Exploring Open Data and Open Government in Sri Lanka

An Open Dialogue about Open Data
An Open Dialogue about Open Data

Today, I gave the opening speech at an introductory seminar on ‘open data’ held at the Sri Lanka Press Institute, Colombo, on 15 Oct 2015.

Organised by InterNews and Transparency International Sri Lanka, the seminar explored the concepts of ‘open data’ and ‘big data’ and discussed that role civil society, media and technologists can play in advocating to government to open up its data, enabling a culture of transparency and open government.

An Open Dialogue on Open Data - 15 Oct 2015 Coloombo - L to R - Sriganesh Lokanathan, Nalaka Gunawardene, Sanjana Hattotuwa [Photo by Sam de Silva]
An Open Dialogue on Open Data – 15 Oct 2015 Coloombo – L to R – Sriganesh Lokanathan, Nalaka Gunawardene, Sanjana Hattotuwa [Photo by Sam de Silva]
My premise was that while the proliferation of digital tools and growth of web-based data storage (the cloud) opens up new possibilities for information generation and sharing, South Asian societies need to tackle institutional and cultural factors before democratised and digital data can really transform governance and development. Our countries must adopt more inclusive policies and practices for public sharing of scientific and other public data.

This resonates with a call by the United Nations for a ‘data revolution for development’. I cited the UN Secretary-General’s Independent Expert Advisory Group on a Data Revolution for Sustainable Development (IEAG) highlighted this in a report titled  A World That Counts: Mobilising The Data Revolution for Sustainable Development (Nov 2014).

A World that Counts...
A World that Counts…

I also referred to the Sustainable Development Goals (SDGs) that were adopted by member states of the UN at a heads of state level summit in New York on 25-27 September 2015. Underpinning all 17 SDGs is an explicit recognition of the value of data for development — to better inform decisions, and to better monitor progress.

Sri Lanka’s President Maithripala Sirisena addressed the Summit, and officially committed Sri Lanka to the SDGs. I argue that implicit in that commitment is a recognition of data for development and open data policies. We now need to ask our government to introduce a government-wide policy on data collection, storage and sharing. In short, it must open up!

This was my open call to the President to open up:

Open Your Govt's Data, Mr President! Hope you don't give us HAL's famous answer...
Open Your Govt’s Data, Mr President! Hope you don’t give us HAL’s famous answer…

Sri Lanka has taken tentative steps towards open data. In 2013, the Open Data initiative of Government started making some official datasets freely available online. It focuses on machine-readable (well-structured and open) datasets.

I quoted from my own recent op-ed published in Daily Mirror broadsheet newspaper:

Daily Mirror, 14 Sep 2015: Beyond RTI: Moving to Open Data and Open Govt. by Nalaka Gunawardene

After many years of advocacy by civil society, Sri Lanka will soon adopt a law that guarantees citizens’ Right to Information (RTI). It has recently been added to the Constitution as a fundamental right.

Passing the RTI law is only a beginning — institutionalising it requires much effort, considerable funds, and continued vigilance on civil society’s part.

RTI is Coming: Are We Ready? My question to Lankan civil society and media
RTI is Coming: Are We Ready? My question to Lankan civil society and media

As champions of RTI, media and civil society must now switch roles, I said. While benefiting from RTI themselves, they can nurture the newly promised openness in every sphere, showing citizens how best to make use of it. Reorienting our public institutions to a new culture of openness and information sharing will be an essential step.

Here is my full PPT:

 

සිවුමංසල කොලූගැටයා #240: සියවසක් පැරණි පුවත් ආකෘතියෙන් ඔබ්බට අපේ මාධ්‍ය පරිනාමය වේද?

On 2 October 2015, I gave a talk to a group of provincial level provincial journalists in Sri Lanka who had just completed a training course in investigative journalism.

I looked at the larger news media industry in Sri Lanka to which provincial journalists supply ground level news, images and video materials. These are used on a discretionary basis by media companies mostly based in the capital Colombo (and some based in the northern provincial capital of Jaffna). Suppliers have no control over whether or how their material is processed. They work without employment benefits, are poorly paid, and also exposed to various pressures and coercion.

I drew an analogy with the nearly 150-year old Ceylon Tea industry, which in 2014 earned USD 1.67 billion through exports. For much of its history, Ceylon tea producers were supplying high quality tea leaves in bulk form to London based tea distributors and marketers like Lipton. Then, in the 1970s, a former tea taster called Merrill J Fernando established Dilmah brand – the first producer owned tea brand that did product innovation at source, and entered direct retail.

He wanted to “change the exploitation of his country’s crop by big global traders” – Dilmah has today become one of the top 10 tea brands in the world.

The media industry also started during British colonial times, and in fact dates back to 1832. But I questioned why, after 180+ years, our media industry broadly follows the same production model: material sourced is centrally processed and distributed, without much adaptation to new digital media realities.

In this week’s Ravaya column, (appearing in issue of 11 Oct 2015), I have adapted my talk into Sinhala.

Ceylon Tea industry pioneers and innovator: L to R - James Taylor, Thomas Lipton, Merril Fernando
Ceylon Tea industry pioneers and innovator: L to R – James Taylor, Thomas Lipton, Merrill Fernando

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් සිය ගණනක් අපේ දිවයිනේ නන් දෙස විසිර සිටිනවා. තම ගමේ, නගරයේ හා අවට ප‍්‍රදේශවල සිදුවීම් ගැන තොරතුරු හා රූප/වීඩියෝ දර්ශන පුවත්පත් ආයතන හා විද්‍යුත් මාධ්‍ය ආයතනවලට නිරතුරුව ලබා දෙන්නේ මේ අයයි.

මේ නිසා ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් බිම් මට්ටමින් සක‍්‍රීය හා සංවේදී පිරිසක්. ඔවුන් බහුතරයක් කොළඹ පිහිටි මාධ්‍ය ආයතනවලටත්, සෙසු අය යාපනයේ පිහිටි මාධ්‍ය ආයතනවලටත් වාර්තා කරනවා.

මේ කේන්ද්‍ර ද්විත්වයේදී ඔවුන්ගේ දායකත්වය නිසි තක්සේරුවකට හෝ සැලකීමකට හෝ ලක් වන්නේ නැහැ. ඇත්තටම ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් ඉතා අඩු ගෙවීම්වලට ලොකු අවදානම් ගනිමින් සේවයේ නිරත වනවා යයි කිව හැකියි.

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් 75 දෙනකුට ගවේෂණාත්මක වාර්තාකරණය පිළිබඳ පුහුණුවක් අවසානයේ සහතික ප‍්‍රදාන උත්සවයක් පසුගිය සතියේ කොළඹදී පැවැත්වුණා. එය සංවිධානය කළේ ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා කාර්යාලය හා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයයි. එහිදී දේශන පැවැත්වීමට මහාචාර්ය රොහාන් සමරජීවටත්, මටත් ඇරයුම් කර තිබුණා.

ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් විවිධාකාරයෙන් හඳුන්වා දිය හැකියි. ප‍්‍රවෘත්ති මාධ්‍ය කලාවේ බිම් මට්ටමේ සංවේදකයෝ, ජන හද ගැස්ම හඳුනන්නෝ හා සමාජ ප‍්‍රවණතා කල් තබා දකින්නෝ ආදී වශයෙන්. මගේ කතාවේ මා මීට අමතරව ඔවුන් දරු පවුල් ඇත්තෝ හා දිවි අරගලයක නිරත වූවෝ කියා ද හැඳින් වූවා.

2015 සැප්තැම්බර් මුලදී මින්නේරිය සමඟිපුරදී වල් අලි ප‍්‍රහාරයකට ලක්ව ඉතා අවාසනාවන්ත ලෙසින් මිය ගිය කේ. එච්. ප‍්‍රියන්ත රත්නායක නම් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියා මා සිහිපත් කළා. එම අනතුර ගැන සටහනක් ලියූ සමාජ විචාරක හා බ්ලොග් රචක අජිත් පැරකුම් ජයසිංහ කීවේ මෙයයි.

Priyantha Ratnayake, Sri Lanka provincial journalist who died of an elephant attack in September 2015
Priyantha Ratnayake, Sri Lanka provincial journalist who died of an elephant attack in September 2015

“සාමාන්‍යයෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ විවිධ ආකාරයෙන් මාධ්‍ය ආයතන ගණනාවකට එක වර සේවය සපයති. සපයනු ලබන ප්‍රවෘත්තිවලට පමණක් සුළු ගෙවීමක් ලබන ඔවුන්ට පැවැත්මක් තිබෙන්නේ එවිටය. අඩු තරමේ ඔවුන්ගේ නම හෝ ප්‍රචාරය වන්නේ දේශපාලකයකුගෙන් ගුටි කෑම වැනි අනතුරුදායක කටයුත්තකදී පමණි.

“ප්‍රාදේශීය මාධ්‍යකරුවන් යනු මාධ්‍ය ආයතනවල සූරාකෑමට දරුණු ලෙස ගොදුරු වන පිරිසකි. ඔවුන්ට සාමාන්‍යයෙන් ගත් කල කිසිදු පුහුණුවක් නැත. මාධ්‍යකරුවන්ට ලබා දෙන විධිමත් ආරක්ෂක පුහුණුවකදී නම් වාර්තාකරණයේදී ආත්මාරක්ෂාව සපයා ගන්නා ආකාරය පුහුණු කරනු ලැබේ. එහෙත් ලංකාවේ බහුතරයක් ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට ප්‍රවෘත්ති පිළිබඳ මූලික අවබෝධය පවා නැත. බොහොමයක් මාධ්‍යකරුවන් එවන ප්‍රවෘත්ති නැවත ලියන්නට සිදු වේ.

“මාධ්‍ය ආයතනවලට ප්‍රාදේශීය මාධ්‍යකරුවා තවත් එක් උපකරණයක් පමණි. මොන යම් ආකාරයකින් හෝ ප්‍රාදේශීය ප්‍රවෘත්ති ලැබෙනවා නම් මාධ්‍ය ආයතනවලට ඇතිය. රටේම මිනිසුන්ට වන අසාධාරණකම් විවේචනය කරන මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සූරාකෑම නැවැත්වීමට කටයුතු කළ යුතුය.”

Full text: ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ ජීවිත සූරා කන මාධ්‍ය ආයතන

මේ විග‍්‍රහයට මා එකඟයි. මාධ්‍යවේදීන්ට “මාධ්‍ය කම්කරුවන්’’ මට්ටමින් සැලකීම හුදෙක් ප‍්‍රාදේශීය වාර්තාකරුවන්ට පමණක් සීමා වී නැතත්, එය වඩාත් බරපතළ වන්නේ ඔවුන් සම්බන්ධයෙනුයි.

හොඳින් ලාභ ලබන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන පවා ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ගෙවන්නේ ඉතා අඩුවෙන්. එය ද ඔවුන් සපයන තොරතුරක් හෝ රූපයක් හෝ භාවිත වූවොත් පමණයි. එයට අමතරව නිවාඩු, රක්ෂණ ආවරණ ආදී කිසිවක් ඔවුන්ට හිමි නැහැ.

මේ අසාධාරණයට ලක් වන රාදේශීය මාධ්යවේදීන්ට සිය මාධ්යකරණයේ නියැලීමට විකල්ප රමවේද හා අවකාශයන් තිබේද? ඒවා විවර කර ගැනීමට කුමක් කළ යුතුද?

මේ ගැන මගේ කතාවේදී මා මෙනෙහි කළා. එහිදී මාධ්‍ය කර්මාන්තයේ පුවත් සම්පාදන ආකෘතිය සමීපව විමර්ෂනය කළ යුතු බව මගේ අදහසයි.

Colombo Journal, first newspaper in Ceylon, founded in January 1832
Colombo Journal, first newspaper in Ceylon, founded in January 1832

(1802 දී ආරම්භ කළ ගැසට් පත‍්‍රය මාධ්‍ය අංගයක් ලෙස නොසැළකුවොත්) ශ‍්‍රී ලංකාවේ නූතන මාධ්‍යකරණය ඇරැඹුණේ 1832 ජනවාරියේදී. කලම්බු ජර්නල් (Colombo Journal) නම් සති දෙකකට වරක් පළ වූ ඉංග‍්‍රීසි සඟරාව මෙරට මුල්ම වාරික ප‍්‍රකාශනයයි. එවකට බි‍්‍රතාන්‍ය යටත් විජිත රජයේ මුද්‍රණාලයාධිපතිව සිටි ජෝර්ජ් ලී එහි කතුවරයා වූවා. එකල ආණ්ඩුකාරයා වූ රොබට් විල්මට් හෝට්න් ද එයට ලිපි සැපයුවා.

මෙබඳු රාජ්‍ය සබඳතා තිබුණත් පෞද්ගලික මට්ටමින් පවත්වා ගෙන ගිය කලම්බු ජර්නල් සඟරාව පැවති රජය විවේචනය කිරීම නිසා ටික කලකින් පාලකයන්ගේ උදහසට ලක් වූවා. (රජය හා මාධ්‍ය අතර මත අරගලය මාධ්‍ය ඉතිහාසය තරම්ම පැරණියි!) මේ නිසා 1833 දෙසැම්බර් මස සඟරාව නවතා දමනු ලැබුවා.

දෙමළ බසින් මුල්ම වාරික ප‍්‍රකාශනය වූ “උදය තාරකායි’’ 1841දී යාපනයෙන්ද, මුල්ම සිංහල පුවත්පත ලෙස සැලකෙන “ලංකාලෝක’’ 1860දී ගාල්ලෙන්ද අරඹනු ලැබුවා. (මෙයින් පෙනෙන්නේ මුල් යුගයේ මාධ්‍ය ප‍්‍රකාශනය කොළඹට පමණක් කේන්ද්‍ර නොවූ බවයි.)

The first Tamil newspaper in Sri Lanka, Udaya Tharakai, was started in 1841 from Jaffna
The first Tamil newspaper in Sri Lanka, Udaya Tharakai (=Morning Star), was started in 1841 from Jaffna

1832 ආරම්භය ලෙස ගත් විට වසර 180කට වඩා දිග ඉතිහාසයක් අපේ මාධ්‍ය කර්මාන්තයට තිබෙනවා. එය වඩාත් සංවිධානාත්මක කර්මාන්තයක් බවට පත් වූයේ 20 වන සියවසේදී. 1925දී රේඩියෝ මාධ්‍යයත්, 1979දී ටෙලිවිෂන් මාධ්‍යයත්, 1995දී ඉන්ටර්නෙට් සබඳතාවත් මෙරටට හඳුන්වා දෙනු ලැබුවා.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට දශක ගණනක ඉතිහාසයක් ඇතත් එහි පුවත් එකතු කිරීමේ ආකෘතිය තවමත් වෙනස් වී නැහැ. එහි සැපයුම්දාමය ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සිට කොළඹ/යාපනය ප‍්‍රධාන කාර්යාලවලට එනවා. එතැනදී තේරීමකට හා ප‍්‍රතිනිර්මාණයට ලක් වනවා. ඉන් පසු රටටම බෙදා හරිනවා.

එම ක‍්‍රියාවලියේදී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තීරක බලයක් නැහැ. කලකට පෙර නම් ඔවුන්ගේ නම පවා පත්තරවල පළ කළේ කලාතුරකින්. පුවත් ප‍්‍රමුඛතාව හා කුමන ආකාරයේ පුවත් පළ කරනවා ද යන්න ගැන න්‍යාය පත‍්‍රය මුළුමනින්ම තීරණය කරන්නේ කේන්ද්‍රීය කාර්යාල විසින්. ගතානුගතිකත්වය හා වැඩවසම් ආකල්ප තවමත් අපේ මාධ්‍ය කර්මාන්තයේ බහුලයි.

මෙය කෙසේ වෙනස් කළ හැකිද? මාධ්‍ය කර්මාන්ත ආකෘති කෙසේ නවෝත්පාදනයට ලක් කළ හැකිද? වෙනත් කර්මාන්තවලින් ආදර්ශයක් ගත හැකි දැයි මා ටිකක් විපරම් කළා.

තේ කර්මාන්තය ද බි‍්‍රතාන්‍ය පාලන සමයේ ඇරැඹි මේ වන විට ඉතා සංවිධානාත්මකව ක‍්‍රියාත්මක වන දැවැන්ත කර්මාන්තයක්. 2014දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.67ක් (රුපියල් බිලියන 231) ආදායම් ලද මේ කර්මාන්තය ඍජුව ලක්ෂ හත හමාරකට ජීවිකාව සපයනවා.

චීනයේ සිට මුලින්ම තේ පැළයක් මෙරටට ගෙනාවේ 1824දී වුවත්, වැවිලි කර්මාන්තයක් ලෙස තේ වැවීම පටන් ගත්තේ කෝපි වගාව දිලීර රෝගයකින් විනාශ වූ විටයි. මුල්ම තේ වත්ත 1867දී මහනුවර දිස්ත‍්‍රික්කයේ අරඹන ලද ලූල්කඳුර වත්තයි. එය ඇරැඹු ජේම්ස් ටේලර් (James Taylor: 1835-1892) තේ වගාවෙ පුරෝගාමියා ලෙස සැලකෙනවා.

සුළුවෙන් පටන් ගත් තේ වගාව ටිකෙන් ටික උඩරට හා පහතරට වෙනත් ප‍්‍රදේශවලට ව්‍යාප්ත වුණා. මෙරට භාවිතයට මෙන්ම පිටරට යැවීමටත් තේ කොළ නිෂ්පාදනය කරනු ලැබුවා.

සන්ධිස්ථානයකත් වූයේ තොමස් ලිප්ටන් (Thomas Lipton: 1841-1931) නම් බි‍්‍රතාන්‍ය ව්‍යාපාරිකයා 1890දී මෙරටට පැමිණ ජේම්ස් ටේලර් ඇතුළු තේ වැවිලිකරුවන් මුණ ගැසීමයි. තොග වශයෙන් ලංකා තේ මිලට ගෙන ලන්ඩනයට ගෙන ගොස් එහිදී පැකට් කර ලොව පුරා බෙදාහැරීම හා අලෙවිකරණය ඔහු ආරම්භ කළා. ලිප්ටන් තේ ලොව ප‍්‍රමුඛතම වෙළඳ සන්නාමයක් වූ අතර අපේ තේවලින් වැඩිපුරම මුදල් උපයා ගත්තේ එබඳු සමාගම්.

Lipton Advertisement for Ceylon Tea in 1892
Lipton Advertisement for Ceylon Tea in 1892

මේ තත්ත්වය නිදහසෙන් පසුද දිගටම පැවතියා. ගෝලීය මට්ටමෙන් තේ බෙදා හැරීමේ හැකියාව හා අත්දැකීම් තිබුණේ යුරෝපීය සමාගම් කිහිපයකට පමණයි.

තේ රස බලන්නකු ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹු මෙරිල් J ප‍්‍රනාන්දු නම් ලාංකික තරුණයා ලන්ඩනයේ 1950 ගණන්වල පුහුණුව ලබද්දී මේ විසමතාව ඉතා සමීපව දුටුවා. යළි සිය රට පැමිණ තේ කර්මාන්තයේ සියලූ අංශවල අත්දැකීම් ලත් ඔහු 1988දී ගෝලීය දැවැන්තයන්ට අභියෝග කිරීමට තමාගේම සමාගමක් ඇරැඹුවා. එහි නම ඩිල්මා (Dilmah Tea: www.dilmah.com)

ඩිල්මා සමාගම කළේ මෙරට නිපදවන තේ කොළ මෙහිදීම අගය එකතු කොට, තේ බෑග් එකක් ඇසුරුම් කොට ඔවුන්ගේ වෙළඳනාමයෙන් ගෝලීය වෙළඳපොළට යැවීමයි. මුලදී දැවැන්ත බහුජාතික සමාගම් සමග තරග කිරීමට ඉතා දුෂ්කර වුවත් නවෝත්පාදනය හා නිර්මාණශීලී අලෙවිකරණය හරහා ලෝක වෙළඳපොළ ජය ගන්නට ඩිල්මා සමත්ව සිටිනවා.

අද ලොව රටවල් 100කට ආසන්න ගණනක සුපර්මාර්කට්වල ලිප්ටන් වැනි තේ අතර ඩිල්මා ද අලෙවි කැරෙනවා.

ඩිල්මා යනු මෙරටින් බිහි වූ විශිෂ්ටතම වෙළඳ සන්නාමයන්ගෙන් එකක්. එහි සාර්ථකත්වයට මුල දශක ගණනක් පැවැති තේ කර්මාන්ත ආකෘතිය අභියෝගයට ලක් කිරීමයි.

Image courtesy Dilmah.com website
Image courtesy Dilmah.com website

තේ කර්මාන්තය මෙසේ නවෝත්පාදනයට ලක් වෙමින් විවිධාංගීකරණය වෙද්දී අපේ මාධ් කර්මාන්ත ආකෘතිය සියවසක් තිස්සේ එතරම් වෙනස් වී නැහැ. මුද්රණ තාක්ෂණය හා ඩිජිටල් උපාංග අතින් නවීකරණය වුවද රාදේශී් පුවත් කේන්ද්රයකට ලබා ගෙන, පෙරහන් කොට රටටම එතැනින් බදීම එදත් අදත් එසේම කර ගෙන යනවා.

මේ ක‍්‍රියාදාමය තුළ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් මා සම කළේ කුඩා තේ වතු හිමිකරුවන්ටයි. අක්කර 10ට වඩා අඩු බිම්වල තේ වවන මොවුන් ලක්ෂ 4ක් පමණ සිටිනවා. 2013 මෙරට සමස්ත තේ නිපැයුමෙන් 60%ක් වගා කළේ ඔවුන්.

තමන්ගේ තේ දළු අවට තිබෙන ලොකු තේ වත්තකට විකිණීම ඔවුන්ගේ ක‍්‍රමයයි. එතැනින් ඔබ්බට තම ඵලදාව ගැන පාලනයක් ඔවුන්ට නැහැ.

මේ උපමිතිය මා සඳහන් කළ විට මගේ සභාවේ සිටි එක් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙක් කීවේ තමන් සුළු තේ වතු හිිමියන්ටත් වඩා අසරණ බවයි. තේ දළු විකුණා ගැනීම සාමාන්‍යයෙන් ප‍්‍රශ්නයක් නොවෙතත්, තමන් සම්පාදනය කරන පුවත් හා රූපවලින් භාවිතයට ගැනෙන්නේ (හා ගෙවීම් ලබන්නේ) සමහරකට පමණක් බව ඔහු කියා සිටියා.

මෙරට මාධ්‍ය කර්මාන්තය සමස්තයක් ලෙස පර්යේණාත්මකව හදාරමින් සිටින මා මතු කළ ඊළඟ ප‍්‍රශ්නය මෙයයි. තේ කර්මාන්තයේ පිළිගත් ආකෘතියට අභියෝග කළ මෙරිල් ප‍්‍රනාන්දුට සමාන්තරව මාධ්‍ය කර්මාන්තයේ මුල් බැස ගත් ආකෘතිය අභියෝගයට ලක් කරන්නේ කවුද?

යම් තාක් දුරට මෙය පුරවැසි මාධ්‍යවේදීන් කරනවා. බ්ලොග් ලේඛකයන්, සමාජ ජාල මාධ්‍ය භාවිත කරන්නන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ගැන නොතකා කෙලින්ම තම තොරතුරු, අදහස් හා රූප ලොවට මුදා හරිනවා. රටේ ජනගහනයෙන් 20%ක් ඉන්ටර්නෙට් භාවිත කරන නිසා මෙය තරමක් දුරට සීමිත වූවත් (මා මීට පෙර විග‍්‍රහ කර ඇති පරිදි) එසේ සම්බන්ධිත වූවන් හරහා සමාජයේ තව විශාල සංඛ්‍යාවකට එම තොරතුරු ගලා යනවා.

මෙය දිගු කාලීනව ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට අභියෝගයක්. එහෙත් අපේ බොහෝ මාධ්‍ය එය හරිහැටි වටහාගෙන නැහැ. ඔවුන් තවමත් සිටින්නේ ලිප්ටන් ආකෘතියේ මානසිකත්වයකයි.

හැකි පමණට වෙබ් හරහා තම තොරතුරු හා රූප මුදාහැරීම සමහර ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් ආරම්භ කොට තිබෙනවා. උදාහරණ ලෙස මා ගෙන හැර දැක්වූයේ ගාල්ලේ බෙහෙවින් සක‍්‍රීය හා උද්‍යෝගීමත් මාධ්‍යවේදී සජීව විජේවීරයි. ඔහු ෆේස්බුක් හරහා බොහෝ දේ බෙදා ගන්නා අතර Ning.com නම් සමාජ මාධ්‍ය වේදිකාව හරහා ගාලූ පුරවැසියෝ නම් එකමුතුවක්ද කලක් කර ගෙන ගියා.

Example from journalist in Matara Facebook group: Catching a crocodile in Kamburugamuwa, Matara, 23 Sep 2015
Example from journalist in Matara Facebook group: Catching a crocodile in Kamburugamuwa, Matara, 23 Sep 2015

මේ අතර මාතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් 70 දෙනෙකු එක් වී Journalist in Matara නම් විවෘත ෆේස්බුක් පිටුවක් කරනවා. ඒ හරහා තමන් එකතු කරන තොරතුරු හා රූප බෙදා ගන්නවා. ප‍්‍රාදේශීය වශයෙන් වැදගත් එහෙත් සැම විටම ජාතික මාධ්‍යවලට අදාළ නොවන බොහෝ දේ එහි හමු වනවා.

මෙබඳු තවත් උදාහරණ වෙනත් ප‍්‍රදේශවලද සිංහලෙන් හා දෙමළෙන් තිබෙනවා. එහෙත් මේ කිසිවකුට තවම ඒ හරහා ජීවිකාව උපයා ගන්නට බැහැ. හොඳ මාධ්‍ය අංග සඳහා පාඨකයන් කැමති ගානක් ගෙවා නඩත්තු කරන ආකාරයේ සමූහ සම්මාදම් නැතිනම් ජනතා ආයෝජන ක්‍රමවේදයන් (crowd-funding) වඩාත් දියුණු රටවල දැන් තිබෙනවා. එම ආකෘති අප අධ්‍යයනය කොට හැකි නම් අදාළ කර ගත යුතුයි.

මේ කිසිවක් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට ඍජුව අභියෝග කිරීමක් නොවේ. එහෙත් නිසි පිළි ගැනීමකට හෝ සාධාරණ ගෙවීමකට ලක් නොවී සිටින ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් තාක්ෂණය හරහාවත් බලාත්මක කොට ඒ හරහා අපේ තොරතුරු සමාජය වඩාත් සවිමත් කළ හැකි නම් කොතරම් අපූරුද?

A tale of two industries:  one that evolved, and the other that hasn't quite done so...
A tale of two industries: one that evolved, and the other that hasn’t quite done so…

Grassroots Journalism in the Digital Age: Innovate or Perish!

Grassroots Journalism in the Digital Age - by Nalaka Gunawardene
Grassroots Journalism in the Digital Age – by Nalaka Gunawardene

I just spoke to a group of 75 provincial level provincial journalists in Sri Lanka who were drawn from around the island. They had completed a training course in investigative journalism conducted by Transparency International Sri Lanka (TISL), with support from InterNews.

The certificate award ceremony was held at Sri Lanka Press Institute (SLPI), Colombo, on 2 October 2015.

In this talk, I look at the larger news media industry in Sri Lanka to which provincial journalists supply ground level news, images and video materials. These are used on a discretionary basis by media companies mostly based in the capital Colombo (and some based in the northern provincial capital of Jaffna). Suppliers have no control over whether or how their material is processed. They work without employment benefits, are poorly paid, and also exposed to various pressures and coercion.

A tale of two industries: one that evolved, and the other that hasn't quite done so...
A tale of two industries: one that evolved, and the other that hasn’t quite done so…

I draw a rough analogy with the nearly 150-year old Ceylon Tea industry, which directly employs around 750,000 people, sustains an estimated 2 million (10% of the population) and in 2014 earned USD 1.67 billion through exports. For much of its history, the Ceylon tea producers were supplying high quality tea leaves in bulk form to London based tea distributors and marketers like Lipton.

Then, in the 1970s, a former tea taster called Merrill J Fernando established Dilmah brand – the first producer owned tea brand that did product innovation at source, and entered direct retail. He wanted to “change the exploitation of his country’s crop by big global traders” – Dilmah has today become one of the top 10 tea brands in the world.

The media industry also started during British colonial times, and in fact dates back to 1832. But I question why, after 180+ years, our media industry broadly follows the same production model: material sourced is centrally processed and distributed, without much adaptation to new digital media realities.

I draw a parallel between tea small holders – those growing on lands less than 10 acres (4 ha) who account for 60% of Sri Lanka’s annual tea production – and the provincial journalists. Both are supplies at the beginning of a chain. Neither has much or any say in how their material is processed and marketed.

Provincial Journalists - Ground level ‘eyes and ears’ of media industry, unsung & often unknown
Provincial Journalists – Ground level ‘eyes and ears’ of media industry, unsung & often unknown

As usual, I don’t have all the answers, but I ask some pertinent questions:

Where are the Merrill Fernandos of our media industry?

Who can disrupt these old models and innovate?

Can disruptive innovators emerge from among provincial journalists?

How can they leverage digital tools and web based platforms?

What if they start value-adding at source and direct distribution via the web?

But since they have families to feed, how to make an honest living doing that?

PPT on SLIDEShare:

http://www.slideshare.net/NalakaG/grassroots-journalism-in-the-digital-age-by-nalaka-gunawardene

Corridors of Power Panel: Tapping our ‘Hybrid Media Reality’ to secure democracy in Sri Lanka

Sanjana Hattotuwa, curator, introduces panel L to R Asoka Obeyesekere, Amantha Perera, Nalaka Gunawardene, Lakshman Gunasekera
Sanjana Hattotuwa, curator, introduces panel L to R Asoka Obeyesekere, Amantha Perera, Nalaka Gunawardene, Lakshman Gunasekera. Photo by Manisha Aryal

I just spoke on a panel on “Framing discourse: Media, Power and Democracy” which was part of the public exhibition in Colombo called Corridors of power: Drawing and modelling Sri Lanka’s tryst with democracy.

Media panel promo

The premise for our panel was as follows:

The architecture of the mainstream media, and increasingly, social media (even though distinct divisions between the two are increasingly blurred) to varying degrees reflects or contests the timbre of governance and the nature of government.

How can ‘acts of journalism’ by citizens revitalise democracy and how can journalism itself be revived to engage more fully with its central role as watchdog?

In a global contest around editorial independence stymied by economic interests within media institutions, how can Sri Lanka’s media best ensure it attracts, trains and importantly, retains a calibre of journalists who are able to take on the excesses of power, including the silencing of inconvenient truths by large corporations?

The panel, moderated by lawyer and political scientist Asoka Obeyesekere comprised freelance journalist Amantha Perera, Sunday Observer editor Lakshman Gunasekera, and myself.

Here are my opening remarks (including some remarks made during Q&A).

Nalaka Gunawardene speaks during media panel at Corridors of Power - Photo by Manisha Aryal
Nalaka Gunawardene speaks during media panel at Corridors of Power – Photo by Manisha Aryal

Panel on “Framing discourse: Media, Power and Democracy”

20 Sep 2015, Colombo

Remarks by Nalaka Gunawardene

Curator Sanjana has asked us to reflect on a key question: What is the role of media in securing democracy against its enemies, within the media itself and beyond?

I would argue that we are in the midst of multiple, overlapping deficits:

  • Democracy Deficit, a legacy of the past decade in particular, which is now recognised and being addressed (but we have a long way to go)
  • Public Trust Deficit in politicians and public institutions – not as widely recognised, but is just as pervasive and should be worrying us all.
  • Media Deficit, probably the least recognised deficit of all. This has nothing to do with media’s penetration or outreach. Rather, it concerns how our established (or mainstream) MEDIA FALLS SHORT IN PERFORMING the responsibilities of watchdog, public platform and the responsibility to “comfort the afflicted and afflict the comfortable”.

In this context, can new media – citizens leveraging the web, mobile devices and the social media platforms – bridge this deficit?

My answer is both: YES and NO!

YES because new media opportunities can be seized – and are being seized — by our citizens to enhance a whole range of public interest purposes, including:

  • Political participation
  • Advocacy and activism
  • Transparency and accountability in public institutions
  • Peace-building and reconciliation
  • Monitoring and critiquing corporate conduct

All these trends are set to grow and involve more and more citizens in the coming years. Right now, one in four Lankans uses the web, mostly thru mobile devices.

BUT CAN IT REPLACE THE MAINSTREAM MEDIA?

NO, not in the near term. For now, these counter-media efforts are not sufficient by themselves to bridge the three deficits I have listed above. The mainstream media’s products have far more outreach and and the institutions, far more resources.

Also, the rise of citizen-driven new media does NOT – and should NOT — allow mainstream media to abdicate its social responsibilities.

This is why we urgently need MEDIA SECTOR REFORMS in Sri Lanka – to enhance editorial independence AND professionalism.

The debate is no longer about who is better – Mainstream media (MSM) or citizen driven civic media.

WE NEED BOTH.

So let us accept and celebrate our increasingly HYBRID MEDIA REALITY (‘hybrid’ seems to be currently popular!). This involves, among other things:

  • MSM drawing on Civic Media content; and
  • Civic Media spreading MSM content even as they critique MSM

To me, what really matters are the ACTS OF JOURNALISM – whether they are RANDOM acts or DELIBERATE acts of journalism.

Let me end by drawing on my own experience. Trained and experienced in mainstream print and broadcast media, I took to web-based social media 8 years ago when I started blogging (for fun). I started tweeting five years ago, and am about to cross 5,000 followers.

It’s been an interesting journey – and nowhere near finished yet.

Everyday now, I have many and varied CONVERSATIONS with some of my nearly 5,000 followers on Twitter. Here are some of the public interest topics we have discussed during this month:

  • Rational demarcation of Ministry subject areas (a lost cause now)
  • Implications of XXL Cabinet of the National/Consensus Govt
  • Questionable role of our Attorney General in certain prosecutions
  • Report on Sri Lanka at the UN Human Rights Council (UNHRC) Session
  • Is Death Penalty the right response to rise of brutal murders?
  • Can our media be more restrained and balanced in covering sexual crimes involving minors?
  • How to cope with Hate Speech on ethnic or religious grounds
  • What kind of Smart Cities or MegaCity do we really need?
  • How to hold CocaCola LK responsible for polluting Kelani waters?

Yes, many of these are fleeting and incomplete conversations. So what?

And also, there’s a lot of noise in social media: it’s what I call the Global Cacophony.

BUT these conversations and cross-talk often enrich my own understanding — and hopefully help other participants too.

Self-promotional as this might sound, how many Newspaper Editors in Sri Lanka can claim to have as many public conversations as I am having using social media?

Let me end with the closing para in a chapter on social media and governance I recently wrote for Transparency International’s Sri Lanka Governance Report 2014 (currently in print):

“Although there have been serious levels of malgovernance in Sri Lanka in recent years, the build up on social media platforms to the Presidential Election 2015 showed that Lankan citizens have sufficient maturity to use ICTs and other forms of social mobilisation for a more peaceful call for regime change. Channelling this civic energy into governance reform is the next challenge.”

Photo by Sanjana Hattotuwa
Photo by Sanjana Hattotuwa

Op-ed in BBC Sinhala: කොකා-කෝලාවෙන් ඔබ්බට… (Beyond Coca Cola)

BBC Sinhala home page on 9 September 2015
BBC Sinhala home page on 9 September 2015

 

BBC Online Sinhala has just published an opinion article I wrote on Coca Cola Sri Lanka factory polluting the Kelani River, the main source of water supply for Greater Colombo area in Sri Lanka.

Their version is found at: http://www.bbc.com/sinhala/sri_lanka/2015/09/150909_sp_coca_cola_nalaka#orb-banner

Here is my original submission. BBC Online does not, as a policy, provide links to outside websites, but the version below includes some relevant to my commentary.

කොකා-කෝලා ශ‍්‍රී ලංකා සමාගමේ බියගම පිහිටි කර්මාන්ත ශාලාවෙන් නිකුත් වූ අපද්‍රව්‍යයක් කැලණි ගඟට මුසුවීම මහත් ආන්දෝලනයක් ඇති කොට තිබෙනවා.

මහ මැතිවරණය පැවති අගෝස්තු 17 වැනිදා කොළඹ නගරයේ හා තදාසන්න ප‍්‍රදේශවල ජල නලයේ අසාමාන්‍ය ගන්ධයක් ගැන ලැබුනු පැමිණිලි අනුව ජලසම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය කඩිනමින් විපරම් කළා. පැය කිහිපයකට ජල සැපයුම නතර කොට දූෂණයේ මූලාශ‍්‍රය සොයා ගත්තා.

අගෝස්තු 28 වැනිදා දෙවන වරටත් එම කර්මාන්තශාලාවෙන් අපද්‍රව්‍ය කාන්දුවක් සිදු වී නැවතත් කොළඹ හා අවට ජල සැපයුම තාවකාලිකව නතර කෙරුණා.

මාධ්‍ය වාර්තා මුලදී කීවේ මෙයට හේතුව කොකා-කෝලා කම්හලෙන් නිකුත් වූ ඞීසල් තෙල් කාන්දුවක් බවයි. එහෙත් සැප්තැම්බර් 5 වනදා මණ්ඩලයේ සභාපතිවරයා කියා තිබෙන්නේ එය කාබනික රසායනික ද්‍රව්‍යයක් විය හැකි බවයි.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාවට යවන ලද ජල සාම්පල හරහා ජලයේ මෙතිලින් සාන්ද්‍රණය ඉහළ ගිය බවක් පෙන්නුම් කරන බව ඔහු කියනවා. එහෙත් එයට නිශ්චිත හේතු කාරකය කුමක්දැයි තවමත් නිර්ණය කොට නැහැ.

මේ අතර මධ්‍යම පරිසර අධිකාරිය කියන්නේ අඹතලේ ජලාශයෙන් ලබා ගත් සාම්පල රසායනාගාර පරීක්ෂාවට ලක් කළ විට එහි ඛනිජ තෙල් මුසු වීමක් හමු වූ බවයි.

ජලාප‍්‍රවාහන මණ්ඩලය හා පරිසර අධිකාරිය ඇතැම් විට පරස්පර විරෝධී ප‍්‍රකාශ කිරීමත්, තමන් සොයා ගත් සියලූ තොරතුරු ප‍්‍රසිද්ධියට පත් නොකිරීමත් ජනතා සැකයට හේතු වනවා.

Coca Cola pollutes Kelani River in Sri Lanka: Cartoon by Dharshana Karunathilake
Coca Cola pollutes Kelani River in Sri Lanka: Cartoon by Dharshana Karunathilake

කි.මී. 145ක් දිග කැලණි ගඟට අයිති ගංගා නිම්න ප‍්‍රදේශය වර්ග කි.මී. 2,292ක්. එය මෙරට වඩාත්ම දූෂිත ජල ප‍්‍රවාහය බව මධ්‍යම පරිසර අධිකාරිය කියනවා.

පිරිපහදු කළ හා නොකළ කර්මාන්ත අපද්‍රව්‍ය, කෘෂිකර්මාන්ත අපද්‍රව්‍ය, ගෘහාශ‍්‍රිත හා නගරාශ‍්‍රිත බැහැර කිරීම් විශාල ප්‍රමාණයක් කැලණි ගඟට එකතු කරනවා. විශේෂයෙන් බතික් හා ලෝහ නිමැවීමේ කර්මාන්ත නිසා කැලණි ගඟ දිනපතා අපවිත‍්‍ර වනවා.

ගංගා පතුළ මුහුදු මට්ටමට වඩා පහත් වීම නිසා මුහුදු ජලයද විටින් විට ගඟ තුළට පැමිණ යම් තාක් දුරට උඩුගං බලා විහිදෙනවා (salt water intrusion). මෙයට හේතුවක් නම් ගං පතුළින් අධික ලෙස වැලි ගොඩ දැමීමයි. කැලණි ගං මෝයට කිමී 14ක් උඩුංගව පිහිටි අඹතලේ ජලාශය දක්වා මුහුදු ජලය ඇදී ආ අවස්ථා තිබෙනවා.

පසුගිය දශක කිහිපය පුරා කර්මාන්තශාලා පිහිටු වන විට පුළුල් සැලැස්මක් යටතේ ඒවා ස්ථානගත කිරීම සිදු වුණේ නැහැ. දියර අපද්‍රව්‍ය යම් පවිත‍්‍ර කිරීමකට (effluent treatment) ලක් කළ හැකි තාක්ෂණය හැම කර්මාන්තශාලාවකටම එක බැගින් ඉදි කිරීම වියදම් අධික කාරියක්. ආයෝජන ප‍්‍රවර්ධන කලාපයන්හි මෙය සීමිත වශයෙන් කරනවා.

එහෙත් කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තශාලා රැසකට මේ පහසුකම නැහැ. ඔවුන් හීන් සීරුවේ අවට ඇති කාණුවකට හෝ දිය පාරකට අපද්‍රව්‍ය පිට කරනවා. ඉන්ධන පිරවුම්හල්, මෝටර් කාර්මික ගරාජයන්, ලියවන පට්ටල්, වාත්තු කම්හල් ආදී ස්ථානවලින් ඉවත ලන තෙල් හා අනෙකුත් රසායන ද්‍රව්‍ය ද කාණු ඔස්සේ ගලා ගොස් අවට ජල ධාරාවන්ට එකතු වනවා.

1990 පමණ පටන් මධ්‍යම පරිසර අධිකාරිය කර්මාන්තවලට පරිසර ආරක්ෂණ බලපත‍්‍ර (Environmental Protection License, EPL) නිකුත් කරනවා. ඒ වායු, ද්‍රව හා ඝන අපද්‍රව්‍ය පාලනය කරන්නට නිසි පියවර ගන්නා බවට තහවුරු වූ පසුවයි.

Citizen meme demanding justice for Kelani River after Coca Cola Sri Lanka discharged untreated effluent on 17 and 28 August 2015
Citizen meme demanding justice for Kelani River after Coca Cola Sri Lanka discharged untreated effluent on 17 and 28 August 2015

කොකා-කෝලා සමාගමටත් එබන්දක් තිබුණා. එසේ තිබියදීත් සිදු වූ තෙල්/රසායනික කාන්දුව ‘අත්වැරදීමක්’ බවයි සමාගම කියන්නේ. අගෝස්තු 20 වනදා ක්‍රියාකරිත්වය නතර කළ කොකා-කෝලා කම්හල යළි සැප්තැම්බර් 1 වනදා වැඩ ඇරඹුවේ පරිසර අධිකාරියෙන් කොන්දේසි සහගත අනුමැතියක් ලබා ගෙන බව සමාගම ප්‍රකාශ කරනවා.

කොතරම් ප‍්‍රවේශමින් ක‍්‍රියාත්මක වන කර්මාන්තශාලාවක වුවත් ඉඳහිට වැරදි සිදු විය හැකියි. අනපේක්ෂිත ගැටලූ මතු විය හැකියි. එවන් අවස්ථාවල දිවා රැය නොබලා වහා ක‍්‍රියාත්මක වී හානිය අවම කර ගැනීමට සැලසුමක් (contingency plan) තිබිය යුතුයි.

එසේම හුදු කොකා-කෝලා විරෝධයකට හා බහුජාතික සමාගම් හෙළා දැකීමකට එහා යන පුළුල් ජන ආවේගයකට මේ සිදුවීම අප පෙරළා ගත යුතුයි.

කොකා-කෝලා සිද්ධිය තේමා කරගෙන 2015 සැප්තැම්බර් 5 වැනිදා රාවයට ලිපියක් ලියූ තරිඳු උඩුවරගෙදර කීවේ කොකා-කෝලා සමාගමට එල්ල වන ජන විරෝධයෙන් ඔබ්බට ගොස් සමස්ත කැලණි ගෙඟහි දූෂණය හා එයට දායක වන ලොකු කුඩා ප‍්‍රභවයන් ගැන ද අප දැනුවත් හා සංවේදී විය යුතු බවයි.

මෙයට සමාන්තර අදහසක් ජල සම්පත් පර්යේෂිකාවක් හා ක‍්‍රියාකාරිනියක් වන කුසුම් අතුකෝරල මතු කරනවා. අප හමුවේ තිබෙන්නේ හුදෙක් තනි සමාගමක වරදක් හෝ එක් දූෂණ සිද්ධියක් පමණක් නොවන බවත්, මේ අලුත්ම අර්බුදය සියළුම ප‍්‍රභවයන්ගෙන් ජල සම්පත අපවිත‍්‍රවීම වළක්වා ගැනීමේ වැදගත්කම යළි සිහිපත් කරවන බවත් ඇය කියනවා.

‘‘ගෘහාශ‍්‍රිත අපද්‍රව්‍ය, වැසිකිළි අපද්‍රව්‍ය මෙන්ම කර්මාන්ත අපද්‍රව්‍ය බොහොමයක් ද කිසිදු පවිත‍්‍ර කිරීමකින් තොරව අසල ඇති ජල ධාරාවකට හෝ ජලාශයකට මුදා හැරීම කලෙක පටන් රටේ බොහෝ ප‍්‍රදේශවල කැරෙනවා. මේ ගැන අපි ටික දෙනෙක් හඬ නැගුවත් බොහෝ දෙනකුට එය ප‍්‍රමුඛතාවක් වුණේ නැහැ.’’ ඇය කියනවා.

දැනට මෙරට නිවාසවලින් 45%කට නල ජලය ලැබෙනවා. 2020 වන විට එය 60% දක්වා වැඩි කිරීමට සැලසුම් තිබෙනවා. නල ජලයේ ප්‍රමිතිය සහතික කිරීම ජලසම්පාදන මණ්ඩලයේ වගකීමක්.

නල ජලය නොලබන බහුතරයක් නිවාස පානීය හා වෙනත් ගෙදර දොර අවශ්‍යතා සඳහා වැසි ජලය එකතු කර ගැනීම, මතුපිට ජලය (වැව්, ඇල දොල, ගංගා) හෝ භූගත ජලය මත යැපෙනවා. වැසි ජලය රැස් කිරීමේදී හැර අන් හැම ප‍්‍රභවයකින්ම යම් ජල දූෂක මිශ‍්‍ර විය හැකියි.

උදාහරණයක්: යාපනය දිස්ත‍්‍රික්කයේ චුන්නාකම් ප‍්‍රදේශයේ භූගත ජලය අපවිත‍්‍ර වීම නිසා 18,000කට වැඩි වැසියන් සංඛ්‍යාවක් මාස ගණනක සිට බලවත් හිරිහැරයකට මුහුණ පා සිටිනවා. මේ දූෂණයට චෝදනා ලැබ සිටින්නේ MTD වෝකර්ස් නම් සමාගමට අයත් එහි පිහිටි 30MW ධාරිතාවෙන් යුතු තාප විදුලි බලාගාරයයි.

2009දී ක‍්‍රියාකාරීත්වය ඇරඹූ මේ බලාගාරයෙන් මුදා හරින අපද්‍රව්‍ය තම ළිං ජලය හා භූගත ජල සම්පත දූෂණය කරන බවට එහි වැසියන් නගන චෝදනාව සමාගම ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

තමන් සියලූ පාරිසරික අනුමැතියන් ලබාගෙන නිසි ප‍්‍රමිතීන්ට අනුකූලව ක‍්‍රියාකරන බවත්, අදාළ රාජ්‍ය ආයතනවලට ඕනෑම වෙලාවක පරීක්ෂා කර බැලිය හැකි බවත් බලාගාර සමාගම කියනවා.

12 Feb 2015: Tamil Guardian: Protests continue in Chunnakam over water contamination

School children in Jaffna protesting against Chunnakam water pollution - image from Tamil Guardian
School children in Jaffna protesting against Chunnakam water pollution – image from Tamil Guardian

මෙබඳු චෝදනා ලබන සමාගම්වල ස්ථාවරය තමන් රටේ නීතියට හා ප්‍රමිතීන්ට අනුකූල වන බවයි. බොහෝ සමාගම් ඉන් ඔබ්බට සමාජයීය වගකීමක් භාර ගන්නේ නැහැ.

2013 අගෝස්තුවේ වැලිවේරියේ රතුපස්වල රබර් අත්වැසුම් කර්මාන්තශාලාව හා ප‍්‍රදේශවාසීන් අතර හට ගත් මෙබඳුම මතභේදයක් කෙළවර වූයේ පසුගිය රජය හමුදා බලය යොදවා නිර්දය ලෙස ප‍්‍රදේශවාසීන් මර්දනය කිරීමෙන්.

කම්හල් හිමියන් හා රාජ්‍ය ආයතන ගැන මහජන විශ්වාසය පළුදු වී තිබෙනවා. ඔවුන් ඇත්ත කීවත් සැක කරන තරමට විරසකය දුරදිග ගිහින්. හැම ව්‍යාපාරකයාම වංචනික නොවන්නා සේ ම හැම රාජ්‍ය ආයතනයම ධනයට බලයට යට වී රාජකාරි මග හරින්නේ ද නැහැ.

මේ පාර්ශවයන් හා මහජනයා අතර තොරතුරු ගෙන යන ජනමාධ්‍ය හා පරිසරවේදීන්ටද ආවේගශීලී නොවී සංයමයෙන් ගැටලූ විසඳීමට උදව්වීමට වගකීමක් තිබෙනවා.

කර්මාන්තවලට දිරි දීම රටේ නිල ප්‍රතිපත්තිය නිසා වඩාත් සමාජයීය වගකීම් සහගත පිලිවෙතකට ඔවුන් යොමු කර ගත යුතුයි. එසේ නැතිව කර්මාන්ත වැසුවොත් රැකියා අහිමි වන්නේ අපේම ජනතාවටයි. තරුණ බ්ලොග් ලේඛක සෙනෙල් වන්නිආරච්චි කොකා-කෝලා ප්‍රශ්නය පටන් ගත් දිනවලම මෙය පෙන්වා දුන්නා.

Citizen meme courtesy Senel Wanniarachchi, blogger and youth activist
Citizen meme courtesy Senel Wanniarachchi, blogger and youth activist

චුන්නාකම් ජල දූෂනය උතුරේ ජනයාට පමණක් ප්‍රශ්නයක් වෙද්දී කැලණි දූෂනය දකුණේ බොහෝ අයට ආවේගයක් ගෙන දුන්නාග සමාජ ජාලවල විරෝධය මතු වුණා. ඒ ගැන මීම් රූප රැසක් බිහි වුණා.

කොකා-කෝලාවට වඩා දුරදිග යන ප‍්‍රශ්නයක් මෙතැන ඇතැයි මා ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ කී විට එම සමාගමට සුදුහුණු ගාන්නට තැත් කරනවා යැයි සමහරුන් මට ද චෝදනා කළා.

සමාගම කැලණි ගඟට අපද්‍රව්‍ය මුදාහැරීමට සමාව අයැද, සම්පූර්ණ හානියට වන්දි ගෙවා දඩයක් ද ගෙවිය යුතුය යන්න මගේ මතයයි. එතැනින් ඔබ්බට කොකා-කෝලා බොන නොබොන එක පෞද්ගලික තේරීමක්. දැනමටත් සංකීර්ණ ප‍්‍රශ්නයක් තවත් ව්‍යාකූල කළ යුතු නැහැ.

Image courtesy http://www.sathhanda.lk/feature
Image courtesy http://www.sathhanda.lk/feature

Sri Lanka Parliamentary Election 2015: How did Social Media make a difference?

A Popular Election Meme created by Hashtag Generation, Sri Lanka
A Popular Election Meme created by Hashtag Generation, Sri Lanka

“Every citizen – including activists and academics — can play a part in shaping the future of our democracy. In this, technology is not the only key driver; what matters even more is the strategic use of our imagination and determination.

“We may not yet have all the detailed answers of our digital future, but one thing is clear. In 2015, we the people of Sri Lanka embarked on a progressive digitalization of our politics and governance.

“It is going to be a bumpy road – be forewarned — but there is no turning back.”

These are the closing paras of a long format essay I have just written on the role of social media in the recently concluded Sri Lanka Parliamentary (General) Election on 17 August 2015.  It has been published by Groundviews.org citizen journalism website.

I Will Vote meme created by Groundviews.org - trilingual version
I Will Vote meme created by Groundviews.org – trilingual version

Shortly after the Presidential Election of 8 January 2015 ended, I called it Sri Lanka’s first cyber election. That was based on my insights from over 20 years of watching and chronicling the gradual spread of information and communications technologies (ICTs) in Sri Lanka and the resulting rise of an information society.

Since then, things have evolved further. In this essay, I look at how the Elections Commission, political parties, election candidates, civil society advocacy groups and individual cyber activists have used various social media tools and platforms in the run-up to, during and immediately after the Parliamentary Election.

Read full text at:

Groundviews.org 3 September 2015: Sri Lanka Parliamentary Election 2015: How did Social Media make a difference

A compact version appeared in Daily Mirror, 3 September 2015: Social Media and LK General Election 2015: Has E-democracy arrived in Sri Lanka?

Not voting - then you have no right to complain afterwards! Voter message from March 12 Movement for Clean Politicians, Sri Lanka
Not voting – then you have no right to complain afterwards! Voter message from March 12 Movement for Clean Politicians, Sri Lanka

Social Media and LK General Election 2015: Has E-democracy arrived in Sri Lanka?

From Sri Lanka Elections Department Facebook page
From Sri Lanka Elections Department Facebook page

“What role (if any) did social media play in the recently concluded General Election on 17 August 2015?

“Many are asking this question – and coming up with different answers. That is characteristic of the cyber realm: there is no single right answer when it comes to a multi-faceted and fast-evolving phenomenon like social media.

“Shortly after the Presidential Election of 8 January 2015 ended, I called it Sri Lanka’s first cyber election. That was based on my insights from over 20 years of watching and chronicling the gradual spread of information and communications technologies (ICTs) in Sri Lanka and the resulting rise of an information society.

“That was not the first time social media had figured in Lankan election campaigns. The trend started slowly some years ago, with a few tech-aware politicians and advertising agencies using websites, Facebook pages and twitter accounts for political outreach. However, such uses did not reach a ‘critical mass’ in the general and presidential elections held in 2010, or in the provincial and local government elections held thereafter.

“By late 2014, that changed significantly but this time the frontrunners were politically charged and digitally empowered citizens, not politicians or their support teams.”

The above is an extract from an op-ed I have just written and published in Daily Mirror broadsheet national newspaper in Sri Lanka (3 Sep 2015).

Full text is found online here:

Special thanks to Sanjana Hattotuwa and Yudhanjaya Wijeratne from whose analyses I have drawn. The unattributed opinions are all mine.

Infographic by Daily Mirror Sri Lanka
Infographic by Daily Mirror Sri Lanka

සිවුමංසල කොලූගැටයා #231: ඡන්දදායකයා වඩාත් බලගතු කැරෙන නව සංකල්ප දෙකක්

Indian campaign for "None of the Above" (NOTA) option at elections
Indian campaign for “None of the Above” (NOTA) option at elections

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 9 August 2015), I discuss two concepts that could make representative democracy more meaningful.

First is adding the option of None of the Above (NOTA) to the list of candidates in an election, so voters can exercise a negative vote – and send a powerful message to political parties and personalities about the quality of politicians society prefers.

Second is the Right to Recall (RTR), a law that would allow citizens to ‘sack’ elected officials in government before the term of office is over, if the officials are proven guilty of misuse of power. The UK just adopted such a law (Recall of MPs Act 2015) in March 2015, and there has been a campaign in India for such a law since the late 1990s.

Can Sri Lanka advocate such laws to improve the electoral political process? A promising start has been made with the March 12 Declaration and Movement for clean candidates at elections. But we have a long way to go.

Refusing to accept business as usual is the essential first step. I believe that step has been taken in the current build-up to the Sri Lanka General Election scheduled for 17 August 2015.

Sri Lanka's March 12 Movement for clean candidates at elections - they must meet 8 basic criteria
Sri Lanka’s March 12 Movement for clean candidates at elections – they must meet 8 basic criteria

ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු නිරතුරුව සුපරීක්ෂාකාරී වීම හරහා රැක ගත යුතු ක‍්‍රමවේදයක්. එසේම එය කාලානුරූපව නවීකරණයට හා දියුණු කිරීමට ලක් විය යුතුයි.

මෙරට මැතිවරණ ක‍්‍රමවේදය ප‍්‍රතිසංස්කරණය කිරීමේ බරපතල අවශ්‍යතාව මේ දිනවල පාරට බැස වටපිට බලන විට හොඳටම පෙනී යනවා. එයට ඉලක්ක කළ ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පසුගිය පාර්ලිමේන්තුවට සම්මත කරන්නට බැරි වුණා.

අපට වඩා පරිණත දේශපාලන තන්ත‍්‍රයන් හා ආයතන ව්‍යුහයන් ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලත් විද්වතුන්, වෘත්තිකයන් හා සිවිල් ක‍්‍රියාකාරිකයන් නිතර උත්සාහ කරන්නේ ක‍්‍රමවේදය වඩාත් සාධාරණ, වගකීම් සහගත හා කාර්යක්ෂම කිරීමටයි.

මේ විදෙස් අත්දැකීම්වලින් අපට යමක් උගත හැකිද? ඒ රටවල වාද විවාද ගැන අප මෙනෙහි කිරීම වැදගත්. මේ අරභයා සංකල්ප දෙකක් අද මා හඳුන්වා දීමට කැමතියි.

මැතිවරණයකදී සිදු වන්නේ දේශපාලන පක්ෂවල නාමයෝජනා ලද අපේක්ෂකයන් හා ස්වාධීනව ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් අප වඩාත්ම කැමති අයට අපේ ඡන්දය/මනාපය ප‍්‍රකාශ කිරීමයි.

එහෙත් මේ හැම දෙනා අතරින් කිසිවකුත් අපට රිසි නොවෙයි නම්? එවිට සමහරුන් ඡන්ද පත‍්‍රිකාව කටුගෑම කරනවා. එය ඡන්දය අපතේ යැවීමක්.

ලොව සමහර රටවල ඡන්දදායකයන්ට දැන් විකල්පයක් තිබෙනවා. එනම් ඡන්ද අපේක්ෂකයන්ට අමතරව ‘මේ කිසිවකුත් නොවේ’ (None of the Above, NOTA) යනුවෙන්ද ඡන්ද පත‍්‍රිකාවේ සඳහන් වීමයි. මෙය අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය (Right to Reject) ලෙසද විග්‍රහ කළ හැකියි.

NOTAට ඡන්දය ප‍්‍රකාශ කළොත් එය වෙනම ගණන් කරනු ලබනවා (ඡන්ද අපතේ යාමක් හෝ ප‍්‍රතික්ෂේප වීමක් නොවෙයි.) ඡන්ද ප‍්‍රතිඵලයේදීත් එය වෙනම ප‍්‍රකාශයට පත් වනවා.

මේ විකල්පය විවාදාත්මකයි. එයින් ඡන්දදායකයන්ගේ විරෝධය නිසි ලෙස හසු කර ගනු ලැබුවත්, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඒ මොහොතේ ඉක්මන් දායකත්වයක් නැහැ. එය දිගු කාලීනව දේශපාලනය පවිත්‍ර කිරීමට උදවු වන්නක්.

එයින් සියලූ ඡන්ද අපේක්ෂකයන්ටත් දේශපාලන පක්ෂවලටත් වැදගත් හා ප්රබල පණිවුඩයක් දෙනවා. අප නියෝජනය කිරීමට මීට වඩා හොඳ අපේක්ෂකයන් අප බලාපොරොත්තු වනවා කියලා.

මෙය මුල්වරට අත්හදා බැලුනේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නිය ප්‍රාන්තයේ සන්ටා බාබරා ප්‍රදේශයේග පසුව එය නෙවාඩා ජනපදයේ නීතියක් වුණා. නමුත් ජාතික මට්ටමට තවම නීතිගත වී නැහැ.

NOTA-Logo

1980 හා 1990 දශකවල මෙය කෙමෙන් වෙනත් රටවලත් අදාල කර ගනු ලැබුවා. ඉන්දියානු දේශපාලනයේ ‘මේ කිසිවකුත් නොවේ’ යන්න මතුව ආවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ හැම දේශපාලන පක්ෂයකින්ම නාමයෝජනා ලබන අපේක්ෂකයන් පිළිබඳ මහජන අප‍්‍රසාදය හේතුවෙන්.

දූෂණ චෝදනා ලද, අපරාධ නඩු හරහා පෙර දඬුවම් ලද හෝ වෙනත් වංචනික රියා නිසා නම පලූදු කර ගත් දේශපාලකයන් සංඛ්යාව වැඩිවත්ම මැතිවරණවලදී තමන්ට හරි තේරීමක් කිරීමට අමාරු බව එරට ඡන්දදායකයන්ට පෙනී ගියා.

මේ නිසා ඡන්ද පත‍්‍රිකා කටු ගා දැමීම වෙනුවට එම විරෝධය නිල වශයෙන් ප‍්‍රකාශ කිරීමට ඡන්දදායකයන්ට විකල්පයක් සම්පාදනය කළ යුතු යයි ඉන්දියානු මැතිවරණ කොමිසම මුල් වරට යෝජනා කළේ 2001දී. එහෙත් බලයේ සිටි රජයන් මෙයට කැමති නොවූ නිසා එය ක‍්‍රියාත්මක වීම වසර ගණනක් කල් ගියා.

ඉන්දියාවේ සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය ප‍්‍රබලයි. ඔවුන් හොඳ අදහසක් ලෙහෙසියෙන් අත හරින්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සහායට ආවේ වෘත්තිකයන් හා සිවිල් සංවිධානයි. ඔවුන් මේ ගැන ජන මතයක් ගොඩ නැගුවා.

අන්තිමේදී සිවිල් අයිතිවාසිකම් සඳහා ජනතා සංවිධානය (People’s Union for Civil Liberties, www.pucl.org) නම් රාජ්‍ය නොවන සංවිධානය මේ උදෙසා උද්ඝෝෂණය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන ගියා. ඔවුන් පොදු උන්නතිය සඳහා වන පෙත්සමක් (public interest litigation) ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරමින් NOTA සඳහා මැතිවරණ නීති සංශෝධනය කරන්න රජයට නියම කරන මෙන් අයැද සිටියා.

දීර්ඝ වශයෙන් මේ ගැන සලකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2013 සැප්තැම්බර් 27 වනදා ඓතිහාසික තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළා. අගවිනිසුරු පී. සතාසිවම් ප‍්‍රමුඛ තුන් විනිසුරු මඩුල්ලක් කියා සිටියේ: ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික හරයක් වන්නේ තෝරා ගැනීමේ හැකියාවයි. ඉදිරිපත්ව සිටින කිසිදු මැතිවරණ ඡන්ද අපේක්ෂකයකු පත් වීමට නොසුදුසු යයි සිතන ඡන්දදායකයන්ට එයට එරෙහිව සිය ඍණ ඡන්දයක් ප‍්‍රකාශ කිරීමට අවකාශ ලබා දිය යුතුයි’ කියායි.

Full judgement by Indian Supreme Court

How NOTA works in India
How NOTA works in India

ඒ වන විටත් එබඳු ඍණ ඡන්ද (negative voting) ප‍්‍රකාශ කිරීමේ වරම ලබා දී ඇති රටවල් 13ක් මේ තීරණයේ නම් වශයෙන් සඳහන් වුණා. ඒ අතර ප‍්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, ෆින්ලන්තය වැනි දියුණු රටවල් මෙන්ම බංගලාදේශය, බ‍්‍රසීලය, චිලී, කොලොම්බියා වැනි දියුණු වන රටවල් ද වනවා.

ඡන්ද අපේක්ෂකයන් කිසිවකුත් ගැන පැහැදීමක් නැති ඡන්දදායකයන් මැතිවරණවලට සහභාගී වීම වඩාත් දිරිමත් කැරෙන රමවේදයක් ලෙස මෙය හඳුන්වා දුන් ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය, සඳහා විධිවිධාන යෙදීමට එරට මැතිවරණ කොමිසමට නියෝග කළා.

වසර දොලහකටත් වඩා මේ පියවර හඳුන්වාදීමට කැමැත්තෙන් සිටි කොමිසම මේ තීන්දුව ඕනෑකමින් ක‍්‍රියාත්මක කළා. 2013 ඔක්තෝබර් 28 වනදා පැහැදිලි කිරීමක් කළ කොමිසම කීවේ ‘මේ කිසිවකුත් නොවේ’ යන්නට යම් ඡන්ද කොට්ඨාශයක වැඩිම ඡන්ද ගණන ලැබුණොත් එම ආසනයේ නියෝජනය හිස් නොවනු පිණිස ඊළඟට වැඩිම ඡන්ද ලැබූ අපේක්ෂකයා තේරී පත් වන බවයි. (එහෙත් ඡන්දදායකයන්ගේ විරෝධය ඒ වන විට මැනවින් ප‍්‍රකාශ වී හමාරයි!)

ඉන්දියාවේ ප්‍රකට බුද්ධිමතකු වන ප්‍රතාප් භානු මේථා මෙසේ කියනවා: “අපේ අඩුපාඩු බහුල ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වඩාත් ප්‍රශස්ත කිරීමට මෙය ඉදිරි පියවරක්. මේ හරහා ඡන්දදායකයන්ගේ බලය වැඩි වනවා. දේශපාලන පක්ෂ වඩාත් සුපරීක්ෂාකාරීව අපේක්ෂකයන්ට නාමයෝජනා දීමට පොලඹවනවා. අනාගතයේ ඡන්දය ඉල්ලීමට පෙරුම් පුරන උදවියත් වඩාත් ප්‍රවේශම්සහගත වනවා.”

1999 සිට ඉන්දියාවේ ඡන්දය ප‍්‍රකාශ කරන්නේ විද්‍යුත් ඡුන්ද පුවරුවක (electronic voting machine, EVM) බොත්තම් තද කිරීමෙන්. 2014 අපේ‍්‍රල්-මැයි මහ මැතිවරණයේදී මුල් වරට ජාතික මට්ටමින් NOTA විකල්පය එරට මිලියන 800කට වැඩි ඡන්දදායකයන්ට ලැබුණා.

NOTA option in electronic voting machine in India
NOTA option in electronic voting machine in India

ලෝකයේ විශාලතම මැතිවරණය වූ එහිදී ආසන 543ක් සඳහා ඡන්ද අපේක්ෂකයන් 8,251ක් තරග කළා. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 66.38%ක් (එනම් මිලියන 551.3ක්) විද්‍යුත් ඡන්ද යන්ත‍්‍ර මිලියන 1.4ක් හරහා සිය ඡන්දය ප‍්‍රකාශ කළා. මේ දැවැන්ත ව්‍යායාමයේ ප‍්‍රතිඵල 2014 මැයි මැදදී නිකුත් වුණා. ඒ අනුව භාරතීය ජනතා පක්ෂය (BJP)පෙරටු කර ගත් NDA සන්ධානය ආසන 336ක් දිනා ජය ගත් බව අපට මතකයි.

ඡන්දය ප‍්‍රකාශ කළ මුළු සංඛ්‍යාවෙන් 1.1%ක් NOTA යන්න තෝරා තිබුණා. සංඛ්‍යාත්මකව එය 5,997,054ක් (මිලියන 6කට ආසන්නයි.) NOTA ලද ප්‍රතිශතය ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වුණා. පුඩුචෙරි ප‍්‍රාන්තයේ 3%, මෙගාලයාහි 2.8%ක්, ගුජරාටයේ හා චටිස්ගා වැනි ප‍්‍රාන්තවල 1.8%ක් ආදී වශයෙන්.

එය සංඛ්‍යාත්මකව සුළුතරයක් වුවද NOTA හරහා මහජනතාව ඉන්දීය දේශපාලන පක්ෂවලට ප්‍රබල පණිවුඩයක් දී තිබෙනවා. එසේම තමන් කැමති අපේක්ෂකයන් කිසිවකුත් නොසිටීම නිසා මෙතෙක් කල් ඡන්දය දීමට නොගිය ඡන්දදායකයන් සැලකිය යුතු පිරිසක්ද මේ විකල්පය නිසා සහභාගී වූවා යැයි සිතිය හැකියි. (2014 මැතිවරණයේදී එරට මහ මැතිවරණයක ඉහළම ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රතිශතය වාර්තා වුණා.)

මේ අතර NOTA සංකල්පය බි‍්‍රතාන්‍ය මැතිවරණ ක‍්‍රමයට හඳුන්වා දීමට දැනට වසර ගණනක සිට සමහර සිවිල් ක‍්‍රියාකාරීන් උත්සාහ කරනවා. පාලක පක්ෂ හා විපක්ෂ දෙපසම දූෂිත, විෂමාචාර චෝදනා ලද මන්ත‍්‍රීන් සංඛ්‍යාව මෑත කාලයේ වැඩි වීමත් සමග සමස්ත නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්පය එරට ඡන්දදායකයන්ට එපා වීමේ අවදානම මතුව තිබෙනවා.

‘කිසි අපේක්ෂකයකුට මගේ ඡන්දය නෑ’ (No Candidate Deserves My Vote!) නම් දේශපාලන පක්ෂයක් ද මේ ක‍්‍රියාකාරීන් පිහිටුවාගෙන තිබෙනවා. එහෙත් කවදා ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේවි දැයි කිව නොහැකියි.

Image courtesy Sri Lanka Brief

ජන ප්රසාදයෙන් ජය ලැබූ අපේක්ෂකයකු ඡන්දයෙන් පසු පිල් මාරු කිරීම, දූෂිත වීම, ඡන්දදායකයන් නොතකා හැරීම හෝ වෙනත් අයුරින් පිස්සු නැටීම කළොත් අපට කුමක් කළ හැකිද?

ඉන්දියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වඩාත් පරිපූර්ණ කිරීමට අත්හදා බැලීම් කරන දැවැන්ත පර්යේෂණාගාරයක්. එරට සමහර ක‍්‍රියාකාරිකයන් ප‍්‍රවර්ධනය කරන තවත් සංකල්පයක් නම් ඡන්දයෙන් තේරී පත් වන නියෝජිතයන් වැරදි වැඩ කළ විට ඉක්මනින් ගෙදර යැවීමේ හැකියාවයි (Right to Recall, RTR).

මෙය වඩා හොඳින් ක‍්‍රියාත්මක කළ හැක්කේ සමානුපාතික ඡන්ද ක‍්‍රමය නොව කේවල ඡන්ද ක‍්‍රමය ඇති රටවලයි. මේ සංකල්පය දැනටමත් ඇමෙරිකාවේ ජනපද රැසක හා පේරු රටේ නීතිගතයි. පේරු රටේ ඡන්දදායකයන් අතරින් 50%ක් යම් මහජන නියෝජිතයකුගේ ඉවත් කිරීම ඉල්ලා සිටියොත් එය බලාත්මක වනවා.

ඇමරිකාවේ සමහර නාමධාරී නගරාධිපතිවරුන්, ප‍්‍රාන්ත ආණ්ඩුකාරයන්, සෙනෙට් සභිකයන් සිය ධුර කාලය හමාර වීමට පෙර ජනතාව විසින් ගෙදර යැවූ අවස්ථා රැසක් පසුගිය සියවස පුරාම තිබෙනවා.

එසේම එය අසාර්ථක වූ අවස්ථාද තිබෙනවා. චෝදනා එල්ල කිරීම ලෙහෙසි වුවත් තහවුරු කිරීම අමාරු වැඩක්. එහෙත් අදාළ නීති රීති හා ආයතන ව්‍යුහය සවිමත් නම් ජනතා පරමාධිපත්‍යය ද වඩා සවිමත් වනවා.

ස්විට්සර්ලන්තයේ ජාතික මට්ටමෙන් මෙය නීතිගත කර නැතත්, ප‍්‍රාන්ත (කැන්ටන්) මට්ටමෙන් කිහිපයක එයට ඉඩ දී තිබෙනවා. 1995දී කැනඩාවේ බි‍්‍රටිෂ් කොලොම්බියා ප‍්‍රාන්තය ද මෙවැනි නීතියක් හඳුන්වා දුන්නා.

ඉන්දියාවේ මේ RTR සංකල්පය කලෙක සිට ප‍්‍රවර්ධනය කරන්නේ රාහුල් චිමන්භායි මේථා නම් පරිගණක වෘත්තිකයා. මේ සංකල්පය විස්තර කරමින් ඔහු වෙබ් අඩවි, පුවත්පත් දැන්වීම් හා සංවාද මණ්ඩප ආදිය පවත්වාගෙන යනවා. 1998 ඇරැඹි මේ ව්‍යායාමය තවමත් සාර්ථක වී නැතත් රටේ තුන්වන බලවේගය ලෙස දැන් සැළකෙන පොදු මිනිසාගේ පක්ෂය හෙවත් ආම් ආද්මි පක්ෂය (AAP) එය පිළිගැනීම ලොකු ඉදිරි පියවරක්.

AAP නිල වෙබ් අඩවියේ මෙසේ කියනවා. ‘අපේ ඡන්දය ලබා දිනන සමහර අපේක්ෂකයන් ඊට පස්සෙ සොයා ගන්නවත් බැරි වෙනවා. ඡන්ද කොට්ඨාශයේ මහජනයාගේ ප‍්‍රශ්න නොතකා හරිනවා. එහෙත් වත්මන් ක‍්‍රමයේදී මේ අය අවුරුදු පහකට තනතුරු දරනවා. අප යෝජනා කරන්නේ මේ ධුර කාලය හමාර වීමට පෙර වුවත් දූෂිත හෝ වගකීම් රහිත මහජන මන්ත‍්‍රීවරයකු ගෙදර යැවීමට හැකි නීතිගත අයිතියක්. මැතිවරණ කොමිසමට එබඳු මන්ත‍්‍රීන් ගැන පැමිණිලි කිරීමට මහජනයාට අවකාශ තිබිය යුතුයි. ඔවුන්ගේ තැනට (අතුරු මැතිවරණයකින්) නව නියෝජිතයකු පත් කළ හැකි විය යුතුයි.’

ඉන්දියාවේ මේ සංකල්පය කවදා ක‍්‍රියාත්මක වේද යන්න කිව නොහැකියි. දේශපාලන සදාචාරයට ඍජුවම බලපෑම් කළ හැකි මෙබඳු ප‍්‍රතිසංස්කරණවලට පක්ෂ භේදයකින් තොරව දේශපාලන පක්ෂ නොකැමති වීම හෝ උදාසීන වීම දැකිය හැකියි.

එහෙත් වසර ගණනාවක ප‍්‍රමාදයකින් පසුව 2015 මාර්තු 26 වනදා RTR සංකල්පය බි‍්‍රතාන්‍යයේ නීතියක් ලෙස සම්මත වී ක‍්‍රියාත්මක වීම ඇරඹුණා.

මන්ත‍්‍රීවරයකු සිර දඬුවමක් ලැබුවහොත් හෝ අයථා හැසිරීම නිසා සභා දින 21ක් අවම වශයෙන් තහනමකට ලක් වුවහොත් එම මන්ත‍්‍රීවරයා ගෙදර යැවීමට එය හේතුවක් කොට ගත හැකියි. එහිදී සති 8ක් පුරා අදාල ඡන්ද කොට්ඨාශයේ ඡන්දදායකයන්ට අත්සන් කළ හැකි පෙත්සමක් 10%කට වඩා අත්සන් ලබා ගතහොත් මන්ත‍්‍රීවරයා ගෙදර! ඉන් පසු අතුරු මැතිවරණයක් පැවැත්විය යුතුයි.

"Don't give nominations to politicians with casino or corruption links" - March 12 Movement's poster in Sri Lanka in mid 2015
“Don’t give nominations to politicians with casino or corruption links” – March 12 Movement’s poster in Sri Lanka in mid 2015

සිවුමංසල කොලූගැටයා #230: ජාතික ආරක්ෂාවට යයි කියා රජය පුරවැසියන්ගේ ඔත්තු බැලීම හරිද?

The July 21 Statement on Freedom of Expression and Media Freedom, issued by 10 media associations and advocacy groups in Sri Lanka for the attention of political parties contesting in General Election 2015, included this recommendation:

Privacy and Surveillance: The state should respect and protect the privacy of all citizens. There should be strict limits to the state surveillance of private individuals’ and entities’ telephone conversations and electronic communications. In exceptional situations, such surveillance should only be permitted with judicial oversight and according to a clear set of guidelines.”

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 2 August 2015), I have expanded on this by exploring the extent of state electronic surveillance in Sri Lanka.

It is a murky field where evidence is not easily found, and I rely heavily on the published accounts by leading national and international media groups: Freedom on the Net Report on Sri Lanka; Reporter Sans Frontiers (RSF) report on countries under state surveillance: Sri Lanka section; and investigative articles published by Sri Lanka’s Groundviews.org.

I also look at the legal provisions for surveillance and gaps in legal protection for privacy in Sri Lanka. All this points out to an overbearing state that spies on private citizens as and when it pleases, all on the pretext of national security. We need clearer guidelines and judicial oversight to restrain the state from turning into Big Brother.

Are we being watched by our government without our knowledge or consent? Is it legal?
Are we being watched by our government without our knowledge or consent? Is it legal?

භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස සඳහා දේශපාලන පක්ෂවලට ප‍්‍රමුඛතා දහයක් ඉදිරිපත් කරන්නට ජූලි 21 වනදා කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීනී සීතා රන්ජනී මෙසේ කීවා.

‘‘පසුගිය වකවානුවේ (2014 අග දක්වා) අප බොහෝ දෙනකුගේ දුරකථන සංවාද හා ගමන් බිමන් සියල්ල සොයා බලන බව අපට තේරුණා. අප දුරකථන මගින් කතා කොට මාධ්‍යවේදී පුහුණු වැඩමුළු සැලසුම් කර අදාල තැනට යන විට කොහෙන්දෝ එකවර මතු වන විරෝධතාවලට අප මුහුණු දුන්නා. අප රැස්වන තැන්, යොදා ගන්නා සම්පත්දායකයන් ආදී හැම තොරතුරක්ම කෙසේ හෝ මේ උදවිය කල් තබා දැන සිටියා. මෙය හැකි වුණේ අප නිරතුරු ආවේක්ෂණයට ලක් වූ නිසායි.’’

මෙය බරපතල තත්ත්වයක්. රාජ්‍ය ආවේක්ෂණ (state surveillance) අත්දැකීම අඩු වැඩි පමණින් ලද තවත් බොහෝ මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් හා දේශපාලකයන් මෙරට සිටිනවා. ගෙවී ගිය දශකයේදී මෙරට රජය විසින් පුරවැසියන් ආවේක්ෂණය කිරීම බොහෝ සෙයින් පුළුල් වූ බවට ඉඟි තිබෙනවා.

See: Freedom on the Net: Sri Lanka Report 2014

යුද්ධය පවතින විට ජාතික ආරක්ෂාව සඳහා යම් පුද්ගලයනගේ හා කණ්ඩායම්වල කතාබහ ආවේක්ෂණය කළත් යුද්ධය නිමා වීමෙන් පසුවත් වසර ගණනක් එය දිගටම පවත්වාගෙන යාම කෙසේ සාධාරණීකරණය කළ හැකිද?

එසේම අපරාධකරුවන්, කැරලිකරුවන් හෝ වෙනත් නීති විරෝධී ක‍්‍රියාවල නිරත වූවන්ගේ සැලසුම් කල් තබා අනාවරණය කර ගන්නට යයි කියා කරන ආවේක්ෂණ විපක්ෂ දේශපාලකයන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් හා සරසවි ඇදුරන් දක්වා දිගු වූයේ ඇයි? ජාතික ආරක්ෂාව නම් සංකල්පය පවත්නා රජයේ ආරක්ෂාව ලෙසින් පටු ලෙස විග‍්‍රහ කිරීම නිසාද?

Do you know who is watching you?
Do you know who is watching you?

Dialog CEO Hans Wijesuriya: “No surveillance program in Sri Lanka, but telecoms have to comply”’. The Republic Square, 28 September 2013

මහා පරිමාණ ආවේක්ෂණය වෙත ගෙවී ගිය දශක දෙක තුනක් තිස්සේ මෙරට පැවති සියලූ රජයන් යොමු වීම සිවිල් අයිතිවාසිකම් පැත්තෙන් බලන විට මහත් අහිතකර ප‍්‍රවණතාවක්.

මෙය පුරවැසියන් නොදැනුවත්ව, අධිකරණ අධීක්ෂණයකින් තොරව දිගටම සිදුවීමට එරෙහිව ඇති තරම් සමාජ ප‍්‍රතිවිරෝධයක් මතු නොවීමද තැති ගත යුතු මට්ටමේ කාරණයක්. අප මේ තරමට දැන් සමාජයක් ලෙස උදාසීන වී සිටිනවාද?

2014 දෙසැම්බර් 25 වනදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ශ‍්‍රී ලංකාවේ එවකට උත්සන්න වෙමින් තිබූ ජනාධිපතිවරණ කැම්පේන් ගැන දීර්ඝ ලිපියක් පළ කළා. විවිධ දේශපාලන චරිත සමග සාකච්ඡා කිරීමෙන් පසු ලියැවුණු එහි එක් තැනෙක හිටපු ධීවර අමාත්‍ය (දැන් සෞඛ්‍ය අමාත්‍ය) දොස්තර රාජිත සේනාරත්න උපුටා දක්වමින් කියන්නේ නොවැම්බර් 21 වනදාට පෙර පොදු විපක්ෂ අපේක්ෂකයා ගැන කතාබහ ඉතා රහසිගතව සිදු කරන ලද බවයි.

With Viber's help, opposition politicians dodged Rajapaksa regime's surveillance in late 2014
With Viber’s help, opposition politicians dodged Rajapaksa regime’s surveillance in late 2014

හොරෙන් අසා සිටීමට ලක් නොවන ආකාරයේ (චන්ද්‍රිකා?) දුරකථන භාවිත කරමින්, සංකේත බසින් තමා ඇතුළු පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා කිරීම සැලසුම් කළ බව ඔහු කියනවා. ඉන්ටනෙට් හරහා කටහඬ හා ලිඛිත පණිවුඩ හුවමාරු කර ගත හැකි වයිබර් (Viber) නම් මෘදුකාංගයද මේ පිරිස යොදාගෙන තිබෙනවා.

මෙතරම් ප‍්‍රවේශම්කාරී වීමට හේතුව බොහෝ විපක්ෂ දේශපාලකයන් මෙන්ම ඇතැම් (එවකට) ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ද ගිය රජය විසින් දැඩි ලෙස ආවේක්ෂණයට ලක් කර තිබූ නිසායි. මේ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද වරක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා.

රජයන් විසින් සිවිල් ජනයා ආවේක්ෂණය මුල් යුගයේ කරනු ලැබුවේ දුරකථන සංවාදවලට දුරකථන හුවමාරු (phone exchange) හරහා රහසිගතව සවන් දීමෙන්. එහෙත් පරිගණක හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග වඩාත් සූක්ෂමව, පුළුල්ව හා ස්වයංක‍්‍රීය ලෙසින් දුරකථන සංවාද පමණක් නොව ඊමේල්, ස්කයිප් කතාබහ හා ඉන්ටර්නෙට් හරහා කරන බොහෝ හුවමාරු කිසිවකුට නොදැනී ආවේක්ෂණය කළ හැකිව තිබෙනවා.

Internet surveillance: not just in China...
Internet surveillance: not just in China…

ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධිත පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් තුළට හොර රහසේ පිවිසී එහි දත්ත හා පණිවුඩ හීන්සීරුවේ පිටස්තර පාර්ශ්වයකට ලබා දීමේ ඔත්තු බලන ක‍්‍රම දියුණු කොට තිබෙනවා.

පරිගණක හෝ ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකුට මේ ගැන වැටහීමක් නැහැ. රජයට පමණක් නොව ටෙලිකොම් සමාගම්වලටද මේ හැකියාව තිබෙනවා.

ආවේක්ෂණ තාක්ෂණයන් හා සේවාවන් අධික මිලකට අලෙවි කරන තාක්ෂණ සමාගම් ලෝකයේ තිබෙනවා. බොහෝ විට ඔවුන්ගේ ගැනුම්කරුවන් වන්නේ රාජ්‍ය බුද්ධි අංශ හා අපරාධ පරීක්ෂණ පොලිසි ආදියයි.

ඉතාලියේ මිලාන් නුවර පිහිටි මෙබඳු එක් සමාගමක් ‘හැකිං ටීම්’ (Hacking Team) නම් වනවා. 2013දී දේශසීමා විරහිත වාර්තාකරුවෝ (RSF) නම් ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් ක‍්‍රියාකාරී සංවිධානය ප‍්‍රසිද්ධ චෝදනාවක් කළා. එනම් හැකිං ටීම් මගින් සපයන ආවේක්ෂණ පහසුකම් යොදා ගනිමින් මර්දනකාරී ආණ්ඩු භාෂණ නිදහස හා මාධ්‍ය නිදහසට තර්ජනය වන ලෙස මාධ්‍යවේදීන්, විකල්ප මතධාරීන් හා වෙබ් ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව ක‍්‍රියා කරන බවයි.

RSF report on countries under state surveillance: Sri Lanka

2015 ජූලි මස මුලදී හැකිං ටීම් සමාගමේ පරිගණකවලට ද යම් කිසිවකු අනවසරයෙන් පිවිසී (හැක් කොට) ඔවුන්ගේ දත්ත අතිවිශාල සමුදායක් (400GB) ඕනෑම කෙනකුට බලා ගත හැකි වන්නට ඉන්ටර්නෙට් ජාලයට මුදා හරිනු ලැබුවා. මේ සමාගම ලෝකයේ කිනම් රජයන්ට කුමන ආවේක්ෂණ උපකරණ හා සේවා සපයා ඇත්ද යන්න ගැන මෙතෙක් රහසිගතව තිබූ තොරතුරු රැසක් මේ හරහා අනාවරණය වුණා.

මේ අනුව ලොව පුරා විසිර සිටින පොලිසි, මිලිටරි, මධ්‍යම රජයන් හා පළාත් රජයන් 70කට වැඩි ගණනකට ඔවුන් අවේක්ෂණ තාක්ෂණයන් ලබා දී යූරෝ මිලියන් 40කට වඩා උපයා ගෙන තිබෙනවා.

Hacking Team Emails Expose Proposed Death Squad Deal, Secret U.K. Sales Push and Much More

Groundviews: Going beyond mainstream media in the public interest
Groundviews: Going beyond mainstream media in the public interest

මේ ඔස්සේ ගවේෂණය කළ මෙරට පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක් වන ග‍්‍රවුන්ඞ්වීව්ස් (Groundviews.org), මෙම ඉතාලි සමාගම 2013-14 කාලයේ ශ‍්‍රී ලංකාවේ බුද්ධි සේවාවලට ද සිය සේවා අලෙවි කිරීමට ඊමේල් ගණනාවක් හුවමාරු කරගෙන ඇති බව සොයා ගත්තා.

විශේෂයෙන් ඕනෑම ආරක්ෂිත පරිගණකයකට හොරෙන් පිවිසී ඔත්තු බැලිය හැකි Remote Control System (RCS) නම් තාක්ෂණය ගැන මෙරට සිට ඔවුන්ගෙන් විමසා තිබුණා. 2014 මාර්තුවේ ඔවුන්ට මෙරටින් යවන ලද එක් ඊමේල් පණිවුඩයක් කීවේ ‘ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය, සරසවියක් ද සමග එක්ව විද්‍යුත් ආවේක්ෂණ හා සෙවීමේ ක‍්‍රමයක් පිහිටුවීමට සැලසුම් කරන’ බවයි.

මේ සරසවිය කුමක්ද යයි පැහැදිලි නැහැ (කොළඹ හෝ මොරටුව විය යුතුයි). එසේම ගිය රජය විසින් මෙම තාක්ෂණය මිලට ගත්තා ද යන්න ඊමේල් හුවමාරුවෙන් හරිහැටි කිව නොහැකියි. එහෙත් කිසිදා නොතිබූ තරම් දැවැන්ත ආවේක්ෂණ ප‍්‍රයත්නයක් සඳහා සැලසුම් කළ බව නම් පෙනෙනවා.

Hacking the hackers: Surveillance in Sri Lanka revealed

Sanjana Hattotuwa
Sanjana Hattotuwa

ඩිජිටල් හා සයිබර් මාධ්‍ය හරහා අප ලෙහෙසියෙන් සන්නිවේදනය කරන අතර පෞද්ගලිකත්වය රැක ගැනීමට වගකීමෙන් හා අරපරීක්ෂාවෙන් ක‍්‍රියාකළ යුතුයි. ඩිජිටල් ක‍්‍රියාකාරී හා ග‍්‍රවුන්ඞ්වීව්ස් කතුවර සංජන හත්තොටුව මෙය යළි යළිත් අවධාරණය කරනවා.

ඉතාලි ආවේක්ෂණ තාක්ෂණය කෙසේ වෙතත්, 2010-12දී චීන ටෙලිකොම් සමාගම්වලට මෙරටට උපකරණ සැපයීමට ඉඩදීම හරහා ආවේක්ෂණ හැකියාව ලැබෙන්නට ඇතැයි සංජන අනුමාන කරනවා. මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තවමත් නීතිගතව නැති නිසා විස්තර සොයා යෑම අපහසුයි.

2012 පෙබරවාරි 16 වනදා විග‍්‍රහයක් පළ කරමින් සංජන කීවේ හුවාවෙයි (Huawei) හා ZTE නම් චීන සමාගම් මෙරටට ඩොලර් මිලියන ගණන් වටිනා විදුලි සංදේශ උපකරණ සපයන බවයි. බටහිර රටවලට ඉන් පෙර සපයන ලද උපකරණ හරහා නොදැනීම සයිබර් ඔත්තු බැලීමට චීන රජයට ආධාර කළා යැයි මේ චීන සමාගම් දෙකටම බරපතල චෝදනා එල්ල වී තිබුණා.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ADSL ඉන්ටර්නෙට් බෙදාහැරීම් පද්ධතිය Huawei තාක්ෂණය යොදා ගන්නවා. අහිංසක ලෙස පෙනුණත් මේ හරහා හොර රහසේ ග‍්‍රාහකයන්ගේ පෞද්ගලික ඊමේල්, ස්කයිප් හා අනෙක් හුවමාරුවලට ප‍්‍රවේශම්වීමේ හැකියාව මෙරට බුද්ධි අංශවලට දැනටමත් ලැබී ඇත්ද? සංජන හත්තොටුව මේ ගැන වසර කිහිපයක සිට අනතුරු අඟවනවා.

Are Chinese Telecoms acting as the ears for the Sri Lankan government?

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව මුළුමනින්ම තහවුරු කර ගැනීම අසීරු වුවත් වඩා හොඳින් ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර කියා දෙන පෝස්ටර් පෙළක් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මගින් 2012දී භාෂා තුනෙන්ම නිකුත් කරනු ලැබුවා.

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර...
තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර…

1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත (1996දී සංශෝධිත) හා 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත යම් පටු පරාසයක් තුළ විද්‍යුත් ආවේක්ෂණය හා අනවසරයෙන් පණිවුඩ/දත්ත ග‍්‍රහණය කිරීම වරදක් යයි පිළි ගන්නවා. එහෙත් නීතිය ක‍්‍රියාත්මක කරන රජයේ ආයතනවලට අවශ්‍ය අවස්ථාවන්හිදී එසේ කිරීමට ඉඩකඩ තිබෙනවා. (ඒ කියන්නේ පාඨක ඔබ හෝ මා එය කළොත් නීති විරෝධියි. එහෙත් රජය කළොත් එසේ නැහැ!).

එසේ ආවේක්ෂණය කරන විට කුමන විනයක්, සීමාවක් හෝ ක‍්‍රමවේදයක් රාජ්‍ය ආයතන අනුගමනය කළ යුතුද යන්න නීතිවලින් කියා නැහැ. ජාතික ආරක්ෂාවයටතේ සිත් සේ ක‍්‍රියා කිරීමේ ඉඩ තිබෙනවා වගෙයි.

ඕනෑම කෙනකුට පෞද්ගලිකත්වයක් තිබෙනවා. එයට මානව අයිතියක් ද තිබෙනවා. පොදු අවකාශයේ ඉතා ප‍්‍රකට ජීවිත සතු කලාකරුවන්, ක‍්‍රීඩකයන් හා දේශපාලකයන්ට ද මේ අයිතිය තිබිය යුතුයි. එය ස්ව-කැමැත්තෙන් පසෙක ලීම පුද්ගල අභිමතයක්. එහෙත් එසේ නොකරන තුරු රටේ ආණ්ඩුවට හෝ වෙනත් පිරිසකට (උදා: පැපිරාට්සි ආකාරයේ ඡායාරූප ශිල්පීන්) පෞද්ගලික ජීවිතවල ඔත්තු බැලීම සදාචාර සම්පන්න නැහැ. බොහෝ රටවල මෙය නීති විරෝධියි.

අපේ ආණ්ඩුකරම ව්යවස්ථාවෙන් පිළිගැනෙන හා සහතික කරන මූලික මානව අයිතිවාසිකම් අතර පෞද්ගලිකත්වය (privacy) රැක ගැනීමට ඇති අයිතිය ඇතුළත් නැහැ. එහෙත් සෑම කෙනකුටම එම අයිතිය හිමි බව ශිෂ්ඨ සමාජවල පුළුල්ව පිළි ගැනෙනවා.

නීතියෙන් නොවුවත් සමාජ සම්මතයට අනුව කෙනකුගේ පෞද්ගලික සිතුම් පැතුම්, ලියුම් හා අනෙකුත් සන්නිවේදනයන් පොදු අවකාශයට අයත් නැහැ. එසේම රාජ්‍යයට හෝ රාජ්‍යයේ තාවකාලික භාරකරු ලෙස කටයුතු කරන ආණ්ඩුවකට පුරවැසියන්ගේ පෞද්ගලික සන්නිවේදනවලට පිවිසෙන්නට හා ඒ හරහා තොරතුරු එක් රැස් කරන්නට සදාචාරමය අයිතියක් නැහැ.

මේ සම්මතය බිඳ වැටෙන අවස්ථා ඉඳහිට තිබෙනවා. යුද බිමෙහි ක‍්‍රියාන්විත සේවයේ නිරතව සිටින හමුදා සෙබලූන් හා ඔවුන්ගේ පවුල් අතර සන්නිවේදන හමුදා බලධාරීන්ගේ ආවේක්ෂණයට ලක් විය හැකියි. දැනවුත්ව හෝ නොදැනුවත්ව යුද බිමේ සැබෑ තොරතුරු හෝ හමුදා රහස් හෝ පිටත යාමට ඉඩක් ඇති නිසා. එසේම සමහර රටවල සිරකරුවන් ලබන හා යවන සන්නිවේදන ද විමර්ශනයට ලක් කැරෙනවා.

එහෙත් හමුදා සේවයේ හෝ සිරභාරයේ හෝ නොසිටින සෙසු පුරවැසියන්ට සිය පෞද්ගලිකත්වය රැක ගැනීමට සෑම අයිතියක්ම තිබෙනවා.

Edward Snowden on the right to privacy
Edward Snowden on the right to privacy

‘අපි නීතිගරුක මිනිස්සු. අපට සඟවන්න දෙයක් නැහැ. ආණ්ඩුව අපේ කතාබහ-ලියුම් කියුම් හොරෙන් ඇසුවත් බැලූවත් අපට බිය වන්නට දෙයක් නැහැ’ යයි ඇතැමෙක් කිව හැකියි. මෙය අනුවණකාරී තර්කයක්. හරියට ‘අපට භාෂණ නිදහසක් කුමටද? අපට කියන්නට කිසි දෙයක් නැහැ’ වැනිම පරාජිත ප‍්‍රකාශයක්.

ජූලි 21 ප්‍රකාශයේ ආවේක්ෂණය වැලැක්වීම ගැන නිර්දේශය මෙයයි: “තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂණයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන ආවේක්ෂණය කිරීම රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි ආවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.”

2015 මහ මැතිවරණය: භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය

2015 මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන

සියලු දේශපාලන පක්ෂවල අවධානය සඳහා…

භාෂණයේ නිදහස හා

මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රකාශය

2015 ජූලි 21

English version: SL General Election 2015: Statement on Freedom of Expression and Media Freedom

Media Reform Agenda for Lankan Political Parties - 21 July 2015
Media Reform Agenda for Lankan Political Parties – 21 July 2015

භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස හා මාධ්‍ය උන්නතිය පිළිබද දේශපාලන පක්ෂවල සැබෑ කැපවීම පෙන්වන තෙක් ඡන්දදායක රටවැසියන් මහත් අපේක්ෂාවෙන් පසු වේ.

  • ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමුළු ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI)
  • නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)
  • ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා පත්‍රකලාවේදීන්ගේ සංගමය
  • ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංධානය
  • ප්‍රජා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ගේ ජාතික කමිටුව
  • තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සමාජය
  • ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
  • යාපනය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Jaffna Press Club)

එක්ව කරන ප්‍රකාශනයකි.

Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015
Media Reform Recommendations for Political Party Commitment prior to Sri Lanka General Election 2015. Press Conference at Sri Lanka Press Institute, 21 July 2015

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව භාෂණයේ හා මාධ්‍ය නිදහස පිළිබඳව යම් මට්ටමක සාධනීය තත්ත්වයක් ඇති කර ගැනීමට සමත් වූ බව පෙනෙන්නට තිබේ.

මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙත එල්ල වූ බලපෑම් හා තර්ජන වැලැක්වීමට ගත් ක්‍රියා මාර්ග, පදනම් විරහිත ලෙස අවහිර කරන ලද දේශපාලනික වෙබ් අඩවි නැවත නිදහස් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී මුලික අයිතිවාසිකමක් ලෙස පිළි ගැනීම, දේශපාලනික හේතුන් මත රට හැර ගොස් සිටින ජනමාධ්‍යවේදීන්ට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට රජය විසින් කරනු ලබන විවෘත ආරාධනා, වැනි පියවර මේ බවට මූලික නිමිති සපයයි.

කෙසේ වෙතත් භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස වර්ධනය කිරීම සඳහා තවත් කටයුතු රාශියක් ඉතිරි වී ඇති බව අපගේ අදහසයි. ඉදිරි මහ මැතිවරණයෙන් පසු තේරී පත් වන නව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මෙම ප්‍රතිපත්තිමය, නීතිමය, ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා අවශ්‍ය වන දේශපාලනික කැපවීම ප්‍රදර්ශනය කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි.

මේ කරුණු සැලකිල්ලට ගනිමින් ජනමාධ්‍ය නිදහස වර්ධනය කිරීමට හා එහි සාධනීය ව්‍යුහාත්මක වෙනසක් ඇති කීරීම පිළිබඳ පහත සඳහන් නිශ්චිත නිර්දේශ කෙරෙහි සිය කැපවීම ප්‍රකාශ කරන මෙන් 2015 අගෝස්තු 17 වන දින මහා මැතිවරණයට ඉදිරිපත් වන සියලු දේශපාලන පක්ෂවලින් අපි ඉල්ලා සිටිමු.

(මෙම කරුණු පෙළගැස්වීම එහි ප්‍රමුඛතාවය අනුව නොවන බව සලකන්න)

1. තොරතුරු දැනගැනීමේ අයිතිය: පුරවැසියන්ට රජය හා රජයේ ආයතන සතු තොරතුරු ලබා ගැනීමේ අයිතිය නීතියෙන් සම්මත කළ යුතුය. සියලුම මාධ්‍ය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිතව 2015 මැයි මස සකස් කොට අවසන් කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත නව පාර්ලිමේන්තුව විසින් හැකි තාක් ඉක්මනින් හා දියාරු නොකොට සම්මත කර ගත යුතුය.

2. මාධ්‍ය ස්වයං නියාමනය: 1973 අංක 5 දරණ පුවත්පත් කොමිසම පනත ඉවත් කළ යුතු අතර රජය විසින් පාලනය කරන පුවත්පත් මණ්ඩලය මුළුමනින්ම අහෝසි කළ යුතුය. ඒ වෙනුවට මාධ්‍ය කර්මාන්තය විසින්ම 2003 වසරේ ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම ශක්තිමත් කොට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආවරණය වන පරිදි පුළුල් කිරීමෙන් වඩාත් සවිමත් හා සක්‍රිය ස්වයං නියාමන ව්‍යුහයක් ස්ථාපිත කළ යුතුය.

3. නීති විමර්ශනය හා සංශෝධනය: මාධ්‍ය නිදහස කෙරෙහි ප්‍රායෝගිකව යම් යම් සීමා පන වන සිවිල් හා අපරාධ නීති තවමත් මෙරට නීති පොත්වල ඉතිරිව පවතී. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ නීති, අධිකරණයට අපහස කිරීමේ හා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ නීති මෙයට ඇතුලත්ය. මේවා විමර්ශනය කොට භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංශෝධනය කළ යුතුය.

4. ජනමාධ්‍යවේදීන්ට එරහි අපරාධ විමර්ශනය: ඝාතනය කරන ලද, පහරදීම්වලට ලක් වූ, තර්ජනයට ලක් කරන ලද, අතුරුදන් කරන ලද හෝ වෙනත් අයුරකින් හිරිහැරයට ලක් වූ මාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතන පිළිබඳව අපක්ෂපාතීව විමර්ශනය කොට, වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත්, අගතියට පත් පාර්ශව සඳහා වන්දි ලබා දීමටත් වගකීම දරන ඉහළ මට්ටමේ ස්වාධීන කොමිසමක් පත් කළ යුතුය.

Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015
Seetha Ranjanee, Convenor of Free Media Movement of Sri Lanka, speaks at press conference on media reforms: Sri Lanka Press Institute, Colombo. 21 July 2015

5. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය: භාෂණයේ නිදහස තහවුරු කරන ජාත්‍යන්තර නීති රීති වලට අනුගත වෙමින් ශ්‍රී ලංකාව තුල විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමනය කළ යුතුය. එසේ කිරීම මගින් රේඩියෝ සහ ටෙලිවිෂන් සඳහා විකාශන සංඛ්‍යාත වෙන් කිරීම විධිමත් ලෙස සැලසුම්කරණය කළ යුතුය. එසේම මහජන සේවා, වාණිජ හා ප්‍රජා යන තල තුන තුළම සේවා සැපයීම සඳහා අවස්ථා සැලසිය යුතුය. එමගින් දේශපාලනික හා වෙනත් පොදු උන්නතියට අදාල තොරතුරු ආවරණය වඩාත් සමබරව හා අපක්ෂපාතීව ගෙන ඒමට විද්‍යුත් මාධ්‍ය ආයතනවලට ඇති වගකීම ඉටු කිරීමට නියාමන බලපෑමක් කළ හැකි වනු ඇත. මහජන අභිලාෂයන් මුදුන්පත් වන අයුරුන් සමස්ත නියාමනය සිදු කළ හැකි පරිදි ස්වාධීන විකාශන අධිකාරියක් ස්ථාපනය කළ යුතුය.

6. ප්‍රජා විද්‍යුත් මාධ්‍ය: විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය නියාමනය මගින් ප්‍රජා විකාශන සේවා (community broadcasting) උනන්දු කල යුතුය. ජාත්‍යන්තර අර්ථ දැක්වීම් වලට අනුව ප්‍රජා විකාශනයන්හි හිමිකාරිත්වය හා මෙහෙයවීම ප්‍රජාව සතු විය යුතු අතර ඒවාට වඩාත් උචිත හා දරාගත හැකි ලෙස සකස් කරන ලද බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුය.

7. රාජ්‍ය මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය: මහජනයා සතු රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින පක්ෂයේ ප්‍රචාරක වැඩට යොදා ගන්නා අශීලාචාර සම්ප්‍රදායෙන් දැන්වත් අත්මිදිය යුතුය. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන තුන වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC), ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (SLBC) ස්වාධීන රුපවාහිනී සේවය (ITN) ස්වාධීන මහජන සේවා ආයතන බවට පත් කළ යුතුය. එමගින් කර්තෘ නිදහස ආරක්ෂා කරන මහජන සේවා සපයන්නෙකු බවට මේ ආයතන කෙමෙන් පරිවර්තනය කළ යුතුය. මෙම ආයතනවලට දේශපාලන බලපෑම් කිරීමට ඉඩක් නැති පරිදි ස්වාධීන ලෙස මුදල් ප්‍රතිපාදන ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එම ක්‍රියාමාර්ග මගින් එම ආයතනයන්හි මෙතෙක් කිසිදා නොපැවති ස්වාධීනත්වය ටිකෙන් ටික තහවුරු කර ගත හැකිය. ලේක්හවුස් ආයතනයටද (Associated Newspapers Ceylon Limited, ANCL) රාජ්‍ය බලපෑමෙන් ස්වාධීනව කර්තෘ නිදහස භුක්ති විඳීම සඳහා ක්‍රියාදාමයක් සකස් කල යුතුය. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ මහජන අදහස් විමසීමක් කළ යුතුය.

Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015
Lasantha Ruhunage, President of Sri Lanka Working Journalists’ Association, speaks at press conference at SLPI, Colombo, 21 July 2015

8. මාධ්‍ය වාරණය වැලැක්වීම: කිසිදු මාධ්‍යයක් කිසිවක් ප්‍රකාශනයට පෙර බලධාරීන්ගෙන් අවසර පතන වාරණ ක්‍රම සියල්ල ඉවත් කළ යුතුය. ප්‍රකාශනයෙන් හෝ විකාශයෙන් පසුව කිසිවකුට අගතියක් වේ නම් උසාවියක් මගින් මාධ්‍ය අන්තර්ගතය පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගත හැකිය. (ප්‍රසිද්ධ රැගුම් පාලන පනතද ඇතුළු) වාරණ නීති හා රෙකුලාසි නැවත සලක බැලිය යුතු අතර භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් සංස්කරණය කළ යුතුය.

9. දේශපාලන වෙබ් අඩවි සඳහා සීමා ඉවත් කිරීම: ව්‍යවස්ථාවෙන් හා ජාත්‍යන්තර සම්මුතීන් මගින් සහතික කරන ලද භාෂණයේ නිදහස උල්ලංගනය කරන පරිදි සමාජ ජාල හා අන්තර්ජාල අන්තර්ගතය පාලනය නොකළ යුතුය. රට තුළ සිට කියැවීමට නොහැකි වන සේ දේශපාලන වෙබ් අඩවි අවහිර කිරීම කිසිසේත්ම නොකළ යුතුය. රටේ නීතියට නිශ්චිතවම එරෙහි වන (අසැබි රූප ආදිය ඇතුළත්) වෙබ් අඩවි පාලනය කිරීම පිළිබඳ සීමා පැන වීමේදී එය සැම විටම අධිකරණ අධීක්ෂළය යටතේ පමණක් කළ යුතු අතර එමගින් මහජනයාගේ තොරතුරු ලබා ගැනීමේ නිදහසට හා භාෂණයේ නිදහස සඳහා වන මූලික මානව අයිතිවාසිකම්වලට කිසිදු බාධාවක් ඇති නොවිය යුතුය.

10. අවේක්ෂණය වැලැක්වීම: තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂනයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන අවේක්ෂණය කිරීම (surveillance) රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි අවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.

Covering the Press Conference at SLPI, 21 July 2015