයිතීන් පිළිබඳ නීති හා රෙගුලාසීන්වලට අනුකූල විය යුතු බවයි. මෙයට වාණිජමය, ක්‍රීඩාමය, අධ්‍යාපනික, රාජ්‍ය පරිපාලනමය ආදී සියලු ගොඩනැගිලි අයත්. ශ්‍රේෂ්ඨාධිකරණය එය පිළිගත්තා.

The Sunday Times, 29 Nov 2015: Don’t DIS the ability of the largest minority, By Dr. Ajith C. S. Perera

1996 පනතේ හා එයට අදාළ රෙගුලාසිවලට අනුව මෙරට කිසිවකු ආබාධයක් නිසා කිසිදු අසාධරණයකට ලක් නොවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළා.

නව ගොඩනැගිලි සඳහා ආබාධිත-හිතකර වීම අනිවාර්ය කොට තිබෙනවා. ගොඩනැගිලි අධීක්ෂණය කොට අනුමැතිය දෙන රාජ්‍ය ආයතන මෙය තහවුරු කිරීමට වග බලා ගත යුතුයි.

”නීති තත්ත්වය මෙසේ වෙතත්, මේ පිරිසේ අයිතිවාසිකම් ගැන සමාජ සංවේදී බව තවමත් සීමිතයි. අපට අවශ්‍ය අනුකම්පාව නොවෙයි. සම අවස්ථා භූක්ති විඳීමට හැකි භෞතික, සමාජයීය හා පරිපාලනමය පරිසරයක් පමණයි” අජිත් කියනවා.

Wisden Cricket: Taking disability in the stride, the Perera way

මීට වසර 15කට පමණ පෙර මා මුල්වරට අජිත් හඳුනා ගත්තේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ මා සේවය කරන සමයේදී.

සචලතා සීමා අත් විඳින ආබාධිත අයගේ අයිතීන් ගැන ක්ලාක් පොදු අවකාශයේ ප්‍රබල හඬක් මතු කළා. ඔහුගේ ජීවිතයේ අවසාන දශකයක පමණ කාලයේ (1997 – 2008 වකවානුව) පශ්චාත් පෝලියෝ ආබාධය නිසා රෝද පුටුවකින් ගමන් බිමන් ගියා. මේ නිසාම මෙරට මහජනයා ගැවසෙන ස්ථානවල රෝද පුටු භාවිතයට ඇති  සීමිත පහසුකම් ගැන ඔහු අත්දැකීමෙන් දැන සිටියා.

Sir Arthur Clarke on dune roller at Hikkaduwa beach [Photo by Rohan de Silva]
Sir Arthur Clarke on his custom-made dune roller at Hikkaduwa beach, southern Sri Lanka, circa 2004 [Photo by Rohan de Silva]
බැංකු, තරු හෝටල්, කලාගාර, සිනමා හා නාට්‍ය ශාලා, සුපිරි වෙළඳ සංකීර්ණ ආදී බොහොමයක පඩි නොනැග, රෝද පුටුවක් ගෙන ගිය හැකි ramp තිබුණේ කලාතුරකින් බව ඔහු දුටුවා.

ගොඩනැගිලි තුළ රෝද පුටු යාමට අවශ්‍ය ඉඩ සළසා නැති ස්ථානවලට යෑම ක්ලාක් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළා. ඔහු ප්‍රකට පුද්ගලයකු වූ නිසා මෙය ඇතැම් විට එබඳු ආයතන තාවකාලීක පහසුකම් ඉදි කිරීමට පවා පොළඹවනු ලැබුවා. රෝද පුටුවෙන් යාමට බැරි නම් කිසිදු උත්සවයකට තමා සහභාගි නොවන බවට ප්‍රතිපත්තියක් ක්ලාක් අනුගමනය කළා.

ඔහු වසර 22ක් කුලපතිවරයාව සිටි (1978-2000) මොරටුව සරසවියේ ගෘහ නිර්මාණ ශිල්පය හදාරණ සිසුන් අමතමින් ක්ලාක් වරෙක මෙසේ කීවා. ”දෙපයින් ඇවිද යාමේ හැකියාව තාවකාලිකව හෝ සදහටම හෝ අහිමි වූවන්ට ඵලදායක ලෙස සමාජයේ සක්‍රිය වීමට මූලික අයිතියක් තිබෙනවා. ඒ අයිතිය නොතකා, ඔවුන්ට පහසුකම් නොසළසා නව ගොඩනැගිලි ඉදි කිරීම දිගටම සිදු වනවා. අඩු තරමින් ඔබ වෘත්තිකයන් වූ විටදීවත් මේ ගැන සංවේදී වන්න. මෙහි අගය වටහා ගන්නට ඕනැම නම් එක් දිනක් මුළුමනින්ම රෝද පුටුවකින් එහෙ මෙහෙ යන්න තැත් කරන්න. ඔබ අවට නිර්මිත පරිසරය එයට කෙතරම් දුෂ්කරතා මතු කරයිද යන්න එවිට ඔබට හොඳහැටි වැටහේවි.”

වසර 30ක යුද්ධය, වැඩිවන මාර්ග අනතුරු, කෙමෙන් වියපත් වන ජනගහනය ආදී විවිධ හේතු නිසා අපේ සමාජයේ සැළකිය යුතු පිරිසකට තාවකාලිකව හෝ සදහට දෙපාවාරු අහිමි වී තිබෙනවා. මේ අයට නිසි පහසුකම් සැළසීම ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්ය කර තිබියදීත් රාජ්‍ය, පෞද්ගලික හා අධ්‍යාපන ක්ෂේත්‍රවල බොහෝ ආයතන තවමත් එය නොතකා හරින්නේ ඇයි?

ජාතියේ හෘද සාක්ෂියට මෙන්ම බුද්ධියට අමතන අජිත් සී. එස්. පෙරේරා දිගටම දිරිමත් කළ යුතු ජාතික සම්පතක්.

Dr Ajith C S Perera (left) with Nalaka Gunawardene at Sri Lankan of the Year awards ceremony, 23 Sep 2016
Dr Ajith C S Perera (left) with Nalaka Gunawardene at Sri Lankan of the Year awards ceremony, 23 Sep 2016

 

ආපදා අවස්ථාවල මානුෂික ආධාර එකතු කිරීම හා බෙදීම මාධ්‍යවලට සුදුසුද? එසේ කළත් ඒ ගැන පම්පෝරි ගැසීම හරිද?

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa
Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa

ආපදා අවස්ථාවල මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතාම වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි.

ඉන් පසු වැදගත්ම කාරිය ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම ආවරණය සැපයීම. මෙයට බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිරයාම ගැන අනතුරු ඇගවීම් ආදිය ඇතුළත්.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත් කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම් තහවුරු කරගත් තොරතුරු මත ඒවා වාර්තා කිරීමයි.

මේ සියල්ල කළ පසු මාධ්‍ය තමන් ආධාර එකතු කොට බෙදීමට යොමු වුණාට කමක් නැතැයි මා සිතනවා. එතැනදීත් තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට නොකළ යුතුයි.

මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි. රාජ්‍ය මාධ්‍ය කළත්, පුද්ගලික මාධ්‍ය කළත් වැඩේ වැරදියි.

[Op-ed] RTI in Sri Lanka: It took 22 years, and journey continues

My op-ed essay on Right to Information (RTI) in Sri Lanka, published in the International Federation of Journalists (IFJ) South Asia blogsite (SAMSN Digital Hub) on 14 July 2016:

RTI in Sri Lanka - Nalaka Gunawardene op-ed published in IFJ South Asia blog, 14 July 2016
RTI in Sri Lanka – Nalaka Gunawardene op-ed published in IFJ South Asia blog, 14 July 2016

RTI in Sri Lanka:

It took 22 years, and journey continues

 By Nalaka Gunawardene

Sri Lanka’s Parliament debated the Right to Information (RTI) bill for two days (23 – 24 June 2016) before adopting it into law. No member opposed it, although some amendments were done during the debate.

If that sounds like an easy passage, it was preceded by over two decades of advocacy with various false starts and setbacks. A large number of Lankans and a few supportive foreigners share the credit for Sri Lanka becoming the 108th country in the world to have its own RTI (or freedom of information) law.

How we reached this point is a case study of campaigning for policy change and law reform in a developing country with an imperfect democracy. The journey deserves greater documentation and analysis, but here I want to look at the key strategies, promoters and enablers.

The story began with the change of government in Parliamentary elections of August 1994. The newly elected People’s Alliance (PA) government formulated a media policy that included a commitment to people’s right to know.

But the first clear articulation of RTI came in May 1996, from an expert committee appointed by the media minister to advise on reforming laws affecting media freedom and freedom of expression. The committee, headed by eminent lawyer R K W Goonesekere (and thus known as the Goonesekere Committee) recommended many reforms – including a constitutional guarantee of RTI.

Sadly, that government soon lost its zeal for reforms, but some ideas in that report caught on. Chief among them was RTI, which soon attracted the advocacy of some journalists, academics and lawyers. And even a few progressive politicians.

Different players approached the RTI advocacy challenge in their own ways — there was no single campaign or coordinated action. Some spread the idea through media and civil society networks, inspiring the ‘demand side’ of RTI. Others lobbied legislators and helped draft laws — hoping to trigger the ‘supply side’. A few public intellectuals helpfully cheered from the sidelines.

Typical policy development in Sri Lanka is neither consultative nor transparent. In such a setting, all that RTI promoters could do was to keep raising it at every available opportunity, so it slowly gathered momentum.

For example, the Colombo Declaration on Media Freedom and Social Responsibility – issued by the country’s leading media organisations in 1998 – made a clear and strong case for RTI. It said, “The Official Secrets Act which defines official secrets vaguely and broadly should be repealed and a Freedom of Information Act be enacted where disclosure of information will be the norm and secrecy the exception.”

That almost happened in 2002-3, when a collaboratively drafted RTI law received Cabinet approval. But an expedient President dissolved Parliament prematurely, and the pro-RTI government did not win the ensuing election.

RTI had no chance whatsoever during the authoritarian rule of Mahinda Rajapaksa from 2005 to 2014. Separate attempts to introduce RTI laws by a Minister of Justice and an opposition Parliamentarian (now Speaker of Parliament) were shot down. If anyone wanted information, the former President once told newspaper editors, they could just ask him…

His unexpected election defeat in January 2015 finally paved the way for RTI, which was an election pledge of the common opposition. Four months later, the new government added RTI to the Constitution’s fundamental rights. The new RTI Act now creates a mechanism for citizens to exercise that right.

Meanwhile, there is a convergence of related ideas like open government (Sri Lanka became first South Asian country to join Open Government Partnership in 2015) and open data – the proactive disclosure of public data in digital formats.

These new advocacy fronts can learn from how a few dozen public spirited individuals kept the RTI flames alive, sometimes through bleak periods. Some pioneers did not live to see their aspiration become reality.

Our RTI challenges are far from over. We now face the daunting task of implementing the new law. RTI calls for a complete reorientation of government. Proper implementation requires political will, administrative support and sufficient funds. We also need vigilance by civil society and the media to guard against the whole process becoming mired in too much red tape.

RTI is a continuing journey. We have just passed a key milestone.

Science writer and columnist Nalaka Gunawardene has long chronicled Sri Lanka’s information society and media development issues. He tweets at @NalakaG.

 

සිවුමංසල කොලූගැටයා #274: මාධ්‍ය හිමිකරුවන් හා කතුවරුන් දේශපාලනයට පිවිසි බ්‍රිතාන්‍ය ජනමත විචාරණය

In this week’s Ravaya column (appearing in the print issue of 10 July 2016), I explore the role played by newspapers in the UK’s referendum on continuing membership in the European Union, held on 23 June 2016.

This column is based on first hand impressions – I spent 10 days in the UK just prior to the referendum, commonly known as the Brexit Vote, meeting journalists, academics and activists.

As the New York Times said in an op-ed article on 20 June 2016, “For decades, British newspapers have offered their readers an endless stream of biased, misleading and downright fallacious stories about Brussels.”

Written by Martin Fletcher, a former foreign and associate editor of The Times of London, the articke added: “British newspapers’ portrayal of the European Union in the lead-up to the referendum on June 23 has likewise been negative. The Financial Times and The Guardian have backed the Remain campaign, but they have relatively small circulations and preach largely to the converted. The Times has been evenhanded, though it finally declared on June 18 that it favored staying in the European Union. But the biggest broadsheet (The Telegraph), the biggest midmarket paper (The Daily Mail) and the biggest tabloid (The Sun) have thrown themselves shamelessly behind Brexit.

“They have peddled the myths that Britain pays 350 million pounds a week (about $500 million) to the European Union; that millions of Turks will invade Britain because Turkey is about to be offered European Union membership; that immigrants are destroying our social services; and that post-Brexit, Britain will enjoy continued access to Europe’s single market without automatically allowing in European Union workers.”

As Fletcher concluded: “It is often said that newspapers no longer matter. But they do matter when the contest is so close and shoppers see headlines like “BeLeave in Britain” emblazoned across the front pages of tabloids whenever they visit their supermarket. They matter if they have collectively and individually misled their readers for decades.”

British newspaper front pages on 23 June 2016, day of the Referendum on EU membership (Brexit Vote)
British newspaper front pages on 23 June 2016, day of the Referendum on EU membership (Brexit Vote)

බහුතරයක් ඡන්දදායකයන්ගේ තේරීමට හිස නැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්. මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් වෙත යොමු වන පාලක පක්ෂයක් එහි තීරණය පිළිගැනීමට නීතියෙන් මෙන්ම සදාචාරාත්මකවද බැඳී සිටිනවා.

2016 ජුනි 23 වනදා බ්‍රිතාන්‍යයේ පැවැති ජනමත විචාරණය ලෝක අවධානයට යොමු වුණා. එරට යුරෝපා සංගමයේ (European Union, EU) සාමාජිකත්වයේ තව දුරටත් රැඳී සිටිය යුතුද නැත්නම් ඉවත්විය යුතුද යන්න ඡන්දදායකයන්ගෙන් විමසනු ලැබුවා.

ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 72.21%ක් ඡන්දය ප්‍රකාශ කළ මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ 51.89%ක් ඉවත්වීමට කැමැත්ත පළ කිරීමෙන්. රැඳී සිටීමට පක්ෂව ලැබුණේ ඡන්ද 48.11%යි. සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාව 33,551,993ක් වූවා.

මේ ප්‍රතිඵලය එරට රජය, විපක්ෂය හා සමස්ත පාලන තන්ත්‍රයම දේශපාලන අර්බුදයකට පත් කොට තිබෙනවා.

පාලක කොන්සර්වෙටිව් පක්ෂය මෙන්ම ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයත් මේ ප්‍රශ්නය හමුවේ දෙකට බෙදුණා. දෙපක්ෂයේම ප්‍රබලයන් පිරිසක් යුරෝපා සංගමයෙන් ඉවත්වීම උදෙසා ප්‍රබලව කැම්පේන් කළා.

කැම්පේන් විවාදයන් අතිශයින් උණුසුම් හා ආවේගශීලී වූයේ ‘පිටස්තරයින්’ බ්‍රිතාන්‍යයේ රැකියා කිරීමට, පදිංචියට හා සෞඛ්‍ය සේවා නොමිලයේ ලැබීමට දහස් ගණනින් පැමිණීම සම්බන්ධයෙන්.

මේ පිටස්තරයන් අතර මැද පෙරදිගින් එන සිරියානුවන් ප්‍රමුඛ සරණාගතයන් සිටියද වැඩිපුරම අවධානය යොමු වූයේ බහුතරයක් වූ සෙසු යුරෝපීයයන්ගේ පැමිණීම ගැනයි.

රාජ්‍යයන් 28ක් සාමාජිකත්වය දරන යුරෝපා සංගමයට සාපේක්ෂව මෑතදී බැඳුණු, ඉසුරුමත් බවින් අඩු (රුමේනියාව, බල්ගේරියාව, ස්ලොවාකියාව, ක්‍රොයේෂියාව, පෝලන්තය වැනි) නැගෙනහිර යුරෝපීය රටවල ජනයාට වීසාවලින් තොරව බ්‍රිතාන්‍යයට පැමිණීමට හා එරට පහසුකම් ලැබීමට හැකියි. රැකියා කිරීමටද හැකියි. (මේ හා සමාන වරප්‍රසාද එම රටවලට යන බ්‍රිතාන්‍ය ජාතිකයකුටද ලැබෙන නමුත් එබඳු රටවලට යන්නට කිසිවකුත් කැමති නැහැ.)

තමන්ගේ රැකියා අවස්ථා රෝහල් හා පාසල් පහසුකම් මේ විජාතිකයන් මහා පරිමාණයෙන් අත්පත් කර ගැනීම ගැන වැඩ කරන පන්තියේ බ්‍රිතාන්‍ය ජනයා අතර කලෙක සිට දැඩි අප්‍රසාදයක් පැවතුණා. මෙය පිටස්තර විරෝධී ආවේගයක් බවට කැම්පේන් කාලය තුළ මතුව ආවා.

මීට අමතරව යුරෝපා සංගමයේ අධික නිලධාරිවාදය ගැන ඔවුන් බ්‍රිතාන්‍යයේ ස්වාධීනත්වය අනිසි බලපෑම් කරනවාද යන්න ගැන මේ ජනමත විචාරණ කාලයේ බහුලව විවාද කරනු ලැබුවා.

Cartoon by Patrick Chappatte, International New York Times
Cartoon by Patrick Chappatte, International New York Times

යුරෝපා සංගමයට බ්‍රිතාන්‍යය බැඳුණේ 1973දි. එවකට යුරෝපීය ආර්ථීක හවුල (European Economic Community, EEC) ලෙස හැඳින්වුණු එහි සාමාජිකත්වයේ දිගටම සිටිය යුතුද යන්න ගැන 1975දි එරට ජනමත විචාරණයක් පැවැත්වුණා.

එවර ඡන්දදායකයන්ගෙන් 67%ක් රැඳී සිටීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. වසර 41කට පසු ජනමතය සැලකිය යුතු අන්දමින් වෙනස්ව තිබෙනවා.

මෙයට සමාජ-ආර්ථීක හා දේශපාලන සාධක රැසක් බලපෑවා. එසේම එරට මාධ්‍ය මගින් ජනමතය හැසිරවීමට මෙවර ජනමත විචාරණයේ ප්‍රතිඵලවලට තීරණාත්මකව බලපාන ලද බව මාධ්‍ය විචාරකයන්ගේ මතයයි.

මෙවර ජනමත විචාරණයට දින දහයකට පෙර බ්‍රිතාන්‍යයට ගිය මා එම මැතිවරණ ක්‍රියාදාමය හමාර වන තුරුම එහි ගත කරමින් මාධ්‍යවල භූමිකාව සමීපව නිරීක්ෂණය කළා. බ්‍රිතාන්‍ය මාධ්‍යවේදීන්ට පර්යේෂකයන්ට කතා කළා. අද බෙදා ගන්නේ එයින් ලැබූ අදහස් හා විග්‍රහයන්ගේ සම්පිණ්ඩනයක්.

ලන්ඩනයේ ෆ්ලීට් වීදිය (Fleet Street) ඓතිහාසිකව මුද්‍රණ කර්මාන්තයට හා පුවත්පත් ප්‍රකාශනයට ප්‍රකටයි. 1702දි එරට මුල්ම දිනපතා පත්‍රය පටන් ගත්තේද එහි පිහිටි කාර්යාලයකින්. තව දුරටත් බ්‍රිතාන්‍ය පුවත්පත් එහි සංකේන්ද්‍රණය වී නැතත්, බ්‍රිතාන්‍ය පත්‍ර කර්මාන්තයට පොදු යෙදුමක් ලෙස ෆ්ලීට් වීදිය යන්න යෙදෙනවා.

සියවස් ගණනක් පැවැති ෆ්ලීට් වීදියේ බලපෑම් කිරීමේ හැකියාව ගෙවී ගිය වසර 25 තුළ සෑහෙන තරමට අඩු වෙලා. දැවැන්තයන්ව සිටි සමහර පුවත්පත් වැසී ගිහින්. පොදුවේ පුවත්පත් අලෙවිය අඩු වීම වාර්ෂිකව දිගින් දිගටම සිදු වනවා. අලුත් පරම්පරාව ඩිජිටල්/වෙබ් මාධ්‍ය හරහා ප්‍රවෘත්ති ලබා ගැනීමත්, බහුතරයක් බ්‍රිතාන්‍යයන් (තුනෙන් දෙකක්ම) ටෙලිවිෂන් තමන්ගේ ප්‍රමුඛ පුවත් මූලාශ්‍රය ලෙස සැලකීමත් මේ පසුබෑමට හේතුවී තිබෙනවා.

The Sun and Daily Mail were both strongly for Leaving the EU
The Sun and Daily Mail were both strongly for Leaving the EU

එසේ තිබියදීත් මෙවර ජනමත විචාරණයේදී යුරෝපා සංගමයෙන් ඉවත්වීමට යයි ඡන්දදායකයන්ට දැඩි බලපෑම් කිරීමට සමහර පුවත්පත් සමත් වුණා.

ඕස්ටේලියාවේ ඉපිද දැන් ඇමරිකානු පුරවැසි බව දරන මාධ්‍ය ව්‍යාපාරික රූපට් මර්ඩොක්ගේ (Rupert Murdoch) හිමිකාරීත්වයෙන් යුතු පුවත්පත් මේ අතර කැපී පෙනුණා.

දැන් 85 හැවිරිදි මර්ඩොක් බ්‍රිතාන්‍ය පුවත්පත් කර්මාන්තයට පිවිසුනේ 1969දී. මුලින් ජනප්‍රිය රැල්ලේ ටැබ්ලොයිඩ් පත්‍ර (News of the World, The Sun) පටන් ගත් ඔහු ඓතිහාසිකව බ්‍රිතාන්‍ය පාලක පන්තියේ පත්‍රය වූ The Times 1981දී මිලට ගත්තා.

මර්ඩොක්ගේ පත්තර බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැයි තර්ක කිරීමට පටන් ගත්තේ 1990දි. ඒ කාලයේ The Sun පත්තරය දිනකට පිටපත් මිලියන 3.6ක් අලෙවි වුණා. දැන් අලෙවිය එයින් බාගයකටත් වඩා අඩුයි.

මර්ඩොක්ගේ මේ යුරෝපා විරෝධයට හේතුවක් ලෙස ඔහුගේ විරුද්ධවාදීන් දකින්නේ යුරෝපා දේශපාලකයන් අල්ලේ නැටවීමට ඔහුට නොහැකි වීමයි. (පත්තරවලට අමතරව ටෙලිවිෂන් නාලිකාද හිමි මර්ඩොක්ට බ්‍රිතානයේ හැම පක්ෂයකම දේශපාලකයෝ බියයි.)

මෙවර ජනමත විචාරණයේදී මර්ඩොක්ගේ The Sun පත්‍රය ප්‍රබල ලෙසම ඉවත්වීම වෙනුවෙන් කැම්පේන් කළා. ඡන්දදායකයන් බහුතරයක් අයත් වැඩ කරන පන්තියේ පාඨකයන් අතර මේ පත්‍රය තාමත් ජනප්‍රියයි.

The Sun front page, 23 June 2016
The Sun front page, 23 June 2016

ජූනි 23දා The Sun පත්‍රයේ මුල්පිටුව මුළුමනින් පෙන්වූයේ (අලුතින් ආ හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රචාරක රූප තරමක් වෙනස් කරමින්) එදින බ්‍රිතාන්‍යයේ නිදහස් දිනය විය යුතු බවයි!

ඒ අතර මර්ඩොක්ගේම The Times පත්‍රය ඊට වඩා මැදහත් ලෙස දෙපාර්ශ්වයටම යම් ආවරණයක් ලබා දුන්නා. මෙය මර්ඩොක්ගේ සටකපට බව තහවුරු කරන බව සමහරුන් කියනවා.

යුරෝපා සංගමයෙන් ඉවත්වීමට යයි විවෘතවම කැම්පේන් කළ තවත් ප්‍රකට පත්තරයක් වූයේ ඩේලි මේල් Daily Mail. මර්ඩොක් ප්‍රකාශන මෙන්ම මෙයද අන්ත දක්ෂිණාංශික දේශපාලන මතවාදයන් වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ ගැන විග්‍රහයක් කළ ගාඩියන් (The Guardian) පත්‍රයේ සහාය කතුවර මාටින් කෙට්ල් කීවේ තම දේශපාලනික අරමුණු වෙනුවෙන් ඕනෑම දුරක් යාමට ඩේලි මේල් නොපැකිලෙන බවයි.

1924 ඔක්තෝබර් මහමැතිවරණයට දින හතරකට පෙර මුළුමනින්ම ගොතන ලද, අසත්‍ය ලියුමක් මේ පත්‍රය පළ කළ බව ඔහු සිහිපත් කළා. එවකට බලයේ සිටි වාමාංශික ලේබර් පක්ෂයේ අගමැති රැම්සේ මැක්ඩොනල්ඩ් වෙත යොමු කෙරුණු ලෙසින් ප්‍රබන්ධිත මේ ලියුමෙන් සෝවියට් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානියකු ඉල්ලා සිටියේ බ්‍රිතාන්‍ය කම්කරුවන් බොල්ෂෙවික්කරණයට උදව් වන ලෙසයි.

1924 මැතිවරණයෙන් ලේබර් පරාජය වීමට මේ මාධ්‍ය ප්‍රෝඩාව ප්‍රබල හේතුවක් වූවා.

එදා මෙදාතුර වාමාංශික මෙන්ම සමහර දක්ෂිණාංශික (කොන්සර්වෙටිව්) රජයන්ද පෙරළා දැමීමට සූක්ෂ්ම අන්දමින් ඩේලි මේල් ක්‍රියා කොට ඇති සැටි ලේඛනගතයි.

මේවා රහස් නොවේ. එසේම තම දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට මාධ්‍ය කලාවේ ආචාර ධර්ම අමු අමුවේම උල්ලංඝනය කළ එකම පත්‍රයද ඔවුන් පමණක් නොවෙයි. මෙය බ්‍රිතාන්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයට වැළඳි බරපතළ ව්‍යාධියක් බව මාටින් කෙට්ල් කියනවා.

මාධ්‍ය ආචාරධර්මවලට ගරු කරන, බහුවිධ මතයන්ට ඉඩ සළසන ගාඩියන් හා ඔබ්සර්වර් (The Observer) පත්‍ර වෙනදා මෙන්ම මෙවරද වඩා තුලනාත්මක පුවත් ආවරණයකට හා කර්තෘ මණ්ඩල අදහස් දැක්වීමක නිරත වූවා. යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍යය දිගටම රැඳී සිටිමින් වඩාත් හිතකර කොන්දේසි සාකච්ඡා මගින් ලබාගත යුතු බව මේ පත්‍රවල මතය වූවා.

The Times on 23 Jun2 2016
The Times on 23 June 2016

එහෙත් මේ පත්‍ර දෙකට විශාල අලෙවියක් නැහැ. ඔවුන්ගේ ප්‍රමිතිගත හා සම්භාවනීය මාධ්‍යකරණය සමාජයේ ගෞරවයට පාත්‍ර වුවත් එම මාධ්‍ය සමාගම් පාඩු ලබමින් අමාරුවෙන් පවත්වා ගෙන යනවා. (හොඳ මාධ්‍යවලට වෙළඳපොළ ඉල්ලුම අඩු වීම ලොව බොහෝ රටවල දැකිය හැකියි.)

තවත් සම්භාව්‍ය, මැදහත් පුවත්පතක් වන ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) – පත්‍රයේ විග්‍රහයක් ලියූ මාණ්ඩලික ලේඛක ජෝන් ගැපර් මෙසේ කියා සිටියා. ‘දේශපාලනයට ප්‍රබල බලපෑම් කිරීමට බ්‍රිතාන්‍ය පුවත්පත් හිමියන් බොහෝ දෙනකුට වුවමනායි. එහෙත් පත්තර බහුතරයක අලෙවිය ක්ෂීණ වීම නිසා එම බලපෑම් කිරීමේ හැකියාව අඩුව ඇති බව ද ඔවුන් දන්නවා. මීට වසර 25කට පෙර බ්‍රිතාන්‍ය සමාජය සොලවන්න හා ආණ්ඩු පෙරළන්න සමහර පත්තරවලට බලයක් තිබුණා. දැන් ඒ පත්තර නංවන්නේ ඔවුන්ගේ අවසාන ගෙරවුම් නාදය විය හැකියි. තව වසර 25කින් ෆ්ලීට් වීදියේ බලපුළුවන්කාරයන් එක් අයකුවත් ඉතිරි වේදැයි සැක සහිතයි!’

ආවේගශීලී වාර්තාකරණයේ හා සීමාන්තික දේශපාලන මතවාද ප්‍රවර්ධනයේ යෙදුණු පත්‍රවල කතුවරුන් එය සාධාරණීකරණය කිරීමටද තැත් කළා.

Mail Online වෙබ් අඩවි ප්‍රකාශක මාටින් ක්ලාක් කීවේ ‘අපි ජනතාවගේ සිත් තුළ බිය සැක අළුතින් බිහි කරන්නේ නැහැ. අපි කරන්නේ පවතින එම ආවේගයන් පිළිබිඹු කරනවා පමණයි. ඇත්තටම යුරෝපා සංගමය ගැන අපේ සාමාන්‍ය ජනයාට ලොකු ගැටලු තිබෙනවා. දේශපාලන තන්ත්‍රය මේ ජන හඬට සංවේදී විය යුතුයි.’

මේ ජන ආවේගයන් උසි ගැන්වීමේ ආන්තික හා ඛේදජනක ප්‍රතිඵලයක් වූයේ විපක්ෂ ලේබර් පාක්ෂික තරුණ මන්ත්‍රීවරියක් වූ ජෝ කොක්ස් (Jo Cox) 2016 ජූනි 16දා මහ දවාලේ සාහසිකයකු විසින් ඝාතනය කිරීමයි.

2015දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රගතිශීලී හා ජනප්‍රිය මන්ත්‍රීවරියක් වූ ඇය සිරියානු සරණාගතයන් හා වෙනත් ගෝලීය මෙන්ම දේශය සමාජ සාධාරණත්වයන් සඳහා දිගටම පෙනී සිටි, කතා කළ කෙනෙක්.

ඇගේ ඝාතකයා ඇගේ ඡන්ද කොට්ඨාශයේම විසූ, මේ පරමාදර්ශී ප්‍රතිපත්ති බ්‍රිතාන්‍ය ස්වාධීනත්වය කෙළසනවා යයි විශ්වාස කළ අයෙක්. ඔහු මේ මානසිකත්වයට පත් කළේ අන්තවාදී දේශපාලකයෝද. නැත්නම් ජන ආවේග අවුස්සා අමු ගෝත්‍රිකත්වය මතු කළ ජනමාධ්‍යයද? මෙය ඉදිරි අධිකරණ ක්‍රියාදාමයේදී විමර්ශනයට ලක් වේවි.

ජෝ කොක්ස්ගේ ඝාතනය සමස්ත බ්‍රිතාන්‍යය දැඩි කම්පනයට ලක් කළා. ජනමත විචාරණ කැම්පේන් සියල්ල දින තුනකට නතර කරනු ලැබුවා. එහෙත් අවසානයේදී ජනමතය හැරුණේ ඇය පෙනී සිටි පැත්තට නොවෙයි. ආවේගශීලී පාර්ශවයන් පෙනී සිටි යුරෝපා සංගමය හැර යාමටයි.

මාධ්‍ය සදාචාරය ගැන විමර්ශනය කරන්නට 2011 ජූලි මාසයේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ලෙවිසන් (Lord Leveson) නම් විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ ස්වරූපයේ විමර්ශනයක් ආරම්භ කළා. එය මාස ගණනක අදහස් විමසීම්වලින් හා විභාග කිරීම්වලින් පසු නිර්දේශ කළේ ස්වාධීන, අලුත් මාධ්‍ය පැමිණිලි කොමිසමක් අවශ්‍ය බවයි.

පුවත්පත් ප්‍රකාශකයන් හා කතුවරුන් පවත්වා ගෙන යන ස්වේච්ඡා පුවත්පත් පැමිණිලි කොමිසම නොසෑහෙන බවත්, එය අකාර්යක්ෂම බවත් පෙන්වා දෙනු ලැබුවා. එහෙත් අගමැති කැමරන් නව නීතියක් හරහා මාධ්‍ය පැමිණිලි කොමිසමක් පිහිටුවීමට මේ දක්වා ක්‍රියා කොට නැහැ. දැන් ජනමත විචාරණයෙන් පසු ඔහු තනතුර අත්හැර යාමට තීරණට කොට තිබෙනවා.

Financial Times (FT) cover - 25 - 26 June 2016
Financial Times (FT) cover – 25 – 26 June 2016

බ්‍රිතාන්‍ය සමාජය මාධ්‍ය නිදහස ඉහළින් අගය කරනවා. මාධ්‍යවලින් නිර්දය ලෙස විවේචනය කරනු ලබන දේශපාලකයන් පවා මාධ්‍ය නිදහස සීමා කිරීමට විරුද්ධයි.

 එහෙත් මාධ්‍ය නිදහස අවභාවිත කරමින් ජනයා නොමඟ යැවීමට, ප්‍රචණ්ඩකාරී ආවේගයන් උසි ගැන්වීමට හා අන්තවාදී දේශපාලන මතවාද ප්‍රවර්ධනයට සමහරක් බ්‍රිතාන්‍ය මාධ්‍ය යොමු වීම කලක සිට පෙනෙන ප්‍රවණතාවක්. මෙවර ජනමත විචාරණයේ එය පැහැදිලිව තහවුරු වුණා.

වැරදි තොරතුරු හා පක්ෂග්‍රාහී විග්‍රහයන් හරහා ජනමතය අයාලේ ගෙන යාමට මාධ්‍යවලට අසීමිත නිදහසක් තිබිය යුතුද? ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දෙවියකු වන ජනමාධ්‍ය, දේවාලයේ තක්කඩි කපුරාල බවට පත්වීම වළක්වා ගත හැකිද?

මහජන ඡන්දයෙන් පත්වන දේශපාලන නායකයන් ධුර කාලයට පෙර පැරදවීමට කිසිදු පත්‍ර හිමියකුට හෝ කතුවරයකුට හෝ ඉඩ තිබිය යුතුද? ව්‍යාපාරික හා දේශපාලන අරමුණු උදෙසා මාධ්‍ය වගකීම් හා ආචාර ධර්ම මඟහැර යාමට මාධ්‍යවලට දැනට තිබෙන නිදහස සාධාරණ ලෙස සීමාවකට නතු කළ හැකිද?

මේ ප්‍රශ්න වඩාත් උනන්දුවෙන් බ්‍රිතාන්‍ය සමාජය විවාද කරන්නට පටන් අරන්. මේ සංවාද ශ්‍රී ලංකාවේ මාධ්‍යවලට හා ලක් සමාජයටත් ඍජුවම අදාළයි.

See also:

The Guardian, 24 June 2016: Did the Mail and Sun help swing the UK towards Brexit?

සිවුමංසල කොලූගැටයා #273: තොරතුරු නීතිය සඳහා අරගලයේ පුරෝගාමියෝ හා නියමුවෝ

Parliament of Sri Lanka - Photo by Kolitha de Silva, from Wikimedia Commons
Parliament of Sri Lanka – Photo by Kolitha de Silva, from Wikimedia Commons

Sri Lanka’s Parliament debated the Right to Information (RTI) bill for two days (23 – 24 June 2016) before adopting it into law. No member opposed it, although some amendments were done during the debate.

A large number of Lankans and a few supportive foreigners share the credit for Sri Lanka becoming the 108th country in the world to have its own RTI (or freedom of information) law.

How we reached this point is a case study of campaigning for policy change and law reform in a developing country with an imperfect democracy.

In this week’s Ravaya column (appearing in the print issue of 3 July 2016), I recall the key pioneers, promoters and enablers. The long journey deserves greater documentation and analysis, but I hope this quick tribute initiates such chronicling.

See also earlier columns related to RTI:

26 June 2016:  සිවුමංසල කොලූගැටයා #272: මහජන තොරතුරු අයිතිය අශෝක අධිරාජයාගේ ඓතිහාසික දායාදයක්

1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

22 November 2015: සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

දශක දෙකට වැඩි කලක් ගෙන ගිය බුද්ධිමය හා දේශපාලනමය අරගලයක ප්‍රතිඵලයක් ලෙස තොරතුරු දැන ගැනීම පිළිබඳ නීතිය (RTI Law) 2016 ජුනි 24දා පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත වූවා.

ඒ සමග තොරතුරු නීතියක් හඳුන්වා දෙන ලෝකයේ 108 වන රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටිනවා.

මෙය යහපාලන රජයේ පොරොන්දුවක් ඉටු කිරීමක්. එමෙන්ම 2015 අප්‍රේල් මාසයේ 19 වන සංශෝධනයෙන් ව්‍යවස්ථාවට එක් කරන ලද තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිවාසිකම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමක්.

මේ මොහොතේ අප වැඩි අවධානය යොමු කළ යුත්තේ දිනා ගත් තොරතුරු අයිතිය තහවුරු කිරීමට හා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමටයි. එසේ ඉදිරිය දෙස බලන අතර අප මෙතෙක් ආ ගමන දෙස හැරී බැලීම ද වටිනවා.

තොරතුරු අයිතිය දිනා ගන්නට විවිධාකාරයෙන් දායක වූ සියලු දෙනාට ලක් සමාජයේ ප්‍රණාමය හිමි විය යුතුයි. අද මා තැත් කරන්නේ එයින් ප්‍රමුඛයන් කිහිප දෙනකු සිහිපත් කරමින් ඔවුන්ගේ පුරෝගාමී මෙහෙවර අගය කිරීමටයි.

ශ්‍රී ලංකාවේ තොරතුරු අයිතිය පිළිබඳ සංවාදයේ හා ක්‍රියාවලියේ පිය සටහන් කෙටියෙන් වුවද ලේඛනගත කිරීමේ හොඳ උත්සාහයක් විකල්ප වෙබ් අඩවිය ගෙන තිබෙනවා. බලන්න: http://www.vikalpa.org/?p=27152

එයට අනුව මේ උත්සාහය ඇරඹුණේ 1994දී. 1994 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු පෙරමුණට සහාය දැක්වූ මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන කිහිපයක් කළ ඉල්ලීම්වලට අනුව එවකට මාධ්‍ය (තොරතුරු), සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ධර්මසිරි සේනානායක ‘ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්ති’ ගැන කැබිනට් පත්‍රිකාවක් 1994 පිළියෙළ කළා.

විකල්ප වෙබ් අඩවිය කියන්නේ එහි තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළි ගන්නා බවත්, ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රැකවරණය ලබා දෙන බවත් සඳහන් වූ බවයි. තොරතුරු අයිතියට දේශපාලන මට්ටමේ ප්‍රතිඥාවක් මෙරට ලැබුණු මුල් වතාව එයයි.

මා දන්නා තරමට තොරතුරු අයිතිය මෙරට නිල ලේඛනයක මුල්වරට යෝජනා කරනු ලැබුවේ 1996 මැයි මාසයේ. ඒ මාධ්‍ය නිදහස හා භාෂණ නිදහසට බලපාන නීති සංශෝධනය කිරීම ගැන උපදෙස් දීමට පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාවෙයි.

එම කමිටුව ප්‍රවීණ නීතිඥ ආර්. කේ. ඩබ්ලියු. ගුණසේකරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ නිසා වඩාත් ප්‍රකටව ඇත්තේ ගුණසේකර කමිටුව ලෙසයි. එහි සෙසු සාමාජිකයන් වූයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, ආචාර්ය රොහාන් එද්රිසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ලූෂන් රාජකරුණානායක, ජාවඩ් යුසූෆ්, වික්ටර් ගුණවර්ධන හා සූරියා වික්‍රමසිංහයි.

භාෂණ නිදහසට ව්‍යවස්ථාමය සහතික වීම් නමැති දෙවන පරිච්ඡේදයේ මෙසේ සඳහන් වුණා. (ඉංග්‍රීසි මුල් කෘතියෙන් පරිවර්තනය මගෙන්): ‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තොරතුරු දැන ගැනීමේ අයිතිය නිශ්චිත වශයෙන් සඳහන් කර නැතත්, එහි භාෂණ නිදහස පිළිබඳ අයිතීන් විග්‍රහ කරද්දී අධිකරණය එයට තොරතුරු නිදහසද අඩංගු වන බව නිර්ණය කර තිබේ. එසේ වුවද තොරතුරු අයිතිය වඩාත් විස්තරාත්මකව නීතිගත කිරීම වැදගත් හා අවශ්‍ය යයි අපි අදහස් කරමු. (1980දී ශ්‍රී ලංකාව අපරානුමත කොට ඇති) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ තොරතුරු අයිතිය විග්‍රහ කර ඇත්තේ ඕනෑම මාධ්‍යයක් හරහා තොරතුරු ඉල්ලීමට, ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියක් ලෙසයි. හැකි තාක් සීමා කිරීම්වලින් තොරව මෙම අයිතිය ලබා දිය යුතුය.’

අවාසනාවකට ගුණසේකර කමිටු වාර්තාවේ බොහෝ වැදගත් නිර්දේශ අඩංගු වුවත් එයින් බහුතරයක් ක්‍රියාත්මක වූයේ නැහැ. එයට අවශ්‍ය දේශපාලන කැපවීම හීන වී ගිය නිසා විය යුතුයි.

2014 නොවැම්බරයේ ගුණසේකරයන් වියෝ වූ අවස්ථාවේ ප්‍රකාශයක් නිකුත් කළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඔහුගේ මෙහෙවර ඉහළින් අගය කළා. ‘අද දක්වාත් මාධ්‍ය නිදහස තහවුරු කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳ මූලිකම හා වැදගත්ම ලේඛනය වන්නේ 1996 නිකුත් වූ ගුණසේකර කමිටු වාර්තාවයි.’ එහි සඳහන් වුණා.

තොරතුරු අයිතිය දිනා ගන්නට වසර 20ක් පුරා පෙරමුණු කිහිපයක බුද්ධිමය අරගලයක් හා උත්සාහයන් සිදු වුණා. සැමදෙනා අතර සැම විට සම්බන්ධීකරණයක් නොතිබුණත්, පොදු අරමුණක් ලෙස තොරතුරු අයිතිය නීතිමය වශයෙන් පිළිගැනීම වෙනුවෙන් ඔවුන් කැපවී සිටියා.

No more with us: L to R - Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne
No more with us: L to R – Dharmasiri Senanayake, R K W Goonesekere, Justice Mark Fernando, Victor Gunewardena, Tilak Jayaratne

මා ඔවුන් කාණ්ඩ කිහිපයකට බෙදා හඳුනා ගන්නවා.

  1. ප්‍රගතිශීලී නීතිඥයන් හා විනිසුරුවරුන්

තොරතුරු අයිතියට අදාළ ප්‍රඥාන්විත නඩු තීන්දු ලබා දීම හරහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මාක් ප්‍රනාන්දු (1941-2009) වැදගත් භූමිකාවක් ඉටු කළා. මෙරට භාෂණ නිදහස හා නීතිය ගැන කළ විග්‍රහයක ආචාර්ය අසංග වැලිකල ගිය වසරේ සිහිපත් කළේ විමල් ප්‍රනාන්දුට එරෙහිව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව :1996- නම් මූලික අයිතිවාසිකම් නඩුවේදී ප්‍රනාන්දු විනිසුරුවරයා දුන් තීන්දුවයි.

භාෂණ නිදහස තුළ තොරතුරු ලැබීමට හා බෙදා හැරීමට ඇති අයිතියද ගැබ්ව තිබෙන බවට මේ තීන්දුව තර්ක කළා. එහෙත් නඩු තීන්දු හා නඩු වාර්තා පමණක් මානව අයිතීන් තහවුරු කිරීමට නොසෑහෙන බව වැලිකල පෙන්වා දෙනවා. මන්ද සෑම විනිසුරුවරයාම ලිබරල් දැක්මකින් නීති විග්‍රහ නොකරන නිසා.

තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් හා එයටම වෙන් වූ පනතක් ලෙස නීතිගත වීම අවශ්‍ය වූයේ එබැවින්. තොරතුරු අයිතිය වෙනුවෙන් විවිධ අවස්ථාවල මතවාදීව පෙනී සිටි නීතිවේදීන් අතර ජයන්ත ද අල්මේදා ගුණරත්න, එස්.ජී. පුංචිහේවා, ඩබ්ලිව්. ජේ. බැසිල් ප්‍රනාන්දු, ක්‍රිෂාන්ත වැලිඅමුණ, ජගත් ලියනආරච්චි හා කේ. ඩබ්ලිව්. ජනරංජන සිටිනවා.

ගුණසේකර කමිටුවේ සාමාජිකයකු වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, 2015දී තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ සභාපතිවරයා වුණා. විසි වසරකට පසුව හෝ එම කමිටු නිර්දේශය ක්‍රියාත්මක කිරීමට ඔහුට නායකත්වය දීමට හැකිවීම සුවිශේෂ සිද්ධියක්.

  1. මාධ්‍යවේදීන් හා කතුවරුන්

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට පමණක් නොව සමස්ත සමාජයටම එක ලෙස උපකාර වන්නක්. එහෙත් එහි වැදගත්කම කල් තබා හඳුනා ගත් පුරෝගාමීන් අතර මාධ්‍යවේදීන් ගණනාවක්ම සිටියා.

මෙරට සිටි ප්‍රවීණතම ඉංග්‍රීසි මාධ්‍යවේදියකු වූ වික්ටර් ගුණවර්ධන (1927-2002) ගුණසේකර කමිටුවේ සාමාජිකයකු ද වූවා. පැරණි සන්ඩේ ටයිම්ස් පත්‍රයේ කතුවරයාව සිට පසුව මාර්ග ආයතනයේ අධ්‍යක්ෂවරයකු වූ ඔහුට මාධ්‍ය නීතිය පිළිබඳ පුළුල් දැනුමක් තිබුණා. තොරතුරු නීතිය මෙරටට අවශ්‍ය හා වැදගත් ඇයිද යන්න ගැන පොදු අවකාශයේ මුලින්ම හඬ නැගූවන් අතර ඔහු සිටියා.

ගුණසේකර කමිටුවේ සිටි අනෙක් මාධ්‍යවේදියා ලූෂන් රාජකරුණානායක. තීරු ලිපි රචකයකු ලෙස තවමත් සක්‍රීය ඔහු මුල් යුගයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේද මූලිකයෙක් වුණා.

සමහර මාධ්‍යවේදීන් තම මාධ්‍ය හරහා තොරතුරු  අයිතිය වෙනුවෙන් දිගටම පෙනී සිටියා. සන්ඩේ ටයිම්ස් වත්මන් කර්තෘ සිංහ රත්නතුංග එයින් එක් අයෙක්. ඔහු මාධ්‍ය නිදහස හා සමාජයීය වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ (1998) ද මූලිකයෙක්.

ඔහුගේ තවත් දායකත්වයක් නම් මානව හිමිකම් පිළිබඳ තීරු ලිපියකට දිගු කලක් තිස්සේ තම පත්‍රයේ ඉඩ දීමයි. එය ලියන නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන දශක දෙකක් පුරා තොරතුරු අයිතිය ප්‍රවර්ධනය කළ අයෙක්. සම්මත වූ තොරතුරු නීතිය කෙටුම්පත් කිරීමට ද ඇය දායක වූවා.

තොරතුරු අයිතියට දැඩි අවධානය යොමු කළ තවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු නම් රාවය ආරම්භක කර්තෘ වික්ටර් අයිවන්. රටේ දැනටමත් පවතින වත්කම් හා බැරකම් නීතිය හරහා පොදු උන්නතියට අදාළ තොරතුරු ඉල්ලා සිටිය හැකි බවත්, එහෙත් එය ලැබීමට නිලධාරිවාදී බාධා මතු වන බවත් ඔහු බොහෝ අවස්ථාවල පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය හා ශාස්ත්‍රීය මූලාශ්‍රවලින් ගවේෂණාත්මක ලෙස තොරතුරු සොයා ගෙන, සමාජ-ආර්ථීක-දේශපාලනික ප්‍රශ්න ගැන කාලීන විග්‍රහයන් කිරීමේ පූර්වාදර්ශ රැසක් වික්ටර් අයිවන් අපට ලබා දෙනවා.

මාධ්‍ය නිදහස සඳහා සක්‍රීයව පෙනී සිටින මාධ්‍ය සංවිධාන අතර තොරතුරු නීතිය කලක් තිස්සේ ප්‍රමුඛතාවක් වී පැවතියා. එම උද්ඝෝෂණවලට නායකත්වය දුන් හා සහභාගි වූ සැම නමින් සඳහන් කිරීමට මෙහි ඉඩක් නැහැ. එහෙත් ප්‍රබලව හා දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටි වරුණ කරුණාතිලක, සුනන්ද දේශප්‍රිය, ශාන් විජේතුංග, රංග කලන්සූරිය ආදීන් අප සිහිපත් කළ යුතුයි.

නව මාධ්‍ය හරහා තොරතුරු අයිතිය ගැන මෑත වසරවල හඬ නැංවූවන් අතර සම්පත් සමරකෝන්, සජීව විජේවීර හා සංජන හත්තොටුව සිටිනවා.

L to R - Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Sarawanamuttu
L to R – Kishali Piono Jayawardena, Dr Jayampathy Wickramaratne, Dr Rohan Edrisinha, Wijayananda Jayaweera, Dr P Saravanamuttu
  1. පර්යේෂකයන් හා බුද්ධිමතුන්

තොරතුරු අයිතිය සඳහා නීතිවේදීන් හා මාධ්‍යවේදීන් ගෙන ගිය දිගු අරගලයට සරසවි ඇදුරන් හා සරසවිවලින් බැහැර පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් ගණනාවකගේ ද දායකත්වය ලැබුණා.

මාධ්‍ය පර්යේෂක තිලක් ජයරත්න (1943-2012) මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වනවා. රාජ්‍ය මාධ්‍යයක් (ගුවන් විදුලි සංස්ථාව) හරහා ජනතාවට තොරතුරු ලබා දීමට හැකි තාක් උත්සාහ ගත් ඔහු පසු කලෙක මාධ්‍ය ප්‍රතිසංස්කරණවල මූලික අවශ්‍යතාව ගැන පුළුල්ව ලිපි ලේඛන රචනා කළා. ඔහු තොරතුරු අයිතිය දුටුවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණවල එක් පියවරක් ලෙසයි.

නීති ක්ෂේත්‍රයේ පර්යේෂකයන් ලෙස ආචාර්ය රොහාන් එද්රිසිංහ හා ආචාර්ය අසංග වැලිකල තොරතුරු නීති සම්පාදනයට හා ප්‍රවර්ධනයට බෙහෙවින් දායක වුණා. දේශපාලන විද්‍යාඥ හා මානව හිමිකම් ක්‍රියාකාරික ආචාර්ය පාකියසෝති සරවනමුත්තු හා සන්නිවේදන සංවර්ධනය සඳහා යුනෙස්කෝවේ අධ්‍යක්ෂවරයා ලෙස කලක් ක්‍රියා කළ විජයානන්ද ජයවීර තොරතුරු නීති සංවාදවල වැදගත් භූමිකාවක් තවමත් ඉටු කරනවා.

සන්නිවේදන විශේෂඥ හා නව මාධ්‍ය පර්යේෂක මහාචාර්ය රොහාන් සමරජීව, නීතිඥයකු ද වනවා. ඔහු තොරතුරු නීති කෙටුම්පත් විචාරයට ලක් කරන අතර නව සන්නිවේදන තාක්ෂණයන් හරහා තොරතුරු අයිතිය වඩාත් තහවුරු කර ගන්නා ක්‍රමවේද ගැන අප දැනුවත් කරනවා.

වෙරිටේ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ගිහාන් ගුණතිලක මෑත වසරවල තොරතුරු අයිතිය විග්‍රහ කරමින් මෙරට පළවූ හොඳම අත්පොතක කතුවරයායි. තොරතුරු අයිතියේ ඉතිහාසය හා සංකල්පීය පරාසය ඔහු හොඳින් පහදා දෙනවා. http://unesdoc.unesco.org/images/0024/002441/244113E.pdf

තොරතුරු අයිතියේ සංවාදයට බුද්ධිමය තලයක කොටුවීමට ඉඩ නොදී එය සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හරහා සමාජගත කළ කිහිප දෙනෙක්ද සිටිනවා. පුරවැසි බලය ප්‍රකාශකයකු වන ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ හා සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ලේකම් සූරියා වික්‍රමසිංහ ඒ අතර කැපී පෙනෙනවා.

L to R - Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan
L to R – Dr Rohan Samarajiva, Gamini Viyangoda, Sinha Ratnatunga, Dr Asanga Welikala, Victor Ivan

4. දේශපාලකයෝ හා සමාජ ක්‍රියාකාරිකයෝ

අවසන් වශයෙන් තොරතුරු නීතිය සැබෑ කර ගැනීමට දේශපාලනමය කැප වීම තීරණාත්මකව බලපෑවා.

2001-2004 රජය යටතේ තොරතුරු නීතියක් කෙටුම්පත් කොට එයට කැබිනට් අනුමැතියද ලැබ තිබුණා. එහෙත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එම 2003 කෙටුම්පතට නායකත්වය දුන්නේ එවකට හා දැන් යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ.

ඉනික්බිති එළැඹි 2005-2014 අඳුරු දශකය තුළ තොරතුරු නීතියක් ගෙන ඒමට උත්සාහයන් කිහිපයක් කෙරුණා. 2010දී එවකට අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ ගත් උත්සාහයත්, 2010 සැප්තැම්බර් හා යළිත් 2011 ජුනි මාසයේ කරූ ජයසූරිය මන්ත්‍රීවරයා (දැන් කතානායක) ගත් උත්සාහයත් පසුගිය රජය විසින් ව්‍යර්ථ කරනු ලැබුවා.

මාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක හා නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන 2016 ජුනි 24 වනදා සම්මත කර ගත් තොරතුරු නීතිය දශක දෙකකට වැඩි කලක් එම සංකල්පය වෙනුවෙන් පෙනී සිටි සැමගේ සාමූහික ජයග්‍රහණයක්.

දැන් අභියෝගය නම් එය රැක ගනිමින් මනාව ක්‍රියාත්මක කිරීමයිග තොරතුරු අයිතිය සවිමත් වන්නේ පුරවැසි අප එය භාවිත කරන තරමටයි!

BBC Sinhala interview on RTI: තොරතුරු දැන ගැනීමේ සංකල්පය ‘අශෝක අධිරාජයාගෙන්’

I was interviewed by BBC Sinhala in London on 21 June 2016, on the eve of Sri Lanka’s Parliament passing the long-waited Right to Information law. In this interview with BBC’s Saroj Pathirana, I look at the journey so far (it took over 2o years to get this law adopted) and challenges than remain.

Chief among the challenges from now on: reorienting all state structures to be open and info-sharing rather than closed and secretive (default mode until now); raising public awareness on the provisions and benefits of RTI law (including debunking of myths and misconceptions); and learning to be a more information-literate society as a whole.

BBC Sinhala home page on 27 June 2016, featuring Nalaka Gunawardene interview on Right to Information in Sri Lanka
BBC Sinhala home page on 27 June 2016, featuring Nalaka Gunawardene interview on Right to Information in Sri Lanka

Here is the full story. You can also read it on BBC online at: http://www.bbc.com/sinhala/sri-lanka-36634031

තොරතුරු දැන ගැනීමේ සංකල්පය ‘අශෝක අධිරාජයාගෙන්

2016 ජුනි 26: තොරතුරු දැන ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ නමුත් එය ජනගත කරන්නේ කෙසේදැයි යන අභියෝගය රට හමුවේ පවතින බව ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලද තොරතුරු දැන ගැනීමේ පනත සහ එහි වැදගත්කම පිළිබඳ රටේ සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය දැනුවත් දැයි බීබීසී සංදේශය කළ විමසීමකදී.

”ඇත්තටම එහෙම දැනුවත් භාවයක් නැහැ. අපි එය පිළිගත යුතුව තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් යම් යම් පියවර ගත යුතුව තිබෙනවා.”

අදාළ පනත සම්මත කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හඬ නැගුවේ මධ්‍යම පාන්තික සමාජ සහ දේශපාලන ක්‍රියාධරයන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් අසල්වැසි ඉන්දියාවේ පැවතුනේ එයට වඩා වෙනස් තත්වයක් බව විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

Nalaka Gunawardene (left) with BBC journalist Saroj Pathirana at BBC Broadcasting House in London on 21 June 2016
Nalaka Gunawardene (left) with BBC journalist Saroj Pathirana at BBC Broadcasting House in London on 21 June 2016

ඇයි අපට වැදගත්?

”අනූව දශකයේ, ඉන්දියාව තුළ මේ තොරතුරු දැන ගැනීමේ පනත අවශ්‍යයි කියන ඉල්ලීම ආවේ බිම් මට්ටමින්. ප්‍රාන්ත මට්ටමින් නීති ගත වී 2005 වසරේ ඉන්දියාව ජාතික මට්ටමින් තොරතුරු නීතිය සම්මත කර ගත්තා. මේක ඇයි අපට වැදගත්? මොනවද මෙයින් ගත හැකි ප්‍රයෝජන කියන කාරණා, නීතිය සම්මත වෙන කොටත් මිනිස්සු දැන සිටියා”

තොරතුරු දැන ගැනීමේ පනතේ ඇති වැදගත්කම ජන ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන, මාධ්‍ය ආයතන සහ ක්‍රියාධරයන්ට සුවිශේෂී වගකීමක් පැවරෙන බවයි තොරතුරු දැන ගැනීමේ පනත සම්බන්ධ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ලේඛක නාලක ගුණවර්ධන පෙන්වා දෙන්නේ.

”මේක වෙනත් නීති වගේ නොවෙයි.මෙය ජනතාව වෙනුවෙන් සම්මත වූ නීතියක්. සාමාන්‍යයෙන් පනවන ලද නීති ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව. නමුත් තොරතුරු නීතිය භාවිත කරන්න ඕනි පුරවැසියෝ.”

තොරතුරු පනත හරහා පුරවැසියන්ට රාජ්‍ය ආයතන, පොදු අධිකාරියක තොරතුරු ඉල්ලා සිටීමට සහ ලබා ගැනීමට නෛතික අයිතියක් හිමි වේ.

”නීතිය සම්මත වූ පසු රජයට මාස හයක කාල සීමාවක් තිබෙනවා මේ සඳහා රාජ්‍ය තන්ත්‍රය සුදානම් කරන්න. ඉන් පසු ජනතාවට පුළුවන් ඕනෑම රජයේ ආයතනයක තොරතුරු ඉල්ලා සිටින්න. ඒ සඳහා හේතු දක්වන්න අවශ්‍ය නැහැ.”

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දින දෙකක් විවාදයට ගත් තොරතුරු දැන ගැනීමේ පනත සංශෝධන සහිතව ජුනි 24 වනදා ඒකමතිකව සම්මත විය
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ දින දෙකක් විවාදයට ගත් තොරතුරු දැන ගැනීමේ පනත සංශෝධන සහිතව ජුනි 24 වනදා ඒකමතිකව සම්මත විය

අශෝක කුලුණු

ඇතැම් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළ හැකි අදාළ පනතේ දක්වා ඇති ව්‍යතිරේක හැරුණු කොට අනෙකුත් සියලු තොරතුරු ලබා ගැනීමට ජනතාවට අයිතිය හිමි වන බවයි ඔහු පවසන්නේ.

ව්‍යතිරේකවලින් බැහැර වන තොරතුරු ලබා නොදෙන්නේ නම් තොරතුරු අයිතිය පිළිබඳ ස්වාධීන කොමිසමට පැමිණිලි කළ හැකි බවත් ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන කියා සිටියේය.

සංකල්පයක් වශයෙන් තොරතුරු දැන ගැනීමේ නීතිය දකුණු ආසියාවට අලුත් දෙයක් නොවන බව ඔහු පෙන්වා දෙන්නේ අශෝක අධිරාජයා සමයේ ස්ථාපනය කරන ලද අශෝක කුලුණු උදාහරණයට ගනිමිනි.

”මේ කුලුණුවල, රජතුමා කරන්නේ කුමක්ද? රාජ්‍ය පාලකයාගේ ප්‍රතිපත්ති මොනාද? ස්ථාපිත කොට තිබුණා. එක් එක් ස්ථම්භය පිහිටුවන ස්ථානයේ එම ප්‍රදේශයේ භාෂාවෙන් පුවරුවල සටහන් යෙදුවා. සියලු දෙනාටම සාක්ෂරතාවය නැති නිසා විටින් විට පුවරුවල ඇති සටහන් හඬ නගා කියවන්න රාජ්‍ය නිලධාරීන්ට නියෝග කළා.”

තොරතුරු දැන ගැනීමේ වැදගත්කම හඳුනා ගනිමින් එවැනි පනතක් මුලින්ම නීති ගත කරන ලද්දේ ස්වීඩනය බවත් ප්‍රවීණ ලේඛක නාලක ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේය.

”බටහිරින් ලැබුණු ආභාෂයක් වශයෙන් මේ වතාවේ තොරතුරු දැන ගැනීමේ පනත අපට ලැබුනත් අපේ සංස්කෘතික උරුමයක් තිබෙනවා රජය, මහජනතාව වෙත තොරතුරු සරල බසින් ලබා දෙන බවට”

සිවුමංසල කොලූගැටයා #269: ඓතිහාසික ජන සතුරා (මැලේරියාව) මර්දනය කළ මහා සංග්‍රාමය

Half a century after narrowly missing the opportunity to eliminate malaria in the mid 1960s, Sri Lanka seems to have reached this significant public health goal.

“With no indigenous malaria cases being reported since October 2012, Sri Lanka is currently in the malaria elimination and prevention of re-introduction phase,” says the website of the Sri Lanka Anti-Malaria Campaign.

In April 2016, Sri Lanka applied for World Health Organisation (WHO)’s certification on malaria-free status. Expected shortly, this is a key milestone in the history of health and development.

In this week’s Ravaya column (appearing in the print issue of 22 May 2016), I summarise how we reached here, and what challenges remain.

I point out that Malaria is an ancient enemy in Sri Lanka that has killed tens of thousands and affected millions over centuries. There is speculation that malaria contributed to the historical shifting of the seat of government (kingdom at the time) and majority of human settlements from the dry zone to the intermediate and wet zones.

A severe epidemic in 1934-35 led to an estimated 5.5 million cases and 80,000 reported deaths – around 2 per cent of the total population of 5.3 million in the 1931 census. My father, now 83, is one of its survivors.

In the mid 1940s, Ceylon became the first Asian country to develop a scheme of indoor industrial spraying using DDT. In 1946, when spraying commenced in earnest, the island still had around 3 million malaria cases, high for a population of 6.6 million (1946 census). With widespread use of DDT and other measures, there was a drastic reduction: down to 7,300 cases in 1956 and just 17 in 1963.

Then there was a resurgence, which took over two decades to bring under control. As Dr Risintha Premaratne, Director of Sri Lanka’s anti-malaria campaign, told WHO, “Key components in the elimination efforts included enhanced malaria parasite screening in high transmission areas through active case detection using mobile malaria clinics; early diagnosis and prompt treatment effectively reducing the parasite reservoir and the potential for transmission; and strengthening the malaria mosquito surveillance leading to evidence based vector control.”

Malaria elimination in Sri Lanka has been achieved through a period overlapping with a 30-year separatist war in areas that were endemic for malaria. The challenge now entails sustaining a malaria-free country and preventing the reintroduction of malaria to Sri Lanka…in the context of rapid postwar developments in the country, say three Lankan leaders in this struggle writing in WHO South East Asia Journal of Public Health in Jan-March 2014.

Image source: http://www.news.lk/fetures/item/7270-let-s-together-keep-sri-lanka-malaria-free
Image source: http://www.news.lk/fetures/item/7270-let-s-together-keep-sri-lanka-malaria-free

සිවිල් යුද්ධය නිමා වී වසර හතක් පිරුණේ ගෙවී ගිය සතියේයි. දකුණේ සමහරුන් මෙය තවමත් යුද ජයග්‍රහණයක් ලෙස හඳුන්වමින් සමරනවා. අපේම රටේ අපේම පුරවැසියන් අතර ඇති වූ කුරිරු යුද්ධයක ජය-පරාජයක් තිබිය හැකිද?

මගේ මතය නම් වඩාත් සංවේදී වදන් භාවිතය වන්නේ එය යුද ස්මරණයක් ලෙස හැඳින්වීමයි. යුද්ධයකදී එයට සම්බන්ධිත හැම පාර්ශ්වයක්ම (නිරායුධ සිවිල් ජනයාද ඇතුළුව) බරපතළ හානි ලබනවා. එබඳු පසුබිමෙක එක් පාර්ශ්වයක් ජයග්‍රහණයක් ගැන දිගින් දිගටම කතා කිරීම යුද්ධය හරහා අපේ සමාජයේ හට ගත් අධික ධ්‍රැවීකරණය තව තවත් පුළුල් කිරීමක්.

සමරන්නට ඕනැම නම් ඓතිහාසික පොදු සතුරකුට එරෙහිව සමස්ත ලක් සමාජය ලත් දුෂ්කර ජයග්‍රහණයක් ද තිබෙනවා. වැඩ ප්‍රසිද්ධියකින් හෝ ජන අවධානයකින් තොරව ළඟා වී ඇති මේ ජයග්‍රහණය හරහා මර්දනය කර ඇත්තේ ඉතිහාසය පුරා දස ලක්ෂ ගණනක් අපේ ජනයාට මරු කැඳවූ සතුරෙක්.

කවුද මේ ජන සතුරා? මැලේරියාව.

මැලේරියාවට හේතු කාරක වන්නේ ප්‍රකෘති ඇසට නොපෙනෙන තරම් කුඩා ජීවියෙක්. සාමාන්‍යයෙන් මැලේරියා පරපෝෂිතයා නමින් හඳුන්වනවා. ප්ලාස්මෝඩියම් (Plasmodium) නම් ප්‍රොටොසේවාවන් කිහිපයක් මගින් තමයි මානවයන්ට මැලේරියාව ඇති කරන්නේ.

මේ පරපෝෂිතයාගේ ජීවන චක්‍රය නිශ්චිත මදුරු විශේෂ හා මිනිස් දේහය තුළ සිදු වනවා. මැලේරියා වාහකයා වන්නේ ඇනෝෆිලීස් Anopheles මදුරු විශේෂයේ ගැහැනු මදුරුවන්.

Anopheles mosquito
Anopheles mosquito

මැලේරියා රෝගය වසර දහස් ගණනක් තිස්සේ විවිධ රටවල ජනයාට බරපතළ ලෙස බලපා තිබෙනවා. කලක් බලසම්පන්න වූ රෝම අධිරාජ්‍යය ගරා වැටීමට මැලේරියාව ද හේතු වීයැ’යි සමහර  ඉතිහාසඥයන් අනුමාන කරනවා.

ශ්‍රී ලංකාවේද වියළි කලාපයේ සියවස් ගණනක් පැවති ජනාවාස හා රාජධානි ක්‍රමයෙන් අතරමැදි කලාපයට හා ඉනික්බිති තෙත් කලාපයට සංක්‍රමණය වීමට බලපෑ එක් හේතුවක් වූයේ මැලේරියා වසංගත බවට 1921දී එල්. නිකොල්ස් නම් විද්‍යාඥයා මතයක් ඉදිරිපත් කළා.

මේ මතය හැම පර්යේෂයකයාම පිළිගන්නේ නැහැ. මහාවංශය හා චූලවංශය මැලේරියා රෝග ලක්ෂණ සහිත රෝගයක් ගැන කිසිදු සඳහනක් කොට නැහැ. 1988දී ලංකා වෛද්‍ය සඟරාවට නිබන්ධයක් ලියූ ජේ. එස්. එදිරිසිංහ නම් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයා කීවේ පොළොන්නරුව රාජධානිය බිඳ වැටී පරිහානියට පත් වීමට මැලේරියාව මුල් වූ බවට සාක්ෂි නැතත්, යළිත් උතුරුමැද පළාතේ රාජධානි බිහි වීම වැළැක් වූ එක් සාධකයක් මැලේරියාව විය හැකි බවයි.

මේ ඓතිහාසික විවාද කෙසේ වෙතත්, 16 වන සියවසේ සිට මෙරට මැලේරියා වසංගත ගැන යම් වාර්තා හමු වනවා. එම නමින් හඳුන්වා නැතත් රෝග ලක්ෂණ සමානයි.

මැලේරියාව ගැන නිශ්චිත හා විස්තරාත්මක වාර්තාවක් මුල් වරට හමු වන්නේ 1867දී බ්‍රිතාන්‍ය පාලන සමයේ.

මැලේරියාව මදුරු විශේෂයක් හරහා බෝවන බව විද්‍යාත්මකව තහවුරු කළේ ඉන්දියාවේ කල්කටාවේ පර්යේෂණ කළ ස්කොට්ලන්ත ජාතික රොනල්ඩ් රොස් විසින් 1898දී. මේ සඳහා ඔහුට 1902 නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගය පිරිනමනු ලැබුවා.

රෝග කාරකයා හා රෝග වාහකයා නිසි ලෙස හඳුනාගත් පසු රෝග නිවාරණයට පියවර ගැනීම පහසු වුණා. ශ්‍රී ලංකාවේ මුල්ම මැලේරියා මර්දන කේන්ද්‍රය 1911දී පිහිටුවනු ලැබුවා. ඉන් පසු එළැඹි දශක දෙක තුළ මැලේරියා රෝගය වාර්තා කිරීම හා එයට ප්‍රතිකාර කිරීම වඩාත් ක්‍රමවත් වුණා.

Decolonisation, Development and Disease: A Social History of Malaria in Sri Lanka, by Kalinga Tudor Silva, Orient Black Swan 2014
Decolonisation, Development and Disease: A Social History of Malaria in Sri Lanka, by Kalinga Tudor Silva, Orient Black Swan 2014

1930 වන විට මැලේරියා මර්දන ඒකකයන් රටේ විවිධ ප්‍රදේශවල පිහිටුවා තිබුණා. එසේ වුවත් 1934/35දී පැතිර ගිය මැලේරියා වසංගතයේදී රෝග තත්ත්වයන් මිලියන් 5ක් වාර්තා වූ අතර 80,000කට අධික ජනතාවක් මියගියා. සමහර ඇස්තමේන්තුවලට අනුව මරණ ගණන ලක්ෂයක් වූවා. (එවකට සිටි ජනගහනයෙන් සියයට 2ක්).

මැලේරියා වසංගතය හා සාගතය අතර සබැඳියාවක් මතු කරමින් මේ ප්‍රශ්නයට දේශපාලන මට්ටමින් ප්‍රතිචාරයක් දැක් වූයේ මුල් යුගයේ මෙරට වාමාංශික නායකයෝයි.

1934-35 මැලේරියා වසංගතයේ එක් ප්‍රතිපත්තිමය ප්‍රතිඵලයක් වූයේ මෙරට සුබසාධක රාජ්‍යයක් (Welfare State) බිහි වීම යයි මැලේරියාව හා සංවර්ධනය ගැන 2014දී පොතක් ලියූ සමාජ විද්‍යාඥ ආචාර්ය කාලිංග ටියුඩර් සිල්වා තර්ක කරනවා. ඉංග්‍රීසියෙන් රචිත ඔහුගේ පොත (Decolonisation, Development and Disease: A Social History of Malaria in Sri Lanka, Kalinga Tudor Silva, Orient Black Swan 2014), මැලේරියාව මෙරට විසිවන සියවසේ සමාජයීය හා දේශපාලනික ප්‍රවාහයන්ට ඍජුව හා වක්‍රව දායක වූ සැටි ගැන කදිම විවරණයක්.

එක් දෙයක් පැහැදිලියි. මැලේරියාව නිදහසෙන් පෙරත්, ඉන් පසුවත් මෙරට ප්‍රධානතම මහජන සෞඛ්‍ය තර්ජනයක්ව පැවතුණා. මැලේරියා වාහක මදුරුවන් මර්දනයට ප්‍රසිද්ධ ස්ථානවලත්, නිවාස හා  DDT කෘමි නාශකය ඉසීම ආරම්භ කළ මුල්ම ආසියානු රට බවට 1945දී ශ්‍රී ලංකාව පත්වුණා.

The Royal Naval School of Malaria and Hygiene Control - War-time spraying of DDT near Colombo, Ceylon, December 1944 – Image Imperial War Museum, UK © IWM (A 28178)
The Royal Naval School of Malaria and Hygiene Control – War-time spraying of DDT near Colombo, Ceylon, December 1944 – Image Imperial War Museum, UK © IWM (A 28178)

DDT රසායනකය ඇති කරන පාරිසරික හානි ගැන පසුව අවබෝධ කොට ගත් නමුත් 1945-1960 වකවානුවේ DDT පුළුල් ලෙස භාවිත නොකළා නම් අපේ රටේ තවත් බොහෝ දෙනකු මැලේරියාව නිසා මියයාමට හෝ රෝගීවීමට හොඳටම ඉඩ තිබුණා. මේ නිසා නිදහසෙන් පසු දශක දෙකක පමණ කාලයේ මෙරට උපන් දරුවන්  “DDT පරම්පරාව” (Sri Lanka’s DDT Generation) ලෙස මා නම් කරනවා. මාත් එයට අයත්.

1946දී මිලියන් දෙක හමාරක් පමණ වූ වාර්ෂික මැලේරියා රෝග තත්ත්ව සංඛ්‍යාව (සමහර රෝගීන්ට යළි යළිත් වැළඳුණු නිසා රෝගීන් සංඛ්‍යාව මීට අඩුයි) 1953 වන විට 91,990ක් දක්වා ශීඝ්‍රයෙන් පහළ ගියා. 1950 දශකය පුරාම තවත් අඩු වූ රෝග තත්ත්ව සංඛ්‍යාව 1963දී 17ක් තරමට කුඩා වුණා.

තුරන් කිරීමේ මුවවිටට ආවත් එය සාර්ථක වූයේ නැහැ. රෝග ආවේක්ෂණය හා නිවාරණ පියවර ලිහිල් වීම නිසා මැලේරියාව යළිත් පැතිරෙන්නට පටන් ගත්තා. 1968 වන විට ලක්ෂ ගණනක් යළිත් රෝග තත්ත්ව වාර්තා වුණා. 1970 හා 1980 දශක මුළුල්ලේම විටින් විට උත්සන්නවීම් සහිතව මැලේරියාව ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් ලෙස පැවතියා.

සිවිල් යුද්ධය නිසා දිස්ත්‍රික්ක ගණනාවක මැලේරියා මර්දන කටයුතු අඩාලවීම හෝ නතරවීම ද රෝග ව්‍යාප්තියට හේතු වුණා.

මේ තත්ත්වය වෙනස් වූයේ 1999න් පසුවයි. 1999දී තහවුරු කළ මැලේරියා රෝග තත්ත්වයන් 264,549ක් වාර්තා වූ අතර 2002 වන විට එය 41,411 දක්වා අඩු වුණා.

ඓතිහාසික මැලේරියා සතුරාට එරෙහිව ගෙන ගිය දශක ගණනක මහජන සෞඛ්‍ය සංග්‍රාමයේ පෙරමුණේම සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරයයි. ඔවුන්ගේ සහායට මෙරට සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියත්, වෛද්‍ය පර්යේෂකයනුත් පෙළ ගැසුණා.

මුලින්ම ලබා ගත් ජයග්‍රහණය වූයේ මැලේරියාවෙන් මිය යාම වැළැක්වීමයි. 1998දී මෙරට මැලේරියා මරණ 115ක් වාර්තා වූ අතර 2008 වන විට එය බින්දුවට බැස්සා. 2008න් පසු මෙරට දේශීය ජනයා මැලේරියාවෙන් මිය ගොස් නැහැ. ඉඳහිට වාර්තා වූ මැලේරියා මරණ විදේශිකයන්ගේයි.

මැලේරියා මර්දන ව්‍යාපාරයට අනුව 2012 ඔක්තෝබර් මාසයෙන් පසු මෙරට කිසිදු දේශීය මැලේරියා රෝගියෙක් වාර්තා වී නැහැ.

2015 ඔක්තෝබරයට දේශීය මැලේරියා රෝගියකු වාර්තා නොවී වසර තුනක් (මාස 36ක්) සම්පූර්ණ වුණා. ඒ අනුව මෙරටින් මැලේරියාව තුරන් කොට ඇතැයි සහතිකයක් ලබන්නට මේ වසර මුලදී රජය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නිල වශයෙන් අයදුම් කළා.

කෘමිනාශක රසායන ඉසීම, කෘමිනාශක ගල්වන ලද මදුරු දැල් ප්‍රචලිත කිරීම, නිරතුරු රෝග ආවේක්ෂණය හා කඩිනම් ප්‍රතිකාර නොමිලේ ලබා දීම මෙන්ම ප්‍රජා සහභාගිත්වය හරහා මදුරුවන් බෝවීම වැළැක්වීමද මේ සංග්‍රාමයේ ජයට හේතු වුණා.

මැලේරියා මර්දන ව්‍යාපාරය මීට දශක ගණනකට පෙර පිහිටුවන ලද්දේ මේ ඓතිහාසික ජන සතුරා මෙරටින් සදහටම අතුගා දමන්නයි. 2012 වන විට මෙය සාක්ෂාත් කර ගත්ත ද ලෝකයේ මැලේරියාව පවතින තුරු එය නැවතත් මෙහි පැමිණීමේ අවදානම තිබෙනවා.

Sri Lanka Anti Malaria Campaign is a public health triumph of our times
Sri Lanka Anti Malaria Campaign is a public health triumph of our times

මේ නිසා මැලේරියාව පිළිබඳ රෝග විනිශ්චය පරීක්ෂණ කිරීම හා සමාජ ආවේක්ෂණය පවත්වා ගැනීම වැදගත්.

මැලේරියාව යළිත් මෙරටට පැමිණීම හා පැතිර යාම ගැන තවත් වසර ගණනක් තිස්සේ අප මහත් විමසිල්ලෙන් හා සූදානමින් සිටිය යුතුයි. මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මෑතදී මාධ්‍යවලට පවසා තිබුණේ මැලේරියා කාරක පරපෝෂිතයා මෙරටින් තුරන් කළත් මැලේරියා වාහක මදුරුවන් ඕනෑ තරම් තවමත් මෙරට සිටින බවයි.

‘විදේශයකදී මැලේරියා පරපෝෂිතයන් රුධිරගත වූ අයෙක් මෙරටට ආවිට ඔහු/ඇයගේ රුධිරය උරා බොන අදාළ මදුරුවකු හරහා නිරෝගී අයට යළිත් මැලේරියාව පැතිර යා හැකියි,’ ඔහු කියනවාග

යමකුට මැලේරියාව ශරීරගත වී ඇත්දැයි කඩිනමින් තහවුරු කර ගැනීමට ක්ෂණික රසායානාගාර පරීක්ෂාවන් කිරීමේ හැකියාව මැලේරියා මර්දන ව්‍යාපාරය සතුයි. එහෙත් මානව හිමිකම් ගරු කරන සමාජයක මේ පරීක්ෂාවන් කිරීමට යැයි බල කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට බැහැ. ඒ සඳහා පෞද්ගලික වගකීම හා ඉදිරිපත් වීම හැම පුරවැසියකුගෙන් හා රටට එන විදේශිකයන්ගෙන් බලාපොරොත්තු වීම පමණයි කළ හැක්කේ.

එසේ මැලේරියාව රුධිරගත වී සිටින ඕනෑම අයකු හඳුනා ගත් විට පුරවැසි හෝ විදේශික තරාතිරම නොබලා වහාම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට මැලේරියා මර්දන ව්‍යාපාරය සීරුවෙන් සිටිනවා.

නිසි ප්‍රතිකාර හරහා මැලේරියාව සුව කළ හැකියි. මදුරුවන්ගේ විදීමෙන් බේරී සිටියොත් මැලේරියාව බෝවීම වළක්වා ගන්නට ද හැකියි.

විදේශිකයන් මැලේරියාව ගෙනෙනවා යයි ජන භීතියක් ඇති කරන්නට සමහර වෛද්‍යවරුන් මෑතදී ප්‍රකාශයන් කළා. 2016 වසරේ අප්‍රේල් 20 දක්වා කාලයේ මැලේරියාව රුධිරගත වූ 16 දෙනකු හඳුනා ගෙන ප්‍රතිකාර කර තිබෙනවා. එහෙත් මෙයින් විදේශිකයන් වූයේ දෙදෙනකු පමණයි. අන් සියල්ලෝම ලාංකිකයෝ.

කැලණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජිත වික්‍රමසිංහ මේ ගැන හොඳ විග්‍රහයක් මෑතදී කළා. විදෙස් ගත වී යළි මවු රට පැමිණෙන ලාංකිකයන් හරහා නොදැනුවත්වම මැලේරියාව යළි මෙහි ඒමට ඇති අවදානම ඔහු සාකච්ඡා කළා.

එහිදී වඩාත්ම එම අවදානමට ලක් වන්නේ මැලේරියාව බහුල රටවලට යන ලාංකික ව්‍යාපාරිකයන්, මැණික් සොයා සමහර අප්‍රිකානු රටවලට යන අපේ මැණික් වෙළඳෙන්, එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතුවලට යන හමුදා නිලධාරීන් හා සොල්දාදුවන් හා කලක් රටින් පිට වාසය කොට නැවත මෙහි එන ලාංකික සරණාගතයන්. මීට අමතරව මෙරටට එන විදෙස් සංචාරකයන් හා ශ්‍රමිකයන් හරහාද මැලේරියාව ආ හැකියි.

Extracted from a May 2016 presentation by Prof Rajitha Wickremasinghe
Extracted from a May 2016 presentation by Prof Rajitha Wickremasinghe

‘මැලේරියාවට නිසි ප්‍රතිකාර තිබෙනවා. ඒවා මැලේරියා මර්දන ව්‍යාපාරය නොමිලයේ ලබාදෙනවා. විදෙස්ගතවී මෙහි පැමිණි පසු උණ ලක්ෂණ පහළ වුවොත් වහාම වෛද්‍යවරයකු හමුවී ඔබ කොහි සිට පැමිණියාද යන්නද හෙළිකරමින් ප්‍රතිකාර පතන්න. මැලේරියා ඖෂධ සියල්ල නියම කරන පරිදි දිගටම ගන්න. ඒ හරහා මේ රෝගය යළි පැතිරීමේ අවදානම අපට අවම කළ හැකියි.’ ඔහු කියනවා.

WHO දත්තවලට අනුව 2015දී ලෝකයේ මැලේරියා රෝග තත්ත්ව මිලියන් 214ක් වාර්තා වුණා. එයින් බහුතරයක් (88%) අප්‍රිකාවේ. ඊළඟට වැඩිම කලාප වන්නේ දකුණු ආසියාව හා අග්නිදග ආසියාවයි (10%). 2015දී ලොව පුරා මැලේරියාවෙන් අවම වශයෙන් 438,000ක් මිය ගියා. මේ නිසා මැලේරියාව තවමත් ලෝක සෞඛ්‍යයට තර්ජනයක්.

මහත් වෙර වෑයමින් මෙරට දේශීය මැලේරියා රෝග තත්ත්ව තුරන් කිරීමට සෞඛ්‍ය සේවාව කර ඇති සේවය ඉහළින් අගය කළ යුතුයි. දැන් අපට ඇති අභියෝගය ශ්‍රී ලංකාව දිගටම මැලේරියාවෙන් තොරව පවත්වා ගැනීමයි.

World Malaria Day poster
World Malaria Day poster

See for details:

Malaria elimination in Sri Lanka: what it would take to reach the goal By Risintha Premaratne,Leonard Ortega, Navaratnasingam Janakan, Kamini N Mendis. WHO South-East Asia Journal of Public Health, January-March 201

On the road to eliminate malaria in Sri Lanka: lessons from history, challenges, gaps in knowledge and research needs, By Nadira D Karunaweera, Gawrie NL Galappaththy and Dyann F Wirth BioMed Journal, 14 Feb 2014

Malaria Control and Elimination in Sri Lanka: Documenting Progress and Success Factors in a Conflict Setting. By Rabindra R. Abeyasinghe, Gawrie N. L. Galappaththy, Cara Smith Gueye, James G. Kahn & Richard G. A. Feachem. PLOS One journal. Published: August 29, 2012