සිවුමංසල කොලූගැටයා #79: ඊයම් දුෂණය ජය ගත් අපට දැන් ඞීසල් සල්ෆර් අභියෝගයක්

In this week’s Ravaya column (in Sinhala), I look back at the scientific, legal and policy struggles in Sri Lanka that finally god rid of lead additives in petrol (gasoline) in 2002. It is a success story in safeguarding public health and combating environmental pollution that holds valuable lessons in a new challenge that confronts us: how to reduce sulphur content in the diesel distributed in Sri Lanka that currently contains one of the highest sulphur levels in Asia. This is now urgent and important with WHO confirming diesel fumes cause lung causer.

Similar ground was covered in my English column on 15 July 2012: When Worlds Collide #24: Kicking Lead in Petrol – Lessons for Cleaning up Dirty Diesel?

The cancer we breathe everyday, courtesy Ceylon Petroleum Corporation, CPC!

අපේ දරුවන් විවිධාකාර අනතුරු හා අතවරවලින් බේරා ගන්නේ කෙසේ ද යන්න බොහෝ දෙමවුපියන්ට අද තිබෙන විශාල ප‍්‍රශ්නයක්. බාහිරින්, ඇතුළතින් — සිතු හා නොසිතු — ප‍්‍රභවයන්ගෙන් මතු වන අනේකවිධ උපද්‍රවවලින් දරුවන් පමණක් නොවෙයි, වැඩිහිටියන්ට පවා බේරී සිටීම ලොකු අභියෝගයක්.

පණ කෙන්ද රැුක ගැනීමේ දෛනික අරගලයේදී බොහෝ දෙනා වැඩි අවධානය යොමු කරන්නේ ඇසට පෙනෙන හා අනෙකුත් පංචඉන්ද්‍රියන්ට ලෙහෙසියෙන් ගෝචර වන උවදුරු ගැනයි. මාධ්‍යවල පවා අවධානය ඇත්තේ එතැනයි. ඒ අතර අදිසි උවදුරු ද වැඩියෙන් මතු ව එනවා. ඒවායේ දිගු කාලීන අහිතකර විපාක අපට දැනෙන විට ප‍්‍රමාද වැඩියි. වාත දුෂණය වැනි එබදු උවදුරු ගැන මා නිතර කථා කරන්නේ ඒවාට ඇති තරම් ජන අවධානය යොමු නොවන නිසයි.

ඞීසල් දුමාරයේ නියත පිළිකාකාරක හැකියාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය WHO ප‍්‍රකාශ කොට දැන් සති කිහිපයක් ගත වී ඇතත් ඒ ගැන මෙරට එතරම් සංවාදයක් හෝ මහජන කැළඹීමක් හෝ තවමත් ඇති වී නැහැ.

මුළු ආසියාවේ ම වඩාත් ම සල්ෆර් අන්තර්ගතය වැඩි ඞීසල් දිගින් දිගට ම භාවිත කරන හා එම දහන දුමාරයට නිරතුරුව මුහුණ දෙන අප, ඞීසල් දුමාරයේ පිලිකා-කාරක හැකියාව ගැන තැකීමක් නොකරන්නේ ඇයි?

ඞීසල් දුමාරය වඩාත් පිරිසිදු කිරිමේ දැඩි හා හදිසි අවශ්‍යතාවය මතුවී තිබෙනවා. ඞීසල් වාහන භාවිතය නතර කළ නොහත් වුවත් වඩාත් පිවිතුරු (එනම් සල්ෆර් අන්තර්ගතය අඩු) ඞීසල් දහනය කිරිම හා එන්ජින් මනාසේ නඩත්තු කිරිම හරහා දහන දුමාරයේ වාරක අවදානම තරමක් අඩු කර ගත හැකියි. ඞීසල් දුමාරය පාලනය කර ගන්නට උත්සාහ කරද්දී මෑත යුගයේ සාර්ථක වූ අරගලයකින් පාඩම් උගත හැකියි.

පෙට‍්‍රල්වලට ඊයම් මිශ‍්‍ර කිරීම ඇරඹුණේ 1920 ගණන්වලදී. අභ්‍යන්තර දහන එන්ජින් තුළ පෙට‍්‍රල් දහනය වන විට එය වඩාත් ප‍්‍රශස්ත කිරීම පිළිගැටුම්කාරකයක් ලෙසින් ඒ සඳහා යොදා ගත්තේ ටෙට‍්‍රා ඊතයිල් ලෙඞ් (Tetraethyl Lead, TEL) නම් සංයෝගයයි.

ඊයම් මුලද්‍රව්‍යයේ විෂවීමේ ඉතිහාසය දැන සිටි වෛද්‍යවරුන් ඒ දිනවල ම මේ ගැන අනතුරු ඇගවූවා. එහෙත් තෙල් සමාගම් හා රථවාහන නිෂ්පාදකයන් එය පිළිගත්තේ නැහැ. ඉතා කුඩා සාන්ද්‍රනයකින් පෙට‍්‍රල්වලට මුසු කරන TEL හරහා විෂවීමට තරම් ඊයම් පිට විය නොහැකි බවට ඔවුන් තර්ක කළා.

පෙට‍්‍රල් දහන දුමාරය හරහා ක්ෂුද්‍ර ඊයම් අංශූ වාතයට පිට වනවා. මේවා ආශ්වාස කිරීමෙන් පෙනහළු හරහා රුධිරයට මිශ‍්‍ර වනවා. දිනපතා මේ ක‍්‍රියාදාමය සිදුවන විට ටිකෙන් ටික රුධිරගත ඊයම් ප‍්‍රමාණය වැඩි වන බවත් එය මිනිස් සිරුරට බරපතල දිගුකාලීන විපාක ඇති කරන බවත් 1950 දශකය වන විට වෛද්‍ය පර්යේෂකයන් සාක්ෂි සහිතව පෙන්වා දුන්නා.

විශේෂයෙන් ම දරුවන්ගේ හා ළමයින්ගේ මොළයේ වැඞීම අඩාල කරන්නටත්, ඉගෙනීමට බාධා කරන්නටත්, හැසිරීමේ විසමතා ඇති කරන්නටත් රුධිරගත ඊයම් සමත් වනවා. මේ බව දැන දැනත් පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරිමේ සම්ප‍්‍රදාය දිගට ම කරගෙන යන්නට තෙල් සමාගම් උත්සාහ කළා. විෂ රසායන විද්‍යාවේ පුරෝගාමියකු වූ හාවඞ් සරසවියේ මහජන සෞඛ්‍යය පිළිබඳ ප‍්‍රධානී ඇලිස් හැමිල්ටන් වෛද්‍යවරිය ජෙනරල් මෝටර්ස් ප‍්‍රධානියාට වරක් ප‍්‍රසිද්ධියේ චෝදනා කළේ මෙය මහදවාලේ දැනුවත්ව කරන මිනිස් ඝාතන රැල්ලකට සම කළ හැකි බවයි.

දිගු කලක් තිස්සේ වෛද්‍යවරුන්, පර්යේෂකයන් හා පරිසරවේදීන් ප‍්‍රබල සාක්ෂි ඇතිව කළ උද්ඝෝෂනවල ප‍්‍රතිඵලයක් හැටියට 1970 වන විට පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරිම නතර කළ යුතු යයි ඇමෙරිකානු රජය ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත්තා. 1980 වන විට දියුණු ලෝකයේ අන් සියළු රටවල ද පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරිම නතර වුණා.

එහෙත් දියුණුවන රටවල බෙදා හැරෙන හා දහනය කැරෙන පෙට‍්‍රල්වලට ඊයම් එකතු කිරීම තව වසර ගණනාවක් සිදු කෙරුණා. මෙය ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් නොව ලෙහෙසියට වාසියට වඩාත් ම ලාබදායක මාර්ගය තෝරා ගැනීමට බටහිර හා අරාබි තෙල් සමාගම්වල තිබු කෑදරකමේ ප‍්‍රතිඵලයයි. තම ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව ගැන දියුණුවන රටවල බොහෝ රාජ්‍යයන් දරණ උදාසීන ආකල්පය නිසාත් කලක් තිස්සේ පෙට‍්‍රල් හරහා ඊයම් විෂවීම අපේ රටවල සිදු වුණා.

මෙය පිටුදැකීමේ හා නතර කිරීමේ උත්සාහය මතුව ආයේ පරිසරවේදීන් හා විද්‍යාඥයන් හරහායි. ඊයම් විෂවීමේ දිගුකාලීන ප‍්‍රතිවිපාක කල් තබා දුටු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා වෙනත් ආධාර ආයතන ද ඊයම් භාවිතය නතර කිරිමට අවශ්‍ය තාක්ෂණික හා මුල්‍යමය ආධාර ලබා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ භාවිත වූ පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරිමේ උද්ඝෝෂණය සාර්ථක වන්නට දශකයක කාලයක් ගත වුණා. ආවේගශීලි නොවී, ඉවසීමෙන් හා ක‍්‍රමානුකූලව කටයුතු කිරීම හරහා පාරිසරික හා සෞඛ්‍යමය අතින් වැදගත් කඩඉම් පසු කිරීමට හැකි බවට මෙය හොඳ උදාහරණයක්.

මෙරට වාත දුෂණය ගැන විද්‍යාත්මකව අධ්‍යයනයක් ඇරඹුණේ 1980 දශකය මුලදී. මේ ගැන මුල් ම පුළුල් අධ්‍යයනය 1989-91 කාලයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) සිදු කළා. මධ්‍යම පරිසර අධිකාරිය (CEA) 1991-92 කාලයේ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල කළ තවත් අධ්‍යයනයකින් සොයා ගත්තේ වාහන තදබදය හා වාත දුෂණය අතර සෘජු සබඳතාවයක් ඇති බවයි.

ඒ දක්වා කර්මාන්තශාලා ප‍්‍රධාන කොට දායක වූ මෙරට වාත දුෂණයට වාහන දුමාරය හේතු වන බවට සාක්ෂි මතු වීමේ ආරම්භය එයයි. සල්ෆර් ඩයොක්සයිඞ්, නයිට‍්‍රජන් ඩයොක්සයිඞ්, කාබන් මොහොන්කසයිඞ්, අර්ධ ලෙස දහනය වු සියුම් අංශු මෙන් ම ඊයම් අංශු ගැන ද අවධානය යොමු වීම ඇරඹුණා.

1992දී කොළඹ පැවති රාජ්‍ය සම්මන්ත‍්‍රණයකදී කොළඹ හා අවට ප‍්‍රදේශ සඳහා Clean Air 2000 නම් වැඩසටහන සම්මත කර ගනු ලැබුවා. වසර 2000 වන විට නාගරික වාත දුෂණය පාලනය කර ගන්නට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය, තාක්ෂණික හා මුල්‍යමය රාමුව මේ හරහා ලැබුණා. මෙයට රාජ්‍ය නිලධාරීන්, සරසවි ඇදුරන්, සෙසු විද්‍යාඥයන්, මෝටර් රථ සමාගම් නියෝජිතයන් හා පරිසරවේදීන් සහභාගි වුණා.

පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරීම මධ්‍යගත ක‍්‍රියාවක්. එවකට මෙරට ඛනිජතෙල් බෙදා හැරීමේ ඒකාධිකාරිය තිබුණේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවයි (CPC). එහි තෙල් පිරිපහදුවේ යම් වෙනස්කම් හරහා ඊයම් විරහිත පෙට‍්‍රල් ලබා ගැනීම කළ හැකි බව විශ්වාස කෙරුණා. එහෙත් සැබවින් ම එය සිදුවීමට වසර ගණනාවක් ගියා. බලපෑම් කරන්නටත්, නීති මාර්ගයට එළමෙන්නටත් සිදු වු සැටි පාරිසරික විද්‍යාඥ හේමන්ත විතානගේ සිහිපත් කරනවා.

“පෙට‍්‍රල් දහනයෙන් පිටව එන ඊයම් රුධිරගත වීමෙන් ඇතිවන හානිය ඉතා හොදින් දැන සිටියත්, මෙරට පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරීමේ රෙකුලාසි මාලාව නිලධාරි ක්ෂේත‍්‍රය හරහා ගමන් කළේ ඉතා සෙමින්. තෙල් සංස්ථාව දැක්වුයේ උදාසීන ආකල්පයක්. දිගින් දිගට ම බලපෑම් කරන්නට අපට සිදු වුණා,” හේමන්ත කියනවා.

1995දී කැළණිය සරසවියේ රසායන විද්‍යාඥ ආචාර්ය මාලිනී ඇරැව්ගොඩ හා එම්. එස්. පෙරේරා වැදගත් සොයා ගැනීමක් කළා. කොළඹ හා අවට ජනාකීර්ණ මාර්ග නිරතුරුව භාවිත කරන ජන සමුහකයගේ රුධිරගත ඊයම් ප‍්‍රමාණ ඔවුන් මැන බැලූවා. WHO නිර්දේශිත උපරිම මට්ටම්වලට වඩා තුන් ගුණයකට වැඩි රුධිරගත ඊයම් මට්ටමක් රථවාහන පොලිස් නිලධාරීන්ගේ ඇති බවත් ත‍්‍රිරෝද රථ රියදුරන් හා පදික වෙළදුන්ගේ ද අධික මට්ටම් ඇති බවත් අනාවරණය වුණා. නාගරික පාසල් සිසුන්ගේ පවා රුධිරගත ඊයම් මට්ටම අධික බව ඔවුන් සොයා ගත්තා.

මේ සොයා ගැනීම් 1995 අග පැවති විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසිවාරයේ ඉදිරිපත් කළ ඔවුන් ඊළග වසරේ එය පර්යේෂණ නිබන්ධනයක් ලෙස ප‍්‍රකාශයට පත් කළා. http://tiny.cc/BldPb මේ තොරතුරු ප‍්‍රකට වුවොත් වාහන හැසිරවීමේ රාජකාරියට නිලධාරින් මැලි වේ යැයි කලබල වූ උසස් පොලිස් නිලධාරියෙක් මේ ප‍්‍රතිඵල රහසිගතව තබා ගැනීමේ උත්සහායක් කළ බව ඒ ගැන වාර්තා කළ අපට මතකයි.

මේ අතර කොළඹ සරසවියේ ළමා රෝග පිළිබඳ වෛද්‍යවිද්‍යා මහාචාරිනී මනෝරි සේනානායක තවත් පර්යේෂණයක් කරමින් ප‍්‍රබල සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ බොරැල්ල මහාමාර්ගවල උදේ දවල් ඇවිද යන පාසල් සිසුන්ගේ රුධිරගත ඊයම් මට්ටම ඉතා වැඩි බවයි.

මෙතරම් සාක්ෂි මතුව එද්දීත් තෙල් සංස්ථාව නොයෙක් තාක්ෂණික හේතු දක්වමින් ඊයම් ඉවත් කිරීම තව දුරටත් ප‍්‍රමාද කළා. මේ අකර්මන්‍යතාවය ගැන කම්පාවට පත් පාරිසරික නීතීඥ ලලනාත් ද සිල්වා 1998දී එවකට සිටි පාරිසරික අමාත්‍යවරයා ප‍්‍රධාන වගඋත්තරකරු ලෙස දක්වමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. රටේ භාවිත වන ඛනිජතෙල් ඉන්ධන නිසි ප‍්‍රමිතියකට අනුගත නොකිරීම හා වාහන දහන දුමාරයේ වාත දුෂක පාලනයට නිසි පියවර නොගැනීම හරහා තම ජීවත්වීමේ අයිතිය (Right to Life) තර්ජනයට ලක් වී ඇති බවට ඔහු තර්ක කළා.

මේ ගැන සිහිපත් කරමින් ලලනාත් මෑතදී මට කීවේ “යම් කර්මාන්ත හා ව්‍යාපාරික බලපෑම් නිසා පෙට‍්‍රල්වලින් ඊයම් දුරු කිරීම තෙල් සංස්ථාව දිගට ම කල් දමන බව අපට හොදාකාර පෙනී ගියා. CPC සමග සාකච්ඡ රැසක් අප පැවැත් වූවත් දෙන පොෙරාන්දු ඉටු නොවන බව දුටු විට අවසාන ක‍්‍රියා මාර්ගය ලෙසයි අප ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ.”

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුකරුවන් පස් දෙනෙකුගෙන් යුතු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් මේ පෙත්සම මෙරට පාරිසරික නීති ඉතිහාසයේ කඩඉමක්. සීමාසහිත පාරිසරික පදනමේ (EFL) විධායක අධ්‍යක්ෂක ලෙස එවකට ක‍්‍රියා කළ ලලනාත් දෙස් විදෙස් විද්‍යාත්මක සාක්ෂි ගොනු කරමින් දීර්ඝ කරුණු දැක්වීමක් කළා.

මේ පෙත්සම විභාගයේදී රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරීම ඇතුළු වාත දුෂණය අවම කිරීමට තවත් පියවර ගැනීමට ප‍්‍රතිඥා දුන් බවත්, එහෙත් තෙල් සංස්ථාව තමන්ගේ කොටස ඉටු කිරීමට තවත් සිවු වසරකට ආසන්න කාලයත් ගත් බවත් ලලානාත් කියනවා.

අන්තීමේදී මෙරට පෙට‍්‍රල් වලට ඊයම් මිශ‍්‍ර කිරිම නතර කරන නිශ්චිත පියවර ගත්තේ 2002දී නව රජයක් බලයට පත් වීමෙන් පසුවයි. ඕනෑකම ඇත්නම් අමාරු යයි කල් මැරූදේත් ඉක්මණින් කළ හැකියි!

ඊයම් රුධිරගත වී එතරම් කලක් නොපවතින නිසා 2002දී ගත් පියවරේ ප‍්‍රතිඵල වසරක් තුල විද්‍යාත්මකව තහවුරු කරනු ලැබුවා. 2003දී මහාචාර්ය මනෝරි සේනානායක නැවත වරක් බොරැල්ල ප‍්‍රදේශයේ උදේ දවල් ගමන් කරන පාසල් සිසු පිරිසකගේ රුධිරගත ඊයම් මැන බැලූ විට සැළකිය යුතු අඩු මට්ටම් වාර්තා වුණා.

“පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරිමට (පිරිපහදු මට්ටමින්) කරන ලද ආයෝජනයට වඩා ඉතා විශාල හා වැදගත් ප‍්‍රතිලාභයක් අපේ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අතින් අපට ලැබී තිබෙනවා,” යයි 2003දී විද්වත් දේශනයක් පවත්වමින් ඇය කියා සිටියා.

පෙට‍්‍රල්වලින් ඊයම් ඉවත් කිරිම අද වන විට ලොව පුරා බොහෝ රටවල සිදුකොට අවසන්. මෙය ගෙවී ගිය දශක දෙක තුළ ලෝක මට්ටමින් ලද පාරිසරික ජයග‍්‍රහණ අතලොස්ස අතරින් එකක් ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) හදුන්වනවා.

ඞීසල්වල ඉහළ සල්ෆර් අඩු කර ගැනීමේ උද්ඝෝෂණවලදී මේ සාර්ථක අත්දැකීමෙන් පාඩම් උගත හැකියි. නිශ්චිත මැන බැලීම් හා දත්ත මත පදනම් වූ හරවත් තර්ක ඉදිරිපත් කිරීම හා රාජ්‍ය නිලධාරින් හා ව්‍යාපාරිකයන් සම`ග හැකි තාක් සාකච්ඡා ම`ගින් ප‍්‍රශ්න විස`දා ගැනීමට උත්සාහ කිරිම එයින් දෙකක්. නීතිමය බලපෑම්වලට යොමු විය යුත්තේ අන් මාර්ග හරහා වෙනස්කමක් ලබාගත නොහැකි විටයි. එමෙන් ම පොදු ජනතාව හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම හරහා උද්ඝෝෂණයට අවශ්‍ය පුළුල් සහයෝගය ලබා ගැනීමත් ඉතා වැදගත්.

22 July 2012: සිවුමංසල කොලූගැටයා #76: ඞීසල් දුමාරයෙන් මතු වන පිළිකා උවදුර

සිවුමංසල කොලූගැටයා #78: කනක් මානි ඩික්සිත් – හිමාල කඳු සොළවන පුංචි වැඩකාරයා

This is the (Sinhala) text of my Sunday column in Ravaya newspaper on 12 August 2012, which is about the journalistic, political and social endeavours of my friend Kanak Mani Dixit of Nepal, whom I introduced in Colombo a few days ago.

Kanak Mani Dixit challenges Nepali Army arresting him for peaceful street protests on 5 April 2006, Kathmandu – Photo by Shehab Uddin

ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ 2011 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ නේපාල පුවත්පත් කතුවර හා ප‍්‍රකාශක කනක් මානි ඩික්සිත් (Kanak Mani Dixit). මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදියාගේ සමාජ මෙහෙවර ගැන දේශනයක් ද ඔහු කොළඹ දී පැවැත්වූවා.

ශ‍්‍රී ලංකාවට නිතර යන එන හා අපේ රට ගැන ඕනෑකමින් අධ්‍යයනය කරන මේ දකුණු ආසියාතික හිතවතා එසේ මෙසේ චරිතයක් නොවේ. මා ඔහු දකින්නේ හිමාලයේ කඳු හොල්ලන්නට තරම් සමත් ඉමහත් ධෛර්යයක් හා කැපවීමක් ඇති, අතිශයින් කාර්යශූර පුද්ගලයකු හැටියටයි. ඔහු මගේ මිතුරකු වගේ ම මා බෙහෙවින් අගය කරන අසාමාන්‍ය ගණයේ චරිතයක්. එයට හේතු ගණනාවක් තිබෙනවා.

ඩික්සිත්වරුන් නේපාලයේ ඉසුරුබර, ප‍්‍රභූ පවුලක්. පෙළපතින් උරුම වූ සම්පත් හා වරප‍්‍රසාද භුක්ති විඳිමින් සැහැල්ලූවෙන් හෝ විනෝදකාමීව හෝ සිටීමට හැකියාව තිබුණත් ඔවුන් පොදු උන්නතියට කැප වෙමින්, විද්‍යා, කලා හා ශිල්ප ශාස්ත‍්‍ර ප‍්‍රගුණ කරන පිරිසක්. එබඳු පෙළපතක වුවත් කනක් සුවිශේෂීයි.

නේපාලයේත්, ඉන්දියාවේත් ඉගෙනුම ලැබ මාධ්‍ය කලාවේ ඉහළ ම පශ්චාත් උපාධියක් අමෙරිකාවේ කොලම්බියා සරසවියෙන් ලද කනක්, වසර කිහිපයක් නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ තොරතුරු අංශයේ සේවය කළා. එබඳු තනතුරකට පත් වන අපේ වැනි රටවලින් මතු වන බහුතරයක් දෙනා නැවත සිය රට එන්නේ නැහැ.

එහෙත් බටහිරින් හා ජාත්‍යන්තර සංවිධාන ක්ෂේත‍්‍රයෙන් ලත් දැනුම හා අත්දැකීම් රැගෙන කනක් ආපසු නේපාලයට ආවේ 1980 දශකය මැදදී. 1987දී ඔහු හිමාල් (HIMAL) නම් සඟරාවක් ඇරඹුවා. හිමාලයට සාමුහිකව හිමිකම් කියන භූතානය, ඉන්දියාව, නේපාලය, ටිබෙටය, පකිස්ථානය හා චීනය යන රටවල් කෙරෙහි මුලින් අවධානය යොමු කළ මේ ඉංග‍්‍රීසි සඟරාව, වසර කිහිපයකින් සමස්ත දකුණු ආසියාවම ආවරණය කැරෙන පරිදි HIMAL Southasian නමින් යළි නම් කළා.

හිමාල් සඟරාව දේශපාලන, සමාජ විද්‍යාත්මක, කලා, විද්‍යා හා අන් මාතෘකා දකුණු ආසියාතික කෝණයෙන් බලමින් විග‍්‍රහ කරන ප‍්‍රකාශනයක්. වසර 25ක් ගත වීත් එයට ඍජුව තරඟකාරී වෙනත් කලාපීය ප‍්‍රකාශනයක් නැහැ. (ඉන්දියානු පුවත් සඟරා බොහෝ කොට තම රටෙහි සිදුවීම්වලට වාර්තාකරණය හා විග‍්‍රහයන් සීමා කරන අතර දකූණු ආසියාවේ සෙසු රටවල් ගැන ඇස යොමු කරන්නේ ඉඳහිට පමණයි.)

කනක් ඩික්සිත්, මිලියන් 26කට අධික ජනතාවක් වෙසෙන, ලෝකයේ අන්ත දුගී රටවල් 49න් එකක් වන නේපාලයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න ගැන සංවේදී වන අතර දකුණු ආසියාතික පොදු චින්තනයක් හා අනන්‍යතාවයක් ගොඩ නංවන්නට කවදත් උත්සුක වූ අයෙක්.

දකුණු ආසියාවේ ආණ්ඩු 1985දී අටවා ගත් සාර්ක් (SAARC) නම් අන්තර්-රාජ්‍ය කලාපීය සහයෝගිතා සංවිධානයට වඩා කනක්ගේ දැක්ම පුළුල් හා ගැඹුරුයි. රාජ්‍ය නායකයන්, නිලධාරීන් හා තානාපතීන් විටින් විට මුණ ගැසී නිල කථාබහ කරන අතර සාර්ක් රටවල් අටෙහි වසන මිලියන් 1,400ක් සාමාන්‍ය ජනයා ද ආර්ථික, සාංස්කෘතික හා සමාජයීය මට්ටමින් සබඳතා දියුණු කර ගත යුතු බව ඔහු දැඩි සේ විශ්වාස කරනවා. සැබෑ කලාපීය සහයෝගීතාව බිහි වන්නේත්, අන්‍යෙන්‍ය විශ්වාසය හා සුහදතාව වැඩෙන්නේත් අන්තර්-රාජ්‍ය ගිවිසුම් හරහා නොව මිනිස් සබඳතා හරහා යයි ඔහු නිතර කියනවා.

දකුණු ආසියාතික මට්ටමින් ජන සබඳතා, කලා සබඳතා හා මාධ්‍ය සබඳතා වැඩි කරන්නට Film South Asia නමින් කලාපීය වාර්තා චිත‍්‍රපට උළෙලක් 1997දී ඔහු ඇරඹුවා. දෙවසරකට වරක් කත්මණ්ඩු නුවර පැවැත්වෙන මේ උළෙලට දකුණු ආසියාවේ ඕනෑ ම තේමාවක් ගැන නිපදවුණු චිත‍්‍රපට ඉදිරිපත් කැරෙනවා. උළෙලක හොඳම චිත‍්‍රපට ලෙස සම්මාන ලබන චිත‍්‍රපට ඉන්පසු වසරක් පුරා දකුණු ආසියාවේ ප‍්‍රධාන නගරවලටත්, වෙනත් රටවලටත් සංචාරය කරනවා.

මා කනක් හරිහැටි හඳුනා ගත්තේ මුල්ම Film South Asia චිත‍්‍රපට උළෙලේ ජූරි සභිකයකු ලෙස 1997 ඔක්තෝබරයේ ඔහු සමග කටයුතු කළ කාලයේ. සීමිත සම්පත් හා පහසුකම් මැද, එහෙත් දැඩි උද්‍යොගයෙන් හා ස්වේච්ඡ සේවකයන්ගේ උදවුවෙන් ලොකු වැඩ කරන්නට මේ පුංචි මිනිසාට ඇති සුවිසල් සංවිධාන ශක්තිය මා හොඳාකාර දුටුවා.

චිත‍්‍රපට උළෙල, සම්මන්ත‍්‍රණ, විද්වත් වැඩමුළු මෙන් ම වෙනත් නොයෙක් පොදු උන්නතියට දායක වන ක‍්‍රියාකාරකම් කනක් නිතර සංවිධානය කරනවා. එසේ කරන්නේ හිමාල් මීඩියා නම් මාධ්‍ය ආයතනය හරහා සතිපතා හා මාස්පතා පත්තර සඟරා කිහිපයක් ද පළ කරන අතරයි.

තමන්ගේ ම ප‍්‍රකාශන ආයතනයක අධිපති හා ප‍්‍රධාන කර්තෘ වීමේ වාසිය ඔහුට ඇතත්, එ් වාසියම අවදානමක් වන අවස්ථා ද තිබෙනවා. ඔහු තර්කානුකූලව හා ප‍්‍රතිපත්ති ගරුකව ගන්නා ඇතැම් ස්ථාවරයන් නිසා නේපාලයේ ප‍්‍රබල දේශපාලකයන් හා නිලධාරීන් කෝපයට පත්ව විවිධ තර්ජන, හිරිහැර හා දැන්වීම්කරුවන් බිය වැද්දීම ආදිය සිදු කළ අවස්ථා තිබෙනවා. එහෙත් ප‍්‍රබල විවේචකයන් පවා ඔහුගේ අවංක බව හා පක්ෂග‍්‍රාහී නොවීම අගය කරනවා.

වාමාංශික මාවෝවාදී (Maoist) ගරිල්ලා ව්‍යාපාරයක් නේපාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත් වූ රජයට එරෙහි වන්නට පටන් ගත්තේ 1996 සිටයි. ටික කලෙකින් සන්නද්ධ අරගලයක් බවට පත් වූ එය වසර 10ක් තිස්සේ 12,000කට අධික ජීවිත බිලි ගත්තා. නේපාල දේශපාලන ඉතිහාසය ගැන කියන්නට මේ අවස්ථාව නොවූවත්, මාවෝවාදීන් ප‍්‍රබල වී හා දරුණු වී, බලයේ සිටි රජය අසරණව සිටින වකවානුවේ පවා ගරිල්ලන්ගේ ප‍්‍රචන්ඩත්වය ප‍්‍රසිද්ධියේ හෙළා දැකීමට පුවත්පත් කතුවරයකු ලෙස කනක්ට ධෛර්යය තිබුණා.

2005 පෙබරවාරියේදී පාර්ලිමේන්තුව අත්හිටුවමින් පූර්ණ විධායක බලය සියතට ගත් නේපාලයේ ඥනේන්ද්‍ර රජු, අත්තනෝමතික පාලනයකට යොමු වුණා. රජුගේ ආඥදායකත්වය යටතේ නේපාල හමුදාව මාවෝවාදී ගරිල්ලන්ට එරෙහිව බිහිසුණු රාජ්‍ය ප‍්‍රචන්ඩත්වයක් රට පුරා මුදා හරින්නට ගත් විට එය විවේචනය කරන්නට තරම් පිට කොන්දක් තිබුනේ නේපාල සමාජයේ හා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඉතා ටික දෙනකුටයි.

ප‍්‍රභූ පැලැන්තිය හා පීඩිත බහුතරයක් අතර පංති අරගලයක් ලෙස ඇවිලෙමින් තිබූ නේපාල සිවිල් යුද්ධයේදී, කනක් ප‍්‍රභූ පෙළපතකින් ආවත් යුක්තිය, සාධාරණත්වය හා මානව හිමිකම් වෙනුවෙන් දිගට ම මතවාදීව පෙනී සිටියා. එහිදී ඔහු නිතර ජීවිත තර්ජනවලට ලක් වූ බව ප‍්‍රකට කරුණක්.

What Himal is all about…

2005 සැප්තැම්බරයේ මාවෝවාදීන් මාස තුනක එ්කපාර්ශවික සටන් විරාමයක් ප‍්‍රකාශ කළා. එ් රජුගේ පාලනයත් සමග යම් මට්ටමක එකඟත්වයකට පැමිණිමට. දෙපසින් ම දරුණු ලෙස බැට කා හෙම්බත් වී සිටි නේපාල ජනතාව එ් විරාමය අතරතුර වීදි උද්ඝෝෂණ කරන්නට පටන් ගත්තා. පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඔවුන් බල කර සිටියා.

හමුදාව හා පොලිසිය යොදා ගෙන හදිසි නීතිය යටතේ ජන බලවේගය පාලනය කරන්නට රජු උපරිම උත්සහ ගත්තා. නේපාල ජන ආන්දෝලනයේ සුවිශේෂී ලක්ෂණයක් වූයේ දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිතිවලට අමතරව විද්වතුන්, වෘත්තිකයන් හා ඉහළ පැලැන්තියේ උදවියත් වීදි බැසීමයි.

රජුගේ දඩබ්බර ඇඳිරි නීතියක් කඩ කරමින් වීදි ගත වී උද්‍යොග පාඨ කියමින් සිටි සිය ගණනක් අත්අඩංගුවට ගනිද්දී කනක් ඩික්සිත් ද සිර බාරයට පත් වුණා. බලාධිකාරීන් සමග පෞද්ගලික සබඳතා ඇති පුවත්පත් ප‍්‍රකාශකයකු හා කතුවරයකු ලෙස ඕනෑ නම් ඔහුට තම හිතවත්කම් මත පැය කිහිපයක් ඇතුලත නිදහස් වන්නට ඉඩ තිබුණා. එහෙත් ප‍්‍රතිපත්තිමය ස්ථාවරය මත ඔහු එසේ කළේ නැහැ. දින 19ක් තමා රඳවා තැබූ කත්මණ්ඩු හිර ගෙදර, එයින් නිදහස් වූ පසු වතාවක් ඔහු පිටතින් මට පෙන්වූයේ හැඟීම් බරවයි.

ජන බලවේගය ගිනි අවි හා මැර බලයෙන් මැඬ පවත්වන්නට බැරි වූ තැන රජු 2006 අපේ‍්‍රල් 24 වනදා එයට හිස නැමුවා. පාර්ලිමේන්තුව නැවත ස්ථාපිත කොට, අගමැතිවරයකුට කැබිනට්ටුවක් පත් කර ගෙන රට පාලනය කරන්නට ඉඩ දී, පෙර පරිදි නාමික රාජ්‍ය නායකයා ලෙස සිටීමට රජු කැමති වුණා. එහෙත් ඉනික්බිති දිග හැරුණු සිදුවීම්වල අවසානය වූයේ රාජාණ්ඩු සංකල්පය ම ඉවත දමා නේපාලය 2008දී ජනරජයක් බවට පත් වීමයි.

මේ දේශපාලන හා ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ තවමත් හරිහැටි නිමා වී නැහැ. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගන්නට නේපාල දේශපාලන පක්ෂ තවමත් වෙර දරනවා. ඔහුත් සමග වීදි අරගල කළ, එකට සිරබත් කෑ සමහරුන්ව අද කනක් විවේචනය කරනවා. මේ නිසාදෝ දැන් බලයේ සිටින ඇතමුන්ට මේ ප‍්‍රතිපත්තිගරුක කතුවරයා හිසරදයක් වෙලා. අන්තවාදී දේශපාලන කණ්ඩායමක් මෑතදී ඔහුව ‘ජන සතුරකු’ (Enemy of the People) ලෙස හංවඩු ගසනු ලැබුවේ එ නිසායි.

මේ අතර රටේ සාමාන්‍ය ජනතාවගේ සුබ සිද්ධිය ගැනත්, අනාගත ආර්ථික හා සමාජයීය ස්ථාවරය ගැනත් කනක් ඩික්සිත් දිගට ම විග‍්‍රහ කරනවා. දේශපාලනයෙන් ඔබ්බට දිවෙන දැක්මක් කනක්ට තිබෙනවා. ඉන්දියාවට හා චීනයට මැදි වී තිබෙන නේපාලය, ආර්ථික වශයෙන් දියුණු කරන්නට ගත යුතු ප‍්‍රතිපත්ති හා උපායමාර්ග ගැන ඔහු මාධ්‍ය හරහාත්, විද්වත් සභා සහ සිවිල් සමාජය තුළත් සංවාද කරනවා.

උදාහරණයක් හැටියට ජනාකිර්ණ හා තදබදයට ලක් වූ කත්මණ්ඩු නිම්නයේ පොදු මාර්ග ප‍්‍රවාහනය දියුණු කරන්නට උපක‍්‍රම සොයා ඔහු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කොයි කවුරුත් සමග වැඩ කරනවා. මෝටර් බයිසිකල් හා රටවලින් පිරී ඉතිරී ගිය මංමාවත් වෙනුවට කාටත් ලෙහෙසියෙන් ගමන් යා හැකි, වාත දුෂණය පාලනය කරගත් ප‍්‍රවාහන පද්ධතියක් බිහි කර ගන්නට තවමත් කත්මණ්ඩු නුවරට ඉඩක් ඇතැයි ඔහු විශ්වාස කරනවා.

එ අතර ඓතිහාසික වශයෙන් වැදගත් සිද්ධස්ථාන හා පුරාණ ගොඩනැගිලි සංරක්ෂණය කිරීම ගැනත් ඔහු බොහෝ උනන්දු වනවා. මේ සියල්ල කරන අතරේ නේපාලයේ ඉතිහාසය හා සංස්කෘතික උරුමය ගැන දරුවන්ට රසවත් ලෙස කියා දෙන ලමා පොත් ලියන්නටත් ඔහු පටන්ගෙන තිබෙනවා.

වයස 45දී ඔහු නේපාල බසින් එරට පුවත්පත් වලට ලිපි ලිවීම ඇරඹුවා. එ දක්වා ඉංගී‍්‍රසි පුවත්පත් ලේඛකයකු හා කතුවරයකු ලෙස ක‍්‍රියා කළ ඔහු දැන් වසර හත අටක සිට එරට ප‍්‍රධාන දේශීය බස හරහා වැඩි ජන සංඛ්‍යාවක් අමතනවා. ර්‍ණමෙය මුලදී මට ලෙහෙසි වූයේ නැහැ. නමුත් සැබෑ සමාජ, ආර්ථික හා දේශපාලන පරිනාමයකට හරිහැටි දායකවන්නට නම් නේපාල බසින් ද සන්නිවේදනය කළ යුතු බව මා තේරුම් ගත්තා” පසුගිය සතියේ ඔහු කොළඹදී මට පැහැදිලි කළා.

කනක් තමා කරන දේ ගැන අළුත් තොරතුරු බ්ලොග් අඩවියක් හරහාත් (www.kanakmanidixit.com), ට්විටර් වැනි වෙබ් මාධ්‍ය හරහාත් ලොව පුරා විසිර සිටින මිතුරන් සමග බෙදා ගන්නවා.

කනක් ඩික්සිත් කරන හපන්කම් අසන දකින මට නිතර සිතෙන්නේ අපේ ප‍්‍රභූ පැලැන්තිවලත් ඉඳහිටවත් මෙබඳු පොදු උන්නතියට කැප වන, එඩිතර චරිත හමු වනවා නම් කෙතරම් අපූරු ද කියායි! අපට සිටින ප‍්‍රකාශක හාමුලා හා පත්තර මුදලාලිලාට මේ හිමාලයේ කඳු සොළවන පුංචි මිනිසාට කිට්ටු කරන්නත් අමාරුයි!

සිවුමංසල කොලූගැටයා #76: ඞීසල් දුමාරයෙන් මතු වන පිළිකා උවදුර

In this week’s Sunday column in Ravaya (22 July 2012, in Sinhala), I discuss the far-reaching public health implications of the World Health Organisation (WHO)’s recent assessment that diesel engine fumes do certainly cause cancer, especially lung cancer, in humans.

I have already written an English column on this: ‘Slow Murder’ by Subsidised Diesel Fumes

පිළිකා පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර ඒජන්සිය (International Agency for Research on Cancer, IARC) යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කොටසක්. 2012 ජුනි 12දා මේ ආයතනය ඉතා වැදගත් ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා. එයින් කියැවුණේ නවතම වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ප‍්‍රතිඵල සළකා බැලීමෙන් පසු ඞීසල් දහන දුමාරය නියත වශයෙන් පෙනහළු පිළිකා සාදන බව WHO ආයතනය පිළිගත් බවයි.

WHO යනු ලෝකයේ සියලූ රටවල රජයන් සාමාජිකත්වය දරණ අන්තර් රාජ්‍ය ආයතනයක්. ශ‍්‍රී ලංකාව ද එහි සාමාජික රටක්. ලෝකයේ වෛද්‍ය විද්‍යාත්මක හා මහජන සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් අවසන් විනිශ්චය ලබා දෙන්නට හැකි විද්වත් මට්ටමක් හා නිල පිළි ගැනීමක් එයට තිබෙනවා.

WHO/IARC ඞීසල් දුමාරය ගැන අවධානය යොමු කිරීම ඇරඹුනේ දශක දෙකකට පෙර. වසර ගණනාවක් තිස්සේ පිළිකා-කාරක වීමට ඉඩ ඇති දෙවැනි පෙළ ලැයිස්තුවේ ඞීසල් දුමාරය ඇතුළත් කර තිබුණා. ගිය මාසයේ කළේ ඞීසල් දුමාරය මුල් පෙළ ලැයිස්තුවට “උසස්” කිරිමයි. මේ අනුව දුම්කොළ දුමාරය, ඇස්බැස්ටස් වැනි නියත පිළිකා-කාරක අතරට ඞීසල් දුමාරය ද එකතු වෙනවා.

WHO/IARC අධ්‍යක්ෂ වෛද්‍ය ක‍්‍රිස්ටෝෆර් වයිල්ඞ් කිවේ මේ තීරණය ලොව පුරා වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රවල බලධාරින්ගේ හදිසි අවධානයට ලක්විය යුතු බවයි. “ඞීසල් දුමාරයට නිරතුරු හසු වන බොහෝ දියුණුවන රටවල ජනයාට එයින් බේරීමට අවශ්‍ය පසුබිම හෝ තාක්ෂණය හෝ නැති බව අප දන්නවා. මෙයට පිළියම් යෙදිය යුතුයි,” ඔහු ප‍්‍රකාශ කළා.

ඞීසල් දුමාරයේ දුෂක රැසක් තිබෙනවා. එයින් අපට වඩාත් හානි කරන්නේ PM10 නම් ඉතා කුඩා දහන අංශුයි. මේවා ආශ්වාසය හරහා අපේ පෙනහළුවලට ඇතුළු වනවා. ගර්ත (Alveoli) නම් ඉතා කුඩා කෝෂ දක්වා ගමන් කොට එහිදී ආසාදන ඇති කළ හැකියි. ඞීසල් දුමාරය කලක් තිස්සේ ආශ්වාස කිරීමෙන් පෙනහළු පිළිකා හට ගත හැකියි.

දකුණු ආසියාවේ මහාමාර්ගවල ඞීසල් වාහන සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් වැඩි වෙමින් තිබෙනවා. 2010 වන විට මෙරට ධාවනය වන සමස්ත වාහනවලින් 45%ක් ඞීසල් වාහන. බස් හා ලොරි පමණක් නොවේ. වෑන් රථ, කාර්, අධිසුඛෝපබෝගී වාහන මෙන් ම මෑත පටන් ත‍්‍රිරෝද රථ ද ඞීසල් දහනය කරන වාහන අතර තිබෙනවා. මේ වාහන තම සංඛ්‍යාවට වඩා විශාල වූ වාත දුෂක ප‍්‍රමාණයක් දුමාරය හරහා පිට කරනවා. මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයෙන් පිටවන වාත දුෂක සළකන විට සල්ෆර් ඩයොක්සයිඞ් 96%ක් ද PM10 89%ක් ද එන්නේ ඞීසල් වාහනවලින්.

සාක් කලාපයේ වාත දුෂණය ගැන කලෙක සිට පර්යේෂණ හා උද්ඝෝෂණ කරන පරිසරය හා විද්‍යාව සඳහා වන කේන්ද්‍රය (Centre for Science and Environment, CSE) නම් ඉන්දියානු ආයතනය මෙය හදුන්වන්නේ අපේ මහාමාර්ගවල “මාරක ඞීසල්කරණය” (Deadly Dieselisation) කියායි. සියළු ඛනිජ ඉන්ධන දහනයේදී දුෂණයක් ඇති වෙතත් එය වඩාත් දරුණු වන්නේ ඞීසල් දහනයේදී බව ඔවුන් වසර ගණනාවක සාක්ෂි සහිතව පෙන්වා දෙන්නක්.

CSE ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ අනුමිතා රෝයිචෞද්‍රි WHO/IARC තීරණයට ප‍්‍රතිචාර දක්වමින් කිවේ: “ඞීසල් දුමාරයේ බිහිසුණුකම ගැන වසර 20ක් පමණ අප බොහෝ දේ දැන සිටියා. WHO කර ඇත්තේ එය තහවුරු කිරීමයි. මේ කාලය තුළ ලෝකයේ වෙනත් රටවල් තම ජනතාව රැක ගැනීමට යම් පියවර ගෙන තිබෙනවා. නමුත් දකුණු ආසියාවේ අප සිට්න්නේ පිටුපසින්.” (සම්පුර්ණ ප‍්‍රකාශය කියවන්න http://tiny.cc/DieIndia)

මෙරට තත්ත්වය ඉන්දියාවටත් වඩා බරපතලයි. ඞීසල් දහනයේදී වැඩිපුර සල්ෆර් ඩයොක්සයිඞ් නම් දුෂකය පිට වන්නේ ඞීසල්වලක වැඩි සල්ෆර් අන්තර්ගතයක් තිබීමෙන්. වාත දුෂණය ගැන ක‍්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරින්, පර්යේෂකයන් හා පරිසරවේදීන්ගේ Clean Air Sri Lanka නම් එකමුතුවක් තිබෙනවා. එහි වත්මන් සභාපති රුවන් වීරසූරිය කියන්නේ මෙරට බෙදා හැරෙන ඞීසල් ඉන්ධනවල සල්ෆර් අන්තර්ගතය කොටස් මිලියනයකට 3,000ක් (3,000 ppm) බවයි. ඉන්දියාවේ මෙය 300 ppm වන අතර ජපානයේ එය 30 – 50 ppm තරම් අඩු බව ඔහු කියනවා.

Sulphur content in diesel around the world – UNEP map 2012

“ලංකා ඛනිජතෙල් සංස්ථාව වඩාත් පිරිසිදු (සල්ෆර් මට්ටම අඩු) ඞීසල් මෙරට බෙදා හැරීමට පියවර ගෙන නැහැ,” යයි ඔහු කියන්නේ මේ ගැන වෛද්‍යවරුන්, විද්‍යාඥයන් හා පරිසරවේදින් කලක සිට බලපෑම් කරන පසුබිමකයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම WHO/IARC තීරණය සම කරන්නේ මීට කලකට පෙර දුම්කොළ දුමාරය ගැන ඔවුන් ගත් තීරණයටයි. “දුම්බීමෙන් පෙනහළු පිළිකා සෑදෙන බවට දශක ගණනක් වෛද්‍ය සාක්ෂි එකතු වෙමින් තිබුණා. ඒ බව මුළුමනින් සහතික කරමින් දුම්කොළ දුම පිළිකා-කාරකයක් යයි WHO පිළිගත් ආකාරයට ම අද ඞීසල් ගැනත් නියත තීරණයකට ඔවුන් එළැඹ සිටිනවා.”

දුම්කොළ සමාගම් එම වෛද්‍ය විද්‍යාත්මත තීරණය එකවර පිළි නොගෙන එම වගකීමෙන් අත්මිදීමට නොයෙක් සූක්ෂම උප්පරවැට්ටි ක‍්‍රියාත්මක කළා. මහජන මනසේ දෙගිඩියාව, අවිනිශ්චිත බව ඇති කළා. ඞීසල් වාහන නිෂ්පාදකයන් මෙන් ම ඛනිජ තෙල් සමාගම් දැන් ඞීසල් සම්බන්ධයෙන් ද නොයෙකුත් කතාන්දර පතුරුවා හරින්නට හැකියි. මෙය වෛද්‍යවරුන්, විද්‍යාඥයන් හා පරිසරවේදීන් එක්සත්ව හා එක්සිත්ව ක‍්‍රියා කළ යුතු තීරණාත්මක මොහොතක්.

අපේ තෙල් පිරිපහදුවෙන් නිකුත් කැරෙන ඞීසල් මෙන් ම විටින් විට පිටරටින් ගෙන්වන පිරිපහදු කරන ලද ඞීසල් ද තත්ත්වයෙන් බාල, පිරිසිදු බවින් අඩු මට්ටමක ඇති බව මහාචාර්ය ඉලේපෙරුම කියනවා. ඞීසල් දහන දුමාරය තුළ අඩංගු දුෂක ප‍්‍රමාණය ඉක්මණින් අඩු කිරීමේ හොඳම පියවර නම් වඩාත් පවිත‍්‍ර ඞීසල් මෙරට වෙළඳපොලට හදුන්වාදීම බව ඔහු කියනවා.

එයට සමාන්තරව ඞීසල් වාහන හිමියන්ට ද වගකීමක් පැවරෙනවා. තම වාහනවල එන්ජින් නිසි කලට නිසි ලෙසට නඩත්තු කිරීමෙන් දහන දුමාර දුෂක තරමක් දුරට සීමා කළ හැකියි. (ඒ සමග එන්ජිමේ කාර්්‍යක්ෂමතවායද වැඞී වෙනවා.)

WHO/IARC තීරණය සමග ඞීසල් දහනය පාරිසරික ප‍්‍රශ්නයක් පමණක් නොව මහජන සෞඛ්‍යය සම්බන්ධ තීරණාත්මක සාධයක් බවට ද පත් වනවා. දුම්කොළ නිසා හට ගන්නා පිළිකාවලට ප‍්‍රතිකාර කිරීමට දැනටමත් අපේ ජාතික සෞඛ්‍ය පිරිවැයෙන් සැලකිය යුතු මුදලක් වැය වනවා. ඞීසල් දුමාරය පිළිකා-කාරක බව දැන දැන ම එය පාලනය කරන්නට තව දුරටත් බලා සිටිය නොහැකියි.

මේ ගැන මෙරට මාධ්‍ය හරහා මුලින් ම විග‍්‍රහ කළ ආර්ථික විද්‍යාඥ හා ප‍්‍රතිපත්ති පර්යේෂක මහාචාර්ය රොහාන් සමරජීව කීවේ ඞීසල්වලට දැනට ලැබෙන සහනාධාරය ඉක්මණින් සමාලෝචනය කළ යුතු බවයි. (ඔහුගේ ලිපි දෙකක් ජුනි 17දා හා ජුලි 15 දා රාවයේ පළ වුණා.)

“මෙරට ඞීසල් වාහන සංඛ්‍යාව සිඝ‍්‍රයෙන් වැඩිවීමට ප‍්‍රධාන හේතුව නම් ඞීසල් (පෙට‍්‍රල්වලට වඩා) ලාබ වීමයි. මේ මිළ වෙනසට මුල් වන්නේ රජය කලෙක සිට ම ඞීසල්වලට සහනාධාරයක් ලබා දීමයි. මේ සහනාධාරය වෙළඳපොල විසමතාවයක් වී පිළිකාවලට වක‍්‍රව කැරෙන සහනාධාරයක් වීමට ඉඩ තැබිය යුතු ද?” ඔහු ප‍්‍රශ්න කරනවා.

ඞීසල් සහනාධාරයට හේතුව භාණ්ඩ ප‍්‍රවාහනයට මෙන් ම බස් හා දුම්රිය මගී ප‍්‍රවාහනයට සහනයක් ලබා දීම. නමුත් ඉන්ධන අලෙවියේදී වෙනස්කම් කළ නොහැකි නිසා පෞද්ගලික ප‍්‍රවාහනය සඳහා වැඩි වැඩියෙන් ඞීසල් වාහන යොදා ගැනිම නතර කළ නොහැකියි.

මෙය ඉන්දියාවේ ද කලෙක සිට සිදු වන්නක්. අඩු ආදායම් ලබන අයට සලසා ඇති සහනාධාරයෙන් අතමිට සරු අයත් හොඳ හැටි ප‍්‍රතිලාභ ලබනවා. අන්තිමේ මහජන සෞඛ්‍යයට විපත් සිදු වූ විට එයට උර දෙන්නට වන්නෙත් සහනාධාර දෙන අපේ රජයන්ට ම බව CSE ආයතනය කියනවා.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව මෙසේ කරන අතර පෙට‍්‍රල් හා ඞීසල් අතර මිළ වෙනසක් නොකිරීමට චීනය වග බලා ගන්නවා. ලෝකයේ තවත් රටවල් ඞීසල් වාහන සඳහා අය කැරෙන තීරුබදු හා වාර්ෂික බලපත‍්‍ර ගාස්තු වැඩි මට්ටමක පවත්වා ගෙන ඞීසල් වාහන ව්‍යාප්තියට පාලනය කරන්නට වෙර දරනවා.

මෙරට වාත දුෂණය ගැන අධ්‍යයනයකින් පසු විස්තරාත්මක ප‍්‍රකාශයක් කරමින් CSE ආයතනය 2011 අපේ‍්‍රල් මාසයේ අවධාරනය කළේ 2012 අවසන් වන්නට පෙර EURO IV ප‍්‍රමිතියට යොමු වීමට ශ‍්‍රී ලංකාව පියවර ගත යුතු බවයි.

මෙරට ප‍්‍රතිපත්ති සම්ප‍්‍රදායකයන්ට සිදු වන්නේ කෙටි කාලීන ආර්ථික සහන හා දිගු කාලීන සමාජයීය ව්‍යසනයක් තුලනය කර ගැනීමටයි. ඞීසල් වාහන භාවිතය නතර කිරීම ප‍්‍රායෝගික නැහැ. මහාමාර්ගවල ධාවනයට අමතරව දුම්රිය ධාවනය හා නැව් ධාවනයටත් බොහෝ කොට යොදා ගන්නේ ඞීසල්. අවශ්‍ය වන්නේ හැකි තාක් සල්ෆර් අඩු ඞීසල් ඉන්ධන, වඩාත් ඉහළ දහන ප‍්‍රමිතියක් තිබෙන හා මනා සේ නඩත්තු කැරෙන වාහනවල දහනය කිරීමයි.

මහාචාර්ය සමරජීව විශේෂ අවධානය යොමු කර ඇත්තේ මෑත සිට ප‍්‍රචාරණය කැරෙන ඞීසල් තිරෝද රථවලටයි. “මේ වාහන ඞීසල් දුමාර පිට කරනවා පමණක් නෙවෙයි සාපේක්ෂව පහත් මට්ටමක හිඳගෙන ගමන් කරන සිය මගීන් මහාමාර්ගවල දුෂිත වාතයට වඩාත් නිරාවරණය කරනවා.”

අඩුතරමින් දහන දුමාර තත්ත්ව ප‍්‍රමිති සහතිකය වාර්ෂිකව විශාල ප‍්‍රමාණයේ ඞීසල් වාහනවලටත් අනිවාර්ය කළ යුතු බව මහාචාර්ය ඉලේපෙරුම කියනවා. “පොදු ජන මිතුරන්” යයි සළකමින් ලංගම බස්රථ හා ලොරිවලට දුම් සහතිකය තවමත් අනිවාර්ය කොට නැහැ. මේ නිසා ඒ වාහනවල එන්ජින් නඩත්තුව හරිහැටි පවත්වා ගන්නට බලපෑමක් ද නැහැ. අබලන් ඞීසල් වාහන හැකි ඉක්මණින් ධාවනයෙන් ඉවත් කිරීම ද, මහ මග දිවෙන හැම ඞීසල් වාහනයක් ම නිසි ලෙස නඩත්තු කිරීම ද කළ යුතු බව ඔහු කියනවා.

වැඩි විස්තර සඳහා බලන්න http://tiny.cc/Gasp සහ http://tiny.cc/Gasp2

Diesel Addiction can be dangerous – Cartoon courtesy CSE India

සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

In this Sunday (15 July 2012) Ravaya column (in Sinhala), I briefly trace the history of comics in Sri Lanka in the Sinhala language and ask: what lessons can we derive from that experience on integrating a new media type or form to Lankan society?

Comics in Lankan newspapers started 60 years ago in October 1951 — and a vocal minority of cynics and puritans resisted it from the beginning. I argue that this misplaced resistance prevented Lankan media houses and society at large from harnessing this versatile medium for greater good – in both entertainment and educational terms.

I first presented these ideas in my talk at National Media Summit 2012, held at University of Kelaniya, Sri Lanka, in late May 2012.

Comics in Sri Lanka – a montage courtesy http://www.wimalonline.com/srilankancomics

“වඩා බියකරු ඩෙංගු මාරයා ද – ඉන්ටර්නෙට් මාරයා ද?”

පාසල් යන වයසේ දරුවන් සිටින නාගරික මැද පාංතික මවක් ලගදී මගෙන් මේ ප‍්‍රශ්නය විමසුවා. පරිගණකයක් සිය නිවසේ ඇතත්, ඉන්ටර්නෙට් සබඳතාවක් ගැනීමට වත්කම තිබුණත් තම දරුවන් ලොකු මහත් වන තුරු ඉන්ටර්නෙට් තහනම් බව ඇය කියා සිටියා.

මා ඇය සමග තර්ක නොකළත්, ඇගේ ස්ථාවරය මට සිහිපත් කළේ මීට දශක තුනකට පෙර අපේ බොහෝ දෙමවුපියන් හා ගුරුවරුන් චිත‍්‍රකථා පත්තර තහනම් කළ සැටියි. වගකීමකින් යුතු පුවත්පත් ආයතන පළ කළ චිත‍්‍රකථා පත්තර පවා ඒ ගෙදරදොර තහනමට ලක් වුණා. එහෙත් තහනම් පත්තර කෙසේ හො සොයා ගෙන කියැවූ දරුවන් එමට සිටි බවත්, ඒවා නිසා ඔවුන් අයාලේ නොගිය බවත් මා දන්නවා.

අළුතෙන් සමාජයට පිවිසි දේ ගැන සැකයෙන් හා බියෙන් පසු වීම අපේ ඇතැම් දෙනාගේ පුරුද්දක්. සමාජයේ සෙසු අයගේ ජනමතයට බලපෑම් කළ හැකි පොතේ උගතුන්, කලාකරුවන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් ආදීන් අතරත් මේ ආකල්පය සුලබයි. යමක් අළුත් වූ පමණට ම ඒ ගැන නිසි විමර්ශනයක් නොකොට එයට එරෙහි වීම යුක්ති සහගත ද? යම් තාක්ෂණයක්, ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් හෝ නව සමාජ රැුල්ලක් පැතිර යන විට තමන් එයට ආගන්තුක වූ නිසා ම එය නිර්දය ලෙස හෙළා දැකීම සාධාරණ ද? මෙරට චිත‍්‍රකථා ඉතිහාසයෙන් වත්මන් නව මාධ්‍ය සංවාදයට යම් ආදර්ශයන් ගත හැකි ද?

2007දී ප‍්‍රකාශිත “චිත‍්‍රකථාවේ වංශකථාව” නම් කෘතියේ මහාචාර්ය සුනිල් ආරියරත්න සුරීන් පෙන්වා දෙන පරිදි කතන්දර කීම සඳහා චිත‍්‍ර උපයෝගි කර ගැනීමේ දිගු ඉතිහාසයක් අපට තිබෙනවා. එසේ වුවත් අද අප හදුනන චිත‍්‍රකථා කලාව අපට ලැබුණේ බටහිර ආභාෂයෙන්. 19වන සියවසේ බිහි වූ බටහිර චිත‍්‍රකථාවල පිටපත් 20වන සියවස වනවිට ක‍්‍රමයෙන් මෙරටට පැමිණියා. ටාසන් කථා, ගොපලූ (කව්බෝයි) කථා හා අභ්‍යවකාශය ගැන කථා ඒ අතර තිබුණෘ. මුල් යුගයේ සිංහල චිත‍්‍රකථාවලට ආදර්ශය කර ගත්තේ මේවායි.

First Sinhala chitra katha, Neela, later published as a book

මෙරට ජාතික පුවත්පතක චිත‍්‍රකථාවක් මුල් වරට පළ වූයේ 1951 ඔක්තෝබර් 28දා “ඉරිදා ලංකාදීප” පත‍්‍රයේ. ප‍්‍රධාන කතුවරයා වු ඞී බී ධනපාලගේ අදහසකට අනුව ලංකාදීප මාණ්ඩලික ලේඛක ධර්මසිරි ජයකොඩි ලියු “නීලා” නම් කථාව චිත‍්‍රයට නැගුවේ චිත‍්‍රශිල්පි හා කාටුන් ශිල්පි ජී එස් ප‍්‍රනාන්දුයි. නීලා නම් වැද්දකුගේ චරිතය වටා ගෙතුණු මේ සරල කථාවට ටාසන් කථාවල ආභාෂය පැහැදිලි බව ආරියරත්නයන් කියනවා.

සති 52ක් පුරා කොටස් වශයෙන් පළ වූ “නීලා” පාඨකයන් අතර ඉතා ජනප‍්‍රිය වූ අතර එය අවසන් වන්නටත් පෙර සුසිල් පේ‍්‍රමරත්න ශිල්පියාගේ නිර්මාණයක් දෙවන චිත‍්‍රකථාව ලෙස හදුන්වා දෙනු ලැබුවා. පේ‍්‍රමරත්න පසු කලෙක නිර්මාණය කළ “බිලි පූජාව”, “ලන්දේසි හටන” හා “රන් දුපත” වැනි චිත‍්‍රකථා හරහා චිත‍්‍රකථා කලාව ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් ලෙස ඉක්මණින් ම මෙරට සමාජයේ ස්ථාපිත වුණා.

ටයිම්ස් පුවත්පත් සමාගමේ මේ අත්හදා බැලීම අනුකරණය කරමින් ටික කලක් ඇතුළත ලේක්හවුස් ආයතනයත් සිය ජාතික පුවත්පත්වල චිත‍්‍රකථා පළ කිරිම ඇරඹුවා. 1960 දශකයේ චිත‍්‍රකථා “අපේකරණය” කිරිමට චිත‍්‍රශිල්පීන්, රචකයන් හා පුවත්පත් කතුවරුන් සමත් වුණා. ජාතක කථා, බෞද්ධ හා ක‍්‍රිස්තියානි සාහිත්‍යය හා ලංකා ඉතිහාසය පාදක කර ගනිමින් හොඳ චිත‍්‍රකථා රැසක් බිහි වුණා.

චිත‍්‍රකථා පමණක් අඩංගු මෙරටමුල් ම පත‍්‍රය 1972 අගෝස්තු 29දා ලේක්හවුස් ආයතනය ආරම්භ කළ “සතුට”යි. 1975දී මල්ටිපැක්ස් ආයතනය “සිත්තර” ආරම්භ කළා. වසර 5ක් ඇතුළත සතිපතා අලෙවිය පිටපත් 225,000 දක්වා වැඩි වූ සිත්තර සාර්ථකත්වය දුටු ව්‍යාපාරිකයන් දිගට හරහට අනුකාරක චිත‍්‍රකථා පත්තර ඇරඹුවත්, 1980 දශකයේ වෙළඳපොල ජය ගන්නට ඔවුන්ට හැකි වුයේ නැහැ.

මෙරට චිත‍්‍රකථා ව්‍යාපාරය හා කලාව බිඳ වැටීමට විවිධ හේතු ඉදිරිපත් කැරෙනවා. චිත‍්‍රකථා නිර්මාණ ශිල්පීන් කාලීනව අනුගත නොවීම, ප‍්‍රකාශකයන්ගේ මුදල් කෑදරකම, 1979දී ටෙලිවිෂන් ආගමනය, ප‍්‍රධාන ප‍්‍රවාහයේ ලේඛකයන් හා චිත‍්‍රශිල්පීන් දිගින් දිගට ම චිත‍්‍රකථා හෙළා දැකීම ආදිය මේ අතර තිබෙනවා. එය වෙන ම සංවාදයකට සුදුසු මාතෘකාවක්.

Covers of first editions: Sathuta (top) & Siththara (bottom) - first and second all-comic Sinhala newspapersසිය ග‍්‍රන්ථයේ පෙරවදනේ මහාචාර්ය ආරියරත්න මෙසේ කියනවා: “චිත‍්‍ර කථාවෙන් ප‍්‍රවෘත්ති පත‍්‍රවලට ලැබුණේ වාණිජමය පෝෂණයකි. ඇතැම් චිත‍්‍රකථා නිසා පත‍්‍රවල අලෙවිය සීඝ‍්‍ර ලෙස වර්ධනය විය. පත‍්‍රවලින් චිත‍්‍රකථාවට පෙරළා ලැබුණේ ප‍්‍රමිති සහතිකයයි. ඒ මෙසේය. පත‍්‍ර කර්තෘවරු ද විශේෂාංග කර්තෘවරු ද කර්තෘ මණ්ඩලිකයෝ ද දැන උගත් මහත්වරු වුහ. පත‍්‍රවලට චිත‍්‍රකතා ගලා ආයේ ඔවුන්ගේ අධික්ෂණය යටතේය. එහෙයින් ඉතා බාල මට්ටමේ චිත‍්‍ර කතාවලට ජාතික පුවත්පත්වලට දොරගුළු විවර වුයේ නැත.”

“චිත‍්‍රකතාවේ ප‍්‍රමිතිය දෙදරන්ට පටන් ගත්තේ එය ජාතික පුවත්පත්වලින් ඔබ්බට ගමන් කිරිමත් සමගය. වෙළඳ ව්‍යාපාරිකයෝ චිත‍්‍රකතා ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කළහ. ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව චිත‍්‍රකතා පත‍්‍ර ද චිත‍්‍ර කතා පොත් ද පළ විය. එයින් බහුතරයක අඩංගු වුයේ බාල බොළඳ කතාන්තර හා ආධුනික මට්ටමේ චිත‍්‍ර ය. වෙළඳ තරගය ජයග‍්‍රහණය කිරීම පිණිස ඔවුහු චිත‍්‍රකතාව තුළට ලිංගිකත්වය පවා ගෙන ආහ. රූපවාහිනියේ ආගමනය ද චිත‍්‍රකතාවෙහි ඉල්ලූම අඩු කරන්නට විය.”

මෙරට චිත‍්‍රකථා ඉතිහාසය (1950 – 1980 දශක) දෙස පොදුවේ බලන විට නව මාධ්‍යක් මෙරටට පිවිසීමේදී අත්දකින අවධි තුනක් මා හදුනා ගන්නවා. මැයි මස කැළණිය සරසවියේ පැවති ජාතික මාධ්‍ය සමුළුවේ මා කළ කථාවේදී මෙය ඉදිරිපත් කළා.

පළමුවන අවධිය: පිටත ලෝකයෙන් පැමිණෙන නව අදහසක් හෝ සම්ප‍්‍රදායක් විවෘත මනසකින් යුතු ටික දෙනෙකු දේශීයව අත්හදා බලනවා. එයට ඉක්මන් ප‍්‍රතිරෝධයක් මතු වන්නේ සමහර ප‍්‍රවීණයන් හා සුචරිතවාදීන්ගෙන්. අළුත් මාධ්‍යය වෙළඳපොළ ජය ගන්නා ආකෘති හරිහැටි පැහැදිලි නැතත්, එඩිතර ව්‍යාපාරිකයන් ටික දෙනෙකු එයට ආයෝජන කරනවා. ඒ අතර රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් කුමක් සිදු වේදැයි හරිහැටි නොදැන තුෂ්නිම්භූත වනවා.

දෙවන අවධිය: නව මාධ්‍ය හෝ මාධ්‍ය අංගය වඩාත් මෙරට ප‍්‍රචලිත වන විට එයට වැඩි දේශීය ස්වරූපයක් ලැබෙන (අපේකරණය) නිර්මාණාත්මක අත්හදා බැලීම් කැරෙනවා. මුලින් මතු වූ දැඩි ප‍්‍රතිරෝධය තරමකට සැර බාල වුවත් සර්වදෝෂදර්ශීන් (cynics) බලා සිටින්නේ නව මාධ්‍යයේ කුඩා අඩුපාඩුවක් වුවද විශාල කොට පෙන්වා ආන්දෝලන කිරීමටයි. නව මාධ්‍යය නියාමනය කළ යුතු ද එසේ නම් කෙසේ ද යන්න ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන් වඩාත් නිරවුල් ස්ථාවරයකට කල් ගත වී හෝ එළැඹෙනවා. ඒ අතර වඩා සාර්ථක වෙළඳපොළ ආකෘතින් මතු වනවා.

තෙවන අවධිය: තව දුරටත් නැවුම් බවක් සමාජයට නොදැනෙන මේ මාධ්‍යය සමස්ත මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තමන්ට හිමි තැනක ස්ථාපිත වනවා. වෙළඳපොල ප‍්‍රවාහයන් නිසා මුදලට කෑදර ආයෝජකයන් ද ක්ෂේත‍්‍රයට පිවිසෙනවා. මුල් යුගයේ මාධ්‍යය දැඩි සේ විවේචනය කළ උදවියත් හින්සැරේ තම න්‍යායාත්මක අරමුණු ප‍්‍රචාරණයට එම මාධ්‍යයට ම පිවිසෙනවා. මතවාදයන් හා පුද්ගලවාදයන් නිසා ඇතැම් විට අන්තවාදී ප‍්‍රකාශන බිහි වී අධිකරණය දක්වා යන ගැටුම් ද හට ගන්නවා. ඒ අතර පුරෝගාමින් සමහරෙක් වෙළඳපොළ තරගය නිසා ඉවතට විසි වෙනවා.

නව මාධ්‍යයක ආගමනය හමුවේ මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් බහුවිධ බලපෑම්වලට පාත‍්‍ර වනවා. එක් පසෙකින් ඔවුන් නව මාධ්‍යයේ තාක්ෂණික, වෙළඳපොල හා සමාජයිය සීමාවන් තේරුම් ගත යුතුයි. එයට ඉස්පාසුවක් ලැබෙන්නට පෙර හැම දේට ම එරෙහි වන ගතානුගතික පිරිසගේ උද්ඝෝෂණවලට මුහුණදීමට සිදු වනවා. තහනම් කරන්න, දැඩි නීතිරිති දමා පාලනය කරන්න ආදි බලපෑම් කරන බොහෝ දෙනා තමන් එරෙහි වන්නේ කුමකට ද කියාවත් හරිහැටි නොදත් පිරිසක්. (1960 හා 1970 දශකයේ මෙරටට ටෙලිවිෂන් හදුන්වා දීමට එරෙහි වු ටික දෙනා කවදාවත් ටෙලිවිෂන් නොදුටු අයයි!)

නව මාධ්‍යයකින් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය සෝදාපාලූ වන බවත්, එය ආර්ථිකයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් කියමින් සර්වදෝෂදර්ශින් නගන තර්කවලට යම් ආකාරයකින් ප‍්‍රතිචාර දක්වන්නට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට සිදු වනවා. එබදු අවස්ථාවල ඔවුන් කලබල වී නොනිසි ප‍්‍රතිචාර දැක්වීමට ඉඩ තිබෙනවා.

සන්සුන්ව කරුණු එක් රැස් කොට, මැදහත්ව ඒවා විග‍්‍රහ කොට තුලනාත්මකව ප‍්‍රතිපත්ති නිර්දේශ කිරීම රටේ සරසවි ඇදුරන් හා අනෙකුත් බුද්ධිමතුන්ගේ වගකීමක්. එහෙත් වැල යන අතට මැස්ස ගසන, කෙටිකාලීන උපදේශක තනතුරු හා නිලතල පතන උගතුන්ගෙන් මේ පෙරගමන්කරුවන් වීමේ වගකීම කිසිසේත් ඉටු වන්නේ නැහැ.

මෙරට ජනමාධ්‍ය පර්යේෂණ කරන, සරසවි මට්ටමින් එය උගන්වන ඇදුරන් රැසක් හමුවේ මා ඇසුවේ මේ ජාතික හා සමාජයීය වගකීම ඔවුන් අතින් ඉටුවනවා ද කියායි. (එයට හරිහැටි පිළිතුරක් නොලැබුණත් ඔවුන්ගේ නිහැඬියාව ම යථාර්ථය ගැන හොඳ ඉඟියක් සපයනවා! http://tiny.cc/NMOM බලන්න.

ජනප‍්‍රිය සංස්කෘතිය හා නව මාධ්‍ය ප‍්‍රවණතා දෙස අපේ බොහෝ උගතුන් බලන්නේ සාවඥ හෝ නොරිස්සුම් ආකල්පයකින්. (සුනිල් ආරියරත්නයන් වැනි උගතුන් මෙරට ඉතා දුර්ලභයි.) නොදන්නා දේ ගැන නොවිමසා එරෙහි වන මෙබදු උගතුන්, අළුත් හැමදේට ම සහජයෙන් විරෝධය දක්වන සුචරිතවාදීන්ට උඩගෙඩි සපයනවා. බහුතර උගතුන්ගේ නිහැඬියාව මැද, මොර දෙන සුචරිතවාදීන්ගේ හඩ පමණක් රැව් දෙන පසුබිමක ප‍්‍රතිපත්ති සම්පාදකයන් ද තමන්ට ඇසෙන සැකය, භීතිය හා කුමන්ත‍්‍රණවාදී තර්කවලට අනුගතවීම පුදුමයක් නොවේ.

මතුව එන හැම දෙයක් ම බදා ගත යුතු යයි මා කියන්නේ නැහැ. එහෙත් අළුත් දෙයක් අළුත් වූ පමණට, නුහුරු වූ පලියට ම ප‍්‍රතික්ෂේප නොකර එය විචාරශීලීව හා විවෘත මනසකින් විග‍්‍රහ කළ යුතු බවත්, අළුත් ප‍්‍රවණතා අපට ගැලපෙන පරිදි හැඩගස්වා ගෙන “අපේකරණය” කළ හැකි බවත් මගේ අදහසයි.

චිත‍්‍රකථා මෙරට සමාජ උන්නතිය හා ජන වින්දනය සඳහා නිසි ලෙස යොදා ගන්නට ලක් සමාජය අසමත් වුණා. චිත‍්‍රකථා කලාවේ ස්වර්ණමය යුගය 1960 හා 1970 දශකයන්. ඒ වකවානුවේ පැවති සමාජ සාධක හා පසුබිම දැන් මුළුමනින් වෙනස් වී තිබෙනවා. චිත‍්‍රකථා පදනම වැනි සංවිධාන මේ මාධ්‍යය නැවත පණ ගැන්වීමට අවංකව වෙර දැරුවත් ඒ ස්වර්ණමය යුගයට යළි පිවිසීම අපහසුයි.

චිත‍්‍රකථාවලට එරෙහි වූ සුචරිතවාදී අතලොස්ස ඊට කලකට පසු මෙරටට ටෙලිවිෂන් හදුන්වා දෙන විට එයට ද දැඩි විරෝධය දැක් වූවා. 1990 දශකයේදී චන්ද්‍රිකා තාක්ෂණය හරහා විදේශ ටෙලිවිෂන් විකාශයන් එවේලේ ම මෙරට ග‍්‍රහණය කර ගත හැකි වූ විට අපේ සභ්‍යත්වය මුළුමනින් විනාශ වී යනු ඇතැයි අනතුරු ඇඟවීම් කළා.

හැම අළුත් දෙයට ම එරෙහි වන සුළුතරය දෙස උපෙක්ෂා සහගතව බලා සිටින මට පෙනී යන්නේ මේ අයට කන්නට උවමනා වූ විට කබරගොයාත් තලගොයා වන බවයි. ටෙලිවිෂන් අති භයානක බටහිර ආක‍්‍රමණයක් යයි මොර ගෑ උදවිය ම අද විවිධ ටෙලිවිෂන් නාලිකාවල දේශපාලන හා කාලීන සංවාදවල ප‍්‍රබල චරිත රග පානවා!

මේ ඇත්තන්ගේ අළුත් ම ඉලක්කය ඉන්ටර්නෙට් මාධ්‍යයයි. එදා මෙදා තුර සුචරිතවාදී චරිත වෙනස් වී ඇතත් ඔවුන්ගේ තර්කවල වෙනසක් නැහැ. ඉන්ටර්නෙට් මාධ්‍යයට බිය නොවී එය අපේකරණය කර ගන්නට තවමත් ඉඩක් තිබෙනවා. එහෙත් සුළුතරයක් පුවත් වෙබ් අඩවිවල ක‍්‍රියා කලාපය දෙස බලා අතිශය සංකිර්ණ වූත්, විවිධාකාරවූත් ඉන්ටර්නෙට් මාධ්‍යය ගැන උවමනාවට වඩා සරල හා දැඩි ප‍්‍රතිචාරයක් දැක්වීම හරහා අනාගත තොරතුරු සමාජය මොට වීමේ අවදානම ද තිබෙනවා.

අත්ත බිෙඳයි – පය බුරුලෙන්…..

http://www.wimalonline.com/srilankancomics/index.html ද බලන්න

සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකි ද?

I’ve been writing op-ed essays in newspapers for a decade, and features for a quarter century in mainstream, broadsheet newspapers. Do they make a difference? I often ask that myself. There are no easy ways to measure the influence or impact of what we write — except when a reader tells me how a particular piece changed his/her mind. It’s always good to have such feedback, but most people don’t reach out even when they like what they read.

In this week’s Ravaya column (in Sinhala), I ask the big question: can an op-ed article in a newspaper make a difference? I cite four specific instances where they did — leading to the founding of WWF, Amnesty International, Sri Lanka Eye Donation Society and the Suriya Mal Movement in Sri Lanka that was a peaceful defiance of British rule in early 20th century Ceylon.

AI, WWF and Sri Lanka Eye Donation Society logos: each organisation started with a newspaper op-ed

‘පත්තරවලට ලියන්න ලැජ්ජා නැද්ද?’

මීට වසර කිහිපයකට පෙර මේ ප‍්‍රශ්නය මට යොමු කළේ ව්‍යාපාර කළමණාකාරීත්ව ක්‍ෂෙත‍්‍රයේ ඉහළට උගත්, රටේ සිදු වන දේ ගැන අවධියෙන් සිටින තරුණ වෘත්තිකයෙක්. ඇතැම් දෙනා මෙන් ඔහු සාවඥව කථා කරන්නකු ද නොවෙයි.

ඔහුට සැබැවින් ම ප‍්‍රශ්නයක් වී තිබුණේ මගේ නමින් ඉංග‍්‍රීසි හා සිංහල පුවත්පත්වලට ලිවීම මා දිගින් දිගට කරන්නේ ඇයි ද යන්නයි. මෙරට ජනමාධ්‍ය කලාව හා කර්මාන්තය ගැන පාඨකයකු හැටියට පමණක් හදුනන ඔහුගේ අවංක ආකල්පය වූයේ විසමතා රැසක් කැටි කර ගත් මේ ක්‍ෂෙත‍්‍රයේ සිය ආත්ම ගරුත්වය හා විශ්වාසනීයත්වය ගැන තකන කිසිවකුත් තව දුරටත් නොසිටිය යුතු බවයි.

වසර 25ක් තිස්සේ මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ විවිධාකාරයෙන් නියැලී සිටින මගේ මනසේ ද විටින් විට මතුවන ප‍්‍රශ්නයක් නම් මේ අප ලියන දෙයින් ජන සමාජයට හා පොදු උන්නතියට දායකත්වයක් ලැබේ ද යන්නයි.

හැම පුවත්පත් ලිපියක් ම එක හා සමාන වැදගත් වන්නේ නැහැ. ඇති කරන කෙටි කාලීන හා දිගු කාලීන සමාජයීය බලපෑම් ද වෙනස්. පුවත්පත් හා සගරාවල පළ වන ලිපි අති බහුතරයක් ඒ මොහොතේ කියවා පසෙක තබන නමුත් ඉඳහිට කලක් පවතින සමාජයීය වෙනස්කම් හා චින්තන විප්ලවයන් කරන්නට ලිපියක් සමත් වනවා. එයට ලේඛකයාගේ කරුණු ගවේෂණය හා ඉදිරිපත් කිරිමේ දක්ෂකම මෙන් ම එය පළ වීමෙන් පසු සමාජය එයට දක්වන ප‍්‍රතිචාරය ද බලපානවා.

අප කථා කරන්නේ ප‍්‍රවෘත්ති වාර්තාකරණය ගැන නොවෙයි. විශේෂාංග ලිපි හා මති මතාන්තර ලිපි ගැනයි. මේවා බොහෝ විට පුවත්පතක මාණ්ඩලික ලේඛකයන් නොව බාහිරව සිටින අය ලියන ඒවායි. පොදු උන්නතියට කැප වු බුද්ධිමතුන් (public intellectuals) සමාජමය වශයෙන් වැදගත් කාලීන මාතෘකා ගැන මහජන හා රජයේ අවධානය යොමු කිරිමටත් මෙබදු ලිපි යොදා ගැනීම ලොව ප‍්‍රචලිත සම්ප‍්‍රදායක්.

පුවත්පතක පළ වූ ලිපි නිසා පැහැදිලි සමාජ ප‍්‍රතිචාරයක් හා ක‍්‍රියාදාමයක් ඇති වූ බවට උදාහරණ හතරක් මට සිහිපත් වනවා.

1960 නොවැම්බර් 13 වනදා බි‍්‍රතාන්‍යයේ The Observer පත‍්‍රයට විද්වත් ලිපියක් ලියමින් ප‍්‍රකට ජීව විද්‍යාඥයකු වූ ආචාර්ය ජුලියන් හක්ස්ලි (Julian Huxley) අප‍්‍රිකාවේ වනජීවින් රැක ගැනීමට ජාත්‍යන්තර පෙළ ගැස්මක් අවශ්‍ය බවට ආයාචනයක් කළා. යුනෙස්කෝව වෙනුවෙන් නැගෙනහිර අප‍්‍රිකානු රටවල් 10ක කළ සංචාරයකදී මිනිස් ක‍්‍රියාකාරකම් නිසා වනාන්තර හා වනජීවීන් මහා පරිමානයෙන් විනාශ වන සැටි තමා දුටු බවත්, මේ ප‍්‍රවණතා දිගට ම පැවතුණොත් දශක කිහිපයක් තුළ සමස්ත අප‍්‍රිකානු වනජීවී සමුහය වඳ වී යනු ඇත බවටත් ඔහු අනතුරු ඇගවූවා. වනාන්තර හා තණබිම් මිනිස් ජනවාස සඳහා එළි කිරිම. වගා බිම්වල ගවයන් ඇති කිරිම, දඩමස් සදහා වනසතුන් මැරිම, වනාන්තරවලට ගිනි තැබීම ආදි තර්ජන රැසක් ගැන තමා විසින් ම ගත් ජායාරූප ද සමග ඔහු සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කළා.

කොටස් තුනකින් පළ වූ මේ ලිපිය කියැවු වික්ටර් ස්ටෝලන් නම් ව්‍යාපාරිකයා වන ජීවීන් බේරා ගැනීමට අරමුදලක් පිහිටුවිය යුතු බවට හක්ස්ලිට ලියුමක් ලියමින් යෝජනා කළා. තවත් ජීව විද්‍යාඥයක් කිහිප දෙනෙකු ද එකතු කර ගනිමින් ලෝක ව්‍යාප්ත වනජීවි අරමුදල (World Wildlife Fund, WWF) නමින් සංරක්ෂණ සංවිධානයක් බිහි වූයේ ස්ටෝලන්ගේ උනන්දුව හා මුලික පරිත්‍යාග නිසයි. තවත් ධනවත් ව්‍යාපාරිකයන් ගණනාවක් මේ සඳහා පරිත්‍යාග කිරිමට ඔහු කැමති කරවා ගත්තා.

WWF නිල වශයෙන් පිහිටු වනු ලැබුවේ 1961 අපේ‍්‍රල් 29දා. එහි මුල් කාර්යාලය ස්විට්සර්ලන්තයේ මෝර්ජස් නුවර විවෘත කළා. අද වන විට WWF සංවිධානයට ලෝකයේ රටවල් 100ක පැතිරුනු සාමාජිකයන් මිලියන් 5ක් සිටිනවා. එය ලෝකයේ බලගතු සංරක්ෂණ සංවිධානයක්. එහි ලාංජනය වන පැන්ඩා ලකුණු ලොව වඩාත් ම හොදින් හදුනන ප‍්‍රචාරණ සංකේතයක් (Brand).

දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රගතශීලි මති මතාන්තරවලට ඉඩ දෙන, වඩාත් ම පාඨක විශ්වාසය දිනු පුවත්පත් ලෙස මතුව ආයේ The Observer පත‍්‍රයයි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ පුවත්පත් ලෙහෙසියෙන් ඉඩක් නොදෙන අසම්මත තේමා හා මතවාද සඳහා මේ පත‍්‍රය සිය පිටු විවෘත කළා.

1961 මැයි 28දා The Observer පත‍්‍රයේ විද්වත් ලිපියක් ලියමින් පීටර් බෙනෙන්සන් (Peter Benenson) නම් නීතිඥයා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය (UDHR) 1948දී සම්මත කර ගත්ත ද ලොව බොහෝ රටවල එහි අඩංගු මුලික මානව අයිතීන් කඩ වන බවත්, ඒ ගැන උද්ඝෝෂණය කිරීමට එකමුතුවක් අවශ්‍ය බවත් පෙන්වා දුන්නා. ඔහු විශේෂ අවධානය යොමු කළේ ප‍්‍රඥප්තියේ 18 වන වගන්තිය (චින්තන හා මත දැරිමේ නිදහස) හා 19 වන වගන්තිය (අදහස් ප‍්‍රකාශනයේ නිදහස) ගැනයි.

රටේ නීතියට අනුව කිසිදු වරදක් නොකළත් පාලකයන්ට නොරිසි, විරුද්ධ මතයක් දැරීමේ හා ප‍්‍රකාශ කිරීමේ හේතුව නිසා පීඩාවට පත් කොට සිර ගත කරනු ලබන පුද්ගලයන් ‘දේශපාලන සිරකරුවන්’ ලෙස හදුන්වනවා. මෙබදු මතධාරීන් හා ක‍්‍රියාකාරිකයන් වෙනුවෙන් හ`ඩක් නගන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානය පිහිටුවීමට මේ ලිපියේ රචකයා මුලික වුණා. එයට නිමිත්ත වුයේ 1961 ඔහු ලියු ලිපියට ලැබුණු පාඨක ප‍්‍රතිචාරයයි. ඒ ලිපිය පළ වී සති කිහිපයක් තුළ ලන්ඩන් නුවර සුළුවෙන් ඇරුඹුණු ඇම්නෙස්ටි සංවිධානයට අද සාමාජිකයන් මිලියන් 3කට අධික සංඛ්‍යාවක් සිටිනවා.

උඋත්‍ මෙන් ම ඇම්නෙස්ටි ද සිය අරමුදල් සම්පාදනය කර ගන්නේ මහජන පරිත්‍යාගවලින්. ලොකු කුඩා ඕනෑ ම ගණනක් පරිත්‍යාග ලෙස ඔවුන් බාර ගන්නවා. ඇම්නෙස්ටියේ ලාංජනය වන්නේ කටු කම්බියකින් වට වූ, දැල්වෙන ඉටිපන්දමක්. අන්ධකාරයට සාප කරනු වෙනුවට පහනක් දල්වන්න යන්න එයින් සංකේතවත් කැරෙනවා. 1977 නොබෙල් සාම ත්‍යාගය ලැබූ මේ ලෝක ව්‍යාප්ත සංවිධානය ඇරඹුණේ පුවත්පත් ලිපියකින්.

ශ‍්‍රී ලංකාවේ ද වසර 180 ක පුවත්පත් ප‍්‍රකාශන ඉතිහාසයක් තිබෙනවා. (මුල් ම ඉංග‍්‍රීසි පුවත්පත් පළ වූයේ 1832දී). මේ ඉතිහාසය තුළ වැදගත්, හරවත් ලිපි රැසක් අපේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රිසි පුවත්පත්වල පළ වී තිබෙනවා. රටට, සමාජයට දිගු කාලීන බලපෑමක් ඇති කළ ලිපිවලට උදාහරණ දෙකක් මට සිහිපත් වනවා.

පළමුවන ලෝක යුද්ධය නිල වශයෙන් හමාර වූ දිනය ලෙස සැළකෙන්නේ 1918 නොවැම්බර් 11දායි. එදා පටන් හැම වසරක ම නොවැම්බර් 11දා යුද්ධ සමරණ දිනය ලෙස බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට නතුව තිබූ හැම රටක ම සැමරීම කැරුණා. යුද්ධයට ගොස් පැමිණි හමුදා සෙබළුන්ට හා ඔවුන්ගේ පවුල්වලට අනුග‍්‍රහය දැක්වීමට පොපි මල් විකුණා මුදල් එකතු කිරිම සම්ප‍්‍රදායක් වුණා.

සැතපුම් දහස් ගණනක් දුරු රටක විශ‍්‍රාමික හමුදා සෙබළුන්ට ආධාර එකතු කිරිමට වඩා ලංකාවේ දුගී දුප්පත් මිනිසුන්ට උපකාර කිරිම වඩාත් වැදගත් හා හදිසි අවශ්‍යතාවයක් යයි විකල්ප මතයක් 1933 නොවැම්බරයේ Ceylon Daily News පත‍්‍රයේ ලිපියක් හරහා මතු වුණා. එය ලියා තිබුණේ ඊට වසර තුනකට පෙර ලංකාවේ ඉගැන්වීමට පැමිණි ඩොරීන් යංග් (Doreen Young)නම් බි‍්‍රතාන්‍ය ජාතික තරුණියක් විසින්. (ඇය පසුව වාමාංශික දේශපාලන නායක ආචාර්ය එස්. ඒ. වික‍්‍රමසිංහ සමග විවාහ වුණා).

මේ ලිපිය එවකට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ දැඩි නොසතුටට හේතු වුවත් රැඩිකල්වාදී හා නිදහස් මතධාරි ලාංකිකයන්ගේ ප‍්‍රශංසාවට ලක් වුණා. පොපි මල් වෙනුවට සුරිය මල් අලෙවි කරමින් මෙරට අවශ්‍යතා සඳහා මුදල් එකතු කිරිමේ සුරියමල් ව්‍යාපාරය ඒ වන විටත් යුද්ධයේ සේවය කළ ලාංකික හමුදා භටයන් කිහිප දෙනෙකු විසින් සුළුවෙන් අරඹා තිබුණා. එය වඩාත් පණ ගැන්වී, දේශපාලන මුහුණුවරක් ද සහිතව පෙරට ආවේ මේ ලිපිය පළවීමෙන් අනතුරුව හට ගත් ආන්දෝලනය නිසා බව ඉතිහාස වාර්තා සඳහන් කරනවා.

1958 ජනවාරි 19 වනදා ලංකාදීප පත‍්‍රයේ ‘මළ නෙතට පණ’ නමින් ලිපියක් පළ වුණා. එය ලියා තිබුණේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුට සිටි හඞ්සන් සිල්වා නම් තරුණයායි. නිරෝගී නෙත් යුවලක් හිමි කෙනකු මිය ගොස් පැය කිහිපයක් ඇතුළත ඒ නෙත්වල කුණිතය (cornea) වෛද්‍ය විද්‍යාත්මකව හා ඥාතීන්ගේ අවසරය ඇතිව ගලවා ගෙන හැකි ඉක්මණින් එය බද්ධ කිරිම හරහා ඇතැම් දෘශ්‍යාබාධවලින් ඇස් පෙනීම අඩාල වූ අයට නැවත පෙනීම ලබා දිය හැකි බව ඔහු කියා සිටියා. එය ඒ වන විටත් වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ක‍්‍රමවේදයක් බවට පත්ව තිබුණත් බොහෝ රටවල විශාල ප‍්‍රශ්නයක් වූයේ දන් දීමට කුණිත සොයා ගැනීමේ අපහසුතාවයි.

ඇතැම් ආගම් හා සංස්කෘතීන්ගේ මිය ගිය කෙනකුගේ අවයව (බද්ධ කිරිමට) ඉවත් කිරිමට අවසරයක් නැහැ. 1955 අංක 55 දරණ ඇස් දන්දීමේ පනත මෙරට සම්මත වී තිබුණත් රෝහල්වලට අවශ්‍ය තරම් කුණිතයක් සොයා ගැනිමට නොහැකි වී තිබුණා. එයට පිළියමක් ලෙස (බෞද්ධ සංස්කෘතික උරුමයේ ඉඩ දී ඇති පරිදි) අක්ෂිදාන සංගම් රට පුරා පිහිටු විය හැකි බවත්, තම ඇස් මරණින් පසු දන්දීම සඳහා ජීවත්ව සිටියදී ම ප‍්‍රතිඥා දීමට ලාංකිකයන්ට හැකි බවත් මේ ලිපියෙන් හඞ්සන් සිල්වා යෝජනා කළා.

පසු කලෙක අක්ෂිදාන ව්‍යාපාරය හා ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය නමින් ජන සංවිධානයක් බිහි වුයේත්, ලොව පුරා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් අත්කර දෙන ඇස් දන් දීමේ සත්කාර්යය ඇරඹුණෙත් මේ පුවත්පත් ලිපියෙන්.

මගේ උදාහරණ හතර ම මීට දශක කිහිපයකට පෙර පළ වූ පුවත්පත් ලිපි ගැනයි. ටෙලිවිෂන් නොතිබුණු හා නව මාධ්‍ය බිහි වීමට පෙර පැවති ඒ යුගයේ අද තරම් මාධ්‍ය ආයතන සංඛ්‍යාවක් තිබුණේ නැහැ. ඒ නිසාදෝ පත්තරයක, සගරාවක හොඳ ලිපියක් පළ වූ විට ඒ ගැන වාද විවාද ඇති වීමට වැඩි ඉඩක් තිබුණා. එමෙන් ම අසම්මත මාතෘතකාවක් ගැන වුවත් තර්කානුකූල ලිපියක් විද්වතුකුගෙන් ලද විට නොබිය එය පළ කිරිමට එකල පුවත්පත් කතුවරුන් හා ප‍්‍රකාශකයන් මැලි වුයේ නැහැ. එය ඞී ආර් විජේවර්ධනගේ සිට ඞී බී ධනපාල දක්වා පැවත ආ ගුණාංගයක්.

අද සමාජ යථාර්ථය හා මාධ්‍ය කර්මාන්තයේ ස්වභාවය සහමුලින් ම වෙනස්. පාඨකයන් සලිත කරවා පොදු උන්නතියට වැදගත් කරුණක් ගැන සමාජය කුළු ගන්වන ලිපි ඉඳහිට තවමත් ලියැවුණත් එයට ප‍්‍රතිචාර දක්වන්නේ කීයෙන් කී දෙනා ද? අපේ පුවත්පත් කලාවේ ස්වර්ණමය යුගය අවසාන ද?

සිවුමංසල කොලූගැටයා #73: රියෝ නුවර සැණකෙලියෙන් එහා ලෝකය

In this week’s Ravaya column (in Sinhala), I share my impressions and reflections of the city of Rio de Janeiro that just hosted the Rio+20 conference. But this piece is not about the event, but its venue — where the first world of affluence and third world of deprivation co-exist.

Similar impressions were shared in an English column last week: When Worlds Collide #21: Walking in Rio with Three Friendly Ghosts…

Statue of Christ te Redeemer looks down on Rio de Janeiro from Corcovado Mountain

තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UN Conference on Sustainable Development, Rio+20) බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත්වුණා.

රාජ්‍ය නිලධාරී, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්, විද්වතුන් හා ජනමාධ්‍ය නියෝජිතයන් 50,000කට අධික සංඛ්‍යාවක් 2012 ජූනි මස මැදදී රියෝ නුවරට පැමිණියා.

එයින් බොහෝ දෙනකු රැස්වීම්, ප‍්‍රදර්ශන හා උද්ඝෝෂණ ආදිය පැවැත්වෙන තැන්වල කල් ගත කළ නිසා රියෝ නුවර දැක බලා ගන්නට කෙතරම් අවකාශ ලැබුණාදැයි කියන්නට අමාරුයි. රාජ්‍ය නායක සමුළුව ඇරඹුණු දිනයේ ඒ සියල්ල පසෙක තබා රියෝ නුවර එදිනෙදා ජීවිතය අත් විඳින්නට මා පැය කිහිපයක් වීදි සංචාරය කළා.

රියෝ ද ජනෙයිරෝ නුවර බ‍්‍රසීලයේ දෙවන විශාලතම නගරයයි. (පළමු තැනට එන්නේ සාවෝ පෝලෝ මහා නගරයයි.) වර්ග කීමී 1,260ක් විශාල රියෝ නගර සභා ප‍්‍රදේශයේ මිලියන 6ක් දෙනා වාසය කරනවා. එමෙන් තුන් ගුණයක් විශාල මහා රියෝ (Metro Rio) ප‍්‍රදේශයේ සිටින පදිංචිකරුවන් ගණන මිලියන් 12.5කට වැඩියි.

අත්ලාන්තික් සාගරය අබියස පිහිටි මේ මනරම් වෙරළබඩ නගරය, දකුණු අමෙරිකානු සාංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙසත්, සංචාරක ආකර්ශනයක් ලෙසත් ලෝක ප‍්‍රසිද්ධයි. වාර්ෂිකව පැවැත්වෙන, දින ගණනක් පුරා දිවෙන වීදි සැනකෙලිය (Rio Carnival) නිසාත්, අවට පිහිටි ගිරි ශිඛර හා කඳු මුදුන් නිසාත්, පියකරු වෙරළ තීරයන් නිසාත් මේ නගරය ගැන ලොව පුරා පවතින්නේ හිතකර ආකල්පයක්. දැඩි තරගකාරී පසුබිමක් තුළ 2016 ඔලිම්පික් උළෙල පැවැත්වීමේ වරම දිනා සිටින්නේ ද රියෝ නුවරයි.

එහෙත් රියෝ හුදෙක් පියකරු දසුන් හා විනෝද කෙළිවලට සීමා වූවක් නොවෙයි. ඉසුරුබර බ‍්‍රසීල ජාතිකයන් හා දුගී දුප්පත් වැසියන් දෙපිරිසට ම නිවහනක් වන මේ නගරය ලෝකයේ විසමතා හා අසමානතා කැටි කරන කැඩපතක් වගෙයි.

සමස්තයක් ලෙස එනුවර යටිතල පහසුකම් හා පොදු ප‍්‍රවාහන සේවා යම් මට්ටමකට දියුණු වී ඇතත්, ඉසුරුබර රියෝ වැසියන් වෙසෙන ප‍්‍රදේශ හා දුප්පත් ජනයා වෙසෙන ප‍්‍රදේශ අතර ඇස් පනාපිට පෙනෙන වෙනස්කම් තිබෙනවා.

රියෝ වැසියන්ගෙන් සියයට 20ක් පමණ වෙසෙන්නේ ෆවෙලා (favela) නමින් හඳුන්වන අඩු ආදායම් නිවාස ගොනුවලයි. එබඳු ෆවෙලා දහසකට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. ඒවායේ ජීවත්වන වැසියන්ගේ ආදායම, සෞඛ්‍ය හා අධ්‍යාපන මට්ටම් මෙන් ම අනෙකුත් සමාජ-ආර්ථික සාධක වඩාත් පහළයි. දුගී බවින් මතුව එන වීදි ප‍්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය භාවිතය, අපරාධ වැඩි වීම හා පොලීසියේ දුෂණ වංචා ආදී සමාජ විසමතා රැසක් එහි හමු වනවා.

City of God, 2002
2002දී නිෂ්පාදනය කළ ‘දෙවියන්ගේ නගරය’(City of God) නම් බ‍්‍රසීල වෘතාන්ත චිත‍්‍රපටය හරහා මේ ෆවෙලා ජනපදවල එදිනෙදා ජීවිතය ගැන නෙතඟ බැල්මක් සෙසු ලෝකයට ලැබුණා. දරිද්‍රතාවයේ හා ප‍්‍රචණ්ඩත්වයේ ග‍්‍රහණයට හසු වූවත් ෆවෙලා යනු මිනිසත් බවේ කාන්තාර නොවෙයි. හිත හොඳ මිනිසුන් හා ගැහැනුන් එහි සිටිනවා. එනයින් බලන විට ෆවෙලාහි යථාර්ථය බොම්බාය, ජකර්තාව හා මැනිලා වැනි ආසියානු මහා නගරවල පැල්පත්වලට සමානයි. මෙබඳු සංකීර්ණ සමාජ සම්බන්ධතා කෙටි සංචාරයකින් තේරුම් ගැනීමත් අසීරුයි.

‘දෙවියන්ගේ නගරය’ චිත‍්‍රපටයේ නිරූපණය වූ රියෝ ෆවෙලා, දශකයක් ඉක්ම ගිය පසු තරමක් යහපත් අතට හැරී තිබෙන බව බ‍්‍රසීල මාධ්‍ය මිතුරන් කියනවා. ෆවේලා වැසියන්ගේ දායකත්වය නැතිව එනුවර ඉසුරුබර ප‍්‍රදේශවලට පැවතිය නොහැකි බවත් ඔවුන් පිළි ගන්නවා.

‘දෙවියන්ගේ නගරය’ චිත‍්‍රපටයේ නිරූපණය වූ රියෝ ෆවෙලා, දශකයක් ඉක්ම ගිය පසු තරමක් යහපත් අතට හැරී තිබෙන බව බ‍්‍රසීල මාධ්‍ය මිතුරන් කියනවා. ෆවේලා වැසියන්ගේ දායකත්වය නැතිව එනුවර ඉසුරුබර ප‍්‍රදේශවලට පැවතිය නොහැකි බවත් ඔවුන් පිළි ගන්නවා.

රියෝ නුවර අවිධිමත් ආර්ථිකය, වීදි හා පදික වෙළඳුන්, කැලි කසල ඉවත් කරන්නන් හා තවත් බොහෝ සේවා සපයන්නේ ෆවෙලා වාසීන් විසින්. ඉසුරුබර සුළුතරයක ඉහළ ජීවන තත්ත්‍වය පවත්වා ගන්නට මේ බහුතරයකගේ ක‍්‍රියාකාරිත්වය නැතිව ම බැහැ. සුවිශේෂත්වය නම් දුප්පත් – පොහොසත් දෙපිරිස රියෝ නගරය බෙදා ගෙන සමාන්තර ජීවිත ගත කිරීමයි. මෙබඳු සාපේක්‍ෂව සාමකාමී සහජීවනයක් ලෝකයේ හැම මහා නගරයක ම හමු වන්නේ නැහැ.

2002දී මිහිතල සමුළුව පැවැත් වූ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර තත්ත්‍වය මීට ඉඳුරා ම වෙනස්. 1994දී වර්ණභේදවාදී අමිහිරි අතීතයෙන් මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ, නව ව්‍යවස්ථාවක් යටතේ දකුණු අප‍්‍රිකානු ජනයා දිවි ගෙවනවා. එහෙත් ඓතිහාසිකව මුල් බැස ගත් දැඩි ඇති නැති පරතරයක් එරට තිබෙනවා. දකුණු අප‍්‍රිකාවේ ඉසුරුබර සුළුතරය කල් ගෙවන්නේ මංකොල්ලකෑම්, මිනීමැරුම් ආදිය පිළිබඳ නිරන්තර බියෙන් හා සැකයෙන්.

ජොහැන්නස්බර්ග් හා කේප්ටවුන් නගර සමඟ සසඳන විට ඊට වැඩි සැහැල්ලූවකින් රියෝ නුවර දිවි ගෙවෙන බව පෙනෙනවා. මෙයට එක් හේතුවක් විය හැක්කේ දශකයකට වැඩි කලක් තිස්සේ මානුෂික මුහුණුවරක් ඇති ධනවාදී ආර්ථිකයක් ඇති කරන්නට එරට රජයන් ගන්නා උත්සාහයයි.

බ‍්‍රසීලය සොබා සම්පත් හා ජන සම්පත් අතින් පොහොසත්. අද ලෝකයේ මතුව එන ආර්ථක බලවතකු ලෙස සැළකෙන ප‍්‍රමුඛ පෙළේ රාජ්‍යයක්. භූමි ප‍්‍රමාණයෙන් මෙන් ම ජනගහනයෙන් ද බ‍්‍රසීලය ලෝකයේ පස් වන විශාලතම රටයි. එය ඉන්දියාව මෙන් තුන් ගුණයක් විශාලයි. ජනගහනය මිලියන් 192යි. එරට ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 12,000යි. ඇති නැති පරතරය පැවතුණත් ගෙවී ගිය දශකය තුළ එරට දුගී ජනයාගේ ජීවන මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

මිහිතලයේ ඉදිරි පැවැත්ම ගැන පුළුල්ව හා ගැඹුරින් විවාද කරන ජගත් සමුළුවක් සිය නගරයේ පැවැත් වෙන අතර, තමන්ගේ ජීවන අරගලයේ නිරත වන රියෝ වැසියන් ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අපේ පොදු අනාගතය (Our Common Future) බඳු උතුම් සංකල්ප ගැන සිතන්නට කලින් අද දවසේ දිවි ගැට ගසා ගන්නා අභියෝගයට බහුතරයක් රියෝ වාසීන් හා බ‍්‍රසීල ජාතිකයන් මුහුණ දෙනවා.

ලොව පුරා තිරසාර සංවර්ධනයට යොමු වන සමාජයන්ට ඇති පොදු අභියෝගය වන්නේත් එයයි. පැහැබර හෙට දවසක් ගැන සිතන්නට අවකාශයක් නැති අති විශාල ජනකායකට අද දවසේ මූලික ජීවන අවශ්‍යතා සපයා දෙන්නේ කෙසේ ද? එබඳු පසුබිමක් තුළ පරිසරය හා සොබා සම්පත් ප‍්‍රවේශමින් පරිහරණය කරන අතර ආර්ථික සංවර්ධනයේ ප‍්‍රතිලාභ හැමට බෙදී යන ආකාරයේ ප‍්‍රතිපත්ති හා සැළසුම් සකස් කරන්නේ කෙසේ ද?

1992 ජූනි මාසයේදීත් රියෝ නුවර මිහිතල සමුළුවක් පැවැත්වුණා. තිරසාර සංවර්ධනයේ අභියෝග ගැන රාජ්‍ය නායකයන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් විවාද කරන අතර, මගේ ජ්‍යෙෂ්ඨ සහෘදයකු වූ බි‍්‍රතාන්‍ය පුවත්පත් කලාවේදී හා වාර්තා චිත‍්‍රපට නිෂ්පාදක රොබට් ලෑම්බ් (Robert Lamb) අසම්මත රටාවක වාර්තාකරණයකට මුල පිරුවා.

සමුළුව පැවැත් වූ කාලයට ආසන්නව උපත ලත් දරු දැරියන් 11 දෙනකුගේ ජීවිතය, ඔවුන්ගේ සමාජ හා ආර්ථික සාධක මගින් තීරණය කැරෙන්නේ කෙසේදැයි දිගු කාලීන විමර්ශනයක් ඔහු ඇරඹුවා. බ‍්‍රසීලය, චීනය, කෙන්යාව, පැපුවා නවගිනියාව, දකුණු අප‍්‍රිකාව (කළු සහ සුදු දරුවන් දෙදෙනෙක්), වෙනසුවෙලාව හා ඉන්දියාව යන දියුණු වන රටවලත්, අමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා නෝර්වේ යන දියුණු රටවලත් 1992 උපන් දරුවන්ගේ ප‍්‍රගමනය මේ යටතේ වසර දෙකෙන් දෙකට චිත‍්‍රපට ගත කරනු ලැබුවා.

රොබට් එයට දුන් කථාමාලා නාමය ‘Children of Rio’ හෙවත් ‘රියෝ පරම්රාවේ දරුවෝ’ යන්නයි. විසි වසරකට පෙර ලෝකයේ රටවල් සිය වැසියන්ට වඩාත් හොඳ අනාගතයක් බිහි කරන්නට දුන් ප‍්‍රතිඥාවන් කෙතරම් දුරට ක‍්‍රියාත්මක කොට හා සාර්ථක වී ඇත්දැයි ඉඟියක් මේ හරහා ලද හැකියි.

අද වන විට මේ දරුවන් වයස 20ට ආසන්නයි. මේ දශක දෙක තුළ ඔවුන් හා පවුල් අත්දුටු යථාර්ථය සංවේදී ලෙස හසු කර ගැනීම හරහා තිරසාර සංවර්ධනයේ සැබෑ තත්ත්‍වය පිළිබිඹු වන ලෝක ව්‍යාප්ත මාධ්‍ය අත්හදා බැලීමක් බවට මෙය පත්ව
තිබෙනවා.

රියෝ පරම්පරාවේ එක් දරුවකු රියෝ නුවර ම ෆවෙලා පවුලක උපන් රෝසාමරියා (Rosamaria) දැරියයි. ඇය කුඩා කල ඇගේ පියා ඔවුන් හැර දමා යන්නට ගියා. ඇය හදා වඩා ගත්තේ මව හා ඥාතීන් විසින්. රෝසාමරියා පාසල් ගියත් ඉගෙනීමට ඇල්මක් හෝ පසුබිමක් තිබුණේ නැහැ. විනය හේතුන් නිසා පාසලෙන් නෙරපනු ලබන ඇය නව යෞවන වියේ දරු දැරියන් සමග නිදැල්ලේ කල් ගෙවීම කෙළවර වන්නේ වයස 18දී ඇයත් මවක බවට පත් වීමෙන්.

මේ දරුවා හදා ගන්නට ඇයත් සහකරුවාත් දැඩි අරගලයක යෙදෙනවා. හරිහැටි අධ්‍යාපනයක් නැති නිසා ඇයට ආදායමක් ඉපැයීමට ඇති අවස්ථා සීමිතයි. අපරාධ හා විෂමාචාර මෙන් ම හොඳහිත හා ධෛර්යවන්තකම ද බහුල ෆවේලාවක සිට කවදා හෝ තමන් නොලද වරප‍්‍රසාද සිය බිළිඳු පුතුට ලබා දීමට රෝසාමරියා අධිෂ්ඨාන කර ගෙන සිටිනවා. http://tiny.cc/CORosa

ඇගේ කථාව අනුවේදනීය වනවා මෙන් ම රියෝ සමුළුවේ ගෝලීය අරමුණු අවසන් විනිශ්චයේදී සැබෑ ලෝකයේ ගැහැනුන්. මිනිසුන් හා දරුවන්ට අදාල වන සැටි ගැන ප‍්‍රබල විවරණයක් සපයනවා.

‘Children of Rio’ බඳු දිගු කාලීන මාධ්‍ය වාර්තාකරණයන් කිරීමට මාධ්‍ය සම්පත් හා කුසලතා පෙළගැස්මක් අවශ්‍යයි. දුවන ගමන් ප‍්‍රවෘත්ති වාර්තා කරන මාධ්‍යවේදීන්ට එබඳු විමර්ශනාත්මක හා සංවේදී වාර්තාකරණයකට අවකාශ නැහැ. එබඳු දිගු කාලීන ආයෝජනයක් කරන්නට බොහෝ මාධ්‍ය ආයතන කැමතිත් නැහැ.

1980 දශකයේ මුල මහවැලි ජනපදවල පදිංචි කෙරුණු පවුල් කිහිපයක ඉදිරි ගමන දශක දෙක තුනක් තිස්සේ රූපමය ආකාරයෙන් වාර්තා කළ හැකි වී නම් කෙතරම් අපූරු ද? යුද්ධයෙන් පසු අධිවේගී සංවර්ධනයකට යොමුව ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳව දිගු කාලීන මානුෂික වාර්තාකරණයකට දැන් වුවත් යොමු විය හැකි නම් ශීර්ෂ පාඨයන්, උද්‍යෝග පාඨයන් හා දේශපාලන සංකල්ප සියල්ලෙන් ඔබ්බට යන ගැඹුරු විග‍්‍රහයක් ලද හැකියි.

රියෝ පරම්පරාවේ කථාව දශක දෙකක් සම්පූර්ණ වන මොහොතේ එය බෙදා හදා ගන්නට මගේ ටෙලිවිෂන් ගුරුවරයා වූ රොබට් ලෑම්බ් අප අතර නැහැ. පිලිකාවකින් පරාජය වූ රොබට් මේ වසරේ පෙබරවාරියේ මිය යන විට වයස 59යි.

රියෝ පරම්පරාවේ කථාව ඔහුගේ අනුගාමිකයන් දිගට ම වාර්තා කරයි ද? තවත් වසර 10කින්, 20කින් මේ ජීවිතවල ඉදිරි කථාව කුමන අයුරකින් ලියැවේද? මේ අවිනිශ්චිත බවට මැදි වෙමින් මා රියෝ නුවරින් සමු ගෙන ආපසු පැමිණියා.

Dispatch from Rio+20: Ensure Good Governance and People’s Rights for a Sustainable Sri Lanka

Text of my news feature published in Ceylon Today newspaper on 21 June 2012

Hemantha Withanage in Rio de Janeiro

Ensure Good Governance and People’s Rights for a Sustainable Sri Lanka, urge civil society in Rio

By Nalaka Gunawardene in Rio de Janeiro, Brazil

As world leaders gather in Rio de Janeiro for the United Nations Conference on Sustainable Development, 50 Lankan civil society organisations (CSOs) have issued a joint statement calling for good governance and respect for people’s rights in Sri Lanka.

Mere economic growth – by raising per capita Gross National Product (GNP) — can be a highly misleading indicator of development, the statement said.

“Better governance is a must for a sustainable society. Better environmental governance and environmental justice should be ensured for sustainable living,” it added.

The 15-page document is signed by 50 people’s organisations working on environment, development and human rights issues at the grassroots level. It urged the government of Sri Lanka to “follow the middle path in development as we proposed in 2002 for the World Summit on Sustainable Development (WSSD)”.

The statement has been released on the web and is being distributed to over 40,000 participants attending the major UN conference, also known as Rio+20. (Full text at: http://tiny.cc/SLRio20)

The government of Sri Lanka was also due to release its official report for the conference, but copies of it were not available. There was also no mention of it anywhere on the Ministry’s official website.

CSOs underlined the need to respect the basic rights of people while ensuring environmental safeguards and maintaining a slow growth. It emphasized that sustainable development and good governance were inseparable.

The statement called for greater media freedom, right to freedom of expression and right to dissent as articulated in Article 14 of the Universal Declaration of Human Rights, and in Agenda 21, an action plan for sustainable development that countries adopted at the original Earth Summit in Rio in June 1992. Sri Lanka has committed itself to both.

“It is very well known that without access to information, public participation, accountability, rule of law and predictability — which are the basic pillars of good governance — you cannot achieve sustainable development,” said Hemantha Withanage, the statement’s principal author in an exclusive interview.

“The sustainable development principles agreed at the Earth Summit in 1992 had environment, social and economical pillars. But today, we know that without a political pillar, sustainable development cannot be achieved,” added Withanage, Executive Director of the Centre for Environmental Justice in Sri Lanka.

“The space for CSOs and recognition of their role in development is vital,” the statement noted, calling for greater civil society involvement in policy formulation in all areas of development.

The statement mentions a wide array of issues and concerns raised by ordinary Lankans who were consulted during its preparation. These range from local and national to global, and cover sectors such as agriculture, water, livelihoods, energy, public health, disaster management and biodiversity conservation.

“The world needs to move towards a simultaneous action at local, national, regional and international level to confront the social, economic and ecological crises which the present development model has caused,” it notes. “What we need instead is to defend our commons and total transformation towards sustainable consumption and production patterns.”

It explicitly called “to stop all kinds of corporate control, capture and monopolisation of natural resources.”

“Our demands are not only for Rio+20. After all, this is just another meeting of the world nations under the UN flag. We should not treat this as an end of everything. It is an on-going process,” Withanage said.

He recalled being involved in the ‘Citizens Report on Environment and Development’ that Sri Lanka civil society organisations collectively prepared for the Earth Summit in 1992. Many of its aspirations were never met, he lamented.

“Meanwhile, we have seen more deterioration of the social and environmental rights over the past two decades,” he said.

CSOs also called for an assessment of environmental and social costs of Sri Lanka’s prolonged civil conflict that ended in 2009. Its impact on natural resources remains little understood even as economic development projects are being rolled out in conflict affected areas, the statement said.

The CSO statement was produced at the end of Sri Lanka Civil Society Dialogue on Rio+20 held in Negombo on 17 – 18 May 2012. It was convened by the Centre for Environmental Justice/Friends of the Earth Sri Lanka, National Fisheries Solidarity Movement (NAFSO) and the Sri Lanka Nature Group.

Read my interview with Hemantha Withanage on Groundviews.org
Rio+20 interview: “Green Economy should not justify Greed Economy!”

Eco Myths Can’t Save the Planet. Wake Up and Smell the Foul Air!

We Can’t Save the Planet with Green Myths!

This was the title of a talk I gave to Sri Lanka Rationalists’ Association (SLRA) in Colombo, Sri Lanka, on 7 June 2012 — two days after World Environment Day.

In this, I shared my observations on how attempts aimed at environmental conservation and sustainable resource use in Sri Lanka are often hindered by many misconceptions and myths about natural resources and our impact on them.

I invoked the words of George Monbiot, journalist/columnist, The Guardian, UK: “One of the most widespread human weaknesses is our readiness to accept claims that fit our beliefs and reject those that clash with them. We demand impossible standards of proof when confronted with something we don’t want to hear — but will believe any old cobblers if it confirms our prejudices…”

At the outset, I proposed a basic categorization of eco-myths as myths of the first, second and third kind – the last one being the most pervasive and harmful. Drawing on my 25 years of experience as a science writer and journalist, I cite several examples from air pollution, biodiversity and climate change.

There is also the mother of all eco-myths that Lankan nationalists never tire of repeating: romanticising the ‘good old days’ before modernisation and colonisation. Ah, if only real life were that simple…

I acknowledged that scientific knowledge and understanding on some ecological matters are evolving so have to keep an open, inquisitive mind: science does not have all the answers, but provides a framework in which to ask the right questions and to go in search of answers supported by evidence.

I also conceded that many individuals – and their societies – are not always rational. Governments (at least in democracies) take their cue from the people, and so…irrationality feeds on itself.

The bottomline: it’s a free world and individuals may cling on to any fantasy or belief. As long as it doesn’t harm others around the believer, and/or affects collective thinking. When it does, the good of the many must outweigh the good of one.

The last time I took on a myth was April 2009 with my blog post: ‘Chief Seattle speech’: Global environmental legend, or pervasive myth?

See, in particular, the kind of comments and berating I received from the true-believers!

Don’t Be a Fossil Fool: A case for valuing Biotic Carbon in climate talks

Cartoon courtesy Down to Earth magazine, CSE India

• To tackle enhanced global warming that leads to climate change, we need to better understand the global carbon cycle.

• Critical to this understanding is distinguishing between fossil carbon (coal and petroleum) and biotic carbon (photosynthetic biomass – living matter capable of absorbing atmospheric carbon).

• Biotic Carbon offers a ‘lifeboat’ to a world in search of solutions. Valuing biotic carbon can transform the role of farmers and rural communities currently sidelined in global climate change negotiations.

• Current methodologies of carbon trading have seriously warped both economics and ecology. What takes place today is more like carbon laundering.

These outspoken views are expressed in a new web video by Dr Ranil Senanayake, a globally experienced systems ecologist with four decades of experience across Asia, Africa and Latin America.

Titled “Rethinking Carbon and Climate Change”, the 16 minute video is released on TVE Asia Pacific’s YouTube channel in time for World Environment Day 2012 and ahead of the UN Conference on Sustainable Development, or Rio+20 in Brazil.

This is edited from a long interview I filmed with the maverick scientist in mid March 2012.

Watch the full film online:

This film is released under Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 license.

Read Q&A style interview on Groundviews (covers much else):
Sri Lanka’s Fast-track to Post-war Development: Remember the Mahaweli’s Costly Lessons!

සිවුමංසල කොලූගැටයා #69: සංක‍්‍රමණික “විදේශීය” ජීවින්ගෙන් පිරුණු අපේ දුපත

“Let genes, ideas and spices flow freely again!”

I made this appeal at the end of an op-ed essay written in July 2009, when I was concerned about increasing levels of insularity and suspicion of everything foreign among Lankans as they adjusted to the post-war realities.

My metaphor was spices, for which Lanka was famed for millennia. I wrote: “The traditional Lankan curry contained up to a baker’s dozen of spices and herbs. Most such plants were not native – black pepper came from South India, cloves from Indonesia and chilli all the way from the Americas. Cinnamon was Sri Lanka’s contribution to this delightful mix. The diverse origins didn’t really matter: the islanders knew just how to mix the native and foreign to achieve legendary results.”

As with the spices, ancient Lankans knew how to mix the home-grown with external elements. Indeed, the island’s fauna, flora and people would be radically different today if such influences and cross-fertilisation didn’t happen.

Read the latest version of that essay: Sri Lanka – Spice Island or Bland Nation?

In this week’s Ravaya column (in Sinhala) I explore the same theme, based on a recent interview with zoologist and systems ecologist Dr Ranil Senanayake, a rare public intellectual in Sri Lanka with the courage of his convictions.

Dr Ranil Senanayake, photo by Janaka Sri Jayalath

කලක් තිස්සේ කොළඹ නිදහස් චතුරශ‍්‍රය අවට මාර්ග දෙපස වවා තිබූ Weeping Willow ගස් 2011 අගෝස්තු මාසයේ හදිසියේ ම කපා ඉවත් කරනු ලැබුවා. නගරය පියකරු කිරීමේ වැඩපිළිවෙළක එක් පියවරක් ලෙස මෙය හඳුන්වා දුන් අතර, එය සාධාරණීකරණය කරන්නට සමහර පරිසරවේදීන් මතු කළ තර්කය වූයේ “ඒවා අපේ දේශීය ශාක නොවන” බවයි.

ඒ වෙනුවට ඒ තැන්වල ශ‍්‍රී ලංකාවේ ජාතික වෘක්‍ෂය වන නා ගසේ පැළ සිටුවන ලද බවත් මාධ්‍ය වාර්තා කළා. නා ගස (Mesua ferrea var. nagassarium) ශ‍්‍රී ලංකාවේ ජාතික වෘක්‍ෂය ලෙස නම් කරනු ලැබුවේ 1986 පෙබරවාරියේදී. මෙරට නිජබිම කර ගත්ල පහතරට තෙත් කලාපයේ ස්වාභාවිකව වැවෙන නා ගස, දිගු කලක් තිස්සේ අපේ ජන ජීවිතයට හා සංස්කෘතියට සමීප ශාකයක්. එහි සවිමත් දැව පුරාණයේදී පාලම් තැනීමට යොදා ගත් බව කියනවා. මේ ශාකය ඉන්දියානු මෙන් ම මලයානු අර්ධද්වීපයේත් හමු වනවා.

අපේ ඇතැම් පරිසරවේදීන්ගේ ස්ථාවරයන් ගැන කලෙක සිට මා විමසිල්ලෙන් සිටිනවා. එයින් එකක් නම් දේශීය (native) හා විදේශීය (exotic) වශයෙන් ජෛව සම්පත් බෙදා වෙන් කොට, ලේබල් ඇලවීමයි. මෙහි කෙතරම් පදනමක් තිබේ ද? එයින් ඇති වන වාසි අවාසි කවරේ ද?

පරිසරවේදීන් පුන පුනා කියන කථාවක් නම් අප ජීවත් වන මේ ග‍්‍රහලෝකය අපේ පොදු දායාදයක් බවයි. එහි විවාදයක් නැහැ. එමෙන්ම වසර කෝටි ගණනක් තිස්සේ සිදුවෙමින් ආ, තවමත් නොනිමි පොදු ජෛව පරිනාමීය ක‍්‍රියාවලියක් අප කාටත් උරුමයි. අන් සියළු ශාක හා සත්ත්ව විශේෂ සමග අපත් එහි කොටසක්.

අපේ ලෝකයේ පරිනාමීය ඉතිහාසයේ ඉතා දිගු කලක් සිදු වූ ක‍්‍රියාදාමයන් ගැන අප දන්නේ භූවිද්‍යාව, සත්ත්ව විද්‍යාව හා උද්හිද විද්‍යාව ආදී ක්‍ෂෙත‍්‍රවල දැනුම ගවේෂණය නිසායි. පරිනාමයේදී හා ජීවින් පැතිර යාමේදී සිදු වූ දේ ගැන ජාන විශ්ලේෂණය හරහා සොයා ගෙන යාමේ හැකියාව දැන් අපට තිබෙනවා.

පරිනාමීය හා ජෛව විකාශන ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලි කරුණක් නම් ලොව විවිධ තැන්වල බිහි වූ සත්ත්ව හා ශාක විශේෂල ජන්ම භූමිවල සිට ඉතා දුර බැහැර ගොස් ඇති බවයි. ගොඩබිම් හා සාගර හරහා වසර දහස් ගණනක් පුරා ගිය මේ චාරිකාවලදී ජාන සංකලනයක් අනිවාර්යයෙන් ම සිදුව තිබෙනවා. සියයට සියයක් “දේශීය” හෝ මිශ‍්‍ර නොවූ ජීව විශේෂ ඉතා දුර්ලභයි.

යම් ශාක විශේෂයක් දේශීය හෝ විදේශීය යැයි වර්ග කරන්නේ කෙසේ ද? සමස්ත දකුණු ආසියාවේ පළමුවන ක‍්‍රමීය පරිසර විද්‍යාඥයා (Systems Ecologist) ලෙස 1978 දී ආචාර්ය උපාධිය ලැබූල මෙරට සිටින ප‍්‍රවීණතම ජෛව විද්‍යාඥයකු වන ආචාර්ය රනිල් සේනානායකගෙන් මා මෑතකදී මේ ගැන විමසුවා.

තිරසාර හෝ දිගුකල් දැක්මක් නැතිල අයාලේ යන ආර්ථික සංවර්ධනය කලක් තිස්සේ නිර්දය ලෙස විවේචනය කරන ඔහු 1978-80 වකවානුවේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ගැන ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කළ විද්වතුන් ටික දෙනාගෙන් කෙනෙක්. එමෙන්ම මෙරට වන වගා කිරීමට යැයි කියමින් පයිනස් හා යුකැලිප්ටස් බඳු සමශීතෝෂ්ණ කලාපීය ශාක විශේෂ ප‍්‍රවර්ධනය කිරීමට එරෙහිව අරගල කළ අයෙක්.

‘‘යම් ශාක හෝ සත්ත්ව විශේෂයක් දේශීය ද විදේශීය ද යන්න අප විග‍්‍රහ කරන්නේ කාලයට හා ස්ථානයට සාපේක්‍ෂවයි. එහිදී අප විමසිය යුත්තේ යම් ජීවි විශේෂයක් සැළකිය යුතු කාලයක් (වසර දහස් ගණනක් පුරා) එක් තැනෙක රැඳෙමින් එහි පාරිසරික සාධකවලට හැඩ ගැසී ඇත් ද යන්නයි,’’ රනිල් කියනවා.

එහිදී ‘දේශීය’ යැයි පිළිගැනීමට අප ආපස්සට යා යුතු කාලයේ සීමාවක් තිබේ ද? මේ ගැන පොදු එකඟතාවක් නැහැ. මෙරට ග‍්‍රාමීය ගෙවතුවල සාම්ප‍්‍රදායිකව වවන ගස්, වැල් හා පඳුරු ආකාරයේ ශාක ගැන පර්යේෂණ කරන විට ඔහුට පෙනී ගියේ එම ශාක විශේෂවලින් සියයට 80ක් පමණ ම මෙරටට බැහැරින් පැමිණ ඇති බවයි.

‘‘අපේ ජන ජීවිතයට ඉතා සමීප ඇතැම් ශාක පසුගිය සහශ‍්‍ර කිහිපය තුළ මිනිසුන් විසින් ගෙනැවිත් හඳුන්වා දී තිබෙනවා. හොඳ උදාහරණ නම් ඉන්දියාවෙන් ආ අඹ ගසත්, මැලේසියාවෙන් පැමිණි කොස්. මේවා විදේශීය ශාක ලෙස අද අප දකිනවාද?’’ රනිල් ප‍්‍රශ්න කරනවා.

ශ‍්‍රී ලංකාව නිජබිම කරගත් ‘අපේ’ ශාක පමණක් ඉතිරි වන්නට ඉඩ දී වෙනත් රටකින් මෙහි ආ සියළු ම ශාක ඉවත දැමුවහොත් කුමක් සිදු වේද? මේ කල්පිතය මා රනිල්ට ඉදිරිපත් කළා.

‘‘අප ඇලූම් කරන ලොකු කුඩා ශාක රැසක් ම විදේශිකයන් කියා පසෙක තබන්නට සිදු වේවි! කොස් හා අඹවලට අමතරව අපට හුරුපුරුදු බොහෝ එලවළු, පළතුරු හා කුළුබඩු අපේ රටේ උපන් විශේෂ නොවෙයි. අතීතයේ යම් දිනෙක මේ දුපතට පාවී ගෙන පැමිණි හෝ මිනිසුන් විසින් හඳුන්වා දුන් ඒවායි. ඒවා ඉවත් කළොත් අපට පොල්, මී ගස්, කිතුල් ආදී ශාකත්, බෙහෙත් පැළෑටි ගණනාවකුත් පමණක් ඉතිරි වේවි!’’ ඔහු කියනවා.

සාම්ප‍්‍රදායික ලාංකික හොද්ද සඳහා ප‍්‍රශස්ත වශයෙන් කුලූබඩු විශේෂ 13ක් යෙදිය යුතු බව කියැවෙනවා. මේවායින් දේශීය සම්භවයක් ඇත්තේ කුරුඳු හා කරඳමුංගුවලටයි. බහුතරයක් පිටස්තරයෝ. මේ පිටස්තරයන්ගේ දායකත්වය නැති ව්වහොත් අපේ හොද්ද කෙතරම් නීරස වේවි ද?

එපමණක්ම නොවෙයි, අපේ ප‍්‍රධාන ආහාරය බත් ලබා දෙන වී ශාකයත් සමශීතෝෂණ දේශගුණය ඇති චීනයෙන් ඇරඹී ඉන්දියාව හරහා අපට ලැබුණු දායාදයක්. ‘‘වී වගාව මෙරටට හඳුන්වා දී කලක් ගත වී ඇතත්, ජාන විද්‍යාත්මකව බලන විට එය එතරම් දිගු කාලයක් නොවෙයි,’’ රනිල් කියනවා.

මෙහිදී මට සිහිපත් වන්නේ අපේ ගොවිතැන් උරුමය සොයා ගෙන ගිය ආචාර්ය රේ විජේවර්ධන නිතර කී කථාවක්. වී සමශීතෝෂණ ශාකයක් වූවත්, කාලයාගේ ඇවෑමෙන් ඝර්ම කලාපීය රටවල ජනයා වී ගොවිතැනට හොඳහැටි හුරු වී ඇති බව රේ පෙන්වා දුන්නා. අපේ මුතුන් මිත්තන්ගේ ප‍්‍රධාන ආහාරය බත් පමණක් නොව කොස්, දෙල් හා විවිධ අලවර්ග වූ බවත්, ඒ සමහරක් බහුවාර්ෂික බෝග වසර පුරා ම හිරු එළිය උකහා ගනිමින් ආහාර නිපදවිය හැකි ඝර්ම කලාපීය දේශගුණයට මනා සේ ගැලපෙන බවත් ඔහු කියා සිටියා. (2011 අගෝස්තු 28 දා කොලම කියවන්න.)

මේ සියල්ල සැලකිල්ලට ගත් විට ජෛව ලෝකය දේශීය හා විදේශීය විශේෂ ලෙස ගොඩවල් දෙකකට බෙදීම තේරුමක් නැති ක‍්‍රියාවක් බව රනිල් සේනානායක පෙන්වා දෙනවා. ලෝකයේ කිසිම තැනක මුළුනින් ම දේශීය වූ ජීව විශේෂ පමණක් හමු නොවන බවත්, මහා සාගර මැද ඇති කුඩා දුපත්වල පවා අතීතයේ යම් දිනෙක සාගර දියවැල් ඔස්සේ පාවී ආ ශාක විශේෂ වැවෙන බවත් ඔහු කියනවා.

‘‘මේ සොබා දහම් යථාර්ථය තේරුම් නොගෙන ආවේගශීලිව ලේබල් අලවන්නේ මතුපිටින් ප‍්‍රශ්න විග‍්‍රහ කරන, නොගැඹුරු දැනුමක් ඇති උදවිය’’ බව ඔහුගේ මතයයි. ලේබල් ඇලවීම වෙනුවට අද අවශ්‍යව ඇත්තේ තැනට හා කාලයට උචිත ජීව විශේෂ මොනවාද යන්න මනාව තේරුම් ගෙන ඒවා ප‍්‍රවර්ධනය කිරීමයි.

ගොවිබිමේ, ගෙවත්තේ හා මිනිස් මැදිහත්වීම ඇති ස්වාභාවික නොවන වෙනත් පරිසර පද්ධතිවල දෙස් විදෙස් ශාක භාවිතයේ වරදක් නැති බව ඔහු කියනවා.

ජීවි විශේෂ දේශීය හා විදේශීය ලෙසින් වර්ග කිරීම පරිසර විද්‍යාත්මක පදනමකට වඩා ජාතිකවාදී දැක්මක් ඔස්සේ කැරෙන බව පෙනෙනවා. එහිදී මතුව එන්නේත් බොහෝ මානව සමාජවල බෙදීම් හා ගැටුම්වලට තුඩු දෙන ‘අප’ සහ ‘ඔවුන්’ නැතහොත් ‘අපේ එකා’ සහ ‘පිටස්තරයා’ (Us and Them) නම් වර්ගීකරණයයි. මෙය ජෛව හෝ ජාන විද්‍යාත්මක පදනමක් මත ගොඩ නැංවූවක් නොවෙයි.

May 2009 blog post: Us and Them: Sri Lanka’s first landmine on the road to peace…

ඉතිහාසයේ ආපස්සට ගිය හොත් අද ශ‍්‍රී ලංකාව මවුබිම සේ සළකන අති බහුතරයක් දෙනාගේ මුතුන් මිත්තන් වෙනත් රටක සිට මෙහි ආ බව පිළිගත යුතු වනවා. එසේ නම් මෙරට මුල් පදිංචිකරුවන් ලෙස නිජබිම් උරුමය ඇත්තේ වැදි ජනතාවට පමණක් ද? අන් හැම ජාතියක් ම සංක‍්‍රමණිකයන් ද?

“පිටතින් පැමිණි හැම දෙයක් දෙස ම සැකයෙන් බලනවා නම් ඉතින් සිංහලයන් මේ දුපතට ආවේත් ඉන්දියාවේ සිට නිසා, අපත් විජාතික හෝ විදේශික වනවා නේද?’’ රනිල් සේනානායක අසනවා.

‘‘අප නොදන්න සහ දන්නා (ලිඛිත) ඉතිහාසය පුරාම ඉන්දියානු සාගරයේ මානවයන් සංචරණය කොට තිබෙනවා. එදා මෙදා තුර මේ දුපතට ආ සමහරුන් මෙහි පදිංචි වුණා. තවත් සමහරුන් අපේ ජාන සංචිතයට ඔවුන්ගේ ජාන සම්මාදම් කොට ආපසු ගියා. මෙය ශාක හා සතුන්ට මෙන්ම මානව අපටත් අදාළයි. මේ ඓතිහාසික හා ප‍්‍රාග් ඓතිහාසික සිදුවීම් අමතක කොට ජාතික හා විජාතික යැයි සරල වර්ගීකරණයක් කිරීම හාස්‍යජනකයි!’’ රනිල් පෙන්වා දෙනවා.

අපේ පරිසරවේදීන්ට හා ජාතිකවාදීන්ට මේ තිත්ත ඇත්ත මතක් කර දිය හැකි විද්වතුන් ටික දෙනකු හෝ ඉතිරිව සිටීම සතුටට කරුණක්.

Cartoon by Jeff MacNelly, Chicago Tribune
Cartoon by Jeff MacNelly, Chicago Tribune