සිවුමංසල කොලූගැටයා #252: ප්‍රජාතන්ත්‍රවාදයේ ඩිජිටල් මුහුණුවර හා ජනවාරි 8 පෙරළියේ ඉතිරි අභියෝග

"For only the second time in my life, I voted for a winning candidate on 8 Jan 2015. I now keep insisting that be delivers on his promises." - Nalaka Gunwardene
“For only the second time in my life, I voted for a winning candidate on 8 Jan 2015. I now keep insisting that Maithripala Sirisena delivers on his promises.” – Nalaka Gunwardene, blogger and tweep

At Sri Lanka’s seventh presidential election, held on 8 January 2015, we citizens sent the despotic Rajapaksa regime home. Contrary to some assertions, it was an entirely a home-grown, non-violent and democratic process. An impressive 81.52% of registered voters (or 12.26 million persons) took part in choosing our next head of state and head of government: Maithripala Sirisena.

It was also Sri Lanka’s first national level election where smartphones and social media played a key role and probably made a difference in the outcome. During the weeks running up to 8 January, hundreds of thousands of Lankans from all walks of life used social media to vent their frustrations, lampoon politicians, demand clarity on election manifestos, or simply share hopes for a better future.

As I documented shortly afterwards, most of us were not supporting any political party or candidate. We were just fed up with nearly a decade of mega-corruption, nepotism and malgovernance. Our scattered and disjointed protests – both online and offline – added up to just enough momentum to defeat the strongman Mahinda Rajapaksa. Just weeks earlier, he had appeared totally invincible.

Thus began the era of yaha-palanaya or good governance.

In real life, democracy is a work in progress and good governance, an arduous journey. In this week’s Ravaya column (appearing in issue of 10 January 2016), I argue that voting in two key elections during 2015 (including Parliamtnary Election held on 17 August) was the easy part. We citizens now have to be vigilant and stay engaged with the government to ensure that our politicians actually walk their talk.

Here, we can strategically use social media among other advocacy methods and tools.

See my English essay which covers similar ground: Yahapalanaya at One: When will our leaders ‘walk the talk’? Groundviews.org, 4 January 2016

මීට වසරකට පෙර තීරණාත්මක මැතිවරණයක් අබිමුඛ්හාව නාලක ගුණවර්ධන සමාජ මාධ්‍ය හරහා බෙදාගත් 2015 අවුරුදු පැතුම
මීට වසරකට පෙර තීරණාත්මක මැතිවරණයක් අබිමුඛ්හාව නාලක ගුණවර්ධන සමාජ මාධ්‍ය හරහා බෙදාගත් 2015 අවුරුදු පැතුම

ජනාධිපතිවරණයට දින කීපයකට පෙර 2015 ජනවාරි 1 වනදා මගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා එළැඹෙන වසරට මගේ පැතුම රූප-වචන මිශි‍්‍රත මීම් (meme) එකක ස්වරූපයෙන් මුදා හැරියා. එහි කියැවුණේ 2015 මගේ පැතුම: යටත් වැසියකු නොවන නිදහස් පුරවැසියෙක්!

2015 ජනවාරි 8 වනදා උදෙන්ම ගොස් මා ඡන්දය දුන්නේ මෛතී‍්‍රපාල සිරිසේන නම් මැතිවරණ අපේක්ෂකයාට නොවෙයි. ඔහු සංකේතවත් කළ පරමාදර්ශී යහපාලන සංකල්පයටයි. දේශපාලනයේදී පුද්ගලයින්ට වඩා සංකල්ප වටිනා බව කලක් ගත වී හෝ මා තේරුම් ගෙන සිටිනවා.

යහපාලනයේ ජයග‍්‍රහණයෙන් මා ප‍්‍රමෝදයට පත් වූයේ කිසිදා සිරිසේනගේ හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක හෝ හිතවතකු නොවූ ස්වාධීන පුරවැසියකු හැටියටයි.

ජනවාරි 9 වන දා සිට සාපේක්ෂව වඩා නිදහස් හා මානව හිමිකම් ගරු කරන වාතාවරණයක ජීවත්වීමේ අවකාශය ලක්වැසියන්ට උදා වූ බව කිව යුතුයි. බියෙන් තොරව රටේ නායකයා හා සෙසු පාලක පිරිස නිර්දය ලෙස විවේචනය කිරීමේ හැකියාව 2015 වසර පුරා මා රායෝගිකව අත්හදා බැලුවා. රටේ නායකයා යහපත් දෙයක් කළ විට එය පසසන්නත්, වැරදි දෙයක් කළ විට එය විවේචනය කරන්නත් හැකි පසුබිමක් යළි උදා වීම ලොකු දෙයක්.

එහෙත් අප හමුවේ තවමත් අභියෝග රැසක් ඉතිරිව තිබෙනවා.

එයින් එකක් නම් ජනවාරි 8 මැතිවරණ ප්‍රතිඵලය පිළිගන්නට සමහරුන් නොකැමැති වීමයි. ඒ ගැන විවිධ කුමන්ත්‍රණ තර්ක මතු වනවා. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍රහණය පිටුපස අදිසි හස්තයක් නැතහොත් ජාත්‍යන්තර බලපෑමක් කි‍්‍රයාත්මක වූවා ද? එය මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ මහා “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” කොටසක්ද? මෙවන් ප‍්‍රශ්න වසරක් ගත වීත් තවමත් සමහරුන්ගේ මනසේ සැරිසරන බව පෙනෙනවා.

මෙය විග්‍රහ කරන්න මා එක්තරා උපමිතියක් යොදා ගන්නට කැමතියි.

අනුරාධපුරයේ හා පොළොන්නරුවේ හමු වන මහා දාගැබ් පුරාණ ලෝකයේ දැවැන්ත ඉදිකිරීම් අතරට ගැනෙනවා. ඒවායේ වාස්තු විද්‍යාත්මක හා ඉංජිනේරුමය නිමාව අපේ පැරැන්නන්ගේ විද්‍යා හා තාක්ෂණය හැකියාවන්ට මනා උදාහරණයි.

අනුරාධපුරයේ පිහිටි මිරිසවැටිය, රුවන්වැලි සෑය හා ජේතවනය යන මහා දාගැබ් තුන දිශා පිහිටුවීමේදී හා ඉදි කිරීමේදී පිටසක්වල බුද්ධිමත් ජීවීන්ගේ සහාය ලැබී ඇතැයි 1997දී ලාංකිකයකු ලියූ පොතකින් අසාමාන්‍ය තර්කයක් මතු කරනු ලැබුවා (Alien Mysteries in Sri Lanka & Egypt, by Mihindukulasuriya Susantha Fernando, 1997). ඊජිප්තුවේ මහා පිරමීඩ හා අපේ මහා දාගැබ් සසඳමින් ලියා ඇති මේ පොත විද්‍යාත්මක සාධක හා තර්කවලට වඩා පරිකල්පනය හා විශ්වාස මත පදනම් වූවක්.

එම පොත ගැන මගේ ප්‍රතිචාරය වූයේ මෙයයි. “ඕනෑම ඓතිහාසික හෝ කාලීන හෝ කරුණක් ගැන තමන් රිසි ලෙසින් ප‍්‍රතිවිග‍්‍රහ කිරීමේ අයිතිය විවෘත සමාජයක තිබිය යුතුයි. එසේම එවන් විග‍්‍රහයන් සංවාදයට ලක් විය යුතුයි. එසේ නමුත් අපේ මහා දාගැබ් තැනීමට පිටසක්වල ජීවීන්ගේ සහාය ලැබුණා යන කල්පිතයේ යටි අරුත එවැනි හපන්කම් අපේ ඇත්තන්ට තනිවම කළ නොහැකි වූ බවද?”

ඈත හෝ මෑත ඉතිහාසය ගැන ෆැන්ටසි ආකාරයේ කල්පිත හෝ කුමන්ත‍්‍රණ කථා මතු කරන විට බෙහෙවින් ප‍්‍රවේශම් විය යුතු බවට මෙය හොඳ උදාහරණයක්.

2015 ජනවරි 8 වනදා සිදු වූ දේශපාලන බල සංක‍්‍රාන්තිය ගැන පරාජිතයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් මතු කරන විග‍්‍රහයන් අභව්‍යයි.

එදා මෙරට සිදු වූයේ මෑත ඉතිහාසයේ සාපේක්ෂව වඩා සාමකාමී මැතිවරණය හරහා ඡන්දදායකයන් විසින් නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමයි. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 81.52%ක් (එනම් 12,264,377ක්) ඡන්දය ප‍්‍රකාශ කළා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා හා කාර්ය මණ්ඩලය වග බලා ගත්තා.

මැතිවරණ කැම්පේන් කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයාගේ වාසියට රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා ගත් නමුත් අවසානයේදී තීරකයන් වූයේ ඡන්දදායක අපියි. වැඩි ඡන්ද 449,072කින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජය ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ කි‍්‍රයාකාරීත්වය සංකේතවත් කරමින්.

අපේ මැතිවරණ නිලධාරීන් මහත් ආයාසයෙන් පැවැත් වූ මැතිවරණයකින් අපේ ඡන්දදායකයන් බහුතරයකගේ රහසිතගව රකාශ ඡන්දවල සමුච්චිත රතිඵලය ලෙස සාමකාමී බල සංකරාන්තියක් සිදු කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ අපටමයි.

එය රටින පිටත සිටින කුමන හෝ බලවේගයකට පැවරීමට තැත් කිරීම අපේ ඡන්දදායකයින්ට, මැතිවරණ යාන්ත‍්‍රණයට හා සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කරන නිග‍්‍රහයක්. පටු අරමුණු තකා උඩ බලාගෙන කෙළ ගැසීමක්.

මැතිවරණයේ ප‍්‍රතිඵලය ගැන සමහරුන් ප‍්‍රමෝදයට පත්වූ අතර, තවත් සමහරුන් කණගාටුවට පත් වූවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වභාවයයි. අපේ පෞද්ගලික රුචි අරුචිකම් කුමක් වුවත් එම කි‍්‍රයාදාමය හා ප‍්‍රතිඵලය අවතක්සේරු කිරීම හෝ ගැරහීමට ලක් කිරීම අනුවණකාරී වැඩක්.

ජනාධිපතිවරණයට පසුදා නාලක ගුණවර්ධන කඩිමුඩියේ නිමවා සමාජමාධ්‍යවලට මුදා හැරි මීමය - සිය ගණනින් ෂෙයාර් කරන ලදී
ජනාධිපතිවරණයට පසුදා නාලක ගුණවර්ධන කඩිමුඩියේ නිමවා සමාජමාධ්‍යවලට මුදා හැරි මීමය – සිය ගණනින් ෂෙයාර් කරන ලදී

 

ජයග‍්‍රාහකයාගේ වැඩි ඡන්ද 449,072ට දායක වූ සාධක ගැන ද විවාදයක් තිබෙනවා.

රාජපක්ෂ පාලනය යටතේ පැවති දශකයක පමණ කාලය තුළ රටේ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගරා වැටීම ගැන කලකිරීමට පත් සිංහල මධ්‍යම පාන්තිකයක්ගෙන් කොටසක් වෙනසක් සඳහා ඡන්දය ප‍්‍රකාශ කළ බව එක් මතයක්. මාන්නාධික පාලකයකුගේ යටත් වැසියන් ලෙස නොව නිවහල් පුරවැසියන් ලෙස යළිත් විසීමට අපට ඕනෑ වුණා.

එසේම පසුගිය පාලන සමයේ නිතර අවමානයට හා වෙනස්කම්වලට ලක් වූ සුළුජාතීන් හා ආගමික සුළුතරයන් අතර සමහරෙක් ද පැවති පාලනය වෙනස් කිරීමට ඡන්දය දුන්නා යයි අනුමාන කළ හැකියි.

මෙයට අමතරව එතරම් අවධානයට ලක් නොවූ සාධකයක් මා දකිනවා. ජනවාරි 8 වනදා ජනාධිපතිවරණයට ලියාපදිංචි ඡන්දදායකයන් 15,044,490ක් සිටියා. මේ අතර මෑතදී වයස 18 පසු කිරීම නිසා ජීවිතයේ මුල් වතාවට ඡන්දය දැමීමේ වරම ලද තරුණ තරුණියන් මිලියනයක් පමණ ද සිටියා.

මේ පිරිසේ බොහෝ දෙනෙකු ජංගම දුරකථන භාවිත කරන, ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් සම්බන්ද වන අයයි. (ඉන්ටර්නෙට් තව දුරටත් ටික දෙනෙකුට සීමා වූ නාගරික වරප‍්‍රසාදයක් නොවෙයි.) ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය ජාල (විශේෂයෙන් ම ෆේස්බුක්, ට්විටර් හා යූටියුබ්) හරහා මැතිවරණ සමයේ බොහෝ නොනිල තොරතුරු ගලා ගියා. සංවාද සිදු කෙරුණා.

මේ හරහා තරුණ ඡන්දවලට යම් බලපෑමක් සිදු කරන්නට ඇතැයි මා සිතනවා. මෙය ආසියානු කලාපයේ වෙනත් රටවල සමාජ මාධ්‍ය හා මැතිවරණ කි‍්‍රයාදාමයන්ට සමකළ හැකියි.

ජනවාරි 8 වනදා සිදුවූ සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු පෙරළියට වෙබ්ගත සමාජ මාධ්‍යයද සැළකිය යුතු මට්ටමින් දායක වූ බව ජනාධිපති වීමෙන් ටික දිනකට පසු මෛතී‍්‍රපාල සිරිසේන කියා සිටියා. ජනාධිපතිවරණයේ සන්නිවේදන කි‍්‍රයාදාමයන් ගැන කළ විග‍්‍රහයකදී මා එයට හේතු වූ සාධක විස්තරාත්මකව සාකච්ඡා කළා. [කියවන්න: Was #PresPollSL 2015 Sri Lanka’s first Cyber Election? By Nalaka Gunawardene. Groundviews.org, 13 January 2015].

සැකෙවින් කිව හොත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හරහා මුදල් ගෙවා හෝ මැතිවරණ ප‍්‍රචාරණය කිරීමට විපක්ෂයේ පොදු අපේක්ෂකයාට තිබුණේ සීමිත සම්පත් හා හැකියාවක්. බලයේ සිටි නායකයාට මෙන් ව්‍යාපාරික අනුග‍්‍රහය ලැබීමට හෝ රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස භාවිතයට හෝ හැකි වූයේ නැහැ.

මේ පසුබිම තුළ සිරිසේනගේ යහපාලන මැතිවරණ පණිවුඩ සමාජගත කිරීමට ප‍්‍රබලව දායක වූයේ (නිල මැතිවරණ ව්‍යාපාරයට කිසිසේත් සම්බන්ධ නොවූ) ස්වේච්ඡාවෙන් පෙරට ආ ඩිජිටල් හැකියාවන් තිබූ නිර්මාණශීලී තරුණ තරුණියන් පිරිසක්.

ඔවුන් සමාජ මාධ්‍යවලට හා වෙනත් වෙබ් අඩවිවලට මුදා හැරි කෙටි පණිඩුව, හාස්‍යජනක රූපමය පණිවුඩ (මීම්) හා වෙනත් අන්තර්ගතයන් ඉක්මණින් වෙබ් භාවිත කරන්නන් අතර සංසරණය වුණා. එතැනින් නොනැවතී සෙසු ජන සමාජයට ද කාන්දු වී පැතිරුණා.

මේ මගේ නිරීක්ෂණ පමණක් නොවෙයි. එය ගැන අවධානයෙන් සිටි තවත් අයගේ ද පිළිගැනීමයි. මට අමතරව රංග කලන්සූරිය හා අජිත් පැරකුම් ජයසිංහ වැන්නවුන් ද මේ සයිබර් සාධකය තහවුරු කරමින් ගෙවී ගිය වසරේ ලියා තිබෙනවා.

ජනවාරි 8 වනදා බහුතරයක් ලක්වැසි ඡන්දදායකයින් විසින් විවර කර ගත් යහපාලන අවකාශය, අගෝස්තු 17 වනදා පාර්ලිමේන්තු මැතිවරණයේදී යළිත් තහවුරු කරනු ලැබුවා.

එහෙත් පුරවැසි අපේ වගකීම එතැනින් හමාර වී නැහැ. යහපාලනය අයාලේ යන්නට, බඩගෝස්තරවාදයට නතු වන්නට බොහෝ ඉඩ තිබෙනවා. මේ අවදානම අවම කර ගත හැක්කේ අප දිගටම ආණ්ඩුකරණ කි‍්‍රයාදාමයේ සකි‍්‍රය කොටස්කරුවන් ලෙස සිටිය හොත් පමණයි.

කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි! යහපාලනයේ කයිය හා කෙරුවාව අතර මහා හිදැසක්!
කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි! යහපාලනයේ කයිය හා කෙරුවාව අතර මහා හිදැසක්!

මැතිවරණ අතරතුර කාලයේ දේශපාලනය හා ආණ්ඩුකරණය (politics and governance) එම කාර්යයේ පූර්ණකාලීනව නිරතවන දේශපාලකයන් පිරිසකට පවරා අපේ වැඩක් බලාගෙන ඔහේ ඉන්නට ඉඩක් අපට නැහැ. දශක ගණනක් එසේ කිරීමේ බරපතල විපාක අප දැන් අත් විඳිනවා.

තොරතුරු තාක්ෂණයෙන් ජවය ලබන හා ඒකරාශී වන තරුණ පුරවැසියන් තව දුරටත් පාලකයන්ට රිසි පරිදි “අමන පාලනයක්” ගෙන යාමට ඉඩ නොදෙනු ඇති. බොහෝ ගතානුගතික දේශපාලකයන් නව සන්නිවේදන තාක්ෂණයන්ට හා සමාජ මාධ්‍යවලට බිය වන්නේ ද මේ නිසායි! මෙතෙක් කල් කළ සටකපටකම් දිගටම කිරීම අසීරු වන බැවින්.

25 August 2015: සිවුමංසල කොලූගැටයා #233: ප‍්‍රජාතන්ත‍්‍රවාදය නවීකරණය කරන සමාජයීය වගවීම

අඩ සියවසකට වැඩි කාලයක් (1956 – 2008) ශී‍්‍ර ලංකාවේ පදිංචිව සිටි, විද්‍යා ලේඛක හා අනාගතවේදී ශී‍්‍රමත් ආතර් සී ක්ලාක්ගේ අදහස් කිහිපයක් සිහිපත් කිරීම වැදගත්.

ඔහු අවසන් වරට මෙරට ප‍්‍රකාශනයක් සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් කළේ 2005 මුලදී. සුනාමියෙන් සති කිහිපයකට පසු LMD ව්‍යාපාරික සඟරාව සමග කළ ඒ සංවාදය අතරතුර මෙරටට උචිත ආණ්ඩුකරණයක් ගැනත් කථා කළා.

රටේ අවශ්‍යතාවලට ගැළපෙන හොඳම පාලන ක‍්‍රමය කුමක්දැයි ඔහුගෙන් ඇසූ විට දුන් පිළිතුර මෙයයි.

රජාතන්තරවාදය හොඳයි හා නරකයි යන තර්ක දෙකම අපට නිතර අසන්නට ලැබෙනවා. රජාතන්තරවාදය පරිපූර්ණ නැහැ. එය යාවත්කාලීන කිරීම හා රටේ හැටියට යම් තරමකට හැඩගස්වා ගැනීම අවශ්යයි. එසේම සියවස් ගණනක් පැවත රජාතාන්තිරක සම්ප්‍රදායන් නූතන තාක්ෂණයන්ගේ පිහිටෙන් වඩාත් දියුණු තියුණු කළ හැකියි.

 “සීඝරයෙන් ගෝලීයකරණය වන අපේ ලෝකයේ දුගී බව පිටු දැකීමට හා සියලූ ජනයාගේ ජීවන මට්ටම් නඟා සිටුවීමට නම් රාජ් තන්තරයේ නිසි වගකීම සහ වගවීම අවශ්යයි. එය මධ්යම, පළාත් හා පළාත් පාලන යන සියලූ මට්ටම්වල සිදුවිය යුතුයි.

 “මෙය සාක්ෂාත් කර ගත හැක්කේ පුරවැසියන් මැතිවරණවල ඡන්දය දීමෙන් හා කලින් කලට ආණ්ඩු මාරු කිරීමෙන් නොනැවතී දිගටම රජයන් හා ජනතා නියෝජිතයන් සමග ගණුදෙනුවක යෙදීමෙන්. මෙයට සමාජයීය වගවීම (social accountability) යයි කියනවා.

 “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් ශූර ලෙස යොදා ගනිමින්. දත්ත හා සාක්ෂි මත පදනම් වී ආණ්ඩුකරණය විචාරයට ලක් කිරීමට අද පුරවැසියන්ට හැකියාව තිබෙනවා. මීට පෙර පරම්පරාවල ආවේගශීලීව හෝ හුදු දේශපාලන මතවාද මත පමණක් උද්ඝෝෂණ කළ පුරවැසියන්ට දැන් ඊට වඩා හරවත්ව හා ඉලක්කගතව රාජ් තන්තරය විවේචනය කළ හැකියි.

 “මහජන මුදල් භාවිතය, රාජ් ආයතනවල අකාර්යක්ෂමතා, දූෂණ, වංචා හා බොරු ප්රෝඩා ගැන සූක්ෂම ලෙස ගවේෂණය කිරීමට හා තමා සොයා ගන්නා දේ ඉක්මණින් වෙබ් ගත කිරීමට අද ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ වූ පුරවැසියන්ට හැකියි. මේ නව හැකියාවන් හරහා යහපත් ආණ්ඩුකරණයට සියලූ දේශපාලකයන්ට හා රාජ් නිලධාරීන්ට බල කිරීමේ විභවය ජනතාවට ලැබෙනවා. මේ බලය නිසි ලෙස භාවිත කිරීමට අප උත්සුක විය යුතුයි.

Arthur C Clarke's remarks on ICTs and good governance, made in 2005
Arthur C Clarke’s remarks on ICTs and good governance, made in 2005

2008 මාර්තුවේ අප අතරින් නික්ම යන තුරුම ක්ලාක් නිතර කීවේ මේ නව සියවසේ ප‍්‍රබලම අවිය හා වටිනාම ඉන්ධනය වන්නේ තොරතුරු හා දැනුම බවයි. (තොරතුරුවලට සමාජයීය අගයක් එකතු කළ විට එය දැනුම බවට පත් වනවා.)

See also:
4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

18 January 2015: සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

 

My Wish for 2016: For an Open Society engaged with the world!

Here are my wishes for 2016, shared on Facebook and Twitter as home-made web memes.

I wish for a truly OPEN SOCIETY in ‪Sri Lanka in 2016
where good ideas flow freely,
public debate is informed, wide-ranging and courteous
and there are no Sacred Cows!

Let’s make it so! The power is with each and every one of us.

And here is the Sinhala language version:

හරබර අදහස් නිදහසේ ගලා යන,
පුළුල් හා ආචාරශීලී සංවාද නිරතුරු සිදුවන
අධිපතිවාදයන් හා හණමිටි ආකල්ප පිටු දකින
විවෘත ලක් සමාජයක් 2016 බිහි කරමු!

Nalaka Gunawardene's New Year Wish for 2016
Nalaka Gunawardene’s New Year Wish for 2016

 

On New Year’s eve, I shared this timeless quote of Mahatma Gandhi, which I felt was relevant for raging debates in Sri Lanka on what constitutes ‘our culture’ and how best to preserve it.

Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies
Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies

 

And here is how I rendered it into Sinhala language:

මගේ නිවස වටා සැම අතින් පවුරු බැඳ,

එහි කවුළු සියල්ල වසා දමන්නට මා කොහෙත්ම කැමති නැහැ.

ලොව නොයෙකුත් සංස්කෘතීන්ගේ ආභාෂ ප්රවාහයන්

මනිවසේ නිදහසේ සංසරණය වීම මට අවශ්යයි.

එහෙත් කිසිවකින් මා පෙරළා දමන්නට නම් මා ඉඩ දෙන්නේ නැහැ.

Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies - translated by Nalaka Gunawardene
Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies – translated by Nalaka Gunawardene

සිවුමංසල කොලූගැටයා #250: සුනාමි උවදුරකට හරි හැටි මුහුණ දීමට දැන්වත් අප සූදානම්ද?

Managing disaster early warnings is both a science and an art. When done well, it literally saves lives — but only if the word quickly reaches all those at risk, and they know how to react.

We have come a long way since the devastating Boxing Day tsunami of December 2004 caught Indian Ocean countries by surprise. Many of the over 230,000 people killed that day could have been saved by timely coastal evacuations.

Early warnings work best when adequate technological capability is combined with streamlined decision-making, multiple dissemination systems and well prepared communities.

Rapid onset disasters — such as tsunamis and flash floods — allow only a tight window from detection to impact, typically 15 to 90 minutes. When it comes to tsunamis, it is a real race against time. Effective tsunami warnings require very rapid evaluation of undersea earthquakes and resulting sea level changes, followed by equally rapid dissemination of that assessment.

Following the 2004 disaster, the Indian Ocean Tsunami Warning and Mitigation System (IOTWS) was set up in 2005 under UNESCO’s Intergovernmental Oceanographic Commission. It is a regional collaboration that brings together three regional tsunami service providers – scientific facilities operated by the governments of Australia, India and Indonesia — and over a dozen national tsunami centres. The latter are state agencies designated by governments to handle in-country warnings and other mitigation activities.

In this week’s Ravaya column (appearing in issue of 27 Dec 2015), I explore the challenges of delivering credible and timely tsunami early warnings. I have drawn on my recent participation in the Asian Regional Workshop on “SHER (Science, Health, Environment & Risk) Communication: Role of S&T Communication in Disaster Management and Community Preparedness” held in Jakarta, Indonesia.

See also my English writing on this subject:

Outpacing Tsunamis in the Indian Ocean: Are we ready? Ceylon Today, 4 July 2014

Crying wolf over disasters undermines future warnings. SciDev.Net, 6 February 2013

Nurturing Public Trust in Times of Crisis: Reflections on April 11 Tsunami Warning. Groundviews.org 26 April 2012

A long ‘last mile’: Lesson of the Asian tsunami. SciDev.Net 23 December 2005

Tsunami early warning - how it works from detection to action
Tsunami early warning – how it works from detection to action

2004 දෙසැම්බරයේ බිහිසුණු සුනාමියේ මතකයන් දැන් ටිකෙන් ටික අතීතයට ඇදී යමින් තිබෙනවා.

එහෙත් කිලෝමීටර් 1,300ක් (සැතපුම් 830) පමණ දිග වෙරළ තීරයක් ඇති දූපත් රාජ්‍යයක් ලෙස සුනාමි උවදුරු ගැන අප අවදියෙන් සිටිය යුතුයි.

මීට වසර 11කට පෙර සුනාමියෙන් ආසියාවේ රටවල් 12ක අවාසනාවන්ත ලෙස ලක්ෂ දෙක හමාරකට වැඩි සංඛ්‍යාවක් මිය ගියා. ළඟ එන සුනාමිය ගැන අනතුරු ඇඟවීමක් ලැබ ඔවුන් වෙරළෙන් ටිකක් අභ්‍යන්තරයට දිව ගියා නම් මේ ජීවිත හානිය බෙහෙවින් අඩුකර ගත හැකිව තිබුණා.

අවාසනාවකට බොහෝ තැන්වල එය සිදු වූයේ නැහැ. භූමිකම්පාව හා සුනාමියක් හට ගැනීම පැසිෆික් සාගරයේ සිටි විද්‍යාඥයන් එසැණින්ම පාහේ නිරීක්ෂණය කළත් එම තොරතුර ඉන්දියානු සාගරයේ රටවලට ලබා දී මහජන අනතුරු ඇඟවීමක් බවට පත් කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදයක් එවකට තිබුණේ නැහැ. එය අපේ කාලයේ සිදු වූ දැවැන්ත අතපසුවීමක් ලෙස සැලකෙනවා.

මහා සුනාමියෙන් සති කිහිපයක් ඇතුළත එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝව ඉන්දියානු සාගරයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක‍්‍රියාපිළිවෙළක් Indian Ocean Tsunami Warning and Mitigation System (IOTWS) පිහිටුවීමට අඩිතාලම දැමුවා. මෙබන්දක් 1948 සිටම පැසිෆික් සාගරයේ රටවල් සඳහා ක‍්‍රියාත්මක වනවා.

ඉන්දියානු සාගරය භූමි ප‍්‍රමාණයෙන් ලොව තුන්වන විශාලතම සාගරයයි. අප‍්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ රටවල් හා දූපත් රාජ්‍ය 15ක් පමණත්, මැදපෙරදිග හා ආසියාවේ වෙරළබඩ රාජ්‍ය හා දූපත් රාජ්‍ය 20කට වැඩි සංඛ්‍යාවකුත් ඉන්දියානු සාගරය වට කරමින් පිහිටා තිබෙනවා.

ලෝකයේ ළාබාලම සාගරය ලෙස ඉන්දියානු සාගරයට යටින් සක‍්‍රිය භූ විද්‍යාත්මක ක‍්‍රියාදාමයන් සිදු වනවා. මේ නිසා මුහුද යට භූමිකම්පා නිතර හට ගන්නවා. එහෙත් ඒ හැම එකක්ම සුනාමි ජනනය කරන්නේ නැහැ. යම් සාධක සපුරා ගත් විට කොයි මොහොතේ සුනාමියක් ජනනය වේද, එය කෙතරම් ප‍්‍රබලවේද යන්න කල් තබා කීමටත් බැහැ.

එකම විසඳුම නම් දිවා රාත‍්‍රී නොකඩවා ඉන්දියානු සාගර භූමිකම්පා හා මුහුදු රළ ස්වභාවයන් නිරික්සීමයි. IOTWS අනතුරු ඇඟවීම් ක‍්‍රියාවලිය කරන්නේ මෙයයි.

IOTWS ක‍්‍රියාවලිය 2006 වන විට වැඩ පටන් ගත්තා. සුවිසල් සාගර ප‍්‍රදේශයක් ආවරණය කරන පරිදි පිහිටුවන ලද භූමිකම්පා නිරීක්ෂණ ස්ථාන 25ක්, සාගර පතුලේ තත්ත්වයන් ගැන නිරතුරු දත්ත සපයන මුහුදේ පාවෙන ස්වයංක‍්‍රීය උපකරණ පද්ධති 6ක් මේ කාරියට සම්බන්ධයි. මේ සියල්ල කරන්නේ හැම මොහොතකම දත්ත එකතු කොට එසැණින් ඒවා විශ්ලේෂණය කිරීමේ හැකියාව ඇති කලාපීය මධ්‍යස්ථාන තුනකට චන්ද්‍රිකා හරහා සම්පේ‍්‍රෂණය කිරීමයි.

මේ විද්‍යාත්මක මධ්‍යස්ථාන තුන (Regional tsunami service providers, TSP) ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව හා ඉන්දුනීසියාව විසින් මෙහෙයවනු ලබනවා.

ඉන්දියානු සාගරයේ ඕනෑම තැනෙක භූමිකම්පාවක් හට ගෙන සුනාමියක් ජනනය වූවොත් විනාඩි කිහිපයක් තුළ අධිවේගී තක්සේරුවක් කොට මෙම ක‍්‍රියාවලියට සම්බන්ධිත කලාපීය රටවල් 28ක ජාතික මට්ටමේ අනතුරු ඇඟවීමේ ස්ථානවලට (National tsunami warning centres) කඩිනමින් දැනුම් දීම ඔවුන්ගේ වගකීමයි.

එම තොරතුරු ලද විගස රටක් තුළ තීරණ ගැනීම හා ක‍්‍රියාත්මක වීම මුලුමනින්ම ජාතික මට්ටමේ ආයතනවලට භාරයි. එහිදී තමන්ට ලැබෙන (සමහරවිට අසම්පූර්ණ, එහෙත් වෙලාවේ හැටියට තිබෙන හොඳම) තොරතුරු මත පදනම් වී වෙරළාසන්න පෙදෙස්වලට අනතුරු ඇඟවීමක් කරනවා ද, එසේ නම් එය කුමන මට්ටමේ එකක් ද යන්න ඔවුන්ගේ භාරදූර වගකීමයි.

ඉන්දුනීසියාවේ ජාතික විද්‍යා ඇකඩමිය හා ආසියානු විද්‍යා ඇකඩමි සංසදය එක්ව සංවිධානය කළ ආපදා සන්නිවේදනයට නව සන්නිවේදන හා තොරතුරු තාක්ෂණයන් (ICTs) යොදා ගැනීම පිළිබඳ කලාපීය වැඩමුළුවක් දෙසැම්බර් 8-9 දෙදින තුළ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත් වුණා.

සමාජ මාධ්‍ය වඩාත් ප‍්‍රචලිත වීම ආපදා අවස්ථාවන්හිදී නිල රාජ්‍ය සන්නිවේදනයට බලපාන ආකාරය ගැන කලාපීය උදාහරණ සහිතව එහිදී මා කතා කළා.

Speakers on ‘ICT Applications for Disaster Prevention and Treatment’ in Jakarta, Indonesia, 8-9 Dec 2015
Speakers on ‘ICT Applications for Disaster Prevention and Treatment’ in Jakarta, Indonesia, 8-9 Dec 2015

ජකර්තාව ඉන්දියානු සාගරයටම වැදගත් ආයතන දෙකක් පිහිටි සුවිසල් නගරයක්. IOTWS ක‍්‍රියාවලිය සඳහා කලාපීයව නිරතුරු නිරීක්ෂණ කරන විද්‍යාත්මක මධ්‍යස්ථාන තුනෙන් එකක් මෙහෙයවන්නේ ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියානු රජය වෙනුවෙන් මේ කලාපීය වගකීම දරන්නේ එරට කාලගුණ, දේශගුණ හා භූ භෞතික විද්‍යා ඒජන්සිය (එරට බසින් කෙටි නම BMKG). ඔවුන්ගේ මූලස්ථානය නරඹන්නටත්, එහි ප‍්‍රධානියා හා සෙසු විද්‍යාඥයන් සමග කතා කරන්නටත් මට අවස්ථාව ලැබුණා.

ජකාර්තාවේ පිහිටි අනෙකුත් ආපදා සම්බන්ධ ස්ථානය නම් ඉන්දියානු සාගර සුනාමි තොරතුරු කේන්ද්‍රයයි (Indian Ocean Tsunami Information Centre, IOTIC). අනතුරු ඇඟවීම හැර අනෙකුත් මහජන අධ්‍යාපනය, පෙර සූදානම, ප‍්‍රතිපත්ති මගපෙන්වීම ආදී කලාපීය සේවා රැසක් ලබා දෙන මෙය යුනෙස්කෝව යටතේ ක‍්‍රියාත්මක වන්නක්.

ශ‍්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් මේ දෙකටම සම්බන්ධයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප‍්‍රතිපත්ති මට්ටමිනුත්, ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ වගකීම භාර කොට ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙහෙයුම් මට්ටමිනුත් මේ කලාපීය සේවාවන්ට බද්ධ වනවා.

සුනාමි අනතුරු ඇඟවීමක් වටා තිබෙන ක‍්‍රියාදාමය ඇත්තටම කඩින් කඩ දිවීමේ (relay-running) ධාවන තරගයක් වගෙයි.

සුනාමියක් හට ගත් විට එම රළ තරංග පැයට කිලෝමීටර් 800ක් පමණ වේගයෙන් ආරම්භක ස්ථානයේ සිට චක‍්‍රාකාරව සැම දෙසට විහිද යනවා. මෙය ජෙට් ගුවන් යානයක වේගයට සමානයි. ආරම්භක ස්ථානය තහවුරු කර ගත් විට සුනාමියක් කෙතරම් විනාඩි හෝ පැය ගණනකින් යම් වෙරළකට පැමිණේදැයි ලෙහෙසියෙන් ගණනය කළ හැකියි.

ඉන්දුනීසියාවේ ජාවා හා සුමාත‍්‍රා දුපත් අතර පිහිටි සුන්ඩා සමුද්‍ර සන්ධිය යටින් භූවිද්‍යාත්මකව අතිශයින් සක‍්‍රිය ප‍්‍රදේශයක් තිබෙනවා. 2004 දෙසැම්බර් මාරක සුනාමිය හට ගත්තේ ද එහි සිදු වූ භූමිකම්පාවකින්.

ඒ ප‍්‍රදේශයේ සුනාමි ජනක භූමිකම්පාවක් හට ගත් විට සුනාමි රළ විනාඩි 15-30 අතර කෙටි කාලයකින් ඉන්දුනීසියානු වෙරළට ළඟා වනවා. එනිසා ඔවුන්ට ක්‍රියාත්මක වීමට හා ආරක්ෂක පියවර ගන්නට ඇත්තේ ඉතා කෙටි කාලයයි. එරට වෙරළබඩ ප‍්‍රදේශවල වැසියන්ට දෙනු ලබන පොදු අවවාදය නම් භූමිකම්පාවක් සිදු වනු දෙපයට දැනුණොත් හැකි ඉක්මනින් වෙරළෙන් ඈත නිර්දේශිත ආරක්ෂක ස්ථානවලට (designated safe places) දිව යන්න කියායි.

නමුත්, ඊට වඩා දුරින් පිහිටි රටවලට සුනාමි රළ තරංග ළඟා වීමට වැඩි කාලයක් ගත වනවා. කි.මී. 1,600ක් දුරින් නම් පැය දෙකක්ද, කි.මී. 2,400ක් දුරින් නම් පැය 3ක්ද ආදී වශයෙන්.

සුන්ඩා සමුද්‍ර සන්ධිය ආසන්නයේ සිට ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට සුනාමි තරංගයක් පැමිණීමට දළ වශයෙන් පැය 2.5ක් පමණ ගත වනවා. අනතුරු ඇඟවීම පිළිබඳ තොරතුරු කලාපීයව IOTWS වෙතින් ලබා, දේශීය වශයෙන් ගත යුතු පියවර ගැන ඉක්මනින් තීරණය කොට එය රට තුළ සන්නිවේදනය කිරීමට හා අවශ්‍ය නම් වෙරළ ප‍්‍රදේශවලින් ජනයා ඉවත්කර ගැනීමට (coastal evacuation) ඇති උපරිම කාලය මෙයයි. තීරණ ගැනීම ඉක්මන් වූ තරමට අනෙක් ක්‍රියාවලට වැඩි කාලයක් ඉතිරි වනවා.

ඉක්මනින් ක‍්‍රියාත්මක වනවා නම් මේ කාලය සෑහෙනවා. මන්ද සුනාමියකදී අවශ්‍ය වන්නේ වෙරළබඩින් කිලෝමීටරයක් පමණ රට තුළට ජනයා ඉවත් කර ගැනීම නිසා.

එහෙත් කලබලේට කොරස් කටෙත් අත දමන්න බැහැ යැයි ප‍්‍රකට කියමනක් තිබෙනවා. හදිසි අවස්ථාවකදී කුමක් කළ යුතු ද යන්න ගැන පූර්ව දැනුමක් හා පුහුණුවක් නොතිබුණොත් අනවශ්‍ය ලෙස කලබල වී අවුල් ජාලයක් හට ගත හැකියි.

වෙරළබඩ ප‍්‍රදේශවල ජනයාට සුනාමි අන්තරායක් මතුවන විටෙක හැසිරිය යුතු ආකාරය, යායුතු ආරක්ෂිත ස්ථාන ආදිය පෙර සූදානමක් තිබීම ඉතා වැදගත්. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක දැන් මේ මහජන අධ්‍යාපනය ලබා දෙනවා.

Graphic showing how a tsunami warning system works. AFP FILE PHOTO
Graphic showing how a tsunami warning system works. AFP FILE PHOTO

2004-2014 දශකය තුළ සුනාමි සම්බන්ධ විද්‍යාත්මක නිරීක්ෂණ හා විශ්ලේෂණ හැකියාව සෑහෙන තරමට දියුණු වී තිබෙනවා. 2014 ජූනි මාසයේ ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ වාර්ෂික ආපදා සම්බන්ධ දේශනය කළ පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ස්ටුවට් වයින්ස්ටයින් මෙය විස්තර කළා.

මුහුදු පතුලේ කම්පාවක් සිදු වී එම දත්ත ලබා ගෙන කඩිනම් තක්සේරුවක් හරහා අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට 2004දී විනාඩි 18ක් පමණ ගත වූ බවත්, එහෙත් 2014 වනවිට එම කාලය විනාඩි 7කට අඩු වී ඇති බවත් ඔහු කීවා. හැම විනාඩියක්ම වටිනා මේ තීරණාත්මක ක‍්‍රියාවලියේදී තක්සේරුවට අඩු කාලයක් වැය වනවා කියන්නේ එහි තීරණය සන්නිවේදනයට හා ක‍්‍රියාත්මක කිරීමට වැඩි විනාඩි ගණනක් ඉතිරි වනවා යන්නයි.

විද්‍යාඥයන් කරන කඩිනම් සුනාමි තක්සේරුව එසැණින් ජාතික මට්ටමේ අනතුරු අඟවන ස්ථානවලට ලබා දීමට ජංගම දුරකතන හා වෙබ් මාධ්‍ය දෙකම භාවිත වෙනවා (මේ පණිවුඩ මහජනයාට විවෘත නැහැ).

එහිදී ද සන්නිවේදනය ප‍්‍රමිතිගත කිරීමට හා ව්‍යාකූලතා හැකි තරම් අවම කිරීමට පොදු සංඥා ක‍්‍රමවේදයක් (Common Alerting Protocol, CAP), මේ වන විට ආපදා කළමනාකරුවන් අතර ප‍්‍රචලිතවෙමින් තිබෙනවා. මේ සියලූ ප‍්‍රවණතාවලින් නිසි ඵල ළො ගන්නට ජාතික මට්ටමේ තීරණ ගැනීමේ හැකියාව සවිමත් විය යුතුයි.

ඉන්දියානු සාගරයේ විශාල ප‍්‍රදේශයක් ආවරණය කරමින් වසරේ හැම දිනෙකම, දිවා රැයේ නිරතරු නිරීක්ෂණය කරන දියුණු විද්‍යාත්මක පහසුකම් ජකර්තාවේ BMKG සතුව තිබෙනවා.

ඒවා සියල්ල පෙන්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඇන්ඞ් ඒක සාක්යා. අපට කීවේ ‘සුනාමියක් එන බව ඉක්මනින් දැන ගෙන එය ඉන්දියානු සාගරයේ වටේ පිහිටි රටවලට නිල වශයෙන් දැනුම් දීමට විනාඩි ගණනක් තුළ අපට හැකියි. එහෙත් එතැනින් පසු ක‍්‍රියාත්මක වීමේ අඩුපාඩු සමහර රටවල තවමත් තිබෙනවා.’

ඉන්දියානු සාගර සුනාමි තොරතුරු කේන්ද්‍රයේ වැඩසටහන් නිලධාරී ආර්දිතෝ කොඩිජාත් කීවේ මුහුදු පතුලේ කම්පාවක් සිදුවී විනාඩි 10ක් තුළ පළමු පණිවුඩය ජාතික වශයෙන් මේ වගකීම දරන ස්ථානවලට යැවීමට කැප වීමක් ඇති බවයි. ඒ මුල් පණිවුඩය එතෙක් තිබෙන අසම්පූර්ණ තොරතුරු මත පදනම් වනවා. කම්පාවේ ප‍්‍රබලත්වය කොපමණද, සුනාමියක් ජනනය වූවාද නැද්ද යන්න එහි අඩංගුයි.

ඊට යම් විනාඩි ගණනකට පසු දෙවන පණිවුඩයක් නිකුත් කරනවා. සුනාමියක් ජනනය වී ඇත්නම් එය විවිධ රටවල වෙරළට ළඟාවීමට අපේක්ෂිත කාලයත්, රළ තරංගවල උසත් එහි කියැවෙනවා. මේ වනවිට තත්ත්වය බරපතළද නැද්ද යන්න වඩා පැහැදිලියි.

ඉනික්බිති තෙවැනි පණිවුඩයක් නිකුත් වනවා. එහි ඇත්තේ මුහුදු මට්ටම් ගැන අලූත්ම දත්ත හා ඒ වනවිටත් ආසන්න වෙරළ ප‍්‍රදේශවලට සුනාමිය පැමිණ ඇත්ද යන්නයි.

ඉන්දියානු සාගර කලාපයේ මේ ක‍්‍රියාවලිය හරිහැටි සිදුවන බව සහතික කර ගන්න සමෝධානික අභ්‍යාස (coordinated drills) කරනවා. කලාපීය සුනාමි නිරීක්ෂණ/අනතුරු අඟවන කේන්ද්‍ර තුන හා ජාතික මට්ටමේ ස්ථාන අතර සන්නිවේදන අභ්‍යාසයක් වසරකට කිහිප වතාවක් කරනවා.

එසේම සුනාමියක් පැමිණියා සේ සියලු පියවර ගන්නා පෙරහුරුවක් (simulation) වසර දෙකකට වරක් සමස්ත කලාපයම සහභාගි වී සිදුකරනවා. Indian Ocean Wave නම් වන මෙයට කලාපීයව එවන තොරතුරු මත රට තුළ තීරණය ගැනීම, වෙරළාසන්න පෙදෙස්වලින් ජනයා ඉවත් කර ගැනීම වැනි පියවර රැසක් ඇතුළත්.

IOTWS ක‍්‍රියාවලිය එයට සම්බන්ධ රටවල් 28 අන්තර් රාජ්‍ය මට්ටමින් පාලනය කරන ජාත්‍යන්තර සහයෝගිතාවක්. එහි පාලක මණ්ඩලයක් තිබෙන අතර වසර කිහිපයක සිට එහි උප සභාපති ලෙස මොරටුව සරසවියේ මහාචාර්ය සමන්ත හෙට්ටිආරච්චි ක‍්‍රියාකරනවා. ඔහු වෙරළ සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ ලොව පිළිගත් විද්වතෙක්.

සුනාමි අනතුරු ඇඟවීමේදී නොවැළැක්විය හැකි කරුණක් නම් සැබැවින්ම නොඑන සුනාමියක් ගැනත් ඉඳහිට වැරදි අනතුරු ඇඟවීමක් (False alarm) නිකුත් වීමයි. මේ ගැන කලක සිට අධ්‍යයනය කරන ලර්න්ඒෂියා සභාපති, සන්නිවේදන මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ අසම්පූර්ණ දත්ත මත පදනම් වී කඩිමුඩියේ තක්සේරු කරන විට ඉඳහිට වැරදීම ස්වාභාවික බවයි.

1948 සිට පැසිෆික් සාගරයේ හට ගත් හැම සුනාමියක් ගැනම කල් තබා අනතුරු ඇඟවීමක් නිවැරදිව දීමට එම පද්ධතියට හැකිව තිබෙනවා. එකක්වත් මග හැරී නැහැ. හැබැයි ඒ අතර නොපැමිණි සුනාමි ගැන වැරදුණු අනතුරු ඇඟවීම්ද රැසක් තිබෙනවා (හතරෙන් තුනක්ම). මේ යථාර්ථය පිළිගනිමින් එයට අනුගතවීම රටවල් හමුවේ ඇති අභියෝගයක්.

එසේම අද ජංගම දුරකතන හා සමාජ මාධ්‍ය ව්‍යාප්තිය නිසා රටින් පිට සිදු වන මුහුද යට කම්පාවක් හා සුනාමි ජනනයක් ගැන ඉතා කෙටි වේලාවක් තුළ දැන ගැනීමට සාමාන්‍ය ජනයාට හැකියි. නිල තොරතුරු මූලාශ‍්‍රයන්ට හා රාජ්‍ය අනතුරු ඇඟවීමේ ස්ථානවලට තව දුරටත් තොරතුරු ලැබීමේ හෝ බෙදා හැරීමේ ඒකාධිකාරයක් නැහැ.

මේ නිසා කටකතා හා වැරදි තොරතුරුද ඉක්මනින් පැතිර යා හැකියි. එසේ වුවද නිවැරදි, විශ්වසනීය තොරතුරු ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට පමණක් නොව සමාජ මාධ්‍ය හරහාද සෘජුවම හා ඉක්මනින් නිකුත් කිරීමෙන් රාජ්‍ය ආපදා තොරතුරු ආයතනවලට මෙහි යම් සමනයක් කළ හැකි බව මගේ මතයයි.

 

Drafting a New Constitution for Sri Lanka: “ව්‍යවස්ථාවක් කියන්නේ සිල්ලර ලියවිල්ලක් නෙවෙයි” | නාලක ගුණවර්ධන

Sri Lanka’s new government has committed to drafting a new Constitution to replace the current one adopted in 1978.

According to the Cabinet spokesperson, “for the first time [in Sri Lanka], a Constitution is going to be framed with the consultation of people.” Though the country has adopted Constitutions twice after independence — in 1972 and 1978 — public participation was negligible on both occasions.

Nalaka Gunawardene in a serious pose
Nalaka Gunawardene in a serious pose

This is well and good, but it is still not clear what consultation mechanisms would be used, and how genuinely consultative the process is going to be. Our politicians and officials lack imagination and courage to try out new methods of public participation in governance. For example, they barely use the potential of new information and communications technologies (ICTs).

In an interview with Prasad Nirosha Bandara of Ravaya independent broadsheet newspaper, published on 20 December 2015, I make an earnest case for the new Constitution drafting process to be more open, more participatory and more consultative by using all available methods – tried and tested old-fashioned ones, as well as new potential opened up by the spread of the web, mobile phones and social media.

As an example, I cited the experience of Iceland using social media to crowdsource ideas for its new Constitution drafted in 2011-12. Admittedly it was easier for a population of 320,000 people but some generic lessons could be learnt.

I also draw attention to a historically important memorandum was sent by the Ceylon Rationalist Association on 25 September 1970 to Dr Colvin R De Silva, then Minister of Constitutional Affairs, who was heading the group tasked with drafting what eventually became the country’s first Republican Constitution of 1972. Written by the Association’s Founder President Dr Abraham Thomas Kovoor, it captured the broad, idealistic vision that members of that voluntary group of free thinkers had advocated since its inception in 1960. Among other principles, it advocated – in point 6 – that “the best protection for freedom of conscience is a Secular State”.

I located the memo two years ago and published it online on Groundviews.org so that it becomes widely available. In this interview, I urge the new Constitution drafters of 2016 not to make the same mistakes that Colvin R de Silva did in 1972 by ignoring these ideas of public intellectuals.

ආණ්ඩුකරම ව්යවස්ථා සම්පාදනයක මූලික ස්වරූපය මොකද්ද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය දිහා ඓතිහාසිකව බලද්දි පේන්න තියෙන දෙය තමයි ලෝකයේ බොහෝ රටවල ව්‍යවස්ථා සංශෝධන වෙන්නේ සීමිත විද්වතුන් හා ප‍්‍රභූන් පිරිසක් මගින් වීම. ඇමරිකානු ව්‍යවස්ථාව කියන්නේ ලෝකේ තියෙන ඉතා හොද දාර්ශනික සහ ප‍්‍රබල නීතිමය ලියවිල්ලක්නේ. නමුත් ඒක කළේත් ජනරජයේ සමාරම්භකයන් විදිහට හැඅදින්වූ දේශපාලන නායකයන් හා ප‍්‍රභූන් පිරිසක්. ඒ පිරිස අතර ඉතාම දුරදක්නා නුවණ සහිත හරබරව හිතපු අය හිටියා. ඒත් ඒක පුළුල් සහභාගිත්ව ක‍්‍රියාදාමයක් වුණේ නෑ.

ඊට වඩා මෑතකාලීන උදාහරණයක් වන ඉන්දියානු ව්‍යවස්ථාව වුණත් ගොඩනගන්නේ ආචාර්ය අම්බෙඞ්කාර්ගේ නායකත් වයෙන් යුතු කණ්ඩායමක්. අම්බෙඞ්කාර් කියන්නේ ව්‍යවස්ථා විශේෂඥයෙක් වගේම මහා බුද්ධිමතෙක්.

ලංකාවේ ජනරජ ව්‍යවස්ථා දෙක ම හදන්නේත් මොළකාරයන් තමයි. හැත්තෑදෙකේ ව්‍යවස්ථා සම්පාදනයට නායකත්වය දුන්නේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා. ඔහුගේ දැනුම හා දේශපාලන දැක්ම ගැන කිසි විවාදයක් නෑ. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්පාදනය වෙන්නේත් ඒ වාගේම උගතුන් පිරිසක් අතින්. නමුත් ඔවුන් අතින් නිර්මාණය වුණ ව්‍යවස්ථා දෙකට ම කාලයාගේ අභියෝගයට මුහුණ දෙන්න බැරිවුණා. ඒවායේ තිබුණ දුර්වල තැන් කාලයාගේ ඇවෑමෙන් ඉරි තලන්න ගත්තා. විවිධාකාර පැලැස්තර සංශෝධනවලින් වහගන්න හැදුවේ ඒ ඉරිතැලීම් තමයි.

ව්යවස්ථා සම්පාදනය මහජන සහභාගිත්වයෙන් තොරව හොර පාරෙන් කිරීම නෙවෙයිද ඒවා ඉක්මනින් එපාවීමට හේතුව?

Dr Abraham T Kovoor
Dr Abraham T Kovoor

ඒකෙ කිසියම් ඇත්තක් තියෙනවා තමයි. නමුත් හැත්තෑ දෙකේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදද්දි වුණත් සමහර වෙලාවට ජනමතයන් භාවිත කරනු ලැබුවා. ඒ සංදේශ ආකාරයට. උදාහරණයක් විදියට, ඒ ව්‍යවස්ථාව පිළිබද හේතුවාදීන් ලියූ ඒ විදියේ සංදේශයක් හේතුවාදීන්ගේ අමතක වුණ ප‍්‍රකාශයක තිබිලා මට හම්බ වුණා. පස්සෙ මං ඒක කෙටි හැදින්වීමකුත් එක්ක ග‍්‍රවුන්ඞ් වීව්ස් වෙබ් අඩවියේ පළ කළා. හේතුවාදී සංගමයේ නායකයා වුණ ආචාර්ය ඒබ‍්‍රහම් ටී කොවුර් විසින් ඒ සංදේශය කොල්වින්ට යවලා තියෙන්නේ එක්දහස් නවසිය හැත්තෑවේ සැප්තැම්බර් විසිපහ.

ව්‍යවස්ථා සම්පාදනයකදී ජන මතය භාවිත කරන්න පුළුවන් ක‍්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් මගින් මහජන අදහස් විමසන එක. තමන් මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළහොත් අහවල් අහවල් ව්‍යවස්ථා සංශෝධන කරන බව ජනතාවට කල් තියා හෙළි කරමින් ඒ සදහා ඔවුන්ගේ වරම ගන්න පුළුවන්.

නමුත් ඒ මගින් යන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද ව්‍යවස්ථාවක අඩංගු කරන හැම සියුම් කාරණාවක්ම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක අඩංගු කරන්න බෑ. ඒ නිසා හොදම දේ ව්‍යවස්ථා සංශෝධනයේදී මහජන අදහස් විමසන එක.

මේ වන විට සිදු කරමින් පවතින ව්‍යවස්ථා කෙටුම්පත්කරණයට අදහස් ලබා දෙන ලෙස මාධ්‍ය මගින් දන්වලා තියෙනවා මම දැක්කා. ඒත් ඒ ක‍්‍රමවේදය හරියට පැහැදිලි නෑ. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ අයත් මේ විදිහට සාක්කි ඉල්ලූවානේ. ඒත් එතැනදී ඔවුන් කොමසාරිස්වරුන් පත් කරලා තිබුණා. යමෙක් ලිඛිතව සාක්කි දෙනවා නම් ඒවා ලබාදිය හැකි කාර්යාලයක් තිබුණා. වාචිකව සාක්කි දෙන්න පුළුවන් දවස් කල් තබා දැන්නුවා. ඒත් මේ සිදුකරන සංශෝධන ක‍්‍රමවේදයේ මහජන සහාභාගිත්වයට ලබාදෙන ඉඩ පැහැදිලි නෑ. ඒ නිසා මේක මීට වඩා විනිවිද දකින මට්ටමකට ගේන්න ඕනෑ. ඒ සදහා රටේ ජනතාව හා සිවිල් සංවිධාන වහාම මැදිහත් වෙන්න ඕනෑ. ඒ වාගේ කරුණු විමසීමක් විවෘත වුණාම ඒකට සහභාගි වෙන්න මිනිස්සු සූදානම් වෙන්නත් අවශ්‍යයි.

මේ වාගේ අදහස් විමසීමකදී තොරතුරු තාක්ෂණය නිර්මාණශීලීව යොදාගන්න බැරිද?

දැන් ලෝකයේ ගොඩක් රටවල සිද්ධවෙන්නේ ඒ දේ තමයි. හොදම උදාහරණය විදියට අයිස්ලන්තයේ ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ ගන්න පුළුවන්. අයිස්ලන්තය කියන්නේ සාපේක්ෂව කුඩා ජනගහනයක් ඉන්න උතුරු යුරෝපීය රාජ්‍යයක්. ඒ රටේ ජනගහනය ලක්ෂ තුනහමාරක් විතර. මේ අය දෙදහස් දහයේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. එහිදී පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ බේදයකින් තොරව තීරණය කළා ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ මහජනයා එක්කම සිදු කළ යුතුයි කියලා.

එතැනදී ඔවුන් ඉස්සෙල්ලාම කළේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අමතරව රටේ සෑම ප‍්‍රදේශයක්ම හා ජන කොටසක්ම නියෝජනය කරන ආකාරයේ නියෝජිතයන් නවසිය පනහක් තෝරාගන්නා එක. ඒ ඒ ප‍්‍රදේශවල ජනතාවගේ ගැටලූ සහ ආශාවන් නියෝජනය කරන මහජන මණ්ඩලය විදියට කටයුතු කළේ ඒ පිරිස. එහෙම නැත්තම්, ව්‍යවස්ථා සම්පාදක කමිටුව හා රටේ සමස්ත ජනයා අතර අතරමැදියන් විදියට කටයුතු කළේ ඒ අය.

ඊළගට ඔවුන් තම ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් නිල ෆේස්බුක් පිටුවක් පටන්ගත්තා. ඒ අනුව ඒ රටේ හැම පුරවැසියෙකුට වගේම පිටරට ජීවත්වන අයිස්ලන්ත ජාතිකයන්ට තම ව්‍යවස්ථාව පිළිබද අදහස් දක්වන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අයිස්ලන්ත ව්‍යවස්ථාව ගැන උනන්දු විදේශිකයකුට පවා අවශ්‍ය නම් අදහස් දක්වන්න පුළුවන් වුණා ඒ ෆේස්බුක් පිටුව තුළ.

Facebook was used as part of a public consultation strategy to draft Iceland's new Constitution in 2011-13
Facebook was used as part of a public consultation strategy to draft Iceland’s new Constitution in 2011-13

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හැම කොටසක් ම කෙටුම්පත් වූ විගස ඒ පිටුව මගින් ප‍්‍රචාරය කළා. ඒ හැම පරිච්ෙඡ්දයක් ම නරඹමින් අදහස් දක්වන්න, තර්ක විතර්ක කරන්න හැමෝටම අවකාශය හිමිවුණා. ඒ අනුව ලැබෙන අදහස් දැක්වීම් මත කෙටුම්පත යළි යළි සංශෝධනය කෙරුණා. අයිස්ලන්ත ව්‍යවස්ථාව කෙටුම්පත් කළ කාලය අවුරුදු දෙකක්. ඒ කාලය තුළ මේ අදහස් දැක්වීම් මත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැවත නැවත දොළොස් වතාවක් කෙටුම්පත් කෙරුණා.

ඒ විතරක් නෙමෙයි, ව්‍යවස්ථා සම්පාදක කමිටුව රැස්වෙන හැම වාරයක්ම සජීවීව රූපගත කරලා ප‍්‍රචාරය කෙරුණා. කොහොමින් කොහොම හරි දෙදහස් දොළහේදී ව්‍යවස්ථාව අනුමත වෙද්දී ඒක බහුතර ජනතාවගේ දායකත්වය මත කෙරුණ හා රටේ බහුතරයකගේ පිළිගැනීමට ලක්වුණ එකක් වුණා.

ඇත්තටම අයිස්ලන්ත ව්‍යවස්ථාව තමයි මං දන්න තරමින් වැඩිපුරම ජන සහභාගිත්වයෙන් සිදුවුණ ව්‍යවස්ථාව. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී අපිටත් මේ දේවල් කරන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ.

ඒ විතරක් නෙමෙයි අයිස්ලන්තයේ ව්‍යවස්ථා සම්පාදක කමිටුවට තෝරාගත්තේ රටේ දක්ෂ නීතිඥයන්, වෛද්‍යවරු, පූජකයන්, ගොවි නියෝ ජිතයන්, පාරිභොගිකයන් නියෝජනය කරන්නන්, ශිෂ්‍ය නියෝජිතයන්, වෙළද නියෝජිතයන්, කලාකරුවන් වගේ පුළුල් ක්ෂේත‍්‍රවල අය. ඒ වගේ ම එතැනදී ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම යොදාගන්න ඔවුන් වගබලාගත්තා.

ලංකාවේ සමාජ් මාධ් භාවිත කරන ආකාරයත් එක්ක ගොඩ නැගුණු සුවිශේෂී ගැටලූ මේ වාගේ කටයුත්තකදී හරස් වෙන එකක් නැද්ද?

සමාජ මාධ්‍ය කියන්නේ කොහොමත් නොයෙක් ගාලගෝට්ටිවලින් පිරුණු සතිපොළක් වගේ තැනක් තමයි. මේ වාගේ පියවරකට යද්දී අපිටත් යම් යම් ගැටලූ මතුවෙන්න පුළුවන්. සමාජ්‍ය මාධ්‍යවල හරවත් දේ වාගේම හරසුන් දේ කියන කරන අයත් ඉන්නවා. ඒ වාගේම තේරුමක් නැතිව ගැටුම් ඇතිකරගන්න අයත් ඉන්නවා. ඒක තමයි සමාජ මාධ්‍යයේ ස්වභාවය.

සමහර විට ෆේස්බුක් තුළ ඉලක්කයක් නිවැරදිව තියා ගන්න සංවාද දිගට ගෙනි යන්න අමාරු වෙයි. නමුත් ඒක තමයි අභියෝගය. ඒක අයිස්ලන්තය වගේ රටවල් කළා නම් අපිට බැරි වෙන එකක් නෑ. අනික ජනසම්මත ආණ්ඩුවක් හැටියට ප‍්‍රතිපත්ති සම්පාදනය කළ යුත්තේ ඒ වාගේ වඩා ගාලගෝට්ටියක් තියෙන තැනක ඉදන් ම තමයි.

හේතුවාදීන් කොල්වින්ට ලියූ ඔබ දැක්වූ සංදේශයේ මේ ව්යවස්ථාවට වැදගත්වන සංකල්පත් ඇති?

ඒවායින් ගොඩක් දේවල් අදටත් වැදගත් තමයි. එදා කොවුර් ඇතුළු පිරිස කොල්වින්ලාගෙන් ඒ ඉල්ලීම් කළත් බොහෝවිට ව්‍යවස්ථා සම්පාදනයේදී කළේ ඊට ප‍්‍රතිවිරුද්ධ දේවල්. හැත්තෑ අටේ ව්‍යවස්ථාවේදී වුණත් ඒ දේවල් හරියට වුණේ නෑ.

ඒ සංදේශයේදී හේතුවාදීන් මුලින් ම පෙන්නා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය කියන කරුණ. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය එකිනෙකට වෙන්ව පැවතීම හා සංවරණය හා තුලනය වීම ගැන එතැනදී කතා කරලා තියෙනවා. ඒ වාගේම නීතියේ ස්වාධිපත්‍යය කියන සංකල්පය සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථාව විසින්ම තහවුරු කළ යුතු බව කියන කොවුර් ඒ සංදේශය අවසන් කරන්නේ නීතියේ ස්වාධිපත්‍යය සහ ස්වභාව යුක්තියේ මූලධර්මය කියන එක සෑදීමට නියමිත ව්‍යවස්ථාවේ මුදුන්මල්කඩ කරගත යුතු බවත් කියමින්.

ඒ සංදේශයේදී කොවුර් දෙවැනියට කියන්නේ මූලික අයිතිවාසිකම් ගැන. එතැනදී ඔහු එක්දහස් නවසිය හතළිස් අටේ සම්මත කළ මානව හිමිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනය උපුටා දක්වනවා. නව ව්‍යවස්ථාව සියලූම පුරවැසියන්ගේ අයිති වාසිකම් සුරැුකීමට සමත් විය යුතු බවත් ජාතිය, කුලය, ආගම, ලිංගිකත්වය උපන් ස්ථානය හෝ වෙනස් සාධකයක් නිසා කිසිම අයෙකුට අඩුවෙන් සැලකිය නොහැකි බවත් එතැනදී කියනවා.

නිලධාරීවාදය නිසා බැට කන දුක් විදින සාමාන්‍ය ජනතාවගේ දුක්ගැනවිලි කියන්න ඔම්බුඞ්ස්මන්වරයෙක් පත් කළ යුතු බවත් ඒ යෝජනා අතර තියෙනවා. නමුත් ඒ එකක්වත් හැත්තෑ දෙකේදි සිද්ධ වුණේ නෑ. ඒ වාගේම රාජ්‍ය සේවා කොමිසම හරහා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම දේශපාලන බලපෑම්වලින් ආරක්ෂා කර ගත යුතුයි කියලා හැත්තෑ ගණන්වලදී පවා එදා කොවුර් කියලා තියෙනවා.

මේ සංදේශයේ තියෙන ඉතාමත් වැදගත් යෝජනාවක් තමයි ලංකාවේ ඇදහීමේ නිදහස මුළුමනින්ම ආරක්ෂාවන පරිදි ආගමයි රාජ්‍යයයි දෙක වෙන් කළ යුතුයි කියන එක. ඕනෑම ආගමක් හා ඕනෑම චින්තනයක් ඇදහීමේ නිදහස මුළුමනින්ම ආරක්ෂා කිරීමයි එතැනදී බලපෑවේ. ඕනෑම කෙනෙක් ඕනෑම ආගමක් ඇදහුවත් රාජ්‍යයට ආගමක් තිබිය යුතු නෑ කියලා කොවුර් ඍජුව කියනවා. එදා කොවුර්ලා මේ විදියට ඉල්ලීම් කළත් කොල්වින්ලා බෞද්ධාගමට සුවිශේෂී සැලකිල්ලක් දුන්නේත් මේ ව්‍යවස්ථාවේදීමයි. ඒ වෙලාවේ කොවුර්ගේ මේ තාර්කික අනතුරු හැගවීම කොල්වින් තැකුවා නම් ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය විතරක් නෙමෙයි වාර්ගික හා ආගමික වශයෙන් රට අර්බුදයට ගිය තත්ත්වය මීට වඩා වෙනස් වෙන්නත් ඉඩ තිබුණා.

දැන් කියූ බෞද්ධාගමික රමුඛත්වය සමාජයේ මුල් ඇදලානේ. වාගේ තත්ත්වයක් තුළ ඒක වෙනස් කරන එක පහසු වෙයිද?

හැත්තෑ දෙකේ ඇතිකළ මේ තත්ත්වයට තවමත් අවුරුදු පණහක්වත් නෑ. ඒ කියන්නේ හරියට බැලූවොත් අපේ පරම්පරා දෙකක්වත් ඔය බන්ධනයට යටත් වෙලා නෑ. රටක ප‍්‍රගමනයට ජනප‍්‍රිය නොවන තීන්දු ගන්න පාලකයන්ට සිද්ධ වෙනවා. ව්‍යවස්ථාවක් කියන්නේ සිල්ලර ලියවිල්ලක් නෙවෙයිනේ. ඉතින් මේ අවස්ථාවේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඒ සදහා විශාල කැපකිරීමක් කරන්න ඕනෑ.

ඒ විතරක් නෙමෙයි, ලෝකයේ තියෙන සංකීර්ණත්වය ළමයින්ට බාලවියේදී තේරුම්ගන්න බැරි නිසා පාසලේදී ආගම් ඉගැන්විය යුතු නැති බව පවා අර සංදේශයේදී කොවුර් කිව්වා. ආගම කියන එක තමන්ට තේරෙන වයසේදී තමන් විසින් ම තෝරාගන්න සිසුන්ට ඉඩ දෙන්න අවශ්‍ය බවයි එතැනදී හේතුවාදීන් අදහස් කළේ. ඒ වාගේ ම රජයේ සේවයක් ලබාගැනීමට රෝහලකට හරි වෙනත් කාර්යාලයකට හරි ගියාම මහජනයාගෙන් ආගම සහ ජාතිය විමසීම නැවැත්වීමට ව්‍යවස්ථාව තුළින් ම ප‍්‍රතිපාදන සැකසිය යුතු බවත් ඔහු ඒ සංදේශයෙන් කියනවා. මොකද ඒ වාගේ කාර්යයක් කරගන්න යද්දී රජය සහ පුරවැසියා අතර ගනුදෙනුවට ඒ වගේ පසුබිම් අදාළ නෑ.

කොයි දේ වුණත් අද යුගයටත් වඩා සමාජය පරිණාමය වෙලා තියෙනවා. මේත් එක්ක මතු වෙන සුවිශේෂී ව්යවස්ථාමය අවශ්යතාවන් නැද්ද?

ඇත්ත. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්මත කරන කාලයත් එක්ක බැලූවත් අද වන විට ලෝකය ගොඩක් ඉස්සරහට ඇවිත්. ඒ වාගේම ඒ කාලයේ තිබුණාට වඩා වෙනස් විදියේ් අභියෝගත් අද මතුවෙලා තියෙනවා. මානව හිමිකම් පිළිබද දැනුම හා අවබෝධය ගත්තත් ඒ වාගේ. අද මානව හිමිකම් විශාල වශයෙන් පුළුල් වෙලායි තියෙන්නේ. හැත්තෑ ගණන්වල මඳ වශයෙන් ලෝකය කතා කළ ලිංගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් වාගේ දේවල් වුණත් අද නොතකා හරින්න බෑ. මොකද අද ඒවාට ලෝක සමාජයේ විශාල පිළිගැනීමක් තියෙනවා. ඒ අයගේ අයිතිවාසිකම් රැකගැනීම රාජ්‍යයේ වගකීමක් වෙලා තියෙනවා. ඒවා ඊනියා සදාචාරවාදීන්ගේ බලපෑම් මත අමතක කරන්න බෑ.

කථනයේ හා භාෂණයේ නිදහස අද වනවිටත් හැම දෙනාටම තියෙනවානේ. ඒ වගේම දහනව වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතියත් තහවුරු වෙලා ඉස්සරහට ගියා. ඒ නිසා අලූත් ව්‍යවස්ථාව තුළ ඒවා මේ තියෙන මට්ටමින් ම පවත්වාගන්න ඕනෑ. ඒ වාගේම සයිබර් අවකාශයේ අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රකාශන නිදහසත් මේ ව්‍යවස්ථාව තුළ වෙනම සටහන් විය යුතුයි. අද මේ වාගේ කරුණක් සම්බන්ධයෙන් නීතිමය ගැටලූවක් ඇති වුණොත් ගොඩක් වෙලාවට අධිකරණය කරන්නේ ඒවාත් අදහස් ප‍්‍රකාශනයට අදාළය කියලා අරන් තීන්දු දෙන එක. නමුත් මේ වෙනුවෙන් සෙසු අදහස් ප‍්‍රකාශනයන්ට තියෙන තරමටම ස්වාධීන ප‍්‍රතිපාදන සැකසීම ඉතාම වැදගත්. එදා ප‍්‍රකාශන නිදහස කියලා හැදින්වුණේ යමක් ලිවීමේ හා යමක් ප‍්‍රකාශ කිරීමේ අයිතිය. නමුත් අද වනවිට ඉන්ටෙර්නෙට් හරහා එය තවත් මානයකට ගිහින් තියෙනවා. සයිබර් අවකාශයේ ප‍්‍රකාශන අයිතිය තහවුරු කරගන්නේ කොහොමද, ඒවාට තියෙන සාධාරණ සීමා මොනවාද වගේ දේවල් අද වෙන විට අවධානයට ලක්වෙනවා.

බුරුමයේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සදහා විද්වත් දායකත්වය දක්වන්න කියලා මට ආරාධනා ලැබුණ නිසා පහුගිය කාලයේ මං දෙවතාවක් බුරුමයට ගිය නිසා මට ඒ රටේ අත්දැකීම් ටිකකුත් ලැබුණා. අපි දන්නවානේ බුරුමය කියන්නේ අවුරුදු පණහක් විතර දැඩි කුරිරු හමුදා පාලනයක ඉදලා දැන් දැන් නිදහස් වෙන රටක්. පහුගිය මාසයේ පැවති ඡන්දයෙන් අවුන් සාන් සු චීගේ පක්ෂයට සියයට හැත්තෑවක ජනවරමක් ලැබුණා. ඒ අනුව ලබන මාර්තු මාසේ ඒ අය රජයක් පිහිටුවන්නයි හදන්නේ. ඇත්තටම බුරුමය මේ වෙලාවේ තියෙන්නේ ඉතාමත් තීරණාත්මක මොහොතක. මීට කලිනුත් ඡන්දයකින් සුකී මේ විදිහට ම ජයග‍්‍රහණය කළාම ඒ ප‍්‍රතිඵල අහෝසි කළ ඉතිහාසයක් බුරුමේ තියෙන්නේ.

කොහොම වුණත් දැන් බුරුමයේ ඉක්මනින් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සිදුවෙමින් තියෙනවා. ඒ වාගේම මේ වෙලාවේ මාධ්‍ය සම්බන්ධයෙන් විශාල ප‍්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් සිදුකරගෙන යනවා මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීමෙන්ම. බුරුමය කියන්නේ පහුගිය කාලයේ කිසිම නියාමනයක් නැති මාධ්‍ය සංස්කෘතියක් තිබුණ රටක්. ඒත් පහුගිය කාලයේ ඒ අය ගෙනගිය වැඩපිළිවෙළ තුළින් අපිට ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා.

My Samabima interview: තොරතුරු බෙදා ගනිමුද – බදා ගනිමුද?

logo.png

Samabima monthly magazine, published by Rights Now human rights advocacy group in Sri Lanka, has carried an interview with me in its December 2015 issue.

In this, I discuss the societal implications of a Right to Information law, which is to be adopted by Sri Lanka’s Parliament in early 2016. I reiterate that we need to see the new law as only the beginning of a long journey. Proper implementation will require adequate political will, administrative support and sufficient public funds. We would also need sustained monitoring by civil society groups and media to guard against the whole process becoming mired in too much red tape.

I also touch on serious inadequacies in our mainstream media that often fail to serve the public interest because of incompetence, arrogance or indifference. In this interview, I coin a phrase ‘Mass Media Brutality’ meted out to victims of crime or discrimination in Sri Lanka — when the media pack descends on an individual or family and unethical, sensational coverage follows.

 

Nalaka Gunawardene interview in Samabima magazine, Dec 2015 issue
Nalaka Gunawardene interview in Samabima magazine, Dec 2015 issue

Read the full issue online at: http://www.scribd.com/doc/293307988/SANHINDA-2015-December

See also: 18 Nov 2015: Right to Information should be a step towards Open Government

Crying Wolf in the Global Village? Managing Disaster Early Warnings in the Age of Social Media

Participants of SHER (Science, Health, Environment & Risk) Communication - Role of S&T Communication in Disaster Management and Community Preparedness held in Jakarta, Indonesia, on 8-9 Dec 2015
Participants of SHER (Science, Health, Environment & Risk) Communication – Role of S&T Communication in Disaster Management and Community Preparedness held in Jakarta, Indonesia, on 8-9 Dec 2015

On 8 – 9 December 2015, I attended and spoke at the Asian Regional Workshop on “SHER (Science, Health, Environment & Risk) Communication: Role of S&T Communication in Disaster Management and Community Preparedness” held in Jakarta, Indonesia.

It was organised by the Association of Academies and Societies of Sciences in Asia (AASSA) in collaboration with the Indonesian Academy of Sciences (AIPI), Korean Academy of Science and Technology (KAST) and the Agency for Assessment and Application of Technology (BPPT) in Indonesia.

The workshop brought together around 25 participants, most of them scientists researching or engaged in publication communication of science, technology and health related topics. I was one of two journalists in that gathering, having been nominated by the National Academy of Sciences of Sri Lanka (NAASL).

I drew on over 25 years of journalistic and science communication experience, during which time I have worked with disaster managers and researchers, and also co-edited a book, Communicating Disasters: An Asian Regional Handbook (2007).

Nalaka Gunawardene speaking at Science, Health, Environment & Risk Communication Asian regional workshop held in Jakarta, Indonesia, 8-9 Dec 2015
Nalaka Gunawardene speaking at Science, Health, Environment & Risk Communication Asian regional workshop held in Jakarta, Indonesia, 8-9 Dec 2015

The challenge in disaster early warnings is to make the best possible decisions quickly using imperfect information. With lives and livelihoods at stake, there is much pressure to get it right. But one can’t be timely and perfectly accurate at the same time.

We have come a long way since the devastating Boxing Day tsunami of December 2004 caught Indian Ocean countries by surprise. Many of the over 230,000 people killed that day could have been saved by timely coastal evacuations.

The good news is that advances in science and communications technology, greater international cooperation, and revamped national systems have vastly improved tsunami early warnings during the past decade. However, some critical gaps and challenges remain.

The Indian Ocean Tsunami Warning and Mitigation System (IOTWS) was set up in 2005 under UNESCO’s Intergovernmental Oceanographic Commission. Over USD 400 million has been invested in state of the art equipment for rapid detection and assessment. However, the system’s overall effectiveness is limited by poor local infrastructure and lack of preparedness. Some countries also lack efficient decision-making for issuing national level warnings based on regionally provided rapid assessments.

Warnings must reach communities at risk early enough for action. False warnings can cause major economic losses and reduce compliance with future evacuation orders. Only governments can balance these factors. It is important that there be clearer protocols within governments to consider the best available information and make the necessary decisions quickly.

Now, the proliferation of information and communication technologies (ICTs) is making this delicate balance even more difficult. To remain effective in the always-connected and chattering Global Village, disaster managers have to rethink their engagement strategies.

Controlled release of information is no longer an option for governments. In the age of 24/7 news channels and social media, many people will learn of breaking disasters independently of official sources. Some social media users will also express their views instantly – and not always accurately.

How can this multiplicity of information sources and peddlers be harnessed in the best public interest? What are the policy options for governments, and responsibilities for technical experts? How to nurture public trust, the ‘lubricant’ that helps move the wheels of law and order – as well as public safety – in the right direction?

As a case study, I looked at what happened on 11 April 2012, when an 8.6-magnitude quake occurred beneath the ocean floor southwest of Banda Aceh, Indonesia. Several Asian countries issued quick warnings and some also ordered coastal evacuations. For example, Thai authorities shut down the Phuket International Airport, while Chennai port in southern India was closed for a few hours. In Sri Lanka, panic and chaos ensued.

In the end, the quake did not generate a tsunami (not all such quakes do) – but it highlighted weaknesses in the covering the ‘last mile’ in disseminating early warnings clearly and efficiently.

Speakers on ‘ICT Applications for Disaster Prevention and Treatment’ in Jakarta, Indonesia, 8-9 Dec 2015
Speakers on ‘ICT Applications for Disaster Prevention and Treatment’ in Jakarta, Indonesia, 8-9 Dec 2015

See also: Nurturing Public Trust in Times of Crisis: Reflections on April 11 Tsunami Warning. Groundviews.org 26 April 2012

I concluded: Unless governments communicate in a timely and authoritative manner during crises, that vacuum will be filled by multiple voices. Some of these may be speculative, or mischievously false, causing confusion and panic.

My full PowerPoint:

 

සිවුමංසල කොලූගැටයා #249: කෙමෙන් වියපත් වන අපේ ජනගහනය අභියෝගයක්ද? සම්පතක්ද?

Population ageing happens when older people (typically over 60) account for an increasingly large proportion of the total population. It is the result of declining fertility rates, lower infant mortality and increasing survival at older ages – all triumphs of development.

This happened slowly but steadily during the last few decades. Worldwide, older people’s share of population has risen sharply. In 1950, when the world’s population was 2.5 billion, there were 205 million persons over 60. In 2014, there were 868 million such persons – nearly 12% of the total.

Meanwhile, the number of new-borns has been falling. In 2000, for the first time in history, there were more people over 60 globally than children below 5. And within the next decade, the number of older persons will surpass 1 billion.

Proportions matter more than absolute numbers. It is the age structure of a country’s population that directly affects economic productivity and human development.

In South Asia (SAARC region), Sri Lanka has the highest proportion of older people, which was 13% in 2014. This is projected to rise to 20% by 2031, and a quarter by 2041. Parallel to this, the proportion of working age population – which reached its peak in 2006 (65.1%) – will keep falling. This is similar to what is happened in many East Asian countries.

“As Sri Lanka experiences a demographic transition, the country will face several economic and social challenges, especially in handling the social protection and health care needs of a rising elderly population,” cautioned the Institute of Policy Studies (IPS) in its ‘Sri Lanka State of the Economy 2014’ report. “In addition, Sri Lanka will also have to address the implications of a shrinking workforce on the growth of the country.”

How can we prepare for this shift, to avoid being overwhelmed economically and socially?

In this week’s Ravaya column (appearing in issue of 13 Dec 2015), I explore this big challenge, with data and analysis from 2012 Census and the Global AgeWatch Index 2015 that came out in September 2015.

See my English article on this topic:

Echelon April 2015 column: Managing Demographic Transition: The ‘Silver Dividend’

Old and young hands - 2

සංවර්ධනය ගැන මාධ්‍යකරණය වඩාත් හරවත් කිරීම සඳහා මෑතදී කොළඹදී පැවැත්වූ වැඩමුළුවක් මෙහෙයවීමට මට ඇරැයුම් ලැබුණා. මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍ය ආයතන ගණනාවක සේවය කරන මාධ්‍යවේදීන් 20කට වැඩි පිරිසට මා යොමු කළ එක් ප‍්‍රශ්නයක් වූයේ මෙරට සමස්ත ජනගහනයෙන් කිනම් ප‍්‍රතිශතයක් වයස 60ට වැඩිද යන්නයි.

එයට පිළිතුරු නිවැරදිවදීමට ඔවුන් කිසිවකුටත් හැකි වූයේ නැහැ. සමහරුන් එය අවතක්සේරු කළා. තවත් අය අධිතක්සේරු කළා.

2012 ජන සංගණනයට අනුව වයස 60ට වැඩි ජන සංඛ්‍යාව 2,520,573ක් (මිලියන් 2.5ක්) වුණා. එය එවක සමස්ත ජනගහනයෙන් 12.4%ක්. තෙවසරකට පසු මේ ප‍්‍රතිශතය දැන් 13%ක් පමණ වනවා.

මේ ප‍්‍රතිශතය ඉදිරි වසරවල ටිකෙන් ටික ඉහළ යනු ඇති. ශ‍්‍රී ලංකාවේ ජනගහන දත්ත හා ප‍්‍රවණතා සමීපව අධ්‍යයනය කරන කොළඹ සරසවියේ ජනවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල්ද සිල්වා කියන්නේ 2040 පමණ වන විට අපේ ජනගහයෙන් 25%ක් වයස 60 හෝ ඊට වැඩි වයස් කාණ්ඩයට අයත් වනු ඇති බවයි. මේ තත්ත්වය දැනටමත් බොහෝ යුරෝපීය රටවල හා ජපානයේ යථාර්ථයයි.

මෙය අපේ සමාජ සංවර්ධනයේ ප‍්‍රතිඵලයක්. දශක ගණනක් පුරා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට කරන ලද මහජන මුදල් ආයෝජනය නිසා අපේ රටේ මේ වනවිට සාමාන්‍ය ආයු කාලය අවුරුදු 76.35 දක්වා ඉහළ ගොස් තිබෙනවා. (2014 ඇස්තමේන්තුවට අනුව පිරිමි ආයු කාලය අවුරුදු 72.85 හා ගැහැනු ආයු කාලය අවුරුදු 79.9 වනවා.)

මේ අනුව මීට දශක දෙක තුනකට පෙර වැඩිපුර ළමා හා තරුණ වියේ අයගෙන් සමන්විත වූ මෙරට ජනගහනය රමයෙන් මැදිවියේ හා 60 වැඩි අයගේ සංයුතියකට යොමු වෙමින් තිබෙනවා. 60 ඉක්මවූවන්ට වියපත් වූවන් හෝ මහල්ලන් යයි කීමට මා කැමති නැහැ.

Percentage of Sri Lanka's population over 60, in 2015 and coming decades, based on demographic projections
Percentage of Sri Lanka’s population over 60, in 2014 – and in coming decades, latter based on demographic projections

ජනගහනය වයෝවෘද්ධ වීම (population ageing) ගෝලීය මට්ටමින් ටිකෙන් ටික සිදු වන ජනව්‍යුහාත්මක වෙනසක්. මෙය පෙනී යන්නේ දශක දෙක තුනක ජනගහන දත්ත සසඳා බලන විටයි.

ජනගහනය වයෝවෘද්ධ වීම සරලව හඳුන්වා දිය හැක්කේ රටක (හෝ මුළු ලෝකයේම) ජනගහනයේ වයස 60 ඉක්ම වූවන්ගේ ප‍්‍රතිශතය ක‍්‍රමානුකූලව වැඩි වීම හැටියටයි.

ගෙවී ගිය සියවසක පමණ කාලය තුළ සෞඛ්‍ය සේවා දියුණුවීම නිසා ප‍්‍රවණතා තුනක් හට ගෙන තිබෙනවා. එනම් ළදරු මරණ අනුපාතිකය අඩු වීම, ජනගහනය සාඵල්‍යතාව (ප‍්‍රජනනවියේ පසුවන කාන්තාවක් ලබන දරුවන් සංඛ්‍යාව) අඩු වීම හා ආයු කාලය දීර්ඝ වීම.

පළමු ප‍්‍රවණතා දෙක නිසා සමස්ත ජනගහනයේ ළමුන්ගේ ප‍්‍රතිශතය කල් යාමේදී කෙමෙන් අඩුවනවා. ඒ අතර වැඩි දෙනකු වැඩි වයසක් දක්වා ජීවත් වීම නිසා සමස්ත ජනගහනයේ වයස 60 ඉක්ම වූවන්ගේ ප‍්‍රතිශතය වැඩි වනවා.

1950දී සමස්ත ලෝක ජනගහනය බිලියන් 2.5ක් වන විට වයස 60ට වැඩි අය සිටියේ මිලියන් 205යි. (එනම් 5.1%). 2014දී ලෝක ජනගහනය බිලියන් 7.2ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ සංඛ්‍යාව අතර වයස 60ට වැඩි අය මිලියන් 868ක් සිටියා. ඔවුන්ගේ ප‍්‍රතිශතය 12%ක් වී තිබෙනවා.

ඉදිරි වසර හා දශක කිහිපය තුළ මෙය තව දුරටත් ඉහළ යනු ඇති. 2025 වන්නට පෙර ලෝකයේ 60 වැඩි ජන සංඛ්යාව බිලියන් 1 ඉක්මවා යනවා. මෙය ඉතිහාසයේ මින් පෙර කිසි දිනෙක නොතිබූ තත්ත්වයක්.

දැනටමත් ලෝකයේ 60ට වැඩි ජන පිරිසෙන් තුනෙන් දෙකක්ම හමු වන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලයි. දකුණු ආසියාවේ 60ට වැඩි ජනගහනය ප‍්‍රතිශතයක් ලෙස ඉහළින්ම සිටින්නේ ශ‍්‍රී ලංකාවයි. අඩුම ප‍්‍රතිශතය හමු වන්නේ ඇෆ්ඝනිස්ථානයේයි (3.8%).

දකුණු ආසියාවේ වැඩිපුරම 60 ඉක්ම වූ ජන පිරිසක් වෙසෙන්නේ ඉන්දියාවේයි. මිලියන් 100ක් පමණ වන ඒ පිරිස එරට දැවැන්ත ජනගහනයෙන් 8%ක් පමණ වනවා.

හැම දකුණු ආසියානු රටකම ජන සංයුතියේ ක‍්‍රමික වෙනස්වීම් සිදු වෙමින් තිබෙනවා. ඉදිරි දශකවලදී 60ට වැඩි ජන සංඛ්‍යාව ප‍්‍රතිශතයක් ලෙස මේ හැමෙකකම වැඩි වනු ඇති. මෙය ජන ව්‍යුහාත්මක සංක‍්‍රාන්තියක් (demographic transition) ලෙස සැළකෙනවා.

‘ජන සංයුතියේ මේ සංක‍්‍රාන්තිය සිදු වීමත් සමග ශ‍්‍රී ලංකාව ආර්ථික හා සමාජයීය අභියෝග ගණනාවකට මුහුණ දෙනු ඇති. සංඛ්‍යාත්මකව ඉහළ වැඩිහිටි සංඛ්‍යාවක් සඳහා සෞඛ්‍ය අවශ්‍යතා සම්පාදනය, සමාජ ආරක්ෂණ විධිවිධාන බෙදීම මේ අතර වනවා. එයට සමාන්තරව ශ‍්‍රම බලකායේ ටිකෙන් ටික අඩු වීමක් සිදු වීම නිසා ආර්ථික වර්ධනයට එය බලපෑ හැකියි’ යැයි ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) 2014 ශ‍්‍රී ලංකා ආර්ථික තත්ත්ව වාර්තාවේ (Sri Lanka State of the Economy 2014 Report) එක් තැනෙක සඳහන් කරනවා. http://goo.gl/xnlO04

ජනවිද්‍යා හා ආර්ථික විද්‍යා ක්ෂේත‍්‍රවලදී ජනගහනයක පරායත්තතා අනුපාතය (Dependency Ratio) නම් සංකල්පය හමු වනවා. සරලව කිව හොත් එහි අදහස රටක වැඩ කර වියේ සිටින ජන සංඛ්‍යාව (නිර්වචනය කරන්නේ වයස 15 හා 64 අතර වශයෙන්) එයින් පිටත සිටින ජන සංඛ්‍යාවට ඇති අනුපාතයයි.

මේ සංකල්පයට අනුව රටක ජනගහනයේ 64ට වැඩි පිරිස ඉහළ යත්ම වැඩ කරන වියේ සිටින සෑම කෙනකුම එම පරාසයෙන් පිටත සිටින වඩාත් වැඩි සංඛ්‍යාවක් සඳහා ද ජාතික වශයෙන් උර දිය යුතුයි. මෙය වඩාත් මතු වන්නේ විශ‍්‍රාම වැටුප් ගෙවීමේ වගකීම හරහායි.

වයස 15ට අඩු හා වයස 64 ඉක්මවා ගිය අය ඵලදායීතාවට දායක නොව බවයි සැලකෙන්නේ. වයස 15ට අඩු ළමුන්ට ආර්ථික දායකත්වයක් සැපයිය නොහැකි නමුත් වයස 60 හෝ 64 ඉක්ම වූ පමණට කිසිවකුගේ ඵලදායීතාව එක් වරම නතර වනවාද?

මේ පරායත්තතා අනුපාතය සංකල්පය යළි විමසා බැලිය යුතු බව ආර්ථික විද්‍යාඥයන්ම දැන් පිළිගන්නවා. ජනගහනය වයෝවෘද්ධ වීම රටට හා පවුලට නිරායාසයෙන් බරක්යැ’යි උපකල්පනය කිරීම වැරදියි.

අපේක්ෂිත ආයු කාලය දිගු වීමත් සමග වයස 60 ගණන් හා 70 ගණන්වල පසු වන බොහෝ දෙනකු වඩාත් නිරෝගීව හා සක‍්‍රීයව දිවි ගෙවීම ඇරඹිලා. මීට පරම්පරාවකට දෙකකට පෙර මේ වයස් කාණ්ඩයේ සිටි අයට වඩා අද මේ වියට එළැඹෙන අය බෙහෙවින් වෙනස් ආකල්ප හා ගති සොබා දරනවා.

මේ යථාර්ථයට අනුගත වීමට රාජ්‍ය ප‍්‍රතිපත්ති හා සමාජ ආකල්ප ද වෙනස් විය යුතු බව හෙල්පේජ් ආසියා පැසිෆික් (HelpAge Asia Pacific) කලාපීය සංවිධානය අවධාරණය කරනවා.

එම ආයතනයේ කලාපීය අධ්‍යක්ෂ එඩුවාඩෝ ක්ලයින් කියන්නේ ‘ වයසට යාම තමන්ට හා අන් අයට බරක් යැ’යි සිතන ගතානුගතික ආකල්පය ඉවත දමා එය සම්පතක් හා නව අවස්ථා රැසක් විවර වීමක් ලෙස සිතීමට රජයන්, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන ක්ෂේත‍්‍රය හා සංවර්ධන ආයතන පටන් ගත යුතුයි.’

Global AgeWatch 2015 Report cover
Global AgeWatch 2015 Report cover

හෙල්පේජ් ආයතනය ගෝලීය වශයෙන් වැඩිහිටි ජනයාගේ ප‍්‍රවණතා හා ගැටලූ ගැන විශ්ලේෂණය කරන වාර්ෂික වාර්තාවක් සම්පාදනය කරනවා. සැප්තැම්බර් මාසයේ නිකුත් කළ Global AgeWatch Index 2015 නම් අලූත්ම වාර්තාවට ශ‍්‍රී ලංකාවද ඇතුළු රටවල් 96ක ජාතික මට්ටමේ නිල දත්ත යොදා ගෙන තිබෙනවා.

වයස 60 ඉක්ම වූ ජන පිරිසට අදාළව ආදායම් මට්ටම්, සෞඛ්‍ය පහසුකම්, රැකියා හා ආදායම් ඉපදවීමේ ඉඩකඩ, අලූතින් දැනුම හා ශිල්ප ක‍්‍රම ඉගෙනීමේ අවස්ථා මෙන්ම සුරක්ෂිත බව, සිවිල් අයිතිවාසිකම් හා පොදු ප‍්‍රවාහන සේවා භාවිතයේ පහසුව යන සාධක මත පදනම් වී රටවල් ඇගැයීමට හා ලකුණු දීමට මේ වාර්තාව ක‍්‍රියා කරනවා.

2015 වාර්තාවට අනුව රටවල් 96ක් අතරින් ශ‍්‍රී ලංකාව සිටින්නේ 46 වන ස්ථානයේයි. එය අන් සියලූ දකුණු ආසියානු රටවලට වඩා ඉහළින් වුවත් අපට සෑහීමකට පත්වන්නට බැහැ.

වැඩිහිටි ජනගහනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් 2006 සිට ක‍්‍රියාත්මක වීම හරහා යම් සුබ සාධන ක‍්‍රියාමාර්ග අතින් මෙරට යම් ප‍්‍රගතියක් ලබා තිබෙනවා. එහෙත් අන් සාධක දෙස බලන විට තත්ත්වය සුබදායක නැහැ.

දත්තවලට අනුව අද දවසේ 60 විය සපුරන ලාංකිකයකුට සාමාන්යයෙන් තව වසර 20ක් පමණ ජීවත්වීමට හැකියාව තිබෙනවා. එයින් වසර 16.2ක් යහපත් සෞඛ්යයෙන් (මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නක්.)

නොමිලයේ රජයේ රෝහල්වලින් ප‍්‍රතිකාර ලැබෙතත් එහි ගුණාත්මක බව ගැන ප‍්‍රශ්න තිබෙනවා. මානසික සෞඛ්‍ය වැනි අංශයන්ගෙන් අපේ සෞඛ්‍ය සේවා සපයන රැකවරණය නොසෑහෙන බව ද වාර්තාව පෙන්වා දෙනවා.

ගෝලීය වාර්තාවට ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ගැන කෙටි විග‍්‍රහයක් ලියා ඇති හෙල්පේජ් ශ‍්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ දයාල් පෙරේරා කියන්නේ මෙරට රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වැඩිහිටි ජනගහනය ගැන වඩාත් සංවේදී විය යුතු බවයි.

‘මේ වසරේ අප ඉල්ලා සිටින්නේ වයස 60 ඉක්මවූ අයට වෙනම රෝහල් වාට්ටු වෙන් කිරීමේ පිළිවෙතක් හඳුන්වා දෙන ලෙසයි.’ ඔහු කියනවා.

සෞඛ්‍යයටත් වඩා ලොකු අභියෝගයක් මෙරට හමු වන්නේ වැඩිහිටි ජනයාගේ ආදායම් සුරක්ෂිත බව සම්බන්ධයෙන්. මෙරට වයස 65 ඉක්ම වූ අයගෙන් යම් ආකාරයක විශ‍්‍රාම වැටුපක් ලබන්නේ 17.1%ක් පමණක් බව ගෝලීය වාර්තාව කියනවා. (රජයේ සේවකයන්ට ඇති විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට අමතරව බැංකු හා වෙනත් ක්ෂේත‍්‍රවල විශ‍්‍රාම වැටුප් ක‍්‍රම දුසිම් දෙකක් පමණ මෙරට තිබෙනවා. එහෙත් ඒ හැම එකක්ම එක සමාන ලෙසින් කාර්යක්ෂම නැහැ.)

රජයේ සේවයෙන් විශ‍්‍රාම ගිය අයට විශ‍්‍රාම වැටුප් ගෙවීමට දැනටමත් දළ ජාතික ආදායමින් 1.5%ක් පමණ වසරක් පතා රජය වැය කෙරෙනවා. මෙය මීට වඩා ඉහළ දැමීම ලෙහෙසි නැහැ. විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිපත්ති සමාලෝචනය කොට කාලානුරූපව ප‍්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා.

එසේම නොවිධිමත් ආර්ථිකයේ නියැලෙන බහුතරයක් ජනයාට විශ‍්‍රාම වැටුපක රැකවරණය සපයා දීමේ දැවැන්ත අභියෝගයද තිබෙනවා.

විශ‍්‍රාම යන වයසද නැවත විමසා බැලිය යුතුයි. 2012 ජන සංගණනයට අනුව 60 ඉක්ම වූ අයගෙන් 78%ක්ම පසු වූයේ 60-74 අතර වයස් කාණ්ඩයේයි. ඒ බොහෝ දෙනකු සිරුරින් හෝ මනසින් හෝ දුර්වල වී නැහැ. ඔවුන් අත්දැකීම් බහුලයිග

අවස්ථා හා දිරි ගැන්වීම් ලද හොත් විවිධාකාරයෙන් සක‍්‍රීයව හා ඵලදායීව වසර ගණනක් ගත කිරීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. එසේ නොවීම සුවිසල් මානව සම්පතක් අපතේ යැවීමක්.

අපේ රටේ රාජ්‍ය සේවකයන් වයස 60 ළඟා වූ විට අනිවාර්යයෙන් විශ‍්‍රාම යායුතුයි. සරසවි ඇදුරන්, විනිසුරුකරුවන් වැනි විශේෂිත වෘත්තීන් සඳහා 65 දක්වා සේවයේ නිරත විය හැකියි.

2014 මැදදී එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන යෝජනා කළේ මෙරට විශ‍්‍රාම යෑමේ වයස 65 කළ යුතු බවයි. එහෙත් මෙය තවමත් ප‍්‍රතිපත්තියක් ලෙස තීරණය වී නැහැ.

2012 සංගණනයට අනුව 60ට වැඩි පිරිස අතර ආර්ථක වශයෙන් සක‍්‍රියව සිටියේ 25.6%ක් පමණයි. එසේම නොවිධිමත් ආර්ථිකයේ ජීවිතය අවසානය දක්වාම දෛනික ආදායම් ඉපැයීම කරන විශාල සංඛ්‍යාවක් මේ නිල සංඛ්‍යා ලේඛනවලට හසු නොවන බවද සිහිපත් කළ යුතුයි.

ජනගහනය කෙමෙන් වයෝවෘද්ධ වීම හරහා මතු වන සමාජ, ආර්ථික අභියෝග සියල්ල මෙවැනි කෙටි විග‍්‍රහයකින් සාකච්ඡා කිරීම අපහසුයි. එහෙත් මේ ගැන මීට වඩා සමාජයීය සංවාදයක් හා ප‍්‍රතිපත්ති මට්ටමේ අවධානයක් අවශ්‍ය බව නම් පැහැදිලියි.

Infographic by HelpAge International
Infographic by HelpAge International

සිවුමංසල කොලූගැටයා #248: ලක් සමාජය වෙනස් කළ, මිලියනයක දිවි රකින ත‍්‍රිරෝද රථය

There are at least three post-1977 introductions that have transformed our society across all social and economic levels. They are: trishaws or three wheelers (came in 1978); broadcast television (started small in 1979 and went nationwide in 1982) and mobile telephony (1989).

According to government statistics, a total of 929,495 trishaws (officially called ‘motor tricycles’) were registered in Sri Lanka by end 2014. That makes it the second most common type of motorized transport (there were 2,988,612 motor cycles by end 2014). In comparison, there were 97,279 buses and 566,874 motor cars.

With 2015 additions to this fleet, we can say that one million trishaws are running on our roads. They have become the leading provider of informal public transport (IPT) services, carrying passengers as well as goods (sometimes well in excess of intended capacity).

An entirely a market driven phenomenon without any state subsidies, they are the lifeline of income to a very large number of families in Sri Lanka.

In in this week’s Ravaya column (appearing in issue of 6 Dec 2015), I look at the social, economic and cultural impacts of this vehicle in the Lankan context.

I ask: Can better regulation streamline the industry and improve the drivers’ social status?

Versatile three-wheelers or trishaws have become pervasive in Sri Lanka. Photo taken in Polonnaruwa by Anomaa Rajakaruna, in 2011
Versatile three-wheelers or trishaws have become pervasive in Sri Lanka. Photo taken in Polonnaruwa by Anomaa Rajakaruna, in 2011

1977දී ඇරැඹුණු ආර්ථික ප‍්‍රතිසංස්කරණ යටතේ මෙරටට පැමිණ සමාජ, ආර්ථික හා සංස්කෘතික හැම අතින්ම ලක් සමාජයට ප‍්‍රබල බලපෑමක් කළ සාධක තුනක් මා දකිනවා. එනම් ත‍්‍රිරෝද රථය (1978), ටෙලිවිෂනය (1979) හා ජංගම දුරකථනය (1989)යි. මේ පෙරළිකාර ත‍්‍රිත්වයම සමාජයේ ගතානුගතික පිරිස් වෙතින් දොස් අසන, හෙළා දැකීමට ලක් වන සැටිත් අප දන්නවා.

වසර 25කට පසුවත් ජංගම දුරකථනයට ඔරවන හනමිටිකාරයන් ගැන මීට පෙර කොලමකින් මා කතා කළා.

30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

අද තේමාව එලෙසින්ම අවඥාවට ලක් වන, එහෙත් අප බොහෝ දෙනෙකුට නැතිවම බැරි ත‍්‍රිරෝද රථයයි.

ත‍්‍රිරෝද රථය ආසියාවේ හා අප‍්‍රිකාවේ රටවල් ගණනාවක බහුලව දැකිය හැකි ප‍්‍රවාහන සේවයක්. රෝද තුනක් සහිත විවිධ මෝටර් රථ සැලසුම් ගණනාවක් 20 වන සියවසේ වෙළඳපොළට ආවත්, අප දන්නා ආකාරයේ ත‍්‍රිරෝද රථය සැලසුම් කළ බවට පිළිගැනෙන්නේ ඉතාලියේ පියාජියෝ සමාගමේ (Piaggio company) සේවය කළ කොරඞීසෝ ඩි අස්චානියෝ (Corradino D’Ascanio) නම් නව නිපැයුම්කරුවා. ලෝ ප‍්‍රකට වෙස්පා (Vespa) ස්කූටරය නිර්මාණය කළෙත් ඔහුයි.

පියාජියෝ සමාගමේ සැලසුම් ලොව විවිධ රටවල ප‍්‍රතිනිර්මාණය කරනු ලැබුවා. ජපානයේ ඩයට්සු සමාගම තැනූ මිජට් (Diahatsu Midget) නම් ත‍්‍රිරෝද රථය අග්නිදි ආසියාවට ඔවුන් හඳුන්වා දුන්නේ 1960 දශකයේ.

දකුණු ආසියාවේ ත‍්‍රිරෝද නිපදවීම අතින් මුල් තැන ගන්නේ ඉන්දියාවේ බජාජ් ඔටෝ සමාගමයි. ලෝකයේ විශාලතම ත‍්‍රිරෝද නිෂ්පාදකයා වන ඔවුන් වසරකට ත‍්‍රිරෝද රථ ලක්ෂ පහක් පමණ නිම කරනවා. එයින් අඩකටත් වඩා පිටරට යවනවා. පෙට‍්‍රල්, ඞීසල් හා ස්වභාවික වායුව (Compressed Natural Gas, CNG) ඉන්දන මගින් ධාවනය වන ත‍්‍රිරෝද සැලසුම් කිහිපයක් මේ අතර තිබෙනවා.

ත‍්‍රිරෝද රථ මෙරටට ගෙන්වීම ඇරැඹුණේ 1978දී. ආර්ථිකය විවෘත වීමත් සමග රිචඞ් පීරිස් සමාගමේ අනුබද්ධ සමාගමක් ලෙස පිහිටුවන ලද ඬේවිඞ් පීරිස් සමාගම ඉන්දියාවේ බජාජ් මෝටර් සමාගමේ මෙරට නියෝජිතයා ලෙස පත් වුණා.

ඉන්දියාවෙන් ගෙනා මුල්ම ත‍්‍රිරෝද රථ පැදවීමේ හැකියාව තිබූ කිසිවකුත් මෙරට සිටියේ නැහැ. එය උත්සාහ කළ බොහෝ දෙනා මෝටර් බයිසිකලයක් මෙන් සමබර කරන්නට තැත් කළ බවත්, අන්තිමේදී ත‍්‍රිරෝද පදවන සැටි තම හයිඞ් පාක් කාර්යාල අංගනයේදී දිනකට පැය ගණනක් බැගින් සිය ගණනක් දෙනා තමා පුහුණු කළ බවත් සමාගමේ අධිපති ඬේවිඞ් පීරිස් කියනවා.

එසේම මුළුමනින් සාදා නිම කර මෙරටට එවනු ලැබු මුල්ම ත‍්‍රිරෝද තොගය කොළඹ වරායේ සිට ඬේවිඞ් පීරිස් කාර්යාලයට පදවන්නට ඔහුගේ සේවකයන්ට ආත්ම විශ්වාසයක් නොතිබූ නිසා දුසිම් ගණනක් රථ එකින් එක තමාම පදවාගෙන ගිය බවත්, මීට වසර කිහිපයකට පෙර පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී පීරිස් සඳහන් කළා.

බොහෝ ලාංකිකයන් අලූත් දෙයකට පිවිසෙන්නට මුලදී බියක් සැකක් දක්වනවා. එහෙත් එය කර පෙන් වූ පසු ඉක්මනින් එයට අනුගත වීමටත් ඔවුන් පෙළඹෙනවා. ති‍්‍රරෝද රථය ටික කලකින් මෙරට ප‍්‍රචලිත හා ජනප‍්‍රිය වුණා.

ත‍්‍රිරෝද රථ ආර්ථිකය ගැන පර්යේෂණ කොට ඇති මොරටුව සරසවියේ අමල් කුමාරගේ, මහින්ද බණ්ඩාර හා දර්ශිනී මුණසිංහ යන විද්වතුන් මේ අවිධිමත් ප‍්‍රවාහන ක‍්‍රමය ජනප‍්‍රිය වීමට හේතු හඳුනාගෙන තිබෙනවා.

  • බස් හා දුම්රිය ප‍්‍රවාහන සේවා සඳහා පවතින අධික ඉල්ලූමට සරිලන ධාරිතාවක් නොතිබීම.
  • බස්/දුම්රිය මාර්ගවලින් දුරස්ථව පිහිටි ප‍්‍රදේශවල වෙනස් ප‍්‍රවාහන විකල්ප හිඟ වීම.
  • නාගරික මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවලත් ඉක්මනින් හා සාපේක්ෂව දරා ගත හැකි වියදමකින් ගමන් යාමට ත‍්‍රිරෝද සේවා උපකාරී වීම.
  • බස් හා දුම්රිය සේවා රටේ වෙනස් වන ජන ජීවන හා ආර්ථික රටාවලට ප‍්‍රතිචාර නොදක්වන පසුබිම තුළ ත‍්‍රිරෝද රථ වඩාත් නම්‍යශීලී සේවා සැපයීම.

මගී ප‍්‍රවාහනයට මෙන්ම භාණ්ඩ ප‍්‍රවාහනයට ද ත‍්‍රිරෝද රථ අපේ රටේ දැන් බහුලව යොදා ගැනෙනවා. ගාස්තු අය කර මගීන් ප‍්‍රවාහනයට සමාන්තරව තමන්ගේ පෞද්ගලික ගමන් බිමන් යාමට ත‍්‍රිරෝද රථ යොදා ගන්නා පවුල් හා කාර්යාල සංඛ්‍යාව ද ඉහළ යමින් තිබෙනවා.

Three wheeler on the streets of Colombo - Photo by Nalaka Gunawardene
Three wheeler on the streets of Colombo – Photo by Nalaka Gunawardene

ප‍්‍රවාහන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ප‍්‍රකාශිත සංඛ්‍යාලේඛනවලට අනුව 2014 අවසන් වනවිට මෙරට ත‍්‍රිරෝද රථ ලියාපදිංචි වූ සංඛ්‍යාව 929,495යි. සංඛ්‍යාත්මකව මෙරට වැඩියෙන්ම හමු වන මෝටර් බලයෙන් දිවෙන වාහනය මෝටර් බයිසිකලයයි. (2014 වනවිට 2,988,612ක් ලියාපදිංචිව තිබුණා.) ඊළඟට වැඩිපුරම රටේ ඇත්තේ ත‍්‍රිරෝද රථයි. (සංසන්දනය සඳහා සමස්ත කාර් රථ සංඛ්‍යාව 566,874යි. බස් සංඛ්‍යාව 97,279යි.)

ත‍්‍රිරෝද රථ බහුලවීම හරහා ඒවාටම ආවේනික උප සංස්කෘතියක් බිහිව ඇතැයි මොරටුව සරසවි පර්යේෂකයෝ කියනවා. එහි ලක්ෂණ අතර ඔවුන් භාවිත කරන බස් වහරක්, ප‍්‍රිය කරන සංගීතයක් හා ත‍්‍රිරෝද රියදුරන්ට ඉලක්ක කරන රේඩියෝ වැඩසටහන් පවා තිබෙනවා. එසේම ඔවුන් තම රථ අලංකරණය කිරීමේ විචිත‍්‍රත්වයක් ද පවතිනවා.

මෙයින් ඔබ්බට විහිදෙන සමාජ-ආර්ථික විප්ලවයක් ද ත‍්‍රිරෝද රථ හරහා ගෙවී ගිය දශක තුන හතර තුළ මෙරට සිදුවී තිබෙනවා. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා සොයා යනවා වෙනුවට ස්වයං රැකියාවක් ලෙස ත‍්‍රිරෝද රථ ධාවනයට ලක්ෂ ගණනින් ලාංකිකයන් යොමුව සිටිනවා.

ඔවුන් මුහුණ දෙන ප‍්‍රශ්න හා අභියෝග රැසක් ඇතත් පොදුවේ ආදායම් මට්ටම් තරමක් හෝ ඉහළ දැමීමට මෙයින් ලැබී ඇති දායකත්වය ඉමහත්.

මේ පැතිකඩ විග‍්‍රහ කළ පර්යේෂණ පත‍්‍රිකාවක් ගිය සතියේ කොළඹ පැවති දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ (Centre for Poverty Analysis, CEPA) වාර්ෂික පර්යේෂණ සමුළුවේදී ඉදිරිපත් කෙරුණා.

බස්නාහිර පළාතේ තෝරා ගත් නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල (නුගේගොඩ, මොරටුව, මීගමුව, ජාඇල, නිට්ටඹුව, අවිස්සාවේල්ල, හොරණ, මතුගම හා වේයන්ගොඩ) ත‍්‍රිරෝද රථ රියදුරන් 342ක් අහඹු ලෙස තෝරා ගෙන කළ සමීක්ෂණයක් මත පදනම් වූ මේ පර්යේෂණයට මුල් වුණේ මොරටුව සරසවියේ කථිකාචාර්ය යාපා මහින්ද බණ්ඩාරයි.

මේ රියදුරන්ගෙන් 67%ක් තමන්ගේම හිමිකාරිත්වය ඇති රථයක් ධාවනය කළ අතර, ඉතිරි 33% වෙන අයෙකුට හිමි රථයක් දවස් කුලියට භාවිත කළා.

සමස්ථ නියැදියේ රියදුරන්ගෙන් තුනෙන් දෙකක් (65%) පමණ වසර පහකට වඩා මේ කාරියේ නිරත වන බව හෙළි වුණා. සියයයට 25%ක් වසර දහයකටත් වඩා මේ රැකියාව කරනවා.

නියැදියේ රියදුරන්ගෙන් 95%ක් පූර්ණ කාලීනව මෙය කරන අතර, 55%ක් මීට පෙර වෙනත් රැකියාවක් කොට පසුව මෙයට පිවිස තිබෙනවා. දිගටම මේ රැකියාවේ නිරත වන්නේ ඇයි දැයි විමසූ විට බහුතරයක් (41%) කීවේ තමන්ගේම ස්වයං රැකියාවකට ඇති කැමැත්තයි. රස්සාව ලෙහෙසියි (23%), වෙනත් රැකියාවක් සොයා ගැනීමට අසීරුයි (22%) හා ආදායම හොඳයි (14%) යන පිළිතුරු ද ලැබුණා.

Findings of the survey by Yapa Mahinda Bandara of Moratuwa University based on sample of 342 three wheeler drivers in Western Province, Sri Lanka, 2015
Findings of the survey by Yapa Mahinda Bandara of Moratuwa University based on sample of 342 three wheeler drivers in Western Province, Sri Lanka, 2015

මෙයින් පෙනෙන්නේ ති‍්‍රරෝද රථ පැදවීම තව දුරටත් තාවකාලික රැකියාවක් නොවන බව බණ්ඩාර කියනවා.

රියදුරන් උපයන ආදායම සාධක ගණනාවක් මත වෙනස් වනවා. මේ නිසා දෛනික සාමාන්‍ය ආදායමක් ගණනය කිරීම අපහසුයි. එය දිනකට රු. 400 හා රු. 3,000 අතර පරාසයේ ඇති බවත්, සාමාන්‍ය අගය දිනකට රු. 1,500ක් පමණ බවත් මේ සමීක්ෂණය හෙළි කරනවා. එහෙත් වාහනය තමන්ගේ නොවේ නම් හිමිකරුට දිනකට රු. 200 – 500 අතර ගණනක් දිය යුතුයි. වාහනයට ඉන්ධන හා නඩත්තු වියදම් ද රියදුරන් දැරිය යුතුයි.

ඉන්දන හැරුණු කොට වෙනත් නඩත්තු වියදම් (සර්විස් කිරීම, ආදායම් බලපත‍්‍රය, රක්ෂණ වාරික, කල් බදු ගෙවීම, රථගාල් කිරීමේ ගාස්තු ආදිය) සඳහා වසරකට දළ වශයෙන් රු. 60,000ක් පමණ වැය වනවා.

මේ නිසා බහුතරයක් ත‍්‍රිරෝද රියදුරන් ලොකු ලාභයක් නොලබතත් එදා වේල හම්බ කර ගැනීමට හැකියාව ලබා තිබෙනවා. තමන්ගේම ත‍්‍රිරෝද රථයක් කුලියට දුවන රියදුරකුට මසකට සාමාන්‍යයෙන් රු. 45,000ක් පමණ ඉපයීමට හැකි බවත්, නිල දරිද්‍රතා සීමාවට (official poverty line) ඉහළින් සිටීමට ඔවුන්ට මේ අනුව හැකි වන බවත් පර්යේෂකයා කියනවා.

රිරෝද රථ සඳහා කිසිදු ඍජු රාජ් සහනාධාරයක් ලැබෙන්නේ නැහැ. එය තනිකරම වෙළඳපොළ සංසිද්ධියක්. එය හරහා ලක්ෂ ගණනක සමාජ ආර්ථික තත්ත්වය ඉහළ යාම වැදගත් රවණතාවක්.පර්යේෂක බණ්ඩාර කියා සිටියා.

ත‍්‍රිරෝද රථ සඳහා රියදුරු බලපත‍්‍රය හා ආදායම් බලපත‍්‍රය හැරුණු කොට දීප ව්‍යාප්තව වෙනත් නියාමනයක් බල පවතින්නේ නැහැ. සමහර පොලිස් බල ප‍්‍රදේශවල ත‍්‍රිරෝද රථ සඳහා නිශ්චිත අංකයක් ලබා දී තිබෙනවා.

බණ්ඩාරගේ පර්යේෂණ පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමෙන් පසු සිදු වූ සංවාදයේදී මතු වූයේ ත‍්‍රිරෝද රථ හිමියන් හා රියදුරන් අතර යම් තරමක ස්වයං නියාමනයක් පවතින බවයි. මෑතදී හඳුන්වා දුන් මීටර් තවමත් හැම රථයකම සවි කර නැතත් ඒ හරහා ධාවන ගාස්තු යම් සීමාවක් තුළට පැමිණ තිබෙනවා.

Lalith Dharmasekera Vithanage - Image from YouTube
Lalith Dharmasekera Vithanage – Image from YouTube

මේ අතර තවත් සිදුවීමක් ඔක්තෝබර් මාසයේ වාර්තා වුණා. සමස්ත ලංකා ත‍්‍රිරෝද රියදුරන්ගේ සංගමය හා එහි සභාපති ලලිත් ධර්මසේකර විතානගේ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ ති‍්‍රරෝද ධාවනය ආවරණය කරන නව නීති හා රෙගුලාසි සම්පාදනය කරන ලෙසයි. මෙය මහජනතාවටත්, රියදුරන්ටත් දෙපිරිසටම වැදගත් බවත්් මේ පෙත්සම අවධාරණය කළා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර තිබුණේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා, ප‍්‍රවාහන අමාත්‍යවරයා, පොලිස්පතිවරයා, පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා, මුදල් අමාත්‍යවරයා, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා, එම අමාත්‍යංශවල ලේකම්වරුන්, ජාතික ප‍්‍රවාහන කොමිසමේ සභාපතිවරයා හා නීතිපතිවරයායි.

මාර්ග ආරක්ෂාව, පාරිභෝගික ආරක්ෂාව, මාර්ග නීති හා විනය රැකීම, ති‍්‍රරෝද මගීන්ගේ ආරක්ෂාව, ත‍්‍රිරෝද රියදුරන්ගේ අයිතිවාසිකම් හා යුතුකම්/වගකීම් ගැන පුළුල්ව සැලකිල්ලට ගන්නා නව දැක්මක් මේ නීතිරීති සම්පාදනයට පාදක විය යුතු යයි පෙත්සම කියා සිටියා.

මෙයින් පෙනෙන්නේ දශක තුන හමාරක් අවිධිමත් ප‍්‍රවාහන ක‍්‍රමයක් ලෙස වර්ධනය වූ ත‍්‍රිරෝද රථ ධාවනය යම් තරමක නියාමනයක් හා විධිමත් බවක් වෙත යොමු කිරීමට එහි නිරත වූවන්ට ද වුවමනාවක් ඇති බවයි.

එහෙත් රාජ්‍ය නියාමනය කළ යුත්තේ අවශ්‍ය අවම මටට්මට පමණයි. ගිය සතියේ කොළඹ සමුළුවට සහභාගි වූ ඉන්දියානු තාක්ෂණ සරසවියේ (IIT Delhi) ප‍්‍රවාහන මහාචාර්ය ගීතම් තිවාරි කීවේ සමහර ඉන්දියානු නගර හා ප‍්‍රාන්තවල ත‍්‍රිරෝද ක්ෂේත‍්‍රයේ නියාමනය දරදඬු වැඩි බවයි. උදාහරණයක් ලෙස දිල්ලි නාගරික ප‍්‍රදේශය එහි ධාවනය කළ හැකි ත‍්‍රිරෝද රථ සංඛ්‍යාව 90,000ක උපරිමයකට යටත් කොට තිබෙනවා.

‘නියාමනයන් වැඩිවන විට මගීන්ට එම සේවය භාවිත කිරීමට ගෙවිය යුතු ගාස්තුව ද ටිකෙන් ටික ඉහළ යනවා. මේ නිසා නිසි තුලනයක් පවත්වා ගැනීම අවශ්‍යයි,’ ඇය අවධාරණය කළා.

මීට වසර කිහිපයකට පෙර මා විධායක නිෂ්පාදනය කළ 2048දී ශ‍්‍රී ලංකාව ටෙලිවිෂන් විවාදයකට සහභාගි වෙමින් ලලිත් ධර්මසේකර කළ ප‍්‍රකාශයක් මට තවමත් හොඳින් මතකයි. ‘රෝදයක් අඩු වුණාට අපේ මොළේ අඩුවක් නැහැ! සමාජයේ යහපත සඳහා නීති ගරුකව හොඳ සේවයක් සපයන්න අප කැප වී සිටිනවා. එහෙත් මිටි තැනින් වතුර බසින්නාක් මෙන් බොහෝ ප‍්‍රශ්නවල දොස් ත‍්‍රිරෝද රථවලටම පවරන්න එපා!’

ප‍්‍රවාහන සේවයක් ඉක්මවා යන සමාජයීය ප‍්‍රපංචයක් ලෙස ත‍්‍රිරෝද රථය මීට වඩා ගවේෂණයට හා විවාදයට ලක් විය යුතුයි.

සිවුමංසල කොලූගැටයා #247: නාගරීකරණයේ ඇත්ත ඇති සැටියෙන් දැන්වත් පිළි ගනිමුද?

Sri Lanka’s 2012 Census of Population and Housing categorised only 18.2% of the Lankan population as being urban. However, that figure is highly misleading because we currently use a narrow definition.

Currently, only those living in Municipal Council (MC) or Urban Council (UC) areas are considered urban. However, some Pradeshiya Sabha areas (the next local government unit) are just as urbanised.

At the recent LBR/LBO Infrastructure Summit 2015 held in Colombo in early November, Minister of Megapolis and Western Development Champika Ranawaka took on this myth head on. He argued that Sri Lanka’s urban population share is probably as high as 48% — which is two and a half times higher than the current figure.

His concern: misconceptions such as this distort the country’s policy decisions on infrastructure planning and urban development.

The World Bank’s global lead for urban development strategies, Sumila Gulyani, who spoke during the opening session, agreed with the Minister’s contention of nearly half of Sri Lanka’s population having already become urban.

I discuss the matter in this week’s Ravaya column, (appearing in issue of 29 Nov 2015).

I covered similar ground in an English Op Ed published in Daily Mirror on 12 Nov 2015: Let’s Get Real about Sri Lanka’s Urbanization!

Global urban population, accordimg to the United Nations. Infographic courtesy Graphic News
Global urban population, accordimg to the United Nations. Infographic courtesy Graphic News

 

නගර යන සංකල්පය ඉතිහාසයේ මතුව ආයේ පහසුකම් හා අවස්ථාවල සංකේන්ද්‍රනයක් හැටියටයි. එසේම වඩාත් වාණිජ සබඳතා හා සංස්කෘතික කටයුතු සිදු වන ප‍්‍රදේශ ලෙස ද අප නගර දකිනවා. භෞතික ගොඩනැගිලි හා මහාමාර්ගවලට වඩා නගරවල වැදගත් සාධක වන්නේ මේවායි.

නගර බිහි වීම ශිෂ්ටාචාර පරිනාමයේ එක් අවස්ථාවක්. එයට උදාහරණ මොහන්ජොදාරෝ, ඇතන්ස්, රෝමය මෙන් ම සහස‍්‍රයක් මෙරට රාජධානියව පැවැති අනුරාධපුරයත් දැක්විය හැකියි. කලාකරුවන්, චින්තකයන්, විද්‍යාඥයන් බොහෝ විට බිහි වන්නේ නගරවල සමාජ-ආර්ථික තෝතැන්න හරහා.

මුලදි ග‍්‍රාමීය ලක්ෂණ පවතින ප‍්‍රදේශවල යටිතල පහසුකම් ටිකෙන් ටික දියුණු වී, නාගරික පෙදෙස් බවට පෙරැළීම නාගරීකරණය (Urbanisation) යයි හැඳින්වෙනවා.

බහුතර පිළිගැනීම නම් මෙය රටක් දියුණු වීමේ ලක්ෂණයක් බවයි. එයින් අදහස් කැරෙන්නේ ගම් නොදියුණුය යන්න නොවෙයි. නූතන පහසුකම් සහිතව, ආයාසය අඩු කර ගෙන ජීවත්වීමට අද කාලේ බොහෝ දෙනකු කැමතියි.

ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රදේශ කොපමණක් ඇත්ද? ජනගහනයෙන් කිනම් ප‍්‍රතිශතයක් නාගරික ප‍්‍රදේශවල වාසය කරනවාද?

මේ ගැන යම් ව්‍යාකූලතාවක් හා විවාදයක් තිබෙනවා. මෙගාපොලිස් හෙවත් මෙගා පුරවර වෙත රට යොමු වන මේ මොහොතේ මෙය නිරවුල් කර ගැනීම ඉතා වැදගත්.

2012 අවසන් වරට කළ ජන සංගණනයට අනුව මෙරට ජනගහනය 20,359,439ක් (මිලියන 20.36) වුණා. එයින් නාගරික යයි සැළකෙන ප‍්‍රදේශවල වාසය කළේ 18.2%ක් පමණයි.

එහෙත් මෙය මුලා කරවන සුළු තරම් කුඩා ප‍්‍රතිශතයක් බව සංගනනය කළ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවම ප‍්‍රසිද්ධියේ කියනවා.

2012 සංගණනයේ ප‍්‍රතිඵල කැටි කැරෙන හා විග‍්‍රහ කැරෙන නිල ප‍්‍රකාශනයක දෙපාර්තමේන්තුව මෙසේ කියනවා. ‘දැනට මෙරට නාගරික ප‍්‍රදේශ ලෙස සැලකෙන්නේ මහනගර සභා (Municipal Councils) හා නගර සභා (Urban Council) බල ප‍්‍රදේශ පමණයි.

එහෙත් 1987 වන තුරු සුළු නගර සභා (Town Councils) බල ප‍්‍රදේශ ද නාගරික ලෙස සළකනු ලැබුවා. 1987දී ප‍්‍රාදේශීය සභා පිහිටුවීමත් සමග ඒවා අහෝසි වූ අතර, සියලූම ප‍්‍රාදේශීය සභාවල බල ප‍්‍රදේශ ග‍්‍රාමීය යයි පරිපාලන වශයෙන් පිළි ගැනීම ඇරැඹුණා.’

මේ අනුව එතෙක් නාගරික යයි සැලකූ සමහර ප‍්‍රදේශ එක රැයින් ග‍්‍රාමීය ලෙස නැවත වර්ගීකරණය වූ බවත්, එතැන් පටන් මෙරට නාගරික ප‍්‍රදේශ හා නාගරික ජනගහන ප‍්‍රතිශතය අඩුවෙන් තක්සේරු කිරීම දිගටම සිදු වන බවත් දෙපාර්තමේන්තුව කියනවා.

මේ විසමතාව සමහර විද්වතුන් කලෙක සිටම පෙන්වා දෙනවා. මොරටුව සරසවියේ නගර සැලසුම් පිළිබඳ මහාචාර්ය ඈෂ්ලි එල්.එස්. පෙරේරා එයින් ප‍්‍රමුඛයි.

‘1981දී පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කිරීම් සංශෝධනය කරද්දී ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ ලෙස වර්ග කරනු ලැබුවේ විද්‍යාත්මක පදනමක් මත නොව මුළුමනින්ම දේශපාලන අවශ්‍යතා සඳහායි. එවක් පටන් සියලූ ප‍්‍රාදේශීය සභා ග‍්‍රාමීය ප‍්‍රදේශ යයි විග‍්‍රහ කිරීමේ රාජ්‍ය පරිපාලන සම්ප‍්‍රදාය නිසා මෙරට නාගරික ප‍්‍රදේශ පිළිබඳ සැබෑ චිත‍්‍රයක් ලබා ගැනීම අපහසු වී, ප‍්‍රතිපත්ති සම්පාදනයට බාධා වී තිබෙනවා’ යයි ඔහු වරෙක පුවත්පත් ලිපියක කියා සිටියා.

2012 සංගණනය වන විට මෙරට මහ නගර සභා 23ක්, නගර සභා 41ක් හා ප‍්‍රාදේශීය සභා 271ක් තිබුණා. ජන සංගණනයට පෙර, 2011දී අලූතෙන් මහ නගර සභා බල ප‍්‍රදේශ හතරක් ප‍්‍රකාශයට පත් කළා (කඩුවෙල, දඹුල්ල, බණ්ඩාරවෙල හා අක්කරෙයිපත්තු).

2011 වන තුරු ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයක් ලෙස පැවති කඩුවෙල එක් වරම මහනගර සභාවක් බවට පත් වුණා. එම ප‍්‍රදේශය කලෙක පටන්ම නාගරික ලක්ෂණ සහිත වුවත් නාගරික මට්ටමට පිළිගැනුනේ මෙසේ ඉතා මෑතදියි.

එසේ තවමත් පිළිගැනුනේ නැති, එහෙත් භෞතිකව බොහෝ නාගරික ලක්ෂණ දියුණු වී ඇති තව ප‍්‍රදේශ දිවයිනේ විසිර පවතිනවා. උදාහරණයකට මහරගම නගර සභා ප‍්‍රදේශය පසු කර ගෙන හයිලෙවල් පාර දිගේ ගිය විට හෝමාගම හමු වනවා. මේ ප‍්‍රදේශ දෙකෙහි දැන් ලොකු වෙනසක් නැතත් හෝමාගම ප‍්‍රාදේශීය සභාවක් පවතින නිසා සැලකෙන්නේ මුළුමනින්ම ග‍්‍රාමීය ප‍්‍රදේශයක් ලෙසයි.

මෙබඳු විෂමතා තවත් පළාත් හා දිස්ත‍්‍රික්ක ගණනාවක අපට හමු වනවා. මෙසේ පරිපාලනමය වශයෙන් අවතක්සේරු නොකළා නම් අපේ රටේ නාගරික ජනගහන ප‍්‍රතිිශතය සැබැවින්ම කොපමණ විය හැකිද? මෙය කලෙක සිට මට තිබුණු ප‍්‍රශ්නයක්.

නොවැම්බර් 3-4 දිනවල කොළඹ පැවති නාගරික යටිතල පහසුකම් පිළිබඳ සමුළුව (LBR/LBO Infrastructure Summit 2015) අමතමින් මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන භාර අමාත්‍ය චම්පික රණවක මේ ගැන කතා කළා.

ඔහු කීවේ මෙරට නාගරික ජන ප‍්‍රතිශතය සැබැවින්ම 48%ක් පමණ විය යුතු බවයි. මෙය 2012 ජනසංගණනයේ ප‍්‍රතිශතය මෙන් දෙක හමාරක් පමණ වැඩියි.

රටක යටිතල පහසුකම් සැලසුම් කිරීම හා ඉදිකිරීම ජනගහන වර්ධනය හා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන, එයට ඉදිරියෙන් සිටීමට කළ යුත්තක්. ඒ සඳහා තාත්ත්වික සංඛ්‍යා ලේඛන මෙන්ම ප‍්‍රක්ෂේපන ද අවශ්‍යයි.

මෙරට නාගරික ජනගහනය 18%ක් යයි වැරදි විගරහයක පිහිටා නිවැරදි ඉදිරි සැලසුම් කළ නොහැකියි. එසේම අපේ රට තවමත් බහුතර රාමීය ජනතාවක් වෙසෙන රටක් යයි කියමින් උදම් ඇනීම හෝ රොමෑන්ටික් මෝහනයකට පත්වීම රායෝගිකව සම්පත් කළමනාකරණයට හා රතිපත්ති සම්පාදනයට බාධාවක්.

ඉංජිනේරුවකු ලෙස උගත් අමාත්‍යවරයා මෙය වටහා ගෙන තිබීම ඉදිරියේදී මේ අවුල ලිහා ගැනීමට උපකාර වනු ඇති. රටේ පුළුල්ව පැතිර ගිය දුර්මතයකට එරෙහි වීම දේශපාලකයකුට ලෙහෙසි නැහැ!

එම සමුළුව අමතා කතා කළ ලෝක බැංකුවේ නාගරික සංවර්ධන ක‍්‍රමෝපායයන් පිළිබඳ විශේෂඥ සුමිලා ගුල්යානි (Sumila Gulyani) ද අමාත්‍යවරයාගේ අනුමානය පිළිගත්තා.

‘ශ‍්‍රී ලංකාව නිල වශයෙන් නාගරික ජනගහනය 14 – 18% ලෙස දශක ගණනක සිට ප‍්‍රකාශ කළත් අපේ අධ්‍යයනවලින් පෙනී යන්නේ එය ඊට වඩා සැලකිය යුතු තරම් වැඩි බවයි. නාගරික ඒකරාශී වීම (urban agglomeration) හරහා මෙය දැන් 47%ක් තරම් වන බව අපේ ගණන් බැලීමයි’ ඇය ප‍්‍රකාශ කළා.

නගර යනු ගතික ප‍්‍රපංචයක්. එනම් නාගරික කේන්ද්‍රයක් මුල් කර ගෙන නාගරික ගති ලක්ෂණ ඇති ප‍්‍රදේශ ටිකෙන් ටික පුළුල් වනවා. නගර ලියලා වැඩෙනවා කියන්නේ මෙයටයි.

ගුල්යානි කී හැටියට දකුණු ආසියානු රටවල් හැම එකක්ම පාහේ නාගරික ප‍්‍රදේශ හා ජන ප‍්‍රතිශතය අඩුවෙන් ඇස්තමේන්තු කරනවා. මෙයට හේතුව ලෙස ඇය දකින්නේ ඓතිහාසිකව ග‍්‍රාමීය ප‍්‍රදේශවලට පමණක් වෙන් වූ රාජ්‍ය සහනාධාර තිබීමයි. මේ සහනාධාර තම බල ප‍්‍රදේශවට ලබනු රිසි පරිපාලකයෝ හා ජනතා නියෝජිතයෝ, යථාර්ථය කුමක් වුවත් තම ප‍්‍රදේශ හැකි තාක් කල් ග‍්‍රාමීය යයි වර්ග කැරෙනවාට කැමතියි.

දකුණු ආසියාව සමස්තයක් ලෙස ගත් විට, එහි ජනගහනයෙන් 30%ක් පමණ නාගරික ප‍්‍රදේශවල වෙසෙනවා. ක‍්‍රි.ව. 2030 වනවිට මෙය 50% ඉක්මවා යා හැකි බවයි ජනගහන ප‍්‍රක්ෂේපන කියන්නේ. අපේ රටට පමණක් මේ ප්‍රවනතාවෙන් අත් මිදීමට නොහැකියිග

Leveraging Urbanization in South Asia - new World Bank Report
Leveraging Urbanization in South Asia – new World Bank Report

දකුණු ආසියාවේ බොහෝ තැන්වල සැඟවුණු නාගරීකරණයක් (Hidden Urbanization) සිදුවන බව මෑතදී නිකුත් කළ ලෝක බැංකුවේ විද්වත් වාර්තාවක් කියනවා.

නිල වශයෙන් නාගරික යයි වර්ගීකරණය නොවුවද සැබැවින්ම නාගරික පෙදෙසක සියලූ ගතිසොබා රැගත් ප‍්‍රදේශ බිහි වීම මේ ප‍්‍රවණතාවයි.

එසේම සාම්ප‍්‍රදායික සංගණන දත්තවල තිබෙන විශ්ලේෂණාත්මක සීමා ඉක්මවා යන්නට නව දත්ත ප‍්‍රභවයන් සොයා ගත හැකි බව ද මේ වාර්තාව කියනවා.

එයින් එකක් නම් පෘථිවි කක්ෂයේ ඇති භූ නිරීක්ෂණ හා කාලගුණ චන්ද්‍රිකා මගින් ගන්නා රාත‍්‍රී එළිවල ඡායාරූප සියුම්ව අධ්‍යයනය කිරීමයි. මිහිතලයේ මානව ව්‍යාප්තිය හා සාපේක්ෂ සංකේන්ද්‍රනය ගැන දළ හැඟීමක් මේ රාත‍්‍රී රූප දෙස බලා අපට ලද හැකියි.

මෑත කාලයේ යවන ලද චන්ද්‍රිකා හරහා රාත‍්‍රී එළි දැක්වෙන විස්තරාත්මක රූප නාසා (NASA) ආයතනය ලබා ගන්නවා. මේවා (වෙනත් රටවල අභ්‍යවකාශ ඒජන්සි මෙන් බදා ගෙන ඉන්නේ නැතිව) නාසා ආයතනය ඉන්ටර්නෙට් හරහා ලෝකය සමග බෙදා ගන්නවා.

South Asia at night - composite satellite image acquired by NASA between April 18 - October 23, 2012 This new image of the Earth at night is a composite assembled from data acquired by the Suomi National Polar-orbiting Partnership (Suomi NPP) satellite over nine days in April 2012 and thirteen days in October 2012. It took 312 orbits and 2.5 terabytes of data to get a clear shot of every parcel of Earth’s land surface and islands.
South Asia at night – composite satellite image acquired by NASA between April 18 – October 23, 2012
This new image of the Earth at night is a composite assembled from data acquired by the Suomi National Polar-orbiting Partnership (Suomi NPP) satellite over nine days in April 2012 and thirteen days in October 2012. It took 312 orbits and 2.5 terabytes of data to get a clear shot of every parcel of Earth’s land surface and islands.

දකුණු ආසියාවට ඉහළින් චන්ද්‍රිකා ගමන් කරද්දී 2012දී ගත් රාත‍්‍රි එළි චන්ද්‍රිකා ඡායාරූප ලෝක බැංකු පර්යේෂකයෝ සමීපව අධ්‍යයනය කර තිබෙනවා. මේ අනුව ඔවුන් සොයා ගත්තේ ප‍්‍රධාන හා අතුරු මාර්ග ඔස්සේ තීරු ලෙස ඒ දෙපසින් ටිකෙන් ටික නගර විහිද යන සැටියි (‘ribbon development’).

1999දී රාත‍්‍රී එළි අධ්‍යයනයෙන් පෙනී ගිය නාගරික ඒකරාශී වීම් 37ක් දකුණු ආසියාවේ තිබුණා. 2010 වනවිට එය 45 දක්වා වැඩිවී තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ රාත‍්‍රී එළි අධ්‍යයනයෙන් පෙනී යන්නේ කොළඹ සිට සෙසු ප‍්‍රධාන නගරවලට විහිදෙන මාර්ග රැසක්ම දෙපස බෙහෙවින් නාගරීකරණය වී ඇති බවයි.

ශ‍්‍රී ලංකාවේ රාත‍්‍රී එළි කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල වඩාත් ම ප‍්‍රබල අතර ඊළඟට වැඩියෙන් ම දීප්තියෙන් පෙනෙන්නේ යාපනය අර්ධද්වීපයයි. කොළඹට අමතරව මහනුවර, ගාල්ල, කුරුණෑගල වැනි ප‍්‍රධාන නගරවලත් රාත‍්‍රී ආලෝක පැහැදිලිව තිබෙනවා.

යාපනයට අමතරව වවුනියා, අනුරාධපුරය හා ත‍්‍රිකුණාමලය නගර මුල් කර ගෙන ආලෝක සංකේන්ද්‍රනයක් පෙනෙනවා. එසේ ම මඩකළපුව හා ආරුගම් බොක්ක ප‍්‍රදේශයේත් පැහැදිලි එළි රැසක් තිබෙනවා.

මහනුවර සිට යාපනයට දිවෙන කිමී 321ක් දිග A9 මහා මාර්ගයේ කොටස් රාත‍්‍රී එළි නිසා අභ්‍යවකාශයේ සිට හඳුනාගත හැකියි. අවට දෙපස අඳුරේ තිබියදී මහා මාර්ගය දෙපස පමණක් එළි පෙනෙනවා. මෙබඳු ප‍්‍රධාන මාර්ගවල විහිදීම දිවයිනේ වෙනත් ප‍්‍රදේශවලත් දිස් වනවා.

නගර කෙමෙන් පැතිරෙන්නේ මහාමාර්ග ඔස්සේයි. පෞද්ගලික දේපල හිමිකාරිත්වයට අවසර ඇති ඕනැම රටක මෙය සිදුවනවා.

Urbanisation in Sri Lanka as shown by night lights captured by satellites
Urbanisation in Sri Lanka as shown by night lights captured by satellites

6 January 2013: සිවුමංසල කොලූගැටයා #99: ලෝකෙට ම පෙනෙන අපේ රාත‍්‍රි එළි

චන්ද්‍රිකා දත්ත විග‍්‍රහයෙන් යා හැකි දුර සීමිතයි. නිසි නාගරික කළමනාකරණයට විස්තරාත්මක භූමි පරිභෝජන දත්ත මෙන්ම ජන චල්‍යතා දත්තද අවශ්‍යයි.

ශ‍්‍රී ලංකාවේ දැනට නාගරික යයි නිල වශයෙන් පිළිගන්නා ජනගහනයෙන් 48%ක්ම සිටින්නේ බස්නාහිර පළාතේ මහ නගර සභා බල ප‍්‍රදේශ අටකයි. ඒවා නම් කොළඹ, කඩුවෙල, දෙහිවල-ගල්කිස්ස, මොරටුව, කෝට්ටේ, කැස්බෑව, මහරගම හා මීගමුවයි. මේ අතරින් මීගමුව හැරුණු කොට අන් හතම අයත් කොළඹ දිස්ත‍්‍රික්කයටයි.

කොළඹ දිස්ත‍්‍රික්කයට මෙතරම් නාගරික ජන ප‍්‍රතිශතයක් හිමි වීමට හේතුව දැනට භාවිත කරන නිර්වචනයේ දෝෂයයි. එසේ නොමැතිව නාගරික ගතිගුණ ඇති ප‍්‍රදේශ අනෙක් දිස්ත‍්‍රික්කවල යහමින් නැතිවාට නොවේ.

See also:

28 April 2013: සිවුමංසල කොලූගැටයා #115: ගම හා නගරය අතර අතරමං වූ ලක් සමාජය

Census of Population and Housing 2012: Key Findings: http://goo.gl/Dij22Y

Leveraging Urbanization in South Asia: Managing Spatial Transformation for Prosperity and Livability (September 2015)

සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

Illustration by Echelon magazine, http://www.echelon.lk
Illustration by Echelon magazine, http://www.echelon.lk

After many years of advocacy by civil society groups and journalists, Sri Lanka is set to soon adopt a law guaranteeing citizens’ Right to Information (RTI, also known as freedom of information laws in some countries). With that, we will join over 100 other countries that have introduced such progressive laws.

The first step is already taken. The 19th Amendment to the Constitution, passed in Parliament in April 2015, made the right to information a fundamental right. The Right to Information Act is meant to institutionalize the arrangement – i.e. put in place the administrative arrangement where a citizen can seek and receive public information.

RTI signifies unleashing a new potential, and a major change in status quo. First, we need to shake off a long historical legacy of governments not being open or accountable to citizens.

In this week’s Ravaya column, (appearing in issue of 22 Nov 2015), I explore how RTI can gradually lead to open government. I also introduce the 9 key principles of RTI.

I have covered the same ground in English here:

20 Nov 2015: Right to Information should be a step towards Open Government

L to R - Wijayananda Jayaweera, Gamini Viyangoda, Nalaka Gunawardene, Shan Wijetunge. At Right to Information public forum on 17 Nov 2015 in Colombo. Photo by Sampath Samarakoon
L to R – Wijayananda Jayaweera, Gamini Viyangoda, Nalaka Gunawardene, Shan Wijetunge. At Right to Information public forum on 17 Nov 2015 in Colombo. Photo by Sampath Samarakoon

තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කැරෙන නීතිය සම්මත වන තුරු මේ වසර පුරාම අපි බලා සිටිනවා. ‘අද නෑ හෙට’ වගේ වැඩක්!

යහපාලනයේ එක් ප‍්‍රධාන පොරොන්දුවක් වූයේද තොරතුරු අයිතියයි. එක් අඩක් ඉටු වී තිබෙනවා කිව හැකියි. මන්ද 2015 අපේ‍්‍රල් 28දා පාර්ලිමේන්තුවේ සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පැහැදිලිවම පිළිගෙන තිබෙනවා.

මේ අයිතිය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට තොරතුරු නීතිය අවශ්‍යයි. ඒ හරහා සමස්ත රාජ්‍ය පරිපාලන තන්ත‍්‍රයේම වෙනසක් සිදු කැරෙනවා. හැකි තාක් මහජනයාට රහසිගතව කටයුතු කිරීමේ ඓතිහාසික සම්ප‍්‍රදායෙන් මිදී වඩාත් විවෘත හා තොරතුරු බෙදා ගන්නා රාජ්‍ය පාලනයකට යොමුවීමේ ක‍්‍රමවේදයක් මේ නීතිය හරහා හඳුන්වා දීමට නියමිතයි.

තොරතුරු නීති කෙටුම්පත් හරිහැටි හදා ගන්නට මෙතරම් කල් ගත වන්නේ ඇයි?

මනා නීති සම්පාදනය සඳහා ආදර්ශයට ගත හැකි තොරතුරු නීති දකුණු ආසියාවේත්, ඉන් පිටතත් රටවල් 100ක තිබෙනවා. මේ නිසා හැම නීති වැකියක්ම අලූතෙන්ම වචන ගැලපිය යුතු නැහැ. තොරතුරු අයිතිය පිළිබඳ ජාත්‍යන්තර යහ සම්ප‍්‍රදායන් ගැන බොහෝ ලේඛනද තිබෙනවා. යුනෙස්කෝ ආයතනය මේ ගැන විශේෂ අවධානය යොමු කොට තිබෙනවා.

මෙතැන ඇත්තේ නීති හැකියාවන් පිළිබඳ ගැටලූවක් නොව ආකල්පමය එල්බ ගැනීම් බවයි දැන ගන්නට තිබෙන්නේ. අපේ නීතිපති දෙපාර්තමේන්තුව හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව බෙහෙවින් ගතානුගතික පදනමක පිහිටා ක‍්‍රියාකිරීම නිසා තොරතුරු බෙදා ගන්නවාට වඩා බදා ගන්නට නැඹුරු වූ නීතියක් බිහි වීමේ අවදානම තිබෙනවා. මේ අවසාන අදියරේදී ස්වාධීන නීති විශාරදයන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් අවදියෙන් හා අවධානයෙන් සිටීම අත්‍යවශ්‍යයි. නැතිනම් එතරම් ප‍්‍රයෝජනයක් ගත නොහැකි නාමමාත‍්‍රික තොරතුරු නීතියක් සම්මත විය හැකියි.

රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකක පටු මානසිකත්වයට වඩා පුළුල් අභියෝගයක්ද මෙහිදී මා දකිනවා. එනම් අපේ ඉතා වැඩවසම් ඓතිහාසික උරුමය හා නූතනත්වය අතර අරගලයයි.

සියවස් 25ක ලිඛිත ඉතිහාසයක් ඇති අපේ රටේ විවෘත හා මහජනතාවට වගකියන ආණ්ඩුකරණයක් ඉතා මෑතක් වන තුරු කිසි දිනෙක පැවතියේ නැහැ. මැග්නා කාර්ටා (Magna Carta) වැනි සම්මුතියක් හරහා අපේ රජුන්ගේ බලතල කිසි ලෙසකින් හෝ සමනය වූයේ ද නැහැ.

1 May 2015: සිවුමංසල කොලූගැටයා #217: වසර 800කට පෙර යහපාලන අඩිතාලම දැමූ මැග්නා කාටාව

සීමාන්තික බලතල සහිත රජවරුන් අපේ රට පාලනය කළ වසර 2,000ක පමණ කාලයක් තුළ රටේ කිසිදු පරිපාලන තොරතුරක් (හෝ වෙනත් කිසිම අයිතිවාසිකමක්) ඉල්ලීමේ වරම ජනතාවට තිබුණේ නැහැ. අපේ පැරැන්නෝ යටත් වැසියන් මිස කිසි දිනෙක පුරවැසියන් වූයේ නැහැ.

ඉන්පසු එළැඹුණු යටත් විජිත පාලන යුගවලත් එම පාලකයන් කිසි විටෙක තොරතුරු හෙළි කිරීමට බැඳී සිටියේ නැහැ. බි‍්‍රතාන්‍ය පාලන තන්ත‍්‍රය තුළ ලේඛන පවත්වා ගැනීම ඉතා හොඳින් සිදු කළත්, ඒ ලේඛන ඔවුන්ගේ ලන්ඩනයේ යටත් විජිත පරිපාලකයන්ට මිස මෙරට සාමාන්‍ය ජනයාට පරිශීලනය කළ හැකි වූයේ නැහැ. (මේ වාර්තා දැන් නම් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ ඕනෑම කෙනෙකුට කියවිය හැකියි. බි‍්‍රතාන්‍ය පාලන යුගය දැඩි ලෙස විවේචනය කරන හැම දෙනෙකුම පාහේ තම මූලාශ‍්‍ර යොදා ගන්නේ එම වාර්තායි.)

නිදහසින් පසුව රට පාලනය කළ අපේම ආණ්ඩුත් බොහෝ දුරට රටවැසියන්ට තොරතුරු කැමැත්තෙන් දෙනවා වෙනුවට හැකි තාක් වසන් කිරීමේ සම්ප‍්‍රදාය දිගටම ගෙන ගියා. යටත් විජිත සමයේ ආභාෂය මෙන්ම ඉතිහාසයේ කිසි දිනෙක රටවැසියාට විවෘත වූ ආණ්ඩුකරණයක් (Open Government) නොතිබීම ද එයට හේතු වූවා විය හැකියි.

Part of the audience at RTI Public Forum on 17 Nov 2015 in Colombo
Part of the audience at RTI Public Forum on 17 Nov 2015 in Colombo

මෙයින් අදහස් කැරෙන්නේ නිදහසින් පසු අපට තිබූ සියලූ රජයන් දුර්දාන්ත හෝ දරදඬු පාලනයන් වීය කියා නොවෙයි. ඇතැම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායකයන් පවා රට වැසියන්ට සැලකුවේ හරියට දෙමවුපියන් ළමයින් දෙස බලන ආකල්පයට සමාන මානසිකත්වයකින්. වැසියන් රැක බලා ගෙන ඔවුන්ට අවශ්‍ය සම්පාදන කර දීම විනා ඔවුන් ස්වාධීනව සිතන පතන “වැඩිහිටියන්” වීම අවශ්‍ය යැයි ඩී එස් හා ඩඩ්ලි වැනි නායකයන්ට නොසිතෙන්නට ඇති.

සමාජ ක‍්‍රියාකාරික හා ලේඛක ගාමිණී වියන්ගොඩගේ මතය නම් තොරතුරු උවමනාවෙන්ම රටවැසියන්ට නොදී සිටින්නේ තොරතුරු හරහා රටවැසියන් බලාත්මක වන නිසායි. වසන් කළ යුතු අමිහිරි හා අශෝබන බොහෝ දේ හැම රාජ්‍ය පාලනයකම තිබෙන බවත්, මේ තොරතුරු පිට වීම හා ගලා යාම පවතින බල සංකේන්ද්‍රයන්ට බරපතල ප‍්‍රශ්නයක් බවත් ඔහු කියනවා.

Writer and activist Gamini Viyangoda speaks at RTI Public Forum on 17 Nov 2015
Writer and activist Gamini Viyangoda speaks at RTI Public Forum on 17 Nov 2015

කාලානුරූපව වෙනස් වෙන්නට කාලය ඇවිත්! අපේ ඓතිහාසික උරුමය කිසි දිනෙක විවෘත ආණ්ඩුකරණයකට නැඹුරු නොවූවත්, 21 වන සියවසේ යහපාලනයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එය අත්‍යවශ්‍ය ගුණයක් ලෙස දැන් සැලකෙනවා.

විවෘත ආණ්ඩුකරණයේ සංකල්පය 18 වන සියවසේ බටහිර යුරෝපයේ පුනරුදය (Age of Enlightenment) වෙත දිවෙනවා. සීමාන්තික බලතල සහිත රාජාණ්ඩු වඩාත් බල තුලනයකට යටත් කළ යුතු බවටත්, මහජන මතයට සංවේදී ආණ්ඩුකරණයක් බිහි විය යුතු බවටත් ප‍්‍රංශ හා ජර්මන් දාර්ශනිකයන් තර්ක කිරීම ඇරඹුණේ ඒ සමයේයි.

මෙය නීතිගත කරමින් ලොව මුල්ම තොරතුරු නීතිය 1766දී හඳුන්වා දුන්නේ ස්වීඩනයයි. මාධ්‍ය නිදහස හා තොරතුරු අයිතිය නීතියෙන් තහවුරු කිරීම ඉන් පසු එළැඹි දශකවල බොහෝ බටහිර රටවල සිදු කෙරුණා. රාජ්‍ය පාලනයේ රහසිගත බව වඩ වඩාත් පටු පරාසයකට සීමා කිරීමෙන්, විවෘත බව සාමාන්‍යකරණය කිරීමට 20 වන සියවස පුරා පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල නීතිමය, ප‍්‍රතිපත්තිමය මෙන්ම යහ සම්ප‍්‍රදායික පියවර ගෙන තිබෙනවා.

මේ ගෝලීය ඓතිහාසික පසුබිම තුළ මා තොරතුරු නීතිය දකින්නේ මෙරට සමස්ත ආණ්ඩුකරණය වඩාත් විවෘත හා මහජනතාවට වගකියන තත්ත්වයට පත් කරන්නට දායක වන එක් පියවරක් හැටියටයි.

මෙයට සමාන්තරව සමාලෝචනයට ලක් විය යුතු හා සංශෝධනය කළ යුතු තවත් නීති තිබෙනවා. 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත එයින් ප‍්‍රමුඛයි. 1911දී බි‍්‍රතාන්‍යයේ සම්මත වූ නීතියක් ආශ‍්‍රයෙන් සම්පාදිත අපේ 1955 රාජ්‍ය රහස් නීතිය යල්පැන ගිය, නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට කිසිසේත් නොගැළපෙන එකක්.

එහි රාජ්‍ය රහස් යන්න අනවශ්‍ය තරම් පුළුල්ව නිර්වචනය කැරෙන බවත්, එය නිදහසට කාරණයක් ලෙස දක්වමින් දශක ගණනාවක් පුරා රාජ්‍ය නිලධාරීන් සැබැවින්ම රහසිගත නොවිය යුතු බොහෝ තොරතුරු ද වසන් කරන බවත් නීති පර්යේෂකයන් කියනවා.

‘1911 රාජ්‍ය රහස් නීතිය 1989දී බි‍්‍රතාන්‍යය සංශෝධනය කළා. එය වඩාත් ජන සම්මතවාදී ප‍්‍රමිතියකට ඔවුන් දැන් ගෙනැවිත් තිබෙනවා. අප තවමත් 1911 බි‍්‍රතාන්‍ය නීතියට සමාන වන නීතියක එල්බ ගෙන සිටීම ඛෙදජනකයි.’ නීතිඥ හා පර්යේෂිකා කිෂාලි පින්ටෝ ජයවර්ධන කියනවා.

තොරතුරු නීතිය ගැන මෑතදී පොතක් ලියා ඇති නීති පර්යේෂක ගිහාන් ගුණතිලක කියන්නේ හොඳ තොරතුරු නීතියක ගැබ් විය යුතු මූලධර්ම 9ක් තිබෙන බවයි. ඒවා සැකෙවින් මෙසේයි.

  1. රජයක් හැම විටම හැකි තාක් තොරතුරු හෙළි කිරීමට නැඹුරු විය යුතුයි (Maximum Disclosure). බදා ගෙන සිටිනවා වෙනුවට බෙදා ගැනීමට මුල් තැන දිය යුතුයි.
  2. යම් කෙනකු තොරතුරක් ඉල්ලන තුරු නොසිට, ස්වේච්ඡුාවෙන්ම මහජන තොරතුරු පළ කිරීම කළ යුතුයි (Obligation to Publish). මෙයට පරිපාලන මෙන්ම මූල්‍ය තොරතුරු හා වෙනත් දත්තද ඇතුළත් විය හැකියි. (තම වෙබ් අඩවි හරහා මෙසේ කරන රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා.)
  3. මහජන ආයතන සියල්ලම විවෘත ආණ්ඩුකරණය ^Open Government& සංකල්පයට අනුගත විය යුතුයි. රහසිගතභාවය පෙරටු කොට ගත් පරිපාලන සම්ප‍්‍රදායන් ඉවත දමා විවෘත භාවය මුල් කර ගත් ක‍්‍රමවේදයන් හඳුන්වා දිය යුතුයි.
  4. නිශ්චිත හේතු නිසා මහජනයාට තොරතුරු දිය නොහැකි අවස්ථා හෙවත් ව්‍යතිරේක (Exceptions) හැකි තාක් සීමා කළ යුතුයි. එසේ නොදී සිටීමට පැහැදිලි සාධාරණීකරණයක් තිබිය යුතුයි.
  5. තොරතුරු අයිතිය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වීමට නිශ්චිත පරිපාලන ක‍්‍රමවේදයක් බිහි කළ යුතුයි. තොරතුරු සොයා එන මහජනයා රස්තියාදු නොකර කාර්යක්ෂමව හා ආචාරශීලීව තොරතුරු ලබාදෙන ක‍්‍රමයක් මේ නීතිය හරහා ස්ථාපිත විය යුතුයි. එසේම තොරතුරු සම්පාදනය කොට ලබාදීමට නීතියෙන් සීමිත කාලයක් නිශ්චය කළ යුතුයි. එසේම හරිහැටි ඉටු නොකෙරෙන තොරතුරු ඉල්ලීම් ගැන විමර්ශනය කළ හැකි ස්වාධීන ආයතනයක් පිහිටුවිය යුතුයි. (තොරතුරු කොමිසම නම් වන්නේ එයයි.)
  6. තොරතුරු ලබා ගැනීමේදී එයට යම් ගෙවීමක් කළ යුතු වුවත්, එම අය කිරීම සාධාරණ හා මහජනයාට දරා ගත හැකි එකක් විය යුතුයි. එහිදී මූලික සංකල්පය විය යුත්තේ තොරතුරුවලින් සන්නද්ධ වන ජන සමාජයේ වටිනාකම, එම තොරතුරු සම්පාදනය කිරීමට වැය වන මුදලට වඩා බෙහෙවින් වැඩි බවයි.
  7.  සියලූ රාජ්‍ය ආයතනවල සියලූ රැස්වීම් මහජනතාවට විවෘත විය යුතුයි (Open Meetings). මන්ද තමන්ගේ නාමයෙන් නිලධාරීන් කුමක් කරන්නේද යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇති නිසා. ඉඳහිට ඇතැම් රැස්වීම් මහජනයාට විවෘත නොවුවත්, ඒවා පැවැත් වූ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ යුතුයි. සංවෘත රැස්වීම් පැවැත්වීම සාධාරණීකරණය කළ හැකි විය යුතුයි.
  8. තොරතුරු නීතිය සම්මත කර ගත් පසුව, රටේ පවතින අන් සියලූ නීති එයට අනුගත වන පරිදි නැවත විග‍්‍රහ කළ යුතුයි. ඉදිරියේදී සම්මත වන කිසිදු නීතියක් මගින් තොරතුරු හෙළි කිරීම සීමා නොකළ යුතුයි. එසේම යහ චේතනාවෙන් තොරතුරු මහජනයාට ලබා දෙන රාජ්‍ය නිලධාරීන්ට නිසි ආරක්ෂාව ලැබිය යුතුයි. නොබියව තම රාජකාරිය නීති ගරුකව කිරීමට රාජ්‍ය සේවකයන් සැමට හැකි වන පරිසරයක් තිබිය යුතුයි.
  9. රාජ්‍ය තන්ත‍්‍රයේ සේවය කිරීම නිසා තමන් අතට පත් වන, පොදු උන්නතියට වැදගත් තොරතුරු හෙළිදරවු කරන පුද්ගලයන්ට නීතිමය රැකවරණ ලැබිය යුතුයි (Protection for Whistle-blowers). රජයේ ආයතන තුළ කැරෙන අකටයුතුකම් ගැන තොරතුරු මාධ්‍යවලට හෝ වෙනත් පිරිසකට හෝ ලබා දීම අපරාධයක් හෝ විනය විරෝධී ක‍්‍රියාවක් ලෙස නොව පොදු උන්නතියට උදව් කිරීමක් ලෙස සැලකිය යුතුයි. එහිදී ආයතන සංග‍්‍රහයේ විධිවිධාන උල්ලංඝනය වුවත් එයට ඔබ්බට යන විනිශ්චයක් හරහා අදාළ තොරතුරු මුදා හරින පුද්ගලයන් එසේ කිරීමේ පොදු වැදගත්කම සැලකිල්ලට ගත යුතුයි.

තොරතුරු නීතිය පිළිබඳව නොවැම්බර් 17 වැනිදා කොළඹදී පැවති මහජන සංවාදයකදී මා කීවේ මෙයයි:

තොරතුරු අයිතිය දිනා ගැනීම දශක එක හමාරක පමණ සිවිල් ක‍්‍රියාකාරීත්වයේ මංසළකුණක්. එහෙත් නීතිය සම්මත කර ගත් පමණීන් අභියෝග හමාර වන්නේ නැහැ.

වඩාත් විවෘත වුත්, මහජනයාට වග වන්නා වුත් ආණ්ඩුකරණයකට දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් සැවොම ආකල්පමය වශයෙන් ප‍්‍රවේශ විය යුතුයි.

තොරතුරු සොයා යන, තොරතුරු ලද විට ඒවා නිසි ලෙස විග‍්‍රහ කොට නිගමනවලට එළැඹීමේ හැකියාව හෙවත් තොරතුරු සාක්ෂරතාව (information literacy) සමාජයේ ප‍්‍රවර්ධනය කිරීම අප කාගේත් වගකීමක්.

ආවේග, අනුමාන, කුමන්ත‍්‍රණ තර්ක හෝ විශ්වාස මත පදනම් වනවා වෙනුවට දත්ත හා විග‍්‍රහයන් මත පදනම් වී නිගමනවලට එළඹීමටත්, ඒ හරහා අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් සවිබල ගැනීවීමටත් ලොකු වගකීමක් පුරවැසි හැමට තිබෙනවා.

See also:

15 October 2015: Exploring Open Data and Open Government in Sri Lanka

23 July 2015: සිවුමංසල කොලූගැටයා #227: භාෂණයේ නිදහසට හා ප‍්‍රශස්ත මාධ්‍යකරණයට දේශපාලන කැපවීමක් ඕනෑ!

21 Feb 2015: සිවුමංසල කොලූගැටයා #208: තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි!

17 Feb 2015: සිවුමංසල කොලූගැටයා #207: “තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් නිසි ඵල නෙළා ගත යුතුයි!”