I’ve been writing op-ed essays in newspapers for a decade, and features for a quarter century in mainstream, broadsheet newspapers. Do they make a difference? I often ask that myself. There are no easy ways to measure the influence or impact of what we write — except when a reader tells me how a particular piece changed his/her mind. It’s always good to have such feedback, but most people don’t reach out even when they like what they read.
In this week’s Ravaya column (in Sinhala), I ask the big question: can an op-ed article in a newspaper make a difference? I cite four specific instances where they did — leading to the founding of WWF, Amnesty International, Sri Lanka Eye Donation Society and the Suriya Mal Movement in Sri Lanka that was a peaceful defiance of British rule in early 20th century Ceylon.

‘පත්තරවලට ලියන්න ලැජ්ජා නැද්ද?’
මීට වසර කිහිපයකට පෙර මේ ප‍්‍රශ්නය මට යොමු කළේ ව්‍යාපාර කළමණාකාරීත්ව ක්‍ෂෙත‍්‍රයේ ඉහළට උගත්, රටේ සිදු වන දේ ගැන අවධියෙන් සිටින තරුණ වෘත්තිකයෙක්. ඇතැම් දෙනා මෙන් ඔහු සාවඥව කථා කරන්නකු ද නොවෙයි.
ඔහුට සැබැවින් ම ප‍්‍රශ්නයක් වී තිබුණේ මගේ නමින් ඉංග‍්‍රීසි හා සිංහල පුවත්පත්වලට ලිවීම මා දිගින් දිගට කරන්නේ ඇයි ද යන්නයි. මෙරට ජනමාධ්‍ය කලාව හා කර්මාන්තය ගැන පාඨකයකු හැටියට පමණක් හදුනන ඔහුගේ අවංක ආකල්පය වූයේ විසමතා රැසක් කැටි කර ගත් මේ ක්‍ෂෙත‍්‍රයේ සිය ආත්ම ගරුත්වය හා විශ්වාසනීයත්වය ගැන තකන කිසිවකුත් තව දුරටත් නොසිටිය යුතු බවයි.
වසර 25ක් තිස්සේ මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ විවිධාකාරයෙන් නියැලී සිටින මගේ මනසේ ද විටින් විට මතුවන ප‍්‍රශ්නයක් නම් මේ අප ලියන දෙයින් ජන සමාජයට හා පොදු උන්නතියට දායකත්වයක් ලැබේ ද යන්නයි.
හැම පුවත්පත් ලිපියක් ම එක හා සමාන වැදගත් වන්නේ නැහැ. ඇති කරන කෙටි කාලීන හා දිගු කාලීන සමාජයීය බලපෑම් ද වෙනස්. පුවත්පත් හා සගරාවල පළ වන ලිපි අති බහුතරයක් ඒ මොහොතේ කියවා පසෙක තබන නමුත් ඉඳහිට කලක් පවතින සමාජයීය වෙනස්කම් හා චින්තන විප්ලවයන් කරන්නට ලිපියක් සමත් වනවා. එයට ලේඛකයාගේ කරුණු ගවේෂණය හා ඉදිරිපත් කිරිමේ දක්ෂකම මෙන් ම එය පළ වීමෙන් පසු සමාජය එයට දක්වන ප‍්‍රතිචාරය ද බලපානවා.
අප කථා කරන්නේ ප‍්‍රවෘත්ති වාර්තාකරණය ගැන නොවෙයි. විශේෂාංග ලිපි හා මති මතාන්තර ලිපි ගැනයි. මේවා බොහෝ විට පුවත්පතක මාණ්ඩලික ලේඛකයන් නොව බාහිරව සිටින අය ලියන ඒවායි. පොදු උන්නතියට කැප වු බුද්ධිමතුන් (public intellectuals) සමාජමය වශයෙන් වැදගත් කාලීන මාතෘකා ගැන මහජන හා රජයේ අවධානය යොමු කිරිමටත් මෙබදු ලිපි යොදා ගැනීම ලොව ප‍්‍රචලිත සම්ප‍්‍රදායක්.
පුවත්පතක පළ වූ ලිපි නිසා පැහැදිලි සමාජ ප‍්‍රතිචාරයක් හා ක‍්‍රියාදාමයක් ඇති වූ බවට උදාහරණ හතරක් මට සිහිපත් වනවා.
1960 නොවැම්බර් 13 වනදා බි‍්‍රතාන්‍යයේ The Observer පත‍්‍රයට විද්වත් ලිපියක් ලියමින් ප‍්‍රකට ජීව විද්‍යාඥයකු වූ ආචාර්ය ජුලියන් හක්ස්ලි (Julian Huxley) අප‍්‍රිකාවේ වනජීවින් රැක ගැනීමට ජාත්‍යන්තර පෙළ ගැස්මක් අවශ්‍ය බවට ආයාචනයක් කළා. යුනෙස්කෝව වෙනුවෙන් නැගෙනහිර අප‍්‍රිකානු රටවල් 10ක කළ සංචාරයකදී මිනිස් ක‍්‍රියාකාරකම් නිසා වනාන්තර හා වනජීවීන් මහා පරිමානයෙන් විනාශ වන සැටි තමා දුටු බවත්, මේ ප‍්‍රවණතා දිගට ම පැවතුණොත් දශක කිහිපයක් තුළ සමස්ත අප‍්‍රිකානු වනජීවී සමුහය වඳ වී යනු ඇත බවටත් ඔහු අනතුරු ඇගවූවා. වනාන්තර හා තණබිම් මිනිස් ජනවාස සඳහා එළි කිරිම. වගා බිම්වල ගවයන් ඇති කිරිම, දඩමස් සදහා වනසතුන් මැරිම, වනාන්තරවලට ගිනි තැබීම ආදි තර්ජන රැසක් ගැන තමා විසින් ම ගත් ජායාරූප ද සමග ඔහු සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කළා.
කොටස් තුනකින් පළ වූ මේ ලිපිය කියැවු වික්ටර් ස්ටෝලන් නම් ව්‍යාපාරිකයා වන ජීවීන් බේරා ගැනීමට අරමුදලක් පිහිටුවිය යුතු බවට හක්ස්ලිට ලියුමක් ලියමින් යෝජනා කළා. තවත් ජීව විද්‍යාඥයක් කිහිප දෙනෙකු ද එකතු කර ගනිමින් ලෝක ව්‍යාප්ත වනජීවි අරමුදල (World Wildlife Fund, WWF) නමින් සංරක්ෂණ සංවිධානයක් බිහි වූයේ ස්ටෝලන්ගේ උනන්දුව හා මුලික පරිත්‍යාග නිසයි. තවත් ධනවත් ව්‍යාපාරිකයන් ගණනාවක් මේ සඳහා පරිත්‍යාග කිරිමට ඔහු කැමති කරවා ගත්තා.
WWF නිල වශයෙන් පිහිටු වනු ලැබුවේ 1961 අපේ‍්‍රල් 29දා. එහි මුල් කාර්යාලය ස්විට්සර්ලන්තයේ මෝර්ජස් නුවර විවෘත කළා. අද වන විට WWF සංවිධානයට ලෝකයේ රටවල් 100ක පැතිරුනු සාමාජිකයන් මිලියන් 5ක් සිටිනවා. එය ලෝකයේ බලගතු සංරක්ෂණ සංවිධානයක්. එහි ලාංජනය වන පැන්ඩා ලකුණු ලොව වඩාත් ම හොදින් හදුනන ප‍්‍රචාරණ සංකේතයක් (Brand).
දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රගතශීලි මති මතාන්තරවලට ඉඩ දෙන, වඩාත් ම පාඨක විශ්වාසය දිනු පුවත්පත් ලෙස මතුව ආයේ The Observer පත‍්‍රයයි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ පුවත්පත් ලෙහෙසියෙන් ඉඩක් නොදෙන අසම්මත තේමා හා මතවාද සඳහා මේ පත‍්‍රය සිය පිටු විවෘත කළා.
1961 මැයි 28දා The Observer පත‍්‍රයේ විද්වත් ලිපියක් ලියමින් පීටර් බෙනෙන්සන් (Peter Benenson) නම් නීතිඥයා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය (UDHR) 1948දී සම්මත කර ගත්ත ද ලොව බොහෝ රටවල එහි අඩංගු මුලික මානව අයිතීන් කඩ වන බවත්, ඒ ගැන උද්ඝෝෂණය කිරීමට එකමුතුවක් අවශ්‍ය බවත් පෙන්වා දුන්නා. ඔහු විශේෂ අවධානය යොමු කළේ ප‍්‍රඥප්තියේ 18 වන වගන්තිය (චින්තන හා මත දැරිමේ නිදහස) හා 19 වන වගන්තිය (අදහස් ප‍්‍රකාශනයේ නිදහස) ගැනයි.
රටේ නීතියට අනුව කිසිදු වරදක් නොකළත් පාලකයන්ට නොරිසි, විරුද්ධ මතයක් දැරීමේ හා ප‍්‍රකාශ කිරීමේ හේතුව නිසා පීඩාවට පත් කොට සිර ගත කරනු ලබන පුද්ගලයන් ‘දේශපාලන සිරකරුවන්’ ලෙස හදුන්වනවා. මෙබදු මතධාරීන් හා ක‍්‍රියාකාරිකයන් වෙනුවෙන් හ`ඩක් නගන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානය පිහිටුවීමට මේ ලිපියේ රචකයා මුලික වුණා. එයට නිමිත්ත වුයේ 1961 ඔහු ලියු ලිපියට ලැබුණු පාඨක ප‍්‍රතිචාරයයි. ඒ ලිපිය පළ වී සති කිහිපයක් තුළ ලන්ඩන් නුවර සුළුවෙන් ඇරුඹුණු ඇම්නෙස්ටි සංවිධානයට අද සාමාජිකයන් මිලියන් 3කට අධික සංඛ්‍යාවක් සිටිනවා.
උඋත් මෙන් ම ඇම්නෙස්ටි ද සිය අරමුදල් සම්පාදනය කර ගන්නේ මහජන පරිත්‍යාගවලින්. ලොකු කුඩා ඕනෑ ම ගණනක් පරිත්‍යාග ලෙස ඔවුන් බාර ගන්නවා. ඇම්නෙස්ටියේ ලාංජනය වන්නේ කටු කම්බියකින් වට වූ, දැල්වෙන ඉටිපන්දමක්. අන්ධකාරයට සාප කරනු වෙනුවට පහනක් දල්වන්න යන්න එයින් සංකේතවත් කැරෙනවා. 1977 නොබෙල් සාම ත්‍යාගය ලැබූ මේ ලෝක ව්‍යාප්ත සංවිධානය ඇරඹුණේ පුවත්පත් ලිපියකින්.
ශ‍්‍රී ලංකාවේ ද වසර 180 ක පුවත්පත් ප‍්‍රකාශන ඉතිහාසයක් තිබෙනවා. (මුල් ම ඉංග‍්‍රීසි පුවත්පත් පළ වූයේ 1832දී). මේ ඉතිහාසය තුළ වැදගත්, හරවත් ලිපි රැසක් අපේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රිසි පුවත්පත්වල පළ වී තිබෙනවා. රටට, සමාජයට දිගු කාලීන බලපෑමක් ඇති කළ ලිපිවලට උදාහරණ දෙකක් මට සිහිපත් වනවා.
පළමුවන ලෝක යුද්ධය නිල වශයෙන් හමාර වූ දිනය ලෙස සැළකෙන්නේ 1918 නොවැම්බර් 11දායි. එදා පටන් හැම වසරක ම නොවැම්බර් 11දා යුද්ධ සමරණ දිනය ලෙස බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට නතුව තිබූ හැම රටක ම සැමරීම කැරුණා. යුද්ධයට ගොස් පැමිණි හමුදා සෙබළුන්ට හා ඔවුන්ගේ පවුල්වලට අනුග‍්‍රහය දැක්වීමට පොපි මල් විකුණා මුදල් එකතු කිරිම සම්ප‍්‍රදායක් වුණා.
සැතපුම් දහස් ගණනක් දුරු රටක විශ‍්‍රාමික හමුදා සෙබළුන්ට ආධාර එකතු කිරිමට වඩා ලංකාවේ දුගී දුප්පත් මිනිසුන්ට උපකාර කිරිම වඩාත් වැදගත් හා හදිසි අවශ්‍යතාවයක් යයි විකල්ප මතයක් 1933 නොවැම්බරයේ Ceylon Daily News පත‍්‍රයේ ලිපියක් හරහා මතු වුණා. එය ලියා තිබුණේ ඊට වසර තුනකට පෙර ලංකාවේ ඉගැන්වීමට පැමිණි ඩොරීන් යංග් (Doreen Young)නම් බි‍්‍රතාන්‍ය ජාතික තරුණියක් විසින්. (ඇය පසුව වාමාංශික දේශපාලන නායක ආචාර්ය එස්. ඒ. වික‍්‍රමසිංහ සමග විවාහ වුණා).
මේ ලිපිය එවකට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ දැඩි නොසතුටට හේතු වුවත් රැඩිකල්වාදී හා නිදහස් මතධාරි ලාංකිකයන්ගේ ප‍්‍රශංසාවට ලක් වුණා. පොපි මල් වෙනුවට සුරිය මල් අලෙවි කරමින් මෙරට අවශ්‍යතා සඳහා මුදල් එකතු කිරිමේ සුරියමල් ව්‍යාපාරය ඒ වන විටත් යුද්ධයේ සේවය කළ ලාංකික හමුදා භටයන් කිහිප දෙනෙකු විසින් සුළුවෙන් අරඹා තිබුණා. එය වඩාත් පණ ගැන්වී, දේශපාලන මුහුණුවරක් ද සහිතව පෙරට ආවේ මේ ලිපිය පළවීමෙන් අනතුරුව හට ගත් ආන්දෝලනය නිසා බව ඉතිහාස වාර්තා සඳහන් කරනවා.
1958 ජනවාරි 19 වනදා ලංකාදීප පත‍්‍රයේ ‘මළ නෙතට පණ’ නමින් ලිපියක් පළ වුණා. එය ලියා තිබුණේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුට සිටි හඞ්සන් සිල්වා නම් තරුණයායි. නිරෝගී නෙත් යුවලක් හිමි කෙනකු මිය ගොස් පැය කිහිපයක් ඇතුළත ඒ නෙත්වල කුණිතය (cornea) වෛද්‍ය විද්‍යාත්මකව හා ඥාතීන්ගේ අවසරය ඇතිව ගලවා ගෙන හැකි ඉක්මණින් එය බද්ධ කිරිම හරහා ඇතැම් දෘශ්‍යාබාධවලින් ඇස් පෙනීම අඩාල වූ අයට නැවත පෙනීම ලබා දිය හැකි බව ඔහු කියා සිටියා. එය ඒ වන විටත් වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ක‍්‍රමවේදයක් බවට පත්ව තිබුණත් බොහෝ රටවල විශාල ප‍්‍රශ්නයක් වූයේ දන් දීමට කුණිත සොයා ගැනීමේ අපහසුතාවයි.
ඇතැම් ආගම් හා සංස්කෘතීන්ගේ මිය ගිය කෙනකුගේ අවයව (බද්ධ කිරිමට) ඉවත් කිරිමට අවසරයක් නැහැ. 1955 අංක 55 දරණ ඇස් දන්දීමේ පනත මෙරට සම්මත වී තිබුණත් රෝහල්වලට අවශ්‍ය තරම් කුණිතයක් සොයා ගැනිමට නොහැකි වී තිබුණා. එයට පිළියමක් ලෙස (බෞද්ධ සංස්කෘතික උරුමයේ ඉඩ දී ඇති පරිදි) අක්ෂිදාන සංගම් රට පුරා පිහිටු විය හැකි බවත්, තම ඇස් මරණින් පසු දන්දීම සඳහා ජීවත්ව සිටියදී ම ප‍්‍රතිඥා දීමට ලාංකිකයන්ට හැකි බවත් මේ ලිපියෙන් හඞ්සන් සිල්වා යෝජනා කළා.
පසු කලෙක අක්ෂිදාන ව්‍යාපාරය හා ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය නමින් ජන සංවිධානයක් බිහි වුයේත්, ලොව පුරා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් අත්කර දෙන ඇස් දන් දීමේ සත්කාර්යය ඇරඹුණෙත් මේ පුවත්පත් ලිපියෙන්.
මගේ උදාහරණ හතර ම මීට දශක කිහිපයකට පෙර පළ වූ පුවත්පත් ලිපි ගැනයි. ටෙලිවිෂන් නොතිබුණු හා නව මාධ්‍ය බිහි වීමට පෙර පැවති ඒ යුගයේ අද තරම් මාධ්‍ය ආයතන සංඛ්‍යාවක් තිබුණේ නැහැ. ඒ නිසාදෝ පත්තරයක, සගරාවක හොඳ ලිපියක් පළ වූ විට ඒ ගැන වාද විවාද ඇති වීමට වැඩි ඉඩක් තිබුණා. එමෙන් ම අසම්මත මාතෘතකාවක් ගැන වුවත් තර්කානුකූල ලිපියක් විද්වතුකුගෙන් ලද විට නොබිය එය පළ කිරිමට එකල පුවත්පත් කතුවරුන් හා ප‍්‍රකාශකයන් මැලි වුයේ නැහැ. එය ඞී ආර් විජේවර්ධනගේ සිට ඞී බී ධනපාල දක්වා පැවත ආ ගුණාංගයක්.
අද සමාජ යථාර්ථය හා මාධ්‍ය කර්මාන්තයේ ස්වභාවය සහමුලින් ම වෙනස්. පාඨකයන් සලිත කරවා පොදු උන්නතියට වැදගත් කරුණක් ගැන සමාජය කුළු ගන්වන ලිපි ඉඳහිට තවමත් ලියැවුණත් එයට ප‍්‍රතිචාර දක්වන්නේ කීයෙන් කී දෙනා ද? අපේ පුවත්පත් කලාවේ ස්වර්ණමය යුගය අවසාන ද?