Drone assisted journalism in Sri Lanka: ‘Eyes in the Sky’ need ethical and careful ‘pilots’

Brief comment provided to Daily Mirror newspaper, Sri Lanka, on 20 January 2017:

‘Eyes in the Sky’ need ethical and careful ‘pilots’

By Nalaka Gunawardene

Bird's eye view provides a new, useful perspective in journalistic story telling. Image courtesy InterNews Sri Lanka

Bird’s eye view provides a new, useful perspective in journalistic story telling. Image courtesy InterNews Sri Lanka

For some, drones conjure images of death and destruction – military applications have been their most widely reported application. But unmanned aerial vehicles or UAVs are increasingly being used for many peaceful purposes. That poses a host of ethical and legal challenges we must confront to get the best of this new technology while minimizing potential harms.

In the past few years, the cost of drones came down (an entry level unit sells for around LKR 35,000 in Colombo) as their versatility increased. This spurred many uses from newsgathering and post-disaster assessments to goods delivery and smart farming.

In Sri Lanka, surveyors, photographers, TV journalists and political parties were among the early civilian users of drones. They all grasped the value of the ‘bigger picture’ perspective such aerial photos or videos can provide. Until recently, accessing that vantage point was possible only through helicopters or fixed wing aircraft – a facility few could afford.

Having the bird’s eye view helps journalists and their audiences to make sense of complex situations like climate change impacts, conflicts over resources or political agitations. We certainly need more field-based and investigative reporting that goes beyond press releases and press conferences. Drones are fast joining the journalists’ toolkit — but what matters is their imaginative and responsible use.

Participants and trainers at Sri Lanka's first workshop on drone assisted journalism, Aug 2016 in Mt Lavinia

Participants and trainers at Sri Lanka’s first workshop on drone assisted journalism, Aug 2016 in Mt Lavinia

Here, we have both good news and bad news. On the positive side, over two dozen journalists and photojournalists have been trained in drone-assisted journalism during 2016 by drone journalism enthusiast (and drone pilot) Sanjana Hattotuwa and journalist Amantha Perera. Some trainees have since done good stories with drone-gathered images. Examples include probing the drought’s impacts in the dry zone, rising garbage crisis in Kattankudy on the east coast, and taking a close look at land use patterns in Hambantota.

Internews Sri Lanka: Drone gathered footage supporting journalism

The downside is that some news organisations are deploying drones without due regard for public safety or existing codes of media ethics. A drone hovered over the Colombo general cemetery as slain editor Lasantha Wickremetunge’s body was exhumed in September 2016. That disregarded a family request for privacy.

The end never justifies the means in good journalism. If some media groups continue to operate drones in such reckless manner, they risk discrediting the new technology and attracting excessive regulations.

Drones or any other new technologies need to be anchored in the basic ethics of journalism. Each new tool would also bring along its own layer of ethics. Where drone use is concerned, respecting privacy and considering the safety of others is far more important than, say, when using a handheld camera.

In February 2016, the Civil Aviation Authority of Sri Lanka (CAASL) published regulations for drone operation which apply to all users including journalists. This has been updated in January 2017. The Information Department, in a recent release, says it is working with CAASL to simplify these rules and streamline approval processes. That is a welcome move.

For now, Lankan journalists can follow the Code of Ethics for Drone Journalists already formulated by practitioners and researchers in the United States. It is available at: http://www.dronejournalism.org/code-of-ethics/

Nalaka Gunawardene is a columnist and independent media researcher. He tweets from @NalakaG

Image courtesy Daily Mirror

Image courtesy Daily Mirror

සිවුමංසල කොලුගැටයා #285: ඩ්‍රෝන් තාක්ෂණය දැන් ශ්‍රී ලංකාවේ. අප එයට සූදානම් ද?

Drones are coming: Are we ready?

Drones are coming: Are we ready?

For some, drones still conjure images of death and destruction – that has been their most widely reported use. But that reality is fast changing. Unmanned aerial vehicles (UAVs) are being used for many peaceful purposes, from newsgathering and post-disaster assessments to goods delivery and smart farming.

Drones come in various shapes and sizes: as miniature fixed-wing airplanes or, more commonly, quadcopters and other multi-bladed small helicopters. All types are getting simpler, cheaper and more versatile.

Unlike radio-controlled model aircraft, which aviation hobbyists have used for decades, UAVs are equipped with an autopilot using GPS and a camera controlled by the autopilot. These battery operated flying machines can be manually controlled or pre-programmed for an entire, low altitude flight.

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 25 Sep 2016), I survey the many civilian applications of drones – and the legal, ethical and technical challenges they pose.

Drones are already being used in Sri Lanka by photographers, TV journalists and political parties but few seem to respect public safety or privacy of individuals.

I quote Sanjana Hattotuwa, a researcher and activist on ICTs, who in August 2016 conducted Sri Lanka’s first workshop on drone journalism which I attended. I agree with his view: drones are here to stay, and are going to be used in many applications. So the sooner we sort out public safety and privacy concerns, the better for all.

See also my article in English (NOT a translation): Drones are coming: Are we ready? (Echelon magazine, Oct 2016)

Sanjana Hattotuwa showing drone operating controls to a participant at Sri Lanka's first journalists workshop on the topic - Mt Lavinia, Aug 2016

Sanjana Hattotuwa showing drone operating controls to a participant at Sri Lanka’s first journalists workshop on the topic – Mt Lavinia, Aug 2016

සිවිල් යුද්ධ සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔත්තු බැලීමට යොදා ගත් ”කේලමා” ඔබට මතක ද?

”කේලමා” කියා නම පටබැඳුණේ නියමුවකු රහිතව ගුවන්ගත කොට දුරස්ථව ක්‍රියාත්මක කළ හැකි කුඩා ගුවන් යානයකට. කැමරා සවි කළ එය යම් තැනකට ගුවනින් යවා, හසුරුවා බිම ඡායාරූප ගත හැකි වුණා.

මේ යානා හඳුන්වන්නේ UAV (unmanned aerial vehicles) හෙවත් ඩ්‍රෝන් (drones) නමින්.

ඩ්‍රෝන් මුලින්ම නිපදවා යොදා ගනු ලැබුවේ මිලිටරි වැඩවලට. ඔත්තු බලන්නට පමණක් නෙවෙයි. දුර සිට යම් ඉලක්කයන්ට පහර දෙන්නට අවි ගෙන යා හැකි ඩ්‍රෝන් ද තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ හා පාකිස්ථානයේ අමෙරිකානු හමුදා ඩ්‍රෝන් යොදා ගෙන ත්‍රස්ත ඉලක්කවලට පහරදීමේදී නිතරම පාහේ අහිංසක නිරායුධ වැසියන්ද මිය යනවා. තුවාල ලබනවා.

එහෙත් අද වන විට සාමකාමී භාවිතයන් රැසකට ඩ්‍රෝන් යොදා ගැනීම ඇරඹිලා. බඩු ප්‍රවාහනයට, ආපදා හදිසි තක්සේරුවලට, ඡායාරූපකරණයට හා මාධ්‍යකරණයට ආදී වශයෙන්.

අප සමහරුන් කැමති වුණත්, නැති වුණත් ඩ්‍රෝන් තාක්ෂණය ලංකාවටත් ඇවිල්ලා!

දේශපාලන සන්නිවේදනයට ඩ්‍රෝන් හරහා ලබා ගත් වීඩියෝ හා ඡායාරූප යොදා ගැනීම ගිය වසරේ මහ මැතිවරණයේදී දක්නට ලැබුනා. මේ අතින් රාජපක්ෂ සන්නිවේදක කණ්ඩායම ඉදිරියෙන් සිටිනු පෙනෙනවා.

කොස්ගම සාලාව අවි ගබඩාව පුපුරා ගිය පසු එහි විනාශයේ තරම හරිහැටි පෙන්වන්න සමහර ටෙලිවිෂන් නාලිකා ඩ්‍රෝන් මාර්ගයෙන් ගත් දර්ශන සාර්ථකව යොදා ගත්තා.

වියදම් අධික හෙලිකොප්ටර් භාවිත නොකර ගුවනින් යමක් පෙනෙන හැටි බලා ගන්න ලෙහෙසිම හා ලාබම ක්‍රමය මෙයයිග මූලික වියදමින් පසු නඩත්තු වියදම වන්නේ විදුලියෙන් බැටරි චාජ් කිරීම පමණයි.

අප මෙහිදී drone යනුවෙන් අදහස් කරන්නේ නියමුවන් රහිත, ස්වයංක්‍රීය කුඩා ගුවන්යානාවලට. මෙයට තවම සිංහල යෙදුමක් නැති නිසා ඩ්‍රෝන් යැයිම කියමු.

ගුවන්යානා තාක්ෂණය තරම්ව වාගේ දිගු ඉතිහාසයක් ඩ්‍රෝන් තාක්ෂණයට තිබෙනවා. 1903දී රයිට් සොහොයුරුන් නිපද වූ ගුවන්යානය වසර කිහිපයක් තුළ මිලිටරි භාවිතයන්ට යොදා ගත් අතර නියමුවන් අවදානමකට ලක් නොකර ස්වයංක්‍රීය ගුවන්යානා හරහා ඔත්තු බලන්නේ හා ප්‍රහාර දෙන්නේ කෙසේද යන්න 1920 පමණ පටන් විවිධ හමුදා අත්හදා බැලුවා.

මිලිටරි තාක්ෂණය තුළට මෑතක් වන තුරු සීමා වී තිබූ ඩ්‍රෝන්, සිවිල් ජන භාවිතයට ප්‍රචලිත වූයේ ජංගම දුරකථන කර්මාන්තය නිසයි. ස්මාට්ෆෝන් සඳහා දියුණු කරන ලද දෘෂ්ටිමය, පරිඝණකමය හා සන්නිවේදන උපාංග ඩ්‍රෝන්වලටද යොදා ගැනීම හරහා ඒවායේ මිළ සීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා.

අපේ අවධානය නිරායුධ වූත්, නියමුවන් රහිත වූත් ඩ්‍රෝන් යානා (unmanned and unarmed aerial vehicles) සාමකාමී භාවිතයන්ට යොදා ගැනීම ගැනයි.

මීට වසර කිහිපයකට පෙර ඩොලර් දහස් ගණනක් (රුපියල් ලක්ෂ ගණනක්) මිළ වූ ඩ්‍රෝන් අද වන විට මිළෙන් අඩු වී, තාක්ෂණික හැකියාවෙන් වැඩි වී විවිධ සමත්කම් ඇති යන්ත්‍ර පරාසයක් බවට පත්ව තිබෙනවා.

අද වන විට සංකීර්ණත්වයෙන් අඩු ඩ්‍රෝන් රුපියල් 35,000 – 40,000 අතර මිළකට කොළඹ විකිණෙනවා. වඩාත් හැකියාවන්  ඇති ඩ්‍රෝන් (උදා – Phantom IV) මේ වන විට රු. 180,000ක් පමණ වනවා.

මේවා බොහොමයක් අලෙවි කැරෙන්නේ සෙල්ලම් බඩු (electronic toys)  ලෙසයි. විදෙස්ගතව මෙහි එන අයට මීටත් වඩා අඩු මිළකට ඩ්‍රෝන ගෙන ආ හැකියි. එසේ මෙරටට ගෙන ඒමට කිසිදු තහනමක් නැහැ.

එහෙත් රටට ගෙනැවිත් භාවිත කරන විට මෑතදී හඳුන්වා දී ඇති සිවිල් ගුවන් සේවා ප්‍රමිතීන් හා නියාමනවලට අනුකූල විය යුතුයි.

තාක්ෂණය ලබා ගත්තට මදි. එය නිර්මාණශීලිව භාවිත කළ යුතුයි. එසේම එහිදී නීතිමය හා ආචාර ධර්මීය රාමුවක් තුළ ඩ්‍රෝන හැසිරවීම වැදගත්.

නව මාධ්‍ය හා නව තාක්ෂණයන් සමාජගත වීම ගැන පර්යේෂණ කරන සංජන හත්තොටුව, UAV සාමකාමී භාවිතය ගැන කලක සිට ගවේෂණය කරන්නෙක්. විශේෂයෙන්ම මානවහිතවාදී (humanitarian) ක්‍රියා සඳහාත්, ආපදාවලින් පසු කඩිනම් ප්‍රතිචාර දැක්වීමේදීත් ඩ්‍රෝන් කෙසේ යොදා ගත හැකිද යන්න ගැන ඔහු වසර කිහිපයකට සිට ජාත්‍යන්තර මට්ටමින් දැනුම ගවේෂණය කරනවා.

Peacekeepers in the Sky

Peacekeepers in the Sky

2015 සැප්තැම්බරයේ ICT4Peace Foundation නම් ආයතනය පළ කළ මේ පිළිබඳ විද්වත් පොතකට (Peacekeepers in the Sky: The Use of Unmanned Unarmed Aerial Vehicles for Peacekeeping) පෙරවදන ලියමින් සංජන මෙසේ කියනවා:

”මානහිතවාදී ආධාර ආයතනත්, පෞද්ගලික සමාගමුත් නිරායුධ ඩ්‍රෝන්වලින් විවිධ ප්‍රයෝජන ගන්නා සැටි අත්හදා බලනවා. ඒ අතර සාමයට ළැදි ක්‍රියාකාරීකයන් සහ පර්යේෂකයන් තැත් කරන්නේ යුධ අවියක් ලෙස වඩා ප්‍රකට වූ මේ තාක්ෂණය සාමය තහවුරු කරන්නත්, සාමකාමී භාවිතයන්ටත් විවිධාකාරයෙන් යොදා ගන්නයි.”

ඔහු කියන්නේ ඩ්‍රෝන් තව දුරටත් පර්යේෂණාත්මක මට්ටමට සීමා නොවී එදිනෙදා භාවිතයන්ට පිවිස ඇති බවයි.

ගුවන් තාක්ෂණයේ යොදා ගන්නා ඉලෙක්ට්‍රොනික් (avionics), වඩාත් දියුණු බැටරි හා  කැමරා තාක්ෂණයන් ආදිය ඒකරාශී කරමින් වැඩි වේලාවක් ගුවන්ගතව සිටිය හැකි වූත්, විවිධ සැරිසැරීම් සඳහා  ප්‍රෝග්‍රෑම් කළ හැකි වූත් ඩ්‍රෝන බිහි වී තිබෙනවා.

”අද වන විට ලොව බොහෝ රටවල පොදු කටයුතු සඳහා ඩ්‍රෝන් පාවිච්චි කරනවා. වනජීවී හා වනාන්තර නිරීක්ෂණයට, පොලිස් ආවේක්ෂණ ක්‍රියාවලට, (ගොඩබිම්)  දේශසීමා අධික්ෂණයට, ගොවිතැන්වල උදව්වලට හා චිත්‍රපට නිෂ්පාදනයට ආදී වශයෙන්. එහෙත් නිිසි වගකීමකින් යුතුව, මනා නියාමනයක් සහිතව ඩ්‍රෝන් භාවිත නොකළොත් එයින් යහපතට වඩා අයහපතක් වීමට ඉඩ තිබෙනවා.” සංජන කියනවා.

උදාහරණයක් ලෙස මාධ්‍යකරණය සඳහා ඩ්‍රෝන් යොදා ගැනීම සළකා බලමු.

මෙරට සමහර ටෙලිවිෂන් ආයතන එළිමහන් දර්ශන වීඩියෝ කිරීමට ඒවා යොදා ගන්නවා. මගුල් ඡායාරූප ශිල්පීන්, වනජීවි හා සොබා ඡායාරූප ශිල්පීන් මින් පෙර නොතිබූ ගුවන් දැක්මක් ලබා ගන්නට ද ඩ්‍රෝන්ගත කැමරා භාවිත කරනවා.

මහජන පෙළපාළි, රැස්වීම්, පෙරහැර ආදී අවස්ථාවල ජනකාය හා ක්‍රියාකාරකම් ගැන අමුතු දෘෂ්ටිකෝණයක් ලබන්නට ඩ්‍රෝන් යොදා ගැනීම ඇරඹිලා.

නමුත් මේ කී දෙනෙක් සුපරීක්ෂාකාරීව හා ආචාරධර්මීය ලෙසින් ඩ්‍රෝන් භවිත කරනවාද?

Fromer President Mahinda Rajapaksa visited the landslides victims at Arnayake in Kegalle on 20 May 2016 - Drone Photo

Fromer President Mahinda Rajapaksa visited the landslides victims at Arnayake in Kegalle on 20 May 2016 – Drone Photo

මෑතකදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මංගල්‍යයේදී එය රූපගත කළ ඩ්‍රෝන් ඉතා පහළින් ගමන් කළ බව වාර්තා වූණා. මෙහිදී මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතු වනවා. ජනාකීර්ණ තැනක පියාසර කරන ඩ්‍රෝන් හදිසියේ ඇද වැටුණොත් යම් අයට තුවාල විය හැකියි. ඒවා අධි බලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන්වල ගැටී අනතුරු සිදු කිරීමට ද හැකියි.

(විශේෂ ආරක්ෂිත ස්ථාන හැර) පොදු ස්ථානවල ඡායාරූප හා විඩියෝගත කිරීමට සාමකාමී රටක අවකාශය තිබිය යුතුයි. එහෙත් පෞද්ගලික නිවාස, කාර්යාල ආදියට ඉහළින් පියාසර කරමින් ඒ තුළ ඇති දර්ශන රූපගත කිරීම මඟින් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය (privacy) උල්ලංඝනය වනවා.

රේඩියෝ තරංග හරහා දුරස්ථව පාලනය කරන සියලු උපකරණ සඳහා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය අවශ්‍යයි. එහෙත් ඔවුන් අධීක්ෂණ සීමා වන්නේ නිසි සංඛ්‍යාත භාවිතයට පමණයි.

2016 පෙබරවාරියේදී සිවිල් ගුවන්සේවා අධිකාරිය මෙරට UAV/ඩ්‍රෝන්  භාවිතය ගැන ප්‍රමිතීන් හා මග පෙන්වීම් සිය වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කළා. http://www.caa.lk/images/stories/pdf/implementing_standards/sn053.pdf

මේ දක්වා ඉංග්‍රීසියෙන් පමණක් ඇති මේ ලේඛනයට අනුව කිලෝග්‍රෑම් 1ට වඩා බරින් අඩු ඩ්‍රෝන් සඳහා ලියාපදිංචියක් අවශ්‍ය නැහැ. එහෙත් ඒවා භාවිත කළ හැක්කේ විනෝදය හෝ අධ්‍යාපනික අරමුණු සඳහා යම් පෞද්ගලික ස්ථානයක එහි හිමිකරුගේ අනුමැතිය සහිතව, හා පොදු ස්ථානවල පමණයි. මෙකී ස්ථාන දෙවර්ගයේම මහජන සුරක්ෂිතබව හා දේපල  සුරක්ෂිත බවට අවධානය යොමු කළ යුතු යැයි කියැවෙනවා.

ක්‍රිලෝග්‍රෑම් 1 -25 අතර බර ඇති ඩ්‍රෝන් භාවිතයට සිවිල් ගුවන් සේවා අධිකාරිය සමඟ ලියාපදිංචි විය යුතුයි. එවන් ඩ්‍රෝන් පියාසර කිරීම සිදු කළ යුත්තේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය සහිතව පමණයි.

එසේම සියලු ඩ්‍රෝන්වල එහි හිමිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හා දුරකථන අංකය සටහන් කර තිබිය යුතු වනවා. මීට අමතරව ඩ්‍රෝනයට විශේෂිත අංකයක්ද එය නිපදවන විටම එයට ලබා දී තිබෙනවා.

වාණිජ අරමුණු සඳහා ඩ්‍රෝන් භාවිත කරන විට ඒ සඳහා අධිකාරීයේ ලිඛිත අවසරයක් ලැබිය යුතු අතර එයට යම් ගෙවීමක් ද කළ යුතුයි.

Sanjana Hattotuwa demostrating a drone at drone journalism workshop

Sanjana Hattotuwa demostrating a drone at drone journalism workshop

සෑම විටම ඩ්‍රෝන් හසුරවන්නා සිය ඩ්‍රෝනය ඇසට පෙනෙන මානයේ (line of sight) තබා ගත යුතු බවත්, ඩ්‍රෝනය ගමන් කරන පරිසරය මනාව නිරීක්ෂණය කළ හැකි තැනෙක සිට එය කළ යුතු බවත් අධිකාරීය අවධාරණය කරනවා.

”අපේ රටේ ප්‍රසිද්ධ ස්ථානවල රූපගත කරද්දී දේශපාලන පක්ෂ සැමෙකක්ම මේ සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන් උල්ලංඝනය කරනවා.” යැයි සංජන කියනවා.

වඩාත් සංකීර්ණ ඩ්‍රෝන් තුළ ඇති පරිගණක පද්ධතියට ලෝකයේ සියලු ගුවන්තොටුපළවල පිහිටීම් දත්ත (location data) කවා තිබෙනවා. මේ නිසා ගුවන්තොටුපළක් ආසන්නයේ ඒවා පියාසර කිරීම ඉබේම වැළකෙනවාග

එහෙත් චීනයෙන් එන ලාභ ඩ්‍රෝන් සැම එකකම මේ  ආරක්ෂිත විවිධිධානය නොතිබිය හැකියි.

රාත්‍රියේ ඩ්‍රෝන් පැදවීම හා ඩ්‍රෝන් අතර තරඟ රේස් යාමද සිවිල් ගුවන්සේවා අධිකාරීය අවසර නොදෙන තවත් ක්‍රියාවන් දෙකක්. කෙසේ වෙතත් දැනට වෙළදපොලේ ඇති කිසිදු ඩ්‍රෝනයකට රාත්‍රී පෙනීම නැහැ.

මාධ්‍යකරණයට ඩ්‍රෝන් යොදා ගන්න විටත් මෙකී ප්‍රමිතීන් හා නියාමන සියල්ල අදාළයි. එහෙත් ඉන් ඔබ්බට යන ආචාර ධර්මීය රාමුවක් තුළ පමණක් මාධ්‍යකරුවන් ඩ්‍රෝන් හරහා රූප රැස් කළ යුතුයි.

ඩ්‍රෝන් කියන්නේ සරුංගල් මෙන් අහිංසක සරල උපාංගයක් නොවෙයි. ඉතා ඉහළ රූපමය අගයක් ^image resolution) සහිත විඩියෝ හා ඡායාරූප ගැනීමේ හැකියාව ඇති නිසා ඩ්‍රෝන් මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතවලට අනවසරයෙන් එබී බලන්නට හොඳටම ඉඩ තිබෙනවා.

අධිකාරීයේ ප්‍රමිතීන්ට අනුව පෞද්ගලික ඉඩම් උඩින් හිමිකරුවන්ගේ අවසරයෙන් තොරව ඩ්‍රෝන් පියාසර කරන්නට ඉඩ නැහැ.

”යම් කාලීන සිදුවීමක පරිමාණය ගැන ඉක්මනින් හොඳ අවබෝධයක් ලබා දීමට ඩ්‍රෝන් හරහා ලබා ගන්න රූප මාධ්‍යවලට ඉතා ප්‍රයෝජනවත් වනවා. එහෙත් තරඟකාරී මාධ්‍ය කර්මාන්තයේදී මහජන සුරක්ෂිතබව හා සියලු දෙනාගේ පෞද්ගලිකත්වය රැකෙන පරිදි පමණක් එවන් රූප ලබා ගැනීම ඉතා වැදගත්,” යයි සංජන අවධාරණය කරනවා.

යුද්ධ කාලේ කේලමා කළ ඔත්තු බලන වැඩ සාමකාමී අද කාලේ හිතුමතයට ඕනෑ කෙනකුට කිරීමට ඉඩ නොතිබිය යුතුයි.

 තම නිවාස හා කාර්යාල තුළ තමන්ගේ පාඩුවේ සිටීමට කාටත් අයිතියක් තිබෙනවා. මෙය අතික්‍රමණය කිරීමට ඩ්‍රෝන්වලට ඉඩ දිය නොහැකියි.

ඩ්‍රෝනයක් හැසිරවීම සඳහා යම් අවම හැකියාවක් හා සංයමයක් අවශ්‍යයි. මේ වන විට ළමයින් පවා ඩ්‍රෝන් පාලනය කරනු මා දැක තිබෙනවා. එය සංකීර්ණ ක්‍රියාවක් නොවූවත් සංයමය නැති වූවොත් අනතුරු සිදු විය හැකියි.

ඩ්‍රෝන් නිසි පරිදි භාවිතය ගැන මාධ්‍යවේදීන්ට මෙරට පැවැත්වූ මූල්ම වැඩමුළුවට මීට සති කිහිපයකට පෙර මාද සහභාගි වූණා. ඉන්ටර්නිවුස් ආයතනය වෙනුවෙන් ගල්කිස්සේ පැවති එය මෙහෙයවූයේ සංජන හත්තොටුවයි.

ඩ්‍රෝන් භාවිතය මෙරට රාජ්‍ය, පෞද්ගලික හා විද්වත් ක්ෂේත්‍ර හැම එකකම කෙමෙන් මතුව එනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා ජාත්‍යන්තර ජල කළමනාකරණ පර්යේෂණායතනය (IWMI) දැනටමත් ප්‍රායෝගීකව ඩ්‍රෝන් යොදා ගන්නවා. ගොවිතැනට ඩ්‍රෝන් හරහා නව දත්ත සේවාවක් හඳුන්වා දෙන බව CIC සමාගම 2016 අගෝස්තුවේ ප්‍රකාශ කළා.

ඩ්‍රෝන් භාවිතය වැඩිවත්ම අපේ සමහරු ඒවා ගැනත් භීතිකාවක් පැතිරවිය හැකියි. ඩ්‍රෝන් තාක්ෂණයේ නිසි ඵල නෙළා ගන්නා අතර ඒවා ප්‍රවේශමින්, ආචාර ධර්මීයව හා නිසි නියාමන රාමුවක් තුළ භාවිතයයි අවශ්‍ය වන්නේ.

ඇත්තටම සිවිල් ගුවන්සේවා අධිකාරීයේ ප්‍රමිතීන් ගැන බොහෝ දෙනා තවම දන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් පවා මේවා ලියා ඇත්තේ අතිශ්‍ය නීතිමය බසකින්. එය සරලව මෙරට භාවිත වන තිබසින්ම සමාජගත කිරීම හදිසි අවශ්‍යතාවක්.

Journalists getting used to drone control unit at Sri Lanka's first workshop on drone journalism, Aug 2016

Journalists getting used to drone control unit at Sri Lanka’s first workshop on drone journalism, Aug 2016


සිවුමංසල කොලූගැටයා #275: විද්‍යුත් හැඳුනුම්පත (eNIC) ගැන විවෘත සංවාදයක් ඕනෑ!

In this week’s Ravaya column (appearing in the print issue of 17 July 2016), I discuss Sri Lanka govermment’s recently announced plans to introduce an electronic National Identity Card (e-NIC) replacing the current, mandatory NIC based on a system that was launched in 1971.

The Department of Registration of Persons (the ID card office) is to start collecting fingerprints to issue 16.5 million electronic identity cards (eNICs) in 2016 that will contain biometric security features such as fingerprints. According to media reports, fingerprints are to be collected manually at 331 district and divisional level units and scanned and entered into a national register.

But we should be asking some critical questions about this initiative that collects biometric data of all citizens. Is the government capable of ensuring data security of this massive database? Can it be misused for citizen surveillance in the hands of an authoritarian regime?

Deploying modern technology is fine, but that must be accompanied by adequate human rights safeguards and a political culture that treats citizen data with respect. And there needs to be judicial oversight.

What about a similar, but much larger scale, biometrics-driven ID project in neighbouring India? In recent years, India’s unique identification number project (Aadhaar) has been criticised by privacy activists for its inadequate safeguards. Considered to be the world’s largest national identification number project, it aims to collect biometric and demographic data of all residents, store them in a centralised database and issue a 12-digit unique number.

As SciDev.Net reported on 3 June 2016: “Aadhaar…received statutory backing in March 2016 after five years of political wrangling. Finally the present government moved it as a money bill to prevent it being stopped in the Rajya Sabha (upper house of parliament). Opposition leaders have challenged the move as unconstitutional in the Supreme Court.

“The court’s existing view on Aadhaar is that biometric identification should be voluntary. On 23 September 2013, the court ordered that ‘no person should suffer for not getting Aadhaar’.  Yet, since introduction, Aadhaar has been creeping up on India’s 1.3 billion population with service after service being made unavailable to citizens who are not enrolled.”

SciDev.Net added that the main objections to Aadhaar are no different from objections that have come up in other countries and they have to do with privacy. In the UK, plans to issue biometric national identity cards were dropped in January 2011 and there has been opposition enough in the US to slow down implementation of the ‘Real ID’ scheme.

See my English column in SciDev.Net 31 July 2015: Reality Checks on South Asia’s Digital Drive

See also: Analyis by Centre for Internet and Socoiety in Jan 2011: Analysing the Right to Privacy and Dignity with Respect to the UID

March 2016: Commissioner-General of Dept of Registratoion of Persons, R.M.S. Sarath Kumara, holds up an old NIC and one with computerised features which he says is the steppingstone to the eNIC Image source: http://www.sundaytimes.lk/140316/news/fingerprint-collection-to-begin-for-enics-89424.html

March 2016: Commissioner-General of Dept of Registratoion of Persons, R.M.S. Sarath Kumara, holds up an old NIC and one with computerised features which he says is the steppingstone to the eNIC
Image source: http://www.sundaytimes.lk/140316/news/fingerprint-collection-to-begin-for-enics-89424.html

යුද්ධය හමාර වී වසර හතක් ගියත්, හැම දේටම ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටීමේ පුරුද්ද රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ආයතනවල තවමත් දැකිය හැකියි.

එසේම අමුත්තන්ගේ හැඳුනුම්පත් අංක හා අන් තොරතුරු ලියමින් කෙතරම් පොත් ප්‍රමාණයක් මේ ආයතනවල පුරවනවාද? මේ හරහා කිසිවකුගේ ආරක්ෂාව වැඩි වනවාද?

මෙරට අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ හැඳුනුම්පත් භාවිත කැරෙනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත 1968දී සම්මත කෙරුණත්, හැඳුනුම්පත් අනිවාර්ය වූයේ 1971 කැරැල්ලෙන් පසුවයි. මෑතදී වියෝ වූ ඩී. බී. නිහාල්සිංහ සූරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ චිත්‍රපට අංශයේ චිත්‍ර ශිල්පී ජී. රත්නායක විසින් 1971දී කරන ලද රූප සැලසුම මේ වන තුරුත් යොදා ගන්නවා.

එහෙත් ළඟදීම මෙය වෙනස්වීමට නියමිතයි. වැඩි තොරතුරු ගබඩා කළ විද්‍යුත් හැඳුනුම්පතක් (e-NIC) නිකුත් කිරීමට රජය තීරණය කොට තිබෙනවා.

වසර කිහිපයක් තිස්සේ කතාබහ කෙරුණු මෙය රුපියල් බිලියන 8ක වියදමින් එළැඹෙන මාසවල ක්‍රියාත්මක වනු ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මෑතදී මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණා.

දැනට පවතින පුද්ගල තොරතුරුවලට (නම, ලිපිනය, උපන් දිනය ආදිය) අමතරව පවුලේ විස්තරත්, ජෛවමිතික දත්තත් (biometric data) අලුත් හැඳුනුම්පත්වල ගබඩා කැරෙන බවත්, එම අමතර හොරතුරු කියවිය හැක්කේ අවසරලත් ආයතනවල සුවිශේෂී යන්ත්‍රවලට පමණක් බවත් දෙපාර්තමේන්තුව කියනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව මේ නව ස්මාට් කාඩ්පතෙහි යම් තොරතුරු ප්‍රමාණයක් බැංකුවලට කියවීමට හැකි ලෙසත්, සම්පූර්ණ තොරතුරු රහසිගතව පවතින ලෙසත් විධිවිධාන යෙදෙනු ඇති. එම මුළු තොරතුරු කියවිය හැක්කේ අදාළ පුද්ගලයාගේ අනුමැතිය ඇතිව හෝ අධිකරණ නියෝගයක් මත හෝ පමණයි.

ජෛවමිතිය (biometrics) කියන්නේ මිනිස් සිරුරේ ලක්ෂණ හසු කර ගැනීමයි. ඇතැම් ලක්ෂණ මානවයන් දෙදෙනකුගේ එක සමාන වන්නේ නැහැ (පෙනුමෙන් සමාන නිවුන් දරුවන්ගේ වුවත්). මේ නිසා අනන්‍යතාව තහවුරු කර ගැනීමට ජෛවමිතිය යොදා ගත හැකියි.

වඩාත් ප්‍රකට ජෛවමිතික අනන්‍යතා සාධකය නම් ඇඟිලි සලකුණුයි. දැනට සියවසක් පමණ කාලයක් තිස්සේ අපරාධ විමර්ශනයට හා අත්සන් කිරීමට නොහැකි අයට විකල්පයක් ලෙසට ඇඟිලි සලකුණු යොදා ගන්නවා.

මෙයට අමතරව වඩා මෑත කාලයේ අනන්‍යතා සාධක ලෙස ඇසේ කළු ඉංගිරියාවේ හෙවත් තාරා මණ්ඩලයේ රටාව (iris pattern)” සමස්ත හස්තයේ මුද්‍රාව, ඇසේ දෘෂ්ටි විතානයේ (retina pattern) රටාවන්, මුහුුණු හඳුනාගැනීම (face recognition) හා රුධිරයේ DNA පරීක්ෂාවද යොදා ගන්නවා.

Modern biometric identification modes. Image source: http://www.schwarzforensic.com/bi.php?pageid=245

Modern biometric identification modes.
Image source: http://www.schwarzforensic.com/bi.php?pageid=245

දැනටමත් අලුත් පාස්පෝට්වලට ජෛවමිතික දත්ත ඇතුලු කරන අතර සමහර රටවලට යාමට වීසා නිකුත් කිරීමට පෙරද ඒවා වාර්තා කර ගන්නවා.

ජෛවමිතික දත්ත ලබා ගැනීම, ගබඩා කිරීම හා භාවිතය සීරුවෙන් කළ යුත්තක්. හේතුව මේ දත්ත හරහා අදාළ පුද්ගලයාගේ ජානමය හා සෞඛ්‍යමය පසුබිම අනාවරණය වීමයි.

එසේම අනවසරයෙන් ඇතැම් පුද්ගලයන්ව හොර රහසේ ආවේක්ෂණයට ලක් කිරීමටද මේ දත්ත යොදා ගත හැකියි.

මේ නිසා ජෛවමිතික දත්ත ලබා ගන්නා සෑම විටම එය පැහැදිලි නීතිමය හා නියාමන රාමුවක් තුළ සිදු කිරීමට පරිණත ප්‍රජාත්ත්‍රවාදයක් පවතින රටවල ක්‍රියා කරනවා.

විද්‍යුත් හැඳුනුම්පත තුළින් ලැබෙන ප්‍රයෝජන ලෙස දෙපාර්තමේන්තු වෙබ් අඩවිය කියන්නේ අනන්‍යතාව ඉතා පහසුවෙන් තහවුරු කළ හැකි වීම, රජය මගින් සපයන සේවාවන් කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට ඉවහල් වීම, ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වීම, පවුලේ තොරතුරු සනාථ කිරීමට අවශ්‍ය වූ විට හැඳුනුම්පත හරහා එය කළ හැකි වීම ආදියයි.

මේ ප්‍රතිලාභ ගැන තර්කයක් නැහැ. එහෙත් මෙයට අදාළ වෙබ් පිටුවේ ජාතික ආරක්ෂාව යළි යළිත් අවධාරණය කර තිබෙනවා.

නවීකරණය අවශ්‍ය බවට විවාදයක් නැහැ. එහෙත් අපේ සියලු තොරතුරු හා ජෛවමිතික දත්ත මෙසේ එක් තැන් වීමේදී දත්ත ආරක්ෂාව (data protection) ගැන රජයට මුළුමනින් සහතික විය හැකිද? මේවා හැකර්ලා (පරිගණකවලට අනවසරයෙන් පිවිසෙන්නන්) හරහා පිට ගියොත් කුමක් විය හැකිද?

e-NIC කාඩ් එකට රේඩියෝ සංඛ්‍යාත හරහා හඳුනා ගැනීමේ කුඩා උපාංගයක්ද (Radio-frequency identification, RFID) ඇතුළු කරනවාද යන්න තවම පැහැදිලි නැහැ.  එසේ කළොත් එය දරන්නා යන එන තැන් අවශ්‍ය නම් රජයට ට්‍රැක් කළ හැකියි.

ජාතික ආරක්ෂාවේ මුවාවෙන් දරුණු ලෙස විරුද්ධවාදීන් ආවේක්ෂණය කළ රාජපක්ෂ රජය වැනි මර්දනකාරී තන්ත්‍රයක් අතට මෙරට ජනයාගේ ජෛවමිතික දත්ත පත් වීමේ අවදානම කෙතරම්ද?

මෙහිදී ඉන්දියාවේ වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වන ආන්දෝලනාත්මක හඳුනා ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිය ගැන කරුණු විමසීම වැදගත්. එරට ක්‍රියාකාරිකයින් හා අධිකරණය මෙයට මැදිහත්ව සිටින ආකාරය අපට ආදර්ශයක්.

ආධාර් (Aadhaar) ව්‍යාපෘතිය යටතේ හැම ඉන්දියානු පුරවැසියකුටම නොම්මර 12කින් සමන්විත අනන්‍ය අංකයක් (unique identification number) නිකුත් කිරීමට නියමිතයි.

Aadhaar Logo

Aadhaar Logo

මෙය ජීවිත කාලය පුරා පවතින, රජය සමග කරන සියලු ගනුදෙනුවලට අවශ්‍ය වන අංකයක්. එයට අමතරව බැංකු සේවා, දුරකථන සේවා ආදිය ලබා ගැනීමේදීත් ඉදිරියේදී මෙය හැඳුනුම්පත් අංකයක් මෙන් යොදා ගත හැකියි.

ආධාර ව්‍යාපෘතිය ඇරඹුණේ 2009 ජනවාරියේ. එහි ඉලක්කය බිලියන 1.2කට වැඩි ඉන්දියානුවන් ආවරණය කිරීම නිසා මෙය ලෝකයේ විශාලතම හැඳුනුම්පත් ව්‍යාපෘතිය වනවා.

මේ යටතේ හැම පුරවැසියකුගේම ඡායාරූපය, අතේ ඇඟිලි දහයේම සලකුණු හා ඇස් දෙකෙහිම තාරා මණ්ඩලයේ පරිලෝකනයක් (ස්කෑන් එකක්) වාර්තාගත කරනවා. රට පුරා සිය ගණනක් ඒකක හරහා හසු කර ගන්නා මේ දත්ත රාජ්‍ය පරිගණක ජාලයක ආරක්ෂිතව තැන්පත් කරන බව ආධාර් පාලකයෝ කියනවා.

ආධාර් ව්‍යාපෘතියට පෙරද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විවිධ ඉන්දිය රජයන් තැත් කළත් ඒවා සාර්ථක වූයේ නැහැ.

කිසිදු ආකාරය හඳුනා ගැනීමේ නිල ලියවිල්ලක් නොමැති මිලියන් සිය ගණනක් ඉන්දියානුවන් සිටිනවා. ඔවුන්ට බැංකු ගිණුම් ඇරඹීමට, වෙනත් නූතන සේවා හා පහසුකම් ලබා ගැනීමට මෙය බාධකයක්.

Nandan Nilekani - photo courtesy India Today

Nandan Nilekani – photo courtesy India Today

එසේම අනන්‍යතාව නිශ්චිත නොවීම නිසා දුගී ජනයාට ලැබෙන සහනාධාර බොහෝ විට වංචනික අතරමැදියන් විසින් සොරාගනු ලබනවා. මාස්පතා කෝටි ගණනක් රාජ්‍ය මුදල් බිම් මට්ටමේදී වංචනිකව අපතේ යනවා.

ආධාර් අංකයක් ලබන අයකුට එය භාවිත කරමින් බැංකු ගිණුමක් ඇරඹීමටත්, එම ගිණුමට රජයේ වැටුප්, විශ්‍රාම වැටුප් හෝ (තමාට හිමි) සහනාධාර ඍජුව ලැබීමට සැලසීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.

ආධාර් අරඹමින් පසුගිය ඉන්දීය රජය කීවේ මේ අනන්‍ය අංකය හරහා සියලු රාජ්‍ය සේවා හා ඇතැම් වෙළඳපොළ සේවාද සංවිධානය වනු ඇති බවයි. රාජ්‍ය මුදල් ගසා කෑම අවම වනු ඇති බවයිග

තාක්ෂණය පෙරටු කරගත් ආධාර් ව්‍යාපෘතිය මෙහෙයවීමට එහි සභාපති ලෙස ලෝ ප්‍රකට ඉන්දියානු තොරතුරු තාක්ෂණවේදී හා ව්‍යාපාරික නන්දන් නිලේකානි (Nandan Nilekani)  පත් කෙරුණේ 2009 ජුනි මාසයේ. එතැන් සිට 2014 මාර්තු දක්වා ඔහු එම තනතුර දරමින් ක්‍රියා කළ අතර කළමනාකාරීත්වය අතින් දක්ෂ වුවද හිතුමතේ ක්‍රියාකරන බවට චෝදනා එල්ල වුණා.

ආධාර් ව්‍යාපෘතියට නිසි නීතිමය ආවරණයක් නොතිබීම ඔහුට ප්‍රශ්නයක් වූයේ නැහැ. එය ගැසට් ප්‍රකාශනයකින් පිහිටුවන ලද ආයතනයක් මිස පනතකින් ස්ථාපිත කළ එකක් නොවෙයි. දේශපාලන අනුග්‍රහය ලද සුපිරි ව්‍යාපෘතියක් ලෙස විරෝධතා නොතකා එය ඉදිරියට ගියා.

ආධාර් ව්‍යාපෘතියේ පරිපාලන ආයතනය වන අනන්‍ය හඳුනා ගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India, UIDAI) නම් ආයතනය නීතිගත කිරීමට පනතක් ටික කලක සිට ඉන්දීය පාර්ලිමේන්තුව හමුවේ තිබුණා. 2016 මාර්තු 11දා එය මුදල් පනතක ස්වරූපයෙන් සම්මත කරගනු ලැබුවා. මුඛ්‍ය අරමුණ රජයේ මුදල් ගෙවීම හා සහනාධාර ඉලක්කගතව බෙදාහැරීමයි.

Aadhaar is heavily promoted in India using advertisements like this one. Image source: www.aadharcard.info

Aadhaar is heavily promoted in India using advertisements like this one. Image source: http://www.aadharcard.info

ජෛවමිතික දත්ත ලබාගැනීම හරහා පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට (privacy) හානි විය හැකිය යන්න ආධාර් ව්‍යාපෘතිය ගැන එරට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට තිබෙන ලොකුම විවේචනයයි. 2014 අප්‍රේල් මැයි මැතිවරණයෙන් ආණ්ඩු මාරුවක් සිදු වුවත් ව්‍යාපෘතිය දිගටම ඉදිරියට යනවා.

ඉන්දියාවේ පවතින යල් පැන ගිය නීති මගින් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය නොරැකෙන බවත්, එවන් පසුබිමක අනන්‍ය වූ ජෛවමිතික දත්ත රැසක් ගබඩා කිරීම එම තොරතුරු අවභාවිතයට මඟ පාදන ක්‍රියාකාරිකයන් කියනවා.

සිදු විය හැකි අවභාවිතයන් කොටස් දෙකකට වර්ග කළ හැකියි. එකක් නම් ආධාර් දත්ත ගබඩාවේ ඇති පෞද්ගලික තොරතුරු, රජයේම වෙනත් ආයතන හා හමුදාව විසින් ලබා ගෙන රහසිගතව පුරවැසි ආවේක්ෂණය සිදු කිරීමයි. දේශපාලන විරුද්ධවාදීන් හා රජය විවේචනය කරන නිර්දේශපාලනික ක්‍රියාකාරිකයන් ට්‍රැක් කිරීමටත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හාරා අවුස්සා දුර්වල තැන් සොයා ගැනීමටත් හැකි වීමේ අවදානමක් තිබෙනවා.

දෙවැනි අවදානම නම් මේ තොරතුරු වාණිජ සමාගම්  හෝ අන්තවාදී සන්විධාන අතට හොරෙන්ම පත් වීමයි.

2013 සැප්තැම්බරයේ සිට කිහිප වතාවක්ම ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත්තේ රාජ්‍ය වැටුප්, විශ්‍රාම වැටුප් හා වෙනත් සහනාධාර හිමි අයට ඒවා ලැබීමට ආධාර් අංකය අත්‍යවශ්‍ය නොවිය යුතු බවයි.

කිසිදු පුරවැසියකුගේ ජෛවමිතික තොරතුරු ඔහු/ඇයගේ කැමැත්තෙන් තොරව හසු කර නොගත යුතු බවට හා ‘ආධාර් ව්‍යාපෘතියට සම්බන්ධ නොවූ පමණට තමන්ට ලැබිය යුතු ගෙවීම් කිසිවකුට නොගෙවා සිටීමට බැරි බවට’ ද ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියා.

ආධාර් කාඩ් නොමැතිව වුවද ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට (ඡන්දදායක ලේඛනයේ සිටින සියලු අයට) ඉන්දීය මැතිවරණ කොමිසම පැහැදිලි නිල ප්‍රකාශයක් කර තිබෙනවා.

එහෙත් අනෙක් රාජ්‍ය ආයතන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකමින් ආධාර් අංක දිගටම ඉල්ලීම් කරනවා. ආධාර් කාඩ්පතක් නැතිනම් රජයේ රෝහලකින් හදිසි ප්‍රතිකාරයක්වත් ලබන්නට නොහැකි වන තරමට එය පරිපාලකයන් ඉල්ලීමට පටන්ගෙන ඇති බවයි ක්‍රියාකාරිකයෝ කියන්නේ. මෙය මානව හිමිකම් ප්‍රශ්නයක් වෙලා.

ආර්ථීක විද්‍යාඥ රීතිකා සෝරා කියන්නේ ආධාර් කාඩ්පත් නොමැතිව වුවද වඩාත් කාර්යක්ෂම පරිපාලනයක් හරහා වංචා අවම කිරීමට හැකි බවයි. ආධාර් කාඩ් නැති දුගී ජනයාට ලැබිය යුතු දීමනා නොදීම බරපතළ අසාධාරණයක් බවත්, ඇති හැකි අයට තිබෙන සියලු අයිතිවාසිකම් නැති බැරි අයටද තිබිය යුතු බවත් ඇය කියනවා.

Aadhaar citizen awareness efforts

Aadhaar citizen awareness efforts

මා දන්නා හඳුනන මධ්‍යම පාංතික නාගරික ඉන්දියානුවන් සමහරෙක් තමන් ආධාර් කාඩ්පත් ලැබීමට සියලු ජීවමිතික දත්ත රජයට දීමට සූදානම් නැතැයි යන ස්ථාවරයේ සිටිනවා.

ආධාර් ව්‍යාපෘතියට එරෙහිව අධිකරණයට ගිය සමාජ ක්‍රියාකාරිකයන් අතර හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලක නිලධාරිනී හා තොරතුරු අයිතිය පිළිබඳ ඉන්දියානු පුරෝගාමී අරුණා රෝයි (Aruna Roy) ද සිටිනවා.

ඇගේ පෙත්සමේ එක් ප්‍රධාන තර්කයක් වූයේ ජෛවමිතික දත්ත එකතු කිරීමට පුද්ගලික අංශයේ ආයතනවලට කොන්ත්‍රාත් දීමයි.

‘ලොව පුරාම සමාගම් මිනිසුන්ගේ පෞද්ගලික තොරතුරු එකතු කර ඒවා අලෙවිකරණ හා වෙනත් වාණිජ අරමුණුවලට අවභාවිත කරන්න තැත් කරනවා. නිසි අධීක්ෂණයක් නැති ඉන්දියාව වැනි රටක මේ ජෛවමිතික දත්ත පිට යාමට ලොකු ඉඩක් තිබෙනවා. රහසිගතභාවය රජය විසින් සුරකින බවට දෙන සහතිකය අපට විශ්වාස නැහැ.’ ඇය 2013දී කියා සිටියා.

නව තාක්ෂණයට එරෙහි වෙලා වැඩක් නෑ. නමුත් ප්‍රවේශමින් පාවිච්චි කල යුතුයි.

සිවුමංසල කොලූගැටයා #230: ජාතික ආරක්ෂාවට යයි කියා රජය පුරවැසියන්ගේ ඔත්තු බැලීම හරිද?

The July 21 Statement on Freedom of Expression and Media Freedom, issued by 10 media associations and advocacy groups in Sri Lanka for the attention of political parties contesting in General Election 2015, included this recommendation:

Privacy and Surveillance: The state should respect and protect the privacy of all citizens. There should be strict limits to the state surveillance of private individuals’ and entities’ telephone conversations and electronic communications. In exceptional situations, such surveillance should only be permitted with judicial oversight and according to a clear set of guidelines.”

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 2 August 2015), I have expanded on this by exploring the extent of state electronic surveillance in Sri Lanka.

It is a murky field where evidence is not easily found, and I rely heavily on the published accounts by leading national and international media groups: Freedom on the Net Report on Sri Lanka; Reporter Sans Frontiers (RSF) report on countries under state surveillance: Sri Lanka section; and investigative articles published by Sri Lanka’s Groundviews.org.

I also look at the legal provisions for surveillance and gaps in legal protection for privacy in Sri Lanka. All this points out to an overbearing state that spies on private citizens as and when it pleases, all on the pretext of national security. We need clearer guidelines and judicial oversight to restrain the state from turning into Big Brother.

Are we being watched by our government without our knowledge or consent? Is it legal?

Are we being watched by our government without our knowledge or consent? Is it legal?

භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස සඳහා දේශපාලන පක්ෂවලට ප‍්‍රමුඛතා දහයක් ඉදිරිපත් කරන්නට ජූලි 21 වනදා කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීනී සීතා රන්ජනී මෙසේ කීවා.

‘‘පසුගිය වකවානුවේ (2014 අග දක්වා) අප බොහෝ දෙනකුගේ දුරකථන සංවාද හා ගමන් බිමන් සියල්ල සොයා බලන බව අපට තේරුණා. අප දුරකථන මගින් කතා කොට මාධ්‍යවේදී පුහුණු වැඩමුළු සැලසුම් කර අදාල තැනට යන විට කොහෙන්දෝ එකවර මතු වන විරෝධතාවලට අප මුහුණු දුන්නා. අප රැස්වන තැන්, යොදා ගන්නා සම්පත්දායකයන් ආදී හැම තොරතුරක්ම කෙසේ හෝ මේ උදවිය කල් තබා දැන සිටියා. මෙය හැකි වුණේ අප නිරතුරු ආවේක්ෂණයට ලක් වූ නිසායි.’’

මෙය බරපතල තත්ත්වයක්. රාජ්‍ය ආවේක්ෂණ (state surveillance) අත්දැකීම අඩු වැඩි පමණින් ලද තවත් බොහෝ මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් හා දේශපාලකයන් මෙරට සිටිනවා. ගෙවී ගිය දශකයේදී මෙරට රජය විසින් පුරවැසියන් ආවේක්ෂණය කිරීම බොහෝ සෙයින් පුළුල් වූ බවට ඉඟි තිබෙනවා.

See: Freedom on the Net: Sri Lanka Report 2014

යුද්ධය පවතින විට ජාතික ආරක්ෂාව සඳහා යම් පුද්ගලයනගේ හා කණ්ඩායම්වල කතාබහ ආවේක්ෂණය කළත් යුද්ධය නිමා වීමෙන් පසුවත් වසර ගණනක් එය දිගටම පවත්වාගෙන යාම කෙසේ සාධාරණීකරණය කළ හැකිද?

එසේම අපරාධකරුවන්, කැරලිකරුවන් හෝ වෙනත් නීති විරෝධී ක‍්‍රියාවල නිරත වූවන්ගේ සැලසුම් කල් තබා අනාවරණය කර ගන්නට යයි කියා කරන ආවේක්ෂණ විපක්ෂ දේශපාලකයන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් හා සරසවි ඇදුරන් දක්වා දිගු වූයේ ඇයි? ජාතික ආරක්ෂාව නම් සංකල්පය පවත්නා රජයේ ආරක්ෂාව ලෙසින් පටු ලෙස විග‍්‍රහ කිරීම නිසාද?

Do you know who is watching you?

Do you know who is watching you?

Dialog CEO Hans Wijesuriya: “No surveillance program in Sri Lanka, but telecoms have to comply”’. The Republic Square, 28 September 2013

මහා පරිමාණ ආවේක්ෂණය වෙත ගෙවී ගිය දශක දෙක තුනක් තිස්සේ මෙරට පැවති සියලූ රජයන් යොමු වීම සිවිල් අයිතිවාසිකම් පැත්තෙන් බලන විට මහත් අහිතකර ප‍්‍රවණතාවක්.

මෙය පුරවැසියන් නොදැනුවත්ව, අධිකරණ අධීක්ෂණයකින් තොරව දිගටම සිදුවීමට එරෙහිව ඇති තරම් සමාජ ප‍්‍රතිවිරෝධයක් මතු නොවීමද තැති ගත යුතු මට්ටමේ කාරණයක්. අප මේ තරමට දැන් සමාජයක් ලෙස උදාසීන වී සිටිනවාද?

2014 දෙසැම්බර් 25 වනදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ශ‍්‍රී ලංකාවේ එවකට උත්සන්න වෙමින් තිබූ ජනාධිපතිවරණ කැම්පේන් ගැන දීර්ඝ ලිපියක් පළ කළා. විවිධ දේශපාලන චරිත සමග සාකච්ඡා කිරීමෙන් පසු ලියැවුණු එහි එක් තැනෙක හිටපු ධීවර අමාත්‍ය (දැන් සෞඛ්‍ය අමාත්‍ය) දොස්තර රාජිත සේනාරත්න උපුටා දක්වමින් කියන්නේ නොවැම්බර් 21 වනදාට පෙර පොදු විපක්ෂ අපේක්ෂකයා ගැන කතාබහ ඉතා රහසිගතව සිදු කරන ලද බවයි.

With Viber's help, opposition politicians dodged Rajapaksa regime's surveillance in late 2014

With Viber’s help, opposition politicians dodged Rajapaksa regime’s surveillance in late 2014

හොරෙන් අසා සිටීමට ලක් නොවන ආකාරයේ (චන්ද්‍රිකා?) දුරකථන භාවිත කරමින්, සංකේත බසින් තමා ඇතුළු පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා කිරීම සැලසුම් කළ බව ඔහු කියනවා. ඉන්ටනෙට් හරහා කටහඬ හා ලිඛිත පණිවුඩ හුවමාරු කර ගත හැකි වයිබර් (Viber) නම් මෘදුකාංගයද මේ පිරිස යොදාගෙන තිබෙනවා.

මෙතරම් ප‍්‍රවේශම්කාරී වීමට හේතුව බොහෝ විපක්ෂ දේශපාලකයන් මෙන්ම ඇතැම් (එවකට) ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ද ගිය රජය විසින් දැඩි ලෙස ආවේක්ෂණයට ලක් කර තිබූ නිසායි. මේ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද වරක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා.

රජයන් විසින් සිවිල් ජනයා ආවේක්ෂණය මුල් යුගයේ කරනු ලැබුවේ දුරකථන සංවාදවලට දුරකථන හුවමාරු (phone exchange) හරහා රහසිගතව සවන් දීමෙන්. එහෙත් පරිගණක හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග වඩාත් සූක්ෂමව, පුළුල්ව හා ස්වයංක‍්‍රීය ලෙසින් දුරකථන සංවාද පමණක් නොව ඊමේල්, ස්කයිප් කතාබහ හා ඉන්ටර්නෙට් හරහා කරන බොහෝ හුවමාරු කිසිවකුට නොදැනී ආවේක්ෂණය කළ හැකිව තිබෙනවා.

Internet surveillance: not just in China...

Internet surveillance: not just in China…

ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධිත පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් තුළට හොර රහසේ පිවිසී එහි දත්ත හා පණිවුඩ හීන්සීරුවේ පිටස්තර පාර්ශ්වයකට ලබා දීමේ ඔත්තු බලන ක‍්‍රම දියුණු කොට තිබෙනවා.

පරිගණක හෝ ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකුට මේ ගැන වැටහීමක් නැහැ. රජයට පමණක් නොව ටෙලිකොම් සමාගම්වලටද මේ හැකියාව තිබෙනවා.

ආවේක්ෂණ තාක්ෂණයන් හා සේවාවන් අධික මිලකට අලෙවි කරන තාක්ෂණ සමාගම් ලෝකයේ තිබෙනවා. බොහෝ විට ඔවුන්ගේ ගැනුම්කරුවන් වන්නේ රාජ්‍ය බුද්ධි අංශ හා අපරාධ පරීක්ෂණ පොලිසි ආදියයි.

ඉතාලියේ මිලාන් නුවර පිහිටි මෙබඳු එක් සමාගමක් ‘හැකිං ටීම්’ (Hacking Team) නම් වනවා. 2013දී දේශසීමා විරහිත වාර්තාකරුවෝ (RSF) නම් ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් ක‍්‍රියාකාරී සංවිධානය ප‍්‍රසිද්ධ චෝදනාවක් කළා. එනම් හැකිං ටීම් මගින් සපයන ආවේක්ෂණ පහසුකම් යොදා ගනිමින් මර්දනකාරී ආණ්ඩු භාෂණ නිදහස හා මාධ්‍ය නිදහසට තර්ජනය වන ලෙස මාධ්‍යවේදීන්, විකල්ප මතධාරීන් හා වෙබ් ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව ක‍්‍රියා කරන බවයි.

RSF report on countries under state surveillance: Sri Lanka

2015 ජූලි මස මුලදී හැකිං ටීම් සමාගමේ පරිගණකවලට ද යම් කිසිවකු අනවසරයෙන් පිවිසී (හැක් කොට) ඔවුන්ගේ දත්ත අතිවිශාල සමුදායක් (400GB) ඕනෑම කෙනකුට බලා ගත හැකි වන්නට ඉන්ටර්නෙට් ජාලයට මුදා හරිනු ලැබුවා. මේ සමාගම ලෝකයේ කිනම් රජයන්ට කුමන ආවේක්ෂණ උපකරණ හා සේවා සපයා ඇත්ද යන්න ගැන මෙතෙක් රහසිගතව තිබූ තොරතුරු රැසක් මේ හරහා අනාවරණය වුණා.

මේ අනුව ලොව පුරා විසිර සිටින පොලිසි, මිලිටරි, මධ්‍යම රජයන් හා පළාත් රජයන් 70කට වැඩි ගණනකට ඔවුන් අවේක්ෂණ තාක්ෂණයන් ලබා දී යූරෝ මිලියන් 40කට වඩා උපයා ගෙන තිබෙනවා.

Hacking Team Emails Expose Proposed Death Squad Deal, Secret U.K. Sales Push and Much More

Groundviews: Going beyond mainstream media in the public interest

Groundviews: Going beyond mainstream media in the public interest

මේ ඔස්සේ ගවේෂණය කළ මෙරට පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක් වන ග‍්‍රවුන්ඞ්වීව්ස් (Groundviews.org), මෙම ඉතාලි සමාගම 2013-14 කාලයේ ශ‍්‍රී ලංකාවේ බුද්ධි සේවාවලට ද සිය සේවා අලෙවි කිරීමට ඊමේල් ගණනාවක් හුවමාරු කරගෙන ඇති බව සොයා ගත්තා.

විශේෂයෙන් ඕනෑම ආරක්ෂිත පරිගණකයකට හොරෙන් පිවිසී ඔත්තු බැලිය හැකි Remote Control System (RCS) නම් තාක්ෂණය ගැන මෙරට සිට ඔවුන්ගෙන් විමසා තිබුණා. 2014 මාර්තුවේ ඔවුන්ට මෙරටින් යවන ලද එක් ඊමේල් පණිවුඩයක් කීවේ ‘ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය, සරසවියක් ද සමග එක්ව විද්‍යුත් ආවේක්ෂණ හා සෙවීමේ ක‍්‍රමයක් පිහිටුවීමට සැලසුම් කරන’ බවයි.

මේ සරසවිය කුමක්ද යයි පැහැදිලි නැහැ (කොළඹ හෝ මොරටුව විය යුතුයි). එසේම ගිය රජය විසින් මෙම තාක්ෂණය මිලට ගත්තා ද යන්න ඊමේල් හුවමාරුවෙන් හරිහැටි කිව නොහැකියි. එහෙත් කිසිදා නොතිබූ තරම් දැවැන්ත ආවේක්ෂණ ප‍්‍රයත්නයක් සඳහා සැලසුම් කළ බව නම් පෙනෙනවා.

Hacking the hackers: Surveillance in Sri Lanka revealed

Sanjana Hattotuwa

Sanjana Hattotuwa

ඩිජිටල් හා සයිබර් මාධ්‍ය හරහා අප ලෙහෙසියෙන් සන්නිවේදනය කරන අතර පෞද්ගලිකත්වය රැක ගැනීමට වගකීමෙන් හා අරපරීක්ෂාවෙන් ක‍්‍රියාකළ යුතුයි. ඩිජිටල් ක‍්‍රියාකාරී හා ග‍්‍රවුන්ඞ්වීව්ස් කතුවර සංජන හත්තොටුව මෙය යළි යළිත් අවධාරණය කරනවා.

ඉතාලි ආවේක්ෂණ තාක්ෂණය කෙසේ වෙතත්, 2010-12දී චීන ටෙලිකොම් සමාගම්වලට මෙරටට උපකරණ සැපයීමට ඉඩදීම හරහා ආවේක්ෂණ හැකියාව ලැබෙන්නට ඇතැයි සංජන අනුමාන කරනවා. මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තවමත් නීතිගතව නැති නිසා විස්තර සොයා යෑම අපහසුයි.

2012 පෙබරවාරි 16 වනදා විග‍්‍රහයක් පළ කරමින් සංජන කීවේ හුවාවෙයි (Huawei) හා ZTE නම් චීන සමාගම් මෙරටට ඩොලර් මිලියන ගණන් වටිනා විදුලි සංදේශ උපකරණ සපයන බවයි. බටහිර රටවලට ඉන් පෙර සපයන ලද උපකරණ හරහා නොදැනීම සයිබර් ඔත්තු බැලීමට චීන රජයට ආධාර කළා යැයි මේ චීන සමාගම් දෙකටම බරපතල චෝදනා එල්ල වී තිබුණා.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ADSL ඉන්ටර්නෙට් බෙදාහැරීම් පද්ධතිය Huawei තාක්ෂණය යොදා ගන්නවා. අහිංසක ලෙස පෙනුණත් මේ හරහා හොර රහසේ ග‍්‍රාහකයන්ගේ පෞද්ගලික ඊමේල්, ස්කයිප් හා අනෙක් හුවමාරුවලට ප‍්‍රවේශම්වීමේ හැකියාව මෙරට බුද්ධි අංශවලට දැනටමත් ලැබී ඇත්ද? සංජන හත්තොටුව මේ ගැන වසර කිහිපයක සිට අනතුරු අඟවනවා.

Are Chinese Telecoms acting as the ears for the Sri Lankan government?

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව මුළුමනින්ම තහවුරු කර ගැනීම අසීරු වුවත් වඩා හොඳින් ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර කියා දෙන පෝස්ටර් පෙළක් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මගින් 2012දී භාෂා තුනෙන්ම නිකුත් කරනු ලැබුවා.

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර...

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර…

1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත (1996දී සංශෝධිත) හා 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත යම් පටු පරාසයක් තුළ විද්‍යුත් ආවේක්ෂණය හා අනවසරයෙන් පණිවුඩ/දත්ත ග‍්‍රහණය කිරීම වරදක් යයි පිළි ගන්නවා. එහෙත් නීතිය ක‍්‍රියාත්මක කරන රජයේ ආයතනවලට අවශ්‍ය අවස්ථාවන්හිදී එසේ කිරීමට ඉඩකඩ තිබෙනවා. (ඒ කියන්නේ පාඨක ඔබ හෝ මා එය කළොත් නීති විරෝධියි. එහෙත් රජය කළොත් එසේ නැහැ!).

එසේ ආවේක්ෂණය කරන විට කුමන විනයක්, සීමාවක් හෝ ක‍්‍රමවේදයක් රාජ්‍ය ආයතන අනුගමනය කළ යුතුද යන්න නීතිවලින් කියා නැහැ. ජාතික ආරක්ෂාවයටතේ සිත් සේ ක‍්‍රියා කිරීමේ ඉඩ තිබෙනවා වගෙයි.

ඕනෑම කෙනකුට පෞද්ගලිකත්වයක් තිබෙනවා. එයට මානව අයිතියක් ද තිබෙනවා. පොදු අවකාශයේ ඉතා ප‍්‍රකට ජීවිත සතු කලාකරුවන්, ක‍්‍රීඩකයන් හා දේශපාලකයන්ට ද මේ අයිතිය තිබිය යුතුයි. එය ස්ව-කැමැත්තෙන් පසෙක ලීම පුද්ගල අභිමතයක්. එහෙත් එසේ නොකරන තුරු රටේ ආණ්ඩුවට හෝ වෙනත් පිරිසකට (උදා: පැපිරාට්සි ආකාරයේ ඡායාරූප ශිල්පීන්) පෞද්ගලික ජීවිතවල ඔත්තු බැලීම සදාචාර සම්පන්න නැහැ. බොහෝ රටවල මෙය නීති විරෝධියි.

අපේ ආණ්ඩුකරම ව්යවස්ථාවෙන් පිළිගැනෙන හා සහතික කරන මූලික මානව අයිතිවාසිකම් අතර පෞද්ගලිකත්වය (privacy) රැක ගැනීමට ඇති අයිතිය ඇතුළත් නැහැ. එහෙත් සෑම කෙනකුටම එම අයිතිය හිමි බව ශිෂ්ඨ සමාජවල පුළුල්ව පිළි ගැනෙනවා.

නීතියෙන් නොවුවත් සමාජ සම්මතයට අනුව කෙනකුගේ පෞද්ගලික සිතුම් පැතුම්, ලියුම් හා අනෙකුත් සන්නිවේදනයන් පොදු අවකාශයට අයත් නැහැ. එසේම රාජ්‍යයට හෝ රාජ්‍යයේ තාවකාලික භාරකරු ලෙස කටයුතු කරන ආණ්ඩුවකට පුරවැසියන්ගේ පෞද්ගලික සන්නිවේදනවලට පිවිසෙන්නට හා ඒ හරහා තොරතුරු එක් රැස් කරන්නට සදාචාරමය අයිතියක් නැහැ.

මේ සම්මතය බිඳ වැටෙන අවස්ථා ඉඳහිට තිබෙනවා. යුද බිමෙහි ක‍්‍රියාන්විත සේවයේ නිරතව සිටින හමුදා සෙබලූන් හා ඔවුන්ගේ පවුල් අතර සන්නිවේදන හමුදා බලධාරීන්ගේ ආවේක්ෂණයට ලක් විය හැකියි. දැනවුත්ව හෝ නොදැනුවත්ව යුද බිමේ සැබෑ තොරතුරු හෝ හමුදා රහස් හෝ පිටත යාමට ඉඩක් ඇති නිසා. එසේම සමහර රටවල සිරකරුවන් ලබන හා යවන සන්නිවේදන ද විමර්ශනයට ලක් කැරෙනවා.

එහෙත් හමුදා සේවයේ හෝ සිරභාරයේ හෝ නොසිටින සෙසු පුරවැසියන්ට සිය පෞද්ගලිකත්වය රැක ගැනීමට සෑම අයිතියක්ම තිබෙනවා.

Edward Snowden on the right to privacy

Edward Snowden on the right to privacy

‘අපි නීතිගරුක මිනිස්සු. අපට සඟවන්න දෙයක් නැහැ. ආණ්ඩුව අපේ කතාබහ-ලියුම් කියුම් හොරෙන් ඇසුවත් බැලූවත් අපට බිය වන්නට දෙයක් නැහැ’ යයි ඇතැමෙක් කිව හැකියි. මෙය අනුවණකාරී තර්කයක්. හරියට ‘අපට භාෂණ නිදහසක් කුමටද? අපට කියන්නට කිසි දෙයක් නැහැ’ වැනිම පරාජිත ප‍්‍රකාශයක්.

ජූලි 21 ප්‍රකාශයේ ආවේක්ෂණය වැලැක්වීම ගැන නිර්දේශය මෙයයි: “තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂණයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන ආවේක්ෂණය කිරීම රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි ආවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.”

Posted in Campaigns, Citizen journalism, citizen media, digital media, good governance, Human rights, ICT, Internet, Journalism, Media, Media freedom, Media Reforms, New media, public interest, Ravaya Column, Sri Lanka, Telecommunications. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 1 Comment »

2015 මහ මැතිවරණය: භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය

2015 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන

සියලු දේශපාලන පක්ෂවල අවධානය සඳහා…

භාෂණයේ නිදහස හා

මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය

2015 ජූලි 21

English version: SL General Election 2015: Statement on Freedom of Expression and Media Freedom

Media Reform Agenda for Lankan Political Parties - 21 July 2015

Media Reform Agenda for Lankan Political Parties – 21 July 2015

භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස හා මාධ්‍ය උන්නතිය පිළිබද දේශපාලන පක්ෂවල සැබෑ කැපවීම පෙන්වන තෙක් ඡන්දදායක රටවැසියන් මහත් අපේක්ෂාවෙන් පසු වේ.

  • ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමුළු ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI)
  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)
  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමය
  • ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංධානය
  • ප්‍රජා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ගේ ජාතික කමිටුව
  • තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සමාජය
  • ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • යාපනය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Jaffna Press Club)

එක්ව කරන ප්‍රකාශනයකි.

Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015

Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව භාෂණයේ හා මාධ්‍ය නිදහස පිළිබඳව යම් මට්ටමක සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට සමත් වූ බව පෙනෙන්නට තිබේ.

මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත එල්ල වූ බලපෑම් හා තර්ජන වැලැක්වීමට ගත් ක්‍රියා මාර්ග, පදනම් විරහිත ලෙස අවහිර කරන ලද දේශපාලනික වෙබ් අඩවි නැවත නිදහස් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මුලික අයිතිවාසිකමක් ලෙස පිළි ගැනීම, දේශපාලනික හේතුන් මත රට හැර ගොස් සිටින ජනමාධ්‍යවේදීන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට රජය විසින් කරනු ලබන විවෘත ආරාධනා, වැනි පියවර මේ බවට මූලික නිමිති සපයයි.

කෙසේ වෙතත් භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සඳහා තවත් කටයුතු රාශියක් ඉතිරි වී ඇති බව අපගේ අදහසයි. ඉදිරි මහ මැතිවරණයෙන් පසු තේරී පත් වන නව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මෙම ප්‍රතිපත්තිමය, නීතිමය, ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා අවශ්‍ය වන දේශපාලනික කැපවීම ප්‍රදර්ශනය කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් ජනමාධ්‍ය නිදහස වර්ධනය කිරීමට හා එහි සාධනීය ව්‍යුහාත්මක වෙනසක් ඇති කීරීම පිළිබඳ පහත සඳහන් නිශ්චිත නිර්දේශ කෙරෙහි සිය කැපවීම ප්‍රකාශ කරන මෙන් 2015 අගෝස්තු 17 වන දින මහා මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලා සිටිමු.

(මෙම කරුණු පෙළගැස්වීම එහි ප්‍රමුඛතාවය අනුව නොවන බව සලකන්න)

1. තොරතුරු දැනගැනීමේ අයිතිය: පුරවැසියන්ට රජය හා රජයේ ආයතන සතු තොරතුරු ලබා ගැනීමේ අයිතිය නීතියෙන් සම්මත කළ යුතුය. සියලුම මාධ්‍ය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිතව 2015 මැයි මස සකස් කොට අවසන් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත නව පාර්ලිමේන්තුව විසින් හැකි තාක් ඉක්මනින් හා දියාරු නොකොට සම්මත කර ගත යුතුය.

2. මාධ්‍ය ස්වයං නියාමනය: 1973 අංක 5 දරණ පුවත්පත් කොමිසම පනත ඉවත් කළ යුතු අතර රජය විසින් පාලනය කරන පුවත්පත් මණ්ඩලය මුළුමනින්ම අහෝසි කළ යුතුය. ඒ වෙනුවට මාධ්‍ය කර්මාන්තය විසින්ම 2003 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කොට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් කිරීමෙන් වඩාත් සවිමත් හා සක්‍රිය ස්වයං නියාමන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතුය.

3. නීති විමර්ශනය හා සංශෝධනය: මාධ්‍ය නිදහස කෙරෙහි ප්‍රායෝගිකව යම් යම් සීමා පන වන සිවිල් හා අපරාධ නීති තවමත් මෙරට නීති පොත්වල ඉතිරිව පවතී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නීති, අධිකරණයට අපහස කිරීමේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ නීති මෙයට ඇතුලත්ය. මේවා විමර්ශනය කොට භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංශෝධනය කළ යුතුය.

4. ජනමාධ්‍යවේදීන්ට එරහි අපරාධ විමර්ශනය: ඝාතනය කරන ලද, පහරදීම්වලට ලක් වූ, තර්ජනයට ලක් කරන ලද, අතුරුදන් කරන ලද හෝ වෙනත් අයුරකින් හිරිහැරයට ලක් වූ මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනය කොට, වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, අගතියට පත් පාර්ශව සඳහා වන්දි ලබා දීමටත් වගකීම දරන ඉහළ මට්ටමේ ස්වාධීන කොමිසමක් පත් කළ යුතුය.

Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015

Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015

5. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය: භාෂණයේ නිදහස තහවුරු කරන ජාත්‍යන්තර නීති රීති වලට අනුගත වෙමින් ශ්‍රී ලංකාව තුල විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමනය කළ යුතුය. එසේ කිරීම මගින් රේඩියෝ සහ ටෙලිවිෂන් සඳහා විකාශන සංඛ්‍යාත වෙන් කිරීම විධිමත් ලෙස සැලසුම්කරණය කළ යුතුය. එසේම මහජන සේවා, වාණිජ හා ප්‍රජා යන තල තුන තුළම සේවා සැපයීම සඳහා අවස්ථා සැලසිය යුතුය. එමගින් දේශපාලනික හා වෙනත් පොදු උන්නතියට අදාල තොරතුරු ආවරණය වඩාත් සමබරව හා අපක්ෂපාතීව ගෙන ඒමට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ඇති වගකීම ඉටු කිරීමට නියාමන බලපෑමක් කළ හැකි වනු ඇත. මහජන අභිලාෂයන් මුදුන්පත් වන අයුරුන් සමස්ත නියාමනය සිදු කළ හැකි පරිදි ස්වාධීන විකාශන අධිකාරියක් ස්ථාපනය කළ යුතුය.

6. ප්‍රජා විද්‍යුත් මාධ්‍ය: විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය මගින් ප්‍රජා විකාශන සේවා (community broadcasting) උනන්දු කල යුතුය. ජාත්‍යන්තර අර්ථ දැක්වීම් වලට අනුව ප්‍රජා විකාශනයන්හි හිමිකාරිත්වය හා මෙහෙයවීම ප්‍රජාව සතු විය යුතු අතර ඒවාට වඩාත් උචිත හා දරාගත හැකි ලෙස සකස් කරන ලද බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.

7. රාජ්‍ය මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය: මහජනයා සතු රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින පක්ෂයේ ප්‍රචාරක වැඩට යොදා ගන්නා අශීලාචාර සම්ප්‍රදායෙන් දැන්වත් අත්මිදිය යුතුය. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) ස්වාධීන රුපවාහිනී සේවය (ITN) ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කළ යුතුය. එමගින් කර්තෘ නිදහස ආරක්ෂා කරන මහජන සේවා සපයන්නෙකු බවට මේ ආයතන කෙමෙන් පරිවර්තනය කළ යුතුය. මෙම ආයතනවලට දේශපාලන බලපෑම් කිරීමට ඉඩක් නැති පරිදි ස්වාධීන ලෙස මුදල් ප්‍රතිපාදන ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එම ක්‍රියාමාර්ග මගින් එම ආයතනයන්හි මෙතෙක් කිසිදා නොපැවති ස්වාධීනත්වය ටිකෙන් ටික තහවුරු කර ගත හැකිය. ලේක්හවුස් ආයතනයටද (Associated Newspapers Ceylon Limited, ANCL) රාජ්‍ය බලපෑමෙන් ස්වාධීනව කර්තෘ නිදහස භුක්ති විඳීම සඳහා ක්‍රියාදාමයක් සකස් කල යුතුය. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ මහජන අදහස් විමසීමක් කළ යුතුය.

Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015

Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015

8. මාධ්‍ය වාරණය වැලැක්වීම: කිසිදු මාධ්‍යයක් කිසිවක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර පතන වාරණ ක්‍රම සියල්ල ඉවත් කළ යුතුය. ප්‍රකාශනයෙන් හෝ විකාශයෙන් පසුව කිසිවකුට අගතියක් වේ නම් උසාවියක් මගින් මාධ්‍ය අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. (ප්‍රසිද්ධ රැගුම් පාලන පනතද ඇතුළු) වාරණ නීති හා රෙකුලාසි නැවත සලක බැලිය යුතු අතර භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංස්කරණය කළ යුතුය.

9. දේශපාලන වෙබ් අඩවි සඳහා සීමා ඉවත් කිරීම: ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සම්මුතීන් මගින් සහතික කරන ලද භාෂණයේ නිදහස උල්ලංගනය කරන පරිදි සමාජ ජාල හා අන්තර්ජාල අන්තර්ගතය පාලනය නොකළ යුතුය. රට තුළ සිට කියැවීමට නොහැකි වන සේ දේශපාලන වෙබ් අඩවි අවහිර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. රටේ නීතියට නිශ්චිතවම එරෙහි වන (අසැබි රූප ආදිය ඇතුළත්) වෙබ් අඩවි පාලනය කිරීම පිළිබඳ සීමා පැන වීමේදී එය සැම විටම අධිකරණ අධීක්ෂළය යටතේ පමණක් කළ යුතු අතර එමගින් මහජනයාගේ තොරතුරු ලබා ගැනීමේ නිදහසට හා භාෂණයේ නිදහස සඳහා වන මූලික මානව අයිතිවාසිකම්වලට කිසිදු බාධාවක් ඇති නොවිය යුතුය.

10. අවේක්ෂණය වැලැක්වීම: තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂනයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන අවේක්ෂණය කිරීම (surveillance) රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි අවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.

Covering the Press Conference at SLPI, 21 July 2015



Posted in Broadcasting, Campaigns, Citizen journalism, citizen media, community media, digital media, ICT, Internet, Media, Media activism, Media freedom, Media Reforms, New media, Sri Lanka, Telecommunications. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Leave a Comment »

සිවුමංසල කොලූගැටයා #227: භාෂණයේ නිදහසට හා ප‍්‍රශස්ත මාධ්‍යකරණයට දේශපාලන කැපවීමක් ඕනෑ!

Hands off media freedom!

Hands off media freedom!

Media sector reforms in Sri Lanka have become both urgent and important. Media freedom cannot be consolidated without other reforms that create a more professional and responsible media.

Some progress has been made since the Presidential election. The new government has taken steps to end threats against media organisations and journalists, and started or resumed criminal investigations on some past atrocities. Political websites that were arbitrarily blocked from are once again accessible. Journalists who went into exile to save their lives have started returning.

On the law-making front, meanwhile, the 19th Amendment to the Constitution recognized the right to information as a fundamental right. But the long-awaited Right to Information Bill could not be adopted before Parliament’s dissolution.

Thus much more remains to be done. For this, a clear set of priorities has been identified through recent consultative processes that involved media owners, practitioners, researchers, advocacy groups and trainers. These discussions culminated with the National Summit on Media Reforms organised by the Ministry of Media, the University of Colombo, Sri Lanka Press Institute (SLPI) and International Media Support (IMS), and held in Colombo on 13 and 14 May.

In my latest Ravaya column (in Sinhala language, published on 12 July 2015), I list the priorities for media policy and law reforms that require political commitment by all political parties in Sri Lanka.

See also:

26 April 2015: සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

24 May 2015: සිවුමංසල කොලූගැටයා #220: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද?

Vigil for dead and disappeared Lankan journalists - held in Colombo, 4 Jan 2015

Vigil for dead and disappeared Lankan journalists – held in Colombo, 4 Jan 2015

අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සූදානම් වනවා. ඡන්ද පොරොන්දු ගැන මහජන විශ්වාසය පළුදු වී ඇතත්, ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන හා ප‍්‍රතිඥා ඉදිරි දිනවලදී එළි දක්වනු ඇති.

අපේක්ෂකයන්ගේ පසුබිමත්, පක්ෂ ප‍්‍රතිපත්ති හා ප‍්‍රතිඥාත් සලකා බලා ඡුන්දය ප‍්‍රකාශ කිරීම වඩාත් සුදුසුයි.

මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය සඳහාත්, භාෂණ නිදහස තහවුරු කිරීම සඳහාත් දේශපාලනික කැපවීමක් (political commitment) අවශ්‍යයි. මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන සම්පාදනය කරන අයගේ අවධානයටත්, සෙසු සමාජයේ දැන ගැනීමටත් මේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතා මොනවාදැයි කැටි කිරීමට මා අද උත්සාහ කරනවා.

මාධ්‍ය නිදහස පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන තේමාවක් වූවා. මැතිවරණයක් එලඹෙන විට ‘මාධ්‍ය නිදහස රකිනවා’ කීම පමණක් සෑහෙන්නේ නැහැ. එය සැබැවින්ම සාක්ෂාත් කර ගැනීමට ගත යුතු නීතිමය, ප‍්‍රතිපත්තිමය හා නියාමන මට්ටමේ පියවර ගණනාවක් තිබෙනවා.

20 වන සියවස මැද භාගයේ පැවති යථාර්ථයට අනුව සකස් වූ මාධ්‍ය නීතිරීති 21 වන සියවසේ දෙවැනි දශකය දක්වා තවමත් අපේ රටේ යොදා ගැනෙනවා. තොරතුරු සමාජය ඉදිරියට යන අතර ලක් සමාජය පසුගාමී වීමටත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විසමතා ඇති වීමටත් මේ නොගැලපීම දායක වනවා.

දේශපාලන ප‍්‍රතිඥාවලට සියල්ල වෙනස් කළ නොහැකි බව ඇත්තයි. එහෙත් සමාජයට කේන්ද්‍රීය වශයෙන් බලපාන මාධ්‍ය ක්ෂේත‍්‍රය වඩාත් වගකීම් සහගත හා බලාත්මක කරන්නට ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වනවා.

මැයි මස 13-14 දෙදින තුළ කොළඹදී පැවති මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය සඳහා ජාතික සමුළුව හරහා මෙම අවශ්‍යතා හඳුනා ගෙන අදාළ සියලූ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රමුඛතා ගත කෙරුණා. මේ පියවර 12 මා තෝරා ගත්තේ එතැනින්.

1. තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කැරෙන පනත් කෙටුම්පතක් මැයි මාසය අවසන් වන විට සූදානම්ව තිබුණා. අංග සම්පූර්ණ නොවූවත් යම් තරමකට මහජනතාවගේ තොරතුරු අයිතිය සම්පාදනය කළ හැකි මේ කෙටුම්පත අවාසනාවකට පාර්ලිමේන්තුව විසුරුවන තෙක් සම්මත කරගත නොහැකි වුණා. මීළඟ පාර්ලිමේන්තුවේදී මෙය හැකි තාක් ඉක්මනින් විවාදයට ගෙන සම්මත කර ගන්නා මෙන් අප සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. එය සඳහා පැහැදිලි කැපවීමක් මැතිවරණ ප‍්‍රකාශයන්ගෙන් අප අපේක්ෂා කරනවා. 2002 සිට විවිධ උත්සාහයන් ගත්ත ද තවමත් නීතිගත කර ගන්නට බැරි වූ තොරතුරු පනත 2015 වසර ගෙවී යන්නට පෙර සම්මත කර ගැනීම සියලූ පුරවැසියන් මෙන්ම සියලූ මාධ්‍යවේදීන්ගේ ද ප‍්‍රමුඛතාවක් විය යුතුයි.

2. බි‍්‍රතාන්‍ය පාලකයන් යටත් විජිතවල වැසියන් සිය පරිපාලනය ගැන ඇති තරම් තොරතුරු දැන ගැනීම වැළැක්වීමට හඳුන්වා දුන් සීමා හා දණ්ඩන බොහෝ දුරට ගෙඩි පිටින් නිදහස් ලංකාව ද පිළිගෙන තිබෙනවා. 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත දැන් වසර 60ක් පැරණියි. එයට ආකෘතිය වූ 1911 බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය රහස් පනත සම්මත කර ගත්තේ පළමුවන ලෝක යුද්ධ සමයටත් පෙර යුරෝපයේ පැවති අවිනිශ්චිතබව තුළ රාජ්‍ය රහස් සතුරන් අතට යාම වැළැක්වීමටයි.

පසු කාලීනව මතු වූ සාධාරණ විවේචනවලට සංවේදී වූ බි‍්‍රතාන්‍ය රජය 1989දී රාජ්‍ය රහස් පිළිබඳව වඩා ප‍්‍රගතිශීලී පනතක් සම්මත කළා. එහෙත් සියවසක් පැරණි ආකෘතියකට සාදන ලද අපේ පනත තවමත් ‘රාජ්‍ය රහස්’ යන්න පුළුල්ව නිර්වචනය කරනවා. මේ අනුව රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට ඍජුවම අදාළ තොරතුරු පවා ‘රහසිගත’ ලේබලය ගසා යටපත් කිරීමට නිලධාරීන්ට ඉඩ ලැබෙනවා. රජයකට යම් තොරතුරු රහසිගතව පවත්වා ගැනීමට සාධාරණ අයිතියක් ඇතත්, එය නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන්ට හා තොරතුරු සමාජයේ තාක්ෂණික යථාර්ථයන්ට අනුකූල විය යුතුයි. රාජ්‍ය රහස් පනත සංශෝධනය කොට කාලානුරූප කිරීමේ ප‍්‍රතිඥාවක් අප අපේක්ෂා කරනවා.

National Right to Information laws status - as of 2013

National Right to Information laws status – as of 2013

3. මාධ්‍යවේදීන් හා සෙසු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පොදු උන්නතිය උදෙසා සන්නිවේදනය කරන විට ඔවුන්ට බලපෑම් කළ හැකි හා හිරිහැර කිරීමට රජයන් විසින් යොදා ගන්නා තවත් ආන්දෝලනාත්මක නීති තිබෙනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එහි සංශෝධන, පාර්ලිමේන්තු වරප‍්‍රසාද පිළිබඳ නීතිය මෙන්ම රාජ්‍ය ද්‍රෝහීත්වය පිළිබඳ යටත්විජිත සමයේ සිට පැවතෙන නීති ද මේ අතර වනවා.

භාෂණ නිදහසට සැබැවින්ම කැප වන්නේ නම් අපේ දේශපාලන පක්ෂ මෙවැනි සියලූ නීති සමීප විමර්ශනයකට ලක් කිරීමකට එකඟ විය යුතුයි. එහිදී යල්පැන ගිය නීති ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නව සියවසට හා පවතින යථාර්ථයන්ට සරිලන පරිදි අලූත් කිරීමට ප‍්‍රතිඥාවක් අප බලාපොරොත්තු වනවා.

4. අධිකරණයට නිසි ගරුසරු දැක්විය යුතු බව ශිෂ්ඨ සමාජයන් පිළි ගන්නවා. එයට සමාන්තරව අධිකරණයේ ක‍්‍රියාදාමය ද මාධ්‍යවල හා මහජනතාවගේ නිරීක්ෂණ හා විචාරයන්ට ලක් විය යුතුයි. යහපාලනයේ එක් වැදගත් ගුණාංගයක් වන්නේ යුක්තිය පසිඳලීම සඳහා ඇති ආයතන පිළිබඳ මහජන පිළිගැනීම ඉහළ යාමයි. අධිකරණ නඩු තීන්දු මෙන්ම විනිසුරුකරුවන්ගේ ක‍්‍රියාදාමයන් ගැන විචාරය කිරීමට අපේ මාධ්‍ය බොහෝ විට මැලි වන්නේ අධිකරණයට අපහාස කිරීම (contempt of court) යටතේ චෝදනා ලැබෙතැයි බියෙන්.

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා ඉන්දියාව වැනි රටවල අධිකරණ අපහාස නීතිය අපේ මෙන් පුළුල් නැහැ. භාෂණ නිදහස හා අධිකරණයේ ගරුත්වය ඔවුන් වඩා හොඳින් තුලනය කරනවා. සැබැවින්ම අධිකරණයට අපහාසයක් යනු කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනය කරමින් මේ පිළිබඳ නව නීතියක අවශ්‍යතාව මෙරට මතුව තිබෙනවා. මෙය මාධ්‍යවලට මෙන්ම සියලූ පුරවැසියන්ගේ භාෂණ නිදහස තහවුරු කරන්නක්. මෙයටත් දේශපාලන පක්ෂවල කැපවීමක් අවශ්‍යයි.

Sri Lanka revives Press Council devil5. 1973දී පනතක් හරහා පිහිට වූ රජයට අයත් පුවත්පත් මණ්ඩලය (Press Council) බොහෝ මාධ්‍යවේදීන් දකින්නේ මර්දනකාරී ආයතනයක් ලෙසයි. එය මුළුමනින් වසා දමා එහි අදාළ නීතිය ද නීති පොතෙන් ඉවත් කළ යුතුයි.

මුද්‍රිත මාධ්‍ය කර්මාන්තය විසින්ම ස්වයං නියාමනය කිරීමේ උත්සාහයක් නම් 2003දී පිහිටුවා ගත් පුවත්පත් පැමිණිලි කොමිසමයි (PCCSL, www.pccsl.lk). මෙහි තීරණ පිළිගැනීමට බහුතරයක් පුවත්පත් එකඟ වී සිටිනවා. රටේ තිබෙන 50කට අධික රේඩියෝ නාලිකා හා 20කට අධික ටෙලිවිෂන් නාලිකාවල අන්තර්ගතය ගැන ස්වයං නියාමනයක් කිරීමට මෙබඳු ආයතනයක් බිහිවීමේ ඕනෑකම තදින් දැනෙනවාග නමුත් එය රජයේ නොව කර්මාන්තයෙන්ම මතු විය යුතුයිග රජය මාධ්‍ය අන්තර්ගතය නියාමනය කිරීමේ වැඩවසම් මානසිකත්වයෙන් අප මිදිය යුතුයි.

6. 1990 දශකය මුල පටන් මෙරට රේඩියෝ හා ටෙලිවිෂන් ක්ෂේත‍්‍රවලට පෞද්ගලික සමාගම් සම්බන්ධ වී නාලිකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එහෙත් විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර නිකුත් කිරීම හා සංඛ්‍යාත ලබාදීම වසර 25ක් තිස්සේ විවිධ රජයන් යටතේ සිදුව ඇත්තේ කිසිදු ක‍්‍රමවේදයකින් තොරව බලයේ සිටින පක්ෂයේ අභිමතයටයි. මෙය කල්ගත වී හෝ නිසි පිළිවෙළකට යොමු කරන්නට ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් (Independent Broadcast Commission) අවශ්‍යයි. විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන්නේ මහජනයා සතු පොදු දේපලක් වන විද්‍යුත් චුම්භක වර්ණාවලියේ කොටස් නිසා දේශපාලකයන්ට, නිලධාරීන්ට හා ව්‍යාපාරිකයන්ට හිතුමතේට එය බදා ගෙන සිටීමට අයිතියක් නැහැ. විද්‍යුත් මාධ්‍ය කොමිසම කළ යුත්තේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තාක්ෂණික නියාමනය පමණක් මිස අන්තර්ගතය පාලනය කිරීම නොවෙයි.

7. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ රජය යටතේ පවතින ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව හා ITN ආයතනය මෙතෙක් ක‍්‍රියාත්මක වී ඇත්තේ පවත්නා රජයේ ප‍්‍රචාරක මාධ්‍ය ලෙසයි. මේ ගැති බවින් අත්මිදී සැබෑ මහජන සේවා විද්‍යුත් මාධ්‍ය (public service broadcasters) ලෙස ක‍්‍රියාකිරීමට ඒවාට ව්‍යුහමය ස්වාධීනත්වය හා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම බොහෝ කලෙක සිට මේ ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් ඉල්ලා සිටින්නක්.

එයට සමාන්තරව ප‍්‍රජා මට්ටමේ රේඩියෝ සේවා පවත්වා ගැනීමට සරසවිවලට, සිවිල් සමාජ සංවිධානවලට වෙනත් පුරවැසි කණ්ඩායම්වලට ඉඩ ලැබෙන පරිදි පවතින නීතිරීති ප‍්‍රතිසංස්කරණය විය යුතුයි. (රජයේ ගුවන්විදුලිය යටතේ ‘ප‍්‍රජා’ යයි හඳුන්වා ගත් රේඩියෝ සේවා කිසිසේත්ම ප‍්‍රජා සේවා නොවෙයි.)

8. 1973දී රජයට පවරා ගෙන බලයේ සිටින පක්ෂයේ ප‍්‍රචාරණයක් ලෙස පත්තර පළ කරන ලේක්හවුස් ආයතනය ද එම ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගත යුතුයි. එය කෙසේ කරනවාද යන්න මාධ්‍ය වෘත්තිකයන් සමග සංවාදයෙන් විවෘතව තීරණය කළ යුතුයි. ආණ්ඩුව පත්තර ගැසීම මෙන්ම රේඩියෝ හා ටෙලිවිෂන් සේවා පවත්වා ගෙන යාම වැනි 20 වන සියවසේ යල් පැන ගිය පුරුදුවලින් අත්මිදිය යුතුව තිබෙනවා.

9. මාධ්‍ය නිදහසට ඍජුව බලපාන තවත් සාධකයක් වන්නේ මාධ්‍ය හිමිකාරීත්වයයි. ප‍්‍රාග්ධනය ඇති, දේශපාලන සබඳතා ඇති ඕනෑම අයකුට හෝ සමාගමකට පත්තර, රේඩියෝ හෝ ටෙලිවිෂන් ව්‍යාපාර ඇරඹිය හැකිව තිබෙනවා. ප‍්‍රකාශන නිදහස හා වෙළෙඳපොළ නිදහස සීමා නොවන පරිදි මෙය ද යම් නියාමනයකට ලක් විය යුතුයි.

වඩාත් පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති රටවල එක සමාගමකට හෝ හිමිකරුවකුට පවත්වා ගෙන යා හැකි මාධ්‍ය ප‍්‍රකාශන හෝ චැනල් සංඛ්‍යාවට යම් නීතිමය සීමා පනවනවා. එකම මාධ්‍ය ආයතනය පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන් මාධ්‍ය දියත් කිරීම ද යම් සීමාවලට නතුවනවා. එසේ කරන්නේ තනි හිමිකරුවෙක් හෝ සමාගමක් ජනමතයට උවමනාවට වඩා බලපෑම් ඇති කිරීම වැළැක්වීමට. මින් පෙර නොවූ විරූ පරිදි අපේ මාධ්‍ය ක්ෂේත‍්‍රය විස්තාරණය වන නිසා අපටත් මෙබඳු නියාමන සීමා අවශ්‍යයි.

10. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තේරී පත් වී දින කිහිපයක් ඇතුළත මෙරට තුළ සිට පිවිසීමට නොහැකි වන සේ අවහිර කොට තිබූ දේශපාලනික හා කාලීන පුවත් වෙබ් අඩවි ගණනාවක් අපට යළිත් කියවිය හැකි වුණා. එහෙත් විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) 2007 සිට වසර ගණනක් තිස්සේ ඒවා අවහිර කළේ කෙසේද යන්න ගැන අද වන තුරු කිසිදු වගවීමක් හෝ විපරමක් නැහැ.

ශිෂ්ඨ සමාජවල වෙබ් අඩවි බ්ලොක් කළ හැක්කේ නීතිමය රාමුවක් තුළ අධිකරණ අධීක්ෂණය/අනුමැතිය යටතේ පමණයි. (උදා: ලිංගිකව අසැබි වෙබ් අඩවි අවහිර කිරීම.) මේ සීමාවන් පැහැදිලිව ප‍්‍රකාශ කැරෙන ජාතික මට්ටමේ වෙබ් ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. එසේ නැති වුවහොත් අනාගතයේ යළිත් හිතුමතේට වෙබ් අඩවි බ්ලොක් කිරීමට දේශපාලකයන්ට හා නිලධාරීන්ට හොඳටම ඉඩ තිබෙනවා.

11. තොරතුරු තාක්ෂණය වඩාත් සමාජගත වීමත් සමග අලූත් අභියෝග මතුව තිබෙනවා. පවත්නා තොරතුරු තාක්ෂණ ජාතික ප‍්‍රතිපත්ති මගින් මේවා හරිහැටි ආවරණය වන්නේ නැහැ. මහජනයාගේ පෞද්ගලික ටෙලිෆෝන් කතාබහ, SMS පණිවුඩ, ඊමේල් හා සමාජජාල සාමීචි කතා අනවසරයෙන් ග‍්‍රහණය කිරීමට ආරක්ෂක අංශවලට ඇති ඉඩකඩ දැඩිව සීමා කළ යුතුයි. එබඳු අන්වේක්ෂණය (state surveillance) අත්‍යවශ්‍ය විට අධිකරණ අනුමැතිය මත පමණක් සිදුවීම වැදගත්.

එසේම ඩිජිටල් මාධ්‍ය හරහා එකතු වන මහජන තොරතුරු නිසි දත්ත ආරක්ෂණ ප‍්‍රතිපත්ති යටතේ ගබඩා කිරීමටත්, පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය (privacy) රැකෙන ලෙස කටයුතු කිරීමටත් රජයට මෙන්ම ටෙලිකොම් සමාගම්වලට සදාචාරාත්මක වගකීමක් තිබෙනවා. එය තහවුරු කැරෙන නීති හා නියාමන පිළිවෙත් ද අවශ්‍යයි. එසේ නැතිව නොමිලේ රැහැන් රහිත ඉන්ටර්නෙට් (Free WiFi) දුන්නාට මදි!

12. අවසන් වශයෙන් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට අනිසි බලපෑම් හා තර්ජනවලින් තොරව තමන්ගේ වගකීම් ඉටුකිරීමට හැකි වන නීතියේ අධිපාලනය (Rule of Law) ස්ථාපිත වූ ලක් සමාජයක් යළි බිහි කිරීම ද හදිසි අවශ්‍යතාවක්.

Demanding media freedom

Demanding media freedom

‘මාධ්‍යවලට අත නොතබනු’ යන උද්‍යොග පාඨයට සමාජයේ බහුතරයක් දෙනා එකඟයි. මාධ්‍ය අන්තර්ගතය නියාමනයට රජය හෝ බාහිර පාර්ශ්වයන් මැදිහත් නොවිය යුතුයි. එහෙත් ආචාර ධර්මීය රාමුවක් තුළ වෘත්තිමය මට්ටම ඉහළ නැංවීමේ සැබෑ උනන්දුවක් මාධ්‍යවේදීන් තුළින් ම මතුවීම ද අවශ්‍යයි.

පෙර තිබුණාට සාපේක්ෂව තත්ත්වය ටිකක් යහපත් වී ඇතැයි කියා පසෙකට වී සිටින්නට පුරවැසියන්ට හෝ මාධ්‍යවේදීන් බැහැ. ජනවාරි 9 වනදා ඇරඹි ගමනේ තව බොහෝ දුර යා යුතුව තිබෙනවා!

Posted in Broadcasting, Campaigns, good governance, Human rights, ICT, Internet, Journalism, Media, Media activism, Media freedom, Media Reforms, New media, public interest, Ravaya Column, Sri Lanka, Telecommunications, Television. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Leave a Comment »