සිවුමංසල කොලූගැටයා #184: වන්දනාවෙන් තොරව වන්දනා ශිවා කියවමු!

Indian social and environmental activist Dr Vandana Shiva visited Sri Lanka in June 2014, and delivered a well attended public lecture in Colombo. She also joined the launch of a Sinhala translation of her book ‘Stolen Harvest’, written in 2000.

The translator, Sydney Marcus Dias, sent me a copy recently and I have quoted from it in my latest Ravaya column (in Sinhala) appearing in issue dated 7 Sep 2014.

In this, I urge Lankan agro and green activists to engage in a critical reading of Vandana Shiva and not to blindly hero worship her. There is undoubtedly a crisis in modernized methods of farming that rely on high external inputs (agro-chemicals) promoted for half a century under the Green Revolution. Despite evidence for its economic and ecological unsustainability, however, these remain the basis of state agricultural policies in Sri Lanka.

Why? It is a national level failure of vision and policy making. True, local and global agro companies exploit this weakness, but they are operating within what is legal. This is opportunistic of them, for sure, but I don’t agree with Sydney Marcus Dias or any other activists that there is a huge international conspiracy to destabilize Lankan agriculture and destroy it along with the livelihoods of millions of small scale farmers.

We don’t need global conspirators when our own myopic politicians, misguided by officials and experts, are doing a good job of it on their own!

‘Stolen Harvest’ in English and Soragath Aswenna in Sinhala are both worth a read – and can form the basis of discussion. They are NOT the last word on any of the issues discussed, but certainly good opening thoughts to debate further.

NOTE: By sad coincidence, Sarath Fernando, highly respected Lankan farmer activist and founder of the Movement for National Land and Agricultural Reform (MONLAR), died the same weekend this column appeared in print. In June, Vandana Shiva made an affectionate reference to him as ‘my very dear friend Sarath Fernando’.

 

Sydney Marcus Dias presenting a copy of his Sinhala translation of Stolen Harvest to Dr Vandana Shiva in Colombo, June 2014
Sydney Marcus Dias presenting a copy of his Sinhala translation of Stolen Harvest to Dr Vandana Shiva in Colombo, June 2014

ආචාර්ය වන්දනා ශිවා ඉන්දියාවේ සිටින ලෝක ප‍්‍රකට පාරිසරික හා සමාජ ක‍්‍රියාකාරිනියක්. විශේෂයෙන් ගොවිතැන හා ජෛව සම්පත් රැක ගැනීම ගැන දේශීය දැක්මක් හරහා දියුණු වන රටවල අයිතීන් සඳහා ප‍්‍රබල හඬක් මතුකරන විද්වතෙක්.

නිලධාරින් හා ව්‍යාපාරික පිරිස් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉන්දියාවේ ගොවිතැන් මධ්‍යගත කරනු හා වාණිජකරණය කරනු දැක එයින් කැළඹී ඒ ගැන සමාජ ව්‍යාපාරයක් ගොඩනැගූ චරිතයක්.

1952දී උපන් ඇය පන්ජාබ් සරසවියෙන් භෞතික විද්‍යා උපාධිය ලබා පශ්චාත් උපාධි අධ්‍යාපනයට කැනඩාවට ගියා. ක්වන්ටම්වාදය පිළිබඳව ඇගේ ආචාර්ය උපාධිය ලබා ගත්තේ කැනඩාවේ බටහිර ඔන්ටාරියෝ සරසවියෙන්. මෙනයින් බැලූ විට ඇය වෘත්තීය වශයෙන් විද්‍යාඥයකු ලෙස පුහුණුව ලැබූ කෙනෙක්. ඉන්දියාවට ආපසු පැමිණ එරට විද්වත් ආයතනවල කලක් පර්යේෂණ කළා.

1987දී විද්‍යාව, තාක්‍ෂණය හා පරිසරය පිළිබඳ පර්යේෂණ පදනම නම් ආයතනයක් ඇරැඹූ ඇය 1991දී එරට දේශීය බීජ හා ජාන සම්පත් සුරැකීමට නව්ධාන්‍ය (Navdanya, www.navdanya.org) නම් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටවූවා.

නව්ධාන්‍ය සංවිධානය මගින් එරට ජන වී ප‍්‍රභේද 2,000කට අධික සංඛ්‍යාවක් වඳ වී යාමට නොදී රැක ගෙන තිබෙනවා. ඉන්දීය ගොවීන් 70,000කට අධික සංඛ්‍යාවක් එහි සාමාජිකයෝ. (‘ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ ’ මැයෙන් වූ 2014 ජනවාරි 19 කොලම ද බලන්න.)

Stolen Harvest by Vandana Shiva
Stolen Harvest by Vandana Shiva

ශිවා කියන්නේ ‘‘බීජ යනු ආහාරදාමයේ මුල් පුරුකයි. බීජ අද තත්ත්වයට පත් වූයේ සියවස් ගණනක් පුරා ගොවීන් සොබාවිකව ඒවා දෙමුහුම් කරමින් වගා කිරීම නිසයි. බීජවල ඓතිහාසික හා සදාචාරාත්මක භාරකරුවන් වූයේ ගොවි ප‍්‍රජාවයි. ඔවුන් බීජවලින් වෙන් කැරෙන ඕනෑම පිළිවෙතක් හෝ ක‍්‍රියාමාර්ගයක් ගොවි විරෝධීයි. දේශීය බීජ ප‍්‍රභේද සුරකින්නට, හුවමාරු කර ගන්නට, අලෙවි කරන්නට, තව වැඩි දියුණු කරන්නට ගොවීන්ට පරම අයිතියක් තිබෙනවා. ඒ අයිතිය පාවා දීමට හෝ කප්පාදු කිරීමට ඉඩ නොදිය යුතුයි!’’

දේශීය හා බිම් මට්ටමෙන් වැඩ කරන අතරේ ජාත්‍යන්තර තලයේ ද දියුණු වන රටවල අයිතීන් හා ප‍්‍රමුඛතා ගැන ඇය හඬක් නගිනවා. පසුගිය ජුනි මාසයේ ඇය ශ‍්‍රී ලංකාවට ද පැමිණියා. ඇගේ ප‍්‍රකට ඉංග‍්‍රීසි කෘතියක් වන Stolen Harvest (2000) ‘සොරාගත් අස්වැන්න’ නමින් සිඞ්නි මාකස් ඩයස් විසින් සිංහලට පෙරළා තිබෙනවා.

‘සොරාගත් අස්වැන්න’ කෘතියේ මූලික තර්කය නම් වාණිජකරණයට ලක් වූ නවීන ගොවිතැන සොබාදහමින් හා දුප්පතුන්ගෙන් ආහාර සොරා ගන්නා බවයි. සමාජ සාධාරණත්වය හා පාරිසරික තිරසාරත්වය ස්ථාපිත කරන්නට නම් ආහාර ප‍්‍රජාතන්ත‍්‍රවාදය (Food democracy) අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දෙනවා.

ශිවා මේ පොත ඉංග‍්‍රීසියෙන් ලියුවේ 2000දී. මේ දක්වා ඇය ලියා ඇති පොත් 20න් එකක්. පසේ සරුබව සහතික කිරීමත්, බීජ රැක ගැනීමත් හරහා සාම්ප‍්‍රදායික ගොවිතැන් ක‍්‍රම මගින් ආහාර බෝග වැවීම ඇය කැමති පිළිවෙතයි. ගොවි බිමට බැහැරින් රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායන යෙදීම හරහා පරිසරයත්, සෞඛ්‍යයත්, ගොවි අර්ථිකයත් යන තුනම විකෘති වන බව ඇය තේරුම් ගත්තේ දශක ගණනාවකට පෙරයි.

දියුණු වන රටවල ආණ්ඩු හරිත විප්ලවයේ ප‍්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යන්නේ ඔවුන්ට දියුණු රටවලින්, ජාත්‍යන්තර ආධාර ආයතනවලින් හා ගෝලීයකරණය වූ කෘෂි සමාගම්වලින් කැරෙන බලපෑම් නිසා යයි ඇය කියනවා. ඒ නිසා රටේ ප‍්‍රතිපත්ති නිවැරදි කර ගන්නට සංවාද හා අරගල කරන අතර ගෝලීය ප‍්‍රවණතාවන්ට ද සංවිධානාත්මකව ප‍්‍රතිරෝධය දැක්විය යුතු යැයි ඇය විශ්වාස කරනවා. ගෝලීයකරණයට ඇය විරුද්ධ එය ටික දෙනෙකුට පමණක් වාසි ගෙන දෙන ක‍්‍රියාදාමයක් නිසයි.

වන්දනා ශිවාට චිත්තාකර්ශනීය පෞරුෂයක් හා සිත් ගන්නා සුලූ කථා විලාසයක් තිබෙනවා. ඇය තර්ක හා සාධක සහිත චෝදනා මතු කරන්නේ ගැඹුරු එහෙත් ප‍්‍රසන්න අයුරින්. නිතර ඇගේ මුවෙහි සිනහවක් තිබෙනවා. ප‍්‍රතිමල්ලවයන්ට වාග් ප‍්‍රහාර එල්ල කරන්නේ ද්වේෂයෙන් නොව සාධාරණ කෝපයකින් හෝ සාවඥව හෝ බව පෙනෙනවා. ජාත්‍යන්තර තලයේ විවාදවලට වඩාත් ගැලපෙන ශෛලිය මෙයයි. ඇය කියන දෙයට කිසිසේත් එකඟ නොවන අය පවා ඇයට සවන් දෙන්නේ එනිසායි.

ලොව පුරා සමාජ සාධාරණයට අරගල කරන ක‍්‍රියාකාරිකයෝ ශිවාගේ හිතමිතුරෝ. ශ‍්‍රී ලංකාවේද ඇගේ සහෘදයන් සිටිනවා. ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) ආරම්භක සරත් ප‍්‍රනාන්දු එයින් එක් අයෙක්. ඇය කොළඹ ජූනි මස කළ දේශනයේදී ඔහු ගැන මහත් ලෙන්ගතුව කථා කළා.

Stolen Harvest - Sinhala translation by Sydney Marcus Dias
Stolen Harvest – Sinhala translation by Sydney Marcus Dias

සොරාගත් අස්වැන්න පරිවර්තක සිඞ්නි මාකස් ප‍්‍රනාන්දු ඇගේ තවත් අනුගාමිකයෙක්. ගුරු වෘත්තියේ නියැලෙන අතරම ලේඛන කලාවේත්, සමාජ ව්‍යාපාරවලත් නිරත වන ඔහු පරිසර සංරක්‍ෂණය, කාබනික ගොවිතැන හා අන්තර්-ආගමික/වාර්ගික සහෝදරත්වය ප‍්‍රවර්ධනය කිරීමට දශක ගණනක සිට වෙහෙස වන්නෙක්.

පොතේ අගට තමන්ගේ ම පරිච්ෙඡ්දයක් එක් කරමින් ශ‍්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය යළි කියැවීමට ඔහු තැත් කරනවා. එහිදී ඔහු උදාහරණයට ගන්නේ කලක් ඉගැන්වීමේ යෙදුණු ආනමඩුව ප‍්‍රදේශයයි. පුත්තලම දිස්ත‍්‍රික්කයේ වියලි කලාපීය මේ ප‍්‍රදේශයට ඔහු මුලින් යන විට එහි හේන් ගොවිතැන ඉතා සශ‍්‍රීකව තිබූ සැටිත්, දශක තුනක් තුළ ඒ තත්ත්වය මුලූමනින් වෙනස් වී ඇති සැටිත් ඔහු විස්තර කරනවා.

ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ සාම්ප‍්‍රදායික යැපුම් මට්ටමේ මිශ‍්‍ර හේන් වගාව වෙනුවට හරිත විප්ලවය විසින් දිරි ගන්වන ලද ඒකීය වගා ක‍්‍රමය ඔස්සේ ගොවිතැන් හේන් තුළ කව්පි, මුං, බඩ ඉරිඟු වැනි බෝග පමණක් වගා කිරිමට යොමු වීමයි.

Sydney Marcus Dias
Sydney Marcus Dias

‘‘මුල් යුගයේදී අක්කරයකට බුසල් 30-35 පමණ අස්වැන්නක් ලබා දුන් ඒ බෝග පසුව බුසල් 10-12කට අඩු වී මේ වන විට ඒ වගාවන් නැත්තටම නැති වී තිබේ. එකම භූමිය නැවත නැවත වල්නාශක හා කෘමිනාශක යොදමින් වගා කිරීම නිසා මේ වන විට එම ප‍්‍රදේශයේ හේන් වගාකළ බිම් නිසරු කෙනතු බවට පත් වී තිබේ. මෙම තත්ත්වය සමස්ත සමාජ ආර්ථික ජීවිතයම වෙනසකට ලක් කර ඇති ආකාරය ද විමසිල්ලට ලක් කළ යුතු වේ’’ යයි ඔහු කියනවා.

ග‍්‍රාමීය ගොවිතැන කඩා වැටීම නිසා එයින් ජීවිකාව සපයා ගත් බොහෝ දෙනා අතරමංව ඉච්ඡාභංගත්වයට පත් වෙලා. පිරිමින්ගෙන් බහුතරයක් මේ නිසා මත්පැනට ලොල් වී සිටින බවත්, රජයේ ඉල්ලූම්පත‍්‍ර පුරවන විට රැකියාව ‘ගොවිතැන’ ක’ව ද තව දුරටත් ගොවිකමේ නියැලෙන්නේ නැති බවත් ඩයස් කියනවා. මත්පැන් ප‍්‍රචලිත වීමත් සමග ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය හා අසාර්ථක පවුල් පරිසරයන් ද වැඩි වී තිබෙනවා.

මේ විසමතා හමුවේ පවුල් බර දැරීමට කාන්තාවන් එක්කෝ මැදපෙරදිග – නැත්නම් ඇගලූම් කම්හල්වලට රැකියා සොයා යනවා. මවුවරුන් විදේශගත වූ පවුල්වල දරුවන් බලා කියා ගන්නට කිසිවකු නැති වීමෙන් බරපතල ප‍්‍රශ්න මතු වනවා. රටේ සංවර්ධනයට යයි කියමින් රජය ගන්නා මහා පරිමානයේ විදෙස් ණය වාරික හා පොලිය ගෙවන්නේ මේ ගැමි කතුන් උපයා මෙරටට එවන විදේශ විනිමයෙන්.

‘‘මේ වන විට මේ ප‍්‍රදේශවල වෘත්තීය මට්ටමෙන් ගොවිතැනේ යෙදෙන තරුණයකු සොයා ගැනීම ඉතා දුර්ලභය. ගොවිතැනේ නියැලෙනු දැකිය හැක්කේ ප‍්‍රධාන ජලාශ යටතේ ඉතා සුළු පිරිසකි. එයින් ද බහුතරයක් රජයේ හෝ වෙනත් වෘත්තීන්හි යෙදෙන පිරිසක් අර්ධ කාලීනවය. මේ අය කුඹුරට බහින්නේ තෙල්ටැංකි පිටේ බැඳ ගෙනය’’ ඔහු කියනවා.

මහා පරිමාන සංවර්ධන යෝජනා ක‍්‍රමවලින් ජනතාවට ඉතිරි වී ඇත්තේ දරිද්‍රතාව, විරැකියාව හා සාගින්දර පමණක් බවත්, ගමේ ආර්ථිකය මේ වන විට පවත්වා ගෙන යන්නේ විදේශ රැකියා කරන මවුවරුන්, වෙළඳ කලාපවල රැකියාවන්හි යෙදන තරුණියන් සහ තවමත් හමුදා සේවයේ රැඳී සිටින තරුණයන්ගෙන් බව ඔහු පෙන්වා දෙනවා. ප‍්‍රදේශයේ සාර්ථකම ව්‍යාපාර ලෙස ඉතිරිව තිබෙන්නේ කෘෂි රසායන වෙළඳාම, මැදපෙරදිග රැකියා ඒජන්සි, කොමියුනිකේෂන් හා සෞඛ්‍ය/රසායනාගාර සේවා ආදිය පමණයි.

ඩයස්ගේ නිර්දේශයට මාත් එකඟයි. ‘‘රටේ ග‍්‍රාමීය ආර්ථිකය යළි ගොඩනැගීමට නම් වහා සළු ගොවීන්ගේ කාර්ය සඵලමත් කළ යුතුය. ඒ සඳහා අසාර කනතු බවට පත් වූ ගොවිබිම්වල පස යළි සුවපත් කළ යුතුය…ඒ සඳහා දැවැන්ත ආකල්පමය වෙනස්කම් සහ භෞතික වෙනස්කම් රැසක් කළ යුතුය.’’

මේ දැක්ම ආචාර්ය රේ විජේවර්ධනයන්ගේ චින්තනයටත් සමගාමීයි. (ගිය වසරේ කොලම් තුනක් හරහා මා ඉදිරිපත් කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාව බලන්න.) එහෙත් අපට සිදු වී ඇති සමස්ත කෘෂි වින්නැහියට තනිකරම බහුජාතික කෘෂි සමාගම්වලට පමණක් දොස් තැබීම නම් පිළිගත නොහැකියි.

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

25 August 2013: සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ

29 Sep 2013: සිවුමංසල කොලූගැටයා #136: හේන් ගොවිතැන ‘පාදඩකරණයෙන්’ බේරා ගත හැකිද?

විජේවර්ධනයන් පෙන්වා දුන් පරිදි වැරදි කෘෂි ප‍්‍රතිපත්තිවලට හෙතුව මංමුලා වූ අපේම පොතේ උගතුන්. බටහිර රටවල සමශීතෝෂ්ණ දේශගුණයට සරිලන ගොවිතැන් ක‍්‍රම උසස් අධ්‍යාපනයට හදාරන ඔවුන්, ඝර්ම කලාපීය අපේ රටට සරිලන පරිදි ඒවා සකස් කර නොගැනීම අපේ විනාශයට මුල් වූ බව ඔහු විග‍්‍රහ කළා. අන්තිමේදී දේශපාලකයන් නොමග යවා ඇත්තේ ද මේ උගතුන් විසින්.

බහුජාතික සමාගම් දියුණුවන රටවල ආර්ථික හා සංවර්ධන ක‍්‍රියාදාමයට ඇඟිලි ගසන බව සැබෑවක්. මෙය 1960, 1970 දශකවල සිට පැන නැගී ආ ප‍්‍රවණතාවක්. මුල් යුගයේ පාරිසරික හා කෘෂි ක‍්‍රියාකාරිකයන්ගේ දැඩි විවේචනයට සහේතුකව ලක් වූයේ මේ සමාගම්.

එහෙත් තව දුරටත් බහුජාතික සමාගම් හුදෙක් බටහිර රටවල හිමිකාරිත්වයට නතු නැහැ. අද ඉන්දියානු, මැලේසියානු, සිංගප්පූරු, චීන හා කොරියානු බහුජාතික සමාගම් ද තිබෙනවා. ලොව පුරා රටවල ගනුදෙනු කරන ඔවුන් සමහරකගේ ක‍්‍රියාකලාපය මීට වඩා අපේ විමර්ශනයට ලක් විය යුතුයි.

එසේම හරිහැටි දේශීය ප‍්‍රතිපත්ති හා පරිපාලනය පවත්නා රටවල නම් බාහිරින් එන ආධාර ආයතන හෝ විදෙස් සමාගම්වලට කළ හැකි බලපෑම සීමිතයි. ‘ළඟ එන කෘෂි රසායන සුනාමිය’ මැයෙන් කොලමක් ලියමින් 2013 මාර්තුවේ මා පෙන්වා දුන්නේ කුමන්ත‍්‍රණවාදී තර්ක හා චෝදනා කරමින් සිටිනවාට වඩා අපේ ප‍්‍රතිපත්ති, නීති, රෙකුලාසි හා නියාමන තන්ත‍්‍රය විධිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.

17 March 2013: සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

වන්දනා ශිවා ජනතාවාදී විද්‍යාඥවරියක්. එහෙත් ඇය කියන හැම දෙයක්ම අප වන්දනාමාන කළ යුතු නැහැ. ඇය එබන්දක් බලාපොරොත්තු වන්නේ ද නැහැ. ඇය මතු කරන අතිශයින් වැදගත් කරුණු හා තර්ක විචාරශිලීව වැඩිදුර විවාදයට ලක් කිරිම අවශ්‍යයි. සිඞ්නි මාකස් ඩයස්ගේ පරිවර්තනය හරහා මේ සංවාදය මතු කර ගත හැකියි.

අවසාන විනිශ්චයේදී අප පත්ව සිටින ව්‍යසනයෙන් ගොඩ ඒමට නම් එයට තුඩු දුන් දෙස් විදෙස් සාධක නිරවුල්ව හඳුනාගත යුතුයි. දුෂ්ටයන් හා බිල්ලන් සොයමින් මුළු කාලයම වැය නොකර අපේ විද්වතුන්, නිලධාරින් හා ගොවීන් ද මේ අර්බුදයට අඩු වැඩි පමණන් දායක වී ඇති බව අප පිළිගත යුතුයි.

සුළු ගොවියා අපේ විශේෂ අවධානයට ලක් විය යුතු වුවත් ඔවුන් රොමැන්තික් ලෙස පුදසුනක තබා වන්දනාමාන කිරීම අවශ්‍ය නැහැ. රටේ නීතිරීති හා මානව ධර්මතා ගොවීන්ටත් එක සේ අදාලයි. ජනතාවට දැන දැනම වස විස කවන අපේ සමහර සුළු ගොවීන් ගැන මා සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබෙනවා.

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

අද අපට අවශ්‍ය විවෘත හා ආවේගශීලී නොවූ සංවාදයක්. එහිදී ගොවීන්, කෘෂි පර්යේෂකයන්, ගොවි සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, කෘෂි සමාගම් හා රාජ්‍ය ආයතන සියල්ලට හඬක් තිබිය යුතුයි.

එබඳු සංවාදයක් සිදු කළ හැකි හා කාටත් පිළිගත හැකි අපක්‍ෂපාත වේදිකාවක් ලෙස මාධ්‍යවලට ක‍්‍රියා කළ හැකි ද?

Vandana Shiva  speaks during Fronteiras do Pensamento project at UFRGS on May 28, 2012 in Porto Alegre, Brazil - Photo by Alexandro Auler/LatinContent/Getty Images)
Vandana Shiva speaks during Fronteiras do Pensamento project at UFRGS on May 28, 2012 in Porto Alegre, Brazil – Photo by Alexandro Auler/LatinContent/Getty Images)

* * * * *

“සොරාගත් අස්වැන්න“ වැඩි විසතර සඳහා විමසන්න:

තෝතැන්න පබ්ලිෂින් හවුස්, උස්වැව පාර, ආණමඩුව.
දු.ක. – 0322263446 / 0773054058
thothanna@yahoo.com

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය,
අංක 83/12, පෙරේරා මාවත, කොටුවේගොඩ, රාජගිරිය.

සිවුමංසල කොලූගැටයා #178: මානව හිතවාදය උදෙසා ‘ජාතිද්‍රෝහී’ වූ ලේඛිකාව නැඞීන් ගෝඩිමර්

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to South African writer and social activist Nadine Gordimer (1923-2014). I focus on how she never hesitated to speak out for justice, fairness and equality even when that elicited ridicule and harassment from her own government that quickly labeled her a ‘traitor’.

I also recall how I once listened to her speak, during the recording of a TV debate in Johannesburg in mid 2002, and how she later marched the streets with activists from all over the world demanding land rights for the poor.

Nadine Gordimer (image courtesy The New Yorker)
Nadine Gordimer (image courtesy The New Yorker)

‘රටක මහා ලේඛකයකු සිටීම හරියට දෙවැනි ආණ්ඩුවක් පවතිනවා වගෙයි. එනිසා බොහෝ පාලකයන් අදීන පෞරුෂයක් ඇති ලේඛකයන්ට කැමති නැහැ. ඔවුන්ට ඕනෑ එහෙයියන් වන ලියන්නොයි’.

මීට අඩසියවසකට පමණ පෙරදී මේ වටිනා වදන් ටික ලියුවේ දැවැන්ත සෝවියට් දේශයේ පාලකයන්ට නතු කර ගත නොහැකි වූ ලේඛක ඇලෙක්සන්ඩර් සොල්සෙනිට්සින් (Aleksandr Solzhenitsyn, 1918 – 2008).

බලයේ සිටින රජයකට පක්‍ෂව ලිවීම ලෙහෙසියි. එසේ කිරීමෙන් පාලකයන්ගෙන් පුද පඬුරු හා වරප‍්‍රසාද ලබා ගන්නා අවස්ථාවාදී ලේඛකයෝ සෝවියට් දේශයේ මෙන්ම ලොව වෙනත් රටවල එදා මෙන්ම අදත් හමු වනවා.

එහෙත් බලසම්පන්න රජයකට හෝ අසාධාරණ රාජ්‍ය පාලන ක‍්‍රමයකට එරෙහි වීම ලෙහෙසි නැහැ. වරප‍්‍රසාද අහිමිවනවා පමණක් නොව විවිධාකාර හිරිහැර හා අවමන්වලට ලක් වීමට සිදු වනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන නොලැබෙන අතර පොත් තහනම් කිරිමට ද ලක් වනවා. ආන්තික තත්ත්වයන්හිදී රාජ්‍ය විරෝධී චෝදනා ලැබ සිර දඬුවම් ලබන්නට පවා සිදු වනවා.

ඒකාධිපති පාලනයක් ඇති රටවල රජය විවේචනය කිරීම සූක්‍ෂමව කළ යුතු අනතුරුදායක කාරියක්. දේශපාලන ක‍්‍රියාකාරිකයන් එය විවෘතව එක එල්ලේ කරන අතර දක්‍ෂ ජනතාවාදී ලේඛකයන් එය ප‍්‍රබන්ධ කථා හෝ හාස්‍යරූපී කථා හරහා සියුම්ව කරනවා. නවකථාවක්, කෙටිකථාවක් හෝ නාට්‍ය පිටපතක් හරහා පවතින විසම රාජ්‍ය තන්ත‍්‍රයේ බිහිසුනු බව කැඩපතක් බවට පත් කොට සමාජයේ සංවේදී කොටස්වලට ග‍්‍රහණය වන පරිදි මුදා හරිනවා.

මෙබඳු ලේඛකයන් කවදත් දුර්ලභයි. එවන් අදීන හා නිර්භීත ගණයේ ලේඛිකාවක් වූ දකුණු අප‍්‍රිකානු ජාතික නැඞීන් ගෝඩිමර් 90 හැවිරිදිව ජූලි 13 වනදා මිය ගියා.

මීට හරියටම වසරකට පෙර, 2013 ජූලි 28 වනදා ‘මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ’ නමින් කොලමක් ලියමින් මා ඇය ගැන සඳහන් කළා. මේ සතියේ අයට යළිත් ප‍්‍රණාමය පුද කරන්නේ උපතින් හා සමේ වර්ණයෙන් ලද වරප‍්‍රසාද වෙනුවට ඇය ජීවිත කාලය පුරා මානවහිතවාදය හා සාධාරණත්වය තෝරා ගත් නිසායි.

Nadine-Gordimer-Quotes-3

1923 උපන් නැඞීන් ගෝඩිමර්ට කුඩා වියේ පටන් කෙසඟ සිරුරක් තිබූ නිසා ලෙඩ වේවි යැයි බියෙන් දෙමව්පියන් ඇයව පාසලකට යැවුවේ නැහැ. ඒ වෙනුවට ගෙදර සිට උගන්වනු ලැබුවා. තමන්ගේම කල්පනා ලෝකයට මැදි වී හැදුණු ඇය නව යොවුන් වියේ සිට ප‍්‍රබන්ධ රචනයට පිවිසුණා. ඇගේ කෙටිකථාවක් මුල් වරට සඟරාවක පළ වූයේ 1937දී. එවිට ඇගේ වයස 16යි.

විට්වෝටසන්ඞ් සරසවියට පිවිස වසරක් උගත් ඇය උපාධිය සම්පූර්ණ කළේ නැහැ. එහෙත් සුදු, කළු හා මිශ‍්‍රිත සම්භවයක් ඇති ජාතිකයන්ට වෙනස්ව සළකන සැටි ඒ කාලය තුළ ඇය සමීපව අත්දුටුවා.

1948 සිට පුර්ණ කාලීනව ලේඛනයේ යෙදුණු ඇය මුලින් දකුණු අප‍්‍රිකානු සඟරාවලත්, 1951 පටන් ප‍්‍රකට අමෙරිකානු සඟරාවක් වන නිව් යෝකර් සඟරාවේත් කෙටිකථා පළ කළා. ඇගේ මුල් ම නවකථාව (The Lying Days) 1953දී පළ වූවා.

1949-2012 වකවානුව තුළ ඇය නවකථා 15ක්, නාට්‍ය පිටපතක්, කෙටිකථා සංග‍්‍රහයන් 21ක් හා තවත් ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක් රචනා කළා. ඇගේ ලේඛන භාෂාව වූයේ ඉංග‍්‍රීසියයි. ඒ හරහා දකුණු අප‍්‍රිකානු යථාර්ථයේ පැතිකඩ ලොවට කියන්නට ඇය සමත් වුණා.

1960දී ඇය අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ (ANC) හා නෙල්සන් මැන්ඩෙලාගේ අරගලයට විවෘතව ම සහයෝගය දැක්වීමට පටන් ගත්තා. කළු ජාතික අයිතිවාසිකම් උදෙසා පෙනී සිටීම මහත් රාජ්‍ය ද්‍රෝහී ක‍්‍රියාවක් ලෙස සුදු පාලකයන් හඳුන්වා දුන්නා. එහෙත් දේශපාලකයන්ට හා ඔවුන්ගේ ගැති නිලධාරින්ට මේ ධෛර්්‍යවන්ත ලේඛිකාව පොඩියක්වත් බිය වූයේ නැහැ.

1948 සිට 1993 දක්වා පැවති වර්ණභේදවාදී දරදඬු ප‍්‍රතිපත්ති ප‍්‍රබන්ධාත්මකව දැඩි විවේචනයට ලක් කිරීම නිසා ඇගේ කෘතීන් ගණනාවක් එරට රජයන් විසින් තහනම් කරනු ලැබුවා. එබඳු තහංචි නිසා සැබැවින් සිදු වූයේ පොත් යටිබිම්ගතව සංසරණය වීමයි. ඒ වන විට ඇය ජාත්‍යන්තරව පාඨක ජනාදරයට පත්ව සිටි නිසා ඇගේ කෘතීන් රටින් පිටත දිගට ම අලෙවි වුණා.

Burger's Daugher
Burger’s Daughter

1979දී ඇය ලියා පළ කළ Burger’s Daughter නම් නවකථාවට පාදක වූයේ සමාජ සාධාරණත්වය හා යුක්තිය උදෙසා අරගල කළ දෙමවුපියන් හා ඔවුන්ගේ දරුවන්ගේ පවුල් ජීවිතයි.

දකුණු අප‍්‍රිකානු කොමියුනිස්ට් පක්‍ෂයේ කි‍්‍රයාකාරික ලයනල් බර්ගර් නම් මනඃකල්පිත චරිතය හා ඔහුගේ දියණිය රෝසා මෙහි ප‍්‍රධාන චරිතයි. ලයනල්ගේ චරිතයට ඇය ආදර්ශය ලෙස ගත්තේ උපතින් සුදු දකුණු අප‍්‍රිකානුවකු හා වෘත්තියෙන් නීතිඥයකු වූ බ‍්‍රෑම් Bram Fischer (1908 – 1975). 1962දී කුප‍්‍රකට රිවෝනියා මහ නඩුවේදී ANC සාමාජිකයන් (විශේෂයෙන් නෙල්සන් මැන්ඩෙලා) වෙනුවෙන් විත්තියේ නීතිඥයා ලෙස ක‍්‍රියා කළේ ඔහුයි.

රිවෝනියා මහ නඩුවෙන් ටික කලකට පසු කොමියුනිස්ට් ක‍්‍රියාකාරිකයකු යයි චෝදනා ලැබ රජය පෙරළීමට තැත් කළ වරදට ෆිෂර් සිර දඬුවමක් ලැබුවා. සිරගෙදරදී හට ගත් පිළිකාවකින් අසාධ්‍ය වූ ඔහු වසර 9ක සිර දඬුවම් විඳීමෙන් පසු මිය ගියා. වර්ණභේදවාදයට එරෙහිව එරට සුදු ජාතිකයන් අතලොස්සක් ගෙන ගිය සාරධර්මීය විරෝධතාවේ දැවැන්තයකු ලෙස ෆිෂර් සැළකෙනවා.

මේ නවකථාව මුලින් බි‍්‍රතාන්‍යයේ පළ කොට මාසයක් ඇතුළත එය දකුණු අප‍්‍රිකාවේ අලෙවි කිරීම තහනම් කරනු ලැබුවා. එහෙත් එහි පිටපතක් 1964 සිට සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලාට හොර රහසේ ලැබුණා. එය තමන් ප‍්‍රමෝදයට පත් කළ බව ඔහු පසු කලෙක ඇයට පැවසුවා.

1970 හා 1980 දශකවල ඇය ප‍්‍රකට ලේඛිකාවක් ලෙස පෙර අපර දෙදිග රටවල නිතර සංචාරය කළා. තමන්ගේ කෘතීන් ගැන කථාබහ කැරුණු හැම විටෙකම තම මවු රටේ සිදු වන මහා අසාධාරණකම් ගැන නොබියව විදෙස් සභාවන්ට තතු පැහැදිලි කළා.

ඇගේ ලේඛක ජීවිතය පුරා විවිධ රටවලින් සාහිත්‍ය සම්මාන රැසක් පිරිනැමුණා. 1991 නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබීමත් සමග සාහිත්‍ය ලෝකයේ ඇගේ පිළිගැනීම වඩාත් තහවුරු වුණා.

වර්ණභේදවාදයට මුඵ හිතින් විරුද්ධ වූවත් ANC ව්‍යාපාරයේ ඇතැම් ක‍්‍රමෝපායන් ගැන ද ඇය එකඟ වූයේ නැහැ. ඇත්තට ම යුක්තිය හා සාධාරණත්වය සඳහා කැරෙන හැම ජනතා අරගලයකට ම ඉතා වැදගත් වන්නේ මෙසේ විචාරශීලිව සහයෝගය දෙන බුද්ධිමතුන් හා කලාකරුවන්.

ANC අරගලකරුවන් යටිබිම්ගත දේශපාලනය කරද්දී ඔවුන් සිය නිවසේ සගවා අවදානම් සහගත ලෙස උදව් කළ ඇය, 1994 මැතිවරණයෙන් පසු ANC බලයට පත් වූ විට ඔවුන්ගේ ඇතැම් ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාදාමයන් ප‍්‍රසිද්ධියේ විවේචනය කළා. ජනපි‍්‍රය නොවන එහෙත් දිගුකාලීනව රටට වැඩදායක සමහර ප‍්‍රතිපත්ති හ ඳන්වා දීමේදී මැන්ඩෙලාට සවියක් වූයේ නැඞීන් වැනි විචාරශීලි හිතමිතුරන්.

Nadine Gordimer and Nelson Mandela were close friends
Nadine Gordimer and Nelson Mandela were close friends

වර්ණභේදවාදයට අමතරව ඇය රාජ්‍ය වාරණයට හා රජයන් විසින් තොරතුරු ගලනය සීමා කිරීමට එරෙහිව ද දශක ගණකක් පුරා ප‍්‍රබල හඬක් නැගුවා. වර්ණභේදවාදය පවතින තුරුම තම නවකථා හා කෙටි කථා රේඩියෝ මාධ්‍යයට සකසා ප‍්‍රචාරය කිරීමට රජය යටතේ පැවති දකුණු අප‍්‍රිකානු විද්්‍යුත් මාධ්‍ය සංස්ථාවට (SABC) ඇය අවසර දුන්නේම නැහැ. ජනතාවට බොරු කියන, ඔවුන්ගේ පරම අයිතීන්ට අවමන් කරන රේඩියෝ සේවයක් සමග තමාට කිසි ගනුදෙනුවක් නැතැයි ඇය ප‍්‍රසිද්ධියේ කියා සිටියා.

1990 පෙබරවාරියේ සිරෙන් නිදහස් වූ මැන්ඩෙලා ජොහැන්නස්බර්ග් නුවර පදිංචියට ආ පසු නිතර මුණ ගැසී ගැඹුරු කථා බහේ යෙදෙන සමීප මිතුරන් අතරට නැඞීන් ද එකතු වුණා. දේශපාලනයටත් වඩා තමන් වැඩිපුර කථා කළේ සමාජ ප‍්‍රශ්න හා මනුෂ්‍යත්වය ගැන බව මැන්ඩෙලා මිය ගිය මොහොතේ ඔහු ගැන ලියූ සමරු ලිපියක ඇය හෙළි කළා.

අඩසියවසක වර්ණභේදවාදය අවසන් කොට දකුණු අප‍්‍රිකාවේ සියලූ ජනයාට එක සේ සළකන නව රාජ්‍ය පාලනයකට මහත් සංයමයෙන් හා වීර්යයෙන් ප‍්‍රවේශ වීම සඳහා 1993 නොබෙල් සාම ත්‍යාගය මැන්ඩෙලාට හා එවකට දකුණු අප‍්‍රිකානු ජනාධිපති එෆ්. ඩබ්. ඩික්ලර්ක්ට පිරිනැමුණා. දෙසැම්බර් 10 වනදා නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරදී ත්‍යාගය පිළිගන්නට මැන්ඩෙලා සමග එහි ගිය ඔහුගේ දුත පිරිසේ නැඞීන් ද සිටියා.

බොහෝ ජනතාවාදී ලේඛකයන් ජීවිතයේ යම් අදියරකදී පත් වන ඛේදජනක තත්ත්වයක් තිබෙනවා. එනම් තමන් මතවාදීව සහයෝගය දුන් දේශපාලන තන්ත‍්‍රය බලයට පත් වී ටික කලෙකින් මුල් ප‍්‍රතිපත්ති අමතක කොට අයාලේ යන විට කුමක් කරන්නදැයි නොදැන අතරමං වීමයි.

නැඞීන් මේ ගණයට නොවැටුණේ මතවාදයන්ට නතු නොවී සාධාරණත්වයට මුල් තැන දුන් නිසායි. වර්ණභේදවාදය නිමා වී සර්වජන ඡුන්ද බලය හරහා මුල් වරට දකුණු අප‍්‍රිකානු ජනතාව රජයක් පත් කර ගත්තේ 1994දී. එක් ධූර කාලයක් පමණක් හොබවා 1999දී මැන්ඩෙලා විශ‍්‍රාම ගියත් එදා මෙදා තුර තවමත් දකුණු අප‍්‍රිකාව පාලනය කරන්නේ ANC පක්‍ෂයයි. දුෂණය, වංචාව, කල්ලිවාදය හා වෙනත් අක‍්‍රමිකතා රැසක් ගැන ඔවුන්ට ප‍්‍රබල චෝදනා එල්ල වී තිබෙනවා.

තමා කලක් ANC ක‍්‍රියාකාරිකයකුව අරගල කළත් කිසිදා ANC රාජ්‍ය පාලනයකට සම්බන්ධ නොවූ නැඞීන් දිගටම ස්වාධීනව ලේඛන කලාවේ යෙදුණා. 2012දී ඇය ලියූ අවසන් නවකථාව No Time Like The Present දිග හැරෙන්නේ නිදහස ලැබු (1994ට පසු) දකුණු අප‍්‍රිකාවේයි. ඉන් ඇය සියුම් එහෙත් තීක්‍ෂණ සමාජ විවේචනයක යෙදෙනවා.

‘අපේ අය මොනවා කළත් විවේචනය කරන්නෙ කොහොමද?’ කියා අසමින් මුනිවත රකින අපේ කලාකරුවන්ට ඇය හොඳ ආදර්ශයක්.

සිය ජීවිතයේ අවසාන දශක දෙකෙහි සැළකිය යුතු කාලයක් ඇය කැප කළේ HIV ආසාදිතයන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටිමට හා ඔවුන්ට සිදු වන අසාධාරණකම් අවම කිරිමටයි.

මැන්ඩෙලාගේ අනුප‍්‍රාප්තික ජනාධිපති එම්බෙකි HIV පිළිබඳ ‘දේශීය දැනුම’ වංචාකාරයන්ට හසු වී එරට සෞඛ්‍ය ප‍්‍රතිපත්ති විකෘති කළ විට එයට එරෙහිව ප‍්‍රබල හඬක් නැගු ස්වාධීන විද්වතුන් අතර ඇය ද සිටියා.

31 July 2011: සිවුමංසල කොලූගැටයා #25: “බටහිර විද්‍යාව”, “සාම්ප්‍රදායික දැනුම” සහ දකුණු අප‍්‍රිකාවේ බිහිසුනු HIV/AIDS මංමුලාව

Nadine-Gordimer-Quotes-rrr2

1999දී ජනාධිපති ධූරයෙන් මැන්ඩෙලා විශ‍්‍රාම ගිය පසු ඔහුට වඩාත් විවේක තිබූ බැවින් පැරණි මිතුරන් සමග සාමීචියට වැඩි ඉඩක් ලැබුණා. ජේ්‍යෂ්ඨ මානව හිමිකම් නීතිඥ ජෝර්ජ් බිසෝස් සමග නැඞීන් ගෝඩිමර් නිතරම පාහේ මැන්ඩෙලාගේ නිවසේ උදේ ආහාරයට මුණගැසීම සිරිතක්ව තිබුණා.

මේ වකවානුවේ මැන්ඩෙලා නම් දේශපාලනඥයා නොව නිර්ව්‍යාජ මිනිසා තමා හරි හැටි දැන හඳුනා ගත් බව ඇය ලියා තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ හාස්‍යලෝලි බව හා ලෙන්ගතුකම තරාතිරම නොබලා මුණ ගැසීමට ආ කොයි කාටත් ලැබුණු සැටි ඇය අත්දුටුවා.

2002 අගෝස්තුවේ මා මුල් වරට ජොහැන්නස්බර්ග් නුවරට ගිය අවස්ථාවේ ඇය සහභාගී වූ විද්වත් සංවාදයක් මා නැරඹුවා. එම සංවාදය බි‍්‍රතාන්‍යයේ ඊඊක්‍ හා අමෙරිකාවේ ඡුඊී නාලිකා දෙකෙහි සම නිෂ්පාදනයක්.

එයට සහභාගී වූ අනෙක් විද්වත් නියෝජිතයන් අතර ඉන්දියාවේ වන්දනා ශිවා හා සුනීතා නාරායන්, මැලේසියාවේ මාටින් කෝ හා අමෙරිකාවේ ප‍්‍රකට ආර්ථික විශේෂඥ ජේෆ්රී සැක්ස් ද වූවා. මේ ප‍්‍රබල විවාදකරුවන් අතර සිහින් එහෙත් පැහැදිලි කටහඬකින් කථා කළේ නැඞීන් ගෝඩිමර්.

රටේ පාලකයන් සුදු වුණත්, කඵ වුණත් තමා කවදත් විශ්ව සාධාරණය හා මානවයන් අතර සමානාත්මතාවය වෙනුවෙන් හඬ නඟන බව ඇය සාවධානව, සියුම් කටහඬකින් කී සැටි මට මතකයි. එවිට 79 හැවිරිදිව සිටි ඇය එදින සවස එනුවර වීදි උද්ඝෝෂණයකට සහභාගි වූයේ මහත් උද්‍යොගයෙන්.

මේ උද්ඝෝෂණවලට පසුබිම වූයේ 2002 අගෝස්තුවේ එනුවර පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ දෙවන ලෝක සමුළුවයි. ලෝකයේ රටවල් එකසිය ගණනකින් ජෝහැන්නස්බර්ග් නුවරට පැමිණි රාජ්‍ය නායකයන් හා රාජ්‍ය තන්ත‍්‍රිකයන් එක් පසෙක නිල සමුළුව පවත්වන අතරේ එයින් ටික දුරක් ගිය තැන ජනතා සමුළුවක් පැවැත්වුණා. නැඞීන් ඇතුළු ප‍්‍රබුද්ධ දකුණු අප‍්‍රිකානුවන් සහභාගී වූයේ මේ දෙවැන්නටයි.

ලොව නන් දෙසින් ආ සමාජ ක‍්‍රියාකාරිකයන් හා ජන සංවිධාන නියෝජිතයන් සමග ඇය වීදි පෙළපාලි ගියේ දුගී ජනතාවට ඉඩම් අයිතිය හා සාධාරණ ජීවිකා අවස්ථා සඳහායි.

2013දී පුවත්පත් සාකච්ඡාවකදී ඇය කීයේ ‘‘වර්ණභේදවාදය තුරන් කරන්නට අප ඉතා වෙහෙස වී අරගල කළා. එහෙත් එයින් පසු බිහි වන සමාජය ගැන අප සිතුවා මදි යැයි දැන් මගේ කල්පනාවයි.’’

සමාජ හා දේශපාලන අරගලවලට මැදි නොවී ෆැන්ටසි ලෝක ගැන ප‍්‍රබන්ධ කරමින් සිටියා නම් හොඳදැයි පත‍්‍ර කලාවේදියා ඇසූ විට ඇගේ උත්තරය: ”අපොයි නැහැ! මේ ජීවිතය ගැන මම ආඩම්බරයි. අපට සමහර තැන්වල වැරදුණා. ඒත් මා කිසි දිනෙක බිය වී හා නිවටව නම් ජීවත් වී නැහැ!”

Nadine-Gordimer-Quotes-4

සිවුමංසල කොලූගැටයා #176: පුපුරන සමාජයක අලූත්ම කැඩපත සමාජ මාධ්‍ය ද?

Threatening the mirror...
Threatening the mirror…

In this week’s Ravaya column (in Sinhala), I return to the oft-discussed topic of social media in today’s Lankan society.

If media mirror the realities of its land and times, don’t social media reflect its society as well? And if some among us don’t like what is expressed by fellow citizens using social media platforms, could it be that many inconvenient issues and questions – excluded in the mainstream media – are being raised?

Yes, we need to discuss the social, cultural and political implications of growing social media use. However, that debate will not be served by insular and insecure mindsets that see every aspect of globalization as a threat or conspiracy.

 

බීබීසී සිංහල සේවයේ වැඩ කරන ලාංකික මාධ්‍යවේදියෙක් විටින් විට මට දුරකථනයෙන් කථා කොට පසුබිම් කරුණු විමසනවා. සමහර අවස්ථාවල සම්මුඛ සාකච්ඡා ද ලබා ගන්නවා. නව මාධ්‍ය ගැන ඔහුට කුතුහලයක් ඇතත් ඔහු ඒ ගැන සැම විටම බලන්නේ වපර ඇසකින්.

අපේ හැම සංවාදයක්ම ඉක්මනින් යොමු වන්නේ ‘මේ සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම හෝ සමාජ වගකීමක් නැහැ නේද?’ යන්නටයි.

වරක් මා ඔහුගෙන් ඇසුවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සියල්ලම ආචාර ධර්මවලට අනුව සැම විටම කටයුතු කරනවා ද කියායි. බීබීසීයට යන්නට පෙර මුළු වෘත්තීය කාලයම රජයේ ගුවන් විදුලියේ වැඩ කළ ඔහු එවිට කීවේ ‘‘රාජ්‍ය මාධ්‍ය නම් සැම විටම වගකීමෙන් කටයුතු කරන නමුත් සමහර FM නාලිකා එසේ නොකරන’’ බවයි.

ඔහුගේ තර්කයට අනුව මෙරට මාධ්‍ය රැසක් අතරින් වගකීමෙන් කටයුතු කරන්නේ රාජ්‍ය නාලිකා පමණයි! පෞද්ගලික රේඩියෝ නාලිකා හා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හිතුමතයට තොරතුරු හා අසත්‍යයන් පතුරුවන බවත්, සංයමයකින් තොර බවත් ඔහු කියනවා.

රජයේ මාධ්‍ය බලයේ පවතින රජයට සුවචව, කීකරුව ක‍්‍රියා කරන බව නම් සැබෑයි. එහෙත් ඒවා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කරනවා ද හෝ ආචාර ධර්මීය රාමුවක ක‍්‍රියා කරනවා ද යන්න නම් අතිශයින් විවාදාත්මකයි.

බීබීසී ගතානුගතිකයා උදාහරණයක් ලෙස මා ගත්තේ වාරණවලින් තොර මාධ්‍ය පරිසරයකට ගිය පසු පවා අපේ සමහර ඇත්තන්ට තමන් ජීවිත කාලයක් පුරා පටවා ගත් මතවාදී පොට්ටනි බිමින් තබන්නට බැරි සැටි පෙන්වීමටයි. එසේම අළුත් හැම දෙයක්ම හෙළා දකින හෝ ප‍්‍රතික්‍ෂෙප කරන හෝ පුරුද්ද පිළිබිඹු කිරීමටයි.

සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ පුරවැසි මාධ්‍යකරුවන් අළුත්ගම සිදුවීම් ගැන තොරතුරු හා මත දැක්වීම් බෙදා ගත් අකාරය ගැන ප‍්‍රධාන ප‍්‍රවාහයේ සමහර උදවිය ලියූ කතුවැකි හා කළ වෙනත් ප‍්‍රකාශයන් මට සිහිපත් කළේ බීබීසී ගිය ලාංකික හණමිටිකාරයායි.

29 June 2014:සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්ද?

Hand holding a Social Media 3d Sphere sign on white background.

වෙබ්ගත සමාජ මාධ්‍යවලට දොස් තැබීම මේ දිනවල ජනප‍්‍රිය රැල්ලක් වෙලා. ඒ ගැන දන්නා – නොදන්නා බොහෝ දෙනා සමාජ මාධ්‍ය විවේචනය කරන්නේ හරියට රටේ සියළු දොස්වලට හේතුව සමාජ මාධ්‍ය භාවිතය කියන්නාක් මෙන්.

ඇත්තටම සමාජ මාධ්‍ය ගැන ගැඹුරු හා මැදහත් සංවාදයක් අවශ්‍යයි. එහෙත් බොරුවට නිදා සිටින උදවිය අවදි කළ නොහැකි සේ තමන්ගේ මතයට දැඩි ලෙස එල්බ සිටින අයත් සමග හරවත් සංවාද කිරීම ද අපහසුයි.

සෙසු මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද අප දකින්නේ ලක් සමාජයේ පවතින යථාර්ථය, විවිධත්වය හා විසමතායි. ඒ නිසා එය කැඩපතක්.

කැඩපතකින් අප දකින පිළිබිඹුවට අප නොකැමති නම් කැඩපතට දොස්කීම හෝ තර්ජනය කිරීම නිෂ්ඵල ක‍්‍රියාවක්.

පණිවුඩය රැගෙන එන්නට පහර දෙන්න එපා (Don’t attack the messenger) යයි කියමනක් කලක සිට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අරභයා කියනවා. එසේම සමාජ මාධ්‍ය ගැන කිව හැක්කේ අමිහිරි සංවාද ඇසු දුටු පමණින් ඒවා සිදු වන වේදිකාවට ගිනි තබන්නට එපා යන්නයි.

සමාජ මාධ්‍ය ගණයෙහි ලා ගැනෙන බ්ලොග් අඩිවි, ෆේස්බුක්, ට්වීටර්, යූ ටියුබ් ඇතුළු වෙනත් වේදිකාවල සන්නිවේදනය කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. ඔවුන් පුරවැසි මාධ්‍යවේදීන් වනවා ද නැද්ද යන්න ගැන අපට විවාද කළ හැකියි.

පුරවැසි මාධ්‍යකරණයේ එක් මූලික ලක්‍ෂණයක් වන්නේ කිසිදු අවසරයක්, පාලනයක් නැතිව කෙලින් ම අදහස් දැක්වීම. අප අද කාලේ එය ඉන්ටර්නෙට් හරහා කරන සන්නිවේදනයක් ලෙස හඳුනා ගත්ත ද එයට සංකල්පමය වශයෙන් ඊට වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා.

සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී/ලිපි ලිව්වේ අවසර ලබා ගෙන නොවෙයි. සීගිරි බිතු සිතුවම්වල සිටින අප්සරාවන් ගැන සියවස් ගණනක් පුරා එහි ගිය ඇතැම් දෙනා තමන්ගේ අදහස් හා හැගීම් එහි ලියා තිබෙනවා. සීගිරි කුරුටු ගී/ලිපි ලියූ හැම අයකු ම මීට සියවස් ගණනකට පෙර මෙරට විසූ පුරවැසි මාධ්‍යවේදීන්!

4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

අද වෙබ් හා ඩිජිටල් තාක්‍ෂණයන් හරහා එම පහසුකම් හැසිරවීමේ හැකියාව ඇති ඕනෑ ම කෙනෙකුට තමන්ගේ අදහස්, මතවාදයන් ඉක්මනින් ලෝකයට ම බෙදිය හැකියි.

මේ නූතන පුරවැසි මාධ්‍යකරණයේ ආගමනය සිදු වුයේ 1990 දශකය අග භාගයේ පටන්. (පුරවැසි මාධ්‍යවේදයේ පැහැදිලි නිර්වචනය නම් වැටුප් නොලබා, දොරටු පාලකයන් නැතිව අදහස් ප‍්‍රකාශනයයි. එසේ නොවන පුවත් වෙබ් අඩවි හා විවිධ දේශපාලන වෙඞ් අඩවි මේ ගණයට වැටෙන්නේ නැහැ.)

බ්ලොග්කරුවන් බහුතරයකුත්, අනෙක් සයිබර් වේදිකා යොදා ගන්නා අයගෙන් සමහරකුත් පමණක් නිරතුරුව හා ඉලක්කයක් ඇතිව සන්නිවේදනය කරනවා. ඉතිරි අය ඉඳහිට හිතට එන සිතිවිල්ලක් හෝ හසු වූ ඡායාරූපයක් බෙදා හදා ගන්නා උදවියයි.

එහෙත් ජන සමාජයම සලිත කරවන අලූත්ගම හෝ වැලිවේරිය ම්ලේච්ඡත්වය වැනි සිදුවීමක් ඇතිවූ විට සාමාන්‍යයෙන් පොදු අවකාශයේ සන්නිවේදනය නොකරන බොහෝ දෙනා ද ඒ ගැන සංවාදවලට පිවිසෙනවා.

පොදු ජන ආවේග තීව‍්‍ර වූ විටෙක මත දැක්වීමට හෝ තමන් රිසි මත බෙදා ගැනීමට බොහෝ දෙනා පෙළඹෙනවා. මෙය අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ග‍්‍රහණයට සියළු මානවයන්ට ඇති මූලික අයිතියක් ප‍්‍රගුණ කිරීමක්. ඒ සඳහා කාගෙන්වත් අවසර ඕනෑ නැහැ.

අලූත්ගම ප‍්‍රචණ්ඩත්වයට පෙර හා පසු සමාජ මාධ්‍ය ගැන මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යකරුවන් කළ විග‍්‍රහයන් හා ලියූ කතුවැකිවලින් පෙනී යන්නේ තමන්ට නුපුරුදු අලූත් මාධ්‍යයක් හා සමාජ ප‍්‍රවණතාවක් ගැන ඔවුන් සැකයෙන්, භීතියෙන් සිටින බවයි.

එසේම තමන්ට බලපවත්නා නිල හා නොනිල සීමාවන් එලෙසින් අදාල නොවන නව මාධ්‍ය ගැන කුහක ඉරිසියාවක් ඔවුන් තුළ ඇති. ජාතික ආරක්‍ෂාව, සංස්කෘතිය හා සදාචාරය ගැන තර්ක අතර සැඟවුණු සැබෑව එයයි.

සමාජ මාධ්‍ය තමන්ගේ තරගකරුවකු ලෙස සමහර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සැළකීම මුළුමනින්ම වැරදි වැටහීමක් මත පදනම් වූ ස්ථාවරයක්. සමාජ මාධ්‍ය ආයතනික හෝ වාණිජමය මාධ්‍ය අංගයක් නොවෙයි. එය කැමති කෙනෙකුට ගොඩ විය හැකි වේදිකාවක් පමණයි.

Speakers' Corner, Hyde Park, London
Speakers’ Corner, Hyde Park, London

ඕනෑම කෙනකුට නැගී කථාවක් පැවැත්විය හැකි ලෑලි පෙට්ටි ලන්ඩන් නුවර හයිඞ්පාක් උද්‍යානයේ තිබෙනවා. අනේකවිධ මතධාරින් එතැනට පැමිණ විවිධාකාර කථා කරනවා. සමහරුන්ට පේ‍්‍රක්‍ෂක පිරිසක් එක් රැස් වෙතත් අනෙක් අය ඔහේ හුදකලාව කථා කරනවා. එය එරට අදහස් ප‍්‍රකාශනයට ඇති නිදහසේ කොටසක්.

හයිඞ්පාක් පෙට්ටි උඩ කරන කථා නිසා තමන්ට අභියෝග එල්ල වෙතැයි බීබීසීය හෝ එරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා සිතන්නේ නැහැ. සමහර වෙලාවට ජනතාවගේ සිතුම් පැතුම් ගැන ඉඟියක් ලබන්නට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ද හයිඞ්පාක් වෙත පැමිණ කියන දේ අසා සිටිනවා. වැඩ වර්ජන අවස්ථාවල ඔවුන් සමහරුන් ද ලෑලි පෙට්ටියට ගොඩ වී කථා පවත්වනවා.

උපමිතියක් ලෙස ගත හොත් සමාජ මාධ්‍ය යනු ලෝක ව්‍යාප්ත සයිබර් උද්‍යානයක තිබෙන ලෑලි පෙට්ටි වගෙයි. එයට ගොඩවන්නට හා කථා කරන්නට අවසර ඕනෑ නැහැ. දෙපාවාරු ඇත්නම්, කට හඬ තිබේනම් ඕනෑම කෙනකුට කළ හැකියි.

එසේම එහි නැගී කුණුහරුප හෝ අපභ‍්‍රංශ කීවොත් ප්‍රෙක්‍ෂකයෝ නික්ම යාවි. නැත්නම් හූ කියා පලවා හරීවි. අන්තවාදී සන්නිවේදන ජනතාව හරහා ම සමනය වන නොනිල සංසිද්ධියක් වෙබ්ගත සමාජ මාධ්‍ය තුළ ක‍්‍රියාත්මක වනවා. Wisdom of the crowd යයි මෙය හැඳින්වෙනවා.

සමාජ මාධ්‍ය හෙළා දැකීම, තහනම් කිරිම හෝ අනවශ්‍ය ලෙස නියමනය කිරීම වෙනුවට සමාජ මාධ්‍ය හරවත් ලෙස කාලීන සමාජ සංවාදවලට අමතර වේදිකාවක් කර ගත හැකියි.

ඉන්දියාවේ නව අගමැති නරේන්‍ද්‍ර මෝඩි හා ඔහුගේ රජය මේ ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. සියළු රාජ්‍ය ආයතන, වෙබ් අඩිවි පවත්වා ගන්නවාට අමතරව ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා ද ජනතාවට සමීප විය යුතු බව නව රජයේ පිළිවෙතයි. මෙයට තාක්‍ෂණික හෝ උපක‍්‍රමීය උපදෙස් අවශ්‍ය නම් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් රාජ්‍ය ආයතනවලට එය ලබා දීමට විශේෂ සයිබර් උපදේශක බලකායක් ද පිහිටුවා තිබෙනවා.

අපේ රටේ ද රාජ්‍ය ආයතන සමාජ මාධ්‍ය හරහා ජනතාව සමග සන්නිවේදන සවිමත් කළ යුතු බවට ජනාධිපතිවරයා මෑතදී කියා තිබුණා. එහෙත් මෙය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය දැක්ම, කැපවීම හා හැකියාව තිබේද?

මෙරට රාජ්‍ය ආයතනවලට නිල වශයෙන් මේ ගැන උපදෙස් දෙන්නේ පරිගණක හා තොරතුරු තාක්‍ෂණ ඒජන්සියයි (ICTA). රාජ්‍ය වෙබ් අඩවි වඩා විධිමත් ලෙසින් හා ත‍්‍රීභාෂාමය වශයෙන් සකස් කිරීමට ඔවුන් දායක වී ඇතත් සමාජ මාධ්‍ය ගැන ඔවුන්ට නිසි දැක්මක් ඇතැයි පෙනෙන්නේ නැහැ. ට්විටර් සයිබර් වේදිකාවේ නිල ගිණුමක් ඔවුන්ට ඇතත් (@icta_srilanka), එය ඇරැඹූ දා සිට 2014 ජුලි 9 වනතුරු ප‍්‍රකාශිත ට්විට් සංඛ්‍යාව 338යි.

ටෙලිකොම් නියාමන කොමිසම ඊටත් වඩා පිටුපසින්. 2013 සැප්තැම්බරයේ ඇරැඹූ නිල ට්විටර් ගිනුමෙන් (@TRCSL) 2014 ජුලි 9 වන තුරු නිකුත් කර ඇත්තේ පණිවුඩ දෙකක් පමණයි. ඒවා ද අත්හදා බලන මට්ටමේයි.

මේ ආයතනවලට සාපේක්‍ෂව ජනාධිපති රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුම (@PresRajapaksa) සක‍්‍රීයයි. 2014 ජුලි 9 වන විට ඒ හරහා ට්විට් පණිවුඩ 2,360ක් නිකුත් කර තිබෙනවා. එසේම ඒවා සිංහල, දෙමළ හා බහුතරයක් ඉංග‍්‍රීසියෙන් ලියැවී තිබෙනවා. ඔහු වචන මෙන්ම පින්තූර ද බෙදා ගන්නවා.

ලෝකයේ රාජ්‍ය නායකයන් ට්විටර් ගිනුම් (නිල) භාවිත කරන ආකාරය නිරික්සා සැසඳීම් කැරෙනවා. මේ අනුව බොහෝ නායකයන් ට්විටර් යොදා ගන්නේ ද රේඩියෝ හා ටෙලිවිෂන් මෙන් තම තොරතුරු හා මතයන් ප‍්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණටයි. ඒ හැරුණු විට සංවාදවලට ඉඩ තබන්නේ නායකයන් ටික දෙනකු පමණයි.

Cartoon by Awantha Artigala, Daily MIrrir, Sri Lanka
Cartoon by Gihan De Chickera, Daily MIrrir, Sri Lanka

සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the role of mainstream and social media in the immediate aftermath of serious communal riots in Aluthgama, Beruwala and Dharga Town in Sri Lanka on 15 June 2014.

For over 48 hours, there was little coverage of the incidents in newspapers, or on radio and TV. This gap was partly filled by social media and international media reports – but only to the extent they have outreach in the island. Those who rely on local newspapers, radio and TV had to settle for ‘radio silence’ while media gatekeepers hesitated and held back.

I covered the same ground in my English column last week:
When Worlds Collide #112: Social Media ‘Candles’ for Mainstream Media Blackouts

Only candid voices in Sri Lanka's mainstream media these days come from political cartoonists!
Only candid voices in Sri Lanka’s mainstream media these days come from political cartoonists!

‘‘කොහොමද වැඬේ? අන්න ඔහේලා ආවඩපු සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!’’

අළුත්ගම හා බේරුවල ප‍්‍රචණ්ඩත්වය ඇති වී පැය 48ක් ඉක්ම යන්නට කලින් මා අමතා මෙසේ කීවේ සරසවියක ඇදුරුකමක් දරන උගතෙක්.

ඔහුගේ ‘‘චෝදනාව’’ වූයේ අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු හා ඡායාරූප ට්විටර් (Twitter) හා ෆේස්බුක් (Facebook) වැනි ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා අධිවේගීව සංසරණය වන බවත්, ඒ හරහා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වෙනත් ප‍්‍රදේශවලටත් පැතිර යා හැකි බවත්. අඩු වැඩි වශයෙන් මේ ආකාරයේ ප‍්‍රකාශ තවත් බොහෝ දෙනකු මෑත දිනවල කරනු මා ඇසුවා.

අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය සිදු වූ ජුනි 15 ඉරිදා සිට පැය 24 – 48ක් ගත වන තුරු ප‍්‍රධාන ප‍්‍රවාහයේ බොහෝ මාධ්‍ය එය වාර්තා කළේ ඉතා අඩුවෙන් හා සුපරීක්‍ෂාවෙන්. එයට හේතුව විය හැක්කේ එම පුවත සැලවීමෙන් වෙනත් ප‍්‍රදේශවල ද කලහකාරි ක‍්‍රියා ඇති වේය යන සැකයයි.

මීට අමතරව රජයෙන් නිල වශයෙන් හෝ නිල නොවන මට්ටමින් මාධ්‍යවලට බලපෑම් එල්ල වූවා ද යන්න දන්නේ අදාල මාධ්‍ය කතුවරුන් හා හිමිකරුවන් පමණයි. එබන්දක් වූවා යයි කිසිවකුත් ප‍්‍රසිද්ධියේ කියා නැති නිසා ඒ ගැන අනුමාන කිරීමේ තේරුමක් නැහැ.

පුවත් පැතිර යා හැකි මාර්ග ගණනාවක් අද මෙරට තිබෙනවා. ජංගම දුරකථන ව්‍යාප්තිය නිසා බහුතරයක් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිතා කිරීමේ හැකියාව ලබා තිබෙනවා. මිලියන් 20.5ක් වන ලාංකික ජනගහනයට ජංගම දුරකථන ගිනුම් මිලියන 20ක් පමණ හා ස්ථාවර දුරකථන මිලියන් 2.7ක් පමණ තිබෙනවා.

මෑත වසරවල ඇමතුම් ගාස්තු පහළ වැටීම නිසාත්, SMS ඊටත් වඩා අඩු වියදම් සහිත වීම නිසාත් අද පෙරට වඩා දුරකථන හරහා ලාංකිකයන් සන්නිවේදනය කරනවා. රටේ එක් තැනෙක ප‍්‍රබල සිදුවීමක් ඇති වූ විට මාධ්‍ය එය වාර්තා කළත්, නැතත් දුරකථන හරහා පෞද්ගලික මට්ටමින් පැතිර යාමේ ඉඩ පෙර කවරදාකටත් වඩා අද ඉහළයි.

එබඳු පෞද්ගලික තොරතුරු හුවමාරුවේදී අතිශයෝක්ති, විකෘති වීම් හා ප‍්‍රබන්ධකරණය ද එයට එක් වීමේ ඉඩ තිබෙනවා. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය නිසි වේලාවට රටට ම තොරතුරු බෙදා දුන්නා නම් දුරකථන හා නව මාධ්‍ය හරහා යම් සන්නිවේදන සිදු වීමෙන් ඇතිවන සමාජ හානිය සමනය කර ගත හැකිව තිබුණා.

Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka
Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka

සමාජ මාධ්‍ය තවමත් අළුත් නිසා ඒවායේ ක‍්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.

සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා.

එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි. එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග‍්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පමණක් ගිනුම් හිමියන් මිලියන් එක හමාරකට වඩා මෙරට සිටිනවා. එහෙත් එහි බොහොමයක් සාමීචි සංවෘතව සිදු වන නිසා මිතුරු ඇරැයුම් ලත් අයට පමණක් ඒවා ග‍්‍රහණය වනවා.

නමුත් ට්විටර් වේදිකාව කාටත් විවෘතයි. මෙරට ට්විටර් භාවිත කරන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ නැහැ. 2013 මැදදී එක් ඇස්තමේන්තුවක් වූයේ 14,000ක් පමණ බවයි. මේ වන විට එය විසි දහසකට වැඩි විය හැකියි. එක ට්විටර් පණිවුඩයක් (ට්වීට් එකක්) අකුරු හෝ වෙනත් සංකේත 140කට සීමා වනවා. එබඳු සීමාවක් තුළ වුව ද සූක්‍ෂම හා ව්‍යක්ත ලෙස පණිවුඩ දිය හැකියි.

ට්විටර් මාධ්‍යයේ ගිනුමක් විවෘත කළ විට තමන් කැමති අන් ට්විටර් භාවිත කරන්නන් කියන කරන දේ ස්වයංකී‍්‍රයව නිරික්සිය හැකියි (follow). ක‍්‍රීඩා, චිත‍්‍රපට හෝ වෙනත් ක්‍ෂෙත‍්‍රවල නමක් දිනා ගත් ප‍්‍රකට පුද්ගලයන් හා දේශපාලන නායකයන්ගේ ට්විටර් අනුගාමික සංඛ්‍යාව වැඩියි.

උදා: 2014 ජුනි 22දා වන විට මහේල ජයවර්ධනට අනුගාමිකයන් 110,000ක්, කුමාර් සංගක්කාරට ලක්‍සයක් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුමට අනුගාමිකයන් 38,000ක් පමණ සිටියා. අනුගාමිකයන් වැඩි දෙනකු සිටින අයකු කියන දේ වඩා ඉක්මනින් ප‍්‍රතිරාවය වී පැතිරෙන්නට ඉඩකඩ වැඩියි.

සමාජ මාධ්‍යවලට ආවේණික වූ විශ්වාසය තක්සේරු වීමේ ක‍්‍රමවේද තිබෙනවා. ඒ අනුව අනුගාමික සංඛ්‍යාව පමණක් නොව ට්වීට් පණිවුඩ ප‍්‍රතිරාවය කැරෙන වාර ගණන හා ආකර්ෂණය වන පාඨක අවධානය ආදී සාධක සැළකිල්ලට ගෙන කෙනකුගේ ට්විටර් බලපෑම (influence) ස්වයංකී‍්‍රයව ගණන් බැලෙනවා. මහජන විශ්වාසය (trust) යන්න හැමට ම දිනා ගත හැකි ගුණයක් නොවෙයි.

අළුත්ගම සිදුවීම්වලට රජයේ නිල ප‍්‍රතිචාරය වූයේ එවකට බොලීවියාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිනුමෙන් නිකුත් කළ කෙටි පණිවුඩ කිහිපයක්. ජනාධිපතිවරයා (හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය) ජුනි 15 වනදා ඉංග‍්‍රීසියෙන් ට්විට් පණිවුඩ 2ක් ද, ජුනි 16 වනදා සිංහලෙන් ට්වීට් 2ක් හා දෙමළෙන් ට්වීට් 3ක් ද නිකුත් කළා.

සිංහල ට්වීට් පණිවුඩ වූයේ ‘‘නීතිය සිය අතට ගැනීමට රජය විසින් කිසිවකුට ඉඩ නොතබන අතර, මා සියළු දෙනාගෙන් සංයමයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි’’. දෙවැනි පණිවුඩය ‘‘අලූත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට පරික්‍ෂණයක් පවත්වනු ලැබේ’’

මෙරට ජන ගහනයෙන් ඉන්ටර්නෙට් භාවිත කරන 20-25%ක ප‍්‍රමාණයට පමණක් ග‍්‍රහණය වන මේ පණිවුඩ එබඳු අවස්ථාවක රජයේ නිල ප‍්‍රතිචාරය ලෙස ප‍්‍රමාණවත් නොවූ බව මගේ අදහසයි. රටේ 75-85% ගෘහස්ථයන්ගේ හමුවන ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය හරහා ද කෙටියෙන් වුවත් සන්සුන්ව සිටීමේ ආයාචනයක් කළ හැකිව තිබුණා. මෙබඳු අවස්ථාවල ඉහළ මට්ටමේ, වගකිවයුතු කෙනකුගේ කට හඬින්ම පණිවුඩයක් ඇසීමට අද සමාජය පුරුදු වී සිටිනවා (ආපදාවක් වූ විට විෂය භාර අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කරන්නා සේ).

සමාජ මාධ්‍ය හරහා ජුනි 16-17 දිනවල තොරතුරු හා ඡායාරූප ගලා ගියේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ඒ ගැන මුනිවත රකිමින් සිටි පසුබිම තුළයි. මීට පරම්පරාවකට හෝ දෙකකට පෙර නම් ඕනෑකමින් පුවත් අන්ධකාරයක් (media blackout) ටික දිනකට හෝ පවත්වා ගැනීමට හැකි වුණා. මන්ද තැපෑල හැරුණ විට පෞද්ගලික මට්ටමින් තොරතුරු හුවමාරුවට අවශ්‍ය තරම් දුරකථන හා වෙනත් මාධ්‍ය නොතිබීම නිසා.

එහෙත් 21 වන සියවසේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත් වෙතින් එවන් පුවත් අන්ධකාරයක් මතු වූ විට ජනතාව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් වෙත යොමු වනවා.

Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror
Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror

First Post (India): 17 June 2014: Social media breaks Sri Lankan media’s shameful silence

ප‍්‍රමිතියක් සහිතව සමබරව පුවත් සන්නිවේදනයට පුහුණුව ලැබූ මාධ්‍යවේදීන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ සිටියත් මේ විකල්ප සන්නිවේදනයට යොමු වන බොහෝ දෙනකුට එබන්දක් නැහැ. එනිසා තොරතුරු විකෘති වීමට ඉඩ වැඩියි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අත්‍යවශ්‍යම වූ මොහොතක නිහඬවීමේ අවදානම මෙයයි.

අලූත්ගම සිදුවීම් ගැන වෙබ් අඩවි, ෆේස්බුක් හා ට්විටර් හරහා කම්පාවට පත් රටවැසියන් අදහස් දැක්වූවා. මෙය ඔවුන් අදහස් ප‍්‍රකාශනයට තමන්ට ඇති පුරවැසි අයිතිය යොදා ගැනීමක්.

අජිත් පැරකුම් ජයසිංහ හා මාතලන් වැනි ප‍්‍රමුඛ පෙළේ සිංහල බ්ලොග් රචකයන් හරවත් ලෙස මේ සිදුවීම් විග‍්‍රහ කළා. සුචරිතවාදී නොවී, අනවශ්‍ය ලෙස හැඟීම්බර නොවී ජාතීන් හා ආගම් අතර සමගිය පවත්වා ගැනීමේ වැදගත්කම ගැන ඔවුන් කථා කළා.

ට්විටර් යොදා ගනුනේ Breaking News මට්ටමේ අළුත් තත්ත්ව වාර්තා බෙදා ගන්නයි. ප‍්‍රචණ්ඩත්වයට ලක් වූ ප‍්‍රදේශ හා අවට සිටත්, වෙනත් තැන්වල සිටත් නොයෙක් දෙනා තොරතුරු ට්වීට් කළා.

මේ අතර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ගණනාවක් ද සිටියා. සමහරුන් මෙරට සිට ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අයයි. සිද්ධියක සැබෑ තොරතුරු තහවුරු කර ගෙන පමණක් වාර්තා කිරීම ඔවුන්ගේ මූලික විනය හා ආචාර ධර්මවල කොටසක්. මා නම් ට්විටර් හරහා ප‍්‍රතිරාවය කළේ මෙබඳු විශ්වාස කටයුතු මූලාශ‍්‍රවලින් ආ පුවත් පමණයි. මෙරට සිටින විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සිය ෆේස්බුක් පිටු හරහා අලූත්ගම සිදුවීම්වලට අදාල ක්‍ෂෙත‍්‍ර ඡායාරූප රැසක් මුදා හැරියා.

සමාජ මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය ගැන පර්යේෂණ කරන සංජන හත්තොටුව මේ ගැන කීවේ ‘‘ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය කුමන හෝ හේතුවක් නිසා අලූත්ගම ගැන නිහඬව සිටියා. ඒවායේ සේවය කරන සමහර මාධ්‍යවේදීන් සිදුවීම වූ ප‍්‍රදේශයට ගොස් තොරතුරු රැස් කළත් ඒවා ප‍්‍රකාශ කිරීමට මුල් දෙදින තුළ ඉඩක් තිබුණේ නැහැ. ඒ තොරතුරු සමහරක් සමාජ මාධ්‍ය දිගේ ගලා ගියත් බහුතරයක් අපේ ජනතාව සිදුවීම් ගැන දැන ගත්තේ කල් ගත වීයි.’’

ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අමන්ත පෙරේරා කීවේ තොරතුරු දැන ගන්නට තිබූ ප‍්‍රධානතම මූලාශ‍්‍රය බවට සමාජ මාධ්‍ය පත්වූයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය මුළුගැන්වුණු නිසා බවයි.

ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර බෙදීම බොඳ වී ගොස් බිඳ වැටුණු බව මගේ වැටහීමයි. එය හොඳ ප‍්‍රවණතාවක්. අපේ ජන සමාජයට අවශ්‍ය කඩිනමින් නිවැරදි හා සමබර තොරතුරු දැන ගැනීමටයි. එය කුමන හෝ මාධ්‍යයක් හරහා ලැබේ නම් එයට ඉක්මනින් මහජන පිළිගැනීමක් ගොඩ නැගෙනවා. තොරතුරු අන්ධකාරයක් පවත්වා ගනිමින් ප‍්‍රධාන ප‍්‍රවාහය කර ගත්තේ තමන්ටම හානියක්.

Stand Up Against Racismප‍්‍රචණ්ඩත්වය, ජාතිවාදය හා ආගම්වාදයට එරෙහිව ජනමතය ප‍්‍රකාශ කරන හා සාමකාමී ජනයා එක්සත් කරන තැනක් බවට ද සයිබර් අවකාශය පත්ව තිබෙනවා. සමාජ මාධ්‍ය රට ගිනි තබනවා යයි චෝදනා කරන්නෝ නොදකින අනෙක් පැත්ත මෙයයි.

තව දුරටත් ප‍්‍රභූන්ට හා ඉසුරුබර උදවියට පමණක් සීමා නොවූ ඉන්ටර්නෙට් භාවිතය වඩාත් සමාජගත වෙත්ම ජාතීන් අතර සහජීවනය, සමාජ සාධාරණය හා යහපාලනය වැනි සාරධර්ම සඳහා පොදු ජනතාව දැනුවත් කරන්නට හා පෙළ ගස්වන්නට සමාජ මාධ්‍ය යොදා ගත හැකියි. මෙය අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය හා නේපාලය වැනි රටවල දැනටමත් සිදු වන්නක්.

අවසාන විනිශ්චයේදී සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් යනු සන්නිවේදනයට ඉඩ සලසන වේදිකා පමණයි. වේදිකාවට පිවිසෙන අය වියරුවෙන් හා අසංවරව මොර දෙන අවස්ථා තිබෙනවා. එහෙත් වාචාලයන්ට දේශපාලන වේදිකා උරුම කොට දී සංවේදී හා සංවර වූවන් බැස ගියා සේ සයිබර් අවකාශය ද අන්තවාදී ටික දෙනකුට ඉතිරි කොට සෙසු අප ඉක්ම නොයා යුතුයි. මේ සයිබර් වේදිකා හුදී ජන යහපතට හා යහ පාලනයට හැකි තාක් යොදා ගත යුතුයි.

සිහි තබා ගත යුතු අනෙක් කරුණ නම් විවෘතව අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ගලා යාමට බාධක රැසක් පවතින අප සමාජයේ සාපේක්‍ෂව අළුතින් මතුව ආ ඉන්ටර්නෙට් වැනි මාධ්‍යයක් අනවශ්‍ය රාජ්‍ය නියාමනයට හෝ වාරණයට නතු වීම වළක්වා ගත යුතු බවයි.

අසභ්‍ය හා අපහාසාත්මක දේ සමාජගත වීම වැළැක්වීමට යයි කියමින් ඇතැම් ඉන්ටර්නෙට් වෙබ් අඩවිවලට පිවිසිම අවහිර කිරීම (website blocking) ඇරඹුණේ 2007දී. එහෙත් මේ වන විට ස්වාධීන දේශපාලන විග‍්‍රහයන් හා මතවාද රැගත් වෙබ් අඩවි ගණනාවක් ද අවහිර කරනවා. අධිකරණ අධීක්‍ෂණයකින් තොරව, හරිහැටි නීතිමය රාමුවක් නොමැතිව කරන මෙය සයිබර් වාරණයක්.

සමාජ මාධ්‍ය සංවරව හා වගකීමෙන් යුතුව භාවිත කිරීම අත්‍යවශ්‍ය වන්නේ එසේ නැති වූ විට අපේ පොදු යහපතට යයි කියමින් ඕනෑවට වඩා නියාමනයක් හා වාරණයක් කරන්නට රාජ්‍ය තන්ත‍්‍රය ඉදිරිපත් වීමේ අවදානමක් ඇති නිසයි.

See also: 30 Years Ago: How ICTs Are Changing Sri Lanka

BqQN4IxCIAEKHnW.jpg large

 

 

සිවුමංසල කොලූගැටයා #173: ලොව විශාලතම හමුදාවට එරෙහි වූ නාඳුනන පුංචි මිනිසා

June 2014 marks the 25th anniversary of the Chinese government’s brutal crackdown on protesting students at Beijing’s Tiananmen Square.

There was one iconic image from that tragedy. It shows a solitary, unarmed Chinese man standing up against a column of battle tanks rolling down a street. In this week’s Ravaya column (in Sinhala), I salute that unknown man who — momentarily, at least — stood up against the largest army in the world.

I covered the same story in English on 6 June 2014:
When Worlds Collide #110: Saluting unknown ‘Tank Man’ 25 Years Later

Infographic © CTVglobemedia Publishing Inc.
Infographic © CTVglobemedia Publishing Inc.

ලෝකයේ (පිරිස් බලය අතින්) විශාලතම හමුදාව වන චීනයේ මහජන විමුක්ති හමුදාව සිය රටේම නිරායුධ සරසවි සිසුන්ට බරපතල ලෙස පහර දී සිය ගණනක් මරා දමා දහස් ගණනකට තුවාල කළේ 1989 ජූනි මස මුලදී. ඒ බේජිං අගනුවර තියානන්මන් චතුරස‍්‍රය (Tiananmen Square) හා ඒ අවට මංමාවත්වලදී.

මෙතරම් දරුණු ප‍්‍රහාරයකට ලක් වීමට සිසුන් කළ ‘‘වරද’’ වූයේ යුක්තිය හා සාධාරණත්වය උදෙසා සාමකාමීව උද්ඝෝෂණය කිරීමයි. ලෝකයම කම්පා කළ මේ සිදුවීමේ 25 වන සංවත්සරය මෑතදී සමරනු ලැබුවා.

අද දක්වාත් ඒ ඛේදජනක සිදුවීම් මාලාව ගැන ප‍්‍රසිද්ධියේ හෝ විවෘතව කථා කිරීම චීන ජනතාවට හා මාධ්‍යවලට තහනම්. නිල මට්ටමින් එරට එදා මෙදා මේ ගැන කිසිදු විමර්ශනයක් හෝ පරික්‍ෂණයක් ද කෙරී නැහැ. චීනය පාලනය කරන කොමියුනිස්ට් පක්‍ෂය කියන්නේ ‘‘අවශ්‍ය බලය’’ යොදා ප‍්‍රතිවිප්ලවකාරීන් පිරිසක් මෙල්ල කොට නීතිය හා සාමය ප‍්‍රතිස්ථාපනය කරන ලද බව පමණයි.

සිසු අරගලයට පසුබිම් වූ මහා පරිමානයේ හේතු සාධක ගණනාවක් තිබුණා. 1978දී වෙළඳපොළ ආර්ථික ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසු චීන සමාජයේ මතු වූ විසමතා එයට මූලික වුණා. සුපිරි ධනවතුන් සුළුතරයක් මතුව ඒම, දුෂණ හා වංචා සමාජය වෙලා ගැනීම, උගත් තරුණ තරුණියන්ට සුදුසුකම්වලට සරිලන රැකියා සොයා ගත නොහැකිවීම, දරා ගත නොහැකි උද්ධමනය වැනි මුළු රටට ම බලපෑ දැවෙන ප‍්‍රශ්නවලට පාලකයන්ගේ අවධානය යොමු කරවීමට සිසුන්ට අවශ්‍ය වුණා.

මේ ප‍්‍රශ්නවලට කොමියුනිස්ට් පක්‍ෂය තුළ හඬක් නැගූ පැරණි නායකයකු වූ හූ යා ඕබැංග් (Hu Yaobang) 1989 අපේ‍්‍රල් මාසයේ මිය ගිය විට සිසුන් ඔහු සමරන්නට තියානන්මන් චතුරස‍්‍රයට මුල් වරට ඒකරාශි වූවා. එය යුක්තිය හා සාධාරණත්වය උදෙසා කැරෙන අරගලයක් වූයේ ඉන් දින කිහිපයකට පසුවයි.

1989 අපේ‍්‍රල් මැද පටන් දිනපතාම පාහේ දැවැන්ත චතුරස‍්‍රයට සිසුන් ලක්‍ෂ ගණනක් රැස් වුණා. ඔවුන් ඉතා සාමකාමීව උද්‍යොග පාඨ කියමින්, විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් එහි රැඳී සිටියා. එහි උච්ච අවස්ථාවේ මිලියනයක් පමණ සිසුන් එහි සිටි බව වාර්තාගතයි.

චීන පාලකයන් මුලදී මේ උද්ඝෝෂණවලට ඉඩ දී පසෙකට වී බලා සිටියා. පක්‍ෂය තුළ ප‍්‍රතිසංස්කරණවාදී නායකයන් සිසුන් වෙනුවෙන් පෙනී සිටි බවත්, අතිශයින් දරදඬු දේශපාලන තන්ත‍්‍රය තරමක් හෝ ලිහිල් කිරීමට අවශ්‍ය සංවාදයක් එතැනින් මතුව ආ බවත් ඉතිහාස වාර්තා කියනවා.

එහෙත් චීනයේ ආධිපත්‍යය දැරූ වයෝවෘධ පාලකයෝ මේ තරුණ සිතුම් පැතුම් දුටුවේ කඩාකප්පල්කාරී ක‍්‍රියා ලෙස පමණයි. මැයි මාසය වන විට තියානන්මන් චතුරස‍්‍රයේ සිසු අරගලයට සහයෝගය දක්වමින් චීනය සිසාරා තවත් නගර 400ක පමණ කුඩා පරිමානයේ සිසු ඒකරාශී වීම් පැන නැගුණා. එසේම බේජිං උද්ඝෝෂණයට පොදුජනයා ද එකතු වුණා.

පොලිසියේ නිරීක්‍ෂණ මැද සිසුන් දිගටම උද්ඝෝෂණ කර ගෙන ගියා. ජාත්‍යන්තර මාධ්‍යවලට මුලදී මෙය එතරම් ලොකු ප‍්‍රවෘත්තියක් වූයේ නැහැ.

මේ තත්ත්වය වෙනස් වූයේ මැයි මාසයේ මැදදී සෝවියට් නායක මිහායෙල් ගොර්බචොෆ් කෙටි නිල සංචාරයකට බේජිං නුවරට පැමිණි විටයි. වසර 30කට පසු චීනයට ආ මුල්ම සෝවියට් නායකයා වූ ඔහුගේ සංචාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ලොකු උනන්දුවක් දැක්වූවා. එය ආවරණය කිරීමට බටහිර මාධ්‍ය ආයතන රැසක් වාර්තාකරුවන් හා ටෙලිවිෂන් කණ්ඩායම් බේජිං නුවරට යැවුවා.

එසේම ලෝකයේ විශාලතම කොමියුනිස්ට් රාජ්‍යයන් දෙක පරණ අමනාපකම් අමතක කොට අලූත් සබඳතාවලට යොමු වන බව ලොවට පෙන්වීමට චීනයට බලවත් සේ උවමනා වූ නිසා සාමාන්‍යයෙන් විදෙස් මාධ්‍යවලට සිය රටට පිවිසිමට තිබූ බාධක හා සීමා තාවකාලිකව ලිහිල් කළා.

නමුත් පාලකයන් සිතූ විදියට සැළසුම් ක‍්‍රියාත්මක වූයේ නැහැ. මැයි මාසය මුලදී චතුරස‍්‍රය හිස් කරන්නට පොලිසිය තැත් කළත් සිසුන් එහි දිගටම රැඳී සිටියා. ඒ අවස්ථාවේ පාලක පක්‍ෂය තුළ මධ්‍යස්ථ මතධාරින් තවමත් උත්සාහ කළේ සාකච්ඡා හරහා සාමකාමීව ප‍්‍රශ්නය විසඳා ගන්නයි. රටේ බුද්ධිමත්ම තරුණ තරුණියන්ට ගරු සරු ඇතිව සැළකිය යුතු බවට ඔවුන් විශ්වාස කළා.

මැයි 15දා ගොර්බචොෆ්ගේ රථ පෙරහැරට සිසුන් බාධා කළා. අන්තිමේදී ලෝක මාධ්‍ය අවධානය මැද ඔහුට තහනම් මාලිගාවේ පසුපස දොරින් පිටව යන්නට සිදු වුණා. මෙය තමන්ට සිදු වූ ලොකු අවමානයක් ලෙස සැළකූ දැඩි මතධාරී පාලකයෝ කෙසේ හෝ සිසුන් මර්දනය කළ යුතු යයි තීරණයට එළඹුණා.

මැයි 18 වනදා චීන අගමැති ලී පෙංග් ශිෂ්‍ය නායකයන් හමු වී සාකච්ඡා කරනු එරට ටෙලිවිෂන් පුවත් හරහා පෙන්වූවා. එහෙත් ඒ වන විටත් මර්දනය සඳහා හමුදා සැළසුමක් කිරීම අරඹා තිබුණා. කොමියුනිස් පක්‍ෂ නායක සාඹ් සියෑං Zhao Ziyang මැයි 19 වනදා අරගලය නවතා ගෙදර යන්න යැයි කළ අවසන් ඉල්ලීම ද සිසුන් ප‍්‍රතික්‍ෂෙප කළා.

මේ වන විට නායකයන් පිළිබඳ පොදුජන විශ්වාසය හා පිළිගැනීම බෙහෙවින් පහත වැටී තිබුණා. පිටතට නොපෙන්වූවාට චීන රජයේ හා පක්‍ෂයේ ලොකු කැළඹීමක් ද හට ගෙන තිබුණා. බල අරගලයන් හා මතවාදී ගැටුම් උත්සන්න වූවා.

ගොර්බචොෆ් සංචාරයට බේජිං නුවරට පැමිණි විදෙස් මාධ්‍යකරුවන් බොහෝ දෙනකු මේ අරගලය උත්සන්න වනු දැක එය වාර්තා කිරීමට රැඳි සිටියා.

මැයි 20දා රජය මාෂල් නීතිය ප‍්‍රකාශ කළා. ඒ යටතේ නීතිය හා සාමය රැකීමට විශේෂ බලතල සහිතව හමුදාව කැඳවනු ලැබුවා. ඉතා මෑතදී පිටස්තර ලෝකය දැන ගත්තේ එක් චීන හමුදා ජ්‍යෙෂ්ට නායකයකු සරසවි සිසුන්ට පහරදීම එක හෙළා විරුද්ධ වූ බවයි.

‘‘මේක දේශපාලන ප‍්‍රශ්නයක්. එය ප‍්‍රචණ්ඩත්වයෙන් නොව සාකච්ඡුාවෙන් විසඳා ගත යුතුයි. මේ අපේම දරුවෝ’’ යයි ඔහු කියා තිබෙනවා. ඔහුව වහාම හිර භාරයට ගනු ලැබුවා. බියට පත් අනෙක් හමුදා නායකයෝ ඕනෑම අණක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිඥා දුන්නා.

මැයි මස හමාර වී ජූනි මසට එළඹෙද්දී සිසු අරගලය සඳහා බේජිං වැසියන්ගේ සහයෝගය ද වැඩි වුණා. සිසුන් හා නගර වැසියන් එක්ව නගරයේ කිහිප තැනෙක හමුදා වාහන වට කරනු ලැබුවා.

අවශ්‍ය ඕනෑම බලයක් යොදා තියානන්මන් චතුරස‍්‍රයත්, නගරයේ සෙසු වීදිත් වහාම යථා තත්ත්වයට ගෙන ඒමට දේශපාලන නායකයෝ හමුදාවට අණ කළා. මේ අනුව තුවක්කු, යුද්ධ ටැංකි හා වෙනත් ප‍්‍රහාරක වාහන යොදා ගෙන හමුදාව ඉදිරියට ගියේ නිරායුධ සිසුන්ට නිර්දය ලෙස පහර දෙමින්. බිය වී පලා යන බොහෝ දෙනකුගේ පිටට වෙඩි තබා මැරූ බව පසුව හෙළි වුණා. බයිනෙත්තු හා රයිෆල් ප‍්‍රහාර හරහා සිය ගණනක් මහ මග ජූනි 4දා අමු අමුවේ මරා දැමුවා.

චීන හමුදාව සරසවි සිසුන්ට ප‍්‍රහාර එල්ල කරනු සමහර විදෙස් ඡුායාරූප ශිල්පීන් හා ටෙලිවිෂන් වාර්තාකරුවන් හසු කර ගත්තා. මේ හරහා පැය ගණනක් ඇතුළත බේජිං නුවර ඛේදවාචකය මුළු ලොවටම ආරංචි වුණා. පාලකයෝ ප‍්‍රහාරයෙන් දින දෙක තුනකට පසු එරටින් පිටස්තර ලෝකයට දිවෙන පණිවුඩ චන්ද්‍රිකා සබඳතා සියල්ල නවතා දැමුවා.

Tiananmen Square protests of 1989: A simplified chronology by Christian Science Monitor
Tiananmen Square protests of 1989: A simplified chronology by Christian Science Monitor

එහෙත් ඊට පෙර ජූනි 5 වනදා උදේ, තියානන්මන් චතුරස‍්‍රය සමීපයේ අසාමාන්‍ය දෙයක් සිදු වුණා. චතුරස‍්‍රයට පිවිසෙන චන්ගාන් Chang’an (සනාතන සාමය) මාවතේ හමුදා යුද්ධ ටැංකි 18ක් එක පෝලිමට ගමන් කරමින් සිටියා. මේ වන විට චතුරස‍්‍රය සිසු ලෙයින් නැහැවී තිබුණා. ඒ පළා යන සිසුන් හා පුරවැසියන් සොයා හමුදාව මුළු නගරයම පීරන මොහොතයි. තැගැස්සුණු නිවැසියෝ අසරණව බලා සිටියා.

එක් වරම යුද්ධ ටැංකි පේලියේ ඉදිරියට ඇවිදගෙන ආවේ කළු කලිසමක් හා සුදු කමිසයක් හැඳි චීන ජාතික පිරිමියෙක්. ෂොපිං බෑග් දෙකක් ද අතේ තිබුණා. ඔහු හඬ නගා ටැංකි තුළ සිටින හේවායන්ට යමක් කීවා.

ඉදිරි යුද්ධ ටැංකිය මේ නාඳුනන මිනිසා යට වීම වළක්වමින් දකුණට හැරී පෙරට යන්න තැත් කළා. එවිට ඔහු යළිත් එය ඉදිරියට පැන්නා. මෙසේ දෙතුන් වරක් පෙරට යාමට වැළැක් වූ විට ටැංකිය නතර වුණා. ඒ මතට නැග ගත් මිනිසා එතුළ සිටින හේවායන් සමග කථා කරනු පෙනුණා. ඔහු කීවේ කුමක්දැයි කිසිවකු දන්නේ නැහැ. එහෙත් මේ මහා මර්දනයට තනි පුරවැසියකුගේ විරෝධය පෑමක් බව පැහැදිලියි.

විනාඩියකට පසු යළි බිමට පැන ගත් මේ නිර්භීත මිනිසා තවත් තත්පර ගණනක් ටැංකි පෙළ ඉදිරියේ සිට යමක් කීවා. අවට කිසිවකු විසින් ඔහුව එතැනින් ඉවතට කැඳවා ගෙන ගියා.

යුද්ධ ටැංකිවලට අභියෝග කළ නාඳුනන මිනිසා ගැන මුළු ලෝකයම දන්නේ එපමණයි. ඔහු කවුද හෝ ඉන් පසු ඔහුට කුමක් සිදුවී දැයි හෝ කිසිවකුත් දන්නේ නැහැ.

1989 Raw Video: Man vs. Chinese tank Tiananmen square

එහෙත් අසල හෝටලයක බැල්කනියේ සිට මේ සමස්ත සිදුවීම ඡුායාරූප හා වීඩියෝ මගින් හසු කර ගන්නට ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට අහම්බෙන් හැකි වුණා. ඔවුන්ට ස්තුති වන්නට ඛේදවාචකයකින් හමාර වූ තියානන්මන් අරගලයේ අතිශයින්ම සංත‍්‍රාසජනක හා සංකේතාත්මක රූපය බවට ඒ නාඳුනන පුංචි මිනිසා ටැංකිවලට එරෙහි වීම පත් වුවා.

ටැංකිවලට එරෙහි වූ මිනිසාගේ ඡායාරූපය පුවත් ඡායාරූපකරණයේ වැදගත් මොහොතක් ලෙස සැළකෙනවා. එය ටයිම්, නිව්ස්වීක් වැනි සඟරාවල පිටකවරයට පවා ගියා. විනාඩි කිහිපයක් ඇතුළත 20 වන සියවසේ ඉතිහාසගත චරිතයක් බවට ඔහු නිතැතින්ම පත් වුණා.

One man against a mighty army - Tank Man in Beijing
One man against a mighty army – Tank Man in Beijing

මේ අසාමාන්‍ය පුද්ගලයා කවුද? ඔහු අල්ලා ගනු ලැබ මරා දැමුවාද? නැතිනම් අල්ලා ගන්නට බැරි වී අද දක්වාත් චීනයේ ජීවත් වනවාද? ඔහු තමන්ට එරෙහිව ඉදිරියට ආ විට ඔහු පොඩිපට්ටම් කරමින් ටැංකිය ධාවනය නොකළේ ඇයි? දේශපාලන බලධාරින් තමන්ගේම නිරායුධ සහෝදර ජනයාට ම්ල්ච්ඡ ප‍්‍රහාර එල්ල කිරීමට අණ දීම ගැන ටැංකි තුළ සිටි හේවායන්ට කම්පනයක් ඇති වී තිබුණාද?

මෙබදු ප‍්‍රශ්නවලට උත්තර නැහැ. අපට කළ හැක්කේ අනුමානයන් පමණයි.

සාධාරණ ජන උද්ඝෝෂණයක් අසීමිත හා නිර්දය රාජ්‍ය බලය යොදා මර්දනය කිරීමට එරෙහිව තනි මිනිසුන් හා ගැහැණුන් නැගී සිටි මුල්ම හෝ අවසාන අවස්ථාව මෙය නොවෙයි. ජාතික ආරක්‍ෂාව, නීතිය හා සාමය ආදි සාධක පෙරට ගනිමින් ජනතා උද්ඝෝෂණ මැඞීම තවමත් බොහෝ රටවල සිදු වන්නේ අවශ්‍ය අවම බලය වෙනුවට උපරිම බලය යොදා ගනිමින්.

එය වාර්තා කිරීමට යන වෘත්තිමය මෙන්ම පුරවැසි මාධ්‍යකරුවන් ද එහිදී ප‍්‍රබල අවදානමකට ලක් වනවා. ගොර්බචොෆ් සංචාරය සිදු නොවුවා නම් බේජිං නුවර මිනිස් ඝාතනය ගැන ලෝකය සාක්‍ෂි සහිතව දැන නොගන්නට ඉඩ තිබුණා.

තියානන්මන් චතුරස‍්‍රය දෙස් විදෙස් සංචාරකයන් රැසක් එන තැනක්. 1996 පටන් කිහිප විටක් මා චතුරස‍්‍රයට ගොස් එහි ඇවිද තිබෙනවා. මා ඕ සේතුංගේ දැවැන්ත ඡුායාරූපය චතුරස‍්‍රය වෙත බැල්ම හෙළනවා. එහෙත් 1989 ජූනි ඛේදවාචකයෙ සේයාවක් හෝ එහි ඉතිරිව නැහැ.

2004දී චීන ටෙලිවිෂන් නිෂ්පාදකයන් හා වාර්තාකරුවන් පුහුණු කරන්නකු ලෙස මා දෙසතියක් බේජිං නුවර ගත කළා. මාගේ සිසුන් වූයේ දක්‍ෂ හා සංවේදී තරුණ මාධ්‍යවේදීන්. චතුරස‍්‍රයේ වූ ලේ වැහැරීම ගැන ඔවුන් අසා ඇතත් බොහෝ දෙකනුට සෘජු මතකයන් නැහැ. ඔවුන් ඒ සඳහා ලාබාල වැඩියි. එසේම ඒ ගැන විවෘතව කථා කරන්නට ද ඔවුන්ට රට තුළ අවකාශයක් නැහැ.

තියානන්මන් විරෝධතා මැඩ පැවැත්වීමේදී මිය ගිය සංඛ්‍යාව 200-300 අතර පමණක් යයි චීන නිල වාර්තා කියනවා. වසර 25ක් ගත වීත් එය සොයා බලන්නට පර්යේෂකයන්ටවත් එරට රජය අවසර දෙන්නේ නැහැ.

අද වන විට වයස 30ට අඩු කිසිදු චීන ජාතිකයකු මේ සිදුවීම් අත්දැක නැහැ. මේ නිසා කල් යත්ම තියානන්මන් චතුරස‍්‍රයේ අමිහිරි මතකයන් කෙමෙන් මැකී යාවිද? නැතිනම් කවදා හෝ ඒ සිදුවීම්වල සැබෑ තතු චීනය හා ලෝකය හරි හැටි දැන ගනීද?

The Tank Man - a long shot Stuart Franklin
The Tank Man – a long shot Stuart Franklin

Thoughts on Realising Peace, Reconciliation and Ending Violence: Remarks at WCY 2014

World Conference of Youth 2014: Colombo, Sri Lanka
World Conference on Youth 2014: Colombo, Sri Lanka

When I was invited to speak at World Conference on Youth 2014, being held in Colombo, Sri Lanka, this week, I accepted on one condition: that I don’t have to ‘clear’ my remarks with anyone before delivering. (This precaution was necessary as the host government of Sri Lanka is not known for its capacity to accommodate divergent or dissenting points of view.)

The organisers — Ministry of Youth Affairs & Skills Development —  kept their word, and I just spoke at a session on Realising Peace, Reconciliation and Ending Violence. The theme is apt, especially in view of forthcoming fifth anniversary of the end of Sri Lanks civil war.

Alas, we had no opportunity to discuss any of the speeches due to sessions starting late. But I was able to engage several youth delegates, both from Sri Lanka and around the world, who apparently shared my idealism.

Here then is the text of my remarks (slightly ad-libbed during delivery):

Knotted gun sculpture at UN Headquarters in New York, made by Swedish artist Carl Fredrik Reuterswärd - Photo by Dhara Gunawardene, 2011
Knotted gun sculpture at UN Headquarters in New York, made by Swedish artist Carl Fredrik Reuterswärd – Photo by Dhara Gunawardene, 2011

Theme: Realising Peace, Reconciliation and Ending Violence

Remarks by Nalaka Gunawardene

Science writer, columnist and blogger          

I thank the organisers for this opportunity.

Participating today reminds me of the IDEALISM, HOPE & PASSION with which I took part in similar events in my own youth – which was not that long ago!

In particular, I remember two instances:

A quarter century ago, as an undergraduate, I took part in an Asian regional Model United Nations conference held in Kuala Lumpur, Malaysia. The topic assigned to our group was VIOLENCE WITHIN AND BETWEEN SOCIETIES.

In all eagerness, we explored big questions such as:

  • Do we humans have an evolutionary inclination for aggression and violence?
  • What socio-economic factors trigger youth unrest and insurrection?
  • How does culture aggravate or mitigate conflicts?

For several days, a few dozen of us from across Asia discussed and debated this and other key concerns.

Five years later, as a young journalist, I had the opportunity to attend the World Youth Leadership Summit, held at the UN headquarters in New York. In the fall of 1995, around 200 of us from around the world came together to discuss the state of the world – and our role in shaping its future!

Again, a key topic that occupied our minds was the RISING VIOLENCE WITHIN OUR SOCIETIES. Not just civil wars and crime — but also INSTITUTIONALISED DISCRIMINATION and STRUCTURAL VIOLENCE.

These discussions enhanced my understanding of violence, which has become more SOPHISTICATED and INSIDIOUS in today’s world.

STRUCTURAL VIOLENCE as a concept was introduced in 1969 by the Norwegian sociologist and peace researcher Johan Galtung. He defined it as: “any form of violence where some social structure or social institution may harm people by preventing them from meeting their basic needs”.

There are many examples of STRUCTURAL VIOLENCE in our societies. Among them:

  • institutionalized elitism;
  • ethno-centrism;
  • racism;
  • sexism; and
  • nationalism

STRUCTURAL VIOLENCE affects people differently in various social structures, and is closely linked to SOCIAL INJUSTICE.

So, in a broad sense, campaigns for HUMAN RIGHTS & SOCIAL JUSTICE are attempts to resist – and ideally, reduce – structural violence. These mass movements include:

  • the CIVIL RIGHTS movement in the US;
  • WOMEN’S RIGHTS movement worldwide;
  • ANTI-APARTHEID struggles in South Africa;
  • current global efforts to reduce absolute POVERTY; and
  • the on-going struggle for recognizing rights of lesbian, gay, bisexual and transgender (LGBT) groups.

While fewer people are dying today in conflicts between nations, or even those within nations, we cannot rejoice: we still have many faces of STRUCTURAL VIOLENCE and SYSTEMIC VIOLENCE.

So did we save the world in the Fall of 1995 through all our eager and idealistic discussions at the UN Headquarters?

No, we didn’t. Our world is still an UNJUST, UNFAIR and UNSAFE place for too many human beings.

But experiences and exposure like that probably SAVED ME – from becoming an uncritical and unquestioning peddler of the dominant narrative. It opened my mind – to question rhetoric and spin, coming from governments, UN agencies and even civil society.

That is probably the greatest benefit of conferences like this:

  • opening of our minds;
  • deepening of our understanding & empathy; and
  • broadening of our perspectives.

I wish I could tell you that Sri Lanka offers a fine example of post-war RECONCILIATION. But our reality is actually more complex and complicated.

Five years ago this month, we witnessed the end of Sri Lanka’s CIVIL WAR which last for over 25 years. As a diverse nation and a pluralistic society, our people felt many different emotions about that defining moment.

One sentiment most of us shared was a HUGE SENSE OF RELIEF. And some of us also felt a huge sense of RESPONSIBILITY –

  • for HOW the war was ended; and
  • the enormous rebuilding and healing that had to be done.

Five Years later…

The factors that led to the violent conflict still remain largely unaddressed. These include concerns about governance, political power sharing, and economic benefit sharing – issues that youth feel strongly about.

In the past 40 years – in my lifetime – similar concerns have triggered two other youth insurrections in Sri Lanka — in 1971 and in the late 1980s. Both were suppressed violently by the state in the name of law and order. The scars of those wounds have not yet healed either.

In this sense, many of us have three layers of scars from recent violence. And we realise, belatedly, how HEALING involves more our HEARTS than our MINDS.

We know that PEACE is much more than the simple absence of hostility. Likewise, RECONCILIATION entails much more than a mere co-existence of groups who were once engaged in a conflict.

RECONCILIATION cannot be decreed by leaders……or legislated by governments. Technocratic solutions are helpful — but not sufficient — to achieve RECONCILIATION.

Progressive state policies can nurture RECONCILIATION — but in the end, TRUE HEALING must spring from all of us… individually and collectively.

It’s not EASY, and it’s not always POPULAR. But it’s a worthy goal to aspire to!

Building SUSTAINABLE PEACE requires time, effort – as well as a switch in our mindset. We must face HARD TRUTHS, acknowledge them, and hopefully, FORGIVE…

There is cultural conditioning that stands in the way. Historically, many societies have glorified war, weaponry and combat. AGGRESSION is often seen as a sign of strength…and of masculinity.

With this inertia of history and culture…can we replace confrontation and conflict with cooperation and collaboration?

The religious case for this is well known. But I hesitate to invoke religions as they have inspired so much hatred and violence.

In recent years, we have seen a growing body of scientific evidence and theories that argue that COLLABORATION HAS A GREATER SURVIVAL VALUE than aggression.

This is contrary to the long held Darwinian notion of the ‘survival of the fittest’. It now appears that virtues like KINDNESS, GENEROSITY and SHARING are more than just moral choices: they are useful EVOLUTIONARY TRAITS too!

The developmental psychologist Michael Tomasello has been studying the EVOLUTION OF TOLERANCE & TRUST among human beings and the role it plays in today’s societies. He and other researchers have drawn attention to the evolutionary benefits of COLLABORATION and ALTRUISM.

There is no consensus yet among experts. Anthropologists, evolutionary biologists and sociologists keep debating about:

  • individual selection vs. group selection in evolution; and
  • whether aggression or collaboration has key survival value.

As Harvard biologist Edward O Wilson summed it up in his recent book, The Social Conquest of Earth:

“The human condition is an endemic turmoil rooted in the evolution processes that created us. The worst in our nature coexists with the best, and so it will ever be.”

So our big challenge is: How to tame our worst evolutionary baggage, and instead bring out our best as a species?

I don’t have any quick answer. But this is among the questions we must all keep asking – and keep looking for practical, thoughtful answers.

Dear friends,

It’s easier to have abundant IDEALISM, HOPE & PASSION when you’re 18 or 25 or even 30. It’s harder to retain these values when you’re approaching 50 — as I am, now. But I keep trying!

I wish you stimulating conversations. I hope you’ll find enough common ground — while not forcing any artificial consensus!

Thank you.

 

සිවුමංසල කොලූගැටයා #158: දේශීය බීජ හා ගොවි උරුමය රැක ගන්නේ කෙසේද?

In this week’s Ravaya column (in Sinhala), I summarise concerns about the draft new Seed Act of Sri Lanka proposed by the government’s Department of Agriculture. Many farmer groups and environmental activists have serious misgivings about proposals to centralise all seed sharing and trading in the head of the Department of Agriculture. Activists see this seriously undermining those using and protecting traditional varieties of seed and engaged in organic farming.

An English summary of these concerns is found here: New Internationalist, 28 January 2014: Sri Lankan farmers resist new seed law

Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 - Image courtesy http://lankapura.com
Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 – Image courtesy http://lankapura.com

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යෝජිත නව බීජ පනතේ කෙටුම්පත මේ වන විට ගොවි සංවිධාන හා හරිතවේදීන් අතර විවාදාත්මක වී තිබෙනවා.  නව පනතෙන් සුළු ගොවියාගේ පාරම්පරික බීජ අයිතිය සීමා වන්නට හෝ නැති වන්නට හෝ ඉඩ ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.

ගොවිතැන් ගැන විචාරශීලිව බලා සිටින මා මේ උද්ඝෝෂණය ගැන අවධානය යොමු කළා. ක‍්‍රියාකාරිකයන් ගණනාවකට සවන් දුන්නා.  අද ගොනු කරන්නේ එසේ රැස් කර ගත් කරුණු හා අදහස්වලින් කොටසක්.

දැනට ක‍්‍රියාත්මක වන්නේ 2003 අංක 22 දරණ බීජ පනතයි. යෝජිත නව පනතෙන් පවතින පනතේ බලතල අභිබවා යමින් බීජ පිළිබඳ ඒකාධිකාරයක් කෘෂි නිලධාරින්ට හා බීජ බෙදා හරින සමාගම්වලට ලබා දෙනු ඇතැයි එයට එරෙහි ගොවි සංවිධාන කියනවා.

නව පනත් කෙටුම්පතේ එය හඳුන්වා දෙන්නේ බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක බව රැකීමට හා නියාමනයටත්, දේශීය බීජ කර්මාන්තයේ සංවර්ධනයට හා ජාන සම්පත් සුරැකීමටත් අරමුණු කැරෙන බවයි. සියළු වැවිලි බෝග, අපනයන බෝග, ඖෂධ පැළෑටි, සත්ව ආහාර වර්ග ආදිය මේ පනතින් ආවරණය වනවා.

ගොවි සංවිධාන කැළඹී ඇත්තේ යෝජිත බීජ පනතින් රටේ සියළු බීජ  හා අනෙක් රෝපණ ද්‍රව්‍ය පිළිබඳ මහා බලධාරියා බවට කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  පත් කිරීමේ යෝජනාවයි.  ඔහුගේ අනුමැතියෙන් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිපදවීම, ළඟ තබා ගැනීම, බෙදා හැරීම,  හුවමාරු කිරීම හා විකිණීම තහනම් වීමට යෝජිතයි.

එසේම පනතතේ විධි විධාන කඩ කරන අය පරීක්‍ෂා කිරීම, ප‍්‍රවාහනය සෝදිසි කිරීම, හා වැරදිකරුවන් වන අයට දඩ නියම කිරිමට හෝ මාස 6කට සිරගත කිරීමට අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට ලැබීමට යෝජිත බලය, පොලිස් බලතල පවා ඉක්මවා  යාමක් බව ගොවි සංවිධාන කියනවා.

මේ කෙටුම්පත ගැන විස්තරාත්මක විවේචනයක් කරන බුද්ධි ජයසූරිය තර්ක කරන්නේ වානිජකරණය වූ කෘෂිකර්මාන්තයක චින්තන රාමුව තුළ පිහිටා මෙය සකස් කර ඇති බවයි. එහි කිසිදු තැනෙක ‘ගොවියා’ යන වචනය නොයොදා ඒ වෙනුවට ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිත කරන්නන්’ යන තාක්‍ෂණික යෙදුම පමණක් භාවිත කිරීම ගැන ඔහු විමතිය පළකරනවා.

ගොවිතැනින් ජීවිකාව සලසා ගන්නා කුඩා පරිමාන ගොවීන් අති බහුතරයක් සිටින මෙරට, මේ නව පනත හරහා  කෘෂි සමාගම් හා කෘෂි  වෙළඳපොලකට යොමු වීම පැහැදිලි බවත්, එය සුළු ගොවීන්ට අසාධාරණ බවත් ඔහුගේ මතයයි.

‘‘තිරසාර හා පරිසර හිතකාමී ක‍්‍රමයකට කැරෙන ගොවිතැන් ප‍්‍රවර්ධනය ගැන අපේ කෘෂි නිලධාරින් මේ දක්වා සැබෑ උනන්දුවක් දක්වා නැහැ.  මේ නිසා ඔවුන් ගැන කිසි විශ්වාසයක් තබන්නේ කොහොමද?’’ ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයෙ (MONLAR)  සරත් ප‍්‍රනාන්දු අසනවා.

‘‘ගොවි රජා යයි මහ ඉහළින් වර්ණනා කරන අපේ ගොවියාට කොන්දේසි, තහංචි හා දණ්ඩන රැසක් පනවා ඔහු බියපත් කිරීමේ උත්සාහයක් මෙහි තිබෙනවා.  මෙය ගොවීන්ට පමණක් නොවෙයි පාරිභෝගිකයන්ට ද අහිතකර පනතක් බව අපේ විග‍්‍රහයයි,’’ ප‍්‍රනාන්දු කියනවා.

Sarath Fernando - Photo by Aditya Batra, Down to Earth Magazine
Sarath Fernando – Photo by Aditya Batra, Down to Earth Magazine

බීජ රැක ගෙන ඉතිරිකර ගැනීම, හුවමාරු කර ගැනීම, විකිණිම, අභිජනනය හා දියුණු කිරීම ගොවියාගේ මූලික අයිතිවාසිකමක් බවත්, එය නිලධාරින්ට පාවා දිය නොහැකි බවත් බීජ අයිතීන් රැක ගැනීමේ ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.

ඔවුන් කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ විවිධ කෘෂිකාර්මික බෝගවලට අදාල බීජ වර්ග 3,000කට වැඩි සංඛ්‍යාවක් ලක් ගොවීන් විසින් පාරම්පරිකව වගා කරමින්, රැක ගනිමින් හා හුවමාරු කර ගනිමින් ඇති බවයි.

බීජ අයිතීන් රැක ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාමන්කඩවල ශ‍්‍රී පියරතන හිමියන් කියන්නේ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් දෙමුහුන් බීජ වර්ග මෙන් නොව සාම්ප‍්‍රදායික බීජ වැවීමට අධික ලෙස  රසායනික පොහොර හෝ කෘමිනාශක අනවශ්‍ය බවයි.

“කෘෂි රසායනික  අධික ලෙස  භාවිතය නිසා බෝ නොවන නිදන්ගත රෝග හට ගන්නා බව අපේ විශ්වාසයයි.  වකුගඩු රෝගය පමණක් නොවෙයි, පිළිකා රෝග රාශියක් ද ඇති වනවා. මේ දැඩි අවදානම දැන දැනත් අපේ ගොවීන් බොහෝ දෙනකු තවමත් කෘෂි රසායනිකවල ඇලී ගැලී සිටිනවා.  එය එක් හේතුවක් නම් වැවීමේ (තාවකාලික) පහසුව.  තව හේතුවක් නම් කෘෂි රසායනිකවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලැබෙන රාජ්‍ය ප‍්‍රවර්ධනය.  මේ කෘෂි රසායනික නැතිව වගා කිරීමේ අවස්ථාව අපේ ගොවීන්ට ලබා දෙන්න යයි අපි රජයෙන් ඉල්ලා සිටියත් තවම ප‍්‍රතිචාරයක් නැහැ,” එහිමියන් කියනවා.

අඩසියවසකට වැඩි කාලයක් තිස්සේ අධික කෘෂි රසායනික භාවිතය ගොවීන්ට නිර්දේශ කරමින් සිටින අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොබාවික ක‍්‍රම මගින් ගොවිතැන් කිරීම හා දේශීය බීජ ගැන එතරම් උනන්දු වන ආයතනයක් නොවෙයි.  (හරිත විප්ලවය ගැන කෙතරම් විවේචන කළත් එය තවමත් ලක් රජයේ නිල ප‍්‍රතිපත්තියයි! එය ක‍්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන රාජකාරියයි!)

මේ වැඩියෙන් යොදා වැඩි අස්වනු නෙළා ගැනීමේ (high external input agriculture) සම්ප‍්‍රදායට විකල්පයක් ලෙස ජෛවීය පොහොර හා සොබාවික පලිබෝධනාශක යොදා ගෙන වගා කිරීමේ කාබනික ගොවිතැනක් (organic farming) ද සුළු පරිමානයෙන් මෙරට තිබෙනවා.  2014 ජනවාරි 26දා කොලමින් අප එය විග‍්‍රහ කළා.

කාබනික ගොවිතැන් කරන ගොවීන් බොහෝ කොට භාවිත කරන්නේ පාරම්පරිකව ලැබී ඇති දේශීය බීජයි.  නිල තන්ත‍්‍රයෙන් අනුග‍්‍රහයක් නැතිව වුවත් තම තමන් අතර හොඳ දේශීය බීජ හුවමාරු කර ගැනීමක් මේ දක්වා ගොවීන් කර ගෙන ආවා.

රාජ්‍ය නොවන  සංවිධාන (NGO)වලට දොස් කීම පුළුල්ව කැරෙන අද කාලයේ මතක් කිරීම වටින්නේ අයාලේ ගිය රාජ්‍ය කෘෂි ආයතන අවිචාරශීලීව අඩසියවසක් තිස්සේ හරිත විප්ලවයට ආවඩන අතරේ දේශීය බීජ හා කාබනික/සොබාවික ගොවිතැන මෙපමණටවත් රැකී ඇත්තේ  NGO කැපවීම නිසා බවයි.

2003 (පවතින) පනතින් ගොවියකු තමා වැවූ බීජ තොගයක්, තමාගේ බිමෙහිදී වෙනත් අයකුට දීම හෝ විකිණීම හෝ නියාමනය කැරුණේ නැහැ.  සුළු පරිමානයෙන් එකිනෙකා අතර බීජ හුවමාරු කර ගැනීම ගොවින් බොහෝ කලක සිට කරනවා.

යෝජිත පනතේ 18 වන වගන්තියට අනුව දේශීය පාරම්පරික ශාක ජාන සම්පත් සුරැකීම, ගොවිතැනට වැදගත් වූ පැළෑටි රෝපණ ද්‍රව්‍ය  හුවමාරු කර ගැනීම, බෙදා හැරීම හෝ ලබා දීම දෙපාර්තමේන්තු බලධරයාගේ අවසරයකින් තොරව නොකළ යුතු වනවා.  ගොවි හා පාරිසරික ක‍්‍රියාකාරිකයන් කියන්නේ බීජ පිළිබඳව සාම්ප‍්‍රදායිකව ගොවීන්ට තිබූ අයිතිවාසිකම මෙයින් අහෝසි වන බවයි.

නව පනත යටතේ තාක්‍ෂණ හා උපදේශක කමිටුවක් පිහිටුවීමට යෝජිතයි.  2003 පනතේ එබඳු කමිටුවකට ගොවි ජනතාව නියෝජනය කරන දෙදෙනෙකුට අවසර තිබුණත්, නව පනතේ එය දක්වා ඇත්තේ ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය පිිළිබඳ විද්‍යාත්මක ශික්‍ෂණයක් සහිත කෘෂි විද්‍යාඥයන් දෙදෙනකු’ පත් කළ හැකි බවයි.  මෙහි යටි අරමුණ විය හැක්කේ ගොවි නියෝජනය නැති කොට පොතේ උගතුන්ට පමණක් කමිටුව සීමා කිරීම ද?  පනතේ විවේචකයන් මේ බිය පළ කරනවා.

MONLAR ආයතනයේ සරත් ප‍්‍රනාන්දු කියන්නේ මෙරට ගොවිතැනේ රාජ්‍ය නියාමනයට ඉඳුරා ම ලක්විය යුතු පැතිකඩ ද තිබෙන බවයි.  “මහා පරිමාණ රසායනික පොහොර හා වල් නාශක, පලිබෝධනාශක භාවිතය හරහා අපේ ආහාරවලට උග‍්‍ර වස විස එකතු කිරීමත්, එබඳු කෘෂි රසායනික නොමැතිව වගා කරන්නට බැරි  නවීන දෙමුහුම්  බීජ ප‍්‍රභේද  ප‍්‍රවර්ධනය කිරීමත් අනිවාර්යයෙන් මීට වඩා දැඩි පාලනයකට පත් කිරීම අවශ්‍යයි.”

‘‘රටේ නීති රීති තද කළ යුතතේ මේ දෙආකාරයේ කි‍්‍රයාවල යෙදෙන අයටයි.  එසේ නැතිව සුළු ගොවියාට නොවෙයි!’’ ඔහු අවධාරණය කරනවා.

අපේ සමහර ගොවීන් ද වැරදි කරන බව ප‍්‍රනාන්දු පිළිගන්නවා. “පරිසරය වනසන, ආහාර විස කරන ක‍්‍රියා ගොවීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනවා.  එබඳු අකටයුතුකම් පාලනය කරන්නට අවශ්‍ය නීති රජය ගෙනෙනවා නම් අප එයට එක හෙළාම කැමතියි!”

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

යෝජිත පනත් කෙටුම්පත මෙරට ක‍්‍රියාකාරිකයන් විසින් බීජ රැක ගැනීමේ ඉන්දියානු ජනතා ව්‍යාපාරයේ බල කණුවක් වන ආචාර්ය වන්දනා ශිවාට (Dr Vandana Shiva) යොමු කරනු ලැබුවා.  එය අධ්‍යයනය කළ ඇය ද පවසන්නේ ඇතැම් වගන්ති හා යෝජිත විධිවිධාන සුළු ගොවීන්ගේ පාරම්පරික බීජ අයිතීන්ට පහරක් බවයි.

ඇය කියන්නේ කුඩා පරිමාණයෙන් දේශීය වී ප‍්‍රභේද හා අනෙකුත් දේශීය බෝග වගාවේ නිරත ගොවීන් මේ නව පනතේ රාමුවෙන් නිදහස් කළ යුතු බවයි.

19 January 2014:  සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

යෝජිත බීජ පනත මහජන අදහස් දැක්වීම සඳහා 2013 අග සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තිබෙනවා.  එය හොඳ පියවරක්.  එහෙත් එපමණක් සෑහෙන්නේ නැහැ.  යෝජිත විධි විධාන අවශ්‍ය වන්නේ ඇයි ද යන්න ජනතාවට තේරෙන ලිහිල් බසින් පැහැදිළි කළ යුතුයි.

පනත් කෙටුම්පත් කරන්නේ ගරු ගාම්භීර හා දරදඬු නීතිමය බසින්.  එයින් ඔබ්බට ගොස් තම අරමුණු ප‍්‍රශස්ත ලෙස  සන්නිවේදනය කිරීමේ අභියෝගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තිබෙනවා. එසේ කරන විට ගොවි හා සෙසු ජන සංවිධානවල විරෝධතා සාවධානව සැළකිල්ලට ගෙන සංවාදයකට එළැඹීමත්  වැදගත්.  පරිනත සමාජයන්හි නව නීති හා රෙගුලාසි සම්මත කර ගන්නේ එබඳු පුළුල් සංවාදවලින් පසුව පමණයි.

මෙහිදී ආවේගශීලි නොවී ඉලක්කගතව මත දැක්වීමේ වගකීම ගොවි, හරිත හා අනෙක් ජන සංවිධානවලට හා ස්වාධීන විද්වතුන්ට තිබෙනවා.

Sri Lanka traditional rice - image from Wikipedia
Sri Lanka traditional rice – image from Wikipedia

බීජ අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ රැස්වීමකට මෑතදී නිරික්‍ෂකයකු ලෙස මා  සහභාගී වූවා.  එසේම ඔවුන් නව බීජ පනතට එරෙහිව ලියූ  පත‍්‍රිකා හා ඇතැම් පුවත්පත් ලිපි ද කියැවුවා.

මේ ක‍්‍රියාකාරිකයන්ගේ අවංක බව හා කැපවීම ගැන කිසිදු සැකයක් නැහැ.  එහෙත් ඔවුන්ගේ ක‍්‍රමවේදය ගැන මට ප‍්‍රශ්න තිබෙනවා.  සංකීර්ණ අද සමාජයේ ප‍්‍රශ්න සරලව විග‍්‍රහ කළ නොහැකියි. මාතෘකාවට අදාලව, කෙටියෙන් හා තර්කානුකූලව කරුණු ගොනු කිරීමට අපේ බොහෝ ක‍්‍රියාකාරිකයන් අසමත්.

මහා කුමන්ත‍්‍රණ, පාවාදීම් හා ද්‍රෝහිකම් ගැන ආවේගශීලි මතවාදයන් සමග මුසු වීමෙන් ඔවුන්ගේ සදාචාරාත්මක හා විද්‍යාත්මක තර්කවල සැර බාල වීමේ අවදානම තිබෙනවා.

මිටියක්  පමණක් අත තිබෙන තැනැත්තාට හැම ප‍්‍රශ්නයක්ම පෙනෙන්නේ ඇණයක් හැටියට යයි කියමනක් තිබෙනවා.  හීන්සීරුවේ හා උපක‍්‍රමශීලීව උද්ඝෝෂණ කිරීමේ හා මහජන මත ගොඩනැගීමේ සියුම් කලාව අපේ හරිතවේදීන් හා ගොවි සංවිධාන ප‍්‍රගුණ කළ යුතුයි. ඉන්දියාවේ බීජ උරුමය රැක ගන්නට ගොවි සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ගෙන යන උද්ඝෝෂණවලින් අපේ ඇත්තන්ට ආදර්ශ ගත හැකියි.

මෙහිදී ප‍්‍රතිපත්තිගරුක වීම පමණක් මදි.  ගාන්ධිතුමා හා නෙල්සන් මැන්ඩෙලා වැනි පරමාදර්ශී චරිතවලින් පවා ලැබෙන ආදර්ශය නම් ආවේගයට වඩා සන්සුන් තර්කයට හා විනීත සංවාදයට බොහෝ දේ කළ හැකි බවයි.

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

Mel Gunasekera (1973 – 2014): Goodbye, spirited friend!

Keep it short and simple, Mel always said.

I still try to follow that advice even in grief when she has been taken away so senselessly and abruptly.

Asker of Questions. Seeker of clarity. Gone without an answer.

Mel Bye Meme

Digital monument: http://www.lankabusinessonline.com/mel

My tribute on Groundviews.org: Goodbye, Mel

More reflective essay: Who Really Killed Mel Gunasekera?

The same essay was published by Lanka Business Online where Mel was founder editor: http://www.lankabusinessonline.com/news/who-really-killed-mel-gunasekera/1884945427

Reproduced in The Nation newspaper, 9 Feb 2014

Quoted by BBC Online, 8 Feb 2014

South Asian Coasts Reeling Under Pressure

News feature published in Ceylon Today broadsheet newspaper, 23 January 2014

South Asia Coastal Management Convention in Pondicherry - L to R Chandra Bhushan, Aurofilio Schiavina, Sunita Narain, Tahir Qureshi, Anil Premaratne
South Asia Coastal Management Convention in Pondicherry – L to R Chandra Bhushan, Aurofilio Schiavina, Sunita Narain, Tahir Qureshi, Anil Premaratne

South Asian Coasts Reeling Under Pressure

By Nalaka Gunawardene in Pondicherry, India

As economic development gathers pace in South Asia, its coastal regions are coming under pressure as never before. More ports, power plants and tourist resorts are jostling with fishermen and farmers.

Balancing livelihoods, economic growth and environmental conservation is the only way to avoid a major resource crisis, acknowledged participants at the South Asia Convention on Coastal Management held in Pondicherry, India, from 19 to 21 January 2014.

Over 70 senior government officials, researchers, civil society activists and journalists from Bangladesh, India, Maldives, Pakistan and Sri Lanka came together for this event, organised by Delhi-based Centre for Science and Environment (CSE) and Pondicherry-based citizen group, PondyCAN.

They reported how a disproportionately high share of South Asia’s industrialisation, urbanisation and tourism development is concentrated along its combined 11,240 km of coastline. In total, coastal areas support livelihoods of some 400 million South Asians through fisheries, tourism and other activities.

In many parts of the region, high population density exists alongside sensitive ecosystems – such as mangroves and coral reefs and river estuaries. This intensifies the challenge of managing coastal resources. Climate change impacts, already felt as extreme weather events, add to these pressures.

Participants discussed strategies for regulating coastal development, protecting coastal habitats and coping with climate change.

They agreed on the urgent need for improving scientific understanding of coastal regions, which begins with clearly defining, demarcating and mapping such areas. Evidence based policy making and effective regulation depend on such a knowledge base, currently lacking or inadequate.

“There is a need to strengthen regulatory systems, build capacity and do more research to better manage coastal challenges in South Asia,” said Sunita Narain, Director General of CSE.

In CSE’s view, she said, the most important intervention is to strengthen existing institutions to get them to deliver with greater transparency and accountability.

She added: “We need to balance conservation with benefits to local communities. We also need partnerships between conservation, development and livelihoods without which coastal resource management is not possible in a region like South Asia”.

Ibrahim Naeem, Director of the SAARC Coastal Zone Management Centre, located in the Maldives, explained the value of integrated coastal zone management (ICZM) in balancing competing interests.

Only such an approach can reconcile the many pressures faced by South Asia’s maritime countries including poverty, depleting resources, increasing hazards and large scale enterprises seeking quick profits from the coastal resources.

“We need to make sure these plans incorporate climate change to make them more meaningful to countries like ours,” he added.

Large scale infrastructure development projects are adding to other pressures. India – which already has 202 commercial ports and 27 thermal power plants on its coastline – is planning another 76 ports and 59 power plants. Over 70% of Sri Lanka’s tourist hotels are located in the coastal zone, with more coming up. The scramble for the coast is increasing in other countries, too.

Meanwhile, over two thirds of the world’s ship breaking takes place on open beaches in Bangladesh, India and Pakistan with little regard for worker health or environmental pollution. It is a highly hazardous industry with lucrative returns for operators.

Participants agreed on the need for the South Asian countries to share experiences and approaches and to learn from each other.

“It is important for South Asian countries to learn from each other’s successes and failures,” said Dr Anil Premaratne, Director General of Sri Lanka’s Coast Conservation Department.

Premaratne pointed out that laws and regulations are just one strategy for better managing coastal areas. Other strategies include awareness raising and public education, and the involvement of local communities in resource management and benefit sharing.

Participants also stressed the need for placing all scientific information and maps in the public domain. Right now, these are often trapped in state agencies or research institutes, with no easy access to researchers or other citizens.

Probir Banerjee, President PondyCAN, stressed that the “worst affected are the people living at the margins and the objective has to be to enhance livelihoods, and not compromise them.”

Words that Saved the World

The Sunday Times (Sri Lanka) asked me to list the best book I’ve read in 2013 (and why); and also for the book I’d like to receive as a Christmas present.

I wrote a short piece in response, which is included in their feature titled ‘Leafing through the best picks’ on 22 Dec 2013.

Here’s my essay in full: it wasn’t easy to pick one good title in a year in which I read many enjoyable and mind-stretching books.

Word power amplifies political power...
Word power amplifies political power…

Words that Saved the World

By Nalaka Gunawardene

Although it lasted only a thousand days, John F Kennedy’s presidency was eventful and memorable in many respects. His legacy has inspired an estimated 40,000 books and films. This year, which marked the 50th anniversary of his assassination, I read an exceptional addition to this (still rising) pile.

To Move the World: JFK’s Quest for Peace (Random House, 2013), by Columbia University economist Jeffrey Sachs, revisits the extraordinary days from October 1962 to September 1963. That was JFK’s Annus mirabilis (Year of wonders) when he marshalled the power of oratory and political skills to achieve more peaceful relations with the Soviet Union and a dramatic slowdown in the proliferation of nuclear weapons.

During that year, which started with momentous ‘13 days’ of the Cuban missile crisis, JFK he gave a series of speeches where he argued that peace with the Soviet Union was both possible and highly desirable. One delivered to the American University in Washington DC in June 1963 is generally referred to as his Peace Speech. Sachs shows why it was one of the most important foreign policy speeches of the 20th Century – ultimately more consequential than any other by JFK.

If Winston Churchill “mobilized the English language and sent it into battle” during World War II, Kennedy used his mastery of the same language to talk the US and Soviet Union down from the brink of a planetary nuclear war.

What I’d love to get for Christmas is Madiba A to Z: The Many Faces of Nelson Mandela (Seven Stories Press, 2013) just written by my journalist friend Danny Schechter. We can count on Danny, who has spent 40 years chronicling the story of Mandela and South Africa’s struggle for freedom and equality, to provide plenty of depth, nuance and analysis.

Nalaka Gunawardene is a science writer and blogger.