This is the Sinhala text of my weekend column in Ravaya, published on 6 Nov 2011. To mark the newspapers’s 25th anniversary that falls this month, I begin some reflections on the future of newspapers. In this first piece, I discuss how science fiction and thriller writer Michael Crichton (1942-2008) once foresaw the fate of what he called ‘Mediasaurus’.

රාවයට වසර 25ක් සපිරෙන්නේ 2011 නොවැම්බර් මාසයේ. මගේ මාධ්‍ය හා සන්නිවේදන ජීවිතයට වසර 25ක් පිරුණේ 2011 සැප්තැම්බරයේ. මේ පිය සටහන් දෙක නිමිති කර ගෙන එක්කෝ මට යටගිය දවස් ගැන ආවර්ණය කළ හැකියි. නොඑසේ නම් මේ සංධිස්ථානයේ කෙටි විරාමයක් ගනිමින් ගනිමින් ඉදිරිය ගැන මෙනෙහි කළ හැකියි. මා කවදත් අනාගතය දෙස එබී බලන්නට කැමැති නිසා පුවත්පත් කලාවේ හා මාධ්‍ය කර්මාන්තයේ හෙට දවස ගැන කථා කරමු.
අද ලොව බහුවිධ ජනමාධ්‍ය අතරින් සංවිධානාත්මකව පවතින පැරණිතම ජන මාධ්‍යය පුවත්පත හෙවත් මුද්‍රිත මාධ්‍යයයි. මුද්‍රණ යන්ත්‍ර මගින් පිටපත් මුද්‍රණය කොට අලෙවි කළ, කාලීන තොරතුරු රැගත් වාරික ප්‍රකාශනයක් ලෙස දැනට හදුනාගෙන ඇති පැරණිතම පුවත්පත මුල් වරට එළි දැක්කේ 1605දී ජර්මනියේ. මේ අනුව වසර 400කට වැඩි ඉතිහාසයක් පුවත්පත්වලට තිඛෙනවා. මේ සියවස් හතරක කාලය තුළ සිනමාව, රේඩියෝව, ටෙලිවිෂනය හා ඉන්ටර්නෙට් මාධ්‍යවල බිහි වීමත් සමග නව අභියෝගවලට මුහුණ දෙමින් පරිනාමය වී ආ පුවත්පතේ ඉතිහාසය විචිත්‍රයි.
21 වන සියවසේ නූතන තොරතුරු සමාජයේ ප්‍රවණතා හා ග්‍රාහක බලාපොරොත්තුවලට ප්‍රතිචාර දක්වමින් හැඩ ගැසෙන්නට පුවත්පත් කලාවට හා කර්මාන්තයට හැකි ද? නැත්නම් ඉදිරි වසර හෝ දශක කිහිපය තුළ පුවත්පත් වද වී යාමේ තර්ජනයක් ඇත් ද?
මුද්‍රිත මාධ්‍යයේ අනාගතය ගැන සුභවාදීව මෙන්ම අසුභවාදීව කැරෙන විග්‍රහයන් තිඛෙනවා. පත්තර කියවමින් හැදී වැඩී, පත්තරවලට දැඩි ඇල්මකින් යුතුව මාධ්‍ය ලෝකයට පිවිසී, කලක් පත්තරවල වැඩ කළ මට මේ ෙකෂත්‍රය ගැන ලෙන්ගතුකමක් හා බැදීමක් තිඛෙනවා. එහෙත් ඒ බැදීම්වලින් මදකට දුරස් වී තුලනාත්මකව හා යථාර්ථවාදීව පුවත්පතේ අනාගතේ දෙස බැලීමට මා උත්සාහ කරනවා.
සොබා දහමේ නොනවතින පරිනාමීය කි්‍රයාදාමයක් පවතින බව (evolutionary process) අප දන්නවා. ඒ පරිනාමයේදී වඩාත් සවිමත්, උපක්‍රමශීලී හා ආක්‍රමණශීලී ජීවීන් ඉතිරි වන අතර අනෙක් ජීවීන් මුළු ගැන්වී, ව`ද වී යනවා. මෙයට සමාන ප්‍රවාහයන් මානව සමාජය හා වෙළ`දපොල ආර්ථීකය තුළත් ක්‍රියාත්මක වනවා. කාලානුරූපව හැඩ ගැසෙන්නට නොහැකි හෝ නොකැමැති හෝ කර්මාන්ත, ආයතන හා සම්ප්‍රදායයන් කල් පවතින්නේ නැහැ. ජනමාධ්‍ය ෙකෂත්‍රයටත් මෙය අදාලයි.
මේ බව ප්‍රබලව අපට කියා දුන් එක් අයකු වූයේ අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රාසජනක කථා රචක මයිකල් ක්‍රයිටන් (Michael Crichton). වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ඔහු ජුරාසික් පාක් (Jurassic Park) පොත් පෙළ ලිවීම නිසා ලෝප්‍රකට වුණා. ජෛවීය ඉතිහාසයේ වසර මිලියන් 165ක පමණ කාලයක් තිස්සේ මහ පොළවේ ප්‍රබලතම සත්ත්ව කොට්ඨාශය වූ ඩයිනසෝරයන් (dinosaurs) නැවත බිහි කිරීමේ භයානක විද්‍යාත්මක අත්හදා බැලීමක් පාදක කර ගත් ඒ කථා, ස්ටීවන් ස්පිල්බර්ග් විසින් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් බවටත් පත් කළා.
ඩයිනෝසරයන් වද වී යාමට හේතු ගැන විද්‍යාඥයන් තවමත් තර්ක විතර්ක කරනවා. ඩයනසෝරයන් පමණක් නොවෙයි වෙනත් සත්ත්ව කොට්ඨාශයනුත් කලින් කලට වද වී යාම ජෛව පරිනාමයේ හොදින් දන්නා, පාෂාණභූත සාකෂීන්ගෙන් ද ඔප්පු වන සත්‍යයක්.
1993 සැප්තැම්බර් මාසයේ Wired ගරාවේ කලාපයට මයිකල් ක්‍රයිටන් ‘Mediasaurus’ නමින් අනාගතවේදී ලිපියක් ලිව්වා. එහි මුඛ්‍ය අදහස වුණේ එදා ඩයිනසෝරයන් මෙන් ම ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය ද පරිනාමීයව හැඩ ගැසීමට නොහැකි වීම නිසා නුදුරු අනාගතයේදී වද වී යනු ඇති බවයි.
එහි එක් තැනෙක ඔහු මෙසේ කීවා: “මෑත සමීකෂණ කිහිපයකින් හෙළි වූ පරිදි අමෙරිකානු මාධ්‍ය බහුතරයක් මහජනයාට සැබැවින් ම අදාල හා වැදගත් කරුණු ගැන වාර්තා කිරීම හා ගවේෂණය වෙනුවට වල්පල් හා ඕපාදූපවලට වැඩි අවධානයක් යොමු කරනවා. රටේ ප්‍රශ්න ගැන විග්‍රහ කරනවා වෙනුවට අපේ මාධ්‍ය කරන්නේ ඒ දැවෙන ප්‍රශ්නවලට තව ටිකක් ඉන්ධන එකතු කිරීමයි. තමන්ගේ ලොකුකම ගැන අධිතක්සේරුවක් හා ස්වයංරාගයක් ((Narcissistic) ඇති මාධ්‍යවේදීන් හා දේශපාලකයන් දෙපසකට වී කරන ක්‍රීඩා තරගයක් බදු මේ විකාරය දෙස මාධ්‍ය ග්‍රාහකයන් බලා සිටින්නේ පිළිකුලෙන් හා කලකිරීමෙන් යුතුවයි. මේ තත්වය දිගට ම පවතින්නට බැහැ!”
ක්‍රයිටන් සැබෑ ලෝකයෙන් දුරස්ථ වූ දවල් හීන බලන්නකු නොවෙයි. වෙළදපොල ආර්ථීකය තුළ තමන්ගේ පැවැත්ම සදහා මාධ්‍ය ආයතන තරගකාරීව නිරන්තර අරගලයක යෙදෙන බව ඔහු පිළි ගත්තා. (මාධ්‍යවල සමාජ වගකීම ගැන සරසවි දේශනාගාර හා විසිත්ත කාමරවල සිට බණ කියන පර්යේෂකයන්ට හසු නොවන යථාර්ථයත් එයයි.)
ඔහු තව දුරටත් මෙසේ තර්ක කළා: “වර්තමානයේ මාධ්‍ය යනු කර්මාන්තයක්. ඒ කර්මාන්තය සමාජයට සපයන නිෂ්පාදනය නම් තොරතුරුයි (information). බාල බඩු නිපදවන හා අලෙවි කරන සමාගම් පාරිභෝගිකයන් විසින් ප්‍රතිෙකෂප කරනවා. අපේ මාධ්‍ය කර්මාන්තය මෑතක පටන් නොවැදගත්, වැරදි සහගත, විකෘති වූ හා වෙනත් අන්දමින් බාල මට්ටමේ තොරතුරු අපට අලෙවි කරනවා. සරුව පිත්තල දවටනවල අසුරා තිබුණත් බය නැතිව පාවිච්චි කළ නොහැකි තරමට අපේ මාධ්‍ය අපට දෙන තොරතුරුවල ප්‍රමිතියක් නැහැ. මේ නිසා ටිකෙන් ටික පාරිභෝගිකයන් මේ ‘බාල බඩු’ මිළට ගැනීම අඩු කරනවා. නොබෝ කලෙකින් අමෙරිකානු මාධ්‍ය කර්මාන්තයට ඇති තරම් පාරිභෝගිකයන් සොයා ගන්නට බැරි වේවි. එවිට ඒ මාධ්‍ය, වෙළදපොල ප්‍රවාහයන් විසින් ගසා ගෙන ගොස් අතුරුදහන් වෙනු ඇති.”
ඔහු කීවේ නිව්යෝක් ටයිම්ස් පත්‍රය වැනි මුද්‍රිත ලෝකයේ මහා බලකණු මෙන් ම ABC, NBC සහ CBS වැනි අමෙරිකානු ටෙලිවිෂන් නාලිකා ද දශකයක් ඇතුළත වෙළ`දපොලෙන් ඉවතට විසි වීල වද වී යනු ඇති බවයි.
මේ අතර සියළු මාධ්‍යයන් යටිකුරු කරන නව තාකෂණයක් ද මතුව ඇති බව ක්‍රයිටන් සිය ලිපියේ සදහන් කළා. ඒ තමා ඉන්ටර්නෙට්. 1993දී ඉන්ටර්නෙට් මාධ්‍යය දියුණු රටවල පවා එතරම් ප්‍රචලිත වී තිබුණේ නැහැ. එහෙත් තොරතුරු ගලනයට එයින් ඇති කළ හැකි ප්‍රබල බලපෑම ක්‍රයිටන් කල් තබා දුටුවා.
ක්‍රයිටන්ගේ විද්‍යාත්මක චින්තනය හා පරිකල්පන ශක්තිය ගැන ලොකු පිළිගැනීමක් පැවති නිසා ඔහුගේ ලිපිය මාධ්‍ය ආයතන හා පර්යේෂකයන් අතර වාද විවාද ඇති කළා. එතැන් පටන් ගෙවී ගිය දශකය (1993-2003) කාලයේ ඉන්ටර්නෙට් මාධ්‍යයේ සීඝ්‍ර ප්‍රගමනයක් සිදු වුණා. 1995දී ලොව පුරා ඉන්ටර්නෙට් පරිහරණය කළේ මිලියන 16යි. එය 2003 අගදී මිලියන් 719 දක්වා ඉහළ ගියා. (2011 මැද වන විට මේ සංඛ්‍යාව මිලියන් 2ල110 යි) ඉන්ටර්නෙට් ප්‍රචලිත වීම සම කළ හැක්කේ 1447 දී යොහාන් ගුටන්බර්ග් විසින් මුද්‍රණ ශිල්පයේ වර්තමාන තාකෂණ සම්ප්‍රදාය ඇරඹීමටයි. ඒ දක්වා ඉතා සීමිතව කෙරුණු තොරතුරු හුවමාරුවට හා දැනුම ඛෙදා හැරීමට විශාල ඉදිරි පිම්මක් පනින්නට මුද්‍රණ ශිල්පය ඉඩ සැළැස්වූවා. (ඒ දක්වා සිදු වූයේ පොත් හා වෙනත් ලේඛනවල පිටපත් තනි තනිව අතින් පිටපත් කිරීමයි.)
2000 දශකය තුළ අමෙරිකාව, කැනඩාව සහ යුරෝපයේ රටවල් ගණනාවක මුද්‍රිත මාධ්‍යය විශාල වෙළදපොල අර්බුදයකට ලක් වුණා. 2008 නොවැම්බර් 4 වනදා ක්‍රයිටන් මිය යන විට ඔහු අනතුරු ඇග වූ තත්ත්වය සැබෑවට ම ඉස්මතු වෙමින් තිබුණා. බටහිර රටවල පුවත්පත් සහ සගරා මිළදී ගැනීම සැළකිය යුතු අන්දමින් අඩු වී තිඛෙනවා. අලෙවි වන පිටපත් ගණන අඩු වූ විට දැන්වීම් ලැබීම ද පහත වැටෙනවා. පත්තර හා ස`ගරා කර්මාන්තය පදනම් වී ඇත්තේ දැන්වීම් ආදායමින් තම නිෂ්පාදන වියදමෙන් වැඩි කොටසක් පියවා ගන්නා අතර ඉතිරි ආදායම පිටපත් අලෙවියෙන් ලබා ගැනීමේ ආකෘතිය තුළයි. (දැන්වීම්වලට අප පෞද්ගලිකව කැමති වූවත් නැතත් මාධ්‍ය කර්මාන්තයට ඒවා නැතුව ම බැහැ. සරල උදාහරණයක් ගත්තොත් රු. 50කට විකිණෙන පත්තර පිටපතක නිෂ්පාදන වියදම එමෙන් දෙතුන් ගුණයක් වෙනවා. මේ වෙනස පියවා ගන්නේ දැන්වීම්වලින් ලැඛෙන ආදායමින්.)
බටහිර රටවල පත්තර සගරා පමණක් නොවෙයි. ප්‍රධාන පෙළේ ටෙලිවිෂන් හා රේඩියෝ සමාගම් ද අද වන විට දැඩි ආර්ථීක කුණාටුවකට හසු වී සිටිනවා. එයට හේතු වූ සාධක ගැන පොදු එකගතාවයක් නැහැ. ඇතැම් විචාරකයන් කියන්නේ ලොව පුරා 2008 සිට පැතිර ගිය ආර්ථීක අවපාතය එයට දායක වූ බවයි.
එහෙත් තවත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වාණිජමය මාධ්‍ය ෙකෂත්‍රයේ – විශේෂයෙන්ම පත්තර හා සගරාවල – පිරිහීම 2008 පෙර පටන් ම ඇරඹී තිබුණු බවත්, එයට එම ෙකෂත්‍රය තුළින් ම මතු වූ සාධක වැඩියෙන් හේතු වූ බවත්. මයිකල් ක්‍රයිටන්ගේ 1993 විග්‍රහය සිහිපත් කරමින් ඔවුන් කියන්නේ පාරිභෝගික සමාජය විසින් මාධ්‍ය ප්‍රතිෙකෂප කිරීමට වගකිව යුත්තේ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ම බවයි.
මීට අමතරව ඉන්ටර්නෙට් මාධ්‍යයේ ව්‍යාප්ත වීම නිසා තනිකර ම ඉන්ටර්නෙට් හරහා එසැනින් ප්‍රවෘත්ති ඛෙදාහරින නව මාධ්‍ය සේවා බිහි වුණා. ඒවාත් සමග තරග කිරීම සාම්ප්‍රදායික පුවත්පත්වලට හෝ එම පුවත්පත්වල වෙබ් අඩවිවලට ලෙහෙසි වූයේ නැහැ. පත්තර කර්මාන්තයේ පසුබෑමට මේ සාධක සියල්ල අඩු වැඩි පමණින් දායක වී තිඛෙනවා. නමුත් මේ ගෝලීය ප්‍රවණතාවයට වෙනස් තත්ත්වයක් ආසියාවේ රටවල දක්නට තිඛෙනවා.
පාඨක විශ්වාසය රැක ගනිමින්, නව තාකෂණයන්ගේ අභියෝගවලට මුහුණ දෙමින් වාණිජමය වශයෙන් සාර්ථක පුවත්පත් හා සගරා පවත්වා ගත හැකි ද? එසේ නැතිනම් සහනාධාර ලබන හෝ විකල්ප ආදායම් මත යැපෙන ආර්ථීක මොඩලයකට මාරු වීමට ලොව පුරා පුවත්පත්වලට ළගදී ම සිදු වෙයි ද? පුරවැසි මාධ්‍යවේදීන් හා වැටුප් ලබන මාධ්‍යවේදීන් අතර පරතරය අඩු වී යන විට මාධ්‍ය ලෝකයේ කුමන විපර්යාස සිදු වේද? මේ ප්‍රශ්නවලට අපි එළඹෙන සතිවල පිළිතුරු සොයා යමු!