සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Nelson Mandela whose 95th birthday was on 18 July 2013 — which was marked worldwide as Nelson Mandela Day.
See also my English essay published earlier this week:

Waiting for My Own Mandela…not any longer!

(Note: The two cover similar ground, but I don’t translate myself.)

President Nelson Mandela at UN General Assembly Oct 1995 - UNDPI Photo by G  Kinch

‘‘පිටසක්වල බුද්ධිමත් ජීවීන් රැගත් යානයක් පැමිණ ඔබේ ලෝකයේ නායකයා වෙතට අප යොමු කරන්න යැයි ඉල්ලා සිටියොත් මා නොපැකිලාව කියන්නේ නෙල්සන් මැන්ඩෙලා හමු වන්නට කියායි. ඔහු තරම් අපේ මානව සංහතියේ ඉදිරි දැක්ම හා අපේක්‍ෂා සංකේතවත් කළ තවත් නූතන නායකයකු මට නම් සිතා ගන්නට බැහැ.’’

මා එසේ (ඉංගී‍්‍රසියෙන්) ලිව්වේ මීට දශකයකට පමණ පෙර. එය කියවූ බොහෝ දෙනෙකු එයට එකඟ වූයේ දකුණු අපි‍්‍රකානු නායකයා වැනි පරමාදර්ශී චරිතයක් මුඵ ලෝකයේ ම දායාදයක් වන නිසායි. සියඵ මතවාද පසෙක දමා අප නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් එක් සිත් වන්නේ එබැවින්.

මැන්ඩෙලා ජනාධිපති සිටියදී වරක් ඔහුට සජීව ලෙස සවන් දීමේ අවස්ථාව මට ලැබුණා. ඒ 1995 ඔක්තෝබරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 50ක් පිරීම නිමිත්තෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවර එජා මූලස්ථානයේ පැවැත් වූ රාජ්‍ය නායක මහ සමුඵවේදී. ලෝක ව්‍යාප්තව තරගකාරී මට්ටමින් පිරිනැමෙන මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලබා මා ඒ දිනවල සිටියේ එජා සංවිධානය අධ්‍යයනය කරමින් හා වාර්තා කරමින්.

1995 ඔක්තෝම්බර් 22-24 තෙදින තුළ රාජ්‍ය නායකයන් හා ආණ්ඩු නායකයන් 150කට අධික සංඛ්‍යාවක් එහි පැමිණියා. ඒ අතර කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ, පලස්තීන නායක යසර් අර්ෆත් ආදී විචිත‍්‍ර චරිත සිටියත් මා ඉතා  ඕනෑකමින් සවන් දුන්නේ නෙල්සන්  මැන්ඩෙලාටයි.

මෙබඳු විශෙෂ අවස්ථාවල හැම රාජ්‍ය නායකයාට ම ලැබෙන්නේ විනාඩි 5ක් පමණයි. අන් බොහෝ නායකයන් සාම්ප‍්‍රදායික රාජ්‍ය තාන්ති‍්‍රක කථා කරද්දී තමන්ට ලැබුණු තත්පර 300න් මැන්ඩෙලා උපරිම ප‍්‍රයෝජන ගත් සැටි මට මතකයි.

එය දාර්ශනික වූත්, කාව්‍යමය වූත් කථාවක්. සියඵ දකුණු අප‍්‍රිකානුවන්, සියඵ අපි‍්‍රකානුවන් මෙන් ම දුප්පත් හා අසරණ ලෝකයේ සැම තැනෙක ම වෙසෙන සියඵ දෙනා වෙනුවෙන් ඔහු කථා කළා. එසේ කථා කිරීමේ සදාචාරමය අයිතියක් ඔහුට තිබූ බවට විවාදයක් නැහැ.

නිව්යෝක්හි ගත කළ සති කිහිපයේ මගේ කාමර සගයා වූයේ එවකට 25 හැවිරිදි වූ, දකුණු අපි‍්‍රකානු විද්යුත් මාධ්‍ය සංස්ථාවේ (SABC) නිෂ්පාදක ඩාන්ටේ මෂීලේ (Dante Mashile). 1990දී වර්ණභෙදවාදී ප‍්‍රතිපත්ති අත් හිටු වන විට ඔහුට වයස 20යි. මේ නිසා කඵ සමක් සහිතව ඉපදීම නිසා ම සිය මවු රටේ විදින්නට සිදු වූ අවමන් හා අසාධාරණකම් ගැන අත්දැකීම් හා මතකයන් ඔහුට තිබුණා.

මැන්ඩෙලා ඇතුඵ ANC (African National Congress) පාක්‍ෂිකයන්ගේ දශක ගණනක අරගලය නිසා නොවන්නට තමා වැන්නකුට කිසි දිනෙක SABC නියෝජනය කරමින් පිටරටකට යන්නට හෝ තමන්ගේ කුසලතාවන්ට සරිලන රැකියාවක නිරත වන්නට හෝ ඉඩ නොලැබෙන බව ඩාන්ටේ පුන පුනා කී දෙයක්.

1994 වසර ඩාන්ටේගේ රටේ මෙන් ම මගේ රටේත් දේශපාලන සංධිස්ථානයක් සනිටුහන් කළා.

1994.04.27දා පැවැත් වූ, දකුණු අපි‍්‍රකාවේ සියඵ වැඩිහිටියන්ට සර්වජන ඡුන්ද බලය හිමි වූ මුල් ම මහ මැතිවරණයෙන් ANC ජයග‍්‍රහණය කළා. එහි නායකයා හැටියට මැයි 10දා නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකානු ජනාධිපති ලෙස දිවුරුම් දී වැඩ ඇරඹුවා.

ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ එදා මෙදා තුර අපේක්‍ෂකයකු ලද ඉහළ ම ඡුන්ද ප‍්‍රතිශතය (62%) ලබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති බවට පත් වූයේ ඊට මාස කිහිපයකට පසු 1994 නොවැම්බර් 12දා.

1995 ඔක්තෝබර් වන විටදීත් මේ නායකයන් දෙපළ ගැන අපේක්‍ෂා රැසක් ඩාන්ටේ හා මා වැනි තරුණයන් තුළ පැවතුණා. නිව්යෝක් නුවර වැස්ස හා සීතල මැද්දේ හිමිදිරියේ අපේ දෙරටේ නායකයන් එජා සමුඵව අමතනු අසන්නට අප පෙළ ගැසුණේ ඒ නිසායි. ලෝක ඉතිහාසයේ එතෙක් පැවති ලොකු ම නායක හමුවට දැඩි ආරක්‍ෂක රැකවරණ යොදා තිබුණා.

1994-1999 වකවානුවේ පස් අවුරුදු ධූර කාලයක් නිමා කළ මැන්ඩෙලාට ලෙහෙසියෙන් ම තවත් ධූර කාලයකට නීතමය අවසරය තිබුණා. ජන ප‍්‍රසාදය ද පැවතුණා. එහෙත් බොහෝ අපි‍්‍රකානු නායකයන් මෙන් බලලෝභීව තනතුරේ එල්ලී සිටිනු වෙනුවට ඔහු ගෞරවනීය ලෙස විශ‍්‍රාම ගියා.

ඒ වන විට මුඵ ලෝකයට ම ආදර්ශයක් වන ඉතා ප‍්‍රගතිශීලි නව ව්‍යවස්ථාවක් හා තවත් ජන හිතකාමී රාජ්‍ය ප‍්‍රතිපත්ති රාශියක් ඔහු හඳුන්වා දී තිබුණා. ජනපි‍්‍රයත්වය සඳහා සිල්ලර වැඩ කරනවා වෙනුවට දිගු කාලීනව හිතකර ක‍්‍රමීය වෙනස්කම් කිරීමත්, ඒ සඳහා අවශ්‍ය බහු විධ මත සන්ධානයන් ගොඩ නැගීමත් මැන්ඩෙලාගේ සුවිශෙෂී නායකත්වයේ සළකුණක්.

අඩ සියවසක් තිස්සේ වර්ණභේදවාදී රාජ්‍ය තන්ත‍්‍රයට පෑගී, මිරිකී සිටි බහුතරයක් දකුණු අපි‍්‍රකානුවන් තමන්ගෙන් ඉක්මන් ප‍්‍රතිඵල බලාපොරොත්තු වන බව මැන්ඩෙලා දැන සිටියා. එමෙන්ම ඓතිහාසික අකටයුතුකම් හා අසාධාරණයන් ගැන කල්ගත වී හෝ විභාග කිරීමත්, යුක්තිය ඉටු කිරීමත් අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තා.

එසේ වුවත් දකුණු අපි‍්‍රකාව නිජබිම කර ගත්, බුද්ධිමත් හා කාර්යශූර සුදු හම ඇති විශාල පිරිසක් සිටින බවත්, නව දේශය ගොඩ නැංවීමේදී ඔවුන්ගේ අත්දැකීම් හා දක්‍ෂතා නැතිව බැරි බවත් මැන්ඩෙලා දුරදක්නා නුවණින් වටහා ගත්තා.

මුඵ ලෝකයේ ම ප‍්‍රශංසාවට ලක් වූයේ දශක ගණනක් කඵ ජනයා හිංසනයට හා පීඩනයට ලක් කළ සුදු දකුණු අපි‍්‍රකානුවන් (රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක හමුදා හා පොලිස් නිලධාරීන්, වර්ණභෙදවාදය සාධාරණීකරණය කළ අවස්ථාවාදී විද්වතුන්) සියඵ දෙනාට සමාව දීමේ අසාමාන්‍ය කි‍්‍රයාදාමයයි.

රාජ්‍ය බලය හා පාර්ලිමේන්තු බහුතරය යොදා ගෙන සුදු දකුණු අපි‍්‍රකානුවන්ගෙන් පළි ගැනීමට මැන්ඩෙලාට  ඕනෑ තරම් අවකාශ තිබුණා. වර්ණභෙදවාදය යටතේ දැඩි කොන්කිරීම් හා වද දීම්වලට ලක් වූ ANC පාක්‍ෂිකයන් සමහරුන් ද බල කර සිටියේ එබන්දක් කළ යුතු බවයි.

එහෙත් වෛරීය හෝ ද්වේශ සහගත මාර්ගයක් වෙනුවට සමාව දෙමින් පාඩම් උගැනීමේ මාර්ගයට (forgive, but not forget) අමාරුවෙන් වුවත් මේ විශාල රට යොමු කරන්නට මැන්ඩෙලා සමත් වුණා.

ඔහුගේ නායකත්වය යටතේ මේ ආදර්ශවත් මානුෂීය පිළිවෙත් කි‍්‍රයාත්මක කරන්නට තවත් දේශපාලන හා සමාජ නායකයන් ගණනාවක් ඉදිරිපත් වීම තීරණාත්මක ලෙස බලපෑවා. 1984 නොබෙල් සාම ත්‍යාගය ලද, වර්ණභෙදවාදයට ජීවිත කාලය ම එරෙහි වූ කේප්ටවුන්හි ආච්බිෂොප්වරයා ලෙස කටයුතු කළ ඩෙස්මන්ඞ් ටූටූ (Desmond Tutu) ඒ අතර කැපී පෙනුණා. දකුණු අපි‍්‍රකාවේ සත්‍යය සෙවීමේ හා සංහිදියාවේ කොමිසමේ ප‍්‍රධානියා ලෙස 1995-98 කාලයේ ඔහු දැඩි සංයමයකින් යුතුව මෑත ඉතිහාසයේ මානව හිමිකම් උල්ලංඝනයවීම් විමර්ශනය කළා. (South African Truth and Reconciliation Commission)

මැන්ඩෙලා කිසි දිනක මුණ ගැසී කථා නොකළත් ඔහුගේ කථාව ලොවට කී හා ඔහුගේ අරගලයට සහාය දුන් ලේඛකයන් දෙදෙනකු හදුනා ගන්නට මට අවස්ථාව ලැබුණා. මේ දෙදෙනා ම සමේ වර්ණයෙන් සුදු වීම ඔවුන්ගේ කාර්යයට කිසිසේත් බාධාවක් වූයේ නැහැ.

කි‍්‍රස්ටිනා ස්කොට් (Christina Scott) කැනඩාවේ උපත ලබා පසු කලෙක දකුණු අපි‍්‍රකාවට සංක‍්‍රමණය වූ ලේඛිකාවක් හා රේඩියෝ මාධ්‍යවේදිනියක්. ඇය, මැන්ඩෙලා ගැන චරිතාපදානයක් රචනා කළා. ඔහුගේ ජීවිත කථාව හා නිදහසේ අරගලය ගැන සරල ඉංගී‍්‍රසියෙන් කියැවෙන ඒ කෘතිය සඳහා විවිධ අවස්ථාවල ඇය මැන්ඩෙලා හා ඔහුගේ කාර්ය මණ්ඩලය සමග තොරතුරු ගවේෂණය කළා.

මැන්ඩෙලා හා ANC ගැන 1960 දශකය මැද සරසවි සිසුවකුට සිටින කාලයේ පටන් මහත්  ඕනෑකමින් වාර්තා කරන අනෙක් මිතුරා නම් අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෂෙක්ටර් (Danny Schechter). වර්ණභේදවාදයට එරෙහි අරගලය බටහිර මාධ්‍ය වලින් දිගට ම වාර්තා කිරීමේ දී ඔහු ඉමහත් සේවයක් කර තිබෙනවා. South Africa Now නම් ටෙලිවිෂන් කාලීන පුවත් වැඩසටහනක් වසර තුනක් (1988-1991) සතිපතා නිෂ්පාදනය කළ ඔහු මැන්ඩෙලා ගැන ගවේෂණාත්මක වාර්තා චිත‍්‍රපට පහක් ද නිපදවා තිබෙනවා.

ඩැනී කියන්නේ මැන්ඩෙලා සිය දිගු ජීවිතය පුරා යථාර්ථයේ අභියෝගවලට ප‍්‍රතිචාර දක්වමින් පරිනාමය වූ බවයි. තරුණ වියේ රාජ්‍ය හිංසනයට එරෙහිව ඔහු යටිබිම්ගත විප්ලවවාදියකු වුණා. මර්දනකාරී රාජ්‍යයට එරෙහිව සැළසුම් හා ආක‍්‍රමණ කළා. ඉනික්බිති දේශපාලන සිරකරුවකු ලෙස ඔහු වඩාත් තර්කානුකූලව හා සානුකම්පිත ලෙසින් සිය රටේ ගැඹුරට කිදා බැස ගත් බෙදීම්වලට මුල අවබෝධ කර ගෙන විසඳුම් ගවේෂණය කළා.

ප‍්‍රතිපත්තිගරුක එහෙත් ප‍්‍රායෝගික නායකයකු ලෙස මැන්ඩෙලා විවිධ මතධාරී කැරලිකරුවන් හා කි‍්‍රයාකාරිකයන් ඒකරාශී කළා. ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්‍ෂා බිඳ වැටෙන්නට නොදී දිගු ගමනක් ගියා. අන්තිමේ දී මුඵ ලෝකයේ ම සම්මානනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියකු හා සදාදරණීය පරමාදර්ශී චරිතයක් බවට පත් වුණා.

ඩැනී කියන හැටියට: ‘‘මැන්ඩෙලා අංග සම්පුර්ණ මිනිසෙකු නොවෙයි. ඔහුගේ චරිතයේ දුර්වල තැන් තිබුණා. ඔහු සමහර විට නාහෙට නාහන කෙනෙක්. යම් අවස්ථාවල ඔහුගේ ස්ථාවරයන්හි පරස්පර විරෝධතා ද තිබුණා. එහෙත් ඔහුගේ අවංක බව හා කැපවීම පිළිබඳ නම් කිසිවකුත් කිසි විටෙක සැක කළේ නැහැ. තම පාක්‍ෂිකයන්ගේ පමණක් නොව විරුද්ධවාදීන්ගේ පවා ගෞරවයට ඔහු ලක් වූයේ මෙසේ විවෘත මනසකින් සත්‍ය ගරුක වීම නිසා යයි මා සිතනවා.’’

මැන්ඩෙලා තමාට වන්දනාමාන කරන වන්දිභට්ට පිරිසක් (cult) බිහි වන්නට ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනුවට තම චින්තනය හා ඉදිරි දැක්ම ප‍්‍රවර්ධනය කරන ලෝක ව්‍යාප්ත පදනමක් (Nelson Mandela Foundation) හා ජාතියේ මතකය සුරකින ආයතනයක් (Nelson Mandela Centre of Memory) බිහි කරන්නට අනුගාමිකයන් හා අනුග‍්‍රාහකයන් යොමු කළා.

වසර 40ක් පමණ තිස්සේ දකුණු අපි‍්‍රකාවේ සමාජයීය හා දේශපාලන ප‍්‍රවණතා විග‍්‍රහ කරන ඩැනී ෂෙක්ටර් කියන්නේ මැන්ඩෙලා ඇතුඵ ANC පරමාදර්ශවාදීන්(idealists) කලක් තිස්සේ සිහින මැවූ සර්ව සාධාරණ හා සමානාත්මතාවය රජයන දකුණු අප‍්‍රිකාවක් තවම බිහි වී නැති බවයි. සුදු ධනපතියන් පමණක් වෙනුවට සුදු, කඵ හා දුඹුරු ධනපතියන්ට දුගී ජනයා සූරාකෑමට මාර්ගය සැළසුවා යයි ඇතැම් දෙනා මැන්ඩෙලාට දොස් කියනවා.

එහෙත් මහා විනාශයක් අභිමුඛව සිටි සුවිසල් රටක් 1994 මැයි මාසයේ බාර ගෙන, වසර 5ක් තුළ එය දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමට පත් කිරීම ඔහුගේ ලොකු ජයග‍්‍රහණයක්.

දකුණු අපි‍්‍රකාව යනු අපි‍්‍රකා මහාද්වීපයේ විශාලතම ආර්ථිකයයි. අද එය දියුණු වන ලෝකයේ ප‍්‍රබල ආර්ථිකයන් අතර ප‍්‍රමුඛයි. එහෙත් දුගී දුප්පත්කම, අපරාධ හා ප‍්‍රචණ්ඩත්වය හා වෙනත් බොහෝ සමාජයීය හා සංවර්ධනාත්මක අභියෝග රැසක් ඔවුන් හමුවේ තිබෙනවා.

මැන්ඩෙලා විශ‍්‍රාම ගියේ ක‍්‍රමීය විපර්යාසයන් සිදු කොට, ආයතනික ව්‍යුහයක් ඇති කිරීමෙන් පසුවයි. ඔහුගෙන් පසුව බලයට පත් වූ නායකයන්ට ඔහුට තරම් පුඵල් චින්තනයක් හා අධිෂ්ඨාන ශක්තියක් නැති වීම නිසා යම් පසුබෑමක් හට ගත් බව ඇත්තයි. එහෙත් වෛරීය දේශපාලනය හා බෙදුම්වාදී අන්ත ජාතිකවාදය වෙනුවට කොයි කවුරුනුත් හවුල් කරගෙන යන දිගු ගමනකට මුල පිරීම ගැන මැන්ඩෙලාට සුදු-කඵ හැම දකුණු අපි‍්‍රකානුවෙක් ම ප‍්‍රණාමය දක්වනවා.

පසුගිය දශකය තුළ මා තුන් වතාවක් දකුණු අප‍්‍රිකාවේ සංචාරය කොට තිබෙනවා. සුදු-කඵ-දුඹුරු සම ඇති දකුණු අපි‍්‍රකානුවන් රැසක් මුණ ගැසී කථා බහ කොට තිබෙනවා. තම රටේ බරපතල සමාජ හා ආර්ථික ප‍්‍රශ්න ඇතත් ඔවුන් හැම දෙනකු ම අනාගතය පිළිබඳ අපේක්‍ෂා සහගතයි.

යටත්විජිතවාදයෙන් හෝ සුඵතර සුදු පාලනයකින් හෝ නිදහස් වූ වෙනත් අපි‍්‍රකානු රටවල් ගිය මගට වඩා සමබර වූත්, තිරසාර වූත් මාර්ගයකට තම රට යොමු කළේ මැන්ඩෙලා බව ඔවුන් පිළි ගන්නවා. මැන්ඩෙලා ඉතා අමාරුවෙන් පීලි මාරු කොට, මහා ව්‍යසනයක් මග හරවා යොමු කළ සහජීවන මාර්ගයේ දිගට ම යාම බහුවාර්ගික, බහු ආගමික රටක් හැටියට දකුණු අපි‍්‍රකාවට ඇති හොඳම විකල්පය බව ඔවුන් දන්නවා.

1995 මැන්ඩෙලා ලියූ ස්වයං චරිතාපදානයට ඔහු දුන් නම Long Walk to Freedom (නිදහසට ගිය දිගු ගමන). ඒ ගමන වර්ණභේදවාදය හමාර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වීමෙන් පමණක් නතර නොවන බව ඔහු නිතර මතක් කළා.

ඔහුගේ එක් ප‍්‍රකට ප‍්‍රකාශයක් වූයේ මෙයයි. ‘‘නිදහස කරා යන කිසිදු ගමනක් ලෙහෙසි වන්නේ නැහැ. අප ප‍්‍රාර්ථනා කරන කඳු මුදුනට ළගා වීමට පෙර මරණයේ සේයාව පතිත වූ බියකරු නිම්න හරහා අපට යළි යළිත් ඇවිදින්නට සිදුවනු ඇති….’’

දකුණු අපි‍්‍රකානුවන්ට තව බොහෝ දිග ගමනක් යන්නට තිබෙනවා.

Waiting for My Own Mandela…not any longer!

President Nelson Mandela at UN General Assembly Oct 1995 - UNDPI Photo by G  Kinch
President Nelson Mandela at UN General Assembly Oct 1995 – UNDPI Photo by G Kinch

Updated: 6 Dec 2013 Nelson Rolihlahla Mandela (1918 – 2013): Thank You and Goodbye!

In a wistful essay titled ‘Memories of War, Dreams of Peace, hurriedly put together in mid May 2009 as Sri Lanka’s long and brutal civil war ended, I wrote: “Our political leaders, in whom we entrust our collective destiny, now face a historic choice… African analogies can go only so far in Asia, but at this juncture, it is tempting to ask: would our leaders now choose the Mandela Road or the Mugabe Road for the journey ahead?”

Four years on, that now reads rather naïve. In hindsight, I should have known better — and not pinned any hopes on political leaders again.

I say “again” because, just once before in my life, I did so: In mid 1994, six months after Nelson Mandela became the first majority elected President of South Africa, we Lankans elected Chandrika Bandaranaike Kumaratunga as our own President, with the largest ever electoral mandate (62% of votes).

Like many others at the time, I expected Chandrika to usher in a more pluralistic, accountable and caring form of government. Little did we know that it would all be squandered after her first 1,000 days…

I touch on this briefly in a 95th birthday tribute to Nelson Mandela, published in Ceylon Today newspaper as well as on Groundviews.org website.

The essay draws on my own memorable experience of listening to Mandela speak at the UN Headquarters in New York, in October 1995, and my three brief visits to post-apartheid South Africa over the past dozen years.

Oh, President Chandrika also came to the UN in New York on that occasion, accompanied by her astute foreign minister, the late Lakshman Kadirgamar — who came closest to being Lanka’s moral and intellectual colossus of global stature.

My South African room mate in New York, Dante Mashile, and I lined up hours ahead of the event to get through the intense UN security. On that chNelson-Mandela-ta-intilly and windswept October morning in uptown Manhattan, we were two bright-eyed, idealistic young men fired by the audacity of hope.

In the end, my own leader didn’t walk her talk. But Dante’s did. That made all the difference for our two nations…

The Rainbow Nation had a troubled birth, and nearly two decades on, it’s still a work in progress. There are huge imperfections, and the reality falls short of aspirations. But without Mandela’s statesmanship, things could have been far worse.

As I note in this new essay:

“I have finally realized the futility of waiting for my own Mandela. There won’t be one, and there’s no time to waste.

“We must carry the flame ourselves — even if it’s only a candle in the wind.”

Read full text on Groundviews.org and join the conversation: Waiting for my Own Mandela…

Waiting for My Own Mandela - Ceylon Today, 18 July 2013
Waiting for My Own Mandela – Ceylon Today, 18 July 2013

සිවුමංසල කොලූගැටයා #125: කාල බෝම්බ ඕනෑ කර තිබේ!

In the early 1990s, I had the privilege of working with the late Anil Agarwal, the outstanding environmentalist and journalist. He founded the Centre for Science and Environment (CSE), which continues his mission of articulating science-based, southern perspectives in issues of sustainable development and social justice.

In this week’s Ravaya column (in Sinhala), I invoke one of Anil’s favourite quotes, about books being akin to time bombs — which he attributed to the Swedish economist and Nobel laureate Gunnar Myrdal. I extend the metaphor to media products — in print, audio and video — and ask: what can we do to shorten their fuse?

This is also a commentary on the lack of adequate public discussion and debate on matters of public interest in Sri Lanka, and what we can learn from the more argumentative Indians.

Colombo General Cemetery: No discussion or debate...
Colombo General Cemetery: No discussion or debate…

ශ‍්‍රී ලංකාවේ මීට ඉහත පරම්පරාවක ප‍්‍රතිපත්තිගරුක වාමාංශික නායකයකු වූ බර්නාඞ් සොයිසා වරක් කොළඹ කනත්ත සුසාන භූමිය හඳුන්වා දුන්නේ ‘වාද විවාද – තර්ක විතර්ක කිසිවක් නොමැති වූ කොළඹ එක ම ස්ථානය’ හැටියටයි (“The only place in Colombo where there is no discussion or debate”).

එ කියන්නේ එතැනින් පිටත හැම තැනෙක ම අඩු වැඩි පමණින් සංවාද හා විසංවාද නිතිපතා සිදු වනවා. සමහරක් එවා පොදු අවකාශය තුළ – එනම් වේදිකා මත, සභා තුළ හෝ මාධ්‍ය හරහා. එහෙත් බහුතරයක් පෞද්ගලික අවකාශය තුළ – එනම් ගෙදර දොර, කඩපිළේ, කාර්යාලවල, සමිති සමාගම් තුළ…

මෙකී නොකී හැම තැනෙක ම මිනිස්සු හා ගැහැණු තමන්ට අදාළ කාලීන මාතෘකා ගැන කථා බහ කරනවා. හැම දෙයක් ගැන හැම දෙනා ම එකඟ වෙන්නෙ නැහැ. බහුවිධ මතවලට ඉඩ තිබෙනවා.

ඇත්තට ම විවිධත්වය මත පදනම් වූ විවෘත හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජවල එසේ විය යුතුයි. මතවලට ප‍්‍රතිචාර දක්වන්නට හා එවා සමඟ එකඟ නොවන්නට ඕනෑ ම කෙනකුට නිදහස තිබිය යුතුයි.

චින්තනයේ හා අදහස් ප‍්‍රකාශනයේ නිදහස විවෘත සංවාද සඳහා මූලික අවශ්‍යතාවක් වූවත්, එය පමණක් සෑහෙන්නේ ද නැහැ. සංවාද හරවත් වන්නේ ගවේෂණාත්මක තොරතුරු, නිරවුල් විග‍්‍රහයන් හා නව සිතුවිලි මත පදනම් වූ විටයි. එසේ නොමැතිව මතවාදයන් පමණක් කරපින්නා ගත්, විවෘත මනසකින් තොර වූ අය අතර හරවත් සංවාද හට ගන්නට ඉඩක් නැහැ.

අද ශ‍්‍රී ලංකාවේ අපට සොයා ගන්නට අපහසු වී ඇත්තේ මේ ආකාරයේ විවෘත හා හරවත් සංවාදයන්. එ වෙනුවට අපට බොහෝ විට හමු වන්නේ යම් කාලීන ප‍්‍රශ්නයක් මතුපිටින් පමණක් විග‍්‍රහ කිරීම. සංඛ්‍යාත්මක බහුතරයක නැතහොත් අධිපතිවාදයක මතයක් පමණක් මතු වන්නට ඉඩ දීම. අනෙක් විකල්ප අදහස් බලහත්කාරයෙන් යටපත් කිරීම. නැත්තම් ස්වයං වාරණය.

ඇයි මේ තරම් ස්වාධීන අදහස්වලට බය?

මේ වගේ මහා ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන විට මා නිතර බලන්නෙ අපේ අසල්වැසි ඉන්දියාව දෙසයි. වර්ග, ගෝත‍්‍ර, ආගම්, මතවාද සිය ගණනක් ඉන්දියාවේ බිලියන් 1.2ක් පමණ වන ජනගහනය තුළ හමු වනවා. තනි ඉන්දියානු අනන්‍යතාවක් පවත්වා ගන්නා අතර, තම තමන්ගේ උප අනන්‍යතාවන් ද ඊට සමාන්තරව රැක ගන්නට අවශ්‍ය ව්‍යවස්ථාමය, ව්‍යූහමය වගේ ම සංස්කෘතිකමය පසුබිමක් එරටේ තිබෙනවා.

ඉන්දියානුවන් බොහෝ කාරණා ගැන නිරතුරුව හා දැඩි සේ වාද විවාද කරනවා. ක‍්‍රිකට් වැනි තේමාවක් හැරුණු විට වෙනත් දේ ගැන ඔවුන් අතර එකඟත්වයක් ඇත්තේ ම නැති තරම්. එ විවිධත්වය තුළින් යම් සවියක් හා පන්නරයක් ද ඔවුන් ලබා ගන්නවා. වසර විස්සක් පුරා ඉන්දියාවට නිතර යන එන මට තාමත් මේ සංසිද්ධිය විශ්මයජනකයි.

ඉන්දියානු වාද විවාද ආවේගයන්ට පමණක් සීමා වන්නේ නැහැ. ඔවුන් අතර විශිෂ්ට ගණයේ පර්යේෂකයන්, චින්තකයන් හා නිර්මාණකරුවන් ඉන්නවා. අන්ත වාමාංශික සිට අන්ත දක්ෂිණාංශික දක්වා සමස්ත දේශපාලන මතවාද පරාසය ම තිබෙනවා. ඉතා ලිබරල් නිදහස් මතධාරීන්ගේ පටන් අන්තවාදී හා දරදඬු මතධාරීන් ද හමු වනවා.

හැඟීම් උත්සන්න වී ඉඳහිට කලහකාරී වූවත්, බිලියනයකට අධික ජනකායක් දිවා රැයේ වාද විවාද කරන ප‍්‍රමාණයේ තරමට ඔවුන්ට කෙතරම් සංයමයක් හා සෙසු මත දරා ගැනීමේ හැකියාවක් ඇත් ද යන්න අපට අනුමාන කළ හැකියි.

Anil Agarwal (1947 – 2002)
Anil Agarwal (1947 – 2002)

මගේ මුල් ම ඉන්දියානු හිත මිතුරකු වූයේ විද්‍යා ලේඛක හා පාරිසරික ක‍්‍රියාකාරික අනිල් අගර්වාල් (Anil Agarwal, 1947 – 2002). ලේඛකයන් හැටියට පොදු අවකාශය තුළ අප ලියන දෙයින් කෙටි කාලීනව හෝ දිගු කාලීනව හෝ ජන සමාජයට බලපෑමක් ඇති වේදැයි ඔහුත් මාත් විටින් විට මෙනෙහි කළා. සමහර වෙලාවට තර්කානුකූල නොවූ සංවාද දිග හැරෙනවා බලා සිටින විට අප මේ කරන්නේ මුනින් අතට හැර වූ කලගෙඩියක් වැනි සමාජයකට වතුර (අදහස්) වක් කිරීමක් දෝ යැයි සිතෙනවා.

එහෙත් කිසි දිනෙක අප අධෛර්යය නොවිය යුතු බවත්, අප ලියන දේ කියන දේ ජන සන්තානයට හෙමින් සීරුවේ කිඳා බසින බවත් අනිල් තරයේ විශ්වාස කළා. ඔහු නිතර උපුටා දැක්වූ කියමනක් තිබුණා. එය 1972දී ස්වීඞ්න් ජාතික ආර්ථික විශේෂඥ හා පොදු උන්නතියට කැප වූ බුද්ධිමතකු වූ ගුනාර් මයර්ඩාල් (Gunnar Myrdal, 1898 – 1987) අනිල්ට පැවසූවක්.

“Books are like time bombs. If they contain ideas that are correct, then one day they will explode. And if they don’t, they will be consigned to the dustbin of history.”

‘‘පොත්පත් හා ලිපි ලේඛන හරියට කාල බෝම්බ වගෙයි. එවායේ හරවත් හා ගැඹුරු අදහස් නිසි ලෙසින් ගලපා තිබුණොත් පාඨකයන්ගේ මනස තුළ කවදා හෝ එවා පුපුරා යාවි. එසේ නොවන අදහස් කොයි කාටත් අමතක වී යනු ඇති.’’

මේ තමයි එහි සරල අරුත. කොයි තරම් අපූරු හා විප්ලවකාරී අදහසක් ද?

අනිල් අකාලයේ මිය යන තුරු හැමදාමත් කිව්වේ මිනිසුන්ගේ ඔළුගෙඩි තුළ ඉක්මනින් පුපුරා යාමේ හැකියාව ඇති අදහස් සන්නිවේදනය කරමු කියායි. ටිකක් බිහිසුනු ආකාරයේ උපමිතියක් වූවත් අද අපට ලංකාවේත්, ලොව අන් හැම තැනකත් බෙහෙවින් උවමනා වී ඇත්තේත් ඉක්මනට පත්තු වන විදියේ අදහස් හා එවායේ නිසි සන්නිවේදනයයි.

මීට වසර හෝ දශක ගණනකට පෙර පුවත්පතකට හෝ සඟරාවකට හෝ මා ලියූ ලිපියක් නැතිනම් කළ සම්මුඛ සාකච්ඡවක් ගැන ප‍්‍රශංසාත්මකව කථා කරන පාඨකයන් මට ඉඳහිට මුණ ගැසෙනවා. එබඳු ප‍්‍රතිචාර ලේඛකයකු ප‍්‍රමෝදයට පත් කරවන නමුත් මා ඔවුන්ට කියන්නේ දැනුම නිරතුරුව අඵත් වන නිසා පරණ ලිපිවල අන්තර්ගතය කාලානුරූපව අඵත් කර ගන්නා ලෙසයි.

Gunnar Myrdal (1898 – 1987)
Gunnar Myrdal (1898 – 1987)

මාධ්‍ය හරහා සහ පොත්පත් ඔස්සේ අපට දැනුම පමණක් නොව ආකල්ප, මතවාදයන් හා විග‍්‍රහයන් ද සමාජයට සන්නිවේදනය කළ හැකියි. මා කවදත් විශ්වාස කරන්නේ අධිපතිවාදී මතවාදයන්ට වඩා සංවාදශීලි වූත්, පාඨකයන්ට සිතන්නට අනුබල දෙන්නා වූත් ආකාරයේ ලිපිලේඛන වඩාත් වැදගත් බවයි.

දැනුම හා ශිල්ප ක‍්‍රමවලට සම්මතයක් අවශ්‍ය වුවත් ඕනෑවට වඩා සම්මතයට වහල් වීම නිසා නිදහස් චින්තනයට ඇති ඉඩ ඇසිරෙනවා. අපේ විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ තිබෙන ලොකු ම දෝෂයත් එයයි. විෂයමාලාවක් තුළ, ගුරු-මූලිකව පොතේ හැටියට ඉගෙනීම හරහා විචාරශීලිව දැනුම ගවේෂණය කිරීම හා නිර්මාණශීලිව නව දැනුම බිහි කිරීම සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට එහෙය්යන් පිරිසක් බිහිවනවා.

අද දවසේ හුදෙක් පොත්පත් හා පුවත්පත් හරහා පමණක් නොව රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් හරහා ද අපට මනස් බෝම්බ බිහිකර සමාජයට මුදා හැරිය හැකියි.

අපේ ගෘහස්තයන්ගෙන් 80%ක හමු වන, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රචලිතම ජනමාධ්‍යය වන ටෙලිවිෂන් හරහා මෙය කිරීමට ඇති හැකියාවෙන් තවමත් ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ අල්ප ප‍්‍රමාණයක්. මනස් බෝම්බ වෙනුවට සබන් පෙන බෝල පේ‍්‍රක්‍ෂකයන්ට යවන්නට බොහෝ ටෙලිවිෂන් ගුවන් කාලයක් වැය කැරෙනු පෙනෙනවා.

සමහරුන්ට ඕනෑ අපේ සමාජය තනි මතයකට නතු වූ නිසරු කතරක් නැතහොත් නිසසල සුසාන භූමියක් කරන්න. එයට එකඟ නොවන අප දිගින් දිගට ම ‘මනසට කාල බෝම්බ’ නිර්මාණය කර මුදා හැරිය යුතුයි!

සිවුමංසල කොලූගැටයා #124: පුවත්පත් කර්මාන්තයේ පරිනාමීය අභියෝග

Newspapers headed to stormy seas

ශී‍්‍ර ලංකාවේ පුවත්පත් ප‍්‍රකාශනයට අවුරුදු 180ක ඉතිහාසයක් තිබෙනවා. 1802දී ඇරැඹි රජයේ ගැසට් පත‍්‍රය මෙරට මුල් ම වාරික ප‍්‍රකාශනය වූවත් එය පුවත්පතක් හෝ සගරාවක් හෝ නොවෙයි. ඒ ගණයේ ලා සැළකිය හැකි පළමු ප‍්‍රකාශනය 1832දී ඇරැඹුණු Colombo Journal සඟරාවයි.

මෙරට වතු වගාවේ හා වෙළදාමේ නිරතව සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයන් කිහිප දෙනකු විසින් පෞද්ගලික මට්ටමෙන් පළ කළ මේ සඟරාව එවකට බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය යම් තාක් දුරට විවේචනය කළ බව වාර්තාගතයි. එකල සිටි ආණ්ඩුකාර විල්මට් හෝර්ටන් ද ආරූඪ නමකින් මෙයට ලිපි ලියූ බව කියැවෙනවා.

මේ පුරෝගාමී ප‍්‍රකාශනය ගැන එතරම් තොරතුරු සොයා ගන්නට නැහැ. එය කල් පැවතුණේ ද නැහැ. බිහි වී වසරකින් පමණ එය නතර වී තිබෙනවා. එක් පර්යේෂකයකු ලියා ඇත්තේ ලන්ඩනයේ යටත් විජිත පරිපාලකයන් විවේචනය කිරීම නිසා උද්ගත වූ උණුසුම් තත්ත්වය හමුවේ හිමිකරුවන් විසින් සඟරාව වසා දැමූ බවයි. එය සැබෑ නම් පාලකයන් හා පුවත්පත් අතර මතවාදී බෙදීම හා ආතතිය අපේ පුවත්පත් ඉතිහාසය තරම් ම පැරණියි.

මෙරට පළමුවන දෙමළ පුවත්පත වූ උදය තාරකායි 1841දී යාපනයෙනුත්, මුල් ම සිංහල පුවත්පත වූ ලංකාලෝකය 1860දී ගාල්ලෙනුත් බිහි වුණා. එදා මෙදා තුර මෙරට භාවිත වන භාෂා තුනෙන් පත්තර හා සඟරා සිය ගණනක් බිහි වී කෙටි හෝ දිගු කලක් පැවත පසුව අභාවයට ගොස් තිබෙනවා.

මීට කලකට පෙර සිංහල පුවත්පත් කලා ඉතිහාසය නමින් කාණ්ඩ නවයකින් යූත් පර්යේෂණාත්මක කෘතියක් කඵකොඳයාවේ පඤ්ඤාශෙඛර නා හිමියන් (1895 – 1977) රචනා කළා. පත්තර කලාව ගැන මට තිබූ දැඩි ඇල්ම නිසා පාසල් සිසුවකුට සිටියදී ම මේ පොත පුස්තකාලවලින් සොයා ගෙන කියවූ සැටි මතකයි.

එම කෘතියේ හොදින් පැහැදිළි කළ ප‍්‍රවණතාවක් නම් බොහෝ පත්තර හා සඟරාවල පැවැත්ම කෙටි කලෙකට සීමා වූ බවයි. කතුවරුන්, ලේඛකයන් හා පාඨකයන්ගේ උද්‍යොගයත් කැපවීමත් තිබූ පමණට ප‍්‍රකාශනයක් වෙළඳපොලෙ සාර්ථක වන්නේ නැහැ. එයට ව්‍යවසායකත්වය, අලෙවියකරණය හා නිසි බෙදා හැරීම වැනි සාධක ගණනාවක් එක් තැන් විය යුතුයි. අපේ රටේ එදත් අදත් බොහෝ පත්තර හා සඟරාවල දුර්වල අංග වන්නේ ද මේවායි.

‘‘පුවත්පත් යනු කලාවක් මෙන් ම කර්මාන්තයක් ද වනවා. බොහෝ පුවත්පත් පවත්වා ගෙන යන්නේ ව්‍යාපාරික මට්ටමින් හිමිකරුවන්ට ලාබයක් ඉපදවීම සඳහායි. එයින් වැදගත් සමාජයීය මෙහෙවරක් ඉටු වුවත් පුවත්පත් ආයතන යනු පුණ්‍යායතන (charities) නොවෙයි.’’

මෙය දශක ගණනාවක් පුරා පෙර අපර දෙදිග ම පුවත්පත් කලාව හා කර්මාන්තය ගැන පුඵල්ව කෙරුණු විග‍්‍රහයක්. කි‍්‍ර. ව. 2000 පමණ වනතුරු මෙය බටහිර රටවල ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වුවත් ගෙවී ගිය වසර දහය දොළහ තුළ ඔවුන්ගේ පුවත්පත් කර්මාන්තය දරුණු අහේනියකට මුහුන දී සිටිනවා.

මීට කලකට පෙර ව්‍යාපාරික මට්ටමේ මාධ්‍ය ආයතන කාරුණිකව හෝ අවඥාවෙන් බැහැර කළ දානපති ආයතන හා පදනම්වල අනුග‍්‍රහය ලැබීම අද ඔවුන් ඕනෑකමින් සළකා බලනවා.

අර්බුදකාරී අවස්ථාවල මෙතෙක් ආ විදියට (Business as Usual) තව දුරටත් පැවතීමට නොහැකි බව පිළිගත් ප‍්‍රායෝගික සත්‍යයක්. සැඩසුළං මාරුතයට ඔරොත්තු දීමට බටහිර පුවත්පත් විවිධාකාරයේ ක‍්‍රමෝපායයන් මෑත වසරවල කි‍්‍රයාත්මක කළා.

උදාහරණ:

• දිනපතා පුවත්පත් ඒ වෙනුවට සති මැද හෝ සති අග පමණක් පළ කැරෙන, වඩාත් පුවත් විග‍්‍රහයන් හා විශෙෂාංග ඇතුළත් ප‍්‍රකාශන බවට පෙරැළීම.

• පුවත්පතේ ප‍්‍රමාණය Broadsheet ප‍්‍රමිතියේ සිට ඊට වඩා හුරුබුහුටි Berliner අතරමැදි ප‍්‍රමාණයට හෝ tabloid කුඩා ප‍්‍රමාණයට මාරු කිරීම.

• පුවත් පළ කිරීම සඳහා රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් අඩවි සමග තරග කිරීම මුඵමනින් නවතා දමා ගවේෂණාත්මක වාර්තා, පුවත් විග‍්‍රහයන්, හරවත් මතවාදයන් හා විශෙෂාංග පමණක් පළ කිරීම. (මේ නිසා සමහර ප‍්‍රකාශන දැන් Newspaper වෙනුවට Viewspaper යයි තමන් හදුන්වා ගන්නවා.)

• වඩාත් සාම්ප‍්‍රදායික (= වැඩිමහලූ) පාඨකයන් සඳහා පිටු ගණනින් සීමිත මුද්‍රණයක් තව දුරටත් නිකුත් කරන අතර, අන්තර්ගතය බහුතරයක් දිනපතා යාවත්කාලීන කැරෙන හොඳ වෙබ් අඩවියක් හරහා පළ කිරීම.

• මුද්‍රිත පිටපත් පළ කිරීම මුඵමනින් නවතා දමා ඒ වෙනුවට පුඵල් වෙබ් අඩවියක් හරහා පමණක් පළ කිරීම ඇරඹීම (Newsweek සගරාව මේ වසරේ සිටත්, ඇතැම් ප‍්‍රකට අමෙරිකානු පුවත්පත් දැන් ටික කලක සිටත් මෙය කරනවා.) මේ සමහර වෙබ් අඩවි නොමිළයේ කියවිය හැකි අතර, අනෙක්වා සතිපතා/මාසික ග‍්‍රාහක ගාස්තුවක් ගෙවා කියවිය හැකියි. එහෙත් මේ හරහා ඇති තරම් ආදායමක් උපදවා ගැනීම දියුණු රටවල පවා තවමත් අසීරු කාරියක්. අපේ වැනි රටක (මූල්‍යමය තොරතුරු රැගත් ව්‍යාපාරික ප‍්‍රකාශන හැරුණු කොට) වෙබ් අඩවි ග‍්‍රාහකත්ව ආදායමෙන් පමණක් නඩත්තු කරන පුවත්පතක් ගැන මා නම් දන්නේ නැහැ.

Newsstand Sri Lanka – image courtesy WSJ.com

ජීවී ලෝකයේ හා සොබා දහමේ මෙන් ම මානව සමාජයේ හා වෙළඳපොල ආර්ථිකයේ ද පරිනාමීය ප‍්‍රවාහයන් කි‍්‍රයාත්මක වනවා. මතවාදීව හා දර්ශනවාදී ලෙසින් අප කැමති වුණත් නැතත් යථාර්ථය මෙයයි.

පරිනාමීය කි‍්‍රයාවලියට දැනට පුඵල්ව පිළි ගැනෙන විග‍්‍රහය කළේ චාල්ස් ඩාවින් (1809-1882). පාරිසරික සාධකවලට වඩාත් හොදින් හැඩ ගැසෙන නම්‍යශීලී හා උපක‍්‍රමශීලි ජිවීන් සිය වර්ගයාගේ පැවැත්ම තහවුරු කර ගන්නා අතර එසේ නොකරන ජිවීන් කෙමෙන් වඳ වී යනවා. සොබාදහමේ මෙයට බොහෝ කලක් ගත වූවත් වෙළඳපොල සමාජයේ එය ඉක්මනින් සිදු වන්නක්.

ජෛව පරිනාමයේ එක් ප‍්‍රබල පාඩමක් නම් ශරීරයෙන් විශාල වූ හා සවි ශක්තියෙන් බලවත් වූ හෝ පමණට ම ජීවී විශේෂයකට එයින් විශෙෂ වාසි අත් නොවන බවයි. පෘථිවියේ ජෛව ඉතිහාසයේ දැවැන්ත සතුන් බොහොමයක් කලෙකට පසු වඳ වී ගියා. ඩයිනසෝරයන් වැනි යෝධ උරගයන් රජයන කාලයේ අහුමුඵවල කුඩාවට සිටි ක්ෂීරපායීන් ඔවුන්ගේ තැන ගන්නට මතුව ආවා. (මේ පරිනාමීය පාඩම් මානව සමාජයට අදාල වන සැටි වෙන ම විස්තරාත්මකව කථා කළ යුතුයි.)

පුවත්පත් ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයේ ද ආවේනික පරිනාමීය ප‍්‍රවාහයන් නිර්දය ලෙස කි‍්‍රයාත්මක වේ යැයි මට සිතෙනවා. මෙරට දශක ගණනක් පැවති ප‍්‍රධාන පෙළේ ප‍්‍රකාශන සමාගම් දෙකක් මට මතක ඇති කාලයේ වසා දමනු ලැබුවා (ටයිම්ස් ඔෆ් සිලෝන් හෙවත් පැරණි ලංකාදීපය හා ස්වාධීන පුවත්පත් සමාගම හෙවත් දවස නිවස). ඔවුන්ගේ අභාවයට හේතු වූ සාධක සංකීර්ණයි. එහෙත් කාලානුරූපව හැඩ නොගැසීම හා වෙනස් වන පාඨක රුචි අරුචිකම් හඳුනා නොගැනීම ද එයට දායක වුණා.

මෙරට පුවත්පත් කලාවට වසර 180ක් පිරීම නිමිත්තෙන් 2012දී ලියූ ඉංගී‍්‍රසි ලිපියක මා කීවේ ඉතිහාසයේ මේ පාඩම් අද ප‍්‍රකාශකයන් හා මාධ්‍යවේදීන් සමීපව අධ්‍යයනය කළ යුතු බවයි.

එහි මුඛය පණිවුඩය: ‘‘ඉතිහාසයේ ප‍්‍රබලතම පාඩමක් නම් පාඨකයන් සමග සබැදී ඔවුන් සමග වර්ධනය වන ප‍්‍රකාශන ඉතිරි වෙද්දී එක තැන පල් වන ප‍්‍රකාශන හුදකලා වී, මුඵගැන් වී, අන්තිමේ වඳ වී යනු ඇති බවයි. ඩයිනසෝරයන් අපට දුන් ආදර්ශය නම් ලොකු මහත් වූ පමණට, සැරපරුෂ හා උද්දච්ච වූ පමණට, මහ හඩක් නැගූ තරමට පැවැත්ම තහවුරු නොවන බවයි.’’

පත්තර කලාවේ පැවැත්ම ගැන ලොකු පර්යේෂණ නොකළත් පර්යේෂකයන් රැසක් මුණ ගැසී කථා කිරීමෙන් හා ආසියානු ප‍්‍රකාශකයන් ඇසුරු කිරීමෙන් ලද යම් ප‍්‍රායෝගික අවබෝධයක් මට තිබෙනවා. පත්තර මුද්‍රිත ස්වරූපයෙන් දිගට ම පවතිනවා දකින්නට පෞද්ගලිකව මාත් කැමතියි. එහෙත් එය සාක්ෂාත් කරගන්නට නම් රාවය ඇතුඵ මෙරට ලොකු කුඩා සියඵ මුද්‍රිත ප‍්‍රකාශන කාලානුරූපීව පරිනාමය විය යුතුව තිබෙනවා.

2012 ලිපියේ මා කියා සිටියේ මාධ්‍ය කලාවේ හා කර්මාන්තයේ අනාගතයට බලපාන තීරණාත්මක සාධක තුන වන්නේ නව සන්නිවේදන තාක්‍ෂණය, වෙනස් වන ජනගහන සංයුතිය (demographics) හා වෙළඳ පොළ ආර්ථිකය බවයි. මේ තුන හරිහැටි තුලනය කර ගැනීම අද මුද්‍රිත මෙන් ම විද්්‍යුත් මාධ්‍යයන්ට ද තිබෙන ප‍්‍රබල අභියෝගයක්. විවෘත මනසකින් යුතුව එයට මුහුණදීම හා උපක‍්‍රමශීලී වීම අත්‍යවශ්‍යයි.

සොබා දහමේ ජෛව විවිධත්වය සුරැකෙන්නට ලොකු කුඩා විවිධාකාරයේ ශාක හා සත්ත්ව විශෙෂ රැසක් අවශ්‍ය වනවා සේ ම නූතන මානව සමාජයන්ගේ සංස්කෘතික විවිධත්වය පවත්වා ගන්නට එකිනෙකට වෙනස් ආකාරයේ මාධ්‍ය ද අවශ්‍යයි. එම විවිධත්වය සඳහා මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය කරන ක‍්‍රමය, එයට පදනම් වන දැක්ම හා මතවාදය මෙන් ම බෙදා හරින ක‍්‍රමය ද වැදගත්.

ආයතනගතව හා ව්‍යාපාරික මට්ටමින් සංවිධානගත වූ මාධ්‍යවලට පමණක් කළ හැකි දේත්, පුරවැසි මාධ්‍යකරුවන්ට පමණක් කළ හැකි දේත් තිබෙනවා. මේ දෙවර්ගය ම සමාජ ප‍්‍රගතියට හා පොදු උන්නතියට අවශ්‍ය වනවා. දෙපිරිසට සාමූහිකව කළ හැකි කාරියන් ද තිබෙනවා. අද අපට අවශ්‍ය මේ දෙපිරිස අන්‍යෙන්‍ය සැකයෙන් නොව සහයෝගයෙන් කි‍්‍රය කිරීමයි.

අධිපති/ධනපති මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය යන දෙවර්ගය ම මාධ්‍ය නැමැති පරිසර පද්ධතිය (media ecosystem) තුළ පැවතිය හැකියි. මේ සඳහා යම් තුලනයන් බිහි කර ගැනීම අවශ්‍යයි. හරියට වනාන්තරයක පොළව යට, බිම් මට්ටමේ, ගස් උඩ හා වියන් තලය මතුපිට විවිධ ජීවී විශේෂ තමන්ට ආවේණික අවකාශයක් (niche) සොයා ගෙන ඇති ලෙසට විවිධාකාර මාධ්‍යවලට, අපේ සංකීර්ණ සමාජයේ එක විට පැවතීමට හැකි විය යුතුයි.

සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

Who is a citizen journalist? Does everyone who blogs and tweets automatically become one? If not, who qualifies? Who judges this on what criteria? And what niche in media and public sphere do citizen journalists fill when compared with salaried journalists working for more institutionalised or mainstream media?

These have been debated for years, and there is no global consensus. They are belatedly being asked and discussed in Sri Lanka, and form the basis of my latest Ravaya column (in Sinhala).

My views were summed up sometime ago in this comment I left on a blog: “Just as journalism is too important to be left solely to full-time, salaried journalists, citizen journalism is too important to be left simply to irresponsible individuals with internet access who may have opinions (and spare time) without the substance or clarity to make those opinions count.”

See also my English language posts on this topic in the past:
7 Aug 2009: Can Citizen Kane and Citizen Journalist join hands in the public interest?

10 June 2008: Who’s Afraid of Citizen Journalists 2: Reflections from Asia Media Summit 2008

3 May 2008: Who is afraid of Citizen Journalists? Thoughts on World Press Freedom Day

Lots of chat

‘තමුසෙ කවුද?’

අපේ රටේ පොදු අවකාශයේ, පොදු උන්නතිය උදෙසා පෙරට එන ටික දෙනාට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන පොදු ප‍්‍රශ්නයක්.

තවමත් වැඩවසම් හා අධිපතිවාදී මානසිකත්වයන් කරපින්නා ගත් අපේ සමාජයේ සැබෑ ගති සොබා මැනවින් විදහා පාන්නක් මේ ප‍්‍රශ්නය. එයින් අදහස් කැරෙන්නේ යමකුගේ පැටිකිරිය, සමාජයීය හා අධ්‍යාපනික පසුබිම වඩා වැදගත් බවත්, කැපවීම, උද්‍යොගය හා බැවහර ඥානය එතරම් වැදගත් නැති බවත්.

පුරවැසි මාධ්‍යවේදයේ (Citizen Journalism) නිරත වන ලාංකිකයන් ද මේ ප‍්‍රශ්නයට නිතර මුහුණ දෙනවා. නවීන සන්නිවේදන තාක්‍ෂණයන් හරහා සමාජයේ පොදු ප‍්‍රශ්න ගැන වාර්තාකරණයට, විග‍්‍රහයට හා සන්නිවේදනයට මේ අයට ඇති අයිතිය හා සුදුසුකම් මොනවාදැයි වැඩිපුර ම අසන්නේ මාධ්‍ය ආයතනවල වැටුපට රැකියාව කරන, වෘත්තීය මාධ්‍යවේදීන්. මේ වෘත්තිකයන්, ස්වේච්ඡුාවෙන් කි‍්‍රයා කරන පුරවැසි මාධ්‍යවේදීන් ලෙස බොහෝ විට බලන්නේ අවඥාවෙන්, සැකයෙන් නැතිනම් විමතියෙන්.

පුරවැසි මාධ්‍යකරණය ගැන විවිධ අර්ථ දැක්වීම් හා විග‍්‍රහයන් තිබෙනවා. සරලතම විදියට කිවහොත් මාධ්‍ය ආයතනගතව, වැටුප් ලබමින් මාධ්‍යකරණයේ නියැලෙනවා වෙනුවට එම කාරිය ම නොමිලයේ, උද්යෝගයෙන් කරන අය පුරවැසි මාධ්‍යවේදීන්. පොදු අවකාශයේ තොරතුරු, රූප, හඬ, වීඩියෝ හා මේවායේ සංකලයන් ඔවුන්ට නිර්මාණය කළ හැකියි.

නව සන්නිවේදන තාක්‍ෂණ මෙවලම් ප‍්‍රචලිත හා ලාබදායක වීම නිසා රටේ හා ලෝකයේ තමන් අවට සිදු වන දේ ලිඛිතව හා රූප හරහා හසු කර ගනිමින් ‘සාක්‍ෂි දැරීමේ’ (bearing witness) හැකියාව අද බොහෝ දෙනකුට ලැබී තිබෙනවා. කැමරාවක් සහිත ජංගම දුරකථනයක් වුවත් මෙයට සෑහෙනවා.

මේ හැකියාව ලැබී තවමත් දශක දෙකක්වත් ගත වී නැහැ. ඓතිහාසිකව මෙසේ සාක්‍ෂි දැරීමේ හා වාර්තා කිරීමේ හැකියාව තිබුණේ ආයතනගත මාධ්‍යවේදීන්ට පමණයි. ඒ සීමිත බලය හරහා ඔවුන්ට යම් ප‍්‍රතාපවත් බවක් හා අධිපති බවක් ද ආරෝපණය වූවා. පුරවැසි මාධ්‍යකරුවන්ගේ ආගමනය හරහා ඒ යථාර්ථය උඩුකුරු වනවා. අධිපති මාධ්‍යවේදයේ සමහරුන් තමන්ගේ සමාජ තත්ත්වය දියාරු වීම හා නැතිවීම ගැන කැමැති නැහැ.

පුරවැසි මාධ්‍යවේදීන් ආධුනිකයන් ද? සමහර ආයතනගත මාධ්‍යවේදීන් තමන් වෘත්තිකයන් බවත්, එතැනට පැමිණීමට පුහුණුවක් හා අභ්‍යාසයක් කලක් ප‍්‍රගුණ කළ බවත් කියමින් පුරවැසි මාධ්‍යවේදීන් හෑල්ලූ කරන්නට තැත් කරනවා. එහෙත් අද වනවිට මේ ආධුනික/වෘත්තික බෙදුම බොඳ වී ගිහින්.

වැටුපට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් වෘත්තීමය වන අතර එසේ නොකරන්නවුන් ආධුනික යයි සැළකෙනවා. ඔලිම්පික් තරග මුඵමනින් වෙන් වන්නේ ආධුනික කී‍්‍රඩකයන්ටයි. එයින් ඔවුන්ගේ කුසලතාවය හා කැපවීම අවතක්සේරු වන්නේ නැහැ.

මෙනයින් බලන කල පුරවැසි මාධ්‍යවේදීන් මාධ්‍ය කලාවේ ඔලිම්පික් පරමාදර්ශයන් මූර්තිමත් කරනවා යයි කිව හැකියි. වැදගත් වන්නේ ඔවුන් නිරවද්‍යාතවය, සමබරතාවය හා සදාචාරාත්මක රාමුවක් මත කි‍්‍රයා කරනවා ද යන්නයි.

වෙබ්ගත සමාජ මාධ්‍ය (Social Media) භාවිත කරන හැම අයකු ම පුරවැසි මාධ්‍යකරුවකු වන්නේ ද නැහැ. බහුතරයක් දෙනා ගැවසෙන Facebook ජාලය බොහෝ කොට සංවෘත කලාපයක්. එහි විවෘත පිටු යම් තරමක් තිබුණත්, අති විශාල පරාසයකට පිවිසීමට තමන්ගේ ගිණුමක් හා අන් අයගේ අනුමැතිය (friend වීම) අවශ්‍යයි.

සමස්ත වෙබ් අවකාශය සැබෑ ලෝකයේ ඝෝෂාකාරී, ඕනෑ ම කෙනකුට විවෘත පොළකට සම කළහොත්, Facebook එක සාමාජිකයන්ට පමණක් විවෘත, අවසරයෙන් පමණක් පිවිසිය හැකි සමාජශාලා (clubs) වගෙයි.

ක්ලබ් ඇතුළේ සිට රටේ ලෝකයේ ප‍්‍රශ්න ගැන මහ ලොකුවට කථා කරන බොහෝ උදවිය විවෘතව පොදු අවකාශයේ එම අදහස් පවසන්නට පැකිළෙනවා. මෙබඳු ප‍්‍රවණතාවක් Facebook තුළත් තිබෙනවා.

තියුණු සමාජ දේශපාලන දැක්මක් තිබෙන හා මැනවින් අදහස් පැවසීමේ කුසලතාව ඇති මගේ මිතුරෙක් දිනපතා ම පාහේ සිය Facebook කණ්ඩායම තුළ රටේ ප‍්‍රශ්න ගැන ඉතා වැදගත් අදහස් දැක්වීමක් කරනවා. එහෙත් එය ග‍්‍රහණය වන්නේ ඔහුගේ කණ්ඩායමට පිවිසීමේ වරම ලද තුන් හාර සිය දෙනෙකුට පමණයි. (එසේ ස්වයං සීමිතව අදහස් පැවසීමට ඔහුට ඇති අයිතිය මා පිළිගන්නවා.)

පුරවැසි මාධ්‍යකරණයට නම් කොයි කාටත් පෙනෙන මානයේ, විවෘතව සිට තොරතුරු, අදහස් හා රූප බෙදාහදා ගත යුතුයි. විවෘත වෙබ් ‘පොලේ’ ගාල ගෝට්ටිය වැඩි වුවත් පුරවැසි මාධ්‍යවේදීන් එබඳු පොදු අවකාශයේ ම සැරිසරිය යුතුයි. සංවෘත ක්ලබ් ඇතුළේ පඩි කථා හෝ චණ්ඩි කථා කීම සෑහෙන්නේ නැහැ!

Groundviews.org වෙබ් අඩවිය ගැන මා ගිය සතියේ කළ විග‍්‍රහය නොපිළිගත් පාඨකයන් ද සිටිනවා. Groundviews මුඵමනින් ම වෙබ් හරහා ප‍්‍රකාශිත වූවත්, එහි බරපැන උසුලන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් (විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය) වීම සමහරුන්ට ප‍්‍රශ්නයක්.

මා ගරු කරන මගේ විද්වත් මිතුරකු වන සන්නිවේදන විශෙෂඥ මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ Groundviews පුරවැසි මාධ්‍යයක් නොවන බවයි. 2012දී රාවයේ 25වන සංවත්සරය වෙනුවෙන් පළ කෙරුණු ‘ජනමාධ්‍ය සංස්කෘතිය: විවේචනාත්මක ඇගැයීමක්’ ග‍්‍රන්ථයට ලිපියක් ලියමින් ඔහු මෙසේ කියනවා:

“ග්‍රවුන්ඩ්වීව්ස් තමන් හඳුන්වාගන්නේ පුරවැසි මාධ්‍ය කලාවෙන් යුත් වෙබ් අඩවියක් ලෙසිනි. මේ හඳුන්වා ගැනීම තුලින් මූලාශ්‍ර එකකට වැඩි ගණනක් යොදා ගැනීම සහ කරුණුවල සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කිරීම වැනි සාමාන්‍ය මාධ්‍ය කලාවේ වගකීම් ඉටු කිරීමෙන් ඔවුන් තමන් නිදහස් කර ගෙන තිබේ. කෙසේ වුවත්, එය කතුවරුන්ට ගෙවන වැටුප් සහ සැලසුම සහ බෙදා හැරීම සඳහා කර ඇති ආයෝජන වැනි සියළු ම ආකාරවලින් සාමාන්‍ය මාධ්‍යයකි. සැම මාධ්‍යයක මෙන් පල කරන කරුණු සහ මතවාදයන් අනුමත කරන්නේ කර්තෘ කෙනෙක්ය. වෙනස ව්‍යාජ ලෙස පුරවැසි පුවත්පත් කලාවේදී නම ආරූඪ කර ගෙන සම්මාන ලබා ගැනීම ය. මේ පුවත්පතේ එන කරුණු සහ මතවාද බොහෝ විට සපයනු ලබන්නේ සාම්ප්‍රදායික පුවත්පත්වලට නිතර ලිපි සපයන ලේඛක මහත් මහත්මීන්ම ය. පුරවැසි පුවත්පතේ නැත්තේ පුරවැසියන්ය.”

විකල්ප මතවාද හා සංවාද සඳහා ඇති තරම් අවකාශ ලැබේ නම් ධනපති, අධිපති හෝ NGO අනුග‍්‍රහය යටතේ පවත්වා ගෙන යාම එතරම් ලොකු සීමාකාරී සාධකයක් යයි මා නම් සිතන්නේ නැහැ.

වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික හා පොදු සංවාද සුවහසක් දිවා රැයේ සිදුවීම හරහා නූතන තොරතුරු සමාජය අඵත් ආකාරයේ ගෝලීය පරිසරයක් බිහි කරනවා. නිතිපතා වෙබ් භාවිතයේ නියැලෙන බිලියන් 2.7ක් ජනයා ලොව පුරා මේ නව ප‍්‍රපංචයට දායක වනවා. ඉන්ටර්නෙට් හා බද්ධ වන මිලියන් 3ක් පමණ වන ලාංකිකයන් ද මේ ප‍්‍රවාහයේ කොටසක්.

Chat Republic by Angelo Fernando
Chat Republic by Angelo Fernando
මේ නව තොරතුරු සමාජය බෙහෙවින් ශාස්තී‍්‍රය මට්ටමින් මෙන් ම ලිහිල් හා සරල වෙනත් මානයන්ගෙන් ද විග‍්‍රහ කළ හැකියි. අලෙවිකරණය හා සමාජ ජාලකරණය (Marketing and Social Networking) කෝණයෙන් මෙය විග‍්‍රහ කැරෙන අඵත් පොතක් ලාංකික සන්නිවේදන හා අලෙවිකරණවේදියකු වන (අමෙරිකාවේ කලෙක සිට වාසය කරන) ඇන්ජලෝ ප‍්‍රනාන්දු මෑතදී ලියා තිබෙනවා.

ඔහු පොත නම් කොට ඇත්තේ Chat Republic යනුවෙන්. තොර තෝංචියක් නැතිව අසීමිත දේ ගැන ලිහිල්ව හෝ ගැඹුරින් හෝ ‘චැට්’ කරන නූතන තොරතුරු සමාජය, ඉතිහාසයේ නොතිබූ ආකාරයේ, දේශසීමා ඉක්මවා යන අඵත් ගෝලීය සබැදියාවක් බිහි කරමින් සිටින බව ඔහුගේ අදහසයි.

ආණ්ඩු හා වෙනත් බලාධිකාරයන් කැමති වුණත් නැතත් මෙය සිදු වනවා. (ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් කලෙකට ඉහත මෙය නුවණැසින් දැක අවවාද කළේ ප‍්‍රතිරෝධය දක්වනු වෙනුවට සුක්‍ෂම ලෙස මේ නව ලොවට අනුගත වන ලෙසයි: “Exploit the inevitable!”)

ඇන්ජලෝගේ පොතේ යම් කොටසක් වෙන් කොට ඇත්තේ පුරවැසි මාධ්‍යවේදයේ පැතිකඩ කිහිපයක් විස්තර කරන්නයි. ඔහු ලෝක මට්ටමෙන් විවිධ රටවල අත්දැකීම් විස්තර කරන අතර ශී‍්‍ර ලංකාවෙන් ද උදාහරණ ගන්නවා. නම් වශයෙන් හඳුන්වා දී අදහස් උපුටා දක්වා තිබෙන්නේ සංජන හත්තොටුව හා ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව යන තරුණ සයිබර් කි‍්‍රයාකාරිකයන් දෙදෙනායි.

මෙයට අමතරව සර්වෝදය සංවිධානයේ නව මාධ්‍ය භාවිතය ගම් මට්ටමෙන් ලාංකික සුඵ ව්‍යාපාරිකයන්ට නව වෙළඳපොළ විවෘත කරන සැටිත් එහි වාර්තාගතයි. http://chatrepublic.wordpress.com

2013 ජූනි 12දා Chat Republic එළි දැක්වීමට කොළඹ පැවති සංවාදයකට මාත් සහභාගී වුණා. ඇන්ජලෝ එහිදී කීවේ ඕපාදුප (gossip) යනු මානව සමාජයේ පැරණි ම සන්නිවේදන ක‍්‍රමයක් බවයි. අද වෙබ් මාධ්‍ය හරහා එයට නව පණක් හා වේගයක් ලැබී තිබෙනවා.

#AskLW Twitter Q&A on 19 June 2013: Asking was easy; getting answers was not…

Screen Shot 2013-06-19 at 8.31.53 PM Courtesy Groundviews.org
Screen Shot 2013-06-19 at 8.31.53 PM Courtesy Groundviews.org

Along with dozens of tweeps, I took part in an interesting Twitter Q&A session with Lalith Weeratunga, Secretary to the President of Sri Lanka, which unfolded from 14:30 to 16:00 Sri Lanka Time on 19 June 2013.

Our questions were posed using the hashtag #AskLW: they are all displayed on Twitter at https://twitter.com/search/realtime?q=%23askLW While most were in English, some came in the local languages of Sinhala and Tamil too.

Groundviews.org, the citizen journalism website, has archived online 2,680+ tweets related to this exchange. Of these, some 1,140 are original tweets (posted since 14 June 2013, when #askLW was first announced) while others are retweets.

Twitter user @gopiharan created a bundle of tweets Lalith Weeratunga answered in the one and a half hours of the Q&A session.

As Groundviews.org noted, “There was no historical precedent for this kind of engagement over social media, especially for someone so high up in Government and in daily contact with the (Lankan) President.”

Commenting on the timing of this exchange, Groundviews editor Sanjana added: “Ironically, the announcement of the Twitter Q&A with Weeratunga came on the same day Gotabaya Rajapaksa, the President’s brother, in a spark of unrivalled genius, called social media no less than a national security threat in post-war Sri Lanka.”

Sanjana has done a quick and very good analysis of what was asked, which selected few among many were actually answered, and which topics gained traction among those participating – especially during the period the event was live.

Even more interesting is how contentious and controversial topics were completely ignored. To be sure, Weeratunga isn’t the first public official to do so, and some might even argue that he had the right to choose his questions. (That won’t have been so easy in a physical press conference.)

All the same, it is highly revealing that the top public servant in Sri Lanka chose not to respond to questions on Islamphobia, Buddhist extremism, hate speech, militarisation, human rights and other topics of great public interest in today’s Sri Lanka.

It’s remarkable that such questions were posed, in a public platform, which is more than what the mainstream media (MSM) of Sri Lanka regularly ask at official press conferences given by senior government officials. From all accounts, the monthly breakfast meetings that the President has with newspaper editors is also a lame affair where no critical questions are raised.

Yes, MSM and citizen journalists are not directly comparable. In the prevailing intolerant environment, it is telling that many social media users took cover under pseudonyms to pose questions to the top civil servant of Lanka (while the rest of us asked under our own names). There was even speculation among some tweeps about what might happen to those who ask pesky questions…

In this post, I want to collate and briefly annotate my own questions to Weeratunga – all of which he chose not to answer. I’m not surprised and certainly not sulky: these were admittedly not as easy as some others.

I posed a few questions in advance, and then some more during the live event. They were in one way or another related to the multiple positions that Weeratunga holds in the Lankan government.

Among other things, he is Chairman of the Telecommunication Regulatory Commission of Sri Lanka is also the current Chair of the Information and Communication Technology (ICT) Committee of UNESCAP – the UN Economic and Social Commission for Asia and the Pacific.

One question stemmed from Weeratunga’s meaningful speech at the fifth National Conference on the Role of ICT in Reconciliation held at the Lakshman Kadirgamar Institute for International Relations and Strategic Studies (LKIIRSS) in Colombo in Nov 2012.

Not answered.

I also asked a question on the ICT Agency of Sri Lanka, which has outlived its original lifespan and whose efficacy is in question.

Not answered. See also my 2006 critique, ICT: Hypes and realities

Commenting on the very different – sometimes contradictory – messages given out by senior elected and other public officials of the Lankan government on matters of domestic and global interest, I asked:

Not answered. But then, I didn’t expect one! To his credit, Weeratunga has been the mild, amiable and intelligent face of the government…

Picking up my lasting interesting seeing a secular state in Sri Lanka, I posed this question:

Not answered.

When the live exchange started, and some tweets were asking him on all sorts of specific interventions, I tweeted this reminder to fellow tweeps:

Not quite heeded – but I didn’t expect it either.

Weeratunga, who does not yet have his own Twitter account, gave his selected answers using the President’s official account, @PresRajapaksa. This was noted by others, and I replied to one:

Many tweeps asked him to comment on the Defence Secretary’s recent remark on social media. Having noted, only minutes earlier, that “Social Media is a powerful tool”, Weeratunga added later: “Sec/Defence has a point; since it has been used for destructive purposes elsewhere, he has said so.”

Some tweeps reacted to this observation among ourselves. My contribution:

Knowing well Lankans don’t like to be compared to Indians, who nevertheless hold many lessons for us in managing diversity and in balancing modernity with tradition, I asked:

Not answered — but elicited some supportive replies from other tweeps.

As Weeratunga and team was slow in responding to the torrent of tweets coming in, I remarked:

As I noticed how easy questions were being answered while a whole lot of hard ones were not, I decided to press on with what seemed like a lost cause:

Not answered. (Well, after all, this wasn’t Hard Talk!).

Prompted by @Groundviews, there was a brief exchange on Sri Lanka’s fully state owned budget airline Mihin, which has been losing billions of public funds from Day One. I reacted:

I’ve described myself as a hybrid journalist with ‘one foot in each grave’ — straddling the worlds of mainstream media and citizen journalism. In years of mainstream journalism — practised in Sri Lanka and across Asia — I have sharpened the art of asking pointed questions. I often ask more questions than I find answers for. So this is part of that process.

But I’m very glad all our questions are archived online — which is highly significant as part of the public record of our times. When Weeratunga next speaks about ICTs nationally or internationally, this digital record will be part of his legacy.

For now, many thanks to Weeratunga and @PresRajapaksa new media team for having organised this event. It’s a good start, and hopefully they will repeat this from time to time with improved capability at their end to cope with the info flood…

My last tweet in this exchange was a salute to the original cyber politician of Sri Lanka:

සිවුමංසල කොලූගැටයා #122: රාවය 2.0 බිහි කරන්නට කුමක් කළ හැකි ද?

In this week’s Ravaya column (in Sinhala), I continue my discussion on challenges of modernisation for small, independent media in the world today when print media industry faces formidable challenges.

I quote Sanjana Hattotuwa, new media researcher and activist, who was a speaker at the recent 65th annual congress of the World Association of Newspapers and News Publishers (WAN-IFRA) held in Bangkok.

I also refer to the Guardian newspaper’s model of Open Journalism, and ask how this can be adapted to suit our own realities. The challenges are more within the minds of media organisations, I argue, than in the technology tools or platforms.

I observe how, some 18 years after commercial Internet connectivity was introduced in Sri Lanka, not a single Lankan newspaper has been able to develop a modern website: all are stuck in the 1990s first generation web, and their attempts to ‘modernise’ and enter the 21st Century have been pitiful and hilarious at the same time. Ravaya has a real opportunity, therefore, to become the first Lankan newspaper — in any language — to develop an engaging and interactive website. But first, it must make some top level decisions on how it wants to position itself in the rapidly changing world of media content creation, dissemination and consumption.

Last week’s column: සිවුමංසල කොලූගැටයා #121: රාවය නවීකරණයේ ගෝලීය යථාර්ථය

‘පුවත්පත් පිටපත් අලෙවියේ හිරු බටහිරින් බැස යද්දී පෙරදිග ලෝකයේ නම් තවමත් අලෙවියට හොඳ හැටි හිරු පායමින් තිබෙනවා’ යයි 2013 ජූනි මුල සතියේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ (World Association of Newspapers and News Publishers, WAN-IFRA) 65 වන වාර්ෂික සමුඵවේ කතිකයෙක් ව්‍යක්ත ලෙසින් කියා තිබුණා. මේ කර්මාන්තය අද මුහුණ දෙන ප‍්‍රබල අභියෝගයක් එයින් මැනවින් හසු කර ගන්නවා.

ලොව පුරා රටවල් 120ක පුවත්පත් හා සඟරා 18,000ක් හා පුවත් වෙබ් අඩවි 15,000ක් ප‍්‍රකාශයට පත් කරන සමාගම් 3,000කට වැඩි සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ WAN-IFRA මේ අභියෝගය ගැන ලොකු අවධානයක් යොමු කරනවා. සාම්ප‍්‍රදායික ආදායම් ආකෘතියෙන් ඔබ්බට ගොස් නව ආදායම්, අරමුදල් හා නඩත්තු කිරීමේ ක‍්‍රමවේදයන් සොයා ගන්නට මේ ආයතනය සිය සාමාජික ප‍්‍රජාව වෙනුවෙන් අධ්‍යයන කරනවා.

කුඩා මාධ්‍ය ආයතනවල පැවැත්ම ස්ථාවර හා තහවුරු කිරීම හරහා මාධ්‍ය විවිධත්වය (media pluralism) රකිමින් මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දායක වීම එහි අරමුණයි. මෙහිදී හුදෙක් දේශපාලනික හා නෛතික වශයෙන් මාධ්‍ය නිදහස පතා අරගල කිරීම පමණක් අද කාලයේ සෑහෙන්නේ නැති බව WAN-IFRA පිළි ගන්නවා.

ගිය සතියේ අප විග‍්‍රහ කළ පරිදි තරුණ පරපුර පත්තර කියැවීමෙන් දුරස්වීම හා පුවත්පත්වලට වෙළඳ දැන්වීම් සඳහා වෙබ් අඩවි සමඟ තරග කරන්නට සිදුවීම නිසා බොහෝ දැවැන්ත බටහිර පුවත්පත් ආයතනවලට තමන්ගේ නිෂ්පාදන වියදම පවා පියවා ගන්නට බැරි මට්ටමට අලෙවිය හා දැන්වීම් ආදායම පහත වැටී තිබෙනවා.

මේ නිසා මෑතක් වන තුරු ඔවුන් කිසිසේත් සළකා නොබැලූ විකල්ප ආදායම් මාර්ග හා දානපති ආයතනවලින් අනුග‍්‍රහය ලබා ගැනීම ගැන දැන් ඔවුන් අවධානය යොමු කොට තිබෙනවා.

පුවත්පත් කර්මාන්තය කළඹන ප‍්‍රවාහයන් ලොකු කුඩා සියඵ ප‍්‍රකාශන සමාගම්වලට බලපෑම් ඇති කරන නමුත් එයින් වඩාත් ම පීඩාවට පත් වී සිටින්නේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ප‍්‍රකාශන ආයතනයි. වෙනත් ව්‍යාපාර හා ආයෝජන නැති, මාධ්‍ය ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයෙන් ම පැවැත්ම සහතික කර ගත යුතු ආයතනයි. මේ අභියෝගය පෙර අපර දෙදිග දියුණු වූ මෙන්ම දියුණු වන රටවලත් හමු වනවා.

Sanjana Hattotuwa speaks at WAN-IFRA Congress in Bangkok, June 2013
Sanjana Hattotuwa speaks at WAN-IFRA Congress in Bangkok, June 2013
බැංකොක් ලෝක පුවත්පත් සමුඵවේ දුසිම් ගණනක් කතිකයන් අතර සිටි එක ම ලාංකික කතිකයා වූයේ Groundviews.org වෙබ් අඩවියේ ආරම්භකයා හා කතුවරයා වන සංජන හත්තොටුව. සාම්ප‍්‍රදායික මුද්‍රිත මාධ්‍ය ආකෘතියෙන් බැහැරව පුරවැසි මාධ්‍ය කලාව (citizen journalism) මාදිලියේ වෙබ් ප‍්‍රකාශනයක් වන Groundviews.org ඒ ආකාරයේ මෙරට මුල් ම ප‍්‍රකාශනයයි.

2006 ඇරැඹී, අද දක්වා මෙරට දේශපාලනික, සමාජයීය, සංස්කෘතිකමය හා වෙනත් මාතෘකා විවෘතව හා ස්වාධීනව විග‍්‍රහ කරන මේ වෙබ් අඩවියේ පළ කැරෙන්නේ විවිධ ක්‍ෂෙත‍්‍රවල සංවේදී බුද්ධිමතුන්, සමාජ කි‍්‍රයාකාරිකයන් හා වෘත්තීය ලේඛකයන් නොමිලයේ ලියා දායක කරන ලිපි ලේඛනයි.

මුල් කාලයේ බොහෝ කොට වචනවලට සීමා වූ මේ වෙබ් අඩවිය අද වන විට හඬ, ජායාරූප හා වීඩියෝ ද පළ කරනවා. මේ සියල්ලට දෘෂ්ටිමය රාමුවක් සපයන කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්තියක් හා සාරධර්ම ඔවුන්ට තිබෙනවා. මුද්‍රිත ප‍්‍රකාශන මෙන් නොව එය කුමක්දැයි ඔවුන් පැහැදිලිව ම කියා සිටිනවා.
http://groundviews.org/submission-guidelines/

Groundviews ප‍්‍රකාශනයට විටින් විට ලිපි සපයන හා එහි අන්තර්ගතය නිතර කියවන අයකු හැටියට මට පැහැදිලිව පෙනී යන්නේ පොදු උන්නතිය හා රටේ අනාගතයට අදාල හා වැදගත් තොරතුරු හා වාද විවාද රැසක් එහි සිදු වන බවයි. ලිපි බොහොමයකට ප‍්‍රතිචාර ලෙස මතු වන පාඨක අදහස් (comments) හරහා විවිධ සංවාද විසංවාද නිතර ඇති වනවා. ශිෂ්ඨ මට්ටමක මේ අදහස් පවත්වා ගැනීම පිණිස කතුවරයා ඒවා පළ කිරීමට පෙර විමර්ශනය කරනවා (moderate).

දශක තුනකට වඩා කලක සිට මෙරට ඉංගී‍්‍රසි ජාතික පුවත්පත් කියවන මට, මෑත වසරවල සිතෙන්නේ ඔවුන් සිය මුද්‍රිත කලාප හෝ වෙබ් අඩවි හෝ හරහා කරන විග‍්‍රහයන් හා සංවාදවලට වඩා හරවත් වූත්, විවෘත වූත් අන්තර්ගතයක් මේ වන විට Groundviews තුළ හමුවන බවයි.

ජාත්‍යන්තර ප‍්‍රකාශන හා තාක්‍ෂණ ප‍්‍රවණතා සළකා බලමින් සංජන හත්තොටුව කියන්නේ රාවය අදට වඩා පුඵල්වත්, උපක‍්‍රමශීලීවත් වෙබ් මාධ්‍යය වැළඳ ගත යුතු බවයි. අපේ අන් සෙසු පත්තර කරන්නාක් මෙන් මුද්‍රිත අන්තර්ගතය වෙබ් ගත කිරීම නොවේ ඉන් අදහස් වන්නේ.

වාණිජ මට්ටමෙන් ඕනෑ ම කෙනකුට මුදල් ගෙවා ලබාගත හැකි ඉන්ටර්නෙට් සේවා මෙරට ඇරඹුණේ 1995 අපේ‍්‍රල් මාසයේ. 1995 සැප්තැම්බර්යේ ලේක්හවුස් ඉංග‍්‍රීසි පුවත්පත්වල වෙබ් අඩවි ඇරඹීමත් සමග මෙරට මාධ්‍ය ටිකෙන් ටික ඉන්ටර්නෙට් වෙත ප‍්‍රවේශ වුණා.

එහෙත් මෙරට කිසිදු ඉංගී‍්‍රසි හෝ සිංහල පුවත්පතක් හරිහමන් වෙබ් අඩවියක් බිහි කොට පවත්වා ගෙන යන්නට තවමත් අසමත්ව තිබෙනවා. ඔවුන් වෙබ් අඩවි ලෙස සළකන්නේ මුද්‍රිත පත්තරයේ තොරතුරු හා රූප වෙබ් මාධ්‍යයට රිංගවීම හා එයට උඩින් Breaking News ටිකක් කලවම් කිරීම පමණයි. මාධ්‍ය වෙබ් අඩවි කලාව බොහෝ සේ පරිනාමය වී තිබෙන අද දවසේ මෙය හාස්‍යජනක මට්ටමේ සිල්ලර වැඩක්. ප‍්‍රධාන ප‍්‍රවාහයේ අපේ පත්තර ආයතනවලට නොතේරෙන යථාර්ථය මෙයයි!

ඕපාදුප හා දුෂමාන ආරංචි පතුරවන වෙබ් අඩවි මෙන් ම ඕනෑකමින් චරිත ඝාතනයේ යෙදෙන හෝ මුඵමනින් අසත්‍ය කුමන්ත‍්‍රණවාදී ප‍්‍රලාපයන් පතුරුවන වෙබ් අඩවි ද බිහිව තිබෙනවා. මේවා, ඉන්ටර්නෙට් හරහා අපට ළගා විය හැකි අතිවිශාල හා පුඵල් පරාසයක අන්තර්ගතයන් අතරින් සංඛ්‍යාත්මක සුඵතරයක් පමණයි. (ඒවාට සම කළ හැකි මුද්‍රිත ප‍්‍රකාශන ද තිබෙනවා. කැලෑපත්තර, පැපිරාට්සි ආකාරයේ ප‍්‍රකාශන එයට උදාහරණයි.)

එහෙත් වෙබ් මාධ්‍යයේ විශ්මිත විභවය මේ අයාලේ යාම් නිසා නිෂ්ප‍්‍රභ වන්නේ නැහැ. මුද්‍රිත මෙන් ම ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍යවලටත් අද තිබෙන අභියෝගය නම් තමන්ගේ අන්තර්ගතය මෙන් ම ව්‍යාපාරික ආකෘතිය ද වෙබ් මාධ්‍යයේ වැදගත්කම එන්න එන්න ම වැඩි වෙමින් පවතින නූතන තොරතුරු සමාජයට සරිලන ලෙස හැඩගස්වා ගැනීමයි.

සංජන කියන්නේ රාවය තවදුරටත් මුද්‍රිත පුවත්පතක් ලෙස ලක් පාඨකයන් අතරට යන අතර එහි වෙබ් නියෝජනය වඩාත් බහු මාධ්‍ය (රූප, හඬ, කෙටි වීඩියෝ සාකච්ජා) හා සංවාදශීලී කළ හැකි බවයි. මෙයට අමතර පිරිස් බලය හා යම් ආයෝජනයක් අවශ්‍ය වූවත්, එයටත් වඩා වැදගත් වන්නේ කුඩා ප‍්‍රකාශනයකට ලොකු වෙබ් බලපෑමක් කළ හැකි වන පරිදි උපක‍්‍රමශීලීව සියල්ල සැළසුම් කිරීමයි.

මෙහිදී මෙරට වෙන කිසිදු පුවත්පතක වෙබ් අඩවියකට සම්බන්ධ වූ කිසිදු ශිල්පියකු සම්බන්ධ කර නොගත යුතු යයි මා සිතනවා. මන්ද ඔවුන් සැවො ම තවමත් 1990 දශකයේ සිල්ලර මානසිකත්වයට කොටු වී සිටින නිසා.

වෙබ් සමාජ මාධ්‍ය (social media) උඩින් පල්ලෙන් නොව ක‍්‍රමීය වශයෙන් පුවත්පතේ අන්තර්ගතය බිහි කිරීමට කෙසේ යොදා ගත හැකි ද යන්න රාවය ගැඹුරින් සළකා බැලිය යුතු බව සංජන කියනවා.

අපේ බොහෝ වෘත්තීය මාධ්‍යවේදීන් හා කතුවරුන් සිය පාඨකයන් ගැන දරණ අධිමානීය (superior) ආකල්පයෙන් තොරව, පාඨකයන් ද සැබෑ පාර්ශවකරුවන් බවට පත් කර ගෙන සහයෝගිතා අන්තර්ගතය (collaborative content) බිහි කරන්නේ කෙසේ ද? එහිදී පත‍්‍ර කලා සාරධර්ම රැක ගනිමින්, පාඨක බුද්ධිමය හිමිකම් ද සාක්‍ෂාත් කිරීමට ආසියාවේ වෙනත් පුවත්පත් ගන්නා පියවර මොනවා ද?

අද හුදෙක් පරිගණක හරහා පමණක් නොව වෙබ් පිවිසීමේ හැකියාව ඇති ජංගම දුරකථන (smartphones) හරහා ද බොහෝ ලාංකිකයන් ඉන්ටර්නෙට් පරිශීලය කරන බැවින් රාවය වෙබ් අත්දැකීම් ඔවුන්ට ද පහසු හා හිතකර එකක් (mobile friendly) කරන්නේ කෙසේ ද?

ජාත්‍යන්තර හා ආසියානු කලාපීය අත්දැකීම් මෙරට යථාර්ථයට අදාල කර ගත යුතුයි. අපේ පුවත්පත් කර්මාන්තය කවදත් එබඳු ආභාෂයන් ලැබුවා. ඉදිරි පැවැත්ම ගැන පත්තර හා සඟරා මුහුණදී තිබෙන පොදු අභියෝගවලට ලොව සෙසු ප‍්‍රකාශන හා සමාගම් ප‍්‍රතිචාර දක්වන ආකාරය සමීපව සොයා බැලීම ඉතා වැදගත්.

වෙබ් අභියෝගයට යම් තාක් සාර්ථකව මුහුණ දී තිබෙන බි‍්‍රතාන්‍යයේ The Guardian ගාඩියන් පුවත්පත ඒ සඳහා තමන්ගේ සම්පූර්ණ පත්තර කලා දැක්ම හා ක‍්‍රමවේදය ම ප‍්‍රතිසංවිධානය කළා.

The Guardian Editor Alan Rusbridger
The Guardian Editor Alan Rusbridger

ගාඩියන් කතුවර ඇලන් රස්බි‍්‍රජර් මෙය හඳුන්වන්නේ Open Journalism හෙවත් විවෘත පත‍්‍ර කලාව ලෙසයි. ඉතා සරලව විග‍්‍රහ කළොත් පාඨකයන් ද හවුල් කර ගෙන මාධ්‍ය වාර්තා, ගවේෂණ හා විග‍්‍රහයන් බිහි කිරීම එහි මූලික ප‍්‍රවේශයයි. www.guardian.co.uk/media/open-journalism

බහුතරයක් මුද්‍රිත ප‍්‍රකාශනවල වෙබ් අඩවි පාඨක අදහස් දැක්වීමට ඉඩ දුන්නත් එම අදහස් මත පදනම් වී, ඒ සංවාදවලින් පෝෂණය වී, වෘත්තීය/මාණ්ඩලික වාර්තාකරුවන් හා ලේඛකයන් මාධ්‍ය අන්තර්ගතයක් බිහි කරන්නේ නැහැ. (හේතුව පාඨකයන්ට වඩා තමන් දන්නා බවට පත‍්‍ර කලාවේ බහුල විශ්වාසයයි.)

එහෙත් විවෘත පත‍්‍ර කලාවේ යම් සිදුවීමක් හෝ කාලීන මාතෘකාවක් වාර්තාකරණයට පාඨක දායකත්වය ගෞරවනීය ලෙසින් හවුල් කර ගන්නවා. එයට හොඳම මෑත උදාහරණය නම් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ වියදම් වාර්තා විමර්ශනයයි.

ඇතැම් බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රන් සැබෑ වියදම් වැඩිකොට පෙන්වා හා නැති වියදම් මවා පාමින් මහජන මුදල් ගසා කන බවට ආන්දෝලනාත්මක හා ගවේෂණාත්මක ප‍්‍රවෘත්තිය මුල් වරට හෙළිදරවු කළේ Daily Telegraph පුවත්පතයි. ඒ 2009 මැයි මාසයේ. මහජන මුදල් වියදම් කැරෙන ආකාරය ගැන මහජනයාට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කැරෙන නීතිය (right to information) යටතේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සමාජ කි‍්‍රයාකාරිකයන් ලබා ගත් ලියකියවිලි මිලියන් 2ක් ටෙලිග‍්‍රාෆ් හා ගාඩියන් පුවත්පත් අතට පත් වුණා.

ගාඩියන් පුවත්පත කළේ මේ අතිවිශාල ලියවිලි කන්දරාව වෙබ් අඩවියක් හරහා මුදා හැර ඒවායේ සැක කටයුතු වියදම් තොරතුරු ඇත්දැයි විමර්ශනය කිරීමට පාඨකයන්ට ඇරැයුම් කිරීමයි. මේ ස්වේච්ජා කාරියට පාඨකයන් 20,000ක් දෙනා ඉදිරිපත් වුණා. අඩු වියදමකින්, කෙටි කාලයකින් විශාල වැඩ කොටසක් කරන්නට හැකි වුණා.

පාඨකයන් විසින් අවධානයට යොමු කළ වියදම් වාර්තා මාණ්ඩලික ලේඛකයන් විසින් දැඩි ගවේෂණයට ලක් කරනු ලැබුවා. මේ හරහා අල්ලා ගත් හොර මැර වංචා මෑත ඉතිහාසයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ලොකු ම කැළල බවට පත් වී හමාරයි. (පක්‍ෂ, විපක්‍ෂ දෙකේ ම මන්තී‍්‍රන් වංචනිකයන් ලෙස චෝදනා ලබා අධීකරණ කි‍්‍රයාදාමයකට පමුණුවා තිබෙනවා.)

එක පොදු අරමුණකට වෙබ් මාධ්‍යය හරහා බොහෝ දෙනකු හවුල් කරගැනීම හඳුන්වන්නේ crowd-sourcing නමින්. හවුලේ තොරතුරු ගවේෂණය යයි කිව හැකියි. යම් තොරතුරු හා ඉගි පාඨකයන් විසින් පුවත්පත්වලට ලබා දීම ඓතිහාසිකව කෙරුණත්, අද නවීන සන්නිවේදන තාක්‍ෂණය හරහා එය නව මානයකට ගෙන යාමට හැකියාව තිබෙනවා. එහිදී ගවේෂණාත්මක පත‍්‍ර කලාවේ සාරධර්ම හා මූලධර්ම රැක ගනිමින් පාඨකයන් ද මේ ව්‍යායාමවලට හවුල් කර ගැනීම විවෘත පත‍්‍ර කලාවේ මූලික ගුණාංගයක් ලෙස ගාඩියන් කතුවරයා විග‍්‍රහ කරනවා.

මෙබඳු නව්‍යකරණයන් හා අඵත් ආකෘතින් නිසා ගාඩියන් වෙබ් අඩවිය අද ලෝකයේ වැඩිපුර ම පාඨකයන් පැමිණෙන පුවත්පත් වෙබ් අඩවිය බවට පත්ව තිබෙනවා.

එසේ නම්‍යශීලී හා නිර්මාණශීලී ලෙස පරිනාමය වන මාධ්‍ය ආයතනවලට පැවැත්ම පිළිබඳ දැඩි තර්ජනයකට මුහුණ නොදී මාධ්‍ය ක්‍ෂෙත‍්‍රය හරහා හමන සැඩ සුළංවලට ඔරොත්තු දීමට හැකි වනවා. එසේ නොකරන මාධ්‍ය ආයතන එක්කෝ වැසී යනවා. නැතිනම් කාගේ හෝ මූල්‍යමය පිහිටෙන් පවත්වා ගන්නට සිදු වනවා.

Read Nov 2011 Ravaya interview with Sanjana Hattotuwa (in Sinhala) on new media realities in the Lankan context:

Sanjana Hattotuwa interview in Ravaya newspaper, 13 Nov 2011
Sanjana Hattotuwa interview in Ravaya newspaper, 13 Nov 2011

සිවුමංසල කොලූගැටයා #121: රාවය නවීකරණයේ ගෝලීය යථාර්ථය

Ravaya, Sri Lanka’s only newspaper owned by its journalists and editors, has embarked on a process to modernise itself — and sparked off a debate on how new investments should be raised. Some loyal readers are concerned what might happen to the newspaper’s editorial independence when private capital comes in.

In this week’s Ravaya column, I place this debate in the context of economic survival challenges of the newspaper industry worldwide. I take the experience of the Guardian (UK) and the New York Times to explore what changes in strategy and funding they have adopted, and with what degree of success.

The biggest challenge, I argue, is that the newspaper industry must find how to engage the web as a central part of its content creation, dissemination and archiving.

USS Print

රාවය පුවත්පතේ අන්තර්ගතය මෙන්ම බාහිර ආකෘතිය ද වඩාත් ශක්තිමත් තත්ත්‍වයකට පත් කිරීමේ අවශ්‍යතාවය ආරම්භක කතුවරයා මෑතදී මැනවින් පහදා දුන්නා. එහි අවශ්‍යතාවය බහුතරයක් පාඨකයන් පිළිගන්නා නමුත් එය කුමන ක‍්‍රමවේදයක් හරහා ඉටු කර ගත යුතු ද යන්න ගැන සංවාදයක් ඇති වී තිබෙනවා.

සංවාදශීලී පුවත්පතේ අනාගතය ගැන මෙසේ පුඵල් සංවාදයක් ඇති වීම හොඳ දෙයක්. එහෙත් හැම දෙනාගේ ම අංග සම්පූර්ණ (perfect) දැක්ම සාක්ෂාත් කර ගන්නවා ද නැතහොත් ප‍්‍රායෝගික හා උපයෝගික (pragmatic) මට්ටමින් පැවැත්ම තහවුරු කරගනිමින් කෙමෙන් පරිනාමය වනවා ද යන්න රාවය හිමිකරුවන් හා කතුවරුන්ට තීරණය කරන්නට සිදු වනවා.

නව මාධ්‍ය භාවිතයේ මා වසර ගණනක සිට නියැලී සිටියත්, සාම්ප‍්‍රදායික මාධ්‍ය වන පුවත්පත්, සඟරා, රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා ද ලක් සමාජයට අවශ්‍ය යැයි කියන ස්ථාවරයේ මා සිටිනවා. ඇතැම් බ්ලොග් රචකයන් මෙන් පුවත්පත්වලට ගැරහීමට හෝ පත්තර කලාවේ අවමගුල ගැන අනාවැකි කීමට හෝ මා කැමති නැහැ.

එහෙත් සන්නිවේදන තාක්‍ෂණයේ හා ජන සමාජයේ විපර්යාසයන් සමඟ පුවත්පත් හා සෙසු ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ද පරිනාමය විය යුතුයි. එසේ නොවී එක තැන පල්වන මාධ්‍යවලට තමන්ගේ පාඨකයන් සංඛ්‍යාව ටිකෙන් ටික අඩු වී ගොස් වෙළඳපොල තුළ තව දුරටත් රැදී සිටීමට නොහැකි තත්ත්‍වයක් උදා වනවා.

2011 නොවැම්බර් මාසය පුරා කොලම් හතරක් ලියමින් පුවත්පතේ අනාගතේ යන තේමාව මා විවිධ කෝණවලින් විග‍්‍රහ කළා. ජාත්‍යන්තරව මතු වන නව සන්නිවේදන ප‍්‍රවණතා මෙරට දැනෙන්නට පටන් ගන්නේ තරමක් කල් ගත වී බවත්, එම කාලාන්තරයෙන් ප‍්‍රයෝජන ගනිමින් ඉස්මතුව එන හා නොවැළැක්විය හැකි නවීකරණ අභියෝගවලට මුහුණදීමට අපේ මාධ්‍ය පෙළ ගැසිය යුතු බවත් මා අවධාරණය කළා.

6 Nov 2011: සිවුමංසල කොලූගැටයා #39: පුවත්පතේ අනාගතේ ඩයිනසෝර් මාවත ද?
13 Nov 2011: සිවුමංසල කොලූගැටයා #40: පුවත්පතේ අනාගතේ 2 – ළඟ ළඟ එන මහා මාරුතය
20 Nov 2011: සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?
27 Nov 2011: සිවුමංසල කොලූගැටයා #42: සයිබර් අවකාශයේ කරනම් ගසන්නට පෙර…

පුවත්පත් යනු ලෝකයේ හැම තැනක ම නිෂ්පාදන වියදමට වඩා සැළකිය යුතු අඩු මිළකට අලෙවි කැරෙන අමුතු ආකාරයේ භාණ්ඩයක්. ඓතිහාසිකව පුවත්පත් කර්මාන්තයේ මූල්‍යමය ආකෘතිය වූයේ පිරිවැයෙන් වැඩි කොටසක් වෙළඳ දැන්වීම් හරහා ලබා ගන්නා අතර සාපේක්‍ෂව කුඩා ප‍්‍රතිශතයක් පමණක් පිටපත් අලෙවියන් ලබා ගැනීමයි.

පිටපත් අලෙවිය දිනපතා හෝ සතිපතා පත්තර ලෑලිවලින් මෙන් ම ග‍්‍රාහකත්වය කල් තබා අලෙවියෙන් ද සිදු කළ හැකියි. නමුත් මේ ආකෘතිය සාර්ථක වන්නේ අවශ්‍ය තරම් දැන්වීම් ලැබේ නම් පමණයි. ලෝකයේ ආර්ථික වශයෙන් වඩාත් සාර්ථක පුවත්පත් ආයතන, මහා පරිමාන දැන්වීම්කරුවන් මෙන් ම ලූහුඩු දැන්වීම් ද මනා ලෙස තමන් වෙතට ඇද ගන්නට සමත්ව සිටිනවා.

එහෙත් පසුගිය දශකය තුළ දැන්වීම්කරුවන් වඩ වඩාත් ඉන්ටර්නෙට් දැන්වීම්වලට යොමු වීම නිසා පුවත්පත්වල අත්දුටු දැන්වීම් ආකෘතිය ඉරිතලා ගිහින්. බටහිර රටවල බහුතරයක් පුවත්පත් ආයතන අද බරපතල ආර්ථික ප‍්‍රශ්නයකට මුහුණ දී ඇත්තේ ඉන්ටර්නෙට් අභියෝගය ජය ගන්නේ කෙසේ ද යන්න තවමත් හරිහැටි පැහැදිලි නොමැති වීම නිසායි.

මේ ගැන ෙසෙද්ධාන්තිකව විග‍්‍රහ කරනවා වෙනුවට සැබෑ පුවත්පත් උදාහරණයට ගනිමින් කථා කළ හැකියි. මා බටහිර උදාහරණ ගන්නේ නවීකරණ අභියෝගවලට මුලින් ම හා ප‍්‍රබලවම මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇති නිසයි.

The Guardian now comes out in many formats, many media
The Guardian now comes out in many formats, many media

ආර්ථික මට්ටම් අතින් බෙහෙවින් වෙනස් වූවත් මූලික අරමුණු හා ආකෘතිය අතින් රාවයට යම් තරමක සමාන්තර බවත් ඇති බි‍්‍රතාන්‍ය පුවත්පතක් වන්නේ ගාඩියන් The Guardian පුවත්පතයි. 1821දී මැන්චෙස්ටර් ගාඩියන් ලෙසින් ඇරඹුණු මේ පුවත්පත, මුල පටන් ම ලිබරල් චින්තනයට හා සංවාදයට මුල් තැන දෙන ප‍්‍රකාශනයක් වුණා.

එහි ඉතිහාසයේ වඩාත් ප‍්‍රකට කතුවරයා වූ C P ස්කොට් 1872 සිට 1929 දක්වා වසර 57ක් එම තනතුර දැරූ අතර 1907දී එහි හිමිකරුවන්ගෙන් අයිතිය මිළදී ගත්තා. ස්කොට් හට අවශ්‍ය වූයේ අන්තර්ගතය ස්වාධීන වූත්, ආර්ථික වශයෙන් ස්ථාවර වූත් පදනමකින් පුවත්පත පවත්වා ගෙන යන්නටයි. මේ සඳහා 1936දී එහි හිමිකාරිත්වය ස්කොට් භාරකාර අරමුදල (The Scott Trust) නම් ලාබ නොලබන පදනමකට පවරනු ලැබුවා. 2008දී මේ අරමුදල සීමාසිහත සමාගමක් බවට පත් කරනු ලැබුවත්, මුල් අරමුණු දිගට ම පවත්වා ගෙන යන බවට නව භාරකරුවන් කර්තෘ මණ්ඩලයට ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිඥා දී තිබෙනවා.

ස්කොට් අරමුදල (දැන් සීමාසහිත සමාගම) කරන්නේ ගාඩියන් පුවත්පත, එම සමාගමේ ඉරිදා ප‍්‍රකාශනය වන Observer පුවත්පත ඇතුඵ එම ආයතනය පළ කරන ප‍්‍රකාශන ගොනුවෙහි මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීමයි. ප‍්‍රකාශනවල කතුවරුන් පත් කිරීම හැරුණු කොට වෙනත් කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්ති හෝ එදිනෙදා පුවත් පිළිබඳ කිසිදු තීරණයකට හිමිකාර භාරය/සමාගම මැදිහත් වන්නේ නැහැ. එය ප‍්‍රකාශනවල ස්වාධීනත්වය සඳහා ස්කොට් පවුල විසින් හඳුන්වා දෙන ලද ගෞරවනීය සම්ප‍්‍රදායක්.

ගාඩියන් පුවත්පත බහුවිධ මතිමතාන්තර සඳහා ඉඩ ලබා දෙන, පාලක හා අධිපති පන්තියෙන් දුරස්ථ බව පවත්වා ගන්නා ප‍්‍රකාශනයක්. වෙළඳපොල මුල් තැනට ඒමට වඩා ඉහළින් සිය ස්වාධීනත්වය රැක ගැනීම සළකන ආකාරයේ පුවත්පතක්. කලක් වාමාංශීය නැඹුරුවක් ඇති බවට සළකනු ලැබූවත්, එය වෙළඳපොල ආර්ථිකය පිළි ගන්නා සහ එම රාමුව තුළ වඩාත් සංවේදී හා සමානාත්මතාව අගයන (egalitarian) සමාජයක් බි‍්‍රතාන්‍යයේ බිහි කිරීමට පෙනී සිටින ප‍්‍රකාශනයක්.

බි‍්‍රතාන්‍යයේ දිනපතා පුවත්පත් අතර ගාඩියන් පුවත්පතට සුවිශාල අලෙවියක් නැහැ. දිනපතා පුවත්පත් 11න් ගාඩියන්ට ඇත්තේ 10 වැනි තැනයි. 2012 දෙසැම්බරයේ එහි සාමාන්‍ය දෛනික අලෙවිය පිටපත් දෙලක්ෂයක් පමණ වූවා. (දක්‍ෂිණාංශික නැඹුරුවක් ඇති Daily Telegraph පත‍්‍රය පිටපත් ලක්‍ෂ පහ මාරක් ද, ප‍්‍රභූ පන්තිය නියෝජනය කරන The Times පත‍්‍රය පිටපත් ලක්‍ෂ හතරක් පමණ ද අලෙවි වනවා.)

එහෙත් ගාඩියන් වෙබ් අඩවිය පුවත්පත් කලාවේ සාරධර්ම රැක ගනිමින් විචිත‍්‍ර වූත්, විවිධාකාර වූත් අන්තර්ගතයන් ලබා දෙන බැවින් එය බි‍්‍රතාන්‍ය පුවත්පත් වෙබ් අඩවි අතර වෙබ් පාඨකයන් (visitors) පැමිණෙන සංඛ්‍යාව අතින් දෙවැනි තැන ගන්නවා.

ගාඩියන් පුවත්පත දැන් කලෙක පටන් ම ලාබයක් නොව පාඩු ලබන ප‍්‍රකාශනයක්. Observer පත‍්‍රය ද කලෙකින් නිෂ්පාදන වියදම් ආවරණය වන තරම් ආදායමක් ලබා නැහැ. ස්කොට් භාරයේ පවුම් මිලියන් 190ක් පමණ අරමුදල් තිබෙන නිසා එදිනෙදා පඩි ගෙවීම් හා මුද්‍රණ වියදම් පිරිමසා ගත හැකියි. එමෙන් ම හොදින් විකිණෙන හා ලාබ ලබන විශෙෂිත සඟරා (උදා: මෝටර් රථ පිළිබඳ Auto Trader) කිහිපයක් ඔවුන්ට තිබෙනවා. ඒවායේ ලාබයෙන් ප‍්‍රධාන පුවත්පත් දෙකේ වියදමට අභ්‍යන්තර සහනාධාරයක් (cross-subsidy) ලැබෙනවා.

එසේ වුවත් වඩාත් තිරසාර මූල්‍යමය පදනමක් ඉදිරි වසර පහ තුළ උදා කර ගැනීමට වසර දෙසීයකට ආසන්න ඉතිහාසයක් ඇති ගාඩියන් පත‍්‍රයට අවශ්‍ය වී තිබෙනවා. පරම්පරා ගණනක් පුවත්පතේ කීර්තිනාමය තහවුරු කළ උසස් මට්ටමේ පුවත් වාර්තාකරණය හා කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය කිසි ලෙසකින් හෝ දියාරු නොකර, නවීකරණය හා තරුණ ග‍්‍රාහකයන්ට වඩාත් සමීපවීමේ ඉලක්ක ද්විත්වය හඹා යන්නට කතුවරුන් හා කළමනාකරුවන් දස අතේ උපක‍්‍රම සොයනවා.

ගාඩියන් මුද්‍රිත පිටපත් අලෙවිය (වෙනත් බි‍්‍රතාන්‍ය පුවත්පත් සමග ම) ටිකෙන් ටික පහළ බසිමින් තිබෙනවා. සමීක්‍ෂණ වලින් පෙනී යන්නේ බහුතරයක් පාඨකයන් මැදිවියේ හා වයෝවෘද්ධ අය බවයි. මේ ජනගහන පරාසය තුළ කොටු වූ ප‍්‍රකාශනයකට දිගු කාලීන වෙළඳපොල විභවයක් නැති බව ගාඩියන් කතුවරුන් හොදාකාර දන්නවා.

ගාඩියන් මුද්‍රිත පිටපත් අලෙවිය අඩු වන අතර එහි වෙබ් පාඨක පිරිස දිගින් දිගට ම ඉහළ යමින් තිබෙනවා. ඩිජිටල් ග‍්‍රාහකත්ව ක‍්‍රමයක් හඳුන්වා දී මාසයකට පවුම් 10ක මිළක් නියම කර ඇතත්, ගාඩියන් වෙබ් අඩවිය තවමත් නොමිළයේ ලෝකයේ ඕනෑ ම තැනෙක සිට කියවිය හැකියි. http://www.guardian.co.uk

එයට හැම පැය 24කදී ම අඵත් අන්තර්ගතයන් 400ක් පමණ එකතු කරන අතර මීට පෙර පළ කරන ලද මිලියන් තුනකට අධික ලිපි හා පුවත් අංග එහි තිබෙනවා. 2012 මැදදී එයට දිනකට මිලියන් 4ක් පමණ වෙබ් පාඨකයන් ඇදී ආවා. මුද්‍රණ වියදම් නැතත් මෙතරම් සුවිසල් වෙබ් අඩවියක් ප‍්‍රශස්ත තාක්‍ෂණික මට්ටමින් පවත්වා ගැනීමේ සැළකිය යුතු වියදමක් තිබෙනවා.

වෙබ් අඩවියට ම කැපවූ ගාඩියන් කාර්ය මණ්ඩලයක් ද සිටිනවා. සංවේදී හා සුක්‍ෂම ලෙසින් යම් තරමකට දැන්වීම් බැනර් වෙබ් අඩවියේ අඩංගු කළත් කියවන්නාගේ අවධානය බිෙදන විදියේ ගොරහැඩි වෙබ් දැන්වීම් පිළිවෙතක් ඔවුන්ට නැහැ.

එසේ ම සමහර තරගකාරී පුවත්පත් වෙබ් අඩවි කරන්නාක් මෙන් පැපිරාට්සි මට්ටමේ උද්වේගකාරී ඡයාරූප හා ඕපාදුප පළ කිරීමක් ද නැහැ. තම ප‍්‍රතිරූපය හා කීර්තිනාමය හෑල්ලූ කර නොගෙන සාර්ථක වෙබ් අඩවියක් පවත්වා ගැනීම අද කාලේ අසීරු හා ප‍්‍රශංසනීය කාරියක්.

ගාඩියන් වෙබ් අඩවියට නොමිලයේ පිවිසී එහි වත්මන් හා සංරක්‍ෂිත අන්තර්ගතය කියැවීමට ඕනෑ ම කෙනෙකුට අවකාශය තිබිය යුතුය යන පරමාදර්ශයේ එහි කතුවරුන් සිටිනවා. එහෙත් මේ වන විට තරගකාරී පුවත්පත් ගණනාවක් සිය වෙබ් අඩවි පරිශීලනයට කුඩා පරිමානයේ අය කිරීම් කරනවා.

Faced with declining sales, British newspapers are keen to find how to engage readers through new formats and strategies
Faced with declining sales, British newspapers are keen to find how to engage readers through new formats and strategies

රූපට් මර්ඩොක් සමාගමට අයත් The Times හා Sunday Times පුවත්පත් මෙසේ අය කිරීම් කිරීමේ ආකෘතියට යොමුව සිටිනවා. ඒ අතර අමෙරිකාවේ ඉතා ලිබරල් හා සම්භාවනීය පුවත්පතක් වන නිව්යෝක් ටයිම්ස් (New York Times) පත‍්‍රය ද පහත බසින මුද්‍රිත අලෙවිය හමුවේ සිය වෙබ් අඩවිය අර්ධ වශයෙන් අය කිරීමේ ක‍්‍රමයකට නතු කොට තිබෙනවා. තවමත් ඔවුන්ගේ බොහෝ පුවත් හා ලිපි නොමිළයේ ඉන්ටර්නෙට් හරහා කියවිය හැකි වුවත් දිනපතා එයට ප‍්‍රවේශ වී සියඵ ලිපි කියවීමට නම් කුඩා ගෙවීමක් කළ යුතුයි. (එහෙත් Washington Post පත‍්‍රය එබන්දක් නොකර දිගටම සිය වෙබ් අඩවි පරිශීලනය නොමිළයේ ම ලබා දෙනවා.)

1851දී අරඹා අද දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යන නිව්යෝක් ටයිම්ස් පුවත්පත, සියවසකට වැඩි කාලයක් කිහිප දෙනෙකුගේ හිමිකාරිත්වය යටතේ පැවතුණා. 1960 ගණන්වල එය කොටස් වෙළඳපොලට කොටස් ප‍්‍රමාණයක් නිකුත් කළත් සුල්ස්බර්ගර් පවුලේ බහුතර හිමිකාරිත්වය (88%) හරහා ඔවුන්ට තීරණාත්මක බලපෑමක් තිබෙනවා.

2009 ජනවාරියේ නිව්යෝක් ටයිම්ස් සමාගම ලෝකයේ ධනවත් ම පුද්ගලයා වන මෙක්සිකානු ටෙලිකොම් ව්‍යාපාරික කාලෝස් ස්ලිම්ගෙන් (Carlos Slim) ඩොලර් මිලියන් 250ක් ණයට ගත්තා. ඉන්පසු ස්ලිම් එහි තවත් ආයෝජන කළා. 2011 ඔක්තෝබර් වන විට ස්ලිම්ගේ කොටස් එකතුව 8.1%ක් වූවා.

වෙළඳ ඒකාධිකාරයන් ඇතුඵ විවිධ ව්‍යාපාරික අක‍්‍රමිකතා ගැන ස්ලිම්ට එරෙහිව ඇති චෝදනා ගැන ස්වාධීනව හා උද්‍යොගශීලිව තව දුරටත් වාර්තා නොකරන බවට මාධ්‍ය විචාරකයන් සමහරක් දෙනා නිව්යෝක් ටයිම්ස් පත‍්‍රයට දොස් පවරනවා.

මේ අතර ගාඩියන් පත‍්‍රය ද තමන්ගේ ඇතැම් විශෙෂාංග සඳහා දානපතියන්ගේ අනුග‍්‍රහය ලබා ගන්නවා. ලෝකයේ අද විශාලතම දානපති පදනම වන බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් දියුණුවන ලෝකයේ ප‍්‍රශ්න හා තොරතුරු වාර්තාකරණයට මූල්‍යමය ආධාර ලැබෙනවා. එය එසේ තිබියදිත් ගේට්ස් පදනමේ යම් ප‍්‍රතිපත්ති හා කි‍්‍රයා කලාපයන් සාධක සහිතව විවේචනය කිරීමේ පුවත්පත් කලා නිදහස ද ගාඩියන් මාණ්ඩලික ලේඛකයන්ට ලබා දී තිබෙනවා.

මේ සියල්ලෙන් පෙනී යන්නේ පරම්පරා පරතරය, නවීන තාක්‍ෂණය හා වෙළඳපොල අවිනිශ්චිත බව යන ප‍්‍රබල අභියෝග හමුවේ මුඵමනින් ම නොසැළී සිටීමට සියවසකට වඩා ඉතිහාසයක් ඇති බටහර පුවත්පත් දැවැන්තයන්ට පවා නොහැකිව ඇති බවයි.

ආරම්භකයන්ගේ උතුම් අරමුණු රැක ගනිමින්, පාඨකයන්ගේ විශ්වාසය පවත්වා ගනිමින්, කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය හා ව්‍යාපාරික සාර්ථකත්වය තුලනය කිරීම අද ලොව පුරා ලොකු කුඩා පුවත්පත්වලට ඇති පොදු හා දුෂ්කර කාරියයි. එය කිසිසේත් ලෙහෙසි පහසු දෙයක් නොවෙතත්, නව අත්හදා බැලීම් හා නව්‍යකරණය හරහා 21 වන සියවසට ගැලපෙන විසඳුම් සොයා යාමේ අවස්ථාව එළැඹ තිබෙනවා.

රාවය නවීකරණය කිරීමේ අභියෝගය විග‍්‍රහ කළ යුත්තේ ගෝලීය තොරතුරු සමාජය පුරා හමා යන විපර්යාසයේ සැඩ සුළංවලට සාපේක්‍ෂවයි. එම නවීකරණ ගමනේදී හැම කෙනකු ම සතුටු කරන්න රාවයට බැරි වේවි.

මේ ගැන තව දුරටත් ලබන සතියේ කථා කරමු.

සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

I have devoted another weekend column in Ravaya newspaper (in Sinhala) to celebrate the memory of the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993). This time, I talk about his time at the United Nations, first as communication chief at UNFPA, and then as Deputy Executive Director at UNICEF.

See also:
සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

Varindra Tarzie Vittachi
Varindra Tarzie Vittachi

ජාත්‍යන්තර පිළිගැනීමට පාත‍්‍ර වූ ලාංකික පත‍්‍ර කලාවේදියකු හා කතුවරයකු වූ ටාසි විට්ටච්චි (Tarzie Vittachi, 1921-1993), වෘත්තීය ජීවතයේ අවසාන දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය සන්නිවේදනයට කැප කළා. ඒ සඳහා ඔහු එක්සත් ජාතීන්ගේ විශෙෂිත සංවිධාන දෙකක සේවය කළා.

1975-80 වකවානුවේ ජනගහනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අරමුදලේ (UNFPA) සන්නිවේදන ප‍්‍රධානියා ලෙසත්, 1980-88 වකවානුවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජ්‍ය විධායක අධ්‍යක්‍ෂවරයා ලෙසත් තනතුරු හොබවමින් ටාසි කළේ පත‍්‍ර කලාවේ තමන් ප‍්‍රගුණ කළ නිරවුල් හා සත්‍යවාදී සම්ප‍්‍රදායන් මේ ජාත්‍යන්තර ආයතනවලටත් නිසි ලෙස කාවැද්දීමයි.

එක්සත් ජාතීන් (United Nations) යනු ලෝකයේ රාජ්‍යයන් පමණක් සාමාජිකත්වය දරණ, ආණ්ඩුවල සාමාජික ගාස්තුවලින් නඩත්තු කරන අන්තර්-රාජ්‍ය සංවිධාන පවුලක් (inter-governmental organisations). එය කිසිදු නිර්වචනයකින් රාජ්‍ය නොවන සංවිධාන (NGO) ගණයට වැටෙන්නේ නැහැ.

එ.ජා. සංවිධානවල කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර තරගකාරී මට්ටමින් බඳවා ගන්නා අතර ඔවුන් සියඵ සාමාජික රාජ්‍යයන්ට වගකීමට බැදී සිටිනවා. තනි රටක රාජ්‍ය සේවකයකු බලයේ සිටින රජය සමග ගනුදෙනු කළ යුතු නමුත් එ.ජා. සේවකයෝ රාජ්‍යයන් 193ක් සමග සීරුවෙන් වැඩ කළ යුතුයි. මෙය ලෙහෙසි වැඩක් නොවේ.

ටාසි එ.ජා. සංවිධාන ජාලයේ ඉහළට ම ගිය ලාංකිකයන් ටික දෙනාගෙන් කෙනෙක්. එබදු උසස් තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම් හා ලෝක භාෂා 6න් අඩු තරමින් එකකවත් මනා හැකියාව මෙන් ම තීක්‍ෂණ බුද්ධියත්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් සමග ගනුදෙනු කිරීමේදී හොඳ හිත දිනා ගැනීමේ හැකියාවත් තීරණාත්මක සාධක වනවා.

එබදු තනතුරකට ආයාසයෙන් පත්වන බොහෝ දක්‍ෂයන් කරන්නේ තනතුරු රැක ගෙන, කිසිවකුත් උරණ නොකර ආයතනික සීමා තුළ යම් වැඩ කොටසක් කිරීමයි. එහෙත් සහජයෙන් ම පෙරළිකාරයකු වූ ටාසිට මේ ඇඟ බේරා ගෙන වැඩ කිරීමේ කලාව පුරුදු නැහැ. ඔහු UNFPA හා UNICEF ආයතන දෙකෙහි ම බුද්ධිමය හා ආකල්පමය වෙනසක් කළා.

මෙයට උදාහරණ හා රස කථා එමට තිබෙනවා. 1995 වසරේ මාස තුනක් එක්සත් ජාතීන්ගේ නිව්යෝක් මූලස්ථානයේ මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලැබ මා ගත කළ කාලයේ ටාසි ගැන තොරතුරු විපරම් කරන්නට මා උත්සුක වූණා. ටාසි කළ කී අසාමාන්‍ය දේ ගැන අපූරු මතකයන් තිබු නිලධාරීන් කිහිප දෙනකු මට හමු වුණා.

එ.ජා. සංවිධාන ජාලය තුළ මෙන් ම වෙනත් බොහෝ දෙස් විදෙස් විදවත් ආයතනවලත් සංවර්ධනය ගැන සංවාදවලදී ඕනෑවට වඩා සෙද්ධාන්තික වීම හා ‘ඉන්ටලෙක්චුවල් වීම’ ටාසි නොඉවසූ දෙයක්.

ඔහු ජනගහන අරමුදලේ වැඩ කරන කාලයේ කාන්තාවන්ගේ ප‍්‍රජනන අයිතිවාසිකම් ගැන ලෝක මට්ටමේ විවාදයක් පැවතුණා. තමන් දරුවන් කීදෙනකු ලබනවා ද, ඔවුන් අතර කාල පරතරය කුමක් විය යුතු ද, උපත් පාලන ක‍්‍රම භාවිතා කරනවා ද ආදී මූලික මානුෂික තීරණ ගැනීමට කාන්තාවන්ට අයිතියක් ඇති බව පිළි ගැනීමට ඇතැම් රටවල් හා පිරිස් නොකැමැති වූණා.

මෙබදු සංවේදී ප‍්‍රශ්නවලදී ආණ්ඩුවලට හැක්කේ අවශ්‍ය ප‍්‍රතිපත්ති හා අයිතීන් තහවුරු කිරීම මිස ඉන් ඔබ්බට පෞද්ගලික තීරණවලට අත පෙවීම නොවන බව ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ මතය වුණා. රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා බුද්ධිමතුන් මහා ලොකු වචන හරඹවලින් මේ තර්ක කරනු බලා සිටි ටාසි, ඉතා සරල එහෙත් ගැඹුරු වැකියකින් මුඵ සංවාදය ම කැටි කර දැක්වූවා. “Governments don’t have babies; people do!” (දරුවන් ලබන්නේ මිනිසුන් මිස ආණ්ඩු නොවේ!)

අනවශ්‍ය ලෙස තාක්‍ෂණික හා නීතිමය විවාදවල පැටලෙන්නට අති සමත් සංවර්ධන කි‍්‍රයාකාරිකයන්ට හා බුද්ධිමතුන්ට ටාසි විටින් විට මෙබදු සරල වැකි හරහා ප‍්‍රායෝගික යථාර්ථය පෙන්වා දුන්නා.

සංවර්ධනය යනු සැබෑ ලෝකයේ නිතිපතා ජීවන අරගලයක යෙදෙන සැබෑ මිනිසුන් හා ගැහැණුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන අතර ඔවුන්ගේ ජීවන බර හැකි තාක් සැහැල්ලූ කිරීම බව ටාසි තරයේ විශ්වාස කළා. එම සංවර්ධනය හරවත් වන්නේ එය පාරිසරිකව හා සමාජයීය වශයෙන් තිරසාර වූ විට පමණක් බවත්, සංවර්ධනය හුදෙක් ආර්ථික වර්ධන ප‍්‍රවණතාවලින් මැනිය නොහැකි බවත් ඔහු දැන සිටියා.

ජාත්‍යන්තර තලයට අපේ වැනි රටවලින් යන බොහෝ විද්වතුන් හා රාජ්‍ය නිලධාරීන් ඉන් පසුව අපේ ම මිනිසුන් ගැන බොහෝ විට කථා කරන්නේ නොදියුණු සතුන් ගැන බදු පහත් වූ ආකල්පයකින්. මෙබදු අවස්ථාවල සැබෑ ලෝකයේ නිරීක්‍ෂණ, යථාර්ථවාදීව හා සානුකම්පිකව විග‍්‍රහ කිරීමට පත‍්‍ර කලාවේදියකු ලෙස තමා ලබා තිබූ පුහුණුව හා අත්දැකීම් ටාසි අවියක් හා සවියක් කරගත්තා.

එ.ජා. සංවිධානය කි‍්‍රයාත්මක වන රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේදී මෙසේ සත්‍යවාදී වීම අසීරු හා අවදානම් කාරියක්. බොහෝ රටවල විදේශ සේවා නිලධාරීන් එ.ජා. සංවිධානයේදී කරන්නේ තමන්ගේ රටේ තත්ත්වය ගැන අතිශයෝක්තියෙන් සෙසු රටවලට කරුණු කීම හා අමිහිරි සත්‍යයන් හැකි තාක් වසන් කිරීමයි. එය ‘ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ’ විධියේ වැඩක්.

දියුණු වන ලෝකයේ තිත්ත ඇත්ත මෙන් ම ලෝක මාධ්‍ය හරිහැටි වාර්තා නොකළ සුබවාදී ප‍්‍රවණතා ද ටාසි එක සේ ලෝක ප‍්‍රජාවට වාර්තා කළා – විග‍්‍රහ කළා. 1980 දශකය වන විට ටාසි ගැන ලෝක ප‍්‍රජාව තුළ තිබූ ගෞරවනීය පිළිගැනීම නිසා ඔහු කියන දෙයට රාජ්‍ය නායකයන්, ඇමතිවරුන් හා රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ අවධානය යොමු වුණා.

UNFPA ආයතනයේ සිටිය දී ටාසි කළ අමුතු වැඩක් ගැන වසර ගණනක් ගත වීත් එහි කථා කැරෙනවා. රාජ්‍ය නිලධාරී හා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සම්මේලන නිව්යෝක් නුවර එ.ජා. කාර්යාලයේ නිතර පැවැත් වෙනවා. මෙවැන්නක් භාරව සිටි ටාසි, ආරම්භක දිනයේ සියඵ නියෝජිතයන්ට සාම්ප‍්‍රාදායිකව දිවා ආහාරයට ඇරැයුම් කළා. එහෙත් පැයක දිවා කාලය සඳහා ම දුන්නේ කුඩා පාන් ගෙඩියක් (bread-roll) හා වතුර වීදුරුවක් පමණයි.

හැම දෙනා ම විමතියට පත්වූ විට ටාසි ඉතා සන්සුන්ව මෙසේ කියා තිබෙනවා. “නෝනාවරුනි, මහත්වරුනි, තෙවැනි ලොව ප‍්‍රශ්න ගැන කථා කරන්නට මෙහි පැමිණි ඔබ සැමට තෙවැනි ලොව බහුතරයක් දෙනාගේ සාමාන්‍ය දිවා ආහාරය දීම උචිත යයි මා සිතුවා. ඇත්තට ම ඔබ ඉදිරියේ ඇති පිරිසිදු වතුර වීදුරුව හා අඵත් පාන් ගෙඩිය පවා තෙවැනි ලොව අපේ බොහෝ සහෝදර ජනයා නොලබන තරමේ සංග‍්‍රහයක්.”

කිසිදු නියෝජිතයකු මුවින් නොබැන මේ සංග‍්‍රහය නිහතමානීව භුක්ති විදි බවත්, ඒ ගැන තවමත් සමහරුන් කථා කරන බවත් UNFPA නිලධාරියා මට කීවා.

UN Headquarters in New York, photo by Nalaka Gunawardene
UN Headquarters in New York, photo by Nalaka Gunawardene

ටාසිගේ සමහර ප‍්‍රකාශයන් හිතාමතා ම ආන්දෝලනාත්මක ලෙස කරනු ලැබුවා. හැම වසරේ ම සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවල එ.ජා. මහා මණ්ඩලයේ සැසිවාරය රාජ්‍ය නායක මට්ටමින් නිව්යෝක් මූලස්ථානයේ පවත් වනවා. බොහෝ රාජ්‍ය නායකයන් එය ඇමතීමට පිරිවරත් සමග දින කිහිපයකට එහි එනවා.

සැසිවාරය ආරම්භක දිනයේ හා විශෙෂ මත ගැටුමක් සිදු වුවහොත් පමණක් (ෆිදෙල් කැස්ත්‍රෝ, ගඩාෆි, නිකිතා කෘෂ්චෙෆ් වැනි පෙරළිකාර චරිත එහි පැමිණි විට) එය ලොව ප‍්‍රධාන පුවත්සේවාවලට ප‍්‍රවෘත්තියක් වනවා. එසේ නැති විට රාජ්‍ය නායකයන් දුසිම් ගණනින් පැමිණීම නිව්යෝක් නුවර මාධ්‍ය ආයතනවලට හෝ අමෙරිකානු මාධ්‍යවලට හෝ පුවත් වටිනාකමක් ඇති කරන්නේ නැහැ. (බොහෝ රාජ්‍ය නායකයන් එහි එන්නේ සිය රටේ මාධ්‍ය හරහා පම්පෝරිය වාර්තා කිරීමටයි.)

මෙබදු එක් අවස්ථාවක කුඩා රටක රාජ්‍ය නායකයකු එ.ජා. මහ සමුඵව අමතන්නට නියමිතව සිටියදී ඒ නියෝජිත පිරිසේ වන්දිභට්ටයකු ටාසිගෙන් ඇසුවේ ‘කොහොමද අපේ ලොක්කාගේ මේ නිව්යෝක් චාරිකාව ලෝක ප‍්‍රවෘත්තියක් කළ හැක්කේ?’ කියා.

ටාසි එක එල්ලේ දුන් උත්තරය: ‘ලොක්කා කියන දෙයින් නම් පුවත් මවන්නට බැහැ. හැබැයි කවුරු හරි ලොක්කට සභාව ඇතුලේ වෙඩි තිබ්බොත් නම් ලෝක ප‍්‍රවෘත්තියක් ෂූවර්!’ (මේ යෝජනාවට නියෝජිතයාගේ ප‍්‍රතිචාරය වාර්තා වී නැහැ.)

James P Grant
James P Grant
ළමා අයිතිවාසිකම් හා සුබ සාධනයට කැප වූ ඹභෂක්‍ෑත්‍ ආයතනයේ ටාසි දෙවැනියාව සිටි කාලයේ එහි ප‍්‍රධානියා වූයේ නොබියව ඇත්ත කථා කළ අමෙරිකානුවකු වූ ජේම්ස් පී. ග‍්‍රාන්ට්. මේ දෙදෙනා ඉතා දක්‍ෂ ලෙස ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග ගනුදෙනු කළා. ග‍්‍රාන්ට් හා ටාසි නිතර භාවිත කළ ප‍්‍රබල රූපකයක් තිබුණා.

එවකට සංඛ්‍යා ලේඛනවලට අනුව වයස 5 සපිරෙන්නට කලින් වළක්වා ගත හැකි බෝවන රෝග හා මන්දපෝෂණය ආදී දරිද්‍රතා සාධකවලින් ලොව පුරා ළමයින් මිලියන් ගණනක් වාර්ෂිකව මිය ගියා. මේ විශාල සංඛ්‍යා සාමාන්‍ය ජනතාවට එක්වර සිතා ගන්නට අමාරුයි.

එනිසා මේ දෙපළ එය මෙසේ ප‍්‍රකාශ කළා. ‘‘කුඩා දරුවන් පුරවා ගත් 747 ජම්බෝ ජෙට් යානා කිහිපයක් බිමට වැටී සියඵ දෙනා ම මිය යන සැටි සිතන්න. එබදු අනතුරු වසරේ හැම දවසක ම සිදු වනවා යයි ද සිතන්න. ලොව පුරා අකල් ළමා මරණ ගණන එයටත් වැඩියි!’’

ටාසි ඉංග‍්‍රීසියෙන් චතුර ලෙස සන්නිවේදනය කළ නිසාවත්, දශක ගණනක් බටහිර රටවල විසූ නිසාවත් ඔහු ‘කඵ සුද්දකු’ වූයේ නැහැ. ඇත්තට ම ජාතිකත්වය කර තබා ගෙන චින්තනය මොට කර ගන්නවා වෙනුවට ඔහු කළෙ දියුණු වන ලෝකය ම වෙනුවෙන් අදීනවත්, සත්‍යවාදීවත් කථා කිරීමයි. මෙබදු අයට globalists යයි කියනවා. ලෝකවාදීන් නැතිනම් විශ්ව-වාසීන් යයි සිංහලෙන් කිව හැකියි.

ලාංකික උරුමය ගැන අතිශයෝක්තියක් හෝ අවතක්සේරුවක් හෝ නැතිව මැදහත්ව කථා කිරීමට ඔහු සමත් වුණා. අපේ හොඳ දේ ආඩම්බරෙන් හුවා දක්වන අතර වැරදි දේ නිර්දය ලෙස විවේචනය කළා. 1990-92දී ජනාධිපති පේ‍්‍රමදාසගේ සමහර ප‍්‍රතිපත්ති රජයේ Daily News පත‍්‍රය හරහා ලිපි ලියමින් ඔහු නොබියව විවේචනය කළ සැටි මට මතකයි.

මා ටාසිට මුල් වරට සවන් දුන්නේ 1986දී ආනන්ද විද්‍යාලයයේ සියවස් සමරු දේශනයක් කළ අවස්ථාවේ. ලෝකයේ සංවර්ධන අභියෝග ගැන කාටත් තේරෙන බසින් ගැඹුරු විග‍්‍රහයක් කළ ඔහු, ලෝකයේ බලවත් ජාතීන් නියැලී සිටි යුධ අවි තරගයේ හා සීතල යුද්ධයේ ඔලමොට්ටල බව ගැන විවෘතව අදහස් පළ කළා.

ගෙවී යන සියවසේ සංවර්ධනය පිළිබඳ මානව සංහතියේ ප‍්‍රගති වාර්තාව (රිපෝට් කාඞ් එක) සමාලෝචනය කරමින්, එළඹෙන සියවසේ අභියෝග ගැන ඔහු සුභවාදීව කථා කළා. පත‍්‍රකලාව ගැන දැඩි ඇල්මක් කුඩා කල පටන් ම මා තුළ තිබුණත් මෙබදු සංවර්ධන මාතෘකා ගැන මාධ්‍යකරණයට මා යොමු වීමට ටාසිගේ බලපෑම් ද හේතු වූවා.

ලෝකයේ විවිධ රටවල සන්නිවේදකයින්, චින්තකයන් හා විද්වතුන් සංවර්ධන සන්නිවේදනයේ (Development Communication) ටාසි විට්ටච්චි සළකුණ ගැන ඉතා ගෞරවයෙන් කථා කරනු මා අත් දැක තිබෙනවා. මේ තලයන්හි සැරිසරන මා ලද විශිෂ්ඨතම ප‍්‍රශංසාවක් හැටියට සළකන්නේ ‘ටාසිගෙන් පසු ලංකාවෙන් බිහි වූ දක්‍ෂ සංවර්ධන සන්නිවේදකයා’ යයි වරක් ජාත්‍යන්තර සමුඵවකදී මා හදුන්වා දෙනු ලැබීමයි.

මෙබදු යෝධයන්ගේ උරහිස මත සිට යම් දේ කරන්නට ලැබීමත් මගේ භාග්‍යයක්.

සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

My weekend column in Ravaya newspaper (in Sinhala) is devoted this week to remember the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993).

See also: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

Varindra Tarzie Vittachi (1921 - 1993)
Varindra Tarzie Vittachi (1921 – 1993)

නිව්ස්වීක් සඟරාව මුඵමනින් ඩිජිටල්කරණය වීම ගැන 2013 ජනවාරි 27දා කොලමින් කථා කරද්දී කලක් එයට කොලම් ලියූ කීර්තිමත් ලාංකික පත‍්‍ර කලාවේදී ටාසි විට්ටච්චිගේ (Tarzie Vittachi) හපන්කම් ගැන මා සඳහන් කළා.

කවුද මේ ටාසි විට්ටච්චි?

1921-1993 කාල වකවානුවේ ජීවත් වූ ඔහු 1959දී විදේශ ගත වීම නිසා පරම්පරා කිහිපයක මෙරට පාඨකයන් ඔහු හදුනන්නේ නැහැ. විශෙෂයෙන් ම සිංහල පාඨකයන් අතර ඔහුගේ නම පවා ආගන්තුකයි.

සමහරුන්ට ටාසි ගැන ඇත්තේ වැරදි වැටහීමක්. 1956 සමාජ පෙරලියට අනුගත වන්නට නොහැකි හෝ නොකැමති හෝ වූවකු හැටියට. මා දන්නා තරමට නම් ටාසිට පක්‍ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. එහෙත් අදීන පුවත්පත් කතුවරයකු හා මාධ්‍ය ලේඛකයකු හැටියට දශකයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේත්, ඉනික්බිති දශක තුනකට වඩා ජාත්‍යන්තර තලයේත් කි‍්‍රයා කළ ඔහු, මගේ වීරයෙක්.

එසේ කියන්නේ ඇයි?

මා ඔහු මුණ ගැසී ඇත්තේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ කිහිප වතාවක් පමණයි. එහෙත් ඔහු සමඟ එකට වැඩ කළ හා ඔහුගෙන් පුහුණුව හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ලද බොහෝ දෙනකු ලොව පුරා මට හමු වී තිබෙනවා. ඔවුන් ඔහු ගැන තවමත් කථා කරන්නේ ගුරු දෙවියකු බදු ගෞරවාදරයෙන්.

ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසි බස හැසිරවීමේ හැකියාව නිසා අපේ දුපතෙන් ඔබ්බට වෘත්තීය නිම්වළලූ පුඵල් කරගත් ලාංකික පුවත්පත් කලාවේදීන් ගණනාවක් විසිවන සියවසේ සිටියා. ඔවුන් සමහරෙක් සිංගප්පුරුව, තායිලන්තය, හොංකොං හා මැදපෙරදිග රටවල ඉංගී‍්‍රසි පුවත්පත්වල කර්තෘ මණ්ඩල තනතුරු දැරුවා. තවත් සමහරුන් ජාත්‍යන්තර පුවත් සේවාවල හෝ පුවත් සඟරාවල ලාංකික වාර්තාකරුවන් ලෙස හපන්කම් කළා. මේ අය අතර ප‍්‍රමුඛ චරිත දෙකක් නම් ඩෙන්සිල් පීරිස් (1917 – 1985) හා ටාසි විට්ටච්චි.

අභය ගාමිණී පෙරේරා ‘ටාසි’ විට්ටච්චි 1921දී කොළඹ උපත ලැබුවා. ගුරුවරුන් වූ ඔහුගේ දෙමවුපියෝ කුඩා වියේ පටන් හැම දෙයක් ගැන ම ප‍්‍රශ්න කරන්නට හා ස්වාධීනව සිතන්නට අනුබල දුන්නා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබු ඔහු 1944දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ආර්ථීක විද්‍යාව හා දේශපාලන විද්‍යාව ගැන උපාධියක් ලබා ගත්තා.

ගුරු වෘත්තියේ හා බැංකු ක්‍ෂෙත‍්‍රයේ වසර කිහිපයක් රැකියාව කිරීමෙන් පසු 1950දී ඔහු (පෞද්ගලික සමාගමක්ව පැවති) ලේක්හවුසියේ සේවයට ගියේ ඬේලි නිවුස් පත‍්‍රයේ සහකාර කතුවරයකු හැටියට. කෙටි කලකින් පාඨකයන් අතර ජනාදරයට පත් කොලම් (තීරු ලිපි) දෙකක් ඔහු ඇරඹූවා. Cursory Glances නම් එකකින් ඔහු රජයේ දුෂණ හා පරිපාලන අක‍්‍රමිකතා හෙළි කළා. Bouquets & Brickbats නම් අනෙක, උපහාසාත්මකව ලක් සමාජයේ පැතිකඩ විග‍්‍රහ කළා.

ලොකු පොඩි කාහටත් සරදම් කිරීමට සහජ හැකියාවක් ටාසිට තිබුණා. ඔහු ලීවේ Fly by Night යන ආරූඪ නමින් වුවත් එය පිටුපස සිටින ලේඛකයා කවුද යන්න බොහෝ දෙනා දැන සිටියා. ඔහුගේ කුසලතා නිසා 1953දී Ceylon Observer පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා ලෙස පත් කරනු ලැබුවා. ආසියාවේ පැරණිතම ඉංගී‍්‍රසි පත‍්‍රයේ ලාබාල ම කතුවරයා වන විට ඔහුගේ වයස 32යි.

බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් මෙරට රාජ්‍යකරණය භාර ගත් දේශීය පාලකයන්, සිය ඡන්දදායකයන්ට හා සමස්ත පුරවැසියන්ට මුඵමනින් වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය විසින් පාලකයන්ට දිනපතා බලපෑම් කළ යුතු බවත් ටාසිගේ මාධ්‍ය කලාවේ මුලික සාරධර්මය වුණා. මෑතදී නිදහස ලැබූ රටෙහි සුවහසක් පැතුම් දේශපාලන මඩ ගොහොරුවේ ගිලී යා නොදී බේරා ගත යුතු බව ඔහු විශ්වාස කළා.

1950 දශකය පුරා අගමැතිවරුන් සිවු දෙනකුගේ පාලන යුගයන් තුළ ඔහු පවතින රජයන් දැඩි විමර්ශනයට හා විවේචනයට ලක් කළා. ලේක්හවුසියේ හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව හා මෙරට වරප‍්‍රසාද ලත් ‘බමුණු කුලයේ’ අවශ්‍යතා නියෝජනය කළා යයි ඇතැම් දෙනා ටාසිට චෝදනා කළත් ඔහුගේ ලාංකික මාධ්‍ය කාර්ය භාරය තුලනාත්මක ඇගැයීමකට ලක් වී නැති බව මගේ හැගීමයි.

Emergency '58 book cover1958 මැයි මාසයේ ඇති වූ සිංහල-දෙමළ වාර්ගික ගැටුම් ගැන පත‍්‍ර කලාවේදියකුගේ වාර්තාකරණය ඇතුළත් කොට ටාසි Emergency ’58: The Story of the Ceylon Race Riots නම් ඉංගී‍්‍රසි පොත රචනා කළා. සිදුවීම්වලින් මාස කිහිපයක් ඇතුළත එළි දුටු මේ පොත මහත් ආන්දෝලනයක් ඇති කළා. පක්‍ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමින් සිදුවීම් හා එයට තුඩු දුන් ඓතිහාසික, සමාජයීය හා දේශපාලනික සාධක විග‍්‍රහ කළ ටාසි යළි යළිත් කියා සිටියේ ගෝති‍්‍රක බෙදීම් හා කුලල් කා ගැනීම් ඉක්මනින් පාලනය කර නොගතහොත් ලංකාව ප‍්‍රචණ්ඩත්වයේ හා අස්ථාවර බවෙහි ගිලී යනු ඇති බවයි.

වාර්ගික බෙදීම් ඇති රටක ඇති-නැති පරතරය දැඩි ලෙස පැවතීම ගැටුම් ඇති කිරීමේ හැකියාව වඩාත් තීව‍්‍ර කරන බවත්, දුගී බව හා විරැකියාව සැළකිය යුතු අන්දමින් අඩු කිරීමේ ප‍්‍රබල අභියෝගයට ලක් රජයන් මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

සමාජයීය විපර්යාසයන් සීඝ‍්‍රගාමීව සිදු වන කාලයක නීතියේ ආධිපත්‍යය (Rule of Law) නොකෙලෙසී පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ගැටුම් හා හදිසි අවස්ථාවල පවා පාලකයන්ට පැවරෙන බලය පාර්ලිමේන්තු හා අධිකරණ අධීක්‍ෂණයට නතු විය යුතු බවත් මේ පොතෙන් හා සිය මාධ්‍යකරණයෙන් ටාසි තර්ක කළා.

පුවත්පත් කතුවරයකු මෙලෙස ස්වාධීනව හා නිර්භයව අදහස් පළ කිරීම එවක රජයන්ට අභියෝගයක් වුණා. අද මෙන් එදාත් පණිවුඩයේ වැදගත්කමට වඩා පක්‍ෂ දේශපාලනය ඉස්මතු කරනු ලැබුවා. මහජන ඡුන්දයෙන් පත් වූ ජනතා රජයකට මෙසේ අභියෝග කරන්නට පත්තරකාරයකුට අයිතියක් නැතැයි රජයේ වන්දිභට්ටයෝ කියා සිටියා!

ජනතාවාදී යයි කියා ගන්න රජයක අඩුපාඩුකම්, ප‍්‍රතිපත්තිමය දුර්වලතා සහ පරිපාලන අක‍්‍රමිකතා පෙන්වාදීමට මාධ්‍යවේදීන්ට අයිතියක් මෙන් ම වගකීමක් ද තිබෙනවා. ටාසි හා ඔහුගේ සමකාලීන ස්වාධීන චින්තකයන් මීට අඩසියවසකට පෙර කළ අනතුරු ඇඟවීම් ගැන ලක් සමාජය මීට වැඩි අවධානයක් යොමු කළා නම් අපේ මෑත ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා.

1959 අගෝස්තු මාසයේ පිලිපීනයේ මැනිලා නුවරදී පත‍්‍රකලාව හා සාහිත්‍යය සඳහා වන රේමන් මැග්සායිසායි ත්‍යාගය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ටාසිට පිරිනමනු ලැබුවා. ඒ වසරේ ත්‍යාගය බුරුමයේ ‘ද නේෂන්’ පුවත්පත ආරම්භක කර්තෘ එඞ්වඞ් මයිකල් ලෝ යෝන් (Edward Michael Law Yone) හා ටාසි විට්ටච්චි අතර සමසේ බෙදුණා.

හේතු පාඨයෙන් කියැවුණේ මෑතදී නිදහස ලැබු මේ දෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සවිමත් කරන්නට තර්ජන ගර්ජන නොතකා අදීනව හා අභීතව කි‍්‍රයා කිරීම නිමිත්තෙන් ත්‍යාගය පිරිනමන බවයි. (මැග්සායිසායි සම්මානය ලැබූ දෙවැනි ලාංකිකයා වූයේ ටාසියි. ගෙවී ගිය 54 වසර තුළ එය ලාංකිකයන් 9 දෙනෙකුට හිමි වී තිබෙනවා.)

ස්වාධීන මතධාරීවීම හා අදීනව වෘත්තිමය කටයුතු කිරීම නිසා ඇති වූ දැඩි බලපෑම් හමුවේ රට හැර ගිය මුල් ම ලාංකික පත‍්‍රකලාවේදියා ටාසි ද? මෙයට නිශ්චිත පිළිතුරක් මට නැතත්, 1959දී ටාසි හදිසියේ ම විදේශගත වුණා.

1960-65 කාලයේ මැලේසියාවේ ක්වාලා ලම්පුර් නුවර ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ (International Press Institute)ආසියානු අධ්‍යක්‍ෂවරයා ලෙසත්, ඉනික්බිති පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු පුවත්පත් පදනමේ (Press Foundation of Asia) සමාරම්භක අධ්‍යක්‍ෂවරයා ලෙසත් කි‍්‍රයා කළා. ඔහු නිත්‍ය පදිංචියට බි‍්‍රතාන්‍යයට ගියේ 1970 දශකයේයි. 1971-72 කාලයේ ලන්ඩනයෙන් පළ කළ The Asian ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කතුවරයා වුණා.

මීට අමතරව ලන්ඩනයේ Sunday Times පත‍්‍රයට හා The Economist පුවත් සඟරාවටත්, BBC රේඩියෝවටත් විශේෂ වාර්තාකරුවකු ලෙස 1965-1972 කාලයේ ඔහු දායකත්වය දුන්නා. මෙකී නොකී සැම තැනකදී ම ඔහු උත්සාහ කළේ (එවකට බහුලව තුන්වන ලෝකය යයි හදුන්වනු ලැබූ) ආසියාවේ, අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකාවේ දියුණු වන රටවල ජනයාගේ සිතුම් පැතුම්, ආකල්ප හා ප‍්‍රශ්න බටහිර දියුණු රටවල පාඨකයන්ගේ හා පාලකයන්ගේ අවධානයට ලක් කරන්නයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයේ උච්චතම අවධියේ ලොව හැම ප‍්‍රශ්නයක් ම ධනවාදය හා සමාජවාදය/කොමියුනිස්ට් චින්තනය අතර අරගලයක් බවට ලඝු කරන්නට බොහෝ චින්තකයන් හා මාධ්‍යවේදීන් උත්සාහ කළා. ටාසි වැනි කිහිප දෙනෙක් කියා සිටියේ මේ න්‍යායාත්මක් විග‍්‍රහයෙන් ඔබ්බට යන, සමාජ සාධාරණත්වය හා ආචාරධර්ම මත පදනම් වූ දැක්මක් අවශ්‍ය බවයි.

1970-1980 දශකයන්ගේ බොහෝ බටහිර මාධ්‍ය ආයතන සමස්ත තුන්වන ලෝකය ම මතුපිටින් හා සරලව වාර්තා කළේ අන්ත දිළිදු බව, සමාජ විසමතා, දේශපාලන අස්ථාවර බව හා ගැටුම්වලින් පිරි මහා කාලකන්නි ලෝකයක් හැටියටයි. අපට බරපතල ප‍්‍රශ්න ඇතත්, ඒවාට විසදුම් ද තිබෙන බවත්, රටවල් අතර මෙන් ම රටවල් තුළත් අති විශාල විවිධත්වයක් පවතින බවත්, සියඵ තෙවන ලොව රටවල් එක අච්චුවකට දමා විග‍්‍රහ කිරීම මුඵමනින් ම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නා.

ටාසි මේ සන්නිවේදනය කළේ ආවේගශීලිව, උද්‍යොග පාඨ සහිතව ලිවීමෙන් නොවෙයි. ඉතා සංවරව, සංවාදශීලිව හා බොහෝ විට හාස්‍යය හා උපහාසය මුසුකර ගනිමින්. ඔහු මුල් යුගයේ ජාත්‍යන්තර ප‍්‍රකාශනවලට ලියූ ලිපි දැන් සොයා ගැනීම අපහසු වුවත් 1980 දශකය පුරාම Newsweek සඟරාවට ලියූ තීරු ලිපි මෙකී සරල, සුගම හා රසබර ශෛලියෙන් නිමැවුණු බව මට මතකයි.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට නැඹුරු වූ බටහිර රටවල, නිල රාජ්‍ය ප‍්‍රතිපත්තියට කිසිසේත් අනුගත නොවූ ස්වාධීන මතධාරී විද්වතුන්, පර්යේෂකයන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් සිටිනවා. ජනමතයට බලපෑම් කිරීමේ හා ජනමාධ්‍ය හරහා ප‍්‍රතිපත්තිවලට පවා දායකවීමේ හැකියාව මේ පිරිසට තිබෙනවා. (අමෙරිකා එක්සත් ජනපදය යනු අමෙරිකානු රජය හෝ එරට සමාගම් නොවේ!)

ටාසි සිය ලිපි හරහා ඇමතුවේ මෙකී සංවේදී, බුද්ධිමත් පිරිසටයි. ඒ අයට තර්කානුකූලව, නිර්ව්‍යාජව හා ලිහිල්ව ඕනෑ ම සංකීර්ණ ප‍්‍රශ්නයක් සන්නිවේදන කිරීමේ හැකියාව ටාසිට තිබුණා. උතුරු-දකුණු සබඳතාවල විසමතා සහ ගෝලීය මට්ටමේ අසාධාරණකම්වලට එරෙහිව කථා කරන අතර, අපේ වැනි රටවල පවතින කැකෑරෙන ප‍්‍රශ්න (කුලවාදය, පවුල්වාදය, වංචාව හා දුෂණය) ගැන කථා කිරීමට ඔහු පැකිඵණේ නැහැ.

කිසිදු රටක් හෝ සමාජයක් ගැන ඒකාකෘතික (stereotyped) ලෙස කථා නොකළ ඔහු ඒ වෙනුවට කියැවීමෙන්, දේශ සංචාරයෙන් හා ජාත්‍යන්තර සබදතා හරහා ලබා ගත් අවබෝධය කැටි කොට ගෙන රසබර, හරබර කථා ඉදිරිපත් කළා.

මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් සංවර්ධන ක්‍ෂෙත‍්‍රයට ටාසි සංක‍්‍රමණය වූයේ 1970 දශකයේ මැදදී. ජනගහනය, ළමා අයිතිවාසිකම්, පරිසරය හා කාන්තා අයිතිවාසිකම් ආදිය ගැන මාධ්‍යවේදියකු ලෙස ඔහු ලබා තිබූ අත්දැකීම් හා අවබෝධය හරහා ඔහු එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනවල සන්නිවේදන කටයුතු වඩාත් හෘදයාංගම හා සාර්ථක කිරීමට කි‍්‍රයා කළා. ටාසිගේ ජීවිතයේ මේ අවධිය ගැන තවත් දවසක කථා කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් හෙබවීමෙන් පසු විශ‍්‍රාම ගිය ටාසිට කොළඹ සරසවියේ සංවර්ධන මාධ්‍යවේදය (Development Journalism) ගැන මහාචාර්ය පදවියක් පිරිනැමීමේ යෝජනාවක් 1980 දශකයෙදී මතු වුණා. ලොව වටා මාධ්‍යවේදීන් දහස් ගණනක් පුහුණු කොට සිටි මේ දැවැන්තයාගෙන් අපේ රටට වැඩක් ගත හැකි වනු ඇතැයි එවකට මේ ක්‍ෂෙත‍්‍රයට අඵතින් පිවිසි අප බලාපොරොත්තු වුණා. එහෙත් ටාසිට ආචාර්ය උපාධියක් නොතිබූ නිසා එබදු තනතුරක් දීමට නොහැකි යයි සරසවි තන්ත‍්‍රය තීරණය කළා. සමහර විට මෙබදු ගලිවරයකුගේ ආගමනය ගැන එහි ලිලිපුට්ටන් බිය වන්නට ඇති!

ටාසි ජීවිතයේ අවසන් කාලය ගත කළේ ඔහුගේ දියණිය අනුරාධා විට්ටච්චි සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි නිස්කලංක ගැමි පරිසරයක. 1993 සැප්තැම්බරයේ ටාසි මිය ගිය විට ඔහු ගැන ප‍්‍රශංසාත්මක ස්මරණයන් ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක පළ වුණා. ටාසි විට්ටච්චි අද බොහෝ දෙනකුට අමතක වුණත්, අපේ ලෝකය ගැන අභීතව, සත්‍යවාදීව හා රසබර ලෙස කථා කළ අපේ කාලයේ කථා කාරයකු ලෙස ලොව පුරා තවමත් ඔහු සිහි කරනු ලබනවා.

What a Bureaucrat does, by Tarzie Vittachi