සිවුමංසල කොලූගැටයා #211: සැබෑ තොරතුරු සමාජයක් බිහි කිරීමට නිසි ඉදිරි දැක්මක්

In this week’s Ravaya column (in Sinhala, published in issue of 15 March 2015), I discuss what policy and regulatory measures can help promote information society in Sri Lanka. In that process, I critique the Telecommunications Regulatory Commission (TRCSL) and the ICT Agency (ICTA), two state institutions with relevant mandates that they have mismanaged, and sometimes squandered, during the past decade.

I argue that, for the most part, ICTA has been dabbling in ‘retail’ level (and politically driven) projects such as setting up rural tele-centres and designing government websites, while neglecting ‘wholesale’ level needs – such as resolving local font standardization, supporting ICT innovation, and being a facilitator of meaningful e-government. Similarly, TRC has been engaging in indiscriminate blocking of political websites critical of the former government, without creating an enabling environment in which pluralistic web content could thrive.

Info society icons

“තොරතුරු ගලා ගිය පමණට තොරතුරු හෝ දැනුම් සේවා දියුණු වූ පමණට හෝ රටක ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. නවීන ලෝකයේ රටක ඉදිරි ගමනට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයන් අත්‍යවශ්‍ය බව සැබෑවක්. එහෙත් ඒවා නිසි දැක්මක්, සැළැස්මක් හා ප‍්‍රතිපත්ති රාමුවක් තුළ ප‍්‍රවර්ධනය වීම ඉතා වැදගත්. එසේ නැති විට වඳුරන් අතට පත් දැලිපිහිය වැනි අවදානමක් මතු විය හැකියි.”

තොරතුරු හා සන්නිවේදන ක්‍ෂෙත‍්‍රවල ප‍්‍රාඥයකු වූ ශී‍්‍රමත් ආතර් සී ක්ලාක් මේ අදහස පළ කළේ මීට දශක දෙකකට පමණ පෙරයි. එදාටත් වඩා මෙය අද ශී‍්‍ර ලංකාවට අදාල යයි මා සිතනවා.

තාක්‍ෂණයේ හා වෙළඳපොල ආර්ථිකයේ ඉදිරි ගමන නිසා තොරතුරු හා සන්නිවේදන සේවා රැසක සේවය ලැබී ඇති මේ යුගයේ පොදු උන්නතිය, ජාතික සංවර්ධනය හා සමාජ සමානාත්මතාවය උදෙසා අප කෙසේ නම් මේවා යොදා ගත යුතුද? එහිලා රජය, විද්වතුන්, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය සතු වගකීම් මොනවාද?

තොරතුරු තාක්‍ෂණයන් මෙරට ප‍්‍රචලිත වීම හරහා කෙමෙන් මෙරට තොරතුරු සමාජයක් (information society) ස්ථාපිත වීම දශක ගණනාවක් තිස්සේ සිදු වෙමින් පවතින සමාජයීය පරිනාමයක්. 1925දී රේඩියෝ විකාශයන් ඇරඹීම හා 1976දී පාදුක්කේ චන්දිකා සන්නිවේදන මධ්‍යස්ථානය පිහිටුවීම වැනි මංසළකුණු හරහා සෙමෙන් ඉදිරියට ආ එම ප‍්‍රවාහය වඩාත් වේගවත් වුයේ 1979දී ටෙලිවිෂන්, 1989දී ජංගම දුරකථන සේවා හා 1995දී ඉන්ටර්නෙට් ආගමනයෙන් පසුවයි.

මුලින් සීමිත පිරිසකට ග‍්‍රහණය වූ මේ සන්නිවේදන සේවා කල් යාමේදී වැඩි ජන සංඛ්‍යාවක් භාවිත කරන එදිනෙදා තොරතුරු සේවා බවට පත් වූවා. තාක්‍ෂණය ඉක්මවා යන සාංස්කෘතිකමය, සමාජයීය හා දේශපාලන බලපෑම් මේ හරහා ජනිත වී තිබෙනවා.

තොරතුරු තාක්‍ෂණ මෙවලම්වලට වඩා වැඩි අවධානයක් අප යොමු කළ යුත්තේ ඒ හරහා බිහි වන තොරතුරු සමාජය ගැනයි. එය හුදෙක් පරිගණක, ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වලට වඩා පුළුල් සමාජීය සංසිද්ධියක්.

Planet Info

මෙය උපමිතියකින් පහදා දිය හැකියි. නාගරික හා අර්ධ නාගරික පෙදෙස්වල ජලය බෙදා හැරීමට ජලාශ, ටැංකි, විශාල නල හා කුඩා නල වශයෙන් ජලප‍්‍රවාහන පද්ධතියක් තිබෙනවා. ගංගාවලින් ලබා ගත් ජලය යම් පිරිසිදු කිරීමකින් පසු නිවෙස් වෙත ගලා එන්නේ මේ හරහායි.

තොරතුරු තාක්‍ෂණ ජාලයන් මීට වඩා බෙහෙවින් සංකීර්ණ බව සැබෑයි. එහෙත් මේ අවස්ථා දෙකෙහිදීම වඩා වැදගත් වන්නේ පද්ධතියේ භෞතික හෝ තාක්‍ෂණික කි‍්‍රයාකාරිත්වය නොව නොකඩවා ජලය/තොරතුරු ලැබේද හා එය භාවිතයට සුදුසු ද ආදී සාධකයි.

ජලප‍්‍රවාහන පද්ධති මෙන් නොව සන්නිවේදන පද්ධතිවල දෙපසටම තොරතුරු ගලනය සිදු වනවා. එසේම වාරණයක්, අවහිරයක් හෝ විකෘති කිරීමකින් තොරව තොරතුරු ලැබීමේ හා බෙදා ගැනීමේ මුලික අයිතිවාසිකම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවල සියලූ දෙනාට තිබෙනවා. මෙය සහතික කිරීම රජයන්ගේ වගකීමක්.

තොරතුරු සමාජ ප‍්‍රගමනයට රාජ්‍ය මට්ටමින් ගත යුතු ප‍්‍රතිපත්ති හා නියාමන කි‍්‍රයාමාර්ග තිබෙනවා. ආර්ථික උපමිතියකින් කිව හොත් තොරතුරු සමාජයේ ප‍්‍රගමනයට රජයක් විසින් ගත යුතු ප‍්‍රතිපත්ති හා නියාමන යනු ‘තොග මට්ටමේ’ මැදිහත්වීම් වැනියි.

‘සිල්ලර මට්ටමේ’ යයි කිව හැකි ටෙලිකොම් සේවා පවත්වා ගෙන යාම, සන්නිවේදන කේන්ද්‍ර (නැණසල හෝ ටෙලිසෙන්ටර්) පිහිටුවීම හා නඩත්තුව ආදිය වෙළඳපොලට භාර කළ යුතුයි. නිසි නියාමනයකින් යුතුව, දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව සන්නිවේදන තාක්‍ෂණයන් රටක පවතින විට පෞද්ගලික අංශය ආයෝජනය කිරීමට ඉදිරිපත් වනවා.

තොරතුරු සමාජයට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය භෞතික ලොව මහාමාර්ග, ජලප‍්‍රවාහන පද්ධති ආදියට වඩා වෙනස්. රජයන් මෙහි සම්පුර්ණ බරපැන දරනවා වෙනුවට එය බොහෝ දුරට වෙළඳපොල ප‍්‍රවාහයන්ට භාර කැරෙනවා. 1990 දශකය මැදදී චන්ද්‍රිකා රජය යටතේ සිදු කළ දුරදක්නා ටෙලිකොම් නියාමන ප‍්‍රතිපත්ති තීරණ හා ප‍්‍රතිසංස්කරණ නිසා මෙරට දුරකථන හා තොරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයන් විශාල වර්ධනයක් හා ජවයක් ලැබුවා.

එසේම පෞද්ගලික අංශයේ ආයෝජන හරහා වැඩිපුරම මේ ක්‍ෂෙත‍්‍රයේ වර්ධනය හා ව්‍යාප්තිය සිදු වූ අතර රජයට පැවරුණු ලොකු වගකීම වුයේ ක්‍ෂෙත‍්‍රය නිසි ලෙස නියාමනය කිරීමයි. තරගකාරිත්වය හරහා සාපේක්‍ෂව අඩු මුදලකට වැඩිපුර දුරකථන ඇමතුම් හා දත්ත (ඉන්ටර්නෙට්) සන්නිවේදන සේවා ලබා ගැනීමට හැකි වීම මේ නියාමනයේ තවමත් අප අත් විඳින ප‍්‍රතිඵලයක්.

නුතනත්වයට පිවිසි බොහෝ රටවල ආණ්ඩු තව දුරටත් (ස්ථාවර හෝ ජංගම) දුරකථන සේවා පවත්වා ගෙන යනවා වෙනුවට කරන්නේ නිසි නියාමනය හරහා පාරිභෝගිකයන් රැකීමයි. සැබැවින්ම සමාජයට අහිතකර පරිගණක වයිරස, සයිබර් ආක‍්‍රමණ ආදී ප‍්‍රවණතාවලට ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමයි.

නිසි දැක්මක් හා නිරවුල් ප‍්‍රතිපත්ති රාමුවක් ඇති ආණ්ඩුවකින් තොරතුරු සමාජයේ ප‍්‍රගමනයට වැඩිපුරම අවශ්‍ය වන්නේ මේ ආකාරයේ ‘තොග’ මට්ටමේ දායකත්වයයි. නමුත් පසුගිය දශකය තුළ අදාල රාජ්‍ය ආයතන බොහෝ දුරට කර ඇත්තේ ‘සිල්ලර’ මට්ටමේ වැඩයි.

තොරතුරු තාක්‍ෂණ ඒජන්සිය හෙවත් ICTA ආයතනය මීට දශකයකට පමණ පෙර පිහිටුවනු ලැබුවේ මෙරට තොරතුරු සමාජය ප‍්‍රචලිත වීමට අවශ්‍ය මග පෙන්වීම හා ජවය ලබා දීමටයි. එහෙත් එ වෙනුවට ICTA ආයතනය හුදෙක් නැණසල පිහිටුවීම හා රාජ්‍ය වෙබ් අඩවි නඩත්තුව ආදි සංදර්ශනාත්මක මට්ටමේ වැඩවලට බොහෝ දුරට සීමා වී සිටිනවා. ‘සිල්ලර’ කි‍්‍රයාවලට මුල් තැන දෙමින් දේශපාලන ව්‍යාපෘතියකට පිවිසීම නිසා ICTA පිහිටුවීමේ අරමුණු සාක්‍ෂාත් කර ගෙන නැහැ.

උදාහරණයකට සිංහල හා දෙමළ භාෂාවලින් පරිගණක මෘදුකාංග හා ජංගම දුරකථන app තැනීමේදී මතු වන තාක්‍ෂණික ප‍්‍රමිතිකරණ ප‍්‍රශ්න ආදියට රාජ්‍ය මට්ටමින් විසදුම් දිය හැකිව තිබූ නමුත් ICTA එම වගකීම් ඉටු කොට නැහැ.

මේ නිසා එක්කො නිසි දැක්මක් හා වඩාත් පුලූල් වගකීම් හා ඉලක්ක සමඟ ICTA ආයතනය ප‍්‍රතිව්‍යුහකරණය කළ යුතුයි. නැතිනම් භාණ්ඩාගාරයේ මහජන මුදල් හා විදේශ ආධාර මුදල් කා දමන මේ අකාර්යක්‍ෂම ආයතනය වසා දැමිය යුතුයි.

විදුලිසංදේශ නියාමන කොමිසම (TRC) තොරතුරු සමාජය බිහි කිරීමට ඉතා ඉහළ වගකීමක් දරණ අනෙක් ආයතනයයිග එහි ද පසුගිය දශකයේ සිදුව ඇත්තේ තාක්ෂණික මූලධර්ම මත පදනම් වූ සුසාධ්‍ය කිරීම (facilitate) වෙනුවට හුදෙක් දේශපාලන සාධක හා තීරණ මත නව මාධ්‍ය හැසිරවීමට තැත් කිරීමයිග

නියාමනය සම්බන්ධයෙන් කළ යුතු හා නොකළ යුතු දේ තිබෙනවා. නියාමකයාගේ වගකීම තොරතුරු ප්‍රවාහන පද්ධතිය මනා සේ ක්‍රියා කරන බවට සහතික වීමයිග එසේ නැතිව තොරතුරු තාක්‍ෂණ පද්ධති හරහා ගලා යන අනේකවිධ තොරතුරු හා අදහස් අනිසි ලෙස අවේක්ෂණය (surveillance) කරමින් සෘජු හෝ වක‍්‍ර ලෙසින් එම ප‍්‍රවාහයන් වාරණය කිරීම නොවෙයි.

2007 සිට විදුලිසංදේශ නියාමන කොමිසම කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව හිතුමතයට සමහර වෙබ් අඩවිවලට මෙරට තුළ සිට පිවිසීම අවහිර කිරීමට ටෙලිකොම් සමාගම්වලට නොනිල මට්ටමින් අණ දෙමින් සිටිනවා.

2007දී ටැමිල්නෙට් (TamilNet.com) අවහිර කිරීමේ ඇරැඹි මේ විපරීත කි‍්‍රයාදාමය පසුව දේශපාලන තොරතුරු හා විකල්ප අදහස් රැගත් වෙබ් අඩවි රැසක් අවහිර කිරීම දක්වා පැතිර ගියා. මෙරට දුරකථන හා දත්ත සන්නිවේදන සේවා සපයන ටෙලිකොම් සමාගම් තමන්ගේ බලපත‍්‍රය රැක ගැනීමේ බියෙන් කොමිසම වාචිකව දෙන නියෝග පවා කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව කි‍්‍රයාත්මක කරනවා.

නව රජය මෙය නොකරන බව කියා ඇතත් ක්‍රමයේ වෙනසක් නොකරන තාක් කල් දේශපාලක හා නිලධාරි බලයට ටෙලිකොම් සමාගම් නතු වීමේ අවදානම දිගටම තිබෙනවා.

මේ නිසා ක්‍රමය වහාම වෙනස් විය යුතුයි. යුක්තියුක්ත සමහර අවස්ථාවල යම් වෙබ් අඩවි අවහිර කිරීමේ අභිමතය ආණ්ඩුවලට තිබෙනවා. එහෙත් ශිෂ්ඨ සමාජවල වෙබ් අඩවි වාරණය කරන්නේ අධිකරණ නියෝග හරහා පමණයි. එබදු රටවල තර්කානුකූල හේතුවක් නිසා පිවිසීම අවහිර කළ වෙබ් අඩවිවල නිල ලැයිස්තුවක් පවත්වා ගන්නවා.

එසේම ටෙලිකොම් බලපත‍්‍ර මෙන්ම ටෙලිවිෂන් හා රේඩියෝ විකාශ සඳහා බලපත‍්‍ර දීමේ පාරදෘශ්‍ය හා නිසි ක‍්‍රමවේදයක් ඇති කළ යුතුයි. එවිට හොර පාරෙන් දෙන අනියම් නියෝග නිලධාරින්ට බියේ කි‍්‍රයාත්මක කිරීමට ටෙලිකොම් සමාගම්වලට මෙතෙක් පැවැති දැවැන්ත පීඩනය සමනය වනවා. මෙය අත්‍යවශ්‍ය හදිසි පියවරක්.

රාජ්‍ය මට්ටමමේ (තොග මට්ටමේ) ප‍්‍රතිපත්ති හා නියාමන කටයුතු වලට තොරතුරු තාක්‍ෂණ ඒජන්සියත් විදුලි සංදේශ නියාමන කොමිසමත් සිය මැදිහත් වීම් සීමා කර ගැනීම හරහා ‘සිල්ලර’ මට්ටමේ කි‍්‍රයා වෙළඳ පොල ප‍්‍රවාහයන්ටත් පෞද්ගලික මට්ටමේ නවෝත්පාදනයටත් ඉතිරි වනවා. වෙනත් ආසියානු රටවල් තොරතුරු තාක්‍ෂණය හා තොරතුරු සමාජය සම්බන්ධයෙන් දියුණුවට පිය නැගුවේ මෙබදු රාමුවක් තුළයි.

අපේ රටේ ආණ්ඩු හැම දෙයම කිරීමේ යල් පැන ගිය හා අවදානම් සහගත සම්ප්‍රදාය නතර කළ යුතුයි!

Digital communications

Embattled Media: New Book explores aspects of Democracy, Governance and Reform in Sri Lanka

Embattled Media - Democracy, Governance and Reform in Sri Lanka (Sage, Feb 2015; 416 pages)
Embattled Media – Democracy, Governance and Reform in Sri Lanka (Sage, Feb 2015; 416 pages)

A new multi-author book offers valuable insights into the importance of independent media for democratic governance in the wider South Asian region.

Titled Embattled Media: Democracy, Governance and Reform in Sri Lanka (Sage, Feb 2015; 416 pages), the book examines the role of the media in a state committed to democracy and the rule of law which had suffered extraordinary stresses as a result of ethnic strife, insurrection and civil war.

The book is co-edited by William Crawley and David Page, both fellows of Institute of Commonwealth Studies, University of London, UK, and Kishali Pinto-Jayawardena, a legal analyst on civil liberties and columnist with The Sunday Times newspaper in Sri Lanka.

According to its publishers, Sage Publications in India and the UK, the book is an ‘authoritative guide to the state of the news media in Sri Lanka, and the effects of insurgency and civil war on the media’s role in a developing country’.

This is the first book to look comprehensively at the evolution of news media in post-colonial Sri Lanka, with a focus on media policy, law and education. The book reviews the role of new media platforms in widening the scope for public debate.

Further, it provides a detailed analysis of the existing media laws and policies and of campaigns to reform them. It also focuses on the role of institutions in media education by providing a comprehensive analysis of existing media curricula and underlining the importance of improved media literacy and introduction of Right to Information Act for a healthy democracy.

The contributors to this volume, including leading journalists, broadcasters, practitioners in public law, media academics and analysts, write from extensive experience. Chapters have been written by: Sinha Ratnatunga, Ameen Izzadeen, Namini Wijedasa, Amal Jayasinghe, Tilak Jayaratne and Sarath Kellapotha, Nalaka Gunawardene, Kishali Pinto-Jayawardena and Gehan Gunatilleke, Jayantha de Almeida Guneratne, and S. Raguram.

The book is dedicated to the memory of the late Tilak Jayaratne (1943-2013), who ‘ably represented a generation of honourable and committed broadcasters’. Having contributed significantly to the book, he did not live to see its publication.

Embattled Media - Publishing Information
Embattled Media – Publishing Information

In their preface to the book, the co-editors write: “Media liberalisation from the 1990s onwards had extended the range of choice for viewers and listeners and created a more diverse media landscape. But the war in the north and insurrections in the south had taken their toll of media freedoms. The island had lived under a permanent state of emergency for nearly three decades. The balance of power between government, judiciary, the media and the public had been put under immense strain.

“In 2009, with the end of the war in the north, all this seemed about to change, increasing the relevance of our enquiries and raising hopes of media reform and greater freedom of expression. But progress towards a different sort of normality has been slow. The war and its aftermath have continued to cast a long shadow, which has limited the scope of our research…

“Over the past few years, universities have been closed for long periods. University teachers have been engaged in disputes with the government, which has affected their teaching and their research. The NGO sector has been heavily criticised by the government for pursuing foreign-funded agendas and finds itself under fire and on the defensive. Many media proprietors and journalists have maintained their long-established habit of self-censorship, for fear of inviting reprisals of one sort or another. Though not on the same scale as previously, there have been killings and disappearances of journalists since 2009 and the memory of past abuses still affects people’s thinking. All this has made the study more challenging.”

Co-editors of Embattled Media - (L to R) William Crawley, David Page and Kishali Pinto-Jayawardena (photos courtesy Sage Publications website)
Co-editors of Embattled Media – (L to R) William Crawley, David Page and Kishali Pinto-Jayawardena (photos courtesy Sage Publications website)

The book also contains a glossary of media related terms; a bibliography and an index.

The Indian edition is priced at INR 995. It is currently available from Sage Publications India: http://www.sagepub.in/books/Book244886?siteId=sage-india&prodTypes=any&q=Embattled+Media&fs=1

BBC Sinhala interview: සමාජ මාධ්‍ය ජාල වල ක්‍රියාකාරීත්වය 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵලයට කොපමණ බලපෑමක් කළේද?

On 13 Feb 2015, while briefly in London, I visited BBC’s new Media Centre and recorded brief interviews with BBC Sinhala and BBC Tamil services (radio) on the role of social media during the Sri Lanka Presidential Election 2015 – the topic of my talk at University of London the previous day.

BBC Sinhala published the story online on 22 Feb 2015, along with an edited down audio track.

Here is the accompanying text. Listen to audio interview on BBC Sinhala website.

Nalaka Gunawardene in BBC World Service studio, 13 Feb 2015
Nalaka Gunawardene in BBC World Service studio, 13 Feb 2015 – Photo by Saroj Pathirana

සමාජ මාධ්‍ය ඔස්සේ ‘නැති බැරි අයට වැඩි අනුකම්පාවක්’

22 පෙබරවාරි 2015 අවසාන වරට යාවත්කාලීන කළේ 11:33 GMT

පසුගිය ජනාධිපතිවරණයේදී ‘ඇති හැකි’ අපේක්ෂකයන්ට වඩා ‘නැති බැරි’ අපේක්ෂකයන්ට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැඩි ‘අනුකම්පාවක්’ ලැබුණු හැඩක් පෙනී ගිය බව සමාජ මාධ්‍ය ජාල ක්‍රියාධරයෝ පවසති.

එබැවින් සම්පත් විශාල වශයෙන් යොදා ගනිමින් පුළුල් සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිත්වයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වඩා සීමිත සම්පත් යොදා ගෙන සිය පණිවුඩය ඉදිරිපත් කළ මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයාට වැඩි අවධානයක් යොමු වූ ආකාරයක් දක්නට ලැබුණු බව විද්‍යා ලේඛක සහ තීරු ලිපි රචක නාලක ගුණවර්ධන බීබීසී සංදේශයට කියා සිටියේය.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය ජාල වල ක්‍රියාකාරීත්වය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට කොපමණ බලපෑමක් කළේද යන්න සම්බන්ධයෙන් පුළුල් සමීක්ෂණයක් අවශ්‍ය බව ඔහු සඳහන් කරයි.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ මෙහෙයවීමෙන් ජනපතිවරණයේදී ශ්‍රී ලංකා සමාජ මාධ්‍ය ජාලවල බලපෑම සම්බන්ධයෙන් දේශනයක් පැවැත්වීම පිණිස ලන්ඩනයට පැමිණ සිටි නාලක ගුණවර්ධන එම අදහස් පල කළේ බීබීසී මැදිරියේදී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

‘නිදහස් අදහස්’

විශේෂයෙන්ම නිදහස් අදහස් ප්‍රකාශනයට ප්‍රබල බාධක පැවතුණු වාතාවරණයක සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට සහ සිය විවේචන එලි දැක්වීමටත් සමාජ ක්‍රියාකාරිකයන් මෙන්ම විපක්ෂයද සමාජ මාධ්‍ය ජාල යොදා ගත් බවත් නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

“අනෙක් කාරණය තමයි කිසිම දේශපාලන පක්ෂයකට අයත් නොවූ නමුත් දේශපාලනය ගැන උනන්දුවක් තියෙන තරුණ පිරිස් මේ සමාජ මාධ්‍ය ජාල යොදා ගත්තා ඔවුනොවුන් අතර කතාබහ කරන්න මේ සමාජ ක්‍රමය, සංස්කෘතිය කෙසේ නම් වෙනස් වෙන්න ඕනෙද? ඔවුන් සෘජුව අමතන්න පටන් ගත්තා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා,” ඔහු පැවසීය.

ෆේස්බුක් හෙවත් මුහුණු පොත ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර වඩාත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලය බවට පත්වෙද්දී, ජනපතිවරණය සමයේ ට්විටර් ජාලය ඔස්සේද පුළුල් ක්‍රියාකාරිත්වයක් දක්නට ලැබුණි.

ජනපතිවරණය සමයේ විශේෂයෙන්ම සිංහල බ්ලොග් අඩවිවල ක්‍රියාකාරීත්වයද කැපී පෙනුණි.

කෙසේ නමුත් සිය නිවේදන සහ පුවත් අඩවිවල යොමු (ලින්ක්) බෙදාහැරීම හැරුණු විට විශේෂයෙන්ම සිය ඡන්දදායකයන් සමඟ අදහස් හුවමාරුවකට, නොඑසේනම් සංවාදයකට, ජනපතිවරණ අපේක්ෂකයන් ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල යොදා නොගත් බව නාලක ගුණවර්ධන පෙන්වා දෙයි.

“මේක දැක්මේ තියන සීමාවක්,” ඔහු පැවසීය.

සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිත්වය සිය ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් සැපයූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ද පිළිගෙන තිබුණි.

Nalaka Gunawardene (left) with his BBC interviewer Saroj Pathirana
Nalaka Gunawardene (left) with his BBC interviewer Saroj Pathirana – Photo by Prasanna Ratnayake

 

 

 

 

සිවුමංසල කොලූගැටයා #208: තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි!

In this week’s Ravaya column (in Sinhala), I discuss the history and current state of play in relation to right to information (RTI). This is in the context of the new Lankan government planning to introduce an RTI law.

To review the work of government at all levels, citizens/voters need to access public sector information – about decisions, proceedings, budgets, expenditures, problems and performance. Close to 100 countries now have laws guaranteeing people’s RTI.

Sadly, Sri Lanka is lagging behind all other SAARC countries, five of which have already enacted RTI laws and two (Afghanistan and Bhutan) have draft bills under consideration. Attempts to introduce RTI in Sri Lanka were repeatedly thwarted by the previous government, which cited various excuses for avoding such a progressive law.

In this column, I also argue that RTI’s effectiveness depends on imagination, innovation and persistence on the part of all citizens. Its best results will accrue in a society and political culture where evidence and analysis are respected. Sri Lanka is not there yet.

RTI will be a significant milestone in a long journey that must continue.

ACT

තොරතුරු අයිතිය නීතිගත කෙරෙන කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරෙනවා. මෙය නව රජයේ එක් යහපාලන ප‍්‍ර‍්‍රතිඥාවක් ඉටු කිරීමක්.

තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information) ශිෂ්ට හා ප‍්‍රජාතන්තවාදී සමාජවල මුලික අංගයක් වී තිබෙනවා. ජාතික ආරක්‍ෂාවට බලපෑමක් කළ හැකි රහස්‍ය තොරතුරු හැර රාජ්‍ය පරිපාලනයට හා පලාත්පාලනයට සම්බන්ධ එදිනෙදා තොරතුරු පැහැදිලි ක‍්‍රමවේදයක් හරහා ඕනෑම පුරවැසියකුට ලබා ගත හැකි වීම මෙහි අරමුණයි.

ලෝකයේ රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තොරතුරු නීති පනවා තිබෙනවා. දකුණු ආසියාවේ මේ සම්බන්ධයෙන් වඩාත් පසුගාමීව තිබෙන්නේ ශී‍්‍ර ලංකාවයි. සාක් රටවල් අටෙන් පහක (ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය, මාලදිවයින) එම නීති සම්මත වී කි‍්‍රයාත්මක වන අතර රටවල් දෙකක (ඇෆ්ගනිස්තානය, භූතානය) නීති කෙටුම්පත් විවාද කරමින් සිටිනවා.

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට හෝ සිවිල් සමාජ සංවිධානවලට හෝ සීමා වූවක් නොවෙයි. මිලියන 21ක් වන අප සියලූ දෙනාගේ අයිතියක්. ඒ නිසා එය හරිහැටි සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න මෙනෙහි කිරීම වැදගත්.

තොරතුරු ගලනය මා දකින්නේ ජල ගලනයට සමාන සංසිද්ධියක් ලෙසයි. වාරි ජලය රඳවා තබන ජලාශයක සොරොවු විවර කිරීමත් සමඟ ජලය යටිගංබලා ගලා යනවා. එවිට එයින් ප‍්‍රයෝජන ගන්නට නම් ඇළ මාර්ග හරිහැටි තිබීම හා සූදානමක් පැවතීම අවශ්‍යයි.

කලක් තිස්සේ නිලධාරිවාදී බැමි මඟින් අවුරා තිබූ මහජනයාට අදාළ තොරතුරු මේ නව නීතිය හරහා ගලා යාමට සැලැස්වූ විට එයින් හරිහැටි ප‍්‍රයෝජන ගන්නට ද නිසි සූදානමක් හා කුසලතා තිබිය යුතුයි. එසේ නැතිනම් තොරතුරු ප‍්‍රවාහය පොදු උන්නතියට යොදා ගන්නට බැරි වනවා.

National Right to Ino laws status - as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm
National Right to Ino laws status – as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm

තොරතුරු අයිතිය පිළිබඳ සංකල්පය මුලින්ම මතුව ආවේ 18 වන සියවසේ යුරෝපයේයි. එයට පදනම වැටුණේ පොදු ජනයාට රාජ්‍ය පාලනය විමසීමේ අයිතිය තහවුරු වීමත් සමගයි. ප‍්‍රභූවරුන්, උගතුන් හෝ වෙනත් වරප‍්‍රසාද ලත් පිරිස්වලට සීමා නොවී හැම පුරවැසියකුටම තම රට පාලනය කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට හා ඒ ගැන විමර්ෂණයට අයිතියක් ඇතිබව ලිබරල් මතවාදී යුරෝපීයයන් පිළිගත්තා.

මේ අනුව ක‍්‍රියා කරමින් ලෝකයේ මුල්ම තොරතුරු දැනගැනීමේ නීතිය හඳුන්වා දුන්නේ 1766දී ස්වීඩනයේ. රාජාණ්ඩු මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රික ආණ්ඩු පවතින යුරෝපීය රටවල මේ සංකල්පය පිළිගෙන නීතිගත කරනු ලැබුවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංගයක් ලෙස ගෝලීයකරණය වූයේ 20 වන සියවස දෙවන භාගයේ.

එයට දායක වූ වැදගත් සිදුවීමක් නම් 1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කරගනු ලැබීමයි. මේ වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුලූ ලෝකයේ අති බහුතරයක් රාජ්‍ය මේ ප‍්‍රඥප්තියේ මානව හිමිකම් දැක්ම හා මූලධර්ම නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. www.un.org/en/documents/udhr/

වගන්ති 30කින් සමන්විත සංක්ෂිප්ත ලේඛනයක් වන මෙහි 19 වන වගන්තිය කියන්නේ තමන් කැමති මතයක් දැරීමට හා එය ප‍්‍රකාශ කිරීමට හැම මානවයකුටම මූලික නිදහසක් ඇති බවයි. බලපෑමකින් තොරව එසේ මත දැරීමටත්, තොරතුරු ලබා ගැනීමට හා බෙදා හැරීමටත්, ඕනෑම මාධ්‍යයක් හරහා දේශසීමා ඉක්මවා ක‍්‍රියා කිරීමටත් මානව අයිතියක් තිබෙන බව එයින් පැහැදිලිව කියනවා.

Article 19 of Universal Declaration of Human Rights
Article 19 of Universal Declaration of Human Rights

අප මීට පෙර ද විග‍්‍රහ කළ පරිදි ආසියාවේ තොරතුරු අයිතිය පිළිගෙන නීතිගත කිරීමේ පෙරගමන්කරුවකු වූයේ ඉන්දියාවයි. එය දශකයකට වඩා සිවිල් සමාජ ක‍්‍රීයාකාරකයන්ගේ උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක්.

ඇත්තටම මෙබඳු නීතියක ප‍්‍රායෝගික වැදගත්කම මුලින්ම හඳුනා ගත්තේ ඉන්දියාවේ බිම් මට්ටමේ සමාජ ක‍්‍රියාකාරිකයන් (නගරයේ සිටින ප‍්‍රතිපත්ති මට්ටමේ ක‍්‍රියාකාරිකයන් නොවේ). මහජන සුබසාධනය හා ග‍්‍රාමීය යටිතල පහසුකම් නඩත්තුවට වෙන් කැරෙන රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන අකාර්යක්ෂම හා දුෂිත ලෙසින් භාවිත කිරීම 1980 දශකයේ හා 1990 දශකයේ එරට ප‍්‍රබල ප‍්‍රශ්නයක් වූවා.

ග‍්‍රාම හා ප‍්‍රාන්ත මට්ටමේ දේශපාලකයන් හා නිලධාරීන් කරන කියන දේ විමර්ෂණයට මහජනයාට බලය ලබා ගැනීමටයි තොරතුරු අයිතිය අවශ්‍ය වූයේ. එයට ප‍්‍රාන්ත මට්ටමින් නීති පැනවීම තමිල්නාඩුව (1997), ගෝව (1997), රාජස්ථානය (2000), දිල්ලිය (2001), මහාරාෂ්ට‍්‍රය (2002) සිදු වුණා. (ඉන්දියාවේ ප‍්‍රාන්ත බොහොමයක් ශ‍්‍රී ලංකාවට වඩා භූමියෙන් හා ජනගහනයෙන් විශාලයි.) ජාතික මට්ටමේ තොරතුරු නීතියක් සම්මත කර ගත්තේ 2005දී.

ඉන්දියානු තොරතුරු නීතිය යටතේ එරට ඕනෑම පුරවැසියකුට (මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත්පාලන මට්ටමේ) රජයේ ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටිය හැකියි. එය දින 30ක් ඇතුළත ලබා දීමට එම ආයතන නීතියෙන් බැඳී සිටිනවා. එසේ නොවුවහොත් හෝ ලබා දුන් තොරතුරු ගැන සෑහීමකට පත් විය නොහැකි නම් හෝ පැමිණීලි කිරීමට මධ්‍යම තොරතුරු කොමිසමක්ද (Central Information Commission) පිහිටුවා තිබෙනවා.

රජයේ විධායකය, පාර්ලිමේන්තුව හා අධිකරණය යන අංග ත‍්‍රිත්වයේම තොරතුරු මේ නීතියට ආවරණය වනවා. එසේම රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබන අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරුද පුරවැසියන්ට මේ හරහා ඉල්ලා සිටිය හැකියි.

තොරතුරු අයිතිය නීතිගත වීම හොඳ ආරම්භයක් පමණයි. තොරතුරු අයිතිය නීතිගත වීමෙන් පසු බිහි වන නව යථාර්ථයට අනුගත වීමට සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය ද අලූත් දිශානතියකට යොමු වීම අවශ්‍යයි. යටත් විජිත පාලන සමයේ සිට මහජනයාට කරුණු වසන් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලනය වඩාත් විවෘත හා පාරදෘශ්‍ය කිරීමට නීතිමය රාමුවක් පමණක් නොව ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි.

RTI Activist bb

2005 තොරතුරු අයිතිය නීතිගත වීමත් සමඟ ඉන්දියාවේ සියලූ රාජ්‍ය ආයතන සිය තොරතුරු පරිගණක ගත කළ යුතු බවටත්, හැකි සෑම විටම එසේ ඩිජිටල්කරණය වූ තොරතුරු නිල වෙබ් අඩවි හරහා ඕනෑම කෙනකුට ලෙහෙසියෙන් බැලිය හැකි ලෙස ඉන්ටර්නෙට් ගත කළ යුතු බවත් තීරණය වුණා. මෙය ක‍්‍රියාත්මක වීම තොරතුරු ගලනයට මහත් සේ දායක වී තිබෙනවා.

එසේම පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවේදී ආචාර්ය රාජේෂ් ටැන්ඩන් කී පරිදි තොරතුරු ලද හැකි වීම හරහා යහපාලනයට දායක වීමේ ප‍්‍රායෝගික අවස්ථා හා විභවය ගැන පුරවැසියන්ට හා සිවිල් සංවිධානවලට නිසි දැක්මක්, පරිකල්පනයක් හා කැප වීමක් අවශ්‍යයි.

තොරතුරු සාක්ෂරතාව (information literacy) මෙහිදී වැදගත් හා තීරණාත්මක වෙනවා. තොරතුරු යටතේ බොහෝ දේ රාජ්‍ය තන්ත‍්‍රය තුළ තිබෙනවා. රැස්වීම් වාර්තා, ටෙන්ඩර් මණ්ඩල තොරතුරු, අයවැය ප‍්‍රතිපාදන, මූල්‍ය වියදම් වාර්තා, විගණන වාර්තා ආදිය පමණක් නොව විද්‍යාත්මකව රැස් කරන ලද දත්ත ද එයට ඇතුළත්.

මේ දෙවැනි කාණ්ඩයට ජන සංගණන හා අනෙකුත් රාජ්‍ය සමීක්ෂණවල සම්පූර්ණ තොරතුරු හා විශ්ලේෂණත්, අස්වනු සංඛ්‍යා ලේඛන, විදේශ වෙළදාම් (ආනායන- අපනයන) සංඛ්‍යා ලේඛන ආදියද අයත් වනවා.

නූතන තොරතුරු බොහොමයක ස්වභාවය නම් ඒවා තාක්ෂණික ස්වභාවයකින් යුක්ත වීමයි. සමහරක් තොරතුරු තේරුම් ගැනීමට විශේෂඥ දැනුමක් හා කුසලතා අවශ්‍යයි. මෑත වසරවල රාජ්‍ය අංශය පරිගණක භාවිතය වැඩිවීමත් සමඟ තොරතුරු ඩිජිටල් ආකාරයෙන් පවත්වා ගැනීම ඇරඹී තිබෙනවා. එහෙත් සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයට බලපාන ඩිජිටල් දත්ත ප‍්‍රමිතීන් තවමත් දක්නට නැහැ.

මේ නිසා ඩිජිටල් දත්ත විවිධ තාක්ෂණික පරිමානයන් හා මෘදුකාංගයන් යටතේ පවතිනවා. මේවා ලබා ගන්නා සමාජ ක‍්‍රියාකාරිකයන් හෝ පර්යේෂකයන් ඒ දත්ත විශ්ලේෂණය කරන විට නොගැලපීම්වලට (data incompatibility) මුහුණ දෙනවා.

තොරතුරු අයිතිය නීතිගත වීමේ නිසි ඵල නෙලා ගන්නට නම් අප සැවොම අපේ තොරතුරු සාක්ෂරතාව දියුණු කර ගත යුතුයි. එසේ නොවුවහොත් තොරතුරු ප‍්‍රවාහයට හසු වී අප ගසා ගෙන යාමේ අවදානමක් තිබෙනවා.

තොරතුරු සාගතය ගැන කලක් තිස්සේ පැමිණීලි කරමින් සිටින අපේ සමාජ රියාකාරිකයන් හා මාධ්යවේදීන් තොරතුරු ගලනය උත්සන්න වූ විට එයට කෙසේ හැඩ ගැසේද?

හුදෙක් ආවේගයන් හෝ අනුමානයන් හෝ මත පදනම් නොවී සංඛ්‍යාලේඛන හා විශ්වාස කටයුතු මූලාශ‍්‍ර හරහා නිගමනවලට එළඹීම අද කාලේ අත්‍යවශ්‍ය කුසලතාවක්. අපේ සමහරුන් පිලූණු වූ දත්ත හෝ වැරදි නිරීක්ෂණ (පක්ෂග‍්‍රාහී) හෝ යොදා ගෙන යම් වැරදි ස්ථාවරයන්ට එළඹෙනු නිතර දත්නට ලැබෙනවා.

(සුලභ උදාහරණයක්: ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි පුන පුනා කීවත් තව දුරටත් එය සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන්නේ නැහැ. මහබැංකු වාර්ෂික වාර්තාවට අනුව 2013දී දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මයේ දායකත්වය 10.6% පමණයි. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2013දී කෘෂිකර්මාන්තයට සම්බන්ධ ජීවිකාවක නියැලි මෙරට රැකියා නියුක්තිකයන්ගේ ප‍්‍රතිශතය 22.5%යි. මේ සංඛ්‍යා ලේඛන රහසිගත නොව විවෘතව ඒ ආයතනවල ප‍්‍රකාශනවල අඩංගුයි.)

තවත් උදාහරණයක්: ජංගම දුරකථන භාවිතය ජනගහණයෙන් 100කට ගිණුම් 105 දක්වා ඉහළ ගොස් තිබියදීත් තවමත් සමහරුන් කියන්නේ මෙය නාගරික හා වරප‍්‍රසාද ලත් අයගේ තාක්ෂණයක් බවයි.

මේ තොරතුරු මහජනයාට දැනටමත් විවෘතව තිබියදීත් ඒවා පරිශීලනය නොකරන උදවිය තොරතුරු අයිතියෙන් නිසි ප‍්‍රයෝජන ගනියිද?

Do we know how to cope with all this info?
Do we know how to cope with all this info?

තොරතුරු ගලනය විධිමත් වීමත් සමඟ එය ක‍්‍රම ක‍්‍රමයෙන් වඩාත් විවෘත වූත්, වගකීම් සහිත වූත් රාජ්‍ය පාලනයකට හැසිරවීම අප හමුවේ විශාල අභියෝගයක්.

සිල්ලර මට්ටමේ රාජ්‍ය තොරතුරු මෙන්ම තොග මට්ටමේ රාජ්‍ය තොරතුරු ද ඉලක්කගත ඉල්ලීම් හරහා ලබා ගෙන ඒවා සූක්ෂම ලෙස විමර්ෂණය කොට නොගැලපීම්, සැක කටයුතු තැන් හෝ අක‍්‍රමිකතා හඳුනා ගැනීමේ හැකියාව පුරවැසියන් හැටියට අප ප‍්‍රගුණ කළ යුතුයි.

වර්තමානයේ රාජ් ක්ෂෙතරයේ බොහෝ අකටයුතුකම් හා අකරමිකතා සිදු කැරෙන්නේත් සුක්ෂම හා සටකපට ලෙසින්. මේ නිසා ගවේෂණාත්මක මාධ්යකරුවන්ගේ හා රහස් පරීක්ෂකයන්ගේ කුසලතා ගොන්න වඩාත් අවශ් වනවා.

විද්වත් ස්වරූපයකින් පවතින සමහර රාජ්‍ය දත්ත ද විකෘති කොට කෙන්ද කන්ද කළ අවස්ථා පසුගිය දශකයක කාලයේ අප දුටුවා. ආර්ථික වර්ධනය ගැන මෑත වසරවල මහ බැංකුව මහත් උජාරුවෙන් හුවා දැක්වූ සමහර සංඛ්‍යා ලේඛන, සැබෑ තත්ත්වය වැඩිකොට පෙන්වීමක් බව දැන් තහවුරු වී තිබෙනවා. මෙබඳු අවස්ථාවල විද්වත් රාජ්‍ය තොරතුරු විචාරශීලීව කියැවීමේ හැකියාව මාධ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරිකයන්ට තිබිය යුතුයි.

අවසාන විනිශ්චයේදී විවෘත හා වගකීම් සහිත රාජ්‍යකරණයක් (open and accountable government) බිහි වීමට රාජ්‍ය නායකයාගේ අවංක ප‍්‍රතිඥා පමණක් සෑහෙන්නේ නැහැ. කලක් රහසිගතව හා ඇතැම් විට වංචනිකව පැවත ආ රාජ්‍ය පරිපාලනය විවෘත කර ගැනීමට පුරවැසි සැමගේ මැදිහත්වීම, සංශයවාදී බව හා තොරතුරු සාක්ෂරතාව අවශ්‍යයි.

දැන ගියොත් යහපාලනය. නොදැන ගියොත් අතරමඟ!

 

Emerging Digital Democracy? Social Media and Sri Lanka’s Presidential Election 2015

Nalaka Gunawardene talking at London University on 12 Feb 2015 on "Social Media and Sri Lanka's Presidential Election 2015"
Nalaka Gunawardene talking at London University on 12 Feb 2015 on “Social Media and Sri Lanka’s Presidential Election 2015” Photo by  Prasanna Ratnayake

Emerging Digital Democracy? Social Media and Sri Lanka’s Presidential Election 2015

This was the topic of a public talk I gave at the University of London on 12 Feb 2015.

It was organised and hosted by the Institute of Commonwealth Studies, University of London in collaboration with the Commonwealth Journalists’ Association (CJA).

They lined up the University’s Senate Room for the talk, which was attended by a South Asian audience who engaged me in a lively discussion.

Emerging Digital Democracy? Social Media and Sri Lanka's Presidential Election 2015
Emerging Digital Democracy?
Social Media and Sri Lanka’s Presidential Election 2015

Synopsis of the talk:

A record 81.5% of registered voters took part in Sri Lanka’s presidential election on 8 January 2015 in which incumbent Mahinda Rajapaksa was defeated by his former health minister Maithripala Sirisena. The peaceful regime change has been widely acclaimed as a triumph of democracy and a mandate for political reform, improved governance and national reconciliation.

The election saw unprecedented use of social media by both candidates as well as by politically charged yet unaffiliated youth. How much of this citizen awakening can be attributed to the fast spread of smartphones and broadband? Did it really influence how people voted? What does this mean for future politics and governance in Sri Lanka?

In this illustrated talk, science journalist and new media watcher (and practitioner) Nalaka Gunawardene shares his insights and views.

Who's afraid of social media? Many Lankan politicians, for sure...
Who’s afraid of social media? Many Lankan politicians, for sure…

My PowerPoint slides:

 

Key questions that need more research to answer:

This is why we need better research on new media and society in Sri Lanka!
This is why we need better research on new media and society in Sri Lanka!

Photos by Prasanna Ratnayake

William Crawley (right), Fellow of the Institute of Commonwealth Studies, introduces Nalaka Gunawardene
William Crawley (right), Fellow of the Institute of Commonwealth Studies, introduces Nalaka Gunawardene
Nalaka Gunawardene on Social Media and Sri Lanka’s Presidential Election 2015 at University of London, 12 Feb 2015
Nalaka Gunawardene on Social Media and Sri Lanka’s Presidential Election 2015 at University of London, 12 Feb 2015
A section of the audience at Senate Room, University of London, listening to Nalaka Gunawardene: 12 Feb 2015
A section of the audience at Senate Room, University of London, listening to Nalaka Gunawardene: 12 Feb 2015

 

 

 

 

 

 

සිවුමංසල කොලූගැටයා #205: දිරිය මිනිසුන් හා ගැහැණුන්ට පිරිනැමෙන යහජීවිකා ත්‍යාගය

In this week’s Ravaya column (in Sinhala), I discuss the Right Livelihood Award (RLA), sometimes called the ‘alternative Nobel Prize’.

Set up in 1980, RLA “honours and supports those offering practical and exemplary answers to the most urgent challenges facing us today”.

There have been three Lankan winners in RLA’s history, which I feature in this column: human rights activist Basil Fernando (2014); judge and legal scholar Christopher Weeramantry (2007); and Participatory Institute for Development Alternatives, PIDA (1982).

Right Livelihood Award (RLA) logo
Right Livelihood Award (RLA) logo

හැම වසරකම ඔක්තෝබර් මුලදී ප‍්‍රකාශයට පත් කැරෙන නොබෙල් ත්‍යාග පිරිනමන්නේ දෙසැම්බර් 10 වනදා. සාම ත්‍යාගය නෝර්වේ අගනුවර ඔස්ලෝහිදීත්, සෙසු ත්‍යාග ස්වීඩන් අගනුවර ස්ටොකොම්හිදීත්.

එයට දින කිහිපයකට පෙර ස්ටොකොම් නුවර වාර්ෂිකව තවත් වැදගත් ජාත්‍යන්තර සම්මාන පිරිනැමීමක් සිදු වනවා. ස්වීඩන් ජාතික පාර්ලිමේන්තු මන්දිරයේ උත්සවාකාරයෙන් පැවැත්වෙන මෙය නොබෙල් ත්‍යාග තරමට ලොව ප‍්‍රකට නැතත් එය අපට වැදගත් වන හේතුවක් තිබෙනවා.

එනම් සියවසකට වැඩි කාලයක් තිස්සේ කිසිදු නොබෙල් ත්‍යාගයක් ලාංකිකයකුට මේ දක්වා හිමි වී නැතත් විකල්ප නොබෙල් ත්‍යාගය නමින් ද ඇතැම් විට හැඳින්වෙන මෙම සම්මානය පසුගිය දශක තුන තුළ තෙවරක් ලාංකිකයන්ට පිරිනැමී තිබීමයි.

මේ ත්‍යාගයේ නම Right Livelihood Award (RLA). සිංහලෙන් යහජීවිකා ත්‍යාගය යැයි කිව හැකියි. මෙවර මේ ත්‍යාගය දිනා ගත් පුද්ගලයන් අතර ලාංකික නීතිඥ හා මානව හිමිකම් ක‍්‍රියාකාරික බැසිල් ප‍්‍රනාන්දු ද සිටිනවා. ඒ නිසා මේ ත්‍යාගය ගැන ටිකක් විමසා බැලීම වැදගත්.

2014 යහජීවිකා ත්‍යාගය ලැබූ අනෙක් අය නම් පාකිස්ථානයේ මානව හිමිකම් ක‍්‍රියාකාරිනී අස්මා ජහන්ගීර්, බි‍්‍රතාන්‍යයේ ගවේෂණාත්මක ගාඩියන් පත‍්‍රයේ ප‍්‍රධාන කර්තෘ ඇලන් රස්බි‍්‍රජර්, දේශගුණ විපර්යාසවලට එරෙහිව ගත යුතු පියවර ගැන උද්ඝෝෂණ කරන ලේඛක හා පරිසරවේදී බිල් මැකිබන් හා අමෙරිකාවේ රහස් ඔත්තු සේවා සයිබර් අවකාශයේ අනවසර අන්වේශනය (surveillance) ගැන ලොවට හෙළිදරවු කළ එඞ්වඞ් ස්නෝඞ්න් නම් පරිගණක තාක්ෂණවේදියායි.

 2014 RLA Winners - L to R - Alan Rusbridger, Basil Fernando, Asma Jahangir, Bill McKibben, Edward Snowden

2014 RLA Winners – L to R – Alan Rusbridger, Basil Fernando, Asma Jahangir, Bill McKibben, Edward Snowden

යහජීවිකා ත්‍යාගය ඇරඹුණේ 1980දී. එහි අරමුණ ලෝකයේ හදිසි අභියෝග හා අවශ්‍යතාවලට ප‍්‍රායෝගිකවූත්, ආදර්ශමත් වුත් විසඳුම් සොයමින් පොදු උන්නතිය ප‍්‍රවර්ධනය කරන පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන් දිරිමත් කිරීමයි.

එය අරඹනු ලැබුවේ ජේකබ් ෆොන් උක්ස්කුල් (Jakob von Uexkull) නමැති ස්වීඩනයේ උපත ලද ජර්මන් සම්භවය ඇති දානපතියා විසින්. ස්වීඩනයේම ඊට කලකට පෙර උපන් ඇල්ෆ‍්‍රඞ් නොබෙල් ඇති කළ නොබෙල් ත්‍යාග වැඩිපුර හිමි වන්නේ දියුණු රටවල වැසියන්ට බව තේරුම් ගත් උක්ස්කුල්, එය වෙනස් කළ යුතු බව විශ්වාස කළා.

ඔහු මුලින්ම නොබෙල් පදනමට යෝජනා කළා නව නොබෙල් ත්‍යාග දෙකක් අරඹන ලෙස. එ් පාරිසරික විද්‍යාවන්ට හා දුගී බව පිටු දැකීමට ක‍්‍රියා කරන අයට ප‍්‍රණාමය දැක්වීමට. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයන්නට ඔහු සූදානම්ව සිටියා. එහෙත් නොබෙල් පදනම එය ප‍්‍රතික්‍ෂෙප කළා.

එයින් නොසැලූණු උක්ස්කුල් තම පවුලේ උරුමයක් වූ වටිනා මුද්දර එකතුව ඩොලර් මිලියන් එකකට විකුණා යහජීවිකා ත්‍යාග සම්ප‍්‍රදාය ඇරඹුවා. පසුව එයට වෙනත් දානපතියන්ගේ අනුග‍්‍රහය ද ලැබුණා.

‘‘විකල්ප නොබෙල් ත්‍යාගය’’ යන්න මාධ්‍ය විසින් යහජීවිකා ත්‍යාග හඳුන්වන්නට යොදා ගන්නා පාඨයක් මිස නිල හැඳින්වීමක් නොවෙයි. නොබෙල් ත්‍යාග සමග කිසිදු සම්බන්ධයක් නැති යහජීවිකා ත්‍යාග, ඇතැම් විට නොබෙල් ත්‍යාග ක‍්‍රමය පිළිබඳ ප‍්‍රසිද්ධ විවේචනයක් ලෙස සමහරුන් විග‍්‍රහ කරනවා.

මේ ත්‍යාග ක‍්‍රමයේ නිර්මාතෘවරුන් යහජීවිකාව අරුත් දක්වන්නේ ආගමික නොවන, එහෙත් සාරධර්මීය ආකාරයකට: ‘‘යහජීවනය කියන්නේ පෞරාණික සංකල්පයක්. හැම අයකුම අවංක ලෙසින් තම දිවි පෙවෙත සකස් කර යුතු බවත්, සෙසු මානවයන්ට හා සොබා දහමට ගරු කරමින් එහි නිරත විය යුතු බවත් බොහෝ සංස්කෘතීන්ගේ පිළිගැනෙනවා. අප කරන්නේ මේ චින්තනය නූතන ලෝකයට අදාල කර ගත් දිරිය මිනිසුන් හා ගැහැණුන් හඳුනා ගෙන ඔවුන් ප‍්‍රණාමයට ලක් කිරීමයි. ඔවුන් තම රටවල හා සමාජයන්ගේ නියත සම්මානයට සුදුසු වූවත් බොහෝ විට බලගතු ප‍්‍රවාහයන්ට ඔවුන් එරෙහිව අරගල කරන නිසා එබඳු අගැයීමකට පාත‍්‍රා වන්නේ නැති තරම්. අප එබඳු ආදර්ශමත් හා පරමාදර්ශීය චරිත සොයා යමින් ඔවුන්ට නිසි දිරි ගැන්වීම හා පිළිගැනීම ලබා දෙනවා.’’

ලෝක සාමය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය හා ආර්ථික විද්‍යාව ලෙස වර්ගීකරණය කොට ත්‍යාග දෙන නොබෙල් සම්ප‍්‍රදායට වඩා මේ යහජීවිකා ත්‍යාගවල ප‍්‍රවේශය හා දැක්ම වෙනස්. ඔවුන්ට පුළුල් වූත්, වඩාත් ගෝලීය වූත් දැක්මක් තිබෙනවා.

යහජීවිකා ත්‍යාගයේ විෂයානුගත හෝ වෙනත් ආකාරයක වර්ගීකරණයක් නැහැ. එහෙත් හැම වසරකම එම ත්‍යාගයන් සිවු දෙනෙකුට හෝ පස් දෙනෙකුට පිරිනමනවා. සමහර විට ත්‍යාගලාභීන් අතර ආයතනය හා සංවිධාන ද වනවා.

යහජීවිකා ත්‍යාග වර්ගීකරණය නොකිරීමට හේතුව: “ලෝකයේ ප‍්‍රශ්න හා අභියෝග විසඳීමට තැත් කරන විට විෂය ලෙසින් බෙදා වෙන් කරන්නට බැහැ. උදාහරණයකට පාරිසරික ප‍්‍රශ්න විසඳන්නට උත්සාහ කරන්නේ ඒ හරහා සෞඛ්‍ය, මානව හිමිකම් හා සමාජ සාධාරණත්වය පිළිබඳ සංවාදයන්ට යොමුවනවා සමස්තයක් ලෙස මානව ප‍්‍රශ්න සළකා බලා පොදු උන්නතියට වැඩ කරන අයට පිළිගැනීමක් ලබාදීම අපේ අරමුණයි.” මේ ත්‍යාගයේ නිල වෙබ් අඩවිය එසේ කියනවා.

නොබෙල් ත්‍යාගය තරම්ම මුදලින් විශාල නොවුවත්, යහජීවිකා ත්‍යාගලාභීන්ට යම් මුදලක් හිමි වනවා. 1980දී ඩොලර් 50,000න් ඇරැඹුණු ත්‍යාග මුදල 2014 වන විට ස්වීඩන් ක්‍රෝනර් මිලියන් 2 ක් වූවා. (ඩොලර් 265,600ක් පමණ). මේ ත්‍යාග මුදල වසරේ ත්‍යාගලාභීන් අතර සම සේ බෙදී යනවා.

යහජීවිකා ත්‍යාගය පිරිනැමීම ඇරැඹුණු 1980 සිට 2014 වන තුරු රටවල් 65ක ත්‍යාගලාභීන් 158 දෙනකු එමඟින් සම්මානයට පත්ව සිටිනවා. පෙර අපර දෙදිගම පොදු උන්නතියට කැප වූ විද්වතුන්, වෘත්තිකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් මෙන්ම ජන සංවිධාන ද මේ අතර සිටිනවා.

2014 ත්‍යාගලාභීන් වූයේ ලොව නන්දෙසින් ලැබුණු නාම යෝජනා හරහා අපක්‍ෂපාත තේරීම් මඩුල්ලක් මගින් තෝරා ගත් පස් දෙනෙක්.

‘මානව හිමිකම් ක‍්‍රියාත්මක වීම පිළිබඳව ආසියානු කලාපයේ රටවල යථාර්ථය කලක් තිස්සේ ලේඛණගත කිරීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම’ උදෙසා ශ‍්‍රී ලාංකික මානව හිමිකම් ක‍්‍රියාකාරික බැසිල් ප‍්‍රනාන්දුට මේ ත්‍යාගය පිරිනමනු ලැබුවා. එය ඔහුගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන හොංකොං නුවර පිහිටි ආසියානු මානව හිමිකම් කේන්‍ද්‍රයට ද (Asian Human Rights Commission, AHRC) ලැබුණු පිළිගැනීමක්.

Basil Fernando of the AHRC receives Right Livelihood Award, known also as “Alternative Nobel Prize”

AHRC logo
AHRC logo

දශක තුනක කාලයක් පුරා ඔහුගේ සුවිශේෂී භූමිකාව ලෙස ත්‍යාග පරිපාලකයන් හුවා දැක්වූයේ බිම් මට්ටමේ මානව හිමිකම් යථාර්ථයත්, ප‍්‍රතිපත්ති හා නීති මට්ටමේ මානව හිමිකම් ආයතන රාමුවත් බද්ධ කිරීමට ඔහු දරණ ව්‍යායාමයයි. මානව හිමිකම් පුහුණු පාසලක් හා වෙනත් ක‍්‍රියාකාරකම් හරහා මානව හිමිකම් පිළිබඳ නිසි දැනුම හා අවබෝධය ලැබූ නීතීඥයන් මෙන්ම සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් රැසක් ආසියාව පුරා බිහි කිරීමට AHRC ක‍්‍රියාකොට තිබෙනවා.

Basil Fernando
Basil Fernando

1944දී ශ‍්‍රී ලංකාවේ උපන් බැසිල් ප‍්‍රනාන්දු 1972දී ලංකා විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලැබුවා. 1980දී නීතීඥයකු ලෙස ක‍්‍රියා කිරීම ඇරඹුවා. 1989 භීෂණ සමයේ ජීවිතාරක්‍ෂාව සඳහා රට හැර ගිය ඔහු හොංකොං නුවර පදිංචියට තෝරා ගත්තා. එක්සත් ජාතීන්ගේ ආයතන සඳහා හොංකොං නුවරත්, කාම්බෝජයේත් සේවය කළ ඔහු AHRC ආයතනයට බැඳෙන්නේ 1994දී.

බැසිල් ප‍්‍රනාන්දු වැනි නීති ක‍්‍රියාකාරියකුගේ අගය වඩාත් කැපී පෙනෙන්නේ නීතිය පිළිබඳ විශාරදයන් බොහෝ දෙනා තමන්ගේ පාඩුවේ සිටින වාතාවරණයක ඔහු උපන් රටේත්, සෙසු ආසියානු රටවලත් යහපාලනය උදෙසා සක‍්‍රීය වීම නිසයි.

Award Acceptance Speech by Basil Fernando

යහජීවිකා ත්‍යාගය මීට පෙර දෙවතාවක් ශ‍්‍රී ලාංකිකයන්ට හිමිවී තිබෙනවා.

1982දී එය පිරිනමනු ලැබුවේ සංවර්ධන විකල්ප සඳහා ජන සහභාගීත්ව කේන්ද්‍රය (Participatory Institute for Development Alternatives, PIDA) නම් රාජ්‍ය නොවන සංවිධානයට.

Wilfred Karunaratne
Wilfred Karunaratne

1970 දශකයේ පර්යේෂණාත්මක පදනමින් බිම් මට්ටමේ සංවර්ධන සංවාදයන් හා ක‍්‍රියාකාරකම් අරඹන්නට මුල් වූ ලාංකික විද්වතුන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් පිරිසක් එක්ව PIDA පිහිට වූයේ 1980දී. එය ලක් රජය හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආයතන සමග සමීපව ක‍්‍රියා කළ බවත්, සමෝධානිත සංවර්ධන දැක්මක් හා පෙළ ගැස්මක් ජනතාව තුලින්ම මතු කිරීමට පුරෝගාමී ක‍්‍රමවේදයන් ප‍්‍රගුණ කළ බවත් ත්‍යාග හේතු පාඨය කියනවා.

PIDA ආයතනයේ ආරම්භකයන් ලෙස සඳහන් වන්නේ ආචාර්ය පොන්නා විග්නරාජා, ජී. වී. එස්. ද සිල්වා, මහාචාර්ය එස්. තිලකරත්න, මොනිකා රුවන්පතිරණ, ඩබ්ලියු. පී. වික‍්‍රමාරච්චි, විල්ෆ‍්‍රඞ් කරුණාරත්න, ඩැනියෙල් ප‍්‍රනාන්දු, එස්. ජී. පුංචිහේවා, කේ. කේ. පද්මානන්ද හා පොඩිනිලමේ යන අයයි. එහි වත්මන් සභාපති සුසිල් සිරිවර්දනයි.

PIDA වැඩිපුරම ක‍්‍රියා කරන්නේ මෙරට දුගී ජනතාව සමග බවත්, එසේ කරන විට ගම්වල හමුවන සමාජ විසමතා ගැන සංවේදී වන බවත් ඔවුන් ගැන කියැවෙන වෙබ් අඩවියක සඳහන් වනවා.

PIDA වෙනුවෙන් යහජීවිකා ත්‍යාගය භාර ගත්තේ මුල් යුගයේ එහි සභාපති වූ විල්ෆ‍්‍රඞ් කරුණාරත්නයි. Acceptance Speech by Wilfred Karunaratne

1982 පටන් වසර 25ක් යන තුරු මෙරටින් යහජීවිකා ත්‍යාගලාභියකු බිහි වූයේ නැහැ. (එයට එක් හේතුවක් විය හැක්කේ හරිහැටි නාමයෝජනාවක් ලිඛිතව ඉදිරිපත් නොකිරීම විය හැකියි. එසේ නැතිව මෙරට තව සුදුස්සන් නැති වීම නොවෙයි.)

2007දී නැවත යහජීවිකා ත්‍යාගයක් ලාංකිකයකුට ලැබෙන්නේ විශ‍්‍රාමික විනිසුරු ක‍්‍රිස්ටෝෆර් වීරමන්තී‍්‍රටයි. ජාත්‍යන්තර නීතිය ස්ථාපිත කරන්නට හා ප‍්‍රවර්ධනය කරන්නට ඔහු කළ මෙහෙවරට එම ත්‍යාගය පිරිනමනවා.

Weeramantry RLA citation

Judge Christopher Weeramantry
Judge Christopher Weeramantry

හේග් නුවර ලෝක අධිකරණයේ (ICJ) විනිසුරු හා උප සභාපති ලෙස කටයුතු කර ලෝක සම්මානයට පාත‍්‍ර වූ වීරමන්තී‍්‍ර 1967-1972 කාලයේ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙසත් ඉන් පසු ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් සරසවියේ නීති මහාචාර්යවරයෙකු ලෙසත් සේවය කර තිබෙනවා.

න්‍යෂ්ටික අවි පිටු දැකීම, වර්ණභේදවාදයට එරෙහිවීම, මානව හිමිකම් සුරැුකීම හා සාමය පිළිබඳ අධ්‍යාපනය ප‍්‍රවර්ධනය කිරීම වැනි පොදු උන්නතියට අදාල ක්‍ෂෙත‍්‍ර ගණනාවකම ඔහු ලබා දී ඇත්තේ විශිෂ්ඨ බුද්ධිමය නායකත්වයක් හා දායකත්වයක්. ඔහු විශ‍්‍රාමිකව මෙරට වාසය කරන අතර සාමය පිළිබඳ අධ්‍යයන හා පර්යේෂණ කරන වීරමන්ත‍්‍රී කේන්‍ද්‍රය (Weeramantry International Centre for Peace Education and Research – WICPER) 2001දී පිහිටුවා පවත්වා ගෙන යනවා.

වීරමන්ත‍්‍රීගේ නීති විශාරදත්වය හා බහුවිධ විෂය දැනුම ගැන කිසිදු ප‍්‍රශ්නයක් නැහැ. එහෙත් ඔහුගේ දේශන හා ලේඛන සමීපව නිරීක්ෂණය කරන මට ඔහුගේ දේශීය භූමිකාව ගැන ප‍්‍රශ්නයක් තිබෙනවා.

ජයන්ත ධනපාල හා ක‍්‍රිස්ටෝෆර් වීරමන්ත‍්‍රී යන අද ජීවතුන් අතර සිටින වැඩිපුරම ජාත්‍යන්තර ගෞරවයට පාත‍්‍ර වූ ලාංකිකයන් දෙදෙනා යයි කිව හැකියි. ජයන්ත ධනපාල එක්සත් ජාතීන්ගේ උප මහලේකම් තනතුරින් 2003දී විශ‍්‍රාම ගැනීමෙන් පසුව මෙරට යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගැන විවෘතව හා අදීනව කථා කරන ප‍්‍රමුඛ පෙළේ බුද්ධිමතකු ලෙස මතු වී සිටිනවා.

එහෙත් මානව හිමිකම් ගැන පර්යේෂණාත්මක මට්ටමින් ලෝකයේ ඉහළම දැනුම් සම්භාරයක් හිමි වීරමන්ත‍්‍රී, මෙරට පොදු උන්නතියට හා යහපාලනයට අදාළ ප‍්‍රශ්න ගැන නිහඬව සිටීම කණගාටුදායකයි. එසේ සිටීමට ඔහුට පූර්ණ අයිතියක් තිබෙනවා. නමුත් දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයට හා ලෝකයේ වෙනත් රටවල අසාධාරණයන්ට එරෙහිව ඔහු මතු කළ ගෞරවාන්විත හඬ, වීරමන්ත‍්‍රී තම රටේම සහෝදර ජනයා වෙනුවෙන් ඇති තරම් මතු නොකරන්නේ ඇයි?

22 Dec 2013: සිවුමංසල කොලූගැටයා #148: වර්ණභේදවාදය පිටු දැකීමට ලැබුණු ලාංකික දායකත්වය

 

සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

In this week’s Ravaya column (in Sinhala), published in the issue dated 11 January 2015, I offer an initial analysis of media-based political campaign communications during the run-up to Sri Lanka’s 7th Presidential Election on 8 January 2015. The column was written on 5 January, as physical campaigning (meetings and outdoor promotion) came to an end. The Ravaya issue carrying this hit the newsstands on election day.

In this, I pay particular attention to the use of social media by political parties as well as independent citizens and civil society groups. I also discuss the missed opportunity of holding a televised live debate between the two main candidates – to which opposition’s common candidate Maithripala Sirisena agreed, but was declined by incumbent president Mahinda Rajapaksa.

See also my recent other columns on elections, digital democracy and social media:

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

 

Social media campaign by citizen groups to encourage everyone to vote in #PresPollSL
Social media campaign by citizen groups to encourage everyone to vote in #PresPollSL

මා මේ කොලම ලියන්නේ 2015 ජනාධිපතිවරණයට තෙදිනකට පෙරයි. මෙය මුද්‍රණයෙන් පිට වන විට ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ලැබෙමින් පවතිනු ඇති. පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය දේශපාලන සංවාද ඉතා අවශ්‍ය මොහොතක් ඉක්බිති එළැඹෙනවා. එයට දායක වෙමින්, ගෙවී ගිය සති කිහිපයේ ජනාධිපතිවරණය වටා සිදු වූ සන්නිවේදන ක‍්‍රියාදාමයන් ගැන මුල් අදියරේ විග‍්‍රහයක් අපට දැන් කළ හැකියි.

ජනාධිපතිවරණ සන්නිවේදනයේ යෙදුණේ මැතිවරණ කොමසාරිස්වරයා, අපේක්ෂකයන් 19 දෙනා හා ඔවුන්ගේ අනුගාමිකයන් පමණක් නොවෙයි. දේශපාලන උනන්දුව ඇති විද්වතුන්, කලාකරුවන් හා සෙසු පුරවැසියන් ද වැඩිපුර කාලය ගත කළේ මේ ගැන කතාබහ කරන්නයි. මේ සා දැඩි උනන්දුවක් මා අවසන් වරට දුටුවේ 1994දී.

විවිධ කෝණ හා මානවලින් විග‍්‍රහ කළ හැකි මේ සංසිද්ධිය මා විමසන්නේ නව සන්නිවේදන මාධ්‍යයන් හා නව මාධ්‍ය කෙසේ යොදා ගත්තා ද යන්න සෙවීමටයි. අර්ධ වැඩවසම් මානසිකත්වයක තවමත් කොටු වී සිටින ලක් සමාජය නූතනත්වය වැළඳ ගන්නට දෙගිඩියාවකින් පසු වන සැටිත් ඒ හරහා අපට දැකිය හැකියි.

එසේම මේ තරම් සන්නිවේදන මාධ්‍ය තිබියදීත් රටේ ජනමතය හරිහැටි හඳුනා ගැනීම හා කියැවීම කෙතරම් අසීරුද යන්නත් අපට පෙනී යනවා.

සමහරුන් තර්ක කරන්නේ මෙවර අධිතාක්ෂන මැතිවරණ ප්‍රචාරක කැම්පේන් තිබූ බවයි. යෝධ ටෙලිවිෂන් තිර ජනාකීර්න හන්දිවල තැබූ පමණින් හෝ ඉන්ටර්නෙට් හරහා ඉවක් බවක් නැතිව කැම්පේන් පණිවුඩ බෙදා හැරිය පමණින් ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය මෙරටට ළඟා වන්නේ නැහැ.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ප්‍රචාරණ වැඩ සියුම්ව පිරික්සා බලන විට පෙනී ගියේ නව සන්නිවේදන තාක්ෂනයන් හරහා ද ඔවුන් තවමත් අනුගමනය කළේ එක දිශාවකට – එනම් කැම්පේන්කරුවන් වෙතින් මහජනයාට – ගලා ගිය පරණ තාලේ සන්නිවේදන ආකෘතියක් බවයි (one-way communications model).

ඇති තරම් සංවාද කිරීමට සමාජ මාධ්‍යවල මනා විභවයක් තිබුනත් එයට අවශය දැක්ම දෙපිලටම තිබුනේ නැහැ. මේ නිසා වෙබ් සරන මිලියන් හතරක පමණ ලක් ජනයා තම තමන් අතර කළ දේශපාලන සංවාදවලට අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ කැම්පේන් නිල වශයෙන් සම්බන්ධ වූයේ සීමිතවයි. නව දේශපාලන සන්නිවේදනයක් බිහි කිරීමේ අගනා අවස්ථාව දෙපිලම අත හැරියා.

එහෙත් සාපේක්ෂව පොදු විපක්ෂය නව මාධ්‍ය හරහා වඩාත් පුරවැසියන් සමග කථාබහ කළා යයි කිව හැකියි. රජයේ මාධ්‍ය ඔවුනට නොතිබි පසුබිම තුළ ඔවුනට මේ විකල්ප හැකි තරම් යොදා ගන්නට සිදු වූවා.

නවීන සන්නිවේදන තාක්ෂණයන් සූක්ෂම හා අවස්ථානුරූපී ලෙස භාවිත කළ තවත් පිරිසක් ද සිටියා. ඔවුන් ඍජුව දේශපාලන පක්ෂයකට හෝ පක්ෂයක් මුදල් ගෙවා සේවය ලබා ගත් දැන්වීම් ආයතනයකට හෝ අයත් නොවූ, එහෙත් දේශපාලනය හා යහපාලනය ගැන දැඩි උනන්දුවක් ඇති අයයි.

ඔවුන් තනි ගොඩකට වර්ග කරන්නත් අමාරුයි. විශේෂයෙන් ෆේස්බුක්, ට්විටර් (Twitter) හා යූටියුබ් (YouTube) ආදී සමාජ මාධ්‍ය ජාල හරහා දේශපාලන දෙපිලම විචාරයට හා අභියෝගයට ලක් කැරෙන කෙටි, ව්‍යක්ත හා ඇතැම් විට හාස්‍යජනක නිර්මාණ ඔවුන් මුදා හැරියා.

පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ එදා-මෙදා කතා, පාලක පක්ෂයේ හා විපක්ෂයේ කයිවාරුව හා කෙරුවාව අතර පරතරය, මේ කවුරුත් රැවටීමට තැත් කරන අහිංසක ඡන්දදායකයාගේ සිහින හා අපේක්ෂා, අන්තවාදයට එරෙහිව කැරෙන සමාජ ප‍්‍රතිරෝධය ආදිය මේ නිර්මාණවලට නිමිති වුවා.

ඒවා අකුරින්, රූපයෙන් හෝ වීඩියෝවලින් සමන්විත වූ අතර අධි වියදම් දරා වෘත්තීය මට්ටමෙන් නිපදවන කැම්පේන් දැන්වීම් බොහොමයකට වඩා මේ පුරවැසි නිර්මාණ සාර්ථක වූ බව මගේ වැටහීමයි.

මෙයින් බොහොමයක නිර්මාණකරුවා කවුදැයි සොයා ගන්නත් අපහසුයි. ඒ තරමට ශීඝ‍්‍රයෙන් හා උද්ේ‍යාගයෙන් මේවා සමාජ මාධ්‍ය හා ජංගම දුරකතන හරහා බෙදා ගත් (share කළ) බැවින්. මේවා පොදුවේ හඳුන්වන්නේ වෙබ් මීම් (web memes) නමින්.

මෙරට වෙබ් මීම් උපසංස්කෘතිය ජනාධිපතිවරණය වකවානුවේ කඩඉමක් පසු කොට නව මානයකට පිවිසියා. වෘත්තීය දැන්වීම් සමාගම් හා කැම්පේන් හසුරුවන්නෝ සමහරක් මේ ස්වේච්ඡා පුරවැසි නිර්මාණ කොපි කරන්නට හා ඒවා සමග තරග කරන්න තැත් කරනු පෙනී ගියා. මේ ප‍්‍රවණතා ඉදිරි මැතිවරණවල වඩාත් ප‍්‍රබලව පැන නගිනු ඇති.

Purawesi Balaya = Citizen Power icon
Purawesi Balaya = Citizen Power icon

පුරවැසි බලය වැනි මෑතදී බිහි වූ සිවිල් සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ද මේ නව මීම් රැල්ල මනා සේ හසුරුවනු මා දුටුවා. මෙවර මැතිවරණයේ ඉතා පුළුල්ව ප‍්‍රතිරාවය වූ වැකියක් වූයේ ‘යටත්වැසියන් නොවී පුරවැසියන් වෙමු’ යන්නයි. මෙරට තත්කාලීන දේශපාලන හා රාජ්‍ය පාලන යථාර්ථයේ ගරා වැටීම කෙටියෙන් හා මැනවින් හසු කර ගත් මෙය ද මීම් එකක් ලෙස හැඳින්විය හැකියි.

තවත් පුරවැසි මාධ්‍යකාරියක විසින් මුදා හැරිය වැකියක් මෙසේයි. ‘උපන් දා සිට කරපු පව් නැත වරක් පැන්නොත් මල්ලියේ!’ පක්ෂ මාරු කිරීමේ ශීඝ‍්‍රතාව වැඩි වෙද්දී සංසරණයට ආ මෙය ද ඉක්මනින් සයිබර් අවකාශය පුරා පැතිර ගියා.

කාටූන් චිත‍්‍ර හැකියාව එතරම් නැතත් හොඳ හාසජ්‍යනක අදහස් මීම් රූප ලෙස බිහි වී අප කුල්මත් කළා.

මෙරට දේශපාලන සන්නිවේදන ඉතිහාසයේ ප‍්‍රථම වතාවට නාමික හෝ නිර්නාමික සාමාන්‍ය පුරවැසියන්ට නිර්මාණශීලී ලෙස දේශපාලන සිදුවීම් ගැන පොදු අවකාශයේ ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමට හැකිව තිබෙනවා.

දේශපාලන නායකයන් හා කැම්පේන්කරුවන් කියන දෙය ඡන්දදායක මහජනතාව වැඳ ගෙන ඔහේ අසා සිටි කාලය ඉවරයි. දැන් මතුව එන්නේ අප කාටත් සංවාද විසංවාද හා තර්ක කළ හැකි නව සන්නිවේදන යථාර්ථයක්.

රටේ ජනගහනයෙන් 25%ක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරන අතර වැඩිහිටියන් අතිබහුතරයක් අත ජංගම දුරකතන තිබෙන අද දවසේ මෙබඳු සන්නිවේදනවලින් ජනමතයට ඇති වන බලපෑම සුළුපටු නොවේ. එහෙත් අපේ දේශපාලන පක්ෂ හෝ සරසවි මාධ්‍ය පර්යේෂකයන් මේ නව යථාර්ථය තවම තේරුම් ගෙන නැහැ.

බ්ලොග් රචක හා දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනවාරි 4 වැනිදා ලියූ පරිදි: “මෙම ස්වේච්ඡා මාධ්‍ය බලකාය සමාජ මාධ්‍ය අවකාශය ආක්‍රමණය කළහ. අන් කිසිදු මැතිවරණයකට වඩා මෙම ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය දැවැන්ත භූමිකාවක් රඟ දැක්වූයේය. අද වන විට තරුණ පරපුරෙන් 80‍% පරිගණක සාක්ෂරතාව සහිත අය වන අතර ජංගම දුරකථනය එදිනෙදා අත්‍යවශ්‍ය මෙවලමක් වි තිබේ. මේ අය අතර සමාජ ජාල අතිශය ජනප්‍රිය යග ඔවුන්ට එහි බලපෑම දැඩිව දැනිණි. ඔවුන් හරහා පණිවුඩ ගම් නියම් ගම් දක්වා පැතිරිණි.”

අජිත් හා මා වැන්නවුන් මේ නව අවකාශයන්ට වඩාත් සමීප නිසා ඒවා අධිතක්සේරු කරනවා යැයි යමකු තර්ක කළ හැකියි. ෆේස්බුක් ජාලයට සමහරුන් නිගරුවට මෙන් යොදන ‘බුකිය’ වචනය භාවිත කරමින් මෙවන් අයකු මෑත දිනෙක කීවේ ‘බුකියේ මතය නොවෙයි බහුතරයක් ලක් සමාජයේ මතය’ යනුවෙන්.

මැතිවරණ ප‍්‍රතිඵල හරහා මෙහි යථාර්ථය පෙනී යනු ඇති. එහෙත් මිලියන් හතරක් පමණ ලාංකිකයන් සැරිසරන වෙබ් අවකාශය හා මිලියන් 15ක් දෙනා ඇති ජංගම දුරකතන නොතකා ජනමතය විමර්ශනය කිරීම ද නුවණට හුරු නැහැ. (ස්මාට් ෆෝන් මිලියන 3ක් පමණ මෙරට ඇතැ’යි අනුමාන කරන අතර ඒ හැම එකකින්ම ඉන්ටර්නෙට් සබඳතා ලද හැකියි. බහුමාධ්‍ය රූප ඵඵී හුවමාරු කර ගන්නටත් පුළුවන්.)

මෙරට දේශපාලන පක්ෂ තවමත් යල්පැන ගිය සන්නිවේදන මානසිකත්වයක සිටින බව තහවුරු කළ තවත් එක් අවස්ථාවක් වූයේ ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතර නොකෙරුණු සජීව ටෙලිවිෂන් විවාදයයි.

TV Debate that never was: Mawbima newspaper front page 14 Dec 2014
TV Debate that never was: Mawbima newspaper front page 14 Dec 2014

2013 නොවැම්බර් 24දා මගේ කොලම අවසන් කරමින් මා මෙසේ කීවා: “අමෙරිකාවේ මෙන් කෙදිනක හෝ අපේ රටේත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වෙනු ඇතිදැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාසයන්ගෙන් මා විමසුවා. ඔහු කීවේ එබදු විවාද හරිහැටි පැවැත්වීමට නම් අපක්‍ෂපාතී පෞරුෂයක් ඇති ටෙලිවිෂන් මාධ්‍යකරුවන් හා නිර්භය හිමිකරුවන් සිටීම අත්‍යවශ්‍ය බවයි. නැතිනම් එක් පාර්ශවයක හෝ අනෙක් පාර්ශවයේ බලපෑම්වලට නතු විය හැකියි. මෙබදු ස්වාධීනත්වයක් ළගදී මෙරට බලාපොරොත්තු විය නොහැකි බව ආරියදාසයන්ගේ මතයයි.”

2014 දෙසැම්බර් 13දා මගේ ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම @NalakaG හරහා මා මේ ප‍්‍රශ්නය මතු කළා: “ජාත්‍යන්තර ස්වරූපයේ සජීව ටෙලිවිෂන් විවාදයකට අපේක්ෂකයන් දෙදෙනා කැඳවන්නට දැන්වත් ශ‍්‍රී ලංකාව සූදානම්ද? එසේ නම් කුමන නාලිකාවද?”

මෙයට ට්විටර් හරහා නොසිතූ තරම් දුසිම් ගණනාවක මහජන ප‍්‍රතිචාර ලැබුණා. එයින් බහුතරයක් දෙනා මෙබන්දක් කළොත් හොඳ බව පිළිගත්ත ද එයට සරිලන නාලිකාවක් හෝ අපක්ෂපාතව එය මෙහෙයවිය හැකි චරිතයක් හමු වේදැ’යි ප‍්‍රශ්න කළා.

මුළුමනින් අපක්ෂපාතී මාධ්‍ය නාලිකා ලොව කිසි තැනෙක නැති බවත්, අවශ්‍ය වන්නේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප‍්‍රවර්ධන ව්‍යාපාර (කැම්පේන්)වලට පිළිගත හැකි පොදු රාමුවකට එකඟ වී එය ක‍්‍රියාත්මක කිරීම බවත් මා කියා සිටියා.

විවාදය ටෙලිවිෂන් නාලිකා සියල්ලේ එකවර විකාශය කිරීම, රූපවාහිනී නාලිකාව හා ප‍්‍රධාන පෙළේ පෞද්ගලික නාලිකා එකක හෝ දෙකක සම සහභාගිත්වයෙන් විවාදය සිදු කිරීම ආදී විකල්ප යෝජනා වුණා.

සමාජ මාධ්‍ය සංවාදවල අපූරුව නම් එකිනෙකා නොහඳුනන උද්යෝගිමත් පිරිසක් මෙබඳු කාලීන හා වැදගත් මාතෘකාවක් ගැන විවෘතව හා සංවරව මත දැක්වීමයි. මේ සයිබර් සංවාදයේ යම් තැනෙක මෙබඳු විවාදයක් මෙහෙයවීමට පරිණත මාධ්‍ය බරිත සිටීදැ’යි එක් තරුණ පුරවැසි මාධ්‍යවේදියකු (ගිහාන් ප‍්‍රනාන්දු) අභියෝගාත්මකව මගෙන් ප‍්‍රශ්න කළා.

කිසිදු ටෙලිවිෂන් නාලිකාවක දැනට සක‍්‍රීය සේවයේ නියුතු නිවේදකයන් හෝ තීරකයන් හෝ නොසලකා මේ අසාමාන්‍ය කටයුත්තට ගාම්භීර, කෘතහස්ත හා දේශපාලනිකව පක්ෂග‍්‍රාහී නැතැ’යි පෙනෙ අයකු සොයා ගත යුතු බව මගේ නිර්දේශය වූවා. මේ සඳහා මා නම් දෙකක් යෝජනා කළා. පළමුවැන්නා මෙරට ජ්‍යෙෂ්ඨතම ඉංග‍්‍රීසි පුවත්පත් කතුවරයකුව සිට දැන් පොත් වෙළෙඳාමේ නිරත වන විජිත යාපායි. දෙවැන්නා මෙරට ටෙලිවිෂන්-රේඩියෝ මාධ්‍ය දෙකෙහිම පුරෝගාමී හපන්කම් කළ අඩ සියවසක විද්‍යුත් මාධ්‍ය අත්දැකීම් ඇති පාලිත පෙරේරායි.

මේ ට්විටර් සංවාදයේ යම් අවස්ථාවක මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් ද එයට සම්බන්ධ වුණා. ඔහු කීවේ අපේක්ෂකයන් වෙනුවට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති උපදේශකයන් දෙපිලක් ලෙස මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගැන විවාද කළ හැකි බවයි. එහෙත් ජනාධිපතිවරණයක් යනු රටේ නායකයා තෝරන ඡන්දයක් නිසා අපේක්ෂකයන්ම සහභාගි වී මුහුණට මුහුණ ලා සිය දැක්ම හා ප‍්‍රතිපත්ති ගැන විවාද කළ යුතු බව බහුතරයකගේ අදහස ලෙස ඉක්මනින්ම මතු වුණා.

මේ සියල්ල සයිබර් අවකාශයේ කතාබහ වූයේ එක් සෙනසුරාදාවක දහවලේ හා සැන්දෑවේ. ඊට පසුවදා ඉරිදා සමහර පුවත්පත්වලත් ජනාධිපති අපේක්ෂක සංවාදය ගැන පුවත් පළ වුණා. මගේ මාධ්‍ය මිතුරකු මට මතක් කර දුන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පණතේ 117 වන වගන්තියේ මෙබඳු විවාදයකට නීතියෙන්ම ඉඩක් ලබා දී ඇති බවයි.

අවම වශයෙන් අපේක්ෂකයන් දෙදෙනකු එකඟ වේ නම් ඔවුන් අතර විද්‍යුත් මාධ්‍ය විවාදයක් පැවැත්විය හැකි බවත්, ඒ සඳහා ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවශ්‍ය මාධ්‍ය යටිතල පහසුකම් ලබා දිය යුතු බවත් එහි කියැවෙනවා. මේ වගන්තිය ටෙලිවිෂන් මාධ්‍යයටත් අදාළ කරගත හැකියි. (1981දී මේ නීතිය සම්පාදනය වන විට ඇරැඹී නොතිබි රූපවාහිනී සංස්ථාව 1982 මුල්ම ජනාධිපතිවරණය පැවති වසරේම විකාශයන් පටන් ගත්තා.)

ජනාධිපති අපේක්ෂකයන් අතර සජීව ටෙලිවිෂන් විවාදයට මෛත‍්‍රීපාල සිරිසේන පොදු විපක්ෂ අපේක්ෂකයා සූදානම් බවට එළැඹුණු දින කිහිපයේ ප‍්‍රකාශයට පත් වුණා. එහෙත් අපේක්ෂක මහින්ද රාජපක්ෂ එයට ඉදිරිපත් නොවූ නිසා විවාදය සිදු වූයේ නැහැ.

පසුව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නීතිය හා යුක්තියට අදාළ තේමාවන් ගැන විවාදයකට මේ දෙපළටම විවෘත ඇරයුමක් කළත් එය ද රාජපක්ෂ පිල පිළි ගත්තේ නැහැ. නීතිඥ ක්ෂේත‍්‍රය වෙනුවෙන් විවාදය මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් තිදෙනකු පවා තෝරා ගෙන සිටියා.

විවාදයකට ඒම හෝ නොඒම අපේක්ෂකයන්ගේ අභිමතය වුවත් පොදු උන්නතිය හා රටේ අනාගතය ගැන කැක්කුමක් ඇති ලෙසින් මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදුණු අපේක්ෂකයකු ප‍්‍රසිද්ධ විවාද දෙකක් (ටෙලිවිෂන් හා නීතිඥ සංගමයේ) මග හැරියේ ඇයි?

තමන්ගේ ප‍්‍රතිපත්ති හා මෙතෙක් ආ මග සාධාරණීකරණය කිරීම කෘතහස්ත දේශපාලකයන්ට අමාරුද?

ජනාධිපති අපේක්ෂකයන් අතර සජීව විවාද පැවැත්වීම ඇමරිකානු සම්ප‍්‍රදායක් යැයි ද එබඳු බටහිරට පුරුදු අපට අනවශ්‍ය යැයි තර්ක කළ අයද සිටියා. මේ විවාද පැවැත්වීම නූතන යුගයේ ඇරැඹුණේ 1960 අමෙරිකානු ජනාධිපතිවරණයේදී බව සැබෑවක්. එහෙත් එම සංකල්පය මේ වන විට ලොව විවිධ රටවල ක‍්‍රියාත්මක වනවා.

2010 මැයි මැතිවරණයට පෙර බි‍්‍රතාන්‍යයේ දේශපාලන පක්ෂ නායකයන් අතර පළමුවරට සජීව ටෙලිවිෂන් විවාද 3ක් පැවැත් වුණා. විවාද මෙහෙය වූයේ එහි ප‍්‍රවීණතම විද්්‍යුත් මාධ්‍යවේදීන් තිදෙනෙක්. කන්සර්වෙටිව්, කම්කරු හා ලිබරල් පක්ෂ නායකයන් සහභාගි වූ මේ විවාදවලට පෙර අදාළ විවාද කොන්දේසි 70ක් දේශපාලන පක්ෂ සියල්ල එකඟ වී සිටියා.

2013 පෙබරවාරියේ කෙන්යාවේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් එරට මුල්ම සජීව ටෙලිවිෂන් විවාදයට සහභාගි වුණා. පැය තුනහමාරක් සජීවී ලෙසින් ටෙලිවිෂන් හරහාත්, ඉන්ටර්නෙට් යූටියුබ් හරහාත් කෙන්යානුවෝ එය නැරඹුවා. සමහර ප‍්‍රශ්නවලට අපේක්ෂකයන් හරිහැටි පිළිතුරු නොදී ලිස්සා ගිය බවට චෝදනා ද එල්ල වුණා. තමන්ගේ දේශපාලන දැක්ම හා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය විවෘත සභාවක් අබියස ව්‍යක්තව පහදා දීමේ හැකියාව ඇත්තේ කුමන අපේක්ෂකයන්ට ද යන්න කෙන්යානු ඡන්දදායකයන්ට බලා ගත හැකි වුණා. එයට ප‍්‍රතිචාර දැක් වූ එක් පේ‍්‍රක්ෂකයෙක් කීවේ ‘දේශපාලන වේදිකාවල වෛරීය කතා කරනවාට වඩා සංයමයෙන් හා ප‍්‍රතිපත්තිවලට අවධානය යොමු කරමින් අපේක්ෂකයන් හැසිරුණු ආකාරය ප‍්‍රශංසනීයයි.’

European Union Presidency - Candidates join TV debate in May 2014
European Union Presidency – Candidates join TV debate in May 2014

2014 මැයි මාසයේ යුරෝපා කොමිසමේ ජනාධිපති තනතුරට ඉදිරිපත් වූ අපේක්ෂකයන් නෙදර්ලන්තයේ මාස්ට‍්‍රයික්ට් නුවරදී සජීව ටෙලිවිෂන් විවාදයකට සහභාගි වුණා. එය EuroNews නාලිකාව මගින් ලොව පුරා සජීව ලෙසින් විසුරුවා හැරියා.

ජපානය ද මහ මැතිවරණයකට පෙර ප‍්‍රධාන පක්ෂවල නායකයන් සම්බන්ධ කර ගෙන මෙබඳු සජීවී ටෙලිවිෂන් විවාද පවත්වයි. එයට මුල් වන්නේ එම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නායකත්ව මට්ටමක සිටින ප්‍රෙස් ක්ලබ් හෙවත් මාධ්‍ය සමාජයයි.

මේ හැම විවාදයක්ම මෙන්ම ගෙවී ගිය අඩ සියවසක ඇමරිකානු ජනාධිපති අපේක්ෂක විවාදයන් ද යූටියුබ් හරහා ඕනෑම අයකුට නැරඹිය හැකියි. මේ සම්ප‍්‍රදාය ටිකෙන් ටික ප‍්‍රචලිතවීමත් සමග පූර්ව මැතිවරණ කාලය තුළ වඩාත් හරවත්ව මාධ්‍ය යොදා ගැනීමකට හා දේශපාලන සංස්කෘතිය වඩාත් සහභාගිත්ව මට්ටමකට ගෙන ඒමට උපකාර වනවා.

මේ ගෝලීය ප‍්‍රවණතාවලට ශ‍්‍රී ලංකාව කවදා අනුගත වේද?

 

සිවුමංසල කොලු ගැටයාගේ දේශපාලන දැක්ම කුමක්ද?

"...would it not be simpler, If the government simply dissolved the people And elected another?" - Bertolt Brecht
“…would it not be simpler,
If the government simply dissolved the people
And elected another?” – Bertolt Brecht

දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ නොවූ දේශපාලන උනන්දුවක් හා සහභාගීත්වයක් තිබිය හැකිය යන්න බොහෝ ලාංකිකයන්ට නොහුරු අත්දැකීමක් වගෙයි. එහෙත් පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති සමාජයන්හි මෙය අරුමයක් නොවෙයි.

යහපාලනයේ මූලධර්ම හා පොදු උන්නතිය සඳහා පෙනී සිටින, කිසිදු දේශපාලන පක්‍ෂයකට අයිති හෝ පක්‍ෂග‍්‍රාහී හෝ නොවූ සමාජ ක‍්‍රියාකාරිකයන් සිටීම නිසා දේශපාලන ක‍්‍රියාදාමය වඩාත් හරබර වනවා. එය පෙර අපර දෙදිගම රටවල අත්දැකීමයි.

මා අහවල්තුමාට පක්‍ෂ ද නැත්නම් අහවල්තුමාට විරුද්ධ ද යන සරල ප‍්‍රශ්නය විටින් විට පොදු අවකාශයේ මගෙන් ද විමසනු ලබනවා. මැතිවරණවලදී රහස් ඡුන්දය පාව්චිචි කරමින් මගේ පෞද්ගලික කැමැත්ත ප‍්‍රකාශ කළත් සෙසු අවස්ථාවල මා සිටින්නේ පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය යහපාලනය හා පොදු උන්නතිය සඳහා ගත් ස්ථාවරයකයි.

එසේම පාලක පක්‍ෂය, ප‍්‍රතිපක්‍ෂ යන දෙපිරිසේම යහපත් දෙයට ප‍්‍රශංසා කරන අතර ඔවුන්ගේ පරස්පර විරෝධතා සහ අකටයුතුකම් විචාරයට ලක් කිරීමත් මා කරනවා.

නිර්ආගමික මට විවිධ ආගම් අදහස මිතුරන් සිටිනවා සේම නිර්දේශපාලනික මට නිල් – රතු – කොළ හැම පිලේම මිතුරන් ද සිටිනවා.

බලයේ සිටින රජය විවේචනය කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ පුරවැසි අපට මුලික අයිතියක් තිබෙනවා. එසේ ආණ්ඩුව විවේචනය කිරීම යනු රාජ්‍ය විරෝධී වීමක් නොවන බව මා හොඳාකාර දන්නවා.

අපේ දේශපාලන ක්‍ෂෙත‍්‍රය මෙතරම්ම පටු හා කෙටි කාලීන දැක්මක් තුළ කොටුවී සිටින්නේ පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට යන ආකාරයේ මැදහත් විචාරකයන් මඳ වීම නිසා යයි මා සිතනවා.

‘ඔබ අප සමග එකඟ නොවේ නම් ඔබ අපේ විරුද්ධවාදියෙක්’ (“If you are not with us, you are against us!”) යයි සරල හා වැරදි සහගත ලෙස විචාරකයන් දැකීම මෙරට බොහෝ දේශපාලන පක්‍ෂ හා චරිතවල ස්වභාවයයි. මෙය වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම නව මාධ්‍ය හරහා මත දැක්වීමට හා සංවාද කිරීමට නිර්දේශපාලනික පුරවැසියන්ට වැඩි අවකාශයක් ලැබෙන විට මෙබඳු විවෘත මානසිකත්වයක් බිහි වීම අවශ්‍යයයි. අපේ සමාජයේ හැම දෙයක්ම අධිදේශපාලනීකරණය වෙලා යයි අදෝනා නගන අය එය වෙනස් කිරිමට අවස්ථාවක් මතු වූ විට එය වැළඳගත යුතුයි.

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

 

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

Social media and electionsIn this week’s Ravaya column (in Sinhala), published on 21 December 2014, I explore the nexus between media and elections, and in particular, the growing nexus between social media and election campaigns.

I also pose the question: Might the Presidential Election scheduled for 8 January 2015 be a turning point in social media use in Sri Lanka? As I write this in mid December, the campaigns are getting into speed and it’s too early to tell. But this aspect is definitely worth watching closely.

I refer to a recent Asian regional book, published by Konrad-Adenauer-Stiftung’s Asia Media Programme, based in Singapore. Titled ‘Social Media and Elections in Asia-Pacific: The Growing Power of the Youth Vote’ (November 2013), it brought together media researchers in 11 countries who probed how social media is reshaping electoral politics.

Chanuka Wattegama and I contributed the Sri Lanka chapter in the book. We probed whether the youth vote and social media made a difference in the Colombo Municipal Council (CMC) elections of October 2011. Our conclusion: “There is no unequivocal evidence to prove that the use of social media, on their own, significantly changed CMC election results. As with all election campaigns, the influences were many, varied and nuanced…”

I also discuss the impact of social media on the Indian General Election held in April – May 2014.

Social-Vote-Social-Election-e13693985145431

මැතිවරණ ව්‍යාපාරයක නැතහොත් කැම්පේන් එකක තීරකයන් සොයන්නේ තමන්ගේ අපේක්‍ෂකයා හා පක්‍ෂයේ පණිවුඩය වැඩිම ජන පිරිසක් අතරට ගෙන යාමටයි. මාධ්‍ය භාවිතය (මුදල් ගෙවා මෙන්ම නොගෙවා ලද හැකි මාධ්‍ය ආවරණ දෙවර්ගයම) එක් ප‍්‍රධාන ක‍්‍රමෝපායක්.

මාධ්‍ය දියුණු සමාජවල අද මැතිවරණවලදී වැඩිම වියදමක් යෙදවෙන්නේ දේශපාලන රැළි හෝ පත‍්‍රිකා හෝ වෙනත් වීදි ක‍්‍රියාවලට නොව මාධ්‍ය හරහා ජනතාවට සමීප වීමටයි. මේ නිසා දේශපාලන පක්‍ෂවල දැන්වීම් හරහා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට අති විශාල ආදායමක් ලැබෙනවා. එම ආදායම නිසාම එම මාධ්‍යවල කර්තෘ මණ්ඩල අන්තර්ගතයේ කැරෙන විග‍්‍රහයන් හා වාර්තාකරණය කෙතරම් දුරට අපක්‍ෂපාතී ද යන ප‍්‍රශ්නය මතු වනවා.

මෙරට මැතිවරණ හා ජනමාධ්‍ය අතර කලක සිට පැවත එන සමීප සබඳතාවක් තිබෙනවා.

ලේක්හවුස් ආයතනය පෞද්ගලික හිමිකරුවන් සතුව තිබියදී එම පත්තරත්, ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම හා දවස නිවසත් තම හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව යම් තරමකට පිළිබිඹු කළ සැටි ප‍්‍රකටයි. 1973 ලේක්හවුස් ජනසතු කිරීමෙන් පසු එය පවතින රජයේ ප‍්‍රචාරක මෙවලමක් බවට පත් වුණා. රජයේ රේඩියෝව කවදත් කළේ එයමයි. 1982දී ඇරැඹූ රූපවාහිනිය සත්‍යවාහිනියක් වේවා කියා එවකට සිටි ජනාධිපති ජයවර්ධන කීවත්, තවමත් ඒ පරමාදර්ශයට ළං වන්නට හැකි වී නැහැ.

1990 දශකයේ පෞද්ගලික රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා ගණනාවක් බිහි වුව ද ඒ සඳහා විකාශ බලපත‍්‍ර හා සංඛ්‍යාත ලබා දීම විවෘත ක‍්‍රමවේදයකට කිසිදු රජයක් විසින් මේ දක්වා නොකිරීම නිසා දේශපාලන හා වාණිජ ඕනෑකම්වලට අනුගත වූ නාලිකා අද ක‍්‍රියාත්මක වනවා. මේ නාලිකා අතරින් සමහරක් මැතිවරණ සමයේදී යම් තුලනයක් පවත්වා ගන්නට තැත් කළත් එහිදී ඔවුන්ට මතු වන ප‍්‍රායෝගික සීමා හා දුෂ්කරතා තිබෙනවා.

කිසිදු නිල පුවත් පාලනයක් මෙරට නැති වුව ද වක‍්‍ර ආකාරයෙන් පෞද්ගලික මාධ්‍යවලට බලපෑම් සිදු කැරෙන බව ප‍්‍රකටයි.

මෙසේ අඩුපාඩු හා දුර්වලතා සහිත ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට සමාන්තරව මෑත වසරවලදී වෙබ් ගත මාධ්‍ය දෙවර්ගයක් ද මතු වී තිබෙනවා. එකක් නම් දේශපාලන තොරතුරු හෝ ඕපාදුප බෙදා හරින පක්‍ෂග‍්‍රාහී වෙබ් අඩවි බිහි වීමයි. දෙවැන්න නම් කිසිදු දේශපාලන පක්‍ෂයකට නතු නොවූ, ඔවුන් මගින් පාලනය නොකෙරෙන බ්ලොග් රචකයන් හා (ට්විටර්, ෆේස්බුක් වැනි) වෙනත් සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසි මාධ්‍යකරුවන් පිරිසක් සක‍්‍රීය වීමයි.

ඩිජිටල් සාක්‍ෂරතාව ඇති හා ස්මාට්ෆෝන් හෝ පරිගණක හරහා වෙබ් පිවිසීමේ හැකියාව තිබෙන ඕනෑම කෙනකුට අඩු වියදමකින් හා පරිශ‍්‍රමයකින් නව මාධ්‍ය හරහා සන්නිවේදනය කළ හැකියි. මේ නිසා මෑතක් වන තුරු හුදෙක් පාඨකයන්, ශ‍්‍රාවකයන් හෝ පේ‍්‍රක්‍ෂකයන් ලෙස සිටි මාධ්‍ය ග‍්‍රාහකයන්ට අද කැමති නම් වෙබ් හරහා තම අදහස් ද ලොකු පිරිසකට එකවර බෙදා හැරීමේ හැකියාව තිබෙනවා.

කලින් කලට මැතිවරණ පවත්වන ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනිසියාව වැනි රටවල ජනමතයට යම් බලපෑමක් කිරීමට වෙබ් අවකාශයේ ඉහත කී දෙආකාරයේ ම වෙබ් සන්නිවේදන සමත්ව තිබෙනවා. මේ බලපෑම ඒ රටවල සෘජුව ඉන්ටර්නෙට් භාවිතා කරන ජන පිරිසට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට පුළුල් ජන සමාජයට පැතිරෙන බවත් හෙළි වී තිබෙනවා. එයට හේතුව ඉන්ටර්නෙට් හරහා තොරතුරු හා අදහස් ලබා ගන්නා අය වැඩි දෙනෙක් සමාජයේ ජනමතයට බලපෑම් කළ හැකි ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා සමාජ ක‍්‍රියාකාරකයින් වීමයි.

නව මාධ්‍ය නිසා දේශපාලන පක්‍ෂයකට නොබැඳුණු සමාජ ක‍්‍රියාකාරිකයන්ට (social activists) මැතිවරණ කාලවලදීත්, අනෙක් අවස්ථාවලදීත් දේශපාලන ක‍්‍රියාදාමයේ මැදිහත්මක් කරන්නට ප‍්‍රායෝගික දැන් ඉඩක් සැළසෙනවා.

එය විවිධාකාරයෙන් මතු වනු දැකිය හැකියි. බ්ලොග්කරුවෝ ගවේෂණාත්මකව දේශපාලන ප‍්‍රශ්න විග‍්‍රහ කරනවා. දේශපාලන චරිත හා පිළිවෙත් නිර්දය විවේචනයට හා උපහාසයට ලක් කරනවා. ජාතික පුවත්පත්වලින් බහුතරයක දේශපාලන තීරු ලිපිවල ඕපාදුප හා ආගිය කථා පමණක් පළවන අද දවසේ ඓතිහාසික හා ෙසෙද්ධාන්තික දැක්මක් සහිතව වඩාත් ප‍්‍රශස්ත දේශපාලන විග‍්‍රහයන් වැඩිපුර හමු වන්නේ සමහර වෙබ් අඩවිවල හා බ්ලොග් අඩවිවලයි. (ප‍්‍රධාන ප‍්‍රවාහයේ පුවත්පත්වල මෙන්ම වෙබ් අවකාශයේත් හරසුන් දේ හමු වන නිසා බොල් වී වලින් හොඳ වී වෙන් කර ගන්නට පාඨකයන්ට ඩිජිටල් සාක්‍ෂරතාවය අවශ්‍යයි.)

මේ අතර සමාජ මාධ්‍ය හරහා කෙටි, ඉක්මන් දේශපාලන සංවාද හා රූප විශාල වශයෙන් බෙදා ගනු ලබනවා. කොයි දේශපාලන පක්‍ෂයේත් කෙරුවාවේ පරස්පර විරෝධී තැන් හා වංචනික කථා හමුවනවා. සමාජ මාධ්‍ය හරහා සමහර පුරවැසියන් කරන්නේ මේවා නිර්දය ලෙස හාස්‍යයට ලක් කිරීමයි. මෑතක් වන තුරු වෘත්තීය දේශපාලන කාටූන් ශිල්පීන් පමණක් කළ දේ අද දුසිම් ගණන පුරවැසි මාධ්‍යකරුවන් කරන්නේ මීම් (web memes) නමැති හාස්‍යජනක වෙබ් රූප බිහි කර සංසරණය කිරීමෙන්.

මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට හරවත් දේශපාලන විග‍්‍රහයන් ලියන අතර බ්ලොග් ලියන පුරවැසි මාධ්‍යකරුවන් අතර ද පෙරමුණේ සිටින අජිත් පැරකුම් ජයසිංහ මීට දින කිහිපයකට පෙර කීවේ මෙයයි.

“විපක්ෂය වෙනුවෙන් හා ආණ්ඩුව වෙනුවෙන් ජනමත නිර්මානය කිරීම වෙනුවට ජනමාධ්‍ය විසින් නිර්මානය කරමින් තිබෙන්නේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනින දේශපාලකයන් පිළිබඳ කටකතා නිර්මානය කිරීමයි. මේ කටකතාවල උපත දකින්නට ලැබෙන්නේ ඕපාදූප වෙබ් අඩවිවලයි. එහෙත්, ඒවා ක්ෂණයකින් අන්තර්ජාලය පරිහරණය නො කරන ජනතාව වෙත ද ගමන් කරන ආකාරය විසින් පෙන්නුම් කරන කාරණයක් තිබේ. ඒ කුමක්ද?…මෙවර ජනාධිපතිවරණයේදී අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි විසින් කරනු ලබන බලපෑම 2010 අවුරුද්දට සමාන වන්නේ නැත. ගත වූ පස් වසර තුළ රටේ සිදු වී තිබෙන අන්තර්ජාල විනිවිදීම තුළ සමාජ මනස හැසිරවෙන ආකාරයේ දැවැන්ත විපර්යාසයක් වී තිබේ.” (http://ravaya.lk/?p=5169)

මේ අදහසට මා මුළුමනින්ම එකඟයි. පිලූණු වූ සංඛ්‍යා ලේඛන මත පදනම් වූ හණමිටි අදහස් කර පින්නා ගත් අපේ බොහෝ සරසවි ඇදුරන්ට හා වෙනත් මාධ්‍ය පර්යේෂකයන්ට ගෝචර නොවන යථාර්ථයක් අජිත් හසු කර ගෙන තිබෙනවා.

2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ සමාජ මාධ්‍ය ලකුණ හොඳහැටි සනිටුහන් කරන අවස්ථාව වේද? එය දැන්ම හරිහැටි කිව නොහැකි වුවත් ප‍්‍රධාන දෙපිළම නව මාධ්‍ය හරහා ඡුන්දදායකයන්ට සමීප වීමට සැළකිය යුතු තරම් අවධානයක් යොමු කරන බව නම් පෙනෙනවා.

Social Media and Elections in Asia-Pacific - The Growing Power of the Youth Vote - book coverසිංගප්පූරුව කේන්‍ද්‍ර කර ගත් කොන්රඞ් ඇඩිනෝවර් පදනමේ ආසියා කලාපීය කාර්යාලය (Konrad Adenauer Stiftung’s Media Programme Asia) සමාජ මාධ්‍ය හා ආසියාවේ මැතිවරණ ගැන පර්යේෂණාත්මක ග‍්‍රන්ථයක් 2013 නොවැම්බරයේ නිකුත් කළා. Social Media and Elections in Asia-Pacific – The Growing Power of the Youth Vote නම් වූ එහි අපේ කලාපයේ රටවල් 11ක් ගැන එම රටවල නිවැසි පර්යේෂකයන් විසින් ලියන ලද පරිච්ෙඡ්ද එහි ඇතුළත්.

මේ හැම පරිච්ෙඡ්දයක්ම විපරම් කරන්නේ වෙබ්ගත සමාජ මාධ්‍ය වඩාත් ප‍්‍රචලිත වීමත් සමග විශේෂයෙන් තරුණ පරපුර දේශපාලන ක‍්‍රියාදාමයට හා මැතිවරණවලට එම මාධ්‍යය යොදා ගන්නේ කෙලෙස ද යන්නයි. සමස්ත ග‍්‍රන්ථයම නොමිළේ මේ වෙබ් අඩවිය හරහා කියවිය හැකියි. http://www.kas.de/medien-asien/en/publications/35939/

එම පොතට පෙරවදනක් ලියමින් සම කතුවරුන් වූ ඇලිස්ටෙයා කාර්තෝ සහ සයිමන් වින්කල්මාන් මෙසේ කියනවා. “නව සන්නිවේදන තාක්‍ෂණයන් සමාජගත වීමත් සමග ලොව ඇතැම් රටවල අරාබි වසන්තය නමින් දැන් පොදුවේ හඳුන්වන ජන උද්ඝෝෂණ සිදු වුවත් එබන්දක් ආසියාවේ අප දුටුවේ නැහැ. එසේ අන්තයකට නොගියත්, ආසියාවේ බොහෝ රටවල තත්කාලීන දේශපාලන ප‍්‍රවාහයන්ට සෙමෙන් නමුත් වැදගත් බලපෑමක් කරන්නත්, විශේෂයෙන් මැතිවරණ අවස්ථාවලදී එයට තරුණ ඡන්දදායක සහභාගීත්වය පුළුල් කරන්නත් සමාජමාධ්‍යවල ව්‍යාප්තිය උපකාර වන බව පැහැදිලියි. මෙය අරාබි වසන්තයන් මෙන් විප්ලවකාරී වනවා වෙනුවට වඩාත් සියුම් හා ගැඹුරු අන්දමින් ආසියානු සමාජයන්හි දේශපාලන කටයුතුවල ක‍්‍රමීය වෙනසක් ඇති කිරීමට මුල පුරා තිබෙනවා. සමහරුන් තවම හරිහැටි තේරුම් ගෙන නැති වුවත් මේ වෙනස්කම් දිගු කාලීන සමාජ පරිනාමයක මුල් අවස්ථාවයි.

මේ පොතට ශ‍්‍රී ලංකාව ගැන පරිච්ෙඡ්දයක් ලිවීමේ ඇරැයුම ලැබුණු විට මා එයට මගේ මිතුරු චානුක වත්තේගම ද හවුල් කර ගත්තා. අප ආයතනගත පර්යේෂකයන් නොවුවත් නව මාධ්‍ය හා ලක් සමාජය ගැන 1990 දශකය මුල සිටම විමසිල්ලෙන් සිටින හා නිතර ඒ ගැන විග‍්‍රහයන් කරන අප දෙදෙනා සමාජ මාධ්‍යවල මෙරට භූමිකාව අධ්‍යයනය කරන්නේ විවෘත මනසකින්.

සමාජ මාධ්‍යවල නැගී ඒම මෑත කාලීන ප‍්‍රවණතාවක් නිසා අප විග‍්‍රහයට තෝරා ගත්තේ 2011 ඔක්තෝබරයේ පැවති පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගර සභා මැතිවරණයයි. (පර්යේෂණාත්මකව එසේ එක් පැහැදිලි උදාහරණයක් තෝරා ගැනීම අවශ්‍යයි.)

කොළඹ නාගරික ප‍්‍රදේශයේ එවකට සිටි ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 393,085යි. මෙරට වාණිජ අගනගරය ලෙස කොළඹට තවමත් ප‍්‍රබල භූමිකාවක් සතුව ඇති බැවින් එහි නගර සභා මැතිවරණය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූවා.

රටේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මිලින්ද මොරගොඩ නගරාධිපති අපේක්ෂක වූ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ ජේ එම් මුසම්මිල් මැතිවරණ කටයුතු කළා.

මේ දෙපිරිසම වෙබ් අඩවි, ෆේස්බුක් ගිනුම් හා ට්විටර් ගිනුම් මේ සඳහාම අරඹා භාවිතා කළා. මොරගොඩ වෙනුවෙන් මෙරට කැපී පෙනෙන බ්ලොග්කරුවකු වන ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව මාධ්‍ය කළමණාකරු වීම හරහා නව මාධ්‍ය භාවිතයේ මින් පෙර මෙරට කිසිදු මැතිවරණයකදී නොකළ තරම් ඉදිරි පියවර තබනු ලැබුවා.

දෙපාර්ශවයේම නව මාධ්‍ය භාවිතය අප විචාරය කළ අතර පක්‍ෂ දේශපාලනයට සෘජුව සම්බන්ධ නොවූ එහෙත් යහපාලනය හා ප‍්‍රතිපත්තිමය දේශපාලනය ගැන උනන්දු වන ලාංකිකයන් පිරිසක් ද මැතිවරණයට පෙර සති කිහිපය තුළ සමාජ මාධ්‍ය හරහා මේ කැම්පේන් දෙක සමග පොදු අවකාශයේ සන්නිවේදනය කළ සැටි අපේ අධ්‍යයනයේ විශේෂ අවධානයට ලක් කළා.

සමාජ මාධ්‍යවල සුවිශේෂී ගුණයක් නම් අරමුදල් හෝ පිරිස් බලය හෝ සංවිධාන ශක්තිය හෝ නැති එහෙත් කැපවීම හා කාලය තිබෙන තනි පුද්ගලයන්ට ද දේශපාලන පක්‍ෂ හා චරිත සෘජුව විචාරයට ලක් කළ හැකි වීමයි. බඩගෝස්තරවාදී හා අශීලාචාර දේශපාලනය නිසා කලකිරීමෙන් සමස්ත දේශපාලන ක්‍ෂෙත‍්‍රයෙන් ඈත් වී සිටින තරුණ තරුණියන් අතරින් ටික දෙනකු හෝ මෙසේ නව මාධ්‍ය හරහා යළි සක‍්‍රීය වීම හිතකර ප‍්‍රවණතාවක් ලෙස චානුක හා මා දකිනවා.

මෙරට මැතිවරණ කැම්පේන්වල සමාජ මාධ්‍ය භාවිතය සිදු වන්නේ දේශපාලන රැළි, ගෙයින් ගෙට යාම, ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදීම, මුදල් ගෙවා මාධ්‍ය හරහා දැන්වීම පළ කිරීම ආදියට සමාන්තරවයි. මේ නිසා සමාජ මාධ්‍ය නිසාම මැතිවරණ ප‍්‍රතිඵලයක වෙනසක් සිදු වේ යයි එක එල්ලේ කීම අපහසුයි.

අවසාන විනිශ්චයේදී 2011 කොළඹ නගර සභා මැතිවරණ ප‍්‍රතිඵලයට සමාජ මාධ්‍ය කෙතරම් දායක වූවා ද යන්න පැහැදිලි නැහැ. එසේම එයට වැඩි බරක් තබා කැම්පේන් කළ මොරගොඩ පාර්ශවය පරාජයට පත් වූවා. එම පරාජයට දායක වූ වෙනත් හේතු තිබුණා.

අපේ විග‍්‍රහය අවසානයේදී අප කීවේ මෙයයි. “දේශපාලන පක්‍ෂ කේන්‍ද්‍රීය වූ කැම්පේන්වලට පමණක් සීමා නොවී ඩිජිටල් තාක්‍ෂණය හසුරු වන පුරවැසියන් පිරිසක් ද මැතිවරණ සන්නිවේදන අවකාශයට පිවිසීම හා ඔවුන් වෘත්තීය දේශපාලකයන් හැමගෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කිරීම මේ නගර සභා මැතිවරණයේ කැපී පෙනුණා. මේ ප‍්‍රවණතාව ඉදිරියට ජාතික මට්ටමේ මැතිවරණවලදීත් දිගටම සිදු වේද යන්න අප සමීපව නිරික්‍ෂණය කළ යුතුයි.” (http://goo.gl/a8ByOs)

සයිබර් අවකාශයේ වෙනස්වීම් සිදු වන්නේ අධිවේගී ලෙසින්. මේ නිසා කොළඹ නගර සභා මැතිවරණයෙන් පසු ගෙවී ගිය තෙවසර තුළ මෙරට ඉන්ටර්නෙට් පුළුල්වී තිබෙනවා. මේ නිසා 2015 ජනාධිපතිවරණයේදී මීට පෙර පැවති ජාතික මට්ටමේ මැතිවරණවලට (2010 ජනාධිපතිවරණය හා 2010 මහ මැතිවරණයට) වඩා නව මාධ්‍ය සාධකය අදාල වනු ඇති බව පැහැදිලියි.

එය අවසන් ප‍්‍රතිඵලවලට තීරණාත්මක බලපෑමක් එල්ල කිරිම ගැන කල් තබා කිව නොහැකි වුවත්, දේශපාලන සංවාද හා යහපාලන විවාදය වඩාත් සමාජගත කිරිමට මේ මාධ්‍යවලින් ද වැඩි දායකත්වයක් මෙවර සැපයෙන බව නම් දැනටම පැහැදිලියි.

ගෙවී යන 2014 වසර තුළ අපේ කලාපයේ (ජනගහනය අතින්) විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය දෙක දැවැන්ත මැතිවරණ අත්දැකීම් ලැබුවා. එනම් ඉන්දීය මහ මැතිවරණය හා ඉන්දුනීසියානු ජනාධිපතිවරණයයි. මේ දෙකෙහිදී නව මාධ්‍ය හා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනුනු ආකාරය විපරම් කිරිම වටිනවා.

Can social media influence the way people vote

ඉන්දියාවේ ඉන්ටර්නෙට් භාවිත කරන ජන සංඛ්‍යාව මිලියන් 243ක් පමණ වනවා. එය ජනගහනයෙ ප‍්‍රතිශතයක් ලෙස 19.2%‍ වුවත් එරට සමාජයට ප‍්‍රබල බලපෑමක් කිරීමට හැකි වී තිබෙනවා. මෙයට හේතුව හුදෙක් ජංගම දුරකථන හරහා ඉන්ටර්නෙට් ප‍්‍රවේශය ප‍්‍රචලිත වීම පමණක් නොවෙයි. එරට ජන සංයුතියට අනුව ජනගහනයේ මධ්‍යන්‍ය අගය අවුරුදු 26යි. ඒ කියන්නේ සමස්ත ඉන්දීය ජනගහනය වන මිලියන් 1,267න් බාගයක්ම (මිලියන් 634ක්) වයස 26 හෝ ඊට අඩුයි. මෙතරම් විශාල ළමා හා තරුණ ජනගහනක් මේ වන විට ලොව වෙන කිසිදු රටක නැහැ. (චීනයේ ජනගහනයේ මධ්‍යන්‍ය අගය අවුරුදු 35.2යි.)

2014 අපේ‍්‍රල්-මැයි කාලයේ සති කිහිපයක් පුරා අදියර ගණනාවකින් පැවැත් වූ ඉන්දියානු මහ මැතිවරණය ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් සහභාගී වූ විශාලතම මැතිවරණයයි.

මෙවර ඡන්ද වරම හිමි ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව මිලියන 814.5ක් වුණා. ඡන්දය දීමේ අවම වයස 18 පසු කළ මිලියන් 150ක් පමණ තරුණ තරුණියෝ ද ඒ අතර සිටියා. කොතැනක සිටියත් මේ අයගෙන් බහුතරයක් දෙනා අඩු තරමින් ජංගම දුරකථනයක් හිමි, බොහෝ විට වෙබ්ගත සමාජ මාධ්‍යවලට සම්බන්ධ වූවන්.

ජයග‍්‍රාහක BJP පක්‍ෂයේ මාධ්‍ය උපදේශකයකු වූ විකාස් පාණ්ඬේ කියන්නේ එරට නාගරික ප‍්‍රදේශවලින් ඔබ්බට ගොස් අර්ධ නාගරික හා සමහර විට ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවා ඡන්ද දායකයන්ට සමීප වීමට සමාජ මාධ්‍ය තමන්ට උපකාර වූ බවයි. එහිදී හැම කෙනෙකුටම ඉන්ටර්නෙට් සබඳතාවක් තිබීම කිසිසේත් අවශ්‍ය නොවූ අතර සිය ගණනක් සිටින ප‍්‍රජාවක එක් අයෙකුට (බොහෝ විට ජංගම දුරකථන නිසා) එම හැකියාව තිබීම හරහා බොහෝ තොරතුරු හා අදහස් ඔවුන් සියල්ල වෙත ගලා ගිය බව ඔහු කියනවා.

නිල මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව භාරතීය ජනතා පක්‍ෂය (BJP) ලැබූ සමස්ත ඡන්ද සංඛ්‍යාව 171,660,230යි (31.34%). දස වසක් බලයේ සිටි කොංග‍්‍රස් පක්‍ෂය ඡන්ද 106,935,942යි (19.52%). මෑතදී පිහිටුවා ගත් ආම් ආද්මි හෙවත් පොදු මිනිසාගේ පක්‍ෂය (AAP) රට පුරාම ලැබුවේ ඡුන්ද 11,325,625යි. එනම් 2%ක් පමණ.

Indian Election and Social Media

සමාජ මාධ්‍යවල ජනප‍්‍රිය බව (අනුගාමික සංඛ්‍යාව වැඩි වීම) කෙනෙකු ලබන ඡන්දවලට සෘජුව නොවූවත් අනියම් ලෙසින් ඉඟියක් ලද හැකි යයි සමහර ඉන්දීය මාධ්‍ය පර්යේෂකයෝ කියනවා. 2014 අපේ‍්‍රල් 19 – මැයි 18 කාලය තුළ සමාජ මාධ්‍ය තුළ ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයන් වටා සිදු වූ අන්තර්ක‍්‍රියා හා ඩිජිටල් සංවාද සංඛ්‍යාව ඔවුන් සමීපව අධ්‍යයනය කොට තිබෙනවා.

මැතිවරණයට සති ගණනකට පෙර කාලය පුරා සමාජ මාධ්‍ය ප‍්‍රවණතා අතින් AAP පක්‍ෂය ඉදිරියෙන් සිටියා. ඔවුන්ට තොරතුරු තාක්‍ෂණ හැකියාව ඇති දෙස් විදෙස් ඉන්දියානුවන් රැසකගේ ස්වේච්ඡා සහාය ලැබුණා. ලෝකයේ ලොකුම පරිගණක හා වෙබ් සමාගම්වල වෘත්තීය අත්දැකීම් ඇති මොවුන් සයිබර් අවකාශයේ චිත්තාකර්ෂනීය කැම්පේන් එකක් සාර්ථකව ගෙන ගියා.

ඉන්දියාවේ පැරණිතම හා නිදහසින් පසු වැඩිම කාලයක් රට පාලනය කළ කොංග‍්‍රස් පක්‍ෂය සමාජ මාධ්‍ය එතරම් ගණන් නොගත් බවත්, ඔවුන් එය භාවිත කිරිම තීව‍්‍ර කළේ අවසාන සති කිහිපයේ පමණක් බවත් නායර් කියනවා. සමාජ මාධ්‍ය තුළ මැතිවරණ කාලයට පමණක් සක‍්‍රීය වීම කොහෙත්ම සෑහෙන්නේ නැහැ. මේ නිසා සම්පත් හා පිරිස් බලය කෙතරම් තිබුණත් කොංග‍්‍රස් පක්‍ෂයේ වෙබ් හා සමාජ මාධ්‍ය භාවිතය අතිශයින් අසාර්ථක වුවා.

එහිදී වඩා වැදගත් වන්නේ හුදෙක් අනුගාමික සංඛ්‍යාව වැඩි වීම නොව සිදුවන සංවාද හා අන්තර්ක‍්‍රියා (social media interactions) සංඛ්‍යාව බව දැන් පිළිගැනෙනවා. මේ කාලය තුල මෝදි වටා සිදු වු සමාජ මාධ්‍ය සංවාද ගණන ලක්‍ෂ 15ක් වූ අතර AAP පක්‍ෂ නායක අර්වින්ද් කෙජ්රිවාල් වටා සංවාද ලක්‍ෂයක් පමණ ද කොංග‍්‍රස්හි ප‍්‍රකට නායකයකු වන දිග්විජය සිං වටා සංවාද 19,500ක් පමණ ද සිදු වුණා.

AAP පක්‍ෂයේ සයිබර් සංවාද ක‍්‍රමෝපායන් මුල් සති කිහිපයේ හොඳින් අධ්‍යයනය කළ BJP ඡන්ද ව්‍යාපාර හසුරුවන්නෝ ඒවායෙන් වඩාත්ම සාර්ථක ක‍්‍රම තම පක්‍ෂයේ හා අගමැති අපේක්‍ෂකයාගේ සයිබර් ප‍්‍රතිරූපය ප‍්‍රවර්ධනය කරන්නට අවසන් සති කිහිපය තුළ යොදා ගත්තා. මෙසේ සාර්ථක උපක‍්‍රම අනුකරණය කිරීම නීති විරෝධී නැහැ.

මේ ගැන විග‍්‍රහ කරන ජෙමිනි 8 නම් දත්ත විශ්ලේෂණ සමාගමේ අධිපති ආචාර්ය රංජිත් නායර් කියන්නේ සමාජ මාධ්‍ය හරහා ඉන්දියානු ජන සමාජයට ආකර්ශනීය ලෙස සමීප වීමට AAP පාක්‍ෂිකයෝ කථා කළත් තමන් බලයට ආවොත් රටේ ආර්ථික හා සමාජයීය ප‍්‍රශ්න විසඳීමට කුමක් කරනවාද යන්න නිරවුල්ව කීමට ඔවුන් අසමත් වූ බවයි.

“ඡන්ද කාලයකට සාමාන්‍ය මිනිසුන් හුදෙක් බුද්ධිගෝචර විග‍්‍රහයන් පමණක් නොව තම බලාපොරොත්තු හා සිහින කුල්මත් කිරීමක් ද සොයනවා. BJP සමාජ මාධ්‍ය හරහා හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හරහා මෙය ලබා දීමට ක‍්‍රියා කළා.’’

ඉන්දුනීසියානු අත්දැකීම ලබන සතියේ

සිවුමංසල කොලූගැටයා #195: අපේ රටේ බලවත්ම පුද්ගලයෝ ජ්‍යොතිර් ඇදුරන්ද?

In this week’s Ravaya column (in Sinhala), published on 23 November 2014, I ask whether astrologers are the most powerful persons in Sri Lanka. This is because all important decisions of the state, including the ceremonial opening of Parliament and scheduling of elections, is done strictly on astrological advice.

Speaking at a recent meeting of the Sri Lanka Rationalists’ Association to discuss my latest book, writer and political commentator Gamini Viyangoda said astrology determines so many personal and public decisions in Sri Lanka. In this obsession, ruling party and opposition party politicians seem united.

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

‘‘අද අපේ රටේ රාජ්‍ය පාලනයට ජ්‍යොතිෂය සෘජුවම බලපෑම් කරනවා. එයට හේතුව රාජ්‍ය නායකයා මේවා දැඩි ලෙස විශ්වාස කරන්නකු වීම නිසා. එපමණක් නොවෙයි, පාලක හා විරුද්ධ පක්‍ෂ සියල්ලේම පාහේ සිටින බොහෝ නායකයෝ හා අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයෝ ජ්‍යෙතිෂයට අනුව තමයි රටේ තීරණාත්මක පියවර හා ප‍්‍රතිපත්ති නිර්ණය කරන්නේ.’’

ප‍්‍රවීණ ලේඛක හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මේ ප්‍රකාශය කළේ මගේ අලූත්ම පොත ‘කාල බෝම්බ ඕනෑකර තිබේ’ නිමිත්ත කර ගෙන ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගෙ සංගමය 2014 ඔක්තෝබර් 23දා කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ සංවාද මණ්ඩපයේදී.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියේ හේතුවාදී දැක්මක් තිබෙනවා. මා හේතුවාදීන්ගෙ සංගමයේ සාමාජිකයකු නොවූවත් ඔවුන්ගේ තර්කානුකූල හා විචාරශීලි ප‍්‍රවේශය මට ද සමීපයි. ඇත්තටම මා මේ තීරු ලිපිය ලියන්නේ හේතුවාදීන් නොවන බහුතරයක් ලාංකිකයන්ගේ මනැස ටිකක් හෝ විවෘත කිරීමේ අරමුණින්.

හේතුවාදීන්ගෙ සංගමයේ වත්මන් සභාපති සූරපාල රණතුංගත්, ලේකම් තාරක වරාපිටියත් මූලික හැඳින්වීමක් කළ පසු හේතුවාදී ක‍්‍රියාකාරිකයන් හා ලේඛකයන් වන ගාමිණි වියන්ගොඩ හා එස්. එම්. බන්දුසීල දෙදෙනා මගේ පොත හා තීරු ලිපි ගැන අදහස් දැක්වූවා.

Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ  ඕනෑකර තිබේ book, 23 October 2014
Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ ඕනෑකර තිබේ book, 23 October 2014

ගාමිණි වියන්ගොඩ තව දුරටත් මෙසේ කියා සිටියා: ‘‘අපේ මැතිවරණ පවත්වන්නේ, පාලකයාගේ කේන්දරයට වඩාත්ම සුබදායි යයි කියන දිනයක මිස වෙනත් කිසිදු සාධකයක් සළකා බලා නොවෙයි. මේ නිසා පාලකයන්ටත් වඩා ඉහලින් බලපෑම් කිරීමේ හැකියාව සමහරු ජ්‍යෙතිෂකාරයන්ට අද ලැබී තිබෙනවා.’’

‘‘අද අපේ රටේ බොහෝ දෙනකු නොදන්නා හෝ නූගත් හෝ උදවිය නොවෙයි. ආගම් ඇදහීමේදීත්, ජ්‍යොතිෂය ඇතුලූ ගුප්ත විද්‍යා දැඩි ලෙස විශ්වාස කිරිමේදීත් ඔවුන් තම දැන උගත්කම පසෙක තබා ඔහේ කි‍්‍රයා කරනවා.’’

‘‘මා මෙය දකින්නේ මොළය වෙහෙසවීමට ඇති අලසකම ලෙසයි. මොළය වෙහෙසා තර්කානුකූලව හා බුද්ධිගෝචරව යථාර්ථය විග‍්‍රහ කරනවාට වඩා ඉතා ලෙහෙසිනේ මොළය නිද්‍රාශීලීව තබා ගෙන තමන්ගේ වැදගත්ම තීරණ ආගමට හෝ ජ්‍යොතිෂයට හෝ ඒ දෙකටම භාර දීම.’’

‘‘එසේ මොළය නිද්‍රාශීලීවීමට ඉඩ නොදී, අලස නොවී ස්වාධීනව සිතන ටික දෙනකු නිසා තමයි ලෝකය ඉදිරියට යන්නේ. විද්‍යාව හා ශාස්ත‍්‍ර දියුණු වන්නේත්, ශිෂ්ටාචාරය වර්ධනය වන්නේත් එබන්දන්ගේ පිහිටෙන්. අපට තව තවත් අවශ්‍ය මේ අවධි වූ සිහියෙන් සිටින අයයි.’’

‘‘මොළය අලසව නිද්‍රාශීලීව සිටින උදවිය අවධි කිරීමේ ලොකු වගකීමක් අපට තිබෙනවා. සමාජය විවෘත හා විචාරශීලී කිරිමට මග පෙන්වීම තමයි හේතුවාදීන්ගේ සැබෑ කාර්ය භාරය. හේතුවාදීව සිතිය හැකි දේශපාලනික නොවන කාරණා ඕනෑ තරම් තිබෙනවා. හේතුවාදීන් පුළුල් පරාසයකට යොමු කරන්නට සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය හා පොත් මහත් සේ උපකාර වනවා.’’

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා දුපතේ බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?

පසුගිය මැයි මාසයේ මට විද්යුත් ලියුමක් එවමින් රාවය පාඨක නිමල් ජයසිංහ මෙසේ කියා සිටියා: ‘‘අද ශ්‍රී ලාංකිකයෝ පුදුම ගණයේ ආත්මාර්ථකාමියෝය. උගුලෙන් බැරිනම් කෙමණෙන් හෝ තම කාර්ය සිදු වන්නේ නම් එයින් සතුටු වන නරුමයෝය. එබැවින් ඔවුන්ට හැම දෙයක්ම ඕනෑය. උදේ පන්සිල් ගෙන ගෙදරින් පිට වන ඔවුන් ශාන්ත අන්තෝනි පල්ලියේ ද ඉටිපන්දමක් දල්වා වැඩට යති. කාගෙන් හෝ වැඩේ කෙරුනොත් ඇති යන සිතුවිල්ලෙන් කල් ගෙවන මොවුන් විමර්ශනශීලී මිනිසුන් හෝ ගැහැණුන් නොවේ. මොවුන්ට මම ආමන්ත්‍රණය කරන්නේ රැළේ යන්නෝ කියලාය!”

මේ විග්‍රහය මටත් පිලිගන්න සිදු වනවා. මෙවැනි අදහස් අද විවෘතව පල කැරෙන්නේ ද කලාතුරකින්.

‘‘හේතුවාදී ලිපි’’ නමින් 2013දී ප‍්‍රකාශිත ග‍්‍රන්ථයට පූර්විකාවක් ලියමින් එහි සංස්කාරක හා ප‍්‍රවීණ ලේඛක අජිත් තිලකසේන මෙසේ කියනවා:

‘‘අපේ රටටත්, කලාපීය රටවල් ගණනාවකටත් බලපාපු 2004 දෙසැම්බර් 26 සුනාමිය මෙහි 50,000ක පමණ ජනයින්හට මරු කැඳවමින්, සිද්ධ කරපු දේපල හානිය ද විශාලයි. මෙය මතක ඇති ඉතිහාසයේ සිද්ධ නොවු බිහිසුනු ස්වාභාවික විපතක් වුවත් එය පුරෝකථනය කරන්න (එනම් කල් තබා අනතුරු ඇඟවීමට) කිසිම ජ්‍යොතිර් ඇදුරෙක්ට පුලූවන් උනේ නෑ!’’

‘‘ජ්‍යොතිර් ඇදුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියාපු දේවල් බොරු වූ අවස්ථා දැක දැකත්, ඒ පසු පස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ…. එසේම තම අවශ්‍යතා ඉටු කර ගන්න විවිධ දෙවි දේවතාවන් කරා ගොස් බාරහාර වන ජනයින්ගේ අඩුවක් දැක ගන්නත් නැහැ’’ ඔහු තව දුරටත් කියනවා.

මා කවදත් කියන්නේ මෙයයි. තනි පුද්ගල මට්ටමින් ඕනෑ කෙනෙකුට ඕනෑම අභව්‍ය දෙයක් ඇදහීමට හා ඒ සඳහා තම කාලය හා මුදල් වැය කරන්නට නිදහස තිබෙනවා. එහෙත් එම ඇදහිලි හා විශ්වාස සෙසු සමාජයට බලෙන් ආරෝපණය කිරීමට හෝ රාජ්‍ය ප‍්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට ඒවා හරහා බලපෑම් කිරීමට හෝ නිදහසක් නැහැ.

මිථ්‍යාවට මුවා වී, ජනයා බියපත් කර මුදල් ගසා කන වංචනික ජ්‍යෙතිෂවේදීන් හා වෙනත් ගුප්ත ශාස්ත‍්‍රකරුවන් මෑතක සිට තමන්ගේ සටකපට කි‍්‍රයා සඟවන්නට තැත් කරන්නේ ‘සාම්ප‍්‍රදායික දැනුම’ නම් තිරයට මුවා වෙමින්.

දේශීය උරුමය හා පාරම්පරික දැනුම වුව වර්තමානයේ තර්කානුකූල විවාදයට ලක් විය යුතුයි. ආසියාවේ බිහි වූ විශිෂ්ඨතම හේතුවාදියෙකු හා නිදහස් චින්තකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් (1898 – 1978) එදා කී දේ අදටත් හරියටම ගැලපෙනවා. ‘‘තමන්ගේ ආශ්චර්යයන් පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන්නා වංචනිකයෙක්. එබඳු දේ විමසීමට ධෛර්යය නොමැත්තා පහසුවෙන් රැවටිය හැකි කෙනෙක්. එබඳු ආශ්චර්යයන් හා මතවාදයන් ඉස්මුදුනින් පිළිගෙන අදහන්නා මෝඩයෙක්.’’

කොවූර් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ආරම්භ කළේ 1960දී. විවෘත මනසකින් යුත් විචාරශීලී ලාංකිකයන් රැසක් එයට ඇද ගන්නට ඔහු සමත් වුණා. එනයින් බලන විට කොවූර් හේතුවාදී සංගමයෙන් හා ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක චින්තන විප්ලවයකට මුල පිරුවා යයි කිව හැකියි. මේ සදහා විද්‍යාව ඉහළට උගත් එහෙත් ඒ උගත්කමින් මනස මොට කර නොගත් බුද්ධිමතුන් ගණනාවක් මෙන්ම සිංහලෙන් හා දෙමලෙන් ජන සමාජයට මේ පණිවුඩ ගෙන යා හැකි ලේඛන හැකියාව ඇති කලාකරුවන් කිහිප දෙනකු ද ඔහු සම්බන්ධ කර ගත්තා.

එයින් මුල් ගණයට වැටුණු අයගෙන් වඩාත් ප‍්‍රකට වූ චරිතයක් වෛද්‍ය කාලෝ ෆොන්සේකා. තරුණ වෛද්‍යවරයකු හැටියට 1970දී පමණ ඔහු ගිනි පෑගීමේ විද්‍යාත්මක පදනම ගවේෂණාත්මකව ඔප්පු කළේ එය කිසිදු හාස්කමක් හෝ දේවබලයක් හෝ නැතිව කළ හැකි බව ප‍්‍රායෝගිකව පෙන්වා දෙමින්.

කොවූර් වටා ඒකරාශී වූ චරිත අතර ප‍්‍රවීණ ලේඛකයන් වූ අජිත තිලකසේන හා අමුණුගොඩ තිලකරත්න ද සිටියා. පසු කලෙක ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න තරුණයකු හැටියට හේතුවාදී ව්‍යාපාරයට ඇදී ආවේ ද 1960-1970 යුගයේයි.

Keepers of Rationalist Flame L to R - Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne
Keepers of Rationalist Flame L to R – Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne

මෙරට හේතුවාදී ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ ද ඒ දශක දෙකයි. එයට එක් හේතුවක් නම් කොවූර් හා ඔහු වටා එක් වූ දක්‍ෂයන් පිරිසයි. එහෙත් එවකට ලක් සමාජය අදට වඩා එදා විවෘත හා බුද්ධිගෝචර වූ බවට ද තර්ක කළ හැකියි. ඒ ඇයි?

1963 ජන සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 76.8ක් දෙනා සාක්‍ෂරතාවය ලබා සිටියා. 1971 සංගණනය වන විට එය සියයට 78.5 දක්වා දියුණු වූ අතර මේ වන විට එය සියයට 92ක් පමණ වනවා. මෙරට අධ්‍යාපන මට්ටම් හා ඒවාට යොමු වන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතයන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි.

සන්නිවේදන තාක්‍ෂණයය පැත්තෙන් බැලූ විට ද සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. දුරකථන, රේඩියෝ හා පුවත්පත් පරිශීලනය කරන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතය වැඩි අතර එදා නොතිබුණු ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යත්, ජංගම දුරකථනත් අද සමාජයේ ස්ථාපිත වෙලා. තොරතුරු හා දැනුම ලබා ගන්නට හා බෙදා ගන්නට හැකියාව මීට වසර 50කට වඩා අද පැහැදිළිව ම වැඩියි.

"Modern" Lankan? Cartoon by Awantha Artigala
“Modern” Lankan? Cartoon by Awantha Artigala

මේ ප‍්‍රමාණාත්මක දියුණවත් සමග ගුණාත්මකව දියුණුවක් ඇති වී තිබේ ද යන්න විවාදත්මකයි. අපේ ඇතැම් අය මෙන් මා යටගියාව ගැන රොමෑන්ටික් ලෙසින් අතිශයොක්තියෙන් දකින්නකු නොවේ. එහෙත් හේතුවාදීන්ගේ ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ සමාජ මෙහෙවරට අනුබල දෙන්නට, දිරි ගන්වන්නට මෙරට බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන් හා පුවත්පත් කතුවරයන් රැසක් ඉදිරිපත්ව සිටියා.

කොවුර් නඬේ ගුරා වූවත් ඔහු ඒ අභීත බුද්ධිමය චාරිකා ගියේ ලොකු කුඩා බොහෝ දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ඇතිවයි. එවන් පිරිසක් අද සිටී ද?

2012 ජනවාරියේ ලිපියකින් මා කීවේ මෙයයි: “අපේ මවුපියන්ගේ තරුණ අවධියේ කෙටි කලෙකින් ලක් සමාජයේ බුද්ධිමත් ස්ථරයන්ගේ පිළි ගැනීමට පාත‍්‍ර වූ ආචාර්ය කොවූර් බැරි වෙලාවත් අද මුල් වරට මෙරටට පැමිණ ඒ මෙහෙවර ම ඉටු කරන්නට තැත් කළොත් ප‍්‍රතිචාරය කෙබඳු වේවිද?”

“ඔහු කියන දෙයට සවන් දෙනවා වෙනුවට ඔහුගේ සම්භවය, පෙනුම හා පසුබිම ගැන වැඩි අවධානය යොමු වෙයි. රැවුල වවා ගත්, දකුණු ඉන්දියානු සම්භවය ඇති මලයාලි ජාතිකයෙකු අපේ සංස්කෘතික උරුමයට හා ජාතික අනන්‍යතාවයට (සමහර විට ජාතික ආරක්‍ෂාවට පවා!) තර්ජනයක් කරන බවට චෝදනා එල්ල විය හැකියි.”

“නැතහොත් පුවත්පත් සාකච්ඡාවල දී ඔහුට ජාතිද්‍රෝහී, රාජ්‍ය විරෝධි ලේබල් ලෙහෙසියෙන් ඇලවිය හැකියි! අදෘශ්‍යමාන භුත අවතාර හා පිල්ලි වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ගේ තර්ජනයට ඔහු ලක් විය හැකියි!”

අපි කුමක් කරමුද? මේ ප්‍රශ්නය යලි යලිත් ඇසීමට කාලයයි.

See also:

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

18 May 2014: සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala