සිවුමංසල කොලූගැටයා #276: අසාර්ථක වූ තුර්කි කුමන්ත්‍රණයෙන් මතු වන නවීන සන්නිවේදන පාඩම්

In this week’s Ravaya column (appearing in the print issue of 24 July 2016), I discuss the role of new communications technologies and social media during the coup d’état that was attempted in Turkey against the government on the night of on 15 July 2016.

The attempt was carried out by a faction within the Turkish Armed Forces that organized themselves under a council called the Peace at Home Council. Reasons for its failure have been widely discussed.

Citizen resistance to Turkey coup on 16 July 2016 - wire service photos
Citizen resistance to Turkey coup on 16 July 2016 – wire service photos

As Zeynep Tufekci, an assistant professor at the University of North Carolina School of Information and Library Science, described in a New York Times op-ed on 20 July 2016: “In the confusing hours after the coup attempt began, the country had heard from President Recep Tayyip Erdogan — and even learned that he was alive — when he called a television station via FaceTime, an easy-to-use video chat app. As the camera focused on the iPhone in the anchor’s hand, the president called on the people of Turkey to take to the streets and guard the airports. But this couldn’t happen by itself. People would need WhatsApp, Twitter and other tools on their phones to mobilize. The president also tweeted out the call to his more than eight million followers to resist the coup.”

She added: “The journalist Erhan Celik later tweeted that the public’s response had deterred potential coup supporters, especially within the military, from taking a side…Meanwhile, the immediacy of the president’s on-air appeal via FaceTime was an impetus for people to take to the streets. The video link protected the government from charges that it was using fraud or doctoring — both common in the Turkish news media — to assure the public that the president was safe. A phone call would not have worked the same way.”

I discuss the irony of a leader like Erdogan, who has been cracking down on independent media practitioners and social media users, had to rely on these very outlets in his crucial hour of need.

I echo the views of Zeynep Tufekci for not just Turkey but other countries where autocratic rulers are trying to censor the web and control the media: “The role of internet and press freedoms in defeating the coup presents a significant opportunity. Rather than further polarization and painting of all dissent as illegitimate, the government should embrace real reforms and reverse its censorship policies.”

See also: How the Internet Saved Turkey’s Internet-Hating President

Photo from The Daily Beast
Photo from The Daily Beast

කුමන හෝ හේතුවක් නිසා රටක දේශපාලන බලය බලහත්කාරයෙන් අත්කර ගැනීමට එරට හමුදාවට නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ.

එහෙත් විටින් විට ලෝකයේ විවිධ රටවල හමුදා කුමන්ත්‍රණ සිදුවනවා. දකුණු ආසියානු කලාපයේ බංග්ලාදේශය හා පාකිස්ථානය මේ අමිහිරි අත්දැකීම් රැසක් ලබා තිබෙනවා.

යුරෝපය හා ආසියාව හමු වන තැන පිහිටි තුර්කියේ මීට දින කීපයකට පෙර අසාර්ථක වූ හමුදා කුමන්ත්‍රණයට මා අවධානය යොමු කළේ නවීන සන්නිවේදන තාක්ෂණයන් එහි වැදගත් භූමිකාවක් ඉටු කළ නිසායි.

නව මාධ්‍යයන් හරහා කුමන්ත්‍රණයට එරෙහිව මහජනයා පෙළ ගැස්වීමට එරට නායකයා සමත් වුණා. විශාල අවි හා සෙබල බල පරාක්‍රමයක් සතු හමුදාවක් ජන බලය හා සන්නිවේදන හැකියාව හරහා ආපසු බැරැක්කවලට යැවීමට හැකි වීම විමසා බැලිය යුතු සංසිද්ධියක්.

කුමන්ත්‍රණය මාස ගණනක් සිට සූක්ෂ්ම ලෙසින් සැලසුම් කරන ලද බව හෙළි වී තිබෙනවා. රටට සාමය සඳහා සභාව (Peace at Home Council) ලෙසින් සංවිධානය වූ තුර්කි හමුදාවේ කොටසක් තමයි මේ උත්සාහයේ යෙදුණේ.

එහි අක්මුල් තවමත් හරිහැටි පැහැදිලි නැහැ. එහෙත් 2016 ජූලි 15-16 දෙදින තුළ ඔවුන් රටේ බලය අල්ලා ගන්නට ප්‍රචණ්ඩව තැත් කළා.

තුර්කි ජනාධිපති රෙචෙප් ටයිප් අර්ඩොගන් (Recep Tayyip Erdoğan) කෙටි නිවාඩුවකට අගනුවරින් බැහැරව, මර්මාරිස් නම් පිටිසර නිවාඩු නිකේතනයේ සිිටියා. ජූලි 15-16 මධ්‍යම රාත්‍රියට ආසන්නව යුද්ධ ටැංකි එරට අගනුවර අන්කාරා, විශාලතම නගරය වන ඉස්තාන්බුල් හා තවත් ප්‍රධාන නගරවලට ඇතුළු වුණා. ප්‍රහාරක ගුවන් යානා පහළින් පියාසර කළා.

තම බලය පෙන්වීමට හමුදා කුමන්ත්‍රණකරුවෝ කිහිප පොළක ප්‍රහාර දියත් කළා. රටේ පාර්ලිමේන්තු මන්දිරයට හා ජනාධිපති මැදුරට හානි සිදු කෙරුණා.

කුමන්ත්‍රණකරුවන්ගේ එක් ඉලක්කයක් වූයේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ මරා දැමීමයි. එහෙත් කුමන්ත්‍රණය ගැන දැන ගත් වහාම ඔහුගේ ආරක්ෂක පිරිස ඔහු නැවතී සිටි නිවාඩු නිකේතනයෙන් රහසිගත තැනකට ගෙන ගියා.

මැදියම් රැය පසු වූ විගස රාජ්‍ය රේඩියෝ හා ටෙලිවිෂන් (TRT) ආයතනයට ඇතුලු වූ හමුදා පිරිසක්, එහි සිටි නිවේදකයන්ට ප්‍රකාශයක් කියවන මෙන් බලකර සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය හා නිර්ආගමික පාලනය රටේ යළි ස්ථාපිත කිරීමට හමුදාව බලය පවරා ගන්නා බව එහි සඳහන් වුණා. තාවකාලිකව මාෂල් නීතිය ක්‍රියාත්මක කරන බවත්, නව ව්‍යවස්ථාවක් ළඟදීම හඳුන්වා දෙන බවත් හමුදා කුමන්ත්‍රණකරුවෝ රටට ප්‍රකාශ කළා.

The Turkish president spoke to local television with his office unwilling to confirm his location, simply saying he is safe
The Turkish president spoke to local television with his office unwilling to confirm his location, simply saying he is safe

පාන්දර 3.10 වනවිට තමන් රටේ සමස්ත පාලන බලය සියතට ගෙන ඇති බව කුමන්ත්‍රණකරුවන් ලොවට කීවත් එය එසේ වූයේ නැහැ. ජනාධිපති අර්ඩොගන් හා අගමැති බිනාලි යිල්දිරිම් (Binali Yıldırım) ඒ තීරණාත්මක අලුයම පැය කිහිපයේ තීක්ෂණ ලෙසින් සිය ප්‍රතිරෝධය දියත් කළා.

හමුදා කුමන්ත්‍රණකරුවන් දේශපාලනික හා සම්ප්‍රදායික රාජ්‍ය මාධ්‍ය මර්මස්ථාන මුලින් ඉලක්ක කළ නමුත් නව සන්නිවේදන තාක්ෂණයන් හා නව මාධ්‍ය ගැන අවධානයක් යොමු කළේ නැහැ. පළපුරුදු හා සටකපට දේශපාලකයකු වන තුර්කි ජනාධිපතිවරයා මේ දුර්වලතාව සැනෙකින් වටහා ගත්තා.

තුර්කිය විශාල රටක්. ලෝක බැංකු දත්තවලට අනුව එරට මිලියන 80කට ආසන්න ජනගහනයෙන් බාගයකට වඩා (58%) ඉන්ටනෙට් භාවිත කරනවා. මෙයින් බහුතරයක් ස්මාට්ෆෝන් හිමිකරුවන්. 2015 අග වනවිට එරට ජංගම දුරකථන සක්‍රීය ගිණුම් මිලියන 73ක් තිබුණා.

හමුදා කුමන්ත්‍රණය ගැන දැන ගත් වහාම ජනාධිපතිවරයා තමාට හිතවත් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන තක්සේරු කරන අතරම සන්නිවේදන ජාල හරහා තුර්කි ජනයා වෙත ආයාචනා කිරීමට තීරණය කළා. මේ සඳහා අවශ්‍ය වූ ව්‍යාපාරික සබඳතා හා තාක්ෂණික දැනුම ඔහුගේ කාර්ය මණ්ඩලය සතුව තිබුණා.

සියල්ල පාන්දර යාමයේ සිදු වුණත් ඉක්මනින් ක්‍රියාත්මක වීමේ වැදගත්කම ජනාධිපතිගේ හිතවත් පිරිස දැන සිටියා.

කුමන්ත්‍රණකරුවන් පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා, ටෙලිකොම් සමාගම් හෝ සමාජ මාධ්‍ය ජාල සියතට ගැනීමට මුල් වටයේ කිසිදු උත්සාහයක් ගත්තේ නැහැ. මහජන ඡන්දයෙන් පත්වූ තම රජය රැක ගන්නට වීදි බසින්න යැයි ජනාධිපතිවරයා මේ මාධ්‍ය හරහා යළි යළිත් ඉල්ලා සිටියා.

මුලින්ම රටේ සියලුම ජංගම දුරකථන ග්‍රාහකයන් වෙත කෙටි පණ්වුඩයක් යවමින් ජනපති අර්ඩොගන් කීවේ හැකි සෑම අයුරකින්ම කුමන්ත්‍රණයට විරෝධය දක්වන්න කියායි.

NINTCHDBPICT000252431176

ඒ අනුව ඉස්ලාම් බහුතර (96.5%) එරටෙහි ආගමික ස්ථාන ලවුඩ්ස්පීකර් හරහා විශේෂ යාඥා විසුරු වන්නට පටන් ගත්තා. අවේලාව නොබලා බොහෝ ජනයා වීදි බැස්සා.

ප්‍රධාන නගරවල වීදිවලට පිරුණු ජනයා බහුතරයක් පාලක පක්ෂයේ අනුගාමිකයන් වුවද සියලු දෙනා එසේ වූයේ නැහැ. කොතරම් අඩුපාඩු හා අත්තනෝමතික හැසිරීම් තිබුණද බහුතර ඡන්දයකින් පත් වූ රජයක් පෙරළීමට හමුදාවට කිසිදු වරමක් හෝ අවසරයක් නැතැයි විශ්වාස කළ අයද එහි සිටියා.

තුර්කියේ හමුදාව යනු බලගතු ආයතනයක්ග එම හමුදාව රාජ්‍ය පාලනයට මැදිහත් වීමේ කූප්‍රකට ඉතිහාසයක් තිබෙනවා. 1960 මැයි මාසයේ, 1971 මාර්තුවේ හා 1980 සැප්තැම්බරයේ හමුදා කුමන්ත්‍රණ සාර්ථක වී මිලිටරි පාලන බිහි වුණා. 1995දී ඡන්දයෙන් පත් වූ හවුල් රජයට 1977දී හමුදාව ‘නිර්දේශ’ ගණනක් ඉදිරිපත් කොට ඒවා පිළි ගන්නට බලපෑම් කළා. මේ මෑත ඉතිහාසය ජනතාවට මතකයිග

තුර්කි රාජ්‍යය නිර්ආගමිකයි (secular state). එහෙත් මෑත කාලයේ ඉස්ලාමීය දේශපාලන පක්ෂ වඩාත් ජනප්‍රිය වීම හරහා රාජ්‍ය පාලනයේ ඉස්ලාමීය නැඹුරුවක් හට ගෙන තිබෙනවා.

හමුදාව මෙයට කැමති නැහැ. ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශිත පරිදි රාජ්‍යය තව දුරටත්  නිර්ආගමික විය යුතු බවත්, ඉස්ලාම්වාදීන් බලගතු වීම සීමා කළ යුතු බවත් හමුදාවේ මතයයි. මෙය මතවාදී අරගලයකට සීමා නොවී දේශපාලන බල අරගලයකට තුඩු දී තිබෙනවා. 2016 කුමන්ත්‍රණයේ පසුබිම සංකීර්ණ වුවද ආගමික-නිර්ආගමික ගැටුමද එහි එක් වැදගත් සාධකයක්.

කුමන්ත්‍රණකරුවන් නිවාඩු නිකේතනයට පහර දීමට කලින් එතැනින් පලා ගිය ජනාධිපති අර්ඩොගන්, සැඟවී නොසිට  හිරු උදා වන විට එරට විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන ඉස්තාන්බූල් ගුවන් තොටුපළට සිය නිල ගුවන් යානයෙන් පැමිණියා. මැදියම් රැයේ ටික වේලාවකට කුමන්ත්‍රණකාරීන් අත්පත් කර ගත් ගුවන් තොටුපළ ඒ වන විට යළිත් හිතවත් හමුදා අතට පත්ව තිබුණා.

ගුවන් තොටුපළේ සිට මාධ්‍යවේදියකුගේ ස්මාට්ෆෝන් එකක් හරහා ජනාධිපතිවරයා එරට පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක් වූ CNN Turkට සජීව ලෙසින් සම්බන්ධ වුණා.

‘ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න නගරවල වීදි හා චතුරස්‍රවලට එක් රොක් වන්න. මේ කුමන්ත්‍රණකරුවන් අපට ඉක්මනින් ඉවත් කළ හැකි වේවි. ඔවුන්ට නිසි පිළිතුර දෙන්න ඕනෑ අපේ මහජනතාවයි’ ඔහු ආයාචනා කළා.

කුමන්ත්‍රණකරුවන් නොසිතූ විලසින් මේ පණිවුඩ ඉතා ඉක්මනින් එරට ජනයා අතර පැතිර ගියා. ෆේස්බුක්, ට්විටර් හා අනෙක් සමාජ මාධ්‍ය ජාල මෙයට මහත් සේ දායක වුණා.

මේ අතර ජනපති කාර්ය මණ්ඩලය සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනපතිවරයා ආරක්ෂිත බවත්, ඔහු කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව කරන අරගලයට ඍජුව නායකත්වය දෙන බවත්, ජාත්‍යන්තර මාධ්‍යවලට හා විදෙස් රටවලට දැනුම් දුන්නා.

හමුදාව බලය ඇල්ලීමට තැත් කිරීම කෙතරම් තුර්කි වැසියන් කුපිත කළාද කිවහොත් සමහර ස්ථානවල යටත් වූ කුමන්ත්‍රණකාමී හමුදා සෙබලුන් හා නිලධාරීන්ට සාමාන්‍ය ජනයා වට කර ගෙන පහර දෙනු ලැබුවා. ඔවුන් ප්‍රසිද්ධ නිග්‍රහවලට ලක් වුණා.

CncnmhQXEAApKN0

යම් අවස්ථාවක කුමන්ත්‍රණකරුවන් CNN Turk පෞද්ගලික නාලිකාව නිහඬ කිරීමට ද තැත් කළා. ඇමරිකානු CNN මාධ්‍ය ජාලය හා තුර්කි සමාගමක් හවුලේ කරන මේ නාලිකාව හමුදා බලපෑම් ප්‍රතික්ෂේප කළා. දිගටම සිය සජීව විකාශයන් කර ගෙන ගියා.

කුමන්ත්‍රණය දියත් කොට පැය 24ක් ගතවීමට පෙර රටේ පාලන බලය යළිත් ඡන්දයෙන් පත් වූ රජය යටතට මුළුමනින්ම ගැනීමට ජනපති-අගමැති දෙපළ සමත් වුණා.

ඉන් පසුව කුමන්ත්‍රණයට සම්බන්ධ දහස් ගණනක් හමුදා නිලධාරීන් හා සිවිල් වැසියන් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අය අධිකරණ ක්‍රියාදාමයකට ලක්වනු ඇති. මේ බොහෝ දෙනකු නොමඟ ගිය හමුදා නිලධාරීන් හා ඔවුන්ගේ හිතවත් පරිපාලන නිලධාරීන් බව පසුව හඳුනාගනු ලැබුවා.

කුමන්ත්‍රණය අසාර්ථක වීමට හේතු දේශපාලන විචාරකයෝ තවමත් සමීපව අධ්‍යයනය කරනවා. ඔවුන් පිළිගන්නා එක් දෙයක් තිබෙනවා. 20 වන සියවසේ බොහෝ අවස්ථාවල විවිධ රටවල සාර්ථක වූ බලය ඇල්ලීමේ ආකෘතියක් මෙවර තුර්කියේදී ව්‍යර්ථ වූයේ 21 වන සියවසේ සන්නිවේදන තාක්ෂණයන් නිසා බවයි.

‘කුමන්ත්‍රණකරුවන් පොතේ හැටියට සියල්ල සැලසුම් කොට ක්‍රියාත්මක වුණා. රාජ්‍ය නායකයා අගනුවරින් බැහැරව සිටි, සිකුරාදා රැයකයි ඔවුන් බලය අල්ලන්න තැත් කළේ. ඒත් ඔවුන්ගේ අවාසියට ඔවුන් භාවිත කළ වට්ටටෝරුව යල් පැන ගිහින්.’ යයි ඉස්තාන්බුල් නුවර පර්යේෂකයකු වන ගැරත් ජෙන්කින්ස් කියනවා.

මේ සමස්ත සිදුවීම් දාමයේ ඉතාම උත්ප්‍රාසජනක පැතිකඩ මෙයයි. සමාජ මාධ්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් යයි කියමින් ඒවා හෙළි දැකීමට හා විටින් විට ඒවා බ්ලොක් කිරීමට පුරුදුව සිටි අර්ඩොගන් ජනපතිවරයාට තීරණාත්මක මොහොතේ ඒවා ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වීමයි.

මේක ඇත්තටම කන්නට ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා වීමේ කතාවක්.

A man stands in front of a Turkish army tank at Ataturk airport in Istanbul, Turkey July 16, 2016. REUTERS/IHLAS News Agency
A man stands in front of a Turkish army tank at Ataturk airport in Istanbul, Turkey July 16, 2016. REUTERS/IHLAS News Agency

2003-2014 කාලයේ තුර්කි අගමැතිව සිටි අර්ඩොගන් 2014දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ප්‍රකාශිත ඡන්දවලින් 51.79%ක් ලබමින් ජය ගත්තා. ඔහු තමා වටා විධායක බලය කේන්ද්‍ර කර ගනිමින්, විපක්ෂවලට හිරිහැර කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යන බවට චෝදනා නැගෙනවා. මාධ්‍ය නිදහසට හා පුරවැසියන්ට ප්‍රකාශන නිදහසටත් ඔහුගේ රජයෙන් නිතර බාධා පැමිණෙනවා.

නිල මාධ්‍ය වාරණයක් හා නොනිල මාධ්‍ය මර්දනයක් පවත්වා ගෙන යාම නිසා තුර්කිය ජාත්‍යන්තර ප්‍රජාවේ හා මාධ්‍ය නිදහස පිළිබඳ ක්‍රියාකාරිකයන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව සිටින රටක්.

තමන්ගේ අධිපතිවාදය ප්‍රශ්න කරන, විකල්ප මතවලට ඉඩ දෙන දෙස් විදෙස් මාධ්‍ය අර්ඩොගන් සලකන්නේ සතුරන් ලෙසයි. එහෙත් රාජ්‍ය මාධ්‍ය පැය කිහිපයකට ඔහුගේ පාලනයෙන් ගිලිහී ගිය විට ඔහුගේ උදව්වට ආවේ ඔහු නිතර දෙස් තබන පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය හා විදෙස් මාධ්‍යයි.

2014දී ඔහු නව නීතියක් හඳුන්වා දුන්නේ ඕනෑම මොහොතක වෙබ් අඩවි බ්ලොක් කිරීමේ බලය රජයට පවරා ගනිමින්.

එසේම අර්ඩොගන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නෙක්. සමාජ මාධ්‍යවලට නිතර දෙවේලේ බැණ වදින ඔහු තමාගේ ට්විටර් හා ෆේස්බුක් ගිණුම් පවත්වා ගෙන යනවා. ට්විටර් නිල ගිණුමට මේ වන විට මිලියන 8කට වඩා අනුගාමිකයන් සිටිනවා. කුමන්ත්‍රණය දිග හැරෙන අතර සිය ජනයාට හා ලෝකයට කතා කරන්නට ඔහු ට්විටර් ගිණුමද යොදා ගත්තා.

මේ දෙබිඩි හැසිරීම අපේත් එක්තරා හිටපු පාලකයෙක් සිිහිපත් කරනවා!

කුමන්ත්‍රණයට එරෙහිව අර්ඩොගන් රජයට උපකාර වූ තවත් සාධකයක් පසුව හෙළි වුණා. කුමන්ත්‍රණය ඇරඹී ටික වේලාවකින් එරට ප්‍රධානම ජංගම දුරකථන ජාලය සියලුම ග්‍රාහකයන්ට නොමිලයේ දත්ත සම්ප්‍රේෂණ පහසුකම් ලබා දුන්නා. නූතන දේශපාලන ක්‍රියාකාරකම්වලදී ටෙලිවිෂන් හා රේඩියෝවලට වඩා ටෙලිකොම් සේවාවන් වැදගත් වන බව මේ හරහා අපට පෙනී යනවා.

කුමන්ත්‍රණයේ සන්නිවේදන සාධකය විග්‍රහ කරමින් නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රයට ජූලි 20 වනදා ලිපියක් ලියූ තුර්කි සම්භවය සහිත ඇමරිකානු සරසවි ඇදුරු සෙයිනප් ටුෆෙකි (Zeynep Tufekci) මෙසේ කියනවා.

‘කුමන්ත්‍රණය පරදවන්න ස්වාධීන මාධ්‍ය හා වෙබ්ගත නව මාධ්‍ය ලබා දුන් දායකත්වය ජනපති අර්ඩොගන් අගය කළ යුතුයි. දැන්වත් මාධ්‍ය වාරණය, මර්දනය හා නවමාධ්‍ය හෙළා දැකීම නතර කොට ප්‍රකාශන නිදහසට ගරු කරන දේශපාලන ප්‍රතිසංස්කරණවලට යොමු විය යුතුයි… ස්වාධීන මාධ්‍යයන් හා විවෘත ඉන්ටර්නෙට් සංස්කෘතියක් පැවතීම රටක ප්‍රජාතන්ත්‍රවාදයට මහත් සවියක් බව මේ අත්දැකීමෙන් අපට හොඳටම පෙනී යනවා.’

How the Internet Saved Turkey’s Internet-Hating President

People stand on a Turkish army tank in Ankara on July 16 - Reuters
People stand on a Turkish army tank in Ankara on July 16 – Reuters

සිවුමංසල කොලූගැටයා #275: විද්‍යුත් හැඳුනුම්පත (eNIC) ගැන විවෘත සංවාදයක් ඕනෑ!

In this week’s Ravaya column (appearing in the print issue of 17 July 2016), I discuss Sri Lanka govermment’s recently announced plans to introduce an electronic National Identity Card (e-NIC) replacing the current, mandatory NIC based on a system that was launched in 1971.

The Department of Registration of Persons (the ID card office) is to start collecting fingerprints to issue 16.5 million electronic identity cards (eNICs) in 2016 that will contain biometric security features such as fingerprints. According to media reports, fingerprints are to be collected manually at 331 district and divisional level units and scanned and entered into a national register.

But we should be asking some critical questions about this initiative that collects biometric data of all citizens. Is the government capable of ensuring data security of this massive database? Can it be misused for citizen surveillance in the hands of an authoritarian regime?

Deploying modern technology is fine, but that must be accompanied by adequate human rights safeguards and a political culture that treats citizen data with respect. And there needs to be judicial oversight.

What about a similar, but much larger scale, biometrics-driven ID project in neighbouring India? In recent years, India’s unique identification number project (Aadhaar) has been criticised by privacy activists for its inadequate safeguards. Considered to be the world’s largest national identification number project, it aims to collect biometric and demographic data of all residents, store them in a centralised database and issue a 12-digit unique number.

As SciDev.Net reported on 3 June 2016: “Aadhaar…received statutory backing in March 2016 after five years of political wrangling. Finally the present government moved it as a money bill to prevent it being stopped in the Rajya Sabha (upper house of parliament). Opposition leaders have challenged the move as unconstitutional in the Supreme Court.

“The court’s existing view on Aadhaar is that biometric identification should be voluntary. On 23 September 2013, the court ordered that ‘no person should suffer for not getting Aadhaar’.  Yet, since introduction, Aadhaar has been creeping up on India’s 1.3 billion population with service after service being made unavailable to citizens who are not enrolled.”

SciDev.Net added that the main objections to Aadhaar are no different from objections that have come up in other countries and they have to do with privacy. In the UK, plans to issue biometric national identity cards were dropped in January 2011 and there has been opposition enough in the US to slow down implementation of the ‘Real ID’ scheme.

See my English column in SciDev.Net 31 July 2015: Reality Checks on South Asia’s Digital Drive

See also: Analyis by Centre for Internet and Socoiety in Jan 2011: Analysing the Right to Privacy and Dignity with Respect to the UID

March 2016: Commissioner-General of Dept of Registratoion of Persons, R.M.S. Sarath Kumara, holds up an old NIC and one with computerised features which he says is the steppingstone to the eNIC Image source: http://www.sundaytimes.lk/140316/news/fingerprint-collection-to-begin-for-enics-89424.html
March 2016: Commissioner-General of Dept of Registratoion of Persons, R.M.S. Sarath Kumara, holds up an old NIC and one with computerised features which he says is the steppingstone to the eNIC
Image source: http://www.sundaytimes.lk/140316/news/fingerprint-collection-to-begin-for-enics-89424.html

යුද්ධය හමාර වී වසර හතක් ගියත්, හැම දේටම ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටීමේ පුරුද්ද රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ආයතනවල තවමත් දැකිය හැකියි.

එසේම අමුත්තන්ගේ හැඳුනුම්පත් අංක හා අන් තොරතුරු ලියමින් කෙතරම් පොත් ප්‍රමාණයක් මේ ආයතනවල පුරවනවාද? මේ හරහා කිසිවකුගේ ආරක්ෂාව වැඩි වනවාද?

මෙරට අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ හැඳුනුම්පත් භාවිත කැරෙනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත 1968දී සම්මත කෙරුණත්, හැඳුනුම්පත් අනිවාර්ය වූයේ 1971 කැරැල්ලෙන් පසුවයි. මෑතදී වියෝ වූ ඩී. බී. නිහාල්සිංහ සූරීන්ගේ අධීක්ෂණය යටතේ රජයේ චිත්‍රපට අංශයේ චිත්‍ර ශිල්පී ජී. රත්නායක විසින් 1971දී කරන ලද රූප සැලසුම මේ වන තුරුත් යොදා ගන්නවා.

එහෙත් ළඟදීම මෙය වෙනස්වීමට නියමිතයි. වැඩි තොරතුරු ගබඩා කළ විද්‍යුත් හැඳුනුම්පතක් (e-NIC) නිකුත් කිරීමට රජය තීරණය කොට තිබෙනවා.

වසර කිහිපයක් තිස්සේ කතාබහ කෙරුණු මෙය රුපියල් බිලියන 8ක වියදමින් එළැඹෙන මාසවල ක්‍රියාත්මක වනු ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා මෑතදී මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණා.

දැනට පවතින පුද්ගල තොරතුරුවලට (නම, ලිපිනය, උපන් දිනය ආදිය) අමතරව පවුලේ විස්තරත්, ජෛවමිතික දත්තත් (biometric data) අලුත් හැඳුනුම්පත්වල ගබඩා කැරෙන බවත්, එම අමතර හොරතුරු කියවිය හැක්කේ අවසරලත් ආයතනවල සුවිශේෂී යන්ත්‍රවලට පමණක් බවත් දෙපාර්තමේන්තුව කියනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව මේ නව ස්මාට් කාඩ්පතෙහි යම් තොරතුරු ප්‍රමාණයක් බැංකුවලට කියවීමට හැකි ලෙසත්, සම්පූර්ණ තොරතුරු රහසිගතව පවතින ලෙසත් විධිවිධාන යෙදෙනු ඇති. එම මුළු තොරතුරු කියවිය හැක්කේ අදාළ පුද්ගලයාගේ අනුමැතිය ඇතිව හෝ අධිකරණ නියෝගයක් මත හෝ පමණයි.

ජෛවමිතිය (biometrics) කියන්නේ මිනිස් සිරුරේ ලක්ෂණ හසු කර ගැනීමයි. ඇතැම් ලක්ෂණ මානවයන් දෙදෙනකුගේ එක සමාන වන්නේ නැහැ (පෙනුමෙන් සමාන නිවුන් දරුවන්ගේ වුවත්). මේ නිසා අනන්‍යතාව තහවුරු කර ගැනීමට ජෛවමිතිය යොදා ගත හැකියි.

වඩාත් ප්‍රකට ජෛවමිතික අනන්‍යතා සාධකය නම් ඇඟිලි සලකුණුයි. දැනට සියවසක් පමණ කාලයක් තිස්සේ අපරාධ විමර්ශනයට හා අත්සන් කිරීමට නොහැකි අයට විකල්පයක් ලෙසට ඇඟිලි සලකුණු යොදා ගන්නවා.

මෙයට අමතරව වඩා මෑත කාලයේ අනන්‍යතා සාධක ලෙස ඇසේ කළු ඉංගිරියාවේ හෙවත් තාරා මණ්ඩලයේ රටාව (iris pattern)” සමස්ත හස්තයේ මුද්‍රාව, ඇසේ දෘෂ්ටි විතානයේ (retina pattern) රටාවන්, මුහුුණු හඳුනාගැනීම (face recognition) හා රුධිරයේ DNA පරීක්ෂාවද යොදා ගන්නවා.

Modern biometric identification modes. Image source: http://www.schwarzforensic.com/bi.php?pageid=245
Modern biometric identification modes.
Image source: http://www.schwarzforensic.com/bi.php?pageid=245

දැනටමත් අලුත් පාස්පෝට්වලට ජෛවමිතික දත්ත ඇතුලු කරන අතර සමහර රටවලට යාමට වීසා නිකුත් කිරීමට පෙරද ඒවා වාර්තා කර ගන්නවා.

ජෛවමිතික දත්ත ලබා ගැනීම, ගබඩා කිරීම හා භාවිතය සීරුවෙන් කළ යුත්තක්. හේතුව මේ දත්ත හරහා අදාළ පුද්ගලයාගේ ජානමය හා සෞඛ්‍යමය පසුබිම අනාවරණය වීමයි.

එසේම අනවසරයෙන් ඇතැම් පුද්ගලයන්ව හොර රහසේ ආවේක්ෂණයට ලක් කිරීමටද මේ දත්ත යොදා ගත හැකියි.

මේ නිසා ජෛවමිතික දත්ත ලබා ගන්නා සෑම විටම එය පැහැදිලි නීතිමය හා නියාමන රාමුවක් තුළ සිදු කිරීමට පරිණත ප්‍රජාත්ත්‍රවාදයක් පවතින රටවල ක්‍රියා කරනවා.

විද්‍යුත් හැඳුනුම්පත තුළින් ලැබෙන ප්‍රයෝජන ලෙස දෙපාර්තමේන්තු වෙබ් අඩවිය කියන්නේ අනන්‍යතාව ඉතා පහසුවෙන් තහවුරු කළ හැකි වීම, රජය මගින් සපයන සේවාවන් කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට ඉවහල් වීම, ආරක්ෂාව තහවුරු කිරීමට උපකාරී වීම, පවුලේ තොරතුරු සනාථ කිරීමට අවශ්‍ය වූ විට හැඳුනුම්පත හරහා එය කළ හැකි වීම ආදියයි.

මේ ප්‍රතිලාභ ගැන තර්කයක් නැහැ. එහෙත් මෙයට අදාළ වෙබ් පිටුවේ ජාතික ආරක්ෂාව යළි යළිත් අවධාරණය කර තිබෙනවා.

නවීකරණය අවශ්‍ය බවට විවාදයක් නැහැ. එහෙත් අපේ සියලු තොරතුරු හා ජෛවමිතික දත්ත මෙසේ එක් තැන් වීමේදී දත්ත ආරක්ෂාව (data protection) ගැන රජයට මුළුමනින් සහතික විය හැකිද? මේවා හැකර්ලා (පරිගණකවලට අනවසරයෙන් පිවිසෙන්නන්) හරහා පිට ගියොත් කුමක් විය හැකිද?

e-NIC කාඩ් එකට රේඩියෝ සංඛ්‍යාත හරහා හඳුනා ගැනීමේ කුඩා උපාංගයක්ද (Radio-frequency identification, RFID) ඇතුළු කරනවාද යන්න තවම පැහැදිලි නැහැ.  එසේ කළොත් එය දරන්නා යන එන තැන් අවශ්‍ය නම් රජයට ට්‍රැක් කළ හැකියි.

ජාතික ආරක්ෂාවේ මුවාවෙන් දරුණු ලෙස විරුද්ධවාදීන් ආවේක්ෂණය කළ රාජපක්ෂ රජය වැනි මර්දනකාරී තන්ත්‍රයක් අතට මෙරට ජනයාගේ ජෛවමිතික දත්ත පත් වීමේ අවදානම කෙතරම්ද?

මෙහිදී ඉන්දියාවේ වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වන ආන්දෝලනාත්මක හඳුනා ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිය ගැන කරුණු විමසීම වැදගත්. එරට ක්‍රියාකාරිකයින් හා අධිකරණය මෙයට මැදිහත්ව සිටින ආකාරය අපට ආදර්ශයක්.

ආධාර් (Aadhaar) ව්‍යාපෘතිය යටතේ හැම ඉන්දියානු පුරවැසියකුටම නොම්මර 12කින් සමන්විත අනන්‍ය අංකයක් (unique identification number) නිකුත් කිරීමට නියමිතයි.

Aadhaar Logo
Aadhaar Logo

මෙය ජීවිත කාලය පුරා පවතින, රජය සමග කරන සියලු ගනුදෙනුවලට අවශ්‍ය වන අංකයක්. එයට අමතරව බැංකු සේවා, දුරකථන සේවා ආදිය ලබා ගැනීමේදීත් ඉදිරියේදී මෙය හැඳුනුම්පත් අංකයක් මෙන් යොදා ගත හැකියි.

ආධාර ව්‍යාපෘතිය ඇරඹුණේ 2009 ජනවාරියේ. එහි ඉලක්කය බිලියන 1.2කට වැඩි ඉන්දියානුවන් ආවරණය කිරීම නිසා මෙය ලෝකයේ විශාලතම හැඳුනුම්පත් ව්‍යාපෘතිය වනවා.

මේ යටතේ හැම පුරවැසියකුගේම ඡායාරූපය, අතේ ඇඟිලි දහයේම සලකුණු හා ඇස් දෙකෙහිම තාරා මණ්ඩලයේ පරිලෝකනයක් (ස්කෑන් එකක්) වාර්තාගත කරනවා. රට පුරා සිය ගණනක් ඒකක හරහා හසු කර ගන්නා මේ දත්ත රාජ්‍ය පරිගණක ජාලයක ආරක්ෂිතව තැන්පත් කරන බව ආධාර් පාලකයෝ කියනවා.

ආධාර් ව්‍යාපෘතියට පෙරද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට විවිධ ඉන්දිය රජයන් තැත් කළත් ඒවා සාර්ථක වූයේ නැහැ.

කිසිදු ආකාරය හඳුනා ගැනීමේ නිල ලියවිල්ලක් නොමැති මිලියන් සිය ගණනක් ඉන්දියානුවන් සිටිනවා. ඔවුන්ට බැංකු ගිණුම් ඇරඹීමට, වෙනත් නූතන සේවා හා පහසුකම් ලබා ගැනීමට මෙය බාධකයක්.

Nandan Nilekani - photo courtesy India Today
Nandan Nilekani – photo courtesy India Today

එසේම අනන්‍යතාව නිශ්චිත නොවීම නිසා දුගී ජනයාට ලැබෙන සහනාධාර බොහෝ විට වංචනික අතරමැදියන් විසින් සොරාගනු ලබනවා. මාස්පතා කෝටි ගණනක් රාජ්‍ය මුදල් බිම් මට්ටමේදී වංචනිකව අපතේ යනවා.

ආධාර් අංකයක් ලබන අයකුට එය භාවිත කරමින් බැංකු ගිණුමක් ඇරඹීමටත්, එම ගිණුමට රජයේ වැටුප්, විශ්‍රාම වැටුප් හෝ (තමාට හිමි) සහනාධාර ඍජුව ලැබීමට සැලසීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.

ආධාර් අරඹමින් පසුගිය ඉන්දීය රජය කීවේ මේ අනන්‍ය අංකය හරහා සියලු රාජ්‍ය සේවා හා ඇතැම් වෙළඳපොළ සේවාද සංවිධානය වනු ඇති බවයි. රාජ්‍ය මුදල් ගසා කෑම අවම වනු ඇති බවයිග

තාක්ෂණය පෙරටු කරගත් ආධාර් ව්‍යාපෘතිය මෙහෙයවීමට එහි සභාපති ලෙස ලෝ ප්‍රකට ඉන්දියානු තොරතුරු තාක්ෂණවේදී හා ව්‍යාපාරික නන්දන් නිලේකානි (Nandan Nilekani)  පත් කෙරුණේ 2009 ජුනි මාසයේ. එතැන් සිට 2014 මාර්තු දක්වා ඔහු එම තනතුර දරමින් ක්‍රියා කළ අතර කළමනාකාරීත්වය අතින් දක්ෂ වුවද හිතුමතේ ක්‍රියාකරන බවට චෝදනා එල්ල වුණා.

ආධාර් ව්‍යාපෘතියට නිසි නීතිමය ආවරණයක් නොතිබීම ඔහුට ප්‍රශ්නයක් වූයේ නැහැ. එය ගැසට් ප්‍රකාශනයකින් පිහිටුවන ලද ආයතනයක් මිස පනතකින් ස්ථාපිත කළ එකක් නොවෙයි. දේශපාලන අනුග්‍රහය ලද සුපිරි ව්‍යාපෘතියක් ලෙස විරෝධතා නොතකා එය ඉදිරියට ගියා.

ආධාර් ව්‍යාපෘතියේ පරිපාලන ආයතනය වන අනන්‍ය හඳුනා ගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India, UIDAI) නම් ආයතනය නීතිගත කිරීමට පනතක් ටික කලක සිට ඉන්දීය පාර්ලිමේන්තුව හමුවේ තිබුණා. 2016 මාර්තු 11දා එය මුදල් පනතක ස්වරූපයෙන් සම්මත කරගනු ලැබුවා. මුඛ්‍ය අරමුණ රජයේ මුදල් ගෙවීම හා සහනාධාර ඉලක්කගතව බෙදාහැරීමයි.

Aadhaar is heavily promoted in India using advertisements like this one. Image source: www.aadharcard.info
Aadhaar is heavily promoted in India using advertisements like this one. Image source: http://www.aadharcard.info

ජෛවමිතික දත්ත ලබාගැනීම හරහා පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට (privacy) හානි විය හැකිය යන්න ආධාර් ව්‍යාපෘතිය ගැන එරට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට තිබෙන ලොකුම විවේචනයයි. 2014 අප්‍රේල් මැයි මැතිවරණයෙන් ආණ්ඩු මාරුවක් සිදු වුවත් ව්‍යාපෘතිය දිගටම ඉදිරියට යනවා.

ඉන්දියාවේ පවතින යල් පැන ගිය නීති මගින් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය නොරැකෙන බවත්, එවන් පසුබිමක අනන්‍ය වූ ජෛවමිතික දත්ත රැසක් ගබඩා කිරීම එම තොරතුරු අවභාවිතයට මඟ පාදන ක්‍රියාකාරිකයන් කියනවා.

සිදු විය හැකි අවභාවිතයන් කොටස් දෙකකට වර්ග කළ හැකියි. එකක් නම් ආධාර් දත්ත ගබඩාවේ ඇති පෞද්ගලික තොරතුරු, රජයේම වෙනත් ආයතන හා හමුදාව විසින් ලබා ගෙන රහසිගතව පුරවැසි ආවේක්ෂණය සිදු කිරීමයි. දේශපාලන විරුද්ධවාදීන් හා රජය විවේචනය කරන නිර්දේශපාලනික ක්‍රියාකාරිකයන් ට්‍රැක් කිරීමටත්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය හාරා අවුස්සා දුර්වල තැන් සොයා ගැනීමටත් හැකි වීමේ අවදානමක් තිබෙනවා.

දෙවැනි අවදානම නම් මේ තොරතුරු වාණිජ සමාගම්  හෝ අන්තවාදී සන්විධාන අතට හොරෙන්ම පත් වීමයි.

2013 සැප්තැම්බරයේ සිට කිහිප වතාවක්ම ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත්තේ රාජ්‍ය වැටුප්, විශ්‍රාම වැටුප් හා වෙනත් සහනාධාර හිමි අයට ඒවා ලැබීමට ආධාර් අංකය අත්‍යවශ්‍ය නොවිය යුතු බවයි.

කිසිදු පුරවැසියකුගේ ජෛවමිතික තොරතුරු ඔහු/ඇයගේ කැමැත්තෙන් තොරව හසු කර නොගත යුතු බවට හා ‘ආධාර් ව්‍යාපෘතියට සම්බන්ධ නොවූ පමණට තමන්ට ලැබිය යුතු ගෙවීම් කිසිවකුට නොගෙවා සිටීමට බැරි බවට’ ද ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියා.

ආධාර් කාඩ් නොමැතිව වුවද ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට (ඡන්දදායක ලේඛනයේ සිටින සියලු අයට) ඉන්දීය මැතිවරණ කොමිසම පැහැදිලි නිල ප්‍රකාශයක් කර තිබෙනවා.

එහෙත් අනෙක් රාජ්‍ය ආයතන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකමින් ආධාර් අංක දිගටම ඉල්ලීම් කරනවා. ආධාර් කාඩ්පතක් නැතිනම් රජයේ රෝහලකින් හදිසි ප්‍රතිකාරයක්වත් ලබන්නට නොහැකි වන තරමට එය පරිපාලකයන් ඉල්ලීමට පටන්ගෙන ඇති බවයි ක්‍රියාකාරිකයෝ කියන්නේ. මෙය මානව හිමිකම් ප්‍රශ්නයක් වෙලා.

ආර්ථීක විද්‍යාඥ රීතිකා සෝරා කියන්නේ ආධාර් කාඩ්පත් නොමැතිව වුවද වඩාත් කාර්යක්ෂම පරිපාලනයක් හරහා වංචා අවම කිරීමට හැකි බවයි. ආධාර් කාඩ් නැති දුගී ජනයාට ලැබිය යුතු දීමනා නොදීම බරපතළ අසාධාරණයක් බවත්, ඇති හැකි අයට තිබෙන සියලු අයිතිවාසිකම් නැති බැරි අයටද තිබිය යුතු බවත් ඇය කියනවා.

Aadhaar citizen awareness efforts
Aadhaar citizen awareness efforts

මා දන්නා හඳුනන මධ්‍යම පාංතික නාගරික ඉන්දියානුවන් සමහරෙක් තමන් ආධාර් කාඩ්පත් ලැබීමට සියලු ජීවමිතික දත්ත රජයට දීමට සූදානම් නැතැයි යන ස්ථාවරයේ සිටිනවා.

ආධාර් ව්‍යාපෘතියට එරෙහිව අධිකරණයට ගිය සමාජ ක්‍රියාකාරිකයන් අතර හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලක නිලධාරිනී හා තොරතුරු අයිතිය පිළිබඳ ඉන්දියානු පුරෝගාමී අරුණා රෝයි (Aruna Roy) ද සිටිනවා.

ඇගේ පෙත්සමේ එක් ප්‍රධාන තර්කයක් වූයේ ජෛවමිතික දත්ත එකතු කිරීමට පුද්ගලික අංශයේ ආයතනවලට කොන්ත්‍රාත් දීමයි.

‘ලොව පුරාම සමාගම් මිනිසුන්ගේ පෞද්ගලික තොරතුරු එකතු කර ඒවා අලෙවිකරණ හා වෙනත් වාණිජ අරමුණුවලට අවභාවිත කරන්න තැත් කරනවා. නිසි අධීක්ෂණයක් නැති ඉන්දියාව වැනි රටක මේ ජෛවමිතික දත්ත පිට යාමට ලොකු ඉඩක් තිබෙනවා. රහසිගතභාවය රජය විසින් සුරකින බවට දෙන සහතිකය අපට විශ්වාස නැහැ.’ ඇය 2013දී කියා සිටියා.

නව තාක්ෂණයට එරෙහි වෙලා වැඩක් නෑ. නමුත් ප්‍රවේශමින් පාවිච්චි කල යුතුයි.

[Op-ed] RTI in Sri Lanka: It took 22 years, and journey continues

My op-ed essay on Right to Information (RTI) in Sri Lanka, published in the International Federation of Journalists (IFJ) South Asia blogsite (SAMSN Digital Hub) on 14 July 2016:

RTI in Sri Lanka - Nalaka Gunawardene op-ed published in IFJ South Asia blog, 14 July 2016
RTI in Sri Lanka – Nalaka Gunawardene op-ed published in IFJ South Asia blog, 14 July 2016

RTI in Sri Lanka:

It took 22 years, and journey continues

 By Nalaka Gunawardene

Sri Lanka’s Parliament debated the Right to Information (RTI) bill for two days (23 – 24 June 2016) before adopting it into law. No member opposed it, although some amendments were done during the debate.

If that sounds like an easy passage, it was preceded by over two decades of advocacy with various false starts and setbacks. A large number of Lankans and a few supportive foreigners share the credit for Sri Lanka becoming the 108th country in the world to have its own RTI (or freedom of information) law.

How we reached this point is a case study of campaigning for policy change and law reform in a developing country with an imperfect democracy. The journey deserves greater documentation and analysis, but here I want to look at the key strategies, promoters and enablers.

The story began with the change of government in Parliamentary elections of August 1994. The newly elected People’s Alliance (PA) government formulated a media policy that included a commitment to people’s right to know.

But the first clear articulation of RTI came in May 1996, from an expert committee appointed by the media minister to advise on reforming laws affecting media freedom and freedom of expression. The committee, headed by eminent lawyer R K W Goonesekere (and thus known as the Goonesekere Committee) recommended many reforms – including a constitutional guarantee of RTI.

Sadly, that government soon lost its zeal for reforms, but some ideas in that report caught on. Chief among them was RTI, which soon attracted the advocacy of some journalists, academics and lawyers. And even a few progressive politicians.

Different players approached the RTI advocacy challenge in their own ways — there was no single campaign or coordinated action. Some spread the idea through media and civil society networks, inspiring the ‘demand side’ of RTI. Others lobbied legislators and helped draft laws — hoping to trigger the ‘supply side’. A few public intellectuals helpfully cheered from the sidelines.

Typical policy development in Sri Lanka is neither consultative nor transparent. In such a setting, all that RTI promoters could do was to keep raising it at every available opportunity, so it slowly gathered momentum.

For example, the Colombo Declaration on Media Freedom and Social Responsibility – issued by the country’s leading media organisations in 1998 – made a clear and strong case for RTI. It said, “The Official Secrets Act which defines official secrets vaguely and broadly should be repealed and a Freedom of Information Act be enacted where disclosure of information will be the norm and secrecy the exception.”

That almost happened in 2002-3, when a collaboratively drafted RTI law received Cabinet approval. But an expedient President dissolved Parliament prematurely, and the pro-RTI government did not win the ensuing election.

RTI had no chance whatsoever during the authoritarian rule of Mahinda Rajapaksa from 2005 to 2014. Separate attempts to introduce RTI laws by a Minister of Justice and an opposition Parliamentarian (now Speaker of Parliament) were shot down. If anyone wanted information, the former President once told newspaper editors, they could just ask him…

His unexpected election defeat in January 2015 finally paved the way for RTI, which was an election pledge of the common opposition. Four months later, the new government added RTI to the Constitution’s fundamental rights. The new RTI Act now creates a mechanism for citizens to exercise that right.

Meanwhile, there is a convergence of related ideas like open government (Sri Lanka became first South Asian country to join Open Government Partnership in 2015) and open data – the proactive disclosure of public data in digital formats.

These new advocacy fronts can learn from how a few dozen public spirited individuals kept the RTI flames alive, sometimes through bleak periods. Some pioneers did not live to see their aspiration become reality.

Our RTI challenges are far from over. We now face the daunting task of implementing the new law. RTI calls for a complete reorientation of government. Proper implementation requires political will, administrative support and sufficient funds. We also need vigilance by civil society and the media to guard against the whole process becoming mired in too much red tape.

RTI is a continuing journey. We have just passed a key milestone.

Science writer and columnist Nalaka Gunawardene has long chronicled Sri Lanka’s information society and media development issues. He tweets at @NalakaG.

 

[Op-ed] Major Reforms Needed to Rebuild Public Trust in Sri Lanka’s Media

Text of an op-ed essay published in the Sunday Observer on 10 July 2016:

Major Reforms Needed to Rebuild Public Trust

in Sri Lanka’s Media

 By Nalaka Gunawardene

Sri Lanka’s government and its media industry need to embark on wide-ranging media sector reforms, says a major new study released recently.

Such reforms are needed at different levels – in government policies, laws and regulations, as well as within the media industry and profession. Media educators and trainers also have a key role to play in raising professional standards in our media, the study says.

Recent political changes have opened a window of opportunity which needs to be seized urgently by everyone who desires a better media in Sri Lanka, urges the study report, titled Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka.

Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka (May 2016)
Rebuilding Public Trust: An Assessment of the Media Industry and Profession in Sri Lanka (May 2016)

The report was released on World Press Freedom Day (May 3) at a Colombo meeting attended by the Prime Minister, Leader of the Opposition and Minister of Mass Media.

The report is the outcome of a 14-month-long research and consultative process. Facilitated by the Secretariat for Media Reforms, it engaged over 500 media professionals, owners, managers, academics, relevant government officials and members of various media associations and trade unions. It offers a timely analysis, accompanied by policy directions and practical recommendations. I served as is overall editor.

“The country stands at a crossroads where political change has paved the way for strengthening safeguards for freedom of expression (FOE) and media freedom while enhancing the media’s own professionalism and accountability,” the report notes.

Politicians present at the launch could only agree.

“The government is willing to do its part for media freedom and media reforms. But are you going to do yours?” he asked the dozens of editors, journalists and media managers present. There were no immediate answers.

Prime Minister Ranil Wickremesinghe speaks at the launch of 'Rebuilding Public Trust' report in Colombo, 3 May 2016 (Photo courtesy SLPI)
Prime Minister Ranil Wickremesinghe speaks at the launch of ‘Rebuilding Public Trust’ report in Colombo, 3 May 2016 (Photo courtesy SLPI)

Whither Media Professionalism?

The report acknowledges how, since January 2015, the new government has taken several positive steps. These include: reopening investigations into some past attacks on journalists; ending the arbitrary and illegal blocking of political websites done by the previous regime; and recognising access to information as a fundamental right in the 19th Amendment to the Constitution (after the report was released, the Right to Information Act has been passed by Parliament, which enables citizens to exercise this right).

These and other measures have helped improve Sri Lanka’s global ranking by 24 points in the World Press Freedom Index (https://rsf.org/en/ranking). It went up from a dismal 165 in 2015 index (which reflected conditions that prevailed in 2014) to a slightly better 141 in the latest index.

Compiled annually by Reporters Without Borders (RSF), a global media rights advocacy group, the Index reflects the degree of freedom that journalists, news organisations and netizens (citizens using the web) enjoy in a country, and the efforts made by its government to respect and nurture this freedom.

Sri Lanka, with a score of 44.96, has now become 141st out of 180 countries assessed. While we have moved a bit further away from the bottom, we are still in the company of Burma (143), Bangladesh (144) and South Sudan (140) – not exactly models of media freedom.

Clearly, much more needs be done to improve FOE and media freedom in Sri Lanka – and not just by the government. Media owners and managers also bear a major responsibility to create better working conditions for journalists and other media workers. For example, by paying better wages to journalists, and allowing trade union rights (currently denied in many private media groups, though enjoyed in all state media institutions).

Rebuilding Public Trust acknowledges these complexities and nuances: freedom from state interference is necessary, but not sufficient, for a better and pluralistic media.

It also points out that gradual improvement in media freedom must now to be matched by an overall upping of media’s standards and ethical conduct.

By saying so, the report turns the spotlight on the media itself — an uncommon practice in our media. It says that only a concerted effort by the entire media industry and all its personnel can raise professional standards and ethical conduct of Sri Lanka’s media.

A similar sentiment is expressed by Dr Ranga Kalansooriya, an experienced journalist turned media trainer who was part of the report’s editorial team (and has since become the Director General of the Department of Information). “Sri Lanka’s media freedom has gone up since January 2015, but can we honestly say there has been much (or any) improvement in our media’s level of professionalism?” he asks.

Media in Crisis

Tackling the dismally low professionalism on a priority basis is decisive for the survival of our media which points fingers at all other sections of society but rarely engages in self reflection.

Rebuilding Public Trust comes out at a time when Sri Lanka’s media industry and profession face many crises stemming from an overbearing state, unpredictable market forces and rapid technological advancements. Balancing the public interest and commercial viability is one of the media sector’s biggest challenges today.

The report says: “As the existing business models no longer generate sufficient income, some media have turned to peddling gossip and excessive sensationalism in the place of quality journalism. At another level, most journalists and other media workers are paid low wages which leaves them open to coercion and manipulation by persons of authority or power with an interest in swaying media coverage.”

Notwithstanding these negative trends, the report notes that there still are editors and journalists who produce professional content in the public interest while also abiding by media ethics.

Unfortunately, their good work is eclipsed by media content that is politically partisan and/or ethnically divisive.

For example, much of what passes for political commentary in national newspapers is nothing more than gossip. Indeed, some newspapers now openly brand content as such!

Similarly, research for this study found how most Sinhala and Tamil language newspapers cater to the nationalism of their respective readerships instead of promoting national integrity.

Such drum beating and peddling of cheap thrills might temporarily boost market share, but these practices ultimately erode public trust in the media as a whole. Surveys show fewer media consumers actually believing that they read, hear or watch.

One result: younger Lankans are increasingly turning to entirely web-based media products and social media platforms for obtaining their information as well as for speaking their minds. Newspaper circulations are known to be in decline, even though there are no independently audited figures.

If the mainstream media is to reverse these trends and salvage itself, a major overhaul of media’s professional standards and ethics is needed, and fast. Newspaper, radio and TV companies also need clarity and a sense of purpose on how to integrate digital platforms into their operations (and not as mere add-ons).

L to R - Lars Bestle of IMS, R Sampanthan, Ranil Wickremesinghe, Karu Paranawithana, Gayantha Karunathilake with copies of new study report on media reforms - Photo by Nalaka Gunawardene
L to R – Lars Bestle of IMS, R Sampanthan, Ranil Wickremesinghe, Karu Paranawithana, Gayantha Karunathilake with copies of new study report on media reforms – Photo by Nalaka Gunawardene

Recommendations for Reforms

The report offers a total of 101 specific recommendations, which are sorted under five categories. While many are meant for the government, a number of important recommendations are directed at media companies, journalists’ and publishers’ associations, universities, media training institutions, and development funding agencies.

“We need the full engagement of all stakeholders in building a truly free, independent and public interest minded pluralistic media system as a guarantor of a vibrant democracy in Sri Lanka,” says Wijayananda Jayaweera, a former director of UNESCO’s Communication Development Division, who served as overall advisor for our research and editorial process.

In fact, this assessment has used an internationally accepted framework developed by UNESCO, the United Nations Educational, Scientific and Cultural Organisation. Known as the Media Development Indicators (MDIs), this helps identify strengths and weaknesses, and propose evidence-based recommendations on how to enhance media freedom and media pluralism in a country. Already, two dozen countries have used this methodology.

The Sri Lanka study was coordinated by the Secretariat for Media Reforms, a multistakeholder alliance comprising the Ministry of Parliamentary Reforms and Mass Media; Department of Mass Media at University of Colombo; Sri Lanka Press Institute (SLPI); Strategic Alliance for Research and Development (SARD); and International Media Support (IMS) of Denmark.

We carried out a consultative process that began in March 2015. Activities included a rapid assessment discussed at the National Summit for Media Reforms in May 2015 (attended by over 200), interviews with over 40 key media stakeholders, a large sample survey, brainstorming sessions, and a peer review process that involved over 250 national stakeholders and several international experts.

Nalaka Gunawardene, Editor of Rebuilding Public Trust in Media Report, presents key findings at launch event in Colombo, 3 May 2016 - (Photo courtesy SLPI)
Nalaka Gunawardene, Editor of Rebuilding Public Trust in Media Report, presents key findings at launch event in Colombo, 3 May 2016 – (Photo courtesy SLPI)

Here is the summary of key recommendations:

  • Law review and revision: The government should review all existing laws which impose restrictions on freedom of expression with a view to amending them as necessary to ensure that they are fully consistent with international human rights laws and norms.
  • Right to Information (RTI): The RTI law should be implemented effectively, leading to greater transparency and openness in the public sector and reorienting how government works.
  • Media ownership: Adopt new regulations making it mandatory for media ownership details to be open, transparent and regularly disclosed to the public.
  • Media regulation: Repeal the Press Council Act 5 of 1973, and abolish the state’s Press Council. Instead, effective self-regulatory arrangements should be made ideally by the industry and covering both print and broadcast media.
  • Broadcast regulation: New laws are needed to ensure transparent broadcast licensing; more rational allocation of frequencies; a three-tier system of public, commercial and community broadcasters; and obligations on all broadcasters to be balanced and impartial in covering politics and elections. An independent Broadcasting Authority should be set up.
  • Digital broadcasting: The government should develop a clear plan and timeline for transitioning from analogue to digital broadcasting in television as soon as possible.
  • Restructuring state media: The three state broadcasters should be transformed into independent public service broadcasters with guaranteed editorial independence. State-owned Associated Newspapers of Ceylon Limited (Lake House) should be operated independently with editorial freedom.
  • Censorship: No prior censorship should be imposed on any media. Where necessary, courts may review media content for legality after publication. Laws and regulations that permit censorship should be reviewed and amended.
  • Blocking of websites: The state should not limit online content or social media activities in ways that contravene freedoms guaranteed by the Constitution and international conventions.
  • Privacy and surveillance: Privacy of all citizens and others should be respected by the state and the media. There should be strict limits to the state surveillance of private individuals and entities’ phone and other electronic communications.
  • Media education and literacy: Journalism and mass media education courses at tertiary level should be reviewed and updated to meet current industry needs and consumption patterns. A national policy is needed for improving media literacy and cyber literacy.

Full report in English is available at: https://goo.gl/5DYm9i

Sinhala and Tamil versions are under preparation and will be released shortly.

Science writer and media researcher Nalaka Gunawardene served as overall editor of the new study, and also headed one of the four working groups that guided the process. He tweets as: @NalakaG

සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

In this week’s Ravaya column (appearing in the print issue of 1 May 2016), I return to the topic of Sri Lanka’s new Right to Information (RTI) law that has recently been tabled in Parliament.

Over 15 years in the making, the RTI law is to be debated in June and expected to be adopted with multi-party consensus. The law represents a transformation across government by opening up hitherto closed public information (with certain cleared specified exceptions).

While media can also benefit from RTI, it is primarily a law for ordinary citizens to demand and receive information related to everyday governance (most of it at local levels). For this, citizens need to understand the RTI process and potential benefits. Media can play a major role in explaining RTI law, and promoting its use in many different ways to promote the public interest and to nurture a culture of evidence-based advocacy for good governance and public accountability.

In this column, I look at how RTI can benefit citizens, and share examples from other South Asian countries where even school children are using RTI to solve local level problems that affect their family, school or local community.

RTI Law is like a key that opens government information
RTI Law is like a key that opens government information

වසර 15ක පමණ සිවිල් සමාජ අරගලයකින් පසුව ශ‍්‍රී ලංකාවේ තොරතුරු අයිතිය තහවුරු කැරෙන නව නීතිය කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ සභාගත කොට තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ මෙය විවාදයට ගෙන සම්මත වීමට නියමිතයි.

2015 අපේ‍්‍රල් මාසයේ සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දැනටමත් තොරතුරු දැන ගැනීමේ අයිතිය මෙරට මූලික මානව අයිතියක් ලෙස පිළිගෙන හමාරයි. මේ නීතිය කරන්නේ එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදය බිහි කිරීමයි.

එසේම තොරතුරු අයිතියට අදාළ වන්නේ කුමන රාජ්‍ය ආයතන හා කිනම් ආකාරයේ තොරතුරුද, හෙළිදරව් කළ නොහැකි තොරතුරු වර්ග මොනවාද (ව්‍යතිරේක) හා හෙළිදරව් කළ යුතු තොරතුරු නොදී සිටින රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පුරවැසියන්ට ගත හැකි පරිපාලනමය ක‍්‍රියාමාර්ග මොනවාද ආදිය මේ පනතෙන් විස්තර කැරෙනවා.

මේ කෙටුම්පත භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙන් බලාගත හැකියි. http://www.parliament.lk/uploads/bills/gbills/english/6007.pdf

මේ හැකියාව තිබියදීත් පනත් කෙටුම්පත නොකියවා අනුමාන හෝ  ඕපාදුප මත පදනම් වී මේ ගැන දුර්මත පතුරු වන අයත් සිටිනවා. (මෑතදී මට දුරකථනයෙන් කතා කළ එක් ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙක් ඇසුවේ තොරතුරු පනත මගින් මාධ්‍යවේදීන්ට හා සෙසු පුරවැසියන්ට දඬුවම් දීමට අදහස් කරනවාද කියායි!)

තොරතුරු අයිතිය හා නීතිය ගැන මීට පෙර කිහිප වතාවක් අප මේ තීරු ලිපියේ සාකච්ඡා කළා. යළිත් මේ තේමාවට පිවිසෙන්නේ තවමත් මේ සංකල්පය ලක් සමාජයට ආගන්තුක නිසායි.

ලෝකයේ මුල්ම තොරතුරු නීතිය සම්මත වී 2016ට වසර 250ක් සපිරෙනවා. 1766දී එම නීතිය හඳුන්වා දුන්නේ ස්වීඩනයේ. එදා මෙදාතුර රටවල් 100කට වැඩි ගණනක තොරතුරු නීති සම්මත කරගෙන තිබෙනවා.

අපේ සාර්ක් කලාපයේ තොරතුරු නීතියක් නොමැතිව සිටි එකම රට ශ‍්‍රී ලංකාවයි. ශිෂ්ට සම්පන්න ජන සමාජයකට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයකට අත්‍යවශ්‍ය යැයි සැලකෙන මේ නීතිය ප‍්‍රමාද වී හෝ අපට ලැබීම හොඳයි. එහෙත් මේ නීතිය සාර්ථක වන්නේ එය ගැන සමස්ත ජන සමාජයම දැනුවත් හා උද්‍යෝගිමත් වූ විට පමණයි.

බොහෝ නීති පනවන්නේ රජයට යම් ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගන්න. එහෙත් තොරතුරු නීතිය මහජනයා අතට ලැබෙන, ඔවුන් බලාත්මක කළ හැකි නීතියක්.

A009-001(1)

තොරතුරු නීතිය මාධ්‍යවේදීන් සඳහා යයි මතයක් පවතිනවා. හිටපු ජනාධිපතිවරයා වරක් කතුවරුන් අමතමින් කීවේ ‘ඔබට තොරතුරු නීතියක් මොකටද?  ඕනෑ දෙයක් මගෙන් අහන්න’ කියායි!

මාධ්‍යවේදීන්ටද තොරතුරු නීතිය උපකාර වෙතත් තමන්ට අවශ්‍ය සැඟවුණු තොරතුරු සොයා යෑමේ උපක‍්‍රම ඔවුන් සතුව තිබෙනවා. එවැනි ආයතනික හෝ සිවිල් බලයක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ට රාජ්‍ය ආයතන සතු තොරතුරු ඉල්ලා ලබාගන්නට අයිතියක් තහවුරු කරන්නේ තොරතුරු නීතිය මගින්.

මහජන මුදලින් නඩත්තු කැරෙන මහජන සේවයට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකලාපය විමර්ශනය කිරීමට එම මහජනයාට ඇති අයිතිය තහවුරු කිරීමයි  තොරතුරු නීතිය මගින් කරන්නේ.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එහි තමන්ට තිබෙන ප‍්‍රායෝගික වැදගත්කම හා එය භාවිතය ගැන මහජනයා දැනුවත් වූ තරමටයි.

නීතිඥ ගිහාන් ගුණතිලක 2014දී ලියූ, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය පළ කළ තොරතුරු නීතිය පිළිබඳ අත්පොතෙහි මේ ප‍්‍රයෝජන උදාහරණ කිහිපයකින් පැහැදිලි කරනවා.

උදාහරණ 1: අපේ නිවෙස ඉදිරියෙන් දිවෙන පාර අබලන් වී තිබූ නිසා එය පිළිසකර කරනු ලබනවා. එහෙත් එහි ප‍්‍රමිතිය හා නිමාව සැක සහිතයි. මේ ගැන පුරවැසියන් ලෙස අපට කුමක් කළ හැකිද?

තොරතුරු අයිතිය යටතේ පාර පිළිසකර කිරීමට අදාළ පළාත් පාලන ආයතනයෙන් හෝ මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ විමසිය හැකි වනවා. ඒ සඳහා කොපමණ මහජන මුදල් ප‍්‍රතිපාදන වෙන් කළාද, කොන්ත‍්‍රාත් දීමට ටෙන්ඩර් කැඳ වූවාද, වැය කළ මුදල් ද්‍රව්‍යවලට හා වේතනවලට බෙදී ගියේ කෙසේද ආදි සියල්ල හෙළි කිරීමට අදාළ ආයතනයට සිදු වනවා.

බොහෝ විට මේ තොරතුරු පිටු රැසකින් සමන්විත ෆයිල් එකක් විය හැකියි. එය ලද පසු අධ්‍යයනය කොට මහජන මුදල් නිසි ලෙස වැය වී ඇත්ද හා එසේ නැතිනම් ඇයිද යන්න දත හැකියි. මේ දක්වා සැකය හා අනුමානය පදනම් කර ගෙන කළ තර්ක හා චෝදනා මින් පසු තොරතුරු සාක්ෂි මත පදනම්ව කළ හැකි වනවා.

උදාහරණ 2: හැම වසරකම රටේ මහත් ආන්දෝලනයක් ඇතිකරන ක‍්‍රියාදාමයක් නම් රජයේ පාසල්වලට දරුවන් ඇතුළු කර ගැනීමයි. ක‍්‍රමවේදයක් ස්ථාපිත කොට තිබෙත්, නිසි පාරදෘශ්‍යභාවයක් නැති නිසා අක‍්‍රමිකතා හා දුෂණ රැසකට ඉඩ පෑදී තිබෙනවා.

තොරතුරු නීතිය යටතේ මේ ක‍්‍රමවේදය ගැන  ඕනෑම රජයේ පාසලකින් විස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසි අපට හැකි වනවා. දරුවන් ඇතුළු කිරීමට යොදා ගත් නිර්ණායක මොනවාද, ඉල්ලූම් කළ සමස්ත සංඛ්‍යාව අතරින් තෝරා ගත් දරුවන් ඒ නිර්ණායක සියල්ල සපුරා සිටියාද, ප‍්‍රතික්ෂේප කිරීමට නිශ්චිත හේතු මොනවාද ආදි සියලූ තොරතුරු හා තීරණ හෙළි කරන ලෙස තොරතුරු නීතිය යටතේ අපට බල කළ හැකියි.

උදාහරණ 3: ගොවිතැන් වැඩිපුර කරන ප‍්‍රදේශයක ගොවීන්ට ජලය ලබා දීමට නව ඇළ මාර්ග ඉදි කිරීමට මහජන මුදල් වෙන් කැරෙනවා. එය එසේ කළ බවත්, මාධ්‍ය හරහා වාර්තා වනවා. එහෙත් මාස හා වසර ගණනක් ගෙවී ගියත් ඇළ මාර්ග ඉදි වන්නේ නැහැ. කුමක් වූවාදැයි නොදැන ගොවීන් වික්ෂිප්තව සිටිනවා.

තොරතුරු නීතිය යටතේ තව දුරටත් නොදන්නාකමින් හා අවිනිශ්චිත බවින් කල් ගෙවිය යුතු නැහැ. වාරි ඇළ මාර්ග සඳහා වෙන් කළ ප‍්‍රතිපාදනවලට කුමක් වූවාද,  එය වෙනත් දෙයකට යොදා ගත්තාද, නැතිනම් වැය නොකිරීම නිසා යළිත් භාණ්ඩාගාරයට ගියාද, එසේ නම් ඒ සඳහා වගකිව යුත්තේ කවුද ආදි මේ සියල්ල ගැන පරිපාලන තොරතුරු  ඕනැම පුරවැසියකු ඉල්ලා සිටියොත් හෙළි කිරීමට අදාළ රාජ්‍ය ආයතනයට සිදු වනවා. එහිදී තොරතුරු ඉල්ලීම පීඩාවට පත් ගොවීන්ට පමණක් නොව සියලූ පුරවැසියන් සතු අයිතියක්.

උදාහරණ 4: රටේ බහුතරයක් ජනයා සෞඛ්‍ය සේවා සඳහා යන්නේ රජයේ රෝහල්වලට. මහජන මුදලින් නඩත්තු කැරෙන රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියේ අඩුපාඩු තිබෙනවා. වාර්ෂිකව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අති විශාල මුදලක් වෙන් කළත්, පරිපාලන දුර්වලතා නිසා හැම විටම නිසි ප‍්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

තමන්ට අදාළ රජයේ රෝහලක කටයුතු සිදු වන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි නම් ආයතනයේ පරිපාලන තොරතුරු ඉල්ලීමට නව නීතිය යටතේ පුරවැසියන්ට අයිතියක් ලැබෙනවා.

බෙහෙත් හිඟය, රෝග විනිශ්චයට උපකාර වන පරීක්ෂණ පහසුකම් ක‍්‍රියාත්මක නොවීම, වෛද්‍යවරුන් අනුයුක්ත නොකිරීම ආදි  ඕනෑම කරුණක් ගැන අනුමාන හා සැකයක් මත පදනම් වී චෝදනා කරනු වෙනුවට සැබෑ තොරතුරු ලබා ගෙන, ඒවා විමර්ශනය කොට වඩාත් නිවැරදි නිගමනවලට එළැඹීමට හැකි වනවා.

තවත් උදාහරණ  ඕනෑ තරම් අපට පරිකල්පනය කළ හැකියි.

Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka
Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka

රජයේ ආයතනයක ඇති වන පුරප්පාඩු පිරවීමේදී නිසි ක‍්‍රමවේදයක් අනුගමනය කළාද කියා දැන ගැනීමට එම තනතුරුවලට ඉල්ලූම් කළ, එහෙත් නොලද  ඕනෑම කෙනකුට හැකි වනවා. පොලිසිය සමග කැරෙන ගනුදෙනුවලදී දැනට වඩා පාරදෘශ්‍ය වීමට පොලිස් තන්ත‍්‍රයට තොරතුරු නීති හරහා බල කළ හැකියි.

තොරතුරු ඉල්ලා සිටින මහජනයා නොතකා සිටීමට හෝ අනවශ්‍ය ලෙස කල් දමමින් රස්තියාදු කිරීමට ඇති අවකාශ ඇහිරීම අලූතෙන් පිහිටුවීමට නියමිත තොරතුරු කොමිසමේ වගකීමයි. ව්‍යතිරේකවලට සම්බන්ධ නොවූ වෙනත්  ඕනෑම තොරතුරක් නොදී සිටින (මධ්‍යම, පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමේ) රාජ්‍ය ආයතන ගැන මෙකී තොරතුරු කොමිසමට පැමිණිලි කළ හැකි වනවා.

තොරතුරු නීතිය මෙවලමක් කර ගෙන යහපාලනය ඉල්ලා සිටීම පුරවැසි අප සැමගේ යුතුකමක් හා වගකීමක්.

තොරතුරු නීතිය ප‍්‍රාන්ත මට්ටමින් 1990 දශකයේ මැද භාගයේ පටන්ද ජාතික මට්ටමින් 2005 සිටද ක‍්‍රියාත්මක වන ඉන්දියාවේ එම නීතිවලින් වැඩිපුරම ප‍්‍රයෝජන ගන්නේ සාමාන්‍ය පුරවැසියෝ. මාධ්‍ය හෝ සිවිල් සංවිධානවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.

තොරතුරු අයිතිය බාල මහලූ, උගත් නූගත් හැම පුරවැසියෙකුටම හිමි වන්නක්. ඡන්ද බලය මෙන් යම් වයස් සීමාවකින් ඔබ්බට ගිය පසු ලැබෙන්නක් නොවෙයි.

foi-laws

ඉන්දියාවේ පාසල් සිසුන් හා ළාබාල දරුවන් පවා තොරතුරු නීතියෙන් ප‍්‍රයෝජන ගන්නවා. මේ ගැන රසවත් උදාහරණයක් ගිය වසරේ වාර්තා වුණා.

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරට සමීප නිසාමාබාද් දිස්ත‍්‍රික්කයේ වයස 10-12 අතර පාසල් සිසුන් තොරතුරු නීතිය යටතේ මහජන තොරතුරු ඉල්ලා අවස්ථා හතරකදී සාර්ථකව එය ලබා ගත්තා.

දස හැවිරිදි මනෝජ්ට තිබූ ප‍්‍රශ්නය බීඩි එතීමේ නිරත වූ මව්පියන්ගේ දරුවන්ට කම්කරු දෙපාර්තමේන්තුව දෙන ඉන්දියානු රුපියල් 1,000ක වාර්ෂික ශිෂ්‍යාධාරය නොලැබීමයි. මව්පියන් සුසුම් හෙළමින් සිටින අතර මනෝ්ජ් මේ අසාධාරණයට අදාළ තොරතුරු ඉල්ලා කම්කරු දෙපාර්තමේන්තුවට ගියා. මෙයින් කලබලයට පත් කම්කරු නිලධාරීන් ශිෂ්‍යාධාර හිඟ මුදල් ලබා දී ප‍්‍රමාදයට හේතු දක්වන ලියුමක් ද මේ දරුවාට යැව්වා.

මෙයින් දිරිමත් වූ මනෝජ් තම ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා එය ලබා ගත්තා. එයද තොරතුරු නීතිය යටතේයි.

මේ දෙස බලා සිටි ඔහුගේ පාසල් සගයෝ වෙනස් ප‍්‍රශ්න ගැන තොරතුරු ඉල්ලීම් ගොනු කරන්න පටන් ගත්තා. කවීතා නම් ළාබාල දැරිය තම ගමට හරියට බස් සේවාවක් නොතිබීමට හේතු විමසා සිටියා. අදාළ නිලධාරීන් ප‍්‍රතිචාර නොදැක් වූ විට ඇය තොරතුරු නීති ඉල්ලීමක් ගොනු කළා.

ප‍්‍රාන්ත රජයට හිමි බස් සමාගම මුලින් කීවේ එම මාර්ගයේ බස් ධාවනය පාඩු ලබන බවයි. එහෙත් දැරිය ඉල්ලූ තොරතුරුවලින් එය එසේ නොවන බව ගම්වාසීන්ට පෙනී ගියා. අන්තිමේදී බස් සේවය නැවත ස්ථාපිත කිරීමට රාජ්‍ය බස් සමාගමට සිදු වුණා. මේ නිසා ඒ ගමින් අවට පාසල්වලට යන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවුණා.

මෙවන් උදාහරණ විශාල ගණනක් ගෙවී ගිය දශකයේ ඉන්දියාවෙන් වාර්තාගතයි. අපට වඩා සාක්ෂරතාවෙන් අඩු ඉන්දීය මහජනයා මෙතරම් නිර්මාණශීලීව හා ධෛර්යමත්ව තොරතුරු නීතිය තම ප‍්‍රශ්න විසඳීමට යොදා ගන්නා සැටි තොරතුරු නීතිය ලැබීමට ආසන්න ලක් සමාජයට මාහැඟි ආදර්ශයක්.

සිවුමංසල කොලූගැටයා #265: 21 සියවසට තවමත් නොපිවිසි අපේ ටෙලිනාට්‍ය කර්මාන්තය

Photo by Louie Psihoyos, National Geographic
Photo by Louie Psihoyos, National Geographic

A popular TV programme genre in Sri Lanka that is being mass produced on the cheap is tele-dramas or television serials. Therein lies a problem: the local tele-drama industry is trapped in a vicious circle of low budgets and low production values. An estimated 5,000 to 6,000 Lankans who earn their living from this industry – as actors, script writers, directors and technical crew – are desperately searching for ways to break free.

So far, many have opted for the protectionist path. The Tele Makers Guild (TeleMG, http://telenisasl.org), an industry alliance, has been lobbying for the taxing of imported tele-dramas. They claim these are flooding the local market and undercutting their business.

In this week’s Ravaya column (appearing in the print issue of 24 April 2016), I discuss problems and challenges facing the tele-drama production industry of Sri Lanka.

As a viewer, I am opposed to cultural protectionism because it reduces my choice. So when TeleMG invited me as keynote speaker at their annual meeting held in early April, I urged them pursue the path of professionalism instead. Their big challenge, I said, is to make better shows with the existing budgets. That requires lots of creativity and resourcefulness.

I have written on this topic in English here:

Protectionism or professionalism: Choice for teledrama industry

(Echelon magazine, May 2016 issue)

See also related columns:

30 Oct 2011: සිවුමංසල කොලූගැටයා #38: පණ්ඩිතයන්ගෙන් ළදරු රූපවාහිනිය බේරා ගත් ටයි මාමා

 13 Feb 2012: සිවුමංසල කොලූගැටයා #53: අපේ ම ටෙලිවිෂන් කලාවක් දැන්වත් බිහි කරමු!

 5 October 2014: සිවුමංසල කොලූගැටයා #187: ජනප‍්‍රිය සංස්කෘතියට බය අපේ ප‍්‍රබුද්ධයෝ

ටෙලිවිෂන් මාධ්‍යයට ලැදි මා ටෙලිවිෂන් නරඹන්නේ (අනුපිළිවෙළින්) සරල රසවින්දනයට හා කාලීන තොරතුරු දැන ගැනීමට. මේ අවශ්‍යතා සපුරාලන  ඕනෑම දෙස් විදෙස් නාලිකාවක් මා නරඹනවා. විදෙස් ගත වන විට නොතේරෙන භාෂාවලින් පවා සිත් ගන්නා සුලූ ටෙලිවිෂන් වැඩසටහන් බලනවා.

Tele Makers Guild of Sri Lanka - logo
Tele Makers Guild of Sri Lanka – logo

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස) සිය 22 වන සංවත්සර සභාවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීමට අපේ‍්‍රල් මස මුලදී මට ඇරයුම් කළා.

ඇරයුම් කළ පිරිසගේ තාවකාලික ප‍්‍රමෝදයට හේතු වන උද්්‍යාගපාඨ හෝ සටන් පාඨ කියා ඔවුන් අබියස වීරයකු වීම මගේ සිරිත නොවෙයි. ඒ නිසා මේ කර්මාන්තය ගැන කෙටියෙන් මුත් අවංක විග‍්‍රහයක් කිරීමට මා තැත් කළා. එදා කී දේ හා කියන්නට වේලාව මදි වූ දේ අද ලිපියෙන් මා බෙදා ගන්නට කැමතියි.

ශ‍්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය සමස්තයක් ලෙස විචාරයක් කිරීමට තරම් පර්යේෂණාත්මක දැනුමක් මට නැහැ. එහෙත් දේශීයව නිර්මාණය වන ටෙලිවිෂන් අන්තර්ගතය රස විඳීමට කැමති, බොහෝ විට එම අපේක්ෂා ඉටු නොවීමේ අත්දැකීම සතු ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයකු ලෙසයි මා අදහස් දැක්වූයේ.

ටෙලිඩ‍්‍රාමා හා ටෙලිප්ලේ යන ඉංග‍්‍රීසි යෙදුම් ද සැලකිල්ලට ගෙන ‘ටෙලිනාට්‍ය’ වචනය බිහි කළේ එම ක්ෂේත‍්‍රයේ පුරෝගාමියකු වූ ධම්ම ජාගොඩයි. 1980 හා 1990 දශකවලදී ටෙලිනාට්‍ය මෙරට වඩාත්ම ජනප‍්‍රිය වැඩසටහන් ගණය බවට පත්වූවා. එයට දායක වුණේ කතා රසයෙන්, රංගනයෙන් හා නිෂ්පාදන ගුණාංගවලින් උසස් වූ ප‍්‍රසාංගික හා ඒකාංගික ටෙලිනාට්‍ය ගණනාවක්.

ශීඝරයෙන් වෙනස් වන ජන සමාජයක ආකල්ප හා රසඥතාව විවිධාකාරයි. මීට පරම්පරාවකට පෙර මෙන් එකම අච්චුවේ නිර්මාණ  ඕනෑ එකක් බාර ගන්නට අද පේරක්ෂකයන් සූදානම් නැහැ.

එසේම වාණිජකරණය ද අත්මිදිය නොහැකි ලෙස ටෙලිවිෂන් කර්මාන්තය පුරා විහිද පවතිනවා. පේ‍්‍රක්ෂකයන්ට නොමිලයේ බලන්නට විකාශ කරන නාලිකා සිය වියදම සම්පාදනය කරගන්නේ දැන්වීම් හා අනුග‍්‍රාහකයන් හරහා.

ඇන්ටෙනාවකින් හසු කරගත හැකි ජාතික මට්ටමේ (දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට පෙනෙන) ටෙලිවිෂන් නාලිකා දුසිමකට වඩා (භාෂා 3න්ම) මෙරට තිබෙනවා. මේ අතරින් සිංහලෙන් නිෂ්පාදිත හෝ සිංහලට හඬ කැවූ හෝ ටෙලිනාට්‍ය පෙන්වන නාලිකා 9ක් පමණ වනවා.

මේ සියල්ලම හසු කර ගත්තද තමන්ට රසවිඳීමට හැකි තරමේ ටෙලිනාට්‍ය තව දුරටත් බිහි වන්නේ නැතැයි මැසිවිල්ලක් සංවේදී පේ‍්‍රක්ෂකයන් අතරින් මතු වනවා. නාලිකා ගණන වැඩි වූවත්, ටෙලිනාට්‍ය පෙන්වන ගුවන් කාලය ඉහළ ගියත් පේ‍්‍රක්ෂකයන්ට ලැබෙන විවිධත්වය හා ගුණාත්මකබව දියුණු වී නැත්තේ ඇයි?

Image from www.freepress.net

දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයට වින කරන සාධක මොනවාද? ටෙලිනිස සභාපති අනුර මාධව ජයසේකර ප‍්‍රධාන සාධක තුනක් සඳහන් කරනවා.

  1. කේබල් ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් ^YouTube& හරහා විකල්ප රසාස්වාදන අවස්ථා පේ‍්‍රක්ෂකයන්ට මතුව ඒම.
  1. සිංහලෙන් හඬ කැවූ විදෙස් ටෙලිනාට්‍ය බොහෝ නාලිකාවල විකාශය වීම හා පේ‍්‍රක්ෂකයන් ඒවාට ආකර්ෂණය වීම.
  1. දේශීයව නිපදවන ටෙලිනාට්‍යවලට අසාධාරණ අඩු මිලක් ගෙවීමට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ටෙලිවිෂන් නාලිකා ගෙන යන ප‍්‍රතිපත්තිය.

තාක්ෂණයේ ප‍්‍රගමනය හා ගෝලීයකරණයට එරෙහිව කළ හැකි කිසිවක් නැහැ. විශේෂයෙන් තරුණ පරපුර නව සන්නිවේදන තාක්ෂණයට ලැදියි. ඔවුන් ඒ හරහා විදෙස් සිනමා හා ටෙලි නිර්මාණ නරඹනවා. ඒවායේ ආභාසයද ලබනවා. එසේම ටිකෙන් ටික තමන්ගේම නිර්මාණද වෙබ්ගත කරනවා.

මේ ප‍්‍රවණතාව තවමත් මුල් අදියරේ පැවතියත් ටෙලිවිෂන් නාලිකා මුළුමනින්ම නොතකා කෙළින්ම YouTube වෙත තම නිර්මාණ මුදාහරින ලාංකිකයන් සිටිනවා.

ඒ අතර ගප්පියා (www.youtube.com/user/gappiya) yd JehanR (www.youtube.com/user/jehanr) වැනි අය මේ වන විට පේ‍්‍රක්ෂක ජනාදරය දිනා ගෙන සිටිනවා.

විදෙස් නාට්‍ය මෙහි පැමිණීම හා හඬ කවා විකාශය වීම ගැන පේ‍්‍රක්ෂකයකු ලෙස මා සතුටුයි. මෙය අද ඊයේ නොව 1980 ගණන්වල ටයිටස් තොටවත්තයන් ඇරඹූ සම්ප‍්‍රදායක්.

විශ්ව සාහිත්‍ය කෘතීන් පරිවර්තන හරහා හෝ හඳුනා ගැනීම හොඳ නම් විදෙස් ටෙලිනාට්‍ය හඬ කවා මෙරට පෙන්වීමේ වරදක් ඇත්ද? මෙය තර්ක කළ හැකි කරුණක්. නමුත් චාරයක්, සීමාවක් නැතිව හඬ කැවීම් කිරීම දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයටත්, පේ‍්‍රක්ෂකයාටත් අහිතකරයි.

ටෙලිවිෂන් නාලිකා කියන්නේ හඬ කැවූ විදෙස් නාට්‍ය වඩාත් ජනප‍්‍රිය බවයි. මෙය මැනීමට භාවිත කරන ටෙලිවිෂන් තක්සේරු ක‍්‍රම (TV Ratings) දෙකක් මෙරට තිබෙනවා. ඒ දෙකෙහිම පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් නැහැ.

විදෙස් නාට්‍යවලට පේ‍්‍රක්ෂකයන් ලැදිවීම තේරුම් ගත හැකියි. ඉන්දියාව හා කොරියාව වැනි රටවල වැඩි වියදමක් දරා වඩා ඉහළ නිෂ්පාදන මට්ටමකින් නිම කරන ටෙලිනාට්‍ය සමග ඍජුව තරග කරන්නට දේශීය ටෙලිනාට්‍යවලට බැහැ.

දේශීය ටෙලිනාට්‍ය එක් අංගයකට (විනාඩි 20-22) නාලිකා විසින් ගෙවන ගණන රු. 90,000 සිට 200,000ක් පමණ වනවා. බහුතරයක් නාට්‍යවලට ගෙවන්නේ පරාසයේ අඩුම ගණනයි. නාලිකා කළමනාකරුවන් කියන්නේ ටෙලිනාට්‍ය බොහොමයක් තත්ත්වයෙන් බාල නිසා මීට වඩා ගෙවිය නොහැකි බවයි.

මෙකී නොකී සාධක රැසක් නිසා ටෙලිනාට්‍ය කර්මාන්තය එක තැන පල් වෙමින් තිබෙනවා. කර්මාන්තයේ පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව නිරත වන 5,000ක් පමණ දෙනාගේ ජීවිකාවට මේ සංකීර්ණ ප‍්‍රශ්න ඍජුවම බලපානවා.

පේ‍්‍රක්ෂකයන් ලෙස අප මේ ගැන සානුකම්පිත විය යුතුයි. එසේ වුවද ප‍්‍රශ්නයට විසඳුම් යථාර්ථවාදී හා ප‍්‍රායෝගික වීම වැදගත්.

ටෙලිනිස ඉල්ලීම මත විදෙස් චිත‍්‍රපට ටෙලිනාට්‍ය හා ටෙලි දැන්වීම් සඳහා ආනයන බද්දක් 2006දී පසුගිය රජය හඳුන්වා දුන්නා. වැඩිම බදු පැනවුණේ ඉන්දියාවෙන් එන නිර්මාණවලටයි. පසුව (දෙමළ ජාතික මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම නිසා) ආනයනිත දෙමළ වැඩසටහන්වල බද්ද ඉවත් කරනු ලැබුවා.

මෙය ආරක්ෂණවාදී (Protectionist) බද්දක්. ලක් රජයද අත්සන් කර තිබෙන ලෝක වෙළඳ සම්මුතීන්ට පටහැනි පියවරක්. එසේම :2015දී මේ බද්ද අහෝසි කරන තුරු) මේ බදු හරහා 2006-2014 කාලය තුළ ටෙලිවිෂන් නාලිකාවලින් රුපියල් බිලියනයකට වඩා රජය එකතු කළ බවට අනුමාන කැරෙනවා.

මේ මුදල් දේශීය සිනමා හා ටෙලිනාට්‍ය කර්මාන්තවලට යොමු කිරීමේ අරමුණක් තිබුණා. එහෙත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ රන්මිණිතැන්න නම් ටෙලි සිනමා ගම්මානයක් ඉදි කිරීම හැරුණු විට මේ මුදල් කෙසේ වැය කළාදැයි පැහැදිලි වගවීමක් නැහැ.

බදු පනවා තරගකාරීත්වය යම් තරමකට හෝ අවහිර කළද දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයේ නිෂ්පාදනවල සැලකිය යුතු ගුණාත්මක දියුණුවක් දක්නට නැහැ.

Somaweera Senanayake
Somaweera Senanayake

ටෙලිනාට්‍ය කර්මාන්තය බරපතළ සෝදාපාළුවකට ලක්ව ඇති බව ක්ෂේත‍්‍රයේම ප‍්‍රවීණයන් පිළි ගන්නවා. සම්මානලාභී නවකතාකරු හා ටෙලිනාට්‍ය තිර රචක සෝමවීර සේනානායක ටෙලිනිස පුවත් සඟරාවේ කියන පරිදි ”ඉතා කෙටි කාලයක් තුළ නිර්මාණශීලී ගුණයෙන්ද දේශීයත්වයෙන්ද ජනප‍්‍රියත්වයෙන්ද ඉහළ තලයකට පැමිණි සිංහල ටෙලිනාට්‍ය කලාව නිකම්ම නිකම් ටෙලි බවට පත් වූයේ කෙසේද? එකල අප සාකච්ඡා කළේ ටෙලිනාට්‍යයක් නිර්මාණය කිරීම ගැනය. අද සමහරුන් සාකච්ඡා කරනුයේ ටෙලියක් ගහන ආකාරය ගැනය. මෙම ටෙලි ගැහිල්ලත්, කඩය ඉදිරිපිට කුණු කාණුව අසල කොත්තු රොටි ගැහිල්ලත් අතර වෙනසක් නැත.”

ඔහු මෙයට එක් ප‍්‍රධාන හේතුවක් ලෙස දකින්නේ කලාවක් නොව කර්මාන්තයක් බවට පත්වීමයි. එහෙත් වෙනත් රටවල සිනමා හා ටෙලි කලාවන් කර්මාන්ත ලෙස ද තුලනයක් සහිතව පවතිනවා.

වාණිජ්‍යත්වය පැවතියද බටහිර රටවල් අප රටේ තරම් ඔවුන්ගේ ටෙලිනාට්‍ය කලාව විනාශ කොට නැති බව සේනානායකයන්ද පිළිගන්නවා. එයට හේතුව? එම රටවල පේ‍්‍රක්ෂක සංවිධාන හා පාරිභෝගික සංවිධාන බලවත් නිසා. ඔහේ  ඕනෑ දෙයක් හදලා පෙන්වන්න බැහැ! මහජන මතය ප්‍රබලව මතු වනවාග

සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ බර්ට‍්‍රම් නිහාල් 2003දී දිනමිණ සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කීවා. ”වර්තමානයේ කලාවක් විදිහට නම් ටෙලිනාට්‍ය ප‍්‍රචලිත වෙලා නැහැ. මාධ්‍ය භාවිතයේ අසංතුලනය හා අනුචිතභාවය නිසා ටෙලිනාට්‍ය කලාවේ ගුණාත්මක නියෝජනය ක‍්‍රමයෙන් ඈත් වන බවක් නම් පෙනෙනවා. අපට පූර්ණ කලා නිර්මාණයක් කරන්න බැරි වුවත් රූපවාහිනි මාධ්‍යයේ තිබෙන සීමාවලින් උපරිම ප‍්‍රයෝජන ගත හැකියි.”

Bertram Nihal asks: where is professionalism in Sri Lanka's teledrama industry?
Bertram Nihal asks: where is professionalism in Sri Lanka’s teledrama industry?

ටෙලිනිස උදක්ම ඉල්ලා සිටින්නේ රාජ්‍ය මැදිහත් වීමක්. රාජ්‍ය පාලනය යටතේ පවතින රූපවාහිනී හා ෂඔභ නාලිකා ප‍්‍රමිතියක් සහිත ටෙලිනාට්‍ය බිහි කිරීමට උදවු උපකාර කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

එහෙත් දිගු කලක් තිස්සේ අනවශ්‍ය ලෙස දේශපාලන පත්වීම් ලබා දුන් අයගෙන් කාර්ය මණ්ඩල අතිරික්තයක් ඇති වී තිබෙන මේ ආයතන දෙකෙහි මාස්පතා පඩි ගෙවා ගැනීමේ දැවැන්ත අභියෝගයක් තිබෙනවා. ඒ නිසා හොඳ දේ ප‍්‍රවර්ධනය කරනු වෙනුවට ජනප‍්‍රිය වැඩසටහන්ම පෙන්වා දැන්වීම් ආදායම උපරිම කරගන්නට මේ ආයතන ද්විත්වයට සිදුව තිබෙනවා. මෙය ලෙහෙසියෙන් ලෙහාගත හැකි ගැටයක් නොවෙයි.

රාජ්‍ය-කේන්ද්‍රීය මානසිකත්වයට නතු වී සිටිනු වෙනුවට තම ක්ෂේත‍්‍රයේ වෘත්තීයභාවය වැඩි කිරීමට ටෙලිනිස ඇතුළු ටෙලි කර්මාන්තයේ සියලූදෙනා දැනට වඩා ඇප කැපවිය යුතුයි. මේ ගැන එම ක්ෂේත‍්‍රයේ මීට වඩා සංවාද හා පෙළගැසීම් අවශ්‍යයි.

ටෙලිනාට්‍ය මෙන්ම සමස්ත ටෙලිවිෂන් කර්මාන්තයේම වෘත්තීයභාවය අඩුවීමට හේතු ගණනාවක් තිබෙනවා. පුහුණු ශ‍්‍රමයේ හිඟයක් හා හරිහැටි පුහුණුව ලබා ගැනීමේ දුෂ්කරතා රැසක් පවතිනවා. නොයෙක් පාඨමාලා ඇතත් ප‍්‍රමිතියක් නැහැ. එකිනෙකා පරයා අඩු මුදලට වැඩ කිරීමට යාම (under-cutting) නිසා කර්මාන්තයේම වෘත්තීය ප‍්‍රමිතීන් හෑල්ලූ වෙලා.

අද මේ ක්ෂේත්‍රයේ ඉන්නා බහුතරයක් ටෙලිනිර්මාණකරුවෝද නැතිනම් ටෙලි කම්කරුවෝද යන ප‍්‍රශ්නය නොකැමැත්තෙන් වුවද මතු කළ යුතුයි. (මේ වචනය මහාචාර්ය තිස්ස කාරියවසම් මුලින්ම යොදා ගත් බව මගේ වැටහීමයි.)

බර්ට‍්‍රම් නිහාල් කියන්නේ ටෙලි කර්මාන්තයේ වෘත්තීයභාවය ඉහළ දැමීමට සාමූහික හා දිගු කාලීන ප්රයත්නයක් නොගෙන අන් කුමක් කළත් එතරම් රතිඵල නොලැබෙනු ඇති බවයි.

මගේ මතය ක්ෂේතරය තුළ පවතින විසමතා හා අඩුපාඩු හදා නොගෙන තරගකාරී විදෙස් නිර්මාණවලට ආරක්ෂණවාදී බදු ඉල්ලා සිටීම හෝ මෙගා නාට්යවලට සීමා පැනවීම තාවකාලික, පැලැස්තර රතිකර්ම පමණක් බවයි.

ටෙලිනාට්‍ය යනු හුදෙක් නළු නිළියන් හා අධ්‍යක්ෂවරුන් පමණක් නොවෙයි. ප‍්‍රශස්ත නිර්මාණයකට දායක වන ශිල්පීන් වර්ග රාශියක් සිටිනවා. කර්මාන්තයක් ලෙස දියුණු වීමට නම් කතා පිටපත් රචකයන්, කැමරා ශිල්පීන්, හඬ ශිල්පීන්, වීඩියෝ සංස්කාරකයන්, වේශ නිරූපණ ශිල්පීන්, සංගීත ශිල්පීන්, කලා අධ්‍යක්ෂවරුන් වැනි බොහෝ මට්ටම්වල කුසලතා වර්ධනය විය යුතුයි.

කතා රචකයන් උදාහරණයකට ගනිමු. ටෙලිනාට්‍ය නිෂ්පාදනය දියුණු ජපානය, කොරියාව, දකුණු අප‍්‍රිකාව වැනි රටවල එහි විශේෂඥභාවය බොහෝ ඉදිරියට ගොස් තිබෙනවා.

යම් කතාවක සැකිල්ල හා වස්තුව (story plot) නිර්මාණය කරන්නා බොහෝ විට දෙබස් ලියන්නේ නැහැ. දෙබස් රචනයටම සමත් ශිල්පීන් සමග සාමූහිකව පිටපත ලියනවා.

අපේ ටෙලිනාට්‍යවල කතා රචනය බොහෝ විට පටු සමාජ දැක්මකට කොටු වෙලා. 1970 හා 1980 සමාජ යථාර්ථයන්ගෙන් ඔබ්බට යා නොහැකිව එක තැන පල් වනවා. ඔවුන්ට අනුව ගම සදාකාලිකවම සුන්දරයි. නගරය දරුණුයි. විවෘත ආර්ථිකය බිහිසුණුයි. ධනවතුන් සියල්ලෝම පාපතරයෝ. මේවැනි සරල ලඝු කිරීම් අපේ ටෙලිනාට්‍යවල බහුලයි.

ටෙලිනාට්‍ය රචකයන් අතර කාන්තාවන් කීදෙනකු සිටිනවාද? තිරයේ පෙනෙන නාමාවලිවලට අනුව නම් ඉතා සුළු පිරිසක්. මේ පසුබිම තුළ කාන්තා ප‍්‍රශ්න අපේක්ෂා හා සිතුම් පැතුම් ටෙලිනාට්‍යවල මතු වන්නේ පුරුෂ දෘෂ්ටි කෝණයක් හරහායි. මෙයද ටෙලිනාට්‍යවල වෘත්තීය බව සීමා කරනවා.

අපේ උපහාසාත්මක ටෙලිනාට්‍ය පවතින්නේද පහත් මට්ටමක. පේ‍්‍රක්ෂකයා හිනස්සන්න, කිති කවන්න හැකි සියුම් ක‍්‍රම  ඕනෑ තරම් තිබෙනවා. එහෙත් අප බොහෝ විට දකින්නේ ගොරහැඬි, ග‍්‍රාම්‍ය මට්ටමේ හාස්‍යය මිස සංවේදී හා තියුණු උපහාසය නොවෙයි. ව්‍යාංගාර්ථ, අපහාසයන් හා කුණු රසය නම් එමට තිබෙනවා.

ටෙලිනාට් කර්මාන්තයට මේ සිදු වෙමින් පවතින්නේ චිත්රකතාවලට අත් වූ ඉරණමට සමාන හිරු බැස යාමක්ද?

චිත‍්‍රකතා මාධ්‍යය දේශීයකරණය වී පාඨකයන්ගේ සිත්වල දිගු කල් රැුඳුණු කතා රැසක් 1960 දශකයේ බිහි වූවා මෙන්ම මුල් වටයේ නැවුම් හා නිර්මානශීලී ටෙලිනාට්‍ය රැල්ලත් අප කුල්මත් කළා. එහෙත් අධික වාණිජකරණය නිසා චිත‍්‍රකතා කර්මාන්තය ඇද වැටුණු පරිදිම ටෙලිවිෂන් නාලිකා හසුරුවන්නන්ගේ හා ඇතැම් නිෂ්පාදකයන්ගේ ගිජුබව නිසා ටෙලිනාට්‍ය කර්මාන්තයද අර්බුදයකට ලක්ව තිබෙනවා.

16 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

ටෙලිනාට්‍ය කර්මාන්තය ප‍්‍රමාද වී හෝ 21 සියවසට පිවිසීම වැදගත්. අතීතකාමය හා අතීත උන්මාදය හරහා නව්‍යකරණය කරන්න නොහැකියි. එසේ නොකරන තාක් කල් පේ‍්‍රක්ෂක අපට සිදු වන්නේ දුරස්ථ පාලකයෙන් අපේ අමනාපය පළ කිරීම පමණයි!

සිවුමංසල කොලූගැටයා #263: ගරු සරු නැති විවෘත සංවාද අවකාශයක් අවශ්‍ය ඇයි?

Nalaka Gunawardene (left) & Ajith Perakum Jayasinghe at Nelum Yaya Blog awards for 2015, held on 26 March 2016
Nalaka Gunawardene (left) & Ajith Perakum Jayasinghe at Nelum Yaya Blog awards for 2015, held on 26 March 2016

In this week’s Ravaya column (appearing in the print issue of 3 April 2016), I probe why the blogosphere and other social media platforms are vital for public discourse in the Lankan context.

Sri Lanka’s mainstream media does not serve as an adequate platform for wide-ranging public discussion and debate. Besides being divided along ethnic and political lines, the media is also burdened by self-imposed restrictions where most don’t critique certain social institutions. Among the top-ranked ‘sacred cows’ are the armed forces and clergy (especially Buddhist clergy).

No such “no-go areas” for bloggers, tweeps and Facebookers. New media platforms have provided a space where irreverence can thrive: a healthy democracy badly needs such expression. I base this column partly on my remarks at the second Nelum Yaya Blog Awards ceremony held on 26 March 2016.

I also refer to a landmark ruling in March 2015, where the Supreme Court of India struck down a “draconian” law that allowed police to arrest people for comments on social media networks and other websites.

India’s apex court ruled that Section 66A of the Information Technology Act was unconstitutional in its entirety, and the definition of offences under the provision was “open-ended and undefined”.

The provision carried a punishment of up to three years in jail. Since its adoption in 2008, several people have been arrested for their comments on Facebook or Twitter. The law was challenged in a public interest litigation case by a law student after two young women were arrested in November 2012 in Mumbai for comments on Facebook following the death of a politician.

Speaker Karu Janasuriya presents Lifetime Award to Nalaka Gunawardene at Nelum Yaya Blog Awards on 26 March 2016 - Photo by Pasan B Weerasinghe
Speaker Karu Janasuriya presents Lifetime Award to Nalaka Gunawardene at Nelum Yaya Blog Awards on 26 March 2016 – Photo by Pasan B Weerasinghe

මගේ මාධ්‍ය ගුරුවරයා වූ ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් නිතර දුන් ඔවදනක් වූයේ  ඕනෑම කාලීන ප‍්‍රශ්නයක හෝ සංවාදයක සමීප දසුන මෙන්ම දුර රූපය හෙවත් සුවිසල් චිත‍්‍රය (Bigger Picture) ද විමසා බලන්න කියායි.

බොහෝ එදිනෙදා අරගල හා මත ගැටුම්වලට පසුබිම් වන ඓතිහාසික සාධක හා දිගුකාලීන ප‍්‍රවාහයන් තිබෙනවා. ඒවා හඳුනා ගැනීම හරහා වත්මන් සිදුවීම් වඩාත් හොඳින් අවබෝධ කර ගත හැකියි.

අපේ සමාජයේ ගතාතනුගතිකත්වය හා නූතනත්වය අතරත්, වැඩවසම් අධිපතිවාදය හා සමානාත්මතාව අතරත් නොනවතින අරගලයක් පවතිනවා.

මෙය හුදෙක් දේශපාලනමය හෝ පන්ති අතර ගැටුමක් පමණක් නොවෙයි. අධ්‍යාපන ක‍්‍රමය, වෘත්තීන් මෙන්ම ජන මාධ්‍ය ක්ෂේත‍්‍රය ආදී බොහෝ තැන්හිදී එය විවිධාකාරයෙන් අපට හමු වනවා.

ඓතිහාසිකව වරප‍්‍රසාද භුක්ති විඳින සමාජ පිරිස් සෙසු අය නැගී එනවාට කැමති නැහැ. උදාහරණයකට 1931දී බි‍්‍රතාන්‍ය පාලකයන් අපට සර්වජන ඡන්ද බලය ප‍්‍රදානය කිරීමට සැරසෙන විට අපේ සමහර ප‍්‍රභූන් හා උගතුන් එයට එරෙහි වුණා. තමන්ගේ ඡන්දය නිසි ලෙස භාවිත කිරීමට නොතේරෙන අයට එම බලය දීම අවදානම් සහගත බවට තර්ක කෙරුණා.

එහි යටි අරුත වූයේ ලක් ඉතිහාසයේ කිසිම දිනෙක සාමාන්‍ය ජනයාට කිසිදු අයිතියක් හෝ වරප‍්‍රසාදයක් හෝ නොතිබීමයි.

නූගතුන්ට හා දුප්පතුන්ට ආණ්ඩු තේරීමේ බලයක් නොදිය යුතුය යන්න එදා යටත් විජිත ශ‍්‍රී ලංකාවේ පමණක් නොව වත්මන් තායිලන්තයේ ද ප‍්‍රභූන් තවමත් මතු කරන තර්කයක්. (සරසවි අධ්‍යාපනයක් නොලද හෝ ආදායම් බදු ගෙවීමට තරම් නොඋපයන අයගේ ඡන්ද බලය අහිමි කළ යුතු යයි තායි ප්‍රභූ පිරිසක් යෝජනා කොට තිබෙනවා.)

එහෙත් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සංකල්පීය ලෙස කැප වී සිටි බි‍්‍රතාන්‍ය පාලකයෝ අපේ ප‍්‍රභූ විරෝධතා මැද සර්වජන ඡන්ද බලය අපට දායාද කළා. යම් අඩුපාඩු සහිතව වුවත් වසර 85ක් තිස්සේ මැතිවරණ දුසිම් ගණනකදී අපේ ජනයා මේ බලය භාවිත කර තිබෙනවාග

මව්පියන්ගෙන් පාසල් ගාස්තු අය නොකර, මහජනයාගෙන් එකතු වන බදු මුදල් යොදවා අධ්‍යාපන ක්ෂේත‍්‍රය නඩත්තු කිරීමේ සංකල්පය 1940 දශකයේ යෝජනා වූ විට ද සමහර ප‍්‍රභූන්ගේ ප‍්‍රතිරෝධයක් මතුව ආවා. (නිදහස් අධ්‍යාපනය ලෙස වැරදියට හඳුන් වන්නේ මේ ක‍්‍රමයයි.)

එහිදී ද යටි අරුත වුයේ වරප‍්‍රසාද භුක්ති විඳිමින් සිටි සංඛ්‍යාත්මක සුළුතරය, අධ්‍යාපනය හරහා සාමාන්‍ය ජනයාගේ දු දරුවන් සමාජයේ උසස් යයි පිළිගත් වෘත්තීන්ට හා තනතුරුවලට පිවිසීම දැකීමට නොකැමැති වීමයි.

පසුගිය සියවසේ මේ තීරණාත්මක අවස්ථා දෙකෙහිදීම මෙරට සමහර පුවත්පත් (එවකට තිබූ ප‍්‍රබලම මාධ්‍යය) පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටියා. සර්වජන ඡන්දයේත්, මුදල් අය නොකරන අධ්‍යාපනයේත් දිගු කාලීන සමාජ වටිනාකම තර්කානුකූලව පෙන්වා දීමට ප‍්‍රගතිශීලී පුවත්පත් කතුවරුන් පෙරට ආවා. (ඒ අතර ප‍්‍රතිගාමී බලවේග වෙනුවෙන් පෙනී සිටි පුවත්පත්ද තිබුණා.)

කන්නන්ගරයන්ගේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව නැගී ආ ප‍්‍රතිරෝධයට ප‍්‍රතිචාර දැක්වීමට ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, ආචාර්ය ගුණපාල මලලසේකර හා ආනන්ද මීවනපලාන තිදෙනා ආරක්ෂක වළල්ලක් මෙන් ක‍්‍රියා කළ සැටි ලේඛනගතව තිබෙනවා. පොදු උන්නතිය සඳහා වැදගත් තීරණ හා පියවර වෙනුවෙන් ජනමතය ගොඩ නැංවීමට මාධ්‍ය සමහරකගේ සහයෝගය ඔවුන් ලබා ගත්තා.

එදාට වඩා මාධ්‍ය ආයතන බහුල වී ඇති, තාක්ෂණය ඉදිරියට ගොස් තිබෙන අද තත්ත්වය කුමක්ද? ඇන්ටනාවකින් නොමිලයේ හසු කර ගත හැකි ටෙලිවිෂන් සේවාවන් 20කට වැඩි ගණනක්, FM නාලිකා 50ක් පමණ හා භාෂා තුනෙන්ම විවිධාකාරයේ පුවත්පත් දුසිම් ගණනක් අද මෙරට තිබෙනවා.

එහෙත් පොදු උන්නතියට ඍජුවම අදාළ වන අවස්ථා හා සංවාදවලදී මේ මාධ්‍ය බහුතරයක් සිටින්නේ කොතැනක ද යන්න සීරුවෙන් විමසා බැලිය යුතුයි.

මගේ දිගු කාලීන නිරීක්ෂණය නම් වැඩවසම්, ගතානුගතික හා අධිපතිවාදී වුවමනාකම්/මතවාදයන් සඳහා අපේ මාධ්‍ය එළිපිටම පෙනී සිටීම ප‍්‍රබල වී ඇති බවයි.

මෙයට හේතුව මාධ්‍ය ක්ෂේත‍්‍රය අධික ලෙස දේශපාලනකරණය ලක් වීම යයි යමෙකුට තර්ක කළ හැකියි. ඔව්, එයත් එක් හේතුවක්. එහෙත් මීට පරම්පරාවකට හෝ දෙකකට හෝ පෙර තිබූ මාධ්‍ය වෘත්තීය බව හා සමාජ කැප වීම ටිකෙන් ටික හීන වී යාමට මාධ්‍ය කර්මාන්තය තුළ අභ්‍යන්තර පිරිහීම ද දායක වී තිබෙනවා. මේ තත්ත්වය රාජ්‍ය මෙන්ම පෞද්ගලික හිමිකාරිත්වයෙන් යුතු මාධ්‍යවල දැකිය හැකියි.

වසර ගණනක් පුරා පැවති මාධ්‍ය මර්දනය හමුවේ සමහර මාධ්‍ය ආයතන හා මාධ්‍ය තීරකයන් (කතුවරුන්, කළමනාකරුවන්) හීලෑ වී ඇති බවක් පෙනෙනවා.

එසේම බහුතරයක් මාධ්‍ය අනවශ්‍ය පුජනීයත්වයකින් සලකන, එනිසාම හේතු සහගත විවේචනයකට හෝ බියවන ප්‍රසිද්ධ චරිත හා පොදු ආයතන සංඛ්‍යාව වෙන කවරදාටත් වඩා වැඩි වී තිබෙනවා.

මේ බොල් පිළිම වන්දනාවේ යන ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සාමාන්‍ය ජනයා වෙනුවෙන් හෝ පොදු උන්නතිය සඳහා හෝ පෙනී සිටීම කාලයක්, අවශ්‍යතාවක් නැහැ. මෙය ඛේදජනක යථාර්ථයක්.

කුලියාපිටියේ පාසල් දරුවා HIV ආසාදිත යැයි කියා කොන් කරනු ලැබූ විට අපේ බොහෝ බහුතරයක් මාධ්‍ය කළේ එය තලූ මරමින් වාර්තා කිරීම පමණයි. අඩු තරමින් ඒ දරුවාගේ හා මවගේ පෞද්ගලිකත්වයටවත් ගරු කෙරුණේ නැහැ. දරුවාට දුරින් පිහිටි විකල්ප පාසලක් සොයා දීමේ යෝජනාව මතු වී ඉදිරියට ගියේ ෆේස්බුක් සමාජ මාධ්‍යය හරහායි.

මහනුවර දළදා මාලිගය ඉදිරිපිටින් දිවෙන මාර්ගය වසර ගණනාවක් පුරා වාහන ධාවනයට ඉඩ නොදී වසා තිබීම නිසා ඇති වන අධික වාත දුෂණය හා අති මහත් ජනතා අපහසුතාව ගැන බොහෝ ප‍්‍රධාන ධාරාවේ (සිංහල) මාධ්‍ය ඇති තරම් කතා නොකළේ ඇයි? අස්ගිරි විහාරය එය යළිත් විවෘත කිරීමට අහේතුකව විරුද්ධ වීම නිසාද?

නාමධාරී ටික දෙනෙකුගේ අත්තනෝමතික විරෝධය නිසා මේ ගැන විග‍්‍රහ කැරෙන විද්‍යාත්මක ලිපි පවා පළ කිරීමට සමහර පුවත්පත් පැකිලෙනවා. එම පසුබිම තුළ විවෘත සංවාද වෙබ්ගත වී තිබෙනවා. නැතිනම් සාපේක්ෂව වැඩි පරාසයක මත ගැටුමට ඉඩ දෙන ඉංග‍්‍රීසි පුවත්පත්වලට සීමා වී තිබෙනවා.

අපේ ඉංග‍්‍රීසි පුවත්පත් වුවද සමහර මාතෘකා ගැන විවෘත මත දැක්වීමට බියයි. මාධ්‍ය වාරණයක් හෝ මාධ්‍යවලට මැර බලය පෑමක් නැති අද දවසේත් සමහර කතුවරුන් මහ දවල් බියට පත් වන, අහම්බෙන්වත් විවේචනය නොකරන සමාජ ආයතන තිබෙනවා. හමුදාව හා සංඝ සමාජය ඒ අතර ප‍්‍රධානයි. විශ්වවිද්‍යාල ගැනත් බොහෝ මාධ්‍ය තුළ ඇත්තේ බය පක්ෂපාතීකම පෙරදැරි කර ගත් ආකල්පයක්.

මේ හැම ආයතනයකම හොඳ මෙන්ම නරකද සාක්ෂි සහිතව දැකීම හා මැදහත්ව විග‍්‍රහ කිරීම අපට මාධ්‍යවලින් බලාපොරොත්තු වන්නට බැහැ. තමන්ගේ සරසවි ඇදුරන් මාධ්‍ය හරහා අනවශ්‍ය ලෙස පිම්බීම මාධ්‍යකරුවන් අතර බහුල පුරුද්දක්.

වුවමනාවට වඩා බය පක්ෂපාතී වූ, අධිපතිවාදයන්ට නතු වූ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයට යම් තරමකට හෝ විකල්ප අවකාශයක් මතු වන්නේ වෙබ් හරහා ලියැවෙන බ්ලොග් රචනා හා සමාජ මාධ්‍ය අදහස් ප‍්‍රකාශනය තුළින්. මෙය සමාජයීය හිදැසකට හෙවත් රික්තයකට මතුව ආ සාමූහික ප‍්‍රතිචාරයක් ලෙසද දැකිය හැකියි.

මාර්තු 26 වනදා දෙවන වරටත් පවත්වන ලද නෙළුම් යාය සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී මේ ගැන මා අදහස් දැක්වීමක් කළා. එහිදී මා කීවේ බ්ලොග් අවකාශය හා සමාජ මාධ්‍ය තුළ හමු වන ‘ගරු සරු නැති ගතිය’ (irreverence) දිගටම පවත්වා ගත යුතු බවයි.

මේ ගතිය අධිපතිවාදී තලයන්හි සිටින අයට, නැතිනම් ජීවිත කාලයක් පුරා අධිපතිවාදය ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළි ගෙන සිටින ගතානුගතිකයන්ට නොරිස්සීම අපට තේරුම් ගත හැකියි.

ඔවුන් මැසිවිලි නගන්නේ සමාජ මාධ්‍ය නිසා සාරධර්ම බිඳ වැටන කියමින්. ඇත්තටම එහි යටි අරුත නම් පූජනීය චරිත ලෙස වැඳ ගෙන සිටින අයට/ආයතනවලට අභියෝග කැරෙන විට දෙවොලේ කපුවන් වී සිටින ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කතුවරුන්ට දවල් තරු පෙනීමයි!

සමාජ මාධ්‍ය පාලනය කරන්න යැයි ඔවුන් කෑගසන්නේ දේවාලේ ව්‍යාපාරවලට තර්ජනයක් මතු වීම හරහා කලබල වීමෙන්.

මෙයින් මා කියන්නේ  ඕනෑම දෙයක් කීමට හෝ ලිවීමට ඉඩ දිය යුතුය යන්න නොවෙයි. එහෙත් සමාජ මාධ්‍ය නියාමනය ඉතා සීරුවෙන් කළ යුත්තක් බවයි. නැතහොත් සමාජයක් ලෙස දැනට ඉතිරිව තිබෙන විවෘත සංවාද කිරීමට ඇති අවසාන වේදිකාවත් අධිපතිවාදයට හා සංස්කෘතික පොලිසියට නතු වීමේ අවදානම තිබෙනවා.

අපටත් වඩා ගතානුගතික වූ ඉන්දියානු සමාජය පුරවැසි අයිතීන් වෙනුවෙන් නව තාක්ෂණය හා නූතනත්වය යොදා ගන්නා සැටි අධ්‍යයනය කිරීම වැදගත්.

Image courtesy The Hindustan Times
Image courtesy The Hindustan Times

2015 මාර්තුවේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළා. එනම් 2008දී පනවන ලද එරට තොරතුරු තාක්ෂණ පනතේ 66A වගන්තිය ව්‍යවස්ථා විරෝධී බවයි. එම වගන්තිය යටතේ ක‍්‍රියා කරමින් ෆේස්බුක් හා ට්විටර් සමාජ මාධ්‍යවල විකල්ප මත පළ කළ ඉන්දියානුවන් කිහිප දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ ගැන කම්පාවට පත් නීති ශිෂ්‍යාවක් මෙයට එරෙහිව එරට ඉහළම උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළා.

BBC Online: 24 March 2016

Section 66A: India court strikes down ‘Facebook’ arrest law

‘ඕනෑම සමාජයක භාෂණ නිදහස පැවතිය යුතු අතර එයට කරන සීමා කිරීම් අතිශයින් යුක්ති සහගත විය යුතුයි. තොරතුරු තාක්ෂණ පනතේ 66A වගන්තිය මේ සීමා ඉක්මවා ගිය, පුරවැසි ප‍්‍රකාශන අයිතිය අනිසි ලෙස කොටු කරන්නක්’ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වූවා.

තව දුරටත් තීන්දුව මෙසේද කීවා. ‘ඕනෑම කරුණක් ගැන සාකච්ඡා කරන්නත් (discussion), යම් ක‍්‍රියාමාර්ගයක් වෙනුවෙන් එයට පක්ෂව මත පළ කරන්නත් (advocacy) පුරවැසියන්ට නිදහස තිබෙනවා. එම මත දැක්වීම් කෙතරම් ජනප‍්‍රිය ද නැද්ද යන්න එහිදී අදාළ නැහැ. මත දැක්වීම ඉක්මවා යම් සමාජ විරෝධී උසිගැන්වීමක්  (incitement) සිදු වේ නම් පමණක් නීතිය හා සාමයට තර්ජනයක් කියා එය පාලනය කළ හැකියි. වෙබ් හරහා පළ කරන අදහස් සමහරුන්ට දිරවා ගත නොහැකි වූ පමණටවත්, අතිශයින් ආන්දෝලනාත්මක වූ පමණටවත් එයට මැදිහත් වීමට පොලිසියට හෝ රජයට හෝ ඉඩක් නොතිබිය යුතුයි.

The Hindu, 26 March 2016: The judgment that silenced Section 66A

Image source: http://www.news18.com/news/india/cartoon-of-the-day-23-977140.html
Image source: http://www.news18.com/news/india/cartoon-of-the-day-23-977140.html

මේ ඉතා වැදගත් තීන්දුව ගැන අදහස් දැක්වූ ප‍්‍රකට ඉන්දියානු නීති ක‍්‍රියාකාරකයකු වන ලෝරන්ස් ලියැං (Lawrence Liang) කිවේ මෙයයි. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක විවේචනය කිරීමට හා විසමුම්තියට  ඕනෑම අයකුට නිදහස තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නැවත වරක් පිළිගෙන තියෙනවා. යම් මත දැක්වීමක් නිසා සමහරුන්ගේ මාන්නයට හෝ අධිපතිවාදයට පහර වැදුණු පමණට එය කිසිසේත්ම නීති විරෝධී වන්නේ නැහැ!’

Free speech Ver.2.0, by Lawrence Liang. The Hindu. 25 March 2015

21 වන සියවසේ ප‍්‍රකාශන නිදහස ගැන විමර්ශනය කරන විට සාමාන්‍ය ජනයා ඉන්ටර්නෙට් හරහා කරන තොරතුරු හුවමාරුවට හා මත දැක්වීම්වලට අනිවාර්යයෙන්ම ඉඩ සහතික කළ යුතු බව ඔහු කියනවා. ප‍්‍රකාශන නිදහස ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට පමණක් සුවිශේෂී වන අයිතියක් නොවෙයි.

‘භාෂණ හා ප‍්‍රකාශන නිදහස ගැන ඉන්දියාවේ අලූත් ආකාරයේ සංවාදයන් බිහි වන සැටි මා දකිනවා. 66A වගන්තිය ඉවත් කිරීමට පෙළ ගැසුණේ නීතිඥයන්, බ්ලොග් රචකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන් හා සමාජ මාධ්‍ය භාවිත කරන්නන්. සන්නිවේදනය නම් වූ පරිසර පද්ධතිය තුළ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට අමතරව දැන් වෙබ්ගත සන්නිවේදකයන් ද හරි හරියට සක‍්‍රීයව සිටිනවා. මේ නිසා රජයන්ට හා අධිපතිවාදීන්ට හිතුමතයට ක‍්‍රියා කළ නොහැකියි.’ ලියැං තවදුරටත් කියනවා.

ළිංමැඬියාවෙන් පෙළෙන අපේ සමාජයට කවදා හෝ ළිඳෙන් ගොඩ යන්නට අත්වැලක් සපයන්නේ අධිපතිවාදය හෙළා දකින නූතනත්වය පමණයි!

Image courtesy www.livemint.com
Image courtesy http://www.livemint.com

Nalaka Gunawardene receives Lifetime Award at Nelum Yaya Sri Lanka Blogger Awards

Nalaka Gunawardene (extreme right) received Lifetime Achievement Award for Blogging and New Media Promotion in Sri Lanka from Karu Jayasuriya, Speaker of Parliament, in Colombo 26 March 2016
Nalaka Gunawardene (extreme right) received Lifetime Achievement Award for Blogging and New Media Promotion in Sri Lanka from Karu Jayasuriya, Speaker of Parliament, in Colombo 26 March 2016. Nelum Yaya Blog Awards organiser Ajith Dharmakeerthi looks on. Photo by Manori Wijesekera

At the second Nelum Yaya Blogger Awards ceremony held at the Media Ministry Hall last afternoon, the organisers presented me with a Lifetime Achievement Award in New Media.

The award was presented by Karu Jayasuriya, Speaker of the Lankan Parliament and a champion of the right to information. As he presented the trophy, he told me that he is a regular reader of mine!

The citation (in Sinhala, trying to obtain exact text) said that it was to recognise and salute my long-standing efforts to promote blogging and social media use in Sri Lanka.

I didn’t get to say any words of acceptance, so this is what I would like to have said…

Yashoda Sammani Premaratne (left), Sri Lanka's Blogger of the Year 2015, with Nalaka Gunawardene who received a Lifetime Award at Nelum Yaya Blog Awards ceremony held in Colombo on 26 March 2016
Yashoda Sammani Premaratne (left), Sri Lanka’s Blogger of the Year 2015, with Nalaka Gunawardene who received a Lifetime Award at Nelum Yaya Blog Awards ceremony held in Colombo on 26 March 2016. Photo by Manori Wijesekera

It’s always nice to be recognised by peers — and I do count myself as part Sri Lanka’s diverse and informal blogging community.

However, to use a cricketing metaphor, I am more like a cricket commentator than a star cricketer. I do know the craft but my most useful contributions have been as a cheerleader and populariser of blogging and social media in Sri Lanka.

My own blogging, started in early 2007, was entirely in English for the first few years until I started republishing my weekly Sinhala columns (Sivu Mansala Kolu Getaya) written for Ravaya newspaper from 2011. That made my blog bilingual, albeit a low intensity one: I don’t get the kind of visitors or comments like leading Lankan bloggers do. But I’m contented with that.

Where I have contributed more, I believe, is in documenting, trend-spotting and demystifying the Lankan blogosphere in Sinhala and English (sadly, I don’t have Tamil proficiency to do the same). Over the years I’ve addressed many and varied audiences – from university dons/students and govt officials to civil society groups and journalists – on the public interest potential of social media including (but not limited to) blogging.

Parallel to this, and sometimes in collaboration with my friend Chanuka Wattegama, I’ve been a chronicler and commentator on the social, cultural and political impacts of new media in Sri Lanka. A simple Google search would bring up many of my op-ed articles, book chapters and speeches on Sri Lanka’s emerging information society.

I’m encouraged and honoured by this award, but I have no intention of quitting. Using my blog as well as Twitter and Facebook social media platforms, I will continue to ask inconvenient questions, express unpopular opinions and kick-ass when I need to.

One day, I hope, I’ll finally be able to figure out the demarcation between playing and working in this realm. Does it matter?

Nalaka Gunawardene (left) with Ajith Dharmakeerthi, chief organiser of Nelum Yaya Blog Awards Sri Lanka
Nalaka Gunawardene (left) with Ajith Dharmakeerthi, chief organiser of Nelum Yaya Blog Awards Sri Lanka

* * * * *

One other Lifetime Award was presented at yesterday’s event – to Rasika Suriyaarachchi, engineer turned blogger who has been a pioneering and popular personality in the Sinhala language blogosphere for many years.

Creative and perceptive young writer Yashoda Sammani Premaratne, who blogs as Bassi, was honoured as the Blogger of the Year 2015.

Over three dozen other category winners and commended bloggers were also saluted at the informal, privately organised blogging awards ceremony.

Rasika Suriyaarachchi (left) and Nalaka Gunawardene with their Lifetime Awards presented at Nelum Yaya Sri Lanka Blogging Awards ceremony in Colombo, 26 March 2016
Rasika Suriyaarachchi (left) and Nalaka Gunawardene with their Lifetime Awards presented at Nelum Yaya Sri Lanka Blogging Awards ceremony in Colombo, 26 March 2016. Photo by Manori Wijesekera

සිවුමංසල කොලූගැටයා #261: මහජන විශ්වාසය නැති පුවත්පත් නව තාක්ෂණයේ උදව්වෙන් පවත්වා ගත හැකිද?

Can newspapers survive the challenge from digital and online media?

Plenty of printer’s ink has been spent reflecting on this question. I once again addressed it when moderating a panel at the D R Wijewardene commemorative event held on 26 February 2016 at Lakshman Kadirgamar Institute, Colombo.

Wijewardene was Sri Lanka’s first Press Baron. About a century ago, he laid the foundation for his publishing house, Associated Newspapers of Ceylon Limited, which still remains a dominant player.

Many like me, of a certain age and above, seem to have a nostalgic attachment to newspapers. One key question for the print industry: beyond tapping such sentimental appeal (which diminishes over time), can newspapers stay relevant and viable? How can they adapt and evolve to keep serving the public interest?

Perhaps the more pertinent question to ask is: where are the budding D R Wijewardenes of the 21st Century? What are their start-ups and how are their dreams unfolding? Are they trying to balance reasonable profits with public interest journalism?

I discuss these in my Ravaya column (appearing in the print issue of 13 March 2016).

See also my op-ed article in English:

Sunday Observer, 6 March 2016: Can good journalism outlive newspapers?

Nalaka Gunawardene speaks at D R Wijewardene memorial event on 26 February 2016 - Photo by Sam de Silva
Nalaka Gunawardene speaks at D R Wijewardene memorial event on 26 February 2016 – Photo by Sam de Silva

පුවත්පත් කර්මාන්තයේ අනාගතය කෙබඳු විය හැකිද? ඩිජිටල් හා වෙබ් ප‍්‍රකාශන මාධ්‍යයන්ගේ සමාජ පැතිර යාම වසරක් පාසා වැඩි වීමත් සමග කඩදාසියේ මුද්‍රිත පත්තරවලට තව කොපමණ කලක් ආයුෂ තිබේද?

මේ ප‍්‍රශ්න ගැන මා කලෙක සිට අවධානයෙන් සිටිනවා. යළිත් වරක් මේ තේමාව යටතේ කතා කරන්නට හා සංවාද කරන්නට අවස්ථාවක් මෑතදී මතු වුණා.

ලේක්හවුස් ආයතනය සිය ආදි කර්තෘවර ඞී.ආර්. විජේවර්ධනයන්ගේ 130 වන ජන්ම සංවත්සරය සැමරීමට පෙබරවාරි 26 වැනිදා කොළඹදී රැස්වීමක් සංවිධානය කළා. එහිදී මුද්‍රිත පුවත්පත්වල සුරැකීම හා පරිණාමය මැයෙන් විද්වත් මණ්ඩපයක් පැවැත් වූ අතර, එය මෙහෙයවීමට මට ඇරැයුම් කොට තිබුණා.

What would (Sri Lanka’s first press baron) D R Wijewardene do if he confronted today’s media realities?

මගේ විද්වත් මඩුල්ලේ සිටියේ සන්නිවේදන විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව, ප‍්‍රවීණ පත‍්‍රකලාවේදිනී හා සන්ඬේ ඔබ්සර්වර් පත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ කතුවර හැනා ඉබ‍්‍රාහිම්, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප‍්‍රධානී කුමාර් ලෝපේස් සහ වෙරිටේ රිසර්ච් පර්යේෂණායතනයේ දේශපාලන හා මාධ්‍ය අංශ ප‍්‍රධානී සුමිත් චාමින්දයි.

D R Wijewardene - photo by by Lionel Wendt
D R Wijewardene – photo by by Lionel Wendt

ශ‍්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තය නවීකරණය කරමින් මෙරට මුල්ම සාර්ථක පත‍්‍ර හිමි ව්‍යාපාරිකයා (press baron) වූයේ විජේවර්ධනයි. 1832දී කලම්බු ජර්නල් දෙසතිපතා පත‍්‍රයෙන් ඇරැඹි අපේ පත‍්‍ර කලාව දශක ගණනක් පැවතුණේ සීමිත පිටපත් සංඛ්‍යාවක් ටික දෙනකු අතරට ගෙන ගිය කුඩා කර්මාන්තයක් ලෙසින්.

1910 හෝ 1915 පමණ වන විටත් පුවත්පතක පිටපත් තුන් හාර දහසකට වඩා විකිණුනේ නැහැ. බොහෝ පත‍්‍ර හා සඟරා ඇරඹුණත් වසර දෙක තුනකට වඩා පවත්වා ගත හැකි වූයේ අතළොස්සක් පමණයි. කළුකොඳයාවේ ප‍්‍රඥාශේඛර හිමියන් ලියු පුවත්පත් කලා ඉතිහාසය ග‍්‍රන්ථ මාලාවේ එය මැනවින් විස්තර කැරෙනවා.

කේම්බි‍්‍රජ් සරසවියෙන් නීතිඥයෙකු ලෙස උගෙන මෙරට ආ විජේවර්ධනට දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා ජනමතය ගොඩනැංවීමට  ඕනෑ වුණා. බි‍්‍රතාන්‍යයේ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්දැකීම් මත ඔහු තීරණය කළේ ඒ සඳහා පාර්ලිමේන්තුව, පත‍්‍ර කලාව හා දේශපාලන වේදිකාව ඉතා වැදගත් බවයි.

ඍජු දේශපාලනයට පිවිසෙනවා වෙනුවට ඔහු පත‍්‍ර කලාව හරහා ජනමතය හැසිරවීමේ මාර්ගය තෝරා ගත්තා.

විජේවර්ධන සිය මාධ්‍ය සමාගම ටිකෙන් ටික ගොඩ නැගුවේ ව්‍යාපාරිකව අසාර්ථක වූ පත‍්‍ර මිලට ගැනීමෙන්. මේ අනුව 1914දී දිනමිණ පත‍්‍රයට හිමිකම ලබා ගත්තා. 1918දී ද සිලනීස් (The Ceylonese) නම් පත‍්‍රය හිමිකරගෙන එය සිලෝන් ඬේලි නිවුස් Ceylon Daily News නමින් ප‍්‍රතිසංවිධානය කළා. 1923දී මෙරට පළ වු පැරණිම ඉංග‍්‍රීසි පත‍්‍රය වූ ඔබ්සර්වර් The Observer හිමිකර ගත්තා. තමන්ගේම අලූත් පත්තර බිහි කිරීම ඔහු පටන් ගත්තේ 1930දී සිළුමිණ හරහායි.

විජේවර්ධන ලේඛකයකු නොවෙයි. ජීවිත කාලය පුරාම ඔහු ලිපි දෙක තුනකට වඩා ලිව්වේ නැහැ. එහෙත් එකල සිටි දක්ෂතම පත‍්‍රකලාවේදීන් හා ලේඛකයන් සේවයට බඳවා ගෙන, ශූර කළමනාකරුවන්ගේ උදව්වෙන් ලේක්හවුස් පත‍්‍ර සමාගම ව්‍යාපාරිකව සාර්ථක පත්තර මහ ගෙදර බවට පත් කළා.

පත‍්‍රයේ අන්තර්ගතය මෙන්ම නිමාව හා මුද්‍රණය ගැනත් ඔහු අවධානය යොමු කළා. ඡායාරූප භාවිතය, අධිවේග මුද්‍රණය, රට පුරා නිසි ලෙස බෙදා හැරීම ආදිය සම්බන්ධයෙන් නවෝත්පාදනය කළා. ඔහු 1950 මිය යනවිට දිනමිණ පිටපත් 70,000ක්  පමණද, ඬේලි නිවුස් පිටපත් 55,000ක් පමණද අලෙවි වුණා. තරගකාරී සමාගම්වල වෙළඳපොළ ද විජේවර්ධනගේ ඉදිරි දැක්ම නිසා පුළුල් වී තිබුණා.

Lake House building: Home of ANCL from where D R Wijewardene influenced public opinion for decades
Lake House building: Home of ANCL from where D R Wijewardene influenced public opinion for decades

විජේවර්ධනගේ ධනවාදී ක‍්‍රියා කලාපය හා ඔහු තෝරා ගත් දේශපාලන දැක්ම මෙහිදී අපට අදාල නැහැ. පත්තර යනු දිනපතාම ජනතා මනාපය මත වෙළඳපොළේ අලෙවි කැරෙන භාණ්ඩයක්. එහිදී මාධ් පාරිභෝගිකයාට රයෝජනවත් යමක් ලබා දී එයින් සාධාරණ ලාභ ඉපැයීම මේ කර්මාන්තයේ මූලික හරයයි.

මහජන සේවාවක් කළත් පත්තර යනු පුණ්යායතන නොවෙයි. මේ පසුබිම තුළ විජේවර්ධනගේ ව්‍යාපාරික සාර්ථකත්වය අද වුවත් සමීපව අධ්‍යයනය කිරීම වටිනවා.

විජේවර්ධනගේ කාලයට වඩා අද යථාර්ථය බෙහෙවින් වෙනස්. 1925දී මෙරටට හඳුන්වා දෙන ලද රේඩියෝ මාධ්‍යය හා 1979දී මෙරටට ආ ටෙලිවිෂන් මාධ්‍යය සමග අනුගත වන්නට මුද්‍රිත මාධ්‍යයට හැකි වුණා.

පැය 24 පුරා එසැණින් පුවත් ගෙනෙන විද්‍යුත් මාධ්‍ය හමුවේ සිය අන්තර්ගතයේ ආකෘතිය වෙනස් කිරීමට පත්තරවලට සිදු වුණා. අද බොහෝ පත්තර කරන්නේ හුදෙක් පුවතක් වාර්තා කිරීමෙන් නොනැවතී එය විග‍්‍රහ කිරීම හා වාද විවාදවලට ඉඩක් දීමයි. මේ නිසා බටහිර දැන් newspaper යන නම වෙනුවට viewspaper යන්න භාවිත කැරෙනවා. (පුවත්පත වෙනුවට අදහස්පත).

එහෙත් 1995දී මෙරටට හඳුන්වා දුන් ඉන්ටර්නෙට් මාධ්‍යයෙන් පුවත්පතට එල්ල වන  අභියෝගය රේඩියෝ හා ටෙලිවිෂන් දෙකේ අභියෝගයට වඩා ප‍්‍රබලයි.

මේ වන විට අපේ ජනගහනයෙන් 28%ක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරනවා. ඔවුන්ට තොරතුරු හා අදහස් ලබා ගන්නට අනේක විධ මූලාශ‍්‍ර ඉන්ටර්නෙට් හරහා විවර වනවා. මේ අනුව තව දුරටත් පත්තර මත යැපීම අවශ්‍ය නැති යථාර්ථයක් බිහි වෙලා.

ඇත්තටම අද ලොව බොහෝ රටවල දරුවන් හා තරුණ තරුණියන් මුද්‍රිත පත්තර කියවන්නේ නැහැ. සමහරු පත‍්‍රවල වෙබ් අඩවි කියවනවා. එහෙත් බහුතරයක් තොරතුරු ලබා ගැනීමට ගූගල්, ෆේස්බුක් හා වෙනත් වෙබ්ගත මූලාශ‍්‍රයන්ට යොමු වනවා.

මේ නිසා පත්තර අලෙවිය පහත වැටීම ලොව පුරා බොහෝ රටවල ප‍්‍රවණතාවක්. මෙයට එරෙහිව යන්නේ චීනය හා ඉන්දියාවයි. මේ දෙරටේ නම් මුද්‍රිත පත්තරවලට තවමත් හොඳ ඉල්ලූමක් තිබෙනවා. මෑතදී මධ්‍යම පාංතික වූ බොහෝ චීන හා ඉන්දියානු නිවෙස්වල (කියෙව්වත් නැතත්) පත්තරයක් ගැනීම සිරිතක්. පත්තරය කාටත් පෙනෙන්න ගෙයි සාලයේ දමා තිබීම හරහා අපිත් දැන් ඇති හැකි උදවිය යන පණිවුඩය වක්‍රව කියා පානවා.

එහෙත් ඒ දෙරටේ පවා නව පරපුර තොරතුරු සොයා ඩිජිටල් හා වෙබ් මාධ්‍යවලට පිවිසෙනවා. වැඩි ජනතාවක් වෙබ් මූලාශ‍්‍රවලට යන බව දකින දැන්වීම්කරුවන්ද ටිකෙන් ටික ඒවාට දැන්වීම් වැඩියෙන් දීමට පෙළඹෙනවා.

මේ නිසා කල් යත්ම මුද්‍රිත පත්තරවල අලෙවිය මෙන්ම දැන්වීම් ලැබීමද පහත වැටෙනවා. මේ පසුබිම් නිසා දශක ගණනක් සාර්ථකව පවත්වාගෙන ආ නාමධාරී බටහිර පුවත්පත් රැසක් මෑත කාලයේ වසා දමනු ලැබුවා.

සමහරක් පුවත්පත් දිනපතා මුද්‍රණය කරනු වෙනුවට සතියකට වරක් පළ කිරීමට යොමු වුණා. තවත් ඒවා මුද්‍රිත ප‍්‍රකාශනයක් වෙනුවට තනිකරම වෙබ්ගත ප‍්‍රකාශන බවට පරිණාමය වී තිබෙනවා. මෙහි අලූත්ම උදාහරණය බි‍්‍රතාන්‍යයේ ද ඉන්ඩිපෙන්ඩන්ට් (The Independent) පත‍්‍රයයි.

අපේ රටේ පුවත්පත් අලෙවි කැරෙන පිටපත් ගණන ගැන ස්වාධීන දත්ත නැහැ. හැම ප‍්‍රකාශන සමාගමක්ම තමන්ගේ අලෙවිය වැඩි කොට කියනවා. මෑතදී දෙමළ පත‍්‍ර කතුවරයෙක් මට කීවේ දිනකට පිටපත් හත්අට දහසක් විකිණෙන තම පත‍්‍රය දැන්වීම්කරුවන්ට නම් කියන්නේ විසිපන් දහසක අලෙවියක් ඇති බව කියායි.

බොහෝ පත්තර යළිත් මීට සියවසකට පෙර (විජේවර්ධන නවීකරණයට පෙර) තිබූ පරිදි පිටපත් හාර පන් දහසක් විකිණෙන තත්ත්වයට පත්වෙලා. ඒ මිලියන 21ක ජනතාවක් රටේ සිටියදීයි.

මේ පසුබිම තුළ අපේ රටේ බහුතරයක් පත‍්‍ර සමාගම් අද දිගින් දිගටම ව්‍යාපාරික පාඩු ලබනවා. නිෂ්පාදන වියදමවත් පිරිමසා ගන්නට දැන්වීම් ආදායමක් නැහැ. ලාභ ලබන පත රකාශන සමාගම් දෙක තුනක් හැරුණු කොට අන් සියල්ල පවත්වා ගෙන යන්නේ ව්යාපාරික අරමුණුවලට නොව දේශපාලන අරමුණු සඳහායි. නැතිනම් (වික්ටර් අයිවන් කලෙක සිට පෙන්වා දෙන පරිදි) කලූ සල්ලි සුදු කිරීම සඳහායි.

මෙවැනි මාධ්‍ය සමාගම්වලට පොදු උන්නතිය වෙනුවෙන් සම්භාව්‍ය පත‍්‍ර කලාවක් කිරීමට සැබෑ වුවමනාවක් නැහැ. එම උතුම් අරමුණ ඇති මාධ්‍යවේදීන් හා කතුවරුන් ටික දෙනකු හෝ එම ආයතනවල සිටියත් ඔවුන්ට වෘත්තියේ ගරුත්වය රැක ගෙන කටයුතු කිරීමට ඉඩක් ද නැහැ.

මහජනතාවට වග නොකියන, වෙනත් අරමුණු සඳහා සමහර විට එළිපිටම පෙනී සිටින පත්තර ගැන ජන ප‍්‍රසාදය ටිකෙන් ටික අඩු වෙමින් පවතිනවා. මෙය මුලු පුවත්පත් කර්මාන්තයටම අහිතකරයි.

ඞී. ආර්. විජේවර්ධන අද ජීවත්ව සිටියා නම් ඔහු කුමක් කරනු ඇත්ද? මේ ප‍්‍රශ්නය අපේ සාකච්ඡාවෙත් මතු වුණා. සියවසකට පසු ඔහු මාධ්‍ය සමාගමක් ගොඩ නගනවා නම් රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් තුනම වෙත යොමු වන බවට අදහසක් කිය වුණා.

මා සිතන්නේ මේ ප‍්‍රශ්නය අප වෙනස් ආකාරයකින් ඇසිය යුතු බවයි. එනම් අපේ කාලයේ ඞී. ආර්. විජේවර්ධනලා කොහේද? පවතින තාක්ෂණය හා වෙළඳපොළ සාධකයන් මනාව හසුරුවා ගනිමින් පොදු උන්නතිය උදෙසා පුවත්පත් කලාවේ මූලධර්ම අදාල කර ගන්නා නව ව්‍යාපාර ආකෘතීන් බිහි වෙමින් තිබේද? එසේ නැත්නම් ඒ ඇයි?

Cartoonist John Darkow on the Future of Newspapers
Cartoonist John Darkow on the Future of Newspapers

මෙහිදී අප සාම්ප‍්‍රදායික පත‍්‍රවල වෙබ් අඩවිවලින් ඔබ්බට ගොස් වෙබ් හරහාම තොරතුරු හා අදහස් ප‍්‍රකාශනය කරන සංවිධානාත්මක මාධ්‍ය හා ව්‍යාපාර මට්ටමෙන් කැරෙන උත්සාහයන් සොයා යා යුතුයි. (බ්ලොග් රචකයන් හා පුරවැසි මාධ්‍යකරුවන් ද මේ නව මාධ්‍ය පාරිසරික පද්ධතියේ වැදගත් භූමිකා ඉටු කරමින් සිටියත් ස්වේච්ඡාවෙන් වැඩකරන ඔවුන්ට යා හැකි දුර පරාසය සීමිතයි.)

අපේ රටේ මෙයට උදාහරණ තවමත් ඇත්තේ අතලොස්සක්. ඒවාද බහුතරයක් ඉංග‍්‍රීසි බසින්. ව්‍යාපාරික පුවත් මනාව වාර්තා කරන හා විග‍්‍රහ කරන LBO.lk yd Economy Next වෙබ් අඩවි මේ ගණයට අයත්. සමාජයීය ප‍්‍රශ්න නවතම ලෙසින් විග‍්‍රහ කරන Roar.lk වෙබ් අඩවියද  විභවයක් ඇති උත්සාහයක්.

මා මේ සඳහන් කළ වෙබ් ප‍්‍රකාශන පත‍්‍ර කලාවේ මූලධර්ම ප‍්‍රගුණ කරන, වෘත්තිමය මට්ටමේ මාධ්‍ය ලෙස හඳුනාගත හැකියි. මෙයට අමතරව නොයෙක් පුවත්වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. ඒවායේ ප‍්‍රමිතිය එක සමාන නැහැ. සමහරක් ආචාර ධර්මීය හා වෘත්තිමය ලෙස ක‍්‍රියා කරන අතර, අනෙක්වා  ඕපා¥ප හා අන්තවාදී මත බෙදා හැරීමේ නිරත වෙනවා. මේ හැම එකක් ගැනම සමාජ විද්‍යාත්මක හා ජන සන්නිවේදන පර්යේෂකයන් විවෘත මනසකින් යුතුව පර්යේෂණ කිරීම අවශ්‍යයි.

අපේ කාලයේ විජේවර්ධනලා බිහි වීමට උදව් වන විදියේ ආකල්පමය වෙනසක් අපේ දැන්වීම්කරුවන්, හා දැන්වීම් සමාගම් අතර ද සිදුවිය යුතුයි. මේ පිරිසේ බහුතරයක් නව යථාර්ථයට අනුගත වීමට පැකිලෙන, ගතානුගතික මානසිකත්වයක් ඇති අයයි.

2014දී මෙරට මාධ්‍යවල සමස්ත දැන්වීම් සඳහා කරන ලද වියදම රුපියල් බිලියන 77ක් බව නීල්සන් පර්යේෂණ සමාගම කියනවා. මෙයින් 71%ක් ටෙලිවිෂන් දැන්වීම් සඳහාත්, 20%ක් රේඩියෝ මාධ්‍යයටත් යොමු වූ අතර පත්තරවලට ආයේ 8%ක් පමණයි. ඩිජිටල් හා වෙබ් මාධ්‍යවලට යොමු වූයේ 1%ට අඩු දැන්වීම් ප‍්‍රමාණයක්.

මේ නිසා නව මාධ්‍ය හරහා පොදු උන්නතියට කැප වූ නවෝත්පාදන කිරීමේදී හරිහැටි ආදායම් උපදවා ගැනීමේ ලොකු අභියෝගයක් තිබෙනවා. කියවන වෙබ් පාඨකයන්ගෙන් කුඩා පරිමාණ මුදල් අය කරගැනීම ^Pay wall& ද එතරම් සාර්ථක උපක‍්‍රමයක් නොවෙයි.

මගේ විග‍්‍රහයට අනුව මාධ්‍ය කර්මාන්තයේ ව්‍යාපාරික සාර්ථකත්වය සඳහා තාක්ෂණයට අනුගත වීමටත් වඩා තීරණාත්මක සාධකයක් තිබෙනවා. තාක්ෂණය හා රාග්ධනය වැදගත් වුවත් මහජන විශ්වාසය දිනා ගැනීමට නොහැකි නම් කිසිදු මාධ්යයකට සාර්ථක වීමට බැහැ.

මහජන විශ්වාස නොලබා, ව්‍යාපාරික සාර්ථකත්වය නොමැතිව වෙනත් අන්දමින් නඩත්තු කර ගෙන යන මාධ්‍ය සමාගම් කරන්නේ පුවත්පත් කලාවක් නොව දැන්වීම් කලාවක් හෙවත් ප‍්‍රචාරණයක් ^Propaganda& පමණයි. ඒවාට මාධ්‍ය ආයතන කීමත් වැරදියි.

කලක් දැවැන්ත මාධ්‍ය ආයතන ලෙස පැවති දෙකක් වැහැරී ගොස්, අසාධ්‍ය බවට පත්ව වසා දමනු මගේ ජීවිත කාලය තුළ මා දැක තිබෙනවා. 1985දී ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගමත්, 1990දී ස්වාධීන පුවත්පත් සමාගම (දවස නිවසත්) ඒ ඉරණමට ලක් වුණා.

අවසන් කාලයේ ඒ සමාගම් දෙක නවීන  ඕෆ්සෙට් මුද්‍රණ යන්ත‍්‍ර සවි කළත් එයින් වැඩක් වුණේ නැහැ. මේ ආයතන දෙකේ පිරිහීමට සාධක රැසක් දායක වූ අතර පාඨක විශ්වාසය හා සමාජ පිළිගැනීම පිරිහී යාමද එයට හේතු වූවා.

සියලූ පත්තර හා අන් මාධ්‍ය සමාගම්වලට මෙයින් පාඩමක් උගත හැකියි. එනම් කෙතරම් දැවැන්ත වුවද පාඨක/ග‍්‍රාහක විශ්වාසය නැති වූ මාධ්‍ය සමාගමකට දිගු කාලීන පැවැත්මක් නැති බවයි.

කලූ සල්ලිවලින් හෝ හිමිකාර සමාගමේ වෙනත් ව්‍යාපාරවල ආදායමින් හෝ පත්තර යම් කලක් නඩත්තු කර ගෙන යා හැකි වුවත් එසේ ගිය හැකි දුරක් තිබෙනවා. අතළොස්සක් කියවන, කිසිවකුත් විශ්වාස හෝ ගරු නොකරන පත්තරයක් පාඩු පිට දිගටම කර ගෙන යාමේ ඵලය කුමක්ද?

වැඩි වැඩියෙන් පාඨකයන්/ග‍්‍රාහකයන් පත්තරවලින් වෙනත් මාධ්‍යවලට යොමු වන්නේ තාක්ෂණයේ ආකර්ශනය නිසාම නෙවෙයි. ඔවුන්ගේ අවශ්යතාවලට සරිලන අන්තර්ගතයක් දීමට අපේ පත්තර බහුතරයක් අසමත් වීම නිසා යයි මා තර්ක කරනවා. ඉදිරි වසරවල මේ ප‍්‍රවණතා තවත් ප‍්‍රබල වනු ඇති.

මුද්‍රිත පත්තරවලට එහා දිවෙන අනාගතයක් පත‍්‍ර කලාවට තිබෙනවා. ඒ නව මාධ්‍ය ලෝකය හරහා පොදු උන්නතිය ප‍්‍රවර්ධනය වනු දැකීම මගේ ලොකුම පැතුමයි. තව දුරටත් සමාජයට වැඩක් නැති හන මිට්ටන් හා ප‍්‍රචාරකරුවන් වඳ වී ගියාවේ!

සිවුමංසල කොලූගැටයා #260: විද්‍යුත් මාධ්‍ය නියාමනය යනු වාරණය නොවේ!

Sri Lanka’s broadcast sector, which was a state monopoly for decades, was finally opened up for private sector participation in 1992. However, it has been an ad hoc process ever since – with no clear rules nor any independent enforcement or regulatory mechanism. The broadcast licensing process remains undefined, opaque and discretionary on the part of politicians and officials in charge of media.

This has led to a squandering of the electromagnetic spectrum, a public property: private sector participation in broadcasting has been open only to business confidantes of various ruling parties that have been in office since 1990.

In this Ravaya column (appearing in issue of 6 March 2016), I further discuss the highly problematic broadcast ‘liberalisation’ in Sri Lanka and the resulting complications. I quote from an expert analysis titled Political economy of the electronic media in Sri Lanka by Tilak Jayaratne and Sarath Kellapotha (2012). I also discuss potential ways of resolving the current chaos by regularizing the broadcast licensing process, setting up an independent broadcast regulator, and belatedly bringing transparency and accountability to the sector.

Finally, I clarify that media regulation is not the control of media content or messages, but merely creating a level playing field for all participant companies including the state broadcasters in ways that would best serve the interest of audiences who are the public.

Photo by Louie Psihoyos, National Geographic
Photo by Louie Psihoyos, National Geographic

වසර 25ක කාලයක් තිස්සේ, විද්‍යුත් මාධ්‍ය (රේඩියෝ, ටෙලිවිෂන්) ක්ෂේත‍්‍රයට පෞද්ගලික සමාගම්වලට පිවිසීමට ඉඩ දීම හරහා පොදු සම්පතක් වන විද්‍යුත් සංඛ්‍යාත අපහරණය වී ඇති සැටි අප ගිය සතියේ කතා කළා.

මගේ විග‍්‍රහයේ අරමුණ වූයේ රජයේ විද්‍යුත් මාධ්‍ය භාවිතය හා (පෙර පැවති) ඒකාධිකාරය සාධාරණීකරණය කිරීම නොවෙයි. රටට තනි රේඩියෝ ආයතනයක් හා ටෙලිවිෂන් ආයතන දෙකක් තිබූ, ඒ සියල්ලම රජයේ හොරණෑ වූ 1992ට පෙර යුගයට ආපසු යන්නට මා නම් කැමති නැහැ.

එහෙත් පොදු දේපළක් වන සංඛ්යාත පාරදෘශ් රමවේදයක් හරහා රාජ්, පෞද්ගලික හා රජා මාධ් අතර බෙදා නොදීමේ විපාකයි අප දැන් අත් විඳින්නේ. රමාද වී හෝ විද්යුත් මාධ් ක්ෂේතරයේ බලපත් ලබා දීම, සංඛ්යාත බෙදා දීම හා ඒවා ලබන්නන්ගේ සමාජයීය වගකීම් සහතික කිරීම සඳහා නිසි නියාමනයක් අත්යවශ්යයි.

වඩාත් පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා ආණ්ඩුකරණයක් ඇති රටවල විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය නිසියාකාරව නියාමනයට ලක් වනවා. නියාමනය (media regulation) යනු කිසිසේත් මාධ්‍ය අන්තර්ගතය පාලනය කිරීම (content control) හෝ වාරණය කිරීම (censorship) නොවෙයි.

පොදු දේපළක් භාවිත කරමින් විකාශයන් කරන ආයතන නිසි නීතිමය හා ආචාරධර්ම රාමුවකට නතු කිරීම හා ඒ හරහා පොදු උන්නතියට මුල් තැන දීම පමණයි.

විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ මෙය සිදු කෙරුණේ 1990 දශකයේදී. ඓතිහාසිකව ටෙලිකොම් ඒකාධිකාරය හිමිව තිබූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් හා එයට පරිබාහිරව ටෙලිකොම් නියාමන කොමිසමක් (TRCSL) බිහි කිරීමෙන්. ඒ හරහා තරගකාරීත්වයට ඉඩ දී පාරිභෝගිකයාට වාසි වැඩි කළා.

අපේ ටෙලිකොම් නියාමන කොමිසම රජයේ ආයතනයක් නිසා එය ස්වාධීන නැහැ. එහෙත් ටෙලිකොම් ක්ෂේත‍්‍රය විධිමත් කිරීමට සැලකිය යුතු මෙහෙවරක් කරනවා. මේ හා සමාන ආයතනයක් රේඩියෝ හා ටෙලිවිෂන් ක්ෂේත‍්‍රවල තවමත් නැහැ.

එයට රාමුව සපයන නීතියක් ද නැති පසුබිම තුළ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයට ඇත්තේ 1966 ගුවන් විදුලි සංස්ථා පනත හා 1982 රූපවාහිනී සංස්ථා පනත පමණයි. මේ දෙකම යල්පැන ගිය, නූතන අභියෝගවලට මුහුණ දීමට නොහැකි නීති දෙකක්. මෙනයින් විද්‍යුත් මාධ්‍ය නියාමනයට අප තවම ප‍්‍රවේශ වී හෝ නැහැ. කළ යුතු බොහෝ දේ තිබෙනවා.

1925 සිට 1992 දක්වා වසර 67ක් මුළුමනින්ම ලක් රජයේ ඒකාධිකාරයක් ලෙස පැවති විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයට 1992 සිට පෞද්ගලික අංශයේ ඇතැම් සමාගම්වලට පිවිසීමට ඉඩ ලැබුණා. මුලින් රේඩියෝ නාලිකා ඇරැඹීමටත්, පසුව ටෙලිවිෂන් නාලිකා පවත්වා ගෙන යාමටත් ඉඩ දීම විද්‍යුත් මාධ්‍ය විවෘත කිරීම (Broadcast liberalisation) ලෙස හඳුන්වනු ලැබුවත් එය විවෘත, ක‍්‍රමවත් හා අපක්ෂපාත ලෙස සිදු වූයේ නැහැ.

මුල පටන් අද දක්වාම සිදු වෙමින් ඇත්තේ බලයේ සිටින පක්ෂවලට සමීප හා හිතවත් ව්යාපාරිකයන්ට විද්යුත් මාධ් ඇරැඹීමේ බලපත් (ලයිසන්) ලබා දී සඳහා සංඛ්යාත අනුයුක්ත කිරීමයි. 1992 සිට පැවති සියලූම රජයන් සිය ගජමිතුරු ව්යාපාරිකයන් හා හිතවතුන් අතර මේ වරපරසාදය බෙදා දී තිබෙනවා.

1994 අගෝස්තු 15 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ බලයට පත් වුණා. ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මාධ්‍ය ගැන කරුණු කිහිපයක් සඳහන් වූවා. ජනමාධ්‍ය රජයේ හා දේශපාලකයන්ගේ පාලනයෙන් නිදහස් කිරීම, මාධ්‍ය නිදහස සහතික කිරීම, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දෙකේම ගුණාත්මක අගය දියුණු කිරීම මෙන්ම නව භාවිතයන් තුළින් අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම ඒ අතර තිබුණා.

මේ ප‍්‍රතිඥා රාජ්‍ය මාධ්‍ය ප‍්‍රතිපත්තිය ලෙස 1994 ඔක්තෝබරයේ කැබිනට් මණ්ඩලය විසින් පිළිගනු ලැබුවා. මාධ්‍ය ප‍්‍රතිසංස්කරණය සඳහා විද්වත් කමිටු තුනක් පත් කළා. ඒවා පුළුල් සංවාදයන්ගෙන් පසු හරබර නිර්දේශ රැසක් යෝජනා කළත් අවාසනාවකට චන්ද්‍රිකා රජය ඒවා ක‍්‍රියාත්මක කළේ නැහැ.

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දශක ගණනක අත්දැකීම් තිබූ නැසී ගිය තිලක් ජයරත්න සූරීන් හා කෘතහස්ත රේඩියෝ මාධ්‍යවේදී සරත් කැල්ලපත දෙපළ මෙරට විද්‍යුත් මාධ්‍යයේ පරිණාමය හා වත්මන් අභියෝග ගැන විචාරශීලී නිබන්ධයක් 2012දී රචනා කළා. [Political Economy of the Electronic Media in Sri Lanka. http://goo.gl/H8UYeq]

Tilak Jayaratne
Tilak Jayaratne

ඔවුන් 1990 දශකයේ මුල් භාගය ගැන මෙසේ කියනවා. ‘(තෝරා ගත්) පෞද්ගලික සමාගම්  හරහා රේඩියෝ සේවාවන් කිහිපයකුත් ටෙලිවිෂන් සේවාවන් දෙක තුනකුත් ඇරඹුනේ මේ කාලයෙයි. එහෙත් දේශීය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීම ඔවුනට තහනම් වුණා. විදෙස් ප‍්‍රවෘත්ති සේවා මෙරට ප‍්‍රතිරාවය කරන විටදී පවා ශ‍්‍රී ලංකාව ගැන කිසිදු සඳහනක් වූවොත් එය අවහිර කළ යුතු වුණා. මේ සාපේක්ෂ විවිධත්වය හරහා සැබැවින්ම මාධ්‍ය බහුවිධත්වයක් හෝ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රජාතන්ත‍්‍රීකරණයක් හෝ බිහි වූයේ නැහැ. එසේම මුල් වසර කිහිපයේදී රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය සතුව තිබූ ඒකාධිකාරයට ප‍්‍රබල අභියෝගයක් එල්ල වූයේද නැහැ.’

විද්‍යුත් මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණයේ දේශපාලන සීමාවන් මනාව පෙනී ගිය අවස්ථාවක් ලෙස රජයේ ගුවන් විදුලි සංස්ථාවේ නව අධ්‍යාපන සේවය ඔවුන් ගෙන හැර දක්වනවා. විජේතුංග ජනාධිපතිවරයා යටතේ 1994 ජුනි මාසයේ අරඹන ලද මේ සේවය වඩාත් විවෘත, සංවාදශීලී ආකෘතියක් හඳුන්වා දුන්නත් එය ටික කලකට පමණක් සීමා වූ සැටි ඔවුන් විස්තර කරනවා.

මාධ්‍ය නිදහස ස්ථාපිත කරන බවට ප‍්‍රතිඥා දෙමින් බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ වුවත් පවතින රජයේ දේශපාලන දැක්මට වෙනස් වූ අදහස් සාකච්ඡා කිරීමට මේ සේවය තුළද ඉඩක් ලැබුණේ නැහැ.

1997 මාර්තුවේ චන්ද්‍රිකා රජය ශ‍්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය අධිකාරියක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් (Sri Lanka Broadcasting Authority Bill) ගැසට් කළා. මෙය අභියෝගයට ලක් කරමින් පුරවැසියන් 15 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළා.

රාජ්‍ය මාධ්‍යවලට එක් අන්දමකටත්, පෞද්ගලික මාධ්‍යවලට තවත් අන්දමකටත් නියාමනය කිරීමට යෝජිතව තිබීම වෙනස්කමක් හා අසාධාරණයක් යැයි ඔවුන් තර්ක කළා. මේ ඇතුලූ තවත් තර්ක සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බව තීරණය කළා.

එම වැදගත් නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් වුණා. ‘විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර ලබා දෙන ආයතනය රජයෙන් ස්වාධීන විය යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරිත්වය යටතේ ඇති සියලූම විද්‍යුත් මාධ්‍ය එක් නියාමන අධිකාරියක් යටතේ තිබීම වඩාත් යෝග්‍යයි. එවිට එම ක්ෂේත‍්‍රයට අදාළ ප‍්‍රතිපත්ති  නිසි ලෙස සාදාගෙන ක‍්‍රියාත්මක කළ හැකි වනවා. මේ ස්වාධීන නියාමන අධිකාරියට විද්‍යුත් සංඛ්‍යාත බෙදාදීම ඇතුළු සියලූ තාක්ෂණික සාධක ගැන වගකිව යුතුයි.’

TV-Tower-Spectrum

එම පනත් කෙටුම්පත සංශෝධිතව යළි ඉදිරිපත් කෙරුණේ නැහැ. මේ නිසා අද දක්වාත් මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය අවිධිමත්, නිසි නියාමන රාමුවකින් තොරව ක‍්‍රියාත්මක වනවා. නිලධාරීන්ගේ හා අමාත්‍යවරුන්ගේ හිතුමතයට තීරණ ගැනීම දිගටම සිදු වනවා.

1992-2012 දශක දෙකක කාලය තුළ විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර රැසක්ම නිකුක් කළත්, අපේක්ෂිත පරිදි සැබෑ මාධ්‍ය බහුවිධත්වයක් (media pluralism) මෙරට බිහි වී නැහැ.

බහුවිධත්වය සඳහා නාලිකා/සේවා ගණන වැඩි වීම පමණක් සෑහෙන්නේ නැහැ. සමාජයක සියලූ ජන කොටස් හා මතවාදයන් නිසි ලෙස නියෝජනය කරන, ඉඩ සලසන මාධ්‍ය පාරිසරික පද්ධතියක් බිහිවීම අවශ්‍යයි. අගනුවර කේන්ද්‍රීය, රාජ්‍ය මූලික හා වෙළඳපොළ ප‍්‍රාග්ධනයට නතු මාධ්‍යවලින් පමණක් මෙය සපුරා ගන්නට බැහැ.

ජයරත්න හා කැල්ලපත මෙරට විද්‍යුත් මාධ්‍ය ඉතිහාසය මෙසේ කැටි කරනවා. “යුරෝපයේ රේඩියෝ පටන් ගත් කාලයේම වගේ මෙරටටත් එම මාධ්‍යය හඳුන්වා දෙනු ලැබුව ද, එයට ආවේණික වූ බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායන් මෙහි ආයේ නැහැ. අපට ආවේණික විද්‍යුත් මාධ්‍ය සම්ප‍්‍රදායක් අප බිහි කර ගත්තේ ද නැහැ. දශක ගණනක් තනිකරම රජයේ ප‍්‍රචාරක මාධ්‍යය වූ රේඩියෝ (පසු කාලීනව ටෙලිවිෂන්) ඉනික්බිති පෞද්ගලික සමාගම්වලට ලාභ උපදවන ව්‍යාපාර වූවා. ඉඳහිට මහජන සේවා විද්‍යුත් මාධ්‍යවල ගතිගුණ දක්නට ලැබුණත් බොහෝ කොටම අපට ඇත්තේ අධිපතිවාදී, ප‍්‍රචාරාත්මක මාධ්‍ය කලාවක්.

“එසේම මෙරට ප‍්‍රජා ගුවන්විදුලි සේවා ඇතැයිද කීම ද මුලාවක්. මන්ද මෙරට ඇත්තේ රජයේ ගුවන් විදුලියේ ග‍්‍රාමීය විකාශයන් මිස සැබැවින්ම ප‍්‍රජාව පාලනය කරන රේඩියෝ නොවේ. වාණිජකරණය හමුවේ තොරතුරු හා මහජන අධ්‍යාපනයට වඩා විනෝදාස්වාදයට මුල් තැන දීම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ප‍්‍රතිපත්තියයි.”

26 April 2015: සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

රාජ්‍ය-පෞද්ගලික දෙඅංශයම පොදු දේපළක් වන විද්‍යුත් සංඛ්‍යාත යොදා ගෙන රේඩියෝ-ටෙලිවිෂන් විකාශය කළත්, අන්තිමේදී මේ දෙපිරිසම පොදු උන්නතියට කැප වන්නේ සීමිත අන්දමින් පමණයි. 1990 සිට විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර ලැබූවන් අතර වත්මන් අග‍්‍රාමාත්‍යවරයාගේ සහෝදරයන් දෙදෙනෙකුද සිටිනවා. (ශාන් වික‍්‍රමසිංහ හා නිරාජ් වික‍්‍රමසිංහ).

ගජමිතුරන්ට හිතුමතයට විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර හා සංඛ්‍යාත ලබා දීමේදී ඔවුන් නිසි නියාමනයකට යටත් කොට නැහැ. එසේම හේතු නොදක්වා බලපත්  ඕනෑම විටෙක ආපසු ගත හැකි වීම හරහා මාධ්‍ය අන්තර්ගතයට අනිසි බලපෑම් කිරීමටද දේශපාලකයන්ට හා නිලධාරීන්ට අවකාශය ලැබෙනවා.

1992 සිට 2012 දක්වා විවිධ රජයන් යටතේ නිකුත් කළ විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍රධාරීන්ගේ ලැයිස්තුවක් මාධ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබෙනවා. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය හැරුණු කොට පෞද්ගලික සමාගම් 38කට බලපත‍්‍ර දී තිබෙනවා. සමහරුන්ට රේඩියෝ පමණයි. තවත් අයට රේඩියෝ ටෙලිවිෂන් දෙකම. සමහරුන්ට භෞමික සංඥා බෙදාහැරීමටත්, තවත් සමාගම්වලට චන්ද්‍රිකා හරහා බෙදා හැරීමටත් අවසර දී තිබෙනවා. http://www.media.gov.lk/images/pdf_word/licensed-institutions-tv-radio.pdf

මේ බලපත් 38න් 25ක්ම නිකුත් කොට ඇත්තේ 2006-2011 වකවානුවේ. එනම් රාජපක්ෂ පාලන සමයේදී. බලපත් ලද සැවොම විකාශ අරඹා නැහැ.

හරි පාරේ ගොස් තරගකාරීව, විවෘතව ඉල්ලා සිට විද්‍යුත් මාධ්‍ය බලපත් ලද නොහැකි පසුබිම තුළ හොර පාරෙන් ලබා ගත් බලපත්වලට ලොකු ඉල්ලූමක් බිහිව තිබෙනවා. සමහර බලපත‍්‍ර කිහිප විටක් අතින් අත ගොස් ඇත්තේ රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරුවටයි.

ඇත්තටම විද්යුත් සංඛ්යාත කළු කඩයක් බිහිවීම (black market in broadcast licences) ගැන 1990 සිට බලයේ සිටි සියලූම රජයන් වගකිව යුතුයි.

මේ ගැන මෑතදී විග්‍රහයක් කළ දේශපාලන විචාරක හා බ්ලොග් ලේඛක අජිත් පැරකුම් ජයසිංහ මෙසේ කියනවා:

Ajith Perakum Jayasinghe
Ajith Perakum Jayasinghe

“ලංකාවේ විකාශන තරංග පරාසය බෙදා දෙන ආකාරය නීත්‍යානුකූල නැත. එය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ ප්‍ර‍ජාතාන්ත්‍රික මූලධර්මවලට ද පටහැණිය. පාසලක කැන්ටිමක් බදු දෙන විටත් ටෙන්ඩර් කැඳවාල ඕනෑම කෙනෙකුට විවෘතව මිළ ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී සුදුස්සා තෝරා ගනු ලැබේ.

“පොදු දේපලවල භාරකරු වන රජය ඒවා සම්බන්ධයෙන් පාරදෘෂ්‍ය අන්දමින් කටයුතු කළ යුතු බව ඉතා පැහැදිලිය. රජය පොදු දේපලවල හිමිකරු නොව ඒවායේ භාරකරු පමණක් බව එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් මහමාන්කඩවල පියරතන හිමියන් විසින් පවරන ලද නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවෙහි පැහැදිලිව දැක්වේ.

“එසේ නම්, මහජනතාවට අයිති පොදු දේපලක් වන ගුවන් විදුලි විකාශ පරාසය පමණක් යාලු මිත්‍ර‍කමටල පගාවට හිතවතුන්ට බෙදා දුන්නේ කෙසේද? මහජනතාවගේ ගුවන් විදුලි පරාසයෙන් සංඛ්‍යාත සොරකම් කළ සොරුන් අතර ජනතා විමුක්ති පෙරමුණ ද සිටින නිසා ඔවුන් දැන්වත් මේ ගැන කතා කළ යුතුය.

“මහජනතාවගේ සංඛ්‍යාත සොරකම් කරගත් අයට ජන මනස විකෘති කරන. ජාතිවාදී, ආගම්වාදී, ස්ත්‍රී විරෝධී වැඩසටහන් විකාශය කිරීමට ඉඩ දීමට ආණ්ඩුවට අයිතියක් නැත. එහෙම වැඩසටහන් ඉදිරිපත් කිරීම මාධ්‍ය නිදහස වන්නේ ද නැත.”  http://www.w3lanka.com/2016/02/blog-post_15.html

විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සමහර පරාසයන්වල තව දුරටත් දීමට සංඛ්‍යාත ඉතිරිව නැහැ. FM පරාසය දැනටමත් තදබදයට ලක් වෙලා. මෙයට හේතුව රටේ නීතියක් නැති වුවත් භෞතික විද්‍යාවේ නීති කවදත් කොතැනත් එක ලෙස ක‍්‍රියාත්මක වීමයි.

හිටපු ටෙලිකොම් නියාමක හා සන්නිවේදන විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ හොඳම ක‍්‍රමවේදය නම් සංඛ්‍යාත සඳහා වෙන්දේසියක් පවත්වා ඉහළම ඉල්ලූම්කරුවන්ට ඒවා ප්‍රසිද්ධියේ බදු දීම බවයි.

ජයරත්න හා කැල්ලපත ලියූ නිබන්ධය සිංහලෙන්:

http://mediareformlanka.com/files/Media_Book_Sinhala.pdf