Interview with Edwin Ariyadasa: Grand Old Man of Lankan Journalism

Edwin Ariyadasa photographed by Nalaka Gunawardene in 1986 during their first interview

Edwin Ariyadasa photographed by Nalaka Gunawardene in 1986 during their first interview

Edwin Ariyadasa, who completed 91 years on 3 December 2013, is one of two grand old men of Lankan journalism still practising their craft (the other being D F Kariyakarawana, also 91).

The veteran journalist has been active in his profession for nearly all of Sri Lanka’s post-independence years. During that time, he has played a variety of complementary roles: feature writer, newspaper editor, columnist, radio and TV host, journalist trainer, author and translator among others. He continues to juggle many of these and has no retirement plans.

In October 2012, I filmed a wide ranging interview with Ariyadasa as he was heading to his 90th birthday. Having grown up reading his output in Lankan newspapers in Sinhala and English, and then having collaborated with him in various public media activities for much of my own media career, I was keen to capture his memories and reflections.

It took me over a year to get the long interview edited into three video segments, and also to have it transcribed, but it’s finally done. Groundviews.org has just published it:

Looking Back at Six Decades of Lankan Journalism: What went wrong?

Nalaka Gunawardene in conversation with Edwin Ariyadasa

As I note in my introduction:

In this interview, the nonagenarian looks back at journalism and broadcasting in Sri Lanka for over half a century. His reminiscences are significant for several reasons. He recalls a time, only a generation ago, when newspapers produced by highly committed editors and journalists commanded readers’ respect as a trusted source of public information and commentary. Having played a central role in pioneering mass media education and television broadcasting in Sri Lanka, he wonders what went wrong along the way to arrive at the banality and superficiality that dominates much of the Lankan media today despite advanced technologies for production and distribution.

In that sense, this is more than mere nostalgia of an individual or the simple bewilderment of an earlier generation. Introspection from a media guru like Ariyadasa can provide the impetus for much-needed reflection for the media industry which often hesitates to turn the spotlight upon itself.

Read full interview: Looking Back at Six Decades of Lankan Journalism: What went wrong?

Interview transcribed by: Keerthika Nadarajah

Video edit by: Amal Samaraweera, TVE Asia Pacific

Photos by: Janaka Sri Jayalath

Edwin Ariyadasa (left) in conversation with Nalaka Gunawardene, Oct 2012

Edwin Ariyadasa (left) in conversation with Nalaka Gunawardene, Oct 2012

Advertisements

සිවුමංසල කොලූගැටයා #124: පුවත්පත් කර්මාන්තයේ පරිනාමීය අභියෝග

Newspapers headed to stormy seas

ශී‍්‍ර ලංකාවේ පුවත්පත් ප‍්‍රකාශනයට අවුරුදු 180ක ඉතිහාසයක් තිබෙනවා. 1802දී ඇරැඹි රජයේ ගැසට් පත‍්‍රය මෙරට මුල් ම වාරික ප‍්‍රකාශනය වූවත් එය පුවත්පතක් හෝ සගරාවක් හෝ නොවෙයි. ඒ ගණයේ ලා සැළකිය හැකි පළමු ප‍්‍රකාශනය 1832දී ඇරැඹුණු Colombo Journal සඟරාවයි.

මෙරට වතු වගාවේ හා වෙළදාමේ නිරතව සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයන් කිහිප දෙනකු විසින් පෞද්ගලික මට්ටමෙන් පළ කළ මේ සඟරාව එවකට බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය යම් තාක් දුරට විවේචනය කළ බව වාර්තාගතයි. එකල සිටි ආණ්ඩුකාර විල්මට් හෝර්ටන් ද ආරූඪ නමකින් මෙයට ලිපි ලියූ බව කියැවෙනවා.

මේ පුරෝගාමී ප‍්‍රකාශනය ගැන එතරම් තොරතුරු සොයා ගන්නට නැහැ. එය කල් පැවතුණේ ද නැහැ. බිහි වී වසරකින් පමණ එය නතර වී තිබෙනවා. එක් පර්යේෂකයකු ලියා ඇත්තේ ලන්ඩනයේ යටත් විජිත පරිපාලකයන් විවේචනය කිරීම නිසා උද්ගත වූ උණුසුම් තත්ත්වය හමුවේ හිමිකරුවන් විසින් සඟරාව වසා දැමූ බවයි. එය සැබෑ නම් පාලකයන් හා පුවත්පත් අතර මතවාදී බෙදීම හා ආතතිය අපේ පුවත්පත් ඉතිහාසය තරම් ම පැරණියි.

මෙරට පළමුවන දෙමළ පුවත්පත වූ උදය තාරකායි 1841දී යාපනයෙනුත්, මුල් ම සිංහල පුවත්පත වූ ලංකාලෝකය 1860දී ගාල්ලෙනුත් බිහි වුණා. එදා මෙදා තුර මෙරට භාවිත වන භාෂා තුනෙන් පත්තර හා සඟරා සිය ගණනක් බිහි වී කෙටි හෝ දිගු කලක් පැවත පසුව අභාවයට ගොස් තිබෙනවා.

මීට කලකට පෙර සිංහල පුවත්පත් කලා ඉතිහාසය නමින් කාණ්ඩ නවයකින් යූත් පර්යේෂණාත්මක කෘතියක් කඵකොඳයාවේ පඤ්ඤාශෙඛර නා හිමියන් (1895 – 1977) රචනා කළා. පත්තර කලාව ගැන මට තිබූ දැඩි ඇල්ම නිසා පාසල් සිසුවකුට සිටියදී ම මේ පොත පුස්තකාලවලින් සොයා ගෙන කියවූ සැටි මතකයි.

එම කෘතියේ හොදින් පැහැදිළි කළ ප‍්‍රවණතාවක් නම් බොහෝ පත්තර හා සඟරාවල පැවැත්ම කෙටි කලෙකට සීමා වූ බවයි. කතුවරුන්, ලේඛකයන් හා පාඨකයන්ගේ උද්‍යොගයත් කැපවීමත් තිබූ පමණට ප‍්‍රකාශනයක් වෙළඳපොලෙ සාර්ථක වන්නේ නැහැ. එයට ව්‍යවසායකත්වය, අලෙවියකරණය හා නිසි බෙදා හැරීම වැනි සාධක ගණනාවක් එක් තැන් විය යුතුයි. අපේ රටේ එදත් අදත් බොහෝ පත්තර හා සඟරාවල දුර්වල අංග වන්නේ ද මේවායි.

‘‘පුවත්පත් යනු කලාවක් මෙන් ම කර්මාන්තයක් ද වනවා. බොහෝ පුවත්පත් පවත්වා ගෙන යන්නේ ව්‍යාපාරික මට්ටමින් හිමිකරුවන්ට ලාබයක් ඉපදවීම සඳහායි. එයින් වැදගත් සමාජයීය මෙහෙවරක් ඉටු වුවත් පුවත්පත් ආයතන යනු පුණ්‍යායතන (charities) නොවෙයි.’’

මෙය දශක ගණනාවක් පුරා පෙර අපර දෙදිග ම පුවත්පත් කලාව හා කර්මාන්තය ගැන පුඵල්ව කෙරුණු විග‍්‍රහයක්. කි‍්‍ර. ව. 2000 පමණ වනතුරු මෙය බටහිර රටවල ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වුවත් ගෙවී ගිය වසර දහය දොළහ තුළ ඔවුන්ගේ පුවත්පත් කර්මාන්තය දරුණු අහේනියකට මුහුන දී සිටිනවා.

මීට කලකට පෙර ව්‍යාපාරික මට්ටමේ මාධ්‍ය ආයතන කාරුණිකව හෝ අවඥාවෙන් බැහැර කළ දානපති ආයතන හා පදනම්වල අනුග‍්‍රහය ලැබීම අද ඔවුන් ඕනෑකමින් සළකා බලනවා.

අර්බුදකාරී අවස්ථාවල මෙතෙක් ආ විදියට (Business as Usual) තව දුරටත් පැවතීමට නොහැකි බව පිළිගත් ප‍්‍රායෝගික සත්‍යයක්. සැඩසුළං මාරුතයට ඔරොත්තු දීමට බටහිර පුවත්පත් විවිධාකාරයේ ක‍්‍රමෝපායයන් මෑත වසරවල කි‍්‍රයාත්මක කළා.

උදාහරණ:

• දිනපතා පුවත්පත් ඒ වෙනුවට සති මැද හෝ සති අග පමණක් පළ කැරෙන, වඩාත් පුවත් විග‍්‍රහයන් හා විශෙෂාංග ඇතුළත් ප‍්‍රකාශන බවට පෙරැළීම.

• පුවත්පතේ ප‍්‍රමාණය Broadsheet ප‍්‍රමිතියේ සිට ඊට වඩා හුරුබුහුටි Berliner අතරමැදි ප‍්‍රමාණයට හෝ tabloid කුඩා ප‍්‍රමාණයට මාරු කිරීම.

• පුවත් පළ කිරීම සඳහා රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් අඩවි සමග තරග කිරීම මුඵමනින් නවතා දමා ගවේෂණාත්මක වාර්තා, පුවත් විග‍්‍රහයන්, හරවත් මතවාදයන් හා විශෙෂාංග පමණක් පළ කිරීම. (මේ නිසා සමහර ප‍්‍රකාශන දැන් Newspaper වෙනුවට Viewspaper යයි තමන් හදුන්වා ගන්නවා.)

• වඩාත් සාම්ප‍්‍රදායික (= වැඩිමහලූ) පාඨකයන් සඳහා පිටු ගණනින් සීමිත මුද්‍රණයක් තව දුරටත් නිකුත් කරන අතර, අන්තර්ගතය බහුතරයක් දිනපතා යාවත්කාලීන කැරෙන හොඳ වෙබ් අඩවියක් හරහා පළ කිරීම.

• මුද්‍රිත පිටපත් පළ කිරීම මුඵමනින් නවතා දමා ඒ වෙනුවට පුඵල් වෙබ් අඩවියක් හරහා පමණක් පළ කිරීම ඇරඹීම (Newsweek සගරාව මේ වසරේ සිටත්, ඇතැම් ප‍්‍රකට අමෙරිකානු පුවත්පත් දැන් ටික කලක සිටත් මෙය කරනවා.) මේ සමහර වෙබ් අඩවි නොමිළයේ කියවිය හැකි අතර, අනෙක්වා සතිපතා/මාසික ග‍්‍රාහක ගාස්තුවක් ගෙවා කියවිය හැකියි. එහෙත් මේ හරහා ඇති තරම් ආදායමක් උපදවා ගැනීම දියුණු රටවල පවා තවමත් අසීරු කාරියක්. අපේ වැනි රටක (මූල්‍යමය තොරතුරු රැගත් ව්‍යාපාරික ප‍්‍රකාශන හැරුණු කොට) වෙබ් අඩවි ග‍්‍රාහකත්ව ආදායමෙන් පමණක් නඩත්තු කරන පුවත්පතක් ගැන මා නම් දන්නේ නැහැ.

Newsstand Sri Lanka – image courtesy WSJ.com

ජීවී ලෝකයේ හා සොබා දහමේ මෙන් ම මානව සමාජයේ හා වෙළඳපොල ආර්ථිකයේ ද පරිනාමීය ප‍්‍රවාහයන් කි‍්‍රයාත්මක වනවා. මතවාදීව හා දර්ශනවාදී ලෙසින් අප කැමති වුණත් නැතත් යථාර්ථය මෙයයි.

පරිනාමීය කි‍්‍රයාවලියට දැනට පුඵල්ව පිළි ගැනෙන විග‍්‍රහය කළේ චාල්ස් ඩාවින් (1809-1882). පාරිසරික සාධකවලට වඩාත් හොදින් හැඩ ගැසෙන නම්‍යශීලී හා උපක‍්‍රමශීලි ජිවීන් සිය වර්ගයාගේ පැවැත්ම තහවුරු කර ගන්නා අතර එසේ නොකරන ජිවීන් කෙමෙන් වඳ වී යනවා. සොබාදහමේ මෙයට බොහෝ කලක් ගත වූවත් වෙළඳපොල සමාජයේ එය ඉක්මනින් සිදු වන්නක්.

ජෛව පරිනාමයේ එක් ප‍්‍රබල පාඩමක් නම් ශරීරයෙන් විශාල වූ හා සවි ශක්තියෙන් බලවත් වූ හෝ පමණට ම ජීවී විශේෂයකට එයින් විශෙෂ වාසි අත් නොවන බවයි. පෘථිවියේ ජෛව ඉතිහාසයේ දැවැන්ත සතුන් බොහොමයක් කලෙකට පසු වඳ වී ගියා. ඩයිනසෝරයන් වැනි යෝධ උරගයන් රජයන කාලයේ අහුමුඵවල කුඩාවට සිටි ක්ෂීරපායීන් ඔවුන්ගේ තැන ගන්නට මතුව ආවා. (මේ පරිනාමීය පාඩම් මානව සමාජයට අදාල වන සැටි වෙන ම විස්තරාත්මකව කථා කළ යුතුයි.)

පුවත්පත් ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයේ ද ආවේනික පරිනාමීය ප‍්‍රවාහයන් නිර්දය ලෙස කි‍්‍රයාත්මක වේ යැයි මට සිතෙනවා. මෙරට දශක ගණනක් පැවති ප‍්‍රධාන පෙළේ ප‍්‍රකාශන සමාගම් දෙකක් මට මතක ඇති කාලයේ වසා දමනු ලැබුවා (ටයිම්ස් ඔෆ් සිලෝන් හෙවත් පැරණි ලංකාදීපය හා ස්වාධීන පුවත්පත් සමාගම හෙවත් දවස නිවස). ඔවුන්ගේ අභාවයට හේතු වූ සාධක සංකීර්ණයි. එහෙත් කාලානුරූපව හැඩ නොගැසීම හා වෙනස් වන පාඨක රුචි අරුචිකම් හඳුනා නොගැනීම ද එයට දායක වුණා.

මෙරට පුවත්පත් කලාවට වසර 180ක් පිරීම නිමිත්තෙන් 2012දී ලියූ ඉංගී‍්‍රසි ලිපියක මා කීවේ ඉතිහාසයේ මේ පාඩම් අද ප‍්‍රකාශකයන් හා මාධ්‍යවේදීන් සමීපව අධ්‍යයනය කළ යුතු බවයි.

එහි මුඛය පණිවුඩය: ‘‘ඉතිහාසයේ ප‍්‍රබලතම පාඩමක් නම් පාඨකයන් සමග සබැදී ඔවුන් සමග වර්ධනය වන ප‍්‍රකාශන ඉතිරි වෙද්දී එක තැන පල් වන ප‍්‍රකාශන හුදකලා වී, මුඵගැන් වී, අන්තිමේ වඳ වී යනු ඇති බවයි. ඩයිනසෝරයන් අපට දුන් ආදර්ශය නම් ලොකු මහත් වූ පමණට, සැරපරුෂ හා උද්දච්ච වූ පමණට, මහ හඩක් නැගූ තරමට පැවැත්ම තහවුරු නොවන බවයි.’’

පත්තර කලාවේ පැවැත්ම ගැන ලොකු පර්යේෂණ නොකළත් පර්යේෂකයන් රැසක් මුණ ගැසී කථා කිරීමෙන් හා ආසියානු ප‍්‍රකාශකයන් ඇසුරු කිරීමෙන් ලද යම් ප‍්‍රායෝගික අවබෝධයක් මට තිබෙනවා. පත්තර මුද්‍රිත ස්වරූපයෙන් දිගට ම පවතිනවා දකින්නට පෞද්ගලිකව මාත් කැමතියි. එහෙත් එය සාක්ෂාත් කරගන්නට නම් රාවය ඇතුඵ මෙරට ලොකු කුඩා සියඵ මුද්‍රිත ප‍්‍රකාශන කාලානුරූපීව පරිනාමය විය යුතුව තිබෙනවා.

2012 ලිපියේ මා කියා සිටියේ මාධ්‍ය කලාවේ හා කර්මාන්තයේ අනාගතයට බලපාන තීරණාත්මක සාධක තුන වන්නේ නව සන්නිවේදන තාක්‍ෂණය, වෙනස් වන ජනගහන සංයුතිය (demographics) හා වෙළඳ පොළ ආර්ථිකය බවයි. මේ තුන හරිහැටි තුලනය කර ගැනීම අද මුද්‍රිත මෙන් ම විද්්‍යුත් මාධ්‍යයන්ට ද තිබෙන ප‍්‍රබල අභියෝගයක්. විවෘත මනසකින් යුතුව එයට මුහුණදීම හා උපක‍්‍රමශීලී වීම අත්‍යවශ්‍යයි.

සොබා දහමේ ජෛව විවිධත්වය සුරැකෙන්නට ලොකු කුඩා විවිධාකාරයේ ශාක හා සත්ත්ව විශෙෂ රැසක් අවශ්‍ය වනවා සේ ම නූතන මානව සමාජයන්ගේ සංස්කෘතික විවිධත්වය පවත්වා ගන්නට එකිනෙකට වෙනස් ආකාරයේ මාධ්‍ය ද අවශ්‍යයි. එම විවිධත්වය සඳහා මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය කරන ක‍්‍රමය, එයට පදනම් වන දැක්ම හා මතවාදය මෙන් ම බෙදා හරින ක‍්‍රමය ද වැදගත්.

ආයතනගතව හා ව්‍යාපාරික මට්ටමින් සංවිධානගත වූ මාධ්‍යවලට පමණක් කළ හැකි දේත්, පුරවැසි මාධ්‍යකරුවන්ට පමණක් කළ හැකි දේත් තිබෙනවා. මේ දෙවර්ගය ම සමාජ ප‍්‍රගතියට හා පොදු උන්නතියට අවශ්‍ය වනවා. දෙපිරිසට සාමූහිකව කළ හැකි කාරියන් ද තිබෙනවා. අද අපට අවශ්‍ය මේ දෙපිරිස අන්‍යෙන්‍ය සැකයෙන් නොව සහයෝගයෙන් කි‍්‍රය කිරීමයි.

අධිපති/ධනපති මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය යන දෙවර්ගය ම මාධ්‍ය නැමැති පරිසර පද්ධතිය (media ecosystem) තුළ පැවතිය හැකියි. මේ සඳහා යම් තුලනයන් බිහි කර ගැනීම අවශ්‍යයි. හරියට වනාන්තරයක පොළව යට, බිම් මට්ටමේ, ගස් උඩ හා වියන් තලය මතුපිට විවිධ ජීවී විශේෂ තමන්ට ආවේණික අවකාශයක් (niche) සොයා ගෙන ඇති ලෙසට විවිධාකාර මාධ්‍යවලට, අපේ සංකීර්ණ සමාජයේ එක විට පැවතීමට හැකි විය යුතුයි.

සිවුමංසල කොලූගැටයා #121: රාවය නවීකරණයේ ගෝලීය යථාර්ථය

Ravaya, Sri Lanka’s only newspaper owned by its journalists and editors, has embarked on a process to modernise itself — and sparked off a debate on how new investments should be raised. Some loyal readers are concerned what might happen to the newspaper’s editorial independence when private capital comes in.

In this week’s Ravaya column, I place this debate in the context of economic survival challenges of the newspaper industry worldwide. I take the experience of the Guardian (UK) and the New York Times to explore what changes in strategy and funding they have adopted, and with what degree of success.

The biggest challenge, I argue, is that the newspaper industry must find how to engage the web as a central part of its content creation, dissemination and archiving.

USS Print

රාවය පුවත්පතේ අන්තර්ගතය මෙන්ම බාහිර ආකෘතිය ද වඩාත් ශක්තිමත් තත්ත්‍වයකට පත් කිරීමේ අවශ්‍යතාවය ආරම්භක කතුවරයා මෑතදී මැනවින් පහදා දුන්නා. එහි අවශ්‍යතාවය බහුතරයක් පාඨකයන් පිළිගන්නා නමුත් එය කුමන ක‍්‍රමවේදයක් හරහා ඉටු කර ගත යුතු ද යන්න ගැන සංවාදයක් ඇති වී තිබෙනවා.

සංවාදශීලී පුවත්පතේ අනාගතය ගැන මෙසේ පුඵල් සංවාදයක් ඇති වීම හොඳ දෙයක්. එහෙත් හැම දෙනාගේ ම අංග සම්පූර්ණ (perfect) දැක්ම සාක්ෂාත් කර ගන්නවා ද නැතහොත් ප‍්‍රායෝගික හා උපයෝගික (pragmatic) මට්ටමින් පැවැත්ම තහවුරු කරගනිමින් කෙමෙන් පරිනාමය වනවා ද යන්න රාවය හිමිකරුවන් හා කතුවරුන්ට තීරණය කරන්නට සිදු වනවා.

නව මාධ්‍ය භාවිතයේ මා වසර ගණනක සිට නියැලී සිටියත්, සාම්ප‍්‍රදායික මාධ්‍ය වන පුවත්පත්, සඟරා, රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා ද ලක් සමාජයට අවශ්‍ය යැයි කියන ස්ථාවරයේ මා සිටිනවා. ඇතැම් බ්ලොග් රචකයන් මෙන් පුවත්පත්වලට ගැරහීමට හෝ පත්තර කලාවේ අවමගුල ගැන අනාවැකි කීමට හෝ මා කැමති නැහැ.

එහෙත් සන්නිවේදන තාක්‍ෂණයේ හා ජන සමාජයේ විපර්යාසයන් සමඟ පුවත්පත් හා සෙසු ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ද පරිනාමය විය යුතුයි. එසේ නොවී එක තැන පල්වන මාධ්‍යවලට තමන්ගේ පාඨකයන් සංඛ්‍යාව ටිකෙන් ටික අඩු වී ගොස් වෙළඳපොල තුළ තව දුරටත් රැදී සිටීමට නොහැකි තත්ත්‍වයක් උදා වනවා.

2011 නොවැම්බර් මාසය පුරා කොලම් හතරක් ලියමින් පුවත්පතේ අනාගතේ යන තේමාව මා විවිධ කෝණවලින් විග‍්‍රහ කළා. ජාත්‍යන්තරව මතු වන නව සන්නිවේදන ප‍්‍රවණතා මෙරට දැනෙන්නට පටන් ගන්නේ තරමක් කල් ගත වී බවත්, එම කාලාන්තරයෙන් ප‍්‍රයෝජන ගනිමින් ඉස්මතුව එන හා නොවැළැක්විය හැකි නවීකරණ අභියෝගවලට මුහුණදීමට අපේ මාධ්‍ය පෙළ ගැසිය යුතු බවත් මා අවධාරණය කළා.

6 Nov 2011: සිවුමංසල කොලූගැටයා #39: පුවත්පතේ අනාගතේ ඩයිනසෝර් මාවත ද?
13 Nov 2011: සිවුමංසල කොලූගැටයා #40: පුවත්පතේ අනාගතේ 2 – ළඟ ළඟ එන මහා මාරුතය
20 Nov 2011: සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?
27 Nov 2011: සිවුමංසල කොලූගැටයා #42: සයිබර් අවකාශයේ කරනම් ගසන්නට පෙර…

පුවත්පත් යනු ලෝකයේ හැම තැනක ම නිෂ්පාදන වියදමට වඩා සැළකිය යුතු අඩු මිළකට අලෙවි කැරෙන අමුතු ආකාරයේ භාණ්ඩයක්. ඓතිහාසිකව පුවත්පත් කර්මාන්තයේ මූල්‍යමය ආකෘතිය වූයේ පිරිවැයෙන් වැඩි කොටසක් වෙළඳ දැන්වීම් හරහා ලබා ගන්නා අතර සාපේක්‍ෂව කුඩා ප‍්‍රතිශතයක් පමණක් පිටපත් අලෙවියන් ලබා ගැනීමයි.

පිටපත් අලෙවිය දිනපතා හෝ සතිපතා පත්තර ලෑලිවලින් මෙන් ම ග‍්‍රාහකත්වය කල් තබා අලෙවියෙන් ද සිදු කළ හැකියි. නමුත් මේ ආකෘතිය සාර්ථක වන්නේ අවශ්‍ය තරම් දැන්වීම් ලැබේ නම් පමණයි. ලෝකයේ ආර්ථික වශයෙන් වඩාත් සාර්ථක පුවත්පත් ආයතන, මහා පරිමාන දැන්වීම්කරුවන් මෙන් ම ලූහුඩු දැන්වීම් ද මනා ලෙස තමන් වෙතට ඇද ගන්නට සමත්ව සිටිනවා.

එහෙත් පසුගිය දශකය තුළ දැන්වීම්කරුවන් වඩ වඩාත් ඉන්ටර්නෙට් දැන්වීම්වලට යොමු වීම නිසා පුවත්පත්වල අත්දුටු දැන්වීම් ආකෘතිය ඉරිතලා ගිහින්. බටහිර රටවල බහුතරයක් පුවත්පත් ආයතන අද බරපතල ආර්ථික ප‍්‍රශ්නයකට මුහුණ දී ඇත්තේ ඉන්ටර්නෙට් අභියෝගය ජය ගන්නේ කෙසේ ද යන්න තවමත් හරිහැටි පැහැදිලි නොමැති වීම නිසායි.

මේ ගැන ෙසෙද්ධාන්තිකව විග‍්‍රහ කරනවා වෙනුවට සැබෑ පුවත්පත් උදාහරණයට ගනිමින් කථා කළ හැකියි. මා බටහිර උදාහරණ ගන්නේ නවීකරණ අභියෝගවලට මුලින් ම හා ප‍්‍රබලවම මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇති නිසයි.

The Guardian now comes out in many formats, many media

The Guardian now comes out in many formats, many media

ආර්ථික මට්ටම් අතින් බෙහෙවින් වෙනස් වූවත් මූලික අරමුණු හා ආකෘතිය අතින් රාවයට යම් තරමක සමාන්තර බවත් ඇති බි‍්‍රතාන්‍ය පුවත්පතක් වන්නේ ගාඩියන් The Guardian පුවත්පතයි. 1821දී මැන්චෙස්ටර් ගාඩියන් ලෙසින් ඇරඹුණු මේ පුවත්පත, මුල පටන් ම ලිබරල් චින්තනයට හා සංවාදයට මුල් තැන දෙන ප‍්‍රකාශනයක් වුණා.

එහි ඉතිහාසයේ වඩාත් ප‍්‍රකට කතුවරයා වූ C P ස්කොට් 1872 සිට 1929 දක්වා වසර 57ක් එම තනතුර දැරූ අතර 1907දී එහි හිමිකරුවන්ගෙන් අයිතිය මිළදී ගත්තා. ස්කොට් හට අවශ්‍ය වූයේ අන්තර්ගතය ස්වාධීන වූත්, ආර්ථික වශයෙන් ස්ථාවර වූත් පදනමකින් පුවත්පත පවත්වා ගෙන යන්නටයි. මේ සඳහා 1936දී එහි හිමිකාරිත්වය ස්කොට් භාරකාර අරමුදල (The Scott Trust) නම් ලාබ නොලබන පදනමකට පවරනු ලැබුවා. 2008දී මේ අරමුදල සීමාසිහත සමාගමක් බවට පත් කරනු ලැබුවත්, මුල් අරමුණු දිගට ම පවත්වා ගෙන යන බවට නව භාරකරුවන් කර්තෘ මණ්ඩලයට ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිඥා දී තිබෙනවා.

ස්කොට් අරමුදල (දැන් සීමාසහිත සමාගම) කරන්නේ ගාඩියන් පුවත්පත, එම සමාගමේ ඉරිදා ප‍්‍රකාශනය වන Observer පුවත්පත ඇතුඵ එම ආයතනය පළ කරන ප‍්‍රකාශන ගොනුවෙහි මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීමයි. ප‍්‍රකාශනවල කතුවරුන් පත් කිරීම හැරුණු කොට වෙනත් කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්ති හෝ එදිනෙදා පුවත් පිළිබඳ කිසිදු තීරණයකට හිමිකාර භාරය/සමාගම මැදිහත් වන්නේ නැහැ. එය ප‍්‍රකාශනවල ස්වාධීනත්වය සඳහා ස්කොට් පවුල විසින් හඳුන්වා දෙන ලද ගෞරවනීය සම්ප‍්‍රදායක්.

ගාඩියන් පුවත්පත බහුවිධ මතිමතාන්තර සඳහා ඉඩ ලබා දෙන, පාලක හා අධිපති පන්තියෙන් දුරස්ථ බව පවත්වා ගන්නා ප‍්‍රකාශනයක්. වෙළඳපොල මුල් තැනට ඒමට වඩා ඉහළින් සිය ස්වාධීනත්වය රැක ගැනීම සළකන ආකාරයේ පුවත්පතක්. කලක් වාමාංශීය නැඹුරුවක් ඇති බවට සළකනු ලැබූවත්, එය වෙළඳපොල ආර්ථිකය පිළි ගන්නා සහ එම රාමුව තුළ වඩාත් සංවේදී හා සමානාත්මතාව අගයන (egalitarian) සමාජයක් බි‍්‍රතාන්‍යයේ බිහි කිරීමට පෙනී සිටින ප‍්‍රකාශනයක්.

බි‍්‍රතාන්‍යයේ දිනපතා පුවත්පත් අතර ගාඩියන් පුවත්පතට සුවිශාල අලෙවියක් නැහැ. දිනපතා පුවත්පත් 11න් ගාඩියන්ට ඇත්තේ 10 වැනි තැනයි. 2012 දෙසැම්බරයේ එහි සාමාන්‍ය දෛනික අලෙවිය පිටපත් දෙලක්ෂයක් පමණ වූවා. (දක්‍ෂිණාංශික නැඹුරුවක් ඇති Daily Telegraph පත‍්‍රය පිටපත් ලක්‍ෂ පහ මාරක් ද, ප‍්‍රභූ පන්තිය නියෝජනය කරන The Times පත‍්‍රය පිටපත් ලක්‍ෂ හතරක් පමණ ද අලෙවි වනවා.)

එහෙත් ගාඩියන් වෙබ් අඩවිය පුවත්පත් කලාවේ සාරධර්ම රැක ගනිමින් විචිත‍්‍ර වූත්, විවිධාකාර වූත් අන්තර්ගතයන් ලබා දෙන බැවින් එය බි‍්‍රතාන්‍ය පුවත්පත් වෙබ් අඩවි අතර වෙබ් පාඨකයන් (visitors) පැමිණෙන සංඛ්‍යාව අතින් දෙවැනි තැන ගන්නවා.

ගාඩියන් පුවත්පත දැන් කලෙක පටන් ම ලාබයක් නොව පාඩු ලබන ප‍්‍රකාශනයක්. Observer පත‍්‍රය ද කලෙකින් නිෂ්පාදන වියදම් ආවරණය වන තරම් ආදායමක් ලබා නැහැ. ස්කොට් භාරයේ පවුම් මිලියන් 190ක් පමණ අරමුදල් තිබෙන නිසා එදිනෙදා පඩි ගෙවීම් හා මුද්‍රණ වියදම් පිරිමසා ගත හැකියි. එමෙන් ම හොදින් විකිණෙන හා ලාබ ලබන විශෙෂිත සඟරා (උදා: මෝටර් රථ පිළිබඳ Auto Trader) කිහිපයක් ඔවුන්ට තිබෙනවා. ඒවායේ ලාබයෙන් ප‍්‍රධාන පුවත්පත් දෙකේ වියදමට අභ්‍යන්තර සහනාධාරයක් (cross-subsidy) ලැබෙනවා.

එසේ වුවත් වඩාත් තිරසාර මූල්‍යමය පදනමක් ඉදිරි වසර පහ තුළ උදා කර ගැනීමට වසර දෙසීයකට ආසන්න ඉතිහාසයක් ඇති ගාඩියන් පත‍්‍රයට අවශ්‍ය වී තිබෙනවා. පරම්පරා ගණනක් පුවත්පතේ කීර්තිනාමය තහවුරු කළ උසස් මට්ටමේ පුවත් වාර්තාකරණය හා කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය කිසි ලෙසකින් හෝ දියාරු නොකර, නවීකරණය හා තරුණ ග‍්‍රාහකයන්ට වඩාත් සමීපවීමේ ඉලක්ක ද්විත්වය හඹා යන්නට කතුවරුන් හා කළමනාකරුවන් දස අතේ උපක‍්‍රම සොයනවා.

ගාඩියන් මුද්‍රිත පිටපත් අලෙවිය (වෙනත් බි‍්‍රතාන්‍ය පුවත්පත් සමග ම) ටිකෙන් ටික පහළ බසිමින් තිබෙනවා. සමීක්‍ෂණ වලින් පෙනී යන්නේ බහුතරයක් පාඨකයන් මැදිවියේ හා වයෝවෘද්ධ අය බවයි. මේ ජනගහන පරාසය තුළ කොටු වූ ප‍්‍රකාශනයකට දිගු කාලීන වෙළඳපොල විභවයක් නැති බව ගාඩියන් කතුවරුන් හොදාකාර දන්නවා.

ගාඩියන් මුද්‍රිත පිටපත් අලෙවිය අඩු වන අතර එහි වෙබ් පාඨක පිරිස දිගින් දිගට ම ඉහළ යමින් තිබෙනවා. ඩිජිටල් ග‍්‍රාහකත්ව ක‍්‍රමයක් හඳුන්වා දී මාසයකට පවුම් 10ක මිළක් නියම කර ඇතත්, ගාඩියන් වෙබ් අඩවිය තවමත් නොමිළයේ ලෝකයේ ඕනෑ ම තැනෙක සිට කියවිය හැකියි. http://www.guardian.co.uk

එයට හැම පැය 24කදී ම අඵත් අන්තර්ගතයන් 400ක් පමණ එකතු කරන අතර මීට පෙර පළ කරන ලද මිලියන් තුනකට අධික ලිපි හා පුවත් අංග එහි තිබෙනවා. 2012 මැදදී එයට දිනකට මිලියන් 4ක් පමණ වෙබ් පාඨකයන් ඇදී ආවා. මුද්‍රණ වියදම් නැතත් මෙතරම් සුවිසල් වෙබ් අඩවියක් ප‍්‍රශස්ත තාක්‍ෂණික මට්ටමින් පවත්වා ගැනීමේ සැළකිය යුතු වියදමක් තිබෙනවා.

වෙබ් අඩවියට ම කැපවූ ගාඩියන් කාර්ය මණ්ඩලයක් ද සිටිනවා. සංවේදී හා සුක්‍ෂම ලෙසින් යම් තරමකට දැන්වීම් බැනර් වෙබ් අඩවියේ අඩංගු කළත් කියවන්නාගේ අවධානය බිෙදන විදියේ ගොරහැඩි වෙබ් දැන්වීම් පිළිවෙතක් ඔවුන්ට නැහැ.

එසේ ම සමහර තරගකාරී පුවත්පත් වෙබ් අඩවි කරන්නාක් මෙන් පැපිරාට්සි මට්ටමේ උද්වේගකාරී ඡයාරූප හා ඕපාදුප පළ කිරීමක් ද නැහැ. තම ප‍්‍රතිරූපය හා කීර්තිනාමය හෑල්ලූ කර නොගෙන සාර්ථක වෙබ් අඩවියක් පවත්වා ගැනීම අද කාලේ අසීරු හා ප‍්‍රශංසනීය කාරියක්.

ගාඩියන් වෙබ් අඩවියට නොමිලයේ පිවිසී එහි වත්මන් හා සංරක්‍ෂිත අන්තර්ගතය කියැවීමට ඕනෑ ම කෙනෙකුට අවකාශය තිබිය යුතුය යන පරමාදර්ශයේ එහි කතුවරුන් සිටිනවා. එහෙත් මේ වන විට තරගකාරී පුවත්පත් ගණනාවක් සිය වෙබ් අඩවි පරිශීලනයට කුඩා පරිමානයේ අය කිරීම් කරනවා.

Faced with declining sales, British newspapers are keen to find how to engage readers through new formats and strategies

Faced with declining sales, British newspapers are keen to find how to engage readers through new formats and strategies

රූපට් මර්ඩොක් සමාගමට අයත් The Times හා Sunday Times පුවත්පත් මෙසේ අය කිරීම් කිරීමේ ආකෘතියට යොමුව සිටිනවා. ඒ අතර අමෙරිකාවේ ඉතා ලිබරල් හා සම්භාවනීය පුවත්පතක් වන නිව්යෝක් ටයිම්ස් (New York Times) පත‍්‍රය ද පහත බසින මුද්‍රිත අලෙවිය හමුවේ සිය වෙබ් අඩවිය අර්ධ වශයෙන් අය කිරීමේ ක‍්‍රමයකට නතු කොට තිබෙනවා. තවමත් ඔවුන්ගේ බොහෝ පුවත් හා ලිපි නොමිළයේ ඉන්ටර්නෙට් හරහා කියවිය හැකි වුවත් දිනපතා එයට ප‍්‍රවේශ වී සියඵ ලිපි කියවීමට නම් කුඩා ගෙවීමක් කළ යුතුයි. (එහෙත් Washington Post පත‍්‍රය එබන්දක් නොකර දිගටම සිය වෙබ් අඩවි පරිශීලනය නොමිළයේ ම ලබා දෙනවා.)

1851දී අරඹා අද දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යන නිව්යෝක් ටයිම්ස් පුවත්පත, සියවසකට වැඩි කාලයක් කිහිප දෙනෙකුගේ හිමිකාරිත්වය යටතේ පැවතුණා. 1960 ගණන්වල එය කොටස් වෙළඳපොලට කොටස් ප‍්‍රමාණයක් නිකුත් කළත් සුල්ස්බර්ගර් පවුලේ බහුතර හිමිකාරිත්වය (88%) හරහා ඔවුන්ට තීරණාත්මක බලපෑමක් තිබෙනවා.

2009 ජනවාරියේ නිව්යෝක් ටයිම්ස් සමාගම ලෝකයේ ධනවත් ම පුද්ගලයා වන මෙක්සිකානු ටෙලිකොම් ව්‍යාපාරික කාලෝස් ස්ලිම්ගෙන් (Carlos Slim) ඩොලර් මිලියන් 250ක් ණයට ගත්තා. ඉන්පසු ස්ලිම් එහි තවත් ආයෝජන කළා. 2011 ඔක්තෝබර් වන විට ස්ලිම්ගේ කොටස් එකතුව 8.1%ක් වූවා.

වෙළඳ ඒකාධිකාරයන් ඇතුඵ විවිධ ව්‍යාපාරික අක‍්‍රමිකතා ගැන ස්ලිම්ට එරෙහිව ඇති චෝදනා ගැන ස්වාධීනව හා උද්‍යොගශීලිව තව දුරටත් වාර්තා නොකරන බවට මාධ්‍ය විචාරකයන් සමහරක් දෙනා නිව්යෝක් ටයිම්ස් පත‍්‍රයට දොස් පවරනවා.

මේ අතර ගාඩියන් පත‍්‍රය ද තමන්ගේ ඇතැම් විශෙෂාංග සඳහා දානපතියන්ගේ අනුග‍්‍රහය ලබා ගන්නවා. ලෝකයේ අද විශාලතම දානපති පදනම වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් දියුණුවන ලෝකයේ ප‍්‍රශ්න හා තොරතුරු වාර්තාකරණයට මූල්‍යමය ආධාර ලැබෙනවා. එය එසේ තිබියදිත් ගේට්ස් පදනමේ යම් ප‍්‍රතිපත්ති හා කි‍්‍රයා කලාපයන් සාධක සහිතව විවේචනය කිරීමේ පුවත්පත් කලා නිදහස ද ගාඩියන් මාණ්ඩලික ලේඛකයන්ට ලබා දී තිබෙනවා.

මේ සියල්ලෙන් පෙනී යන්නේ පරම්පරා පරතරය, නවීන තාක්‍ෂණය හා වෙළඳපොල අවිනිශ්චිත බව යන ප‍්‍රබල අභියෝග හමුවේ මුඵමනින් ම නොසැළී සිටීමට සියවසකට වඩා ඉතිහාසයක් ඇති බටහර පුවත්පත් දැවැන්තයන්ට පවා නොහැකිව ඇති බවයි.

ආරම්භකයන්ගේ උතුම් අරමුණු රැක ගනිමින්, පාඨකයන්ගේ විශ්වාසය පවත්වා ගනිමින්, කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය හා ව්‍යාපාරික සාර්ථකත්වය තුලනය කිරීම අද ලොව පුරා ලොකු කුඩා පුවත්පත්වලට ඇති පොදු හා දුෂ්කර කාරියයි. එය කිසිසේත් ලෙහෙසි පහසු දෙයක් නොවෙතත්, නව අත්හදා බැලීම් හා නව්‍යකරණය හරහා 21 වන සියවසට ගැලපෙන විසඳුම් සොයා යාමේ අවස්ථාව එළැඹ තිබෙනවා.

රාවය නවීකරණය කිරීමේ අභියෝගය විග‍්‍රහ කළ යුත්තේ ගෝලීය තොරතුරු සමාජය පුරා හමා යන විපර්යාසයේ සැඩ සුළංවලට සාපේක්‍ෂවයි. එම නවීකරණ ගමනේදී හැම කෙනකු ම සතුටු කරන්න රාවයට බැරි වේවි.

මේ ගැන තව දුරටත් ලබන සතියේ කථා කරමු.

March of Printer’s Ink: From Colombo Journal to Ceylon Today

Newsstand Sri Lanka – image courtesy WSJ.com

“Sri Lanka’s newspaper history dates back to Colombo Journal (1832) which apparently had a short but feisty life before it invoked the ire of the British Raj. Nearly two centuries and hundreds of titles later, the long march of printer’s ink — laced with courage and passion – continues.

“How long can this last?

Print journalism’s business models are crumbling in many parts of the world, with decades old publications closing down or going entirely online. This trend is less pronounced in Asia, which industry analysts say is enjoying history’s last newspaper boom. Yet, as I speculated three years ago when talking to a group of press barons, we’ll be lucky to have a decade to prepare for the inevitable…”

These are excerpts from a short essay I originally wrote last week to mark the first anniversary of Ceylon Today newspaper, where I’m a Sunday columnist. It was printed in their first anniversary supplement on 18 Nov 2012.

Groundviews.org has just republished it today, making it easily available to a much wider audience. Read full essay:

March of Printer’s Ink: From Colombo Journal to Ceylon Today, by Nalaka Gunawardene

Another excerpt: “In the coming years, waves of technology, demographics and economics can sweep away some venerable old media along with much of the deadwood that deserves extinction. The adaptive and nimble players who win audience trust will be the ones left to write tomorrow’s first drafts of history.”

Image courtesy Reuters

සිවුමංසල කොලූගැටයා #40: පුවත්පතේ අනාගතේ 2 – ළඟ ළඟ එන මහා මාරුතය

This is the Sinhala text of my Ravaya column published on 13 Nov 2011, where I continue my discussion on the future of newspapers. I look at the last newspaper boom currently on in Asia, and caution that good times won’t last for long: take advantage of it to prepare for the coming (and assured) turbulence in the mainstream media!

J Seward Johnson's statue of Newspaper Reader - at Princeton University garden

අප දන්නා විදියේ පුවත්පත්වලට වසර 400කට වැඩි ඉතිහාසයක් තිඛෙනවා. ලංකාවේ පුවත්පත් කලා ඉතිහාසයත් වසර 180ක් පමණ පැරණියි. තවමත් නිතිපතා ජනතාව අතරට යන පැරණිතම ජනමාධ්‍ය වන පුවත්පත්, 21 වන සියවසේ තාක‍ෂණික හා ආර්ථීක අභියෝග ජය ගනියි ද? අප විවිධ පැතිකඩවලින් විග්‍රහ කරන ප්‍රශ්නය මෙයයි.

පුවත්පත් කර්මාන්තය සසල කරමින් ලොව බොහෝ රටවල මේ දිනවල පැතිර යන මාරුතය ගැන අප ගිය සතියේ කථා කළා. බටහිර රටවල පුවත්පත් සහ සගරා මිළදී ගැනීම සැළකිය යුතු අන්දමින් අඩු වී තිඛෙනවා. එයට වෙනස් ප්‍රවණතාවක් ආසියාවේ දක්නට ඇති බවත් සදහන් කළා. කුමක් ද මේ වෙනස?

2000 දශකය අවසන් වන විට ආසියාවේ පුවත්පත් සදහා වෙළදපොල ඉල්ලූම වැඩිවෙමින් තිබුණා. ලෝක පුවත්පත් සංගමය (World Association of Newspapers, WAN) එකතු කළ දත්තවලට අනුව, ලොව වැඩිපුර ම අලෙවි වන පුවත්පත් 10න් 9ක් ම ඇත්තේ ආසියාවේ – එනම් ජපානයේ හා චීනයේ. පත්තර ලෑලි හරහා හෝ දායකත්වය හරහා හෝ විකිණෙන පුවත්පත්වල (නොමිළයේ දෙන පුවත්පත් නොවෙයි) සමස්ත අලෙවිය සළකන විට අද ලෝකයේ විශාලතම පුවත්පත් වෙළදපොලවල් ඇත්තේ චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් තුනේයි. සිවු වැනි තැනට එන්නේ අමෙරිකාවයි. (බලන්න: http://tiny.cc/Circ)

ලෝකයේ වෙනත් කලාපවල පාඨකයන් පුවත්පත් මිළදී ගැනීම අඩු කරන අතර ආසියාවේ එය වැඩි වෙමින් පවතින බව WAN සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරනවා. උදාහරණයකට 2008 වසරේ ඉන්දියානුවන් මිලියන 11.5ක් දෙනා ප්‍රථම වතාවට පුවත්පත් කියවන්නට පටන් ගත්තා. මේ ඇයි?

ආසියාවේ ආර්ථීක වර්ධනයත් සමග මධ්‍යම ජාතිකයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. ඉහළ යන ආදායම් මට්ටම් හා සාක‍ෂරතා/අධ්‍යාපනික මට්ටම් සමග පුවත්පත් සදහා ඉල්ලූම වැඩි වනවා. එමෙන්ම පත්තරයක් දිනපතා මිළට ගැනීම යම් අන්දමකින් සමාජ තත්ත්වයක් පෙන්නුම් කරන බවට පිළිගැනීමක් ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල තිඛෙනවා.

ජනගහනයට සාපේක‍ෂව වැඩිපුර ම පුවත්පත් මිළදී ගන්නා රට ජපානයයි. ලෝකයේ සියළුම රටවල සියළුම භාෂාවලින් පළ කැරෙන පුවත්පත් අතර වැඩිපුර ම අලෙවි වන පුවත්පත් 5 හමුවන්නේ ජපානයේ. පත්තර කියවීම ජපන් ජාතිකයන් අතර ඉතා හොදින් මුල් බැස ගත් පුරුද්දක්. ලංකාවේ පුවත්පත් අලෙවිය පිළිබද නිවැරදි හා පැහැදිලි තොරතුරු සොයා ගැනීම අසීරුයි. කිසිදු පුවත්පත් සමාගමක් තම අලෙවි සංඛ්‍යා හෙළි කරන්නේ නැහැ. ඇතැම් රටවල මෙන් අපක‍ෂපාතව මුද්‍රිත මාධ්‍ය ෙක‍ෂත්‍රයේ දත්ත විග්‍රහ කරන පර්යේෂණායතන ඇත්තේ ද නැහැ.%

අප ආසියාවේ දැන් අත් විදින්නේ පුවත්පත් ප්‍රකාශන ලෝකයේ දැකිය හැකි වන අවසාන සරු කාලය (world’s last newspaper boom) බව ඇතැම් පර්යේෂකයන්ගේ මතයයි. පුවත්පත් පමණක් නොව ජන මාධ්‍ය හැමෙකක් ම පාහේ වැඩිපුරම පරිශීලනය වන්නේ ප්‍රචලිත වී ඇත්තේ ආසියාවේයි. එයට හේතුව (නොබෝදා බිලියන් 7 ඉක්මවා ගිය) ලෝක ජනගහනයෙන් සියයට 60ක් වෙසෙන්නේ ආසියාවේ වීමයි. තවත් හේතුවක් නම් පසුගිය දශක දෙක තුළ එතෙක් සංවෘතව තිබූ මාධ්‍ය වෙළදපොලවල් විවෘත වීම නිසා දෙස් විදෙස් ආයෝජන මාධ්‍ය ෙක‍ෂත්‍රයට වැඩියෙන් ගලා ඒමයි.

මේ වත්මන් ප්‍රවණතා දෙස බලන විට අප නිගමනය කළ යුත්තේ සෙසු ලෝකයේ දැනට සිදුවන මාධ්‍ය වෙළදපොල ගරාවැටීම ආසියාවට නොඑන බව ද? වෙළදපොල පරිනාමීය ප්‍රවාහයන්ට ඔරොත්තු දිය හැකි තරම් ආසියානු මාධ්‍ය ආයතන ශක්තිමත් බව ද?

ගෝලීයකරණය වූ තොරතුරු සමාජය තුළ ලෝක ව්‍යාප්තව පැතිර යන සැඩ සුළංවලින් ආසියාවේ අපට මුළුමනින් ම ආරක‍ෂා වී සිටිය හැකි යයි සිතීම ස්වයං මුලාවක්. 2009 අගදී මෙරට පුවත්පත් හිමිකරුවන්, කතුවරුන් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සිටි සභාවක් අමතමින් මා කියා සිටියේ ලෝක මට්ටමින් සිදු වන සන්නිවේදන ප්‍රවණතා මෙරටට පැමිණෙන්නට යම් තරමක ප්‍රමාදයක් ඇති බවයි.

උදහරණයකට ලෝකයේ ටෙලිවිෂන් විකාශයන් 1929දී (අමෙරිකාවේ) ඇරඹුණත් එය ලංකාවේ පටන් ගත්තේ 1979දී – එනම් වසර 50කට පසුව. එහෙත් වාණිජ මට්ටමේ ජංගම දුරකථන සේවා මුල්වරට (ජපානයේ) 1979දී ඇරැඹි දස වසක ඇවෑමෙන් 1989දී මෙරට මුල් ම ජංගම දුරකථන ජාලය ක්‍රියාත්මක වුණා. වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා 1980 දශකය අගදී ලොව දියුණු රටවල ඇරැඹුණු අතර 1995දී ලංකාවත් සයිබර් අවකාශයට සම්බන්ධ වුණා.

මේ කාලාන්තරය එන්න එන්න ම කෙටි වීම අද තොරතුරුක සමාජයේ ගති සොබාවයි. එය ප්‍රවණතාවක් හැටියට ගතහොත් හොදට හෝ නරකට හෝ මාධ්‍ය හා තොරතුරු තාක‍ෂණ ෙක‍ෂත්‍රයේ ලොව ඇති වන නව රැලි නොබෝ දිනකින් ම අපේ දූපතටත් ළගා වනවා.

ලොව පුරා හමා යන මාධ්‍ය වෙළදපොල සැඩ සුළංවලින් අපව සුරැකෙන්නේ නැහැ. එයට තව වසර කිහිපයක් තුළ අපට ද මුහුණ දෙන්න සිදු වනවා. එහෙත් අපට උපක්‍රමශීලීව මේ ප්‍රමාදයෙන් ප්‍රයෝජන ගත හැකියි. වෙනත් දියුණු හා දියුණු වන රටවල මාධ්‍ය ආයතන මේ අභියෝගයට මුහුණ දෙන සැටි හා හැඩ ගැසෙන සැටි අප හොදින් අධ්‍යයනය කළ යුතුයි. ළග එන මාරුතයට මුහුණදීමට අපේ මාධ්‍ය පෙළ ගැසීම අවශ්‍යයි.

පුවත්පත් යනු කර්මාන්තයක් වුවත් එය අනෙකුත් වාණිජමය ව්‍යාපාරවලට වඩා සංකල්පමය හා ප්‍රායෝගික අතින් වෙනස්. පුවත්පතක අන්තර්ගතය නිර්මාණය වන්නේ පූර්ණකාලීන හා නිදහස් මාධ්‍යවේදීන් ගණනාවකගේ දායකත්වයෙන්. ප්‍රවෘත්ති, විචිත්‍රාංග, ඡායාරූප හා විද්වත් ලිපි ආදිය පුවත්පත් කාර්යාලයක් ඇතුළතින් මෙන් ම පිටතින් ද ජනනය වනවා. මේ සියල්ල සමානුපාතික කොට, නිසි පිටු සැළසුමක් සහිතව කලට වේලාවට මුද්‍රණය කරන්නටත්, එම පිටපත් රට පුරා කාර්යක‍ෂමව ඛෙදා හරින්නටත් මනා සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. එමෙන්ම පුවත්පත් ආදායමට සම්මාදම් වන වෙළද දැන්වීම්කරුවන් සමග නිති සබදතා පවත්වා ගත යුතුයි.

වෙනත් භාණ්ඩ මෙන් නිපදවා ගබඩා කර ගැනීමේ හැකියාවක් පුවත්පත්වලට නැහැ. වඩාත්ම අළුත් පුවත් හා විග්‍රහයන් හැකි ඉක්මනින් පාඨකයන් අතට පත් කිරීමේ අභියෝගයට ලොව පුරා පුවත්පත් කාර්්‍යාලවල කර්තෘ මණ්ඩල මෙන්ම මුද්‍රණ හා ඛෙදා හැරීමේ සේවකයන්ද දිවා රෑ මුහුණ දෙනවා. කාලය සමග කරන මේ තරග දීවීමට සමාන්තරව ඔවුන් තමන්ගේ තාරගකාරී පුවත්පත් ගැන අවධානය යොමු කළ යුතුයි.

රටේ බල පවත්නා නීති, සදාචාරමය රීතිවලට ගරු කරමින් ඒ සම්මත රාමුව තුළ නැවුම් වූත්, සිත් ඇද ගන්නා වූත් පුවත්පතක් දිනපතා හෝ සතිපතා නිකුත් කළ යුතුයි. ඔබ මේ කියවන පත්තර පිටපත ඔබ අතට එන්නට බොහෝ දෙනකු නන් අයුරින් දායක වී තිඛෙනවා. බලා ගෙන ගියා ම පත්තරයක් කියන්නේ සුළුපටු ප්‍රයත්නයක් නොවෙයි!

එමෙන්ම පුවත්පත් යනු හුදෙක් මුද්‍රිත කොළ කෑලි සමූහයක් නොවෙයි. ප්‍රකාශන ඉතිහාසය මුළුල්ලේ දියුණු වී ආ සම්ප්‍රදායයන් හා ආචාරධර්ම රැසක් නූතන පුවත්පත් කලාවට තිඛෙනවා. ලෝකයේ හැම පුවත්පතක් ම එක හා සමාන අයුරින් මේවාට අනුගත වන්නේ නැහැ. එහෙත් පුළුල්ව පිළි ගැනෙන ‘පොදු සාධකයක්’ නම් පුවත්පත් නියෝජනය කරන්නේ හිමිකරුවන් හා දැන්වීම්කරුවන්ට වඩා පාඨකයන් ඇතුළු ජන සමාජය බවයි. මේ පොදු උන්නතිය (public interest) වෙනුවෙන් පෙනී සිටීම නිසා මාධ්‍ය ආයතනවලට හා ඒවාට අනුයුක්ත මාධ්‍යවේදීන්ට සමාජයේ සුවිශේෂ තැනක් ලැඛෙනවා.

මහජනයාට තොරතුරු දැන ගැනීමේ අයිතිය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නියෝජනය කරන පුවත්පත් රැක ගැනීමට සිවිල් සමාජයේ නැඹුරුවක් තිඛෙනවා. සාමාන්‍ය මුද්‍රණාලයකට තබා පොත් මුද්‍රණය කරන ප්‍රකාශන සමාගමකටවත් නැති තරමේ ගෞරවයක් පුවත්පත් ආයතනවලට තවමත් ලැඛෙනවා. නමුත් මේ ඓතිහාසික සබැදියාව පලූදු වන ආකාරයේ බාල අන්තර්ගතයන් ඛෙදන්නට පටන් ගත් විට පාඨකයන් එබදු පුවත්පත් මිළට ගන්නට (හෝ නිකම් දුන්නත් කියවන්නට) කැමැති වන්නේ නැහැ.

අමෙරිකානු මාධ්‍ය ආයතනවල අනාගතය ගැන 1993දී ප්‍රකට ලේඛකයකු කළ අනාවැකියක් ගැන අප ගිය සතියේ සදහන් කළා. පාඨක විශ්වාසය ගරා වැටෙන බව දැන ගත් ඇතැම් මාධ්‍ය ආයතන තමන්ගේ ප්‍රකාශන කියවීමට විවිධාකාර ත්‍යාග පවා දීමට පටන්ගෙන තිඛෙනවා. මේ ආකාරයේ ‘අල්ලස්’ හා ‘සීනිබෝල’වලින් බහුතර පාඨකයන් රවටන්නට අමාරුයි. මොන උපක්‍රම යොදා ගත්තත් පාඨකයන්ගේ විශ්වාසය නොමැතිව වැඩි කල් පවතින්නට කිසිදු පුවත්පතකට බැහැ.

පත්තරයක් කියන්නේ මහජන මනාපය දිනපතා ම හෝ සති අගදී හෝ නිරතුරුව පතන හා ලබන ප්‍රකාශනයක්. මේ මනාපය දිගින් දිගට පවත්වා ගැනීමේ අභියෝගයක් තිඛෙනවා. එය තරගකාරී වෙනත් පුවත්පත් සමග පමණක් ඇති තරග දිවීමක් නොවෙයි. පත්තරවලට වඩා ඉක්මනින් ප්‍රවෘත්ති රටට දීමේ හැකියාව රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යයන්ට තිඛෙනවා. ඒ විද්යුත් මාධ්‍යවල ව්‍යප්තියත් සමග තමන්ගේ අන්තර්තය හා මුහුණුවර වෙනස් කරන්නට බොහෝ පුවත්පත්වලට පසුගිය දශක දෙක තුළ සිදුවුණා.

විද්යුත් මාධ්‍ය ඉක්මන් වූවත් යමක් ගැඹුරින් විග්‍රහ කිරීමේ ඉඩකඩ සීමිතයි. මේ නිසා ලොව පුරා පුවත්පත් තනිකර ප්‍රවෘත්ති ආවරණයට වඩා අද උත්සාහ කරන්නේ ප්‍රවෘත්ති විග්‍රහ කිරීමටයි. ප්‍රවෘත්ති බවට පත් වන සිදුවීම් සමාජයේ විවිධාකාර ප්‍රවාහයන්ගෙන් මතු වන නිසා පිටුපසින් ඇති සාධක හා ප්‍රවණතා මනා සේ හදුනාගැනීම සංකීර්ණ සමාජයක වෙසෙන අප කාටත් වැදගත්. මේ ප්‍රවාහයන් ගැන පර්යේෂකයන්, සමාජ සේවකයන් හා විද්වතුන් කරන විග්‍රහවලට දැන් පුවත්පත් හා පුවත් සඟරාවල වැඩි තැනක් ලැඛෙනවා. අද බටහිර ඇතැම් පුවත්පත් Newspaper යන නමට සමාන්තරව Viewspaper යන නම ද තමන් හැදින්වීමට යොදා ගන්නවා.

මෙකී නොකී සියල්ල මා දකින්නේ පරිනාමීය හැඩ ගැසීම් හැටියටයි. වඩාත් සවිමත් උචිත වූ ජීවීන් ඉතිරි කරමින් දුර්වලයන් වඳ කර දමන ජෛවීය පරිනාමය මෙන් ම තොරතුරු සමාජයේ ද පරිනාමීය බලවේග ක්‍රියාත්මක වනවා. එහෙත් ජෛව පරිනාමයට වඩා එය සියුම් හා බුද්ධිගෝචරයි. මාධ්‍ය ග්‍රාහකයන්ට හරවත්, ප්‍රයෝජනවත් දෙයක් සිත් කාවදින අයුරින් ඉදිරිපත් කරන පුවත්පතකට අද මහා තොරතුරු ප්‍රවාහයේ නොගිලී පවතින්නට ඉඩක් ඇතැයි මා විශ්වාස කරනවා.

බලන්න: http://tiny.cc/DigImi

සිවුමංසල කොලූගැටයා #39: පුවත්පතේ අනාගතේ ඩයිනසෝර් මාවත ද?

This is the Sinhala text of my weekend column in Ravaya, published on 6 Nov 2011. To mark the newspapers’s 25th anniversary that falls this month, I begin some reflections on the future of newspapers. In this first piece, I discuss how science fiction and thriller writer Michael Crichton (1942-2008) once foresaw the fate of what he called ‘Mediasaurus’.

Who succeeds mediasaurus?

Who succeeds mediasaurus?

රාවයට වසර 25ක් සපිරෙන්නේ 2011 නොවැම්බර් මාසයේ. මගේ මාධ්‍ය හා සන්නිවේදන ජීවිතයට වසර 25ක් පිරුණේ 2011 සැප්තැම්බරයේ. මේ පිය සටහන් දෙක නිමිති කර ගෙන එක්කෝ මට යටගිය දවස් ගැන ආවර්ණය කළ හැකියි. නොඑසේ නම් මේ සංධිස්ථානයේ කෙටි විරාමයක් ගනිමින් ගනිමින් ඉදිරිය ගැන මෙනෙහි කළ හැකියි. මා කවදත් අනාගතය දෙස එබී බලන්නට කැමැති නිසා පුවත්පත් කලාවේ හා මාධ්‍ය කර්මාන්තයේ හෙට දවස ගැන කථා කරමු.

අද ලොව බහුවිධ ජනමාධ්‍ය අතරින් සංවිධානාත්මකව පවතින පැරණිතම ජන මාධ්‍යය පුවත්පත හෙවත් මුද්‍රිත මාධ්‍යයයි. මුද්‍රණ යන්ත්‍ර මගින් පිටපත් මුද්‍රණය කොට අලෙවි කළ, කාලීන තොරතුරු රැගත් වාරික ප්‍රකාශනයක් ලෙස දැනට හදුනාගෙන ඇති පැරණිතම පුවත්පත මුල් වරට එළි දැක්කේ 1605දී ජර්මනියේ. මේ අනුව වසර 400කට වැඩි ඉතිහාසයක් පුවත්පත්වලට තිඛෙනවා. මේ සියවස් හතරක කාලය තුළ සිනමාව, රේඩියෝව, ටෙලිවිෂනය හා ඉන්ටර්නෙට් මාධ්‍යවල බිහි වීමත් සමග නව අභියෝගවලට මුහුණ දෙමින් පරිනාමය වී ආ පුවත්පතේ ඉතිහාසය විචිත්‍රයි.

21 වන සියවසේ නූතන තොරතුරු සමාජයේ ප්‍රවණතා හා ග්‍රාහක බලාපොරොත්තුවලට ප්‍රතිචාර දක්වමින් හැඩ ගැසෙන්නට පුවත්පත් කලාවට හා කර්මාන්තයට හැකි ද? නැත්නම් ඉදිරි වසර හෝ දශක කිහිපය තුළ පුවත්පත් වද වී යාමේ තර්ජනයක් ඇත් ද?

මුද්‍රිත මාධ්‍යයේ අනාගතය ගැන සුභවාදීව මෙන්ම අසුභවාදීව කැරෙන විග්‍රහයන් තිඛෙනවා. පත්තර කියවමින් හැදී වැඩී, පත්තරවලට දැඩි ඇල්මකින් යුතුව මාධ්‍ය ලෝකයට පිවිසී, කලක් පත්තරවල වැඩ කළ මට මේ ෙක‍ෂත්‍රය ගැන ලෙන්ගතුකමක් හා බැදීමක් තිඛෙනවා. එහෙත් ඒ බැදීම්වලින් මදකට දුරස් වී තුලනාත්මකව හා යථාර්ථවාදීව පුවත්පතේ අනාගතේ දෙස බැලීමට මා උත්සාහ කරනවා.

සොබා දහමේ නොනවතින පරිනාමීය කි්‍රයාදාමයක් පවතින බව (evolutionary process) අප දන්නවා. ඒ පරිනාමයේදී වඩාත් සවිමත්, උපක්‍රමශීලී හා ආක්‍රමණශීලී ජීවීන් ඉතිරි වන අතර අනෙක් ජීවීන් මුළු ගැන්වී, ව`ද වී යනවා. මෙයට සමාන ප්‍රවාහයන් මානව සමාජය හා වෙළ`දපොල ආර්ථීකය තුළත් ක්‍රියාත්මක වනවා. කාලානුරූපව හැඩ ගැසෙන්නට නොහැකි හෝ නොකැමැති හෝ කර්මාන්ත, ආයතන හා සම්ප්‍රදායයන් කල් පවතින්නේ නැහැ. ජනමාධ්‍ය ෙක‍ෂත්‍රයටත් මෙය අදාලයි.

මේ බව ප්‍රබලව අපට කියා දුන් එක් අයකු වූයේ අමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ හා ත්‍රාසජනක කථා රචක මයිකල් ක්‍රයිටන් (Michael Crichton). වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ඔහු ජුරාසික් පාක් (Jurassic Park) පොත් පෙළ ලිවීම නිසා ලෝප්‍රකට වුණා. ජෛවීය ඉතිහාසයේ වසර මිලියන් 165ක පමණ කාලයක් තිස්සේ මහ පොළවේ ප්‍රබලතම සත්ත්ව කොට්ඨාශය වූ ඩයිනසෝරයන් (dinosaurs) නැවත බිහි කිරීමේ භයානක විද්‍යාත්මක අත්හදා බැලීමක් පාදක කර ගත් ඒ කථා, ස්ටීවන් ස්පිල්බර්ග් විසින් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් බවටත් පත් කළා.

ඩයිනෝසරයන් වද වී යාමට හේතු ගැන විද්‍යාඥයන් තවමත් තර්ක විතර්ක කරනවා. ඩයනසෝරයන් පමණක් නොවෙයි වෙනත් සත්ත්ව කොට්ඨාශයනුත් කලින් කලට වද වී යාම ජෛව පරිනාමයේ හොදින් දන්නා, පාෂාණභූත සාක‍ෂීන්ගෙන් ද ඔප්පු වන සත්‍යයක්.

1993 සැප්තැම්බර් මාසයේ Wired ගරාවේ කලාපයට මයිකල් ක්‍රයිටන් ‘Mediasaurus’ නමින් අනාගතවේදී ලිපියක් ලිව්වා. එහි මුඛ්‍ය අදහස වුණේ එදා ඩයිනසෝරයන් මෙන් ම ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය ද පරිනාමීයව හැඩ ගැසීමට නොහැකි වීම නිසා නුදුරු අනාගතයේදී වද වී යනු ඇති බවයි.

එහි එක් තැනෙක ඔහු මෙසේ කීවා: “මෑත සමීක‍ෂණ කිහිපයකින් හෙළි වූ පරිදි අමෙරිකානු මාධ්‍ය බහුතරයක් මහජනයාට සැබැවින් ම අදාල හා වැදගත් කරුණු ගැන වාර්තා කිරීම හා ගවේෂණය වෙනුවට වල්පල් හා ඕපාදූපවලට වැඩි අවධානයක් යොමු කරනවා. රටේ ප්‍රශ්න ගැන විග්‍රහ කරනවා වෙනුවට අපේ මාධ්‍ය කරන්නේ ඒ දැවෙන ප්‍රශ්නවලට තව ටිකක් ඉන්ධන එකතු කිරීමයි. තමන්ගේ ලොකුකම ගැන අධිතක්සේරුවක් හා ස්වයංරාගයක් ((Narcissistic) ඇති මාධ්‍යවේදීන් හා දේශපාලකයන් දෙපසකට වී කරන ක්‍රීඩා තරගයක් බදු මේ විකාරය දෙස මාධ්‍ය ග්‍රාහකයන් බලා සිටින්නේ පිළිකුලෙන් හා කලකිරීමෙන් යුතුවයි. මේ තත්වය දිගට ම පවතින්නට බැහැ!”

ක්‍රයිටන් සැබෑ ලෝකයෙන් දුරස්ථ වූ දවල් හීන බලන්නකු නොවෙයි. වෙළදපොල ආර්ථීකය තුළ තමන්ගේ පැවැත්ම සදහා මාධ්‍ය ආයතන තරගකාරීව නිරන්තර අරගලයක යෙදෙන බව ඔහු පිළි ගත්තා. (මාධ්‍යවල සමාජ වගකීම ගැන සරසවි දේශනාගාර හා විසිත්ත කාමරවල සිට බණ කියන පර්යේෂකයන්ට හසු නොවන යථාර්ථයත් එයයි.)

ඔහු තව දුරටත් මෙසේ තර්ක කළා: “වර්තමානයේ මාධ්‍ය යනු කර්මාන්තයක්. ඒ කර්මාන්තය සමාජයට සපයන නිෂ්පාදනය නම් තොරතුරුයි (information). බාල බඩු නිපදවන හා අලෙවි කරන සමාගම් පාරිභෝගිකයන් විසින් ප්‍රතිෙක‍ෂප කරනවා. අපේ මාධ්‍ය කර්මාන්තය මෑතක පටන් නොවැදගත්, වැරදි සහගත, විකෘති වූ හා වෙනත් අන්දමින් බාල මට්ටමේ තොරතුරු අපට අලෙවි කරනවා. සරුව පිත්තල දවටනවල අසුරා තිබුණත් බය නැතිව පාවිච්චි කළ නොහැකි තරමට අපේ මාධ්‍ය අපට දෙන තොරතුරුවල ප්‍රමිතියක් නැහැ. මේ නිසා ටිකෙන් ටික පාරිභෝගිකයන් මේ ‘බාල බඩු’ මිළට ගැනීම අඩු කරනවා. නොබෝ කලෙකින් අමෙරිකානු මාධ්‍ය කර්මාන්තයට ඇති තරම් පාරිභෝගිකයන් සොයා ගන්නට බැරි වේවි. එවිට ඒ මාධ්‍ය, වෙළදපොල ප්‍රවාහයන් විසින් ගසා ගෙන ගොස් අතුරුදහන් වෙනු ඇති.”

ඔහු කීවේ නිව්යෝක් ටයිම්ස් පත්‍රය වැනි මුද්‍රිත ලෝකයේ මහා බලකණු මෙන් ම ABC, NBC සහ CBS වැනි අමෙරිකානු ටෙලිවිෂන් නාලිකා ද දශකයක් ඇතුළත වෙළ`දපොලෙන් ඉවතට විසි වීල වද වී යනු ඇති බවයි.

මේ අතර සියළු මාධ්‍යයන් යටිකුරු කරන නව තාක‍ෂණයක් ද මතුව ඇති බව ක්‍රයිටන් සිය ලිපියේ සදහන් කළා. ඒ තමා ඉන්ටර්නෙට්. 1993දී ඉන්ටර්නෙට් මාධ්‍යය දියුණු රටවල පවා එතරම් ප්‍රචලිත වී තිබුණේ නැහැ. එහෙත් තොරතුරු ගලනයට එයින් ඇති කළ හැකි ප්‍රබල බලපෑම ක්‍රයිටන් කල් තබා දුටුවා.

ක්‍රයිටන්ගේ විද්‍යාත්මක චින්තනය හා පරිකල්පන ශක්තිය ගැන ලොකු පිළිගැනීමක් පැවති නිසා ඔහුගේ ලිපිය මාධ්‍ය ආයතන හා පර්යේෂකයන් අතර වාද විවාද ඇති කළා. එතැන් පටන් ගෙවී ගිය දශකය (1993-2003) කාලයේ ඉන්ටර්නෙට් මාධ්‍යයේ සීඝ්‍ර ප්‍රගමනයක් සිදු වුණා. 1995දී ලොව පුරා ඉන්ටර්නෙට් පරිහරණය කළේ මිලියන 16යි. එය 2003 අගදී මිලියන් 719 දක්වා ඉහළ ගියා. (2011 මැද වන විට මේ සංඛ්‍යාව මිලියන් 2ල110 යි) ඉන්ටර්නෙට් ප්‍රචලිත වීම සම කළ හැක්කේ 1447 දී යොහාන් ගුටන්බර්ග් විසින් මුද්‍රණ ශිල්පයේ වර්තමාන තාක‍ෂණ සම්ප්‍රදාය ඇරඹීමටයි. ඒ දක්වා ඉතා සීමිතව කෙරුණු තොරතුරු හුවමාරුවට හා දැනුම ඛෙදා හැරීමට විශාල ඉදිරි පිම්මක් පනින්නට මුද්‍රණ ශිල්පය ඉඩ සැළැස්වූවා. (ඒ දක්වා සිදු වූයේ පොත් හා වෙනත් ලේඛනවල පිටපත් තනි තනිව අතින් පිටපත් කිරීමයි.)

Mediasaurus - courtesy Slate

Mediasaurus - courtesy Slate

ඉන්ටර්නෙට් ප්‍රචලිත වීම සමග ඒ නව මාධ්‍යයට බද්ධවීමේ ක්‍රම සොයන්නට පුවත්පත්, සගරා, රේඩියෝ හා ටෙලිවිෂන් ආයතනවලට සිදු වුණා. 2003 වන විට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තමන්ගේ වෙබ් අඩවි අරඹා සයිබර් අවකාශයේ තම ලකුණ යම් තරමකට සටහන් කර තිබුණා. ක්‍රයිටන්ගේ අනාවැකියට දශකයක් පිරෙන්නට ආසන්න වන විට අමෙරිකාවේ Slate නම් වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙක් ඒ ගැන ඔහුගෙන් විමසුවා. ඒ වන විටත් මාධ්‍ය ආයතන බරපතල ගරා වැටීමකට ලක් වී තිබුණේ නැහැ. ඔහුගේ උත්තරය: “අනාගතය පිළිබදව ඉලක්කගතව අනාවැකි කියන්නට කාටවත් බැහැ. මා අනතුරු ඇග වූ මාධ්‍ය ගරා වැටීම සිදු විය හැකි බව මා තවමත් විශ්වාස කරනවා. එහෙත් එයට දශකයකට වැඩි කාලයක් ගත වන හැඩයි!”

2000 දශකය තුළ අමෙරිකාව, කැනඩාව සහ යුරෝපයේ රටවල් ගණනාවක මුද්‍රිත මාධ්‍යය විශාල වෙළදපොල අර්බුදයකට ලක් වුණා. 2008 නොවැම්බර් 4 වනදා ක්‍රයිටන් මිය යන විට ඔහු අනතුරු ඇග වූ තත්ත්වය සැබෑවට ම ඉස්මතු වෙමින් තිබුණා. බටහිර රටවල පුවත්පත් සහ සගරා මිළදී ගැනීම සැළකිය යුතු අන්දමින් අඩු වී තිඛෙනවා. අලෙවි වන පිටපත් ගණන අඩු වූ විට දැන්වීම් ලැබීම ද පහත වැටෙනවා. පත්තර හා ස`ගරා කර්මාන්තය පදනම් වී ඇත්තේ දැන්වීම් ආදායමින් තම නිෂ්පාදන වියදමෙන් වැඩි කොටසක් පියවා ගන්නා අතර ඉතිරි ආදායම පිටපත් අලෙවියෙන් ලබා ගැනීමේ ආකෘතිය තුළයි. (දැන්වීම්වලට අප පෞද්ගලිකව කැමති වූවත් නැතත් මාධ්‍ය කර්මාන්තයට ඒවා නැතුව ම බැහැ. සරල උදාහරණයක් ගත්තොත් රු. 50කට විකිණෙන පත්තර පිටපතක නිෂ්පාදන වියදම එමෙන් දෙතුන් ගුණයක් වෙනවා. මේ වෙනස පියවා ගන්නේ දැන්වීම්වලින් ලැඛෙන ආදායමින්.)

බටහිර රටවල පත්තර සගරා පමණක් නොවෙයි. ප්‍රධාන පෙළේ ටෙලිවිෂන් හා රේඩියෝ සමාගම් ද අද වන විට දැඩි ආර්ථීක කුණාටුවකට හසු වී සිටිනවා. එයට හේතු වූ සාධක ගැන පොදු එකගතාවයක් නැහැ. ඇතැම් විචාරකයන් කියන්නේ ලොව පුරා 2008 සිට පැතිර ගිය ආර්ථීක අවපාතය එයට දායක වූ බවයි.
එහෙත් තවත් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වාණිජමය මාධ්‍ය ෙක‍ෂත්‍රයේ – විශේෂයෙන්ම පත්තර හා සගරාවල – පිරිහීම 2008 පෙර පටන් ම ඇරඹී තිබුණු බවත්, එයට එම ෙක‍ෂත්‍රය තුළින් ම මතු වූ සාධක වැඩියෙන් හේතු වූ බවත්. මයිකල් ක්‍රයිටන්ගේ 1993 විග්‍රහය සිහිපත් කරමින් ඔවුන් කියන්නේ පාරිභෝගික සමාජය විසින් මාධ්‍ය ප්‍රතිෙක‍ෂප කිරීමට වගකිව යුත්තේ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් ම බවයි.

මීට අමතරව ඉන්ටර්නෙට් මාධ්‍යයේ ව්‍යාප්ත වීම නිසා තනිකර ම ඉන්ටර්නෙට් හරහා එසැනින් ප්‍රවෘත්ති ඛෙදාහරින නව මාධ්‍ය සේවා බිහි වුණා. ඒවාත් සමග තරග කිරීම සාම්ප්‍රදායික පුවත්පත්වලට හෝ එම පුවත්පත්වල වෙබ් අඩවිවලට ලෙහෙසි වූයේ නැහැ. පත්තර කර්මාන්තයේ පසුබෑමට මේ සාධක සියල්ල අඩු වැඩි පමණින් දායක වී තිඛෙනවා. නමුත් මේ ගෝලීය ප්‍රවණතාවයට වෙනස් තත්ත්වයක් ආසියාවේ රටවල දක්නට තිඛෙනවා.

පාඨක විශ්වාසය රැක ගනිමින්, නව තාක‍ෂණයන්ගේ අභියෝගවලට මුහුණ දෙමින් වාණිජමය වශයෙන් සාර්ථක පුවත්පත් හා සගරා පවත්වා ගත හැකි ද? එසේ නැතිනම් සහනාධාර ලබන හෝ විකල්ප ආදායම් මත යැපෙන ආර්ථීක මොඩලයකට මාරු වීමට ලොව පුරා පුවත්පත්වලට ළගදී ම සිදු වෙයි ද? පුරවැසි මාධ්‍යවේදීන් හා වැටුප් ලබන මාධ්‍යවේදීන් අතර පරතරය අඩු වී යන විට මාධ්‍ය ලෝකයේ කුමන විපර්යාස සිදු වේද? මේ ප්‍රශ්නවලට අපි එළඹෙන සතිවල පිළිතුරු සොයා යමු!