ආපදා අවස්ථාවල මානුෂික ආධාර එකතු කිරීම හා බෙදීම මාධ්‍යවලට සුදුසුද? එසේ කළත් ඒ ගැන පම්පෝරි ගැසීම හරිද?

Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa
Disaster reporting, Sri Lanka TV style! Cartoon by Dasa Hapuwalana, Lankadeepa

ආපදා අවස්ථාවල මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතාම වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි.

ඉන් පසු වැදගත්ම කාරිය ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම ආවරණය සැපයීම. මෙයට බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිරයාම ගැන අනතුරු ඇගවීම් ආදිය ඇතුළත්.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත් කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම් තහවුරු කරගත් තොරතුරු මත ඒවා වාර්තා කිරීමයි.

මේ සියල්ල කළ පසු මාධ්‍ය තමන් ආධාර එකතු කොට බෙදීමට යොමු වුණාට කමක් නැතැයි මා සිතනවා. එතැනදීත් තම වාර්තාකරණය සමස්ත ආපදා ප්‍රතිචාරය ගැන මිස තමන්ගේම සමාජ සත්කාරය හුවා දැක්වීමට නොකළ යුතුයි.

මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි. රාජ්‍ය මාධ්‍ය කළත්, පුද්ගලික මාධ්‍ය කළත් වැඩේ වැරදියි.

Author: Nalaka Gunawardene

A science writer by training, I've worked as a journalist and communication specialist across Asia for 30+ years. During this time, I have variously been a news reporter, feature writer, radio presenter, TV quizmaster, documentary film producer, foreign correspondent and journalist trainer. I continue to juggle some of these roles, while also blogging and tweeting and column writing.

2 thoughts on “ආපදා අවස්ථාවල මානුෂික ආධාර එකතු කිරීම හා බෙදීම මාධ්‍යවලට සුදුසුද? එසේ කළත් ඒ ගැන පම්පෝරි ගැසීම හරිද?”

  1. //මාධ්‍ය සන්නාම ප්‍රවර්ධනයට ආපදා අවස්ථා යොදා ගැනීම නීති විරෝධී නොවූවත් සදාචාර විරෝධීයි. රාජ්‍ය මාධ්‍ය කළත්, පුද්ගලික මාධ්‍ය කළත් වැඩේ වැරදියි.//
    100% ක් එකඟයි. මෑත කාලයේ ආපාදා සිදුවීම් දිහා හැරිලා බැලුවාම තේරෙනවා මේ පින්තූරේ තියෙනවා වගේ තමන්ගේ මාධ්‍ය ආයතනය පුම්බා ගැනීමේ අරමුණින් ක්‍රියා කරලා මිසක් ඒ වගේ අවස්ථාවක මාද්‍ය හැසිරෙන්න ඕන විදිහට නෙමෙයි හැසිරිලා තියෙන්නේ කියන එක.

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.