
On this blog, I have written regularly about challenges in communicating on HIV/AIDS through media and non-media methods. To mark World AIDS Day 2011, and 30 years since the discovery of AIDS, I have devoted this week’s (Sinhala) Sunday column in Ravaya newspaper to the topic of HIV/AIDS coverage in the Lankan mass media. I have drawn heavily from a 1999 handbook on HIV/AIDS communication written by my good friend Dr Vinya Ariyaratne, a specialist in community medicine, but the opinions are all mine.
“ඒඩ්ස් ගොඩට තව 114ක් එකතු වෙලා!”
මේ මෑත දී ඇරැඹුණු ජාතික පුවත්පතක මංගල කලාපයේ මුල් පිටුවේ පුවත් සිරස්තලයක්. ගෙවී මාස කිහිපය තුළ මෙරට හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 114ක් බව, ඒ වාර්තාවේ ආරම්භයේදී ම කියනවා. මේ සංඛ්‍යාවෙන් ඔබ්බට යන කිසිදු විග්‍රහයක් එහි තිබුණේ නැහැ. බැලූ බැල්මට පෙනෙන්නේ එය උද්වේගකාරී වාර්තාකරණයට තවත් උදාහරණයක් බවයි. එමෙන්ම ‘ඒඩ්ස් රෝගීන්’ අහසින් කඩා නොවැටෙන බව මේ වාර්තාකරු නොදන්නවා විය යුතුයි.
HIV සමග ජීවත් වන බහුතරයක් අයට AIDS රෝග ලකෂණ පහළ වී නැහැ. HIV ශරීරගත වීමෙන් පසු වසර හෝ දශක ගණනක් ජීවත්වීමේ හැකියාව අද වන විට වෛද්‍ය විද්‍යාත්මකව ලබා ගෙන තිඛෙනවා. එහෙත් ඒ සදහා නිතිපතා Anti Retro Viral (ARV) ඖෂධ ගැනීම අවශ්‍යයි. බොහෝ දියුණු වන රටවල අඩු ආදායම් ලබන HIV ආසාදිතයන්ට මේ ඖෂධ ලබා දෙන්නේ රජයේ වියදමින්.
මේ මූලික දැනුම පවා නොමැතිව, නොඑසේ නම් ඒ ගැන නොතකා, කරන මාධ්‍ය වාර්තාකරණය සිංහල මෙන් ම ඉංග්‍රීසි පුවත්පත්වලත් තවම දැකිය හැකියි. මෙරට සම්මාන දිනු සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක ද මෙයට සමාන ආකාරයේ වචන යෙදීමක් හා ජනතාව කලබලයට පත් කළ හැකි වාර්තාකරණයක් මීට සති කිහිපයකට පෙර මා දුටුවා.
HIV/AIDS මුල්වරට මෙරටින් වාර්තා වී වසර 25 කට පසුව පවා මෙබඳු අසංවේදි හා වගකීමෙන් තොර මාධ්‍ය වාර්තාකරණයක් සිදු වනු දැකීම කණගාටුදායකයි. දශක දෙකකට වැඩි කාලයක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙනත් රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන HIV ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හා සංවේදී කිරීමේ වැඩමුළු විශාල සංඛ්‍යාවක් පවත්වා තිඛෙනවා. මේ විෂය ආවරණය කරද්දී මාධ්‍යවේදීන්ට ඇති ගැටළු හා අභියෝග ගැන විවිධ සංවාදවලට මා ද සහභාගි වී තිඛෙනවා. එහෙත් කොයි තරම් මහන්සි වී වෙස් බැන්දත් පෙරහැර යන විට තවමත් පරණ පුරුදු හා අවිචාරශීලි ආකල්ප මතු වන බවක් පෙනෙනවා.
AIDS රෝගය මුලින් ම වාර්තා වී වසර තිහක් ගත වී තිඛෙනවා. අමෙරිකාවේ මුල් වරට මේ රෝග ලකෂණ සහිතව රෝගීන් වාර්තා වන්නට පටන් ගත්තේ 1981දී. එයට හේතුව HIV නම් වයිරසය බව සොයා ගත්තේ ඊට දෙවසරකට පසුව. අද HIV/AIDS ලෝක ව්‍යාප්ත වසංගතයක් හා ලෝකයේ ප්‍රධාන පෙළේ සංවර්ධන අභියෝගයක් බවට පත්ව තිඛෙනවා. අළුත් ම සංඛ්‍යා ලේඛනවලට අනුව 2010 අග වන විට HIV ශරීරගත වී ජීවත්වන සංඛ්‍යාව මිලියන් 34ක්. වසරකට අළුතෙන් ආසාදනය වන සංඛ්‍යාව මිලියන් 2.6ක්. HIV ආසාදනය උත්සන්න අවස්ථාවේ AIDS රෝගය ඇති වී මිය යන සංඛ්‍යාව වසරකට මිලියන් 2ට වැඩියි.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) මේ ජාතික ප්‍රශ්නයට වගකීම දරණ ප්‍රධාන ආයතනයයි. ඔවුන්ගේ වෙබ් අඩවිය කියන හැටියට තවමත් ලංකාව සැලකෙන්නේ ්‍යෂඪ ආසාදන සාපේකෂව අඩුවෙන් වාර්තාගත රටක් හැටියටයි. http://www.aidscontrol.gov.lk
ලංකාවේ මුල් ම HIV ආසාදිත පුද්ගලයා වාර්තා වුණේ 1986දී. ඔහු විදේශිකයෙක්. ඊළඟ වසරේ HIV ආසාදිත ලාංකිකයෙකු හමු වුණා. එදා පටන් HIV ආසාදනයට ලක් වූ සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වුවත්, තවමත් නිල වාර්තාවලට අනුව මෙරට HIV ආසාදිත සංඛ්‍යාව 1,429 යි. එමෙන්ම HIV ආසාදනයේ උච්ච අවස්ථාව වන AIDS රෝගයට ළඟා වී මිය ගිය සංඛ්‍යාව 221යි. 2011 සැප්තැම්බර් අග දක්වා මේ වසරේ අළුතෙන් වාර්තා වූ ්‍යෂඪ ආසාදිත සංඛ්‍යාව 114යි.
එසේ වුවත් HIV වයිරසය ශරීරගත වී ඒ බව දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙරට ජීවත් වන සංඛ්‍යාව 3,000 ඉක්මවන බව රජයේ HIV නිල වෙබ් අඩවිය අනුමාන කරනවා. එසේම HIV ආසාදන වඩාත් ශීඝ්‍ර ලෙස පැතිර යාමට දායක විය හැකි සාධක ගණනාවක් මෙරට තිඛෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මිලියන් එක හමාරක් පමණ ලාංකිකයන් විදේශ රැකියාවල නිරතන සිටින අතර නිරතුරු ආගමනය හා විගමනය කරනවා. යුද්ධයෙන් පසු සංචාරකයන්ගේ පැමිණිමේ සංඛ්‍යාත්මක වර්ධනයක් තිඛෙනවා.
HIV ආසාදිතයන් තම සැබෑ තත්තවය සෞඛ්‍ය සේවාවන්ට පවා හෙළි කිරීමට ඉදිරිපත් නොවන්නේ HIV/AIDS සම්බන්ධයෙන් මෙරට පුළුල් ලෙස පැතිර පවතින අපකීර්තිය (stigma) හා ඒ අයට එරෙහිව මතුව එන විචකෂණය හෙවත් වෙනස්කම් කිරීම (discrimination) බව ඒ පිළිබඳව කලක සිට පර්යේෂණ කරන වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් කියනවා. මෙය ලෝකයේ වෙනත් රටවල ද අඩු වැඩි වශයෙක් දැකිය හැකි අහිතකර ප්‍රවණතාවක්.
ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙකු වන වෛද්‍ය ආරියරත්න මේ පොත් පිංච ලිවීමට නිමිත්ත වූයේත්, HIV පිළිබඳව අපේ ජන සමාජයේ ප්‍රචලිත වූ මිථ්‍යා මත, බොරු භීතිකා හා විසම අදහස් දුරු කිරීම සඳහා නිරවුල් වෛද්‍ය විද්‍යාත්මක අවබෝධය යොදා ගන්නටයි. ඔහු ඒ පොත ලියා දශකයකට වැඩි කාලයක් ගත වී ඇතත් එදා සඳහන් කළ අභියෝග තවමත් අප හමුවේ ඇති බවත්, HIV ආසාදන සංඛ්‍යාව මේ කාලය තුල සිව් ගුණයකින් වැඩි වී ඇති බවත් සිහිපත් කිරීම වැදගත්. දෙසැම්බර් 1 වනදාට යෙදෙන ලෝක AIDS දැනුවත් කිරීමේ දිනය මේ ගැන සංවාදයකට නිමිත්තක් සපයනවා.
HIV ආසාදනයට ලක් වු අය නිරෝධායනය (quarantine) කිරීම අවශ්‍ය නැහැ. එයට හේතුව ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ අනාරකෂිත ලිංගික සම්බන්ධතා මගින් හා එන්නත් කරන ඉඳිකටු හරහා වීමයි. ආසාදිත වූවන් හුදකලා කිරීම වෙනුවට අවශ්‍ය වන්නේ ආරකෂිත උපක්‍රම සමග ආසාදිතයන්ට සමාජයේ හැකි තාක් සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට ඉඩකඩ සලසාදීමයි. HIV සමග ජීවත් වන කෙනෙකු සමග කථා බහ කිරීමෙන්, ස්පර්ශ කිරීමෙන් හෝ ඔවුන් අත තැබු යමක් භාවිත කිරීමෙන් වයිරසය පැතිරෙන්නට ඉඩක් නැහැ. මේ බව ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රබල ලෙස හුවා දැක් වූ අවස්ථාවක් වූයේ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය HIV සමග ජීවත්වන අය ප්‍රසිද්ධියේ වැළඳ ගැනීමේ මාධ්‍ය වාර්තාකරණයයි.
HIV සමග ජීවත් වන අයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සියලූම මූලික අයිතිවාසිකම් මෙන් ම අනෙකුත් නීතිවල රැකවරණය ද හිමි වන බව වෛද්‍ය වින්යා ආරියරත්න අවධාරණය කරනවා. පෞද්ගලිකත්වයට ඇති නිදහස, එහා මෙහා යාමට, විවාහ වීමට හා පවුලක් වීමට, රැකියාවක් කිරීමට, අධ්‍යාපනය ලැබීමට මෙන්ම මහජන සෞඛ්‍ය සේවාවන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද අන් හැම අයට මෙන් ම ඔවුන්ටත් අයිතිවාසිකම් ඇති බව ඔහු කියනවා. ඒ අතරම HIV වයිරසය අන් අයට පැතිරීම වැළැක්වීමට අවශ්‍ය ආරකෂිත පියවර ගැනීමේ යුතුකමක් හා වගකීමක් HIV ආසාදිතයන්ට තිඛෙනවා. මෙයට ලිංගික චර්යාව මෙන් ම ඉඳිකටු හෝ බ්ලේඩ්තල හවුලේ භාවිතය, ලේ හෝ අනෙක් ශරීර අවයව දන්දීම ආදිය ද ඇතුළත්.
වෛද්‍ය ආරියරත්න තම පොතෙහි අවධාරණය කරන තවත් කරුණක් නම් HIV/AIDS තව දුරටත් ඇතැම් සමාජ කොටස්වලට සීමා වූ ප්‍රශ්නයක් නොවන බවයි. “සියලූ සදාචාරයන්ගෙන් හෙබි සහ සියලූ වෘත්තීන්ගේ නියැළුණු ජනයා HIV ආසාදනයේ අවදානමට ලක්ව ඇත. එය සදාචාරය පදනම් කර ගත් රෝගි තත්තවයක් නොවේ.”
මෙසේ වුවත් ලාංකික සමාජය HIV/AIDS සම්බන්ධයෙන් භීතිය, කලබලය හා හෙළා දැකීම වැනි ප්‍රතිචාර දක්වන්නේ ඇයි? HIV සමග ජීවත්වන අයට එම තත්තවය විවෘතව කියන්නට හැකි සමාජ වාතාවරණයක් තවමත් අපේ රටේ නැත්තේ ඇයි? පළමු HIV ආසාදිතයා හමු වී වසර 25ක් ගත වී තිබියදීත් අප සමාජයක් හැටියට තවමත් මේ සමාජ අර්බුදය ගැන ඉතා ප්‍රථමික හා දරදඩු ආකල්පවල එල්බගෙන සිටින්නේ කුමන හේතු නිසා ද?
මේ ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු සොයා ගන්නට මට හැකි වුයේ නැහැ. එහෙත් මෙබඳු ප්‍රශ්න විවෘත සංවාදයට පාත්‍ර විය යුතු බව මා විශ්වාස කරනවා. එහිදී ජනමාධ්‍යයන්ට මීට වඩා කාර්යභාරයක් කළ හැකියි.
HIV/AIDs ගැන සන්නිවේදනයේදී මාධ්‍යවේදින්, දේශකයන් හා ගුරුවරුන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ගුණාංග හතරක් වෛද්‍ය ආරියරත්න හුවා දක්වනවා. එනම් තොරතුරු නිවැරදි හා අළුත් වීම, පෞද්ගලිකත්වයට ගරු කිරීම, විෂයයට අදාල වීම හා ආවේග මූලිකව සන්නිවේදනය නොකිරීමයි.
HIV ගැන දැනුවත් කිරීමේදී විශාල වැඩ කොටසක් කළ හැකි ජනමාධ්‍යවලින් ඒ ගැන අහිතකර මතිමතාන්තර පැතිරීමට ද ලොකු ඉඩක් ඇති බව ඔහු උදාහරණ සහිතව පෙන්වා දෙනවා. විශේෂයෙන් “AIDS මාරයා” වැනි යෙදුම්, මිනිස් හිස් කබල්, ඇට සැකිලි හා යකෂ රූප භාවිතය තුලින් මේ වයිරසය පිළිබඳ අනවශ්‍ය භීතියක් ජන මනසේ වර්ධනය විය හැකියි. එමෙන්ම සිනමා තරු හෝ ක්‍රීඩකයන් හෝ HIV ආසාදනය වීම පිළිබඳ ඕපාදූප කථා කරනවාට වඩා මේ ආසාදනයෙන් ප්‍රවේශම් වීම පිළිබඳ ප්‍රායෝගික සන්නිවේදනයක යෙදීමේ වැදගත්කම ඔහු අවධාරණය කරනවා.
HIV ආසාදිතයන් කොන් කිරීමට තුඩු දෙන ආකාරයේ විග්‍රහයන් ඉතා අහිතකරයි. අපේ ඇතැම් මාධ්‍යවල තවමත් වැඩි අවධානය යොමු වන්නේ ආසාදිතයකුගේ විවාහක – අවිවාහක බව, ලිංගික චර්යා නැඹුරුව, ඔහු/ඇය කරන රැකියාවේ ස්වභාවය ආදී කරුණුවලටයි. වාර්තාකරණයෙන් ඔබ්බට යන සුචරිතවාදයක් පෙරටු කර ගත් විට HIV පිළිබඳ ප්‍රශස්ත සන්නිවේදනයක යෙදීමට නොහැකි වනවා.
“ඒඩ්ස් රෝගීන්” මහා පව්කාරයන් බවත්, ඔවුන්ට එළව එළවා පහර දිය යුතු බවත්, ඔවුන්ගේ නම් ගම් හෙළිදරව් කරමින් ඔවුන් කොන් කළ යුතු බවත් මෙරට එක්තරා ජාතික පුවත්පත් කතුවරයෙකු මීට වසර කිහිපයකට පෙර තම කාර්යය මණ්ඩලයට පැවසු බව වැඩමුළුවකට ආ මාධ්‍යවේදියෙකු වරක් මට හෙළි කළා. HIV ආසාදිතයන් ගැන මෙරට සමාජයේ හැම ස්ථරයක ම පාහේ දැකිය හැකි අධිසුචරිතවාදී හා කුහක ආකල්ප මාධ්‍ය ෙකෂත්‍රයට ද පොදුයි.
එහෙත් තම පෞද්ගලික මතවාද මෙසේ පොදු ආකල්ප බවට පත් කරන්නට ඇතැම් මාධ්‍ය වෙර දැරීම කෙතරම් සාධාරණ ද? HIV වයිරසයේ පැතිරීමට එරෙහි හොඳ ම ආරකෂණය දැනුවත්කම බව පිළිගැනෙන අද කාලයේ එබඳු යහපත් සන්නිවේදනයක් කිරීමේ විශාල හැකියාවක් ඇති මාධ්‍ය ආයතන ඒ වෙනුවට HIV ආසාදිතයක් පිටු දකිමින් නින්දා අපහාස කිරීමට යොමු වීම කෙතරම් ඛේදජනක ද?
HIV ආසාදිතයන් ගැන කථා කරද්දී ඩෙංගු රෝගීන් ගැන කථා කරන සරල ලිහිල් මට්ටමට එහා යන අවබෝධයක් හා සංයමයක් මාධ්‍ය සන්නිවේදකයන් සතු විය යුතුයි. බස හැසිරවීමේදි පවා ඒ ප්‍රවේශම්කාරි බව අවශ්‍යයි. ඕනෑකම ඇත්නම් මෙබඳු වෙනස්කම් කළ හැකි බවට අපේ මාධ්‍යවලින් ම සාකෂි තිඛෙනවා. කලකට පෙර “අංගවිකල” (crippled) යන යෙදුම භාවිත කළත් අද “ආබාධිත” (disabled) යන්න යොදනවා. අඳ, ගොළු, බිහිරි වෙනුවට දෘශ්‍යාබාධිත ආදී වඩාත් සංවේදී වචන භාවිතයට ඇවිත්.
HIV/AIDS ගැන වසර 25ක් ගත වීමෙන් පසු හෝ වඩාත් සංවේදී මානුෂික වචන යෙදුමක් හා වාර්තාකරණයක් හදා ගත හැකි නම් කෙතරම් අපූරු ද?