This is my weekly column in Sinhala, published in the Ravaya newspaper on 18 Sep 2011. In this, I discuss how India’s prominent anti-corruption activist Anna Hazare uses broadcast television and new media in his advocacy campaigns.

අන්නා හසාරේ!
ඉන්දියාව පුරා ම රැව් දෙන නමක් හා ජන ඝෝෂාවක් බවට මේ නම පත්ව තිඛෙනවා. ඔහු තනි සුදු කපු ඇදුමෙන් සැරසුණු, ගාන්ධි තොප්පියක් පැළ`ද ගත්, ඇස් කන්නාඩි සහිත කුඩා මිනිසෙක්. දූෂණයට හා වංචාවට එරෙහිව සමස්ත ඉන්දියාව දෙදරුම් කවන හ`ඩක් බවට මේ පුංචි මිනිහා පත්ව සිටිනවා. ඔහුගේ උපන් නම කිසාන් බාපත් බබුරාවෝ හසාරේ ((Kisan Bapat Baburao Hazare).එහෙත් ජනප්‍රිය හා ජනාදර නාමය අන්නා හසාරේ Anna Hazare.
කලක් ඉන්දියානු යුධ හමුදාවේ ජීප් රියදුරකු ලෙස රැකියාව කළත් ඔහු වඩාත් ප්‍රකට වූයේ ග්‍රාම සංවර්ධනය හා පරිසර සංරකෂණය සදහා ප්‍රජා මට්ටමින් කැප වුණු ක්‍රියාකාරිකයකු හැටියටයි. මහත්මා ගාන්ධිගේ දර්ශනය අනුව යමින් දුගී දුප්පත් ඉන්දියානුවන්ට ආත්ම ගෞරවයකින් යුතු ව හිස ඔසවන්නට අවස්ථා උදා කර දීමයි ඔහුගේ අවසාන ඉලක්කය. එයට මහා බාධකයක් බවට පත් ව තිඛෙන දූෂණයට එරෙහිව ඔහු පොදු ජන යුද්ධයක් ප්‍රකාශ කොට තිඛෙනවා. නීතිමය රාමුව තුළ හරි දේ හරියට කරන්නට රජයට හා ව්‍යාපාරිකයන්ට අවිහිංසාවාදීව බල කිරීමයි ඔහුගේ අරගලයේ අරමුණ.
අන්නා හසාරේ ගැන මා මුලින් ම දැන ගත්තේ 2000 වසරේදී. විද්‍යාව හා පරිසරය සදහා වන මධ්‍යස්ථානය (Centre for Science and Environment, CSE) නම් පර්යේෂණ ආයතනය ආරම්භ කළ මා මිත්‍ර ඉන්දියානු විද්‍යා ලේඛක හා පරිසරවේදී අනිල් අගර්වාල් හසාරේ ගැන මහත් උද්‍යොගයෙන් කථා කළා. හසාරේ සිය ග්‍රාම සංවර්ධන වැඩ පටන් ගත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත්‍රයේ රාලේගාන් සිද්ධි (Ralegan Siddhi) ගම්මානයට ගොස් ඒ ක්‍රියාදාමය සමීපව අධ්‍යයනය කළ අනිල්, එහි වැදගත්කම කල් තබා ම තේරුම් ගත්තා.
පරිසරය, සංවර්ධනය හා දූෂණය ගැන ඉන්දියානු අත්දැකීම් පාදක කරගෙන ජාත්‍යන්තර වාර්තා චිත්‍රපටයක් හදන්නට අනිල්ගේ අනුගාමික, වාර්තා චිත්‍රපට අධ්‍යකෂක ප්‍රදීප් සාහාට (Pradip Saha) 2000 දී මා අවස්ථාවක් පාදා දුන්නා. ඒ අනුව ඔහු නිපද වූ Bandits and Backhanders නම් වාර්තා චිත්‍රපටය BBC World ලෝක ටෙලිවිෂන් සේවය හරහා විකාශය වුණා. එහි විනාඩි 6 ක් වෙන් කළේ අන්නා හසාරේ දූෂණයට එරෙහිව එවකට ගම් මට්ටමෙන් කරමින් සිටි උද්ඝෝෂණ ගැනයි.
තමා දූෂණයට එරෙහි වන්නට තීරණය කළේ ඇයි ද යන්න හසාරේ එහිදී පැහැදිලි කරනවා: “අපට ඕනැ වුණේ දුප්පත්කම අඩු කරමින් අපේ ගම්වල ජීවන තත්ත්වය නගා සිටුවන්න. මහ රජය හා ප්‍රාන්ත රජය ග්‍රාම සංවර්ධනයට හා දුගී බව පිටු දකින්නට වෙන් කරන මුදල්වලින් අති විශාල ප්‍රමාණයක් දූෂණය නිසා අතරමගදී කාන්දු වී අතුරුදහන් වන සැටි අපි හො`දාකාර දුටුවා. සංවර්ධන ප්‍රතිපාදන වශයෙන් ලැඛෙන එක රුපියලකින් සත 10 – 12 ක් වත් අන්තිමේදී එය ඉලක්ක කරන ගම්වලට හෝ ගැමියන්ට හෝ ලැඛෙන්න නැහැ. මේ නිසා ගම් දියුණු කරන්නට නම් මුලින් ම දූෂණය පිටු දැකිය යුතු බව අප තේරුම් ගත්තා.”
හසාරේගේ ග්‍රාම සංවර්ධන හා දූෂණ විරෝධී ව්‍යපාරය පන්නරය ලැබුවේ බිම් ප්‍රමාණයෙන් මෙන් ම ජනගහනය අතින් ද ඉන්දියාවේ තුන් වන විශාල ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රයේදී. (සංසන්දනය සදහා එය ලංකාව මෙන් හතර හමාර ගුණයක් විශාල බිම් ප්‍රමාණයක්. මෙරට ජනගහනය මෙන් පස් ගුණයක් එහි වාසය කරනවා.) හසාරේ ඇතුළු ක්‍රියාකාරිකයන් පිරිස දූෂණයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හා දූෂණයට දිරි දෙන අනෙක් අය ගැන කරුණු ගවේෂණය කරනවා. එසේ තහවුරු කර ගත් පසු හසාරේ අනුගාමිකයෝ ඇතුළු අනෙක් ගම්වාසීන් දූෂිත නිලධාරියකුගේ නිවස ඉදිරිපිට මහපාරේ සාමකාමීව බිම වාඩි වී හින්දු භක්ති ගී කියනවා. බැලු බැල්මට ආගමික ක්‍රියාවක් සේ පෙනුනත් මෙයින් සංකේතවත් වන්නේ කුමක් ද යන්න ටික කලකින් හැමෝ ම දැන ගන්නවා. එයින් ඒ පවුල ම ගමේ අවමානයට ලක් වෙනවා.

සියුම් ලෙසින් මහජන මතය ඇති කරමින් දූෂකයන්ට බලපෑම් කිරීමට ඔහු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගත් පියවර, දැන් ජන මාධ්‍ය හා නව මාධ්‍යවල පිහිටෙන් මුළු රටට ම ව්‍යාප්ත කරනවා. දූෂණය ඉන්දියානු සමාජයේ හැම තැන ම පිලිකාවක් සේ පැතිර ඇති බවත්, දූෂිතයන් නම් කිරීමෙන් හා හෑල්ලූවට පත් කිරීමෙන් පමණක් එය මැඩ පැවැත්විය නොහැකි බවත් ඔහු ඉක්මනින් ම තේරුම් ගත්තා. ඒ නිසා දූෂණයට ඉඩ සළසන රාජ්‍ය ප්‍රතිපත්ති, නීති, රෙකුලාසි සහ ක්‍රියාකලාපයන්ගේ ප්‍රබල සංශෝධන ඇති කළ යුතු බවත්, ඒ සටන ගම් මට්ටමේ සිට ඉහළටත්, ජාතික පාර්ලිමේන්තු මට්ටමේ සිට පහළටත් එකවර ජයගත යුතු බවත් ඔහු නිගමනය කළා.
ඉතා සැකෙවින් කියනවා නම් අන්නා හසාරේගේ දූෂණය පිටු දැකීමේ ව්‍යයාමයේ නිමිත්ත එයයි. හසාරේ දූෂණයට එරෙහිව වඩාත් දැඩි නීති ඉල්ලා සිය පළමු සත්‍යග්‍රහය කළේ 2011 අප්‍රේල් මුල සතියේ. දූෂණ හා වංචා විමර්ශනය කිරීමට ඔම්බඩ්ස්මන්වරයකු පත් කරන ලෙස බල කරමින් ඔහු තමන්ගේ ම නීති කෙටුම්පතක් ඉන්දීය රජයට ඉදිරිපත් කළා.
මෙය සාර්ථක වන්නට නම් ලෝකයේ (ජනගහනයෙන්) විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දියාවේ මහජන මතය දූෂණයට එරෙහිව පෙළ ගැස්විය යුතු බවත්, ඒ සදහා ජනමාධ්‍ය අත්‍යවශ්‍ය බවත් හසාරේ දන්නවා. ගමෙන් මතුව ආ සැබෑ ජන ක්‍රියාකාරිකයකු වූවත්, අද වන විට ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන තිඛෙන හසාරේ, මාධ්‍ය චරිතයක් හැටියට ඉන්දියානු ටෙලිවිෂන් නාලිකාවලට නැතුව ම බැරි තත්ත්වයක් උදාවී තිඛෙනවා. රජයට ජන බලපෑම් එල්ල කරන්න ඒ යථාර්ථයෙන් ඔහුත් ප්‍රයෝජන ගන්නවා.
හසාරේගේ සංවිධායකයන් කණ්ඩායම කෙටි කාලයක් ඇතුළත් අති විවිධ වූත් සංකීර්ණ වූත් ඉන්දියානු ජනමාධ්‍ය හා වෙබ් මාධ්‍ය ඉතා හොදින් හසුරුවන්නට සමත්ව සිටිනවා. එහි ප්‍රතිඵලය නම් 21 වන සියවසේ මහත්මා ගාන්ධි ලෙසින් දැවැන්ත ප්‍රතිරූපයක් හසාරේ ගොඩ නගා ගැනීමයි.
2011 අප්‍රේල් 3 – 11 අතර සතියක කාලය තුළ අන්නා හසාරේගේ පළමුවන සත්‍යග්‍රහය ගැන වාර්තාකරණයට වෙන් කරන ලද සමස්ත ටෙලිවිෂන් නාලිකා ගුවන් කාලය පැය 655ක්. එය මිළට ගත්තා නම් වැය වන මුදල ඉන්දියානු රුපියල් බිලියන 1.76 ක් (ලංකා රුපියල් බිලියන් 4 ක් පමණ) බවත් එරට විද්්‍යුත් මාධ්‍ය වෙළදපොල අධ්‍යයනය කරන පර්යේෂණ සමාගමක් ගණන් බලා තිඛෙනවා. නමුත් ඉන්දියාවේ මාධ්‍ය ෙකෂත්‍රය ගැන ස්වාධීනව නිරීකෂණය කරන The Hoot වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ අන්නා හසාරේ ඊටත් වඩා විද්්‍යුත් මාධ්‍යවලට වටිනා සම්පතක් බවයි.
අන්නා හසාරේගේ මාධ්‍ය ප්‍රතිරූපය පවත්වාගෙන යන්නට උපදෙස් දෙන්නේ හිටපු ටෙලිවිෂන් මාධ්‍යවේදීන් පිරිසක්. අළුතෙන් යමක් කියන කරන විට ඒ සදහා උපරිම සජීව ටෙලිවිෂන් ප්‍රවෘත්ති වාර්තාකරණයක් ලබා ගත හැකි වේලාවන් හා ස්ථානයන් ගැන ඔවුන් හසාරේට හොද මග පෙන්වීමක් කරනවා. ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගයක් විකාශය වන වේලාවට හෝ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ප්‍රචාරය වන විට හෝ ඔහු කිසි විටෙක මාධ්‍ය අමතන්නේ නැහැ. ඉන්දියාවේ ජාතික සංකේත හා ජාතික වශයෙන් වැදගත් ස්ථාන හා දිනයන් වටා හසාරේගේ බල කිරීමේ ව්‍යාපාරයේ හැම අළුත් පියවරක් ම තබන්නට මේ සන්නිවේදන උපදේශකයන් වග බලා ගන්නවා.
2011 අගෝස්තු 16 වනදා ඔහු අත්අඩංගුවට ගත් විට තව දුරටත් ඔහුගේ සජීව රූප දර්ශන ටෙලිවිෂන් නාලිකාවලට ලබාගත නොහැකි වුණා. එවිට හසාරේ කණ්ඩායම කළේ ඔහුගේ පණිවුඩ රැගත් කෙටි වීඩියෝ YouTube වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කිරීමයි. ඊට අමතරව ජංගම දුරකථන හා Facebook හරහා ඉතා පුළුල් විධියට හසාරේගේ ප්‍රතිරූපය මුල් තැනක තබමින් දූෂණයට එරෙහිව ඉන්දියානුවන් පෙළ ගස්වන්නට ඔවුන් සමත්ව සිටිනවා.
මේ සදහා මුදල් වියදම් කරනවා වෙනුවට හසාරේ කරන්නේ පරිගණක තාකෂණය අතින් හපන් ඉන්දියානුවන්ට ස්වේච්ඡාවෙන් තම කාලය හා කුසලතා ප්‍රදානය කරන ලෙස ඉල්ලීමයි. ‘අපට ඕනෑ හැම ඉන්දියානුවකුගේ ම සාක්කුවේ අන්නා ගෙන යනවා දකින්නටයි’ යනුවෙන් කියන්නේ එසේ ස්වේච්ඡාවෙන් කටයුතු කරන පරිගණකවේදීයකු වන නිශාන්ත් කුමාර් ඩීන්.
මේ පරිගණක හා ජංගම දුරකථන ‘සුනාමිය’ ඇරඹුණේ කරග්පුර්හි ඉන්දියානු තාකෂණ ආයතනය (Indian Institute of Technology Kharagpur) නම් විශ්ව විද්‍යාලයේ පරිගණක සිසුන් අතර. ‘බලවත් උදවිය ඉදහිටවත් ටිකක් සලිත කරන්නට අපිත් ආසයි. ඒත් එයට අපට අවස්ථාවක් ලැඛෙන්නේ කලාතුරකින්’ එහි ශිෂ්‍යයකු වන රිටේෂ් සිං කියනවා.
රාජ්‍ය බලය හා ව්‍යාපාරික බලය තිබුණත් ඇති තරම් උපක්‍රමශීලි නොවීම නිසා ඉන්දියානු රජය මේ දිනවල මාධ්‍ය සබදතා පැත්තෙන් ලොකු පසුබෑමක සිටින බව පාලක කොංග්‍රස් පකෂයේ දැවැන්තයන් ම පිළි ගන්නවා. එහෙත් මහජන ඡන්දයෙන් බලයට පත් වුණු ප්‍රජාතන්ත්‍රවාදී රජයකට මෙසේ ජනමාධ්‍යවල බලය යොදා ගෙන බලපෑම් කිරීමට අන්නා හසාරේට සදාචාරමය හෝ නීතිමය හෝ අයිතියක් ඇත්දැයි ඉන්දියාවේ ඇතැම් දෙනා ප්‍රශ්න කරනවා. හැම දෙයක් ගැන ම මෙසේ දිගින් දිගට වාද කිරිම ඉන්දියානු ජන සමාජයේ ගති සොබාවක්.
අන්නා හසාරේගේ අරගලය ජය ගනීවි ද යන්න හරි හැටි කිව නොහැකියි. එහෙත් එයට අවශ්‍ය ගම්‍යතාවය ජනනය කරන්න හා පවත්වා ගන්න ඔහු උපක්‍රමශීලී බව නම් පැහැදිලියි. අද කාලේ මහත්මා ගාන්ධි ජීවත් වූවා නම් ඔහුත් ජන මාධ්‍ය හා නව මාධ්‍ය තමන්ගේ නිදහස් අරගලයට පුළුල් ලෙස යොදා ගන්නට තිබුණා. පොදු යහපතට සන්නිවේදන තාකෂණයන් යොදා ගැනීමේ වටිනාකම 21 වන සියවසේ සියළු ජනතා ක්‍රියාකාරිකයන් වටහා ගත යුතුයි. එහිදී වෙළදපොලට හා ව්‍යාපාරික ප්‍රජාවට නතු වී තිඛෙන වාණිජමය මාධ්‍ය හා දුරකථන සේවා ඔස්සේ ද මහජනතාවට සමීප වීමට විශාල ඉඩක් ඇති බව හසාරේ හොද හැටි දන්නවා.