සිවුමංසල කොලූගැටයා #245: මැන්ඩෙලා කෙනකු හමු නොවූ සෝභිත හිමියෝ

In this week’s Ravaya column, (appearing in issue of 15 Nov 2015), I pay tribute to Maduluwawe Sobitha thero (1942 – 2015), a Buddhist monk who led an extraordinarily political life.

The fearless and politically engaged Buddhist monk stood up to every Lankan head of state beginning with President J R Jayewardene (in office: 1977-1988). He never hesitated or minced his words when he sensed that elected leaders were overstepping their mandate.

For over four decades, Sobitha used his powerful oratorical and organisational skills to mobilise people into peaceful political resistance. He won some battles and lost others, but never stopped fighting for people’s rights. With every struggle, he became more resolute and resourceful.

At certain times, this monk was more formidable – and also more feared by rulers – than the divided and endlessly bickering opposition political parties of Sri Lanka.

To my mind, Sobitha was like a saffron version of Desmond Tutu, the Anglican cleric who became an unstoppable force for social justice, equality and political reforms in South Africa. Both used their oratory and sense of justice to fight for all oppressed people. Neither sought any personal gains from it.

See also my tribute in English, published by Groundviews.org

Maduluwawe Sobitha Thero (1942-2015): The Monk Who Ended Sri Lanka’s Decade of Darkness

Mandela, Tutu and Sobitha
Mandela, Tutu and Sobitha

මාදුළුවාවේ සෝභිත හිමි (1942 – 2015) පිළිබඳ ගුණ කථන හා විග‍්‍රහයන් රැසක් මේ සතියේ අපට අසන්නට හා දකින්නට ලැබුණා.

මෑත යුගයේ රටේ ජාතික, සමාජයීය හා දේශපාලන ප‍්‍රශ්නවලදී පටු වාසි තකා හෝ අන්තවාදී ස්ථාවරයන් සඳහා හෝ පෙනී නොසිට ජනතාවාදී වීම නිසාම එහිමියන්ගේ වියෝව ලක් සමාජයම කම්පාවට ලක් කළා.

මා කිසි දිනෙක සෝභිත හිමියන් පෞද්ගලිකව දැන හඳුනා ගත්තේ නැහැ. එහෙත් මුළුමනින් නිර්ආගමික මා වැන්නවුන්ටත්, රටේ බෞද්ධ හෝ වෙනත් ආගම්වලට අයත් අති බහුතරයකටත් සෝභිත හිමියන් වීරයකු වූයේ සාමයික බෙදීම් හා පක්ෂ දේශපාලනය ඉක්මවා ගිය ඔහුගේ ප‍්‍රතිපත්ති නිසායි.

සෝභිත හිමියන් මා ජීවමානව අවසන් වරට දුටුවේ ගිය වසරේ මැදදී. 2014 අගෝස්තු 4 වනදා කොළඹ BMICH ශාලාවේ පැවති සර්වෝදය දෙවැනි ජාතික දේශෝදය සම්මේලනයේදී. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, මහාචාර්ය සරත් විජේසූරිය හා ආචාර්ය ඒ. ටී. ආරියරත්න ඇතුළු විද්වතුන් සභාව ඇමතූ අතර මට පැවරී තිබුණේ සංවාද සැසියක් මෙහෙයවීමටයි.

යහපාලනය සංකල්පීය හා ප‍්‍රායෝගික වශයෙන් කෙසේ විය යුතුද යන්න ගැන අප එදා කතා කළේ ශ‍්‍රී ලංකාවේ 2005 සිට පැවති නීතිය වල් වැදීම, දුෂණය රජ කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නොතකා රජය අත්තනෝමතිකව ක‍්‍රියා කිරීම ආදිය උච්චස්ථානයකට පත්ව තිබි මොහොතකයි. මෙරට ගනඳුරු දශකය කවදා කෙලෙසකින් නිම වේදැයි අප කිසිවකුත් ඒ වන විට දැන සිටියේ නැහැ.

Sarvodaya leader Dr A T Ariyaratne presenting his autobiography to Ven Sobitha at BMICH on 4 Aug 2014 (Sarvodaya photo)
Sarvodaya leader Dr A T Ariyaratne presenting his autobiography to Ven Sobitha at BMICH on 4 Aug 2014 (Sarvodaya photo)

එදින රැස්වීමට දිවයිනේ හැම දිස්ත‍්‍රික්කයක්ම නියෝජනය කරමින් සිවිල් සමාජ සාමාජිකයන් 1,500කට වැඩි පිරිසක් පැමිණ සිටියා. ඔවුන් හා අප සැම දෙනා ප‍්‍රමෝදයට පත් වූයේ ටික වේලාවකට හෝ සෝභිත හිමියන් එහි පැමිණි විටයි. එහිමියන් ඉතා කෙටියෙන් එම තීරණාත්මක හෝරාවේ රට යා යුතු මග ගැන කතා කළ බව මට මතකයි.

ඒ වනවිට සෝභිත හිමියන් නිරතව සිටියේ ඔහුගේ ජීවිතයේ දැවැන්තම අරගලයේයි. නිදහස් හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය බිහිකොට එයට නායකත්වය දෙමින් සිටි ඔහුට ඕනෑ වූයේ හුදෙක් පවතින රජය පෙරළා වෙනත් රජයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත් කර ගන්නට නොවෙයි. ඉන් ඔබ්බට හා ගැඹුරින් දිවෙන ක‍්‍රමීය වෙනසක් කරන්නටයි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ අරමුණින් ඇරැඹි ව්‍යාපාරය පසුව යහපාලනය සඳහා මහජන රැල්ලක් හා බලවේගයක් බවට පත්වීමට දායක වූ ප‍්‍රධානතම සමාජ ක‍්‍රියාකාරිකයා ඔහුයි.

Sobitha (with microphone in hand) was always at the forefront in public agitations for political reform
Sobitha (with microphone in hand) was always at the forefront in public agitations for political reform

සෝභිත හිමියන් සමීපව ඇසුරු කළ මාධ්‍යවේදී ධර්මන් වික‍්‍රමරත්න කියන්නේ ජනතා අරගලවලට සක‍්‍රියව සහභාගි වීම එහිමියන් ඇරැඹුවේ 1960 දශකයේ ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ (එවකට විද්‍යොදය) ශිෂ්‍ය නායකයකුව සිටි අවදියේ බවයි.

යහපත් වැඩකිරීම සඳහා පක්ෂ භේද නොතකා දේශපාලකයන්ට අනුබලය දුන් අතර අයුක්තිය හා අසාධාරණත්වයට එරෙහිව ඕනෑම ජගතෙකුට නොබියව විරුද්ධ වීම සෝභිත හිමියන්ගේ අදීන චරිත ගතියයි. එහිදී කලක් තමන් සමග සමීපව ක‍්‍රියා කළ දේශපාලකයන් පවා පසු කලෙක අයාලේ ගිය විට ඔවුන්ව ප‍්‍රසිද්ධියේම විවේචනය කළා.

‘සෝභිත හිමියන් කිසිදා කිසිදු දේශපාලන පක්ෂයකට බැඳුනේ නැහැ. එසේම කිසිදු නායකයකුට එරෙහි වීමට පසුබට වූයේද නැහැ. එසේ කරන විට මතුවූ තර්ජන, ගර්ජන, බාධක රැසක් හමුවේ ප‍්‍රතිපත්තිගරුක ස්ථාවරයන් වෙනස් කළේද නැහැ’ ධර්මන් කියනවා.

එනයින් බලන විට සෝභිත හිමියන් ජීවිත කාලය පුරාම විවිධාකාර අධිපතිවාදයන්ට එරෙහි වූවා යැයි කිව හැකියි. 20 වන සියවසේ සමාජයීය හා දේශපාලන අරගලයන්ට නායකත්වය හෝ මඟපෙන්වීම සැපයූ යක්කඩුවේ ප‍්‍රඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති, උඩකැන්දවල සරණංකර (1902-1966) හා වල්පොල රාහුල (1907-1997) යන අසාමාන්‍ය ගණයේ හිමිවරුන්ට සෝභිත හිමියන් සම කළ හැකි බව ධර්මන්ගේ අදහසයි.

ජාත්‍යන්තරවද සෝභිත හිමියන්ගේ අද්විතීය චරිතයට සම කළ හැකි චරිතයක් මා දකිනවා. එනම් දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයට හා සෙසු සියලූ සමාජ අසාධාරණකම්වලට එරෙහිව අඩ සියවසකට වැඩි කලක් නිරායුධ හා මතවාදී අරගල කරන කේප්ටවුන් නුවර හිටපු ආච්බිෂොප්වරයා වන ඩෙස්මන්ඞ් ටූටූ (Desmond Tutu)’

ඔහු ඇංග්ලිකානු නිකායේ ක‍්‍රිස්තියානි පූජකවරයකු වුවත් එරට හා ලෝකයම හඳුනන්නේ පූජක මට්ටමකින් ඔබ්බට ගොස් මානව අයිතීන් හා සමාජ සාධාරණත්වයට කැප වූ මානව හිතවාදියකු ලෙසයි.

නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාව යළි ගොඩ නැංවීමේ දුෂ්කර කාරියේ නඬේ ගුරා වන විට ඔහුට දේශපාලන කරලියෙන් පිටත සිට ඉතා තීරණාත්මක සහයෝගයක් දුන්නේ ටූටූයි.

Former South African President Nelson Mandela, right, reacts with Archbishop Desmond Tutu, left, during the launch of a Walter and Albertina Sisulu exhibition, called, 'Parenting a Nation', at the Nelson Mandela Foundation in Johannesburg, South Africa, on 12 March 2008 (AP Photo/Themba Hadebe)
Former South African President Nelson Mandela, right, reacts with Archbishop Desmond Tutu, left, during the launch of a Walter and Albertina Sisulu exhibition, called, ‘Parenting a Nation’, at the Nelson Mandela Foundation in Johannesburg, South Africa, on 12 March 2008 (AP Photo/Themba Hadebe)

1931 උපන් ඔහු බි‍්‍රතාන්‍යයේ දේවධර්මවාදය උගත්, කථාවෙහි හා විවාදයෙහි අති දක්‍ෂ කඵ ජාතිකයෙක්. වර්ණභේදවාදයේ උච්චතම වකවානුවේ (1970 – 1980 දශකවල) ඔහු එහි ම්ලේච්ඡ ස්වභාවය බටහිර රටවලට මනා සේ පැහැදිලි කර දුන්නා.

දකුණු අපි‍්‍රකාවේ නිදහස් අරගලය සුදු, කඵ, මිශි‍්‍රත හැමගේ අරගලයක් බවට දිගින් දිගට ම ඔහු හඩ නැගුවේ මැන්ඩෙලා නිහඩ කොට සිරගත කොට සිටින කාලයේ පටන්. පලිගැනීමේ හා වෛරයේ දේශපාලනයෙන් ANC පාක්‍ෂිකයන් මුදවා ගෙන සමාව දීමේ මාර්ගයට යොමු කරන්නට සාමයික හා දාර්ශනික මට්ටමෙන් ද ටූටූ ඉතා විශාල මෙහෙවරක් ඉටු කළා.

සාමය හා සාධාරණත්වය උදෙසා අවිහිංසාවේ හඩ නැගීම වෙනුවෙන් 1984 නොබෙල් සාම ත්‍යාගය ඔහුට පිරි නැමුණා.

දකුණු අප‍්‍රිකාවේ හා ශ‍්‍රී ලංකාවේ දේශපාලන හා ඓතිහාසික යථාර්ථයන් බෙහෙවින් වෙනස්. එහෙත් පුළුල් චිත‍්‍ර මට්ටමින් බලන විට දෙරටෙහිම සමාජ සාධාරණත්වය සඳහා නොනිමි අරගලයක් ඉදිරියට ඇදෙන බව මා දකිනවා.

දකුණු අප‍්‍රිකාවේ එම අරගලයට දේශපාලන නායකත්වය දුන් නෙල්සන් මැන්ඩෙලා ප‍්‍රමුඛ අප‍්‍රිකානු ජාතික කොංග‍්‍රස් නායකයන් ගණනාවක් සිටියා. මේ උදවිය කෙටි කාලීනව ජනප‍්‍රිය නමුත් දිගු කාලීනව අහිතකර ප‍්‍රතිපත්ති හා තීරණවලට එළඹෙන විට විචාරශිලීව ඔවුන්ට එය පෙන්වා දී වළක්වා ගැනීමේ හැකියාව තිබූ කලාකරුවන්, විද්වතුන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් ගණනාවක් මැන්ඩෙලාට සවියක් වූ සැටි මීට පෙර කොලමකින් මා විස්තර කළා.

නෙල්සන් මැන්ඩෙලාගේ හා දකුණූ අපි‍්‍රකාවේ වාසනාවට මෙන් නැඞීන් ගෝඩිමර්, ඩෙස්මන්ඞ් ටූටූ වැනි සම්මානීය, නිදහස් මතධාරීන් ගණනාවක් වර්ණභේදවාදය පිටු දකින්නට හා ඉන් පසු නව දේශයක් බිහි කරන්නට ඒක රාශී වුණා. මැන්ඩෙලා දේශපාලන ගනුදෙනු කරමින් පාක්‍ෂිකයන් සතුටු කරන්නට ඇතැම් විට කෙටිකාලීන පියවර ගන්නට යන විට ඔහුව දේශපාලන මඩගොහොරු හා බොරු වලවලින් බේරා ගත්තේ මෙබදු විචාරශීලි සහෘදයන්.

මෙසේ දේශපාලන නායකයන්ට තිරසාර මග පෙන්වීමක් කළ, ඔවුන් අයාලේ යන විට මුලින් පෞද්ගලිකවත් පසුව ප‍්‍රසිද්ධියේත් ඔවුන්ට දැඩි අවවාද හෝ අවලාද කොට හරිමඟට ගැනීමේ හැකියාව තිබූ අය අතර ටූටූ ප‍්‍රමුඛයා වුණා.

මැන්ඩෙලා වුවත් ඉඳහිට නොමනා තීරණ ගත්විට හෝ නිසිකලට ප‍්‍රශ්න නොවිසඳා ‘වැට උඩ සිටින විට ඔහු යහමගට ගැනීමේ හැකියාව ටූටූ සතු වුණා.

Tutu and Mandela complemented each other
Tutu and Mandela complemented each other

1994දි ප‍්‍රථම වතාවට සර්ව ජන ඡන්දය සියලූ වැඩිහිටියන්ට හිමිවූ මැතිවරණයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් බලයට පත්වූ පසු ටූටූ සිය අවධානය යොමු කළේ සංහිඳියාව සඳහායි. දහක පහකට වඩා දැඩි ලෙස බෙදී, ධ‍්‍රැවීකරණය වී තිබූ බහුවාර්ගික හා බහුආගමික දකුණු අප‍්‍රිකානු සමාජය ටිකෙන් ටික සුවපත් කිරීමේ වගකීමට ඔහු උර දුන්නා. ඒ පූජකයකු ලෙස නොව දාර්ශනිකයකු, මානව හිතවාදියෙකු හා ජාතියේම ප‍්‍රණාමයට පත් ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ලෙසින්.

1994න් පසු බිහි වෙමින් පවතින නව දකුණු අප‍්‍රිකාවට දේදුනු දේශය (Rainbow Nation) ලෙස නම් තැබුවේත් ඔහුයි. විවිධ ජාතීන් හා ගෝත‍්‍ර දුසිම් ගණනක් එක් කැරෙන මේ දේශය සංස්කෘතික හා සමාජයීය විවිධත්වයේ ප‍්‍රතිමූර්තියක් විය යුතු බව ඔහුගේ දැක්ම වුණා. මේ නම ගැන සමහරුන්ට විවේචන ඇතත් එක් ධජයක් යට ජාතික අනන්‍යතාවක් බිහි කරන්නට දකුණු අප‍්‍රිකාවට දශක දෙකකට වැඩි කාලයක් ගුරුහරුකම් දෙන්නේ ටූටූ.

වර්ණභේදවාදය නිමා කරන්නට ටූටූ මහත් සේ දායක වූවත් 1994න් පසු කිසිදු දේශපාලන හෝ පොදු ආයතනික තනතුරක් භාර ගත්තේ නැහැ. 1996-2000 වකවානුවේ සත්‍යය හා සංහිඳියාව පිළිබඳ කොමිසමේ සභාපතිවරයා ලෙස නම් අතිශයින් වැදගත් මෙහෙවරක් ඔහු ඉටු කළා.

මෙකී නොකී බොහෝ සාධක නිසා දකුණු අප‍්‍රිකාවේ හෘද සාක්ෂිය ලෙස සැලකෙන්නේ දැනට 84 වියැති ටූටූයි.

වරක් මැන්ඩෙලා ඔහු ගැන මෙසේ කීවා. ‘ටූටූ විටෙක ඉතා මෙලෙක්. තවත් විටෙක ඉතා දැඩියි. කිසි විටෙක බිය නැහැ. එසේම බොහෝ විට සිනාමුසු හා හාස්‍යලෝලී චරිතයක්. මිලියන ගණනක හඬක් නැති අපේ ජනයාගේ හඬ වන්නේ ඔහුයි.’

ඩෙස්මන්ඞ් ටූටූ 1994 සිට බලයට පත් හැම දකුණු අපි‍්‍රකානු රජයක් ම නොබියව විවේචනය කරන අයෙක්. සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයකු ලෙස මානව හිමිකම්, HIV/AIDS, කාන්තා අයිතිවාසිකම්, පාරිසරික ප‍්‍රශ්න, දුප්පත්කම පිටුදැකීම ආදී බොහෝ වැදගත් සමාජ අරගලයන්ට අනුබල දෙනවා.

මැන්ඩෙලා සමග විවෘතව කිසි දිනෙක නොගැටුනත් 1999 මැන්ඩෙලා විශ‍්‍රාම යාමෙන් පසුව පත් වූ හැම දකුණු අප‍්‍රිකානු රාජ්‍ය නායකයකුම විටින් විට සහේතුකව ටූටූ විවේචනය කොට තිබෙනවා. ඔහු පෞද්ගලික කෝන්තර හෝ න්‍යාය පත‍්‍ර නැතිව ක‍්‍රියා කරන බව දන්නා නිසා ඔහුව එතරම් නොරිසි අයට පවා ඔහු ගැන ගෞරවයක් තිබෙනවා.

1994දී නව දකුණු අප‍්‍රිකාවක් බිහිකිරීමට උතුම් සිහින මැවූ බොහෝ දෙනා මේ වන විට ඇති-නැති පරතරය විශාල වීම හා මහා පරිමාණ දුෂණ ඉහවහා යාම ගැන දැඩි කලකිරීමට පත්ව සිටිනවා.

2013 දෙසැම්බරයේ මැන්ඩෙලා මියගිය පසු එරට ඉතිරිව සිටින දැවැන්තම ජීවමාන ජන නායකයා දැනට විශ‍්‍රාමිකව සිටින මේ පූජකවරයායි.

සෝභිත හිමි හා ඩෙස්මන්ඞ් ටූටූගේ ලෝක දෙක බෙහෙවින් වෙනස් වූවත් ඔවුන්ගේ පොදු සාධක රැසක් මා දකිනවා. දෙදෙනාම තම ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාකාරකම් නිසා රාජ්‍ය මර්දනයට ලක්වූවා. බන්ධනාගාරයේ කල් ගත කළා. දෙදෙනාම විචිත‍්‍ර කථිකයන්. එසේම ජනකාන්ත (charismatic) පෞර්ෂයක් සතුයි.

දේශපාලන ප‍්‍රතිසංස්කරණවලින් ඔබ්බට ගිය සමාජ සේවා කටයුතුවලද දෙදෙනාම පුළුල්ව නිරත වූවා. ටූටූ සිය රටේ HIV පැතිරීමට එරෙහිව සමාජ බලවේග ගොඩ නැගූ අතර, සෝභිත හිමි අමද්‍යප ව්‍යාපාරයට නායකත්වය දුන්නා. මත්පැන්, මත්ද්‍රව්‍ය සමාජය ගිල ගැනීමට එරෙහිව හඬ නැංවූවා. මත්ද්‍රව්‍ය හා දේශපාලනය අතර නොමනා සබඳතාව බිඳින්නට තැත් කළා.

මීට දින කිහිපයකට පෙර පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මහාචාර්ය සරත් විජේසූරිය කීවේ එතනෝල්, කුඩු ඡාවාරම් සිදුකළ බවට නම් දැරූ දේශපාලකයන් යහපාලන රජයේ ලොකු පුටුවලට පත්වීම සෝභිත හිමියන්ට දැඩි ලෙස මානසික පීඩාවක් ඇති කළ බවයි. ‘මගේ පෞද්ගලික අදහස තමයි සෝභිත හිමියන් බරපතළ ලෙස අසාධ්‍ය වෙන්න, මානසික පීඩාවට පත් වෙන්න ඔය කාරණය දැඩි ලෙස බලපෑවා කියන එක’ ඔහු කියනවා.

Sobitha was a genius of one-liners in Sinhala, like this one
Sobitha was a genius of one-liners in Sinhala, like this one

හුදු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ සංකල්පයක්ව තිබූ යහපාලනය මෙරට සාමාන්‍ය ජනයා අතර සමාජ ගත කරන්නට මහත් සේ දායක වූ සෝභිත හිමියන්, යහපාලනය අයාලේ යන සැටි බලා මහත් සේ කම්පා වන්නට ඇති.

ඩෙස්මන්ඞ් ටූටූට අවශ් විටෙකදී ටිකක් සැරවැර කොට හදා ගන්නට හැකි නෙල්සන් මැන්ඩෙලා කෙනෙකු සිටියා. මැන්ඩෙලාගාන්ධි රූප සිය මැතිවරණ ව්යාපායේ භාවිත කළත් මෛතරීපාල සිරිසේන එකී පරමාදර්ශී චරිත සතු වූ රතිපත්ති ගරුක බව රියාවෙන් පෙන්වීමට අසමත්ව සිටිනවා.

සෝභිත හිමියන්ට මැන්ඩෙලා කෙනෙකු මෙරට නොසිටීම එහිමියන්ගේ පමණක් නොව අප සැමගේ ඛේදවාචකයයි.

යහපාලනය යනු මැතිවරණ උද්යොග පාඨයක් නොව දිනපතා පිළිපැදිය යුතු රතිපත්ති හා රියා සමුදායක් බව වත්මන් ජනපති හා අගමැති දෙපලට දැන්වත් තේරුම් ගියොත් හොඳයි!

සෝභිත හිමියන්ට කළ හැකි ලොකුම උපහාරයද එයයි.

See also:

21 July 2013: සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

28 July 2013: සිවුමංසල කොලූගැටයා #127: මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ

Sobitha meme - Sinhala

Op Ed: Let’s Get Real about Sri Lanka’s Urbanization!

On 12 November 2015, Daily Mirror broadsheet newspaper in Sri Lanka published my op-ed essay on the need to take a new look at urbanization in Sri Lanka.

It is reproduced here in full:

Let’s Get Real about Sri Lanka’s Urbanization!

By Nalaka Gunawardene

The level of urbanization is an indicator of a country’s economic development and the living standards of its people.

Some purists might disagree, but it is universally agreed that urban areas – cities and towns of various size and shape – offer better facilities and opportunities for their residents.

So how urbanized is Sri Lanka? Many among us keep repeating a notion that ‘we are predominantly rural’, but is it really so?

The 2012 Census of Population and Housing categorised only 18.2% of the Lankan population as being urban. However, that figure is highly misleading because we currently use a narrow definition.

Currently, only those living in Municipal Council (MC) or Urban Council (UC) areas are considered urban. However, some Pradeshiya Sabha areas (the next local government unit) are just as urbanised.

Minister of Megapolis and Western Development Champika Ranawaka speaks at LBO-LBR Infrastructure Summit 2015 (Image courtesy LBO)
Minister of Megapolis and Western Development Champika Ranawaka speaks at LBO-LBR Infrastructure Summit 2015 (Image courtesy LBO)

At the recent LBR/LBO Infrastructure Summit 2015 held in Colombo in early November, Minister of Megapolis and Western Development Champika Ranawaka took on this myth head on. He argued that Sri Lanka’s urban population share is probably as high as 48% — which is two and a half times higher than the current figure.

He mentioned as examples Pradeshiya Sabha areas like Homagama, Beruwala and Weligama that are administratively classified as ‘rural’ despite having many urban characteristics.

His concern: misconceptions such as this distort the country’s policy decisions on infrastructure planning and urban development.

The World Bank’s global lead for urban development strategies, Sumila Gulyani, who spoke during the opening session, agreed with the Minister’s contention of nearly half of Sri Lanka’s population having already become urban.

The Bank’s own estimates are roughly the same, she said. “The official statistics of urban population in Sri Lanka is from 14% to 18% — but if you look at the agglomeration, it is (actually) around 47%”.

World Bank's Sumila Gulyani speaks in Colombo, 3 Nov 2015. (Image courtesy LBO)
World Bank’s Sumila Gulyani speaks in Colombo, 3 Nov 2015. (Image courtesy LBO)

She added: “All South Asia countries under-state their urbanization level relative to, say, Latin America. In India it’s the same story. The reason has traditionally been that the rural areas got more national subsidy programmes — and no administration wanted to be called urban!”

Taking South Asia as a whole, 30% of its combined population now lives in cities. A massive rise in this urban share is expected in the coming decades. Sri Lanka cannot buck this trend.

Despite this, old myths linger on for years. The problem, as Gulyani highlighted, is in the mismatch of capabilities: “If the (local government) council that is managing an urban area is a rural council, you are not going to see the kind of planning and urban management you need to see for productive urban growth.”

 Hidden Urbanization

Copy of Leveraging Urbanization in South Asia - new World Bank ReportMeanwhile, a new World Bank report on urban trends in South Asia reminds us that Sri Lanka’s share of the population officially classified as living in urban areas actually fell slightly between 2000 and 2010.

“These official statistics, however, miss considerable ‘hidden’ urbanization,” says the report, titled Leveraging Urbanization in South Asia: Managing Spatial Transformation for Prosperity and Livability (September 2015).

The report suggests that as much as one-third of Sri Lanka’s population may be living in areas that, while not officially classified as urban, “nevertheless possess strong urban characteristics”.

This report tries to overcome our region’s data deficiencies by drawing on some unconventional data sources — such as nighttime lights and other forms of remotely sensed earth observation data.

Analysis of night lights has also revealed a more general growth of multi-city agglomerations – continuously lit belts of urbanization containing two or more sizeable cities – across South Asia. Their number has risen from 37 in 1999 to 45 in 2010.

In Sri Lanka, the report says, such ‘ribbon development’ radiates out from Colombo along major transport arteries to link it with both Kandy and Galle/Matara, revealing a dynamic urbanization process.

A general conclusion of the report is that South Asian countries urgent need to increase higher quality and more comprehensive data on urban trends and conditions.

South Asia at night - composite satellite image taken in April & Oct 2012 (Image courtesy NASA)
South Asia at night – composite satellite image taken in April & Oct 2012 (Image courtesy NASA)

Anomaly of 1987

 In Sri Lanka, the low figure for urban population is the direct result of an administrative decision to count all Pradeshiya Sabha areas as being rural. This has long been critiqued by experts such as town planner Prof Ashley L S Perera of the University of Moratuwa.

When the new local government unit was created in 1987 for political expediency, their demarcations totally ignored the existing ground realities, he says. That has led to much confusion about ‘urban areas’ in Sri Lanka for the past quarter century.

Statisticians in Sri Lanka’s government are also well aware of this. Analysing the key findings of the 2012 head count, the Department of Census and Statistics says that the country’s urban percentage “would have been much higher if the definitional issues were resolved”.

In its Census of Population and Housing 2012: Key Findings, the Department notes: “Areas coming under all Municipal Coun­cils (MC) and Urban Councils (UC) are currently considered as urban sector in Sri Lanka. Prior to 1987, Town Councils were also included in the definition of urban areas. With the setting up of Provincial Councils in 1987, these Town Councils were absorbed into Pradeshiya Sabhas which fall into the rural sector since then.”

After 1987, some towns lost their urban status and overnight became ‘officially rural’. The Department acknowledges that there are many areas outside MCs and UCs that “have urban outlook but still classified as rural”.

This leads to underestimation of the degree of urban­ization and comparison becomes difficult over the years, it says.

The Department highlights the need to “introduce a realistic definition of urban areas taking into account of the characteristics of the population rather than based on pure administrative considerations.”

It says that Sri Lanka’s urban percentage “would have been much higher if the definitional issues were resolved”.

At the time of the 2012 Census, Sri Lanka had a total of 23 MCs and 41 UCs. According to the Census findings, the country’s eight largest cities – Colombo, Kaduwela, Dehiwala-Mount Lavinia, Moratuwa, Negombo, Kotte, Kesbewa and Maharagama – made up nearly half (48%) of what is officially considered the ‘urban’ population. All these are located in the Western Province.

The balance 56 urban areas include 26 small cities with population below 25,000. “This shows the uneven distribution of the urbanization” says the Department.

The Census found that in the Colombo district, three out of four people (77.6%) already live in urban ar­eas. Batticaloa (28.7%), Ampara (23.6%), Trincomalee (22.4%) districts in Eastern province and Mannar (24.5%), Vavuniya (20.2%), Jaffna (20.1%) districts in Northern province all have urbaniza­tion levels higher than the current national average of 18.2%.

Misleading the world

Adopting a more pragmatic and realistic definition of ‘urban’ is thus a policy priority for Sri Lanka. That can help better planning of our rapidly urbanising human habitats.

Such a move can, hopefully, also awaken those Lankans who insist about their ‘very rural island’ contrary to what the evidence suggests.

It would also stop international organisations and researchers from mistakenly labelling Sri Lanka as a country with only a small urban population.

World Urbanization Prospects 2014For example, World Urbanization Prospects 2014, a global overview published by the UN Department of Economic and Social Affairs, has listed Sri Lanka as one of 16 countries worldwide that “still have low levels of urbanization, i.e. below 20 per cent”. (As an inter-governmental body, the UN goes by national governmental data.)

The largest (by population) among these ‘low urbanized countries’, were listed as Burundi, Ethiopia, Malawi, Niger, South Sudan, Uganda, Nepal and Sri Lanka. “By 2050, all of these countries are expected to become significantly more urbanized, with as much as twice their respective proportions urban in 2014,” the UN report noted.

However, as minister Ranawaka just publicly declared, that doubling has already happened in Sri Lanka! Now if only official data custodians can change definitions, we can finally move away from the illusion of being a rural country…

Census of Population and Housing 2012: Key Findings can be accessed online at: http://countryoffice.unfpa.org/srilanka/?publications=12333

Science writer Nalaka Gunawardene writes regularly on science, development and media issues. He blogs at http://nalakagunawardene.com

සිවුමංසල කොලූගැටයා #243: වාහන තදබදය ජය ගන්නට දිගු කාලීන දැක්මක් හා සැලසුම් ඕනෑ!

City design, transport planning, air quality and public health may fall under the purview of different government agencies. But in our chaotic cities, these factors come together to create urban nightmares. Solutions also require an integrated approach.

Can we awaken from this sleep-walking before it’s too late?

This is the question I pose – and try to answer — in this week’s Ravaya column, (appearing in issue of 1 Nov 2015).

I quote the transport specialist Professor Amal Kumarage of the University of Moratuwa as saying that the national average speed is already down to 26 km per hour. Within the Colombo district, the average speed is 22 km per hour. The national average speed is projected to drop to 19 km per hour, while the Colombo district figure would drop to 15 km per hour, by 2031.

What are the smart solutions? I highlight the greater emphasis and investment needed in mass transit systems. In particular, I mention solutions such as dedicated bus lanes, bus rapid transit arrangements, congestion charges, and other demand side management options.

Building new roads is NOT going to solve traffic congestion problems in the long term: it will only aggravate them. But strategically linking or expanding the existing road network can bring some relief, as has happened with Colombo’s Duplication Road extension and Marine Drive expansion.

traffic-cartoon

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලත්, වෙනත් ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශවලත් වාහන තදබදය දැන් ලොකු ප‍්‍රශ්නයක්. ගමනක දුර සැතපුම් හෝ කිලෝමීටර්වලින් කීම වෙනුවට එයට ගත වන කාලයෙන් කීමට අප දැන් පුරුදුව සිටිනවා.

කඩිනම් වේලාව (rush hour) වඩාත් දිගු කාලයක් පුරා පැතිරෙන්නට පටන් අරන්. මෙයට කෙටි කාලීනව පිළියම් සෙවීමට රථවාහන පොලිසිය වෙර දරනවා. එහෙත් සමහර තැන්වල ඔවුන්ටත් පාලනය කරගත නොහැකි තරම් ප‍්‍රශ්නය උග‍්‍ර වෙලා.

නුදුරු අනාගතයේදී කොළඹ හා අවට තවත් ගුවන් පාලම්, පොළොවට උඩින් දිවෙන මාර්ග හා තනි පීල්ලේ දුම්රිය සේවාවක් හඳුන්වා දීමට යෝජනා තිබෙනවා. මේ සියල්ලට දැවැන්ත ආයෝජන අවශ්‍යයි. එහෙත් එමගින් ප‍්‍රශ්නය විසඳේද? නැතිනම් කල් දැමීමක් පමණක් සිදුවේද?

එහා මෙහා යාම හෙවත් චල්‍යතාව (mobility) නූතන සමාජවල එදිනෙදා චර්යා රටාවක්. මීට සියවස් දෙකකට පෙර පමණ වන තුරු (දේශාටනයේ නිරත වූ ටික දෙනකු හැරෙන්නට) බොහෝ මානවයන් උපතේ සිට මරණය දක්වා කිලෝමීටර් කිහිපයකට වැඩි දුරක් ගමනේ යෙදුණේ නැහැ.

එහෙත් එසේ ජීවිත කාලයක් එක් තැන් වී සිටීමට අද අවශ්‍ය නැහැ. ඉගෙනීමට, ජීවනෝපායට හෝ විනෝදයට අප බොහෝ දෙනකු නිතිපතා ගමනේ යෙදෙනවා. ඒ සඳහා පොදු මාර්ග පද්ධති, පොදු ප‍්‍රවාහන සේවා තිබෙනවා. එයට අමතරව පොදු මාර්ගවල පෞද්ගලික වාහන පදවා ගෙන සමහරුන් ගමනේ යෙදෙනවා.

අරමුණු හා ගමනාන්ත වෙනස් වෙතත් අප හැමගේ පොදු අපේක්ෂාව නම් නිරුපද්‍රිතව හා රස්තියාදුවෙන් තොරව අපේ ගමන් නිම කිරීමයි.

එහෙත් අප බොහෝ දෙනකු එක වර ගමනේ යෙදෙන විට වාහන තදබදය හා පොදු ප‍්‍රවාහන සේවා පිරී ඉතිරී යෑම සිදු වනවා. වසරක් පාසා උග‍්‍ර වන මේ මහා ප‍්‍රශ්නය විසඳා ගන්නේ කෙසේද? එයට අවශ්‍ය නිසි දැක්මල තාක්ෂණයන් හා ආයෝජන මොනවාද?

Traffic in Jakarta, capital of Indonesia: Is Colombo headed that way, soon?
Traffic in Jakarta, capital of Indonesia: Is Colombo headed that way, soon?

මොරටුව සරසවියේ ප‍්‍රවාහනය පිළිබඳ මහාචාර්ය අමල් කුමාරගේ, මෙරට ප‍්‍රවාහන ප‍්‍රවණතා, විසඳුම් හා විකල්ප ගැන කලක සිට අධ්‍යයනය කරන විද්වතෙක්. මාර්ගවල දිවෙන වාහන සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වීම හමුවේ නිසි ප‍්‍රවාහන කළමනාකරණය සිදු නොකිරීමේ බරපතල විපාක ගැන ඔහු අනතුරු අඟවනවා.

2012දී ඔහු ගණන් බැලූ විදියට මෙරට මහාමාර්ග පද්ධතියේ වාහන ධාවන සාමාන්‍ය වේගය (average speed) පැයට කිමී 26යි. (තදබදයට හසු වූ විට හා නිදහසේ ගමන් කරන විට වාහනවල වේගය සමස්තයක් ලෙස ගෙන මෙය ගණන් බැලෙනවා.) කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල සාමාන්‍ය වේගය පැයට කි.මී. 22යි.

තව වසර 15කින්, එනම් 2031 වන විට, ජාතික මට්ටමේ සාමාන්‍ය වේගය පැයට කි.මී. 19ටත්, කොළඹ හා අවට එය පැයට කි.මී. 15ටත් අඩු විය හැකි බවට ඔහු ප‍්‍රක්ෂේපණය කරනවා.

Prof Amal Kumarage
Prof Amal Kumarage

එපමණක් නොවෙයි, වාහන තදබදය නිසා අනවශ්‍ය ලෙස දහනය වන ඉන්ධන හා අපතේ යන කාලය සහඵලදායීතාව අතිවිශාලයි. එසේම සෙමින් ධාවනය වන වාහනවලින් නැගෙන දුෂණ දුමාරය ද වැඩියි.

මේ සාධක දත්ත සමග අනුරූප කොට ගණන් බැලූ විට තදබදය නිසා වසරකට අවම වශයෙන් රුපියල් බිලියන් 40ක් පමණ මෙරටට අපතේ යන බව මහාචාර්ය කුමාරගේ කියනවා. මෙය 2014 වසරේ සමස්ත සමෘධි ආධාර වියදම වූ රුපියල් බිලියන් 15 මෙන් දෙගුණයකටත් වැඩියි.

රථවාහන තදබදයට විසඳුමක් ලෙස සමහරුන් යෝජනා කරන්නේ පවතින මාර්ග පුළුල් කිරීම හා අලූත් මහාමාර්ග ඉදි කිරීමයි. එහෙත් මෙය සාර්ථක දිගුකාලීන විසඳුමක් නොවෙයි. ලෝකයේ බොහෝ රටවල අත්දැකීම නම් මාර්ග පද්ධතිය පුළුල් කිරීම හරහා වසර කිහිපයක සහනයක් ලැබෙන නමුත් ඉන්පසු වැඩි වන වාහනවලින් ඒවාද පිරී ඉතිරී යන බවයි.

‘කෙතරම් අලූත් මාර්ග හෝ ගුවන් පාලම් හැදුවත් ඒවා තාවකාලික විසඳුම් පමණයි. වඩාත් තිරසාර විසඳුම් සඳහා අප පොදු ප‍්‍රවාහන සේවා දියුණු කොට ඒවා වැඩිපුර යොදා ගැනීමට යොමු විය යුතුයි.’ කුමාරගේ කියනවා.

වැඩි මගීන් සංඛ්‍යාවක් එක වර, කාර්යක්ෂමව හා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි පොදු ප‍්‍රවාහන සේවා (mass transit) දියුණු කිරීම එයට වඩා තිරසාර විසඳුමක්. ඒත් එය මනා ඉදිරි දැක්මකින් යුතුව, ඉංජිනේරු, තාක්ෂණික හා සමාජ විද්‍යාත්මක විශේෂඥ මග පෙන්වීම යටතේ සැලසුම් කොට ක‍්‍රියාත්මක කළ යුතුයි.

පොදු ප‍්‍රවාහන සේවා ගැන රජයන්ගේ මෙන්ම මහජනයාගේත් ඇත්තේ හොඳ තක්සේරුවක් නොවෙයි. බස් රිය හා දුම්රිය සේවා ඇති තරම් ධාරිතාවකින් යුතුව හා කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වනවා නම් එයින් ගමන් යන්නට වැඩි පිරිසක් කැමති වනු ඇති. එහෙත් පවතින තත්ත්වය යටතේ අමාරුවෙන් හෝ තමන්ගේම මෝටර් බයිසිකලයක්, ත‍්‍රීරෝද රථයක් හෝ කාරයක් යොදා ගෙන ගමන් බිමන් යාම බහුතරයකගේ අපේක්ෂාවයි. මෙය ප‍්‍රායෝගික සාධකයන් හා ආකල්ප යන දෙකේම සංකලනයක්.

ගෙවී ගිය දශක තුනෙහි මෙරට බස් ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට ඇති තරම් ආයෝජන යෙද වී නැහැ. බස්වලටත් වඩා කාර්යක්ෂම ලෙසින්, මගී හා බඩු ප‍්‍රවාහනය දෙකම කල හැකි දුම්රිය සේවාවලට ඊටත් අඩු අවධානයක් හා මහජන මුදල් ආයෝජනයක් සිදුව ඇති බව කුමාරගේ පෙන්වා දෙනවා.

2012 සංඛ්‍යා ලේඛන අනුව දිනට වැඩ කරන දිනයක දළ වශයෙන් වාහන 250,000ක් පමණ කොළඹ නගරයට පිවිසෙනවා (සහ සවසට පිට වෙනවා). එය සමන්විත වන්නේ බස් 15,000ක්, ලොරි 10,000ක් හා ඉතිරි 225,000 පෞද්ගලික මෝටර් රථ, මෝටර් සයිකල් හා ත‍්‍රීරෝද රථවලින්.

‘ප‍්‍රවාහන පද්ධතිය සමස්තයක් ලෙස සැලකිල්ලට ගෙන, දත්ත මත පදනම් වී, ප‍්‍රවණතා හඳුනාගෙන අප සැලසුම් කළ යුතුයි. කෙටි කාලීන ඉක්මන් විසඳුම් සොයා යෑම හා තැන තැන පුංචි පහේ විසඳුම් තැත් කිරීම දිගුකාලීනව හානිකරයි’ කුමාරගේ කියනවා.

2010දී සම්මත කරගත් ජාතික ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියට අනුව තනි පුද්ගලයන් හෝ දෙතුන් දෙනකු හෝ රැගෙන යන වාහනවලට වඩා වැඩි මගීන් සංඛ්‍යාවක් රැගෙන යන වාහනවලට හා එම සේවාවන්ට ප‍්‍රමුඛතාව දිය යුතුයි. (මෙහිදී බස් රථ අයිති ලංගමයටද, පෞද්ගලික හිමිකරුවන්ට ද යන්න අදාල නැහැ.)

Concept of dedicated bus lanes on main roads
Concept of dedicated bus lanes on main roads

ප‍්‍රධාන මාර්ගවල බස් රථවලටම වෙන් වූ ධාවන තීරුවක් (Bus Lane) සටහන් කිරීම බොහෝ රටවල කැරෙන්නක්. ගාලූ පාරේ කොළඹට ආසන්නව මෙය සමහර තැන්වල සටහන් කර ඇතත් අපේ බස් රියදුරන් හෝ අනෙක් රියදුරන් එය ගැන ඇති තරම් අවධානයක් යොමු නොකරන බව පෙනෙනවා.

වැඩි පිරිසක් එකවර ගෙන යන බස් රථවලට මහමගදී ප‍්‍රමුඛතාව දීමටයි මෙයින් තැත් කරන්නේ. ගිලන් රථ පදවනවා වගේ වියරුවෙන් බස් පදවනු වෙනුවට වෙන් කරන ලද ධාවන තීරුවක ඉක්මනින් ඉදිරියට යන්නට හැකි නම් හොඳයි.

මුළු රටේම 2014 අවසන් වන විට ලියාපදිංචි වාහන සංඛ්‍යාව මිලියන් 5.63ක් වුණා. මෙයින් හැම එකක්ම හැම දිනෙකම පාරට නොබැස්සත් බාගයකට වඩා ඕනෑම දිනයක මහමග දුවනවාග හැම වසරකටම අලූතෙන් වාහන ලක්ෂ 3 – 4ක් ලියාපදිංචි කැරෙනවා. (2014 සමස්ත ලියාපදිංචි කිරීම් ගණන 429,566).

වාහන තදබදය ගැන විවාද කරන විට සමහරුන් ආවේගශීලීව කියන්නේ රටට අලූත් වාහන ගෙන ඒමට නතර කරන ලෙසයි. වෙළෙඳපොළ ආර්ථිකයක් පවතින, පුද්ගල නිදහස අගය කරන සමාජයකට එය කිසිසේත්ම ප‍්‍රායෝගික විසඳුමක් නොවෙයි. එහෙත් (තහංචි වෙනුවට) ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටමින් වාහන භාවිතය පාලනය කළ හැකි ක‍්‍රම තිබෙනවා.

එයින් එකක් නම් සමහර නගරවල කඩිනම් වේලාවලට ක‍්‍රියාත්මක කරන තදබද ගාස්තුවයි (Congestion Charge). නගරයක වඩාත් ජනාකීර්ණ ප‍්‍රදේශවලට මෝටර් රථයකින් පිවිසෙනවා නම් එකී හැම වාරයක් පාසාම ගාස්තුවක් ගෙවිය යුතුයි. (රාත‍්‍රියට හා සති අන්තයට එය අදාළ නැහැ.)

Electronic Road Pricing gantry in Singapore, the first city in the world to implement an urban cordon area congestion pricing scheme
Electronic Road Pricing gantry in Singapore, the first city in the world to implement an urban cordon area congestion pricing scheme

මෙය ලන්ඩනය, සිංගප්පූරුව වැනි නගරවල සාර්ථකව ක‍්‍රියාත්මක වනවා. ඒ හරහා සැලකිය යුතු පිරිසක් තම වාහන ගෙදර තබා පොදු ප‍්‍රවාහන සේවාවලින් ගමන් යන බව තහවුරු වී තිබෙනවා.

තවත් ක‍්‍රමයක් නම් පෞද්ගලික වාහන අයිතිය අඩු කිරීමට අධික බදු හා වෙනත් අය කිරීම් හරහා කරන විපෙළඹුමයි. සිංගප්පූරුව ඉසුරුබර රටක් වුවත් එහි තමන්ගේම වාහනයක් හිමි කර ගැනීමට වාහනයේ වටිනාකමටත් වඩා ඉහළ මිලක් ගෙවා බලපත‍්‍රයක් ලබාගත යුතුයි. රටේ බිම් ප‍්‍රමාණය ඉතා සීමිත නිසා මෙසේ සීමා කොට තිබෙනවා. ඒ අතර බස් හා දුම්රිය සේවා මනාව පවත්වාගෙන යන්නට එරට රජය නොමසුරුව ආයෝජන කරනවා.

ක‍්‍රමීය මට්ටමින් බලන විට අපේ රටේ මෙතෙක් කර ඇත්තේ ඉල්ලූම වැඩි වන තරමට ප‍්‍රවාහන ධාරිතාව වැඩි කිරීමට වෙර දැරීමයි. මෙය කළ හැකි සීමාවන් තිබෙනවා. ඉල්ලූම පාලනය කිරීමට (demand-side management) නැණවත් ක‍්‍රමවේද උත්සාහ කොට නැති තරම්.

හොඳ පොදු ප‍්‍රවාහන සේවයක් බිහි වන විට තම තමන්ගේ වාහනවලින් ගමන් යාම ඉබේම අඩු වන බව ලොව බොහෝ රටවල අත්දැකීමයි. අසල්වැසි ඉන්දියාව බස්රථ සේවා (Bus Rapid Transit) හා පොළොව යටින් දිවෙන උමං දුම්රිය සේවා ව්‍යාප්ත කිරීමට විශාල ලෙස මහජන මුදල් වැය කරනවා.

නවදිල්ලියේ මීට වසර කිහිපයකට පෙර අරඹන ලද උමං දුම්රිය නිසා වාහන තදබදය යම් ප‍්‍රදේශවල සමනය වීම ඇරඹිලා. ඉන්දියානු රුපියල් දහයක් ගෙවා ටිකට් මිලට ගෙන උමං දුම්රියෙන් ගමන් බිමන් යෑමට මධ්‍යම පාන්තික ඉන්දියානුවෝ දැන් කැමතියි.

New Delhi Metro train service - photo courtesy Wikipedia
New Delhi Metro train service – photo courtesy Wikipedia

ජාත්‍යන්තර මට්ටමේ උමං දුම්රිය සේවාවක් ප‍්‍රධාන නගරවල බිහිකොට පවත්වා ගැනීම එරට රජයේ ඉලක්කයයි. එයට සමාන්තරව ජනාකීර්ණ නගරවල නිසි කාල සටහනකට, කාර්යක්ෂමව ක‍්‍රියාත්මක වන බස් සේවා දියුණු කර ගෙන යනවා. තම වාහනයක් රැගෙන ගොස් නැවැත්වීමේ පහසුකම් (parking) සොයා ලත වනු වෙනුවට බසයෙන් හෝ උමං දුම්රියෙන් ගමන් යාමට ඉන්දීය ජනයා යොමු කරනවා.

ඇතැම් අවස්ථාවල උපාය මාර්ගික ලෙසින් අලූත් මාර්ග ඉදි කිරීමේ වාසි ද තිබෙනවා. මෙයට හොඳ උදාහරණයක් නම් කොළඹ කොල්ලූපිටියේ සිට ගාලූ පාරට සමාන්තරව කිලෝමීටර් මුහුදට සමීපව දිවෙන මැරීන් ඩ‍්‍රයිව් Marine Drive නම් මාර්ගයයි.

ගාලූ පාරට සමාන්තරව වඩාත් රට ඇතුළට වන්නට ඩුප්ලිකේෂන් පාරත්, මුහුදාසන්නව මැරීන් ඩ‍්‍රයිව් එකත් තැනීමේ යෝජනාව මුල් වරට ගෙන ආවේ 1944දී. මේ මාර්ගවල වැදගත්කම බි‍්‍රතාන්‍ය නගර සැලසුම්කරුවෝ කල් තබා පෙන්වා දී තිබුණා.

ඩුප්ලිකේෂන් පාර කලකට පසුව ඉදි වුවත් අනෙක් මාර්ගය දශක ගණනක් සැලසුම් පොත්වල තිබුණා. 1985දී මහ කොළඹ නාගරික ප‍්‍රවාහන අධ්‍යයනයක් පෙන්වා දුන්නේ වැඩිපුරම තදබදයක් හට ගන්නේ ගාලූපාරේ දෙහිවල/කොළඹ නගර සභා සීමාව අසල බවයි.

ගාලූ පාරට කොල්ලූපිටිය හන්දියේ සිට දෙහිවල පාලම දක්වා (කි.මී. 3.7) හා මොරටුව සිට පානදුර දක්වා (කි.මී. 11.2) අමතර ධාවන තීරු දෙකක් එකතු කිරීමට පුළුල් කරන්නට යෝජනා කෙරුණා.

T Perinpanayagam
T Perinpanayagam

එහෙත් ගාලූ පාර පළල් කරනවා වෙනුවට ඩුප්ලිකේෂන් පාර පැවති දුරට වඩා දිගු කිරීමත්, මැරීන් ඩ‍්‍රයිව් මාර්ගය ඉදි කිරීමත් වඩා උචිත හා ලබාදායක බව ගවේෂණාත්මකව තහවුරු කළ රජයේ නිලධාරියකු සිටියා. ඔහු 1980-90 දශකවල පොලිස් රථවාහන අංශයේ ප‍්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන) ටී. පෙරින්පනායගම්.

1944 යෝජනාව යළි මතු කර, කොළඹ මහ නගර සභාව, මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය හා රථවාහන පොලිසිය යන ආයතන සම්බන්ධීකරණය කළේත් රැස්වීම් රැසකට පසු මාර්ග තැනීමට අනුමැතිය ලබා ගත්තේත් ඔහුයි. ඉදිරි වසරවල රථවාහන පොලිසියට මතු වන අභියෝගයකට කල් තබා විසඳුම් සෙවීම ඔහුගේ අරමුණ වුණා.

1990 වන විට මැරීන් ඩ‍්‍රයිව් මාර්ගයෙන් කොටසක් පටු මාර්ගයක් ලෙස තනා තිබුණා. එහෙත් එය ධාවන තීරු හතරක් පළලට කොල්ලූපිටියේ සිට වැල්ලවත්තේ රාමක‍්‍රිෂ්ණ පාර හමු වන තුරු ඉදි කෙරුණේ 1992න් පසුවයි. ඒ අතර ඩුප්ලිකේෂන් පාරද වැල්ලවත්තේ සාන්ත පීතර විද්‍යාලය අසලට එනතුරු දීර්ඝ කෙරුණා.

එහෙත් 1940 ගණන්වල නිර්ණය කළ වීදි රේඛා සැලසුමට අනුව ඩුප්ලිකේෂන් පාර අත්තිඩිය පාර දක්වා දිගටම යා හැකියි. එසේම මැරීන් ඩ‍්‍රයිව් මාර්ගය වැල්ලවත්තෙන් දකුණටත් විහිදී ගොස් මොරටුව නව මාර්ගයට සම්බන්ධ කළොත් 1944 සැලසුම මුළුමනින් ක‍්‍රියාත්මක වන බව පෙරින්පනායගම් කියනවා.

සිවුමංසල කොලූගැටයා #242: එක්සත් ජාතීන්ට බුද්ධිමය නායකත්වය දුන් අපේ හපන්නු

In 2015, the UN is 70 and Sri Lanka's membership is 60 years
In 2015, the UN is 70 and Sri Lanka’s membership is 60 years

On 24 October 2015, United Nations marks its 70th birthday. A few weeks later, on 15 December 2015, is the 60th anniversary of Sri Lanka (then Ceylon) becoming a member state of this inter-governmental organisation.

In this week’s Ravaya column, (appearing in issue of 25 Oct 2015), I continue my focus on Sri Lanka’s engagement with the UN system. In last week’s column, we recalled how Sri Lanka’s heads of state/government and diplomats engaged with the General Assembly and Security Council.

සිවුමංසල කොලූගැටයා #241: හැට වසරක් පුරා එක්සත් ජාතීන්ගේ ලාංකික ලකුණ

Today, we look at some eminent Lankan professionals who joined the UN system in expert or management positions and contributed to its intellectual and institutional development over the decades.

As Thalif Deen, a journalist of Lankan origin who has been reporting from the UN headquarters since the mid 1970s, once wrote: “When future historians take stock of Sri Lanka’s enduring contributions during its first 50 years at the United Nations, they may realise that our political legacy spanned both the upper and lower limits of the universe: the sky above and the oceans below.”

The list of Lankans who have excelled within the UN system is long, and I have had to be selective here. The ones mentioned in this column are:

I end with a reference to Lakshman Kadirgamar, who served the ILO and later WIPO in senior positions in Geneva before becoming Sri Lanka’s finest Minister of Foreign Affairs in 1994. I quote from the Foreword that Kadirgamar wrote to a book on the United Nations in Sri Lanka that I wrote for the UN Information Centre (UNIC) in Colombo in 1995 to mark the UN’s 50th anniversary.

402unitednations

See also:

7 April 2013: සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

21 April 2013: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

1 Dec 2013: සිවුමංසල කොලූගැටයා #145: තුන්වන ලෝකයට බුද්ධිමය පහන්ටැඹක් වූ ආචාර්ය ගාමිනී කොරෙයා

22 Dec 2013: සිවුමංසල කොලූගැටයා #148: වර්ණභේදවාදය පිටු දැකීමට ලැබුණු ලාංකික දායකත්වය

18 Oct 2015: සිවුමංසල කොලූගැටයා #241: හැට වසරක් පුරා එක්සත් ජාතීන්ගේ ලාංකික ලකුණ

එක්සත් ජාතීන්ගේ 70 වන උපන් දිනය ඔක්තෝබර් 24 වැනිදාට යෙදෙනවා. ශ‍්‍රී ලංකාව මේ අන්තර් රාජ්‍ය සංවිධානයේ සාමාජිකත්වය ලබා මේ වසරට දශක හයක් සම්පූර්ණ වෙනවා.

මේ දශක හයේදී මෙරට නියෝජනය කරමින් එජා සමුළු හා වෙනත් ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ කීර්තිමත් රාජ්‍ය තාන්ත‍්‍රිකයන් කිහිප දෙනකු ගැන ගිය සතියේ අප කතා කළා. අද අප විමසන්නේ එජා කාර්ය මණ්ඩලයට බැඳී බුද්ධිමය දායකත්වය හරහා එය පෝෂණය කළ ලාංකික විද්වතුන් ගැනයි.

එක්සත් ජාතීන් ලෙස පොදුවේ හැඳින් වෙන ආයතන හා සංවිධාන ජාලයක් හෙවත් පවුලක් තිබෙනවා. එයින් සමහරක් තමන්ගේම පාලක සභාවක් සහිත විශේෂ සංවිධානයි. එජා සංවර්ධන වැඩසටහන (UNDP) එජා ළමා අරමුදල (UNICEF) හා ආහාර හා කෘෂිකර්ම සංවිධානය (UN-FAO) මීට නිදසුන්. එවැනි ආයතනවලට තමන්ගේම විධායක අධ්‍යක්ෂවරයකු හා පරිපාලන තන්ත‍්‍රයක් සතුයි.

එදා මෙන්ම අදත් බලගතු රාජ්‍යයන්ට එක්සත් ජාතීන්ගේ ව්‍යුහය තුළ වැඩි බලපෑමක් කළ හැකියි. එය 1945දී පැවති බලතුලනය මත තීරණය වූ හා අද ලෝකයට නොගැළපෙන විසමතාවක්. එහෙත් එය එසේ වූ පමණට මධ්‍යම හා කුඩා ප‍්‍රමාණයේ රටවල් කොන්වීමක් සිදු වන්නේ ද නැහැ.

ආරක්ෂක මණ්ඩලය තුළ චීනය, රුසියාව, බි‍්‍රතාන්‍යය, අමෙරිකා එක්සත් ජනපදය හා ප‍්‍රංශය යන රටවල් පහට නිෂේධ බලය ඇතත් අන් සියලූ ආයතන ව්‍යුහයන්ගේ තීරණ සඳහා ලොකු කුඩා හැම සාමාජික රාජ්‍යයටම ඇත්තේ එක් ඡන්දය බැගින්. තීරණ ගන්නේ බහුතර ඡන්දය මත පදනම් වීයි.

දේශපාලනිකව තීරණාත්මක මහා මණ්ඩලය, ආරක්ෂක මණ්ඩලය වැනි ආයතනික ව්‍යුහයන් ඍජුවම එජා මහ ලේකම් කාර්යාලය විසින් පරිපාලනය කැරෙනවා. එය කරන්නේ ජාත්‍යන්තර සිවිල් සේවකයන් ලෙෂ හැඳින්විය හැකි කාර්ය මණ්ඩලයක් විසින්.

Milestones in Sri Lanka - UN Partnership - Courtesy UN in Sri Lanka website
Milestones in Sri Lanka – UN Partnership – Courtesy UN in Sri Lanka website

මහ ලේකම්වරයා යටතේ ක‍්‍රියාත්මක වන මේ පිරිස ඔහු හරහා සාමාජික රාජ්‍ය 193ටම වගකීමට බැඳී සිටිනවා. වාර්ෂිකව එජා නඩත්තුවට සාමාජික මුදල් ගෙවන ශ‍්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවලට මේ නිලධාරීන් නිශ්චිත උපදේශන හා සම්බන්ධීකරණ සේවා සපයනවා.

ජාත්‍යන්තර සිවිල් සේවයට බඳවා ගන්නේ එජා සංවිධානයේ නිල භාෂා 6න් (ඉංග‍්‍රීසි, ප‍්‍රංශ, අරාබි, රුසියානු, චීන හා ස්පාඤ්ඤ) අඩු තරමින් එකක් හරිහැටි ප‍්‍රගුණ කළ, නිසි සුදුසුකම් සපුරා ගත් අයයි. ලෝකයේ ඕනෑම සාමාජක රටක පුරවැසියන්ට මේ තනතුරුවලට ඉල්ලූම් කළ හැකියි.

මේ කාර්ය මණ්ඩලය, එජා සමුළුවට සහභාගිවීමට යන තානාපති හා රාජ්‍ය නිලධාරීන්ට වඩා වෙනස්. ඔවුන් තනි රටකට නොව සියලූ සාමාජික රටවලට සේවය කිරීමටත්, එජා ප‍්‍රඥප්තිය හා මූලධර්ම සුරැකීමටත් බැඳී සිටිනවා.

1955දී ශ‍්‍රී ලංකාව එජා සාමාජිකත්වය ලබන්නටත් පෙර පටන් කෘතහස්ත ලාංකිකයෝ එජා කාර්ය මණ්ඩලයට බැඳී සේවය කරමින් සිටියා. 1952-59 වකවානුවේ එජා ආර්ථික හා සමාජයීය කොමිසමේ (ECOSOC) උසස් නිලධාරියකු වූ ධනපාල සමරසේකර එක් උදාහරණයක්. ආසියානු හා අප‍්‍රිකානු රාජ්‍ය නායකයන්ගේ මුල්ම සමුළුව 1955 අපේ‍්‍රල් මස ඉන්දුනීසියාවේ බන්දුන් නුවර පැවති විට එජා සංවිධානය නියෝජනය කරමින් සහභාගි වූයේ ඔහුයි.

L to R - Neville Kanakaratne, Nandasiri Jasentuliyana, Jayantha Dhanapala, Gritakumar Chitty
L to R – Neville Kanakaratne, Nandasiri Jasentuliyana, Jayantha Dhanapala, Gritakumar Chitty

කේම්බි‍්‍රජ් සරසවියෙන් නීති උපාධි ලැබූ නීතිඥ නෙවිල් කනකරත්න මුල් යුගයේ එජා කාර්ය මණ්ඩලයට බැඳුණු දක්ෂයෙක්. 1957-60 වකවානුවේ එජා මූලස්ථානයේ ලංකා දූත කාර්යාලයේ නීති උපදේශක වූ ඔහු 1960දී නීති හා දේශපාලන උපදේශකයකු ලෙස එජා කාර්ය මණ්ඩලයට එක් වුණා. 1960-64 කාලයේ එජා සාම සාධක හමුදාවලට නීති උපදෙස් ලබා දුන් ඔහු දෙවන මහ ලේකම් වූ ඩැග් හැමර්ෂල්ඞ්ගේ නීති උපදේශකවරයා ද වූවා.

1961 සැප්තැම්බරයේ කොංගෝවේ ගැටුම් ඇවිලී ගොස් සටන් විරාමයක් සඳහා සාකච්ඡා කරන්නට මහ ලේකම් අප‍්‍රිකාවට ගියා. ඔහු සමග කනකරත්න ද යාමට නියමිතව සිටියත් අවසන් මොහොතේ තමාට වඩා හොඳින් ප‍්‍රංශ බස කතා කරන නීති විශාරදයකුට තැන දී කනකරත්න නතර වුණා. (අප‍්‍රිකාවේ සමහර රටවල දෙවන බස ප‍්‍රංශ බසයි.)

1961 සැප් 18 වැනිදා මහලේකම්වරයා සහ තවත් 15 දෙනකු රැගත් එජා ගුවන් යානය දැන් සැම්බියාවට අයත් න්දෝලා නම් ස්ථානයේදී කඩා වැටුණා. ඔවුන් සියලූ දෙනා මිය ගියා. මේ අනතුර අහම්බයක් ද හිතාමතා කළ දෙයක් ද යන්න ගැන අද දක්වා විවාද කැරෙනවා.

කෙසේ වෙත්ත යාන්තමින් බේරුණු කනකරත්න පසු කලෙක අමෙරිකා එක්සත් ජනපදයේ, රුසියාවේ හා ඉන්දියාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස අතිශය වගකීම් සහගත තනතුරු දැරුවා.

1978දී අමෙරිකාවේ ජෝර්ජ් වොෂිංටන් සරසවිය විසින් ඔහුට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමනු ලැබුවා. ඉතා චතුර හා සිත් ගන්නා සුලූ කථිකයකු වූ ඔහු යම් දිනෙක ලෝක පාර්ලිමේන්තුවක් බිහි වූවොත් එහි කතානායක වීමට සුදුසු යැයි සරසවියේ අධිපතිවරයා එදා ප‍්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරු හොබවමින් බුද්ධිමය නායකත්වයක් ලබා දුන් තවත් කීර්තිමත් ලාංකික නීතිඥයකු නම් නන්දසිරි ජසෙන්තුලියන. 1965 සිට 1999 දක්වා එජා කාර්ය මණ්ඩලයේ සිටි ඔහු 1988-99 වකවානුවේ ඔස්ටි‍්‍රයාවේ වියානා නුවර පිහිටි අභ්‍යවකාශය පිළිබඳ එජා කාර්යාලයේ (UN Office for Outer Space Affairs) අධ්‍යක්ෂවරයා වූවා.

අභ්‍යවකාශ නීතිය ගැන ලොව ප‍්‍රමුඛ පෙළේ විද්වතකු වන ඔහු ජාත්‍යන්තර මට්ටමේ අභ්‍යවකාශ සහයෝගිතා සමුළු ගණනාවක් මෙහෙය වූ අතර ඒ ගැන පොත්පත් හා නිබන්ධන රැසක් ලියා තිබෙනවා.

අමෙරිකාවේ ජාතික අභ්‍යවකාශ සංගමය (National Space Society) මීට වසර කිහිපයකට පෙර අභ්‍යවකාශ ගවේෂණයට සම්බන්ධ ලෝකයේ ප‍්‍රමුඛතම චරිත 100ක් නම් කළා. යූරි ගගාරීන්, නීල් ආම්ස්ට්‍රෝං වැනි පුරෝගාමීන් මෙන්ම තාක්ෂණවේදීන් හා අනාගතවේදීන් අයත් වූ මේ ලැයිස්තුවේ සිටි එකම ලාංකිකයා වූයේ නන්දසිරි ජසෙන්තුලියනයි.

ඔහු අභ්‍යවකාශය පොදු මානව උරුමයක් ලෙස තහවුරු කරන්නට නීතිමය රාමුව සකසන විට තවත් ලාංකිකයන් දෙදෙනෙක් සාගරය ලෝක දායාදයක් ලෙස පිළිගැනීම සඳහා ලෝක සාගර නීතිය (Law of the Sea) බිහි කිරීමට මුල් තැන ගත්තා.

එයින් පළමුවැන්නා 1973-80 වකවානුවේ ලෝක සාගර නීති සමුළුවේ සභාපති ලෙස ක‍්‍රියා කළ හැමිල්ටන් ෂර්ලි අමරසිංහයි. 1967-78 කාලයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙස එජා මූලස්ථානයේ ඔහු කටයුතු කළ සැටි ගිය සතියේ අප සඳහන් කළා.

Hamilton Shirley Amerasinghe (centre) chairing UN Law of the Sea conference, March 1980. UN Photo
Hamilton Shirley Amerasinghe (centre) chairing UN Law of the Sea conference, March 1980. UN Photo

1975-80 කාලයේ අමරසිංහ සමග එකට වැඩ කළ ලාංකික නීතිඥ ග‍්‍රීතකුමාර් චිටි (Gritakumar Chitty) වසර 36ක් පුරා එජා සාගර නීති ක‍්‍රියාත්මක කිරීමට නායකත්වය සැපයුවා. එයින් අන්තිම වසර කිහිපය ඔහු ජර්මනියේ හැම්බර්ග් නුවර ජාත්‍යන්තර සාගර නීති අධිකරණයේ (International Tribunal for the Law of the Sea) රෙජිස්ට‍්‍රාර්වරයා ලෙස ක‍්‍රියා කළා.

මේ අනුව බලන විට අභ්‍යවකාශයේත්, සාගරයේත් ජාත්‍යන්තර සහයෝගිතාව ප‍්‍රවර්ධනය කිරීමට එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ ලාංකිකයන් වැදගත් බුද්ධිමය දායකත්වයක් සපයා ඇති බව ලාංකික මාධ්‍යවේදී තලිෆ් ඞීන් (Thalif Deen) කියනවා. 1973 සිට නිව්යෝක් නුවර වෙසෙන ඔහු දශක හතරකට වැඩි කාලයක් එජා මූලස්ථානයේ සිදුවීම් මෙරට හා ලෝක මාධ්‍යවලට වාර්තා කරන්නෙක්.

මානව සංවර්ධනය හා ලෝක සාමය සඳහාද එක්සත් ජාතීන්ගේ විවිධ කටයුතුවලට ලාංකික විද්වත් දායකත්වය ලැබී ඇත්තේ රටේ ජනගහනයේ ප‍්‍රමාණයට සමානුපාතිකව ඉහළ මට්ටමකින්.

Gamani Corea (left) and Justice Christopher G Weeramantry
Gamani Corea (left) and Justice Christopher G Weeramantry

1974-84 වකවානුවේ වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ එජා සමුළුව (UNCTAD) මහ ලේකම්වරයා ලෙස ආර්ථික විශේෂඥ ආචාර්ය ගාමණී කොරයා කළ සුවිශේෂී කාර්යභාරය ගැන 2013 නොවැම්බරයේ සම්පූර්ණ කොලමක් හරහා මා සිහිපත් කළා.

එජා පවුලටම අයත්, හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ විනිසුරුකරුවකු ලෙස 1991-2000 වකවානුවේ ආචාර්ය ක‍්‍රිස්ටෝෆර් වීරමන්ත‍්‍රී ක‍්‍රියා කළා. එයින් 1997-2000 අතර කාලයේ ඔහු එහි උප සභාපතිවරයා වූවා. සංකීර්ණ ලෝක ප‍්‍රශ්න ගැන විද්වත් හා තුලනාත්මක නඩු තීන්දු ලබා දීම ගැන ඔහු මහත් ගෞරවයට පාත‍්‍ර වූ කෙනෙක්.

Raju Coomaraswamy and his daugher Radhika Coomaraswamy
Raju Coomaraswamy and his daugher Radhika Coomaraswamy

UNDP ආයතනයේ ආසියානු ප‍්‍රධානියා බවට මුලින්ම පත් වූ ලාංකිකයා රාජේන්ද්‍ර (රාජු) කුමාරස්වාමි (1915-1981). ඔහුත් මෙරට සිවිල් සේවයේ සිට පසුව ජාත්‍යන්තර සිවිල් සේවයට ගිය දක්ෂයෙක්.

ඔහුගේ දියණිය නීති විශාරද ආචාර්ය රාධිකා කුමාරස්වාමි. ඇයද පසු කලෙක එජා මූලස්ථානයේ ඉහළ තනතුරකට පත් වුණා. ඒ යුද්ධ හා ළමයින් පිළිබඳ විශේෂ නියෝජියා ලෙසින්. 2006-2012 එම තනතුරේ ක‍්‍රියා කරද්දී ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වය ළමයින්ට බලපාන ඍජු හා වක‍්‍ර ආකාරයක් ගැන අය ලෝක අවධානයට යොමු කළා.

ඇන්ඩෲ ජෝසෆ් (Andrew J. Joseph) මුල් යුගයේ එජා සේවයට ගිය තවත් ලාංකික සිවිල් සේවකයෙක්. 1959දී මුලින් ලෝක සෞඛ්‍ය සංවිධානයට බැඳුණු ඔහු පසුව UNDP ආයතනයට මාරු වුණා. සමස්ත ආසියාවේම ඹභෘඡු ප‍්‍රධානියා ලෙස වසර ගණනක් කටයුතු කළ ඔහු පසුව ලෝක ව්‍යාප්ත මට්ටමින් UNDP දෙවැනි ප‍්‍රධානියා ලෙස සේවය කොට විශ‍්‍රාම ගියා.

එජා තනතුරු බැබල වූ තරු අතරට ජයන්ත ධනපාලගේ නමත් එකතු වනවා. ඔහු ලංකා විදේශ සේවයේ වෘත්තීය තානාපති නිලධාරියෙක්. ලන්ඩන්, බේජිං, නවදිල්ලිය, ජිනීවා හා වොෂින්ටන් නුවර යන ස්ථානවල ලංකා තානාපති කාර්යාලවල සේවය කළා. ඔහු ලෝක කීර්තියට පත්වූයේ 1995දී න්‍යෂ්ටික අවි ප‍්‍රචලිතවීම වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව මෙහෙයවූ එහි සභාපතිවරයා ලෙසයි.

යුද අවිහරණය ගැන විශේෂඥයකු වන ඔහු 1998-2003 කාලයේ එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කාර්යාලයේ (UN Department of Disarmament) අධිපතිවරයා වූවා.

එක්සත් ජාතීන්ගේ ධුරාවලියෙහි යාමට හැකි ඉහළම තුන්වන මට්ටමට (Under-Secretary-General) ළඟා වූ ලාංකිකයන් සිවු දෙනකු සිටිනවා. එනම් ගාමනී කොරයා, ඇන්ඩෘ ජෝසෆ්, රාධිකා කුමාරස්වාමි සහ ජයන්ත ධනපාලයි.

ධනපාල 2006දී මහ ලේකම් තනතුර සඳහා ඉදිරිපත් වූවත් අවශ්‍ය තරම් සහයෝගය නොලැබීම නිසා පසුව තරගයෙන් ඉවත් වුණා.

එක්සත් ජාතීන්ගේ ආයතනික ව්‍යුහය තුළ විද්වත් මට්ටමින් හා පරිපාලන මට්ටමින් සේවය කළ තවත් ලාංකිකයන් සිය ගණනක් සිටිනවා. තමා උපන් රට නියෝජනය කරවා වෙනුවට තම හැකි පමණින් ලෝක සාමය, සංවර්ධනය හා සහයෝගිතාව සඳහා දායක වූ ඔවුන් සැම මේ මොහොතේ සිහිපත් කිරීම වටිනවා.

1974-1988 කාලයේ ජිනීවා නුවර එජා සංවිධාන සමග වැඩ කළ ලාංකික නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර් එම ආයතන ව්‍යුහය ගැන මනාව දැන සිටියා. ඔහු මුලින් ලෝක කම්කරු සංවිධානයේ (ILO) උපදේශකයකු වුණා. පසුව ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) ආසියා කලාපීය අධ්‍යක්ෂවරයා වුණා.

Lakshman Kadirgamar and the 1995 book on United Nations in Sri Lanka, written by Nalaka Gunawardene for UN Information Centre, Colombo
Lakshman Kadirgamar and the 1995 book on United Nations in Sri Lanka, written by Nalaka Gunawardene for UN Information Centre, Colombo

එක්සත් ජාතීන් හා ශ‍්‍රී ලංකාව ගැන 1995දී මා ලියූ ඉංග‍්‍රීසි පොතකට පෙරවදන සැපයුවේ ඒ වන විට ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍යවරයා බවට පත්ව සිටි කදිරගාමර් මහතායි. එහි ඔහු මෙසේ ප‍්‍රකාශ කළා.

‘මුල් යුගයේ පටන්ම මනා ජාත්‍යන්තර දැක්මක් සහිතව ලෝක ප‍්‍රජාව සමග ගනුදෙනු කරන්නට ලංකාවේ රජයන් ක‍්‍රියා කොට තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය හා සෙසු මූලධර්ම ගැන අවබෝධයකින් යුතුව කටයුතු කිරීම නිසා ශ‍්‍රී ලංකාව හා එක්සත් ජාතීන්ගේ ආයතන සමුදාය අතර කවදත් සමීප බැඳීමක් පැවතුණා. මෙරට රජයන් වෙනස් වූවද බැඳීම දිගටම පැවතීම විශේෂයි. එක්සත් ජාතීන්ගේ දායකත්වය අපට උපකාර වනවා මෙන්ම අපේ දක්ෂයන්ගේ දායකත්වය එක්සත් ජාතීන්ට මහත් සවියක් වනවා. මෙය අන්‍යොන්‍ය සහයෝගිතාවේ ප‍්‍රතිපූර්තියක් බඳුයි.’

Message from Foreign Minister Lakshman Kadirgamar to United Nations in Sri Lanka book written by Nalaka Gunawardene in 1995
Message from Foreign Minister Lakshman Kadirgamar to United Nations in Sri Lanka book written by Nalaka Gunawardene in 1995

Exploring Open Data and Open Government in Sri Lanka

An Open Dialogue about Open Data
An Open Dialogue about Open Data

Today, I gave the opening speech at an introductory seminar on ‘open data’ held at the Sri Lanka Press Institute, Colombo, on 15 Oct 2015.

Organised by InterNews and Transparency International Sri Lanka, the seminar explored the concepts of ‘open data’ and ‘big data’ and discussed that role civil society, media and technologists can play in advocating to government to open up its data, enabling a culture of transparency and open government.

An Open Dialogue on Open Data - 15 Oct 2015 Coloombo - L to R - Sriganesh Lokanathan, Nalaka Gunawardene, Sanjana Hattotuwa [Photo by Sam de Silva]
An Open Dialogue on Open Data – 15 Oct 2015 Coloombo – L to R – Sriganesh Lokanathan, Nalaka Gunawardene, Sanjana Hattotuwa [Photo by Sam de Silva]
My premise was that while the proliferation of digital tools and growth of web-based data storage (the cloud) opens up new possibilities for information generation and sharing, South Asian societies need to tackle institutional and cultural factors before democratised and digital data can really transform governance and development. Our countries must adopt more inclusive policies and practices for public sharing of scientific and other public data.

This resonates with a call by the United Nations for a ‘data revolution for development’. I cited the UN Secretary-General’s Independent Expert Advisory Group on a Data Revolution for Sustainable Development (IEAG) highlighted this in a report titled  A World That Counts: Mobilising The Data Revolution for Sustainable Development (Nov 2014).

A World that Counts...
A World that Counts…

I also referred to the Sustainable Development Goals (SDGs) that were adopted by member states of the UN at a heads of state level summit in New York on 25-27 September 2015. Underpinning all 17 SDGs is an explicit recognition of the value of data for development — to better inform decisions, and to better monitor progress.

Sri Lanka’s President Maithripala Sirisena addressed the Summit, and officially committed Sri Lanka to the SDGs. I argue that implicit in that commitment is a recognition of data for development and open data policies. We now need to ask our government to introduce a government-wide policy on data collection, storage and sharing. In short, it must open up!

This was my open call to the President to open up:

Open Your Govt's Data, Mr President! Hope you don't give us HAL's famous answer...
Open Your Govt’s Data, Mr President! Hope you don’t give us HAL’s famous answer…

Sri Lanka has taken tentative steps towards open data. In 2013, the Open Data initiative of Government started making some official datasets freely available online. It focuses on machine-readable (well-structured and open) datasets.

I quoted from my own recent op-ed published in Daily Mirror broadsheet newspaper:

Daily Mirror, 14 Sep 2015: Beyond RTI: Moving to Open Data and Open Govt. by Nalaka Gunawardene

After many years of advocacy by civil society, Sri Lanka will soon adopt a law that guarantees citizens’ Right to Information (RTI). It has recently been added to the Constitution as a fundamental right.

Passing the RTI law is only a beginning — institutionalising it requires much effort, considerable funds, and continued vigilance on civil society’s part.

RTI is Coming: Are We Ready? My question to Lankan civil society and media
RTI is Coming: Are We Ready? My question to Lankan civil society and media

As champions of RTI, media and civil society must now switch roles, I said. While benefiting from RTI themselves, they can nurture the newly promised openness in every sphere, showing citizens how best to make use of it. Reorienting our public institutions to a new culture of openness and information sharing will be an essential step.

Here is my full PPT:

 

සිවුමංසල කොලූගැටයා #239: ශ‍්‍රී ලංකාවේ ස්මාට් නගර බිහි කරන්නට අප සූදානම්ද?

Smart city visualisation
Smart city visualisation

The term ‘smart city’ refers to urban systems, and not to the smartness of residents. In fact, there is no universal definition of smart cities: it can mean smart utilities, smart housing, smart mobility or smart design.

Smart cities use information and communications technologies (ICTs) as their principal infrastructure. These become the basis for improving the quality and performance of urban services, reducing costs and resource consumption, and for engaging citizens more effectively.

ICTs – ranging from automatic sensors to data centres — would create ‘feedback loops’ within the complex city systems. If processed properly, this flow of data in real time can vastly improve the design of “hard” physical environment and the provision of “soft” services to citizens.

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 4 Oct 2015), I explore the concept of smart cities, which the new government of Sri Lanka wants to develop.

It is a formidable task. India in 2014 announced an ambitious programme to create 100 smart cities. Under this, state capitals, as well as many tourist and heritage cities are to receive funding for upgrading their infrastructure. But Prime Minister Modi and his technocrats have been struggling since then to explain just what they mean by smart cities.

I argue that smart cities need empowered people and engaged city administrators. I have argued in earlier in this column, concrete and steel do not a city make. Likewise, ICT enabled smart infrastructure alone will not create smart cities – unless the human factor is well integrated.

Smart City illustration by Times of India
Smart City illustration by Times of India

ස්මාට් නගර ගැන කතාබහක් මතුවෙමින් තිබෙනවා. යෝජිත බස්නාහිර මෙගා නගරය (Western Regional Megapolis) ස්මාට් නගර ආකෘතියේ එකක් වනු ඇතැයි ද කියනවා.

ඒ අතර නගර සැලසුම් අමාත්‍ය රවුෆ් හකීම් සැප්තැම්බර් මුලදී කීවේ මහනුවර මෙරට මුල්ම ස්මාට් නගරය කිරීමට තමන්ට ඕනෑ බවයි.

ස්මාට් නගර යනු මොනවාදැයි හරිහැටි දැනගෙන මේ සංවාද කිරීම වැදගත්.

ඉංග‍්‍රීසියෙන් Smart Cities කියන්නේ ඩිජිටල් තාක්ෂණය හෙවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) සූක්ෂම ලෙස යොදා ගනිමින් නාගරික සේවාවල තත්ත්වය හා ප‍්‍රමිතිය උසස් කරන නාගරික ප‍්‍රදේශවලටයි.

ඒ හරහා සම්පත් හා බලශක්ති පරිභෝජනය කාර්යක්ෂම කර ගන්නා අතර වියදම් අඩු කර ගන්නවා. නාගරික කළමනාකරණය විද්වත් පදනමක් මත කරන ගමන් ජනතා සහභාගීත්වය ද වැඩි කරනවා. අප කවුරුත් පතන්නේ මෙවැනි නගර තමයි!

Smart Cities යන්නට වඩා සුදුසු සිංහල යෙදුම කුමක්ද?

මීට සති කිහිපයකට පෙර මේ ප‍්‍රශ්නය මා ෆේස්බුක් ජාලයේ මතු කළා. යෝජනා ගණනාවක් ලැබුණා. සූක්ෂ්ම නගර, බුද්ධිමත් නගර හා සවිඥානික නගර ආදී වශයෙන්.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නුවණැති නගර යන්නත්, ආචාර්ය සුමනසිරි ලියනගේ දැනුමැති නගර යන යෙදුමත් යෝජනා කළා. මේ අතර රෙන්ටන් ද අල්විස් කීවේ උදාර නගර හෝ නැණැති නගර උචිත බවයි. ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල සිතන්නේ ප‍්‍රබුද්ධ නගර වඩා හොඳ බවයි.

බ්ලොග් ලේඛක අජිත් පැරකුම් ජයසිංහ සංවාදයට එක් වෙමින් කීවේ මෙයයි: ‘‘ස්මාට් කියන වචනය දැන් බොහෝ දුරට සිංහල වෙලා නිසා මෙයට වෙනත් වචනයක් හදන්න උත්සාහ නොකර ස්මාට් පුරවර කියන යෙදුම හොඳයි.’’

ස්මාට් නගර ගැන පුළුල්ව සංවාද කිරීම අවශ්‍යයි. පණ්ඩිත යෙදුමක් වෙනුවට කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි සම්මත සිංහල වචනයක් එකඟ විය හැකි නම් හොඳයි. එතෙක් ස්මාට් නගර හා ස්මාට් පුරවර යන්න මා යොදා ගන්නවා.

Smart Cities image

ස්මාට් නගරවලට තනි නිර්වචනයක් නැහැ. නගරයක් ‘ස්මාට්’ වන්නේ යටිතල සැලසුම් පහසුකම්, ප‍්‍රවාහන සේවාවන් හෝ සැලසුම්කරණය අතින් විය හැකියි. පොදු සාධකය වන්නේ සංකීර්ණ පද්ධතිවල ක‍්‍රියාකාරීත්වය නිරතුරුව හා සජීවී ලෙසින් නිරික්සමින් නඩත්තු කිරීමේ තීරණ හා පියවර ක්ෂණිකව ගනිමින් සිටීමයි.

මෙයට ඉංග‍්‍රීසියෙන් feedback loop යයි කියනවා. නිරතුරු ප‍්‍රතිශෝෂණය හරහා ප‍්‍රමිතීන්ට අනුකූලව සේවා ප‍්‍රශස්තව පවත්වා ගැනීම යයි අපට සිංහලෙන් කිව හැකියි.

තාක්ෂණික හෝ පාරිභාෂික යෙදුම්වලට වඩා වැදගත් වන්නේ සංකල්පීය නිරවුල් බවයි. කොන්ක‍්‍රීට් හා වානේ ගොඩක් එක් තැන් කළ පමණට කිසිදිනෙක ස්මාට් නගර බිහි වන්නේ නැහැ. ප‍්‍රවේශම් විය යුතු තැනත් එතැනයි. ජනතා සිතුම් පැතුම් නොතකා තැනූ හම්බන්තොට වැනි නගර ස්මාට් නගරවල විරුද්ධ පදය වැනියි.

ස්මාට් නගරවල මුඛ්‍ය අරමුණ එහි සියලූ නේවාසික වැසියන්ට හා එයට පිටතින් පැමිණෙන අයට ආයාසය හා වියදම් අඩු කාර්යක්ෂම සේවා සපයාදීමයි. නගරයක විසීම හෝ නගරයකට යම් කාරියක් සඳහා යාම වදයක් නොවී ප‍්‍රමෝදයක් බවට පත් කිරීමයි.

නාගරීකරණය නොනැවතී ඉදිරියට යන ලෝක ව්‍යාප්ත සංසිද්ධියක්. 2010දී අප වැදගත් කඩඉමක් පසු කළා. ලෝක ඉතිහාසයේ මුල් වතාවට ලොව ජනගහනයෙන් අඩක් (50%) නගරවල වෙසෙන බව සංඛ්‍යා ලේඛන තහවුරු කළා.

කලාපීය වශයෙන් ගත් විට දකුණු ආසියාවේ දැනට නාගරික ජන ප‍්‍රතිශතය 30%යි. එහෙත් එය සීග‍්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. ඉදිරි දශකවල (2050 වනවිට) ඉන්දියාවේ පමණක් නාගරික ජනගහනය තවත් මිලියන 404ක් එකතු වෙතැයි ගණන් බලා තිබෙනවා.

මේ සඳහා වැඩිපුර දායක වන්නේ ග‍්‍රාමීය පෙදෙස්වලින් නගරවලට ඇදී එන ජන සංක‍්‍රමණයයි. පහසුකම් හා අවස්ථා සොයාගෙන එසේ පැමිණීම තහනම් කරන්නට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවලට බැහැ. කළ හැකි එකම දෙය එය දරාගන්නට සැලසුම් හා ආයෝජන කිරීමයි.

14 Sep 2015: World Bank Report on Leveraging Urbanization in South Asia

ස්මාට් නගර සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නේ දත්ත මත පදනම් වී සජීව ලෙසින් තීරණ ගන්නටග ඉන්ටර්නෙට් පරිනාමයේ ඊළඟ අදියර නම් ස්වයංක‍්‍රීයව අවට පරිසරය නිරීක්ෂණය කරමින්, දත්ත රැස් කරමින්, ඒවා එසැනින් හා නිරතුරුව ඉන්ටර්නෙට් හරහා යම් නිශ්චිත කේන්ද්‍රයකට සපයන සංවේදක (Sensors) ප‍්‍රචලිත වීමයි. මෙය දැනටමත් ඇරැඹී තිබෙනවා.

ඉදිරි වසර කිහිපයේ මේ ප‍්‍රවණතාව අධිවේගීව වර්ධනය වනු ඇති. ඉන්ටර්නෙට් මාධ්‍යය ස්වයංක‍්‍රීයව අපේ ලෝකය ගැන සංවේදී වීම හඳුන්වන්නේ Internet of Things (IOT) කියායි. මෙහි මූලික පදනම මුළුමනින් යන්ත‍්‍ර අතර කැරෙන සන්නිවේදනය හෙවත් තොරතුරු හුවමාරුවයි. (Machine-to-machine communications, M2M).

මේ හැම සංවේදකයටම එයට ආවේණික වූ අංකයක් (IP Address) තිබෙන නිසා එය නිශ්චිතව හඳුනා ගත හැකියි. සංවේදක ප‍්‍රමාදයකින් තොරව සජීවී ලෙසින් සපයන දත්ත හරහා යම් තැනෙක, යම් ප‍්‍රවාහයක අලූත්ම තත්ත්වය දුර සිට නිරීක්ෂණය කළ හැකියි. (මේ සංවේදක CCTV කැමරා සමග පටලවා නොගන්න. අප මෙහිදී කතා කරන්නේ ක්ෂුද්‍ර පරිපථ මට්ටමේ සියුම් උපාංග ගැනයි.)

මෙබදු සංවේදක දැනටමත් විශාල පරිමාණයෙන් දකුණු කොරියාව, ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය හා ජර්මනිය වැනි රටවල නවීන නගරවල හා සමහර කර්මාන්තවල භාවිත වනවා.

සංවේදකවලට අමතරව හැම වස්තුවකටම එයට ආවේණික අනන්‍යතාවක් ලබාදීම ද තාක්ෂණික ප‍්‍රගමනයේ තවත් අරමුණක්. මේ සඳහා බාර්කෝඞ්, QR කෝඞ් ආදී තාක්ෂණ දැනටමත් බහුලව යොදා ගන්නවා.

නගරයක පොදු අවකාශයේ ඇති හැම ලයිට් කණුවක්, ටෙලිෆෝන් කනුවක්, කසල බාල්දියක්, පොදු දුරකතනයක් ආදිය මෙසේ සංවේදක හරහා අනන්‍යතාවට ලක් කළ විට ඒවායේ තත්ත්වය දුර සිට විමර්ෂනය කළ හැකියි. ක‍්‍රියාකාරීත්වයේ ගැටලූවක් මතු වූ විට හරියටම ප‍්‍රශ්නකාරී තැන ඉක්මනින් හඳුනා ගත හැකියි. ඉලක්කගතව ප‍්‍රශ්න කඩිනමින් විසඳිය හැකියි.

බලශක්ති අරපිරිමැසුම, පාරිසරික තත්ත්වය නිරීක්ෂණය, කසල කළමනාකරණය, ප‍්‍රවාහන පද්ධති ප‍්‍රශස්තිකරණය ආදී බොහෝ භාවිතයන්ට මේ තාක්ෂණය දැනටමත් සමහර දියුණු රටවල නගර යොදා ගන්නවා. අලූතෙන් බිහි වන ස්මාට් නගර මුල පටන්ම නිර්මාණය කැරෙන්නේ මේ තාක්ෂණය පදනම් කර ගෙනයි.

South Korea's Songdo is one of the world's first smart cities
South Korea’s Songdo is one of the world’s first smart cities

උදාහරණයක් නම් දකුණු කොරියාවේ සොංඩෝ (Songdo) ස්මාට් නගරය. අගනුවර සෝල් සිට කි.මි. 65ක් නිරිතදිගින් හෙක්ටාර් 600ක විසිරුණු මේ නගරය මුළුමනින්ම ස්වයං-සංවේදක මගින් නිරීක්ෂණය කැරෙන හා කළමනාකරණය කැරෙන ස්ථානයක්. තවමත් ඉදි වෙමින් පවතින මෙය ව්‍යාපාරික, නේවාසික හා පොදු පහසුකම් රැසකින් සමන්විත වනු ඇති.

එය මතු වන්නේ ඉන්චොන් (Incheon) නුවරට ආසන්නව මුහුද ගොඩ කර තනා ගත් බිම් පෙදෙසකයි. 2015 අගවන විට නිම කිරීමට නියමිත මෙහි වියදම ඩොලර් බිලියන 40ක්. තනිකරම පෞද්ගලික අංශයේ ආයෝජනයක්.

මෙසේ මුල සිටම සැලසුම් කොට අලූතෙන් ගොඩ නගන නගර ‘ස්මාට්’ කිරීම සාපේක්ෂව වඩා පහසුයි. එහෙත් ඓතිහාසිකව අක‍්‍රමිකවත් ලෙස වර්ධනය වූ හා අවුල් සහගතව පවතින නගරවලටත් නව තාක්ෂණයන් නැණවත්ව යොදා ගෙන ස්මාට් වීමට හැකියි.

පවතින නගර ස්මාට් නගර බවට පරිවර්තනය කිරීමේ දැවැන්ත ප‍්‍රතිසැලසුම්කරණ ව්‍යාපෘති අරඹා තිබෙනවාට උදාහරණ ගණනාවක් තිබෙනවා. නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම්, ස්පාඤ්ඤයේ බාසෙලෝනා, ස්වීඩනයේ ස්ටොකෝම්, ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන්ටා කෲස් ඒ අතර වනවා.

ඉන්දියාව මුහුණ දි සිටින දැවැන්ත නාගරිකකරණ අභියෝගයට ප‍්‍රතිචාර දක්වමින් 2014 මැදදී අගමැති නරේන්ද්‍ර මෝඩිගේ රජය ප‍්‍රකාශ කළේ එළැඹෙන වසර කිහිපයේදී ස්මාට් නගර 100ක් ඇති කිරීමට ඉන්දියාව පියවර ගන්නා බවයි. ප‍්‍රාන්තවල අගනගර, සංචාරකයන්ට වැදගත් ඓතිහාසික නගර ආදිය මේ ලැයිස්තුවට අයත්. ඒ අතර අලූතින්ම සැලසුම් කොට මුල සිටම බිහි කරන නගරත් කිහිපයක් තිබෙනවා. http://smartcities.gov.in/

එහෙත් වසරකට පසුව මේ ස්මාට් නගර සඳහා නිශ්චිත ඉදිරි දැක්මක් ප‍්‍රකාශ කිරීම ඉන්දීය නිලධාරීන්ට අපහසු වී තිබෙනවා. අතිශයින් සංකීර්ණ නාගරික කළමනාකරණ ගැටලූවලට තනිකර තාක්ෂණික විසඳුම් නැහැ. සමාජ විද්‍යාත්මක උපදෙස් මත, ජනතා සිතුම් පැතුම්වලට සංවේදීවෙමින් ක‍්‍රමයෙන් කළ යුතු වෙනස්කම් රැසක් තිබෙනවා.

India's proposed smart cities
India’s proposed smart cities

හරිහැටි මූලික පහසුකම් පවා නොමැතිව ජීවත්වන මිලියන ගණන් ජනයා ඉන්දියානු නගරවල සිටිනවා. ස්මාට් නගර බිහි කිරීමේ අරමුණ සාර්ථක වන්නේ සානුකම්පිතව හා සංවේදීව නාගරික සංවර්ධනය කළ හොත් පමණයි. ඉන්දියාවේ සබුද්ධික හා සක‍්‍රීය සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් නිසා රජයකට හිතුමතේ ක‍්‍රියා කරන්නට බැහැ.

ස්මාට් නගරයක මූලිකම ගුණාංගය නම් ඉහළ කාර්යක්ෂමතාවයි. කාර්යක්ෂම නගර සැලසුම් කරන්නට හා කළමනාකරණය කරන්නට නම් නේවාසික ජනයා සහ දිනපතා නගරයට ඇදී එන ජනයාගේ චර්යා රටා සමීපව හඳුනාගත යුතුයි.

නගරයක වැඩිපුර ජනයා ගැවසෙන්නේ කුමන ස්ථානවල කිනම් වේලාවකද? සතියේ දිනවල හා සති අන්ත දිනවල වෙනස්කම් මොනවාද? මහාමාර්ග, බස් හා දුම්රිය නැවතුම් පොළවල්, කඩපිල් හා සාප්පු සංකීර්ණ මෙන්ම උද්‍යාන හා වෙනත් විවෘත ස්ථානවල දවසේ පැය 24 ගෙවී යන්නේ කුමන ජන රාශිගත වීම් අනුවද?

මෙකී නොකී තොරතුරු හැකිතාක් දැන ගැනීම සැලසුම්කරණයට උපකාර වනවා. මේවා ගැන දළ හැගීමක් නාගරික ජනයාට ඇතත් සැලසුම්කරණයට නිශ්චිත දත්ත හා ඒවායේ විචල්‍ය පරාසය (වෙනස් වන සැටි) දැනගැනීම අවශ්‍යයි.

මේ සඳහා මෙතෙක් යොදාගත්තේ විටින් විට කරන සමීක්ෂණයි. එහෙත් සමීක්ෂණවලට සංකීර්ණ පද්ධතියක සියලූ විස්තර හසු කර ගන්න බැහැ. මේ නිසා පරිගණක හා සන්නිවේදන තාක්ෂණ යොදාගනිමින් දැන් නව දත්ත විශ්ලේෂණ ක්ෂේත‍්‍රයක් බිහිවී තිබෙනවා.

ඉංග‍්‍රීසියෙන් Big Data යයි කියන මෙයට මහා දත්ත විශ්ලේෂණය යයි අපට කිව හැකියි. මේ ගැන වෙනම කොලමකින් ඉදිරි සතියක කතා කරමු.

ස්මාට්, සංවේදී හා සානුකම්පිත යන ගුණාංග සියල්ල කැටිකරගත් විට තමයි සැබෑ ස්මාට් නගර බිහිවන්නේ.

 

From MDGs to SDGs: Well done, Sri Lanka, but mind the gaps!

This op-ed appeared in Daily Mirror broadsheet newspaper in Sri Lanka on 1 October 2015.

From MDGs to SDGs:

Well done, Sri Lanka — but mind the gaps!

By Nalaka Gunawardene

Over the weekend of September 25 – 27, the United Nations headquarters in New York hosted the Sustainable Development Summit 2015. It was a high-level segment of the 70th UN General Assembly that was attended by many world leaders including Sri Lanka’s President Maithripala Sirisena.

Sustainable Development Summit 2015 Logo
Sustainable Development Summit 2015 Logo

The UN, which turns 70 this year, is once again rallying its member governments to a lofty vision and ambitious goal: to embark on new paths to improve the lives of people everywhere.

For this, the Summit adopted a new and improved global task-list called Sustainable Development Goals (SDGs). Prepared after two years of worldwide consultations, the SDGs offer a blueprint for development until 2030.

There are 17 SDGs tackling long-standing problems like ending poverty and reducing inequality to relatively newer challenges like creating more liveable cities and tackling climate change. These are broken down into 169 specific targets. Their implementation will formally begin on 1 January 2016.

SDGs in a nutshell - courtesy UN
SDGs in a nutshell – courtesy UN

The SDGs are to take over from the Millennium Development Goals, or MDGs, that have guided the development sector for 15 years. Sri Lanka was among the 189 countries that adopted the MDGs at the Millennium Summit the UN hosted in New York in September 2000. On that occasion, the country was represented by Lakshman Kadirgamar as Minister of Foreign Affairs.

The eight MDGs covered a broad spectrum of goals, from eradicating absolute poverty and hunger to combating HIV, and from ensuring all children attend primary school to saving mothers from dying during pregnancy and childbirth.

Much has happened in the nearly 5,500 days separating the adoption of the original MDGs and now, the successor SDGs. This month, as the world commits to ‘leaving no one behind’ (as UN Secretary General Ban Ki-moon has said), it is useful to look back, briefly.

Good ‘Report Card’

How has Sri Lanka pursued the MDGs while the country coped with a long drawn civil war, political change, and the fall-out of a global economic recession?

In fact, it has done reasonably well. In its human development efforts, Sri Lanka has quietly achieved a great deal. However, there are gaps that need attention, and some goals not yet met.

That is also the overall message in a recent report that took stock of Sri Lanka’s pursuit of Millennium Development Goals, or MDGs.

Sri Lanka MDG Country Report 2014
Sri Lanka MDG Country Report 2014

We might sum it up with a phrase that teachers are fond of using, even on good students: “You’re doing well – but can do better! Try harder!”

For the past 15 years, the MDGs have provided a framework for Sri Lanka’s national development programmes. Progress has been assessed every few years: the most recent ‘report card’ came out in March 2015.

The MDG Country Report 2014, prepared by the Institute of Policy Studies (IPS), is a joint publication by the Government of Sri Lanka and the United Nations in Sri Lanka. Data from the 2012 census and Household Income and Expenditure Survey 2012/13 have generated plenty of data to assess MDG situation across the country, including the war affected areas.

“Sri Lanka has already achieved the targets of 13 important MDG indicators out of 44 indicators relevant to Sri Lanka. Most of the other indicators are either ‘On Track’ or progressing well,” says IPS Executive Director Dr Saman Kelegama in his foreword to the report.

Highlights

 The report offers insights into how Sri Lanka’s ‘soft infrastructure’ — all the systems and institutions required to maintain the economic, health, cultural and social standards of a country – are faring.

Consider these highlights:

  • Sri Lanka’s overall income poverty rates, when measured using accepted statistical benchmarks, have come down from 2% in 2006/7 to 6.7% in 2012.
  • Unemployment rate has declined from 8% in 1993 to 3.9% in 2012. However, unemployment rate among women is twice as high as among men.
  • While food production keeps up with population growth, malnutrition is a concern. A fifth of all children under five are underweight. And half of all people still consume less than the minimum requirement of daily dietary energy.
  • Nearly all (99%) school going children enter primary school. At that stage, the numbers of boys and girls are equal. In secondary school and beyond (university), in fact, there now are more girls than boys.
  • More babies now survive their first year of life than ever before: infant mortality rate has come down to 9.4 among 1,000 live births (from 17.7 in 1991). Deaths among children under five have also been nearly halved (down from 2 in 1991 to 11.3 in 2009).
  • Fewer women die needlessly of complications arising from pregnancy and childbirth. The maternal mortality rate, which stood at 92 deaths per 100,000 live births in 1990, plummeted to 33 by 2010. Doctors or skilled health workers are now present during almost all births.
  • Sri Lanka’s HIV infection levels have remained now, even though the number of cases is slowly increasing. Meanwhile, in a major public health triumph, the country has all but eradicated malaria: there have been no indigenous malaria cases since November 2012, and no malaria-related deaths since 2007.
  • More Lankans now have access to safe drinking water (up from 68% in 1990 to almost 90% in 2012-2013.)

These and other social development outcomes are the result of progressive policies that have been sustained for decades.

“Sri Lanka’s long history of investment in health, education and poverty alleviation programmes has translated into robust performance against the MDGs, and Sri Lanka has many lessons to share,” said Sri Lanka’s UN Resident Coordinator and UNDP Resident Representative, Subinay Nandy, at the report’s launch in March 2015.

Proportion of Lankans living below the poverty line - total head count and breakdown by district
Proportion of Lankans living below the poverty line – total head count and breakdown by district

Mind the Gaps!

Despite these results, many gaps and challenges remain that need closer attention and action in the coming years.

One key concern is how some impressive national level statistics can eclipse disparities at provincial and district levels. The MDG data analysis clearly shows that all parts of Sri Lanka have not progressed equally well.

For example, while most districts have already cut income poverty rates in half, there are some exceptions. These include eight districts in the Northern and Eastern provinces, for which reliable data are not available to compare with earlier years, and the Monaragala District in Uva Province – where poverty has, in fact, increased in the past few years.

Likewise, many human development indicators are lower in the plantation estate sector, where 4.4% of the population lives. An example: while at least 90% of people in urban and rural areas can access safe drinking water, the rate in the estate sector is 46.3%.

Another major concern: the gap between rich and poor remains despite economic growth. “Income inequality has not changed, although many poor people managed to move out of poverty and improve their living conditions,” the MDG Progress report says.

In Gender Equality, Sri Lanka’s performance is mixed. There is no male-female disparity in education, and in fact, there are more literate women in the 15 to 24 age than men. But “these achievements have not helped in increasing the share of women in wage employment in the non-agricultural sector,” notes the report.

Disappointingly, women’s political participation is also very low. The last Parliament had 13 women members out of 225. That was 5.8% compared to the South Asian rate of 17.8% and global rate of 21.1%. The report has urged for “measures to encourage a substantial increase in the number of women in political offices”.

Of course, MDGs and human development are not just a numbers game. While measurable progress is important, quality matters too.

The MDG report highlights the urgent need to improve the quality and relevance of our public education. Among the policy measures needed are increasing opportunities for tertiary education, bridging the gap between education and employment, and reducing the skills mismatch in the labour market.

On the health front, too, there is unfinished – and never ending — business. Surveillance for infectious diseases cannot be relaxed. Even as malaria fades away, dengue has been spreading. Old diseases like tuberculosis (8,000 cases per year) stubbornly persist. A rise in non-communicable diseases – like heart attacks, stroke, cancers and asthma – poses a whole new set of public health challenges.

Sri Lanka offers the safest motherhood in South Asia
Sri Lanka offers the safest motherhood in South Asia

Open Development

So the ‘well-performing’ nation of Sri Lanka still has plenty to do. It is just as important to sustain progress already achieved.

The new and broader SDGs will provide guidance in this process, but each country must set its own priorities and have its own monitoring systems. The spread of information and communications technologies (ICTs) has created new sources of real-time data that can help keep track of progress, or lack of it, more easily and faster.

Whereas MDGs covered mostly “safe” themes like poverty, primary education and child deaths, the SDGs take on topics such as governance, institutions, human rights, inequality, ageing and peace. This reflects how much international debates have changed since the late 1990s when the MDGs were developed mostly by diplomats and technocrats.

This time around, not only governments and academics but advocacy groups and activists have also been involved in hundreds of physical and virtual consultations to agree on SDGs. In total, more than seven million people have contributed their views.

As the government of Sri Lanka pursues the SDGs that it has just committed to in New York, we the people expect a similar consultative process.

Goodbye, closed development. Welcome, Open Development!

Science writer Nalaka Gunawardene wrote an earlier version of this for UN Population Fund (UNFPA) Sri Lanka’s new blog Kiyanna.lk. The views are his own, based on 25 years of development communication experience.

Equal numbers of girls and boys go to school in Sri Lanka today, But women struggle harder to find employment.
Equal numbers of girls and boys go to school in Sri Lanka today, But women struggle harder to find employment.

All infographics courtesy: Millennium Development Goals: Sri Lanka’s Progress and Key Achivements, http://countryoffice.unfpa.org/srilanka/?reports=10872

සිවුමංසල කොලූගැටයා #238: බස්නාහිර මෙගාපොලිස් යනු 21 සියවසේ මහවැලි ව්‍යාපෘතියද?

MegaPolis logo is out - but not much details in the public domain yet
MegaPolis logo is out – but not much details in the public domain yet

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 27 Sep 2015), I discuss the proposal to turn Sri Lanka’s Western Province into a megapolis, to become “the most attractive megapolis in South Asia”.

In their manifesto for the Parliamentary Election in August 2015, the United National Front for Good Governance talked about Megapolis. Now in office, UNFGG wants to make it happen.

The proposal is not exactly new. It first emerged over a decade ago, when Ranil Wickremesinghe was last Prime Minister. The original plan was developed by CESMA International, a part of Singapore’s state-run Housing Development Corporation (now rebranded as Surbana).

The aim was to create a large metropolitan region “expanding outwards from Colombo to Avissawella in the north and Panadura to the south”.

The revived megapolis plan would probably resemble original. And it looks set to become the Mahaweli of the new government.

Despite regime change in January 2015, we in Sri Lanka still live with corruption, technocratic arrogance and political expediency. Our rulers love to monitor private actions of citizens in the name of ‘national security’. Can megapolis or smart cities become another extension of our overbearing state?

I argue here that the new government must also learn from the decade-long misadventure of Hambantota where investments did not match local needs or people’s aspirations.

See also: My interview with Dr Ranil Senanayake (2012):

Sri Lanka’s Fast-track to Post-war Development: Remember the Mahaweli’s Costly Lessons!

From www.facebook.com/wrmpp
From http://www.facebook.com/wrmpp

ශ‍්‍රී ලංකාවේ බස්නාහිර පළාත මෙගාපොලිස් (Megapolis) ලෙසින් නාගරික සංවර්ධනයට ලක් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහාම කැබිනට් ඇමතිවරයකු ද පත් කොට සිටිනවා.

මෙගාපොලිස් අපට තවමත් අලූත් යෙදුමක්. මෙය පොලිසිය සමග කිසිදු සම්බන්ධයක් නැහැ. Polis යන ඉංග‍්‍රීසි වචනයේ ග‍්‍රීක මුල් අරුත නගරය යන්නයි. එය මුලින්ම යෙදුණේ පුරාණ ග‍්‍රීසියේ නගර රාජ්‍යයන්ට අදාළවයි.

මෙගා යන්න සුවිසල් අරුත දෙන බව අප දන්නවා. ඒ අනුව මෙගාපොලිස් යන්න මහා නගරය ලෙස සිංහලට පෙරළා ගත හැකියි.

එහෙත් ජාත්‍යන්තරව මහා නගර (Mega Cities) ලෙස අරුත් දැක්වෙන්නේ නේවාසික ජනගහනය මිලියන් 10ට වැඩි නගරයි. 2015 වනවිට මෙවන් මහා නගර 46ක් ලෝකයේ විවිධ රටවල තිබෙනවා.

ලොව විශාලතම මහා නගර වන්නේ තෝකියෝ-යෝකෝහමා ද්විත්ව නගරය (ජනගහනය මිලියන් 37.9), ඉන්දුනීසියාවේ ජකර්තාව (මිලියන් 30.326), දකුණු කොරියාවේ සෝල් (මිලියන් 26.1), ඉන්දියාවේ දිල්ලිය (මිලියන් 25.7) හා චීනයේ ෂැංහයි (මිලියන් 25.4).

දකුණු ආසියාවේ මහා නගර වන්නේ (දිල්ලියට අමතරව) පාකිස්තානයේ කරාචි (මිලියන් 24.0), මුම්බාය (මිලියන් 20.4), බංග්ලාදේශයේ ඩාකා (මිලියන් 18.25), කොල්කතාව (මිලියන් 14.76) හා පාකිස්තානයේ ලාහෝරය (මිලියන් 10.05) නගරයි.

2012 ජන සංගණනයට අනුව අපේ රටේ බස්නාහිර පළාතේ ජනගහනය 5,821,710යි (මිලියන් 5.82). රටේ සමස්ත ජනගහනයෙන් 28.73%ක් ජීවත් වන මේ පළාතට රටේ මුළු බිම් ප‍්‍රමාණයෙන් අයත් වන්නේ 5.61%ක් පමණයි. මේ නිසා ජන ඝනත්වය (වර්ග කිලෝමීටරයක වෙසෙන ජන සංඛ්‍යාව) ඉහළයි.

එහෙත් ජාත්යන්තරව මහා නගරයක් ලෙස සලකනු ලැබීමට අවශ් අවම ජන සංඛ්යාවවත් බස්නාහිර පළාතේ නැහැ. මේ නිසා අපේ යෝජිත මෙගා නගරය අපටම ආවේණික එකක්.

අගෝස්තුවේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික යහපාලන පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශනයේ එක් ප‍්‍රතිඥාවක් වූයේ බස්නාහිර පළාත දකුණු ආසියාවේ වඩාත්ම ආකර්ෂණීය මෙගා නගරය බවට පත් කරන බවයි.

Artist imagination of a future Western Region Megapolis - Image source: www.facebook.com/wrmpp
Artist imagination of a future Western Region Megapolis – Image source: http://www.facebook.com/wrmpp

මේ යෝජනාව යළි මතුව ඇතත් මුලින්ම ඉදිරිපත් වූයේ 2003දී රනිල් වික‍්‍රමසිංහ මීට පෙර අගමැතිව සිටි වතාවේ සිංගප්පූරුවේ රජයට අනුබද්ධ නාගරික නිවාස සැලසුම් ආයතනයේ (CESMA International, now Surbana) උපදෙස් මත මුල්වරට මෙය සැලසුම් කෙරුණා. එහෙත් රජය වෙනස් වූ නිසා එය ක‍්‍රියාත්මක වූයේ නැහැ.

එවකට ප‍්‍රකාශිත අරමුණ වූයේ කොළඹ නගරයේ සිට උතුරට අවිස්සාවේල්ල දක්වාත්, දකුණට පානදුර දක්වාත් විහිදෙන කලාපයක් නාගරික සංවර්ධන ව්‍යාපෘතියකට යටත් කිරීමයි.

මෙවර සැලසුම එයම ද නැතිනම් වෙනස් වේද යන්න තවම පැහැදිලි නැහැ. එහෙත් මේ සඳහා මේ වසර මුලදී බස්නාහිර ප‍්‍රදේශයේ මෙගා නගර සැලසුම් ව්‍යාපෘතිය (Western Regional Megapolis Planning Project, WRMPP) නම් කාර්යාලයක් පිහිටුවනු ලැබුවා. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය (http://wrmpp.gov.lk) තවමත් එළි දක්වා නැහැ.

මෙම ව්‍යාපෘතිය විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවේ බස්නාහිර මෙගා නගරයේ ඉදිරි දැක්ම ලෙස වචන 50කටත් වඩා දිගු සංකීර්ණ ඉංග‍්‍රීසි වාක්‍යයක් තිබෙනවා. එය ඇරඹෙන්නේ ‘මේ ව්‍යාපෘතිය මෙරට බස්නාහිර පළාත වාසයට ඉතා හිතකර හා නානාජාතික වූ ස්මාට් නගරයක් බවට පත් කරන’ බව කියමින්. (www.facebook.com/wrmpp).

මෙගා නගර සැලසුම් ව්‍යාපෘතිය ගැන වැඩිදුර විස්තර ළඟදීම හෙළි කැරෙනු ඇතැ’යි අප පතමු. එසේම එම විස්තර මෙරට රාජ්‍ය භාෂා දෙකෙන්ම ජනතාවට ඉදිරිපත් කිරීමට නව ඇමතිවරයා වග බලා ගනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.

එතෙක් අපට කළහැක්කේ පොදුවේ මෙරට නාගරීකරණ ප‍්‍රවණතා ගැන හා ස්මාට් නගර (Smart Cities) යනු කුමක්ද යන්න කතා කිරීමයි.

රටක් සංවර්ධනය වන විට එහි නගර ලෙස සැලකෙන බිම් ප‍්‍රදේශ විස්තාරණය වන බවත්, නාගරික ජනගහනය වැඩි වන බවත් ලොව පුරා අත්දුටු ප‍්‍රවණතාවක්. හේතුව පහසුකම් හා අවස්ථා වැඩි නගරවලට සෙසු ප‍්‍රදේශවලින් ජනයා ඇදී ඒමයි.

2012 ජන සංගණනයේදී මෙරට නාගරික ජනගහනය ලෙස නිර්ණය කෙරුණේ සමස්ත ජනගහනයෙන් 18.2‍%ක් පමණයි. එහෙත් මෙය නිවැරදි තත්ත්වය නොවන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවම පිළිගන්නවා. ජන සංගණනයේ ප‍්‍රධාන සොයා ගැනීම් කැටි කරන 2014 නිල ප‍්‍රකාශනයක ඔවුන් මෙසේ කියනවා:

‘ශ‍්‍රී ලංකාවේ නාගරීකරණය දැනට අඩු තක්සේරුවට ලක් වන්නේ නාගරික ප‍්‍රදේශ (urban areas) යන්නෙහි නිර්වචනයේ දුර්වලකම නිසයි. දැනට මෙරට නාගරික ලෙස සලකනු ලබන්නේ මහ නගර සභා හා නගර සභා යන පළාත් පාලන ආයතනවල බල ප‍්‍රදේශ පමණයි. නාගරික ගති සොබා සියල්ල ඇති වෙනත් සමහර ප‍්‍රදේශවලට නාගරික වර්ගීකරණය ලැබෙන්නේ නැහැ. මේ නිසා වඩාත් තාත්වික නිර්වචනයක් යොදා ගෙන මෙරට නාගරික ප‍්‍රදේශ යළි අර්ථ දැක්වීම අවශ්‍යයි. හුදෙක් පරිපාලනමය වර්ගීකරණවලට සීමා වීම නුවණට හුරු නැහැ.’

දෙපාර්තමේන්තුව මෙතැනදී එක එල්ලේ නොකීවාට මේ අවුල ඇරඹුණේ 1980 දශකය අගදී ප‍්‍රාදේශීය සභා නම් නව පළාත් පාලන ඒකකයක් හඳුන්වා දීමත් සමගයි.

මොරටුව සරසවියේ නගර සැලසුම් විශේෂඥ මහාචාර්ය ඈෂ්ලි එල්. එස්. පෙරේරා හොඳින් විග‍්‍රහ කර ඇති පරිදි ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ නිර්ණය කරන විට ඒවා නාගරිකද ග‍්‍රාමීයද යන්න කිසිසේත් සැලකිල්ලට ගත්තේ නැහැ. එහෙත් එතැන් පටන් මෙරට සියලූම ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ ග‍්‍රාමීය යැයි සැලකෙනවා.

සැබැවින්ම සමහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ නාගරීකරණය වී දශක ගණනක් ගෙවී ඇතත් මේ විපරීත වර්ගීකරණය නිසා අපේ රටේ ග‍්‍රාමීය හා නාගරික යථාර්ථය සැබෑ ලෙස වටහා ගැනීම හා එයට අනුව සැලසුම්කරණය දුෂ්කර වී තිබෙනවා. සුළුතරයක් වන නගරවලට තව වැරදි චිත‍්‍රය සිතේ දරා ගෙනයි.

සැබැවින්ම ගත හොත් දැනටමත් රටේ ජනගහනයෙන් 30-40‍%ක් නාගරික පෙදෙස්වල වසන බවට අනුමාන කළ හැකියිග කවුරු කෙසේ කීවත් පහසුකම් වැඩි නාගරික ප‍්‍රදේශවලට පදිංචියට ඒමට මෙරට ජනයා තුළ තිබෙන කැමැත්තේ නම් අඩුවක් නැහැ.

Cities and bright lights usually go together: South Asia at night - composite satellite image taken in April & Oct 2012 - Image courtesy NASA
Cities and bright lights usually go together: South Asia at night – composite satellite image taken in April & Oct 2012 – Image courtesy NASA

2025 වනවිට මෙරට ජනගහනයෙන් බාගයක්ම නාගරික රදේශවල පදිංචිකරුවන් වනු ඇතැයි ජන විද්යාඥයන් ගණන් බලනවා.

2012 ජන සංගණනයෙන් හෙළි වූයේ මෙරට ජනගහනයෙන් විශාලතම නගර 8ක්ම තිබෙන්නේ බස්නාහිර පළාතේ බවයි. එයින් හතක් (කොළඹ, කඩුවෙල, දෙහිවල-ගල්කිස්ස, මොරටුව, කෝට්ටේ, කැස්බෑව හා මහරගම) කොළඹ දිස්ත‍්‍රික්කයේත්, අනෙක (මීගමුව) ගම්පහ දිස්ත‍්‍රික්කයේත් හමු වනවා.

මෑතක් වන තුරු දිවයිනේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයෙන් අඩකටත් වඩා ලැබුණේ බස්නාහිර පළාතෙන්, 2012දී එය 43.4%ක් වූවා. ඇත්තටම බස්නාහිර පළාත හරියට වෙනත් රටක් වගේ තත්ත්වයක්.

අනෙක් පළාත්වලට නිසි සැළකිලි දෙන අතර බස්නාහිර පළාත දිගටම දියුණු කිරීම රටට වැඩදායකයි. ඉතා සුළු ජනගනනයක් වෙසෙන හම්බන්තොටට අතිවිශාල ආයෝජනයක් කිරීමේ වරද යළි කිසිදා නොකල යුතුයි.

අපේ නගර හා නාගරික ප‍්‍රදේශ මීට වඩා බෙහෙවින් සැලසුම්කරණයට ලක් විය යුතු බව පැහැදිලියි. මුල පටන්ම සැලසුම් කර තැනූ නගර අපේ රටේ නැහැ. පවතින නගර දශක ගණනාවක් පුරා ටිකෙන් ටික, අවිධිමත්ව ව්‍යාප්ත වූ ඒවායි. මහාමාර්ග, ජලමාර්ග, ජලාපවාහන පද්ධති, විවෘත අවකාශයන් හා සෙසු පොදු පහසුකම් බොහොමයක් ජනාකීර්ණ බව හා කලබලකාරී බව නිසා අධික පීඩාවට පත්ව තිබෙනවා.

තව දුරටත් මේ විසමතා පැවතුණොත් රථවාහන තදබදය, නිවාස හිඟය, කසළ ඉවත් කිරීමේ ප‍්‍රශ්න ආදිය තවත් උග‍්‍ර වනු ඇති. මේ නිසා වඩාත් ක‍්‍රමවත් නගර කළමනාකරණයක් අත්‍යවශ්‍යයි.

එහෙත් නගර සංවර්ධනය හා නාගරික කළමනාකරණය යනු පසුගිය රජය කළාක් මෙන් නගර අලංකරණය (city beautification) පමණක් නොවෙයි. එසේම පරම්පරා ගණනක් නගරයේ විසූ ඇතැම් ජන පිරිස් රාජ්‍ය බලහත්කාරයෙන් ඉවත් කොට ඔවුන්ගේ ඉඩම් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට හා විදේශ ආයෝජකයන්ට ලබා දීමද නොවෙයි.

නගර අලංකරණය සමහර මධ්යම පාන්තිකයන්ගේ තාවකාලික රමෝදයට හේතු වුවත් යථාර්ථය විනිවිද දකින විද්වතුන් හා සමාජ රියාකාරිකයන් එය සම කළේ බරපතල හෝ මාරාන්තික රෝගයකින් පෙළෙන කෙනෙකුට මේකප්තවරා හැඩ ගැන්වීමටයි!

එවැනි අහිතකර හා අධම නාගරික සංවර්ධනයක් බස්නාහිර මහා නගර ව්‍යාපෘතියෙන් සිදු නොකරන බවට නව රජයට හා අමාත්‍යවරයාට සහතික විය හැකිද?

Western Region Megapolis - artist imagination
Western Region Megapolis – artist imagination

නගර දියුණු කිරීම යනු හුදෙක් භෞතික යටිතල පහසුකම් හා ව්‍යාපාර අවස්ථා නංවාලීම පමණක් නොවෙයි. සියලූ ආදායම් මට්ටම්වල සිටින ජනයාට නීත්‍යනුකූල ජීවිකාවන් වඩා විධිමත්ව කර ගෙන යාමටත්, විවේක කාලය වඩා හරවත්ව ගත කිරීමටත් උපකාර වන භෞතික හා සමාජයීය පරිසරය නිර්මාණය කිරීමයි.

එසේම නවෝත්පාදන, කලා නිර්මාණ හා ප‍්‍රජා බල ගැන්වීම ආදී ප‍්‍රවණතා සඳහා හිතකර වාතාවරණයක් බිහි කිරීමයි.

මේ නිසා තමයි මෙගා නගර සැලසුම්කරණයට හා කළමනාකරණයට වාස්තු විද්යාඥයන් හා ඉංජිනේරුවන් පමණක් නොව සමාජ විද්යාඥයන්, මානව විද්යාඥයන් හා පරිසර විද්යාඥයන්ද මුල පටන්ම සම්බන්ධ විය යුත්තේ. පසුගිය දශකයේ මර්දනකාරි නගර අලංකරණයට මෙබඳු සංවේදී රවේශයක් තිබුණේම නැහැ.

බස්නාහිර මෙගා නගර සංවර්ධනයට ඇමතිවරයෙක් හා ව්‍යාපෘති කාර්යාලයක් වෙන් කැරෙන අතර නගර සැලසුම්කරණය හා ජලාපවාහනය සඳහා තවත් කැබිනට් ඇමතිවරයෙක් ද පත් කොට තිබෙනවා. 2015 සැප්තැම්බර් 21 වැනිදා ගැසට් කරන ලද අමාත්‍යාංශවල වගකීම් හා ආයතන ලැයිස්තුව යටතේ නගර සැලසුම් අමාත්‍යාංශයට ‘විශේෂ නගර සැලසුම්කරණය හා සංවර්ධනය’ අනුයුක්ත කොට තිබෙනවා.

මේ අමාත්‍යාංශ දෙක මෙරට පවතින නාගරික ව්‍යාකූලතා තවත් වැඩි නොකර සීරුවෙන් තම වගකීම් ඉටු කරයිද?

සමහරුන් කැමති වූවත් නැතත් බස්නාහිර මෙගා නගර ව්‍යාපෘතිය පෙරට යන බව පැහැදිලියි. මෙයට අගමැතිවරයා දෙන ප‍්‍රමුඛතාව අනුව එය ඔහුගේ රජයේ මහවැලි වැඩපිළිවෙල වැනි යයි කිව හැකියි.

1978දී මහවැලි වැඩපිළිවෙළ කඩිනම් කළ අවස්ථාවේ මා අසා ඇති පරිදි නම් එහි දිගුකාලීන ශක්‍යතාව හා බලපෑම් ගැන පුළුල් සංවාදයක් සිදු වුණේ නැහැ. මහවැලියේ ආර්ථික වාසි ගැන කිසිදු විවාදයක් නැතත්, එහි සමාජයීය හා පාරිසරික බලපෑම් පෙනී ගියේ වසර ගණනාවකට පසුවයි. රජරට ජල සංයුතිය වෙනස්වීම හා වැදි ජනයා සමග ඇති කර ගත් අනවශ්‍ය ගැටුම ආදිය තවමත් නොවිසඳුණු ප‍්‍රශ්නයි.

එදාට වඩා සන්නිවේදන රම මෙන්ම රජාතන්තරීය රමවේදයන්ද දියුණු වී තිබෙන අද මෙගා නගර සැලසුම් ගැන තොරතුරු ජනතාවට ඉදිරිපත් කොට හරවත් සංවාදයකට රජය යොමු විය යුතුයි.

සමාජ මාධ්‍ය යොදා ගැනීමේ කුසලතාව දැනටමත් පෙන්වා ඇති චම්පික රණවක අමාත්‍යවරයා මෙගා නගර සංවාදවලට එය ද යොදා ගනු ඇතැයි අප සිතනවා.

මෙගා නගර ව්‍යාපෘතිය මහවැලිය මෙන් තාක්ෂණික හා ඉංජිනේරු තීරක ක‍්‍රියාදාමයක් පමණක් නොවී පුළුල් සමාජ සහයෝගයෙන්, ප්‍රජාතන්ත්‍රීය හා මානුෂික ලෙසින් ඉදිරියට ගෙන යෑමේ අභියෝගය අමාත්‍යවරයා හමුවේ තිබෙනවා.

ස්මාට් නගර පිළිබඳ විගරහයක් ලබන සතියේ.

See also: My interview with Dr Ranil Senanayake (2012):

Sri Lanka’s Fast-track to Post-war Development: Remember the Mahaweli’s Costly Lessons!

Daily Mirror, 29 September 2015: The flagship project Megapolis: Concept and scope in Sri Lankan context

World Urbanisation Prospects 2014 (UN Report)

 

Echelon July 2015 column: Kidney Disease Needs ‘Heart and Mind’ solutions

Text of my column written for Echelon monthly business magazine, Sri Lanka, July 2015 issue

Kidney Disease Needs ‘Heart and Mind’ solutions

 By Nalaka Gunawardene

Mass kidney failure in Sri Lanka is a sign of wider systemic failure in land and water care
Mass kidney failure in Sri Lanka is a sign of wider systemic failure in land and water care

If bans and prohibitions were a measure of good governance, Sri Lanka would probably score well in global rankings. Successive governments have shown a penchant for banning – usually without much evidence or debate.

The latest such ban concerns glyphosate — the world’s most widely used herbicide – on the basis that it was causing chronic kidney disease in parts of the Dry Zone.

First, President Maithripala Sirisena announced such a ban in late May (which earned him lots of favourable coverage in environmental and health related websites worldwide).

Then, on 29 May 2015, state-owned Daily News reported under Cabinet decisions: “The scientists who carry out research on renal diseases prevailing in many parts of the country have pointed out that the use of pesticides, weedicides and chemical fertiliser could be contributing to this situation. Accordingly the government has already banned the import and usage of four identified chemical fertilizer and pesticides. In addition to this President has decided to totally ban the import and usage of glyphosate.”

Finally, the Finance Ministry on 11 June gazetted regulations banning the import of glyphosate under the Import and Export (Control) Act. By mid June, it was still unclear whether the ban is comprehensive, or an exception is to be made for tea plantations that rely heavily on this weedicide in lieu of costly labour for manual weeding.

Has this decision tackled the massive public health and humanitarian crisis caused by mass kidney failure? Sadly, no. The new government has ignored the views of a vast majority of Lankan scientists, and sided with an unproven hypothesis. This undermines evidence-based policy making and allows activist rhetoric to decide affairs of the state.

 A Silent Emergency

Map showing distribution of CKDu in Sri Lanka. Source - Journal of Agricultural Sciences, Sri Lanka http://jas.sljol.info/articles/abstract/10.4038/jas.v10i2.8055/
Map showing distribution of CKDu in Sri Lanka. Source – Journal of Agricultural Sciences, Sri Lanka http://jas.sljol.info/articles/abstract/10.4038/jas.v10i2.8055/

The chronic kidney disease was first reported from certain parts of the Dry Zone in the early 1990s. Hundreds were diagnosed with kidney failure – but none had the common risk factors of diabetes, high blood pressure or obesity. Hence the official name: Chronic Kidney Disease of uncertain aetiology, or CKDu.

The disease built up stealthily in the body, manifesting only in advanced stages. By then, regular dialysis or transplants were the only treatment options. Most affected were male farmers in working age, between 30 and 60 years.

In early 2013, the Ministry of Health estimated that some 450,000 persons were affected. The cumulative death toll has been reported between 20,000 and 22,000, but these numbers are not verified.

The kidney specialist who first detected the disease worries that some activists are exaggerating CKDu numbers. Dr Tilak Abeysekera, who heads the department of nephrology and transplantation at the Kandy Teaching Hospital, underlines the critical need for correct diagnosis. CKDu should not be confused with regular types of kidney disease, he says.

In December 2013, he told a national symposium organised by the National Academy of Sciences of Sri Lanka (NASSL) that only 16% of kidney patients in the Anuradhapura district – ‘ground zero’ of the mystery disease – could be classified as having CKDu.

It is clear, however, that CKDu has become a national humanitarian emergency. Providing medication and dialysis for those living with CKDu already costs more than 5% of the country’s annual health budget. With each dialysis session costing around LKR 12,000 (and 3 or 4 needed every week), very few among the affected can afford private healthcare.

Besides the mounting humanitarian cost, CKDu also has implications for agricultural productivity and rural economies as more farmers are stricken. With the cause as yet unknown (although confirmed as non-communicable), fears, myths and stigma are also spreading.

Looking for Causes

For two decades, researchers in Sri Lanka and their overseas collaborators have been investigating various environmental, geochemical and lifestyle-related factors. They have come up with a dozen hypotheses, none of it proven as yet.

Among the environmental factors suspected are: naturally high levels of Fluoride in groundwater; use of Aluminium utensils with such water; naturally occurring hard water (with high mineral content); cyanobacterial toxins in water; pesticide residues; and higher than safe levels of Cadmium or Arsenic. Lifestyle factors studied include the locally brewed liquor (kasippu), and certain Ayurvedic medicinal concoctions. Genetic predisposition to kidney failure has also been probed in some areas.

Researchers are baffled why CKDu is found only in certain areas of the Dry Zone when these environmental and lifestyle factors are common to a much larger segment of population. This makes it much harder to pinpoint a specific cause.

The most comprehensive study to date, the National CKDu Research Project (2009-2011), concluded that CKDu results from not one but several causes. The multidisciplinary study, led by Ministry of Health with support from the World Health Organisation (WHO), highlighted several risk factors. These include long-term exposure to low levels of cadmium and arsenic through the food chain, which are linked to the wide use of chemical fertilisers and pesticides. Selenium deficiency in the diet and genetic susceptibility might also play a part, the study found.

These findings were academically published in BMC Nephrology journal in August 2013 (See: www.biomedcentral.com/1471-2369/14/180). The paper ended with these words: “Steps are being taken to strengthen the water supply scheme in the endemic area as well as the regulations related to procurement and distribution of fertilizers and pesticides. Further studies are ongoing to investigate the contributory role of infections in the pathogenesis of CKDu.”

 Hazards of Pseudoscience

One thing is clear. Remedial or precautionary measures cannot be delayed until a full understanding of the disease emerges. Indeed, WHO has recommended taking care of the affected while science takes its own course.

Dr Shanthi Mendis, WHO’s director for managing non-communicable diseases, says: “CKDu is a major public health issue placing a heavy burden on government health expenditure and is a cause of catastrophic expenditure for families, leading to poverty and stigma in the community.”

CKDu needs a well-coordinated response from public health, agriculture and water supply sectors that typically fall under separate government ministries and agencies. We need to see mass kidney failure as more than just a public health emergency or environmental crisis. It is a sign of cascading policy failures in land care, water management and farming over decades.

In such complex situations, looking for a single ‘villain’ is both simplistic and misleading. For sure, the double-edged legacy of the Green Revolution — which promoted high external inputs in agriculture — must be critiqued, and past policy blunders need correction. Yet knee-jerk reactions or patchy regulation can do more harm than good.

“In Sri Lanka we have a powerful lobby of pseudoscientists who seek cheap popularity by claiming to work against the multinational corporations for their own vested political interests,” says Dr Oliver A Ileperuma, a senior professor of chemistry at Peradeniya University. In his view, the recent glyphosate ban is a pure political decision without any scientific basis.

His concerns are shared by several hundred eminent Lankan scientists who are fellows of NASSL, an independent scientific body (not a state agency). The Academy said in a statement in mid June that it was “not aware of any scientific evidence from studies in Sri Lanka or abroad showing that CKDu is caused by glyphosate.”

NASSL President Prof Vijaya Kumar said: “The very limited information available on glyphosate in Sri Lanka does not show that levels of glyphosate in drinking water in CKDu affected areas (North Central Province) are above the international standards set for safety. CKDu is rarely reported among farmers in neighbouring areas such as Ampara, Puttlam and Jaffna or even the wet zone, where glyphosate is used to similar extent. It has also not been reported in tea growing areas where glyphosate is far more intensively used.”

Agrochemical regulation

In recent years, the search for CKDu causes has become too mixed up with the separate case for tighter regulation of agrochemicals, a policy need on its own merit. International experience shows that a sectoral approach works better than a chemical by chemical one.

The bottomline: improving Sri Lanka’s agrochemical regulation needs an evidence-based, rigorous process that does not jeopardize the country’s food security or farmers’ livelihoods. A gradual shift to organic farming (currently practiced on less than 2% of our farmland) is ideal, but can take decades to accomplish.

Our health and environmental activists must rise above their demonise-and-ban approaches to grasp the bigger picture. They can do better than ridiculing senior scientists who don’t support populist notions. Effective policy advocacy in today’s world requires problem solving and collaboration – not conspiracy theories or confrontation.

Hijacking a human tragedy like CKDu for scoring cheap debating points is not worthy of any true activist or politician.

Proceedings of Dec 2013 NAASL National Symposium on CKDu are at: http://nas-srilanka.org/?page_id=1145

Science writer Nalaka Gunawardene is on Twitter @NalakaG and blogs at http://nalakagunawardene.com

සිවුමංසල කොලූගැටයා #226: ඉක්මන් ආහාරයේ දිගුකාලීන විපාක රැසක්

Instant noodles on sale in India
Instant noodles on sale in India

The recent controversy involving Maggi noodles in India is an eye opener for the entire region. The popular instant food, which has been sold for over three decades, was banned in early June by India’s food safety regulator after tests found excessive levels of lead.

Some samples also found Monosodium Glutamate (MSG), a flavor enhancer.

This episode brings into focus the need for tighter food safety regulations, as well as more responsible conduct by companies – both multinational and national – that produce and promote food products.

Eating is a personal and cultural activity where experts and regulators can go only so far. However, governments and corporations can do more to enable informed choices – by ensuring consumers have sufficient information through food labelling and are educated about health implications of diet.

To deal with growing concerns about processed food, South Asia needs greater consumer awareness, better regulation and product innovation.

Without this combination, the health of 1.5 billion people could be compromised by bad dietary habits.

This is the essence (no pun intended!) of my latest Ravaya column (in Sinhala, published on 5 July 2015). I covered similar ground in English in this essay:

SciDev.Net 30 June 2015: Processed food under scanner in South Asia

Indian public protests against Maggi noodles, found to have higher than safe levels  of lead and MSG
Indian public protests against Maggi noodles, found to have higher than safe levels of lead and MSG

කඩිමුඩියේ පිළියෙල කර ගත හැකි ආහාරයක් ලෙස ප‍්‍රකට මැගී නුඞ්ල්ස් මෑත සති කිහිපයේ ඉන්දියාවේ හා වෙනත් ආසියානු රටවල මහත් ආන්දෝලනයට ලක් වුණා. මේ වන විට ඉන්දියාව පුරා එය තහනම් කොට තිබෙනවා.

මොකක්ද මෙහි පසුබිම් කතාව? එක් ආහාර වෙළඳ නාමයකට හෝ වර්ගයකට හෝ සීමා නොවී මේ සිදුවීම් මාලාවෙන් ගත හැකි පොදු පාඩම් තිබේද? ඇත්තටම අප කන බොන බොහෝ ආහාර අපට දිගු කාලීනව කරන බලපෑම් ගැන අප ඇති තරම් දැනුවත් හා සංවේදී ද?

මැගී නූඞ්ල්ස් ඉන්දියාවේ අලෙවිය ඇරැඹුණේ 1983දී. සිනමා තරු යොදා ගත් දැවැන්ත අලෙවිකරණයක් හරහා එය ප‍්‍රවර්ධනය කෙරුණා. කෙටි කලෙකින් එය එරට සමාජ තරාතිරම් හැම එකකම භාවිත වන ඉක්මන් ආහාරයක් (convenience food) බවට පත් වුණා.

තවත් ක්ෂණික නූඞ්ල්ස් වර්ග කිහිපයක්ම තිබුණත් ඉන්දියාවේ වෙළඳපොළෙන් 80%කට වඩා හිමි කර ගෙන සිටියේ නෙස්ලේ නම් ජාත්‍යන්තර සමාගම නිපදවන මැගී නූඞ්ල්ස් වර්ගයි. මැගී ප‍්‍රභේද 9ක් එරට අලෙවි කෙරුණා.

මැගී නූඞ්ල්ස් තුළ ශරීරයට අහිතකර ද්‍රව්‍ය තිබේ දැයි රසායනාගාර පරීක්ෂණ ඇරඹුණේ මීට වසර එකහමාරකට පමණ පෙර. ක‍්‍රමානුකූලව කරන ලද මේ පරීක්ෂණවලින් තහවුරු වූයේ අනුමත උපරිම මට්ටම් බෙහෙවින් ඉක්මවා ගිය අන්දමේ ඊයම් ප‍්‍රමාණයක් එහි තිබෙන බවයි.

එසේම තම නිෂ්පාදනයේ මොනොසෝඩියම් ග්ලූටමේට් (MSG හෙවත් අජිනොමොටෝ) නම් රසකාරකය නැතැයි නිෂ්පාදක සමගම කීවත් සමහර සාම්පල්වල එය ද තිබූ බව සොයා ගැනුණා.

මේ අනුව පාරිභෝගික ආරක්ෂාව සඳහා මැගී නූඞ්ල්ස් අලෙවිය තහනම් කිරීමට ඉන්දියාවේ ආහාර ආරක්ෂාව හා ප‍්‍රමිතීන් පිළිබඳ අධිකාරිය (FSSAI) ජුනි මස මුලදී තීරණය කළා.

Maggi and other instant noodles on sale in Colombo supermarkets in late June 2015
Maggi and other instant noodles on sale in Colombo supermarkets in late June 2015

නෙස්ලේ සමාගම මේ තීරණයට එකඟ වූයේ නැහැ. ඉන්දියානු ආහාර ආරක්ෂණ නීතිරීති හා ප‍්‍රමිතීන් සියල්ලට තම සමාගම අනුකූල වී ඇති බවත්, එහෙත් නියාමන අධිකාරියේ තීරණයට අනුව මැගී නූඞ්ල්ස් වෙළඳපොළෙන් ඉවත් කර ගන්නා බවත් ඔවුන් ප‍්‍රකාශ කළා. ඒ අතර එම නියාමන තීරණය අධිකරණ මට්ටමින් ඔවුන් අභියෝග කොට තිබෙනවා.

ඉන්දියාවේ මේ සිදුවීම් ආසියාවේ අනෙකුත් රටවලටත් බලපෑමක් කළා. මාලදිවයින හා නේපාලය ඉක්මනින්ම මැගී නූඞ්ල්ස් රටට ගෙන ඒම හා රට තුළ අලෙවිය තාවකාලිකව තහනම් කළා. සිංගප්පූරුව ද ප‍්‍රවේශම්කාරී ප‍්‍රතිපත්තියක් අනුව අලෙවිය නැවත දැනුම් දෙනතුරු නතර කළා. මේ අතර බංගලාදේශය හා ශ‍්‍රී ලංකාව සිය රට තුළ අලෙවි කැරෙන මැගී නූඞ්ල්ස් සාම්පල් රසායනාගාර පරීකෂණවලට ලක් කළා.

ශ‍්‍රී ලංකා කාර්මික පර්යේෂණ ආයතනය (ITI), පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත සිදු කළ පරීක්ෂණවලින් හෙළි වූයේ මෙරට වෙළඳපොළේ අලෙවි කැරෙන ක්ෂණික නූඞ්ල්ස් වර්ගවල ඊයම් මට්ටම ඉතා පහළ අගයක් ගන්නා බවයි. එනිසා එය භාවිතයෙන් අහිතකර සෞඛ්‍ය බලපෑමක් සිදු වීමට ඉඩක් නැතත්, මෙරට අලෙවි වන ආහාරපානවල තිබිය හැකි උපරිම ඊයම් (ක්ෂුද්‍ර) මට්ටම ගැන කිසිදු ප‍්‍රමිතියක් නීතිගත කර නැහැ.

මේ නිසා ITI පරීක්ෂණ ප‍්‍රතිඵල සංසන්දනය කර ඇත්තේ මැලේසියාව, සිංගප්පූරු හා ඕස්ටේ‍්‍රලියාව යන රටවල අදාළ ප‍්‍රමිතීන් සමගයි. ඒ අනුව ඊයම් ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් දශම තුනක් නොඉක්මවිය යුතුයි (0.3mg/kg).

මෑතදී සෞඛ්‍ය හා පාරිභෝගික ආරක්ෂණ බලධාරීන් තීරණය කර ඇත්තේ මෙරටට පිටරටින් ගෙන එන සියලූ ක්ෂණික නූඞ්ල්ස් අලෙවියට පෙර ඊයම්, කැඞ්මියම්, රසදිය හා අනෙකුත් බැර ලෝහ මට්ටම් සඳහා නීතිගත පරීක්ෂාවට ලක්විය යුතු බවයි. එසේම රජය විසින් සියළු ක්ෂණික නූඞ්ල්ස් වෙළද දැන්වීම් තාවකාලිකව නතර කොට තිබෙනවා.

මේ පරීක්ෂාවන්ට අමතරව MSG මෙරට අධික ලෙස භාවිත වීම ද නියාමන අධීක්ෂණයන්ට ලක් විය යුතුයි. MSG ආහාර රසකාරකයක් ලෙස බොහෝ අවන්හල්වල හා ආහාර විකුණන වෙළඳසැල්වල යොදා ගන්නවා. පාරිභෝගික ආරක්ෂාව ගැන දැඩි සැළකිල්ලක් දක්වන යුරෝපා රටවල් MSG භාවිතයට ඉඩදී ඇතත් එය නිරතුරු නිරීක්ෂණයට හා යම් ප‍්‍රමිතීන්ට යටත් වෙනවා. අපේ රටේ මෙතෙක් එවැනි සීමා නැහැ.

එසේම ක්ෂණික නූඞ්ල්ස්වලින් ඔබ්බට ගොස් නූතන ආහාරපාන රටාවන් දිගු කාලීනව සිදු කරන අහිතකර සෞඛ්‍ය බලපෑම් ගැන පුළුල් සමාජ සංවාදයක් කළ යුතුයි. මෙය එක් බහුජාතික සමාගමක ආහාර වර්ගයක් හෙළා දැකීමේ උද්ඝෝෂණයකට පමණක් සීමා නොවිය යුතුයි.

Fastfood offers a fast track to ill health!
Fastfood offers a fast track to ill health!

ආහාර ගැනීම පෞද්ගලික වූත්, සංස්කෘතික වූත් කාරියක්. තමන් කන බොන හැටි තම රුචි අරුචිකම් අනුව හා ආර්ථික මට්ටමට සරිලන පරිදි තීරණය කිරීමට පුද්ගල නිදහස තිබෙනවා.

එහෙත් ආහාර ගැනීමේ රටා නිසා කල්ගත වීමේදි දියවැඩියාව, හෘද රෝග හා ආඝාතය (stroke) වැනි රෝග බහුල වන විට ඒවාට ප‍්‍රතිකාර කිරීමේ බරෙන් වැඩි කොටසක් පැටවෙන්නේ මහජන මුදලින් නඩත්තු වන සෞඛ්‍ය සේවාවටයි. මේ නිසා හැකි තාක් ජනතාව දැනුවත් කොට, හිතකර ආහාර රටාවලට යොමු කිරීමේ ලොකු සමාජයීය අවශ්‍යතාවක් තිබෙනවා.

පෙර කිසිදා නොකළ තරමට දකුණු ආසියාතික ජනයා දැන් මේදය, සීනි, ලූණු, රසකාරක (flavour enhancers) හා ආහාර කල් තබා ගැනීමට යොදන විවිධ රසායන ද්‍රව්‍ය (preservatives) අඩංගු වූ කල් තබා පිළියෙල කරන ලද ආහාර (processed food) කෑමට ගන්නවා. මේ ආහාර රටාවල විපාක දැනටමත් පෙනෙනවා. ස්ථුලභාවය හා දියවැඩියාව තරුණ වියේ මෙන්ම ළමා වියේ සිටින අය අතර ද හමු වනවා.

මේ ප‍්‍රවණතාවලට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ ආවේගශීලීව නූතන ආහාර රටා හෙළා දැකීමෙන් නොව විද්‍යාත්මක කරුණු එක් රැස් කොට, විශ්ලේෂණය හරහා ප‍්‍රතිවිපාක සමාජයට පෙන්වා දීමෙන්.

ඉන්දියාවේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල ජනප‍්‍රිය වී ඇති කඩිනම් ආහාර (fastfood) වර්ග ගණනාවක් 2012දී විද්‍යාව හා පරිසරය පිළිබඳ කේන්ද්‍රය නම් ස්වාධීන පර්යේෂණායතනය (Centre for Science and Environment, CSE) විසින් සිය රසායනාගාරයේ පරීක්ෂාවට ලක් කැරුණා. ෆ්‍රෙන්ට් ෆ‍්‍රයිස් හා පොටැටෝ චිප්ස් නම් අර්තාපල් පදනම් කර ගත් ආහාරත්, හැම්බර්ගර් හා පීට්සා විශේෂත්, ක්ෂණික නූඞ්ල්ස් වර්ගත් ඔවුන් විමර්ශනය කළා.

ඔවුන් සාක්ෂි සහිතව සොයා ගත්තේ ඒ සියල්ලේම ට‍්‍රාන්ස් ෆැට්ස් (trans fats, or trans-unsaturated fatty acids) නම් අහිතකර මේදයත්, ලූණුත් හිතකර මට්ටම්වලට වඩා බෙහෙවින් ඇති බවයි.

ආහාර අරභයා හිතකර මට්ටම් (safe limits) කියන්නේ කුමක්ද? යම් සුළු මාත‍්‍රාවලින් ආහාරයේ ඇති සංඝටක ජීර්ණය කොට එක්කෝ බැහැර කිරීමට නැතිනම් අවශෝෂණයට ශරීරයට හැකියි. එහෙත් සීමා ඉක්ම වූ විට එම හැකියාව බිඳ වැටෙනවා. එසේම අහිතකර මට්ටම්වලින් නිතර එම සංඝටක ශරීරගත වන විට දිගු කාලීන නිදන්ගත රෝගවලට තුඩු දෙනවා.

fast_food_kills

සිය සොයා ගැනීම් ගැන CSE ආයතනයේ කර්මාන්ත හා පරිසරය ගැන ප‍්‍රධානී චන්ද්‍ර භූෂන් කිවේ, ‘‘මේ අහිතකර ආහාර බොහොමයක් ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන ආහාර සමාගම් විසින් නිෂ්පාදිතයි. ඒ වෙළඳනාම ලෝක ප‍්‍රසිද්ධයි. මේ සමාගම් ඇමරිකාවේ මෙම නිෂ්පාදනම අලෙවි කරන විට අන්තර්ගතය ගැන නිවැරදිව හා විස්තරාත්මකව ලේබල්වල තොරතුරු සඳහන් කරනවා. එහෙත් ආහාර ලේබල් කිරීම ගැන ලිහිල් නීතිරීති ඇති අපේ වැනි රටවල ඔවුන් එය යන්තමින් කරනවා. මේවාට එරෙහිව නඩු පැවරුවොත් ඔවුන් උසාවියේදී කියන්නේ රටේ නීතියට අනුකූලව ක‍්‍රියාකරන බවයි.’’

මේ අනුව අහිතකර ආහාරවලින් පාරිභෝගිකයා රැක ගන්නට මුල් පියවර ගත යුත්තේ අපේ රටවල නීති හා රෙගුලාසි වඩාත් තද කිරීමෙන් හා ඒවා හරිහැටි ක‍්‍රියාත්මක කිරීමෙන්.

මේ ගැන CSE ඉන්දියානු බලධාරීන්ට කර ඇති නිර්දේශ එලෙසින්ම අපටත් අදාළ කර ගත හැකියි.

  • සියලූ ක්ෂණික හා කඩිනම් ආහාර වර්ග පාසල් කැන්ටින් මෙන්ම ළමයින් ගැවසෙන වෙනත් ස්ථානවල අලෙවිය තහනම් කරන්න.
  • සෞඛ්‍යයට දිගු කාලීනව අහිතකර බවට වෛද්‍යවරුන් තහවුරු කළ සියලූ ආහාර මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීමේදී දැඩි සීමාවලට යටත් කරන්න.
  • ආහාරපාන අලෙවියට සකසන විට විස්තරාත්මක තොරතුරු පැකට්ටු හෝ ලේබල්වල අඩංගු කිරීම අනිවාර්ය කරන්න. විශේෂයෙන් සංතෘප්ත මේද, ට‍්‍රාන්ස් ෆැට්ස්, සීනි හා ලූණු අන්තර්ගතය මෙන්ම පෝෂණ සංඝටක ගැන ද විස්තර සඳහන් විය යුතුයි.
  • අවන්හල්, සුපර් මාකට් හෝ සාමාන්‍ය කඩ හරහා විකුණන ක්ෂණික හා ඉක්මන් ආහාර සියල්ලේ ලූණු, සීනි හා මේද ප‍්‍රතිශතය අඩු කිරීම නීතිගත කරන්න.
  • ඩෙන්මාර්කය හා හංගරිය වැනි රටවල් දැනටමත් කර ඇති පරිදි මේද අධික ලෙස අඩංගු ආහාරවලට මේද බද්දක් (fat tax) අය කිරීම හරහා ඒවායේ මිල වැඩිවීමට සලස්වන්න.

ගෙවී යන හැම වසරකම අනිසි ආහාර රටා නිසා නිදන්ගත රෝග සෑදීම වැඩිවන බව පෙර අපර දෙදිගම කැරෙන වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වෙනවා. අප මෙහිදී කතා කරන්නේ ආහාරවලට මුසුව එන වසවිස ශරීරගත වීමෙන් ඇතිවන දිගු කාලීන හානි ගැන නොවෙයි. ඒ බලපෑම්වලට අමතරව ජන සමාජය වසවිස ලෙසින් නොදකින සීනි, ලූණු හා මේද විශේෂයන් ද අධික භාවිතයෙන් දිගුකාලීන බරපතළ රෝග ඇතිවීම ගැනයි. මේ දෙකම මීට වඩා සමාජ අවධානයට හා ප‍්‍රතිපත්ති තීරක අවධානයට ලක් විය යුතුයි.

මෙහිදී වෛද්‍යවරුන් නොවන සෙසු විද්‍යාඥයන්ට ද කළ හැකි කාර්ය භාරයක් තිබෙනවා. පාරිභෝගික ආරක්ෂාවට කැප වුණු රාජ්‍ය හා සිවිල් සමාජ ආයතන සමග එක්වී වෙළෙඳපොලේ අලෙවි කැරෙන සංරක්ෂිත ආහාර හා ඉක්මන් ආහාරවල අන්තර්ගතය නිතිපතා රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කළ යුතුයි. බැර ලෝහ ඇතුළු විවිධ රසායන ද්‍රව්‍ය ආහාරවල තිබිය හැකි උපරිම ආරක්ෂිත මට්ටම් දේශීය වශයෙන් ප‍්‍රමිතිගත කළ යුතුයි. (බොහෝ ආහාරපාන රසායන ද්‍රව්‍ය සඳහා එබඳු උපරිම මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණය කර තිබෙනවා.)

ආන්දෝලනයට තුඩු දෙන කිරිපිටි විස වීමක් හෝ ආහාර ආරක්ෂාව පිළිබඳ වෙනත් ප‍්‍රශ්නයක් මතු වූ අවස්ථාවල මේවා හරිහැටි පිිරික්සන්නට මෙරට රසායනාගාර පහසුකම් නැතැයි කියවෙනවා. පිටරට යවා පිරික්සූ විට එම ක‍්‍රියාදාමයේ විශ්වසනීයත්වය සමහරුන් ප‍්‍රශ්න කරනවා.

හැමදාමත් මේ නැති බැරිකම් කියමින් සිටිනු වෙනුවට අඩු තරමින් එක් අංග සම්පූර්ණ රසායනාගාරයක් මෙරට පිහිටුවා එය පවත්වා ගෙන යන්නට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කළ යුතුයි. රටක් දියුණු වනවා කියන්නේ අධිවේගී මාර්ග හා වෙනත් කොන්ක‍්‍රීට් යටිතල පහසුකම් සැදීම පමණක් නොවෙයි. මෙවැනි පහසුකම් ද අප සාදා ගත යුතුයි.

එසේම අද කාලේ බොහෝ දෙනාට ඉක්මනින් ආහාර පිළියෙල කර ගැනීමට වුවමනාවීම සමාජ යථාර්ථයක් ලෙස පිළි ගෙන එයට උපකාර වන එහෙත් සිරුරට අහිතකර නොවන ආහාර විශේෂ නවෝත්පාදනය කර ප‍්‍රවර්ධනය කළ යුතුයි.

පෝෂණ ගුණය නොනසා, රසකාරක හා සංරක්ෂක රසායන නොයොදා යම් ආහාර සැකසුම් බිහි කරන්නටත්, ඒවා වැඩි වෙහෙසකින් තොරව ඉක්මනින් පිළියෙල කරන්නටත් හැකි වූවොත් එබන්දකට හොඳ වෙළඳපොළ විභවයක් තිබෙනු ඇති. අපේ නව නිපැයුම්කරුවන්ට මේ අභියෝගයට ප‍්‍රතිචාර දැක්විය හැකිද?

Maggi and other instant noodles offer convenient, affordable meals
Maggi and other instant noodles offer convenient, affordable meals

ඉන්දියානු කළමනාකරණ ආයතනය නම් ප‍්‍රකට සරසවියේ ව්‍යාපාරික ක‍්‍රමෝපායන් පිළිබඳ මහාචාර්ය එස්. රඝුනාත් කියන්නේ මැගී ඇතුළු ක්ෂණික නූඞ්ල්ස් වර්ග ඉන්දියාවේ දුගී ජන කොටස් අතර මහත් සේ ජනප‍්‍රියවීමට (ප‍්‍රචාරණයට අමතරව) සමාජ-ආර්ථික සාධක ද තිබූ බවයි.

සාම්ප‍්‍රදායික ආහාර වේලක් (බත් සහ ව්‍යංජන හෝ රොටි වර්ග) පිළියෙල කිරීමට වැඩි කාලයක් මෙන්ම වියදමක්ද අවශ්‍යයි. උසස් අධ්‍යාපනයට හෝ රැකියා කිරීමට හෝ වඩ වඩාත් ඉන්දියානුවක් යොමු වීම සමග කාලය සොයා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දුන්නා. එහිදී ඔවුන්ගේ උදව්වට ආවේ ඉක්මනින් ගෙදරදී සාදා ගත හැකි මැගී වැනි ක්ෂණික ආහාරයි. බත් වේලක වියදමෙන් තුනෙන් එකක් වීම අමතර වාසියක් වුණා.

නූතන කලබලකාරී සමාජයේ බොහෝ දෙනකු කාලය පිරිමසන උපක‍්‍රම සෙවීම සුලබ දෙයක්. එයට හේතුව අලස බව නොව ඉතිරි කර ගන්නා කාලයෙන් අමතර යමක් ඉගෙනීමට හෝ ආදායමක් ඉපැයීමට හැකි වීමයි. මේ නිසා ගුණදායක හා පෝෂ්‍යදායක ආහාර ප‍්‍රවර්ධනය කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. එවන් ආහාර දරා ගත හැකි (අඩු) මිලකට ගත හැකි වීමත්, ලෙහෙසියෙන් පිළියෙල කර ගත හැකි වීමත් ඉතා වැදගත්.