Kasturi’s Progress: 1933 – 2017

W D K (Kasturiratne) Gunawardene as a young man (left) and at 80

Kasturi was born in another century in what now feels like an entirely different country. It was called Ceylon, a British colony, and the year was 1933.

Kasturi’s was a very ordinary life, which was mostly dedicated to education. But it was punctuated at various points by key events of his country and people. Tracing his life thus offers us some glimpses of his nation’s turbulent times.

At age two, he survived malaria during the major epidemic of 1933-35 which killed as estimated 80,000 to 100,000 Lankans. (He lived to see malaria being eradicated from Sri Lanka by 2016.)

At nine, he saw the Japanese air raid of Colombo and suburbs (1942), and lived through the various rations, restrictions and disruptions of World War II.

At 15, as a schoolboy he walked to Colombo’s Torrington square to personally bear witness to Ceylon becoming independent (1948). The following day, he wrote the best essay in class in which he outlined high hopes and dreams for his now self-governing nation.

At 20, he entered the University of Ceylon and was among the first students to experience the newly established Peradeniya campus where he studied history and Sinhala language. From the scenic hills, he would see the political transformation of 1956, as well as the cultural revival heralded by Maname (landmark Sinhala drama) and Rekava (landmark Sinhala movie).

At 25, as a fresh graduate entering the world, he witnessed the 1958 ethnic riots that foreshadowed the Sinhala-Tamil ethnic conflict that consumed his nation for the next half century. Among much else, it evaporated young Kasturi’s dreams of an inter-racial marriage.

At 50, as a teacher and father, he saw the far worse anti-Tamil pogrom of 1983. For the next quarter century, he would watch in horror — and guilt — as his generation’s collective blunders consumed the next generation’s future.

At 76, as a senior citizen still active in social work and literacy circles, he saw Sri Lanka’s civil war being ended brutally (2009). He had the audacity to hope once more, even if only cautiously. And yet again, his and many others’ hopes were dashed as political opportunism and corruption soon trumped over true healing and nation building. The nation was polarised beyond recognition.

At 82, he voted for a common opposition candidate (January 2015) and for political parties (Aug 2015) who pledged good governance (yaha-palanaya). That was his last public gesture, after having voted at all national elections during his time, and having spent 25 years as a public servant. He played by all the rules, but was let down by the system.

At 84, as he coped with a corroding cancer, Kasturi watched in dismay the much-touted promise of yaha-palana being squandered and betrayed. On 13 September 2017, he departed as a deeply disappointed man who remained highly apologetic for many wrong-turns taken by his generation.

Kasturi isn’t a figment of my imagination. Neither is he a composite character. Until yesterday, Kasturi was all too real. He was my father, whom we returned to the Earth today at a simple funeral. – Nalaka Gunawardene

Note: An earlier, and longer version of this was published in May 2014, and can be accessed at: http://groundviews.org/2014/05/07/kasturis-progress/


Nalaka Gunawardene (left) and his father Kasturiratne Gunawardene on the latter’s 83rd birthday, on 5 February 2016


My Wish for 2016: For an Open Society engaged with the world!

Here are my wishes for 2016, shared on Facebook and Twitter as home-made web memes.

I wish for a truly OPEN SOCIETY in ‪Sri Lanka in 2016
where good ideas flow freely,
public debate is informed, wide-ranging and courteous
and there are no Sacred Cows!

Let’s make it so! The power is with each and every one of us.

And here is the Sinhala language version:

හරබර අදහස් නිදහසේ ගලා යන,
පුළුල් හා ආචාරශීලී සංවාද නිරතුරු සිදුවන
අධිපතිවාදයන් හා හණමිටි ආකල්ප පිටු දකින
විවෘත ලක් සමාජයක් 2016 බිහි කරමු!

Nalaka Gunawardene's New Year Wish for 2016

Nalaka Gunawardene’s New Year Wish for 2016


On New Year’s eve, I shared this timeless quote of Mahatma Gandhi, which I felt was relevant for raging debates in Sri Lanka on what constitutes ‘our culture’ and how best to preserve it.

Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies

Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies


And here is how I rendered it into Sinhala language:

මගේ නිවස වටා සැම අතින් පවුරු බැඳ,

එහි කවුළු සියල්ල වසා දමන්නට මා කොහෙත්ම කැමති නැහැ.

ලොව නොයෙකුත් සංස්කෘතීන්ගේ ආභාෂ ප්රවාහයන්

මනිවසේ නිදහසේ සංසරණය වීම මට අවශ්යයි.

එහෙත් කිසිවකින් මා පෙරළා දමන්නට නම් මා ඉඩ දෙන්නේ නැහැ.

Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies - translated by Nalaka Gunawardene

Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies – translated by Nalaka Gunawardene

සිවුමංසල කොලූගැටයා #242: එක්සත් ජාතීන්ට බුද්ධිමය නායකත්වය දුන් අපේ හපන්නු

In 2015, the UN is 70 and Sri Lanka's membership is 60 years

In 2015, the UN is 70 and Sri Lanka’s membership is 60 years

On 24 October 2015, United Nations marks its 70th birthday. A few weeks later, on 15 December 2015, is the 60th anniversary of Sri Lanka (then Ceylon) becoming a member state of this inter-governmental organisation.

In this week’s Ravaya column, (appearing in issue of 25 Oct 2015), I continue my focus on Sri Lanka’s engagement with the UN system. In last week’s column, we recalled how Sri Lanka’s heads of state/government and diplomats engaged with the General Assembly and Security Council.

සිවුමංසල කොලූගැටයා #241: හැට වසරක් පුරා එක්සත් ජාතීන්ගේ ලාංකික ලකුණ

Today, we look at some eminent Lankan professionals who joined the UN system in expert or management positions and contributed to its intellectual and institutional development over the decades.

As Thalif Deen, a journalist of Lankan origin who has been reporting from the UN headquarters since the mid 1970s, once wrote: “When future historians take stock of Sri Lanka’s enduring contributions during its first 50 years at the United Nations, they may realise that our political legacy spanned both the upper and lower limits of the universe: the sky above and the oceans below.”

The list of Lankans who have excelled within the UN system is long, and I have had to be selective here. The ones mentioned in this column are:

I end with a reference to Lakshman Kadirgamar, who served the ILO and later WIPO in senior positions in Geneva before becoming Sri Lanka’s finest Minister of Foreign Affairs in 1994. I quote from the Foreword that Kadirgamar wrote to a book on the United Nations in Sri Lanka that I wrote for the UN Information Centre (UNIC) in Colombo in 1995 to mark the UN’s 50th anniversary.


See also:

7 April 2013: සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

21 April 2013: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

1 Dec 2013: සිවුමංසල කොලූගැටයා #145: තුන්වන ලෝකයට බුද්ධිමය පහන්ටැඹක් වූ ආචාර්ය ගාමිනී කොරෙයා

22 Dec 2013: සිවුමංසල කොලූගැටයා #148: වර්ණභේදවාදය පිටු දැකීමට ලැබුණු ලාංකික දායකත්වය

18 Oct 2015: සිවුමංසල කොලූගැටයා #241: හැට වසරක් පුරා එක්සත් ජාතීන්ගේ ලාංකික ලකුණ

එක්සත් ජාතීන්ගේ 70 වන උපන් දිනය ඔක්තෝබර් 24 වැනිදාට යෙදෙනවා. ශ‍්‍රී ලංකාව මේ අන්තර් රාජ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ලබා මේ වසරට දශක හයක් සම්පූර්ණ වෙනවා.

මේ දශක හයේදී මෙරට නියෝජනය කරමින් එජා සමුළු හා වෙනත් ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ කීර්තිමත් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් කිහිප දෙනකු ගැන ගිය සතියේ අප කතා කළා. අද අප විමසන්නේ එජා කාර්ය මණ්ඩලයට බැඳී බුද්ධිමය දායකත්වය හරහා එය පෝෂණය කළ ලාංකික විද්වතුන් ගැනයි.

එක්සත් ජාතීන් ලෙස පොදුවේ හැඳින් වෙන ආයතන හා සංවිධාන ජාලයක් හෙවත් පවුලක් තිබෙනවා. එයින් සමහරක් තමන්ගේම පාලක සභාවක් සහිත විශේෂ සංවිධානයි. එජා සංවර්ධන වැඩසටහන (UNDP) එජා ළමා අරමුදල (UNICEF) හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය (UN-FAO) මීට නිදසුන්. එවැනි ආයතනවලට තමන්ගේම විධායක අධ්‍යක්ෂවරයකු හා පරිපාලන තන්ත‍්‍රයක් සතුයි.

එදා මෙන්ම අදත් බලගතු රාජ්‍යයන්ට එක්සත් ජාතීන්ගේ ව්‍යුහය තුළ වැඩි බලපෑමක් කළ හැකියි. එය 1945දී පැවති බලතුලනය මත තීරණය වූ හා අද ලෝකයට නොගැළපෙන විසමතාවක්. එහෙත් එය එසේ වූ පමණට මධ්‍යම හා කුඩා ප‍්‍රමාණයේ රටවල් කොන්වීමක් සිදු වන්නේ ද නැහැ.

ආරක්ෂක මණ්ඩලය තුළ චීනය, රුසියාව, බි‍්‍රතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය හා ප‍්‍රංශය යන රටවල් පහට නිෂේධ බලය ඇතත් අන් සියලූ ආයතන ව්‍යුහයන්ගේ තීරණ සඳහා ලොකු කුඩා හැම සාමාජික රාජ්‍යයටම ඇත්තේ එක් ඡන්දය බැගින්. තීරණ ගන්නේ බහුතර ඡන්දය මත පදනම් වීයි.

දේශපාලනිකව තීරණාත්මක මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය වැනි ආයතනික ව්‍යුහයන් ඍජුවම එජා මහ ලේකම් කාර්යාලය විසින් පරිපාලනය කැරෙනවා. එය කරන්නේ ජාත්‍යන්තර සිවිල් සේවකයන් ලෙෂ හැඳින්විය හැකි කාර්ය මණ්ඩලයක් විසින්.

Milestones in Sri Lanka - UN Partnership - Courtesy UN in Sri Lanka website

Milestones in Sri Lanka – UN Partnership – Courtesy UN in Sri Lanka website

මහ ලේකම්වරයා යටතේ ක‍්‍රියාත්මක වන මේ පිරිස ඔහු හරහා සාමාජික රාජ්‍ය 193ටම වගකීමට බැඳී සිටිනවා. වාර්ෂිකව එජා නඩත්තුවට සාමාජික මුදල් ගෙවන ශ‍්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවලට මේ නිලධාරීන් නිශ්චිත උපදේශන හා සම්බන්ධීකරණ සේවා සපයනවා.

ජාත්‍යන්තර සිවිල් සේවයට බඳවා ගන්නේ එජා සංවිධානයේ නිල භාෂා 6න් (ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, අරාබි, රුසියානු, චීන හා ස්පාඤ්ඤ) අඩු තරමින් එකක් හරිහැටි ප‍්‍රගුණ කළ, නිසි සුදුසුකම් සපුරා ගත් අයයි. ලෝකයේ ඕනෑම සාමාජක රටක පුරවැසියන්ට මේ තනතුරුවලට ඉල්ලූම් කළ හැකියි.

මේ කාර්ය මණ්ඩලය, එජා සමුළුවට සහභාගිවීමට යන තානාපති හා රාජ්‍ය නිලධාරීන්ට වඩා වෙනස්. ඔවුන් තනි රටකට නොව සියලූ සාමාජික රටවලට සේවය කිරීමටත්, එජා ප‍්‍රඥප්තිය හා මූලධර්ම සුරැකීමටත් බැඳී සිටිනවා.

1955දී ශ‍්‍රී ලංකාව එජා සාමාජිකත්වය ලබන්නටත් පෙර පටන් කෘතහස්ත ලාංකිකයෝ එජා කාර්ය මණ්ඩලයට බැඳී සේවය කරමින් සිටියා. 1952-59 වකවානුවේ එජා ආර්ථික හා සමාජයීය කොමිසමේ (ECOSOC) උසස් නිලධාරියකු වූ ධනපාල සමරසේකර එක් උදාහරණයක්. ආසියානු හා අප‍්‍රිකානු රාජ්‍ය නායකයන්ගේ මුල්ම සමුළුව 1955 අපේ‍්‍රල් මස ඉන්දුනීසියාවේ බන්දුන් නුවර පැවති විට එජා සංවිධානය නියෝජනය කරමින් සහභාගි වූයේ ඔහුයි.

L to R - Neville Kanakaratne, Nandasiri Jasentuliyana, Jayantha Dhanapala, Gritakumar Chitty

L to R – Neville Kanakaratne, Nandasiri Jasentuliyana, Jayantha Dhanapala, Gritakumar Chitty

කේම්බි‍්‍රජ් සරසවියෙන් නීති උපාධි ලැබූ නීතිඥ නෙවිල් කනකරත්න මුල් යුගයේ එජා කාර්ය මණ්ඩලයට බැඳුණු දක්ෂයෙක්. 1957-60 වකවානුවේ එජා මූලස්ථානයේ ලංකා දූත කාර්යාලයේ නීති උපදේශක වූ ඔහු 1960දී නීති හා දේශපාලන උපදේශකයකු ලෙස එජා කාර්ය මණ්ඩලයට එක් වුණා. 1960-64 කාලයේ එජා සාම සාධක හමුදාවලට නීති උපදෙස් ලබා දුන් ඔහු දෙවන මහ ලේකම් වූ ඩැග් හැමර්ෂල්ඞ්ගේ නීති උපදේශකවරයා ද වූවා.

1961 සැප්තැම්බරයේ කොංගෝවේ ගැටුම් ඇවිලී ගොස් සටන් විරාමයක් සඳහා සාකච්ඡා කරන්නට මහ ලේකම් අප‍්‍රිකාවට ගියා. ඔහු සමග කනකරත්න ද යාමට නියමිතව සිටියත් අවසන් මොහොතේ තමාට වඩා හොඳින් ප‍්‍රංශ බස කතා කරන නීති විශාරදයකුට තැන දී කනකරත්න නතර වුණා. (අප‍්‍රිකාවේ සමහර රටවල දෙවන බස ප‍්‍රංශ බසයි.)

1961 සැප් 18 වැනිදා මහලේකම්වරයා සහ තවත් 15 දෙනකු රැගත් එජා ගුවන් යානය දැන් සැම්බියාවට අයත් න්දෝලා නම් ස්ථානයේදී කඩා වැටුණා. ඔවුන් සියලූ දෙනා මිය ගියා. මේ අනතුර අහම්බයක් ද හිතාමතා කළ දෙයක් ද යන්න ගැන අද දක්වා විවාද කැරෙනවා.

කෙසේ වෙත්ත යාන්තමින් බේරුණු කනකරත්න පසු කලෙක අමෙරිකා එක්සත් ජනපදයේ, රුසියාවේ හා ඉන්දියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස අතිශය වගකීම් සහගත තනතුරු දැරුවා.

1978දී අමෙරිකාවේ ජෝර්ජ් වොෂිංටන් සරසවිය විසින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබුවා. ඉතා චතුර හා සිත් ගන්නා සුලූ කථිකයකු වූ ඔහු යම් දිනෙක ලෝක පාර්ලිමේන්තුවක් බිහි වූවොත් එහි කතානායක වීමට සුදුසු යැයි සරසවියේ අධිපතිවරයා එදා ප‍්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරු හොබවමින් බුද්ධිමය නායකත්වයක් ලබා දුන් තවත් කීර්තිමත් ලාංකික නීතිඥයකු නම් නන්දසිරි ජසෙන්තුලියන. 1965 සිට 1999 දක්වා එජා කාර්ය මණ්ඩලයේ සිටි ඔහු 1988-99 වකවානුවේ ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර පිහිටි අභ්‍යවකාශය පිළිබඳ එජා කාර්යාලයේ (UN Office for Outer Space Affairs) අධ්‍යක්ෂවරයා වූවා.

අභ්‍යවකාශ නීතිය ගැන ලොව ප‍්‍රමුඛ පෙළේ විද්වතකු වන ඔහු ජාත්‍යන්තර මට්ටමේ අභ්‍යවකාශ සහයෝගිතා සමුළු ගණනාවක් මෙහෙය වූ අතර ඒ ගැන පොත්පත් හා නිබන්ධන රැසක් ලියා තිබෙනවා.

අමෙරිකාවේ ජාතික අභ්‍යවකාශ සංගමය (National Space Society) මීට වසර කිහිපයකට පෙර අභ්‍යවකාශ ගවේෂණයට සම්බන්ධ ලෝකයේ ප‍්‍රමුඛතම චරිත 100ක් නම් කළා. යූරි ගගාරීන්, නීල් ආම්ස්ට්‍රෝං වැනි පුරෝගාමීන් මෙන්ම තාක්ෂණවේදීන් හා අනාගතවේදීන් අයත් වූ මේ ලැයිස්තුවේ සිටි එකම ලාංකිකයා වූයේ නන්දසිරි ජසෙන්තුලියනයි.

ඔහු අභ්‍යවකාශය පොදු මානව උරුමයක් ලෙස තහවුරු කරන්නට නීතිමය රාමුව සකසන විට තවත් ලාංකිකයන් දෙදෙනෙක් සාගරය ලෝක දායාදයක් ලෙස පිළිගැනීම සඳහා ලෝක සාගර නීතිය (Law of the Sea) බිහි කිරීමට මුල් තැන ගත්තා.

එයින් පළමුවැන්නා 1973-80 වකවානුවේ ලෝක සාගර නීති සමුළුවේ සභාපති ලෙස ක‍්‍රියා කළ හැමිල්ටන් ෂර්ලි අමරසිංහයි. 1967-78 කාලයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙස එජා මූලස්ථානයේ ඔහු කටයුතු කළ සැටි ගිය සතියේ අප සඳහන් කළා.

Hamilton Shirley Amerasinghe (centre) chairing UN Law of the Sea conference, March 1980. UN Photo

Hamilton Shirley Amerasinghe (centre) chairing UN Law of the Sea conference, March 1980. UN Photo

1975-80 කාලයේ අමරසිංහ සමග එකට වැඩ කළ ලාංකික නීතිඥ ග‍්‍රීතකුමාර් චිටි (Gritakumar Chitty) වසර 36ක් පුරා එජා සාගර නීති ක‍්‍රියාත්මක කිරීමට නායකත්වය සැපයුවා. එයින් අන්තිම වසර කිහිපය ඔහු ජර්මනියේ හැම්බර්ග් නුවර ජාත්‍යන්තර සාගර නීති අධිකරණයේ (International Tribunal for the Law of the Sea) රෙජිස්ට‍්‍රාර්වරයා ලෙස ක‍්‍රියා කළා.

මේ අනුව බලන විට අභ්‍යවකාශයේත්, සාගරයේත් ජාත්‍යන්තර සහයෝගිතාව ප‍්‍රවර්ධනය කිරීමට එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ ලාංකිකයන් වැදගත් බුද්ධිමය දායකත්වයක් සපයා ඇති බව ලාංකික මාධ්‍යවේදී තලිෆ් ඞීන් (Thalif Deen) කියනවා. 1973 සිට නිව්යෝක් නුවර වෙසෙන ඔහු දශක හතරකට වැඩි කාලයක් එජා මූලස්ථානයේ සිදුවීම් මෙරට හා ලෝක මාධ්‍යවලට වාර්තා කරන්නෙක්.

මානව සංවර්ධනය හා ලෝක සාමය සඳහාද එක්සත් ජාතීන්ගේ විවිධ කටයුතුවලට ලාංකික විද්වත් දායකත්වය ලැබී ඇත්තේ රටේ ජනගහනයේ ප‍්‍රමාණයට සමානුපාතිකව ඉහළ මට්ටමකින්.

Gamani Corea (left) and Justice Christopher G Weeramantry

Gamani Corea (left) and Justice Christopher G Weeramantry

1974-84 වකවානුවේ වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ එජා සමුළුව (UNCTAD) මහ ලේකම්වරයා ලෙස ආර්ථික විශේෂඥ ආචාර්ය ගාමණී කොරයා කළ සුවිශේෂී කාර්යභාරය ගැන 2013 නොවැම්බරයේ සම්පූර්ණ කොලමක් හරහා මා සිහිපත් කළා.

එජා පවුලටම අයත්, හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුකරුවකු ලෙස 1991-2000 වකවානුවේ ආචාර්ය ක‍්‍රිස්ටෝෆර් වීරමන්ත‍්‍රී ක‍්‍රියා කළා. එයින් 1997-2000 අතර කාලයේ ඔහු එහි උප සභාපතිවරයා වූවා. සංකීර්ණ ලෝක ප‍්‍රශ්න ගැන විද්වත් හා තුලනාත්මක නඩු තීන්දු ලබා දීම ගැන ඔහු මහත් ගෞරවයට පාත‍්‍ර වූ කෙනෙක්.

Raju Coomaraswamy and his daugher Radhika Coomaraswamy

Raju Coomaraswamy and his daugher Radhika Coomaraswamy

UNDP ආයතනයේ ආසියානු ප‍්‍රධානියා බවට මුලින්ම පත් වූ ලාංකිකයා රාජේන්ද්‍ර (රාජු) කුමාරස්වාමි (1915-1981). ඔහුත් මෙරට සිවිල් සේවයේ සිට පසුව ජාත්‍යන්තර සිවිල් සේවයට ගිය දක්ෂයෙක්.

ඔහුගේ දියණිය නීති විශාරද ආචාර්ය රාධිකා කුමාරස්වාමි. ඇයද පසු කලෙක එජා මූලස්ථානයේ ඉහළ තනතුරකට පත් වුණා. ඒ යුද්ධ හා ළමයින් පිළිබඳ විශේෂ නියෝජියා ලෙසින්. 2006-2012 එම තනතුරේ ක‍්‍රියා කරද්දී ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වය ළමයින්ට බලපාන ඍජු හා වක‍්‍ර ආකාරයක් ගැන අය ලෝක අවධානයට යොමු කළා.

ඇන්ඩෲ ජෝසෆ් (Andrew J. Joseph) මුල් යුගයේ එජා සේවයට ගිය තවත් ලාංකික සිවිල් සේවකයෙක්. 1959දී මුලින් ලෝක සෞඛ්‍ය සංවිධානයට බැඳුණු ඔහු පසුව UNDP ආයතනයට මාරු වුණා. සමස්ත ආසියාවේම ඹභෘඡු ප‍්‍රධානියා ලෙස වසර ගණනක් කටයුතු කළ ඔහු පසුව ලෝක ව්‍යාප්ත මට්ටමින් UNDP දෙවැනි ප‍්‍රධානියා ලෙස සේවය කොට විශ‍්‍රාම ගියා.

එජා තනතුරු බැබල වූ තරු අතරට ජයන්ත ධනපාලගේ නමත් එකතු වනවා. ඔහු ලංකා විදේශ සේවයේ වෘත්තීය තානාපති නිලධාරියෙක්. ලන්ඩන්, බේජිං, නවදිල්ලිය, ජිනීවා හා වොෂින්ටන් නුවර යන ස්ථානවල ලංකා තානාපති කාර්යාලවල සේවය කළා. ඔහු ලෝක කීර්තියට පත්වූයේ 1995දී න්‍යෂ්ටික අවි ප‍්‍රචලිතවීම වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව මෙහෙයවූ එහි සභාපතිවරයා ලෙසයි.

යුද අවිහරණය ගැන විශේෂඥයකු වන ඔහු 1998-2003 කාලයේ එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කාර්යාලයේ (UN Department of Disarmament) අධිපතිවරයා වූවා.

එක්සත් ජාතීන්ගේ ධුරාවලියෙහි යාමට හැකි ඉහළම තුන්වන මට්ටමට (Under-Secretary-General) ළඟා වූ ලාංකිකයන් සිවු දෙනකු සිටිනවා. එනම් ගාමනී කොරයා, ඇන්ඩෘ ජෝසෆ්, රාධිකා කුමාරස්වාමි සහ ජයන්ත ධනපාලයි.

ධනපාල 2006දී මහ ලේකම් තනතුර සඳහා ඉදිරිපත් වූවත් අවශ්‍ය තරම් සහයෝගය නොලැබීම නිසා පසුව තරගයෙන් ඉවත් වුණා.

එක්සත් ජාතීන්ගේ ආයතනික ව්‍යුහය තුළ විද්වත් මට්ටමින් හා පරිපාලන මට්ටමින් සේවය කළ තවත් ලාංකිකයන් සිය ගණනක් සිටිනවා. තමා උපන් රට නියෝජනය කරවා වෙනුවට තම හැකි පමණින් ලෝක සාමය, සංවර්ධනය හා සහයෝගිතාව සඳහා දායක වූ ඔවුන් සැම මේ මොහොතේ සිහිපත් කිරීම වටිනවා.

1974-1988 කාලයේ ජිනීවා නුවර එජා සංවිධාන සමග වැඩ කළ ලාංකික නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර් එම ආයතන ව්‍යුහය ගැන මනාව දැන සිටියා. ඔහු මුලින් ලෝක කම්කරු සංවිධානයේ (ILO) උපදේශකයකු වුණා. පසුව ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) ආසියා කලාපීය අධ්‍යක්ෂවරයා වුණා.

Lakshman Kadirgamar and the 1995 book on United Nations in Sri Lanka, written by Nalaka Gunawardene for UN Information Centre, Colombo

Lakshman Kadirgamar and the 1995 book on United Nations in Sri Lanka, written by Nalaka Gunawardene for UN Information Centre, Colombo

එක්සත් ජාතීන් හා ශ‍්‍රී ලංකාව ගැන 1995දී මා ලියූ ඉංග‍්‍රීසි පොතකට පෙරවදන සැපයුවේ ඒ වන විට ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යවරයා බවට පත්ව සිටි කදිරගාමර් මහතායි. එහි ඔහු මෙසේ ප‍්‍රකාශ කළා.

‘මුල් යුගයේ පටන්ම මනා ජාත්‍යන්තර දැක්මක් සහිතව ලෝක ප‍්‍රජාව සමග ගනුදෙනු කරන්නට ලංකාවේ රජයන් ක‍්‍රියා කොට තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය හා සෙසු මූලධර්ම ගැන අවබෝධයකින් යුතුව කටයුතු කිරීම නිසා ශ‍්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ ආයතන සමුදාය අතර කවදත් සමීප බැඳීමක් පැවතුණා. මෙරට රජයන් වෙනස් වූවද බැඳීම දිගටම පැවතීම විශේෂයි. එක්සත් ජාතීන්ගේ දායකත්වය අපට උපකාර වනවා මෙන්ම අපේ දක්ෂයන්ගේ දායකත්වය එක්සත් ජාතීන්ට මහත් සවියක් වනවා. මෙය අන්‍යොන්‍ය සහයෝගිතාවේ ප‍්‍රතිපූර්තියක් බඳුයි.’

Message from Foreign Minister Lakshman Kadirgamar to United Nations in Sri Lanka book written by Nalaka Gunawardene in 1995

Message from Foreign Minister Lakshman Kadirgamar to United Nations in Sri Lanka book written by Nalaka Gunawardene in 1995

සිවුමංසල කොලූගැටයා #235: බලශක්ති ස්වාධීනත්ව අරගලයට මුල පිරූ ඞී. ජේ. විමලසුරේන්ද්‍ර

D J Wimalasurendra as a Member of the State Council, 1931 - 1935

D J Wimalasurendra as a Member of the State Council, 1931 – 1935

Engineer, public servant and legislator D J Wimalasurendra (1874 – 1953) is widely known and respected as the ‘Father of Hydro Power in Sri Lanka’.

While working with the Ceylon Government’s Public Works Department in the early 20th Century, he made a strong technical and economic case for hydro power. At the time, the country was totally dependent on imported petroleum for its (limited scale) power generation.

He had a grand vision for energy independence and industrial revival in Sri Lanka, and engaged in a long struggle to see his vision become a reality. His life is a case study in evidence-based policy advocacy by a public intellectual.

The process he started has continued for over six decades, with more hydro electricity plants being built and the national grid being expanded to cover most of Sri Lanka. By end 2014, the total installed capacity of hydro power stations operated by the Ceylon Electricity Board was 1,383 MW (with another 218 MW capacity in dozens of mini-hydro schemes by end 2012) according to the Ministry of Power and Energy.

In a year with good rainfall, hydro power can supply nearly half of the country’s electricity needs.

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 30 August 2015), I continue my brief biography of Wimalasurendra, from 1918 onwards. In part 1, I explored the first few decades of his life, from birth to 1918.

සිවුමංසල කොලූගැටයා #234: ජල විදුලි උත්පාදනයේ නොනිමෙන පහන: ඞී. ජේ. විමලසුරේන්ද්‍ර

A social gathering of engineers and their friends, circa late 1930s. Wimalasurendra is in the foreground, seated next to Sir John Kotelawala, Minister of Transport and Works

A social gathering of engineers and their friends, circa late 1930s. Wimalasurendra is in the foreground, seated next to Sir John Kotelawala, Minister of Transport and Works

නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා ජනහිතකාමී ක්‍රමෝපායයන් හරහා රට දියුණු කරන්නට දේශපාලකයනට විද්වතුන් හා වෘත්තිකයන්ගේ දායකත්වය අවශ්‍යයි.

පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත සිට ද උගතුන්ට හා විද්වතුන්ට රටේ ප්‍රතිපත්ති සම්පාදනයට හා ක්‍රියාත්මක කිරීමට දායක විය හැකියිග එයට දැනුමල කැපවීමල එඩිතර බවල උපක්‍රමශීලී වීම මෙන්ම අධිෂ්ඨානශීලී වීම ද ඕනෑ කරනවා.

මේ ගතිගුණ නොඅඩුව තිබූල රටේ බලශක්ති ස්වාධීනත්වය තකා ජීවිත කාලයම වැඩ කළ ඞී. ජේ. විමලසුරේන්ද්‍ර (1874 – 1953) ශ‍්‍රී ලංකාවේ ජලවිදුලි බල උත්පාදනයේ පියා ලෙස පිළි ගැනෙනවා. ඔහුගේ දිරිය කථාවේ මුල් කොටස පසුගිය කොළමින් කැටි කළා.

1918දී ඉංජිනේරු ආයතනයට විමලසුරේන්ද්‍ර ඉදිරිපත් කළ ‘ලංකාවේ ජලවිදුලි ජනනයේ ආර්ථික විද්‍යාත්මක විමර්ශනය’(‘Economics of Hydro Power Utilization in Ceylon‘) නම් වූ එම විද්‍යාත්මක වාර්තාව අවසානයේ මෙසේ කියනවා: ‘‘මෙරට කර්මාන්ත සංවර්ධනය සීමා වීමට එක් ප‍්‍රබල හේතුවක් නම් ලාබදායක බලශක්තිය නොතිබීමයි. අප අමුද්‍රව්‍ය වශයෙන් පිටරට යවන කොප්පරා (පොල්), රබර් හා මිනිරන් විදේශිකයෝ කර්මාන්ත ශාලාවල වඩාත් මිලැති නිමි භාණ්ඩ බවට පත් කරනවා. එම කාර්මික ප‍්‍රවාහයන්ගේ අතුරුඵලවලින් අමතර ප‍්‍රයෝජන ගන්නවා. මේ සියල්ල අපේ රටේ ආර්ථිකය සවිමත් කිරීමට රඳවා ගත හැක්කේ අඩු මිලට බලශක්තිය (විදුලිය) ජනනය කළ විටයි.’’

ඔහු එවකට පැවති රජයටත්, සෙසු ඉංජිනේරුවන්ටත් මෙසේ ආයාචනා කළා: ‘‘වසරේ හැම දිනකම පාහේ අපේ ගංගා හරහා මුහුදට ගලා ගෙන යන ජල ප‍්‍රවාහයේ ගැබ්ව ඇති විභව ශක්තිය අශ්වබල දහස් ගණනක් වනවා. මේ ශක්තිය වැඩට ගත හැකි විදුලිය බවට පත් කර ගැනීම හා එම විදුලිය සැලසුම් සහගතව රටේ කර්මාන්ත හා ජනජීවිතය දියුණු කිරීමට යොදා ගැනීම ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවක්.’’

සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න: http://elect.mrt.ac.lk/djw_paper.htm

මේ තරම් විස්තරාත්මකව හා උද්‍යෝගිමත්ව ජලවිදුලි උත්පාදනය ගැන යෝජනා ඉදිරිපත් කළත් එයට ලැබුණේ උදාසීන ප‍්‍රතිචාරයක්. බොහෝ ඉංජිනේරුවන් සිතුවේ මෙය කළ නොහැකි තරම් දුෂ්කර කාරියක් කියායි.

1976දී විමලසුරේන්ද්‍ර චරිතාපදානයක් ඉංග‍්‍රීසි බසින් ලියූ ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදී එල්. පී. ගුණතිලක මෙසේ කියනවා: ‘‘විමලසුරේන්ද්‍රගේ නව අදහස් හා යෝජනාවලට ඔහු සේවය කළ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ (PWD) ප‍්‍රධානීන් කීවේ දවල් හීන බැලීමක් කියායි. ඔහුගේ සමහර සහෝදර නිලධාරීන් මේ නව අදහස් තමන්ගේ අධ්‍යයන හා වෘත්තික කටයුතුවලට යොදා ගන්නට තැත් කළා. විදේශිකයකු වූ අංශ ප‍්‍රධානියා විමලසුරේන්ද්‍රව දුරබැහැර ප‍්‍රදේශයකට මාරු කර හැරියා. විද්‍යාත්මක පොතපත, තොරතුරු හා සහෘද සන්නිවේදනයේ ඔහු දුරස් කළ විට මේ විප්ලවකාරී අදහස් අත්හැර දමනු ඇතැයි ප‍්‍රධානියා සිතන්නට ඇති. එහෙත් එබඳු කොන්කිරීම්වලින් විමලසුරේන්ද්‍රගේ පරිකල්පනය හා අධිෂ්ඨානය තව දුරටත් වර්ධනය වුණා.’’

Wimalasurendra biography published in 1976

Wimalasurendra biography published in 1976

1924දී වසර ගණනාවක “සලකා බැලීම්වලින්” පසු ලක්ෂපානේ ජලවිදුලි බලාගාරයක් තැනීමට ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව තීරණය කළා. මේ ගැන දෙපාර්තමේන්තුවේ පමණක් නොව රටේම සිටි හොඳම විද්වතා විමලසුරේන්ද්‍ර වූවත් ඔහුට ඍජුව එයට සම්බන්ධ වීමට ඉඩ ලැබුණේ නැහැ.

මෙයින් කලකිරීමට පත් විමලසුරේන්ද්‍ර දිගු නිවාඩු ලබා වසරකට වැඩි කාලයක් බි‍්‍රතාන්‍යයට ගියා. එහිදි දැනුම අලූත් කර ගැනීමටත්, එරට ඉංජිනේරුවන් සමග සාකච්ඡා කිරීමටත් ඔහුට අවස්ථාව ලැබුණා.

ඔහු යළිත් ලංකාවට ආවේ යටත්විජිත භාර ලේකම්වරයා පෞද්ගලිකව මැදිහත් වී එසේ කරන ලෙස ආයචනා කිරීමෙන් පසුවයි. මේ දක්ෂයාගේ වැදගත්කම බි‍්‍රතාන්‍ය පාලකයන් තේරුම් ගෙන තිබුණා.

1926දී PWD ප‍්‍රධාන ඉංජිනේරුවා ලෙස පත් වූ විමලසුරේන්ද්‍ර එම දෙපාර්තමේන්තුවේ විදුලි බල අංශය වෙනම ආයතනයක් කරන ලෙසත්, ඒ දක්වා පෞද්ගලික සමාගම් කර ගෙන ගිය කොළඹ විදුලිබල උත්පාදන හා බෙදා හැරීම් කටයුතු රජයට පවරා ගන්නා ලෙසත් නිර්දේශ කළා.

ඒ නිර්දේශ අනුව 1927දී රජයේ විදුලිබල දෙපාර්තමේන්තුව (Department of Government Electrical Undertaking, DGEU) පිහිටුවා කොළඹ විදුලිබල කටයුතු එය යටතට පත් කෙරුණා. අළුත් තාප විදුලි බලාගාරයක් 1929දී පිහිටුවා එය එවකට සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර හර්බට් ස්ටැන්ලිගේ නමින් ස්ටැන්ලි බලාගාරය යැයි නම් කරනු ලැබුවා.

මේ අතර 1924 පටන් ගෙන ටිකෙන් ටික ඉදි කෙරෙමින් තිබූ ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වැඩ 1927දී නතර වුණා. එයට හේතුව පැහැදිලි නැහැ. සමහර වාර්තා කියන්නේ රජයට මුදල් හිඟවීම නිසා කියායි.

1926-29 කාලයේ මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තාක්ෂණික තනතුරක් හෙබ වූ විමලසුරේන්ද්‍ර 1929දී වයස 55න් විශ‍්‍රාම ගියා. තිස් වසරක් රාජ්‍ය සේවයේ නියැලී සිටියත් ඔහුගේ සිහිනය වූ ජලවිදුලි උත්පාදනය තවමත් සැබෑ වී තිබුණේ නැහැ.

විශ‍්‍රාමිකව විවේක සුවයෙන් සිටිනු වෙනුවට ඔහු දේශපාලනයට පිවිසීමට තීරණය කළා. ඩොනමෝර් කොමිසම යෝජනා කළ පරිදි ශ‍්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දී මුල්ම මැතිවරණය 1931දී පවත්වනු ලැබුවා. එහිදි රත්නපුර ආසනයට තරග කළ විමලසුරේන්ද්‍ර ප‍්‍රථම රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරි පත් වුණා. ජනතා නියෝජිතයකු ලෙස ඔහු මෙරට ජලවිදුලි හා කර්මාන්ත සංවර්ධනය ගැන දිගටම ප‍්‍රවර්ධන කළා.

එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ තිබුණේ විධායක කමිටු ක‍්‍රමයයි. (අද කැබිනට් අමාත්‍යංශවලට සම කළ හැකියි.) විමලසුරේන්ද්‍රගේ ඉංජිනේරු පසුබිම නිසා ඔහු ඉදිකිරීම් හා සන්නිවේදන විධායක කමිටුවට (Executive Committee of Works and Communication) පත් කරනු ලැබුවා.

1931-36 වකවානුවේ ඔහුගේ ප‍්‍රතිපත්තිමය දායකත්වය ගැන මොරටුව සරසවියේ වෙබ් අඩවිය මෙසේ වාර්තා කරනවා. ‘‘විමලසුරේන්ද්‍ර සිය දැනුම හා අත්දැකීම් මත පදනම් වී මෙරට තාක්ෂණික අධ්‍යාපනය, කාර්මීකරණය හා බලශක්ති සැලසුම් කිරීම වැනි ක්ෂේත‍්‍රවල දියුණුවට මන්ත‍්‍රණ සභාවේ හැකි සැම විටම කථා කළා. ඔහු දේශපාලනික සංකල්ප මත එල්බ ගත් බලලෝභී දේශපානඥයකු වූයේ නැහැ. ඒ වෙනුවට තම දැනුම හා හෘදසාක්ෂියට අනුකූලව ක‍්‍රියා කළා. තමා උපන් රට හා සමාජය ක‍්‍රමානුකූලව දියුණු කිරීමට සැබෑ උනන්දුවක් හා කැපවීම්ක් තිබූ විශිෂ්ට ඉංජිනේරුවකු ලෙස අප ඔහු සැමරිය යුතුයි.’’

Sir Lanka Electric Transmission System Map

Sir Lanka Electric Transmission System Map

වැඩ නතර වී තිබූ ලක්ෂපාන බලාගාරයේ ඉදිකිරීම් නැවත ඇරඹීමට විමලසුරේන්ද්‍ර මන්ත‍්‍රණ සභාව තුළ දිගටම ඇවිටිලි කළා. පසුව මෙරට තුන්වන අගමැතිවරයා (1953 – 1956) වූ ශ‍්‍රීමත් ජෝන් කොතලාවල 1936දී පත් වූ දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ඉදිකිරීම් හා සන්නිවේදන ඇමති ලෙස ක‍්‍රියා කළා. 1956දී ඔහු සිය දේශපාලන ජීවිතය ගැන ආවර්ජනාත්මකව ලියූ පොතේ (An Asian Prime Minister’s Story, 1956) මෙසේ සඳහන් කරනවා:

‘‘ඇමතිවරයා ලෙස මා අත ගැසූ වඩාත්ම භාරදූර කාරියක් වූයේ ලක්ෂපාන බලාගාරය ඉදිකිරීම යළි ඇරැඹීමයි. වසර තුනකට පසු අවිනිශ්චිතව නතර කොට තිබූ මේ ව්‍යාපෘතිය නිමා වූ විට වාණිජ හා කර්මාන්තවල නව පිබිදීමක් ඇති වන බව පැහැදිලි වුණා. එහෙත් කුමන හෝ හේතු නිසා මෙම ව්‍යාපෘතියට ප‍්‍රමුඛත්වයක් ලැබී තිබුණේ නැහැ. විදේශ බලශක්ති ප‍්‍රභව මත දිගටම යැපීමෙන් තොරව අපේ බලශක්තිය අපම උපදවා ගැනීමට නම් අප රටේ ජල සම්පත යොදා ගෙන ජල විදුලිය ජනනය කළ යුතුයි.’’

1936දී නැවත වරක් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තරග කළත් විමලසුරේන්ද්‍ර එවර මැතිවරණයෙන් පරාජය වුණා. එහෙත් කිසිදු පැකිලිමකින් තොරව මන්ත‍්‍රණ සභාවෙන් පිටත සිට ජලවිදුලි සංවර්ධනයට කොතලාවල ඇමතිවරයා ඇතුළු දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට ඔහු උපකාර කළා. ඔහුගේ චරිතයේ මේ යුගය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ සිටියත් නැතත් රටට වැඩ කිරීමට විද්වතුන්ට අවකාශ තිබෙන බවයි.

මේ වකවානුවේ ඔහු පුවත්පත්වලට නිතර ලිපි ලියමින්, ප‍්‍රසිද්ධ දේශන කරමින් ජලවිදුලි ප‍්‍රවර්ධනයට මහජන මතයක් ගොඩ නැගුවා. කිසිදු තනතුරක් නැති විටදී පවා පොදු උන්නතියට විද්වතකුට කළ හැකි දායකත්වයට මෙය හොඳ උදාහරණයක්.

දශකයකට වැඩි කාලයක් නතර වී තිබූ ලක්ෂපාන බලාගාරයේ වැඩ 1938දී යළිත් ඇරඹුණා. එහෙත් 1939දී පටන් ගත් දෙවන ලෝක යුද්ධය නිසා බි‍්‍රතාන්‍ය රජයට මුදල් හා පිරිස් බල හිඟයක් ඇති වීමෙන් 1940දී ව්‍යාපෘතියේ වැඩ නැවතත් නතර වුණා.

තෙවන වරටත් ඉදිකිරීම් පටන් ගත්තේ 1948දී ලංකාවට නිදහස ලැබීමත් සමගයි. ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ ප‍්‍රථම අදියර 1950 දෙසැම්බරය වන විට නිම කරනු ලැබුවා. කඩින්කඩ සිදු වූ මේ ඉදිකිරීමට වසර 25ක් පමණ ගත වී තිබුණා.

ලක්ෂපාන ප‍්‍රථම අදියර යටතේ මෙගාවොට් 25ක විදුලි බලයක් ජනනය කොට 66V සම්පේ‍්‍රෂණ පද්ධතියක් හරහා කොලොන්නාවට හා ඊරියගමට යවනු ලැබුවා. එවකට මුළු රටේම විදුලි බලය ලබා ගත් නිවාස, කාර්යාල හා වෙනත් ගොඩනැගිලි තිබුණේ 17,000ක් පමණයි. 1927දී පිහිටුවන ලද රජයේ විදුලිබල දෙපාර්තමේන්තුව මේ පද්ධතිය භාරව ක‍්‍රියා කළා. (පසුව එය ලංකා විදුලිබල මණ්ඩලය බවට පත් වුණා.)

ලක්ෂපාන ව්‍යාපෘතියේ ප‍්‍රථම අදියර විවෘත කිරීමට ඞී. ජේ. විමලසුරේන්ද්‍ර සහභාගී වූයේ ගෞරවනීය විශේෂ ආරාධිතයා ලෙසයි. එවිට 74 වියේ පසු වූ ඔහු උත්සවය අමතා මෙසේ කීවා: ‘‘මා කලකට පෙර යෝජනා කළ මේ ජල විදුලි බලාගාරය ඉදි කිරීමට මට සම්බන්ධ වන්නට ඉඩක් ලැබුණේ නැහැ. එහෙත් මගේ රටේ සහෝදර ජනයා විසින් එය ඉදි කොට හමාර කරන තෙක් ජීවත් වීමට මට වාසනාව තිබුණා. මගේ මනසෙහි මීට අඩ සියවසකට පෙර මා දුටු සිහිනය මගේ ජීවිතයේ සැඳෑ කාලයේ මෙසේ සැබෑවනු දකින්නට ලැබීම ඉමහත් ප‍්‍රීතියක්. මා කෙදිනක හෝ මෙලොවින් නික්ම යන්නේ තෘප්තිමත් හා යුතුකම් ඉටු කළ මිනිසකු ලෙසයි.’’

ඒ අවස්ථාවේ කථා කළ අගමැති ඞී. එස්. සේනානායක කීවේ: ‘‘අපේ රටේ අද ලොකුම අවශ්‍යතාව අපේ ජනයාගේ ජීවන තත්ත්වය දියුණු කිරීමයි. ජලවිදුලි උත්පාදනයෙන් ලැබෙන තල්ලූවත් සමග මෙරට ආර්ථික සංවර්ධනයේ නව යුගයකට අපට පිවිසිය හැකියි.’’

1953 අගෝස්තු 10 වනදා විමලසුරේන්ද්‍ර මිය ගියා. එවිට ඔහුගේ වයස 78යි.

Plaque at Norton Bridge hydro project named after Wimalasurendra

Plaque at Norton Bridge hydro project named after Wimalasurendra

රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ විමලසුරේන්ද්‍ර සමග එකට වැඩ කළ, නිදහස් ලංකාවේ මුල්ම කැබිනට් මණ්ඩලයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස සේවය කළ සී. සුන්දරලිංගම් (1895 – 1985) සිය සහෘදයාට මෙසේ ප‍්‍රණාමය පුද කළා: ‘‘අපේ ජලය විදුලිය බවට පත් කිරීමේ තාක්ෂණ විප්ලවයේ මූලිකයා වූයේ විමලසුරේන්ද්‍රයි. ඔහු සැබැවින්ම මිය ගියේ නැහැ. ඔහු තමයි අනාගත ලංකාවට ජීවමාන ආලෝකය වන්නේ.’’

විමලසුරේන්ද්‍රගේ මාහැඟි දායකත්වය විවිධ රජයන් විසින් පිළිගැනීමට ලක් කර තිබෙනවා. ලක්ෂපාන ව්‍යාපෘතියේ බලාගාරය හා නුවරඑළියේ නෝට්න්බි‍්‍රජ්හි 1960 දශකයේ ඉදි කෙරුණු ජල විදුලි බලාගාරයක් විමලසුරේන්ද්‍ර සිහිවීමට නම් කරනු ලැබුවා.

මස්කෙළි ඔය විදුලිබල ව්‍යාපෘතියේ දෙවන අදියර 1974 සැප්තැම්බර් 17 වනදා (විමලසුරේන්ද්‍ර ඡන්ම ශත සංවත්සරය දවසේ) එවකට වාරිමාර්ග, බලශක්ති හා මහාමාර්ග ඇමති මෛත‍්‍රිපාල සේනානායක විවෘත කළා. එසේම විමලසුරේන්ද්‍ර සමරු මුද්දරයක්ද නිකුත් කෙරුණා.

Wimalasurendra commemorative stamp 1974

Wimalasurendra commemorative stamp 1974

විමලසුරේන්ද්‍රගේ දැක්ම හා සිහිනය ඔස්සේ ගිය ලාංකික සැලසුම්කරුවන් හා ඉංජිනේරුවන් දශක හයකට වැඩි කාලයක් තිස්සේ මෙරට ජල විදුලි උත්පාදනයට අවශ්‍ය යටිතල පහසුකම් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදි කොට තිබෙනවා. ඒ සමග විදුලිය බෙදා හැරීමේ ජාලයද රටේ බොහෝ ප‍්‍රදේශවලට ව්‍යාප්ත කර, 2014 වන විට ජනගහනයෙන් 90%කට වඩා විදුලිබලය සම්පාදනය කළ හැකි වුණා.

2014 අග වන විට මෙරට ස්ථාපිත ජල විදුලිබල ජනන ධාරිතාවය විදුලිබල මණ්ඩලය යටතේ MW 1,383ක් සහ සුළු පරිමාණ ජලවිදුලි බලාගාරවලින් තවත් MW 218ක් ද වූවා. හොඳින් වැසි ලැබෙන වසරක අපේ සමස්ත විදුලිබල වාර්ෂික ඉල්ලූමෙන් අඩකට වඩා සපයන්නට ජලවිදුලි බලාගාර පද්ධතියට හැකියි. (1950දී ක‍්‍රියාත්මක වීම ඇරැඹුණු පැරණි ලක්ෂපාන පළමු අදියරේ බලාගාරය 2014 වන තුරුත් භාවිතයේ පැවතියා.)

මේ වන විට දිවයිනේ ජල විදුලි ජනන විභවය බොහෝ දුරට ප‍්‍රයෝජනයට ගෙන හමාර බැවින් අනාගත බලශක්ති අවශ්‍යතා සඳහා වෙනත් ප‍්‍රභවයන් වෙත යොමු වීමට සිදු වනවා. ජලවිදුලිය හැරුණු කොට ඉතිරි විදුලිබල අවශ්‍යතාවන් අද බොහෝ දුරට පිරිමසා ගන්නේ ගල්අඟුරු හා ඛනිජ තෙල් දහනය කරන තාප බලාගාරවලින්.

විමලසුරේන්ද්‍ර මීට සියවසකට පමණ පෙර මහත් ඕනෑකමින් කියා සිටි බලශක්ති ස්වාධීන්තවය හෙවත් ස්වාධිපත්‍ය ළඟා කර ගැනීමට නම් පුනර්ජනනීය (සුනිත්‍ය) බලශක්ති ප‍්‍රභව වඩාත් පුළුල්ව ප‍්‍රවර්ධනය කළ යුතුයි.

ජලවිදුලිය මෙරට මෙන්ම ලෝකයේ දැනට වඩාත්ම බහුලව යොදා ගැනෙන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයයි. නමුත් එයට යා හැකි සීමා තිබෙනවා. මේ නිසා පුනර්ජනනය වන බලශක්ති ප‍්‍රභව කිහිපයක් දියුණු කොට ඒවායේ සම්මිශ‍්‍රණයෙන් අපට අවශ්‍ය විදුලිබලය උපදවා ගැනීම වඩාත් සුදුසුයි. මේ සඳහා සූර්ය බලය, සුළං බලය, ජීව වායුව මෙන්ම කඩිනමින් වැවෙන ගස් කපා අතු රිකිලි පිලිස්සීම හරහා විදුලිය උපදවන දැව ඉන්ධන ක‍්‍රමය හෙවත් Dendro Power ද තිබෙනවා.

20 වන සියවසේ ජල විදුලිය දියුණු කිරීමට විමලසුරේන්ද්‍ර පාදා දුන් මගෙහි ගිය ලෙසින් 21 වන සියවසේ අප ඔහුගේ දිගු කල් දැක්ම වූ බලශක්ති ස්වාධිපත්‍යය ඉලක්කයක් ලෙස හඹා යා යුතුයි. අපේ දිවයින අවට මුහුදෙන් ඛනිජ තෙල් හමුවේ ද යන්න තවමත් නිශ්චිත නැති නිසාත්, ඛනිජ තෙල් ගෝලීය උණුසුම් වීමට දායක වන නිසාත්, පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභව කෙරෙහි විශ්වාසය තැබීම හැම අතින්ම සුදුසුයි.

[විශේෂ ස්තුතිය: විමලසුරේන්ද්‍ර මුනුපුරු ආචාර්ය නන්දදාස නාරායන]

Victoria Dam and Reservoir, the largest hydroelectric facility in Sri Lanka.

Victoria Dam and Reservoir, the largest hydroelectric facility in Sri Lanka.

සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Mahatma Gandhi writing an article

Mahatma Gandhi writing an article

Besides being a political leader and social reformer, Mahatma Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).

These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.

What can today’s journalists and publishers learn from Gandhi? I revisit this again in this week’s Ravaya column (published on 21 June 2015), continuing an exploration started last week.

See also: සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

The Typewriter used by Mahatma Gandhi while  living and working in South Africa

The Typewriter used by Mahatma Gandhi while living and working in South Africa

මහත්මා ගාන්ධි තරුණ වියේදී වසර 21ක් දකුණු අප‍්‍රිකාවේ ගත කළ සැටිත්, ඒ වකවානුවේදී පොදු උන්නතිය හා සමාජ සාධාරණත්වය උදෙසා අරගල කරන්නට ලිඛිත සන්නිවේදනය හා පුවත්පත් කලාව යොදා ගැනීම ප‍්‍රගුණ කළ සැටිත් අප ගිය සතියේ කතා කළා.

මුළුමනින්ම ආචාරධර්මීය රාමුවක් තුළ සිය සඟරා පවත්වා ගෙන යන්නටත්, සැම විටම ආචාරශීලී බස් වහරකින් දේශපාලනික හා සමාජයීය ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් හා සංවාද කිරීමටත් ඔහු වග බලා ගත්තා.

පත්‍ර කලාව ඉතා වැදගත් හා උතුම් සමාජ කාරියක් ලෙස ඔහු සැළකුවා. වරෙක ඔහු කීවේ: “බයිබලය, කෝරානය, භගවත් ගීතාව වැනි සාමයික ග‍්‍රන්ථ තරම්ම ජන සමාජයට වැදගත් තැනක් අපේ කාලයේ පුවත්පත් ලබා ගනිමින් සිටිනවා. මේ වැදගත්කම හා ගාම්භීර බව රැක ගත යුතුයි. හොඳ පත‍්‍රකලාවේදියකු සිය පාඨකයන් බිය නොවද්දා, නොරවටා ඒ වෙනුවට ඔවුන්ට තොරතුරු හා විග‍්‍රහයන් ලබා දෙමින් හරි දේ සඳහා පෙනී සිටිය යුතුයි.’’

සිය ජීවිත කාලය (1869 – 1948) තුළ සංස්කාරක හෝ තීරක මට්ටමෙන් වාරික ප‍්‍රකාශන හයක් සමග ගාන්ධි සමීපව සම්බන්ධ වුණා. දකුණු අප‍්‍රිකාවේ කළ Indian Opinion සඟරාව එයින් පළමුවැන්නයි. ජොහැනස්බර්ග් නුවර කේන්ද්‍ර කර ගෙන සඟරාව කරමින් හා වෙනත් දේශපාලන කටයුතුවල නියැලෙමින් සිටි ගාන්ධි, විටින් විට සුදු ජාතික බලධාරීන් සමග මතවාදීව ගැටුණා.

Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902

Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902

1906දී හඳුන්වා දුන් ‘ආසියාතික ආඥා පනත’ යටතේ දකුණු අප‍්‍රිකාවේ සිටි සියලූ ආසියාතිකයන් ලියාපදිංචි විය යුතු බව හා සැම විටම අනන්‍යතා පත‍්‍රිකා රැගෙන යා යුතු බවට නියම වුණා. සුදු යුරෝපීයයන්ට නොතිබි මේ නීතීයට එරෙහිව ගාන්ධි ප‍්‍රමුඛ ආසියාතිකයන් උද්ඝෝෂණය කළා.

ලියාපදිංචි වීම ප‍්‍රතික්ෂේප කළ ගාන්ධි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනකු 1908 ජනවාරියේ සිරගත කරනු ලැබුවා. ඔහුගේ ජීවිතයේ දේශපාලන සිරකරුවා වූ වාර ගණනින් මුල් වතාව එයයි.

ගාන්ධිට එරෙහිව තීන්දුව ප‍්‍රකාශ වූ දිනයේ ඔහුගේ Indian Opinion සඟරාව සිය පාඨකයන්ගෙන් ඉල්ලීමක් කළා. “සිවිල් අකීකරුකම හා සාමකාමී විරෝධය යන සංකල්ප දෙක කැටි කර ගත්, ඉන්දීය භාෂා උරුමයෙන් සකසා ගත් යෙදුමක් යෝජනා කරන්න.’’

පාඨක යෝජනා අතරින් ගාන්ධි තේරීමක් කළා. ‘සත්‍යාග‍්‍රහ’ (satyagraha) නම් යෙදුම හැදුණෙත්, භාවිතයට ආවේත් එලෙසයි. ඒ යෙදුම වටා අවිහිංසාවාදී උද්ඝෝෂණ සඳහා සංකල්පීය රාමුවක් ගාන්ධි හඳුන්වා දුන්නා.

පසු කලෙක ඉන්දීය නිදහස් අරගලය, අමෙරිකාවේ කළු ජාතිකයන්ගේ සමානතා අරගලය මෙන්ම දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි අරගලය යන සියල්ලට මතවාදීව විශාල බලපෑමක් කළේ මේ සත්‍යාග‍්‍රහ සංකල්පයයි.

සිය පුවත්පත් හා සඟරාවලට වෙළෙඳ දැන්වීම් භාර නොගැනීම ගාන්ධි ප‍්‍රතිපත්තියක් සේ දිගටම පවත්වා ගත්තා. අමාරුවෙන් වුවත් පිටපත් අලෙවියෙන් ලැබෙන ආදායම, ස්වේච්ඡා ශ‍්‍රම දායකත්වය හා (ඇතැම් විට) දානපති ආධාර සංකලනය කොට ඔහු එම ප‍්‍රකාශන නඩත්තු කළා.

මේ ගැන ඔහු පසුව ආවර්ජනය කළේ මෙසේයි. ‘‘දැන්වීම් නොගත් නිසාවට අපට එතරම් ලොකු පාඩුවක් වූයේ නැහැ. අප කෙසේ හෝ අය-වැය පියවා ගත්තා. එහෙත් දැන්වීම් නැති නිසා කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව මත දැක්වීමේ නිදහස අපට ලැබුණා.’’

Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha

Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha

1914දී ආපසු ඉන්දියාවට පැමිණි පසු ගාන්ධි Young India සහ Navjivan නම් සඟරා දෙකක් සඳහා වගකීම භාර ගත්තා. 1919-1932 කාලයේ සතිපතා පළකරනු ලැබූ Young India හරහා බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයන්ගේ අත්තනෝමතික ක‍්‍රියා ක‍්‍රමානුකූලව විවේචනය කළා. එසේම අවිහිංසාවාදී විරෝධය පළ කිරීමට සත්‍යාග‍්‍රහ කිරීම ගැන ජනමතයක් ප‍්‍රවර්ධනය කළා.

ඉංග‍්‍රීසියෙන් කරන සඟරා කලාව ඉන්දීය ප‍්‍රභූ පැළැන්තිය නිදහස් අරගලය සඳහා ඒකරාශී කිරීමට වැදගත් වූවත්, එතැනින් නතර නොවූ ගාන්ධි හින්දි හා (ඔහුගේ මවු බස වූ) ගුජරාටි බසින් නව්ජීවන් සඟරාව පළ කළා. මේ ස්වභාෂා සඟරාවේ බහුතරයක් පාඨකයන් ඉන්දියාවේ හද ගැස්මට වඩා සමීප ගොවීන් හා කම්කරුවන් බව ඔහු නිතර කියා සිටියා.

සඟරා සංස්කරණය, මුද්රණය හා බෙදාහැරීම ගැන ඔහු අධීක්ෂණය කළේ වෙනත් බොහෝ දේශපාලනික හා සමාජයීය වගකීම්වලට උර දෙන අතරයි. ඔහු කෙතරම් කාර්යශූර කෙනකු වී ද යන්න අපට සිතා ගත හැකියි.

ඉංග‍්‍රීසි ලිපි ටයිප් කළත් ගුජරාටි හා හින්දි ලිපි ඔහු ලිව්වේ අත් අකුරින්. සමහර දිනවල ඔහු නිදි වරාගෙන පාන්දර යාමය වන තුරු ලියනවා. ඔහුගේ ජීවන තොරතුරුවලට අනුව දකුණතින් ලියා වෙහෙස වූ විට වමතින් ද ලිවීමට ඔහු සමත් වුණා.

Young India, Edited by M K Gandhi

Young India, Edited by M K Gandhi

රටේ දුර ප‍්‍රදේශවලට දුම්රියෙන් යන විටද ඔහු ලිපි ලිව්වා. සමහර ප‍්‍රසිද්ධ ලිපි හා ප‍්‍රකාශ ඔහු ලියා ඇත්තේ මෙබඳු ගමන්වලදී. ඔහු වචන හරඹයේ සංයමය මෙන්ම ලිවීමට පටන් ගත් විට කාලය කළමනාකරණය කර ගැනීමේ විනය ද තිබූ අයෙක්. වරෙක දුම්රිය ගමනකදී ලියා නිම කළ යුතු වූ ලිපියක් වෙත පූර්ණ අවධානය යොමු කරන්නට ඔහු දුම්රිය වැසිකිළියට වී දොර වසා ගෙන වැඩ කළ බව වාර්තා වී තිබෙනවා.

Harijan magazine

Harijan magazine

කුල පීඩිත යැයි කොන් කර සිටි මිලියන් ගණනක් ඉන්දීය ජනයාගේ අයිතීන් හා අභිවෘද්ධිය උදෙසා ඔහු 1932 පෙබරවාරියේ හරිජන් Harijan නම් සඟරාවක් සතිපතා ඉංග‍්‍රීසි, හින්දි හා ගුජරාටි බසින් ඇරැඹුවා. මාස දෙකක කාලයක් තුළ වෙළෙඳපොළේ පිටපත් අලෙවියෙන් පමණක් සඟරාව පාඩු නැතිව කරන්නට ඔහුට හැකි වුණා. හරිජන් ජනප‍්‍රිය වීමත් සමග ස්වේච්ඡුා සේවකයන්ගේ උපකාර ඇතිව එහි තවත් මුද්‍රණ උර්දු, දෙමළ, තෙළිඟු, මරාති. කන්නඩා හා බෙංගාල භාෂාවලින්ද පළ කළා.

ගාන්ධි සඟරා නිෂ්පාදන හා වෙළදපොල පැතිකඩ ද අත්දැකීමෙන් ප්‍රගුණ කළා.

‘‘දකුණු අප‍්‍රිකාවේ සඟරා කතුකම හරහා මා හොඳින් තේරුම් ගත්තේ මෙබඳු ප‍්‍රකාශනයකට තමන්ගේම මුද්‍රණාලයක් අවශ්‍ය බවයි. බි‍්‍රතාන්‍ය පාලකයන් යටතේ මුද්‍රණාල පිළිබඳ නීතිරීති තදින් ක‍්‍රියාත්මක වූ බැවින් මා වැනි නිවහල් අදහස් ලියන්නකුගේ ප‍්‍රකාශන මුද්‍රණය කිරීමට වාණිජ මට්ටමේ මුද්‍රණාල හිමියන් පසුබට වන බව මා දන්නවා. මේ නිසා අපේම මුද්‍රණාලයක් අප අහමදාබාද්හි ඇරඹුවා.’’

ඒ වන විටත් නවජීවන් සඟරාව අහමදාබාද් කේන්ද්‍ර කරගෙන පළ කරමින් තිබුණා. මුලදී බොම්බායෙන් පළ වූ ශදමබට ෂබාස් සඟරාව ද එනුවරට ගෙන ඒමට ගාන්ධි ක‍්‍රියා කළා.

දැන්වීම් නැතිව වුවත් සඟරා පාඩු නොලබා කර ගෙන යන්නට කාර්යශූර වූ ඔහුට ඉංග‍්‍රීසි හා ස්වභාෂා සඟරාවලින් පිටපත් 40,000ක් පමණ අලෙවි කරන්නට හැකි වුණා. ඔහු සිරගත කරනු ලැබූ වකවානුවල අනුගාමිකයන් හා සහෘදයන් ප‍්‍රකාශන නොකඩවා පළ කළා.

දේශපාලන අරගල හා සත්‍යග‍්‍රහයන් කිරීම නිසා 1920-1940 වකවානුවේ ගාන්ධි ඇතුළු නායකයන් විටින් විට කෙටි කලකට සිර ගත කැරෙනවා. එවිට ඔහුගේ අනුගාමිකයන් සඟරා දිගටම පවත්වා ගෙන යතත් අලෙවිය පහත වැටෙනවා. සිරෙන් නිදහස් වූ විගස ගාන්ධි යළිත් සඟරා අලෙවිය වැඩි කිරීමට වෙහෙස වනවා.

This was first serialised in Gandhi's magazines

This was first serialised in Gandhi’s magazines

පළමුවරට ඉන්දියාවේ සිරබත් කා නිදහස් වූ පසු ගාන්ධි ඒ දක්වා තම චරිත කථාව කොටස් වශයෙන් සිය සඟරාවල පළකිරීමට පටන් ගත්තා. වසර තුනක් සතිපතා පළවූ මේ චරිතාපදානය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා පාඨක අවධානයට යොමු වුණා. පසුව මෙය පොතක් ලෙස (The Story of My Experiments with Truth, 1927) නමින් ප්‍රකාශ කෙරුණා.

සිරගත කරනු ලැබු කිසි විටෙක රජයේ කොන්දේසි මත ලිපි ලිවීමට ඔහු එකඟ වූයේ නැහැ. වාරණය පිළිගනු වෙනුවට නොලියා සිටීමට ඔහු තීරණය කළා. තම සඟරා යටත්විජිත රජය විසින් නවතනු ලැබුවහොත් තම අදහස් තව දුරටත් සමාජයේ සංසරණය වනු ඇති බව ද ඔහු දැන සිටියා.

එසේම අතිශයින් දුෂ්කර වූ 1920 හා 1930 දශකවල තමන්ගේ මානසික ඒකාග‍්‍රතාව පවත්වා ගන්නට ද පුවත්පත් ලිපි ලිවීම හා කතුකම උපකාර වූ බව ඔහු කියනවා.

‘‘මේ සඟරා කිරීම හරහා මට මානසික සුවයක් ලැබුණා. බි‍්‍රතාන්‍ය පාලනයට එළිපිටම එරෙහි වෙමින් සත්‍යාග‍්‍රහ කිරීමට නීතිමය බාධා එළැඹුණු විටදී පවා මතවාදීව හා බුද්ධිමය වශයෙන් ඔවුන්ට එරෙහිව ජනමතය ගොඩ නංවන්නට මට මේ සඟරා වේදිකාවක් ලබා දුන්නා. දැඩි මර්දනකාරී මාෂල් නීතී වාතාවරණයක් තුළ අපට නිදහස් අරගලය ටිකෙන් ටික හෝ ඉදිරියට ගෙන යාමට සඟරා හරහා අප අවකාශයක් සොයා ගත්තා.’’

ගාන්ධිගේ පත කලාව සමීපව අධ්යයනය කළ පර්යේෂකයන් කියන්නේ ඔහු උද්වේගකාරී, භාව රකෝපකාරී කිසිවක් නොලියූ හා පළ නොකළ බවයි. ඔහු යළි යළිත් මහත් ඕනෑකමින් ප‍්‍රවර්ධනය කළ මාතෘකා අතර හින්දු-මුස්ලිම් සමගිය, අවිහිංසාව, සත්‍යග‍්‍රහ හරහා අධිරාජ්‍යවාදයට එරෙහිවීම. නිසි පෝෂණය, ස්වභාවික බෙහෙත් මගින් රෝග නිවාරණය, මත්පැන් පිටු දැකීම, තමන්ගේ කපු ඇඳුම් තමන්ම වියා ගැනීම, ස්වදේශිකත්වය හා දේශීය කර්මාන්ත නගා සිටුවීම ආදිය වූවා.

Mahatma Gandhi As A Journalist

නිදහස හුදු දේශපාලනික සංකල්පයක් නොවී ආර්ථික, සමාජයීය හා චින්තනමය ස්වාධිපත්‍යය ද ලබා ගත යුතු බවට ඔහුගේ දැක්ම මේ මාතෘකා විදහා දක්වනවා.

පත‍්‍ර කලාව හා කර්මාන්තය ගැන ගාන්ධිගේ අදහස් පරමාදර්ශී මට්ටමේ තිබුණා යැයි කිව හැකියි.

‘‘ජන සමාජයට ඉමහත් බලපෑමක් කළ හැකි ඇතැම් කාර්යයන් රැකියාවක් ලෙස පමණක් කිරීමෙන් එහි අරමුණු අයාලේ යන්නට ඉඩ තිබෙනවා. පුවත්පත් කලාව එබන්දක්. එසේම පුවත්පත් පළ කිරීම ලාබ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් ලෙස පමණක් කිරීමෙන් නොයෙක් අකටයුතුකම් සිදු විය හැකියි.’’

Gandhi reading newspaper in 1947

Gandhi reading newspaper in 1947

ගාන්ධි දිගටම ගත් ස්ථාවරය වූයේ පුවත්පතේ ප‍්‍රධාන වගකීම තත්කාලීන සිදුවීම් හා සමාජ ප‍්‍රශ්න ගැන ජනයා දැනුවත් කිරීම හා ජන අවබෝධය පුළුල් කිරීම බවයි.

‘‘මෙය අති භාරදුර වගකීමක්. එසේම පුවත්පත් සැම විට විශ්වාස කළ නොහැකි බවත් පාඨකයන් දන්නවා. සමහර පුවත්පත් වාර්තා කරන දෙය සැබෑ සිදුවීමකට වඩා හාත්පසින් වෙනස්. මෙයට එක් හේතුවක් නම් කඩිමුඩියේ ප‍්‍රවෘත්ති හා වෙනත් ලිපි සම්පාදනය කිරීමට සිදු වීමයි. දුෂ්කර තත්ත්වයන් යටතේ ප‍්‍රවෘත්ති සොයා ගෙන, පෙළ ගස්වා, පළ කිරීම කතුවරුන් නිතිපතා මුහුණ දෙන අභියෝගයක්. ඇත්ත නැත්ත තෝරා බේරා ගන්නට ඔවුන්ට බොහෝ විට ලැබෙන්නේ ඉතා කෙටි කාලයක්. මේ සියල්ල එසේ වූවත් මගේ අදහස නම් යම් තහවුරු කිරීමකින් තොරව කිසිදු වාර්තාවක් පළ කිරීමට වඩා නොකර සිටීම වඩා හොඳ බවයි.’’

තම පුවත්පතේ සමස්ත අන්තර්ගතය ආචාර ධර්මවලට අනුකූලව පවත්වා ගත යුතු බව ඔහු විශ්වාස කළා. පත්තරය හා සඟරාවක අන්තර්ගතය තරමටම එහි කතුවරුන්ගේ සමාජ දැක්ම හා ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් ද සංකේතාත්මක වැදගත්කමක් ගන්නා බව ඔහු විශ්වාස කළා.

ඔහු කීවේ: ‘‘පිටපත් අලෙවියෙන් පමණක් පුවත්පතක් පවත්වා ගෙන යාම අසීරුයි. මේ නිසා වෙළෙඳ දැන්වීම් හරහා ආදායම් ඉපැදවීමට බොහෝ පුවත්පත්වලට සිදු වනවා. ඒ හරහා නොදැනුවත්වම පරස්පර විරෝධී තත්ත්වයන් පැන නගිනවා. පත‍්‍රයක කතුවැකිය හෝ ලිපි මගින් සමාජයට අහිතකර යයි විවේචනය කැරෙන දේ එම පත‍්‍රයේම දැන්වීම් මගින් ප‍්‍රවර්ධනය කළ හැකියි.’’

‘‘වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ දැන්වීම් මා පත‍්‍රවල දකිනවා. මේවා බහුතරයක් අපේ ජනයාගේ සෞඛ්‍යයට දිගුකාලීනව හානිකරයි. මහජනයා යහමඟට යොමු කිරීමේ වගකීම ඇති පුවත්පත් ඔවුන්ට වැරදි පණිවුඩ දීම කෙතරම් වැරදිද? වෙළෙඳපොල බලපෑම් හමුවේ පත‍්‍ර කලාව තවදුරටත් මහජන සේවයක් ලෙස කරන්නට අපහසු වී තිබෙනවා. නොයෙක් වැල්වටාරම් හෝ ප‍්‍රලාපයන් සමාජගත කර ජන මනස කිලිටි නොකිරීමට හැම පුවත්පතක්ම දැඩි සංයමයකින් ක‍්‍රියා කළ යුතු වනවා.’’

පත‍්‍රකලාව හා ජනසන්නිවේදනය ගැන ඔහු නොයෙක් විට ලියා හා කතා පවත්වා තිබෙනවා. වරෙක ඔහු කීවේ: ‘‘හොඳ පත‍්‍රකලාවේදියෙක් හරියට ඉක්මනින් පැතිරෙන බෝවන රෝගයක් මෙන් විය යුතුයි. එක් සමාජ ස්ථරයකට සීමා නොවී ජන සමාජයේ හැම තැනකටම කාර්යක්ෂමව සංසරණය වන ප‍්‍රකාශන බිහි කළ යුතුයි.’’

ගාන්ධිගේ පත‍්‍රකලා ජීවිතය පුරාම ඔහු ප‍්‍රගුණ කළ මූලික ගුණාංග තුන වූයේ සංලේඛ්‍ය නිදහස (editorial independence), සත්‍යගරුක වීම හා සංයමයෙන් බස හැසිරවීමයි. මේ ගුණාංග අදත් මාධ්‍යකරණයකට අත්‍යවශ්‍ය වෙනවා.

එසේම සමාජ උන්නතිය සඳහා පෙනී සිටි පමණට පුවත්පත් පූජනීය තත්ත්වයකින් සැලකිය යුතු නොවන බවත් ගාන්ධිගේ අදහස වුණා. පුවත්පත් හා සඟරා වැරදි ස්ථාවරයන් ගත් විට සමාජයේ වියතුන් හා සෙසු පාඨකයන්ට ඒවා විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ඇති බව ඔහු කියා සිටියා.

ගාන්ධි වෙබ් ලේඛනාගාරය https://www.gandhiheritageportal.org/


සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

Gandhi quote on the press

“Journalism to be useful and serviceable to the country will take its definite place only when it becomes unselfish and when it devotes its best for the service of the country, and whatever happens to the editors or to the journal itself, editors would express the views of the country irrespective of consequences…”

Mahatma Gandhi said these words on 22 March 1925, when unveiling the portrait of S. Kasthuriranga Iyengar, the late Editor of The Hindu, at the newspaper’s Chennai office. These words summed up the basic tenets of true journalism that Gandhi believed in – and practised.

Besides being a political leader and social reformer, Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).

Indian Opinion was bi-lingual (English and Gujarati). For some time it had also Hindi and Tamil sections. Young India had a Gujarati edition – Navajivan. Harijan was printed in several Indian language editions. These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.

What can today’s journalists learn from Gandhi as a mass communicator and journalist/editor? I explore this in this week’s Ravaya column (published on 14 June 2015).

Part 2: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Younger and mature Mahatma Gandhi

Younger and mature Mahatma Gandhi

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප‍්‍රතිසංවිධානය හා ප‍්‍රතිව්‍යුහකරණය ගැන සංවාද කැරෙන මේ දිනවල මාධ්‍ය බහුතරයක් ආචාර ධර්මීය නොවන ලෙසින් ක‍්‍රියා කිරීම ගැන කුමක් කළ හැකි ද යන්නත් සාකඡ්චා කැරෙනවා.

මාධ්‍ය ආචාර ධර්ම (media ethics) බටහිර රටවලින් අපේ වැනි රටවලට ආරෝපණය කරන තවත් බලපෑමක්ද? මේ ප‍්‍රශ්නය පසුගිය දිනෙක මගේ මාධ්‍යවේදී සිසුවකු අහිංසක ලෙසින් මතු කළා.

පුවත්පත් සඳහා ආචාර ධර්ම පද්ධතියක් මුල් වරට 1922දී ලේඛන ගත කළේ අමෙරිකානු පුවත්පත් කතුවරුන්ගේ සංගමය (American Society of News Editors, ASNE) බව ඓතිහාසික සත්‍යයක්. http://goo.gl/X6sS8o

පසු කලෙක එය ලොව පුරා රටවල් තමන්ට ගැලපෙන පරිදි අදාළ කර ගත්තා. හොඳ දෙයක් කොතැනින් මතු වුවත් එය අගය කළ යුතුයි. මේ ඔස්සේ තව දුරටත් කල්පනා කරන විට මට සිහි වූයේ 20 වන සියවසේ මෙන්ම මිනිස් ඉතිහාසයේම මහා පුරුෂයකු ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ පුවත්පත් ලේඛක හා කතුවර භූමිකාවයි.

20 වන සියවස මුලදී තරුණ ගාන්ධි තමන්ටම ආවේණික වූ ප‍්‍රතිපත්ති හා ආචාර ධර්ම රාමුවක් අනුගමනය කරමින් මාධ්‍ය හරහා සන්නිවේදනය කළා. ගාන්ධිගේ ජන සන්නිවේදන ශිල්ප ක‍්‍රම හා ආචාර ධර්ම විමසා බැලීමෙන් සියවසකට පසු අපට තවමත් ආදර්ශ ගත හැකියි.

මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි (1869 – 1948) අප හඳුනන්නේ අවිහිංසාවාදීව ඉතිහාසයේ විශාල වෙනසක් කළ අයකු ලෙසින්. ශ්‍රේෂ්ඨ ආත්මය යන අරුත ඇති ‘මහත්මා’ නම් ගරු නාමය ඔහුට ලැබුණේ ජීවිතයේ මැදි වියේදී.

බි‍්‍රතාන්‍යයන් පාලනය කරන ඉන්දියාවේ ඉපදී අධිරාජ්‍ය පාලකයන්ගේ ඉංග‍්‍රීසි බස මනාව උගෙන, ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහිව අධිෂ්ඨානශීලීව හා නිරායුධව අභියෝග කළ මේ පුංචි මිනිසා ඉතිහාසයේ අතිශය කලාතුරකින් හමු වන ආකාරයේ අසාමාන්‍ය චරිතයක්.

ගාන්ධිගේ ජීවිත කතාව අධ්‍යයනය කළ බොහෝ දෙනකු ඔහුගේ අවංක බව, ප‍්‍රතිපත්ති ගරුක බව හා භේද නොතකා සියලූ දෙනාට එක දේ සැලකීමේ ගුණය අගය කරනවා.

ඔහු මිලියන සිය ගණනක සාමාන්‍ය ඉන්දියානු ජනයා නිදහස උදෙසා සාමකාමී ලෙසින් කුළු ගැන්වූයේ හා දශක ගණනක අරගලය පුරාම සංවරව පවත්වා ගත්තේ කෙසේද?

එයට ඔහුගේ තීක්ෂණ බුද්ධිය මෙන්ම උසස් සන්නිවේදන කුසලතාත් උපකාරී වූවා. ගාන්ධි නම් වූ විශිෂ්ඨ ජන සන්නිවේදකයා ගැන ඉන්දියාවේත්, ඉන් පිටතත් සන්නිවේදන පර්යේෂකයන් තවමත් අධ්‍යයනය කරන්නේ මේ නිසා. ඔහුගේ මාධ්‍ය කලාවේ පැතිකඩ කිහිපයක් විමසා බලමු.

Gandhi mobilised millions, but was never a great orator

Gandhi mobilised millions, but was never a great orator

19 හැවිරිදි තරුණයකු ලෙස 1888දී ගාන්ධි එංගලන්තයට ගියේ නීතිය උගෙන නීතීඥයකු වීමටයි. මධ්‍යම පාන්තික වෙළද පවුල් පසුබිමකින් ආ ඔහුට ඉංග‍්‍රීසි බස ආගන්තුක නොවූවත් එංගලන්තයේ වෙනස් සමාජ පසුබිමට හුරු වන්නට ටික කලක් ගත වුණා. නීති දේශනවලට යොමුවන්නටත් පෙර පටන් ඔහු එරට පුවත්පත් නිතිපතා කියැවීමට පටන් ගත්තා.

ඉන්දියාවේ සිටියදී පුවත්පත් නොකියවූ තරුණ ගාන්ධි බි‍්‍රතාන්‍ය පුවත්පත් අගය කළා. රටක දේශපාලන හා සමාජ තත්ත්වයන් ගැන අවබෝධයක් ලබන්නට පුරවැසියන්ට උදව් වන්නේ උසස් ගණයේ පුවත්පත් හා සඟරා පැවතීම බවත් නූතන සමාජයේ ජන මතය හසුරුවන්නට මේවාට ලොකු බලයක් ඇති බවත් ඔහු වටහා ගත්තා.

මුද්‍රිත ජන මාධ්‍ය ගැන ඔහු මෙසේ තරුණ වියේදී ඇතිකරගත් පැහැදීම හා විශ්වාසය ජීවිත කාලය පුරාම පැවතියා.

ගාන්ධිගේ සන්නිවේදන භූමිකාව අධ්‍යයනය කළ අහමදබාද්හි ගුජරාට් විද්‍යාපීඨ උපකුලපති සුදර්ශන් අයෙන්ගර් (Dr Sudarshan Iyengar) කියන්නේ මෙයයි. ‘‘ගාන්ධි ලිඛිත මාධ්‍යයට වඩා ළැදි වීමට තවත් හේතුවක් නම් ප‍්‍රසිද්ධ සභා අමතා කතා කිරීමට සහජයෙන් ඔහු තුළ තිබූ සබකෝලයයි. පරිණත වියේදී පවා ඔහු දක්ෂ කථිකයකු වූයේ නැහැ. කට වචනයෙන් සන්නිවේදනයට තමාගේ සීමා හඳුනා ගත් ඔහු ලිඛිත සන්නිවේදනයට හැකි තරම් කාලය හා ශ‍්‍රමය යෙදවූවා. සභා ඇමතීම බොහෝ විට කථිකත්වයෙන් තමාට වඩා දක්ෂයන්ට භාර කළා.’’

තම සබකෝලය ගැන ගාන්ධි සිය ආත්ම චරිතාපදානයේ (The Story of My Experiments with Truth, 1927) විවෘතව සාකච්ඡා කරනවා. පසු කලෙක වෘත්තීය නීතිඥයකු ලෙස උසාවි ඇමතීමට පෞරුෂය ගොඩ නගා ගත්තද ඔහු කිසි දිනෙක (නෙල්සන් මැන්ඩෙලා මෙන්) ජනකාන්ත වේදිකා කථිකයකු වූයේ නැහැ.

Gandhi was 24 when he arrived in Pretoria to work as a legal representative for the Muslim Indian Traders based there

Gandhi was 24 when he arrived in Pretoria to work as a legal representative for the Muslim Indian Traders based there

‘‘මේ සබකෝලය හඳුනා ගත් මා එය කෙමෙන් සවියක් බවට පත් කර ගත්තා. හරි තැනට ඔබින විදිහට හිටිවනම කතා කිරීමට නොහැකි වීම ගැන මුල් යුගයේ මා පසුතැවිලි වූවත්, පසුව මා තේරුම් ගත්තේ එය වාසියක් ද වන බවයි. මගේ සිතිවිලි දැඩි සංයමයෙන් හසුරුවා ගන්නටත්, කියන්නට ඇති දේ හැකි තාක් කෙටියෙන් කියන්නටත් මා පුහුණු වුණා. මේ නිසා මගේ මුවින් වල්පල්, අතිශයෝක්ති, හරසුන් කිසිවක් පිට වන්නේ නැහැ. යමක් කතා කරන විට මෙන්ම ලියන විටත් හැකි තාක් සංක්ෂිප්තව, සරලව හා ඍජුව වචන ගලපන්නට මා සැම විටම තැත් කරනවා. එසේම නිහඬ විය යුතු තැන්හිදී නිහඬවීමට ද මා දන්නවා.’’

අයෙන්ගර්ගේ අදහසට අනුව ගාන්ධිගේ පුවත්පත් කලාව ඉහත කී ආචාර ධර්මීය හා විනයානුකූල රාමුව තුළම සිදු වුණා. ගාන්ධි ලොව තිබූ විශාලතම අධිරාජ්යයට එරෙහිව රතිපත්තිමය අරගලයක් ගෙන ගියේ දැඩි පීඩන හා හිරිහැර මැදයි. එහෙත් කෙතරම් දුෂ්කර අවස්ථාවකදීවත් ආවේගශීලී නොවන්නටත්, සීරුවෙන් හා ආචාරශීලීව භාෂිත හා ලිඛිත රකාශ හසුරු වන්නටත් ඔහු රවේශම් වුණා. ඔහු දූරදර්ශී ජන නායකයකු වීමට මේ සන්නිවේදන ගුණාංග දායක වූවා.

ගාන්ධිගේ චරිත කතාව මෙසේ කැටි කළ හැක්කක් නොවෙයි. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඔහුගේ ජන සන්නිවේදන ක‍්‍රියා ගැන පමණයි.

තරුණ වියේදී ගාන්ධි ඉතා හොඳින් ඉංග‍්‍රීසි බස හසුරු වන්නටත් ඉංග‍්‍රීසියෙන් ටයිප් කරන්නටත් උගත්තා. මේ හැකියාවන් සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරිකයකු ලෙස ඔහුට ජීවිත කාලය පුරාම ප‍්‍රයෝජනවත් වුණා. සුද්දා සමග ගැටෙන්නට ඔහුගේ බස ඔහුටත් වඩා හොඳින් ප‍්‍රගුණ කිරීමේ අගය ගාන්ධි දැන සිටියා.

1891දී නීතිඥයකු ලෙස බි‍්‍රතාන්‍යයේ දිවුරුම් දුන් ගාන්ධි, සිය රට බලා ගියා. එහෙත් බොම්බායේ නීතිඥයකු ලෙස ක‍්‍රියා කිරීමට ඔහු ගත් උත්සාහය සාර්ථක නොවූයේ සාක්ෂිකරුවන් සමීපව ප‍්‍රශ්න කිරීමට ඔහු මැලි වූ නිසා යයි කියනවා.

1893දී ඔහු දකුණු අප‍්‍රිකාවේ වෙළෙදාම් කරමින් සිටි ඉන්දියානු මුස්ලිම් සමාගමක නීතීඥයා ලෙස එරටට ගියා. වසරක කොන්ත‍්‍රාත්තුවක් මත ගියත් අන්තිමේදී ගාන්ධි වසර 21ක් (1893 – 1914) එරට ගත කළා. ඔහුගේ දේශපාලන හා සන්නිවේදන කුසලතාවන් වඩාත් ඔප් නැංවී ආයේ මේ අත්දැකීම් හරහායි.

ගාන්ධිගේ මේ ජීවන වකවානුව දෙරටේම දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමට හේතු වුණා. දශක ගණනකට පසු ඉන්දියාවේ සංචාරය කරමින් ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා කීවේ: ‘‘භාරතය අප වෙත මොහන්දාස් ගාන්ධි දායාද කළා. අප ඔහුව ආපසු මවු රටට එව්වේ මහත්මා ගාන්ධි ලෙසින්!’’ (“You gave us Mohandas; we returned him to you as Mahatma Gandhi.”)

දකුණු අප‍්‍රිකාවේ ඉන්දියානු සම්භවය ඇති මිනිසුන්ගේ මානව අයිතීන් උදෙසා පෙනී සිටීමටත්, එවකට එරට පාලනය තළ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටත් ගාන්ධි සිය විවේක කාලය කැප කළා.

එවකට එරට පැවති දේශපාලන හා සමාජ තන්ත‍්‍රයේ විසමතා හා අසාධාරණකම්වලට එරෙහිව නිරායුධ වුත්, ප‍්‍රතිපත්තිමය වුත් අරගලයක් ඔහු දියත් කළාග ජනයා දැනුවත් කිරීම හරහා ඔවුන් බලාත්මක කිරීමේ ප‍්‍රධාන ක‍්‍රමෝපායක් ලෙස ඔහු Indian Opinion නම් සඟරාවක් 1904දී ඇරැඹුවා.

Indian Opinion in 1913

Indian Opinion in 1913

Indian Opinion සඟරා කතුවරයා මන්සුක්ලාල් නසාර් නමැත්තකු වුවත් එහි කර්තෘ මණ්ඩල වගකීම් වැඩි ප‍්‍රමාණයක් ඉසිලූවේ ගාන්ධියි. එවකට දකුණු අපි‍්‍රකානු දේශපාලන යථාර්ථය ගැන ඒ වන විට ලබා ගෙන තිබූ අවබෝධයත්, කලක් බි‍්‍රතාන්‍ය පුවත්පත් කියැවීමෙන් ලත් ආභාෂයත් ඔහුට උපකාර වුණා.

අමාරුවෙන් පවත්වාගෙන ගිය මේ සඟරාවට කර්තෘමය දායකත්වයට අමතරව ගාන්ධි නීතීඥයකු ලෙස ඉපැයූ ආදායමින් කොටසක් ද යෙදවූවා. එක් අවස්ථාවක ඔහුගේ ඉතිරි කිරීම් සියල්ල සඟරාවේ නඩත්තුවට යොමු කළ බවත්, ඒ ගැන කණගාටුවක් නැති බවත් ආත්ම චරිතාපදානයේ කියනවා.

‘‘Indian Opinion සඟරාවට මා මුළු විවේකයම හා නිර්මාණශීලීත්වයම කැප කළා. එම වකවානුවේ මගේ ජීවිතය හා සිතුම් පැතුම් පිළිබඳ හොඳ කැඩපතක් බවට එය පත්වුණා. 1904-14 කාලයේ ඉඳහිට මා සිරගත වූ විට හැරෙන්නට හැම කලාපයකම අඩු තරමින් මගේ එක් ලිපියක් හෝ අඩංගු වුණා. සංකීර්ණ වූ දේශපාලන හා සමාජයීය තත්ත්වයන් පිළිබඳව හරබරව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීමේ අසීරු කලාව මා ප‍්‍රගුණ කළේ මේ සඟරාවට ලිපි ලියූ හා අනෙක් ලිපි සංස්කරණය කළ කාලයේයි. එසේම පාඨකයන් හා කතුවරයා අතර මනා සබඳතාවක් ගොඩනංවා ගෙන පවත්වා ගන්නේ කෙසේද යන්නට මා හොඳ අත්දැකීම් ලැබුවා.’’

Gandhi's English hand writing, 1927

Gandhi’s English hand writing, 1927

මේ වකවානුව ගැන ආවර්ජනය කරමින් ගන්ධි මෙසේ ද ලියා තිබෙනවා. ‘‘Indian Opinion කර්තෘමය වගකීම් දැරූ මුල් මාසයේදීම මා හොඳ හැටි තේරුම් ගත්තේ පත‍්‍ර කලාවේ එකම අරමුණ විය යුත්තේ මහජන සේවය බවයි. පුවත්පතකට අති විශාල බලයක් තිබෙනවා. එය හොඳට මෙන්ම නරකටද යෙදවිය හැකියි. ජලය අපට අත්‍යවශ්‍ය සම්පතක් වුවද නිසි ලෙස පාලනය නොවූ ජල කඳක් නිසා ගම්බිම් හා කෙත්වතු වනසන ගංවතුරක් ඇති විය හැකියි. එසේම අසංවර වූ පෑනෙන් මහත් විනාශයක් කළ හැකියි. එනිසාවට එය සංවර කිරීමේ බලය පිටස්තර අධිකාරියකට භාර කළොත් (ප‍්‍රකාශන නිදහස නැති වී යන නිසා) එහි අහිතකර විපාක වැඩියි. අප කළ යුත්තේ පුවත්පත් කලාවේ ඉමහත් බලය අප විසින්ම සංවරයෙන් හා වගකීමෙන් යුතුව භාවිත කිරීමයි.’’

‘‘මේ අවශ්‍යතාව සපුරා ගන්නා පුවත්පත් හා සඟරා කීයක් ලොව තිබේද? ලොව හොඳ-නරක දෙකම හමු වනවා සේ පුවත්පත් කලාවේ ද හොඳ ප‍්‍රකාශන මෙන්ම නරක ප‍්‍රකාශන ද තිබෙනවා. මේ අතරින් හොඳ ප‍්‍රකාශන තෝරාබේරා ගැනීම බුද්ධිමත් පාඨකයන්ට බාරයි.’’

මාධ්‍ය වගකීම, මාධ්‍ය නිදහස හා මාධ්‍ය සාක්ෂරතාව ගැන කොතරම් වැදගත් විග‍්‍රහයක්ද?ගාන්ධි ආත්ම චරිතාපදානයේ සිවු වන කොටසේ 13 වන පර්ච්ෙඡ්දයේ මෙය හමු වනවා.

Part 2: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Also read:

Journalist Gandhi: Selected Magazine Writings of Mahatma Gandhi

Gandhi as Journalist

Gandhi the Editor, By B. R. Nanda, Chairman, National Gandhi Museum

Mahatma Gandhi And Mass Media, by Prof V S Gupta




සිවුමංසල කොලූගැටයා #212: විද්‍යා සන්නිවේදන ජගතා – වෛද්‍ය බුද්ධදාස බෝධිනායක

Dr Buddhadasa Bodhinayake - Science communication trail-blazer in Sri Lanka

Dr Buddhadasa Bodhinayake – Science communication trail-blazer in Sri Lanka

Dr Buddhadasa Bodhinayake, who died on 4 March 2015 in the UK, was a trail-blazing science and health communicator in Sri Lanka in the 1960s and 1970s. While still a schoolboy, he wrote the first Sinhala language book on space travel in 1961, which he co-authored with Arthur C Clarke. In the early 1970s, he also wrote the first local book on child psychology.

While being a high school student, medical student and after becoming a medical doctor, Bodhinayake continued writing to newspapers and presenting science programmes on radio. In June 1966, he launched Vidya monthly science magazine, which had a long and illustrious innings until 2006.

In this week’s Ravaya column (in Sinhala, published on 22 March 2015), I recall highlights of Dr Bodhi’s science communication work, and capture memories of some of his teachers and contemporaries. I also acknowledge the inspiration I derived from his work while growing up in the 1970s.

විද්‍යා, කලා, වාණිජ විෂය ධාරා වශයෙන් වෙන් කරන ලද පාසල් හා උසස් අධ්‍යාපනයක් පවතින අපේ රටේ කලාවට ලැදි විද්‍යා සිසුනට එම කුසලතා දියුණු කර ගන්නට ඇත්තේ සීමිත අවකාශයක්.

විද්‍යා-කලා ක්ෂේත‍්‍ර දෙකෙහිම දස්කම් පෑ, ඉංග‍්‍රීසි-සිංහල ද්විභාෂා සමතකු වූ වෛද්‍ය බුද්ධදාස බෝධිනායක මේ සාම්ප‍්‍රදායික සීමා ඉක්මවා ගිය අයෙක්. මෙරට සිංහල විද්‍යා සන්නිවේදනයේ නිම්වළලූ පුළුල් කළ, මුද්‍රිත හා රේඩියෝ මාධ්‍ය දෙකෙන්ම සරලව හා රසවත්ව විද්‍යා දැනුම බෙදා දුන් ඔහු මාර්තු 4 වනදා ලන්ඩනයේදී මිය ගියා.

වසර තිහකට වඩා ඔහු පදිංචිව සිටියේ බි‍්‍රතාන්‍යයේ බැවින් අපේ නව පරපුරට ඔහුගේ නම පුරුදු නැති විය හැකියි. එහෙත් 1960, 1970 දශකවල විද්‍යා, කලා හා දේශපාලන ක්ෂේත‍්‍රවල බෝධිනායක නම නිතර කියැවුණා.

බෙන්තොට උපත ලද ඔහු කොළඹට ආවේ වයස දහයේදී පමණ. කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් හා කාර්යශූර සිසුවකු ලෙස බෝධිනායකයන් 1950 දශකයේ හා 1960 ගණන්වල මුලදී රටම දැන හඳුනා ගත්තේ මාධ්‍ය හරහායි.

Buddhadasa Bodhinayake as a young man

Buddhadasa Bodhinayake as a young man

ඔහුගේ ගුරුවරුන්ට හා සමකාලීනයන්ට ඒ කාලය හොඳහැටි මතකයි. දශක ගණනක් ආනන්දයේ සිංහල බස ඉගැන් වූ ඒ. ඒ. ප‍්‍රනාන්දු මහතා බෝධිනායක සිහිපත් කරන්නේ ලියන්නට හා කථිකත්වයට දක්ෂ, බහුවිධ කුසලතා තිබූ, අසාමාන්‍ය ගණයේ සිසුවකු හැටියටයි.

‘ඒ කාලයේ මම සිංහල දරුවා නමින් සඟරාවක් කළා. බෝධිනායකගේ මුල්ම ප‍්‍රකාශිත ලිපි එහි පළ වූ ඒවා විය හැකියි. පාසලේ සාහිත්‍යයට, කලාවට, විද්‍යාවට එක සේ ලැදි වූ ඔහු සිංහල, ඉංග‍්‍රීසි දෙබසම මනා ලෙස හැසිර වූවා,’ යැයි ප‍්‍රනාන්දු මහතා ගිය සතියේ ආවර්ජනා කළා.

එවකට ආනන්දයේ සිංහල ගුරුවරයකු වූ මගේ පියා (ඩබ්ලිව්. ඞී. කේ. ගුණවර්ධන) බෝධිනායක හඳුනා ගත්තෙ 1960 දශකය මුලදී ඔහු උසස් පෙළ පන්තියට ආ පසුයි. ඔහු බෙහෙවින් උද්‍යොගශීලී සිසුවකු වූ බවත්, සිංහල බසෙහි නොයෙක් ගුරුහරුකම් ගන්නට නිතර ආ සැටිත් පියාට මතකයි.

‘බෝධිනායක කියන්නේ දක්ෂතා රැසක් තිබුණු, ගුණගරුක හා ආචාරශීලී ශිෂ්‍යයෙක්. විෂයමාලාවට හෝ පන්ති කාමරයට හෝ සිමා නොවී ඔහු විෂයබාහිර බොහෝ දේ කළා. බයිසිකලයකින් හැම තැනම යනවා. හාමුදුරුවරුන් හා ගුරුවරුන් සමග නොයෙකූත් දේ සාකච්ඡා කරනවා. මෙහෙම ශිෂ්‍යයන් හමු වන්නේ කලාතුරකින්’ මගේ පියා කියනවා.

වරක් ෂෙල් තෙල් සමාගම අනුග‍්‍රහයෙන් සංවිධානය කළ දීපව්‍යාප්ත රචනා තරගයකට සහභාගි වන්නට බෝධිනායක සිසුවාට ඕනෑ වුණා. එය පාසල විසින් සහතික කළ යුතු වූවා. එවකට සිටි ආනන්ද විදුහල්පති එස්. ඒ. විජේතිලක එසේ කිරීමට එකඟ වූයේ රචනය පාසලේදී ලියුවොත් පමණයි. එය අධීක්ෂණය කිරීම භාර වූයේ මගේ පියාට.

එකල බොහෝ රචනාල කථික හා විවාද තරගවලින් බෝධිනායක ජය ගත්තේ ගුරුවරුන් උද්දාමයට පත් කරවමින්. පණ්ඩිත බස වෙනුවට සරල සුගම බසකින් කීම හා ලිවීම ඔහුගේ හපන්කම වුණා.

Dayawansa Jayakody

Dayawansa Jayakody

බෝධිනායක සමකාලීනයකු හා සහෘදයකු වූ පොත් ප‍්‍රකාශක දයාවංශ ජයකොඩි කියන්නේ ඔහු නිර්මාණශීලී හැකියාව, දැනුම මෙන්ම සංවිධාන ශක්තියත් කැටි කර ගත් අසාමාන්‍ය චරිතයක් වූ බවයි.

‘ඔහු මට වඩා දෙවසරක් ජ්‍යෙෂ්ඨ වුණත් අපි බොහෝ සමීපව වැඩ කළා. මා එකල පළ කළ ‘හෙළබිම’ පත්තරයට ඔහු නිතර ලිපි ලියුවා. විද්‍යාව උගත්තත් සාහිත්‍යය, ඉතිහාසය ආදිය ගැන හොඳ දැනුමක් ඔහුට තිබුණා. බද්දේගම විමලවංශ හිමියන්ගේ (1913-1993) අනුශාසකත්වයෙන් ත‍්‍රිසිංහල ශිෂ්‍ය සංවිධානය පිහිටුවා ගෙන තරුණ තරුණියන් ඒකරාශී කරන්නත් ඔහු ක‍්‍රියා කළා’ යයි ජයකොඩි මහතා සිහිපත් කරනවා.

චිත්තාකර්ෂනීය කටහඬක් තිබූ බෝධිනායකයන් රේඩියෝ මාධ්‍යයට ද සම්බන්ධ වුණා. වසර ගණනාවක් තිස්සේ ගුවන් විදුලි සංස්ථාව හරහා විද්‍යාව, තාක්ෂණය, සෞඛ්‍යය තේමා කර ගත් බොහෝ වැඩසටහන් ඉදිරිපත් කළා. මෙයට අතහිත දුන්නේ කරුණාරත්න අබේසේකරයන්.

ජාතික පුවත්පත් හා සඟරාවලට ලියන අතරම බෝධිනායක තමන්ගේ සඟරාවක් ද ඇරඹුවා. ‘විද්‍යා’ නම් වූ එහි මංගල කලාපය එළි දුටුවේ 1966 ජුනි මාසයේ. ඒ වන විට ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙක්.

Cover of Vidya magazine first issue - June 1966 - edited by Buddhadasa Bodhinayake

Cover of Vidya magazine first issue – June 1966 – edited by Buddhadasa Bodhinayake

විද්‍යා ගුරුවරුන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් මෙන්ම විද්‍යාවට ලැදි සිසුන් ද හවුල් කර ගෙන පළ කළ විද්‍යා සඟරාව 1960 හා 1970 දශකවල විශිෂ්ඨ විද්‍යා සන්නිවේදන මෙහෙවරක යෙදුණා. අද මෙන් තොරතුරු මූලාශ‍්‍ර බහුල නොවූ එකල නව දැනුම සොයා ගන්නට තිබූ මාර්ග සීමිතයි.

විද්‍යා මංගල කලාපයේ කවරයට ආතර් සී. ක්ලාක්ගේ සේයාරුවක් යෙදු බෝධිනායක, ඇතුලේ පිටුවක් පුරා ක්ලාක්ගේ අනාගතවේදී විග‍්‍රහයන් සිංහලෙන් ඉදිරිපත් කළා. සිහි නැති කරන්නේ කෙසේද යන මැයෙන් වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය එන්. ඞී. ඩබ්ලිව්. ලයනල්ගේ ලිපියක් ද, අපේ විද්‍යාඥයෝ තේමාවෙන් ගණිත මහාචාර්ය ඩග්ලස් අමරසේකර හඳුන්වා දෙන ලිපියක් ද එහි තිබුණා.

පාඨකයන්ගේ විද්‍යා ගැටලූවලට පිළිතුරු සැපයුවේ තරුණ ශිෂ්‍ය නිමල් සිරිපාල ද සිල්වායි. කොළඹ නාලන්දා විද්‍යාලයේ උගත් ඔහු බෝධිනායක සමග විද්‍යා සඟරාව මෙන්ම තරුණ සංවිධාන වැඩ ද කළා. 1970 මහ මැතිවරණයට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සහයෝගය දෙමින් තරුණ පෙරමුණක් ඔවුන් ගොඩ නැගුවා. පසු කලෙක ජාතික දේශපාලනයට පිවිසි ඔහු අද ශ‍්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයායි.

බෝධිනායකයන් බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය පසු විද්‍යා සඟරාව කලේ තුසිත මලලසේකරයි. 1960 ගණන්වල සිට බෝධිනායක හා මලලසේකර සමීප මිතුරෝ.

“මුල් යුගයේ සිංහලෙන් විද්‍යාව ලියන්න හැකියාව තිබුණේ ටික දෙනකුටයි. ඒ අතර වෛද්‍ය නන්දදාස කෝදාගොඩ හා වෛද්‍ය බෝධිනායක කැපී පෙණුනා. විද්‍යා සඟරාව ඇරඹුවේ පාසල් සිසුන් ඉලක්ක කර ගෙනයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලද එහි පිටපත් රැසක් රජය මිළට ගෙන පාසල් පුස්තකාලවලට බෙදා හරිනු ලැබුවා. එහෙත් පළාත්සභා ක්‍රමය යටතේ මෙවැනි මිළ දී ගැනීම් විමධ්‍යගත කළ පසු එසේ කිරීම ටික කලකින් නතර වුණා,” මලලසේකර කියනවා.

වසර 40ක් නොකඩවා පවත්වා ගෙන ආ විද්‍යා සඟරාව 2006දී නවතා දැමීමට සිදු වුනේ දැන්වීම් හා අනුග්‍රාහකයන් නැති වීම හා අලෙවි කර ගැනීමේ දුෂ්කරතා නිසායි. එය යුග මෙහෙවරක් ඉටු කළා යයි කිව හැකියි. 1987දී සුවිසල් පත්‍ර සමාගමකින් ඇරඹූ විදුසර සහ තවත් විදු ප්‍රකාශන ඒ වන විට බිහිව තිබුණා.

තම විද්‍යා සන්නිවේදනයට මහත් සේ උදව් කළ දෙදෙනකු ගැන බෝධිනායකයන් ඉඩ ලද සැම විටම සඳහන් කළා.

එක් අයෙක් ආතර් සී. ක්ලාක්. 1960 දශකයේ ඇමරිකාව හා සෝවියට් දේශය අතර මහා අභ්‍යවකාශ තරඟයක් පැවති නිසා අභ්‍යවකාශ ගවේෂණය ගැන බොහෝ දෙනා උනන්දු වුණා. ක්ලාක්ගේ සහයෝගය හා සම කර්තෘත්වය ඇතිව සිංහලෙන් අභ්‍යවකාශය ගැන ලියූ මුල්ම පොත 1961දී බෝධිනායක රචනා කළේ ‘ඔබ වැන්නෙක් හඳට යයි’ නමින්. එවිට ඔහු තවමත් පාසල් සිසුවෙක්. (පොත බෙදා හැරීම හා විකිණීම කළේ දයාවංශ ජයකොඩි විසින්.)

ක්ලාක්ගේ දැනුම හා පරිකල්පනය සිංහල පාඨකයන් වෙත ගෙන ඒමට බෝධිනායක ලියූ පොත් හා පුවත්පත් ලිපි සමත් වුණා. ක්ලාක් පසු කලෙක බෝධිනායකට බි‍්‍රතාන්‍යයට යාමටත් උපකාර කළා.

ඔහුට බොහෝ උදව් කළ අනෙක් දැවැන්තයා වූයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ, චිත‍්‍ර හා මූර්ති ශිල්පී මෙන්ම ඉංජිනේරු හපුගොඩ රන්කොත්ගේ (එච්. ආර්.) පේ‍්‍රමරත්නයි. වෛද්‍ය සිසු අවධියේ තමන්ට නොමිළයේ කොළඹ නවාතැන් දුන් පේ‍්‍රමරත්න දෙවැනි පියකු බඳු වූ බව බෝධිනායක නිතර සිහිපත් කළා.

3 February 2013: සිවුමංසල කොලූගැටයා #103: එච් ආර් පේ‍්‍රමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’

1965දී පේ‍්‍රමරත්න හා බෝධිනායක එක්ව කෘති‍්‍රම චන්ද්‍රිකා ගැන සිංහල පොතක් රචනා කළා. ‘හැදු හඳේ හාස්කම්’ නම් වූ එහි වැදගත්කම චන්ද්‍රිකා යුගය ඇරඹී දශකයක්වත් ගෙවී නොතිබූ එවකට එම ක්ෂේත‍්‍රයේ අනාගත විභවය හා විකාශනය ගැන ඉතා හොඳ විග‍්‍රහයක් ඇතුළත් වීමයි.

පොත ආරම්භයේ කතුවරුන් මෙසේ ලියනවා. ‘‘කෘති‍්‍රම චන්ද්‍රිකාවක් යනු කුමක්ද යනුවෙන් මතු කෙරෙන ප‍්‍රශ්නයට දිය හැකි හොඳම පිළිතුර ‘මිනිසා විසින් සාදන ලද හඳකි’ යන්නය. එවැන්නක් පෘථිවිය වටා ගමන් කිරීමේදී හඳ පෘථිවිය වටා ගමන් කිරීමේදී පිළිපදින සොබාවික නීතිම පිළිපදී.’’

විශ්ව ගවේෂණයට, පෘථිවි නිරීක්ෂණයට, කාලගුණ අනාවැකි කීමට, පණිවුඩ සන්නිවේදනයට ආදී විවිධ භාවිතයන් සඳහා චන්ද්‍රිකා යොදා ගත හැකි අන්දම රූප සටහන් හා ඡායාරූප රැසක් සමගින් මේ පොත ලිහිල් බසින් කියා දෙනවා. තොරතුරු කල් ඉක්ම වී ඇතත් වසර 50කට පසුව අදත් එය ආසාවෙන් කියවිය හැකියි.

Cover of ‘හැදු හඳේ හාස්කම්’ (Wonders of the man-made Moon) by H R Premaratne & Buddhadasa Bodhinayake, 1965

Cover of ‘හැදු හඳේ හාස්කම්’ (Wonders of the man-made Moon) by H R Premaratne & Buddhadasa Bodhinayake, 1965

බෝධිනායක වෛද්‍යවරයකු ලෙස කළ දස්කම් ගැන කතා කිරීමට අපට ඉඩක් නැහැ. අයුක්තියට හා අසාධාරණයට නොබියව එරෙහි වීමේ ගුණය ද බෝධිනායකයන්ට ළාබාල වියේ සිටම තිබුනා. කොළඹ වෛද්‍ය පීඨයට පිවිසි පසු නවකවදයට ලක් වූ ඔහු එයට විරුද්ධව කතා කළා. සිසු විරෝධයක් ගොඩ නැගුවාග වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබූ පසු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේත්, වෛද්‍ය වෘත්තිකයන් අතරත් නිලධාරිවාදයට ඔහු නතු වූයේ නැහැ.

1969දී වෛද්‍ය විද්‍යාලයෙන් පිට වූ ඔහු සීමාවාසික පුහුණුව (medical internship) කළේ ප‍්‍රවීණ ශෛල්‍ය වෛද්‍ය පී. ආර්. අන්තෝනිස් හා ප‍්‍රකට ළමා රෝග විශේෂඥ එම්. එච්. එම්. හම්සා යටතේයි.

ඉන්පසු කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරමින් ළමා රෝග ගැනත්, ළමා හා තරුණ මනස ගැනත් අධ්‍යයනය කළ බෝධිනායක, කරුණා රාමනායක (පසුව බෝධිනායක) සමග ළමා මනෝවිද්‍යාව ගැන මෙරට පළ වූ මුල්ම සිංහල පොත රචනා කළා. එහි නම ‘දරුවන්ගේ හැටි තේරුම් ගන්න’. පසු කලෙක ඔහු බි‍්‍රතාන්‍යයට ගොස් මනෝ විද්‍යාව හා මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයකු වූවා.

පක්ෂ දේශපාලනයට පිවිසීම ඕනෑම පුරවැසියකුගේ, වෘත්තිකයකුගේ අයිතියක්. එහෙත් බෝධිනායක වැනි හපනකු දේශපාලන රාමුවකට සීමා වීම සමහරුන්ගේ කනස්සල්ලට හේතු වුණා. ඔහුගේ ගුරුවරයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වරක් මා සමග එබඳු අදහසක් පළ කළා. එහෙත් එසේ කී කාලෝත් මෙරට වාමාංශික දේශපාලනයේ කලක් සක‍්‍රීයව සිටි අයෙක්! 1977 ආණ්ඩු මාරුවෙන් පසු බෝධිනායකයන්ට එතරම් නිල පිළිගැනීමක් නොලැබුණු බව නම් ඇත්තයි.

L to R - Prime Minister Mrs Sirimavo Bandaranaike, Dr Buddhadasa Bodhinayake, Nimal Siripala de Silva, around 1970

L to R – Prime Minister Mrs Sirimavo Bandaranaike, Dr Buddhadasa Bodhinayake, Nimal Siripala de Silva, around 1970

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

1960 දශකය මැද උපන් මා බුද්ධදාස බෝධිනායක හඳුනා ගත්තේ පාඨකයකු ලෙසයි. 1970 හා 1980 දශකවල විද්‍යා සඟරාව පාසල් පුස්තකාලයෙන් කියැවූ සැටි කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

1979දී පමණ බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය ඔහු මා පෞද්ගලිකව මුණ ගැසුණේ දෙතුන් වතාවක් පමණයි. ඒ විටින් විට කෙටි නිවාඩුවකට ඔහු මෙරට ආ විටයි.

එයින් එක් වතාවක ඔහු මාත් කැඳවා ගෙන ඔහුට සුපුරුදු ගුවන් විදුලි සංස්ථාවට ගියා. මට මතක හැටියට නම් ගුණරත්න අබේසේකර මෙහෙය වූ ‘සරස්වතී මණ්ඩපය’ට සහභාගී වන්නයි. ‘අපි නතර කළ තැනින් ඔබ වැනි විද්‍යා ලේඛකයන් සන්නිවේදන මෙහෙවර දිගටම කර ගෙන යා යුතුයි’ ඔහු සුහදව ගුරුහරුකම් දුන්නා.

බෝධිනායක ලියූ පොත්පත් අද මුද්‍රණයේ නැහැ. විද්‍යා සන්නිවේදනයේ ඔහු ලබා දුන් ලොකුම දායකත්වය ලක් පරම්පරාවකට නව ලොවක් විවර කර දීමයි. උත්සාහය, උද්‍යොගය හා කැපවීම පෙරටු කර ගෙන ඔහු ගිය ගමන ළාබාලයන් වූ අපට ප‍්‍රබෝධක ආවේගයක් ලබා දුන්නා. එදාට වඩා බෙහෙවින් වෙනස් යථාර්ථයක් තුළ වුව ද අපට තවමත් එයින් ආදර්ශ ලද හැකියි.

From Vidya magazine's first issue of June 1966 - Young Nimal Siripala de Silva answers readers' science questions

From Vidya magazine’s first issue of June 1966 – Young Nimal Siripala de Silva answers readers’ science questions

See also:

10 Nov 2013: සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

15 Sep 2013: සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

11 Nov 2012: සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

Posted in Arthur C Clarke, Biographical, Broadcasting, Education, Health, Media, public interest, Ravaya Column, Science communication, Science for development, science journalism, Sri Lanka, Writing, youth. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 3 Comments »