This comment on Sri Lanka’s social media blocking that commenced on 7 March 2018, was written on 8 March 2018 at the request of Irida Lakbima Sunday broadsheet newspaper, which carried excerpts from it in their issue of 11 March 2018. The full text is shared here, for the record.
සමාජ මාධ්‍ය අවහිරය ඇරඹුනාට පසුවදා, 2018 මාර්තු 8 වනදා, ඉරිදා ලක්බිම පත්‍රයේ ඉල්ලීම පිට ලියන ලද කෙටි සටහනක්. මෙයින් උපුටා ගත් කොටස් 2018 මාර්තු 11 ඉරිදා ලක්බිමේ පළ වුණා.

සමාජමාධ්‍ය අවහිර කිරීම හා නව මාධ්‍ය භීතිකාව:
– නාලක ගුණවර්ධන
‘‘අන්න සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!”
නව සන්නිවේදන තාක්ෂණයන්ට දොස් තබන්නටම බලා සිටින උදවිය යළිත් වරක් මේ දිනවල මේ චෝදනාව මතු කරනවා. මොකක්ද මෙහි ඇත්ත නැත්ත?
2018 මාර්තු 7 වනදා රජය සමාජ මාධ්‍ය කිහිපයකට තාවකාලික සීමා පැනවූවා. හේතුව ලෙස දැක්වූයේ රටේ වාර්ගික ගැටුම් ඇති කරන පිරිස් සමාජ මාධ්‍ය හරහා තම ප්රහාරයන් සම්බන්ධීකරණය කරන බවට සාක්ෂි ලැබී ඇති බවයි.
මේ අනුව ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය වේදිකා දෙකත්, WhatsApp හා Viber යන චැට් වේදිකා දෙකත් දින කීපයකට මෙරට සිට පිවිසීම අවහිර කොර තිබෙනවා. මේ නියෝගය දී ඇත්තේ ටෙලිකොම් නියාමන කොමිසමයි (TRCSL).
හදිසි අවස්ථාවක නීතිය හා සාමය රැකීමේ එක් පියවරක් ලෙස මේ තාවකාලික තහන්චිය සාධාරණීකරණය කළත්, මෙය සාර්ථක වේද යන්න සැක සහිතයි. අවහිර කරන වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වේදිකාවලට අනියම් ක්‍රමවලින් හෙවත් proxy server හරහා පිවිසීමේ දැනුම සමහරුන් සතුයි.
වෛරීය ක්‍රියා සඳහා සමාජමාධ්‍ය අවභාවිත කරන අය කොහොමටත් පරිගණක තාක්ෂණය දන්නා නිසා මෙවැනි තහන්චියකින් ඔවුන් නතර කළ හැකිද යන්න රජය මෙනෙහි කළ යුතුයි.
සමාජ මාධ්‍ය අවභාවිත කරන්නේ සාපේක්ෂව සුලු පිරිසක්. උදාහරණයකට අපේ රටේ මිලියන් හයකට වැඩි දෙනකුට ෆේස්බුක් ගිනුම් ඇති අතර එයින් වෛරීය පණිවුඩ පතුරුවන්නේ හා ප්‍රහාරවලට සන්නිවේදන කරන්නේ ටික දෙනකු පමණයි.
ඔවුන් පාලනය කරන්න පොලිසියට නොහැකි වීම නිසා සමස්ත මිලියන් හයටම ෆේස්බුක් ප්‍රවේශ වීම අවහිර කරන්න පියවර අරන්.
මේ නිසා ජාතීන් අතර සහජීවනය, සමගිය හා සාමය පිලිබඳ ෆේස්බුක් හරහා වටිනා පණිවුඩ දුන් කුමාර් සන්ගක්කාර වැනි අයගේ සන්නිවේදනත් මේ මොහොතේ සමාජගත් වන්නේ නැහැ. මුස්ලිම් ජනයා රැක ගන්න පෙරට ආ සිංහලයන් ගැන තොරතුරු ගලා යාමට ක්‍රමයක් ද නැහැ.

“සමාජ මාධ්‍යකාරයෝ” කියා පිරිසක් ඇත්තටම නැහැ. ඒවා අපට වඩාත් හුරු ආකාරයේ විධිමත් ජනමාධ්‍ය නොවෙයි. ෆේස්බුක් වැනි වේදිකාවලට ගොඩ වන්නේ, ඒවායේ සේවා නොමිලයේ ලබන්නේ සාමාන්‍ය ජනයායි. බොහෝ කොටම පෞද්ගලික සාමීචි කතාවලට. විටින්විට දේශපාලන හා කාලීන වෙනත් කථාත් එහි මතු වනවා.
ඒත් සැබැවින්ම රට ගිනි තබන ජාතිවාදී, අවස්ථාවාදී මැරයෝ නම් ෆේස්බුක් තිබුණත් නැතත් තම ප්රචන්ඩත්වයට කෙසේ හෝ මාර්ග පාදා ගනීවි. නිසි ලෙස නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වනවා නම් මේ දාමරිකයන් අත් අඩන්ගුවට ගෙන උසාවි ගත කළ යුතුයි.
මා මාධ්‍ය වාරණයට විරුද්ධයි. ඉන්ටර්නෙට් වාරණයටත් විරුද්ධයි. බහුතරයක් අහිංසක, හිතකර සන්නිවේදන සිදුවන වේදිකාවක්, මැරයන් ටික දෙනකුද එහි ගොඩ වී නීතිවිරෝධී වැඩට භාවිත කළ පමණින් එය ගෙඩිපිටින් අවහිර කිරීම පරිනත ක්‍රියාවක් නොවෙයි.
මේ තර්කයම මොහොතකට තැපැල් සේවාවට නැතහොත් ජන්ගම දුරකථනවලට ආදේශ කළොත්? 1988-89 වකවානුවේ ජවිපෙ විසින් තර්ජනාත්මක ලිපි කීපයක් තැපෑලෙන් යැවූ නිසා සමස්ත ලියුම් බෙදිල්ලම විටින්විට නතර කළ බව අපට මතකයි.
ඒ මෝඩ ක්‍රියාවෙන් කී ලක්ෂයක් ලියුම් ප්‍රමාද වී ගොඩ ගැසුනාද? ලියුම් බෙදිල්ල නතර කළා කියා එවකට යටිබිම්ගත ප්රචන්ඩ දේශපාලනයක නිරතව සිටි ජවිපෙ සන්නිවේදන නතර වුණේ නැති බව නම් අපට මතකයි.
නූතන සන්නිවේදන යථාර්ථයට අනුගත වන නව පන්නයේ නියාමන ක්‍රම හා ප්‍රතිපත්තිමය ප්‍රතිචාර අපට අවශ්‍යයි. එහි විවාදයක් නැහැ එහෙත් 20 වන සියවසේ වාරණ මානසිකත්වයෙන් 21 සියවසේ වෙබ් මාධ්‍යවලට ප්‍රතිචාර දක්වන්නට බැහැ.
බ්ලොක් කළ වෙබ් සේවාවලට අනුයක් ක්‍රම මගින් මැරයෝ පිවිසෙද්දී අහිංසක ජනයා එහි යා නොහැකිව ලත වීම පමණයි සිදුවන්නේ!
සමාජ මාධ්‍ය තවමත් සාපේක්ෂව අළුත් නිසා ඒවායේ ක්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.
තවත් සමහරුන් සමාජ මාධ්‍ය කවදාවත් තමන් භාවිත කළ අයත් නොවෙයි! එහෙන් මෙහෙන් අහුලාගත් දෙයින් විරෝධතා නගනවා!
සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා. එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි. එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.
