සිවුමංසල කොලූගැටයා #249: කෙමෙන් වියපත් වන අපේ ජනගහනය අභියෝගයක්ද? සම්පතක්ද?

Population ageing happens when older people (typically over 60) account for an increasingly large proportion of the total population. It is the result of declining fertility rates, lower infant mortality and increasing survival at older ages – all triumphs of development.

This happened slowly but steadily during the last few decades. Worldwide, older people’s share of population has risen sharply. In 1950, when the world’s population was 2.5 billion, there were 205 million persons over 60. In 2014, there were 868 million such persons – nearly 12% of the total.

Meanwhile, the number of new-borns has been falling. In 2000, for the first time in history, there were more people over 60 globally than children below 5. And within the next decade, the number of older persons will surpass 1 billion.

Proportions matter more than absolute numbers. It is the age structure of a country’s population that directly affects economic productivity and human development.

In South Asia (SAARC region), Sri Lanka has the highest proportion of older people, which was 13% in 2014. This is projected to rise to 20% by 2031, and a quarter by 2041. Parallel to this, the proportion of working age population – which reached its peak in 2006 (65.1%) – will keep falling. This is similar to what is happened in many East Asian countries.

“As Sri Lanka experiences a demographic transition, the country will face several economic and social challenges, especially in handling the social protection and health care needs of a rising elderly population,” cautioned the Institute of Policy Studies (IPS) in its ‘Sri Lanka State of the Economy 2014’ report. “In addition, Sri Lanka will also have to address the implications of a shrinking workforce on the growth of the country.”

How can we prepare for this shift, to avoid being overwhelmed economically and socially?

In this week’s Ravaya column (appearing in issue of 13 Dec 2015), I explore this big challenge, with data and analysis from 2012 Census and the Global AgeWatch Index 2015 that came out in September 2015.

See my English article on this topic:

Echelon April 2015 column: Managing Demographic Transition: The ‘Silver Dividend’

Old and young hands - 2

සංවර්ධනය ගැන මාධ්‍යකරණය වඩාත් හරවත් කිරීම සඳහා මෑතදී කොළඹදී පැවැත්වූ වැඩමුළුවක් මෙහෙයවීමට මට ඇරැයුම් ලැබුණා. මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍ය ආයතන ගණනාවක සේවය කරන මාධ්‍යවේදීන් 20කට වැඩි පිරිසට මා යොමු කළ එක් ප‍්‍රශ්නයක් වූයේ මෙරට සමස්ත ජනගහනයෙන් කිනම් ප‍්‍රතිශතයක් වයස 60ට වැඩිද යන්නයි.

එයට පිළිතුරු නිවැරදිවදීමට ඔවුන් කිසිවකුටත් හැකි වූයේ නැහැ. සමහරුන් එය අවතක්සේරු කළා. තවත් අය අධිතක්සේරු කළා.

2012 ජන සංගණනයට අනුව වයස 60ට වැඩි ජන සංඛ්‍යාව 2,520,573ක් (මිලියන් 2.5ක්) වුණා. එය එවක සමස්ත ජනගහනයෙන් 12.4%ක්. තෙවසරකට පසු මේ ප‍්‍රතිශතය දැන් 13%ක් පමණ වනවා.

මේ ප‍්‍රතිශතය ඉදිරි වසරවල ටිකෙන් ටික ඉහළ යනු ඇති. ශ‍්‍රී ලංකාවේ ජනගහන දත්ත හා ප‍්‍රවණතා සමීපව අධ්‍යයනය කරන කොළඹ සරසවියේ ජනවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල්ද සිල්වා කියන්නේ 2040 පමණ වන විට අපේ ජනගහයෙන් 25%ක් වයස 60 හෝ ඊට වැඩි වයස් කාණ්ඩයට අයත් වනු ඇති බවයි. මේ තත්ත්වය දැනටමත් බොහෝ යුරෝපීය රටවල හා ජපානයේ යථාර්ථයයි.

මෙය අපේ සමාජ සංවර්ධනයේ ප‍්‍රතිඵලයක්. දශක ගණනක් පුරා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට කරන ලද මහජන මුදල් ආයෝජනය නිසා අපේ රටේ මේ වනවිට සාමාන්‍ය ආයු කාලය අවුරුදු 76.35 දක්වා ඉහළ ගොස් තිබෙනවා. (2014 ඇස්තමේන්තුවට අනුව පිරිමි ආයු කාලය අවුරුදු 72.85 හා ගැහැනු ආයු කාලය අවුරුදු 79.9 වනවා.)

මේ අනුව මීට දශක දෙක තුනකට පෙර වැඩිපුර ළමා හා තරුණ වියේ අයගෙන් සමන්විත වූ මෙරට ජනගහනය රමයෙන් මැදිවියේ හා 60 වැඩි අයගේ සංයුතියකට යොමු වෙමින් තිබෙනවා. 60 ඉක්මවූවන්ට වියපත් වූවන් හෝ මහල්ලන් යයි කීමට මා කැමති නැහැ.

Percentage of Sri Lanka's population over 60, in 2015 and coming decades, based on demographic projections
Percentage of Sri Lanka’s population over 60, in 2014 – and in coming decades, latter based on demographic projections

ජනගහනය වයෝවෘද්ධ වීම (population ageing) ගෝලීය මට්ටමින් ටිකෙන් ටික සිදු වන ජනව්‍යුහාත්මක වෙනසක්. මෙය පෙනී යන්නේ දශක දෙක තුනක ජනගහන දත්ත සසඳා බලන විටයි.

ජනගහනය වයෝවෘද්ධ වීම සරලව හඳුන්වා දිය හැක්කේ රටක (හෝ මුළු ලෝකයේම) ජනගහනයේ වයස 60 ඉක්ම වූවන්ගේ ප‍්‍රතිශතය ක‍්‍රමානුකූලව වැඩි වීම හැටියටයි.

ගෙවී ගිය සියවසක පමණ කාලය තුළ සෞඛ්‍ය සේවා දියුණුවීම නිසා ප‍්‍රවණතා තුනක් හට ගෙන තිබෙනවා. එනම් ළදරු මරණ අනුපාතිකය අඩු වීම, ජනගහනය සාඵල්‍යතාව (ප‍්‍රජනනවියේ පසුවන කාන්තාවක් ලබන දරුවන් සංඛ්‍යාව) අඩු වීම හා ආයු කාලය දීර්ඝ වීම.

පළමු ප‍්‍රවණතා දෙක නිසා සමස්ත ජනගහනයේ ළමුන්ගේ ප‍්‍රතිශතය කල් යාමේදී කෙමෙන් අඩුවනවා. ඒ අතර වැඩි දෙනකු වැඩි වයසක් දක්වා ජීවත් වීම නිසා සමස්ත ජනගහනයේ වයස 60 ඉක්ම වූවන්ගේ ප‍්‍රතිශතය වැඩි වනවා.

1950දී සමස්ත ලෝක ජනගහනය බිලියන් 2.5ක් වන විට වයස 60ට වැඩි අය සිටියේ මිලියන් 205යි. (එනම් 5.1%). 2014දී ලෝක ජනගහනය බිලියන් 7.2ක් දක්වා ඉහළ ගොස් තිබුණා. මේ සංඛ්‍යාව අතර වයස 60ට වැඩි අය මිලියන් 868ක් සිටියා. ඔවුන්ගේ ප‍්‍රතිශතය 12%ක් වී තිබෙනවා.

ඉදිරි වසර හා දශක කිහිපය තුළ මෙය තව දුරටත් ඉහළ යනු ඇති. 2025 වන්නට පෙර ලෝකයේ 60 වැඩි ජන සංඛ්යාව බිලියන් 1 ඉක්මවා යනවා. මෙය ඉතිහාසයේ මින් පෙර කිසි දිනෙක නොතිබූ තත්ත්වයක්.

දැනටමත් ලෝකයේ 60ට වැඩි ජන පිරිසෙන් තුනෙන් දෙකක්ම හමු වන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලයි. දකුණු ආසියාවේ 60ට වැඩි ජනගහනය ප‍්‍රතිශතයක් ලෙස ඉහළින්ම සිටින්නේ ශ‍්‍රී ලංකාවයි. අඩුම ප‍්‍රතිශතය හමු වන්නේ ඇෆ්ඝනිස්ථානයේයි (3.8%).

දකුණු ආසියාවේ වැඩිපුරම 60 ඉක්ම වූ ජන පිරිසක් වෙසෙන්නේ ඉන්දියාවේයි. මිලියන් 100ක් පමණ වන ඒ පිරිස එරට දැවැන්ත ජනගහනයෙන් 8%ක් පමණ වනවා.

හැම දකුණු ආසියානු රටකම ජන සංයුතියේ ක‍්‍රමික වෙනස්වීම් සිදු වෙමින් තිබෙනවා. ඉදිරි දශකවලදී 60ට වැඩි ජන සංඛ්‍යාව ප‍්‍රතිශතයක් ලෙස මේ හැමෙකකම වැඩි වනු ඇති. මෙය ජන ව්‍යුහාත්මක සංක‍්‍රාන්තියක් (demographic transition) ලෙස සැළකෙනවා.

‘ජන සංයුතියේ මේ සංක‍්‍රාන්තිය සිදු වීමත් සමග ශ‍්‍රී ලංකාව ආර්ථික හා සමාජයීය අභියෝග ගණනාවකට මුහුණ දෙනු ඇති. සංඛ්‍යාත්මකව ඉහළ වැඩිහිටි සංඛ්‍යාවක් සඳහා සෞඛ්‍ය අවශ්‍යතා සම්පාදනය, සමාජ ආරක්ෂණ විධිවිධාන බෙදීම මේ අතර වනවා. එයට සමාන්තරව ශ‍්‍රම බලකායේ ටිකෙන් ටික අඩු වීමක් සිදු වීම නිසා ආර්ථික වර්ධනයට එය බලපෑ හැකියි’ යැයි ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) 2014 ශ‍්‍රී ලංකා ආර්ථික තත්ත්ව වාර්තාවේ (Sri Lanka State of the Economy 2014 Report) එක් තැනෙක සඳහන් කරනවා. http://goo.gl/xnlO04

ජනවිද්‍යා හා ආර්ථික විද්‍යා ක්ෂේත‍්‍රවලදී ජනගහනයක පරායත්තතා අනුපාතය (Dependency Ratio) නම් සංකල්පය හමු වනවා. සරලව කිව හොත් එහි අදහස රටක වැඩ කර වියේ සිටින ජන සංඛ්‍යාව (නිර්වචනය කරන්නේ වයස 15 හා 64 අතර වශයෙන්) එයින් පිටත සිටින ජන සංඛ්‍යාවට ඇති අනුපාතයයි.

මේ සංකල්පයට අනුව රටක ජනගහනයේ 64ට වැඩි පිරිස ඉහළ යත්ම වැඩ කරන වියේ සිටින සෑම කෙනකුම එම පරාසයෙන් පිටත සිටින වඩාත් වැඩි සංඛ්‍යාවක් සඳහා ද ජාතික වශයෙන් උර දිය යුතුයි. මෙය වඩාත් මතු වන්නේ විශ‍්‍රාම වැටුප් ගෙවීමේ වගකීම හරහායි.

වයස 15ට අඩු හා වයස 64 ඉක්මවා ගිය අය ඵලදායීතාවට දායක නොව බවයි සැලකෙන්නේ. වයස 15ට අඩු ළමුන්ට ආර්ථික දායකත්වයක් සැපයිය නොහැකි නමුත් වයස 60 හෝ 64 ඉක්ම වූ පමණට කිසිවකුගේ ඵලදායීතාව එක් වරම නතර වනවාද?

මේ පරායත්තතා අනුපාතය සංකල්පය යළි විමසා බැලිය යුතු බව ආර්ථික විද්‍යාඥයන්ම දැන් පිළිගන්නවා. ජනගහනය වයෝවෘද්ධ වීම රටට හා පවුලට නිරායාසයෙන් බරක්යැ’යි උපකල්පනය කිරීම වැරදියි.

අපේක්ෂිත ආයු කාලය දිගු වීමත් සමග වයස 60 ගණන් හා 70 ගණන්වල පසු වන බොහෝ දෙනකු වඩාත් නිරෝගීව හා සක‍්‍රීයව දිවි ගෙවීම ඇරඹිලා. මීට පරම්පරාවකට දෙකකට පෙර මේ වයස් කාණ්ඩයේ සිටි අයට වඩා අද මේ වියට එළැඹෙන අය බෙහෙවින් වෙනස් ආකල්ප හා ගති සොබා දරනවා.

මේ යථාර්ථයට අනුගත වීමට රාජ්‍ය ප‍්‍රතිපත්ති හා සමාජ ආකල්ප ද වෙනස් විය යුතු බව හෙල්පේජ් ආසියා පැසිෆික් (HelpAge Asia Pacific) කලාපීය සංවිධානය අවධාරණය කරනවා.

එම ආයතනයේ කලාපීය අධ්‍යක්ෂ එඩුවාඩෝ ක්ලයින් කියන්නේ ‘ වයසට යාම තමන්ට හා අන් අයට බරක් යැ’යි සිතන ගතානුගතික ආකල්පය ඉවත දමා එය සම්පතක් හා නව අවස්ථා රැසක් විවර වීමක් ලෙස සිතීමට රජයන්, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන ක්ෂේත‍්‍රය හා සංවර්ධන ආයතන පටන් ගත යුතුයි.’

Global AgeWatch 2015 Report cover
Global AgeWatch 2015 Report cover

හෙල්පේජ් ආයතනය ගෝලීය වශයෙන් වැඩිහිටි ජනයාගේ ප‍්‍රවණතා හා ගැටලූ ගැන විශ්ලේෂණය කරන වාර්ෂික වාර්තාවක් සම්පාදනය කරනවා. සැප්තැම්බර් මාසයේ නිකුත් කළ Global AgeWatch Index 2015 නම් අලූත්ම වාර්තාවට ශ‍්‍රී ලංකාවද ඇතුළු රටවල් 96ක ජාතික මට්ටමේ නිල දත්ත යොදා ගෙන තිබෙනවා.

වයස 60 ඉක්ම වූ ජන පිරිසට අදාළව ආදායම් මට්ටම්, සෞඛ්‍ය පහසුකම්, රැකියා හා ආදායම් ඉපදවීමේ ඉඩකඩ, අලූතින් දැනුම හා ශිල්ප ක‍්‍රම ඉගෙනීමේ අවස්ථා මෙන්ම සුරක්ෂිත බව, සිවිල් අයිතිවාසිකම් හා පොදු ප‍්‍රවාහන සේවා භාවිතයේ පහසුව යන සාධක මත පදනම් වී රටවල් ඇගැයීමට හා ලකුණු දීමට මේ වාර්තාව ක‍්‍රියා කරනවා.

2015 වාර්තාවට අනුව රටවල් 96ක් අතරින් ශ‍්‍රී ලංකාව සිටින්නේ 46 වන ස්ථානයේයි. එය අන් සියලූ දකුණු ආසියානු රටවලට වඩා ඉහළින් වුවත් අපට සෑහීමකට පත්වන්නට බැහැ.

වැඩිහිටි ජනගහනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් 2006 සිට ක‍්‍රියාත්මක වීම හරහා යම් සුබ සාධන ක‍්‍රියාමාර්ග අතින් මෙරට යම් ප‍්‍රගතියක් ලබා තිබෙනවා. එහෙත් අන් සාධක දෙස බලන විට තත්ත්වය සුබදායක නැහැ.

දත්තවලට අනුව අද දවසේ 60 විය සපුරන ලාංකිකයකුට සාමාන්යයෙන් තව වසර 20ක් පමණ ජීවත්වීමට හැකියාව තිබෙනවා. එයින් වසර 16.2ක් යහපත් සෞඛ්යයෙන් (මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නක්.)

නොමිලයේ රජයේ රෝහල්වලින් ප‍්‍රතිකාර ලැබෙතත් එහි ගුණාත්මක බව ගැන ප‍්‍රශ්න තිබෙනවා. මානසික සෞඛ්‍ය වැනි අංශයන්ගෙන් අපේ සෞඛ්‍ය සේවා සපයන රැකවරණය නොසෑහෙන බව ද වාර්තාව පෙන්වා දෙනවා.

ගෝලීය වාර්තාවට ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ගැන කෙටි විග‍්‍රහයක් ලියා ඇති හෙල්පේජ් ශ‍්‍රී ලංකා ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ දයාල් පෙරේරා කියන්නේ මෙරට රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත‍්‍රය වැඩිහිටි ජනගහනය ගැන වඩාත් සංවේදී විය යුතු බවයි.

‘මේ වසරේ අප ඉල්ලා සිටින්නේ වයස 60 ඉක්මවූ අයට වෙනම රෝහල් වාට්ටු වෙන් කිරීමේ පිළිවෙතක් හඳුන්වා දෙන ලෙසයි.’ ඔහු කියනවා.

සෞඛ්‍යයටත් වඩා ලොකු අභියෝගයක් මෙරට හමු වන්නේ වැඩිහිටි ජනයාගේ ආදායම් සුරක්ෂිත බව සම්බන්ධයෙන්. මෙරට වයස 65 ඉක්ම වූ අයගෙන් යම් ආකාරයක විශ‍්‍රාම වැටුපක් ලබන්නේ 17.1%ක් පමණක් බව ගෝලීය වාර්තාව කියනවා. (රජයේ සේවකයන්ට ඇති විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයට අමතරව බැංකු හා වෙනත් ක්ෂේත‍්‍රවල විශ‍්‍රාම වැටුප් ක‍්‍රම දුසිම් දෙකක් පමණ මෙරට තිබෙනවා. එහෙත් ඒ හැම එකක්ම එක සමාන ලෙසින් කාර්යක්ෂම නැහැ.)

රජයේ සේවයෙන් විශ‍්‍රාම ගිය අයට විශ‍්‍රාම වැටුප් ගෙවීමට දැනටමත් දළ ජාතික ආදායමින් 1.5%ක් පමණ වසරක් පතා රජය වැය කෙරෙනවා. මෙය මීට වඩා ඉහළ දැමීම ලෙහෙසි නැහැ. විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිපත්ති සමාලෝචනය කොට කාලානුරූපව ප‍්‍රතිසංවිධානය කළ යුතුව තිබෙනවා.

එසේම නොවිධිමත් ආර්ථිකයේ නියැලෙන බහුතරයක් ජනයාට විශ‍්‍රාම වැටුපක රැකවරණය සපයා දීමේ දැවැන්ත අභියෝගයද තිබෙනවා.

විශ‍්‍රාම යන වයසද නැවත විමසා බැලිය යුතුයි. 2012 ජන සංගණනයට අනුව 60 ඉක්ම වූ අයගෙන් 78%ක්ම පසු වූයේ 60-74 අතර වයස් කාණ්ඩයේයි. ඒ බොහෝ දෙනකු සිරුරින් හෝ මනසින් හෝ දුර්වල වී නැහැ. ඔවුන් අත්දැකීම් බහුලයිග

අවස්ථා හා දිරි ගැන්වීම් ලද හොත් විවිධාකාරයෙන් සක‍්‍රීයව හා ඵලදායීව වසර ගණනක් ගත කිරීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. එසේ නොවීම සුවිසල් මානව සම්පතක් අපතේ යැවීමක්.

අපේ රටේ රාජ්‍ය සේවකයන් වයස 60 ළඟා වූ විට අනිවාර්යයෙන් විශ‍්‍රාම යායුතුයි. සරසවි ඇදුරන්, විනිසුරුකරුවන් වැනි විශේෂිත වෘත්තීන් සඳහා 65 දක්වා සේවයේ නිරත විය හැකියි.

2014 මැදදී එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන යෝජනා කළේ මෙරට විශ‍්‍රාම යෑමේ වයස 65 කළ යුතු බවයි. එහෙත් මෙය තවමත් ප‍්‍රතිපත්තියක් ලෙස තීරණය වී නැහැ.

2012 සංගණනයට අනුව 60ට වැඩි පිරිස අතර ආර්ථක වශයෙන් සක‍්‍රියව සිටියේ 25.6%ක් පමණයි. එසේම නොවිධිමත් ආර්ථිකයේ ජීවිතය අවසානය දක්වාම දෛනික ආදායම් ඉපැයීම කරන විශාල සංඛ්‍යාවක් මේ නිල සංඛ්‍යා ලේඛනවලට හසු නොවන බවද සිහිපත් කළ යුතුයි.

ජනගහනය කෙමෙන් වයෝවෘද්ධ වීම හරහා මතු වන සමාජ, ආර්ථික අභියෝග සියල්ල මෙවැනි කෙටි විග‍්‍රහයකින් සාකච්ඡා කිරීම අපහසුයි. එහෙත් මේ ගැන මීට වඩා සමාජයීය සංවාදයක් හා ප‍්‍රතිපත්ති මට්ටමේ අවධානයක් අවශ්‍ය බව නම් පැහැදිලියි.

Infographic by HelpAge International
Infographic by HelpAge International