
විද්‍යාව, තාක්‍ෂණය, සංවර්ධනය හා තොරතුරු සමාජය ගැන සරල හා සංසන්දනාත්මක විග‍්‍රහයන් රැසක් අඩංගු “සිවුමංසල කොලූ ගැටයා” ග‍්‍රන්ථය මෙවර කොළඹ ජාත්‍යාන්තර පොත් ප‍්‍රදර්ශනයේදී එළි දකියි.
විද්‍යා ලේඛකයකු හා මාධ්‍යවේදියෙකු ලෙස වසර 25ක දෙස් විදෙස් අත්දැකීම් ඇති නාලක ගුණවර්ධන විසින් “රාවය” පුවත්පතට ලියන ලද තීරු ලිපි 44ක් මේ පොතේ අඩංගු ය. එහි පෙරවදන ලියා ඇත්තේ මාධ්‍යවේදී අසෝක ඩයස් විසිනි.
ආතර් සී. ක්ලාක්, රේ විජේවර්ධන, සිරිල් පොන්නම්පෙරුම හා ඔස්මන්ඞ් ජයරත්න වැනි විද්වතුන් සමඟ සමීපව කටයුතු කළ නාලක, එ අත්දැකීම් කාලානුරූපව හා සරල බස් වහරකින් ඉදිරිපත් කරයි.
ශ‍්‍රී ලාංකික ජන සමාජයේ “හැත්තෑ හතේ දරුවන්” ගැන විශේෂ අවධානයක් යොමු කරන ලේඛකයා, ඔවුන් මෙරට පළමුවන “ටෙලිවිෂන් පරම්පරාව” හා මුල් ම “ඉන්ටර්නෙට් පරම්පරාව” බවට පත් වන සැටි ගැන කලෙක සිට අදහස් පළ කරන්නෙකි.
පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන සියළු මාධ්‍ය හරහා ද්විභාෂිකව සන්නිවේදනය කොට ඇති ඔහු, ගෝලීය තොරතුරු සමාජයේ ලාංකික ලකුණ කෙසේ ස්ථාපිත කළ යුතු දැයි මේ කෘතියේ ලිපි හරහා සාකච්ඡා කරයි.
රාවය ප‍්‍රකාශනයක් වන “සිවුමසල කොලූගැටයා” මිළ රු. 450කි. එය විශේෂ වට්ටමකට පොත් ප‍්‍රදර්ශනයේදී ලබා ගත හැකි ය.
Dispatches from a Busy Intersection: New Sinhala Book Zooms In and Zooms Out