සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

My weekend column in Ravaya newspaper (in Sinhala) is devoted this week to remember the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993).

See also: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

Varindra Tarzie Vittachi (1921 - 1993)
Varindra Tarzie Vittachi (1921 – 1993)

නිව්ස්වීක් සඟරාව මුඵමනින් ඩිජිටල්කරණය වීම ගැන 2013 ජනවාරි 27දා කොලමින් කථා කරද්දී කලක් එයට කොලම් ලියූ කීර්තිමත් ලාංකික පත‍්‍ර කලාවේදී ටාසි විට්ටච්චිගේ (Tarzie Vittachi) හපන්කම් ගැන මා සඳහන් කළා.

කවුද මේ ටාසි විට්ටච්චි?

1921-1993 කාල වකවානුවේ ජීවත් වූ ඔහු 1959දී විදේශ ගත වීම නිසා පරම්පරා කිහිපයක මෙරට පාඨකයන් ඔහු හදුනන්නේ නැහැ. විශෙෂයෙන් ම සිංහල පාඨකයන් අතර ඔහුගේ නම පවා ආගන්තුකයි.

සමහරුන්ට ටාසි ගැන ඇත්තේ වැරදි වැටහීමක්. 1956 සමාජ පෙරලියට අනුගත වන්නට නොහැකි හෝ නොකැමති හෝ වූවකු හැටියට. මා දන්නා තරමට නම් ටාසිට පක්‍ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. එහෙත් අදීන පුවත්පත් කතුවරයකු හා මාධ්‍ය ලේඛකයකු හැටියට දශකයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේත්, ඉනික්බිති දශක තුනකට වඩා ජාත්‍යන්තර තලයේත් කි‍්‍රයා කළ ඔහු, මගේ වීරයෙක්.

එසේ කියන්නේ ඇයි?

මා ඔහු මුණ ගැසී ඇත්තේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ කිහිප වතාවක් පමණයි. එහෙත් ඔහු සමඟ එකට වැඩ කළ හා ඔහුගෙන් පුහුණුව හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ලද බොහෝ දෙනකු ලොව පුරා මට හමු වී තිබෙනවා. ඔවුන් ඔහු ගැන තවමත් කථා කරන්නේ ගුරු දෙවියකු බදු ගෞරවාදරයෙන්.

ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසි බස හැසිරවීමේ හැකියාව නිසා අපේ දුපතෙන් ඔබ්බට වෘත්තීය නිම්වළලූ පුඵල් කරගත් ලාංකික පුවත්පත් කලාවේදීන් ගණනාවක් විසිවන සියවසේ සිටියා. ඔවුන් සමහරෙක් සිංගප්පුරුව, තායිලන්තය, හොංකොං හා මැදපෙරදිග රටවල ඉංගී‍්‍රසි පුවත්පත්වල කර්තෘ මණ්ඩල තනතුරු දැරුවා. තවත් සමහරුන් ජාත්‍යන්තර පුවත් සේවාවල හෝ පුවත් සඟරාවල ලාංකික වාර්තාකරුවන් ලෙස හපන්කම් කළා. මේ අය අතර ප‍්‍රමුඛ චරිත දෙකක් නම් ඩෙන්සිල් පීරිස් (1917 – 1985) හා ටාසි විට්ටච්චි.

අභය ගාමිණී පෙරේරා ‘ටාසි’ විට්ටච්චි 1921දී කොළඹ උපත ලැබුවා. ගුරුවරුන් වූ ඔහුගේ දෙමවුපියෝ කුඩා වියේ පටන් හැම දෙයක් ගැන ම ප‍්‍රශ්න කරන්නට හා ස්වාධීනව සිතන්නට අනුබල දුන්නා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබු ඔහු 1944දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ආර්ථීක විද්‍යාව හා දේශපාලන විද්‍යාව ගැන උපාධියක් ලබා ගත්තා.

ගුරු වෘත්තියේ හා බැංකු ක්‍ෂෙත‍්‍රයේ වසර කිහිපයක් රැකියාව කිරීමෙන් පසු 1950දී ඔහු (පෞද්ගලික සමාගමක්ව පැවති) ලේක්හවුසියේ සේවයට ගියේ ඬේලි නිවුස් පත‍්‍රයේ සහකාර කතුවරයකු හැටියට. කෙටි කලකින් පාඨකයන් අතර ජනාදරයට පත් කොලම් (තීරු ලිපි) දෙකක් ඔහු ඇරඹූවා. Cursory Glances නම් එකකින් ඔහු රජයේ දුෂණ හා පරිපාලන අක‍්‍රමිකතා හෙළි කළා. Bouquets & Brickbats නම් අනෙක, උපහාසාත්මකව ලක් සමාජයේ පැතිකඩ විග‍්‍රහ කළා.

ලොකු පොඩි කාහටත් සරදම් කිරීමට සහජ හැකියාවක් ටාසිට තිබුණා. ඔහු ලීවේ Fly by Night යන ආරූඪ නමින් වුවත් එය පිටුපස සිටින ලේඛකයා කවුද යන්න බොහෝ දෙනා දැන සිටියා. ඔහුගේ කුසලතා නිසා 1953දී Ceylon Observer පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා ලෙස පත් කරනු ලැබුවා. ආසියාවේ පැරණිතම ඉංගී‍්‍රසි පත‍්‍රයේ ලාබාල ම කතුවරයා වන විට ඔහුගේ වයස 32යි.

බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් මෙරට රාජ්‍යකරණය භාර ගත් දේශීය පාලකයන්, සිය ඡන්දදායකයන්ට හා සමස්ත පුරවැසියන්ට මුඵමනින් වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය විසින් පාලකයන්ට දිනපතා බලපෑම් කළ යුතු බවත් ටාසිගේ මාධ්‍ය කලාවේ මුලික සාරධර්මය වුණා. මෑතදී නිදහස ලැබූ රටෙහි සුවහසක් පැතුම් දේශපාලන මඩ ගොහොරුවේ ගිලී යා නොදී බේරා ගත යුතු බව ඔහු විශ්වාස කළා.

1950 දශකය පුරා අගමැතිවරුන් සිවු දෙනකුගේ පාලන යුගයන් තුළ ඔහු පවතින රජයන් දැඩි විමර්ශනයට හා විවේචනයට ලක් කළා. ලේක්හවුසියේ හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව හා මෙරට වරප‍්‍රසාද ලත් ‘බමුණු කුලයේ’ අවශ්‍යතා නියෝජනය කළා යයි ඇතැම් දෙනා ටාසිට චෝදනා කළත් ඔහුගේ ලාංකික මාධ්‍ය කාර්ය භාරය තුලනාත්මක ඇගැයීමකට ලක් වී නැති බව මගේ හැගීමයි.

Emergency '58 book cover1958 මැයි මාසයේ ඇති වූ සිංහල-දෙමළ වාර්ගික ගැටුම් ගැන පත‍්‍ර කලාවේදියකුගේ වාර්තාකරණය ඇතුළත් කොට ටාසි Emergency ’58: The Story of the Ceylon Race Riots නම් ඉංගී‍්‍රසි පොත රචනා කළා. සිදුවීම්වලින් මාස කිහිපයක් ඇතුළත එළි දුටු මේ පොත මහත් ආන්දෝලනයක් ඇති කළා. පක්‍ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමින් සිදුවීම් හා එයට තුඩු දුන් ඓතිහාසික, සමාජයීය හා දේශපාලනික සාධක විග‍්‍රහ කළ ටාසි යළි යළිත් කියා සිටියේ ගෝති‍්‍රක බෙදීම් හා කුලල් කා ගැනීම් ඉක්මනින් පාලනය කර නොගතහොත් ලංකාව ප‍්‍රචණ්ඩත්වයේ හා අස්ථාවර බවෙහි ගිලී යනු ඇති බවයි.

වාර්ගික බෙදීම් ඇති රටක ඇති-නැති පරතරය දැඩි ලෙස පැවතීම ගැටුම් ඇති කිරීමේ හැකියාව වඩාත් තීව‍්‍ර කරන බවත්, දුගී බව හා විරැකියාව සැළකිය යුතු අන්දමින් අඩු කිරීමේ ප‍්‍රබල අභියෝගයට ලක් රජයන් මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

සමාජයීය විපර්යාසයන් සීඝ‍්‍රගාමීව සිදු වන කාලයක නීතියේ ආධිපත්‍යය (Rule of Law) නොකෙලෙසී පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ගැටුම් හා හදිසි අවස්ථාවල පවා පාලකයන්ට පැවරෙන බලය පාර්ලිමේන්තු හා අධිකරණ අධීක්‍ෂණයට නතු විය යුතු බවත් මේ පොතෙන් හා සිය මාධ්‍යකරණයෙන් ටාසි තර්ක කළා.

පුවත්පත් කතුවරයකු මෙලෙස ස්වාධීනව හා නිර්භයව අදහස් පළ කිරීම එවක රජයන්ට අභියෝගයක් වුණා. අද මෙන් එදාත් පණිවුඩයේ වැදගත්කමට වඩා පක්‍ෂ දේශපාලනය ඉස්මතු කරනු ලැබුවා. මහජන ඡුන්දයෙන් පත් වූ ජනතා රජයකට මෙසේ අභියෝග කරන්නට පත්තරකාරයකුට අයිතියක් නැතැයි රජයේ වන්දිභට්ටයෝ කියා සිටියා!

ජනතාවාදී යයි කියා ගන්න රජයක අඩුපාඩුකම්, ප‍්‍රතිපත්තිමය දුර්වලතා සහ පරිපාලන අක‍්‍රමිකතා පෙන්වාදීමට මාධ්‍යවේදීන්ට අයිතියක් මෙන් ම වගකීමක් ද තිබෙනවා. ටාසි හා ඔහුගේ සමකාලීන ස්වාධීන චින්තකයන් මීට අඩසියවසකට පෙර කළ අනතුරු ඇඟවීම් ගැන ලක් සමාජය මීට වැඩි අවධානයක් යොමු කළා නම් අපේ මෑත ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා.

1959 අගෝස්තු මාසයේ පිලිපීනයේ මැනිලා නුවරදී පත‍්‍රකලාව හා සාහිත්‍යය සඳහා වන රේමන් මැග්සායිසායි ත්‍යාගය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ටාසිට පිරිනමනු ලැබුවා. ඒ වසරේ ත්‍යාගය බුරුමයේ ‘ද නේෂන්’ පුවත්පත ආරම්භක කර්තෘ එඞ්වඞ් මයිකල් ලෝ යෝන් (Edward Michael Law Yone) හා ටාසි විට්ටච්චි අතර සමසේ බෙදුණා.

හේතු පාඨයෙන් කියැවුණේ මෑතදී නිදහස ලැබු මේ දෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සවිමත් කරන්නට තර්ජන ගර්ජන නොතකා අදීනව හා අභීතව කි‍්‍රයා කිරීම නිමිත්තෙන් ත්‍යාගය පිරිනමන බවයි. (මැග්සායිසායි සම්මානය ලැබූ දෙවැනි ලාංකිකයා වූයේ ටාසියි. ගෙවී ගිය 54 වසර තුළ එය ලාංකිකයන් 9 දෙනෙකුට හිමි වී තිබෙනවා.)

ස්වාධීන මතධාරීවීම හා අදීනව වෘත්තිමය කටයුතු කිරීම නිසා ඇති වූ දැඩි බලපෑම් හමුවේ රට හැර ගිය මුල් ම ලාංකික පත‍්‍රකලාවේදියා ටාසි ද? මෙයට නිශ්චිත පිළිතුරක් මට නැතත්, 1959දී ටාසි හදිසියේ ම විදේශගත වුණා.

1960-65 කාලයේ මැලේසියාවේ ක්වාලා ලම්පුර් නුවර ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ (International Press Institute)ආසියානු අධ්‍යක්‍ෂවරයා ලෙසත්, ඉනික්බිති පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු පුවත්පත් පදනමේ (Press Foundation of Asia) සමාරම්භක අධ්‍යක්‍ෂවරයා ලෙසත් කි‍්‍රයා කළා. ඔහු නිත්‍ය පදිංචියට බි‍්‍රතාන්‍යයට ගියේ 1970 දශකයේයි. 1971-72 කාලයේ ලන්ඩනයෙන් පළ කළ The Asian ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කතුවරයා වුණා.

මීට අමතරව ලන්ඩනයේ Sunday Times පත‍්‍රයට හා The Economist පුවත් සඟරාවටත්, BBC රේඩියෝවටත් විශේෂ වාර්තාකරුවකු ලෙස 1965-1972 කාලයේ ඔහු දායකත්වය දුන්නා. මෙකී නොකී සැම තැනකදී ම ඔහු උත්සාහ කළේ (එවකට බහුලව තුන්වන ලෝකය යයි හදුන්වනු ලැබූ) ආසියාවේ, අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකාවේ දියුණු වන රටවල ජනයාගේ සිතුම් පැතුම්, ආකල්ප හා ප‍්‍රශ්න බටහිර දියුණු රටවල පාඨකයන්ගේ හා පාලකයන්ගේ අවධානයට ලක් කරන්නයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයේ උච්චතම අවධියේ ලොව හැම ප‍්‍රශ්නයක් ම ධනවාදය හා සමාජවාදය/කොමියුනිස්ට් චින්තනය අතර අරගලයක් බවට ලඝු කරන්නට බොහෝ චින්තකයන් හා මාධ්‍යවේදීන් උත්සාහ කළා. ටාසි වැනි කිහිප දෙනෙක් කියා සිටියේ මේ න්‍යායාත්මක් විග‍්‍රහයෙන් ඔබ්බට යන, සමාජ සාධාරණත්වය හා ආචාරධර්ම මත පදනම් වූ දැක්මක් අවශ්‍ය බවයි.

1970-1980 දශකයන්ගේ බොහෝ බටහිර මාධ්‍ය ආයතන සමස්ත තුන්වන ලෝකය ම මතුපිටින් හා සරලව වාර්තා කළේ අන්ත දිළිදු බව, සමාජ විසමතා, දේශපාලන අස්ථාවර බව හා ගැටුම්වලින් පිරි මහා කාලකන්නි ලෝකයක් හැටියටයි. අපට බරපතල ප‍්‍රශ්න ඇතත්, ඒවාට විසදුම් ද තිබෙන බවත්, රටවල් අතර මෙන් ම රටවල් තුළත් අති විශාල විවිධත්වයක් පවතින බවත්, සියඵ තෙවන ලොව රටවල් එක අච්චුවකට දමා විග‍්‍රහ කිරීම මුඵමනින් ම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නා.

ටාසි මේ සන්නිවේදනය කළේ ආවේගශීලිව, උද්‍යොග පාඨ සහිතව ලිවීමෙන් නොවෙයි. ඉතා සංවරව, සංවාදශීලිව හා බොහෝ විට හාස්‍යය හා උපහාසය මුසුකර ගනිමින්. ඔහු මුල් යුගයේ ජාත්‍යන්තර ප‍්‍රකාශනවලට ලියූ ලිපි දැන් සොයා ගැනීම අපහසු වුවත් 1980 දශකය පුරාම Newsweek සඟරාවට ලියූ තීරු ලිපි මෙකී සරල, සුගම හා රසබර ශෛලියෙන් නිමැවුණු බව මට මතකයි.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට නැඹුරු වූ බටහිර රටවල, නිල රාජ්‍ය ප‍්‍රතිපත්තියට කිසිසේත් අනුගත නොවූ ස්වාධීන මතධාරී විද්වතුන්, පර්යේෂකයන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් සිටිනවා. ජනමතයට බලපෑම් කිරීමේ හා ජනමාධ්‍ය හරහා ප‍්‍රතිපත්තිවලට පවා දායකවීමේ හැකියාව මේ පිරිසට තිබෙනවා. (අමෙරිකා එක්සත් ජනපදය යනු අමෙරිකානු රජය හෝ එරට සමාගම් නොවේ!)

ටාසි සිය ලිපි හරහා ඇමතුවේ මෙකී සංවේදී, බුද්ධිමත් පිරිසටයි. ඒ අයට තර්කානුකූලව, නිර්ව්‍යාජව හා ලිහිල්ව ඕනෑ ම සංකීර්ණ ප‍්‍රශ්නයක් සන්නිවේදන කිරීමේ හැකියාව ටාසිට තිබුණා. උතුරු-දකුණු සබඳතාවල විසමතා සහ ගෝලීය මට්ටමේ අසාධාරණකම්වලට එරෙහිව කථා කරන අතර, අපේ වැනි රටවල පවතින කැකෑරෙන ප‍්‍රශ්න (කුලවාදය, පවුල්වාදය, වංචාව හා දුෂණය) ගැන කථා කිරීමට ඔහු පැකිඵණේ නැහැ.

කිසිදු රටක් හෝ සමාජයක් ගැන ඒකාකෘතික (stereotyped) ලෙස කථා නොකළ ඔහු ඒ වෙනුවට කියැවීමෙන්, දේශ සංචාරයෙන් හා ජාත්‍යන්තර සබදතා හරහා ලබා ගත් අවබෝධය කැටි කොට ගෙන රසබර, හරබර කථා ඉදිරිපත් කළා.

මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් සංවර්ධන ක්‍ෂෙත‍්‍රයට ටාසි සංක‍්‍රමණය වූයේ 1970 දශකයේ මැදදී. ජනගහනය, ළමා අයිතිවාසිකම්, පරිසරය හා කාන්තා අයිතිවාසිකම් ආදිය ගැන මාධ්‍යවේදියකු ලෙස ඔහු ලබා තිබූ අත්දැකීම් හා අවබෝධය හරහා ඔහු එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනවල සන්නිවේදන කටයුතු වඩාත් හෘදයාංගම හා සාර්ථක කිරීමට කි‍්‍රයා කළා. ටාසිගේ ජීවිතයේ මේ අවධිය ගැන තවත් දවසක කථා කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් හෙබවීමෙන් පසු විශ‍්‍රාම ගිය ටාසිට කොළඹ සරසවියේ සංවර්ධන මාධ්‍යවේදය (Development Journalism) ගැන මහාචාර්ය පදවියක් පිරිනැමීමේ යෝජනාවක් 1980 දශකයෙදී මතු වුණා. ලොව වටා මාධ්‍යවේදීන් දහස් ගණනක් පුහුණු කොට සිටි මේ දැවැන්තයාගෙන් අපේ රටට වැඩක් ගත හැකි වනු ඇතැයි එවකට මේ ක්‍ෂෙත‍්‍රයට අඵතින් පිවිසි අප බලාපොරොත්තු වුණා. එහෙත් ටාසිට ආචාර්ය උපාධියක් නොතිබූ නිසා එබදු තනතුරක් දීමට නොහැකි යයි සරසවි තන්ත‍්‍රය තීරණය කළා. සමහර විට මෙබදු ගලිවරයකුගේ ආගමනය ගැන එහි ලිලිපුට්ටන් බිය වන්නට ඇති!

ටාසි ජීවිතයේ අවසන් කාලය ගත කළේ ඔහුගේ දියණිය අනුරාධා විට්ටච්චි සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි නිස්කලංක ගැමි පරිසරයක. 1993 සැප්තැම්බරයේ ටාසි මිය ගිය විට ඔහු ගැන ප‍්‍රශංසාත්මක ස්මරණයන් ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක පළ වුණා. ටාසි විට්ටච්චි අද බොහෝ දෙනකුට අමතක වුණත්, අපේ ලෝකය ගැන අභීතව, සත්‍යවාදීව හා රසබර ලෙස කථා කළ අපේ කාලයේ කථා කාරයකු ලෙස ලොව පුරා තවමත් ඔහු සිහි කරනු ලබනවා.

What a Bureaucrat does, by Tarzie Vittachi

සිවුමංසල කොලූගැටයා #101: නිව්ස්වීක් කඩදාසියෙන් සමු ගනියි!

In this week’s Ravaya column (in Sinhala), I look back at the Newsweek magazine’s illustrious history of nearly 80 years, and reflect on the phenomenon of news magazines: are their days numbered, at least in print?

Newsweek magazine Last Print Issue 31 Dec 2012
‘‘අප කවදාවත් ගතානුගතික සඟරාවක් හෝ බයගුළු ප‍්‍රකාශනයක් හෝ වූයේ නැහැ. අප ඩිජිටල් මාධ්‍යයට මුළුමනින් අවතීර්ණ වන්නේත් අලූත් දෙයක් කිරීමේ එම එඩිතර ගුණය පෙරදැරි කරගෙනයි. යම් දිනෙක අපේ තරගකාරී ප‍්‍රකාශන සියල්ල ද අප පුරෝගාමීව යන මේ මෙඟහි ම ගමන් කරනු ඇති!’’

නිව්ස්වීක් (Newsweek) ජාත්‍යන්තර පුවත් සඟරාවේ අවසන් මුද්‍රිත කලාපයට (2012 දෙසැම්බර් 31) විශේෂ පණිවුඩයක් ලියමින් එහි කර්තෘ ටීනා බ‍්‍රවුන් එසේ කියා සිටියා.

සඟරාවේ ප‍්‍රකාශකයන් හා වත්මන් කතුවරුන් අවධාරණය කර සිටියේ මෙය දශක අටක් වයසැති සඟරාවේ අවසානය නොව අලූත් ආරම්භයක් පමණක් බවයි. වෙළඳපොළ හා තාක්ෂණය වෙනස් වන ආකාරයට පරිනාමීයව හැඩ ගැසීමක් ලෙස ඔවුන් එය හඳුන්වා දුන්නා.

2012 දෙසැම්බර් මස 31 වනදා නිකුත් කළ අවසන් මුද්‍රිත කලාපය ම සිය ඉතිහාසය දෙස හැඟීම්බරව නෙතග බැල්මක් හෙළන්නට ඔවුන් කැප කළා. ටයිම් හා නිව්ස්වීක් සතිපතා පුවත් සඟරා කියවමින් හැදුනු, එයින් ආභාසය ලත් මට මෙය හැඟීම්බර අවස්ථාවක්. ලෝක ව්‍යාප්ත මාධ්‍ය පවුලේ දැවැන්තයකුගේ ප‍්‍රබල සන්ධිස්ථානයක්. මුද්‍රිත මාධ්‍යයේ වර්තමානය හා අනාගතය ගැන මෙනෙහි කරන්නට නිමිත්තක්.

First issue of Newsweek
First issue of Newsweek
නිව්ස්වීක් උපන්නේ 1933 පෙබරවාරි 17 වනදා. එය ඇරඹුවේ තොමස් ජේ. සී. මාටින්. මුල් ම කතුවරයා වූයේ සැමුවෙල් ටී. විලියම්සන්. 1923 මාර්තු 3 වනදා අරඹන ලද ටයිම් (TIME) සඟරාවට තරගකාරී ප‍්‍රකාශනයක් වූ මෙය, දශක ගණනාවක් පුරා අමෙරිකාවේත්, ජාත්‍යන්තර මට්ටමිනුත් ප‍්‍රධාන පෙළේ පුවත් සඟරාවක් ලෙස පිළිගැනීමට පාත‍්‍ර වුණා. එහි උච්ච අවධියේ ලොව පුරා පිහිට වූ කාර්යාල 23ක වාර්තාකරුවන් හා ජායාරූප ශිල්පීන් සිය ගණනක් සේවය කළා. වසර 80කට ආසන්න කාලයක් තුළ මුද්‍රිත සඟරාවේ කලාප 4,150ක් පළ කරනු ලැබුවා.

ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක හිතකර තරගකාරිත්වයක් මත ක‍්‍රියා කළා. මේ ප‍්‍රකාශන දෙක ම සිය ප‍්‍රධාන කාර්යාලයන් පිහිට වූයේ අමෙරිකාවේ ප‍්‍රකාශන මාධ්‍ය කේන්ද්‍රය වන නිව් යෝක් නුවර මැන්හැට්න් දුපතේ එකිනෙකට නොදුරින්. වෙළඳ පොළේ පත්තර ලෑලි හා පොත් සාප්පු හරහා මෙන් ම දායකත්වය හරහා ද මේ සඟරා අලෙවි කරනු ලැබුවා.

නිව්ස්වීක් අන්තිම මුද්‍රිත කලාපයේ එක් විශේෂාංගයක් වන්නේ දිගු කලක් ටයිම් කතුවරයකුට සිටි ජිම් කෙලී හා එබඳු ම කලක් නිව්ස්වීක් කතුවර වූ එවන් තෝමස් දෙදෙනා තම තමන්ගේ සඟරා දෙකේ නිරතුරු තරගය ගැන සුහද ආවර්ජනා කිරීම. අවසාන විනිශ්චයේ දී දෙපිරිස ම කළේ පොදු උන්නතිය වෙනුවෙන් පාඨකයන්ට වැඩ කිරීම. උසස් ම මාධ්‍ය සදාචාරයත් එයයි!

දිනපතා පුවත්පත් එයට පෙර දින සිදු වූ දේ වාර්තා කරනවා. යම් තරමක පුවත් විග‍්‍රහයක් ද ගෙන එනවා. සති අන්ත පුවත්පත්වල (අපේ රටවල ඉරිදා, ඉස්ලාමීය රටවල සිකුරාදා) ඊට ඔබ්බට යන පුවත් විමර්ශනයක් හා විශේෂාංග ලිපි ඇතුළත් වනවා. මේ දෙයාකාරයේ ම අන්තර්ගතයන්ට වඩා ගැඹුරින් එහෙත් කාලානුරූපීව සිදුවීම් හා ප‍්‍රවණතා ගැන වාර්තා කරන්නත්, සංවාද කරන්නත් පුවත් සඟරා උත්සාහ කරනවා.

පුවත් සඟරා සම්ප‍්‍රදාය බි‍්‍රතාන්‍යයේ The Economist විසින් ඇරඹුවේ 1843දී. එය වඩාත් ජනප‍්‍රිය වූයේ TIME සඟරාව සමඟයි. (නාමකරණය ගැන නිරවුල් අවබෝධයක් අවශ්‍යයි. TIME යනු ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන පුවත් සඟරාවයි. එහි නම ලියන්නේ මුළුමනින් ම ඉංග‍්‍රීසි කැපිටල් අකුරුවලින්. Times යනු ඉංග‍්‍රීසි බසින් පත්තර පළ කරන රටවල් රැසක දිනපතා හෝ සති අන්ත පත්තරවලට බහුලව යෙදෙන නමක්. බි‍්‍රතාන්‍යය, අයර්ලන්තය, ඉන්දියාව, අමෙරිකාව ආදී රටවල ටයිම්ස් පත්තර තිබෙනවා. පොදු නමක් තිබුණත් එකකට එකක් සම්බන්ධ නැහැ. ටයිම් සඟරාව හා ටයිම්ස් පත්තර පටලවා නොගත යුතුයි.)

කවරයේ යොදන රූපයක් තේමා කර ගෙන සඟරාව ඇතුළත පිටු ගණනාවක් පුරා විස්තරාත්මක විග‍්‍රහයක් හෝ වාර්තාකරණයක් ගෙන ඒමේ කවරයේ කථාව (cover story) සම්ප‍්‍රදාය ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක සාර්ථකව කළා.

නිව්ස්වීක් මා නිරතුරුව කියවූ සඟරාවක් නොවෙයි. ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල නිව්ස්වීක්ට වඩා ටයිම් සඟරාව ඉදිරියෙන් සිටියා. එයට එක් හේතුවක් නම් හොංකොං නුවර කේන්ද්‍ර කර ගෙන ආසියානු සංස්කරණයක් ටයිම් සතිපතා පළ කරද්දී නිව්ස්වීක් කළේ ජාත්‍යන්තර සංස්කරණයක් (Newsweek International) පමණක් වීමයි. (ජපන් බසින් නිව්ස්වීක් කලක් පළ කෙරුණා.) එහෙත් ලෝකය සසල කර වූ හෝ ලෝක ව්‍යාප්තව අවධානය යොමු වූ සිදුවීම් ගැන ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක වාර්තා කරන්නේ කෙසේ ද යන්න ගැන මා පාසල් සිසුවකුව සිටි කාලයේ පටන් ම අවධානය යොමු කළා.

ටයිම් සඟරාව යම් පමණකට අමෙරිකානු ප‍්‍රධාන ප‍්‍රවාහයට අනුගත වන අතර, නිව්ස්වීක් ඊට වඩා ලිබරල් හා විකල්ප මතාධාරී වූ අවස්ථා බොහෝ තිබුණා. අන්තිම මුද්‍රිත කලාපයෙන් මෙතෙක් ආ මඟ ගැන ආවර්ජනය කරද්දීත් නිව්ස්වීක්හි වත්මන් හා විශ‍්‍රාමික පුවත්පත් කලාවේදීන් හා කතුවරුන් හුවා දක්වන්නේ මේ ගතිගුණයයි.

Landmark Newsweek cover storyඋදාහරණයක් හැටියට අප‍්‍රිකානු සම්භවය ඇති කළු අමෙරිකානුවන් සම අයිතිවාසිකම් ලබා ගැනීමට 1950 – 1960 දශකවල ගෙන ගිය අරගලය වාර්තා කිරීමේ දී නිව්ස්වීක් ඉදිරියෙන් සිටියා. කළු ජාතිකයන්ගේ සිතුම් පැතුම් හා බලාපොරොත්තු සානුකම්පිතව හසු කර ගනිමින් මැදහත්ව නිව්ස්වීක් කළ දිගු කාලීන වාර්තාකරණය සම අයිතීන් දිනා ගැනීමටත්, අමෙරිකානු ජන සන්තානය සදහට වෙනස් කිරීමටත් දායක වූ සැටි නිව්ස්වීක් සඟරාවේ මුල් ම කළු ජාතික කතුවරයා වූ මාක් විටෙකර් පෙන්වා දෙනවා.

මානව සංහතියෙන් හරි අඩක් වන කාන්තාවන්ට සම තැන් දීම ගැනත්, නිව්ස්වීක් සඟරාව සෙසු අමෙරිකානු ප‍්‍රකාශනවලට වඩා උද්‍යෝගයෙන් වාර්තා කළා. 1960 ගණන්වල මතුව ආ ස්ත‍්‍රීවාදයේ (Feminism) සමාජයීය, දේශපාලනමය හා සාංස්කෘතික බලපෑම් ගැන මුල්වරට කවරයේ කථාවක් කළ ප‍්‍රධාන සඟරාව වූයේ නිව්ස්වීක්. ඒ 1970දී. ඒ වසරේ ම කර්තෘ මණ්ඩලය තුළ සම අවස්ථා හා සුදුස්සාට සුදුසු තැන ඉල්ලා නිව්ස්වීක් පුවත්පත් කලාවේදී කාන්තා පිරිසක් නඩු මඟට පිවිසියා.

සාමාන්‍යයෙන් මාධ්‍ය හාම්පුතුන්ට නඩු කියා දිනුවත් එතරම් දුර යන්නට බැරි යථාර්ථය තුළ, ඔවුන් පුවත්පත් කලාවේ කාන්තා සහභාගීත්වයේ නිම් වළලූ පුළුල් කළා. 1972දී තීරු ලිපි රචනයට මුල් වරට කාන්තාවක් හවුල් කර ගත් නිව්ස්වීක්, 1975දී ජ්‍යෙෂ්ඨ කතුවර තනතුරට කාන්තාවක් පත් කළා. එතෙක් කල් පිරිමි කතුවරුන්ට පර්යේෂණ සහාය දෙමින් අවශේෂ භුමිකා රඟපෑ අමෙරිකානු පත‍්‍රකලාවේදිනියන්ට කුසලතාව හා කැපවීම හරහා ඉහළට එන්නට මඟ විවර වූයේ ඉන් පසුවයි.

නිව්ස්වීක් අමෙරිකාව හා බටහිර ලෝකයෙන් ඔබ්බට දියුණු වන ලෝකය දෙසත් මැදහත්ව බලන්නට උත්සාහ කළා. මේ ගැන අවසන් මුද්‍රිත කලාපයේ නිසි ආවර්ජනයක් නැතත් 1980 ගණන්වල ආසියානු, අප‍්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවලින් මතුව ආ ස්වාධීන චින්තකයන්ට හා දක්ෂ ලේඛකයන්ට සඟරාවේ තීරු ලිපි ලිවීමේ අවස්ථාව උදා කර දුන් බව මට හොඳට මතකයි.

Tarzie Vittachi
Tarzie Vittachi
නිව්ස්වීක් හරහා තුන්වන ලෝකයේ දැක්ම මැනවින් සන්නිවේදනය කළ එබඳු එක් චරිතයක් වූයේ ලාංකික පුවත්වත් කතුවර ටාසි විට්ටච්චි (Tarzie Vittachi). ඔහු මෙරට පුවත්පත් කරන කාලයේ (1950 දශකයේ) මා ඉපිද නොසිටි බැවින් මා ඔහු හඳුනාගත්තේ නිව්ස්වීක් හා බොස්ටන් නුවරින් පළ කෙරුණු WorldPaper නම් පුවත්පත් අතිරේකය තුළින්. (එය කලක් මෙරට Observer පත‍්‍රයත් සමඟ නොමිලේ බෙදා දුන්නා.)

සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ලෝක බල තුලනය වැනි මහා ප‍්‍රශ්න ගැන සරල, සුමට ඉංග‍්‍රීසියෙන් — ඇතැම් විට හාස්‍යජනක ලෙසින් — වචන 400ක් වැනි (තනි සඟරා පිටුවක සීමාව) සංඛ්‍යාවක් හරහා ලිවීමට ටාසි අති දක්ෂයකු වුණා. ටාසිගේ නිව්ස්වීක් කොලම් දැන් සොයා ගන්නට අමාරුයි. කවදා හෝ ඒවා පොතක් ලෙස එකතු වනවා නම් අපූරුයි.

නිව්ස්වීක් මෙන් ම පුවත් සඟරා කලාවේ ස්වර්ණමය අවධිය 1960 – 1970 දශකයන් විය යුතුයි. 1980දී මුල් ම පැය විසි හතරේ ටෙලිවිෂන් නාලිකාව CNN හා 1990 දශකයේ ඉන්ටර්නෙට් ආගමනය හරහා පුවත් වෙබ් අඩවි බිහිවීම තුළින් පුවත් සඟරාවල සුවිශේෂි බව අඩු වන්නට පටන් ගත්තා. මේ තාක්ෂණ හා වෙළඳපොළ ප‍්‍රවාහයන්ට අනුවර්තනය වන්නට පුවත් සඟරා දැඩි ප‍්‍රයත්නයක යෙදුණා.

දුවන ගමන් පුවත් වාර්තා කරන ටෙලිවිෂන් හා බොහෝ පුවත් වෙබ් අඩවිවලට වඩා සන්සුන්ව, දැක්මක් හා ගැඹුරක් ඇතිව කාලීන තොරතුරු හා ප‍්‍රවණතා විග‍්‍රහයට පුවත් සඟරාවලට තවමත් ඉඩක් තිබෙනවා. (මෙය ඉතා හොඳට කරන්නේ ඉන්දියාවේ ඉංග‍්‍රීසියෙන් සතිපතා පළ කෙරෙන පුවත් සඟරා කිහිපයයි. ඒ ගැන වෙනම කථා කළ යුතුයි.)

නමුත් දැන්වීම්කරුවන් සහ ග‍්‍රාහකයන් ටිකෙන් ටික ක්ෂීන වීම හරහා නිව්ස්වීක් පාඩු පිට පාඩු ලබන්නට පටන් ගත්තා. දශක හතරක් වොෂිංටන් පෝස්ට් යටතේ තිබුණු සඟරාව 2010දී ණය කන්දරාවක් ද සමඟ ඩොලර් 1ක මිලට කෝටිපති ව්‍යාපාරිකයකුට විකුණනු ලැබුවා. එය Daily Beast නම් වෙබ් අඩවියක් හා බද්ධ කෙරුනේ එතැන් පටන්. මේ දීගය හරිහැටි සංයෝග නොවූ බවත්, අන්තිමේදී ප්‍රෞඪ ඉතිහාසයක් ඇති සඟරාව අඳ බාල පිරිසක් විසින් නොමරා මැරූ බවත් නිව්ස්වීක් විශ‍්‍රාමිකයන් චෝදනා කරනවා. ඇත්ත කථාව හරිහැටි නොදැන ඒ ගැන විනිශ්චයක් දීම අපහසුයි.

මා දන්නා තරමට ශ‍්‍රී ලංකාවේ සතිපතා පුවත් සඟරාවක් බිහි වූයේ ම නැහැ. අපේ වෙළඳපොළ එබන්දකට ප‍්‍රමාණවත් නැති වීම එක් හේතුවක්. 1978දී ආචාර්ය සරත් අමුණුගම රාජ්‍ය නිලධාරියකුව සිටියදී ඇරඹු දෙසතිය පුවත් සඟරාව අප රටේ එයට ආසන්න ම වූ ප‍්‍රකාශනය විය යුතුයි. ඉංග‍්‍රීසියෙන් මාසික පුවත් සඟරා ලෙස ඇරඹූ Counterpoint, Montage වැනි ප‍්‍රකාශන මෙන් ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මර්වින් ද සිල්වා කලක් කර ගෙන ගිය දෙසතිපතා සඟරාවක් වූ Lanka Guardian ද, පරිනාමීය ප‍්‍රවාහයන්ට හසු වී නතර වෙලා.

ජාත්‍යන්තරව කලක් ලොකු හපන්කම් කළ Asiaweek සඟරාව 2001දීත්, Far Eastern Economic Review සඟරාව 2009දීත් වැසී ගියා. සතියකට පිටපත් මිලියන් 3ක් අලෙවි වන ටයිම් සඟරාව මේ කේෂත‍්‍රයේ දැන් ඉතිරිව සිටින එක ම දැවැන්තයායි. තමන්ගේ ප‍්‍රතිවාදියාට අත් වූ ඉරණම දෙස බලන විට තම අනාගතය ගැනත් යම් අවිනිශ්චිත බවක් ටයිම් සඟරාවේ කතුවරුන්ට සමහර විට දැනී ඇති…

Newsweek covers - among 4,150 in its print history

සිවුමංසල කොලූගැටයා #21: ප‍්‍රතිනිර්මාණය වූ සියැටල් නායක කථාව/මිථ්‍යාව

In this Ravaya column, in Sinhala and printed in the Ravaya newspaper of 3 July 2011,
I point out that a certain speech said to be uttered by a native American chief is, in fact, a latter day script by a filmmaker.

The same ground was covered in English in my April 2009 blog post: ‘Chief Seattle speech’: Global environmental legend, or pervasive myth?

අද්භූත හෝ අහඹු සිදුවීම් පාදක කර ගත් කථාන්තරවලට අපි මිථ්‍යා (myths) යයි කියනවා. දේව විශ්වාස, ඇදහිලි ආදියත් ඇතැම් අය මේ ගණයට ම එකතු කරනවා. ඒවායේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මිථ්‍යාවන්ට දැඩි ඇල්මක් එදා මෙන් ම අදත් මිනිස් සමාජයේ තිබෙනවා. 21 වන සියවසට පිවිසියත් අප ඇතැම් දෙනකු තවමත් නූතන මිථ්‍යාවන් වැළඳගන්නේ ඒ නිසයි. එබදු මිථ්‍යාවන්, උගත් හා වෘත්තිකයන් සේ පුහුණව ලැබූ අය අතරත් හමුවනවා. ‘සියැටල් නායකයාගේ මහා දාර්ශනික පාරිසරික පණිවුඩය’ එයින් එකක්.

මේ කථාවේ කතුවරයා ලෙස බොහෝ දෙනා සළකන්නේ Chief Seattle නමින් ප‍්‍රකට, 1780-1866 කාලයේ වාසය කළ අමෙරිකාවේ ආදිවාසී ජන නායකයෙක්. (ඉතිහාසයේ වැරදි නම් කිරීමක් නිසා කලක් මේ ජනයාට ‘රතු ඉන්දියනුවන්’ යයි කීවත් අද ඒ නම භාවිතයේ නැහැ.) ඒ ආදිවාසීන්ගේ නිජබිම්වල 16 හා 17 වන සියවස්වල පැමිණ පදිංචි වූ යුරෝපීය සුදු ජාතිකයන් සමග සාමකාමීව සහජීවනය වෙත යොමු වූ නායකයකු ලෙස සියැටල් ඉතිහාසගත වී තිබෙනවා. ඔහුගේ නම විවිධාකාරයෙන් ලියනවා. Sealth, Seathl හා See-ahth වශයෙන්. එහෙත් වඩාත් ම ප‍්‍රකට සියැටල් නායකයා හැටියටයි. මිනිසාගේ පාරිසරික වගකීම් ගැනත්, මිහිතලය හා අප කරන ගනුදෙනුව ගැනත් උදාර අදහස් පළ කළ කෙනකු ලෙස අප ඔහු ගැන අසා තිබෙනවා.

The man was real; the speech wasn't his
The man was real; the speech wasn't his
1854 වසරේ මුල් කාර්තුවේ දවසක බටහිර ඇමෙරිකාවේ සියැටල් නගරයේ එලිමහන් රැස්වීමකදී සියැටල් නායකයා හැගීම්බර කථාවක් කළ බවට යම් සාක්‍ෂි තිබෙනවා. එයට ආසන්න ම හේතුව වූයේ පාරම්පරිකව ආදිවාසීන් ජීවත් වූ ඉඩම් සුදු ජාතිකයන්ට විකුණන ලෙස රජයෙන් කළ ඉල්ලීමයි. ‘ඉඩම් අයිතිය’ පිළිබඳ සංකල්පයක් නොතිබූ ආදිවාසීන් මෙයින් වික්‍ෂිප්ත වුණා. ඒ වන විට සිදුවෙමින් තිබූ පාරිසරික හා සාමාජයීය අකටයුතුකම් ගැන ද නායකයාගේ සිතේ ලොකු කලකිරීමක් තිබෙන්නට ඇති. නමුත් ඔහු තමන්ගේ බසින් එදා කළ කථාවේ වාර්තාවක් නැහැ.

ඊට වසර කිහිපයකට පසු සුදු ජාතික වෛද්‍යවරයකු හා ලේඛකයකු වූ හෙන්රි ස්මිත් මුල් වරට ඒ කථාවේ ඉංග‍්‍රීසි අනුවාදයක් සකස් කළා. ඒ සඳහා ඔහු කිහිප වතාවක් සියැටල් නායකයා මුණ ගැසී කථා බහ කළත් ඔහුගේ අනුවාදයට වැල්වටාරම් හා මනරම් අදහස් එකතු කළ බව ඇන්ඩි කාර් (Andy Carr) නම් අමෙරිකානු පරිසරවේදියා හා පර්යේෂකයා විශ්වාස කරනවා.

1887දී මේ ඉංග‍්‍රීසි අනුවාදය මුල් වරට Seattle Sunday Star පුවත්පතේ පළ වුණා. එයින් පසු විවිධ දාර්ශනික, ආගමික හා පාරිසරික ප‍්‍රකාශනවල එය නැවත නැවතත් පළ කරනු ලැබුවා. 1969 දී අමෙරිකාවේ ටෙක්සස් විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය විලියම් ඇරෝස්මිත් (Prof William Arrowsmith) නැවත වරක් එය කාලානුරූපිත ලෙස සංස්කරණය කළා.

1970 අපේ‍්‍රල් 22 දා අමෙරිකාවෙන් ඇරඹුණු මිහිතල දිනය (Earth Day) සඳහා පරිසරවේදීන් මිලියන් 20ක් දෙනා යොදා ගත්තේ ඒ සංශෝධිත කථාවයි. ඒ වන විට වාත දුෂණය, ජල දුෂණය හා රසායනික ද්‍රව්‍ය අධික ලෙස ආහාරපානවලට මිශ‍්‍රවිම ආදී කරුණු ගැන අමෙරිකානු ජනතාව දැනුවත් වෙමින්, කලබල වෙමින් සිටියා. මේ කාලීන සිතුම් පැතුම් මහාචාර්යවරයාගේ සංශෝධනයට ඔහු ඇතුළත් කළා.

Chief Seattle (left) and actual speech writer Ted Perry
Chief Seattle (left) and actual speech writer Ted Perry

මේ සංශෝධිත කථාව මුල් මිහිතල දිනයේදී ඇසු අය අතර ටෙඞ් පෙරී (Ted Perry) නම් චිත‍්‍රපට තිර රචකයකු ද සිටියා. ඊට ටික දිනකට පසුව එරට කි‍්‍රස්තියානි ටෙලිවිෂන් සමාගමක් (Southern Baptist Television Commission) ඔහුට ඇරයුම් කළා ඒ වන විට සිදුවෙමින් තිබූ පරිසර විපත් පිළිබඳව කිතු දහම පදනම් කරගෙන සාමයිකව විග‍්‍රහ කරන වාර්තා චිත‍්‍රපටයක් රචනා කරන්නට.

සියැටල් නායකයා 1970 දී සිටියා නම්, එවකට මතු වී තිබූ පාරිසරික ප‍්‍රශ්න හා සංවර්ධන පිළිබඳ සංකල්පමය අර්බුද ගැන ඔහු කුමක් කියනු ඇත්දැයි ටෙඞ් පෙරී කල්පනා කළා. මේ අනුව යමින් සියැටල් නායකයාගේ කථාවේ අළුත්ම ප‍්‍රතිනිර්මාණයක් ඔහු ලයාන්විත හා කාව්‍යමය බසින් තිර රචනයකට නැගුවා. මුල් කථාවේ නොතිබුණු දෙවියන් පිළිබඳ ක‍්‍රිස්තියානි සංකල්පත් ඔහු මේ තිර රචනයට එකතු කළා. 1973දී මේ වාර්තා චිත‍්‍රපටය එළි දැක්කේ Home නමින්. චිත‍්‍රපටයට වඩා විශාල ජනප‍්‍රියතාවයක් ලැබුණේ එහි යොදා ගත් සියැටල් නායකයා කළා යැයි කියන දාර්ශනික කථාවටයි.

පසුගිය වසර 40කට අසන්න කාලයක් තිස්සේ ලොව පුරා ප‍්‍රචලිත වී, විවිධ භාෂාවලට පෙරැළී ඇත්තේ මෙසේ හෙන්රි ස්මිත්ගේ මුල් අනුවාදය, විලියම් ඇරෝස්මිත් විසින් කාලානුරූපීව සංශෝධනය කර ටෙඞ් පෙරී විසින් ප‍්‍රතිනිර්මාණය කරන ලද කථාවයි! එඞ්වින් ආරියදාස හා ධර්මසිරි ගමගේ යන ලේඛකයන් මෙහි අගනා සිංහල අනුවාදයන් කර තිබෙනවා.

1980 දශකය අගවන විට ලොව පුරා පාරිසරික ශුද්ධ ලියවිල්ලක මට්ටමට පිළිගැනීමක් ලැබුණු මේ කථාවේ ඓතිහාසික විශ්වාසනීයත්වය ගැන ටික දෙනකු ප‍්‍රශ්න කරන්නට පටන් ගත්තා. සියවසකට වැඩි කාලයක් පුරා සියැටල් නායක කථාවේ පරිනාමය ගැන ජෝන් ස්කල් (John Scull) නම් පර්යේෂකයා විස්තරාත්මකව අධ්‍යයනය කළා. ආදිවාසී නායකයකුගෙන් පටන්ගෙන ක‍්‍රිස්තියානි වාර්තා චිත‍්‍රපටයකින් හමාර වූ ඒ ගමනේදී, මුල් අදහස් විශාල වශයෙන් වෙනස් වී ඇති සැටි ඔහු සාක්‍ෂි සහිතව පෙන්වා දුන්නා. (සාමයික කලා කෘතීන් ගැන මට ප‍්‍රශ්නයක් නැහැ. මෙහිදී අප කථා කරන්නේ පසු කාලීනව සාමයික මුහුණුවරක් දීමෙන් මුල් කෘතිය විකෘති වීම ගැනයි. එහෙත් ‘මුල් කෘතිය’ කුමක්දැයි කිසිවකු හරිහැටි නොදන්නා නිසා සිදු වී ඇති වෙනස්කම් සිතාගන්නටත් අමාරුයි!)

1992 වන විට මේ සැබෑ තත්ත්වය හෙළි කරන ගවේශණාත්මක වාර්තා New York Times හා Newsweek ප‍්‍රකාශනවල පළ වුණා. එහෙත් ඒ වන විට සියැටල් නායක කථාව ලෝක ව්‍යාප්ත මිථ්‍යාවක් බවට පත් වී හමාරයි. ‘සියැටල් නායකයා මෙබදු අදහස් සැබැවින් ම කීවත්, නොකීවත් ඔහු වැනි ශ්‍රේෂ්ඨ පරිසරවේදියකුගේ මුවට මෙබදු අදහස් ආරෝපණය කිරීමේ වරදක් නැතැයි’ පරිසරවේදීන් තර්ක කළා.

එය ප‍්‍රශ්න කරන අයට පරිසරවේදීන්ගෙන් දැඩි විවේචන එල්ල වුණා. ‘සම්ප‍්‍රදායික දැනුම හෙළා දකින්නට උත්සාහ කරන සුදු ජාතික කුමන්ත‍්‍රණයක කොටස්කරුවන්’ හැටියට හදුන්වා දෙනු ලැබුවා. (2009 අපේ‍්‍රල් 22 වනදා මගේ බ්ලොග් අඩවියේ මේ ගැන විග‍්‍රහයක් මා ලියා පළ කළා. එයට ලැබුණු පාඨක ප‍්‍රතිචාර බහුතරයක් ද මේ ආකාරයේ එවායි. ආදිවාසී දැනුම හෙලා දකින බටහිර ඒජන්තයෙකු ලෙස ඇතැම් පාඨකයන් මට අවලාද නැගුවා. (http://tiny.cc/Seattle බලන්න).

ජෝන් ස්කල් මීට වසර කිහිපයකට පෙර මුලින් මතු කළ, මා මතවාදීව එකග වෙන තර්කය මෙයයි. පරිසරය රැකගන්නට අධ්‍යාත්මික හා චින්තනමය වෙනසක් ද අවශ්‍ය බව ඇත්ත. එහෙත් කාව්‍යමය බසින් විසිතුරු වුණු, තාර්කික බවින් හීන වූ මෙබදු ලියැවිල්ලක් කරන්නේ මානව පරිනාමය ගැන අප තුළ මහා කලකිරීමක් හා ඉච්ඡභංගත්වයක් ඇති කිරීමයි. ගොඩ ගන්නට බැරි තරම් අසාධ්‍ය වුණු රෝගියකුගේ මට්ටමට මිහිතලය පත්ව ඇතැයි අදහසක් ද එයින් ජනිත වෙනවා. පරිසරය හා මිනිසා අතර යම් තුලනයක් හා සංහිදියාවක් ඇති කිරීමට අවශ්‍ය මානසික රාමුව මෙය යයි මා සිතන්නේ නැහැ.

1990දී ආචාර්ය ආනන්ද ඩබ්ලිව් පී ගුරුගේ මහාවංශයේ සඳහන් වන ප‍්‍රධාන ඓතිහාසික අවස්ථා පාදක කර ගෙන නිර්මාණාත්මක කෘතියක් ලිව්වා. ‘Voices of Ancient Sri Lanka’ නම් එහි අඩංගු වූයේ මෙරට ඉතිහාසයේ වැදගත් සංධිස්ථානවලදී එවකට විසූ රජවරුන් හා අනෙකුත් ප‍්‍රභූන් පවත්වන්නට ඇතැයි අනුමාන කළ හැකි මහජන කථා පෙළක්. එය පසුව ‘ශ්‍රී ලංකා ප‍්‍රතිරාවය’ නමින් සිංහලෙන් ද පළවුණා.

ඒ පොතේ ලියැවී ඇති වදන්මාලා ගුරුගේ සූරීන්ගේ පරිකල්පනයෙන් මතු වූ, ඔහුගේ කෘතහස්ත ශෛලියෙන් ඔප් වැටුණු ඒවායි. සැබැවින් ම ඒ පුද්ගලයන් එම අදහස් කී බවට තිරසාර සාක්‍ෂි නැහැ. එහෙත් එසේ වූ පමණට එම කතා රසවීදීමට අපට බාධාවක් ද නැහැ. සියැටල් නායකයාගේ කථාවත් මෙයට සමාන තත්ත්වයක්.

සියැටල් නායකයා හරබර කථාවක් කරන්නට ඇති. එය ඔහුට ම ආවේණික උපමා, රූපක ආදියෙන් පිරී තිබෙන්නටත් ඇති. එහෙත් අද ලෝකයේ සංසරනය වන විචිත‍්‍ර කථාව සියැටල්ගේ නොව තිර රචක ටෙඞ් පෙරීගේ බව සිහි තබා ගැනීම වැදගත්. චිත‍්‍රපටය පරිකල්පනාවේ නිදහස ඇති කලාවක්. අප සැබෑ ලෝකය හා පරිකල්පනා ලෝකය අතර වෙනස හදුනාගත යුතුයි.

This 1991 book built on the Chief Seattle fable
This 1991 book built on the Chief Seattle fable
නොකපන ලද දියමන්තියක් සියැටල් බිහි කළා නම් එය ටෙඞ් පෙරීගේ අතින් හැඩ වැඩ වී ඔටුන්නක සවි වුණා යයි කිව හැකියි. මුල් දියමන්තියේ කාන්තිය වඩාත් ප‍්‍රබල කිරීමේ ගෞරවය තිර රචකයාට හිමි විය යුතුයි. සියැටල් ඇත්තට ම කී දේ කුමක්ද තිර රචකයා එයට එකතු කළේ මොනවාද යන්න මේ වන විට පැහැදිළි නැහැ. ආදීවාසී නායකයෙකු මහා ප‍්‍රාඥයකු හැටියට හුවා දක්වන්නට පරිසරවේදීන් මෙන් ම අධ්‍යාපනවේදීන් ද කැමතියි. එහි ලොකු වරදක් නැති වූවත් මිථ්‍යාවක් මත ගොඩ නගන දර්ශනයට කල් පැවතිය නොහැකි බව අප සිහි තබා ගත යුතුයි.

සියැටල් නායකයා මහ පොළවේ පය ගසා ගෙන එහි හද ගැස්ම හදුනාගත් අය බවට විවාදයක් නැහැ. තමන් මිහිතලය සමග නිරන්තර ගනුදෙනුවක් කරමින් සිටින බවත්, එහිදී ඕනෑවට වඩා උකහා ගත්තොත් එහි අහිතකර විපාක විදින්නට සිදුවන බවත් ආදිවාසීන් හොදාකාර දන්නවා. අද ලෝකයේ සංවර්ධන අර්බුදයේ ලොකු ම අභියෝගයත් එයයි. අපේ (සහ අන් ජීවීන්ගේ) පැවැත්මට අවශ්‍ය පාරිසරික ප‍්‍රවාහයන් විනාශ නොකොට අපේ භෞතික අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේ ද?

ප‍්‍රාග්-නූතන යුගයේ හෝ ගල් යුගයේ ජීවන රටාවකට ආපසු යන්නට හැකියාවක් නැහැ. අල්පේච්ඡ දිවි පෙවෙතක් ගැන කථා කරන පරිසරවේදීන් පවා එබන්දකට සූදානම් නැහැ. මේ නිසා ප‍්‍රායෝගිකව කළ හැකි තුලනයන් මොනවා ද යන්න හදුනාගෙන ඒ සඳහා අපේ කාලය, ශ‍්‍රමය හා නිර්මානශීලී හැකියාව යොමු කිරීමයි අවශ්‍ය වන්නේ. එසේ නැතිව යටගිය දවසකින් නොතිබුණු රොමෑන්ටික් සිහිනයකට හෝ චිත‍්‍රපට තිරනාටක රචකයෙකුගේ වදන් සිත්තමකට හෝ අපේ ලෝකයේ මහා ප‍්‍රශ්න විසඳන්නට හැකියාවක් නැහැ.

පරිසරවේදීනි, දැන්වත් අවදිවන්න!

Of Dictators and Terrible Cockroaches: A Russian children’s story…from 1925!

Tarankanische (The Terrible Cockroach) original book cover, 1925

Sometime ago, when I gave a talk at the Sri Lanka Rationnalists’ Association, a member of my audience asked if parents should be banned from reading fairy tales to their children. His argued that children should be raised on reality and not fantasy. I was talking about science fiction and their social relevance, and I answered: there is absolutely no harm in fairy tales as they nurture in our young minds those vital qualities of imagination and sense of wonder. I quoted C S Lewis as saying that the only people really against escapism were…jailers!

These days, not all children’s stories are fairy tales and some of them actually carry very down-to-earth messages either overtly or covertly. Members of that largest club in the world – Parenthood – keep discovering new depths and insights in some children’s stories.

On 30 January, as people power struggles were unfolding in Tunisia and Egypt, I wrote a blog post titled Wanted: More courageous little ‘Mack’s to unsettle Yertle Kings of our times!. I related how, while following the developments on the web, I have been re-reading my Dr Seuss. In particular, the delightfully inspiring tale of Yertle the Turtle King. To me, that is the perfect example of People Power in action — cleverly disguised as children’s verse!

Turns out another parent on the opposite side of the planet had a similar insight, but from an even older children’s story written in Russia! Philip Shishkin has shared his experience in the latest issue of Newsweek.

Tarankanische, or ‘The Terrible Cockroach’ (also translated as ‘The Giant Cockroach’) is a children’s story written by the Russian author Kornei Chukovsky (1882-1969). The first edition, with illustrations by Sergeii Chekhonin, was published in (then) Leningrad 1925.

I was raised on translated Russian children’s stories (the only books of that genre we could access in the closed-economy, socialist misadventures of Sri Lanka during the early 1970s). Whatever economic realities that thrust those books on my childhood, many of them were very fine stories, always well illustrated. But I had somehow missed out on this one — so I quickly did some web searching for this story. And what a fantastic fable it is!

Tarankanische tells the nonsense tale of a threatening cockroach who is so fierce that he terrifies all the animals who are out to enjoy a picnic. Even the mighty elephants are helpless in his presence. The cockroach bullies and scares animals much larger than itself, and demands they surrender their cubs so he can eat them. He is seen as “a terrible giant: the red-haired, big-whiskered cockroach.”

Tarankanische, or The Terrible Cockroach, Sergeii Chekhonin, illustrator, 1925
The little tyrant rules the whole jungle on a mix of fear, submission and misery. A laughing kangaroo points out that it’s no giant, but merely a cockroach. The hippos tell him to shut up: “You’ll make things worse for us”. Then, one day, Nature finally restores balance (as it always does): a sparrow comes along and gobbles up the Terrible Cockroach.

In his essay titled Watching the Mighty Cockroach Fall, Philip Shishkin writes: “It is hard not to read the poem as an allegory for the rise and fall of a dictatorship. Despots tend to appear invincible while they rule, and then laughably weak when they fall. Once their subjects call them out on their farce, dictators look ridiculous. Often, they react by killing and jailing people, which buys them more time in power (Iran, Belarus, and Uzbekistan come to mind). But just as often, when faced with a truly popular challenge, dictators shrink to the size of their inner cockroaches.”

Shishkin then raises an interesting question: Did Kornei Chukovsky have Joseph Stalin in mind when he wrote it? Was Stalin prominent enough when the story was first published in 1925? To find out, read the full essay.

According to his mini-bio on IMDB, Chukovsky was a praised Russian translator of Charles Dickens, Mark Twain, Walt Whitman, and other English and American authors. His writings for children are regarded as classics of the form. His best-known poems for children are “Krokodil”, “Moydodyr”, “Tarakanische”, and “Doctor Aybolit” (Doctor Ouch).

In praise of slow reading: Let the words go marching by…

Don't run races with me...

I’m a slow reader. Let me qualify that: I’m a slow reader of books.

I can read fast when I need to — and I do that with newspapers, magazines, websites and many other displays of text that surrounds us. It’s almost an essential survival skill for today’s information society.

But when it comes to books, I take my time. Especially with good books (and I try to discern). Books are not to be rushed through; they are to be taken slowly, one page and one chapter at a time. I savour books as I savour a good meal. (And unlike with a meal, I regurgitate good books, which further slows me down.)

As a writer myself, I enjoy good writing by others. I can appreciate how hard it is to produce readable and enjoyable prose out of an alphabet of 26 letters (I write only in English) and a handful of punctuation marks. If a fellow writer went to all that trouble to create something out of nothing, the least I can do is to absorb and digest it well. (I should also add: I’m ruthlessly discerning in what I choose to read.)

Those around me are sometimes amused and puzzled by this. They know my capacity to marshal information and ideas, so they can’t figure why I don’t read books fleetingly. My friends as exasperated by another trait: how I read several books at the same time, progressing through multiple titles by switching between them. I guess this means I have Attention Deficit Disorder (ADD). Ah, well…

I was delighted to discover recently that there are others who cherish slow, reflective reading. There is, in fact, a slow reading movement — an eclectic group of academics and writers who want us to switch off our computers every so often and rediscover both the joy of personal engagement with physical texts, and the ability to process them fully.

Read a book, lately?
“Readers make choices in the kinds of attention they give to texts–from scanning, skimming and speed reading to deep reading and rereading,” says Professor Catherine L Ross, Faculty of Information & Media Studies, University of Western Ontario when reviewing a recent book, Slow Reading by John Miedema.

Miedema, a technology specialist at IBM in Ottawa, Ontario, draws on both his personal reading experience and the extensive research literature on reading to make a powerful case for the deep pleasures of engaged, reflective reading.

He likens the slow reading movement to the Slow Food movement, which was founded in Italy in the mid 1980s as a backlash against American-style fast food. Both movements encourage increased mindfulness in the conduct of routine activity. As he says: “It’s not just about students reading as slowly as possible. Slow reading is about bringing more of the person to bear on the book.”

In a recent essay in Newsweek, Malcolm Jones asked if slow reading is antidote for a fast world. As he wrote: “…But it doesn’t take a rocket scientist to realize that we are all reading too much too fast these days. Yes, we’re drowning in information, but, clearly, reading faster and faster is not the way out of the deep end.”

It’s from this article that I found out there is now an International Day of Slowness, June 21. The Canadians, reflective and thoughtful people as they’ve always been, are giving leadership to it. By the time I read about it (slowly, of course), the day had already passed. But there’s always next year…

Another article, in The Guardian a few days ago, posed related questions: Has endlessly skimming short texts on the internet made us stupider? The writer, Patrick Kingsley, summed up recent research suggesting that an increasing number of experts think so. He came to the same conclusion as Miedema: it’s time to slow down…

Here’s part of the book’s promotional blurb: “Slow Reading brings attention to emerging ideas in technology and culture. The traditional technologies of print and the book have persisted as part of our information ecology because of the need for slow reading and deep comprehension. The theme of locality in the Slow Movement provides insight into the importance of physical location in our relationship with information. Most of all, Slow Reading represents a rediscovery of the pleasure of reading for its own sake.”

Read Chapter 2 of the book: Slow Reading in an Information Ecology

I want to read this book — but not online. I’ll get hold of it and meander slowly through it, as I do with any good book. This particular writer would expect nothing less.

A Lasting Wave: Looking back at Indian Ocean Tsunami of December 2004

The undersea quake that triggered the Indian Ocean tsunami on 26 December 2004 was so powerful that it was felt around the globe, as far away as Alaska. Likewise, the killer waves that hammered the coasts of South and Southeast Asia left such a trail of destruction that it was like a lasting, unceasing wave.

On the eve of the mega-disaster’s fifth anniversary, I’ve been busy writing, talking and reflecting on what it meant for me personally, and my media profession and fellow Asians in general. I recently filmed an interview for Thai Public Television (TPBS), where my friend Pipope Panitchpakdi is doing a tsunami+5 documentary.

And I’ve just been talking to Andrew Bast of Newsweek who has written a personalised look-back titled A Lasting Wave.

He was in Sri Lanka at the time of the tsunami, and spent two weeks working as a freelance reporter covering the aftermath for the western media. His piece sums up the mixed bag of lessons and recovery efforts that Sri Lanka, one of the hardest hit countries, has accomplished in the half decade this that momentous day.

An excerpt: “Five years later, life in the affected countries has resumed, and the world has learned immensely valuable lessons about responding to catastrophe. But as with any human endeavor, some opportunities have also been lost.”

Read full text:
A Lasting Wave: Five years after the Indian Ocean tsunami, reflections on what was lost and what was learned. By Andrew Bast, Newsweek