සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Mahatma Gandhi writing an article

Mahatma Gandhi writing an article

Besides being a political leader and social reformer, Mahatma Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).

These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.

What can today’s journalists and publishers learn from Gandhi? I revisit this again in this week’s Ravaya column (published on 21 June 2015), continuing an exploration started last week.

See also: සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

The Typewriter used by Mahatma Gandhi while  living and working in South Africa

The Typewriter used by Mahatma Gandhi while living and working in South Africa

මහත්මා ගාන්ධි තරුණ වියේදී වසර 21ක් දකුණු අප‍්‍රිකාවේ ගත කළ සැටිත්, ඒ වකවානුවේදී පොදු උන්නතිය හා සමාජ සාධාරණත්වය උදෙසා අරගල කරන්නට ලිඛිත සන්නිවේදනය හා පුවත්පත් කලාව යොදා ගැනීම ප‍්‍රගුණ කළ සැටිත් අප ගිය සතියේ කතා කළා.

මුළුමනින්ම ආචාරධර්මීය රාමුවක් තුළ සිය සඟරා පවත්වා ගෙන යන්නටත්, සැම විටම ආචාරශීලී බස් වහරකින් දේශපාලනික හා සමාජයීය ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් හා සංවාද කිරීමටත් ඔහු වග බලා ගත්තා.

පත්‍ර කලාව ඉතා වැදගත් හා උතුම් සමාජ කාරියක් ලෙස ඔහු සැළකුවා. වරෙක ඔහු කීවේ: “බයිබලය, කෝරානය, භගවත් ගීතාව වැනි සාමයික ග‍්‍රන්ථ තරම්ම ජන සමාජයට වැදගත් තැනක් අපේ කාලයේ පුවත්පත් ලබා ගනිමින් සිටිනවා. මේ වැදගත්කම හා ගාම්භීර බව රැක ගත යුතුයි. හොඳ පත‍්‍රකලාවේදියකු සිය පාඨකයන් බිය නොවද්දා, නොරවටා ඒ වෙනුවට ඔවුන්ට තොරතුරු හා විග‍්‍රහයන් ලබා දෙමින් හරි දේ සඳහා පෙනී සිටිය යුතුයි.’’

සිය ජීවිත කාලය (1869 – 1948) තුළ සංස්කාරක හෝ තීරක මට්ටමෙන් වාරික ප‍්‍රකාශන හයක් සමග ගාන්ධි සමීපව සම්බන්ධ වුණා. දකුණු අප‍්‍රිකාවේ කළ Indian Opinion සඟරාව එයින් පළමුවැන්නයි. ජොහැනස්බර්ග් නුවර කේන්ද්‍ර කර ගෙන සඟරාව කරමින් හා වෙනත් දේශපාලන කටයුතුවල නියැලෙමින් සිටි ගාන්ධි, විටින් විට සුදු ජාතික බලධාරීන් සමග මතවාදීව ගැටුණා.

Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902

Mohandas Gandhi (center) sits with co-workers at his Johannesburg law office in 1902

1906දී හඳුන්වා දුන් ‘ආසියාතික ආඥා පනත’ යටතේ දකුණු අප‍්‍රිකාවේ සිටි සියලූ ආසියාතිකයන් ලියාපදිංචි විය යුතු බව හා සැම විටම අනන්‍යතා පත‍්‍රිකා රැගෙන යා යුතු බවට නියම වුණා. සුදු යුරෝපීයයන්ට නොතිබි මේ නීතීයට එරෙහිව ගාන්ධි ප‍්‍රමුඛ ආසියාතිකයන් උද්ඝෝෂණය කළා.

ලියාපදිංචි වීම ප‍්‍රතික්ෂේප කළ ගාන්ධි ඇතුළු ඉන්දියානුවන් කිහිප දෙනකු 1908 ජනවාරියේ සිරගත කරනු ලැබුවා. ඔහුගේ ජීවිතයේ දේශපාලන සිරකරුවා වූ වාර ගණනින් මුල් වතාව එයයි.

ගාන්ධිට එරෙහිව තීන්දුව ප‍්‍රකාශ වූ දිනයේ ඔහුගේ Indian Opinion සඟරාව සිය පාඨකයන්ගෙන් ඉල්ලීමක් කළා. “සිවිල් අකීකරුකම හා සාමකාමී විරෝධය යන සංකල්ප දෙක කැටි කර ගත්, ඉන්දීය භාෂා උරුමයෙන් සකසා ගත් යෙදුමක් යෝජනා කරන්න.’’

පාඨක යෝජනා අතරින් ගාන්ධි තේරීමක් කළා. ‘සත්‍යාග‍්‍රහ’ (satyagraha) නම් යෙදුම හැදුණෙත්, භාවිතයට ආවේත් එලෙසයි. ඒ යෙදුම වටා අවිහිංසාවාදී උද්ඝෝෂණ සඳහා සංකල්පීය රාමුවක් ගාන්ධි හඳුන්වා දුන්නා.

පසු කලෙක ඉන්දීය නිදහස් අරගලය, අමෙරිකාවේ කළු ජාතිකයන්ගේ සමානතා අරගලය මෙන්ම දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි අරගලය යන සියල්ලට මතවාදීව විශාල බලපෑමක් කළේ මේ සත්‍යාග‍්‍රහ සංකල්පයයි.

සිය පුවත්පත් හා සඟරාවලට වෙළෙඳ දැන්වීම් භාර නොගැනීම ගාන්ධි ප‍්‍රතිපත්තියක් සේ දිගටම පවත්වා ගත්තා. අමාරුවෙන් වුවත් පිටපත් අලෙවියෙන් ලැබෙන ආදායම, ස්වේච්ඡා ශ‍්‍රම දායකත්වය හා (ඇතැම් විට) දානපති ආධාර සංකලනය කොට ඔහු එම ප‍්‍රකාශන නඩත්තු කළා.

මේ ගැන ඔහු පසුව ආවර්ජනය කළේ මෙසේයි. ‘‘දැන්වීම් නොගත් නිසාවට අපට එතරම් ලොකු පාඩුවක් වූයේ නැහැ. අප කෙසේ හෝ අය-වැය පියවා ගත්තා. එහෙත් දැන්වීම් නැති නිසා කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව මත දැක්වීමේ නිදහස අපට ලැබුණා.’’

Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha

Indian postage stamps issued in 2006 to mark the centenary of Satyagraha

1914දී ආපසු ඉන්දියාවට පැමිණි පසු ගාන්ධි Young India සහ Navjivan නම් සඟරා දෙකක් සඳහා වගකීම භාර ගත්තා. 1919-1932 කාලයේ සතිපතා පළකරනු ලැබූ Young India හරහා බි‍්‍රතාන්‍ය යටත්විජිත පාලකයන්ගේ අත්තනෝමතික ක‍්‍රියා ක‍්‍රමානුකූලව විවේචනය කළා. එසේම අවිහිංසාවාදී විරෝධය පළ කිරීමට සත්‍යාග‍්‍රහ කිරීම ගැන ජනමතයක් ප‍්‍රවර්ධනය කළා.

ඉංග‍්‍රීසියෙන් කරන සඟරා කලාව ඉන්දීය ප‍්‍රභූ පැළැන්තිය නිදහස් අරගලය සඳහා ඒකරාශී කිරීමට වැදගත් වූවත්, එතැනින් නතර නොවූ ගාන්ධි හින්දි හා (ඔහුගේ මවු බස වූ) ගුජරාටි බසින් නව්ජීවන් සඟරාව පළ කළා. මේ ස්වභාෂා සඟරාවේ බහුතරයක් පාඨකයන් ඉන්දියාවේ හද ගැස්මට වඩා සමීප ගොවීන් හා කම්කරුවන් බව ඔහු නිතර කියා සිටියා.

සඟරා සංස්කරණය, මුද්රණය හා බෙදාහැරීම ගැන ඔහු අධීක්ෂණය කළේ වෙනත් බොහෝ දේශපාලනික හා සමාජයීය වගකීම්වලට උර දෙන අතරයි. ඔහු කෙතරම් කාර්යශූර කෙනකු වී ද යන්න අපට සිතා ගත හැකියි.

ඉංග‍්‍රීසි ලිපි ටයිප් කළත් ගුජරාටි හා හින්දි ලිපි ඔහු ලිව්වේ අත් අකුරින්. සමහර දිනවල ඔහු නිදි වරාගෙන පාන්දර යාමය වන තුරු ලියනවා. ඔහුගේ ජීවන තොරතුරුවලට අනුව දකුණතින් ලියා වෙහෙස වූ විට වමතින් ද ලිවීමට ඔහු සමත් වුණා.

Young India, Edited by M K Gandhi

Young India, Edited by M K Gandhi

රටේ දුර ප‍්‍රදේශවලට දුම්රියෙන් යන විටද ඔහු ලිපි ලිව්වා. සමහර ප‍්‍රසිද්ධ ලිපි හා ප‍්‍රකාශ ඔහු ලියා ඇත්තේ මෙබඳු ගමන්වලදී. ඔහු වචන හරඹයේ සංයමය මෙන්ම ලිවීමට පටන් ගත් විට කාලය කළමනාකරණය කර ගැනීමේ විනය ද තිබූ අයෙක්. වරෙක දුම්රිය ගමනකදී ලියා නිම කළ යුතු වූ ලිපියක් වෙත පූර්ණ අවධානය යොමු කරන්නට ඔහු දුම්රිය වැසිකිළියට වී දොර වසා ගෙන වැඩ කළ බව වාර්තා වී තිබෙනවා.

Harijan magazine

Harijan magazine

කුල පීඩිත යැයි කොන් කර සිටි මිලියන් ගණනක් ඉන්දීය ජනයාගේ අයිතීන් හා අභිවෘද්ධිය උදෙසා ඔහු 1932 පෙබරවාරියේ හරිජන් Harijan නම් සඟරාවක් සතිපතා ඉංග‍්‍රීසි, හින්දි හා ගුජරාටි බසින් ඇරැඹුවා. මාස දෙකක කාලයක් තුළ වෙළෙඳපොළේ පිටපත් අලෙවියෙන් පමණක් සඟරාව පාඩු නැතිව කරන්නට ඔහුට හැකි වුණා. හරිජන් ජනප‍්‍රිය වීමත් සමග ස්වේච්ඡුා සේවකයන්ගේ උපකාර ඇතිව එහි තවත් මුද්‍රණ උර්දු, දෙමළ, තෙළිඟු, මරාති. කන්නඩා හා බෙංගාල භාෂාවලින්ද පළ කළා.

ගාන්ධි සඟරා නිෂ්පාදන හා වෙළදපොල පැතිකඩ ද අත්දැකීමෙන් ප්‍රගුණ කළා.

‘‘දකුණු අප‍්‍රිකාවේ සඟරා කතුකම හරහා මා හොඳින් තේරුම් ගත්තේ මෙබඳු ප‍්‍රකාශනයකට තමන්ගේම මුද්‍රණාලයක් අවශ්‍ය බවයි. බි‍්‍රතාන්‍ය පාලකයන් යටතේ මුද්‍රණාල පිළිබඳ නීතිරීති තදින් ක‍්‍රියාත්මක වූ බැවින් මා වැනි නිවහල් අදහස් ලියන්නකුගේ ප‍්‍රකාශන මුද්‍රණය කිරීමට වාණිජ මට්ටමේ මුද්‍රණාල හිමියන් පසුබට වන බව මා දන්නවා. මේ නිසා අපේම මුද්‍රණාලයක් අප අහමදාබාද්හි ඇරඹුවා.’’

ඒ වන විටත් නවජීවන් සඟරාව අහමදාබාද් කේන්ද්‍ර කරගෙන පළ කරමින් තිබුණා. මුලදී බොම්බායෙන් පළ වූ ශදමබට ෂබාස් සඟරාව ද එනුවරට ගෙන ඒමට ගාන්ධි ක‍්‍රියා කළා.

දැන්වීම් නැතිව වුවත් සඟරා පාඩු නොලබා කර ගෙන යන්නට කාර්යශූර වූ ඔහුට ඉංග‍්‍රීසි හා ස්වභාෂා සඟරාවලින් පිටපත් 40,000ක් පමණ අලෙවි කරන්නට හැකි වුණා. ඔහු සිරගත කරනු ලැබූ වකවානුවල අනුගාමිකයන් හා සහෘදයන් ප‍්‍රකාශන නොකඩවා පළ කළා.

දේශපාලන අරගල හා සත්‍යග‍්‍රහයන් කිරීම නිසා 1920-1940 වකවානුවේ ගාන්ධි ඇතුළු නායකයන් විටින් විට කෙටි කලකට සිර ගත කැරෙනවා. එවිට ඔහුගේ අනුගාමිකයන් සඟරා දිගටම පවත්වා ගෙන යතත් අලෙවිය පහත වැටෙනවා. සිරෙන් නිදහස් වූ විගස ගාන්ධි යළිත් සඟරා අලෙවිය වැඩි කිරීමට වෙහෙස වනවා.

This was first serialised in Gandhi's magazines

This was first serialised in Gandhi’s magazines

පළමුවරට ඉන්දියාවේ සිරබත් කා නිදහස් වූ පසු ගාන්ධි ඒ දක්වා තම චරිත කථාව කොටස් වශයෙන් සිය සඟරාවල පළකිරීමට පටන් ගත්තා. වසර තුනක් සතිපතා පළවූ මේ චරිතාපදානය ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා පාඨක අවධානයට යොමු වුණා. පසුව මෙය පොතක් ලෙස (The Story of My Experiments with Truth, 1927) නමින් ප්‍රකාශ කෙරුණා.

සිරගත කරනු ලැබු කිසි විටෙක රජයේ කොන්දේසි මත ලිපි ලිවීමට ඔහු එකඟ වූයේ නැහැ. වාරණය පිළිගනු වෙනුවට නොලියා සිටීමට ඔහු තීරණය කළා. තම සඟරා යටත්විජිත රජය විසින් නවතනු ලැබුවහොත් තම අදහස් තව දුරටත් සමාජයේ සංසරණය වනු ඇති බව ද ඔහු දැන සිටියා.

එසේම අතිශයින් දුෂ්කර වූ 1920 හා 1930 දශකවල තමන්ගේ මානසික ඒකාග‍්‍රතාව පවත්වා ගන්නට ද පුවත්පත් ලිපි ලිවීම හා කතුකම උපකාර වූ බව ඔහු කියනවා.

‘‘මේ සඟරා කිරීම හරහා මට මානසික සුවයක් ලැබුණා. බි‍්‍රතාන්‍ය පාලනයට එළිපිටම එරෙහි වෙමින් සත්‍යාග‍්‍රහ කිරීමට නීතිමය බාධා එළැඹුණු විටදී පවා මතවාදීව හා බුද්ධිමය වශයෙන් ඔවුන්ට එරෙහිව ජනමතය ගොඩ නංවන්නට මට මේ සඟරා වේදිකාවක් ලබා දුන්නා. දැඩි මර්දනකාරී මාෂල් නීතී වාතාවරණයක් තුළ අපට නිදහස් අරගලය ටිකෙන් ටික හෝ ඉදිරියට ගෙන යාමට සඟරා හරහා අප අවකාශයක් සොයා ගත්තා.’’

ගාන්ධිගේ පත කලාව සමීපව අධ්යයනය කළ පර්යේෂකයන් කියන්නේ ඔහු උද්වේගකාරී, භාව රකෝපකාරී කිසිවක් නොලියූ හා පළ නොකළ බවයි. ඔහු යළි යළිත් මහත් ඕනෑකමින් ප‍්‍රවර්ධනය කළ මාතෘකා අතර හින්දු-මුස්ලිම් සමගිය, අවිහිංසාව, සත්‍යග‍්‍රහ හරහා අධිරාජ්‍යවාදයට එරෙහිවීම. නිසි පෝෂණය, ස්වභාවික බෙහෙත් මගින් රෝග නිවාරණය, මත්පැන් පිටු දැකීම, තමන්ගේ කපු ඇඳුම් තමන්ම වියා ගැනීම, ස්වදේශිකත්වය හා දේශීය කර්මාන්ත නගා සිටුවීම ආදිය වූවා.

Mahatma Gandhi As A Journalist

නිදහස හුදු දේශපාලනික සංකල්පයක් නොවී ආර්ථික, සමාජයීය හා චින්තනමය ස්වාධිපත්‍යය ද ලබා ගත යුතු බවට ඔහුගේ දැක්ම මේ මාතෘකා විදහා දක්වනවා.

පත‍්‍ර කලාව හා කර්මාන්තය ගැන ගාන්ධිගේ අදහස් පරමාදර්ශී මට්ටමේ තිබුණා යැයි කිව හැකියි.

‘‘ජන සමාජයට ඉමහත් බලපෑමක් කළ හැකි ඇතැම් කාර්යයන් රැකියාවක් ලෙස පමණක් කිරීමෙන් එහි අරමුණු අයාලේ යන්නට ඉඩ තිබෙනවා. පුවත්පත් කලාව එබන්දක්. එසේම පුවත්පත් පළ කිරීම ලාබ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයක් ලෙස පමණක් කිරීමෙන් නොයෙක් අකටයුතුකම් සිදු විය හැකියි.’’

Gandhi reading newspaper in 1947

Gandhi reading newspaper in 1947

ගාන්ධි දිගටම ගත් ස්ථාවරය වූයේ පුවත්පතේ ප‍්‍රධාන වගකීම තත්කාලීන සිදුවීම් හා සමාජ ප‍්‍රශ්න ගැන ජනයා දැනුවත් කිරීම හා ජන අවබෝධය පුළුල් කිරීම බවයි.

‘‘මෙය අති භාරදුර වගකීමක්. එසේම පුවත්පත් සැම විට විශ්වාස කළ නොහැකි බවත් පාඨකයන් දන්නවා. සමහර පුවත්පත් වාර්තා කරන දෙය සැබෑ සිදුවීමකට වඩා හාත්පසින් වෙනස්. මෙයට එක් හේතුවක් නම් කඩිමුඩියේ ප‍්‍රවෘත්ති හා වෙනත් ලිපි සම්පාදනය කිරීමට සිදු වීමයි. දුෂ්කර තත්ත්වයන් යටතේ ප‍්‍රවෘත්ති සොයා ගෙන, පෙළ ගස්වා, පළ කිරීම කතුවරුන් නිතිපතා මුහුණ දෙන අභියෝගයක්. ඇත්ත නැත්ත තෝරා බේරා ගන්නට ඔවුන්ට බොහෝ විට ලැබෙන්නේ ඉතා කෙටි කාලයක්. මේ සියල්ල එසේ වූවත් මගේ අදහස නම් යම් තහවුරු කිරීමකින් තොරව කිසිදු වාර්තාවක් පළ කිරීමට වඩා නොකර සිටීම වඩා හොඳ බවයි.’’

තම පුවත්පතේ සමස්ත අන්තර්ගතය ආචාර ධර්මවලට අනුකූලව පවත්වා ගත යුතු බව ඔහු විශ්වාස කළා. පත්තරය හා සඟරාවක අන්තර්ගතය තරමටම එහි කතුවරුන්ගේ සමාජ දැක්ම හා ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් ද සංකේතාත්මක වැදගත්කමක් ගන්නා බව ඔහු විශ්වාස කළා.

ඔහු කීවේ: ‘‘පිටපත් අලෙවියෙන් පමණක් පුවත්පතක් පවත්වා ගෙන යාම අසීරුයි. මේ නිසා වෙළෙඳ දැන්වීම් හරහා ආදායම් ඉපැදවීමට බොහෝ පුවත්පත්වලට සිදු වනවා. ඒ හරහා නොදැනුවත්වම පරස්පර විරෝධී තත්ත්වයන් පැන නගිනවා. පත‍්‍රයක කතුවැකිය හෝ ලිපි මගින් සමාජයට අහිතකර යයි විවේචනය කැරෙන දේ එම පත‍්‍රයේම දැන්වීම් මගින් ප‍්‍රවර්ධනය කළ හැකියි.’’

‘‘වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ දැන්වීම් මා පත‍්‍රවල දකිනවා. මේවා බහුතරයක් අපේ ජනයාගේ සෞඛ්‍යයට දිගුකාලීනව හානිකරයි. මහජනයා යහමඟට යොමු කිරීමේ වගකීම ඇති පුවත්පත් ඔවුන්ට වැරදි පණිවුඩ දීම කෙතරම් වැරදිද? වෙළෙඳපොල බලපෑම් හමුවේ පත‍්‍ර කලාව තවදුරටත් මහජන සේවයක් ලෙස කරන්නට අපහසු වී තිබෙනවා. නොයෙක් වැල්වටාරම් හෝ ප‍්‍රලාපයන් සමාජගත කර ජන මනස කිලිටි නොකිරීමට හැම පුවත්පතක්ම දැඩි සංයමයකින් ක‍්‍රියා කළ යුතු වනවා.’’

පත‍්‍රකලාව හා ජනසන්නිවේදනය ගැන ඔහු නොයෙක් විට ලියා හා කතා පවත්වා තිබෙනවා. වරෙක ඔහු කීවේ: ‘‘හොඳ පත‍්‍රකලාවේදියෙක් හරියට ඉක්මනින් පැතිරෙන බෝවන රෝගයක් මෙන් විය යුතුයි. එක් සමාජ ස්ථරයකට සීමා නොවී ජන සමාජයේ හැම තැනකටම කාර්යක්ෂමව සංසරණය වන ප‍්‍රකාශන බිහි කළ යුතුයි.’’

ගාන්ධිගේ පත‍්‍රකලා ජීවිතය පුරාම ඔහු ප‍්‍රගුණ කළ මූලික ගුණාංග තුන වූයේ සංලේඛ්‍ය නිදහස (editorial independence), සත්‍යගරුක වීම හා සංයමයෙන් බස හැසිරවීමයි. මේ ගුණාංග අදත් මාධ්‍යකරණයකට අත්‍යවශ්‍ය වෙනවා.

එසේම සමාජ උන්නතිය සඳහා පෙනී සිටි පමණට පුවත්පත් පූජනීය තත්ත්වයකින් සැලකිය යුතු නොවන බවත් ගාන්ධිගේ අදහස වුණා. පුවත්පත් හා සඟරා වැරදි ස්ථාවරයන් ගත් විට සමාජයේ වියතුන් හා සෙසු පාඨකයන්ට ඒවා විවේචනය කිරීමේ පූර්ණ අයිතිය ඇති බව ඔහු කියා සිටියා.

ගාන්ධි වෙබ් ලේඛනාගාරය https://www.gandhiheritageportal.org/

 

සිවුමංසල කොලූගැටයා #223: මෝහන්දාස් කේ. ගාන්ධි නම් වූ ජන සන්නිවේදකයා

Gandhi quote on the press

“Journalism to be useful and serviceable to the country will take its definite place only when it becomes unselfish and when it devotes its best for the service of the country, and whatever happens to the editors or to the journal itself, editors would express the views of the country irrespective of consequences…”

Mahatma Gandhi said these words on 22 March 1925, when unveiling the portrait of S. Kasthuriranga Iyengar, the late Editor of The Hindu, at the newspaper’s Chennai office. These words summed up the basic tenets of true journalism that Gandhi believed in – and practised.

Besides being a political leader and social reformer, Gandhi was also a prolific writer, journalist and editor for much of his life. He was the editor of three English weeklies, namely Indian Opinion (in South Africa during 1903-1915), Young India (1919- 1931), and Harijan (1933-1942 and 1946-January 1948).

Indian Opinion was bi-lingual (English and Gujarati). For some time it had also Hindi and Tamil sections. Young India had a Gujarati edition – Navajivan. Harijan was printed in several Indian language editions. These journals, which he described as “viewspapers”, were means of political and social movements. But they were also printed, distributed and sold in the open market just like other journalistic products.

What can today’s journalists learn from Gandhi as a mass communicator and journalist/editor? I explore this in this week’s Ravaya column (published on 14 June 2015).

Part 2: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Younger and mature Mahatma Gandhi

Younger and mature Mahatma Gandhi

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය ප‍්‍රතිසංවිධානය හා ප‍්‍රතිව්‍යුහකරණය ගැන සංවාද කැරෙන මේ දිනවල මාධ්‍ය බහුතරයක් ආචාර ධර්මීය නොවන ලෙසින් ක‍්‍රියා කිරීම ගැන කුමක් කළ හැකි ද යන්නත් සාකඡ්චා කැරෙනවා.

මාධ්‍ය ආචාර ධර්ම (media ethics) බටහිර රටවලින් අපේ වැනි රටවලට ආරෝපණය කරන තවත් බලපෑමක්ද? මේ ප‍්‍රශ්නය පසුගිය දිනෙක මගේ මාධ්‍යවේදී සිසුවකු අහිංසක ලෙසින් මතු කළා.

පුවත්පත් සඳහා ආචාර ධර්ම පද්ධතියක් මුල් වරට 1922දී ලේඛන ගත කළේ අමෙරිකානු පුවත්පත් කතුවරුන්ගේ සංගමය (American Society of News Editors, ASNE) බව ඓතිහාසික සත්‍යයක්. http://goo.gl/X6sS8o

පසු කලෙක එය ලොව පුරා රටවල් තමන්ට ගැලපෙන පරිදි අදාළ කර ගත්තා. හොඳ දෙයක් කොතැනින් මතු වුවත් එය අගය කළ යුතුයි. මේ ඔස්සේ තව දුරටත් කල්පනා කරන විට මට සිහි වූයේ 20 වන සියවසේ මෙන්ම මිනිස් ඉතිහාසයේම මහා පුරුෂයකු ලෙස සැලකෙන මහත්මා ගාන්ධිතුමාගේ පුවත්පත් ලේඛක හා කතුවර භූමිකාවයි.

20 වන සියවස මුලදී තරුණ ගාන්ධි තමන්ටම ආවේණික වූ ප‍්‍රතිපත්ති හා ආචාර ධර්ම රාමුවක් අනුගමනය කරමින් මාධ්‍ය හරහා සන්නිවේදනය කළා. ගාන්ධිගේ ජන සන්නිවේදන ශිල්ප ක‍්‍රම හා ආචාර ධර්ම විමසා බැලීමෙන් සියවසකට පසු අපට තවමත් ආදර්ශ ගත හැකියි.

මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි (1869 – 1948) අප හඳුනන්නේ අවිහිංසාවාදීව ඉතිහාසයේ විශාල වෙනසක් කළ අයකු ලෙසින්. ශ්‍රේෂ්ඨ ආත්මය යන අරුත ඇති ‘මහත්මා’ නම් ගරු නාමය ඔහුට ලැබුණේ ජීවිතයේ මැදි වියේදී.

බි‍්‍රතාන්‍යයන් පාලනය කරන ඉන්දියාවේ ඉපදී අධිරාජ්‍ය පාලකයන්ගේ ඉංග‍්‍රීසි බස මනාව උගෙන, ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහිව අධිෂ්ඨානශීලීව හා නිරායුධව අභියෝග කළ මේ පුංචි මිනිසා ඉතිහාසයේ අතිශය කලාතුරකින් හමු වන ආකාරයේ අසාමාන්‍ය චරිතයක්.

ගාන්ධිගේ ජීවිත කතාව අධ්‍යයනය කළ බොහෝ දෙනකු ඔහුගේ අවංක බව, ප‍්‍රතිපත්ති ගරුක බව හා භේද නොතකා සියලූ දෙනාට එක දේ සැලකීමේ ගුණය අගය කරනවා.

ඔහු මිලියන සිය ගණනක සාමාන්‍ය ඉන්දියානු ජනයා නිදහස උදෙසා සාමකාමී ලෙසින් කුළු ගැන්වූයේ හා දශක ගණනක අරගලය පුරාම සංවරව පවත්වා ගත්තේ කෙසේද?

එයට ඔහුගේ තීක්ෂණ බුද්ධිය මෙන්ම උසස් සන්නිවේදන කුසලතාත් උපකාරී වූවා. ගාන්ධි නම් වූ විශිෂ්ඨ ජන සන්නිවේදකයා ගැන ඉන්දියාවේත්, ඉන් පිටතත් සන්නිවේදන පර්යේෂකයන් තවමත් අධ්‍යයනය කරන්නේ මේ නිසා. ඔහුගේ මාධ්‍ය කලාවේ පැතිකඩ කිහිපයක් විමසා බලමු.

Gandhi mobilised millions, but was never a great orator

Gandhi mobilised millions, but was never a great orator

19 හැවිරිදි තරුණයකු ලෙස 1888දී ගාන්ධි එංගලන්තයට ගියේ නීතිය උගෙන නීතීඥයකු වීමටයි. මධ්‍යම පාන්තික වෙළද පවුල් පසුබිමකින් ආ ඔහුට ඉංග‍්‍රීසි බස ආගන්තුක නොවූවත් එංගලන්තයේ වෙනස් සමාජ පසුබිමට හුරු වන්නට ටික කලක් ගත වුණා. නීති දේශනවලට යොමුවන්නටත් පෙර පටන් ඔහු එරට පුවත්පත් නිතිපතා කියැවීමට පටන් ගත්තා.

ඉන්දියාවේ සිටියදී පුවත්පත් නොකියවූ තරුණ ගාන්ධි බි‍්‍රතාන්‍ය පුවත්පත් අගය කළා. රටක දේශපාලන හා සමාජ තත්ත්වයන් ගැන අවබෝධයක් ලබන්නට පුරවැසියන්ට උදව් වන්නේ උසස් ගණයේ පුවත්පත් හා සඟරා පැවතීම බවත් නූතන සමාජයේ ජන මතය හසුරුවන්නට මේවාට ලොකු බලයක් ඇති බවත් ඔහු වටහා ගත්තා.

මුද්‍රිත ජන මාධ්‍ය ගැන ඔහු මෙසේ තරුණ වියේදී ඇතිකරගත් පැහැදීම හා විශ්වාසය ජීවිත කාලය පුරාම පැවතියා.

ගාන්ධිගේ සන්නිවේදන භූමිකාව අධ්‍යයනය කළ අහමදබාද්හි ගුජරාට් විද්‍යාපීඨ උපකුලපති සුදර්ශන් අයෙන්ගර් (Dr Sudarshan Iyengar) කියන්නේ මෙයයි. ‘‘ගාන්ධි ලිඛිත මාධ්‍යයට වඩා ළැදි වීමට තවත් හේතුවක් නම් ප‍්‍රසිද්ධ සභා අමතා කතා කිරීමට සහජයෙන් ඔහු තුළ තිබූ සබකෝලයයි. පරිණත වියේදී පවා ඔහු දක්ෂ කථිකයකු වූයේ නැහැ. කට වචනයෙන් සන්නිවේදනයට තමාගේ සීමා හඳුනා ගත් ඔහු ලිඛිත සන්නිවේදනයට හැකි තරම් කාලය හා ශ‍්‍රමය යෙදවූවා. සභා ඇමතීම බොහෝ විට කථිකත්වයෙන් තමාට වඩා දක්ෂයන්ට භාර කළා.’’

තම සබකෝලය ගැන ගාන්ධි සිය ආත්ම චරිතාපදානයේ (The Story of My Experiments with Truth, 1927) විවෘතව සාකච්ඡා කරනවා. පසු කලෙක වෘත්තීය නීතිඥයකු ලෙස උසාවි ඇමතීමට පෞරුෂය ගොඩ නගා ගත්තද ඔහු කිසි දිනෙක (නෙල්සන් මැන්ඩෙලා මෙන්) ජනකාන්ත වේදිකා කථිකයකු වූයේ නැහැ.

Gandhi was 24 when he arrived in Pretoria to work as a legal representative for the Muslim Indian Traders based there

Gandhi was 24 when he arrived in Pretoria to work as a legal representative for the Muslim Indian Traders based there

‘‘මේ සබකෝලය හඳුනා ගත් මා එය කෙමෙන් සවියක් බවට පත් කර ගත්තා. හරි තැනට ඔබින විදිහට හිටිවනම කතා කිරීමට නොහැකි වීම ගැන මුල් යුගයේ මා පසුතැවිලි වූවත්, පසුව මා තේරුම් ගත්තේ එය වාසියක් ද වන බවයි. මගේ සිතිවිලි දැඩි සංයමයෙන් හසුරුවා ගන්නටත්, කියන්නට ඇති දේ හැකි තාක් කෙටියෙන් කියන්නටත් මා පුහුණු වුණා. මේ නිසා මගේ මුවින් වල්පල්, අතිශයෝක්ති, හරසුන් කිසිවක් පිට වන්නේ නැහැ. යමක් කතා කරන විට මෙන්ම ලියන විටත් හැකි තාක් සංක්ෂිප්තව, සරලව හා ඍජුව වචන ගලපන්නට මා සැම විටම තැත් කරනවා. එසේම නිහඬ විය යුතු තැන්හිදී නිහඬවීමට ද මා දන්නවා.’’

අයෙන්ගර්ගේ අදහසට අනුව ගාන්ධිගේ පුවත්පත් කලාව ඉහත කී ආචාර ධර්මීය හා විනයානුකූල රාමුව තුළම සිදු වුණා. ගාන්ධි ලොව තිබූ විශාලතම අධිරාජ්යයට එරෙහිව රතිපත්තිමය අරගලයක් ගෙන ගියේ දැඩි පීඩන හා හිරිහැර මැදයි. එහෙත් කෙතරම් දුෂ්කර අවස්ථාවකදීවත් ආවේගශීලී නොවන්නටත්, සීරුවෙන් හා ආචාරශීලීව භාෂිත හා ලිඛිත රකාශ හසුරු වන්නටත් ඔහු රවේශම් වුණා. ඔහු දූරදර්ශී ජන නායකයකු වීමට මේ සන්නිවේදන ගුණාංග දායක වූවා.

ගාන්ධිගේ චරිත කතාව මෙසේ කැටි කළ හැක්කක් නොවෙයි. අප මෙහිදී අවධානය යොමු කරන්නේ ඔහුගේ ජන සන්නිවේදන ක‍්‍රියා ගැන පමණයි.

තරුණ වියේදී ගාන්ධි ඉතා හොඳින් ඉංග‍්‍රීසි බස හසුරු වන්නටත් ඉංග‍්‍රීසියෙන් ටයිප් කරන්නටත් උගත්තා. මේ හැකියාවන් සමාජ හා දේශපාලන ක‍්‍රියාකාරිකයකු ලෙස ඔහුට ජීවිත කාලය පුරාම ප‍්‍රයෝජනවත් වුණා. සුද්දා සමග ගැටෙන්නට ඔහුගේ බස ඔහුටත් වඩා හොඳින් ප‍්‍රගුණ කිරීමේ අගය ගාන්ධි දැන සිටියා.

1891දී නීතිඥයකු ලෙස බි‍්‍රතාන්‍යයේ දිවුරුම් දුන් ගාන්ධි, සිය රට බලා ගියා. එහෙත් බොම්බායේ නීතිඥයකු ලෙස ක‍්‍රියා කිරීමට ඔහු ගත් උත්සාහය සාර්ථක නොවූයේ සාක්ෂිකරුවන් සමීපව ප‍්‍රශ්න කිරීමට ඔහු මැලි වූ නිසා යයි කියනවා.

1893දී ඔහු දකුණු අප‍්‍රිකාවේ වෙළෙදාම් කරමින් සිටි ඉන්දියානු මුස්ලිම් සමාගමක නීතීඥයා ලෙස එරටට ගියා. වසරක කොන්ත‍්‍රාත්තුවක් මත ගියත් අන්තිමේදී ගාන්ධි වසර 21ක් (1893 – 1914) එරට ගත කළා. ඔහුගේ දේශපාලන හා සන්නිවේදන කුසලතාවන් වඩාත් ඔප් නැංවී ආයේ මේ අත්දැකීම් හරහායි.

ගාන්ධිගේ මේ ජීවන වකවානුව දෙරටේම දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමට හේතු වුණා. දශක ගණනකට පසු ඉන්දියාවේ සංචාරය කරමින් ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා කීවේ: ‘‘භාරතය අප වෙත මොහන්දාස් ගාන්ධි දායාද කළා. අප ඔහුව ආපසු මවු රටට එව්වේ මහත්මා ගාන්ධි ලෙසින්!’’ (“You gave us Mohandas; we returned him to you as Mahatma Gandhi.”)

දකුණු අප‍්‍රිකාවේ ඉන්දියානු සම්භවය ඇති මිනිසුන්ගේ මානව අයිතීන් උදෙසා පෙනී සිටීමටත්, එවකට එරට පාලනය තළ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමටත් ගාන්ධි සිය විවේක කාලය කැප කළා.

එවකට එරට පැවති දේශපාලන හා සමාජ තන්ත‍්‍රයේ විසමතා හා අසාධාරණකම්වලට එරෙහිව නිරායුධ වුත්, ප‍්‍රතිපත්තිමය වුත් අරගලයක් ඔහු දියත් කළාග ජනයා දැනුවත් කිරීම හරහා ඔවුන් බලාත්මක කිරීමේ ප‍්‍රධාන ක‍්‍රමෝපායක් ලෙස ඔහු Indian Opinion නම් සඟරාවක් 1904දී ඇරැඹුවා.

Indian Opinion in 1913

Indian Opinion in 1913

Indian Opinion සඟරා කතුවරයා මන්සුක්ලාල් නසාර් නමැත්තකු වුවත් එහි කර්තෘ මණ්ඩල වගකීම් වැඩි ප‍්‍රමාණයක් ඉසිලූවේ ගාන්ධියි. එවකට දකුණු අපි‍්‍රකානු දේශපාලන යථාර්ථය ගැන ඒ වන විට ලබා ගෙන තිබූ අවබෝධයත්, කලක් බි‍්‍රතාන්‍ය පුවත්පත් කියැවීමෙන් ලත් ආභාෂයත් ඔහුට උපකාර වුණා.

අමාරුවෙන් පවත්වාගෙන ගිය මේ සඟරාවට කර්තෘමය දායකත්වයට අමතරව ගාන්ධි නීතීඥයකු ලෙස ඉපැයූ ආදායමින් කොටසක් ද යෙදවූවා. එක් අවස්ථාවක ඔහුගේ ඉතිරි කිරීම් සියල්ල සඟරාවේ නඩත්තුවට යොමු කළ බවත්, ඒ ගැන කණගාටුවක් නැති බවත් ආත්ම චරිතාපදානයේ කියනවා.

‘‘Indian Opinion සඟරාවට මා මුළු විවේකයම හා නිර්මාණශීලීත්වයම කැප කළා. එම වකවානුවේ මගේ ජීවිතය හා සිතුම් පැතුම් පිළිබඳ හොඳ කැඩපතක් බවට එය පත්වුණා. 1904-14 කාලයේ ඉඳහිට මා සිරගත වූ විට හැරෙන්නට හැම කලාපයකම අඩු තරමින් මගේ එක් ලිපියක් හෝ අඩංගු වුණා. සංකීර්ණ වූ දේශපාලන හා සමාජයීය තත්ත්වයන් පිළිබඳව හරබරව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීමේ අසීරු කලාව මා ප‍්‍රගුණ කළේ මේ සඟරාවට ලිපි ලියූ හා අනෙක් ලිපි සංස්කරණය කළ කාලයේයි. එසේම පාඨකයන් හා කතුවරයා අතර මනා සබඳතාවක් ගොඩනංවා ගෙන පවත්වා ගන්නේ කෙසේද යන්නට මා හොඳ අත්දැකීම් ලැබුවා.’’

Gandhi's English hand writing, 1927

Gandhi’s English hand writing, 1927

මේ වකවානුව ගැන ආවර්ජනය කරමින් ගන්ධි මෙසේ ද ලියා තිබෙනවා. ‘‘Indian Opinion කර්තෘමය වගකීම් දැරූ මුල් මාසයේදීම මා හොඳ හැටි තේරුම් ගත්තේ පත‍්‍ර කලාවේ එකම අරමුණ විය යුත්තේ මහජන සේවය බවයි. පුවත්පතකට අති විශාල බලයක් තිබෙනවා. එය හොඳට මෙන්ම නරකටද යෙදවිය හැකියි. ජලය අපට අත්‍යවශ්‍ය සම්පතක් වුවද නිසි ලෙස පාලනය නොවූ ජල කඳක් නිසා ගම්බිම් හා කෙත්වතු වනසන ගංවතුරක් ඇති විය හැකියි. එසේම අසංවර වූ පෑනෙන් මහත් විනාශයක් කළ හැකියි. එනිසාවට එය සංවර කිරීමේ බලය පිටස්තර අධිකාරියකට භාර කළොත් (ප‍්‍රකාශන නිදහස නැති වී යන නිසා) එහි අහිතකර විපාක වැඩියි. අප කළ යුත්තේ පුවත්පත් කලාවේ ඉමහත් බලය අප විසින්ම සංවරයෙන් හා වගකීමෙන් යුතුව භාවිත කිරීමයි.’’

‘‘මේ අවශ්‍යතාව සපුරා ගන්නා පුවත්පත් හා සඟරා කීයක් ලොව තිබේද? ලොව හොඳ-නරක දෙකම හමු වනවා සේ පුවත්පත් කලාවේ ද හොඳ ප‍්‍රකාශන මෙන්ම නරක ප‍්‍රකාශන ද තිබෙනවා. මේ අතරින් හොඳ ප‍්‍රකාශන තෝරාබේරා ගැනීම බුද්ධිමත් පාඨකයන්ට බාරයි.’’

මාධ්‍ය වගකීම, මාධ්‍ය නිදහස හා මාධ්‍ය සාක්ෂරතාව ගැන කොතරම් වැදගත් විග‍්‍රහයක්ද?ගාන්ධි ආත්ම චරිතාපදානයේ සිවු වන කොටසේ 13 වන පර්ච්ෙඡ්දයේ මෙය හමු වනවා.

Part 2: සිවුමංසල කොලූගැටයා #224: මහත්මා ගාන්ධි: ඉතිහාසය වෙනස් කළ සඟරා කතුවරයා

Also read:

Journalist Gandhi: Selected Magazine Writings of Mahatma Gandhi

Gandhi as Journalist

Gandhi the Editor, By B. R. Nanda, Chairman, National Gandhi Museum

Mahatma Gandhi And Mass Media, by Prof V S Gupta

 

 

 

සිවුමංසල කොලූගැටයා #214: අඩසියවසක් ජාතිය ගොඩනැංවූ දුරදර්ශී නායකයා – ලී ක්වාන් යූ

Lee Kuan Yew (1923-2015)

Lee Kuan Yew (1923-2015)

In this week’s Ravaya column (in Sinhala, published in issue of 5 April 2015), I explore Lee Kuan Yew’s legacy from the perspective of many public education efforts in Singapore during his time as Prime Minister (1959-1990) and afterwards.

Such public awareness and motivation campaigns have been an integral part of Singapore’s national heritage. Over four decades, these campaign movements have not only shaped Singapore’s surroundings but also the thoughts and behaviour of the people.

As Lim Tin Seng of the National Library, Singapore, has written: “Singapore has conducted many campaigns covering a wide range of topics. For instance, there have been campaigns encouraging the population to keep Singapore clean, take family planning measures, be courteous, raise productivity in the workplace and speak Mandarin as well as good English. There have also been others that remind the people not to litter, be a good neighbour, live a healthy lifestyle and even to wash their hands properly. Collectively, the purpose of these campaigns is to instil certain social behaviours and attitudes that are considered by the government to be beneficial to both the individual and the community. They are also used by the state as an instrument for policy implementation.”

See also my own past writing on this topic:

1 May 2009: TV playing nanny: How Asian broadcasters helped fight SARS

30 April 2009: Digital Defenders: How 24/7 media can help fight swine flu worldwide

Lee is seen sweeping the streets during a mass clean-up campaign in Singapore, 1959

Lee is seen sweeping the streets during a mass clean-up campaign in Singapore, 1959

1959 – 1990 වකවානුවේ සිංගප්පූරුවේ ප්‍රථම අගමැතිවරයා වූ සහ එරට නිදහසෙන් පසු දියුණු රටක් බවට පත් කළ ලී ක්වාන් යූගේ අභාවය ලෝක පුවතක් බවට පත් වුණා.

ඔහු ආන්දෝලනාත්මක චරිතයක්. එහෙත් ඔහු සිය රටට දුන් දුරදක්නා හා කල් පවත්නා නායකත්වය ගැන නම් කවුරුත් පිළි ගන්නවා.

අපේ රටේ ලී (චීන සම්ප්‍රදායට වාසගම ලියන්නේ මුලින්) ගැන පළ වූ බොහෝ විග්‍රහයන් එක්කෝ ඔහු ශ්‍රී ලංකාව මුලදී අගය කළ සැටි හෝ ඔහුගේ දරදඩු පාලන පිළිවෙත්වලට සීමා වූ බවක් පෙණුනා.

ඇත්තටම ලී මාන රැසකින් යුත් අසාමාන්‍ය චරිතයක්. ඔහු අපේ කොළඹ දිස්ත්‍රික්කය පමණ බිම් ප්‍රමාණයකින් යුතු, පසුගාමීව තිබූ දූපතක් භාර ගෙන පරම්පරාවකට අඩු කාලයක් තුළ ඉසුරුබර හා ඒකාග්‍ර ජාතියක් බවට පත් කළේ කෙසේද යන්න සමීපව විමසා බැලිය යුතුයි.

සිංගප්පූරුව මලයා සමූහාණ්ඩුවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වූයේ 1965දී. වර්ග කිලෝමීටර 718.3ක බිම් ප‍්‍රමාණයක් ඇති, සොබා සම්පත් කිසිවක් නැති නගර රාජ්‍යයක අනාගත දියුණුව මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ සේවා හා දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම මත බව ලී ඇතුලූ ඔහුගේ දක්ෂ කැබිනට් ඇමතිවරුන් මුල පටන්ම වටහා ගත්තා. එවකට මිලියනයක් පමණ වූ එරට ජනගහනයේ අධ්‍යාපන මට්ටම්, විනය හා හැදියාව හැකි තරම් දියුණු කරන්නට එරට රජය නොමසුරුව මුදල් යෙදවූවා.

ඉදිරියේදී සිංගප්පූරුව දියුණු රටක් කරන්නට දේශීය හැකියාව ප‍්‍රමාණවත් නොවන බවත්, උගත් හා දක්ෂ විදේශික වෘත්තිකයන් ආකර්ශනය කර ගත යුතු බවත් රජය දැන සිටියා. එරටට ආවේණික වූ චීන, මැලේ හා ඉන්දියානු ජන සංස්කෘතින් රැක ගනිමින් නූතනත්වය වැළඳගත් සිංගප්පූරුව, පිළිවෙළකට වැඩ කිරීම ජාතික ප‍්‍රතිපත්තියක් බවට පත් කළා.

මේ ගැන විවේචන තිබෙනවා. එහෙත් වැරදි පුරුදු හා විනය රහිත බව “සංස්කෘතික උරුමයක්” කියා තව දුරටත් පවත්වා ගෙන යන්නට ලී ඉඩ දුන්නේම නැහැ.

සිංගප්පූරුව ගැන සමීපව අධ්‍යයනය නොකළ හෝ කිසි දිනෙක එහි නොගිය උදවිය බොහෝ දෙනකු තුළ ඇති මනෝචිත‍්‍රය නම් දැඩි නීතිරීති හා දඬුවම්වලින් ගහන වූ දරදඬු රාජ්‍යයක් බවයි.

එරට පාරිසරික පිවිතුරු බව, පිළිවෙළට වැඩ කිරීම හා මාර්ග ආරක්ෂාව ආදී කරුණු සම්බන්ධයෙන් සාපේක්ෂව තදබල නීති ඇති බව ඇත්තයි. එසේම තරාතිරම නොබලා ඕනෑම කෙනකු වරදක් කළ විට අධිකරණ ක‍්‍රියා මාර්ග හරහා දඬුවම් දීම කැරෙනවා.

Tree Planting Campaign was launched by then Prime Minister, Mr Lee Kuan Yew, in 1963

Tree Planting Campaign was launched by then Prime Minister, Mr Lee Kuan Yew, in 1963

බටහිර විචාරකයන් බොහෝ විට හුවා දක්වන්නේ චුවිංගම් තහනමයි. 1992දී හඳුන්වා දුන් මේ තහනම බැලූ බැල්මට පෞද්ගලික නිදහස අනවශ්‍ය ලෙස සීමා කිරීමක් සේ පෙනෙනවා. එහෙත් එයට හේතුව වූයේ චුවිංගම් රස උරා ගත් පසුව ඉතිරි වන ඇලෙනසුළු හපය ප‍්‍රසිද්ධ ස්ථානවල ඔහේ දමා යාමේ නරක පුරුද්දයි.

චුවිංගම් පෝෂණය හෝ වින්දනය අතින් අත්‍යවශ්‍ය නොවූවක්. පදික වේදිකා, බස් හා දුම්රිය පොළ, බස් රථ හා දුම්රිය ඇතුළත මෙන්ම රඟහල්, පාසල් ආදී තැන්වලත් ඉවත දැමූ චුවිංගම් නගරය පිරිසිදුව තබා ගැනීමට මහත් බාධාවක් වුණා. එසේම ඒවා හරිහැටි ගලවා ඉවත් කිරීම වෙහෙසකර, වියදම් අධික කාරියක්. මහජන මුදල් ලක්ෂ ගණනක් නිතිපතා වියදම් කිරීමෙන් පසු සිංගප්පූරුව මේ තහනම හඳුන්වා දුන්නේ අන්තිම පියවර ලෙසයි.

2004දී චුවිංගම් තහනම මඳක් ලිහිල් කෙරුණා. ඖෂධමය චුවිංගම් දැන් එරට ඔසුසල්වලින් අලෙවි කරනවා. එහෙත් ඒවායේ හපය ප‍්‍රසිද්ධ තැනක ඉවත දැමීම ඉහළ දඩයක් ලැබෙන වරදක්.

චුවිංගම් පමණක් නොවෙයි, වෙනත් ඕනෑම ආකාරයක ඉවතලන දෙයක් නිසි සේ බැහැර නොකළොත් එයට ලොකු දඩයක් ගෙවීමට සිදු වෙනවා. පළමුවරට ප‍්‍රසිද්ධ ස්ථානවල කසල දැමීමේ වරදට දඩය සිංගප්පූරු ඩොලර් 2,000යි (රු. 995,000). දෙවන වතාවට හසු වූ විට ඩොලර් 4,000ක් හා ඉන් පසු යළි යළිත් වරද කරන අයට වරකට ඩොලර් 10,000 බැගින් දඩ නියම කැරෙනවා.

සිංගප්පූරුවේ තවත් තහංචි ගණනාවක් තිබෙනවා. කිසිදු ප‍්‍රසිද්ධ ස්ථානයක හෝ විවෘත අවකාශයක කෙළ ගැසීම, මුත‍්‍රා කිරීම, තාප්ප හෝ බිත්තිවල අකුරු ලිවීම හෝ පෝස්ටර් ගැසීමට ඉඩක් නැහැ. එසේම මහපාරේ පදික වේදිකාවල ගමන් කළ යුතුයි. පාර පැනීමට කහ ඉරි සළකුණු කර ඇති තැන් පමණක් යොදා ගත යුතුයි. මෙසේ නොකරන ඕනෑම අයකුට දඩ ගැසීම කරනවා.

එසේම නීතිරීතිවලින් පමණක් රට හදන්නට බැරි බව හොඳාකාර දත් ලී මහජනයා දැනුවත් කිරීම හා හොඳ පුරුදු වර්ධනය කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ කැම්පේන් ආකාරයේ වැඩසටහන් රැසක් දියත් කළා.

Posters used by Singapore's public-health campaigns in the 1970s and 1980s - Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

Posters used by Singapore’s public-health campaigns in the 1970s and 1980s – Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

2000දී බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී ලී කියා සිටියේ මෙයයි. ‘‘අපේ පවිත‍්‍ර බව හා සංවර බව ඉබේ ඇති වූවක් නෙවෙයි. එය ආයාසයෙන් ගොඩනංවා ගත් ජාතික පුරුදු සමුදායක්. සමාජයට අහිතකර ක‍්‍රියා තහනම් කොට ඉහළ දඩයක් නියම කිරීමෙන් අප නතර වුණේ නැහැ. මහජනයා දිගින් දිගටම දැනුවත් කළා. උද්යෝගය හා උනන්දුව වර්ධනය කළා. ඒ සඳහා කැම්පේන් කළා. සමහර විදේශිකයෝ අපට සමච්චල් කරනවා – අප ‘ආයා රාජ්‍යයක්’ (nanny state) වැනියි කියා. එහෙත් මේ සියල්ල නිසා අප පරම්පරාවක් තුළ වඩාත් හික්මුණු, වගකීම් සහිත ජනතාවක් බවට පත් වී සිටිනවා.”

මුල් යුගයේ සිංගප්පූරු කැම්පේන් අතර කැපී පෙනුණේ 1968දී ඇරඹි ‘සිංගප්පූරුව පිරිසිදුව තබා ගනිමු’ හා 1971 පටන් ගත් රුක් රෝපණයයි. දැනුවත් කිරීමට අමතරව නාගරික නීතිරීති, ගොඩනැගිලි ඉදිකිරීමේ ප‍්‍රමිතීන්, වෙනත් කළමණාකරණ පිළිවෙත් ද විමර්ශනය කොට ප‍්‍රතිසංවිධානය කළා.

එරට මොන වැඬේට අත ගැසුවත් මුල සිට අගට කළ යුතු සියල්ල හඳුනාගෙන, වැඬේ සාර්ථක වනතුරු අල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් මහජනයා වෙතට යන කැම්පේන් අදියර ඇරඹුණේ අවශ්‍ය පරිපාලනමය හා සැළසුම් සම්බන්ධීකරණය හමාරකළ පසුවයි.

Singapore’s Anti-smoking campaign posters used in the 1970s and 1980s. Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

Singapore’s Anti-smoking campaign posters used in the 1970s and 1980s. Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

මේ හැම කැම්පේන් එකක්ම ඉහළ වෘත්තීය මට්ටමකින් සැලසුම් කොට බහු මාධ්‍ය හා වෙනත් ක‍්‍රියාකාරකම් යොදා ගනිමින් දියත් කළා. දැන්වීම් කර්මාන්තයේ පළපුරුදු වෘත්තිකයන් හා විවිධ ක්ෂේත‍්‍රවල විශේෂඥයන්ගේ දායකත්වය ලැබුණා. උදාහරණයකට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන සියලූ කැම්පේන් කළේ වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් මුල් කර ගෙනයි.

යහපත් සෞඛ්‍යය යනු ලෙඩ වූ විට බෙහෙත් දීම නොව, හැකි තරම් ලෙඩ රෝග වළක්වා ගැනීමයි. ලීගේ දැක්ම වූයේ සෞඛ්‍ය අධ්‍යාපනයට බොහෝ සම්පත් ලබා දී එය රටේ මාධ්‍ය හරහා සූක්ෂ්ම ලෙසින් කිරීමයි. මේ කැම්පේන් හරහා බෝවන රෝග (AIDS,ඩෙංගු) වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන හෘද රෝග, දියවැඩියාව, මානසික රෝග ආදිය ගැනද වෛද්‍ය විද්‍යාත්මක දැනුම ලබා දුන්නා. කිසිදු රෝග ලක්ෂණයක් නැතත් වාර්ෂිකව සෞඛ්‍ය පරීක්ෂණ (annual health check-ups) කර ගන්න යයි ජනතාව දිරිමත් කෙරුණා.

1970 දශකයේ ක්ෂය රෝගය, කොළරාව ආදී බෝවන රෝග එරට තවමත් හමු වුණා. ඒවා පැතිරීම වැළැක්වීමට නිතර අත් සබන් ගා සේදීමට ද ජනතාව උනන්දු කෙරුණා. දුම්බීමට හා මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව 1980 ගණන්වල පටන් ගත් කැම්පේන් අද දක්වා කර ගෙන යනවා.

Singapore: A City of Campaigns

එයට අමතරව මවුකිරි දීමේ අගය, සමබර ආහාරවේලක ගුණය, මාර්ග නීති පිළිපැදීමේ වටිනාකම, පොදු ප‍්‍රවාහන සේවා භාවිතයේ අගය ආදියද තවත් කැම්පේන්වල තේමා වූවා.

1980 හා 1990 දශක වන විට වඩාත් ඉසුරුබර රටක් බවට පත්ව සිටි සිංගප්පූරුව සම්පත් හා බලශක්ති සකසුරුවම්කම, මිනිසුන් අතර ආචාරශීලී බව, වයස 60ට වැඩිමහලූ අයට සැලකීමේ වැදගත්කම ආදී තේමා යටතේ ප‍්‍රබල කැම්පේන් දියත් කළා. එයට සමාන්තරව ජාතික ඵලදායීතාව දියුණුකිරීමේ වැඩ පිළිවෙලක් හා කැඩුණු ඉංග‍්‍රීසි වෙනුවට හොඳ නිවැරදි ඉංග‍්‍රීසි කතා කිරීම දිරිමත් කිරීමත් ඇරඹුනා.

Singapore National Courtesy Campaign posters: 1979 - 2000 Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

Singapore National Courtesy Campaign posters: 1979 – 2000
Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

මේ ආදායම් ඉහළ යාමත් සමග ජනයා එකිනෙකාට විනීතව කතාබහ කිරීම අඩු වන බව දුටු සිංගප්පූරු රජය 1979දී දිගු කාලීන දැනුවත් කිරීමක් ඇරඹුවා. ආත්මාර්ථකාමී නොවී අන් අයගේ යහපත හා සුවදුක් ගැන සංවේදී වීමටත්, පොදු ස්ථානවල විනීතව හා ආචාරශීලීව හැසිරීමටත් ජනයා උනන්දු කළා.

මුලින් මේ ව්‍යාපාරය ඇරඹුවේ එරටට මිලියන ගණනින් එන සංචාරකයන්ට ආචාරශීලී හා උදව් සහගත වීමට කියායි. එහෙත් ලීගෙ යෝජනාවකට අනුව එය එරට ජනයා එකිනෙකට සම්බන්ධ වන චර්යා සඳහාත් ව්‍යාප්ත කරනු ලැබුවා. National Courtesy Campaign of Singapore

ජාතික ආචාරශීලීබව ප‍්‍රවර්ධනය කිරීමේදී ‘කරුණාකර’ හා ‘ස්තූතියි’ වැනි මූලික යෙදුම් භාවිතයේ සිට විනෝදාස්වාදය ලැබීම, මහමග යාම හා විනෝද චාරිකා යාම ආදිය අන් අයට කරදරයක් නොවන ලෙස කෙසේ කළ හැකිද යන්න පෙන්වා දෙනු ලැබුවා.

ජනතාවට බණ කියනු වෙනුවට රසවත්, ආකර්ශනීය ලෙස පණිඩුඩ සකසා පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන්, දැන්වීම් පුවරු හා සංස්කෘතික සංදර්ශන ආදිය හරහා ඒවා බෙදාහැරියා. බොහෝ කැම්පේන්වලට කාටුන් චරිත, ඉෂ්ට ලංඡන (Mascot) හා හාස්‍ය රසය කාටුන් යොදා ගත්තා. සමහර විට දක්ෂ පොප්, රැප් හෝ වෙනත් සංගීත කණ්ඩායම් තේමා ගීත නිර්මාණය කළා.

Singa

Singa

උදාහණයකට ආචාරශීලීබව පිළිබඳ කැම්පේන් සුරතලා ලෙස සිංගා නම් සිංහයෙක් නිර්මාණය කළා. වසර 30ක් පුරා සිංගා එරට ජන ජීවිතයේ සුපුරුදු අංගයක් වුණා. 1990 දශකයේ ඉන්ටනෙට් භාවිතය පැතිර ගිය පසු මේ කැම්පේන් වෙබ් අඩවි හා ජංගම දුරකථන හරහා ද සමාජගත වුණා.

ජනයා වැඩිදෙනකු කාර්යාලීය ජීවන රටාවකට හුරු වන විට ව්‍යායාම කිරීමේ අවශ්‍යතාව කියා දෙන්නට තවත් කැම්පේන් එකක් දියත් කළා. දිනකට පැය බාලයක්වත් යම් සක‍්‍රීය ව්‍යායාමයක් ගැනීම කොතරම් වැදගත්ද යන්න ඒ හරහා අවධාරණය කෙරුණා. මේ ව්‍යායාම රිද්මානුකූල හා විනෝදජනක ලෙසින් කිරීමට සංගීතමය වීඩියෝ හා වෙනත් උපදේශක මාධ්‍ය රටපුරා බෙදා හරිනු ලැබුවා.

ලීට ඕනෑ වුණේ තුන්වන ලෝකයේ රටක් සේ නිදහස ලැබූ සිය කුඩා රාජ්‍යය පරම්පරාවක් තුළ පළමුවන ලෝකයේ රටක් බවට පත් කරන්න. එහිදී භෞතික යටිතල පහසුකම් තැනීම හා ඒක පුද්ගල ආදායම වැඩිකිරීමට අමතරව සමාජ ඒකාග‍්‍රතාවය, ජාතික අනන්‍යතාව හා රටවැසියන්ගේ අභිමානය ගැනද ඔහු ලොකු අවධානයක් යොමු කළා. ලෝකයේ කිසිදු රටකට නොදෙවැනි රෝහල්, විද්‍යා පර්යේෂණාගාර හා සරසවි එරට බිහි කිරීමට නොමසුරුව රජයේ මුදල් ආයෝජනය කළා.

සංස්කෘතික වශයෙන් කලා, සාහිත්‍ය හා අනෙකුත් නිර්මාණශීලී ප‍්‍රවාහයන්ට ආධාර කළත් රජය ඒ ක්ෂේත‍්‍රවලට අනවශ්‍ය ලෙස අරක් ගත්තේ නැහැ. (නමුත් මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශන නිදහස ගැන නම් දැඩි සීමා පැන වූවා.) චීන, මැලේ හා ඉන්දියානු සම්භව්‍ය ඇති එරට වැසියන් අතර ජාතිවාදය මතු වන්නට ඉඩ දුන්නේ නැහැ. ආගම පෞද්ගලික ක‍්‍රියාවක් ලෙස කිරීමට නිදහස තබා රාජ්‍ය පාලනයට කිසි ආගමක් සම්බන්ධ කර නොගැනීමට ලී දුරදර්ශීව ක‍්‍රියා කළා.

Disneyland with the Death Penalty, by William Gibson

සමහර විවේචකයන් සිංගප්පූරුව සිය ජනතාවට ඕනෑවට වඩා කළ-නොකළ යුතු දේ කියන, හැම දේටම ඇඟිලි ගසන රාජ්‍යයක් කියා හෙළා දකිනවා. එහෙත් මා හමු වී ඇති බොහෝ උගත් සිංගප්පූරු ජාතිකයන් පවා මේ කැම්පේන්වල ප‍්‍රතිඵල අගය කරනවා.

මෙතරම් කෙටි කලෙකින් දියුණු රටක් බවට පත් වූයේ හුදෙක් කොන්ක‍්‍රීට් හා වානේ පිහිටෙන් නොව දුරදක්නා නුවණින් හා නොසැලෙන අධිෂ්ඨානයෙන් එරට මිනිසුන් දියුණු කිරීමයි.

ලී ක්වාන් යූ ඉතිරි කර ගිය ලොකුම දායාදය එයයි!

Speak Mandarin Campaign posters used by Singapore since 1979  - Images courtesy  Remember Singapore website

Speak Mandarin Campaign posters used by Singapore since 1979 – Images courtesy
Remember Singapore website

 

සිවුමංසල කොලූගැටයා #212: විද්‍යා සන්නිවේදන ජගතා – වෛද්‍ය බුද්ධදාස බෝධිනායක

Dr Buddhadasa Bodhinayake - Science communication trail-blazer in Sri Lanka

Dr Buddhadasa Bodhinayake – Science communication trail-blazer in Sri Lanka

Dr Buddhadasa Bodhinayake, who died on 4 March 2015 in the UK, was a trail-blazing science and health communicator in Sri Lanka in the 1960s and 1970s. While still a schoolboy, he wrote the first Sinhala language book on space travel in 1961, which he co-authored with Arthur C Clarke. In the early 1970s, he also wrote the first local book on child psychology.

While being a high school student, medical student and after becoming a medical doctor, Bodhinayake continued writing to newspapers and presenting science programmes on radio. In June 1966, he launched Vidya monthly science magazine, which had a long and illustrious innings until 2006.

In this week’s Ravaya column (in Sinhala, published on 22 March 2015), I recall highlights of Dr Bodhi’s science communication work, and capture memories of some of his teachers and contemporaries. I also acknowledge the inspiration I derived from his work while growing up in the 1970s.

විද්‍යා, කලා, වාණිජ විෂය ධාරා වශයෙන් වෙන් කරන ලද පාසල් හා උසස් අධ්‍යාපනයක් පවතින අපේ රටේ කලාවට ලැදි විද්‍යා සිසුනට එම කුසලතා දියුණු කර ගන්නට ඇත්තේ සීමිත අවකාශයක්.

විද්‍යා-කලා ක්ෂේත‍්‍ර දෙකෙහිම දස්කම් පෑ, ඉංග‍්‍රීසි-සිංහල ද්විභාෂා සමතකු වූ වෛද්‍ය බුද්ධදාස බෝධිනායක මේ සාම්ප‍්‍රදායික සීමා ඉක්මවා ගිය අයෙක්. මෙරට සිංහල විද්‍යා සන්නිවේදනයේ නිම්වළලූ පුළුල් කළ, මුද්‍රිත හා රේඩියෝ මාධ්‍ය දෙකෙන්ම සරලව හා රසවත්ව විද්‍යා දැනුම බෙදා දුන් ඔහු මාර්තු 4 වනදා ලන්ඩනයේදී මිය ගියා.

වසර තිහකට වඩා ඔහු පදිංචිව සිටියේ බි‍්‍රතාන්‍යයේ බැවින් අපේ නව පරපුරට ඔහුගේ නම පුරුදු නැති විය හැකියි. එහෙත් 1960, 1970 දශකවල විද්‍යා, කලා හා දේශපාලන ක්ෂේත‍්‍රවල බෝධිනායක නම නිතර කියැවුණා.

බෙන්තොට උපත ලද ඔහු කොළඹට ආවේ වයස දහයේදී පමණ. කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් හා කාර්යශූර සිසුවකු ලෙස බෝධිනායකයන් 1950 දශකයේ හා 1960 ගණන්වල මුලදී රටම දැන හඳුනා ගත්තේ මාධ්‍ය හරහායි.

Buddhadasa Bodhinayake as a young man

Buddhadasa Bodhinayake as a young man

ඔහුගේ ගුරුවරුන්ට හා සමකාලීනයන්ට ඒ කාලය හොඳහැටි මතකයි. දශක ගණනක් ආනන්දයේ සිංහල බස ඉගැන් වූ ඒ. ඒ. ප‍්‍රනාන්දු මහතා බෝධිනායක සිහිපත් කරන්නේ ලියන්නට හා කථිකත්වයට දක්ෂ, බහුවිධ කුසලතා තිබූ, අසාමාන්‍ය ගණයේ සිසුවකු හැටියටයි.

‘ඒ කාලයේ මම සිංහල දරුවා නමින් සඟරාවක් කළා. බෝධිනායකගේ මුල්ම ප‍්‍රකාශිත ලිපි එහි පළ වූ ඒවා විය හැකියි. පාසලේ සාහිත්‍යයට, කලාවට, විද්‍යාවට එක සේ ලැදි වූ ඔහු සිංහල, ඉංග‍්‍රීසි දෙබසම මනා ලෙස හැසිර වූවා,’ යැයි ප‍්‍රනාන්දු මහතා ගිය සතියේ ආවර්ජනා කළා.

එවකට ආනන්දයේ සිංහල ගුරුවරයකු වූ මගේ පියා (ඩබ්ලිව්. ඞී. කේ. ගුණවර්ධන) බෝධිනායක හඳුනා ගත්තෙ 1960 දශකය මුලදී ඔහු උසස් පෙළ පන්තියට ආ පසුයි. ඔහු බෙහෙවින් උද්‍යොගශීලී සිසුවකු වූ බවත්, සිංහල බසෙහි නොයෙක් ගුරුහරුකම් ගන්නට නිතර ආ සැටිත් පියාට මතකයි.

‘බෝධිනායක කියන්නේ දක්ෂතා රැසක් තිබුණු, ගුණගරුක හා ආචාරශීලී ශිෂ්‍යයෙක්. විෂයමාලාවට හෝ පන්ති කාමරයට හෝ සිමා නොවී ඔහු විෂයබාහිර බොහෝ දේ කළා. බයිසිකලයකින් හැම තැනම යනවා. හාමුදුරුවරුන් හා ගුරුවරුන් සමග නොයෙකූත් දේ සාකච්ඡා කරනවා. මෙහෙම ශිෂ්‍යයන් හමු වන්නේ කලාතුරකින්’ මගේ පියා කියනවා.

වරක් ෂෙල් තෙල් සමාගම අනුග‍්‍රහයෙන් සංවිධානය කළ දීපව්‍යාප්ත රචනා තරගයකට සහභාගි වන්නට බෝධිනායක සිසුවාට ඕනෑ වුණා. එය පාසල විසින් සහතික කළ යුතු වූවා. එවකට සිටි ආනන්ද විදුහල්පති එස්. ඒ. විජේතිලක එසේ කිරීමට එකඟ වූයේ රචනය පාසලේදී ලියුවොත් පමණයි. එය අධීක්ෂණය කිරීම භාර වූයේ මගේ පියාට.

එකල බොහෝ රචනාල කථික හා විවාද තරගවලින් බෝධිනායක ජය ගත්තේ ගුරුවරුන් උද්දාමයට පත් කරවමින්. පණ්ඩිත බස වෙනුවට සරල සුගම බසකින් කීම හා ලිවීම ඔහුගේ හපන්කම වුණා.

Dayawansa Jayakody

Dayawansa Jayakody

බෝධිනායක සමකාලීනයකු හා සහෘදයකු වූ පොත් ප‍්‍රකාශක දයාවංශ ජයකොඩි කියන්නේ ඔහු නිර්මාණශීලී හැකියාව, දැනුම මෙන්ම සංවිධාන ශක්තියත් කැටි කර ගත් අසාමාන්‍ය චරිතයක් වූ බවයි.

‘ඔහු මට වඩා දෙවසරක් ජ්‍යෙෂ්ඨ වුණත් අපි බොහෝ සමීපව වැඩ කළා. මා එකල පළ කළ ‘හෙළබිම’ පත්තරයට ඔහු නිතර ලිපි ලියුවා. විද්‍යාව උගත්තත් සාහිත්‍යය, ඉතිහාසය ආදිය ගැන හොඳ දැනුමක් ඔහුට තිබුණා. බද්දේගම විමලවංශ හිමියන්ගේ (1913-1993) අනුශාසකත්වයෙන් ත‍්‍රිසිංහල ශිෂ්‍ය සංවිධානය පිහිටුවා ගෙන තරුණ තරුණියන් ඒකරාශී කරන්නත් ඔහු ක‍්‍රියා කළා’ යයි ජයකොඩි මහතා සිහිපත් කරනවා.

චිත්තාකර්ෂනීය කටහඬක් තිබූ බෝධිනායකයන් රේඩියෝ මාධ්‍යයට ද සම්බන්ධ වුණා. වසර ගණනාවක් තිස්සේ ගුවන් විදුලි සංස්ථාව හරහා විද්‍යාව, තාක්ෂණය, සෞඛ්‍යය තේමා කර ගත් බොහෝ වැඩසටහන් ඉදිරිපත් කළා. මෙයට අතහිත දුන්නේ කරුණාරත්න අබේසේකරයන්.

ජාතික පුවත්පත් හා සඟරාවලට ලියන අතරම බෝධිනායක තමන්ගේ සඟරාවක් ද ඇරඹුවා. ‘විද්‍යා’ නම් වූ එහි මංගල කලාපය එළි දුටුවේ 1966 ජුනි මාසයේ. ඒ වන විට ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙක්.

Cover of Vidya magazine first issue - June 1966 - edited by Buddhadasa Bodhinayake

Cover of Vidya magazine first issue – June 1966 – edited by Buddhadasa Bodhinayake

විද්‍යා ගුරුවරුන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් මෙන්ම විද්‍යාවට ලැදි සිසුන් ද හවුල් කර ගෙන පළ කළ විද්‍යා සඟරාව 1960 හා 1970 දශකවල විශිෂ්ඨ විද්‍යා සන්නිවේදන මෙහෙවරක යෙදුණා. අද මෙන් තොරතුරු මූලාශ‍්‍ර බහුල නොවූ එකල නව දැනුම සොයා ගන්නට තිබූ මාර්ග සීමිතයි.

විද්‍යා මංගල කලාපයේ කවරයට ආතර් සී. ක්ලාක්ගේ සේයාරුවක් යෙදු බෝධිනායක, ඇතුලේ පිටුවක් පුරා ක්ලාක්ගේ අනාගතවේදී විග‍්‍රහයන් සිංහලෙන් ඉදිරිපත් කළා. සිහි නැති කරන්නේ කෙසේද යන මැයෙන් වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය එන්. ඞී. ඩබ්ලිව්. ලයනල්ගේ ලිපියක් ද, අපේ විද්‍යාඥයෝ තේමාවෙන් ගණිත මහාචාර්ය ඩග්ලස් අමරසේකර හඳුන්වා දෙන ලිපියක් ද එහි තිබුණා.

පාඨකයන්ගේ විද්‍යා ගැටලූවලට පිළිතුරු සැපයුවේ තරුණ ශිෂ්‍ය නිමල් සිරිපාල ද සිල්වායි. කොළඹ නාලන්දා විද්‍යාලයේ උගත් ඔහු බෝධිනායක සමග විද්‍යා සඟරාව මෙන්ම තරුණ සංවිධාන වැඩ ද කළා. 1970 මහ මැතිවරණයට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සහයෝගය දෙමින් තරුණ පෙරමුණක් ඔවුන් ගොඩ නැගුවා. පසු කලෙක ජාතික දේශපාලනයට පිවිසි ඔහු අද ශ‍්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයායි.

බෝධිනායකයන් බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය පසු විද්‍යා සඟරාව කලේ තුසිත මලලසේකරයි. 1960 ගණන්වල සිට බෝධිනායක හා මලලසේකර සමීප මිතුරෝ.

“මුල් යුගයේ සිංහලෙන් විද්‍යාව ලියන්න හැකියාව තිබුණේ ටික දෙනකුටයි. ඒ අතර වෛද්‍ය නන්දදාස කෝදාගොඩ හා වෛද්‍ය බෝධිනායක කැපී පෙණුනා. විද්‍යා සඟරාව ඇරඹුවේ පාසල් සිසුන් ඉලක්ක කර ගෙනයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලද එහි පිටපත් රැසක් රජය මිළට ගෙන පාසල් පුස්තකාලවලට බෙදා හරිනු ලැබුවා. එහෙත් පළාත්සභා ක්‍රමය යටතේ මෙවැනි මිළ දී ගැනීම් විමධ්‍යගත කළ පසු එසේ කිරීම ටික කලකින් නතර වුණා,” මලලසේකර කියනවා.

වසර 40ක් නොකඩවා පවත්වා ගෙන ආ විද්‍යා සඟරාව 2006දී නවතා දැමීමට සිදු වුනේ දැන්වීම් හා අනුග්‍රාහකයන් නැති වීම හා අලෙවි කර ගැනීමේ දුෂ්කරතා නිසායි. එය යුග මෙහෙවරක් ඉටු කළා යයි කිව හැකියි. 1987දී සුවිසල් පත්‍ර සමාගමකින් ඇරඹූ විදුසර සහ තවත් විදු ප්‍රකාශන ඒ වන විට බිහිව තිබුණා.

තම විද්‍යා සන්නිවේදනයට මහත් සේ උදව් කළ දෙදෙනකු ගැන බෝධිනායකයන් ඉඩ ලද සැම විටම සඳහන් කළා.

එක් අයෙක් ආතර් සී. ක්ලාක්. 1960 දශකයේ ඇමරිකාව හා සෝවියට් දේශය අතර මහා අභ්‍යවකාශ තරඟයක් පැවති නිසා අභ්‍යවකාශ ගවේෂණය ගැන බොහෝ දෙනා උනන්දු වුණා. ක්ලාක්ගේ සහයෝගය හා සම කර්තෘත්වය ඇතිව සිංහලෙන් අභ්‍යවකාශය ගැන ලියූ මුල්ම පොත 1961දී බෝධිනායක රචනා කළේ ‘ඔබ වැන්නෙක් හඳට යයි’ නමින්. එවිට ඔහු තවමත් පාසල් සිසුවෙක්. (පොත බෙදා හැරීම හා විකිණීම කළේ දයාවංශ ජයකොඩි විසින්.)

ක්ලාක්ගේ දැනුම හා පරිකල්පනය සිංහල පාඨකයන් වෙත ගෙන ඒමට බෝධිනායක ලියූ පොත් හා පුවත්පත් ලිපි සමත් වුණා. ක්ලාක් පසු කලෙක බෝධිනායකට බි‍්‍රතාන්‍යයට යාමටත් උපකාර කළා.

ඔහුට බොහෝ උදව් කළ අනෙක් දැවැන්තයා වූයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ, චිත‍්‍ර හා මූර්ති ශිල්පී මෙන්ම ඉංජිනේරු හපුගොඩ රන්කොත්ගේ (එච්. ආර්.) පේ‍්‍රමරත්නයි. වෛද්‍ය සිසු අවධියේ තමන්ට නොමිළයේ කොළඹ නවාතැන් දුන් පේ‍්‍රමරත්න දෙවැනි පියකු බඳු වූ බව බෝධිනායක නිතර සිහිපත් කළා.

3 February 2013: සිවුමංසල කොලූගැටයා #103: එච් ආර් පේ‍්‍රමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’

1965දී පේ‍්‍රමරත්න හා බෝධිනායක එක්ව කෘති‍්‍රම චන්ද්‍රිකා ගැන සිංහල පොතක් රචනා කළා. ‘හැදු හඳේ හාස්කම්’ නම් වූ එහි වැදගත්කම චන්ද්‍රිකා යුගය ඇරඹී දශකයක්වත් ගෙවී නොතිබූ එවකට එම ක්ෂේත‍්‍රයේ අනාගත විභවය හා විකාශනය ගැන ඉතා හොඳ විග‍්‍රහයක් ඇතුළත් වීමයි.

පොත ආරම්භයේ කතුවරුන් මෙසේ ලියනවා. ‘‘කෘති‍්‍රම චන්ද්‍රිකාවක් යනු කුමක්ද යනුවෙන් මතු කෙරෙන ප‍්‍රශ්නයට දිය හැකි හොඳම පිළිතුර ‘මිනිසා විසින් සාදන ලද හඳකි’ යන්නය. එවැන්නක් පෘථිවිය වටා ගමන් කිරීමේදී හඳ පෘථිවිය වටා ගමන් කිරීමේදී පිළිපදින සොබාවික නීතිම පිළිපදී.’’

විශ්ව ගවේෂණයට, පෘථිවි නිරීක්ෂණයට, කාලගුණ අනාවැකි කීමට, පණිවුඩ සන්නිවේදනයට ආදී විවිධ භාවිතයන් සඳහා චන්ද්‍රිකා යොදා ගත හැකි අන්දම රූප සටහන් හා ඡායාරූප රැසක් සමගින් මේ පොත ලිහිල් බසින් කියා දෙනවා. තොරතුරු කල් ඉක්ම වී ඇතත් වසර 50කට පසුව අදත් එය ආසාවෙන් කියවිය හැකියි.

Cover of ‘හැදු හඳේ හාස්කම්’ (Wonders of the man-made Moon) by H R Premaratne & Buddhadasa Bodhinayake, 1965

Cover of ‘හැදු හඳේ හාස්කම්’ (Wonders of the man-made Moon) by H R Premaratne & Buddhadasa Bodhinayake, 1965

බෝධිනායක වෛද්‍යවරයකු ලෙස කළ දස්කම් ගැන කතා කිරීමට අපට ඉඩක් නැහැ. අයුක්තියට හා අසාධාරණයට නොබියව එරෙහි වීමේ ගුණය ද බෝධිනායකයන්ට ළාබාල වියේ සිටම තිබුනා. කොළඹ වෛද්‍ය පීඨයට පිවිසි පසු නවකවදයට ලක් වූ ඔහු එයට විරුද්ධව කතා කළා. සිසු විරෝධයක් ගොඩ නැගුවාග වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබූ පසු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේත්, වෛද්‍ය වෘත්තිකයන් අතරත් නිලධාරිවාදයට ඔහු නතු වූයේ නැහැ.

1969දී වෛද්‍ය විද්‍යාලයෙන් පිට වූ ඔහු සීමාවාසික පුහුණුව (medical internship) කළේ ප‍්‍රවීණ ශෛල්‍ය වෛද්‍ය පී. ආර්. අන්තෝනිස් හා ප‍්‍රකට ළමා රෝග විශේෂඥ එම්. එච්. එම්. හම්සා යටතේයි.

ඉන්පසු කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරමින් ළමා රෝග ගැනත්, ළමා හා තරුණ මනස ගැනත් අධ්‍යයනය කළ බෝධිනායක, කරුණා රාමනායක (පසුව බෝධිනායක) සමග ළමා මනෝවිද්‍යාව ගැන මෙරට පළ වූ මුල්ම සිංහල පොත රචනා කළා. එහි නම ‘දරුවන්ගේ හැටි තේරුම් ගන්න’. පසු කලෙක ඔහු බි‍්‍රතාන්‍යයට ගොස් මනෝ විද්‍යාව හා මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයකු වූවා.

පක්ෂ දේශපාලනයට පිවිසීම ඕනෑම පුරවැසියකුගේ, වෘත්තිකයකුගේ අයිතියක්. එහෙත් බෝධිනායක වැනි හපනකු දේශපාලන රාමුවකට සීමා වීම සමහරුන්ගේ කනස්සල්ලට හේතු වුණා. ඔහුගේ ගුරුවරයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වරක් මා සමග එබඳු අදහසක් පළ කළා. එහෙත් එසේ කී කාලෝත් මෙරට වාමාංශික දේශපාලනයේ කලක් සක‍්‍රීයව සිටි අයෙක්! 1977 ආණ්ඩු මාරුවෙන් පසු බෝධිනායකයන්ට එතරම් නිල පිළිගැනීමක් නොලැබුණු බව නම් ඇත්තයි.

L to R - Prime Minister Mrs Sirimavo Bandaranaike, Dr Buddhadasa Bodhinayake, Nimal Siripala de Silva, around 1970

L to R – Prime Minister Mrs Sirimavo Bandaranaike, Dr Buddhadasa Bodhinayake, Nimal Siripala de Silva, around 1970

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

1960 දශකය මැද උපන් මා බුද්ධදාස බෝධිනායක හඳුනා ගත්තේ පාඨකයකු ලෙසයි. 1970 හා 1980 දශකවල විද්‍යා සඟරාව පාසල් පුස්තකාලයෙන් කියැවූ සැටි කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

1979දී පමණ බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය ඔහු මා පෞද්ගලිකව මුණ ගැසුණේ දෙතුන් වතාවක් පමණයි. ඒ විටින් විට කෙටි නිවාඩුවකට ඔහු මෙරට ආ විටයි.

එයින් එක් වතාවක ඔහු මාත් කැඳවා ගෙන ඔහුට සුපුරුදු ගුවන් විදුලි සංස්ථාවට ගියා. මට මතක හැටියට නම් ගුණරත්න අබේසේකර මෙහෙය වූ ‘සරස්වතී මණ්ඩපය’ට සහභාගී වන්නයි. ‘අපි නතර කළ තැනින් ඔබ වැනි විද්‍යා ලේඛකයන් සන්නිවේදන මෙහෙවර දිගටම කර ගෙන යා යුතුයි’ ඔහු සුහදව ගුරුහරුකම් දුන්නා.

බෝධිනායක ලියූ පොත්පත් අද මුද්‍රණයේ නැහැ. විද්‍යා සන්නිවේදනයේ ඔහු ලබා දුන් ලොකුම දායකත්වය ලක් පරම්පරාවකට නව ලොවක් විවර කර දීමයි. උත්සාහය, උද්‍යොගය හා කැපවීම පෙරටු කර ගෙන ඔහු ගිය ගමන ළාබාලයන් වූ අපට ප‍්‍රබෝධක ආවේගයක් ලබා දුන්නා. එදාට වඩා බෙහෙවින් වෙනස් යථාර්ථයක් තුළ වුව ද අපට තවමත් එයින් ආදර්ශ ලද හැකියි.

From Vidya magazine's first issue of June 1966 - Young Nimal Siripala de Silva answers readers' science questions

From Vidya magazine’s first issue of June 1966 – Young Nimal Siripala de Silva answers readers’ science questions

See also:

10 Nov 2013: සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

15 Sep 2013: සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

11 Nov 2012: සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

Posted in Arthur C Clarke, Biographical, Broadcasting, Education, Health, Media, public interest, Ravaya Column, Science communication, Science for development, science journalism, Sri Lanka, Writing, youth. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 3 Comments »

Media Sector Reforms in Sri Lanka: Some ‘Big Picture’ Level Thoughts

නොගැලපෙන  රෝද - четыре колеса сказка

නොගැලපෙන රෝද – четыре колеса сказка

I’m a story teller at heart. I sometimes moonlight as a media researcher or commentator but have no pretensions of being academic. I always try to make my points as interesting as possible — using analogies, metaphors, examples, etc.

This is the approach I used when asked to talk to the working group on Sri Lanka Media Reforms, convened by the Media Ministry, Sri Lanka Press Institute, International Media Support (IMS) and the University of Colombo.

I used a well-loved Russian children’s story that was known in Sinhala translation as නොගැලපෙන රෝද — the story of one vehicle with different sized wheels, and how animal friends tried to make it move and when it proved impossible, how they put each wheel to a unique use…

A framework for media reform in Sri Lanka...by Nalaka Gunawardene

A framework for media reform in Sri Lanka…by Nalaka Gunawardene

A framework for media reform in Sri Lanka...by Nalaka Gunawardene

A framework for media reform in Sri Lanka…by Nalaka Gunawardene

Well, in the case of media reforms, we can’t go off in different directions. We must make the vehicle work, somehow.

Full presentation here: http://www.slideshare.net/NalakaG/media-reforms-in-lanka-big-picture-ideas-by-nalaka-gunawardene

Imagine and Innovate to celebrate Sir Arthur C Clarke!

When Steven Spielberg (left) and Harrison Ford (middle) visited Arthur C Clarke in Colombo during filming of Indiana Jones and the Temple of Doom in Sri Lanka, 1983 - Photo owned by Arthur Clarke Estate

When Steven Spielberg (left) and Harrison Ford (middle) visited Arthur C Clarke in Colombo during filming of Indiana Jones and the Temple of Doom in Sri Lanka, 1983 – Photo owned by Arthur Clarke Estate

19 March 2015 marks seven years since Sir Arthur C Clarke passed away.

In the weeks and months following Sir Arthur’s death, many asked me what kind of monument was being planned in his memory. As far as the Arthur C Clarke Estate is concerned, there is none –- and that seems to surprise many.

Yet it was fully consistent with the man of ideas, imagination and dreams that Sir Arthur Clarke was. Monuments of brick and mortar — or even of steel and silicon — seem superfluous for a writer who stretched the minds of millions. Commemorative lectures or volumes cannot begin to capture the spirit and energy of the visionary who left behind a rich collection of books, papers and ideas.

Photo courtesy ORBIT '15 event organisers

Photo courtesy ORBIT ’15 event organisers

Imagine and innovate to honour Sir Arthur C Clarke! That was the theme of a tribute I wrote on the first death anniversary.

Speaking at ORBIT’15 astronomy event last week in Colombo, organised by the Astronomy & Space Science Association of D S Senanayake College, Colombo, I reiterated this point. Here are the most relevant slides from my talk:

From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene

From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene

From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene

From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene

From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene

From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene

From "Ride Your  Imagination to Space!" by Nalaka Gunawardene

From “Ride Your Imagination to Space!” by Nalaka Gunawardene

 

Full PowerPoint:

 

 

 

 

 

සිවුමංසල කොලූගැටයා #208: තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි!

In this week’s Ravaya column (in Sinhala), I discuss the history and current state of play in relation to right to information (RTI). This is in the context of the new Lankan government planning to introduce an RTI law.

To review the work of government at all levels, citizens/voters need to access public sector information – about decisions, proceedings, budgets, expenditures, problems and performance. Close to 100 countries now have laws guaranteeing people’s RTI.

Sadly, Sri Lanka is lagging behind all other SAARC countries, five of which have already enacted RTI laws and two (Afghanistan and Bhutan) have draft bills under consideration. Attempts to introduce RTI in Sri Lanka were repeatedly thwarted by the previous government, which cited various excuses for avoding such a progressive law.

In this column, I also argue that RTI’s effectiveness depends on imagination, innovation and persistence on the part of all citizens. Its best results will accrue in a society and political culture where evidence and analysis are respected. Sri Lanka is not there yet.

RTI will be a significant milestone in a long journey that must continue.

ACT

තොරතුරු අයිතිය නීතිගත කෙරෙන කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරෙනවා. මෙය නව රජයේ එක් යහපාලන ප‍්‍ර‍්‍රතිඥාවක් ඉටු කිරීමක්.

තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information) ශිෂ්ට හා ප‍්‍රජාතන්තවාදී සමාජවල මුලික අංගයක් වී තිබෙනවා. ජාතික ආරක්‍ෂාවට බලපෑමක් කළ හැකි රහස්‍ය තොරතුරු හැර රාජ්‍ය පරිපාලනයට හා පලාත්පාලනයට සම්බන්ධ එදිනෙදා තොරතුරු පැහැදිලි ක‍්‍රමවේදයක් හරහා ඕනෑම පුරවැසියකුට ලබා ගත හැකි වීම මෙහි අරමුණයි.

ලෝකයේ රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තොරතුරු නීති පනවා තිබෙනවා. දකුණු ආසියාවේ මේ සම්බන්ධයෙන් වඩාත් පසුගාමීව තිබෙන්නේ ශී‍්‍ර ලංකාවයි. සාක් රටවල් අටෙන් පහක (ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය, මාලදිවයින) එම නීති සම්මත වී කි‍්‍රයාත්මක වන අතර රටවල් දෙකක (ඇෆ්ගනිස්තානය, භූතානය) නීති කෙටුම්පත් විවාද කරමින් සිටිනවා.

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට හෝ සිවිල් සමාජ සංවිධානවලට හෝ සීමා වූවක් නොවෙයි. මිලියන 21ක් වන අප සියලූ දෙනාගේ අයිතියක්. ඒ නිසා එය හරිහැටි සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න මෙනෙහි කිරීම වැදගත්.

තොරතුරු ගලනය මා දකින්නේ ජල ගලනයට සමාන සංසිද්ධියක් ලෙසයි. වාරි ජලය රඳවා තබන ජලාශයක සොරොවු විවර කිරීමත් සමඟ ජලය යටිගංබලා ගලා යනවා. එවිට එයින් ප‍්‍රයෝජන ගන්නට නම් ඇළ මාර්ග හරිහැටි තිබීම හා සූදානමක් පැවතීම අවශ්‍යයි.

කලක් තිස්සේ නිලධාරිවාදී බැමි මඟින් අවුරා තිබූ මහජනයාට අදාළ තොරතුරු මේ නව නීතිය හරහා ගලා යාමට සැලැස්වූ විට එයින් හරිහැටි ප‍්‍රයෝජන ගන්නට ද නිසි සූදානමක් හා කුසලතා තිබිය යුතුයි. එසේ නැතිනම් තොරතුරු ප‍්‍රවාහය පොදු උන්නතියට යොදා ගන්නට බැරි වනවා.

National Right to Ino laws status - as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm

National Right to Ino laws status – as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm

තොරතුරු අයිතිය පිළිබඳ සංකල්පය මුලින්ම මතුව ආවේ 18 වන සියවසේ යුරෝපයේයි. එයට පදනම වැටුණේ පොදු ජනයාට රාජ්‍ය පාලනය විමසීමේ අයිතිය තහවුරු වීමත් සමගයි. ප‍්‍රභූවරුන්, උගතුන් හෝ වෙනත් වරප‍්‍රසාද ලත් පිරිස්වලට සීමා නොවී හැම පුරවැසියකුටම තම රට පාලනය කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට හා ඒ ගැන විමර්ෂණයට අයිතියක් ඇතිබව ලිබරල් මතවාදී යුරෝපීයයන් පිළිගත්තා.

මේ අනුව ක‍්‍රියා කරමින් ලෝකයේ මුල්ම තොරතුරු දැනගැනීමේ නීතිය හඳුන්වා දුන්නේ 1766දී ස්වීඩනයේ. රාජාණ්ඩු මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රික ආණ්ඩු පවතින යුරෝපීය රටවල මේ සංකල්පය පිළිගෙන නීතිගත කරනු ලැබුවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංගයක් ලෙස ගෝලීයකරණය වූයේ 20 වන සියවස දෙවන භාගයේ.

එයට දායක වූ වැදගත් සිදුවීමක් නම් 1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කරගනු ලැබීමයි. මේ වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුලූ ලෝකයේ අති බහුතරයක් රාජ්‍ය මේ ප‍්‍රඥප්තියේ මානව හිමිකම් දැක්ම හා මූලධර්ම නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. www.un.org/en/documents/udhr/

වගන්ති 30කින් සමන්විත සංක්ෂිප්ත ලේඛනයක් වන මෙහි 19 වන වගන්තිය කියන්නේ තමන් කැමති මතයක් දැරීමට හා එය ප‍්‍රකාශ කිරීමට හැම මානවයකුටම මූලික නිදහසක් ඇති බවයි. බලපෑමකින් තොරව එසේ මත දැරීමටත්, තොරතුරු ලබා ගැනීමට හා බෙදා හැරීමටත්, ඕනෑම මාධ්‍යයක් හරහා දේශසීමා ඉක්මවා ක‍්‍රියා කිරීමටත් මානව අයිතියක් තිබෙන බව එයින් පැහැදිලිව කියනවා.

Article 19 of Universal Declaration of Human Rights

Article 19 of Universal Declaration of Human Rights

අප මීට පෙර ද විග‍්‍රහ කළ පරිදි ආසියාවේ තොරතුරු අයිතිය පිළිගෙන නීතිගත කිරීමේ පෙරගමන්කරුවකු වූයේ ඉන්දියාවයි. එය දශකයකට වඩා සිවිල් සමාජ ක‍්‍රීයාකාරකයන්ගේ උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක්.

ඇත්තටම මෙබඳු නීතියක ප‍්‍රායෝගික වැදගත්කම මුලින්ම හඳුනා ගත්තේ ඉන්දියාවේ බිම් මට්ටමේ සමාජ ක‍්‍රියාකාරිකයන් (නගරයේ සිටින ප‍්‍රතිපත්ති මට්ටමේ ක‍්‍රියාකාරිකයන් නොවේ). මහජන සුබසාධනය හා ග‍්‍රාමීය යටිතල පහසුකම් නඩත්තුවට වෙන් කැරෙන රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන අකාර්යක්ෂම හා දුෂිත ලෙසින් භාවිත කිරීම 1980 දශකයේ හා 1990 දශකයේ එරට ප‍්‍රබල ප‍්‍රශ්නයක් වූවා.

ග‍්‍රාම හා ප‍්‍රාන්ත මට්ටමේ දේශපාලකයන් හා නිලධාරීන් කරන කියන දේ විමර්ෂණයට මහජනයාට බලය ලබා ගැනීමටයි තොරතුරු අයිතිය අවශ්‍ය වූයේ. එයට ප‍්‍රාන්ත මට්ටමින් නීති පැනවීම තමිල්නාඩුව (1997), ගෝව (1997), රාජස්ථානය (2000), දිල්ලිය (2001), මහාරාෂ්ට‍්‍රය (2002) සිදු වුණා. (ඉන්දියාවේ ප‍්‍රාන්ත බොහොමයක් ශ‍්‍රී ලංකාවට වඩා භූමියෙන් හා ජනගහනයෙන් විශාලයි.) ජාතික මට්ටමේ තොරතුරු නීතියක් සම්මත කර ගත්තේ 2005දී.

ඉන්දියානු තොරතුරු නීතිය යටතේ එරට ඕනෑම පුරවැසියකුට (මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත්පාලන මට්ටමේ) රජයේ ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටිය හැකියි. එය දින 30ක් ඇතුළත ලබා දීමට එම ආයතන නීතියෙන් බැඳී සිටිනවා. එසේ නොවුවහොත් හෝ ලබා දුන් තොරතුරු ගැන සෑහීමකට පත් විය නොහැකි නම් හෝ පැමිණීලි කිරීමට මධ්‍යම තොරතුරු කොමිසමක්ද (Central Information Commission) පිහිටුවා තිබෙනවා.

රජයේ විධායකය, පාර්ලිමේන්තුව හා අධිකරණය යන අංග ත‍්‍රිත්වයේම තොරතුරු මේ නීතියට ආවරණය වනවා. එසේම රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබන අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරුද පුරවැසියන්ට මේ හරහා ඉල්ලා සිටිය හැකියි.

තොරතුරු අයිතිය නීතිගත වීම හොඳ ආරම්භයක් පමණයි. තොරතුරු අයිතිය නීතිගත වීමෙන් පසු බිහි වන නව යථාර්ථයට අනුගත වීමට සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය ද අලූත් දිශානතියකට යොමු වීම අවශ්‍යයි. යටත් විජිත පාලන සමයේ සිට මහජනයාට කරුණු වසන් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලනය වඩාත් විවෘත හා පාරදෘශ්‍ය කිරීමට නීතිමය රාමුවක් පමණක් නොව ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි.

RTI Activist bb

2005 තොරතුරු අයිතිය නීතිගත වීමත් සමඟ ඉන්දියාවේ සියලූ රාජ්‍ය ආයතන සිය තොරතුරු පරිගණක ගත කළ යුතු බවටත්, හැකි සෑම විටම එසේ ඩිජිටල්කරණය වූ තොරතුරු නිල වෙබ් අඩවි හරහා ඕනෑම කෙනකුට ලෙහෙසියෙන් බැලිය හැකි ලෙස ඉන්ටර්නෙට් ගත කළ යුතු බවත් තීරණය වුණා. මෙය ක‍්‍රියාත්මක වීම තොරතුරු ගලනයට මහත් සේ දායක වී තිබෙනවා.

එසේම පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවේදී ආචාර්ය රාජේෂ් ටැන්ඩන් කී පරිදි තොරතුරු ලද හැකි වීම හරහා යහපාලනයට දායක වීමේ ප‍්‍රායෝගික අවස්ථා හා විභවය ගැන පුරවැසියන්ට හා සිවිල් සංවිධානවලට නිසි දැක්මක්, පරිකල්පනයක් හා කැප වීමක් අවශ්‍යයි.

තොරතුරු සාක්ෂරතාව (information literacy) මෙහිදී වැදගත් හා තීරණාත්මක වෙනවා. තොරතුරු යටතේ බොහෝ දේ රාජ්‍ය තන්ත‍්‍රය තුළ තිබෙනවා. රැස්වීම් වාර්තා, ටෙන්ඩර් මණ්ඩල තොරතුරු, අයවැය ප‍්‍රතිපාදන, මූල්‍ය වියදම් වාර්තා, විගණන වාර්තා ආදිය පමණක් නොව විද්‍යාත්මකව රැස් කරන ලද දත්ත ද එයට ඇතුළත්.

මේ දෙවැනි කාණ්ඩයට ජන සංගණන හා අනෙකුත් රාජ්‍ය සමීක්ෂණවල සම්පූර්ණ තොරතුරු හා විශ්ලේෂණත්, අස්වනු සංඛ්‍යා ලේඛන, විදේශ වෙළදාම් (ආනායන- අපනයන) සංඛ්‍යා ලේඛන ආදියද අයත් වනවා.

නූතන තොරතුරු බොහොමයක ස්වභාවය නම් ඒවා තාක්ෂණික ස්වභාවයකින් යුක්ත වීමයි. සමහරක් තොරතුරු තේරුම් ගැනීමට විශේෂඥ දැනුමක් හා කුසලතා අවශ්‍යයි. මෑත වසරවල රාජ්‍ය අංශය පරිගණක භාවිතය වැඩිවීමත් සමඟ තොරතුරු ඩිජිටල් ආකාරයෙන් පවත්වා ගැනීම ඇරඹී තිබෙනවා. එහෙත් සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයට බලපාන ඩිජිටල් දත්ත ප‍්‍රමිතීන් තවමත් දක්නට නැහැ.

මේ නිසා ඩිජිටල් දත්ත විවිධ තාක්ෂණික පරිමානයන් හා මෘදුකාංගයන් යටතේ පවතිනවා. මේවා ලබා ගන්නා සමාජ ක‍්‍රියාකාරිකයන් හෝ පර්යේෂකයන් ඒ දත්ත විශ්ලේෂණය කරන විට නොගැලපීම්වලට (data incompatibility) මුහුණ දෙනවා.

තොරතුරු අයිතිය නීතිගත වීමේ නිසි ඵල නෙලා ගන්නට නම් අප සැවොම අපේ තොරතුරු සාක්ෂරතාව දියුණු කර ගත යුතුයි. එසේ නොවුවහොත් තොරතුරු ප‍්‍රවාහයට හසු වී අප ගසා ගෙන යාමේ අවදානමක් තිබෙනවා.

තොරතුරු සාගතය ගැන කලක් තිස්සේ පැමිණීලි කරමින් සිටින අපේ සමාජ රියාකාරිකයන් හා මාධ්යවේදීන් තොරතුරු ගලනය උත්සන්න වූ විට එයට කෙසේ හැඩ ගැසේද?

හුදෙක් ආවේගයන් හෝ අනුමානයන් හෝ මත පදනම් නොවී සංඛ්‍යාලේඛන හා විශ්වාස කටයුතු මූලාශ‍්‍ර හරහා නිගමනවලට එළඹීම අද කාලේ අත්‍යවශ්‍ය කුසලතාවක්. අපේ සමහරුන් පිලූණු වූ දත්ත හෝ වැරදි නිරීක්ෂණ (පක්ෂග‍්‍රාහී) හෝ යොදා ගෙන යම් වැරදි ස්ථාවරයන්ට එළඹෙනු නිතර දත්නට ලැබෙනවා.

(සුලභ උදාහරණයක්: ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි පුන පුනා කීවත් තව දුරටත් එය සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන්නේ නැහැ. මහබැංකු වාර්ෂික වාර්තාවට අනුව 2013දී දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මයේ දායකත්වය 10.6% පමණයි. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2013දී කෘෂිකර්මාන්තයට සම්බන්ධ ජීවිකාවක නියැලි මෙරට රැකියා නියුක්තිකයන්ගේ ප‍්‍රතිශතය 22.5%යි. මේ සංඛ්‍යා ලේඛන රහසිගත නොව විවෘතව ඒ ආයතනවල ප‍්‍රකාශනවල අඩංගුයි.)

තවත් උදාහරණයක්: ජංගම දුරකථන භාවිතය ජනගහණයෙන් 100කට ගිණුම් 105 දක්වා ඉහළ ගොස් තිබියදීත් තවමත් සමහරුන් කියන්නේ මෙය නාගරික හා වරප‍්‍රසාද ලත් අයගේ තාක්ෂණයක් බවයි.

මේ තොරතුරු මහජනයාට දැනටමත් විවෘතව තිබියදීත් ඒවා පරිශීලනය නොකරන උදවිය තොරතුරු අයිතියෙන් නිසි ප‍්‍රයෝජන ගනියිද?

Do we know how to cope with all this info?

Do we know how to cope with all this info?

තොරතුරු ගලනය විධිමත් වීමත් සමඟ එය ක‍්‍රම ක‍්‍රමයෙන් වඩාත් විවෘත වූත්, වගකීම් සහිත වූත් රාජ්‍ය පාලනයකට හැසිරවීම අප හමුවේ විශාල අභියෝගයක්.

සිල්ලර මට්ටමේ රාජ්‍ය තොරතුරු මෙන්ම තොග මට්ටමේ රාජ්‍ය තොරතුරු ද ඉලක්කගත ඉල්ලීම් හරහා ලබා ගෙන ඒවා සූක්ෂම ලෙස විමර්ෂණය කොට නොගැලපීම්, සැක කටයුතු තැන් හෝ අක‍්‍රමිකතා හඳුනා ගැනීමේ හැකියාව පුරවැසියන් හැටියට අප ප‍්‍රගුණ කළ යුතුයි.

වර්තමානයේ රාජ් ක්ෂෙතරයේ බොහෝ අකටයුතුකම් හා අකරමිකතා සිදු කැරෙන්නේත් සුක්ෂම හා සටකපට ලෙසින්. මේ නිසා ගවේෂණාත්මක මාධ්යකරුවන්ගේ හා රහස් පරීක්ෂකයන්ගේ කුසලතා ගොන්න වඩාත් අවශ් වනවා.

විද්වත් ස්වරූපයකින් පවතින සමහර රාජ්‍ය දත්ත ද විකෘති කොට කෙන්ද කන්ද කළ අවස්ථා පසුගිය දශකයක කාලයේ අප දුටුවා. ආර්ථික වර්ධනය ගැන මෑත වසරවල මහ බැංකුව මහත් උජාරුවෙන් හුවා දැක්වූ සමහර සංඛ්‍යා ලේඛන, සැබෑ තත්ත්වය වැඩිකොට පෙන්වීමක් බව දැන් තහවුරු වී තිබෙනවා. මෙබඳු අවස්ථාවල විද්වත් රාජ්‍ය තොරතුරු විචාරශීලීව කියැවීමේ හැකියාව මාධ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරිකයන්ට තිබිය යුතුයි.

අවසාන විනිශ්චයේදී විවෘත හා වගකීම් සහිත රාජ්‍යකරණයක් (open and accountable government) බිහි වීමට රාජ්‍ය නායකයාගේ අවංක ප‍්‍රතිඥා පමණක් සෑහෙන්නේ නැහැ. කලක් රහසිගතව හා ඇතැම් විට වංචනිකව පැවත ආ රාජ්‍ය පරිපාලනය විවෘත කර ගැනීමට පුරවැසි සැමගේ මැදිහත්වීම, සංශයවාදී බව හා තොරතුරු සාක්ෂරතාව අවශ්‍යයි.

දැන ගියොත් යහපාලනය. නොදැන ගියොත් අතරමඟ!

 

සිවුමංසල කොලූගැටයා #207: “තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් නිසි ඵල නෙළා ගත යුතුයි!”

In this week’s Ravaya column (in Sinhala), I continue the Sinhala adaptation of my June 2014 TV interview with Dr Rajesh Tandon of India, an internationally acclaimed leader and practitioner of participatory research and development.

Last week, we discussed the civil space and political space available for advocacy and activism – and how far civil society activists have been able to engage the formal political process in India.

Today, we discuss how anti-corruption movement evolved into the Aam Aadmi Party, AAP, and the relevance of India’s experiences to Sri Lanka. We also discuss India’s Right to Information Act and how that has empowered citizens to seek a more open and accountable government at national, state and local levels. Dr Tandon ends by emphasizing that democracy is a work in progress that needs constant engagement and vigilance.

Part 1 of this interview: සිවුමංසල කොලූගැටයා #206: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිවිල් සමාජ සාධකය ඉන්දියානු ඇසින්

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene, June 2014

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene, June 2014

2015 පෙබරවාරි 7 වනදා නැවතත් පැවති දිල්ලි ප්‍රාන්ත මැතිවරනයේදී පොදු මිනිසාගේ පක්ෂය ආමි ආද්මි ^Aam Aadmi Party, AAP& මුලු ආසන 70න් 67ක්ම දිනා ගනිමින් විශිෂ්ට ජයක් ලබා ගත්තා. රටේ පාලක භාරතීය ජනතා පක්ෂයට (BJP) ඉතිරි ආසන 3 හිමි වුණා.

මීට පෙර 2013 දෙසැම්බර් 4 වනදා පැවති දිල්ලි මැතිවරනය්දී ආසන 28ක් දිනා ගෙන ප්‍රාන්ත රජයක් පිහිටුවා ගත් ආම් ආද්මි එය කර ගෙන ගියේ මාස දෙකකට අඩු කාලයක්ග 2014 පෙබරවාරි 14දා ඔවුන් ඉල්ලා අස් වුණා.

මේ දෙවන වාරයේ ඔවුන්ගේ භූමිකාව කුමක් වේදැයි කිව නොහැකියි. එහෙත් 2014 ජාතික මහ මැතිවරනයෙන් පහසු ජයක් ලද භාරතීය ජනතා පක්ෂයට අභියෝග කරන්නට තරම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් අතරින් මතු වූ මේ ලාබාල පක්ෂයට හැකිව තිබෙනවා.

2014 ජුනි මාසයේ මා ඉන්දියාවේ ප‍්‍රවීණතම සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයකු හා සහභාගිත්ව සංවර්ධනය ගැන ලොව පිළිගත් විද්වතකු වන ආචාර්ය රාජේෂ් ටැන්ඩන් (Dr Rajesh Tandon) සමග ටෙලිවිෂන් සාකච්ඡුාවක් කළා.

එහි මුල් කොටස ගිය සතියේ පළ කළා. අද එහි ඉතිරි කොටස. මෙය මීට මාස අටකට පෙර සිදු වූ කතාබහක් බව සිහි තබා ගන්න. සාකච්ඡාව වෙබ් හරහා බලන්න – https://vimeo.com/118544161

නාලක: දූෂන විරෝධී සිවිල් සමාජ ක්රියකාරිකයන් පිරිසක් දේශපාලන පක්ෂයක් පිහිටුව ගත්තේ ඇයි?

රාජේෂ් ටැන්ඩන්: ලෝක්පාල් නම් වූ දූෂණ විරෝධී පනත (Jan Lokpal Bill) පසුගිය පාර්ලිමේන්තුවේ (2009-2014) පල් වන විට අන්නා හසාරේ ඇතුළු පිරිසට පෙනී ගියා සියලු දේශපාලන පක්ෂ මේ ගැන සැබෑ උනන්දුවක් නොගන්නා බව. ඒ පසුබිම තුළ තමයි ආමි ආද්මි පක්ෂය බිහි වූයේ, දේශපාලන අවකාශයෙන් පිටත සිට කළ හැකි සියලූම බලපෑම් කිරීමෙන් අනතුරුව මේ සිවිල් ක‍්‍රියාකාරීන් එහි යා හැකි දුරේ සීමා තිබෙන බව තේරුම් ගත්තා. ඔවුන් සක‍්‍රිය පක්ෂ දේශපාලනයට පිවිසියේ ඉන් පසුවයි.

Anna Hazare (left) and Arvind Kejriwal

Anna Hazare (left) and Arvind Kejriwal

අන්නා හසාරේ (Anna Hazare) සහ අනුගාමිකයන් අතර මේ ගැන රතිවිරුද්ධ මත තිබුණා නේද? හසාරේ රියාකාරී දේශපාලනයට පිවිසීමට රතික්ෂේප කළත් ඔහුගේ දෙවැනියා අර්වින්ද් කෙජ්රිවාල් (Arvind Kejriwal) පොදු මිනිසාගේ පක්ෂය පිහිටුවා ගත්තා. ඔවුන් දෙමගක ගියාද?

මේ විවාදය කලක සිටම ඉන්දියාවේ පවතින්නක්. විශේෂයෙන්ම රටේ තීරණාත්මක සංධිස්ථානවලදී එයට කෙසේ ප‍්‍රතිචාර දැක්විය යුතුද යන්න සරසවි සිසුන් හා සිවිල් ක‍්‍රියාකාරිකයන් මෙනෙහි කරනවා. සක‍්‍රිය දේශපාලනයට පිවිසීම එක් ප‍්‍රතිචාරයක්. ප‍්‍රචණ්ඩ අරගලවලට යොමු වීම තවත් ප‍්‍රතිචාරයක්. සත්‍යග‍්‍රහ හා සාමකාමී උද්ඝෝෂණ කිරීම තව එකක්. මේ එක එකක් සාධාරණ යයි කීමට එයට පිවිසි අයට තර්ක ද තිබුණා.

අන්නා හසාරේ තරයේ විශ්වාස කළේ පක්ෂ දේශපාලනයට පිවිසීම හරහා දූෂණ විරෝධී ජනතා ව්‍යාපාරයේ එතෙක් පවත්වා ගෙන ආ සාරධර්මීය පිවිතුරු බව අහිමි වන බවයි. එහි යම් ඇත්තක් තිබෙනවා. අද කාලේ පක්ෂ දේශපාලනය කරන්නට මුදල්, පිරිස් බලය හා මාධ්‍ය සමග මනාව ගනුදෙනු කිරීම අවශ්‍යයි. එහෙත් අර්වින්ද් කෙජ්රිවාල් ඇතුළු පිරිසක් තර්ක කළේ ප‍්‍රශ්නයේ සැබෑ මුල් ඇති සක‍්‍රිය දේශපාලනයට පිවිසීමෙන් පමණක් දූෂණයේ අක්මුල් පාදා ගෙන විසඳුම් සැපයීමට හැකි බවයි.

ඉතා කෙටි කලක් තුළ ඔවුන් නාගරිකයන් අතර මහත් ජනාදරයට පත් වුණා නේද?

කෙටි කාලයක් තුළ කෙජ්රිවාල්ගේ පක්ෂය දිල්ලියේ ප‍්‍රාන්ත පාලන රජයක් පිහිටුවා ගන්නට මැතිවරණ ජයග‍්‍රහණයක් ලැබුවා (2013 දෙසැම්බර්). ඔවුන් වසර ගණනාවක සිට බිම් මට්ටමින් කළ ජනතා ව්‍යාපාර (ත‍්‍රීරෝද හා රික්ෂෝ රියදුරන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, විදුලිබල හා ජල ප‍්‍රවාහනය විධිමත් කිරීම, දුගී ජනයාට සහන මිලට ධාන්‍ය ලබාදීම) හරහා ගොඩ නගා ගත් හොඳ හිතක් තිබුණා. එහි උපකාරයෙන් දිල්ලියේ බලයට පත්වන්නට හැකි වුණා. සීමිත බල ප‍්‍රදේශයක් තුළ ඔවුන් කෙටි කලක් පාලනය කළා.

නමුත් 2014 මහ මැතිවරණයේදී ආම් ආද්මි පක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන හතරක් පමණයි. ඉන්දියාවේ තෙවන බලවේගයක් වන්නට ඔවුන්ට හැකිද?

ආම් ආද්මි පක්ෂයේ වඩාත් ප‍්‍රමුඛව මහජනයා ඉදිරියට ආ මුහුණු බොහොමයක් කලක් තිස්සේ සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයේ යෙදී සිටි සමාජ සේවකයන් හා විද්වතුන්. මේ නිසා ආමි ආද්මියට හොඳ ජනතාවාදී පදනමක් හා දැක්මක් මුල පටන්ම ලැබුණා. මෙය සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ යම් තැති ගැන්මකට පත් කළා.

එවිට රාජ්‍ය පක්ෂ හා විපක්ෂ දෙකේම එවකට සිටි දේශපාලකයන් කළේ ආමි ආද්මි ක‍්‍රියාකාරිකයන්ගේ ඇද කුද සෙවීමයි. 2012 යම් අවස්ථාවක හිටපු අගමැති මන් මෝහන් සිං ප‍්‍රකාශයක් කළේ විදේශ බලවේගයන් රාජ්‍ය නොවන සංවිධාන (NGO) හා සිවිල් ක‍්‍රියාකාරිකයන් හරහා ඉන්දියාවේ ඉදිරි ගමන කඩාකප්පල් කරන්නට තැත් කරන බවයි!

විදෙස් හස්තය (foreign hand) නොහොත් අදිසි හස්තය (hidden hand) ගැන චෝදනා කිරීම අපේ රටවල කලක සිට කෙරෙන දෙයක් නේද?

ඇත්තටම. එක්කෝ අමෙරිකානු හස්තය, නැතිනම් ස්කනැඞ්නේවියානු හස්තයට දොස් කීම අපේ ඉන්දියානු සිරිතක්. එහෙත් රටේ නායකයා අගමැතිවරයා මෙබඳු ප‍්‍රකාශයක් කළ මුල් වතාව මෙයයි. ඊට පෙර එබඳු චෝදනා කළේ තනතුරින් වඩාත් කනිෂ්ඨ දේශපාලකයන් පමණයි.

මෙයින් පෙනි ගියේ විධිමත් දේශපාලන අවකාශයට සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පිවිසීමට එරෙහිව වෘත්තීය දේශපාලකයන්ගේ ප‍්‍රතිරෝධයයි. රාජ්‍ය නිලධාරිවාදය උච්ච අන්දමින් මුදා හැර තමන් නොකැමැති රාජ්‍ය නොවන සංවිධාන පරීක්ෂා කිරීමට හා ඔවුන්ට හිරිහැර කිරීමට බලයේ සිටින දේශපාලකයන් පෙළඹෙන සැටි අපි දන්නවා. ඒ හරහා ඔවුන් සිවිල් සමාජයට වක‍්‍රව පණිවුඩයක් යවනවා….අපත් සමග හැප්පෙන්න ආවොත් බලා ගෙනයි කියා.

2014 මහ මැතිවරණයෙන් ආමි ආද්මි පක්ෂය ජාතික වශයෙන් බලවේගයක් ලෙස ඉස්මතු වූයේ නැහැ. එහි වැදගත්ම පාඩම මෙයයි. ඉන්දියාව වැනි අතිශයින් විවිධ වූත් විශාල වූත් රටක සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සිවිල් අවකාශයේ සිට දේශපාලන අවකාශයට පිවිසි විට ඔවුන්ට සාර්ථක විය හැක්කේ යම් භූගෝලීය වශයෙන් සීමිත ප‍්‍රදේශයක පමණයි. ජාතික මට්ටමෙන් එතරම් බලපෑමක් කළ හැකි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීම අසීරුයි.

එය එසේ වන්නේ ඇයි?

සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සිය පොදු උන්නතියට කැපවූ කටයුතු හරහා සමාජයීය ප‍්‍රාග්ධනයක් (social capital) ගොඩනගා ගෙන තිබෙනවා. එහෙත් ඉන්දියාව වැනි විශාල රටක එය අදාළ වන්නේ එක් නගරයකට හෝ ප‍්‍රාන්තයකට පමණයි. මුළු රටටම හා බිලියන් 1.2ක ජනයාට ස්පර්ශ වන අන්දමේ සිවිල් ක‍්‍රියාකාරිකයන් බිහි වන්නේ ඉතා කලාතුරකින්.

ආමි ආද්මි පක්ෂය 2013 දිල්ලියේ රාන්ත රජය (Delhi legislative assembly) ජයගරහණය කළත් පාලනය කළේ දින 49යි. එහිදී ඔවුන්ගේ ජනපරියවාදී (populist) පිළිවෙත් බොහෝ විවේචනවලට ලක් වුණා. සිවිල් සමාජ රියාකාරිකයන් උද්ඝෝෂණවලට දක්ෂ වුවත් රාජ් පාලනයට අසමත්ද?

එබඳු හැඟීමක් සමහරුන් තුළ ජනිත කරන්නට ආමි ආද්මියේ දිල්ලි ක‍්‍රියා කලාපය හේතු වුණා. මෙය කනගාටුදායකයි. දිගු කලක් තිස්සේ වීදි බැස උද්ඝෝෂණය කළ පිරිසකට අන්තිමේදී ඡන්දයෙන් පාලන බලය ලැබුණු විට ඔවුන් ඉක්මනින් තම භූමිකාව වෙනස් කර ගත යුතුයි.

රාජ්‍ය පාලනය කිරීමේදී නිලධාරීන්, පොලිසිය, ව්‍යාපාරිකයන් ඇතුළු නොයෙකුත් පිරිස් සමග සහයෝගයෙන් වැඩ කරන්නට වනවා. ආමි ආද්මි පක්ෂය දිල්ලියේ පාලනයට පත්වූ විට එය හරිහැටි කරගෙන යෑමට අවශ්‍ය විනය හා සංවිධාන ශක්තිය ඔවුන් සතුවූයේ නැහැ. ඔවුන්ගේ සමාජ දැක්ම, අවංකබව හා කැපවීම ඉතා හොඳින් තිබුණත් නව වගකීම් සමුදායට අනුගත වීමට ඔවුන් අසමත් වුණා.

anna-hazare-gandhi-funny-cartoon

ඉන්දියාවට වඩා විශාලත්වයෙන් මෙන්ම විවිධත්වයෙන් බෙහෙවින් කුඩා වූ රී ලංකාවට මේ අත්දැකීම් අප කෙසේ අදාළ කර ගත යුතුද? මෙරට සිවිල් සමාජ රියාකාරිකයන් දේශපාලන අවකාශයට කෙසේ නම් පිවිසිය යුතුද?

පළමුවැන්න නම් සිවිල් ක‍්‍රියාකාරිකයන් ඍජුවම දේශපාලන නායකයන්, ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයන් නිතර මුණ ගැසී තම ස්ථාවරයන් හා ප‍්‍රශ්න පැහැදිලිව සන්නිවේදනය කොට සංවාද කළ යුතුයි. හැම දේශපාලන පක්ෂයකම පාහේ න්‍යායචාර්යවරුන් සිටිනවා. ඔවුන් සමගත් බුද්ධිමය සංවාදයක් ගොඩ නගා ගත යුතුයි. ඔබ ඔවුන්ට මුළුමනින්ම විරුද්ධ මත දැරුවත් ඔවුන් සමග සංවාද කිරීම ඉතා වැදගත්.

මෙහිදී ස්වාධීන හා සක‍්‍රිය මාධ්‍ය පැවතීම තීරණාත්මකයි. බොහෝ විට සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පවත්නා රජයන්ට කියන දේ, කරන බලපෑම් ගැන මහජන මතයක් ඇති කළ හැක්කේ මාධ්‍ය ආවරණය හරහායි. ජනතා ව්‍යාපාර හා සිවිල් සමාජ අරගලයන් ප‍්‍රතිපත්ති හා නීති දක්වා යන දුෂ්කර ගමනේදී මාධ්‍යවලින් ලැබෙන දායකත්වය ඉන්දියාවේ අතිශය වැදගත්. අනෙක් අතට ජනතාවගේ ප‍්‍රශ්න හා ප‍්‍රමුඛතා මොනවාද යන්න හඳුනා ගන්නට මාධ්‍යවලට බෙහෙවින් උපකාරවන්නේ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්. ශ‍්‍රී ලංකාවේ මේ සබඳතාව වඩාත් ප‍්‍රශස්ත කරගත හැකි නම් දෙපිරිසටම එය ප‍්‍රයෝජනවත් වනු ඇති.

දෙවැන්න නම් දේශපාලකයන් මුහුණ දෙන ප‍්‍රායෝගික දුෂ්කරතා හා ඔවුන්ට ඇති සීමාවන් ගැන සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් මීට වඩා සංවේදී වීමද අවශ්‍ය යැයි මා සිතනවා.

තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information Act) නීතියෙන් තහවුරු වී ඉන්දියාවේ දැන් දශකයක් පමණ කල් ගත වී තිබෙනවා. පුරවැසි හා සිවිල් සමාජ රියාකාරීත්වයට හා යහපාලනයට මෙය දායක වී ඇත්තේ කෙසේද?

ඉන්දියාවෙත් ශ‍්‍රී ලංකාවෙත් බි‍්‍රතාන්‍ය පාලන සමයේ හඳුන්වා දුන් රාජ්‍ය රහස් පිළිබඳ නීති (official secret laws) එක සමානයි. බි‍්‍රතාන්‍ය රාජ්‍ය පාලකයන්ට ඕනෑ වුණේ හැකි තරම් රජයේ තීරණ, ප‍්‍රතිපාදන හා වියදම් රටවැසියන්ගෙන් වසන් කොට තැබීමට. තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කිරීම හරහා රාජ්‍ය ප‍්‍රතිපත්ති, වැඩපිළිවෙළ, මූල්‍ය ප‍්‍රතිපාදන, වියදම් හා වෙනත් රාජ්‍ය පාලන ක‍්‍රියාකාරකම් ගැන විස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමේ වරම පුරවැසියන්ට ලැබෙනවා.

ඉන්දියාවේ මෙය නීතියක් ලෙස 2005දී ලබා දෙන්නට පෙර වසර ගණනාවක් සිවිල් සමාජ සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ඉතා ඕනෑකමින් ඒ සඳහා ජනමතයක් ගොඩ නැගුවා. එය නීතිගත වූ පසුවද එහි නිසි ක‍්‍රියාකාරීත්වය හා නිසි ඵල නෙලා ගැනීම තහවුරු කර ගන්නට සිවිල් සමාජ දායකත්වය ඉතා ඉහළයි.

මධ්‍යම තොරතුරු කොමිසමක් (Central Information Commission, CIC) ස්ථාපිත කරනු ලැබුවා. රාජ්‍ය ආයතනයකට තොරතුරු ඉල්ලීමක් කොට නිසි ප‍්‍රතිචාර නිසි කාල සීමාව තුළ නොලදහොත් එය ගැන පැමිණිලි කිරීමට හා මැදිහත්වීමට මේ කොමිසමට පූර්ණ බලතල තිබෙනවා. මුලදී තොරතුරු කොමසාරිස්වරුන් සියල්ලන්ම පරිපාලන සේවා නිලධාරීන් වුවත් දැන් ක‍්‍රමයෙන් කොමිසමට නීතිවේදීන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ද පත්ව සිටිනවා.

අපේ වැදගත්ම පාඩම නම් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත වීම පමණක් නොසෑහෙන බවයි. එය ප‍්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට නිරන්තර සිවිල් සමාජ සහභාගිත්වය, අවදියෙන් සිටීම හා අධීක්ෂණය ඉතා වැදගත්.

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television - The Interview, June 2014

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television – The Interview, June 2014

තොරතුරු අයිතිය නීතිගත වීම සාමාන් ඉන්දියානු පුරවැසියාට බලපෑවේ කෙසේද?

මෙතෙක් නොයෙක් නිදහසට කාරණා දක්වමින් මහජනයාට නිලධාරිවාදී කඩතුරාවකින් වසන් කරගෙන සිටි රාජ්‍ය පාලන ක‍්‍රියාකාරීත්වය ප‍්‍රථම වතාවට නිල වශයෙන්ම විවෘත වූවා (open government).

මෙය හුදෙක් මාධ්‍යවේදීන්ට පමණක් සීමාවූ අයිතියක් නොවෙයි. බිලියන් 1.2ක් වන සියලූම ඉන්දියානුවන්ට අද මධ්‍යම, ප‍්‍රාන්ත හෝ ප‍්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය තන්ත‍්‍රයේ බොහෝ පැතිකඩ ගැන තොරතුරු දින 30ක් ඇතුළත ලබා ගැනීමේ නීතිමය අයිතිය තිබෙනවා. ජනතාවට වග කියන රාජ්‍ය පාලනයක් (accountable government) ඇති කිරීමට නම් අනවශ්‍ය රහසිගත බව පසෙක ලා මෙසේ පාරදෘශ්‍යවීම ශිෂ්ට සමාජයකට අත්‍යවශ්‍යයි.

තොරතුරු ලබාගැනීමේ හැකියාව තහවුරුවීමත් සමග තොරතුරු විග‍්‍රහ කිරීම, සාවද්‍ය තැන් හඳුනා ගැනීම, හේතු විමසීම හා සංකීර්ණ ආකාරයේ අක‍්‍රමිකතා හෝ දුෂණ සොයා යෑම ආදී කුසලතා ඉන්දීය සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් ප‍්‍රගුණ කොට තිබෙනවා. තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් ඵල නෙළා ගන්නටත් හැකි විය යුතුයි.

රජාතන්තරවාදයේ නියම අරුතත් එයම නේද?

ඇත්තටම ඔව්. වඩාත් සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් (participatory democracy) ඒ හරහා ඉන්දියාවේ මතු වෙමින් තිබෙනවා. දුෂිත හෝ අකාර්යක්ෂම දේශපාලකයන් හා නිලධාරීන් මෙයට නොකැමැති වුවත්, අවංක හා සේවයට කැප වූවන්ට මේ තොරතුරු නීතිය හිතකරයි.

සමහර ඉන්දීය ප‍්‍රාන්තවල තොරතුරු නීතිය වඩාත් හොඳින් සාක්ෂාත් කරගෙන තිබෙනවා. එබඳු ප‍්‍රාන්තවල දැන් දේශපාලන අවකාශය හා සිවිල් අවකාශය අතර සබඳතා සවිමත් කරන යහපාලමක් ලෙස තොරතුරු නීතිය ක‍්‍රියා කරනවා.

සමහර පසුගාමී ප‍්‍රාන්තවල මෙය තවමත් සිදුව නැහැ. (ඉන්දියාව කියන්නේ සංකීර්ණ හා බහුවිධ තත්ත්වයන් පවතින රටක්.) නමුත් පොදුවේ ගත් විට තොරතුරු අයිතිය නීතිගත වීම හා එය තහවුරු කර ගැනීම හරහා ඉන්දීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාත්මක බව මූලධර්මීය මට්ටමෙන්ම දියුණු වෙමින් තිබෙන බව නම් පැහැදිලියි.

නමුත් තවත් යා යුතු දුර බොහෝයි?

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ නිරතුරුව වෙහෙස මහන්සියෙන් නඩත්තු කිරීම් කළ යුතු සමාජ සංසිද්ධියක්. එය කිසි දිනෙක හමාරයි පරිපූර්නයි කියා අපට විරාම ගන්නට බැහැ!

තොරතුරු අයිතිය නීතිගත වීම හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නඩත්තුවට අමතර මෙවලම් හා අවකාශයන් ඉන්දීය අපට විවෘත වුණා. එය පදනම් කර ගෙන පොදු උන්නතියට අවශ්‍ය සංවාද කිරීම හා හිතකර ප‍්‍රතිපත්ති වෙත යොමු වීම දේශපාලකයන්, නිලධාරීන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සියලූ දෙනාටම තිබෙන අභියෝගයක්.

ආචාර්ය ටැන්ඩන්, ඔබේ දැක්ම හා අත්දැකීම් රී ලංකාවේ අපට මාහැඟි ආදර්ශයක් හා රබෝධක ආවේගයක් සපයනවා. ඔබට බෙහෙවින් ස්තුතියි!

සිවුමංසල කොලූගැටයා #206: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිවිල් සමාජ සාධකය ඉන්දියානු ඇසින්

Citizens' vigil for murdered and disappeared Lankan journalists: 5 January 2015 at Vihara Maha Devi Park, Colombo.

Citizens’ vigil for murdered and disappeared Lankan journalists: 5 January 2015 at Vihara Maha Devi Park, Colombo.

Civil society – in its widest sense – played a key role in the recent peaceful change of government in Sri Lanka. It was civil society advocacy – for ending corruption, ensuring independence of judiciary, and increasing democratic checks and balances on the executive presidency – that inspired a larger citizen demand for better governance. The parliamentary opposition was pushed into belated action by these citizen demands.

What is the role of civil society in the political process? How and where does the civil space intersect with the political space? How can civil society engage formal political parties without being subsumed or co-opted?

In June 2014, I posed these questions to Dr Rajesh Tandon of India, an internationally acclaimed leader and practitioner of participatory research and development, when I interviewed him for Young Asia Television (YATV) – I was just ‘standing in’ for the regular host Sanjana Hattotuwa.

That interview’s contents are now more relevant to Sri Lanka than 8 months ago. So I have just rendered it into Sinhala. In this week’s Ravaya column (in Sinhala), I share the first half of the interview. To be continued next week…

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television - The Interview, June 2014

Dr Rajesh Tandon (left) in conversation with Nalaka Gunawardene: Young Asia Television – The Interview, June 2014

සිවිල් සමාජය (civil society) පුළුල් සංකල්පයක්. ප‍්‍රජා මට්ටමේ සමිති සමාගම්වල සිට වඩාත් විධිමත් රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම වෘත්තීය සමිති, වෘත්තිකයන්ගේ සංවිධාන හා ජාලයන් සියල්ල සිවිල් සමාජය ගණයට අයත්.

සිවිල් සමාජයේ දේශපාලන සහභාගිත්වය කෙසේ විය යුතුද? පුරවැසියන්ගෙන් සැදුම් ලත්, පුරවැසි අපේක්ෂාව වටා සංවිධාන ගත වන සිවිල් සමාජය ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක යහපාලනය සඳහා ඉතා වැදගත් කාර්යයන් සමුදායක් ඉටු කරනවා.

දේශපාලන ක‍්‍රියාදාමය තනිකරම දේශපාලන පක්ෂවලට ඉතිරි කොට සිවිල් සමාජය සමාජ සුබ සාධනයට පමණක් සීමා විය යුතු යැයි පටු තර්කයක් ගෙවී ගිය අඳුරු දශකයේ මෙරට ප‍්‍රවර්ධනය කරනු ලැබුවා. එහෙත් 2015 ජනාධිපතිවරණයේ තීරණාත්මක වෙනස උදෙසා සිවිල් සමාජ දායකත්වය අති විශාලයි. හිටපු රජය එපා කියද්දීත්, තහංචි හා හිරිහැර මැද්දෙන් සිවිල් සමාජය ගත් යහපාලන ස්ථාවරයන් අනුමත කරන්නට හා අනුකරණය කරන්නට දේශපාලන පක්ෂවලට සිදු වුණා.

මෙය අපට පමණක් සීමා වූ අත්දැකීමක් නොවෙයි. වඩාත් පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් පවතින ඉන්දියාවේ මේ ගැන පුළුල් අත්දැකීම් තිබෙනවා. 2014 ජුනි මාසයේ ඒ ගැන මා එරට ප‍්‍රවීණතම සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයකු හා සහභාගිත්ව සංවර්ධනය ගැන ලොව පිළිගත් විද්වතකු වන ආචාර්ය රාජේෂ් ටැන්ඩන් (Dr Rajesh Tandon) සමග දීර්ඝ ටෙලිවිෂන් සාකච්ඡාවක් කළා.

ඉංජිනේරු හා කළමනාකරණ උපාධි සතු වුවත් ඔහු ගෙවී ගිය වසර 35 කැප කොට ඇත්තේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය නූතන ලෝකයේ අභියෝගවලට මුහුණදීමට හැකි පරිදි වඩාත් සහභාගිත්ව රාමුවකට ගෙන ඒමටයි. ඉන්දියාවේ සිවිල් සමාජ ආයතන හා ජාල ගණනාවක නායකත්වයට අමතරව පුරවැසි සහභාගිත්වය සඳහා ලෝක සන්ධානයේ (CIVICUS) පාලක මණ්ඩල සභිකයකු ද වන ඔහු කොළඹට පැමිණි මොහොතක YATV සාකච්ඡාවකට මා සමග එකතු වුණා.

මාස කිහිපයකට පසු එහි සිංහල අනුවාදය ඔබට ගෙන එන්නේ මෙරට අඳුරු දශකයක නිමාවෙන් පසු යහපාලනයේ පැතුම් යළිත් දැල්වෙමින් තිබෙන මොහොතක එයට යම් ජවයක් ඉන්දියාවෙන් ලද හැකියැ’යි මා විශ්වාස කරන නිසා.

Dr Rajesh Tandon

Dr Rajesh Tandon

නාලක: කොළඹදී ඔබ කළ දේශනයේ ඔබ පෙන්වා දුන්නා පොදු උන්නතිය සඳහා රියා කළ හැකි අවකාශයන් දෙකක් ඇති බව. එකක් දේශපාලන අවකාශය (political space). අනෙක සිවිල් අවකාශය (civil space). මේ දෙක එකිනෙකට මුණ ගැසෙන්නේ කෙලෙසද?

රාජේෂ් ටැන්ඩන්: මගේ ජීවිත කාලය පුරාම සිවිල් සමාජ ක‍්‍රියාකාරී ක්ෂේත‍්‍රයේ මා නිතරව සිටිනවා. ඉන්දියාවේ මෙන්ම ගෝලීය වශයෙන්. අප නිතර මෙනෙහි කරන ප‍්‍රශ්නයක් නම් දේශපාලන ක‍්‍රියාදාමයට හරියාකාර බලපෑම් කරන්නේ කෙසේද යන්නයි.

අසම්පූර්ණතා ඇතත්, ඉන්දියාවේ දේශපාලන ක‍්‍රියාදාමය ප‍්‍රජාතාන්ත‍්‍රික රාමුවක් තුළ සිදු වනවා. ජාතික, ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය (පළාත්පාලන) යන මට්ටම් තුනක් අපට තිබෙනවා. ඉන්දියාවේ පුළුල් වූත්, සංවිධානාත්මක වූත් සිවිල් සමාජයේ ක‍්‍රියාකාරිකයන් මේ මට්ටම් තුනේම ජනතා නියෝජිතයන් (ඡන්දයෙන් තේරී පත් වූවන්) සමග ඍජුව මෙන්ම මාධ්‍ය හරහාත් නිරතුරු සංවාදයක යෙදෙනවා.

සමහර සිවිල් සමාජ ක්රියාකාරිකයන් ඡන්දවලටත් තරග කරනවාද?

ජාතික හා ප‍්‍රාන්ත මට්ටමේ දේශපාලනයට අවතීර්ණවීමට නම් දේශපාලන පක්ෂයකට බැඳී ඒ හරහා නාමයෝජනා ලැබ මැතිවරණ ජය ගත යුතුයි. එහෙත් නගර සභා හා පංචයාත් (ප‍්‍රාදේශීය සභා) මට්ටමේ නම් තවමත් දේශපාලන පක්ෂයකට නොබැඳුණු අයටත් තරග කිරීමට හා තේරී පත්වීමට යම් ඉඩක් තිබෙනවා. ජන සංවිධාන නියෝජිතයෝ බොහෝ විට එම මට්ටමේ තරග කොට පළාත් පාලන දේශපාලන අවකාශයට ද පිවිසී පොදු උන්නතිය උදෙසා දිගටම ක‍්‍රියා කරනවා. එහෙත් අපට තිබෙන ලොකු අභියෝගයක් නම් ප‍්‍රාන්ත හා ජාතික මට්ටමේදී සිවිල් සමාජ ප‍්‍රමුඛතා හා දැක්මට දේශපාලන පක්ෂ කෙසේ නම්මවා ගත හැකි ද යන්නයි.

ඔබ සිතන්නේ රේල් පීලි මෙන් දේශපාලන අවකාශය හා සිවිල් අවකාශය සමාන්තරව දිවෙන බවද? නැත්නම් මේවා එකිනෙක හමු වනවාද?

මේ අවකාශ දෙක විටින් විට හමු වනවා. 2014 අපේ‍්‍රල්-මැයි ඉන්දියානු මහ මැතිවරණයේදීත් මෙය සිදු වුණා. උදාහරණයකට මා අයිති එක් සිවිල් ක‍්‍රියාකාරික පිරිසක් නාගරික දුගී ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා. මැතිවරණ කැම්පේන් කාලයේ අප ප‍්‍රධාන නාගරික ප‍්‍රදේශවල සියලූ දේශපාලන පක්ෂවල ඡන්ද අපේක්ෂකයන් හමු වී අපේ දැක්ම පහදා දුන්නා. ඔවුන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල අඩුපාඩු පෙන්වා දුන්නා. පරිසරවේදීන්, කාන්තා අයිතිවාසිකම් කණ්ඩායම් හා වෙනත් පොදු ප‍්‍රශ්න ගැන පෙනී සිටින සිවිල් කණ්ඩායම් ද මෙවැනිම සංවාදවල යෙදෙනවා. ඔවුන් අතර රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්ගේ සංවිධාන හා ග‍්‍රාමීය ප‍්‍රජා කණ්ඩායම් සිටිනවා.

Dec 2012: People gather at a candlelit vigil for the rape victim - Photo by Saurabh Das, AP

Dec 2012: People gather at a candlelit vigil for the rape victim – Photo by Saurabh Das, AP

මෑතදී නව රවණතාවක් මතුව තිබෙන බව ඔබ පෙන්වා දුන්නා. දුෂණය, ස්තරී හිංසනය ආදී බරපතළ සමාජ රශ්නවලට එරෙහිව විශේෂයෙන් මධ්යම පාන්තික ඉන්දියානුවන් පෙළගැසෙනු හා වීදි බැස උද්ඝෝෂණය කරනු අප දකිනවා. ජංගම දුරකතන හරහා කඩිනමින් සංවිධානගත වන ඔවුන් බොහෝ දෙනා සාම්පරදායික සිවිල් සමාජ සංවිධානවලට අයත් නැහැ නේද?

මෙය ගෙවී ගිය වසර හත අට තුළ අප දකින ප‍්‍රවණතාවක්. අන්නා හසාරේ (Anna Hazare) ජන නායකයා වටා ඒකරාශි වෙමින් දුෂණයට එරෙහිව හඬ නැගුවේ බොහෝ කොටම මෙබඳු අයයි. මා මෙය දකින්නේ 1990 ගණන්වල උපන් ඉන්දියානුවන් සමාජ ප‍්‍රශ්න ගැන ආවේගයෙන් එළි බැසීමක් ලෙසටයි. මෙය මා වැන්නවුන් මවිතයට පත් කළත් එය හිතකර ප‍්‍රවණතාවක් ලෙස මා දකිනවා.

මෑතක් වන තුරු ඉන්දියාවේ නාගරික ඉසුරුබර උදවියගේ දේශපාලන සහභාගිත්වය ඉතා අඩු මට්ටමක පැවතියා. මැතිවරණවලදී ඡන්දය දීමට වැඩිපුර ගියේ නාගරික දුගී හා පහළ මධ්‍යම පාන්තිකයන් (65%). බොහෝ ඉහළ මධ්‍යම පාන්තිකයන් ඡන්දය දීමටවත් ගියේ නැහැ (10%).

ජාතික මට්ටමේ මහ මැතිවරණවලදී පවා?

ඔව්. පළාත් පාලන මැතිවරණ ගැන නම් මේ පිරිස පොඩියක්වත් තැකීමක් කළේ නැහැ. එහෙත් 2008 පමණ පටන් මෙය වෙනස් වන්නට පටන් අරන්. එය යම් තරමකට අප 2009 මහ මැතිවරණයේදී දුටුවා. එය වඩාත් හොඳින් පෙනී ගියේ 2014 මහ මැතිවරණයේදී.

මේ ස්වයංසිද්ධ ප‍්‍රවණතාවට උත්පේ‍්‍රරණය හා ගැම්ම ලබා දෙන්නේ පුවත් ටෙලිවිෂන් නාලිකා, ජංගම දුරකතන ව්‍යාප්තිය, ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය භාවිතය පුළුල්වීම ආදී සාධකයි. මේ තාක්ෂණික සාධක මගින් පුරවැසියන් තුළ නව පිබිදීමක් හා කැක්කුමක් ඇති කොට තිබෙනවා.

සමාජය වෙලා ගත් ගනඳුරු පටල වැනි දුෂණය, ප‍්‍රචණ්ඩත්වය ආදියට එරෙහි විය හැකි බවත්, තත්ත්වය ගොඩ ගත නොහැකි තරම් අසාධ්‍ය නොවන බවත් තරුණ ඡන්දදායකයන් සිතන්නට පෙළඹිලා. නිලධාරීන් හෝ දේශපාලකයන් පසුපස ගොස්, ඔවුන්ට බැගෑපත් වී, ඔවුන් සතුටු කොට පුරවැසි වරප‍්‍රසාද ලබා ගැනීමේ දීනත්වය වෙනුවට ආත්ම අභිමානය සහිතව ජීවත් විය හැකි හෙට දවසක් ගැන ඔවුන් බලාපොරොත්තු ඇති කරගෙන සිටිනවා.

 

Anti-corruption activist Anna Hazare

Anti-corruption activist Anna Hazare

මෙය නගරවල පමණක්ද? නැත්නම් රාමීය රදේශවලත් දැකිය හැකි පිබිදීමක්ද?

දැන් මෙය ගම් ප‍්‍රදේශවලටත් පැතිරිලා. මෙයට ප‍්‍රධාන හේතුව මාධ්‍ය ව්‍යාප්තියයි. ගෙවී ගිය දශකය තුළ ඉන්දියාව පුරාම පුවත් පමණක් ආවරණය කරන ටෙලිවිෂන් නාලිකා සිය ගණනක් බිහි වුණා. මේ නාලිකා අපේ භාෂා දුසිම් ගණනකින් සමාජගත වනවා. පැය 24 පුරාම සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න ගැන සජීව වාද විවාද කරනවා.

1990 මුල කාලයේ උපන්, 2010 වනවිට ඡුන්දය දීමේ වයසට ළඟාවූ මිලියන ගණන් තරුණ තරුණියන් හැදුණේ වැඩුණේ මේ බහුමාධ්‍ය වාතාවරණය තුළයි. ජංගම දුරකතන බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් රට තුළ ව්‍යාප්ත වීම හා ඒවා භාවිතයේ වියදම ඉතා අඩු වීම හරහා ද තොරතුරු ගලායෑමට පෙර යුගවල තිබූ බාධක බොහෝ කොට බිඳ වැටිලා.

ඔබ කියන්නේ මාධ් හා තොරතුරු තාක්ෂණය එක පසෙකිනුත්, අතිවිශාල තරුණ හා උගත් ජනසංඛ්යාවක් තව පසෙකිනුත් මතු වීම හරහා ඉන්දීය සමාජයේ මේ නව රජාතාන්තරික පිබිදීම සිදුව ඇති බවයි?

ඔව්. ඇත්තටම ඔව්!

මේ සාධක දෙක සමාපත වූ මැදපෙරදිග සමහර රටවල අරාබි වසන්තය නම් ජන අරගල මතු වුණා. එහෙත් ඉන්දියාවේ එබන්දක් සිදු වුණේ නැහැ. වෙනුවට පොදු මිනිසාගේ පක්ෂය ආමි ආද්මි (Aam Aadmi Party, AAP) මතු වුණා. මේ වෙනසට හේතුව කුමක්ද?

ජන සංයුතිය (demographics) මෙහිදී ඉතා වැදගත් සාධකයක්. ඉන්දියාවේ ජනගහනයේ මධ්‍යන්‍ය වයස 24යි. ඒ කියන්නේ අපේ සමස්ත ජනගහනය වන මිලියන් 1,200න් බාගයක්ම (මිලියන් 600ක්) වයස 24 හෝ ඊට අඩුයි. මේ මහා තරුණ ජනකාය තමන්ගේ ආවේගයන් කෙළින්ම පොදු අවකාශයේ (වීදි බැස සාමකාමී උද්ඝෝෂණ කිරීමෙන්) හෝ සයිබර් අවකාශයේ ප‍්‍රකාශ කරනවා. මෙය පෙර කිසිදා නොතිබි අන්දමේ තත්ත්වයක්.

මෙය මා දකින්නේ අතරමැදි (දේශපාලන හෝ සිවිල් සමාජ සංවිධාන) හරහා නොගොස් ඍජුව පුරවැසියන් රාජ්‍ය පාලකයන්ට බලපෑම් කිරීමේ නව රටාවක් ලෙසයි.

පරම්පරාවකට පෙර මෙබඳු තරුණ උදවිය දේශපාලන පක්ෂවලට හෝ සිවිල් සමාජ සංවිධානවලට හෝ බැඳී ක‍්‍රියා කළා. අද බොහෝ කොට ඔවුන් ඍජුවම එය කරනවා. දුෂණ විරෝධී ජන රැල්ල හා දිල්ලියේ ස්ත‍්‍රී දුෂණයට එරෙහිව ඉන්දියාව පුරාම මතුව ආ ජන රැල්ල මෙයට මෑත උදාහරණයි. එහිදී වීදි බැස නීතිය ක‍්‍රියාත්මක කිරීමට බලකර සිටි තරුණ පිරිස් අගමැති හා ස්වදේශ ඇමතිට කෙළින්ම පණිවුඩයක් දුන්නා.

එසේම ජාතික ප‍්‍රශ්න ගැන වීදියට බසින තරුණ තරුණියෝ කෙළින්ම රට කරවන ඇත්තන්ට එහි එන්නයැ’යි බල කොට කියනවා. පොලිස්පති හෝ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හෝ පැමිණියාට ඔවුන්ට මදි.

Anna Hazare

එසේ රසිද්ධ ස්ථානවලට පැමිණීම දේශපාලන නායකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිද?

ඒ තර්කය විවාදාත්මකයි. තරුණ උද්ඝෝෂණකරුවන් කියන්නේ මේ අගමැති, ඇමති පිරිස පත්ව සිටින්නේ මහජන ඡුන්දයෙන්. ඔවුන් නඩත්තු කරන්නේ මහජන මුදලින්. ඉතින් එම මහජනයාගේ පිරිසක් හමුවීමට දේශපාලන නායකයන්ට එන්න බැරිද?

එසේම කමාන්ඩෝ ආරක්ෂකයන් පිරිවරා ගෙන වාහන දහය විස්සක රථ පෙරහරින් දේශපාලකයන් එහා මෙහා යාම ඉන්දියාවේ තරුණ පිරිස් රුස්සන්නේ නැහැ. ඔවුන් කියන්නේ ජනතාවට ඔයිට වඩා සමීප වන්න බැරි නම්, බය නම් ලොකු ලොක්කෝ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි!

ඉන්දියාවේ 2014 මහ මැතිවරණයේදී රථම වතාවට ඡන්දය දීමේ වයසට ළඟා වූ තරුණ තරුණියන් මිලියන් 150ක් පමණ සිටියා. මේ පිරිස වඩා උගත්, තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වූවන් වීම මැතිවරණ රතිඵලයට බලපෑවේ කෙසේද?

ඉන්දියාවේ ජාතික සාක්ෂරතාව 74%ක් වුවත් වයස 24ට අඩු ජන කොටස අතර එය 90%ක් තරම් ඉහළයි. මේ අය අඩු තරමින් වසර 10-12ක් පාසල් ගිය තොරතුරු ලැබීමේ හා හුවමාරුවේ අගය දත් පිරිසක්. මීට පෙර පරම්පරා මෙන් දේශපාලකයන් කරන කියන ඕනෑම දෙයක් ඉවසා සිටින්නට ඔවුන් සූදානම් නැහැ.

සාකච්ඡාව වෙබ් හරහා බලන්න – https://vimeo.com/118544161

ඉතිරි කොටස ලබන සතියේඉන්දියාවේ අත්දැකීම් රී ලංකාවට අප කෙසේ අදාළ කර ගත යුතුද?

Posted in Broadcasting, Corruption, Digital Natives, Education, Global South, good governance, ICT, India, Internet, Media activism, Media freedom, New media, public interest, Ravaya Column, South Asia, urban issues, youth. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 1 Comment »

Vidusara news: දෙස් විදෙස් විද්‍යාඥයන් 25කගේ ජීවන අත්දැකීම් ඇතුළත් පොතක්

Vidusara, Sri Lanka’s only weekly science newspaper, carries this news item in its issue of 10 December 2014 on my latest book, just published by Sri Lanka Association for the Advancement of Science (SLAAS):

දෙස් විදෙස් විද්යාඥයන් 25 ගේ ජීවන අත්දැකීම් ඇතුළත් පොතක්

Seekers and Builders of Our World Inspiring Stories of 25 Scientists - by Nalaka Gunawardene

Seekers and Builders of Our World Inspiring Stories of 25 Scientists – by Nalaka Gunawardene

දෙස් විදෙස් විද්‍යාඥයන් 25 දෙනෙකු ගේ ජීවිත කථා අන්තර්ගත Seekers and Builders of Our World: Inspiring Stories of 25 Scientists නමින් යුත් අගනා ග‍්‍රන්ථයක් ඉකුත් දා එළිදැක්විණි. මේ ග‍්‍රන්ථය එළිදක්වන ලද්දේ ඉකුත් සතියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසියේ ආරම්භක උත්සවයේ දීය.

විද්‍යාභිවර්ධන සංගමයේ ඇරයුමෙන් මේ ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ සම්මානලාභි විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන විසිනි.

මහාචාර්ය රමණී ඞී. විජේසේකර, මහාචාර්ය සාගරිකා ඒකනායක, මහාචාර්ය මංජුලා විතානපතිරණ සහ ආචාර්ය ඒ.එම් මුබාරක් යන විද්වතුන් ගෙන් සැදුම් ලත් සංස්කාරක මණ්ඩලයක මාර්ගෝපදේශනය මේ සඳහා ලැබී තිබේ. පිටු සැලසුම් හා සිතුවම් චිත‍්‍ර හා කාටුන් ශිල්පි දර්ශන කරුණාතිලක ගෙනි.

පිටු 350කින් සමන්විත මෙහි ඇතුළත් වන්නේ ලොව දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් සොයාගනිමින් සහ ලෝකය ජීවත් වීමට වඩාත් සුව පහසු තැනක් කරමින් කැපී පෙනෙන සමාජ මෙහෙයකට දායක වූ විද්‍යාඥයන් 25 දෙනෙකු පිළිබඳ තොරතුරුය.

ඔවුනට විද්‍යායන් වීම සඳහා පොළඹවීමක් ලැබුණු ළමා වියේ සිදුවීම් සහ ඔවුන් ජයගත් ජීවිත අභියෝග කෙරෙහි මේ චරිත කතා සම්පාදනයේ විශේෂ අවධානයක් යොමු කර ඇත.

ඒ අනුව මෙය අනාගතයේ විද්‍යාඥයන් ලෙස ලොවට සේවයක් සැලසීම සඳහා නූතන පරපුර දිරිගන්වන සුලූ කෘතියක් ලෙස හඳුන්වා දිය හැකිය.

නෝමන් බෝර්ලොග්, රේචල් කාසන්, ආතර් සී. ක්ලාක්, ගාමිණී කොරෙයා, ජැක් ඊව් කුස්ටෝ, මාරි කියුරි, පී.ඊ.පී. දැරණියගල, ඇල්බර්ට් අයින්ස්ටයින්, එන්රිකෝ ෆර්ම්, ස්ටීව් ජොබ්ස්, රොබර්ට් කොක්, ඒ.එන්.එස්.කුලසිංහ, වන්ගරි මාතායි, මරියෝ මොලිනා, ලයිනස් පෝලිං, වෙන් හියුසෙන්, සී.වී.රාමන්, සිරි නිවාස රාමනුජන්, විල්හෙල්ම් රොන්ට්ජන්, අබ්දුස් සලාම්, ඬේවිඞ් සුසුකි, සෙල්මන් වැක්ස්මන්, රේ විජේවර්ධන, එඞ්වර්ඞ් ඕ විල්සන් සහ ඞී.ජේ. විමලසුරේන්ද්‍ර යන චරිත මෙහි ඇතුලත් වේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ එක්සත් රාජධානියේ ක්වින්ස් සරසවියේ කාබනික   රසායන විද්‍යා අංශයේ ප‍්‍රධාන මහාචාර්ය ඒ.පී.ද සිල්වා මහතා වෙත විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති ආචාර්ය ඒ.එම්. මුබාරක් මහතා විසින් ග‍්‍රන්ථයේ පිටපතක් පිළිගන්වන ලද අවස්ථාවයි.

මේ ග‍්‍රන්ථයෙහි සීමිත පිටපත් ප‍්‍රමාණයක් අංක 120/10, විද්‍යා මාවත, කොළඹ 7 හි පිහිටි විද්‍යාභිවර්ධන සංගම් කාර්යාලයෙන් රු. 500 ක් වන සහන මිලකට ලබා දීමට කටයුතු යොදා ඇත.

මේ අතර රාජ්‍ය අනුග‍්‍රහයෙන් මෙහි සිංහල මුද්‍රණය පළ කිරීමට ද කටයුතු සූදානම් කර තිබේ.

Vidusara, 10 Dec 2014, page 2

Vidusara, 10 Dec 2014, page 2

Posted in Biographical, Communicating development, Communicating research, Education, Education for Sustainable Development, public interest, Science communication, Science for development, science journalism, social justice, Sri Lanka, Story telling, Sustainable Development, Writing. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Leave a Comment »