In this week’s Ravaya column (in Sinhala), I discuss the merits of Slow Food, a concept that originated from Italy in 1986 in defiance of fastfood — but has since grown into a worldwide social movement that critiques industrialised food production and consumption. It has also inspired other pursuits of doing things more reflectively and deliberately slowly – such as Slow Cities, Slow Reading, Slow Travel and Slow Art.
I explored similar grounds in English in a July 2013 column: Stuck in Fast Forward? Slow Down!
‘සුද්දෝ නම් හැම වේලට ම මැක්ඩොනල්ඞ්ස් හා KFC කනවා ඇති නේද?’
අපේ රටට පසුගිය දශකය පමණ කාලය තුළ හදුන්වා දී ඇති හා මහත් සේ ප‍්‍රවර්ධනය කැරෙන ක්ෂනික ආහාර (fastfood) ගැන කුතුහලයක් ඇති තරුණයෙක් මෑතදී මගෙන් එසේ විමසුවා.
මගේ උත්තරය: ‘ඇත්තට ම බොහෝ බටහිර රටවල හැම්බර්ගර් වැනි කෑමවලට එතරම් පිළිගැනීමක් නැහැ.’
බටහිර රටවල් මෙන් ම සුද්දන් ලෙස ද තනි කාණ්ඩයක් නැහැ. අතිශයින් විවිධාකාර සමුහයක් අප එසේ එක් ගොඩකට ගොනු කළත් සමහර දියුණු රටවල ඔවුන්ට ආවේණික ප්‍රෞඩ ආහාරපාන සම්ප‍්‍රදායන් හා එය වටා ජන සංස්කෘතීන් තිබෙනවා. ප‍්‍රංශය, ඉතාලිය හා ජපානය මීට හොඳ උදාහරණයි.
ලෙහිසියට වාසියට සරල සිල්ලර මට්ටමින් අලෙවි කැරෙන ක්ෂනික ආහාර හා ඒවා වටා ගොනු වූ අධිවේගකාරී ජීවන රටාවට එරෙහිව දියුණු රටවලින් ම විකල්ප මතු වී තිබෙනවා. ලැසි ආහාර සම්ප‍්‍රදාය (Slow Food Movement) එයට හොඳ උදාහරණයක්.
1986 වසරේ ඇමරිකානු මැක්ඩොනල්ඞ්ස් සමාගම හැම්බර්ගර් අලෙවි කරන තවත් අවන්හලක් ඉතාලියේ රෝම අගනුවර ඓතිහාසික ස්ථානයක් වන ස්පාඤ්ඤ පියගැටපෙළ (Spanish Steps) අසල පිහිටුවන්නට සැලසුම් කළා. ඒ වන විටත් ඉතාලිය පුරා තැනින් තැන මැක්ඩොනල්ඞ්ස් අවන්හල් ගණනාවක් තිබුණා. එහෙත් මෙතරම් සංස්කෘතික වශයෙන් වැදගත් තැනෙකත් මේ ක්ෂනික කෑම විකුණන්නට තැත් කිරීම ගැන සමහර ජාතිමාමක ඉතාලි ජාතිකයන්ට සියුම් කෝපයක් මතු වුණා.
ඉතාලියට ආවේණික වූ ප‍්‍රබල හා විචිත‍්‍ර ආහාරපාන සම්ප‍්‍රදායන් හා එය වටා බැදුණු ජන සංස්කෘතියක් තිබෙනවා. ඉතාලි සූපවේදයට සුවිශේෂ වූ ඉක්මනින් සාදා අනුභවයට ගත හැකි ක්ෂනික කෑම තිබෙනවා. පීට්සා (Pizza) හා පාස්ටා (pasta) පදනම් කර ගත් මේ ආහාර හදා ගන්නා සැටි ඉතාලියේ ගැහැණු, පිරිමි හා ළමුන් බහුතරයක් කුඩා කල සිට ම දන්නවා. අසල්වැසි ප‍්‍රංශයේ මෙන් සංකීර්ණ සූප සම්ප‍්‍රදායකට වඩා ජනතාවාදී සූප උරුමයක් ඉතාලියේ ඇති බව මේ දෙරටේ ම දශක දෙකක සිට සංචාරය කරන මට අත්දැකීමෙන් කිව හැකියි.
නමුත් මේ සූප උරුමය ඇමරිකානු වාණීජකරණයෙන් තර්ජනයට ලක්වන බව දුටු කාලෝ පෙටී‍්‍රනි (Carlo Petrini) නම් ඉතාලි ජාතික පත‍්‍රකලාවේදියා ඒ ගැන යමක් කළ යුතු යැයි තීරණය කළා. (ඉතිහාසය සැම විට ම වෙනස් වන්නේ අතෘප්තිමත් වූ මිනිසුන් හා ගැහැණුන් එයට ප‍්‍රතිචාර දක්වන විටයි.)

ඉතාලි ජාතිකයන්ගේ ආවේණික කෑම බීම හා ඒ වටා බැදුණු සමාජශීලි සම්ප‍්‍රදායන් අගය කරමින් ඒවා රැක ගන්නට සෙමින් කෑමේ හෙවත් ලැසි ආහාර නම් ජනතා ව්‍යාපාරයක් පෙටී‍්‍රනි ආරම්භ කළා.
ඉතාලියේ දේශීය ආහාර අනන්‍යතාවය වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නට පෙර කාලෝ පෙටී‍්‍රනි එරට ගම් නගර සංචාරය කරමින් කුඩා අවන්හල් හා ප‍්‍රජා මට්ටමේ ආහාර නිෂ්පාදකයන් ගැන එරට පුවත්පත් වලට ලියු කෙනෙක්. පීට්සා, පාස්ටා, චීස් හා වයින්වලට සමීපව බැදුණු ඉතාලියානු සූප උරුමය ගැන ඔහුට හොඳ ප‍්‍රායෝගික දැනුමක් තිබුණා.
ඉතාලි ජාතිකයෝ බොහෝ දෙනකු පවුල හා හිත මිතුරන් බෙහෙවින් අගය කරන අය. ඔවුන් තනිව ආහාර ගන්නවාට වඩා දෙතුන් දෙනෙකුවත් එකට එකතු වී සතුටු සාමිචියෙන් නිවී සැනසිල්ලේ කෑම වේලක් ගන්නට ආසයි. එයට පැයක් හෝ දෙකක් ගත කරන්නට ඔවුන් සුදානම්.

මේ සංස්කෘතික නැඹුරුව පණ ගන්වමින් පෙටී‍්‍රනි කළේ ඕනෑකමින් ඉතා සෙමින් ආහාර ගන්නා කණ්ඩායම් ද එයට අනුබල දෙන අවන්හල් ද පිහිටුවා ගැනීමයි. තනිකර ස්වේච්ඡා ජනතා ව්‍යාපාරයක් ලෙස ඇරඹුණු ‘ලැසි ආහාර’ ටික කලකින් අතිශය ජනපි‍්‍රය වූවා.
ලැසි ආහාර ව්‍යාපාරය හුදෙක් කෑම වේලකට බොහෝ කල් ගත කරන සාමීචියක් පමණක් නොවෙයි. තිරසාර නොවූ, යාන්ති‍්‍රක හා වාණීජකරණය වූ ආහාර නිෂ්පාදන හා බෙදා හැරීමේ ක‍්‍රම සියල්ලට මතවාදීව එරෙහි වීමක්. එසේ ම සුළු පරිමාන ගොවීන් හා කුඩා කඩපිල් හා පොල සමග සහයෝගීතාව දැක්වීමක්.
ඉතාලි විරෝධය හමුවේ මැක්ඩොනල්ඞ්ස් සමාගම ඓතිහාසික රෝම ස්ථානවල හැම්බර්ගර් විකිණීමේ සැලසුම් අත් හැරියා. එහෙත් ඒ ජයග‍්‍රහණයෙන් උද්දාම වී නතර නොවු ලැසි ආහාර කි‍්‍රයාකාරිකයෝ එය වඩාත් පුළුල් හා ගැඹුරු මට්ටමකට ගෙන ගියා.
1989 නොවැම්බරයේ මුල් වතාවට මේ සංකල්පයට ලැදි කි‍්‍රයාකාරිකයන් රැසක් ප‍්‍රංශයේ පැරිසියේදී මුණ ගැසී සමුළුවක් පැවැත් වූවා. මේ වන විට ඉතාලි උද්ඝෝෂණයේ යශෝ රාවය යුරෝපය පුරා පැතිර ගොස් තිබුණා. පෙට්‍රිනීගේ මූලිකත්වයෙන් හා ෆොල්කෝ පෝටිනාරි (Folco Portinari) නම් ඉතාලි කවියෙකුගේ ද උදවුවෙන් ඔවුන් ලැසි ආහාර ප‍්‍රඥප්තිය (Slow Food Manifesto) නම් ලියවිල්ලක් පැරිසියේදී කෙටුම්පත් කළා.
එහි මුලික ප‍්‍රවේශය: ‘‘කාර්මිකරණය හා යාන්තී‍්‍රකරණය අපට ප‍්‍රයෝජනවත් වුවත් 20 වන සියවසේදී එදිනෙදා ජීවිතය අධිවේගීකරණයට හා අධියාන්තී‍්‍රකරණයට අප ඉඩ දී තිබෙනවා. ඉවක් බවක් නැතිව හැම කාරිය ම මහා වේගයෙන් කරන්නට වත්මන් සමාජය තැත් කරනවා. මේ අධිවේගය අපේ ජන ජීවිතය, මානසික සුවය හා පෞද්ගලිකත්වයට තර්ජනයක්. ලෞකික සම්පතක් වන ආහාර භුක්ති විදීම නිවි සැනසිල්ලේ කිරීමට ඓතිහාසිකව මිනිසුන්ට තිබු අවකාශය නැවත පාදා ගැනීම අපේ අරමුණයි.’’
යුරෝපය පුරා විසිරී පවතින අප‍්‍රකට සූප ශාස්ත‍්‍රයන්, ආහාර වට්ටෝරු, සූප නවෝතපාදන, නව ආරයේ අවන්හල් ආදිය ගැන තොරතුරු රැස් කර බෙදා හදා ගැනීමට ලැසි ආහාර ජනතා ව්‍යාපාරය උත්සුක වුණා. අද මෙන් ඉන්ටර්නෙට් පුළුල් නොවු එකල එය පොත්, සඟරා, පති‍්‍රකා හා වෙනත් මාධ්‍ය හරහා කරනු ලැබුවා.
ලැසි ආහාර සංකල්පය යුරෝපයේ ඉක්මනින් පැතිර ගියේ වීදි ආහාර හා විවේකී ලෙසින් ආහාර ගැනීම හරහා සල්ලාපයේ යෙදීම ඔවුන්ගේ ජන ජීවිතයේ සමීප අංගයක් නිසා. එය යුරෝපයේ දුගී හා පොහොසත් කාටත් පොදු සම්ප‍්‍රදායක්. ඉන් පසු මේ සංකල්පය යුරෝපයෙන් ඔබ්බට ද විහිදී ගියා. http://www.slowfood.com
අද වන විට ආසියාවේ, අපි‍්‍රකාවේ මෙන් ම අමෙරිකාවේ ද මේ සංකල්පය ප‍්‍රවර්ධනය කරන ස්වේච්ඡ කණ්ඩායම් රැසක් බිහි ව තිබෙනවා. ලොව රටවල් 50ක සාමාජිකයන් ලක්‍ෂකය ට වඩා සිටිනවා. ලැසි ආහාර ව්‍යාපාරයේ ලෝක ව්‍යාප්ත සංකේතය ගොළුබෙල්ලායි.
හරිත විප්ලවයේ ධාන්‍ය වර්ග වෙනුවට සාම්ප‍්‍රදායික ධාන්‍ය ප‍්‍රභේද වචන සුළු ගොවීන් දිරිමත් කිරීම හා ජාලකරණය කිරීම ද ඔවුන් සිදු කරනවා. ලැසි ආහාර ව්‍යාපාර, කාබනිකව ආහාර වැවීමේ (organic farming) ව්‍යාපාරයට සමාන්තරයි. මේ දෙපිරිස අතර සහයෝගයක් හා මිතුදමක් ගොඩනැගී තිබෙනවා.
ආහාර වැවීම, ආහාර බෙදා හැරීම, අලෙවිය හා කෑම පිසීම යනු එක ම ප‍්‍රවාහයක පියවර හැටියටයි මේ පිරිස දකින්නේ. ආර්ථික විද්‍යාඥයන් හෝ සමාජ විද්‍යාඥයන් මෙන් මේ කි‍්‍රයාදාමය වෙන් කොට විග‍්‍රහ කරන්නේ නැහැ.

‘‘පරිසරවේදීන් හා අප අතර ලොකු ම වෙනස නම් අප ආහාර වැවීම, පිළියෙල කිරීම හා පරිභෝජනය ඉතා ඕනෑකමින් පී‍්‍රතිදායක ලෙස කිරිමයි. මේ දිව පිනවීම නරක දෙයක් හෝ ප‍්‍රභූ ගතිගුණයක් නොවෙයි. පමණ දැන කරන තාක් කල් පසිඳුරන් පිනවීම මානව පැවැත්මේ වැදගත් අංගයක්. මෙයට දුගී හා ධනවත් කියා භේදයක් නැහැ.’’ පෙටී‍්‍රනි කියනවා.
ලැසි ආහාර කෑමේ විසිතුරු බව මා මුලින් අත් වින්දේ 2003දී ඉතාලියේ ටස්කනි නිම්නයේ රැපලානෝ ටර්මේ (Rapolano Terme) නගරයේ දින කිහිපයක් ගත කළ අවස්ථාවේ. නූතන පහසුකම් හා ජන සංස්කෘතික උරුමය ගැටෙන්නට ඉඩ නොදී මනාව තුලනය කර ගත් ප්‍රෞඪ ඉතාලි ප‍්‍රජාවක් තමන්ගේ ආහාර පාන ජාත්‍යන්තර අමුත්තන් සමග ඉතා සුහදව හා නිර්ව්‍යාජව බෙදා ගත් හැටි ගැන මිහිරි මතකයන් තිබෙනවා.
මෙය ඇමරිකානු විරෝධයක් ද? මා කලක සිට හඳුනන ඉතාලි මිතුරෙකුගෙන් විමසුවා.
ඔහු කියන්නේ මෙය එක් රටකට හෝ ජාතියකට එරෙහි වීමක් නොවෙයි. පාරිභෝගික සමාජය තුළ තමන් රිසි ආකාරයේ ආහාරපාන තමන් ලැදි ශෛලියකින් භුක්ති විදින්නට හැම කෙනෙකුට ම ඇති අයිතිය තහවුරු කර ගැනීමක් පමණයි.
1996 සිට දෙවසරකට වරක් ඉතාලියේ ටොරීනෝ නගරයේ ලැසි ආහාර උත්සවයක් පවත්වනවා (Salone del Gusto). ලොව දසතින් සූපවේදීන්, අවන්හල් හිමියන්, මාධ්‍යවේදීන් හා ආහාරලෝලීන් සිය වියදමින් එහි එනවා. මහා පරිමාණයේ ආහාර සමාගම් නොව පවුල් හිමිකමින් කරන කුඩා පරිමාණ සමාගම් එහි එන්නේ නව දැනුම, අදහස් හා අත්දැකීම් බෙදා ගන්නට.
‘‘සූපවේදය කියන්නේ කලාවක් මෙන් ම විද්‍යාවක් ද වන කාරියක්. එය කෝකියා හෝ අරක්කැමියා මට්ටමෙන් ඔබ්බට යන ජන සංස්කෘතියේ අංගයක්. ගෙදර ගෘහණිය ආහාර පිසුවත්, අවන්හලක නැත්නම් හෝටලයක ආහාර පිසුවත් ඒ හැම දෙනා ම කරන්නේ සියවස් ගණනක උරුමයක් පවත්වා ගෙන යාමයි. අපේ පෞරාණික සිද්ධස්ථාන, මාලිගා හා නටබුන් වගේ මේ සජීව ජන සංස්කෘතියත් වටිනවා. එය රැකෙන්නේ අගය කිරීමෙන් හා ප‍්‍රගුණ කිරීමෙන් පමණයි’’ පෙටී‍්‍රනි කියනවා.
ලැසි ආහාර ව්‍යාපාරය මෑතදී ශී‍්‍ර ලංකාවටත් පැමිණ තිබෙනවා. කුඩා පරිමාණයේ ගොවීන් හා දේශීය ආහාර වට්ටෝරු පෙරමුණට ගනිමින් අපේ කලබලකාරී හා විකාරරූපී ආහාර නිෂ්පාදන හා පරිභෝජන රටාවලට විකල්පයක් මතු කර ගැනීම මේ සඳහා යොමුව සිටින අයගේ අරමුණයි. සූපවේදී දුමින්ද අබේසිරිවර්ධන 2013දී මේ සඳහා එකමුතු (Convivium) සංවිධානය කළා.

මේ අතර දේශීය සහල් ප‍්‍රභේද (ජන වී වර්ග) වගා කිරීම හරහා රැක ගැනීමේ නිරතව සිටින පරිසරවේදී තිලක් කාරියවසම් ඒ සම්බන්ධ ජෛව විද්‍යාත්මක හා සංස්කෘතික උරුමය සෙමින් කෑම ව්‍යාපාරය හරහා ලෝකයත් සමග බෙදා ගන්නට උත්සහ කරනවා.
2012දී මුල් වතාවට ටොරීනෝ නුවර ලෝක ලැසි ආහාර උත්සවයේ ලාංකික නියෝජනයක් ද තිබුණා. එයට මුල් වූයේ මෙරට සූප උරුමයේ අක්මුල් සොයා යන්නට උත්සහ කරන සූපවේදීන් පිරිසක්. මෙරට ආහාර පිසීමේදී යොදා ගන්නා දේශීය සහල් වර්ග 8ක්, කුළුබඩු විශේෂ 21ක් හා වෙනත් ධාන්‍ය වර්ග 9ක් ඔවුන් විසින් හුවා දක්වනු ලැබුවා.
එයට අමතරව මෙරට විවිධාකාර ආහාර හා ඖෂධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා මී පැණි සැකසුම් තුනක් ද ප‍්‍රදර්ශනය කෙරුණා. වැදි ජනතාවගේ ආවේණික ක‍්‍රමයකට සකස් කර ගත් මී පැණි ද ඒ අතර වුවා.
සුළු ගොවීන්, සූපවේදීන්, කුඩා ව්‍යාපාරිකයන් හා පරිසරවේදීන් හරහා මුළුමනින් නිල නොවන මට්ටමින් මේ ව්‍යාපාරය මෙරට මතුව ඒම හොඳ ප‍්‍රවණතාවක්. හැම දෙයක් ම මහා පරිමාණයෙන් හා අධිවේගීව කරන්නට රාජ්‍ය ආයතන හා ලොකු ව්‍යාපාරිකයන් කැස කවන මේ යුගයේ ලැසි ආහාර සංකල්පය සෙමින් සෙමින් හෝ වත්මන් ලක් සමාජයේ ඇගැයීමට ලක් වනු ඇති.
(ස්තූතිය: එස්. එම්. බන්දුසීල හා තිලක් කාරියවසම්)
