සිවුමංසල කොලූගැටයා #259: වසර 25ක් පුරා සිදු වන විද්‍යුත් සංඛ්‍යාත කොල්ලය

Broadcast transmission tower

Broadcasting uses the electro-magnetic spectrum, a public resource. It is also a finite resource: there is only so much of the spectrum available for broadcasting and other uses such as telecommunications, emergency communications and military uses. And because it is a scarce resource, it is valuable.

In a landmark 1995 judgment, the Supreme Court of India held that the airwaves or frequencies in the electro-magnetic spectrum are a public property. Thus, their use had to be controlled and regulated by a public authority in the interests of the public and to prevent the invasion of their rights. Since the broadcast media involves the use of the airwaves, this factor creates an inbuilt restriction on its use, as in the case of any other public property.

Sri Lanka’s broadcast sector, which was a state monopoly for decades, was finally opened up for private sector participation in 1992. However, this decision was not accompanied by any specific laws or regulations; it has been an ad hoc process ever since. There are no clear rules nor any independent enforcement or regulatory mechanism. The broadcast licensing process remains undefined, opaque and discretionary on the part of the minister and officials in charge of media.

There are no published guidelines or criteria. In their absence, there is no legal provision to support public service media or community media through licensing. Licence issuing practices so far do not indicate any such interest. The private sector participation in broadcasting has been open only to business confidantes of various ruling parties that have been in office since 1990.

In this week’s Ravaya column (appearing in issue of 28 February 2016), I discuss the plundering of the electromagnetic spectrum in Sri Lanka and the resulting chaos in the broadcast sector. I quote former Media Ministry secretary Dr Charitha Herath and Colombo University mass media academic Dr Pradeep Nishantha Weerasinghe whose masters degree thesis analysed the early years of broadcast sector ‘liberalization’ in Sri Lanka during the 1990s.

See also:

BBC Online: Profile of Sri Lanka’s media

Political economy of the electronic media in Sri Lanka by Tilak Jayaratne and Sarath Kellapotha (2012)

Electromagnetic Spectrum
Electromagnetic Spectrum

කොළඹ කොටුවේ, කොල්ලූපිටියේ හෝ බම්බලපිටියේ වාණිජ වශයෙන් ඉතා ඉහළ ඉඩම් වටිනාකමක් පවතින ප‍්‍රදේශයකින් රජයට (එනම් මහජනයාට) අයත් අක්කර සිය ගණනක් කිසිදු ගෙවීමකින්/අය කිරීමකින් තොරව රජයට හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට දිගු කාලීන කුලී ක‍්‍රමයට පවරා දුන්නා යයි සිතන්න.

 

ලිපි ලේඛන සැකසීම රහසේ කළත් එම ඉඩම්වල ව්‍යාපාරික ක‍්‍රියා අරඹන විට එළිපිට කළ යුතු නිසා ජන අවධානය නිතැතින් යොමු වනවා. එවිට එම ඉඩම් කුමන පදනමක් මත එසේ පැවරුවාද යන්න ගැන මාධ්‍යවල හා පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කළ හැකි වනවා.

මෙකී කල්පිත තත්ත්වයට සමාන්තර රියාදාමයක් දැන් වසර 25 පමණ කාලයක් මෙරට සිදු වෙමින් තිබෙනවා. නියත වශයෙන්ම මෙරට මහජනයාට අයත් සම්පතක්, කිසිදු රමවේදයක් නොමැතිව 1990 සිට බලයේ සිටි එජාප, රීලනිප හා හවුල් රජයන් විසින් තමන්ගේ ගජමිතුරු ව්යාපාරිකයන්ට නොමිලයේ දී තිබෙනවා.

ඒවා ලද ව්‍යාපාරිකයෝ කිසිදු හිරිකිතයකින් තොරව ප‍්‍රසිද්ධියේ හා බොහෝ විට සංදර්ශනකාමී ලෙසින් එම සම්පත යොදා ගෙන ව්‍යාපාර කරනවා. එයින් කෝටි ගණන් ලාබ ලබනවා. එපමණක් නොව ඔවුන් රටේ දේශපාලනයට, සංස්කෘතියට හා ජන ජීවිතයට ප්‍රබල බලපෑම් ද කරනවා.

හැම රජයක් යටතේම දිගින් දිගටම සිදු වන මේ මහජන සම්පත් මංකොල්ලය ගැන රටේ මහජනයාට, සිවිල් සමාජ සංවිධානවලට, වෘත්තිකයන්ට හෝ පාර්ලිමේන්තුවට බැලූ බැල්මට තැකීමක් නැහැ. අඩු තරමින් මෙබඳු කොල්ලයක් සිදු වනබවට හෝ ඇති තරම් අවබෝධයක් නැහැ.

අප මේ කතා කරන්නේ ඇසට නොපෙනෙන, ස්පර්ශයට හසු නොවන මහජන සම්පතක් වීම එයට මූලික හේතුවයි. නොපෙනෙන දෙයක් අගයන්නට හා රැක ගන්නට අප බොහෝ දෙනකු පෙළඹෙන්නේ නැහැ.

කුමක්ද මේ සම්පත?

එය විද්‍යුත් චුම්බක වර්ණාවලියයි (Electro-magnetic Spectrum). එය භෞතික විද්‍යාවේ මූලික සංසිද්ධියක්. තොරතුරු සමාජයට හා මාධ්‍ය කර්මාන්තයට අතිශයින් වැදගත්ල නැතිවම බැරි සම්පතක්. එසේම නිශ්චිත සීමාවන් ඇති සම්පතක්.

අපට ඇසට පෙනෙන ආලෝකය ද ඇතුළු බොහෝ ස්වාභාවික තරංගයන් මේ වර්ණාවලියේ විවිධ පරාසයන්ට අයත්. වර්ණාවලියේ එක් එක් තැන්වල විවිධාකාර තරංග හමු වනවා. සංඛ්‍යාතය අඩු රේඩියෝ තරංගවල සිට සංඛ්‍යාතය වැඩි ගැමා කිරණ දක්වා වර්ණාවලිය විහිදෙනවා. මේ අතර මයික්‍රෝ තරංග, අධෝරක්ත ආලෝකය, පරාජම්බුල ආලෝකය, X-කිරණ ආදිය ද වනවා. මේ සියල්ල අවකාශය හරහා ගමන් කිරීමට සමත්.

අපට ප‍්‍රකෘති ඇසට පෙනෙන්නේ වර්ණාවලියෙන් සාපේක්ෂව කුඩා කොටසක් වන සූර්යාලෝකය පමණයි. (එහිද වර්ණ හතක් එකට මිශ‍්‍රව තිබෙනවා. දේදුන්නක් බිහි වන විට තාවකාලිකව වෙන් වී පෙනෙන්නේ මේ වර්ණ හතයි.)

වර්ණාවලියේ ඇතැම් තරංග යොදා ගනිමින් දුරස්ත සන්නිවේදනය කළ හැකි බව 19 වන සියවසේදී භෞතික විද්‍යා පර්යේෂණවලින් සොයා ගනු ලැබුවා. මෙයට දායක වූ විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් රැසක් සිටියා.

මේ සොයා ගැනීම් මත පදනම් වී රේඩියෝ විකාශයන් 20 වන සියවසේ මුල් දශක දෙකෙහිදී ඇරඹුණා. ඊට ටික කලකට පසු තරංග හරහා ශබ්දය හා රූප දෙකම යැවීමේ ටෙලිවිෂන් තාක්ෂණය භාවිතයට ආවා. රැහැන් රහිතව දුරකතන සංඥා යැවීමට වර්ණාවලියේ තරංග යොදා ගැනීම ගැන 1950 ගණන්වල සිට කළ අත්හදා බැලීම් නිසා 1980 දශකය වන විට ජංගම දුරකතන සේවාද බිහි වුණා.

දුරකතන (කථාබහ හා දත්ත) සන්නිවේදනය, විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනය, ආපදා සන්නිවේදනය, ගුවන්යානා සහ නැව් සමග සන්නිවේදනය මෙන්ම හමුදාමය සන්නිවේදන සඳහාත් වර්ණාවලියේ විවිධ කොටස් බෙදා වෙන් කොට තිබෙනවා. මේ සඳහා ලොව සියලූ රටවල් එක්ව ජාත්‍යන්තර සම්මුති පිහිටුවා ගෙන තිබෙනවා.

එසේ නොකළොත් වර්ණාවලිය කාටවත් වැඩක් ගත නොහැකි පරිදි ව්‍යාකූල වූ මහා ගාලගෝට්ටියක් වනවා. ලෝක සම්මුතීන් දේශීය මට්ටමෙන් ක‍්‍රියාත්මක කිරීමට හා නිසි ලෙස නියාමනය කිරීමට හැම රටකම රාජ්‍ය ආයතනයක් තිබෙනවා. අපේ රටේ මේ වගකීම දරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමයි (TRCSL).

මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය (රේඩියෝ, ටෙලිවිෂන්) අතර ප‍්‍රධාන වෙනසක් තිබෙනවා. ප‍්‍රාග්ධනය සපයා ගත හැකි ඕනෑම අයකුට පුවත්පතක් හෝ සඟරාවක් ඇරැඹිය හැකියි. එහෙත් කිසිවකුට හිතුමතයට රේඩියෝ හෝ ටෙලිවිෂන් සේවාවක් පටන් ගන්න බැහැ. රටේ තිබෙන සංඛ්‍යාත පරාසය (Frequency Spectrum) සීමිත වූ මහජන සම්පතක්. එයින් සංඛ්‍යාත කිහිපයක් ලබා ගැනීමට TRCSL හරහා යා යුතුයි. එසේ නොමැතිව විකාශයන් කිරීම නීතිවිරෝධීයි.

විද්‍යුත් මාධ්‍ය ආයතන ඇරැඹීමට බලපත් ලබා දෙන්නේ මාධ්‍ය අමාත්‍යාංශයයි. මේ බලපත් ලබා දෙන නිසි, විවෘත ක‍්‍රමවේදයක් ගෙවී ගිය වසර 25 පුරාම විවිධ රජයන් යටතේ සකස් කෙරී නැහැ.

බලපත් ලබන සමාගම් ඉනික්බිති TRCSL වෙතින් විකාශය සඳහා සංඛ්‍යාත ලබා ගත යුතුයි. මේ සංඛ්‍යාත ලබාදීමේ ක‍්‍රමවේදය හා මෙතෙක් දුන් සංඛ්‍යාත පිළිබඳ විස්තර ඔඍක්‍ වෙබ් අඩවියේ තිබෙනවා. www.trc.gov.lk/spectrum-management/spectrum-management-in-sri-lanka.html

‘‘රටක සංඛ්‍යාත පරාසය සීමිතයි. එසේම එය පොදු දේපළක්. සංඛ්‍යාත පුද්ගලයන්ට හෝ සමාගම්වලට අයිති නැහැ. රජය යනු මේ පොදු දේපළහෙි භාරකරුවායි. භාරකරුවා ලෙස රජය කළයුත්තේ සංඛ්‍යාතයන් කුලියට හෝ බද්දට දීම මිස කිසිවකුට ඒවා සින්නක්කරයට දීම නොවෙයි. එහෙත් අපේ සංඛ්‍යාත බෙදා දීම කිසිදු පිළිවෙළකට සිදුවී නැහැ. මෙය විධිමත් කිරීමට නව පනතක් අප කෙටුම්පත් කළත් එය සම්මත කර ගන්නට හැකිවූයේ නැහැයැ’යි 2012-14 කාලයේ මාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස ක‍්‍රියා කළ ආචාර්ය චරිත හේරත් කියනවා.

එසේම තම සේවා කාලයේ අලූත් විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර කිසිවක් නොදුන් බවත් ඔහු පෙන්වා දෙනවා. පවතින අවුල ලෙහා ගැනීම අමාරු වැඩක්. එය තවත් ව්‍යාකූල නොවීමට නම් නිසි ක‍්‍රමවේදයක් බිහි කරන තුරු අලූත් බලපත් හෝ සංඛ්‍යාත කිසිවක් නොදීම ඉතා වැදගත්.

රාජ්‍ය ඒකාධිකාරය නිමා කරමින් පෞද්ගලික සමාගම්වලටද රේඩියෝ හා ටෙලිවිෂන් සේවා කිරීමට ඉඩ ලැබීම ගැන මාධ්‍ය ග්‍රාහකයෙක් ලෙසා මා එදත් අදත් සතුටුයි. එහෙත් එය සිදු වී ඇති ආකාරය ඉතා ගැටලු සහිතයි.

මේ ගැන ගවේෂණය කළ අයෙක් නම් කොළඹ සරසවියේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රදීප් නිශාන්ත වීරසිංහ. වසර 2000දී ඔහු නිම කළ ශාස්ත‍්‍රපති උපාධි නිබන්ධයට තේමා වූයේ 1990 දශකයේ මෙරට විද්‍යුත් මාධ්‍ය ප‍්‍රතිපත්තියයි. මහජනයාට අයත් වර්ණාවලිය ගජමිතුරන්ට බෙදා දීම ඇරඹුණේ ඒ කාලයේයි.

1988 ජනාධිපතිවරණය හා 1989 මහ මැතිවරණය ජය ගත් එක්සත් ජාතික පක්ෂය කැම්පේන් වකවානුවේ ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල මාධ්‍ය ගැන එතරම් සඳහනක් හමු වූයේ නැහැ. 1989දී උතුරේත්, දකුණේත් සන්නද්ධ තරුණ අරගල උත්සන්න වීම නිසා පුවත් වාරණය, පුවත් තහනම් කිරීම හා මාධ්‍ය ආයතන කෙරෙහි ඍජු හා අනියම් රාජ්‍ය බලපෑම් කිරීම සිදු වූ සැටි ප‍්‍රදීප් සිහිපත් කරනවා.

1989 අගදී පැවැත් වූ සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වූ ප‍්‍රධාන කරුණු 7ක් අතර ජනමාධ්‍ය ස්වාධීනත්වය ද වූවා. ජවිපෙ හා එල්ටීටීඊය සහභාගි නොවූ මේ සාකච්ඡා අක‍්‍රියවීමේ අවදානම මතු වුණා. එහිදී ප‍්‍රධාන යෝජනා ලෙස බලය බෙදා හැරීම, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ, සුළු ජන නියෝජනය, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආදිය ගැන නිසි පියවර ගැනීමට නොහැකි වූ පසුබිම තුළ ඉක්මනින් කළ හැකි යමක් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා සෙවූ බව ප‍්‍රදීප්ගේ තර්කයයි. එවකට සිටි ප‍්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම් හා ප‍්‍රවෘත්ති ඇමතිවරයා හරහා මෙය තහවුරු කර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය කඩිනමින් ඇරඹීමට ජනාධිපතිවරයා 1990දී තීරණය කළා. ‘ඔහු මේ තීරණය පෞද්ගලිකවම ගෙන ඇති අතර ඒ පිළිබඳව සිය කැබිනට් මණ්ඩලය තුළ පවා සාකච්ඡා කළ බවට සාක්ෂි හමු නොවේ. එම තීරණය ගැනීමෙන් සර්ව පාක්ෂික සමුළුවෙන් ඉදිරිපත් වූ යෝජනා එකින් එක ක‍්‍රියාත්මක කරමින් සිටින බවත්, තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයෙක් බවට පෞරුෂයක් ගොඩ නගා ගැනීමට පේ‍්‍රමදාස ජනාධිපතිවරයා එම තීරණය හරහා උත්සාහ ගත් බවත් පෙනේ. මෙයින් පැහැදිලි වන්නේ 1990දී ශ‍්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට ගත් තීරණය දේශපාලන අවශ්‍යතා මත ගත් දේශපාලන තීරණයක් බවයි.’ ප‍්‍රදීප් කියනවා.

පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය සඳහා අවසර දීමට බලතල පවරා 1990 මාර්තු 14දා ජනාධිපතිවරයා කමිටුවක් පත් කළා. එහි සභාපති වූයේ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ එවකට ලේකම් කේ. ඒ. එස්. ගුණසේකරයි. අධ්‍යාපන, තැපැල් හා විදුලි සංදේශ, සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ හා ආරක්ෂක අමාත්‍යාංශවල ලේකම්/අතිරේක ලේකම්වරුත්, ජනාධිපති සහකාර ලේකම්වරයකුත්, ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ ලිවි විජේමාන්නත් එහි සාමාජිකයන් වුණා.

මේ කමිටුව මාස 16ක් පුරා කතා කළත් සලකා බලා ඇත්තේ කරුණු තුනක් ගැන පමණයි. එනම්: රටේ ආරක්ෂක තත්ත්වයට විය හැකි බලපෑම්ත රටේ විදුලි සංදේශ සංඥා පද්ධතියට වන බලපෑම්ත හා බලපත‍්‍ර ලබාදීමට සුදුසු පුද්ගලයන් හා ආයතන.

රටේ පෞද්ගලික විද්යුත් මාධ් ඇරඹීමේ අවශ්යතාව ගැන හෝ ඇති විය හැකි සමාජ බලපෑම් පිළිබඳව හෝ මහජන අදහස් විමසීමක් කර නැහැ. විශේෂඥ උපදෙස් ලබා ගෙනද නැහැ.

‘මෙහිදී ප‍්‍රතිපත්ති සම්පාදනයක් සිදු වී නැති අතර අවසර දෙන ආයතන තෝරා ගැනීමේ කමිටුවක් පමණක් වූ බව පෙනේ’ යැයි ප‍්‍රදීප් කියනවා.

1992 අපේ‍්‍රල් 1 වැනිදා කේ. ඒ. එස්. ගුණසේකර කමිටුව විසින් ගුවන්විදුලි සංස්ථා පනතේ හා රූපවාහිනී සංස්ථා පනතේ බලතලවලට අනුව සමාගම් දෙකකට අවසරය ලබා දුන්නා. එනම් සීමාසහිත කලම්බු කමියුනිකේෂන් සමාගම හා සීමාසහිත ටෙල්ශාන් සමාගමයි.

මෙයින් කලම්බු කමියුනිකේෂන්හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වූයේ ලිවි විජේමාන්නයි. ජනාධිපති පේරමදාසගේ සමීපතමයකු වූ ඔහු අවසර දෙන කමිටුවේද සාමාජිකයකු වීම කෙතරම් සදාචාර සම්පන්නද?

එසේම ටෙල්ශාන් සමාගමේ සභාපති වූයේ පේ‍්‍රමදාස රජයේ සභානායක වූ රනිල් වික‍්‍රමසිංහගේ සහෝදර ශාන් වික‍්‍රමසිංහයි. මොහු 1979දී ITN Sri Lanka ඇරඹීමට හවුල් වූ මෙරට ටෙලිවිෂන් පුරෝගාමියෙක්.

1992 අගෝස්තු 7 වනදා සීමාසහිත මහාරාජා සමාගමටද බලපත‍්‍ර දෙනු ලැබුවා. එයද පේ‍්‍රමදාස ජනාධිපති සමග සමීප සබඳතා තිබූ ව්‍යාපාරික සමාගම් සමූහයක්.

ලිවී විජේමාන්නම කියා ඇති පරිදි අවසරය ලැබෙන විට කලම්බු කමියුනිකේෂන් සමාගම පිහිටුවා තිබුණේද නැහැ. එය ලියාපදිංචි කොට ඇත්තේ 1992 අපේ‍්‍රල් 27 වනදායි!

‘මෙයින් පැහැදිලි වන්නේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ඇරඹීමේ තීරණය ක‍්‍රියාත්මක වූයේද කරුණු සොයා බැලීමෙන් තොරව ඉතා කඩිනමිනි.’ යයි ප‍්‍රදීප් කියනවා.

මේ බලපත‍්‍ර දීමට කිසිදු ආකාරයක ප‍්‍රසිද්ධ ඉල්ලූම්පත් කැඳවීමක් සිදු වූයේ නැහැ. කිසිදු මුදලක් රජය විසින් අය කර නැහැ. බලපත‍්‍ර වලංගු කාල සීමාවක් ද සඳහන් නැහැ. බලපත‍්‍රලාභීන්ට තිබූ එකම කොන්දේසිය වූයේ ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය නොකිරීම පමණයි. (1994 බලයට පත් චන්ද්‍රිකා රජය එම සීමාව ද ඉවත් කළා.)

විද්‍යුත් මාධ්‍ය රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේදී තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංග වන විවෘතභාවය, පැහැදිලි ලෙස ප‍්‍රකාශ වීම හා ජනතා සහභාගිත්වය යන සාධකවලින් එකක්වත් 1990-92 වකවානුවේ ක‍්‍රියාත්මක වූයේ නැහැ.

1988-93 වකවානුවේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ස්වරූපය ගැන යුක්තිය පුවත්පතට ලියූ ලිපියක කුසල් පෙරේරා මාධ්‍ය විචාරකයා මෙසේ කියා තිබෙනවා:

‘‘1988න් පසු පේ‍්‍රමදාස යුගය මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ද්විත්ව මුහුණුවරක් ඉසිලූ යුගයක් විය. මෙරට ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ පැහැදිලි හා නින්දිත දේශපාලන මැදිහත් වීම් අප දුටුවේ මේ වකවානුවේදීය. රාජ්‍ය ස්ථාපිත හා රාජ්‍ය ගත මාධ්‍යයන්හි මාධ්‍යවේදීන් ඕනෑම රාජ්‍ය ආයතනයක සේවකයන් මෙන්ම රජයේ සේවකයන් විය. මෙම ප‍්‍රවණතාව එක පැත්තකින් වර්ධනය වූ අතර අනෙක් පැත්තෙන් මෙරට පළමුවරට විද්‍යුත් මාධ්‍ය රාජ්‍ය පාලන ප‍්‍රතිපත්තියෙන් බැහැරව බාහිර ප‍්‍රාග්ධනය සමග පෞද්ගලික විකාශන ආරම්භ වූයේ මේ යුගයේදීය. එය ප‍්‍රතිවිරෝධී බලවේග දෙකක ගැටුමක් විය.’’

තවත් සමාගම් විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයට පිවිසීමට රජයට ඉල්ලූම් කළ නිසා ඒ ගැන සොයා බලා නිර්දේශ කිරීමට ජනාධිපති ඞී. බී. විජේතුංග 1993 අගෝස්තු 20 වැනිදා තවත් කමිටුවක් පත් කළා. ජනාධිපති අතිරේක ලේකම් චන්ද්‍ර වික‍්‍රමසිංහ සභාපති වූ එම කමිටුව පිටු හතක වාර්තාවක් සම්පාදනය කරනු ලදුව ජනපතිවරයා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

විකාශන අධිකාරියක් පිහිටුවීමට පනතක් සකස් කරන්නට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට මේ වාර්තාව යැවීමට අමාත්‍යවරුන් අනුමැතිය දුන්නා. එයින් පසු යෝජිත නීතියට සිදු වූ දෙය වෙනම කතා කළ යුතුයි.

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය විධිමත් කිරීමට හා වර්ණාවලිය නම් අති වටිනා මහජන සම්පත තව දුරටත් දේශපාලන හා ව්‍යාපාරික ගජමිතුරන් අතර බෙදා ගැනීම නතර කිරීමට කුමක් කළ හැකිද?

මේ ගැන ලබන සතියේ වැඩිදුර කතා කරමු.

 

 

 

 

 

What would (Sri Lanka’s first press baron) D R Wijewardene do if he confronted today’s media realities?

Nalaka Gunawardene speaks at D R Wijewardene memorial event on 26 February 2016 - Photo by Sam de Silva
Nalaka Gunawardene speaks at D R Wijewardene memorial event on 26 February 2016 – Photo by Sam de Silva

This week, I was asked by Sri Lanka’s oldest newspaper publishing house — Associated Newspapers of Ceylon Limited, or Lake House — to chair a panel discussion on ‘Survival and Evolution of Newspapers in the Digital Age’.

The event marked the 130th birth anniversary of Lake House founder and Sri Lanka’s first press baron, D R Wijewardene (1886 – 1950). It was held at the Lakshman Kadirgamar Institute in Colombo.

My panel comprised: communications scholar and former telecom regulator Prof Rohan Samarajiva; senior journalist Hana Ibrahim; Sri Lanka Press Institute’s CEO Kumar Lopez, and political scientist Sumith Chaaminda of Verite Research.

We had a lively discussion exploring the challenges faced by print publishers everywhere, and what solutions are relevant, viable and affordable for a majority of small scale publishers without deep pockets.

Here is an excerpt from my opening remarks (full text to be published soon as an op-ed article):

In the absence of independently audited circulation figures, we cannot be certain how well – or poorly – our newspapers are selling today. But indications are not promising. I have been involved in a state of the media study for the past year (due to be released in May 2016), and there is evidence that market survival is a big struggle for many smaller publishers.

More and more Lankan newspapers are being kept alive not to make any profit, but for influence peddling and political purposes. And in at least one case, the co-operatively owned Ravaya, reader donations were actively solicited recently to keep the paper alive.

Worldwide, print journalism’s established business models are crumbling, with decades-old publications closing down or going entirely online (The Independent newspaper in the UK is the latest to do the latter). Advertisers usually follow where the eyeballs are moving.

So what would D R Wijewardene do if he confronted today’s realities of gradually declining print advertising share and readers migrating to online media consumption? How might he respond by going back to his founding goals of political action and social change through the 3 Ps – the Press, Parliament and Platform – as important instruments of political action?

My guess is that he would invest in radio and/or television, with a strong digital integration. He might even find a viable income stream from digital and online publishing without locking up public interest content behind pay-walls.

We can only speculate, of course. Perhaps the more pertinent question to ask is: where are the budding D R Wijewardenes of the 21st Century? What are their start-ups and how are their dreams unfolding? Are they trying to balance reasonable profits with public interest journalism?

In my view, the biggest decider of success or failure – today, as it was a century ago – is not the medium, but the message. To put it more bluntly, it’s credibility, stupid!

Prof Rohan Samarajiva speaks at D R Wijewardene memorial event, 26 Feb 2016
Prof Rohan Samarajiva speaks at D R Wijewardene memorial event, 26 Feb 2016

සිවුමංසල කොලූගැටයා #258: සමාජ මාධ්‍ය මොනවාදැයි නොදැන ඉබාගාතේ දොස් කියන්නෝ

Social media bashing is a popular sport among media critics and others in Sri Lanka. Sadly, some have no clear idea what social media is (and isn’t), thus conflating this category of web content with others like news websitea and gossip websites.

In this week’s Ravaya column (appearing in issue of 21 February 2016), I try to explain this basic categorization along with a brief history of the web and web 2.0. I also reiterate the basic user precautions for social media users where the motto us: user beware!

Digital futures

“බලන්න මේ සමාජ මාධ්‍යකාරයන්ගේ කසි කබල් ගොසිප්වල හැටි! මාධ්‍ය ආචාර ධර්ම රකින්නෙ කොහොමද මේ රොත්ත එක්ක?”

මෑතදී එසේ මට කීවේ අප අතර සිටින ප්‍රවීන හිටපු පත්‍ර කතුවරයෙක්. ඔහු එයට උදාහරණ ලෙස ඕපාදූප පළ කරන ජනප්‍රිය දේශීය පුවත් වෙබ් අඩවි කිහිපයක නම් කීවා. එහෙත් ඉන් එකක්වත් සමාජ මාධ්‍ය (social media) නොවෙයි.

සමාජ මාධ්‍ය හෙවත් වෙබ්ගත සමාජ ජාලවලට දොස් පැවරීම දැන් විලාසිතාවක් වෙලා. රටේ සිදු වන ළමා අපචාර, ලිංගික අපරාධ, සිය දිවි නසා ගැනීම් මෙන් ම, තමන් නොරිසි ප‍්‍රතිඵල ගෙන දෙන දේශපාලන පෙරළිවලදී පවා සමහරුන් වගකීම පවරන්නේ ෆේස්බුක් ප‍්‍රධාන සමාජ මාධ්‍යවලටයි.

2015 අග වන විට ෆේස්බුක් ගිණුම් මිලියන් 1,500ක් පමණ ලොව රටවල් 150කට වැඩි සංඛ්‍යාවක විසිරුණු ජනයා විසින් අරඹා තිබුණා. මේ අතර ලාංකිකයන් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම් මිලියන් 3ක් පමණ ද තිබෙනවා.

“අපේකම” නැති කිරීමේ සූක්ෂම විජාතික කුමන්ත‍්‍රණයක කොටසක් ලෙසත් සමහරුන් සමාජ මාධ්‍ය දකිනවා. පිටරටින් ආ දෙයක් නිසාත්, බටහිර රටවලින් පැන නැගුණු නිසාත් ෆේස්බුක් සැක කරන අය අතර නිරතුරු එහි සැරිසරන උදවිය මෙන්ම කිසිදා එහි නොගිය, එය කුමක්දැයි හරිහැටි නොදන්නා අයත් සිටිනවා.

සමාජ මාධ්‍යවලට මෙතරම් බිය වන්නේත්, දොස් තබන්නේත් ඇයි? මේ භීතිය නියෝජනය කරන්නේ ගතානුගතිකත්වය හා නූතනත්වය අතර සදාකාලික ගැටුම ද?

අලූතෙන් නැතිනම් සාපේක්ෂව මෑතදී මතුව ආ සන්නිවේදන තාක්ෂණයන් හා මාධ්‍යයන් කරුණු විමසීමකින් පවා තොරව, ගෙඩි පිටින් හෙළා දැකීම අපේ සමහරුන්ගේ සිරිතයි. චිත‍්‍රකතා, ටෙලිවිෂන්, ජංගම දුරකථන, ඉන්ටර්නෙට් වැනි හැම රැල්ලකට ම එරෙහිව අවිචාරශීලී විරෝධතා එල්ල වුණා. මේ සම්ප‍්‍රදායේ අලූත්ම ඉලක්කය වී ඇත්තේ වෙබ්ගත සමාජ මාධ්‍යයි.

16 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

 28 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

සමාජ මාධ්‍ය මොනවා ද කියා හරිහැටි නොදන්නා හෝ නිරවුල් අවබෝධයක් නැති අයත් මෙසේ විවේචන එල්ල කිරීම හාස්‍යජනකයි. එවන් අය අතර පොතේ උගත්තු, පූජකයන් සහ ජන මතය හසුරුවන චරිතයන් ද සිටිනු දැකීම ඛේදජනකයි.

වෙබ් අවකාශය ගැන විවේචනයක යෙදීමට පෙර අඩු තරමින් එහි මූලික ගති සොබා හා එතුළ හමු වන අන්තර්ගතයේ මුල් පෙළේ වර්ගීකරණය ගැන මූලික වැටහීමක් හෝ තිබීම වැදගත්.

ගෙවී ගිය 2015 වසරේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයන්, සරසවි සිසුන්, මාධ්‍යවේදීන් ඇතුලූ ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට සමාජ මාධ්‍ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා දෙන්නට මා දේශන පැවැත්වූවා. ඔවුන් සමග කළ සංවාද වලින් හෙළි වූයේ නිතර දෙවේලේ සමාජ මාධ්‍ය භාවිත කරන සමහරුන්ට පවා ඒවායේ සීමා පරාසයන් ගැන හරි වැටහීමක් නොමැති බවයි.

වෙබ් (World Wide Web) කියන්නේ ඉන්ටර්නෙට් අවකාශයේ අන්තර්ගතයන් (හුදෙක් අංක හා සංකේතවලට සීමා නොවී) රූපමය ආකාරයෙන් බැලිය හැකි, කතු කළ හැකි පහසුකමටයි. 1969 සිට සීමිත මිලිටරි හා පර්යේෂක භාවිතයන් සඳහා ඉන්ටර්නෙට් ජාල ගොඩ නැගුණත් එය පුළුල්ව සමාජගත වීමට උදවු වුණු වෙබ් පහසුකම නිපදවනු ලැබුවේ 1989දී.

එතැන් පටන් ටිකෙන් ටික ලෝක ව්‍යාප්ත වූ වෙබ් අවකාශයට මුදල් ගෙවා ලබාගන්නා ගිණුමක් හරහා සම්බන්ධ වීමේ හැකියාවේ ශී‍්‍ර ලංකාවේ උදා වූයේ 1995දී. ඒ අනුව ඉන්ටර්නෙට් මෙරටට පැමිණ දැන් වසර 21ක් පිරීමට ආසන්නයිග

මුල් වසර කිහිපයේ වෙබ් සබඳතාවල වේගය ඉතා අඩු වූ නිසා අකුරුවලින් ඔබ්බට ගිය රූප, ශබ්ද හා වීඩියෝ ආදියට ප‍්‍රවේශ වීමට හැකි වූයේ නැහැ. මේ තත්ත්වය ටිකෙන් ටික හොඳ අතට පෙරැලූනේ 2004 පමණ පටන් පුළුල්පථ (Broadband) ඉන්ටර්නෙට් සේවා ව්‍යාප්ත වීමත් සමගයි.

ඒ අනුව වඩාත් විචිත‍්‍ර වෙබ් අන්තර්ගතයන්ට පිවිසීමටත්, ඒවා බෙදා ගන්නටත් හැකි වූවා. ඒ සමගම අන්තර් කි‍්‍රයාකාරීත්වය වැඩි වීමටත්, භාවිත කිරීමේ ලෙහෙසිය ඉහළ යාටමත් පටන් ගත්තා.

සමාජ මාධ්‍ය ලෙස පොදුවේ හඳුන්වන වෙබ් භාවිතයන් ප‍්‍රචලිත වීම ඇරඹුණේ පුළුල්පථ සේවා පැතිරීමත් සමගයි. ඒ අනුව Facebook 2004දීත්, YouTube 2005දීත් ක්ෂුද්‍ර පණිවුඩ හුවමාරුවක් ලෙස Twitter 2006දීත් අප අතරට ආවා.

Social-Media-for-Marketing

මුලදී ටික දෙනෙකු පමණක් සම්බන්ධ වූ මේ නොමිලයේ ලැබෙන සමාජ මාධ්‍ය සේවාවන් වඩාත් ජනපි‍්‍රය වුයේ සිංහල හා දෙමළ භාෂා වලින් ද ඒවායේ අන්තර්ගතය කියැවීමට හා ලිවීමට හැකි වූ පසුයි.

සමාජ මාධ්‍ය බිහි වී සීඝ‍්‍රගාමීව පරිනාමය වන අතරේ එයට සමාන්තරව වෙනත් වෙබ් ප‍්‍රවණතා ද ඉදිරියට ගියා.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන ධාරාවේ පුවත්පත් සිය වෙබ් අඩවි බිහි කිරීම පටන් ගත්තේ 1995 සැප්තැම්බරයේ (ඬේලි නිවුස් හා සන්ඬේ ඔබ්සවර් පත‍්‍රවලින්). මේ වන විට වෙබ් හරහා පමණක් පුවත් ආවරණය කරන, පුවත් වෙබ් අඩවි ගණනාවක් බිහිව තිබෙනවා. LBO, Asian Mirror, Lanka eNews ඇතුලූ මෙබඳු පුවත් වෙබ් අඩවි රැසක් තිබෙනවා.

මේවා වැටුප් ලබන මාධ්‍යවේදීන් අතින් සම්පාදනය කැරෙන, ව්‍යාපාරික මට්මින් පළ කැරෙන මාධ්‍ය ගොන්නටම වැටෙනවා. එකම වෙනස ඔවුන් පළ කිරීමට යොදා ගන්නා මාධ්‍යය පමණයි.

මෙම පුවත් වෙබ් අඩවි හෝ එම ආකෘතියම අනුකරණය කරමින් බිහිව ඇති ගොසිප් ( ඕපාදූප) වෙබ් අඩවි හෝ කිසිසේත්ම සමාජ මාධ්‍ය ගණයට වැටෙන්නේ නැහැ. මේ සංකල්පීය නිරවුල් බව ඉතා වැදගත්.

සමාජ මාධ්‍ය භාවිත කරන මිලියන් ගණනක් ලක් ජනයා අතරින් ටික දෙනකු කරන මෝඩ වැඩ හෝ අසැබි වැඩ නිසා සමස්ත සමාජ මාධ්‍යවලටම (වැඩිපුරම ෆේස් බුක් එකට) දොස් පවරන්නේ ඇයි?

පත්තරයක්, ටෙලිවිෂන් හෝ රේඩියෝ සේවාවක් නීති විරෝධී හෝ සදාචාර විරෝධී යමක් කළොත් එහි වගකීම දරන්නට හා දොස් අසන්නට නිශ්චිත හිමිකරුවන්, කළමනාකරුවන් හා කතුවරුන් සිටිනවා. එහෙත් සමාජ මාධ්‍ය යනු එවන් ජන මාධ්‍යයක් නොව සන්නිවේදන වේදිකාවක් පමණයි.

Texts, Internet and Social Media - gifts from God, says Pope, 22 Jan 2016
Texts, Internet and Social Media – gifts from God, says Pope, 22 Jan 2016

සයිබර් සංකල්ප විස්තර කිරීමට මා ඇතැම් විට භෞතික ලෝකයේ උපමිතීන් යොදා ගන්නවා.

ගාලූ මුවදොර පිටියට ගොස් ජනකායක් මැද කිසිවකු මුහුදට පැන දිවි නසා ගත හොත් පිටියට පරිපාලන වශයෙන් වග කියන ආයතනය එම කි‍්‍රයාවට දොස් අසන්නේ නැහැ.

කි‍්‍රකට් තරගයක් නරඹන තිස් දහසක් පේ‍්‍රක්ෂකයන් අතරින් එක් අමනයෙක් පිටියට දුම් බෝම්බයක් වීසි කළොත් පිටියේ පරිපාලකයින් එයට වගකිව යුතු යයි කිසිවකු නොකියනු ඇති.

සමාජ මාධ්‍ය ද මෙසේ විසල් හා විවිධ ජනකායක් ගැවසෙන ස්ථානයි. එම සයිබර් වේදිකා පරිපාලනය කරන ෆේස්බුක් වැනි සමාගම්වලට හැක්කේ තාක්ෂණකිව මනා ලෙස කි‍්‍රයා කරන, සයිබර් ප‍්‍රහාර වලට ඔරොත්තු දීමේ හැකියාව ඇති අවකාශයක් පවත්වා ගැනීමයි. එයින් ඔබ්බට එම වේදිකාවට ගොඩ වන සෑම අයකුම කියන හෝ බෙදා ගන්නා හෝ වචන, රූප හා වීඩියෝ බිලියන් ගණනක් නිරතුරු නිරීක්ෂණය කිරීමට ඔවුන්ට නොහැකියි.

සමාජ මාධ් භාවිත කරන අපටත් යම් වගකීම් තිබෙනවා. බහුතරයක් දෙනා සිය වගකීම් ඉටු කළත් ඉඳහිට එසේ නොකරන අයකුගේ අමන කිරයාවකින් සමස්ත වේදිකාව අවමානට ලක් වනවා.

සමාජ මාධ්‍ය නියාමනය කරන්නැයි ඇතැම් දෙනා රජයට ඉල්ලීම් හා බලපෑම් කරනවා. ඒවා යහපත් අරමුණින් කරනවා විය හැකි නමුත් මේ සංසිද්ධිය ගැන නිරවුල් අවබෝධයකින් තොරව හා ආවේගශීලීව කරන බව පෙනෙනවා.

සමාජ මාධ්‍ය කි‍්‍රයාත්මක වන්නේ ගෝලීය මට්ටමින්. ඒවා හිමි සමාගම් යම් රටක නීති රාමුව තුළ ලියාපදිංචිව සිටිනවා. උදාහරණයකට ෆේස්බුක් හා ට්විටර් වේදිකා අයත් සමාගම් අමෙරිකාවේ ලියාපදිංචි සමාගම්. එරට සමාගම් දැඩි නීති හා නියාමන රාමුවකට නතු වනවා. වංචනික ව්‍යාපාරික කි‍්‍රයා හෝ අයථා ඒකාධිකාරයන් ගොඩනංවා ගැනීම ආදිය ගැන එරට නීති තන්ත‍්‍රය තදින් සිටිනවා. යුරෝපීය රටවල ලියාපදිංචි සන්නිවේදන සමාගම් සඳහා ද මෙයට සමාන නීති හා නියාමන පද්ධතියක් බල පවත්වනවා.

එසේම මේ ඕනෑම සමාජ මාධ්‍ය වේදිකාවක අප ගිණුමත් අරඹන විට ඔවුන්ගේ කොන්දේසි ගණනාවකට අප අනුගත වන බවට එකඟවීමට සිදු වනවා. බොහෝ දෙනකු මේ කොන්දේසි නොකියවා ම එයට එකඟ වී ගිණුම් අරඹනවා. සමාජ මාධ්‍ය හරහා තමන් හුවමාරු කර ගන්නා අන්තර්ගතය නීතිමය හා සදාචාරාත්මක රාමුවක් තුළ තිබිය යුතුය යන්න මේ කොන්දේසි හරහා පුළුල්ව කියැවෙනවා.

එතැනින් ඔබ්බට පළ කරන හෝ හුවමාරු හෝ අදහස්, රූප, ශබ්ද ඛණ්ඩ හා වීඩියෝ ආදිය එකින් එක විමර්ශනයට ලක් කැරෙන්නේ නැහැ. එසේ කිරීමට බැරි තරම් අති විශාල අන්තර්ගතයක් හැම පැයකම මේ සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

එසේම ලොව විවිධ භාෂා වලින් නිර්මිත මේ අන්තර්ගතයන් කියවා තේරුම් ගැනීම සමාජ මාධ්‍ය පරිපාලනය භාරව සිටින තාක්ෂණෙවීදීන්ට ලෙහෙසියෙන් හැකි දෙයක් ද නොවෙයි.

භාෂණයේ හා කථනයේ නිදහස ඉහළින් අගය කරන පරිනත සමාජයන්ගේ එම නිදහස වගකීමකින් යුතුව භාවිත කරනු ඇතැයි විශ්වාසයක් ද තිබෙනවා. ඉඳහිට මේ විශ්වාසය කඩ වූවත්, බහුතරයක් අවස්ථාවල එසේ වන්නේ නැහැ.

මේ නිසා මහජනයා නිරායාසයෙන් සැක කිරීම, ආවේක්ෂණයට ලක් කිරීම ආදිය පරිණත රජාතන්තරවාදයක් ඇති රටවල කරන්නේ හේතු සාධක ඇති අවස්ථාවලදී, නිසි අධිකරණ අධීක්සණයක් යටතේ පමණයි.

සමාජ මාධ්‍ය ජාල යනු සයිබර් අවකාශයේ සැරිසරන ජනයා මුණ ගැසී ඩිජිටල් වශයෙන් සාමීචි හා හුවමාරු කර ගන්නා වේදිකායි. මේ වේදිකාවලට පිවිසෙන අප සැමටත් අපේ ආරක්ෂාව ගැන යම් වගකීමක් තිබෙනවා.

ඒ වගකීම මුළුමනින් ම රජයට හෝ වේදිකා පරිපාලකයන්ට හෝ පවරා ඔහේ ඉබාගාතේ සැරිසරන්නට අපට ඉඩක් නැහැ. එසේ කිරීම හරියට දිවා රාතී‍්‍ර නොතකා මුදල් රැසක් අතැතිව, ආභරණ පැළඳගෙන ප‍්‍රසිද්ධ උද්‍යානයක ඇවිද යාමක් වගෙයි.

සමාජ මාධ්‍ය මා සම කරන්නේ ජනයාගෙන් පිරී ඉතිරුණු පොළකටයි. පොළේ අනේකවිධ දේ අලෙවි කැරෙනවා. කලබලය, ඝෝෂාකාරී බව අධික වෙතත්, අලූත් එළවළු, පළතුරු හා වෙනත් එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය හොඳ මිලකට ගන්නට බොහෝ දෙනකු පොළට එනවා.

පොළට පිවිසෙන පාරිභෝගිකයකු මෙන් ම වෙළෙන්දකු ද තම පසුම්බිය හා අනෙකුත් දේ ප‍්‍රවේශම් කරගත යුතුයි. එසේම මිලට ගන්නා විට හොඳ හැටි සොයා බලා එය කළ යුතුයි. සාධාරණ වෙළඳුන් අතර හොරට කිරණ, බාල බඩු විකුණන වෙළඳුන් ද සිටිය හැකියි. එසේම පාරිභෝගිකයන් සේ සැරිසරන සමහරුන් ගැට කපන්නන් වීමට ද හැකියි.

පොළ පවත්වන භූමිය පලාත් පාලන ආයතනයකින් වෙන් කරනු ලැබූවක් විය හැකි අතර, එයට අවශ්‍ය යම් මූලික ආරක්ෂාවක් පොලිසියෙන් සමහර විට සැපයෙනු ඇති. එහෙත් පොළට පිවිසෙන හැමගේ පෞද්ගලික ආරක්ෂාව තහවුරු කිරීමට රජයටවත්, පොලිසියටවත් බැහැ. එයට තම තමන්ගේ පෞද්ගලික වගකීමක් ද පවතිනවා.

සමාජ මාධ්‍ය වේදිකාවල තත්ත්වයන් මීට වඩා බෙහෙවින් සමානයි. නොසැළකිල්ලෙන් සැරිසරන්නෝ යම් ඇබැද්දි වලට මුහුණ දිය හැකියි.

උදාහරණයකට තම ගිණුමේ මුරපදය (password) අන් අයට සොයා ගත හැකි ලෙස තැබුවහොත් ගිණුමට අනවසරයෙන් පිවිසී හානි කිරීමට ඉඩක් තිබෙනවා. අපේ රටේ බොහෝ ෆේස්බුක් ආරවුල් හට ගන්නේ මිතුරන් හෝ පෙම්වතුන් ලෙස මුරපද බෙදා ගෙන සිට, විරසක වූ පසු එය අවභාවිත කොට ගිණුමට කඩාකප්පල්කාරී කි‍්‍රයා කිරීම නිසයි.

රටේ සෑම දෙනා ම පොළට යන්නේ නැති බවත් අප දන්නවා. එහි ගාලගෝට්ටිය, රස්නය හා තදබදය නොකැමැත්තෝ වායුසමීකරණය කළ සුපර්මාකට්වලට යනවා. මිල සහ අලූත් බවේ වෙනසක් තිබිය හැකියි. එහෙත් වඩාත් විවේකීව හා සැප පහසුවෙන් තමන්ගේ බඩු තෝරා මිලට ගත හැකියි.

සමාජ මාධ්‍යවල දෙනෝදාහක් දෙනා සමග ගැවසීමට නොකැමැති නම් වෙනත් වෙබ් අඩවි හරහා තම තොරතුරු අවශ්‍යතා සම්පාදනය කර ගත හැකියි. එහෙත් තම මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු ගැවසෙන්නේ ෆෙස්බුක්හි නම් වෙන තැනකට යන්නෝ තරමක් හුදෙකලා වනවා.

ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි හරියට සුපර්මාකට් වගේ. වෙබ් හරහා පමණක් පළ කරන පුවත් වෙබ් අඩවි හා ගොසිප් වෙබ් අඩවි, තනි කඩ සාප්පු වගේ. මේවායේ සහ පොළ අතර වෙනස අප දන්නවා. මේ උපමිතිය හරහාවත් සමාජ මාධ්‍ය අන් වෙබ් කොටස් සමග පටලවා නොගන්න!

Supermarket, shop or streetside fair? The choice is yours!
Supermarket, shop or streetside fair? The choice is yours!

See also:

26 April 2014: සිවුමංසල කොලූගැටයා #165: සමාජ මාධ්‍ය ලක් සමාජයේම කැඩපතක්

29 June 2014: සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ද?

 

සිවුමංසල කොලූගැටයා #257: 21 වන සියවසේ අපේ මාධ්‍ය පරිභෝජන රටා වෙනස් වන සැටි

CPA Study on consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka - Jan 2016
CPA Study on consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka – Jan 2016

In this week’s Ravaya column (appearing in issue of 14 February 2016), I discuss key findings of the top-line report of a survey on the consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka. It was launched on 27 January 2016 by the non-profit research and advocacy group, the Centre for Policy Alternatives (CPA).

The report draws on a survey of 1,743 randomly selected men and women, interviewed in Sinhala or Tamil language during June-July 2015. They were asked about mobile phone use and web access. The survey was conducted by Social Indicator, CPA’s survey research unit.

As the launch media release noted, “From the use of Facebook to smartphones, from news on TV to news via SMS, from how information read digitally is spread to others who are offline, the report offers insights into how content is produced, disseminated and discussed in Sri Lanka’s most densely populated province and home to the country’s administrative and business hubs.”

I was one of the launch speakers, and my presentation was titled: Information Society is Rising in Sri Lanka: ARE YOU READY?

Dilrukshi Handunnetti (centre) speaks as Nalaka Gunawardene (left) and Iromi Perera listen at the launch on 27 Jan 2016 in Colombo
Dilrukshi Handunnetti (centre) speaks as Nalaka Gunawardene (left) and Iromi Perera listen at the launch on 27 Jan 2016 in Colombo

අපේ රටේ වඩාත්ම පුළුල්ව භාවිත වන සන්නිවේදන මාධ්‍යය කුමක්ද?

විටින් විට සරසවිවලදී හා වෙනත් මහජන සභාවන්හිදී මා කරන දේශනවලදී මේ ප‍්‍රශ්නය මතු කරනවා. සභාවේ සිටින අයගේ දැනුම හා ආකල්ප ගැන හොඳ ඉඟියක් ඔවුන් මෙයට පිළිතුරු දෙන ආකාරයෙන් මට ලද හැකියි.

නිවැරදි පිළිතුර රේඩියෝ බවට තර්ක කරන අය මට තවමත් හමු වනවා. ඔවුන්ගේ දැනුම දශක එක හමාරකට වඩා පැරණියි.

වසර 2000 පමණ වන තුරු මෙරට නිවෙස්වල බහුලවම හමු වූයේ රේඩියෝ යන්ත‍්‍ර බව ඇත්තයි. එහෙත් ඉනික්බිති ටෙලිවිෂන් යන්ත‍්‍ර එම තැන හිමි කර ගත්තා.

වසර තුනකට වරක් නිවාස 25,000ක පමණ විශාල දීපව්‍යාප්ත නියැදියක් හරහා රජයේ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කරන ගෘහස්ත ආදායම් හා වියදම් සමීක්ෂණවල ප‍්‍රතිඵල හරහා මෙය මනාව තහවුරු වනවා.

මෙවන් රාජ්‍ය සමීක්ෂණයකින් මතු වන සොයා ගැනීම් පවා සමහරුන් ප‍්‍රශ්න කරනවා. ‘සමීක්ෂණවලින් මොනවා සොයා ගත්තත් අපේ ගම්වල තාමත් වැඩි දෙනෙක් භාවිත කරන්නේ රේඩියෝව තමයි’ කියමින් රොමැන්ටික් ලෝකවල ජීවත් වන අය සිටිනවා.

2012 ජන සංගණනයේදී එක් ප‍්‍රශ්නයක් වූයේ නිවසේ තිබෙන සන්නිවේදන මෙවලම් ගැනයි. මුළු රටම සමීක්ෂාවට ලක් කළ මෙයින් හෙළි වූයේ රටේ නිවෙස්වල දැන් වැඩිපුරම ඇති සන්නිවේදන මෙවලම ජංගම දුරකතනය බවයි. (78.9%). එයට ආසන්නව දෙවැනි තැන ගන්නේ ටෙලිවිෂන් (78.3%). රේඩියෝව ලබා ඇත්තේ තෙවන ස්ථානයයි (68.9%).

මේ සංඛ්යා ලේඛන වාර්ෂිකව වෙනස් වනවා. අලූත්ම දත්ත හා විශ්ලේෂණ හරහා අපේ දැනුම යාවත්කාලීන කර ගැනීම ඉතා වැදගත්. නැතිනම් පිළුණු වූ දැනුම හරහා වැරදි නිගමන හා රොමාන්ටික් තර්කවලට එළැඹීමේ අවදානමක් තිබෙනවා.

සන්නිවේදන තාක්ෂණයන් හා සේවාවන් සමාජයක ප‍්‍රචලිත වීම ගැන රාජ්‍ය පර්යේෂණායතනවල සමීක්ෂණ හා අලෙවිකරණ දත්ත හරහා යම් අවබෝධයක් ලද හැකියි. මෙය මා දකින්නේ සන්නිවේදනයේ සැපයුම් පැත්ත (supply side of communications) හැටියටයි.

එහෙත් මෙහි ඉල්ලූම් පැත්ත හෙවත් ජන සමාජයේ විවිධ පුද්ගලයන් මේවා කිනම් භාවිතයන් සඳහා යොදා ගන්නවාද යන්න විමර්ශනය කිරීම වඩාත් අසීරුයි (demand side). එවන් ගවේෂණවලදී කිසිදු සන්නිවේදන මාධ්‍යයක් ගැන පූර්ව මතයක් හෝ නිගමනයක් හෝ තබා නොගෙන විවෘත මනසකින් තොරතුරු එක් රැස් කිරීම අත්‍යවශ්‍යයි.

මෙරට බස්නාහිර පළාතේ වැසියන් ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය හා නව මාධ්‍ය භාවිත කරන සැටි ගැන කළ සමීක්ෂණයක ප‍්‍රතිඵල ජනවාරි 27දා නිකුත් වුණා. සමීක්ෂණය කළේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයට (Centre for Policy Alternatives, CPA) අනුයුක්ත ජනමත විමසීම් අංශය වන Social Indicator ආයතනයයි. මෙහි ප්‍රතිඵල සන්නිවේදනයට සම්බන්ධ සැමගේ අවධානයට ලක් විය යුතුයි.

බස්නාහිර පළාත මේ සමීක්ෂණයට යොදා ගැනීම තේරුම් ගත හැකියි. රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 43%ක් දායක කරන මේ පළාත වැඩියෙන්ම ජනගහනය, මාධ්‍ය කර්මාන්ත හා තාක්ෂණ භාවිතය සංකේන්ද්‍රණය වී ඇති ප‍්‍රදේශයයි. එසේම ආදායම් මට්ටම් ද සාපේක්ෂව වැඩි නිසා නව තාක්ෂණයන් හා වෙළෙඳපොළ ප‍්‍රවණතා මුලින් ප‍්‍රචලිත වන්නේත් මේ පළාතේයි.

බස්නාහිර පළාත තුළ මාධ්‍ය භාවිතය අධ්‍යයනයෙන් දිවයිනේ සෙසු ප‍්‍රදේශවල ඒ ගැන ඉදිරි ප‍්‍රවණතා ගැන ඉඟියක් ලද හැකියි. මෙවන් සමීක්ෂණ දීපව්‍යාප්තව කිරීමට CPA අදහස් කරනවා.

2015 ජුනි-ජූලි වකවානුවේ ක්ෂේත‍්‍ර දත්ත එකතු කළ මේ සමීක්ෂණයට බස්නාහිර පළාත පුරාම විහිදුණු පුද්ගලයන් 1,743ක් සම්බන්ධ කරගනු ලැබුවා. සමීක්ෂණයට සහභාගි වන්නන් තෝරා ගැනීමට නිර්ණායක දෙකක් යොදා ගත්තා. එනම් ඔවුන් ජංගම දුරකතන භාවිත කිරීම හා ඉන්ටර්නෙට් පරිශීලනය කිරීමයි.

සිංහල හෝ දෙමළ බසින් සමීක්ෂකයන් අසන ප‍්‍රශ්නාවලියකට පිළිතුරු සටහන් කර ගත් අතර පිරිමි 55.8%ක් හා ගැහැනු 44.2%ක් සහභාගි වූවා. ඔවුන් තෝරා ගනු ලැබුවේ අලෙවිකරණ සමීක්ෂණ (market research) කිරීමේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව අහඹු ලෙසයි.

කාලීන තොරතුරු දැන ගැනීමට හා ඒවා අන් අය සමග බෙදා ගැනීමට කුමන සන්නිවේදන මාධ්‍ය භාවිත කරනවාද යන්න මෙහිදී සොයා බැලූණා. සමීක්ෂණයට සම්බන්ධ වූවන්ගෙන් අති බහුතරයක් (97.4%) එදිනෙදා පුවත් ගැන අතිශයින් හෝ තරමක් දුරට හෝ උනන්දුවක් දක්වන බව කීවා.

ඔවුන් බහුතරයකගේ වඩාත්ම ජනප‍්‍රිය පුවත් මූලාශ‍්‍රය වූයේ පෞද්ගලික ටෙලිවිෂන් සේවාවන්. ඉන් පසු වැඩිපුරම සඳහන් කෙරුණේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හා සෙසු ඉන්ටර්නෙට් ප‍්‍රභවයන්.

මෙම පිළිතුරු වයස් කාණ්ඩ අනුව විග‍්‍රහ කළ විට වයස 18-24 පරාසයේ අයට නම් වඩාත්ම ප‍්‍රමුඛ පුවත් මූලාශ‍්‍රය වූයේ ෆේස්බුක්. දෙවැනි තැනට පුද්ගලික ටෙලිවිෂන් හා තෙවැනි තැනට සෙසු ඉන්ටර්නෙට් ප‍්‍රභවයන්.

පුවත්වල විශ්වසනීයත්වය ගැන ද ප‍්‍රශ්න කරනු ලැබුවා. ප‍්‍රතිචාරකයන් 63.1%ක් කීවේ විශ්වාස කළ හැකි පුවත් ප‍්‍රභවයන් එකකට වඩා තමන් දන්නා බවයි. සියලූ පුවත් මාධය තමන්ට එක හා සමාන බව කී 25.3%ක්ද කිසිදු මාධ්‍යයක් විශ්වාස නොකළ 10%ක්ද සිටියා.

සමීක්ෂණයට පාත‍්‍ර වූ අයගෙන් 50%ක්ම කීවේ ගෙවී ගිය වසර තුළ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ ඉන්ටර්නෙට් හරහා හෝ තමන් දැන ගත් සමාජයීය හෝ දේශපාලනික තොරතුරක් ගැන තමන් වැඩිදුර සොයා බැලූ හා දැනුවත් වූ බවයි.

එවන් තොරතුරක් ගැන කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තාදැයි අසනු ලැබුවා. එහිදී ඉන්ටර්නෙට් හරහා ලද තොරතුරක් ගැන ක‍්‍රියාත්මක වූ සංඛ්‍යාව 22.9%ක් වූ අතර, ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයකින් ලද තොරතුරක් නිසා යම් පියවරක් ගත් සංඛ්‍යාව මුළු නියැදියෙන් 20.8%ක් වුණා.

කුමක්ද මේ ක‍්‍රියාමාර්ගය? 61.5%ක් දෙනා පවුලේ අය හා හිතමිතුරන් දැනුවත් කිරීමට ඉන්ටර්නෙට් හරහා ලද තොරතුරු යොදා ගෙන තිබෙනවා. ඒ අතර 16.5%ක් දෙනා වෙබ්ගත සංවාදවලට සහභාගි වී තිබෙනවා.

මේ සොයා ගැනීම ඉතා වැදගත්. 2015 ජූනි නිකුත් කළ විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) නිල දත්තවලට අනුව මෙරට සමස්ත ඉන්ටර්නෙට් ගිණුම් සංඛ්‍යාව මිලියන 4.3යි. සමහර ගිණුම් එක් අයකුට වඩා භාවිත කරන නිසා ඉන්ටර්නෙට් පරිශීලනය කරන සංඛ්‍යාව මිලියන 6ක් හෝ ජනගහනයෙන් 28%ක් පමණ යැයි අපට ඇස්තමේන්තු කළ හැකියි.

Hand holding a cell phone under social media icons on blue background Vector file available.

මෙය තවමත් සංඛ්‍යාත්මකව සුළුතරයක් බව ඇත්තයි. එහෙත් ඉහත සොයා ගැනීම තහවුරු කරන පරිදි ඉන්ටර්නෙට් ඍජුව භාවිත කරන අය ලබා ගන්නා තොරතුරු හා අදහස් ඔවුන් විසින් තම තමන්ගේ සමීපතයන් හා පෞද්ගලික ජාලයන් සමග බෙදා ගැනෙනවා. මේ හරහා වෙබ්ගත අන්තර්ගතය එහි සෘජුව නොගැවසෙන විශාල පිරිසක් අතරට ද කාන්දු වනවා.

විශේෂයෙන් ගුරුවරුන්, මාධ්‍යවේදීන්, පර්යේෂකයන් වැනි අයගේ තොරතුරු විකාශය කිරීමේ (information amplification) විභවය ඉහළයි. ගමක හෝ ප‍්‍රජාවක එක් අයකු ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් පිවිසීම කළොත් කාලීන තොරතුරු එම ගමටම ගලා යාමේ හැකියාව ඉහළයි.

ඉන්ටර්නෙට් සුළුතරයකගේ සුපිරි මාධ්‍යයක්ය කියමින් එය ගැන එතරම් නොතකන පණ්ඩිතයන් නොදකින යථාර්ථය මෙයයි!

CPA සමීක්ෂණයට සහභාගි වූවන්ගෙන් 77.3%ක්ම ඉන්ටර්නෙට් පිවිසියේ තම ස්මාට්ෆෝන් හරහා. මෙය දීපව්‍යාප්ත TRC සංඛ්‍යා ලේඛනය වන 83%ට සමීපයි.

අලූත් තොරතුරක් ලද විට එය බෙදා ගැනීම මානව ගති සොබාවක්. මේ පුරුද්දට ජංගම දුරකතන හා ඉන්ටර්නෙට් භාවිතය හරහා ලොකු තල්ලූවක් ලැබෙනවා.

සිත් ගන්නා පුවතක් හෝ ලිපියක් හෝ ඊමේල් මගින් ලදහොත් එය අන් අය සමග ත්‍බදා ගන්නට කැමති බව සමීක්ෂණයේ ප‍්‍රතිචාරකයන් 55.9%ක් කියා තිබෙනවා. ඒ සඳහා ඊමේල් (23.6%), සමාජ මාධ්‍ය (18.4%) හෝ ඒ දෙකම (13.9%) යොදා ගන්නවා.

වැදගත් හෝ සිත් ගන්නා යමක් ඔබේ ජංගම දුරකතනයට ලැබුණොත් කුමක් කරනවාද? මේ ප‍්‍රශ්නයට 24.2%ක් දෙනා කීවේ එක්කෝ කෙටි පණිවුඩයක් (SMS) හෝ ක්ෂණික පණිවුඩ යෙදුමක් (Instant Messaging, IM) හරහා බෙදා ගන්නා බවයි. 16.6% කීවේ එම තොරතුර සමාජ ජාල හරහා ‘ෂෙයාර්’ කරන බවයි. මේ දෙකම කරන බව කී පිරිස 16.2%ක් ද සිටියා.

මෙසේ පුළුල්ව බෙදා ගැනීමේ හොඳ නරක දෙකම තිබෙනවා. සමබර තොරතුරු මෙන්ම අසත්‍ය හෝ අන්තවාදී තොරතුරු ද ඉක්මනින් පැතිර යා හැකියි.

ප‍්‍රතිචාරකයන් 37.2%ක් කීවේ යම් පුවතක් ඍජුව වෙබ් අඩවියක පළ වී තිබී දැන ගන්නවාට වඩා එම පුවතම මිතුරන්/සහෘදයන් මගින් ඊමේල් හෝ සමාජ මාධ්‍ය හෝ හරහා ලද හොත් තමන් එය වඩාත් විශ්වාස කරන බවයි.

එසේම 51.1%ක් දෙනා කීවේ මින් පෙර තමන් කිස්සේත් විශ්වාස නොකළ පුවතක්, තම මිතුරකු විසින් සමාජ මාධ්‍යයක් හරහා බෙදා ගත් විට එම පුවත ගැන මුලින් දැක්වූ අවිශ්වාසය පසෙක ලා තමන් එය නැවත සලකා බැලිය හැකි බවයි.

මෙසේ සහෘදයන් විසින් යමක් ෂෙයාර්කිරීම හරහා එහි විශ්වසනීයත්වය වැඩි කර ගැනීම ඉන්ටර්නෙට් මාධ්‍ය පුරාම දැකිය හැකි ප‍්‍රවණතාවක්.

මාධ්‍ය අන්තර්ගතයේ විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම මාධ්‍ය සාක්ෂරතාවයේ වැදගත් අංගයක්. මෑතක් වන තුරු එය සදහා අප බොහෝ දෙනකු යොදා ගත්තේ අදාල මාධ්‍ය ආයතනයෙහි සමස්ත කෙරුවාව හා අදාල ලේඛකයාගේ මීට පෙර ක‍්‍රියාකලාපය ආදී සාධකයි. සහෘදයන් විසින් නිර්දේශ කරනු ලැබීම දැන් ප‍්‍රබල සාධකයක්ව තිබෙනවා.

එහෙත් යමක් ලියූ තැනැත්තා තවමත් බොහෝ දෙනකුට වැදගත්. පුවත්පතක හෝ ඉන්ටර්නෙට් ප‍්‍රභවයක පුවතක් හෝ ලිපියක් ලියූ ලේඛකයාගේ නම තමන් සැළකිල්ලට ගන්නා බව 63.2%ක් දෙනා කියනවා.

2015දී තීරණාත්මක ජාතික මැතිවරණ දෙකක් මෙරට පැවැත් වුණා. මැතිවරණ කාලයේදී වැඩිම විශ්වාසයක් තිබෙන තොරතුරු මූලාශ‍්‍රය කුමක්ද?

වැඩිම පිරිසක් (40.3%ක්) මැතිවරණ කාලයේදී වඩාත්ම විශ්වාස කළේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකායි. ඉතිරි අයගෙන් 18.3%ක් කීවේ ඉන්ටර්නෙට් බවයි. තවත් 16%ක් ෆේස්බුක් මුල් තැනට පත් කළා. පත්තර හා රේඩියෝ ගැන මහජන විශ්වාසය බෙහෙවින් අඩු වෙලා!

මහජනතාව සමග සබඳතා පැවැත්වීමට රජයේ ඇමතිවරුන් නිල වශයෙන් සමාජ මාධ්‍ය භාවිත කිරීම අවශ්‍ය බව 42.2%ක් දෙනා විශ්වාස කරනවා. තවත් 26.2%ක් දෙනා එය තරමක් දුරට හෝ අවශ්‍ය යයි කියනවා. (මෙහිදී කතා කරන්නේ දේශපාලන ප‍්‍රතිරූප වර්ධනය නොව අමාත්‍යාංශවල මහජන තොරතුරු හා සේවා සැපයීමට සෙසු ක‍්‍රමවේදයන්ට අමතරව සමාජ මාධ්‍ය ද යොදා ගැනීම ගැනයි. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි රජය මෙය සියලූ රාජ්‍ය ආයතනවලට අනිවාර්ය කොට තිබෙනවා.)

දේශීය භාෂාවලින් වෙබ් අන්තර්ගතය සීමිත වීම පෙර තරම් දරුණු නොවූවත් තවමත් බලපාන සාධකයක්. සිංහලෙන් හා දෙමළෙන් තොරතුරු හා වෙබ් අඩවි වැඩි වේ නම් තමන් ඉන්ටර්නෙට් භාවිතයද වැඩි කරන බව සමීක්ෂණයට පාත‍්‍ර වූවන්ගෙන් 57.1%ක් දෙනා කියා සිටියා.

එසේම 60.4%ක් කීවේ තමන්ට දත්ත භාවිතය වෙනුවෙන් වැඩිපුර ගෙවීමේ හැකියාවක් තිබේ නම් ඉන්ටර්නෙට් භාවිතය වැඩි වනු ඇති බවයි.

L to R - Dilrukshi Handunnetti, Iromi Perera, Sanjana Hattotuwa at CPA report launch, Colombo, 27 Jan 2016
L to R – Dilrukshi Handunnetti, Iromi Perera, Sanjana Hattotuwa at CPA report launch, Colombo, 27 Jan 2016

දැනට පවත්නා ඉන්ටර්නෙට් වේගයන්වල මදකමද සමහරුන්ගේ මැසිවිල්ලට හේතුවක්. යම් ඉහළ මිලක් ගෙවා තමන්ට වඩා වේගවත් ඉන්ටර්නෙට් සේවා ලද හැකි නම් එය සලකා බලන බව 30.8%ක් දෙනා කීවා. තවත් 42.5%ක් සමහරවිට එසේ කරනු ඇතැයි කීවා.

ඊමේල් හා වෙබ් ප‍්‍රභවයන්ට අමතරව SMS පුවත් සේවාවන්ට මිලක් ගෙවා බැඳී ඇති පිරිස සමීක්ෂණයේ ප‍්‍රතිචාරකයන් අතරින් 34.8%ක් වූවා.

මේ සමීක්ෂණයේ ප‍්‍රතිඵල විවිධ අයුරින් විග‍්‍රහ කළ හැකියි. එය එළි දැක්වීමේදී මා කීවේ මෙවන් සමීක්ෂණ දත්ත පොදු අවකාශයේ බෙදා ගැනීම වැදගත් බවයි. අලෙවිකරණ පර්යේෂණායතන කරන බොහෝ සමීක්ෂණ ප‍්‍රකාශයට පත් වන්නේ නැහැ.

එසේම වයස 18-24 පරාසයේ ජන කාණ්ඩයේ මාධ්‍ය භාවිතය සෙසු සමාජයට වඩා සැලකිය යුතු ලෙසින් වෙනස් වීම සමීප අධ්‍යයනයට ලක් කළ යුතු බව මා අවධාරණය කළා.

ඔවුන් පත්තර කියවන්නේ, රේඩියෝ හා ටෙලිවිෂන් සමග බද්ධ වන්නේද ඩිජිටල් ස්මාට්ෆෝන් හරහායි. එසේම ඔවුන් නිශ්ක්‍රිය මාධ්‍ය පාරිභෝගිකයන් නොවෙයි. ඔවුන් බොහෝ දෙනකු මාධ්‍යවලට එසැනින් ප්‍රතිචාර දක්වනවා. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම වෙබ් අන්තර්ගතයන්ද විචාරයට ලක් කරනවා. තමන්ගේම මාධ්‍ය නිර්මාණ (මීම්, කෙටි වීඩියෝ ආදිය) නිපදවා වෙබ් හරහා බෙදා ගන්නවා.

ඉදිරි වසරවලදී මෙරට මාධ්‍ය ග්‍රාහකයන් ලෙස වඩාත් ප්‍රබල වන්නේ මේ පිරිසයි. අපේ ගතානුගතිකයන් කැමති වූවත් නැතත් අනාගතය මේ තරුණ තරුණියන් අතින් හැඩ ගැසෙනවා. ඔවුන්ගේ ගති සොබා දැන ගනීම හා ඔවුන්ට සමීප වන මාර්ග සොයා ගැනීම දේශපාලන පක්ෂ, සිවිල් සමාජ හා සමාගම් යන සියලු පාර්ශවයන්ට එක සේ වැදගත්.

සම්පූර්ණ CPA වාර්තාව මෙතැනින්: www.bit.ly/mediasurveywp

Information Society is Rising in Sri Lanka: ARE YOU READY?

Launch of the top-line report of a survey on the consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka, 27 Jan 2016
Launch of the top-line report of a survey on the consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka, 27 Jan 2016

On 27 January 2016, the Centre for Policy Alternatives (CPA) launched the top-line report of a survey on the consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka.

I was one of the launch speakers, and my presentation was titled: Information Society is Rising in Sri Lanka: ARE YOU READY?

The report draws on a survey of 1,743 randomly selected men and women, interviewed in Sinhala or Tamil language during June-July 2015. They were asked about mobile phone use and web access. The survey was conducted by Social Indicator, CPA’s survey research unit.

As the launch media release noted, “From the use of Facebook to smartphones, from news on TV to news via SMS, from how information read digitally is spread to others who are offline, the report offers insights into how content is produced, disseminated and discussed in Sri Lanka’s most densely populated province and home to the country’s administrative and business hubs.

It added: “The report offers government, media, civil society and social entrepreneurs insights into the platforms, vectors, languages and mediums through which news & information can best seed the public imagination.”

Dilrukshi Handunnetti (centre) speaks as Nalaka Gunawardene (left) and Iromi Perera listen at the launch on 27 Jan 2016 in Colombo
Dilrukshi Handunnetti (centre) speaks as Nalaka Gunawardene (left) and Iromi Perera listen at the launch on 27 Jan 2016 in Colombo – Photo by Sampath Samarakoon

In my remarks, I said it was vital to draw more insights on what I saw as ‘demand-side’ of media. But at the same time, I noted how a growing number of media consumers are no longer passively receiving, but also critiquing, repackaging and generating related (or new) content on their own.

I applauded the fact that this survey’s findings are shared in the public domain – in fact, Iromi Perera, head of Social Indicator, offered to share the full dataset with any interested person. This contrasts with similar surveys conducted by market research companies that are, by their very nature, not going to be made public.

A case in point: Jaffna has highest per capita Internet penetration in Sri Lanka, according to a market research by TNS Sri Lanka – but neither the findings nor methodology is available for scrutiny.

Why do demand-side insights being available in the public domain matter so much? I cited four key reasons:

  • The new government is keen on media sector reforms at policy and regulatory levels: these should be based on evidence and sound analysis, not conjecture.
  • Media, telecom and digital industries are converging: everyone looking for ‘killer apps’ and biz opps (but only some find it).
  • Media companies are competing for a finite advertising budget: knowing more about media consumption can help improve production and delivery.
  • Advertisers want the biggest bang for their buck: Where are eyeballs? How to get to them? Independent studies can inform sound decision-making.

On this last point, I noted how Sri Lanka’s total ad spend up to and including 2014 does not show any significant money going into digital advertising. According to Neilsen Sri Lanka, ad-spending is dominated by broadcast TV, followed by radio an print. Experience elsewhere suggests this is going to change – but how soon, and what can guide new digital ad spending? Studies like this can help.

I also highlighted some interesting findings of this new study, such as:

  • Private TV is most popular source of news, followed by Facebook/web.
  • Across different age groups, smartphone is the device most used to access web
  • Online culture of sharing engenders TRUST: peer influence is becoming a key determinant in how fast and widely a given piece of content is consumed

None of this surprises me, and in fact confirms my own observations as a long-standing observer and commentator of the spread of ICTs in Sri Lanka.

Everyone – from government and political parties to civil society groups and corporates – who want to engage the Lankan public must take note of the changing media consumption and creation patterns indicated by this study, I argued.

I identified these big challenges particularly for civil society and others engaged in public interest communication (including mainstream and citizen journalists):

  • Acknowledge that we live in a media-rich information society (Get used to it!)
  • Appreciate that younger Lankans consume and process media content markedly differently from their elders and previous generations
  • Understand these differences (stop living in denial)
  • Leverage the emerging digital pathways and channels for social advocacy & public interest work

In my view, rising to this challenge is not a CHOICE, but an IMPERATIVE!

I ended reiterating my call for more research on information society issues, and with particular focus on mobile web content access which trend dominates user behaviour in Sri Lanka.

Award winning journalist Dilrukshi Handunnetti, and head of Social Indicator Iromi Perera were my fellow panelists at the launch, which was moderated by the study’s co-author and CPA senior researcher Sanjana Hattotuwa.

L to R - Dilrukshi Handunnetti, Iromi Perera, Sanjana Hattotuwa at CPA report launch, Colombo, 27 Jan 2016
L to R – Dilrukshi Handunnetti, Iromi Perera, Sanjana Hattotuwa at CPA report launch, Colombo, 27 Jan 2016

Crowd-sourcing a New Constitution for Sri Lanka: Mind the Gaps!

Cartoon by Gihan de Chickera, Daily Mirror
Cartoon by Gihan de Chickera, Daily Mirror

“Sri Lanka wants to make a new Constitution in a radically different way. It is poised to become the first developing country in the world to ‘crowd-source’ ideas for making the highest law of the land.

“That is all well and good – as long as the due process is followed, and that process has intellectual rigour, transparency and integrity. Therein lies the big challenge.”

So opens my latest op-ed essay, just published by Groundviews.org

Crowd-sourcing a New Constitution for Sri Lanka: Mind the Gaps!

In it, I describe the experience of Iceland which was the world’s first country to ‘crowd-source’ a new Constitution. From 2011 to 2013, the European nation of 330,000 people engaged in an exercise of direct democracy to come up with a modern Constitution to replace the existing one adopted in 1944. That involved many public hearings as well as using social media and other communications platforms to gather public inputs and to ensure public scrutiny.

Facebook was used as part of a public consultation strategy to draft Iceland's new Constitution in 2011-13
Facebook was used as part of a public consultation strategy to draft Iceland’s new Constitution in 2011-13

This is the path that Sri Lanka has now chosen: open and participatory Constitution making. To be sure, tropical Sri Lanka is vastly different. Its population of 21 million is 60 times larger than Iceland’s. But the Arctic nation’s generic lessons are well worth studying – both for inspiration and precaution.

I point out: “In doing so, it is important to ensure that public consultative process is not limited to the web and social media. Instead of dominating, technologies should only enable maximum participation.”

“The bottom-line: gathering public proposals is commendable, but not an end by itself. The government needs to adopt a systematic method to study, categorize and distil the essence of what is suggested. And that must happen across English, Sinhala and Tamil languages.”

Read full essay:

Crowd-sourcing a New Constitution for Sri Lanka: Mind the Gaps!

yourconstitution.lk website calls for public inputs for making Sri Lanka's new Constitution.
yourconstitution.lk website calls for public inputs for making Sri Lanka’s new Constitution.

සිවුමංසල කොලූගැටයා #253: රටවැසියන්ට සවන් දෙන, සංවාදයට රිසි ජනාධිපතිවරයෙක් ඕනෑ කර තිබේ!

In this week’s Ravaya column (appearing in issue of 17 January 2016), I critique the public communications practices President Maithripala Sirisena of Sri Lanka – and call for better listening and more engagement by the head of state.

I point out that Sirisena is in danger of overexposure in the mainstream media, which I call the ‘Premadasa Syndrome’ (as this bad practice was started by President R Premadasa who was in office from 1988 to May 1993). I argue that citizens don’t need to be force-fed a daily dose of presidential activities on prime time news or in the next day’s newspapers. If public documentation is needed, use the official website.

Like other politicians in Sri Lanka, Sirisena uses key social media platforms like Facebook and Twitter to simply disseminate his speeches, messages and photos. But his official website has no space for citizens to comment. That is old school broadcasting, not engaging.

This apparent aloofness, and the fact that he has not done a single Twitter/Facebook Q&A session before or after the election, detracts from his image as a consultative political leader.

On the whole, I would far prefer to see a more engaged (yet far less preachy!) presidency. It would be great to have our First Citizen using mainstream media as well as new media platforms to have regular conversations with the rest of us citizens on matters of public interest. A growing number of modern democratic rulers prefer informal citizen engagement without protocol or pomposity. President Sirisena is not yet among them.

See my English essay which covers similar ground: Yahapalanaya at One: When will our leaders ‘walk the talk’? Groundviews.org, 4 January 2016

President Maithripala Sirisena (seated) launched Tell the President service on 8 January 2016 - Photo by Presidential Media Division
President Maithripala Sirisena (seated) launched Tell the President service on 8 January 2016 – Photo by Presidential Media Division

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පදවි ප‍්‍රාප්තියේ ප‍්‍රථම සංවත්සරය යෙදුණු 2016 ජනවාරි 9 වනදා ජනපතිට කියන්න නම් නව සේවාව ඇරඹුණා.

තැපැල් පෙට්ටි අංක 123 වෙත යොමු කරන ලියුමක් හරහාත්, දුරකථන අංක 1919 හරහාත් ජනතාවට සිය ප‍්‍රශ්න හා ගැටලූ ඉදිරිපත් කළ හැකි බවයි මේ සේවය හඳුන්වා දෙමින් කියැවුණේ. එයට අමතරව ජනපතිගේ නිල වෙබ් අඩවියත් (http://tell.president.gov.lk/), ජංගම දුරකථන ඇප් එකක් හරහාත් විමසීම් හා පැමිණිලි යොමු කළ හැකියි.

මෙය හොඳ අරමුණකින් කරන උත්සාහයක්. ගාල්ලෙන් බිහි වූ දක්ෂ මාධ්‍යවේදියකු වන සජීව විජේවීරත් මෙයට සම්බන්ධයි. ‘යහපාලනයේදී ජනාධිපතිවරයා තනි නොකරමු’ යයි කියමින් තමන් මෙයට දායක වූ සැටි ගැන ඔහුගේ ෆේස්බුක් එකෙන් ගිය සතියේ කෙටි විස්තරයක් පළ කර තිබුණා.

යහපාලන රජයේ මහජන සන්නිවේදන පිළිවෙත් හා ක‍්‍රියාකලාපය ඇගැයීමකට ලක් කරන්නට මෙය හොඳ අවස්ථාවක් යයි මා සිතනවා.

යහපාලනයේ මොන අඩුපාඩු හා විසමතා තිබුණත් භාෂණ නිදහස හා ප‍්‍රකාශන නිදහස නම් අපට ලැබී තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද අපට රටේ ජනපති හා අගමැති දෙපළත්, ඇමතිවරුනුත් නොබියව විවේචනය කළ හැකියි.

මේ නිදහස ගෙවි ගිය වසර පුරා මා රායෝගිකව අත්හදා බැලූවා. රටේ නායකයන් දෙපළ හේතු සහගතව හා කිසිදු දේශපාලන මතවාදී එල්බ ගැනීමකින් තොරව විවේචනය කිරීමට යළිත් හැකි වීම ඉතා වැදගත්.

එහෙත් නායකයන් පොදු අවකාශයේ කැරෙන විවේචන හා වෙනත් අදහස් පළ කිරීම්වලට සංවේදීද? ඔවුන් මේවා ගැන අවධානයෙන් සිටිනවාද? ඔවුන්ගේ කාර්යමණ්ඩල රටවැසියන්ගේ සිතුම් පැතුම් ගැන නිවැරදි ප‍්‍රතිශෝෂණයක් ජනපති හා අගමැති දෙපළට ලබා දෙනවාද?

යහපාලනයේ වසරක් ගෙවී ගියද මේවාට පිළිතුරු හරිහැටි පැහැදිලි නැහැ.

රටේ ජනපතිවරයා රටවැසියා සමග සන්නිවේදනය කරන සැටි මා කලෙක සිට අධ්‍යයනය කරනවා. සිරිසේන ජනපතිගේ සන්නිවේදන රටා මේ වන විට පැහැදිලියි.

සිරිසේනගේ මැතිවරණ ප‍්‍රකාශයේ (දෙසැම්බර් 2014) 62 වන පිටුවේ මෙසේද සඳහන් වනවා. ‘දියුණු වන සන්නිවේදන තාක්ෂණයත් සමාජ මාධ්‍යයන්හි ව්‍යාප්තියත්, සමාජ යහපතටම හේතු වන පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා මාධ්‍ය සංවර්ධන ප‍්‍රතිපත්තියත් බලගැන්වීමටද කටයුතු කරමි.’

ප‍්‍රතිපත්ති මට්ටමින් ඉදිරියට යාම අවශ්‍යයි. එහෙත් එයට සමාන්තරව ක‍්‍රියාවෙන් ද ආදර්ශයක් දීමට රටේ නායකයාට හැකියි.

රාජ්‍ය නායකයා සන්නිවේදනය කිරීම යනු හැම ජනමාධ්‍යකින්ම හැකි තාක් ඔහුගේ හෝ ඇයගේ ප‍්‍රතිරූපය පිම්බීම නොවෙයි. මේ අතිශය අදුරදර්ශී සම්ප‍්‍රදාය ඇරඹුණේ පේ‍්‍රමදාස ජනාධිපති කාලයේදීයි. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය හරහා අනිවාර්යයෙන්ම දිනපතා ජනපති පුවත් ආවරණය කළ යුතුව තිබුණා. ඒ ගැන රටේ උපහාසාත්මක කතාද එකල පැතිරුණා. ඇත්තටම එය රටටම විහිලුවක් වුණා.

Cartoon by Gihan de Chickera, Daily Mirror
Cartoon by Gihan de Chickera, Daily Mirror

එයින් පසුව පත් වූ ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ සහචරයන් ද කළේ පේ‍්‍රමදාස මාවතේම යාමයි (විජේතුංග හැරෙන්නට). එහි අන්තයටම ගියේ මහින්ද රාජපක්ෂයි. මාධ් හරහා අධිආවරණය තුළින් තම නායකයාගේ අගය අඩු වන බව හා මහජන අපරසාදය වැඩි වන බව නායකයා වටා සිටින අය තේරුම් ගත්තේ නැහැ. නැතහොත් තාවකාලික ප‍්‍රමෝදයක් තකා නොදන්නා සේ සිටියා විය යුතුයි.

2015 නොවැම්බරයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය අමතා දේශනයක් කිරීමට මට ඇරයුම් කරනු ලැබුවා. එහිදී විවෘත හා විවේචනාත්මක මත දැක්වීමක් කරමින් මා උදක්ම ඉල්ලා සිටියේ ‘පේ‍්‍රමදාස ව්‍යාධියෙන්’ ජනාධිපති සිරිසේන රෝගී වීමට ඉඩ නොතබන ලෙසයි. එසේ වීමේ පෙරනිමිති මා දකින බවද කීවාග

රටේ නායකයා කුමක් කරන්නේද යන්න දැන ගැනීමට රටවැසියන්ට අයිතියක් තිබෙනවා. එහෙත් ඔහු සහභාගි වන හැම මුල්ගල තැබීම, විවෘත කිරීම, අමුත්තන් බැහැ දැකීම හා සෙසු කටයුතු ප‍්‍රධාන ධාරාවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීම අවශ්‍ය නැහැ.

ඕනෑම නම් ඒ සඳහා ජනාධිපති නිල වෙබ් අඩවිය යොදාගත හැකියි. එවිට (කැමති කෙනෙකුට කැමති විටෙක බලන්නට) තොරතුරු හෙළිදරව් කිරීම ඉහළ මට්ටමින් සිදු වෙතත් පත්තර කියවන, ටෙලිවිෂන් බලන ජනයාට ජනපති ගැන පුවත් කන්දරාවක් බලෙන් පැටවෙන්නේ නැහැ.

දිනපතාම සිල්ලර මට්ටමේ ජනපති පුවත් සියලූ මාධ්‍ය හරහා බෙදා නොහැර විටින් විට ජාතික මට්ටමෙන් වැදගත් නිමිති සඳහා පමණක් සියලූ මාධ්‍ය හරහා ජනයාට සමීප වුවොත් එහි අගය වැඩි වන බවත් මගේ කතාවේදි මා අවධාරණය කළා. එහෙත් මේ උපදෙස් පිළි ගත්තාද යන්න මට සැකයි. මාධ්‍ය මෛත‍්‍රීකරණය දිගටම සිදු වන බවක් පෙනෙන නිසා.

ජනාධිපතිවරයාගේ නව මාධ්‍ය භාවිතය ගැනත් මගේ විචාරයක් තිබෙනවා.

2015 ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ විගස සිරිසේන ජනපතිවරයා සමාජ මාධ්‍ය ජාල හරහා තමන්ට ලැබුණු ස්වේච්ඡා හා නොනිල සහයෝගයට ප‍්‍රසිද්ධියේ ස්තූති කළා.

එසේම රටේ ඉන්ටර්නෙට් භාවිත කරන පිරිස සමස්ත ජනගහනයෙන් 25%ක් වී, එය තව දුරටත් ටිකෙන් ටික වැඩි වන කාලයක තනතුරට පත් මේ ජනාපතිවරයාට මින් පෙර කිසිදු නායකයකුට නොතිබූ සන්නිවේදන අවස්ථාවක් උදා වී තිබෙනවා. එනම් සෙසු මාධ්‍යවලට සමාන්තරව නව මාධ්‍ය හරහා ද රටවැසියන් සමග සම්බන්ධ වීමටයි.

සෙසු මාධ්‍ය කිසිවකට වඩා නව මාධ්‍ය හරහා සංවාද කිරීමේ විභවය තිබෙනවා. එසේ කිරීමට ජනපතිට සැම විටම විවේක නැතත්, අඩුම තරමින් (කාර්ය මණ්ඩලය හරහා) සමාජ මාධ්‍යවල ජනයා මතු කරන අදහස් උදහස්වලට සවන් දිය හැකියි. වියදම් අධික ජනමත සමීක්ෂණ නිතර කරනු වෙනුවට බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල නායකයන් දැන් කරන්නේ සමාජ මාධ්‍ය කතාබහ නිරීක්ෂණය කිරීමයි.

ජනපති සිරිසේන පදවි ප‍්‍රාප්තියෙන් පසු නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඇරඹුවා. ගෙවී ගිය වසර තුළ ඒවාට ඒකරාශී වූ ජන සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. 2015 මැද පමණ සිට ෆේස්බුක් වේදිකාව මත සිටින ලාංකික දේශපාලන චරිත අතරින් වැඩිම පිරිසක් එක් රැස්ව සිටින්නේ සිරිසේනගේ නිල ගිණුමටයි. (එතෙක් මුල් තැන සිටි මහින්ද රාජපක්ෂ දැන් දෙවැනි තැනට පත්වෙලා.)

සිරිසේන නිල ෆේස්බුක් ගිණුමෙන් කරන්නේ ඔහුගේ කතා, සුබපැතුම් හා උත්සව ඡායාරූප බෙදා හැරීම පමණයි. එහි එන පාඨකයන් සමග අන්තර් ක‍්‍රියා සිදුවන්නේ ඉතා අඩුවෙන්. එහෙත් මහින්ද රාජපක්ෂ නිල ෆේස්බුක් ගිණුම ඔහු තනතුරේ සිටින විටත්, ඉන් පසුවත් වඩා සංවාදශීලී ලෙසින් පවත්වා ගෙන යනවා.

සමාජ මාධ්‍ය සාර්ථකත්වය යනු හුදෙක් ගොඩ වැඩි කර ගැනීම නොවෙයි. එහි එන ජනයා සමග සාකච්ඡාමය ගනුදෙනු වැඩියෙන් කිරීමයි (engagement). සියයකට අධික ජනපති මාධ්‍ය ඒකක කාර්ය මණ්ඩලයේ දෙතුන් දෙනකු මෙයට කැප කිරීම වටිනවාග

ෆේස්බුක් හා ට්විටර් සමාජ මාධ්‍ය හරහා කලින් දැනුම් දෙන ලද නිශ්චිත කාලයක (පැය 2-3) මහජන ප‍්‍රශ්නවලට පිළිතුරු දීමේ සම්ප‍්‍රදායක් මතුව තිබෙනවා (FB/Twitter Q&A). මහින්ද රාජපක්ෂ මෙන්ම චම්පික රණවක වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලකයන්ද මෙය විටින් විට කරනවා. එහිදි ලැබෙන ප‍්‍රශ්න ගැන කිසිදු පාලනයක්/වාරණයක් කළ නොහැකි නමුත් තමන් කැමති ප‍්‍රශ්නවලට පමණක් තෝරා ගෙන කෙටියෙන් පිළිතුරු දිය හැකියි.

කණගාටුවට කරුණ වන්නේ ජනපති සිරිසේන හෝ අගමැති විකරමසිංහ වසරක් ගත වීත් කිසි විටෙක මෙබන්දක් නොකිරීමයි. සයිබර් අවකාශය හරහා රට වැසියන්ට මුහුණ දීමට ඇයි මෙතරම් පැකිලෙන්නේ?

Tell the President web banner
Tell the President web banner

‘ජනපතිට කියන්න’ සේවාවෙන් මේ අඩුපාඩු සපිරෙන්නේ නැහැ. එය ට්විටර් හා ෆේස්බුක් මෙන් විවෘත හා පාරදෘශ්‍ය වේදිකාවක් නොවෙයි.

සේවාව ඇරැඹුණු දවසේම රාජ්‍ය තොරතුරු සේවය දුරකථන අංක 1919 හරහා මා ප‍්‍රශ්නයක් යොමු කළා. එනම් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට ලක් වී එදිනට හරියටම වසර 7ක් පිරුණත්, යහපාලන පොරොන්දුවක් වූ එම අපරාධ විමර්ශනය කඩිනම් කිරීමට දැන් සිදු වන්නේ කුමක්ද යන්නයි.

මෙය පොදු උන්නතියට අදාළ ප‍්‍රශ්නයක්. මෙබඳු ප‍්‍රශ්න පොදු අවකාශයේ විවෘතව රාජ්‍ය නායකයන්ගෙන් ඇසිය හැකි නම් එහි වටිනාකම වැඩියි. එසේම මට ලැබෙන උත්තරය ද පොදු අවකාශයේ කාටත් කියවා ගත හැකි විවෘත එකක් විය හැකි නම් වඩාත් හොඳයි.

ජනපතිට කියන්න සේවය විවෘත ආණ්ඩුකරණයට (Open Government) තුඩු දෙන්නක් නොවන්නේ ඉහත කී සීමා නිසායි. මුල් පැය 24 තුළ ප‍්‍රතිචාර 3,000කට වඩා ලැබුණා යයි මාධ්‍ය වාර්තා කළත් ඒවා මොනවාද? කෙතරම් ඉක්මනින් ජනපති පිළිතුරු ලබා දෙනවාද යන්න දැනගත හැකි ක‍්‍රමයක් නැහැ.

සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

පෞද්ගලික ප‍්‍රශ්න, ආයාචනා හා පැමිණිලි යොමු කිරීමේදී සංවෘත ක‍්‍රමවේදයකුත්, පොදු ප‍්‍රශ්න සඳහා විවෘත ක‍්‍රමවේදයකුත් අවශ්‍යයි. මේ විවෘත ක‍්‍රමවේදයට කිසිදු අලූත් පරිශ‍්‍රමයක් දැරිය යුතු නැහැ. ජනාධිපතිවරයාගේ පවතින ෆේස්බුක් හා ට්විටර් නිල ගිණුම් හරහාම කළ හැකියි.

එවන් විවෘත සයිබර් සංවාදයක තවත් වැදගත්කමක් නම් මතු පරිශීලනය සඳහා වෙබ්ගතව සංරක්ෂණය වීමයි. කලින් කලට වචනය වෙනස් කරන දේශපාලකයන් මෙයට නොරිසි විය හැකි වුවත් ප‍්‍රතිපත්තිගරුක හා අවංක ජන නායකයකුට තමන් අද කියන දෙය ලබන සතියේ, ඉදිරි මාසයක හෝ වසරක කාටත් ලෙහෙසියෙන් බලා ගත හැකි පරිදි සංරක්ෂණය වීම ප‍්‍රශ්නයක් නොවෙයි.

ජනපතිට කියන්න සේවාව කිනම් රාමුවක් තුළ පවත්වා ගන්නවාද යන්න පැහැදිලි නැහැ. එහෙත් මේ හරහා යළිත් වරක් රටේ හැම මට්ටමේම ප‍්‍රශ්න ජනපතිවරයාට කේන්ද්‍ර වීමේ අවදානමක් ද තිබෙනවා.

හිටපු ජනපතිවරයා රටේ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ හා සෙසු රාජ්‍ය ආයතන තන්ත‍්‍රය කොන්කර දැමීමේ හැම ප‍්‍රශ්නයක්ම විසඳන එකම ජගතා හා තීරකයා තමා පමණක් යන හැඟීම සමාජගත කරමින්. එය රාජ්‍ය පරිපාලනයට ඉතා අහිතකරයි.

විශේෂයෙන්ම 19 වන සංශෝධනයෙන් පසුව බලාත්මක කරන ලද ස්වාධීන කොමිසන් සභා ක‍්‍රියාත්මක වන පසුබිමෙක යළිත් අනවශ්‍ය ලෙස ජනපති-කේන්ද්‍රීය මහජන පැමිණිලි හා දුක් ගැනවිලි සම්ප‍්‍රදායක් ගොඩනැගීමට ඉඩ නොතැබිය යුතුයි.

එසේම රටවැසියන්ටත් මෙහි වගකීමක් තිබෙනවා. පත්වීම්, උසස්වීම්, වැටුප් වර්ධක, මාරුවීම්, විභාග ප‍්‍රතිඵල, පරිපාලන අක‍්‍රමිකතා ආදී බොහෝ කරුණු අරභයා නොවිසඳුණු ගැටලූ ඇති බව ඇත්තයි. එහෙත් මේ බොහොමයකට අදාළ පැමිණිලි හා පරීක්ෂණ ක‍්‍රමවේදයන් ඉමහත් මහජන මුදලකින් පවත්වා ගෙන යන බවත් අප දන්නවා. පවතින ක‍්‍රමවේදයන්ට යොමු නොවී හැම ප‍්‍රශ්නයම ජනපතිට කියන්න යාම ඔහුගේත්, රටේත් කාලය හා සම්පත් අපතේ යැවීමක්.

මේ අතර ජනපති නව මාධ්‍ය ගැන දක්වන ආකල්ප ගැනද යමක් කිව යුතුයි.

දෙසැම්බර් 27 වනදා අම්පාරේ රැස්වීමක් අමතමින් ජනපති සිරිසේන කළ සුචරිතවාදී කතාව සමාජ මාධ්‍යවල මහත් ආන්දෝලනයක් ඇති කළා. එන්රිකේ ගායකයාගේ දෙසැම්බර් 20 කොළඹ ප‍්‍රසංගයේ යම් පේ‍්‍රක්ෂක හැසිරීම් ගැන ජනපතිවරයා නොසතුට පළ කළ අතර එසේ කිරිමට ඔහුට පූර්ණ භාෂණ නිදහස තිබෙනවා. තමා කැමති මතයක් දැරීමට අන් සියලූ රටවැසියන්ට ඇති නිදහස එපමණින්ම ඔහුට ද තිබෙනවා.

එමෙන්ම රටේ නායකයා සමග ප‍්‍රසිද්ධියේ එකඟ නොවීමට හා ඔහු තරයේ විවේචනය කිරීමට ඒ හා සමාන අයිතියක් රටවැසියන් වන අප සතුයි. ජනපතිගේ මඩුවලිග කතාවට මාත් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනෙකු විරෝධය දැක්වූවා.

‘අපේකම’ යන්න පටු ලෙසින් විග‍්‍රහ කිරීම ගැන මෙන්ම පුරාණ ලංකාවේ යොදා ගැනුණු, ශිෂ්ට සමාජයකට තව දුරටත් නොගැළපෙන ම්ලේච්ඡ දඬුවමක් (අඩු තරමින් කට වචනයෙන් හෝ) නිර්දේශ කිරීම ද අපේ විවේචනවලට හේතු වුණා.

President Sirisena of Sri Lanka lashes out at online critics claiming a plot to destroy him - Lankadeepa, 30 December 2015
President Sirisena of Sri Lanka lashes out at online critics claiming a plot to destroy him – Lankadeepa, 30 December 2015

මගේ වැටහීමට අනුව සංවාදය එතැනින් හමාර විය හැකිව තිබුණා. එහෙත් ලංකාදීප වාර්තාවකට අනුව දෙසැම්බර් 29 වනදා බත්තරමුල්ලේ කතාවක් කළ ජනාධිපතිවරයා නිවී යමින් තිබූ ප‍්‍රතිවිරෝධයට ඉන්දන එකතු කළා. වෙබ් අඩවි හෝ ෆේස්බුක් ඔස්සේ තමා ‘පොඩි පට්ටම් කිරීමට, අඹරා දැමීමට සහ නැති කිරීමට’ සමහරුන් කටයුතු කරන බවට චෝදනා කළා.

තමා වට කොට (වාචිකව) පහරදීමේ සංවිධානාත්මක ප‍්‍රයත්නයක් ඇතැයි යන උපකල්පනය මත රටේ නායකයා සැකමුසු මානසිකත්වයක් ගොඩ නගා ගනී නම් එය ඔහුටත්, රටටත් අහිතකරයි. සමාජ මාධ්‍ය තුළ දේශපාලන ප‍්‍රතිවාදීන් ද සිටිය හැකි නමුත් මා දන්නා තරමට එබඳු සංවිධානාත්මක ප‍්‍රයත්නයක් නැහැ.

එහෙත් එක් පැහැදිලි සත්යයක් තිබෙනවාග සමාජ මාධ් විශේෂයෙනුත්, වෙබ් අවකාශය පොදුවේත් ගරුසරු නොකරන තැනක්. අධිපතිවාදයන්ට හා උද්දච්චකමට නොකැමැති පිරිස එහි වැඩියි.

උදාහරණයකට වෙනත් මාධ්‍යවල තවමත් යෙදෙන තුමා හා තුමිය ආදිය එහි අදාළ නැහැ. හොඳ දෙයට සයිබර් අත්පොළසන් නාදයත් (එනම් දිගින් දිගටම ෂෙයාර් වීම් සහ ලයික් වීම) මෙන්ම අධිපතිවාදී හෝ පණ්ඩිත කථාවලට සයිබර් හූවත් මතුව එනවා. මඩුවලිග කථාවට ලැබුණේ දෙවැන්නයිග

හිමිකරුවන් නැති, කතුවරුන් නැති සමාජ මාධ්‍ය (වෙනත් මාධ්‍ය මෙන්) රාජ්‍ය බලය යොදා මෙල්ල කරන්නට බැහැ. හැකි එකම දෙය සීරුවෙන්, සුහදව හා සහයෝගීතාවෙන් එහි ගැවසෙන පිරිස සමග ගනුදෙනු කිරීමයි.

සමාජ මාධ්‍යවල ද උදව්වෙන් තනතුරට ආ සිරිසේන ජනාධිපතිවරයාට ඒ හරහා රටවැසියන් සමග හරවත් හා මිත‍්‍රශීලී සංවාදයකට යාමට තවමත් ඉඩ තිබෙනවා. දෙවැනි වසරේවත් ඔහු එය කරනු ඇතැයි අපි පතමු!

මාධ්‍යය කුමක් වුවත් රටවැසි අපට සවන් දෙනල අප සමග සුහදව කථා කරන හා අපට බණ නොකියන නූතන නායකයකු ඕනෑ!

See also:

4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

18 January 2015: සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

15 January 2014: සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

සිවුමංසල කොලූගැටයා #252: ප්‍රජාතන්ත්‍රවාදයේ ඩිජිටල් මුහුණුවර හා ජනවාරි 8 පෙරළියේ ඉතිරි අභියෝග

"For only the second time in my life, I voted for a winning candidate on 8 Jan 2015. I now keep insisting that be delivers on his promises." - Nalaka Gunwardene
“For only the second time in my life, I voted for a winning candidate on 8 Jan 2015. I now keep insisting that Maithripala Sirisena delivers on his promises.” – Nalaka Gunwardene, blogger and tweep

At Sri Lanka’s seventh presidential election, held on 8 January 2015, we citizens sent the despotic Rajapaksa regime home. Contrary to some assertions, it was an entirely a home-grown, non-violent and democratic process. An impressive 81.52% of registered voters (or 12.26 million persons) took part in choosing our next head of state and head of government: Maithripala Sirisena.

It was also Sri Lanka’s first national level election where smartphones and social media played a key role and probably made a difference in the outcome. During the weeks running up to 8 January, hundreds of thousands of Lankans from all walks of life used social media to vent their frustrations, lampoon politicians, demand clarity on election manifestos, or simply share hopes for a better future.

As I documented shortly afterwards, most of us were not supporting any political party or candidate. We were just fed up with nearly a decade of mega-corruption, nepotism and malgovernance. Our scattered and disjointed protests – both online and offline – added up to just enough momentum to defeat the strongman Mahinda Rajapaksa. Just weeks earlier, he had appeared totally invincible.

Thus began the era of yaha-palanaya or good governance.

In real life, democracy is a work in progress and good governance, an arduous journey. In this week’s Ravaya column (appearing in issue of 10 January 2016), I argue that voting in two key elections during 2015 (including Parliamtnary Election held on 17 August) was the easy part. We citizens now have to be vigilant and stay engaged with the government to ensure that our politicians actually walk their talk.

Here, we can strategically use social media among other advocacy methods and tools.

See my English essay which covers similar ground: Yahapalanaya at One: When will our leaders ‘walk the talk’? Groundviews.org, 4 January 2016

මීට වසරකට පෙර තීරණාත්මක මැතිවරණයක් අබිමුඛ්හාව නාලක ගුණවර්ධන සමාජ මාධ්‍ය හරහා බෙදාගත් 2015 අවුරුදු පැතුම
මීට වසරකට පෙර තීරණාත්මක මැතිවරණයක් අබිමුඛ්හාව නාලක ගුණවර්ධන සමාජ මාධ්‍ය හරහා බෙදාගත් 2015 අවුරුදු පැතුම

ජනාධිපතිවරණයට දින කීපයකට පෙර 2015 ජනවාරි 1 වනදා මගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා එළැඹෙන වසරට මගේ පැතුම රූප-වචන මිශි‍්‍රත මීම් (meme) එකක ස්වරූපයෙන් මුදා හැරියා. එහි කියැවුණේ 2015 මගේ පැතුම: යටත් වැසියකු නොවන නිදහස් පුරවැසියෙක්!

2015 ජනවාරි 8 වනදා උදෙන්ම ගොස් මා ඡන්දය දුන්නේ මෛතී‍්‍රපාල සිරිසේන නම් මැතිවරණ අපේක්ෂකයාට නොවෙයි. ඔහු සංකේතවත් කළ පරමාදර්ශී යහපාලන සංකල්පයටයි. දේශපාලනයේදී පුද්ගලයින්ට වඩා සංකල්ප වටිනා බව කලක් ගත වී හෝ මා තේරුම් ගෙන සිටිනවා.

යහපාලනයේ ජයග‍්‍රහණයෙන් මා ප‍්‍රමෝදයට පත් වූයේ කිසිදා සිරිසේනගේ හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක හෝ හිතවතකු නොවූ ස්වාධීන පුරවැසියකු හැටියටයි.

ජනවාරි 9 වන දා සිට සාපේක්ෂව වඩා නිදහස් හා මානව හිමිකම් ගරු කරන වාතාවරණයක ජීවත්වීමේ අවකාශය ලක්වැසියන්ට උදා වූ බව කිව යුතුයි. බියෙන් තොරව රටේ නායකයා හා සෙසු පාලක පිරිස නිර්දය ලෙස විවේචනය කිරීමේ හැකියාව 2015 වසර පුරා මා රායෝගිකව අත්හදා බැලුවා. රටේ නායකයා යහපත් දෙයක් කළ විට එය පසසන්නත්, වැරදි දෙයක් කළ විට එය විවේචනය කරන්නත් හැකි පසුබිමක් යළි උදා වීම ලොකු දෙයක්.

එහෙත් අප හමුවේ තවමත් අභියෝග රැසක් ඉතිරිව තිබෙනවා.

එයින් එකක් නම් ජනවාරි 8 මැතිවරණ ප්‍රතිඵලය පිළිගන්නට සමහරුන් නොකැමැති වීමයි. ඒ ගැන විවිධ කුමන්ත්‍රණ තර්ක මතු වනවා. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍රහණය පිටුපස අදිසි හස්තයක් නැතහොත් ජාත්‍යන්තර බලපෑමක් කි‍්‍රයාත්මක වූවා ද? එය මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ මහා “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” කොටසක්ද? මෙවන් ප‍්‍රශ්න වසරක් ගත වීත් තවමත් සමහරුන්ගේ මනසේ සැරිසරන බව පෙනෙනවා.

මෙය විග්‍රහ කරන්න මා එක්තරා උපමිතියක් යොදා ගන්නට කැමතියි.

අනුරාධපුරයේ හා පොළොන්නරුවේ හමු වන මහා දාගැබ් පුරාණ ලෝකයේ දැවැන්ත ඉදිකිරීම් අතරට ගැනෙනවා. ඒවායේ වාස්තු විද්‍යාත්මක හා ඉංජිනේරුමය නිමාව අපේ පැරැන්නන්ගේ විද්‍යා හා තාක්ෂණය හැකියාවන්ට මනා උදාහරණයි.

අනුරාධපුරයේ පිහිටි මිරිසවැටිය, රුවන්වැලි සෑය හා ජේතවනය යන මහා දාගැබ් තුන දිශා පිහිටුවීමේදී හා ඉදි කිරීමේදී පිටසක්වල බුද්ධිමත් ජීවීන්ගේ සහාය ලැබී ඇතැයි 1997දී ලාංකිකයකු ලියූ පොතකින් අසාමාන්‍ය තර්කයක් මතු කරනු ලැබුවා (Alien Mysteries in Sri Lanka & Egypt, by Mihindukulasuriya Susantha Fernando, 1997). ඊජිප්තුවේ මහා පිරමීඩ හා අපේ මහා දාගැබ් සසඳමින් ලියා ඇති මේ පොත විද්‍යාත්මක සාධක හා තර්කවලට වඩා පරිකල්පනය හා විශ්වාස මත පදනම් වූවක්.

එම පොත ගැන මගේ ප්‍රතිචාරය වූයේ මෙයයි. “ඕනෑම ඓතිහාසික හෝ කාලීන හෝ කරුණක් ගැන තමන් රිසි ලෙසින් ප‍්‍රතිවිග‍්‍රහ කිරීමේ අයිතිය විවෘත සමාජයක තිබිය යුතුයි. එසේම එවන් විග‍්‍රහයන් සංවාදයට ලක් විය යුතුයි. එසේ නමුත් අපේ මහා දාගැබ් තැනීමට පිටසක්වල ජීවීන්ගේ සහාය ලැබුණා යන කල්පිතයේ යටි අරුත එවැනි හපන්කම් අපේ ඇත්තන්ට තනිවම කළ නොහැකි වූ බවද?”

ඈත හෝ මෑත ඉතිහාසය ගැන ෆැන්ටසි ආකාරයේ කල්පිත හෝ කුමන්ත‍්‍රණ කථා මතු කරන විට බෙහෙවින් ප‍්‍රවේශම් විය යුතු බවට මෙය හොඳ උදාහරණයක්.

2015 ජනවරි 8 වනදා සිදු වූ දේශපාලන බල සංක‍්‍රාන්තිය ගැන පරාජිතයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් මතු කරන විග‍්‍රහයන් අභව්‍යයි.

එදා මෙරට සිදු වූයේ මෑත ඉතිහාසයේ සාපේක්ෂව වඩා සාමකාමී මැතිවරණය හරහා ඡන්දදායකයන් විසින් නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමයි. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 81.52%ක් (එනම් 12,264,377ක්) ඡන්දය ප‍්‍රකාශ කළා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා හා කාර්ය මණ්ඩලය වග බලා ගත්තා.

මැතිවරණ කැම්පේන් කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයාගේ වාසියට රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා ගත් නමුත් අවසානයේදී තීරකයන් වූයේ ඡන්දදායක අපියි. වැඩි ඡන්ද 449,072කින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජය ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ කි‍්‍රයාකාරීත්වය සංකේතවත් කරමින්.

අපේ මැතිවරණ නිලධාරීන් මහත් ආයාසයෙන් පැවැත් වූ මැතිවරණයකින් අපේ ඡන්දදායකයන් බහුතරයකගේ රහසිතගව රකාශ ඡන්දවල සමුච්චිත රතිඵලය ලෙස සාමකාමී බල සංකරාන්තියක් සිදු කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ අපටමයි.

එය රටින පිටත සිටින කුමන හෝ බලවේගයකට පැවරීමට තැත් කිරීම අපේ ඡන්දදායකයින්ට, මැතිවරණ යාන්ත‍්‍රණයට හා සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කරන නිග‍්‍රහයක්. පටු අරමුණු තකා උඩ බලාගෙන කෙළ ගැසීමක්.

මැතිවරණයේ ප‍්‍රතිඵලය ගැන සමහරුන් ප‍්‍රමෝදයට පත්වූ අතර, තවත් සමහරුන් කණගාටුවට පත් වූවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වභාවයයි. අපේ පෞද්ගලික රුචි අරුචිකම් කුමක් වුවත් එම කි‍්‍රයාදාමය හා ප‍්‍රතිඵලය අවතක්සේරු කිරීම හෝ ගැරහීමට ලක් කිරීම අනුවණකාරී වැඩක්.

ජනාධිපතිවරණයට පසුදා නාලක ගුණවර්ධන කඩිමුඩියේ නිමවා සමාජමාධ්‍යවලට මුදා හැරි මීමය - සිය ගණනින් ෂෙයාර් කරන ලදී
ජනාධිපතිවරණයට පසුදා නාලක ගුණවර්ධන කඩිමුඩියේ නිමවා සමාජමාධ්‍යවලට මුදා හැරි මීමය – සිය ගණනින් ෂෙයාර් කරන ලදී

 

ජයග‍්‍රාහකයාගේ වැඩි ඡන්ද 449,072ට දායක වූ සාධක ගැන ද විවාදයක් තිබෙනවා.

රාජපක්ෂ පාලනය යටතේ පැවති දශකයක පමණ කාලය තුළ රටේ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගරා වැටීම ගැන කලකිරීමට පත් සිංහල මධ්‍යම පාන්තිකයක්ගෙන් කොටසක් වෙනසක් සඳහා ඡන්දය ප‍්‍රකාශ කළ බව එක් මතයක්. මාන්නාධික පාලකයකුගේ යටත් වැසියන් ලෙස නොව නිවහල් පුරවැසියන් ලෙස යළිත් විසීමට අපට ඕනෑ වුණා.

එසේම පසුගිය පාලන සමයේ නිතර අවමානයට හා වෙනස්කම්වලට ලක් වූ සුළුජාතීන් හා ආගමික සුළුතරයන් අතර සමහරෙක් ද පැවති පාලනය වෙනස් කිරීමට ඡන්දය දුන්නා යයි අනුමාන කළ හැකියි.

මෙයට අමතරව එතරම් අවධානයට ලක් නොවූ සාධකයක් මා දකිනවා. ජනවාරි 8 වනදා ජනාධිපතිවරණයට ලියාපදිංචි ඡන්දදායකයන් 15,044,490ක් සිටියා. මේ අතර මෑතදී වයස 18 පසු කිරීම නිසා ජීවිතයේ මුල් වතාවට ඡන්දය දැමීමේ වරම ලද තරුණ තරුණියන් මිලියනයක් පමණ ද සිටියා.

මේ පිරිසේ බොහෝ දෙනෙකු ජංගම දුරකථන භාවිත කරන, ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් සම්බන්ද වන අයයි. (ඉන්ටර්නෙට් තව දුරටත් ටික දෙනෙකුට සීමා වූ නාගරික වරප‍්‍රසාදයක් නොවෙයි.) ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය ජාල (විශේෂයෙන් ම ෆේස්බුක්, ට්විටර් හා යූටියුබ්) හරහා මැතිවරණ සමයේ බොහෝ නොනිල තොරතුරු ගලා ගියා. සංවාද සිදු කෙරුණා.

මේ හරහා තරුණ ඡන්දවලට යම් බලපෑමක් සිදු කරන්නට ඇතැයි මා සිතනවා. මෙය ආසියානු කලාපයේ වෙනත් රටවල සමාජ මාධ්‍ය හා මැතිවරණ කි‍්‍රයාදාමයන්ට සමකළ හැකියි.

ජනවාරි 8 වනදා සිදුවූ සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු පෙරළියට වෙබ්ගත සමාජ මාධ්‍යයද සැළකිය යුතු මට්ටමින් දායක වූ බව ජනාධිපති වීමෙන් ටික දිනකට පසු මෛතී‍්‍රපාල සිරිසේන කියා සිටියා. ජනාධිපතිවරණයේ සන්නිවේදන කි‍්‍රයාදාමයන් ගැන කළ විග‍්‍රහයකදී මා එයට හේතු වූ සාධක විස්තරාත්මකව සාකච්ඡා කළා. [කියවන්න: Was #PresPollSL 2015 Sri Lanka’s first Cyber Election? By Nalaka Gunawardene. Groundviews.org, 13 January 2015].

සැකෙවින් කිව හොත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හරහා මුදල් ගෙවා හෝ මැතිවරණ ප‍්‍රචාරණය කිරීමට විපක්ෂයේ පොදු අපේක්ෂකයාට තිබුණේ සීමිත සම්පත් හා හැකියාවක්. බලයේ සිටි නායකයාට මෙන් ව්‍යාපාරික අනුග‍්‍රහය ලැබීමට හෝ රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස භාවිතයට හෝ හැකි වූයේ නැහැ.

මේ පසුබිම තුළ සිරිසේනගේ යහපාලන මැතිවරණ පණිවුඩ සමාජගත කිරීමට ප‍්‍රබලව දායක වූයේ (නිල මැතිවරණ ව්‍යාපාරයට කිසිසේත් සම්බන්ධ නොවූ) ස්වේච්ඡාවෙන් පෙරට ආ ඩිජිටල් හැකියාවන් තිබූ නිර්මාණශීලී තරුණ තරුණියන් පිරිසක්.

ඔවුන් සමාජ මාධ්‍යවලට හා වෙනත් වෙබ් අඩවිවලට මුදා හැරි කෙටි පණිඩුව, හාස්‍යජනක රූපමය පණිවුඩ (මීම්) හා වෙනත් අන්තර්ගතයන් ඉක්මණින් වෙබ් භාවිත කරන්නන් අතර සංසරණය වුණා. එතැනින් නොනැවතී සෙසු ජන සමාජයට ද කාන්දු වී පැතිරුණා.

මේ මගේ නිරීක්ෂණ පමණක් නොවෙයි. එය ගැන අවධානයෙන් සිටි තවත් අයගේ ද පිළිගැනීමයි. මට අමතරව රංග කලන්සූරිය හා අජිත් පැරකුම් ජයසිංහ වැන්නවුන් ද මේ සයිබර් සාධකය තහවුරු කරමින් ගෙවී ගිය වසරේ ලියා තිබෙනවා.

ජනවාරි 8 වනදා බහුතරයක් ලක්වැසි ඡන්දදායකයින් විසින් විවර කර ගත් යහපාලන අවකාශය, අගෝස්තු 17 වනදා පාර්ලිමේන්තු මැතිවරණයේදී යළිත් තහවුරු කරනු ලැබුවා.

එහෙත් පුරවැසි අපේ වගකීම එතැනින් හමාර වී නැහැ. යහපාලනය අයාලේ යන්නට, බඩගෝස්තරවාදයට නතු වන්නට බොහෝ ඉඩ තිබෙනවා. මේ අවදානම අවම කර ගත හැක්කේ අප දිගටම ආණ්ඩුකරණ කි‍්‍රයාදාමයේ සකි‍්‍රය කොටස්කරුවන් ලෙස සිටිය හොත් පමණයි.

කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි! යහපාලනයේ කයිය හා කෙරුවාව අතර මහා හිදැසක්!
කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි! යහපාලනයේ කයිය හා කෙරුවාව අතර මහා හිදැසක්!

මැතිවරණ අතරතුර කාලයේ දේශපාලනය හා ආණ්ඩුකරණය (politics and governance) එම කාර්යයේ පූර්ණකාලීනව නිරතවන දේශපාලකයන් පිරිසකට පවරා අපේ වැඩක් බලාගෙන ඔහේ ඉන්නට ඉඩක් අපට නැහැ. දශක ගණනක් එසේ කිරීමේ බරපතල විපාක අප දැන් අත් විඳිනවා.

තොරතුරු තාක්ෂණයෙන් ජවය ලබන හා ඒකරාශී වන තරුණ පුරවැසියන් තව දුරටත් පාලකයන්ට රිසි පරිදි “අමන පාලනයක්” ගෙන යාමට ඉඩ නොදෙනු ඇති. බොහෝ ගතානුගතික දේශපාලකයන් නව සන්නිවේදන තාක්ෂණයන්ට හා සමාජ මාධ්‍යවලට බිය වන්නේ ද මේ නිසායි! මෙතෙක් කල් කළ සටකපටකම් දිගටම කිරීම අසීරු වන බැවින්.

25 August 2015: සිවුමංසල කොලූගැටයා #233: ප‍්‍රජාතන්ත‍්‍රවාදය නවීකරණය කරන සමාජයීය වගවීම

අඩ සියවසකට වැඩි කාලයක් (1956 – 2008) ශී‍්‍ර ලංකාවේ පදිංචිව සිටි, විද්‍යා ලේඛක හා අනාගතවේදී ශී‍්‍රමත් ආතර් සී ක්ලාක්ගේ අදහස් කිහිපයක් සිහිපත් කිරීම වැදගත්.

ඔහු අවසන් වරට මෙරට ප‍්‍රකාශනයක් සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් කළේ 2005 මුලදී. සුනාමියෙන් සති කිහිපයකට පසු LMD ව්‍යාපාරික සඟරාව සමග කළ ඒ සංවාදය අතරතුර මෙරටට උචිත ආණ්ඩුකරණයක් ගැනත් කථා කළා.

රටේ අවශ්‍යතාවලට ගැළපෙන හොඳම පාලන ක‍්‍රමය කුමක්දැයි ඔහුගෙන් ඇසූ විට දුන් පිළිතුර මෙයයි.

රජාතන්තරවාදය හොඳයි හා නරකයි යන තර්ක දෙකම අපට නිතර අසන්නට ලැබෙනවා. රජාතන්තරවාදය පරිපූර්ණ නැහැ. එය යාවත්කාලීන කිරීම හා රටේ හැටියට යම් තරමකට හැඩගස්වා ගැනීම අවශ්යයි. එසේම සියවස් ගණනක් පැවත රජාතාන්තිරක සම්ප්‍රදායන් නූතන තාක්ෂණයන්ගේ පිහිටෙන් වඩාත් දියුණු තියුණු කළ හැකියි.

 “සීඝරයෙන් ගෝලීයකරණය වන අපේ ලෝකයේ දුගී බව පිටු දැකීමට හා සියලූ ජනයාගේ ජීවන මට්ටම් නඟා සිටුවීමට නම් රාජ් තන්තරයේ නිසි වගකීම සහ වගවීම අවශ්යයි. එය මධ්යම, පළාත් හා පළාත් පාලන යන සියලූ මට්ටම්වල සිදුවිය යුතුයි.

 “මෙය සාක්ෂාත් කර ගත හැක්කේ පුරවැසියන් මැතිවරණවල ඡන්දය දීමෙන් හා කලින් කලට ආණ්ඩු මාරු කිරීමෙන් නොනැවතී දිගටම රජයන් හා ජනතා නියෝජිතයන් සමග ගණුදෙනුවක යෙදීමෙන්. මෙයට සමාජයීය වගවීම (social accountability) යයි කියනවා.

 “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් ශූර ලෙස යොදා ගනිමින්. දත්ත හා සාක්ෂි මත පදනම් වී ආණ්ඩුකරණය විචාරයට ලක් කිරීමට අද පුරවැසියන්ට හැකියාව තිබෙනවා. මීට පෙර පරම්පරාවල ආවේගශීලීව හෝ හුදු දේශපාලන මතවාද මත පමණක් උද්ඝෝෂණ කළ පුරවැසියන්ට දැන් ඊට වඩා හරවත්ව හා ඉලක්කගතව රාජ් තන්තරය විවේචනය කළ හැකියි.

 “මහජන මුදල් භාවිතය, රාජ් ආයතනවල අකාර්යක්ෂමතා, දූෂණ, වංචා හා බොරු ප්රෝඩා ගැන සූක්ෂම ලෙස ගවේෂණය කිරීමට හා තමා සොයා ගන්නා දේ ඉක්මණින් වෙබ් ගත කිරීමට අද ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ වූ පුරවැසියන්ට හැකියි. මේ නව හැකියාවන් හරහා යහපත් ආණ්ඩුකරණයට සියලූ දේශපාලකයන්ට හා රාජ් නිලධාරීන්ට බල කිරීමේ විභවය ජනතාවට ලැබෙනවා. මේ බලය නිසි ලෙස භාවිත කිරීමට අප උත්සුක විය යුතුයි.

Arthur C Clarke's remarks on ICTs and good governance, made in 2005
Arthur C Clarke’s remarks on ICTs and good governance, made in 2005

2008 මාර්තුවේ අප අතරින් නික්ම යන තුරුම ක්ලාක් නිතර කීවේ මේ නව සියවසේ ප‍්‍රබලම අවිය හා වටිනාම ඉන්ධනය වන්නේ තොරතුරු හා දැනුම බවයි. (තොරතුරුවලට සමාජයීය අගයක් එකතු කළ විට එය දැනුම බවට පත් වනවා.)

See also:
4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

18 January 2015: සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

 

සිවුමංසල කොලූගැටයා #250: සුනාමි උවදුරකට හරි හැටි මුහුණ දීමට දැන්වත් අප සූදානම්ද?

Managing disaster early warnings is both a science and an art. When done well, it literally saves lives — but only if the word quickly reaches all those at risk, and they know how to react.

We have come a long way since the devastating Boxing Day tsunami of December 2004 caught Indian Ocean countries by surprise. Many of the over 230,000 people killed that day could have been saved by timely coastal evacuations.

Early warnings work best when adequate technological capability is combined with streamlined decision-making, multiple dissemination systems and well prepared communities.

Rapid onset disasters — such as tsunamis and flash floods — allow only a tight window from detection to impact, typically 15 to 90 minutes. When it comes to tsunamis, it is a real race against time. Effective tsunami warnings require very rapid evaluation of undersea earthquakes and resulting sea level changes, followed by equally rapid dissemination of that assessment.

Following the 2004 disaster, the Indian Ocean Tsunami Warning and Mitigation System (IOTWS) was set up in 2005 under UNESCO’s Intergovernmental Oceanographic Commission. It is a regional collaboration that brings together three regional tsunami service providers – scientific facilities operated by the governments of Australia, India and Indonesia — and over a dozen national tsunami centres. The latter are state agencies designated by governments to handle in-country warnings and other mitigation activities.

In this week’s Ravaya column (appearing in issue of 27 Dec 2015), I explore the challenges of delivering credible and timely tsunami early warnings. I have drawn on my recent participation in the Asian Regional Workshop on “SHER (Science, Health, Environment & Risk) Communication: Role of S&T Communication in Disaster Management and Community Preparedness” held in Jakarta, Indonesia.

See also my English writing on this subject:

Outpacing Tsunamis in the Indian Ocean: Are we ready? Ceylon Today, 4 July 2014

Crying wolf over disasters undermines future warnings. SciDev.Net, 6 February 2013

Nurturing Public Trust in Times of Crisis: Reflections on April 11 Tsunami Warning. Groundviews.org 26 April 2012

A long ‘last mile’: Lesson of the Asian tsunami. SciDev.Net 23 December 2005

Tsunami early warning - how it works from detection to action
Tsunami early warning – how it works from detection to action

2004 දෙසැම්බරයේ බිහිසුණු සුනාමියේ මතකයන් දැන් ටිකෙන් ටික අතීතයට ඇදී යමින් තිබෙනවා.

එහෙත් කිලෝමීටර් 1,300ක් (සැතපුම් 830) පමණ දිග වෙරළ තීරයක් ඇති දූපත් රාජ්‍යයක් ලෙස සුනාමි උවදුරු ගැන අප අවදියෙන් සිටිය යුතුයි.

මීට වසර 11කට පෙර සුනාමියෙන් ආසියාවේ රටවල් 12ක අවාසනාවන්ත ලෙස ලක්ෂ දෙක හමාරකට වැඩි සංඛ්‍යාවක් මිය ගියා. ළඟ එන සුනාමිය ගැන අනතුරු ඇඟවීමක් ලැබ ඔවුන් වෙරළෙන් ටිකක් අභ්‍යන්තරයට දිව ගියා නම් මේ ජීවිත හානිය බෙහෙවින් අඩුකර ගත හැකිව තිබුණා.

අවාසනාවකට බොහෝ තැන්වල එය සිදු වූයේ නැහැ. භූමිකම්පාව හා සුනාමියක් හට ගැනීම පැසිෆික් සාගරයේ සිටි විද්‍යාඥයන් එසැණින්ම පාහේ නිරීක්ෂණය කළත් එම තොරතුර ඉන්දියානු සාගරයේ රටවලට ලබා දී මහජන අනතුරු ඇඟවීමක් බවට පත් කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදයක් එවකට තිබුණේ නැහැ. එය අපේ කාලයේ සිදු වූ දැවැන්ත අතපසුවීමක් ලෙස සැලකෙනවා.

මහා සුනාමියෙන් සති කිහිපයක් ඇතුළත එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝව ඉන්දියානු සාගරයේ සුනාමි අනතුරු ඇඟවීමේ ක‍්‍රියාපිළිවෙළක් Indian Ocean Tsunami Warning and Mitigation System (IOTWS) පිහිටුවීමට අඩිතාලම දැමුවා. මෙබන්දක් 1948 සිටම පැසිෆික් සාගරයේ රටවල් සඳහා ක‍්‍රියාත්මක වනවා.

ඉන්දියානු සාගරය භූමි ප‍්‍රමාණයෙන් ලොව තුන්වන විශාලතම සාගරයයි. අප‍්‍රිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ රටවල් හා දූපත් රාජ්‍ය 15ක් පමණත්, මැදපෙරදිග හා ආසියාවේ වෙරළබඩ රාජ්‍ය හා දූපත් රාජ්‍ය 20කට වැඩි සංඛ්‍යාවකුත් ඉන්දියානු සාගරය වට කරමින් පිහිටා තිබෙනවා.

ලෝකයේ ළාබාලම සාගරය ලෙස ඉන්දියානු සාගරයට යටින් සක‍්‍රිය භූ විද්‍යාත්මක ක‍්‍රියාදාමයන් සිදු වනවා. මේ නිසා මුහුද යට භූමිකම්පා නිතර හට ගන්නවා. එහෙත් ඒ හැම එකක්ම සුනාමි ජනනය කරන්නේ නැහැ. යම් සාධක සපුරා ගත් විට කොයි මොහොතේ සුනාමියක් ජනනය වේද, එය කෙතරම් ප‍්‍රබලවේද යන්න කල් තබා කීමටත් බැහැ.

එකම විසඳුම නම් දිවා රාත‍්‍රී නොකඩවා ඉන්දියානු සාගර භූමිකම්පා හා මුහුදු රළ ස්වභාවයන් නිරික්සීමයි. IOTWS අනතුරු ඇඟවීම් ක‍්‍රියාවලිය කරන්නේ මෙයයි.

IOTWS ක‍්‍රියාවලිය 2006 වන විට වැඩ පටන් ගත්තා. සුවිසල් සාගර ප‍්‍රදේශයක් ආවරණය කරන පරිදි පිහිටුවන ලද භූමිකම්පා නිරීක්ෂණ ස්ථාන 25ක්, සාගර පතුලේ තත්ත්වයන් ගැන නිරතුරු දත්ත සපයන මුහුදේ පාවෙන ස්වයංක‍්‍රීය උපකරණ පද්ධති 6ක් මේ කාරියට සම්බන්ධයි. මේ සියල්ල කරන්නේ හැම මොහොතකම දත්ත එකතු කොට එසැණින් ඒවා විශ්ලේෂණය කිරීමේ හැකියාව ඇති කලාපීය මධ්‍යස්ථාන තුනකට චන්ද්‍රිකා හරහා සම්පේ‍්‍රෂණය කිරීමයි.

මේ විද්‍යාත්මක මධ්‍යස්ථාන තුන (Regional tsunami service providers, TSP) ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව හා ඉන්දුනීසියාව විසින් මෙහෙයවනු ලබනවා.

ඉන්දියානු සාගරයේ ඕනෑම තැනෙක භූමිකම්පාවක් හට ගෙන සුනාමියක් ජනනය වූවොත් විනාඩි කිහිපයක් තුළ අධිවේගී තක්සේරුවක් කොට මෙම ක‍්‍රියාවලියට සම්බන්ධිත කලාපීය රටවල් 28ක ජාතික මට්ටමේ අනතුරු ඇඟවීමේ ස්ථානවලට (National tsunami warning centres) කඩිනමින් දැනුම් දීම ඔවුන්ගේ වගකීමයි.

එම තොරතුරු ලද විගස රටක් තුළ තීරණ ගැනීම හා ක‍්‍රියාත්මක වීම මුලුමනින්ම ජාතික මට්ටමේ ආයතනවලට භාරයි. එහිදී තමන්ට ලැබෙන (සමහරවිට අසම්පූර්ණ, එහෙත් වෙලාවේ හැටියට තිබෙන හොඳම) තොරතුරු මත පදනම් වී වෙරළාසන්න පෙදෙස්වලට අනතුරු ඇඟවීමක් කරනවා ද, එසේ නම් එය කුමන මට්ටමේ එකක් ද යන්න ඔවුන්ගේ භාරදූර වගකීමයි.

ඉන්දුනීසියාවේ ජාතික විද්‍යා ඇකඩමිය හා ආසියානු විද්‍යා ඇකඩමි සංසදය එක්ව සංවිධානය කළ ආපදා සන්නිවේදනයට නව සන්නිවේදන හා තොරතුරු තාක්ෂණයන් (ICTs) යොදා ගැනීම පිළිබඳ කලාපීය වැඩමුළුවක් දෙසැම්බර් 8-9 දෙදින තුළ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත් වුණා.

සමාජ මාධ්‍ය වඩාත් ප‍්‍රචලිත වීම ආපදා අවස්ථාවන්හිදී නිල රාජ්‍ය සන්නිවේදනයට බලපාන ආකාරය ගැන කලාපීය උදාහරණ සහිතව එහිදී මා කතා කළා.

Speakers on ‘ICT Applications for Disaster Prevention and Treatment’ in Jakarta, Indonesia, 8-9 Dec 2015
Speakers on ‘ICT Applications for Disaster Prevention and Treatment’ in Jakarta, Indonesia, 8-9 Dec 2015

ජකර්තාව ඉන්දියානු සාගරයටම වැදගත් ආයතන දෙකක් පිහිටි සුවිසල් නගරයක්. IOTWS ක‍්‍රියාවලිය සඳහා කලාපීයව නිරතුරු නිරීක්ෂණ කරන විද්‍යාත්මක මධ්‍යස්ථාන තුනෙන් එකක් මෙහෙයවන්නේ ඉන්දුනීසියාවයි. ඉන්දුනීසියානු රජය වෙනුවෙන් මේ කලාපීය වගකීම දරන්නේ එරට කාලගුණ, දේශගුණ හා භූ භෞතික විද්‍යා ඒජන්සිය (එරට බසින් කෙටි නම BMKG). ඔවුන්ගේ මූලස්ථානය නරඹන්නටත්, එහි ප‍්‍රධානියා හා සෙසු විද්‍යාඥයන් සමග කතා කරන්නටත් මට අවස්ථාව ලැබුණා.

ජකාර්තාවේ පිහිටි අනෙකුත් ආපදා සම්බන්ධ ස්ථානය නම් ඉන්දියානු සාගර සුනාමි තොරතුරු කේන්ද්‍රයයි (Indian Ocean Tsunami Information Centre, IOTIC). අනතුරු ඇඟවීම හැර අනෙකුත් මහජන අධ්‍යාපනය, පෙර සූදානම, ප‍්‍රතිපත්ති මගපෙන්වීම ආදී කලාපීය සේවා රැසක් ලබා දෙන මෙය යුනෙස්කෝව යටතේ ක‍්‍රියාත්මක වන්නක්.

ශ‍්‍රී ලංකාව රාජ්‍ය මට්ටමින් මේ දෙකටම සම්බන්ධයි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ප‍්‍රතිපත්ති මට්ටමිනුත්, ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ වගකීම භාර කොට ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙහෙයුම් මට්ටමිනුත් මේ කලාපීය සේවාවන්ට බද්ධ වනවා.

සුනාමි අනතුරු ඇඟවීමක් වටා තිබෙන ක‍්‍රියාදාමය ඇත්තටම කඩින් කඩ දිවීමේ (relay-running) ධාවන තරගයක් වගෙයි.

සුනාමියක් හට ගත් විට එම රළ තරංග පැයට කිලෝමීටර් 800ක් පමණ වේගයෙන් ආරම්භක ස්ථානයේ සිට චක‍්‍රාකාරව සැම දෙසට විහිද යනවා. මෙය ජෙට් ගුවන් යානයක වේගයට සමානයි. ආරම්භක ස්ථානය තහවුරු කර ගත් විට සුනාමියක් කෙතරම් විනාඩි හෝ පැය ගණනකින් යම් වෙරළකට පැමිණේදැයි ලෙහෙසියෙන් ගණනය කළ හැකියි.

ඉන්දුනීසියාවේ ජාවා හා සුමාත‍්‍රා දුපත් අතර පිහිටි සුන්ඩා සමුද්‍ර සන්ධිය යටින් භූවිද්‍යාත්මකව අතිශයින් සක‍්‍රිය ප‍්‍රදේශයක් තිබෙනවා. 2004 දෙසැම්බර් මාරක සුනාමිය හට ගත්තේ ද එහි සිදු වූ භූමිකම්පාවකින්.

ඒ ප‍්‍රදේශයේ සුනාමි ජනක භූමිකම්පාවක් හට ගත් විට සුනාමි රළ විනාඩි 15-30 අතර කෙටි කාලයකින් ඉන්දුනීසියානු වෙරළට ළඟා වනවා. එනිසා ඔවුන්ට ක්‍රියාත්මක වීමට හා ආරක්ෂක පියවර ගන්නට ඇත්තේ ඉතා කෙටි කාලයයි. එරට වෙරළබඩ ප‍්‍රදේශවල වැසියන්ට දෙනු ලබන පොදු අවවාදය නම් භූමිකම්පාවක් සිදු වනු දෙපයට දැනුණොත් හැකි ඉක්මනින් වෙරළෙන් ඈත නිර්දේශිත ආරක්ෂක ස්ථානවලට (designated safe places) දිව යන්න කියායි.

නමුත්, ඊට වඩා දුරින් පිහිටි රටවලට සුනාමි රළ තරංග ළඟා වීමට වැඩි කාලයක් ගත වනවා. කි.මී. 1,600ක් දුරින් නම් පැය දෙකක්ද, කි.මී. 2,400ක් දුරින් නම් පැය 3ක්ද ආදී වශයෙන්.

සුන්ඩා සමුද්‍ර සන්ධිය ආසන්නයේ සිට ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට සුනාමි තරංගයක් පැමිණීමට දළ වශයෙන් පැය 2.5ක් පමණ ගත වනවා. අනතුරු ඇඟවීම පිළිබඳ තොරතුරු කලාපීයව IOTWS වෙතින් ලබා, දේශීය වශයෙන් ගත යුතු පියවර ගැන ඉක්මනින් තීරණය කොට එය රට තුළ සන්නිවේදනය කිරීමට හා අවශ්‍ය නම් වෙරළ ප‍්‍රදේශවලින් ජනයා ඉවත්කර ගැනීමට (coastal evacuation) ඇති උපරිම කාලය මෙයයි. තීරණ ගැනීම ඉක්මන් වූ තරමට අනෙක් ක්‍රියාවලට වැඩි කාලයක් ඉතිරි වනවා.

ඉක්මනින් ක‍්‍රියාත්මක වනවා නම් මේ කාලය සෑහෙනවා. මන්ද සුනාමියකදී අවශ්‍ය වන්නේ වෙරළබඩින් කිලෝමීටරයක් පමණ රට තුළට ජනයා ඉවත් කර ගැනීම නිසා.

එහෙත් කලබලේට කොරස් කටෙත් අත දමන්න බැහැ යැයි ප‍්‍රකට කියමනක් තිබෙනවා. හදිසි අවස්ථාවකදී කුමක් කළ යුතු ද යන්න ගැන පූර්ව දැනුමක් හා පුහුණුවක් නොතිබුණොත් අනවශ්‍ය ලෙස කලබල වී අවුල් ජාලයක් හට ගත හැකියි.

වෙරළබඩ ප‍්‍රදේශවල ජනයාට සුනාමි අන්තරායක් මතුවන විටෙක හැසිරිය යුතු ආකාරය, යායුතු ආරක්ෂිත ස්ථාන ආදිය පෙර සූදානමක් තිබීම ඉතා වැදගත්. ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක දැන් මේ මහජන අධ්‍යාපනය ලබා දෙනවා.

Graphic showing how a tsunami warning system works. AFP FILE PHOTO
Graphic showing how a tsunami warning system works. AFP FILE PHOTO

2004-2014 දශකය තුළ සුනාමි සම්බන්ධ විද්‍යාත්මක නිරීක්ෂණ හා විශ්ලේෂණ හැකියාව සෑහෙන තරමට දියුණු වී තිබෙනවා. 2014 ජූනි මාසයේ ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ වාර්ෂික ආපදා සම්බන්ධ දේශනය කළ පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ස්ටුවට් වයින්ස්ටයින් මෙය විස්තර කළා.

මුහුදු පතුලේ කම්පාවක් සිදු වී එම දත්ත ලබා ගෙන කඩිනම් තක්සේරුවක් හරහා අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට 2004දී විනාඩි 18ක් පමණ ගත වූ බවත්, එහෙත් 2014 වනවිට එම කාලය විනාඩි 7කට අඩු වී ඇති බවත් ඔහු කීවා. හැම විනාඩියක්ම වටිනා මේ තීරණාත්මක ක‍්‍රියාවලියේදී තක්සේරුවට අඩු කාලයක් වැය වනවා කියන්නේ එහි තීරණය සන්නිවේදනයට හා ක‍්‍රියාත්මක කිරීමට වැඩි විනාඩි ගණනක් ඉතිරි වනවා යන්නයි.

විද්‍යාඥයන් කරන කඩිනම් සුනාමි තක්සේරුව එසැණින් ජාතික මට්ටමේ අනතුරු අඟවන ස්ථානවලට ලබා දීමට ජංගම දුරකතන හා වෙබ් මාධ්‍ය දෙකම භාවිත වෙනවා (මේ පණිවුඩ මහජනයාට විවෘත නැහැ).

එහිදී ද සන්නිවේදනය ප‍්‍රමිතිගත කිරීමට හා ව්‍යාකූලතා හැකි තරම් අවම කිරීමට පොදු සංඥා ක‍්‍රමවේදයක් (Common Alerting Protocol, CAP), මේ වන විට ආපදා කළමනාකරුවන් අතර ප‍්‍රචලිතවෙමින් තිබෙනවා. මේ සියලූ ප‍්‍රවණතාවලින් නිසි ඵල ළො ගන්නට ජාතික මට්ටමේ තීරණ ගැනීමේ හැකියාව සවිමත් විය යුතුයි.

ඉන්දියානු සාගරයේ විශාල ප‍්‍රදේශයක් ආවරණය කරමින් වසරේ හැම දිනෙකම, දිවා රැයේ නිරතරු නිරීක්ෂණය කරන දියුණු විද්‍යාත්මක පහසුකම් ජකර්තාවේ BMKG සතුව තිබෙනවා.

ඒවා සියල්ල පෙන්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඇන්ඞ් ඒක සාක්යා. අපට කීවේ ‘සුනාමියක් එන බව ඉක්මනින් දැන ගෙන එය ඉන්දියානු සාගරයේ වටේ පිහිටි රටවලට නිල වශයෙන් දැනුම් දීමට විනාඩි ගණනක් තුළ අපට හැකියි. එහෙත් එතැනින් පසු ක‍්‍රියාත්මක වීමේ අඩුපාඩු සමහර රටවල තවමත් තිබෙනවා.’

ඉන්දියානු සාගර සුනාමි තොරතුරු කේන්ද්‍රයේ වැඩසටහන් නිලධාරී ආර්දිතෝ කොඩිජාත් කීවේ මුහුදු පතුලේ කම්පාවක් සිදුවී විනාඩි 10ක් තුළ පළමු පණිවුඩය ජාතික වශයෙන් මේ වගකීම දරන ස්ථානවලට යැවීමට කැප වීමක් ඇති බවයි. ඒ මුල් පණිවුඩය එතෙක් තිබෙන අසම්පූර්ණ තොරතුරු මත පදනම් වනවා. කම්පාවේ ප‍්‍රබලත්වය කොපමණද, සුනාමියක් ජනනය වූවාද නැද්ද යන්න එහි අඩංගුයි.

ඊට යම් විනාඩි ගණනකට පසු දෙවන පණිවුඩයක් නිකුත් කරනවා. සුනාමියක් ජනනය වී ඇත්නම් එය විවිධ රටවල වෙරළට ළඟාවීමට අපේක්ෂිත කාලයත්, රළ තරංගවල උසත් එහි කියැවෙනවා. මේ වනවිට තත්ත්වය බරපතළද නැද්ද යන්න වඩා පැහැදිලියි.

ඉනික්බිති තෙවැනි පණිවුඩයක් නිකුත් වනවා. එහි ඇත්තේ මුහුදු මට්ටම් ගැන අලූත්ම දත්ත හා ඒ වනවිටත් ආසන්න වෙරළ ප‍්‍රදේශවලට සුනාමිය පැමිණ ඇත්ද යන්නයි.

ඉන්දියානු සාගර කලාපයේ මේ ක‍්‍රියාවලිය හරිහැටි සිදුවන බව සහතික කර ගන්න සමෝධානික අභ්‍යාස (coordinated drills) කරනවා. කලාපීය සුනාමි නිරීක්ෂණ/අනතුරු අඟවන කේන්ද්‍ර තුන හා ජාතික මට්ටමේ ස්ථාන අතර සන්නිවේදන අභ්‍යාසයක් වසරකට කිහිප වතාවක් කරනවා.

එසේම සුනාමියක් පැමිණියා සේ සියලු පියවර ගන්නා පෙරහුරුවක් (simulation) වසර දෙකකට වරක් සමස්ත කලාපයම සහභාගි වී සිදුකරනවා. Indian Ocean Wave නම් වන මෙයට කලාපීයව එවන තොරතුරු මත රට තුළ තීරණය ගැනීම, වෙරළාසන්න පෙදෙස්වලින් ජනයා ඉවත් කර ගැනීම වැනි පියවර රැසක් ඇතුළත්.

IOTWS ක‍්‍රියාවලිය එයට සම්බන්ධ රටවල් 28 අන්තර් රාජ්‍ය මට්ටමින් පාලනය කරන ජාත්‍යන්තර සහයෝගිතාවක්. එහි පාලක මණ්ඩලයක් තිබෙන අතර වසර කිහිපයක සිට එහි උප සභාපති ලෙස මොරටුව සරසවියේ මහාචාර්ය සමන්ත හෙට්ටිආරච්චි ක‍්‍රියාකරනවා. ඔහු වෙරළ සංරක්ෂණය හා කළමනාකරණය පිළිබඳ ලොව පිළිගත් විද්වතෙක්.

සුනාමි අනතුරු ඇඟවීමේදී නොවැළැක්විය හැකි කරුණක් නම් සැබැවින්ම නොඑන සුනාමියක් ගැනත් ඉඳහිට වැරදි අනතුරු ඇඟවීමක් (False alarm) නිකුත් වීමයි. මේ ගැන කලක සිට අධ්‍යයනය කරන ලර්න්ඒෂියා සභාපති, සන්නිවේදන මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ අසම්පූර්ණ දත්ත මත පදනම් වී කඩිමුඩියේ තක්සේරු කරන විට ඉඳහිට වැරදීම ස්වාභාවික බවයි.

1948 සිට පැසිෆික් සාගරයේ හට ගත් හැම සුනාමියක් ගැනම කල් තබා අනතුරු ඇඟවීමක් නිවැරදිව දීමට එම පද්ධතියට හැකිව තිබෙනවා. එකක්වත් මග හැරී නැහැ. හැබැයි ඒ අතර නොපැමිණි සුනාමි ගැන වැරදුණු අනතුරු ඇඟවීම්ද රැසක් තිබෙනවා (හතරෙන් තුනක්ම). මේ යථාර්ථය පිළිගනිමින් එයට අනුගතවීම රටවල් හමුවේ ඇති අභියෝගයක්.

එසේම අද ජංගම දුරකතන හා සමාජ මාධ්‍ය ව්‍යාප්තිය නිසා රටින් පිට සිදු වන මුහුද යට කම්පාවක් හා සුනාමි ජනනයක් ගැන ඉතා කෙටි වේලාවක් තුළ දැන ගැනීමට සාමාන්‍ය ජනයාට හැකියි. නිල තොරතුරු මූලාශ‍්‍රයන්ට හා රාජ්‍ය අනතුරු ඇඟවීමේ ස්ථානවලට තව දුරටත් තොරතුරු ලැබීමේ හෝ බෙදා හැරීමේ ඒකාධිකාරයක් නැහැ.

මේ නිසා කටකතා හා වැරදි තොරතුරුද ඉක්මනින් පැතිර යා හැකියි. එසේ වුවද නිවැරදි, විශ්වසනීය තොරතුරු ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට පමණක් නොව සමාජ මාධ්‍ය හරහාද සෘජුවම හා ඉක්මනින් නිකුත් කිරීමෙන් රාජ්‍ය ආපදා තොරතුරු ආයතනවලට මෙහි යම් සමනයක් කළ හැකි බව මගේ මතයයි.

 

Drafting a New Constitution for Sri Lanka: “ව්‍යවස්ථාවක් කියන්නේ සිල්ලර ලියවිල්ලක් නෙවෙයි” | නාලක ගුණවර්ධන

Sri Lanka’s new government has committed to drafting a new Constitution to replace the current one adopted in 1978.

According to the Cabinet spokesperson, “for the first time [in Sri Lanka], a Constitution is going to be framed with the consultation of people.” Though the country has adopted Constitutions twice after independence — in 1972 and 1978 — public participation was negligible on both occasions.

Nalaka Gunawardene in a serious pose
Nalaka Gunawardene in a serious pose

This is well and good, but it is still not clear what consultation mechanisms would be used, and how genuinely consultative the process is going to be. Our politicians and officials lack imagination and courage to try out new methods of public participation in governance. For example, they barely use the potential of new information and communications technologies (ICTs).

In an interview with Prasad Nirosha Bandara of Ravaya independent broadsheet newspaper, published on 20 December 2015, I make an earnest case for the new Constitution drafting process to be more open, more participatory and more consultative by using all available methods – tried and tested old-fashioned ones, as well as new potential opened up by the spread of the web, mobile phones and social media.

As an example, I cited the experience of Iceland using social media to crowdsource ideas for its new Constitution drafted in 2011-12. Admittedly it was easier for a population of 320,000 people but some generic lessons could be learnt.

I also draw attention to a historically important memorandum was sent by the Ceylon Rationalist Association on 25 September 1970 to Dr Colvin R De Silva, then Minister of Constitutional Affairs, who was heading the group tasked with drafting what eventually became the country’s first Republican Constitution of 1972. Written by the Association’s Founder President Dr Abraham Thomas Kovoor, it captured the broad, idealistic vision that members of that voluntary group of free thinkers had advocated since its inception in 1960. Among other principles, it advocated – in point 6 – that “the best protection for freedom of conscience is a Secular State”.

I located the memo two years ago and published it online on Groundviews.org so that it becomes widely available. In this interview, I urge the new Constitution drafters of 2016 not to make the same mistakes that Colvin R de Silva did in 1972 by ignoring these ideas of public intellectuals.

ආණ්ඩුකරම ව්යවස්ථා සම්පාදනයක මූලික ස්වරූපය මොකද්ද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය දිහා ඓතිහාසිකව බලද්දි පේන්න තියෙන දෙය තමයි ලෝකයේ බොහෝ රටවල ව්‍යවස්ථා සංශෝධන වෙන්නේ සීමිත විද්වතුන් හා ප‍්‍රභූන් පිරිසක් මගින් වීම. ඇමරිකානු ව්‍යවස්ථාව කියන්නේ ලෝකේ තියෙන ඉතා හොද දාර්ශනික සහ ප‍්‍රබල නීතිමය ලියවිල්ලක්නේ. නමුත් ඒක කළේත් ජනරජයේ සමාරම්භකයන් විදිහට හැඅදින්වූ දේශපාලන නායකයන් හා ප‍්‍රභූන් පිරිසක්. ඒ පිරිස අතර ඉතාම දුරදක්නා නුවණ සහිත හරබරව හිතපු අය හිටියා. ඒත් ඒක පුළුල් සහභාගිත්ව ක‍්‍රියාදාමයක් වුණේ නෑ.

ඊට වඩා මෑතකාලීන උදාහරණයක් වන ඉන්දියානු ව්‍යවස්ථාව වුණත් ගොඩනගන්නේ ආචාර්ය අම්බෙඞ්කාර්ගේ නායකත් වයෙන් යුතු කණ්ඩායමක්. අම්බෙඞ්කාර් කියන්නේ ව්‍යවස්ථා විශේෂඥයෙක් වගේම මහා බුද්ධිමතෙක්.

ලංකාවේ ජනරජ ව්‍යවස්ථා දෙක ම හදන්නේත් මොළකාරයන් තමයි. හැත්තෑදෙකේ ව්‍යවස්ථා සම්පාදනයට නායකත්වය දුන්නේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා. ඔහුගේ දැනුම හා දේශපාලන දැක්ම ගැන කිසි විවාදයක් නෑ. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්පාදනය වෙන්නේත් ඒ වාගේම උගතුන් පිරිසක් අතින්. නමුත් ඔවුන් අතින් නිර්මාණය වුණ ව්‍යවස්ථා දෙකට ම කාලයාගේ අභියෝගයට මුහුණ දෙන්න බැරිවුණා. ඒවායේ තිබුණ දුර්වල තැන් කාලයාගේ ඇවෑමෙන් ඉරි තලන්න ගත්තා. විවිධාකාර පැලැස්තර සංශෝධනවලින් වහගන්න හැදුවේ ඒ ඉරිතැලීම් තමයි.

ව්යවස්ථා සම්පාදනය මහජන සහභාගිත්වයෙන් තොරව හොර පාරෙන් කිරීම නෙවෙයිද ඒවා ඉක්මනින් එපාවීමට හේතුව?

Dr Abraham T Kovoor
Dr Abraham T Kovoor

ඒකෙ කිසියම් ඇත්තක් තියෙනවා තමයි. නමුත් හැත්තෑ දෙකේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හදද්දි වුණත් සමහර වෙලාවට ජනමතයන් භාවිත කරනු ලැබුවා. ඒ සංදේශ ආකාරයට. උදාහරණයක් විදියට, ඒ ව්‍යවස්ථාව පිළිබද හේතුවාදීන් ලියූ ඒ විදියේ සංදේශයක් හේතුවාදීන්ගේ අමතක වුණ ප‍්‍රකාශයක තිබිලා මට හම්බ වුණා. පස්සෙ මං ඒක කෙටි හැදින්වීමකුත් එක්ක ග‍්‍රවුන්ඞ් වීව්ස් වෙබ් අඩවියේ පළ කළා. හේතුවාදී සංගමයේ නායකයා වුණ ආචාර්ය ඒබ‍්‍රහම් ටී කොවුර් විසින් ඒ සංදේශය කොල්වින්ට යවලා තියෙන්නේ එක්දහස් නවසිය හැත්තෑවේ සැප්තැම්බර් විසිපහ.

ව්‍යවස්ථා සම්පාදනයකදී ජන මතය භාවිත කරන්න පුළුවන් ක‍්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් මගින් මහජන අදහස් විමසන එක. තමන් මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළහොත් අහවල් අහවල් ව්‍යවස්ථා සංශෝධන කරන බව ජනතාවට කල් තියා හෙළි කරමින් ඒ සදහා ඔවුන්ගේ වරම ගන්න පුළුවන්.

නමුත් ඒ මගින් යන්න පුළුවන් සීමාවක් තියෙනවා. මොකද ව්‍යවස්ථාවක අඩංගු කරන හැම සියුම් කාරණාවක්ම මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක අඩංගු කරන්න බෑ. ඒ නිසා හොදම දේ ව්‍යවස්ථා සංශෝධනයේදී මහජන අදහස් විමසන එක.

මේ වන විට සිදු කරමින් පවතින ව්‍යවස්ථා කෙටුම්පත්කරණයට අදහස් ලබා දෙන ලෙස මාධ්‍ය මගින් දන්වලා තියෙනවා මම දැක්කා. ඒත් ඒ ක‍්‍රමවේදය හරියට පැහැදිලි නෑ. උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ අයත් මේ විදිහට සාක්කි ඉල්ලූවානේ. ඒත් එතැනදී ඔවුන් කොමසාරිස්වරුන් පත් කරලා තිබුණා. යමෙක් ලිඛිතව සාක්කි දෙනවා නම් ඒවා ලබාදිය හැකි කාර්යාලයක් තිබුණා. වාචිකව සාක්කි දෙන්න පුළුවන් දවස් කල් තබා දැන්නුවා. ඒත් මේ සිදුකරන සංශෝධන ක‍්‍රමවේදයේ මහජන සහාභාගිත්වයට ලබාදෙන ඉඩ පැහැදිලි නෑ. ඒ නිසා මේක මීට වඩා විනිවිද දකින මට්ටමකට ගේන්න ඕනෑ. ඒ සදහා රටේ ජනතාව හා සිවිල් සංවිධාන වහාම මැදිහත් වෙන්න ඕනෑ. ඒ වාගේ කරුණු විමසීමක් විවෘත වුණාම ඒකට සහභාගි වෙන්න මිනිස්සු සූදානම් වෙන්නත් අවශ්‍යයි.

මේ වාගේ අදහස් විමසීමකදී තොරතුරු තාක්ෂණය නිර්මාණශීලීව යොදාගන්න බැරිද?

දැන් ලෝකයේ ගොඩක් රටවල සිද්ධවෙන්නේ ඒ දේ තමයි. හොදම උදාහරණය විදියට අයිස්ලන්තයේ ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ ගන්න පුළුවන්. අයිස්ලන්තය කියන්නේ සාපේක්ෂව කුඩා ජනගහනයක් ඉන්න උතුරු යුරෝපීය රාජ්‍යයක්. ඒ රටේ ජනගහනය ලක්ෂ තුනහමාරක් විතර. මේ අය දෙදහස් දහයේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. එහිදී පාර්ලිමේන්තුව පක්ෂ විපක්ෂ බේදයකින් තොරව තීරණය කළා ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළ මහජනයා එක්කම සිදු කළ යුතුයි කියලා.

එතැනදී ඔවුන් ඉස්සෙල්ලාම කළේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට අමතරව රටේ සෑම ප‍්‍රදේශයක්ම හා ජන කොටසක්ම නියෝජනය කරන ආකාරයේ නියෝජිතයන් නවසිය පනහක් තෝරාගන්නා එක. ඒ ඒ ප‍්‍රදේශවල ජනතාවගේ ගැටලූ සහ ආශාවන් නියෝජනය කරන මහජන මණ්ඩලය විදියට කටයුතු කළේ ඒ පිරිස. එහෙම නැත්තම්, ව්‍යවස්ථා සම්පාදක කමිටුව හා රටේ සමස්ත ජනයා අතර අතරමැදියන් විදියට කටයුතු කළේ ඒ අය.

ඊළගට ඔවුන් තම ව්‍යවස්ථා සම්පාදනය වෙනුවෙන් නිල ෆේස්බුක් පිටුවක් පටන්ගත්තා. ඒ අනුව ඒ රටේ හැම පුරවැසියෙකුට වගේම පිටරට ජීවත්වන අයිස්ලන්ත ජාතිකයන්ට තම ව්‍යවස්ථාව පිළිබද අදහස් දක්වන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි අයිස්ලන්ත ව්‍යවස්ථාව ගැන උනන්දු විදේශිකයකුට පවා අවශ්‍ය නම් අදහස් දක්වන්න පුළුවන් වුණා ඒ ෆේස්බුක් පිටුව තුළ.

Facebook was used as part of a public consultation strategy to draft Iceland's new Constitution in 2011-13
Facebook was used as part of a public consultation strategy to draft Iceland’s new Constitution in 2011-13

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හැම කොටසක් ම කෙටුම්පත් වූ විගස ඒ පිටුව මගින් ප‍්‍රචාරය කළා. ඒ හැම පරිච්ෙඡ්දයක් ම නරඹමින් අදහස් දක්වන්න, තර්ක විතර්ක කරන්න හැමෝටම අවකාශය හිමිවුණා. ඒ අනුව ලැබෙන අදහස් දැක්වීම් මත කෙටුම්පත යළි යළි සංශෝධනය කෙරුණා. අයිස්ලන්ත ව්‍යවස්ථාව කෙටුම්පත් කළ කාලය අවුරුදු දෙකක්. ඒ කාලය තුළ මේ අදහස් දැක්වීම් මත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැවත නැවත දොළොස් වතාවක් කෙටුම්පත් කෙරුණා.

ඒ විතරක් නෙමෙයි, ව්‍යවස්ථා සම්පාදක කමිටුව රැස්වෙන හැම වාරයක්ම සජීවීව රූපගත කරලා ප‍්‍රචාරය කෙරුණා. කොහොමින් කොහොම හරි දෙදහස් දොළහේදී ව්‍යවස්ථාව අනුමත වෙද්දී ඒක බහුතර ජනතාවගේ දායකත්වය මත කෙරුණ හා රටේ බහුතරයකගේ පිළිගැනීමට ලක්වුණ එකක් වුණා.

ඇත්තටම අයිස්ලන්ත ව්‍යවස්ථාව තමයි මං දන්න තරමින් වැඩිපුරම ජන සහභාගිත්වයෙන් සිදුවුණ ව්‍යවස්ථාව. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී අපිටත් මේ දේවල් කරන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ.

ඒ විතරක් නෙමෙයි අයිස්ලන්තයේ ව්‍යවස්ථා සම්පාදක කමිටුවට තෝරාගත්තේ රටේ දක්ෂ නීතිඥයන්, වෛද්‍යවරු, පූජකයන්, ගොවි නියෝ ජිතයන්, පාරිභොගිකයන් නියෝජනය කරන්නන්, ශිෂ්‍ය නියෝජිතයන්, වෙළද නියෝජිතයන්, කලාකරුවන් වගේ පුළුල් ක්ෂේත‍්‍රවල අය. ඒ වගේ ම එතැනදී ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම යොදාගන්න ඔවුන් වගබලාගත්තා.

ලංකාවේ සමාජ් මාධ් භාවිත කරන ආකාරයත් එක්ක ගොඩ නැගුණු සුවිශේෂී ගැටලූ මේ වාගේ කටයුත්තකදී හරස් වෙන එකක් නැද්ද?

සමාජ මාධ්‍ය කියන්නේ කොහොමත් නොයෙක් ගාලගෝට්ටිවලින් පිරුණු සතිපොළක් වගේ තැනක් තමයි. මේ වාගේ පියවරකට යද්දී අපිටත් යම් යම් ගැටලූ මතුවෙන්න පුළුවන්. සමාජ්‍ය මාධ්‍යවල හරවත් දේ වාගේම හරසුන් දේ කියන කරන අයත් ඉන්නවා. ඒ වාගේම තේරුමක් නැතිව ගැටුම් ඇතිකරගන්න අයත් ඉන්නවා. ඒක තමයි සමාජ මාධ්‍යයේ ස්වභාවය.

සමහර විට ෆේස්බුක් තුළ ඉලක්කයක් නිවැරදිව තියා ගන්න සංවාද දිගට ගෙනි යන්න අමාරු වෙයි. නමුත් ඒක තමයි අභියෝගය. ඒක අයිස්ලන්තය වගේ රටවල් කළා නම් අපිට බැරි වෙන එකක් නෑ. අනික ජනසම්මත ආණ්ඩුවක් හැටියට ප‍්‍රතිපත්ති සම්පාදනය කළ යුත්තේ ඒ වාගේ වඩා ගාලගෝට්ටියක් තියෙන තැනක ඉදන් ම තමයි.

හේතුවාදීන් කොල්වින්ට ලියූ ඔබ දැක්වූ සංදේශයේ මේ ව්යවස්ථාවට වැදගත්වන සංකල්පත් ඇති?

ඒවායින් ගොඩක් දේවල් අදටත් වැදගත් තමයි. එදා කොවුර් ඇතුළු පිරිස කොල්වින්ලාගෙන් ඒ ඉල්ලීම් කළත් බොහෝවිට ව්‍යවස්ථා සම්පාදනයේදී කළේ ඊට ප‍්‍රතිවිරුද්ධ දේවල්. හැත්තෑ අටේ ව්‍යවස්ථාවේදී වුණත් ඒ දේවල් හරියට වුණේ නෑ.

ඒ සංදේශයේදී හේතුවාදීන් මුලින් ම පෙන්නා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය කියන කරුණ. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය එකිනෙකට වෙන්ව පැවතීම හා සංවරණය හා තුලනය වීම ගැන එතැනදී කතා කරලා තියෙනවා. ඒ වාගේම නීතියේ ස්වාධිපත්‍යය කියන සංකල්පය සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථාව විසින්ම තහවුරු කළ යුතු බව කියන කොවුර් ඒ සංදේශය අවසන් කරන්නේ නීතියේ ස්වාධිපත්‍යය සහ ස්වභාව යුක්තියේ මූලධර්මය කියන එක සෑදීමට නියමිත ව්‍යවස්ථාවේ මුදුන්මල්කඩ කරගත යුතු බවත් කියමින්.

ඒ සංදේශයේදී කොවුර් දෙවැනියට කියන්නේ මූලික අයිතිවාසිකම් ගැන. එතැනදී ඔහු එක්දහස් නවසිය හතළිස් අටේ සම්මත කළ මානව හිමිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනය උපුටා දක්වනවා. නව ව්‍යවස්ථාව සියලූම පුරවැසියන්ගේ අයිති වාසිකම් සුරැුකීමට සමත් විය යුතු බවත් ජාතිය, කුලය, ආගම, ලිංගිකත්වය උපන් ස්ථානය හෝ වෙනස් සාධකයක් නිසා කිසිම අයෙකුට අඩුවෙන් සැලකිය නොහැකි බවත් එතැනදී කියනවා.

නිලධාරීවාදය නිසා බැට කන දුක් විදින සාමාන්‍ය ජනතාවගේ දුක්ගැනවිලි කියන්න ඔම්බුඞ්ස්මන්වරයෙක් පත් කළ යුතු බවත් ඒ යෝජනා අතර තියෙනවා. නමුත් ඒ එකක්වත් හැත්තෑ දෙකේදි සිද්ධ වුණේ නෑ. ඒ වාගේම රාජ්‍ය සේවා කොමිසම හරහා රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම දේශපාලන බලපෑම්වලින් ආරක්ෂා කර ගත යුතුයි කියලා හැත්තෑ ගණන්වලදී පවා එදා කොවුර් කියලා තියෙනවා.

මේ සංදේශයේ තියෙන ඉතාමත් වැදගත් යෝජනාවක් තමයි ලංකාවේ ඇදහීමේ නිදහස මුළුමනින්ම ආරක්ෂාවන පරිදි ආගමයි රාජ්‍යයයි දෙක වෙන් කළ යුතුයි කියන එක. ඕනෑම ආගමක් හා ඕනෑම චින්තනයක් ඇදහීමේ නිදහස මුළුමනින්ම ආරක්ෂා කිරීමයි එතැනදී බලපෑවේ. ඕනෑම කෙනෙක් ඕනෑම ආගමක් ඇදහුවත් රාජ්‍යයට ආගමක් තිබිය යුතු නෑ කියලා කොවුර් ඍජුව කියනවා. එදා කොවුර්ලා මේ විදියට ඉල්ලීම් කළත් කොල්වින්ලා බෞද්ධාගමට සුවිශේෂී සැලකිල්ලක් දුන්නේත් මේ ව්‍යවස්ථාවේදීමයි. ඒ වෙලාවේ කොවුර්ගේ මේ තාර්කික අනතුරු හැගවීම කොල්වින් තැකුවා නම් ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය විතරක් නෙමෙයි වාර්ගික හා ආගමික වශයෙන් රට අර්බුදයට ගිය තත්ත්වය මීට වඩා වෙනස් වෙන්නත් ඉඩ තිබුණා.

දැන් කියූ බෞද්ධාගමික රමුඛත්වය සමාජයේ මුල් ඇදලානේ. වාගේ තත්ත්වයක් තුළ ඒක වෙනස් කරන එක පහසු වෙයිද?

හැත්තෑ දෙකේ ඇතිකළ මේ තත්ත්වයට තවමත් අවුරුදු පණහක්වත් නෑ. ඒ කියන්නේ හරියට බැලූවොත් අපේ පරම්පරා දෙකක්වත් ඔය බන්ධනයට යටත් වෙලා නෑ. රටක ප‍්‍රගමනයට ජනප‍්‍රිය නොවන තීන්දු ගන්න පාලකයන්ට සිද්ධ වෙනවා. ව්‍යවස්ථාවක් කියන්නේ සිල්ලර ලියවිල්ලක් නෙවෙයිනේ. ඉතින් මේ අවස්ථාවේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඒ සදහා විශාල කැපකිරීමක් කරන්න ඕනෑ.

ඒ විතරක් නෙමෙයි, ලෝකයේ තියෙන සංකීර්ණත්වය ළමයින්ට බාලවියේදී තේරුම්ගන්න බැරි නිසා පාසලේදී ආගම් ඉගැන්විය යුතු නැති බව පවා අර සංදේශයේදී කොවුර් කිව්වා. ආගම කියන එක තමන්ට තේරෙන වයසේදී තමන් විසින් ම තෝරාගන්න සිසුන්ට ඉඩ දෙන්න අවශ්‍ය බවයි එතැනදී හේතුවාදීන් අදහස් කළේ. ඒ වාගේ ම රජයේ සේවයක් ලබාගැනීමට රෝහලකට හරි වෙනත් කාර්යාලයකට හරි ගියාම මහජනයාගෙන් ආගම සහ ජාතිය විමසීම නැවැත්වීමට ව්‍යවස්ථාව තුළින් ම ප‍්‍රතිපාදන සැකසිය යුතු බවත් ඔහු ඒ සංදේශයෙන් කියනවා. මොකද ඒ වාගේ කාර්යයක් කරගන්න යද්දී රජය සහ පුරවැසියා අතර ගනුදෙනුවට ඒ වගේ පසුබිම් අදාළ නෑ.

කොයි දේ වුණත් අද යුගයටත් වඩා සමාජය පරිණාමය වෙලා තියෙනවා. මේත් එක්ක මතු වෙන සුවිශේෂී ව්යවස්ථාමය අවශ්යතාවන් නැද්ද?

ඇත්ත. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්මත කරන කාලයත් එක්ක බැලූවත් අද වන විට ලෝකය ගොඩක් ඉස්සරහට ඇවිත්. ඒ වාගේම ඒ කාලයේ තිබුණාට වඩා වෙනස් විදියේ් අභියෝගත් අද මතුවෙලා තියෙනවා. මානව හිමිකම් පිළිබද දැනුම හා අවබෝධය ගත්තත් ඒ වාගේ. අද මානව හිමිකම් විශාල වශයෙන් පුළුල් වෙලායි තියෙන්නේ. හැත්තෑ ගණන්වල මඳ වශයෙන් ලෝකය කතා කළ ලිංගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් වාගේ දේවල් වුණත් අද නොතකා හරින්න බෑ. මොකද අද ඒවාට ලෝක සමාජයේ විශාල පිළිගැනීමක් තියෙනවා. ඒ අයගේ අයිතිවාසිකම් රැකගැනීම රාජ්‍යයේ වගකීමක් වෙලා තියෙනවා. ඒවා ඊනියා සදාචාරවාදීන්ගේ බලපෑම් මත අමතක කරන්න බෑ.

කථනයේ හා භාෂණයේ නිදහස අද වනවිටත් හැම දෙනාටම තියෙනවානේ. ඒ වගේම දහනව වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ තොරතුරු දැන ගැනීමේ අයිතියත් තහවුරු වෙලා ඉස්සරහට ගියා. ඒ නිසා අලූත් ව්‍යවස්ථාව තුළ ඒවා මේ තියෙන මට්ටමින් ම පවත්වාගන්න ඕනෑ. ඒ වාගේම සයිබර් අවකාශයේ අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රකාශන නිදහසත් මේ ව්‍යවස්ථාව තුළ වෙනම සටහන් විය යුතුයි. අද මේ වාගේ කරුණක් සම්බන්ධයෙන් නීතිමය ගැටලූවක් ඇති වුණොත් ගොඩක් වෙලාවට අධිකරණය කරන්නේ ඒවාත් අදහස් ප‍්‍රකාශනයට අදාළය කියලා අරන් තීන්දු දෙන එක. නමුත් මේ වෙනුවෙන් සෙසු අදහස් ප‍්‍රකාශනයන්ට තියෙන තරමටම ස්වාධීන ප‍්‍රතිපාදන සැකසීම ඉතාම වැදගත්. එදා ප‍්‍රකාශන නිදහස කියලා හැදින්වුණේ යමක් ලිවීමේ හා යමක් ප‍්‍රකාශ කිරීමේ අයිතිය. නමුත් අද වනවිට ඉන්ටෙර්නෙට් හරහා එය තවත් මානයකට ගිහින් තියෙනවා. සයිබර් අවකාශයේ ප‍්‍රකාශන අයිතිය තහවුරු කරගන්නේ කොහොමද, ඒවාට තියෙන සාධාරණ සීමා මොනවාද වගේ දේවල් අද වෙන විට අවධානයට ලක්වෙනවා.

බුරුමයේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සදහා විද්වත් දායකත්වය දක්වන්න කියලා මට ආරාධනා ලැබුණ නිසා පහුගිය කාලයේ මං දෙවතාවක් බුරුමයට ගිය නිසා මට ඒ රටේ අත්දැකීම් ටිකකුත් ලැබුණා. අපි දන්නවානේ බුරුමය කියන්නේ අවුරුදු පණහක් විතර දැඩි කුරිරු හමුදා පාලනයක ඉදලා දැන් දැන් නිදහස් වෙන රටක්. පහුගිය මාසයේ පැවති ඡන්දයෙන් අවුන් සාන් සු චීගේ පක්ෂයට සියයට හැත්තෑවක ජනවරමක් ලැබුණා. ඒ අනුව ලබන මාර්තු මාසේ ඒ අය රජයක් පිහිටුවන්නයි හදන්නේ. ඇත්තටම බුරුමය මේ වෙලාවේ තියෙන්නේ ඉතාමත් තීරණාත්මක මොහොතක. මීට කලිනුත් ඡන්දයකින් සුකී මේ විදිහට ම ජයග‍්‍රහණය කළාම ඒ ප‍්‍රතිඵල අහෝසි කළ ඉතිහාසයක් බුරුමේ තියෙන්නේ.

කොහොම වුණත් දැන් බුරුමයේ ඉක්මනින් ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සිදුවෙමින් තියෙනවා. ඒ වාගේම මේ වෙලාවේ මාධ්‍ය සම්බන්ධයෙන් විශාල ප‍්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළක් සිදුකරගෙන යනවා මාධ්‍යවේදීන්ගේ මැදිහත්වීමෙන්ම. බුරුමය කියන්නේ පහුගිය කාලයේ කිසිම නියාමනයක් නැති මාධ්‍ය සංස්කෘතියක් තිබුණ රටක්. ඒත් පහුගිය කාලයේ ඒ අය ගෙනගිය වැඩපිළිවෙළ තුළින් අපිට ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා.