සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

My weekly column on science, development and media, published in Ravaya newspaper on 28 August 2011 (converted into unicode Sinhala font using UCSC online facility, which has some limitations).

See also last week’s column:
21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

Ray Wijewardene with farmers in the field

ආචාර්ය රේ විෙජ්වර්ධනගේ චින්තනයෙන් හා වසර 86ක ජීවිතයෙන් අපට උගත හැකි පාඩම් රැසක් තිඛෙනවා. එයින් කිහිපයක් ගිය සතියේ සදහන් කළා. අද අපි නැවතත් ඒ ‘සරු කෙතට’ පිවිසෙනවා.

‘කෘෂිකර්මාන්තය’ ලෙසින් ගරු ගාම්භීර විධියට හ`දුන්වන ගොවිතැන් කිරීම ගැන රේ විෙජ්වර්ධනට තිබුණේ සැබෑ උනන්දුවක්. එහෙත් ඔහු ගොවිතැන් කිරීම දැක්කේ විද්‍යාඥයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් දකින කෝනයෙන් නොවෙයි. අනියත කාලගුණ තත්ත්වයන් හමුවේ මහපොළවත් සමග නිරතුරුව ගනුදෙනු කරමින් ආහාර හා වෙනත් බෝග වවන කුඩා පරිමානයේ ගොවීන් ගැන බැතිබර ලෙන්ගතුකමක් ඔහුට තිබුණා. කුඩා ගොවීන්ගේ ප්‍රශ්න හදුනාගන්නට නම් ඔවුන් සමග වෙලට හා හේනට බැසිය යුතු බව ඔහු විශ්වාස කළා.

කෘෂිවිද්‍යා පර්යේෂකයන් අති බහුතරයක් දෙනා එසේ නොකර, පොතෙන් ගොවිතැන් කිරීම නිසා ගොවීන්ට අදාල හෝ ප්‍රයෝජනවත් වන උපදෙස් දීමට ඔවුන් අපොහොසත් වන බව රේ කියා සිටියා. “උපාධිධාරී නෝනාවරුන්ට හා මහත්වරුන්ට මාත් සමග වෙලට බසින්නට මා නිතර ඇරැයුම් කරනවා. එහෙත් අතේ පයේ මඩ තැවරීම ගැන බියෙන් ඔවුන් බොහෝ දෙනෙකු එසේ කරන්නේ නැහැ. මේ අයගේ දැනුම හා ශිල්ප ක්‍රම බොහෝ විට ගොවියාගේ උවමනාකම්වලට බද්ධ නොවෙන්නේ මේ පරතරය හා ආකල්ප නිසායි.”

ඝර්ම කලාපීය (tropical) රටවල ගොවිතැන් කිරීමේදීත්, සමශීතෝෂණ (temperate) රටවල ගොවිතැන් කිරීමේදීත් ප්‍රබල වෙනස්කම් තිඛෙන බව ඔහු කියා සිටියා. ඝර්ම කලාපයේ අපේ වැනි රටවල මුළු වසර පුරා හිරු එළිය ලැඛෙනවා. එහෙත් සමශීතෝෂණ කලාපීය රටවල හිරුඑළිය හරිහැටි ලැඛෙන්නේ ගිම්හානයේ දී පමණයි. මේ නිසා සාපේක‍ෂව ඉක්මනින් හිරු එළිය ආහාර බවට පත් කළ හැකි කෙටි කාලීන බෝග වගාව ඒ රටවලට වඩාත් උචිතයි.

ඇත්තට ම වී ශාකයත් සමශීතෝෂණ දේශගුණය ඇති චීනය වැනි රටවලින් ඇරඹී ඉන්දියාව හරහා අපට ලැබුණු දායාදයක්. එසේ වූව ද කාලයාගේ ඇවෑමෙන් ඝර්ම කලාපීය රටවල ජනයා වී ගොවිතැනට හොදහැටි හුරු වී ඇති බව ඔහු පෙන්වා දුන්නා. ඓතිහාසිකව අපේ මුතුන් මිත්තන්ගේ ප්‍රධාන ආහාරය බත් පමණක් නොව කොස්, දෙල් හා විවිධ අලවර්ග වූ බවත්, ඒ සමහරක් බහුවාර්ෂික බෝග වසර පුරා ම හිරු එළිය උකහාගනිමින් ආහාර නිපදවිය හැකි ඝර්ම කලාපීය දේශගුණයට මනා සේ ගැලපෙන බවත් ඔහු කියා සිටියා.

ඝර්ම කලාපීය ගොවීන්ට තිඛෙන ප්‍රධානතම අභියෝග දෙක නම් පසේ සරු බව රැක ගැනීම සහ ගොවිබිමේ වල් පැළෑටි පාලනය කිරීම. මේ අභියෝග දෙක ගැන දැඩි අවධානය යොමු කරමින් ඔහු වසර ගණනාවක් විවිධ අත්හදා බැලීම් කළා. ඝර්ම කලාපීය වනාන්තරවල මේ සාධක දෙක සොබාදහම ඉතා කාර්යක‍ෂම අයුරින් තුලනය කර ගන්නා සැටි අධ්‍යයනය කළ රේ, වනාන්තර අනුකරණය කිරීම ගොවිබිමට ගැලපෙන සැටි පෙන්වා දුන්නා.

ඝර්ම කලාපීය රටවල කිසිම අවස්ථාවක පසේ (වඩාත් ම සාරවත්) මතු පිට තට්ටුව නිරාවරණය වන්නට ඉඩ නොතැබිය යුතු බව ඔහු අවධාරණයෙන් කියා සිටියා. එසේ වූව හොත් අධික හිරුඑළියෙන් පස දූවිලි බවට පත්විය හැකි අතර, වර්ෂාව නිසා ඉක්මනින් සෝදා පාලූවට ලක්වීමට ද හැකියි. මේ තත්ත්වයන් වළක්වා ගන්නට ගොවිබිම්වල කුඩා පදුරු මෙන් ම තැනින් තැන ලොකු ගස් ද වැවිය යුතුයි. මේ ගස්වලින් ගිලිහී වැටෙන කොළ රොඩු වැස්ම නිසා පස ආරක‍ෂා වනවා. එමෙන් ම වල් පැළෑටි බිහිවීම ද වළක්වනවා.

දේශගුණික හා කාලගුණික සාධක ඛෙහෙවින් වෙනස් වූ සමශීතෝෂණ රටවල ගොවිතැන් කිරීම සදහා මුළු ගොවිබිම් යාය ම එළිපෙහෙළි කරනවා. එය ඔවුන්ට ගැලපෙන නමුත් ඝර්ම කලාපයේ අපට ඉතා අහිතකර බවත්, මේ වෙනස හදුනා නොගෙන ඒ ආකාරයේ විවෘත ගොවි බිම් අපේ රටේ ද ඇති කිරීමෙන් අපේ සරු පස විශාල වශයෙන් සෝදා පාළුවට ලක් වූ බවත් රේ පෙන්වා දුන්නා. සමශීතෝපණ රටවලින් කෘෂිකර්ම පශ්චාත් උපාධි ලබා අපේ ඝර්ම කලාපීය රටේ කෘෂිකර්ම ප්‍රතිපත්ති හදන හා පර්යේෂණ කරන බොහෝ විශේෂඥයන්ට මේ තිත්ත ඇත්ත දිරවා ගන්නට අමාරු වුණා. එයින් නොසැලූණු රේ මේ සංකල්ප ප්‍රායෝගිකව අපේ ගොවීන්ට හ`දුන්වා දෙන්නට වෙහෙස ගත්තා.

1970 දශකයේ වැඩි කාලයක් ඔහු ගත කළේ අපි්‍රකාවේ රටවල කෘෂිකර්ම උපදේශකයකු හැටියටයි. ඒ කාලයේ ලැබූ අත්දැකීම් හා කළ පර්යේෂණ පදනම් කර ගෙන ඔහු බෑවුම් කදුකර ප්‍රදේශවලට වඩාත් උචිත වගා ක්‍රමයක් හැටියට Sloping Agricultural Land Technology (SALT) ලංකාවේ ප්‍රවර්ධනය කළා. SALT 1970 දශකයේ පිලිපීනයෙන් ඇරඹුණු ක්‍රමවේදයක්. ඉතා ම සරලව කිවහොත ඉක්මනින් වැවෙන රනිල ශාක (leguminous plants) සමෝච්ච රේඛා පදනමට බෑවුම්වල වවනවා. වායුගෝලයෙන් නයිට්‍රජන් උකහා ගෙන පසේ ගැටිත‘ බවට පත් කිරීමේ හැකියාව ඇති එම ගස් පේළි අතර වෙනත් බෝග වගා කළ හැකියි.

1980දී යළිත් ලංකාවට ආ රේ, SALT ක්‍රමය අපේ කදුකරයට ගැලපෙන ලෙස සකස් කිරීමට අත්හදා බැලීම් කළා. ඉක්මනින් වැවෙන රනිල ශාක මෙන් ම දිගු කලක් වැවෙන වෙනත් බහුවාර්ෂික ශාක ද කදු බෑවුම්වල සිටුවීමෙන් වගාවට සෙවනක්, කොළරොඩු දායකත්වයක් මෙන්ම පස සෝදා යාමට එරෙහිව ස්වාභාවික බැම්මක් ද ලැඛෙනවා.

රාජ්‍ය කෘෂිකර්ම නිලධාරීවාදය මේ නව අදහස්වලට එතරම් කැමැති නොවූ නිසා ඔහු පෞද්ගලික අංශය සමග ඉදිරියට ගියා. කදුකරයේ ඇතැම් තැන්වල දුම්කොළ වවන කුඩා ගොවීන්ගේ බිම්වල සරු බව රකින්නට SALT ක්‍රමය යොදා ගත්තා. 1989 සිට ඌව පලාතේ දඩයම්පොළ ගම්මානය කේන්ද්‍ර කර ගෙන කළ SALT අත්හදා බැලීම් සාර්ථකවීමත් සමග අවට ප්‍රදේශ රැසක දුම්කොළ ගොවීන් පමණක් නොවෙයි අනෙකුත් එළවළු ගොවීන්ද මේ ක්‍රමවේදයට පෙළඹුණා.

ලංකාවේ SALT ක්‍රමය සදහා ග්ලිරිසීඩියා (Gliricidia sepium) නමින් උද්හිද විද්‍යාත්මකව හදුන්වන ශාකය වඩාත් උචිත බව ඔහුගේ නිගමනය වුණා. මේ ශාකය විවිධ නම් වලින් අපේ රටේ හැදින්වෙනවා: ගිනිසිරියා, වැටහිරියා, වැටමාර, ලදප්පා, නාංචි, සෙවන, මකුලතා හා ඇල්බීසියා වශයෙන්.

SALT යොදා ගෙන දුම්කොළ ගොවීන් සමග කළ පාංශ= සංරක‍ෂණ කටයුතුවලට ඇගැයීමක් හැටියට 1997දී බි්‍රතාන්‍යයේ වර්ල්ඩ් අවෙයාර් සම්මානය World Aware Award පිරිනමනු ලැබුවා. එහෙත් දුම්කොළ කර්මාන්තයට එරෙහි මෙරට ඇතැම් දෙනා මේ උත්සාහය හෙළා දැක්කා. දුම්කොළ සමාගම සමග හවුලේ උඩරට පාංශ= සංරක‍ෂණයට යොමුවීම ගැන අපේ සමහර පරිසරවේදීන් රේ විෙජ්වර්ධනට දැඩි සේ දෝෂාරෝපණය කළා.

ඒ ගැන මා ඔහුගෙන් ඇසූ විට ඔහු කිවේ මෙයයි: “දුම්කොළ නෙළා ගත් පසු නිපදවන භාණ්ඩය ගැන මට උනන්දුවක් නැහැ. මගේ සමස්ත අවධානය යොමු වුණේ කුඩා පරිමානයේ දුම්කොළ ගොවීන් හා ඔවුන්ගේ කදුකර ගොවි බිම් ගැනයි. දුම්කොළ වැවීමෙන් වැඩි ආදායමක් ලැඛෙන නිසා ඔවුන් ඒ බෝගය වවනවා. දුම්කොළ වෙනුවට වෙනත් බෝග වවන්නට මේ ගොවීන්ට අවශ්‍ය අවස්ථාව, තාක‍ෂණය හා වෙළදපොළ සළසා දෙන්න යයි මා අපේ පරිසරවේදීන්ට අභියෝග කරනවා”

ටික කලකට පසු ක`දුකර තේ වතුවලට ද SALT ක්‍රමය හදුන්වා දුන්නා. අද වන විට ලංකාවේ මෙන් ම ඉන්දියාවේ තේ වතුවලත් මේ ක්‍රමය ක්‍රියාත්මක වනවා. ලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපතිවරයා හැටියට වසර කිහිපයක් කටයුතු කළ රේ වැඩි අවධානයක් යොමු කළේ උඩරට කදුකර පරිසරයට හානි නොකර අපේ තේ කර්මාන්තයේ ඵලදාව වැඩි කරගන්නා තරසාර ක්‍රම පිළිබදවයි.

“දුම්කොළ හා තේ කර්මාන්තයන් සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වන නිසා ඔවුන් හරහා අළුත් අදහස් අත්හදා බලන්නට හා හ`දුන්වා දෙන්නට වඩාත් ලෙහෙසියි” ඔහු පැහැදිලි කළා. එහෙත් එතැනින් පටන් ගත් SALT ක්‍රමවේදය ටිකෙන් ටික කදුකර ප්‍රදේශවල ගොවිතැන් කරන හැම දෙනාට ම ව්‍යාප්ත කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නා.

වල්පැළෑටි පාලනයට වල්නාශක යොදා ගත හැකි වූවත් එවිට විෂ රසායන ගොවිබිමට හා අවට පරිසරයට එකතු වන නිසා එය හිතකර ක්‍රමයක් නොවෙයි. වී ගොවිතැනේදී අපේ ගොවීන් වෙල්යායවල වතුර බදින්නේ වැඩිපුර ම වැඩිපුරම වල් පැළෑටි ගිල්වා මරා දැමීමට බවත්, වී ශාකයේ භෞතික අවශ්‍යතාවයන්ට එතරම් ජල ප්‍රමාණයක් උවමනා නැති බවත් ඔහු තේරුම් ගත්තා. ඔහුගේ ගණනය කිරීමට අනුව වී කිලෝග්‍රෑම් 1ක් නිපදවන්නට ජලය ටොන් 20ක් යෙදවීමේ අනුපාතයක් ලංකාවේ සමහර ප්‍රදේශවල තිඛෙනවා.

ගොවීන්ට නොමිළයේ ලැඛෙන අහස් (වැසි) දිය හෝ වාරි ජලය මේ තරම් අධික ලෙස වී ගොවිතැනට යෙදීම දිගට ම කර ගෙන යා නොහැකි බවට 1990 දශකය මුලදී ඔහු අනතුරු ඇගවූවා. 21 වන සියවසේ මතුවන ජල හිගය ගැන කල් තබා දුටු ඔහු, ජලය මෙතරම් විශාල ප්‍රමාණයක් යොදා නොගෙන එම වී අස්වැන්න ම ලබා ගැනීමේ ක්‍රමවේදයන් ප්‍රචලිත කිරීමේ වැදගත්කම අවධාරණය කළා.

වී වගාවේ SRI ක්‍රමය පෙන්වා දෙන්නේත් වඩා අඩු ජලයක් භාවිතා කරමින් ගොවිතැන් කළ හැකි බවයි. වෙල් යායට වතුර බ`දිනවා වෙනුවට කොළ රොඩු වැස්මක් ලබා දීමෙන් ඉතා අඩු වියදමකින් හා පරිශ්‍රමයකින් කුඹුරේ වල් පැළ මර්දනය වන බව රේ සොයාගත්තේ SRI ක්‍රමය ප්‍රචලිත වන්නට කලින්.

“ලංකාව සැබැවින් ම වාසනාවන්ත දිවයිනක්. වසර පුරා අපට හිරුඑළිය ලැඛෙනවා. සරු පසක් හා යහපත් දේශගුණයක් තිඛෙනවා. අපට අවශ්‍ය ආහාර බෝග සියල්ලත්, අපේ බලශක්ති අවශ්‍යතාවයෙන් කොටසකුත් අපේ පොළවෙන් ම වවා ගත හැකියි.” මේ රේ විෙජ්වර්ධන නිතර කළ ප්‍රකාශයක්. එය කෙසේ කළ යුතු ද, කළ හැකි ද යන්න ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුන්නා. දැන් අපට තිඛෙන්නේ රේ සොයා දුන් මාවතෙහි නොබියව හා කඩිනමින් ගමන් කිරීමයි.

රේ විෙජ්වර්ධන අදීන චින්තනය පිළිබ`ද නව වෙබ් අඩවියට පිවිසෙන්න: www.raywijewardene.net

Advertisements

3 Responses to “සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ”

  1. Suranjith Says:

    We should be proud of our human resource we have… But the bitter truth is most of them are not recognized well by the existing system. Good article, the concept of Kandiyan Home gardens goes with this too. Which is of course not practice today…

  2. tharudil Says:

    මෙවැනි දැනුම නිලධාරීන් යයි කියාගන්නා අයගෙන් ලබා ගන්නටත් සන්තෝසම් දෙන්නට සිදු වී ඇති රටකනේ අපි ඉන්නේ වගා බිම් වල වල් නාශක නොනවත්වා භාවිතා කිරීමම කවර නම් අභාග්‍යක්දැයි නොදනිමි

  3. indika27 Says:

    වැදගත් මහත්මයෙක්…මේ රේ මහත්මයාට වරක් අවශ්‍ය වුනාලු තමුන්ගේ ඇඳට විතරක් වැඩකරන වායුසමන යන්ත්‍රයක් සවිකරගන්න..මුලු කාමරයම වායුසමන කලත් අපි ඉන්නෙ ඇදේ විතරයි නේ….මේක මහ මැටි අදහසක් වගේ පෙනුනාට එතුමා එතුමාගේ ඇඳ වායුසමනය කරගත්තා කියලා තමයි මම අහලා තියෙන්නෙ…එතනදි ඇඳ වටේට තිර හෝ වෙනත් යමකින් ආවරණය කරලා ඒ අවකාශයට සරිලන විදියට කුඩා වායුසමන කොටසක් සවිකරනවා….


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: