සිවුමංසල කොලූගැටයා #60: රටට රුපියල් බිලියනයක් ඉතිරි කළ හැකි පැය බාගය

This is the Sinhala text of my Sunday column in Ravaya newspaper, 1 April 2012.

Facing an electricity generation crisis, Sri Lanka has embarked on a countrywide energy conservation drive — urging everyone to switch off all non-essential lights, and reduce other forms of power consumption.

The island nation will also join Earth Hour on the evening of today, 31 March 2012. The Ministry of Power and Energy has also launched a campaign called ‘Save Today for Tomorrow’.

Beyond these important yet token gestures, are there smart options that can save significant quantities of electricity, 85% of which is now generated in Sri Lanka using imported, costly fossil fuels?

Yes, there is one: advance the clock by half an hour. Faced with power crises in the past, governments did this in the 1990s — and with tangible results. This is evidence based policy and action. But a vocal minority in Lanka resented this progressive move all along, and in April 2006, they successfully lobbied the (current) government to revert Sri Lanka’s standard time to GMT+5:30 from GMT+6 which had been used since 1996.

I wrote about Sri Lanka giving up on Daylight Saving time in April 2006 in this SciDev.Net opinion essay: Science loses in Sri Lanka’s debate on standard time. As I noted: “In doing so, the government completely ignored expert views of scientists and intellectuals. It listened instead to a vocal minority of nationalists, astrologers and Buddhist monks who had lobbied the newly elected president to ‘restore the clock to original Sri Lankan time’.”

Earth Hour 2012 on 31 March 2012

මිහිතලය සඳහා පැයක් (Earth Hour) යන තේමාවෙන් 2012 මාර්තු 31 වන සෙනසුරාදා ලෝක ව්‍යාප්ත පාරිසරික එකමුතුවීමක් සිදු වනවා. එය පුද්ගල මට්ටමින් ක‍්‍රියාත්මක වුවත් ශ‍්‍රි ලංකාව මෙවර නිල (රාජ්‍ය) මට්ටමින් ද එයට සම්බන්ධ වනවා. එහි මුඛ්‍ය අරමුණ එදින සවස 8.30 සිට 9.30 දක්වා පැයක කාලය තුළ අත්‍යවශ්‍ය නොවන විදුලි බුබුළු නිවා දමා හැකි තාක් විදුලිබලය ඉතිරි කිරිමයි.

මෙය සංකේතාත්මක පියවරක්. ඉතා විශාල සංඛ්‍යාවක් ස්වෙච්ඡවෙන් මේ උත්සාහයට දායක වුවත් තනි පැයක් ඇතුළත ඉතිරි කළ හැකි විදුලය ප‍්‍රමාණය සීමිතයි. එහෙත් ඒ හරහා අපට දිනපතා විදුලිය පිරිමැසිමට ඇති හැකියාව ගැන දැනුවත් විමක් සිදු වනවා. 2007 සිට සෑම වසරක ම මාර්තුවේ අවසන් සෙනසුරාදා සවස පවත්වන මේ මිහිතල පැයට ගිය වසරේ රටවල් 135ක බිලියන් 1.8ක් පමණ දෙනා හවුල් වුනා.

අළුත් ම විදුලිබල ජනන තොරතුරුවලට අනුව දැනට මෙරට විදුලිබල අවශ්‍යතාවයයෙන් 85%ක් ම ජනනය කරන්නේ තාප බලාගාරවලින්. එනම් පෙට්‍රෝලියම් හෝ ගල් අගුරු ඉන්ධන ලෙස ගනිමින්. අපේ රටේ හමු නොවන මේ ඉන්ධන පිටරටින් මිළට ගැනිමට අතිවිශාල වියදමක් දරනවා. මේ ඉන්ධන දහනයේදී නිකුත්වන කාබන් ඩයොක්සයිඞ් වායුව මිහිතලය උණුසුම් කිරිමට දායක වනවා.

විදුලිබල අමාත්‍යවරයා ජනමාධ්‍යවලට මෑතදි පවසා ඇති අන්දමට අපේ රටේ ජනනය කරන විදුලිබලයෙන් හතරෙන් පංගුවක් ම අකාර්යකෂම භාවිතය නිසා අපතේ යනවා. මෙරට සමස්ත ජාතික ආදායමින් 12%ක් විදුලිබල ජනනය සඳහා ගල් අගුරු හා ඛනිජතෙල් පිටරටින් ගෙවිමට වැය කරන්නට සිදුව ඇති මේ අවස්ථාවේ මේ නාස්තිය අතිමහත් බව ඔහු අවධාරණය කරනවා (ද සන්ඬේ ටයිම්ස්, 2012 මාර්තු 18).

බලශක්ති අමාත්‍යාංශය දියත් කර තිබෙන හෙට වෙනුවෙන් අද නම් වූ බලශක්ති සුරැකීමේ ජාතික සත්කාරයෙන් හැම දිනෙක ම සවස 6.30 හා 9.30 අතර විදුලි බුබුලක් නිවා දමා විදුලිය ඉතිරි කරන්න යයි අමාත්‍යාංශය අප සැමගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට විදුලිබල පාරිභෝගිකයන් මිලියන 5න් මිලියන 4.6ක් ම ගෘහස්ත මට්ටමේ බවත්, සවස් කාලයේ වොට් 60ක විදුලි බුබුලක් පැය 3ක් නිවා තැබීම හරහා රටක් වශයෙන් සමස්තයක් ලෙස (cumulatively) සැළකිය යුතු විදුලිබල ප‍්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බවත් අමාත්‍යාංශය ගණන් බලා තිබෙනවා.

මිහිතලයේ පැය සංකේතාත්මක වශයෙනුත්, “හෙට වෙනුවෙන් අද” ප‍්‍රයත්නය ඊට වඩා ප‍්‍රායෝගික හා දිගුකාලීන ලෙසටත් විදුලිබල සංරක්ෂණයට කරන දායකත්වය ප‍්‍රශංසනීයයි.

එහෙත් විදුලිබල කප්පාදුවකින් තොරව දිගට ම සැපයුම ලබා දීමටත්, ඒ සඳහා යන අධික ජනන වියදම පිරිමසා ගැනීමටත් මීට අමතරව ගත හැකි තවත් වඩා සාර්ථක උපාය මාර්ගයක් (smart option) තිබේ ද?

මැදහත් විද්වතුන් වසර ගණනක සිට පෙන්වා දෙන එබදු උපාය මාර්ගයක් තිබෙනවා. එනම් අපේ රටේ සම්මත වේලාව ඔරලෝසුවේ පැය බාගයක් ඉදිරියට ගැනීමයි.

මෙයින් විදුලිබලය ඉතිරිකර ගැනිමේ හැකියාව තේරුම් ගන්නට නම් මුලින් ම අපේ විදුලිබල පරිභෝජනයේ දෛනික රටාව ගැන අවබෝධයක් ලද යුතුයි.

Sri Lanka Electricity Demand Load Curve

ශ‍්‍රී ලංකාවේ විදුලිබල පරිභෝජනය දවසේ පැය 24 පුරා එක ලෙස සිදු වන්නේ නැහැ. එහි වෙනස් වන දෛනික රටාවක් පැහැදිලිව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනේ සමස්ත විදුලබල පරිභෝජනය සැලකිය යුතු ලෙසින් ඉහළ යන (peak) කාල පරාසයන් දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න දළ වශයෙන් උදේ 5.30 සිට 6.30 දක්වා කාලයේ.

වැඩිපුර ම ආලෝකය සඳහා කැරෙන මේ විදුලි භාවිතය උදාසන හිරු එළිය වැටිම සමග අඩු වනවා. දවසේ ඊළග උච්චවීම ඇරඹෙන්නේ හිරු බැස යාමත් සමග දළ වශයෙන් සවස 6.30ට පමණ. විදුලි ආලෝකය මෙන් ම ටෙලිවිෂන් නැරඹිම සඳහාත් විදුලිය භාව්තා කෙරෙන මේ උච්චවීම, රාත‍්‍රි 10.30 පමණ දක්වා පවතිනවා. ගෘහස්ථ විදුලි පරිභෝජනය වැඩිපුර ම සිදුවන්නේ මේ පැය හතර ඇතුළතයි.

ශ‍්‍රි ලංකාවේ සම්මත වේලාව දැන් පවතින වේලාවට වඩා පැය බාගයක් (විනාඩි 30ක්) ඉදිරියට ගත හොත් විදුලිබල පරිභෝජනය අඩු කර ගත හැක්කේ කෙසේ ද? මේ ගැන දැනට රටේ සිටින ප‍්‍රවීණතම විදුලි ඉංජිනේරුවකු හා බලශක්ති සැලසුම්කරුවෙකු වන ආචාර්ය තිලක් සියඹලාපිටියගෙන් මා විමසුවා. මේ ඔහු දුන් සරල විග‍්‍රහයයි.

සම්මත වේලාව ඉදිරියට ගැනිමෙන් විදුලිබල පරිභෝජනය අඩු කර ගැනිමට නම් සියළු දෛනික කාර්යයන් (පාසල් හා කාර්යාල අරඹන හා හමාර කරන වේලාවන් ආදිය) සිදු කරන වේලාවන්හි කිසිදු වෙනසක් නොකළ යුතුයි. එවා එසේ ම පවත්වා ගනිමින් සම්මත වේලාව පැය බාගයක් ඔරලෝසුවේ ඉදිරියට ගත විට හිරු උදාව (ආසන්න වශයෙන්) පැය බාගයක් ප‍්‍රමාද වී සිදු වනවා. එවිට උදයේ අපට ටිකක් වැඩි කලූවර කාලයක් අත් විදින්නටත්, ඒ සඳහා යම් තරමකට අමතර විදුලි එළියක් යොදා ගන්නටත් සිදු වනවා.

එහෙත් අපේ සමස්ථ විදුලි පරිභෝජනයේ උච්චවීම උදයේ දී අඩුයි; සවසට වැඩියි. සම්මත වේලාව පැය බාගයක් ඔරලෝසුවේ ඉදිරියට ගත් විට හිරු බැසීම ද පැය බාගයකින් ප‍්‍රමාද වී සිදුවනවා. එනම් අප වැඩ හමාර වී ගෙදර ආ පසු හිරු එළිය පවතින කාලය වැඩියි. එවිට අප විදුලි ආලෝක දල්වන්නේ වඩාත් ප‍්‍රමාද වී නිසා සවස් කාලයේ පරිභෝජන උච්චවීම තරමක් අඩු වනවා.

විදුලිබල ජනන සැළසුම්කරුවන් පරිගණක ආකෘති යොදා ගෙන සුක්‍ෂම ලෙස ගණන් බලා ඇති ආකාරයට සම්මත වෙලාව පැය බාගයක් ඉදිරියට ගෙන අන් සියලූ කටයුතු සුපුරුදු පරිදි කළහොත් සවස් කාලයේ ඉතිරි කර ගත හැකි විදුලිය ප‍්‍රමාණය උදේ කාලයේ අමතරව වැය වන විදුලිය මෙන් පස් (5) ගුණයක්. මෙය තනි ගෘහයකට මෙන් ම සමස්ත විදුලි ජනන පද්ධතියටත් වාසිදායක බව ආචාර්ය සියඹලාපිටිය පෙන්වා දෙනවා.

“විදුලි පරිභෝගිකයන් හැටියට විදුලි බිලේ යම් අඩුවක් ලද හැකියි. විදුලිය සපයන්නා හැටියට විදුලිබල මණ්ඩලයට තාප බලශක්ති ජනනයට වැය වන අතිමහත් වියදම යම් තරමකට අඩු කර ගත හැකියි. සමස්ත පද්ධතිය මත දිනපතා සන්ධ්‍යා කාලයට ඇති වන දැඩි ඉල්ලූම හා බැදුණු සම්පේ‍්‍රෂණ අපතේයාම් හා කාන්දුවීම් ද අඩු වන අතර (තාප බලාගාර ක‍්‍රියාකාරිත්වය තරමක් අඩු වන විට) එය පරිසරයට ද හිතකරයි,” ආචාර්ය සියඹලාපිටිය කියනවා.

ඔහු 2006දී අවසන් වරට ගණන් බැලූ අවස්ථාවේ සම්මත වේලාව පැය බාගයකින් ඉදිරියට ගැනිම හරහා මෙරට විදුලිජනන පද්ධතියට ලබා ගත හැකි ඉතිරිය (අරපිරිමැස්ම) සමස්ත විදුලි ජනනයෙන් සියයට බාගයක් (0.5%) වුනා. දැනට (2012) විදුලිජනන සංඛ්‍යා ලේඛණ අනුව බලන විට මෙයින් වසරකට ගිගාවොට් පැය 60ක් ඉතිරි කර ගැනිමේ විභවය තිබෙනවා. පවතින විදුලි ජනන වියදම්වලට ආදේශ කළ විට මේ ඉතිරිය රුපියල් මිලියන 900ක් පමණ වනවා.

මෙසේ විදුලිය ඉතිරි කර ගැනිමේ විභවය හරිහැටි තේරුම් ගන්නට මෙරට විදුලි පරිභෝජනයේ දෛනික රටාව පෙන්වන මේ ප‍්‍රස්තාරය ඉතා වැදගත්. මේ පරිභෝජන රටාව වසරේ බොහෝ දිනවලට අදාළ වන අතර, ඉඳහිට එය වෙනස් වන්නේ උත්සව සමයට හා ශ‍්‍රී ලංකාව තරග කරන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලි ටෙලිවිෂනයෙන් විකාශය කරන දිනවල පමණයි.

දැනට දිවයිනේ සම්මත වේලාව ලෝක සම්මත (ග‍්‍රිනිච්) වේලාවෙන් පැය පහ හමාරක් (5.30) ඉදිරියෙන් පවතිනවා. 1996 දැඩි විදුලිබල අර්බුදය මතු වූ අවස්ථාවේ එවක රජය සම්මත වේලාව පැයකින් ඉදිරියට ගත්තා (එනම් ගි‍්‍රනිච් වේලාව + 6.30). ඉන් මාස කිහිපයකට පසු එය යළිත් පැය බාගයක් පස්සට ගැනිමෙන් ග‍්‍රිනිච් වේලාවට පැය 6ක් ඉදිරියෙන් වසර ගණනක් පවත්වා ගෙන ගියා (1997-2006 කාලය).

එහෙත් දශක ගණනක් මෙරට පැවති, අපේ ඇත්තන් පුරුදු වී සිටි වේලාව නැවතත් ප‍්‍රතිස්ථානය කළ යුතු යයි ජ්‍යොතිෂවේදීන් ඇතුළු සුළුතරයක් දිගින් දිගට එල්ල කළ බලපෑම් හමුවේ, රජය 2006 අපේ‍්‍රල් මාසයේ මෙරට සම්මත වේලාව නැවතත් ග‍්‍රීනිච් +5.30 බවට වෙනස් කළා.

1996ට පෙර පැවතුණේ ද එකී සම්මත වේලාවයි. නමුත් මෙය ඓතිහාසිකව පැවත ආ සම්මතයක් නොවෙයි. මුළු ලෝකයේ ම අද භාවිත කරන සම්මත වේලාව පිළිබඳව එකගත්වයට එළඹුණේ 1884දී ලන්ඩනයේ පවත්වන ලද ජාත්‍යන්තර සම්මේලනයකදීයි. ඊට පෙර ලෝකයේ විවිධ රටවල් තමන්ට රිසි හා ආවේනික පරිදි වේලාවන් පවත්වා ගෙන ගියා. එහෙත් රටවල් අතර වෙළදාම, සංචරනය හා සන්නිවේදනය වැඩි වන විට වේලාව පිළිබඳ ලෝක සම්මුතියක් අත්‍යවශ්‍ය වුණා.

විදුලිබලය අරපිරිමැස්ම සඳහා සම්මත වේලාව පැය බාගයකින් ඉදිරියට ගැනීම මුල් වරට රජයට යෝජනා වූයේ 1983දී. එවකට සිටි ජනාධිපතිවරයා විද්වතුන්ගේ නිර්දේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළත් කැබිනට් එකගතාවක් නොවූ නිසා ක‍්‍රියාත්මක කළේ නැහැ.

විදුලිබලය අරපිරිමැස්ම හරහා විදේශ විනිමය ඉතිරි කර ගන්නා අතර ම කාබන් ඩයොක්සයිඞ් මුදා හැරිම අඩු කර ගන්නටත් අපේ විදුලිබල අමාත්‍යාංශය දක්වන උනන්දුව මීටත් වඩා තීව‍්‍ර කර ගන්නට සම්මත වේලාවේ වෙනස දායක වනු ඇති.

එළඹෙන ඉන්ධන අර්බුදය හමුවේ අපේ දිනචර්යාවේ සුළු වෙනසක් කිරිම මගින් රටේ මෙන් ම ගෙදර ආර්ථිකයටත් වාසියක් ඉතිරියක් ළගා කර ගන්නට ඔබ කැමති ද?

එබදු දුරදර්ශී පියවරක් හරහා වසරකට රුපියල් බිලියනයකට ආසන්න ගණනක් ඉතිරි කර ගැනීමට රජය යොමු වුව හොත්, ඒ ගැන ලක් ජනතාවගේ ප‍්‍රතිචාරය කෙබදු වේවි ද?

එහෙත් ජ්‍යෙතිෂවේදීන්ගේ ග‍්‍රහණයට හසු වූ මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්, තාක්ෂණික වශයෙන් ප‍්‍රශස්ත වන මේ ඉදිරි පියවර තැබිමට එඩිතර වෙයි ද?

Advertisements

4 Responses to “සිවුමංසල කොලූගැටයා #60: රටට රුපියල් බිලියනයක් ඉතිරි කළ හැකි පැය බාගය”

  1. indika27 Says:

    අපේ මිනිස්සු සාමාන්‍යන් වෙලාව බලල වැඩකරනව අඩුයි නේ….ඔහෙ යන කාලයට අනුව තමා වැඩ කරන්නෙ..ඕක ඒ තරම් සාර්ථක වෙයි කියල මමනම් හිතන්නෙ නෑ…

  2. Nalaka Gunawardene Says:

    First negative response from an apathetic Lankan! If we lower our expectation to that level, nothing ever will improve, and we will get into a further mess. This is not about working to time. This is about national level planning for energy conservation.

  3. Pathum Herath Says:

    පවතින සම්මත වල මෙවැනි වෙනස් කම් කිරීමෙන් බොහෝ ප්‍රයෝජන තිබෙනවා.. මීට වසර කිහිපයට පෙර යෝජනා වූ කාර්‍යාලීය වේලාවන් වෙනස් කිරීමේ අදහස ක්‍රියාවට නැංවූවානම් විදුලි බල ගැටළුවට මෙන්ම ඉන්ධන නාස්තියටද හොඳ විසඳුමක් වන්නට ඉඩ තිබිණි. මෙවැනි දේ රජයේ මූලිකත්වයෙන් පටන් ගෙන ක්‍රියාත්මක වන තෙක් බලා නොසිට පුද්ගල මට්ටමින් හෝ කරන්නට උනන්දු වීමට අප උත්සාහ කළ යුතුයි..

  4. Alchemiya Says:

    හොඳ ලිපියක් නාලක,
    මගේ අදහස මේ වගේම වුනත් තරමක් ගැටළු තිබෙනවා. අපි මේ සියල්ලම නිසි ලෙස කළත්, විදුලි බල මණ්ඩලයේ සිදු වන නාස්තිය වැනි දෑ නිසා මේ මුදල ඇත්තටම රටට වැඩදායක වෙයිද ?
    පරිසරය පැත්තෙන් ගත් විට අපට සත්ටු වෙන්න පුළුවනි, අපිත් ගෝලීය කාබන් විමෝචනය (Global Carbon Emission) අඩු කිරීමට දායක වූවා නේද කියා. නමුත් ආර්ථික වශයෙන් අපි බොහෝ අගාධයකට වැටී තිබියදී, සහ වෙනත් බොහෝ විශාල සිදුරු තිබියදී අප මෙවැනි කුඩා සිදුරක් පිරියම් කිරීමෙන් විශාල සාර්ථකත්‍වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ?
    අපට අවශ්‍ය ආකල්පමය වෙනසක් නොවේද ? අපි මිනිසුන් ආකල්පමය වශයෙන් වෙනස් කාරීමෙන් මෙයට වඩා දීර්ඝකාලීන, යහපත් ප්‍රතිඵලයක් ඇතිකරගන්නට පුළුවන් නේද ?

    ඔබේ කතාවටත් මම එකඟයි.. මුලින් සුළු සිදුරු වැසීමෙන් තමයි විශාල සිදුරු වසන්නට ශක්තිය ලබාගත හැක්කේ…


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: