සිවුමංසල කොලූගැටයා #232: මන්ත‍්‍රී කෙරුවාව පුරවැසි අධීක්ෂණයට ලක් කරන්නට තාක්ෂණයේ පිහිට

March 12 Movement for Cleaner election candidates in Sri Lanka
March 12 Movement for Cleaner election candidates in Sri Lanka

Sri Lanka will hold a general election on 17 August 2015 to elect a new Parliament. It has been preceded by a high level of citizen and civil society advocacy for raising the standard for who should be elected to represent the people as their Members of Parliament.

Public concerns about deteriorating Parliamentary debate and the overall decline and degradation in representative politics were captured by the ‘March 12 Movement’, a mission to elect clean and corruption-free politicians to Parliament.

The Movement was initiated by People’s Action for Free and Fair Elections (PAFFREL) and supported by Transparency International, Sarvodaya Movement, Sri Lanka Chamber of Commerce, Sri Lanka Administrative Officers’ Association and trade unions.

Parallel to this advocacy, data analysis tools have been used by citizens to probe the conduct of MPs in the last Parliament, which was dissolved on 26 June 2015.

Manthri.lk is a trilingual website that tracks the performance of the 225 Members of Parliament in Sri Lanka. It goes by the official record (Hansard), analysing and coding each statement which is fed into a customised system developed by the website owner and operator – Verite Research, a thinktank that provides strategic analysis and advice for decision-makers and opinion-formers.

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 16 August 2015), I share some of the key findings by Manthri.lk website on the conduct of 225 MPs in the last Parliament – 202 of whom are seeking re-election.

See also:

සිවුමංසල කොලූගැටයා #231: ඡන්දදායකයා වඩාත් බලගතු කැරෙන නව සංකල්ප දෙකක්

සිවුමංසල කොලූගැටයා #229: සමාජ මාධ්‍ය යුගයේ අපේ දේශපාලන සන්නිවේදනය

Sri Lanka Parliamentary Complex
Sri Lanka Parliamentary Complex

පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ 2015 ජුනි 26 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිටයි. 2015 සැප්තැම්බර් 1 වනදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. එයට මන්ත‍්‍රීවරුන් 225ක් තෝරා ගැනීමට මහමැතිවරණය 2015 අගෝස්තු 17 වනදා පැවැත්වෙනවා.

පිරිසිදු දේශපාලනයක් සඳහා නිසි නාමයෝජනා හරහා වඩාම උචිත ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට (හා අනෙක් ජනතා නියෝජිත ආයතනවලට) පත් කර යැවීම මාර්තු 12 පුරවැසි ව්‍යාපාරයේ අරමුණයි.

මේ සඳහා දැනුවත් වූ, බලාත්මක වූ හා තාර්කිකව සිතන ඡන්දදායකයන් අවශ්‍ය වනවා. ඡන්ද අපේක්ෂකයන් කිරා මැන බැලීමට හා ඇගයීම සඳහා මූලික සාධක 8ක් මාර්තු 12 ව්‍යාපාරය ප‍්‍රවර්ධනය කරනවා. අපරාධ සඳහා දඬුවම් ලද්දකු නොවීම, දූෂණ හා වංචාවලින් තොර වීම, සමාජ විරෝධී (මත්පැන්, කැසිනෝ, ගණිකා ආදී) ව්‍යාපාරවල නිරත නොවීම, බලය අනිසි ලෙස භාවිත නොකළ අයකු වීම ආදිය මේ අතර වනවා.

පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වීම සඳහා නීතිමය සුදුසුකම්

මෙයට සමාන්තරව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අරභයා මාර්තු 12 ව්‍යාපාරයට සම්බන්ධ සිවිල් සමාජ සංවිධාන ඡුන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවට ගොස් එහි ප‍්‍රධාන කාර්යය වන නීති තැනීමට අවශ්‍ය දැනුම හා හැකියාව මන්ත‍්‍රී ධුර අපේක්ෂකයන්ට ඇත්දැයි විමසා බලන ලෙසයි.

මේ හැකියාව සොයා බැලීම හැමවිටම ලෙහෙසි නැහැ. මෙහිදී අපට උදව් වන්නේ මන්ත‍්‍රී.lk වෙබ් අඩවියයි (www.manthri.lk).

http://www.manthri.lk/
http://www.manthri.lk/

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට හොඳින් පවත්වාගෙන යන ත්‍රෛභාෂික නිල වෙබ් අඩවියක් ද තිබෙනවා (www.parliament.lk). පාර්ලිමේන්තු දින දර්ශනය, කාරක සභා කටයුතු, මැති සබයේ විවාද නිල වාර්තා (හැන්සාඞ්), මන්ත‍්‍රීවරුන්ගේ ජීව දත්ත, පාර්ලිමේන්තු පුවත් හා ඡායාරූප ආදිය මෙහි ඇතුළත්. පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් සපයන සේවාවන්ගෙන් එකක් වන මේ වෙබ් අඩවිය මන්ත‍්‍රීවරුන්ගේ මෙන්ම මහජනයාගේ ද තොරතුරු අවශ්‍යතා සම්පාදනය කරන්නට කැප වී සිටිනවා.

එහෙත් මේ නිල වෙබ් අඩවිය තුළ එක් එක් මන්ත‍්‍රීවරයකුගේ කාර්ය භාරය ගැන හෝ යම් තේමාවක් ගැන සිදු වූ සියලූ වාද විවාද ගැන හෝ ලෙහෙසියෙන් තොරතුරු සොයා ගැනීම අපහසුයි. එසේම මන්ත‍්‍රීන් සංසන්දනය කිරීම හෝ යම් නිර්ණායකයක් මත විවාද ලැයිස්තු ගත කිරීම ආදිය නිල වෙබ් අඩවියකට කළ නොහැකියි.

මන්ත‍්‍රී.lk වෙබ් අඩවිය මේ හිදැස පුරවමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් ගැන මහජන අධීක්ෂණය වඩාත් හරවත් හා තීව‍්‍ර කිරීමට උපකාර වනවා.

පාර්ලිමේන්තු වාද විවාද කාරක සභා කටයුතු හා මන්ත‍්‍රීවරුන්ගේ දායකත්වය ස්වාධීනව විශ්ලේෂණය කරන පර්යේෂණායතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් සමහරක තිබෙනවා. පක්ෂ දේශපාලනයෙන් බාහිර වූ ද හා රාජ්‍ය සේවකයන් වන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සීමාවලින් ඔබ්බට යන්නා වූ ද මේ විශ්ලේෂණ හා විග‍්‍රහයන් පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය නඩත්තු කිරීමට මුදල් සපයන මහජනතාවට වැදගත් ප‍්‍රතිශෝෂණයක් (feedback) ලබා දෙනවා.

ව්‍යවස්ථාදායක පර්යේෂණ (legislative research) නමින් හැදින්වෙන මෙම ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාත්මක වන විද්වත් ආයතන, පර්යේෂණායතන ඉන්දියාව, පාකිස්ථානය වැනි රටවල මෙන්ම බි‍්‍රතාන්‍ය, ජපානය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල ද හමුවනවා.

2010-2015 පාර්ලිමේන්තුවේ වඩාත්ම සක්‍රිය මන්ත්‍රීවරුන් - Data analysis by Manthri.lk
2010-2015 පාර්ලිමේන්තුවේ වඩාත්ම සක්‍රිය මන්ත්‍රීවරුන් – Data analysis by Manthri.lk

මෙතෙක් ශ‍්‍රී ලංකාවේ එබන්දක් නොතිබීමේ අඩුව යම් තාක් දුරට සපුරාලන්නේ ස්වාධීනව ආර්ථික ප‍්‍රතිපත්ති පර්යේෂණ කරන වෙරිටේ පර්යේෂණායතනයයි (Verité Research, www.veriteresearch.org).

සබීරියන් Saberion (Pvt) Ltd නම් තොරතුරු තාක්ෂණ සමාගම සමග සහයෝගයෙන් 2012දී වෙරිටේ ඇරැඹූ මන්ත‍්‍රී.lk වෙබ් අඩවිය, පාර්ලිමේන්තු කටයුතු දත්ත මත පදනම් වූ විශ්ලේෂණයට ලක් කරනවා. ඒ ප‍්‍රතිඵල නීතිගත වෙබ් අඩවිය හරහා සාමාන්‍ය මහජනයාට තේරෙන ලෙසින් සන්නිවේදනය කැරෙනවා. මෙය ඉතා වැදගත් සේවාවක්.

ඔවුන්ගේ මූලාශ‍්‍රය පාර්ලිමේන්තුවේ නිල වාර්තාව වන හැන්සාඞ් ප‍්‍රකාශනයයි. පාර්ලිමේන්තුවේ හැම සැසි වාර දිනයකම කැරෙන සියලූම ප‍්‍රකාශයන් හා විවාදයන් හැන්සාඞ් වාර්තාවට අනුව යමින් වෙරිටේ පර්යේෂණායතනයට ආවේණික වූ ක‍්‍රමයකට වර්ගීකරණය කරනු ලබනවා. පරිගණක ගත කරන මේ වාර්තා විවිධ මූලපද (keywords) හරහා සෙවිල්ලට ලක් කළ හැකියි.

මන්ත‍්‍රීවරයකු පාර්ලිමේන්තු වැඩ කටයතුවලට කරන දායකත්වය 15 ආකාරයකට වර්ග කිරීම මේ විශ්ලේෂණයේ මූලික පදනමයි. මේ 15 ආකාරය වන්නේ: 1. ලිඛිත ප‍්‍රශ්න මතු කිරීම; 2. ලිඛිත ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දැක්වීම; 3. ලිඛිත ප‍්‍රශ්නවලින් මතු වන අනුබැඳුණු ප‍්‍රශ්න මතු කිරීම; 4. අනුබැඳුණු ප‍්‍රශ්නවලට වාචිකව පිළිතුරු දීම; 5. ලිඛිත පිළිතුරු බැඳීම; 6. කෙටුම්පතක්/රෙගුලාසියක්/ආඥාවක් සභාගත කිරීම; 7. කෙටුම්පතක්/රෙගුලාසියක්/ආඥාවක් විවාද කිරීමේදී වාචික සහභාගිත්වය; 8. රීති ප‍්‍රශ්න මතු කිරීම (තාක්ෂණික හෝ පටිපාටිය සම්බන්ධ); 9. වෙනත් රීති ප‍්‍රශ්න මතු කිරීම; 10. සභාව කල් තැබීමේ යෝජනා – වාචික දායකත්වය; 11. පුරවැසියන් වෙනුවෙන් පෙත්සම් සභාගත කිරීම; 12. සභාවේ වැඩ කටයුතුවලට බාධා කිරීම; 13. නිල සභා වාර්තාවෙන් ඉවත් කරන ලද ප‍්‍රකාශ කිරීම; 14. වාචික දායකත්වය; 15. වාචික දායකත්වය – සාරවත් ප‍්‍රකාශයන්

Standing Orders of Sri Lanka Parliament

පාර්ලිමේන්තුවේ ස්ථාවර නි‌‌යෝග

When Indian PM Narendra Modi addressed Sri Lanka Parliament, 13 March 2015
When Indian PM Narendra Modi addressed Sri Lanka Parliament, 13 March 2015

මන්ත‍්‍රී.lk වෙබ් අඩවියේ 2012 මැයි සිට 2015 ජුනි දක්වා වකවානුවට අයත් පාර්ලිමේන්තු හැන්සාඞ් වාර්තා 28,000කට වඩා විශ්ලේෂණය කොට දත්ත බවට පත් කොට ගබඩා කර තිබෙනවා.

හැන්සාඩ් වාර්තාවල වචන ලක්ෂ ගණනක් තුළ ඇති කරුණු මෙහි වඩාත් සරල හා සංසන්දනාත්මක ලෙසින් හමු වීම සුවිශේෂයි. යහපාලනයට තොරතුරු තාක්ෂණය හරිහැටි යොදා ගන්නට නම් මෙවැනි පුරවැසි උත්සාහයන් තව තවත් ඕනෑ!

මේ වෙබ් අඩවිය යොදා ගනිමින් හිටපු මන්ත්‍රීන් දෙදෙනකු හෝ වැඩි දෙනකු සසදන්නට ද හැකියි. එසේම තෝරා ගත් මාතෘකාවක් ගැන වැඩිපුරම කථා කළ මන්ත්‍රීන්, වඩාත්ම අක්‍රිය හා නිහඩව සිටි මන්ත්‍රීන් ආදී බොහෝ තොරතුරු මෙහි තිබෙනවා.

“මේ දත්ත හා වැදගත් සභාවාරවලදී මන්ත‍්‍රීවරුන් සභාවේ ඡන්දය භාවිත කළ ආකාරය සලකා බලන විට පසුගිය පාර්ලිමේන්තුවේ අපේ මන්ත‍්‍රීවරුන්ගේ කෙරුවාව ගැන විස්තරාත්මක චිත‍්‍රයක් අපට පෙනී යනවා” යයි වෙරිටේ පර්යේෂණායතනයේ ආණ්ඩුකරණය පිළිබඳ විශේෂඥ හා මන්ත‍්‍රී වෙබ් අඩවියේ මොළකාරයා ද වන අසෝක ඔබේසේකර කියනවා.

පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මන්ත‍්‍රීන්ගෙන් 202 දෙනෙකු නැවතත් මෙවර 2015 මැතිවරණයේ තරග කරනවා. මේ අය පසුගිය පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදන හා වෙනත් මන්ත‍්‍රී වගකීම් කෙතරම් කැපවීමකින් ඉටු කළා ද යන්න සාක්ෂි මත පදනම්ව දැන් ඡන්දදායකයන්ට අපේ වෙබ් අඩවිය හරහා බලාගත හැකියි.”

පසුගිය පාර්ලිමේන්තුව මුල් වරට රැස්වූයේ 2010 අපේ‍්‍රල් 22 වනදායි. නිල මූලශ්‍රයකට අනුව පාර්ලිමේන්තු සැසිවාර පැවැත් වූ සමස්ත දින ගණන 466යි.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට අනුව ප‍්‍රථම වතාවට මන්ත‍්‍රී ධුරයට පත් වූ මන්ත‍්‍රීවරුන් 83 දෙනකු එම පාර්ලිමේන්තුවේ සිටියා. එනම් ඉතිරිය (බහුතරය) ඉන් පෙර ද වරක් හෝ කිහිප වරක් මන්ත‍්‍රී ධුරයක් හොබවා අත්දැකීම් තිබූ අය බවයි.

මන්ත‍්‍රී.lk විශේලේෂණයට අනුව පසුගිය පාර්ලිමේන්තුවේ සිට නැවත ඡන්දය ඉල්ලන මන්ත‍්‍රීන් 202 දෙනාගෙන් 30%ක් වසර පහක් පුරා කිසිදු ඡන්දදායකයකු වෙනුවෙන් මහජන පෙත්සමක් ඉදිරිපත් කොට නැහැ. තවත් 30% එසේ කොට ඇත්තේ එක් වරක් පමණයි.

මේ මහජන පෙත්සම්වල (public petitions) වැදගත්කම නම් පරිපාලන තන්ත‍්‍රයේ දුර්වලතා රජයේ අවධානයට යොමු කිරීම හරහා නිලධාරිවාදය සම්බන්ධ පුරවැසියන් අත් විඳින දුක්ගැහැටවලට විසඳුම් සෙවීමයි.

මේ අනුව සිය ඡන්දදායකයන් වෙනුවෙන් කළ හැකි මේ නිශ්චිත මෙහෙය මන්ත‍්‍රීන් 43%ක් පැහැර හැර ඇති බව මන්ත‍්‍රී.lk කියනවා.

Asoka Obeyesekere
Asoka Obeyesekere

හැම අමාත්‍යංශයකම ප‍්‍රගතිය සමාලෝචනය හා අධීක්ෂණයට කාරක සභා තිබෙනවා. හැම මන්ත‍්‍රීවරයකුම කාරක සභා කිහිපයකට අනුයුක්ත කැරෙනවා. 2014 මැයි-සැප්තැම්බර් කාලය සඳහා කාරක සභා සහභාගිත්වය අධ්‍යයනය කළ මන්ත‍්‍රී’lk සොයා ගත්තේ නැවත තරග කරන මන්ත‍්‍රීවරුන්ගෙන් 30%ක් කිසිදු කාරක සභාවකදී කිසිදු ප‍්‍රශ්නයක් හෝ මතු කර නැති බවයි. තවත් 45%ක් දෙනා මතු කළ ප‍්‍රශ්නවල සාමාන්‍යය මාසයකට එකකටත් අඩුයි.

“මේ අක‍්‍රිය හා උදාසීන බව දැඩි ලෙස පුරවැසි අවධානයට ලක් විය යුතුයි. මන්ත‍්‍රීවරුන් තමා අනුයුක්ත කැරෙන කාරක සභාවල වඩාත් සක‍්‍රීය විය යුතු මෙන්ම ඒ හරහා නීති සංශෝධනයට හෝ නව නීති සම්පාදනයට යොමු විය යුතුයි,” මන්ත‍්‍රී’lk වෙබ් අඩවියේ ප‍්‍රධාන නියමුවා කියනවා.

වඩාත් සුබදායක ආරංචිය නම් යළිත් තරග කරන හිටපු මන්තරීන්ගෙන් 37%ක් දෙනා පසුගිය පාර්ලිමේන්තුවේ කිසි විටෙක සභාවට බාධා වන පරිදි හැසිරී නැති බවයි. තවත් 14%ක් එසේ කොට ඇත්තේ කලාතුරකින් පමණයි.

“බහුතරයක් මන්ත‍්‍රීන් සභාවට බාධා කරන, කලහකාරී අය බවට පැතිර තිබෙන පොදු මතය නිවැරදි නැහැ. ඇත්තටම ඔවුන් වැඩි දෙනෙක් ස්ථාවර නියෝගවලට අනුව හැසිරී තිබෙනවා. එහෙත් කලබලකාරී මන්ත‍්‍රීන් ටික දෙනෙකුට සභාවේ වැඩට නිතර බාධා කළ හැකි බව නම් පසුගිය පාර්ලිමේන්තුවේ සමස්ත වාර්තා දෙස බලන විට පෙනී යනවා,” යයි අසෝක ඔබේසේකර කියනවා.

නැවත තරග කරන හැම මන්තී‍්‍ර කෙනෙකුගේම ප‍්‍රගති වාර්තාව හෙවත් ‘රිපෝට් කාඞ්’ එක දත්ත විශ්ලේෂණය හරහා මන්ත‍්‍රී’lk සම්පාදනය කොට තිබෙනවා. පසුගිය පාර්ලිමේන්තුවේ වැදගත්ම ඡන්ද විමසීම්වලදී මන්ත‍්‍රීන් ගත් ස්ථාවරයන් ද එයට ඇතුළත්. එනම් ජනාධිපති ධුර කාල සීමාව ඉවත් කළ 18 වන ව්‍යවස්ථා සංශෝධනය, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය, 19 වන ව්‍යවස්ථා සංශෝධනය හා කැසිනෝ හඳුන්වාදීමේ පනත (අවස්ථා තුනකදී) විවාදය යන අවස්ථායි.

අද යහපාලනය ගැන කතා කරන සමහර හිටපු මන්තරීන් මේ තීරණාත්මක සංධිස්ථානවලදී එම යෝජනාවලට පක්ෂ වූවාද, විපක්ෂ වූවාද, සභාවේ නොසිටියාද යන්න ලෙහෙසියෙන්ම බලා ගත හැකියි.

දැනුවත් වූ ඡන්දදායකයන් බිහි කිරීමට පාර්ලිමේන්තු දත්ත විශ්ලේෂණනය ප‍්‍රයෝජනවත්. මේ විග‍්‍රහයන් හැකි තාක් සමාජගත කිරීම සියලූ මාධ්‍යවලට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකාමී ක‍්‍රියාකාරිකයන්ට පැවරෙන වගකීමක්.

ජනතා සේවකයන් යයි කියමින් මහජන මුදලින් ඉහළ වරප්රසාද ලබන මන්ත්රීන්ගේ කයිවාරුව හා කෙරුවාව අතර හිදැස කොපමණ දැයි එවිට පුරවැසියන්ට බලා ගත හැකියි!

අපේ ඡන්දය නැණවත්ව භාවිත කරමු!

වගකීම් දැරීමට හැකි හා කැප වූවන් පමණක් පාර්ලිමේතුවට යවමු.

ඉන් පසුවත් ඔවුන්ගේ කෙරුවාව දිගටම අධීක්ෂණය කරමු!

Sri Lankans join March 12 Movement for Cleaner Politicians
Sri Lankans join March 12 Movement for Cleaner Politicians – Photo courtesy March 12 Movement Facebook page

 

සිවුමංසල කොලූගැටයා #231: ඡන්දදායකයා වඩාත් බලගතු කැරෙන නව සංකල්ප දෙකක්

Indian campaign for "None of the Above" (NOTA) option at elections
Indian campaign for “None of the Above” (NOTA) option at elections

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 9 August 2015), I discuss two concepts that could make representative democracy more meaningful.

First is adding the option of None of the Above (NOTA) to the list of candidates in an election, so voters can exercise a negative vote – and send a powerful message to political parties and personalities about the quality of politicians society prefers.

Second is the Right to Recall (RTR), a law that would allow citizens to ‘sack’ elected officials in government before the term of office is over, if the officials are proven guilty of misuse of power. The UK just adopted such a law (Recall of MPs Act 2015) in March 2015, and there has been a campaign in India for such a law since the late 1990s.

Can Sri Lanka advocate such laws to improve the electoral political process? A promising start has been made with the March 12 Declaration and Movement for clean candidates at elections. But we have a long way to go.

Refusing to accept business as usual is the essential first step. I believe that step has been taken in the current build-up to the Sri Lanka General Election scheduled for 17 August 2015.

Sri Lanka's March 12 Movement for clean candidates at elections - they must meet 8 basic criteria
Sri Lanka’s March 12 Movement for clean candidates at elections – they must meet 8 basic criteria

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නිරතුරුව සුපරීක්ෂාකාරී වීම හරහා රැක ගත යුතු ක‍්‍රමවේදයක්. එසේම එය කාලානුරූපව නවීකරණයට හා දියුණු කිරීමට ලක් විය යුතුයි.

මෙරට මැතිවරණ ක‍්‍රමවේදය ප‍්‍රතිසංස්කරණය කිරීමේ බරපතල අවශ්‍යතාව මේ දිනවල පාරට බැස වටපිට බලන විට හොඳටම පෙනී යනවා. එයට ඉලක්ක කළ ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පසුගිය පාර්ලිමේන්තුවට සම්මත කරන්නට බැරි වුණා.

අපට වඩා පරිණත දේශපාලන තන්ත‍්‍රයන් හා ආයතන ව්‍යුහයන් ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලත් විද්වතුන්, වෘත්තිකයන් හා සිවිල් ක‍්‍රියාකාරිකයන් නිතර උත්සාහ කරන්නේ ක‍්‍රමවේදය වඩාත් සාධාරණ, වගකීම් සහගත හා කාර්යක්ෂම කිරීමටයි.

මේ විදෙස් අත්දැකීම්වලින් අපට යමක් උගත හැකිද? ඒ රටවල වාද විවාද ගැන අප මෙනෙහි කිරීම වැදගත්. මේ අරභයා සංකල්ප දෙකක් අද මා හඳුන්වා දීමට කැමතියි.

මැතිවරණයකදී සිදු වන්නේ දේශපාලන පක්ෂවල නාමයෝජනා ලද අපේක්ෂකයන් හා ස්වාධීනව ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් අප වඩාත්ම කැමති අයට අපේ ඡන්දය/මනාපය ප‍්‍රකාශ කිරීමයි.

එහෙත් මේ හැම දෙනා අතරින් කිසිවකුත් අපට රිසි නොවෙයි නම්? එවිට සමහරුන් ඡන්ද පත‍්‍රිකාව කටුගෑම කරනවා. එය ඡන්දය අපතේ යැවීමක්.

ලොව සමහර රටවල ඡන්දදායකයන්ට දැන් විකල්පයක් තිබෙනවා. එනම් ඡන්ද අපේක්ෂකයන්ට අමතරව ‘මේ කිසිවකුත් නොවේ’ (None of the Above, NOTA) යනුවෙන්ද ඡන්ද පත‍්‍රිකාවේ සඳහන් වීමයි. මෙය අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය (Right to Reject) ලෙසද විග්‍රහ කළ හැකියි.

NOTAට ඡන්දය ප‍්‍රකාශ කළොත් එය වෙනම ගණන් කරනු ලබනවා (ඡන්ද අපතේ යාමක් හෝ ප‍්‍රතික්ෂේප වීමක් නොවෙයි.) ඡන්ද ප‍්‍රතිඵලයේදීත් එය වෙනම ප‍්‍රකාශයට පත් වනවා.

මේ විකල්පය විවාදාත්මකයි. එයින් ඡන්දදායකයන්ගේ විරෝධය නිසි ලෙස හසු කර ගනු ලැබුවත්, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඒ මොහොතේ ඉක්මන් දායකත්වයක් නැහැ. එය දිගු කාලීනව දේශපාලනය පවිත්‍ර කිරීමට උදවු වන්නක්.

එයින් සියලූ ඡන්ද අපේක්ෂකයන්ටත් දේශපාලන පක්ෂවලටත් වැදගත් හා ප්රබල පණිවුඩයක් දෙනවා. අප නියෝජනය කිරීමට මීට වඩා හොඳ අපේක්ෂකයන් අප බලාපොරොත්තු වනවා කියලා.

මෙය මුල්වරට අත්හදා බැලුනේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නිය ප්‍රාන්තයේ සන්ටා බාබරා ප්‍රදේශයේග පසුව එය නෙවාඩා ජනපදයේ නීතියක් වුණා. නමුත් ජාතික මට්ටමට තවම නීතිගත වී නැහැ.

NOTA-Logo

1980 හා 1990 දශකවල මෙය කෙමෙන් වෙනත් රටවලත් අදාල කර ගනු ලැබුවා. ඉන්දියානු දේශපාලනයේ ‘මේ කිසිවකුත් නොවේ’ යන්න මතුව ආවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ හැම දේශපාලන පක්ෂයකින්ම නාමයෝජනා ලබන අපේක්ෂකයන් පිළිබඳ මහජන අප‍්‍රසාදය හේතුවෙන්.

දූෂණ චෝදනා ලද, අපරාධ නඩු හරහා පෙර දඬුවම් ලද හෝ වෙනත් වංචනික රියා නිසා නම පලූදු කර ගත් දේශපාලකයන් සංඛ්යාව වැඩිවත්ම මැතිවරණවලදී තමන්ට හරි තේරීමක් කිරීමට අමාරු බව එරට ඡන්දදායකයන්ට පෙනී ගියා.

මේ නිසා ඡන්ද පත‍්‍රිකා කටු ගා දැමීම වෙනුවට එම විරෝධය නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට ඡන්දදායකයන්ට විකල්පයක් සම්පාදනය කළ යුතු යයි ඉන්දියානු මැතිවරණ කොමිසම මුල් වරට යෝජනා කළේ 2001දී. එහෙත් බලයේ සිටි රජයන් මෙයට කැමති නොවූ නිසා එය ක‍්‍රියාත්මක වීම වසර ගණනක් කල් ගියා.

ඉන්දියාවේ සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය ප‍්‍රබලයි. ඔවුන් හොඳ අදහසක් ලෙහෙසියෙන් අත හරින්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සහායට ආවේ වෘත්තිකයන් හා සිවිල් සංවිධානයි. ඔවුන් මේ ගැන ජන මතයක් ගොඩ නැගුවා.

අන්තිමේදී සිවිල් අයිතිවාසිකම් සඳහා ජනතා සංවිධානය (People’s Union for Civil Liberties, www.pucl.org) නම් රාජ්‍ය නොවන සංවිධානය මේ උදෙසා උද්ඝෝෂණය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන ගියා. ඔවුන් පොදු උන්නතිය සඳහා වන පෙත්සමක් (public interest litigation) ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරමින් NOTA සඳහා මැතිවරණ නීති සංශෝධනය කරන්න රජයට නියම කරන මෙන් අයැද සිටියා.

දීර්ඝ වශයෙන් මේ ගැන සලකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2013 සැප්තැම්බර් 27 වනදා ඓතිහාසික තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළා. අගවිනිසුරු පී. සතාසිවම් ප‍්‍රමුඛ තුන් විනිසුරු මඩුල්ලක් කියා සිටියේ: ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික හරයක් වන්නේ තෝරා ගැනීමේ හැකියාවයි. ඉදිරිපත්ව සිටින කිසිදු මැතිවරණ ඡන්ද අපේක්ෂකයකු පත් වීමට නොසුදුසු යයි සිතන ඡන්දදායකයන්ට එයට එරෙහිව සිය ඍණ ඡන්දයක් ප‍්‍රකාශ කිරීමට අවකාශ ලබා දිය යුතුයි’ කියායි.

Full judgement by Indian Supreme Court

How NOTA works in India
How NOTA works in India

ඒ වන විටත් එබඳු ඍණ ඡන්ද (negative voting) ප‍්‍රකාශ කිරීමේ වරම ලබා දී ඇති රටවල් 13ක් මේ තීරණයේ නම් වශයෙන් සඳහන් වුණා. ඒ අතර ප‍්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, ෆින්ලන්තය වැනි දියුණු රටවල් මෙන්ම බංගලාදේශය, බ‍්‍රසීලය, චිලී, කොලොම්බියා වැනි දියුණු වන රටවල් ද වනවා.

ඡන්ද අපේක්ෂකයන් කිසිවකුත් ගැන පැහැදීමක් නැති ඡන්දදායකයන් මැතිවරණවලට සහභාගී වීම වඩාත් දිරිමත් කැරෙන රමවේදයක් ලෙස මෙය හඳුන්වා දුන් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය, සඳහා විධිවිධාන යෙදීමට එරට මැතිවරණ කොමිසමට නියෝග කළා.

වසර දොලහකටත් වඩා මේ පියවර හඳුන්වාදීමට කැමැත්තෙන් සිටි කොමිසම මේ තීන්දුව ඕනෑකමින් ක‍්‍රියාත්මක කළා. 2013 ඔක්තෝබර් 28 වනදා පැහැදිලි කිරීමක් කළ කොමිසම කීවේ ‘මේ කිසිවකුත් නොවේ’ යන්නට යම් ඡන්ද කොට්ඨාශයක වැඩිම ඡන්ද ගණන ලැබුණොත් එම ආසනයේ නියෝජනය හිස් නොවනු පිණිස ඊළඟට වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයා තේරී පත් වන බවයි. (එහෙත් ඡන්දදායකයන්ගේ විරෝධය ඒ වන විට මැනවින් ප‍්‍රකාශ වී හමාරයි!)

ඉන්දියාවේ ප්‍රකට බුද්ධිමතකු වන ප්‍රතාප් භානු මේථා මෙසේ කියනවා: “අපේ අඩුපාඩු බහුල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වඩාත් ප්‍රශස්ත කිරීමට මෙය ඉදිරි පියවරක්. මේ හරහා ඡන්දදායකයන්ගේ බලය වැඩි වනවා. දේශපාලන පක්ෂ වඩාත් සුපරීක්ෂාකාරීව අපේක්ෂකයන්ට නාමයෝජනා දීමට පොලඹවනවා. අනාගතයේ ඡන්දය ඉල්ලීමට පෙරුම් පුරන උදවියත් වඩාත් ප්‍රවේශම්සහගත වනවා.”

1999 සිට ඉන්දියාවේ ඡන්දය ප‍්‍රකාශ කරන්නේ විද්‍යුත් ඡුන්ද පුවරුවක (electronic voting machine, EVM) බොත්තම් තද කිරීමෙන්. 2014 අපේ‍්‍රල්-මැයි මහ මැතිවරණයේදී මුල් වරට ජාතික මට්ටමින් NOTA විකල්පය එරට මිලියන 800කට වැඩි ඡන්දදායකයන්ට ලැබුණා.

NOTA option in electronic voting machine in India
NOTA option in electronic voting machine in India

ලෝකයේ විශාලතම මැතිවරණය වූ එහිදී ආසන 543ක් සඳහා ඡන්ද අපේක්ෂකයන් 8,251ක් තරග කළා. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 66.38%ක් (එනම් මිලියන 551.3ක්) විද්‍යුත් ඡන්ද යන්ත‍්‍ර මිලියන 1.4ක් හරහා සිය ඡන්දය ප‍්‍රකාශ කළා. මේ දැවැන්ත ව්‍යායාමයේ ප‍්‍රතිඵල 2014 මැයි මැදදී නිකුත් වුණා. ඒ අනුව භාරතීය ජනතා පක්ෂය (BJP)පෙරටු කර ගත් NDA සන්ධානය ආසන 336ක් දිනා ජය ගත් බව අපට මතකයි.

ඡන්දය ප‍්‍රකාශ කළ මුළු සංඛ්‍යාවෙන් 1.1%ක් NOTA යන්න තෝරා තිබුණා. සංඛ්‍යාත්මකව එය 5,997,054ක් (මිලියන 6කට ආසන්නයි.) NOTA ලද ප්‍රතිශතය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වුණා. පුඩුචෙරි ප‍්‍රාන්තයේ 3%, මෙගාලයාහි 2.8%ක්, ගුජරාටයේ හා චටිස්ගා වැනි ප‍්‍රාන්තවල 1.8%ක් ආදී වශයෙන්.

එය සංඛ්‍යාත්මකව සුළුතරයක් වුවද NOTA හරහා මහජනතාව ඉන්දීය දේශපාලන පක්ෂවලට ප්‍රබල පණිවුඩයක් දී තිබෙනවා. එසේම තමන් කැමති අපේක්ෂකයන් කිසිවකුත් නොසිටීම නිසා මෙතෙක් කල් ඡන්දය දීමට නොගිය ඡන්දදායකයන් සැලකිය යුතු පිරිසක්ද මේ විකල්පය නිසා සහභාගී වූවා යැයි සිතිය හැකියි. (2014 මැතිවරණයේදී එරට මහ මැතිවරණයක ඉහළම ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතය වාර්තා වුණා.)

මේ අතර NOTA සංකල්පය බි‍්‍රතාන්‍ය මැතිවරණ ක‍්‍රමයට හඳුන්වා දීමට දැනට වසර ගණනක සිට සමහර සිවිල් ක‍්‍රියාකාරීන් උත්සාහ කරනවා. පාලක පක්ෂ හා විපක්ෂ දෙපසම දූෂිත, විෂමාචාර චෝදනා ලද මන්ත‍්‍රීන් සංඛ්‍යාව මෑත කාලයේ වැඩි වීමත් සමග සමස්ත නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය එරට ඡන්දදායකයන්ට එපා වීමේ අවදානම මතුව තිබෙනවා.

‘කිසි අපේක්ෂකයකුට මගේ ඡන්දය නෑ’ (No Candidate Deserves My Vote!) නම් දේශපාලන පක්ෂයක් ද මේ ක‍්‍රියාකාරීන් පිහිටුවාගෙන තිබෙනවා. එහෙත් කවදා ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේවි දැයි කිව නොහැකියි.

Image courtesy Sri Lanka Brief

ජන ප්රසාදයෙන් ජය ලැබූ අපේක්ෂකයකු ඡන්දයෙන් පසු පිල් මාරු කිරීම, දූෂිත වීම, ඡන්දදායකයන් නොතකා හැරීම හෝ වෙනත් අයුරින් පිස්සු නැටීම කළොත් අපට කුමක් කළ හැකිද?

ඉන්දියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් පරිපූර්ණ කිරීමට අත්හදා බැලීම් කරන දැවැන්ත පර්යේෂණාගාරයක්. එරට සමහර ක‍්‍රියාකාරිකයන් ප‍්‍රවර්ධනය කරන තවත් සංකල්පයක් නම් ඡන්දයෙන් තේරී පත් වන නියෝජිතයන් වැරදි වැඩ කළ විට ඉක්මනින් ගෙදර යැවීමේ හැකියාවයි (Right to Recall, RTR).

මෙය වඩා හොඳින් ක‍්‍රියාත්මක කළ හැක්කේ සමානුපාතික ඡන්ද ක‍්‍රමය නොව කේවල ඡන්ද ක‍්‍රමය ඇති රටවලයි. මේ සංකල්පය දැනටමත් ඇමෙරිකාවේ ජනපද රැසක හා පේරු රටේ නීතිගතයි. පේරු රටේ ඡන්දදායකයන් අතරින් 50%ක් යම් මහජන නියෝජිතයකුගේ ඉවත් කිරීම ඉල්ලා සිටියොත් එය බලාත්මක වනවා.

ඇමරිකාවේ සමහර නාමධාරී නගරාධිපතිවරුන්, ප‍්‍රාන්ත ආණ්ඩුකාරයන්, සෙනෙට් සභිකයන් සිය ධුර කාලය හමාර වීමට පෙර ජනතාව විසින් ගෙදර යැවූ අවස්ථා රැසක් පසුගිය සියවස පුරාම තිබෙනවා.

එසේම එය අසාර්ථක වූ අවස්ථාද තිබෙනවා. චෝදනා එල්ල කිරීම ලෙහෙසි වුවත් තහවුරු කිරීම අමාරු වැඩක්. එහෙත් අදාළ නීති රීති හා ආයතන ව්‍යුහය සවිමත් නම් ජනතා පරමාධිපත්‍යය ද වඩා සවිමත් වනවා.

ස්විට්සර්ලන්තයේ ජාතික මට්ටමෙන් මෙය නීතිගත කර නැතත්, ප‍්‍රාන්ත (කැන්ටන්) මට්ටමෙන් කිහිපයක එයට ඉඩ දී තිබෙනවා. 1995දී කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තය ද මෙවැනි නීතියක් හඳුන්වා දුන්නා.

ඉන්දියාවේ මේ RTR සංකල්පය කලෙක සිට ප‍්‍රවර්ධනය කරන්නේ රාහුල් චිමන්භායි මේථා නම් පරිගණක වෘත්තිකයා. මේ සංකල්පය විස්තර කරමින් ඔහු වෙබ් අඩවි, පුවත්පත් දැන්වීම් හා සංවාද මණ්ඩප ආදිය පවත්වාගෙන යනවා. 1998 ඇරැඹි මේ ව්‍යායාමය තවමත් සාර්ථක වී නැතත් රටේ තුන්වන බලවේගය ලෙස දැන් සැළකෙන පොදු මිනිසාගේ පක්ෂය හෙවත් ආම් ආද්මි පක්ෂය (AAP) එය පිළිගැනීම ලොකු ඉදිරි පියවරක්.

AAP නිල වෙබ් අඩවියේ මෙසේ කියනවා. ‘අපේ ඡන්දය ලබා දිනන සමහර අපේක්ෂකයන් ඊට පස්සෙ සොයා ගන්නවත් බැරි වෙනවා. ඡන්ද කොට්ඨාශයේ මහජනයාගේ ප‍්‍රශ්න නොතකා හරිනවා. එහෙත් වත්මන් ක‍්‍රමයේදී මේ අය අවුරුදු පහකට තනතුරු දරනවා. අප යෝජනා කරන්නේ මේ ධුර කාලය හමාර වීමට පෙර වුවත් දූෂිත හෝ වගකීම් රහිත මහජන මන්ත‍්‍රීවරයකු ගෙදර යැවීමට හැකි නීතිගත අයිතියක්. මැතිවරණ කොමිසමට එබඳු මන්ත‍්‍රීන් ගැන පැමිණිලි කිරීමට මහජනයාට අවකාශ තිබිය යුතුයි. ඔවුන්ගේ තැනට (අතුරු මැතිවරණයකින්) නව නියෝජිතයකු පත් කළ හැකි විය යුතුයි.’

ඉන්දියාවේ මේ සංකල්පය කවදා ක‍්‍රියාත්මක වේද යන්න කිව නොහැකියි. දේශපාලන සදාචාරයට ඍජුවම බලපෑම් කළ හැකි මෙබඳු ප‍්‍රතිසංස්කරණවලට පක්ෂ භේදයකින් තොරව දේශපාලන පක්ෂ නොකැමති වීම හෝ උදාසීන වීම දැකිය හැකියි.

එහෙත් වසර ගණනාවක ප‍්‍රමාදයකින් පසුව 2015 මාර්තු 26 වනදා RTR සංකල්පය බි‍්‍රතාන්‍යයේ නීතියක් ලෙස සම්මත වී ක‍්‍රියාත්මක වීම ඇරඹුණා.

මන්ත‍්‍රීවරයකු සිර දඬුවමක් ලැබුවහොත් හෝ අයථා හැසිරීම නිසා සභා දින 21ක් අවම වශයෙන් තහනමකට ලක් වුවහොත් එම මන්ත‍්‍රීවරයා ගෙදර යැවීමට එය හේතුවක් කොට ගත හැකියි. එහිදී සති 8ක් පුරා අදාල ඡන්ද කොට්ඨාශයේ ඡන්දදායකයන්ට අත්සන් කළ හැකි පෙත්සමක් 10%කට වඩා අත්සන් ලබා ගතහොත් මන්ත‍්‍රීවරයා ගෙදර! ඉන් පසු අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුයි.

"Don't give nominations to politicians with casino or corruption links" - March 12 Movement's poster in Sri Lanka in mid 2015
“Don’t give nominations to politicians with casino or corruption links” – March 12 Movement’s poster in Sri Lanka in mid 2015

සිවුමංසල කොලූගැටයා #230: ජාතික ආරක්ෂාවට යයි කියා රජය පුරවැසියන්ගේ ඔත්තු බැලීම හරිද?

The July 21 Statement on Freedom of Expression and Media Freedom, issued by 10 media associations and advocacy groups in Sri Lanka for the attention of political parties contesting in General Election 2015, included this recommendation:

Privacy and Surveillance: The state should respect and protect the privacy of all citizens. There should be strict limits to the state surveillance of private individuals’ and entities’ telephone conversations and electronic communications. In exceptional situations, such surveillance should only be permitted with judicial oversight and according to a clear set of guidelines.”

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 2 August 2015), I have expanded on this by exploring the extent of state electronic surveillance in Sri Lanka.

It is a murky field where evidence is not easily found, and I rely heavily on the published accounts by leading national and international media groups: Freedom on the Net Report on Sri Lanka; Reporter Sans Frontiers (RSF) report on countries under state surveillance: Sri Lanka section; and investigative articles published by Sri Lanka’s Groundviews.org.

I also look at the legal provisions for surveillance and gaps in legal protection for privacy in Sri Lanka. All this points out to an overbearing state that spies on private citizens as and when it pleases, all on the pretext of national security. We need clearer guidelines and judicial oversight to restrain the state from turning into Big Brother.

Are we being watched by our government without our knowledge or consent? Is it legal?
Are we being watched by our government without our knowledge or consent? Is it legal?

භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස සඳහා දේශපාලන පක්ෂවලට ප‍්‍රමුඛතා දහයක් ඉදිරිපත් කරන්නට ජූලි 21 වනදා කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීනී සීතා රන්ජනී මෙසේ කීවා.

‘‘පසුගිය වකවානුවේ (2014 අග දක්වා) අප බොහෝ දෙනකුගේ දුරකථන සංවාද හා ගමන් බිමන් සියල්ල සොයා බලන බව අපට තේරුණා. අප දුරකථන මගින් කතා කොට මාධ්‍යවේදී පුහුණු වැඩමුළු සැලසුම් කර අදාල තැනට යන විට කොහෙන්දෝ එකවර මතු වන විරෝධතාවලට අප මුහුණු දුන්නා. අප රැස්වන තැන්, යොදා ගන්නා සම්පත්දායකයන් ආදී හැම තොරතුරක්ම කෙසේ හෝ මේ උදවිය කල් තබා දැන සිටියා. මෙය හැකි වුණේ අප නිරතුරු ආවේක්ෂණයට ලක් වූ නිසායි.’’

මෙය බරපතල තත්ත්වයක්. රාජ්‍ය ආවේක්ෂණ (state surveillance) අත්දැකීම අඩු වැඩි පමණින් ලද තවත් බොහෝ මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් හා දේශපාලකයන් මෙරට සිටිනවා. ගෙවී ගිය දශකයේදී මෙරට රජය විසින් පුරවැසියන් ආවේක්ෂණය කිරීම බොහෝ සෙයින් පුළුල් වූ බවට ඉඟි තිබෙනවා.

See: Freedom on the Net: Sri Lanka Report 2014

යුද්ධය පවතින විට ජාතික ආරක්ෂාව සඳහා යම් පුද්ගලයනගේ හා කණ්ඩායම්වල කතාබහ ආවේක්ෂණය කළත් යුද්ධය නිමා වීමෙන් පසුවත් වසර ගණනක් එය දිගටම පවත්වාගෙන යාම කෙසේ සාධාරණීකරණය කළ හැකිද?

එසේම අපරාධකරුවන්, කැරලිකරුවන් හෝ වෙනත් නීති විරෝධී ක‍්‍රියාවල නිරත වූවන්ගේ සැලසුම් කල් තබා අනාවරණය කර ගන්නට යයි කියා කරන ආවේක්ෂණ විපක්ෂ දේශපාලකයන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් හා සරසවි ඇදුරන් දක්වා දිගු වූයේ ඇයි? ජාතික ආරක්ෂාව නම් සංකල්පය පවත්නා රජයේ ආරක්ෂාව ලෙසින් පටු ලෙස විග‍්‍රහ කිරීම නිසාද?

Do you know who is watching you?
Do you know who is watching you?

Dialog CEO Hans Wijesuriya: “No surveillance program in Sri Lanka, but telecoms have to comply”’. The Republic Square, 28 September 2013

මහා පරිමාණ ආවේක්ෂණය වෙත ගෙවී ගිය දශක දෙක තුනක් තිස්සේ මෙරට පැවති සියලූ රජයන් යොමු වීම සිවිල් අයිතිවාසිකම් පැත්තෙන් බලන විට මහත් අහිතකර ප‍්‍රවණතාවක්.

මෙය පුරවැසියන් නොදැනුවත්ව, අධිකරණ අධීක්ෂණයකින් තොරව දිගටම සිදුවීමට එරෙහිව ඇති තරම් සමාජ ප‍්‍රතිවිරෝධයක් මතු නොවීමද තැති ගත යුතු මට්ටමේ කාරණයක්. අප මේ තරමට දැන් සමාජයක් ලෙස උදාසීන වී සිටිනවාද?

2014 දෙසැම්බර් 25 වනදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ශ‍්‍රී ලංකාවේ එවකට උත්සන්න වෙමින් තිබූ ජනාධිපතිවරණ කැම්පේන් ගැන දීර්ඝ ලිපියක් පළ කළා. විවිධ දේශපාලන චරිත සමග සාකච්ඡා කිරීමෙන් පසු ලියැවුණු එහි එක් තැනෙක හිටපු ධීවර අමාත්‍ය (දැන් සෞඛ්‍ය අමාත්‍ය) දොස්තර රාජිත සේනාරත්න උපුටා දක්වමින් කියන්නේ නොවැම්බර් 21 වනදාට පෙර පොදු විපක්ෂ අපේක්ෂකයා ගැන කතාබහ ඉතා රහසිගතව සිදු කරන ලද බවයි.

With Viber's help, opposition politicians dodged Rajapaksa regime's surveillance in late 2014
With Viber’s help, opposition politicians dodged Rajapaksa regime’s surveillance in late 2014

හොරෙන් අසා සිටීමට ලක් නොවන ආකාරයේ (චන්ද්‍රිකා?) දුරකථන භාවිත කරමින්, සංකේත බසින් තමා ඇතුළු පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා කිරීම සැලසුම් කළ බව ඔහු කියනවා. ඉන්ටනෙට් හරහා කටහඬ හා ලිඛිත පණිවුඩ හුවමාරු කර ගත හැකි වයිබර් (Viber) නම් මෘදුකාංගයද මේ පිරිස යොදාගෙන තිබෙනවා.

මෙතරම් ප‍්‍රවේශම්කාරී වීමට හේතුව බොහෝ විපක්ෂ දේශපාලකයන් මෙන්ම ඇතැම් (එවකට) ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ද ගිය රජය විසින් දැඩි ලෙස ආවේක්ෂණයට ලක් කර තිබූ නිසායි. මේ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද වරක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා.

රජයන් විසින් සිවිල් ජනයා ආවේක්ෂණය මුල් යුගයේ කරනු ලැබුවේ දුරකථන සංවාදවලට දුරකථන හුවමාරු (phone exchange) හරහා රහසිගතව සවන් දීමෙන්. එහෙත් පරිගණක හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග වඩාත් සූක්ෂමව, පුළුල්ව හා ස්වයංක‍්‍රීය ලෙසින් දුරකථන සංවාද පමණක් නොව ඊමේල්, ස්කයිප් කතාබහ හා ඉන්ටර්නෙට් හරහා කරන බොහෝ හුවමාරු කිසිවකුට නොදැනී ආවේක්ෂණය කළ හැකිව තිබෙනවා.

Internet surveillance: not just in China...
Internet surveillance: not just in China…

ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධිත පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් තුළට හොර රහසේ පිවිසී එහි දත්ත හා පණිවුඩ හීන්සීරුවේ පිටස්තර පාර්ශ්වයකට ලබා දීමේ ඔත්තු බලන ක‍්‍රම දියුණු කොට තිබෙනවා.

පරිගණක හෝ ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකුට මේ ගැන වැටහීමක් නැහැ. රජයට පමණක් නොව ටෙලිකොම් සමාගම්වලටද මේ හැකියාව තිබෙනවා.

ආවේක්ෂණ තාක්ෂණයන් හා සේවාවන් අධික මිලකට අලෙවි කරන තාක්ෂණ සමාගම් ලෝකයේ තිබෙනවා. බොහෝ විට ඔවුන්ගේ ගැනුම්කරුවන් වන්නේ රාජ්‍ය බුද්ධි අංශ හා අපරාධ පරීක්ෂණ පොලිසි ආදියයි.

ඉතාලියේ මිලාන් නුවර පිහිටි මෙබඳු එක් සමාගමක් ‘හැකිං ටීම්’ (Hacking Team) නම් වනවා. 2013දී දේශසීමා විරහිත වාර්තාකරුවෝ (RSF) නම් ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් ක‍්‍රියාකාරී සංවිධානය ප‍්‍රසිද්ධ චෝදනාවක් කළා. එනම් හැකිං ටීම් මගින් සපයන ආවේක්ෂණ පහසුකම් යොදා ගනිමින් මර්දනකාරී ආණ්ඩු භාෂණ නිදහස හා මාධ්‍ය නිදහසට තර්ජනය වන ලෙස මාධ්‍යවේදීන්, විකල්ප මතධාරීන් හා වෙබ් ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව ක‍්‍රියා කරන බවයි.

RSF report on countries under state surveillance: Sri Lanka

2015 ජූලි මස මුලදී හැකිං ටීම් සමාගමේ පරිගණකවලට ද යම් කිසිවකු අනවසරයෙන් පිවිසී (හැක් කොට) ඔවුන්ගේ දත්ත අතිවිශාල සමුදායක් (400GB) ඕනෑම කෙනකුට බලා ගත හැකි වන්නට ඉන්ටර්නෙට් ජාලයට මුදා හරිනු ලැබුවා. මේ සමාගම ලෝකයේ කිනම් රජයන්ට කුමන ආවේක්ෂණ උපකරණ හා සේවා සපයා ඇත්ද යන්න ගැන මෙතෙක් රහසිගතව තිබූ තොරතුරු රැසක් මේ හරහා අනාවරණය වුණා.

මේ අනුව ලොව පුරා විසිර සිටින පොලිසි, මිලිටරි, මධ්‍යම රජයන් හා පළාත් රජයන් 70කට වැඩි ගණනකට ඔවුන් අවේක්ෂණ තාක්ෂණයන් ලබා දී යූරෝ මිලියන් 40කට වඩා උපයා ගෙන තිබෙනවා.

Hacking Team Emails Expose Proposed Death Squad Deal, Secret U.K. Sales Push and Much More

Groundviews: Going beyond mainstream media in the public interest
Groundviews: Going beyond mainstream media in the public interest

මේ ඔස්සේ ගවේෂණය කළ මෙරට පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක් වන ග‍්‍රවුන්ඞ්වීව්ස් (Groundviews.org), මෙම ඉතාලි සමාගම 2013-14 කාලයේ ශ‍්‍රී ලංකාවේ බුද්ධි සේවාවලට ද සිය සේවා අලෙවි කිරීමට ඊමේල් ගණනාවක් හුවමාරු කරගෙන ඇති බව සොයා ගත්තා.

විශේෂයෙන් ඕනෑම ආරක්ෂිත පරිගණකයකට හොරෙන් පිවිසී ඔත්තු බැලිය හැකි Remote Control System (RCS) නම් තාක්ෂණය ගැන මෙරට සිට ඔවුන්ගෙන් විමසා තිබුණා. 2014 මාර්තුවේ ඔවුන්ට මෙරටින් යවන ලද එක් ඊමේල් පණිවුඩයක් කීවේ ‘ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය, සරසවියක් ද සමග එක්ව විද්‍යුත් ආවේක්ෂණ හා සෙවීමේ ක‍්‍රමයක් පිහිටුවීමට සැලසුම් කරන’ බවයි.

මේ සරසවිය කුමක්ද යයි පැහැදිලි නැහැ (කොළඹ හෝ මොරටුව විය යුතුයි). එසේම ගිය රජය විසින් මෙම තාක්ෂණය මිලට ගත්තා ද යන්න ඊමේල් හුවමාරුවෙන් හරිහැටි කිව නොහැකියි. එහෙත් කිසිදා නොතිබූ තරම් දැවැන්ත ආවේක්ෂණ ප‍්‍රයත්නයක් සඳහා සැලසුම් කළ බව නම් පෙනෙනවා.

Hacking the hackers: Surveillance in Sri Lanka revealed

Sanjana Hattotuwa
Sanjana Hattotuwa

ඩිජිටල් හා සයිබර් මාධ්‍ය හරහා අප ලෙහෙසියෙන් සන්නිවේදනය කරන අතර පෞද්ගලිකත්වය රැක ගැනීමට වගකීමෙන් හා අරපරීක්ෂාවෙන් ක‍්‍රියාකළ යුතුයි. ඩිජිටල් ක‍්‍රියාකාරී හා ග‍්‍රවුන්ඞ්වීව්ස් කතුවර සංජන හත්තොටුව මෙය යළි යළිත් අවධාරණය කරනවා.

ඉතාලි ආවේක්ෂණ තාක්ෂණය කෙසේ වෙතත්, 2010-12දී චීන ටෙලිකොම් සමාගම්වලට මෙරටට උපකරණ සැපයීමට ඉඩදීම හරහා ආවේක්ෂණ හැකියාව ලැබෙන්නට ඇතැයි සංජන අනුමාන කරනවා. මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තවමත් නීතිගතව නැති නිසා විස්තර සොයා යෑම අපහසුයි.

2012 පෙබරවාරි 16 වනදා විග‍්‍රහයක් පළ කරමින් සංජන කීවේ හුවාවෙයි (Huawei) හා ZTE නම් චීන සමාගම් මෙරටට ඩොලර් මිලියන ගණන් වටිනා විදුලි සංදේශ උපකරණ සපයන බවයි. බටහිර රටවලට ඉන් පෙර සපයන ලද උපකරණ හරහා නොදැනීම සයිබර් ඔත්තු බැලීමට චීන රජයට ආධාර කළා යැයි මේ චීන සමාගම් දෙකටම බරපතල චෝදනා එල්ල වී තිබුණා.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ADSL ඉන්ටර්නෙට් බෙදාහැරීම් පද්ධතිය Huawei තාක්ෂණය යොදා ගන්නවා. අහිංසක ලෙස පෙනුණත් මේ හරහා හොර රහසේ ග‍්‍රාහකයන්ගේ පෞද්ගලික ඊමේල්, ස්කයිප් හා අනෙක් හුවමාරුවලට ප‍්‍රවේශම්වීමේ හැකියාව මෙරට බුද්ධි අංශවලට දැනටමත් ලැබී ඇත්ද? සංජන හත්තොටුව මේ ගැන වසර කිහිපයක සිට අනතුරු අඟවනවා.

Are Chinese Telecoms acting as the ears for the Sri Lankan government?

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව මුළුමනින්ම තහවුරු කර ගැනීම අසීරු වුවත් වඩා හොඳින් ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර කියා දෙන පෝස්ටර් පෙළක් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මගින් 2012දී භාෂා තුනෙන්ම නිකුත් කරනු ලැබුවා.

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර...
තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර…

1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත (1996දී සංශෝධිත) හා 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත යම් පටු පරාසයක් තුළ විද්‍යුත් ආවේක්ෂණය හා අනවසරයෙන් පණිවුඩ/දත්ත ග‍්‍රහණය කිරීම වරදක් යයි පිළි ගන්නවා. එහෙත් නීතිය ක‍්‍රියාත්මක කරන රජයේ ආයතනවලට අවශ්‍ය අවස්ථාවන්හිදී එසේ කිරීමට ඉඩකඩ තිබෙනවා. (ඒ කියන්නේ පාඨක ඔබ හෝ මා එය කළොත් නීති විරෝධියි. එහෙත් රජය කළොත් එසේ නැහැ!).

එසේ ආවේක්ෂණය කරන විට කුමන විනයක්, සීමාවක් හෝ ක‍්‍රමවේදයක් රාජ්‍ය ආයතන අනුගමනය කළ යුතුද යන්න නීතිවලින් කියා නැහැ. ජාතික ආරක්ෂාවයටතේ සිත් සේ ක‍්‍රියා කිරීමේ ඉඩ තිබෙනවා වගෙයි.

ඕනෑම කෙනකුට පෞද්ගලිකත්වයක් තිබෙනවා. එයට මානව අයිතියක් ද තිබෙනවා. පොදු අවකාශයේ ඉතා ප‍්‍රකට ජීවිත සතු කලාකරුවන්, ක‍්‍රීඩකයන් හා දේශපාලකයන්ට ද මේ අයිතිය තිබිය යුතුයි. එය ස්ව-කැමැත්තෙන් පසෙක ලීම පුද්ගල අභිමතයක්. එහෙත් එසේ නොකරන තුරු රටේ ආණ්ඩුවට හෝ වෙනත් පිරිසකට (උදා: පැපිරාට්සි ආකාරයේ ඡායාරූප ශිල්පීන්) පෞද්ගලික ජීවිතවල ඔත්තු බැලීම සදාචාර සම්පන්න නැහැ. බොහෝ රටවල මෙය නීති විරෝධියි.

අපේ ආණ්ඩුකරම ව්යවස්ථාවෙන් පිළිගැනෙන හා සහතික කරන මූලික මානව අයිතිවාසිකම් අතර පෞද්ගලිකත්වය (privacy) රැක ගැනීමට ඇති අයිතිය ඇතුළත් නැහැ. එහෙත් සෑම කෙනකුටම එම අයිතිය හිමි බව ශිෂ්ඨ සමාජවල පුළුල්ව පිළි ගැනෙනවා.

නීතියෙන් නොවුවත් සමාජ සම්මතයට අනුව කෙනකුගේ පෞද්ගලික සිතුම් පැතුම්, ලියුම් හා අනෙකුත් සන්නිවේදනයන් පොදු අවකාශයට අයත් නැහැ. එසේම රාජ්‍යයට හෝ රාජ්‍යයේ තාවකාලික භාරකරු ලෙස කටයුතු කරන ආණ්ඩුවකට පුරවැසියන්ගේ පෞද්ගලික සන්නිවේදනවලට පිවිසෙන්නට හා ඒ හරහා තොරතුරු එක් රැස් කරන්නට සදාචාරමය අයිතියක් නැහැ.

මේ සම්මතය බිඳ වැටෙන අවස්ථා ඉඳහිට තිබෙනවා. යුද බිමෙහි ක‍්‍රියාන්විත සේවයේ නිරතව සිටින හමුදා සෙබලූන් හා ඔවුන්ගේ පවුල් අතර සන්නිවේදන හමුදා බලධාරීන්ගේ ආවේක්ෂණයට ලක් විය හැකියි. දැනවුත්ව හෝ නොදැනුවත්ව යුද බිමේ සැබෑ තොරතුරු හෝ හමුදා රහස් හෝ පිටත යාමට ඉඩක් ඇති නිසා. එසේම සමහර රටවල සිරකරුවන් ලබන හා යවන සන්නිවේදන ද විමර්ශනයට ලක් කැරෙනවා.

එහෙත් හමුදා සේවයේ හෝ සිරභාරයේ හෝ නොසිටින සෙසු පුරවැසියන්ට සිය පෞද්ගලිකත්වය රැක ගැනීමට සෑම අයිතියක්ම තිබෙනවා.

Edward Snowden on the right to privacy
Edward Snowden on the right to privacy

‘අපි නීතිගරුක මිනිස්සු. අපට සඟවන්න දෙයක් නැහැ. ආණ්ඩුව අපේ කතාබහ-ලියුම් කියුම් හොරෙන් ඇසුවත් බැලූවත් අපට බිය වන්නට දෙයක් නැහැ’ යයි ඇතැමෙක් කිව හැකියි. මෙය අනුවණකාරී තර්කයක්. හරියට ‘අපට භාෂණ නිදහසක් කුමටද? අපට කියන්නට කිසි දෙයක් නැහැ’ වැනිම පරාජිත ප‍්‍රකාශයක්.

ජූලි 21 ප්‍රකාශයේ ආවේක්ෂණය වැලැක්වීම ගැන නිර්දේශය මෙයයි: “තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂණයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන ආවේක්ෂණය කිරීම රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි ආවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.”

සිවුමංසල කොලූගැටයා #229: සමාජ මාධ්‍ය යුගයේ අපේ දේශපාලන සන්නිවේදනය

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 26 July 2015), I review how Lankan politicians and political parties are using social media in the run-up to the general election to be held on 17 August 2015.

In particular, I look at how President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe are using Facebook and Twitter (mostly to ‘broadcast’ their news and images, and hardly ever to engage citizens). I also remark on two other politicians who have shown initiative in social media use, i.e. former President Mahinda Rajapaksa and JHU leader Champika Ranawaka (both of who have held live Q&As on social media with varying degrees of engagement).

I raise questions like these: Can political parties afford to not engage 25% of Lankan population now regularly using the web? When would election campaigners – rooted in the legacy media’s practice of controlling and fine-tuning messages – come to terms with the unpredictable and sometimes unruly nature of social media?

While politicians, their campaigners and parties struggle to find their niches on social media, politically conscious citizens need to up their game too. Cyber literacy has been slower to spread than mere internet connectivity in Sri Lanka, and we need enlightened and innovative use of social media in the public interest. Every citizen, activist and advocacy group can play a part.

Can social media communications influence voting patterns?
Can social media communications influence voting patterns?

ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරන මට්ටමට එළැඹ සිටින අපේ රටේ මෙම සයිබර් සාධකය මැතිවරණ ප‍්‍රචාරණයට හා ඡන්දදායක මතයට කෙසේ බලපානවාද යන්න විමසීම වැදගත්.

2010 මහ මැතිවරණයේ භාවිත වූවාට වඩා බෙහෙවින් මෙවර මැතිවරණයේ ඉන්ටර්නෙට් භාවිතය සිදුවන බව නම් කල් තබාම කිව හැකියි.

දේශපාලන පක්ෂ, ඡන්ද අපේක්ෂකයන්, සිවිල් සමාජ සංවිධාන හා සාමාන්‍ය පුරවැසියන් යන මේ පිරිස් සතරම වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වෙත යොමු වීමත් සමග දේශපාලන තොරතුරු හා මතවාද ගලා යෑම පෙර පැවතියාට වඩා වෙනස්වන්නේ කෙලෙසද?

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා දේශපාලන චරිත හා පක්ෂවලින් ප‍්‍රශ්න කරන්නට හා ඔවුන් අභියෝගයට ලක් කරන්නට හැකි වීම හරහා දේශපාලන සංවාද වඩා හරවත් විය හැකිද? මෙය කෙතරම් පුළුල්ව රටේ සමාජගත වනවාද?

Twitter and Facebook - leading social media platforms
Twitter and Facebook – leading social media platforms

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම සමාජ මාධ්‍ය ජාලය ෆේස්බුක් (Facebook). එහි මෙරට ගිණුම් මිලියන් 2.5කට වඩා තිබෙනවා. ව්‍යාජ ගිණුම් හෝ ද්විත්ව ගිණුම් පසෙක තැබුවහොත් අඩු තරමින් මිලියන් 2ක් ලාංකිකයන් ෆේස්බුක් සැරිසරනවා යැයි කිව හැකියි. මෙරට ජනප‍්‍රිය අනෙක් සමාජ මාධ්‍යවන්නේ ට්විටර් (Twitter), වීඩියෝ බෙදා ගන්නා යූටියුබ් (YouTube) හා ඡායාරූප හුවමාරු කැරෙන ඉන්ස්ටග‍්‍රෑම් (Instagram).

මේ හැම සයිබර් වේදිකාවකම මේ දිනවල දේශපාලනයට අදාළ තොරතුරු, මතවාද හා රූප බෙහෙවින් සංසරණය වනවා.

දේශපාලන පක්ෂවලට හා ඡන්ද අපේක්ෂකයන්ට මේ යථාර්ථය නොසලකා සිටීමට බැහැ. එහෙත් බොහෝ පක්ෂවල මැතිවරණ කැම්පේන් හසුරුවන්නේ සාම්ප‍්‍රදායික මාධ්‍ය ගැන දන්නා, එහෙත් නව මාධ්‍ය ගැන හරි අවබෝධයක් නැති හිටපු මාධ්‍යවේදීන් හෝ දැන්වීම් ඒජන්සි විසින්.

පත්තරවල මුදල් ගෙවා ඉඩ මිලට ගැනීමට හා රේඩියෝ-ටෙලිවිෂන් නාලිකාවල ගුවන් කාලය මිලට ගැනීමට මේ උදවිය හොඳහැටි දන්නවා. මුදලට වඩා කාලය, ශ‍්‍රමය හා නිර්මාණශීලී බව අවශ්‍ය වන සමාජ මාධ්‍යවලට නිසි ලෙස ප‍්‍රවේශ වන හැටි මේ අයට වැටහීමක් නැහැ.

සමාජ මාධ්‍යවලටත් මුදල් ගෙවා ඕනැම කෙනකුට තම ප‍්‍රචාරය උත්සන්න කර ගත හැකියි. ෆේස්බුක් ගෝලීය වේදිකාවක් වුවත්, තම භාණ්ඩය හෝ සේවාව හෝ පණිවුඩය නිශ්චිත රටක, නිශ්චිත වයස් කාණ්ඩයකට ඉලක්ක කොට පෙන්වීම කර ගත හැකියි.

එසේම ෆේස්බුක් හා ට්විටර් ගිණුම් සඳහා තොග වශයෙන් ලෝලීන් (fans) හා මනාප (likes) විකුණන විදේශීය සමාගම් තිබෙනවා. අපේ සමහර දේශපාලන චරිත අරඹා ඇති සමාජ මාධ්‍ය ගිණුම්වලට ඔවුන් හීන්සීරුවේ මුදල් ගෙවා මෙසේ තොග පිටින් ලෝලීන් හා මනාප ලබා ගෙන ඇති බව හෙළිව තිබෙනවා. සමහර දේශපාලකයන්ට ශ‍්‍රී ලංකාවේ සිටින Fans ගණනටත් වඩා තුර්කියේ සිටින සංඛ්‍යාව වැඩිවීමට හේතුව එයයි.

20 March 2015: Social Media Analysis: Sri Lankan Politicians and Social Media

මුදල් ගෙවා ලබා ගන්නා සමාජ මාධ් රමුඛත්වය විශ්වසනීය හෝ සාර්ථක වන්නේ නැහැ. මෙය කුලියට ගත් බස් රථවලින් මුදල් ගෙවා සෙනග රැළිවලට ගෙනෙනවාට සමානයිග සයිබර් සාක්ෂරතාව පුළුල් වන විට මෙබඳු උපක‍්‍රම ගැන වැඩි දෙනකු දැන ගන්නවා.

social-media

කෙටි කාලීනවත් දිගු කාලීනවත් වඩාත් සාර්ථක ප‍්‍රවේශය නම් නිරතුරු සමාජ මාධ්‍ය හරහා පුරවැසියන් සමග සාමීචියේ හා සංවාදයේ යෙදී සිටීමයි (මැතිවරණයක් එළැඹි විට පමණක් නොවෙයි).

දේශපාලන නායකයන් හා කැම්පේන්කරුවන් කියන දෙය ඡන්දදායක මහජනතාව වැඳ ගෙන ඔහේ අසා සිටි කාලය ඉවරයි. දැන් මතුව එන්නේ අප කාටත් සංවාද විසංවාද හා තර්ක කළ හැකි නව සන්නිවේදන යථාර්ථයක්.

සමාජ ජාල මාධ්‍ය භාවිත කරන සියලූ ලාංකික දේශපාලකයන් හෝ දේශපාලන පක්ෂ හෝ නිතිපතා ෆලෝ කරන්නට මට හැකි වී නැහැ. එය ලේසි පාසු කාරියක්ද නොවෙයි.

එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ද, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ට්විටර් ගිණුමද හරහා කුමක් සන්නිවේදනය වේද යන්න ගැන මා විමසිලිමත්ව සිටිනවා.

President Sirisena's verified Facebook page, screen shot on 26 July 2015 at 14.00 Sri Lanka Time
President Sirisena’s verified Facebook page, screen shot on 26 July 2015 at 14.00 Sri Lanka Time

කාර්යබහුල මෙවන් නායකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ මාධ්‍ය කණ්ඩායම් විසින්. එය ලොව පුරා සම්ප‍්‍රදායක්. බොහෝ විට මේ ගිණුම් හරහා නායකයා කරන කියන දේ ගැන සංක්ෂිප්ත තොරතුරු හා ඡායාරූප/කෙටි වීඩියෝ බෙදා හැරෙනවා.

මේ අන්තර්ගතයම නිල වෙබ්අඩවි හා මාධ්‍ය ප‍්‍රකාශන හරහා ද නිකුත් කැරෙන නමුත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය පවා අද කාලේ නායකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා කියැවෙන දේ ගැන අවධානයෙන් සිටිනවා. අවශ්‍ය විටදී යම් දේ එතැනින් උපුටා දක්වනවා.

සමාජ මාධ්‍ය ගත වන දේශපාලන නායකයන් හා ඔවුන්ගේ මාධ්‍ය කණ්ඩායම් මුහුණ දෙන අභියෝග ගණනාවක් තිබෙනවා. මූලික එකක් නම් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් විශ්වාසදායක නිල ගිනුම් (verified accounts) බව තහවුරු කර ගැනීමයි.

ඉන්ටර්නෙට් වෙබ් අඩවි ලිපිනයන් (URLs) මෙන්ම සමාජ මාධ්‍ය ගිණුම් නාමයන් ද මුලින්ම එය ලියාපදිංචි කරන්නාට හිමි කර ගත හැකියි. රාජ්‍ය නිලධාරිවාදය නැති සයිබර් අවකාශයේ අපූර්වත්වය එය වුවත් එය අවභාවිතයට යොදන අයද සිටිනවා.

President Sirisena's verified Twitter account - screen shot taken on 26 July 2015 at 13.45 Sri Lanka time
President Sirisena’s verified Twitter account – screen shot taken on 26 July 2015 at 13.45 Sri Lanka time

 

මෙරට ජනාධිපති හා අගමැති දෙදෙනාගේම නම් පදනම් කර ගෙන ඇරඹූ ව්යාජ ෆේස්බුක් හා ට්විටර් ගිණුම් තිබෙනවා. ඕනෑකමින් අධ්යයනය කළ විට මේවා ව්යාජ බව පෙනී යතත්, බැලූ බැල්මට ජනයා මුලා කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා රසිද්ධ පුද්ගලයන් (දේශපාලන නායකයන්, සිනමා තරු, රීඩකයන් ආදීන්) අනන්යතාව තහවුරු කළ සමාජ මාධ් ගිණුම් සකසා ගැනීමත්, එය පැහැදිලිව පෙන්නුම් කිරීමත් වැදගත්.

පසුගිය ජනාධිපතිවරණයේදී කැම්පේන් වැඩට සමාජ මාධ්‍ය යම් පමණකට ඔවුන් යොදා ගත්තද ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ දෙපළටම අනන්‍යතාව තහවුරු කළ සමාජ මාධ්‍ය ගිණුම් තිබුණේ නැහැ. මේවායේ අවශ්‍යතාව අප සමහරක් දෙනා ප‍්‍රසිද්ධ අවකාශයේ පෙන්වා නිතර දුන්නා.

මේ අනුව 2015 මැයි මාසයේ පටන් ජනාධිපති සිරිසේනට තහවුරු කරන ලද නිල ට්විටර් හා ෆේස්බුක් ගිණුම් තිබෙනවා. ප‍්‍රමාද වී හෝ මෙය ලබා ගැනීම හිතකර ප‍්‍රවණතාවක්. එහෙත් වික‍්‍රමසිංහ නමින් ට්විටර් ගිණුම් ගණනාවක් පවතින අතර එයින් කුමක් ඔහුගේ නිල ගිණුම් ද යන්න තහවුරු කර නැහැ. අපට කළ හැක්කේ අනුමාන පමණයි.

මේ දෙදෙනාගේ සමාජ මාධ්‍ය භාවිතය ද ප‍්‍රශස්ත මට්ටමක නැහැ. ගිය වසර අගදී කැම්පේන් කරන විටත්, ජනාධිපති ලෙස තේරී පත් වූ පසුවත් මෛත‍්‍රිපාල සිරිසේන සමාජ මාධ්‍ය භාවිත කරන්නේ තොරතුරු හා ඡායාරූප බෙදාහරින්නට මිස පුරවැසියන් සමග සංවාදයට නොවෙයි.

ජනපතිවරණයට පෙර හා පසු සමාජ මාධ්‍ය හරහා පුරවැසි ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන සජීව සැසි වාරයක් (Live Q&A) කරන මෙන් අප ඉල්ලා සිටියා. මේ වනතුරු එබන්දක් සිදුකර නැහැ. තම ජයග්‍රහනයට උපකාර වූවා යයි ඔහුම ප්‍රසිද්ධියේ පැසසූ සමාජ මාධ්‍ය හරහා පුරවැසි ප්‍රශ්නවලට මුහුණ දීමට ජනපති සිරිසේන පැකිලෙන්නේ ඇයි?

Ranil Wickremesinghe Twitter account - IS THIS OFFICIAL? screen shot taken on 26 July 2015 at 13.55 Sri Lanka time.jpg
Ranil Wickremesinghe Twitter account – IS THIS OFFICIAL? screen shot taken on 26 July 2015 at 13.55 Sri Lanka time.jpg

වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ සමාජ මාධ්‍ය භාවිතය වඩාත් පසුගාමීයි. ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් මේ දිනවල ප‍්‍රචාරක රැලිවල ඡායාරූප හා කෙටි කෙටි වීඩියෝ බෙදා හරිනවා. එහෙත් රටේ ප‍්‍රශ්න ගැන හෝ ප‍්‍රතිපත්ති/විසඳුම් ගැන කිසිදු සංවාදයක් පෙනෙන්නට නැහැ.

සමාජ මාධ්‍ය භාවිතය හරහා දේශපාලන චරිත ප‍්‍රචාරණයට එහා යන තවත් බොහෝ දේ කළ හැකියි. මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්ට අදහස් හා යෝජනා ඉල්ලා ලබා ගත හැකියි. රටේ දැවෙන ප‍්‍රශ්න ගැන (සීරුවෙන් හා ප‍්‍රවේශමෙන්) සංවාද කොට මහජන මතය ගැන දළ හැඟීමක් ලද හැකියි. ඡන්දදායකයන්ගේ රුචි අරුචිකම්, ප‍්‍රමුඛතා හා අපේක්ෂා ගැන ගවේෂණය කළ හැකියි.

ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය හා පිලිපීනය වැනි ආසියානු රටවල දේශපාලකයන් හා පක්ෂ මෙසේ වඩාත් හරවත් හා පුළුල් ලෙසින් සමාජ මාධ්‍ය යොදා ගන්නවා.

මැතිවරණ ආසන්න වන විට මිලියන් ගණන් වැය කරමින් ජනමත සමීක්ෂණ පැවැත්වීම දැන් අපේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවලත් සිරිතක්. බොහෝ විට සොයා ගැනීම් ප‍්‍රසිද්ධියට පත් නොකරන මේ සමීක්ෂණවලින් කැම්පේන් පණිවුඩ හා අවධාරණය කළ යුතු තැන් ආදිය ගැන යම් ඉඟි ලැබෙන බව ඇත්තයි. එහෙත් සමීක්ෂකයන් අසන හැම ප‍්‍රශ්නයකටම ජනයා අවකංව පිළිතුරු නොදෙන නිසා මේ සමීක්ෂණවල ආවේණික සීමා තිබෙනවා.

එයට වඩා විවෘත ලෙස මත දැක්වීමක් සමාජ මාධ්‍ය තුළ කැරෙනවා. මේවා විශ්ලේෂණය කරන මෘදුකාංග හරහා යම් සමුච්චිත ප‍්‍රවණතා සොයා ගත හැකියි. එබඳු විශ්ලේෂණ දැන් වෙනත් රටවල දේශපාලන පක්ෂ සන්නිවේදකයෝ කරනවා. ඒ හරහා කැම්පේන් පණිවුඩ වඩාත් සමාජගත කර ගත හැකියි.

සමාජ මාධ්‍යවල විභවය තේරුම් ගෙන ඇතැයි පෙනෙන ජාතික මට්ටමේ දේශපාලන චරිත දෙකක් නම් මහින්ද රාජපක්ෂ හා චම්පික රණවකයි. ඔවුන්ගේ දේශපාලන මතවාදයන් කුමක් වෙතත්, මෙරට සෙසු දේශපාලකයන්ට සාපේක්ෂව ඔවුන් සමාජ මාධ්‍ය හරහා යම් පුරවැසි පිරිසක් සමග සන්නිවේදනය කරනවා. නිතිපතා නොවූවත් විටින් විට හෝ පුරවැසි ප‍්‍රශ්නවලට සමාජ මාධ්‍ය හරහා පිළිතුරු ද දෙනවා.

Mahinda Rajapaksa verified Twitter account, screen shot on 26 July 2015 at 14.05 Sri Lanka Time
Mahinda Rajapaksa verified Twitter account, screen shot on 26 July 2015 at 14.05 Sri Lanka Time

ගිය වසරේ මේ දෙපළ පැවැත් වූ ට්විටර් ප‍්‍රශ්නෝත්තර සැසිවලදී දුෂ්කර යැයි සැලකිය හැකි අන්දමේ ප‍්‍රශ්න මා ඉදිරිපත් කළා. රාජපක්ෂ එවන් ප‍්‍රශ්න නොතකා හැර ලෙහෙසි යයි පෙනෙන ප‍්‍රශ්නවලට පමණක් පිළිතුරු දුන්නා. එහෙත් රණවක ආන්දෝලනාත්මක මාතෘකා ගැන පවා තම මතයේ සිට පිළිතුරු සැපයූවා. එම පිළිතුරු ගැන මා සෑහීමකට පත් නොවූවත් ඔහු එසේ සංවාදයේ නියැලීම මා අගය කරනවා.

සමාජ මාධ්‍යවල බොරු පුරාජේරු පම්පෝරි කරන්න අමාරුයි. එය භාවිත කරන සමහර පුරවැසියන් ගරුසරු නොවීමට හා සත්‍යවාදී නොවීමට ද ඉඩ තිබෙනවා. සමහර දේශපාලන කැම්පේන්කරුවන් සමාජ මාධ්‍ය සංවාදවලට ඉඩ නොදෙන්නේ මේ අවදානම නිසා විය හැකියි.

දේශපාලන රැස්වීම් වේදිකාවක කථිකයකුට ඉඳහිට හූ හඬක් ලැබිය හැකි වුවත් ඉන් ඔබ්බට යන අභියෝග මතු වන්නේ නැහැ. ටෙලිවිෂන් දේශපාලන සංවාදවලත් මෙහෙයවන්නා විසින් යම් සමනයක් පවත්වා ගන්නවා. මෙබඳු තිරිංග නැති සමාජ මාධ්‍ය හරහා දුෂ්කර ප‍්‍රශ්න, අවලාද, බොරු චෝදනා හා අපහාස එල්ල විය හැකියි.

එහෙත් පොදු අවකාශයේ සිටින, මහජන නියෝජිතයන් වීමට වරම් පතන දේශපාලකයන් මෙබඳු මහජන රතිචාරවලට මුහුණ දීමේ හැකියාව හා පරිණත බව සමාජ මාධ් හරහා රටටම පෙනෙනවා.

Mahinda Rajapaksa's verified Facebook account, screen shot on 26 July 2015 at 14.02 Sri Lanka Time
Mahinda Rajapaksa’s verified Facebook account, screen shot on 26 July 2015 at 14.02 Sri Lanka Time

සමාජ මාධ්‍ය පරිහරණය කරන පුරවැසි අපටත් වගකීම් තිබෙනවා. අප කැමති දේශපාලන පක්ෂයට හා චරිතවලට සයිබර් සහයෝගය දෙන අතරේ යම් සංයමයක් පවත්වා ගත යුතුයි. ප‍්‍රතිවිරුද්ධ මතධාරීන්ට අසැබි ලෙසින් පහර නොගසා තර්කයට තර්කය මතු කළ යුතුයි. එසේම නොකඩවා ගලා එන විවිධ විග‍්‍රහයන් හා රූප වැඩිදුර පතුරුවන්නට පෙර ඒවා වෛරීය දේශපාලනයට අදාළදැයි මඳක් සිතිය යුතුයි.

මෙරට ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගෙන් 80%කට වඩා එහි රවේශ වන්නේ ස්මාට් ෆෝන් හරහායි. ස්මාට්ෆෝන් තිබුනාට මදි. ස්මාට් පුරවැසියන් වීමටත් ඕනෑ! වැඩවසම් ගතානුගතිකත්වය හා වෛරීය ජාතිකත්වය පසු කර නව දේශපාල සදාචාරයක් බිහි කරන්නට අප දායක විය යුතුයි!

See also other related columns of mine:

16 March 2014: සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

23 March 2014: සිවුමංසල කොලූගැටයා #161: සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය?

21 Dec 2014: සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

28 Dec 2014: සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

 

 

සිවුමංසල කොලූගැටයා #228: දලයිලාමාට කවුද බය?

In this Feb. 18, 2011 photo, Tibetan spiritual leader the Dalai Lama gestures as he addresses the Mumbai University students in Mumbai, India. The Dalai Lama said Thursday, March 10, 2011, that he will give up his political role in Tibet's government-in-exile, shifting that power to an elected representative. The Tibetan spiritual leader, speaking on the anniversary of the 1959 Tibetan uprising against Chinese control, said the time has come "to devolve my formal authority to the elected leader. (AP Photo/Rafiq Maqbool, File)
In this Feb. 18, 2011 photo, Tibetan spiritual leader the Dalai Lama gestures as he addresses the Mumbai University students in Mumbai, India.             (AP Photo/Rafiq Maqbool)

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 19 July 2015), I salute the Dalai Lama who turned 80 on July 6. One of the world’s best known and admired public figures, the Tibetan Buddhist spiritual leader has earned the respect of many non-Buddhists because of his wisdom, tolerance and pragmatism.

I also raise the thorny issue: why has this global figure been refused visa to visit Sri Lanka (at least six times) by successive governments? This is due to heavy pressure from China – which invaded and annexed Tibet in 1950-51 and continues to occupt the land for over half a century.

Why are Lankan governments so beholden to China? Why isn’t this Buddhist leader allowed to visit the island when three Popes have visited during the past half century? Questions that citizens of Lanka must keep posing to their government…

Dalai-Lama-quote-religion

ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය කලින් කලට වෙනස් වනවා. 1960 හා 1970 දශකවල නොබැඳි ව්‍යාපාරයට මුල් තැන දුන් හා වඩාත් සමාජවාදී නැඹුරුවක් තිබූ එය 1980 දශකයේදී වඩාත් ධනවාදී කඳවුරට සමීප වූවා. 2005 සිට රාජපක්ෂ රජය චීනයට ගැති වී ක්‍රියා කළා.

එදා මෙදා කුමන ආකාරයේ රජයක් බලයේ සිටියත් කුමන විදේශ ප‍්‍රතිපත්තියක් යටතේ වුවත් දිගටම පවත්වා ගෙන ගිය එක් ස්ථාවරයක් නම් දලයිලාමාතුමාට මෙරටට පැමිණීමට වීසා නොදීමයි.

අඩු තරමින් හය වතාවක් විවිධ රජයන් මගින් එය ප‍්‍රතික්ෂේප කෙරුණා. 2015 ජනවාරියේ ආණ්ඩු පෙරළියෙන් පසුව මහාබෝධි සමාගමේ මූලිකත්වයෙන් එතුමන් මෙරටට කැඳවීමට ගත් උත්සාහය ද අසාර්ථක වුණා.

මෙයට හේතුව හැම ලක් රජයක්ම චීන බලපෑමට නතු වී මේ ලෝක පූජිත බෞද්ධ නායකයා මෙහි පැමිණීම බ්ලොක් කිරීමයි. ජීවිතයේ එක් වරක් ශ‍්‍රී ලංකාවේ දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මහත් ඕනෑකමින් සිටින බව දලයිලාමා කියනවා.

The Sunday Times (Sri Lanka) Editorial: 18 January 2015: Welcome for Pope; Dalai Lama next

අපේ සියළු ආණ්ඩු මෙතරම් චීන බලපෑම්වලට නතු වන්නේ ඇයි?

ලොව පුරා විසිරි කතෝලිකයන්ගේ සාමයික නායකයා වන පාප්තුමා හරසරින් පිලිගත් මෙරටට ලොව ප්රකටම බෞද්ධ නායකයාට එන්න බැරි ඇයි?

එමෙන්ම ලොව බලවත්ම රටක් වන චීනය අවිහිංසාවාදී සාමයික නායකයකු වන දලයිලාමාට මෙතරම් බිය වන්නේ ඇයි?

දලයිලාමා (Dalai Lama) යනු තනතුරක්. 1642 සිට ටිබෙට් දේශයේ රාජ්‍ය නායකයා මෙන්ම ටිබෙට් තන්ත‍්‍රික බෞද්ධයන්ගේ සාමයික නායකයා ද වන්නේ දලයිලාමා කෙනෙක්.

වත්මන් දලයිලාමා මේ තනතුරට පත් 14 වැන්නායි. ඔහුගේ උපන් නම ටෙන්සිං ග්යාට්සෝ (Tenzin Gyatso).

දලයිලාමා පදවිය පරපුරෙන් උරුම වන්නක් නොවෙයි. එක් දලයිලාමා කෙනකු මිය ගිය පසු ඔහුගේ අනුප‍්‍රාප්තිකයා සොයා ගන්නට කල් ගත වන ක‍්‍රමවේදයක් තිබෙනවා. ටිබෙට් වැසියන්ගේ විශ්වාසය මිය ගිය දලයිලාමා නැවතත් පිරිමි දරුවකුව උපදින බවයි. එනිසා සම්ප‍්‍රදායට අනුව ඔවුන් සොයා යන්නේ නිසි චරිත ලක්ෂණ ඇති පිරිමි දරුවකුයි.

වත්මන් දලයිලාමා උපන්නේ 1935 ජූලි 6 වැනිදා ටිබෙටයේ අම්ඩෝ නම් ස්ථානයේ. ඔහු ඉන් පෙර විසූ දලයිලාමාගේ පුනරුත්පත්තිය යයි නිර්ණය කොට තෝරා ගන්නා විට වයස 4යි. 1950දී වයස 15 වන විට ටිබෙටයේ පූර්ණ රාජ්‍ය හා සාමයික නායක බලතල ඔහුට පවරනු ලැබුවා.

TIME, 20 April 1959 cover story on Dalai Lama fleeting Tibet to India
TIME, 20 April 1959 cover story on Dalai Lama fleeting Tibet to India

1949 ඔක්තෝබරයේ පිහිටුවනු ලැබූ මහජන චීන ජනරජය, ටිබෙටය තම රටේම ප‍්‍රාන්තයක් යයි අයිතිවාසිකම් කියා බලහත්කාරකමින් භූමිය අත්පත් කර ගැනීම ඇරඹුවේ 1950දී. චීනය සමග සටන් කරනු වෙනුවට ටිබෙට් වැසියන් බේජින් රජය සමග ස්වයංපාලන එකඟතා ගිවිසුමක් අත්සන් කළා. ඒ යටතේ දලයිලාමාට සීමිත බලතල සහිතව ටිබෙට් අගනුවර ලාසා (Lhasa) නගරයේ දිගටම සිටීමට හැකි වුණා. එහෙත් එය තිරසාර විසඳුමක් වූයේ නැහැ.

1959දී කැරැල්ලක් ඇති වී චීන හමුදා සමග ගැටුම්වලදී අඩු තරමින් ටිබෙට් ජාතිකයන් 85,000ක් මිය ගියා. පණ බේරා ගත් දලයිලාමා අසල්වැසි ඉන්දියාවට පළා ගියා. ඉන්දියාවේ එවකට අගමැති වූ ජවහර්ලාල් නේරු ඔහුට සරණාගත පහසුකම් හා දිවි ඇති තෙක් විසීමට විශේෂ වරප‍්‍රසාද රැසක් ලබා දුන්නා.

උතුරු ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ධරම්සාලාහි (Dharamshala) ආශ‍්‍රමයක් පිහිටුවා ගත් දලයිලාමා ඇතුලූ ඔහුගේ අනුගාමිකයන් අද දක්වා වසර 50කට වැඩි කාලයක් ජීවත් වන්නේ එතැනයි. ටිබෙට් විවාසික රජයේ (Tibet Government in Exile: http://tibet.net) මූලස්ථානයත් එහි සිට ක‍්‍රියාත්මක වනවා.

Prime Minister Jawaharlal Nehru and the Dalai Lama on April 24, 1959
Prime Minister Jawaharlal Nehru and the Dalai Lama on April 24, 1959

1950 සිට 2011 දක්වා ටිබෙට් දේශයේ දේශපාලනික හා සාමයික නායකයා වූයේ වත්මන් දලයිලාමායි. එහෙත් 2011 දී ඔහු දේශපාලන නායකත්වය ටිබෙටයෙන් බැහැරව පිහිටුවා ගත් රජයකට පැවරුවා. කෙසේ වුවත් අද වනතුරුත් ටිබෙට් දේශය සමග ඉතා සමීපව හඳුනා ගැනෙන ලෝ ප‍්‍රකට සංකේතය වන්නේ දලයිලාමායි.

ටිබෙට් වැසියන්ගේ මානව අයිතිවාසිකම් හා සංස්කෘතික උරුමය රැක ගැනීම සඳහා 1959 පටන් අද දක්වා දලයිලාමා ලෝක ව්‍යාප්ත අවිහිංසාවාදී ප‍්‍රයත්නයක යෙදී සිටිනවා. චීන රජය සමග එක එල්ලේ ගැටීමට ඔහු කැමති නැහැ. එහෙත් තම වැසියන්ට තමන්ගේ පාඩුවේ සිටීමටත්, බලහත්කාරයෙන් චීනකරණය නොවී බේරීමටත් ඇති අයිතිය උදෙසා ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ ලෝක සභාවල දිගටම කතා කරනවා.

මෙයට සමාන්තරව ඉන්දියාව, නේපාලය හා වෙනත් රටවලට පළා ගොස් සරණාගතයන් ලෙස ජීවත් වන දහස් ගණනක් ටිබෙට් ජාතිකයන්ගේ අනන්‍යතාව රැක ගන්නත් ඔහු උදව් කරනවා. බෞද්ධ දර්ශනය නූතන ලෝකයේ අභියෝගවලට අනුව කාලානුරූපව හැඩ ගස්වා ගන්නට බුද්ධිමය වශයෙන් ඔහුගෙන් ලැබෙන දායකත්වය ඉමහත්. යුරෝපය හා ඇමරිකාවේ වඩාත්ම ප‍්‍රකට වූත්, ගෞරවයට පාත‍්‍ර වූත් බෞද්ධ සාමයික නායකයා ඔහුයි.

සාමකාමී සහජීවනය හා අවිහිංසාව පරමාදර්ශීව ප‍්‍රවර්ධනය කිරීම නිසාත්, ආගම් අතර සංහිඳියාව සඳහා පෙනී සිටීම නිසාත්, ඔහු වෙනත් ආගම් අදහන අය මෙන්ම නිර්ආගමික මා වැන්නන්ගේද නොමඳ ප‍්‍රණාමයට ලක්ව සිටිනවා.

ටිබෙට් දේශය නිදහස් කර ගැනීමට ගෙන යන අරගලය හා සාමකාමී විසඳුමකට පෙන්වන කැපවීම නිමිත්ත ලෙස දක්වමින් 1989 නොබෙල් සාම ත්‍යාගය දලයිලාමාට පිරිනැමුණා. මීට අමතරව විවිධ රටවල සරසවි, විද්වත් ආයතන හා අන්තර් රාජ්‍ය සංවිධානවලින් ඔහුට බොහෝ ත්‍යාග හා ගෞරවයන් ලබාදී තිබෙනවා.

25 Years since Dalai Lama won Nobel Peace Prize
25 Years since Dalai Lama won Nobel Peace Prize

රාජ්‍ය නායක හා සාමයික නායක තනතුරු දැරුවත් කිසිදු ආඩම්බරයක් නැති දලයිලාමා, සීමිත ආරක්ෂකයන් පිරිසක් සමග ඉන්දියාව පුරා හා ලොව වටා සංචාරය කරනවා. ඔහුගේ චාම් හා සරල ගතිසොබා අන් නායකයන්ට ආදර්ශයක් දෙනවා.

පස් වසරකට පමණ පෙර නවදිල්ලියට ගිය විටෙක මා නැවතුණේ එනුවර විද්වතුන් හා පර්යේෂකයන්ට නවාතැන් දෙන හැබිටැට් (Habitat) මධ්‍යස්ථානයේ. එදින මගේ කාමරයට ඉදිරිපස කාමරයේ සිටියේ දලයිලාමායි. දුසිම් ගණන් බැතිමතුන් හා මිතුරන් ඔහු මුණ ගැසීමට ඇදී ආවා. මේ නිසා හෝටල් කොරිඩෝව තරමක් කලබලකාරී වුණා. මේ ගැන සංවේදී වූ එතුමාගේ ආරක්‍ෂක නිලධාරීන් දිනකට දෙතුන් වතාවක් බැගින් මට කණගාටුව ප‍්‍රකාශ කළා. (ප‍්‍රභූ ආරක්‍ෂකයන් පිළිබිඹු කරන්නේ ඔවුන් රකින ප‍්‍රභූවරයාගේ ආකල්පයි.)

විද්‍යා-කලා-වාණිජ හැම ක්ෂේත‍්‍රයකම ලොව දක්ෂයන් සමග දලයිලාමා සබඳතා පවත්වනවා. භාවනාව හා මිනිස් මනසේ ක‍්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන අමෙරිකානු හා ජපන් විද්‍යාඥයන් සමග ඔහු කල් ගත කරනවා. හොලිවුඞ්පුරයේ ප‍්‍රවීණයන් සමග එක්ව ටිබෙටය පිළිබඳ පණිවුඩය නිර්මාණාත්මකව ලොවට කියනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් හරහා ටිබෙට් ලකුණ හා බුදු දහමේ දාර්ශනික හරය ප‍්‍රවර්ධනය කරන නව මාර්ග අත්හදා බලනවා.

Tibet's spiritual leader the Dalai Lama and actor Richard Gere hold hands during the inauguration of the exhibit; Tibet, Memories of a Lost Motherland at the Museum of Memory and Tolerance in Mexico City, Saturday Sept. 10, 2011. On Sunday the Dalai Lama and Gere, a Buddhist, will host a public event titled, Finding Happiness in Difficult Times at the Cruz Azul stadium in which 30,000 people are expected to attend. This is the spiritual leader's third visit to Mexico. (AP Photo/Marco Ugarte)
Tibet’s spiritual leader the Dalai Lama and actor Richard Gere hold hands during the inauguration of the exhibit; Tibet, Memories of a Lost Motherland at the Museum of Memory and Tolerance in Mexico City, Saturday Sept. 10, 2011. On Sunday the Dalai Lama and Gere, a Buddhist, will host a public event titled, Finding Happiness in Difficult Times at the Cruz Azul stadium in which 30,000 people are expected to attend. This is the spiritual leader’s third visit to Mexico. (AP Photo/Marco Ugarte)

ලෝකයේ (පිරිස් බලය අතින්) විශාලතම හමුදාව හා ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි වුවත් චීන රජය දලයිලාමාගේ නිරායුධ ප‍්‍රතිපත්තිමය අරගලයට හොඳටම බයයි.

පෙර කවරදාටත් වඩා ලෝක මහජන මතය ගැන තැකීමක් කරන චීන රජය, තමන්ගේ සමස්ත රාජ්‍ය තාන්ත‍්‍රික හා ප‍්‍රචාරණ බල පරාක‍්‍රමයට වඩා තනි දලයිලාමාගේ ලෝක පිළි ගැනීම බලවත් බව හොඳ හැටි දන්නවා.

හැකි සෑම උපක‍්‍රමයකින්ම චීන රජය ඔහුට බාධා කරනවා. ඔහුට වීසා නොදෙන්නට රටවලට බලපෑම් කරනවාට අමතරව බොරු දලයිලාමාවරයකු පත් කර ප‍්‍රවර්ධනය කරනවා. ටිබෙට් ඉතිහාසය විකෘති කර නැවත ලියනවා. තාඩන පීඩන හෝ ලාබ ප‍්‍රයෝජන හෝ හරහා ටිබෙට් ජන නායකයන් දිනා ගන්නට හදනවා. ශීලාචාර රජයකට නොසරිලන අන්දමේ ක‍්‍රියා රැසක් චීනය කරනවා.

සියවස් ගණනක් හිමාල ප‍්‍රදේශයේ ස්වාධීන රාජ්‍යයක්ව පැවති ටිබෙට් දේශය සුවිසල් භූමි ප‍්‍රදේශයක්. වර්ග කිලෝමීටර් 1,228,400ක් වූ එරට 1950දී ඈඳා ගැනීමෙන් පසු චීනයේ භූමි ප‍්‍රමාණය තුනෙන් එකකින් විශාල වුණා. එසේම ආසියාවේ ප‍්‍රධානතම ගංගා ගණනාවක් පැන නගින පාරිසරිකව ඉතා වැදගත් ජලධාරක ප‍්‍රදේශයක් චීනය අත්පත් කර ගත්තා.

ටිබෙටයේ භූමිය, භූ දේශපාලනික වැදගත්කම හා සොබාවික සම්පත් ගැන මිස එරට ජනයාගේ සංස්කෘතික උරුමය හෝ සිතුම් පැතුම් ගැන චීනයට කිසිදු තැකීමක් නැහැ. ටිබෙටය ‘චීනකරණය‘ කිරීමට බලහත්කාරයෙන් අඩ සියවසක් තිස්සේ විවිධ ‘සංවර්ධන කටයුතු’ කරනු ලබනවා.

ටිබෙට් වැසියන් වසර 60ක් පුරා ස්වයංපාලන අයිතිය සඳහා උද්ඝෝෂණ කරනවා. එහෙත් එය සෑම විටම සාමකාමී මට්ටමක පවත්වා ගැනීමට දලයිලාමාතුමාගේ බලපෑම් සමත්ව තිබෙනවා. චීනයේ නිර්දන මර්දන පිළිවෙත් හමුවේ කිසිදු ප‍්‍රචණ්ඩ හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවකට යොමු නොවී සිටීම ටිබෙට් වැසියන්ගේ ප‍්‍රතිපත්තිමය හා ආධ්‍යාත්මික ජයග‍්‍රහණයක්.

Dalai Lama and Bishop Desmond Tutu of South Africa
Dalai Lama and Bishop Desmond Tutu of South Africa

එහෙත් මේ තත්ත්වය දිගටම පවත්වා ගත හැකිද? 2015 ජූලි 6 වනදා 80 විය සැමරූ වත්මන් දලයිලාමා අනාගතයේ කෙදිනක හෝ මිය ගිය පසු ටිබෙට් දේශය අස්ථාවර විය හැකි යයි දේශපාලන විචාරකයන් අනතුරු අඟවනවා.

මීට පෙර සිටි 13 වන දලයිලාමා 1933දී මිය ගිය පසු වත්මන් දලයිලාමා තෝරා ගන්නා තුරු එරට මහත් අවිනිශ්චිත කාලසීමාවක් පසු කළා. ස්වයංපාලනය යටතේ පවතින විටත් එසේ වී නම් චීන ආක‍්‍රමණය යටතේ එය වඩාත් කැලඹිලි සහිත විය හැකියි.

ලෝකයේ පියස්ස වැනි ටිබෙට් සානුවේ ප‍්‍රචණ්ඩකාරී විමුක්ති අරගලයක් ඇවිලූනහොත් එය හුදෙක් අසල්වැසි චීනය, ඉන්දියාව, නේපාලනය හා භූතානය යන රටවලට පමණක් නොව සමස්ත ආසියානු මහද්වීපයටම බලපෑ හැකි යයි නවදිල්ලියේ දේශපාලන විචාරකයකු වන මහාචාර්ය බ‍්‍රහ්ම චෙලානි කියනවා.

‘සාමාන්‍යයෙන් අලූතෙන් තෝරා ගන්නා දලයිලාමා ළමා වියේ පසු වන්නෙක්. ඔහු පරිනත වීමට හා සිය ජනතාවට දේශපාලන නායකත්වය ලබා දීමට වසර කිහිපයක් ගත වනවා. මේ අතරවාරයේ ව්‍යාජ දලයිලාමා කෙනෙකු චීනය විසින් ප‍්‍රවර්ධනය කරමින් සිටින නිසා ටිබෙට් ජනයා එයට එරෙහිව කැරලි ගසන තැනට යා හැකියි. චීන මර්දනය හමුවේ දශක ගණනක් ඔවුන් ඉවසාගෙන සිටින්නේ වත්මන් දලයිලාමාගේ සාමකාමී ආධ්‍යාත්මික බලපෑම නිසයි.’ ඔහු කියනවා.

ගෙවී ගිය වසර 60 පුරා චීනය ක‍්‍රමානුකූලව ටිබෙට් සංස්කෘතික උරුමයන්, ජීවන රටාවන් හා ආවේණික දේශීයත්වය මකා දමන විටත් ටිබෙට් වැසියෝ මහත් සංයමයෙන් එය ඉවසා දරා සිටියා. අවි අතට ගෙන එරෙහි වනු වෙනුවට ඔවුන් කළේ සත්‍යග‍්‍රහයන් හා උපරිම විරෝධතාවය ලෙස සියොළඟ ගිනි තබා ගෙන මිය යාමයි. 2009 සිට ටිබෙට් වැසියන් 140 දෙනෙකු මෙසේ ප‍්‍රසිද්ධියේ දිවි නසා ගෙන තිබෙනවා.

අන්තවාදී නොවී මැද පිළිවෙතක් අනුගමනය කරන දලයිලාමා කියන්නේ චීන රාජ්‍යය තුළ ටිබෙටයට ස්වයංපාලන හිමිකම ලැබේ නම් තම ජනයාට එය සෑහෙන බවයි. තව දුරටත් ටිබෙටය ලොව ස්වාධීන රාජ්‍යයක් වීමට ඔහු උද්ඝෝෂණ කරන්නේ නැහැ. කාලානුරූපව නම්‍යශීලී වීමේ හැකියාව ඔහු පෙන්නුම් කරනවා.

President Obama met with Dalai Lama in the White House on July 16, 2011. Photo courtesy - White House
President Obama met with Dalai Lama in the White House on July 16, 2011. Photo courtesy – White House

 

Op-ed Essay: The Price of Silence in Social Media Age

This op-ed essay of mine was published in Daily FT newspaper, Sri Lanka, on 16 July 2015.

The Price of Silence in Social Media Age

By Nalaka Gunawardene

Just when we began to worry that our recently elected head of state had lost his tongue, he broke his silence.

On July 14 evening, President Maithripala Sirisena finally addressed the nation. He spoke calmly and clearly. He was resolute — but with none of the pomp and bravado that characterised his predecessor Mahinda Rajapaksa.

Speech of the President Maithripala Sirisena – 14 July 2015 (in Sinhala)

Sirisena’s speech outlined his key actions and accomplishments since being elected less than 200 days ago in one of the biggest election surprises in Lankan political history. He was mildly defensive of his low-key style of governance, which includes extended periods of silence.

I’ll leave it for political scientists and activists to analyse the substance of the President’s Bastille Day speech. My concern here is why he waited this long.

If a week is a long time in politics, 10 days is close to an eon in today’s information society driven by 24/7 broadcast news and social media. An issue can evolve fast, and a person can get judged and written off in half that time.

For sure, there is a time to keep silence, and a time to speak – and the President must have had some good reasons keep mum. But in this instance, he paid a heavy price for it: he was questioned, ridiculed and maligned by many of us who had heartily cheered him only six months ago. (Full disclosure: I joined this chorus, creating several easy-to-share ‘memes’ and introducing an unkind twitter hashtag: #අයියෝසිරිසේන.)

President Maithripala Sirisena
President Maithripala Sirisena

Sri Lanka’s democratic recovery can’t afford too much of this uncertainty and distraction created by strategic presidential silences. Zen-like long pauses don’t sit well with impatient citizen expectations.

And the President himself must reconsider this strategy (if it is indeed one) — his political opponents are hyperactive in both mainstream and social media, spinning an endless array of stories that discredit him.

Until a generation ago, we used to say that a lie can travel half way around the world while the truth is still putting on its shoes. In today’s networked society, when information travels at the speed of light, fabrications and half-truths spread faster than ever.

Public trust in leaders and institutions is also being redefined. Transparent governance needs political leaders to keep talking with their citizens, ideally in ways that enrich public conversations.

President Sirisena is not the only Lankan leader who needs to catch up with this new communications reality. When a controversy erupted over how the Central Bank of Sri Lanka handled Treasury Bond issue on February 27, the government took more than two weeks to respond properly.

On March 17, Prime Minister Ranil Wickremesinghe made a detailed statement in Parliament, which he opened with the words: “I felt my first statement with regard to the so-called controversy over Treasury bonds should be made to this House…”

In a strict legalistic or technocratic sense, Wickremesinghe was probably right (as he usually is). But in the meantime, too many speculations had circulated, some questioning the new administration’s commitment to transparency and accountability. Political detractors had had a field day.

Could it have been handled differently? Should the government spokespersons have turned more defensive or even combative?

More generically, is maintaining a stoic silence until full clarity emerges realistic when governments no longer have a monopoly over information dissemination? Is it ever wise, in today’s context, to stay quiet hoping things would eventually blow away? How does this lack of engagement affect public trust in governments and governance?

These are serious questions that modern day politicians and elected officials must address. In my view, we need a President and Prime Minister who are engaged with citizens — so that we are not left guessing wildly or speculating endlessly on what is going on.

No, this is not a call for political propaganda, which has also been sidelined by the increasingly vocal social media voices and debates.

What we need is what I outlined in an open letter to President Sirisena in January: “As head of state, we expect you to strive for accuracy, balance and credibility in all communications. The last government relied so heavily on spin doctors and costly lobbyists both at home and abroad. Instead, we want you to be honest with us and the outside world. Please don’t airbrush the truth.”

 

Science writer Nalaka Gunawardene has been chronicling and analysing the rise of new media in Sri Lanka since the early 1990s. He is active on Twitter @NalakaG and blogs at http://nalakagunawardene.com

සිවුමංසල කොලූගැටයා #227: භාෂණයේ නිදහසට හා ප‍්‍රශස්ත මාධ්‍යකරණයට දේශපාලන කැපවීමක් ඕනෑ!

Hands off media freedom!
Hands off media freedom!

Media sector reforms in Sri Lanka have become both urgent and important. Media freedom cannot be consolidated without other reforms that create a more professional and responsible media.

Some progress has been made since the Presidential election. The new government has taken steps to end threats against media organisations and journalists, and started or resumed criminal investigations on some past atrocities. Political websites that were arbitrarily blocked from are once again accessible. Journalists who went into exile to save their lives have started returning.

On the law-making front, meanwhile, the 19th Amendment to the Constitution recognized the right to information as a fundamental right. But the long-awaited Right to Information Bill could not be adopted before Parliament’s dissolution.

Thus much more remains to be done. For this, a clear set of priorities has been identified through recent consultative processes that involved media owners, practitioners, researchers, advocacy groups and trainers. These discussions culminated with the National Summit on Media Reforms organised by the Ministry of Media, the University of Colombo, Sri Lanka Press Institute (SLPI) and International Media Support (IMS), and held in Colombo on 13 and 14 May.

In my latest Ravaya column (in Sinhala language, published on 12 July 2015), I list the priorities for media policy and law reforms that require political commitment by all political parties in Sri Lanka.

See also:

26 April 2015: සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

24 May 2015: සිවුමංසල කොලූගැටයා #220: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද?

Vigil for dead and disappeared Lankan journalists - held in Colombo, 4 Jan 2015
Vigil for dead and disappeared Lankan journalists – held in Colombo, 4 Jan 2015

අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සූදානම් වනවා. ඡන්ද පොරොන්දු ගැන මහජන විශ්වාසය පළුදු වී ඇතත්, ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන හා ප‍්‍රතිඥා ඉදිරි දිනවලදී එළි දක්වනු ඇති.

අපේක්ෂකයන්ගේ පසුබිමත්, පක්ෂ ප‍්‍රතිපත්ති හා ප‍්‍රතිඥාත් සලකා බලා ඡුන්දය ප‍්‍රකාශ කිරීම වඩාත් සුදුසුයි.

මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය සඳහාත්, භාෂණ නිදහස තහවුරු කිරීම සඳහාත් දේශපාලනික කැපවීමක් (political commitment) අවශ්‍යයි. මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන සම්පාදනය කරන අයගේ අවධානයටත්, සෙසු සමාජයේ දැන ගැනීමටත් මේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතා මොනවාදැයි කැටි කිරීමට මා අද උත්සාහ කරනවා.

මාධ්‍ය නිදහස පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන තේමාවක් වූවා. මැතිවරණයක් එලඹෙන විට ‘මාධ්‍ය නිදහස රකිනවා’ කීම පමණක් සෑහෙන්නේ නැහැ. එය සැබැවින්ම සාක්ෂාත් කර ගැනීමට ගත යුතු නීතිමය, ප‍්‍රතිපත්තිමය හා නියාමන මට්ටමේ පියවර ගණනාවක් තිබෙනවා.

20 වන සියවස මැද භාගයේ පැවති යථාර්ථයට අනුව සකස් වූ මාධ්‍ය නීතිරීති 21 වන සියවසේ දෙවැනි දශකය දක්වා තවමත් අපේ රටේ යොදා ගැනෙනවා. තොරතුරු සමාජය ඉදිරියට යන අතර ලක් සමාජය පසුගාමී වීමටත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විසමතා ඇති වීමටත් මේ නොගැලපීම දායක වනවා.

දේශපාලන ප‍්‍රතිඥාවලට සියල්ල වෙනස් කළ නොහැකි බව ඇත්තයි. එහෙත් සමාජයට කේන්ද්‍රීය වශයෙන් බලපාන මාධ්‍ය ක්ෂේත‍්‍රය වඩාත් වගකීම් සහගත හා බලාත්මක කරන්නට ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වනවා.

මැයි මස 13-14 දෙදින තුළ කොළඹදී පැවති මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය සඳහා ජාතික සමුළුව හරහා මෙම අවශ්‍යතා හඳුනා ගෙන අදාළ සියලූ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රමුඛතා ගත කෙරුණා. මේ පියවර 12 මා තෝරා ගත්තේ එතැනින්.

1. තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කැරෙන පනත් කෙටුම්පතක් මැයි මාසය අවසන් වන විට සූදානම්ව තිබුණා. අංග සම්පූර්ණ නොවූවත් යම් තරමකට මහජනතාවගේ තොරතුරු අයිතිය සම්පාදනය කළ හැකි මේ කෙටුම්පත අවාසනාවකට පාර්ලිමේන්තුව විසුරුවන තෙක් සම්මත කරගත නොහැකි වුණා. මීළඟ පාර්ලිමේන්තුවේදී මෙය හැකි තාක් ඉක්මනින් විවාදයට ගෙන සම්මත කර ගන්නා මෙන් අප සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. එය සඳහා පැහැදිලි කැපවීමක් මැතිවරණ ප‍්‍රකාශයන්ගෙන් අප අපේක්ෂා කරනවා. 2002 සිට විවිධ උත්සාහයන් ගත්ත ද තවමත් නීතිගත කර ගන්නට බැරි වූ තොරතුරු පනත 2015 වසර ගෙවී යන්නට පෙර සම්මත කර ගැනීම සියලූ පුරවැසියන් මෙන්ම සියලූ මාධ්‍යවේදීන්ගේ ද ප‍්‍රමුඛතාවක් විය යුතුයි.

2. බි‍්‍රතාන්‍ය පාලකයන් යටත් විජිතවල වැසියන් සිය පරිපාලනය ගැන ඇති තරම් තොරතුරු දැන ගැනීම වැළැක්වීමට හඳුන්වා දුන් සීමා හා දණ්ඩන බොහෝ දුරට ගෙඩි පිටින් නිදහස් ලංකාව ද පිළිගෙන තිබෙනවා. 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත දැන් වසර 60ක් පැරණියි. එයට ආකෘතිය වූ 1911 බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය රහස් පනත සම්මත කර ගත්තේ පළමුවන ලෝක යුද්ධ සමයටත් පෙර යුරෝපයේ පැවති අවිනිශ්චිතබව තුළ රාජ්‍ය රහස් සතුරන් අතට යාම වැළැක්වීමටයි.

පසු කාලීනව මතු වූ සාධාරණ විවේචනවලට සංවේදී වූ බි‍්‍රතාන්‍ය රජය 1989දී රාජ්‍ය රහස් පිළිබඳව වඩා ප‍්‍රගතිශීලී පනතක් සම්මත කළා. එහෙත් සියවසක් පැරණි ආකෘතියකට සාදන ලද අපේ පනත තවමත් ‘රාජ්‍ය රහස්’ යන්න පුළුල්ව නිර්වචනය කරනවා. මේ අනුව රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට ඍජුවම අදාළ තොරතුරු පවා ‘රහසිගත’ ලේබලය ගසා යටපත් කිරීමට නිලධාරීන්ට ඉඩ ලැබෙනවා. රජයකට යම් තොරතුරු රහසිගතව පවත්වා ගැනීමට සාධාරණ අයිතියක් ඇතත්, එය නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන්ට හා තොරතුරු සමාජයේ තාක්ෂණික යථාර්ථයන්ට අනුකූල විය යුතුයි. රාජ්‍ය රහස් පනත සංශෝධනය කොට කාලානුරූප කිරීමේ ප‍්‍රතිඥාවක් අප අපේක්ෂා කරනවා.

National Right to Information laws status - as of 2013
National Right to Information laws status – as of 2013

3. මාධ්‍යවේදීන් හා සෙසු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පොදු උන්නතිය උදෙසා සන්නිවේදනය කරන විට ඔවුන්ට බලපෑම් කළ හැකි හා හිරිහැර කිරීමට රජයන් විසින් යොදා ගන්නා තවත් ආන්දෝලනාත්මක නීති තිබෙනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එහි සංශෝධන, පාර්ලිමේන්තු වරප‍්‍රසාද පිළිබඳ නීතිය මෙන්ම රාජ්‍ය ද්‍රෝහීත්වය පිළිබඳ යටත්විජිත සමයේ සිට පැවතෙන නීති ද මේ අතර වනවා.

භාෂණ නිදහසට සැබැවින්ම කැප වන්නේ නම් අපේ දේශපාලන පක්ෂ මෙවැනි සියලූ නීති සමීප විමර්ශනයකට ලක් කිරීමකට එකඟ විය යුතුයි. එහිදී යල්පැන ගිය නීති ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නව සියවසට හා පවතින යථාර්ථයන්ට සරිලන පරිදි අලූත් කිරීමට ප‍්‍රතිඥාවක් අප බලාපොරොත්තු වනවා.

4. අධිකරණයට නිසි ගරුසරු දැක්විය යුතු බව ශිෂ්ඨ සමාජයන් පිළි ගන්නවා. එයට සමාන්තරව අධිකරණයේ ක‍්‍රියාදාමය ද මාධ්‍යවල හා මහජනතාවගේ නිරීක්ෂණ හා විචාරයන්ට ලක් විය යුතුයි. යහපාලනයේ එක් වැදගත් ගුණාංගයක් වන්නේ යුක්තිය පසිඳලීම සඳහා ඇති ආයතන පිළිබඳ මහජන පිළිගැනීම ඉහළ යාමයි. අධිකරණ නඩු තීන්දු මෙන්ම විනිසුරුකරුවන්ගේ ක‍්‍රියාදාමයන් ගැන විචාරය කිරීමට අපේ මාධ්‍ය බොහෝ විට මැලි වන්නේ අධිකරණයට අපහාස කිරීම (contempt of court) යටතේ චෝදනා ලැබෙතැයි බියෙන්.

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා ඉන්දියාව වැනි රටවල අධිකරණ අපහාස නීතිය අපේ මෙන් පුළුල් නැහැ. භාෂණ නිදහස හා අධිකරණයේ ගරුත්වය ඔවුන් වඩා හොඳින් තුලනය කරනවා. සැබැවින්ම අධිකරණයට අපහාසයක් යනු කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනය කරමින් මේ පිළිබඳ නව නීතියක අවශ්‍යතාව මෙරට මතුව තිබෙනවා. මෙය මාධ්‍යවලට මෙන්ම සියලූ පුරවැසියන්ගේ භාෂණ නිදහස තහවුරු කරන්නක්. මෙයටත් දේශපාලන පක්ෂවල කැපවීමක් අවශ්‍යයි.

Sri Lanka revives Press Council devil5. 1973දී පනතක් හරහා පිහිට වූ රජයට අයත් පුවත්පත් මණ්ඩලය (Press Council) බොහෝ මාධ්‍යවේදීන් දකින්නේ මර්දනකාරී ආයතනයක් ලෙසයි. එය මුළුමනින් වසා දමා එහි අදාළ නීතිය ද නීති පොතෙන් ඉවත් කළ යුතුයි.

මුද්‍රිත මාධ්‍ය කර්මාන්තය විසින්ම ස්වයං නියාමනය කිරීමේ උත්සාහයක් නම් 2003දී පිහිටුවා ගත් පුවත්පත් පැමිණිලි කොමිසමයි (PCCSL, www.pccsl.lk). මෙහි තීරණ පිළිගැනීමට බහුතරයක් පුවත්පත් එකඟ වී සිටිනවා. රටේ තිබෙන 50කට අධික රේඩියෝ නාලිකා හා 20කට අධික ටෙලිවිෂන් නාලිකාවල අන්තර්ගතය ගැන ස්වයං නියාමනයක් කිරීමට මෙබඳු ආයතනයක් බිහිවීමේ ඕනෑකම තදින් දැනෙනවාග නමුත් එය රජයේ නොව කර්මාන්තයෙන්ම මතු විය යුතුයිග රජය මාධ්‍ය අන්තර්ගතය නියාමනය කිරීමේ වැඩවසම් මානසිකත්වයෙන් අප මිදිය යුතුයි.

6. 1990 දශකය මුල පටන් මෙරට රේඩියෝ හා ටෙලිවිෂන් ක්ෂේත‍්‍රවලට පෞද්ගලික සමාගම් සම්බන්ධ වී නාලිකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එහෙත් විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර නිකුත් කිරීම හා සංඛ්‍යාත ලබාදීම වසර 25ක් තිස්සේ විවිධ රජයන් යටතේ සිදුව ඇත්තේ කිසිදු ක‍්‍රමවේදයකින් තොරව බලයේ සිටින පක්ෂයේ අභිමතයටයි. මෙය කල්ගත වී හෝ නිසි පිළිවෙළකට යොමු කරන්නට ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් (Independent Broadcast Commission) අවශ්‍යයි. විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන්නේ මහජනයා සතු පොදු දේපලක් වන විද්‍යුත් චුම්භක වර්ණාවලියේ කොටස් නිසා දේශපාලකයන්ට, නිලධාරීන්ට හා ව්‍යාපාරිකයන්ට හිතුමතේට එය බදා ගෙන සිටීමට අයිතියක් නැහැ. විද්‍යුත් මාධ්‍ය කොමිසම කළ යුත්තේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තාක්ෂණික නියාමනය පමණක් මිස අන්තර්ගතය පාලනය කිරීම නොවෙයි.

7. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ රජය යටතේ පවතින ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව හා ITN ආයතනය මෙතෙක් ක‍්‍රියාත්මක වී ඇත්තේ පවත්නා රජයේ ප‍්‍රචාරක මාධ්‍ය ලෙසයි. මේ ගැති බවින් අත්මිදී සැබෑ මහජන සේවා විද්‍යුත් මාධ්‍ය (public service broadcasters) ලෙස ක‍්‍රියාකිරීමට ඒවාට ව්‍යුහමය ස්වාධීනත්වය හා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම බොහෝ කලෙක සිට මේ ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් ඉල්ලා සිටින්නක්.

එයට සමාන්තරව ප‍්‍රජා මට්ටමේ රේඩියෝ සේවා පවත්වා ගැනීමට සරසවිවලට, සිවිල් සමාජ සංවිධානවලට වෙනත් පුරවැසි කණ්ඩායම්වලට ඉඩ ලැබෙන පරිදි පවතින නීතිරීති ප‍්‍රතිසංස්කරණය විය යුතුයි. (රජයේ ගුවන්විදුලිය යටතේ ‘ප‍්‍රජා’ යයි හඳුන්වා ගත් රේඩියෝ සේවා කිසිසේත්ම ප‍්‍රජා සේවා නොවෙයි.)

8. 1973දී රජයට පවරා ගෙන බලයේ සිටින පක්ෂයේ ප‍්‍රචාරණයක් ලෙස පත්තර පළ කරන ලේක්හවුස් ආයතනය ද එම ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගත යුතුයි. එය කෙසේ කරනවාද යන්න මාධ්‍ය වෘත්තිකයන් සමග සංවාදයෙන් විවෘතව තීරණය කළ යුතුයි. ආණ්ඩුව පත්තර ගැසීම මෙන්ම රේඩියෝ හා ටෙලිවිෂන් සේවා පවත්වා ගෙන යාම වැනි 20 වන සියවසේ යල් පැන ගිය පුරුදුවලින් අත්මිදිය යුතුව තිබෙනවා.

9. මාධ්‍ය නිදහසට ඍජුව බලපාන තවත් සාධකයක් වන්නේ මාධ්‍ය හිමිකාරීත්වයයි. ප‍්‍රාග්ධනය ඇති, දේශපාලන සබඳතා ඇති ඕනෑම අයකුට හෝ සමාගමකට පත්තර, රේඩියෝ හෝ ටෙලිවිෂන් ව්‍යාපාර ඇරඹිය හැකිව තිබෙනවා. ප‍්‍රකාශන නිදහස හා වෙළෙඳපොළ නිදහස සීමා නොවන පරිදි මෙය ද යම් නියාමනයකට ලක් විය යුතුයි.

වඩාත් පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති රටවල එක සමාගමකට හෝ හිමිකරුවකුට පවත්වා ගෙන යා හැකි මාධ්‍ය ප‍්‍රකාශන හෝ චැනල් සංඛ්‍යාවට යම් නීතිමය සීමා පනවනවා. එකම මාධ්‍ය ආයතනය පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන් මාධ්‍ය දියත් කිරීම ද යම් සීමාවලට නතුවනවා. එසේ කරන්නේ තනි හිමිකරුවෙක් හෝ සමාගමක් ජනමතයට උවමනාවට වඩා බලපෑම් ඇති කිරීම වැළැක්වීමට. මින් පෙර නොවූ විරූ පරිදි අපේ මාධ්‍ය ක්ෂේත‍්‍රය විස්තාරණය වන නිසා අපටත් මෙබඳු නියාමන සීමා අවශ්‍යයි.

10. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තේරී පත් වී දින කිහිපයක් ඇතුළත මෙරට තුළ සිට පිවිසීමට නොහැකි වන සේ අවහිර කොට තිබූ දේශපාලනික හා කාලීන පුවත් වෙබ් අඩවි ගණනාවක් අපට යළිත් කියවිය හැකි වුණා. එහෙත් විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) 2007 සිට වසර ගණනක් තිස්සේ ඒවා අවහිර කළේ කෙසේද යන්න ගැන අද වන තුරු කිසිදු වගවීමක් හෝ විපරමක් නැහැ.

ශිෂ්ඨ සමාජවල වෙබ් අඩවි බ්ලොක් කළ හැක්කේ නීතිමය රාමුවක් තුළ අධිකරණ අධීක්ෂණය/අනුමැතිය යටතේ පමණයි. (උදා: ලිංගිකව අසැබි වෙබ් අඩවි අවහිර කිරීම.) මේ සීමාවන් පැහැදිලිව ප‍්‍රකාශ කැරෙන ජාතික මට්ටමේ වෙබ් ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. එසේ නැති වුවහොත් අනාගතයේ යළිත් හිතුමතේට වෙබ් අඩවි බ්ලොක් කිරීමට දේශපාලකයන්ට හා නිලධාරීන්ට හොඳටම ඉඩ තිබෙනවා.

11. තොරතුරු තාක්ෂණය වඩාත් සමාජගත වීමත් සමග අලූත් අභියෝග මතුව තිබෙනවා. පවත්නා තොරතුරු තාක්ෂණ ජාතික ප‍්‍රතිපත්ති මගින් මේවා හරිහැටි ආවරණය වන්නේ නැහැ. මහජනයාගේ පෞද්ගලික ටෙලිෆෝන් කතාබහ, SMS පණිවුඩ, ඊමේල් හා සමාජජාල සාමීචි කතා අනවසරයෙන් ග‍්‍රහණය කිරීමට ආරක්ෂක අංශවලට ඇති ඉඩකඩ දැඩිව සීමා කළ යුතුයි. එබඳු අන්වේක්ෂණය (state surveillance) අත්‍යවශ්‍ය විට අධිකරණ අනුමැතිය මත පමණක් සිදුවීම වැදගත්.

එසේම ඩිජිටල් මාධ්‍ය හරහා එකතු වන මහජන තොරතුරු නිසි දත්ත ආරක්ෂණ ප‍්‍රතිපත්ති යටතේ ගබඩා කිරීමටත්, පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය (privacy) රැකෙන ලෙස කටයුතු කිරීමටත් රජයට මෙන්ම ටෙලිකොම් සමාගම්වලට සදාචාරාත්මක වගකීමක් තිබෙනවා. එය තහවුරු කැරෙන නීති හා නියාමන පිළිවෙත් ද අවශ්‍යයි. එසේ නැතිව නොමිලේ රැහැන් රහිත ඉන්ටර්නෙට් (Free WiFi) දුන්නාට මදි!

12. අවසන් වශයෙන් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට අනිසි බලපෑම් හා තර්ජනවලින් තොරව තමන්ගේ වගකීම් ඉටුකිරීමට හැකි වන නීතියේ අධිපාලනය (Rule of Law) ස්ථාපිත වූ ලක් සමාජයක් යළි බිහි කිරීම ද හදිසි අවශ්‍යතාවක්.

Demanding media freedom
Demanding media freedom

‘මාධ්‍යවලට අත නොතබනු’ යන උද්‍යොග පාඨයට සමාජයේ බහුතරයක් දෙනා එකඟයි. මාධ්‍ය අන්තර්ගතය නියාමනයට රජය හෝ බාහිර පාර්ශ්වයන් මැදිහත් නොවිය යුතුයි. එහෙත් ආචාර ධර්මීය රාමුවක් තුළ වෘත්තිමය මට්ටම ඉහළ නැංවීමේ සැබෑ උනන්දුවක් මාධ්‍යවේදීන් තුළින් ම මතුවීම ද අවශ්‍යයි.

පෙර තිබුණාට සාපේක්ෂව තත්ත්වය ටිකක් යහපත් වී ඇතැයි කියා පසෙකට වී සිටින්නට පුරවැසියන්ට හෝ මාධ්‍යවේදීන් බැහැ. ජනවාරි 9 වනදා ඇරඹි ගමනේ තව බොහෝ දුර යා යුතුව තිබෙනවා!

සිවුමංසල කොලූගැටයා #225: සංවේදී හා සංවර මාධ්‍යකරණයක් කවදා අපට ලැබේද?

Sri Lanka’s mainstream media – especially in the Sinhala language (and perhaps in Tamil too?) – lacks sensitivity and restraint when reporting and/or commenting on incidents of violence – covering suicide, homicide, rape and child abuse – as well as on topics like mental illness and HIV/AIDS.

This is my cumulative impression having closely watched different print and broadcast media outlets for over a quarter century. It is good that some younger professionals recognise the need to improve in this respect – to correct the ways of industry seniors who have set bad precedents for long.

I was thus happy to speak at a recent public forum on sensitive media reporting, organised by Sri Lanka Young Journalists Association and held in Colombo on 9 June 2015. In my remarks, I tried to understand why large sections of Lankan media so lacks sensitivity, respect for privacy and respect for societal diversity. This is a complex sociological situation that I cannot fully explain, but among the reasons I cited are: cultural orthodoxy, gender insensitivity, heightened competition among media groups for market share; and an overall lack of professionalism.

I sum up my remarks, and some discussion points, in this week’s Ravaya column (published on 28 June 2015).

Ravaya Chief Editor K W Janaranjana speaks at Public Forum
Ravaya Chief Editor K W Janaranjana speaks at Public Forum

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජුනි 9 වැනිදා කොළඹදී සංවිධානය කළ මහජන සංවාදයේ තේමාව වූයේ ‘සංවේදී සිදුවීම් වාර්තාකරණය’යි.

උතුරේ පුණ්ඩතිවුහි ලිංගික අපරාධයට ලක්වූ පාසල් දැරියගේ මරණය මෙරට මාධ්‍ය සමහරක් වාර්තා කළ ආකාරය එම සිදුවීම තරම්ම කම්පනයක් ඇති කිරීමට සමත් වුණා.

ඍජුවම සමාජයට අදාළ හා වැදගත් එහෙත් සංවරයකින් යුතුව වාර්තා කළ යුතු සිදුවීම් අරභයා අපේ මාධ්‍යවල ක‍්‍රියා කලාපය කෙසේ දියුණු විය යුතුද? දැනට අප අසන දකින භාවප‍්‍රකෝපකාරී හා සංත‍්‍රාසය දනවන පුවත් හා රූප වඩාත් සංවේදී තලයකට ගෙන යා හැකිද? එසේ කිරීමේදී මාධ්‍ය නිදහසට හානි නොකර, මාධ්‍ය කර්මාන්තයේ ප‍්‍රායෝගික සාධක ද සැලකිල්ලට ගෙන ආචාරධර්මීය රාමුවක් සකසා ගන්නේ කෙසේද?

මෙවැනි හරවත් ප‍්‍රශ්න පැය තුනක් පුරා එදින සාකච්ඡා වුණා. එහිදී මා පළ කළ අදහස් කිහිපයකුත් සංවාදයට ලක් වූ අදහසුත් බෙදාගැනීම මේ කොලමේ අරමුණයි.

සිදුවීම් ලෙස මතු වන්නේ සමාජය තුළ පවතින කැකෑරෙන හා කැළඹෙන ප‍්‍රවණතායි. හරවත් මාධ්‍යකරණය යනු එදිනෙදා සිදුවීම් සමබරව හා සංවරව වාර්තා කරනවාට අමතරව ඒ සිදුවීම්වලට තුඩු දෙන සමාජ සාධක හා ප‍්‍රවණතාද හඳුනා ගෙන විග‍්‍රහ කිරීමයි. මේ දෙවැනි වගකීම ඉටු කිරීමට මාධ්‍යවේදීන්ට පර්යේෂකයන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගේ මගපෙන්වීම හා උදව් අවශ්‍යයි.

එහෙත් ප‍්‍රවණතා හෝ සමාජ විද්‍යාත්මක හේතු සාධක සොයා යනවා වෙනුවට සිදුවීම් උවමනාවට වඩා සරල ලෙසින්, මතුපිටින් හා සමාජ අවස්ථාවලදී විකට ලෙසින් මාධ්‍ය වාර්තා කරනු අප දකිනවා.

විද්‍යුත් මාධ්‍යවේදියෙක් වරක් මට කීවේ ‘මේ තමයි අපේ මාධ්‍යයේ හැටි. විනාඩියෙන් දෙකෙන් ඕනෑම ස්ටෝරි එකක් අපි හසු කර ගත යුතුයි. පත්තර විශේෂාංග ලිපි නැතිනම් විශ්වවිද්‍යාල නිබන්ධ අපේ මාධ්‍යවල කරන්න බැහැ.’

රේඩියෝ හා ටෙලිවිෂන් ආවරණයේදී සීමිත ගුවන් කාලය අභියෝගයක් බව ඇත්තයි. එහෙත් එය කලබල හා අසංවේදී වාර්තාකරණයට හේතුවක් නොවෙයි. අතිශය සංකීර්ණ සමාජ ප‍්‍රශ්න කෙටියෙන් හා හරබරව වාර්තා කරන ආසියානු හා ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතන තිබෙනවා. එනිසා මෙතැන ඇත්තේ මාධ්‍යයේ සීමාවක් නොව අපේ ඇත්තන්ගේ ආකල්පමය හා ශිල්ප හැකියාවන්ගේ සීමාවන්.

Nalaka Gunawardene speaking at public forum on 9 June 2015
Nalaka Gunawardene speaking at public forum on 9 June 2015

අතිශයින් කනගාටුදායක හා සංවේදී සිදුවීමක් නම් සියදිවි නසා ගැනීමයි. 1990 දශකය වන විට ජනගහනයට සමානුපාතිකව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් බවට ශ‍්‍රී ලංකාව පත්ව සිටියා. 1996න් ඇරැඹී ප‍්‍රතිපත්ති මට්ටමින් ගත් යම් පියවර නිසා මේ ප‍්‍රවණතාව දැන් තරමකට සමනය වී තිබෙනවා. (එය වෙනම විග‍්‍රහ කළ යුතුයි.)

සියදිවි හානි කර ගැනීම ජීවන ගමනක ඛේදජනක අවසානයයි. ඒ හැම එකකටම පසුබිම් වන සිදුවීම් මාලාවක් තිබෙනවා. අපේ සමහර මාධ්‍ය එවන් ඛේදවාචකයක තෝරා ගත් පැතිකඩ පමණක් තලූ මරමින් රස කරමින් වාර්තා කරනවා. ඒ මදිවාට කාටුන් ආකාරයේ රූප පවා අඳිනවා.

සියදිවි හානිකර ගැනීම් ආවරණයේදී සංවේදී විය යුතු සාධක ගැන දශකයකට වැඩි කලෙක පටන් මාධ්‍ය පුහුණු වැඩමුළු හා දැනුවත් කිරීම් කොට තිබෙනවා. උදාහරණයට භාවිත කළ ක‍්‍රමය විස්තර නොකරන්නට හා අදාළ පුද්ගලයාගේ හා පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන්නට වග බලා ගත යුතුයි.

එහෙත් අපේ රටේ ප‍්‍රවෘත්තියැ’යි කියා පෙන්වන සමහර ටෙලිවිෂන් නාටකත්, සමහර පුවත්පත් වාර්තාත් මේ සංවරය පවත්වා ගන්නේ නැහැ. ඔවුන් දුකට පත් අයගේ කදුළු හා ලේ සොයමින් රට වටා යනවාග සිදුවීම වන විට හරියට එතැන සිටියාක් මෙන් විස්තර වාර්තා කරනවා.

අපේ සංවාදයේදී මතු වූ එක් උදාහරණයක් නම් එක්තරා ටෙලිවිෂන් නාලිකාවක් විස සහිත කනේරු ඇට ගැන සමීප රූප පෙන්වමින්, පෙර තරම් මේවා දිවි හානියට දැන් දැන් යොදා නොගන්නේ මන්දැයි වාර්තා කිරීමයි! සිංහල පුවත්පත් බොහොමයක් දිවි හානි කර ගැනීම් වාර්තා කරන්නෙ ද සුචරිතවාදී හෝ විකට ලෙසින්.

සමාජ විද්‍යා, මානව විද්‍යා, මනෝවිද්‍යා කෝණවලින් සීරුවෙන් විග‍්‍රහ කොට ග‍්‍රහණය කර ගත යුතු දිවි හානි කරගැනීම් අපේ මාධ්‍ය සරල හා සිල්ලර ලෙසින් විග‍්‍රහ කරනවා. එහිදී බොහෝ වාර්තාකරුවන්ට (හා ඒ ගැන කතුවැකි ලියන අයට) ඉක්මනින් සොයා ගත හැකි ‘දුෂ්ටයකු’ අවශ්‍යයි. මෙකී ‘දුෂ්ටයා’ පවත්නා රජය, වෙළෙඳපොළ ආර්ථිකය, නව තාක්ෂණයක් (ජංගම දුරකතන, ඉන්ටර්නෙට්) හෝ පුද්ගලයකු විය හැකියි.

සංකීර්ණ ප‍්‍රශ්නයක් මෙසේ සිල්ලරට ලඝු කිරීම හරහා ද අපේ මාධ්‍යකරණය සමස්ත සමාජය ගැන අසංවේදී වනවා.

Dr Harini Amarasuriya speaks at public forum
Dr Harini Amarasuriya speaks at public forum

එසේම තමන් හුවා දක්වන ‘දුෂ්ටයන්ට’ ඉක්මන් විසඳුම් සමහර මාධ්‍ය යෝජනා කරනවා. සංවාදයේදී සමාජ විද්‍යාඥ ආචාර්ය හරිනි අමරසූරිය කීවේ: ‘‘දුෂ්ටයා පුද්ගලයකු නම් ගල් ගසා මරන්න, මරණීය දණ්ඩනය නියම කරන්න, නැතිනම් අධිකරණ ක‍්‍රමයට පරිබාහිරව දඬුවම් කරන්න සමාජයේ ඇතැම් අය යෝජනා කරන විට මාධ්‍ය ඒවා උලූප්පා දක්වනවා. සමස්ත අපරාධවලට අපේ සමාජයේ හා බහුතරයක් මාධ්‍යවල ප‍්‍රතිචාරය ඉතා බියජනකයි. සංකීර්ණ සමාජ ප‍්‍රශ්නවලට අතිශය සරල විග‍්‍රහයන් හා ඉක්මන් විසඳුම් යෝජනා කිරීම ද මාධ්‍යයේ වගකීම වන්නේ?’’

මාධ්‍ය මෙන්ම සමස්ත ලක් සමාජයද අසංවේදී වන තවත් අවස්ථාවක් නම් මානසික සෞඛ්‍යයයි.

මානසික රෝගාබාධ ඕනෑම මානව සමාජයක 10%ක් පමණ හමු වනවා. අපේ වැනි ප‍්‍රචණ්ඩත්වය ඉහළ, පශ්චාත් යුද සමාජයක මෙය 20%ක් හෝ ඊටත් වැඩිවිය හැකියි.

මානසික රෝගා බාධ විවිධාකාරයි. ඒවා සියල්ල එක ගොඩට නොදැමිය යුතු බවත්, ඒ කිසිවක් කරුමයක් හෝ පාපයක් නොව මොළයේ රසායනික අසමතුලිතතාවකින් හටගන්නා තත්ත්වයන් බවත් මනෝ විද්‍යාඥයන් කියනවා. එසේම නිසි ප‍්‍රතිකාර (උපදේශන, බෙහෙත් හෝ රෝහල් ගත වීම) හරහා මේ රෝග සමනය කිරීමට හෝ සුවපත් කිරීමට හැකියි. ඕනෑම කෙනකුට හටගත හැකි මේ රෝග තත්ත්වයන් යමකු කොන් කිරීමට හෝ හංවඩු ගැසීමට (stigma) හේතුවක් නොවෙයි.

ගතානුගතික ලක් සමාජය මානසික රෝගවලට සංවේදී හෝ සානුකම්පිත නැහැ. ඔවුන් පිස්සන් ලෙස කොන් කිරීම තවමත් සිදු වනවා. සමහර මාධ්‍ය (විශේෂයෙන් ටෙලිනාට්‍ය හා විකට වැඩසටහන් හරහා) මේ අසංවේදීත්වය තවත් ප‍්‍රබල කරනවා.

අංගොඩ පිහිටි මානසික රෝග පිළිබඳ ජාතික රෝහලට ගොස් එහි අධ්‍යක්ෂවරයා හා සෙසු වෛද්‍යවරුන් හමු වන්නටත්, ඔවුන් මුහුණ දෙන යථාර්ථය දැන ගන්නටත් මීට දෙවසරකට පමණ පෙර මට අවස්ථාවක් ලැබුණා. ඒ මානසික සෞඛ්‍ය ගැන සානුකම්පිත බැල්මක් හෙලන අසාමාන්‍ය ගණයේ සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් වන ‘පේ‍්‍රමය නම්…’ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණු විටදී, (2014 අගදී නිමා වූ මෙය තවමත් මහජන ප‍්‍රදර්ශනයට පැමිණ නැහැ.)

Bx44chNCUAACzb-

මනෝ වෛද්‍ය විද්‍යාව හා ප‍්‍රතිකාර ක‍්‍රම මෑත දශකවල බෙහෙවින් දියුණු වී තිබෙන බව මා එදා වැඩමුලුවේදී දැන ගත්තා. රෝහල්ගත වී ප‍්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේ මානසික රෝග හට ගත් ටික දෙනකුට පමණයි. බහුතරයක් දෙනාට උපදේශනය, මානසික සහනය හා (වෛද්‍ය අධීක්ෂණය යටතේ) බෙහෙත් ගැනීමෙන් තත්ත්වය පාලනය කර ගන්නට හෝ සුවය ලබන්නට හෝ හැකියි.

මේ මූලික තොරතුරු පවා නොදන්නා හෝ නොතකා සිටින මාධ්‍ය එමට තිබෙනවා. පුළුල් සමාජ ප‍්‍රශ්නයක විසඳුම් සෙවීමට දායක වනු වෙනුවට එය තවත් උග‍්‍ර කරන්නටත්, එයින් ‘චීප් ත‍්‍රිල්’ගැනීමටත් අසංවේදී මාධ්‍ය ආවරණය දායක වනවා.

Chandana Sirimalwatte speaks at the Forum
Chandana Sirimalwatte speaks at the Forum

සියදිවි හානිකර ගැනීම්, මානසික සෞඛ්‍යය මෙන්ම HIV/AIDS ගැනත් අපේ මාධ්‍ය වාර්තාකරණය පවතින්නේ නොදියුණු මට්ටමකයි.

විටින් විට HIV/AIDS මෙරට තත්ත්වය ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශය පවත්වන වැඩමුළුවලදී අසන එක් ප‍්‍රශ්නයක් නම්: ‘දැන් අපේ ස්කෝර් එක කීයද?’

මේ විමසන්නේ HIV ආසාදනයේ උච්ච අදියර වන AIDS නිසා මිය ගිය සංඛ්‍යාව ගැනයි. හරියට ක‍්‍රීඩා තරගයක ලකුණු අසනවා වගේ. මෙය උපුටා දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය කීවේ සමස්ත සමාජයේ සංවේදී බව මෙවන් මාධ්‍ය ආකල්ප හා වාර්තාකරණය හරහා මරා දැමෙන බවයි.

HIV ආසාදිතයන් ගැන නිර්දය වූත්, අනුකම්පා විරහිතවූත් ආකල්ප මෙරට මාධ්‍යවේදීන් මෙන්ම සෙසු සමාජයේත් බහුලයි. එයට එක් හේතුවක් නම් HIV ආසාදනය හුදෙක් ලිහිල් හා අනාරක්ෂිත ලිංගික චර්යාවලින් සිදු වන බවට ඔවුන් විශ්වාස කිරීමයි. නැතිනම් අනෙක් ආසාදන ක‍්‍රම (එන්නත් ඉඳිකටු යළි භාවිතය, ආසාදිත රුධිරය ඒ බව නොදැන පාරවිලයනය කිරීම, ආසාදිත මවකගෙන් ඇතැම්විට උපදින දරුවාට සම්පේ‍්‍රෂණය වීම) ඔවුන් නොතකා හරිනවා. හේතුව, සුචරිතවාදී ප‍්‍රහාර එල්ල කළ හැක්කේ ලිංගික සාධකය පදනම් කර ගෙන පමණක් නිසා විය යුතුයි.

HIV ආසාදිතයන් හැකි තාක් හඳුනාගෙන, ඔවුන් සිය පුවත්පතින් නම් කර සමාජ නින්දාවට ලක් කළ යුතුයැ’යි නිතර කී සිංහල පුවත්පත් කතුවරයකු මීට දශකයකට හමාරකට පෙර සිටියා. මෙබඳු ආන්තික ස්ථාවරයන් දැන් මඳක් වෙනස් වී ඇතත්, තවමත් HIV/AIDS වාර්තාකරණය බොහෝ මාධ්‍ය කරන්නනේ සංවේදීව හෝ සානුකම්පිතව නොවෙයි.

HIV ආසාදිතයන් වැළඳගන්නා නේපාලය නමින් මීට කලකට පෙර මා කොලමක් ලිව්වා (2011 දෙසැම්බර් 11දා රාවය:) කුමන හෝ ආකාරයකින් HIV ශරීර ගත වී, දැන් බෙහෙත්වල උපකාරයෙන් ජීවත් වන දිරිය ගැහැනුන් හා මිනිසුන් හෙළා දකිනු වෙනුවට ඔවුන් සමාජ ආශ‍්‍රයට ගන්නට හා ඔවුන්ට උපකාර වන්න නාගරික හා ග‍්‍රාමීය නේපාල ජාතිකයන් පටන් ගත්තේ මීට දශකයකටත් පෙරයි. මෙය දැන් එරට මාධ්‍ය වාර්තාකරණයේ ද දැකිය හැකියි. ලක් සමාජය හා මාධ්‍ය කවදා එතැනට පැමිණේද?

Part of audience at Public Forum on June 9
Part of audience at Public Forum on June 9

ජුනි 9 වැනිදා සංවාදයෙන් මතු වූ මූලික කරුණු කිහිපයක් තිබෙනවා.

මාධ්‍යවේදීන් සුචරිතවාදීන් වීම හරිද? මෙයට නම් කිසිදු පිළිගත හැකි හේතුවක් මා දන්නේ නැහැ. පුද්ගල නිදහස ගරු කරන නූතන සමාජයේ නීතියට ඔබ්බෙන් යන සුචරිතවාදයක් කිසිවකු මත බලෙන් පැටවිය නොහැකියි.

හැම අසංවේදී වාර්තාකරණයක්ම තනිකර මාධ්‍යවල වරදක්ද? නැතිනම් අසංවේදී ජන සමාජයේ පිළිබිඹුවක්ද? මේවා පුළුල්ව විවාදයට ලක් විය යුතුයි.

මාධ්‍ය කළ යුත්තේ කුහක හා ගතානුගතික සමාජයේ ආකල්ප එලෙසින්ම (කැඩපතක් මෙන්) හසු කර ගැනීම පමණක්ද? නැතිනම් සංවේදී හා දැනුවත් මාධ්‍යවලට සමාජයේ පෙරගමන්කරුවන් වීමට හැකිද? එසේ විය හැකි නම් එය ඉතා අගෙයි. එසේ බැරි නම් අඩුම තරමින් ඇවිලෙන සමාජ ගිනි ජාලාවලට තවත් පිදුරු නොදමා පසෙකට වන්නයැ’යි මා එදා විවෘත ඉල්ලීමක් කළා.

ස්වයං ඇගයීමකින් පසු හෝ සෙසු සමාජයේ බලපෑම නිසා හෝ අපේ රටේ මාධ්‍ය තමන්ගේ ශෛලිය හා ප‍්‍රමුඛතා වෙස් කර ගත් අවස්ථා ද තිබෙනවා.

කලකට ඉහත පුවත්පත් මහත් ඕනෑකමින් රස කරමින් වාර්තා කළ දෙයක් වූයේ උසාවිවල දිග හැරෙන දික්කසාද නඩුයි. එහෙත් අද එබන්දක් කෙරෙන්නේම නැති තරම්. ඇත්තටම ඒ පුද්ගලික කථාවල කිසිදු මහජන වැදගත්කමක් නැහැ.

එසේම මීට දශකයකට පමණ පෙර වන තුරු ආබාධිතයන් හඳුන්වනු ලැබුවේ කොරා, අන්ධයා, බීරා, අංගවිකලයා ආදී යෙදුම්වලින්. එහෙත් මේ වන විට සමාජයත්, මාධ්‍යයත් ඊට වඩා සංවේදී හා සානුකම්පිත යෙදුම් භාවිත කරනවා. කලක් තිස්සේ සමාජ ක්‍රියාකරිකයන් ගෙන ගිය දැනුවත් කිරීම් මේ වෙනස ඇති කළා.

මෙයින් පෙනෙන්නේ ඕනෑකම තිබේ නම් අප කාටත් දැනට වඩා සංවේදී විය හැකි බවයි. අපේ මාධ්‍යකරුවන්ට අද තිබෙන තේරීම නම් තමන් සෙසු සමාජයට ඉදිරියෙන් යනවා ද නැතිනම් ශිෂ්ටත්වයට යන සමාජ පරිනාමීය ගමනේ අන්තිමයා වනවා ද යන්නයි.

Public Forum on June 9 - part of audience
Public Forum on June 9 – part of audience

ඡායරූප: තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය

 

සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Mahatma Gandhi writing an article
Mahatma Gandhi writing an article

Besides being a political leader and social reformer, Mahatma Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).

These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.

What can today’s journalists and publishers learn from Gandhi? I revisit this again in this week’s Ravaya column (published on 21 June 2015), continuing an exploration started last week.

See also: සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

The Typewriter used by Mahatma Gandhi while  living and working in South Africa
The Typewriter used by Mahatma Gandhi while living and working in South Africa

මහත්මා ගාන්ධි තරුණ වියේදී වසර 21ක් දකුණු අප‍්‍රිකාවේ ගත කළ සැටිත්, ඒ වකවානුවේදී පොදු උන්නතිය හා සමාජ සාධාරණත්වය උදෙසා අරගල කරන්නට ලිඛිත සන්නිවේදනය හා පුවත්පත් කලාව යොදා ගැනීම ප‍්‍රගුණ කළ සැටිත් අප ගිය සතියේ කතා කළා.

මුළුමනින්ම ආචාරධර්මීය රාමුවක් තුළ සිය සඟරා පවත්වා ගෙන යන්නටත්, සැම විටම ආචාරශීලී බස් වහරකින් දේශපාලනික හා සමාජයීය ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් හා සංවාද කිරීමටත් ඔහු වග බලා ගත්තා.

පත්‍ර කලාව ඉතා වැදගත් හා උතුම් සමාජ කාරියක් ලෙස ඔහු සැළකුවා. වරෙක ඔහු කීවේ: “බයිබලය, කෝරානය, භගවත් ගීතාව වැනි සාමයික ග‍්‍රන්ථ තරම්ම ජන සමාජයට වැදගත් තැනක් අපේ කාලයේ පුවත්පත් ලබා ගනිමින් සිටිනවා. මේ වැදගත්කම හා ගාම්භීර බව රැක ගත යුතුයි. හොඳ පත‍්‍රකලාවේදියකු සිය පාඨකයන් බිය නොවද්දා, නොරවටා ඒ වෙනුවට ඔවුන්ට තොරතුරු හා විග‍්‍රහයන් ලබා දෙමින් හරි දේ සඳහා පෙනී සිටිය යුතුයි.’’

සිය ජීවිත කාලය (1869 – 1948) තුළ සංස්කාරක හෝ තීරක මට්ටමෙන් වාරික ප‍්‍රකාශන හයක් සමග ගාන්ධි සමීපව සම්බන්ධ වුණා. දකුණු අප‍්‍රිකාවේ කළ Indian Opinion සඟරාව එයින් පළමුවැන්නයි. ජොහැනස්බර්ග් නුවර කේන්ද්‍ර කර ගෙන සඟරාව කරමින් හා වෙනත් දේශපාලන කටයුතුවල නියැලෙමින් සිටි ගාන්ධි, විටින් විට සුදු ජාතික බලධාරීන් සමග මතවාදීව ගැටුණා.

Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902
Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902

1906දී හඳුන්වා දුන් ‘ආසියාතික ආඥා පනත’ යටතේ දකුණු අප‍්‍රිකාවේ සිටි සියලූ ආසියාතිකයන් ලියාපදිංචි විය යුතු බව හා සැම විටම අනන්‍යතා පත‍්‍රිකා රැගෙන යා යුතු බවට නියම වුණා. සුදු යුරෝපීයයන්ට නොතිබි මේ නීතීයට එරෙහිව ගාන්ධි ප‍්‍රමුඛ ආසියාතිකයන් උද්ඝෝෂණය කළා.

ලියාපදිංචි වීම ප‍්‍රතික්ෂේප කළ ගාන්ධි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනකු 1908 ජනවාරියේ සිරගත කරනු ලැබුවා. ඔහුගේ ජීවිතයේ දේශපාලන සිරකරුවා වූ වාර ගණනින් මුල් වතාව එයයි.

ගාන්ධිට එරෙහිව තීන්දුව ප‍්‍රකාශ වූ දිනයේ ඔහුගේ Indian Opinion සඟරාව සිය පාඨකයන්ගෙන් ඉල්ලීමක් කළා. “සිවිල් අකීකරුකම හා සාමකාමී විරෝධය යන සංකල්ප දෙක කැටි කර ගත්, ඉන්දීය භාෂා උරුමයෙන් සකසා ගත් යෙදුමක් යෝජනා කරන්න.’’

පාඨක යෝජනා අතරින් ගාන්ධි තේරීමක් කළා. ‘සත්‍යාග‍්‍රහ’ (satyagraha) නම් යෙදුම හැදුණෙත්, භාවිතයට ආවේත් එලෙසයි. ඒ යෙදුම වටා අවිහිංසාවාදී උද්ඝෝෂණ සඳහා සංකල්පීය රාමුවක් ගාන්ධි හඳුන්වා දුන්නා.

පසු කලෙක ඉන්දීය නිදහස් අරගලය, අමෙරිකාවේ කළු ජාතිකයන්ගේ සමානතා අරගලය මෙන්ම දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි අරගලය යන සියල්ලට මතවාදීව විශාල බලපෑමක් කළේ මේ සත්‍යාග‍්‍රහ සංකල්පයයි.

සිය පුවත්පත් හා සඟරාවලට වෙළෙඳ දැන්වීම් භාර නොගැනීම ගාන්ධි ප‍්‍රතිපත්තියක් සේ දිගටම පවත්වා ගත්තා. අමාරුවෙන් වුවත් පිටපත් අලෙවියෙන් ලැබෙන ආදායම, ස්වේච්ඡා ශ‍්‍රම දායකත්වය හා (ඇතැම් විට) දානපති ආධාර සංකලනය කොට ඔහු එම ප‍්‍රකාශන නඩත්තු කළා.

මේ ගැන ඔහු පසුව ආවර්ජනය කළේ මෙසේයි. ‘‘දැන්වීම් නොගත් නිසාවට අපට එතරම් ලොකු පාඩුවක් වූයේ නැහැ. අප කෙසේ හෝ අය-වැය පියවා ගත්තා. එහෙත් දැන්වීම් නැති නිසා කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව මත දැක්වීමේ නිදහස අපට ලැබුණා.’’

Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha
Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha

1914දී ආපසු ඉන්දියාවට පැමිණි පසු ගාන්ධි Young India සහ Navjivan නම් සඟරා දෙකක් සඳහා වගකීම භාර ගත්තා. 1919-1932 කාලයේ සතිපතා පළකරනු ලැබූ Young India හරහා බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයන්ගේ අත්තනෝමතික ක‍්‍රියා ක‍්‍රමානුකූලව විවේචනය කළා. එසේම අවිහිංසාවාදී විරෝධය පළ කිරීමට සත්‍යාග‍්‍රහ කිරීම ගැන ජනමතයක් ප‍්‍රවර්ධනය කළා.

ඉංග‍්‍රීසියෙන් කරන සඟරා කලාව ඉන්දීය ප‍්‍රභූ පැළැන්තිය නිදහස් අරගලය සඳහා ඒකරාශී කිරීමට වැදගත් වූවත්, එතැනින් නතර නොවූ ගාන්ධි හින්දි හා (ඔහුගේ මවු බස වූ) ගුජරාටි බසින් නව්ජීවන් සඟරාව පළ කළා. මේ ස්වභාෂා සඟරාවේ බහුතරයක් පාඨකයන් ඉන්දියාවේ හද ගැස්මට වඩා සමීප ගොවීන් හා කම්කරුවන් බව ඔහු නිතර කියා සිටියා.

සඟරා සංස්කරණය, මුද්රණය හා බෙදාහැරීම ගැන ඔහු අධීක්ෂණය කළේ වෙනත් බොහෝ දේශපාලනික හා සමාජයීය වගකීම්වලට උර දෙන අතරයි. ඔහු කෙතරම් කාර්යශූර කෙනකු වී ද යන්න අපට සිතා ගත හැකියි.

ඉංග‍්‍රීසි ලිපි ටයිප් කළත් ගුජරාටි හා හින්දි ලිපි ඔහු ලිව්වේ අත් අකුරින්. සමහර දිනවල ඔහු නිදි වරාගෙන පාන්දර යාමය වන තුරු ලියනවා. ඔහුගේ ජීවන තොරතුරුවලට අනුව දකුණතින් ලියා වෙහෙස වූ විට වමතින් ද ලිවීමට ඔහු සමත් වුණා.

Young India, Edited by M K Gandhi
Young India, Edited by M K Gandhi

රටේ දුර ප‍්‍රදේශවලට දුම්රියෙන් යන විටද ඔහු ලිපි ලිව්වා. සමහර ප‍්‍රසිද්ධ ලිපි හා ප‍්‍රකාශ ඔහු ලියා ඇත්තේ මෙබඳු ගමන්වලදී. ඔහු වචන හරඹයේ සංයමය මෙන්ම ලිවීමට පටන් ගත් විට කාලය කළමනාකරණය කර ගැනීමේ විනය ද තිබූ අයෙක්. වරෙක දුම්රිය ගමනකදී ලියා නිම කළ යුතු වූ ලිපියක් වෙත පූර්ණ අවධානය යොමු කරන්නට ඔහු දුම්රිය වැසිකිළියට වී දොර වසා ගෙන වැඩ කළ බව වාර්තා වී තිබෙනවා.

Harijan magazine
Harijan magazine

කුල පීඩිත යැයි කොන් කර සිටි මිලියන් ගණනක් ඉන්දීය ජනයාගේ අයිතීන් හා අභිවෘද්ධිය උදෙසා ඔහු 1932 පෙබරවාරියේ හරිජන් Harijan නම් සඟරාවක් සතිපතා ඉංග‍්‍රීසි, හින්දි හා ගුජරාටි බසින් ඇරැඹුවා. මාස දෙකක කාලයක් තුළ වෙළෙඳපොළේ පිටපත් අලෙවියෙන් පමණක් සඟරාව පාඩු නැතිව කරන්නට ඔහුට හැකි වුණා. හරිජන් ජනප‍්‍රිය වීමත් සමග ස්වේච්ඡුා සේවකයන්ගේ උපකාර ඇතිව එහි තවත් මුද්‍රණ උර්දු, දෙමළ, තෙළිඟු, මරාති. කන්නඩා හා බෙංගාල භාෂාවලින්ද පළ කළා.

ගාන්ධි සඟරා නිෂ්පාදන හා වෙළදපොල පැතිකඩ ද අත්දැකීමෙන් ප්‍රගුණ කළා.

‘‘දකුණු අප‍්‍රිකාවේ සඟරා කතුකම හරහා මා හොඳින් තේරුම් ගත්තේ මෙබඳු ප‍්‍රකාශනයකට තමන්ගේම මුද්‍රණාලයක් අවශ්‍ය බවයි. බි‍්‍රතාන්‍ය පාලකයන් යටතේ මුද්‍රණාල පිළිබඳ නීතිරීති තදින් ක‍්‍රියාත්මක වූ බැවින් මා වැනි නිවහල් අදහස් ලියන්නකුගේ ප‍්‍රකාශන මුද්‍රණය කිරීමට වාණිජ මට්ටමේ මුද්‍රණාල හිමියන් පසුබට වන බව මා දන්නවා. මේ නිසා අපේම මුද්‍රණාලයක් අප අහමදාබාද්හි ඇරඹුවා.’’

ඒ වන විටත් නවජීවන් සඟරාව අහමදාබාද් කේන්ද්‍ර කරගෙන පළ කරමින් තිබුණා. මුලදී බොම්බායෙන් පළ වූ ශදමබට ෂබාස් සඟරාව ද එනුවරට ගෙන ඒමට ගාන්ධි ක‍්‍රියා කළා.

දැන්වීම් නැතිව වුවත් සඟරා පාඩු නොලබා කර ගෙන යන්නට කාර්යශූර වූ ඔහුට ඉංග‍්‍රීසි හා ස්වභාෂා සඟරාවලින් පිටපත් 40,000ක් පමණ අලෙවි කරන්නට හැකි වුණා. ඔහු සිරගත කරනු ලැබූ වකවානුවල අනුගාමිකයන් හා සහෘදයන් ප‍්‍රකාශන නොකඩවා පළ කළා.

දේශපාලන අරගල හා සත්‍යග‍්‍රහයන් කිරීම නිසා 1920-1940 වකවානුවේ ගාන්ධි ඇතුළු නායකයන් විටින් විට කෙටි කලකට සිර ගත කැරෙනවා. එවිට ඔහුගේ අනුගාමිකයන් සඟරා දිගටම පවත්වා ගෙන යතත් අලෙවිය පහත වැටෙනවා. සිරෙන් නිදහස් වූ විගස ගාන්ධි යළිත් සඟරා අලෙවිය වැඩි කිරීමට වෙහෙස වනවා.

This was first serialised in Gandhi's magazines
This was first serialised in Gandhi’s magazines

පළමුවරට ඉන්දියාවේ සිරබත් කා නිදහස් වූ පසු ගාන්ධි ඒ දක්වා තම චරිත කථාව කොටස් වශයෙන් සිය සඟරාවල පළකිරීමට පටන් ගත්තා. වසර තුනක් සතිපතා පළවූ මේ චරිතාපදානය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා පාඨක අවධානයට යොමු වුණා. පසුව මෙය පොතක් ලෙස (The Story of My Experiments with Truth, 1927) නමින් ප්‍රකාශ කෙරුණා.

සිරගත කරනු ලැබු කිසි විටෙක රජයේ කොන්දේසි මත ලිපි ලිවීමට ඔහු එකඟ වූයේ නැහැ. වාරණය පිළිගනු වෙනුවට නොලියා සිටීමට ඔහු තීරණය කළා. තම සඟරා යටත්විජිත රජය විසින් නවතනු ලැබුවහොත් තම අදහස් තව දුරටත් සමාජයේ සංසරණය වනු ඇති බව ද ඔහු දැන සිටියා.

එසේම අතිශයින් දුෂ්කර වූ 1920 හා 1930 දශකවල තමන්ගේ මානසික ඒකාග‍්‍රතාව පවත්වා ගන්නට ද පුවත්පත් ලිපි ලිවීම හා කතුකම උපකාර වූ බව ඔහු කියනවා.

‘‘මේ සඟරා කිරීම හරහා මට මානසික සුවයක් ලැබුණා. බි‍්‍රතාන්‍ය පාලනයට එළිපිටම එරෙහි වෙමින් සත්‍යාග‍්‍රහ කිරීමට නීතිමය බාධා එළැඹුණු විටදී පවා මතවාදීව හා බුද්ධිමය වශයෙන් ඔවුන්ට එරෙහිව ජනමතය ගොඩ නංවන්නට මට මේ සඟරා වේදිකාවක් ලබා දුන්නා. දැඩි මර්දනකාරී මාෂල් නීතී වාතාවරණයක් තුළ අපට නිදහස් අරගලය ටිකෙන් ටික හෝ ඉදිරියට ගෙන යාමට සඟරා හරහා අප අවකාශයක් සොයා ගත්තා.’’

ගාන්ධිගේ පත කලාව සමීපව අධ්යයනය කළ පර්යේෂකයන් කියන්නේ ඔහු උද්වේගකාරී, භාව රකෝපකාරී කිසිවක් නොලියූ හා පළ නොකළ බවයි. ඔහු යළි යළිත් මහත් ඕනෑකමින් ප‍්‍රවර්ධනය කළ මාතෘකා අතර හින්දු-මුස්ලිම් සමගිය, අවිහිංසාව, සත්‍යග‍්‍රහ හරහා අධිරාජ්‍යවාදයට එරෙහිවීම. නිසි පෝෂණය, ස්වභාවික බෙහෙත් මගින් රෝග නිවාරණය, මත්පැන් පිටු දැකීම, තමන්ගේ කපු ඇඳුම් තමන්ම වියා ගැනීම, ස්වදේශිකත්වය හා දේශීය කර්මාන්ත නගා සිටුවීම ආදිය වූවා.

Mahatma Gandhi As A Journalist

නිදහස හුදු දේශපාලනික සංකල්පයක් නොවී ආර්ථික, සමාජයීය හා චින්තනමය ස්වාධිපත්‍යය ද ලබා ගත යුතු බවට ඔහුගේ දැක්ම මේ මාතෘකා විදහා දක්වනවා.

පත‍්‍ර කලාව හා කර්මාන්තය ගැන ගාන්ධිගේ අදහස් පරමාදර්ශී මට්ටමේ තිබුණා යැයි කිව හැකියි.

‘‘ජන සමාජයට ඉමහත් බලපෑමක් කළ හැකි ඇතැම් කාර්යයන් රැකියාවක් ලෙස පමණක් කිරීමෙන් එහි අරමුණු අයාලේ යන්නට ඉඩ තිබෙනවා. පුවත්පත් කලාව එබන්දක්. එසේම පුවත්පත් පළ කිරීම ලාබ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් ලෙස පමණක් කිරීමෙන් නොයෙක් අකටයුතුකම් සිදු විය හැකියි.’’

Gandhi reading newspaper in 1947
Gandhi reading newspaper in 1947

ගාන්ධි දිගටම ගත් ස්ථාවරය වූයේ පුවත්පතේ ප‍්‍රධාන වගකීම තත්කාලීන සිදුවීම් හා සමාජ ප‍්‍රශ්න ගැන ජනයා දැනුවත් කිරීම හා ජන අවබෝධය පුළුල් කිරීම බවයි.

‘‘මෙය අති භාරදුර වගකීමක්. එසේම පුවත්පත් සැම විට විශ්වාස කළ නොහැකි බවත් පාඨකයන් දන්නවා. සමහර පුවත්පත් වාර්තා කරන දෙය සැබෑ සිදුවීමකට වඩා හාත්පසින් වෙනස්. මෙයට එක් හේතුවක් නම් කඩිමුඩියේ ප‍්‍රවෘත්ති හා වෙනත් ලිපි සම්පාදනය කිරීමට සිදු වීමයි. දුෂ්කර තත්ත්වයන් යටතේ ප‍්‍රවෘත්ති සොයා ගෙන, පෙළ ගස්වා, පළ කිරීම කතුවරුන් නිතිපතා මුහුණ දෙන අභියෝගයක්. ඇත්ත නැත්ත තෝරා බේරා ගන්නට ඔවුන්ට බොහෝ විට ලැබෙන්නේ ඉතා කෙටි කාලයක්. මේ සියල්ල එසේ වූවත් මගේ අදහස නම් යම් තහවුරු කිරීමකින් තොරව කිසිදු වාර්තාවක් පළ කිරීමට වඩා නොකර සිටීම වඩා හොඳ බවයි.’’

තම පුවත්පතේ සමස්ත අන්තර්ගතය ආචාර ධර්මවලට අනුකූලව පවත්වා ගත යුතු බව ඔහු විශ්වාස කළා. පත්තරය හා සඟරාවක අන්තර්ගතය තරමටම එහි කතුවරුන්ගේ සමාජ දැක්ම හා ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් ද සංකේතාත්මක වැදගත්කමක් ගන්නා බව ඔහු විශ්වාස කළා.

ඔහු කීවේ: ‘‘පිටපත් අලෙවියෙන් පමණක් පුවත්පතක් පවත්වා ගෙන යාම අසීරුයි. මේ නිසා වෙළෙඳ දැන්වීම් හරහා ආදායම් ඉපැදවීමට බොහෝ පුවත්පත්වලට සිදු වනවා. ඒ හරහා නොදැනුවත්වම පරස්පර විරෝධී තත්ත්වයන් පැන නගිනවා. පත‍්‍රයක කතුවැකිය හෝ ලිපි මගින් සමාජයට අහිතකර යයි විවේචනය කැරෙන දේ එම පත‍්‍රයේම දැන්වීම් මගින් ප‍්‍රවර්ධනය කළ හැකියි.’’

‘‘වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ දැන්වීම් මා පත‍්‍රවල දකිනවා. මේවා බහුතරයක් අපේ ජනයාගේ සෞඛ්‍යයට දිගුකාලීනව හානිකරයි. මහජනයා යහමඟට යොමු කිරීමේ වගකීම ඇති පුවත්පත් ඔවුන්ට වැරදි පණිවුඩ දීම කෙතරම් වැරදිද? වෙළෙඳපොල බලපෑම් හමුවේ පත‍්‍ර කලාව තවදුරටත් මහජන සේවයක් ලෙස කරන්නට අපහසු වී තිබෙනවා. නොයෙක් වැල්වටාරම් හෝ ප‍්‍රලාපයන් සමාජගත කර ජන මනස කිලිටි නොකිරීමට හැම පුවත්පතක්ම දැඩි සංයමයකින් ක‍්‍රියා කළ යුතු වනවා.’’

පත‍්‍රකලාව හා ජනසන්නිවේදනය ගැන ඔහු නොයෙක් විට ලියා හා කතා පවත්වා තිබෙනවා. වරෙක ඔහු කීවේ: ‘‘හොඳ පත‍්‍රකලාවේදියෙක් හරියට ඉක්මනින් පැතිරෙන බෝවන රෝගයක් මෙන් විය යුතුයි. එක් සමාජ ස්ථරයකට සීමා නොවී ජන සමාජයේ හැම තැනකටම කාර්යක්ෂමව සංසරණය වන ප‍්‍රකාශන බිහි කළ යුතුයි.’’

ගාන්ධිගේ පත‍්‍රකලා ජීවිතය පුරාම ඔහු ප‍්‍රගුණ කළ මූලික ගුණාංග තුන වූයේ සංලේඛ්‍ය නිදහස (editorial independence), සත්‍යගරුක වීම හා සංයමයෙන් බස හැසිරවීමයි. මේ ගුණාංග අදත් මාධ්‍යකරණයකට අත්‍යවශ්‍ය වෙනවා.

එසේම සමාජ උන්නතිය සඳහා පෙනී සිටි පමණට පුවත්පත් පූජනීය තත්ත්වයකින් සැලකිය යුතු නොවන බවත් ගාන්ධිගේ අදහස වුණා. පුවත්පත් හා සඟරා වැරදි ස්ථාවරයන් ගත් විට සමාජයේ වියතුන් හා සෙසු පාඨකයන්ට ඒවා විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ඇති බව ඔහු කියා සිටියා.

ගාන්ධි වෙබ් ලේඛනාගාරය https://www.gandhiheritageportal.org/

 

Echelon June 2015 column: Sri Lanka – Unclear on Nuclear

Text of my column written for Echelon monthly business magazine, Sri Lanka, June 2015 issue

Sri Lanka: Unclear on Nuclear

 By Nalaka Gunawardene

Sri Lanka's President Maithripala Sirisena meets Indian Prime Minister Narendra Modi in New Delhi, 16 Feb 2015
Sri Lanka’s President Maithripala Sirisena meets Indian Prime Minister Narendra Modi in New Delhi, 16 Feb 2015

Should Sri Lanka consider nuclear energy for its medium to meet its long term electricity generation needs?

This has been debated for years in scientific and policy circles. It has come into sharp focus again after Sri Lanka signed a bilateral agreement with India “to cooperate in peaceful uses of nuclear energy”.

Under the agreement, signed in New Delhi on 16 February 2015 during President Maithripala Sirisena’s first overseas visit, India will help Sri Lanka build its nuclear energy infrastructure, upgrade existing nuclear technologies and train specialised staff. The two countries will also collaborate in producing and using radioactive isotopes.

On the same day, a story filed from the Indian capital by the Reuters news agency said, “India could also sell light small-scale nuclear reactors to Sri Lanka which wants to establish 600 megawatts of nuclear capacity by 2030”.

This was neither confirmed nor denied by officials. The full text has not been made public, but a summary appeared on the website of Sri Lanka’s Atomic Energy Board. In it, AEB reassured the public that the deal does not allow India to “unload any radioactive wastes” in Sri Lanka, and that all joint activities will comply with standards and guidelines set by the International Atomic Energy Agency (IAEA), a UN body in which both governments are members.

According to AEB, Sri Lanka has also signed a memorandum of understanding on nuclear cooperation with Russia, while another is being worked out with Pakistan.

Beyond such generalities, no specific plans have been disclosed. We need more clarity, transparency and adequate public debate on such a vital issue with many economic, health and environmental implications. Yaha-paalanaya (good governance) demands nothing less.

Radiation_sign_cropped

 South Asia’s nuclear plans

The South Asian precedent is not encouraging. Our neighbouring countries with more advanced in nuclear programmes have long practised a high level of opacity and secrecy.

Two countries — India and Pakistan – already have functional nuclear power plants, which generate around 4% of electricity in each country. Both have ambitious expansion plans involving global leaders in the field like China, France, Russia and the United States. Bangladesh will soon join the nuclear club: it is building two Russian-supplied nuclear power reactors, the first of which will be operational by 2020.

India and Pakistan also possess home-built nuclear weapons, and have refused to sign the Treaty on the Non-Proliferation of Nuclear Weapons (NPT). Specifics of their arsenals remain unknown.

Both countries have historically treated their civilian and military nuclear establishments as ‘sacred cows’ beyond any public scrutiny. India’s Official Secrets Act of 1923 covers its nuclear energy programme which cannot be questioned by the public or media. Even senior Parliamentarians complain about the lack of specific information.

It is the same, if not worse, in Pakistan. Pakistani nuclear physicist Dr Pervez Hoodbhoy, an analyst on science and security, finds this unacceptable. “Our nuclear power programme is opaque since it was earlier connected to the weapons programme. Under secrecy, citizens have much essential information hidden from them both in terms of safety and costs.”

Safety of nuclear energy dominates the agenda more than four years after Japan’s Fukushima nuclear accident of March 2011. The memories of Chernobyl (April 1986) still linger. These concerns were flagged in a recent online debate on South Asia’s critical nuclear issues that I moderated for SciDev.Net. With five panellists drawn from across the opinion spectrum, the debate highlighted just how polarised positions are when it comes to anything nuclear in our part of the world.

Nuclear debate promo
Nuclear debate promo

Bottomline

The bottomline: all South Asian countries need more electricity as their economies grow. Evidence suggests that increasing electricity consumption per capita enhance socio-economic development.

The World Bank says South Asia has around 500 million people living without electricity (most of them in India). Many who are connected to national grids have partial and uneven supply due to frequent power outages or scheduled power cuts.

The challenge is how to generate sufficient electricity, and fast enough, without high costs or high risks? What is the optimum mix of options: should nuclear be considered alongside hydro, thermal, solar and other sources?

In 2013, Sri Lanka’s total installed electricity generation capacity in the grid was 3,290 MegaWatts (MW). The system generated a total electricity volume of 12,019.6 GigWatt-hours (GWh) that year. The relative proportions contributed by hydro, thermal and new renewable energies (wind, solar and biomass) vary from year to year. (Details at: http://www.info.energy.gov.lk/)

In a year of good rainfall, (such as 2013), half of the electricity can still come from hydro – the cheapest kind to generate. But rainfall is unpredictable, and in any case, our hydro potential is almost fully tapped. For some years now, it is imported oil and coal that account for a lion’s share of our electricity. Their costs depend on international market prices and the USD/LKR exchange rate.

Image courtesy Ministry of Power and Energy, Sri Lanka, website
Image courtesy Ministry of Power and Energy, Sri Lanka, website

Should Sri Lanka phase in nuclear power at some point in the next two decades to meet demand that keeps rising with lifestyles and aspirations? Much more debate is needed before such a decision.

Nuclear isn’t a panacea. In 2003, a study by the Massachusetts Institute of Technology (MIT) on the future of nuclear power traced the “limited prospects for nuclear power” to four unresolved problems, i.e. costs, safety, waste and proliferation (http://web.mit.edu/nuclearpower/).

A dozen years on, the nuclear industry is in slow decline in most parts of the world says Dr M V Ramana, a physicist with the Program on Science and Global Security at Woodrow Wilson School of Public and International Affairs at Princeton University. “In 1996, nuclear power contributed about 17.6% to the world’s electricity. By 2013, it was been reduced to a little over 10%. A large factor in this decline has been the fact that it was unable to compete economically with other sources of power generation.”

Safety issues

Beyond capital and recurrent cost considerations, issues of public safety and operator liability dominate the nuclear debate.

Take, for example, Pakistan’s recent decision to install two Chinese-supplied 1,100 MW reactors near Karachi, a megacity that packs almost Sri Lanka’s population. When concerned citizens challenged this in court, the government pleaded “national security was at stake” and so the public could not be involved in the process.

Dr Hoodbhoy is unconvinced, and cautions that his country is treading on very dangerous ground. He worries about what can go wrong – including reactor design problems, terrorist attacks, and the poor safety culture in South Asia that can lead to operator error.

He says: “The reactors to be built in Karachi are a Chinese design that has not yet been built or tested anywhere, not even in China. They are to be sited in a city of 20 million which is also the world’s fastest growing and most chaotic megalopolis. Evacuating Karachi in the event of a Fukushima or Chernobyl-like disaster is inconceivable!”

Princeton’s Dr Ramana, who has researched about opacity of India’s nuclear programmes, found similar aloofness. “The claim about national security is a way to close off democratic debate rather than a serious expression of some concern. It should be the responsibility of authorities to explain exactly in what way national security is affected.”

See also: India’s Nuclear Enclave and Practice of Secrecy. By M V Ramana. Chapter in ‘South Asian Cultures of the Bomb’ (Itty Abraham, ed., Indiana University Press, 2009)

Construction of the Koodankulam Nuclear Power Plant in Tamil Nadu
Construction of the Koodankulam Nuclear Power Plant in Tamil Nadu

 Nuclear Dilemmas

Putting the nuclear ‘genie’ back in the bottle may not be realistic. The World Nuclear Association, an industry network, says there were 435 commercial nuclear power reactors operating in 31 countries by end 2014. Another 70 are under construction.

Following Fukushima, public apprehensions on the safety of nuclear power plants have been heightened. Governments – at least in democracies – need to be sensitive to public protests while seeking to ensure long term energy security.

By end 2014, India had 21 nuclear reactors in operation in 7 nuclear power plants, with a total installed capacity of 5,780 MW. Plans to build more have elicited sustained protests from local residents in proposed sites, as well as from national level advocacy groups.

For example, the Kudankulam Nuclear Power Plant in Tamil Nadu, southern India — which started supplying to the national power grid in mid 2013 — has drawn protests for several years. Local people are worried about radiation safety in the event of an accident – a concern shared by Sri Lanka, which at its closest (Kalpitiya) is only 225 km away.

India’s Nuclear Liability Law of 2010 covers both domestic and trans-boundary concerns. But the anti-nuclear groups are sceptical. Praful Bidwai, one of India’s leading anti-nuclear activists, says the protests have tested his country’s democracy. He has been vocal about the violent police response to protestors.

Nuclear Power Plants in India - official map 2014
Nuclear Power Plants in India – official map 2014

Meanwhile, advocates of a non-nuclear future for the region say future energy needs can be met by advances in solar and wind technologies as well as improved storage systems (batteries). India is active on this front as well: it wants to develop a solar capacity of 100,000 MW by 2022.

India’s thrust in renewables does not affect its nuclear plans. However, even pro-nuclear experts recognise the need for better governance. Dr R Rajaraman, an emeritus professor of physics at Jawaharlal Nehru University in New Delhi, wants India to retain the nuclear option — but with more transparency and accountability.

He said during our online debate: “We do need energy in India from every possible source. Nuclear energy, from all that I know, is one good source. Safety considerations are vital — but not enough to throw the baby out with the bathwater.”

Rajaraman argued that nuclear energy’s dangers need to be compared with the hazards faced by those without electricity – a development dilemma. He also urged for debate between those who promote and oppose nuclear energy, which is currently lacking.

Any discussion on nuclear energy is bound to generate more heat than light. Yet openness and evidence based discussion are essential for South Asian countries to decide whether and how nuclear power should figure in their energy mix.

In this, Sri Lanka must do better than its neighbours.

Full online debate archived at: http://www.scidev.net/south-asia/nuclear/multimedia/live-debate-unclear-on-nuclear.html

Science writer Nalaka Gunawardene is on Twitter @NalakaG and blogs at http://nalakagunawardene.com.