සිවුමංසල කොලූගැටයා #161: සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය?

In this week’s Ravaya column (in Sinhala language), I probe why sections of Lankan society are habouring growing fears of social media, especially Facebook.

A few have called for a blanket ban of Facebook, which the secretary to the Ministry of Media has assured (in his Twitter feed) would not happen. There is an urgent need, however, to enhance public understanding in Sri Lanka of social media use, with particular attention on safety precautions, privacy protection and cyber civility.

I have drawn insights from a recent Colombo event on ‘Online safety for children and youth in Sri Lanka’ organised by Unicef Sri Lanka which brought together a few dozen web-savvy young people.

Social Media montage

කාලයෙන් කාලයට අළුතෙන් මතුව ආ සංසිද්ධීයක් අල්ලාගෙන එයට හැකි තරම් පහරදීම හා ඒ ගැන අස්ථාන බියක් ඇති කර ගැනීම අපේ සමාජයේ ගතියක්.

මෙරටට රේඩියෝ යන්ත‍්‍ර හඳුන්වා දුන් 1930 ගණන්වල ඒවා පුපුරා යන්නට, ගිනි ගන්නට හැකි භයානක පෙට්ටි යයි ඇතැමුන් කී බව මා කුඩා කාලයේ ආච්චි  ආවර්ජනය කළා. 1960-70 දශකවල චිත‍්‍රකථා මාධ්‍යය අපේකරණය වෙද්දි එයට නැගූ අවලාද හා චෝදනා ගැන මීට ඉහත කොලමකින් අප කථා කළා. ළමා මනස දුෂණය කිරීම, අපේ සංස්කෘතික උරුමයන් විනාශ කිරීම, සමාජයේ ප‍්‍රචණ්ඩත්වය තීව‍්‍ර කිරීම, කාලය කා දැමීම ආදී බරපතල චෝදනා මේ අතර තිබුණා.

1979-82 කාලයේ ටෙලිවිෂන් මෙහි ආ විට ටික කලෙකින් අපේ ළමා හා තරුණ පරපුර නෙත් අඳ වූ ඔලමොට්ටලයන් වනු ඇතැයි අපේ සුචරිතවාදියෝ මොර දුන්නා. ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් මාධ්‍යයටත් ප‍්‍රබලව එල්ල වූ මේ සැකයන් හා භීතිකාවන්ට ලක් වන අළුත්ම ප‍්‍රවණතාව වෙබ්ගත සමාජ මාධයයි (Social Media). විශේෂයෙන්ම ෆේස්බුක් Facebook නම් සංවෘත, මිතුරු සාමීචි වෙබ් වේදිකාවයි.

සමාජ මාධ්‍ය යන නම පවා සමහරුන්ගේ අවඥාවට ලක්ව ඇති බව පෙනෙනවා.  එක් පුවත්පත් ලිපියක් මෑතදී කීවේ සමාජ මාධ්‍ය යනු සමාජ ශාලා (ක්ලබ්ස්) යයි හැඟීමක් අපේ සමහරුන් නොදැනුවත්කම නිසා ඇති කර ගෙන තිබෙන බවයි!

අන් හැම මාධ්‍ය හා සන්නිවේදන තාක්‍ෂණයක් මෙන් ම සමාජ මාධ්‍යවලත් විවිධාකාර සමාජයීය බලපෑම් තිබෙනවා.  මේ අතර සමහරක් අහිතකර වීමේ ඉඩක් ද පවතිනවා.  ඒ ඉඩ අවම කර ගෙන සමාජ මාධ්‍යවල ධනාත්මක විභවය උපරිම කර ගන්නට අවශ්‍යයි.

සමාජ මාධ්‍ය යනු Facebook පමණක් නොවෙයි. දොරටුපාලක අධිපතිවාදයකින් තොරව අදහස් සන්නිවේදනය කළ හැකි බ්ලොග් blogඅවකාශ, ඉතා කෙටි හා ක්‍ෂණික සන්නිවේදන කළ හැකි ට්විටර් Twitter වේදිකාව, රූප බෙදා ගත හැකි Flickr වැනි නිදහස් සේවාවන් මෙන් ම විඩියෝ බෙදා ගත හැකි YouTube වැනි සේවාවන් සියල්ලත් සමාජ මාධ්‍යවලට අයත්.

පොදුවේ සමාජ මාධ්‍යවල දැකිය හැකි ආව්ණික ලක්‍ෂණ කිහිපයක් තිබෙනවා. කාගේවත් අවසරයක්, අධීක්‍ණයක් නැතිව කැරෙන මේ සන්නිවේදන ලිහිල් හා විවෘතයි. තවමත් බොහෝ දුරට වැඩවසම් මානසිකත්වයක් ඇති අපේ සමාජයේ මෙබඳු මත දැක්වීම්වලට ඉඩකඩ සිමිතයි. පාසලේ, සරසවියේ, කාර්යාලවල හා වෙනත් බොහෝ තලයන්හිදී තරුණ තරුණියෝ විවිධ ධූරාවලීන්ට   (hierarchies) යටත්ව කි‍්‍රයා කරනවා. එහෙත් දොරටුපාලයන් නැති, අධිපතිවාදයෙන් තොර කලාපයක් වන සයිබර් අවකාශයේ එබඳු සීමා නැහැ.

23 June 2013: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

4 Aug 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

ඉන්ටර්නෙට්  මාධ්‍යයේ ලංකාගමනය සිදුවූයේ 1995 අපේ‍්‍රල් මාසයේ නිසා දැන් මේ මාධ්‍යය සමග අපේ සම්බන්ධයට වසර 19ක් පිරෙනවා. මිනිස් ජීවිතයක නම් මේ කඩඉමට පැමිණෙන විට යම් පරිනත බවක් අපේක්‍ෂා කරනවා. ඉන්ටර්නෙට් මාධ්‍යයේ සමාජයීය බලපෑම් ගැන පරිනත සංවාදයක් කරන්නට නම් හුදෙක් තාක්‍ෂණය,  නීතිය හෝ ඊනියා සුචරිතවාදයට වඩා ඔබ්බට යන විග‍්‍රහයන් අවශ්‍යයි.

20 Nov 2011: සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?

මේ බුද්ධිමය නායකත්වය ලබා දීමට මෙරට සරසවි ඇදුරන් හා පොතේ උගතුන් බහුතරයක් අසමත්.  මේ මාධ්‍යය ගැන වැඩිපුර ම අවබෝධයක් ඇත්තේ එය සමග හැදුණු වැඩුණු මෙරට මුල් ඩිජිටල් පරම්පරාවටයි.  ඉස නිකට නොපැසුනත් මේ මාධ්‍යය ගැන වඩාත් හරවත් හා යථාර්ථවාදි උපදෙස් සෙසු සමාජයට දිය හැක්කේත් ඔවුන්ටයි.

24 June 2012: සිවුමංසල කොලූගැටයා #72: ඉන්ටර්නෙට් නොදැන ගොස් මංමුලා වූ උගත්තු…

මේ ඩිජිටල් පරපුරට සවන්දීමේ සංවාදශීලි රැස්වීමක් පසුගියදා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් Unicef ආයතනයේ ශ‍්‍රී ලංකා කාර්යාලය සංවිධානය කළා.  සමාජ මාධය භාවිතය ගැන පෞද්ගලික අත්දැකීමෙන් හා ගවේෂණාත්මක අවබෝධයෙන් කථා කළ හැකි  හා මේ නව අවකාශය ජය ගන්නට ආත්ම ශක්තිය ඇති තරුණ තරුණියන් රැසක් එයට සහභාගී වූවා.

මේ සංවාදයට එක් වූ සැවොම එකඟ වූයේ අවධි වූ සිහියන්, ප‍්‍රවේශම්කාරිව සයිබර් අවකාශයේ සැරසැරීම අද කාලයේ අත්‍යවශ්‍ය කුසලතාවක් බවයි.

‘‘අපේ සමාජය අළුත් හැම දෙයකට ම ප‍්‍රතිචාර දක්වන්නේ බොහොම ගතානුගතිකවයි. නව තක්‍ෂණයක හෝ ප‍්‍රවණතාවක ගති සොබා නොවිමසා මතු පිටින් පෙනෙන දෙයින් එයට දොස් කීම බහුලව  කැරෙනවා’’ යයි මෘදුකාංග ඉංජිනේරු හා සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරික ගයාන් විජේවික‍්‍රම කියනවා.

ඔහුගේ මතය සයිබර් අවකාශයේ සැබෑ අවදානම් මොනවාදැයි හරි හැටි හඳුනාගෙන ඒවායින් ප‍්‍රවේශම් වීමේ ක‍්‍රමවත් සමාජ සූදානමක් ඇති කළ යුතුයි.  මාධ්‍යයට බිය වී එය තහනම් කිරීම හෝ ළමයින් එයින් ඈත් කිරීම හෝ නිසි ප‍්‍රතිචාරය නොවේ.

‘භෞතික ලෝකයේ නොහඳුනන අයගෙන් ප‍්‍රවේශම් වන්නට යයි අප දරුවන්ට කියනවා. නොදන්නා කෙනෙකුට අපේ පෞද්ගලික තොරතුරු හෝ රූප දෙන්නේ නැහැ.  මේ හා සමාන ප‍්‍රවේශම්කාරි බවක් නොතිබීම අද සමාජ මාධ්‍ය භාවිතයට ගොස් අමාරුවේ වැටීමට ප‍්‍රධාන හේතුවක්’ ඔහු කියනවා.

සයිබර් අවකාශයේ ප‍්‍රධාන අවදානමක් නම් අපේ අනන්‍යතාවය වෙන අයකු විසින් අනවසරයෙන් පැහැර ගැනීමයි (identity theft). බොහෝ කොට මෙය සිදු වන්නේ අප හඳුනන (එහෙත් සැබෑවටම අපට හිතවත් නොවන) කෙනකු හරහායි.

Facebook ගිනුම් අරභයා මෙරට බලධාරින්ට ලැබෙන පැමිණිලිවල අති බහුතරයක් මේ ගණයට වැටෙනවා.  තමාගේ නමින් අනවසර ගිනුමක් පවත්වා ගැනීම හෝ තමන් සතු වූ ගිනුම හදිසියේ පැහැර ගැනීම හරහා තමන්ට හානිකර රූප, ප‍්‍රකාශ පළ කිරීම ගැන මේ පැමිණිලි ලැබෙනවා.  විමර්ශනය කරන විට හෙළි වන්නේ එබඳු අක‍්‍රමිකතා පිටුපස බොහෝ විට සිටින්නේ විරසක වූ පෙම්වතුන් හෝ ඉරිසියාවට පත් හිටපු මිතුරන් බවයි. මෙය සමීපතයන් අතර password හෝ මුරපද බෙදා ගැනීමේ පසු කාලීන විපාකයක්.

මූලික මට්ටමේ ආරක්‍ෂක උපක‍්‍රම වන්නේ තමන්ගේ විවිධ සයිබර් සේවා ගිනුම් (accounts)වලට හරිහමන් මුරපද දීමයි.  ලෙහෙසියෙන් වෙන අයකුට අනුමාන කළ නොහැකි මුරපද භාවිතයත්, කිසිම හේතුවක් නිසා සමීපතයන්ට පවා එය නොකීමත් ඉතා වැදගත්.

එහෙත් අපේ බොහෝ දෙනා ඉතා ලිහිල් ආකාරයේ මුරපද තෝරා ගැනීම, එකම මුරපදය විවිධ භාවිත ගිනුම්වලට යෙදීම, රහසිගත බව නොසළකා හිත මිතුරන්ට එය පැවසීම, බොහෝ කලක් එකම පුර පදය පවත්වා ගැනීම වැනි වැරදි රැසක් කරන බව හෙළි වී තිබෙනවා.

වඩාත් ප‍්‍රශස්ත මුරපදයක් තේරිම ගැන නොමිලයේ උපදෙස් සයිබර්  අවකාශය පුරාම හමු වනවා.  එසේම අදියර දෙකක මුරපද : (two-step verification) දැන් සමහර සයිබර් සේවාවලින් ලද හැකියි. Google, WordPress වැනි නිදහස් සේවා තම සාමාජිකයන්ට මෙය නිර්දේශ කරනවා. එහිදී තමා තෝරා ගත් රහසිගත මුරපදය ඇතුල් කළ විට එයට සම්බන්ධිත ජංගම දුරකථනයට  SMS හරහා  තාවකාලික රහස් අංකයක් එසැනින් ලැබෙනවා.  අදාල ගිනුමට පිවිසිය හැක්කේ මුරපදය හා අංකය දෙකම හරියට ගැලපේ නම් පමණයි.  මේ රහස් අංකය අහම්බෙන් ජනනය වන නැවත භාවිතයක් නැති එකක්.

විශේෂයෙන් කාර්යාලවල, සයිබර් කැෆේ හා නැණසල ආදි ස්ථානවල පොදුවේ භාවිත කැරෙන පරිගණක හරහා සයිබර් අවකාශයට පිවිසෙන විට මුරපදයන් සුරැකීමත්, වෙනත් ආරක්‍ෂිත උපක‍්‍රම ගැන විමසිලිමත් වීමත් වැදගත්.  එසේම මුරපද යොදා තමන් විසින් පිවිසි ගිනුම්වලින් යළිත්  ඕනෑකමින්ම බැහැරවීම (log out) අවශ්‍යයි.

අපේ සමහරුන් තමන්ගේ පෞද්ගලික ඊමේල් හා ෆේස්බුක් ගිනුම් පොදු පරිගණකවල විවෘත කොට ඒවා යළිත් බැහැර නොවී තබනවා.  එවිට වෙනත්  ඕනෑම කෙනෙකුට එයට පිවිසී  ඕනෑම මගඩියක් කළ හැකියි.  නිවසේ දොර ජනෙල් අගුලූ නොදමා විවෘතව තබනවා වැනි අවදානම් සහගත ක‍්‍රියාවක්.

පරිගණක, ස්මාට්ෆොන් හා වෙනත් සන්නිවේදන තාක්‍ෂණ ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය තාක්‍ෂණික දැනුම (එනම් තොරතුරු සාක්‍ෂරතාව) පමණක් සෑහෙන්නේ නැහැ. ප‍්‍රවේශම්කාරිව, කාර්යක්‍ෂමව හා ආචාරශීලීව සයිබර් අවකාශයේ සැරිසැරීමට ඉන්ටර්නෙට් සාක්‍ෂරතාව (cyber literacy)  හා සමාජ මාධ්‍ය සාක්‍ෂරතාව (social media literacy) ද අවශ්‍යයි. මේවා මෙරට බහුලව හමුවන පරිගණක උපකාරක පන්තිවලින් හරිහැටි ලබා දෙන කුසලතාවයන් නොවෙයි.

Megara Tegal
Megara Tegal

තරුණ මාධ්‍යවේදිනියක් වන මෙගාරා ටෙගාල් කියන්නේ ලක් සමාජයේ ඉන්ටර්නෙට්  භීතියට අපේ බහුතරයක් මාධ්‍ය ද  වගකිව යුතු බවයි.  පාඨක හා ග‍්‍රාහක සංත‍්‍රාසය ඇති කරන ආකාරයේ ප‍්‍රවෘත්ති ආවරණයත්, ‘Facebook මාරයා’ වැනි වචන භාවිතයත් මෙයට දායක වනවා.

‘‘Facebook යනු කාටත් නොමිළයේ බැඳිය හැකි සමාජ මාධ්‍ය ජාලයක්. වේදිකාවක්.  ප‍්‍රශ්න මතු වන්නේ එයට බැඳෙන සමහරුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි නිසයි.  ඒත් අපේ මාධ්‍ය වාර්තා බලන විට Facebook යනු මහා භයානක, දුෂ්ට හා දුෂිත තැනක් වැනි හැඟීමක් හටගත හැකියි’’ මෙගාරා කියනවා.

මෙයට එක් හේතුවක් නම් අපේ බොහෝ මාධ්‍යවේදීන් හා මාධ්‍ය කතුවරුන්ට මේ නව තාක්‍ෂණ හා මාධ්‍ය ගැන නිසි අවබෝධයක් නැති වීමයි.  ඉන්ටර්නෙට් ආගමනයෙන් පසු ගෙවී ගිය මුල් වසර කිහිපයේ එය තේරුම් ගත හැකි වුවත් තවමත් මේ නොදන්නාකම හා දුර්අවබෝධය පවතින්නේ ඇයි?

මගේ මතය: ඉන්ටර්නෙට් මාරයා, Facebook මාරයා වැනි යෙදුම් තමන්ගේ මාධ්‍ය ලිපිවල ලියන්නේ ඉන්ටර්නෙට් හීනමානයෙන් පෙළෙන උදවියයි.  තමන් නොදත් හෝ තමන් අසමත් නව තාක්‍ෂණයක් සමාජයේ අන් අයට ලැබෙනවාට නොරිසි මේ අය පොදුවේ ඉන්ටර්නෙට් ගැනත් සමාජ මාධ්‍ය ගැනත් අතිශයෝක්තියෙන් බියකරු කථා පතුරවනවා.

Sanjana Hattotuwa speaking on Social Media & Youth Patterns and trends of adoption into the future’ - photo courtesy Unicef Sri Lanka Facebook page
Sanjana Hattotuwa speaking on Social Media & Youth Patterns and trends of adoption into the future’ – photo courtesy Unicef Sri Lanka Facebook page

ඉන්ටර්නෙට් භාවිතයේදී ඇති වන අක‍්‍රමිකතා හා මූල්‍යමය වංචා ආදිය ගැන මෙරට නීති සම්පාදනය වී ඇතතත් සමාජ මාධ්‍ය ගැන තවමත් රාජ්‍ය තන්ත‍්‍රයට පැහැදිලි අවබෝධයක් නැහැ.  විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුවගේ අදහස සමාජ මාධ්‍ය ගැන දෙබිඩි පිළිවෙතක් රජයට ඇති බවයි.

‘‘එක් පසෙකින් ජනාධිපතිවරයා හා මහ බැංකු අධිපතිවරයා සෘජුව ම ලක් ජනතාවට සමීප වන්නට සමාජ මාධ්‍ය (Twitter) හරහා සංවාද කරනවා. ඒ අතර සමාජ මාධ්‍ය මහත් වසංගතයක් යයි ජනාධිපතිවරයා ම ප‍්‍රසිද්ධියේ කියනවා. සමාජ මාධ්‍ය මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි යයි ආරක්‍ෂක ලේකම්වරයා දේශනයකදී කියනවා. මේ පරස්පරයන් නිසා සමාජ මාධ්‍ය ප‍්‍රශස්ත ලෙස සමාජ උන්නතියට යොදා ගැනීම දුෂ්කර වනවා’’ සංජන කියනවා.

4 Sep 2011: සිවුමංසල කොලූගැටයා #30: නීතිය, සාමය, ජාතික ආරක‍ෂාව හා ඉන්ටර්නෙට්

ටික දෙනකුගේ උද්ඝෝෂණ නිසා රජය සමාජ මාධ්‍ය මෙරට තුළ තහනම් කිරීමක් නොකරන බව මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් ප‍්‍රකාශ කොට තිබෙනවා.  දැනුවත් වූ හා ප‍්‍රවේශම්කාරි සමාජ මාධ්‍ය  භාවිතයකට ලක් සමාජය යොමු කිරිමේ අවශ්‍යතාවය මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා  අවධාරණය කරනවා.

සමාජ මාධ්‍ය නියාමනයට රාජ්‍ය කමිටුවක් පත් කැරෙන බවට මෑතකදී වාර්තා වුවත් ඒ ගැන වැඩි තොරතුරු හෙළිවී නැහැ. සංජන හත්තොටුව කියන්නේ නියාමනය නොව සයිබර් සාක්‍ෂරතාවය හා දැනුවත්බව තීව‍්‍ර කිරීම අත්‍යවශ්‍ය බවයි.  එසේම සමාජ මාධ්‍යවලින් ලැබෙන නිර්නාමික බව (anonymity) හෝ විවිධ මවාගත් අනන්‍යතා (pseudonimity) හෝ හරහා ද්වේශසහගත ලෙස  තමන් නොරිසි ආයතනවලට, ජාතිකයන්ට හෝ ආගමිකයන්ට පහර ගැසීමේ ප‍්‍රවණතා වැඩිවෙමින් පවතින බවත් ඔහු කියනවා.

වික්ටෝරියානු අධිසුචරිතවාදය වෙනුවට සදාචාරාත්මක හා ආචාරශීලි රාමුවක් තුළ සයිබර් සන්නිවේදන කිරීමේ අවශ්‍යතාවය ද අපේ සමාජයේ ප‍්‍රවර්ධනය කළ යුතුයි.  නැතිනම් ඩිජිටල් පරම්පරාවේ දැලිපිහිය අතට ගත් වඳුරන් වැනි පිරිසක් බිහි වීමේ අවදානම තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

“Of all the institutions arrayed with and against a President, none controls his fate more than television,” President Richard Nixon wrote in 1989, some 16 years after he resigned.

TV reporters, he said, in many ways “are political actors just like the President, mindful of their ratings, careful of preserving and building their power.” The media, he wrote, “have to be outfoxed, outflanked and outperformed.”

As Los Angeles Times noted shortly after Nixon’s 1994  death, his relationship with broadcast television was an especially chequered one. But then, many politicians around the world struggle on how get the best out of this pervasive yet demanding medium that can make or break a political career in our media saturated times.

In this week’s Ravaya column (in Sinhala language), I look at how Lankan politicians across the political spectrum have risen to this challenge. It’s a fair question to ask now that we’ve had broadcast TV for 35 years, and our first ‘Television Generation’ has grown up — and some of them are active in politics. I haven’t seen this aspect explored in academic writing, but hope my views inspire more detailed study of this fascinating topic…

Cartoons are by my one-time senior colleague W R Wijesoma.

Cartoon by W R Wijesoma, first published in The Island on 24 January 1989
Politicians playing havoc on TV: Cartoon by W R Wijesoma, first published in The Island on 24 January 1989

ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවලට හෝ පළාත් පාලන ආයතනවලට තේරී පත්වීමේ ක‍්‍රියාදාමය අද අපේ රටේ මැතිවරණ පොරයක් බවට පත්ව තිබෙනවා.  එහිදී අපේක්‍ෂකයන් යම් ප‍්‍රතිඥා හා පොරොන්දු මාලාවක් ඉදිරිපත් කිරිමත්, ඒවාගේ ගුණාගුණ විවාදයට ලක් කිරීමත් පුළුල්ව කැරෙනවා.

පත‍්‍රකලාවේදී මලල්ගොඩ බන්දුතිලක සූරීන් ලියූ ‘ශ‍්‍රී ලංකාවේ මැතිවරණ පුරාණය’  ග‍්‍රන්ථයට අනුව මෙරට ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගැනීම ඇරඹුණේ 1911දී.  එහෙත් මුළු ලංකාවට ම ඡන්ද කොට්ඨාශ 4කින් පටන් ගත් මැතිවරණ ක‍්‍රමවේදය පුළුල් වූයේ 1931දී සර්වජන ඡන්දය ලැබීමෙන් පසුවයි. 1947 මහ මැතිවරණය තෙක් දේශපාලන පක්‍ෂ වශයෙන් තරග කිරීම වෙනුවට අපේක්‍ෂකයන් තමන්ගේ පසුබිම හා ජනප‍්‍රියත්වය මත ඡන්ද දිනා ගැනීම සිදු වූවා.

1947න් පසු දේශපාලන පක්‍ෂ වශයෙන් සංවිධානගත වී මැතිවරණ තරග කිරීම බහුලව කෙරුණත් ජනකාන්ත චරිත පෙරමුණට ගැනීම දශක ගණනක් තිස්සේ මෙරට මැතිවරණ ව්‍යාපාරවල පැවති ලක්‍ෂයක්.

20 වන සියවසේ මැතිවරණවලට සාපේක්‍ෂව වත්මන් මැතිවරණ ව්‍යාපාර ශෛලියෙන් හා ක‍්‍රමවේදයෙන් වෙනස් වන්නේ කෙසේ ද?  (අප කථා කරන්නේ දේශපාලන සංස්කෘතිය ගැන නොවෙයි.)

මැතිවරණ සඳහා නවීන සන්නිවේදන මාධ්‍ය හා තාක්‍ෂණයන් සූක්‍ෂම ලෙස යොදා ගැනීම වඩාත් ප‍්‍රබලව මතුව තිබෙනවා.  මෙරට වඩාත් සමාජගත වූ ජන මාධ්‍යය වන ටෙලිවිෂන්, මැතිවරණවලට හා දේශපාලන ප‍්‍රතිරූප ගොඩනැංවීමේදී කෙතරම් වැදගත් සාධකයක් ද? (නිල සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වන පරිදි තව දුරටත් රේඩියෝව නාගරිකව හෝ ග‍්‍රාමීයව හෝ අංක එක තැනෙහි නැහැ!)

මේ ගැන මෙරට විද්වත් පර්යේෂණ කෙරී ඇත්දැයි මා විපරම් කළත් එබදු සොයා ගැනීම් ප‍්‍රකාශිතව නැහැ.  ටෙලිවිෂන් ආගමනයෙන් 35 වසරක් ගෙවී ඇති නිසා මේ පැතිකඩට මාධ්‍ය හා සමාජ විද්‍යා පර්යේෂකයන් අවධානය යොමු කළ යුතු යයි මා සිතනවා. එයට තුඩු දිය හැකි මූලික අදහස් දැක්වීමක් අද කරනවා.

ජාතික මට්ටමේ මැතිවරණවලට තරග කරන දේශපාලන පක්‍ෂවලටත්, ජනාධිපතිවරණ අපේක්‍ෂකයන්ටත් රාජ්‍ය රේඩියෝ හා ටෙලිවිෂන් ගුවන් කාලය ලබා දීම කලෙක සිට ක‍්‍රියාත්මක වනවා.  එහෙත් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා රැසක් තිබෙන අද කාලේ වැඩිපුර ප‍්‍රතිරූප ගොඩනැංවෙන්නේ ටෙලිවිෂන් සංවාද හා ප‍්‍රවෘත්ති ආවරණය හරහායි.

හැම දේශපාලන පක්‍ෂයටම හා දේශපාලන චරිතයටම එක සේ පෞද්ගලික ටෙලිවිෂන් ආවරණය ලැබෙන්නේ නැහැ.  (එයට පසුබිම් වන විසමතා හා එහි දිගු කාලීන විපාක වෙනම විග‍්‍රහ කළ යුතුයි.)  එසේම කෙතරම් ගුවන් කාලයක් ලැබුණත් එයින් හරිහැටි ඵල නෙලා ගැනීමට කුසලතාවය නැති චරිත ද සිටිනවා.  මෙය අපට වඩා දිගු ටෙලිවිෂන් ඉතිහාසයක් ඇති ඇමරිකාව, යුරෝපය හා ජපානය වැනි සමාජයන්හි ද හමු වන විසමතාවයක්.

‘ටෙලිවිෂන් යුගයේ මුල්ම ජන නායකයා’ හැටියට පිළිගැනෙන ජෝන් එෆ්. කෙනෙඩි ගැන 2013 නොවැම්බර් 24 වනදා කොලමින් විග‍්‍රහ කළා. කෙනෙඩිගේ මාධ්‍ය ආදර්ශය එදා මෙදා තුර ලොව පුරා දේශපාලකයන් සමීපව අධ්‍යයනය කරනවා.  සහජ හැකියාව, වාග්චාතුර්යය, සුහද බව, හාස්‍යජනක බව හා අවශ්‍ය පමණට ගැඹුරුවීම වැනි ගුණාංග රැසක සියුම් සංකලනයක් කෙනෙඩිගේ සාර්ථකත්වයට හේතු වූවා.

John F Kennedy (left) and Ronand Reagan
John F Kennedy (left) and Ronand Reagan

පසු කලෙක මාධ්‍ය හරහා හෘදයාංගම ලෙස සිය ජනතාවට සමීප වීමට සමත් ලෝක නායකයන් අතර රොනල්ඞ් රේගන් හා නෙල්සන් මැන්ඩෙලා කැපී පෙනුණා.  වචයක්වත් මුවින් නොබැන, නවීන සන්නිවේදන මාධ්‍ය සියුම් හා සංවේදී ලෙස හැසිර වීම හරහා මැන්ඩෙලා ලෝකයට අගනා සන්නිවේදන පාඩමක් කියා දුන් හැටි 2013 ඔක් 20 වනදා කොලමින් අප කථා කළා.

දකුණු ආසියාවේ රාජීව් ගාන්ධි, බෙනාසීර් භූතෝ හා මොහමඞ් නෂීඞ් ටෙලිවිෂන් ජය ගත් නායකයන් බව මගේ තක්සේරුවයි.  රාජ්‍ය බලය හෝ ව්‍යාපාරික සහයෝගය හෝ හරහා වැඩි ගුවන් කාලයක් තමන්ට ලබා ගන්නවා වෙනුවට සූක්‍ෂමව හා නිර්මාණශීලිව ටෙලිවිෂන් මාධ්‍යය මෙහෙයවීමේ කලාව මේ නායකයන් දැන සිටියා.

(බෙනාසිර්ගේ ටෙලිවිෂන් ප‍්‍රධානියා හා නෂීඞ්ගේ මාධ්‍ය උපදේශකවරයා මුණ ගැසී මා කථාබහ කොට තිබෙනවා.  ඔවුන් දෙපල ම කීවේ කෙතරම් ධනයක් හා තාක්‍ෂණයක් තිබුණත් අවසන් විනිශ්චයේදී තම දේශපාලන නායකයන් ජනතාවට සමීප වූයේ ඒ සාධක නිසා නොව සහජ හැකියාව හා ආයාසයෙන් ප‍්‍රගුණ කර ගත් ටෙලිවිෂන් හරහා ජනතාව ඇමතීමේ හැකියාව නිසා බවයි.)

ටෙලිවිෂන් හරහා දේශපාලනය විද්‍යාවකට වඩා කලාවක්.  එය මුළුමනින් ශාස්ත‍්‍රාලීය පර්යේෂණ හරහා තේරුම් ගැනීම අපහසුයි. ‘ටෙලිවිෂන් අත් ගුණය’ කියා යමක් සමහර දේශපාලකයන්ට හා ජන නායකයන්ට තිබේ යයි මට සිතෙනවා. ඉංග‍්‍රීසි බසින් media savvy කියනවා (මාධ්‍ය භාවිතයේ බුහුටි බව).

ටෙලිවිෂන් හරහා ජනහද දිනන්නට රූපකාය හා වාග් චාතුර්යය පමණක් සෑහෙන්නේ නැහැ. Charisma යයි ඉංගී‍්‍රසියෙන් කියන සිත් ඇද ගන්නා ජනකාන්ත ගුණය ද තිබිය යුතුයි. එයටත් වඩා තීරණාත්මක වන්නේ නිර්ව්‍යාජ වූ මිත‍්‍රශීලී බවක් තිබීමයි. එය ආයාසයෙන් මතු කර ගන්නට අමාරුයි. සමහරුන්ට එය සොබාවයෙන් පිහිටනවා.

මහජන රැස්වීම් වේදිකාවල ජනයා අමතන ආකාරයට වඩා බෙහෙවින් වෙනස් ශෛලියක් ටෙලිවිෂන් මාධ්‍යයේදී යොදා ගත යුතුයි. ටෙලිවිෂන් කැමරාව කෙනකුගේ මුහුණේ සමීප දසුන් හසු කර ගන්නට සමත්. එහිදී ආවේගයන් ප‍්‍රබල ලෙස ඉස්මතු කැරෙනවා.

එසේ ම වේදිකාවල උද්වේගකර ලෙසින් කථා කළ හැකි වුවත් ටෙලිවිෂන් මාධ්‍යයේදී හැකි තාක් සිනහ බරිතව, සැහැල්ලූවෙන් හා හෘදයංගම ලෙසින් කථා කිරීම අවශ්‍යයි. මන්ද යත් පේ‍්‍රක්‍ෂකයන් සමූහ වශයෙන් නොව තනි තනිව විසිත්ත කාමරවල හෝ වෙනත් තැන්වල සිට එය නරඹන නිසා.

අපේ රටේත්, වෙනත් පෙර අපර දෙදිග බොහෝ රටවලත් ජන නායකයන්ට මේ දෙආකාරයේ කථා ශෛලිය පවත්වා ගැනීම අපහසුයි. අපේ තරුණ දේශපාලකයෝ පවා වේදිකා ඇමතුම් ශෛලිය ටෙලිවිෂන් මාධ්‍යයටත් යොදා ගන්නට තැත් කොට අසාර්ථක වනවා.

W R Wijesoma's cartoon in The Island - 18 March 1982
W R Wijesoma’s cartoon in The Island – 18 March 1982

මෙරට ටෙලිවිෂන් මාධ්‍යය ඇරැඹෙන විට රාජ්‍ය නායකයා වූයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන. මුල් ටෙලිවිෂන් දශකය පමණ ගෙවී ගියේ ඔහුගේ පාලන කාලයේ වුවත් ඔහු ටෙලිවිෂන් සමඟ එතරම් ගනුදෙනු කළේ නැහැ. ඉඳහිට ටෙලිවිෂන් සාකච්ඡාවක් කළ විට පවා සැහැල්ලූවෙන් නොසිටි බව මට මතකයි.

කොටින්ම කියතොත් ජේ. ආර්. ජනතාවට හෘදයාංගම ලෙස ඇමතීමේ හැකියාව තිබූ නායකයෙක් නොවෙයි. ඔහුගේ මුල් බස වූ ඉංග‍්‍රීසියෙන් පවා ඔහුට තිබුණේ ගාම්භීර හා ශාස්ත‍්‍රීය මට්ටමේ ශෛලියක්.

ඔහුගේ කැබිනට් ඇමතිවරුන් අතර විවිධාකාර දක්ෂයන් රැසක් සිටියත් ටෙලිවිෂන් මාධ්‍යයට මනා ලෙසින් අනුගත වූයේ (මාධ්‍ය භාර) රාජ්‍ය ඇමති හා කථානායක ආදී තනතුරු දැරූ ආනන්දතිස්ස ද අල්විස්. ඔහු ද්විභාෂා දක්ෂයෙක්. එමෙන්ම සැහැල්ලූවෙන්, විහිළුවෙන් හරබර දේ කීමේ හැකියාව ඔහුට තිබුණා.

Dr. Ananda Tissa De Alwis Stampශ‍්‍රී ලංකාවේ ටෙලිවිෂන් පරිණාමය විමසිලිමත්ව බලා සිටින මා මෙරට ටෙලිවිෂන් ජය ගත් මුල් ම දේශපාලකයා ලෙස සලකන්නේ ඔහුයි. ටෙලිවිෂන් කැමරාව දෙස බලා ගෙන, සමීප හිතවතෙකු සමඟ පිළිසඳරේ යෙදෙන ආකාරයෙන් කථා කිරීමේ හැකියාව ඔහු ඉක්මනින් ප‍්‍රගුණ කළා. වේදිකා කථා කිරීමේ ශෛලියට වඩා මෙය ඉතා වෙනස් වන බව ඔහු හඳුනා ගත්තා.

ආනන්දතිස්ස ද අල්විස්ගේ ටෙලිවිෂන් හැකියාව උරගා බැලූණු එක් අවස්ථාවක් මට හොඳට මතකයි. 1983 ජූලි ඛේදවාචකයේ අවසන් අදියර එළඹෙද්දී රටේ ජනතාව සන්සුන් කිරීමට රජය වෙනුවෙන් රට ඇමතුවේ ඔහුයි. කොළඹට කිසිදු කොටි ප‍්‍රහාරයක් එල්ල නොවූ බවත්, එකම කොටියන් සිටියේ දෙහිවල සත්තු වත්තේ බවත් කියමින් එබඳු සංවේගදායක හා සංත‍්‍රාසමය මොහොතක පවා ටෙලිවිෂන් හරහා රට වැසියන් අස්වැසීමට ඔහු උත්සාහ ගත්තා.

මෙරටට ටෙලිවිෂන් හඳුන්වා දෙන අවධියේ මුල් තැන ගෙන කි‍්‍රයා කළ රාජ්‍ය නිලධාරියා වූ ආචාර්ය සරත් අමුණුගම පසු කලෙක සකි‍්‍රය දේශපාලනයට පිවිසුණා. ආනන්දතිස්ස ද අල්විස්ට පසු ජ්‍යෙෂ්ඨ දේශපාලකයන් අතර ටෙලිවිෂන් හරහා හදවත් ඇමතීමේ හා ලයාන්විත තර්කනයේ කුසලතාව හොදින් ම ප‍්‍රගුණ කර ඇත්තේ ආචාර්ය අමුණුගමයි.

ඔහු කියන දෙයට අප එකඟ වුවත් නැතත් ඔහුගේ දේහ චලනය, මුහුණේ මදහාසය හා කටහඬ පාලනය තරුණ දේශපාලකයන් හා අනෙකුත් ජනමතයට බලපෑම් කිරීමට කැමති කොයි කවුරුත් සමීපව අධ්‍යයනය කිරීම වටිනවා.

ජනාධිපති පේ‍්‍රමදාස චතුර වේදිකා කථිකයෙකු වුවත් සිය කථා ශෛලිය ටෙලිවිෂන් අවශ්‍යතා සඳහා වෙනස් කර ගත්තේ නැහැ. නමුත් ටෙලිවිෂන් මාධ්‍යයේ බලය වටහා ගත් ඔහු හැම නාලිකාවක ම ප‍්‍රවෘත්ති ආවරණයේ අධි නියෝජනයක් නිල බලයෙන් ලබා ගත්තා. මෙය කාටූන් ශිල්පී ඩබ්ලිව්. ආර්. විජේසෝම සූරීන් වරක් සියුම් ලෙස උපහාසයට ලක් කළා.

Cartoon by W R Wijesoma, first published in The Island on 3 March 1993
Cartoon by W R Wijesoma, first published in The Island on 3 March 1993

දේශපාලන වේදිකා මෙන්ම විද්වත් සභාවලදීත් තැනේ හැටියට කථිකත්වය වෙනස් කිරීමේ හපනුන් වූ අනුර බණ්ඩාරනායක, ලලිත් ඇතුළත්මුදලි හා ගාමිණී දිසානායක වැනි අය ද ටෙලිවිෂන් මාධ්‍යයේ හෘදයාංගම ශෛලිය හරිහැටි හසු කර ගත්තේ නැහැ.

මෙය මෙරට පමණක් නොව ලොව බොහෝ රටවල අත්දුටු සත්‍යයක්. සජීව සභාවල චතුර හා උද්වේගකර කථිකයන්ට ටෙලිවිෂන් මැදිරියක අජීවී ටෙලිවිෂන් කැමරාව දෙස බලා ගෙන එය හරහා රටක් පුරා විසිරී පේ‍්‍රක්‍ෂක පිරිසක් සාර්ථක ලෙස ඇමතීමේ සුවිශේෂි හැකියාව බොහෝ විට ලබා ගැනීම අපහසු වනවා.

දැනට සකි‍්‍රය දේශපාලනයේ සිටින අයගේ ටෙලිවිෂන් කථන හැකියාව වෙන් වෙන්ව ඇගැයීමට මා කැමති නැහැ. අපේ පළමුවන ටෙලිවිෂන් පරම්පරාවේ සාමාජිකයන් ගණනාවක් ද දේශපාලනයේ නියැලෙනවා. 1980 හා 1990 දශකවල ටෙලිවිෂන් සමග හැදුණු වැඩුණු පමණට ම මේ සැම අයකුම දක්‍ෂ ටෙලිවිෂන් සන්නිවේදකයන් වන්නේ නැහැ.

දේශපාලන සංවාදවලදි විනීතව, සිනහ බරිතව, උපහාසාත්මකව කථා කිරීමේ හැකියාව තියුණු කර ගත් තරුණ දේශපාලකයන් කිහිප දෙනකු සිටිනු පෙනෙනවා. එමෙන්ම වේදිකාවක හා ටෙලිවිෂනයේ වෙනස නොහඳුනන, ටෙලිවිෂන් හරහා අනවශ්‍ය ලෙසින් කෑ මොර දෙන තරුණ දේශපාලකයන් ද සිටිනවා.

21 වන සියවසේ ජන ජීවිතය වඩාත් විද්්‍යුත් හා වෙබ් මාධ්‍යවලට සමීප වෙද්දී සාම්ප‍්‍රදායික දේශපාලන රැස්වීම් හා වේදිකා කථාවල සාපේක්ෂ වැදගත්කම කෙමෙන් අඩු වී යනවා. එළැඹෙන වසර හා දශකවල දේශපාලනයේ වඩාත් තීරණාත්මක සාධකය වනු ඇත්තේ තම අදහස් හා ප‍්‍රතිපත්ති මාධ්‍ය හරහා වඩාත් විශ්වසනීය ලෙසත්, චිත්තාකර්ෂණීය ලෙසත් සන්නිවේදනයේ හැකියාවයි.

මෙය මුදල් වියදම් කිරීමෙන් පමණක් ලබා ගත හැක්කක් නොවෙයි. මහා ලොකුවට මාධ්‍ය හරහා තම ප‍්‍රචාරණය ගෙන ගිය සමහර ධනවත් දේශපාලකයෝ යළි යළිත් මෙරට ඡන්දදායකයන් විසින් ප‍්‍රතික්‍ෂෙප කොට තිබෙනවා.

අනාගත දේශපාලනයට ගෙයින් ගෙට යාම හෝ පෝස්ටර්, බැනර්, කටවුට් ගැසීමට වඩා ටෙලිවිෂන් හා වෙබ් හරහා ජන හදට සමීප වීමේ හැකියාව  ඕනෑ වන බව නම් පැහැදිලියි.

Can the Development Community catch up with Nelson Mandela?

Op-ed essay originally published by the Communications Initiative (CI) on 12 Dec 2013 and reprinted in Ceylon Today  newspaper on 17 Dec 2013.

Image courtesy - ICTD Cape Town 2013 website
Image courtesy – ICTD Cape Town 2013 website

Nelson Mandela was not only an effective communicator, but also a champion of communication for development.

He spoke and wrote with conviction and empathy, which in turn enhanced his credibility and appeal. He changed history with his careful choice of words and images delivered with the right degree of passion. Social communicators can learn much from him.

However, his communications prowess extended beyond thoughtful prose and skillful oratory. He also understood the power of mass media in today’s information society — and used it well for nation building.

When they are in office, many political leaders of the majority world tend to overuse or misuse the media, for example by forcing public broadcasters to peddle ruling party propaganda. During his term as South Africa’s president, Mandela carefully avoided such excesses.

Instead, he strategically tapped the country’s pluralistic broadcast media to unify the divided nation. Clint Eastwood’s 2009 movie Invictus re-enacted a highlight of that approach.

As a policy maker, Mandela grasped the role of communication in development – both the concepts and delivery tools.

He promoted the use of information and communications technologies (ICTs) as part of socio-economic development in Africa and elsewhere.

The International Telecommunications Union (ITU), the UN agency promoting and tracking the progress of information society, recently saluted Mandela for having been a firm supporter of ICTs as a catalyst for social change and economic development.

At the same time, Mandela’s vision went beyond mere gadgets and telecom networks. Speaking at the ITU Telecom World in Geneva in 1995, he underlined the importance of communication and access to information to human beings. He called for eliminating the divide between information-rich and information-poor countries.

Three years later, while hosting ITU Telecom Africa in Johannesburg, President Mandela said: “As the information revolution gathers yet more pace and strikes deeper roots, it is already redefining our understanding of the world. Indeed, the speed of technological innovation could bring the ideal of the global village sooner than we thought possible. For the developing world, this brings both opportunity and challenge.”

Lofty statements like these are common at policy gatherings. But Mandela went further – and believed that communication should be seen as a basic human need. That set him apart from many members in the development community who have long considered it a secondary need.

Although it has been discussed for centuries, there is no universally accepted definition of basic human needs. During the 1970s, basic needs emerged as a key topic in development debates. Various studies — catalysed by UN agencies and the Club of Rome – tried to define it.

In 1976, the International Labour Organisation (ILO) prepared a report that identified basic needs as food, clothing, housing, education and public transportation. It partially drew on ILO’s country reports on Columbia, Kenya and Sri Lanka.

Since then, different development agencies have adopted variations of the original ILO list. National planners have used the concept to benchmark economic growth.

The ground reality has changed drastically since those heady days. About a year ago, I asked Frank La Rue, the UN Special Rapporteur on Freedom of Opinion and Expression, if communication should be considered a basic human need. He welcomed the idea, especially in view of rapid evolution of information society.

I soon found that Mandela had thought of it years earlier. Perhaps because he had such limited access to communication during his long years in prison, he appreciated its central value to all human beings.

You Can Hear Me Now - book coverIn a 2007 book titled You Can Hear Me Now: How Microloans and Cell Phones are Connecting the World’s Poor to the Global Economy, US writer Nicholas Sullivan quotes Mandela saying in a 1995 speech: “The desire to be in touch lies deep within us. It is a basic need.”

That remark, made while opening a mobile telecom network, was rather perceptive. At the time, less than 1 per cent of all Africans had access to a fixed phone, and there were only around one million mobile phones on the continent of 800 million.

Since then, mobile phones and other low-cost digital tools have spread phenomenally, transforming lives and livelihoods across the majority world. Sullivan calls it an external combustion engine: “a combination of forces that is sparking economic growth and lifting people out of poverty in countries long dominated by aid-dependent governments.”

While the market and society have marched ahead, many development professionals are still stuck in obsolete development paradigms. That is probably why some worry that there are more mobile phones than toilets in India. (So what? Mobiles are personal devices; toilets are a shared household amenity. Comparing their numbers is meaningless.)

It’s high time we revisited basic human needs and redefined them to suit current realities. The development community must finally catch up with Nelson Mandela.

Science journalist and development communicator Nalaka Gunawardene has been following social and cultural impacts of ICTs for over 20 years. 

Can Development Community Catch up with Nelson Mandela - Ceylon Today, 17 Dec 2013
Can Development Community Catch up with Nelson Mandela – Ceylon Today, 17 Dec 2013

Interview with Edwin Ariyadasa: Grand Old Man of Lankan Journalism

Edwin Ariyadasa photographed by Nalaka Gunawardene in 1986 during their first interview
Edwin Ariyadasa photographed by Nalaka Gunawardene in 1986 during their first interview

Edwin Ariyadasa, who completed 91 years on 3 December 2013, is one of two grand old men of Lankan journalism still practising their craft (the other being D F Kariyakarawana, also 91).

The veteran journalist has been active in his profession for nearly all of Sri Lanka’s post-independence years. During that time, he has played a variety of complementary roles: feature writer, newspaper editor, columnist, radio and TV host, journalist trainer, author and translator among others. He continues to juggle many of these and has no retirement plans.

In October 2012, I filmed a wide ranging interview with Ariyadasa as he was heading to his 90th birthday. Having grown up reading his output in Lankan newspapers in Sinhala and English, and then having collaborated with him in various public media activities for much of my own media career, I was keen to capture his memories and reflections.

It took me over a year to get the long interview edited into three video segments, and also to have it transcribed, but it’s finally done. Groundviews.org has just published it:

Looking Back at Six Decades of Lankan Journalism: What went wrong?

Nalaka Gunawardene in conversation with Edwin Ariyadasa

As I note in my introduction:

In this interview, the nonagenarian looks back at journalism and broadcasting in Sri Lanka for over half a century. His reminiscences are significant for several reasons. He recalls a time, only a generation ago, when newspapers produced by highly committed editors and journalists commanded readers’ respect as a trusted source of public information and commentary. Having played a central role in pioneering mass media education and television broadcasting in Sri Lanka, he wonders what went wrong along the way to arrive at the banality and superficiality that dominates much of the Lankan media today despite advanced technologies for production and distribution.

In that sense, this is more than mere nostalgia of an individual or the simple bewilderment of an earlier generation. Introspection from a media guru like Ariyadasa can provide the impetus for much-needed reflection for the media industry which often hesitates to turn the spotlight upon itself.

Read full interview: Looking Back at Six Decades of Lankan Journalism: What went wrong?

Interview transcribed by: Keerthika Nadarajah

Video edit by: Amal Samaraweera, TVE Asia Pacific

Photos by: Janaka Sri Jayalath

Edwin Ariyadasa (left) in conversation with Nalaka Gunawardene, Oct 2012
Edwin Ariyadasa (left) in conversation with Nalaka Gunawardene, Oct 2012

“විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. එම්. බන්දුසීල

S M Banduseela is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. Beginning in 1970, when he translated into Sinhala language The Naked Ape by zoologist and ethologist Desmond Morris, Banduseela has introduced Sinhala readers to over two dozen world acclaimed titles.

He is best known as Arthur C Clarke’s Lankan translator. In the mid 1970s, he translated Clarke’s landmark 1962 volume Profiles of the Future, which was well received. Encouraged, Banduseela took to translating Clarke’s key science fiction novels beginning with 2001: A Space Odyssey. Over the years, he rendered into Sinhala all four Odyssey novels, as well as other works like The Fountains of Paradise, Rendezvous with Rama and The Hammer of God.

In this wide ranging interview, published in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013), I discuss with Banduseela various aspects of science fiction in the Lankan context: the niche readership for this literary genre; its enduring appeal among Sinhala readers; and prospects of original science fiction in Sinhala. He also recalls the challenges he faced translating Clarke’s technically complex and philosophically perceptive novels. I ask him why Sinhala readers have yet to discover the rich worlds of science fiction written in countries like Russia, Japan, China and India.

Read also: 16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

“විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!”

එස්. එම්. බන්දුසීල හා නාලක ගුණවර්ධන අතර සංවාදයක්

S M Banduseela, author
S M Banduseela, author

එස්. එම්. බන්දුසීල සූරීන්, ලොව පුරා ජනාදරයට පත් සම්භාවනීය මට්ටමේ විද්‍යා විචාර සහ විද්‍යා ප‍්‍රබන්ධ කෘතීන් සරල හා සුමට ලෙස සිංහලට පරිවර්තනය කිරීමේ දශක ගණනාවක සිට යෙදී සිටින ප‍්‍රවීණ ලේඛකයෙක්.

1967දී විදුමිණ නමින් සතිපතා විද්‍යා ප‍්‍රකාශනයක් වීරකේසරී සමාගම මගින් පළ කළා. එහි මුල් කතුවරයා ලෙස කි‍්‍රයා කළ බන්දුසීලයන් පසුව රජයේ රැකියාවක් කරන අතර තම කාලය හා මුදල් යොදවමින් විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොත් පරිවර්තන පළ කිරීමට පිවිසියා.

1970දී ඩෙස්මන්ඞ් මොරිස්ගේ The Naked Ape (1967) කෘතිය ‘නිරුවත් වානරයා’ නමින් සිංහලයට පෙරළා කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස පළ කිරීමෙන් ඇරැඹුණු ඔහුගේ විද්‍යා සාහිත්‍ය මෙහෙවර අඩසියවසකට ආසන්න කාලයක් පැතිර තිබෙනවා.

බන්දුසීලයන් වඩාත් ම සිංහල පාඨකයන් අතර ජනාදරයට පත්වූයේ ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හා කෙටිකථා ගණනාවක් සිංහලට පෙරැළීම නිසායි. එයට අමතරව ක්ලාක්ගේ ප‍්‍රධානතම අනාගතවේදී විද්‍යා කෘතිය වූ  Profiles of the Future ඔහු කාණ්ඩ දෙකකින් සිංහලට පරිවර්තනය කළා.

මෙරට පරිගණක හා තොරතුරු තාක්‍ෂණය සිංහලෙන් ප‍්‍රචලිත කිරීමේ ද පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඔහු වරක් පරිගණක වදන් සඳහා ඉංගී‍්‍රසි-සිංහල ශබ්දකොෂයක් සම්පාදනය කළා.

විද්‍යා සන්නිවේදනයේ සහ විද්‍යා ප‍්‍රබන්ධකරණයේ පැතිකඩ ගැන ඔහු විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සමග කළ සංවාදයකි මේ:

ඔබ ඉංග්‍රිසි විද්‍යා හා විද්‍යා ප්‍රබන්ධ කෘති සිංහලට පරිවර්තනය කිරීමට යොමු වූයේ ඇයි?

විද්‍යාව හැදෑරූ කෙනෙක් ලෙස  මා හැම විට ම විද්‍යාත්මක කරුණු හා විවිධ විද්‍යාත්මක මත වාද ගැන උනන්දු උනා. විද්‍යා ප්‍රබන්ධ කියවීමට  යොමු වූයේ  විද්‍යාවේ අනාගතය පිළිබඳ කිසියම් අදහසක් ඒවායින් ලබා ගත හැකි වූ නිසයි. විද්‍යා ප්‍රබන්ධ කියවීමෙන් මම ලැබූ ආස්වාදය  නිසා  ඒවා සිංහලට පරිවර්තනය කර ඉංග්‍රීසි නොදත් පාඨකයාටත් ඒවා හඳුන්වා දිය යුතු යයි හිතුවා.

සිංහල පාඨකයින් ඔබ වැඩිපුර හඳුනන්නේ ආතර් සී ක්ලාක්ගේ කෘති ගණනාවක පරිවර්තකයා ලෙසයි.  ක්ලාක් ඉංග්‍රිසි බස ව්‍යක්ත ලෙස හැසිර වූ ලේඛකයෙක්. ඔහුගේ කෙටිකථා හා නවකථා  සිංහලට පෙරළිමේදී ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?

ඔව්. එතුමාගේ ඉංග්‍රිසි මෙන් ම  අනාගත විද්‍යාත්මක නිපයුම් පිළිබඳ අදහස් සිංහලට පරිවර්තනය කිරීම අභි යෝගයක් තමයි. ඒ නිසා ක්ලාක් මහතාගේ  ඉංග්‍රීසි යෙදුම් ඒ ආකාරයටම  සිංහලට ගෙන ඒමට මට  හැකි වූවා යයි මම හිතන්නේ නැහැ. නමුත් හැකි තාක් දුරට  එතුමාගේ අදහස් නිවැරදිව සිංහලෙන් ඉදිරිපත් කිරීමයි මගේ අරමුණ වූයේ.

ක්ලාක්ගේ ප්‍රබන්ධ අතරින් ඔබ මුලින් ම පරිවර්තනය කළේ කුමන කෘතිය ? එයට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේ වී ?

2001 A Space Odyssey - Sinhala translation cover
2001: A Space Odyssey – Sinhala translation cover

ප්‍රබන්ධ අතරින් මම මුලින් ම පරිවර්තනය කළේ  විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ නොමැකෙන නමක් තබා ඇති කෘතියක් වන “2001: අභ්‍යවකාශ වීර වාරිකාව”යි. එයට ඉතා ම හොඳ පාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා  එම කථා මාලාවේ  අනිත් ප්‍රබන්ධත් (2010, 2061 හා 3001) පරිවර්තනය කළා.  මේ සියල්ල ම සිංහල පාඨකයන් අතර ඉතා ජනප්‍රිය උනා.

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ නවකථා දුසිමක් පමණ ඔබ අතින් සිංහලට පෙරළී තිබෙනවා. පරිවර්තනය වැඩිපුර ම අභියෝගාත්මක වූ කෘතියක් තිබේද? ඒ කුමන හේතු නිසා ?

මා දැනට  පරිවර්තනය කර ඇති පොත් අතරින්  වඩාත් ම දුෂ්කර පරිවර්තනය වුයේ “Rendezvous with Rama” නම් ග්‍රන්ථයයි.  මම එය “රාමා හමුව” නමින්  පරිවර්තනය කළා. මෙම ප්‍රබන්ධය ලියා ඇත්තේ අභ්‍යවකාශයේ සිට පොළොවට එන  යානයක් වටායි. පරිවර්තනය දුෂ්කර වූයේ ක්ලාක් විස්තර කර ඇති එම යානයේ තාක්ෂණය අප නොදන්නා  ඉතා සංකීර්ණ අනාගත තාක්ෂණයක් වීමත් බාහිර බුද්ධියක් හමුවීමේ දාර්ශනික ගැටලු ආදියත් නිසයි.

ක්ලාක් සියුම් උපහාසයට මෙන්ම ඉංග්‍රීසි වචන සමග සෙල්ලම් කිරීමට (puns) සමතෙක්. පරිවර්තනයේදී ඔබ එබඳු තැන් සිංහලට නැගුවේ කෙලෙස ?

ඒක ඉතා ම දුෂ්කර කාර්යයක් උනා. සමහර තැන් වලදී නම්  ගැලපෙන වාක්ප්‍රයෝග යොදා ගන්නට හැකි වුනා.

ක්ලාක් විද්‍යා ප්‍රබන්ධ නවකථා මෙන් කෙටිකථා රැසක් ද ලියා තිබෙනවා. ඔබේ ප්‍රියතම  ක්ලාක් නවකථාව හා කෙටි කථාව කුමක් ? එයට හේතු දැක්විය හැකි ?

මා වැඩියෙන් ම කැමති ක්ලාක්ගේ නවකථාව  වන්නේ “Songs of Distant Earth” නම් විද්‍යා ප්‍රබන්ධයයි. මා එය “මිහිකතේ ගීතය” යන නමින්  පරිවර්තනය කළා.  ක්ලාක්ගේ බොහෝ  විද්‍යා ප්‍රබන්ධවල අපට හමු වන්නේ සුපිරි තාක්ෂණයක් හා  ඒවායේ ඇලී ගැලී ජිවත් වන හා ඒවා ගැන ම වාද විවාද කරන චරිතයි. නමුත් මේ කථාව එයට වඩා වෙනස් මෙන් ම වඩාත් හැඟීම් බර  කථාවක්.  මෙම කථාවට පදනම් වී ඇත්තේ පෘථිවි අභ්‍යවකාශගාමියෙක් හා ඔවුන් ගොඩබසින වෙනත් ග්‍රහලෝකයක රූමතියක් අතර ඇතිවන  ආදරයයි. මම හිතන්නේ ක්ලාක්ගේ  විද්‍යා ප්‍රබන්ධ අතර  මෙය සුවිශේෂයි.

එතුමා ලියා ඇති කෙටිකථා අතරින් මම වඩාත් ම කැමති “Into the Comet” නම් ප්‍රබන්ධයටයි. එය ලියා ඇත්තේ ධූමකේතුවක් පරීක්ෂා කිරීමට යන යානාවක පරිගණකය ක්‍රියා විරහිතවීම වටායි. පරිගණකය වෙනුවට ඇබකස සිය ගණනක් යොදා ගනිමින් ඔවුන් යානයේ ගමන් මග ගණනය කර ගන්නවා. එය  සියලු බාධක මැද මිනිස් හැකියාව ජය ගන්නා ආකාරය විදහා දක්වන කථාවක්.

S M Banduseela with Sir Arthur C Clarke
S M Banduseela with Sir Arthur C Clarke

ක්ලාක්ගේ ප්‍රබන්ධ ගැන සමහර විචාරකයන් කියන්නේ ඔහු චරිත ගොඩ නැංවීමේදී එතරම් උනන්දුවක් හෝ අවධානයක් දක්වා නැති බවයි. ඔබේ අදහස කුමක්ද ?

මෙය ක්ලාක්ගේ ප්‍රබන්ධ සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් නැගෙන චෝදනාවක්. මම දකින හැටියට නම් මෙයට හේතුව විද්‍යා ප්‍රබන්ධවල චරිතවල තැන ගන්නේ අදහස් හා සංකල්ප වීමයි.  විද්‍යා ප්‍රබන්ධවලදී අපට හමුවන්නේ සම්ප්‍රදායික චරිත නොවේ. උදාහරණයක් හැටියට  කථා නායකයා පරිගණකයක් වන ප්‍රබන්ධයක සම්ප්‍රදායික චරිත නිරූපණයක්  බලාපොරොත්තු විය හැකි ද?

ක්ලාක්ගේ ප්‍රබන්ධ හරහා  මානව සංහතියේ දිගු කාලීන පරිණාමය ගැන කුමන ඉඟි අපට ලද හැකි ?

ක්ලාක්ගේ සියලු ම පොත්වල මානවයාගේ අනාගතය ගැන ඇත්තේ සුබවාදී ආකල්පයක්. 2001 අභ්‍යවකාශ චාරිකාවේ මෙය ඉතා පැහැදිලිව දක්වා තියෙනවා. ලෙයින් මසින් සැදූණු මිනිස් සිරුරට වඩා ශක්තිමත් ලෝහ හා ප්ලාස්ටික්  යොදා ගැනීමේ සිට  විශ්වයේ රජවරුන් වීම දක්වා ක්ලාක් විස්තර කරන  මිනිස් අනාගතය ඉතා ම සුභවාදීයි. 3001 ග්‍රන්ථයේ විස්තර කරන ‘මොළ වැස්ම’ (braincap) වැනි උපකරණ තවම නිපදවා නැති නමුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් කෙළින් ම දැනුම ලබා ගැනීම තව දුරටත් ප්‍රබන්ධයක් නොවෙන බව දැන් පැහැදිලියි. ක්ලාක් ලියා ඇති ආකාරයට ක්‍රමයෙන් බුද්ධිමත් යන්ත්‍ර හා බද්ධ වීමෙන් උත්තර මිනිසෙක් (Post-Human) බිහිවෙන බවට දැන් සාක්ෂි තියෙනවා.

ක්ලාක් ජීවිත කාලය පුරා සිය ප්‍රබන්ධ හා විද්‍යා කෘතීන් හරහා  යම් ප්‍රතිපත්තිමය ස්ථාවරයන්හී රැඳි සිටියා. ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම එයින් එකක්. එය නිර්මාණවල මතු වුණේ කොහොම ?

ඔව්. එතුමා හැමවිට ම හිංසාව හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධව  කථා කළා.  ඔහුගේ ප්‍රබන්ධවල  ප්‍රධාන චරිත බොහෝ විට ප්‍රචණ්ඩත්වය  හෙළා දැක්කා. මනුෂ්‍යයන්ට පමණක් නොව  සියලු ම සතුන් කෙරෙහිත් අප අවිහිංසාවාදී විය යුතු යයි එතුමා විශ්වාස කළා. මෙය ඉතා පැහැදිලිව ම දැකිය හැකි අවස්ථාවක් තමයි “Deep Range” නම් විද්‍යා ප්‍රබන්ධය. මෙයත් සිරිල් සී පෙරේරා මහතා “ගැඹුරු මුහුද” යන නමින් සිංහලට පරිවර්තනය කර තියෙනවා.

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කථා ගණනාවක් හැරුණු කොට ඔහුගේ ප්‍රකට විද්‍යා ග්‍රන්ථයක් වන  “Profiles of the Futureනම් කෘතිය ද ඔබ සිංහලට පරිවර්තනය කළා. එයට  පාඨක ප්‍රතිචාර කෙසේ වීද?

මම මුලින්ම පරිවර්තනය කළ ක්ලාක් මහතාගේ  කෘතිය එයයි.  ඇත්තෙන්ම මා එය පළ කලේ “අනාගතයේ පැතිකඩක්” හා “අනාගතයේ ආශ්චර්යයන්”  යනුවෙන් පොත් දෙකක් හැටියටයි.  අනාගත තාක්ෂණයේ විවිධ අංශ පිලිබඳ  අනාවැකි පළ කළ  මේ ග්‍රන්ථය  ඉතා ජනප්‍රිය උනා.  එහි මුද්‍රණ ගණනාවක් ම නිකුත් කිරීමට හැකි වුනා.

Profiles of the Future” පොතේ අන්තර්ගතය ගැන, එය පළවී අඩ සියවසකට පසු ඔබ සිතන්නේ කුමක්ද?

මීට අවුරුදු පනහකට පමණ පෙර අනාගත තාක්ෂණය ගැන ක්ලාක් ලියු  බොහෝ දේ අද සත්‍යයන්  බවට පත්වී තිබෙනවා. එසේ නැත්නම්  නුදුරු අනාගතයේ එසේ වන බවට සාක්ෂි තිබෙනවා. මේ ග්‍රන්ථයේ  එතුමා ප්‍රවාහන ක්‍රමවල වර්ධනය, ගුරුත්වය ජය ගැනීම, වේගයේ වැඩිවීම, ක්ෂණික ප්‍රවාහනය, අභ්‍යවකාශය ජය ගැනීම, කාලය ජය ගැනීම, අදෘශ්‍යමානවීම, සියල්ල නිවසේ ම නිපදවා ගැනීම, අසීමිත තොරතුරු ප්‍රවාහය,  මොළය ඉලෙක්ට්‍රොනික පද්ධති හා සම්බන්ධ කිරීම, ඉලෙක්ට්‍රොනික බුද්ධියේ වර්ධනය  ආදී විවිධ කරුණු ගැන සාකච්ඡා කරනවා පමණක් නොවෙයි, අනාවැකිත් පළ කර තියෙනවා.

මින් අවුරුදු පනහකට පෙර ලියන ලද මේ පොතේ සඳහන් වෙනවා තැනින් තැන ගෙන යා හැකි, පොළොව මතුපිට සිටින ඕනෑ ම කෙනෙකු සමග ක්ෂණයකින් සම්බන්ධ විය හැකි උපකරණයක් ගැන. මෙය අද කා අතත් ඇති ජංගම දුරකථනය නිවැරදිව පුරෝකථනය කිරීමක්. ඕනෑ ම දෙයක් නිපදවිය හැකි ප්‍රතිඋත්පාදකයක් (Replicator) ගැනත් මේ පොතේ අනාවැකියක් තියෙනවා. අද දියුණු වේගන යන  ත්‍රිමාන මුද්‍රණය (3D Printing) මෙයට සමාන උපකරණයක්.

The Fountains of Paradise  - Sinhala translation cover
The Fountains of Paradise – Sinhala translation cover

ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ පොදුවේ සළකා බලන විට ශ්‍රී ලංකාවේ අඩ සියවසක් වාසය කිරීමේ බලපෑම ඔහුගේ නිර්මාණ හරහා විද්‍යමාන වන්නේ කෙසේද?

ඔහුගේ එක් කෘතියකට එනම් Fountains of Paradise නම් කෘතියට  පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවයි. මම එය ‘පරාදිසයේ උල්පත්‘ යනුවෙන් පරිවර්තනය කළා. මෙහිදී එතුමා  සීගිරිය, ශ්‍රීපාදය  හා ලංකාවේ ඇති ජනප්‍රවාද ඉතා ම නවීන විද්‍යාත්මක සංකල්පයක් වන අභ්‍යවකාශ සෝපානය  සමග මුසු කර නිර්මාණය කර ඇති ප්‍රබන්ධය ඉතාම  සුවිශේෂි කථාවක්. එයට අමතරව අපේ සමාජයේ දක්නට ඇති අවිහිංසාව වැනි අදහස්  එතුමාගේ කෘතිවල ප්‍රබල ලෙස දක්නට ලැබෙනවා.

ක්ලාක් හැරුණු කොට ශ්‍රී ලංකාව පාදක කොට විද්‍යා ප්‍රබන්ධ ලියූ වෙනත් විදේශිය ලේඛකයන් සිටී ද?

මා දන්නා තරමින් නම් නැහැ.

විද්‍යා ප්‍රබන්ධ  යයි එවකට හඳුන්වනු නොලැබුව ද එම කථාවල මූලික ගුණාංග අඩංගු අපූරු කථාන්තර විවිධ සංස්කෘතීන්ගෙන් හමු වෙනවා.  මේ සඳහා පෙරදිග රටවල හා මෙරට උදාහරණ දැක්විය හැකි ?

ඔව්. රාමායණය හා මහාභාරතය වැනි කථාවල  (මිසයිල වැනි) විද්‍යා ප්‍රබන්ධ ලක්ෂණ  දකින්නට ලැබෙනවා. අපේ උම්මග්ග ජාතකයේ  වුවත් යමක් එබු පමණින්  සියලු දොරවල් වැසී යන  උමං ගැන සඳහන් වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ (science fiction) හා මායාරූපී කථා  (science fantasy) බොහෝ දෙනා පටලවා ගන්නවා. මේ දෙක වෙන් කර හඳුනා ගන්නේ කෙසේ ?

විද්‍යා ප්‍රබන්ධ හා මායාරූපී කථා අතර ඇත්තේ ඉතා නොපැහැදිලි අනියත සීමාවක්. නමුත් මූලික වශයෙන් විද්‍යා ප්‍රබන්ධය යනු අප දන්නා කරුණු මත පදනම්ව අනාගතයේ සිදුවිය හැකි  සංසිද්ධියක් වටා ගෙතූ ප්‍රබන්ධයක්. මායාරූපි කථාවකට  එවැනි පදනමක් නැහැ.  නමුත් එක් යුගයකදී  මායාරූපී කථාවක් ලෙස  පෙනෙන දෙයක්  තවත් කාලයකදී විද්‍යා ප්‍රබන්ධයක් වීමටත් ඉඩ තියෙනවා.

උදාහරණයක් හැටියට  ආතර් ක්ලාක් විසින් ම වරක් පෙන්වා දී ඇති ආකාරයට  1938ට (පරමාණුක ශක්තිය සොයා ගැනීමට) පෙර  ලෝහ කැබලි දෙකක් එකිනෙක ගැටීමෙන්  යෝධ ශක්තියක් නිපදවිය හැකි යයි ලියා තිබුණේ නම් එය  මායාරූපී කථාවක්  වෙනවා.නමුත් දැන් පරමාණුක ශක්තිය එදිනෙදා කටයුතුවලට යොදා ගන්නා දෙයක්.

විද්‍යා ප්‍රබන්ධ හුදෙක් අනාගත කථාවලට පමණක් සීමා වන්නේ නැහැ.  එසේ නොවී අනිකුත් දිශාවලට විද්‍යා ප්‍රබන්ධ කලාව විහිද ගොස් ඇති සැටි කෙටියෙන් පහදා දිය හැකි ?

මුල් විද්‍යා ප්‍රබන්ධ වැඩි වශයෙන් ම  ලියවුණේ  අනාගතය හා අභ්‍යවකාශ ගමන්  වටායි.  නමුත් මෙම සාහිත්‍යාංගය ක්‍රමයෙන්  පරිණත වන විට  විද්‍යාවේ අනිකුත් අංශවලටත් එය විහිදි ගියා.  අද විකල්ප ඉතිහාසය, කාලතරණය, රොබෝවන්, සයිබෝර්ග්, යන්ත්‍ර බුද්ධිය, බලක්ෂේත්‍ර, සයිබර් අවකාශය, ජාන විද්‍යාව, උත්තර මානවයන් (Post-Humans) වැනි විද්‍යාවේ විවිධ අංශ වටා විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා.

නුදුරු අනාගතයේ බිහි විය හැකි සියල්ල යන්ත්‍රවලින් කෙරෙන සමාජයක මිනිසාගේ කාර්ය භාරය කුමක් ද? ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් කෙළින් ම මොළයට දැනුම ලබාගත හැකි වුවහොත් අධ්‍යාපන ක්‍රමවල අනාගතය කුමක් වේ ද? මිනිස් මොළ  එකිනෙකට සම්බන්ධ කළ හැකි වූ විට පුද්ගලික රහස්‍ය බවක් (privacy) පවත්වා ගත හැකි ද? කෘත්‍රිම ඉන්ද්‍රියන් භාවිතයට ගැනීමේ සාමාජීය බලපෑම් මොනවාද?  මොළයේ ඇති සියලු තොරතුරු පරිගණකයක් තුළට ගෙන ආ විට මිනිසාට සිදු වන්නේ කුමක්ද ? ආදී වශයෙන් වත්මන් තාක්ෂණික නිපයුම් නිසා  ඇති විය හැකි ප්‍රශ්න ගැන ප්‍රධාන සාහිත්‍ය ධාරාවේ නියුතු කිසිම ලේඛකයෙක් සාකච්ඡා කරන බවක් පෙනෙන්නේ නැහැ. මිනිස් වර්ගයාටත්, මිනිස් අනාගතයටත් ඉතා වැදගත් වන  මෙවැනි තේමාවන් ගැන ලියන්නේත් සාකච්ඡා කරන්නෙත් විද්‍යා ප්‍රබන්ධ රචකයන් පමණයි.

ක්ලාක් ඇතුළු ප්‍රවීන විද්‍යා ප්‍රබන්ධ රචකයන් බොහෝ දෙනෙකු තම සාහිත්‍යාංගය දුටුවේ අනාගතවේදයක් හෝ අනාවැකි කීමක් ලෙස ? නැත්නම් වෙනත් විදියකට ?

මුල් විද්‍යා ප්‍රබන්ධ ලියැවුණේ අභ්‍යවකාශ යුගය ආරම්භ වීමට බොහෝ කලකට පෙරයි. ඒවා බොහෝ දුරට අභ්‍යවකාශ ගමන් පිළිබඳ ඒවා වූ නිසා  අනාගතය දැකීමක්  ලෙස සැලකිය හැකියි. නමුත් විද්‍යා ප්‍රබන්ධ එයට සීමා වූයේ නැහැ.  ඇත්ත වශයෙන්ම විද්‍යා ප්‍රබන්ධයේ කාර්ය භාරය වන්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුවත් සමග අපට අනාගතයේ මුහුණ පෑමට සිදු වන සමාජීය, මානසික හා සදාචාරාත්මක ප්‍රශ්නවලට අප හුරු පුරුදු කිරීමයි.

විද්‍යා ප්‍රබන්ධකරුවන් අනාගතය ගැන අනාවැකි කියන්නන් නොව අයහපත් හෝ අහිතකර අනාගතයන් වළක්වා ගන්නට අනතුරු අඟවන්නන් යයි ලේඛක රේ බ්‍රැඩ්බරි (Ray Bradbury) වරක් කියා සිටියා. මේ ගැන ඔබේ අදහස?

එය සත්‍යයක්. විද්‍යා ප්‍රබන්ධ අනාගතය පිළිබඳ අනතුරු අඟවා ඒවා වළක්වා ගැනීමට  සහාය වනවා පමණක් නොව අනාගත  තාක්ෂණයට අප හුරුපුරුදු කරනවා. ඒ වගේ ම විද්‍යා ප්‍රබන්ධ මගින් අපේ සමාජයට නව අදහස් හා ආකල්ප  හඳුන්වා දෙනවා.

විද්‍යා ප්‍රබන්ධවල සාහිත්‍යමය අගය ගැන එකඟත්වයක් නැහැ.  සමහරුන් එය සාහිත්‍යාංගයක් ලෙස පිළි ගන්නේත් නැහැ.  ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රබන්ධ කලාව – ලිවීම, පරිවර්තනය හා කියවීම – ගැන ඔබේ තක්සේරුව කුමක් ?

Songs of Distant Earth - Sinhala translation cover
Songs of Distant Earth – Sinhala translation cover

මම හිතන්නේ මෙය ක්‍රමයෙන් වෙනස්වී ගෙන යනවා. අඩු ම වශයෙන් බටහිර ලෝකයේ එය නූතන සාහිත්‍යාංගයක් ලෙස සැලකිල්ලට බඳුන් වෙනවා. බටහිර විශ්ව විද්‍යාල ගණනාවක දැන් විද්‍යා ප්‍රබන්ධ පිළිබඳ පාඨමාලා හැදෑරිය හැකිවීම එයට ලැබී ඇති තැන පිළිබඳ හොඳ දර්ශකයක්.

ශ්‍රී ලංකාවේ නම් තවම විද්‍යා ප්‍රබන්ධ ක්ෂේත්‍රය නම් එතරම් දියුණුවක් පෙන්වන්නේ නැහැ. ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ ලේඛකයන්ගේ කෘති සිංහලට පරිවර්තනය වී ඇත්තේ ඉතා ම ස්වල්පයක් පමණයි. නමුත් අද සිංහලෙන් ලියැවෙන විද්‍යා ප්‍රබන්ධ අතරින්  සුළු ප්‍රමාණයක්වත් උසස් තත්වයක තිබීම නම් සතුටට කරුණක්.

මෙරට විද්‍යා ප්‍රබන්ධ රසිකයන්ට  තවමත් ක්ලාක්ගේ  කෘතීන් පරිවර්තනය වී ලැබී ඇත්තේ සීමිත සංඛ්‍යාවක් පමණයි. මෙසේ  සීමා වීමට හේතුව වෙළඳ පොළ විභවයක් නැතිකම ?

නැහැ. ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධවල සිංහල පරිවර්තනවලට සැලකිය යුතු වෙළඳපොළක් තියෙනවා. ප්‍රශ්නය වී ඇත්තේ  පරිවර්තකයන්ගේ හිඟයයි. සිංහල පාඨකයන් අතර මෙම සාහිත්‍යාංගය ජනප්‍රිය කිරීමට නම්  ලොව පුරා දක්නට ඇති විද්‍යා ප්‍රබන්ධයේ  නව ප්‍රවණතාවන්ට ඔවුන්  නිරාවරණය කළ යුතුයි. නිර්මාණශීලී හැකියාවන් ඇති තරුණ ලේඛකයන්ටත් මෙම ක්ෂේත්‍රයට අවතීර්ණවීමට එය විශාල පිටුවහලක්  වේවි.

ඉංග්‍රීසියෙන් පළ  වු බටහිර පන්නයේ විද්‍යා ප්‍රබන්ධ සීමිතව  සිංහල පාඨකයාට ලැබී ඇතත් ජපන්, රුසියානු, චීන හා ඉන්දියානු වැනි සම්ප්‍රදායන්ගේ විද්‍යා ප්‍රබන්ධ ගැන සුළු හෝ අවධානයක් නැති තරම්. මෙයට කුමක් කළ හැකි ?

අද ලෝකයේ විවිධ භාෂාවලින් විද්‍යා ප්‍රබන්ධ ලියවුනත් අපට සිංහලෙන්  කියවීමට ලැබී ඇත්තේ අතළොස්සක් වූ ඉංග්‍රීසි හා රුසියානු ප්‍රබන්ධ පමණයි. විවිධ රටවල ලියැවෙන විද්‍යා ප්‍රබන්ධ සිංහලට පරිවර්තනය කිරීම අත්‍යාවශ්‍ය කාර්යයක්. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ පරිවර්තකයන්ගේ හිඟයයි.

අපේ අසල්වැසි රටවන ඉන්දියාවේ විවිධ භාෂාවලින්  දැන් විද්‍යා ප්‍රබන්ධ ලියැවෙනවා පමණක් නොවෙයි ඒවා ඉංග්‍රිසි භාෂාවටත් පරිවර්තනය කෙරෙනවා. අඩු ම වශයෙන් ඉන්දියානු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය අපේ පාඨකයන්ට හඳුන්වාදීමට කටයුතු කිරීම ඉක්මන් අවධානය යොමු විය යුතු කරුණක්.

ස්වතන්ත්‍ර විද්‍යා ප්‍රබන්ධ ලියන්නට කැමති නිර්මාණශීලි ලේඛකයන්ට ඔබේ උපදෙස් මොනවාද?

හැකි තරම් කියවන්න.  විද්‍යා ප්‍රබන්ධ පමණක් නොව නවීන විද්‍යාත්මක අදහස් හා සංකල්ප අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.  විද්‍යා ප්‍රබන්ධයේ පදනම වන්නේ  විද්‍යාව හා තාක්ෂණය නිසා ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබීම  සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණයේදී ඉතා වැදගත් වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ ලේබලය යටතේ මෙරට පුවත්පත් හා සඟරාවල පළවන බොහෝ ස්වතන්ත්‍ර ප්‍රබන්ධ ඇත්තට ම විද්‍යා විරෝධී ප්‍රබන්ධ (anti-science fiction) බවට මා තර්ක කරනවා. විද්‍යාවේ සෘණ පැත්ත හා අහිතකර විපාක ගැන පමණක් අතිශයෝක්තියෙන් හුවා දක්වන, ඉතා දියාරු කථා රසයෙන් යුත්  මේ කථා ගැන ඔබ සිතන්නේ කුමක් ?

ඒක ඇත්තක්. මෙයට හේතුව වී ඇත්තේ  විද්‍යාත්මක සංකල්ප පිළිබඳ හොඳ අවබෝධයක් නොමැති වීමයි. විද්‍යා ප්‍රබන්ධ ලෙස අද පළවන සමහර කථා හුදු මනඃකල්පිතයන් පමණයි. නිර්මාණශීලි හැකියාවක් ඇති ඕනෑ ම කෙනෙකුට  සාමාන්‍ය නවකථාවක් හෝ කෙටි කථාවක් රචනා කළ හැකි නමුත්  සාර්ථක විද්‍යා ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමට විද්‍යාව හා තාක්ෂණය පිලිබඳ දැනුමක් ද අවශ්‍ය වෙනවා.

විද්‍යා ප්‍රබන්ධ මත පදනම් වූ චිත්‍රකථා, චිත්‍රපට හා ටෙලිනාට්‍ය ලෝකයේ ඉතා ජනප්‍රියයි.  එබඳු උපසංස්කෘතියක් මෙරට බිහි කරන්නට කුමක් කළ හැකි ?

ඔව්. අපේ රටේ එවැනි ප්‍රවණතාවක් දක්නට ඇත්තේ ම නැති තරම්. සුළු උත්සාහයන්  ගෙන තිබුණත් ඒවා එතරම් සාර්ථක නිර්මාණයන් වූයේ  නැහැ. සමහරවිට මෙයට හේතුව එවැනි චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන තාක්ෂණික ප්‍රයෝග ලබා ගැනීමේ  දුෂ්කරතාව වීමට පුළුවන්.

කෙසේ වෙතත් අනාගතය රැඳී ඇත්තේ විද්‍යාව හා තාක්ෂණය මතයි. අපේ නිර්මාණකරුවන් සුපුරුදු රාමුවෙන් පිටතට ඇවිත්  විද්‍යාව හා තාක්ෂණයේ  දියුණුව නිසා ඇති වන ප්‍රශ්න හා ගැටලු ගැන අවධානය යොමු කළ යුතුයි.

ඉන්දියාවේ සමහර මුල් පෙළේ විද්‍යාඥයෝ (උදා. තාරකා විද්‍යාඥ ජයන්ත් නාලිකාර්) විද්‍යා ප්‍රබන්ධ ලියනවා. ඔබ දන්නා තරමට  විද්‍යා ප්‍රබන්ධ අළුතෙන් ලිවීමේ නියැලි ලාංකික විද්‍යාඥයින් සිටිනවා ? ඔවුන් ඒ ගැන සිතිය යුතු ?

නැහැ. මා දන්නා තරමින් නම් ලංකාවේ විද්‍යාඥයින් කිසිවෙක් විද්‍යා ප්‍රබන්ධ ලියන්නේ නැහැ. ඇත්ත වශයෙන් ම මම හිතනවා විද්‍යාව ගැන හොඳ අවබෝධයක් ඇති අය වශයෙන් ඔවුන් ඒ ගැන සිත යොමු කළ යුතුයි.

ආතර් ක්ලාක් ගේ කියමනක් මෙහිදී සඳහන් කරන්නට කැමතියි. එය ඇත්තේ අනාගතයේ පැතිකඩක් නම් ග්‍රන්ථයේ. “දෙවෙනි පෙළේ විද්‍යාඥයින් විද්‍යා ප්‍රබන්ධ විහිළුවට ලක් කරන නමුත් පළමු පෙළේ විද්‍යාඥයින් එසේ කරනු මා කිසිදාක දැක නැතිවා පමණක් නොව  විද්‍යා ප්‍රබන්ධකරණයේ නියැලෙන  කීප දෙනෙක් ම මම දනිමි.”

Read also: 16 Dec 2012: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

Did youth vote and social media make a difference in Colombo Municipal Council Election of Oct 2011?

Did youth vote and social media make a difference in Colombo Municipal Council election in Sri Lanka held in October 2011?

This was the question that Chanuka Wattegama and I asked ourselves and set out to answer when invited to contribute a chapter to a regional book on how social media are influencing elections in Asia.

Social Media and Elections in Asia-Pacific - The Growing Power of the Youth Vote - book coverThe book, titled “Social Media and Elections in Asia-Pacific – The Growing Power of the Youth Vote“, has just been published by Konrad-Adenauer-Stiftung’s Media Programme Asia based in Singapore. It is edited by Alastair Carthew and Simon Winkelmann, and available for free download.

The book comprises 10 chapters covering 11 nations written by local contributors from Australia, Indonesia, Japan, Malaysia,  New Zealand, Singapore, South Korea, Sri Lanka, the Philippines, Taiwan and Thailand.

It examines trends and outcomes surrounding recent elections in these countries — and how social media influenced election campaigning and voting, especially among young voters.

Topics include:

• Use of social media surrounding elections
• Digital electioneering
• How social media can make a difference
• How important is voting to young people?
• Detailed polling of political trends

Our summary for the Sri Lanka chapter:

The Colombo Municipal Council (CMC) is the local government body that administers Sri Lanka’s largest city and its commercial capital. Its last election, held in October 2011, saw the nationally ruling coalition losing this key municipality while winning all other municipalities as well as many of the smaller local government bodies.

What made CMC election outcome different? This election saw some apolitical activists and researchers engaging the mayoral candidates on social media, questioning and critiquing their election manifestos and trying to hold them accountable. Did these online activities influence voter behaviour? What lesson does this hold for other elections and the overall political landscape in Sri Lanka?

Read full book at KAS website

Download Sri Lanka Chapter: Did youth vote and social media make a difference in Colombo Municipal Elecction in 2011 – book chapter

New Horizons Message Initiative: Send Your Name to the Stars!

Article published in Ceylon Today newspaper on 17 Oct 2013:

New Horizons Message Initiative

Send Your Name to the Stars!

By Nalaka Gunawardene

Would you like to send your name to the stars – as part of a message from humanity to alien beings out there?

It could be as easy as signing an online petition, addressed to the US space agency NASA.

A worldwide group of starry-eyed people – drawn from all walks of life, all sharing an interest in space exploration — are hoping to persuade NASA to include a message to the stars aboard its New Horizons spacecraft, now on its way to Pluto.

The New Horizons Message Initiative (NHMI), a private organization, started collecting online signatures in mid September. Within three weeks, more than a thousand people from 70 different nations had joined. www.newhorizonsmessage.com

If the petition succeeds, and NASA agrees, the names of the first 10,000 people signatories will be added to a message intended for extra-terrestrials, or ETs.

New Horizons, launched in January 2006, is currently about 5 billion (3 billion miles) kilometres away from Earth, en route to a historic encounter with Pluto and its moons. If all goes to plan, the robotic spacecraft would flyby Pluto in July 2015.

Afterwards, the compact car sized probe will head out into deep space, becoming the fifth human-made spacecraft to leave the solar system. It follows four earlier, US-made spacecraft — Pioneers 10 and 11, and Voyagers 1 and 2. All launched during the 1970s, they have completed their various planetary flybys and are now travelling onward in interstellar space.

Each of those probes carried a message from Earth to any ETs who might someday encounter them: a gold-plated visual plaque on the Pioneers, and a phonograph record on the Voyagers.

There is no such message as yet on New Horizons, which is what NHMI wants to introduce, albeit belatedly.

It’s not too late, NHMI’s backers believe, to persuade NASA to beam and upload a message to the spacecraft’s memory, after it completes the Pluto encounters.

Crowd-sourced message

The proposal for a new interstellar message came from artist Jon Lomberg, possibly the world’s most experienced creator of space message artefacts. As (astronomer and space populariser) Carl Sagan’s frequent artistic collaborator, Lomberg served as Design Director for the Voyager Golden Records, which contain a stunning array of sights and sounds of Earth.

Unlike the Pioneer and Voyager messages, which were created by small, select teams working with Sagan, the NHMI wants to involve interested persons anywhere in the world. The global Internet – which wasn’t available when the earlier messages were assembled – enables such wide participation.

Using techniques of web-based crowd-sourcing, the content of the message is to be shaped jointly by scientists, artists, writers and ordinary people who share an interest in this important enterprise.

Lomberg has assembled an international team of advisors to oversee the creation of a worldwide, crowd-sourced self-portrait of Earth, consisting of pictures, sounds and even software from our planet.

“As scientists, academics and interested parties working in other fields, we believe that this message is an inspiring idea that offers opportunities for public engagement and the stimulation of interest in science, engineering and exploration by a new generation,” says a statement from the NHMI founders and advisors.

But first, the citizen initiative must secure acceptance from NASA that owns and operates the spacecraft. NHMI Project Director Lomberg hopes that thousands of signatures — coming from far corners of the planet — would make their case more compelling.

In recognition of early support, the first ten thousand to sign will have their names added to the as-yet-uncreated message.

“It will be a nice slice of immortality for early supporters of the initiative,” says Lomberg. “The spacecraft will sail forever around the galaxy, and your name can go with it. This is a once-in-a-lifetime opportunity.”

The message, prepared with creative and technical inputs from many, could be beamed on to the spacecraft’s computer as a radio transmission across the solar system.

To sign the petition and for more information about the project, visit:

www.newhorizonsmessage.com

[Science writer Nalaka Gunawardene is a member of the International Advisory Board for the New Horizons Message Initiative.]

Send Your Name to the Stars! Ceylon Today, 17 Oct 2013
Send Your Name to the Stars! Ceylon Today, 17 Oct 2013

සිවුමංසල කොලූගැටයා #138: මීළඟ කාර්මික විප්ලවය ති‍්‍රමාන මුද්‍රණයද?

My latest Ravaya column (in Sinhala) is about the promise and challenges of 3D printing technology.

Sri Lanka took many years to come to terms with colour copiers and printers in 2D. For a while, they were not even allowed. This time around, regulating 3D printing will be harder — and there won’t be as much time to endlessly ponder what to do.

Mexit 3d printer
Mexit 3d printer

ෆොටෝකොපි හෙවත් ජායාපිටපත් යන්ත‍්‍ර පුඵල් ලෙස භාවිතයට ආවේ 1970-80 කාලයේදී. ඊට පෙර යම් ලේඛනයක පිටපත් හදා ගැනීමට යම් පරිශ‍්‍රමයක් දැරිය යුතු වුණා. රෝනියෝ යන්ත‍්‍ර හරහා පිටපත් කිරීම පෙර තිබූ තාක්‍ෂණයයි. ජායාපිටපත් යන්ත‍්‍ර සුලභ අද කාලේ එහි අගනා බව හා එයින් ලැබෙන සේවයේ අගය ගැන අප එතරම් සිතන්නේ නැහැ.

ජායාපිටපත් යන්ත‍්‍ර කරන්නේ එයට ඇතුඵ කරන ලේඛනයේ ද්විමාන (2D) පිටපත් එකක් හෝ ගණනාවක් හිස් කඩදාසි මතට ඉක්මනින් ලබා දීමයි. මෙහි ඊළඟ පියවර වන්නේ ති‍්‍රමාන (3D) වස්තුවක් පිටපත් කිරීම බව කලෙක සිට විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයෝ පරිකල්පනය කළා.

භෞතික විද්‍යාවේ මූලධර්මවලට අනුව හිස් අවකාශයෙන් පදාර්ථ (වස්තූන්) ඉබේ මවන්නට බැහැ. (හාස්කම් යයි කියමින් එසේ කරන වගට පුරසාරම් දොඩන්නෝ කරන්නේ සියුම් ඉන්ද්‍රජාලීය රැවටීමක්.) නමුත් යම් අමුද්‍රව්‍ය යොදා ගෙන විවිධ වස්තුන් බිහි කළ හැකියි. ප්ලාස්ටික්, ෆයිබර්ග්ලාස් ආදියෙන් නිර්මිත භාජන හා වස්තුන් තැනෙන්නේ එලෙසයි.

මෑතක් වනතුරු මෙසේ ති‍්‍රමාන/ඝන වස්තුන්ගේ පිටපත් තැනීම සංකීර්ණ කාර්මික කි‍්‍රයාදාමයක් හරහා කළ යුතු වුණා. එහෙත් දැන් ලොව පුරා ඉක්මනින් ප‍්‍රචලිත හා ජනපි‍්‍රය වෙමින් පවතින නව තාක්‍ෂණයකට අනුව එය ගෙදරදී හෝ කාර්යාලයේදී හෝ කර ගත හැකි වී තිබෙනවා. මේ තාක්‍ෂණයට කියන්නේ ති‍්‍රමාන මුද්‍රණය හෙවත් 3D Printing කියායි. මෙය ලෝකය උඩුකුරු කළ හැකි ආකාරයේ තාක්‍ෂණයක්.  http://en.wikipedia.org/wiki/3D_printing

සරලව කිව හොත් ති‍්‍රමාන මුද්‍රණය යනු අණුක මට්ටමින් ඉතා සියුම් ලෙසින් යමක් යාන්ති‍්‍රකව පිටපත් කිරීමයි. මෙහිදී මුල් වස්තුවේ අණුක ස්වභාවය විස්තරාත්මකව යන්ත‍්‍රයට කැවිය යුතුයි. ඉන් පසු යම් දැඩි ප්ලාස්ටික් වර්ග අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් ටිකෙන් ටික යන්ත‍්‍රයේ රොබෝ අත් මගින් පිටපතක් නිර්මාණය කරනවා. මුල් වස්තුවේ සංකීර්ණත්වය අනුව එයට ගත වන කාලය පැය කිහිපයක් හෝ දින දෙක තුනක් විය හැකියි.

ති‍්‍රමාන මුද්‍රණයට බහුලව යොදා ගන්නේ ABS නම් ප්ලාස්ටික් වර්ගයයි. එහෙත් ඉරිගුවලින් තනා ගත් ජෛව ප්ලාස්ටික් වර්ගයක් වන PLA හෝ ටයිටේනියම් වැනි ලෝහ ද මෙයට යොදා ගත හැකියි.

ති‍්‍රමාන මුද්‍රණය දියුණු රටවල දැන් පාරිභෝගික හා කාර්යාල මට්ටමට ළගා වෙලා. මා මුල් වරට ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයක් කි‍්‍රයාත්මක වන අයුරු සමීපව දුටුවේ මීට මාස කිහිපයකට පෙර සිංගප්පූරුවෙදී. එහි තාක්‍ෂණික සරසවියක උගන්වන හා පර්යේෂණ කරන ආචාර්ය සුරංග නානායක්කාර තම විද්‍යාගාරයේ එම යන්ත‍්‍රයක් කි‍්‍රයා කරවා පෙන්වූවා. එරට විද්‍යා උපාධි අපේක්‍ෂක සිසුන්ට තාක්‍ෂණික අධ්‍යාපනයේ විවිධ ආකෘතීන් තනා ගන්නට ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍ර යොදා ගන්නවා.

Everyday objects made from 3D printing
Everyday objects made from 3D printing

ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍ර තවමත් මිළ අධිකයි. සාමාන්‍ය මට්ටමේ යන්ත‍්‍රයක් අමෙරිකානු ඩොලර් 2,000ක් (රුපියල් 260,000 පමණ) වනවා. එහෙත් බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන් මේවායේ ද මිළ අඩු වෙමින් හැකියාවන් වැඩි වේ යයි අනුමාන කළ හැකියි.

මේ යන්ත‍්‍ර සමඟ සමාන්තරව වෙළඳපොල ඉල්ලූුමක් මතුව ඇත්තේ විවිධාකාරයේ වස්තු හා උපකරණවල අණුක මට්ටමේ සුක්‍ෂම සැළසුම්වලටයි.

මහා පරිමාණ කර්මාන්තශාලා හරහා වෙළඳපොලට භාණ්ඩ නිපදවීමේ ආකෘතිය (mass production) විසිවන සියවස පුරා ම පාහේ පැවතුණා. ජපානය, චීනය වැනි රටවල් ඉක්මනින් දියුණු වූයේ එම ක‍්‍රමවේදය හරහායි. මෙහි මූලාරම්භකයෙක් හා පුරෝගාමියකු වූයේ අමෙරිකානු මෝටර්රථ නිෂ්පාදක හෙන්රි ෆෝඞ්. 1900 සියවස මුල දශකවලදී කාර්යක්‍ෂම ලෙසින් මෝටර්රථ මහා පරිමානයට නිපදවීම හරහා වඩා අඩු මිළකට වාහන මැද පාංතිකයන්ට ලබා දීමේ කාර්මික පෙරළිය ඇරඹුණේ ඔහුගෙන්.

එහෙත් 21 වන සියවසේදී එක ම අච්චුවේ භාණ්ඩ මිළට ගන්නවාට වඩා යම් තරමින් සුවිශෙෂි වූ භාණ්ඩවලට පාරිභෝගික නැඹුරුව වැඩි වෙමින් තිබෙනවා. වෙන කාටවත් නැති විදියේ භාණ්ඩයකට අමතර මිළක් ගෙවන්න අද සමහර පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් නැඹුරු වනවා. මෙය ජංගම දුරකථනවල සිට ඇඳුම් මෝසතර, ස්වර්ණාභරණ හා නොයෙකුත් එදිනෙදා උපකරණවලටත් අදාලයි.

මෙසේ කුඩා සංඛ්‍යාවක් සුවිශෙෂී ව නිපදවීමට ති‍්‍රමාන මුද්‍රණය කදිමට ගැලපෙන තාක්‍ෂණයක්. එහිදී බිහි වන්නේ වරකට එකක් බැගින් නිසා. මෙයට ඉංගී‍්‍රසියෙන් Mass customisation යයි කියනවා. එහිදී මහා කර්මාන්තශාලා වෙනුවට කුඩා සමාගම්වලට නව්‍යකරණය හරහා යම් භාණ්ඩයකින් ඒකක සුඵ ගණනක් නිපදවා එකක් වැඩි මිළකට බැගින් අලෙවි කළ හැකියි.

මේ ක‍්‍රමයේ තවත් සුවිශෙෂි බවක් නම් අමුද්‍රව්‍ය අරපිරිමැස්මයි. අතින් කළත්, යාන්ති‍්‍රකව කළත් මේ වන තුරු බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කළේ අමුද්‍රව්‍ය කුට්ටියකින් අරඹා එය කපා කොටා අවශ්‍ය හැඩතලයට හා ප‍්‍රමාණයට සකස් කිරීම මගින්.

වටිනා දැව ලී කොටයක් උදාහරණයට ගන්න. එයින් ලී බඩුවක් හෝ කැටයමක් හෝ තනා ගන්නට වඩු උපකරණ යොදා ගනිමින් ටිකෙන් ටික කැපීමක් කරනවා. එහිදී ලී කුඩු හා වෙනත් අපතේ යාම් වළක්වන්නට බැහැ.

නමුත් ති‍්‍රමාන මුද්‍රණයේදී වස්තුවක් බිහි වන්නේ අණුක තීරයෙන් තීරය බැගින්. ඒ නිසා  ඕනෑ හැඩයකට ඉතා සූක්‍ෂමව එළඹිය හැකි අතර අමතර/වැඩිපුර දෙයක් කපා ඔපමට්ටම් කිරීමක් අවශ්‍ය නැහැ.

සිංගප්පුරු සරසවි සිසුන් තමන්ගේ අධ්‍යාපනික ව්‍යාපෘති හා කි‍්‍රයාකාරකම් සඳහා විවිධ මෙවලම් නිපදවා ගන්නා සේ ම ලොව ප‍්‍රමුඛ පෙළේ සමාගම් ද දැන් ටිකෙන් ටික ති‍්‍රමාන මුද්‍රණය තම නිෂ්පාදන කටයුතුවලට යොදා ගන්නවා.

ඉතා සුක්‍ෂම හා ඉහළ ප‍්‍රමිතියක් අවශ්‍ය ගුවන්යානා උපාංග ආදියට පවා දැන් මේ තාක්‍ෂණය යොදා ගැනීම බෝයිං වැනි ප‍්‍රමුඛ ගුවන්යානා නිෂ්පාදන සමාගම් අරඹා තිබෙනවා.

මේ අතර අමෙරිකානු අස්ථි ශෛල්‍ය වෛද්‍යවරයකු 3D තාක්‍ෂණය යොදා ගෙන කෘති‍්‍රම අත් හා පාදවලට වඩාත් තාත්ත්‍වික ආකාරයේ පිටවැස්මක් නිපදවීමට පටන් අරන්.

අමෙරිකාවේ කෝනෙල් සරසවියේ පර්යේෂක පිරිසක් සූපවේදීන් සමග එක්ව  3D තාක්‍ෂණය ගැන පර්යේෂණ කරන්නේ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආකාරයේ අඵත් සූප රසයන් හා නිර්මාණ බිහි කරන්න. කෑමට ගත හැකි ජීව ද්‍රව්‍යවලින් 3D මුද්‍රිත ආහාර සෞඛ්‍ය ආරක්‍ෂිත දැයි සොයා බැලෙනවා.

මේ පර්යේෂණවල එක් දිශාවක අරමුණක් නම් මුඵමනින්ම පැළෑටි අමුද්‍රව්‍ය යොදාගෙන, කිසිදු සත්ත්‍ව ඝාතනකින් තොරව මාංශ ආහාර හැකිතාක් තාත්ත්‍වික ලෙස 3D මුද්‍රණය කිරීමයි. මාංශ ආහාර පමණක් නොව සත්ත්‍ව සම් වෙනුවට  මුද්‍රිත සම් පවා නිපදවා ගැනීමට දැන් අත්හදා බැලීම් කැරෙනවා.

මේ පාරිභෝගික භාවිතයන්ට වඩා තීරණාත්මක විය හැක්කේ අවයව බද්ධය සඳහා 3D මුද්‍රණයෙන් කෘති‍්‍රම අවයව නිපදවා ගැනීමයි. ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය අවශ්‍යතා සඳහා ඇති තරම් මානව පටක හා අවයව සොයා ගත නොහැකියි. (ඒවා දන් දීමට ඉදිරිපත් වන සංඛ්‍යාව සීමිත නිසා.) දැනටමත් කුඩා පරිමානයෙන් සියුම් රුධිර නාලිකා බිහි කරන්නට 3D මුද්‍රණය යොදා ගෙන පර්යේෂණ කරනවා. 2015 වන විට මෙය වඩාත් සංකීර්ණ අවයව දක්වාත් ව්‍යාප්ත විය හැකියි.

3D-printed gun's first test in Austin, Texas (USA) in early 2013 - captured by BBC
3D-printed gun’s first test in Austin, Texas (USA) in early 2013 – captured by BBC

ඕනෑ ම නව තාක්‍ෂණයක අනපේක්‍ෂිත භාවිතයන් ද මතු වනවා. අහිතකර භාවිතයන් ගැන විමසිලිමත් වන අය පෙන්වා දෙන්නේ 3D මුද්‍රණය හරහා ගිනි අවි පවා නිපදවා ගත හැකි වන බවයි. එයට අවශ්‍ය වන්නේ පිස්තෝලයක නැතහොත් තුවක්කුවක අණුක මට්ටමේ සූක්‍ෂම සැළැස්ම පමණයි.

විවෘත වෙළඳපොලේ බලයලත් වෙළඳුන් හරහා ගිනිඅවි වෙළදාම වඩාත් තදින් නියාමනය කරන්නට අමෙරිකාව තැත් කරමින් සිටින මෙබඳු අවධියක, මේ තාක්‍ෂණය එම වෑයම ව්‍යර්ථ කළ හැකියි.

ගිනිඅවි නියාමනය පුද්ගල නිදහසට රජය විසින් බාධා කිරීමක් යයි විශ්වාස කරන අන්තවාදී කණ්ඩායම් එරට සිටිනවා. ඔවුන්ගෙන් සමහරුන් දැන් හදන්නේ ගිනි අවිවල අණුක සැළසුම් වෙබ් අඩවි හරහා කොයිකාටත් ලබා ගත හැකි පරිදි නොමිළයේ බෙදා හරින්නට. එය ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකට ඇතුල් කොට, අමුද්‍රව්‍ය ද යෙදීමෙන් පැය හෝ දින ගණනාවකට පසු ගිනි අවියක් ගෙදරදී ම නිපදවා ගත හැකි වේවි. (එහෙත් එබඳු ගිනි අවියකට වුවත් සාමාන්‍ය භාවිතයේ පවතින වෙඩි උණ්ඩ හෙවත් මූනිස්සම් අවශ්‍යයි. ඒවා තනන්නට 3D මුද්‍රණයට තවම නොහැකියි.)

එපමණක් නොවෙයි, එසේ මුද්‍රණය කර ගත් ගිනි අවියක් යම් අපරාධයක් සඳහා භාවිත කළ පසු නැවතත් උණු කොට එය තැනූ දැඩි ප්ලාස්ටික් කුට්ටියක් බවට පත් කළොත්, ගිනි අවිය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි වනවා!

මෙබඳු අහිතකර භාවිතයන් වළක්වා ගන්නේ හෝ අවම කර ගන්නේ හෝ කෙසේ ද? මෙය නුදුරු අනාගතයේ සමාජයට නව අභියෝගයක් වනු ඇති. (පරිගණක ද්විමාන මුද්‍රණ යන්ත‍්‍ර යොදා ගෙන සමහරුන් හොර මුදල් නෝට්ටු මුද්‍රණය කරන බව ප‍්‍රකට කරුණක්. එසේ වුවත් එම යන්ත‍්‍ර යහපත් භාවිතයන් සඳහා යොදා ගැනීම බොහෝ රටවල තහනමකින් තොරව කැරෙනවා!

නව නිපැයුම්කරුවන්ට 3D මුද්‍රණ තාක්‍ෂණය ආශිර්වාදයක් මෙන් ම තර්ජනයක් ද විය හැකියි. ඔවුන් දැනට මුහුණ දෙන ප‍්‍රායෝගික ගැටඵවක් නම් තමන්ට අවශ්‍ය උපාංග හරිහැටි හදා ගැනීමයි. ප‍්‍රාග්දර්ශ (prototype) තැනීමේදී ති‍්‍රමාන මුද්‍රණය ඔවුන්ට උපකාර විය හැකියි. එහෙත් අන් අය නව නිපැයුමක් කොපි කිරීමට ද ති‍්‍රමාන යන්ත‍්‍ර ම යොදා ගත හැකියි. මෙබඳු පරස්පරතාවයන් ගැන කල් තබා දැනුවත් වී සුදානම් වීම ප‍්‍රයෝජනවත්.

ති‍්‍රමාන මුද්‍රණ විප්ලවයේ උච්චම අවස්ථාව නම් තම උපාංග තමා විසින් ම නිපදවා ගැනීම හරහා තමන්ගේ පිටපත් හදා ගැනීමේ හැකියාව (self-replicating) ඇති ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයක් තැනීම. RepRap Project නමින් හඳුන්වන මේ පර්යේෂණාත්මක උත්සාහය ඇරැුඹුණේ 2005දී බි‍්‍රතාන්‍යයේ බාත් සරසවියේ. සංකල්පමය වශයෙන් මෙය හරියට තමන්ගේ ‘දරුවන්’ බිහි කළ හැකි යන්ත‍්‍රයක් වගෙයි. සුක්‍ෂම පරිපථ පද්ධති මට්ටමෙන් තමන්ගේ ම උපාංග පිටපත් කළ හැකි 3D මුද්‍රණ යන්ත‍්‍ර සාර්ථකව අත්හදා බලා හමාරයි. http://reprap.org/wiki/RepRap

මෙයට සම්බන්ධව සිටින ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසට  ඕනෑ ති‍්‍රමාන මුද්‍රණ තාක්‍ෂණය වඩාත් ලාබදායක හා ප‍්‍රචලිත කිරීමට. බුද්ධිමය දේපළ පේටන්ට් බලපත‍්‍ර හරහා ලාබ ලබන පිරිසක් අතට මේ තාක්‍ෂණය කොටුවීමට කලින් එය ලොවට මුදා හැරීම ඔවුන්ගේ අරමුණයි.

ති‍්‍රමාන මුද්‍රණයේ දිගු අනාගතය ගැන දැන් ම අනාවැකි කිව නොහැකියි. මේ නව තාක්‍ෂණ විප්ලවයේ දිගු කාලීන බලපැම් සියල්ල හඳුනාගෙන නැහැ. මේ හරහා මතුවන නව ආර්ථික, සමාජයීය හා නීතිමය අභියෝගවලට ළඟදී හැම රටකට ම සූදානම් වන්නට සිදු වේවි.

මෙය ඊළඟ කාර්මික විප්ලවය වන බව ඇතැම් අනාගතවේදීන්ගේ මතයයි. මෙය තව දුරටත් මැජික් නොවන බවත්, දැනටමත් මේ යන්ත‍්‍රවල මිළ ටිකෙන් ටික පහළ බසිමින් තිබෙන බවත් සිහි තබා ගැනීම වැදගත්.

සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

My latest book is dedicated to Asanga Abeysundara who was my zoology teacher 30 years ago, as well as my earliest editor-publisher. For several years in the 1980s, he edited and published (in properly printed form) a progressive science magazine in Sinhala named Maanawa (meaning ‘human’).

This non-profit publication, started in 1978 as a wall newspaper at the University of Colombo by its founder when he was an undergraduate there, evolved into a printed magazine in 1984  with a small circulation and loyal readership.

Maanawa Sinhala science magazine first print issue, Aug 1984
Maanawa Sinhala science magazine first print issue, Aug 1984

It was a platform for aspiring young writers – many of them in school or university at the time – to write about science, technology and their impact on society. As part of the editorial team, I remember we covered big issues like the origins of life, cost-benefits of space exploration, HIV/AIDS and human evolution.

Maanawa was entirely a labour of love: everybody, including the editor, worked for free. But printers and distributors charged for their services, which the limited sales couldn’t recover. So, despite passion and voluntary editorial inputs, the magazine stopped printing after sometime.

Yet, showing resilience and innovation, Maanawa became the first Sinhala publication to produce an Internet edition in 1996 — the year after commercial connectivity was introduced in Sri Lanka. The web edition, which played a pioneering role, is no longer online.

I have written this week’s Ravaya column (in Sinhala) about Maanawa.

2012-13 වකවානුවේ රාවයේ පළ වූ සිවුමංසල කොලූගැටයා කොලම් 54ක් එක් තැන් කරන දෙවැනි ග‍්‍රන්ථය මේ සතියේ එළි දකිනවා. මා එය පිළිගන්වා ඇත්තේ මගේ විද්‍යා ගුරුවරයකු හා හිටපු කර්තෘවරයකුට.

“විද්‍යාත්මක චින්තනය හා විචාරශීලී දැනුම මෙරට ප‍්‍රචලිත කරන්නට මුද්‍රිත හා වෙබ් මාධ්‍ය හරහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ ඒ සඳහා තම කාලය, හැකියාවන් හා මුදල් නොමසුරුව වැය කරමින් දශක තුනකට වැඩි කාලයක් නිහඩ දායකත්වයක් සපයන ‘මානව’ විද්‍යා සඟරාවේ ප‍්‍රධාන කර්තෘ හා ප‍්‍රකාශක අසංග අබේසුන්දර මහතාට.”

කවුද මේ අසංග අබේසුන්දර?

Asanga Abeysundara, Maanawa Editor & Publisher
Asanga Abeysundara, Maanawa Editor & Publisher

කොළඹ සරසවියෙන් සත්ත්ව විද්‍යා උපාධියක් ලද ඔහු විද්‍යාව හා කලාව දෙකට ම ලැදි අපූරු චරිතයක්. උපාධියෙන් පසු ඔහු වෘත්තිමය වශයෙන් යොමු වුණේ උසස් පෙළ සත්ත්‍ව විද්‍යාව උගන්වන්න. මේ සඳහා තමන්ට ම ආවේණික චිත්තාකර්ෂනීය ක‍්‍රමවේදයක් හරහා උපකාරක පන්ති (ටියුෂන්) පැවැත්වීම ඇරැඹුවා. එදා මෙදා තුර ඔහුගේ ප‍්‍රධාන කාරිය හා ජිවිකාව එයයි.

මා මිත‍්‍ර චානුක වත්තේගම වරක් ලියූ පරිදි ‘‘සඟරා සංස්කාරකයකු වෙතත් අසංග අබේසුන්දර වෘත්තීය පුවත්පත් කලාවේදියෙක් නොවේ. එහෙත් ඔහු මේ රටේ මෑත යුගයේ ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අති විශාල ශිෂ්‍ය පිරිසට නම් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නමක් නොවන්නේ ය. විශාල පිරිසක් වෛද්‍ය, දන්ත විද්‍යා, කෘෂිකර්ම, ජීව විද්‍යා පීඨවලට පමණක් නොව ඇතැම් අවස්ථාවල නීති පීඨයට පවා පිවිසීමට වරම් ලබා ගත්තේ අසංග සර්ට පින් සිදු වන්නට ය.’’ (ලක්බිම, 1997 අපේ‍්‍රල් 6)

1978 – 2001 වකවානුව තුළ පැහැදිලි අදියර හතරකින් යුක්තව එයට ම ආවේණික ආකාරයකින් පරිනාමය වූ අසාමාන්‍ය ගණයේ සිංහල ප‍්‍රකාශනයක් හැටියට ‘මානව’ හඳුන්වා දිය හැකියි.

මානව ප‍්‍රකාශනයේ මුල් අදියර හැර අන් සියඵ අදියරවලට සකි‍්‍රය දායකත්වයක් සැපයූ කෙනකු ලෙස මට ඒ ගැන මිහිරි මතකයන් රැසක් තිබෙනවා. බිත්ති පුවත්පතක සිට ලෙටර්ප්‍රෙස් හා  ඕෆ්සෙට් මුද්‍රණ හරහා වෙබ් ප‍්‍රකාශනයක් දක්වා ගිය වසර 25කට වැඩි ගමනේදී මානව කවදත් නව කඩඉම් සොයා යන, පුරෝගාමී උත්සාහයක් වූවා. විද්‍යා සන්නිවේදනය කෙසේ ජන සමාජයට අදාල විය යුතු ද හරවත් කළ හැකි ද යන්න ගැන පුංචි වුවත් මානව ලොකු ආදර්ශයක් සැපයුවා.

අබේසුන්දරයන් ‘මානව’ නමින් බිත්ති පුවත්පතක් ඇරැඹුවේ 1978දී කොළඹ සරසවියේ සිසුවකුව සිටියදී පොදු ශිෂ්‍ය කාමරයේ බිත්තියක. එය තනිකර විද්‍යා ප‍්‍රකාශනයක් වූයේ නැහැ. විද්‍යා-කලා-සමාජ විමර්ශන හා කාලීන ගවේෂණ ආදී සැම දෙයක් ම ඔහු ලිහිල් බසින් ආවරණය කළා.

මේ නව ආකාරයේ බිත්ති පුවත්පතට මහාචාර්ය කාලෝ ෆොන්සේකා, නන්දා මාලිනී සහ ලේඛක ඞීමන් ආනන්ද වැනි අය සමඟ සම්මුඛ සාකච්ඡා ඇතුළත් වුණා. මානව ප‍්‍රකාශනයේ අරමුණ වූයේ සංවාදශීලී අදහස් හුවමාරුවකට විවෘත වේදිකාවක් සැපයීම.

‘මානව’ ප‍්‍රකාශනය කුඩා මුද්‍රිත පුවත්පතක් බවට පත්වීම එහි දෙවැනි අදියරයි. 1984 අගෝස්තු මාසයේ මුල් වරට ලෙටර්ප්‍රෙස් ආකාරයට මුද්‍රණය කොට ‘මානව’ එළි දැක්වූවා. විභාග හෝ විෂය නිර්දේශවලට සීමා නොවී විද්‍යාව ජන ජීවිතයට අදාල වන පරිද්දෙන් ලියැවුණු ලිපි හා නිර්මාණ එහි ඇතුළත් වුණා.

කාලෝ ෆොන්සේකා හා ආචාර්ය සරත් කොටගම වැනි වියතුන්ගේ දායකත්වයට අමතරව අබේසුන්දරයන්ගේ පන්තිවලට සහභාගි වන ශිෂ්‍යයන් කිහිප දෙනෙක් ද නිර්මාණවලින් දායක වුණා. කොළඹ හා අවට ප‍්‍රදේශවල අලෙවි කරන ලද මානව මිල කර තිබුණේ රුපියල් හතරකට.

කොහෙන් හෝ ඉංගී‍්‍රසි මූලාශ‍්‍රයකින් විද්‍යා තොරතුරු ටිකක් සොයා ගෙන එය ගෙඩි පිටින් සිංහලට පෙරළා පළ කිරීම ප‍්‍රශස්ත විද්‍යා සන්නිවේදනයක් නොවෙයි. පාසල් පෙළපොත්වල විද්‍යා පාඩම් වඩාත් සිත් ගන්නා සුඵ සරල සුගම බසකින් ප‍්‍රතිනිර්මාණය කිරීමේ යම් අධ්‍යාපනික වටිනාකමක් ඇතත් එය ද විද්‍යා සන්නිවේදනයේ සරල ආරම්භයක් පමණයි.

සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

මගේ වැටහීමට අනුව විද්‍යා සන්නිවේදනයේ මූලික අරමුණ හා අභියෝගය වන්නේ විචාරශීලිවත්, තර්කානුකූලවත් සිතීමට පාඨකයන් දිරිමත් කිරීමයි. කිසිදු මතවාදයකට, උගත් අධිපතිවාදයකට නතු නොවී කරුණු ගවේෂණය හා සංවාදය හරහා යම් අවබෝධයන් ලබා ගන්නටත්, විවෘත මනසකින් හැම දෙයක්ම නිරතුරු ප‍්‍රශ්න කරන්නටත් පාඨකයන් කුල්මත් කිරීමයි. මානව ආරම්භයේ සිට මෙය මැනවින් සිදු කළා.

1984 අගෝස්තුවේ මුල් ම මුද්‍රිත කලාපයේ ම එයට සාක්‍ෂි එමට හමු වනවා. කාලෝ ෆොන්සේකා සමඟ සාකච්ඡාවකින් සැකසුණු ‘මානව දේහය පිළිබඳ මිථ්‍යා මත’ නම් ලිපිය කදිම උදාහරණයක්. එහි එක් තැනෙක මිනිස් රුධිරය ගැන කථා කරමින් ‘‘රාජ රුධිරයක් නැත. වසල රුධිරයක් ද නැත. පෙළපත් අනුව හොඳ නරක රුධිරයක් ද නැත’’ යයි පැහැදිලිව කියනවා.

වෛද්‍ය විද්‍යාත්මකව නම් සැළකිය යුත්තේ රුධිරයේ ගණ හා Rh සාධකය පමණක් බව ඔහුගේ විද්වත් මතයයි. ‘‘සිංහල හා ද්‍රවිඩ ජාතීන් අතර රුධිරයේ කිසිදු වෙනසක් නැති බව මේ සමයේ අවධාරණය කළ යුතු ය. සිංහල හා ද්‍රවිඩ රුධිරය මිශ‍්‍ර වීමෙන් මානව සංහතියට යහපතක් ම මිස කිසිදු හානියක් නොවන බව නිගමනය කිරීමට විද්‍යාව අනුබල දෙයි.’’

එම කලාපයේම තවත් තැනෙක පාසල් සිසු සිසුවියන් මතු කළ ප‍්‍රශ්න ගණනාවකට කාලෝ පිළිතුරු දෙනවා. ඒ ප‍්‍රශ්න අතර: පුනරුප්පත්තිය නම් සංසිද්ධියක් විශ්වයේ තිබේද? භූතාත්ම ලෙස හඳුන්වන අද්භූත බලවේග ඇත්ද? දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන තැන්වලදී ආරූඪ වන තැනැත්තාට සිදුවන්නේ කෙබඳු දෙයක්ද? මිනිස් හස්ත රේඛා ඇති වන්නේ කෙසේද? ඒ මගින් කෙනකුගේ ජීවිතයේ අනාගතය ගැන කියැවේද?

මෙවැනි ප‍්‍රශ්නවලට වෛද්‍යවරයකු, දාර්ශනිකයකු හා හේතුවාදියකු ලෙස කාලෝ දෙන පිළිතුරු අතිශයින් ප‍්‍රබලයි. දශක තුනක් ගත වීත් මෙබඳු විවෘත විග‍්‍රහයකට අද වෛවර්ණයෙන් පළ කැරෙන කිසිදු (විද්‍යා හෝ අන්) ප‍්‍රකාශනයක් ඉදිරිපත් වේදැයි සිතා ගන්නත් අමාරුයි!

මුල් කලාපය තවත් හපන්කමක් කළා. AIDS ගැන සොයා ගෙන වසර දෙක තුනක් ගත වී තිබූ එවකට (1984) එම මාතෘකාව ගැන මුල්වරට සිංහල වාරික ප‍්‍රකාශනයක සරල බසින් වෛද්‍ය විද්‍යාත්මක ලිපියක් පළ කළා. එහිදී එයට සිංහල නමක් ද මානව යෝජනා කළා: පරිචීන ප‍්‍රතිශක්ති ඌණතා සහසාධකය. (මේ වන විට එහි අවසන් වචනය සහලක්‍ෂණය ලෙස වෙනස් වී තිබෙනවා.)

‘මානව’ ප‍්‍රකාශනයේ ස්වර්ණමය යුගය හැටියට මා දකින්නේ 1987 ජනවාරියේ එය ඕප්සෙට් වර්ණ සඟරාවක් බවට පත්වීමේ තෙවන අදියරයි. ශී‍්‍ර ලංකාව පුරා බෙදා හැරෙන ජාතික මට්ටමේ විද්‍යා මාසිකයක් හැටියට ‘මානව’ සඟරාවේ අලෙවියත්, ජනපි‍්‍රයත්වයත් ඉක්මනින් ඉහළ ගියා.

මේ යුගය වන විට යොවුන් වියේ පසු වූ ලේඛක පිරිසක් මානව වටා රොක් වී සිටියා. පසු කලෙක විද්‍යා ලේඛකයන් ලෙස ප‍්‍රකට වූ චතුර රත්නායක, නලින් කිතුල්වත්ත වැනි අයත්, කාටූන් චිත‍්‍ර ශිල්පියකු (හා නීතිඥයකු) බවට පත් වූ දැන් රාවය ප‍්‍රධාන කර්තෘ කේ. ඩබ්ලියු. ජනරංජනත් මාධ්‍ය ලෝකයට පිවිසියේ ‘මානව’ තුළින්.

Maanawa first colour magazine issue - Jan 1987
Maanawa first colour magazine issue – Jan 1987

1987 ජනවාරි කලාපය සඳහා ‘ජීවයේ උපත – මත ගැටුම’ නමින් පිටු 15ක කවරයේ කථාව මා ලියූ සැටිත්, පිටු සකසන්නට වෙහෙසුණු සැටිත් හොඳ හැටි මතකයි. ඉන් පසුව පළ වූ මානව කලාප, න්‍යෂ්ටික තාක්‍ෂණය ගැනත් අභ්‍යවකාශ ගවේෂණය ගැනත් සවිස්තරාත්මක කවරයේ කථා ගෙන ආවා. ජීව විද්‍යා ශිෂ්‍යයකු නොවූ චානුක වත්තේගම ද මේ වැඩට සමීපව සම්බන්ධ වුණා.

එහෙත් මේ ජාතික මට්ටමේ විද්‍යා සඟරාව වැඩි කලක් කර ගෙන යාමට තනි පුද්ගලයකු හැටියට අබේසුන්දරයන්ට ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ. කිසිදු ලාබයක් නොපතා මහජන සේවයක් හැටියට සඟරාව පළ කළත්, එයට දායක වූ විද්වතුන් හා තරුණ ලේඛකයන් ස්වේච්ජාවෙන් වැඩ කළත් සඟරාව බෙදා හැරීමේදී දුෂ්කරතා මතු වුණා. වාණිජ පදනමින් සඟරා බෙදා හරින සමාගම් ඒ සඳහා නොවටිනා කොමිස් ඉල්ලා සිටියා.

මුදලාලිලාට කප්පම් ගෙවනවා වෙනුවට ප‍්‍රකාශනය නතර කර දමන්නට කණගාටුවෙන් නමුත් අබේසුන්දර තීරණය කළා. මෙරට කෙතරම් දැනුම් පිපාසයක් තිබුණත්, කෙතරම් ලේඛකයන් සිටියත් ඒ දෙක යා කරන ‘පාලම්’ හිඟවීම එදත් අදත් විසදා නොගත් ලොකු අභියෝගයක්.

අබේසුන්දරයන් එය යම් දුරකට ජය ගත්තේ 1995 අප‍්‍රල් මස මෙරටට ඉන්ටර්නෙට් පිවිසීමත් පසුයි. සාපේක්ෂව අඩු වියදමකින් වෙබ් අඩවියක් හරහා අන්තර්ගතය ඉදිරිපත් කළ හැකි බව අබේසුන්දර තේරුම් ගත්තා.

ශී‍්‍ර ලාංකික පුවත්පතක් මුල් වතාවට වෙබ් සංස්කරණයක් නිකුත් කළේ 1995 සැප්තැම්බර් 4 වනදා. ඒ ලේක්හවුස් ආයතනයෙ Daily News වෙබ් සංස්කරණය. ඒ ආයතනයේ ම Sunday Observer පුවත්පත 1995 සැප්තැම්බර් 10 ඉරිදා ඉන්ටර්නෙට් ගත වූ අතර, විජය පුවත්පත් සමාගම් The Sunday Times පුවත්පත වෙබ් සංස්කරණ ආරම්භ කළේ 1996 මාර්තුවේදී.

වානිජ මට්ටමෙන් ඉන්ටර්නෙට් පහසුකම් ඇරඹී වසර එක හමාරක් ගත වන විට, ජාතික ඉංගී‍්‍රසි පුවත්පත් හතරකුත්, ඉංගී‍්‍රසි මාසික සඟරා දෙකකුත් ඉන්ටර්නෙට් ගත වී තිබුණා. එහෙත් සිංහල ප‍්‍රකාශනයක් ඉන්ටර්නෙට් ගත වීම දිනෙන් දින කල් ගියා. සිංහල අකුරු ඉන්ටර්නෙට්වලට හඳුන්වා දීමේ තාක්‍ෂණික අභියෝග ජය ගත යුතු වීම එයට එක් හේතුවක්. මෙරට බොහෝ මාධ්‍ය ආයතනවල ඉංගී‍්‍රසි ප‍්‍රකාශනවලට ලැබෙන සැළකිල්ල එහි ම සිංහල ප‍්‍රකාශනවලට නොලැබීමත් ප‍්‍රමාදයට හේතු වන්නට ඇති.

අන්තිමේදී ඉන්ටර්නෙට් ගත වූ මුල් ම සිංහල වාරික ප‍්‍රකාශනය වීමේ ගෞරවය හිමි කර ගත්තේ ජාතික පුවත්පතක් නොව තනි පුද්ගලයකු පවත්වා ගෙන ගිය ‘මානව’ සඟරාවයි. ඒ 1996 දෙසැම්බරයේ දී. ඒ සඳහා ලංකා ඉන්ටර්නෙට් සමාගමත්, ‘තිබස්’ මෘදුකාංග නිෂ්පාදකයන් වන සයන්ස් ලෑන්ඞ් කෝර්පරේෂන් සමාගමත් අනුග‍්‍රහය හා තාක්‍ෂණික උපකාර ලබා දුන්නා.

පරිසරය, අභ්‍යවකාශය, පරිගණක, සෞඛ්‍යය හා සමාජ විද්‍යාත්මක තේමාවන් යටතේ ලියැවුණු කාලීන ලිපි, විග‍්‍රහයන් හා විශෙෂාංග මානව වෙබ් අඩවිය තුළින් ඉදිරිපත් කළා. මානව මුද්‍රිත යුගයේ ලිපි ලියූ ලේඛක ලේඛිකාවෝ සමහරුන්ද වෙබ් සංස්කරණයට දායක වුණා. එයින් ඇතැම් දෙනා වෛද්‍යවරුන් හෝ පුවත්පත් කතුවරුන් බවට පරිනාමය වී සිටියා. විද්‍යා තේමාවන් යටතේ පැන පොඩි ලිපි පෙළක් ලියමින් මාත් එයට සම්මාදම් වුණා.

මානව ඉන්ටර්නෙට් සංස්කරණයට දෙස් විදෙස් ප‍්‍රතිචාර රැසක් ලැබුණා. වැඩිපුර ප‍්‍රතිචාර ආවේ විදේශගත ලාංකිකයන්ගෙන්. අද මෙන් ලාංකික අන්තර්ගතය සහිත වෙබ් අඩවි බහුල නොවූ එදා සිංහලෙන් වෙබ් අඩවියක් බිහිවීම ම ඔවුන්ගේ අමන්දානන්දයට හේතු වුණා.

1996 – 2001 කාලය තුළ හැකි පරිද්දෙන් ‘මානව’ ඉන්ටර්නෙට් කලාප කිහිපයක් පළ කළා. ‘මානව’ වෙබ් අඩවිය නිතර අඵත් නොවූ බව ඇත්තයි. එහෙත් සති හො මාස කිහිපයකට වරක් අඵත් තොරතුරු හා නව අදහස් පාඨකයන් අතරට ගෙන යන්නට ‘මානව’ උත්සාහ ගත්තා.

අන්තාවදී හෝ අගතිකාමී නොවන, විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හෝ කාලීන වැදගත්කමක් ඇති අදහස් හා යෝජනාවලට මානව කවදත් විවෘත වුණා. මානව වෙබ් අඩවිය ඉදිරියට ගෙන ගියේ මානව ප‍්‍රකාශනය නියෝජනය කළ දර්ශනයමයි. එනම් විවෘතව සහ සංවාදශීලීව තොරතුරු, අදහස් හා ආකල්ප ජන සමාජයට ඉදිරිපත් කිරීමයි. මේ වන විට මානව වෙබ් අඩවිය තව දුරටත් සොයා ගන්නට බැහැ. එය පවත්වාගෙන යාමේ තාක්‍ෂණික ගැටඵ හමුවේ වසර කිහිපයකට පසු නතර කරන්නට සිදු වුණා.

මහා පරිමානයේ ප‍්‍රකාශන සමාගම් සමග මේ තනි පුද්ගලයාගේ උත්සාහය සෘජුව සසඳන්නට බැහැ. එහෙත් මානව ප‍්‍රකාශනය හරහා පුංචියට පටන් ගත් ප‍්‍රවාහය දෙආකාරයකින් සමාජගත වී තිබෙනවා.

පළමුවැන්න නම් 1987 නොවැම්බරයේ විදුසර පුවත්පත අරඹන විට එයට සම්බන්ධ වූ බහුතරයක් තරුණ විද්‍යා ලේඛක ලේඛිකාවන් මානව හරහා පන්නරය ලබා සිටි අය වීමයි.

දෙවැන්න නම් සිංහල බ්ලොග් අවකාශය තුළ විචාරශීලී සංවාද හට ගන්නට දශකයටත් පෙර එබඳු අන්තරගතයන් සිංහලෙන් ඉන්ටර්නෙට් මාධ්‍යයේ සනිටුහන් කිරීම. ඒ හරහා මතු බිහි වන බ්ලොග්කරුවන්ගේ පරපුරට පෙරගමන්කරුවකු වීම හා ප‍්‍රබෝධක ආවේගයක් සැපයීම.

මේවා කිරා මැන තක්සේරු කළ හැකි දේ නොවෙයි. එහෙත් අසංග අබේසුන්දරයන්ගේ ඓතිහාසික දායකත්වයට අප ගරු කළ යුතුයි.

Maawana Sinhala science mag, issue 3 - interview with Dr E W Adikaram in racism
Maanawa Sinhala science mag, issue 3 – interview with Dr E W Adikaram in racism

සිවුමංසල කොලූගැටයා #124: පුවත්පත් කර්මාන්තයේ පරිනාමීය අභියෝග

Newspapers headed to stormy seas

ශී‍්‍ර ලංකාවේ පුවත්පත් ප‍්‍රකාශනයට අවුරුදු 180ක ඉතිහාසයක් තිබෙනවා. 1802දී ඇරැඹි රජයේ ගැසට් පත‍්‍රය මෙරට මුල් ම වාරික ප‍්‍රකාශනය වූවත් එය පුවත්පතක් හෝ සගරාවක් හෝ නොවෙයි. ඒ ගණයේ ලා සැළකිය හැකි පළමු ප‍්‍රකාශනය 1832දී ඇරැඹුණු Colombo Journal සඟරාවයි.

මෙරට වතු වගාවේ හා වෙළදාමේ නිරතව සිටි බි‍්‍රතාන්‍ය ජාතිකයන් කිහිප දෙනකු විසින් පෞද්ගලික මට්ටමෙන් පළ කළ මේ සඟරාව එවකට බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනය යම් තාක් දුරට විවේචනය කළ බව වාර්තාගතයි. එකල සිටි ආණ්ඩුකාර විල්මට් හෝර්ටන් ද ආරූඪ නමකින් මෙයට ලිපි ලියූ බව කියැවෙනවා.

මේ පුරෝගාමී ප‍්‍රකාශනය ගැන එතරම් තොරතුරු සොයා ගන්නට නැහැ. එය කල් පැවතුණේ ද නැහැ. බිහි වී වසරකින් පමණ එය නතර වී තිබෙනවා. එක් පර්යේෂකයකු ලියා ඇත්තේ ලන්ඩනයේ යටත් විජිත පරිපාලකයන් විවේචනය කිරීම නිසා උද්ගත වූ උණුසුම් තත්ත්වය හමුවේ හිමිකරුවන් විසින් සඟරාව වසා දැමූ බවයි. එය සැබෑ නම් පාලකයන් හා පුවත්පත් අතර මතවාදී බෙදීම හා ආතතිය අපේ පුවත්පත් ඉතිහාසය තරම් ම පැරණියි.

මෙරට පළමුවන දෙමළ පුවත්පත වූ උදය තාරකායි 1841දී යාපනයෙනුත්, මුල් ම සිංහල පුවත්පත වූ ලංකාලෝකය 1860දී ගාල්ලෙනුත් බිහි වුණා. එදා මෙදා තුර මෙරට භාවිත වන භාෂා තුනෙන් පත්තර හා සඟරා සිය ගණනක් බිහි වී කෙටි හෝ දිගු කලක් පැවත පසුව අභාවයට ගොස් තිබෙනවා.

මීට කලකට පෙර සිංහල පුවත්පත් කලා ඉතිහාසය නමින් කාණ්ඩ නවයකින් යූත් පර්යේෂණාත්මක කෘතියක් කඵකොඳයාවේ පඤ්ඤාශෙඛර නා හිමියන් (1895 – 1977) රචනා කළා. පත්තර කලාව ගැන මට තිබූ දැඩි ඇල්ම නිසා පාසල් සිසුවකුට සිටියදී ම මේ පොත පුස්තකාලවලින් සොයා ගෙන කියවූ සැටි මතකයි.

එම කෘතියේ හොදින් පැහැදිළි කළ ප‍්‍රවණතාවක් නම් බොහෝ පත්තර හා සඟරාවල පැවැත්ම කෙටි කලෙකට සීමා වූ බවයි. කතුවරුන්, ලේඛකයන් හා පාඨකයන්ගේ උද්‍යොගයත් කැපවීමත් තිබූ පමණට ප‍්‍රකාශනයක් වෙළඳපොලෙ සාර්ථක වන්නේ නැහැ. එයට ව්‍යවසායකත්වය, අලෙවියකරණය හා නිසි බෙදා හැරීම වැනි සාධක ගණනාවක් එක් තැන් විය යුතුයි. අපේ රටේ එදත් අදත් බොහෝ පත්තර හා සඟරාවල දුර්වල අංග වන්නේ ද මේවායි.

‘‘පුවත්පත් යනු කලාවක් මෙන් ම කර්මාන්තයක් ද වනවා. බොහෝ පුවත්පත් පවත්වා ගෙන යන්නේ ව්‍යාපාරික මට්ටමින් හිමිකරුවන්ට ලාබයක් ඉපදවීම සඳහායි. එයින් වැදගත් සමාජයීය මෙහෙවරක් ඉටු වුවත් පුවත්පත් ආයතන යනු පුණ්‍යායතන (charities) නොවෙයි.’’

මෙය දශක ගණනාවක් පුරා පෙර අපර දෙදිග ම පුවත්පත් කලාව හා කර්මාන්තය ගැන පුඵල්ව කෙරුණු විග‍්‍රහයක්. කි‍්‍ර. ව. 2000 පමණ වනතුරු මෙය බටහිර රටවල ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක වුවත් ගෙවී ගිය වසර දහය දොළහ තුළ ඔවුන්ගේ පුවත්පත් කර්මාන්තය දරුණු අහේනියකට මුහුන දී සිටිනවා.

මීට කලකට පෙර ව්‍යාපාරික මට්ටමේ මාධ්‍ය ආයතන කාරුණිකව හෝ අවඥාවෙන් බැහැර කළ දානපති ආයතන හා පදනම්වල අනුග‍්‍රහය ලැබීම අද ඔවුන් ඕනෑකමින් සළකා බලනවා.

අර්බුදකාරී අවස්ථාවල මෙතෙක් ආ විදියට (Business as Usual) තව දුරටත් පැවතීමට නොහැකි බව පිළිගත් ප‍්‍රායෝගික සත්‍යයක්. සැඩසුළං මාරුතයට ඔරොත්තු දීමට බටහිර පුවත්පත් විවිධාකාරයේ ක‍්‍රමෝපායයන් මෑත වසරවල කි‍්‍රයාත්මක කළා.

උදාහරණ:

• දිනපතා පුවත්පත් ඒ වෙනුවට සති මැද හෝ සති අග පමණක් පළ කැරෙන, වඩාත් පුවත් විග‍්‍රහයන් හා විශෙෂාංග ඇතුළත් ප‍්‍රකාශන බවට පෙරැළීම.

• පුවත්පතේ ප‍්‍රමාණය Broadsheet ප‍්‍රමිතියේ සිට ඊට වඩා හුරුබුහුටි Berliner අතරමැදි ප‍්‍රමාණයට හෝ tabloid කුඩා ප‍්‍රමාණයට මාරු කිරීම.

• පුවත් පළ කිරීම සඳහා රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් අඩවි සමග තරග කිරීම මුඵමනින් නවතා දමා ගවේෂණාත්මක වාර්තා, පුවත් විග‍්‍රහයන්, හරවත් මතවාදයන් හා විශෙෂාංග පමණක් පළ කිරීම. (මේ නිසා සමහර ප‍්‍රකාශන දැන් Newspaper වෙනුවට Viewspaper යයි තමන් හදුන්වා ගන්නවා.)

• වඩාත් සාම්ප‍්‍රදායික (= වැඩිමහලූ) පාඨකයන් සඳහා පිටු ගණනින් සීමිත මුද්‍රණයක් තව දුරටත් නිකුත් කරන අතර, අන්තර්ගතය බහුතරයක් දිනපතා යාවත්කාලීන කැරෙන හොඳ වෙබ් අඩවියක් හරහා පළ කිරීම.

• මුද්‍රිත පිටපත් පළ කිරීම මුඵමනින් නවතා දමා ඒ වෙනුවට පුඵල් වෙබ් අඩවියක් හරහා පමණක් පළ කිරීම ඇරඹීම (Newsweek සගරාව මේ වසරේ සිටත්, ඇතැම් ප‍්‍රකට අමෙරිකානු පුවත්පත් දැන් ටික කලක සිටත් මෙය කරනවා.) මේ සමහර වෙබ් අඩවි නොමිළයේ කියවිය හැකි අතර, අනෙක්වා සතිපතා/මාසික ග‍්‍රාහක ගාස්තුවක් ගෙවා කියවිය හැකියි. එහෙත් මේ හරහා ඇති තරම් ආදායමක් උපදවා ගැනීම දියුණු රටවල පවා තවමත් අසීරු කාරියක්. අපේ වැනි රටක (මූල්‍යමය තොරතුරු රැගත් ව්‍යාපාරික ප‍්‍රකාශන හැරුණු කොට) වෙබ් අඩවි ග‍්‍රාහකත්ව ආදායමෙන් පමණක් නඩත්තු කරන පුවත්පතක් ගැන මා නම් දන්නේ නැහැ.

Newsstand Sri Lanka – image courtesy WSJ.com

ජීවී ලෝකයේ හා සොබා දහමේ මෙන් ම මානව සමාජයේ හා වෙළඳපොල ආර්ථිකයේ ද පරිනාමීය ප‍්‍රවාහයන් කි‍්‍රයාත්මක වනවා. මතවාදීව හා දර්ශනවාදී ලෙසින් අප කැමති වුණත් නැතත් යථාර්ථය මෙයයි.

පරිනාමීය කි‍්‍රයාවලියට දැනට පුඵල්ව පිළි ගැනෙන විග‍්‍රහය කළේ චාල්ස් ඩාවින් (1809-1882). පාරිසරික සාධකවලට වඩාත් හොදින් හැඩ ගැසෙන නම්‍යශීලී හා උපක‍්‍රමශීලි ජිවීන් සිය වර්ගයාගේ පැවැත්ම තහවුරු කර ගන්නා අතර එසේ නොකරන ජිවීන් කෙමෙන් වඳ වී යනවා. සොබාදහමේ මෙයට බොහෝ කලක් ගත වූවත් වෙළඳපොල සමාජයේ එය ඉක්මනින් සිදු වන්නක්.

ජෛව පරිනාමයේ එක් ප‍්‍රබල පාඩමක් නම් ශරීරයෙන් විශාල වූ හා සවි ශක්තියෙන් බලවත් වූ හෝ පමණට ම ජීවී විශේෂයකට එයින් විශෙෂ වාසි අත් නොවන බවයි. පෘථිවියේ ජෛව ඉතිහාසයේ දැවැන්ත සතුන් බොහොමයක් කලෙකට පසු වඳ වී ගියා. ඩයිනසෝරයන් වැනි යෝධ උරගයන් රජයන කාලයේ අහුමුඵවල කුඩාවට සිටි ක්ෂීරපායීන් ඔවුන්ගේ තැන ගන්නට මතුව ආවා. (මේ පරිනාමීය පාඩම් මානව සමාජයට අදාල වන සැටි වෙන ම විස්තරාත්මකව කථා කළ යුතුයි.)

පුවත්පත් ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයේ ද ආවේනික පරිනාමීය ප‍්‍රවාහයන් නිර්දය ලෙස කි‍්‍රයාත්මක වේ යැයි මට සිතෙනවා. මෙරට දශක ගණනක් පැවති ප‍්‍රධාන පෙළේ ප‍්‍රකාශන සමාගම් දෙකක් මට මතක ඇති කාලයේ වසා දමනු ලැබුවා (ටයිම්ස් ඔෆ් සිලෝන් හෙවත් පැරණි ලංකාදීපය හා ස්වාධීන පුවත්පත් සමාගම හෙවත් දවස නිවස). ඔවුන්ගේ අභාවයට හේතු වූ සාධක සංකීර්ණයි. එහෙත් කාලානුරූපව හැඩ නොගැසීම හා වෙනස් වන පාඨක රුචි අරුචිකම් හඳුනා නොගැනීම ද එයට දායක වුණා.

මෙරට පුවත්පත් කලාවට වසර 180ක් පිරීම නිමිත්තෙන් 2012දී ලියූ ඉංගී‍්‍රසි ලිපියක මා කීවේ ඉතිහාසයේ මේ පාඩම් අද ප‍්‍රකාශකයන් හා මාධ්‍යවේදීන් සමීපව අධ්‍යයනය කළ යුතු බවයි.

එහි මුඛය පණිවුඩය: ‘‘ඉතිහාසයේ ප‍්‍රබලතම පාඩමක් නම් පාඨකයන් සමග සබැදී ඔවුන් සමග වර්ධනය වන ප‍්‍රකාශන ඉතිරි වෙද්දී එක තැන පල් වන ප‍්‍රකාශන හුදකලා වී, මුඵගැන් වී, අන්තිමේ වඳ වී යනු ඇති බවයි. ඩයිනසෝරයන් අපට දුන් ආදර්ශය නම් ලොකු මහත් වූ පමණට, සැරපරුෂ හා උද්දච්ච වූ පමණට, මහ හඩක් නැගූ තරමට පැවැත්ම තහවුරු නොවන බවයි.’’

පත්තර කලාවේ පැවැත්ම ගැන ලොකු පර්යේෂණ නොකළත් පර්යේෂකයන් රැසක් මුණ ගැසී කථා කිරීමෙන් හා ආසියානු ප‍්‍රකාශකයන් ඇසුරු කිරීමෙන් ලද යම් ප‍්‍රායෝගික අවබෝධයක් මට තිබෙනවා. පත්තර මුද්‍රිත ස්වරූපයෙන් දිගට ම පවතිනවා දකින්නට පෞද්ගලිකව මාත් කැමතියි. එහෙත් එය සාක්ෂාත් කරගන්නට නම් රාවය ඇතුඵ මෙරට ලොකු කුඩා සියඵ මුද්‍රිත ප‍්‍රකාශන කාලානුරූපීව පරිනාමය විය යුතුව තිබෙනවා.

2012 ලිපියේ මා කියා සිටියේ මාධ්‍ය කලාවේ හා කර්මාන්තයේ අනාගතයට බලපාන තීරණාත්මක සාධක තුන වන්නේ නව සන්නිවේදන තාක්‍ෂණය, වෙනස් වන ජනගහන සංයුතිය (demographics) හා වෙළඳ පොළ ආර්ථිකය බවයි. මේ තුන හරිහැටි තුලනය කර ගැනීම අද මුද්‍රිත මෙන් ම විද්්‍යුත් මාධ්‍යයන්ට ද තිබෙන ප‍්‍රබල අභියෝගයක්. විවෘත මනසකින් යුතුව එයට මුහුණදීම හා උපක‍්‍රමශීලී වීම අත්‍යවශ්‍යයි.

සොබා දහමේ ජෛව විවිධත්වය සුරැකෙන්නට ලොකු කුඩා විවිධාකාරයේ ශාක හා සත්ත්ව විශෙෂ රැසක් අවශ්‍ය වනවා සේ ම නූතන මානව සමාජයන්ගේ සංස්කෘතික විවිධත්වය පවත්වා ගන්නට එකිනෙකට වෙනස් ආකාරයේ මාධ්‍ය ද අවශ්‍යයි. එම විවිධත්වය සඳහා මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය කරන ක‍්‍රමය, එයට පදනම් වන දැක්ම හා මතවාදය මෙන් ම බෙදා හරින ක‍්‍රමය ද වැදගත්.

ආයතනගතව හා ව්‍යාපාරික මට්ටමින් සංවිධානගත වූ මාධ්‍යවලට පමණක් කළ හැකි දේත්, පුරවැසි මාධ්‍යකරුවන්ට පමණක් කළ හැකි දේත් තිබෙනවා. මේ දෙවර්ගය ම සමාජ ප‍්‍රගතියට හා පොදු උන්නතියට අවශ්‍ය වනවා. දෙපිරිසට සාමූහිකව කළ හැකි කාරියන් ද තිබෙනවා. අද අපට අවශ්‍ය මේ දෙපිරිස අන්‍යෙන්‍ය සැකයෙන් නොව සහයෝගයෙන් කි‍්‍රය කිරීමයි.

අධිපති/ධනපති මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය යන දෙවර්ගය ම මාධ්‍ය නැමැති පරිසර පද්ධතිය (media ecosystem) තුළ පැවතිය හැකියි. මේ සඳහා යම් තුලනයන් බිහි කර ගැනීම අවශ්‍යයි. හරියට වනාන්තරයක පොළව යට, බිම් මට්ටමේ, ගස් උඩ හා වියන් තලය මතුපිට විවිධ ජීවී විශේෂ තමන්ට ආවේණික අවකාශයක් (niche) සොයා ගෙන ඇති ලෙසට විවිධාකාර මාධ්‍යවලට, අපේ සංකීර්ණ සමාජයේ එක විට පැවතීමට හැකි විය යුතුයි.