සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්

This is the text of my (Sinhala language) column in Ravaya newspaper of 23 September 2012. I review two new books, both of much public interest, and written by two senior professionals who have been passionately committed to public safety for decades.

Protect Your Child from Injury (in Sinhala) is written by Dr Wijaya Godakumbura, while Traffic Signs, Road Markings and Traffic Signals is authored by T Perinpanayagam, a retired senior police officer.

T Perinpanayagam (left) and Dr Wijaya Godakumbura: Life-long commitment to safety

මේ සාහිත්‍ය මාසයයි. කොළඹ පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සතියයි. මේ නිසා මෑතදී මට හමුවූ පොත් දෙකක් ගැන අද කථා කරනවා.

පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ අළුත් පොත් සිය ගණනක් එළි දකිනවා. (මගේ 2011 කොලම් අතරින් 44ක් අඩංගු පොතක් ද ඒ අතර වනවා.) අතිශයින් විවිධ වූ රසිකත්වයකට හා පාඨක සමුහයකට දායාද කැරෙන මේ පොත් අතර නිර්මාණාත්මක මෙන්ම දැනුම වඩන පොත් ද තිඛෙනවා. පොතක අගය තීරණය වන්නේ එය පාඨකයන්ට සමීප වන ආකාරයටයි.

ඇතැම් පොත් චින්තන විප්ලවයන් කරන අතරේ තවත් පොත් ඉතා ප්‍රායෝගික ලෙසින් ජීවිතය අර්ථවත්, සාරවත් කර ගන්නට අත්වැලක් සපයනවා. හැම පොතකට ම ජීවිත බේරන්නට බැහැ. එබඳු පොත් ලියැවෙන්නේ ඉඳහිටයි. ගෙවී ගිය සති කිහිපය තුළ දිවි සුරකින දැනුම කැටි කර ගත් හරවත් පොත් දෙකක් එළි දක්වන උත්සවයන් මෙහෙයවීමේ වරම මට ලැබුණා. ඒවා ලියා ඇත්තේ මා අගය කරන, පොදු උන්නතියට කැපවුණු වෘත්තිකයන් දෙදෙනකු විසින්.

එයින් එක ලේඛකයෙක් දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ වෛද්‍යවරයෙක් හා නව නිපැයුම්කරුවෙක්. අනෙක් ලේඛකයා සිය කැපවීම නිසා ජනාදරයට පත් වූ හා ජාත්‍යාන්තර පිළිගැනීමක් ලද පොලිස් නිලධාරියෙක්.

Protect Your Child from Injury – Book by Dr Wijaya Godakumbura
සුදීප ආරක‍ෂිත කුප්පි ලාම්පුවේ (www.safebottlelamp.org) නිපැයුම්කරුවා හා ප්‍රවර්ධකයා ලෙස ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජෝති විජය ගොඩකුඹුර මා මීට පෙර හඳුන්වා දී තිඛෙනවා (2012 ජනවාරි 15 කොලම). වසර 45ක් තිස්සේ මාධ්‍ය හරහා සෞඛ්‍ය දැනුම ඛෙදා දෙන ඔහු 1971දී ලියූ “වෛද්‍යවරයෙක් කථා කරයි” නම් කෘතියට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වුණා. දශක හතරකට පසු ඔහු ලියූ දෙවන සිංහල පොත නම් කර ඇත්තේ “අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න” කියායි.

වාර්ෂිකව ලොව පුරා මිලියන් 5.5ක් (ලක‍ෂ 55 ක්) දෙනා විවිධ අනතුරුවලින් මිය යන අතර ශ්‍රී ලංකාවේ මේ සංඛ්‍යාව 12,000ක් පමණ වනවා. වැඩි වශයෙන් පුවත් වාර්තාකරණයට හසු වන්නේ මෙයින් සියයට 22ක් පමණ වන මාර්ග අනතුරුයි. එයට අමතරව දියේ ගිලීම්, පිලිස්සීම්, වැටීම්, විෂවීම්, මිනිමැරුම්, සියදිවි නසා ගැනීම් හා වෙනත් හදිසි අනතුරු නිසා නිකරුණේ හා අකාලයේ බොහෝ ජීවිත විනාශ වන සැටිත්, ඒ අතරින් ළමා ජීවිතවලට සිදුවන අනතුරු වැඩියෙන් ම ඛේදජනක වන සැටිත් වෛද්‍ය ගොඩකුඹුර සංඛ්‍යා ලේඛන දක්වමින් විස්තර කරනවා.

ළමයින්ට අනතුරු වීමේ හැකියාව වැඩියි. ඔවුන්ගේ අනතුරු හඳුනා ගැනිමේ හැකියාව අඩු අතර කුතුහලය හා හැම දෙයක් ම ගවේෂණය කිරීමේ ආසාව ඉහළයි. මේ සංයෝගය ඇතැම් විට මාරාන්තික ප්‍රතිඵල අත්කර දෙන බව ඔහු කියනවා.

“ඔවුහු දණ ගෑම, ගස් මතට නැගීම, පටු ස්ථාන අතරින් රිංගා යෑම, ගේට්ටුව මත පැද්දීම, තරප්පු අත්වැල දිගේ පහතට ලිස්සා යාම, දිවීම වැනිදේට ආශා කරති. යමක් අල්ලා ගැනීමේ සහ එය මුඛය තුළට දැමීමේ හැකියාව කුඩා කාලයේදීම වර්ධනය වන හෙයින් වස ශරිරගතවීමේ ප්‍රවණතාවයක් තිබේ. ආවරණයක් නැති ළිඳකට දණ ගා යන බිළිඳා, තම සෙවනැල්ල දැක එය අල්ලන්නට උත්සාහ කරයි. ගිනිදැල් දැකීමෙන් ආශ්වාදයක් ලබන හෙයින් යමක් දැල්වීමට අවස්ථාවක් ලදහොත් ඔවුන් එසේ කිරීමට ඉඩ ඇත.”

මෙකී නොකී විවිධාකාරයේ අනතුරු වීමේ හැකියාව අප හැමගේ ගෙදර, වත්ත පිටියේ, මහමඟ, කඩමණ්ඩිවල හා කාර්යාලවල එමට තිඛෙනවා. ඩෙංගු මදුරු උවදුර ගැන රජයට හා පළාත් පාලන ආයතනවලට දොස් තබන අප, ගෙදරදොරේ වෙනත් දිසි හා අදිසි අනතුරුවලින් අපේ දරුවන් බේරා ගන්නට කළ හැකි සියල්ල කරනවා ද? අනතුරුවලින් ජීවිත හානි සිදුවූ විට අසීමිත ලෙස කඳුළු සළන අපේ ටෙලිවිෂන් නාලිකා, අනතුරු වැළැක්වීමට පුළුල් ලෙස ජාතික සංවාදයක් ඇති කරන්නට සෑහෙන ගුවන් කාලයක් කැප කරනවා ද?

සෑම දිනක ම වළක්වා ගත හැකිව තිබු හදිසි අනතුරක් වළක්වා නොගත් හෙයින් දරුවකු අහිමිවීම නිසා ලෝකයේ පවුල් 2,000ක් අධික මානසික පීඩාවට පත් වන බවත්, දරුවන් පස් වැනි වියට පා තබන විට ඔවුන්ගේ ජීවත්වීමට ඇති විශාලතම බාධකය හදිසි අනතුරු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) උපුටා දක්වමින් වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

අනතුරු දෙආකාරයි. “හිතාමතා ම කෙරෙන” හා “ඉබේ සිදුවන” (නොහොත් හදිසි අනතුරු) වශයෙන්. එහෙත් ගැඹුරට සිතීමේදී කිසිදු අනතුරක් ඉබේ සිදු නොවන බවත්, හදිසි අනතුරු සිදු වනවා නොව “සිදු වන්නට බොහෝ දෙනා ඉඩ හරින” බවත් ඔහු තර්ක කරනවා.

මෙයට ප්‍රධාන හේතු වන්නේ නොදන්නාකම හා නොසැලකිල්ලයි. “මේ බව වටහා ගෙන තමාගේ නොදන්නාකම හෝ නොසැලකිල්ල නිසා තමාගේ හෝ වෙනත් අයකුගේ දරුවකුව අනතුරක් වීමට ඉඩ නොතැබීම අප සැමගේ වගකීමයි,” ඔහු අවධාරණය කරනවා.

අනතුරුවලින් සියයට 95ක ම ළමා මරණ සිදු වන්නේ ශ්‍රී ලංකාව ද ඇතුළු අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලයි. එමෙන්ම සෑම එක් මරණයකට ම සාපේක‍ෂව දහසක් දෙනා අනතුරුවලට මුහුණ පා දිවි ගලවා ගන්නවා. එහෙත් ඒ ඇතැම් දෙනා සදහට ම දුබලතා, සමේ කැලැල් හෝ මෝළයේ ආබාධ සමඟ ජීවත් වනවා.

ළමයින් අනතුරුවලින් බේරා ගැනීම දෙමවුපියන්ගේ හා සෙසු වැඩිහිටියන්ගේ වගකීමක් වන අතර එයට තුඩු දෙන සමාජ හා ආර්ථීක සාධක ගැන සමස්ත සමාජයට හා රජයට ද වගකීමක් පැවරෙනවා. උදාහරණ නම් ක්‍රීඩා පිට්ටනි නැතිකමින් මහ පාරේ සෙල්ලම් කරන ළමයින්, මහමාර්ග හා දුම්රිය මාර්ග අයිනේ (මිදුලක් නැතිව) නිවාස පිහිටා තිබීම, තාප්ප රහිත ළිං, වැටක් රහිත තරප්පු පේලි, අඩු මිළැති අනාරක‍ෂිත කුප්පි ලාම්පු භාවිතය.

වෛද්‍ය ගොඩකුඹුර කියන්නේ නැතිබැරිකම ළමා අනතුරුවලට විවිධාකාරයෙන් දායක වන බවයි. උදා: ළමයින් හට සුපරික්‍ෂාව ලබා දීමට අපහසුවීම හා දැනුම, තොරතුරු හා සේවා ලබා ගැනීමට අඩු ආදායම්ලාභීන්ට අවස්ථා හිඟ වීමයි.

අනතුරු වළක්වා ගැනීමේ දශක ගණනක සිය දැනුම හා අත්දැකීම් වෛද්‍ය ගොඩකුඹුර මේ පොතේ සරලවත් තර්කානුකූලවත් කැටි කොට තිබෙනවා. ඔහු එය තුන් ආකාරයකට වර්ග කරනවා. අනතුරක් මුළුමනින් ම වළක්වා ගැනීම ප‍්‍රාථමික ක‍්‍රියා මාර්ගයයි. යම් හෙයකින් අනතුරක් වූ විට ශාරිරික අනතුරු අවම කිරීම (උදා: ආසන පටි හා හෙල්මට් භාවිතය) ද්විතීය ක‍්‍රියා මාර්ගයයි. අනතුරකින් ශාරිරික හානි වූ විට ඵල විපාක අවම කිරීම තෘතීය ක‍්‍රීයා මාර්ගයයි (උදා: ප‍්‍රථමාධාර නොපමාව ප‍්‍රතිකාර දීම, නිසි පුනරුත්ථාපනය).

මේ පොතේ මා දකින සුවිශේෂත්වය නම් අනතුරු වළක්වා ගන්නට, එක් එක් අයට ගත හැකි ලොකු හා කුඩා පියවර නිරවුල්ව ඉදිරිපත් කර තිබීමයි. මෙය දුවන ගමන් කළ මාධ්‍ය වාර්තාවක් නොවෙයි. කලක් තිස්සේ මහත් ඕනෑකමින් හා ක‍්‍රමීය මට්ටමින් අධ්‍යයනය කොට, මනසින් හා හදවතින් කරන විග‍්‍රහයක්.

බෝවන රෝග වළක්වා ගන්නට රජය හා සමාජය දක්වන උනන්දුව අනතුරු වැළැක්වීමට ලැබී නැති බවත්, අනතුරුවලින් ආරක්‍ෂිත සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සියළු තොරතුරු දැනටමත් සෞඛ්‍ය හා අනෙකුත් අදාල බලධාරීන් සතුව ඇති බවත් කතුවරයා පෙන්වා දෙනවා.

Book on Traffic Signals, Road Signs and Traffic Lights, by T Perinpanayagam
අනතුරුවලින් සංඛ්‍යාත්මකව වැඩි ප‍්‍රතිශතයකට වග කියන මාර්ග අනතුරු ගැන සිය ජීවිත කාලය පුරා මහත් කැපවීමෙන් ක‍්‍රියා කරන විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ටී. පෙරින්පනායගම් මහතාගේ නවතම කෘතිය ”රථවාහන සංඥ, මාර්ග සළකුණු හා ආලෝක සංඥ” නමින් පසුගියදා ප‍්‍රකාශයට පත් වුණා.

වෛද්‍ය ගොඩකුඹුර මෙන් ම පෙරින්පනායගම් මහතා ද දිවි සුරකින්නට සිය දිවිය කැප කළ, තම ක්‍ෂෙත‍්‍රයේ ගැටළු හා අභියෝග මනා සේ අධ්‍යයනය කොට, මහත් ඕනෑකමින් සන්නිවේදනය කරන්නෙක්.

අපේ මහාමාර්ගවල කලක සිට පැවත එන රථවාහන සංඥ හා මාර්ග සළකුණු මෙන් ම අළුත් ඒවා ද දැන් දක්නට ලැබෙනවා. ඒ ගැන අළුතින් රිය පදවන්නට පටන් ගන්නා අයටත් කලක් තිස්සේ රිය පදවන හැමටත් නිරවුල් හා පැහැදිලි දැනුමක් ලබා දීම මේ කතුවරයාගේ අරමුණයි.

නමුත් හුදෙක් රියදුරන්ට පමණක් නොවෙයි. මහමග ඇවිදින, බයිසිකල් හා මෝටර් සයිකල් පදවන සැමටත් අදාළ ප‍්‍රායෝගික දැනුම හා උපදෙස් මෙහි අඩංගුයි. එපමණක් නොවෙයි රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ට හා මාර්ග සළකුණු පිහිටුවීම හා නඩත්තු කිරීම කරන පළාත් පාලන ආයතන සහ (මාර්ග අධිකාරිය වැනි) සෙසු රාජ්‍ය ආයතනවලටත් වැදගත් වන සංකල්පමය නිරවුල් බව මේ පොතෙන් සැකෙවින් හා සරලව ලබා දෙනවා.

1957දී උප පොලිස් පරික්‍ෂකයකු ලෙස ශ‍්‍රී ලංකා පොලිසියට බැඳුණු පෙරින්පනායගම් මහතා 1993-1997 කාලය තුළ රථවාහන පරිපාලනය පිළිබඳ මෙරට මුල් ම නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කොට විශ‍්‍රාම ගියා. රථවාන පොලිස් නිලධාරීන් පළඳින විශේෂිත සුදු ඇඳුම, තොප්පිය හා සුදුපටිය 1987දී ඔහු විසින් නිර්මාණය කරන ලද්දක්.

ආරක්‍ෂිත මහාමාර්ග හා ප‍්‍රවේශම්කාරී මාර්ග භාවිතය ගැන ඔහුගේ උනන්දුව පොඩියක්වත් අඩු වී නැහැ. මාර්ග හා රථවාහන පුහුණු අධ්‍යාපන ආයතනයේ සභාපති හැටියටත්, දෙස් විදෙස් විද්වත් සමිති සමාගම් ගණනාවක ක‍්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් ඔහු සිය ක්‍ෂෙත‍්‍රයේ සක‍්‍රියව නිරතව සිටිනවා.

2011-2020 කාලය මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා. එයට දේශීය වශයෙන් අනුබල දෙන්නේ WHO සංවිධානයයි. ශ‍්‍රී ලංකාවේ දිනකට මාර්ග අනතුරු 150ක් සිදු වන අතර එයින් ජීවිත අහිමි වන සංඛ්‍යාව 6 දෙනෙකු පමණ වන බවත්, 1977-2007 දක්වා 30 වසරක කාලය තුළ මාර්ග අනතුරු නිසා ලාංකිකයන් 40,000කට වැඩි පිරිසක් මිය ගිය බවත් WHO දේශීය නියෝජිත ආචාර්ය එෆ්. ආර්. මේථා පොතට පණිවුඩයක් ලියමින් කියනවා.

මේ පොත් දෙකේ ම කතුවරුන් අපට මතක් කරන්නේ අනතුරුවලින් මිය යන සංඛ්‍යාවට ඔබ්බෙන් තවත් සමාජ බලපෑම් රැසක් ද ඇතිවන බවයි. දිවි ගලවා ගෙන ආබාධිත වන අය, නැවතත් රැකියාවක් කිරීමේ වරම අහිමි වන අය නිසා ඔවුන්ගේ පවුල්වලට, සමාජයට හා ආර්ථිකයට ඇති වන විපාක එක එල්ලේ ගණන් බැලීම පවා අපහසුයි.

සියළුම අනතුරුවලින් තොරවු රටක් හෝ සමාජයක් හෝ නැහැ. එහෙත් පොදු හා පෞද්ගලික පියවර තුළින්, දැනුවත්වීම හා අවධි වූ සිහියෙන් ක‍්‍රියා කිරීම හරහා අනතුරු අවම කරගත් දියුණු රටවල් මෙන් ම දියුණු වන රටවල් ද තිබෙනවා.

වෛද්‍ය ගොඩකුඹුර හා පෙරින්පනායගම් වැනි විද්වතුන්ගේ දැනුමෙන් හා දැක්මෙන් ලක් සමාජය නිසි ඵල නෙළා ගන්නට නම් රාජ්‍ය, විද්වත්, පෞද්ගලික හා ස්වෙච්ඡ සංවිධාන ඒ උතුම් අරමුණු වටා ඒකරාශි විය යුතුයි. ඒ සඳහා ඇස් හා මනස විවර කරවන මේ පොත් දෙක, සෑම ගෙදරක ම තිබිය යුතුයි.

සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

This week’s Ravaya column (in Sinhala) is about a maverick scientist: Dr Yang Saing Koma. For 15 years, this Cambodian agronomist has driven a grassroots revolution that is changing farming and livelihoods in one of the least developed countries in Asia.

A champion of farmer-led innovation in sustainable agriculture, Koma founded the Cambodian Centre for Study and Development in Agriculture (CEDAC) in 1997. Today, it is the largest agricultural and rural development organisation in Cambodia, supporting 140,000 farmer families in 21 provinces.

He has just been honoured as one of this year’s six recipients of the Ramon Magsaysay Awards — the Asian Nobel Prize. I wrote about him in a recent English column too.

Dr Yang Saing Koma, visionary behind Cambodia’s rice farming revolution – photo courtesy Cornell University SRI website

ලක් ගොවීන් රසායනික පොහොරට දැඩි සේ ඇබ්බැහි වීම ගැන ගිය සතියේ මා කළ විග‍්‍රහයට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. එ අතර කෘෂි විද්‍යා ක්‍ෂෙත‍්‍රය ද මනාව දත් පාඨකයකු කීවේ “ශ‍්‍රී ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට මෙබඳු ගෝලීය ප‍්‍රවණතාවලට එරෙහිවීමට අවශ්‍ය වුවත් ලෙහෙසියෙන් කළ නොහැකි බවයි”.

ඕනෑ ම ඇබ්බැහිකමකින් අත්මිදීම අසීරුයි. එහෙත් අපේ රට ඇතැම් දෙනා සිතන තරම් කුඩා හෝ “අසරණ” හෝ නොවන බව මා මීට පෙර මේ කොලමින් සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබෙනවා. ඕනෑකම හා අධිෂ්ඨානය ඇත්නම් අපේ අයාලේ ගිය කෘෂි ක්‍ෂෙත‍්‍රය නැවතත් යහපත් ප‍්‍රතිපත්ති හා පුරුදුවලට යොමු කර ගත හැකියි.

ගෝලීය පසුබිම තුළ අපේ රටේ “අසරණකම” ගැන අශූභවාදී තර්ක කරන අයට මා ගෙන හැර දක්වන්නේ අපටත් වඩා කුඩා, දුගී බවින් අධික ආසියානු රටවල් යහ අරමුණු සාර්ථක ලෙස ජය ගන්නා හැටියි. රසායනික පොහොර මත අධික ලෙස යැපීමේ හරිත විප්ලව සංකල්පයෙන් මෑතදී ඉවත් වූ කාම්බෝජයේ උදාහරණය මා අද මතු කරන්නට කැමතියි.

1958 සිට පිලිපීනයේ ස්වාධීන පදනමක් විසින් වාර්ෂිකව පිරිනමනු ලබන රේමන් මැග්සායිසායි ත්‍යාගය (Ramon Magsaysay Award) ආසියානු නොබෙල් ත්‍යාගය ලෙස හඳුන්වනවා. එය පිරිනමන්නේ සිය රටට, සමාජයට හා ලෝකයට සුවිශේෂී සේවයක් කරන අයටයි.

2012 මැග්සායිසායි ත්‍යාග අගෝස්තු 31 වනදා පිලිපීනයේ මැනිලා අගනුවරදී උත්සවාකාරයෙන් පිරිනමනු ලැබුවා. එහිදී මහජන සේවය සඳහා වන මැග්සායිසායි ත්‍යාගය කාම්බෝජයේ ආචාර්ය යැං සයිංග් කෝමාට (Dr. Yang Saing Koma) හිමි වුණා. සිය රටෙහි ගොවිතැන් කටයුතුවල නිහඬ විප්ලවයක් කරමින් සහල් නිෂ්පාදනය වැඩි කරන අතර ගොවීන්ගේ ජීවන තත්ත්වය හා ආත්ම අභිමානය දියුණු කිරීම ත්‍යාගයේ හේතු පාඨය ලෙස සඳහන් වුණා.

ආසියාවේ වඩාත් දුගී දුප්පත්කම වැඩි රටක් වන කාම්බෝජයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් 930යි. එරට සමස්ත ආර්ථික නිෂ්පාදනයෙන් සියයට 33ක් ලැබෙන්නේ බෝග වගාවෙන් හා සත්ත්ව පාලනයෙන්. එරට මිලියන් 14ක ජනයාගෙන් තුනෙන් දෙකක් ජීවිකාව සපයා ගන්නේ් වී ගොවිතැනින්.

සිය රටේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට නම් වී ගොවිතැනින් පටන් ගත යුතු බව ජර්මන් සරසවියකින් ශෂ්‍ය විද්‍යාවේ ආචාර්ය උපාධියක් ලබා 1995දී සිය රට පැමිණි ආචාර්ය කෝමා මනා සේ වටහා ගත්තා. එහෙත් බටහිරින් උගෙන අපේ වැනි රටවලට ආපසු පැමිණ එ් දැනුම ගෙඩි පිටින් ආරෝපණය කරන උගතුන්වට වඩා කෝමා වෙනස් චරිතයක්.

ඔහුට ක‍්‍රමීය චින්තනයක් තිබෙනවා. ප‍්‍රශ්නවල මුල සොයා ගවේෂණය කිරීමත්, රෝග ලක්‍ෂණවලට මතුපිටින් ප‍්‍රතිකර්ම යොදනවා වෙනුවට රෝග නිධාන සොයා ප‍්‍රතිචාර දැක්වීමත් ඔහුගේ ක‍්‍රමවේදයයි.

ගොවීන්ගේ අවශ්‍යතාවන්ට කේන්ද්‍ර වූ ගොවිතැන් පිළිවෙත් මතු කර ගැනීම මුල පටන් ම කෝමාගේ ප‍්‍රමුඛතාවය වුණා. බොහෝ රටවල් කරන්නේ ජාතික අස්වනු ඉලක්ක සාදා ගෙන, එවා සාක්ෂාත් කරන්නට ගොවීන් ඉත්තන් සේ යොදා ගැනීමයි. එ මහා පරිමාණ ව්‍යාපෘතිවලදී, කෙටි කාලීන අධික අස්වනු ලැබීම සඳහා උවමනාවට වඩා කෘෂි රසායන ද්‍රව්‍ය යොදමින් කඩිනම් අරගලයක් කරනවා. දේශපාලන උද්යෝගපාඨ හා ජාතිකාභිමානී ප‍්‍රකාශ හමාර වූ පසු ණය බරිත වූ ගොවීන් ගැන නිලධාරීන් හෝ දේශපාලකයන් හෝ තකන්නේ නැහැ (අඩු තරමින් ඊළඟ මැතිවරණය එලඹෙන තුරු!)

මේ ක‍්‍රමයට වෙනස් වූ, කළබල නැති, ගොවි හිතකාමී හා පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් ප‍්‍රගුණ කරන්නට 1997දී කෝමා ගොවි කටයුතු අධ්‍යයන හා සංවර්ධනයට කැප වූ කාම්බෝජියානු කේන්ද්‍රය (Cambodian Centre for Study and Development in Agriculture, CEDAC) නම් රාජ්‍ය නොවන, ස්වෙච්චා සංවිධානය ඇරඹුවා. වසර 15ක් තුළ CEDAC ගොවි කටයුතු හා ග‍්‍රාම සංවර්ධනය පිළිබඳ කාමිබෝජයේ විශාලතම ජනතා සංවිධානය බවට පත් වී තිබෙනවා. අද ඔවුන් පළාත් 21ක ගොවි පවුල් 140,000ක් සමඟ ගනුදෙනු කරනවා. ගොවි තොරතුරු ජාල හරහා තවත් විශාල ගොවි ජනතාවක දැනුම වැඩි කරනවා.

Dr Yang Saing Koma photo courtesy Friedrich Naumann Foundation Southeast & East Asia

ආචාර්ය කෝමා අප සාමාන්‍යයෙන් සිතින් මවා ගන්නා ආකාරයේ (රැවුල වවා ගත්, උද්‍යොගපාඨ කියමින් මොර දෙන) විප්ලවවාදියකු නොවෙයි. ඔහු සිරුරින් කෙසග, සිහින් හඬින් කථා කරන, ඉතා ආචාරශීලී පුද්ගලයෙක්. එහෙත් මේ කුඩා මිනිසා චින්තන විප්ලවයක් හරහා කාම්බෝජ ගොවිතැන නව මගකට යොමු කර තිබෙනවා. උගත්කමේ මාන්නය පොඩියක්වත් නැති මේ අපුරු විද්‍යාඥයා ගොවීන්, කෘෂි පර්යේෂකයන්, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයන් මෙන් ම අදාළ පෞද්ගලික සමාගම් නියෝජිතයින් සමඟත් සාමූහිකව කටයුතු කරමින් පොදු උන්නතියට ක‍්‍රියා කරන අයෙක්.

කෝමා සහ CEDAC ආයතනයේ බලපෑම ඉතා හොඳින් කියා පාන උදාහරණය නම් වී වගාවේ SRI ක‍්‍රමය (System of Rice Intensification) කාම්බෝජයේ ව්‍යාප්ත කිරීමයි. දශකයක් තුළ වී ගොවීන් 100,000කට වැඩි දෙනෙකු SRI ක‍්‍රමයට නම්මවා ගන්නටත්, එ් හරහා එරට වී අස්වැන්න 60%කින් වැඩි කරන අතර රසායනික පොහොර හා දෙමහුම් වී ප‍්‍රභේද භාවිතය බොහෝ සෙයින් අඩු කිරීමටත් හැකි වී තිබෙනවා.

2002දී ටොන් මිලියන 3.82ක් වූ කාම්බෝජ වාර්ෂික වී නිෂ්පාදනය 2010 වන විට ටොන් මිලියන් 7.97 දක්වා ඉහළ ගියා. මේ වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් SRI ක‍්‍රමය හරහා ලැබුණු බව එරට රජය පිළි ගන්නවා. 2005දී කාම්බෝජය නිල වශයෙන් SRI ක‍්‍රමය එරට වී නිෂ්පාදන ක‍්‍රමෝපායක් බවට පත් කළා.

වී වගාවේ SRI ක‍්‍රමය මුලින් ම අත්හදා බලා හඳුන්වා දුන්නේ අප‍්‍රිකා මහද්වීපයට සමීප මැඩගස්කාරයේයි. 1980 ගණන්වල සුළුවෙන් ඇරඹි මේ ක‍්‍රමය මේ වන විට වී වගා කරන ඝර්ම කලාපයේ බොහෝ රටවල පැතිරී තිබෙනවා. SRI ක‍්‍රමය මෙරටට හඳුන්වා දී ඇතත් එතරම් ප‍්‍රචලිත වී නැහැ.

SRI ක‍්‍රමයේදී උත්සාහ කරන්නේ වඩාත් සකසුරුවම් ලෙසින් වාරි ජලය යොදා ගෙන වී වගා කිරීමට. සාම්ප‍්‍රදායිකව කුඹුරුවලට විශාල ජල ප‍්‍රමාණයක් යොමු කරනවා. 1990 ගණන්වලදී ආචාර්ය රේ විජේවර්ධන වරක් මට කීවේ වී කිලෝ එකක් නිපදවන්නට වාරි ජලය ටොන් 20ක් පමණ යොදන බවයි. මේ ජලයෙන් ඉතා වැඩි ප‍්‍රමාණයක් කරන්නේ වෙල් යායේ වල් පැළෑටි බිහි වීම වැළැක්වීම. වී ශාකය වර්ධනයට එතරම් ජලය කන්දරාවක් උවමනා නැහැ.

වල් පැළෑටි පාලනය සඳහා ජලය වෙනුවට තෙත කොළරොඩු (leaf mulch) යොදන SRI ක‍්‍රමයේදී කුඹුරුවල ජල අවශ්‍යතාවය බාගයකටත් වඩා අඩු කරනවා. ජල හිඟයට නිතර මුහුණ දෙන අද කාලේ මෙය විශාල සහනයක්.

SRI ක‍්‍රමයේ තවත් වෙනසක් නම් ඉතා ලාබාල (දින 10-12) වියේදී ගොයම් පැළ නිශ්චිත දුරකින් කුඹුරේ සිටුවීමයි. එමෙන් ම ගොයම් පැළ අතර (පසට නයිට‍්‍රජන් පොහොර තනා දීමේ ස්වභාවික හැකියාව ඇති) වෙනත් බෝග වවන්නට (inter-cropping) ගොවීන් උනන්දු කරවනවා. මෙබඳු පියවර කිහිපයක් හරහා අඩු ජලයක් හා අඩු රසායනික පොහොර යොදා වුවත් හොඳ අස්වැන්නක් ලද හැකියි.

1999දී SRI ක‍්‍රමය ගැන විදෙස් සඟරාවක ලිපියක් කියවූ ආචාර්ය කෝමා මුලින් එය තමන්ගේ වෙල් යායේ අත්හදා බැලූවා. ”මට උවමනා වුයේ මේ සංකල්ප කාම්බෝජයේ තත්ත්වයන්ට ගැලපෙනවා ද යන්න තහවුරු කර ගන්නයි. එය ප‍්‍රතිථල පෙන්වන විට මා අසල්වැසි ගොවි මහතුන් කැඳවා එය පෙන්නුවා. මුලින් ඔවුන් මේ ක‍්‍රමය විශ්වාස කළේ නැහැ. මා සතු සියළු දැනුම ඔවුන්ට දී මා කිව්වේ එය අත්හදා බලන්න කියායි”.

මෙසේ කුඩා පරිමාන වී ගොවීන් ටික දෙනෙකුගෙන් පටන් ගත් කාම්බෝජයේ SRI ක‍්‍රමය වසර කිහිපයක් තුළ රට පුරා ව්‍යාප්ත වී ගියා. එය ඉබේ සිදු වුයේ නැහැ. කෝමා හා CEDAC ආයතනය ආදර්ශක කෙත් යායන් පවත්වා ගෙන ගියා. රට පුරා සංචාරය කරමින් ගොවීන්ට ශිල්පක‍්‍රම කියා දුන්නා. ගොවි සඟරාවක්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය හරහා අත්දැකීම් බෙදා ගත්තා.

“මා හැම විට ම අපේ ගොවීන්ට කියන්නේ පොතේ උගතුන් වන අප කියන දේ එක විට පිළි ගන්නට එපා. ඔබ ම අත්හදා බලන්න. ඔබේ ගැටළු විසඳමින් වැඩි අස්වනු ලබා දෙන ක‍්‍රමවේදයක් පමණක් දිගට ම භාවිත කරන්න.”

කෝමා, ගොවීන්ගේ සහජ බුද්ධිය හා ප‍්‍රායෝගික දැනුම ඉතා ඉහළින් අගය කරන අසාමාන්‍ය ගණයේ උගතෙක්. “ගොවිතැන් කිරීම සම්බන්ධයෙන් ලෝකයේ සිටින ඉහළ ම විශේෂඥයන් වන්නේ කුඩා පරිමාණයේ ගොවියන් හා ගෙවිලියන්. විද්‍යාව ෙසෙද්ධාන්තිකව උගත් අප වැනි අය ගොවීන්ගෙන් ගුරුහරුකම් ලද යුතුයි! ඔවුන්ගෙන් උගනිමින්, ඔවුන් සමඟ ගොවිතැනේ ගැටළු විසඳීම කළ යුතුයි!”

කෝමා මෙසේ කියන විට මට සිහි වන්නේ ආචාර්ය රේ විජේවර්ධනගේ එ සමාන ආකල්පයන්. (2011 අගෝස්තු 21 හා 28 කොලම් බලන්න.) මූණ ඉච්ඡවට ගොවි රජා හා ගොවි මහතා ආදී යෙදුම් භාවිතා කළත් අපේ පොතේ උගතුන් හා පර්යේෂකයන් ගොවීන් ගැන දරණ ආකල්ප මා හොඳාකාර දැක තිබෙනවා. ලොව පුරා මේ පොත-කෙත අතර පරතරය තිබෙනවා.

කාම්බෝජයේ කෘෂිවිද්‍යා උපාධිධාරීන් ගොවි බිමට ගෙන ගොස් ඔවුන් සැබැවින් ම ගොවිතැනට යොමු කරන්නට කෝමා උත්සාහ කරනවා. SRI ක‍්‍රමයේ සාර්ථකත්වයෙන් පසු ඔහු තෝරා ගෙන ඇති ඊටත් වඩා භාර දුර අභියෝගය නම් එරට ගතානුගතික සරසවි හා වෘත්තීය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ දැක්ම පුළුල් කිරීමයි.

“මා හැම ගොවියකු ම දකින්නේ මනුෂ්‍යයකු හැටියටයි. ඔවුන්ට උපතින් ලද සහජ බුද්ධියත්, කුසලතාවයත් තිබෙනවා. එයට අමතරව අප බොහෝ දෙනාට නැති ප‍්‍රායෝගික අත්දැකීම් රැසක් තිබෙනවා. අප උත්සාහ කරන්නේ ගොවීන්ට ගෞරවාන්විතව සළකමින් ඔවුන් සමඟ සහයෝගයෙන් ගොවිතැන් කටයුතු වඩාත් ඵලදායී හා පරිසර හිතකාමී කරන්නටයි.” ඔහු කියනවා.

පරිසර හිතකාමී ගොවිතැනේදී අළුත් සංකල්ප හා ක‍්‍රමවේදයන් ගොවින් තුළින් ඉස්මතු කිරිමේ අරමුණින් ආසියාව හා අප‍්‍රිකාව පුරා කි‍්‍රයාත්මක වන PROLINNOVA නම් පර්යේෂණ ජාලයකට 2004 සිට CEDAC ආයතනය සම්බන්ධ වී සිටිනවා. මේ ජාලයේ දශකයක ක‍්‍රියාකාරකම් ගැන කෙටි වාර්තා චිත‍්‍රපට මාලාවක් 2010-11දී මා නිෂ්පාදනය කළා. එහි එක් කතාවක් සඳහා අප තෝරා ගත්තේ කාම්බෝජයේ ප‍්‍රති-හරිත විප්ලවයයි.

“ගොවියාට සවන් දෙන්න. ඔහුගේ මතයට ගරු කරන්න. සෙමින් සෙමින් පවත්නා තත්ත්වය වෙනස් කරන්න!” විනාඩි 40ක් පුරා ඔහු පටිගත කළ විඩියෝ සම්මුඛ සාකච්ඡව පුරා නැවත නැවතත් කීවේ මෙයයි. සාකච්ඡවේ ඉංග‍්‍රිසි පිටපත කියවන්න http://tiny.cc/KomaInt

විද්‍යා ගුරුකුලවාදයක් හෝ දේශපාලන මතවාදයක් හෝ කුමන්ත‍්‍රණ මානසිකත්වයක් නැති මේ දාර්ශනික කෘෂි විද්‍යාඥයාට අවශ්‍ය කාම්බෝජයේ ගොවීන්ගේ ජිවන මට්ටම නඟා සිටුවමින් එරට පරිසරය හා සොබා සම්පත් රැක ගැනීමයි. ඔවුන් දෙදෙනා කිසි දිනෙක මුණ නොගැසුනත්, කාම්බෝජයේ රේ විජේවර්ධන හැටියට යං සයින් කෝමා මා දකින්නේ එ නිසයි.

කෙටි වාර්තා චිත‍්‍රපට නරඹන්න: http://tiny.cc/ProFilms

Introducing Kanak Mani Dixit, a ‘Media Typhoon’ in South Asia

Journalist Kanak Dixit in a protesting rally in Kathmandu on 5 April 2006, Kathmandu. Photo by Shehab Uddin

Expanded from introductory remarks at Ceylon Newspapers Limited office in Colombo, Sri Lanka, on 2 Aug 2012:

There are many ways to introduce my good friend and partner in crime, Kanak Mani Dixit.

Aunty Google, as well as his own website (www.kanakmanidixit.com) can tell you the basic info about his education and career path, which I won’t repeat here. Instead, let me personalise what I know about this courageous man I’ve known and worked with for over 15 years.

Kanak is a journalist, editor and activist – all rolled into one. And if you think that journalists cannot become effective social or democracy activists, just watch him balance these seemingly daunting roles. Study how he juggles reporting, commentary writing, editing and social intervention.

Kanak came from a privileged family background, and could easily have spent his life in leisurely scholarship and endlessly doing the cocktail and conference circuits in South Asia and beyond. He CHOSE to be different.

Kanak spent a few years with the UN Department of Public Information in New York, and yet chucked up a promising international career to return to South Asia – a chaotic, unpredictable but also exhilarating part of the world that we call home. Another conscious choice.

Back home, Kanak could have watched over his beloved Kathmandu Valley and simply commented or satirised about the politics, economy and society of his impoverished land, one of 49 least developed countries in the world. He does that, too, but when needed he takes to the streets. As he did back in 2005/2006 when Nepalis rose against a tyrannical king…

He paid a price for his frontline activism. He was arrested – along with thousands of others – for defying a curfew and demanding democratic reform. He spent 19 days in a Kathmandu jail that he once pointed out to me from afar. As an influential publisher, he could have worked out some deal for a quicker release, but again, chose not to.

How many other South Asia editors or publishers do you know who won’t peddle influence for their personal gain or safety?

Some editors and publishers think of themselves as ‘king-makers’ in the political arena. This editor-publisher was literally a ‘king-dumper’: Nepal’s People Power forced autocratic King Gyanendra to restore Parliament in April 2006. Two years later, the whole monarchy was phased out.

Kanak has spoken truth to power, stared authority in the eye, and yet he has not allowed himself to be corrupted by the temptations of political, diplomatic or other positions. He continues to critique and needle those in public and elected office.

In fact, the very revolutionaries he too helped to bring into office – through elections – now don’t seem to like him much: he was recently dubbed ‘an Enemy of the People’.

He must be doing a few things right to be reviled by both monarchists and republicans!

But Kanak is much more than a media and political activist. He has too many involvements and interests to keep track of.

To cite but a few:

What Himal is all about…
• He is a great believer in the idea of South Asian integration, going well beyond the bureaucratic trappings of SAARC. (His Southasia, which he insists on spelling as one word, includes Tibet and Burma.)
• He founded Himal Southasian magazine in 1987, and sustained it for 25 years with great effort and dedication. It is the first and only regional news and analysis magazine in our region of 1.4 billion people.
• He promotes documentaries as a means of cultural self expression and exchange, and in 1997 founded Film South Asia, a biennial festival that brings the best of South Asian films.
• He nurtures social science research and scholarly exchange, and is endlessly incubating new ventures or institutions in the public interest.
• He supports spinal injury rehabilitation in Nepal, having realised the pitiful state of such care when he suffered serious spinal injury himself a few years ago after a mountain hiking accident.

Amidst all this, he finds time to write regular columns and op-eds – in both English AND Nepali – as well as occasional books.

For these and many other reasons, Kanak Dixit is one of my role models, and a constant source of inspiration. He is one of the few human beings that I’d like to CLONE if and when that becomes a real prospect.

We need many more Media Typhoons like him to drive change in South Asia.

In fact, I sometimes wonder if there is more than one Kanak Dixit already! But that’s only speculation. For now, my friends, meet the one and only Kanak Mani Dixit confirmed to exist…

Dispatch from Rio+20: Ensure Good Governance and People’s Rights for a Sustainable Sri Lanka

Text of my news feature published in Ceylon Today newspaper on 21 June 2012

Hemantha Withanage in Rio de Janeiro

Ensure Good Governance and People’s Rights for a Sustainable Sri Lanka, urge civil society in Rio

By Nalaka Gunawardene in Rio de Janeiro, Brazil

As world leaders gather in Rio de Janeiro for the United Nations Conference on Sustainable Development, 50 Lankan civil society organisations (CSOs) have issued a joint statement calling for good governance and respect for people’s rights in Sri Lanka.

Mere economic growth – by raising per capita Gross National Product (GNP) — can be a highly misleading indicator of development, the statement said.

“Better governance is a must for a sustainable society. Better environmental governance and environmental justice should be ensured for sustainable living,” it added.

The 15-page document is signed by 50 people’s organisations working on environment, development and human rights issues at the grassroots level. It urged the government of Sri Lanka to “follow the middle path in development as we proposed in 2002 for the World Summit on Sustainable Development (WSSD)”.

The statement has been released on the web and is being distributed to over 40,000 participants attending the major UN conference, also known as Rio+20. (Full text at: http://tiny.cc/SLRio20)

The government of Sri Lanka was also due to release its official report for the conference, but copies of it were not available. There was also no mention of it anywhere on the Ministry’s official website.

CSOs underlined the need to respect the basic rights of people while ensuring environmental safeguards and maintaining a slow growth. It emphasized that sustainable development and good governance were inseparable.

The statement called for greater media freedom, right to freedom of expression and right to dissent as articulated in Article 14 of the Universal Declaration of Human Rights, and in Agenda 21, an action plan for sustainable development that countries adopted at the original Earth Summit in Rio in June 1992. Sri Lanka has committed itself to both.

“It is very well known that without access to information, public participation, accountability, rule of law and predictability — which are the basic pillars of good governance — you cannot achieve sustainable development,” said Hemantha Withanage, the statement’s principal author in an exclusive interview.

“The sustainable development principles agreed at the Earth Summit in 1992 had environment, social and economical pillars. But today, we know that without a political pillar, sustainable development cannot be achieved,” added Withanage, Executive Director of the Centre for Environmental Justice in Sri Lanka.

“The space for CSOs and recognition of their role in development is vital,” the statement noted, calling for greater civil society involvement in policy formulation in all areas of development.

The statement mentions a wide array of issues and concerns raised by ordinary Lankans who were consulted during its preparation. These range from local and national to global, and cover sectors such as agriculture, water, livelihoods, energy, public health, disaster management and biodiversity conservation.

“The world needs to move towards a simultaneous action at local, national, regional and international level to confront the social, economic and ecological crises which the present development model has caused,” it notes. “What we need instead is to defend our commons and total transformation towards sustainable consumption and production patterns.”

It explicitly called “to stop all kinds of corporate control, capture and monopolisation of natural resources.”

“Our demands are not only for Rio+20. After all, this is just another meeting of the world nations under the UN flag. We should not treat this as an end of everything. It is an on-going process,” Withanage said.

He recalled being involved in the ‘Citizens Report on Environment and Development’ that Sri Lanka civil society organisations collectively prepared for the Earth Summit in 1992. Many of its aspirations were never met, he lamented.

“Meanwhile, we have seen more deterioration of the social and environmental rights over the past two decades,” he said.

CSOs also called for an assessment of environmental and social costs of Sri Lanka’s prolonged civil conflict that ended in 2009. Its impact on natural resources remains little understood even as economic development projects are being rolled out in conflict affected areas, the statement said.

The CSO statement was produced at the end of Sri Lanka Civil Society Dialogue on Rio+20 held in Negombo on 17 – 18 May 2012. It was convened by the Centre for Environmental Justice/Friends of the Earth Sri Lanka, National Fisheries Solidarity Movement (NAFSO) and the Sri Lanka Nature Group.

Read my interview with Hemantha Withanage on Groundviews.org
Rio+20 interview: “Green Economy should not justify Greed Economy!”

සිවුමංසල කොලූගැටයා #55: මෙන්න අපේ ගෙදර හැටි!

This is my weekly Sinhala language column published in Ravaya Sunday newspaper dated 26 Feb 2012. In this, I explore some of the many fascinating insights into how Lankans live and work, as revealed by the Household Income and Expenditure Survey 2009/10 conducted by the Department of Census and Statistics, Sri Lanka. It was based on a large, countrywide sample of 22,500 households and conducted over a 12-month period in 2009-2010.

I am grateful to economist friend Dr Rohan Samarajiva, who first drew my attention to this treasure trove of public data. He has written media articles and blogposts about some findings, including in his Choices column in LBO (see 11 Oct 2011: Poverty: Where should Sri Lanka focus resources? and 17 Oct 2011: Resurgence of Sri Lanka’s North Central Province) and on LIRNEasia blog.

සංඛ්‍යාලේඛන ගැන අපේ ඇතැම් දෙනාගේ ඇත්තේ සැකයක්. විශේෂයෙන් ම නිල සංඛ්‍යාලේඛන නිවැරදි ද නැද්ද යන්න ගැන විටින් විට මෙරට විද්වත් සභාවලත්, මාධ්‍ය හරහාත් විවාද මතු වනවා.

සංඛ්‍යා ලේඛන අංග සම්පූර්ණ නොවූවත් යම් පදනමක් මත පිහිටා කාලීන ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට හොඳ රාමුවක් එමගින් ලැබෙනවා. මෙහිදී සිහි තබා ගත යුතු වැදගත් ම කරුණ නම් විශාල නියැදියක් (සාම්පලයක්) හරහා එකතු කරන දත්ත විශ්ලේශණය කළ විට ලැබෙන සාමාන්‍යයන් (average) හා මධ්‍යන්‍යයන් (medians) අප පෞද්ගලිකව අත්දකින යථාර්ථයට තරමක් වෙනස් විය හැකි බවයි.

එහෙත් අනුමානයන් හෝ ආවේගයන් හෝ යොදාගෙන තර්ක කරනවාට වඩා (අසම්පූර්ණ වූවත්) සංඛ්‍යාලේඛන පදනම් කර ගැනීම වඩාත් පරිපූර්ණ වාදවිවාද හා විග‍්‍රහයන්ට හේතු වන බව කිව යුතුයි. අවාසනාවකට අපේ බොහෝ මාධ්‍යවල හා විද්වත් සභාවලත් මෙය ඇති තරම් සිදු වන්නේ නැහැ.

එමෙන්ම පැරණි වූ තොරතුරු මත පදනම් වී කැරෙන වාද දකින්නට ලැබෙනවා. මෙයට හොඳ උදාහරණයක් නම් මෙරට දුරකථන භාවිතය ගැන අපේ සමහරුන් කියන කථායි. එනම් දුරකථන නාගරික, පොහොසත් අයට සීමා වූ පහසුකමක් බවයි. මෙබදු පිළුණු වූ පදනම් මත තර්ක කරන අයගේ දැනුම එක තැන පල්වන බව හොඳට පෙනෙනවා!

සංඛ්‍යාලේඛනයක නිරවද්‍යතාවය හා විශ්වාසනීයත්වය රදා පවතින්නේ එහි ක‍්‍රමවේදය මතයි. මෙරට වෙනත් ආයතන කෙසේ වෙතත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නම් තවමත් වෘත්තීය විශ්වාසනීයත්වය රැක ගෙන ක‍්‍රියා කරන බව මැදහත් විචාරකයන් හා පර්යේෂකයන්ගේ මතයයි.

2011-12 ජන සංගණනය නිසා අවධානයට ලක්ව තිබෙන මේ දෙපාර්තමේන්තුව, එම ප‍්‍රධාන සංගණනයට අමතරව තවත් සමීක්‍ෂණ රැසක් කරනවා. එයින් එකක් නම් ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයයි. (Household Income and Expenditure Survey). එක්සත් ජාතීන්ගේ සංඛ්‍යලේඛන කාර්යාලයේ උපදෙස් මත 1970 දශකයේ මෙරටට හදුන්වා දෙන ලද මේ සමීක්‍ෂණ මාලාව, සාමාන්‍යයෙන් වසර 5කට වරක් පවත්වනවා. ලැබෙන දත්තවල කාලීන විචලනය (seasonal variations) අවම කර ගන්නට මාස 12ක් පුරා කරනවා.

වඩා ම මෑතදී නිකුත් කළ වාර්තාව 2009-2010 වසරවලට අදාලව සිදු කළ ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයයි. මෙය 2009 ජුලි සිට 2010 ජුනි දක්වා කාලයේ (මන්නාරම, කිලිනොච්චි හා මුලතිවු දිස්ත‍්‍රික්ක තුන හැර) රට පුරා නිවෙස් 22,581ක් සම්බන්ධ කර ගනිමින් සිදු කෙරුණා.

21වන සියවසේ දෙවැනි දශකයට පිවිස සිටින ලක් සමාජය ගෘහස්ත මට්ටමින් දිවි ගැට ගසා ගන්නේ කෙසේ ද? මෙයට තොරතූරු රැසක් මේ සමීක්‍ෂණයෙන් ලැබෙනවා. එය මේ දක්වා නිකුත් වී ඇත්තේ ඉංග‍්‍රීසියෙන් පමණක් වූවත් ඉදිරියේදී සිංහලෙන් හා දෙමළෙන් ද නිකුත් වනු ඇති.

මේ සමීක්‍ෂණයේ සියළු ප‍්‍රතිඵල හසුකර ගන්නට නම් කොලම් ගණනාවක් ලිවිය යුතුයි. අද මා උත්සාහ කරන්නේ එයින් මතු කර දෙන අපේ වත්මන් පාරිභෝගික සමාජයේ පැතිකඩ කිහිපයක් ගැන කෙටියෙන් කථා කරන්නයි. මෙහි ඇතැම් සොයා ගැනීම් අප ඉගියෙන් දැන සිටි දෑ තහවුරු කරන අතර තවත් සොයා ගැනීම් අපේ බහුතරයක් දෙනා සැබෑ යයි සිතා සිටින තත්ත්ව හා ප‍්‍රවණාතවලට එරෙහිව යනවා.

මේ සමීක්‍ෂණයට පසුබිම් වන ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සමාජ ආර්ථික දත්ත ගැන මෙනෙහි කිරීම ප‍්‍රයෝජනවත්. 2009-2010 වන විට මෙරට සමස්ත ජනගහනය මිලියන් 20.3ක් බව ඇස්තමේන්තු කරනු ලැබුවා. පිරිමි මිලියන් 9.7ක් හා ගැහැණු මිලියන් 10.7ක් සිටිනවා. මේ ජනගහනය වාසය කරන නිවෙස් සංඛ්‍යාව මිලියන් 5.1ක්. මෙරට එක් නිවෙසක පදිංචිකරුවන්ගේ සාමාන්‍යය 4ක්. කාන්තාවන් ගෘහමූලිකයා වන නිවෙස් ගණන මෑතදී ඉහළ ගොස් ඇති අතර එය මුළු සංඛ්‍යාවෙන් 23% ක්.

මෙරට නිවෙසක සාමාන්‍ය මාසික ආදායම රු. 36,451 බවත්, එහි සැළකිය යුතු නාගරික, ග‍්‍රාමීය හා වතුකරයේ වෙනස්කම් තිබෙන බවත් සමීක්‍ෂණ ප‍්‍රතිඵලවලින් පෙනෙනවා. එයටත් වඩා ප‍්‍රබලව මතු වන්නේ ඇති නැති පරතරයයි. මෙරට වඩා පොහොසත් නිවාස 20% සමස්ත ආදායමින් සියයට 54.1% ලබන විට දිළිදු ම නිවැසියන් 20% ලබන්නේ සමස්ත ආදායමින් 4.5% පමණයි.

දුප්පත්කම හෙවත් දිළිදුබව ආර්ථික විද්‍යාඥයන් නිර්වචනය කරන ආකාරය ගැන මතභේද තිබෙනවා. ඒවාට විසදුම් සොයනවා වෙනුවට මේ සමීක්‍ෂණයෙන් අප කන බොන සැටි ගැන හෙළිදරවු වන තොරතුරු බලමු.

මෙරට එක් නිවෙසක මාසික වියදමේ සාමාන්‍ය අගය රු. 31,331ක් වූ බව 2009/10 තොරතුරුවලට අනුව මේ සමීක්‍ෂණය ගණනය කර තිබෙනවා. (එයින් පසු ඇති වූ වියදම් මෙයට එක් වී නැහැ.) නිවැසියන් තම එදිනෙදා අවශ්‍යතා සඳහා කරන වියදම් පිළිබඳ තොරතුරු විස්තරාත්මකව මේ සමීක්‍ෂණය අධ්‍යයනය කළා.

ගෙදරක වියදමෙන් ආහාරපාන සඳහා කරන වියදම ප‍්‍රතිශතයක් ලෙස බැලූ විට ඒ ගෙදර ආර්ථික තත්ත්වය ගැන දළ වැටහීමක් ලද හැකියි. උපයන මුදලින් වැඩි ප‍්‍රමාණයක් කෑම බීමට වැය කිරීමට සිදුවීම අද බොහෝ දෙනා මුහුණ දී තිබෙන යථාර්ථයයි. මීට පෙර 2006දී මේ සමීක්‍ෂණය කළ විට මෙරට නිවෙසක් ආහාරපාන සඳහා කළ සාමාන්‍ය වියදම ගෙදර මුළු වියදමින් 37.6%ක් වූ අතර මෙවර එම අගය 42.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. (සමස්ත ආහාරපාන වියදමෙන් 17.3%ක් වැය වන්නේ සහල් මිළට ගැනීමටයි.)

ආහාරපාන නොවන වියදම් සමස්තය 100ක් නම් එයින් 19.1ක් නිවාස (ගෙවල්කුලී හෝ නඩත්තුව) සඳහාත්, 17.0ක් ප‍්‍රවාහන හා සන්නිවේදන සඳහාත් වැය කරනවා. ඉතිරි වියදම් කාණ්ඩ අතර විදුලිය හා ඉන්දන (7.1), අධ්‍යාපනය (5.6), ඇදුම් පැළදුම් (5) බෙහෙත් හා සෞඛ්‍යය (7.9) ප‍්‍රධානයි. සංස්කෘතික අවශ්‍යතා හා විනෝදාස්වාදයට වැය කරන්නේ 2.2% පමණයි. එයට වැඩි ප‍්‍රතිශතයක් 3.7%) දුම්වැටි හා මත්පැන් සඳහා වැය කරනවා!

අධ්‍යාපන වියදම්වලින් වැඩිපුර කොටසක් වෙන් කෙරෙන්නේ ළමයින්ගේ ටියුෂන් ගාස්තු ගෙවීමටයි. ඉන් පසු අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය ගැනීමටයි. මෙරට නිවෙසක් මාසයකට තැපැල් වියදම් ලෙස සාමාන්‍යයෙන් රු. 4.41ක් වැය කරද්දී (ජංගම හා රැහැන් සහිත) දුරකථන සේවා සඳහා රු. 345.36ක් වැය කරනවා.

ඒ අතර නිවෙසක පොත් සගරා හා පුවත්පත් මිළදී ගන්නට මාසයකට සාමාන්‍යයෙන් රු. 42.63ක් වැය කරන අපේ ඇත්තෝ ලොතරැයි හා ඔට්ටු ඇල්ලීම් සඳහා නම් රු. 50.05ක් වියදම් කරනවා. සිනමා, නාට්‍ය හා වීඩියෝ නැරඹීමට නිවෙසක මාසික වියදම රු. 7.37ක් පමණයි.

මේ සැබෑ අගයන්ගේ වෙනස්කම් වී ඇතත් අනුපාතයන් හැටියට අපේ සමාජයේ වියදම් රටාවන් ගැන හැගීමක් ලබාගන්නට මේ සමීක්‍ෂණයෙන් හැකියාව ලැබෙනවා.

2012 වසර අවසන් වන විට මෙරට හැම නිවසකට ම විදුලිය සැපයීමේ ඉලක්කයක් ප‍්‍රකාශ වී ඇතත්, දැනට (2010) විදුලිය ඇත්තේ නිවාස වලින් 85.3%කට පමණයි. ඉතිරි නිවාස බහුතරයක් (12.8%) භුමිතෙල් කුප්පි ලාම්පුවලින් රාත‍්‍රී එළිය ලබා ගන්නා අතර සූර්ය බලයෙන් එලිය වන නිවෙස් 1.8% ද තිබෙනවා.

ගෙදර ඇති ප‍්‍රධාන බඩු බාහිරාදිය ගැනත් සමීක්‍ෂණය විපරම් කළා. අපේ රටේ නිවාසවල ඇති විදුලි හා විද්යුත් භාණ්ඩ අතරින් ඉතා වැඩි නිවෙස් ගණනක හමුවන භාණ්ඩය නම් ටෙලිවිෂන් යන්ත‍්‍රයයි (80%). රේඩියෝ හෝ කැසට් සහිත රේඩියෝ නිවෙස් 75.4%ක තිබෙන අතර මේ විද්යුත් මාධ්‍ය උපකරණ හිමිකාරත්වයේ නාගරික-ග‍්‍රාමීය වශයෙන් ලොකු වෙනසක් නැහැ. ටෙලිවිෂන් නගර හා ගම් හැම තැනකම ඉතාම පුළුල් ලෙස මෙරට ප‍්‍රචලිත මාධ්‍යය බව නැවත වරක් තහවුරු වනවා.

පොදුවේ ගත් විට මෙරට නිවාස වලින් 70%කම මේ වන විට ටෙලිවිෂනයක්, දුරකථනයක් හා රේඩියෝවක් තිබෙනවා. මේ සන්නිවේදන උපකරණ අනෙක් සියළු උපකරණවලට වඩා වැඩියෙන් ප‍්‍රචලිතවීමෙන් පෙනෙන්නේ තොරතුරු ලැබීමට හා සන්නිවේදනයට ලක් සමාජයේ ඇති නැඹුරුවයි.

සමීක්‍ෂණයට පාත‍්‍ර වූ නිවෙස්වලින් 35.9%ක VCD/DVD යන්ත‍්‍ර තිබූ අතර පරිගණක තිබෙන නිවෙස් ගණන 12.5%ක්. අනෙකුත් විදුලි භාණ්ඩ අතරින් වැඩිපුර ම නිවෙස්වල ඇත්තේ විදුලි පංකා (50.8%) යි. මහන මැෂින් නිවාස 42.7%කත්, ශීතකරණ නිවාසවලින් 39.6%කත් හමු වනවා.

කිසිදු වාහනයක් නැති නිවාස 41.8%ක් තිබෙන මේ රටේ, වැඩිපුර ම ගෙදර හමුවන වාහනය බයිසිකලයයි. එය 39.8%ක් නිවෙස්වල තිබෙනවා. මෝටර් වාහන අතරින් වඩාත් ම ප‍්‍රචලිත මෝටර් බයිසිකල් හා ස්කූටර් (නිවාසවලින් 25.8%ක්) හා ඊළගට ත‍්‍රීරෝද රථ (6.5%ක්) හා කාර් හෝ වෑන් රථ (5.6%ක්) වනවා. බයිසිකල් හා මෝටර් සයිකල් හිමිකාරත්වය ගම්බද වඩාත් පුළුල් වන විට ත‍්‍රීරෝද රථ හිමිකාරිත්වයේ එබදු ගම්-නගර වෙනසක් නැහැ.

බොහෝ භාණ්ඩ හා සේවා පරිභෝජනයේදී දීපව්‍යාප්ත සාමාන්‍ය අගයන්ට වඩා ඉහළින් බස්නාහිර පළාත පවතින බව නැවත වරක් මේ සමීක්‍ෂණයෙන් ද තහවුරු වනවා. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් දිවයිනේ අන් සියළු පළාත්වලට වඩා පිටුපසින් සිටින බව ද පෙනී යනවා. එහෙත් උතුරු මැද පළාත නිර්නායක ගණනාවකින් ම මෑතදී පෙරට පැමිණ තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #54 කුස්සියේ දුම් පටලයෙන් ඔබ්බට…

The ‘gas chamber’ in every home that rarely draws any attention!

In this week’s Ravaya column, I look at indoor air pollution. This is often a neglected environmental and health issue caused mostly by inefficient cooking stoves that burn biomass. This affects mostly housewives and children who are exposed to kitchen smoke from poor ventilation and badly designed stoves.

In India, smoke from firewood use is estimated to cause half a million premature deaths every year. Studies indicate that indoor air can have more damaging impacts that outdoor air pollution in even some of the most polluted cities. People spend as much as 90% of their time indoors.

The numbers for Sri Lanka are not known, but it is wideapread. We look at not only the extent of the problem, but also attempts to reduce it — through a new fuel efficient cooking stove now on the market, and by improving kitchen ventilation. I cite the example of the rural community in Aranayake, off Mawanella, in Sri Lanka’s Kegalle district where Integrated Development Association (IDEA) has introduced a kitchen improvement project.

අප කන සැටි ලිපා දනී!

මේ අප අතර ප‍්‍රචලිත කියමනක්. උග‍්‍ර වන ජීවන වියදමත් සමග නිතර සිහියට එන කථාවක්. මුළුතැන්ගෙයි ලිප හෙවත් උදුන එතරම් ම අපේ එදිනෙදා ජීවිතයට සමීපයි. අප බොහෝ දෙනකු දිනකට එක් ආහාර වේලක්වත් ගෙදර පිස ගන්නවා. ඊට අමතරව වතුර උණු කරන්නට, බෙහෙත් සිඳ ගන්නට නැතුව ම බැරි උදුනල අප නොදැනුවත්ව අපේ සෞඛ්‍යයට හානි කළ හැකියි. අද කථා කරන්නේ ඒ ගැනයි.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ 2009/2010 ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයට අනුව මෙරට නිවෙස්වලින් සියයට 80ක් තවමත් ආහාර පිසීමට ඉන්ධන හැටියට යොදා ගන්නේ දර. (දීපව්‍යාප්ත මට්ටමින් ඉතිරියෙන් සියයට 16ක් LP ගෑස් ද සියයට 2.5ක් භූමිතෙල් ද භාවිත කරනවා. නාගරික ප‍්‍රදේශවල දරවලට වඩා ගෑස් භාවිතයක් තිබෙනවා. වතුකරයේ සියයට 97ක් යොදා ගන්නේ දරයි.) මෙරට ගෘහස්ත ඒකකයක් මාසයකට දර කිලෝ 19.38ක් මිළට ගන්නට රු.104.51ක් වැය කරන බව මේ සමීක්‍ෂණයේ සාමාන්‍ය අගය ලෙස සොයා ගෙන තිබෙනවා. (www.tiny.cc/HIES910)

මේ සංඛ්‍යා දැන් යම් තරමකට වෙනස් වී තිබිය හැකි වුවත් මෙරට බහුතරයක් තවම දර උදුන යොදා ගන්නා බව පැහැදිලියි. ඉන්ධන හා බලශක්ති ගැන කථා කරන විට කාගේත් සිහියට එන්නේ ඛණ්ජතෙල් හා විදුලි බලයයි. එහෙත් මෙරට සමස්ත බලශක්ති භාවිතය සැළකිල්ලට ගත් විට (Primary Energy Supply) සියයට 48ක් ලබා ගනුයේ ජෛව ඉන්ධන (biomass) ප‍්‍රභවයන්ගෙන්. එහි බහුතරයක් ආහාර පිසීමට දර භාවිතය.

මිලියන් 4ක් පමණ නිවෙස්වල සිදුවන විමධ්‍යගත ඉන්ධන භාවිතයක් නිසාත්, එය වැඩිපුර ග‍්‍රාමීය ප‍්‍රවණතාවක් නිසාත් ඒ ගැන පර්යේෂණ හා විමර්ශන සිදුවන්නේ මඳ වශයෙන්. පර්යේෂකයන්ගේ හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය එතරම් යොමු වන්නේ ද නැහැ. මෙරට ජෛව ඉන්ධන නැණවත් ලෙස යොදා ගැනීම ගැන වෙනම කථා කළ යුතුයි. අද අප කථා කරන්නේ ගෙදරදොරේ දර ලිපෙන් ආහාර පිසින විට සිදු වන අභ්‍යන්තර වාත දූෂණය (indoor air pollution) ගැනයි.

වාහන හා කර්මාන්ත ශාලාවලින් පිටවන දුමාරයෙන් ඇති වන වාත දූෂණය ගැන අප මීට පෙර විග‍්‍රහ කළා. එහෙත් එයටත් වඩා සමීප හා අහිතකර බලපෑමක් ඇති කරන්නේ කුස්සියේ උදේ සවස ඇති වන වාත දූෂණයයි.

සාම්ප‍්‍රදායික දර ලිප දියුණු කිරීමකින් තොරව වසර දහස් ගණනක් තිස්සේ  භාවිත වෙනවා. මෙය බොහො දියුණු වන රටවල පවතින තත්ත්වයක්. දර ලිපෙන් කෑම පිසින බිලියන් 3ක් (මිලියන් 3,000 ක්) ලෝකයේ සිටිනවා.

දර ලිප අකාර්යක්‍ෂමයි. එයට යොදන දරවල තාපයෙන් සියයට 90ක් ම අපතේ යනවා. ඒ අතර අසම්පූර්ණ දහනය නිසා හට ගන්නා දුමෙන් විවිධාකාර සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කරනවා. දර දහනයේදී තරමක වාත දූෂණයක් ඇති වීම වළක්වන්නට බැහැ. විදුලිබලය හා ගෑස් තරම් පවිත‍්‍ර හා කාර්යක්‍ෂම දහනයක් දරවලින් ලබා ගන්නටත් අමාරුයි. එසේ වූවත් බහුලව භාවිතයේ ඇති අකාර්යක්‍ම හා දූෂණකාරක උදුන සෑහෙන දුරට දියුණු කළ හැකියි.

පේරාදෙනිය සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම කියන්නේ සෑම දර කිලෝග‍්‍රෑම් එකකින් ම දහනයේදී කාබන් මොනොක්සයිඞ් ග‍්‍රෑම් 370ක් හා විවිධ රසායනික සංයෝග විශාල සංඛ්‍යාවක් පිට වන බවයි. මේ අතර පිළිකා ජනක සංයෝග ද තිබෙනවා. දරවලින් පිසීමේ කිසිදු වරදක් නැතත්, දර උදුන් භාවිතයේදී හැකි තරම් වාතාශ‍්‍රය ලැබෙන තැනක එය කිරීම ඉතා වැදගත් බව ඔහු කියනවා. (මේ අවවාදය දර උදුන්වලට පමණක් නොවෙයි, භූමිතෙල් හා ගෑස් උදුන්වලටත් අදාලයි.)

දර දුමාරයේ බහුලව අඩංගු වන්නේ ප‍්‍රකෘති ඇසට නොපෙනෙන තරම් කුඩා, වාතයේ පාවන අංශුයි (Suspended Particulate Matter හෙවත් SPM). ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා ඇති ආකාරයට මේ අංශු ශරීර ගත වීමේ දිගු කාලීන විපාක ලෙස රෝගී වන හා අකලට මිය යන සංඛ්‍යව ලෝක මට්ටමින් මිලියන් 2ක් පමණ වනවා. දුගී ජනයාගෙ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන ප‍්‍රධාන සාධක 5 අතර දර ලිපේ වාත දූෂණය ද වනවා. බෙහෙවින් ම පීඩාවට පත් වන්නේ කාන්තාවන් හා දරුවන්.

කුස්සියේ වාත දූෂණය වින කරන්නේ පෙනහළුවලට හා ශ්වසන මාර්ගයට පමණක් නොවෙයි. දුම් පිරුණු, හරිහැටි වාතාශ‍්‍රය නැති කුස්සිවල දිග කාලීනව වැඩ කිරීමෙන් ඇසේ සුද ඇතිවීම, හෘදයාබාධ, පෙනහළු පිළිකා ආදිය ද හටගත හැකියි. දරවලින් වැඩි ප‍්‍රමාණයක් අපතේ යාම දිගු කාලීනව දර හිග වීමට හා ඒවා ලබා ගන්නා කැලෑබද ප‍්‍රදේශ වඩ වඩාත් හෙළි කිරීමට ද දායක වනවා. දර කඩා ගැනීමට දවසේ පැය ගණනක් ගත කිරීමට ද ගම්බද කාන්තාවන්ට සිදුවනවා.

මේ සියළු හේතු නිසා වඩාත් අරපිරිමැසුම් දායක හා පිවිතුරු දර උදුනක් සැළසුම් කිරීමේ හා ප‍්‍රවර්ධනය කිරීමේ අභියෝගයක් පවතිනවා. මේ අභියෝගය හදුනාගෙන දශක කිහිපයක් ගත වී ඇතත් ගෘහනියන් අතර පිළිගැනීමට ලක් වන විධියේ දියුණු කළ දර උදුනක් තවමත් වෙළඳපොලට පැමිණ නැහැ.

දර ප‍්‍රමිතිගත කළ හැකි ඉන්දනයක් නොවෙයි. එය සමාජ ආර්ථික සාධක මෙන් ම සංස්කෘතියට හා චර්යා රටාවලට ද බැදී පවතින දෙයක්. ‘දර’ යටතේ ලොකු කුඩා ලී කැබලි, කෝටු, හනසු, පොල්කටු, වේලාගත් ගොම රිටි ඇතුළු විවිධ ජෛවීය ද්‍රව්‍ය දහනය කරනු ලබනවා. දර උදුනක් වැඩි දියුණු කිරීමේදී මේ විවිධාකාර ඉන්ධන සඳහා එය යෝග්‍ය විය යුතුයි. නව නිපැයුම්කරුවන් මේ යථාර්ථය හදුනාගත යුතුයි.

Anagi stove – trying to improve an ancient practice

සාම්ප‍්‍රදායික දර උදුන නිසා වාත දූෂණයට අමතරව රස්නය මුහුණ ඇතුළු ශරීරයට වැදීම, භාජනය හා අවට දැලිවලින් අපිරිසිදු වීම හා පිඹීම අවශ්‍ය වීම වැනි අතුරු ප‍්‍රශ්න ද තිබෙනවා. මේ අවාසි ඉවත්කොට, ඉහළ කාර්යක්‍ෂම බවක් ලබාදෙන දර අරපිරිමසින අතරම දුම අඩු කරන නව දර උදුනක් පසුගියදා මගේ ‘මාලිමා’ ටෙලිවිෂන් වැඩසටහනෙන් දැක ගන්නට ලැබුණා. කලක් තිස්සේ නව නිපැයුම් රැසක් මෙරටට හදුන්වා දී ඇති නිරංජන් වීරකෝන්ගේ නිෂ්පාදනයක් වන මෙය LAKRO වෙළඳ නාමයෙන් දැන් වෙළඳපොලේ අලෙවි කැරෙනවා.

සාම්ප‍්‍රදායික දර උදුනේ දුරවලතා රැසක් මග හරවා ගත් මේ නව උදුන සඳහා අඩියක් පමණ දිගට කපා ගත් දර කැබලි හතරක් අවශ්‍ය වනවා. දර අඩු ප‍්‍රමාණයක් වැය වන, පිඹීමට අවශ්‍ය නැති, මුළුතැන්ගෙය අපිරිසිදු නොකරන හා ක‍්‍රියාකාරීත්වයේ ආරක්‍ෂාව ඇති මේ නව දර උදුන පහසුවෙන් තැන තැන ගෙන යාමටත් හැකියි.

නිරංජන්ට අමතරව මෙරට වඩාත් ප‍්‍රශස්ත දර උදුන් හදුන්වා දීම සිදු කළ අවස්ථා හා උත්සාහයන් ගණනාවක් තිබෙනවා 1970 දශකයේ සිට ප‍්‍රවර්ධනය කළ ‘අනගි’ උදුන රාජ්‍ය අංශයේ ද මැදිහත් වීමක් තිබූ නිපැයුමක්. 2008 වසරේ මා විධායක නිෂ්පාදනය කළ ‘2048 ශ්‍රී ලංකාව’ ටෙලිවිෂන් සංවාද මාලාවේ එක් වැඩසටහනකදී (http://tiny.cc/SLAir) අප වාත දුෂණය ගැන කථා කරද්දීත් එය ඉස්මතු කළා.

මහනුවර කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වන ඒකාබද්ධ සංවර්ධන සංගමය (IDEA) මගින් අනගි හදුන්වා දුන්නා. කෑගල්ල, අරණායක ගම්මානයේ මෙය කර ගෙන යන්නේ ගැමි කාන්තාවන්ගේ ආදායම් තත්ත්වය දියුණු කිරීමට සහය දෙන ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන්.

“මුල් කාලයේදී ගෙවල්වල ළමයින්ට තිබුණු හෙම්බිරිස්සාව වගේ තත්ත්වයන් නිතර බෙහෙත් ගේන්න ගිය තත්ත්වයන් බොහොමයක් දැන් අඩු වෙලා තියෙනවා,” යයි ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ දමයන්ති ගොඩමුල්ල කියනවා.

චිමිනියක් සහිතව හදුන්වා දුන් මෙම ‘අනගි’ උදුනෙන් ආහාර පිසීම කාන්තාවන්ට අලූත් අත්දැකීමක්. සීතා පද්මිණී ගෘහණිය කියන්නේ “ඉස්සර කුස්සිය ඉතින් අපි අඩ අඩා වගේ තමයි උයා ගත්තේ…දැන් ඉතින් දුම ඇතුලට එන්නේ නෑ. චිමිනියෙන් යනවා.”

ඒකාබද්ධ සංවර්ධන මධ්‍යස්ථානයේ ආර් එම් අමරසේකර කියන හැටියට, “දර භාවිතය අඩුවන අතර ම මේ නව උදුන නිසා ඉවීමට ගතවන කාලයත් බාගයකින් පමණ අඩු වනවා. මේ නිසා දුමෙන් බේරීමට මුළුතැන්ගෙයි සිටින අඩු කාලයත් උදවු වනවා.”

ස්වේච්ඡ සංවිධානයක් හැටියට IDEA තමන්ට හැකි පරිදි මේ ප‍්‍රශ්නයට විසදුම් දෙනවා. දිස්ත‍්‍රික් 20ක නියාමක මුළුතැන්ගෙවල් පිහිටුවා මේ සංකල්පය ලක් සමාජයේ ප‍්‍රචලිත කිරීමට ඔවුන් ක‍්‍රියා කරනවා. ගෘහස්ත වාත දූෂණය පිටුදැකීමට නම් වඩාත් කාර්යක්‍ෂම දර උදුන් භාවිතයට ගන්නා අතර මුළුතැන්ගෙයි සැළසුම හරිහැටි නිර්මාණය කර ගැනීමත් වැදගත්. (http://ideasrilanka.org)

“වාහනවල දූෂණය ගැන බොහෝ දෙනා කථා කරනවා. එහෙත් ඒවායේ දූෂණයටත් වඩා දැඩි සේ බලපාන ගෘහස්ත වාත දූෂනයට වැඩිපුර ම මුහුණ දෙන්නේ කාන්තාවන්!” අමරසේකර කියනවා.

මුළුතැන්ගෙයි කාර්යක්‍ෂමතාවයට එහි පිළිවෙලත් බලපානවා. බඩුබාහිරාදිය තබන රාක්ක ආදිය නිවැරදිව ස්ථානගත කිරීම ප‍්‍රයෝජනවත්. උදුන අසල ඇති විවෘත ජනේලයත්, බිත්ති සහ වහළ අතර ඇති ඉඩත් මුළුතැන්ගෙට හොඳ වාතාශ‍්‍රයක් ගෙන එනවා.

පුරාණ කාලයේ ගෘහ සැළසුම්වල දර කුස්සිය තනනු ලැබුවේ ප‍්‍රධාන නිවසට පිටතින්. එහෙත් අද සීමිත ඉඩක නිවාස හදන විට එසේ කිරීම ප‍්‍රායෝගික නැහැ. එහෙත් ගෘහනිර්මාණ ශිල්පීන්ගේ පටන් සැවොම මේ සාධකය සැළකිල්ලට ගත යුතුයි.

“දැන් කාලයේ ගෘහ සැළසුම් කිරීමේදී කුස්සිවලට කුඩා ජනේලයකුත් විසිත්ත කාමරයට විශාල ජනේලත් යොදනවා. මගේ අදහස නම් විශාල ජනේල් අවශ්‍ය කුස්සිවලටයි. කිසි විටෙකත් ජනෙල් වසා ගෙන උදුන් භාවිත නොකළ යුතුයි.” මහාචාර්ය ඉලේපෙරුම අවධාරණය කරනවා.

ගෘහස්ත වාත දූෂණය ගැන බොහෝ සාකච්ඡ සීමා වී ඇත්තේ සිගරට් හා බීඩි දුම් පානය නිසා ඇති වන ද්විතියික දූෂණයට (secondary smoking). කලක් තිස්සේ දැනුවත් කිරීම හා නීති තදකිරීම නිසා දුම්බීමේ ප‍්‍රවණතා යම් තරමකට පාලනය වී ඇතත්, මුළුතැන්ගෙයි නිතර දෙවේලේ සිදු වන හානිකර වාත දූෂණය ගැන සිතන්නේ කීයෙන් කී දෙනා ද?

සිවුමංසල කොලූගැටයා #49: මාමයිට් බෝතලයෙන් ඇරඹුණු දිවි සුරකින විප්ලවය

In December 2009, I wrote in a blog post: “It’s easy to curse the darkness, and many among us regularly do. Only a few actually try to light even a small candle to fight it. Dr Wijaya Godakumbura of Sri Lanka is one of them – he literally lights lamps, thousands of them, against the darkness of ignorance and poverty.”

“But his lamps are different, and a great deal safer compared to normal lamps and kerosene, which can start fires risking life and property of users. The design is simple yet effective, inspired in part by the Marmite bottle known the world over: it’s small and squat, with two flat sides – equipped with a safe metal screw cap to hold the wick. It’s quite stable and hard to topple.”

I have written this week’s Ravaya Sinhala science column about Dr Godakumbura and his innovative, life-saving bottle lamp. I also feature him in an interview in MALIMA – the new TV series on science, technology and innovation I host from this month on Sri Lanka’s national TV Rupavahini.

The inventive doctor and his life-saving bottle lamp

විසඳන්නට කැප වෙනවා නම් අපේ වැනි රටවල බොහෝ දෙනකුට දිනපතා බලපාන ගැටළු හා ප‍්‍රශ්න කෙතරම් තිබෙනවා ද? එහෙත් එයට ඉදිරිපත් වන්නේ කී දෙනා ද?

පසුගිය දෙසතිය පුරා මේ කොලමින් මා සම්පිණ්ඩනය කළේ නව නිපැයුම් කරන්නට යොමු වන, අසම්මත විදියට හිතන මානවයන්ට ඉතිරිව තිබෙන තාක්‍ෂණික, සමාජයීය හා වෙළදපොල අභියෝග ගැනයි. ඒ සඳහා මා පාදක කර ගත්තේ ඉන්දියාවෙන් පැමිණ මෙරට නව නිපැයුම්කරුවන්ට උපදෙස් හා දිරිගැන්වීම් ලබා දුන් ආචාර්ය අනිල් කුමාර් ගුප්තගේ අදහස්.

ආචාර්ය ගුප්ත 2011 දෙසැම්බරයේ කොළඹ කළ දේශනයේදී හුවා දැක් වූ එක් ශ්‍රීලාංකික නව නිපැයුමක් ගැන මා ද දිගු කලෙක සිට අවධානයෙන් සිටිනවා. ඒ තමයි ‘සුදීප’ ආරක්‍ෂිත කුප්පි ලිම්පුව. එහි නිර්මාතෘ හා ප‍්‍රවර්ධකයා ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජ්‍යොති විජය ගොඩකුඹුර. 1964දී වෛද්‍යවරයකු ලෙස රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක් වී 1970 දශකය මුල බි‍්‍රතාන්‍යයේ විශේෂඥ පුහුණුව ලද ඔහු, පිලිස්සුම් අනතුරු වැළැක්වීම හා ඒවාට ප‍්‍රතිකාර කිරීම ගැන ලොව පිළිගත් විද්වතෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය හා විදෙස් රටවල් ඔහුගෙන් උපදෙස් ලබා ගන්නවා.

ඔහුගේ ලොකු ම සමාජ මෙහෙවර 1992දී ඇරඹි අද දක්වා කර ගෙන එන ආරක්‍ෂිත කුප්පි ලාම්පු ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපාරයයි. රූපවාහිනියෙන් මේ මාසයේ සිට මා ඉදිරිපත් කරන නව නිපැයුම් පිළිබඳ වැඩසටහන් මාලාවේ මුල් ම වැඩ සටහනෙන් මා ඔහු සමග සම්මුඛ සාකච්ඡුාවක් කළා.

ඕනෑම වීදුරු බෝතලයකට මූඩියක් හා තිරයක් සවි කිරීමෙන් කුප්පි ලාම්පුවක් තනා ගත හැකි යයි සිතීම වරදක්. වරදේ බරපතලකම තේරුම් යන්නේ කුප්පි ලාම්පුව පෙරළුණු විටයි. කොයිතරම් ප‍්‍රවේශමෙන් කි‍්‍රයා කළත් නිතිපතා පාවිච්චියේ දී ලාම්පු අහම්බෙන් පෙරළීමට ඉඩක් තිබෙනවා. එසේ පෙරළීමේදී වීදුරු නොබිදී වූවත් ඇතුළේ තිබෙන භූමිතෙල් ඉවත විසිර ගොස් ඒ සැනින් අවට තිබෙන දෙයට ගිනි අවුළුවන්නට හැකියි. ගෙදරදොරේ කුප්පි ලාම්පු අනතුරු බහුතරයක් සිදු වන්නේ මේ අන්දමින්.

ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවන් හා කෑම පිසින ගෘහනියන් වඩාත් ම මේ අන්තරායට මුහුණ දෙනවා. ගෙයක් තුළ බලාපොරොත්තු නැති විටෙක හට ගන්නා එබදු ගින්නක් සිරුරට පැතිරීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබන සැළකිය යුතු සංඛ්‍යාවක් වාර්ෂිකව රෝහල්ගත වනවා. වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමෙන් ඇතැම් දෙනකුගේ ජීවිත බේරා ගත්ත ද දිවි ඇති තෙක් පිලිස්සුම් කැලැල් ඉතිරි වනවා.

සමාජ ආර්ථික සංවර්ධනය පැත්තෙන් බැලූවොත් මිනිසුන් කුප්පි ලාම්පු භාවිත කරන්නේ විදුලි බලය තම ප‍්‍රදේශයට තවමත් ලැබී නොතිබීම හෝ විදුලි බලය ලබා ගන්නට තරම් වත්කමක් නැති වීම හෝ නිසා විය හැකියි. විදුලිය ඇති නිවෙස්වලත් විදුලිය විසන්ධි වූ විට ඉටිපන්දම් හා කුප්පි ලාම්පු යොදා ගන්නවා.

“කුප්පි ලාම්පු භාවිත කරන්නන් බහුතරයක් දුගී ජනයායි. ඔවුන් දිනපතා මුහුණ දෙන අවදානම ගැන විද්‍යාඥයන්ගේ හා සමාජයේ අනෙක් අයගේ ප‍්‍රබල හැ`ගීමක් තිබුණේ නැහැ” වෛද්‍ය ගොඩකුඹුර සිහිපත් කරනවා.

පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කැරෙන රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය විදින වේදනාව හා සිත් තැවුල ගැන වෛද්‍ය ගොඩකුඹුර හොදින් දන්නවා. පිලිස්සුම් රෝගීන්ට දිගට ම ප‍්‍රතිකාර කිරීමෙන් කම්පාවටත්, විඩාවටත් පත් වූ ඔහු අනතුරට නිමිත්ත වූ කුප්පි ලාම්පු රෝගීන්ගේ පවුලේ සාමාජිකයන් හරහා ගෙන්වා ගෙන පරීක්‍ෂා කළා. අවිහිංසක පෙනුමක් ඇතත් මේ ලාම්පු බහුතරයක් භයානක අනතුරු ඇති කිරීමේ හැකියාවකින් යුක්ත බව ඔහු තේරුම් ගත්තා.

බොහෝ අනතුරුවලට හේතුව ප‍්‍රමිතයක් තොරව නිපදවා වෙළඳපොලේ තිබෙන අනාරක්‍ෂිත කුප්පි ලාම්පුයි. ඒවා පෙරැළීමට තිබෙන හැකියාව වැඩියි. එමෙන් ම පෙරැළුණු විගස ඇතුළත ඇති භූමිතෙල් අවට හැම තැනෙක ම විසිර යනවා. මේ සාධක දෙක පාලනය කළොත් අනතුරු අවම කළ හැකි බව වෛද්‍ය ගොඩකුඹුර වටහා ගත්තා. භූමිතෙල් සිරුරට වැටීමෙන් හට ගන්නා ගින්නක් ලෙහෙසියෙන් නිවා ගන්නටත් බැහැ. එයට විනාඩි ගණනක් ගත වනවා. ඒ කාලය තුළ ගිනි ගත් දරුවා හෝ වැඩිහිටියා හෝ දරුණු පිළිස්සීමකට ලක් වීමට හැකියි.

Dr Wijaya Godakumbura holding his invention - Photo courtesy Rolex Awards/Tomas Bertelsen

ලාංකිකයන් සිය ගණනකගේ ජීවිත අදුරු කරන, හානි කරන මේ අනතුරු වළක්වා ගැනීමට නම් ගිනි ගැනීමේ හැකියාව අවම කළ කුප්පි ලාම්පු භාවිතයට යොමු විය යුතු බව ඔහු තේරුම් ගත්තා. වඩාත් ආරක්‍ෂිත ලාම්පු සැළසුමක් යෝජනා කරන මෙන් ඔහු ජනතාවට විවෘත ඇරයුමක් ද කළා. එහෙත් එයට ප‍්‍රතිචාර ලෙස ලැබුණු බොහෝ සැළසුම් එක්කෝ සංකීර්ණ වැඩියි. නැතිනම් නිපදවීමේ වියදම අධිකයි.

දිගු කලක් සිට අපේ රටේ ප‍්‍රචලිත මාමයිට් බෙදා හරින්නේ එයට ම ආවේනික වූ බෝතලයක. එය ලෙහෙසියෙන් පෙරළන්නට බැහැ. කුප්පි ලාම්පුවක් ආරක්‍ෂිත වීමට එයට මාමයිට් බෝතලයේ හැඩය ඉතා සුදුසු බව වෛද්‍ය ගොඩකුඹුර තීරණය කළා. හැඩයට අමතරව කුප්පි ලාම්පුවේ මුදුනට හොඳට තද කළ හැකි ස්කුරුප්පු ආකාරයේ මුඩියක් ද ඔහු යොදා ගත්තා. මේ අත්හදා බැලීම්වල අවසන් ප‍්‍රතිඵලය තමයි සුදීප ආරක්‍ෂිත කුප්පි ලාම්පුව.

සුදීප ලාම්පුවේ බෝතලය බර වැඩි, මහත හා මිටි බැවින් ලෙහෙසියෙන් පෙරැළෙන්නේ නැහැ. පැතලි මතු පිටවල් දෙකක් තිබෙන නිසා පෙරැළුනත් රෝල් වී යන්නේ නැහැ. මනා සේ තද කරන ලද කරාමය නිසා ඇතුළත තිබෙන භූමිතෙල් අවට විසිරෙන්නේත් නැහැ. ආයාසයකින් පෙරැළුවත් අහම්බෙන් ගිනි ඇති කිරීමට ඇති හැකියාව විශාල වශයෙන් අඩු වනවා. එමෙන් ම සියුම් කොටස් නැති නිසා වසර ගණනාවක් පාවිච්චි කළ හැකියි.

පවතින සමාජ තත්ත්වයක් ගැන කම්පාවට පත් වූ මේ නිපැයුම්කරුවා එයට සරල තාක්‍ෂණික විසදුමක් සොයා ගත්තා පමණක් නොවෙයි. එය ලක් සමාජයට හදුන්වා දී ප‍්‍රචලිත කරන්නට වසර 20ක කාලයක් මහත් සේ කැප වී සිටිනවා. මා වෛද්‍ය ගොඩකුඹුර තුළ දකින සුවිශේෂත්වයත් එයයි.

සුදීප ලාම්පුව මහ පරිමාණයෙන් තැනීමට වීදුරු කර්මාන්ත ශාලාවක් එකග වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය, ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය හා පිළිස්සුම් අනතුරු වැළැක්වීමේ ජාතික කමිටුව යන හැමගේ ආශිර්වාදය ඇතිව එය හදුන්වා දුන්නේ 1992 දී. නිෂ්පාදන වියදම හැකි තාක් අවම කරගෙන අඩු මිළකට සුදීප ලාම්පු වෙළඳපොලට ගෙන ආවාග

එය ජනප‍්‍රිය කිරීමට මාධ්‍ය හා ස්වේච්ඡ සංවිධාන හරහා වෛද්‍ය ගොඩකුඹුර ජාතික මට්ටමේ ව්‍යායාමයක නිරත වුණා. තමන්ට ඇති විවේක කාලවල ස්වේච්ඡවෙන් ක‍්‍රියා කරමින් සුදීප ලාම්පු ගැන දැනුවත් කරන්නට සිංහ සමාජ, රොටරි සමාජ, සර්වෝදය හා වෙනත් ජනතා සංවිධාන සමග සහයෝගයෙන් ඔහු ක‍්‍රියා කළ හැටි මා දන්නවා.

1990 දශකය පුරා වෛද්‍ය ගොඩකුඹුර මේ දැනුවත් කිරීම් හා සුදීප ලාම්පු ප‍්‍රවර්ධනය කර ගෙන ගියා. එහි වැදගත්කම ගැන හැම දෙනා ම පිළි ගත්තත් එයට බරපැන දැරීමට පෙරට ආවේ ටික දෙනයි. 1993දී කැනේඩියානු තානාපති කාර්යාලය ඔහුට ආධාර කළ අතර මේ සද්කාර්යය ගැන මාධ්‍ය හරහා දැන ගත් ආචාර්ය ආතර් සී ක්ලාක් ද පරිත්‍යාගයක් කළා.

සුදීප ලාම්පුවේ තීරණාත්මක කඩඉම වූයේ 1998දී රෝලෙක්ස් ජාත්‍යන්තර සම්මානය (Rolex Award for Enterprise) පිරිනැමීමයි. නව අදහස් හා නිපැයුම් හරහා ජන සමාජයට අසාමාන්‍ය දායකත්වයක් දෙන ව්‍යාපෘති පහක් තෝරා දෙවසරකට වරක් පිරිනමන මේ ත්‍යාගය නිසා සුදීප ලාම්පුව හා වෛද්‍ය ගොඩකුඹුර ලෝක අවධානයට ලක් වුණා. එම ත්‍යාගයෙන් ලද අමෙරිකානු ඩොලර් 50,000 යොදවා ආරක්‍ෂිත කුප්පි ලාම්පු පදනම නමින් ස්වේච්ඡ සංවිධානයක් ඔහු පිහිට වූවා. එදා මෙදා තුර ජාත්‍යන්තර සම්මාන, ත්‍යාග හා පිළිගැනිම් රැසක් මේ නිපැයුමට ලැබී තිබෙනවා. BBC, CNN, Reader’s Digest හා Newsweek ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මේ නිර්මාණය ගැන ප‍්‍රශංසාත්මකව වාර්තා කොට තිබෙනවා.

එක නිවෙසකට කුප්පි ලාම්පු දෙකක්වත් අවශ්‍ය වන බැවින් දිවයින පුරා අඩු තරමින් කුප්පි ලාම්පු ලක්‍ෂ 14ක් පාවිච්චි වන බවට අපට අනුමාන කළ හැකියි. 1992 සිට අද දක්වා සුදීප කුප්පි ලාම්පු ලක්‍ෂ 8ක් පමණ බෙදා හැර තිබෙනවා. එයින් බහුතරයක් තවමත් භාවිතයේ ඇතැයි සිතුවත් ඉතිරිය සඳහා යොදා ගැනෙන්නේ මරු කැඳවිය හැකි අනාරක්‍ෂිත ලාම්පුයි.

මුල් වසර කිහිපයේ සුදීප ලාම්පුව සහනදායී මිළකට විවෘත වෙළඳපොලේ අලෙවි කරනු ලැබුවා. එහෙත් වාණිජමය මට්ටමින් සම්බන්ධීකරණය ස්වේච්ඡ ආයතනයකට දිගට ම කළ නොහැකි වූ නිසා මෑත වසරවල වෛද්‍ය ගොඩකුඹුරගේ පිළිවෙත වී ඇත්තේ නොමිළයේ සුදීප ලාම්පු බෙදා දීමයි. එහිදී නිපදවීමේ වියදම දානපතීන්ගේ හා අනුග‍්‍රාහකයන්ගෙන් පියවා ගන්නවා. රාජගිරියේ පවත්වා ගෙන යන කුඩා කාර්යාලයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්ෂිකව ප‍්‍රතිපාදනයක් ලැබෙනවා.

මෑතක පටන් සමෘධි ජාලයන් හරහා සුදීප ලාම්පු බෙදා හැරීමට එකගතාවක් ඇති කර ගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල සුදීප ලාම්පු නොමිලයේ බෙදා දෙන්නට ආරක්‍ෂක හමුදාවල සහය ලැබුණු බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා. මෙකී නොකී සැමගේ උදවු උපකාර ගැන ඔහු කථා කරන්නේ මහත් කෘතඥපූර්වකවයි.

වෛද්‍ය ගොඩකුඹුරගේ අනෙක් සුවිශේෂ දායකත්වය නම් පිළිස්සුම් අනතුරු වළක්වා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඔහු ස්වේච්ඡවෙන් කරන දැනුවත් කිරීම් මාලාවයි.

දීප ව්‍යාප්තව නමුත් තනි තනිව හට ගන්නා පිළිස්සුම් අනතුරුවලින් වාර්ෂිකව මෙතරම් දෙනකුට හානි සිදුවන බව බොහෝ මාධ්‍යවේදීන් හා වෛද්‍යවරුන් පවා ඒ දක්වා වටහා ගෙන තිබුණේ නැහැ. එමෙන්ම භූමිතෙල් නිසා හට ගන්නා ගිනි නිවන ක‍්‍රම හා වහා දිය යුතු ප‍්‍රථමාධාර ගැනත් ඔහු ජනතාව දැනුවත් කළා.

රාජ්‍ය හෝ විද්වත් ආයතනික තන්ත‍්‍රයකින් සිදුවිය යුතු මේ කාර්යය තවමත් ඔහු නිහඩව කරගෙන යනවා. පොදු උන්නතියට කැප වූ වෘත්තිකයකුට වෙළඳපොල සමාජය තුළ වුවද කළ හැකි සමාජ මෙහෙවර ගැන ඔහුගේ කථාවෙන් ඕනෑතරම් ආදර්ශ ගත හැකියි.

“පිලිස්සුම් අනතුරු ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා සෞඛ්‍ය සේවා ක්‍ෂෙත‍්‍රයේ අවධානය යොමු වනවා මදි. තවමත් බොහෝ සේ තැත් කරන්නේ බෝවන හා බෝ නොවන රෝගවලට ප‍්‍රතිකාර කරන්නයි. අනතුරු ගත්ත ද රිය අනතුරුවලට ලැබෙන මාධ්‍ය අවධානය පිලිස්සුම්වලට ලැබෙන්නේ නැහැ,” ඔහු කියනවා.

සුදීප කුප්පි ලාම්පු ගෙවී ගිය දශක දෙක තුළ කොපමණ ජීවිත ගණනක් බේරා දී ඇත්දැයි මා ඔහුගෙන් ඇසුවා. ඒ ගණන ඔහු දන්නේ නැහැ. එය සිය ගණනක් බවට අපට අනුමාන කළ හැකියි. දියේ ගිලීම් පිළිබඳ මහජන අවධානය හා දැනුවත් කිරීමේ වැඩ සටහනකට ද මේ දිනවල වෛද්‍ය ගොඩකුඹුර ප‍්‍රවේශ වී සිටිනවා.

අපේ රටට තව ඕනෑ කරන්නේ තම දැනුම හා අත්දැකීම් පදනම් කර ගනිමින් රටේ ප‍්‍රශ්නවලට හැකි පමණින් විසදුම් සොයා යන මෙවන් විද්වතුන්.

බලන්න: http://www.safebottlelamp.org

සිවුමංසල කොලුගැටයා #48: නව නිපැයුම්කරුවන්ට සැබෑ ලෝකයෙන් අභියෝග රැසක්

In our age of technology, hundreds of millions of people — most of them poor, and women — are still toiling away in tasks where simple machines or devices could reduce their daily drudgery. Few inventors have bothered with these — probably because the beneficiaries are on the margins of society. Their needs are not a priority for most research institutes or high tech laboratories.

This is the theme of my Ravaya column (in Sinhala) published on 8 Jan 2012, reproduced in full below.It was inspired by, and mostly based on the inaugural Ray Wijewardene memorial lecture delivered by Dr Anil Kumar Gupta, India’s top innovation-spotter, in Colombo on 13 December 2011. He spoke on “Grassroots Innovation for Inclusive Development: From Rhetoric to Reality”

It covers the same ground as did my English op-ed essay, published in The Sunday Times on 25 Dec 2011: Wanted: More ‘Idiots’ to tackle grassroots innovation challenges.

Tea plucking, water fetching and rice transplanting -- three tasks that millions of women do manually everyday...

‘එළිමහනේ එදිනෙදා වැඩකටයුතුවලදී අපට ඉතා ප්‍රයෝජනවත් වන, මිනිස් බලයෙන් දිවෙන තනි රෝදයේ වාහනය කුමක්ද?’

මා පාසල් යන කාලයේ රසවත්ව හා හරවත්ව විද්‍යාව ඉගැන් වූ ගුරුවරයෙකු මේ ප්‍රශ්නය අපට යොමු කළා තවමත් මතකයි. උත්තරය – වීල් බැරෝව නැතිනම් වීල් බැරැක්කය.

මීට සියවස් 24කට පෙර පුරාණ ග්‍රීසියේත්, සියවස් 18කට පෙර චීනයේත් වීල් බැරැක්ක භාවිත වූ බවට සාක්ෂි තිබෙනවා. වීල් බැරැක්කය ලීවර හා රෝදය නමැති යාන්ත්‍රික සංකල්ප දෙක දක්ෂ ලෙස සංකලනය කොට නිපදවා ගත් සරල විසඳුමක්. එදිනෙදා ජීවිතයේ මානවයන් වෙහෙස කරන ආයාසය (drudgery) අඩු කරමින් ඔවුන්ගේ ඵලදායීතාව වැඩි කරන නිපැයුමක්.

වීල් බැරැක්කය මගේ සිහියට ආවේ 2011 දෙසැම්බරයේ කොළඹදී රේ විජේවර්ධන සමරු දේශනය පැවැත් වූ ඉන්දියාවේ ආචාර්ය අනිල් කුමාර් ගුප්තට සවන් දෙන විටයි. නවෝත්පාදනයන් (innovations) ගම් මට්ටමින් හා බිම් මට්ටමින් හඟනා ගෙන ප්‍රවර්ධනය කිරීමේ භාරත-ව්‍යාප්ත ප්‍රයත්නයක යෙදී සිටින මේ අසාමාන්‍ය ගණයේ විද්වතා දැක් වූ අදහස් කීපයක් අප ගිය සතියේ සාරාංශගත කළා.

සිය දේශනයේදී අනිල් ගුප්ත අවධානය යොමු කළ එක් තේමාවක් වූයේ නව නිපැයුම්කරුවන්ට තවමත් හරිහැටි විසඟම් සොයා ගන්නට නොහැකිව ඉතිරි වී තිබෙන ප්‍රායෝගික අභියෝගයි. වසරක් පාසා ලෝකයේ නව නිපැයුම් හා සංකල්පවල බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් ලක්ෂ ගණනක් අදාල බලධාරීන් නිකුත් කරනවා. එසේ වූවත් මානවයන් මිලියන් සිය ගණනක් දිනපතා මුහුණදෙන ගැටළු ගණනාවකට තවමත් පිළිගත හැකි හා ප්‍රචලිත මට්ටමේ විසඟම් ලැබී නැහැ.

“කෘත්‍රිම චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීමේ හැකියාව ඉන්දියාව ලබා තිබෙනවා. ලෝකයේ ඉහළ ම පෙළේ විද්‍යා පර්යේෂණාගාර හා පරිගණක සමාගම් රැසක් ඉන්දියාවේ තිබෙනවා. ඒත් දිගු කලක් තිස්සේ මිලියන් ගණනක් දුගී ඉන්දියානුවන් දිනපතා මහත් සේ වෙහෙස කරවන ප්‍රායෝගික ගැටළු රැසකට හරිහැටි විසඟම් සපයාගන්නට අපට තවමත් නොහැකි වී තිබෙනවා,” ආචාර්ය ගුප්ත අවංක තක්සේරුවක් කළා. ඔහු මෙය දකින්නේ අධි තාක්ෂණික ජයග්‍රහණ ගැන උදම් වන විද්‍යාවේ පසුබෑමක් හැටියටයි.

ආචාර්ය ගුප්තගේ පුරෝගාමීත්වයෙන් 1987දී ඇරඹි මී මැසි ජාලය (Honey Bee Network) හරහා ගම් හා බිම් මට්ටමේ සාමාන්‍ය ඉන්දියානුවන් අතින් බිහි වූ නවෝත්පාදන දහස් ගණනක් ලේඛනගත කොට තිබෙනවා. එහෙත් තවමත් සාර්ථක ලෙස විසඳා ගත නොහැකි වූ ප්‍රායෝගික අභියෝග ගණනාවක් ද ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එයට ප්‍රබල උදාහරණ තුනක්:

• ආසියාව පුරා ම හමුවන වෙල්යාය බොහොමයක ගොයම් සිටුවීමේ කාර්යය තවමත් කැරෙන්නේ දෛනික ශ්‍රමිකයන් ලෙස සුළු ගෙවීමක් ලබන කාන්තාවන් අතින්. දිගු වේලාවක් කොන්ද නවා ගෙන වතුරේ බැස ගෙන කළ යුතු මෙය ලෙහෙසි පහසු කාරියක් නොවෙයි. වතුරේ සිටීමෙන් විවිධ සමේ රෝග ඇති වීමේ අවදානමක් ද තිබෙනවා. ගොයම් සිටුවීමේ යන්ත්‍ර සැළසුම් කිහිපයක් ම යෝජනා වී ඇතත් කාර්යක්ෂම හා පාවිච්චියට පහසු යන්ත්‍රයක් තවමත් භාවිතයට පැමිණ නැති බව ගුප්ත කියනවා.

• ලිප් ගල් තුනක් මත පදනම් වූ දර ලිප ආසියාව හා අප්‍රිකාව පුරා සියවස් ගණනක් තිස්සේ පාවිච්චි කැරෙනවා. සාම්ප්‍රදායික දර ලිප, බලශක්තිය අපතේ යවන අතර දුම් පිට කිරීම හරහා ගෘහණියන්ගේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් කරනවා. වඩාත් අරපිරිමැසුම්දායක දර ලිපක් සැළසුම් කිරීමට දශක ගණනාවක සිට විවිධ රටවල උත්සාහ කර ඇතත් විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් යෝජනා කරන සැළසුම් බොහොමයක් ගෘහණියන් අතර ජනප්‍රිය වී නැහැ. විවිධ හැඩයේ භාජන යොදා ගනිමින්, විවිධාකාර ආහාර ද්‍රව්‍ය නොයෙක් ක්‍රමවලට පිස ගැනීමට හැකියාව ඇති සරල දර ලිපක් සැළසුම් කිරීමේ අභියෝගය තවමත් මුළුමනින් ජය ගෙන නැති බවයි ගුප්තගේ මතය. මේ සඳහා තාක්ෂණය, සැලසුම්කරණය හා සාංස්කෘතික සාධක යන කාරණා ත්‍රිත්වය ම සැලකිල්ලට ගත යුතුයි.

• ලංකාව, ඉන්දියාව, කෙන්යාව වැනි රටවල තේ කර්මාන්තයේ තේ දළු නෙළීම තවමත් මුළුමනින් ම පාහේ කරන්නේ කාන්තාවන් විසින්. තේ දළු කූඩයක් පිටේ බැඳ ගෙන, බෑවුම් සහිත බිම්වල ගමන් කරමින් සියුම්ව තේ දළු නෙළීම දිනකට පැය කිහිපයක් කළ යුතුයි. තේ පානය රස විඳින බොහෝ දෙනෙකු දළු නෙළීමේදී අතට හා ගතට දැනෙන වේදනාත්මක විඩාව ගැන දන්නේ නැහැ. දළු නෙළීමේ කාර්යය අර්ධ වශයෙන් හෝ යාන්ත්‍රීකරණය කළ හැකි නම් නෙළන්නියන්ගේ රැකියාවලට තර්ජනයක් නොකොට ඔවුන්ගේ ආයාසය අඩු කළ හැකියි.

“මේ අභියෝග ගැන සරසවි හා විද්‍යා පර්යේෂණ ආයතන එතරම් තැකීමක් කරන්නේ නැහැ. මේ දෛනික කාර්යයන්ගෙන් පීඩාවට පත් වන්නේ දුගී හා ග්‍රාමීය මිනිසුන් – විශේෂයෙන් ම කාන්තාවන්. එබඳු අයට තමන්ගේ ගැටළු ගැන හඬක් නැඟීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. බිම් මට්ටමේ නව නිපැයුම්කරුවන් පවා මේ අභියෝග ගැන ඇති තරම් අවධානයක් යොමු කර නැහැ!” ඔහු පෙන්වා දුන්නා.

සමහර ගැටළුවලට අර්ධ විසඳුම් ලබා දීමට නව නිපැයුම්කරුවන් සමත්ව සිටිනවා. උදාහරණයක්ථ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බීමට ජලය සොයා කිලෝමීටර් ගණනක් දුර ගමන් කරනවා. සොයා ගන්නා ජලය කලගෙඩි හෝ වෙනත් භාජනවලට පුරවා හිසේ හෝ ඉනේ තබා ගෙන ගෙදර ගෙන යාමයි සිරිත. මේ ක්‍රියාවේ ආයාසය අඩු කර ගන්නට පානි හාරි (Pani Hari) නම් සරල ඇටවුමක් ඉන්දියාවේ කිම්ජිබායි කනාඩියා (Khimjibhai Kanadia) නිපද වූවා. එයින් කරන්නේ හිස මත තබා ගත් වතුර කලයේ බර, උරහිස් දෙකට බෙදා හැරීමයි. මීට අමතරව වතුර පුරවා පැළඳගෙන යා හැකි වතුර කබායක් (water-carrying jacket) තවත් නිපැයුම්කරුවෙකු සැලසුම් කර තිබෙනවා. මේවා යම් මට්ටමකට ගැටළුව විසඳන නමුත් පුළුල් භාවිතයට ගන්නට පෙර වැඩි දියුණු කළ යුතු බව ගුප්ත කියනවා.

තවත් පුළුල්ව අත්දකින ප්‍රායෝගික ගැටළුවක් නම් කඳුකර බෑවුම් ප්‍රදේශවල භාණ්ඩ ප්‍රවාහනයයි. අඩි පාරක් පමණක් ඇති, බයිසිකලයක්වත් පැද ගෙන යා නොහැකි බෑවුම් ප්‍රදේශවල පදිංචිකරුවන් හැම දෙයක් ම කරපිටින් ඔසවා ගෙන යා යුතුයි. නැතිනම් ගවයන්, බූරුවන් වැනි සතුන් යොදා ගත යුතුයි. කඳුහෙල් බහුල බෑවුම් බිමෙහි යා හැකි ට්‍රොලියක් වැනි ප්‍රවාහන ක්‍රමයක් නිපද වූවොත් කඳුකර වැසියන් මිලියන ගණනක් එයින් වාසි ලබනවා නියතයි.

පසුගිය අඩ සියවසක කාලය පුරා විශාල වශයෙන් ආයෝජන කළත් තවමත් සාර්ථකව විසඳා නොගත් සංවර්ධන අභියෝගයක් නම් ග්‍රාමීය වැසිකිළි සැළසුමයි. ජලය භාවිතය අරපිරිමසින, මළ මුත්‍ර මනා සේ ඉවත දමන, අඩු වියදමින් තනා ගත හැකි වැසිකිළි සැළසුම් තවමත් ජය නොගත් අභියෝගයක්. ලෝකයේ බිලියන 7ක ජනගහනයෙන් බිලියන 2කට කිසි වැසිකිළි පහසුමකමක් නැහැ. නිරාවරණය වූ එළිමහන් තැන්වල මළපහ කිරීම නිසා ජලය අපවිත්‍ර වීමෙන් හට ගන්නා පාචන රෝග හා අකල් මරණ සංඛ්‍යාව විශාලයි.

හඳ මතුපිට ජල සම්පත් ගවේෂණය කරන්නට ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානා නිර්මාණය කළ ඉන්දියාවේ ම තවමත් මිලියන් 400ක් මිනිසුන් අන්ත දුගී ජීවිත ගත කරමින් බීමට පිරිසිදු වතුර සොයා ගැනීමේ දෛනික අරගලයක යෙදෙනවා. දියුණු වන ලෝකයේ බොහෝ රටවල යථාර්ථය මෙයට වෙනස් නැහැ. තවමත් හරිහැටි විසඳා නොගත් මෙකී නොකී ප්‍රායෝගික අභියෝගවල ලැයිස්තුවක් ආචාර්ය ගුප්ත සම්පාදනය කර තිබෙනවා.

නාගරික හා ග්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන ආයාසකාරී තත‍වයන්ට හැකි තාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන් ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.

අප ගිය සතියේ ද සඳහන් කළ පරිදි හැම නව නිපැයුමක් ම ලොව හොල්ලන හෝ වෙළඳපොළ අල්ලන හෝ ඒවා වීම අවශ්‍ය නැහැ. ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් සොයා යාමේදී කුඩා පරිමාණයේ දියුණු කිරීමකින් වුවත්, බොහෝ දෙනෙකුට සහනයක්, උපකාරයක් ලබා දිය හැකියි. එබන්දකට පේටන්ට් බලපත්‍රයක් නොලැබෙන්නට පුළුවනිග එහෙත් නව නිපැයුම්කරුවන්ගේ එක ම අරමුණ විය යුත්තේ පේටන්ට් ගොන්නක් හිමි කර ගැනීම නොවෙයි.

‘3 Idiots’ හින්දි චිත්‍රපටයේ එක් ජවනිකාවක යාන්ත්‍රික ඉංජිනේරු ගුරුවරයා යන්ත්‍රයක් නිර්වචනය කරන ලෙස සිසුන්ට කියනවා. අමීර් ඛාන් රඟපාන චරිතය වන රංචෝගේ විග්‍රහයට අනුව යන්ත්‍රයක් යනු මිනිස් ආයාසය අඩු කරන ඕනෑ ම උපක්‍රමයක් හෝ උපකරණයක්. එහෙත් උගත්කමේ මාන්නයෙන් පිම්බුණු මහාචාර්යවරයාට ඒ සරල විග්‍රහය සෑහෙන්නේ නැහැ. පාරිභාෂික වචන හා බරපතල සංකල්ප ඇතුළත් මහ දිග නිර්වචනයක් ඔහුට අවශ්‍යයි. ඉංජිනේරු තාක්ෂණය ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට මීට වඩා යොදා නොගැනීමට හේතුව මෙබඟ පොතේ ගුරුන් අපේ සමාජයේ බහුලවීමයි.

එදිනෙදා ගැටළු විසඳන්නට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ තැනට සුදුසු විදියට හා සූක්ෂම බුද්ධියෙන් යුක්තව පවතින මෙවලම් (tools) සහ යන්ත්‍ර (machines) යොදා ගැනීමයි. පවතින මෙවලමක් හෝ යන්ත්‍රයක් හෝ සකසා ගත නොහැකි නම් අලුතින් යමක් නිපදවීමේ අවකාශය තිබෙනවා. එහිදී නිපැයුම්කරුවන් කළ යුත්තේ හැකි තාක් සරල හා අඩු වියදම් විසඳුම් සොයා යාමයි.

ප්‍රායෝගික ගැටළු විසඳීමේදි ඒවාට නිතිපතා මුහුණ දෙන මිනිසුන්, ගැහණුන් හා ළමයින් සම්බන්ධ කර ගැනීම ද වැදගත්. තාක්ෂණවේදීන්, ඉංජිනේරුවන් හා විද්‍යාඥයන්ට ගැටළු විසඳීමේ මූලධර්ම මට්ටමේ චින්තනය ලබා දිය හැකියි. අත්හදා බැලීම් කළ හැකියි. එහෙත් අන්තිමේදී විසඳුමක් සාර්ථක වන්නේ එය පාවිච්චි කරන අය අතර පිළිගැනීමට ලක් වූවොත් පමණයි.

නාගරික හා ග්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන ආයාසකාරී තත‍වයන්ට හැකි තාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන් ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.

ගැටළු විසඳීමේ සාර්ථකත්වයට සාධක තුනක් මුසු වීම අවශ්‍ය බව ගුප්තගේ මතයයි. ඉංග්‍රීසි C අකුරෙන් ඇරඹෙන ඒ වචන තුන: curiosity (කුතුහලය), compassion (මානව දයාව) හා collaboration (සාමුහික ක්‍රියාකාරිත්වය).

ආචාර්ය ගුප්ත ලාංකික විද්වතුන්ට හා නව නිපැයුම්කරුවන්ට දාර්ශනික ඔවදනක් ද දුන්නා. “දශක ගණනාවක් ඉන්දියාවේ උගතුන් හා පර්යේෂකයන් අපට තිබෙන ගැටළු හා අභියෝග ගැඹුරින් අධ්‍යයනය කළා. ඒවාට විසඳුම් ගැනත් බෙහෙවින් වාද විවාද කළා. ඒත් ප්‍රායෝගිකව යමක් කරන්නට අප පෙරට ආවේ නැහැ. මගේ පරම්පරාවේ උගතුන් කළ මේ ලොකු වරද නැවතත් නොකරන්නට වග බලා ගන්න!”

නව නිපැයුම්කරුවන්ට ඔහු දුන් වැදගත් ම අවවාදය මෙයයි: “පන්ති කාමර, විද්‍යාගාර හා වැඩපොළවලට කොටු වී නොසිට සැබෑ ලෝකයේ හැකි තරම් සැරිසරන්නග මඟ තොටේ, කඩමණ්ඩියේ, වෙල් යායවල, හේන්වල හා ගං ඉවුරුවල විසඳා ගත යුතූ – හැකි ප්‍රායෝගික ගැටළු රැසක් තිබෙනවාග පවතින සමාජ තත්ත‍වයන් ගැන තෘප්තිමත් නොවූ මානවයන් ඒවා ගැන සංවේදී වනවා. නව නිපැයුම් බිහිවන්නේ ඔවුන් අතින්. ඔවුන්ගේ පර්යේෂණාගාරය මුළු මහත් ජන සමාජයයි!”

Prof Anil K Gupta rekindles the innovative spirit of Ray Wijewardene

Prof Anil K Gupta lights oil lamp in front of Ray Wijewardene photo before delivering Inaugural Ray Lecture in Colombo, 13 Dec 2011 - photo by Ruveen Mandawala

Ray Wijewardene was a man well ahead of his time, which might explain why he was not better understood and appreciated. He was also a systemic thinker who went to the root of problems and looked for elegant and efficient ways of solving them. He was not mesmerised by technology alone.”

With these words, an eminent Indian scholar paid tribute to the late Ray Wijewardene (1924 – 2010), whose website I helped design and launch a few weeks ago.

Dr Anil Kumar Gupta, a Professor at the Indian Institute of Management (IIM) in Ahmedabad, India, and Founder of the Honey Bee Network, spoke on “Grassroots Innovation for Inclusive Development: From Rhetoric to Reality” at the Institution of Engineers Sri Lanka (IESL) on 13 December 2011.

The IESL auditorium was packed to capacity, with more people standing and spilling over to the corridor. Anil Gupta gave an engaging talk that makes him the subcontinent’s foremost innovation-spotter. With inspiring examples and illustrations, he emphasized that grassroots innovations can provide a new ray of hope — provided we let them grow.

The lecture was organised by IESL and the Ray Wijewardene Charitable Trust (RWCT), set up to promote Ray’s legacy, and committed to nurturing innovation in Sri Lanka.

The Trust made an auspicious start by inviting Anil Gupta to deliver the first lecture in Ray’s memory. Gupta and Wijewardene were kindred spirits who stayed in touch over the years across the Palk Strait.

“It is a privilege for me and the Honey Bee Network to be invited for a lecture in honour of such an illustrious innovator, social change activist and thought leader of our sub-continent, and indeed the entire developing world,” Professor Gupta said when I first reached out to him a few months ago to invite for the lecture.

More coverage of the talk itself will follow, both on this blog and on Ray website.

17 Dec 2011: 3 Idiots and Honey Bee Network launch India’s Grassroots Innovators into New Orbit

The Nation, 18 Dec 2011: Anil Gupta’s Advice: Unleash Sri Lanka’s Grassroots Innovators!

Prof Anil Gupta delivers inaugural Ray Wijewardene memorial lecture in Colombo, 13 Dec 2011 - Photo by Ruveen Mandawala

Anil K Gupta is an unusual professor who walks the talk — and walks through the villages and slums of India in search of innovation. His mission is to ensure that grassroots innovators receive due recognition, respect and reward for their bright ideas. He also seeks to embed an innovative ethic in educational policy and institutions.

He founded the Honey Bee Network in 1986-87 “to promote a fair and responsible knowledge ecosystem”, where innovators can benefit by sharing their ideas. In the 1990s, he set up the Society for Research and Initiatives for Sustainable Technologies and Institutions (SRISTI) and Grassroots Innovation Augmentation Network (GIAN) both of which support the Honey Bee Network to scale up and convert grassroots innovations into viable products.

All three entities are partners of the National Innovation Foundation (NIF India), an autonomous body under the Department of Science and Technology in India. Since 2000, NIF has mobilized more than 160,000 innovations and traditional knowledge practices from all over India, and now holds the largest database of its kind in the world. Professor Gupta is Executive Vice Chair of the NIF, and is also a member of the National Innovation Council of India.

More images at http://www.facebook.com/RayWijewardene

සිවුමංසල කොලූගැටයා #43: HIV වයිරසයටත් වඩා දරුණු AIDS හංවඩුව

HIV communication needs media partnership - image courtesy Panos South Asia

On this blog, I have written regularly about challenges in communicating on HIV/AIDS through media and non-media methods. To mark World AIDS Day 2011, and 30 years since the discovery of AIDS, I have devoted this week’s (Sinhala) Sunday column in Ravaya newspaper to the topic of HIV/AIDS coverage in the Lankan mass media. I have drawn heavily from a 1999 handbook on HIV/AIDS communication written by my good friend Dr Vinya Ariyaratne, a specialist in community medicine, but the opinions are all mine.

“ඒඩ්ස් ගොඩට තව 114ක් එකතු වෙලා!”

මේ මෑත දී ඇරැඹුණු ජාතික පුවත්පතක මංගල කලාපයේ මුල් පිටුවේ පුවත් සිරස්තලයක්. ගෙවී මාස කිහිපය තුළ මෙරට හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 114ක් බව, ඒ වාර්තාවේ ආරම්භයේදී ම කියනවා. මේ සංඛ්‍යාවෙන් ඔබ්බට යන කිසිදු විග්‍රහයක් එහි තිබුණේ නැහැ. බැලූ බැල්මට පෙනෙන්නේ එය උද්වේගකාරී වාර්තාකරණයට තවත් උදාහරණයක් බවයි. එමෙන්ම ‘ඒඩ්ස් රෝගීන්’ අහසින් කඩා නොවැටෙන බව මේ වාර්තාකරු නොදන්නවා විය යුතුයි.

HIV සමග ජීවත් වන බහුතරයක් අයට AIDS රෝග ලක‍ෂණ පහළ වී නැහැ. HIV ශරීරගත වීමෙන් පසු වසර හෝ දශක ගණනක් ජීවත්වීමේ හැකියාව අද වන විට වෛද්‍ය විද්‍යාත්මකව ලබා ගෙන තිඛෙනවා. එහෙත් ඒ සදහා නිතිපතා Anti Retro Viral (ARV) ඖෂධ ගැනීම අවශ්‍යයි. බොහෝ දියුණු වන රටවල අඩු ආදායම් ලබන HIV ආසාදිතයන්ට මේ ඖෂධ ලබා දෙන්නේ රජයේ වියදමින්.

මේ මූලික දැනුම පවා නොමැතිව, නොඑසේ නම් ඒ ගැන නොතකා, කරන මාධ්‍ය වාර්තාකරණය සිංහල මෙන් ම ඉංග්‍රීසි පුවත්පත්වලත් තවම දැකිය හැකියි. මෙරට සම්මාන දිනු සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක ද මෙයට සමාන ආකාරයේ වචන යෙදීමක් හා ජනතාව කලබලයට පත් කළ හැකි වාර්තාකරණයක් මීට සති කිහිපයකට පෙර මා දුටුවා.

HIV/AIDS මුල්වරට මෙරටින් වාර්තා වී වසර 25 කට පසුව පවා මෙබඳු අසංවේදි හා වගකීමෙන් තොර මාධ්‍ය වාර්තාකරණයක් සිදු වනු දැකීම කණගාටුදායකයි. දශක දෙකකට වැඩි කාලයක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙනත් රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන HIV ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හා සංවේදී කිරීමේ වැඩමුළු විශාල සංඛ්‍යාවක් පවත්වා තිඛෙනවා. මේ විෂය ආවරණය කරද්දී මාධ්‍යවේදීන්ට ඇති ගැටළු හා අභියෝග ගැන විවිධ සංවාදවලට මා ද සහභාගි වී තිඛෙනවා. එහෙත් කොයි තරම් මහන්සි වී වෙස් බැන්දත් පෙරහැර යන විට තවමත් පරණ පුරුදු හා අවිචාරශීලි ආකල්ප මතු වන බවක් පෙනෙනවා.

AIDS රෝගය මුලින් ම වාර්තා වී වසර තිහක් ගත වී තිඛෙනවා. අමෙරිකාවේ මුල් වරට මේ රෝග ලක‍ෂණ සහිතව රෝගීන් වාර්තා වන්නට පටන් ගත්තේ 1981දී. එයට හේතුව HIV නම් වයිරසය බව සොයා ගත්තේ ඊට දෙවසරකට පසුව. අද HIV/AIDS ලෝක ව්‍යාප්ත වසංගතයක් හා ලෝකයේ ප්‍රධාන පෙළේ සංවර්ධන අභියෝගයක් බවට පත්ව තිඛෙනවා. අළුත් ම සංඛ්‍යා ලේඛනවලට අනුව 2010 අග වන විට HIV ශරීරගත වී ජීවත්වන සංඛ්‍යාව මිලියන් 34ක්. වසරකට අළුතෙන් ආසාදනය වන සංඛ්‍යාව මිලියන් 2.6ක්. HIV ආසාදනය උත්සන්න අවස්ථාවේ AIDS රෝගය ඇති වී මිය යන සංඛ්‍යාව වසරකට මිලියන් 2ට වැඩියි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) මේ ජාතික ප්‍රශ්නයට වගකීම දරණ ප්‍රධාන ආයතනයයි. ඔවුන්ගේ වෙබ් අඩවිය කියන හැටියට තවමත් ලංකාව සැලකෙන්නේ ්‍යෂඪ ආසාදන සාපේක‍ෂව අඩුවෙන් වාර්තාගත රටක් හැටියටයි. http://www.aidscontrol.gov.lk

ලංකාවේ මුල් ම HIV ආසාදිත පුද්ගලයා වාර්තා වුණේ 1986දී. ඔහු විදේශිකයෙක්. ඊළඟ වසරේ HIV ආසාදිත ලාංකිකයෙකු හමු වුණා. එදා පටන් HIV ආසාදනයට ලක් වූ සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වුවත්, තවමත් නිල වාර්තාවලට අනුව මෙරට HIV ආසාදිත සංඛ්‍යාව 1,429 යි. එමෙන්ම HIV ආසාදනයේ උච්ච අවස්ථාව වන AIDS රෝගයට ළඟා වී මිය ගිය සංඛ්‍යාව 221යි. 2011 සැප්තැම්බර් අග දක්වා මේ වසරේ අළුතෙන් වාර්තා වූ ්‍යෂඪ ආසාදිත සංඛ්‍යාව 114යි.

එසේ වුවත් HIV වයිරසය ශරීරගත වී ඒ බව දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙරට ජීවත් වන සංඛ්‍යාව 3,000 ඉක්මවන බව රජයේ HIV නිල වෙබ් අඩවිය අනුමාන කරනවා. එසේම HIV ආසාදන වඩාත් ශීඝ්‍ර ලෙස පැතිර යාමට දායක විය හැකි සාධක ගණනාවක් මෙරට තිඛෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මිලියන් එක හමාරක් පමණ ලාංකිකයන් විදේශ රැකියාවල නිරතන සිටින අතර නිරතුරු ආගමනය හා විගමනය කරනවා. යුද්ධයෙන් පසු සංචාරකයන්ගේ පැමිණිමේ සංඛ්‍යාත්මක වර්ධනයක් තිඛෙනවා.

HIV ආසාදිතයන් තම සැබෑ තත්ත‍වය සෞඛ්‍ය සේවාවන්ට පවා හෙළි කිරීමට ඉදිරිපත් නොවන්නේ HIV/AIDS සම්බන්ධයෙන් මෙරට පුළුල් ලෙස පැතිර පවතින අපකීර්තිය (stigma) හා ඒ අයට එරෙහිව මතුව එන විචක‍ෂණය හෙවත් වෙනස්කම් කිරීම (discrimination) බව ඒ පිළිබඳව කලක සිට පර්යේෂණ කරන වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් කියනවා. මෙය ලෝකයේ වෙනත් රටවල ද අඩු වැඩි වශයෙක් දැකිය හැකි අහිතකර ප්‍රවණතාවක්.

HIV & communication book by Dr Vinya Ariyaratne - cover
HIV/AIDS යනු හුදෙක් සෞඛ්‍ය ගැටළුවකට වඩා පුළුල් වූ සමාජ ප්‍රශ්නයක් බවත්, වෛද්‍ය විද්‍යාත්මක හේතුන්ට වඩා සදාචාරාත්මක, නීතිමය හා මානව හිමිකම් පිළිබඳ පැතිකඩයන් ඒ හරහා මතු වන බවත් ‘HIV/AIDS සන්නිවේදන මාර්ගෝපදේශනය’ නමින් 1999දී පොතක් ලියු වෛද්‍ය වින්යා ආරියරත්න පෙන්වා දෙනවා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙකු වන වෛද්‍ය ආරියරත්න මේ පොත් පිංච ලිවීමට නිමිත්ත වූයේත්, HIV පිළිබඳව අපේ ජන සමාජයේ ප්‍රචලිත වූ මිථ්‍යා මත, බොරු භීතිකා හා විසම අදහස් දුරු කිරීම සඳහා නිරවුල් වෛද්‍ය විද්‍යාත්මක අවබෝධය යොදා ගන්නටයි. ඔහු ඒ පොත ලියා දශකයකට වැඩි කාලයක් ගත වී ඇතත් එදා සඳහන් කළ අභියෝග තවමත් අප හමුවේ ඇති බවත්, HIV ආසාදන සංඛ්‍යාව මේ කාලය තුල සිව් ගුණයකින් වැඩි වී ඇති බවත් සිහිපත් කිරීම වැදගත්. දෙසැම්බර් 1 වනදාට යෙදෙන ලෝක AIDS දැනුවත් කිරීමේ දිනය මේ ගැන සංවාදයකට නිමිත්තක් සපයනවා.

HIV ආසාදනයට ලක් වු අය නිරෝධායනය (quarantine) කිරීම අවශ්‍ය නැහැ. එයට හේතුව ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ අනාරක‍ෂිත ලිංගික සම්බන්ධතා මගින් හා එන්නත් කරන ඉඳිකටු හරහා වීමයි. ආසාදිත වූවන් හුදකලා කිරීම වෙනුවට අවශ්‍ය වන්නේ ආරක‍ෂිත උපක්‍රම සමග ආසාදිතයන්ට සමාජයේ හැකි තාක් සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට ඉඩකඩ සලසාදීමයි. HIV සමග ජීවත් වන කෙනෙකු සමග කථා බහ කිරීමෙන්, ස්පර්ශ කිරීමෙන් හෝ ඔවුන් අත තැබු යමක් භාවිත කිරීමෙන් වයිරසය පැතිරෙන්නට ඉඩක් නැහැ. මේ බව ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රබල ලෙස හුවා දැක් වූ අවස්ථාවක් වූයේ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය HIV සමග ජීවත්වන අය ප්‍රසිද්ධියේ වැළඳ ගැනීමේ මාධ්‍ය වාර්තාකරණයයි.

HIV සමග ජීවත් වන අයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සියලූම මූලික අයිතිවාසිකම් මෙන් ම අනෙකුත් නීතිවල රැකවරණය ද හිමි වන බව වෛද්‍ය වින්යා ආරියරත්න අවධාරණය කරනවා. පෞද්ගලිකත්වයට ඇති නිදහස, එහා මෙහා යාමට, විවාහ වීමට හා පවුලක් වීමට, රැකියාවක් කිරීමට, අධ්‍යාපනය ලැබීමට මෙන්ම මහජන සෞඛ්‍ය සේවාවන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද අන් හැම අයට මෙන් ම ඔවුන්ටත් අයිතිවාසිකම් ඇති බව ඔහු කියනවා. ඒ අතරම HIV වයිරසය අන් අයට පැතිරීම වැළැක්වීමට අවශ්‍ය ආරක‍ෂිත පියවර ගැනීමේ යුතුකමක් හා වගකීමක් HIV ආසාදිතයන්ට තිඛෙනවා. මෙයට ලිංගික චර්යාව මෙන් ම ඉඳිකටු හෝ බ්ලේඩ්තල හවුලේ භාවිතය, ලේ හෝ අනෙක් ශරීර අවයව දන්දීම ආදිය ද ඇතුළත්.

වෛද්‍ය ආරියරත්න තම පොතෙහි අවධාරණය කරන තවත් කරුණක් නම් HIV/AIDS තව දුරටත් ඇතැම් සමාජ කොටස්වලට සීමා වූ ප්‍රශ්නයක් නොවන බවයි. “සියලූ සදාචාරයන්ගෙන් හෙබි සහ සියලූ වෘත්තීන්ගේ නියැළුණු ජනයා HIV ආසාදනයේ අවදානමට ලක්ව ඇත. එය සදාචාරය පදනම් කර ගත් රෝගි තත්ත‍වයක් නොවේ.”

මෙසේ වුවත් ලාංකික සමාජය HIV/AIDS සම්බන්ධයෙන් භීතිය, කලබලය හා හෙළා දැකීම වැනි ප්‍රතිචාර දක්වන්නේ ඇයි? HIV සමග ජීවත්වන අයට එම තත්ත‍වය විවෘතව කියන්නට හැකි සමාජ වාතාවරණයක් තවමත් අපේ රටේ නැත්තේ ඇයි? පළමු HIV ආසාදිතයා හමු වී වසර 25ක් ගත වී තිබියදීත් අප සමාජයක් හැටියට තවමත් මේ සමාජ අර්බුදය ගැන ඉතා ප්‍රථමික හා දරදඩු ආකල්පවල එල්බගෙන සිටින්නේ කුමන හේතු නිසා ද?

මේ ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු සොයා ගන්නට මට හැකි වුයේ නැහැ. එහෙත් මෙබඳු ප්‍රශ්න විවෘත සංවාදයට පාත්‍ර විය යුතු බව මා විශ්වාස කරනවා. එහිදී ජනමාධ්‍යයන්ට මීට වඩා කාර්යභාරයක් කළ හැකියි.

HIV/AIDs ගැන සන්නිවේදනයේදී මාධ්‍යවේදින්, දේශකයන් හා ගුරුවරුන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ගුණාංග හතරක් වෛද්‍ය ආරියරත්න හුවා දක්වනවා. එනම් තොරතුරු නිවැරදි හා අළුත් වීම, පෞද්ගලිකත්වයට ගරු කිරීම, විෂයයට අදාල වීම හා ආවේග මූලිකව සන්නිවේදනය නොකිරීමයි.

HIV ගැන දැනුවත් කිරීමේදී විශාල වැඩ කොටසක් කළ හැකි ජනමාධ්‍යවලින් ඒ ගැන අහිතකර මතිමතාන්තර පැතිරීමට ද ලොකු ඉඩක් ඇති බව ඔහු උදාහරණ සහිතව පෙන්වා දෙනවා. විශේෂයෙන් “AIDS මාරයා” වැනි යෙදුම්, මිනිස් හිස් කබල්, ඇට සැකිලි හා යක‍ෂ රූප භාවිතය තුලින් මේ වයිරසය පිළිබඳ අනවශ්‍ය භීතියක් ජන මනසේ වර්ධනය විය හැකියි. එමෙන්ම සිනමා තරු හෝ ක්‍රීඩකයන් හෝ HIV ආසාදනය වීම පිළිබඳ ඕපාදූප කථා කරනවාට වඩා මේ ආසාදනයෙන් ප්‍රවේශම් වීම පිළිබඳ ප්‍රායෝගික සන්නිවේදනයක යෙදීමේ වැදගත්කම ඔහු අවධාරණය කරනවා.

HIV ආසාදිතයන් කොන් කිරීමට තුඩු දෙන ආකාරයේ විග්‍රහයන් ඉතා අහිතකරයි. අපේ ඇතැම් මාධ්‍යවල තවමත් වැඩි අවධානය යොමු වන්නේ ආසාදිතයකුගේ විවාහක – අවිවාහක බව, ලිංගික චර්යා නැඹුරුව, ඔහු/ඇය කරන රැකියාවේ ස්වභාවය ආදී කරුණුවලටයි. වාර්තාකරණයෙන් ඔබ්බට යන සුචරිතවාදයක් පෙරටු කර ගත් විට HIV පිළිබඳ ප්‍රශස්ත සන්නිවේදනයක යෙදීමට නොහැකි වනවා.

“ඒඩ්ස් රෝගීන්” මහා පව්කාරයන් බවත්, ඔවුන්ට එළව එළවා පහර දිය යුතු බවත්, ඔවුන්ගේ නම් ගම් හෙළිදරව් කරමින් ඔවුන් කොන් කළ යුතු බවත් මෙරට එක්තරා ජාතික පුවත්පත් කතුවරයෙකු මීට වසර කිහිපයකට පෙර තම කාර්යය මණ්ඩලයට පැවසු බව වැඩමුළුවකට ආ මාධ්‍යවේදියෙකු වරක් මට හෙළි කළා. HIV ආසාදිතයන් ගැන මෙරට සමාජයේ හැම ස්ථරයක ම පාහේ දැකිය හැකි අධිසුචරිතවාදී හා කුහක ආකල්ප මාධ්‍ය ෙක‍ෂත්‍රයට ද පොදුයි.

එහෙත් තම පෞද්ගලික මතවාද මෙසේ පොදු ආකල්ප බවට පත් කරන්නට ඇතැම් මාධ්‍ය වෙර දැරීම කෙතරම් සාධාරණ ද? HIV වයිරසයේ පැතිරීමට එරෙහි හොඳ ම ආරක‍ෂණය දැනුවත්කම බව පිළිගැනෙන අද කාලයේ එබඳු යහපත් සන්නිවේදනයක් කිරීමේ විශාල හැකියාවක් ඇති මාධ්‍ය ආයතන ඒ වෙනුවට HIV ආසාදිතයක් පිටු දකිමින් නින්දා අපහාස කිරීමට යොමු වීම කෙතරම් ඛේදජනක ද?

HIV ආසාදිතයන් ගැන කථා කරද්දී ඩෙංගු රෝගීන් ගැන කථා කරන සරල ලිහිල් මට්ටමට එහා යන අවබෝධයක් හා සංයමයක් මාධ්‍ය සන්නිවේදකයන් සතු විය යුතුයි. බස හැසිරවීමේදි පවා ඒ ප්‍රවේශම්කාරි බව අවශ්‍යයි. ඕනෑකම ඇත්නම් මෙබඳු වෙනස්කම් කළ හැකි බවට අපේ මාධ්‍යවලින් ම සාක‍ෂි තිඛෙනවා. කලකට පෙර “අංගවිකල” (crippled) යන යෙදුම භාවිත කළත් අද “ආබාධිත” (disabled) යන්න යොදනවා. අඳ, ගොළු, බිහිරි වෙනුවට දෘශ්‍යාබාධිත ආදී වඩාත් සංවේදී වචන භාවිතයට ඇවිත්.

HIV/AIDS ගැන වසර 25ක් ගත වීමෙන් පසු හෝ වඩාත් සංවේදී මානුෂික වචන යෙදුමක් හා වාර්තාකරණයක් හදා ගත හැකි නම් කෙතරම් අපූරු ද?