සිවුමංසල කොලූගැටයා #47: ගැටළු විසඳන අසම්මත චින්තනයට ඉඩ දෙන්න!

In this week’s Sunday column for Ravaya newspaper (1 Jan 2012), I summarise key points made by Dr Anil K Gupta, founder of the Honey Bee Network of innovation in India, when he delivered the inaugural Ray Wijewardene Memorial Lecture in Colombo on 13 Dec 2011. The same ground is covered in an article I wrote in The Nation on 18 Dec 2011. All archived on this blog.

Anil K Gupta in Colombo, photo by Anisha Gooneratne

2009 දී නිෂ්පාදිත ‘3 Idiots’ හින්දි චිත්‍රපටය ඉන්දියාවේ පමණක් නොවෙයි බොලිවුඩ් චිත්‍රපට රස වි`දින ලොව පුරා සිටින රසිකයන් අතර මහත් සේ ජනප්‍රිය වුණා. රාජ්කුමාර් හිරානි අධ්‍යක‍ෂණය කළ මේ චිත්‍රපටය ඉන්දියාවේ ඉහළ ම ආදායම ලද හින්දි චිත්‍රපටය ලෙස වාර්තාවක් ද පිහිටවූවා.

සාමාන්‍ය වට්ටෝරු ක්‍රමයේ හින්දි චිත්‍රපටයකට වැඩි අරුතක්, ගැඹුරක් හා නැවුම් බවක් ගැබ් වුණු ‘3 Idiots’ චිත්‍රපටයේ අමීර් ඛාන් රඟ පාන රංචෝ (Rancho) චරිතය සුවිශේෂයි. කථාව දිග හැරෙන්නේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ තාක‍ෂණික සරසවියක ඉංජිනේරු උපාධි අපේක‍ෂකයන් තිදෙනකු වටායි. දැඩි තරගකාරී තේරීමකින් අනතුරුව එයට ඇතුළත් වන සිසුන් බහුතරයක් දේශන හා නිර්දේශිත ග්‍රන්ථ, විචාර බුද්ධියකින් තොරව ගෙඩි පිටින් කඩපාඩම් කරනවා. ඒ මතකයන් විභාගවලදී නැවත වමාරනවා.

එහෙත් රංචෝ එයට වෙනස්. ඔහු යන්ත්‍රවලට හා යාන්ත්‍රික හැමදේට සැබැවින් ම ඇළුම් කරනවා. ඔහු හැමදාමත් මුල් තැනට එන්නේ කට පාඩමින් නොව මූලධර්ම හා ප්‍රායෝගික අත්හදා බැලීම් මත පදනම් වූ අවබෝධය හරහායි. ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කරන හා ඇතැම් විට ඔවුන්ට අභියෝග කරන මේ අමුතු තරුණයා, ගතානුගතික මහාචාර්යවරුන්ට හා සරසවි පාලකයන්ට එතරම් ප්‍රිය වන්නේ නැහැ.

‘3 Idiots’ කථාව දශකයක් පුරා දිවෙනවා. උපාධි ලැබීමෙන් පසු රාජ්‍ය හෝ ව්‍යාපාරික හෝ ෙක‍ෂත්‍රයන්හි උසස් රැකියා හඹා යන අනෙක් සගයන්ට රංචෝ ගැන ආගිය තොරතුරක් සොයා ගන්නට නොහැකි වනවා. වෙනත් සිදුවීම් වැලක් ද අත්දැකීමෙන් පසුව කථාව අවසන් වන්නේ ඔහුගේ සමීපතම සරසවි සගයන් දෙදෙනා රංචෝ යළි සොයා ගැනීමෙන්. ඒ වන විට හිමාලය කදුවැටියේ ලදාක් (Ladakh) ඉන්දියානු ප්‍රාන්තයේ විද්‍යා ගුරුවරයකු හැටියට ඉතා තෘප්තිමත් දිවියක් ගෙවන රංචෝ, නව නිපැයුම් 400කට අධික සංඛ්‍යාවක බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් බලපත්‍රධාරියකු වී සිටිනවා.

‘3 Idiots’ චිත්‍රපටය අසාමාන්‍ය නිර්මාණයක් වීමට හේතුවක් වූයේ නව නිපැයුම්කරුවන් පිළිබඳ සානුකම්පිත බැල්මක් යොමු කිරීමයි. ඉන්දියාවේ මහ නගරවලින් බැහැර ගම්බද ප්‍රදේශවල ප්‍රායෝගික ගැටළු විසදීමට නව නිපැයුම් බිහි කළ තිදෙනකුගේ සැබෑ නිර්මාණ මේ චිත්‍රපටයෙන් හදුන්වා දෙනවා.

• ජංගම රෙදි සෝදන යන්ත්‍රය නිපදවා ඇත්තේ බයිසිකලයක් පාදක කර ගෙනයි. එය තැනින් තැන ගෙන යා හැකියි. පාදිකය හෙවත් පෙඩලය පෑගීමෙන් ජනනය වන ශක්තියෙන් ක්‍රියාත්මක වන එයට රෙදි, සබන් කුඩු හා ජලය ඇතුළත් කර පෙරළීමට භාජනය කරනවා. මේ නිර්මාණය බිහි කළේ කේරලයේ විසි හැවිරිදි තරුණියක වන රෙම්යා ජෝසි. විදුලි බලය නැති ප්‍රදේශවල මෙය ඉතා ප්‍රයෝජනවත් යන්ත්‍රයක්.

• අඩු වියදමින් ගමන් යාමට ඉන්දියාවේ බොහෝ දෙනකු යොදා ගන්නා ස්කූටරයකට, ධාන්‍ය ඇට පිටි බවට පත් කරන කුඩා ඇඹරුම් යන්ත්‍රයක් සවි කිරීමේ අදහස මුලින් ම ආවේ මහාරාෂ්ට්‍රයේ චිත්‍රශිල්පියකු වන ජැහැන්ගීර් පේන්ටර්ටයි. තම ප්‍රදේශයේ නිතර විදුලිබලය විසන්ධි වීම නිසා අපහසුතාවයට පත් වන තම බිරිඳ ඇඹරුම්හල්වල රස්තියාදුවීම වළක්වන්නට ඔහු මේ ඇටවුම තැනූ බව කියනවා. එය වෙළඳපොළේ ඇති යන්ත්‍ර දෙකක් බද්ධ කිරීමකින් ප්‍රායෝගික ගැටළුවක් නිර්මාණශීලීව විසදීමක්.

• අශ්වයන්ගේ හා බැටළුවන්ගේ ලොම් කැපීම සඳහා සරල යන්ත්‍රයක් නිපදවා ඇත්තේ උත්තර්ප්‍රදේශයේ කරණවෑමියකු වන මොහොමඩ් ඉඩ්රිස්. ඒ සඳහා මිනිස් බලය යොදා ගන්නේ බයිසිකල් ඩයිනමෝවක් හරහායි.

එකිනෙකට වෙනස් වූවත් මේ හැම නිපැයුමකට ම පොදු සාධක තිඛෙනවා. එදිනෙදා ජීවිතයේ ගැටළු විස`දීමට හා වැඩකටයුතු වඩාත් පහසුකර ගැනීමට ඒවා උපකාර වනවා. ලෙහෙසියෙන් සොයා ගත හැකි දේ යොදාගෙන අඩු වියදමින් තනා ගන්නා මේ නිපැයුම් නඩත්තු කිරීම ද ලෙහෙසියි. ඒවා නිපදවා ඇත්තේ විශේෂඥ දැනුම නොලැබූ එහෙත් නිපැයුම් ඥානය සහජයෙන් ම ලද සාමාන්‍ය මිනිසුන් විසින්.

මේ නව නිපැයුම් සමහරක් ලොව හොල්ලන, අළුත් කර්මාන්ත බිහි කළ හැකි ඒවා නොවෙයි. ඒවා කරන්නේ පවතින තාක‍ෂණයක් හෝ යන්ත්‍රයක් හෝ මේ දක්වා නොසිතූ ආකාරයේ භාවිතයකට යොදා ගැනීමයි. එහෙත් ඒ හරහා එකී ගැටළුවට නිතිපතා මුහුණ දෙන ලක‍ෂ සංඛ්‍යාත ගැහැණුන් හා මිනිසුන්ගේ ආයාසය (drudgery) තරමකටවත් අඩු වීමෙන් ඔවුන්ට සෙතක්, විරාමයක් හා පහසුවක් සැළසෙනවා. ඇත්තට ම විද්‍යාවේ ප්‍රායෝගික භාවිතය වන තාක‍ෂණයෙන් අප බලාපොරොත්තු වන එක් ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ ද මෙයයි.

2010 අගෝස්තුවේ අපෙන් වියෝ වුණු ආචාර්ය රේ විෙජ්වර්ධන, සුලබ ගණයේ ඉංජිනේරුවන්ට වඩා බොහෝ සේ වෙනස් විධියට සිතූ හා ප්‍රායෝගික ගැටළු විසඳන්නට තාක‍ෂණය යොදා ගත් නව නැපැයුම්කරුවෙක්. ඔහුගේ නිපැයුම් හුදෙක් පේටන්ට් ලබා ගැනීමට සීමා වුණේ නැහැ. ඔහු උත්සාහ කළේ ගොවියන්ගේ, ගෘහණියන්ගේ, පදිකයන්ගේ හා අනෙකුත් සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කාර්යයන් වඩාත් පහසුවෙන්, ඉක්මනින් හා ලාබදායකව කිරීමට සරල යන්ත්‍ර හා උපක්‍රම අත්හදා බලන්නටයි. ඔහුගේ ක්‍රියාකලාපය උගත් මාන්නයෙන් පිම්බුණු බහුතරයක් ඉංජිනේරුවන් අතර එතරම් පිළි ගැනීමකට ලක් වුණේ නැහැ.

එහෙත් විදෙස් පර්යේෂකයන් හා ව්‍යාපාරිකයන් අපට වඩා මේ ‘විකාරකාරයා’ අගය කළා. කලක් තිස්සේ රේ විජේවර්ධන අනුගාමිකයකු වූ ඉන්දියානු විද්වතකු ගිය මස කොළඹට ආවේ පළමුවන රේ විජේවර්ධන අනුස්මරණ දේශනය පවත්වන්නට. එය රේ විජේවර්ධන භාරයේ හා ලංකා ඉංජිනේරු ආයතනයේ සහයෝගයෙන් සංවිධානය කෙරුණා.

මේ සඳහා පැමිණි ආචාර්ය අනිල් කුමාර් ගුප්ත (Dr Anil Kumar Gupta) අහමදාබාද් නුවර ඉන්දියානු කළමණාකරණ ආයතනයේ (IIMA) මහාචාර්යවරයෙක්. එහෙත් ඔහු සම්ප්‍රදායික අච්චුවේ පොත් ගුරෙක් නොවෙයි. ගම් හා බිම් මට්ටමේ නවෝත්පාදනයන් (innovations) සොයමින් ඉන්දියාව පුරා සැරිසරන යාත්‍රිකයෙක්. හැම වසරක ම සති තුනක් ඔහු දුර බැහැර ගම්මානවල සංචාරය කරමින් නව අදහස්, සංකල්ප නිපැයුම් හා ගැටළු විස`දීමේ ජන උත්සාහයන් හ`දුනාගන්නට තැත් කරනවා. ඔහුගේ අරමුණ නව නිපැයුම් හා උපක්‍රම බිහි කරන ඉන්දියානුවන්ට ඒ සඳහා නිසි ඇගයීම ලබා දෙන අතර ඔවුන්ගේ බුද්ධිමය හිමිකම රැක ගැනීමට උපකාර වීමයි.

“මහ නගරවලින් ඈත්ව ඉන්දියාවේ ගම් දනවුවල අළුත් විධියට ප්‍රායෝගික ගැටළු විසඳන්නට තැත් කරන මිනිසුන්, ගැහැණුන් හා දරුවන් දහස් ගණනක් සිටිනවා. මේ බොහෝ දෙනකු කැලේ පිපුණු මල් වාගෙයි. ඔවුන්ගේ හපන්කම්වලින් අසල්වාසීන් හා ගම්වාසින් සහනයක් ලැබූවත් අපේ රටේ පවතින විධිමත් අධ්‍යාපන ක්‍රමයෙන්, විද්‍යා පර්යේෂණ ආයතනවලින් හෝ රාජ්‍ය දෙපාර්තමේන්තවලින් ඒ අයට මග පෙන්වීමක් හෝ උදව්වක් ලැඛෙන්නේ නැහැ. එයට හේතූව මේ අය සම්මත රටාවන්ට පරිබාහිරවීමයි,” ඔහු පැවසුවා.

පවතින තත්වයන් ගැන සෑහිමකට පත් නොවී එය හැකි අන්දමකින් දියුණු කිරීමේ ලොකු ඕනෑකමක් ඇති මානවයන් හැම සමාජයක ම සිටිනවා. එහෙත් ආසියානු සමාජවල තවමත් බහුලව ඇති දැඩි සමාජ මට්ටම් හා ධූරානුක්‍රම නිසා අසම්මත විදියට හිතන, ක්‍රියාකරන පුද්ගලයන් බොහෝ විට කොන් කැරෙන සැටිල පිස්සන් හැටියට අවමන් ලබන සැටි 2011 ඔක්තෝබර් 16 වනදා කොලමින් අපි විග්‍රහ කළා. මහාචාර්ය ගුප්තගේ ප්‍රයත්නය මේ අහිතකර සමාජ ප්‍රවාහයන්ගෙන් අසම්මතවාදීන් මුදවා ගෙන ඔවුන්ට නිදහසේ සිතන්නට, අත්හදා බලන්නට හා නව අදහස්වලින් අර්ථලාභ ලබන්නට ඉඩකඩ පෑදීමයි.

මේ සඳහා 1986-87 දී ඔහු Honey Bee Network (මී මැසි ජාලය) නම් ස්වාධීන ජනතා ව්‍යාපාරයක් දියත් කළා. එහි අරමුණ භාරතය පුරා විසිර සිටින බිම් මට්ටමේ නව නිපැයම්කරුවන් සම්බන්ධ කිරීමයි. ඒ සාමුහිකත්වය හරහා ඔවුන් බලාත්මක කිරීමයි.

මී මැසි ජාලයේ කටයුතු වඩාත් විධිමත් කරන්නට ඔහු SRISTI හා GIAN නමින් තවත් ආයතන දෙකක් 1990 දශකයේදී පිහිට වූවා. ඒ ආයතන ත්‍රිත්වයේ ම සහභාගීත්වයෙන් 2000 දී ඉන්දියානු රජය ජාතික නවෝත්පාදන පදනම (National Innovation Foundation, http://www.nifindia.org) පිහිටවූවා. මේ ආයතන ව්‍යුහයන් සියල්ලට පොදු සාධකය වන ආචාර්ය ගුප්ත දැඩි සේ අවධාරණය කරන්නේ නිලධාරිවාදය හා උගත්කමේ මාන්නය මතු වන්නට ඉඩ නොදී බිම් මට්ටමේ නව නිපැයුම්කරුවන් සමග කටයුතු කිරීමේ අවශ්‍යතාවයයි.

සිය කොළඹ දේශනයේදී ආචාර්ය ගුප්ත, ග්‍රාමීය ඉන්දියානුවන්ගේ නව නිපැයුම් හා අදහස් සඳහා උදාහරණ ගණනාවක් ඡායාරූප හා වීඩියෝ සහිතව ඉදිරිපත් කළා. බයිසිකල් හා අතින් ක්‍රියා කරන වතුර පොම්ප ඉන්දියාව පුරා ම හමුවනවා. එහෙත් ඒවා අසම්මත භාවිතයන්ට යොදා ගන්නට සිතන්නේ ටික දෙනකු පමණයි.

19 වන සියවසේ යුරෝපයේ නිපදවනු ලැබූ බයිසිකලය 21 වන සියවසේ ඉන්දියාවේ බහුවිධ ප්‍රයෝජන සඳහා යොදා ගන්නා සැටි අපූරුයි. දිය-ගොඩ දෙකේ ම ගමන් කරන බයිසිකලයක් බිහාරයේ මොහමඩ් සයිදුල්ලා නිපදවා තිඛෙනවා. ‘3 Idiots’ හරහා ජනප්‍රිය වූ රෙදි සෝදන යන්ත්‍රය හැරුණු විට බයිසිකල් තාක‍ෂණය යොදා ගෙන එළවළු කපන්නට, වතුර අදින්නට සරල උපකරණ ඉන්දියානුවන් තනා තිඛෙනවා.

“නව අදහස් හා නිපැයුම් කරන බොහෝ දෙනකු කථාවට වඩා වැඩට දක‍ෂ උදවියයි. ඔවුන් නිහඬව යම් දේවල් අත්හදා බලනවා. ඔවුන් බොහෝ විට තමන්ගේ හපන්කම් ගැන හඬ නගා කථා කරන්න කැමති නැහැ. ඔවුන් රැස්වීම් හා උත්සවවලට එන්නේත් කලාතුරකින්. මේ නිසා ගම් දනවු හරහා සැරිසරමින් හපන්කම් ඇති දක‍ෂයන් හ`දුනාගැනීම අවශ්‍ය වනවා!” ආචාර්ය ගුප්ත කියනවා.

හැම නව නිපැයුමක් ම මහා පරිමානයෙන් නිපදවා වෙළඳපොලට ගෙන ඒම අපහසුයි. එමෙන් ම ඇතැම් නිර්මාණ තව දුරටත් තාක‍ෂණය පැත්තෙන් හෝ සැළසුම්කරණය (design) පැත්තෙන් හෝ දියුණු කිරීම අවශ්‍යයි. මේ නිසා නවෝත්පාදනයට සමගාමීව ව්‍යවසාය (enterprise) හා ආයෝජනය (investment) යන සාධක දෙක ද ප්‍රවර්ධනය කළ යුතු බව ඔහු පෙන්වා දුන්නා. මේ සාධක තුන එක් තැන් වූ විට බිම් මට්ටමේ නව නිපැයුම්කරණය සඳහා උපකාර වන රන් ත්‍රිකෝණයක් බිහිවන බව ඔහුගේ මතයයි (‘golden triangle’ for grassroots creativity).

එහෙත් නව අදහස් ජනනය කරන හැම නිපැයුම්කරුවකුට ම ව්‍යාපාරික ඥානය නැති බවත්, වෙළඳපොලට ඒමට බොහෝ නිපැයුම්කරුවන්ට මගපෙන්වීම අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා. “සමහර නව නිපැයුම්කරුවන්ට තමන්ගේ නිපැයුම් මහා පරිමාණයෙන් නිපදවා, ප්‍රචාරණය කොට අලෙවි කළ හැකියි. එහෙත් ඔවුන් බහුතරයකගේ හැකියාව ඇත්තේ තාක‍ෂණ ගැටළු විසදීමට නිසා අප ඒ සඳහා ඔවුන්ට අවකාශය හා පහසුකම් සළසා දිය යුතුයි.”

එමෙන්ම තම බුද්ධිමය අයිතිය තහවුරු කර ගන්නට බිම් මට්ටමේ නිපැයුම්කරුවන්ට නීතිමය උපදෙස් හා උදවු අවශ්‍යයි. පොදු උන්නතියට කැමති නීතිඥයන්ගේ ස්වේච්ඡා දායකත්වය ඇතිව ඉන්දියාවේ මී මැසි ජාලය නව නිපැයුම් 550කට අධික සංඛ්‍යාවකට සාර්ථකව පේටන්ට් ලබා ගෙන තිඛෙනවා. ‘ඉන්දියාවේ ඇතැම් ප්‍රමුඛ පෙළේ විද්‍යා පර්යේෂණාගාරවලටවත් මෙපමණ පේටන්ට් සංඛ්‍යාවක් ලැබී නැහැ’. ගුප්ත ආඩම්බරයෙන් කියනවා.

ලංකාවේ නව නිපැයුම්කරුවන්ට සිය බුද්ධිමය දේපල රැක ගැනීමේදී නිලධාරිවාදය හා නීති රාමුව සමග ගනුදෙනු කරන්නට සිදු වනවා. ඔවුන්ට ද මෙසේ උපකාරවීමට රේ විජේවර්ධන භාරයට හැකි නම් කෙතරම් හොඳ ද?

නමුත් සරසවි හා රාජ්‍ය පර්යේෂණාගාරවලින් බැහැරව නව නිපැයුම් කරන බිම් මට්ටමේ ලාංකිකයන් සිටිනවා ද? ඔවුන් කවුද?

අනිල් ගුප්ත සිය සභාවේ සිටි 200කට අධික පිරිසට මේ ප්‍රශ්න ඉදිරිපත් කළා. ඊළඟට ඔහු කළේ මෙරට පසුගිය වසර කිහිපය තුළ පේටන්ට් මට්ටමට ළඟ වූ නව නිපැයුම් ගණනාවක ලයිස්තුවක් පෙන්වීමයි. ආරක‍ෂිත භූමිතෙල් කුප්පි ලාම්පුව ඒ අතරින් බොහෝ දෙනා දැන සිටි, වෙළඳපොලේ කලක සිට තිඛෙන නිපැයුමක්. එහෙත් ලයිස්තුවේ අනෙක් බොහෝ ලාංකික නිපැයුම් ඒ විද්වත් සභාවේ බහුතරයක් දැන නොසිටි බව පෙනී ගියා. ගුප්තගේ අනුමානය හරි. අපේ නව නිපැයුම්කරුවන් ගැන අපේ ඇගැයීම හා දැනුවත්කම ඉතා සීමිතයි.

“නව අදහස්, උපක්‍රම හා නිපැයුම් අත්හදා බලන ලාංකිකයන් එමට සිටිනවා. ඔවුන් බොහෝ දෙනකු ඉතා නිහඬව තම කාර්යයේ නියැලි අයයි. ඒ අයට මතු වන්නට ඉඩ දෙන්න. සමාජ මට්ටම්, අධ්‍යාපනික මට්ටම්, වයස හෝ ස්ත්‍රී-පුරුෂ භාවය බාධක කර ගන්න එපා! ඔවුන් සොයා ගෙන යන්න. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න. නමුත් ඔවුන්ගේ අසම්මත චින්තනය මොට නොකරන්න!”

නව නිපැයුම්කරුවන් දහස් ගණනක් සොයා ගත් ඉන්දියානු විද්වතාගේ මේ වටිනා ඔවදන් අපේ රටේ උගතුන්, නිලධාරීන් හා මාධ්‍යවේදීන් කුමන අයුරකින් පිළිගනී ද?

Prof Anil K Gupta rekindles the innovative spirit of Ray Wijewardene

Prof Anil K Gupta lights oil lamp in front of Ray Wijewardene photo before delivering Inaugural Ray Lecture in Colombo, 13 Dec 2011 - photo by Ruveen Mandawala

Ray Wijewardene was a man well ahead of his time, which might explain why he was not better understood and appreciated. He was also a systemic thinker who went to the root of problems and looked for elegant and efficient ways of solving them. He was not mesmerised by technology alone.”

With these words, an eminent Indian scholar paid tribute to the late Ray Wijewardene (1924 – 2010), whose website I helped design and launch a few weeks ago.

Dr Anil Kumar Gupta, a Professor at the Indian Institute of Management (IIM) in Ahmedabad, India, and Founder of the Honey Bee Network, spoke on “Grassroots Innovation for Inclusive Development: From Rhetoric to Reality” at the Institution of Engineers Sri Lanka (IESL) on 13 December 2011.

The IESL auditorium was packed to capacity, with more people standing and spilling over to the corridor. Anil Gupta gave an engaging talk that makes him the subcontinent’s foremost innovation-spotter. With inspiring examples and illustrations, he emphasized that grassroots innovations can provide a new ray of hope — provided we let them grow.

The lecture was organised by IESL and the Ray Wijewardene Charitable Trust (RWCT), set up to promote Ray’s legacy, and committed to nurturing innovation in Sri Lanka.

The Trust made an auspicious start by inviting Anil Gupta to deliver the first lecture in Ray’s memory. Gupta and Wijewardene were kindred spirits who stayed in touch over the years across the Palk Strait.

“It is a privilege for me and the Honey Bee Network to be invited for a lecture in honour of such an illustrious innovator, social change activist and thought leader of our sub-continent, and indeed the entire developing world,” Professor Gupta said when I first reached out to him a few months ago to invite for the lecture.

More coverage of the talk itself will follow, both on this blog and on Ray website.

17 Dec 2011: 3 Idiots and Honey Bee Network launch India’s Grassroots Innovators into New Orbit

The Nation, 18 Dec 2011: Anil Gupta’s Advice: Unleash Sri Lanka’s Grassroots Innovators!

Prof Anil Gupta delivers inaugural Ray Wijewardene memorial lecture in Colombo, 13 Dec 2011 - Photo by Ruveen Mandawala

Anil K Gupta is an unusual professor who walks the talk — and walks through the villages and slums of India in search of innovation. His mission is to ensure that grassroots innovators receive due recognition, respect and reward for their bright ideas. He also seeks to embed an innovative ethic in educational policy and institutions.

He founded the Honey Bee Network in 1986-87 “to promote a fair and responsible knowledge ecosystem”, where innovators can benefit by sharing their ideas. In the 1990s, he set up the Society for Research and Initiatives for Sustainable Technologies and Institutions (SRISTI) and Grassroots Innovation Augmentation Network (GIAN) both of which support the Honey Bee Network to scale up and convert grassroots innovations into viable products.

All three entities are partners of the National Innovation Foundation (NIF India), an autonomous body under the Department of Science and Technology in India. Since 2000, NIF has mobilized more than 160,000 innovations and traditional knowledge practices from all over India, and now holds the largest database of its kind in the world. Professor Gupta is Executive Vice Chair of the NIF, and is also a member of the National Innovation Council of India.

More images at http://www.facebook.com/RayWijewardene