සමාජ මාධ්‍ය අවහිර කිරීම හා නව මාධ්‍ය භීතිකාව: 2018 මාර්තු 8 වනදා ලියූ සටහනක්

This comment on Sri Lanka’s social media blocking that commenced on 7 March 2018, was written on 8 March 2018 at the request of Irida Lakbima Sunday broadsheet newspaper, which carried excerpts from it in their issue of 11 March 2018. The full text is shared here, for the record.

සමාජ මාධ්‍ය අවහිරය ඇරඹුනාට පසුවදා, 2018 මාර්තු 8 වනදා, ඉරිදා ලක්බිම පත්‍රයේ ඉල්ලීම පිට ලියන ලද කෙටි සටහනක්. මෙයින් උපුටා ගත් කොටස් 2018 මාර්තු 11 ඉරිදා ලක්බිමේ පළ වුණා.

Sunday Lakbima 11 March 2018

සමාජමාධ්‍ය අවහිර කිරීම හා නව මාධ්‍ය භීතිකාව:

– නාලක ගුණවර්ධන

‘‘අන්න සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!

නව සන්නිවේදන තාක්ෂණයන්ට දොස් තබන්නටම බලා සිටින උදවිය යළිත් වරක් මේ දිනවල මේ චෝදනාව මතු කරනවා. මොකක්ද මෙහි ඇත්ත නැත්ත?

2018 මාර්තු 7 වනදා රජය සමාජ මාධ්‍ය කිහිපයකට තාවකාලික සීමා පැනවූවා. හේතුව ලෙස දැක්වූයේ රටේ වාර්ගික ගැටුම් ඇති කරන පිරිස් සමාජ මාධ්‍ය හරහා තම ප්‍රහාරයන් සම්බන්ධීකරණය කරන බවට සාක්ෂි ලැබී ඇති බවයි.

මේ අනුව ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වේදිකා දෙකත්, WhatsApp හා Viber යන චැට් වේදිකා දෙකත් දින කීපයකට මෙරට සිට පිවිසීම අවහිර කොර තිබෙනවා. මේ නියෝගය දී ඇත්තේ ටෙලිකොම් නියාමන කොමිසමයි (TRCSL).

හදිසි අවස්ථාවක නීතිය හා සාමය රැකීමේ එක් පියවරක් ලෙස මේ තාවකාලික තහන්චිය සාධාරණීකරණය කළත්, මෙය සාර්ථක වේද යන්න සැක සහිතයි. අවහිර කරන වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වේදිකාවලට අනියම් ක්‍රමවලින් හෙවත් proxy server හරහා පිවිසීමේ දැනුම සමහරුන් සතුයි.

වෛරීය ක්‍රියා සඳහා සමාජමාධ්‍ය අවභාවිත කරන අය කොහොමටත් පරිගණක තාක්ෂණය දන්නා නිසා මෙවැනි තහන්චියකින් ඔවුන් නතර කළ හැකිද යන්න රජය මෙනෙහි කළ යුතුයි.

සමාජ මාධ්‍ය අවභාවිත කරන්නේ සාපේක්ෂව සුලු පිරිසක්. උදාහරණයකට අපේ රටේ මිලියන් හයකට වැඩි දෙනකුට ෆේස්බුක් ගිනුම් ඇති අතර එයින් වෛරීය පණිවුඩ පතුරුවන්නේ හා ප්‍රහාරවලට සන්නිවේදන කරන්නේ ටික දෙනකු පමණයි.

ඔවුන් පාලනය කරන්න පොලිසියට නොහැකි වීම නිසා සමස්ත මිලියන් හයටම ෆේස්බුක් ප්‍රවේශ වීම අවහිර කරන්න පියවර අරන්.

මේ නිසා ජාතීන් අතර සහජීවනය, සමගිය හා සාමය පිලිබඳ ෆේස්බුක් හරහා වටිනා පණිවුඩ දුන් කුමාර් සන්ගක්කාර වැනි අයගේ සන්නිවේදනත් මේ මොහොතේ සමාජගත් වන්නේ නැහැ. මුස්ලිම් ජනයා රැක ගන්න පෙරට ආ සිංහලයන් ගැන තොරතුරු ගලා යාමට ක්‍රමයක් ද නැහැ.

Popular meme – one among many – condemning Social Media Blocking in Sri Lanka in early March 2018

“සමාජ මාධ්‍යකාරයෝ” කියා පිරිසක් ඇත්තටම නැහැ. ඒවා අපට වඩාත් හුරු ආකාරයේ විධිමත් ජනමාධ්‍ය නොවෙයි. ෆේස්බුක් වැනි වේදිකාවලට ගොඩ වන්නේ, ඒවායේ සේවා නොමිලයේ ලබන්නේ සාමාන්‍ය ජනයායි. බොහෝ කොටම පෞද්ගලික සාමීචි කතාවලට. විටින්විට දේශපාලන හා කාලීන වෙනත් කථාත් එහි මතු වනවා.

ඒත් සැබැවින්ම රට ගිනි තබන ජාතිවාදී, අවස්ථාවාදී මැරයෝ නම් ෆේස්බුක් තිබුණත් නැතත් තම ප්‍රචන්ඩත්වයට කෙසේ හෝ මාර්ග පාදා ගනීවි. නිසි ලෙස නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වනවා නම් මේ දාමරිකයන් අත් අඩන්ගුවට ගෙන උසාවි ගත කළ යුතුයි.

මා මාධ්‍ය වාරණයට විරුද්ධයි. ඉන්ටර්නෙට් වාරණයටත් විරුද්ධයි. බහුතරයක් අහිංසක, හිතකර සන්නිවේදන සිදුවන වේදිකාවක්, මැරයන් ටික දෙනකුද එහි ගොඩ වී නීතිවිරෝධී වැඩට භාවිත කළ පමණින් එය ගෙඩිපිටින් අවහිර කිරීම පරිනත ක්‍රියාවක් නොවෙයි.

මේ තර්කයම මොහොතකට තැපැල් සේවාවට නැතහොත් ජන්ගම දුරකථනවලට ආදේශ කළොත්? 1988-89 වකවානුවේ ජවිපෙ විසින් තර්ජනාත්මක ලිපි කීපයක් තැපෑලෙන් යැවූ නිසා සමස්ත ලියුම් බෙදිල්ලම විටින්විට නතර කළ බව අපට මතකයි.

ඒ මෝඩ ක්‍රියාවෙන් කී ලක්ෂයක් ලියුම් ප්‍රමාද වී ගොඩ ගැසුනාද? ලියුම් බෙදිල්ල නතර කළා කියා එවකට යටිබිම්ගත ප්‍රචන්ඩ දේශපාලනයක නිරතව සිටි ජවිපෙ සන්නිවේදන නතර වුණේ නැති බව නම් අපට මතකයි.

නූතන සන්නිවේදන යථාර්ථයට අනුගත වන නව පන්නයේ නියාමන ක්‍රම හා ප්‍රතිපත්තිමය ප්‍රතිචාර අපට අවශ්‍යයි. එහි විවාදයක් නැහැ එහෙත් 20 වන සියවසේ වාරණ මානසිකත්වයෙන් 21 සියවසේ වෙබ් මාධ්‍යවලට ප්‍රතිචාර දක්වන්නට බැහැ.

බ්ලොක් කළ වෙබ් සේවාවලට අනුයක් ක්‍රම මගින් මැරයෝ පිවිසෙද්දී අහිංසක ජනයා එහි යා නොහැකිව ලත වීම පමණයි සිදුවන්නේ!

සමාජ මාධ්‍ය තවමත් සාපේක්ෂව අළුත් නිසා ඒවායේ ක‍්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.

තවත් සමහරුන් සමාජ මාධ්‍ය කවදාවත් තමන් භාවිත කළ අයත් නොවෙයි! එහෙන් මෙහෙන් අහුලාගත් දෙයින් විරෝධතා නගනවා!

සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා. එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි.  එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග‍්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.

Muslim intellectual demonises Social Media as ‘even more dangerous than physical violence against muslims’: Lakbima, 11 March 2018

Comment: Did Facebook’s “Explore” experiment increase our exposure to fake news?

Facebook Explore feed: Experiment ends

On 1 March 2018, Facebook announced that it was ending its six-nation experiment known as ‘Explore Feed’. The idea was to create a version of Facebook with two different News Feeds: one as a dedicated place with posts from friends and family and another as a dedicated place for posts from Pages.

Adam Mosseri, Head of News Feed at Facebook wrote: “People don’t want two separate feeds. In surveys, people told us they were less satisfied with the posts they were seeing, and having two separate feeds didn’t actually help them connect more with friends and family.”

An international news agency asked me to write a comment on this from Sri Lanka, one of the six countries where the Explore feed was tried out from October 2017 to February 2018. Here is my full text, for the record:

Did Facebook’s “Explore” experiment increase

our exposure to fake news?

Comment by Nalaka Gunawardene, researcher and commentator on online and digital media; Fellow, Internet Governance Academy in Germany

Despite its mammoth size and reach, Facebook is still a young company only 14 years old this year. As it evolves, it keeps experimenting – mistakes and missteps are all part of that learning process.

But given how large the company’s reach is – with over 2 billion users worldwide – there can be far reaching and unintended consequences.

Last October, Facebook split its News Feed into two automatically sorted streams: one for non-promoted posts from FB Pages and publishers (which was called “Explore”), and the other for contents posted by each user’s friends and family.

Sri Lanka was one of six countries where this trial was conducted, without much notice to users. (The other countries were Bolivia, Cambodia, Guatemala, Serbia, Slovakia.)

Five months on, Facebook company has found that such a separation did not increase connections with friends and family as it had hoped. So the separation will end — in my view, not a moment too soon!

What can we make of this experiment and its outcome?

Humans are complex creatures when it comes to how we consume information and how we relate to online content. While many among us like to look up what our social media ‘friends’ have recommended or shared, we remain curious of, and open to, content coming from other sources too.

I personally found it tiresome to keep switching back and forth between my main news feed and what FB’s algorithms sorted under the ‘Explore’ feed. Especially on mobile devices – through which 80% of Lankan web users go online – most people simply overlooked or forgot to look up Explore feed. As a result, they missed out a great deal of interesting and diverse content.

For me as an individual user, a key part of the social media user experience is what is known as Serendipity – accidentally making happy discoveries. The Explore feed reduced my chances of Serendipity on Facebook, and as a result, in recent months I found myself using Facebook less often and for shorter periods of time.

For publishers of online newspapers, magazines and blogs, Facebook’s unilateral decision to cluster their content in the Explore feed meant significantly less visibility and click-through traffic. Fewer Facebook users were looking at Explore feed and then going on to such publishers’ content.

I am aware of mainstream media houses as well as bloggers in Sri Lanka who suffered as a result. Publishers in the other five countries reported similar experiences.

For the overall information landscape too, the Explore feed separation was bad news. When updates or posts from mainstream news media and socially engaged organisations were coming through on a single, consolidated news feed, our eyes and ears were kept more open. We were less prone to being confined to the chatter of our friends or family, or being trapped in ‘eco chambers’ of the likeminded.

Content from reputed news media outlets and bloggers sometimes comes with their own biases, for sure, but these act as a useful ‘bulwark’ against fake news and mind-rotting nonsense that is increasing in Sri Lanka’s social media.

It was thus ill-advised of Facebook to have taken such content away and tucked it in a place called Explore that few of us bothered to visit regularly.

The Explore experiment may have failed, but I hope Facebook administrators learn from it to fine-tune their platform to be a more responsive and responsible place for global cacophony to evolve.

Indeed, the entire Facebook is an on-going, planetary level experiment in which all its 2 billion plus members are participating. Our common challenge is to balance our urge for self-expression and sharing with responsibility and restraint. The justified limitations on free speech continue to apply on new media too.

[written on 28 Feb 2018]

Challenges of Regulating Social Media – Toby Mendel in conversation with Nalaka Gunawardene

Some are urging national governments to ‘regulate’ social media in ways similar to how newspapers, television and radio are regulated. This is easier said than done where globalized social media platforms like Facebook, Twitter and Instagram are concerned, because national governments don’t have jurisdiction over them.

But does this mean that globalized media companies are above the law? Short of blocking entire platforms from being accessed within their territories, what other options do governments have? Do ‘user community standards’ that some social media platforms have adopted offer a sufficient defence against hate speech, cyber bullying and other excesses?

In this conversation, Lankan science writer Nalaka Gunawardene discusses these and related issues with Toby Mendel, a human rights lawyer specialising in freedom of expression, the right to information and democracy rights.

Mendel is the executive director of the Center for Law and Democracy (CLD) in Canada. Prior to founding CLD in 2010, Mendel was for over 12 years Senior Director for Law at ARTICLE 19, a human rights NGO focusing on freedom of expression and the right to information.

The interview was recorded in Colombo, Sri Lanka, on 5 July 2017.

සිංහල භාෂාව වඳ වී යාමේ තර්ජනයක් ඇත්ද? මෙන්න ඇත්ත!

From time to time, certain Lankan academics make unsupported claims that the Sinhala language – spoken as native tongue by about 70% of Sri Lanka’s 21 million people – is in danger of ‘going extinct’. These claims are peddled without question by some journalists and on social media. I have been countering this for some time, going to authoritative global references that track the status of languages worldwide.

Key among them is the UNESCO Atlas of the World’s Languages in Danger. The latest edition of the Atlas (2010) lists about 2,500 languages (among which 230 languages extinct since 1950), approaching the generally-accepted estimate of some 3,000 endangered languages worldwide. Sinhala language is NOT among them. However, Sri Lanka does have one endangered language: spoken by the indigenous Veddah people, whose numbers are dwindling (below 500) due to cultural assimilation.

World Atlas of Languages in Danger, image captured on 11 June 2017

නූතන මිථ්‍යා බිහි කරන්නට අපේ සමහර පොතේ උගතුන් ද දායක වනවා. ගුරුන්ගේ මිථ්‍යා ඉන් පස්සේ ගෝලයෝ අවිචාරශීලීව පතුරුවනවා.

සිංහල භාෂාව වඳ වී යාමේ තර්ජනයක් ඇතැයි කීම මේ ආකාරයේ නූතන මිථ්‍යාවක්. මිලියන් 15ක් පමණ භාවිත කරන බසක් වඳ වී යාමේ තර්ජනයක් තබා සේයාවක්වත් නෑ. මෙය මීට කලින් වතාවකත් මා පැහැදිලි කළා. ඒත් මේ සති අන්තයේ (2017.06.11) රාවයට ආරූඪ නමකින් ලියූ ලිපියක ආයෙත් මේ මිථ්‍යාව ප්‍රතිරාවය කොට තිබෙනවා.

භාෂාවක් වඳ වී යාමට හැක්කේ එය මවුබස ලෙස කථා කරන අය නැති වී යාම නිසා හෝ ඔවුන් සැම දෙන වෙනත් බසක් කථා කිරීමට යොමු වූවොත් පමණයි. ඕනැම බසක් කාලානුරූපව පරිනාමය වීම කිසිසේත්ම බසක පරිහානියක් කියා ජාත්‍යන්තරව උගතුන් පිළි ගන්නේ නෑ.

ලෝකයේ භාෂා 6,000 – 7,000 අතර තිබෙන බවත්, එයින් අඩක් පමණම අවභාවිතය නිසා 2100 වන විට මළ භාෂා බවට පත් විය හැකි බවත් වාග්විද්‍යාඥයින් අනතුරු අඟවනවා. ඒත් මේ අනතුර සිංහල භාෂාවට නෑ.

මේ පිළිබඳ ලොවම පිළිගත් මූලාශ්‍රය නම් ලක් රජයද සාමාජිකත්වය දරණ යුනෙස්කෝවේ UNESCO Interactive Atlas of the World’s Languages in Danger.

එයට අනුව මෙරට තර්ජනයට ලක් වී ඇති බසක් තිබෙනවා. නමුත් ඒ සිංහල බස නොවේ. වැදි බසයි. 1993දී 300 පමණ දෙනකු කථා කළ මේ බස වඳ වී යාමට හේතුව මේ ආදිවාසී ජනයා මේ රටේ ප්‍රධාන ජනවර්ග සමග මුසු වෙමින් එකි ජනවර්ගවල භාෂා කථා කිරීමට යොමු වීමයි.

ලේඛක හා පර්යේෂක චානුක වත්තේගම වරෙක කී පරිදි පරිගණකවලට සකස් කර ගනු ලැබූ හා වෙබ්ගතව දෙසි විදෙස්ගත සිංහලයන් මිලියන් ගණනක් නිතිපතා කියන, ලියන සිංහල බස, “වඳ වී” යා හැක්කේ කෙසේද? කුමන නිර්ණායක මතද?

මිථ්‍යා පතුරුවන්නට පෙර විචාරශීලීව මදක් සිතන්න!

See also: 4 March 2012: සිවුමංසල කොලූගැටයා #56: විශ්වයේ අන්තිම සිංහල වචනය?

Levels of languages in danger – from UNESCO Interactive Atlas of the World’s Languages in Danger

[Interview] “අතේ තිබෙන ස්මාට්ෆෝන් එක තරම්වත් ස්මාට් නැති උදවිය ගොඩක් ඉන්නවා!”

I have just given an interview to Sunday Lakbima, a broadsheet newspaper in Sri Lanka (in Sinhala) on social media in Sri Lanka – what should be the optimum regulatory and societal responses. The interviewer, young and digitally savvy journalist Sanjaya Nallaperuma, asked intelligent questions which enabled me to explore the topic well.

This is part of my advocacy work as a fellow of the Internet Governance Academy.

Irida Lakbima, 14 May 2017 – Interview with Nalaka Gunawardene on Social Media in Sri Lanka

විද්‍යා ලේඛක හා ස්වාධීන මාධ්‍ය පර්යේෂක නාලක ගුණවර්ධන මෙරට තොරතුරු සමාජයේ නැගී ඒම ගැන වසර විස්සකට වැඩි කලක් තිස්සේ විචාරශීලීව ලියන කියන අයෙකි. ජර්මනිය කේන්ද්‍ර කර ගත් ඉන්ටර්නෙට් නියාමනය පිළිබඳ ජාත්‍යාන්තර ඇකඩමියේ සම්මානිත පර්යේෂකයෙකි.

 ලංකාවේ සමාජ ජාල වෙබ් අඩවි භාවිතය මොන වගේ තැනකද තිබෙන්නේ?

2017 ඇරඹෙන විට මෙරට ජනගහනයෙන් 30%ක් පමණ (එනම් මිලියන් 5ක් පමණ) නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරමින් සිටි බව රාජ්‍ය දත්ත තහවුරු කළා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. වෙබ්ගත වන ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා සමාජ ක්‍රියාකාරිකයින් ලබන තොරතුරු ඔවුන් හරහා විශාල පිරිසකට සමාජගත වන නිසා.

අඩු තරමින් සමාජ මාධ්‍ය එකක්වත් භාවිත කරන අය මිලියන 3.5ක් පමණ මෙරට සිටිනවා. ෆේස්බුක් තමයි ජනප්‍රියම සමාජ මාධ්‍ය වේදිකාව. එයට අමතරව වැනි වේදිකා හරහා ද ලක්ෂ ගණනක් අය තොරතුරු, අදහස් හා රූප බෙදා ගන්නවා (ෂෙයාර් කරනවා). මේ තමයි නූතන සන්නිවේදන යථාර්ථය.

සමාජ ජාල වෙබ් අඩවිවල පළවන දේ ලංකා සමාජයට කොතරම් බලපෑමක් කරනවාද?

වෙබ් කියන්නේ ඉතා විශාල හා විවිධාකාර අවකාශයක්. සංකල්පීය නිරවුල් බව අවශ්‍යයි.

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (පුවත්පත් හා සඟරා, රේඩියෝ, ටෙලිවිෂන්) ආයතනවල නිල වෙබ් අඩවි තිබෙනවා. මේ කවුද – මොනවද කරන්නෙ කියා ප්‍රකටයි. මේවා රටේ නීතිරීතිවලට අනුකූලව පවත්වා ගෙන යන ව්‍යාපාරයි. උපමිතියකින් මා මේවා සම කරන්නේ සුපර්මාකට් වගේ කියායි.

ඊළඟට වෙබ්ගතව පමණක් පවතින ආයතනගත වූ මාධ්‍ය තිබෙනවා. සමහරක් මේවා රට තුළත් අනෙක්වා රටින් පිට සිටත් පවත්වා ගෙන යනවා. සැවොම ලියාපදින්චි වීත් නැහැ (එසේ කිරීම මෙරට කිසිදු නීතියකින් අනිවාර්ය නැති නිසා). මේවායේ පූර්ණකාලීනව නියැලෙන අය සිටිනවා. කතුවරුන් ප්‍රකාශකයන් සමහර විට ප්‍රකට නැහැ. මගේ උපමිතියට අනුව මෙවන් වෙබ් අඩවි තනිව ඇති කඩ සාප්පු වගේ. මේවා සමාජ මාධ්‍ය නොවේ!

ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා කැරෙන තොරතුරු, අදහස් හා රූප හුවමාරු ඉහත කී දෙවර්ගයටම වඩා වෙනස්. මෙවන් වේදිකාවලට ඕනැම කෙනකුට නොමිළේ බැඳිය හැකියි. ඉහළ පරිගණක දැනුමක් ඕනැ නැහැ. යම් බසකින් ටයිප් කරන්න නම් දැනගත යුතුයි. මේවා මහජන සන්නිවේදන වේදිකා මිස ආයතනගතව හෝ වෘත්තීය මට්ටමින් කැරෙන මාධ්‍ය නොවෙයි. මගේ උපමිතියට අනුව කලබලකාරී පොලක කැරෙන ඝෝෂාකාරී ගනුදෙනු වගෙයි.

සමාජ මාධ්‍ය ගැන කථා කරන බොහෝ දෙනා මේ තුන පටලවා ගන්නවා. අප නිරවුල්ව ප්‍රශ්න විග්‍රහ කිරීම ඉතා වැදගත්. වෙබ් අවකාශයේ අපට හමු වන “සුපිරි වෙළඳසැල්”, “කඩ” හා “පොල” යන තුනේම වාසි මෙන්ම අවාසිත් තිබෙනවා. ඒවා ගැන හරිහැටි දැනගෙන තමයි ගොඩවිය යුත්තේ!

ලංකාවේ අපි සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නේ ඇබ්බැහියක් විදියටද?

ඕනැම සමාජයක නව තාක්ෂණයකට, නව මාධ්‍යයකට සීමාන්තිකව සමීප වන සුළුතරයක් සිටිය හැකියි. ඒ අයට මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. එහෙත් බහුතරයකට එසේ ඇලී ගැලී සිටින්නට කාලයත් නෑ. අසීමිතව දත්ත භාවිතයට වියදම් කරන්නත් බෑ!

Facebook වැනි ලංකාවේ ප්‍රචලිත සමාජ මාධ්‍යවල පළවන දෑ කොතරම් සත්‍යතාවයකින් යුතු දේද?

දිනපතා හුවමාරු වන තොරතුරු, අදහස් හා රූප /විඩියෝ කන්දරාව අතර හැම විදියේම දේ තිබෙනවා. ආ ගිය කතා, සතුටු සාමීචි, දේශපාලන වාද විවාද, සමාජ හා ආර්ථික කතා මෙන්ම අන්තවාදී ජාතිවාදය හෝ ආගම්වාදය පතුරුවන අන්තර්ගතයන් ද හමු වනවා.

මේවා සත්‍ය හෝ අසත්‍ය විය හැකියි. නැතිනම් ඒ දෙක අතර දෝලනය විය හැකියි. විචාරශීලීව මේවා ග්‍රහණය කරන්න අපේ බොහෝ දෙනා නොදන්න නිසා තමයි ප්‍රශ්න මතු වන්නේ. අපේ රටේ සයිබර් සාක්ෂරතාවය තාමත් පහලයි. කුමන්ත්‍රණවාදී ප්‍රබන්ධ ගෙඩිපිටින් විශ්වාස කොට එය බෙදා ගන්නා (ෂෙයාර් කරන) පිරිස වැඩි එනිසයි.

ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව්‍යාජ පුවත් (Fake News) ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අවස්ථා ද ද තිබෙනවා. “ශ්‍රී ලාංකිකයන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දෙමින් එරට ජනාධිපති ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇති” බවට මීට සති කීපයකට පෙර පළ වූ වාර්තාව ඊට එක් උදාහරණයක්.

එම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් ‘share’ වූ අතර කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු වීසා ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවයි.

සමහර මෙවන් ප්‍රබන්ධ අහිංසක වින්දනයක් ගෙන දිය හැකි වුවත් සෞඛ්‍යය හා අධ්‍යාපනය වැනි කරුණු අලලා ගොතන බොරු කථාවලින් සමාජ හානි සිදු වන්නට පුළුවන්.

 සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බරවා පරීක්ෂා කිරීමට කටයුතු කරන විට ඒඩ්ස් බෝ කරන ලේ පරීක්ෂාවක් යැයි විශාල මතවාදයක් පැතිර ගියේ ඇයි?

සෞඛ්‍යය ගැන බොහෝ දෙනා සැළකිලිමත්. එනිසා බොරු ප්‍රචාර පතුරුවන්නොත් එයට අදාල වන්නට වැර දරනවා. රටේ එක් ජාතියක පිරිමි හා ගැහැණුන් පමණක් වඳ කරන්න ගන්නා “උත්සාහයන්” ගැන මෙන්ම HIV/AIDS ගැනත් බොරු භීතිකා විටින්විට යම් පිරිස් පතුරුවනවා. සමාජ මාධ්‍ය වේදිකාවල ස්වභාවය අනුව කවුරු කොතනින් පටන් ගත්තා ද යන්න සොයා ගැනීම අති දුෂ්කරයි. මේවා පැතිර යාම හැකි තාක් අවම කර ගැනීම තමයි අපට කළ හැක්කේ. එසේ නැතිව වාරණ, තහන්චි හෝ බ්ලොක් කිරීම අපරිණත ක්‍රියාවක්.

එවැනි තොරතුරු සොයා බැලීමකින් තොරව හුවමාරු කරගැනීම පෙළඹෙන්නේ ඇයි?

අපේ පොතේ උගතුන් බොහෝ දෙනකු පවා අභව්‍ය යමක් කියා රවටන්න ලෙහෙසියි. ලක් සමාජයේ ජනප්‍රිය “නවීන බිල්ලෝ” හදා ගෙන තිබෙනවා. විදෙස් රහස් ඔත්තු සේවා, වතිකානුව, ඉන්දීය රජය, බහුජාතික සමාගම් වැනි යමක් ඈඳා ගනිමින් කුමන හෝ අභව්‍ය කථාවක් ගොතා මුදා හැරියොත් දිගට හරහට පැතිරෙනවා.

කටකථා වගේ තමයි. අද සමාජ මාධ්‍ය හරහා කටකථාවලට උත්තේජක හෙවත් “ස්ටීරොයිඩ්” ලැබෙනවා වගේ වැඩක් වෙනවා.

අපේ රටේ වෙබ් භාවිත කරන්නන්ගෙන් 80%කට වඩා එහි පිවිසෙන්නේ ස්මාට්ෆෝන් හෝ වෙනත් ජංගම උපාංග හරහායි. බොහෝ විට කඩිමුඩියේ. සංශයවාදීව, දෙතුන් වතාවක් සිතා බලා යම් තොරතුරක් ග්‍රහණය කර ගන්න ඉස්පාසුවක් දුවන ගමන් සමාජ මාධ්‍යවලට පිවිසෙන බොහෝ දෙනාට නෑ.

එවැන්නක් කරන්නේ සමාජ මාධ්‍ය භාවිතයට තරම් ලංකාවේ සමාජය දියුණු නැති නිසාද?

මා නිතර කියන පරිදි අපේ රටේ සයිබර් සාක්ෂරතාවය තාමත් පහලයි.  අතේ තිබෙන ස්මාට්ෆෝන් එක තරම්වත් ස්මාට් නැති උදවිය ගොඩක් ඉන්නවා! මේක ව්‍යක්ත ලෙස සන්නිවේදනය වන අවස්ථාවක් මම පසුගියදා ෆේස්බුක් තුළම දැක්කා. එහි තිබුණේ මෙයයි: “ෆේස්බුක් එකේ share වන හැම මගුලම ඇත්ත කියා ගන්න එපා!” යැයි “1802 ජූනි 16 වනදා මහනුවර මගුල් මඩුවේදී” ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කියයි. දැන් අපේ සමහර මිනිස්සු ඕකත් ඇත්ත කියලා share කරනවා!

උපහාසයෙන්වත් අපේ විචාරශීලී වෙබ් භාවිතය හා සයිබර් සාක්ෂරතාවය වැඩි කර ගත යුතුයි. මෙය දිගු කාලීන වැඩක්. ඉක්මන් විසඳුම් මෙවන් සමාජ ප්‍රශ්නවලට නැහැ.

මේ විදියට අසත්‍ය ප්‍රචාර ප්‍රචලිත කිරීමට සමාජ ජාල භාවිතා කිරීමේ ඉදිරි ප්‍රවනතාවයන් මොන වගේ වෙයිද

තවත් උපමිතියකින් විග්‍රහ කරනවා නම් ෆේස්බුක් වේදිකාව  හරියට ගාලුමුවදොර පිටිය වගේ. පොදු, විවෘත අවකාශයක්. එතැනට යන අය ජාතික ගීය කියනවාද, බැති ගී කියනවාද, පෙම් ගී කියනවාද, හූ කියනවාද යන්න පුද්ගලයා මත තීරණය වන්නක්.

සමහර විට එක් අයෙක් පටන් ගත්තාම අවට ඉන්න ටික දෙනෙක් හොඳ හෝ නරක යමකට එක් වනවා. එයට වෙනස් ප්‍රතිචාරද තිබිය හැකියි. සමහරුන් කිසිවක් නොකියා, වික්ෂිප්තව ඔහේ බලා සිටීවි. තවත් අයෙක් ‘ඔහෙලාට ඔල්මාදයද මේ වගේ හූ කියන්න’ කියා එයට අභියෝග කරාවි.

අපට සමාජ මාධ්‍යවල උදක්ම ඕනෑ කරන්නේ භාවිත කරන ප්‍රජාව තුළින්ම සදාචාරත්මක, ධනාත්මක සන්නිවේදන සඳහා ඉල්ලුම වැඩි කිරීමටයි. හූ කියන අය කොතැනත් සිටිය හැකියි. එහෙත් ඒ අය කොන් වෙනවා නම් දිගටම එසේ කරන එකක් නැහැ.

“සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම ඕනෑ” යයි කෑමොර දෙන උදවියට මා කියන්නේ මුලින්ම සමාජ මාධ්‍ය මොනවාදැයි තේරුම් ගන්න කියායි. ගාලුමුවදොර පිටියට ආචාරධර්ම රාමුවක් නිර්දේශ කරනු වෙනුවට එහි යන එන අය අශීලාචාර හැසිරීම්වලින් වළක්වා ගන්න තැත් කිරීමයි වැදගත්. මෙය පොලිසිය, දණ්ඩන පනවා කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

අසත්‍ය පළවීම් හමුවේ සමාජ ජාල ප්‍රවේශමෙන් පරිහරණය කිරීමට අප කටයුතු කළ යුත්තේ කෙසේද?

සයිබර් සාක්ෂරතාව වැඩි කර ගැනීම හා භාවිත කරන ප්‍රජාව තුළින්ම ප්‍රමිතීන් (user community standards) ගොඩ නගා ගැනීම තමයි හොඳම මාර්ගය. සමාජ මාධ්‍ය තුළ අති බහුතරයක් සන්නිවේදන ප්‍රයෝජනවත් හා හරවත් ඒවා බව අමතක නොකරන්න.

එසේම සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවන සන්නිවේදන ඉතා වැදගත් සමාජීය මෙහෙවරක් ඉටු කරනවා. වුවමනාවට වඩා බය පක්ෂපාතී වූ, අධිපතිවාදයන්ට නතු වූ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයට යම් තරමකට හෝ විකල්ප අවකාශයක් මතු වන්නේ වෙබ් හරහා ලියැවෙන බ්ලොග් රචනා හා සමාජ මාධ්‍ය අදහස් ප‍්‍රකාශනය තුළින්. බ්ලොග් අවකාශය හා සමාජ මාධ්‍ය තුළ හමු වන ‘ගරු සරු නැති ගතිය’ (irreverence) අප දිගටම පවත්වා ගත යුතුයි.

මේ ගතිය අධිපතිවාදී තලයන්හි සිටින අයට, නැතිනම් ජීවිත කාලයක් පුරා අධිපතිවාදය ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළි ගෙන සිටින ගතානුගතිකයන්ට හා මාධ්‍ය ලොක්කන්ට නොරිස්සීම අපට තේරුම් ගත හැකියි. ඔවුන් මැසිවිලි නගන්නේ සමාජ මාධ්‍ය නිසා සාරධර්ම බිඳ වැටනවා කියමින්. ඇත්තටම එහි යටි අරුත නම් පූජනීය චරිත ලෙස වැඳ ගෙන සිටින අයට/ආයතනවලට අභියෝග කැරෙන විට දෙවොලේ කපුවන් වී සිටින ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කතුවරුන්ට දවල් තරු පෙනීමයි!

සමාජ මාධ්‍ය පාලනය කරන්න යැයි ඔවුන් කෑගසන්නේ තම දේවාලේ ව්‍යාපාරවලට තර්ජනයක් මතු වීම හරහා කලබල වීමෙන්. මෙයින් මා කියන්නේ  ඕනෑම දෙයක් කීමට හෝ ලිවීමට ඉඩ දිය යුතුය යන්න නොවෙයි. එහෙත් සමාජ මාධ්‍ය නියාමනය ඉතා සීරුවෙන් කළ යුත්තක් බවයි. නැතහොත් සමාජයක් ලෙස දැනට ඉතිරිව තිබෙන විවෘත සංවාද කිරීමට ඇති අවසාන වේදිකාවත් අධිපතිවාදයට හා සංස්කෘතික පොලිසියට නතු වීමේ අවදානම තිබෙනවා.

 

Drone assisted journalism in Sri Lanka: ‘Eyes in the Sky’ need ethical and careful ‘pilots’

Brief comment provided to Daily Mirror newspaper, Sri Lanka, on 20 January 2017:

‘Eyes in the Sky’ need ethical and careful ‘pilots’

By Nalaka Gunawardene

Bird's eye view provides a new, useful perspective in journalistic story telling. Image courtesy InterNews Sri Lanka
Bird’s eye view provides a new, useful perspective in journalistic story telling. Image courtesy InterNews Sri Lanka

For some, drones conjure images of death and destruction – military applications have been their most widely reported application. But unmanned aerial vehicles or UAVs are increasingly being used for many peaceful purposes. That poses a host of ethical and legal challenges we must confront to get the best of this new technology while minimizing potential harms.

In the past few years, the cost of drones came down (an entry level unit sells for around LKR 35,000 in Colombo) as their versatility increased. This spurred many uses from newsgathering and post-disaster assessments to goods delivery and smart farming.

In Sri Lanka, surveyors, photographers, TV journalists and political parties were among the early civilian users of drones. They all grasped the value of the ‘bigger picture’ perspective such aerial photos or videos can provide. Until recently, accessing that vantage point was possible only through helicopters or fixed wing aircraft – a facility few could afford.

Having the bird’s eye view helps journalists and their audiences to make sense of complex situations like climate change impacts, conflicts over resources or political agitations. We certainly need more field-based and investigative reporting that goes beyond press releases and press conferences. Drones are fast joining the journalists’ toolkit — but what matters is their imaginative and responsible use.

Participants and trainers at Sri Lanka's first workshop on drone assisted journalism, Aug 2016 in Mt Lavinia
Participants and trainers at Sri Lanka’s first workshop on drone assisted journalism, Aug 2016 in Mt Lavinia

Here, we have both good news and bad news. On the positive side, over two dozen journalists and photojournalists have been trained in drone-assisted journalism during 2016 by drone journalism enthusiast (and drone pilot) Sanjana Hattotuwa and journalist Amantha Perera. Some trainees have since done good stories with drone-gathered images. Examples include probing the drought’s impacts in the dry zone, rising garbage crisis in Kattankudy on the east coast, and taking a close look at land use patterns in Hambantota.

Internews Sri Lanka: Drone gathered footage supporting journalism


The downside is that some news organisations are deploying drones without due regard for public safety or existing codes of media ethics. A drone hovered over the Colombo general cemetery as slain editor Lasantha Wickremetunge’s body was exhumed in September 2016. That disregarded a family request for privacy.

The end never justifies the means in good journalism. If some media groups continue to operate drones in such reckless manner, they risk discrediting the new technology and attracting excessive regulations.

Drones or any other new technologies need to be anchored in the basic ethics of journalism. Each new tool would also bring along its own layer of ethics. Where drone use is concerned, respecting privacy and considering the safety of others is far more important than, say, when using a handheld camera.

In February 2016, the Civil Aviation Authority of Sri Lanka (CAASL) published regulations for drone operation which apply to all users including journalists. This has been updated in January 2017. The Information Department, in a recent release, says it is working with CAASL to simplify these rules and streamline approval processes. That is a welcome move.

For now, Lankan journalists can follow the Code of Ethics for Drone Journalists already formulated by practitioners and researchers in the United States. It is available at: http://www.dronejournalism.org/code-of-ethics/

Nalaka Gunawardene is a columnist and independent media researcher. He tweets from @NalakaG

Image courtesy Daily Mirror
Image courtesy Daily Mirror

BBC Sinhala interview after US Presidential Election 2016: සමීක්ෂණ හා සෑබෑ ජනමතය අතර ගැටුමක්

Within hours of the US Presidential Election’s results becoming known on 9 November 2016, I gave a telephone interview to BBC Sinhala service. They asked me how almost all the opinion polls did not see Donald Trump winning the election, even though many polls said it was going to be a close contest.

http://www.bbc.com/sinhala/sri-lanka-37930295
http://www.bbc.com/sinhala/sri-lanka-37930295

සමීක්ෂණ හා සෑබෑ ජනමතය අතර ගැටුමක්

නොනවතින තොරතුරු ප්‍රවාහයක පිහිනීමට බටහිර රටවල් ඇතුළු ලොව බොහෝ රටවල ජනතාවට අවස්ථාව ලැබී තිබුණ ද, ඒ බොහෝ තොරතුරු ‘දූෂිත’ හෝ ‘විකෘති කරන ලද’ තොරතුරු වීම වර්තමාන සමාජය මුහුණදෙන අභියෝගයක් බව සමාජ මාධ්‍ය ජාල විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි.

දැනට වොෂින්ටනයේ සංචාරයක නිරතව සිටින නාලක ගුණවර්ධන ඒ අදහස් පළ කළේ අඟහරුවාදා (නොවැ. 08) පැවති ජනපතිවරණයේදී බොහෝ ජනමත සමීක්ෂණවල අනාවැකි බැහැර කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය ලැබීම පිළිබඳව බීබීසී සංදේශය සමග අදහස් දක්වමිනි.

වෙනත් ආයතනවල ජනමත සමීක්ෂණ ඇසුරින් බීබීසී සකස් කළ ජනමත සමීක්ෂණය අනුව ද අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය වනවිටත් හිලරි ක්ලින්ටන් ඒකක හතරකින් ඉදිරියෙන් සිටියාය.

“ඇත්තටම මේක අද ඇමෙරිකාව පුරා මාධ්‍ය ආයතන සහ ජනමත සමීක්ෂණ ආයතනවල ප්‍රධානම ප්‍රශ්නය බවට පත්වෙලා තියනවා,” නාලක ගුණවර්ධන පැවසීය.

“අදහගන්න බැහැ සියලුම ජනමත සමීක්ෂණ සැබෑ ජනමතයෙන් මෙතරම් දුරස් වුනේ කොහොමද කියල.” යැයි පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේ කළ හැක්කේ අනුමාන පළකිරීම පමණක් බව කීය.

‘ජනමත සමීක්ෂණ සැබෑ ජනමතයෙන් මෙතරම් දුරස් වුනේ කොහොමද?’

ජනමත සමීක්ෂණ පිළිබඳව ඇමෙරිකානු ජනතාව කිසියම් කලකිරීමක් දැක්වීම හේතුවෙන් ඔවුන් සිය අවංක මතය හෙළි නොකළේය යන්න එවැනි එක් අනුමානයක් බව ද ඔහු සඳහන් කළේය.

පසුගියදා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සම්බන්ධ ‘Brexit’ ජනමත විචාරණයේදීත් මේ හා සමානම තත්වයක් මතුවීම ජනමත විචාරණ ක්‍රමවේදයේ වරදක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ ක්‍රමවේදයේත් අසම්පූර්ණතා පවතින බව කලක් මුලුල්ලේම දැනසිටි බවය.

එමෙන්ම ජනතාව තවදුරටත් සිය අවංක මතය පළකිරීමට උනන්දුවක් නැති නම් සමස්ත ජනමත විචාරණ කර්මාන්තයම කඩාවැටීමේ අනතුරක් පවතින බව ද නාලක ගුණවර්ධන සඳහන් කළේය.

ඒ සියල්ලටම වඩා ඇමෙරිකානු මැතිවරණයෙන් මතු වූ බරපතලම අභියෝගය වූයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ගලා ගිය තොරතුරු අතුරින් ‘සැබෑව සහ මිත්‍යාව වෙන් කරගැනීම’ බව ඔහු පෙන්වා දුණි.

එක් අතෙකින් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ජනතාවට තොරතුරු ලබාගැනීමේ අවකාශයක් මතු වී තිබෙන අතරම ඒ තොරතුරු අතරින් සත්‍යය සහ සම්පූර්ණ තොරතුරු සොයා ගැනීම අභියෝගයක් මෙන්ම ඉතා පරස්පර සංසිද්ධියක් බව ද නාලක ගුණවර්ධන වැඩිදුරටත් පැවසීය.

Media innovation in Sri Lanka: Responding then to tyranny, and now to opportunity

East-West Center 2016 International Media Conference in New Delhi, India, from September 8 to 11, 2016
East-West Center 2016 International Media Conference in New Delhi, India, from September 8 to 11, 2016

The Hawaii-based East-West Center held its 2016 International Media Conference in New Delhi, India, from September 8 to 11, 2016. Themed “South Asia Looking East”, it drew over 350 participants from across Asia and the United States.

On September 11, I took part in a breakout session that discussed media innovation in Asia and the United States. While my fellow panelists spoke mainly about digital media innovation of their media outlet or media sector, I opted to survey the bigger picture: what does innovation really mean when media is under siege, and how can the media sector switch from such ‘innovation under duress’ to regular market or product innovation?

Here are my remarks, cleaned up and somewhat expanded:

Nalaka Gunawardene speaks on media innovation under duress
Nalaka Gunawardene speaks on media innovation under duress

Innovation has been going on in media from the beginning. Faced with major challenges from advancing technologies and changing demography, innovation is now an imperative for market survival.

We can discuss this at different levels: product innovation, process innovation and systemic innovation. I like to add another kind for our discussion: innovation for physical survival.

With forces social and market Darwinism constantly at work, you might ask, shouldn’t the most adaptable and nimble players survive – while others perish?

Yes and No. Sometimes the odds against independent and progressive media organisations are disproportionately high – they should not be left to fend for themselves. This is where media consumers and public spirited groups need to step in.

Let me explain with a couple of examples from South Asia.

They say necessity is the mother of invention or innovation. I would argue that tyranny – from the state and/or extremist groups – provides another strong impetus for innovation in the media.

In Nepal, all media came under strict control when King Gyanendra assumed total control in February 2005. Among other draconian measures, he suspended press freedom, imposing a blanket ban on private or community broadcasters carrying news, thus making it a monopoly of state broadcasters.

The army told broadcasters that the stations were free to carry music, but not news or current affairs. Soldiers were sent to radio and TV stations to ensure compliance.

When the king’s siege of democracy continued for weeks and months, some media started defying censorship – they joined human rights activists and civil society groups in a mass movement for political reforms, including the restoration of parliamentary democracy.

Some of Nepal’s many community radio stations found creative ways of defying censorship. One station started singing the news – after all, there was no state control over music and entertainment! Another one in central Nepal went outside their studio, set up an impromptu news desk on the roadside, and read the news to passers-by every evening at 6 pm.

Panel on Media innovation at East-West Center Media Conference, Delhi, 11 Sep 2016: L to R - Philippa McDonald, Nalaka Gunawardene, LEE Doo Won, Fernando (Jun) SEPE, Jr. and ZHONG Xin
Panel on Media innovation at East-West Center Media Conference, Delhi, 11 Sep 2016: L to R – Philippa McDonald, Nalaka Gunawardene, LEE Doo Won, Fernando (Jun) SEPE, Jr. and ZHONG Xin

The unwavering resolve of these and other media groups and pro-democracy activists led to the restoration of parliamentary democracy in April 2006 and the subsequent abolition of the Nepali monarchy.

My second example is from Sri Lanka where I live and work.

We are recovering from almost a decade of authoritarian rule that we ended in January 2015 by changing that government in an election. The years preceding that change were the darkest for freedom of expression and media freedom in Sri Lanka – the country, then nominally a democracy, was ranked 165th among 183 countries in the World Press Freedom Index for 2014.

In June 2012, Sri Lanka was one of 16 countries named by the UN Special Rapporteur on the promotion and protection of the right to freedom of opinion and expression for “attacks against journalists during coverage of street protests and demonstrations, such as arbitrary arrests and detention, verbal and physical attacks, confiscation or destruction of equipment, as well as killings.”

Threats of attacks and actual incidents of physical violence in recent years led to a climate of fear and widespread self-censorship among journalists in Sri Lanka. This is slowly changing now, but old habits die hard.

At the height of media repression by the former regime, we saw some of our media innovating simply for physical survival. One strategy was using satire and parody – which became important forms of political commentary, sometimes the only ones that were possible without evoking violent reprisals.

Three years ago, I wrote a column about this phenomenon which I titled ‘When making fun is no laughing matter (Ceylon Today, 5 May 2013).

Full text: https://collidecolumn.wordpress.com/2013/05/05/when-worlds-collide-65-when-making-fun-is-no-laughing-matter/
Full text: https://collidecolumn.wordpress.com/2013/05/05/when-worlds-collide-65-when-making-fun-is-no-laughing-matter/

What I wrote then, while still in the thick of crackdown, is worth recalling:

“For sure, serious journalism can’t be fully outsourced to satirists and stand-up comics. But comedy and political satire can play a key role in critiquing politicians, businessmen and others whose actions impact the public.

“There is another dimension to political satire and caricature that isn’t widely appreciated in liberal democracies where freedom of expression is constitutionally guaranteed.

“In immature democracies and autocracies, critical journalists and their editors take many risks in the line of work. When direct criticism becomes highly hazardous, satire and parody become important — and sometimes the only – ways for journalists get around draconian laws, stifling media regulations or trigger-happy goon squads…

“Little wonder, then, that some of Sri Lanka’s sharpest commentary is found in satire columns and cartoons. Much of what passes for political analysis is actually gossip.”

For years, cartoonists and political satirists fulfilled a deeply felt need in Sri Lanka for the media to check the various concentrations of power — in political, military, corporate and religious domains.

They still continue to perform an important role, but there is more space today for journalists and editors to report things as they are, and to comment on the key stories of the day.

During the past decade, we have also seen the rise of citizen journalism and vibrant blogospheres in the local languages of Sinhala and Tamil. Their advantage during the dark years was that they were too numerous and scattered for the repressive state to go after each one (We do know, however, that electronic surveillance was attempted with Chinese technical assistance.)

Of course, Sri Lanka’s media still face formidable challenges that threaten their market survival.

Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka (May 2016)
Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka (May 2016)

A new assessment of Sri Lanka’s media, which I edited earlier this year, noted: “The economic sustainability of media houses and businesses remains a major challenge. The mainstream media as a whole is struggling to retain its consumer base. Several factors have contributed to this. Many media houses have been slow in integrating digital tools and web-based platforms. As a result, there is a growing gulf between media’s production models and their audiences’ consumption patterns.”

Innovation and imagination are essential for our media to break out of 20th century mindsets and evolve new ways of content generation and consumption. There are some promising new initiatives to watch, even as much of the mainstream continues business as usual – albeit with diminishing circulations and shrinking audience shares.

Innovate or perish still applies to our media. We are glad, however, that we no longer have to innovate just to stay safe from goon squads.

 

Social Media in Sri Lanka: Do Science and Reason Stand a Chance?

Nalaka Gunawardene speaks on "Using Social Media for Discussing Science" at the Science, Technology & Society Forum in Colombo, Sri Lanka, 9 Sep 2016. Photo by Smriti Daniel
Nalaka Gunawardene speaks on “Using Social Media for Discussing Science” at the Science, Technology & Society Forum in Colombo, Sri Lanka, 9 Sep 2016. Photo by Smriti Daniel

Sri Lanka’s first Science and Technology for Society (STS) Forum took place from 7 to 10 September in Colombo. Organized by the Prime Minister’s Office and the Ministry of Science, Technology and Research, it was one of the largest gatherings of its kind to be hosted by Sri Lanka.

Modelled on Japan’s well known annual STS forums, the event was attended by over 750 participants coming from 24 countries – among them local and foreign scientists, inventors, science managers, science communicators and students.

I was keynote speaker during the session on ‘Using Social Media for Discussing Science Topics’. I used it to highlight how social media have become both a boon and bane for scientific information and thinking in Sri Lanka. This is due to peddlers of pseudo-science, anti-science and superstition being faster and better to adopt social media platforms than actual scientists, science educators and science communicators.

Social Media in #LKA:Do Science & Reason stand a chance? Asks Nalaka Gunawardene
Social Media in #LKA:Do Science & Reason stand a chance? Asks Nalaka Gunawardene

Sri Lanka takes justified pride in its high literacy levels and equally high coverage of vaccination against infectious diseases. But we cannot claim to have a high level of scientific literacy. If we did, it would not be so easy for far-fetched conspiracy theories to spread rapidly even among educated persons. Social media tools have ‘turbo-charged’ the spread of associated myths, superstitions and conspiracy theories!

I cautioned: “Unless we make scientific literacy an integral part of everyone’s lives, ambitious state policies and programmes to modernize the nation could well be jeopardized. Progress can be undermined — or even reversed — by extremist forces of tribalism, feudalism and ultra-nationalism that thrive in a society that lacks the ability to think critically.”

It is not a case of all doom and gloom. I cited examples of private individuals creatively using social media to bust myths and critique all ‘sacred cows’ in Lankan society – including religions and military. These voluntary efforts contrast with much of the mainstream media cynically making money from substantial advertising from black magic industries that hoodwink and swindle the public.

My PowerPoint presentation:

 

Video recording of our full session:

 

The scoping note I wrote for our session:

Sri Lanka STS Forum panel on Using Social Media for Discussing Science Topics. 9 Sep 2016. L to R - Asanga Abeygunasekera, Nalaka Gunawardene, Dr Piyal Ariyananda, Dr Ananda Galappatti & Smriti Daniel
Sri Lanka STS Forum panel on Using Social Media for Discussing Science Topics. 9 Sep 2016.
L to R – Asanga Abeygunasekera, Nalaka Gunawardene, Dr Piyal Ariyananda, Dr Ananda Galappatti &
Smriti Daniel

Session: Using Social Media for Discussing Science Topics

With 30 per cent of Sri Lanka’s 21 million people regularly using the Internet, web-based social media platforms have become an important part of the public sphere where myriad conversations are unfolding on all sorts of topics and issues. Facebook is the most popular social media outlet in Sri Lanka, with 3.5 million users, but other niche platforms like Twitter, YouTube and Instagram are also gaining ground. Meanwhile, the Sinhala and Tamil blogospheres continue to provide space for discussions ranging from prosaic to profound. Marketers, political parties and activist groups have discovered that being active in social media is to their advantage.

Some science and technology related topics also get discussed in this cacophony, but given the scattered nature of conversations, it is impossible to grasp the full, bigger picture. For example, some individuals or entities involved in water management, climate advocacy, mental health support groups and data-driven development (SDG framework) are active in Sri Lanka’s social media platforms. But who is listening, and what influence – if any – are these often fleeting conservations having on individual lifestyles or public policies?

Is there a danger that self-selecting thematic groups using social media are creating for themselves ‘echo chambers’ – a metaphorical description of a situation in which information, ideas, or beliefs are amplified or reinforced by transmission and repetition inside an “enclosed” system, where different or competing views are dismissed, disallowed, or under-represented?

Even if this is sometimes the case, can scientists and science communicators afford to ignore social media altogether? For now, it appears that pseudo-science and anti-science sentiments – some of it rooted in ultra-nationalism or conspiracy theories — dominate many Lankan social media exchanges. The keynote speaker once described this as Lankan society permanently suspending disbelief. How and where can the counter-narratives be promoted on behalf of evidenced based, rational discussions? Is this a hopeless task in the face of irrationality engulfing wider Lankan society? Or can progressive and creative use of social media help turn the tide in favour of reason?

This panel would explore these questions with local examples drawn from various fields of science and skeptical enquiry.