සිවුමංසල කොලූගැටයා #230: ජාතික ආරක්ෂාවට යයි කියා රජය පුරවැසියන්ගේ ඔත්තු බැලීම හරිද?

The July 21 Statement on Freedom of Expression and Media Freedom, issued by 10 media associations and advocacy groups in Sri Lanka for the attention of political parties contesting in General Election 2015, included this recommendation:

Privacy and Surveillance: The state should respect and protect the privacy of all citizens. There should be strict limits to the state surveillance of private individuals’ and entities’ telephone conversations and electronic communications. In exceptional situations, such surveillance should only be permitted with judicial oversight and according to a clear set of guidelines.”

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 2 August 2015), I have expanded on this by exploring the extent of state electronic surveillance in Sri Lanka.

It is a murky field where evidence is not easily found, and I rely heavily on the published accounts by leading national and international media groups: Freedom on the Net Report on Sri Lanka; Reporter Sans Frontiers (RSF) report on countries under state surveillance: Sri Lanka section; and investigative articles published by Sri Lanka’s Groundviews.org.

I also look at the legal provisions for surveillance and gaps in legal protection for privacy in Sri Lanka. All this points out to an overbearing state that spies on private citizens as and when it pleases, all on the pretext of national security. We need clearer guidelines and judicial oversight to restrain the state from turning into Big Brother.

Are we being watched by our government without our knowledge or consent? Is it legal?
Are we being watched by our government without our knowledge or consent? Is it legal?

භාෂණයේ නිදහස හා මාධ්‍ය නිදහස සඳහා දේශපාලන පක්ෂවලට ප‍්‍රමුඛතා දහයක් ඉදිරිපත් කරන්නට ජූලි 21 වනදා කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීනී සීතා රන්ජනී මෙසේ කීවා.

‘‘පසුගිය වකවානුවේ (2014 අග දක්වා) අප බොහෝ දෙනකුගේ දුරකථන සංවාද හා ගමන් බිමන් සියල්ල සොයා බලන බව අපට තේරුණා. අප දුරකථන මගින් කතා කොට මාධ්‍යවේදී පුහුණු වැඩමුළු සැලසුම් කර අදාල තැනට යන විට කොහෙන්දෝ එකවර මතු වන විරෝධතාවලට අප මුහුණු දුන්නා. අප රැස්වන තැන්, යොදා ගන්නා සම්පත්දායකයන් ආදී හැම තොරතුරක්ම කෙසේ හෝ මේ උදවිය කල් තබා දැන සිටියා. මෙය හැකි වුණේ අප නිරතුරු ආවේක්ෂණයට ලක් වූ නිසායි.’’

මෙය බරපතල තත්ත්වයක්. රාජ්‍ය ආවේක්ෂණ (state surveillance) අත්දැකීම අඩු වැඩි පමණින් ලද තවත් බොහෝ මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් හා දේශපාලකයන් මෙරට සිටිනවා. ගෙවී ගිය දශකයේදී මෙරට රජය විසින් පුරවැසියන් ආවේක්ෂණය කිරීම බොහෝ සෙයින් පුළුල් වූ බවට ඉඟි තිබෙනවා.

See: Freedom on the Net: Sri Lanka Report 2014

යුද්ධය පවතින විට ජාතික ආරක්ෂාව සඳහා යම් පුද්ගලයනගේ හා කණ්ඩායම්වල කතාබහ ආවේක්ෂණය කළත් යුද්ධය නිමා වීමෙන් පසුවත් වසර ගණනක් එය දිගටම පවත්වාගෙන යාම කෙසේ සාධාරණීකරණය කළ හැකිද?

එසේම අපරාධකරුවන්, කැරලිකරුවන් හෝ වෙනත් නීති විරෝධී ක‍්‍රියාවල නිරත වූවන්ගේ සැලසුම් කල් තබා අනාවරණය කර ගන්නට යයි කියා කරන ආවේක්ෂණ විපක්ෂ දේශපාලකයන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් හා සරසවි ඇදුරන් දක්වා දිගු වූයේ ඇයි? ජාතික ආරක්ෂාව නම් සංකල්පය පවත්නා රජයේ ආරක්ෂාව ලෙසින් පටු ලෙස විග‍්‍රහ කිරීම නිසාද?

Do you know who is watching you?
Do you know who is watching you?

Dialog CEO Hans Wijesuriya: “No surveillance program in Sri Lanka, but telecoms have to comply”’. The Republic Square, 28 September 2013

මහා පරිමාණ ආවේක්ෂණය වෙත ගෙවී ගිය දශක දෙක තුනක් තිස්සේ මෙරට පැවති සියලූ රජයන් යොමු වීම සිවිල් අයිතිවාසිකම් පැත්තෙන් බලන විට මහත් අහිතකර ප‍්‍රවණතාවක්.

මෙය පුරවැසියන් නොදැනුවත්ව, අධිකරණ අධීක්ෂණයකින් තොරව දිගටම සිදුවීමට එරෙහිව ඇති තරම් සමාජ ප‍්‍රතිවිරෝධයක් මතු නොවීමද තැති ගත යුතු මට්ටමේ කාරණයක්. අප මේ තරමට දැන් සමාජයක් ලෙස උදාසීන වී සිටිනවාද?

2014 දෙසැම්බර් 25 වනදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ශ‍්‍රී ලංකාවේ එවකට උත්සන්න වෙමින් තිබූ ජනාධිපතිවරණ කැම්පේන් ගැන දීර්ඝ ලිපියක් පළ කළා. විවිධ දේශපාලන චරිත සමග සාකච්ඡා කිරීමෙන් පසු ලියැවුණු එහි එක් තැනෙක හිටපු ධීවර අමාත්‍ය (දැන් සෞඛ්‍ය අමාත්‍ය) දොස්තර රාජිත සේනාරත්න උපුටා දක්වමින් කියන්නේ නොවැම්බර් 21 වනදාට පෙර පොදු විපක්ෂ අපේක්ෂකයා ගැන කතාබහ ඉතා රහසිගතව සිදු කරන ලද බවයි.

With Viber's help, opposition politicians dodged Rajapaksa regime's surveillance in late 2014
With Viber’s help, opposition politicians dodged Rajapaksa regime’s surveillance in late 2014

හොරෙන් අසා සිටීමට ලක් නොවන ආකාරයේ (චන්ද්‍රිකා?) දුරකථන භාවිත කරමින්, සංකේත බසින් තමා ඇතුළු පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා කිරීම සැලසුම් කළ බව ඔහු කියනවා. ඉන්ටනෙට් හරහා කටහඬ හා ලිඛිත පණිවුඩ හුවමාරු කර ගත හැකි වයිබර් (Viber) නම් මෘදුකාංගයද මේ පිරිස යොදාගෙන තිබෙනවා.

මෙතරම් ප‍්‍රවේශම්කාරී වීමට හේතුව බොහෝ විපක්ෂ දේශපාලකයන් මෙන්ම ඇතැම් (එවකට) ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ද ගිය රජය විසින් දැඩි ලෙස ආවේක්ෂණයට ලක් කර තිබූ නිසායි. මේ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද වරක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා.

රජයන් විසින් සිවිල් ජනයා ආවේක්ෂණය මුල් යුගයේ කරනු ලැබුවේ දුරකථන සංවාදවලට දුරකථන හුවමාරු (phone exchange) හරහා රහසිගතව සවන් දීමෙන්. එහෙත් පරිගණක හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග වඩාත් සූක්ෂමව, පුළුල්ව හා ස්වයංක‍්‍රීය ලෙසින් දුරකථන සංවාද පමණක් නොව ඊමේල්, ස්කයිප් කතාබහ හා ඉන්ටර්නෙට් හරහා කරන බොහෝ හුවමාරු කිසිවකුට නොදැනී ආවේක්ෂණය කළ හැකිව තිබෙනවා.

Internet surveillance: not just in China...
Internet surveillance: not just in China…

ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධිත පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් තුළට හොර රහසේ පිවිසී එහි දත්ත හා පණිවුඩ හීන්සීරුවේ පිටස්තර පාර්ශ්වයකට ලබා දීමේ ඔත්තු බලන ක‍්‍රම දියුණු කොට තිබෙනවා.

පරිගණක හෝ ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකුට මේ ගැන වැටහීමක් නැහැ. රජයට පමණක් නොව ටෙලිකොම් සමාගම්වලටද මේ හැකියාව තිබෙනවා.

ආවේක්ෂණ තාක්ෂණයන් හා සේවාවන් අධික මිලකට අලෙවි කරන තාක්ෂණ සමාගම් ලෝකයේ තිබෙනවා. බොහෝ විට ඔවුන්ගේ ගැනුම්කරුවන් වන්නේ රාජ්‍ය බුද්ධි අංශ හා අපරාධ පරීක්ෂණ පොලිසි ආදියයි.

ඉතාලියේ මිලාන් නුවර පිහිටි මෙබඳු එක් සමාගමක් ‘හැකිං ටීම්’ (Hacking Team) නම් වනවා. 2013දී දේශසීමා විරහිත වාර්තාකරුවෝ (RSF) නම් ජාත්‍යන්තර මාධ්‍ය නිදහස් ක‍්‍රියාකාරී සංවිධානය ප‍්‍රසිද්ධ චෝදනාවක් කළා. එනම් හැකිං ටීම් මගින් සපයන ආවේක්ෂණ පහසුකම් යොදා ගනිමින් මර්දනකාරී ආණ්ඩු භාෂණ නිදහස හා මාධ්‍ය නිදහසට තර්ජනය වන ලෙස මාධ්‍යවේදීන්, විකල්ප මතධාරීන් හා වෙබ් ක‍්‍රියාකාරිකයන්ට එරෙහිව ක‍්‍රියා කරන බවයි.

RSF report on countries under state surveillance: Sri Lanka

2015 ජූලි මස මුලදී හැකිං ටීම් සමාගමේ පරිගණකවලට ද යම් කිසිවකු අනවසරයෙන් පිවිසී (හැක් කොට) ඔවුන්ගේ දත්ත අතිවිශාල සමුදායක් (400GB) ඕනෑම කෙනකුට බලා ගත හැකි වන්නට ඉන්ටර්නෙට් ජාලයට මුදා හරිනු ලැබුවා. මේ සමාගම ලෝකයේ කිනම් රජයන්ට කුමන ආවේක්ෂණ උපකරණ හා සේවා සපයා ඇත්ද යන්න ගැන මෙතෙක් රහසිගතව තිබූ තොරතුරු රැසක් මේ හරහා අනාවරණය වුණා.

මේ අනුව ලොව පුරා විසිර සිටින පොලිසි, මිලිටරි, මධ්‍යම රජයන් හා පළාත් රජයන් 70කට වැඩි ගණනකට ඔවුන් අවේක්ෂණ තාක්ෂණයන් ලබා දී යූරෝ මිලියන් 40කට වඩා උපයා ගෙන තිබෙනවා.

Hacking Team Emails Expose Proposed Death Squad Deal, Secret U.K. Sales Push and Much More

Groundviews: Going beyond mainstream media in the public interest
Groundviews: Going beyond mainstream media in the public interest

මේ ඔස්සේ ගවේෂණය කළ මෙරට පුරවැසි මාධ්‍ය වෙබ් අඩවියක් වන ග‍්‍රවුන්ඞ්වීව්ස් (Groundviews.org), මෙම ඉතාලි සමාගම 2013-14 කාලයේ ශ‍්‍රී ලංකාවේ බුද්ධි සේවාවලට ද සිය සේවා අලෙවි කිරීමට ඊමේල් ගණනාවක් හුවමාරු කරගෙන ඇති බව සොයා ගත්තා.

විශේෂයෙන් ඕනෑම ආරක්ෂිත පරිගණකයකට හොරෙන් පිවිසී ඔත්තු බැලිය හැකි Remote Control System (RCS) නම් තාක්ෂණය ගැන මෙරට සිට ඔවුන්ගෙන් විමසා තිබුණා. 2014 මාර්තුවේ ඔවුන්ට මෙරටින් යවන ලද එක් ඊමේල් පණිවුඩයක් කීවේ ‘ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය, සරසවියක් ද සමග එක්ව විද්‍යුත් ආවේක්ෂණ හා සෙවීමේ ක‍්‍රමයක් පිහිටුවීමට සැලසුම් කරන’ බවයි.

මේ සරසවිය කුමක්ද යයි පැහැදිලි නැහැ (කොළඹ හෝ මොරටුව විය යුතුයි). එසේම ගිය රජය විසින් මෙම තාක්ෂණය මිලට ගත්තා ද යන්න ඊමේල් හුවමාරුවෙන් හරිහැටි කිව නොහැකියි. එහෙත් කිසිදා නොතිබූ තරම් දැවැන්ත ආවේක්ෂණ ප‍්‍රයත්නයක් සඳහා සැලසුම් කළ බව නම් පෙනෙනවා.

Hacking the hackers: Surveillance in Sri Lanka revealed

Sanjana Hattotuwa
Sanjana Hattotuwa

ඩිජිටල් හා සයිබර් මාධ්‍ය හරහා අප ලෙහෙසියෙන් සන්නිවේදනය කරන අතර පෞද්ගලිකත්වය රැක ගැනීමට වගකීමෙන් හා අරපරීක්ෂාවෙන් ක‍්‍රියාකළ යුතුයි. ඩිජිටල් ක‍්‍රියාකාරී හා ග‍්‍රවුන්ඞ්වීව්ස් කතුවර සංජන හත්තොටුව මෙය යළි යළිත් අවධාරණය කරනවා.

ඉතාලි ආවේක්ෂණ තාක්ෂණය කෙසේ වෙතත්, 2010-12දී චීන ටෙලිකොම් සමාගම්වලට මෙරටට උපකරණ සැපයීමට ඉඩදීම හරහා ආවේක්ෂණ හැකියාව ලැබෙන්නට ඇතැයි සංජන අනුමාන කරනවා. මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තවමත් නීතිගතව නැති නිසා විස්තර සොයා යෑම අපහසුයි.

2012 පෙබරවාරි 16 වනදා විග‍්‍රහයක් පළ කරමින් සංජන කීවේ හුවාවෙයි (Huawei) හා ZTE නම් චීන සමාගම් මෙරටට ඩොලර් මිලියන ගණන් වටිනා විදුලි සංදේශ උපකරණ සපයන බවයි. බටහිර රටවලට ඉන් පෙර සපයන ලද උපකරණ හරහා නොදැනීම සයිබර් ඔත්තු බැලීමට චීන රජයට ආධාර කළා යැයි මේ චීන සමාගම් දෙකටම බරපතල චෝදනා එල්ල වී තිබුණා.

විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ADSL ඉන්ටර්නෙට් බෙදාහැරීම් පද්ධතිය Huawei තාක්ෂණය යොදා ගන්නවා. අහිංසක ලෙස පෙනුණත් මේ හරහා හොර රහසේ ග‍්‍රාහකයන්ගේ පෞද්ගලික ඊමේල්, ස්කයිප් හා අනෙක් හුවමාරුවලට ප‍්‍රවේශම්වීමේ හැකියාව මෙරට බුද්ධි අංශවලට දැනටමත් ලැබී ඇත්ද? සංජන හත්තොටුව මේ ගැන වසර කිහිපයක සිට අනතුරු අඟවනවා.

Are Chinese Telecoms acting as the ears for the Sri Lankan government?

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව මුළුමනින්ම තහවුරු කර ගැනීම අසීරු වුවත් වඩා හොඳින් ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර කියා දෙන පෝස්ටර් පෙළක් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය මගින් 2012දී භාෂා තුනෙන්ම නිකුත් කරනු ලැබුවා.

තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර...
තමන්ගේ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කර ගැනීමට ගත හැකි සරල පියවර…

1991 අංක 25 දරණ විදුලි සංදේශ පනත (1996දී සංශෝධිත) හා 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත යම් පටු පරාසයක් තුළ විද්‍යුත් ආවේක්ෂණය හා අනවසරයෙන් පණිවුඩ/දත්ත ග‍්‍රහණය කිරීම වරදක් යයි පිළි ගන්නවා. එහෙත් නීතිය ක‍්‍රියාත්මක කරන රජයේ ආයතනවලට අවශ්‍ය අවස්ථාවන්හිදී එසේ කිරීමට ඉඩකඩ තිබෙනවා. (ඒ කියන්නේ පාඨක ඔබ හෝ මා එය කළොත් නීති විරෝධියි. එහෙත් රජය කළොත් එසේ නැහැ!).

එසේ ආවේක්ෂණය කරන විට කුමන විනයක්, සීමාවක් හෝ ක‍්‍රමවේදයක් රාජ්‍ය ආයතන අනුගමනය කළ යුතුද යන්න නීතිවලින් කියා නැහැ. ජාතික ආරක්ෂාවයටතේ සිත් සේ ක‍්‍රියා කිරීමේ ඉඩ තිබෙනවා වගෙයි.

ඕනෑම කෙනකුට පෞද්ගලිකත්වයක් තිබෙනවා. එයට මානව අයිතියක් ද තිබෙනවා. පොදු අවකාශයේ ඉතා ප‍්‍රකට ජීවිත සතු කලාකරුවන්, ක‍්‍රීඩකයන් හා දේශපාලකයන්ට ද මේ අයිතිය තිබිය යුතුයි. එය ස්ව-කැමැත්තෙන් පසෙක ලීම පුද්ගල අභිමතයක්. එහෙත් එසේ නොකරන තුරු රටේ ආණ්ඩුවට හෝ වෙනත් පිරිසකට (උදා: පැපිරාට්සි ආකාරයේ ඡායාරූප ශිල්පීන්) පෞද්ගලික ජීවිතවල ඔත්තු බැලීම සදාචාර සම්පන්න නැහැ. බොහෝ රටවල මෙය නීති විරෝධියි.

අපේ ආණ්ඩුකරම ව්යවස්ථාවෙන් පිළිගැනෙන හා සහතික කරන මූලික මානව අයිතිවාසිකම් අතර පෞද්ගලිකත්වය (privacy) රැක ගැනීමට ඇති අයිතිය ඇතුළත් නැහැ. එහෙත් සෑම කෙනකුටම එම අයිතිය හිමි බව ශිෂ්ඨ සමාජවල පුළුල්ව පිළි ගැනෙනවා.

නීතියෙන් නොවුවත් සමාජ සම්මතයට අනුව කෙනකුගේ පෞද්ගලික සිතුම් පැතුම්, ලියුම් හා අනෙකුත් සන්නිවේදනයන් පොදු අවකාශයට අයත් නැහැ. එසේම රාජ්‍යයට හෝ රාජ්‍යයේ තාවකාලික භාරකරු ලෙස කටයුතු කරන ආණ්ඩුවකට පුරවැසියන්ගේ පෞද්ගලික සන්නිවේදනවලට පිවිසෙන්නට හා ඒ හරහා තොරතුරු එක් රැස් කරන්නට සදාචාරමය අයිතියක් නැහැ.

මේ සම්මතය බිඳ වැටෙන අවස්ථා ඉඳහිට තිබෙනවා. යුද බිමෙහි ක‍්‍රියාන්විත සේවයේ නිරතව සිටින හමුදා සෙබලූන් හා ඔවුන්ගේ පවුල් අතර සන්නිවේදන හමුදා බලධාරීන්ගේ ආවේක්ෂණයට ලක් විය හැකියි. දැනවුත්ව හෝ නොදැනුවත්ව යුද බිමේ සැබෑ තොරතුරු හෝ හමුදා රහස් හෝ පිටත යාමට ඉඩක් ඇති නිසා. එසේම සමහර රටවල සිරකරුවන් ලබන හා යවන සන්නිවේදන ද විමර්ශනයට ලක් කැරෙනවා.

එහෙත් හමුදා සේවයේ හෝ සිරභාරයේ හෝ නොසිටින සෙසු පුරවැසියන්ට සිය පෞද්ගලිකත්වය රැක ගැනීමට සෑම අයිතියක්ම තිබෙනවා.

Edward Snowden on the right to privacy
Edward Snowden on the right to privacy

‘අපි නීතිගරුක මිනිස්සු. අපට සඟවන්න දෙයක් නැහැ. ආණ්ඩුව අපේ කතාබහ-ලියුම් කියුම් හොරෙන් ඇසුවත් බැලූවත් අපට බිය වන්නට දෙයක් නැහැ’ යයි ඇතැමෙක් කිව හැකියි. මෙය අනුවණකාරී තර්කයක්. හරියට ‘අපට භාෂණ නිදහසක් කුමටද? අපට කියන්නට කිසි දෙයක් නැහැ’ වැනිම පරාජිත ප‍්‍රකාශයක්.

ජූලි 21 ප්‍රකාශයේ ආවේක්ෂණය වැලැක්වීම ගැන නිර්දේශය මෙයයි: “තොරතුරු සමාජයේ ප්‍රගමනය සමග නූතන සන්නිවේදන තාක්ෂණයන් භාවිතය පුළුල් වෙයි. රජය විසින් සියලු පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ගරු කොට ආරක්ෂා කළ යුතුය. පෞද්ගලික පුරවැසියන්ගේ හා ආයතනවල දුරකථන සංවාද හා විද්‍යුත් සන්නිවේදන ආවේක්ෂණය කිරීම රජය විසින් කිසි විටෙකත් දේශපාලන වාසි පිනිස නොකළ යුතුය. අපරාධ විමර්ශනය වැනි විශේෂිත අවස්ථාවන්හිදී පමණක් එවැනි ආවේක්ෂණය සඳහා අවසර දිය යුත්තේ අධිකරණ අධීක්ෂණය යටතේ හා නිශ්චිත සීමාවලට යටත් වන පරිදිය.”

සිවුමංසල කොලූගැටයා #229: සමාජ මාධ්‍ය යුගයේ අපේ දේශපාලන සන්නිවේදනය

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 26 July 2015), I review how Lankan politicians and political parties are using social media in the run-up to the general election to be held on 17 August 2015.

In particular, I look at how President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe are using Facebook and Twitter (mostly to ‘broadcast’ their news and images, and hardly ever to engage citizens). I also remark on two other politicians who have shown initiative in social media use, i.e. former President Mahinda Rajapaksa and JHU leader Champika Ranawaka (both of who have held live Q&As on social media with varying degrees of engagement).

I raise questions like these: Can political parties afford to not engage 25% of Lankan population now regularly using the web? When would election campaigners – rooted in the legacy media’s practice of controlling and fine-tuning messages – come to terms with the unpredictable and sometimes unruly nature of social media?

While politicians, their campaigners and parties struggle to find their niches on social media, politically conscious citizens need to up their game too. Cyber literacy has been slower to spread than mere internet connectivity in Sri Lanka, and we need enlightened and innovative use of social media in the public interest. Every citizen, activist and advocacy group can play a part.

Can social media communications influence voting patterns?
Can social media communications influence voting patterns?

ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරන මට්ටමට එළැඹ සිටින අපේ රටේ මෙම සයිබර් සාධකය මැතිවරණ ප‍්‍රචාරණයට හා ඡන්දදායක මතයට කෙසේ බලපානවාද යන්න විමසීම වැදගත්.

2010 මහ මැතිවරණයේ භාවිත වූවාට වඩා බෙහෙවින් මෙවර මැතිවරණයේ ඉන්ටර්නෙට් භාවිතය සිදුවන බව නම් කල් තබාම කිව හැකියි.

දේශපාලන පක්ෂ, ඡන්ද අපේක්ෂකයන්, සිවිල් සමාජ සංවිධාන හා සාමාන්‍ය පුරවැසියන් යන මේ පිරිස් සතරම වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වෙත යොමු වීමත් සමග දේශපාලන තොරතුරු හා මතවාද ගලා යෑම පෙර පැවතියාට වඩා වෙනස්වන්නේ කෙලෙසද?

විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා දේශපාලන චරිත හා පක්ෂවලින් ප‍්‍රශ්න කරන්නට හා ඔවුන් අභියෝගයට ලක් කරන්නට හැකි වීම හරහා දේශපාලන සංවාද වඩා හරවත් විය හැකිද? මෙය කෙතරම් පුළුල්ව රටේ සමාජගත වනවාද?

Twitter and Facebook - leading social media platforms
Twitter and Facebook – leading social media platforms

ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම සමාජ මාධ්‍ය ජාලය ෆේස්බුක් (Facebook). එහි මෙරට ගිණුම් මිලියන් 2.5කට වඩා තිබෙනවා. ව්‍යාජ ගිණුම් හෝ ද්විත්ව ගිණුම් පසෙක තැබුවහොත් අඩු තරමින් මිලියන් 2ක් ලාංකිකයන් ෆේස්බුක් සැරිසරනවා යැයි කිව හැකියි. මෙරට ජනප‍්‍රිය අනෙක් සමාජ මාධ්‍යවන්නේ ට්විටර් (Twitter), වීඩියෝ බෙදා ගන්නා යූටියුබ් (YouTube) හා ඡායාරූප හුවමාරු කැරෙන ඉන්ස්ටග‍්‍රෑම් (Instagram).

මේ හැම සයිබර් වේදිකාවකම මේ දිනවල දේශපාලනයට අදාළ තොරතුරු, මතවාද හා රූප බෙහෙවින් සංසරණය වනවා.

දේශපාලන පක්ෂවලට හා ඡන්ද අපේක්ෂකයන්ට මේ යථාර්ථය නොසලකා සිටීමට බැහැ. එහෙත් බොහෝ පක්ෂවල මැතිවරණ කැම්පේන් හසුරුවන්නේ සාම්ප‍්‍රදායික මාධ්‍ය ගැන දන්නා, එහෙත් නව මාධ්‍ය ගැන හරි අවබෝධයක් නැති හිටපු මාධ්‍යවේදීන් හෝ දැන්වීම් ඒජන්සි විසින්.

පත්තරවල මුදල් ගෙවා ඉඩ මිලට ගැනීමට හා රේඩියෝ-ටෙලිවිෂන් නාලිකාවල ගුවන් කාලය මිලට ගැනීමට මේ උදවිය හොඳහැටි දන්නවා. මුදලට වඩා කාලය, ශ‍්‍රමය හා නිර්මාණශීලී බව අවශ්‍ය වන සමාජ මාධ්‍යවලට නිසි ලෙස ප‍්‍රවේශ වන හැටි මේ අයට වැටහීමක් නැහැ.

සමාජ මාධ්‍යවලටත් මුදල් ගෙවා ඕනැම කෙනකුට තම ප‍්‍රචාරය උත්සන්න කර ගත හැකියි. ෆේස්බුක් ගෝලීය වේදිකාවක් වුවත්, තම භාණ්ඩය හෝ සේවාව හෝ පණිවුඩය නිශ්චිත රටක, නිශ්චිත වයස් කාණ්ඩයකට ඉලක්ක කොට පෙන්වීම කර ගත හැකියි.

එසේම ෆේස්බුක් හා ට්විටර් ගිණුම් සඳහා තොග වශයෙන් ලෝලීන් (fans) හා මනාප (likes) විකුණන විදේශීය සමාගම් තිබෙනවා. අපේ සමහර දේශපාලන චරිත අරඹා ඇති සමාජ මාධ්‍ය ගිණුම්වලට ඔවුන් හීන්සීරුවේ මුදල් ගෙවා මෙසේ තොග පිටින් ලෝලීන් හා මනාප ලබා ගෙන ඇති බව හෙළිව තිබෙනවා. සමහර දේශපාලකයන්ට ශ‍්‍රී ලංකාවේ සිටින Fans ගණනටත් වඩා තුර්කියේ සිටින සංඛ්‍යාව වැඩිවීමට හේතුව එයයි.

20 March 2015: Social Media Analysis: Sri Lankan Politicians and Social Media

මුදල් ගෙවා ලබා ගන්නා සමාජ මාධ් රමුඛත්වය විශ්වසනීය හෝ සාර්ථක වන්නේ නැහැ. මෙය කුලියට ගත් බස් රථවලින් මුදල් ගෙවා සෙනග රැළිවලට ගෙනෙනවාට සමානයිග සයිබර් සාක්ෂරතාව පුළුල් වන විට මෙබඳු උපක‍්‍රම ගැන වැඩි දෙනකු දැන ගන්නවා.

social-media

කෙටි කාලීනවත් දිගු කාලීනවත් වඩාත් සාර්ථක ප‍්‍රවේශය නම් නිරතුරු සමාජ මාධ්‍ය හරහා පුරවැසියන් සමග සාමීචියේ හා සංවාදයේ යෙදී සිටීමයි (මැතිවරණයක් එළැඹි විට පමණක් නොවෙයි).

දේශපාලන නායකයන් හා කැම්පේන්කරුවන් කියන දෙය ඡන්දදායක මහජනතාව වැඳ ගෙන ඔහේ අසා සිටි කාලය ඉවරයි. දැන් මතුව එන්නේ අප කාටත් සංවාද විසංවාද හා තර්ක කළ හැකි නව සන්නිවේදන යථාර්ථයක්.

සමාජ ජාල මාධ්‍ය භාවිත කරන සියලූ ලාංකික දේශපාලකයන් හෝ දේශපාලන පක්ෂ හෝ නිතිපතා ෆලෝ කරන්නට මට හැකි වී නැහැ. එය ලේසි පාසු කාරියක්ද නොවෙයි.

එහෙත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ද, අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ට්විටර් ගිණුමද හරහා කුමක් සන්නිවේදනය වේද යන්න ගැන මා විමසිලිමත්ව සිටිනවා.

President Sirisena's verified Facebook page, screen shot on 26 July 2015 at 14.00 Sri Lanka Time
President Sirisena’s verified Facebook page, screen shot on 26 July 2015 at 14.00 Sri Lanka Time

කාර්යබහුල මෙවන් නායකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ මාධ්‍ය කණ්ඩායම් විසින්. එය ලොව පුරා සම්ප‍්‍රදායක්. බොහෝ විට මේ ගිණුම් හරහා නායකයා කරන කියන දේ ගැන සංක්ෂිප්ත තොරතුරු හා ඡායාරූප/කෙටි වීඩියෝ බෙදා හැරෙනවා.

මේ අන්තර්ගතයම නිල වෙබ්අඩවි හා මාධ්‍ය ප‍්‍රකාශන හරහා ද නිකුත් කැරෙන නමුත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය පවා අද කාලේ නායකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා කියැවෙන දේ ගැන අවධානයෙන් සිටිනවා. අවශ්‍ය විටදී යම් දේ එතැනින් උපුටා දක්වනවා.

සමාජ මාධ්‍ය ගත වන දේශපාලන නායකයන් හා ඔවුන්ගේ මාධ්‍ය කණ්ඩායම් මුහුණ දෙන අභියෝග ගණනාවක් තිබෙනවා. මූලික එකක් නම් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් විශ්වාසදායක නිල ගිනුම් (verified accounts) බව තහවුරු කර ගැනීමයි.

ඉන්ටර්නෙට් වෙබ් අඩවි ලිපිනයන් (URLs) මෙන්ම සමාජ මාධ්‍ය ගිණුම් නාමයන් ද මුලින්ම එය ලියාපදිංචි කරන්නාට හිමි කර ගත හැකියි. රාජ්‍ය නිලධාරිවාදය නැති සයිබර් අවකාශයේ අපූර්වත්වය එය වුවත් එය අවභාවිතයට යොදන අයද සිටිනවා.

President Sirisena's verified Twitter account - screen shot taken on 26 July 2015 at 13.45 Sri Lanka time
President Sirisena’s verified Twitter account – screen shot taken on 26 July 2015 at 13.45 Sri Lanka time

 

මෙරට ජනාධිපති හා අගමැති දෙදෙනාගේම නම් පදනම් කර ගෙන ඇරඹූ ව්යාජ ෆේස්බුක් හා ට්විටර් ගිණුම් තිබෙනවා. ඕනෑකමින් අධ්යයනය කළ විට මේවා ව්යාජ බව පෙනී යතත්, බැලූ බැල්මට ජනයා මුලා කිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසා රසිද්ධ පුද්ගලයන් (දේශපාලන නායකයන්, සිනමා තරු, රීඩකයන් ආදීන්) අනන්යතාව තහවුරු කළ සමාජ මාධ් ගිණුම් සකසා ගැනීමත්, එය පැහැදිලිව පෙන්නුම් කිරීමත් වැදගත්.

පසුගිය ජනාධිපතිවරණයේදී කැම්පේන් වැඩට සමාජ මාධ්‍ය යම් පමණකට ඔවුන් යොදා ගත්තද ජනාධිපති සිරිසේන හා අගමැති වික‍්‍රමසිංහ දෙපළටම අනන්‍යතාව තහවුරු කළ සමාජ මාධ්‍ය ගිණුම් තිබුණේ නැහැ. මේවායේ අවශ්‍යතාව අප සමහරක් දෙනා ප‍්‍රසිද්ධ අවකාශයේ පෙන්වා නිතර දුන්නා.

මේ අනුව 2015 මැයි මාසයේ පටන් ජනාධිපති සිරිසේනට තහවුරු කරන ලද නිල ට්විටර් හා ෆේස්බුක් ගිණුම් තිබෙනවා. ප‍්‍රමාද වී හෝ මෙය ලබා ගැනීම හිතකර ප‍්‍රවණතාවක්. එහෙත් වික‍්‍රමසිංහ නමින් ට්විටර් ගිණුම් ගණනාවක් පවතින අතර එයින් කුමක් ඔහුගේ නිල ගිණුම් ද යන්න තහවුරු කර නැහැ. අපට කළ හැක්කේ අනුමාන පමණයි.

මේ දෙදෙනාගේ සමාජ මාධ්‍ය භාවිතය ද ප‍්‍රශස්ත මට්ටමක නැහැ. ගිය වසර අගදී කැම්පේන් කරන විටත්, ජනාධිපති ලෙස තේරී පත් වූ පසුවත් මෛත‍්‍රිපාල සිරිසේන සමාජ මාධ්‍ය භාවිත කරන්නේ තොරතුරු හා ඡායාරූප බෙදාහරින්නට මිස පුරවැසියන් සමග සංවාදයට නොවෙයි.

ජනපතිවරණයට පෙර හා පසු සමාජ මාධ්‍ය හරහා පුරවැසි ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන සජීව සැසි වාරයක් (Live Q&A) කරන මෙන් අප ඉල්ලා සිටියා. මේ වනතුරු එබන්දක් සිදුකර නැහැ. තම ජයග්‍රහනයට උපකාර වූවා යයි ඔහුම ප්‍රසිද්ධියේ පැසසූ සමාජ මාධ්‍ය හරහා පුරවැසි ප්‍රශ්නවලට මුහුණ දීමට ජනපති සිරිසේන පැකිලෙන්නේ ඇයි?

Ranil Wickremesinghe Twitter account - IS THIS OFFICIAL? screen shot taken on 26 July 2015 at 13.55 Sri Lanka time.jpg
Ranil Wickremesinghe Twitter account – IS THIS OFFICIAL? screen shot taken on 26 July 2015 at 13.55 Sri Lanka time.jpg

වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ සමාජ මාධ්‍ය භාවිතය වඩාත් පසුගාමීයි. ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් මේ දිනවල ප‍්‍රචාරක රැලිවල ඡායාරූප හා කෙටි කෙටි වීඩියෝ බෙදා හරිනවා. එහෙත් රටේ ප‍්‍රශ්න ගැන හෝ ප‍්‍රතිපත්ති/විසඳුම් ගැන කිසිදු සංවාදයක් පෙනෙන්නට නැහැ.

සමාජ මාධ්‍ය භාවිතය හරහා දේශපාලන චරිත ප‍්‍රචාරණයට එහා යන තවත් බොහෝ දේ කළ හැකියි. මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්ට අදහස් හා යෝජනා ඉල්ලා ලබා ගත හැකියි. රටේ දැවෙන ප‍්‍රශ්න ගැන (සීරුවෙන් හා ප‍්‍රවේශමෙන්) සංවාද කොට මහජන මතය ගැන දළ හැඟීමක් ලද හැකියි. ඡන්දදායකයන්ගේ රුචි අරුචිකම්, ප‍්‍රමුඛතා හා අපේක්ෂා ගැන ගවේෂණය කළ හැකියි.

ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය හා පිලිපීනය වැනි ආසියානු රටවල දේශපාලකයන් හා පක්ෂ මෙසේ වඩාත් හරවත් හා පුළුල් ලෙසින් සමාජ මාධ්‍ය යොදා ගන්නවා.

මැතිවරණ ආසන්න වන විට මිලියන් ගණන් වැය කරමින් ජනමත සමීක්ෂණ පැවැත්වීම දැන් අපේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවලත් සිරිතක්. බොහෝ විට සොයා ගැනීම් ප‍්‍රසිද්ධියට පත් නොකරන මේ සමීක්ෂණවලින් කැම්පේන් පණිවුඩ හා අවධාරණය කළ යුතු තැන් ආදිය ගැන යම් ඉඟි ලැබෙන බව ඇත්තයි. එහෙත් සමීක්ෂකයන් අසන හැම ප‍්‍රශ්නයකටම ජනයා අවකංව පිළිතුරු නොදෙන නිසා මේ සමීක්ෂණවල ආවේණික සීමා තිබෙනවා.

එයට වඩා විවෘත ලෙස මත දැක්වීමක් සමාජ මාධ්‍ය තුළ කැරෙනවා. මේවා විශ්ලේෂණය කරන මෘදුකාංග හරහා යම් සමුච්චිත ප‍්‍රවණතා සොයා ගත හැකියි. එබඳු විශ්ලේෂණ දැන් වෙනත් රටවල දේශපාලන පක්ෂ සන්නිවේදකයෝ කරනවා. ඒ හරහා කැම්පේන් පණිවුඩ වඩාත් සමාජගත කර ගත හැකියි.

සමාජ මාධ්‍යවල විභවය තේරුම් ගෙන ඇතැයි පෙනෙන ජාතික මට්ටමේ දේශපාලන චරිත දෙකක් නම් මහින්ද රාජපක්ෂ හා චම්පික රණවකයි. ඔවුන්ගේ දේශපාලන මතවාදයන් කුමක් වෙතත්, මෙරට සෙසු දේශපාලකයන්ට සාපේක්ෂව ඔවුන් සමාජ මාධ්‍ය හරහා යම් පුරවැසි පිරිසක් සමග සන්නිවේදනය කරනවා. නිතිපතා නොවූවත් විටින් විට හෝ පුරවැසි ප‍්‍රශ්නවලට සමාජ මාධ්‍ය හරහා පිළිතුරු ද දෙනවා.

Mahinda Rajapaksa verified Twitter account, screen shot on 26 July 2015 at 14.05 Sri Lanka Time
Mahinda Rajapaksa verified Twitter account, screen shot on 26 July 2015 at 14.05 Sri Lanka Time

ගිය වසරේ මේ දෙපළ පැවැත් වූ ට්විටර් ප‍්‍රශ්නෝත්තර සැසිවලදී දුෂ්කර යැයි සැලකිය හැකි අන්දමේ ප‍්‍රශ්න මා ඉදිරිපත් කළා. රාජපක්ෂ එවන් ප‍්‍රශ්න නොතකා හැර ලෙහෙසි යයි පෙනෙන ප‍්‍රශ්නවලට පමණක් පිළිතුරු දුන්නා. එහෙත් රණවක ආන්දෝලනාත්මක මාතෘකා ගැන පවා තම මතයේ සිට පිළිතුරු සැපයූවා. එම පිළිතුරු ගැන මා සෑහීමකට පත් නොවූවත් ඔහු එසේ සංවාදයේ නියැලීම මා අගය කරනවා.

සමාජ මාධ්‍යවල බොරු පුරාජේරු පම්පෝරි කරන්න අමාරුයි. එය භාවිත කරන සමහර පුරවැසියන් ගරුසරු නොවීමට හා සත්‍යවාදී නොවීමට ද ඉඩ තිබෙනවා. සමහර දේශපාලන කැම්පේන්කරුවන් සමාජ මාධ්‍ය සංවාදවලට ඉඩ නොදෙන්නේ මේ අවදානම නිසා විය හැකියි.

දේශපාලන රැස්වීම් වේදිකාවක කථිකයකුට ඉඳහිට හූ හඬක් ලැබිය හැකි වුවත් ඉන් ඔබ්බට යන අභියෝග මතු වන්නේ නැහැ. ටෙලිවිෂන් දේශපාලන සංවාදවලත් මෙහෙයවන්නා විසින් යම් සමනයක් පවත්වා ගන්නවා. මෙබඳු තිරිංග නැති සමාජ මාධ්‍ය හරහා දුෂ්කර ප‍්‍රශ්න, අවලාද, බොරු චෝදනා හා අපහාස එල්ල විය හැකියි.

එහෙත් පොදු අවකාශයේ සිටින, මහජන නියෝජිතයන් වීමට වරම් පතන දේශපාලකයන් මෙබඳු මහජන රතිචාරවලට මුහුණ දීමේ හැකියාව හා පරිණත බව සමාජ මාධ් හරහා රටටම පෙනෙනවා.

Mahinda Rajapaksa's verified Facebook account, screen shot on 26 July 2015 at 14.02 Sri Lanka Time
Mahinda Rajapaksa’s verified Facebook account, screen shot on 26 July 2015 at 14.02 Sri Lanka Time

සමාජ මාධ්‍ය පරිහරණය කරන පුරවැසි අපටත් වගකීම් තිබෙනවා. අප කැමති දේශපාලන පක්ෂයට හා චරිතවලට සයිබර් සහයෝගය දෙන අතරේ යම් සංයමයක් පවත්වා ගත යුතුයි. ප‍්‍රතිවිරුද්ධ මතධාරීන්ට අසැබි ලෙසින් පහර නොගසා තර්කයට තර්කය මතු කළ යුතුයි. එසේම නොකඩවා ගලා එන විවිධ විග‍්‍රහයන් හා රූප වැඩිදුර පතුරුවන්නට පෙර ඒවා වෛරීය දේශපාලනයට අදාළදැයි මඳක් සිතිය යුතුයි.

මෙරට ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගෙන් 80%කට වඩා එහි රවේශ වන්නේ ස්මාට් ෆෝන් හරහායි. ස්මාට්ෆෝන් තිබුනාට මදි. ස්මාට් පුරවැසියන් වීමටත් ඕනෑ! වැඩවසම් ගතානුගතිකත්වය හා වෛරීය ජාතිකත්වය පසු කර නව දේශපාල සදාචාරයක් බිහි කරන්නට අප දායක විය යුතුයි!

See also other related columns of mine:

16 March 2014: සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

23 March 2014: සිවුමංසල කොලූගැටයා #161: සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය?

21 Dec 2014: සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

28 Dec 2014: සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

 

 

සිවුමංසල කොලූගැටයා #228: දලයිලාමාට කවුද බය?

In this Feb. 18, 2011 photo, Tibetan spiritual leader the Dalai Lama gestures as he addresses the Mumbai University students in Mumbai, India. The Dalai Lama said Thursday, March 10, 2011, that he will give up his political role in Tibet's government-in-exile, shifting that power to an elected representative. The Tibetan spiritual leader, speaking on the anniversary of the 1959 Tibetan uprising against Chinese control, said the time has come "to devolve my formal authority to the elected leader. (AP Photo/Rafiq Maqbool, File)
In this Feb. 18, 2011 photo, Tibetan spiritual leader the Dalai Lama gestures as he addresses the Mumbai University students in Mumbai, India.             (AP Photo/Rafiq Maqbool)

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 19 July 2015), I salute the Dalai Lama who turned 80 on July 6. One of the world’s best known and admired public figures, the Tibetan Buddhist spiritual leader has earned the respect of many non-Buddhists because of his wisdom, tolerance and pragmatism.

I also raise the thorny issue: why has this global figure been refused visa to visit Sri Lanka (at least six times) by successive governments? This is due to heavy pressure from China – which invaded and annexed Tibet in 1950-51 and continues to occupt the land for over half a century.

Why are Lankan governments so beholden to China? Why isn’t this Buddhist leader allowed to visit the island when three Popes have visited during the past half century? Questions that citizens of Lanka must keep posing to their government…

Dalai-Lama-quote-religion

ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය කලින් කලට වෙනස් වනවා. 1960 හා 1970 දශකවල නොබැඳි ව්‍යාපාරයට මුල් තැන දුන් හා වඩාත් සමාජවාදී නැඹුරුවක් තිබූ එය 1980 දශකයේදී වඩාත් ධනවාදී කඳවුරට සමීප වූවා. 2005 සිට රාජපක්ෂ රජය චීනයට ගැති වී ක්‍රියා කළා.

එදා මෙදා කුමන ආකාරයේ රජයක් බලයේ සිටියත් කුමන විදේශ ප‍්‍රතිපත්තියක් යටතේ වුවත් දිගටම පවත්වා ගෙන ගිය එක් ස්ථාවරයක් නම් දලයිලාමාතුමාට මෙරටට පැමිණීමට වීසා නොදීමයි.

අඩු තරමින් හය වතාවක් විවිධ රජයන් මගින් එය ප‍්‍රතික්ෂේප කෙරුණා. 2015 ජනවාරියේ ආණ්ඩු පෙරළියෙන් පසුව මහාබෝධි සමාගමේ මූලිකත්වයෙන් එතුමන් මෙරටට කැඳවීමට ගත් උත්සාහය ද අසාර්ථක වුණා.

මෙයට හේතුව හැම ලක් රජයක්ම චීන බලපෑමට නතු වී මේ ලෝක පූජිත බෞද්ධ නායකයා මෙහි පැමිණීම බ්ලොක් කිරීමයි. ජීවිතයේ එක් වරක් ශ‍්‍රී ලංකාවේ දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මහත් ඕනෑකමින් සිටින බව දලයිලාමා කියනවා.

The Sunday Times (Sri Lanka) Editorial: 18 January 2015: Welcome for Pope; Dalai Lama next

අපේ සියළු ආණ්ඩු මෙතරම් චීන බලපෑම්වලට නතු වන්නේ ඇයි?

ලොව පුරා විසිරි කතෝලිකයන්ගේ සාමයික නායකයා වන පාප්තුමා හරසරින් පිලිගත් මෙරටට ලොව ප්රකටම බෞද්ධ නායකයාට එන්න බැරි ඇයි?

එමෙන්ම ලොව බලවත්ම රටක් වන චීනය අවිහිංසාවාදී සාමයික නායකයකු වන දලයිලාමාට මෙතරම් බිය වන්නේ ඇයි?

දලයිලාමා (Dalai Lama) යනු තනතුරක්. 1642 සිට ටිබෙට් දේශයේ රාජ්‍ය නායකයා මෙන්ම ටිබෙට් තන්ත‍්‍රික බෞද්ධයන්ගේ සාමයික නායකයා ද වන්නේ දලයිලාමා කෙනෙක්.

වත්මන් දලයිලාමා මේ තනතුරට පත් 14 වැන්නායි. ඔහුගේ උපන් නම ටෙන්සිං ග්යාට්සෝ (Tenzin Gyatso).

දලයිලාමා පදවිය පරපුරෙන් උරුම වන්නක් නොවෙයි. එක් දලයිලාමා කෙනකු මිය ගිය පසු ඔහුගේ අනුප‍්‍රාප්තිකයා සොයා ගන්නට කල් ගත වන ක‍්‍රමවේදයක් තිබෙනවා. ටිබෙට් වැසියන්ගේ විශ්වාසය මිය ගිය දලයිලාමා නැවතත් පිරිමි දරුවකුව උපදින බවයි. එනිසා සම්ප‍්‍රදායට අනුව ඔවුන් සොයා යන්නේ නිසි චරිත ලක්ෂණ ඇති පිරිමි දරුවකුයි.

වත්මන් දලයිලාමා උපන්නේ 1935 ජූලි 6 වැනිදා ටිබෙටයේ අම්ඩෝ නම් ස්ථානයේ. ඔහු ඉන් පෙර විසූ දලයිලාමාගේ පුනරුත්පත්තිය යයි නිර්ණය කොට තෝරා ගන්නා විට වයස 4යි. 1950දී වයස 15 වන විට ටිබෙටයේ පූර්ණ රාජ්‍ය හා සාමයික නායක බලතල ඔහුට පවරනු ලැබුවා.

TIME, 20 April 1959 cover story on Dalai Lama fleeting Tibet to India
TIME, 20 April 1959 cover story on Dalai Lama fleeting Tibet to India

1949 ඔක්තෝබරයේ පිහිටුවනු ලැබූ මහජන චීන ජනරජය, ටිබෙටය තම රටේම ප‍්‍රාන්තයක් යයි අයිතිවාසිකම් කියා බලහත්කාරකමින් භූමිය අත්පත් කර ගැනීම ඇරඹුවේ 1950දී. චීනය සමග සටන් කරනු වෙනුවට ටිබෙට් වැසියන් බේජින් රජය සමග ස්වයංපාලන එකඟතා ගිවිසුමක් අත්සන් කළා. ඒ යටතේ දලයිලාමාට සීමිත බලතල සහිතව ටිබෙට් අගනුවර ලාසා (Lhasa) නගරයේ දිගටම සිටීමට හැකි වුණා. එහෙත් එය තිරසාර විසඳුමක් වූයේ නැහැ.

1959දී කැරැල්ලක් ඇති වී චීන හමුදා සමග ගැටුම්වලදී අඩු තරමින් ටිබෙට් ජාතිකයන් 85,000ක් මිය ගියා. පණ බේරා ගත් දලයිලාමා අසල්වැසි ඉන්දියාවට පළා ගියා. ඉන්දියාවේ එවකට අගමැති වූ ජවහර්ලාල් නේරු ඔහුට සරණාගත පහසුකම් හා දිවි ඇති තෙක් විසීමට විශේෂ වරප‍්‍රසාද රැසක් ලබා දුන්නා.

උතුරු ඉන්දියාවේ හිමාචල් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ධරම්සාලාහි (Dharamshala) ආශ‍්‍රමයක් පිහිටුවා ගත් දලයිලාමා ඇතුලූ ඔහුගේ අනුගාමිකයන් අද දක්වා වසර 50කට වැඩි කාලයක් ජීවත් වන්නේ එතැනයි. ටිබෙට් විවාසික රජයේ (Tibet Government in Exile: http://tibet.net) මූලස්ථානයත් එහි සිට ක‍්‍රියාත්මක වනවා.

Prime Minister Jawaharlal Nehru and the Dalai Lama on April 24, 1959
Prime Minister Jawaharlal Nehru and the Dalai Lama on April 24, 1959

1950 සිට 2011 දක්වා ටිබෙට් දේශයේ දේශපාලනික හා සාමයික නායකයා වූයේ වත්මන් දලයිලාමායි. එහෙත් 2011 දී ඔහු දේශපාලන නායකත්වය ටිබෙටයෙන් බැහැරව පිහිටුවා ගත් රජයකට පැවරුවා. කෙසේ වුවත් අද වනතුරුත් ටිබෙට් දේශය සමග ඉතා සමීපව හඳුනා ගැනෙන ලෝ ප‍්‍රකට සංකේතය වන්නේ දලයිලාමායි.

ටිබෙට් වැසියන්ගේ මානව අයිතිවාසිකම් හා සංස්කෘතික උරුමය රැක ගැනීම සඳහා 1959 පටන් අද දක්වා දලයිලාමා ලෝක ව්‍යාප්ත අවිහිංසාවාදී ප‍්‍රයත්නයක යෙදී සිටිනවා. චීන රජය සමග එක එල්ලේ ගැටීමට ඔහු කැමති නැහැ. එහෙත් තම වැසියන්ට තමන්ගේ පාඩුවේ සිටීමටත්, බලහත්කාරයෙන් චීනකරණය නොවී බේරීමටත් ඇති අයිතිය උදෙසා ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ ලෝක සභාවල දිගටම කතා කරනවා.

මෙයට සමාන්තරව ඉන්දියාව, නේපාලය හා වෙනත් රටවලට පළා ගොස් සරණාගතයන් ලෙස ජීවත් වන දහස් ගණනක් ටිබෙට් ජාතිකයන්ගේ අනන්‍යතාව රැක ගන්නත් ඔහු උදව් කරනවා. බෞද්ධ දර්ශනය නූතන ලෝකයේ අභියෝගවලට අනුව කාලානුරූපව හැඩ ගස්වා ගන්නට බුද්ධිමය වශයෙන් ඔහුගෙන් ලැබෙන දායකත්වය ඉමහත්. යුරෝපය හා ඇමරිකාවේ වඩාත්ම ප‍්‍රකට වූත්, ගෞරවයට පාත‍්‍ර වූත් බෞද්ධ සාමයික නායකයා ඔහුයි.

සාමකාමී සහජීවනය හා අවිහිංසාව පරමාදර්ශීව ප‍්‍රවර්ධනය කිරීම නිසාත්, ආගම් අතර සංහිඳියාව සඳහා පෙනී සිටීම නිසාත්, ඔහු වෙනත් ආගම් අදහන අය මෙන්ම නිර්ආගමික මා වැන්නන්ගේද නොමඳ ප‍්‍රණාමයට ලක්ව සිටිනවා.

ටිබෙට් දේශය නිදහස් කර ගැනීමට ගෙන යන අරගලය හා සාමකාමී විසඳුමකට පෙන්වන කැපවීම නිමිත්ත ලෙස දක්වමින් 1989 නොබෙල් සාම ත්‍යාගය දලයිලාමාට පිරිනැමුණා. මීට අමතරව විවිධ රටවල සරසවි, විද්වත් ආයතන හා අන්තර් රාජ්‍ය සංවිධානවලින් ඔහුට බොහෝ ත්‍යාග හා ගෞරවයන් ලබාදී තිබෙනවා.

25 Years since Dalai Lama won Nobel Peace Prize
25 Years since Dalai Lama won Nobel Peace Prize

රාජ්‍ය නායක හා සාමයික නායක තනතුරු දැරුවත් කිසිදු ආඩම්බරයක් නැති දලයිලාමා, සීමිත ආරක්ෂකයන් පිරිසක් සමග ඉන්දියාව පුරා හා ලොව වටා සංචාරය කරනවා. ඔහුගේ චාම් හා සරල ගතිසොබා අන් නායකයන්ට ආදර්ශයක් දෙනවා.

පස් වසරකට පමණ පෙර නවදිල්ලියට ගිය විටෙක මා නැවතුණේ එනුවර විද්වතුන් හා පර්යේෂකයන්ට නවාතැන් දෙන හැබිටැට් (Habitat) මධ්‍යස්ථානයේ. එදින මගේ කාමරයට ඉදිරිපස කාමරයේ සිටියේ දලයිලාමායි. දුසිම් ගණන් බැතිමතුන් හා මිතුරන් ඔහු මුණ ගැසීමට ඇදී ආවා. මේ නිසා හෝටල් කොරිඩෝව තරමක් කලබලකාරී වුණා. මේ ගැන සංවේදී වූ එතුමාගේ ආරක්‍ෂක නිලධාරීන් දිනකට දෙතුන් වතාවක් බැගින් මට කණගාටුව ප‍්‍රකාශ කළා. (ප‍්‍රභූ ආරක්‍ෂකයන් පිළිබිඹු කරන්නේ ඔවුන් රකින ප‍්‍රභූවරයාගේ ආකල්පයි.)

විද්‍යා-කලා-වාණිජ හැම ක්ෂේත‍්‍රයකම ලොව දක්ෂයන් සමග දලයිලාමා සබඳතා පවත්වනවා. භාවනාව හා මිනිස් මනසේ ක‍්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන අමෙරිකානු හා ජපන් විද්‍යාඥයන් සමග ඔහු කල් ගත කරනවා. හොලිවුඞ්පුරයේ ප‍්‍රවීණයන් සමග එක්ව ටිබෙටය පිළිබඳ පණිවුඩය නිර්මාණාත්මකව ලොවට කියනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් හරහා ටිබෙට් ලකුණ හා බුදු දහමේ දාර්ශනික හරය ප‍්‍රවර්ධනය කරන නව මාර්ග අත්හදා බලනවා.

Tibet's spiritual leader the Dalai Lama and actor Richard Gere hold hands during the inauguration of the exhibit; Tibet, Memories of a Lost Motherland at the Museum of Memory and Tolerance in Mexico City, Saturday Sept. 10, 2011. On Sunday the Dalai Lama and Gere, a Buddhist, will host a public event titled, Finding Happiness in Difficult Times at the Cruz Azul stadium in which 30,000 people are expected to attend. This is the spiritual leader's third visit to Mexico. (AP Photo/Marco Ugarte)
Tibet’s spiritual leader the Dalai Lama and actor Richard Gere hold hands during the inauguration of the exhibit; Tibet, Memories of a Lost Motherland at the Museum of Memory and Tolerance in Mexico City, Saturday Sept. 10, 2011. On Sunday the Dalai Lama and Gere, a Buddhist, will host a public event titled, Finding Happiness in Difficult Times at the Cruz Azul stadium in which 30,000 people are expected to attend. This is the spiritual leader’s third visit to Mexico. (AP Photo/Marco Ugarte)

ලෝකයේ (පිරිස් බලය අතින්) විශාලතම හමුදාව හා ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි වුවත් චීන රජය දලයිලාමාගේ නිරායුධ ප‍්‍රතිපත්තිමය අරගලයට හොඳටම බයයි.

පෙර කවරදාටත් වඩා ලෝක මහජන මතය ගැන තැකීමක් කරන චීන රජය, තමන්ගේ සමස්ත රාජ්‍ය තාන්ත‍්‍රික හා ප‍්‍රචාරණ බල පරාක‍්‍රමයට වඩා තනි දලයිලාමාගේ ලෝක පිළි ගැනීම බලවත් බව හොඳ හැටි දන්නවා.

හැකි සෑම උපක‍්‍රමයකින්ම චීන රජය ඔහුට බාධා කරනවා. ඔහුට වීසා නොදෙන්නට රටවලට බලපෑම් කරනවාට අමතරව බොරු දලයිලාමාවරයකු පත් කර ප‍්‍රවර්ධනය කරනවා. ටිබෙට් ඉතිහාසය විකෘති කර නැවත ලියනවා. තාඩන පීඩන හෝ ලාබ ප‍්‍රයෝජන හෝ හරහා ටිබෙට් ජන නායකයන් දිනා ගන්නට හදනවා. ශීලාචාර රජයකට නොසරිලන අන්දමේ ක‍්‍රියා රැසක් චීනය කරනවා.

සියවස් ගණනක් හිමාල ප‍්‍රදේශයේ ස්වාධීන රාජ්‍යයක්ව පැවති ටිබෙට් දේශය සුවිසල් භූමි ප‍්‍රදේශයක්. වර්ග කිලෝමීටර් 1,228,400ක් වූ එරට 1950දී ඈඳා ගැනීමෙන් පසු චීනයේ භූමි ප‍්‍රමාණය තුනෙන් එකකින් විශාල වුණා. එසේම ආසියාවේ ප‍්‍රධානතම ගංගා ගණනාවක් පැන නගින පාරිසරිකව ඉතා වැදගත් ජලධාරක ප‍්‍රදේශයක් චීනය අත්පත් කර ගත්තා.

ටිබෙටයේ භූමිය, භූ දේශපාලනික වැදගත්කම හා සොබාවික සම්පත් ගැන මිස එරට ජනයාගේ සංස්කෘතික උරුමය හෝ සිතුම් පැතුම් ගැන චීනයට කිසිදු තැකීමක් නැහැ. ටිබෙටය ‘චීනකරණය‘ කිරීමට බලහත්කාරයෙන් අඩ සියවසක් තිස්සේ විවිධ ‘සංවර්ධන කටයුතු’ කරනු ලබනවා.

ටිබෙට් වැසියන් වසර 60ක් පුරා ස්වයංපාලන අයිතිය සඳහා උද්ඝෝෂණ කරනවා. එහෙත් එය සෑම විටම සාමකාමී මට්ටමක පවත්වා ගැනීමට දලයිලාමාතුමාගේ බලපෑම් සමත්ව තිබෙනවා. චීනයේ නිර්දන මර්දන පිළිවෙත් හමුවේ කිසිදු ප‍්‍රචණ්ඩ හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවකට යොමු නොවී සිටීම ටිබෙට් වැසියන්ගේ ප‍්‍රතිපත්තිමය හා ආධ්‍යාත්මික ජයග‍්‍රහණයක්.

Dalai Lama and Bishop Desmond Tutu of South Africa
Dalai Lama and Bishop Desmond Tutu of South Africa

එහෙත් මේ තත්ත්වය දිගටම පවත්වා ගත හැකිද? 2015 ජූලි 6 වනදා 80 විය සැමරූ වත්මන් දලයිලාමා අනාගතයේ කෙදිනක හෝ මිය ගිය පසු ටිබෙට් දේශය අස්ථාවර විය හැකි යයි දේශපාලන විචාරකයන් අනතුරු අඟවනවා.

මීට පෙර සිටි 13 වන දලයිලාමා 1933දී මිය ගිය පසු වත්මන් දලයිලාමා තෝරා ගන්නා තුරු එරට මහත් අවිනිශ්චිත කාලසීමාවක් පසු කළා. ස්වයංපාලනය යටතේ පවතින විටත් එසේ වී නම් චීන ආක‍්‍රමණය යටතේ එය වඩාත් කැලඹිලි සහිත විය හැකියි.

ලෝකයේ පියස්ස වැනි ටිබෙට් සානුවේ ප‍්‍රචණ්ඩකාරී විමුක්ති අරගලයක් ඇවිලූනහොත් එය හුදෙක් අසල්වැසි චීනය, ඉන්දියාව, නේපාලනය හා භූතානය යන රටවලට පමණක් නොව සමස්ත ආසියානු මහද්වීපයටම බලපෑ හැකි යයි නවදිල්ලියේ දේශපාලන විචාරකයකු වන මහාචාර්ය බ‍්‍රහ්ම චෙලානි කියනවා.

‘සාමාන්‍යයෙන් අලූතෙන් තෝරා ගන්නා දලයිලාමා ළමා වියේ පසු වන්නෙක්. ඔහු පරිනත වීමට හා සිය ජනතාවට දේශපාලන නායකත්වය ලබා දීමට වසර කිහිපයක් ගත වනවා. මේ අතරවාරයේ ව්‍යාජ දලයිලාමා කෙනෙකු චීනය විසින් ප‍්‍රවර්ධනය කරමින් සිටින නිසා ටිබෙට් ජනයා එයට එරෙහිව කැරලි ගසන තැනට යා හැකියි. චීන මර්දනය හමුවේ දශක ගණනක් ඔවුන් ඉවසාගෙන සිටින්නේ වත්මන් දලයිලාමාගේ සාමකාමී ආධ්‍යාත්මික බලපෑම නිසයි.’ ඔහු කියනවා.

ගෙවී ගිය වසර 60 පුරා චීනය ක‍්‍රමානුකූලව ටිබෙට් සංස්කෘතික උරුමයන්, ජීවන රටාවන් හා ආවේණික දේශීයත්වය මකා දමන විටත් ටිබෙට් වැසියෝ මහත් සංයමයෙන් එය ඉවසා දරා සිටියා. අවි අතට ගෙන එරෙහි වනු වෙනුවට ඔවුන් කළේ සත්‍යග‍්‍රහයන් හා උපරිම විරෝධතාවය ලෙස සියොළඟ ගිනි තබා ගෙන මිය යාමයි. 2009 සිට ටිබෙට් වැසියන් 140 දෙනෙකු මෙසේ ප‍්‍රසිද්ධියේ දිවි නසා ගෙන තිබෙනවා.

අන්තවාදී නොවී මැද පිළිවෙතක් අනුගමනය කරන දලයිලාමා කියන්නේ චීන රාජ්‍යය තුළ ටිබෙටයට ස්වයංපාලන හිමිකම ලැබේ නම් තම ජනයාට එය සෑහෙන බවයි. තව දුරටත් ටිබෙටය ලොව ස්වාධීන රාජ්‍යයක් වීමට ඔහු උද්ඝෝෂණ කරන්නේ නැහැ. කාලානුරූපව නම්‍යශීලී වීමේ හැකියාව ඔහු පෙන්නුම් කරනවා.

President Obama met with Dalai Lama in the White House on July 16, 2011. Photo courtesy - White House
President Obama met with Dalai Lama in the White House on July 16, 2011. Photo courtesy – White House

 

සිවුමංසල කොලූගැටයා #227: භාෂණයේ නිදහසට හා ප‍්‍රශස්ත මාධ්‍යකරණයට දේශපාලන කැපවීමක් ඕනෑ!

Hands off media freedom!
Hands off media freedom!

Media sector reforms in Sri Lanka have become both urgent and important. Media freedom cannot be consolidated without other reforms that create a more professional and responsible media.

Some progress has been made since the Presidential election. The new government has taken steps to end threats against media organisations and journalists, and started or resumed criminal investigations on some past atrocities. Political websites that were arbitrarily blocked from are once again accessible. Journalists who went into exile to save their lives have started returning.

On the law-making front, meanwhile, the 19th Amendment to the Constitution recognized the right to information as a fundamental right. But the long-awaited Right to Information Bill could not be adopted before Parliament’s dissolution.

Thus much more remains to be done. For this, a clear set of priorities has been identified through recent consultative processes that involved media owners, practitioners, researchers, advocacy groups and trainers. These discussions culminated with the National Summit on Media Reforms organised by the Ministry of Media, the University of Colombo, Sri Lanka Press Institute (SLPI) and International Media Support (IMS), and held in Colombo on 13 and 14 May.

In my latest Ravaya column (in Sinhala language, published on 12 July 2015), I list the priorities for media policy and law reforms that require political commitment by all political parties in Sri Lanka.

See also:

26 April 2015: සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

24 May 2015: සිවුමංසල කොලූගැටයා #220: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද?

Vigil for dead and disappeared Lankan journalists - held in Colombo, 4 Jan 2015
Vigil for dead and disappeared Lankan journalists – held in Colombo, 4 Jan 2015

අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සූදානම් වනවා. ඡන්ද පොරොන්දු ගැන මහජන විශ්වාසය පළුදු වී ඇතත්, ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ සියල්ලම පාහේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන හා ප‍්‍රතිඥා ඉදිරි දිනවලදී එළි දක්වනු ඇති.

අපේක්ෂකයන්ගේ පසුබිමත්, පක්ෂ ප‍්‍රතිපත්ති හා ප‍්‍රතිඥාත් සලකා බලා ඡුන්දය ප‍්‍රකාශ කිරීම වඩාත් සුදුසුයි.

මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය සඳහාත්, භාෂණ නිදහස තහවුරු කිරීම සඳහාත් දේශපාලනික කැපවීමක් (political commitment) අවශ්‍යයි. මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන සම්පාදනය කරන අයගේ අවධානයටත්, සෙසු සමාජයේ දැන ගැනීමටත් මේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතා මොනවාදැයි කැටි කිරීමට මා අද උත්සාහ කරනවා.

මාධ්‍ය නිදහස පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන තේමාවක් වූවා. මැතිවරණයක් එලඹෙන විට ‘මාධ්‍ය නිදහස රකිනවා’ කීම පමණක් සෑහෙන්නේ නැහැ. එය සැබැවින්ම සාක්ෂාත් කර ගැනීමට ගත යුතු නීතිමය, ප‍්‍රතිපත්තිමය හා නියාමන මට්ටමේ පියවර ගණනාවක් තිබෙනවා.

20 වන සියවස මැද භාගයේ පැවති යථාර්ථයට අනුව සකස් වූ මාධ්‍ය නීතිරීති 21 වන සියවසේ දෙවැනි දශකය දක්වා තවමත් අපේ රටේ යොදා ගැනෙනවා. තොරතුරු සමාජය ඉදිරියට යන අතර ලක් සමාජය පසුගාමී වීමටත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විසමතා ඇති වීමටත් මේ නොගැලපීම දායක වනවා.

දේශපාලන ප‍්‍රතිඥාවලට සියල්ල වෙනස් කළ නොහැකි බව ඇත්තයි. එහෙත් සමාජයට කේන්ද්‍රීය වශයෙන් බලපාන මාධ්‍ය ක්ෂේත‍්‍රය වඩාත් වගකීම් සහගත හා බලාත්මක කරන්නට ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වනවා.

මැයි මස 13-14 දෙදින තුළ කොළඹදී පැවති මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණය සඳහා ජාතික සමුළුව හරහා මෙම අවශ්‍යතා හඳුනා ගෙන අදාළ සියලූ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රමුඛතා ගත කෙරුණා. මේ පියවර 12 මා තෝරා ගත්තේ එතැනින්.

1. තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කැරෙන පනත් කෙටුම්පතක් මැයි මාසය අවසන් වන විට සූදානම්ව තිබුණා. අංග සම්පූර්ණ නොවූවත් යම් තරමකට මහජනතාවගේ තොරතුරු අයිතිය සම්පාදනය කළ හැකි මේ කෙටුම්පත අවාසනාවකට පාර්ලිමේන්තුව විසුරුවන තෙක් සම්මත කරගත නොහැකි වුණා. මීළඟ පාර්ලිමේන්තුවේදී මෙය හැකි තාක් ඉක්මනින් විවාදයට ගෙන සම්මත කර ගන්නා මෙන් අප සියළු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. එය සඳහා පැහැදිලි කැපවීමක් මැතිවරණ ප‍්‍රකාශයන්ගෙන් අප අපේක්ෂා කරනවා. 2002 සිට විවිධ උත්සාහයන් ගත්ත ද තවමත් නීතිගත කර ගන්නට බැරි වූ තොරතුරු පනත 2015 වසර ගෙවී යන්නට පෙර සම්මත කර ගැනීම සියලූ පුරවැසියන් මෙන්ම සියලූ මාධ්‍යවේදීන්ගේ ද ප‍්‍රමුඛතාවක් විය යුතුයි.

2. බි‍්‍රතාන්‍ය පාලකයන් යටත් විජිතවල වැසියන් සිය පරිපාලනය ගැන ඇති තරම් තොරතුරු දැන ගැනීම වැළැක්වීමට හඳුන්වා දුන් සීමා හා දණ්ඩන බොහෝ දුරට ගෙඩි පිටින් නිදහස් ලංකාව ද පිළිගෙන තිබෙනවා. 1955 අංක 32 දරණ රාජ්‍ය රහස් පනත දැන් වසර 60ක් පැරණියි. එයට ආකෘතිය වූ 1911 බි‍්‍රතාන්‍යයේ රාජ්‍ය රහස් පනත සම්මත කර ගත්තේ පළමුවන ලෝක යුද්ධ සමයටත් පෙර යුරෝපයේ පැවති අවිනිශ්චිතබව තුළ රාජ්‍ය රහස් සතුරන් අතට යාම වැළැක්වීමටයි.

පසු කාලීනව මතු වූ සාධාරණ විවේචනවලට සංවේදී වූ බි‍්‍රතාන්‍ය රජය 1989දී රාජ්‍ය රහස් පිළිබඳව වඩා ප‍්‍රගතිශීලී පනතක් සම්මත කළා. එහෙත් සියවසක් පැරණි ආකෘතියකට සාදන ලද අපේ පනත තවමත් ‘රාජ්‍ය රහස්’ යන්න පුළුල්ව නිර්වචනය කරනවා. මේ අනුව රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට ඍජුවම අදාළ තොරතුරු පවා ‘රහසිගත’ ලේබලය ගසා යටපත් කිරීමට නිලධාරීන්ට ඉඩ ලැබෙනවා. රජයකට යම් තොරතුරු රහසිගතව පවත්වා ගැනීමට සාධාරණ අයිතියක් ඇතත්, එය නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රමිතීන්ට හා තොරතුරු සමාජයේ තාක්ෂණික යථාර්ථයන්ට අනුකූල විය යුතුයි. රාජ්‍ය රහස් පනත සංශෝධනය කොට කාලානුරූප කිරීමේ ප‍්‍රතිඥාවක් අප අපේක්ෂා කරනවා.

National Right to Information laws status - as of 2013
National Right to Information laws status – as of 2013

3. මාධ්‍යවේදීන් හා සෙසු සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පොදු උන්නතිය උදෙසා සන්නිවේදනය කරන විට ඔවුන්ට බලපෑම් කළ හැකි හා හිරිහැර කිරීමට රජයන් විසින් යොදා ගන්නා තවත් ආන්දෝලනාත්මක නීති තිබෙනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එහි සංශෝධන, පාර්ලිමේන්තු වරප‍්‍රසාද පිළිබඳ නීතිය මෙන්ම රාජ්‍ය ද්‍රෝහීත්වය පිළිබඳ යටත්විජිත සමයේ සිට පැවතෙන නීති ද මේ අතර වනවා.

භාෂණ නිදහසට සැබැවින්ම කැප වන්නේ නම් අපේ දේශපාලන පක්ෂ මෙවැනි සියලූ නීති සමීප විමර්ශනයකට ලක් කිරීමකට එකඟ විය යුතුයි. එහිදී යල්පැන ගිය නීති ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව නව සියවසට හා පවතින යථාර්ථයන්ට සරිලන පරිදි අලූත් කිරීමට ප‍්‍රතිඥාවක් අප බලාපොරොත්තු වනවා.

4. අධිකරණයට නිසි ගරුසරු දැක්විය යුතු බව ශිෂ්ඨ සමාජයන් පිළි ගන්නවා. එයට සමාන්තරව අධිකරණයේ ක‍්‍රියාදාමය ද මාධ්‍යවල හා මහජනතාවගේ නිරීක්ෂණ හා විචාරයන්ට ලක් විය යුතුයි. යහපාලනයේ එක් වැදගත් ගුණාංගයක් වන්නේ යුක්තිය පසිඳලීම සඳහා ඇති ආයතන පිළිබඳ මහජන පිළිගැනීම ඉහළ යාමයි. අධිකරණ නඩු තීන්දු මෙන්ම විනිසුරුකරුවන්ගේ ක‍්‍රියාදාමයන් ගැන විචාරය කිරීමට අපේ මාධ්‍ය බොහෝ විට මැලි වන්නේ අධිකරණයට අපහාස කිරීම (contempt of court) යටතේ චෝදනා ලැබෙතැයි බියෙන්.

ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා ඉන්දියාව වැනි රටවල අධිකරණ අපහාස නීතිය අපේ මෙන් පුළුල් නැහැ. භාෂණ නිදහස හා අධිකරණයේ ගරුත්වය ඔවුන් වඩා හොඳින් තුලනය කරනවා. සැබැවින්ම අධිකරණයට අපහාසයක් යනු කුමක්ද යන්න පැහැදිලිව නිර්වචනය කරමින් මේ පිළිබඳ නව නීතියක අවශ්‍යතාව මෙරට මතුව තිබෙනවා. මෙය මාධ්‍යවලට මෙන්ම සියලූ පුරවැසියන්ගේ භාෂණ නිදහස තහවුරු කරන්නක්. මෙයටත් දේශපාලන පක්ෂවල කැපවීමක් අවශ්‍යයි.

Sri Lanka revives Press Council devil5. 1973දී පනතක් හරහා පිහිට වූ රජයට අයත් පුවත්පත් මණ්ඩලය (Press Council) බොහෝ මාධ්‍යවේදීන් දකින්නේ මර්දනකාරී ආයතනයක් ලෙසයි. එය මුළුමනින් වසා දමා එහි අදාළ නීතිය ද නීති පොතෙන් ඉවත් කළ යුතුයි.

මුද්‍රිත මාධ්‍ය කර්මාන්තය විසින්ම ස්වයං නියාමනය කිරීමේ උත්සාහයක් නම් 2003දී පිහිටුවා ගත් පුවත්පත් පැමිණිලි කොමිසමයි (PCCSL, www.pccsl.lk). මෙහි තීරණ පිළිගැනීමට බහුතරයක් පුවත්පත් එකඟ වී සිටිනවා. රටේ තිබෙන 50කට අධික රේඩියෝ නාලිකා හා 20කට අධික ටෙලිවිෂන් නාලිකාවල අන්තර්ගතය ගැන ස්වයං නියාමනයක් කිරීමට මෙබඳු ආයතනයක් බිහිවීමේ ඕනෑකම තදින් දැනෙනවාග නමුත් එය රජයේ නොව කර්මාන්තයෙන්ම මතු විය යුතුයිග රජය මාධ්‍ය අන්තර්ගතය නියාමනය කිරීමේ වැඩවසම් මානසිකත්වයෙන් අප මිදිය යුතුයි.

6. 1990 දශකය මුල පටන් මෙරට රේඩියෝ හා ටෙලිවිෂන් ක්ෂේත‍්‍රවලට පෞද්ගලික සමාගම් සම්බන්ධ වී නාලිකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එහෙත් විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර නිකුත් කිරීම හා සංඛ්‍යාත ලබාදීම වසර 25ක් තිස්සේ විවිධ රජයන් යටතේ සිදුව ඇත්තේ කිසිදු ක‍්‍රමවේදයකින් තොරව බලයේ සිටින පක්ෂයේ අභිමතයටයි. මෙය කල්ගත වී හෝ නිසි පිළිවෙළකට යොමු කරන්නට ස්වාධීන විද්‍යුත් මාධ්‍ය කොමිසමක් (Independent Broadcast Commission) අවශ්‍යයි. විද්‍යුත් මාධ්‍ය භාවිතා කරන්නේ මහජනයා සතු පොදු දේපලක් වන විද්‍යුත් චුම්භක වර්ණාවලියේ කොටස් නිසා දේශපාලකයන්ට, නිලධාරීන්ට හා ව්‍යාපාරිකයන්ට හිතුමතේට එය බදා ගෙන සිටීමට අයිතියක් නැහැ. විද්‍යුත් මාධ්‍ය කොමිසම කළ යුත්තේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තාක්ෂණික නියාමනය පමණක් මිස අන්තර්ගතය පාලනය කිරීම නොවෙයි.

7. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ රජය යටතේ පවතින ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව හා ITN ආයතනය මෙතෙක් ක‍්‍රියාත්මක වී ඇත්තේ පවත්නා රජයේ ප‍්‍රචාරක මාධ්‍ය ලෙසයි. මේ ගැති බවින් අත්මිදී සැබෑ මහජන සේවා විද්‍යුත් මාධ්‍ය (public service broadcasters) ලෙස ක‍්‍රියාකිරීමට ඒවාට ව්‍යුහමය ස්වාධීනත්වය හා මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දීම බොහෝ කලෙක සිට මේ ක්ෂේත‍්‍රයේ වෘත්තිකයන් ඉල්ලා සිටින්නක්.

එයට සමාන්තරව ප‍්‍රජා මට්ටමේ රේඩියෝ සේවා පවත්වා ගැනීමට සරසවිවලට, සිවිල් සමාජ සංවිධානවලට වෙනත් පුරවැසි කණ්ඩායම්වලට ඉඩ ලැබෙන පරිදි පවතින නීතිරීති ප‍්‍රතිසංස්කරණය විය යුතුයි. (රජයේ ගුවන්විදුලිය යටතේ ‘ප‍්‍රජා’ යයි හඳුන්වා ගත් රේඩියෝ සේවා කිසිසේත්ම ප‍්‍රජා සේවා නොවෙයි.)

8. 1973දී රජයට පවරා ගෙන බලයේ සිටින පක්ෂයේ ප‍්‍රචාරණයක් ලෙස පත්තර පළ කරන ලේක්හවුස් ආයතනය ද එම ඛේදනීය තත්ත්වයෙන් මුදවා ගත යුතුයි. එය කෙසේ කරනවාද යන්න මාධ්‍ය වෘත්තිකයන් සමග සංවාදයෙන් විවෘතව තීරණය කළ යුතුයි. ආණ්ඩුව පත්තර ගැසීම මෙන්ම රේඩියෝ හා ටෙලිවිෂන් සේවා පවත්වා ගෙන යාම වැනි 20 වන සියවසේ යල් පැන ගිය පුරුදුවලින් අත්මිදිය යුතුව තිබෙනවා.

9. මාධ්‍ය නිදහසට ඍජුව බලපාන තවත් සාධකයක් වන්නේ මාධ්‍ය හිමිකාරීත්වයයි. ප‍්‍රාග්ධනය ඇති, දේශපාලන සබඳතා ඇති ඕනෑම අයකුට හෝ සමාගමකට පත්තර, රේඩියෝ හෝ ටෙලිවිෂන් ව්‍යාපාර ඇරඹිය හැකිව තිබෙනවා. ප‍්‍රකාශන නිදහස හා වෙළෙඳපොළ නිදහස සීමා නොවන පරිදි මෙය ද යම් නියාමනයකට ලක් විය යුතුයි.

වඩාත් පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති රටවල එක සමාගමකට හෝ හිමිකරුවකුට පවත්වා ගෙන යා හැකි මාධ්‍ය ප‍්‍රකාශන හෝ චැනල් සංඛ්‍යාවට යම් නීතිමය සීමා පනවනවා. එකම මාධ්‍ය ආයතනය පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන් මාධ්‍ය දියත් කිරීම ද යම් සීමාවලට නතුවනවා. එසේ කරන්නේ තනි හිමිකරුවෙක් හෝ සමාගමක් ජනමතයට උවමනාවට වඩා බලපෑම් ඇති කිරීම වැළැක්වීමට. මින් පෙර නොවූ විරූ පරිදි අපේ මාධ්‍ය ක්ෂේත‍්‍රය විස්තාරණය වන නිසා අපටත් මෙබඳු නියාමන සීමා අවශ්‍යයි.

10. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තේරී පත් වී දින කිහිපයක් ඇතුළත මෙරට තුළ සිට පිවිසීමට නොහැකි වන සේ අවහිර කොට තිබූ දේශපාලනික හා කාලීන පුවත් වෙබ් අඩවි ගණනාවක් අපට යළිත් කියවිය හැකි වුණා. එහෙත් විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) 2007 සිට වසර ගණනක් තිස්සේ ඒවා අවහිර කළේ කෙසේද යන්න ගැන අද වන තුරු කිසිදු වගවීමක් හෝ විපරමක් නැහැ.

ශිෂ්ඨ සමාජවල වෙබ් අඩවි බ්ලොක් කළ හැක්කේ නීතිමය රාමුවක් තුළ අධිකරණ අධීක්ෂණය/අනුමැතිය යටතේ පමණයි. (උදා: ලිංගිකව අසැබි වෙබ් අඩවි අවහිර කිරීම.) මේ සීමාවන් පැහැදිලිව ප‍්‍රකාශ කැරෙන ජාතික මට්ටමේ වෙබ් ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි. එසේ නැති වුවහොත් අනාගතයේ යළිත් හිතුමතේට වෙබ් අඩවි බ්ලොක් කිරීමට දේශපාලකයන්ට හා නිලධාරීන්ට හොඳටම ඉඩ තිබෙනවා.

11. තොරතුරු තාක්ෂණය වඩාත් සමාජගත වීමත් සමග අලූත් අභියෝග මතුව තිබෙනවා. පවත්නා තොරතුරු තාක්ෂණ ජාතික ප‍්‍රතිපත්ති මගින් මේවා හරිහැටි ආවරණය වන්නේ නැහැ. මහජනයාගේ පෞද්ගලික ටෙලිෆෝන් කතාබහ, SMS පණිවුඩ, ඊමේල් හා සමාජජාල සාමීචි කතා අනවසරයෙන් ග‍්‍රහණය කිරීමට ආරක්ෂක අංශවලට ඇති ඉඩකඩ දැඩිව සීමා කළ යුතුයි. එබඳු අන්වේක්ෂණය (state surveillance) අත්‍යවශ්‍ය විට අධිකරණ අනුමැතිය මත පමණක් සිදුවීම වැදගත්.

එසේම ඩිජිටල් මාධ්‍ය හරහා එකතු වන මහජන තොරතුරු නිසි දත්ත ආරක්ෂණ ප‍්‍රතිපත්ති යටතේ ගබඩා කිරීමටත්, පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය (privacy) රැකෙන ලෙස කටයුතු කිරීමටත් රජයට මෙන්ම ටෙලිකොම් සමාගම්වලට සදාචාරාත්මක වගකීමක් තිබෙනවා. එය තහවුරු කැරෙන නීති හා නියාමන පිළිවෙත් ද අවශ්‍යයි. එසේ නැතිව නොමිලේ රැහැන් රහිත ඉන්ටර්නෙට් (Free WiFi) දුන්නාට මදි!

12. අවසන් වශයෙන් මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට අනිසි බලපෑම් හා තර්ජනවලින් තොරව තමන්ගේ වගකීම් ඉටුකිරීමට හැකි වන නීතියේ අධිපාලනය (Rule of Law) ස්ථාපිත වූ ලක් සමාජයක් යළි බිහි කිරීම ද හදිසි අවශ්‍යතාවක්.

Demanding media freedom
Demanding media freedom

‘මාධ්‍යවලට අත නොතබනු’ යන උද්‍යොග පාඨයට සමාජයේ බහුතරයක් දෙනා එකඟයි. මාධ්‍ය අන්තර්ගතය නියාමනයට රජය හෝ බාහිර පාර්ශ්වයන් මැදිහත් නොවිය යුතුයි. එහෙත් ආචාර ධර්මීය රාමුවක් තුළ වෘත්තිමය මට්ටම ඉහළ නැංවීමේ සැබෑ උනන්දුවක් මාධ්‍යවේදීන් තුළින් ම මතුවීම ද අවශ්‍යයි.

පෙර තිබුණාට සාපේක්ෂව තත්ත්වය ටිකක් යහපත් වී ඇතැයි කියා පසෙකට වී සිටින්නට පුරවැසියන්ට හෝ මාධ්‍යවේදීන් බැහැ. ජනවාරි 9 වනදා ඇරඹි ගමනේ තව බොහෝ දුර යා යුතුව තිබෙනවා!

සිවුමංසල කොලූගැටයා #226: ඉක්මන් ආහාරයේ දිගුකාලීන විපාක රැසක්

Instant noodles on sale in India
Instant noodles on sale in India

The recent controversy involving Maggi noodles in India is an eye opener for the entire region. The popular instant food, which has been sold for over three decades, was banned in early June by India’s food safety regulator after tests found excessive levels of lead.

Some samples also found Monosodium Glutamate (MSG), a flavor enhancer.

This episode brings into focus the need for tighter food safety regulations, as well as more responsible conduct by companies – both multinational and national – that produce and promote food products.

Eating is a personal and cultural activity where experts and regulators can go only so far. However, governments and corporations can do more to enable informed choices – by ensuring consumers have sufficient information through food labelling and are educated about health implications of diet.

To deal with growing concerns about processed food, South Asia needs greater consumer awareness, better regulation and product innovation.

Without this combination, the health of 1.5 billion people could be compromised by bad dietary habits.

This is the essence (no pun intended!) of my latest Ravaya column (in Sinhala, published on 5 July 2015). I covered similar ground in English in this essay:

SciDev.Net 30 June 2015: Processed food under scanner in South Asia

Indian public protests against Maggi noodles, found to have higher than safe levels  of lead and MSG
Indian public protests against Maggi noodles, found to have higher than safe levels of lead and MSG

කඩිමුඩියේ පිළියෙල කර ගත හැකි ආහාරයක් ලෙස ප‍්‍රකට මැගී නුඞ්ල්ස් මෑත සති කිහිපයේ ඉන්දියාවේ හා වෙනත් ආසියානු රටවල මහත් ආන්දෝලනයට ලක් වුණා. මේ වන විට ඉන්දියාව පුරා එය තහනම් කොට තිබෙනවා.

මොකක්ද මෙහි පසුබිම් කතාව? එක් ආහාර වෙළඳ නාමයකට හෝ වර්ගයකට හෝ සීමා නොවී මේ සිදුවීම් මාලාවෙන් ගත හැකි පොදු පාඩම් තිබේද? ඇත්තටම අප කන බොන බොහෝ ආහාර අපට දිගු කාලීනව කරන බලපෑම් ගැන අප ඇති තරම් දැනුවත් හා සංවේදී ද?

මැගී නූඞ්ල්ස් ඉන්දියාවේ අලෙවිය ඇරැඹුණේ 1983දී. සිනමා තරු යොදා ගත් දැවැන්ත අලෙවිකරණයක් හරහා එය ප‍්‍රවර්ධනය කෙරුණා. කෙටි කලෙකින් එය එරට සමාජ තරාතිරම් හැම එකකම භාවිත වන ඉක්මන් ආහාරයක් (convenience food) බවට පත් වුණා.

තවත් ක්ෂණික නූඞ්ල්ස් වර්ග කිහිපයක්ම තිබුණත් ඉන්දියාවේ වෙළඳපොළෙන් 80%කට වඩා හිමි කර ගෙන සිටියේ නෙස්ලේ නම් ජාත්‍යන්තර සමාගම නිපදවන මැගී නූඞ්ල්ස් වර්ගයි. මැගී ප‍්‍රභේද 9ක් එරට අලෙවි කෙරුණා.

මැගී නූඞ්ල්ස් තුළ ශරීරයට අහිතකර ද්‍රව්‍ය තිබේ දැයි රසායනාගාර පරීක්ෂණ ඇරඹුණේ මීට වසර එකහමාරකට පමණ පෙර. ක‍්‍රමානුකූලව කරන ලද මේ පරීක්ෂණවලින් තහවුරු වූයේ අනුමත උපරිම මට්ටම් බෙහෙවින් ඉක්මවා ගිය අන්දමේ ඊයම් ප‍්‍රමාණයක් එහි තිබෙන බවයි.

එසේම තම නිෂ්පාදනයේ මොනොසෝඩියම් ග්ලූටමේට් (MSG හෙවත් අජිනොමොටෝ) නම් රසකාරකය නැතැයි නිෂ්පාදක සමගම කීවත් සමහර සාම්පල්වල එය ද තිබූ බව සොයා ගැනුණා.

මේ අනුව පාරිභෝගික ආරක්ෂාව සඳහා මැගී නූඞ්ල්ස් අලෙවිය තහනම් කිරීමට ඉන්දියාවේ ආහාර ආරක්ෂාව හා ප‍්‍රමිතීන් පිළිබඳ අධිකාරිය (FSSAI) ජුනි මස මුලදී තීරණය කළා.

Maggi and other instant noodles on sale in Colombo supermarkets in late June 2015
Maggi and other instant noodles on sale in Colombo supermarkets in late June 2015

නෙස්ලේ සමාගම මේ තීරණයට එකඟ වූයේ නැහැ. ඉන්දියානු ආහාර ආරක්ෂණ නීතිරීති හා ප‍්‍රමිතීන් සියල්ලට තම සමාගම අනුකූල වී ඇති බවත්, එහෙත් නියාමන අධිකාරියේ තීරණයට අනුව මැගී නූඞ්ල්ස් වෙළඳපොළෙන් ඉවත් කර ගන්නා බවත් ඔවුන් ප‍්‍රකාශ කළා. ඒ අතර එම නියාමන තීරණය අධිකරණ මට්ටමින් ඔවුන් අභියෝග කොට තිබෙනවා.

ඉන්දියාවේ මේ සිදුවීම් ආසියාවේ අනෙකුත් රටවලටත් බලපෑමක් කළා. මාලදිවයින හා නේපාලය ඉක්මනින්ම මැගී නූඞ්ල්ස් රටට ගෙන ඒම හා රට තුළ අලෙවිය තාවකාලිකව තහනම් කළා. සිංගප්පූරුව ද ප‍්‍රවේශම්කාරී ප‍්‍රතිපත්තියක් අනුව අලෙවිය නැවත දැනුම් දෙනතුරු නතර කළා. මේ අතර බංගලාදේශය හා ශ‍්‍රී ලංකාව සිය රට තුළ අලෙවි කැරෙන මැගී නූඞ්ල්ස් සාම්පල් රසායනාගාර පරීකෂණවලට ලක් කළා.

ශ‍්‍රී ලංකා කාර්මික පර්යේෂණ ආයතනය (ITI), පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත සිදු කළ පරීක්ෂණවලින් හෙළි වූයේ මෙරට වෙළඳපොළේ අලෙවි කැරෙන ක්ෂණික නූඞ්ල්ස් වර්ගවල ඊයම් මට්ටම ඉතා පහළ අගයක් ගන්නා බවයි. එනිසා එය භාවිතයෙන් අහිතකර සෞඛ්‍ය බලපෑමක් සිදු වීමට ඉඩක් නැතත්, මෙරට අලෙවි වන ආහාරපානවල තිබිය හැකි උපරිම ඊයම් (ක්ෂුද්‍ර) මට්ටම ගැන කිසිදු ප‍්‍රමිතියක් නීතිගත කර නැහැ.

මේ නිසා ITI පරීක්ෂණ ප‍්‍රතිඵල සංසන්දනය කර ඇත්තේ මැලේසියාව, සිංගප්පූරු හා ඕස්ටේ‍්‍රලියාව යන රටවල අදාළ ප‍්‍රමිතීන් සමගයි. ඒ අනුව ඊයම් ප්‍රමාණය කිලෝග්‍රෑම් එකකට මිලිග්‍රෑම් දශම තුනක් නොඉක්මවිය යුතුයි (0.3mg/kg).

මෑතදී සෞඛ්‍ය හා පාරිභෝගික ආරක්ෂණ බලධාරීන් තීරණය කර ඇත්තේ මෙරටට පිටරටින් ගෙන එන සියලූ ක්ෂණික නූඞ්ල්ස් අලෙවියට පෙර ඊයම්, කැඞ්මියම්, රසදිය හා අනෙකුත් බැර ලෝහ මට්ටම් සඳහා නීතිගත පරීක්ෂාවට ලක්විය යුතු බවයි. එසේම රජය විසින් සියළු ක්ෂණික නූඞ්ල්ස් වෙළද දැන්වීම් තාවකාලිකව නතර කොට තිබෙනවා.

මේ පරීක්ෂාවන්ට අමතරව MSG මෙරට අධික ලෙස භාවිත වීම ද නියාමන අධීක්ෂණයන්ට ලක් විය යුතුයි. MSG ආහාර රසකාරකයක් ලෙස බොහෝ අවන්හල්වල හා ආහාර විකුණන වෙළඳසැල්වල යොදා ගන්නවා. පාරිභෝගික ආරක්ෂාව ගැන දැඩි සැළකිල්ලක් දක්වන යුරෝපා රටවල් MSG භාවිතයට ඉඩදී ඇතත් එය නිරතුරු නිරීක්ෂණයට හා යම් ප‍්‍රමිතීන්ට යටත් වෙනවා. අපේ රටේ මෙතෙක් එවැනි සීමා නැහැ.

එසේම ක්ෂණික නූඞ්ල්ස්වලින් ඔබ්බට ගොස් නූතන ආහාරපාන රටාවන් දිගු කාලීනව සිදු කරන අහිතකර සෞඛ්‍ය බලපෑම් ගැන පුළුල් සමාජ සංවාදයක් කළ යුතුයි. මෙය එක් බහුජාතික සමාගමක ආහාර වර්ගයක් හෙළා දැකීමේ උද්ඝෝෂණයකට පමණක් සීමා නොවිය යුතුයි.

Fastfood offers a fast track to ill health!
Fastfood offers a fast track to ill health!

ආහාර ගැනීම පෞද්ගලික වූත්, සංස්කෘතික වූත් කාරියක්. තමන් කන බොන හැටි තම රුචි අරුචිකම් අනුව හා ආර්ථික මට්ටමට සරිලන පරිදි තීරණය කිරීමට පුද්ගල නිදහස තිබෙනවා.

එහෙත් ආහාර ගැනීමේ රටා නිසා කල්ගත වීමේදි දියවැඩියාව, හෘද රෝග හා ආඝාතය (stroke) වැනි රෝග බහුල වන විට ඒවාට ප‍්‍රතිකාර කිරීමේ බරෙන් වැඩි කොටසක් පැටවෙන්නේ මහජන මුදලින් නඩත්තු වන සෞඛ්‍ය සේවාවටයි. මේ නිසා හැකි තාක් ජනතාව දැනුවත් කොට, හිතකර ආහාර රටාවලට යොමු කිරීමේ ලොකු සමාජයීය අවශ්‍යතාවක් තිබෙනවා.

පෙර කිසිදා නොකළ තරමට දකුණු ආසියාතික ජනයා දැන් මේදය, සීනි, ලූණු, රසකාරක (flavour enhancers) හා ආහාර කල් තබා ගැනීමට යොදන විවිධ රසායන ද්‍රව්‍ය (preservatives) අඩංගු වූ කල් තබා පිළියෙල කරන ලද ආහාර (processed food) කෑමට ගන්නවා. මේ ආහාර රටාවල විපාක දැනටමත් පෙනෙනවා. ස්ථුලභාවය හා දියවැඩියාව තරුණ වියේ මෙන්ම ළමා වියේ සිටින අය අතර ද හමු වනවා.

මේ ප‍්‍රවණතාවලට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ ආවේගශීලීව නූතන ආහාර රටා හෙළා දැකීමෙන් නොව විද්‍යාත්මක කරුණු එක් රැස් කොට, විශ්ලේෂණය හරහා ප‍්‍රතිවිපාක සමාජයට පෙන්වා දීමෙන්.

ඉන්දියාවේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල ජනප‍්‍රිය වී ඇති කඩිනම් ආහාර (fastfood) වර්ග ගණනාවක් 2012දී විද්‍යාව හා පරිසරය පිළිබඳ කේන්ද්‍රය නම් ස්වාධීන පර්යේෂණායතනය (Centre for Science and Environment, CSE) විසින් සිය රසායනාගාරයේ පරීක්ෂාවට ලක් කැරුණා. ෆ්‍රෙන්ට් ෆ‍්‍රයිස් හා පොටැටෝ චිප්ස් නම් අර්තාපල් පදනම් කර ගත් ආහාරත්, හැම්බර්ගර් හා පීට්සා විශේෂත්, ක්ෂණික නූඞ්ල්ස් වර්ගත් ඔවුන් විමර්ශනය කළා.

ඔවුන් සාක්ෂි සහිතව සොයා ගත්තේ ඒ සියල්ලේම ට‍්‍රාන්ස් ෆැට්ස් (trans fats, or trans-unsaturated fatty acids) නම් අහිතකර මේදයත්, ලූණුත් හිතකර මට්ටම්වලට වඩා බෙහෙවින් ඇති බවයි.

ආහාර අරභයා හිතකර මට්ටම් (safe limits) කියන්නේ කුමක්ද? යම් සුළු මාත‍්‍රාවලින් ආහාරයේ ඇති සංඝටක ජීර්ණය කොට එක්කෝ බැහැර කිරීමට නැතිනම් අවශෝෂණයට ශරීරයට හැකියි. එහෙත් සීමා ඉක්ම වූ විට එම හැකියාව බිඳ වැටෙනවා. එසේම අහිතකර මට්ටම්වලින් නිතර එම සංඝටක ශරීරගත වන විට දිගු කාලීන නිදන්ගත රෝගවලට තුඩු දෙනවා.

fast_food_kills

සිය සොයා ගැනීම් ගැන CSE ආයතනයේ කර්මාන්ත හා පරිසරය ගැන ප‍්‍රධානී චන්ද්‍ර භූෂන් කිවේ, ‘‘මේ අහිතකර ආහාර බොහොමයක් ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන ආහාර සමාගම් විසින් නිෂ්පාදිතයි. ඒ වෙළඳනාම ලෝක ප‍්‍රසිද්ධයි. මේ සමාගම් ඇමරිකාවේ මෙම නිෂ්පාදනම අලෙවි කරන විට අන්තර්ගතය ගැන නිවැරදිව හා විස්තරාත්මකව ලේබල්වල තොරතුරු සඳහන් කරනවා. එහෙත් ආහාර ලේබල් කිරීම ගැන ලිහිල් නීතිරීති ඇති අපේ වැනි රටවල ඔවුන් එය යන්තමින් කරනවා. මේවාට එරෙහිව නඩු පැවරුවොත් ඔවුන් උසාවියේදී කියන්නේ රටේ නීතියට අනුකූලව ක‍්‍රියාකරන බවයි.’’

මේ අනුව අහිතකර ආහාරවලින් පාරිභෝගිකයා රැක ගන්නට මුල් පියවර ගත යුත්තේ අපේ රටවල නීති හා රෙගුලාසි වඩාත් තද කිරීමෙන් හා ඒවා හරිහැටි ක‍්‍රියාත්මක කිරීමෙන්.

මේ ගැන CSE ඉන්දියානු බලධාරීන්ට කර ඇති නිර්දේශ එලෙසින්ම අපටත් අදාළ කර ගත හැකියි.

  • සියලූ ක්ෂණික හා කඩිනම් ආහාර වර්ග පාසල් කැන්ටින් මෙන්ම ළමයින් ගැවසෙන වෙනත් ස්ථානවල අලෙවිය තහනම් කරන්න.
  • සෞඛ්‍යයට දිගු කාලීනව අහිතකර බවට වෛද්‍යවරුන් තහවුරු කළ සියලූ ආහාර මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීමේදී දැඩි සීමාවලට යටත් කරන්න.
  • ආහාරපාන අලෙවියට සකසන විට විස්තරාත්මක තොරතුරු පැකට්ටු හෝ ලේබල්වල අඩංගු කිරීම අනිවාර්ය කරන්න. විශේෂයෙන් සංතෘප්ත මේද, ට‍්‍රාන්ස් ෆැට්ස්, සීනි හා ලූණු අන්තර්ගතය මෙන්ම පෝෂණ සංඝටක ගැන ද විස්තර සඳහන් විය යුතුයි.
  • අවන්හල්, සුපර් මාකට් හෝ සාමාන්‍ය කඩ හරහා විකුණන ක්ෂණික හා ඉක්මන් ආහාර සියල්ලේ ලූණු, සීනි හා මේද ප‍්‍රතිශතය අඩු කිරීම නීතිගත කරන්න.
  • ඩෙන්මාර්කය හා හංගරිය වැනි රටවල් දැනටමත් කර ඇති පරිදි මේද අධික ලෙස අඩංගු ආහාරවලට මේද බද්දක් (fat tax) අය කිරීම හරහා ඒවායේ මිල වැඩිවීමට සලස්වන්න.

ගෙවී යන හැම වසරකම අනිසි ආහාර රටා නිසා නිදන්ගත රෝග සෑදීම වැඩිවන බව පෙර අපර දෙදිගම කැරෙන වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වෙනවා. අප මෙහිදී කතා කරන්නේ ආහාරවලට මුසුව එන වසවිස ශරීරගත වීමෙන් ඇතිවන දිගු කාලීන හානි ගැන නොවෙයි. ඒ බලපෑම්වලට අමතරව ජන සමාජය වසවිස ලෙසින් නොදකින සීනි, ලූණු හා මේද විශේෂයන් ද අධික භාවිතයෙන් දිගුකාලීන බරපතළ රෝග ඇතිවීම ගැනයි. මේ දෙකම මීට වඩා සමාජ අවධානයට හා ප‍්‍රතිපත්ති තීරක අවධානයට ලක් විය යුතුයි.

මෙහිදී වෛද්‍යවරුන් නොවන සෙසු විද්‍යාඥයන්ට ද කළ හැකි කාර්ය භාරයක් තිබෙනවා. පාරිභෝගික ආරක්ෂාවට කැප වුණු රාජ්‍ය හා සිවිල් සමාජ ආයතන සමග එක්වී වෙළෙඳපොලේ අලෙවි කැරෙන සංරක්ෂිත ආහාර හා ඉක්මන් ආහාරවල අන්තර්ගතය නිතිපතා රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කළ යුතුයි. බැර ලෝහ ඇතුළු විවිධ රසායන ද්‍රව්‍ය ආහාරවල තිබිය හැකි උපරිම ආරක්ෂිත මට්ටම් දේශීය වශයෙන් ප‍්‍රමිතිගත කළ යුතුයි. (බොහෝ ආහාරපාන රසායන ද්‍රව්‍ය සඳහා එබඳු උපරිම මට්ටම් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්ණය කර තිබෙනවා.)

ආන්දෝලනයට තුඩු දෙන කිරිපිටි විස වීමක් හෝ ආහාර ආරක්ෂාව පිළිබඳ වෙනත් ප‍්‍රශ්නයක් මතු වූ අවස්ථාවල මේවා හරිහැටි පිිරික්සන්නට මෙරට රසායනාගාර පහසුකම් නැතැයි කියවෙනවා. පිටරට යවා පිරික්සූ විට එම ක‍්‍රියාදාමයේ විශ්වසනීයත්වය සමහරුන් ප‍්‍රශ්න කරනවා.

හැමදාමත් මේ නැති බැරිකම් කියමින් සිටිනු වෙනුවට අඩු තරමින් එක් අංග සම්පූර්ණ රසායනාගාරයක් මෙරට පිහිටුවා එය පවත්වා ගෙන යන්නට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන් කළ යුතුයි. රටක් දියුණු වනවා කියන්නේ අධිවේගී මාර්ග හා වෙනත් කොන්ක‍්‍රීට් යටිතල පහසුකම් සැදීම පමණක් නොවෙයි. මෙවැනි පහසුකම් ද අප සාදා ගත යුතුයි.

එසේම අද කාලේ බොහෝ දෙනාට ඉක්මනින් ආහාර පිළියෙල කර ගැනීමට වුවමනාවීම සමාජ යථාර්ථයක් ලෙස පිළි ගෙන එයට උපකාර වන එහෙත් සිරුරට අහිතකර නොවන ආහාර විශේෂ නවෝත්පාදනය කර ප‍්‍රවර්ධනය කළ යුතුයි.

පෝෂණ ගුණය නොනසා, රසකාරක හා සංරක්ෂක රසායන නොයොදා යම් ආහාර සැකසුම් බිහි කරන්නටත්, ඒවා වැඩි වෙහෙසකින් තොරව ඉක්මනින් පිළියෙල කරන්නටත් හැකි වූවොත් එබන්දකට හොඳ වෙළඳපොළ විභවයක් තිබෙනු ඇති. අපේ නව නිපැයුම්කරුවන්ට මේ අභියෝගයට ප‍්‍රතිචාර දැක්විය හැකිද?

Maggi and other instant noodles offer convenient, affordable meals
Maggi and other instant noodles offer convenient, affordable meals

ඉන්දියානු කළමනාකරණ ආයතනය නම් ප‍්‍රකට සරසවියේ ව්‍යාපාරික ක‍්‍රමෝපායන් පිළිබඳ මහාචාර්ය එස්. රඝුනාත් කියන්නේ මැගී ඇතුළු ක්ෂණික නූඞ්ල්ස් වර්ග ඉන්දියාවේ දුගී ජන කොටස් අතර මහත් සේ ජනප‍්‍රියවීමට (ප‍්‍රචාරණයට අමතරව) සමාජ-ආර්ථික සාධක ද තිබූ බවයි.

සාම්ප‍්‍රදායික ආහාර වේලක් (බත් සහ ව්‍යංජන හෝ රොටි වර්ග) පිළියෙල කිරීමට වැඩි කාලයක් මෙන්ම වියදමක්ද අවශ්‍යයි. උසස් අධ්‍යාපනයට හෝ රැකියා කිරීමට හෝ වඩ වඩාත් ඉන්දියානුවක් යොමු වීම සමග කාලය සොයා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දුන්නා. එහිදී ඔවුන්ගේ උදව්වට ආවේ ඉක්මනින් ගෙදරදී සාදා ගත හැකි මැගී වැනි ක්ෂණික ආහාරයි. බත් වේලක වියදමෙන් තුනෙන් එකක් වීම අමතර වාසියක් වුණා.

නූතන කලබලකාරී සමාජයේ බොහෝ දෙනකු කාලය පිරිමසන උපක‍්‍රම සෙවීම සුලබ දෙයක්. එයට හේතුව අලස බව නොව ඉතිරි කර ගන්නා කාලයෙන් අමතර යමක් ඉගෙනීමට හෝ ආදායමක් ඉපැයීමට හැකි වීමයි. මේ නිසා ගුණදායක හා පෝෂ්‍යදායක ආහාර ප‍්‍රවර්ධනය කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. එවන් ආහාර දරා ගත හැකි (අඩු) මිලකට ගත හැකි වීමත්, ලෙහෙසියෙන් පිළියෙල කර ගත හැකි වීමත් ඉතා වැදගත්.

සිවුමංසල කොලූගැටයා #225: සංවේදී හා සංවර මාධ්‍යකරණයක් කවදා අපට ලැබේද?

Sri Lanka’s mainstream media – especially in the Sinhala language (and perhaps in Tamil too?) – lacks sensitivity and restraint when reporting and/or commenting on incidents of violence – covering suicide, homicide, rape and child abuse – as well as on topics like mental illness and HIV/AIDS.

This is my cumulative impression having closely watched different print and broadcast media outlets for over a quarter century. It is good that some younger professionals recognise the need to improve in this respect – to correct the ways of industry seniors who have set bad precedents for long.

I was thus happy to speak at a recent public forum on sensitive media reporting, organised by Sri Lanka Young Journalists Association and held in Colombo on 9 June 2015. In my remarks, I tried to understand why large sections of Lankan media so lacks sensitivity, respect for privacy and respect for societal diversity. This is a complex sociological situation that I cannot fully explain, but among the reasons I cited are: cultural orthodoxy, gender insensitivity, heightened competition among media groups for market share; and an overall lack of professionalism.

I sum up my remarks, and some discussion points, in this week’s Ravaya column (published on 28 June 2015).

Ravaya Chief Editor K W Janaranjana speaks at Public Forum
Ravaya Chief Editor K W Janaranjana speaks at Public Forum

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජුනි 9 වැනිදා කොළඹදී සංවිධානය කළ මහජන සංවාදයේ තේමාව වූයේ ‘සංවේදී සිදුවීම් වාර්තාකරණය’යි.

උතුරේ පුණ්ඩතිවුහි ලිංගික අපරාධයට ලක්වූ පාසල් දැරියගේ මරණය මෙරට මාධ්‍ය සමහරක් වාර්තා කළ ආකාරය එම සිදුවීම තරම්ම කම්පනයක් ඇති කිරීමට සමත් වුණා.

ඍජුවම සමාජයට අදාළ හා වැදගත් එහෙත් සංවරයකින් යුතුව වාර්තා කළ යුතු සිදුවීම් අරභයා අපේ මාධ්‍යවල ක‍්‍රියා කලාපය කෙසේ දියුණු විය යුතුද? දැනට අප අසන දකින භාවප‍්‍රකෝපකාරී හා සංත‍්‍රාසය දනවන පුවත් හා රූප වඩාත් සංවේදී තලයකට ගෙන යා හැකිද? එසේ කිරීමේදී මාධ්‍ය නිදහසට හානි නොකර, මාධ්‍ය කර්මාන්තයේ ප‍්‍රායෝගික සාධක ද සැලකිල්ලට ගෙන ආචාරධර්මීය රාමුවක් සකසා ගන්නේ කෙසේද?

මෙවැනි හරවත් ප‍්‍රශ්න පැය තුනක් පුරා එදින සාකච්ඡා වුණා. එහිදී මා පළ කළ අදහස් කිහිපයකුත් සංවාදයට ලක් වූ අදහසුත් බෙදාගැනීම මේ කොලමේ අරමුණයි.

සිදුවීම් ලෙස මතු වන්නේ සමාජය තුළ පවතින කැකෑරෙන හා කැළඹෙන ප‍්‍රවණතායි. හරවත් මාධ්‍යකරණය යනු එදිනෙදා සිදුවීම් සමබරව හා සංවරව වාර්තා කරනවාට අමතරව ඒ සිදුවීම්වලට තුඩු දෙන සමාජ සාධක හා ප‍්‍රවණතාද හඳුනා ගෙන විග‍්‍රහ කිරීමයි. මේ දෙවැනි වගකීම ඉටු කිරීමට මාධ්‍යවේදීන්ට පර්යේෂකයන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගේ මගපෙන්වීම හා උදව් අවශ්‍යයි.

එහෙත් ප‍්‍රවණතා හෝ සමාජ විද්‍යාත්මක හේතු සාධක සොයා යනවා වෙනුවට සිදුවීම් උවමනාවට වඩා සරල ලෙසින්, මතුපිටින් හා සමාජ අවස්ථාවලදී විකට ලෙසින් මාධ්‍ය වාර්තා කරනු අප දකිනවා.

විද්‍යුත් මාධ්‍යවේදියෙක් වරක් මට කීවේ ‘මේ තමයි අපේ මාධ්‍යයේ හැටි. විනාඩියෙන් දෙකෙන් ඕනෑම ස්ටෝරි එකක් අපි හසු කර ගත යුතුයි. පත්තර විශේෂාංග ලිපි නැතිනම් විශ්වවිද්‍යාල නිබන්ධ අපේ මාධ්‍යවල කරන්න බැහැ.’

රේඩියෝ හා ටෙලිවිෂන් ආවරණයේදී සීමිත ගුවන් කාලය අභියෝගයක් බව ඇත්තයි. එහෙත් එය කලබල හා අසංවේදී වාර්තාකරණයට හේතුවක් නොවෙයි. අතිශය සංකීර්ණ සමාජ ප‍්‍රශ්න කෙටියෙන් හා හරබරව වාර්තා කරන ආසියානු හා ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතන තිබෙනවා. එනිසා මෙතැන ඇත්තේ මාධ්‍යයේ සීමාවක් නොව අපේ ඇත්තන්ගේ ආකල්පමය හා ශිල්ප හැකියාවන්ගේ සීමාවන්.

Nalaka Gunawardene speaking at public forum on 9 June 2015
Nalaka Gunawardene speaking at public forum on 9 June 2015

අතිශයින් කනගාටුදායක හා සංවේදී සිදුවීමක් නම් සියදිවි නසා ගැනීමයි. 1990 දශකය වන විට ජනගහනයට සමානුපාතිකව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් බවට ශ‍්‍රී ලංකාව පත්ව සිටියා. 1996න් ඇරැඹී ප‍්‍රතිපත්ති මට්ටමින් ගත් යම් පියවර නිසා මේ ප‍්‍රවණතාව දැන් තරමකට සමනය වී තිබෙනවා. (එය වෙනම විග‍්‍රහ කළ යුතුයි.)

සියදිවි හානි කර ගැනීම ජීවන ගමනක ඛේදජනක අවසානයයි. ඒ හැම එකකටම පසුබිම් වන සිදුවීම් මාලාවක් තිබෙනවා. අපේ සමහර මාධ්‍ය එවන් ඛේදවාචකයක තෝරා ගත් පැතිකඩ පමණක් තලූ මරමින් රස කරමින් වාර්තා කරනවා. ඒ මදිවාට කාටුන් ආකාරයේ රූප පවා අඳිනවා.

සියදිවි හානිකර ගැනීම් ආවරණයේදී සංවේදී විය යුතු සාධක ගැන දශකයකට වැඩි කලෙක පටන් මාධ්‍ය පුහුණු වැඩමුළු හා දැනුවත් කිරීම් කොට තිබෙනවා. උදාහරණයට භාවිත කළ ක‍්‍රමය විස්තර නොකරන්නට හා අදාළ පුද්ගලයාගේ හා පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන්නට වග බලා ගත යුතුයි.

එහෙත් අපේ රටේ ප‍්‍රවෘත්තියැ’යි කියා පෙන්වන සමහර ටෙලිවිෂන් නාටකත්, සමහර පුවත්පත් වාර්තාත් මේ සංවරය පවත්වා ගන්නේ නැහැ. ඔවුන් දුකට පත් අයගේ කදුළු හා ලේ සොයමින් රට වටා යනවාග සිදුවීම වන විට හරියට එතැන සිටියාක් මෙන් විස්තර වාර්තා කරනවා.

අපේ සංවාදයේදී මතු වූ එක් උදාහරණයක් නම් එක්තරා ටෙලිවිෂන් නාලිකාවක් විස සහිත කනේරු ඇට ගැන සමීප රූප පෙන්වමින්, පෙර තරම් මේවා දිවි හානියට දැන් දැන් යොදා නොගන්නේ මන්දැයි වාර්තා කිරීමයි! සිංහල පුවත්පත් බොහොමයක් දිවි හානි කර ගැනීම් වාර්තා කරන්නෙ ද සුචරිතවාදී හෝ විකට ලෙසින්.

සමාජ විද්‍යා, මානව විද්‍යා, මනෝවිද්‍යා කෝණවලින් සීරුවෙන් විග‍්‍රහ කොට ග‍්‍රහණය කර ගත යුතු දිවි හානි කරගැනීම් අපේ මාධ්‍ය සරල හා සිල්ලර ලෙසින් විග‍්‍රහ කරනවා. එහිදී බොහෝ වාර්තාකරුවන්ට (හා ඒ ගැන කතුවැකි ලියන අයට) ඉක්මනින් සොයා ගත හැකි ‘දුෂ්ටයකු’ අවශ්‍යයි. මෙකී ‘දුෂ්ටයා’ පවත්නා රජය, වෙළෙඳපොළ ආර්ථිකය, නව තාක්ෂණයක් (ජංගම දුරකතන, ඉන්ටර්නෙට්) හෝ පුද්ගලයකු විය හැකියි.

සංකීර්ණ ප‍්‍රශ්නයක් මෙසේ සිල්ලරට ලඝු කිරීම හරහා ද අපේ මාධ්‍යකරණය සමස්ත සමාජය ගැන අසංවේදී වනවා.

Dr Harini Amarasuriya speaks at public forum
Dr Harini Amarasuriya speaks at public forum

එසේම තමන් හුවා දක්වන ‘දුෂ්ටයන්ට’ ඉක්මන් විසඳුම් සමහර මාධ්‍ය යෝජනා කරනවා. සංවාදයේදී සමාජ විද්‍යාඥ ආචාර්ය හරිනි අමරසූරිය කීවේ: ‘‘දුෂ්ටයා පුද්ගලයකු නම් ගල් ගසා මරන්න, මරණීය දණ්ඩනය නියම කරන්න, නැතිනම් අධිකරණ ක‍්‍රමයට පරිබාහිරව දඬුවම් කරන්න සමාජයේ ඇතැම් අය යෝජනා කරන විට මාධ්‍ය ඒවා උලූප්පා දක්වනවා. සමස්ත අපරාධවලට අපේ සමාජයේ හා බහුතරයක් මාධ්‍යවල ප‍්‍රතිචාරය ඉතා බියජනකයි. සංකීර්ණ සමාජ ප‍්‍රශ්නවලට අතිශය සරල විග‍්‍රහයන් හා ඉක්මන් විසඳුම් යෝජනා කිරීම ද මාධ්‍යයේ වගකීම වන්නේ?’’

මාධ්‍ය මෙන්ම සමස්ත ලක් සමාජයද අසංවේදී වන තවත් අවස්ථාවක් නම් මානසික සෞඛ්‍යයයි.

මානසික රෝගාබාධ ඕනෑම මානව සමාජයක 10%ක් පමණ හමු වනවා. අපේ වැනි ප‍්‍රචණ්ඩත්වය ඉහළ, පශ්චාත් යුද සමාජයක මෙය 20%ක් හෝ ඊටත් වැඩිවිය හැකියි.

මානසික රෝගා බාධ විවිධාකාරයි. ඒවා සියල්ල එක ගොඩට නොදැමිය යුතු බවත්, ඒ කිසිවක් කරුමයක් හෝ පාපයක් නොව මොළයේ රසායනික අසමතුලිතතාවකින් හටගන්නා තත්ත්වයන් බවත් මනෝ විද්‍යාඥයන් කියනවා. එසේම නිසි ප‍්‍රතිකාර (උපදේශන, බෙහෙත් හෝ රෝහල් ගත වීම) හරහා මේ රෝග සමනය කිරීමට හෝ සුවපත් කිරීමට හැකියි. ඕනෑම කෙනකුට හටගත හැකි මේ රෝග තත්ත්වයන් යමකු කොන් කිරීමට හෝ හංවඩු ගැසීමට (stigma) හේතුවක් නොවෙයි.

ගතානුගතික ලක් සමාජය මානසික රෝගවලට සංවේදී හෝ සානුකම්පිත නැහැ. ඔවුන් පිස්සන් ලෙස කොන් කිරීම තවමත් සිදු වනවා. සමහර මාධ්‍ය (විශේෂයෙන් ටෙලිනාට්‍ය හා විකට වැඩසටහන් හරහා) මේ අසංවේදීත්වය තවත් ප‍්‍රබල කරනවා.

අංගොඩ පිහිටි මානසික රෝග පිළිබඳ ජාතික රෝහලට ගොස් එහි අධ්‍යක්ෂවරයා හා සෙසු වෛද්‍යවරුන් හමු වන්නටත්, ඔවුන් මුහුණ දෙන යථාර්ථය දැන ගන්නටත් මීට දෙවසරකට පමණ පෙර මට අවස්ථාවක් ලැබුණා. ඒ මානසික සෞඛ්‍ය ගැන සානුකම්පිත බැල්මක් හෙලන අසාමාන්‍ය ගණයේ සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් වන ‘පේ‍්‍රමය නම්…’ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණු විටදී, (2014 අගදී නිමා වූ මෙය තවමත් මහජන ප‍්‍රදර්ශනයට පැමිණ නැහැ.)

Bx44chNCUAACzb-

මනෝ වෛද්‍ය විද්‍යාව හා ප‍්‍රතිකාර ක‍්‍රම මෑත දශකවල බෙහෙවින් දියුණු වී තිබෙන බව මා එදා වැඩමුලුවේදී දැන ගත්තා. රෝහල්ගත වී ප‍්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේ මානසික රෝග හට ගත් ටික දෙනකුට පමණයි. බහුතරයක් දෙනාට උපදේශනය, මානසික සහනය හා (වෛද්‍ය අධීක්ෂණය යටතේ) බෙහෙත් ගැනීමෙන් තත්ත්වය පාලනය කර ගන්නට හෝ සුවය ලබන්නට හෝ හැකියි.

මේ මූලික තොරතුරු පවා නොදන්නා හෝ නොතකා සිටින මාධ්‍ය එමට තිබෙනවා. පුළුල් සමාජ ප‍්‍රශ්නයක විසඳුම් සෙවීමට දායක වනු වෙනුවට එය තවත් උග‍්‍ර කරන්නටත්, එයින් ‘චීප් ත‍්‍රිල්’ගැනීමටත් අසංවේදී මාධ්‍ය ආවරණය දායක වනවා.

Chandana Sirimalwatte speaks at the Forum
Chandana Sirimalwatte speaks at the Forum

සියදිවි හානිකර ගැනීම්, මානසික සෞඛ්‍යය මෙන්ම HIV/AIDS ගැනත් අපේ මාධ්‍ය වාර්තාකරණය පවතින්නේ නොදියුණු මට්ටමකයි.

විටින් විට HIV/AIDS මෙරට තත්ත්වය ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශය පවත්වන වැඩමුළුවලදී අසන එක් ප‍්‍රශ්නයක් නම්: ‘දැන් අපේ ස්කෝර් එක කීයද?’

මේ විමසන්නේ HIV ආසාදනයේ උච්ච අදියර වන AIDS නිසා මිය ගිය සංඛ්‍යාව ගැනයි. හරියට ක‍්‍රීඩා තරගයක ලකුණු අසනවා වගේ. මෙය උපුටා දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය කීවේ සමස්ත සමාජයේ සංවේදී බව මෙවන් මාධ්‍ය ආකල්ප හා වාර්තාකරණය හරහා මරා දැමෙන බවයි.

HIV ආසාදිතයන් ගැන නිර්දය වූත්, අනුකම්පා විරහිතවූත් ආකල්ප මෙරට මාධ්‍යවේදීන් මෙන්ම සෙසු සමාජයේත් බහුලයි. එයට එක් හේතුවක් නම් HIV ආසාදනය හුදෙක් ලිහිල් හා අනාරක්ෂිත ලිංගික චර්යාවලින් සිදු වන බවට ඔවුන් විශ්වාස කිරීමයි. නැතිනම් අනෙක් ආසාදන ක‍්‍රම (එන්නත් ඉඳිකටු යළි භාවිතය, ආසාදිත රුධිරය ඒ බව නොදැන පාරවිලයනය කිරීම, ආසාදිත මවකගෙන් ඇතැම්විට උපදින දරුවාට සම්පේ‍්‍රෂණය වීම) ඔවුන් නොතකා හරිනවා. හේතුව, සුචරිතවාදී ප‍්‍රහාර එල්ල කළ හැක්කේ ලිංගික සාධකය පදනම් කර ගෙන පමණක් නිසා විය යුතුයි.

HIV ආසාදිතයන් හැකි තාක් හඳුනාගෙන, ඔවුන් සිය පුවත්පතින් නම් කර සමාජ නින්දාවට ලක් කළ යුතුයැ’යි නිතර කී සිංහල පුවත්පත් කතුවරයකු මීට දශකයකට හමාරකට පෙර සිටියා. මෙබඳු ආන්තික ස්ථාවරයන් දැන් මඳක් වෙනස් වී ඇතත්, තවමත් HIV/AIDS වාර්තාකරණය බොහෝ මාධ්‍ය කරන්නනේ සංවේදීව හෝ සානුකම්පිතව නොවෙයි.

HIV ආසාදිතයන් වැළඳගන්නා නේපාලය නමින් මීට කලකට පෙර මා කොලමක් ලිව්වා (2011 දෙසැම්බර් 11දා රාවය:) කුමන හෝ ආකාරයකින් HIV ශරීර ගත වී, දැන් බෙහෙත්වල උපකාරයෙන් ජීවත් වන දිරිය ගැහැනුන් හා මිනිසුන් හෙළා දකිනු වෙනුවට ඔවුන් සමාජ ආශ‍්‍රයට ගන්නට හා ඔවුන්ට උපකාර වන්න නාගරික හා ග‍්‍රාමීය නේපාල ජාතිකයන් පටන් ගත්තේ මීට දශකයකටත් පෙරයි. මෙය දැන් එරට මාධ්‍ය වාර්තාකරණයේ ද දැකිය හැකියි. ලක් සමාජය හා මාධ්‍ය කවදා එතැනට පැමිණේද?

Part of audience at Public Forum on June 9
Part of audience at Public Forum on June 9

ජුනි 9 වැනිදා සංවාදයෙන් මතු වූ මූලික කරුණු කිහිපයක් තිබෙනවා.

මාධ්‍යවේදීන් සුචරිතවාදීන් වීම හරිද? මෙයට නම් කිසිදු පිළිගත හැකි හේතුවක් මා දන්නේ නැහැ. පුද්ගල නිදහස ගරු කරන නූතන සමාජයේ නීතියට ඔබ්බෙන් යන සුචරිතවාදයක් කිසිවකු මත බලෙන් පැටවිය නොහැකියි.

හැම අසංවේදී වාර්තාකරණයක්ම තනිකර මාධ්‍යවල වරදක්ද? නැතිනම් අසංවේදී ජන සමාජයේ පිළිබිඹුවක්ද? මේවා පුළුල්ව විවාදයට ලක් විය යුතුයි.

මාධ්‍ය කළ යුත්තේ කුහක හා ගතානුගතික සමාජයේ ආකල්ප එලෙසින්ම (කැඩපතක් මෙන්) හසු කර ගැනීම පමණක්ද? නැතිනම් සංවේදී හා දැනුවත් මාධ්‍යවලට සමාජයේ පෙරගමන්කරුවන් වීමට හැකිද? එසේ විය හැකි නම් එය ඉතා අගෙයි. එසේ බැරි නම් අඩුම තරමින් ඇවිලෙන සමාජ ගිනි ජාලාවලට තවත් පිදුරු නොදමා පසෙකට වන්නයැ’යි මා එදා විවෘත ඉල්ලීමක් කළා.

ස්වයං ඇගයීමකින් පසු හෝ සෙසු සමාජයේ බලපෑම නිසා හෝ අපේ රටේ මාධ්‍ය තමන්ගේ ශෛලිය හා ප‍්‍රමුඛතා වෙස් කර ගත් අවස්ථා ද තිබෙනවා.

කලකට ඉහත පුවත්පත් මහත් ඕනෑකමින් රස කරමින් වාර්තා කළ දෙයක් වූයේ උසාවිවල දිග හැරෙන දික්කසාද නඩුයි. එහෙත් අද එබන්දක් කෙරෙන්නේම නැති තරම්. ඇත්තටම ඒ පුද්ගලික කථාවල කිසිදු මහජන වැදගත්කමක් නැහැ.

එසේම මීට දශකයකට පමණ පෙර වන තුරු ආබාධිතයන් හඳුන්වනු ලැබුවේ කොරා, අන්ධයා, බීරා, අංගවිකලයා ආදී යෙදුම්වලින්. එහෙත් මේ වන විට සමාජයත්, මාධ්‍යයත් ඊට වඩා සංවේදී හා සානුකම්පිත යෙදුම් භාවිත කරනවා. කලක් තිස්සේ සමාජ ක්‍රියාකරිකයන් ගෙන ගිය දැනුවත් කිරීම් මේ වෙනස ඇති කළා.

මෙයින් පෙනෙන්නේ ඕනෑකම තිබේ නම් අප කාටත් දැනට වඩා සංවේදී විය හැකි බවයි. අපේ මාධ්‍යකරුවන්ට අද තිබෙන තේරීම නම් තමන් සෙසු සමාජයට ඉදිරියෙන් යනවා ද නැතිනම් ශිෂ්ටත්වයට යන සමාජ පරිනාමීය ගමනේ අන්තිමයා වනවා ද යන්නයි.

Public Forum on June 9 - part of audience
Public Forum on June 9 – part of audience

ඡායරූප: තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය

 

සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Mahatma Gandhi writing an article
Mahatma Gandhi writing an article

Besides being a political leader and social reformer, Mahatma Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).

These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.

What can today’s journalists and publishers learn from Gandhi? I revisit this again in this week’s Ravaya column (published on 21 June 2015), continuing an exploration started last week.

See also: සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

The Typewriter used by Mahatma Gandhi while  living and working in South Africa
The Typewriter used by Mahatma Gandhi while living and working in South Africa

මහත්මා ගාන්ධි තරුණ වියේදී වසර 21ක් දකුණු අප‍්‍රිකාවේ ගත කළ සැටිත්, ඒ වකවානුවේදී පොදු උන්නතිය හා සමාජ සාධාරණත්වය උදෙසා අරගල කරන්නට ලිඛිත සන්නිවේදනය හා පුවත්පත් කලාව යොදා ගැනීම ප‍්‍රගුණ කළ සැටිත් අප ගිය සතියේ කතා කළා.

මුළුමනින්ම ආචාරධර්මීය රාමුවක් තුළ සිය සඟරා පවත්වා ගෙන යන්නටත්, සැම විටම ආචාරශීලී බස් වහරකින් දේශපාලනික හා සමාජයීය ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් හා සංවාද කිරීමටත් ඔහු වග බලා ගත්තා.

පත්‍ර කලාව ඉතා වැදගත් හා උතුම් සමාජ කාරියක් ලෙස ඔහු සැළකුවා. වරෙක ඔහු කීවේ: “බයිබලය, කෝරානය, භගවත් ගීතාව වැනි සාමයික ග‍්‍රන්ථ තරම්ම ජන සමාජයට වැදගත් තැනක් අපේ කාලයේ පුවත්පත් ලබා ගනිමින් සිටිනවා. මේ වැදගත්කම හා ගාම්භීර බව රැක ගත යුතුයි. හොඳ පත‍්‍රකලාවේදියකු සිය පාඨකයන් බිය නොවද්දා, නොරවටා ඒ වෙනුවට ඔවුන්ට තොරතුරු හා විග‍්‍රහයන් ලබා දෙමින් හරි දේ සඳහා පෙනී සිටිය යුතුයි.’’

සිය ජීවිත කාලය (1869 – 1948) තුළ සංස්කාරක හෝ තීරක මට්ටමෙන් වාරික ප‍්‍රකාශන හයක් සමග ගාන්ධි සමීපව සම්බන්ධ වුණා. දකුණු අප‍්‍රිකාවේ කළ Indian Opinion සඟරාව එයින් පළමුවැන්නයි. ජොහැනස්බර්ග් නුවර කේන්ද්‍ර කර ගෙන සඟරාව කරමින් හා වෙනත් දේශපාලන කටයුතුවල නියැලෙමින් සිටි ගාන්ධි, විටින් විට සුදු ජාතික බලධාරීන් සමග මතවාදීව ගැටුණා.

Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902
Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902

1906දී හඳුන්වා දුන් ‘ආසියාතික ආඥා පනත’ යටතේ දකුණු අප‍්‍රිකාවේ සිටි සියලූ ආසියාතිකයන් ලියාපදිංචි විය යුතු බව හා සැම විටම අනන්‍යතා පත‍්‍රිකා රැගෙන යා යුතු බවට නියම වුණා. සුදු යුරෝපීයයන්ට නොතිබි මේ නීතීයට එරෙහිව ගාන්ධි ප‍්‍රමුඛ ආසියාතිකයන් උද්ඝෝෂණය කළා.

ලියාපදිංචි වීම ප‍්‍රතික්ෂේප කළ ගාන්ධි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනකු 1908 ජනවාරියේ සිරගත කරනු ලැබුවා. ඔහුගේ ජීවිතයේ දේශපාලන සිරකරුවා වූ වාර ගණනින් මුල් වතාව එයයි.

ගාන්ධිට එරෙහිව තීන්දුව ප‍්‍රකාශ වූ දිනයේ ඔහුගේ Indian Opinion සඟරාව සිය පාඨකයන්ගෙන් ඉල්ලීමක් කළා. “සිවිල් අකීකරුකම හා සාමකාමී විරෝධය යන සංකල්ප දෙක කැටි කර ගත්, ඉන්දීය භාෂා උරුමයෙන් සකසා ගත් යෙදුමක් යෝජනා කරන්න.’’

පාඨක යෝජනා අතරින් ගාන්ධි තේරීමක් කළා. ‘සත්‍යාග‍්‍රහ’ (satyagraha) නම් යෙදුම හැදුණෙත්, භාවිතයට ආවේත් එලෙසයි. ඒ යෙදුම වටා අවිහිංසාවාදී උද්ඝෝෂණ සඳහා සංකල්පීය රාමුවක් ගාන්ධි හඳුන්වා දුන්නා.

පසු කලෙක ඉන්දීය නිදහස් අරගලය, අමෙරිකාවේ කළු ජාතිකයන්ගේ සමානතා අරගලය මෙන්ම දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි අරගලය යන සියල්ලට මතවාදීව විශාල බලපෑමක් කළේ මේ සත්‍යාග‍්‍රහ සංකල්පයයි.

සිය පුවත්පත් හා සඟරාවලට වෙළෙඳ දැන්වීම් භාර නොගැනීම ගාන්ධි ප‍්‍රතිපත්තියක් සේ දිගටම පවත්වා ගත්තා. අමාරුවෙන් වුවත් පිටපත් අලෙවියෙන් ලැබෙන ආදායම, ස්වේච්ඡා ශ‍්‍රම දායකත්වය හා (ඇතැම් විට) දානපති ආධාර සංකලනය කොට ඔහු එම ප‍්‍රකාශන නඩත්තු කළා.

මේ ගැන ඔහු පසුව ආවර්ජනය කළේ මෙසේයි. ‘‘දැන්වීම් නොගත් නිසාවට අපට එතරම් ලොකු පාඩුවක් වූයේ නැහැ. අප කෙසේ හෝ අය-වැය පියවා ගත්තා. එහෙත් දැන්වීම් නැති නිසා කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව මත දැක්වීමේ නිදහස අපට ලැබුණා.’’

Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha
Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha

1914දී ආපසු ඉන්දියාවට පැමිණි පසු ගාන්ධි Young India සහ Navjivan නම් සඟරා දෙකක් සඳහා වගකීම භාර ගත්තා. 1919-1932 කාලයේ සතිපතා පළකරනු ලැබූ Young India හරහා බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයන්ගේ අත්තනෝමතික ක‍්‍රියා ක‍්‍රමානුකූලව විවේචනය කළා. එසේම අවිහිංසාවාදී විරෝධය පළ කිරීමට සත්‍යාග‍්‍රහ කිරීම ගැන ජනමතයක් ප‍්‍රවර්ධනය කළා.

ඉංග‍්‍රීසියෙන් කරන සඟරා කලාව ඉන්දීය ප‍්‍රභූ පැළැන්තිය නිදහස් අරගලය සඳහා ඒකරාශී කිරීමට වැදගත් වූවත්, එතැනින් නතර නොවූ ගාන්ධි හින්දි හා (ඔහුගේ මවු බස වූ) ගුජරාටි බසින් නව්ජීවන් සඟරාව පළ කළා. මේ ස්වභාෂා සඟරාවේ බහුතරයක් පාඨකයන් ඉන්දියාවේ හද ගැස්මට වඩා සමීප ගොවීන් හා කම්කරුවන් බව ඔහු නිතර කියා සිටියා.

සඟරා සංස්කරණය, මුද්රණය හා බෙදාහැරීම ගැන ඔහු අධීක්ෂණය කළේ වෙනත් බොහෝ දේශපාලනික හා සමාජයීය වගකීම්වලට උර දෙන අතරයි. ඔහු කෙතරම් කාර්යශූර කෙනකු වී ද යන්න අපට සිතා ගත හැකියි.

ඉංග‍්‍රීසි ලිපි ටයිප් කළත් ගුජරාටි හා හින්දි ලිපි ඔහු ලිව්වේ අත් අකුරින්. සමහර දිනවල ඔහු නිදි වරාගෙන පාන්දර යාමය වන තුරු ලියනවා. ඔහුගේ ජීවන තොරතුරුවලට අනුව දකුණතින් ලියා වෙහෙස වූ විට වමතින් ද ලිවීමට ඔහු සමත් වුණා.

Young India, Edited by M K Gandhi
Young India, Edited by M K Gandhi

රටේ දුර ප‍්‍රදේශවලට දුම්රියෙන් යන විටද ඔහු ලිපි ලිව්වා. සමහර ප‍්‍රසිද්ධ ලිපි හා ප‍්‍රකාශ ඔහු ලියා ඇත්තේ මෙබඳු ගමන්වලදී. ඔහු වචන හරඹයේ සංයමය මෙන්ම ලිවීමට පටන් ගත් විට කාලය කළමනාකරණය කර ගැනීමේ විනය ද තිබූ අයෙක්. වරෙක දුම්රිය ගමනකදී ලියා නිම කළ යුතු වූ ලිපියක් වෙත පූර්ණ අවධානය යොමු කරන්නට ඔහු දුම්රිය වැසිකිළියට වී දොර වසා ගෙන වැඩ කළ බව වාර්තා වී තිබෙනවා.

Harijan magazine
Harijan magazine

කුල පීඩිත යැයි කොන් කර සිටි මිලියන් ගණනක් ඉන්දීය ජනයාගේ අයිතීන් හා අභිවෘද්ධිය උදෙසා ඔහු 1932 පෙබරවාරියේ හරිජන් Harijan නම් සඟරාවක් සතිපතා ඉංග‍්‍රීසි, හින්දි හා ගුජරාටි බසින් ඇරැඹුවා. මාස දෙකක කාලයක් තුළ වෙළෙඳපොළේ පිටපත් අලෙවියෙන් පමණක් සඟරාව පාඩු නැතිව කරන්නට ඔහුට හැකි වුණා. හරිජන් ජනප‍්‍රිය වීමත් සමග ස්වේච්ඡුා සේවකයන්ගේ උපකාර ඇතිව එහි තවත් මුද්‍රණ උර්දු, දෙමළ, තෙළිඟු, මරාති. කන්නඩා හා බෙංගාල භාෂාවලින්ද පළ කළා.

ගාන්ධි සඟරා නිෂ්පාදන හා වෙළදපොල පැතිකඩ ද අත්දැකීමෙන් ප්‍රගුණ කළා.

‘‘දකුණු අප‍්‍රිකාවේ සඟරා කතුකම හරහා මා හොඳින් තේරුම් ගත්තේ මෙබඳු ප‍්‍රකාශනයකට තමන්ගේම මුද්‍රණාලයක් අවශ්‍ය බවයි. බි‍්‍රතාන්‍ය පාලකයන් යටතේ මුද්‍රණාල පිළිබඳ නීතිරීති තදින් ක‍්‍රියාත්මක වූ බැවින් මා වැනි නිවහල් අදහස් ලියන්නකුගේ ප‍්‍රකාශන මුද්‍රණය කිරීමට වාණිජ මට්ටමේ මුද්‍රණාල හිමියන් පසුබට වන බව මා දන්නවා. මේ නිසා අපේම මුද්‍රණාලයක් අප අහමදාබාද්හි ඇරඹුවා.’’

ඒ වන විටත් නවජීවන් සඟරාව අහමදාබාද් කේන්ද්‍ර කරගෙන පළ කරමින් තිබුණා. මුලදී බොම්බායෙන් පළ වූ ශදමබට ෂබාස් සඟරාව ද එනුවරට ගෙන ඒමට ගාන්ධි ක‍්‍රියා කළා.

දැන්වීම් නැතිව වුවත් සඟරා පාඩු නොලබා කර ගෙන යන්නට කාර්යශූර වූ ඔහුට ඉංග‍්‍රීසි හා ස්වභාෂා සඟරාවලින් පිටපත් 40,000ක් පමණ අලෙවි කරන්නට හැකි වුණා. ඔහු සිරගත කරනු ලැබූ වකවානුවල අනුගාමිකයන් හා සහෘදයන් ප‍්‍රකාශන නොකඩවා පළ කළා.

දේශපාලන අරගල හා සත්‍යග‍්‍රහයන් කිරීම නිසා 1920-1940 වකවානුවේ ගාන්ධි ඇතුළු නායකයන් විටින් විට කෙටි කලකට සිර ගත කැරෙනවා. එවිට ඔහුගේ අනුගාමිකයන් සඟරා දිගටම පවත්වා ගෙන යතත් අලෙවිය පහත වැටෙනවා. සිරෙන් නිදහස් වූ විගස ගාන්ධි යළිත් සඟරා අලෙවිය වැඩි කිරීමට වෙහෙස වනවා.

This was first serialised in Gandhi's magazines
This was first serialised in Gandhi’s magazines

පළමුවරට ඉන්දියාවේ සිරබත් කා නිදහස් වූ පසු ගාන්ධි ඒ දක්වා තම චරිත කථාව කොටස් වශයෙන් සිය සඟරාවල පළකිරීමට පටන් ගත්තා. වසර තුනක් සතිපතා පළවූ මේ චරිතාපදානය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා පාඨක අවධානයට යොමු වුණා. පසුව මෙය පොතක් ලෙස (The Story of My Experiments with Truth, 1927) නමින් ප්‍රකාශ කෙරුණා.

සිරගත කරනු ලැබු කිසි විටෙක රජයේ කොන්දේසි මත ලිපි ලිවීමට ඔහු එකඟ වූයේ නැහැ. වාරණය පිළිගනු වෙනුවට නොලියා සිටීමට ඔහු තීරණය කළා. තම සඟරා යටත්විජිත රජය විසින් නවතනු ලැබුවහොත් තම අදහස් තව දුරටත් සමාජයේ සංසරණය වනු ඇති බව ද ඔහු දැන සිටියා.

එසේම අතිශයින් දුෂ්කර වූ 1920 හා 1930 දශකවල තමන්ගේ මානසික ඒකාග‍්‍රතාව පවත්වා ගන්නට ද පුවත්පත් ලිපි ලිවීම හා කතුකම උපකාර වූ බව ඔහු කියනවා.

‘‘මේ සඟරා කිරීම හරහා මට මානසික සුවයක් ලැබුණා. බි‍්‍රතාන්‍ය පාලනයට එළිපිටම එරෙහි වෙමින් සත්‍යාග‍්‍රහ කිරීමට නීතිමය බාධා එළැඹුණු විටදී පවා මතවාදීව හා බුද්ධිමය වශයෙන් ඔවුන්ට එරෙහිව ජනමතය ගොඩ නංවන්නට මට මේ සඟරා වේදිකාවක් ලබා දුන්නා. දැඩි මර්දනකාරී මාෂල් නීතී වාතාවරණයක් තුළ අපට නිදහස් අරගලය ටිකෙන් ටික හෝ ඉදිරියට ගෙන යාමට සඟරා හරහා අප අවකාශයක් සොයා ගත්තා.’’

ගාන්ධිගේ පත කලාව සමීපව අධ්යයනය කළ පර්යේෂකයන් කියන්නේ ඔහු උද්වේගකාරී, භාව රකෝපකාරී කිසිවක් නොලියූ හා පළ නොකළ බවයි. ඔහු යළි යළිත් මහත් ඕනෑකමින් ප‍්‍රවර්ධනය කළ මාතෘකා අතර හින්දු-මුස්ලිම් සමගිය, අවිහිංසාව, සත්‍යග‍්‍රහ හරහා අධිරාජ්‍යවාදයට එරෙහිවීම. නිසි පෝෂණය, ස්වභාවික බෙහෙත් මගින් රෝග නිවාරණය, මත්පැන් පිටු දැකීම, තමන්ගේ කපු ඇඳුම් තමන්ම වියා ගැනීම, ස්වදේශිකත්වය හා දේශීය කර්මාන්ත නගා සිටුවීම ආදිය වූවා.

Mahatma Gandhi As A Journalist

නිදහස හුදු දේශපාලනික සංකල්පයක් නොවී ආර්ථික, සමාජයීය හා චින්තනමය ස්වාධිපත්‍යය ද ලබා ගත යුතු බවට ඔහුගේ දැක්ම මේ මාතෘකා විදහා දක්වනවා.

පත‍්‍ර කලාව හා කර්මාන්තය ගැන ගාන්ධිගේ අදහස් පරමාදර්ශී මට්ටමේ තිබුණා යැයි කිව හැකියි.

‘‘ජන සමාජයට ඉමහත් බලපෑමක් කළ හැකි ඇතැම් කාර්යයන් රැකියාවක් ලෙස පමණක් කිරීමෙන් එහි අරමුණු අයාලේ යන්නට ඉඩ තිබෙනවා. පුවත්පත් කලාව එබන්දක්. එසේම පුවත්පත් පළ කිරීම ලාබ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් ලෙස පමණක් කිරීමෙන් නොයෙක් අකටයුතුකම් සිදු විය හැකියි.’’

Gandhi reading newspaper in 1947
Gandhi reading newspaper in 1947

ගාන්ධි දිගටම ගත් ස්ථාවරය වූයේ පුවත්පතේ ප‍්‍රධාන වගකීම තත්කාලීන සිදුවීම් හා සමාජ ප‍්‍රශ්න ගැන ජනයා දැනුවත් කිරීම හා ජන අවබෝධය පුළුල් කිරීම බවයි.

‘‘මෙය අති භාරදුර වගකීමක්. එසේම පුවත්පත් සැම විට විශ්වාස කළ නොහැකි බවත් පාඨකයන් දන්නවා. සමහර පුවත්පත් වාර්තා කරන දෙය සැබෑ සිදුවීමකට වඩා හාත්පසින් වෙනස්. මෙයට එක් හේතුවක් නම් කඩිමුඩියේ ප‍්‍රවෘත්ති හා වෙනත් ලිපි සම්පාදනය කිරීමට සිදු වීමයි. දුෂ්කර තත්ත්වයන් යටතේ ප‍්‍රවෘත්ති සොයා ගෙන, පෙළ ගස්වා, පළ කිරීම කතුවරුන් නිතිපතා මුහුණ දෙන අභියෝගයක්. ඇත්ත නැත්ත තෝරා බේරා ගන්නට ඔවුන්ට බොහෝ විට ලැබෙන්නේ ඉතා කෙටි කාලයක්. මේ සියල්ල එසේ වූවත් මගේ අදහස නම් යම් තහවුරු කිරීමකින් තොරව කිසිදු වාර්තාවක් පළ කිරීමට වඩා නොකර සිටීම වඩා හොඳ බවයි.’’

තම පුවත්පතේ සමස්ත අන්තර්ගතය ආචාර ධර්මවලට අනුකූලව පවත්වා ගත යුතු බව ඔහු විශ්වාස කළා. පත්තරය හා සඟරාවක අන්තර්ගතය තරමටම එහි කතුවරුන්ගේ සමාජ දැක්ම හා ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් ද සංකේතාත්මක වැදගත්කමක් ගන්නා බව ඔහු විශ්වාස කළා.

ඔහු කීවේ: ‘‘පිටපත් අලෙවියෙන් පමණක් පුවත්පතක් පවත්වා ගෙන යාම අසීරුයි. මේ නිසා වෙළෙඳ දැන්වීම් හරහා ආදායම් ඉපැදවීමට බොහෝ පුවත්පත්වලට සිදු වනවා. ඒ හරහා නොදැනුවත්වම පරස්පර විරෝධී තත්ත්වයන් පැන නගිනවා. පත‍්‍රයක කතුවැකිය හෝ ලිපි මගින් සමාජයට අහිතකර යයි විවේචනය කැරෙන දේ එම පත‍්‍රයේම දැන්වීම් මගින් ප‍්‍රවර්ධනය කළ හැකියි.’’

‘‘වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ දැන්වීම් මා පත‍්‍රවල දකිනවා. මේවා බහුතරයක් අපේ ජනයාගේ සෞඛ්‍යයට දිගුකාලීනව හානිකරයි. මහජනයා යහමඟට යොමු කිරීමේ වගකීම ඇති පුවත්පත් ඔවුන්ට වැරදි පණිවුඩ දීම කෙතරම් වැරදිද? වෙළෙඳපොල බලපෑම් හමුවේ පත‍්‍ර කලාව තවදුරටත් මහජන සේවයක් ලෙස කරන්නට අපහසු වී තිබෙනවා. නොයෙක් වැල්වටාරම් හෝ ප‍්‍රලාපයන් සමාජගත කර ජන මනස කිලිටි නොකිරීමට හැම පුවත්පතක්ම දැඩි සංයමයකින් ක‍්‍රියා කළ යුතු වනවා.’’

පත‍්‍රකලාව හා ජනසන්නිවේදනය ගැන ඔහු නොයෙක් විට ලියා හා කතා පවත්වා තිබෙනවා. වරෙක ඔහු කීවේ: ‘‘හොඳ පත‍්‍රකලාවේදියෙක් හරියට ඉක්මනින් පැතිරෙන බෝවන රෝගයක් මෙන් විය යුතුයි. එක් සමාජ ස්ථරයකට සීමා නොවී ජන සමාජයේ හැම තැනකටම කාර්යක්ෂමව සංසරණය වන ප‍්‍රකාශන බිහි කළ යුතුයි.’’

ගාන්ධිගේ පත‍්‍රකලා ජීවිතය පුරාම ඔහු ප‍්‍රගුණ කළ මූලික ගුණාංග තුන වූයේ සංලේඛ්‍ය නිදහස (editorial independence), සත්‍යගරුක වීම හා සංයමයෙන් බස හැසිරවීමයි. මේ ගුණාංග අදත් මාධ්‍යකරණයකට අත්‍යවශ්‍ය වෙනවා.

එසේම සමාජ උන්නතිය සඳහා පෙනී සිටි පමණට පුවත්පත් පූජනීය තත්ත්වයකින් සැලකිය යුතු නොවන බවත් ගාන්ධිගේ අදහස වුණා. පුවත්පත් හා සඟරා වැරදි ස්ථාවරයන් ගත් විට සමාජයේ වියතුන් හා සෙසු පාඨකයන්ට ඒවා විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ඇති බව ඔහු කියා සිටියා.

ගාන්ධි වෙබ් ලේඛනාගාරය https://www.gandhiheritageportal.org/

 

සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

Gandhi quote on the press

“Journalism to be useful and serviceable to the country will take its definite place only when it becomes unselfish and when it devotes its best for the service of the country, and whatever happens to the editors or to the journal itself, editors would express the views of the country irrespective of consequences…”

Mahatma Gandhi said these words on 22 March 1925, when unveiling the portrait of S. Kasthuriranga Iyengar, the late Editor of The Hindu, at the newspaper’s Chennai office. These words summed up the basic tenets of true journalism that Gandhi believed in – and practised.

Besides being a political leader and social reformer, Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).

Indian Opinion was bi-lingual (English and Gujarati). For some time it had also Hindi and Tamil sections. Young India had a Gujarati edition – Navajivan. Harijan was printed in several Indian language editions. These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.

What can today’s journalists learn from Gandhi as a mass communicator and journalist/editor? I explore this in this week’s Ravaya column (published on 14 June 2015).

Part 2: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Younger and mature Mahatma Gandhi
Younger and mature Mahatma Gandhi

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප‍්‍රතිසංවිධානය හා ප‍්‍රතිව්‍යුහකරණය ගැන සංවාද කැරෙන මේ දිනවල මාධ්‍ය බහුතරයක් ආචාර ධර්මීය නොවන ලෙසින් ක‍්‍රියා කිරීම ගැන කුමක් කළ හැකි ද යන්නත් සාකඡ්චා කැරෙනවා.

මාධ්‍ය ආචාර ධර්ම (media ethics) බටහිර රටවලින් අපේ වැනි රටවලට ආරෝපණය කරන තවත් බලපෑමක්ද? මේ ප‍්‍රශ්නය පසුගිය දිනෙක මගේ මාධ්‍යවේදී සිසුවකු අහිංසක ලෙසින් මතු කළා.

පුවත්පත් සඳහා ආචාර ධර්ම පද්ධතියක් මුල් වරට 1922දී ලේඛන ගත කළේ අමෙරිකානු පුවත්පත් කතුවරුන්ගේ සංගමය (American Society of News Editors, ASNE) බව ඓතිහාසික සත්‍යයක්. http://goo.gl/X6sS8o

පසු කලෙක එය ලොව පුරා රටවල් තමන්ට ගැලපෙන පරිදි අදාළ කර ගත්තා. හොඳ දෙයක් කොතැනින් මතු වුවත් එය අගය කළ යුතුයි. මේ ඔස්සේ තව දුරටත් කල්පනා කරන විට මට සිහි වූයේ 20 වන සියවසේ මෙන්ම මිනිස් ඉතිහාසයේම මහා පුරුෂයකු ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ පුවත්පත් ලේඛක හා කතුවර භූමිකාවයි.

20 වන සියවස මුලදී තරුණ ගාන්ධි තමන්ටම ආවේණික වූ ප‍්‍රතිපත්ති හා ආචාර ධර්ම රාමුවක් අනුගමනය කරමින් මාධ්‍ය හරහා සන්නිවේදනය කළා. ගාන්ධිගේ ජන සන්නිවේදන ශිල්ප ක‍්‍රම හා ආචාර ධර්ම විමසා බැලීමෙන් සියවසකට පසු අපට තවමත් ආදර්ශ ගත හැකියි.

මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි (1869 – 1948) අප හඳුනන්නේ අවිහිංසාවාදීව ඉතිහාසයේ විශාල වෙනසක් කළ අයකු ලෙසින්. ශ්‍රේෂ්ඨ ආත්මය යන අරුත ඇති ‘මහත්මා’ නම් ගරු නාමය ඔහුට ලැබුණේ ජීවිතයේ මැදි වියේදී.

බි‍්‍රතාන්‍යයන් පාලනය කරන ඉන්දියාවේ ඉපදී අධිරාජ්‍ය පාලකයන්ගේ ඉංග‍්‍රීසි බස මනාව උගෙන, ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහිව අධිෂ්ඨානශීලීව හා නිරායුධව අභියෝග කළ මේ පුංචි මිනිසා ඉතිහාසයේ අතිශය කලාතුරකින් හමු වන ආකාරයේ අසාමාන්‍ය චරිතයක්.

ගාන්ධිගේ ජීවිත කතාව අධ්‍යයනය කළ බොහෝ දෙනකු ඔහුගේ අවංක බව, ප‍්‍රතිපත්ති ගරුක බව හා භේද නොතකා සියලූ දෙනාට එක දේ සැලකීමේ ගුණය අගය කරනවා.

ඔහු මිලියන සිය ගණනක සාමාන්‍ය ඉන්දියානු ජනයා නිදහස උදෙසා සාමකාමී ලෙසින් කුළු ගැන්වූයේ හා දශක ගණනක අරගලය පුරාම සංවරව පවත්වා ගත්තේ කෙසේද?

එයට ඔහුගේ තීක්ෂණ බුද්ධිය මෙන්ම උසස් සන්නිවේදන කුසලතාත් උපකාරී වූවා. ගාන්ධි නම් වූ විශිෂ්ඨ ජන සන්නිවේදකයා ගැන ඉන්දියාවේත්, ඉන් පිටතත් සන්නිවේදන පර්යේෂකයන් තවමත් අධ්‍යයනය කරන්නේ මේ නිසා. ඔහුගේ මාධ්‍ය කලාවේ පැතිකඩ කිහිපයක් විමසා බලමු.

Gandhi mobilised millions, but was never a great orator
Gandhi mobilised millions, but was never a great orator

19 හැවිරිදි තරුණයකු ලෙස 1888දී ගාන්ධි එංගලන්තයට ගියේ නීතිය උගෙන නීතීඥයකු වීමටයි. මධ්‍යම පාන්තික වෙළද පවුල් පසුබිමකින් ආ ඔහුට ඉංග‍්‍රීසි බස ආගන්තුක නොවූවත් එංගලන්තයේ වෙනස් සමාජ පසුබිමට හුරු වන්නට ටික කලක් ගත වුණා. නීති දේශනවලට යොමුවන්නටත් පෙර පටන් ඔහු එරට පුවත්පත් නිතිපතා කියැවීමට පටන් ගත්තා.

ඉන්දියාවේ සිටියදී පුවත්පත් නොකියවූ තරුණ ගාන්ධි බි‍්‍රතාන්‍ය පුවත්පත් අගය කළා. රටක දේශපාලන හා සමාජ තත්ත්වයන් ගැන අවබෝධයක් ලබන්නට පුරවැසියන්ට උදව් වන්නේ උසස් ගණයේ පුවත්පත් හා සඟරා පැවතීම බවත් නූතන සමාජයේ ජන මතය හසුරුවන්නට මේවාට ලොකු බලයක් ඇති බවත් ඔහු වටහා ගත්තා.

මුද්‍රිත ජන මාධ්‍ය ගැන ඔහු මෙසේ තරුණ වියේදී ඇතිකරගත් පැහැදීම හා විශ්වාසය ජීවිත කාලය පුරාම පැවතියා.

ගාන්ධිගේ සන්නිවේදන භූමිකාව අධ්‍යයනය කළ අහමදබාද්හි ගුජරාට් විද්‍යාපීඨ උපකුලපති සුදර්ශන් අයෙන්ගර් (Dr Sudarshan Iyengar) කියන්නේ මෙයයි. ‘‘ගාන්ධි ලිඛිත මාධ්‍යයට වඩා ළැදි වීමට තවත් හේතුවක් නම් ප‍්‍රසිද්ධ සභා අමතා කතා කිරීමට සහජයෙන් ඔහු තුළ තිබූ සබකෝලයයි. පරිණත වියේදී පවා ඔහු දක්ෂ කථිකයකු වූයේ නැහැ. කට වචනයෙන් සන්නිවේදනයට තමාගේ සීමා හඳුනා ගත් ඔහු ලිඛිත සන්නිවේදනයට හැකි තරම් කාලය හා ශ‍්‍රමය යෙදවූවා. සභා ඇමතීම බොහෝ විට කථිකත්වයෙන් තමාට වඩා දක්ෂයන්ට භාර කළා.’’

තම සබකෝලය ගැන ගාන්ධි සිය ආත්ම චරිතාපදානයේ (The Story of My Experiments with Truth, 1927) විවෘතව සාකච්ඡා කරනවා. පසු කලෙක වෘත්තීය නීතිඥයකු ලෙස උසාවි ඇමතීමට පෞරුෂය ගොඩ නගා ගත්තද ඔහු කිසි දිනෙක (නෙල්සන් මැන්ඩෙලා මෙන්) ජනකාන්ත වේදිකා කථිකයකු වූයේ නැහැ.

Gandhi was 24 when he arrived in Pretoria to work as a legal representative for the Muslim Indian Traders based there
Gandhi was 24 when he arrived in Pretoria to work as a legal representative for the Muslim Indian Traders based there

‘‘මේ සබකෝලය හඳුනා ගත් මා එය කෙමෙන් සවියක් බවට පත් කර ගත්තා. හරි තැනට ඔබින විදිහට හිටිවනම කතා කිරීමට නොහැකි වීම ගැන මුල් යුගයේ මා පසුතැවිලි වූවත්, පසුව මා තේරුම් ගත්තේ එය වාසියක් ද වන බවයි. මගේ සිතිවිලි දැඩි සංයමයෙන් හසුරුවා ගන්නටත්, කියන්නට ඇති දේ හැකි තාක් කෙටියෙන් කියන්නටත් මා පුහුණු වුණා. මේ නිසා මගේ මුවින් වල්පල්, අතිශයෝක්ති, හරසුන් කිසිවක් පිට වන්නේ නැහැ. යමක් කතා කරන විට මෙන්ම ලියන විටත් හැකි තාක් සංක්ෂිප්තව, සරලව හා ඍජුව වචන ගලපන්නට මා සැම විටම තැත් කරනවා. එසේම නිහඬ විය යුතු තැන්හිදී නිහඬවීමට ද මා දන්නවා.’’

අයෙන්ගර්ගේ අදහසට අනුව ගාන්ධිගේ පුවත්පත් කලාව ඉහත කී ආචාර ධර්මීය හා විනයානුකූල රාමුව තුළම සිදු වුණා. ගාන්ධි ලොව තිබූ විශාලතම අධිරාජ්යයට එරෙහිව රතිපත්තිමය අරගලයක් ගෙන ගියේ දැඩි පීඩන හා හිරිහැර මැදයි. එහෙත් කෙතරම් දුෂ්කර අවස්ථාවකදීවත් ආවේගශීලී නොවන්නටත්, සීරුවෙන් හා ආචාරශීලීව භාෂිත හා ලිඛිත රකාශ හසුරු වන්නටත් ඔහු රවේශම් වුණා. ඔහු දූරදර්ශී ජන නායකයකු වීමට මේ සන්නිවේදන ගුණාංග දායක වූවා.

ගාන්ධිගේ චරිත කතාව මෙසේ කැටි කළ හැක්කක් නොවෙයි. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඔහුගේ ජන සන්නිවේදන ක‍්‍රියා ගැන පමණයි.

තරුණ වියේදී ගාන්ධි ඉතා හොඳින් ඉංග‍්‍රීසි බස හසුරු වන්නටත් ඉංග‍්‍රීසියෙන් ටයිප් කරන්නටත් උගත්තා. මේ හැකියාවන් සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරිකයකු ලෙස ඔහුට ජීවිත කාලය පුරාම ප‍්‍රයෝජනවත් වුණා. සුද්දා සමග ගැටෙන්නට ඔහුගේ බස ඔහුටත් වඩා හොඳින් ප‍්‍රගුණ කිරීමේ අගය ගාන්ධි දැන සිටියා.

1891දී නීතිඥයකු ලෙස බි‍්‍රතාන්‍යයේ දිවුරුම් දුන් ගාන්ධි, සිය රට බලා ගියා. එහෙත් බොම්බායේ නීතිඥයකු ලෙස ක‍්‍රියා කිරීමට ඔහු ගත් උත්සාහය සාර්ථක නොවූයේ සාක්ෂිකරුවන් සමීපව ප‍්‍රශ්න කිරීමට ඔහු මැලි වූ නිසා යයි කියනවා.

1893දී ඔහු දකුණු අප‍්‍රිකාවේ වෙළෙදාම් කරමින් සිටි ඉන්දියානු මුස්ලිම් සමාගමක නීතීඥයා ලෙස එරටට ගියා. වසරක කොන්ත‍්‍රාත්තුවක් මත ගියත් අන්තිමේදී ගාන්ධි වසර 21ක් (1893 – 1914) එරට ගත කළා. ඔහුගේ දේශපාලන හා සන්නිවේදන කුසලතාවන් වඩාත් ඔප් නැංවී ආයේ මේ අත්දැකීම් හරහායි.

ගාන්ධිගේ මේ ජීවන වකවානුව දෙරටේම දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමට හේතු වුණා. දශක ගණනකට පසු ඉන්දියාවේ සංචාරය කරමින් ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා කීවේ: ‘‘භාරතය අප වෙත මොහන්දාස් ගාන්ධි දායාද කළා. අප ඔහුව ආපසු මවු රටට එව්වේ මහත්මා ගාන්ධි ලෙසින්!’’ (“You gave us Mohandas; we returned him to you as Mahatma Gandhi.”)

දකුණු අප‍්‍රිකාවේ ඉන්දියානු සම්භවය ඇති මිනිසුන්ගේ මානව අයිතීන් උදෙසා පෙනී සිටීමටත්, එවකට එරට පාලනය තළ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටත් ගාන්ධි සිය විවේක කාලය කැප කළා.

එවකට එරට පැවති දේශපාලන හා සමාජ තන්ත‍්‍රයේ විසමතා හා අසාධාරණකම්වලට එරෙහිව නිරායුධ වුත්, ප‍්‍රතිපත්තිමය වුත් අරගලයක් ඔහු දියත් කළාග ජනයා දැනුවත් කිරීම හරහා ඔවුන් බලාත්මක කිරීමේ ප‍්‍රධාන ක‍්‍රමෝපායක් ලෙස ඔහු Indian Opinion නම් සඟරාවක් 1904දී ඇරැඹුවා.

Indian Opinion in 1913
Indian Opinion in 1913

Indian Opinion සඟරා කතුවරයා මන්සුක්ලාල් නසාර් නමැත්තකු වුවත් එහි කර්තෘ මණ්ඩල වගකීම් වැඩි ප‍්‍රමාණයක් ඉසිලූවේ ගාන්ධියි. එවකට දකුණු අපි‍්‍රකානු දේශපාලන යථාර්ථය ගැන ඒ වන විට ලබා ගෙන තිබූ අවබෝධයත්, කලක් බි‍්‍රතාන්‍ය පුවත්පත් කියැවීමෙන් ලත් ආභාෂයත් ඔහුට උපකාර වුණා.

අමාරුවෙන් පවත්වාගෙන ගිය මේ සඟරාවට කර්තෘමය දායකත්වයට අමතරව ගාන්ධි නීතීඥයකු ලෙස ඉපැයූ ආදායමින් කොටසක් ද යෙදවූවා. එක් අවස්ථාවක ඔහුගේ ඉතිරි කිරීම් සියල්ල සඟරාවේ නඩත්තුවට යොමු කළ බවත්, ඒ ගැන කණගාටුවක් නැති බවත් ආත්ම චරිතාපදානයේ කියනවා.

‘‘Indian Opinion සඟරාවට මා මුළු විවේකයම හා නිර්මාණශීලීත්වයම කැප කළා. එම වකවානුවේ මගේ ජීවිතය හා සිතුම් පැතුම් පිළිබඳ හොඳ කැඩපතක් බවට එය පත්වුණා. 1904-14 කාලයේ ඉඳහිට මා සිරගත වූ විට හැරෙන්නට හැම කලාපයකම අඩු තරමින් මගේ එක් ලිපියක් හෝ අඩංගු වුණා. සංකීර්ණ වූ දේශපාලන හා සමාජයීය තත්ත්වයන් පිළිබඳව හරබරව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීමේ අසීරු කලාව මා ප‍්‍රගුණ කළේ මේ සඟරාවට ලිපි ලියූ හා අනෙක් ලිපි සංස්කරණය කළ කාලයේයි. එසේම පාඨකයන් හා කතුවරයා අතර මනා සබඳතාවක් ගොඩනංවා ගෙන පවත්වා ගන්නේ කෙසේද යන්නට මා හොඳ අත්දැකීම් ලැබුවා.’’

Gandhi's English hand writing, 1927
Gandhi’s English hand writing, 1927

මේ වකවානුව ගැන ආවර්ජනය කරමින් ගන්ධි මෙසේ ද ලියා තිබෙනවා. ‘‘Indian Opinion කර්තෘමය වගකීම් දැරූ මුල් මාසයේදීම මා හොඳ හැටි තේරුම් ගත්තේ පත‍්‍ර කලාවේ එකම අරමුණ විය යුත්තේ මහජන සේවය බවයි. පුවත්පතකට අති විශාල බලයක් තිබෙනවා. එය හොඳට මෙන්ම නරකටද යෙදවිය හැකියි. ජලය අපට අත්‍යවශ්‍ය සම්පතක් වුවද නිසි ලෙස පාලනය නොවූ ජල කඳක් නිසා ගම්බිම් හා කෙත්වතු වනසන ගංවතුරක් ඇති විය හැකියි. එසේම අසංවර වූ පෑනෙන් මහත් විනාශයක් කළ හැකියි. එනිසාවට එය සංවර කිරීමේ බලය පිටස්තර අධිකාරියකට භාර කළොත් (ප‍්‍රකාශන නිදහස නැති වී යන නිසා) එහි අහිතකර විපාක වැඩියි. අප කළ යුත්තේ පුවත්පත් කලාවේ ඉමහත් බලය අප විසින්ම සංවරයෙන් හා වගකීමෙන් යුතුව භාවිත කිරීමයි.’’

‘‘මේ අවශ්‍යතාව සපුරා ගන්නා පුවත්පත් හා සඟරා කීයක් ලොව තිබේද? ලොව හොඳ-නරක දෙකම හමු වනවා සේ පුවත්පත් කලාවේ ද හොඳ ප‍්‍රකාශන මෙන්ම නරක ප‍්‍රකාශන ද තිබෙනවා. මේ අතරින් හොඳ ප‍්‍රකාශන තෝරාබේරා ගැනීම බුද්ධිමත් පාඨකයන්ට බාරයි.’’

මාධ්‍ය වගකීම, මාධ්‍ය නිදහස හා මාධ්‍ය සාක්ෂරතාව ගැන කොතරම් වැදගත් විග‍්‍රහයක්ද?ගාන්ධි ආත්ම චරිතාපදානයේ සිවු වන කොටසේ 13 වන පර්ච්ෙඡ්දයේ මෙය හමු වනවා.

Part 2: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Also read:

Journalist Gandhi: Selected Magazine Writings of Mahatma Gandhi

Gandhi as Journalist

Gandhi the Editor, By B. R. Nanda, Chairman, National Gandhi Museum

Mahatma Gandhi And Mass Media, by Prof V S Gupta

 

 

 

සිවුමංසල කොලූගැටයා #222: ඉන්දියානු සාගරයේ වාර්ෂික රිද්මය – මෝසම් සුළං

Not quite singing in the rain - but welcoming it all the same!
Not quite singing in the rain – but welcoming it all the same!

Every year in May, over a billion and a half South Asians join a waiting and guessing game for the mighty rain-carrying oceanic winds, one of the great forces of nature on this planet. Few things – human or natural – evoke such anxiety and anticipation of the South Asian Summer Monsoon, also known as Southwest Monsoon.

The rains that the summer monsoon brings are literally life giving for most parts of South Asia – for drinking, farming, industry and power generation.

An ample monsoon that arrives on time boosts harvests, drives production and generates wealth across South Asia where large numbers are still engaged in farming. A delayed or failed monsoon, on the other hand, causes much concern for governments and communities. Former Finance Minister (now President) Pranab Mukherjee acknowledged this power when he described the monsoon as the country’s “real finance minister”.

The big question – and growing worry – is whether human induced climate change is affecting the Indian Ocean monsoons…and how.

In this week’s Ravaya column (published on 7 June 2015) I explore our close historical and cultural nexus with the Monsoon.

Southwest Monsoon paths and average start dates
Southwest Monsoon paths and average start dates

සොබාදහම් රටාවක් ලෙස නිරිතදිග මෝසම් සුළං (Monsoons) ගෙන එන වැසි ඇරඹෙන්නේ හැම වසරකම මැයි අගදී හෝ ජුනි මුලදී. අප රට තෙත් කලාපයට හා අතරමැදි කලාපයට වැඩිපුරම වර්ෂාපතනය ලැබෙන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා හමන මේ මෝසම් සුළං හරහායි.

වැසි ගෙනෙන මේ සුළං අපට පමණක් නොවෙයි, සමස්ත දකුණු ආසියාවේ සිටින බිලියන එක හමාරක පමණ ජනයාට බෙහෙවින් වැදගත්.

මෝසම් කියන වචනය බිඳී ඇත්තේ මොසිම් (Mausim) නමැති අරාබි වචනයෙන්. එහි තේරුම නිසි කලට හමන සුළං යන්නයි.

මෝසම් සුළං ලෝකයේ සාගර ආශ‍්‍රිතව සිදුවනවා. උතුරු ඕස්ටේ‍්‍රලියාවට, අප‍්‍රිකාවේ ඇතැම් පෙදෙස් හා දකුණු ඇමරිකාවේ සමහර රටවලට මෝසම් සුළං වැසි ගෙන එනවා.

එහෙත් මෝසම් වඩාත්ම ප‍්‍රබලව බලපාන්නේ දකුණු ආසියාවටයි. එනම් ඉන්දියානු අර්ධද්වීපය හා අවට රටවලටයි. හේතුව එක් පසෙකින් අරාබි මුහුදත් අනෙක් පසින් බෙංගාල බොක්කත් පිහිටීම.

වසරේ මාස හයක් ඉන්දියානු සාගරයේ සුළං නිරිතදිග සිට ඊසාන දිගට හමනවා. ඉතිරි මාස හයේදී සුළං හමන දිශාව ප‍්‍රතිවිරුද්ධ ලෙසට මාරු වනවා. මේ නිසා හැම වසරකම මෝසම් සුළං දෙකක් හට ගත්තත්, වඩාත් වැසි රැගෙන එන්නේ නිරිතදිග මෝසම් ලෙස හඳුන්වන, වසරේ මැද මාසවල සිදු වන සුළං හැමීමයි.

මෙයට තුඩු දෙන ස්වාභාවික සිද්ධි දාමයක් තිබෙනවා. සරලව කිවහොත් උතුරු අර්ධගෝල වසන්තයත් සමග අපේ‍්‍රල් මස සිට උතුරු ඉන්දියාවේ හා හිමාලය ප‍්‍රදේශයේ භූමිය උණුසුමෙන් වැඩි වන්නට පටන් ගන්නවා. එමගින් වායුගෝලයේ අඩු පීඩනයක් ඇති කරනවා. එයට දකුණින් සමකය අවට ඉන්දියානු සාගරයට ඉහළින් වාතය ඊට වඩා සිසිල්. ඒ ප‍්‍රදේශවල වායු පීඩනය වැඩියි.

මේ පීඩන වෙනස නිසා සාගර ප‍්‍රදේශවල සිට භූමි ප‍්‍රදේශ වෙතට සුළං හමන්නට පටන් ගන්නවාග ඒ සුළං සමග සාගරයෙන් උකහා ගත් තෙතමනය සහිත ජලවාෂ්ප ද ඇදී එනවා. මැයි මස අගදී මාලදිවයින හා ශ‍්‍රී ලංකාවට ළඟා වන නිරිතදිග මෝසම් සුළං ජුනි මුලදී දකුණු ඉන්දියාවේ කේරළය හා තමිල්නාඩුව දෙසින් ඉන්දියාවට පිවිසෙනවා. ඉනික්බිති සති කිහිපයක් මුළුල්ලේ මෝසම් සුළං පෙරමුණ ටිකෙන් ටික උතුරට ගමන් කරනවා. උතුරු ඉන්දියානු ප‍්‍රාන්ත හා නේපාලය, භූතානය යන රටවලට වැසි ලැබීම ඇරඹෙන්නේ ජුනි අග පමණ වන විටයි.

දකුණු ආසියාවේ අප සැමට පානයට, ගෙදරදොර භාවිතයට, ගොවිතැනට, විදුලිබල ජනනයට හා වෙනත් කර්මාන්තවලට වැසි ජලය ගෙනැවිත් දෙන මෝසම් සුළං අපේ පණ නල ගැට ගසන ජීව ප‍්‍රවාහය යයි කීම නිවැරදියි.

ඉන්දියානු පරිසරවේදී හා පත‍්‍ර කලාවේදී අනිල් අගර්වාල් (1947-2002) වරක් මෙසේ කීවා. ‘‘මෝසම් සුළං හා වැසි අපට පෙන්වා දෙන්නේ සොබාදහම කෙතරම් සියුම් ලෙසින් ක‍්‍රියා කරනවාද යන්නයි. ජල වාෂ්ප ටොන් මිලියන් 40,000ක් සාගරවලට ඉහළින් සැතපුම් දහස් ගණනක් දුර සුළං මගින් රැගෙන විත් එය විශාල භූමි ප‍්‍රදේශයක් මත වර්ෂාව ලෙස ක‍්‍රමානුකූලව පතිත කරන්නට තුඩු දෙන්නේ උෂ්ණත්වයේ කුඩා වෙනසක් පමණයි. මේ සංකීර්ණ වූත් සියුම් වූත් සොබාදහම් පද්ධති අප හරිහැටි තේරුම් නොගැනීම බොහෝ පාරිසරික අර්බුදවලට මුල් වනවා.’’

ලෝකයේ ඇතැම් රටවලට ජල ප‍්‍රභව ලෙස (වර්ෂාවට අමතරව) ග්ලැසියර හා හිම පතිත වූ කඳු ආදිය ද තිබෙනවා. ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය හා භූතානය එයට උදාහරණ. එහෙත් ශ‍්‍රී ලංකාවට එබඳු ජල සංචිත නැහැ. අපේ දිවයින මතුපිට ගලා යන මෙන්ම භූගත ජලය ලෙස කිඳා බැස ඇත්තේ ද වර්ෂාවෙන් ලැබෙන ජලයයි.

අපට වර්ෂාව ලැබෙන ප‍්‍රධානතම ක‍්‍රමය නම් නිරිතදිග හා ඊසානදිග මෝසම් සුළං. කිලෝමීටර් දහස් ගණනක් පුරා ඉන්දියානු සාගරයට ඉහළින් හමා එන මේ සුළං දේශීය නොව විදේශීය සම්භවයක් සහිත ඒවායි. මේවාට සාපේක්ෂව අන්තර්-මෝසම් කාලවලට හට ගන්නා සංවහන වර්ෂා (Convectional rainfall) හරහා ලැබෙන වර්ෂාපතනය සීමිතයි.

විදේශීය බලවේග අපේ දිවයිනට බලපෑම් කරනවා යයි කෑ මොර දෙන කුමන්ත‍්‍රණවාදීන් නොදන්නා හෝ නොදකින යථාර්ථය මෙයයි. ඉතිහාසය පුරා අපේ රටේ භූමිය, තුරුලතා හා ජනජීවිතයට ප‍්‍රබලතම බලපෑමක් කළ හා කරන ‘විදෙස් බලවේගය’ නම් මෝසම් සුළං දෙකයි.

ඉන්දියානු සාගරයේ වෙළෙඳාම, දේශ ගවේශනය, නාවුක යුද්ධ චාරිකා ආදී විවිධ මානව ක‍්‍රියාකාරකම්වලට මෝසම් සුළං හමන කාල රටාව හා දිශාවන් ඍජුවම බලපෑම් කළා.

Empires of the Monsoon by Richard Hall
Empires of the Monsoon by Richard Hall

2008දී ප‍්‍රකාශිත ඓතිහාසික පාරිසරික විද්‍යා පර්යේෂණයකට අනුව පුරාණ චීනයේ දිගු කලක් පැවති රාජ වංශයන් හා රාජධානි අඩපණ වී බිඳ වැටීමට එක දිගට දුර්වල මෝසම් වැසි ලැබීම හේතු වූවා යයි අනුමාන කැරෙනවා. (ඓතිහාසික වර්ෂාපතනයේ අඩු-වැඞී වීම හිරිටැඹ stalagmite රසායනික විශ්ලේෂණයෙන් සොයාගත හැකියි.) වැසි අඩු වසරවල සහල් ඵලදාව අඩුවීම නිසා සාගතයක් ඇතිවීමත්, ඒ හරහා රජුන්ගේ බල පරාක‍්‍රමය හීන වී යාමත් යළි යළිත් සිදුව තිබෙනවා.

මෝසම් වර්ෂා ලේඛකයන් කුතුහලයටත් මවිතයටත් පත් කළා. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ සිට රුඞ්යාඞ් කිප්ලිං දක්වා පෙර අපර දෙදිග ලේඛකයන් රැසක් මෝසම් නම් මහා ප‍්‍රපංචයෙන් ප‍්‍රබෝධක ආවේගය ලබා ගෙන තිබෙනවා.

ඉන්දියානු සාගරයේ ඉතිහාසය (Empires of the Monsoon: A History of the Indian Ocean and Its Invaders) නම් ගවේශනාත්මක කෘතිය 1991දී ලියූ බි‍්‍රතාන්‍ය පත‍්‍ර කලාවේදී හා ඉතිහාසඥ රිචඞ් හෝල් නියන්නේ ‘‘ඉතිහාසයේ බොහෝ කලක් පුරා

එදිනෙදා ජන ජීවිතයට වැඩි බලපෑමක් එල්ල කළේ රාජ්‍ය පාලකයන් නොව සොබාදහමේ රිද්මයයි. ඉන්දියානු සාගරය අවට ජනයාගේ ජීවිත රාජ – ආධිරාජයන්ට වඩා මෝසම් වැසි රටාවලින් පාලනය කැරුණා.’’

Monsoon by Robert D Kaplan
Monsoon by Robert D Kaplan

වඩා මෑතකදී ඉන්දියන් සාගරය හා ඇමරිකානු බල පරාක‍්‍රමය ගැන ‘මෝසම්’ (Monsoon: The Indian Ocean and the Future of American Power, 2010) නමින් පොතක් ලියූ ඇමරිකානු ලේඛක රොබට් ඞී. කප්ලාන් මෝසම් වර්ෂා හැඳින් වූයේ සොබාදහමේ බලපරාක‍්‍රමය සියුම්ව එහෙත් නොවරදින ලෙස ප‍්‍රකාශ වීමක් ලෙසයි. පරිසරයත් සමග තව දුරටත් අනුගත නොවී ජනාකීර්ණ හා අසමතුලිත සමාජයන් ගොඩ නගන ඉන්දියානු සාගර රටවල ජනයා ලොකු අවදානමකට මුහුණ දෙන බව ඔහු කියනවා.

1987දී ඕස්ටේ‍්‍රලියානු ජාතික දේශාටන ලේඛක ඇලෙක්සැන්ඩර් ෆ්‍රෙටර් (Alexander Frater) නිරිතදිග මෝසම ඉන්දියාව හරහා උතුරට ඇදෙන විට ඒ සමග ගොඩබිමින් ගමන් කළා. කේරල වෙරළින් පටන්ගෙන කොඩින්, ගෝව, බෝම්බාය, කල්කටාව හරහා ඔහු ගිය සංචාරය හමාර වූයේ ලෝකයේ වැඩිපුරම වර්ෂාපතනය ලබන ස්ථානය යයි පිළිගැනෙන මෙගාලය ප‍්‍රාන්තයේ චෙරාපුංජි (Cherrapunji) නගරයෙන්.

Chasing the Monsoon by Alexander Frater
Chasing the Monsoon by Alexander Frater

ජනගහනයෙන් ලොව දෙවන විශාලතම රටේ ජනජීවිතය, දේශපාලනය, ආර්ථිකය හා ඉතිහාසය සමග මෝසම් සුළං හා වර්ෂා සබැඳී ඇති සැටි කතාන්දරයක් මෙන් ඔහු විස්තර කරනවා (Chasing the Monsoon, 1990).

නිසි කලට නිසි පමණට මෝසම් සුළං ලැබෙන වසරක ගොවිබිම් සාර වී, අස්වනු වැඩි වී කෘෂි ආර්ථිකයන් ප‍්‍රාණවත් වනවා. එසේම වඩා ලාබදායක ලෙස විදුලිය ජනනය කර ගත හැකි ජල විදුලි ජලාශ පිරී යාම නිසා තාප බලාගාර මත යැපීම සීමා කර ගත හැකි වනවා.

පමා වී පැමිණෙන හෝ දුර්වලව ලැබෙන හෝ මෝසම් වැසි දකුණු ආසියාවේ රජයන්ට හා ජනයාට ගැටලූ රැසක් ඇති කරනවා. ආහාර හිඟයන්, ගොවි ණය අර්බුදයන්, නාගරික ජල හිඟයන් හා විදුලි ජනන වියදම් අධික වීම ආදිය මතුවනවා.

මෙකී සියල්ල සැලකිල්ලට ගත් ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය (හා වත්මන් ජනාධිපති) ප‍්‍රනාබ් මුඛර්ජී වරක් කීවේ ‘ඉන්දියාවේ සැබෑ මුදල් අමාත්‍යවරයා වන්නේ මෝසම් සුළං හා වර්ෂායි’ කියායි. කොතරම් අපූරු හැඳින්වීමක්ද?

මෝසම් සුළං හා වර්ෂා යනු හුදෙක් ස්වාභාවික සංසිද්ධියක් හා ආර්ථික වශයෙන් වැදගත් සාධකයක් පමණක් නෙවෙයි. සමශීතෝෂ්ණ රටවල මෙන් පැහැදිලි ඍතු භේදයක් නොමැති ඝර්ම කලාපීය අපේ වැනි රටවල ජන ජීවිතයට වාර්ෂිකව හුරුපුරුදුු රිද්මයක් ලබා දෙන්නේ නිරිතදිග හා ඊසානදිග මෝසම් වැසි කාලයන්.

මානව ජනාවාස ඇති වන්නටත් පෙර පටන් දකුණු ආසියාවට රිද්මයක් හා ජවයක් සැපයූ මෝසම් සුළං හා වර්ෂා රටා දැන් සිදු වෙමින් පවතින දේශගුණ විපර්යාසයත් සමග කෙසේ වෙනස් විය හැකිද? මෙය බොහෝ කාලගුණ හා දේශගුණ පර්යේෂකයන්ගේ දැඩි අවධානයට ලක් වූ ප‍්‍රශ්නයක්.

හැම වසරේම අපේ‍්‍රල් මාසය වන විට ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එළැඹෙන්නට නියමිත නිරිතදිග මෝසම් වර්ෂා ගැන පුරෝකථනයක් (annual summer Monsoon forecast) කරනවා. අපේ කලාපයේ වඩාත් දියුණු තාක්ෂණය හා ශිල්ප දැනුම ඇති කාලගුණ දෙපාර්තමේන්තුව ඇත්තේ ඉන්දියාවෙයි. මේ නිසා ඔවුන්ගේ විග‍්‍රහයන් සෙසු රටවල් හා පර්යේෂණයන්ගේ දැඩි අවධානයට ලක් වනවා.

2015 අපේ‍්‍රල් 22 වනදා නිකුත් කළ මෝසම් පුරෝකථනයට අනුව මෙරට නිරිතදිග මෝසමෙන් ලැබෙන සමස්ථ වර්ෂාපතනය දිගු කාලීන සාමාන්‍යයෙන් 93%ක් වනු ඇති. එනම් වැස්ස තරමක් අඩුයි.

ඔවුන්ගේ දත්ත විශ්ලේෂණවලට අනුව 2013දී නිරිතදිග මෝසම් වැසි අපේක්ෂි කළාටත් වඩා වැඩි වූ අතර 2014දී එය අඩු වුණා.

එල් නීනෝ (El Nino) නම් දේශගුණික සංසිද්ධිය පවතින වසරවල නිර්තදිග මෝසම් වැසි අඩු වීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා. ගිය වසරේ මෝසම් වැසි අඩු වීම ගැන කල් තබා දැන ගත් විට අස්වද්දන කුඹුරු ප‍්‍රමාණය අඩු කරන්නට යැයි අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගොවීන්ට නිර්දේශ කොට තිබුණා. එහෙත් එය නොතකා හැරි නිසා යල කන්නයේ වී අස්වැන්න 25%කින් අඩු වුණා.

මෝසම් වැසි ගැන විද්‍යාත්මකව කැරෙන පුරෝකථන ගැන ගොවීන් හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ තීරකයන් මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

දේශගුණ විපර්යාස නිසා හට ගන්නා මෝසම් වැසි විසමතා අපට වළක්වා ගන්නට බැහැ. එහෙත් උපක‍්‍රමශීලී ලෙසින් ගොවිතැන් අනුවර්තනය කළ හැකියි. එයට ක‍්‍රමවේදයන් විද්‍යාඥයන් යෝජනා කළ විට ඒවා ගොවීන්ට හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ඉක්මනින් හා තේරෙන බසින් සන්නිවේදනය වීම වැදගත්.

Indian Ocean is South Asian Monsoon's vast playground
Indian Ocean is South Asian Monsoon’s vast playground

ඝර්ම කලාපීය කාලගුණ විද්‍යා අධ්‍යයන ආයතනය නම් ඉන්දියානු පර්යේෂණායතනය කේන්ද්‍ර කර ගෙන දැවැන්ත මෝසම් පර්යේෂණ ව්‍යායාමයක් 2012දී ඉන්දීය රජය දියත් කළා (National Monsoon Mission). දකුනු ආසියාවේත්, එයින් පිටතත් සිටින පර්යේෂකයන් හා පර්යේෂණායතන හවුල් කර ගෙන ඉන්දියානු සාගරයේ මෝසම් සුළං හා වර්ෂා ගැන දැනුම හා අවබෝධය වැඩි කර ගැනීම එහි අරමුණයි.

ඉන්දියානුවන් පමණක් නොවෙයි, ඉන්දියානු සාගර රාජ්‍යයන් බොහොමයක වැසියන් මෝසම් වෘත්තාන්තයේ කොටස්කරුවන්. අපට මතුපිටින් නොතේරෙන මානයක මෝසම් රිද්මයක් අප ජීවිත තුළ ගැබ් වී තිබෙනවාග මෙය වරෙක ඉංග‍්‍රීසියෙන් මේ ගැන ලියූ ලිපියක මා කැටි කළේ: ‘අප සැවොම මෝසම් දරුවෝ’ (“We are all Children of the Monsoon”).

 

සිවුමංසල කොලූගැටයා #221: ගෝලීය නැණ සේවා වෙළෙඳපොළට ලාංකික බුද්ධිමය ශ‍්‍රමය

Sri Lanka is emerging as an important global destination for Information Technology supported Business process outsourcing (IT-BPO).

This knowledge service industry is one of many benefits of improving telecommunications services and IT capability in the country. It is creating many well-paid jobs, and generating growing volumes of foreign exchange for Sri Lanka’s economy (USD 720 million in 2013).

According to the industry’s trade lobby/chamber Sri Lanka Association of Software and Services Companies (SLASSCOM): “The growing IT-BPO industry…offers a unique advantage for Small and Medium Enterprises (SME) to enjoy premium access to a high quality talent pool, which is becoming increasingly challenging in large established destinations such as India and China. The environment is also highly conducive for establishing high-in-demand niche competency centers out of competition for even larger global services companies.”

In this week’s Ravaya column (published on 31 May 2015) I look at the current status, benefits and challenges of Sri Lanka’s BPO/BPM industry, and highlight its potential to create high-end jobs for educated and skilled professionals, thus containing – if not reversing – brain drain.

Image courtesy Keells.com website
Image courtesy Keells.com website

නව සන්නිවේදන තාක්ෂණ හා ජාලයන් හරහා නව ආදායම් මාර්ග විවර වී තිබෙනවා.

මේ අවස්ථා ස්වයංරැකියා බවට පත් කර ගෙන, රටට බරක් නොවී, සාම්ප‍්‍රදායික රැකියා සොයමින් ලත නොවී හොඳ ආදායම් ලබන දක්ෂ තරුණ තරුණියන් දහස් ගණනක් දැනටමත් මෙරට සිටිනවා.

ඔවුන් නැණසේවා ආර්ථිකයේ (knowledge economy) පෙරගමන්කරුවන්.

තොරතුරු සන්නිවේදන හා තාක්‍ෂණ සේවා (ICT) රටේ ආර්ථිකයකට කරන දායකත්වය මෑත වසර කිහිපයේ ඉහළ ගොස් තිබෙනවා. දියුණු රටවල අවශ්‍යතා සඳහා පරිගණක මෘදුකාංග නිෂ්පාදනය, දත්ත සේවා සැපයීම හා තොරතුරු තාක්‍ෂණ උපදේශක සේවා ලබා දීම ආදී නව ව්‍යාපාර අවස්ථා රැසක් සන්නිවේදන තාක්‍ෂණයන් හරහා උදා වී තිබෙනවා.

ඉංගි‍්‍රසියෙන් outsourcing යයි කියන මේ කි‍්‍රයාවට සිංහලෙන් බහිස්සේවාර්ථනය යයි කියනවා. සරල අරුත තම අවශ්‍යතාවයක් පිටරටකට යවා නිසි ප‍්‍රමිතියට එහෙත් සාපේක්‍ෂව අඩු වියදමකින් කර ගැනීමයි. තොරතුරු තාක්‍ෂණ outsourcing ව්‍යාපාරවලට පණ්ඩිත වදන් වෙනුවට අපට “බාහිර නැණසේවා සම්පාදනය” යයි කිව හැකියි (මේ යෙදුම යෝජනා කළේ අජිත් පැරකුම් ජයසිංහ).

මුල් යුගයෙ හුදෙක් දත්ත ඇතුලුකිරීම (data entry) හා ටයිප් කිරීම වැනි සරල මට්ටමේ සේවාවලට සීමා වී තිබූ මේ කර්මාන්තය දැන් ඉතා දියුනුයි.

දියුණු රටවල සමාගම්, සරසවි, මාධ්‍ය ආයතන හා රාජ්‍ය ආයතන පවා තම නැණ සේවා සඳහා ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය වැනි (ඉංගී‍්‍රසි හා තාක්‍ෂණික හැකියාව පවතින) රටවල සමාගම් හා පුද්ගලයන් වෙත එනවා. මේ සේවාලාභීන් (clients) හා සේවා දායකයන් (service providers) කිලෝමීටර් දහස් ගණනක් දුර සිටියත් ඔවුන් යා කැරෙන්නේ ඉන්ටර්නෙට් හරහායි.

Global BPO market 2013 - image courtesy - brand-taxi.com
Global BPO market 2013 – image courtesy – brand-taxi.com

තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාර හරහා ආදායම වැඩි කර ගන්නට අවශ්‍ය ශ‍්‍රම බලකාය හා කළමණාකාරිත්වය අප රටට තිබෙනවා. දැනටමත් අපේ ලොකු හා මධ්‍යම පරිමානයේ දත්ත සේවා සමාගම් මෙන්ම කුඩා පරිමානයේ තනි තාක්‍ෂණවේදින් ද ලෝක තොරතුරු වෙළඳපොලට තම සේවා අලෙවි කරනවා.

මේ ව්‍යාපාර සඳහා අඛණ්ඩ හා ප‍්‍රමිතිගත විදුලි සැපයුමත්, ඉහළ වේග සහිත පුළුල් කලාප ඉන්ටර්නෙට් (broadband internet) සබඳතාත් අත්‍යවශ්‍යයි. රජයට කළ හැක්කේ මේ අයට නිසි යටිතල පහසුකම් සහතික කිරීමත්, ව්‍යාපාරික බදු සහන හා අනුමැතියන් ආදිය ලෙහෙසියෙන් ලබා දීමත්.

බාහිර නැණසේවා 2013දී මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන් 720ක් (රුපියල් බිලියන් 95ක්) උපයා දුන්නා. 2016 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන් 1ක් (රුපියල් බිලියන් 133ක්) තරම් ඉහළ ආදායමක් ඉපයිය හැකි බවට ගණන් බලා තිබෙනවා.

ඒ. ටී. කීර්නි (A T Kearney) නම් ජාත්‍යන්තර අධ්‍යාපන සමාගම 2013දී කළ සංසන්දනාත්මක ඇගැයීමකට අනුව මෙම නැණ සේවා කර්මාන්තයට පිවිස සිටින රටවලින් ප‍්‍රමුඛයන් 25 අතර ශ‍්‍රී ලංකාව ද සිටිනවා.

විදේශීය වෙළෙඳපොළ වෙනුවෙන්ම බාහිර නැණසේවා සම්පාදනය කරන දේශීය සමාගම් සිය ගණනක් තිබෙනවා. මේවායෙන් බහුතරයක් එක් වී තමන්ගේ කර්මාන්තය තවත් ව්‍යාප්ත කරන්නට තොරතුරු තාක්ෂණ වෙළෙඳ මණ්ඩලයක් Sri Lanka Association of Software and Services Companies (SLASSCOM) පිහිටුවා ගෙන තිබෙනවා.

තනි සමාගම් තම සේවා ප‍්‍රචාරණය කරනු වෙනුවට ශ‍්‍රී ලංකාව විශිෂ්ට ගණයේ සේවා සපයන රටක් ලෙස සාමූහිකව ප‍්‍රවර්ධනය ඔවුන්ගේ අරමුණයි. එය සම කළ හැක්කේ දහස් ගණනින් මෙරට සංචාරක සේවා සමාගම් හා ආයතන තිබෙන අතර සංචාරක ගමනාන්තයක් හා අත්දැකීමක් ලෙස පොදුවේ ශ‍්‍රී ලංකාව ප‍්‍රවර්ධනය කිරීමට. සංචාරක කර්මාන්තයේ මේ භූමිකාව සංචාරක මණ්ඩලය හරහා රජය කළත් තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ එබන්දක් උවමනා නැහැ.

හුදෙක් ප‍්‍රතිපත්ති හා නීති මට්ටමේ සහයෝගය පමණක් රජයෙන් ලබා ගනිමින්, අවම රාජ්‍ය මැදිහත්වීමක් තුළ තමන්ගේ කර්මාන්තය ලෝක මට්ටමෙන් දියුණු කිරීමට අපේ සමාගම් සමත්. මේ ක්ෂේත‍්‍රයේ ගෝලීය දැවැන්තයකුව සිටින ඉන්දියාව අනුගමනය කළේ ද මේ ආකෘතියමයි.

මේ ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකා සමාගම්වල සාමූහික ප‍්‍රගතිය සමාලෝචනය කරන 2014 විග‍්‍රහයක් SLASSCOM පළ කොට තිබෙනවා. එයට පෙරවදනක් ලියන එහි සභාපති හා තොරතුරු තාක්ෂණ ව්‍යාපාරික මධු රත්නායක කියන්නේ 2007දී ඇමරිකානු ඩොලර් මිලියන් 213ක් විදේශ විනිමය රටට උපයා දුන් මෙම කර්මාන්තය 2013 වන විට එය ඩොලර් මිලියන් 720ක් දක්වා ශීඝ‍්‍රයෙන් වර්ධනය වූ බවයි.

Sri Lanka's IT and BPM Sector Revenues - from SLASSCOM's Report, Sri Lankan IT-BPM Industry Review 2014
Sri Lanka’s IT and BPM Sector Revenues – from SLASSCOM’s Report, Sri Lankan IT-BPM Industry Review 2014

එසේම 2007දී රැකියා අවස්ථා 33,700ක් ජනනය කළ මේ කර්මාන්තය 2013 වන විට 75, 100 දෙනකුට ඍජු රැකියා ලබා දුන් බවත් ඔහු කියනවා. 2007-2013 කාලය තුළ විදෙස් වෙළෙඳපොළ සඳහා තොරතුරු තාක්ෂණ සේවා මෙරට සිය සපයන ලාංකික සමාගම් ගණන 170 සිට 220 දක්වා ඉහළ ගියා.

මේ සමාගම් වැඩිපුර ලබා දෙන නැණසේවා මොනවාද?

එක් ප‍්‍රධාන කාණ්ඩයක් නම් මූල්‍ය හා ගිණුම්කරණ ක්ෂේත‍්‍රයයි. බොහෝ බටහිර හා ඈතපෙරදිග සමාගම් තමන්ට විශ්වාස කළ හැකි හා නිසි ශිල්පීය හැකියාව ඇති දකුණු ආසියාතික සමාගම් හරහා තමන්ගේ ඇතැම් මූල්‍යමය විශ්ලේෂණ සේවා ඉටුකර ගන්නවා. තොරතුරු තාක්ෂණ මෙවලම් හා ඉන්ටර්නෙට් සබඳතා මෙහිදී හුදෙක් ව්‍යාපාරික මාධ්‍යයක් පමණයි. වඩා වැදගත් වන්නේ සියුම් මූල්‍යමය විශ්ලේෂණ කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම හා අත්දැකීම්.

තවත් එක් ප‍්‍රධාන සේවා කාණ්ඩයක් Product Engineering යයි කියනවා. මෙය සරල තේරුම නම් වෙළෙඳපොළ රුචි අරුචිකම් විස්තරාත්මකව අධ්‍යයනය කරමින් යම් භාණ්ඩයක් හෝ සේවාවක් වැඩි දියුණු කිරීමයි. නූතන පාරිභෝගික සමාජය හා ගෝලීය වෙළෙඳපොළ ප‍්‍රවණතා ගැන මනා අවබෝධයක් තිබීමත්, සැලසුම් නිර්මාණ (design) හැකියාවත් මෙයට අවශ්‍යයි.

මීට අමතරව විවිධාංගීකරණය හරහා (diversification) මේ කර්මාන්තය තුළ නව විභවයන් සොයා යන්නට අපේ සමහර සමාගම් සමත්ව සිටිනවා. නීති ලේඛන සම්පාදනය, වාස්තු විද්‍යාත්මක ගෘහ සැලසුම් කිරීම, වෛද්‍ය විද්‍යා ක්ෂේත‍්‍රයේ ලේඛන අවශ්‍යතා ඉටු කර දීම, මේ සේවා පරාසයට අයත්.

Madu Ratnayake, Chairman of SLASSCOM - image courtesy ReadMe.lk
Madu Ratnayake, Chairman of SLASSCOM – image courtesy ReadMe.lk

මෙම නැණ සේවා සපයන ලාංකික සමාගම්වලට තව බොහෝ දුර යෑමට හා ව්‍යාපාර පුළුල් කිරීමට විභවයක් ඇතැ’යි රත්නායක කියනවා. ‘‘රජය තොරතුරු තාක්ෂණ කර්මාන්තය හා පර්යේෂකයන් යන පාර්ශ්ව තුනම සහයෝගයෙන් ලාංකික නැණ සේවා සඳහා ආවේණික වූ ජාත්‍යන්තර වෙළෙඳපොළ අවකාශයන් (niche) සොයා යා යුතුයි. ඉහළ උගත්කම් හා දස්කම් ඇති ශ‍්‍රම බලකායක් අප රට සිටීම එහිදී අපට වාසියක්. එසේම නවීන ලෝකයේ ඉක්මනින් වෙනස්වන පාරිභෝගික චර්යා හා සමාජ ප‍්‍රවණතා මනා සේ තේරුම් ගැනීමද වැදගත්. මේ සුවිශේෂී නැණ සේවාවන් නිසි ප‍්‍රමිතීන්ට යටත්ව තරගකාරී මිලකට අපේ සේවාලාභීන්ට සැපයිය යුතුයි.’’

SLASSCOMහි ඉලක්කය නම් 2022 වන විට වාර්ෂිකව නැණසේවා ක්ෂේත‍්‍රය හරහා විදෙස් සේවාලාභීන් වෙතින් ඩොලර් බිලියන 5ක් ආදායම් මෙරටට උපයාදීමටයි.

දැනටත් මේ කර්මාන්තය රටට විදේශ විනිමය උපයාදීම අතින් 6 වන තැනට පත්ව සිටිනවා. සංසන්දනය සඳහා දැනට වැඩිපුරම විදේශ විනිමය උපයන්නේ විදෙස්ගතව සිටින ලාංකික ශ‍්‍රමිකයන්. නොපුහුණු, පුහුණු හෝ විශේෂඥ ක්ෂේත‍්‍රවල රැකියා හරහා ඔවුන් 2013දී මෙරටට එවූ සමස්ත උපයා ගැනීම්වල එකතුව ඩොලර් බිලියන 6 ඉක්ම වූවා.

Sri Lanka IT Workforce - from SLASSCOM's Report, Sri Lankan IT-BPM Industry Review 2014
Sri Lanka IT Workforce – from SLASSCOM’s Report, Sri Lankan IT-BPM Industry Review 2014

බොහෝ කොටම ශ‍්‍රම වෙළෙඳපොළේ පහත ස්ථරයන්හි සේවා ලබා දෙමින් අපේ ජනයා මිලියන් දෙකක් පමණ දෙනා විදෙස්ගත වී උපයන මේ මුදල්වලින් තමයි හැම රජයක්ම එදිනෙදා වියදම් පිරිමසා ගන්නේ.

2022 වන විට ඩොලර් බිලියන 5 ආදායම් ඉලක්කය හඹා යන්නට නම් ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ප‍්‍රශස්ත මට්ටමක පැවතිය යුතුයි. දකුණු ආසියාවේ අන් රටවලට සසඳන විට දවසේ පැය 24 පුරා අඛණ්ඩ විදුලිබල සැපයුමක් මෙරට පවතින බවත්, ජාත්‍යන්තර විදුලි සංදේශ කේබල් සබඳතා තුනක් හරහා මෙරට ගෝලීය දත්ත ජාලවලට නිතිපතා සම්බන්ධව ඇති බවත්, මීට අමතරව චන්ද්‍රිකා සබඳතා ද ගණනාවක් ඇති බවත් SLASSCOM සිය වෙබ් අඩවියේ කියනවා.

එහෙත් ප‍්‍රශ්න හා අභියෝග ද තිබෙනවා. තොරතුරු තාක්ෂණ ප‍්‍රතිපත්ති විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව මෑතදී පැවති විද්වත් සංවාදයකදී මෙයින් කිහිපයක් මතු කළා. Broadband ඉන්ටර්ටේ සේවාවල දත්ත ගලා යන වේගය ප‍්‍රමිතියකින් තොරව අඩු වැඩි වීම එයින් එකක්. එසේම ඉන්ටර්නෙට් හරහා සංඥා යවා ප‍්‍රතිචාර ලබා ගෙන එක් හුවමාරුවක් සම්පූර්ණ කරන්නට ගත වන (latency නමින් හඳුන්වන) කාලය ජාත්‍යන්තර ප‍්‍රමිතියට වඩා වැඩි වීම තවත් ගැටලූවක්. මේ නිසා සජීව දත්ත විශ්ලේෂණවලට බාධා පැමිණෙනවා.

මෙරට සිට ගෝලීය වෙළෙඳපොළට නැණසේවා සපයන ලාංකික තාක්ෂණවේදීන් ගණනද ඉහළ යමින් පවතිනවා. ඔවුන් පුද්ගල මට්ටමින් විවිධ නැණසේවා ව්‍යාපෘති භාර ගෙන ඉටුකර දී ගෙවීමක් ලබනවා.

තනි පුද්ගල මට්ටමේ දැනුම් සේවා සපයන්නන්ට විදෙස් රටවල සිට ගෙවීම් ලද හැකි සරල ක‍්‍රමයක් වන්නේ PayPal. මේ හරහා ගෙවීම් ලැබීමට තවමත් මෙරට නියාමන අනුමැතිය මහබැංකුව ලබා දී නැහැ. මෙය හදිසි අවශ්‍යතාවක් බව වෘත්තිකයන් වසර ගණනක් සිට මුදල් අමාත්‍යාංශයට හා මහ බැංකුවට කියනවා. යහපාලනය යටතේත් වැඬේ කල් යනවා. නව තාක්ෂණ ක්ෂේත‍්‍ර හරහා ආදායම්, විදේශ විනිමය හා රැකියා අවස්ථා ජනය කිරීම ගැන ගතානුගතික පරිපාලන නිලධාරීන්ට වැටහීමක් නැතිවා විය යුතුයි.

පරම්පරාවකට පෙර අපේ රටේ දක්ෂතම හා ඉහළින්ම උගත් තරුණ තරුණියෝ විදෙස් රටවල ඉහළ වැටුප් ගෙවන රැකියා වෙත ඇදී ගියා. තනි පුද්ගල මට්ටමේ එම තීරණවලට දොස් කියන්නට බැහැ. නැණ සේවා කර්මාන්තය නිසා මෙය ටිකෙන් ටික වෙනස් වනවා.

ලෝක මට්ටමේ වැටුප් නොවූවත් මෙරට මට්ටමින් ඉහළ වැටුප් ලබන අතර මෙරටම සිටීමේ අවස්ථාව දැන් ඔවුන්ට තිබෙනවා.

මේ නිසා බුද්ධි ගලනය සීමා වනවාට අමතරව රටට අභිමානවත්, බුද්ධිමත් ශ‍්‍රම වෙළෙඳපොළක් ලෝක මට්ටමින් ගොඩ නැගෙනවා. ගෘහ සේවිකාවන්, කම්කරුවන්, රියදුරන් ලෙසින් මෙරට ශ‍්‍රමය පිටරට යනවාට අමතරව, වෘත්තිකයන්ට හා තාක්ෂණවේදීන්ට මෙරට සිටම ලොව නන් දෙස විසිරී සේවාලාභීන්ට නැණ සේවා ලබා දිය හැකියි.

See also:

Baseline Sector Analysis of the Business Process Outsourcing industry of Sri Lanka (LIRNEasia & ICTA, 2006)

Key markets for Sri Lanka IT and BPM industries - From SLASSCOM's Report, Sri Lankan IT-BPM Industry Review 2014
Key markets for Sri Lanka IT and BPM industries – From SLASSCOM’s Report, Sri Lankan IT-BPM Industry Review 2014