සිවුමංසල කොලූගැටයා #173: ලොව විශාලතම හමුදාවට එරෙහි වූ නාඳුනන පුංචි මිනිසා

June 2014 marks the 25th anniversary of the Chinese government’s brutal crackdown on protesting students at Beijing’s Tiananmen Square.

There was one iconic image from that tragedy. It shows a solitary, unarmed Chinese man standing up against a column of battle tanks rolling down a street. In this week’s Ravaya column (in Sinhala), I salute that unknown man who — momentarily, at least — stood up against the largest army in the world.

I covered the same story in English on 6 June 2014:
When Worlds Collide #110: Saluting unknown ‘Tank Man’ 25 Years Later

Infographic © CTVglobemedia Publishing Inc.
Infographic © CTVglobemedia Publishing Inc.

ලෝකයේ (පිරිස් බලය අතින්) විශාලතම හමුදාව වන චීනයේ මහජන විමුක්ති හමුදාව සිය රටේම නිරායුධ සරසවි සිසුන්ට බරපතල ලෙස පහර දී සිය ගණනක් මරා දමා දහස් ගණනකට තුවාල කළේ 1989 ජූනි මස මුලදී. ඒ බේජිං අගනුවර තියානන්මන් චතුරස‍්‍රය (Tiananmen Square) හා ඒ අවට මංමාවත්වලදී.

මෙතරම් දරුණු ප‍්‍රහාරයකට ලක් වීමට සිසුන් කළ ‘‘වරද’’ වූයේ යුක්තිය හා සාධාරණත්වය උදෙසා සාමකාමීව උද්ඝෝෂණය කිරීමයි. ලෝකයම කම්පා කළ මේ සිදුවීමේ 25 වන සංවත්සරය මෑතදී සමරනු ලැබුවා.

අද දක්වාත් ඒ ඛේදජනක සිදුවීම් මාලාව ගැන ප‍්‍රසිද්ධියේ හෝ විවෘතව කථා කිරීම චීන ජනතාවට හා මාධ්‍යවලට තහනම්. නිල මට්ටමින් එරට එදා මෙදා මේ ගැන කිසිදු විමර්ශනයක් හෝ පරික්‍ෂණයක් ද කෙරී නැහැ. චීනය පාලනය කරන කොමියුනිස්ට් පක්‍ෂය කියන්නේ ‘‘අවශ්‍ය බලය’’ යොදා ප‍්‍රතිවිප්ලවකාරීන් පිරිසක් මෙල්ල කොට නීතිය හා සාමය ප‍්‍රතිස්ථාපනය කරන ලද බව පමණයි.

සිසු අරගලයට පසුබිම් වූ මහා පරිමානයේ හේතු සාධක ගණනාවක් තිබුණා. 1978දී වෙළඳපොළ ආර්ථික ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසු චීන සමාජයේ මතු වූ විසමතා එයට මූලික වුණා. සුපිරි ධනවතුන් සුළුතරයක් මතුව ඒම, දුෂණ හා වංචා සමාජය වෙලා ගැනීම, උගත් තරුණ තරුණියන්ට සුදුසුකම්වලට සරිලන රැකියා සොයා ගත නොහැකිවීම, දරා ගත නොහැකි උද්ධමනය වැනි මුළු රටට ම බලපෑ දැවෙන ප‍්‍රශ්නවලට පාලකයන්ගේ අවධානය යොමු කරවීමට සිසුන්ට අවශ්‍ය වුණා.

මේ ප‍්‍රශ්නවලට කොමියුනිස්ට් පක්‍ෂය තුළ හඬක් නැගූ පැරණි නායකයකු වූ හූ යා ඕබැංග් (Hu Yaobang) 1989 අපේ‍්‍රල් මාසයේ මිය ගිය විට සිසුන් ඔහු සමරන්නට තියානන්මන් චතුරස‍්‍රයට මුල් වරට ඒකරාශි වූවා. එය යුක්තිය හා සාධාරණත්වය උදෙසා කැරෙන අරගලයක් වූයේ ඉන් දින කිහිපයකට පසුවයි.

1989 අපේ‍්‍රල් මැද පටන් දිනපතාම පාහේ දැවැන්ත චතුරස‍්‍රයට සිසුන් ලක්‍ෂ ගණනක් රැස් වුණා. ඔවුන් ඉතා සාමකාමීව උද්‍යොග පාඨ කියමින්, විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් එහි රැඳී සිටියා. එහි උච්ච අවස්ථාවේ මිලියනයක් පමණ සිසුන් එහි සිටි බව වාර්තාගතයි.

චීන පාලකයන් මුලදී මේ උද්ඝෝෂණවලට ඉඩ දී පසෙකට වී බලා සිටියා. පක්‍ෂය තුළ ප‍්‍රතිසංස්කරණවාදී නායකයන් සිසුන් වෙනුවෙන් පෙනී සිටි බවත්, අතිශයින් දරදඬු දේශපාලන තන්ත‍්‍රය තරමක් හෝ ලිහිල් කිරීමට අවශ්‍ය සංවාදයක් එතැනින් මතුව ආ බවත් ඉතිහාස වාර්තා කියනවා.

එහෙත් චීනයේ ආධිපත්‍යය දැරූ වයෝවෘධ පාලකයෝ මේ තරුණ සිතුම් පැතුම් දුටුවේ කඩාකප්පල්කාරී ක‍්‍රියා ලෙස පමණයි. මැයි මාසය වන විට තියානන්මන් චතුරස‍්‍රයේ සිසු අරගලයට සහයෝගය දක්වමින් චීනය සිසාරා තවත් නගර 400ක පමණ කුඩා පරිමානයේ සිසු ඒකරාශී වීම් පැන නැගුණා. එසේම බේජිං උද්ඝෝෂණයට පොදුජනයා ද එකතු වුණා.

පොලිසියේ නිරීක්‍ෂණ මැද සිසුන් දිගටම උද්ඝෝෂණ කර ගෙන ගියා. ජාත්‍යන්තර මාධ්‍යවලට මුලදී මෙය එතරම් ලොකු ප‍්‍රවෘත්තියක් වූයේ නැහැ.

මේ තත්ත්වය වෙනස් වූයේ මැයි මාසයේ මැදදී සෝවියට් නායක මිහායෙල් ගොර්බචොෆ් කෙටි නිල සංචාරයකට බේජිං නුවරට පැමිණි විටයි. වසර 30කට පසු චීනයට ආ මුල්ම සෝවියට් නායකයා වූ ඔහුගේ සංචාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ලොකු උනන්දුවක් දැක්වූවා. එය ආවරණය කිරීමට බටහිර මාධ්‍ය ආයතන රැසක් වාර්තාකරුවන් හා ටෙලිවිෂන් කණ්ඩායම් බේජිං නුවරට යැවුවා.

එසේම ලෝකයේ විශාලතම කොමියුනිස්ට් රාජ්‍යයන් දෙක පරණ අමනාපකම් අමතක කොට අලූත් සබඳතාවලට යොමු වන බව ලොවට පෙන්වීමට චීනයට බලවත් සේ උවමනා වූ නිසා සාමාන්‍යයෙන් විදෙස් මාධ්‍යවලට සිය රටට පිවිසිමට තිබූ බාධක හා සීමා තාවකාලිකව ලිහිල් කළා.

නමුත් පාලකයන් සිතූ විදියට සැළසුම් ක‍්‍රියාත්මක වූයේ නැහැ. මැයි මාසය මුලදී චතුරස‍්‍රය හිස් කරන්නට පොලිසිය තැත් කළත් සිසුන් එහි දිගටම රැඳී සිටියා. ඒ අවස්ථාවේ පාලක පක්‍ෂය තුළ මධ්‍යස්ථ මතධාරින් තවමත් උත්සාහ කළේ සාකච්ඡා හරහා සාමකාමීව ප‍්‍රශ්නය විසඳා ගන්නයි. රටේ බුද්ධිමත්ම තරුණ තරුණියන්ට ගරු සරු ඇතිව සැළකිය යුතු බවට ඔවුන් විශ්වාස කළා.

මැයි 15දා ගොර්බචොෆ්ගේ රථ පෙරහැරට සිසුන් බාධා කළා. අන්තිමේදී ලෝක මාධ්‍ය අවධානය මැද ඔහුට තහනම් මාලිගාවේ පසුපස දොරින් පිටව යන්නට සිදු වුණා. මෙය තමන්ට සිදු වූ ලොකු අවමානයක් ලෙස සැළකූ දැඩි මතධාරී පාලකයෝ කෙසේ හෝ සිසුන් මර්දනය කළ යුතු යයි තීරණයට එළඹුණා.

මැයි 18 වනදා චීන අගමැති ලී පෙංග් ශිෂ්‍ය නායකයන් හමු වී සාකච්ඡා කරනු එරට ටෙලිවිෂන් පුවත් හරහා පෙන්වූවා. එහෙත් ඒ වන විටත් මර්දනය සඳහා හමුදා සැළසුමක් කිරීම අරඹා තිබුණා. කොමියුනිස් පක්‍ෂ නායක සාඹ් සියෑං Zhao Ziyang මැයි 19 වනදා අරගලය නවතා ගෙදර යන්න යැයි කළ අවසන් ඉල්ලීම ද සිසුන් ප‍්‍රතික්‍ෂෙප කළා.

මේ වන විට නායකයන් පිළිබඳ පොදුජන විශ්වාසය හා පිළිගැනීම බෙහෙවින් පහත වැටී තිබුණා. පිටතට නොපෙන්වූවාට චීන රජයේ හා පක්‍ෂයේ ලොකු කැළඹීමක් ද හට ගෙන තිබුණා. බල අරගලයන් හා මතවාදී ගැටුම් උත්සන්න වූවා.

ගොර්බචොෆ් සංචාරයට බේජිං නුවරට පැමිණි විදෙස් මාධ්‍යකරුවන් බොහෝ දෙනකු මේ අරගලය උත්සන්න වනු දැක එය වාර්තා කිරීමට රැඳි සිටියා.

මැයි 20දා රජය මාෂල් නීතිය ප‍්‍රකාශ කළා. ඒ යටතේ නීතිය හා සාමය රැකීමට විශේෂ බලතල සහිතව හමුදාව කැඳවනු ලැබුවා. ඉතා මෑතදී පිටස්තර ලෝකය දැන ගත්තේ එක් චීන හමුදා ජ්‍යෙෂ්ට නායකයකු සරසවි සිසුන්ට පහරදීම එක හෙළා විරුද්ධ වූ බවයි.

‘‘මේක දේශපාලන ප‍්‍රශ්නයක්. එය ප‍්‍රචණ්ඩත්වයෙන් නොව සාකච්ඡුාවෙන් විසඳා ගත යුතුයි. මේ අපේම දරුවෝ’’ යයි ඔහු කියා තිබෙනවා. ඔහුව වහාම හිර භාරයට ගනු ලැබුවා. බියට පත් අනෙක් හමුදා නායකයෝ ඕනෑම අණක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිඥා දුන්නා.

මැයි මස හමාර වී ජූනි මසට එළඹෙද්දී සිසු අරගලය සඳහා බේජිං වැසියන්ගේ සහයෝගය ද වැඩි වුණා. සිසුන් හා නගර වැසියන් එක්ව නගරයේ කිහිප තැනෙක හමුදා වාහන වට කරනු ලැබුවා.

අවශ්‍ය ඕනෑම බලයක් යොදා තියානන්මන් චතුරස‍්‍රයත්, නගරයේ සෙසු වීදිත් වහාම යථා තත්ත්වයට ගෙන ඒමට දේශපාලන නායකයෝ හමුදාවට අණ කළා. මේ අනුව තුවක්කු, යුද්ධ ටැංකි හා වෙනත් ප‍්‍රහාරක වාහන යොදා ගෙන හමුදාව ඉදිරියට ගියේ නිරායුධ සිසුන්ට නිර්දය ලෙස පහර දෙමින්. බිය වී පලා යන බොහෝ දෙනකුගේ පිටට වෙඩි තබා මැරූ බව පසුව හෙළි වුණා. බයිනෙත්තු හා රයිෆල් ප‍්‍රහාර හරහා සිය ගණනක් මහ මග ජූනි 4දා අමු අමුවේ මරා දැමුවා.

චීන හමුදාව සරසවි සිසුන්ට ප‍්‍රහාර එල්ල කරනු සමහර විදෙස් ඡුායාරූප ශිල්පීන් හා ටෙලිවිෂන් වාර්තාකරුවන් හසු කර ගත්තා. මේ හරහා පැය ගණනක් ඇතුළත බේජිං නුවර ඛේදවාචකය මුළු ලොවටම ආරංචි වුණා. පාලකයෝ ප‍්‍රහාරයෙන් දින දෙක තුනකට පසු එරටින් පිටස්තර ලෝකයට දිවෙන පණිවුඩ චන්ද්‍රිකා සබඳතා සියල්ල නවතා දැමුවා.

Tiananmen Square protests of 1989: A simplified chronology by Christian Science Monitor
Tiananmen Square protests of 1989: A simplified chronology by Christian Science Monitor

එහෙත් ඊට පෙර ජූනි 5 වනදා උදේ, තියානන්මන් චතුරස‍්‍රය සමීපයේ අසාමාන්‍ය දෙයක් සිදු වුණා. චතුරස‍්‍රයට පිවිසෙන චන්ගාන් Chang’an (සනාතන සාමය) මාවතේ හමුදා යුද්ධ ටැංකි 18ක් එක පෝලිමට ගමන් කරමින් සිටියා. මේ වන විට චතුරස‍්‍රය සිසු ලෙයින් නැහැවී තිබුණා. ඒ පළා යන සිසුන් හා පුරවැසියන් සොයා හමුදාව මුළු නගරයම පීරන මොහොතයි. තැගැස්සුණු නිවැසියෝ අසරණව බලා සිටියා.

එක් වරම යුද්ධ ටැංකි පේලියේ ඉදිරියට ඇවිදගෙන ආවේ කළු කලිසමක් හා සුදු කමිසයක් හැඳි චීන ජාතික පිරිමියෙක්. ෂොපිං බෑග් දෙකක් ද අතේ තිබුණා. ඔහු හඬ නගා ටැංකි තුළ සිටින හේවායන්ට යමක් කීවා.

ඉදිරි යුද්ධ ටැංකිය මේ නාඳුනන මිනිසා යට වීම වළක්වමින් දකුණට හැරී පෙරට යන්න තැත් කළා. එවිට ඔහු යළිත් එය ඉදිරියට පැන්නා. මෙසේ දෙතුන් වරක් පෙරට යාමට වැළැක් වූ විට ටැංකිය නතර වුණා. ඒ මතට නැග ගත් මිනිසා එතුළ සිටින හේවායන් සමග කථා කරනු පෙනුණා. ඔහු කීවේ කුමක්දැයි කිසිවකු දන්නේ නැහැ. එහෙත් මේ මහා මර්දනයට තනි පුරවැසියකුගේ විරෝධය පෑමක් බව පැහැදිලියි.

විනාඩියකට පසු යළි බිමට පැන ගත් මේ නිර්භීත මිනිසා තවත් තත්පර ගණනක් ටැංකි පෙළ ඉදිරියේ සිට යමක් කීවා. අවට කිසිවකු විසින් ඔහුව එතැනින් ඉවතට කැඳවා ගෙන ගියා.

යුද්ධ ටැංකිවලට අභියෝග කළ නාඳුනන මිනිසා ගැන මුළු ලෝකයම දන්නේ එපමණයි. ඔහු කවුද හෝ ඉන් පසු ඔහුට කුමක් සිදුවී දැයි හෝ කිසිවකුත් දන්නේ නැහැ.

1989 Raw Video: Man vs. Chinese tank Tiananmen square

එහෙත් අසල හෝටලයක බැල්කනියේ සිට මේ සමස්ත සිදුවීම ඡුායාරූප හා වීඩියෝ මගින් හසු කර ගන්නට ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට අහම්බෙන් හැකි වුණා. ඔවුන්ට ස්තුති වන්නට ඛේදවාචකයකින් හමාර වූ තියානන්මන් අරගලයේ අතිශයින්ම සංත‍්‍රාසජනක හා සංකේතාත්මක රූපය බවට ඒ නාඳුනන පුංචි මිනිසා ටැංකිවලට එරෙහි වීම පත් වුවා.

ටැංකිවලට එරෙහි වූ මිනිසාගේ ඡායාරූපය පුවත් ඡායාරූපකරණයේ වැදගත් මොහොතක් ලෙස සැළකෙනවා. එය ටයිම්, නිව්ස්වීක් වැනි සඟරාවල පිටකවරයට පවා ගියා. විනාඩි කිහිපයක් ඇතුළත 20 වන සියවසේ ඉතිහාසගත චරිතයක් බවට ඔහු නිතැතින්ම පත් වුණා.

One man against a mighty army - Tank Man in Beijing
One man against a mighty army – Tank Man in Beijing

මේ අසාමාන්‍ය පුද්ගලයා කවුද? ඔහු අල්ලා ගනු ලැබ මරා දැමුවාද? නැතිනම් අල්ලා ගන්නට බැරි වී අද දක්වාත් චීනයේ ජීවත් වනවාද? ඔහු තමන්ට එරෙහිව ඉදිරියට ආ විට ඔහු පොඩිපට්ටම් කරමින් ටැංකිය ධාවනය නොකළේ ඇයි? දේශපාලන බලධාරින් තමන්ගේම නිරායුධ සහෝදර ජනයාට ම්ල්ච්ඡ ප‍්‍රහාර එල්ල කිරීමට අණ දීම ගැන ටැංකි තුළ සිටි හේවායන්ට කම්පනයක් ඇති වී තිබුණාද?

මෙබදු ප‍්‍රශ්නවලට උත්තර නැහැ. අපට කළ හැක්කේ අනුමානයන් පමණයි.

සාධාරණ ජන උද්ඝෝෂණයක් අසීමිත හා නිර්දය රාජ්‍ය බලය යොදා මර්දනය කිරීමට එරෙහිව තනි මිනිසුන් හා ගැහැණුන් නැගී සිටි මුල්ම හෝ අවසාන අවස්ථාව මෙය නොවෙයි. ජාතික ආරක්‍ෂාව, නීතිය හා සාමය ආදි සාධක පෙරට ගනිමින් ජනතා උද්ඝෝෂණ මැඞීම තවමත් බොහෝ රටවල සිදු වන්නේ අවශ්‍ය අවම බලය වෙනුවට උපරිම බලය යොදා ගනිමින්.

එය වාර්තා කිරීමට යන වෘත්තිමය මෙන්ම පුරවැසි මාධ්‍යකරුවන් ද එහිදී ප‍්‍රබල අවදානමකට ලක් වනවා. ගොර්බචොෆ් සංචාරය සිදු නොවුවා නම් බේජිං නුවර මිනිස් ඝාතනය ගැන ලෝකය සාක්‍ෂි සහිතව දැන නොගන්නට ඉඩ තිබුණා.

තියානන්මන් චතුරස‍්‍රය දෙස් විදෙස් සංචාරකයන් රැසක් එන තැනක්. 1996 පටන් කිහිප විටක් මා චතුරස‍්‍රයට ගොස් එහි ඇවිද තිබෙනවා. මා ඕ සේතුංගේ දැවැන්ත ඡුායාරූපය චතුරස‍්‍රය වෙත බැල්ම හෙළනවා. එහෙත් 1989 ජූනි ඛේදවාචකයෙ සේයාවක් හෝ එහි ඉතිරිව නැහැ.

2004දී චීන ටෙලිවිෂන් නිෂ්පාදකයන් හා වාර්තාකරුවන් පුහුණු කරන්නකු ලෙස මා දෙසතියක් බේජිං නුවර ගත කළා. මාගේ සිසුන් වූයේ දක්‍ෂ හා සංවේදී තරුණ මාධ්‍යවේදීන්. චතුරස‍්‍රයේ වූ ලේ වැහැරීම ගැන ඔවුන් අසා ඇතත් බොහෝ දෙකනුට සෘජු මතකයන් නැහැ. ඔවුන් ඒ සඳහා ලාබාල වැඩියි. එසේම ඒ ගැන විවෘතව කථා කරන්නට ද ඔවුන්ට රට තුළ අවකාශයක් නැහැ.

තියානන්මන් විරෝධතා මැඩ පැවැත්වීමේදී මිය ගිය සංඛ්‍යාව 200-300 අතර පමණක් යයි චීන නිල වාර්තා කියනවා. වසර 25ක් ගත වීත් එය සොයා බලන්නට පර්යේෂකයන්ටවත් එරට රජය අවසර දෙන්නේ නැහැ.

අද වන විට වයස 30ට අඩු කිසිදු චීන ජාතිකයකු මේ සිදුවීම් අත්දැක නැහැ. මේ නිසා කල් යත්ම තියානන්මන් චතුරස‍්‍රයේ අමිහිරි මතකයන් කෙමෙන් මැකී යාවිද? නැතිනම් කවදා හෝ ඒ සිදුවීම්වල සැබෑ තතු චීනය හා ලෝකය හරි හැටි දැන ගනීද?

The Tank Man - a long shot Stuart Franklin
The Tank Man – a long shot Stuart Franklin

සිවුමංසල කොලූගැටයා #118: ලෝකයට ම වස විස බෙදන චීනය

I return to China’s massive environmental woes in my weekend column in Ravaya broadsheet newspaper (in Sinhala).

Last week, we looked at China’s air pollution problems; today, we discuss serious contamination of food and water caused by widespread pollution unchecked by lack of regulation and local level corruption.

We also compare China’s current experience with Japan’s pollution problems in the 1950s and 1960s. The big difference: democratic system in Japan enabled citizens to effective protest industrial excesses, petition courts and force government to enforce strict regulation. Can this happen in China?

Last week’s column: සිවුමංසල කොලූගැටයා #117: පැහැබර අහසක් කිසිදා නොදුටු චීන දරුවෝ

China Environment Pollution

මුදල් වැඩි වූ පමණට රටක් සංවර්ධනය වේද යන්න කලක සිට කැරෙන විවාදයක්. එහෙත් දුගී දුප්පත්කම තව දුරටත් පවතින්නට ඉඩ හැරීම ද ශිෂ්ට සමාජයක් නොකළ යුතු දෙයක් බව අද පිළි ගැනෙනවා.

අධිවේගී ආර්ථික සංවර්ධනය හඹා යන චීනයේ අද මතුව තිබෙන දරුණු වාත දුෂණය ගැන අප ගිය සතියේ කථා කළා. එයට අමතරව ජලය, භූමිය හා ආහාරපාන දුෂණය වීමේ විශාල අභියෝගයන්ට ද අද චීනය මුහුණ දී සිටිනවා.

පාරිසරික ප‍්‍රශ්න කෙමෙන් ගොඩ නැගී එන නිසා ඒවා වඩාත් ප‍්‍රබලව පෙනෙන්ට පටන් ගත්තේ පසුගිය වසර 10-15 කාලය තුළයි. වාත දුෂණය, ජල දුෂණය, ආහාර වස විසවීම ඇතුඵ මහජන සෞඛ්‍යයට හා ජන ජීවිතයට කෙලින්ම වින කරන පාරිසරික ප‍්‍රශ්න රැසක් ඉතා ප‍්‍රබල ලෙසින් චීනයේ මතු වී තිබෙනවා.

2013 වසර චීන පාරිසරික අර්බුදයන් උඩු දුවන, තීරණාත්මක වසරක් විය හැකියි. මීට සති කිහිපයකට පෙර ෂැංහයි නුවර අසබඩ Huangpu ගංගාවේ දහස් ගණනක් මිය ගිය ඌරන් පාවී එන්නට පටන් ගත්තා. ලෝකයට ම සෞඛ්‍ය තර්ජනයක් එල්ල කිරීමේ හැකියාව ඇති අඵත් කුරුඵ උණ ප‍්‍රභේදයක් මේ දිනවල චීනයේ පැතිරෙමින් තිබෙනවා.

මීට පෙර කුරුඵ උණ, සූකර උණ හා SARS රෝගකාරකය ආදිය මතුවී පැතිර ගියේ චීන සත්ත්ව ගොවිපල වලින් බව තහවුරු වී තිබෙනවා. වසංගත රෝග හා පරිසර දුෂණය ද චීනයේ නිපදවා පිටරට යැවීම දැන් මහා පරිමාණයෙන් සිදු වන හැඩයි.

මේවා හුදෙක් තැන තැන සිදු වන හුදකලා පරිසර දුෂණ නොව ක‍්‍රමීය මට්ටමෙන් සමස්ත ජන ජීවිතය ගිළ ගන්නා දැවැන්ත අර්බුදයක් බවට පත් වෙලා. මේ ගැන චීන මධ්‍යම පාන්තික ජනතාව වඩාත් විවෘතව කථා කිරීම හා ප‍්‍රශ්න කිරීම එරට ඒක පාක්‍ෂික, සංවෘත දේශපාලන ක‍්‍රමයට අද ලොකු ගැට`ඵවක් බවට පත්ව තිබෙනවා.

චීනයේ පාරිසරික ප‍්‍රශ්න යනු වන විනාශය, ජෛව විවිධත්වය හීනවීම ආදී හරිත ප‍්‍රශ්නවලට වඩා මහජන සෞඛ්‍යයට සෘජුව බලපාන, ජීවත්වීමේ හා යහපත් සෞඛ්‍යයට ඇති මානව අයිතියට තර්ජනය කරන ආකාරයේ ප‍්‍රශ්නයි.

චීනයේ බොහෝ ප‍්‍රදේශවල ජලය හා ආහාරවලට රසායනික විෂ ද්‍රව්‍ය මුසුවීමේ බරපතල තත්ත්වයක් අද මතු වී තිබෙනවා.

ලෝකයේ පාරිභෝගික අවශ්‍යතා ලාබයට සපයන්නට දිවා රාති දහස් ගණන් භාණ්ඩ නිෂ්පාදනය කරන චීන කර්මාන්ත ශාලා අති විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මෙයින් සමහරක් රජයට අයත් අතර තවත් ඒවා විදේශ ආයෝජකයන් විසින් පිහිට වූ ඒවා.

හැකි ඉක්මනට, හැකි තරම් ලාබෙට බඩු නිපදවන්නේ සේවකයන්ට ඉතා අඩු වැටුප් ගෙවමින් හා අපද්‍රව්‍ය කිසිදු සැළකිල්ලකින් තොරව ඉවත දමමින්. මේ කි‍්‍රයා නියාමනය කරන්නට නීති ඇතත් ඒවා හරිහැටි කි‍්‍රයාත්මක වන්නේ නැහැ. නැතිනම් ව්‍යාපාරිකයෝ අදාල නිලධාරීන්ට පගා ගෙවමින් අධීක්‍ෂණය මොට කරනවා. කෙටි කාලීන ලාබ ලැබුණත් මේ නිසා සිදු වන්නේ මුඵ රට ම වස විසෙන් පිරී යාමයි.

චීනයේ වගා කරන කිසිදු ආහාරයක් බය නැතිව කන්නට බැරි බව එරට උගත් ඉහළ මධ්‍යම පාන්තිකයන් දැන් හොඳාකාර දන්නවා. ඇති හැකි අය දැන් බොහෝ කොට (වඩාත් දැඩි පාරිසරික නියාමනයක් තිබෙන) යුරෝපීය රටවලින් ගෙන එන ආහාර පාන වැඩි මිළක් ගෙවා පරිභෝජනය කරනවා. එහෙත් මෙසේ කළ හැක්කේ ටික දෙනෙකුට පමණයි.

චීනයේ ආහාරවලට වසවිස එකතු වන්නේ හුදෙක් පරිසර දුෂණය හරහා වක‍්‍ර ලෙස පමණක් නොවෙයි. අධික ලාභ ඉපයීමේ තන්හාවෙන් මඩනා ලද ඇතැම් ගොවියෝ හා වෙළෙන්දෝ ඕනෑකමින් ම ආහාරවලට නොයෙක් රසායන ද්‍රව්‍ය මුසු කරනවා. ඒවායින් විසවීමට හැකි යයි ඔවුන් දන්නේ හෝ තකන්නේ හෝ නැහැ.

බිළිඳුන්ට දෙන කිරිපිටිවල මෙලමීන් නැමැති රසායනිකයක් හමු වී මහත් කලබැගෑනියක් හටගත්තේ 2008දී. චීනයේ ම කොටසක් වන, එහෙත් නීති කී‍්‍රයාත්මක කිරීම හා නියාමනය අතින් වඩාත් දියුණු වූත් දුෂණ අඩු වූත් හොංකොං විශෙෂ ප‍්‍රදේශයේ සිට ළදරු කිරිපිටි හැකි තාක් චීනයේ සෙසු ප‍්‍රදේශවලට ගෙන යාම ජයට කැරෙනවා. මේ නිසා දැන් එය පාලනය කරන්නට පවා සිදු වෙලා.

ඉසුරුබර හැම චීන පවුලක් ම ජීවත්වීමට වඩාත් හිතකර ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, බි‍්‍රතාන්‍යය, හෝ කැනඩාව වැනි රටක අමතර පුරවැසිකම ලබා ගෙන දෙවැනි ගෘහස්ථයක් දැන් සැළසුම් කරනවා යයි පසුගියදා ජාත්‍යන්තර පුවත් සගරාවක් වන ‘ටයිම්’ හෙළි කළා.

එම සගරාවේ චීන වාර්තාකාරිය හැටියට වසර කිහිපයක් එහි වාසය කරන හැනා බීච් (Hannah Beech) කීවේ: ‘මා දන්නා හැම සුපිරි පැළැන්තියේ චීන පවුලකට ම රට හැර දා යාමේ ක‍්‍රමානුකූල සැළැස්මක් තිබෙනවා. එය රටට ද්‍රෝහිවීමක් නොව තමන්ගේ පවුලේ සෞඛ්‍යාරක්ෂාව සඳහා කරන මානුෂික තීරණයක්’.

මෑතදී බේජිං නුවර වෙළඳපොළකදී පිරිපුන් බවින් යුතු දොඩම් ගෙඩි කිහිපයක් මිළට ගන්නට තමා උත්සාහ කළ බවත්, ඒවා අදහා ගන්නට බැරි තරම් තැඹිලි පාටින් යුතු වූ නිසා සමීපව පරීක්‍ෂා කළ බවත් හැනා බීච් වාර්තා කරනවා.

ටිකක් කථා බහා කරද්දී වෙළෙන්දා පිළිගත්තේ මේවාට තැඹිලි පාට ඩයි තවරා ඇති බවයි. ‘බය වෙන්න එපා – කෑවාට හානියක් නැහැ’ ඔහු කියා තිබෙනවා. මෙසේ කීවේ නොදන්නාකමට ද සටකපටකමට ද?

ෂැංඩොං ප‍්‍රාන්තයට ගිය ගමනකදී එහි ඇපල් ගොවියකු සමග කළ කථා බහක් ඇය සිහිපත් කරනවා. ඇය සමග සුහද වූ පසු ඔහු අවවාද කළේ ‘ෂැංඩොං සිට එන ඇපල් කන්න එපා. අපි නොයෙක් රසායන යොදා ගෙන ගෙඩි ඉක්මනින් පුෂ්ටිමත් කරනවා. ඒ වගේ ම තත්ත්ව පාලක නිලධාරීන්ටත් ගතමනාවක් දීලා ඔවුන් නිහඩ කරනවා’ කියායි.

හැනා බීච් මේ වාර්තාව ලිව්වේ හුදෙක් පත‍්‍රකලාවේදීනියක ලෙස පමණක් නොවෙයි. ලාබාල දරුවන් සිටින මවක් ද හැටියටයි. තමන්ගේ දරුවන්ට නොදැනුවත්ව ම වස විස දීමෙන් වළකින්නේ කෙසේදැයි ඇය නිතිපතා විපරම් කරනවා.

heilongjiang‘මගේ දරුවන්ට හා ඔවුන්ගේ පාසලේ සෙසු දරුවන්ට එළිමහනේ සෙල්ලම් කරන්නට බැහැ. වාත දුෂණය එතරම් ම දරුණු නිසා. අවුරුදු පහේ දරුවෝ වාත දුෂණ දර්ශකයේ අංක ගැන කථා කරන්නට පටන් අරන්. වායු සමනය කළ නිවාස හා පාසල් ගොඩනැගිලි ඇතුලේ කොටු කර ගෙන අප දරුවන් හදනවා. මගේ තුන් හැවිරිදි තවමත් බහ තෝරන දියණිය උගත් මුල් ම චීන වචනයක් වූයේ පරිසර දුෂණයට එම බසෙහි හමු වන යෙදුමයි. කෙතරම් යසඉසුරු තිබුණත් මෙබඳු ජීවන තත්ත්වයක් නිසා පීඩාවට පත් වනවා නම් එහි තේරුමක් ඇත්ද?’

ඇය මෙන් ම මේ ප‍්‍රශ්න මතු කරන චීන දෙමව්පියන් ලක්‍ෂ ගණනක් අද සිටිනවා. ඔවුන්ට දෙන්නට හරිහමන් අවංක උත්තරයක් චීන රජයට නැහැ.

එසේම වඩාත් උගත්, සන්නිවේදන තාක්‍ෂණ මෙවලම්වලින් සන්නද්ධ වූ චීන මධ්‍යම පාන්තිකයන් මිලියන් 300කට අධික සංඛ්‍යාවක් පෙර මෙන් නොදන්නාකමේ අන්ධකාරයේ ගාල් කොට තැබිය නොහැකියි. රටේ ලෝකයේ සිදු වන්නේ කුමක් ද යන්න ගැන දැන් ඔවුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා.

මේ වසරේ ජනවාරියේ නාගරික ප‍්‍රදේශවල වාත දුෂණය උග‍්‍ර වූ විට ඒ ගැන නිදහසේ තොරතුරු වාර්තා කරන්නට මාධ්‍යවලට බලධාරීන් විසින් ඉඩ දෙනු ලැබුවා. මෙය චීනයේ අඵත් ප‍්‍රවණතාවක්. බොහෝ විට වසංගතයක්, ආපදාවක් හෝ වෙනත් අනතුරක් ගැන සැබෑ තොරතුරු වාර්තාකරණයට චීන කොමියුනිස්ට් පක්‍ෂය හා රාජ්‍ය නිලධාරීන් සීමා දමනවා. එහෙත් ජංගම දුරකථන හා ඉන්ටර්නේට් භාවිතය වඩාත් ප‍්‍රචලිත වෙත් ම මෙබඳු වාරණයන් සාර්ථක නොවන බව දැන් චීන බලධාරීන් තේරුම් අරන්.

අගනුවර හා වෙනත් ප‍්‍රධාන නගරවල පරිසර දුෂණ දත්ත පිළිබඳව සාපේක්‍ෂව යම් විවෘත භාවයක් හටගෙන ඇතත්, සෙසු නගරවල මේ තත්ත්වය ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් තිබෙනවා. එනම් තමන්ගේ අකාර්යක්‍ෂමතාවයන් වසා ගන්නට පිණිස පාරිසරික දත්ත නිකුත් කිරීම ප‍්‍රමාද කිරීම හා වසන් කිරීම.

1990 – 2005 වකවානුව තුළ චීනයේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් ලෙස 8.7%ක් වූවා. 2013දී 7.5% ක වර්ධනයක් ද 2011 – 2015 පස් අවුරුදු සැළසුම් කාලය තුළ සාමාන්‍ය ආර්ථික වර්ධනය 7%ක් වනු ඇතැයි ද අනුමාන කැරෙනවා. තරමක් වර්ධන වේගය අඩු වී ඇතත් තවමත් චීන ආර්ථිකය යන්නේ අධිවේගී ධාවනයෙන්. එය හරියට පාලනයකින් තොරව කඩා ගෙන බිඳ ගෙන පෙරට යන මකරකු වගේ.

චීනයේ මෙන් අධිවේගී ආර්ථික වර්ධනයක් 1950 – 1970 වකවානුවේ ජපානයේ ද සිදු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුබෑමට පත් වුණු ජපානය පරම්පරාවක් ඇතුළත ආර්ථික වශයෙන් හිස එසවූවත් එහි දැඩි පාරිසරික විපාක අත්වින්දා. චීනය මෙන් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් පවතින ජපානයේ මේ විපාකවලට එරෙහිව මහජන උද්ඝෝෂණ නැගී ආ විට එයට ඉක්මන් ප‍්‍රතිචාර දක්වන්නට එරට දේශාපලකයන්ට හා නිලධාරීන්ට සිදු වුණා.

මේ දෙරටේ අධිවේගී වර්ධනයේ ක‍්‍රමවේදයන් සමාන වූවත් පාරිසරික විපාකවලට ප‍්‍රතිචාර දැක්වීමේදී නම් ජපානය චීනයට වඩා ඉතා ජනතාවාදී වූ බව කිව යුතුයි. යස ඉසුරු පතා සියල්ල කැප කිරීමේ කෙටි කාලීන ගිජු බවට ජපන් සමාජය යොමු කරන්නට ජපන් සමාගම් තැත් කළත් එරට රාජ්‍ය නිලධාරීන් හා ස්වාධීන අධිකරණයත්, සැබෑ ජනතා සංවිධානත් එම උත්සාහයට ඉඩ දුන්නේ නැහැ.

Video: Japan’s Lessons on the Economy and the Environment: Our Pollution Experience (Sinhala version)

Bridging Sri Lanka’s Deficit of Hope: What’s to be done?

Rays of Hope - or just Nature painting colours in the sky? It's in the eye of the beholder...
Rays of Hope – or just Nature painting colours in the sky? It’s in the eye of the beholder…

During the height of the Cold War, Soviet Communist Party chief (Leonid) Brezhnev and his deputy were having a one-on-one meeting.

Brezhnev says, “Maybe it’s time we opened our borders and allowed free emigration?”

The deputy retorts: “Don’t be ridiculous. If we did that, no one would be left in the country except you and me!”

To which Brezhnev replies, “Speak for yourself!”

That was a joke, of course — one of many examples of dark humour that helped communism’s oppressed millions to stay sane.

What might happen if we suddenly found ourselves in a borderless world? Or at least in a world where free movement across political borders was allowed? Which places would see a mass exodus, and to where might people be attracted the most?

I very nearly included the old Soviet joke in my latest op-ed essay titled ‘Bridging Sri Lanka’s Deficit of Hope’ that is published today by Groundviews.org.

It asks WHY many thousands of young men and women of Sri Lanka have been leaving their land — by hook or crook – for completely strange lands. This has been going on for over a generation.

Here’s an excerpt:

For three decades, such action was attributed to the long-drawn Lankan civil war. That certainly was one reason, but not the only one.

It doesn’t explain why, three and a half years after the war ended, the exodus continues. Every month, hordes of unskilled, semi-skilled and professionally qualified Lankans depart. Some risk life and limb and break the law in their haste.

It isn’t reckless adventurism or foolhardiness that sustains large scale human smuggling. That illicit trade caters to a massive demand.

Most people chasing their dreams on rickety old fishing boats are not criminals or terrorists, as some government officials contend. Nor are they ‘traitors’ or ‘ingrates’ as labelled by sections of our media.

These sons and daughters of the land are scrambling to get out because they have lost hope of achieving a better tomorrow in their own country.

I call it the Deficit of Hope. A nation ignores this gap at its peril.

As usual, I ask more questions than I can answer on my own. But I believe it’s important to raise these uncomfortable questions.

Towards the end, I ask: What can be done to enhance our nation’s Hope Quotient?

“Governments can’t legislate hope, nor can their spin doctors manufacture it. Just as well. Hope stems from a contented people — not those in denial or delusion — and in a society that is at ease with itself. We have a long way to go.”

Read the full essay and join the discussion on Groundviews.org:
Bridging Sri Lanka’s Deficit of Hope

Or read the compact version of the essay that appears in Ceylon Today newspaper:

Bridging Sri Lanka's Deficit of Hope by Nalaka Gunawardene - Ceylon Today, 2 Jan 2013
Bridging Sri Lanka’s Deficit of Hope by Nalaka Gunawardene – Ceylon Today, 2 Jan 2013

සිවුමංසල කොලූගැටයා #88: පාකිස්ථානයට තිත්ත ඇත්ත කියන ටෙලිවිෂන් නාලිකා

In this week’s Ravaya column (in Sinhala), I reflect on my recent visit to Pakistan, after 15 years.

When I last visited, in 1997, there were only state owned radio and TV channels. That changed in 2002 when private ownership was allowed. In a decade, private broadcasting has grown and expanded — especially in news and current affairs TV channels, which are now a dominant factor in Pakistan’s everyday life.

What does this mean for media pluralism, governance and social order in a country as complex as Pakistan? Are 24/7 news channels part of the problem or part of the solution? Since the genie cannot be sent back into the lamp, how best can its powers be harnessed for the public interest?


“ඇෆ්ගනිස්ථානයට යාබදව තිබෙන විකාර දේශය” හැටියට මගේ මිය ගිය පාකිස්ථානු මිතුරිය සනියා හුසේන් ඇගේ උපන් බිම හදුන්වා දෙන්නට පුරුදුව සිටියා. එය වඩාත් තිව‍්‍ර ලෙස දැනුනේ ඉංගී‍්‍රසියෙන් කී විටයි. ‘I live in Absurdistan, located next to Afghanistan!’

සනියා තමාගේ මවු රටට ඇලූම් කළ, එරට පොදු ජන උන්නතියට මාධ්‍යවේදිනියක හා සමාජ ක‍්‍රියාකාරිනියක ලෙස විශාල සේවයක් කළ අයෙක්. එහෙත් සිය රටේ දැවෙන ප‍්‍රශ්න හා දැඩි සමාජ විසමතා ගැන නොවලහා කථා කිරීමටත්, සමාජ සාධාරණත්වය හා ප‍්‍රජතාන්ත‍්‍රවාදය උදෙසා උද්ඝෝෂණ කරන්නටත් ඇය පසුබට වූයේ නැහැ.

පාකිස්ථානය අද ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක්. ඉස්ලාමීය මූලධර්මවාදය ප‍්‍රවර්ධනය කොට පිටරට පටවන බවට බටහිර රටවල් පාකිස්ථානයට චෝදනා නගනවා. මෙය එරට රජය හා ජන සමාජය එක එල්ලේ පිලි ගත්තේ නැතත්, නීතිය හා සාමය රැක ගැනීම පිළිබද බරපතල ගැටළු මතුවී ඇති බවට නම් ඔවුන් හැම කෙනකු ම එකග වනවා.

වසර 15කට පසු මා මෑතදී යළිත් පාකිස්ථානයට ගියා. එහි වඩාත් ම ජනාකීර්ණ වූත්, වානිජමය කේන්ද්‍රස්ථානය වූත් කරච්චි නගරයේ දින කිහිපයක් මා ගත කළේ එරට ටෙලිවිෂන් වාර්තාකරුවන් හා නිෂ්පාදකයන් සඳහා පුහුණු වැඩමුළුවක ප‍්‍රධාන පුහුණුකරුවා හැටියටයි. මේ නිසා කෙටි කාලයක් තුල එරට ජන සමාජය හා දේශපාලන ප‍්‍රවාහයන් ගැන මාධ්‍යවේදී මිතුරන් රැසක් සමග කථා බහ කරන්නට ඉඩ ලැබුණා. ඊට අමතරව මගේ පැරණි පාකිස්ථානු මිතුරු මිතුරියන් කිහිප දෙනකු ද හමුවුණා.

පාකිස්ථානය වැනි සංකීර්ණ රටක ප‍්‍රශ්න ගැන කෙටි සංචාරයකින් තේරුම් ගත නොහැකියි. එහෙත් මා ඇසූ දුටු ඇතැම් දේ අපටත් අදාල යැයි සිතෙනවා.

පාකිස්ථානය වෙන ම රටක් ලෙස බිහිවූයේ 1947 අගෝස්තුවේදී බි‍්‍රතාන්‍ය පාලකයන් නික්ම යද්දී ඔවුන් පාලනය කළ භාරතය, ඉන්දියාව හා පාකිස්ථානය ලෙස බෙදීමත් සමගයි. එදා මෙදා තුර ගෙවී ගිය වසර 65 තුළ ඉන්දියාව දිගට ම ප‍්‍රජාතන්ත‍්‍රික රටක් ලෙස පැවතුනත් පාකිස්ථානය කිහිප වාරයක් හමුදා ආඥාදායකත්වයට නතු වූවා. (නිදහසෙන් පසු වසර 32ක් පාකිස්ථානය පාලනය කර ඇත්තේ හමුදා පාලකයන්.)

Map of Pakistan, courtesy Lonely Planet
පාකිස්ථානයේ හා ඉන්දියාවේ මුල සිට ම ස්ථාපිත වූ එක් ප‍්‍රබල සමාජ සංස්ථාවක් නම් ජනමාධ්‍යයි. මුළුමනින් ස්වාධීන වූ ජනමාධ්‍ය ලෝකයේ කිසි රටක නැහැ. එහෙත් බලයේ සිිටින රජයට, හමුදා හා ආගමික නායකයන්ට හෝ වෙනත් බලාධිකාරයන්ට දැඩි සේ නතු නොවූ, අදීන මාධ්‍ය සම්ප‍්‍රදායක් මේ දෙරටේ තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන තම සීමා ඉක්මවා ජනමතය හසුරුවන බවට චෝදනා ඇතත්, එයින් පෙනෙන්නේ රූකඩ ලෙස නැටවෙන මාධ්‍යවලට වඩා ඔබ්බට පරිනාමය වූ සංකීර්ණ මාධ්‍ය පද්ධතියක් එහි ඇති බවයි.

පාකිස්ථානයේදී මා හමු වූ පුවත්පත් කතුවරුන්, ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් හා මාධ්‍ය හිමිකරුවන් අතර විවිධ දේශපාලන මත දරණ අය සිටියා. ඇතැම් දෙනා ජාතිකවාදී වන අතර සමහරුන් ලිබරල්වාදීන්. එරට ඇති මහා ප‍්‍රශ්නවල මූලයන් ගැන ඔවුන්ට ඇත්තේ වෙනස් වූ විග‍්‍රහයන්. ඇතැමුන් බොහෝ ප‍්‍රශ්නවලට මුල ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යයි තර්ක කරන අතරේ තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉන්දියාව විවිධ කූඨ උපක‍්‍රම මගින් පාකිස්ථානයට හිරිහැර කරන බවයි.

එහෙත් ප‍්‍රතිවිරුද්ධ මත දරණ මාධ්‍යවේදීන් එක් හඩින් එකග වන තනි සාධකයක් තිබෙනවා. එනම් කාගේවත් පටු අරමුණු සඳහා තමන්ගේ මාධ්‍ය කලාව හා කර්මාන්තය පාවා නොදෙන බවයි.

අපේ රටේ මෙන් ම පාකිස්ථානයේත් රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් යුගයේ පැවතුණේ රාජ්‍ය ඒකාධිකාරයන් හැටියටයි. 1990දී මා මුල් වරට පාකිස්ථානයට ගියේ එරට රාජ්‍ය ටෙලිවිෂන් ආයතනය වූ PTVහි ආරාධිතයෙකු ලෙස. එවිට සියා උල් හක් ඒකාධිපති පාලනය අවසන් වී, බෙනාසීර් භූතෝ අගමැතිනිය ලෙස සිය ප‍්‍රථම ධුර කාලය අරඹා තිබුණා. එහෙත් සියාගේ අනුගාමිකයන් වෙනුවට ඇගේ දේශපාලන හිතවතුන්ට රාජ්‍ය මාධ්‍ය ආයතන තනතුරු දීමට එහා යන ප‍්‍රතිසංවිධානයක් ඇය කළේ නැහැ. ඇයට පසුව බලයට ආ නවාස් ෂරීෆ් කළේත් නැහැ. (එරට මුද්‍රිත මාධ්‍ය නම් රාජ්‍ය ග‍්‍රහණයෙන් පිටත වඩාත් ස්වාධීනව කි‍්‍රයා කරනවා.)

අන්තිමේදී 2002දී පෞද්ගලික අංශයට පාකිස්ථාන විද්යුත් මාධ්‍ය කේෂත‍්‍රයට එන්නට ඉඩ සලසා දුන්නේ මහජන ඡුන්දයෙන් බලයට ආ නායකයෙකු නොව හමුදා පාලක පාර්වේස් මුෂාරෆ් (Pervez Musharraf). ඒ කාර්යයට මූලික වූයේ පාකිස්ථානයේ මාධ්‍ය පර්යේෂණ හා ප‍්‍රතිපත්ති මට්ටමින් ඉහළ දැනුමක් හා දැක්මක් ඇති ජාවෙඞ් ජබාර් (Javed Jabbar). කලක් මුෂාරෆ්ගේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස ක‍්‍රියා කළ ඔහු, රටේ විශාලත්වය නිසා පණිවුඩ චන්ද්‍රිකා හරහා මේ නාලිකාවල සංඥා විකාශය කළ යුතු යයි නිර්දේශ කළා.

ගෙවී ගිය දශකයක කාලය තුල ටෙලිවිෂන් හා FM නාලිකා විශාල සංඛ්‍යාවක් බිහි වී පාකිස්ථානු සමාජයේ ප‍්‍රචලිත වී තිබෙනවා. මේවා නාගරික ප‍්‍රදේශවලට සීමා වී නැහැ. රටට ම දැනෙන්න, රට ම ආවරණය කරන්නට ප‍්‍රධාන පෙලේ පෞද්ගලික නාලිකා දැන් සමත්. Geo TV, Aaj TV වැනි නාලිකා ප‍්‍රවෘත්ති ආවරණය හරහා තමන්ට ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන තිබෙනවා. අද පාකිස්ථානයේ ප‍්‍රබල ම සමාජ සංස්ථාව කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනා කියන්නේ ප‍්‍රවෘත්ති ටෙලිවිෂන් නාලිකා බවයි.

තරගකාරීත්වය නිසා එරට රාජ්‍ය මාධ්‍ය ආයතන ද පෙරට වඩා විවෘත, ජනතාවාදී මුහුණුවරක් ගෙන තිබෙනවා. රට තුළ දේශපාලනය හා වෙනත් කරුණු ගැන බහුවිධ හා ප‍්‍රතිවිරුද්ධ මත දැරුවත් මේ සියළු නාලිකා නොවැරදී ම එකග වන කාරණා ද තිබෙනවා. තමන්ගේ ප‍්‍රතිවාදියා ලෙස බොහෝ පාකිස්ථානුවන් හදුනා ගන්නා ඉන්දියාව ගැන නාලිකා විග‍්‍රහය බොහෝ විට එක සමානයි.

පෞද්ගලික හිමිකාරිත්වයට ටෙලිවිෂන් කේෂත‍්‍රයට පිවිසෙන්නට ඉඩ සළසා දුන් මුෂාරෆ් ජනාධිපතිවරයාට අන්තිමේදී බලය හැර දමා යන්නට පාර කැපුවෙත් ඒ ටෙලිවිෂන් නාලිකා සමහරක් වීම දෛවයේ සරදමක්. එහෙත් 2002දී විද්‍යුත් මාධ්‍ය කේෂත‍්‍රය පුළුල් නොකර සිටියා නම් පාකිස්ථානුවන් හොර රහසේ ඉන්දියාවේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා බැලීමට යොමු වෙනවා. ජාවඞ් ජබාර් සූක්ෂම ලෙසින් කලේ දේශීයත්වය මතු කරන පෞද්ගලික නාලිකාවලට ඉඩ දීමයි.

එහෙත් අද ඇතැම් පුවත් නාලිකා උවමනාවට වඩා බලවත් වී ඇත් ද? මේ ගැන එරට මාධ්‍ය හා සමාජ පර්යේෂකයන් අතර ලොකු විවාදයක් තිබෙනවා.

බටහිර රටවල ඇත්තේ කලක් තිස්සේ සෙමින් පරිනාමය වූ ටෙලිවිෂන් සංස්කෘතියක්. ලෝකයේ මුල් ම පැය විසි හතරේ පුවත් ටෙලිවිෂන් නාලිකාව CNN බිහි වූයේ 1980දී. ඒ වන විට අඩ සියවසකට වඩා පැරණි ටෙලිවිෂන් සංස්කෘතියක් ඇමෙරිකාවේ තිබුණා. එහෙත් සියල්ල සීඝ‍්‍රගාමීව සිදු වන අද කාලයේ, ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල එබදු පරිනත බවක් ලබන්නට කලින් පැය විසි හතරේ පුවත් නාලිකා බිහි වුණා.

ප‍්‍රවෘත්තියක් උවමනාවට වඩා පුම්බමින් දිගට ඇද ගෙන යාම දකින්නට හැක්කේ මේ නිසයි. මේ Breaking News කලාව හොඳට මෙන් ම නරකටත් සිටින, දෙපැත්ත කැපෙන දැලි පිහියක්. එය අතට ගෙන ඇති මාධ්‍යවේදීන්ගේ සංවරබව හා ආචාර ධර්ම ගරු කිරීමේ නැඹුරුව මත පුවත් ටෙලිවිෂන්වල සමාජ මෙහෙවර තීරණය වනවා.

පාකිස්ථානයේ උද්ගතව ඇති ප‍්‍රශ්නවලට පැලැස්තර විසදුම් වෙනුවට ක‍්‍රමීය විසදුම් සෙවිය යුතු බව එරට විද්වතුන් පිළි ගන්නවා. එහෙත් ඒ විසදුම් ගැන එකගත්වයක් නැහැ. රටේ බහුතරයක් ජනයා දැඩි දුප්පත්කමින්, නූගත්කමින් හා වැඩවසම් සම්ප‍්‍රදායන්ගෙන් මිරිකී සිටිනවා. බොහෝ දියුණුවන රටවල මේ සමාජ විසමතා ඇතත් පාකිස්ථානයේ ඒවා ඉතා තීව‍්‍ර මට්ටමක තිබෙනවා.

පාරම්පරිකව ධනය හා බලය නතු කර ගත් සුළුතරයක්, සෙසු ජනයා බලහත්කාරයෙන් තලා පෙලා ගෙන සිටිනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා රැකියා අවස්ථා වැනි මූලික මානව අවශ්‍යතා සඳහාවත් මේ පීඩිතයන්ට සාධාරණ අවස්ථා ලැබෙන්නේ නැහැ. රදල ඉඩම් හිමියන් මුළු පළාතක් ම හිමි කර ගෙන එහි ජනයා වහලූන් සේ පාගා ගෙන සිටීම සුලබ දෙයක්. මෙබදු ප‍්‍රදේශවල ගැහැණු දරුවන් පාසල් යැවීමට හෝ සමාජ සුබසාධන සේවා සැපයීමට හෝ රදලයන් රජයට ඉඩ දෙන්නේ නැහැ.

මේ අසාධාරණකම් සොයා යමින් බිම් මට්ටමේ වාර්තාකරණය ඔස්සේ ඒවා මතු කිරීමට පාකිස්ථාන පුවත් ටෙලිවිෂන් නාලිකා ක‍්‍රියා කරනවා. මේ නිසා එරට සමාජ කලබගෑනියක් ඇති වෙලා. වාර්තාකරුවන් හා කැමරා කණ්ඩායම් ගම් දනවුවල සැරිසැරීම නිසා රදලයන්ට, දේශපාලකයන්ට හා නිලධාරින්ට වංචනික හා අසාධාරණ ක‍්‍රියා කරන්නට බැරි වී තිබෙනවා.

2010 මැද දී පාකිස්ථානයේ ඉන්දුස් ගංගාව පිටාර ගැලීම නිසා මහ ගංවතුරක් ඇති වුණා. මිලියන් 20ක් ජනයා අවතැන් කල මේ ගංවතුර දින සති ගණන් අල්ලා සිටින විට එරට සිවිල් හා හමුදා නිළධාරීන් ගංවතුර බස්වන්නට විවිධ අසම්මත උපක‍්‍රම භාවිත කළා. මේ අසීරු අවස්ථාවේ පවා පුවත් නාලිකා ප‍්‍රධාන නගරවලින් දුර බැහැර ප‍්‍රදේශවල ගංවතුර තත්ත්වය ගැන හරවත්ව හා සංයමයෙන් වාර්තා කළා.

වාර්තාකරණයේදී ලිහිල්ව නැතිනම් ගෞරවාන්විතව ආවරණය වන සුපිරි පැලැන්තියක් (sacred cows) ඇත්දැයි මා විමසුවා. ආගමික නායකයන්ට හා විනිසුරුකරුවන්ට තනතුරේ ගෞරවය රැකෙන පරිදි වාර්තාකරණය කළත්, ඔවුන්ගේ අක‍්‍රමිකතා හෝ දුෂණ හෝ ගැන තොරතුරු ලැබුණොත් දෙගිඩියාවකින් තොරව එය හඹා යන බව ඔවුන් කියනවා.

දේශපාලකයන් හා හමුදාව නිරතුරු මාධ්‍ය අවධානයට හා විවේචනයට ලක් වන බවත්, දරදඩු හමුදා පාලනයන් පවතින විටදී පවා පාලකයින්ට තමන් දණ නැමුවේ නැති බවත් එරට මාධ්‍ය සිහිපත් කරන්නේ අභිමානයෙන්.

මෙතරම් පිටකොන්දක් පාකිස්ථානු මාධ්‍යවලට ලැබුනේ කොහොම ද? එය ගැඹුරින් විග‍්‍රහ කල යුතුයි. කෙටි පිළිතුර නම් වෙනත් ව්‍යාපාරික අරමුණුවලට වඩා මාධ්‍ය ව්‍යාපාරයෙන් ම සාධාරණ ලෙස මුදල් උපයා ගන්නා හිමිකරුවන් සිටීමත්, සමාජයේ වෙනත් වෘත්තිකයන් හා උගතුන් මාධ්‍යවලට සහය දැක්වීමත්. මෑත කාලයේ පාකිස්ථානයේ මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වූ සෑම විට ම පාහේ වීදි උද්ඝෝෂණවලට මාධ්‍යවේදීන් පමණක් නොව නීතිඥයන්, සරසවි ඇදුරන්, විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් පවා එක් වුණා.

පාකිස්ථානයේ පුවත් ටෙලිවිෂන් නාලිකාවලට ඇත්තේ දශකයක අත්දැකීම්. ඒ මත වඩාත් ජනතාවට වග කියන, බලපෑම්වලට නතු නොවන ටෙලිවිෂන් මාධ්‍ය කලාවක් සාදා ගත යුතු බව එරට ටෙලිවිෂන් පරිපාලකයන් හා මාධ්‍යවේදීන් පිළි ගන්නවා.

මැජික් ලාම්පුවෙන් එළියට පැමිණ ලොකු වැඩ කරන පුවත් ටෙලිවිෂන් යෝධයාව ආයෙත් ලාම්පු ඇතුලේ සිර කරන්නට බැරි බව එරට පාලකයන් දන්නවා. ඔවුන් කවුරුත් දැන් තැත් කරන්නේ යෝධයාගේ ජවය හා උද්‍යෝගය පොදු උන්නතියට වඩාත් ප‍්‍රශස්ත ලෙසින් යොදා ගන්නටයි.

සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

The chronic kidney disease (CKDu) that has already affected thousands in its heartland of farming, has brought into sharp focus some serious environmental concerns that ecologists have long highlighted. These stem from our farmers’ high reliance on inorganic (chemical) fertilisers.

While some fertiliser is needed to sustain soil fertility when growing crops repeatedly on the same land, the ‘Green Revolution’ from the 1960s urged Lankan farmers to use large volumes of fertiliser, provided to them on massive state subsidies. That, in turn, led to indiscriminate use and waste — and higher agricultural runoffs.

Farmers aren’t thrifty because they get fertiliser at a fraction of the market price. In this week’s Ravaya column (in Sinhala, on 2 September 2012), I look at what this national addiction to chemical fertiliser is doing to both our economy and ecology. I also look at organic alternatives and probe why they are not being adopted more widely.

I covered similar ground in an English column on 26 August 2012: Watch out! Everybody Lives Downstream…

High inputs to make high yields – at a heavy price

1960 ගණන්වල මහත් උද්‍යොගයෙන් අරඹන ලදුව, රටේ නිල ප‍්‍රතිපත්තිය ලෙස ක‍්‍රියාත්මක වූ හරිත විප්ලවයේ ප‍්‍රධාන අංගයක් වූයේ අධික ලෙස කෘත‍්‍රිම රසායනික පොහොර, පලිබෝධනාශක හා වල් නාශක ආදිය භාවිතයට ගොවීන් යොමු කිරීමයි. වෙල් ගොවිතැනේ මෙන් ම හේන් ගොවිතැනේදීත් කෘෂි රසායන බහුල ලෙස යෙදීම අද බොහෝ ගොවීන්ගේ පුරුද්දක්.

විද්‍යාත්මකව මෙය හඳුන් වන්නේ බාහිරින් වගා බිමට වැඩිපුර එකතු කරන ගොවිතැන (High external input farming) කියායි. කෙටි කාලීනව මෙයින් වැඩි අස්වනු ලබා ගත හැකි වුවත් දිගු කාලීනව පරිසරයට මෙන් ම අපේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් ඇති කරන බවට ඇති තරම් සාක්‍ෂි ගෙවී ගිය අඩ සියවස පුරා හමු වී තිබෙනවා.

එහෙත් තවමත් අපේ කෘෂි ප‍්‍රතිපත්තීන්ගේ පදනම හරිත විප්ලවයේ සංකල්පයි. එය මතවාදීව ප‍්‍රශ්න කළ රේ විජේවර්ධන, රනිල් සේනානායක බඳු අදීන විද්‍යාඥයන්ගේ අදහස් අපේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් හා කෘෂි නිලධාරීන් නොසළකා හැරියා.

කුමන හෝ ක‍්‍රමයකින් අස්වනු වැඩි කර ගෙන කන්නයෙන් කන්නයට හා වසරින් වසරට එ ගැන උදම් ඇනීම අපේ කෘෂි නිලධාරීන් මෙන් ම දේශපාලකයන් ද යසට කරනවා. දිගු කාලීනව පසේ සාරවත් බවට (soil fertility), මිනිස් සෞඛ්‍යයට හා පරිසරයට ඇති විය හැකි බලපැම් ගැන හිතන්නේ, කථා කරන්නේ ටික දෙනයි.

අධික කෘෂි රසායන යෙදීමෙන් තොරව ගොවිතැන් කිරීමට නොදන්නා හෝ නොහැකි හෝ තරමට අපේ ගොවීන් මේ වන විට එයට ඇබ්බැහි වී සිටිනවා. ගොවීන් මෙයින් යළිත් මුදවා උත්සාහ ගැනීමට නොයෙක් ස්වේචඡ සංවිධාන හා පර්යේෂණ ආයතන උත්සාහ කළත් රටේ නිල ප‍්‍රතිපත්තිය තවමත් බරක් දෙන්නේ කෘෂි රසායන භාවිතයටයි.

මෙය හොඳින් ම පෙන්නුම් කැරෙන්නේ රසායනික පොහොර භාවිතය දෙස බලන විටයි. පසේ සාරවත් බව ගොවිතැන් දී තීරණාත්මක සාධකයක්. එය රැුක ගැනීමට ගොවීන් පාරම්පරිකව විවිධ පියවර ගත්තා. එක ම බිමක දිගින් දිගට බෝග වගා කරන විට එහි සාරය අඩු වනවා. එවිට පොහොර යෙදීම ගොවිතැනේ මුලික ක‍්‍රියාවක්. ගොම හා කොළරොඩු ආදිය මෙන් ම ස්වාභාවිකව පසට නයිට‍්‍රජන් නිපදවා දෙන පැළෑටි වැවීම ද සියවස් ගණනක් තිස්සේ ගොවීන් කළා.

රසායනික පොහොර කරන්නෙත් පැළැටිවලට අවශ්‍ය පෝෂණය ලබා දීමයි. එහෙත් නිසි කලට, නිසි පරිමාවට යොදනවා වෙනුවට අනවශ්‍ය තරම් එම පොහොර වගා බිමට යෙදු විට මේ පොහොර ජලයේ දියවී ටිකෙන් ටික යටිගං බලා දිවෙනවා. මෙය හඳුන්වන්නේ අපධාවය (Agricultural Runoff) කියායි.

අපධාවය මුළුමනින් නතර කිරීමට බැරි වුවත් අරපිරිමැස්මෙන් හා උපදෙස් දී ඇති පරිදි භාවිතයෙන් එය අවම කර ගත හැකියි. අපේ බොහෝ ගොවීන් උවමනාවට වඩා පොහොර යොදනවා. නොදැනුවත්කම හා නොසැළකිල්ල එයට හේතු විය හැකියි. තවත් හේතුවක් නම් පොහොර සහනාධාරය යටතේ ඉතා අඩු මිලට පොහොර ලැබීමයි.

නොමිළයේ ලැබෙන වාරි ජලයත්, ඉතා සහන මිළකට ලැබෙන රසායනික පොහොරත් නිසා අපේ බොහෝ ගොවීන් අරපිරිමැස්ම හා සැකසුරුවම් බව අමතක කරලා. අන්තිමේදී වාරි ජලය වගාබිම් හා කෙත්වතුවලින් නික්ම යන්නේ අනවශ්‍ය තරම් රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ද රැුගෙනයි. මේ අපධාවය යටිගං බලා යද්දී ගස්වැල්, ජලාශ, වනාන්තර මෙන් ම මිනිස් ජනාවාසවලට ද මුසු වනවා. එයින් ඇති වන දිගුකාලීන බලපෑම් ගැන අපට තේරුම් යන්නේ කල් ගත වූ පසුයි.

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හරිහැටි හේතු කාරකයක් තවමත් පැහැදිලි ලෙස හඳුනා ගෙන නැහැ. අනුමාන කැරෙන සාධක ගණනාවක් අතර කෘෂි රසායන ද්‍රව්‍යවලින් කාන්දු වී ජලයට එකතු වන ආසනික්, කඨින ජලය හා මුසු වී ශරීරගත වීමත් තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

ශ‍්‍රී ලංකාවේ ගොවිතැන, පරිසරය රැුක ගැනීම හා ජීවන මට්ටම් දියුණු කිරිම යන සාධක තුන ඉතා සමීපව සබැඳී තිබෙනවා. කකුල් තුනකින් යුත් බංකුවක් වගෙයි. මෙයින් එකකට වැඩි අවධානයක් දී අනෙක් දෙක නොසළකා හැරියොත් පැවතිය යුතු සියුම් තුලනය නැති වී යනවා. එවිට බංකුව පෙරළෙනවා. මේ සාධක තුන සමතුලිත ලෙස ඉදිරියට ගෙන යාමේ අභියෝගයට නිදහසෙන් පසු හැම රජයක් ම මුහුණ දුන්නා.

ක‍්‍රමීය මට්ටමින් මෙබඳු ප‍්‍රශ්න ගැන පුළුල්ව විග‍්‍රහ කිරීමේ හැකියාව ඇත්තේ විද්වතුන් ඉතා ටික දෙනෙකුටයි. එබඳු දැක්මක් තිබූ ආචාර්ය රේ විජේවර්ධන හරිත විප්ලවයේ මුල් යුගයේ එහි පෙර ගමන්කරුවකු වුණත් 1960 දශකයෙන් පසු එය ප‍්‍රබලව විවේචනය කළා. හරිත විල්පවයෙන් අපේ ගොවීන්ට, ආර්ථිකයට හෝ සොබා සම්පත්වලට සැළකිය යුතු සෙතක් අත් නොවූ බව ඔහු 2010 මිය යන තුරු ම අවධාරණය කළා. http://tiny.cc/RayRav1

රූපවාහිනි නාලිකාවේ නව නිපැයුම් පිළිබඳ මා ඉදිරිපත් කරන “මාලිමා” වැඩසටහනට මෑතදී පැමිනි කේ. එම්. විජේපාල මහත්තයා වසර ගණනාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍ෂෙත‍්‍ර නිලධාරියකු ලෙස සේවය කොට දැන් තමාගේ ම කුඩා ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා. නුවරඑළියේ ඔහුගේ සමාගම හරහා මුළුමනින් ජෛවීය ද්‍රව්‍ය යොදා තනන කාබනික පොහොර, වල්නාශක, කෘමිනාශක හා අනෙකුත් කෘෂි රසායන අලෙවි කරනවා. එ සියල්ල ඔහු කලක් තිස්සේ අත්හදා බලා සොයා ගත් වට්ටෝරුවලට අනුව නිෂ්පාදිතයි.

ගොඩ හා මඩ ඕනෑම බෝගයකට යෙදිය හැකි GOLF (Gold Organic Lanka Fertilizer) නම් කාබනික පොහොරක් ඔහු නිපදවා තිබෙනවා. ශාක වර්ධනයට අවශ්‍ය සියළු මුලද්‍රව්‍ය අඩංගු මේ පොහොර තනා ගන්නා සැටි මාලිමා තුළින් ම ඔහු පෙන්වා දුන්නා. එයට අමුද්‍රවය ලෙස ගන්නේ එළඟිතෙල්, මීපැණි, මෝරතෙල් ගුලි, කොහොඹ තෙල්, තල්/පොල්/කිතුල් පැණි හා බියර් ආදී ලෙහෙසියෙන් සොයා ගත හැකි දේ. මේවා ජලයේ මුසු කිරීමේ නිසි අනුපාතයන් දැක්වෙන වට්ටෝරුවට ශ‍්‍රි ලාංකික ජේටන්ට් බලපත‍්‍රයක් ලබා ගෙන තිබෙනවා. මේ පොහොර යෙදීමෙන් රසායනික පොහොර වලට සමාන හෝ වැඩි අස්වනු ලබා ගත හැකි බව තේ පර්යේෂණායතනය (TRI), කාර්මික පර්යේෂණායතනය (ITI) හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්වාධිනව තහවුරු කර තිබෙනවා.

Malima: Episode 10 presented by Nalaka Gunawardene from Nalaka Gunawardene on Vimeo.

මේ කාබනික පොහොර ගෙදරදී ම තනා ගැනීමට අනුපාත හා පියවර කියා දෙන උපදෙස් පත‍්‍රිකාවක් මෙරට ගොවීන්ට නොමිළයේ ලබා දෙන්නට විජේපාල මහත්තයා ඉදිරිපත්ව සිටිනවා. (එ සඳහා ලිපිනය ලියු, මුද්දර ගැසු කවරයක් යවන්න: විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය).

භාවිතයට සුදානම් කල GOLF පොහොර දියර බෝතලයක් රු. 2,500 මිළට ඔහුගේ ආයතනයෙන් මිළට ගත හැකියි. රසායනික පොහෙර වෙළඳාමේ නියුතු බහුජාතික හා දේශීය සමාගම් සමඟ තරඟකාරීව අලෙවිකරණයට ඔහු ලැහැස්තියි. එහෙත් ඔහු කියන හැටියට මේ ජෛවීය පොහොර ප‍්‍රචලිත කරන්නට තිබෙන ලොකු ම බාධකය රසායනික පොහොර සහනාධාරයයි.

පොහොර සහනාධාරයට වසර 50ක අතීතයක් තිබෙනවා. එය මුලින් හදුන්වා දුන්නේ 1962දී. හරිත විප්ලවයේ අධි අස්වනු ලබා දෙන වී ප‍්‍රභේද වගා කිරීමේදී වගා බිමට වැඩියෙන් පොහොර දැමීම අවශ්‍ය වුණා. ගොවීන්ට එම අමතර වියදම එක්වර දරා ගත නොහැකි වූ නිසාත්, සහල් මිළ ඉහළ යාම වළක්වන්නටත්. රජය විසින් සහන මිළකට පොහොර දීම ඇරඹුවා.

කෙටි කලෙකින් එය ජාතික ඇබ්බැහිවීමක් බවට පත් වුණා. ඉන් පසු බලයට පත් රජයන්ට ද පොහොර සහනාධාරය පවත්වා ගෙන යාමේ බලපෑම් ඇති වුණා. විවිධ සංශෝධනය යටතේ එය ඉදිරියට විත් තිබෙනවා. (එය නතර කැරුණේ 1989-1994 කාලයේ පමණයි.)

2005 සිට පොහොර සහනාධාරය යටතේ යුරියා, MOP හා TSP යන රසායනික පොහොරවල කිලෝග‍්‍රැම් 50 මල්ලක් රු. 350 ඉතා සහන මිළකට ගොවීන්ට ලබා දෙනවා. ලෝක වෙළඳපොලේ පොහොර මිළ කොපමණ වුවත්, වසර 6කට වඩා මේ මිළ පවත්වා ගෙනවිත් තිබෙනවා. එහි සැබෑ වියදමෙන් සියයට 90කට වඩා මහා භාන්ඩාගාරය විසින් දරනු ලබනවා.

මෙරට භාවිත වන රසායනික පොහොරවලින් අති බහුතරයක් පිටරටින් ගෙන්වනවා. 2010 සඳහා වැඩිපුර ම චීනයෙන්. ඊළඟ ප‍්‍රභව වුයේ තුර්කිය හා ඊජිප්තුව. මෙය වසරකට රුපියල් බිලියන 50-60ක් පිටරට ඇදී යන මහා පරිමාණ ගනුදෙනුවක්.

ප‍්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ (IPS) පර්යේෂක මනෝජ් තිබ්බටුවාව 2010දී ලියා අති පරිදි වාර්ෂිකව පොහොර සහනාධාරය සඳහා මහා භාණ්ඩාගාරය ඉතා විශාල මුදලක් වැය කරනවා. 2009දී මෙය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 0.6ක්ද රජයේ සමස්ත වියදමෙන් සියයට 3ක් ද වුණා. ”නිසි ඉලක්කගත කිරීමකින් තොරව ලබා දෙන පොහොර සහනාධාරයේ ප‍්‍රතිලාභ ලබන්නේ දුගී කුඩා ගොවීන්ට වඩා සාපේක්‍ෂව අතමිට සරු ගොවීන්” යයි ඔහු කියනවා.

මේ සහනාධාර දෙන්නේ රටේ මහජනතාවගේ මුදල්වලින්. පොහොර සහනාධාරයේ මුඛය අරමුණු හරිහැටි ක‍්‍රියාත්මක නොවන බව මේ ගැන අධ්‍යයනය කළ ආර්ථික හා කෘෂි විද්‍යා පර්යේෂකයන් බොහෝ දෙනා පෙන්වා දෙනවා. නමුත් සහනාධාරය වඩාත් ක‍්‍රමානුකූල කිරීම දේශපාලන වශයෙන් අපහසු කාරියක් බව ද ඔවුන් පිළි ගන්නවා.

මෙරට සිටින ප‍්‍රවීණ කෘෂි විද්‍යාඥයකු හා කෘෂි ප‍්‍රතිපත්ති උපදේශකයකු වන මහාචාර්ය සී. එස්. වීරරත්නගේ මතය: ”දිගින් දිගට වගා කරන බිමකට යම් පමණින් පොහොර යෙදීම අවශ්‍යයි. නමුත් දැන් සිදුවන්නේ අවශ්‍යතාවයක් ඇති හා නැති වගා බිම්වලට සහන මිළට ලැබෙන පොහොර යෙදීමයි. හරි නම් අවශ්‍යතාව තහවුරු කිරිමට පසේ සාරවත් බව රසායනිකව පිරික්සිය යුතුයි”.

මේ අයුරින් විග‍්‍රහ කරන විට ප‍්‍රශ්නයේ අක්මුල් ඇත්තේ වැරදි කෘෂි ප‍්‍රතිපත්තින්ගේ බව පැහැදිලියි. එ් මුලට නොගොස් අතරමැද අවස්ථාවලට සම්බන්ධිත ආයතන, සමාගම් හෝ වෙනත් ‍”දුෂ්ටයන්” සොයා යාමේ දැඩි ආසාව ඇති අයට නම් සැබෑ හේතුවලට වඩා ඕනෑ වන්නේ ෙදාස් පැවරීමට කවුරුන් හෝ කරලියට ගැනීමයි!

රේ විජේවර්ධනගේ අදීන චින්තනයේ උරුමක්කාරයකු ලෙස මා දකින්නේ පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායකයි. අපේ මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති හා කෘෂි ප‍්‍රතිපත්ති ගැන 1980 දශකයේ සිට ම නොබියව විවේචනය කරන ඔහු කියන්නේ රසායනික පොහොර සහනාධාරය දැන් රටට ම කොඩිවිනයක් වී ඇති බවයි. එය මග සිටියොත් තෝ නසී – ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්.

“වසරකට අඩු තරමින් රුපියල් බිලියන් 50ක් පොහොර සහනාධාරයට වැඩ කරනවා. එය නතර කළොත් අපේ ආහාර මිළ එක්වර ඉහළ යනවා. එය දිගට ම දීමෙන් අපේ පසේ සාරවත්බව විනාශ වනවා. අපි කුමක් කරමු ද?”

රනිල් මෙය දකින්නේ අපේ අධ්‍යාපනික හා විද්‍යා පර්යේෂණ ක්‍ෂෙත‍්‍රවල චින්තනමය සෝදාපාලූවක ප‍්‍රතිඵලයක් ලෙයසි. ”කූට වෙළඳුන් ටික දෙනකු, දුෂිත නිලධාරීන් සමහරකු ද සමඟ එක්වී අපේ ගොවීන් රසායනික පොහොරට දිගට ම ඇබ්බැහි කර ගෙන සිටිනවා. එය අපේ වගා බිම් හා සමස්ත පරිසරය විනාශ කරද්දී අපේ බහුතරයක් උගත්තු ඇස් කන් පියා ගෙන මුවින් නොබැන සිටිනවා. මෙයයි අපේ ඛේදවාචකය!”

මේ පුළුල් කෝණයෙන් බලද්දී නිදන්ගත වකුගඩු රෝගය ඊට වඩා විශාල ගරා වැටීමක එක් රෝග ලක්‍ෂණයක් පමණක් විය හැකියි. වකුගඩු රෝගයට කෘෂි රසායනිකයන්ගේ සෘජු දායකත්වයක් ඇතත් නැතත් (තවමත් මේ ගැන පර්යේෂණ කරනවා) රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායනවලට අප දෙන ඉහළ ප‍්‍රමුඛතාවය දැඩි සේ විමසා බැලීම හදිසි අවශ්‍යතාවයක්.

Dispatch from Rio+20: Ensure Good Governance and People’s Rights for a Sustainable Sri Lanka

Text of my news feature published in Ceylon Today newspaper on 21 June 2012

Hemantha Withanage in Rio de Janeiro

Ensure Good Governance and People’s Rights for a Sustainable Sri Lanka, urge civil society in Rio

By Nalaka Gunawardene in Rio de Janeiro, Brazil

As world leaders gather in Rio de Janeiro for the United Nations Conference on Sustainable Development, 50 Lankan civil society organisations (CSOs) have issued a joint statement calling for good governance and respect for people’s rights in Sri Lanka.

Mere economic growth – by raising per capita Gross National Product (GNP) — can be a highly misleading indicator of development, the statement said.

“Better governance is a must for a sustainable society. Better environmental governance and environmental justice should be ensured for sustainable living,” it added.

The 15-page document is signed by 50 people’s organisations working on environment, development and human rights issues at the grassroots level. It urged the government of Sri Lanka to “follow the middle path in development as we proposed in 2002 for the World Summit on Sustainable Development (WSSD)”.

The statement has been released on the web and is being distributed to over 40,000 participants attending the major UN conference, also known as Rio+20. (Full text at: http://tiny.cc/SLRio20)

The government of Sri Lanka was also due to release its official report for the conference, but copies of it were not available. There was also no mention of it anywhere on the Ministry’s official website.

CSOs underlined the need to respect the basic rights of people while ensuring environmental safeguards and maintaining a slow growth. It emphasized that sustainable development and good governance were inseparable.

The statement called for greater media freedom, right to freedom of expression and right to dissent as articulated in Article 14 of the Universal Declaration of Human Rights, and in Agenda 21, an action plan for sustainable development that countries adopted at the original Earth Summit in Rio in June 1992. Sri Lanka has committed itself to both.

“It is very well known that without access to information, public participation, accountability, rule of law and predictability — which are the basic pillars of good governance — you cannot achieve sustainable development,” said Hemantha Withanage, the statement’s principal author in an exclusive interview.

“The sustainable development principles agreed at the Earth Summit in 1992 had environment, social and economical pillars. But today, we know that without a political pillar, sustainable development cannot be achieved,” added Withanage, Executive Director of the Centre for Environmental Justice in Sri Lanka.

“The space for CSOs and recognition of their role in development is vital,” the statement noted, calling for greater civil society involvement in policy formulation in all areas of development.

The statement mentions a wide array of issues and concerns raised by ordinary Lankans who were consulted during its preparation. These range from local and national to global, and cover sectors such as agriculture, water, livelihoods, energy, public health, disaster management and biodiversity conservation.

“The world needs to move towards a simultaneous action at local, national, regional and international level to confront the social, economic and ecological crises which the present development model has caused,” it notes. “What we need instead is to defend our commons and total transformation towards sustainable consumption and production patterns.”

It explicitly called “to stop all kinds of corporate control, capture and monopolisation of natural resources.”

“Our demands are not only for Rio+20. After all, this is just another meeting of the world nations under the UN flag. We should not treat this as an end of everything. It is an on-going process,” Withanage said.

He recalled being involved in the ‘Citizens Report on Environment and Development’ that Sri Lanka civil society organisations collectively prepared for the Earth Summit in 1992. Many of its aspirations were never met, he lamented.

“Meanwhile, we have seen more deterioration of the social and environmental rights over the past two decades,” he said.

CSOs also called for an assessment of environmental and social costs of Sri Lanka’s prolonged civil conflict that ended in 2009. Its impact on natural resources remains little understood even as economic development projects are being rolled out in conflict affected areas, the statement said.

The CSO statement was produced at the end of Sri Lanka Civil Society Dialogue on Rio+20 held in Negombo on 17 – 18 May 2012. It was convened by the Centre for Environmental Justice/Friends of the Earth Sri Lanka, National Fisheries Solidarity Movement (NAFSO) and the Sri Lanka Nature Group.

Read my interview with Hemantha Withanage on Groundviews.org
Rio+20 interview: “Green Economy should not justify Greed Economy!”

Remembering Asia’s Titanic: The Doña Paz tragedy that killed over 4,000 in Dec 1987

Dona Paz tragedy - image from the survivor website

What is the world’s worst peace-time maritime disaster?

No, it’s not the sinking of the Titanic. It’s a disaster that happened 75 later, on the other side of the planet – in Asia.

It is the sinking of the MV Doña Paz, off the coast of Dumali Point, Mindoro, in the Philippines on 20 December 1987. That night, the 2,215-ton passenger ferry sailed into infamy with a loss of over 4,000 lives – many of them burnt alive in an inferno at sea.

Nobody is certain exactly how many lives were lost — because many of them were not supposed to be on that overcrowded passenger ferry, sailing in clear tropical weather on an overnight journey.

Passenger ferries like the Doña Paz are widely used in the Philippines, an archipelago in Southeast Asia comprising over 7,000 islands. They are among the cheapest and most popular ways to travel.

Just 5 days before Christmas of 1987, hundreds of ordinary people boarded the Doña Paz for a 24-hour voyage from the Leyte island to Manila, the capital.

The Doña Paz – originally built and used in Japan in 1963 and bought by a Filipino ferry company in 1975 — was authorized to carry a maximum load of 1,518 passengers.

But the on the night of the accident, survivors say there may have been more than 4,000 people on board – a gross violation of safety procedures.

Only 24 of them survived the journey — and only just. The entire crew and most of its passengers perished in an accident happened due to negligence, recklessness and callous disregard for safety.

For a glimpse of what happened, watch these first few minutes from 2009 National Geographic documentary,Asia’s Titanic:

For a summary compiled from several journalistic and activist sources, read on…

The Doña Paz had an official passenger list of 1,493 with a crew of 59 on board. But later media investigations showed that the list did not include as many as 1,000 children below the age of four — and many passengers who paid their fare after boarding.

The ship was going at a steady pace. The passengers were settling in for the night. The Doña Paz was scheduled to arrive in Manila by morning. A survivor later said that the weather that night was clear, but the sea was choppy.

Around 10.30 pm local time, without any warning, the Doña Paz collided with another vessel. It was no ordinary ship: the MT Vector was en route from Bataan to Masbate, carrying 8,800 barrels of gasoline, diesel and kerosene owned by Caltex Philippines.

Immediately upon collision, the tanker’s cargo ignited, setting off a massive fire that soon engulfed both ships. Thousands of passengers were trapped inside the burning ferry.

Dozens of passengers leaped into the sea without realizing that the petroleum products had also set the surrounding seas ablaze. Those in the water had to keep diving to avoid the flames spreading on the surface.

Of all the passengers and crew on board, only 24 survived. Everything known about this maritime disaster is based largely on their accounts – and investigative work done by a handful of journalists.

MV Doña Paz in 1984, three years before its tragic end - Photo courtesy Wikimedia Commons - lindsaybridge

One survivor claimed that the lights onboard went out soon after the collision: there had been no life vests on the Doña Paz, and that none of the crew was giving any orders. It was later said that the life jackets were locked up beyond emergency reach.

The few survivors were later rescued swimming among many charred bodies in the shark-infested Tablas Strait that separates Mindoro and Panay islands.

The first help arrived at the scene around one and a half hours after the collision – it was another passing ship. By this time, most passengers of the ferry were dead.

The Doña Paz sank within two hours of the collision, while the Vector sank in four hours. The sea is about 545 meters deep in the collision site.

The Philippines Coast Guard did not learn about the disaster until eight hours after it happened. An official search and rescue mission took more hours to get started.

In the days that followed, the full scale of the horrible tragedy became clear. The ferry’s owner company, Sulpicio Lines, argued that the ferry was not overcrowded. It also refused to acknowledge anyone other than those officially listed on its passenger manifest.

Manifests on Philippine inter-island vessels are notoriously inaccurate. They often record children as “half-passengers” or disregard them entirely. Corrupt officials frequently accept bribes to allow overloading.

Many victims were probably incinerated when the vessels exploded and will never be accounted for. Rescuers found only 108 bodies, many of them charred and mutilated beyond recognition. More bodies were later washed ashore to nearby islands where the local people buried them after religious rituals.

All officers on board the Doña Paz were killed in the disaster, and the two from the Vector who survived had both been asleep at the time. This left the field entirely to lawyers from all sides to endlessly argue over what went wrong, how – and who was responsible.

It was later found that, at the time of the collision, both ships had been moving slowly: the Doña Paz at 26 km per hour, and Vector at 8 km per hour. They were surrounded by 37 square km of wide open sea – plenty of time and space to avoid crashing into each other!

Experts also wondered why the two ships had not communicated with each other before the crash. It is internationally required that all ships carry VHF radio. The Vector was found to have an expired radio license. The radio license for the Doña Paz was a fake.

Survivors told investigators that the crew of the Doña Paz were having a party on board minutes before it collided with the oil tanker. Some reports suggested that the captain himself had been among the revelers.

Being ordinary people, the passenger didn’t know details of maritime rank or procedure. It is likely that a mate or apprentice was steering the Doña Paz. Not a single crew member survived to tell their version of the incident.

After a long and contentious inquiry, the investigators placed the blame on the Vector.

Independent analyses have identified multiple factors that contributed to this tragedy: lack of law enforcement arising from corruption and connivance; under-qualified and overworked crew; telecommunications failures; and inadequate search and rescue efforts in the event of accidents.

Asia's Titanic - NatGeo poster for 2009 film
In August 2009, National Geographic Channel broadcast an investigative documentary titled Asia’s Titanic that tried to piece together the evidence and understand what happened.

Directed by award-winning Filipino director Yam Laranas, it was the first for any Filipino filmmaker to direct a full-length documentary for the global channel noted for its factual films.

Through dramatic first hand accounts from survivors and rescuers, transcripts from the Philippine congressional inquiry into the tragedy, archival footage and photos and a re-enactment of the collision, dissect the unfolding tragedy of Doña Paz.

The 10-million Filipino peso project took more than 3 years to make, but even its makers could not find all the answers.

“The truth may never be known. In the years after the Doña Paz tragedy, shipping disasters continue to plague the Philippines,” says the documentary as it ends.

Watch the NatGeo film in full on Doña Paz survivors’ website

Meanwhile, nearly 25 years on, the struggle for justice for the victims and survivors is still on.

Related post: Baby Ruth Villarama on researching and filming “Asia’s Titanic” for National Geographic

සිවුමංසල කොලූගැටයා #34: අන්නා හසාරේ පුවත් මාරුතයෙන් ඔබ්බට…

Fasting for a personal or public interest cause is a very old tradition in India. Today, social activists of all colours and hue resort to fasting — but not everyone evokes the same interest and coverage in the media. In a previous column, I looked at how and why the anti-corruption activist Anna Hazare has become the darling of the Indian media. In my latest Ravaya column published on 2 October 2011, I look at two other fasts: one by Swami Nigamananda, who died in June calling for a stop to sand-mining in the Ganges River, and woman activist Irom Sharmila in Manipur who is engaged in the longest fast in the world, 11 years and counting…

Anna Hazare (left) and Irom Sharmila - two very different fasts...

යම් අරමුණක් ඉටුකර ගැනීම සදහා ආහාර පාන ගැනීමෙන් වැළකී උපවාස කිරීම ඉන්දියාවේ ඉපැරණි සම්ප්‍රදායක්. මේ ගැන ක්‍රිස්තු පූර්ව 750 දක්වා අතීතයට දිවෙන සදහන් එරට හමුවෙනවා. දින 3ක් නිරාහාරව සිටීමේ හැකියාව නිරෝගී බොහෝ දෙනකුට ඇතත්, ඉන් පසු ටිකෙන් ටික ශරීර ක්‍රියාකාරකම් අඩපණ වන්නට පටන් ගන්නවා. ආහාර නොගත්තත් වතුර පානය කිරීමෙන් තොරව ශරීරයට ජීව ක්‍රියා පවත්වාගන්නට නොහැකියි.

සමාජයීය හෝ දේශපාලනමය හෝ ඉල්ලීම් දිනා ගැනීමට උපවාස කිරීම අදත් ඉන්දියාවේ බහුලව දැකිය හැකියි. එයට වඩාත් ම ප්‍රකට මෑත උදාහරණය නම් දූෂණයට එරෙහි ජන ක්‍රියාකාරික අන්නා හසාරේ 2011 අප්‍රේල් හා අගෝස්තු මාසවල කළ උපවාසයන්.

ඉන්දියාවේ ටෙලිවිෂන් නාලිකා අති බහුතරයක් පෞද්ගලික හිමිකරුවන් විසින් පවත්වා ගෙන යන වාණිජ මට්ටමේ නාලිකායි. ඒ නිසා බලයේ පවතින රජය නිර්දය ලෙස විවේචනය කිරීමටත්, රාජ්‍ය ප්‍රතිපත්ති විවෘතව සංවාදයට ලක් කරන්නටත් ඉඩ තිඛෙනවා. මේ නාලිකා අතර ප්‍රේක‍ෂකයන් ඇද ගන්නට දැඩි තරගයක් පවතිනවා. හැම නාලිකාවක් ම උත්සාහ කරන්නේ සිද්ධීන් උලූප්පා දක්වමින්, හැම සිදුවීමක් ම ‘Breaking News’ බවට පත් කර ගන්නටයි. එවැන ප්‍රවෘත්ති හැමදාමත් හමු නොවන නිසා ඉ`දහිට මතුව එන හසාරේ වැනි නිර්දේශපාලනීය චරිතයක් වඩා ටෙලිවිෂන් වාර්තාකරුවෝ ඉක්මනින් රොක් වෙනවා. ටික දිනකින් එබදු ජන හිතකාමී චරිත කරන කියන හැම දෙයක් ම පුවත් බවට පත් කර ගන්නවා. මේ තත්ත්වය දිගු කලක් නොපැවතුනත් අද වන විට ඉන්දියාවේ අතිශය තරගකාරී හා බහුවිධ ටෙලිවිෂන්, රේඩියෝ හා වෙබ් අඩවිවලට පුවත් මවන ජනප්‍රියතම ‘පුවත් මාරුතය’ බවට අන්නා හසාරේ පත්ව සිටිනවා.

එහෙත් ඔහුගේ උපවාසයන්ට ලැබුණු ඉමහත් මාධ්‍ය වාර්තාකරණය නොලද පොදු අරගල සදහා සිදු කැරෙන තවත් උපවාසයන් රැසක් ඉන්දියාවේ තිඛෙනවා. උදාහරණ දෙකක් හරහා මේ ගැන කථා කළ හැකියි.

පළමුවන උදාහරණයට අදාල පුද්ගලයා හින්දු පූජකයෙක්. ස්වාමි නිග්මානන්ද (Swami Nigamananda) සිය උපවාසය ඇරඹුවේ 2011 පෙබරවාරි 19 වනදා. එයට නිමිත්ත වූයේ උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ හරිද්වාර් (Haridwar) නගරය අසලින් ගලා යන ගංගා නදියේ නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීම නතර කරන ලෙස ඉල්ලීම. හිමාලයෙන් ඇරඹී ගලා ගෙන එන ගංගා නදිය ඉන්දු-ගංගා තැන්නට මුල්වරට ප්‍රවේශ වන්නේ හරිද්වාරයේදී. ඒ නිසා එහිදී ග`ගට කරන පාරිසරික හානිය කිලෝමීටර් 2,525ක් දිග නදියේ ගලා යාමට අතිශයින් බලපානවා. හරිද්වාරයේ මෛත්‍රී සදාන් ආශ්‍රමයේ නේවාසික වූ මේ පරිසර හිතකාමී ස්වාමීවරයා සිය සාධාරණ ඉල්ලීම ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් මෙන් ම වැලි ගොඩ දැමීමේ නිරත වූවන්ගෙන් ද මහත් ඕනෑකමින් ඉල්ලා සිටියා. නමුත් ඔවුන් ඒ ඉල්ලීම ගැන තැකීමක් කළේ නැහැ. ප්‍රාන්තයේ හා ජාතික මට්ටමේ මාධ්‍යවලින් ද මේ ගැන අවධානයක් යොමු වුණේ නැහැ. අප්‍රේල් 30 වනදා ප්‍රාන්ත බලධාරීන් ඔහුව බලහත්කාරයෙන් රෝහල් ගත කළත් එහිදීත් ඔහු කිසිවක් ආහාරයට ගැනීම ප්‍රතිෙක‍ෂ්ප කළා. ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය වෙනස් වූයේ නැහැ. දින 115ක උපවාසය අවසන් වූයේ ජුනි 14 වනදා ඔහු මිය යාමෙන්.

ඔහුගේ මරණය ඉන්දියානු ටෙලිවිෂන් මාධ්‍යයන්ට ප්‍රවෘත්තියක් වූවත් එය සුළු වේලාවකට පමණයි. ඒ වන විට ඔවුන් (අන්නා හසාරේට අමතරව) ව්‍යාපාරික මට්ටමින් මහා පරිමාණයෙන් යෝග ව්‍යායාම් පුහුණු කරන බාබා රාම්දේව (Baba Ramdev) නම් තවත් හින්දු ස්වාමිවරයකුගේ උපවාසයකට මුල් තැන දෙමින් සිටියා. දූෂණයට එරෙහිව නැගී සිටින චරිතයක් බවට පත්වීමට බාබා රාම්දේව් ප්‍රබල උත්සාහයක් ගත්තත් ඔහුගේ සැබෑ අරමුණු ගැනත් පෙර ක්‍රියාකලාපය ගැනත් මාධ්‍යවලට යම් සැකයක් තිබුණා. ඔහුගේ උපවාසය දින 9කින් නිමා කළ අතර ඉන් පසු ඔහු ගැන මාධ්‍ය වාර්තාකරණය එතරම් උත්සන්න වූයේ නැහැ.

හැම නිර්ව්‍යාජ උපවාසයක් ම පුවත් මාරුතයක් බවට පත් වන්නේත් නැහැ. අන්නා හසාරේ ගැන අධ්‍යයනය කරන මාධ්‍ය පර්යේෂකයන් සොයා යන්නේ වෙනත් සාධාරණ උපවාසයන්ට වඩා හසාරේගේ අරගලයට මෙතරම් මාධ්‍ය අවධානයක් යොමුවන්නේ ඇයි ද යන්නයි. මෙයට එක් ප්‍රධාන හේතුවක් අපි සැප්තැම්බර් 18 වනදා කොලමින් විග්‍රහ කළා. අන්නා හසාරේට සූක‍ෂම ලෙස උපදෙස් දෙන මාධ්‍ය උපදේශකයන් සිටිනවා. ඔවුන් වෙළදපොල මාධ්‍ය සමග හොදහැටි ගනුදෙනු කරන්නට දන්නවා. එහෙත් උතුම් අරමුණක් පමණක් නිමිති කර ගෙන, උපක්‍රමශීලි නොවී උපවාස කරන බොහෝ අයට එබදු මාධ්‍ය හැසිරවිමේ හා මාධ්‍යවලට බද්ධවීමේ හැකියාව නැහැ. බැලු බැල්මට මෙය අසාධාරණයක් ලෙස පෙනී යතත් සැබෑ තත්ත්වය එයයි.

මේ ගැන හොද උදාහරණයක් ජ්‍යෙෂ්ඨ ඉන්දියානු මාධ්‍යවේදිනියක හා “ර්‍ද හින්දු” පුවත්පතේ හිටපු නියෝජ්‍ය කතුවරියක වන කල්පනා ශර්මා (Kalpana Sharma) ගෙන හැර දක්වනවා. ඒ තමයි ඉරෝම් ශර්මිලාගේ (Irom Sharmila) දශකයකට වැඩි කලක් පවතින උපවාසය.

ඉරෝම් ශර්මිලා චානුගේ වයස 39 යි. ඇය ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන මනිපූරයේ මානව හිමිකම් හා දේශපාලන කි්‍රයාකාරිකයෙක්. එමෙන් ම කිවි`දියක්. මිලියන 2.7 ක ජනගහනයක් සිටින, බුරුම දේශසිමාවේ පිහිටි මනිපුරයේ කලක සිට දේශපාලන නොසන්සුන් බවක් හා ප්‍රචන්ඩකාරී ස්වභාවයක් පවතිනවා. ඉන්දීය රජය මේ තත්ත්වය පාලනය කරන්නට හමුදා විශේෂ බලතල නීතියක් (Armed Forces Special Powers Act, 1958) යටතේ දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් ගෙන යනවා. මධ්‍යම රජය මේ ප්‍රාන්තයේ ප්‍රශ්න විග්‍රහ කරන්නේ කරදරකාරීන් පිරිසකගේ අනවශ්‍ය අරගලයක් හැටියටයි. එහෙත් මනිපූර් වැසියන්ට සිය ප්‍රශ්නවලට සාධාරණ විස`දුම් දිගු කලක් තිස්සේ ලැබී නැතුවා පමණක් නොවෙයි දරද`ඩු පරිපාලයක් යටතේ දිවි ගෙවන්නට සිදුව තිඛෙනවා.

මේ නිසා හමුදාවලට දැඩි බලතල දෙන නීතිය නතර කරන ලෙස ඉල්ලා ඉරෝම් ශර්මිලා උපවාසයක් ඇරඹුවේ 2000 නොවැම්බරයේ. එය ඇරඹී දින කිහිපයකට පසු ‘සිය දිවි නසා ගන්නට තැත් කිරීමේ’ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. මනිපුරයේ ප්‍රාන්ත අගනගරය වන ඉම්ෆාල් නුවර මහජන රෝහලේදී ඇයට බලහත්කාරයෙන් ආහාර කවනු ලැබුවා. (හින්දු ස්වාමි කෙනකුට වඩා ග‘හි කාන්තාවකට බලෙන් කෑම දීමට සෞඛ්‍ය සේවකයන් ද පෙරට එනවාෟ) මාස ගණනක් මෙසේ අත් අඩංගුවේ රෝහල්ගතව බලෙන් ආහාරපාන දීමට ලක්වන ඇය ඉන් පසු නිදහස් වෙනවා. එවිගස ම ඇය නැවතත් ප්‍රසිද්ධියේ උපවාස කිරීම අරඹනවා. එවිට දින කිහිපයකින් යළිත් අත් අඩංගුවට පත් වන ඇය රෝහල් ගත කොට බලෙන් කෑම බීම ලබා දීමට ලක් වනවා. මේ සිදුවීම් මාලාව චක්‍රාකාරව වසර 11ක් පුරා නොනැවතී ඉදිරියට යන බවත්, ඒ නිසා මෙය ලෝකයේ වැඩි ම කාලයක් පවතින උපවාසය බවත් කල්පනා ශර්මා කියනවා.

Arundhati Roy: "I'd Rather Not be Anna!"

එහෙත් ඉරෝම් ශර්මිලාගේ අරමුණ ගිනස් වාර්තා පිහිටුවීම නොවෙයි. 2004දී හින්දු මූලධර්මවාදී BJP රජය පරාජය වී කොංග්‍රස් ප්‍රමුඛ සභාග රජයක් ඉන්දියාවේ බලයට පත් වුණා. නව රජය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කළා. මේ කමිටුව කරුණු ගවේෂණයෙන් පසු නිර්දේශ කළේ මනිපුරයේ ගෙන යන දරදඩු පරිපාලනය ලිහිල් කොට හමුදා බලතල සීමා කළ යුතු බවයි. එහෙත් මේ නිර්දේශයෙන් වසර 6කට පසුත් එය ක්‍රියාත්මක කර නැහැ. ඒ නිසා ඉරෝම් ශර්මිලා සිය උපවාසය දිගට ම කරගෙන යනවා.

“මනිපුරයේ ජනතාවත් ඉන්දියානු රටවැසියෝ. එහෙත් සෙසු රටවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කැරෙන මූලික අයිතිවාසිකම් බොහොමයක් මනිපුර ජනතාවට දිගු කලක සිට ලැඛෙන්නේ නැහැ. මේ දැඩි අසාධාරණය ගැන සෙසු ඉන්දියාවේ අපට එතරම් හැගීමක් හෝ අවබෝධයක් හෝ නැතිවීම ඉතා කණගාටුදායකයි” කල්පනා සිය ලිපියේ එසේ කියනවා.

ඉරෝම් ශර්මිලාගේ තිරසාර අධිෂ්ඨාන ශක්තිය ගැන ගෞරව පූර්වකව මාධ්‍යවල කථා කරන තවත් කෙනෙක් සම්මානනීය ලේඛිකා අරුන්දතී රෝයි (Arundhati Roy). අන්නා හසාරේගේ අරගලය ගැන අරුන්දතී දැඩි විවේචනයක් කරනවා. දූෂණය හා වංචාව පිටු දැකීමට නම් ඉන්දියානු සමාජය පුරා දරුණු ලෙස මුල් බැස තිඛෙන ඇති-නැති පරතරය අඩු කළ යුතු බව ඇය කියනවා. බොහෝ විට දූෂණ හා වංචාවලට මුල් වන්නේ, උල්පන්දම් දෙන්නේ අන්ත දුප්පතුන් නොව අතමිට සරු අය බවත්, ඒ අය සමාජ අසාධාරණකම් දිගට ම පවත්වා ගැනීම හරහා අයථා ප්‍රයෝජන හා වරප්‍රසාද ලබන බවට උදාහරණ සහිතව තර්ක කරනවා.

අරුන්දතී රෝයි ඉන්දියානු රාජ්‍යයේ (state) හෝ බලයේ පවතින රජයේ (government) හිතවතකු නොවෙයි. ඉන්දියානු රාජ්‍යයේ විෂමතා ගැන බරපතල විවේචන ඇය ප්‍රසිද්ධියේ ලියනවා. එබදු දැඩි විවේචකයන්ට ද ඉඩකඩ පැවතීම ඉන්දියාවේ පරිනත ප්‍රජාතන්ත්‍රවාදයේ හොද ලක‍ෂණයක්. චතුර ලෙස කථා කරන්නට හා සූක‍ෂම ලෙස තර්ක කරන්නට හැකි වීම නිසා ඉන්දියානු විද්්‍යුත් මාධ්‍ය ද ඇයට තැනක් හා කාලයක් දෙනවා. මෙවර සිදු වී ඇත්තේ ඉන්දියන් ටෙලිවිෂන් නාලිකා බහුතරයක අළුත් ම වීරයා බවට පත්ව සිටින අන්නා හසාරේගේ ක්‍රමවේදයන් එම නාලිකාවල ම ජනප්‍රිය චරිතයක් හා පුවත් මවන්නියක වන අරුන්දතී රෝයිගේ නිර්දය විවේචනයට හසුවීමයි!

2011 අගෝස්තු 22 දා The Hindu පුවත්පතේ ලිපියක් ලියමින් ඇරුන්දතී රෝයි අනතුරු ඇගවීමක් කළා. අන්නා හසාරේගේ යෝජිත නීති කෙටුම්පත හා නිර්දේශිත සැළසුම් ඉදිරියට ගියොත් ඉන්දියාවේ දුගී දුප්පතුන්ට තවත් නිලධාරීවාදයකට කර ගසන්නට සිදු විය හැකි බවට. සමාජයක ව්‍යුහාත්මක වෙනස්කම් ඇති නොකොට පැලැස්තර විස`දුම් දීම තුළින් දූෂණය පිටු දැකිය නොහැකි බවත්, වැඩියෙන් ම හඩ නගන අරගලකරුවාට පමණක් සවන්දීම සාර්ථක විසදුම් සොයා යාමේ ප්‍රවේශයක් නොවන බවත් ඈ කියනවා.
ර්‍
“අද දූෂණ හා වංචා සිදුවන්නේ රාජ්‍ය තන්ත්‍රය තුළ පමණක් නොවෙයි. ව්‍යාපාර ආයතනල රාජ්‍ය නොවන ආයතන මෙන් ම මාධ්‍ය ආයතනවලත් විශාල වශයෙන් දූෂණ සිදුවනවා. ඒ ගැන කිසි අවධානයක් යොමු නොකර රාජ්‍ය ෙක‍ෂත්‍රයේ දූෂණය ගැන පමණක් නීතිරීති තද කිරීම හසාරේ ඇතුළු පිරිසගේ උත්සාහයයි. මෙයින් ඉන්දියානු සමාජයේ දූෂණ පිටු දකින්නට බැහැ.” අරුන්දතී තර්ක කරනවා.

ඉන්දියානු සමාජය හා මාධ්‍ය ෙක‍ෂ්ත්‍රය ගැන නෙත් යොමා සිටින මට පෙනෙන්නේ ආවේගශීලි නොවී ප්‍රතිපත්තිමය හා තාර්කික පදනමකින් ප්‍රශ්න විග්‍රහ කිරීමේ හැකියාව අන්නා හසාරේට වඩා අරුන්දතී රෝයිට වැඩි බවයි. මේ දෙදෙනාගේ ම පාරිශ=ද්ධභාවය ගැන කිසිදු විවාදයක් නැහැ. එහෙත් වඩාත් ප්‍රායෝගික විසදුම් සෙවීම කළ හැක්කේ කාට ද යන්න ඉක්මනින් ම තෝරා ගන්නට ඉන්දියානු සමාජයට හා මාධ්‍යවලට සිදු වනවා.

Anna Hazare: India’s Leading Graft-buster does it again!

Anna Hazare: Just Say NO!
This 71-year-old Gandhian is the new face of anti-corruption activism in India.

His name is Kisan Bapat Baburao Hazare, but he is popularly known as Anna Hazare. He is an Indian social activist who is giving voice to mass sentiment against pervasive corruption that has shocked Indian society in recent months.

On 5 April 2011, Anna Hazare started a Satyagraha, or a fast unto death, to pressurise the Government of India to enact a strong anti-corruption law that will establish a Lokpal (ombudsman) with the power to deal with corruption in public offices. The fast led to nationwide protests in support of Hazare. It ended four days laater, on 9 April 2011, with the government agreeing to all of his demands: it issued a gazette notification on formation of a joint committee headed by senior minister Pranab Mukherjee to draft an effective Lokpal Bill.

Anna Hazare has a long involvement in rural development, self reliance and anti-corruption work. In 1991, he launched the Bhrashtachar Virodhi Jan Aandolan (BVJA), or People’s Movement against Corruption.

For more information, I want to share what two Indian journalist friends have produced about this remarkable man.

Kalpana Sharma has written this profile for BBC Online, tracing the man’s progress and the emergence of a popular movement against corruption in India:
Anna Hazare: India’s pioneering social activist

As she notes: “The media attention has encouraged more middle class citizens to come out on the streets holding candles, carrying placards, shouting slogans, singing songs and even fasting in sympathy with Hazare. The numbers are modest but the buzz on social networking sites as well as media attention makes it appear larger.”

This is an extract from a half-hour documentary film that Pradip Saha made for the Centre for Science and Environment (CSE) India in 2000, which looked at the nexus between corruption, environment and natural resource management in India. It ends with this segment on Anna mobilising the grassroots against this scourge.

When the Twerms Came: The PLAYBOY Comic Strip is found!

Skip Williamson's Facebook profile photo
Wow, isn’t the Facebook a great place to connect people, ideas and creativity? I never thought much about it, but maybe I ought to spend more time there…

Yesterday, I published a semi-serious essay called WikiLeaks, Swiss Banks and Alien invasions, which was about an obscure short story by Arthur C Clarke describing an unlikely alien invasion of the Earth. For once, the invaders used brain and cunning rather than fire power, and against this onslaught, our planet’s rulers had no defence…

I mentioned how PLAYBOY Magazine had used that story as the basis for a psychedelic comic strip illustrated by the American underground cartoonist Skip Williamson. At the time of writing, I had not been able to locate the comic strip that was published in their issue of May 1972. I wondered: “…it’s either behind a pay-wall, or lies somewhere with little or no indexing by search engines.”

Turns out to be the latter. In less than 24 hours, there was a response from Skip Williamson himself saying the artwork is on his Facebook page, http://www.facebook.com/skip.williamson.

Many thanks to Skip Williamson for posting the link…and while at it, for all his brilliantly cheeky and subversive creations over the years! I hope he doesn’t mind my reproducing the comic strip (all of 2 pages) below:

When the Twerms Came - Comic Strip - Page 1 of 2
When the Twerms Came - Comic Strip page 2 of 2