සිවුමංසල කොලූගැටයා #237: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලයෙන් අපට ආදර්ශ රැසක්

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 20 Sep 2015), I share some excerpts from my recent book on the childhood of Sir Arthur C Clarke (1917 – 2008), author, undersea explorer and futurist.

Titled ‘Tharu Atharata Giya Daruwa: Childhood of Arthur C Clarke’, the book is written in story-telling style in conversational Sinhala. It is suitable for readers of all ages, and especially for parents, teachers and children.

Tharu Atharata Giya Daruwa - Childhood of Arthur C Clarke - by Nalaka Gunawardene
Tharu Atharata Giya Daruwa – Childhood of Arthur C Clarke – by Nalaka Gunawardene

Clarke’s accomplishments are known much more than his humble origins and early inspirations in life. He was born in rural England as the First World War was ending, and spent his childhood years in Minehead, Somerset, close to the sea.

Arthur was the eldest in a family of four, who were raised by their dynamic mother, widowed at a young age. Despite cycling 20 km to school and back and helping on the farm, he excelled in studies and pursued serious hobbies – star gazing, mechanical experiments and nature observations.

His experiences were shaped largely by growing up on the family farm, exploring the local beach, and working part-time at the village post office. Early on, he cultivated habits like good time management, thrift, careful storage of everything and multi-tasking – all of which lasted a lifetime. He knew the value and limits of money, respected the dignity of labour, and appreciated honesty and hard work in everyone.

The book is widely illustrated with 74 photographs including many drawn from family albums preserved by the Arthur C Clarke Trust that now manages the Clarke Literary Estate. It also carries some original caricatures drawn by cartoonist and artist Dharshana Karunathilake who designed the book.

See also: ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!

Images courtesy Arthur C Clarke Trust, Sri Lanka

Arthur C Clarke (1917-2008): "He never grew up, but he never stopped growing"
Arthur C Clarke (1917-2008): “He never grew up, but he never stopped growing

ලෝක පූජිත විද්‍යා ලේඛක හා අනාගතවේදී ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය ගැන අප‍්‍රකට හා රසවත් තොරතුරු කැටි කර ගත් පොතක් මා මෑතදී රචනා කළා.

‘තරු අතරට ගිය දරුවා’ නම් පිටු 120ක මේ පොත ලිවීමට මා ක්ලාක්ගේ පර්යේෂණ සහායක ලෙස වසර 21ක් ක‍්‍රියා කිරීමෙන් ලත් අත්දැකීම් මෙන්ම ක්ලාක්ගේ පවුලේ අය මුණ ගැසී දැන ගත් තොරතුරු හා ඔහුගේ උපන් ගමට ගිය චාරිකාවක තොරතුරු ද යොදා ගෙන තිබෙනවා.

ශ‍්‍රී ලංකාවට මහත් සේ ඇලූම් කළ ක්ලාක් ගැන බොහෝ ලාංකිකයන් හරිහැටි දන්නේ නැහැ. මේ පොතින් මා උත්සාහ කරන්නේ අද කාලයේ ළමුන්, දෙමව්පියන් හා ගුරුවරුන්ට ඔහුගේ ළමා කාලයෙන් ගත හැකි ආදර්ශ හුවා දැක්වීමටයි. අද බෙදා ගන්නේ පොතේ අන්තර්ගතයෙන් ටිකක්.

හැම විශිෂ්ඨ චරිතයක් ම පන්නරය ලබන්නේ තමන්ට ආවේණික වූ පසුබිම හා අභියෝග හරහායි. විශිෂ්ඨයන්ගේ ලාබාල කාලය හා ඔවුන් දුක දිනා ජය ගත් සැටි සැම කල්හි සැම තැනම දිරියවන්තයන්ට ප‍්‍රබෝධක ආවේගයක් ලබා දිය හැකියි.

එසේ ම පරිකල්පනය හා නිර්මාණශීලි බව දරුවන් තුළ උද්දීපනය කරන්නේ කෙසේදැයි දෙමවුපියන්ට හා ගුරුවරුන්ට ගත හැකි ආදර්ශයන් හා ගුරුහරුකම් රැසක් ද ක්ලාක් චරිතයෙ තිබෙනවා.

Bristol channel

ආතර් චාල්ස් ක්ලාක් දරුවා උපන්නේ 1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ සමර්සෙට් ප‍්‍රාන්තයේ මයින්හෙඞ් ගම්මානයේ (Minehead). ඔහුගේ පියා චාල්ස් රයිට් ක්ලාක් හා සීයා තෝමස් ක්ලාක් දෙපල ම තැපැල් සේවයේ නිරත වූ අයයි. මව නෝරා විලිස් ක්ලාක්.

කලක් තිස්සේ බිෂොප්ස් ලිඩියාඞ් (Bishops Lydeard) නම් අල්ලපු ගමේ තැපැල් ස්ථානාධිපති වූයේ මේ ක්ලාක් පවුලේ උදවියයි. ඔවුන් බොහොම සාමාන්‍ය මට්ටමේ ග‍්‍රාමීය පවුලක්.

1914-18 කාලයේ යුරෝපය දෙවනත් කළ පළමුවන ලෝක යුද්ධයට පියා චාල්ස් රයිට් ක්ලාක් ද අනිවාර්ය හමුදා සේවය යටතේ බඳවා ගනු ලැබුවා. හමුදා සේවයේදී ප‍්‍රංශයට යවනු ලදුව යුධ බිමේදී විෂ වායු ප‍්‍රහාරයකට හසු වී තුවාල ලැබූ ඔහු ඉනික්බිති පෙනහළු ආබාධිත තත්ත්වයේ පසු වුණා.

යුද්ධයෙන් පසු ගමට ආ ඔහු තැපැල් කන්තෝරුව වෙනුවට ගොවිපලක් කිරීමට තීරණ කළා. හමුදා සේවයේ සිට නැවත සිවිල් ජීවිතවලට යොමු වන තරුණ තරුණියන්ට එරට රජයෙන් ලබා දුන් මුදල් ආධාර යොදා ගෙන ඔහු බැලිෆන්ට්ස් (Ballifants) නම් ගොවිපලක් මිළට ගත්තා. ආතර් ක්ලාක් දරුවා ලොකු මහත් වූයේ ගමෙන් කිලෝමීටරයක් තරම් දුරින් පිහිටි මේ කුඩා ගොවිපලේයි.

Ballifants Farm in May 2006 - Photo by Nalaka Gunawardene
Ballifants Farm in May 2006 – Photo by Nalaka Gunawardene

නෝරා හා චාල්ස් දෙපලගෙන් එක් අයකුටවත් ගොවිපලක් කිරීමේ පුහුණුව හෝ අත්දැකීම් තිබුණේ නැහැ. එහෙත් අළුත් දෙයක් කිරීමේ අදිටනින් හා උද්‍යොගයෙන් ඔවුන් එයට යොමු වුණා. එය එතරම් සාර්ථක නොවුවත් ප‍්‍රවේශමින් කටයුතු කිරීම හරහා පවුලේ වියදම් පියවා ගන්නට ඔවුන්ට හැකි වුණා. එසේම තමන්ම හදා ගත් අළුත් ආහාරපාන දරුවන්ට දීමට අවස්ථාව ලැබුණා.

පවුලේ වැඩිමහලූ දරුවා වූ ආතර්ට පසුව තවත් සහෝදරයන් දෙදෙනකු සහ සහෝදරියක උපන්නා. පියා යුධ ආබාධිත වූ බැවින් මේ දරුවන් හදා වඩා ගත්තේ මවයි. ඉමහත් දිරියක් හා වැඩ කිරීමේ හැකියාවක් තිබූ කාන්තාවක් වූ ඇය දරුවන්ට අවශ්‍ය මග පෙන්වීමත්, නිදහසත් ලබා දුන්නා.

බැලිෆන්ට්ස් ගොවිපල අක්කර කිහිපයක බිමක් වසා ගත් කුඩා පරිමානයේ ගොවිපලක්. නෝරා හා ඇගේ දරුවන් වෙහෙස වී වැඩ කිරීම හරහා එය නඩත්තු කළා. ශ‍්‍රමිකයන් ගෙන්වා ගත්තේ තමන්ට කළ නොහැකි බර වැඩට පමණයි.

එළදෙනුන්ගෙන් කිරි දෙවීම, කිකිළි බිත්තර එකතු කිරීම, කාලයෙන් කාලයට බැටලූ ලොම් කැපීම හා දිනපතාම සතුන්ට කෑම දැමීම හා ඔවුන්ගේ මඩු පවිත‍්‍ර කිරිම වැනි කාරියන් රැසක් ක්ලාක් දරුවන්ට පැවරුණා. ඔවුන් පාසල් ගියේ උදෙන් අවදි වී පැයක් දෙකක් පමණ ගොවිපලේ වැඩ කිරීමෙන් පසුවයි.

හිරුට කලින් පිබිදීම, කඩිසරව හා උද්‍යොගයෙන් වැඩ කිරීම, කරන හැම දෙයක්ම පිළිවෙලට කිරීම හා කිසි විටෙක අලස නොවීම වැනි චරිත ගති ආතර් ක්ලාක් දරුවා උගත්තේ කුඩා කාලයේ ගොවිපලේදී. මේ ගතිගුණ ඔහුගේ ජීවිත කාලය පුරා පවත්වා ගත්තා.

A Clarke family phot circa 1920 - young Arthur Charles is second from right
A Clarke family phot circa 1920 – young Arthur Charles is second from right. Photo owned by Arthur C Clarke Estate

අගහිඟකම් මැද වුවත් ආත්ම ගෞරවය රැක ගෙන, අභිමානයෙන් යුතුව ජීවත් වීමේ වටිනාකම ක්ලාක් දරුවන් කුඩා වියේදීම වටහා ගත්තා. ඉවත දමන එදිනෙදා ද්රව්යවලින් අතුරු රයෝජන ගැනීම, සකසුරුවම් බව හා නාස්තිය වැළැක්වීම වැනි ගුණාංග, ආතර් සී. ක්ලාක් ලේඛකයාගේ ජීවිතය පුරා දැකිය හැකි වුණා. කඩදාසියක දෙපැත්තම භාවිත කිරීම, ලියුම් කවරයක් දෙතුන් වරක් පාවිච්චිය වැනි පුරුදු මා උගත්තේ ඔහු සමග වැඩ කිරීමෙන්.

බැලිෆන්ට්ස් ගොවිපලේ 1920 දශකය ගෙවී ගියේ විදුලි බලය නොමැතිවයි. දරුවන් ලාම්පු එළියෙන් පාඩම් කළා. එකල ටෙලිවිෂන් මාධ්‍යය ඇරැඹී තිබුනේ නැහැ. මේ නිසා දැනුම හා විනෝදය එක් තැන් කරන ගෘහස්ත ක‍්‍රීඩා තමන් ම හදා ගන්නට නෝරා මාතාව ක‍්‍රියා කළා.

සීත සෘතුවේ රාත‍්‍රී කාලය පැය 15-16ක් දක්වා දිගු වනවා. මේ දිගු සන්ධ්‍යාවන් ගත කරන්නට දරුවෝ නොයෙක් ලෑලි කී‍්‍රඩා (board games) කළා. ඒත් ටික දිනකින් ඔවුන්ට ඒවා එපා වුණා. නිතර නිතර අළුත් ක‍්‍රීඩා නිර්මාණය කරන්න නෝරාට සිදු වුණා.

ඇය දරුවන් සමග කළ එක් ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් වූයේ ගණිත විනෝදයයි. කැල්කියුලේටර් නොතිබි ඒ යුගයේ ඉක්මනින් ගණනය කිරීම් කරන්නට තිබුණේ ස්ලයිඞ් රූල (slide rule) නම් උපකරණයක් හා ලඝුගණක පොත් පමණයි.

වැඩි කිරීම, බෙදීම, එකතු කිරීම හා අඩු කිරීම අවශ්‍ය වන සංකීර්ණ ගණිත ගැටළු නෝරා සිය දරුවන්ට දෙනවා. බොහෝ විට මුලින්ම උත්තරය හදා ගන්නේ ස්ලයිඞ් රූල පාවිච්චි කළ ආතර්. අන්තිමේදී කිසිදු උපකරණයක් නැතිව ගණිතමය ක‍්‍රම මගින් පමණක් උත්තරය සොයා ගන්නා නෝරා, සිය දරුවන් දෙදෙනාගේ උත්තර සමග එය සසඳා බලනවා.

‘‘අප නිතර මේ ගණිත ක‍්‍රීඩා කළා. සන්ධ්‍යාව අවසානයේ අප දිනුවත් පැරදුණත් අම්මා අපට රසකැවිලි දෙනවා. එහෙත් සැබෑ ත්‍යාගය වූණේ පාසලේ වාර විභාගයේදී ඉක්මනින් හා නිවැරදිව ගණන් හැදීමට පුළුවන් වීමයි. ජීවිත කාලය පුරාම ගණිතයට බය නොවී වැඩ කරන්නට අපට හැකි වුණා’’ ආතර් පසු කලෙක ලියා තැබුවා.

Young Arthur C Clarke, aged around 2
Young Arthur C Clarke, aged around 2. Photo owned by Arthur C Clarke Estate

ගොවිපලේත් ඒ ගමේ ම වඩාත් මුහුදට සමීපව පිහිටි මිත්තනියගේ ගෙදරත් ආතර් කල් ගත කළා. කුඩා කාලයේ පටන් ඔහු සාගරයටත්, අහසටත් ඇලූම් කළා. මේ දෙක පසු කලෙක ඔහුගේ වෘත්තිය ජීවිතය මහත් සේ සමීප වූවා.

ආතර් සමාජශීලි හා මිත‍්‍රශීලි චරිතයක් වුවත් තමන්ගේ ම සිහින ලෝකයක තනි වීමේ නැඹුරුවක් ද කුඩා කල පටන් ඔහුට තිබුණා. මුහුදු වෙරළේත්, ගොවිපලේත්, ඇතැම් විට පන්ති කාරමයේත් ඔහු දවල් හීන බැලූවා. වාසනාවකට ඔහුගේ වැඩිහිටියෝ එයට එරෙහි නොවී මේ දරුවාට සිහින මවන්නට ඉඩ දුන්නා.

කුඩා ආතර් රාත‍්‍රී අහස ගැනත් දැඩි කුතුහලයක් හා උනන්දුවක් දැක් වූවා. සරල දුරදක්නයක් වුව මිළදී ගන්නට තරම් වත්කමක් තිබුණේ නැහැ. තමන්ගේ දුරදක්නයක් සාදා ගත් පසු මේ ප‍්‍රශ්නය විසඳුනා. ඔහු අහස නිරීක්‍ෂණ කළේ පාසල් වැඩ කටයුතු හා ගොවිපලේ වැඩට තමන්ගේ දායකත්වය අතපසු නොකරයි.

ප‍්‍රාථමික පන්ති සඳහා ගමේ පාසලට ගිය ඔහු ද්විතියික මට්ටමට අසල ටෝන්ටන් (Taunton) නගරයේ හුයිෂ්ස් ග‍්‍රැමර් ස්කූල් (Huish’s Grammar School) නම් පාසලට ඇතුළු වුණා. ගෙදර සිට පාසලට දුර සැතපුම් හයක් (කිමි 10ක්) පමණ ඇති. උදයේ මේ දුර බයිසිකලයෙන් ගිය ආතර් යළිත් සවසට බයිසිකලයෙන් ම ගෙදර ආවා.

දවසකට කිමි විස්සක් සයිකල් පැදීම නිසා වෙනත් ව්‍යායාම අවශ්‍ය වුයේ නැහැ. ඉතා දුෂ්කර දිනයක හැරෙන්නට සීත සෘතුවේ දැඩි කාලගුණ තත්ත්වයන් යටතේත් ක්ලාක් දරුවන් බයිසිකලෙන් පාසල් ගියා.

ආතර් පාසල් කාලයේදී කණ්ඩායම් ක‍්‍රීඩාවලට උනන්දු වූයේ නැහැ. පිහිනීමේ හැකියාව තිබුණත් තරගකාරී පිහිනුමට ගියේ ද නැහැ. ගොවිපලකින් පාසලට ආ ළමයකු ලෙස ඇතැම් සිසුන්ගේ උසුළු විසුළුවලට ඔහු ලක් වීම මෙයට හේතු වුවා විය හැකියි.

ගොවිපලේ වැඩවලට උදව් වී පාසල් යන ක්ලාක් දරුවන් ‘ගොම ගඳයි’ කියා හෑල්ලූ කිරීමට සමහර ප‍්‍රභූ දරුවන් පුරුදුව සිටියාලූ. ආතර් හා ඔහුගේ සොයුරු සොයුරියන් මෙයින් කම්පා වුයේ නැහැ.

ආතර් වයස 13දී ඔවුන්ගේ රෝගාතුර පියා මිය ගියා. ඒ 1931 මැයි මාසයේදී. එතැන් පටන් පවුල නඩත්තු කිරීමේ මුළු බර ම කරට ගත්තේ මව නෝරායි. නව යොවුන් වියේ පසු වූ ආතර් ගොවිපලේ වැඩට කැමැත්තෙන් ම ඉදිරිපත් වුණා. එසේ ම පියාගේ වියෝවෙන් පසුව පවුලේ වැඩිමහලූ පිරිමියා ලෙස වගකීම් දැරුවා.

ඒ සියල්ල හා පාසලූ වැඩ කරන අතර රාත‍්‍රී අහස නිරික්සීමත් විවිධ විද්‍යාත්මක අත්හදා බැලීම් කිරීමත්, පොත් කියවීමත් ඔහු නිතර කළා. කාලය කළමණාකරණය කිරීම ඔහු කුඩා කාලයේ පටන් ප‍්‍රගුණ කළා.

ආතර්ගේ විද්‍යා අත්හදා බැලීම් යොමු වුණේ රසායන හා භෞතික විද්‍යාවන් පැත්තටයි. එදිනෙදා ද්‍රව්‍ය යොදා ගෙන මල්වෙඩි නිපද වූ ඔහු ඉන් පසු කුඩා රොකට් තනා අහසට යැවීමට තැත් කළා. රොකට්වලට අමතරව සන්නිවේදන උපකරණ සමග විවිධ අත්හදා බැලීම් කරන්නටත් ආතර් බොහෝ උන්නදු වුණා.

කුඩා වියේ පටන් විද්‍යාත්මක පොතපත හා විද්‍යා ප‍්‍රබන්ධ ගැන ආතර් උනන්දු වුණා. පෙළ පොත්වලට අමතරව පාසල් පුස්තකාලයේ තිබූ බොහෝ පොත් ඔහු මහත් ඕනෑකමින් කිය වූවා. ඊට පසු ටවුමේ මහජන පුස්තකාලයේ පොත්පත් සොයා ගෙන කිය වූවා. බාල වියේදී තමා දිනකට පොතක් බැගින් කියවා හමාර කළ බව ඔහු ලියා තිබෙනවා.

ටෝන්ටන් ටවුමේ පිහිටි පොත් සාප්පුව ආතර්ගේ ප‍්‍රියතම ස්ථානයක් වුණා. අදට වඩා අඩු වුවත් එවකට පොත් මිළ ගණන් පවා මේ ගොවිපළ දරුවාට දරා ගත නොහැකි වුණා. එහෙත් එම බාධකය ජය ගන්නට උපක‍්‍රම දෙකක් ඔහු සොයා ගත්තා.

එකක් නම් පොත් සාප්පුවට දිනපතා ගොස් තමන්ට රිසි පොත් කඩින්කඩ සාප්පුවේදීම කියැවීම. ටික දිනකින් හිමිකරුවා මෙය තේරුම් ගත්ත ද එයට බාධා කළේ නැහැ.

දෙවැන්න නම් කියවා නැවත විකිණීමට ඇති (second-hand) පොත් හා සඟරා අඩු මිලට ගැනීම. පාසල් විවේකයේදී යමක් කෑමට බීමට අම්මා අතට දෙන මුදල් වැඩි හරියක් ඉතිරි කර ගෙන ඔහු මේ සඳහා යොදා ගත්තා.

පසු කලෙක ලෝකයේ පිටපත් මිලියන ගණන් අලෙවි වූ පොත් ලියූ ලේඛකයා කුඩා කාලයේ පොත් කියවූයේ මෙලෙස උපක‍්‍රමශීලිව හා සකසුරුවමින්.

තමන්ගේ නිර්පරභූ, ගැමි ආරම්භය ගැන ඔහු කිසි විටෙකත් කරුණු සැඟවූයේ නැහැ. පසු කලෙක ඔහු පසු කලෙක තමන් හඳුන්වා දුන්නේ ස්වෝත්සාහයෙන් හා පරිකල්පනයේ පිහිටෙන් ලොවේ නමක් දිනූ කෙනෙකු හැටියටයි.

පොදුවේ ගත් විට ආතර් සී. ක්ලාක්ගේ පාසල් කාලය සතුටින් හා නිර්මාණශීලිව ගත වූවා. අන් අය තමා ගැන කියන දේ නොතකා තමන්ගේ පාඩුවේ වැඩ කර ගෙන යාමේ පුරුද්ද ඔහු කුඩා කාලයේ ම ඇති කර ගත්තා. එසේ ම අධිෂ්ඨානය, දැඩි අවධානය හා ඉලක්කයන් හඹා යාමත් ඔහු බාල වියේදී ම ප‍්‍රගුණ කළා.

සුරත ප‍්‍රකාශනයක් වන ‘‘තරු අතරට ගිය දරුවා’’ පොත, කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී වට්ටම් සහිතව ලබා ගත හැකියි. ආතර් සී. ක්ලාක් භාරය සතු ඓතිහාසිකව ඡායාරූප රාශියක් ද පොතෙහි තිබෙනවා. පිටු සැළසුම හා නිමාව කාටුන් හා චිත‍්‍ර ශිල්පී දර්ශන කරුණාතිලක විසින්.

The First Flight by young Arthur Clarke, aged 10 in 1927 - at Taunton, UK, in an British Avro 504 biplane owned by Cornwall Aviation Co. - Photo owned by Arthur C Clarke Estate
The First Flight by young Arthur Clarke, aged 10 in 1927 – at Taunton, UK, in an British Avro 504 biplane owned by Cornwall Aviation Co. – Photo owned by Arthur C Clarke Estate

Op-ed in BBC Sinhala: කොකා-කෝලාවෙන් ඔබ්බට… (Beyond Coca Cola)

BBC Sinhala home page on 9 September 2015
BBC Sinhala home page on 9 September 2015

 

BBC Online Sinhala has just published an opinion article I wrote on Coca Cola Sri Lanka factory polluting the Kelani River, the main source of water supply for Greater Colombo area in Sri Lanka.

Their version is found at: http://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150909_sp_coca_cola_nalaka#orb-banner

Here is my original submission. BBC Online does not, as a policy, provide links to outside websites, but the version below includes some relevant to my commentary.

කොකා-කෝලා ශ‍්‍රී ලංකා සමාගමේ බියගම පිහිටි කර්මාන්ත ශාලාවෙන් නිකුත් වූ අපද්‍රව්‍යයක් කැලණි ගඟට මුසුවීම මහත් ආන්දෝලනයක් ඇති කොට තිබෙනවා.

මහ මැතිවරණය පැවති අගෝස්තු 17 වැනිදා කොළඹ නගරයේ හා තදාසන්න ප‍්‍රදේශවල ජල නලයේ අසාමාන්‍ය ගන්ධයක් ගැන ලැබුනු පැමිණිලි අනුව ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය කඩිනමින් විපරම් කළා. පැය කිහිපයකට ජල සැපයුම නතර කොට දූෂණයේ මූලාශ‍්‍රය සොයා ගත්තා.

අගෝස්තු 28 වැනිදා දෙවන වරටත් එම කර්මාන්තශාලාවෙන් අපද්‍රව්‍ය කාන්දුවක් සිදු වී නැවතත් කොළඹ හා අවට ජල සැපයුම තාවකාලිකව නතර කෙරුණා.

මාධ්‍ය වාර්තා මුලදී කීවේ මෙයට හේතුව කොකා-කෝලා කම්හලෙන් නිකුත් වූ ඞීසල් තෙල් කාන්දුවක් බවයි. එහෙත් සැප්තැම්බර් 5 වනදා මණ්ඩලයේ සභාපතිවරයා කියා තිබෙන්නේ එය කාබනික රසායනික ද්‍රව්‍යයක් විය හැකි බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාවට යවන ලද ජල සාම්පල හරහා ජලයේ මෙතිලින් සාන්ද්‍රණය ඉහළ ගිය බවක් පෙන්නුම් කරන බව ඔහු කියනවා. එහෙත් එයට නිශ්චිත හේතු කාරකය කුමක්දැයි තවමත් නිර්ණය කොට නැහැ.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය කියන්නේ අඹතලේ ජලාශයෙන් ලබා ගත් සාම්පල රසායනාගාර පරීක්ෂාවට ලක් කළ විට එහි ඛනිජ තෙල් මුසු වීමක් හමු වූ බවයි.

ජලාප‍්‍රවාහන මණ්ඩලය හා පරිසර අධිකාරිය ඇතැම් විට පරස්පර විරෝධී ප‍්‍රකාශ කිරීමත්, තමන් සොයා ගත් සියලූ තොරතුරු ප‍්‍රසිද්ධියට පත් නොකිරීමත් ජනතා සැකයට හේතු වනවා.

Coca Cola pollutes Kelani River in Sri Lanka: Cartoon by Dharshana Karunathilake
Coca Cola pollutes Kelani River in Sri Lanka: Cartoon by Dharshana Karunathilake

කි.මී. 145ක් දිග කැලණි ගඟට අයිති ගංගා නිම්න ප‍්‍රදේශය වර්ග කි.මී. 2,292ක්. එය මෙරට වඩාත්ම දූෂිත ජල ප‍්‍රවාහය බව මධ්‍යම පරිසර අධිකාරිය කියනවා.

පිරිපහදු කළ හා නොකළ කර්මාන්ත අපද්‍රව්‍ය, කෘෂිකර්මාන්ත අපද්‍රව්‍ය, ගෘහාශ‍්‍රිත හා නගරාශ‍්‍රිත බැහැර කිරීම් විශාල ප්‍රමාණයක් කැලණි ගඟට එකතු කරනවා. විශේෂයෙන් බතික් හා ලෝහ නිමැවීමේ කර්මාන්ත නිසා කැලණි ගඟ දිනපතා අපවිත‍්‍ර වනවා.

ගංගා පතුළ මුහුදු මට්ටමට වඩා පහත් වීම නිසා මුහුදු ජලයද විටින් විට ගඟ තුළට පැමිණ යම් තාක් දුරට උඩුගං බලා විහිදෙනවා (salt water intrusion). මෙයට හේතුවක් නම් ගං පතුළින් අධික ලෙස වැලි ගොඩ දැමීමයි. කැලණි ගං මෝයට කිමී 14ක් උඩුංගව පිහිටි අඹතලේ ජලාශය දක්වා මුහුදු ජලය ඇදී ආ අවස්ථා තිබෙනවා.

පසුගිය දශක කිහිපය පුරා කර්මාන්තශාලා පිහිටු වන විට පුළුල් සැලැස්මක් යටතේ ඒවා ස්ථානගත කිරීම සිදු වුණේ නැහැ. දියර අපද්‍රව්‍ය යම් පවිත‍්‍ර කිරීමකට (effluent treatment) ලක් කළ හැකි තාක්ෂණය හැම කර්මාන්තශාලාවකටම එක බැගින් ඉදි කිරීම වියදම් අධික කාරියක්. ආයෝජන ප‍්‍රවර්ධන කලාපයන්හි මෙය සීමිත වශයෙන් කරනවා.

එහෙත් කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තශාලා රැසකට මේ පහසුකම නැහැ. ඔවුන් හීන් සීරුවේ අවට ඇති කාණුවකට හෝ දිය පාරකට අපද්‍රව්‍ය පිට කරනවා. ඉන්ධන පිරවුම්හල්, මෝටර් කාර්මික ගරාජයන්, ලියවන පට්ටල්, වාත්තු කම්හල් ආදී ස්ථානවලින් ඉවත ලන තෙල් හා අනෙකුත් රසායන ද්‍රව්‍ය ද කාණු ඔස්සේ ගලා ගොස් අවට ජල ධාරාවන්ට එකතු වනවා.

1990 පමණ පටන් මධ්‍යම පරිසර අධිකාරිය කර්මාන්තවලට පරිසර ආරක්ෂණ බලපත‍්‍ර (Environmental Protection License, EPL) නිකුත් කරනවා. ඒ වායු, ද්‍රව හා ඝන අපද්‍රව්‍ය පාලනය කරන්නට නිසි පියවර ගන්නා බවට තහවුරු වූ පසුවයි.

Citizen meme demanding justice for Kelani River after Coca Cola Sri Lanka discharged untreated effluent on 17 and 28 August 2015
Citizen meme demanding justice for Kelani River after Coca Cola Sri Lanka discharged untreated effluent on 17 and 28 August 2015

කොකා-කෝලා සමාගමටත් එබන්දක් තිබුණා. එසේ තිබියදීත් සිදු වූ තෙල්/රසායනික කාන්දුව ‘අත්වැරදීමක්’ බවයි සමාගම කියන්නේ. අගෝස්තු 20 වනදා ක්‍රියාකරිත්වය නතර කළ කොකා-කෝලා කම්හල යළි සැප්තැම්බර් 1 වනදා වැඩ ඇරඹුවේ පරිසර අධිකාරියෙන් කොන්දේසි සහගත අනුමැතියක් ලබා ගෙන බව සමාගම ප්‍රකාශ කරනවා.

කොතරම් ප‍්‍රවේශමින් ක‍්‍රියාත්මක වන කර්මාන්තශාලාවක වුවත් ඉඳහිට වැරදි සිදු විය හැකියි. අනපේක්ෂිත ගැටලූ මතු විය හැකියි. එවන් අවස්ථාවල දිවා රැය නොබලා වහා ක‍්‍රියාත්මක වී හානිය අවම කර ගැනීමට සැලසුමක් (contingency plan) තිබිය යුතුයි.

එසේම හුදු කොකා-කෝලා විරෝධයකට හා බහුජාතික සමාගම් හෙළා දැකීමකට එහා යන පුළුල් ජන ආවේගයකට මේ සිදුවීම අප පෙරළා ගත යුතුයි.

කොකා-කෝලා සිද්ධිය තේමා කරගෙන 2015 සැප්තැම්බර් 5 වැනිදා රාවයට ලිපියක් ලියූ තරිඳු උඩුවරගෙදර කීවේ කොකා-කෝලා සමාගමට එල්ල වන ජන විරෝධයෙන් ඔබ්බට ගොස් සමස්ත කැලණි ගෙඟහි දූෂණය හා එයට දායක වන ලොකු කුඩා ප‍්‍රභවයන් ගැන ද අප දැනුවත් හා සංවේදී විය යුතු බවයි.

මෙයට සමාන්තර අදහසක් ජල සම්පත් පර්යේෂිකාවක් හා ක‍්‍රියාකාරිනියක් වන කුසුම් අතුකෝරල මතු කරනවා. අප හමුවේ තිබෙන්නේ හුදෙක් තනි සමාගමක වරදක් හෝ එක් දූෂණ සිද්ධියක් පමණක් නොවන බවත්, මේ අලුත්ම අර්බුදය සියළුම ප‍්‍රභවයන්ගෙන් ජල සම්පත අපවිත‍්‍රවීම වළක්වා ගැනීමේ වැදගත්කම යළි සිහිපත් කරවන බවත් ඇය කියනවා.

‘‘ගෘහාශ‍්‍රිත අපද්‍රව්‍ය, වැසිකිළි අපද්‍රව්‍ය මෙන්ම කර්මාන්ත අපද්‍රව්‍ය බොහොමයක් ද කිසිදු පවිත‍්‍ර කිරීමකින් තොරව අසල ඇති ජල ධාරාවකට හෝ ජලාශයකට මුදා හැරීම කලෙක පටන් රටේ බොහෝ ප‍්‍රදේශවල කැරෙනවා. මේ ගැන අපි ටික දෙනෙක් හඬ නැගුවත් බොහෝ දෙනකුට එය ප‍්‍රමුඛතාවක් වුණේ නැහැ.’’ ඇය කියනවා.

දැනට මෙරට නිවාසවලින් 45%කට නල ජලය ලැබෙනවා. 2020 වන විට එය 60% දක්වා වැඩි කිරීමට සැලසුම් තිබෙනවා. නල ජලයේ ප්‍රමිතිය සහතික කිරීම ජලසම්පාදන මණ්ඩලයේ වගකීමක්.

නල ජලය නොලබන බහුතරයක් නිවාස පානීය හා වෙනත් ගෙදර දොර අවශ්‍යතා සඳහා වැසි ජලය එකතු කර ගැනීම, මතුපිට ජලය (වැව්, ඇල දොල, ගංගා) හෝ භූගත ජලය මත යැපෙනවා. වැසි ජලය රැස් කිරීමේදී හැර අන් හැම ප‍්‍රභවයකින්ම යම් ජල දූෂක මිශ‍්‍ර විය හැකියි.

උදාහරණයක්: යාපනය දිස්ත‍්‍රික්කයේ චුන්නාකම් ප‍්‍රදේශයේ භූගත ජලය අපවිත‍්‍ර වීම නිසා 18,000කට වැඩි වැසියන් සංඛ්‍යාවක් මාස ගණනක සිට බලවත් හිරිහැරයකට මුහුණ පා සිටිනවා. මේ දූෂණයට චෝදනා ලැබ සිටින්නේ MTD වෝකර්ස් නම් සමාගමට අයත් එහි පිහිටි 30MW ධාරිතාවෙන් යුතු තාප විදුලි බලාගාරයයි.

2009දී ක‍්‍රියාකාරීත්වය ඇරඹූ මේ බලාගාරයෙන් මුදා හරින අපද්‍රව්‍ය තම ළිං ජලය හා භූගත ජල සම්පත දූෂණය කරන බවට එහි වැසියන් නගන චෝදනාව සමාගම ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

තමන් සියලූ පාරිසරික අනුමැතියන් ලබාගෙන නිසි ප‍්‍රමිතීන්ට අනුකූලව ක‍්‍රියාකරන බවත්, අදාළ රාජ්‍ය ආයතනවලට ඕනෑම වෙලාවක පරීක්ෂා කර බැලිය හැකි බවත් බලාගාර සමාගම කියනවා.

12 Feb 2015: Tamil Guardian: Protests continue in Chunnakam over water contamination

School children in Jaffna protesting against Chunnakam water pollution - image from Tamil Guardian
School children in Jaffna protesting against Chunnakam water pollution – image from Tamil Guardian

මෙබඳු චෝදනා ලබන සමාගම්වල ස්ථාවරය තමන් රටේ නීතියට හා ප්‍රමිතීන්ට අනුකූල වන බවයි. බොහෝ සමාගම් ඉන් ඔබ්බට සමාජයීය වගකීමක් භාර ගන්නේ නැහැ.

2013 අගෝස්තුවේ වැලිවේරියේ රතුපස්වල රබර් අත්වැසුම් කර්මාන්තශාලාව හා ප‍්‍රදේශවාසීන් අතර හට ගත් මෙබඳුම මතභේදයක් කෙළවර වූයේ පසුගිය රජය හමුදා බලය යොදවා නිර්දය ලෙස ප‍්‍රදේශවාසීන් මර්දනය කිරීමෙන්.

කම්හල් හිමියන් හා රාජ්‍ය ආයතන ගැන මහජන විශ්වාසය පළුදු වී තිබෙනවා. ඔවුන් ඇත්ත කීවත් සැක කරන තරමට විරසකය දුරදිග ගිහින්. හැම ව්‍යාපාරකයාම වංචනික නොවන්නා සේ ම හැම රාජ්‍ය ආයතනයම ධනයට බලයට යට වී රාජකාරි මග හරින්නේ ද නැහැ.

මේ පාර්ශවයන් හා මහජනයා අතර තොරතුරු ගෙන යන ජනමාධ්‍ය හා පරිසරවේදීන්ටද ආවේගශීලී නොවී සංයමයෙන් ගැටලූ විසඳීමට උදව්වීමට වගකීමක් තිබෙනවා.

කර්මාන්තවලට දිරි දීම රටේ නිල ප්‍රතිපත්තිය නිසා වඩාත් සමාජයීය වගකීම් සහගත පිලිවෙතකට ඔවුන් යොමු කර ගත යුතුයි. එසේ නැතිව කර්මාන්ත වැසුවොත් රැකියා අහිමි වන්නේ අපේම ජනතාවටයි. තරුණ බ්ලොග් ලේඛක සෙනෙල් වන්නිආරච්චි කොකා-කෝලා ප්‍රශ්නය පටන් ගත් දිනවලම මෙය පෙන්වා දුන්නා.

Citizen meme courtesy Senel Wanniarachchi, blogger and youth activist
Citizen meme courtesy Senel Wanniarachchi, blogger and youth activist

චුන්නාකම් ජල දූෂනය උතුරේ ජනයාට පමණක් ප්‍රශ්නයක් වෙද්දී කැලණි දූෂනය දකුණේ බොහෝ අයට ආවේගයක් ගෙන දුන්නාග සමාජ ජාලවල විරෝධය මතු වුණා. ඒ ගැන මීම් රූප රැසක් බිහි වුණා.

කොකා-කෝලාවට වඩා දුරදිග යන ප‍්‍රශ්නයක් මෙතැන ඇතැයි මා ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ කී විට එම සමාගමට සුදුහුණු ගාන්නට තැත් කරනවා යැයි සමහරුන් මට ද චෝදනා කළා.

සමාගම කැලණි ගඟට අපද්‍රව්‍ය මුදාහැරීමට සමාව අයැද, සම්පූර්ණ හානියට වන්දි ගෙවා දඩයක් ද ගෙවිය යුතුය යන්න මගේ මතයයි. එතැනින් ඔබ්බට කොකා-කෝලා බොන නොබොන එක පෞද්ගලික තේරීමක්. දැනමටත් සංකීර්ණ ප‍්‍රශ්නයක් තවත් ව්‍යාකූල කළ යුතු නැහැ.

Image courtesy http://www.sathhanda.lk/feature
Image courtesy http://www.sathhanda.lk/feature

Sri Lanka Parliamentary Election 2015: How did Social Media make a difference?

A Popular Election Meme created by Hashtag Generation, Sri Lanka
A Popular Election Meme created by Hashtag Generation, Sri Lanka

“Every citizen – including activists and academics — can play a part in shaping the future of our democracy. In this, technology is not the only key driver; what matters even more is the strategic use of our imagination and determination.

“We may not yet have all the detailed answers of our digital future, but one thing is clear. In 2015, we the people of Sri Lanka embarked on a progressive digitalization of our politics and governance.

“It is going to be a bumpy road – be forewarned — but there is no turning back.”

These are the closing paras of a long format essay I have just written on the role of social media in the recently concluded Sri Lanka Parliamentary (General) Election on 17 August 2015.  It has been published by Groundviews.org citizen journalism website.

I Will Vote meme created by Groundviews.org - trilingual version
I Will Vote meme created by Groundviews.org – trilingual version

Shortly after the Presidential Election of 8 January 2015 ended, I called it Sri Lanka’s first cyber election. That was based on my insights from over 20 years of watching and chronicling the gradual spread of information and communications technologies (ICTs) in Sri Lanka and the resulting rise of an information society.

Since then, things have evolved further. In this essay, I look at how the Elections Commission, political parties, election candidates, civil society advocacy groups and individual cyber activists have used various social media tools and platforms in the run-up to, during and immediately after the Parliamentary Election.

Read full text at:

Groundviews.org 3 September 2015: Sri Lanka Parliamentary Election 2015: How did Social Media make a difference

A compact version appeared in Daily Mirror, 3 September 2015: Social Media and LK General Election 2015: Has E-democracy arrived in Sri Lanka?

Not voting - then you have no right to complain afterwards! Voter message from March 12 Movement for Clean Politicians, Sri Lanka
Not voting – then you have no right to complain afterwards! Voter message from March 12 Movement for Clean Politicians, Sri Lanka

Social Media and LK General Election 2015: Has E-democracy arrived in Sri Lanka?

From Sri Lanka Elections Department Facebook page
From Sri Lanka Elections Department Facebook page

“What role (if any) did social media play in the recently concluded General Election on 17 August 2015?

“Many are asking this question – and coming up with different answers. That is characteristic of the cyber realm: there is no single right answer when it comes to a multi-faceted and fast-evolving phenomenon like social media.

“Shortly after the Presidential Election of 8 January 2015 ended, I called it Sri Lanka’s first cyber election. That was based on my insights from over 20 years of watching and chronicling the gradual spread of information and communications technologies (ICTs) in Sri Lanka and the resulting rise of an information society.

“That was not the first time social media had figured in Lankan election campaigns. The trend started slowly some years ago, with a few tech-aware politicians and advertising agencies using websites, Facebook pages and twitter accounts for political outreach. However, such uses did not reach a ‘critical mass’ in the general and presidential elections held in 2010, or in the provincial and local government elections held thereafter.

“By late 2014, that changed significantly but this time the frontrunners were politically charged and digitally empowered citizens, not politicians or their support teams.”

The above is an extract from an op-ed I have just written and published in Daily Mirror broadsheet national newspaper in Sri Lanka (3 Sep 2015).

Full text is found online here:

Special thanks to Sanjana Hattotuwa and Yudhanjaya Wijeratne from whose analyses I have drawn. The unattributed opinions are all mine.

Infographic by Daily Mirror Sri Lanka
Infographic by Daily Mirror Sri Lanka

සිවුමංසල කොලූගැටයා #225: සංවේදී හා සංවර මාධ්‍යකරණයක් කවදා අපට ලැබේද?

Sri Lanka’s mainstream media – especially in the Sinhala language (and perhaps in Tamil too?) – lacks sensitivity and restraint when reporting and/or commenting on incidents of violence – covering suicide, homicide, rape and child abuse – as well as on topics like mental illness and HIV/AIDS.

This is my cumulative impression having closely watched different print and broadcast media outlets for over a quarter century. It is good that some younger professionals recognise the need to improve in this respect – to correct the ways of industry seniors who have set bad precedents for long.

I was thus happy to speak at a recent public forum on sensitive media reporting, organised by Sri Lanka Young Journalists Association and held in Colombo on 9 June 2015. In my remarks, I tried to understand why large sections of Lankan media so lacks sensitivity, respect for privacy and respect for societal diversity. This is a complex sociological situation that I cannot fully explain, but among the reasons I cited are: cultural orthodoxy, gender insensitivity, heightened competition among media groups for market share; and an overall lack of professionalism.

I sum up my remarks, and some discussion points, in this week’s Ravaya column (published on 28 June 2015).

Ravaya Chief Editor K W Janaranjana speaks at Public Forum
Ravaya Chief Editor K W Janaranjana speaks at Public Forum

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජුනි 9 වැනිදා කොළඹදී සංවිධානය කළ මහජන සංවාදයේ තේමාව වූයේ ‘සංවේදී සිදුවීම් වාර්තාකරණය’යි.

උතුරේ පුණ්ඩතිවුහි ලිංගික අපරාධයට ලක්වූ පාසල් දැරියගේ මරණය මෙරට මාධ්‍ය සමහරක් වාර්තා කළ ආකාරය එම සිදුවීම තරම්ම කම්පනයක් ඇති කිරීමට සමත් වුණා.

ඍජුවම සමාජයට අදාළ හා වැදගත් එහෙත් සංවරයකින් යුතුව වාර්තා කළ යුතු සිදුවීම් අරභයා අපේ මාධ්‍යවල ක‍්‍රියා කලාපය කෙසේ දියුණු විය යුතුද? දැනට අප අසන දකින භාවප‍්‍රකෝපකාරී හා සංත‍්‍රාසය දනවන පුවත් හා රූප වඩාත් සංවේදී තලයකට ගෙන යා හැකිද? එසේ කිරීමේදී මාධ්‍ය නිදහසට හානි නොකර, මාධ්‍ය කර්මාන්තයේ ප‍්‍රායෝගික සාධක ද සැලකිල්ලට ගෙන ආචාරධර්මීය රාමුවක් සකසා ගන්නේ කෙසේද?

මෙවැනි හරවත් ප‍්‍රශ්න පැය තුනක් පුරා එදින සාකච්ඡා වුණා. එහිදී මා පළ කළ අදහස් කිහිපයකුත් සංවාදයට ලක් වූ අදහසුත් බෙදාගැනීම මේ කොලමේ අරමුණයි.

සිදුවීම් ලෙස මතු වන්නේ සමාජය තුළ පවතින කැකෑරෙන හා කැළඹෙන ප‍්‍රවණතායි. හරවත් මාධ්‍යකරණය යනු එදිනෙදා සිදුවීම් සමබරව හා සංවරව වාර්තා කරනවාට අමතරව ඒ සිදුවීම්වලට තුඩු දෙන සමාජ සාධක හා ප‍්‍රවණතාද හඳුනා ගෙන විග‍්‍රහ කිරීමයි. මේ දෙවැනි වගකීම ඉටු කිරීමට මාධ්‍යවේදීන්ට පර්යේෂකයන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගේ මගපෙන්වීම හා උදව් අවශ්‍යයි.

එහෙත් ප‍්‍රවණතා හෝ සමාජ විද්‍යාත්මක හේතු සාධක සොයා යනවා වෙනුවට සිදුවීම් උවමනාවට වඩා සරල ලෙසින්, මතුපිටින් හා සමාජ අවස්ථාවලදී විකට ලෙසින් මාධ්‍ය වාර්තා කරනු අප දකිනවා.

විද්‍යුත් මාධ්‍යවේදියෙක් වරක් මට කීවේ ‘මේ තමයි අපේ මාධ්‍යයේ හැටි. විනාඩියෙන් දෙකෙන් ඕනෑම ස්ටෝරි එකක් අපි හසු කර ගත යුතුයි. පත්තර විශේෂාංග ලිපි නැතිනම් විශ්වවිද්‍යාල නිබන්ධ අපේ මාධ්‍යවල කරන්න බැහැ.’

රේඩියෝ හා ටෙලිවිෂන් ආවරණයේදී සීමිත ගුවන් කාලය අභියෝගයක් බව ඇත්තයි. එහෙත් එය කලබල හා අසංවේදී වාර්තාකරණයට හේතුවක් නොවෙයි. අතිශය සංකීර්ණ සමාජ ප‍්‍රශ්න කෙටියෙන් හා හරබරව වාර්තා කරන ආසියානු හා ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතන තිබෙනවා. එනිසා මෙතැන ඇත්තේ මාධ්‍යයේ සීමාවක් නොව අපේ ඇත්තන්ගේ ආකල්පමය හා ශිල්ප හැකියාවන්ගේ සීමාවන්.

Nalaka Gunawardene speaking at public forum on 9 June 2015
Nalaka Gunawardene speaking at public forum on 9 June 2015

අතිශයින් කනගාටුදායක හා සංවේදී සිදුවීමක් නම් සියදිවි නසා ගැනීමයි. 1990 දශකය වන විට ජනගහනයට සමානුපාතිකව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් බවට ශ‍්‍රී ලංකාව පත්ව සිටියා. 1996න් ඇරැඹී ප‍්‍රතිපත්ති මට්ටමින් ගත් යම් පියවර නිසා මේ ප‍්‍රවණතාව දැන් තරමකට සමනය වී තිබෙනවා. (එය වෙනම විග‍්‍රහ කළ යුතුයි.)

සියදිවි හානි කර ගැනීම ජීවන ගමනක ඛේදජනක අවසානයයි. ඒ හැම එකකටම පසුබිම් වන සිදුවීම් මාලාවක් තිබෙනවා. අපේ සමහර මාධ්‍ය එවන් ඛේදවාචකයක තෝරා ගත් පැතිකඩ පමණක් තලූ මරමින් රස කරමින් වාර්තා කරනවා. ඒ මදිවාට කාටුන් ආකාරයේ රූප පවා අඳිනවා.

සියදිවි හානිකර ගැනීම් ආවරණයේදී සංවේදී විය යුතු සාධක ගැන දශකයකට වැඩි කලෙක පටන් මාධ්‍ය පුහුණු වැඩමුළු හා දැනුවත් කිරීම් කොට තිබෙනවා. උදාහරණයට භාවිත කළ ක‍්‍රමය විස්තර නොකරන්නට හා අදාළ පුද්ගලයාගේ හා පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන්නට වග බලා ගත යුතුයි.

එහෙත් අපේ රටේ ප‍්‍රවෘත්තියැ’යි කියා පෙන්වන සමහර ටෙලිවිෂන් නාටකත්, සමහර පුවත්පත් වාර්තාත් මේ සංවරය පවත්වා ගන්නේ නැහැ. ඔවුන් දුකට පත් අයගේ කදුළු හා ලේ සොයමින් රට වටා යනවාග සිදුවීම වන විට හරියට එතැන සිටියාක් මෙන් විස්තර වාර්තා කරනවා.

අපේ සංවාදයේදී මතු වූ එක් උදාහරණයක් නම් එක්තරා ටෙලිවිෂන් නාලිකාවක් විස සහිත කනේරු ඇට ගැන සමීප රූප පෙන්වමින්, පෙර තරම් මේවා දිවි හානියට දැන් දැන් යොදා නොගන්නේ මන්දැයි වාර්තා කිරීමයි! සිංහල පුවත්පත් බොහොමයක් දිවි හානි කර ගැනීම් වාර්තා කරන්නෙ ද සුචරිතවාදී හෝ විකට ලෙසින්.

සමාජ විද්‍යා, මානව විද්‍යා, මනෝවිද්‍යා කෝණවලින් සීරුවෙන් විග‍්‍රහ කොට ග‍්‍රහණය කර ගත යුතු දිවි හානි කරගැනීම් අපේ මාධ්‍ය සරල හා සිල්ලර ලෙසින් විග‍්‍රහ කරනවා. එහිදී බොහෝ වාර්තාකරුවන්ට (හා ඒ ගැන කතුවැකි ලියන අයට) ඉක්මනින් සොයා ගත හැකි ‘දුෂ්ටයකු’ අවශ්‍යයි. මෙකී ‘දුෂ්ටයා’ පවත්නා රජය, වෙළෙඳපොළ ආර්ථිකය, නව තාක්ෂණයක් (ජංගම දුරකතන, ඉන්ටර්නෙට්) හෝ පුද්ගලයකු විය හැකියි.

සංකීර්ණ ප‍්‍රශ්නයක් මෙසේ සිල්ලරට ලඝු කිරීම හරහා ද අපේ මාධ්‍යකරණය සමස්ත සමාජය ගැන අසංවේදී වනවා.

Dr Harini Amarasuriya speaks at public forum
Dr Harini Amarasuriya speaks at public forum

එසේම තමන් හුවා දක්වන ‘දුෂ්ටයන්ට’ ඉක්මන් විසඳුම් සමහර මාධ්‍ය යෝජනා කරනවා. සංවාදයේදී සමාජ විද්‍යාඥ ආචාර්ය හරිනි අමරසූරිය කීවේ: ‘‘දුෂ්ටයා පුද්ගලයකු නම් ගල් ගසා මරන්න, මරණීය දණ්ඩනය නියම කරන්න, නැතිනම් අධිකරණ ක‍්‍රමයට පරිබාහිරව දඬුවම් කරන්න සමාජයේ ඇතැම් අය යෝජනා කරන විට මාධ්‍ය ඒවා උලූප්පා දක්වනවා. සමස්ත අපරාධවලට අපේ සමාජයේ හා බහුතරයක් මාධ්‍යවල ප‍්‍රතිචාරය ඉතා බියජනකයි. සංකීර්ණ සමාජ ප‍්‍රශ්නවලට අතිශය සරල විග‍්‍රහයන් හා ඉක්මන් විසඳුම් යෝජනා කිරීම ද මාධ්‍යයේ වගකීම වන්නේ?’’

මාධ්‍ය මෙන්ම සමස්ත ලක් සමාජයද අසංවේදී වන තවත් අවස්ථාවක් නම් මානසික සෞඛ්‍යයයි.

මානසික රෝගාබාධ ඕනෑම මානව සමාජයක 10%ක් පමණ හමු වනවා. අපේ වැනි ප‍්‍රචණ්ඩත්වය ඉහළ, පශ්චාත් යුද සමාජයක මෙය 20%ක් හෝ ඊටත් වැඩිවිය හැකියි.

මානසික රෝගා බාධ විවිධාකාරයි. ඒවා සියල්ල එක ගොඩට නොදැමිය යුතු බවත්, ඒ කිසිවක් කරුමයක් හෝ පාපයක් නොව මොළයේ රසායනික අසමතුලිතතාවකින් හටගන්නා තත්ත්වයන් බවත් මනෝ විද්‍යාඥයන් කියනවා. එසේම නිසි ප‍්‍රතිකාර (උපදේශන, බෙහෙත් හෝ රෝහල් ගත වීම) හරහා මේ රෝග සමනය කිරීමට හෝ සුවපත් කිරීමට හැකියි. ඕනෑම කෙනකුට හටගත හැකි මේ රෝග තත්ත්වයන් යමකු කොන් කිරීමට හෝ හංවඩු ගැසීමට (stigma) හේතුවක් නොවෙයි.

ගතානුගතික ලක් සමාජය මානසික රෝගවලට සංවේදී හෝ සානුකම්පිත නැහැ. ඔවුන් පිස්සන් ලෙස කොන් කිරීම තවමත් සිදු වනවා. සමහර මාධ්‍ය (විශේෂයෙන් ටෙලිනාට්‍ය හා විකට වැඩසටහන් හරහා) මේ අසංවේදීත්වය තවත් ප‍්‍රබල කරනවා.

අංගොඩ පිහිටි මානසික රෝග පිළිබඳ ජාතික රෝහලට ගොස් එහි අධ්‍යක්ෂවරයා හා සෙසු වෛද්‍යවරුන් හමු වන්නටත්, ඔවුන් මුහුණ දෙන යථාර්ථය දැන ගන්නටත් මීට දෙවසරකට පමණ පෙර මට අවස්ථාවක් ලැබුණා. ඒ මානසික සෞඛ්‍ය ගැන සානුකම්පිත බැල්මක් හෙලන අසාමාන්‍ය ගණයේ සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් වන ‘පේ‍්‍රමය නම්…’ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණු විටදී, (2014 අගදී නිමා වූ මෙය තවමත් මහජන ප‍්‍රදර්ශනයට පැමිණ නැහැ.)

Bx44chNCUAACzb-

මනෝ වෛද්‍ය විද්‍යාව හා ප‍්‍රතිකාර ක‍්‍රම මෑත දශකවල බෙහෙවින් දියුණු වී තිබෙන බව මා එදා වැඩමුලුවේදී දැන ගත්තා. රෝහල්ගත වී ප‍්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේ මානසික රෝග හට ගත් ටික දෙනකුට පමණයි. බහුතරයක් දෙනාට උපදේශනය, මානසික සහනය හා (වෛද්‍ය අධීක්ෂණය යටතේ) බෙහෙත් ගැනීමෙන් තත්ත්වය පාලනය කර ගන්නට හෝ සුවය ලබන්නට හෝ හැකියි.

මේ මූලික තොරතුරු පවා නොදන්නා හෝ නොතකා සිටින මාධ්‍ය එමට තිබෙනවා. පුළුල් සමාජ ප‍්‍රශ්නයක විසඳුම් සෙවීමට දායක වනු වෙනුවට එය තවත් උග‍්‍ර කරන්නටත්, එයින් ‘චීප් ත‍්‍රිල්’ගැනීමටත් අසංවේදී මාධ්‍ය ආවරණය දායක වනවා.

Chandana Sirimalwatte speaks at the Forum
Chandana Sirimalwatte speaks at the Forum

සියදිවි හානිකර ගැනීම්, මානසික සෞඛ්‍යය මෙන්ම HIV/AIDS ගැනත් අපේ මාධ්‍ය වාර්තාකරණය පවතින්නේ නොදියුණු මට්ටමකයි.

විටින් විට HIV/AIDS මෙරට තත්ත්වය ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශය පවත්වන වැඩමුළුවලදී අසන එක් ප‍්‍රශ්නයක් නම්: ‘දැන් අපේ ස්කෝර් එක කීයද?’

මේ විමසන්නේ HIV ආසාදනයේ උච්ච අදියර වන AIDS නිසා මිය ගිය සංඛ්‍යාව ගැනයි. හරියට ක‍්‍රීඩා තරගයක ලකුණු අසනවා වගේ. මෙය උපුටා දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය කීවේ සමස්ත සමාජයේ සංවේදී බව මෙවන් මාධ්‍ය ආකල්ප හා වාර්තාකරණය හරහා මරා දැමෙන බවයි.

HIV ආසාදිතයන් ගැන නිර්දය වූත්, අනුකම්පා විරහිතවූත් ආකල්ප මෙරට මාධ්‍යවේදීන් මෙන්ම සෙසු සමාජයේත් බහුලයි. එයට එක් හේතුවක් නම් HIV ආසාදනය හුදෙක් ලිහිල් හා අනාරක්ෂිත ලිංගික චර්යාවලින් සිදු වන බවට ඔවුන් විශ්වාස කිරීමයි. නැතිනම් අනෙක් ආසාදන ක‍්‍රම (එන්නත් ඉඳිකටු යළි භාවිතය, ආසාදිත රුධිරය ඒ බව නොදැන පාරවිලයනය කිරීම, ආසාදිත මවකගෙන් ඇතැම්විට උපදින දරුවාට සම්පේ‍්‍රෂණය වීම) ඔවුන් නොතකා හරිනවා. හේතුව, සුචරිතවාදී ප‍්‍රහාර එල්ල කළ හැක්කේ ලිංගික සාධකය පදනම් කර ගෙන පමණක් නිසා විය යුතුයි.

HIV ආසාදිතයන් හැකි තාක් හඳුනාගෙන, ඔවුන් සිය පුවත්පතින් නම් කර සමාජ නින්දාවට ලක් කළ යුතුයැ’යි නිතර කී සිංහල පුවත්පත් කතුවරයකු මීට දශකයකට හමාරකට පෙර සිටියා. මෙබඳු ආන්තික ස්ථාවරයන් දැන් මඳක් වෙනස් වී ඇතත්, තවමත් HIV/AIDS වාර්තාකරණය බොහෝ මාධ්‍ය කරන්නනේ සංවේදීව හෝ සානුකම්පිතව නොවෙයි.

HIV ආසාදිතයන් වැළඳගන්නා නේපාලය නමින් මීට කලකට පෙර මා කොලමක් ලිව්වා (2011 දෙසැම්බර් 11දා රාවය:) කුමන හෝ ආකාරයකින් HIV ශරීර ගත වී, දැන් බෙහෙත්වල උපකාරයෙන් ජීවත් වන දිරිය ගැහැනුන් හා මිනිසුන් හෙළා දකිනු වෙනුවට ඔවුන් සමාජ ආශ‍්‍රයට ගන්නට හා ඔවුන්ට උපකාර වන්න නාගරික හා ග‍්‍රාමීය නේපාල ජාතිකයන් පටන් ගත්තේ මීට දශකයකටත් පෙරයි. මෙය දැන් එරට මාධ්‍ය වාර්තාකරණයේ ද දැකිය හැකියි. ලක් සමාජය හා මාධ්‍ය කවදා එතැනට පැමිණේද?

Part of audience at Public Forum on June 9
Part of audience at Public Forum on June 9

ජුනි 9 වැනිදා සංවාදයෙන් මතු වූ මූලික කරුණු කිහිපයක් තිබෙනවා.

මාධ්‍යවේදීන් සුචරිතවාදීන් වීම හරිද? මෙයට නම් කිසිදු පිළිගත හැකි හේතුවක් මා දන්නේ නැහැ. පුද්ගල නිදහස ගරු කරන නූතන සමාජයේ නීතියට ඔබ්බෙන් යන සුචරිතවාදයක් කිසිවකු මත බලෙන් පැටවිය නොහැකියි.

හැම අසංවේදී වාර්තාකරණයක්ම තනිකර මාධ්‍යවල වරදක්ද? නැතිනම් අසංවේදී ජන සමාජයේ පිළිබිඹුවක්ද? මේවා පුළුල්ව විවාදයට ලක් විය යුතුයි.

මාධ්‍ය කළ යුත්තේ කුහක හා ගතානුගතික සමාජයේ ආකල්ප එලෙසින්ම (කැඩපතක් මෙන්) හසු කර ගැනීම පමණක්ද? නැතිනම් සංවේදී හා දැනුවත් මාධ්‍යවලට සමාජයේ පෙරගමන්කරුවන් වීමට හැකිද? එසේ විය හැකි නම් එය ඉතා අගෙයි. එසේ බැරි නම් අඩුම තරමින් ඇවිලෙන සමාජ ගිනි ජාලාවලට තවත් පිදුරු නොදමා පසෙකට වන්නයැ’යි මා එදා විවෘත ඉල්ලීමක් කළා.

ස්වයං ඇගයීමකින් පසු හෝ සෙසු සමාජයේ බලපෑම නිසා හෝ අපේ රටේ මාධ්‍ය තමන්ගේ ශෛලිය හා ප‍්‍රමුඛතා වෙස් කර ගත් අවස්ථා ද තිබෙනවා.

කලකට ඉහත පුවත්පත් මහත් ඕනෑකමින් රස කරමින් වාර්තා කළ දෙයක් වූයේ උසාවිවල දිග හැරෙන දික්කසාද නඩුයි. එහෙත් අද එබන්දක් කෙරෙන්නේම නැති තරම්. ඇත්තටම ඒ පුද්ගලික කථාවල කිසිදු මහජන වැදගත්කමක් නැහැ.

එසේම මීට දශකයකට පමණ පෙර වන තුරු ආබාධිතයන් හඳුන්වනු ලැබුවේ කොරා, අන්ධයා, බීරා, අංගවිකලයා ආදී යෙදුම්වලින්. එහෙත් මේ වන විට සමාජයත්, මාධ්‍යයත් ඊට වඩා සංවේදී හා සානුකම්පිත යෙදුම් භාවිත කරනවා. කලක් තිස්සේ සමාජ ක්‍රියාකරිකයන් ගෙන ගිය දැනුවත් කිරීම් මේ වෙනස ඇති කළා.

මෙයින් පෙනෙන්නේ ඕනෑකම තිබේ නම් අප කාටත් දැනට වඩා සංවේදී විය හැකි බවයි. අපේ මාධ්‍යකරුවන්ට අද තිබෙන තේරීම නම් තමන් සෙසු සමාජයට ඉදිරියෙන් යනවා ද නැතිනම් ශිෂ්ටත්වයට යන සමාජ පරිනාමීය ගමනේ අන්තිමයා වනවා ද යන්නයි.

Public Forum on June 9 - part of audience
Public Forum on June 9 – part of audience

ඡායරූප: තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය

 

සිවුමංසල කොලූගැටයා #215: සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ

Nelum Yaya bloggers award ceremony 2014
Nelum Yaya bloggers award ceremony 2014

April 2015 marks 20 years of commercial Internet connectivity in Sri Lanka. Nearly a quarter of our 21 million population is estimated to get online, most of them using mobile devices.

Blogging — as an activity of self-expression using the web – is being pursued by a few thousand people, and many thousands more participate as readers or discussants. Some blogs offer serious political and social commentary, while others have become platforms for nurturing new talent in prose, verse, photography, videography or graphic art. Bloggers fit into a larger new media ‘ecosystem’ called citizen journalism, which is constantly evolving. Although not well studied by media researchers, this phenomenon is now a part of our public sphere.

In this week’s Ravaya column (in Sinhala, published in issue of 12 April 2015), I report on the winners and speeches of the recently held Nelum Yaya blog awards ceremony that recognized outstanding Sinhala language bloggers of 2014.

See also:

23 June 2013: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

Cyber invitation that went out to everyone inviting to Nelum Yaya Blogger awards
Cyber invitation that went out to everyone inviting to Nelum Yaya Blogger awards

නෙළුම්යාය සහෘද සමූහය සංවිධානය කළ 2014 හොඳම සිංහල බ්ලොග් සඳහා සම්මාන පිරිනැමීමේ උළෙල මාර්තු 26 වැනිදා මාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත් වුණා. එහිදී මෙරට බ්ලොග් අවකාශය, පුරවැසි මාධ්‍යකරණය හා ඒ හරහා මතු වන අභියෝග ගැන කතා කිරීමට මටද ඇරැුයුම් කොට තිබුණා.

මෙරටට වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා හඳුන්වා දුන්නේ 1995 අපේ‍්‍රල් මාසයේ. එයට විසි වසරක් පිරෙන මේ වන විට මෙරට ජනගහනයෙන් 22%ක් පමණ නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරනවා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. මේ නිසා වෙබ් අවකාශයේ එක් සුවිශේෂී අන්තර්ගත කොටසක් වන බ්ලොග් ගැන ටිකක් විමසා බැලීමට මෙය හොඳ අවස්ථාවක්.

බ්ලොග් (blog) ඉංග‍්‍රීසි වදන සෑදී තිබෙන්නේ වෙබ් ලොග් (web log) යන වදන් දෙක එකතු වීමෙන්. සරල අරුත නම් වෙබ් අවකාශයේ ලියන සටහන් යන්නයි. මේ වචනය බිහි වුණේ 1997දී වුවත් බ්ලොග් ලෙස සැලකිය හැකි වෙබ් ලියවිලි 1994 පටන් පැවතුණා.

වෙබ් අවකාශය අද අප දන්නා ආකාරයෙන් (World Wide Web) නිපදවනු ලැබුවේ 1989දී. 1990 දශකය තුළ එය සෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වුණා. මුල් යුගයේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්නට, සංශෝධනය හෝ යාවත්කාලීන කරන්නට පරිගණක ශිල්ප දැනුම ඉහළට දැන සිටීම ඕනෑ වුණා.

මේ තත්ත්වය වෙනස් වූයේ 1990 දශකය අගදී බ්ලොග් ලිවීම පහසු වන, නොමිලේ වෙබ් ඉඩ ලබා දෙන සයිබර් වේදිකා බිහිවීමෙන් පසුවයි (Blogger 1999; WordPress 2003). වෙබ් අඩවි තැනීමට අවශ්‍ය කිසිදු HTML ශිල්ප දැනුමක් නැති මා වැනි අයටත් විනාඩි කිහිපයක් ඇතුළත අලූත් යමක් ලියා වෙබ් අවකාශයට එකතු කරන්නට හැකියාව ලැබුණේ එවිටයි.

බ්ලොග් යනු පෞද්ගලික අදහස් ප‍්‍රකාශනයක්. එයට වචන, රූප, වීඩියෝ හෝ හඬ යොදා ගෙන කළ හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ) අන්තර් ක‍්‍රියාකාරී බවයි.

බ්ලොග්කරණය කිසිවකුගෙන් අවසර නොපතන, හිතෙන වෙලාවට ස්වේච්ඡාවෙන් කරන කාරියක්. එසේම බොහෝ විට බ්ලොග් රචකයන් ප‍්‍රසිද්ධිය සොයා නොයන, සමහරවිට ආරූඪ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත‍්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරිහැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.

ශ‍්‍රී ලංකාවේ මේ වන විට බ්ලොග් රචකයන් – ලේඛකයන් කීදෙනකු සිටිනවාද යන්න හරිහැටි පැහැදිලි නැහැ. නෙළුම්යාය සංවිධායකයන්ගේ අනුමානය සිංහල බ්ලොග් රචකයන් 300ක් පමණ සිටින බවයි.

මේ ක්ෂේත‍්‍රය කලක සිට සමීපව අධ්‍යයනය කරන මා මිත‍්‍ර චානුක වත්තේගම කියන්නේ මෙරට භාවිත වන තිබසින් එකක් යොදා ගනිමින් බ්ලොග් පවත්වාගෙන යන සිය ගණනක් (සමහර විට දහසකට වැඩි) දෙනා සිටින බවයි.

මේ සමහරුන් සංඛ්‍යාත්මකව ඉතා කුඩා පාඨක පිරිසක් ආකර්ෂණය කර ගන්නා අතර කැපී පෙනෙන බ්ලොග් අඩවිවලට දිනකට දහස් ගණනක් පාඨකයන් පැමිණෙනවා. එවැනි බ්ලොග් රචනා සමහරකට දුසිම් ගණන් ප‍්‍රතිචාර ලැබෙන අතර බොහෝ විට මුල් රචනයට වඩා දිගු පාඨක සංවාද හා විසංවාද දිග හැරෙනවා.

නෙළුම්යාය (http://nelumyaya.com) සංස්කාරක (හා ‘කොළඹ ගමයා’ නමින් බ්ලොග් ලියන) අජිත් ධර්මකීර්ති කියන්නේ මෑත වසරවල සිංහල බ්ලොග් අවකාශය විවිධත්වයෙන් හා සහභාගිත්වයෙන් වඩාත් පුළුල් වී ඇති බවයි. විවිධ මාතෘකා යටතේ දේශපාලන, සමාජයීය, ආර්ථික හා වෙනත් කාලීන විග‍්‍රහයන් බ්ලොග්වල නිතර පළ වනවා. එසේම නිර්මාණාත්මක සාහිත්‍යයක්ද දැන් බ්ලොග් හරහා මතුවී තිබෙනවා. කෙටිකතා, කවි, සංචාරක සටහන්, විහිළු කතා, හමුදා කතා මෙන්ම ඡායාරූප, කාටුන් හා කෙටි වීඩියෝ ද බ්ලොග් අවකාශයේ හමු වනවා.

Ajith Dharmakeerthi, Editor of Nelum Yaya - - Photo by Randika Ahangama
Ajith Dharmakeerthi, Editor of Nelum Yaya – – Photo by Randika Ahangama

‘ඉතාමත් නිර්මාණශීලී බ්ලොග් රචකයන් සිටියත් ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළින් ඉඩ දුන්නේ පිළිගැනීමක් ඇති මාධ්‍යකරුවන්ට පමණයි. මෙතැනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සීමිත පාඨක පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සූදානමක් පෙනෙන්නට තිබුණේ නැහැයැ’යි බ්ලොග් සම්මාන උළෙලේදී ඔහු කියා සිටියා.

ඇත්තටම බොහෝ බ්ලොග් රචකයන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල පිළිගැනීම හෝ ආවරණය පතන්නේ ද නැහැ. බ්ලොග් යනු උප සංස්කෘතියක්. එයටම ආවේණික ජවයක් හා ගතිගණ සමුදායක් එහි තිබෙනවා.

එහෙත් එන්න එන්නම රසබර හා හරබර අන්තර්ගතය වැඩියෙන් බිහි වන බ්ලොග් අවකාශය වැඩි ලාංකික පාඨක පිරිසක් වෙත ගෙන යා යුතුයැ’යි ධර්මකීර්ති මතු කරන තර්කයට නම් මා එකඟයි.

බ්ලොග් අවකාශයට ඔබ මුල් වරට පිවිසෙන්නේ නම් එහි අගමුල හඳුනා ගැනීම තරමක අභියෝගයක්. හැම බ්ලොග් එකකම නිතිපතා අලූත් රචනයක් හෝ එකතු කිරීමක් සිදු වන්නේ නැහැ. අලූතින් බ්ලොග් රචනයක් හෙවත් පෝස්ටුවක් එකතු වූ බ්ලොග් ලැයිස්තු ගත කරමින් ගතික ලෙස නිරතුරු යාවත්කාලීන වන මාර්ගෝපදේශක වෙබ් අඩි තිබෙනවා. මේවාට බ්ලොග් කියවනයන් (blog syndicators, blog aggregators) යයි නමක් යෙදෙනවා.

Kottu.org Screenshot taken on 7 April 2015 - courtesy http://readme.lk/
Kottu.org Screenshot taken on 7 April 2015 – courtesy http://readme.lk/

ලාංකික බ්ලොග් කියවනයක් මුලින්ම බිහි වූයේ මීට දශකයකට පෙර. 2005 අපේ‍්‍රල් මාසයේ. කොත්තු (http://www.kottu.org) නම් වන එහි ස්වයංක‍්‍රීයව අලූත්ම බ්ලොග් පෝස්ටුවල හෙඩිම හා මුල් වැකිය පෙන්වනවා. කැමැති අයට එතැනින් ක්ලික් කොට මුලු බ්ලොග් එකම කියැවීමට යා හැකියි. කොත්තු නිර්මාණය කර මහජන සේවාවක් ලෙසින් පවත්වා ගෙන යන්නේ බරට ඉංග‍්‍රීසි බ්ලොග්කරණයේ පුරෝගාමියකු වන ඉන්දි සමරජීවයි.

මීට අමතරව දැන් සතුටු වැස්ස http://blogs.sathutu.com, ලාංකීය සිතුවිලි http://syndi.lankeeya.lk, ටොප් සිංහල බ්ලොග් http://topsinhalablog.com, අඹ ගහ යට http://ambagaha.blogspot.com වැනි කියවනයන් කිහිපයක් තිබෙනවා. මේ එකක්වත් සියලූ ලාංකික හෝ සිංහල බ්ලොග් ආවරණය නොකළත් අලූත් බ්ලොග් නිර්මාණ ගැන ඉක්මනින් දැන ගැනීමට මෙවැන්නකට පිවිසීම ප‍්‍රයෝජනවත්.

තනි පුද්ගලයන් පවත්වාගෙන යන බ්ලොග්වලට අමතරව සමූහයකගේ ලියවිලි හා වෙනත් නිර්මාණ පළකරන, බ්ලොග් ද තිබෙනවා. කලා-සංස්කෘතික හා දේශපාලනික ප‍්‍රශ්න විචාරයට ලක් කරන බූන්දි අඩවියත් www.boondi.lk, කාලීන සමාජ හා දේශපාලන සංවාදයන්ට වේදිකාවක් සපයන විකල්ප අඩවියත් www.vikalpa.org කැපී පෙනෙන උදාහරණයි.

Ajith Perakum Jayasinghe - Photo by Randika Ahangama
Ajith Perakum Jayasinghe – Photo by Randika Ahangama

සිංහල බ්ලොග් අවකාශයේ ප‍්‍රබල භූමිකාවක් හිමි කරගත් W3Lanka www.w3lanka.com නමින් ද්විභාෂික බ්ලොග් අඩවියක් කරන, අජිත් පැරකුම් ජයසිංහ කෙටි දේශනයක් කරමින් කීවේ අපේ බ්ලොග්කරණය තවමත් මූලික අදියරයක පවතින බවයි.

ඔහු දන්නා තරමට අපේ පූර්ණකාලීන බ්ලොග් ලේඛකයන් නැහැ (පූර්ණ කාලීන මුද්‍රිත ලේඛකයන් පවා අපට ඉන්නේ කී දෙනාද?). ජීවිකාවට කාලය හා ශ‍්‍රමය කැප කරන අතර ඉතිරි වන විවේකය යොදා ගෙනයි අපේ ඇත්තෝ බ්ලොග් ලියන්නේ. එහෙත් බටහිර රටවල දැන් හොඳ පිළිගැනීමක් ලද ප‍්‍රමුඛ බ්ලොග් ලේඛකයන්ට එයින්ම ජීවත් විය හැකියි (වෙබ් දැන්වීම් ආකෘතිය හරහා).

අමෙරිකාවේ බ්ලොග්කරණය ඊළඟ අදියරට ගෙන යෑමට මූලික වූයේ ආරියානා හෆිංටන් Arianna Huffington නම් බ්ලොග් ලේඛිකාවයි. හෆිංටන් පෝස්ට් නමින් ඇය ඇරඹූ සමූහ බ්ලොග් ප‍්‍රකාශනය මේ වන විට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග කරට කර තරග වදින, ව්‍යාපාරික මට්ටමේ මාධ්‍යයක් බවට පත් වෙලා. (එහෙත් ස්වේච්ඡාවෙන් හා විනෝදයට බ්ලොග් ලියන බොහෝ දෙනකු බටහිර රටවල තවමත් සිටිනවා.)

සිංහල බ්ලොග් අවකාශය (හා දෙමළෙන්, ඉංග‍්‍රීසියෙන් ලියැවෙන ලාංකික බ්ලොග්) වසරක් පාසා පුළුල්වෙමින් ඇතත් බ්ලොග් ලේඛකයන්ට සමාජ පිළිගැනීමක් තවමත් බිහි වී නැහැ. ඔවුන්ට ‘බ්ලොග්කාරයෝ’ යැයි කීම හරහාම යම් අවතක්සේරුවක් සිදු වනවා. එකම ලිපිය පත්තරයක, සඟරාවක පළ වූ විට ලැබෙන සමාජ ප‍්‍රතිචාරය එය බ්ලොග් එකක පළවූ විට තවමත් ලැබෙන්නේ නැහැ.

Karunaratne Paranavithana
Karunaratne Paranavithana

මෙයට එක් හේතුවක් නම් අපේ බොහෝ දෙනකු බ්ලොග් ගැන නොදැනීම හෝ වෙනත් වෙබ් ප‍්‍රකාශන සමග බ්ලොග් පටලවා ගැනීමයි. නෙළුම්යාය සම්මාන උළෙලේදී මාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන කීවේ මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ සමහර පුවත්පත් කර්තෘවරුන් බ්ලොග් ගැන අසාවත් නැති බවයි!

‘සතර දිගන්තය’ http://satharadiganthaya.blogspot.com නමින් කලක් බ්ලොග් රචනයේ යෙදුණු පරණවිතානයන්ටද මේ ගැන පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. ‘බ්ලොග් ලිවීම රස්තියාදුකාර වැඩක්. එය ඔබේ වෘත්තීය තත්ත්වයට ගැළපෙන්නේ නැහැ’ යයි ඇතැම් සහෘදයන් ඔහුට අවවාද කොට තිබෙනවා!

බ්ලොග් අවකාශය තුළ අන්තර්ගතය නියාමනයට වත්මන් රජයට කිසිදු අදහසක් නැති බවට මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහතික වූවා. බ්ලොග්කරණය යම් ප‍්‍රමිතීන්ට යටත් කරන්න යැ’යි එම සභාවේම එක් කථිකයකු කළ ඉල්ලීම ඔහු කාරුණිකව බැහැර කළා.

පසුගිය රජය පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට ක‍්‍රියා කළ බවට උදම් අනන අතර විචාරශීලීව වෙබ් අවකාශයේ සන්නිවේදනය කිරීමට අකුල් හෙළුෑ බව අප දන්නවා. ගෙවී ගිය වසර කිහිපය තුළ විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) අණ පරිදි සමහර දේශපාලන වෙබ් අඩවි හා බ්ලොග් මෙරට තුළ කියැවීම අවහිර කළත් දැන් මේ තහංචි ඉවත් කර තිබෙනවා.

‘මෙබඳු තාක්ෂණික අවහිරකිරීම් මින් මතු සිදු වන්නට අප ඉඩ තියන්නේ නැහැ. අදහස් ප‍්‍රකාශනයේ අයිතිය සීමා නොකරන මාධ්‍ය ප‍්‍රතිපත්තියක් අප පවත්වා ගන්නවා’ යැයි පරණවිතානයන් කළ ප‍්‍රකාශය වැදගත්.

බ්ලොග් අවකාශයේ හිමිකරුවන්, දොරටු පාලකයන් හෝ වෙනත් අධිපතියන් නැහැ. බෙහෙවින් අධිපතිවාදී අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට බ්ලොග් නොපෑහෙන්නේත් ඒ නිසා විය හැකියි. සම්මාන උළෙලේදී මා කීවේ ඔඩොක්කු මාධ්‍යවේදීන් බහුල අධිපති මාධ්‍යවලට වඩා ජනතාවාදී සමාජ හිතකාමී මෙහෙවරක් අද සමහර ප‍්‍රමුඛ බ්ලොග් ලේඛක ලේඛිකාවන් ඉටු කරන බවයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී අප මෙය දුටුවා.

 

Blogger of the Year 2014 Priyantha Hewage gets his Award - Photo by Randika Ahangama
Blogger of the Year 2014 Priyantha Hewage gets his Award – Photo by Randika Ahangama

මෙයට හොඳ උදාහරණයක් නම් 2014 වසරේ හොඳම සිංහල බ්ලොග් ලේඛකයා ලෙස පිදුම් ලද මාතලන් හෙවත් ප‍්‍රියන්ත හේවගේ. ඔහුටම ආවේණික පොදු ජන වහරක් යොදා ගනිමින් සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික මාතෘකා ගැන ගැඹුරු එහෙත් පණ්ඩිත නොවූ විග‍්‍රහයන් ඔහු ලියනවා. විටෙක හාස්‍යය හා උපහාසයත්, තවත් විටෙක ශෝකය හා වික්ෂිප්ත බවත් ඔහුගේ බ්ලොග් රචනා තුළ හමුවනවා. යථාර්ථය උඩුකුරු යටිකුරු වූ වත්මන් ලක් සමාජය එහි සාමාන්‍ය මිනිසුන්ට ග‍්‍රහණය වන සැටි ගැන එය හොඳ කැඩපතක් http://maathalan.blogspot.com.

තවත් උදාහරණයක් නම් වසරේ හොඳම බ්ලොග් පෝස්ටුවට (ලිපිය) මුල් තැන දිනූ දසයා බ්ලොග් ලේඛක සඳුන් දසනායක. හීන් සැරෙන් ටිකිරි ටොකු දීමේ කලාව මැනවින් ප‍්‍රගුණ කොට ඇති මේ ලේඛකයා බරපතල සමාජ විශ්ලේෂණ සරල හා සුගම බසින් ගෙන එනවා. සම්මාන දිනූ ‘ආඩම්බරකාර අපේ තාත්තා’ ලිපිය ගෙවී ගිය අඳුරු දශකයේ ලාංකික සමාජයේ ඛේදවාචකය ඇඟට පතට නොදැනී නිර්දය ලෙස විවේචනය කිරීමක්. http://iamdasaya.blogspot.com

බ්ලොග්වල හමු වන්නේ කාලීන විමර්ශන පමණක් නොවෙයි. ගද්‍ය හා පද්‍ය නිර්මාණ ද වැඩි වැඩියෙන් දැන් පළ වෙනවා. තමන්ගේ නිර්මාණයක් පත්තරයක පළ කරවා ගන්නට හඳුනන හෝ නොහඳුනන කෙනකු පසුපස යෑම දැන් අවශ්‍ය නැහැ. සම්මාන උළෙල ඇමතූ බන්දුල නානායක්කාරවසම් කලාකරුවා කීවේ ඉතා ප‍්‍රශස්ත මට්ටමේ පද්‍ය නිර්මාණ දැන් අපේ බ්ලොග්වල නිතර කියවිය හැකි බවයි.

රත්නපුරේ බට්ටි (ඩබ්ලියු. ඒ. කාන්ති) අමානුෂික පොලිස් ප‍්‍රහාරයට ලක් වූ අවස්ථාවේ එම සිදුවීම වීඩියෝ ගත කොට සමාජ මාධ්‍ය ජාල හරහා රටට පෙන්වූයේ පුරවැසි මාධ්‍යකරුවෙක්. එය පාදක කර ගෙන ‘බට්ටි’ නමින් නිසඳැස් කවියක් ලියූ දමිත් ගුණවර්ධනට වසරේ හොඳම බ්ලොග් කවියට සම්මානය පිරිනැමුණා.

Yashodha Sammani Premaratne (Bassi) - second best verse in blog award
Yashodha Sammani Premaratne (Bassi) – second best verse in blog award

නිසඳැස් කවි සඳහා දෙවැනි ස්ථානය ලබා සම්මාන දිනුවේ බස්සී නමින් බ්ලොග් ලියන යසෝධා සම්මානි පේ‍්‍රමරත්න. නූතන ලාංකික කාන්තාවගේ ජීවන අරගලය ගැන හෘදයාංගම ලෙස ගද්‍ය හා පද්‍ය හරහා විවරණය කරන ඇගේ බ්ලොග් අඩවිය ඈ හඳුන්වා දෙන්නේ ‘රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්’ හැටියට. http://bassigenawathana.blogspot.com

මේ කෙටි විග‍්‍රහයේ උදාහරණ ලෙස දැක්විය හැකි වූයේ බ්ලොග් කිහිපයක් පමණයි. බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නේ මෙයයි: ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරිසරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත‍්‍රත්වය හා ගති සොබා හඳුනා ගන්න. එසේ ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමනවලට එළැඹෙන්න.

එසේම පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි සමග බ්ලොග් අඩවි පටලවා නොගන්න. හොඳ පත්තර හා කැලෑ පත්තර අතර වෙනස මෙන් වෙබ් අවකාශයේද හැම ආකාරයේම ප‍්‍රකාශන ඇති බව සිහි තබා ගන්න.

More winners at Nelum Yaya bloggers award ceremony 2014
More winners at Nelum Yaya bloggers award ceremony 2014

සිවුමංසල කොලූගැටයා #212: විද්‍යා සන්නිවේදන ජගතා – වෛද්‍ය බුද්ධදාස බෝධිනායක

Dr Buddhadasa Bodhinayake - Science communication trail-blazer in Sri Lanka
Dr Buddhadasa Bodhinayake – Science communication trail-blazer in Sri Lanka

Dr Buddhadasa Bodhinayake, who died on 4 March 2015 in the UK, was a trail-blazing science and health communicator in Sri Lanka in the 1960s and 1970s. While still a schoolboy, he wrote the first Sinhala language book on space travel in 1961, which he co-authored with Arthur C Clarke. In the early 1970s, he also wrote the first local book on child psychology.

While being a high school student, medical student and after becoming a medical doctor, Bodhinayake continued writing to newspapers and presenting science programmes on radio. In June 1966, he launched Vidya monthly science magazine, which had a long and illustrious innings until 2006.

In this week’s Ravaya column (in Sinhala, published on 22 March 2015), I recall highlights of Dr Bodhi’s science communication work, and capture memories of some of his teachers and contemporaries. I also acknowledge the inspiration I derived from his work while growing up in the 1970s.

විද්‍යා, කලා, වාණිජ විෂය ධාරා වශයෙන් වෙන් කරන ලද පාසල් හා උසස් අධ්‍යාපනයක් පවතින අපේ රටේ කලාවට ලැදි විද්‍යා සිසුනට එම කුසලතා දියුණු කර ගන්නට ඇත්තේ සීමිත අවකාශයක්.

විද්‍යා-කලා ක්ෂේත‍්‍ර දෙකෙහිම දස්කම් පෑ, ඉංග‍්‍රීසි-සිංහල ද්විභාෂා සමතකු වූ වෛද්‍ය බුද්ධදාස බෝධිනායක මේ සාම්ප‍්‍රදායික සීමා ඉක්මවා ගිය අයෙක්. මෙරට සිංහල විද්‍යා සන්නිවේදනයේ නිම්වළලූ පුළුල් කළ, මුද්‍රිත හා රේඩියෝ මාධ්‍ය දෙකෙන්ම සරලව හා රසවත්ව විද්‍යා දැනුම බෙදා දුන් ඔහු මාර්තු 4 වනදා ලන්ඩනයේදී මිය ගියා.

වසර තිහකට වඩා ඔහු පදිංචිව සිටියේ බි‍්‍රතාන්‍යයේ බැවින් අපේ නව පරපුරට ඔහුගේ නම පුරුදු නැති විය හැකියි. එහෙත් 1960, 1970 දශකවල විද්‍යා, කලා හා දේශපාලන ක්ෂේත‍්‍රවල බෝධිනායක නම නිතර කියැවුණා.

බෙන්තොට උපත ලද ඔහු කොළඹට ආවේ වයස දහයේදී පමණ. කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් හා කාර්යශූර සිසුවකු ලෙස බෝධිනායකයන් 1950 දශකයේ හා 1960 ගණන්වල මුලදී රටම දැන හඳුනා ගත්තේ මාධ්‍ය හරහායි.

Buddhadasa Bodhinayake as a young man
Buddhadasa Bodhinayake as a young man

ඔහුගේ ගුරුවරුන්ට හා සමකාලීනයන්ට ඒ කාලය හොඳහැටි මතකයි. දශක ගණනක් ආනන්දයේ සිංහල බස ඉගැන් වූ ඒ. ඒ. ප‍්‍රනාන්දු මහතා බෝධිනායක සිහිපත් කරන්නේ ලියන්නට හා කථිකත්වයට දක්ෂ, බහුවිධ කුසලතා තිබූ, අසාමාන්‍ය ගණයේ සිසුවකු හැටියටයි.

‘ඒ කාලයේ මම සිංහල දරුවා නමින් සඟරාවක් කළා. බෝධිනායකගේ මුල්ම ප‍්‍රකාශිත ලිපි එහි පළ වූ ඒවා විය හැකියි. පාසලේ සාහිත්‍යයට, කලාවට, විද්‍යාවට එක සේ ලැදි වූ ඔහු සිංහල, ඉංග‍්‍රීසි දෙබසම මනා ලෙස හැසිර වූවා,’ යැයි ප‍්‍රනාන්දු මහතා ගිය සතියේ ආවර්ජනා කළා.

එවකට ආනන්දයේ සිංහල ගුරුවරයකු වූ මගේ පියා (ඩබ්ලිව්. ඞී. කේ. ගුණවර්ධන) බෝධිනායක හඳුනා ගත්තෙ 1960 දශකය මුලදී ඔහු උසස් පෙළ පන්තියට ආ පසුයි. ඔහු බෙහෙවින් උද්‍යොගශීලී සිසුවකු වූ බවත්, සිංහල බසෙහි නොයෙක් ගුරුහරුකම් ගන්නට නිතර ආ සැටිත් පියාට මතකයි.

‘බෝධිනායක කියන්නේ දක්ෂතා රැසක් තිබුණු, ගුණගරුක හා ආචාරශීලී ශිෂ්‍යයෙක්. විෂයමාලාවට හෝ පන්ති කාමරයට හෝ සිමා නොවී ඔහු විෂයබාහිර බොහෝ දේ කළා. බයිසිකලයකින් හැම තැනම යනවා. හාමුදුරුවරුන් හා ගුරුවරුන් සමග නොයෙකූත් දේ සාකච්ඡා කරනවා. මෙහෙම ශිෂ්‍යයන් හමු වන්නේ කලාතුරකින්’ මගේ පියා කියනවා.

වරක් ෂෙල් තෙල් සමාගම අනුග‍්‍රහයෙන් සංවිධානය කළ දීපව්‍යාප්ත රචනා තරගයකට සහභාගි වන්නට බෝධිනායක සිසුවාට ඕනෑ වුණා. එය පාසල විසින් සහතික කළ යුතු වූවා. එවකට සිටි ආනන්ද විදුහල්පති එස්. ඒ. විජේතිලක එසේ කිරීමට එකඟ වූයේ රචනය පාසලේදී ලියුවොත් පමණයි. එය අධීක්ෂණය කිරීම භාර වූයේ මගේ පියාට.

එකල බොහෝ රචනාල කථික හා විවාද තරගවලින් බෝධිනායක ජය ගත්තේ ගුරුවරුන් උද්දාමයට පත් කරවමින්. පණ්ඩිත බස වෙනුවට සරල සුගම බසකින් කීම හා ලිවීම ඔහුගේ හපන්කම වුණා.

Dayawansa Jayakody
Dayawansa Jayakody

බෝධිනායක සමකාලීනයකු හා සහෘදයකු වූ පොත් ප‍්‍රකාශක දයාවංශ ජයකොඩි කියන්නේ ඔහු නිර්මාණශීලී හැකියාව, දැනුම මෙන්ම සංවිධාන ශක්තියත් කැටි කර ගත් අසාමාන්‍ය චරිතයක් වූ බවයි.

‘ඔහු මට වඩා දෙවසරක් ජ්‍යෙෂ්ඨ වුණත් අපි බොහෝ සමීපව වැඩ කළා. මා එකල පළ කළ ‘හෙළබිම’ පත්තරයට ඔහු නිතර ලිපි ලියුවා. විද්‍යාව උගත්තත් සාහිත්‍යය, ඉතිහාසය ආදිය ගැන හොඳ දැනුමක් ඔහුට තිබුණා. බද්දේගම විමලවංශ හිමියන්ගේ (1913-1993) අනුශාසකත්වයෙන් ත‍්‍රිසිංහල ශිෂ්‍ය සංවිධානය පිහිටුවා ගෙන තරුණ තරුණියන් ඒකරාශී කරන්නත් ඔහු ක‍්‍රියා කළා’ යයි ජයකොඩි මහතා සිහිපත් කරනවා.

චිත්තාකර්ෂනීය කටහඬක් තිබූ බෝධිනායකයන් රේඩියෝ මාධ්‍යයට ද සම්බන්ධ වුණා. වසර ගණනාවක් තිස්සේ ගුවන් විදුලි සංස්ථාව හරහා විද්‍යාව, තාක්ෂණය, සෞඛ්‍යය තේමා කර ගත් බොහෝ වැඩසටහන් ඉදිරිපත් කළා. මෙයට අතහිත දුන්නේ කරුණාරත්න අබේසේකරයන්.

ජාතික පුවත්පත් හා සඟරාවලට ලියන අතරම බෝධිනායක තමන්ගේ සඟරාවක් ද ඇරඹුවා. ‘විද්‍යා’ නම් වූ එහි මංගල කලාපය එළි දුටුවේ 1966 ජුනි මාසයේ. ඒ වන විට ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙක්.

Cover of Vidya magazine first issue - June 1966 - edited by Buddhadasa Bodhinayake
Cover of Vidya magazine first issue – June 1966 – edited by Buddhadasa Bodhinayake

විද්‍යා ගුරුවරුන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් මෙන්ම විද්‍යාවට ලැදි සිසුන් ද හවුල් කර ගෙන පළ කළ විද්‍යා සඟරාව 1960 හා 1970 දශකවල විශිෂ්ඨ විද්‍යා සන්නිවේදන මෙහෙවරක යෙදුණා. අද මෙන් තොරතුරු මූලාශ‍්‍ර බහුල නොවූ එකල නව දැනුම සොයා ගන්නට තිබූ මාර්ග සීමිතයි.

විද්‍යා මංගල කලාපයේ කවරයට ආතර් සී. ක්ලාක්ගේ සේයාරුවක් යෙදු බෝධිනායක, ඇතුලේ පිටුවක් පුරා ක්ලාක්ගේ අනාගතවේදී විග‍්‍රහයන් සිංහලෙන් ඉදිරිපත් කළා. සිහි නැති කරන්නේ කෙසේද යන මැයෙන් වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය එන්. ඞී. ඩබ්ලිව්. ලයනල්ගේ ලිපියක් ද, අපේ විද්‍යාඥයෝ තේමාවෙන් ගණිත මහාචාර්ය ඩග්ලස් අමරසේකර හඳුන්වා දෙන ලිපියක් ද එහි තිබුණා.

පාඨකයන්ගේ විද්‍යා ගැටලූවලට පිළිතුරු සැපයුවේ තරුණ ශිෂ්‍ය නිමල් සිරිපාල ද සිල්වායි. කොළඹ නාලන්දා විද්‍යාලයේ උගත් ඔහු බෝධිනායක සමග විද්‍යා සඟරාව මෙන්ම තරුණ සංවිධාන වැඩ ද කළා. 1970 මහ මැතිවරණයට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සහයෝගය දෙමින් තරුණ පෙරමුණක් ඔවුන් ගොඩ නැගුවා. පසු කලෙක ජාතික දේශපාලනයට පිවිසි ඔහු අද ශ‍්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයායි.

බෝධිනායකයන් බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය පසු විද්‍යා සඟරාව කලේ තුසිත මලලසේකරයි. 1960 ගණන්වල සිට බෝධිනායක හා මලලසේකර සමීප මිතුරෝ.

“මුල් යුගයේ සිංහලෙන් විද්‍යාව ලියන්න හැකියාව තිබුණේ ටික දෙනකුටයි. ඒ අතර වෛද්‍ය නන්දදාස කෝදාගොඩ හා වෛද්‍ය බෝධිනායක කැපී පෙණුනා. විද්‍යා සඟරාව ඇරඹුවේ පාසල් සිසුන් ඉලක්ක කර ගෙනයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලද එහි පිටපත් රැසක් රජය මිළට ගෙන පාසල් පුස්තකාලවලට බෙදා හරිනු ලැබුවා. එහෙත් පළාත්සභා ක්‍රමය යටතේ මෙවැනි මිළ දී ගැනීම් විමධ්‍යගත කළ පසු එසේ කිරීම ටික කලකින් නතර වුණා,” මලලසේකර කියනවා.

වසර 40ක් නොකඩවා පවත්වා ගෙන ආ විද්‍යා සඟරාව 2006දී නවතා දැමීමට සිදු වුනේ දැන්වීම් හා අනුග්‍රාහකයන් නැති වීම හා අලෙවි කර ගැනීමේ දුෂ්කරතා නිසායි. එය යුග මෙහෙවරක් ඉටු කළා යයි කිව හැකියි. 1987දී සුවිසල් පත්‍ර සමාගමකින් ඇරඹූ විදුසර සහ තවත් විදු ප්‍රකාශන ඒ වන විට බිහිව තිබුණා.

තම විද්‍යා සන්නිවේදනයට මහත් සේ උදව් කළ දෙදෙනකු ගැන බෝධිනායකයන් ඉඩ ලද සැම විටම සඳහන් කළා.

එක් අයෙක් ආතර් සී. ක්ලාක්. 1960 දශකයේ ඇමරිකාව හා සෝවියට් දේශය අතර මහා අභ්‍යවකාශ තරඟයක් පැවති නිසා අභ්‍යවකාශ ගවේෂණය ගැන බොහෝ දෙනා උනන්දු වුණා. ක්ලාක්ගේ සහයෝගය හා සම කර්තෘත්වය ඇතිව සිංහලෙන් අභ්‍යවකාශය ගැන ලියූ මුල්ම පොත 1961දී බෝධිනායක රචනා කළේ ‘ඔබ වැන්නෙක් හඳට යයි’ නමින්. එවිට ඔහු තවමත් පාසල් සිසුවෙක්. (පොත බෙදා හැරීම හා විකිණීම කළේ දයාවංශ ජයකොඩි විසින්.)

ක්ලාක්ගේ දැනුම හා පරිකල්පනය සිංහල පාඨකයන් වෙත ගෙන ඒමට බෝධිනායක ලියූ පොත් හා පුවත්පත් ලිපි සමත් වුණා. ක්ලාක් පසු කලෙක බෝධිනායකට බි‍්‍රතාන්‍යයට යාමටත් උපකාර කළා.

ඔහුට බොහෝ උදව් කළ අනෙක් දැවැන්තයා වූයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ, චිත‍්‍ර හා මූර්ති ශිල්පී මෙන්ම ඉංජිනේරු හපුගොඩ රන්කොත්ගේ (එච්. ආර්.) පේ‍්‍රමරත්නයි. වෛද්‍ය සිසු අවධියේ තමන්ට නොමිළයේ කොළඹ නවාතැන් දුන් පේ‍්‍රමරත්න දෙවැනි පියකු බඳු වූ බව බෝධිනායක නිතර සිහිපත් කළා.

3 February 2013: සිවුමංසල කොලූගැටයා #103: එච් ආර් පේ‍්‍රමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’

1965දී පේ‍්‍රමරත්න හා බෝධිනායක එක්ව කෘති‍්‍රම චන්ද්‍රිකා ගැන සිංහල පොතක් රචනා කළා. ‘හැදු හඳේ හාස්කම්’ නම් වූ එහි වැදගත්කම චන්ද්‍රිකා යුගය ඇරඹී දශකයක්වත් ගෙවී නොතිබූ එවකට එම ක්ෂේත‍්‍රයේ අනාගත විභවය හා විකාශනය ගැන ඉතා හොඳ විග‍්‍රහයක් ඇතුළත් වීමයි.

පොත ආරම්භයේ කතුවරුන් මෙසේ ලියනවා. ‘‘කෘති‍්‍රම චන්ද්‍රිකාවක් යනු කුමක්ද යනුවෙන් මතු කෙරෙන ප‍්‍රශ්නයට දිය හැකි හොඳම පිළිතුර ‘මිනිසා විසින් සාදන ලද හඳකි’ යන්නය. එවැන්නක් පෘථිවිය වටා ගමන් කිරීමේදී හඳ පෘථිවිය වටා ගමන් කිරීමේදී පිළිපදින සොබාවික නීතිම පිළිපදී.’’

විශ්ව ගවේෂණයට, පෘථිවි නිරීක්ෂණයට, කාලගුණ අනාවැකි කීමට, පණිවුඩ සන්නිවේදනයට ආදී විවිධ භාවිතයන් සඳහා චන්ද්‍රිකා යොදා ගත හැකි අන්දම රූප සටහන් හා ඡායාරූප රැසක් සමගින් මේ පොත ලිහිල් බසින් කියා දෙනවා. තොරතුරු කල් ඉක්ම වී ඇතත් වසර 50කට පසුව අදත් එය ආසාවෙන් කියවිය හැකියි.

Cover of ‘හැදු හඳේ හාස්කම්’ (Wonders of the man-made Moon) by H R Premaratne & Buddhadasa Bodhinayake, 1965
Cover of ‘හැදු හඳේ හාස්කම්’ (Wonders of the man-made Moon) by H R Premaratne & Buddhadasa Bodhinayake, 1965

බෝධිනායක වෛද්‍යවරයකු ලෙස කළ දස්කම් ගැන කතා කිරීමට අපට ඉඩක් නැහැ. අයුක්තියට හා අසාධාරණයට නොබියව එරෙහි වීමේ ගුණය ද බෝධිනායකයන්ට ළාබාල වියේ සිටම තිබුනා. කොළඹ වෛද්‍ය පීඨයට පිවිසි පසු නවකවදයට ලක් වූ ඔහු එයට විරුද්ධව කතා කළා. සිසු විරෝධයක් ගොඩ නැගුවාග වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබූ පසු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේත්, වෛද්‍ය වෘත්තිකයන් අතරත් නිලධාරිවාදයට ඔහු නතු වූයේ නැහැ.

1969දී වෛද්‍ය විද්‍යාලයෙන් පිට වූ ඔහු සීමාවාසික පුහුණුව (medical internship) කළේ ප‍්‍රවීණ ශෛල්‍ය වෛද්‍ය පී. ආර්. අන්තෝනිස් හා ප‍්‍රකට ළමා රෝග විශේෂඥ එම්. එච්. එම්. හම්සා යටතේයි.

ඉන්පසු කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරමින් ළමා රෝග ගැනත්, ළමා හා තරුණ මනස ගැනත් අධ්‍යයනය කළ බෝධිනායක, කරුණා රාමනායක (පසුව බෝධිනායක) සමග ළමා මනෝවිද්‍යාව ගැන මෙරට පළ වූ මුල්ම සිංහල පොත රචනා කළා. එහි නම ‘දරුවන්ගේ හැටි තේරුම් ගන්න’. පසු කලෙක ඔහු බි‍්‍රතාන්‍යයට ගොස් මනෝ විද්‍යාව හා මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයකු වූවා.

පක්ෂ දේශපාලනයට පිවිසීම ඕනෑම පුරවැසියකුගේ, වෘත්තිකයකුගේ අයිතියක්. එහෙත් බෝධිනායක වැනි හපනකු දේශපාලන රාමුවකට සීමා වීම සමහරුන්ගේ කනස්සල්ලට හේතු වුණා. ඔහුගේ ගුරුවරයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වරක් මා සමග එබඳු අදහසක් පළ කළා. එහෙත් එසේ කී කාලෝත් මෙරට වාමාංශික දේශපාලනයේ කලක් සක‍්‍රීයව සිටි අයෙක්! 1977 ආණ්ඩු මාරුවෙන් පසු බෝධිනායකයන්ට එතරම් නිල පිළිගැනීමක් නොලැබුණු බව නම් ඇත්තයි.

L to R - Prime Minister Mrs Sirimavo Bandaranaike, Dr Buddhadasa Bodhinayake, Nimal Siripala de Silva, around 1970
L to R – Prime Minister Mrs Sirimavo Bandaranaike, Dr Buddhadasa Bodhinayake, Nimal Siripala de Silva, around 1970

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

1960 දශකය මැද උපන් මා බුද්ධදාස බෝධිනායක හඳුනා ගත්තේ පාඨකයකු ලෙසයි. 1970 හා 1980 දශකවල විද්‍යා සඟරාව පාසල් පුස්තකාලයෙන් කියැවූ සැටි කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

1979දී පමණ බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය ඔහු මා පෞද්ගලිකව මුණ ගැසුණේ දෙතුන් වතාවක් පමණයි. ඒ විටින් විට කෙටි නිවාඩුවකට ඔහු මෙරට ආ විටයි.

එයින් එක් වතාවක ඔහු මාත් කැඳවා ගෙන ඔහුට සුපුරුදු ගුවන් විදුලි සංස්ථාවට ගියා. මට මතක හැටියට නම් ගුණරත්න අබේසේකර මෙහෙය වූ ‘සරස්වතී මණ්ඩපය’ට සහභාගී වන්නයි. ‘අපි නතර කළ තැනින් ඔබ වැනි විද්‍යා ලේඛකයන් සන්නිවේදන මෙහෙවර දිගටම කර ගෙන යා යුතුයි’ ඔහු සුහදව ගුරුහරුකම් දුන්නා.

බෝධිනායක ලියූ පොත්පත් අද මුද්‍රණයේ නැහැ. විද්‍යා සන්නිවේදනයේ ඔහු ලබා දුන් ලොකුම දායකත්වය ලක් පරම්පරාවකට නව ලොවක් විවර කර දීමයි. උත්සාහය, උද්‍යොගය හා කැපවීම පෙරටු කර ගෙන ඔහු ගිය ගමන ළාබාලයන් වූ අපට ප‍්‍රබෝධක ආවේගයක් ලබා දුන්නා. එදාට වඩා බෙහෙවින් වෙනස් යථාර්ථයක් තුළ වුව ද අපට තවමත් එයින් ආදර්ශ ලද හැකියි.

From Vidya magazine's first issue of June 1966 - Young Nimal Siripala de Silva answers readers' science questions
From Vidya magazine’s first issue of June 1966 – Young Nimal Siripala de Silva answers readers’ science questions

See also:

10 Nov 2013: සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

15 Sep 2013: සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

11 Nov 2012: සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

Imagine and Innovate to celebrate Sir Arthur C Clarke!

When Steven Spielberg (left) and Harrison Ford (middle) visited Arthur C Clarke in Colombo during filming of Indiana Jones and the Temple of Doom in Sri Lanka, 1983 - Photo owned by Arthur Clarke Estate
When Steven Spielberg (left) and Harrison Ford (middle) visited Arthur C Clarke in Colombo during filming of Indiana Jones and the Temple of Doom in Sri Lanka, 1983 – Photo owned by Arthur Clarke Estate

19 March 2015 marks seven years since Sir Arthur C Clarke passed away.

In the weeks and months following Sir Arthur’s death, many asked me what kind of monument was being planned in his memory. As far as the Arthur C Clarke Estate is concerned, there is none –- and that seems to surprise many.

Yet it was fully consistent with the man of ideas, imagination and dreams that Sir Arthur Clarke was. Monuments of brick and mortar — or even of steel and silicon — seem superfluous for a writer who stretched the minds of millions. Commemorative lectures or volumes cannot begin to capture the spirit and energy of the visionary who left behind a rich collection of books, papers and ideas.

Photo courtesy ORBIT '15 event organisers
Photo courtesy ORBIT ’15 event organisers

Imagine and innovate to honour Sir Arthur C Clarke! That was the theme of a tribute I wrote on the first death anniversary.

Speaking at ORBIT’15 astronomy event last week in Colombo, organised by the Astronomy & Space Science Association of D S Senanayake College, Colombo, I reiterated this point. Here are the most relevant slides from my talk:

From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene
From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene
From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene
From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene
From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene
From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene
From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene
From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene

 

Full PowerPoint:

 

 

 

 

 

සිවුමංසල කොලූගැටයා #209: මාලදිවයිනේ යහපාලන අරගලය

President Mohammed Nasheed (left) and President Maumoon Abdul Gayoom (right).jpg
President Mohammed Nasheed (left) and President Maumoon Abdul Gayoom (right).jpg

In this week’s Ravaya column (in Sinhala), I chronicle the struggle by people of the Republic of Maldives – Asia’s smallest state by land area and population – to achieve democratic pluralism and good governance.

In October 2008, long-term autocratic ruler President Maumoon Abdul Gayoom was defeated in the country’s first multi-party elections by Mohamed Nasheed of the Maldives Democratic Party (MDP). Nasheed, who had been a political prisoner and suffered much under the previous regime, ushered in a new era for his nearly 400,000 people – for a while.

From almost the beginning, the Nasheed administration was systematically undermined and eventually he was ousted by the former autocrat’s appointees and promoters whose key public sector positions were left untouched by Nasheed despite there being many allegations of corruption.

As noted in an editorial in The Sunday Times (Sri Lanka) on 15 Jan 2015: “In February 2012, after just three and a half years in office, Nasheed was forced to resign following months of military-backed protests. Why? Largely because he was reluctant to remove dozens of Gayoom loyalists in key sections of the public service and the judiciary, who eventually helped the opposition to plot his downfall.

“In Nasheed’s own words, ‘I didn’t want to take action against them, despite public demands, as it would be tantamount to behaving like Gayoom, ruthless and abusing of power.’ As weeks and months went past with Gayoom cronies still continuing in key positions, Nasheed’s hold on power weakened and led to his resignation which he said was forced on his by the military.

“These are lessons for Sri Lanka’s new rulers who must clean up the system and take action while at the same time displaying that it is not a political witch-hunt.”

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය තහවුරු කිරීමට ඉන්දියාවෙන් අපට ගත හැකි ආදර්ශ ගැන මෑත සතිවල අප කිහිප විටක් කතා කළා. ඊට පෙර අවස්ථාවල පාකිස්තානය හා නේපාලය ගැනත් අප අවධානය යොමු කළා.

යහපාලනය සඳහා වසර ගණනක අරගලයක් අසල්වැසි මාලදිවයිනේ ද සිදු වනවා. භූමි ප‍්‍රමාණයෙන් හා ජනගහනයෙන් ආසියාවේ කුඩාම රාජ්‍යය වන මාලදිවයින ඒකාධිපති පවුල්වාදය පිටු දකින්නට ගන්නා උත්සාහය තවමත් සාර්ථක වී නැහැ.

maldives-on-worldmapවසර 25කට වැඩි කාලයක් තිස්සේ මා වෘත්තීය මට්ටමින් මාලදිවයිනට විටින් විට යනවා. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු සමග තුන් වතාවක් මාධ්‍ය සම්මුඛ සාකච්ඡා කොට තිබෙනවා. එරට ගැන විශේෂඥයකු නොවූවත් එහි සිදුවීම් ගැන මා විමසිලිමත් වනවා.

මාලදිවයින 1887දී බි‍්‍රතාන්‍ය ආරක්ෂිත රාජ්‍යයක් (British protectorate) බවට පත් වුණා. එනම් එරට අභ්‍යන්තර රාජ්‍ය පාලනය තව දුරටත් සුල්තාන්වරයකු යටතේ දිගටම පවතින අතර විදේශ සබඳතා හා ජාතික ආරක්ෂාව සඳහා පමණක් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ අධීක්ෂණය ලැබුණා. මේ සඳහා සුල්තාන්වරයා වාර්ෂිකව බි‍්‍රතාන්‍යයට යම් ගෙවීමක් කළා. සුල්තාන් යටතේ අගමැතිවරයකු එදිනෙදා රාජ්‍ය පාලනය කළා.

 

1965දී බි‍්‍රතාන්‍ය ආරක්ෂිත රාජ්‍ය තත්ත්වය හමාර වුණා. 1968දී එරට ජනරජයක් බවට පත් වුණා. එහෙත් බහුපාක්ෂික දේශපාලන සංස්කෘතියක් බිහි කරනු වෙනුවට එරට යොමු වූයේ තනි පක්ෂයකින් පාලනය වන ඒකාධිපති රටාවකටයි. ඉබ‍්‍රාහිම් නාසීර් (1926-2008) මුල්ම ජනාධිපති බවට පත් වී 1968-1978 වකවානුවේ දැඩි හස්තයකින් රට පාලනය කළා. එරට නවීකරණය කිරීම ඇරඹුවේ ඔහුයි.

ඔහු යටතේ ඇමතිවරයකු ලෙස සේවය කළ මවුමූන් අබ්දුල් ගයූම් (Maumoon Abdul Gayoom) 1978දී ජනාධිපති බවට පත් වුණා. ඔහුත් කළේ ඒකපාක්ෂික පාලනය දිගටම පවත්වාගෙන යාමයි.

තනි පක්ෂයක් පමණක් දේශපාලනය කළත් ගයූම්ගේ 30 වසරක පාලන කාලය තුළ වසර කිහිපයකට වරක් “මැතිවරණ” පවත්වනු ලැබුවා. ඒ හැම එකකටම ඉදිරිපත් වූ එකම අපේක්ෂකයා වූයේ ඔහුයි. 1983 ජනමත විචාරණයකිනුත්, ඉනික්බිති 1988, 1993, 1998 හා 2003 යන වසරවල පැවති මැතිවරණවලිනුත් සැමවිටම ඡන්දවලින් 90%කට වඩා ලබමින් ඔහු ජය ගත්තා (ඉතිරි ඡන්ද කටු ගා දමන ලද ඒවායි.)

මාලදිවයිනේ රාජ්‍ය නායකයා, ආණ්ඩු නායකයා මෙන්ම හමුදාවට අණදෙන ප‍්‍රධානියා ලෙසත් සර්ව බලධාරී ආකාරයට ගයූම් දශක තුනක් බලයේ රැඳී සිටියා. මේ කාලය තුළ ඔහු බලයෙන් පහ කිරීමට කුමන්ත‍්‍රණ උත්සාහයන් තුනක් (1980, 1983, 1988) සාර්ථක ලෙස මැඬ පැවැත්වූවා.

1988 නොවැම්බර් 3 වැනිදා තුන්වන කුමන්ත‍්‍රණ උත්සාහයට මුල් වූයේ ශ‍්‍රී ලංකාවේ PLOTE සංවිධානයෙන් කුලියට ලබා ගත් සන්නද්ධ කැරලිකරුවන් 80 දෙනකුත් මාලදිවයින් කැරලිකරුවන් පිරිසකුත්. ඒ තීරණාත්මක මොහොතේ ගයූම් සාක් රටවලින් හදිසි ආධාර ඉල්ල සිටියා. ඉන්දියානු හමුුදා මැදිහත් වීමෙන් කැරලිකරුවන් මර්දනය කොට යළිත් පැය කිහිපයක් ඇතුළත රටේ අගනුවර පාලනය ගයූම්ගේ හමුදා අතට ලබා දුන්නා.

Image courtesy: http://raajjenews.blogspot.com/2012/11/maldives-victim-of-indian-foreign.html
Image courtesy: http://raajjenews.blogspot.com/2012/11/maldives-victim-of-indian-foreign.html

ගයූම් තම කුඩා රාජ්‍යය නවීකරණය කළත් එයට සමාන්තරව ගජමිතුරන්ට මුදල් හම්බ කිරීමට බොහෝ වරප‍්‍රසාද හා අවස්ථා සලසා දුන් බවට චෝදනා මතු වුණා. එසේම ඔහුගේ පවුලේ සාමාජිකයන් ගණනාවක්ම ඉහළ රාජ්‍ය තනතුරුවලට පත් කිරීම හරහා දැඩි පවුල්වාදයක් ස්ථාපිත කළා.

ගයූම් පාක්ෂිකයන් මේ චෝදනා ප‍්‍රතික්ෂේප කළත් ඔවුන්ට වසන් කළ නොහැකි අමිහිරි සත්‍යයක් තිබෙනවා. එනම් ඔහුගේ පාලන කාලය තුළ විරුද්ධ මතධාරීන්ට හා දේශපාලන ක‍්‍රියාකාරිකයන්ට මුදා හරින ලද රාජ්‍ය හිංසනයයි.

හිතුමතයට විරුද්ධ පාක්ෂිකයන් අත්අඩංගුවට ගැනීම, දිගු කල් අධිකරණ ක‍්‍රියාදාමයකින් තොරව රඳවා තබා ගැනීම, අත්අඩංගුවේදී වධ හිංසා කිරීම, බලහත්කාරයෙන් කටඋත්තර ලබා ගැනීම මෙන්ම දේශපාලන මිනීමැරුම් කිරීම ගැන ගයූම් පාලනයට එරට හා විදෙස් මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන් විස්තරාත්මක චෝදනා එල්ල කොට තිබෙනවා. “රාජ්‍ය ආරක්ෂාව” නම් පොදු හේතුව යටතේ ගයූම් මේ සියල්ල සාධාරණීකරණය කරන්නට ගත් උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

2002 පමණ වන විට වඩාත් උගත් හා සන්නිවේදන තාක්ෂණයෙන් බලාත්මක වූ මාලදිවයින් තරුණ තරුණියෝ දේශපාලන නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා උද්ඝෝෂණ ඇරඹුවා. මේ උද්ඝෝෂණවලට නායකත්වය දුන්නෙ 2001දී අරඹන ලද එරට මුල්ම විකල්ප දේශපාලන පක්ෂය වූ මාලදිවයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (Maldivian Democratic Party, MDP).

මේ උද්ඝෝෂණ මර්දනයට ගයූම්ගේ සමස්ත රාජ්‍ය බලය යොදනු ලැබුවා. දරුණු මර්දනය හමුවේ 2003දී MDP නායකත්වය සිය රට හැරදා ශ‍්‍රී ලංකාවේ තාවකාලික පදිංචියට ආවා.

ගයූම් රජය කලක් යන තුරු MDP පක්ෂය පිළිගත්තේ නැතත් ඔවුන් දිගටම දේශපාලන උද්ඝෝෂණ ගෙන ගියා. රට තුළත්, රටින් බැහැරවත් බහුපාක්ෂික ප‍්‍රජාතන්ත‍්‍රවාදයක අවශ්‍යතාව ගැන ජනමතයක් ඔවුන් ගොඩ නැගුවා.

තත්ත්වය වෙනස් වූයේ 2005දී එරට පාර්ලිමේන්තුව (Majlis) දේශපාලන පක්ෂ පිළිගැනීමට තීරණය කළ පසුවයි. 2005 පටන් සිය රටේ එළි පිටම සක‍්‍රිය දේශපාලනයට පිවිසි MDP පක්ෂයට ගයූම් පාලනයෙන් බොහෝ සීමා, හිරිහැර එල්ල වුණත් එයින් ඔවුන්ගේ ජනප‍්‍රියත්වය වැඩි වූවා මිස අඩු වූයේ නැහැ.

Mohamed Nasheed
Mohamed Nasheed

MDP පක්ෂයේ නායකයා ලෙස තරුණ, උගත් මොහමඞ් නෂීඞ් (Mohamed Nasheed) පත් වුණා. 1967 උපන් නෂීඞ් ශ‍්‍රී ලංකාවේ හා බි‍්‍රතාන්‍යයේ ඉගෙනුම ලබා 1989දී මාලදිවයින් දේශපාලනයට පිවිසියා. 1990න් ඇරැඹි දශකයකට අධික කාලය තුළ ගයූම් පාලනය විසින් විවිධ චෝදනා මත ඔහුව විසි වතාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.

සිරභාරයේ සිටි ඔහු වදහිංසාවලට ලක් වුණා. ලොව අවධානයට ලක් විය යුතු සුවිශේෂී දේශපාලන සිරකරුවකු ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය 1991දී ඔහු නම් කළා. ඔහුගේ දියණියන් දෙදෙනාගෙම උපන් දිනවලදී නෂීඞ් සිටියේ අත්අඩංගුවේ.

2008 ඔක්තෝබරයේ පැවති ජනාධිපතිවරණයේදී පළමු වතාවට බහු පාක්ෂික තරගයකට ඉඩ ලැබුණා. එහිදී නෂීඞ් ජනාධිපති ගයූම්ට එරෙහිව තරග කළා.

මුල් වටයේ කිසිදු අපේක්ෂකයකුට අවශ්‍ය 50% ඡන්ද නොලැබුණු නිසා දෙවන වටය ගයූම් හා නෂීඞ් අතර ඉන් සති දෙකකට පසු පැවැත්වුණා. එහිදී ඡන්දවලින් 54%ක් ලබා ගත් නෂීඞ් මාලදිවයින් ඉතිහාසයේ ප‍්‍රජාතාන්ත‍්‍රික ලෙසින් තේරුණු මුල්ම ජනාධිපති බවට පත් වුණා.

2008 නොවැම්බර් 11 වැනිදා වැඩ බාර ගත් නෂීඞ්ට දශක ගණනාවක තනි පාක්ෂික ඒකාධිපති පාලනයට හුරු වී දඩබ්බරව සිටි රාජ්‍ය පරිපාලන තන්ත‍්‍රයක් හා හිතුමතයට ගනුදෙනු කිරීමට පුරුදු වූ ව්‍යාපාරික ප‍්‍රජාවක් සමග සීරුවෙන් කටයුතු කරන්නට සිදු වුණා.

ගයූම් පාලනය යටතේ අතිශය දුෂ්කර හා කටුක අත්දැකීම් ලබා තිබුණත් නෂීඞ් ජනාධිපති වූ පසු වෛරීය දේශපාලනය පිටුදැකීමට ප‍්‍රතිඥා දුන්නා.

නෂීඞ් ජයග‍්‍රහණය කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන හා යහපාලනය ඇති කරන බවට මැතිවරණ ප‍්‍රතිඥා දීමෙන් පසුවයි. තිස් වසරක ඒකාධිපති පාලනයෙන් හෙම්බත් වී සිටි එරට ජනයා ඉක්මන් ප‍්‍රතිසංස්කරණ හා හිටපු රජයේ බලවතුන්ට එරෙහිව හදිසි අධිකරණ ක‍්‍රියාමාර්ග අපේක්ෂා කළා.

එහෙත් නීතිය හා යුක්තිය පසිඳලීම අධිවේගී කරන්නට නෂීඞ් කැමති වූයේ නැහැ. සාක්ෂි මත පදනම්ව අධිකරණ ක‍්‍රියාමාර්ග රටේ නීතියට අනුව සිදු විය යුතු බවත්, තම රජය එයට අනවශ්‍ය ඇඟිලි ගැසීම් නොකරන බවත්, දේශපාලන පළිගැනීම් නොකරන බවත් ඔහු කියා සිටියා. ඔහු ප‍්‍රතිපත්තිගරුක හා මහත්මා දේශපාලනයක් ගෙන ගියා. මේ නිසා සමහර ලෝක මාධ්‍ය ඔහුට ‘ආසියාවේ මැන්ඩෙලා’ වැනි නම් පටබැන්දා.

රටේ ආර්ථික තත්ත්වය නැංවීමටත්, යටිතල පහසුකම් දිගටම දියුණු කරන්නත් ක‍්‍රියා කරන අතර දේශගුණ විපර්යාස නිසා ඇති වන බලපෑම් ගැනත් නෂීඞ් විශේෂ අවධානය යොමු කළා.

ගයූම්ගේ එක් යහපත් පිලිවෙතක් වූයේ ද දේශගුණ විපර්යාස ගැන කතා හා ක්‍රියා කිරීමයි. 1987 පටන් ගයූම් ලෝකයට නිතර මතක් කර දුන්නේ දේශගුණ විපර්යාස නිසා මුහුදු මට්ටම් ඉහළ ගිය විට ඉතා පහතින් පිහිටි, කඳු කිසිවක් නැති මාලදිවයින් දුපත්, 1,200ම තර්ජනයට ලක්වන බවයි. නෂීඞ් ද මේ කුඩා දුපත් රාජ්‍යවල සුවිශේෂී අවදානම ගැන දිගටම ලෝක සමුළු හමුවේ කතා කළා.

7 January 2008: Little voices from the waves: Maldives too young to die!

25 Oct 2009: Small Islands, Big Impact: Film from the frontlines of climate change impact…

මේ යහපාලනය හා හා දූරදර්ශී දැක්මකින් රට පාලනය කිරීම හිටපු රජයේ ගජ මිතුරන්ට ඇල්ලුවේ නැහැ. නෂීඞ් හා ඔහුගේ ඇමතිවරුන් වෙහෙස වී රියා කරන අතරේ ගයූම් හා ගජමිතුරන් නව රජය අඩපණ කරන්නට සූක්ෂ්ම ලෙස සැලසුම් කළා. ගයූම් පත් කළ අධිකරණ විනිසුරුවන්, උසස් රාජ් නිලධාරීන් සමහරක් වුවමනාවෙන්ම නෂීඞ් රජයේ රතිපත්ති හා වැඩපිළිවෙළ රමාද කළා. දුෂණ විමර්ශන අඩාල කළා.

“මහජනයා හා මගේ පාක්ෂිකයෝ මට යළි යළිත් කීවේ මේ උදවිය තනතුරුවලින් ඉවත් කරන්න කියායි. එහෙත් මා එසේ නොකළේ එබන්දක් කිරීමෙන් මගේ රජයත් පෙර තිබූ රජය මෙන්ම හිතුවක්කාර මාර්ගයකට යොමු විය හැකි නිසායි” යැයි මේ ගැන ආවර්ජනය කළ නෂීඞ් පසුව කියා සිටියා.

ටිකෙන් ටික නෂීඞ් රජය අකර්මණ්‍ය කළ ගයූම් පාක්ෂිකයෝ එරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අත්පත් කර ගත්තා. එතැන් පටන් ඔවුන් හැකි තරම් නෂීඞ්ට බාධක, හිරිහැර හා අපහාස කළා. ඒ හමුවේ නෂීඞ් ඉවසා සන්සුන්ව සිටියේ ඔහුගේ වයසට වඩා පරිණත බවක් පෙන්වමින් (ජනාධිපති වන විට ඔහුගේ වයස අවුරුදු 41යි.)

මාලදිවයින කුඩා වුවත් එහි දේශපාලනය සංකීර්ණයි. සිදු වූ සියල්ල මෙහි විස්තර කළ නොහැකි තරම් දිගයි. අන්තිමේදී රාජ්‍යතන්ත‍්‍රය තුළන් හා මහජනයා සමහරෙක් වීදි බැස්වීම හරහා දෙආකාරයකින් නෂීඞ්ට විරුද්ධව බලවේගයන් මතුව ආවා. ලේ සැලීමක් වළක්වනු පිණිස 2012 පෙබරවාරි 7 වැනිදා නෂීඞ් තනතුරෙන් ඉවත් වුණා.

නෂීඞ් ඉල්ලා අස් වූවාද – බලපෑම් පිට තනතුරෙන් ඉවත් වූවාද යන්න හරිහැටි පැහැදිලි නැහැ. එහෙත් පස් වසරක ධුර කාලයෙන් වසර තුන හමාරක් ගත වූ තැන නෂීඞ්ගේ පාලනය අනපේක්ෂිත ලෙස හමාර වුණා.

ගයූම්ට පක්ෂ වූ නිලධාරීන් එරට ආරක්ෂක හමුදා තුළ දිගටම සිටියා. ඒ අය අවසාන දින කිහිපයේ නෂීඞ්ට එරෙහිව ප‍්‍රතිපක්ෂයේ දේශපාලකයන්ට ආධාර දෙන තත්ත්වයක් ඇති වුණා. නෂීඞ් දිගටම තනතුරේ රැඳී සිටියා නම් සිවිල් යුද්ධයක් හට ගැනීමේ අවදානම තිබුණා.

නෂීඞ්ගේ උප ජනාධිපති මොහොමඞ් වාහිඞ් හසන් ජනාධිපති බවට පත් වුණා. එතැන් පටන් ගයූම් පාක්ෂිකයන්ගේ බලය යළිත් උත්සන්න වූ අතර නෂීඞ්ගෙන් දේශපාලන පලිගැනීම් නැවතත් ඇරඹුණා.

වසර තුනහමාරක් තුළ ප‍්‍රතිපත්තිගරුක දේශපාලනය හා දුරදර්ශී රාජ්‍ය පාලනය හරහා නෂීඞ් ලෝක සම්මානයට පාත‍්‍ර වුණා. මෙය ද ගයූම් ඇතුළු ගජමිතුරන්ගේ ඉරිසියාවට හා වෛරයට හේතු වූවා විය හැකියි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය නොනිමි එකක් බවත්, එයට උර දීමට තමන් දිගටම මාලදිවයිනේ රැඳී සිටින බවත් නෂීඞ් කිහිප විටක් කියා තිබෙනවා.

Opposition Leader & Former President Nasheed being  dragged to court on 23 Feb 2015
Opposition Leader & Former President Nasheed being dragged to court on 23 Feb 2015

2013 සැප්තැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් මුල් වටයේ නෂීඞ් ඡන්ද 45.45%ක් ලබා මුල් තැනට ආවා. එහෙත් දින කිහිපයකට පසු එරට ශ්‍රේෂ්ඨාධිකරණය එම මැතිවරණ ප‍්‍රතිඵලය අවලංගු කළා. 2013 නොවැම්බර් 9 වැනිදා යළිත් පවත්වන ලද මැතිවරණයෙන් යළිත් නෂීඞ් මුල් තැනට ආවත් ඡන්දවලින් 50%ක් නොලද නිසා දෙවන වටයක් නොවැම්බර් 16 වැනිදා පැවැත්වූවා.

එයින් ඡන්ද 51%ක් ලැබූ අබ්දුල්ලා යමීන් (Abdulla Yameen) ජනාධිපති බවට පත්ව සිටිනවා. ඔහු ගයූම්ගේ ඥාති සොහොයුරෙක්. මේ අනුව එරට බලතුලනය යළිත් ගයූම් පිරිසට ලැබී තිබෙනවා. එරට පාර්ලිමේන්තුවේත් විධායකයේත් බලය දැන් යළිත් ඇත්තේ ගයූම් පාක්ෂිකයන්ටයි. අධිකරණයේ ඉන්නේත් ගයූම්ට හිතවත් නඩුකාරවරුන්.

එක් රටක දේශපාලන සිදුවීම් තවත් රටකට එක එල්ලේ අදාළ වන්නේ නැහැ. එහෙත් දිගු කලක් තනි පාලකයකු හා ඔහුගේ සහචරයන්ට රිසි පරිදි හැසිරවුණු රටක් යහපාලන මගට ගැනීම පරමාදර්ශී නායකයකුට වුව ඉතා දුෂ්කර අභියෝගයක්. මාලදිවයිනනෙන් අපට ලොකු පාඩම් උගත හැකියැ’යි මා සිතනවා.

එරට බල අරගලයේ අලුත්ම සිදුවීම හිටපු ජනාධිපති නෂීඩ් අශෝබන හා ප්‍රචන්ඩ ලෙසින් මේ සතියේ යළි අත් අඩංගුවට ගැනීමයි.

BBC Sinhala interview: සමාජ මාධ්‍ය ජාල වල ක්‍රියාකාරීත්වය 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලයට කොපමණ බලපෑමක් කළේද?

On 13 Feb 2015, while briefly in London, I visited BBC’s new Media Centre and recorded brief interviews with BBC Sinhala and BBC Tamil services (radio) on the role of social media during the Sri Lanka Presidential Election 2015 – the topic of my talk at University of London the previous day.

BBC Sinhala published the story online on 22 Feb 2015, along with an edited down audio track.

Here is the accompanying text. Listen to audio interview on BBC Sinhala website.

Nalaka Gunawardene in BBC World Service studio, 13 Feb 2015
Nalaka Gunawardene in BBC World Service studio, 13 Feb 2015 – Photo by Saroj Pathirana

සමාජ මාධ්‍ය ඔස්සේ ‘නැති බැරි අයට වැඩි අනුකම්පාවක්’

22 පෙබරවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 11:33 GMT

පසුගිය ජනාධිපතිවරණයේදී ‘ඇති හැකි’ අපේක්ෂකයන්ට වඩා ‘නැති බැරි’ අපේක්ෂකයන්ට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැඩි ‘අනුකම්පාවක්’ ලැබුණු හැඩක් පෙනී ගිය බව සමාජ මාධ්‍ය ජාල ක්‍රියාධරයෝ පවසති.

එබැවින් සම්පත් විශාල වශයෙන් යොදා ගනිමින් පුළුල් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිත්වයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වඩා සීමිත සම්පත් යොදා ගෙන සිය පණිවුඩය ඉදිරිපත් කළ මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයාට වැඩි අවධානයක් යොමු වූ ආකාරයක් දක්නට ලැබුණු බව විද්‍යා ලේඛක සහ තීරු ලිපි රචක නාලක ගුණවර්ධන බීබීසී සංදේශයට කියා සිටියේය.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය ජාල වල ක්‍රියාකාරීත්වය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට කොපමණ බලපෑමක් කළේද යන්න සම්බන්ධයෙන් පුළුල් සමීක්ෂණයක් අවශ්‍ය බව ඔහු සඳහන් කරයි.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් ජනපතිවරණයේදී ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය ජාලවල බලපෑම සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීම පිණිස ලන්ඩනයට පැමිණ සිටි නාලක ගුණවර්ධන එම අදහස් පල කළේ බීබීසී මැදිරියේදී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

‘නිදහස් අදහස්’

විශේෂයෙන්ම නිදහස් අදහස් ප්‍රකාශනයට ප්‍රබල බාධක පැවතුණු වාතාවරණයක සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට සහ සිය විවේචන එලි දැක්වීමටත් සමාජ ක්‍රියාකාරිකයන් මෙන්ම විපක්ෂයද සමාජ මාධ්‍ය ජාල යොදා ගත් බවත් නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

“අනෙක් කාරණය තමයි කිසිම දේශපාලන පක්ෂයකට අයත් නොවූ නමුත් දේශපාලනය ගැන උනන්දුවක් තියෙන තරුණ පිරිස් මේ සමාජ මාධ්‍ය ජාල යොදා ගත්තා ඔවුනොවුන් අතර කතාබහ කරන්න මේ සමාජ ක්‍රමය, සංස්කෘතිය කෙසේ නම් වෙනස් වෙන්න ඕනෙද? ඔවුන් සෘජුව අමතන්න පටන් ගත්තා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා,” ඔහු පැවසීය.

ෆේස්බුක් හෙවත් මුහුණු පොත ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලය බවට පත්වෙද්දී, ජනපතිවරණය සමයේ ට්විටර් ජාලය ඔස්සේද පුළුල් ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබුණි.

ජනපතිවරණය සමයේ විශේෂයෙන්ම සිංහල බ්ලොග් අඩවිවල ක්‍රියාකාරීත්වයද කැපී පෙනුණි.

කෙසේ නමුත් සිය නිවේදන සහ පුවත් අඩවිවල යොමු (ලින්ක්) බෙදාහැරීම හැරුණු විට විශේෂයෙන්ම සිය ඡන්දදායකයන් සමඟ අදහස් හුවමාරුවකට, නොඑසේනම් සංවාදයකට, ජනපතිවරණ අපේක්ෂකයන් ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල යොදා නොගත් බව නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

“මේක දැක්මේ තියන සීමාවක්,” ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිත්වය සිය ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් සැපයූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ද පිළිගෙන තිබුණි.

Nalaka Gunawardene (left) with his BBC interviewer Saroj Pathirana
Nalaka Gunawardene (left) with his BBC interviewer Saroj Pathirana – Photo by Prasanna Ratnayake