සිවුමංසල කොලූගැටයා #169: අඩ සියවසක් ලොවේ හොඳ හිත දිනූ අක්‍ෂිදානය

The first eyes donated from Sri Lanka were dispatched overseas, to Singapore, on 25 May 1964. In the half century that followed, over 66,500 eye corneas have been donated from Sri Lanka to a total of 117 cities in 54 countries worldwide (by end April 2014). This is one of the greatest humanitarian gifts in modern times, which has earned Sri Lanka unparalleled gratitude and goodwill around the world.

In this week’s Ravaya column, in Sinhala, I trace the origins of eye donation in Sri Lanka. I have just written up the same information in English at:

When Worlds Collide #108: Eye Donation at 50 – Promoting Lanka’s Soft Power

Eye Donation Society Headquarters in Colombo. Photo by Janaka Sri Jayalath
Eye Donation Society Headquarters in Colombo. Photo by Janaka Sri Jayalath

 

ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය හා පිළිගැනීම වඩාත් යහපත් කරන්නේ කෙසේ  ද යන්න දිගු කලෙක සිට කැරෙන සංවාදයක්. රාජ්‍ය තාන්ත‍්‍රික (තානාපති) කටයුතුවලට අමතරව මෑතක පටන් විශාල වියදමක් දරා බටහිර රටවල වාණිජ මට්ටමේ මහජන සම්බන්ධතා සමාගම්වල සේවය ලබා ගන්නට රජය ක‍්‍රියා කරනවා.

තොරතුරු සමාජය දියුණු වී ඇති අද කාලේ ප‍්‍රතිරූප හා හොඳහිත ගොඩනැංවීම අපහසුයි. එහෙත් එය බිඳ වැටීම හෝ හානි කර ගැනීම ලෙහෙසියි.

අඩසියවසක් මුළුල්ලේ කිසිදු මහජන මුදල් වියදමකින් තොරව මෙරටට විශාල ගෞරවයක්, කෘතඥතාවයක් හා හොඳ හිතක් ලොව පුරා ගොඩනැංවූ ජනතා ව්‍යාපාරයක් තිබෙනවා. ඒ ශ‍්‍රීලංකා අක්‍ෂිදාන සංගමයයි. එහි නිර්මාතෘ වෛද්‍ය හඞ්සන් සිල්වා (1929 – 1999) මෙරටින් බිහි වූ වෛද්‍යවරුන් අතර අතිශයින් ලෝක ප‍්‍රණාමයට පාත‍්‍ර වූ විද්වතෙක්.

අපේ ඇස් ලොවට දන් දීම ඇරැඹී වසර50ක් පිරෙන මේ මාසයේ ඒ කථාව සිහිපත් කිරීම වටිනවා.

Dr Hudson Silva (1929-1999), Founder of Sri Lanka Eye Donation Society
Dr Hudson Silva (1929-1999), Founder of   Sri Lanka Eye Donation Society

1958 ජනවාරි 19 වනදා ලංකාදීප පත‍්‍රයේ ‘‘මළ නෙතට පණ’’ නමින් ලිපියක් පළ වුණා. එය ලියා තිබුණේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුව සිටි හඞ්සන් සිල්වා නම් තරුණයා. නිරෝගී නෙත් යුවලක් හිමි කෙනකු මිය ගොස් පැය කිහිපයක් ඇතුළත ඒ නෙත්වල කුණිතය (cornea) වෛද්‍ය විද්‍යාත්මකව හා ඥාතීන්ගේ අවසරය ඇත‘ව ගලවා ගෙන හැකි ඉක්මණින් එය බද්ධ කිරිම හරහා ඇතැම් දෘශ්‍යාබාධවලින් ඇස් පෙනීම අඩාල වූ අයට නැවත පෙනීම ලබා දිය හැකි බව ඔහු කියා සිටියා.

එය ඒ වන විටත් වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ක‍්‍රමවේදයක් බවට පත්ව තිබුණත් බොහෝ රටවල විශාල ප‍්‍රශ්නයක් වූයේ දන් දීමට කුණිත සොයා ගැනීමේ අපහසුතාවයි. ඇතැම් ආගම් හා සංස්කෘතීන්ගේ මිය ගිය කෙනකුගේ අවයව (බද්ධ කිරිමට) ඉවත් කිරිමට අවසරයක් නැහැ.

1955 අංක 55 දරණ ඇස් දන්දීමේ පනත මෙරට සම්මත වී තිබුණත් රෝහල්වලට අවශ්‍ය තරම් කුණිත සොයා ගැනීමට නොහැකි වී තිබුණා. එයට පිළියමක් ලෙස (බෞද්ධ සංස්කෘතික උරුමයේ ඉඩ දී ඇති පරිදි) අක්ෂිදාන සංගම් රට පුරා පිහිටු විය හැකි බවත්, මරණින් පසු තම ඇස් දන්දීම සඳහා ජීවත්ව සිටියදී ම ප‍්‍රතිඥා දීමට ලාංකිකයන්ට හැකි බවත් මේ ලිපියෙන් හඞ්සන් සිල්වා යෝජනා කළා.

පසු කලෙක අක්ෂිදාන ව්‍යාපාරය හා ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය නමින් ජන සංවිධානයක් බිහි වූයේත්, ලොව පුරා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් අත් කර දෙන ඇස් දන් දීමේ සද්කාර්යය ඇරැඹුණෙත් මේ පුවත්පත් ලිපියෙන්.

ලිපියට ඉතා හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. ලංකාදීප කාර්යාලයට ලියුම් ලියමින් තමන්ගේ ඇස් දන්දීමට බොහෝ දෙනා ඉදිරිපත් වුණා. ඒ අතරින් සමහරුන් ජීවත්ව සිටියදීම එක් ඇසක් දන් දීමට කැමතිව සිටියා.

අවසාන වෛද්‍ය විභාගයෙන් සමත්ව වෛද්‍ය හඞ්සන් සිල්වා 1958සැප්තැම්බරයේ මුල් පත්වීම ලැබුවේ කළුතර නාගොඩ රජයේ රෝහලට. එහි එවකට ප‍්‍රධානියා වූ වෛද්‍ය ජෝර්ජ් ප‍්‍රනාන්දුගේ අනුදැනුම යටතේ අක්‍ෂිදාන ව්‍යාපාරය ප‍්‍රායෝගිකව ඇරඹුණේ එම රෝහලෙන්. (ගිය වසරේ ටෙලිවිෂන් පටිගත් කිරීමකට එහි ගිය මා දුටුවේ මේ වැදගත් ඉතිහාසය ගැන අද එහි කිසිවකු නොදන්නා බවයි.)

මුල් වතාවට අක්‍ෂි යුගලක් උකහා ගනු ලැබුවේ මහමග ඇද වැටී රෝහලට ගෙන එන ලදුව එහිදී මිය ගිය, හඳුනා නොගත් කෙනකුගෙන්. එම ඇස් යුගල ජෑම් බෝතලයක දමා ගෙන තරුණ වෛද්‍යවරයා බස් රියෙන් කොළඹ පැමිණ ඇස් රෝහලේ බද්ධ කිරීමට එය භාර දුන්නා.

රෝහලේ මිය යන අයගේ ඥාතීන් සමග කථා කරන විට වෛද්‍යවරයා තේරුම් ගත්තේ ජීවත්ව සිටියදීම අක්‍ෂිදානයට ප‍්‍රතිඥාවක් දී තිබීම වඩාත් උචිත බවයි. ඒ අනුව ඔහු එයට සරල පොරොන්දු පත‍්‍රයක් නිර්මාණය කළා.

එසේම අක්‍ෂිදානයට පොරොන්දු පත‍්‍ර වඩාත් අත්සන් කර ගැනීමට අක්‍ෂිදාන සංගමයක් ද පිහිටුවා ගත්තා. එහි මුල්ම රැස්වීම පැවැත්වූයේ 1958දෙසැම්බර් 30වනදා කළුතර දිස්ත‍්‍රික්කයේ මහවස්කඩුවේ ශ‍්‍රී සුධර්මාරාම විහාරයේ ධර්මශාලාවේදී. එතැනින් පටන් ගත් අක්‍ෂිදාන ව්‍යාපාරය පසු කලෙක දිවයින පුරා ශාඛා 400කට වැඩි ජාලයක් බවට පත් වුණා. මෙරට ප‍්‍රමුඛතම ස්වේච්ඡා ව්‍යාපාරයක ආරම්භය එයයි.

Mahawaskaduwe Sri Sudharmarama temple 'bana maduwa' in Kalutara - Venue of first meeting where Eye Donation Society was formed on 30 Dec 1958
Mahawaskaduwe Sri Sudharmarama temple ‘bana maduwa’ in Kalutara – Venue of first meeting where Eye Donation Society was formed on 30 Dec 1958

1961 මුලදී කොළඹ ඇස් රෝහලට මාරුවීමක් ලැබූ වෛද්‍ය හඞ්සන් සිල්වා අක්‍ෂිදානය ජාතික මට්ටමට පුළුල් කිරීම ඇරඹුවා. මුල සිට ම ඔහුට ඕනෑ වුණේ මෙරට සියළු ජන කොටස් ද විවිධ ආගම් අදහන සැවොම ද මේ සද්කාරියට හවුල් කර ගන්නයි. මේ නිසා බහු ආගමික පැවිදි අනුශාසක පිරිසක් ද සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ගිහි අනුශාසකයන් ලෙස ද පත් කර ගත්තා. අක්‍ෂිදාන ජාතික සංගමයේ මුල්ම සභාපති ලෙස ඇස් රෝහලේ අධිපති වෛද්‍ය ඞී. ඒ. ජයසිංහ පත් වූ අතර ප‍්‍රධාන ලේකම් වූයේ වෛද්‍ය හඞ්සන්.

අක්‍ෂිදාන පොරොන්දු පත‍්‍රය වඩ වඩාත් ජනප‍්‍රිය වුණා. ප‍්‍රථම අක්‍ෂිදායකයා වූයේ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්. ප‍්‍රථම අක්‍ෂිදායිකාව හඞ්සන් සිල්වාගේ මව, බියටි‍්‍රස් නැන්සිනා පෙරේරා මැතිනිය.

එදා මෙදා තුර මෙරට රාජ්‍ය නායකයන්, ප‍්‍රභූන්, ප‍්‍රකට කලාකරුවන්, විද්වතුන් ඇතුළු සාමාන්‍ය ජනයා ලක්‍ෂ ගණනක් මේ පොරොන්දු පත‍්‍රයට අත්සන් කොට තිබෙනවා. (එසේ කර තිබීමෙන් මිය ගිය පසු පැය 4ක් ඇතුළත ඇස් උකහා ගැනීමට ඥාතින් හරහා අක්‍ෂිදානයට දැනුම්දීම වඩා විධිමත් වනවා. නමුත් පොරොන්දු පත‍්‍රයක් අත්සන් කර නොතිබුණත්, නැතත් ඥාතීන්ගේ කැමැත්තෙන් ඇස් දන් දිය හැකියි.)

1963 පමණ වන විට දන්දීම හරහා ලැබෙන අක්‍ෂි කුණිත දේශීය රෝහල්වල බද්ධ කිරීමේ අවශ්‍යතා සියල්ල සපුරා ගත් පසුව ඉතිරි වන්නට පටන් ගත්තා. එවකට පැවති තාක්‍ෂණය අනුව කුණිත කල් තබා ගත හැකි වූයේ දින 4ක් පමණයි. මේ නිසා අතිරික්තය අපතේ යා නොදී විදෙස් රටවලට පරිත්‍යාග කළ හැකිදැයි වෛද්‍ය හඞ්සන් විපරම් කළා.

ඒ අවස්ථාවේ ඔහුට නිශ්චිත විදෙස් සබඳතා නොතිබුණත් ලොව ප‍්‍රධාන නගරවල අක්‍ෂි රෝහල්වලට විමසීමේ ලිපි යැවුවා. ශ‍්‍රී ලංකාවේ මෙන් නොව බොහෝ රටවල බද්ධ කිරීමට ඇති තරම් අක්‍ෂි කුණීත නොලැබෙන බව ඔහු දැන සිටියා.

අමෙරිකාවේ නිව්යෝක් ඇස් බැංකුව විමසුම්වලට පිළිතුරු එවමින් කීවේ ඔවුන්ට ඇස් විශාල ගණනක් උවමනා බවයි. ලැබෙන හැම ඇසක් ම ඉමහත් පරිත්‍යාගයක් ලෙස සළකන බව ඔවුන් කියා සිටියා.

එහෙත් අන්තිමේදී මුලින් ම මෙරටින් අතිරික්ත ඇස් පරිත්‍යාග කෙරුණේ සිංගප්පූරුවටයි. 1964මැයි 25 (වෙසක් පොහොය)දා තර්මෝස් උණුවතුර බෝතලයක තැන්පත් කළ හිස් තීන්ත බෝතලයක බහාලූ අක්‍ෂි හයක් සිංගප්පූරු මහ රෝහල වෙත ගුවනින් යවනු ලැබුවා. එය බලාපොරොත්තුවෙන් සිටි අක්‍ෂි වෛද්‍යවරු ඒවා බද්ධ කොට සිංගප්පූරු ජාතිකයන් පස් දෙනෙකුට පෙනීම ලබා දුන්නා.

පනස් වසරක් තිස්සේ ශ‍්‍රී ලංකාවෙන් ලොවට තිළිණ කැරෙන උසස්ම මානුෂික පරිත්‍යාගය වන විදෙස්වලට ඇස් දන් දීම ඇරඹුණේ එසේ සුළුවෙන්.

අද මෙන් ගුවන් චාරිකා බහුල නොවූ දුරස්ත සන්නිවේදන දියුණුව නොතිබු එකල මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ලෙහෙසි වූයේ නැහැ. වෛද්‍ය හඞ්සන්ගේ සංවිධාන හැකියාව හා නොපසුබස්නා අධිෂ්ඨානය තීරණාත්මක වූයේ එහිදියි. ඔහු හැකි සෑම සබඳතාවක් හා කුසලතාවක් ම යොදා ගනිමින් වඩ වඩාත් ලෝකයේ රටවලට ඇස් යැවීමට වෙහෙස වූවා.

එහෙත් එසේ යැව්වේ මෙරට අවශ්‍යතා පිරිමැසීමෙන් පසු අතිරික්තය පමණයි. ‘‘ශ‍්‍රී ලංකාවේ මෙතරම් අන්ධ මිනිසුන් සිටියදී ඇයි මේ ඇස් පිටරට යවන්නේ?’’ සමහරුන් විමතියෙන් ප‍්‍රශ්න කළා.

Human Eye Corneas, ready for dispatch at International Eye Bank in Colombo, Sri Lanka on 27 March 2013 - Photo by Janaka Sri Jayalath
Human Eye Corneas, ready for dispatch at International Eye Bank in Colombo, Sri Lanka on 27 March 2013 – Photo by Janaka Sri Jayalath

හැම දෘෂ්‍යාබාධයක්ම කුණිත බද්ධයෙන් සුවපත් කළ නොහැකියි. උපතින්ම පෙනීම නොලද අයකුට බද්ධ කිරීම හරහා පෙනීම ලද නොහැකියි. කළු ඉංගිරියාව නරක් වී එහෙත් දෘෂ්ටි ස්නායුව, ශ්වේත පටලය වැනි ඇසේ අනෙක් කොටස් හොඳ තත්ත්වයෙන් පවතින රෝගීන්ට පමණක් කුණිත බද්ධය සාර්ථක වන බව වෛද්‍ය හඞ්සන් තම විවේචකයන්ට පහදා දුන්නා.

1964දී සුළුවෙන් ඇරැඹි ලෝකයට ඇස් දන් දීම ක‍්‍රමයෙන් පුළුල් හා සංවිධානගත කෙරුණා. 1967දී ලන්ඩන් නුවරදී අක්‍ෂි වෛද්‍ය සම්මේලනයක් අමතමින් වෛද්‍ය හඞ්සන් කීවේ ‘අපට වසරකට අවම වශයෙන් අක්‍ෂි කුණිත 200ක් ලෝකයට ලබා දිය හැකියි’ කියායි.

මුලදී ආසියානු රටවලට යැවුණු ඇස් පසුව රුසියාව, අප‍්‍රිකානු රටවල්, යුරෝපයට හා දකුණු අමෙරිකාවට ද යවනු ලැබුවා. වාමාංශික – දක්‍ෂිනාංශික පිල් බෙදීම් කිසිවක් නොසලකා ඕනෑකම ඇති, පෙරදිග අපරදිග, දුප්පත් හා පොහොසත් රටවලට නොමිළයේ ඇස් පරිත්‍යාග කිරීම දිගටම සිදු වුණා. මේ හරහා ශ‍්‍රී ලංකාවට ලැබුණු හොඳ නම හා හොඳ හිත ඉතා ඉහළයි.

ලෝකයට ඇස් පරිත්‍යාග කිරීම වඩාත් විධිමත්ව කර ගෙන යාමට ජාත්‍යන්තර ඇස් බැංකුව නිල වශයෙන් ඇරඹුවේ 1965ඔක්තෝබරයේ. අක්‍ෂිදාන සංගමයේ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වන එහි විශේෂ පුහුණුව ලද තාක්‍ෂණවේදීන් සිටිනවා.

මෙරට සිට පිටරටකට ඇස් යැවීම හරියට සමූහ තරග දිවීමක් (relay) වගෙයි. කෙනකු මිය යාමෙන් පැය 4ක් ඇතුළත ගලවා ගන්නා ඇස් වහාම ආරක්‍ෂිත මාධ්‍යයක ගල්වා, අවශ්‍ය පරික්‍ෂණ කිරීමෙන් පසු දිගු ගමනට සූදානම් කැරෙනවා. (HIV 1හා 2, හෙපටයිටීස් B, Cමෙන්ම සිෆිලිස් රෝගය සඳහා ද පරික්‍ෂා කිරීමෙන් පසුවයි බද්ධයට සුදුසු යයි තීරණය කරන්නේ.) ඇස් රට යැවීම සඳහා රිජිෆෝම් යොදා ගෙන එයට ආවේණික වූ ආරක්‍ෂිත පෙට්ටියක් වෛද්‍ය හඞ්සන් විසින් සැළසුම් කරනු ලැබුවා.

ඇස් බැංකුවෙන් සූදානම් කැරෙන ඇස් මේ පෙට්ටිවල බහා අදාල රේගු හා ගුවන් ගමන් ලියකියවිලි ද සමග කටුනායක ගුවන් තොටුපළට යැවෙනවා. එතැන් සිට ගුවන් ගමන් එකක් හෝ කිහිපයක් හරහා ගමනාන්ත නගරයට ගුවනින් යන පෙට්ටිය, හැකි ඉක්මනින් එහි අක්‍ෂි වෛද්‍යවරුන් අතට පත් කැරෙනවා. මේ සම්පේ‍්‍රෂණය පුද්ගලයන් හා ආයතන කිහිපයක සහභාගීත්වයෙන් කැරෙන මානුෂික මෙහෙයුමක්.

වෛද්‍ය තාක්‍ෂණයේ දියුණුවත් සමග වැඩි දින ගණනක් නරක් නොවී ඇස් කල් තබා ගත හැකි ක‍්‍රම සොයා ගනු ලැබුවා. අද වන විට යොදන ද්‍රාවණය අනුව දින 4ක්, 7ක් හෝ 14ක් කල් තබා ගත හැකියි.

2014 අපේ‍්‍රල් අග වන විට ශ‍්‍රී ලංකාවෙන් රටවල් 54ක නගර 117ක බද්ධ කිරීම සඳහා අක්‍ෂි කුණිත 66,500කට ටිකක් වැඩියෙන් පරිත්‍යාග කොට තිබුණා. මෙයට අමතරව මෙරටදී බද්ධ කිරීම් සඳහා දන් දුන් ඇස් 40,000කට වඩා රජයේ හා පෞද්ගලික රෝහල්වලට ලබා දී තිබෙනවා.

Eye donation stamp, 1983
Eye donation stamp, 1983

අක්‍ෂිදානය සිදු කැරෙන්නේ මුළුමනින්ම වාණිජ නොවන මට්ටමින්. මෙරටදී භාවිතයට ගැනෙන කුණිත සඳහා කිසිදු අය කිරීමක් නැහැ. පිටරට යැවෙන කුණිතවලට ද අය කිරීමක් නොකළත් සූදානම් කිරීමේ හා යැවීමේ වියදම ඒවා ලබන අක්‍ෂි රෝහල්වලින් ලබා ගැනෙනවා. මෙය අක්‍ෂිදාන සේවාව දිගටම පවත්වා ගෙන යාමට අවශ්‍ය වියදම්වලින් කොටසක් සපයනවා.

එහෙත් (අපේ සමහර මාධ්‍ය වරදවා විග‍්‍රහ කළ පරිදි) ඇස් විකිණීමක් කිසි විටෙක සිදු වන්නේ නැහැ. මෙය වෛද්‍ය හඞ්සන් ජීවත්ව සිටියදී අවධාරණය කළ මූලික ප‍්‍රතිපත්තියක්.

අක්‍ෂි දානය ලැබූ විවිධ රටවලින් ඒ සඳහා කෘතඥතාව පළ කරමින් අක්‍ෂිදාන සංගමයට ආධාර උපකාර කිරීම කලෙක සිට සිදු වනවා. මෙරටින් ඇස් සිය ගණනක් ලැබූ ජපානය හා පාකිස්ථානය වැනි රටවලින් මේ කළගුණ සැළකීම ඉහළින් ම කෙරුණා. පාකිස්ථානයේ ලාහෝර් නුවර හඞ්සන් සිල්වා අක්‍ෂි රෝහලක් ද පිහිටුවා තිබෙනවා.

ජපානයට බොහෝ ඇස් දන්දීමට ස්තුති කිරීමක් ලෙස එරට සිංහ සමාජ වෙතින් අක්‍ෂිදාන සංගමයට ටොයෝටා මෝටර් රථයක් තෑගි කළා. එය පිළිගැන්වීමට 1970දශකය මුල මෙහි ආ ජපන් නියෝජිත පිරිස දුටුවේ මේ තරම් විශාල මෙහෙවරක් කරන්නේ කුඩා තට්ටු නිවාස කාමරයක සිට බවයි.

ව්‍යාපාරයේ මුල් වසර 20පුරා අක්‍ෂිදාන කටයුතු බොහෝ විට සම්බන්ධීකරණය වූයේ වෛද්‍ය හඞ්සන්ගේ නිවසෙන්. ආපසු ගිය ජපන් ජාතිකයෝ අක්‍ෂිදානයට ගොඩනැගිල්ලක් තැනීම සඳහා ආධාර එකතු කළා. යෙන් කෝටියක් මෙහි එවුවා.

1965දී රජය පිළිගත් පුණ්‍යායතනයක් බවට පත්වූ අක්‍ෂිදාන සංගමයට 1970දශකය මුලදී කොළඹ විජේරාම මාවතට නුදුරු රජයේ බිම් කොටසක් ලැබුණා. 1976දී ජනාධිපති විලියම් ගොපල්ලව අතින් මුල් ගල තැබුණු අක්‍ෂිදාන මූලස්ථානය සෙමින් සෙමින් ආධාර එකතු කරමින් තනා නිම කොට 1984දී විවෘත කළේ එවකට අගමැති ආර්. පේ‍්‍රමදාස විසින්.

Hiru TV’s biographical programme on Dr Hudson Silva, presented by Nalaka Gunawardene (first broadcast in April 2013):

 

 

සිවුමංසල කොලූගැටයා #167: ඩෙංගු මර්දනයට දේශීය පෙළ ගැස්මක්

The world’s fastest growing vector-borne disease is dengue, which has recorded a 30-fold increase over the last 50 years. Dengue is mostly transmitted by a mosquito species named Aedes aegypti, which breeds in water containers in and around homes. It is thus closely linked to environmental factors and human behavior.

In this week’s Ravaya column (in Sinhala), I discuss strategies for dengue control in Sri Lanka — including the use of an organic insecticide developed by a Lankan innovator.

I covered similar ground in English recently in two columns:

25 April 2014: When Worlds Collide #104: Dengue Control sans Chemicals?

18 April 2014: When Worlds Collide #103: Combating Dengue, a ‘Silent Disaster’

Dengue carrying mosquito: Aedes aegypti
Dengue carrying mosquito: Aedes aegypti

ජාතික මදුරු මර්දන සතිය නැවත වරක් අපේ‍්‍රල් 2-8දිනවල පැවැත්වුණා. අපේ‍්‍රල් 7වනදාට යෙදුණු ලෝක සෞඛ්‍ය දිනය සඳහා මේ වසරේ තේමාව වූයේ වාහකයන්ගෙන් පැතිරෙන රෝගයි (vector-borne diseases).

ගෝලීයකරණය සමග වඩාත් ව්‍යාප්ත වන වෙළඳාම් හා සංචාර හරහාත්, නාගරීකරණය හා දේශගුණ විපර්යාස වැනි සංසිද්ධීන් නිසාත් විෂබීජ වාහකයන්ගේ පැතිර යාම වඩාත් උත්සන්න වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

රෝග වාහකයන් අතර උකුණන්, මකුනන් ආදි සතුන් ද සිටියත් වඩාත් ම හානිකර වන්නේ විවිධ මදුරු විශේෂයි. ඇති කරන මරණ සංඛ්‍යාව අනුව බැලූ විට භයානක ම වාහකයා මැලේරියා රෝග වාහක ඇනෝෆිලීස් මදුරුවන්. 2010දී මැලේරියාව නිසා ලෝකයේ මරණ 660,000ක් සිදු වුණා (බහුතරය අප‍්‍රිකානු ළමයින්).

නමුත් අද ලෝකයේ වඩාත් සීඝ‍්‍රයෙන් පැතිරෙන හා වඩාත් ම ප‍්‍රබල මහජන සෞඛ්‍ය තර්ජනය එල්ල කරන වාහක රෝගය වන්නේ ඩෙංගු රෝගයයි. ගෙවී ගිය අඩ සියවස තුළ එය වැළඳුණු ජන සංඛ්‍යාව 30ගුණයකින් වැඩි වී තිබෙනවා.

ඩෙංගු රෝගය බොහෝ කොට පතුරුවන්නේ ඊඩිස් ඊජිප්ටායි (Aedes aegypti) නම් මදුරු විශේෂයයි. නිවෙස්වල හා ගෙවතුවල ජලය එකතු වන තැන්වල ඉක්මනින් බෝවන මේ මදුරුවාගේ පැතිරීම මිනිස් චර්යාවන්ට හා පාරිසරික සාධකවලට සෘජුවම සම්බන්ධයි.

1960දශකය මුලදී ඩෙංගු රෝගය වාර්තා වූයේ ලොව රටවල් 9කින් පමණයි. වාර්ෂිකව රෝගීන් 15,000ක් පමණ සිටියා. මේ වන විට (2013) අඩු තරමින් රටවල් 100ක වාර්ෂිකව රෝග තත්ත්වයන් මිලියන 390ක් පමණ වාර්තා වන බව ලෝක රතු කුරුස හා රතු අඩසඳ සම්මේලනය (IFRC) කියනවා.

ඩෙංගු වැනි රෝග ලක්‍ෂණ විටින් විට වාර්තාව තිබුණත් මුල් වරට ශ‍්‍රී ලංකාවේ ඩෙංගු රෝගය විද්‍යාත්මකව තහවුරු කෙරුණේ 1962දී. මුල් කාලයේ එය පැතිර ගියේ සෙමින්. එහෙත් මුල් වරට 1988දී එය වසංගත තත්ත්වයකට පත් වුණා. ඩෙංගු රෝගය බහුලව හමුවන ලෝකයේ රටවල් 30අතරට දැන් ශ‍්‍රී ලංකාව එකතු වී තිබෙනවා.

මෙරට ඩෙංගු රෝග විකාශනය ගැන පර්යේෂණ වාර්තාවක් සම්පාදනය කළ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පී. ඞී. එන්. එන්. සිරිසේන හා වෛද්‍ය එෆ්. නූර්දින් කියන්නේ මුලදී නගරබදව හමු වූ ඩෙංගු රෝගය මේ වන විට අර්ධ නාගරික හා ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ද පැතිරෙමින් ඇති බවයි. http://tiny.cc/DengSL

තවමත් වැඩිපුර ඩෙංගු රෝගීන් හමු වන්නේ බස්නාහිර පළාතෙන් වුවත් (2007සමස්ත රෝග තත්ත්වයන්ගෙන් 44.9%) උතුරුමැද, වයඹ, සබරගමුව පළාත්වල ද ඩෙංගු රෝග සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස ඉහල ගොස් තිබෙන බව ඔවුන් කියන්නේ නිල සෞඛ්‍ය දත්ත අනුවයි.

එසේම 2009දී යුද්ධය අවසන් වූ පසු උතුරු හා නැගෙනහිර පළාත්වල ද ඩෙංගු බහුලව වාර්තා වනවා. විශේෂයෙන් යාපනය හා මඩකලපුව නගරවල. මෙයට හේතුව ලෙස පර්යේෂකයන් දකින්නේ යුද්ධය නිමාවෙන් පසු උතුරු-දකුණු ගමන් බිමන් බහුල වීමයි.

මේ අතර දේශගුණ විපර්යාස නිසා හට ගන්නා අකල් වැසි, ආන්තික කාලගුණ තත්ත්වයන් ආදිය නිසා ද ඩෙංගු මදුරුවන් පැතිරීමට ඇති ඉඩ වැඩි වනවා. ඉදිරියේදී ඩෙංගු මර්දන වැඩසටහන් සකස් කරන විට මේ දේශගුණ විපර්යාස සැලකිල්ලට ගත යුතු යයි සිරිසේන හා නූර්දීන් නිර්දේශ කරනවා.

ඩෙංගු රෝගයට එරෙහිව එන්නතක් හෝ වයිරස්-විරෝධ බෙහෙතක් (antiviral drug) තවමත් නිපදවා නැති නිසා තිබෙන හොඳම ආරක්‍ෂණ උපක‍්‍රමය නම් රෝග වාහකයන්ගේ පැතිරීම සීමා කොට අවම කිරීමයි.

ඩෙංගු යනු වළක්වා ගත හැකි රෝගයක් බවත්, උතුරු හා දකුණු අමෙරිකානු මහාද්වීපවල දැඩි මහජන සෞඛ්‍ය පියවර මගින් ඩෙංගු තුරන් කර ගැනීමට සමහර රටවලට හැකි වූ බවත් IFRC සංවිධානය පෙන්වා දෙනවා.

ඩෙංගු මදුරුවන් බෝවීම අවම කිරීමට මනා සේ පාරිසරික පිවිතුරු බව හා ප‍්‍රවේශම්කාරී බව අත්‍යාවශ්‍යයි. ඩෙංගු මදුරුවන් බිත්තර දමා, කීටයන් බිහි වී පරිනත වන්නේ ජල මාධ්‍යයේයි. පිරිසිදු ජලය මෙන් ම කාබනික ද්‍රව්‍ය මුසු වූ ජලයේ ද මෙය සිදුවිය හැකියි. පර්යේෂකයන් මෑතදී සොයා ගෙන ඇත්තේ කිවුල් දියේ පවා ඔවුන්ට බෝවිය හැකි බවයි.

ඩෙංගු කාරක වෛරසය ජානමය වශයෙන් අනුවර්තනය වීමට සමත් බවත්, වාහක මදුරු විශේෂ ද කෙටි කලකින් නව පාරිසරික තත්ත්වයන්ට හැඩ ගැසෙන බවත් පර්යේෂකයන් දැන් තේරුම් අරන්. ඒ අනුව ඩෙංගු මර්දන උපක‍්‍රම ද අළුත්ම පර්යේෂණ දැනුමට අනුව කලින් කලට වෙනස් කර ගත යුතු යයි ඔවුන් කියනවා.

ඩෙංගු මර්දනයට මේ දක්වා මෙරටත්, වෙනත් බොහෝ රටවලත් යොදා ගන්නේ මදුරු නාශක රසායන ද්‍රව්‍යයි. මේවා ධූමකාරක යන්ත‍්‍ර හරහා ගෙවතු හා ගේ දොරවලට මුදා හරිනවා. මෙය ප‍්‍රතිඵල ගෙන දුන්න ද දිගට ම පවත්වා ගත යුතු ක‍්‍රියාදාමයක්.

එක ම ප‍්‍රදේශයක නිශ්චිත කාල වකවානුවකට වරක් එම රසායන යෙදීම හරහා මදුරු ගහන පාලනය කළ හැකියි. එහිදී තීරණාත්මක වන්නේ පොදු හා පෞද්ගලික ස්ථානයන්හි මදුරුවන්ට බෝවීමට උපකාරවන ජලය එකතු වන අපද්‍රව්‍ය, රඳවනයන් හා ස්වාභාවික තැන් සොය සොයා ඉවත් කිරිමයි. මෙය ද යළි යළිත් කළ යුත්තක්. දිගට ම පවත්වා ගත යුතු නිරන්තර ආරක්‍ෂක පියවරක්.

මදුරු නාශනය සඳහා දිගු කලක් තිස්සේ මෙරටත්, ලොව බොහෝ රටවලත් යොදා ගත්තේ DDT නම් විෂ රසායනිකයයි. DDT ජනාවාස ඇති ප‍්‍රදේශවල පුළුල්ව ඉසීමේ යෙදුණු මුල් ම ආසියානු රට බවට ශ‍්‍රී ලංකාව පත්වූයේ 1945 අගදී. DDTවල පාරිසරික හා සෞඛ්‍යමය විපාක ගැන දැන ගත් පසු බොහෝ රටවල් එය භාවිතය නතර කළා.

13 January 2013: සිවුමංසල කොලූ ගැටයා #100: නිහඬ වසන්තයේ අඩසියවසක යශෝරාවය

මදුරු මර්දනය සඳහා කෘති‍්‍රම රසායන නොවන දේශීය උපක‍්‍රම තිබේ ද?

K M Wijepala with his organic products - Photo by Janaka Sri Jayalath
K M Wijepala with his organic products – Photo by Janaka Sri Jayalath

තනිකර ම පැළැටි සාරයන් යොදා ගෙන මදුරු මර්දනයට සාර්ථක දේශීය විසඳුමක් නිපදවීමට නුවර එළියේ විජය ඇග්‍රො ප‍්‍රඩක්ට්ස් සමාගමේ කේ. එම්. විජේපාල මහතා සමත්ව සිටිනවා. (මීට පෙර මා හඳුන්වා දුන්නේ ඔහු නිපදවූ කාබනික පොහොර ගැනයි. එයට අදාල වට්ටෝරුව ඔහු නොමිළයේ ගොවින්ට ලබා දෙනවා.)

9 Sep 2012: සිවුමංසල කොලූ ගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

26 January 2014: සිවුමංසල කොලූ ගැටයා #153: කාබනික ගොවිතැන: උද්‍යොගපාඨවලින් ඔබ්බට?

මදුරු මර්දනය සඳහා උපක‍්‍රම දෙකක් ඔහු යෝජනා කරනවා.

පළමුවැන්න – ඔවුන්ගේ ප‍්‍රජනන (බෝවීමේ) ක‍්‍රියා අවහිර කිරීම. කීටයන් අවධියේ ම ඔවුන් සිටින තැන් සොය සොයා විනාශ කිරීම.

දෙවැන්න – ඔවුන් මිනිස් අප සමීපයට ඒම වැළැක්වීම. ඒ සඳහා ඔවුන් අප වෙතින් පළවා හරින (repellant) ආකාරයේ රසායනික සිරුරේත් ගෙදර දොරෙත් භාවිත කිරීම.

කලක් අත්හදා බැලීම් කොට ඔහු නිපදවා ඇති OK (Organic King) නම් මදුරු නාශක ද්‍රාවණය මේ උපක‍්‍රම දෙකට ම යොදා ගත හැකියි. එය කොහොඹ ගසේ සාරයෙන් තනා ගන්නා නිසා සෙසු ජීවීන්ට හා මිනිසුන්ට විස නැහැ. (වැරදීමකින් ටිකක් පෙවුනත් කිසිදු හානියක් නැතැයි ඔහු කියනවා!)

වතුර ලීටර් 16කට ධණ ද්‍රාවණයේ මිලි ලීටර් 50ක් මිශ‍්‍ර කර ගෙවත්තේ ඉසීම සති දෙකකට සෑහෙන බවත්, කාමරයක් තුළට මදුරුවන් ඒම පළවා හරින්නට සතියකට වරක් ටිකක් ඉසීම ප‍්‍රමාණවත් බවත් ඔහු කියනවා.

දියරයෙන් බිඳක් ඇඟිල්ලට ගෙන කන් පෙති පිටුපස තවරා ගැනීම හරහා පැය 3-4ක් කිසි මදුරුවකු තමාට ළං වීම වළක්වනවා. වාහන තුළ සුවඳ විහිදුවන විලවුන්කාරකයට බින්දු කිහිපයක් එකතු කළොත් වාහනයට මදුරුවන් ඒම ද වළකිනවා.

‘මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීම අවශ්‍යයි. බෝවීම අවහිර කරන්නේ ඒ සඳහායි. ඒ අතර කෙසේ හෝ බිහි වන මදුරුවන් අපට ළං වීම වළක්වා ගැනීම ද කළ යුතුයි.’ විජේපාල මහතා කියනවා.

OKමදුරු හා කෘමි නාශකයට ශ‍්‍රී ලංකා පේටන්ට් බල පත‍්‍රයක් 2013දී පිරි නැමුණා. කාර්මික පර්යේෂණායතනය (ITI) එහි බලපෑම් ගැන ස්වාධීනව පර්යේෂණ කොට තහවුරු කොට තිබෙනවා. සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශ මගින් ද මෙරට අලෙවියට හා භාවිතයට සුදුසු රසායනිකයක් හැටියට එය නිල වශයෙන් අනුමත කොට තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය මෑතදී මෙරට මදුරු නාශක නිපදවන්නන්ගේ රැස්වීමකටතමා කැඳවූ බවත්, ධණ ද්‍රාවණයේ පාරිසරික වාසි ගැන ඔවුන් පැහැදී සිටින බවත් විජේපාල මහතා කියනවා.

OK යනු මදුරුවන්ට පමණක් නොව බෝගවලට හානි කරන කෘමි පලිබෝධකයන්ටත් එරෙහිව ක‍්‍රියා කරන ස්වාභාවික රසායනික සංයෝගයක්. පරිසර හානි නොකර පලිබෝධකයන් පමණක් මර්දනයට මෙබදු කාබනික කෘමි නාශක හැකි තාක් යොදා ගැනීම කාලීන අවශ්‍යතාවයක්.

OK logo

විජේපාල මහතා සුළු ව්‍යාපාරිකයෙක්. කෘෂි රසායනික නිපදවා අලෙවි කරන විදේශ හා දේශීය මහා සමාගම් සමග තරගයට තම නිෂ්පාදන ප‍්‍රචාරණය කරන්නට ඔහුට මුදල් නැහැ. එහෙත් තම නිෂ්පාදනවල කාර්යක්‍ෂමතාව පිළිබඳව පර්යේෂණාත්මක සහතිකත්, පාරිසරික හිතකරභාවය නම් වූ අමතර වාසියත් ඔහු හුවා දක්වනවා.

ඩෙංගු මර්දනයට ජෛව පාලනය සඳහා විදේශවලින් බැක්ටීරියා (BTI) ගෙන්වීමට තිබූ නිල උනන්දුව හා මහජන මුදල් යෙදවීම මෙබදු දේශීය විසඳුමකට ලැබෙයි ද?

විජේපාල මහතාගේ GOLF නම් වූ කාබනික පොහොර ගැන මීට සති කිහිපයකට පෙර ට්විටර් සමාජ මාධ්‍යයේ මා සඳහන් කළ විට එක් ප‍්‍රතිචාරයක් වූයේ ‘‘ඔය පොහොරවල ගුණාගුණ ගැන විද්වත් පර්යේෂණ කොට ජාත්‍යන්තර සඟරාවක නිබන්ධන පළ කොට ඇත්ද?’’ යන්නයි.

තවම එබන්දක් සිදුව නැහැ. විජේපාල යනු ශාස්ත‍්‍රාලීය උගතකු නොව ප‍්‍රායෝගිකව අත්දැකීම් රැසක් ලැබූ, ගැටළු විසඳීමට යොමු වූ නව නිපැයුම්කරුවෙක්. ඔහුගේ විසඳුම් තව දුරටත් පර්යේෂණ හරහා විමර්ශනය කිරීම හා වැඩි දියුණු කිරීම අපේ විද්වතුන්ට කළ හැකි දෙයක්.

එහෙත් සර්ව සම්පූර්ණ පර්යේෂණ ප‍්‍රතිඵල ලැබෙන තුරු ඩෙංගු මදුරු මර්දනය කල් දැමිය නොහැකියි. ළඟ එන නිරිතදිග මෝසම් වැසි සමග නැවතත් ඩෙංගු රෝග වාහකයන් ප‍්‍රබල ලෙස බෝවනවා. එහිදී එය මර්දනයට දෙස් විදෙස් හැම උපක‍්‍රමයක් ම පෙළ ගැස්වීම ඉතා වැදගත්.

(OK කෘමි නාශක කොළඹ ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරයේ පිහිටුවා ඇති කාබනික ආහාර අලෙවි සැලෙන් ද නුවරඑළියේ විජය ඇග්‍රො ප‍්‍රඩක්ට්ස් සමාගමේ කාර්යාලයෙන් ද ලබා ගත හැකියි. විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය. එසේම ඒ සඳහා බෙදාහරින්නන් තව සොයා ගන්නට ද ඔවුන්ට අවශ්‍යව තිබෙනවා.)

 

සිවුමංසල කොලූගැටයා #166: ආසයි – බයයි! දුපතේ නමයි!

In this week’s Ravaya column (in Sinhala), I write about public perception of risk in Japan and Sri Lanka — and how alarmist exaggerations distort society’s reactions and affect policy responses. I quote from the writing and presentations of Japanese science journalist Hajime Hikino, who has long studied this phenomenon in Japan.

To this, I mix my own observations on Lankan society, and quote from a media interview given by Professor Sudantha Liyanage, dean of applied science at the University of Sri Jayawardenapura, Sri Lanka – a rare public intellectual who calls for measured, scientifically based approach to risk assessment and communication.

Who's leading who in this game?
Who’s leading who in this game?

හජීමේ හිකිනෝ (Hajime Hikino) ජපන් විද්‍යා මාධ්‍යවේදියෙක්. ඔහු කලෙක පටන් සමීපව අධ්‍යයන කරන්නේ හා වාර්තා කරන්නේ අවදානම (risk) ගැන ජපන් ජන සමාජය දක්වන ආකල්ප ගැනයි.

විද්‍යාවේ ප‍්‍රායෝගික භාවිතයන් වන තාක්‍ෂණයෙන් ඉහළට ගොස් ඒ හරහා ආර්ථිකයේත්, ජන ජීවිතයේත් අභිවෘද්ධියක් ළඟ කර ගන්නට ජපානයට හැකිව තිබෙනවා. ඓතිහාසිකව සියුම් දේ කලාත්මකව කරන්නට ජපනා හපනා. ඔවුන් තාක්‍ෂණික අංශයෙන් වැඩියෙන් මතුව ආයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවයි. 1960දශකයේ ඉසුරුබර රටක් බවට පත් වූ ජපානය දැන් ඒ තත්ත්‍වයේ පරම්පරා දෙකකට වඩා ගත කොට තිබෙනවා.

Hajime Hikino
Hajime Hikino

ඒ කියන්නේ දියුණු වන්නට පෙර අගහිඟකම් තිබූ අතීත ජපානය ගැන මතකයන් තිබෙන අය හැමදෙනා දැන් වැඩිමහලූයි. 1960න් පසුව ඉපදී හැදුණු වැඩුණු ජපනුන් හැම දෙයක් ම සුපිරි ආරක්‍ෂාකාරී විය යුතු බවට අපේක්‍ෂා කරනවා.

එහෙත් ලෝකයේ කිසිදු රටකට සියඵ අවදානම් දුරු කළ නොහැකි බවත්, එසේ අපේක්‍ෂා කිරීම යථාර්ථවාදී නොවන බවත් හිකිනෝ කියනවා. ඔහු මෙය හඳුන්වන්නේ Zero Risk Syndrome හෙවත් අවදානම බින්දුව කිරීමේ උන්මාදය හැටියටයි.

ප‍්‍රතිශක්තිකරණ එන්නත්, බලශක්ති ජනනය, ආහාරපාන හා බෙහෙත් ආදී ජීවිතයේ අවශ්‍යතාවන් සම්පාදනය කර ගැනීමේදී නූතන සමාජයේ අප කවුරුත් අවදානම ගැන තක්සේරුවක් කරනවා. මුඵමනින් ආරක්‍ෂිත වීමට නම් විෂබීජහරණය කළ සුවිශෙෂී ඇඳුම් කට්ටලයක් හැඳගෙන, අධී ආරක්‍ෂිත කාමරයක ජීවත් වන්නට සිදු වෙයි. එසේ කළත් ආහාරපාන හරහා නොයෙක් බලපෑම් ඇති විය හැකියි.

අප කරන්නේ යම් පහසුකමක් වෙනුවෙන් ගත හැකි සාධාරණ අවදානම (reasonable risk) කුමක් දැයි නිර්ණය කොට එයට යොමු වීමයි. ගින්දර භාවිතය ඇරැඹූ දා පටන් මානව වර්ගයා මේ කිරා මැන බැලීම කර තිබෙනවා.

‘‘අවදානම ගැන ඕනෑවට වඩා සිතීම නිසා අද ඇතැම් ජපන් ජාතිකයෝ දිගටම බියපත් වූ මානසිකත්වයකට පත් වෙලා. විය හැකියාව ඉතා අල්ප වූ අන්තරායන් ගැනත් ඔවුන් කලබල වනවා. කිසිදු රජයකට, ආයතනයකට හෝ විද්වතකුට මුඵමනින් ආරක්‍ෂිත ජන සමාජයක් සහතික කළ නොහැකියි. එහෙත් සමහර ජපනුන් දැන් එබන්දක් බලාපොරොත්තු වනවා’’ යයි හිකිනෝ කියනවා.

බෝවන රෝගවලින් ආරක්‍ෂාවීමට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම සියවස් දෙකක් තිස්සේ කැරෙන, ලොව ප‍්‍රචලිත උපක‍්‍රමයක්. කිසිදු එන්නතක් සියයට සීයක් ආරක්‍ෂිත නැහැ. ප‍්‍රතිශක්තිකරණයේ සංකල්පය නම් අඩු මාත‍්‍රාවකින් අදාල රෝගකාරකය ශරීරයට හඳුන්වා දී ශරීරයේ ස්වාභාවික ප‍්‍රතිදේහ ජනනය කිරීමයි.

ඉතා කලාතුරකින් අවස්ථාවල මෙබඳු එන්නතක් හරහා එය ඉලක්ක කරන රෝගය වැළදීමට හෝ වෙනත් අනපේක්‍ෂිත අතුරු ආබාධයක් හට ගැනීමට හෝ හැකියි. මේ අවදානම ගැන කලබල වූ සමහර ජපන් ජාතිකයෝ එන්නත් ගැනීමට මැළි වෙනවා.

හිකිනෝ ලයිස්තු ගත කළ නූතන ජපන් භීතිකා ගණනාවක් තිබෙනවා. ජාන තාක්‍ෂණයෙන් දියුණු කළ එළවඵ හා සෝයා බෝංචි ආහාරයට ගැනීම එබන්දක්. ඩයොක්සින් නම් විෂ වායුවක් පිට වේ යයි බියෙන් එළිමහන් ගිනිමැළයන් ඇති කිරීම ද මෑතක පටන් තහනම් කොට තිබෙනවා. ජෛව ආරක්‍ෂිත මට්ටම (Biosafety Level) 4ට වඩා ඉහළ සූක්‍ෂම ගණයේ වෛද්‍ය පර්යේෂණගාර පිහිටුවීම හා කි‍්‍රයාකිරීමට ජපානයේ තව දුරටත් ඉඩ දෙන්නේ නැහැ. වැරදීමකින් හෝ දරුණු විෂබීජයක් එබඳු තැනෙකින් පිට වී බෝවන රෝග ඇති කළ හැකිය යන බිය නිසා.

හිකීනෝ තර්ක කරන්නේ බින්දු අවදානම් උන්මාදය අද ජපන් සමාජය උභතෝකෝටික තත්ත්වයකට පත් කරමින් සිටින බවයි. පූර්ව-තාක්‍ෂණික යුගවල තිබූ අපහසුතා හා අඟහිඟකම්වලට ආපසු යන්න ජපන් සමාජය කැමති නැහැ. එහෙත් ප‍්‍රගතියේ හා සමාජ ප‍්‍රගමනයේ නොවැළැක්විය හැකි යම් අවදානම් සමග ජීවත්වීමට ද බොහෝ ජපනුන් සූදානම් නැහැ. මේ නිසා බිරන්තට්ටු වූ සමාජයක් බිහිව තිබෙනවා. ප‍්‍රතිපත්ති සම්පාදනය ව්‍යාකූල වී ගොසින්.

Businessweek, 6 Dec 2012: Japan’s Fear of Risk Is Getting Dangerous

විද්‍යා හා තාක්‍ෂණ දැනුම අතින් අපට වඩා ඉදිරියෙන් සිටින ජපන් සමාජයේත් මේ පරස්පරයන් මතුවන පසුබිමෙක අපේ රටේ බොහෝ දෙනා නූතන භීතිකාවන් රැසක් මැද දිවි ගෙවීම පුදුමයක් නොවෙයි. 2013 ඔක්තෝබර් 6වනදා කොලමින් මා ‘විසි එක්වන සියවසේ භූතයෝ’’ ලෙස හැඳින් වූයේ මෙබඳු නූතන භිතිකායි.

6 Oct 2013: සිවුමංසල කොලූ ගැටයා#137: නව සියවසට නවීකරණය වූ  ‘භූතයෝ’

මා මතු කළ අදහස්වලට සමාන්තර මත ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් ද 2013 සැප්තැම්බර් 10 වනදා දිවයින පත‍්‍රයේ පළ කොට තිබුණා. කල් ගත වී මා එම වැදගත් ලිපිය කියවූයේ ඉඳහිට හෝ උඩුගං බලා යන විද්වතුන් මෙරට සිටින බවට ඇති වූ ප‍්‍රබෝධයෙන්.

Prof Sudantha Liyanage
Prof Sudantha Liyanage

මහාචාර්ය ලියනගේ මතු කරන මූලික තර්කය නම් විද්‍යා හා තාක්‍ෂණ විෂයයන් ගැඹුරින් හැදෑරූ හා පර්යේෂණ කරන අය වෙනුවට ඒ මාතෘකා ගැන හරි හැටි නොදත් හෝ යන්තම් තොරතුරු සොයා ගත් හෝ උදවිය කරුණු විකෘති කරමින් ලක් සමාජය නොමග යවන බවයි. බිය වද්දන බවයි. මෙය බියකරු ප‍්‍රවණතාවක්.

මහාචාර්ය ලියනගේ කියන්නේ අපේ රටේ විද්‍යා අධ්‍යාපනය හා දැනුම ලද අය සීමිත වීම හා උගත් අයගේ නිහැඬියාව මෙයට ප‍්‍රධාන හේතුව බවයි. (නිහැඬියාවට හේතු ද ඔහු දක්වනවා.)

‘‘යුද්ධය අවසන්වීමෙන් පස්සේ අපේ රටේ ඇති වූ නිදහස හරි හැටි කළමනාකරණය කර ගන්න ජනතාවට නොහැකි වීම එක හේතුවක්. යුද්ධය කාලේ සියල්ල අමතක කර යුද්ධය ගැන පමණක් කතා කළ ජනතාව පශ්චාත් යුද සමයේදී තමුන් දන්න නොදන්න සියලූ දේ ගැන කතා කරනවා.’’

‘‘බොහෝ මුද්‍රිත හා විද්යුත් මාධ්‍යය අද තෝර ගන්නෙ ජනතාව අතර ජනප‍්‍රිය විය හැකි තේමාවන්….අද අපේ රටේ හුඟ දෙනෙක් තමන් හිතන නිගමන හරි කියල හිතනව විතරක් නොමෙයි අන් අයටත් ඒවා පටවන්න උත්සාහ දරනව. මේ සඳහා ඇතැම් විට කණ්ඩායම් වශයෙන් ඔවුන් නැගී සිටින අවස්ථා තිබෙනව. මේ දේශපාලනයම නොමෙයි. මේ බොහෝ අයට චතුර කථිකත්වයක් තියෙනව. මනරම් විදිහට කරුණු ඉදිරිපත් කරන්නත් හැකියාව තියෙනව. නමුත් මේ අය ඒ කරුණු ගැඹුරින් හදාරපු අයවත් එසේ කළ හැකි අයවත් නොවෙයි. මේ කරුණු වැඩි හරියක් අවිද්‍යාත්මකයි. නමුත් චතුර කථිකත්වය හා ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා බොහෝ අවිද්‍යාත්මක දේවල් ජනතාව අතරට රැගෙන යන්න මේ කණ්ඩායම්වලට හැකි වෙලා තියෙනව.’’

ගිය වසරේ මහත් ආන්දෝලනයක් ඇති කළ කිරිපිටිවල DCD රසායනිකය හා බොටිලියුම් බැක්ටීරියාව ඇතැයි කීමත්, රතුපස්වල කර්මාන්ත ශාලාව මැදි කර ගෙන මතු වූ පානීය ජලය පිළිබඳ ප‍්‍රශ්නයත් උදාහරණයට ගනිමින් මහාචාර්ය ලියනගේ මෙය විග‍්‍රහ කරනවා.

‘‘අපේ රටේ අද මේ ඞී.සී.ඞී. සහ කිරිපිටි ගැන විශාල ආන්දෝලනයක් ඇති වී තිබුණත් අපේ රටේ මුළු ආහාර පරිභෝජන රටාව තුළ ම අද අර්බුදයක් තියෙනව….ඞී.සී.ඞී. කිරිපිටි ගැන පමණක් නොමෙයි මේ සියලූ දේ ගැනත් නිවැරැදි දැනුවත් කිරීම් තුළින් සත්‍ය ලෙස කරුණු ජනතාවට අවබෝධ කර දිය යුතුයි. සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජන රටාව පිළිබඳ අපේ රටේ බොහෝ වෛද්‍යවරු පවා කතා කරන්නෙ නෑ. අපේ රටේ තාක්ෂණවේදීන්, විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් හිඟ වීම නිසා අවශ්‍ය සහ අනවශ්‍ය සෑම දෙයකට ම ඇතැම් වෛද්‍යවරුන් අද මැදිහත් වී සිටිනවා. මෙය රටේ සංවර්ධනයට හිතකර තත්ත්වයක් නොමෙයි.’’

8 Sep 2013: සිවුමංසල කොලූ ගැටයා #133: සේනක බිබිලේ ගිය මගෙහි ඉදිරියට යන්නේ කෙසේ ද?

‘‘පසුගිය දිනවල රජරට ප‍්‍රදේශයේ ජනතාව මෙන්ම ගම්පහ රතුපස්වල ප‍්‍රදේශයේ ජනතාවත් පිරිසිදු පානීය ජලය පිළිබඳ බරපතළ ගැටලූවකට මුහුණ පෑව. මේ ප‍්‍රශ්නෙදිත් වැඩිපුරම කතා කළේ ජනතාව සහ විවිධ සංවිධාන. ජලයේ ආම්ලික හෝ භාෂ්මිකතාව, පස්වල ස්වභාවය වැනි මේ ප‍්‍රශ්නයට සැබෑ හේතු සොයා ගත හැකි සාධක පිළිබඳ දන්නා අය හුඟ දෙනෙක් නිහඬයි. ඒ නිසා ඇත්ත යටපත් වී ඇති බව මේ පිළිබඳ මතුවී ඇති මතයක්.’’

‘‘pH අගය 5 – 7අතර ජලය බීමට සුදුසුයි. මම හිතන විදිහට අපේ රටේ  pH අගය 4ට වඩා වැඩි ජලය පානය කළාට ගැටලූවක් ඇති වෙන්නෙ නෑ. එයට හේතුව අපේ රටේ ජනතාව ගන්න සියලූම ආහාර ආම්ලිකයි. ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියේදී විනාකිරි වැනි ආම්ලික දේවලූත් එකතු කරනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතියෙ ජීර්ණ ක‍්‍රමවේදයත් ආම්ලිකයි.’’

‘‘නිසියාකාරව වර්ෂාව නොලැබීමෙන් පානීය ජලයේ සංයුතිය වෙනස් වෙන්න පුළුවන්. විසි වසරක පමණ කාලයක් මේ ප‍්‍රදේශයට ඇද හැළුණු වර්ෂාව පිළිබඳ දත්ත ලබා ගෙන බැලූවොත් එහි සැලකිය යුතු අඩුවීමක් දකින්නට පුළුවන්….වර්ෂාව අඩු වීමත් වාෂ්පීකරණය වැඩිවීමත් නිසා යම් ප‍්‍රදේශයක පානීය ජලයේ සංයුතියේ වෙනසක් වීමට පුළුවන්. එවැනි සාධකත් අපේ අවධානයට යොමු විය යුතුයි.’’

‘‘නමුත් අපේ රටේ එවැනි විමර්ශන සිදු නොවීම අනවශ්‍ය ප‍්‍රශ්න රැසකට හේතුවක් වී තිබෙනව. අපේ රටේ විද්‍යාඥයන්, තාක්ෂණවේදීන් සහ ඉංජිනේරුවන් හිඟ වීම මේ තත්ත්වයට ප‍්‍රධාන හේතුවක්.’’

‘‘මේවා පිළිබඳ විමර්ශනාත්මකව කරුණු දක්වන පුද්ගලයන්ට ශ‍්‍රීලනිප, එජාප, ජවිපෙ හෝ බටහිර ගැති ආදි ලේබල් ගැසීමට ක‍්‍රියා කරන පිරිසකුත් අපේ රටේ ඉන්නව. ඒ නිසා මෙබඳු සිදුවීම් පිටුපස ඇති සත්‍යය හෙළි කළ හැකි පුද්ගලයන් අද නිහඬ වෙලා ඉන්නේ. ඒ නිසා විද්‍යාව වෙනුවට රට පුරා අවිද්‍යාව පැතිර යැමේ ප‍්‍රවණතාවක් අද ඇති වෙලා තියෙනව.’’

මහාචාර්ය ලියනගේ කරන මේ විග‍්‍රහය සමග මා එකඟ වෙතත් ජනතාව විද්‍යාව උගත් පමණට ම රටේ විචාරශීලි චින්තනයක් බිහි නොවන බවත් පෙන්වා දිය යුතුයි. අපේ බොහෝ දෙනා විද්‍යා පෙළපොත් පාඩම් කොට උපාධි ලබා ගත්තාට එම චින්තනය එදිනෙදා ජීවිතයට අදාල කර ගන්නේ නැහැ.

මේ යන විදියට ගියොත් තව ටික කලෙකින් ජපන් සමාජය මෙන් ලක් සමාජයත් ඉදිරියට යාමට බිය වූ හා ආපසු හැරීමට නොකැමති වූ එක් තැන පල්වන පිරිසක් බවට පත් විය හැකියි.

ආසයි – බයයි! මේ ආවේග දෙක තුලනය කර ගැනීම අද කාලයේ හැම සමාජයක් ම මුහුණ දෙන අභියෝගයක්.

 

සිවුමංසල කොලූගැටයා #165: සමාජ මාධ්‍ය ලක් සමාජයේම කැඩපතක්

In this week’s Ravaya column (in Sinhala), I return to discuss social media in Sri Lanka, with focus on safe practices.

I covered similar ground in English in this column: 30 March 2014:

When Worlds Collide #101: Safely Riding the Social Media Dragon

Social Media challenge
Social Media challenge

‘සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය’ මැයෙන් 2014 මාර්තු 23 වනදා මා කළ විග‍්‍රහයට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ ලක් සමාජයේ ‘වරප‍්‍රසාද ලත් ටික දෙනෙකුගේ මාධ්‍යයක්’ ගැන මෙතරම් කථා කළ යුතු ද කියායි.

ඉන්ටර්නෙට් භාවිතය පරිගණක හිමි, නාගරික, ඉසුරුබර උදවියට පමණක් සීමා වූ ප‍්‍රවණාතාවක් යයි ද තමන් වැනි මධ්‍යම පාංතිකයන්ට පවා එහි ආයෝජනය දරා ගත නොහැකි යයි ද සරසවි ඇදුරෙක් මා සමග තර්ක කළා.

ඉන්ටර්නෙට් තවමත් ටෙලිවිෂන් හා රේඩියෝ තරම් මෙරට ප‍්‍රචලිත වී නැති බව සැබෑයි. එහෙත් සමහරුන් සිතන තරම් අතලොස්සකට එය සීමා වී ද නැහැ.

මෙරට ඉන්ටර්නෙට් භාවිතය ගැන ගැන සංඛ්‍යාලේඛන ඕනෑම කෙනකුට බලා ගත හැකි පරිදි නිල මූලාශ‍්‍රවල තිබෙනවා. දත්ත ආශ‍්‍රයෙන් නිගමනවලට එළඹීම වඩා හොඳයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අළුත්ම සංඛ්‍යා ලේඛන වලට අනුව 2013සැප්තැම්බර් අග වන විට මෙරට ස්ථාවර ඉන්ටර්නෙට් ගිණුම් 482,651ක් හා ජංගම ඉන්ටර්නෙට් ගිණුම් 1,210,862ක් තිබුණා. මේ දෙක එකතු කළ විට සමස්ත ගිණුම් සංඛ්‍යාව 1,693,513යි. www.trc.gov.lk/index.php/information/statistics.html

එක ගිණුමක් සාමාන්‍යයෙන් දෙදෙනෙකු පාවිච්චි කරනවා යයි උපකල්පනය කළොත් නිතිපතා ඉන්ටර්නෙට් භාවිතා කරන ජන සංඛ්‍යාව මිලියන 3.38ක් පමණ වෙනවා.

අද මෙරට වඩාත් ම ප‍්‍රචලිත සමාජ මාධ්‍යය ෆේස්බුක් Facebook නම් පෞද්ගලික තොරතුරු හා සාමිචී හුවමාරු පොළයි. 2012 අග වන විට මෙරට ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව 1,515,720ක් වී යයි ජාත්‍යන්තර වෙබ් දත්ත හරහා අපට සොයා ගත හැකියි.

ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් සබඳතා ලද හැකිවීම නිසා එය පරිහරණය කරන සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් වැඩිවී තිබෙනවා. එසේම පාසල්, සරසවි, කාර්යාල හා නැණසල/සයිබර් කැෆේ හරහා තමන්ගේම නොවූ පොදු සබඳතා භාවිත කරන සැළකිය යුතු සංඛ්‍යාවක් ද සිටිනවා.

2012 ජන සංගණනයේ මෙරට මුළු ජන සංඛ්‍යාව 20,277,597යි. දළ වශයෙන් ජනගහනයෙන් සියයට 15-20ක් ඉන්ටර්නෙට් භාවිතා කරනවා යයි කිව හැකියි.

එහෙත් නව මාධ්‍යයේ බලපෑම මීටත් වඩා පුළුල් වන්නේ එම භාවිතා කරන්නන් අතර ගුරුවරුන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන් හා සිසුන් ද සිටින නිසා. ඔවුන් ලබා ගන්නා දැනුම ඔවුන් හරහා තවත් බෙහෝ අයට පැතිරෙනවා.

පරිගණක හා ජංගම දුරකථන හරහා ඉන්ටර්නෙට් පරිශීලනයට කිසිදු විශේෂඥ තාක්‍ෂණික දැනුමක් අවශ්‍ය නැහැ. අද කාලේ වයස පහේ හයේ දරුවොත් එයට සමත්. එහෙත් ඒ හැකියාව පුහුණු කර නොගත් වයස 40න් පමණ වැඩි ලාංකික වැඩිහිටියන් මේ තාක්‍ෂණය ගැන අස්ථාන භීතියකින් පසු වනවා.

‘‘අනේ අපි විද්‍යාව/තාක්‍ෂණය උගත් අය නොවෙයි. අපට මේ කොම්පියුටර්, ඉන්ටර්නෙට් ගැන තේරුමක් නැහැ’’ ආකාරයේ ප‍්‍රකාශ කරන ශාස්ත‍්‍රාලීය උගතුන් හා වෘත්තිකයන් මට නිතර හමු වනවා.

මා ඔවුන්ගෙන් අසන්නේ ඔවුන් භාවිත කරන මෝටර්රථ පිළිබඳ කාර්මික දැනුමක් තිබේ ද කියායි. බොහෝ දෙනාට එබන්දක් නැහැ. එහෙත් වාහනයක එදිනෙදා නඩත්තුව, රැක ගැනීම හා මහමග පදවාගෙන යාම පිළිබඳ අවබෝධයක් තිබෙනවා.

නූතන සන්නිවේදන මෙවලම් හරහා සයිබර් අවකාශයේ සැරිසැරීම සඳහාත් මෙයට සමාන අවම දැනුමක් හා කුසලතා සමුදායක් අවශ්‍යයි. මෙය තව දුරටත් පරිගණකවේදීන්ට පමණක් භාර දිය හැකි වගකීමක් නොවෙයි.

Lankan society's popular perception of Facebook is captured in this cartoon by Awantha Artigala. Courtesy - Daily Mirror
Lankan society’s popular perception of Facebook is captured in this cartoon by Awantha Artigala. Courtesy – Daily Mirror

සයිබර් ලෝකය එයට ම ආවේණික ලක්‍ෂණවලින් යුක්තයි.   එහෙත් එය හඳුනා ගැනීමේදී භෞතික ලෝකය සමග සැසදීම අපට උදව් වනවා. මාර්ග ආරක්‍ෂාව හා සයිබර් ආරක්‍ෂාව අතර සමානකම් රැසක් තිබෙනවා.

මාර්ග ආරක්‍ෂාව සාමුහිකව වගකීමක්. මාර්ග සැළසුම්, ඉදිකිරීම් හා නඩත්තු කරන රාජ්‍ය ආයතන, මාර්ග දෙපස පදිංචි නිවැසියන් හා ව්‍යාපාර, මහපාරේ ගමන් කරන පදිකයන් හා සියළු ආකාරයේ වාහන පදවන රියදුරන් අතර අඩු වැඩි වශයෙන් මේ වගකීම බෙදී යනවා. රථවාහන පොලිසියට පමණක් මාර්ග ආරක්‍ෂාව සැළසිය නොහැකියි.

පාරට බසින හැම විටෙක ම අප සැම දැන හෝ නොදැන යම් අවදානමකට මුහුණ දෙනවා. ඒ අවදානම සාධාරණ පරාසයක් තුළ පවත්වා ගන්නට අප දායක විය යුතුයි. අපේ ආරක්‍ෂාව පිළිබඳ අවධි වූ සිහියෙන්, මාර්ග නීති පිළිපදිමින්, විනීතව හා විනයානුකූලව පාරේ ගමන් කිරීමෙන් එකී අවදානම සමනය කළ හැකියි. එහෙත් අනතුරුවීමේ හැකියාව තවමත් පවතිනවා.

මේ ආකාරයේ යථාර්ථයක් සයිබර් අවකාශයේත් තිබෙනවා. එහි සැළසුම, නිර්මාණය හා නඩත්තුවට තනි අප එතරම් සම්බන්ධ නැති වුවත්, ඒ තුළ සැරිසරන විට ප‍්‍රවේශම්කාරි, ආචාරශීලි හා විනයගරුක වීමේ වගකීම අප සැමට තිබෙනවා. එසේ නොකරන විට අනවශ්‍ය අවදානම්වලට අප මුහුණ දෙනවා.

එසේම කෙතරම් ප‍්‍රවේශම් වුවත් යම් අන්තරායන් තවමත් පැවතිය හැකියි. සයිබර් අවකාශය තුළ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හා මහජන ආරක්‍ෂාව සැපයීමේ බලධාරින් වඩාත් සක‍්‍රීයව සිටින්නේ මේ නිසා.

එහෙත් හැම ලයිට් කණුවක් හෝ හන්දියක් ගානේ රථවාහන පොලිසියට සිටිය නොහැකි සේ සයිබර් අවකාශයේ හැම තැනක ම බලය ලත් ආරක්‍ෂකයන්ට සැරිසැරිය නොහැකියි. සාමූහික වගකීම හා තනි තනිව අපේ පරෙස්සම ද අවශ්‍යයි.

මහපාරේ මෙන් ම සයිබර් අවකාශයේ ද පරෙස්සමින් සැරිසැරීම වැඩිහිටියන්ට පවා අභියෝගයක් වන පසුබිම තුළ එයට වයසින් නොමේරූ දරුවන්ට ඊටත් වඩා අසීරු කාරියක්. දරුවන් නව තාක්‍ෂණයට වඩා ලෙහෙසියෙන් හුරු වන බව ඇත්තයි. එහෙත් තාක්‍ෂණය හරහා මතුවිය හැකි අවදානම් හා ගත යුතු ආරක්‍ෂක උපක‍්‍රම ගැන ඔවුන්ගේ දැනුම හා අවබෝධය සීමිතයි.

මෙයට නිසි පිළියම නව තාක්‍ෂණයන්ගෙන් ඔවුන් ඈත් කර තැබීම නොවෙයි. පරෙස්සමින් සැරිසැරීමේ හැකියාව වඩාත් ප‍්‍රගුණ කිරීමයි.

මාර්ග අනතුරු හා රථවාහන සොරකම් ආදිය වාර්තා වූ පමණට අප ගෙදරට වී දොරගුලූ ලාගෙන බියෙන් සිටින්නේ නැහැ. මහපාරේ පරෙස්සමින් යන්නා සේ සයිබර් අවකාශයෙත් පරෙස්සමින් සැරිසැරිය යුතුයි. ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය අරභයා ප‍්‍රවේශම්කාරි හා දැනුවත් වූ ලක් සමාජයක් බිහි කර ගැනීම අවශයයි.

අවසන් විනිශ්චයේදී හැම මාධ්‍යයක්ම අදාල ජන සමාජයේ ගති සොබා පිළිබිඹු කරන කැඩපතක් වගෙයි. කැඩපතෙහි අප දකින ඡුායාවට අප කැමති නැති නම් එහි අරුත කුමක් ද?

සයිබර් ආරක්‍ෂාව පිළිබඳව විවෘත හා පුළුල් සමාජ සංවාදයක් අපට අවශ්‍යයි. සමාජ මාධ්‍ය ගැන සංවාදවලට අපේ සමාජ විද්‍යාඥයන් සම්බන්ධ වනවා මදි. මාධ්‍යවලිනුත් මේ ගැන විමසන්නේ තාක්‍ෂණවේදීන්ගෙන් හා ඉංජිනේරුවන්ගෙන්. ඒ අය මේ ප‍්‍රශ්නයේ තාක්‍ෂණික පැතිකඩ විග‍්‍රහ කළත් සමාජයීය බලපෑම විනිවිද දකින්නේ කලාතුරකින්.

Dr Harini Amarasuriya
Dr Harini Amarasuriya

මේ ගැන විවෘතව අදහස් දක්වා ඇති සමාජ විද්‍යාඥයින් ටික දෙනාගෙන් මගේ අවධානයට යොමු වූයේ ආචාර්ය හරිනි අමරසූරියගේ විග‍්‍රහයක්. විවෘත සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කතිකාචාරිනියක් වන ඇය කියන්නේ අප කැමති වුවත් නැතත් සමාජ මාධ්‍ය අද ලක් සමාජයේ සීඝ‍්‍රයෙන් පැතිරෙන බවයි.

‘‘එය මෙවලමක් පමණයි. එයින් වැඩක් හෝ අවැඩක් සිදුවීම රඳා පවතින්නේ භාවිත කරන අය අතේ. අපේ ළමයින් හා තරුණ තරුණියන් මේ සමග වැඩියෙන් කාලය ගත කරන නිසා එය නැණවත්ව ප‍්‍රවේශමින් පරිහරණය කරන සැටි පෙන්වා දීම වැදගත්.’’

Facebook සමාජ මාධ්‍යයට නැගෙන චෝදනා ගැන ඇගේ මතය: ‘‘අප ඇසිය යුත්තේ ෆේස්බුක් එකේ වරද කුමක් ද කියා නොවෙයි. අපේ සමාජයේ වැරදි මොනවා ද කියායි.’’

මනෝවිද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව හෝ බලන විට තහංචි, සීමා දණ්ඩන පෙරටු කර ගත් ප‍්‍රවේශයක් මේ ප‍්‍රශ්නයට කිසිසේත් නොගැලපෙන බව ඇය අවධාරණය කරනවා. නව යොවුන් වියේ හා තරුණ වියේ පසු වන අය සමාජ මාධ්‍ය හරහා එකිනෙකා සමග සාමිචියේ යෙදීම බෙහෙවින් සාමාන්‍ය දෙයක් බවත්,මේ යථාර්ථයට ලක් සමාජය මුහුණදිය යුතු බවත් ඇය කියනවා.

සමාජ මාධ්‍ය එන්නට පෙර SMS හරහාත් ඊට කලින් තැපෑල හරහාත් තරුණ තරුණියන් සන්නිවේදනය කළා. මෙය නීති විරෝධී හෝ සමාජ විරෝධී ක‍්‍රියාවක් නොවෙයි. (එසේම තැපෑලෙන් පෙම් හසුන් හුවමාරු වූවා කියා කිසිවකු තැපැල් සේවය තහනම් කරන්නට කීවේත් නැහැ!)

කෙන්ද කන්ද කොට මහා ප‍්‍රශ්නයක් බවට පත් කර නොගෙන සමාජ මාධ්‍යවලට අපේ සමාජය ප‍්‍රශස්තව බද්ධ විය යුත්තේ කෙසේදැයි විමසා බැලීමයි වඩාත් වැදගත් හා අවශ්‍ය වන්නේ.

සමාජ මාධ්‍ය පොදු උන්තතියට උපක‍්‍රමශීලිව යොදා ගැනීමේ පුරෝගාමීන් හැටියට දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනිසීයාව හා තායිලන්තය දැක්විය හැකියි. ලිංගික ප‍්‍රචණ්ඩත්වය, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ප‍්‍රශ්න, පාරිභෝගික උද්ඝෝෂණ ආදී බොහෝ කරුණු සම්බන්ධයෙන් ඒ රටවල සමාජ කි‍්‍රයාකාරිකයන් සමාජ මාධ්‍ය දක්‍ෂ ලෙස යොදා ගන්නවා.

මධ්‍යම පාතිකයන් මිලියන් 300කට වඩා වෙසෙන ඉන්දියාවේද සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් භාවිතය ජන සමාජයට පුළුල් වශයෙන බලපෑම් කිරීම ඇරඹිලා. විශේෂයෙන් අල්ලස හා දුෂණයට එරෙහිවත් කාන්තාවන්ට නිසි රැකවරණය සඳහාත් මෑත කාලයේ ඉන්දියාව හරහා පැතිර ගිය මහා පරිමාණයේ ජනතා උද්ඝෝෂණ තීව‍්‍ර කළේ සමාජ මාධ්‍ය භාවිතයයි. 2014ඉන්දියානු මහා මැතිවරණයේදී සමාජ මාධ්‍ය තීරණාත්මක සාධකයක් විය හැකියි.

ඉන්ටර්නෙට් මෙරටට හඳුන්වා දුන් මුල් කාලයේම මා යෝජනා කළ ඔවදනක් සමාජ මාධ්‍යවලටත් අදාලයි.

දැන ගියොත් ඉන්ටර්නෙට්.

නොදැන ගියොත් අතරමග.

එයට දැන් යමක් එකතු කළ හැකියි.

අවධියෙන් ගියොත් ඉන්ටර්නෙට්

අවසිහියෙන් ගියොත් මංමුලාවේ!

facebook-cartoon-dave-coverly

සිවුමංසල කොලූගැටයා #164: දකුණු ආසියාව කුල්මත් කළ හුරුබුහුටි මීනා

This week’s Ravaya column (in Sinhala) is about the Meena Communication Initiative, which used animations and popular culture to discuss serious messages related to the girl child in South Asia.

I covered the same ground in an English column some weeks ago: January 2014: When Worlds Collide 96: Before Malala Came Meena…

Meena and Mithu

මීනා කෙලිලොල් හා හුරුබුහුටි දැරියක්. වයස අවුරුදු 9 – 10ක් පමණ ඇති. ඇයට වැඩිමහලූ අයියා කෙනකුත්, අතදරු වියේ පසු වන නංගි කෙනකුත් ඉන්නවා. ඇගේ මව, පියා සහ ආච්චි සමග පවුල වාසය කරන්නේ සරල ගැමි ගෙදරක. ඔවුන්ගේ ගම්මානය දකුණු ආසියාවේ යම් තැනෙක, ඕනෑම තැනෙක විය හැකියි.

ඇත්තටම කිවහොත් මීනා කාටූන් චරිතයක්. එහෙත් ගෙවී ගිය දශක දෙක පුරා මීනාගේ කථා ටෙලිවිෂන් හා චිත‍්‍රකථා පොත් හරහා රස විදින මිලියන් ගණනක් දකුණු ආසියාවේ දරු දැරියන්ට හා වැඩිහිටියන්ට නම් මීනා ඇතුඵ පවුලේ උදවිය හරියට ජීවමාන චරිත වගෙයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් (Unicef) ආයතනය ලොව දක්‍ෂ කාටූන් ශිල්පීන් හා සන්නිවේදනක පිරිසක් සමග එක්ව නිර්මාණය කළ මීනා කථා මාලාව, මෑත කාලයේ සංවර්ධන පණිවුඩ හා ජනපි‍්‍රය සංස්කෘතිය මනා සේ යා කළ සාර්ථක උත්සාහයක්.

1990දී ලෝකයේ රාජ්‍යයන් විසින් සම්මත කර ගත් ළමා අයිතිවාසිකම් පිළිබඳ ලෝක සම්මුතියේ කියැවෙන විවිධ අයිතීන් දකුණු ආසියාතික දැරියන්ට අදාල වන ආකාරය ගැන මීනා කථාවලින් රසවත්ව විවරණය කරනු ලැබුවා. නීති හෝ පිළිවෙත් ගැන කිසිවක් සඳහන් නොකොට එය මුළුමනින් ම මතු කරන්නේ කථා හරහායි.

දකුණු ආසියාවේ (සාක් කලාපයේ) රටවල ගැහැණු දරුවන් මුහුණ දෙන අභියෝග හා ඔවුන්ට නිසි අයිතීන් හා රැකවරණය ලබා දෙන්නට සමාජයට ඇති වගකීම් ගැන සරලවත්, විචිත‍්‍රවත් කියා දෙන මීනා කථා ඇරඹුණේ 1990 දශකය මුලදී බංග්ලාදේශයෙන්. ඇගේ මාධ්‍ය චාරිකාව මුල් යුගයේ පටන් මහත් ඕනෑකමින් අධ්‍යයනය කළ කෙනකු ලෙස මා එය සැකෙවින් බෙදා ගන්නට කැමතියි.

Meena originator Neill McKee
Meena originator Neill McKee

මීනා චරිතයේ හා කථා මාලාවේ නිර්මාතෘවරයා කැනේඩියානු ජාතික සන්නිවේදක නීල් මැකී (Neill Mckee). 1990 දශකය ඇරැඹෙන විට ඔහු යුනිසෙෆ් ආයතනයේ බංග්ලාදේශ් කාර්යාලයේ සන්නිවේදන ප‍්‍රධානියාව සිටියා.

ගතානුගතික දකුණු ආසියාතික ජන සමාජයන්හි පිරිමි දරුවන්ට ලැබෙන සැළකිල්ල හා ප‍්‍රමුඛත්වය බොහෝ විට එම පවුල්වල ගැහැණු දරුවන්ට නොලැබීම යුනිසෙෆ් අවධානයට ලක්ව තිබුණා. මේ නිසා ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, පෝෂණය හා අනාගතය අඩාල වන බවත්, මේ සමාජයීය ආකල්ප ටිකෙන් ටික වෙනස් කළ යුතු බවත් යුනිසෙෆ් තේරුම් ගත්තා.

මෙබඳු කිදා බැස ගත් ආකල්පවලට එක එල්ලේ එරෙහි වීම හෝ පණ්ඩිත විවේචන කිරීම සාර්ථක නොවන බවත් නීල් මැකී දැන සිටියා. කථාන්දර ස්වරූපයෙන්, ලිහිල් විලාසයකින් මේ ගැඹුරු පණිවුඩය ගෙන යාමට යුනිසෙෆ් තීරණය කළා.

මේ වන විට සාර්ක් කලාපයේ රාජ්‍යයන් ද මේ ගැන අවධානය යොමු කර තිබුණා. 1990 වසර ගැහැණු දරුවන් පිළිබඳ සාක් වර්ෂය (SAARC Year of Girl Child) ලෙස නම් කරනු ලැබුවා.

මීනා චෙකොස්ලොවාකියාවේ ප‍්‍රාග් නුවර දී පිළිසිඳ ගෙන, බංග්ලාදේශයේ අගනුවර ඩාකාහිදී උපත ලැබුවා යයි කිව හැකියි. හේතුව මේ අදහස මුලින්ම මැකීගේ මනසට ආවේ ප‍්‍රාග් නුවර සමුඵවකට සහභාගී වන අතර බැවින්.

ආපසු ඩාකා නුවරට පැමිණි මැකී සෙසු කාර්ය මණ්ඩලයත් සමග දිගින් දිගට මේ ගැන සාකච්ඡා කළා. හුරුබුහුටි දැරියක් කථා නායිකාව කර ගෙන, ඇගේ පවුල හා ගම පසුබිම් කර ගත් කාටූන් කථා මාලාවක් නිර්මාණය කරන්නට ඔවුන් තීරණය කළා. මේ සඳහා ආයතනය තුළ අරමුදල් නොසෑහුණු බැවින් විවිධ ආධාර ආයතනවලින් එයට මුදල් සොයා ගන්නට ද මැකී වෙහෙසුණා.

ආණ්ඩු සාමාජිකත්වය දරණ අන්තර් රාජ්‍ය ආයතනයක් ලෙස යුනිසෙෆ් කි‍්‍රයාත්මක වන්නේ රජයන්ගේ අනුදැනුම ඇතිවයි. දකුණු ආසියාවේ කොයි කාටත් තේරෙන, සමීප නමක් සෙවූ යුනිසෙෆ් කණ්ඩායම මීනා නම තෝරාගෙන එයට සාක් රටවල නිල අනුමැතිය ලබා ගත්තා.

Best friends - Meena and Mithu
Best friends – Meena and Mithu

කථා රසය වැඩි කරන්නට මීනාට සුරතල් සතෙකු සිටිය යුතු යයි ඔවුන් තීරණය කළා. මුලින් යෝජනා වූයේ හීලෑ කළ රිලා පැටවෙකු වුවත් එයට ශී‍්‍ර ලංකා රාජ්‍ය නියෝජිතයන් එකඟ නොවු නිසා කටකාර ගිරවකු තෝරා ගත් බව මැකී ලියා තිබෙනවා. මිතූ (Mithu) යයි නමක් දෙනු ලැබු මේ ගිරවා මීනා යන සැම තැනම යන, ඇයට ඉතා ලෙන්ගතු සුරතලෙක්.

මීනාගේ පෙනුම හා ඇඳුම් ද හැම දකුණු ආසියාතික රටකට ම සමීප වීම සඳහා නිර්මාණකරුවන් විශේෂ උත්සාහයක් ගත්තා. සාරියක්, සල්වා කමීසයක් වැනි සංස්කෘතික වශයෙන් එක් රටකට දෙකකට ආවේණික ඇඳුමක් වෙනුවට එතරම් සුවිශේෂි නොවන ලිහිල් කලිසමක් හා කමිසයක් ඇයට ලබා දුන්නා.

මේ පෙනුම ඇතුළු අනෙක් සියුම් කාරණා නිර්ණය කිරීමට පෙර ඉතා පුළුල්ව මත විමසීම් ගවේෂණ කරනු ලැබුවා. සාක් රටවල කුඩා කණ්ඩායම් රැස්වීම් 200ක් පමණ පවත්වා බාල හා වැඩිහිටි 10,000කට වැඩි පිරිසකගේ රුචි අරුචිකම් විමසා බැලූ බව මැකී කියනවා.

මෙතරම් පේ‍්‍රක්‍ෂක පර්යේෂණ මත පදනම්ව නිර්මාණය වූ කාටූන් කථා අපේ කලාපයේ දුර්ලභයි. (එහෙත් වෝල්ට් ඩිස්නි වැනි ලොකු සමාගම් අළුත් නිර්මාණයක් කරන්නට පෙර සැම විටම පුළුල්ව පර්යේෂණ කරනවා.)

මීනා වසන ගම්මානයත් දකුණු ආසියාවේ ඕනෑම රටක තිබිය හැකි ආකාරයේ පෙනුමක් සහිතයි. ගතානුගතික වැඩවසම් මානසිකත්වය ඇති අය මෙන් ම වඩාත් විවෘත මනසකින් යුතු පාසල් ගුරුවරිය වැනි චරිත ද එහි හමු වනවා.

Meena chief animator Ram Mohan
Meena chief animator Ram Mohan

මේ චරිත රූප බවට පත් කොට කාටූන් කථා බිහි කරන්නට යුන්සෙෆ් ඇරයුම් කළේ ඉන්දියාවේ ප‍්‍රවීණතම කාටූන් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ රාම් මෝහන්ටයි ( Ram Mohan). ඔහු 1956 සිට මේ ක්‍ෂෙත‍්‍රයේ නියැලී සිටි කෙනෙක්. උපදේශක මට්ටමින් ඇමරිකාවේ ප‍්‍රකට කාටූන් සමාගමක් වන හැනා-බාබරා චිත‍්‍රාගාරය (Hanna-Barbera Productions) ද ෆිලීපිනයේ ෆිල්කාටූන් සමාගම (Fil-Cartoons) ද සම්බන්ධ කර ගනු ලැබුවා. එහෙත් මේ නිර්මාණය 90%ක්ම දකුණු ආසියාතික නිර්මාණයක්.

‘‘අප විවිධාකාර හැඩතල නිර්මාණය කරමින් විවිධ ජන පිරිස් වලට ඒවා පෙන්නුවා. ඔවුන් වැඩි දෙනෙකු පි‍්‍රය කළ රසය එකතු කොට මීනාගේ පවුල, ගම හා කථා මාලාව බිහි කළා’’ රාම් මෝහන් කියනවා. මෙය වසර දෙකක් ගත වූ සාමුහික ව්‍යායාමයක්.

මුල් ම මීනා කථාව වූයේ Count Your Chicken (කුකුළු පැටවුන් ගණන් කරමු). අයියා (රාජු) පාසල් යවන නමුත් ගැහැණු දරුවෙකු නිසා මීනා පාසල් නොයවා ගෙදර තබා ගන්නවා. ඒත් අයියා පසුපස පාසල දක්වා යන මීනා, පන්ති කාමරයට පිටත සිට පාඩම් අසා සිටිනවා. එසේ දුර සිට උගත් ගණන් කිරීමේ හැකියාව ප‍්‍රායෝගිකව පාවිච්චි කොට කුකුල් හොරකු අල්ලා දෙන මීනා ගැන පැහැදෙන ඇගේ දෙමවුපියෝ ප‍්‍රමාද වී හෝ ඇයත් පාසල් යවනවා.

දෙවැනි කථාවට පාදක වූයේ රසවත් අඹ ගෙඩියක් ගෙදර ගෙනවිත් එයින් වැඩි පංගුව අයියාටත් ඇබිත්තක් පමණක් මීනාටත් දීමේ සිද්ධියයි. ගැහැණු දරුවාට එළිපිටම අඩු සැළකිලි දීමේ සම්ප‍්‍රදාය මේ කථාවෙන් හීන් සීරුවේ අභියෝගයට ලක් කැරෙනවා.

විනාඩි 10-15ක් පමණ දිගට දිවෙන මීනා කාටූන් කථා මුල් වටයේ 13ක් නිර්මාණය කළා. ඒවා ඉංගී‍්‍රසි, හින්දි, උර්දු, බංග්ලා, නේපාලි, දෙමළ, සිංහල වැනි භාෂා ගණනාවකට හඬ කවා එක් එක් රටවල ටෙලිවිෂන් නාලිකාවලට නොමිලයේ බෙදා හරිනු ලැබුවා.

Who's Afraid of the Bully
Who’s Afraid of the Bully

ප‍්‍රතිශක්තිකරණය, සනීපාරක්‍ෂාව, බාල වයස්කරුවන්ගෙන් වැඩ ගැනීම, ආපදාවලින් සුරැකීම, සෙල්ලම් කිරීමට දරු දැරියන්ට ඇති අයිතිය, අඩු වයසින් දැරියන් විවාහ කර දීම, HIV/AIDSවලින් ආරක්‍ෂා වීම වැනි තේමා යටතේ මීනා කාටූන් කථා නිපදවනු ලැබුවා. ඒ හැම එකක්ම සංවේදීව හා නිවැරදිව අදාල කරුණු කථානුසාරයෙන් ඉදිරිපත් කළා. මෙය ලෙහෙසි පහසු වැඩක් නොවෙයි.

ටෙලිවිෂන් කාටූන් මාලාවට අමතරව එම කථා චිත‍්‍ර කථා පොත් පෙළක් ලෙස ද මුද්‍රණය කොට විවිධ භාෂාවලින් බෙදා හරිනු ලැබුවා. බංග්ලාදේශය මුල් කර ගෙන ඇරඹුණත් 1995 වන විට මීනා සන්නිවේදන ව්‍යාපෘතිය සියළු සාක් රටවලට ව්‍යාප්ත වුණා.

එහිදී වැදගත් මෙහෙවරක් ඉටු කළේ මීනා ව්‍යාපෘති කළමනාකරු ලෙස කත්මන්ඩු නුවර යුන්සෙෆ් දකුණු ආසියාතික කලාපීය කාර්යාලයට පත්ව ආ කි‍්‍රස්ටියන් ක්ලාක් (Christian Clark). කලකට පෙර ලෝක ප‍්‍රකට සෙසමි ස්ටී‍්‍රට් ළමා ටෙලිවිෂන් වැඩසටහනේ පිටපත් රචකයෙකු හා කාටුන් ශිල්පියෙකු ද වූ ඔහු කාටුන් හරහා සමාජයට වැදගත් තොරතුරු හා පණීවුඩ දීමේ විභවය මනාව හඳුනාගෙන සිටියා.

‘කිසි විටෙක කථා රසය පලූදු වන ආකාරයෙන් තොරතුරු වැඩි කිරීමට හෝ පණිවුඩ දීමේ අරමුණින් දේශනා පැවැත්වීමට හෝ අප ඉඩ දුන්නේ නැහැ,’ මා හමු වූ විටෙක ඔහු ආවර්ජනය කළා.

කෙටි කලකින් මීනා කථා දකුණු ආසියාව පුරා කෙතරම් ජනපි‍්‍රය වී ද යත් එය ආදර්ශයට ගෙන සාරා නම් අපි‍්‍රකානු කථා මාලාවක් ද පසුව නිර්මාණය කරනු ලැබුවා. ඒ හරහා මෙබඳු ම වැදගත් පණිවුඩ අපි‍්‍රකානු සමාජයන්ට දෙන්නට යුන්සෙෆ් අපි‍්‍රකානු කාර්යාල උත්සාහ කළා. මීනාට වඩා ටිකක් වැඩිමහලූ සාරා දැරියට වයස 13යි. සිංගෝ නම් හුරතල් රිලා පැටියෙකු ඇයට සිටිනවා.

‘කාටූන් චරිත හැටියට මීනා හා සාරා තීරණාත්මක සමාජ සන්නිවේදනයක පෙර ගමන්කරුවන් වුණා. බොහෝ ගතානුගතික සමාජවල විවෘතව එක එල්ලේ සාකච්ඡා කළ නොහැකි ආකල්ප ගැන නැවත සිතා බැලීමකට ඒ හරහා යොමු කළා.’ නීල් මැකී හා කි‍්‍රස්ටියන් ක්ලාක් පසු කලෙක සිය අත්දැකීම් සමාලෝචනය කරමින් ලියා තැබුවා.

කාටූන් නිසා ළමා මනස අයාලේ යනවා යයි සිතන අයට මීනා අළුත් මානයක් පෙන්වා දෙනවා. තවත් කාටූන් නිර්මාණකරුවන් මේ මාර්ගයේ යනවා නම් කෙතරම් අපූරුද?

මීට වසර 15කට පමණ පෙර පාලිත ලක්‍ෂ්මන් ද සිල්වා ළමා අයිතිවාසිකම් විදහා දැක්වෙන කෙටි (විනාඩියේ) කාටුන් මාලාවක් නිර්මාණය කළා. සිබිල් වෙත්තසිංහගේ චිත‍්‍ර යොදා ගෙන කළ මේ නිර්මාණය සීමිත සම්පත් හරහා මීනා ගිය මග යන්නට ගත් දේශීය උත්සාහයක්.

 

Meena: Count your Chickens

Will Meena Leave School?

Meena: Too young to Marry

සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

In an op-ed written in 2008, titled Mobile Phones – Everyman’s New Trousers?, I said:

“The mobile phone is the biggest social leveller in Sri Lankan society since the trouser became ubiquitous (initially for men, and belatedly for women). Our elders can probably recall various arguments heard 30 or 40 years ago on who should be allowed to wear the western garb: it was okay for the educated and/or wealthy mahattayas, but not for the rest. Absurd and hilarious as these debates might seem today, they were taken very seriously at the time.

“Make no mistake: the mobile is the trouser of our times –- and thus becomes the lightning rod for class tensions, petty jealousies and accumulated frustrations of an elite that sees the last vestiges of control slipping away.”

Six years on, pockets of resistance and cynicism still prevail. I was taken aback by a recent Sinhala-language commentary appearing in the official magazine of a respected Lankan development organisation that reiterated many such prejudices. In this week’s Ravaya column (in Sinhala), I look at how Lankans in lower socio-economic groups perceive benefits from their mobile phones. I draw from LIRNEasia’s research on teleuse at bottom of the pyramid.

Young woman uses her mobile phone on the road - Photo by Niroshan Fernando
Young woman uses her mobile phone on the road – Photo by Niroshan Fernando

‘මානව ඉතිහාසය යනු අධ්‍යාපනය හා ව්‍යසනය අතර තරග දිවීමක්’ යයි ව්‍යක්ත ලෙසින් වරක් කීවේ ප‍්‍රකට බි‍්‍රතාන්‍ය ලේඛක හා සමාජ විචාරක එච් ජී වෙල්ස්. මෙය ඉතා හරබර කියමනක් මෙන්ම මානව ශිෂ්ටාචාරය මුහුණ දෙන ලොකු ම අභියෝගය කැටි කරන්නක්.

ලක් සමාජයට අදාලවත් වෙනත් ආකාරයේ තරග දිවීම් නිරන්තරයෙන් සිදුවනු මා දකිනවා. පෞරාණිකත්වය හා නූතනත්වය එකිනෙකා අභිබවා යන්නට පොර කනවා. විවෘත වූත්, ආත්ම විශ්වාසය පෙරටු කර ගත්තා වූත් ගෝලීය මානසිකත්වය සමග ගතානුගතික වැඩවසම් දුපත් මානසිකත්වය නිරතුරු ගැටෙනවා.

අප නවීන ලෝකයෙන් ඈත් වී, අතීත සශ‍්‍රීකත්වයක් මෙනෙහි කරමින් (රාවනා වැනි) ප‍්‍රවාදයන්ට යළි පණ පොවමින් සිටිය යුතු යැයි තර්ක කරන බාල-වැඩිහිටි පිරිස් මෙන් ම දුපතෙන් ඔබ්බට අපේ බුද්ධිය, ශිල්ප කුසලතාවන් රැගෙන ගොස් ලෝකය ජය ගත යුතු යයි තරයේ විශ්වාස කරන අයත් සිටිනවා. පරිනත සමාජයක මේ කොයි කාටත් තමන් කැමති දෙයක් ඇදහීමට ඉඩ තිබිය යුතුයි.

ජංගම දුරකථන මෙරටට හඳුන්වා දුන්නේ 1989දී. ඒ නිසා මේ තාක්‍ෂණයේ ලංකාගමනයට 2014දී වසර 25ක් පිරෙනවා. මුලින් රුපියල් ලක්‍ෂයක් පමණ අධික මිල වූ (ගඩොල් බාගයක් තරම් විශාල) ජංගම දුරකථනවලින් ඇරැඹුණු මේ සේවා වසර කිහිපයක් ඇතුළත සාමාන්‍ය ජනයා අතර ගැවසෙන එදිනෙදා උපකරණයක් බවට පත් වුණා.

එය අහම්බෙන් සිදු වූවක් නොව 1990 දශකය මැද චන්ද්‍රිකා රජය හඳුන්වා දුන් දුරදක්නා ටෙලිකොම් නියාමන ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලයක්. දශක ගණනක් ඒකාධිකාරය හිමි කරගෙන සිටි රාජ්‍ය ටෙලිකොම් සේවයට අමතරව නිසි ලෙස නියාමනය කැරෙන රාමුවක් තුළ තරගකාරි සමාගම්වලට ද දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයට පිවිසීමට ඉඩ සලසා දුන්නා.

මේ සම්බධයෙන් තීරණාත්මක ලෙස මුල් වූ මෙරට මුල්ම ටෙලිකොම් නියාමක මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දෙන පරිදි 1990 දශකයෙන් පසු මෙරට දුරකථන හා අනුබද්ධිත සේවා ව්‍යාප්ත කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් කිසිදු මහජන මුදලක් වැය කර නැහැ. තනිකරම වෙළඳපොල ප‍්‍රවාහයන් හරහා දෙස් විදෙස් ආයෝජන ඇද ගනිමින් මේ ක්‍ෂෙත‍්‍රය ඉක්මනින් පුළුල් වූවා. එසේම තරගකාරිත්වය හරහා ග‍්‍රාහකයන් ගෙවිය යුතු ගාස්තු සැළකිය යුතු ප‍්‍රමාණයකින් අඩු වුණා.

සංවර්ධනය ගැන තුලනාත්මකව හා සංවේදීව සිතන ජනතා සංවිධාන අතර පවා හනමිටි අදහස් හා කල් ගිය සංඛ්‍යාලෙඛන මත පදනම් වූ වැරදි මතයන් හමු වනවා. මීට දශක දෙකකට පෙර දුරකථන සම්බන්ධයෙන් තිබූ යථාර්ථය මුළුමනින් වෙනස් වී ඇතත් තවමත් ජංගම දුරකථන සුපිරි පැලැන්තියකට බර වූ හා වියදම් අධික තාක්‍ෂණයක් යයි දුර්මතය සමහරුන් බැහැර කර නැහැ.

මෙරට ප‍්‍රධාන පෙළේ ජන සංවිධානයක නිල සඟරාවේ මෑතක පළ වූ විග‍්‍රහයක් (බත් වෙනුවට ‘‘රයිස්’’ කකා ‘‘රීලෝඞ්’’ දමන ජංගම සමාජයක්) මා කම්පනයට පත් කළා. නව තාක්‍ෂණයට විචාරශීලීව විවෘත වූ මනසක් කවදත් ඔවුන් සතු බව මා අත්දැකීමෙන් දන්නවා. එහෙත් එබඳු තැනෙක පවා පසුගාමී අදහස් ඇති අය සිටිය හැකියි. මේ උධෘත බලන්න.

‘‘බිරිය රැකියාවක් කළත් නොකළත්, ඇතැම් විටෙක දෙදෙනාට ම ස්ථිර ආදායමක් නැති වුණත්, ඉඳහිට ලැබෙන ගානකින් හෝ ණයක් තුරහක් වීමෙන් හෝ සතියකට දවසක් දෙක්කවත් ‘රයිස්’ කෑම හා ‘රීලෝඞ්’ දැමීම මග නොහරි.’’

‘‘තමන්ගේම වාහනයක, පොදු ප‍්‍රවාහණ සේවයක, පයින් ඇවිද යන අවස්ථාවට පිරිමින්ටත් වඩා කාන්තාව සිය ජංගම දුරකතනය කනට ළං කර ගත් ගමන්ය. ඇත්තම කියනවා නම් අද කාන්තාව බහුතරයක්ම තම තනියට ළං කර ගෙන සිටින්නේ ජංගම දුරකථනයයි. ඒ නිමක් නැති කතාව වෙනුවෙන් තමාම හෝ කාට හරි කියා හෝ ‘රීලෝඞ්’ දැමිය යුතුය.’’

‘‘නිවසේ බතක් උයා පිහා ගන්නට තරම් වත් කාලයක් නැතිව, කඩෙන් ‘රයිස්’ කකා, ‘රීලොඞ්’ දම දමා, මේ කතා කරන්නේ කාටද? මොනවා ගැනද? විශේෂයෙන් ම රැකියාවක් නොකරන ගමේ කාන්තාව මේ දුරකතන සංවාදය පවත්වා ගන්නේ කවර ප‍්‍රතිඵලයක් වෙනුවෙන්ද?’’

මේ ලේඛකයා කාන්තා විරෝධී මෙන්ම නූතනත්වයට එරෙහි අතිශය පටු විග‍්‍රහයක් කරනවා. (මෙය තම සංවිධානයේ නිල මතය නොවන බවට එහි ප‍්‍රධානින් මට සහතික වූවා.) මේ මත දරන්නට තනි පුද්ගලයකුට ඉඩක් ඇතත්, ඒවා විවාදාත්මකයි.

ලේඛකයාට අනුව හැමදාමත් ගමේ කතුන් ළිඳ ළඟ නැත්නම් වැට ළඟ ම කථා කළ යුතු ද? මානසික විවේකය සඳහා ජංගම දුරකථනයක් හරහා කිසිවකුට කථාබහ කිරීම කාන්තාවන්ට අකැප ද? සන්නිවේදන සේවා භාවිතයේදී ගැහැණු පිරිමි භේද තිබිය යුතු ද? රැකියාවක් නොකළත් ගෙදරදොර බොහෝ වැඩ කරන කාන්තාව සැමදාමත් ගෙයිමුල්ලේ හූල්ලමින් හුදකලාවේ සිටීම සාධාරණ ද?

කාන්තාවන් තමාගේම ජංගම දුරකථනයක් හිමිකර ගත යුතු ද එයින් කැමති කෙනකු හා සාමිචියේ යෙදිය යුතු ද ආදි පුද්ගල මට්ටමේ ප‍්‍රශ්න කොහේවත් සිටින සුචරිතවාදීන්ට අදාල කාරණා නොවේ. ඒ හරහා මතු වන්නේ ඔවුන්ගේ කුහක බවයි.

Rural woman in Sri Lanka using a mobile phone - Photo by Niroshan Fernando
Rural woman in Sri Lanka using a mobile phone – Photo by Niroshan Fernando

තොරතුරු තාක්‍ෂණයන් හරහා තොරතුරු සමාජය ආසියාවේ නැගී එන රටවල ස්ථාපිත වන සැටි විධිමත්ව අධ්‍යයනය කරන ලර්න්ඒෂියා LIRNEasia පර්යේෂණායතනය, අඩු ආදායම්ලාභි ජනතාව දුරකථන භාවිත කරන රටා 2006 සිට සොයා බලනවා. ගම් හා නගරවල දහස් ගණන් අපේ ගැහැණු පිරිමි දුරකථන යොදා ගන්නේ කුමකට ද? ඔවුන් ඒ සඳහා කරන වියදම කෙබඳු ද? රුචි අරුචිකම් මොනවා ද? මේ ආදිය ගැන රැස් කර ගත් වටිනා දත්ත සමුදායක් ලර්න්ඒෂියා සතුයි.

මේ සමීක්‍ෂණය අවසන් වරට කළ 2011 වසරේදී දිවයිනේ විවිධ ප‍්‍රදේශ නියෝජනය වන පරිදි තෝරාගත් 1,200ක් දෙනා සම්බන්ධ කර ගත්තා. එයින් 40%ක් පිරිමි හා 60%ක් කාන්තාවන්. 15% නාගරික හා ඉතිරි 85% ග‍්‍රාමීය. සමීක්‍ෂණයට පාත‍්‍ර වූ ගෘහස්තයන්ගෙන් 88%ක ස්ථාවර හෝ ජංගම දුරකථනයක් තිබුණා. (මේ සමීක්‍ෂණය කළේ වෙළඳපොළ සමීක්‍ෂකයන්ගේ විග‍්‍රහයට අනුව සමාජ ආර්ථික ස්ථර D හා E නම් ගණයට වැටෙන ගෘහස්ත පමණක් සම්බන්ධ කර ගෙනයි. මෙරට මේ ගණයට වැටෙන මෙරට ජනගහන ප‍්‍රතිශතය 44%ක් වනවා.)

පොදුවේ මෙම ආදායම් මට්ටමේ 71% ලාංකිකයන් දුරකථනයක් හිමිව හෝ පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව 2011 වන විට ලබා තිබුණා. දැන් වන විට මේ තත්ත්වය තවත් දියුණු වී තිබිය යුතුයි. පෙර වසරවල මෙන්ම 2011දීත් දුරකථනයක් හිමිකාරිත්වයේ හා භාවිතයේ වාසි මොනවාදැයි විමසනු ලැබුවා.

Telecom Regulatory Commission of Sri Lanka statistics

2011 මෙන්ම ඊට පෙර කරන ලද මේ ආකාරයේ ලර්න්ඒෂියා සමීක්‍ෂණවලින් පැහැදිලි වන්නේ දුරකථන භාවිතයේ ලොකුම වටිනාකම ලෙස අඩු ආදායම්ලාභීන් සලකන්නේ මානව සබඳතා පවත්වා ගැනීම හා හදිසියකදී සම්බන්ධ වීමේ හැකියාවයි. ආර්ථික හා ජීවනෝපාය වාසි එන්නේ ප‍්‍රමුඛත්වයෙන් ඉන් පසුවයි. http://lirneasia.net/projects/2010-12-research-program/teleusebop4/

මෙය අඩු වැඩි වශයෙන් සමීක්‍ෂණයට හසු කර ගත් බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්ථානය හා තායිලන්තය යන රටවල නියැදිවලටත් අදාල වූවා. (එහෙත් ඉන්දියාවේ හා පාකිස්ථානයේ දුරකථනයක් හිමි කර ගැනීම තමන්ගේ සමාජ තත්ත්වයට රුකුලක් වන බව වැඩි දෙනෙකු සිතනවා.)

ලාංකිකයන් දුරකථන භාවිතයේ වඩාත් වැදගත් වාසි ලෙසට තෝරනු ලැබුවේ: 1) හදිසියකදී අන් අය සමග සන්නිවේදනයේ හැකියාව; 2) පවුලේ උදවිය හා හිතමිතුරන් සමග සබඳතා පවත්වා ගැනීම; 3) යම් ගමන්බිමන් අඩු කර ගත හැකි වීම.

දුරකථනයක ආර්ථික වාසි නම් කිරිමට කී විට ලැබුණු පිළිතුරු වූයේ: 1) ගමන් බිමන් අඩු කර ගැනීම; 2) එදිනෙදා වැඩකටයුතු වඩාත් හොඳින් සැළසුම් කොට කළ හැකි වීම; 3) රැකියාවට හෝ ව්‍යාපාරයට අදාල පුද්ගලයන් සමග ලෙහෙසියෙන් සන්නිවේදනය කළ හැකි වීම.

ජංගම දුරකථන එදිනෙදා උපකරණයක් බවට පත් වී පිරිමි හා ගැහැණු දෙපිරිසේ ම මානව අවශ්‍යතා සම්පාදනය කර දෙන සමීප සේවාවක් බවට පත්ව තිබෙනවා. දුරකථන භාවිතා කරන රටාවන් හා රුචි අරුචිකම් සසඳා බලන විට පිරිමි හා ගැහැණු අතර සැළකිය යුතු වෙනස්කම් නැති බවත් මේ සමීක්‍ෂණයෙන් පෙනී යනවා. සන්නිවේදනයට පිවිසියාම අපි සියළු දෙනා මානවයෝ!

පරම්පරාවකට පෙර දුරකථන දුර්ලභ හා ඇමතුම් වියදම් සහගත වූ නිසා ඉතා අරපරෙස්සමින් හා සකසුරුවමෙන් ඇමතුම් ගන්නට එකල අප පුරුදු වුණා. ඒ යථාර්ථය දැන් වෙනස්.

සිතේ සැනසිල්ලට හෝ අස්වැසිල්ලට (peace of mind) ඇමතුමක් ගැනීම කිසිසේත් වරදක් හෝ නාස්තියක් නොවෙයි. ටෙලිකොම් සමාගම්වලින් ලබා දෙන විවිධ පැකේජයන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගනිමින්, වැය කරන මුදලට හැකි තාක් වැඩි ඇමතුම් හෝ SMS හෝ වෙනත් සේවා ගැනීමට අද තරුණ තරුණියෝ දක්‍ෂයි.

අවිනිශ්චිතබව හා අසහනයන් හමුවේ ඔවුන් මෙසේ නිතර දුරස්ථ සාමිචි කිරිමට හැකි වීම මානසික සුවයක්. එයට ඔවුන් වියදම් කරන්නේ දුරස්ථ සන්නිවේදනය අගය කරන නිසා. වයස 60 පසු කළ නැන්දලා මාමලාට මෙය තේරුම් ගන්න අමාරුයි.

අප කම්පා කළ සඟරා ලිපිය නිර්නාමිකව ලියූ ලේඛකයා එය අවසන් කරන්නේ මුළු ලක් සමාජයම මහා විපතකට ලක්ව ඇතැයි විලාප නගමින්. මේ උධෘතය බලන්න.

‘‘බෞද්ධ සංස්කෘතියෙන් හැඩ ගැසී ඇතැයි කීවත්, ලාංකික සමාජයට මේ බර දරා ගැනීමට හැකියාවක් නැති බව මේ ‘සන්නිවේදන සුනාමියට’ රට ගසා ගෙන යන සැටියෙන් පෙනේ.’’

ලක් සමාජයට සන්නිවේදන සුනාමිය දරා ගත නොහැකි යයි ලේඛකයා කියන්නේ කුමන පර්යේෂණාත්මක පදනමක් මත ද? අපට ටෙලිවිෂන්, ඉන්ටර්නෙට්, ජංගම දුරකථන අවශ්‍ය නැතැයි කියමින් සුචරිතවාදී අතලොස්සක් එදත් අදත් විරෝධය දැක් වූ බව අප දන්නවා. එහෙත් බහුතරයක් ලාංකිකයන් මේ සන්නිවේදන සුනාමියෙන් නොගිලී එය ජය ගැනීමට තැත් කරන බවත් පැහැදිලියි.

උතුරු කොරියාව හා (මෑතක් වන තුරු) බුරුමය මෙන් විශ්ව ගම්මානයෙන් මුළු රටම ඈත් කර පවත්වා ගන්නට හදන්නේ වැඩවසම්වාදී සමාජ රටාවකට එබඳු හුදකලාව වඩා ගැලපෙන නිසා විය යුතුයි. අපටත් වඩා ප්‍රෞඩ ඉතිහාසයක් ඇති භාරතය අතීත උරුමය හා නූතනත්වය මනාව තුලනය කර ගනිද්දී මේ දෙකෙන් එකක් තෝරා ගන්න යැයි අපේ පණ්ඩිතයන් කියන්නේ ඇයි?

මෙරට මෑත සන්නිවේදන පෙරළිය ආපසු හැරවිය හැකි ප‍්‍රවනතාවක් නොවෙයි. කළ යුතුව ඇත්තේ වඩාත් හරවත් හා ආචාරශීලි සන්නිවේදන සඳහා නූතන තාක්‍ෂණ මෙවලම් යොදා ගැනීමයි. එහිදී අධ්‍යාපන හා වෙළඳපොළ තොරතුරුවලට මෙන් ම හිතේ සැනසිල්ලට ද නිසි වටිනාකමක් දීම අවශ්‍යයි.

infographic courtesy ReadMe.lk

Screening HOME in Colombo: Can this film trigger planet saving action?

I just took part in a public screening of HOME, the 2009 documentary that offers a new view of our planet — from slightly above.

French photographer, journalist and activist Yann Arthus-Bertrand and his team travelled around the planet over 18 months to make this film. They filmed interesting natural and human-made locations in 50 countries — all from the air. This offers a different perspective to our growing impact on the planet’s natural processes and balances.

Technically outstanding and aesthetically enjoyable as it is, does HOME overstate the case for planet-saving action? Or does it gloss over deep-rooted causes of today’s ecological crisis? These and other questions were raised and discussed at our screening.

HOME the movie screening in Colombo, 13 March 2014
HOME the movie screening in Colombo, 13 March 2014

I was encouraged by over 60 people turning up – a mix of students, professionals, retirees and others – and staying transfixed for the two full hours – plus another 45 mins of Q&A. This is just a summary of wide ranging discussion moderated by filmmaker and film buff Sudath Mahadivulwewa.

We discussed both style and substance. I personally dislike the patronising narration by actress Glenn Close – who reminds me of an all-knowing old matron. But a few felt that this theme demanded just such a voice and delivery.

We agreed that HOME isn’t a typical natural history or environmental documentary. Its scope is vast (story of our planet and human civilisation), its vantage viewpoint extraordinary.

Yann Arthus-Bertrand, image courtesy Wikimedia Commons
Yann Arthus-Bertrand, image courtesy Wikimedia Commons

With all its stunning views and haunting music, HOME projects a strong message of anthropocentrism – that human beings are the central or most significant species on the planet (at least in terms of impact). This is now a dominant view among scientists who study the planet (hence the new name for our times, Anthropocene).

I sometimes wonder – as did some in my audience – whether we take too much credit for our signature on the planet. We sure are the most damaging species, but I worry about environmentalism turning into a religion-like dogma. I have always stayed clear of ‘Mother Earth’ kind of romanticising – we don’t need to turn the planet into a gigantic matriarchy to be motivated to care for it!

Besides, some geological processes — such as volcanic eruptions, earthquakes and tsunamis — are not triggered by human action. When I hear die-hard greens trying to link these phenomena to humanity (never mind the absence of any evidence), I consider it environmental advocacy going crazy.

I also drew my audience’s attention to Alan Weisman’s 2007 best-seller The World Without Us, which offers an original approach to questions of humanity’s impact on the planet: he envisions our Earth, but without us. We may be a formidable presence right now, but if we disappear, the planet would slowly but surely reassert itself…

See also my June 2013 Ravaya column (in Sinhala): සිවුමංසල කොලූගැටයා #120: මිහිතල මෑණියෝ ද? මිහිතල අම්මණ්ඩි ද?

Is HOME political enough? Some argued the film left too much for individual thought and action when, in fact, much of today’s resource crises and environmental problems stem from structural anomalies and deeply political disparities in the world. Is this an attempt to absolve the governments and corporations of responsibility and heap it all on individuals?

Opinion was divided, but it got us talking – and thinking. I don’t know Yann Arthus-Bertrand, but perhaps he kept the message at personal level so his film can be non-threatening and benignly subversive? There are times when harsh delivery can alienate part of the intended audience.

All considered, an evening well spent. As I’d tweeted in advance, we had a slightly out of this world experience with Arthur-Bertrand as our guide – and no reality altering substances. Indeed, the stark reality facing humanity can be very sobering…

HOME: How aerial filming was done

)

Watch the entire film (120 mins) on YouTube:

http://youtu.be/jqxENMKaeCU

සිවුමංසල කොලූගැටයා #158: දේශීය බීජ හා ගොවි උරුමය රැක ගන්නේ කෙසේද?

In this week’s Ravaya column (in Sinhala), I summarise concerns about the draft new Seed Act of Sri Lanka proposed by the government’s Department of Agriculture. Many farmer groups and environmental activists have serious misgivings about proposals to centralise all seed sharing and trading in the head of the Department of Agriculture. Activists see this seriously undermining those using and protecting traditional varieties of seed and engaged in organic farming.

An English summary of these concerns is found here: New Internationalist, 28 January 2014: Sri Lankan farmers resist new seed law

Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 - Image courtesy http://lankapura.com
Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 – Image courtesy http://lankapura.com

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යෝජිත නව බීජ පනතේ කෙටුම්පත මේ වන විට ගොවි සංවිධාන හා හරිතවේදීන් අතර විවාදාත්මක වී තිබෙනවා.  නව පනතෙන් සුළු ගොවියාගේ පාරම්පරික බීජ අයිතිය සීමා වන්නට හෝ නැති වන්නට හෝ ඉඩ ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.

ගොවිතැන් ගැන විචාරශීලිව බලා සිටින මා මේ උද්ඝෝෂණය ගැන අවධානය යොමු කළා. ක‍්‍රියාකාරිකයන් ගණනාවකට සවන් දුන්නා.  අද ගොනු කරන්නේ එසේ රැස් කර ගත් කරුණු හා අදහස්වලින් කොටසක්.

දැනට ක‍්‍රියාත්මක වන්නේ 2003 අංක 22 දරණ බීජ පනතයි. යෝජිත නව පනතෙන් පවතින පනතේ බලතල අභිබවා යමින් බීජ පිළිබඳ ඒකාධිකාරයක් කෘෂි නිලධාරින්ට හා බීජ බෙදා හරින සමාගම්වලට ලබා දෙනු ඇතැයි එයට එරෙහි ගොවි සංවිධාන කියනවා.

නව පනත් කෙටුම්පතේ එය හඳුන්වා දෙන්නේ බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක බව රැකීමට හා නියාමනයටත්, දේශීය බීජ කර්මාන්තයේ සංවර්ධනයට හා ජාන සම්පත් සුරැකීමටත් අරමුණු කැරෙන බවයි. සියළු වැවිලි බෝග, අපනයන බෝග, ඖෂධ පැළෑටි, සත්ව ආහාර වර්ග ආදිය මේ පනතින් ආවරණය වනවා.

ගොවි සංවිධාන කැළඹී ඇත්තේ යෝජිත බීජ පනතින් රටේ සියළු බීජ  හා අනෙක් රෝපණ ද්‍රව්‍ය පිළිබඳ මහා බලධාරියා බවට කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  පත් කිරීමේ යෝජනාවයි.  ඔහුගේ අනුමැතියෙන් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිපදවීම, ළඟ තබා ගැනීම, බෙදා හැරීම,  හුවමාරු කිරීම හා විකිණීම තහනම් වීමට යෝජිතයි.

එසේම පනතතේ විධි විධාන කඩ කරන අය පරීක්‍ෂා කිරීම, ප‍්‍රවාහනය සෝදිසි කිරීම, හා වැරදිකරුවන් වන අයට දඩ නියම කිරිමට හෝ මාස 6කට සිරගත කිරීමට අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට ලැබීමට යෝජිත බලය, පොලිස් බලතල පවා ඉක්මවා  යාමක් බව ගොවි සංවිධාන කියනවා.

මේ කෙටුම්පත ගැන විස්තරාත්මක විවේචනයක් කරන බුද්ධි ජයසූරිය තර්ක කරන්නේ වානිජකරණය වූ කෘෂිකර්මාන්තයක චින්තන රාමුව තුළ පිහිටා මෙය සකස් කර ඇති බවයි. එහි කිසිදු තැනෙක ‘ගොවියා’ යන වචනය නොයොදා ඒ වෙනුවට ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිත කරන්නන්’ යන තාක්‍ෂණික යෙදුම පමණක් භාවිත කිරීම ගැන ඔහු විමතිය පළකරනවා.

ගොවිතැනින් ජීවිකාව සලසා ගන්නා කුඩා පරිමාන ගොවීන් අති බහුතරයක් සිටින මෙරට, මේ නව පනත හරහා  කෘෂි සමාගම් හා කෘෂි  වෙළඳපොලකට යොමු වීම පැහැදිලි බවත්, එය සුළු ගොවීන්ට අසාධාරණ බවත් ඔහුගේ මතයයි.

‘‘තිරසාර හා පරිසර හිතකාමී ක‍්‍රමයකට කැරෙන ගොවිතැන් ප‍්‍රවර්ධනය ගැන අපේ කෘෂි නිලධාරින් මේ දක්වා සැබෑ උනන්දුවක් දක්වා නැහැ.  මේ නිසා ඔවුන් ගැන කිසි විශ්වාසයක් තබන්නේ කොහොමද?’’ ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයෙ (MONLAR)  සරත් ප‍්‍රනාන්දු අසනවා.

‘‘ගොවි රජා යයි මහ ඉහළින් වර්ණනා කරන අපේ ගොවියාට කොන්දේසි, තහංචි හා දණ්ඩන රැසක් පනවා ඔහු බියපත් කිරීමේ උත්සාහයක් මෙහි තිබෙනවා.  මෙය ගොවීන්ට පමණක් නොවෙයි පාරිභෝගිකයන්ට ද අහිතකර පනතක් බව අපේ විග‍්‍රහයයි,’’ ප‍්‍රනාන්දු කියනවා.

Sarath Fernando - Photo by Aditya Batra, Down to Earth Magazine
Sarath Fernando – Photo by Aditya Batra, Down to Earth Magazine

බීජ රැක ගෙන ඉතිරිකර ගැනීම, හුවමාරු කර ගැනීම, විකිණිම, අභිජනනය හා දියුණු කිරීම ගොවියාගේ මූලික අයිතිවාසිකමක් බවත්, එය නිලධාරින්ට පාවා දිය නොහැකි බවත් බීජ අයිතීන් රැක ගැනීමේ ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.

ඔවුන් කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ විවිධ කෘෂිකාර්මික බෝගවලට අදාල බීජ වර්ග 3,000කට වැඩි සංඛ්‍යාවක් ලක් ගොවීන් විසින් පාරම්පරිකව වගා කරමින්, රැක ගනිමින් හා හුවමාරු කර ගනිමින් ඇති බවයි.

බීජ අයිතීන් රැක ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාමන්කඩවල ශ‍්‍රී පියරතන හිමියන් කියන්නේ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් දෙමුහුන් බීජ වර්ග මෙන් නොව සාම්ප‍්‍රදායික බීජ වැවීමට අධික ලෙස  රසායනික පොහොර හෝ කෘමිනාශක අනවශ්‍ය බවයි.

“කෘෂි රසායනික  අධික ලෙස  භාවිතය නිසා බෝ නොවන නිදන්ගත රෝග හට ගන්නා බව අපේ විශ්වාසයයි.  වකුගඩු රෝගය පමණක් නොවෙයි, පිළිකා රෝග රාශියක් ද ඇති වනවා. මේ දැඩි අවදානම දැන දැනත් අපේ ගොවීන් බොහෝ දෙනකු තවමත් කෘෂි රසායනිකවල ඇලී ගැලී සිටිනවා.  එය එක් හේතුවක් නම් වැවීමේ (තාවකාලික) පහසුව.  තව හේතුවක් නම් කෘෂි රසායනිකවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලැබෙන රාජ්‍ය ප‍්‍රවර්ධනය.  මේ කෘෂි රසායනික නැතිව වගා කිරීමේ අවස්ථාව අපේ ගොවීන්ට ලබා දෙන්න යයි අපි රජයෙන් ඉල්ලා සිටියත් තවම ප‍්‍රතිචාරයක් නැහැ,” එහිමියන් කියනවා.

අඩසියවසකට වැඩි කාලයක් තිස්සේ අධික කෘෂි රසායනික භාවිතය ගොවීන්ට නිර්දේශ කරමින් සිටින අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොබාවික ක‍්‍රම මගින් ගොවිතැන් කිරීම හා දේශීය බීජ ගැන එතරම් උනන්දු වන ආයතනයක් නොවෙයි.  (හරිත විප්ලවය ගැන කෙතරම් විවේචන කළත් එය තවමත් ලක් රජයේ නිල ප‍්‍රතිපත්තියයි! එය ක‍්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන රාජකාරියයි!)

මේ වැඩියෙන් යොදා වැඩි අස්වනු නෙළා ගැනීමේ (high external input agriculture) සම්ප‍්‍රදායට විකල්පයක් ලෙස ජෛවීය පොහොර හා සොබාවික පලිබෝධනාශක යොදා ගෙන වගා කිරීමේ කාබනික ගොවිතැනක් (organic farming) ද සුළු පරිමානයෙන් මෙරට තිබෙනවා.  2014 ජනවාරි 26දා කොලමින් අප එය විග‍්‍රහ කළා.

කාබනික ගොවිතැන් කරන ගොවීන් බොහෝ කොට භාවිත කරන්නේ පාරම්පරිකව ලැබී ඇති දේශීය බීජයි.  නිල තන්ත‍්‍රයෙන් අනුග‍්‍රහයක් නැතිව වුවත් තම තමන් අතර හොඳ දේශීය බීජ හුවමාරු කර ගැනීමක් මේ දක්වා ගොවීන් කර ගෙන ආවා.

රාජ්‍ය නොවන  සංවිධාන (NGO)වලට දොස් කීම පුළුල්ව කැරෙන අද කාලයේ මතක් කිරීම වටින්නේ අයාලේ ගිය රාජ්‍ය කෘෂි ආයතන අවිචාරශීලීව අඩසියවසක් තිස්සේ හරිත විප්ලවයට ආවඩන අතරේ දේශීය බීජ හා කාබනික/සොබාවික ගොවිතැන මෙපමණටවත් රැකී ඇත්තේ  NGO කැපවීම නිසා බවයි.

2003 (පවතින) පනතින් ගොවියකු තමා වැවූ බීජ තොගයක්, තමාගේ බිමෙහිදී වෙනත් අයකුට දීම හෝ විකිණීම හෝ නියාමනය කැරුණේ නැහැ.  සුළු පරිමානයෙන් එකිනෙකා අතර බීජ හුවමාරු කර ගැනීම ගොවින් බොහෝ කලක සිට කරනවා.

යෝජිත පනතේ 18 වන වගන්තියට අනුව දේශීය පාරම්පරික ශාක ජාන සම්පත් සුරැකීම, ගොවිතැනට වැදගත් වූ පැළෑටි රෝපණ ද්‍රව්‍ය  හුවමාරු කර ගැනීම, බෙදා හැරීම හෝ ලබා දීම දෙපාර්තමේන්තු බලධරයාගේ අවසරයකින් තොරව නොකළ යුතු වනවා.  ගොවි හා පාරිසරික ක‍්‍රියාකාරිකයන් කියන්නේ බීජ පිළිබඳව සාම්ප‍්‍රදායිකව ගොවීන්ට තිබූ අයිතිවාසිකම මෙයින් අහෝසි වන බවයි.

නව පනත යටතේ තාක්‍ෂණ හා උපදේශක කමිටුවක් පිහිටුවීමට යෝජිතයි.  2003 පනතේ එබඳු කමිටුවකට ගොවි ජනතාව නියෝජනය කරන දෙදෙනෙකුට අවසර තිබුණත්, නව පනතේ එය දක්වා ඇත්තේ ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය පිිළිබඳ විද්‍යාත්මක ශික්‍ෂණයක් සහිත කෘෂි විද්‍යාඥයන් දෙදෙනකු’ පත් කළ හැකි බවයි.  මෙහි යටි අරමුණ විය හැක්කේ ගොවි නියෝජනය නැති කොට පොතේ උගතුන්ට පමණක් කමිටුව සීමා කිරීම ද?  පනතේ විවේචකයන් මේ බිය පළ කරනවා.

MONLAR ආයතනයේ සරත් ප‍්‍රනාන්දු කියන්නේ මෙරට ගොවිතැනේ රාජ්‍ය නියාමනයට ඉඳුරා ම ලක්විය යුතු පැතිකඩ ද තිබෙන බවයි.  “මහා පරිමාණ රසායනික පොහොර හා වල් නාශක, පලිබෝධනාශක භාවිතය හරහා අපේ ආහාරවලට උග‍්‍ර වස විස එකතු කිරීමත්, එබඳු කෘෂි රසායනික නොමැතිව වගා කරන්නට බැරි  නවීන දෙමුහුම්  බීජ ප‍්‍රභේද  ප‍්‍රවර්ධනය කිරීමත් අනිවාර්යයෙන් මීට වඩා දැඩි පාලනයකට පත් කිරීම අවශ්‍යයි.”

‘‘රටේ නීති රීති තද කළ යුතතේ මේ දෙආකාරයේ කි‍්‍රයාවල යෙදෙන අයටයි.  එසේ නැතිව සුළු ගොවියාට නොවෙයි!’’ ඔහු අවධාරණය කරනවා.

අපේ සමහර ගොවීන් ද වැරදි කරන බව ප‍්‍රනාන්දු පිළිගන්නවා. “පරිසරය වනසන, ආහාර විස කරන ක‍්‍රියා ගොවීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනවා.  එබඳු අකටයුතුකම් පාලනය කරන්නට අවශ්‍ය නීති රජය ගෙනෙනවා නම් අප එයට එක හෙළාම කැමතියි!”

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

යෝජිත පනත් කෙටුම්පත මෙරට ක‍්‍රියාකාරිකයන් විසින් බීජ රැක ගැනීමේ ඉන්දියානු ජනතා ව්‍යාපාරයේ බල කණුවක් වන ආචාර්ය වන්දනා ශිවාට (Dr Vandana Shiva) යොමු කරනු ලැබුවා.  එය අධ්‍යයනය කළ ඇය ද පවසන්නේ ඇතැම් වගන්ති හා යෝජිත විධිවිධාන සුළු ගොවීන්ගේ පාරම්පරික බීජ අයිතීන්ට පහරක් බවයි.

ඇය කියන්නේ කුඩා පරිමාණයෙන් දේශීය වී ප‍්‍රභේද හා අනෙකුත් දේශීය බෝග වගාවේ නිරත ගොවීන් මේ නව පනතේ රාමුවෙන් නිදහස් කළ යුතු බවයි.

19 January 2014:  සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

යෝජිත බීජ පනත මහජන අදහස් දැක්වීම සඳහා 2013 අග සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තිබෙනවා.  එය හොඳ පියවරක්.  එහෙත් එපමණක් සෑහෙන්නේ නැහැ.  යෝජිත විධි විධාන අවශ්‍ය වන්නේ ඇයි ද යන්න ජනතාවට තේරෙන ලිහිල් බසින් පැහැදිළි කළ යුතුයි.

පනත් කෙටුම්පත් කරන්නේ ගරු ගාම්භීර හා දරදඬු නීතිමය බසින්.  එයින් ඔබ්බට ගොස් තම අරමුණු ප‍්‍රශස්ත ලෙස  සන්නිවේදනය කිරීමේ අභියෝගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තිබෙනවා. එසේ කරන විට ගොවි හා සෙසු ජන සංවිධානවල විරෝධතා සාවධානව සැළකිල්ලට ගෙන සංවාදයකට එළැඹීමත්  වැදගත්.  පරිනත සමාජයන්හි නව නීති හා රෙගුලාසි සම්මත කර ගන්නේ එබඳු පුළුල් සංවාදවලින් පසුව පමණයි.

මෙහිදී ආවේගශීලි නොවී ඉලක්කගතව මත දැක්වීමේ වගකීම ගොවි, හරිත හා අනෙක් ජන සංවිධානවලට හා ස්වාධීන විද්වතුන්ට තිබෙනවා.

Sri Lanka traditional rice - image from Wikipedia
Sri Lanka traditional rice – image from Wikipedia

බීජ අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ රැස්වීමකට මෑතදී නිරික්‍ෂකයකු ලෙස මා  සහභාගී වූවා.  එසේම ඔවුන් නව බීජ පනතට එරෙහිව ලියූ  පත‍්‍රිකා හා ඇතැම් පුවත්පත් ලිපි ද කියැවුවා.

මේ ක‍්‍රියාකාරිකයන්ගේ අවංක බව හා කැපවීම ගැන කිසිදු සැකයක් නැහැ.  එහෙත් ඔවුන්ගේ ක‍්‍රමවේදය ගැන මට ප‍්‍රශ්න තිබෙනවා.  සංකීර්ණ අද සමාජයේ ප‍්‍රශ්න සරලව විග‍්‍රහ කළ නොහැකියි. මාතෘකාවට අදාලව, කෙටියෙන් හා තර්කානුකූලව කරුණු ගොනු කිරීමට අපේ බොහෝ ක‍්‍රියාකාරිකයන් අසමත්.

මහා කුමන්ත‍්‍රණ, පාවාදීම් හා ද්‍රෝහිකම් ගැන ආවේගශීලි මතවාදයන් සමග මුසු වීමෙන් ඔවුන්ගේ සදාචාරාත්මක හා විද්‍යාත්මක තර්කවල සැර බාල වීමේ අවදානම තිබෙනවා.

මිටියක්  පමණක් අත තිබෙන තැනැත්තාට හැම ප‍්‍රශ්නයක්ම පෙනෙන්නේ ඇණයක් හැටියට යයි කියමනක් තිබෙනවා.  හීන්සීරුවේ හා උපක‍්‍රමශීලීව උද්ඝෝෂණ කිරීමේ හා මහජන මත ගොඩනැගීමේ සියුම් කලාව අපේ හරිතවේදීන් හා ගොවි සංවිධාන ප‍්‍රගුණ කළ යුතුයි. ඉන්දියාවේ බීජ උරුමය රැක ගන්නට ගොවි සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ගෙන යන උද්ඝෝෂණවලින් අපේ ඇත්තන්ට ආදර්ශ ගත හැකියි.

මෙහිදී ප‍්‍රතිපත්තිගරුක වීම පමණක් මදි.  ගාන්ධිතුමා හා නෙල්සන් මැන්ඩෙලා වැනි පරමාදර්ශී චරිතවලින් පවා ලැබෙන ආදර්ශය නම් ආවේගයට වඩා සන්සුන් තර්කයට හා විනීත සංවාදයට බොහෝ දේ කළ හැකි බවයි.

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

Crossing the ‘Dev-Code’ Divide: Easier said than done?

Cartoon by Popa Matumula - Courtesy Cartoon Movement
Cartoon by Popa Matumula – Courtesy Cartoon Movement

“To garner public support for their causes, the development community must connect with rest of society using everyday phrases, metaphors and images. That is a far better strategy than expecting everyone to understand their gobbledygook.”

This is the central argument in my latest op-ed essay, just published on the Communication Initiative blog.

Titled Crossing the ‘Dev-Code’ Divide, I revisit a theme familiar to my regular readers: getting development pr0fessionals to communicate better.

Another excerpt:

“After working with technological ‘geeks’ and development workers for many years, I know they have at least one thing in common: their own peculiar languages that don’t make much sense to the rest of us.

“Talking in code is fine for peer-to-peer conversations. But it’s a nonstarter for engaging policy makers and the public.”

An example of coded language is the oft-bandied Millennium Development Goals (MDGs) – lofty ideals, badly packaged.

This essay is a tribute to my mentor and former colleague Robert Lamb (1952 – 2012), who was a grandmaster in communicating development to public and policy audiences using simple language and powerful imagery.

Working with Robert for 15 years, I saw how he brought seemingly dreary development issues alive on TV and video – dominant media of his time — through simple and sincere story telling. He mixed inter-governmental processes with stark ground level realities. In three decades he produced or commissioned hundreds of international TV documentaries exploring what sustainable development meant in the real world.

Read the full essay: Crossing the ‘Dev-Code’ Divide

Republished in The Nation newspaper, Sri Lanka, 16 Feb 2014

Cartoon by Patrick Chapette
Cartoon by Patrick Chappatte, IHT

See also related blog posts:

November 2009: Satinder Bindra: It’s the message, stupid (and never mind the UN branding)!

July 2009: Asia’s Other Eclipse: The one that doesn’t make TV news!

March 2009: Mixing oil and water: Media’s challenges in covering human security

March 2009: Missing Mothers: How acronyms and jargon can kill innocent women

April 2007: MDG: A message from our spin doctors?

April 2007: Say MDG and smile, will ya?

සිවුමංසල කොලූගැටයා #154: ‘ක්ෂනික කෑමට’ ප‍්‍රතිරෝධයක් ලෙස මතු වූ ‘ලැසි ආහාර’

In this week’s Ravaya column (in Sinhala), I discuss the merits of Slow Food, a concept that originated from Italy in 1986 in defiance of fastfood — but has since grown into a worldwide social movement that critiques industrialised food production and consumption. It has also inspired other pursuits of doing things more reflectively and deliberately slowly – such as Slow Cities, Slow Reading, Slow Travel and Slow Art.

I explored similar grounds in English in a July 2013 column: Stuck in Fast Forward? Slow Down!

slowfood-logo2

‘සුද්දෝ නම් හැම වේලට ම මැක්ඩොනල්ඞ්ස් හා KFC කනවා ඇති නේද?’

අපේ රටට පසුගිය දශකය පමණ කාලය තුළ හදුන්වා දී ඇති හා මහත් සේ ප‍්‍රවර්ධනය කැරෙන ක්ෂනික ආහාර (fastfood) ගැන කුතුහලයක් ඇති තරුණයෙක් මෑතදී මගෙන් එසේ විමසුවා.

මගේ උත්තරය: ‘ඇත්තට ම බොහෝ බටහිර රටවල හැම්බර්ගර් වැනි කෑමවලට එතරම් පිළිගැනීමක් නැහැ.’

බටහිර රටවල් මෙන් ම සුද්දන් ලෙස ද තනි කාණ්ඩයක් නැහැ. අතිශයින් විවිධාකාර සමුහයක් අප එසේ එක් ගොඩකට ගොනු කළත් සමහර දියුණු රටවල ඔවුන්ට ආවේණික ප්‍රෞඩ ආහාරපාන සම්ප‍්‍රදායන් හා එය වටා ජන සංස්කෘතීන් තිබෙනවා. ප‍්‍රංශය, ඉතාලිය හා ජපානය මීට හොඳ උදාහරණයි.

ලෙහිසියට වාසියට සරල සිල්ලර මට්ටමින් අලෙවි කැරෙන ක්ෂනික ආහාර හා ඒවා වටා ගොනු වූ අධිවේගකාරී ජීවන රටාවට එරෙහිව දියුණු රටවලින් ම විකල්ප මතු වී තිබෙනවා. ලැසි ආහාර සම්ප‍්‍රදාය (Slow Food Movement) එයට හොඳ උදාහරණයක්.

1986 වසරේ ඇමරිකානු මැක්ඩොනල්ඞ්ස් සමාගම හැම්බර්ගර් අලෙවි කරන තවත් අවන්හලක් ඉතාලියේ රෝම අගනුවර ඓතිහාසික ස්ථානයක් වන ස්පාඤ්ඤ පියගැටපෙළ (Spanish Steps) අසල පිහිටුවන්නට සැලසුම් කළා. ඒ වන විටත් ඉතාලිය පුරා තැනින් තැන මැක්ඩොනල්ඞ්ස් අවන්හල් ගණනාවක් තිබුණා. එහෙත් මෙතරම් සංස්කෘතික වශයෙන් වැදගත් තැනෙකත් මේ ක්ෂනික කෑම විකුණන්නට තැත් කිරීම ගැන සමහර ජාතිමාමක ඉතාලි ජාතිකයන්ට සියුම් කෝපයක් මතු වුණා.

ඉතාලියට ආවේණික වූ ප‍්‍රබල හා විචිත‍්‍ර ආහාරපාන සම්ප‍්‍රදායන් හා එය වටා බැදුණු ජන සංස්කෘතියක් තිබෙනවා. ඉතාලි සූපවේදයට සුවිශේෂ වූ ඉක්මනින් සාදා අනුභවයට ගත හැකි ක්ෂනික කෑම තිබෙනවා. පීට්සා (Pizza) හා පාස්ටා (pasta) පදනම් කර ගත් මේ ආහාර හදා ගන්නා සැටි ඉතාලියේ ගැහැණු, පිරිමි හා ළමුන් බහුතරයක් කුඩා කල සිට ම දන්නවා. අසල්වැසි ප‍්‍රංශයේ මෙන් සංකීර්ණ සූප සම්ප‍්‍රදායකට වඩා ජනතාවාදී සූප උරුමයක් ඉතාලියේ ඇති බව මේ දෙරටේ ම දශක දෙකක සිට සංචාරය කරන මට අත්දැකීමෙන් කිව හැකියි.

නමුත් මේ සූප උරුමය ඇමරිකානු වාණීජකරණයෙන් තර්ජනයට ලක්වන බව දුටු කාලෝ පෙටී‍්‍රනි (Carlo Petrini) නම් ඉතාලි ජාතික පත‍්‍රකලාවේදියා ඒ ගැන යමක් කළ යුතු යැයි තීරණය කළා. (ඉතිහාසය සැම විට ම වෙනස් වන්නේ අතෘප්තිමත් වූ මිනිසුන් හා ගැහැණුන් එයට ප‍්‍රතිචාර දක්වන විටයි.)

Slow Food founder Carlo Petrini
Slow Food founder Carlo Petrini

ඉතාලි ජාතිකයන්ගේ ආවේණික කෑම බීම හා ඒ වටා බැදුණු සමාජශීලි සම්ප‍්‍රදායන් අගය කරමින් ඒවා රැක ගන්නට සෙමින් කෑමේ හෙවත් ලැසි ආහාර නම් ජනතා ව්‍යාපාරයක්  පෙටී‍්‍රනි ආරම්භ කළා.

ඉතාලියේ දේශීය ආහාර අනන්‍යතාවය වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නට පෙර කාලෝ පෙටී‍්‍රනි එරට ගම් නගර සංචාරය කරමින් කුඩා අවන්හල් හා ප‍්‍රජා මට්ටමේ ආහාර නිෂ්පාදකයන් ගැන එරට පුවත්පත් වලට ලියු කෙනෙක්. පීට්සා, පාස්ටා, චීස් හා වයින්වලට සමීපව බැදුණු ඉතාලියානු සූප උරුමය ගැන ඔහුට හොඳ ප‍්‍රායෝගික දැනුමක් තිබුණා.

ඉතාලි ජාතිකයෝ බොහෝ දෙනකු පවුල හා හිත මිතුරන් බෙහෙවින් අගය කරන අය. ඔවුන් තනිව ආහාර ගන්නවාට වඩා දෙතුන් දෙනෙකුවත් එකට එකතු වී සතුටු සාමිචියෙන් නිවී සැනසිල්ලේ කෑම වේලක් ගන්නට ආසයි. එයට පැයක් හෝ දෙකක් ගත කරන්නට ඔවුන් සුදානම්.

Italian food - Photo courtesy globerove.com
Italian food – Photo courtesy globerove.com

මේ සංස්කෘතික නැඹුරුව පණ ගන්වමින් පෙටී‍්‍රනි කළේ  ඕනෑකමින් ඉතා සෙමින් ආහාර ගන්නා කණ්ඩායම් ද එයට අනුබල දෙන අවන්හල් ද පිහිටුවා ගැනීමයි. තනිකර ස්වේච්ඡා ජනතා ව්‍යාපාරයක් ලෙස ඇරඹුණු  ‘ලැසි ආහාර’ ටික කලකින් අතිශය ජනපි‍්‍රය වූවා.

ලැසි ආහාර ව්‍යාපාරය හුදෙක් කෑම වේලකට බොහෝ කල් ගත කරන සාමීචියක් පමණක් නොවෙයි. තිරසාර නොවූ, යාන්ති‍්‍රක හා වාණීජකරණය වූ ආහාර නිෂ්පාදන හා බෙදා හැරීමේ ක‍්‍රම සියල්ලට මතවාදීව එරෙහි වීමක්. එසේ ම සුළු පරිමාන ගොවීන් හා කුඩා කඩපිල් හා පොල සමග සහයෝගීතාව දැක්වීමක්.

ඉතාලි විරෝධය හමුවේ මැක්ඩොනල්ඞ්ස් සමාගම ඓතිහාසික රෝම ස්ථානවල හැම්බර්ගර් විකිණීමේ සැලසුම් අත් හැරියා. එහෙත් ඒ ජයග‍්‍රහණයෙන් උද්දාම වී නතර නොවු ලැසි ආහාර කි‍්‍රයාකාරිකයෝ එය වඩාත් පුළුල් හා ගැඹුරු මට්ටමකට ගෙන ගියා.

1989 නොවැම්බරයේ මුල් වතාවට මේ සංකල්පයට ලැදි කි‍්‍රයාකාරිකයන් රැසක් ප‍්‍රංශයේ පැරිසියේදී මුණ ගැසී සමුළුවක් පැවැත් වූවා. මේ වන විට ඉතාලි උද්ඝෝෂණයේ යශෝ රාවය යුරෝපය පුරා පැතිර ගොස් තිබුණා. පෙට්‍රිනීගේ මූලිකත්වයෙන් හා ෆොල්කෝ පෝටිනාරි (Folco Portinari) නම් ඉතාලි කවියෙකුගේ ද උදවුවෙන් ඔවුන් ලැසි ආහාර ප‍්‍රඥප්තිය (Slow Food Manifesto) නම් ලියවිල්ලක් පැරිසියේදී කෙටුම්පත් කළා.

එහි මුලික ප‍්‍රවේශය: ‘‘කාර්මිකරණය හා යාන්තී‍්‍රකරණය අපට ප‍්‍රයෝජනවත් වුවත් 20 වන සියවසේදී එදිනෙදා ජීවිතය අධිවේගීකරණයට හා අධියාන්තී‍්‍රකරණයට අප ඉඩ දී තිබෙනවා. ඉවක් බවක් නැතිව හැම කාරිය ම මහා වේගයෙන් කරන්නට වත්මන් සමාජය තැත් කරනවා. මේ අධිවේගය අපේ ජන ජීවිතය, මානසික සුවය හා පෞද්ගලිකත්වයට තර්ජනයක්. ලෞකික සම්පතක් වන ආහාර භුක්ති විදීම නිවි සැනසිල්ලේ කිරීමට ඓතිහාසිකව මිනිසුන්ට තිබු අවකාශය නැවත පාදා ගැනීම අපේ අරමුණයි.’’

slow-food-cover1යුරෝපය පුරා විසිරී පවතින අප‍්‍රකට සූප ශාස්ත‍්‍රයන්, ආහාර වට්ටෝරු, සූප නවෝතපාදන, නව ආරයේ අවන්හල් ආදිය ගැන තොරතුරු රැස් කර බෙදා හදා ගැනීමට ලැසි ආහාර ජනතා ව්‍යාපාරය උත්සුක වුණා. අද මෙන් ඉන්ටර්නෙට් පුළුල් නොවු එකල එය පොත්, සඟරා, පති‍්‍රකා හා වෙනත් මාධ්‍ය හරහා කරනු ලැබුවා.

ලැසි ආහාර සංකල්පය යුරෝපයේ ඉක්මනින් පැතිර ගියේ වීදි ආහාර හා විවේකී ලෙසින් ආහාර ගැනීම හරහා සල්ලාපයේ යෙදීම ඔවුන්ගේ ජන ජීවිතයේ සමීප අංගයක් නිසා. එය යුරෝපයේ දුගී හා පොහොසත් කාටත් පොදු සම්ප‍්‍රදායක්. ඉන් පසු මේ සංකල්පය යුරෝපයෙන් ඔබ්බට ද විහිදී ගියා. http://www.slowfood.com

අද වන විට ආසියාවේ, අපි‍්‍රකාවේ මෙන් ම අමෙරිකාවේ ද මේ සංකල්පය ප‍්‍රවර්ධනය කරන ස්වේච්ඡ කණ්ඩායම් රැසක් බිහි ව තිබෙනවා. ලොව රටවල් 50ක සාමාජිකයන් ලක්‍ෂකය ට වඩා සිටිනවා. ලැසි ආහාර ව්‍යාපාරයේ ලෝක ව්‍යාප්ත සංකේතය ගොළුබෙල්ලායි.

හරිත විප්ලවයේ ධාන්‍ය වර්ග වෙනුවට සාම්ප‍්‍රදායික ධාන්‍ය ප‍්‍රභේද වචන සුළු ගොවීන් දිරිමත් කිරීම හා ජාලකරණය කිරීම ද ඔවුන් සිදු කරනවා. ලැසි ආහාර ව්‍යාපාර, කාබනිකව ආහාර වැවීමේ (organic farming) ව්‍යාපාරයට සමාන්තරයි. මේ දෙපිරිස අතර සහයෝගයක් හා මිතුදමක් ගොඩනැගී තිබෙනවා.

ආහාර වැවීම, ආහාර බෙදා හැරීම, අලෙවිය හා කෑම පිසීම යනු එක ම ප‍්‍රවාහයක පියවර හැටියටයි මේ පිරිස දකින්නේ. ආර්ථික විද්‍යාඥයන් හෝ සමාජ විද්‍යාඥයන් මෙන් මේ කි‍්‍රයාදාමය වෙන් කොට විග‍්‍රහ කරන්නේ නැහැ.

Image from www.wikihow,com
Image from http://www.wikihow,com

‘‘පරිසරවේදීන් හා අප අතර ලොකු ම වෙනස නම් අප ආහාර වැවීම, පිළියෙල කිරීම හා පරිභෝජනය ඉතා  ඕනෑකමින් පී‍්‍රතිදායක ලෙස කිරිමයි. මේ දිව පිනවීම නරක දෙයක් හෝ ප‍්‍රභූ ගතිගුණයක් නොවෙයි. පමණ දැන කරන තාක් කල් පසිඳුරන් පිනවීම මානව පැවැත්මේ වැදගත් අංගයක්. මෙයට දුගී හා ධනවත් කියා භේදයක් නැහැ.’’ පෙටී‍්‍රනි කියනවා.

ලැසි ආහාර කෑමේ විසිතුරු බව මා මුලින් අත් වින්දේ 2003දී ඉතාලියේ ටස්කනි නිම්නයේ රැපලානෝ ටර්මේ (Rapolano Terme) නගරයේ දින කිහිපයක් ගත කළ අවස්ථාවේ. නූතන පහසුකම් හා ජන සංස්කෘතික උරුමය ගැටෙන්නට ඉඩ නොදී මනාව තුලනය කර ගත් ප්‍රෞඪ ඉතාලි ප‍්‍රජාවක් තමන්ගේ ආහාර පාන ජාත්‍යන්තර අමුත්තන් සමග ඉතා සුහදව හා නිර්ව්‍යාජව බෙදා ගත් හැටි ගැන මිහිරි මතකයන් තිබෙනවා.

මෙය ඇමරිකානු විරෝධයක් ද? මා කලක සිට හඳුනන ඉතාලි මිතුරෙකුගෙන් විමසුවා.

ඔහු කියන්නේ මෙය එක් රටකට හෝ ජාතියකට එරෙහි වීමක් නොවෙයි. පාරිභෝගික සමාජය තුළ තමන් රිසි ආකාරයේ ආහාරපාන තමන් ලැදි ශෛලියකින් භුක්ති විදින්නට හැම කෙනෙකුට ම ඇති අයිතිය තහවුරු කර ගැනීමක් පමණයි.

1996 සිට දෙවසරකට වරක් ඉතාලියේ ටොරීනෝ නගරයේ ලැසි ආහාර උත්සවයක් පවත්වනවා (Salone del Gusto). ලොව දසතින් සූපවේදීන්, අවන්හල් හිමියන්, මාධ්‍යවේදීන් හා ආහාරලෝලීන් සිය වියදමින් එහි එනවා. මහා පරිමාණයේ ආහාර සමාගම් නොව පවුල් හිමිකමින් කරන කුඩා පරිමාණ සමාගම් එහි එන්නේ නව දැනුම, අදහස් හා අත්දැකීම් බෙදා ගන්නට.

‘‘සූපවේදය කියන්නේ කලාවක් මෙන් ම විද්‍යාවක් ද වන කාරියක්. එය කෝකියා හෝ අරක්කැමියා මට්ටමෙන් ඔබ්බට යන ජන සංස්කෘතියේ අංගයක්. ගෙදර ගෘහණිය ආහාර පිසුවත්, අවන්හලක නැත්නම් හෝටලයක ආහාර පිසුවත් ඒ හැම දෙනා ම කරන්නේ සියවස් ගණනක උරුමයක් පවත්වා ගෙන යාමයි. අපේ පෞරාණික සිද්ධස්ථාන, මාලිගා හා නටබුන් වගේ මේ සජීව ජන සංස්කෘතියත් වටිනවා. එය රැකෙන්නේ අගය කිරීමෙන් හා ප‍්‍රගුණ කිරීමෙන් පමණයි’’ පෙටී‍්‍රනි කියනවා.

ලැසි ආහාර ව්‍යාපාරය මෑතදී ශී‍්‍ර ලංකාවටත් පැමිණ තිබෙනවා. කුඩා පරිමාණයේ ගොවීන් හා දේශීය ආහාර වට්ටෝරු පෙරමුණට ගනිමින් අපේ කලබලකාරී හා විකාරරූපී ආහාර නිෂ්පාදන හා පරිභෝජන රටාවලට විකල්පයක් මතු කර ගැනීම මේ සඳහා යොමුව සිටින අයගේ අරමුණයි. සූපවේදී දුමින්ද අබේසිරිවර්ධන 2013දී මේ සඳහා එකමුතු (Convivium) සංවිධානය කළා.

Chef Duminda at Salone del Gusto in Torino, 2012: Photo courtesy: http://www.chefduminda.lk
Chef Duminda at Salone del Gusto in Torino, 2012: Photo courtesy: http://www.chefduminda.lk

මේ අතර දේශීය සහල් ප‍්‍රභේද (ජන වී වර්ග) වගා කිරීම හරහා රැක ගැනීමේ නිරතව සිටින පරිසරවේදී තිලක් කාරියවසම් ඒ සම්බන්ධ ජෛව විද්‍යාත්මක හා සංස්කෘතික උරුමය සෙමින් කෑම ව්‍යාපාරය හරහා ලෝකයත් සමග බෙදා ගන්නට උත්සහ කරනවා.

2012දී මුල් වතාවට ටොරීනෝ නුවර ලෝක ලැසි ආහාර උත්සවයේ ලාංකික නියෝජනයක් ද තිබුණා. එයට මුල් වූයේ මෙරට සූප උරුමයේ අක්මුල් සොයා යන්නට උත්සහ කරන සූපවේදීන් පිරිසක්. මෙරට ආහාර පිසීමේදී යොදා ගන්නා දේශීය සහල් වර්ග 8ක්, කුළුබඩු විශේෂ 21ක් හා වෙනත් ධාන්‍ය වර්ග 9ක් ඔවුන් විසින් හුවා දක්වනු ලැබුවා.

එයට අමතරව මෙරට විවිධාකාර ආහාර හා ඖෂධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා මී පැණි සැකසුම් තුනක් ද ප‍්‍රදර්ශනය කෙරුණා. වැදි ජනතාවගේ ආවේණික ක‍්‍රමයකට සකස් කර ගත් මී පැණි ද ඒ අතර වුවා.

සුළු ගොවීන්, සූපවේදීන්, කුඩා ව්‍යාපාරිකයන් හා පරිසරවේදීන් හරහා මුළුමනින් නිල නොවන මට්ටමින් මේ ව්‍යාපාරය මෙරට මතුව ඒම හොඳ ප‍්‍රවණතාවක්. හැම දෙයක් ම මහා පරිමාණයෙන් හා අධිවේගීව කරන්නට රාජ්‍ය ආයතන හා ලොකු ව්‍යාපාරිකයන් කැස කවන මේ යුගයේ ලැසි ආහාර සංකල්පය සෙමින් සෙමින් හෝ වත්මන් ලක් සමාජයේ ඇගැයීමට ලක් වනු ඇති.

(ස්තූතිය: එස්. එම්. බන්දුසීල හා තිලක් කාරියවසම්)

Image courtesy - www.slowfood.com
Image courtesy – http://www.slowfood.com