සිවුමංසල කොලූගැටයා #207: “තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් නිසි ඵල නෙළා ගත යුතුයි!”

In this week’s Ravaya column (in Sinhala), I continue the Sinhala adaptation of my June 2014 TV interview with Dr Rajesh Tandon of India, an internationally acclaimed leader and practitioner of participatory research and development.

Last week, we discussed the civil space and political space available for advocacy and activism – and how far civil society activists have been able to engage the formal political process in India.

Today, we discuss how anti-corruption movement evolved into the Aam Aadmi Party, AAP, and the relevance of India’s experiences to Sri Lanka. We also discuss India’s Right to Information Act and how that has empowered citizens to seek a more open and accountable government at national, state and local levels. Dr Tandon ends by emphasizing that democracy is a work in progress that needs constant engagement and vigilance.

Part 1 of this interview: සිවුමංසල කොලූගැටයා #206: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිවිල් සමාජ සාධකය ඉන්දියානු ඇසින්

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene, June 2014
Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene, June 2014

2015 පෙබරවාරි 7 වනදා නැවතත් පැවති දිල්ලි ප්‍රාන්ත මැතිවරනයේදී පොදු මිනිසාගේ පක්ෂය ආමි ආද්මි ^Aam Aadmi Party, AAP& මුලු ආසන 70න් 67ක්ම දිනා ගනිමින් විශිෂ්ට ජයක් ලබා ගත්තා. රටේ පාලක භාරතීය ජනතා පක්ෂයට (BJP) ඉතිරි ආසන 3 හිමි වුණා.

මීට පෙර 2013 දෙසැම්බර් 4 වනදා පැවති දිල්ලි මැතිවරනය්දී ආසන 28ක් දිනා ගෙන ප්‍රාන්ත රජයක් පිහිටුවා ගත් ආම් ආද්මි එය කර ගෙන ගියේ මාස දෙකකට අඩු කාලයක්ග 2014 පෙබරවාරි 14දා ඔවුන් ඉල්ලා අස් වුණා.

මේ දෙවන වාරයේ ඔවුන්ගේ භූමිකාව කුමක් වේදැයි කිව නොහැකියි. එහෙත් 2014 ජාතික මහ මැතිවරනයෙන් පහසු ජයක් ලද භාරතීය ජනතා පක්ෂයට අභියෝග කරන්නට තරම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් අතරින් මතු වූ මේ ලාබාල පක්ෂයට හැකිව තිබෙනවා.

2014 ජුනි මාසයේ මා ඉන්දියාවේ ප‍්‍රවීණතම සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයකු හා සහභාගිත්ව සංවර්ධනය ගැන ලොව පිළිගත් විද්වතකු වන ආචාර්ය රාජේෂ් ටැන්ඩන් (Dr Rajesh Tandon) සමග ටෙලිවිෂන් සාකච්ඡුාවක් කළා.

එහි මුල් කොටස ගිය සතියේ පළ කළා. අද එහි ඉතිරි කොටස. මෙය මීට මාස අටකට පෙර සිදු වූ කතාබහක් බව සිහි තබා ගන්න. සාකච්ඡාව වෙබ් හරහා බලන්න – https://vimeo.com/118544161

නාලක: දූෂන විරෝධී සිවිල් සමාජ ක්රියකාරිකයන් පිරිසක් දේශපාලන පක්ෂයක් පිහිටුව ගත්තේ ඇයි?

රාජේෂ් ටැන්ඩන්: ලෝක්පාල් නම් වූ දූෂණ විරෝධී පනත (Jan Lokpal Bill) පසුගිය පාර්ලිමේන්තුවේ (2009-2014) පල් වන විට අන්නා හසාරේ ඇතුළු පිරිසට පෙනී ගියා සියලු දේශපාලන පක්ෂ මේ ගැන සැබෑ උනන්දුවක් නොගන්නා බව. ඒ පසුබිම තුළ තමයි ආමි ආද්මි පක්ෂය බිහි වූයේ, දේශපාලන අවකාශයෙන් පිටත සිට කළ හැකි සියලූම බලපෑම් කිරීමෙන් අනතුරුව මේ සිවිල් ක‍්‍රියාකාරීන් එහි යා හැකි දුරේ සීමා තිබෙන බව තේරුම් ගත්තා. ඔවුන් සක‍්‍රිය පක්ෂ දේශපාලනයට පිවිසියේ ඉන් පසුවයි.

Anna Hazare (left) and Arvind Kejriwal
Anna Hazare (left) and Arvind Kejriwal

අන්නා හසාරේ (Anna Hazare) සහ අනුගාමිකයන් අතර මේ ගැන රතිවිරුද්ධ මත තිබුණා නේද? හසාරේ රියාකාරී දේශපාලනයට පිවිසීමට රතික්ෂේප කළත් ඔහුගේ දෙවැනියා අර්වින්ද් කෙජ්රිවාල් (Arvind Kejriwal) පොදු මිනිසාගේ පක්ෂය පිහිටුවා ගත්තා. ඔවුන් දෙමගක ගියාද?

මේ විවාදය කලක සිටම ඉන්දියාවේ පවතින්නක්. විශේෂයෙන්ම රටේ තීරණාත්මක සංධිස්ථානවලදී එයට කෙසේ ප‍්‍රතිචාර දැක්විය යුතුද යන්න සරසවි සිසුන් හා සිවිල් ක‍්‍රියාකාරිකයන් මෙනෙහි කරනවා. සක‍්‍රිය දේශපාලනයට පිවිසීම එක් ප‍්‍රතිචාරයක්. ප‍්‍රචණ්ඩ අරගලවලට යොමු වීම තවත් ප‍්‍රතිචාරයක්. සත්‍යග‍්‍රහ හා සාමකාමී උද්ඝෝෂණ කිරීම තව එකක්. මේ එක එකක් සාධාරණ යයි කීමට එයට පිවිසි අයට තර්ක ද තිබුණා.

අන්නා හසාරේ තරයේ විශ්වාස කළේ පක්ෂ දේශපාලනයට පිවිසීම හරහා දූෂණ විරෝධී ජනතා ව්‍යාපාරයේ එතෙක් පවත්වා ගෙන ආ සාරධර්මීය පිවිතුරු බව අහිමි වන බවයි. එහි යම් ඇත්තක් තිබෙනවා. අද කාලේ පක්ෂ දේශපාලනය කරන්නට මුදල්, පිරිස් බලය හා මාධ්‍ය සමග මනාව ගනුදෙනු කිරීම අවශ්‍යයි. එහෙත් අර්වින්ද් කෙජ්රිවාල් ඇතුළු පිරිසක් තර්ක කළේ ප‍්‍රශ්නයේ සැබෑ මුල් ඇති සක‍්‍රිය දේශපාලනයට පිවිසීමෙන් පමණක් දූෂණයේ අක්මුල් පාදා ගෙන විසඳුම් සැපයීමට හැකි බවයි.

ඉතා කෙටි කලක් තුළ ඔවුන් නාගරිකයන් අතර මහත් ජනාදරයට පත් වුණා නේද?

කෙටි කාලයක් තුළ කෙජ්රිවාල්ගේ පක්ෂය දිල්ලියේ ප‍්‍රාන්ත පාලන රජයක් පිහිටුවා ගන්නට මැතිවරණ ජයග‍්‍රහණයක් ලැබුවා (2013 දෙසැම්බර්). ඔවුන් වසර ගණනාවක සිට බිම් මට්ටමින් කළ ජනතා ව්‍යාපාර (ත‍්‍රීරෝද හා රික්ෂෝ රියදුරන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, විදුලිබල හා ජල ප‍්‍රවාහනය විධිමත් කිරීම, දුගී ජනයාට සහන මිලට ධාන්‍ය ලබාදීම) හරහා ගොඩ නගා ගත් හොඳ හිතක් තිබුණා. එහි උපකාරයෙන් දිල්ලියේ බලයට පත්වන්නට හැකි වුණා. සීමිත බල ප‍්‍රදේශයක් තුළ ඔවුන් කෙටි කලක් පාලනය කළා.

නමුත් 2014 මහ මැතිවරණයේදී ආම් ආද්මි පක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන හතරක් පමණයි. ඉන්දියාවේ තෙවන බලවේගයක් වන්නට ඔවුන්ට හැකිද?

ආම් ආද්මි පක්ෂයේ වඩාත් ප‍්‍රමුඛව මහජනයා ඉදිරියට ආ මුහුණු බොහොමයක් කලක් තිස්සේ සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයේ යෙදී සිටි සමාජ සේවකයන් හා විද්වතුන්. මේ නිසා ආමි ආද්මියට හොඳ ජනතාවාදී පදනමක් හා දැක්මක් මුල පටන්ම ලැබුණා. මෙය සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ යම් තැති ගැන්මකට පත් කළා.

එවිට රාජ්‍ය පක්ෂ හා විපක්ෂ දෙකේම එවකට සිටි දේශපාලකයන් කළේ ආමි ආද්මි ක‍්‍රියාකාරිකයන්ගේ ඇද කුද සෙවීමයි. 2012 යම් අවස්ථාවක හිටපු අගමැති මන් මෝහන් සිං ප‍්‍රකාශයක් කළේ විදේශ බලවේගයන් රාජ්‍ය නොවන සංවිධාන (NGO) හා සිවිල් ක‍්‍රියාකාරිකයන් හරහා ඉන්දියාවේ ඉදිරි ගමන කඩාකප්පල් කරන්නට තැත් කරන බවයි!

විදෙස් හස්තය (foreign hand) නොහොත් අදිසි හස්තය (hidden hand) ගැන චෝදනා කිරීම අපේ රටවල කලක සිට කෙරෙන දෙයක් නේද?

ඇත්තටම. එක්කෝ අමෙරිකානු හස්තය, නැතිනම් ස්කනැඞ්නේවියානු හස්තයට දොස් කීම අපේ ඉන්දියානු සිරිතක්. එහෙත් රටේ නායකයා අගමැතිවරයා මෙබඳු ප‍්‍රකාශයක් කළ මුල් වතාව මෙයයි. ඊට පෙර එබඳු චෝදනා කළේ තනතුරින් වඩාත් කනිෂ්ඨ දේශපාලකයන් පමණයි.

මෙයින් පෙනි ගියේ විධිමත් දේශපාලන අවකාශයට සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පිවිසීමට එරෙහිව වෘත්තීය දේශපාලකයන්ගේ ප‍්‍රතිරෝධයයි. රාජ්‍ය නිලධාරිවාදය උච්ච අන්දමින් මුදා හැර තමන් නොකැමැති රාජ්‍ය නොවන සංවිධාන පරීක්ෂා කිරීමට හා ඔවුන්ට හිරිහැර කිරීමට බලයේ සිටින දේශපාලකයන් පෙළඹෙන සැටි අපි දන්නවා. ඒ හරහා ඔවුන් සිවිල් සමාජයට වක‍්‍රව පණිවුඩයක් යවනවා….අපත් සමග හැප්පෙන්න ආවොත් බලා ගෙනයි කියා.

2014 මහ මැතිවරණයෙන් ආමි ආද්මි පක්ෂය ජාතික වශයෙන් බලවේගයක් ලෙස ඉස්මතු වූයේ නැහැ. එහි වැදගත්ම පාඩම මෙයයි. ඉන්දියාව වැනි අතිශයින් විවිධ වූත් විශාල වූත් රටක සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සිවිල් අවකාශයේ සිට දේශපාලන අවකාශයට පිවිසි විට ඔවුන්ට සාර්ථක විය හැක්කේ යම් භූගෝලීය වශයෙන් සීමිත ප‍්‍රදේශයක පමණයි. ජාතික මට්ටමෙන් එතරම් බලපෑමක් කළ හැකි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීම අසීරුයි.

එය එසේ වන්නේ ඇයි?

සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සිය පොදු උන්නතියට කැපවූ කටයුතු හරහා සමාජයීය ප‍්‍රාග්ධනයක් (social capital) ගොඩනගා ගෙන තිබෙනවා. එහෙත් ඉන්දියාව වැනි විශාල රටක එය අදාළ වන්නේ එක් නගරයකට හෝ ප‍්‍රාන්තයකට පමණයි. මුළු රටටම හා බිලියන් 1.2ක ජනයාට ස්පර්ශ වන අන්දමේ සිවිල් ක‍්‍රියාකාරිකයන් බිහි වන්නේ ඉතා කලාතුරකින්.

ආමි ආද්මි පක්ෂය 2013 දිල්ලියේ රාන්ත රජය (Delhi legislative assembly) ජයගරහණය කළත් පාලනය කළේ දින 49යි. එහිදී ඔවුන්ගේ ජනපරියවාදී (populist) පිළිවෙත් බොහෝ විවේචනවලට ලක් වුණා. සිවිල් සමාජ රියාකාරිකයන් උද්ඝෝෂණවලට දක්ෂ වුවත් රාජ් පාලනයට අසමත්ද?

එබඳු හැඟීමක් සමහරුන් තුළ ජනිත කරන්නට ආමි ආද්මියේ දිල්ලි ක‍්‍රියා කලාපය හේතු වුණා. මෙය කනගාටුදායකයි. දිගු කලක් තිස්සේ වීදි බැස උද්ඝෝෂණය කළ පිරිසකට අන්තිමේදී ඡන්දයෙන් පාලන බලය ලැබුණු විට ඔවුන් ඉක්මනින් තම භූමිකාව වෙනස් කර ගත යුතුයි.

රාජ්‍ය පාලනය කිරීමේදී නිලධාරීන්, පොලිසිය, ව්‍යාපාරිකයන් ඇතුළු නොයෙකුත් පිරිස් සමග සහයෝගයෙන් වැඩ කරන්නට වනවා. ආමි ආද්මි පක්ෂය දිල්ලියේ පාලනයට පත්වූ විට එය හරිහැටි කරගෙන යෑමට අවශ්‍ය විනය හා සංවිධාන ශක්තිය ඔවුන් සතුවූයේ නැහැ. ඔවුන්ගේ සමාජ දැක්ම, අවංකබව හා කැපවීම ඉතා හොඳින් තිබුණත් නව වගකීම් සමුදායට අනුගත වීමට ඔවුන් අසමත් වුණා.

anna-hazare-gandhi-funny-cartoon

ඉන්දියාවට වඩා විශාලත්වයෙන් මෙන්ම විවිධත්වයෙන් බෙහෙවින් කුඩා වූ රී ලංකාවට මේ අත්දැකීම් අප කෙසේ අදාළ කර ගත යුතුද? මෙරට සිවිල් සමාජ රියාකාරිකයන් දේශපාලන අවකාශයට කෙසේ නම් පිවිසිය යුතුද?

පළමුවැන්න නම් සිවිල් ක‍්‍රියාකාරිකයන් ඍජුවම දේශපාලන නායකයන්, ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයන් නිතර මුණ ගැසී තම ස්ථාවරයන් හා ප‍්‍රශ්න පැහැදිලිව සන්නිවේදනය කොට සංවාද කළ යුතුයි. හැම දේශපාලන පක්ෂයකම පාහේ න්‍යායචාර්යවරුන් සිටිනවා. ඔවුන් සමගත් බුද්ධිමය සංවාදයක් ගොඩ නගා ගත යුතුයි. ඔබ ඔවුන්ට මුළුමනින්ම විරුද්ධ මත දැරුවත් ඔවුන් සමග සංවාද කිරීම ඉතා වැදගත්.

මෙහිදී ස්වාධීන හා සක‍්‍රිය මාධ්‍ය පැවතීම තීරණාත්මකයි. බොහෝ විට සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පවත්නා රජයන්ට කියන දේ, කරන බලපෑම් ගැන මහජන මතයක් ඇති කළ හැක්කේ මාධ්‍ය ආවරණය හරහායි. ජනතා ව්‍යාපාර හා සිවිල් සමාජ අරගලයන් ප‍්‍රතිපත්ති හා නීති දක්වා යන දුෂ්කර ගමනේදී මාධ්‍යවලින් ලැබෙන දායකත්වය ඉන්දියාවේ අතිශය වැදගත්. අනෙක් අතට ජනතාවගේ ප‍්‍රශ්න හා ප‍්‍රමුඛතා මොනවාද යන්න හඳුනා ගන්නට මාධ්‍යවලට බෙහෙවින් උපකාරවන්නේ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්. ශ‍්‍රී ලංකාවේ මේ සබඳතාව වඩාත් ප‍්‍රශස්ත කරගත හැකි නම් දෙපිරිසටම එය ප‍්‍රයෝජනවත් වනු ඇති.

දෙවැන්න නම් දේශපාලකයන් මුහුණ දෙන ප‍්‍රායෝගික දුෂ්කරතා හා ඔවුන්ට ඇති සීමාවන් ගැන සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් මීට වඩා සංවේදී වීමද අවශ්‍ය යැයි මා සිතනවා.

තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information Act) නීතියෙන් තහවුරු වී ඉන්දියාවේ දැන් දශකයක් පමණ කල් ගත වී තිබෙනවා. පුරවැසි හා සිවිල් සමාජ රියාකාරීත්වයට හා යහපාලනයට මෙය දායක වී ඇත්තේ කෙසේද?

ඉන්දියාවෙත් ශ‍්‍රී ලංකාවෙත් බි‍්‍රතාන්‍ය පාලන සමයේ හඳුන්වා දුන් රාජ්‍ය රහස් පිළිබඳ නීති (official secret laws) එක සමානයි. බි‍්‍රතාන්‍ය රාජ්‍ය පාලකයන්ට ඕනෑ වුණේ හැකි තරම් රජයේ තීරණ, ප‍්‍රතිපාදන හා වියදම් රටවැසියන්ගෙන් වසන් කොට තැබීමට. තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කිරීම හරහා රාජ්‍ය ප‍්‍රතිපත්ති, වැඩපිළිවෙළ, මූල්‍ය ප‍්‍රතිපාදන, වියදම් හා වෙනත් රාජ්‍ය පාලන ක‍්‍රියාකාරකම් ගැන විස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමේ වරම පුරවැසියන්ට ලැබෙනවා.

ඉන්දියාවේ මෙය නීතියක් ලෙස 2005දී ලබා දෙන්නට පෙර වසර ගණනාවක් සිවිල් සමාජ සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ඉතා ඕනෑකමින් ඒ සඳහා ජනමතයක් ගොඩ නැගුවා. එය නීතිගත වූ පසුවද එහි නිසි ක‍්‍රියාකාරීත්වය හා නිසි ඵල නෙලා ගැනීම තහවුරු කර ගන්නට සිවිල් සමාජ දායකත්වය ඉතා ඉහළයි.

මධ්‍යම තොරතුරු කොමිසමක් (Central Information Commission, CIC) ස්ථාපිත කරනු ලැබුවා. රාජ්‍ය ආයතනයකට තොරතුරු ඉල්ලීමක් කොට නිසි ප‍්‍රතිචාර නිසි කාල සීමාව තුළ නොලදහොත් එය ගැන පැමිණිලි කිරීමට හා මැදිහත්වීමට මේ කොමිසමට පූර්ණ බලතල තිබෙනවා. මුලදී තොරතුරු කොමසාරිස්වරුන් සියල්ලන්ම පරිපාලන සේවා නිලධාරීන් වුවත් දැන් ක‍්‍රමයෙන් කොමිසමට නීතිවේදීන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ද පත්ව සිටිනවා.

අපේ වැදගත්ම පාඩම නම් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත වීම පමණක් නොසෑහෙන බවයි. එය ප‍්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට නිරන්තර සිවිල් සමාජ සහභාගිත්වය, අවදියෙන් සිටීම හා අධීක්ෂණය ඉතා වැදගත්.

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television - The Interview, June 2014
Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television – The Interview, June 2014

තොරතුරු අයිතිය නීතිගත වීම සාමාන් ඉන්දියානු පුරවැසියාට බලපෑවේ කෙසේද?

මෙතෙක් නොයෙක් නිදහසට කාරණා දක්වමින් මහජනයාට නිලධාරිවාදී කඩතුරාවකින් වසන් කරගෙන සිටි රාජ්‍ය පාලන ක‍්‍රියාකාරීත්වය ප‍්‍රථම වතාවට නිල වශයෙන්ම විවෘත වූවා (open government).

මෙය හුදෙක් මාධ්‍යවේදීන්ට පමණක් සීමාවූ අයිතියක් නොවෙයි. බිලියන් 1.2ක් වන සියලූම ඉන්දියානුවන්ට අද මධ්‍යම, ප‍්‍රාන්ත හෝ ප‍්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය තන්ත‍්‍රයේ බොහෝ පැතිකඩ ගැන තොරතුරු දින 30ක් ඇතුළත ලබා ගැනීමේ නීතිමය අයිතිය තිබෙනවා. ජනතාවට වග කියන රාජ්‍ය පාලනයක් (accountable government) ඇති කිරීමට නම් අනවශ්‍ය රහසිගත බව පසෙක ලා මෙසේ පාරදෘශ්‍යවීම ශිෂ්ට සමාජයකට අත්‍යවශ්‍යයි.

තොරතුරු ලබාගැනීමේ හැකියාව තහවුරුවීමත් සමග තොරතුරු විග‍්‍රහ කිරීම, සාවද්‍ය තැන් හඳුනා ගැනීම, හේතු විමසීම හා සංකීර්ණ ආකාරයේ අක‍්‍රමිකතා හෝ දුෂණ සොයා යෑම ආදී කුසලතා ඉන්දීය සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් ප‍්‍රගුණ කොට තිබෙනවා. තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් ඵල නෙළා ගන්නටත් හැකි විය යුතුයි.

රජාතන්තරවාදයේ නියම අරුතත් එයම නේද?

ඇත්තටම ඔව්. වඩාත් සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් (participatory democracy) ඒ හරහා ඉන්දියාවේ මතු වෙමින් තිබෙනවා. දුෂිත හෝ අකාර්යක්ෂම දේශපාලකයන් හා නිලධාරීන් මෙයට නොකැමැති වුවත්, අවංක හා සේවයට කැප වූවන්ට මේ තොරතුරු නීතිය හිතකරයි.

සමහර ඉන්දීය ප‍්‍රාන්තවල තොරතුරු නීතිය වඩාත් හොඳින් සාක්ෂාත් කරගෙන තිබෙනවා. එබඳු ප‍්‍රාන්තවල දැන් දේශපාලන අවකාශය හා සිවිල් අවකාශය අතර සබඳතා සවිමත් කරන යහපාලමක් ලෙස තොරතුරු නීතිය ක‍්‍රියා කරනවා.

සමහර පසුගාමී ප‍්‍රාන්තවල මෙය තවමත් සිදුව නැහැ. (ඉන්දියාව කියන්නේ සංකීර්ණ හා බහුවිධ තත්ත්වයන් පවතින රටක්.) නමුත් පොදුවේ ගත් විට තොරතුරු අයිතිය නීතිගත වීම හා එය තහවුරු කර ගැනීම හරහා ඉන්දීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාත්මක බව මූලධර්මීය මට්ටමෙන්ම දියුණු වෙමින් තිබෙන බව නම් පැහැදිලියි.

නමුත් තවත් යා යුතු දුර බොහෝයි?

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ නිරතුරුව වෙහෙස මහන්සියෙන් නඩත්තු කිරීම් කළ යුතු සමාජ සංසිද්ධියක්. එය කිසි දිනෙක හමාරයි පරිපූර්නයි කියා අපට විරාම ගන්නට බැහැ!

තොරතුරු අයිතිය නීතිගත වීම හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නඩත්තුවට අමතර මෙවලම් හා අවකාශයන් ඉන්දීය අපට විවෘත වුණා. එය පදනම් කර ගෙන පොදු උන්නතියට අවශ්‍ය සංවාද කිරීම හා හිතකර ප‍්‍රතිපත්ති වෙත යොමු වීම දේශපාලකයන්, නිලධාරීන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සියලූ දෙනාටම තිබෙන අභියෝගයක්.

ආචාර්ය ටැන්ඩන්, ඔබේ දැක්ම හා අත්දැකීම් රී ලංකාවේ අපට මාහැඟි ආදර්ශයක් හා රබෝධක ආවේගයක් සපයනවා. ඔබට බෙහෙවින් ස්තුතියි!

සිවුමංසල කොලූගැටයා #206: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිවිල් සමාජ සාධකය ඉන්දියානු ඇසින්

Citizens' vigil for murdered and disappeared Lankan journalists: 5 January 2015 at Vihara Maha Devi Park, Colombo.
Citizens’ vigil for murdered and disappeared Lankan journalists: 5 January 2015 at Vihara Maha Devi Park, Colombo.

Civil society – in its widest sense – played a key role in the recent peaceful change of government in Sri Lanka. It was civil society advocacy – for ending corruption, ensuring independence of judiciary, and increasing democratic checks and balances on the executive presidency – that inspired a larger citizen demand for better governance. The parliamentary opposition was pushed into belated action by these citizen demands.

What is the role of civil society in the political process? How and where does the civil space intersect with the political space? How can civil society engage formal political parties without being subsumed or co-opted?

In June 2014, I posed these questions to Dr Rajesh Tandon of India, an internationally acclaimed leader and practitioner of participatory research and development, when I interviewed him for Young Asia Television (YATV) – I was just ‘standing in’ for the regular host Sanjana Hattotuwa.

That interview’s contents are now more relevant to Sri Lanka than 8 months ago. So I have just rendered it into Sinhala. In this week’s Ravaya column (in Sinhala), I share the first half of the interview. To be continued next week…

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television - The Interview, June 2014
Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television – The Interview, June 2014

සිවිල් සමාජය (civil society) පුළුල් සංකල්පයක්. ප‍්‍රජා මට්ටමේ සමිති සමාගම්වල සිට වඩාත් විධිමත් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම වෘත්තීය සමිති, වෘත්තිකයන්ගේ සංවිධාන හා ජාලයන් සියල්ල සිවිල් සමාජය ගණයට අයත්.

සිවිල් සමාජයේ දේශපාලන සහභාගිත්වය කෙසේ විය යුතුද? පුරවැසියන්ගෙන් සැදුම් ලත්, පුරවැසි අපේක්ෂාව වටා සංවිධාන ගත වන සිවිල් සමාජය ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක යහපාලනය සඳහා ඉතා වැදගත් කාර්යයන් සමුදායක් ඉටු කරනවා.

දේශපාලන ක‍්‍රියාදාමය තනිකරම දේශපාලන පක්ෂවලට ඉතිරි කොට සිවිල් සමාජය සමාජ සුබ සාධනයට පමණක් සීමා විය යුතු යැයි පටු තර්කයක් ගෙවී ගිය අඳුරු දශකයේ මෙරට ප‍්‍රවර්ධනය කරනු ලැබුවා. එහෙත් 2015 ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස උදෙසා සිවිල් සමාජ දායකත්වය අති විශාලයි. හිටපු රජය එපා කියද්දීත්, තහංචි හා හිරිහැර මැද්දෙන් සිවිල් සමාජය ගත් යහපාලන ස්ථාවරයන් අනුමත කරන්නට හා අනුකරණය කරන්නට දේශපාලන පක්ෂවලට සිදු වුණා.

මෙය අපට පමණක් සීමා වූ අත්දැකීමක් නොවෙයි. වඩාත් පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින ඉන්දියාවේ මේ ගැන පුළුල් අත්දැකීම් තිබෙනවා. 2014 ජුනි මාසයේ ඒ ගැන මා එරට ප‍්‍රවීණතම සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයකු හා සහභාගිත්ව සංවර්ධනය ගැන ලොව පිළිගත් විද්වතකු වන ආචාර්ය රාජේෂ් ටැන්ඩන් (Dr Rajesh Tandon) සමග දීර්ඝ ටෙලිවිෂන් සාකච්ඡාවක් කළා.

ඉංජිනේරු හා කළමනාකරණ උපාධි සතු වුවත් ඔහු ගෙවී ගිය වසර 35 කැප කොට ඇත්තේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය නූතන ලෝකයේ අභියෝගවලට මුහුණදීමට හැකි පරිදි වඩාත් සහභාගිත්ව රාමුවකට ගෙන ඒමටයි. ඉන්දියාවේ සිවිල් සමාජ ආයතන හා ජාල ගණනාවක නායකත්වයට අමතරව පුරවැසි සහභාගිත්වය සඳහා ලෝක සන්ධානයේ (CIVICUS) පාලක මණ්ඩල සභිකයකු ද වන ඔහු කොළඹට පැමිණි මොහොතක YATV සාකච්ඡාවකට මා සමග එකතු වුණා.

මාස කිහිපයකට පසු එහි සිංහල අනුවාදය ඔබට ගෙන එන්නේ මෙරට අඳුරු දශකයක නිමාවෙන් පසු යහපාලනයේ පැතුම් යළිත් දැල්වෙමින් තිබෙන මොහොතක එයට යම් ජවයක් ඉන්දියාවෙන් ලද හැකියැ’යි මා විශ්වාස කරන නිසා.

Dr Rajesh Tandon
Dr Rajesh Tandon

නාලක: කොළඹදී ඔබ කළ දේශනයේ ඔබ පෙන්වා දුන්නා පොදු උන්නතිය සඳහා රියා කළ හැකි අවකාශයන් දෙකක් ඇති බව. එකක් දේශපාලන අවකාශය (political space). අනෙක සිවිල් අවකාශය (civil space). මේ දෙක එකිනෙකට මුණ ගැසෙන්නේ කෙලෙසද?

රාජේෂ් ටැන්ඩන්: මගේ ජීවිත කාලය පුරාම සිවිල් සමාජ ක‍්‍රියාකාරී ක්ෂේත‍්‍රයේ මා නිතරව සිටිනවා. ඉන්දියාවේ මෙන්ම ගෝලීය වශයෙන්. අප නිතර මෙනෙහි කරන ප‍්‍රශ්නයක් නම් දේශපාලන ක‍්‍රියාදාමයට හරියාකාර බලපෑම් කරන්නේ කෙසේද යන්නයි.

අසම්පූර්ණතා ඇතත්, ඉන්දියාවේ දේශපාලන ක‍්‍රියාදාමය ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුවක් තුළ සිදු වනවා. ජාතික, ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය (පළාත්පාලන) යන මට්ටම් තුනක් අපට තිබෙනවා. ඉන්දියාවේ පුළුල් වූත්, සංවිධානාත්මක වූත් සිවිල් සමාජයේ ක‍්‍රියාකාරිකයන් මේ මට්ටම් තුනේම ජනතා නියෝජිතයන් (ඡන්දයෙන් තේරී පත් වූවන්) සමග ඍජුව මෙන්ම මාධ්‍ය හරහාත් නිරතුරු සංවාදයක යෙදෙනවා.

සමහර සිවිල් සමාජ ක්රියාකාරිකයන් ඡන්දවලටත් තරග කරනවාද?

ජාතික හා ප‍්‍රාන්ත මට්ටමේ දේශපාලනයට අවතීර්ණවීමට නම් දේශපාලන පක්ෂයකට බැඳී ඒ හරහා නාමයෝජනා ලැබ මැතිවරණ ජය ගත යුතුයි. එහෙත් නගර සභා හා පංචයාත් (ප‍්‍රාදේශීය සභා) මට්ටමේ නම් තවමත් දේශපාලන පක්ෂයකට නොබැඳුණු අයටත් තරග කිරීමට හා තේරී පත්වීමට යම් ඉඩක් තිබෙනවා. ජන සංවිධාන නියෝජිතයෝ බොහෝ විට එම මට්ටමේ තරග කොට පළාත් පාලන දේශපාලන අවකාශයට ද පිවිසී පොදු උන්නතිය උදෙසා දිගටම ක‍්‍රියා කරනවා. එහෙත් අපට තිබෙන ලොකු අභියෝගයක් නම් ප‍්‍රාන්ත හා ජාතික මට්ටමේදී සිවිල් සමාජ ප‍්‍රමුඛතා හා දැක්මට දේශපාලන පක්ෂ කෙසේ නම්මවා ගත හැකි ද යන්නයි.

ඔබ සිතන්නේ රේල් පීලි මෙන් දේශපාලන අවකාශය හා සිවිල් අවකාශය සමාන්තරව දිවෙන බවද? නැත්නම් මේවා එකිනෙක හමු වනවාද?

මේ අවකාශ දෙක විටින් විට හමු වනවා. 2014 අපේ‍්‍රල්-මැයි ඉන්දියානු මහ මැතිවරණයේදීත් මෙය සිදු වුණා. උදාහරණයකට මා අයිති එක් සිවිල් ක‍්‍රියාකාරික පිරිසක් නාගරික දුගී ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. මැතිවරණ කැම්පේන් කාලයේ අප ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශවල සියලූ දේශපාලන පක්ෂවල ඡන්ද අපේක්ෂකයන් හමු වී අපේ දැක්ම පහදා දුන්නා. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අඩුපාඩු පෙන්වා දුන්නා. පරිසරවේදීන්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් හා වෙනත් පොදු ප‍්‍රශ්න ගැන පෙනී සිටින සිවිල් කණ්ඩායම් ද මෙවැනිම සංවාදවල යෙදෙනවා. ඔවුන් අතර රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්ගේ සංවිධාන හා ග‍්‍රාමීය ප‍්‍රජා කණ්ඩායම් සිටිනවා.

Dec 2012: People gather at a candlelit vigil for the rape victim - Photo by Saurabh Das, AP
Dec 2012: People gather at a candlelit vigil for the rape victim – Photo by Saurabh Das, AP

මෑතදී නව රවණතාවක් මතුව තිබෙන බව ඔබ පෙන්වා දුන්නා. දුෂණය, ස්තරී හිංසනය ආදී බරපතළ සමාජ රශ්නවලට එරෙහිව විශේෂයෙන් මධ්යම පාන්තික ඉන්දියානුවන් පෙළගැසෙනු හා වීදි බැස උද්ඝෝෂණය කරනු අප දකිනවා. ජංගම දුරකතන හරහා කඩිනමින් සංවිධානගත වන ඔවුන් බොහෝ දෙනා සාම්පරදායික සිවිල් සමාජ සංවිධානවලට අයත් නැහැ නේද?

මෙය ගෙවී ගිය වසර හත අට තුළ අප දකින ප‍්‍රවණතාවක්. අන්නා හසාරේ (Anna Hazare) ජන නායකයා වටා ඒකරාශි වෙමින් දුෂණයට එරෙහිව හඬ නැගුවේ බොහෝ කොටම මෙබඳු අයයි. මා මෙය දකින්නේ 1990 ගණන්වල උපන් ඉන්දියානුවන් සමාජ ප‍්‍රශ්න ගැන ආවේගයෙන් එළි බැසීමක් ලෙසටයි. මෙය මා වැන්නවුන් මවිතයට පත් කළත් එය හිතකර ප‍්‍රවණතාවක් ලෙස මා දකිනවා.

මෑතක් වන තුරු ඉන්දියාවේ නාගරික ඉසුරුබර උදවියගේ දේශපාලන සහභාගිත්වය ඉතා අඩු මට්ටමක පැවතියා. මැතිවරණවලදී ඡන්දය දීමට වැඩිපුර ගියේ නාගරික දුගී හා පහළ මධ්‍යම පාන්තිකයන් (65%). බොහෝ ඉහළ මධ්‍යම පාන්තිකයන් ඡන්දය දීමටවත් ගියේ නැහැ (10%).

ජාතික මට්ටමේ මහ මැතිවරණවලදී පවා?

ඔව්. පළාත් පාලන මැතිවරණ ගැන නම් මේ පිරිස පොඩියක්වත් තැකීමක් කළේ නැහැ. එහෙත් 2008 පමණ පටන් මෙය වෙනස් වන්නට පටන් අරන්. එය යම් තරමකට අප 2009 මහ මැතිවරණයේදී දුටුවා. එය වඩාත් හොඳින් පෙනී ගියේ 2014 මහ මැතිවරණයේදී.

මේ ස්වයංසිද්ධ ප‍්‍රවණතාවට උත්පේ‍්‍රරණය හා ගැම්ම ලබා දෙන්නේ පුවත් ටෙලිවිෂන් නාලිකා, ජංගම දුරකතන ව්‍යාප්තිය, ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය භාවිතය පුළුල්වීම ආදී සාධකයි. මේ තාක්ෂණික සාධක මගින් පුරවැසියන් තුළ නව පිබිදීමක් හා කැක්කුමක් ඇති කොට තිබෙනවා.

සමාජය වෙලා ගත් ගනඳුරු පටල වැනි දුෂණය, ප‍්‍රචණ්ඩත්වය ආදියට එරෙහි විය හැකි බවත්, තත්ත්වය ගොඩ ගත නොහැකි තරම් අසාධ්‍ය නොවන බවත් තරුණ ඡන්දදායකයන් සිතන්නට පෙළඹිලා. නිලධාරීන් හෝ දේශපාලකයන් පසුපස ගොස්, ඔවුන්ට බැගෑපත් වී, ඔවුන් සතුටු කොට පුරවැසි වරප‍්‍රසාද ලබා ගැනීමේ දීනත්වය වෙනුවට ආත්ම අභිමානය සහිතව ජීවත් විය හැකි හෙට දවසක් ගැන ඔවුන් බලාපොරොත්තු ඇති කරගෙන සිටිනවා.

 

Anti-corruption activist Anna Hazare
Anti-corruption activist Anna Hazare

මෙය නගරවල පමණක්ද? නැත්නම් රාමීය රදේශවලත් දැකිය හැකි පිබිදීමක්ද?

දැන් මෙය ගම් ප‍්‍රදේශවලටත් පැතිරිලා. මෙයට ප‍්‍රධාන හේතුව මාධ්‍ය ව්‍යාප්තියයි. ගෙවී ගිය දශකය තුළ ඉන්දියාව පුරාම පුවත් පමණක් ආවරණය කරන ටෙලිවිෂන් නාලිකා සිය ගණනක් බිහි වුණා. මේ නාලිකා අපේ භාෂා දුසිම් ගණනකින් සමාජගත වනවා. පැය 24 පුරාම සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න ගැන සජීව වාද විවාද කරනවා.

1990 මුල කාලයේ උපන්, 2010 වනවිට ඡුන්දය දීමේ වයසට ළඟාවූ මිලියන ගණන් තරුණ තරුණියන් හැදුණේ වැඩුණේ මේ බහුමාධ්‍ය වාතාවරණය තුළයි. ජංගම දුරකතන බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් රට තුළ ව්‍යාප්ත වීම හා ඒවා භාවිතයේ වියදම ඉතා අඩු වීම හරහා ද තොරතුරු ගලායෑමට පෙර යුගවල තිබූ බාධක බොහෝ කොට බිඳ වැටිලා.

ඔබ කියන්නේ මාධ් හා තොරතුරු තාක්ෂණය එක පසෙකිනුත්, අතිවිශාල තරුණ හා උගත් ජනසංඛ්යාවක් තව පසෙකිනුත් මතු වීම හරහා ඉන්දීය සමාජයේ මේ නව රජාතාන්තරික පිබිදීම සිදුව ඇති බවයි?

ඔව්. ඇත්තටම ඔව්!

මේ සාධක දෙක සමාපත වූ මැදපෙරදිග සමහර රටවල අරාබි වසන්තය නම් ජන අරගල මතු වුණා. එහෙත් ඉන්දියාවේ එබන්දක් සිදු වුණේ නැහැ. වෙනුවට පොදු මිනිසාගේ පක්ෂය ආමි ආද්මි (Aam Aadmi Party, AAP) මතු වුණා. මේ වෙනසට හේතුව කුමක්ද?

ජන සංයුතිය (demographics) මෙහිදී ඉතා වැදගත් සාධකයක්. ඉන්දියාවේ ජනගහනයේ මධ්‍යන්‍ය වයස 24යි. ඒ කියන්නේ අපේ සමස්ත ජනගහනය වන මිලියන් 1,200න් බාගයක්ම (මිලියන් 600ක්) වයස 24 හෝ ඊට අඩුයි. මේ මහා තරුණ ජනකාය තමන්ගේ ආවේගයන් කෙළින්ම පොදු අවකාශයේ (වීදි බැස සාමකාමී උද්ඝෝෂණ කිරීමෙන්) හෝ සයිබර් අවකාශයේ ප‍්‍රකාශ කරනවා. මෙය පෙර කිසිදා නොතිබි අන්දමේ තත්ත්වයක්.

මෙය මා දකින්නේ අතරමැදි (දේශපාලන හෝ සිවිල් සමාජ සංවිධාන) හරහා නොගොස් ඍජුව පුරවැසියන් රාජ්‍ය පාලකයන්ට බලපෑම් කිරීමේ නව රටාවක් ලෙසයි.

පරම්පරාවකට පෙර මෙබඳු තරුණ උදවිය දේශපාලන පක්ෂවලට හෝ සිවිල් සමාජ සංවිධානවලට හෝ බැඳී ක‍්‍රියා කළා. අද බොහෝ කොට ඔවුන් ඍජුවම එය කරනවා. දුෂණ විරෝධී ජන රැල්ල හා දිල්ලියේ ස්ත‍්‍රී දුෂණයට එරෙහිව ඉන්දියාව පුරාම මතුව ආ ජන රැල්ල මෙයට මෑත උදාහරණයි. එහිදී වීදි බැස නීතිය ක‍්‍රියාත්මක කිරීමට බලකර සිටි තරුණ පිරිස් අගමැති හා ස්වදේශ ඇමතිට කෙළින්ම පණිවුඩයක් දුන්නා.

එසේම ජාතික ප‍්‍රශ්න ගැන වීදියට බසින තරුණ තරුණියෝ කෙළින්ම රට කරවන ඇත්තන්ට එහි එන්නයැ’යි බල කොට කියනවා. පොලිස්පති හෝ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හෝ පැමිණියාට ඔවුන්ට මදි.

Anna Hazare

එසේ රසිද්ධ ස්ථානවලට පැමිණීම දේශපාලන නායකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිද?

ඒ තර්කය විවාදාත්මකයි. තරුණ උද්ඝෝෂණකරුවන් කියන්නේ මේ අගමැති, ඇමති පිරිස පත්ව සිටින්නේ මහජන ඡුන්දයෙන්. ඔවුන් නඩත්තු කරන්නේ මහජන මුදලින්. ඉතින් එම මහජනයාගේ පිරිසක් හමුවීමට දේශපාලන නායකයන්ට එන්න බැරිද?

එසේම කමාන්ඩෝ ආරක්ෂකයන් පිරිවරා ගෙන වාහන දහය විස්සක රථ පෙරහරින් දේශපාලකයන් එහා මෙහා යාම ඉන්දියාවේ තරුණ පිරිස් රුස්සන්නේ නැහැ. ඔවුන් කියන්නේ ජනතාවට ඔයිට වඩා සමීප වන්න බැරි නම්, බය නම් ලොකු ලොක්කෝ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි!

ඉන්දියාවේ 2014 මහ මැතිවරණයේදී රථම වතාවට ඡන්දය දීමේ වයසට ළඟා වූ තරුණ තරුණියන් මිලියන් 150ක් පමණ සිටියා. මේ පිරිස වඩා උගත්, තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූවන් වීම මැතිවරණ රතිඵලයට බලපෑවේ කෙසේද?

ඉන්දියාවේ ජාතික සාක්ෂරතාව 74%ක් වුවත් වයස 24ට අඩු ජන කොටස අතර එය 90%ක් තරම් ඉහළයි. මේ අය අඩු තරමින් වසර 10-12ක් පාසල් ගිය තොරතුරු ලැබීමේ හා හුවමාරුවේ අගය දත් පිරිසක්. මීට පෙර පරම්පරා මෙන් දේශපාලකයන් කරන කියන ඕනෑම දෙයක් ඉවසා සිටින්නට ඔවුන් සූදානම් නැහැ.

සාකච්ඡාව වෙබ් හරහා බලන්න – https://vimeo.com/118544161

ඉතිරි කොටස ලබන සතියේඉන්දියාවේ අත්දැකීම් රී ලංකාවට අප කෙසේ අදාළ කර ගත යුතුද?

සිවුමංසල කොලූගැටයා #34: අන්නා හසාරේ පුවත් මාරුතයෙන් ඔබ්බට…

Fasting for a personal or public interest cause is a very old tradition in India. Today, social activists of all colours and hue resort to fasting — but not everyone evokes the same interest and coverage in the media. In a previous column, I looked at how and why the anti-corruption activist Anna Hazare has become the darling of the Indian media. In my latest Ravaya column published on 2 October 2011, I look at two other fasts: one by Swami Nigamananda, who died in June calling for a stop to sand-mining in the Ganges River, and woman activist Irom Sharmila in Manipur who is engaged in the longest fast in the world, 11 years and counting…

Anna Hazare (left) and Irom Sharmila - two very different fasts...

යම් අරමුණක් ඉටුකර ගැනීම සදහා ආහාර පාන ගැනීමෙන් වැළකී උපවාස කිරීම ඉන්දියාවේ ඉපැරණි සම්ප්‍රදායක්. මේ ගැන ක්‍රිස්තු පූර්ව 750 දක්වා අතීතයට දිවෙන සදහන් එරට හමුවෙනවා. දින 3ක් නිරාහාරව සිටීමේ හැකියාව නිරෝගී බොහෝ දෙනකුට ඇතත්, ඉන් පසු ටිකෙන් ටික ශරීර ක්‍රියාකාරකම් අඩපණ වන්නට පටන් ගන්නවා. ආහාර නොගත්තත් වතුර පානය කිරීමෙන් තොරව ශරීරයට ජීව ක්‍රියා පවත්වාගන්නට නොහැකියි.

සමාජයීය හෝ දේශපාලනමය හෝ ඉල්ලීම් දිනා ගැනීමට උපවාස කිරීම අදත් ඉන්දියාවේ බහුලව දැකිය හැකියි. එයට වඩාත් ම ප්‍රකට මෑත උදාහරණය නම් දූෂණයට එරෙහි ජන ක්‍රියාකාරික අන්නා හසාරේ 2011 අප්‍රේල් හා අගෝස්තු මාසවල කළ උපවාසයන්.

ඉන්දියාවේ ටෙලිවිෂන් නාලිකා අති බහුතරයක් පෞද්ගලික හිමිකරුවන් විසින් පවත්වා ගෙන යන වාණිජ මට්ටමේ නාලිකායි. ඒ නිසා බලයේ පවතින රජය නිර්දය ලෙස විවේචනය කිරීමටත්, රාජ්‍ය ප්‍රතිපත්ති විවෘතව සංවාදයට ලක් කරන්නටත් ඉඩ තිඛෙනවා. මේ නාලිකා අතර ප්‍රේක‍ෂකයන් ඇද ගන්නට දැඩි තරගයක් පවතිනවා. හැම නාලිකාවක් ම උත්සාහ කරන්නේ සිද්ධීන් උලූප්පා දක්වමින්, හැම සිදුවීමක් ම ‘Breaking News’ බවට පත් කර ගන්නටයි. එවැන ප්‍රවෘත්ති හැමදාමත් හමු නොවන නිසා ඉ`දහිට මතුව එන හසාරේ වැනි නිර්දේශපාලනීය චරිතයක් වඩා ටෙලිවිෂන් වාර්තාකරුවෝ ඉක්මනින් රොක් වෙනවා. ටික දිනකින් එබදු ජන හිතකාමී චරිත කරන කියන හැම දෙයක් ම පුවත් බවට පත් කර ගන්නවා. මේ තත්ත්වය දිගු කලක් නොපැවතුනත් අද වන විට ඉන්දියාවේ අතිශය තරගකාරී හා බහුවිධ ටෙලිවිෂන්, රේඩියෝ හා වෙබ් අඩවිවලට පුවත් මවන ජනප්‍රියතම ‘පුවත් මාරුතය’ බවට අන්නා හසාරේ පත්ව සිටිනවා.

එහෙත් ඔහුගේ උපවාසයන්ට ලැබුණු ඉමහත් මාධ්‍ය වාර්තාකරණය නොලද පොදු අරගල සදහා සිදු කැරෙන තවත් උපවාසයන් රැසක් ඉන්දියාවේ තිඛෙනවා. උදාහරණ දෙකක් හරහා මේ ගැන කථා කළ හැකියි.

පළමුවන උදාහරණයට අදාල පුද්ගලයා හින්දු පූජකයෙක්. ස්වාමි නිග්මානන්ද (Swami Nigamananda) සිය උපවාසය ඇරඹුවේ 2011 පෙබරවාරි 19 වනදා. එයට නිමිත්ත වූයේ උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් (Haridwar) නගරය අසලින් ගලා යන ගංගා නදියේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම නතර කරන ලෙස ඉල්ලීම. හිමාලයෙන් ඇරඹී ගලා ගෙන එන ගංගා නදිය ඉන්දු-ගංගා තැන්නට මුල්වරට ප්‍රවේශ වන්නේ හරිද්වාරයේදී. ඒ නිසා එහිදී ග`ගට කරන පාරිසරික හානිය කිලෝමීටර් 2,525ක් දිග නදියේ ගලා යාමට අතිශයින් බලපානවා. හරිද්වාරයේ මෛත්‍රී සදාන් ආශ්‍රමයේ නේවාසික වූ මේ පරිසර හිතකාමී ස්වාමීවරයා සිය සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් මෙන් ම වැලි ගොඩ දැමීමේ නිරත වූවන්ගෙන් ද මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. නමුත් ඔවුන් ඒ ඉල්ලීම ගැන තැකීමක් කළේ නැහැ. ප්‍රාන්තයේ හා ජාතික මට්ටමේ මාධ්‍යවලින් ද මේ ගැන අවධානයක් යොමු වුණේ නැහැ. අප්‍රේල් 30 වනදා ප්‍රාන්ත බලධාරීන් ඔහුව බලහත්කාරයෙන් රෝහල් ගත කළත් එහිදීත් ඔහු කිසිවක් ආහාරයට ගැනීම ප්‍රතිෙක‍ෂ්ප කළා. ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය වෙනස් වූයේ නැහැ. දින 115ක උපවාසය අවසන් වූයේ ජුනි 14 වනදා ඔහු මිය යාමෙන්.

ඔහුගේ මරණය ඉන්දියානු ටෙලිවිෂන් මාධ්‍යයන්ට ප්‍රවෘත්තියක් වූවත් එය සුළු වේලාවකට පමණයි. ඒ වන විට ඔවුන් (අන්නා හසාරේට අමතරව) ව්‍යාපාරික මට්ටමින් මහා පරිමාණයෙන් යෝග ව්‍යායාම් පුහුණු කරන බාබා රාම්දේව (Baba Ramdev) නම් තවත් හින්දු ස්වාමිවරයකුගේ උපවාසයකට මුල් තැන දෙමින් සිටියා. දූෂණයට එරෙහිව නැගී සිටින චරිතයක් බවට පත්වීමට බාබා රාම්දේව් ප්‍රබල උත්සාහයක් ගත්තත් ඔහුගේ සැබෑ අරමුණු ගැනත් පෙර ක්‍රියාකලාපය ගැනත් මාධ්‍යවලට යම් සැකයක් තිබුණා. ඔහුගේ උපවාසය දින 9කින් නිමා කළ අතර ඉන් පසු ඔහු ගැන මාධ්‍ය වාර්තාකරණය එතරම් උත්සන්න වූයේ නැහැ.

හැම නිර්ව්‍යාජ උපවාසයක් ම පුවත් මාරුතයක් බවට පත් වන්නේත් නැහැ. අන්නා හසාරේ ගැන අධ්‍යයනය කරන මාධ්‍ය පර්යේෂකයන් සොයා යන්නේ වෙනත් සාධාරණ උපවාසයන්ට වඩා හසාරේගේ අරගලයට මෙතරම් මාධ්‍ය අවධානයක් යොමුවන්නේ ඇයි ද යන්නයි. මෙයට එක් ප්‍රධාන හේතුවක් අපි සැප්තැම්බර් 18 වනදා කොලමින් විග්‍රහ කළා. අන්නා හසාරේට සූක‍ෂම ලෙස උපදෙස් දෙන මාධ්‍ය උපදේශකයන් සිටිනවා. ඔවුන් වෙළදපොල මාධ්‍ය සමග හොදහැටි ගනුදෙනු කරන්නට දන්නවා. එහෙත් උතුම් අරමුණක් පමණක් නිමිති කර ගෙන, උපක්‍රමශීලි නොවී උපවාස කරන බොහෝ අයට එබදු මාධ්‍ය හැසිරවිමේ හා මාධ්‍යවලට බද්ධවීමේ හැකියාව නැහැ. බැලු බැල්මට මෙය අසාධාරණයක් ලෙස පෙනී යතත් සැබෑ තත්ත්වය එයයි.

මේ ගැන හොද උදාහරණයක් ජ්‍යෙෂ්ඨ ඉන්දියානු මාධ්‍යවේදිනියක හා “ර්‍ද හින්දු” පුවත්පතේ හිටපු නියෝජ්‍ය කතුවරියක වන කල්පනා ශර්මා (Kalpana Sharma) ගෙන හැර දක්වනවා. ඒ තමයි ඉරෝම් ශර්මිලාගේ (Irom Sharmila) දශකයකට වැඩි කලක් පවතින උපවාසය.

ඉරෝම් ශර්මිලා චානුගේ වයස 39 යි. ඇය ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන මනිපූරයේ මානව හිමිකම් හා දේශපාලන කි්‍රයාකාරිකයෙක්. එමෙන් ම කිවි`දියක්. මිලියන 2.7 ක ජනගහනයක් සිටින, බුරුම දේශසිමාවේ පිහිටි මනිපුරයේ කලක සිට දේශපාලන නොසන්සුන් බවක් හා ප්‍රචන්ඩකාරී ස්වභාවයක් පවතිනවා. ඉන්දීය රජය මේ තත්ත්වය පාලනය කරන්නට හමුදා විශේෂ බලතල නීතියක් (Armed Forces Special Powers Act, 1958) යටතේ දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යනවා. මධ්‍යම රජය මේ ප්‍රාන්තයේ ප්‍රශ්න විග්‍රහ කරන්නේ කරදරකාරීන් පිරිසකගේ අනවශ්‍ය අරගලයක් හැටියටයි. එහෙත් මනිපූර් වැසියන්ට සිය ප්‍රශ්නවලට සාධාරණ විස`දුම් දිගු කලක් තිස්සේ ලැබී නැතුවා පමණක් නොවෙයි දරද`ඩු පරිපාලයක් යටතේ දිවි ගෙවන්නට සිදුව තිඛෙනවා.

මේ නිසා හමුදාවලට දැඩි බලතල දෙන නීතිය නතර කරන ලෙස ඉල්ලා ඉරෝම් ශර්මිලා උපවාසයක් ඇරඹුවේ 2000 නොවැම්බරයේ. එය ඇරඹී දින කිහිපයකට පසු ‘සිය දිවි නසා ගන්නට තැත් කිරීමේ’ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මනිපුරයේ ප්‍රාන්ත අගනගරය වන ඉම්ෆාල් නුවර මහජන රෝහලේදී ඇයට බලහත්කාරයෙන් ආහාර කවනු ලැබුවා. (හින්දු ස්වාමි කෙනකුට වඩා ග‘හි කාන්තාවකට බලෙන් කෑම දීමට සෞඛ්‍ය සේවකයන් ද පෙරට එනවාෟ) මාස ගණනක් මෙසේ අත් අඩංගුවේ රෝහල්ගතව බලෙන් ආහාරපාන දීමට ලක්වන ඇය ඉන් පසු නිදහස් වෙනවා. එවිගස ම ඇය නැවතත් ප්‍රසිද්ධියේ උපවාස කිරීම අරඹනවා. එවිට දින කිහිපයකින් යළිත් අත් අඩංගුවට පත් වන ඇය රෝහල් ගත කොට බලෙන් කෑම බීම ලබා දීමට ලක් වනවා. මේ සිදුවීම් මාලාව චක්‍රාකාරව වසර 11ක් පුරා නොනැවතී ඉදිරියට යන බවත්, ඒ නිසා මෙය ලෝකයේ වැඩි ම කාලයක් පවතින උපවාසය බවත් කල්පනා ශර්මා කියනවා.

Arundhati Roy: "I'd Rather Not be Anna!"

එහෙත් ඉරෝම් ශර්මිලාගේ අරමුණ ගිනස් වාර්තා පිහිටුවීම නොවෙයි. 2004දී හින්දු මූලධර්මවාදී BJP රජය පරාජය වී කොංග්‍රස් ප්‍රමුඛ සභාග රජයක් ඉන්දියාවේ බලයට පත් වුණා. නව රජය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කළා. මේ කමිටුව කරුණු ගවේෂණයෙන් පසු නිර්දේශ කළේ මනිපුරයේ ගෙන යන දරදඩු පරිපාලනය ලිහිල් කොට හමුදා බලතල සීමා කළ යුතු බවයි. එහෙත් මේ නිර්දේශයෙන් වසර 6කට පසුත් එය ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා ඉරෝම් ශර්මිලා සිය උපවාසය දිගට ම කරගෙන යනවා.

“මනිපුරයේ ජනතාවත් ඉන්දියානු රටවැසියෝ. එහෙත් සෙසු රටවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කැරෙන මූලික අයිතිවාසිකම් බොහොමයක් මනිපුර ජනතාවට දිගු කලක සිට ලැඛෙන්නේ නැහැ. මේ දැඩි අසාධාරණය ගැන සෙසු ඉන්දියාවේ අපට එතරම් හැගීමක් හෝ අවබෝධයක් හෝ නැතිවීම ඉතා කණගාටුදායකයි” කල්පනා සිය ලිපියේ එසේ කියනවා.

ඉරෝම් ශර්මිලාගේ තිරසාර අධිෂ්ඨාන ශක්තිය ගැන ගෞරව පූර්වකව මාධ්‍යවල කථා කරන තවත් කෙනෙක් සම්මානනීය ලේඛිකා අරුන්දතී රෝයි (Arundhati Roy). අන්නා හසාරේගේ අරගලය ගැන අරුන්දතී දැඩි විවේචනයක් කරනවා. දූෂණය හා වංචාව පිටු දැකීමට නම් ඉන්දියානු සමාජය පුරා දරුණු ලෙස මුල් බැස තිඛෙන ඇති-නැති පරතරය අඩු කළ යුතු බව ඇය කියනවා. බොහෝ විට දූෂණ හා වංචාවලට මුල් වන්නේ, උල්පන්දම් දෙන්නේ අන්ත දුප්පතුන් නොව අතමිට සරු අය බවත්, ඒ අය සමාජ අසාධාරණකම් දිගට ම පවත්වා ගැනීම හරහා අයථා ප්‍රයෝජන හා වරප්‍රසාද ලබන බවට උදාහරණ සහිතව තර්ක කරනවා.

අරුන්දතී රෝයි ඉන්දියානු රාජ්‍යයේ (state) හෝ බලයේ පවතින රජයේ (government) හිතවතකු නොවෙයි. ඉන්දියානු රාජ්‍යයේ විෂමතා ගැන බරපතල විවේචන ඇය ප්‍රසිද්ධියේ ලියනවා. එබදු දැඩි විවේචකයන්ට ද ඉඩකඩ පැවතීම ඉන්දියාවේ පරිනත ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක‍ෂණයක්. චතුර ලෙස කථා කරන්නට හා සූක‍ෂම ලෙස තර්ක කරන්නට හැකි වීම නිසා ඉන්දියානු විද්්‍යුත් මාධ්‍ය ද ඇයට තැනක් හා කාලයක් දෙනවා. මෙවර සිදු වී ඇත්තේ ඉන්දියන් ටෙලිවිෂන් නාලිකා බහුතරයක අළුත් ම වීරයා බවට පත්ව සිටින අන්නා හසාරේගේ ක්‍රමවේදයන් එම නාලිකාවල ම ජනප්‍රිය චරිතයක් හා පුවත් මවන්නියක වන අරුන්දතී රෝයිගේ නිර්දය විවේචනයට හසුවීමයි!

2011 අගෝස්තු 22 දා The Hindu පුවත්පතේ ලිපියක් ලියමින් ඇරුන්දතී රෝයි අනතුරු ඇගවීමක් කළා. අන්නා හසාරේගේ යෝජිත නීති කෙටුම්පත හා නිර්දේශිත සැළසුම් ඉදිරියට ගියොත් ඉන්දියාවේ දුගී දුප්පතුන්ට තවත් නිලධාරීවාදයකට කර ගසන්නට සිදු විය හැකි බවට. සමාජයක ව්‍යුහාත්මක වෙනස්කම් ඇති නොකොට පැලැස්තර විස`දුම් දීම තුළින් දූෂණය පිටු දැකිය නොහැකි බවත්, වැඩියෙන් ම හඩ නගන අරගලකරුවාට පමණක් සවන්දීම සාර්ථක විසදුම් සොයා යාමේ ප්‍රවේශයක් නොවන බවත් ඈ කියනවා.
ර්‍
“අද දූෂණ හා වංචා සිදුවන්නේ රාජ්‍ය තන්ත්‍රය තුළ පමණක් නොවෙයි. ව්‍යාපාර ආයතනල රාජ්‍ය නොවන ආයතන මෙන් ම මාධ්‍ය ආයතනවලත් විශාල වශයෙන් දූෂණ සිදුවනවා. ඒ ගැන කිසි අවධානයක් යොමු නොකර රාජ්‍ය ෙක‍ෂත්‍රයේ දූෂණය ගැන පමණක් නීතිරීති තද කිරීම හසාරේ ඇතුළු පිරිසගේ උත්සාහයයි. මෙයින් ඉන්දියානු සමාජයේ දූෂණ පිටු දකින්නට බැහැ.” අරුන්දතී තර්ක කරනවා.

ඉන්දියානු සමාජය හා මාධ්‍ය ෙක‍ෂ්ත්‍රය ගැන නෙත් යොමා සිටින මට පෙනෙන්නේ ආවේගශීලි නොවී ප්‍රතිපත්තිමය හා තාර්කික පදනමකින් ප්‍රශ්න විග්‍රහ කිරීමේ හැකියාව අන්නා හසාරේට වඩා අරුන්දතී රෝයිට වැඩි බවයි. මේ දෙදෙනාගේ ම පාරිශ=ද්ධභාවය ගැන කිසිදු විවාදයක් නැහැ. එහෙත් වඩාත් ප්‍රායෝගික විසදුම් සෙවීම කළ හැක්කේ කාට ද යන්න ඉක්මනින් ම තෝරා ගන්නට ඉන්දියානු සමාජයට හා මාධ්‍යවලට සිදු වනවා.

සිවුමංසල කොලූගැටයා #32: ඔන්න බබෝ අන්නා එනවා!

This is my weekly column in Sinhala, published in the Ravaya newspaper on 18 Sep 2011. In this, I discuss how India’s prominent anti-corruption activist Anna Hazare uses broadcast television and new media in his advocacy campaigns.

Can this drunken wild beast be tamed by anyone?

අන්නා හසාරේ!

ඉන්දියාව පුරා ම රැව් දෙන නමක් හා ජන ඝෝෂාවක් බවට මේ නම පත්ව තිඛෙනවා. ඔහු තනි සුදු කපු ඇදුමෙන් සැරසුණු, ගාන්ධි තොප්පියක් පැළ`ද ගත්, ඇස් කන්නාඩි සහිත කුඩා මිනිසෙක්. දූෂණයට හා වංචාවට එරෙහිව සමස්ත ඉන්දියාව දෙදරුම් කවන හ`ඩක් බවට මේ පුංචි මිනිහා පත්ව සිටිනවා. ඔහුගේ උපන් නම කිසාන් බාපත් බබුරාවෝ හසාරේ ((Kisan Bapat Baburao Hazare).එහෙත් ජනප්‍රිය හා ජනාදර නාමය අන්නා හසාරේ Anna Hazare.

කලක් ඉන්දියානු යුධ හමුදාවේ ජීප් රියදුරකු ලෙස රැකියාව කළත් ඔහු වඩාත් ප්‍රකට වූයේ ග්‍රාම සංවර්ධනය හා පරිසර සංරක‍ෂණය සදහා ප්‍රජා මට්ටමින් කැප වුණු ක්‍රියාකාරිකයකු හැටියටයි. මහත්මා ගාන්ධිගේ දර්ශනය අනුව යමින් දුගී දුප්පත් ඉන්දියානුවන්ට ආත්ම ගෞරවයකින් යුතු ව හිස ඔසවන්නට අවස්ථා උදා කර දීමයි ඔහුගේ අවසාන ඉලක්කය. එයට මහා බාධකයක් බවට පත් ව තිඛෙන දූෂණයට එරෙහිව ඔහු පොදු ජන යුද්ධයක් ප්‍රකාශ කොට තිඛෙනවා. නීතිමය රාමුව තුළ හරි දේ හරියට කරන්නට රජයට හා ව්‍යාපාරිකයන්ට අවිහිංසාවාදීව බල කිරීමයි ඔහුගේ අරගලයේ අරමුණ.

අන්නා හසාරේ ගැන මා මුලින් ම දැන ගත්තේ 2000 වසරේදී. විද්‍යාව හා පරිසරය සදහා වන මධ්‍යස්ථානය (Centre for Science and Environment, CSE) නම් පර්යේෂණ ආයතනය ආරම්භ කළ මා මිත්‍ර ඉන්දියානු විද්‍යා ලේඛක හා පරිසරවේදී අනිල් අගර්වාල් හසාරේ ගැන මහත් උද්‍යොගයෙන් කථා කළා. හසාරේ සිය ග්‍රාම සංවර්ධන වැඩ පටන් ගත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත්‍රයේ රාලේගාන් සිද්ධි (Ralegan Siddhi) ගම්මානයට ගොස් ඒ ක්‍රියාදාමය සමීපව අධ්‍යයනය කළ අනිල්, එහි වැදගත්කම කල් තබා ම තේරුම් ගත්තා.

පරිසරය, සංවර්ධනය හා දූෂණය ගැන ඉන්දියානු අත්දැකීම් පාදක කරගෙන ජාත්‍යන්තර වාර්තා චිත්‍රපටයක් හදන්නට අනිල්ගේ අනුගාමික, වාර්තා චිත්‍රපට අධ්‍යක‍ෂක ප්‍රදීප් සාහාට (Pradip Saha) 2000 දී මා අවස්ථාවක් පාදා දුන්නා. ඒ අනුව ඔහු නිපද වූ Bandits and Backhanders නම් වාර්තා චිත්‍රපටය BBC World ලෝක ටෙලිවිෂන් සේවය හරහා විකාශය වුණා. එහි විනාඩි 6 ක් වෙන් කළේ අන්නා හසාරේ දූෂණයට එරෙහිව එවකට ගම් මට්ටමෙන් කරමින් සිටි උද්ඝෝෂණ ගැනයි.

තමා දූෂණයට එරෙහි වන්නට තීරණය කළේ ඇයි ද යන්න හසාරේ එහිදී පැහැදිලි කරනවා: “අපට ඕනැ වුණේ දුප්පත්කම අඩු කරමින් අපේ ගම්වල ජීවන තත්ත්වය නගා සිටුවන්න. මහ රජය හා ප්‍රාන්ත රජය ග්‍රාම සංවර්ධනයට හා දුගී බව පිටු දකින්නට වෙන් කරන මුදල්වලින් අති විශාල ප්‍රමාණයක් දූෂණය නිසා අතරමගදී කාන්දු වී අතුරුදහන් වන සැටි අපි හො`දාකාර දුටුවා. සංවර්ධන ප්‍රතිපාදන වශයෙන් ලැඛෙන එක රුපියලකින් සත 10 – 12 ක් වත් අන්තිමේදී එය ඉලක්ක කරන ගම්වලට හෝ ගැමියන්ට හෝ ලැඛෙන්න නැහැ. මේ නිසා ගම් දියුණු කරන්නට නම් මුලින් ම දූෂණය පිටු දැකිය යුතු බව අප තේරුම් ගත්තා.”

හසාරේගේ ග්‍රාම සංවර්ධන හා දූෂණ විරෝධී ව්‍යපාරය පන්නරය ලැබුවේ බිම් ප්‍රමාණයෙන් මෙන් ම ජනගහනය අතින් ද ඉන්දියාවේ තුන් වන විශාල ප්‍රාන්තය වන මහාරාෂ්ට්‍රයේදී. (සංසන්දනය සදහා එය ලංකාව මෙන් හතර හමාර ගුණයක් විශාල බිම් ප්‍රමාණයක්. මෙරට ජනගහනය මෙන් පස් ගුණයක් එහි වාසය කරනවා.) හසාරේ ඇතුළු ක්‍රියාකාරිකයන් පිරිස දූෂණයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් හා දූෂණයට දිරි දෙන අනෙක් අය ගැන කරුණු ගවේෂණය කරනවා. එසේ තහවුරු කර ගත් පසු හසාරේ අනුගාමිකයෝ ඇතුළු අනෙක් ගම්වාසීන් දූෂිත නිලධාරියකුගේ නිවස ඉදිරිපිට මහපාරේ සාමකාමීව බිම වාඩි වී හින්දු භක්ති ගී කියනවා. බැලු බැල්මට ආගමික ක්‍රියාවක් සේ පෙනුනත් මෙයින් සංකේතවත් වන්නේ කුමක් ද යන්න ටික කලකින් හැමෝ ම දැන ගන්නවා. එයින් ඒ පවුල ම ගමේ අවමානයට ලක් වෙනවා.

Anna Hazare: He means business!

සියුම් ලෙසින් මහජන මතය ඇති කරමින් දූෂකයන්ට බලපෑම් කිරීමට ඔහු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගත් පියවර, දැන් ජන මාධ්‍ය හා නව මාධ්‍යවල පිහිටෙන් මුළු රටට ම ව්‍යාප්ත කරනවා. දූෂණය ඉන්දියානු සමාජයේ හැම තැන ම පිලිකාවක් සේ පැතිර ඇති බවත්, දූෂිතයන් නම් කිරීමෙන් හා හෑල්ලූවට පත් කිරීමෙන් පමණක් එය මැඩ පැවැත්විය නොහැකි බවත් ඔහු ඉක්මනින් ම තේරුම් ගත්තා. ඒ නිසා දූෂණයට ඉඩ සළසන රාජ්‍ය ප්‍රතිපත්ති, නීති, රෙකුලාසි සහ ක්‍රියාකලාපයන්ගේ ප්‍රබල සංශෝධන ඇති කළ යුතු බවත්, ඒ සටන ගම් මට්ටමේ සිට ඉහළටත්, ජාතික පාර්ලිමේන්තු මට්ටමේ සිට පහළටත් එකවර ජයගත යුතු බවත් ඔහු නිගමනය කළා.

ඉතා සැකෙවින් කියනවා නම් අන්නා හසාරේගේ දූෂණය පිටු දැකීමේ ව්‍යයාමයේ නිමිත්ත එයයි. හසාරේ දූෂණයට එරෙහිව වඩාත් දැඩි නීති ඉල්ලා සිය පළමු සත්‍යග්‍රහය කළේ 2011 අප්‍රේල් මුල සතියේ. දූෂණ හා වංචා විමර්ශනය කිරීමට ඔම්බඩ්ස්මන්වරයකු පත් කරන ලෙස බල කරමින් ඔහු තමන්ගේ ම නීති කෙටුම්පතක් ඉන්දීය රජයට ඉදිරිපත් කළා.

මෙය සාර්ථක වන්නට නම් ලෝකයේ (ජනගහනයෙන්) විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට වන ඉන්දියාවේ මහජන මතය දූෂණයට එරෙහිව පෙළ ගැස්විය යුතු බවත්, ඒ සදහා ජනමාධ්‍ය අත්‍යවශ්‍ය බවත් හසාරේ දන්නවා. ගමෙන් මතුව ආ සැබෑ ජන ක්‍රියාකාරිකයකු වූවත්, අද වන විට ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිරූපයක් ගොඩ නගා ගෙන තිඛෙන හසාරේ, මාධ්‍ය චරිතයක් හැටියට ඉන්දියානු ටෙලිවිෂන් නාලිකාවලට නැතුව ම බැරි තත්ත්වයක් උදාවී තිඛෙනවා. රජයට ජන බලපෑම් එල්ල කරන්න ඒ යථාර්ථයෙන් ඔහුත් ප්‍රයෝජන ගන්නවා.

හසාරේගේ සංවිධායකයන් කණ්ඩායම කෙටි කාලයක් ඇතුළත් අති විවිධ වූත් සංකීර්ණ වූත් ඉන්දියානු ජනමාධ්‍ය හා වෙබ් මාධ්‍ය ඉතා හොදින් හසුරුවන්නට සමත්ව සිටිනවා. එහි ප්‍රතිඵලය නම් 21 වන සියවසේ මහත්මා ගාන්ධි ලෙසින් දැවැන්ත ප්‍රතිරූපයක් හසාරේ ගොඩ නගා ගැනීමයි.

2011 අප්‍රේල් 3 – 11 අතර සතියක කාලය තුළ අන්නා හසාරේගේ පළමුවන සත්‍යග්‍රහය ගැන වාර්තාකරණයට වෙන් කරන ලද සමස්ත ටෙලිවිෂන් නාලිකා ගුවන් කාලය පැය 655ක්. එය මිළට ගත්තා නම් වැය වන මුදල ඉන්දියානු රුපියල් බිලියන 1.76 ක් (ලංකා රුපියල් බිලියන් 4 ක් පමණ) බවත් එරට විද්්‍යුත් මාධ්‍ය වෙළදපොල අධ්‍යයනය කරන පර්යේෂණ සමාගමක් ගණන් බලා තිඛෙනවා. නමුත් ඉන්දියාවේ මාධ්‍ය ෙක‍ෂත්‍රය ගැන ස්වාධීනව නිරීක‍ෂණය කරන The Hoot වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ අන්නා හසාරේ ඊටත් වඩා විද්්‍යුත් මාධ්‍යවලට වටිනා සම්පතක් බවයි.

අන්නා හසාරේගේ මාධ්‍ය ප්‍රතිරූපය පවත්වාගෙන යන්නට උපදෙස් දෙන්නේ හිටපු ටෙලිවිෂන් මාධ්‍යවේදීන් පිරිසක්. අළුතෙන් යමක් කියන කරන විට ඒ සදහා උපරිම සජීව ටෙලිවිෂන් ප්‍රවෘත්ති වාර්තාකරණයක් ලබා ගත හැකි වේලාවන් හා ස්ථානයන් ගැන ඔවුන් හසාරේට හොද මග පෙන්වීමක් කරනවා. ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගයක් විකාශය වන වේලාවට හෝ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් ප්‍රචාරය වන විට හෝ ඔහු කිසි විටෙක මාධ්‍ය අමතන්නේ නැහැ. ඉන්දියාවේ ජාතික සංකේත හා ජාතික වශයෙන් වැදගත් ස්ථාන හා දිනයන් වටා හසාරේගේ බල කිරීමේ ව්‍යාපාරයේ හැම අළුත් පියවරක් ම තබන්නට මේ සන්නිවේදන උපදේශකයන් වග බලා ගන්නවා.

2011 අගෝස්තු 16 වනදා ඔහු අත්අඩංගුවට ගත් විට තව දුරටත් ඔහුගේ සජීව රූප දර්ශන ටෙලිවිෂන් නාලිකාවලට ලබාගත නොහැකි වුණා. එවිට හසාරේ කණ්ඩායම කළේ ඔහුගේ පණිවුඩ රැගත් කෙටි වීඩියෝ YouTube වෙබ් අඩවිය හරහා ප්‍රචාරය කිරීමයි. ඊට අමතරව ජංගම දුරකථන හා Facebook හරහා ඉතා පුළුල් විධියට හසාරේගේ ප්‍රතිරූපය මුල් තැනක තබමින් දූෂණයට එරෙහිව ඉන්දියානුවන් පෙළ ගස්වන්නට ඔවුන් සමත්ව සිටිනවා.

මේ සදහා මුදල් වියදම් කරනවා වෙනුවට හසාරේ කරන්නේ පරිගණක තාක‍ෂණය අතින් හපන් ඉන්දියානුවන්ට ස්වේච්ඡාවෙන් තම කාලය හා කුසලතා ප්‍රදානය කරන ලෙස ඉල්ලීමයි. ‘අපට ඕනෑ හැම ඉන්දියානුවකුගේ ම සාක්කුවේ අන්නා ගෙන යනවා දකින්නටයි’ යනුවෙන් කියන්නේ එසේ ස්වේච්ඡාවෙන් කටයුතු කරන පරිගණකවේදීයකු වන නිශාන්ත් කුමාර් ඩීන්.

මේ පරිගණක හා ජංගම දුරකථන ‘සුනාමිය’ ඇරඹුණේ කරග්පුර්හි ඉන්දියානු තාක‍ෂණ ආයතනය (Indian Institute of Technology Kharagpur) නම් විශ්ව විද්‍යාලයේ පරිගණක සිසුන් අතර. ‘බලවත් උදවිය ඉදහිටවත් ටිකක් සලිත කරන්නට අපිත් ආසයි. ඒත් එයට අපට අවස්ථාවක් ලැඛෙන්නේ කලාතුරකින්’ එහි ශිෂ්‍යයකු වන රිටේෂ් සිං කියනවා.

රාජ්‍ය බලය හා ව්‍යාපාරික බලය තිබුණත් ඇති තරම් උපක්‍රමශීලි නොවීම නිසා ඉන්දියානු රජය මේ දිනවල මාධ්‍ය සබදතා පැත්තෙන් ලොකු පසුබෑමක සිටින බව පාලක කොංග්‍රස් පක‍ෂයේ දැවැන්තයන් ම පිළි ගන්නවා. එහෙත් මහජන ඡන්දයෙන් බලයට පත් වුණු ප්‍රජාතන්ත්‍රවාදී රජයකට මෙසේ ජනමාධ්‍යවල බලය යොදා ගෙන බලපෑම් කිරීමට අන්නා හසාරේට සදාචාරමය හෝ නීතිමය හෝ අයිතියක් ඇත්දැයි ඉන්දියාවේ ඇතැම් දෙනා ප්‍රශ්න කරනවා. හැම දෙයක් ගැන ම මෙසේ දිගින් දිගට වාද කිරිම ඉන්දියානු ජන සමාජයේ ගති සොබාවක්.

අන්නා හසාරේගේ අරගලය ජය ගනීවි ද යන්න හරි හැටි කිව නොහැකියි. එහෙත් එයට අවශ්‍ය ගම්‍යතාවය ජනනය කරන්න හා පවත්වා ගන්න ඔහු උපක්‍රමශීලී බව නම් පැහැදිලියි. අද කාලේ මහත්මා ගාන්ධි ජීවත් වූවා නම් ඔහුත් ජන මාධ්‍ය හා නව මාධ්‍ය තමන්ගේ නිදහස් අරගලයට පුළුල් ලෙස යොදා ගන්නට තිබුණා. පොදු යහපතට සන්නිවේදන තාක‍ෂණයන් යොදා ගැනීමේ වටිනාකම 21 වන සියවසේ සියළු ජනතා ක්‍රියාකාරිකයන් වටහා ගත යුතුයි. එහිදී වෙළදපොලට හා ව්‍යාපාරික ප්‍රජාවට නතු වී තිඛෙන වාණිජමය මාධ්‍ය හා දුරකථන සේවා ඔස්සේ ද මහජනතාවට සමීප වීමට විශාල ඉඩක් ඇති බව හසාරේ හොද හැටි දන්නවා.

ප්‍රදීප් සාහා නිපද වූ වාර්තා චිත්‍රපටය නරඹන්න:

Anna Hazare: India’s Leading Graft-buster does it again!

Anna Hazare: Just Say NO!
This 71-year-old Gandhian is the new face of anti-corruption activism in India.

His name is Kisan Bapat Baburao Hazare, but he is popularly known as Anna Hazare. He is an Indian social activist who is giving voice to mass sentiment against pervasive corruption that has shocked Indian society in recent months.

On 5 April 2011, Anna Hazare started a Satyagraha, or a fast unto death, to pressurise the Government of India to enact a strong anti-corruption law that will establish a Lokpal (ombudsman) with the power to deal with corruption in public offices. The fast led to nationwide protests in support of Hazare. It ended four days laater, on 9 April 2011, with the government agreeing to all of his demands: it issued a gazette notification on formation of a joint committee headed by senior minister Pranab Mukherjee to draft an effective Lokpal Bill.

Anna Hazare has a long involvement in rural development, self reliance and anti-corruption work. In 1991, he launched the Bhrashtachar Virodhi Jan Aandolan (BVJA), or People’s Movement against Corruption.

For more information, I want to share what two Indian journalist friends have produced about this remarkable man.

Kalpana Sharma has written this profile for BBC Online, tracing the man’s progress and the emergence of a popular movement against corruption in India:
Anna Hazare: India’s pioneering social activist

As she notes: “The media attention has encouraged more middle class citizens to come out on the streets holding candles, carrying placards, shouting slogans, singing songs and even fasting in sympathy with Hazare. The numbers are modest but the buzz on social networking sites as well as media attention makes it appear larger.”

This is an extract from a half-hour documentary film that Pradip Saha made for the Centre for Science and Environment (CSE) India in 2000, which looked at the nexus between corruption, environment and natural resource management in India. It ends with this segment on Anna mobilising the grassroots against this scourge.