
Please turn off your brain cells!
Is this the message that should be displayed at the entrance of some media and public institutions in Sri Lanka? In this latest Sunday column, appearing in Ravaya newspaper of 29 January 2012, I make a tongue-in-cheek suggestion for doing so. This is entirely justified given how much of superstition, half-baked stories and mind-rotting nonsense that a gullible public seems to lap up with little critical examination.
This week I continue what I started last week discussing challenges faced by rationalists in today’s Sri Lanka, a land under siege by dogma, charlatans and religious fanatics all of who operate with impunity, claiming ‘sacred cow’ status under various labels of religion, indigenous knowledge or national heritage.
Once again I pay tribute to the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. Kovoor’s successors today have more communications tools and platforms than ever before, but find that charlatans have mastered many of them for hoodwinking the public…
Media publishers and broadcasters turn a blind eye to such practices as these represent a steady income source. I touched on this aspect in a blog post in Nov 2008: Meet the new Pied Pipers of our Global Village: the Media!
22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව
“ඔබේ ජංගම දුරකථන අක‍්‍රීය/නිහඩ කරන්න!”
මෙය චිත‍්‍රපට හා රංග ශාලා හැම තැනක ම කැරෙන සාධාරණ ඉල්ලීමක්. අපේ රටේ තවත් සමහර තැන්වලට ඇතුළු වන දොරටුවේ මෙබදු අවවාදයක් ප‍්‍රදර්ශනය කළ යුතු යයි මා සිතනවා: “ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!”
අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?
ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න සූරීන් (1944 – 2011) මෑතදී වියෝවන තුරු නිතර මතු කළ ප‍්‍රශ්නයක් වූයේත් එයයි. මේ තේමාවට අප යළි පිවිසෙන්නේ එය ලක් සමාජයේ බහුලව දැකිය හැකි, එහෙත් විවෘතව සාකච්ඡ නොකැරෙන පැතිකඩක් නිසායි.
හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යැයි හැඟීමක් ඇතැම් දෙනා තුළ තිබෙනවා. ඇත්තට ම හේතුවාදීන් කරන්නේ ආගමික දේශනා හා ඇදහීම්වලට ද හේතුවාදී ක‍්‍ර‍්‍රමවේදය යොදා ගනිමින් ඒවා විචාරශීලි ලෙස සාකච්ඡුා කිරීමයි. එබඳු අවස්ථාවල ආධානග‍්‍රාහය (dogma) මත එල්බ ගෙන, අන්ධ භක්තියෙන් ආගම්වල ඉගැන්වීම් අදහන අය අභියෝගයට ලක් වනවා. නමුත් අන් හැම ශාස්ත‍්‍රයක් මෙන් ම ආගම් ද විචාරශීලි සාකච්ඡවට විවෘත විය යුතු බව හේතුවාදීන්ගේ තර්කයයි.
හේතුවාදී සංගමයේ ආරම්භක ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් නිතර උපුටා දැක් වූ උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.
සරල උදාහරණයක් ගනිමු. ආවේශ වූ කනප්පු මඟින් හොරු ඇල්ලීම තවමත් විටින් විට අපේ රටේ වාර්තා වනවා. 2010දී ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති හරහා ධර්මපාල සේනාරත්න මේ වැඬේ මුළුමනින් ම ප‍්‍රතික්‍ෂෙප කළා. අප‍්‍රාණික ලී බඩුවකට විඥානයක් හෝ තනිව චලනය වීමේ කිසිදු හැකියාවක් හෝ නැති බවත්, මෙබඳු අවස්ථාවල එය චලනය වන දිශාව, වේගය ආදී සියල්ල තීරණය කරන්නේ කනප්පුවට අත තබා ගෙන සිටින අය බවත් කියා සිටි ඔහු කියා සිටියා.
‘කනප්පුවකට හොරු අල්ලන්න හෝ තනියම චලනය වන්නට බැහැ. මේ කථාව ඇත්ත නම් අපේ රටේ පොලිස් අපරාධ පරීක්‍ෂණවලට කනප්පු යොදා ගන්න පුළුවන්නේ’ ඔහු තර්ක කළා. ‘එහෙම කනප්පුවක් තනිව ම ගමන් කරලා පෙන්නුවොත් මම රුපියල් ලක්ෂයක් දෙනවා!’ ඔහු ප‍්‍රසිද්ධ අභියෝගයක් ද කළා.
මෙය අපට සිහිපත් කළේ 1960 දශකයේ කොවූර් නිකුත් කළ අභියෝගයයි. ප‍්‍රයෝගවලින් තොරව (fraud-proof), විවෘත ස්ථානයක දී මහජනයා ඉදිරියේ විශ්වාස කටයුතු (foolproof) විධියට ඕනෑ ම අද්භුත සංසිද්ධියක් සිදු කළ හැකි නම් (සහ එය ගවේෂණයට ඉඩ දෙන්නේ නම් එවකට මුදලින් රුපියල් ලක්ෂයක් දෙන බවට ඔහු 1963දී නිකුත් කළ අභියෝගය, 1978 ඔහු මිය යන තුරු ම කිසිවකු භාර ගත්තේ නැහැ!
කොවූර් හා කාලෝ ෆොන්සේකා වැනි පුරෝගාමී හේතුවාදීන්ගේ විද්‍යාත්මක පදනමට ධර්මපාල නීතිමය විග‍්‍රහයක් ද එකතු කළා. “ඕනෑ ම කෙනෙකුට තනිව ඕනෑ ම විශ්වාසයක එල්බ ගෙන සිටීමේ නිදහස තිබෙනවා. එහෙත් බොරු පොරොන්දු හා මුලා කිරීම් පදනම් කර ගෙන අනෙක් අය රවටා මුදල් අය කිරීමට ඉඩක් නැහැ. එය නීති විරෝධීයි. එය ප්‍රෝඩාව නැතහොත් වංචාව හැටියට සළකා සිවිල් හා අපරාධ නීති යටතේ ක‍්‍රියා කළ හැකියි!”
එහෙත් විශ්වාස හා ඇදහිලි මත පදනම් වු වංචනික ක‍්‍රියා කෙතරම් අප සමාජයේ එළිපිට සිදු කැරෙනවා ද? විභාග ජය, රැකියා ජය, විවාහයන් හා ව්‍යාපාර සාර්ථකත්වය වැනි විවිධාකාර ජීවන අභියෝගවලට උපකාර ලබා දෙන බවට පොරොන්දු වන දැන්වීම් ඉරිදා පුවත්පත්වලත්, ඇතැම් ටෙලිවිෂන් නාලිකා තීරයේ පහළිනුත් ප‍්‍රසිද්ධියේ පළ කරනවා. ඊටත් එහා යන ප‍්‍රබල ගුරුකම්, අණවින හා කොඩිවින ද තිබෙනවා. මේවායේ සේවය ලබා ගන්නට විශාල වශයෙන් මුදල් ගෙවන බොහෝ දෙනෙකු සිටියත්, ඒ ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.
මහජන උන්නතිය සඳහා කැප වීමේ සදාචාරාත්මක වගකීමක් තිබෙන මාධ්‍ය ආයතන හිමිකරුවන්, පරිපාලකයින් හා කතුවරුන් ද තමන්ට විශාල වශයෙන් දැන්වීම් ආදායම් උපදවා දෙන මේ පොරොන්දු හා මවා පෑම් ගැන ප‍්‍රශ්න කිරීමෙන් වළකිනවා. ඉඳහිට විචාරශීලි මාධ්‍යවේදියෙකු නැතහොත් බුද්ධිමතකු මේ ඇදහිලි හා විශ්වාස ගැන ගවේෂණාත්මකව යමක් ලිව්වොත්, එය පළ කරවා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දෙනවා.
“හේතුවාදී විමර්ශන” නමැති කාලීන සංවාද රැගත් ටෙලිවිෂන් වැඩසටහන් මාලාවක් මීට දෙවසරකට පෙර ඇරඹුණත් එය මාස කිහිපයක් තුළ නතර වුණා. එබන්දක් කර ගෙන යාමේදි මතු වන ප‍්‍රතිරෝධයට අමතරව අද සමාජයේ මෙබඳු මාතෘකා ගැන මැදහත්ව හා විචාරශීලිව කථා කරන්නට නිර්භය බුද්ධිමතුන් සොයා ගැනීමත් ප‍්‍රශ්නයක් වෙලා.
පොදු උන්නතිය හා රටේ සම්පත් රැක ගැනීම පිණිස තම විශේෂඥ දැනුම පසුබිම් කර ගෙන කාලීන මාතෘකා ගැන ප‍්‍රසිද්ධ සභාවල හෝ මාධ්‍ය හරහා හෝ විවෘතව අදහස් දක්වන විද්වතුන් (public intellectuals) අපට සිටින්නේ සීමිත සංඛ්‍යාවක්. බහුතරයක් උගතුන් නිහඩව පසෙකට වී බලා සිටිනවා. ටික දෙනෙක් පෞද්ගලිකව විවේචන කළත් ප‍්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැහැ. සමහරු වැල යන අතට මැස්ස ගසමින් තමන්ගේ දැනුම ඉහළ ම ඉල්ලූමට අලෙවි කරනවා.
ධර්මපාලගේ වඩාත් නිර්දය විවේචනය එල්ල වූයේ ජන සමාජයේ අන්ධ විශ්වාස හා ඇදහිලි තවත් තීව‍්‍ර කරමින් ඒවායෙන් බඩ වඩා ගන්නා විද්වතුන් වෙතටයි. විද්‍යා විෂය ක්‍ෂෙත‍්‍රයන්හි ඉහළට උගෙන, නිසි මාර්ගයේ ගොස් ආචාර්ය උපාධි ලබා ගත් (සම්මාන උපාධි නොවේ!) සමහර විද්‍යාඥයන්, පසු කලෙක තම උගත්කමට අදාළ නොවු අද්භුත ක්‍ෂෙත‍්‍රවල නියැලෙන සැටි අප දන්නවා.
වායුගෝලීය භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, තාරකා විද්‍යාව හෝ භූ විද්‍යාව ප‍්‍රගුණ කළ විද්‍යාඥයෝ තම ක්‍ෂෙත‍්‍රයට අමතරව මෝහනය, පුනර්භවය, ජ්‍යෙතිෂය ගැන විශේෂඥයන් ලෙස ප‍්‍රතිරූප තනා ගන්නවා. (ඔවුන් එම ක්‍ෂෙත‍්‍ර විචාරශීලිව ගවේෂණය කරනවා වෙනුවට ඒවායේ පවතින අධිපතිවාදයෙන් ප‍්‍රයෝජන ලබනවා.) අධිපතිවාදයට හා අන්ධ විශ්වාසවලට ඉඩක් නොමැති විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ එක් පයක් තබා ගෙන, අද්භුතවාද පෙරටු කර ගත් ඇදහිලිවල අනෙක් පය තබා ගෙන දෙබිඩි චරිත නිරූපණය කරන මේ “බුද්ධිමතුන්” ගැන ධර්මපාල කථා කළේ කලකිරීමෙන්.
“මේ වැනි විද්‍යා උගතුන් අන්ධ භක්තිය හා අවිචාරශීලි ඇදහිලිවලට ප‍්‍රසිද්ධියේ ආවඩන විට සාමාන්‍ය මහජනයා නොමඟ යනවා. විද්‍යාත්මක චින්තනය වඩාත් අවශ්‍ය අද වැනි කාලයක, කියන ඕනෑ දෙයක් ගෙඩි පිටින් පිළිගෙන ඇදහීමේ භයානක පුරුද්දට ජන සමාජය යොමු වනවා!” ඔහු අනතුරු ඇඟවුවා.
ශ්‍රී ලංකා හේතුවාදී ව්‍යාපාරය හා එහි නොනිමි සමාජ වගකීම් සමුදාය ගැන මා 2012 ජනවාරි 13 වනදා groundviews.org මාධ්‍ය වෙඞ් අඩවියට ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියුවා. දින කිහිපයක් ඇතුළත එයට පාඨක ප‍්‍රතිචාර 70කට වඩා ලැබුණත් ඒවාගෙන් බහුතරයක් සනාථ කරන්නේත් එම ලිපියෙන් හා මෙම කොලමින් මා මතු කරන තර්කයයි. එනම් විචාරශීලී ලෙස යමක් විග‍්‍රහ කිරීමට හා බුද්ධිගෝචරව සිතා බැලීමට හැකියාව ඇති පිරිස අපේ සමාජයේ සීමිත බවයි.
මගේ ලිපියට ලැබී ඇති එක් පාඨක ප‍්‍රතිචාරයක් ලියන විද්‍යාඥ ආචාර්ය යූ. පෙතියාගොඩ කියන්නේ ඉරිදාට පළ වන සිංහල පුවත්පත් බහුතරයක් පාඨක බුද්ධියට නිගා කරන, හරසුන් අන්තර්ගතයන් කැටි කර ගත් කඩදාසි ගොනු බවට පත්ව ඇති බවයි. “ජ්‍යෙතිෂවේදීන්, වාජීකරණ හා ගබ්සා කිරීමේ සේවාවන් ආදිය ස`දහා වන අනේකවිධ දැන්වීම්, සම්බාහන සේවා ගැන කෙලවරක් නැතිව ලියන විශේෂාංග හා කලාව ගැන මෙලෝ හසරක් නොදත්තවුන් ලියන කලා විචාර ආදිය පසෙකට දැමූ විට කියවන්නට ඉතිරිවන්නේ ඉතා ස්වල්පයක් පමණයි,” යයි ඔහු කියනවා.
ආචාර්ය පෙතියාගොඩගේ තක්සේරුව සමග මා එකග වන නමුත් ඉරිදා පත්තර මේ තත්ත්වයට පත්වීමට දායක වූ සමාජයීය සාධක ඇති බව ද පිළිගත යුතුයි. විවෘත ආර්ථික ක‍්‍රමයක් තුළ නීති විරෝධී නොවන භාණ්ඩ හා සේවා ප‍්‍රචාරණය කිරීමට මුදල් ගෙවා මාධ්‍ය දැන්වීම් පළ කිරීමට නිදහස තිබෙනවා.
පැහැබර හෙට දවසක් උදා කර දෙන බවට ශාන්ති කර්ම, පුද පූජා සේවා සපයන ජ්‍යෙතිෂවේදීන් හා එබදු ම පින්බර අනාගතයක් ගැන පොරොන්දු දෙන දේශපාලකයන් අතර ලොකු වෙනසක් නැහැ. එහෙත් දේශපාලකයන්ගේ මැතිවරණ පොරොන්දු දෙස සැකයෙන් හා අවඥාවෙන් බලන අපේ බොහෝ දෙනා, ජ්‍යෙතිෂ හා දෛවඥ සේවාවන් ගැන විචාරශීලීව විමසන්නේ නැහැ. මේ ඇයි?
මාධ්‍ය ඔස්සේ අපට ලැබෙන තොරතුරු හා මතවාදයන් තෝරා බේරා ගැනීමේ හැකියාවට මාධ්‍ය සාක්‍ෂරතාවය කියනවා (Media Literacy). අද අකුරු සාක්‍ෂරතාවයටත් වඩා වැදගත් වන්නේ මේ හැකියාවයි. එය නිසි පමණට නොතිබීම නිසා මාධ්‍ය හරහා දැවැන්ත ප‍්‍රතිරූප තනා ගැනීමට දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට මෙන් ම වංචනිකයන්ට ද හැකි වී තිබෙනවා. අදහාගත නොහැකි තරම් ඉහළ පොලී අනුපාතයන් දෙන බවට පොරොන්දු වෙමින් ජනයාගෙන් කෝටි ගණන් මුදල් තැන්පතු ලබා ගත් සක්විති වැනි චරිත පුවත්පත් හා ටෙලිවිෂන් මාධ්‍ය සූක්‍ෂම ලෙස යොදා ගත්තා.
මෙබදු සමාජයක විචාරශීලීව කොයි දේ ගැනත් සිතීමට අනුබල දීම හා ප‍්‍රශ්න කිරීමේ හැකියාව වැඩි කිරීම පොදු උන්නතිය අගයන සැවො ම කළ යුතු දෙයක්.
22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව