In December 2009, I wrote in a blog post: “It’s easy to curse the darkness, and many among us regularly do. Only a few actually try to light even a small candle to fight it. Dr Wijaya Godakumbura of Sri Lanka is one of them – he literally lights lamps, thousands of them, against the darkness of ignorance and poverty.”
“But his lamps are different, and a great deal safer compared to normal lamps and kerosene, which can start fires risking life and property of users. The design is simple yet effective, inspired in part by the Marmite bottle known the world over: it’s small and squat, with two flat sides – equipped with a safe metal screw cap to hold the wick. It’s quite stable and hard to topple.”
I have written this week’s Ravaya Sinhala science column about Dr Godakumbura and his innovative, life-saving bottle lamp. I also feature him in an interview in MALIMA – the new TV series on science, technology and innovation I host from this month on Sri Lanka’s national TV Rupavahini.

විසඳන්නට කැප වෙනවා නම් අපේ වැනි රටවල බොහෝ දෙනකුට දිනපතා බලපාන ගැටළු හා ප‍්‍රශ්න කෙතරම් තිබෙනවා ද? එහෙත් එයට ඉදිරිපත් වන්නේ කී දෙනා ද?
පසුගිය දෙසතිය පුරා මේ කොලමින් මා සම්පිණ්ඩනය කළේ නව නිපැයුම් කරන්නට යොමු වන, අසම්මත විදියට හිතන මානවයන්ට ඉතිරිව තිබෙන තාක්‍ෂණික, සමාජයීය හා වෙළදපොල අභියෝග ගැනයි. ඒ සඳහා මා පාදක කර ගත්තේ ඉන්දියාවෙන් පැමිණ මෙරට නව නිපැයුම්කරුවන්ට උපදෙස් හා දිරිගැන්වීම් ලබා දුන් ආචාර්ය අනිල් කුමාර් ගුප්තගේ අදහස්.
ආචාර්ය ගුප්ත 2011 දෙසැම්බරයේ කොළඹ කළ දේශනයේදී හුවා දැක් වූ එක් ශ්‍රීලාංකික නව නිපැයුමක් ගැන මා ද දිගු කලෙක සිට අවධානයෙන් සිටිනවා. ඒ තමයි ‘සුදීප’ ආරක්‍ෂිත කුප්පි ලිම්පුව. එහි නිර්මාතෘ හා ප‍්‍රවර්ධකයා ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජ්‍යොති විජය ගොඩකුඹුර. 1964දී වෛද්‍යවරයකු ලෙස රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක් වී 1970 දශකය මුල බි‍්‍රතාන්‍යයේ විශේෂඥ පුහුණුව ලද ඔහු, පිලිස්සුම් අනතුරු වැළැක්වීම හා ඒවාට ප‍්‍රතිකාර කිරීම ගැන ලොව පිළිගත් විද්වතෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය හා විදෙස් රටවල් ඔහුගෙන් උපදෙස් ලබා ගන්නවා.
ඔහුගේ ලොකු ම සමාජ මෙහෙවර 1992දී ඇරඹි අද දක්වා කර ගෙන එන ආරක්‍ෂිත කුප්පි ලාම්පු ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපාරයයි. රූපවාහිනියෙන් මේ මාසයේ සිට මා ඉදිරිපත් කරන නව නිපැයුම් පිළිබඳ වැඩසටහන් මාලාවේ මුල් ම වැඩ සටහනෙන් මා ඔහු සමග සම්මුඛ සාකච්ඡුාවක් කළා.
ඕනෑම වීදුරු බෝතලයකට මූඩියක් හා තිරයක් සවි කිරීමෙන් කුප්පි ලාම්පුවක් තනා ගත හැකි යයි සිතීම වරදක්. වරදේ බරපතලකම තේරුම් යන්නේ කුප්පි ලාම්පුව පෙරළුණු විටයි. කොයිතරම් ප‍්‍රවේශමෙන් කි‍්‍රයා කළත් නිතිපතා පාවිච්චියේ දී ලාම්පු අහම්බෙන් පෙරළීමට ඉඩක් තිබෙනවා. එසේ පෙරළීමේදී වීදුරු නොබිදී වූවත් ඇතුළේ තිබෙන භූමිතෙල් ඉවත විසිර ගොස් ඒ සැනින් අවට තිබෙන දෙයට ගිනි අවුළුවන්නට හැකියි. ගෙදරදොරේ කුප්පි ලාම්පු අනතුරු බහුතරයක් සිදු වන්නේ මේ අන්දමින්.
ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවන් හා කෑම පිසින ගෘහනියන් වඩාත් ම මේ අන්තරායට මුහුණ දෙනවා. ගෙයක් තුළ බලාපොරොත්තු නැති විටෙක හට ගන්නා එබදු ගින්නක් සිරුරට පැතිරීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබන සැළකිය යුතු සංඛ්‍යාවක් වාර්ෂිකව රෝහල්ගත වනවා. වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමෙන් ඇතැම් දෙනකුගේ ජීවිත බේරා ගත්ත ද දිවි ඇති තෙක් පිලිස්සුම් කැලැල් ඉතිරි වනවා.
සමාජ ආර්ථික සංවර්ධනය පැත්තෙන් බැලූවොත් මිනිසුන් කුප්පි ලාම්පු භාවිත කරන්නේ විදුලි බලය තම ප‍්‍රදේශයට තවමත් ලැබී නොතිබීම හෝ විදුලි බලය ලබා ගන්නට තරම් වත්කමක් නැති වීම හෝ නිසා විය හැකියි. විදුලිය ඇති නිවෙස්වලත් විදුලිය විසන්ධි වූ විට ඉටිපන්දම් හා කුප්පි ලාම්පු යොදා ගන්නවා.
“කුප්පි ලාම්පු භාවිත කරන්නන් බහුතරයක් දුගී ජනයායි. ඔවුන් දිනපතා මුහුණ දෙන අවදානම ගැන විද්‍යාඥයන්ගේ හා සමාජයේ අනෙක් අයගේ ප‍්‍රබල හැ`ගීමක් තිබුණේ නැහැ” වෛද්‍ය ගොඩකුඹුර සිහිපත් කරනවා.
පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කැරෙන රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය විදින වේදනාව හා සිත් තැවුල ගැන වෛද්‍ය ගොඩකුඹුර හොදින් දන්නවා. පිලිස්සුම් රෝගීන්ට දිගට ම ප‍්‍රතිකාර කිරීමෙන් කම්පාවටත්, විඩාවටත් පත් වූ ඔහු අනතුරට නිමිත්ත වූ කුප්පි ලාම්පු රෝගීන්ගේ පවුලේ සාමාජිකයන් හරහා ගෙන්වා ගෙන පරීක්‍ෂා කළා. අවිහිංසක පෙනුමක් ඇතත් මේ ලාම්පු බහුතරයක් භයානක අනතුරු ඇති කිරීමේ හැකියාවකින් යුක්ත බව ඔහු තේරුම් ගත්තා.
බොහෝ අනතුරුවලට හේතුව ප‍්‍රමිතයක් තොරව නිපදවා වෙළඳපොලේ තිබෙන අනාරක්‍ෂිත කුප්පි ලාම්පුයි. ඒවා පෙරැළීමට තිබෙන හැකියාව වැඩියි. එමෙන් ම පෙරැළුණු විගස ඇතුළත ඇති භූමිතෙල් අවට හැම තැනෙක ම විසිර යනවා. මේ සාධක දෙක පාලනය කළොත් අනතුරු අවම කළ හැකි බව වෛද්‍ය ගොඩකුඹුර වටහා ගත්තා. භූමිතෙල් සිරුරට වැටීමෙන් හට ගන්නා ගින්නක් ලෙහෙසියෙන් නිවා ගන්නටත් බැහැ. එයට විනාඩි ගණනක් ගත වනවා. ඒ කාලය තුළ ගිනි ගත් දරුවා හෝ වැඩිහිටියා හෝ දරුණු පිළිස්සීමකට ලක් වීමට හැකියි.

ලාංකිකයන් සිය ගණනකගේ ජීවිත අදුරු කරන, හානි කරන මේ අනතුරු වළක්වා ගැනීමට නම් ගිනි ගැනීමේ හැකියාව අවම කළ කුප්පි ලාම්පු භාවිතයට යොමු විය යුතු බව ඔහු තේරුම් ගත්තා. වඩාත් ආරක්‍ෂිත ලාම්පු සැළසුමක් යෝජනා කරන මෙන් ඔහු ජනතාවට විවෘත ඇරයුමක් ද කළා. එහෙත් එයට ප‍්‍රතිචාර ලෙස ලැබුණු බොහෝ සැළසුම් එක්කෝ සංකීර්ණ වැඩියි. නැතිනම් නිපදවීමේ වියදම අධිකයි.
දිගු කලක් සිට අපේ රටේ ප‍්‍රචලිත මාමයිට් බෙදා හරින්නේ එයට ම ආවේනික වූ බෝතලයක. එය ලෙහෙසියෙන් පෙරළන්නට බැහැ. කුප්පි ලාම්පුවක් ආරක්‍ෂිත වීමට එයට මාමයිට් බෝතලයේ හැඩය ඉතා සුදුසු බව වෛද්‍ය ගොඩකුඹුර තීරණය කළා. හැඩයට අමතරව කුප්පි ලාම්පුවේ මුදුනට හොඳට තද කළ හැකි ස්කුරුප්පු ආකාරයේ මුඩියක් ද ඔහු යොදා ගත්තා. මේ අත්හදා බැලීම්වල අවසන් ප‍්‍රතිඵලය තමයි සුදීප ආරක්‍ෂිත කුප්පි ලාම්පුව.
සුදීප ලාම්පුවේ බෝතලය බර වැඩි, මහත හා මිටි බැවින් ලෙහෙසියෙන් පෙරැළෙන්නේ නැහැ. පැතලි මතු පිටවල් දෙකක් තිබෙන නිසා පෙරැළුනත් රෝල් වී යන්නේ නැහැ. මනා සේ තද කරන ලද කරාමය නිසා ඇතුළත තිබෙන භූමිතෙල් අවට විසිරෙන්නේත් නැහැ. ආයාසයකින් පෙරැළුවත් අහම්බෙන් ගිනි ඇති කිරීමට ඇති හැකියාව විශාල වශයෙන් අඩු වනවා. එමෙන් ම සියුම් කොටස් නැති නිසා වසර ගණනාවක් පාවිච්චි කළ හැකියි.
පවතින සමාජ තත්ත්වයක් ගැන කම්පාවට පත් වූ මේ නිපැයුම්කරුවා එයට සරල තාක්‍ෂණික විසදුමක් සොයා ගත්තා පමණක් නොවෙයි. එය ලක් සමාජයට හදුන්වා දී ප‍්‍රචලිත කරන්නට වසර 20ක කාලයක් මහත් සේ කැප වී සිටිනවා. මා වෛද්‍ය ගොඩකුඹුර තුළ දකින සුවිශේෂත්වයත් එයයි.
සුදීප ලාම්පුව මහ පරිමාණයෙන් තැනීමට වීදුරු කර්මාන්ත ශාලාවක් එකග වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය, ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය හා පිළිස්සුම් අනතුරු වැළැක්වීමේ ජාතික කමිටුව යන හැමගේ ආශිර්වාදය ඇතිව එය හදුන්වා දුන්නේ 1992 දී. නිෂ්පාදන වියදම හැකි තාක් අවම කරගෙන අඩු මිළකට සුදීප ලාම්පු වෙළඳපොලට ගෙන ආවාග
එය ජනප‍්‍රිය කිරීමට මාධ්‍ය හා ස්වේච්ඡ සංවිධාන හරහා වෛද්‍ය ගොඩකුඹුර ජාතික මට්ටමේ ව්‍යායාමයක නිරත වුණා. තමන්ට ඇති විවේක කාලවල ස්වේච්ඡවෙන් ක‍්‍රියා කරමින් සුදීප ලාම්පු ගැන දැනුවත් කරන්නට සිංහ සමාජ, රොටරි සමාජ, සර්වෝදය හා වෙනත් ජනතා සංවිධාන සමග සහයෝගයෙන් ඔහු ක‍්‍රියා කළ හැටි මා දන්නවා.
1990 දශකය පුරා වෛද්‍ය ගොඩකුඹුර මේ දැනුවත් කිරීම් හා සුදීප ලාම්පු ප‍්‍රවර්ධනය කර ගෙන ගියා. එහි වැදගත්කම ගැන හැම දෙනා ම පිළි ගත්තත් එයට බරපැන දැරීමට පෙරට ආවේ ටික දෙනයි. 1993දී කැනේඩියානු තානාපති කාර්යාලය ඔහුට ආධාර කළ අතර මේ සද්කාර්යය ගැන මාධ්‍ය හරහා දැන ගත් ආචාර්ය ආතර් සී ක්ලාක් ද පරිත්‍යාගයක් කළා.
සුදීප ලාම්පුවේ තීරණාත්මක කඩඉම වූයේ 1998දී රෝලෙක්ස් ජාත්‍යන්තර සම්මානය (Rolex Award for Enterprise) පිරිනැමීමයි. නව අදහස් හා නිපැයුම් හරහා ජන සමාජයට අසාමාන්‍ය දායකත්වයක් දෙන ව්‍යාපෘති පහක් තෝරා දෙවසරකට වරක් පිරිනමන මේ ත්‍යාගය නිසා සුදීප ලාම්පුව හා වෛද්‍ය ගොඩකුඹුර ලෝක අවධානයට ලක් වුණා. එම ත්‍යාගයෙන් ලද අමෙරිකානු ඩොලර් 50,000 යොදවා ආරක්‍ෂිත කුප්පි ලාම්පු පදනම නමින් ස්වේච්ඡ සංවිධානයක් ඔහු පිහිට වූවා. එදා මෙදා තුර ජාත්‍යන්තර සම්මාන, ත්‍යාග හා පිළිගැනිම් රැසක් මේ නිපැයුමට ලැබී තිබෙනවා. BBC, CNN, Reader’s Digest හා Newsweek ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මේ නිර්මාණය ගැන ප‍්‍රශංසාත්මකව වාර්තා කොට තිබෙනවා.
එක නිවෙසකට කුප්පි ලාම්පු දෙකක්වත් අවශ්‍ය වන බැවින් දිවයින පුරා අඩු තරමින් කුප්පි ලාම්පු ලක්‍ෂ 14ක් පාවිච්චි වන බවට අපට අනුමාන කළ හැකියි. 1992 සිට අද දක්වා සුදීප කුප්පි ලාම්පු ලක්‍ෂ 8ක් පමණ බෙදා හැර තිබෙනවා. එයින් බහුතරයක් තවමත් භාවිතයේ ඇතැයි සිතුවත් ඉතිරිය සඳහා යොදා ගැනෙන්නේ මරු කැඳවිය හැකි අනාරක්‍ෂිත ලාම්පුයි.
මුල් වසර කිහිපයේ සුදීප ලාම්පුව සහනදායී මිළකට විවෘත වෙළඳපොලේ අලෙවි කරනු ලැබුවා. එහෙත් වාණිජමය මට්ටමින් සම්බන්ධීකරණය ස්වේච්ඡ ආයතනයකට දිගට ම කළ නොහැකි වූ නිසා මෑත වසරවල වෛද්‍ය ගොඩකුඹුරගේ පිළිවෙත වී ඇත්තේ නොමිළයේ සුදීප ලාම්පු බෙදා දීමයි. එහිදී නිපදවීමේ වියදම දානපතීන්ගේ හා අනුග‍්‍රාහකයන්ගෙන් පියවා ගන්නවා. රාජගිරියේ පවත්වා ගෙන යන කුඩා කාර්යාලයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්ෂිකව ප‍්‍රතිපාදනයක් ලැබෙනවා.
මෑතක පටන් සමෘධි ජාලයන් හරහා සුදීප ලාම්පු බෙදා හැරීමට එකගතාවක් ඇති කර ගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල සුදීප ලාම්පු නොමිලයේ බෙදා දෙන්නට ආරක්‍ෂක හමුදාවල සහය ලැබුණු බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා. මෙකී නොකී සැමගේ උදවු උපකාර ගැන ඔහු කථා කරන්නේ මහත් කෘතඥපූර්වකවයි.
වෛද්‍ය ගොඩකුඹුරගේ අනෙක් සුවිශේෂ දායකත්වය නම් පිළිස්සුම් අනතුරු වළක්වා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඔහු ස්වේච්ඡවෙන් කරන දැනුවත් කිරීම් මාලාවයි.
දීප ව්‍යාප්තව නමුත් තනි තනිව හට ගන්නා පිළිස්සුම් අනතුරුවලින් වාර්ෂිකව මෙතරම් දෙනකුට හානි සිදුවන බව බොහෝ මාධ්‍යවේදීන් හා වෛද්‍යවරුන් පවා ඒ දක්වා වටහා ගෙන තිබුණේ නැහැ. එමෙන්ම භූමිතෙල් නිසා හට ගන්නා ගිනි නිවන ක‍්‍රම හා වහා දිය යුතු ප‍්‍රථමාධාර ගැනත් ඔහු ජනතාව දැනුවත් කළා.
රාජ්‍ය හෝ විද්වත් ආයතනික තන්ත‍්‍රයකින් සිදුවිය යුතු මේ කාර්යය තවමත් ඔහු නිහඩව කරගෙන යනවා. පොදු උන්නතියට කැප වූ වෘත්තිකයකුට වෙළඳපොල සමාජය තුළ වුවද කළ හැකි සමාජ මෙහෙවර ගැන ඔහුගේ කථාවෙන් ඕනෑතරම් ආදර්ශ ගත හැකියි.
“පිලිස්සුම් අනතුරු ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා සෞඛ්‍ය සේවා ක්‍ෂෙත‍්‍රයේ අවධානය යොමු වනවා මදි. තවමත් බොහෝ සේ තැත් කරන්නේ බෝවන හා බෝ නොවන රෝගවලට ප‍්‍රතිකාර කරන්නයි. අනතුරු ගත්ත ද රිය අනතුරුවලට ලැබෙන මාධ්‍ය අවධානය පිලිස්සුම්වලට ලැබෙන්නේ නැහැ,” ඔහු කියනවා.
සුදීප කුප්පි ලාම්පු ගෙවී ගිය දශක දෙක තුළ කොපමණ ජීවිත ගණනක් බේරා දී ඇත්දැයි මා ඔහුගෙන් ඇසුවා. ඒ ගණන ඔහු දන්නේ නැහැ. එය සිය ගණනක් බවට අපට අනුමාන කළ හැකියි. දියේ ගිලීම් පිළිබඳ මහජන අවධානය හා දැනුවත් කිරීමේ වැඩ සටහනකට ද මේ දිනවල වෛද්‍ය ගොඩකුඹුර ප‍්‍රවේශ වී සිටිනවා.
අපේ රටට තව ඕනෑ කරන්නේ තම දැනුම හා අත්දැකීම් පදනම් කර ගනිමින් රටේ ප‍්‍රශ්නවලට හැකි පමණින් විසදුම් සොයා යන මෙවන් විද්වතුන්.