From time to time, certain Lankan academics make unsupported claims that the Sinhala language – spoken as native tongue by about 70% of Sri Lanka’s 21 million people – is in danger of ‘going extinct’. These claims are peddled without question by some journalists and on social media. I have been countering this for some time, going to authoritative global references that track the status of languages worldwide.
Key among them is the UNESCO Atlas of the World’s Languages in Danger. The latest edition of the Atlas (2010) lists about 2,500 languages (among which 230 languages extinct since 1950), approaching the generally-accepted estimate of some 3,000 endangered languages worldwide. Sinhala language is NOT among them. However, Sri Lanka does have one endangered language: spoken by the indigenous Veddah people, whose numbers are dwindling (below 500) due to cultural assimilation.

නූතන මිථ්‍යා බිහි කරන්නට අපේ සමහර පොතේ උගතුන් ද දායක වනවා. ගුරුන්ගේ මිථ්‍යා ඉන් පස්සේ ගෝලයෝ අවිචාරශීලීව පතුරුවනවා.
සිංහල භාෂාව වඳ වී යාමේ තර්ජනයක් ඇතැයි කීම මේ ආකාරයේ නූතන මිථ්‍යාවක්. මිලියන් 15ක් පමණ භාවිත කරන බසක් වඳ වී යාමේ තර්ජනයක් තබා සේයාවක්වත් නෑ. මෙය මීට කලින් වතාවකත් මා පැහැදිලි කළා. ඒත් මේ සති අන්තයේ (2017.06.11) රාවයට ආරූඪ නමකින් ලියූ ලිපියක ආයෙත් මේ මිථ්‍යාව ප්‍රතිරාවය කොට තිබෙනවා.
භාෂාවක් වඳ වී යාමට හැක්කේ එය මවුබස ලෙස කථා කරන අය නැති වී යාම නිසා හෝ ඔවුන් සැම දෙන වෙනත් බසක් කථා කිරීමට යොමු වූවොත් පමණයි. ඕනැම බසක් කාලානුරූපව පරිනාමය වීම කිසිසේත්ම බසක පරිහානියක් කියා ජාත්‍යන්තරව උගතුන් පිළි ගන්නේ නෑ.
ලෝකයේ භාෂා 6,000 – 7,000 අතර තිබෙන බවත්, එයින් අඩක් පමණම අවභාවිතය නිසා 2100 වන විට මළ භාෂා බවට පත් විය හැකි බවත් වාග්විද්‍යාඥයින් අනතුරු අඟවනවා. ඒත් මේ අනතුර සිංහල භාෂාවට නෑ.
මේ පිළිබඳ ලොවම පිළිගත් මූලාශ්‍රය නම් ලක් රජයද සාමාජිකත්වය දරණ යුනෙස්කෝවේ UNESCO Interactive Atlas of the World’s Languages in Danger.
එයට අනුව මෙරට තර්ජනයට ලක් වී ඇති බසක් තිබෙනවා. නමුත් ඒ සිංහල බස නොවේ. වැදි බසයි. 1993දී 300 පමණ දෙනකු කථා කළ මේ බස වඳ වී යාමට හේතුව මේ ආදිවාසී ජනයා මේ රටේ ප්‍රධාන ජනවර්ග සමග මුසු වෙමින් එකි ජනවර්ගවල භාෂා කථා කිරීමට යොමු වීමයි.
ලේඛක හා පර්යේෂක චානුක වත්තේගම වරෙක කී පරිදි පරිගණකවලට සකස් කර ගනු ලැබූ හා වෙබ්ගතව දෙසි විදෙස්ගත සිංහලයන් මිලියන් ගණනක් නිතිපතා කියන, ලියන සිංහල බස, “වඳ වී” යා හැක්කේ කෙසේද? කුමන නිර්ණායක මතද?
මිථ්‍යා පතුරුවන්නට පෙර විචාරශීලීව මදක් සිතන්න!
See also: 4 March 2012: සිවුමංසල කොලූගැටයා #56: විශ්වයේ අන්තිම සිංහල වචනය?
