සිවුමංසල කොලූගැටයා #107: දැනුම ගවේෂණය – එදා සහ අද

In this week’s Ravaya column (in Sinhala), I reflect on how IT/ICT has drastically changed how we look for information and knowledge.

Nalaka Gunawardene signing copies of Arthur C Clarke Chintana Charika at the launch on 18 Dec 2012 in Colombo
Nalaka Gunawardene signing copies of Arthur C Clarke Chintana Charika at the launch on 18 Dec 2012 in Colombo

2012 දෙසැම්බර් 18 වනදා මගේ අලූත් ම පොත ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ එළිදැක්වීමට සරල හා චාම් රැස්වීමක් කොළඹ ජාතික පුස්තකාලයේ පැවැත්වුණා. පොත් ලියන හා කියවන ඕනෑ ම කෙනකුට විවෘත වූ මේ සභාවට සියයක් පමණ දෙනා සහභාගි වූවා. එයින් බහුතරයක් දෙනා පොතේ පිටපත් එදින මිලදී ගත්තා.

පොත් පිටපත් මා ලවා අත්සන් කරගන්නට පෙළ ගැසුණු පාඨකයන් පිරිසට නුදුරින් තලතුනා වියේ මහත්මයකු තැන්පත්ව බලා සිටියා. සෙසු පිරිස මා සමඟ කථාබහ කර හමාර වූ පසු සෙමින් මට සමීප වූ මේ තැනැත්තා මට කීවේ ටිකක් දුක හිතෙන කථාවක්.

කොළඹට තරමක් දුර බැහැර පෙදෙසක සිට ඔහු පැමිණ තිබුණේ පොතේ පිටපතක් ද රැගෙන ආපසු යාමේ මහත් ඕනෑකමින්. එහෙත් (ගමන් වියදම සිතුවාට වඩා මඳක් වැඩි වූ නිසාදෝ) එදින සහන මිල වූ රු. 350ට රුපියල් පනහක මදි පාඩුවක් මතු වෙලා. ඉතා කාරුණිකව හා අහිංසක ලෙසින් ඔහු මගෙන් ඇසුවේ කුමක් කළ හැකි ද කියා.

මා ඔහුගේ මදිපාඩුව සම්පූර්ණ කොට පොතේ පිටපතක් මිලදී ගන්නට සැළැස් වූයේ ඔහුගේ ආත්ම ගෞරවය රැකෙන පරිද්දෙන්. ඇත්තටම අප පොත්පත් ලියන්නේ මෙබඳු උද්‍යෝගශීලි පාඨකයන්ටයි.

ඒ සමඟ මගේ සිහියට ආවේ දැනුම් පිපාසයෙන් පෙළුණු, එහෙත් අතමිට සරු නොවූ දරුවන් දෙදෙනකු එම අභියෝගය ජය ගත් සැටියි.

මොහොතක් විසිවන සියවසට ආපසු යන්න.

1920 දශකය අගදී එංගලන්තයේ ගම්බද පළාතක ගොවි පවුලක දරුවෙක් පරිනාමය, විශ්වය, ඉතිහාසය හා විද්‍යාව ආදී විෂයයන් ගැන මහත් සේ උනන්දු වනවා. ගමේ පාසලේ කුඩා පුස්තකාලයෙන් ඔබ්බට යන්නට ඔහුට අවශ්‍යයි. එහෙත් තමන්ගේ ම පොත් මිලට ගන්නට ඔහු ළඟ එතරම් මුදල් නැහැ.

මේ නිසා උපක‍්‍රමශීලි වන දරුවා, තමන්ගේ ගමේ පොත් වෙළඳසැලකට ගොස් එහි අලෙවියට තිබෙන සමහර පොත් දිනකට පරිච්ඡ්දය බැගින් කියවනවා. පොත් සැලේ හිමිකරුට ටික දිනකින් මෙය තේරුම් ගියත් දරුවාගේ ධෛර්යය ගැන පැහැදී එයට නිහඬව ඉඩ දෙනවා. ඊට අමතරව පාසල් කෑම විවේකයේ යමක් කන්නට අම්මා අතට දෙන සුළු මුදලින් ද දරුවා අඩු මිලට විකිණෙන පාවිච්චි කළ පොත්පත් හා සඟරා (secondhand) මිල දී ගන්නවා.

1980 දශකය මුලදී ශ‍්‍රී ලංකාවේ කොළඹ ප‍්‍රධාන පෙලේ රජයේ පාසලකට යන තවත් දරුවෙක්, පන්ති කාමරයට හා විෂය මාලාවට කොටු නොවී නව දැනුම සොයා තමන්ගේ ම චාරිකාවක් යනවා. ඉන්ටර්නෙට් නැති ඒ අවධියේ ඔහුට පිහිටට එන්නේ කියවා ඉවතලන ජාත්‍යන්තර පුවත් සඟරා (TIME, Newsweek), විද්‍යා සඟරා හා පතපොතයි.

මරදානේ මැකලම් පාරේ (විජේවර්ධන මාවත) මෙබඳු පොත් විකිණෙන කුඩා පොත්සැල් ඔහුගේ ප‍්‍රියතම ස්ථානයක් වනවා. කැන්ටිමෙන් කන්නට අතට ලැබෙන සීමිත මුදල ඔහුත් බොහෝ සේ වැය කරන්නේ පොත්පත් සඳහායි.

අඩ සියවසක කාල පරතරයක, ලෝකයේ දුරු රටවල් දෙකක වෙනස් වූ පසුබිම් සහිත මේ දරුවන් දෙදෙනා දැනුම සොයා යාමට යොදා ගත් උපක‍්‍රම එක සමානයි. මෙයට සමාන අත්දැකීම් ඇති දැනුම් ගවේෂී තවත් බොහෝ බාල හා වැඩිහිටි අය සිටිනවා.

ඉහත දරුවන් දෙදෙනාගෙන් ලාංකික දරුවා මමයි. එංගලන්ත දරුවා පසු කලෙක විද්‍යා ලේඛකයකු ලෙස ලෝක පූජිත වූ ආතර් සී. ක්ලාක්.

1980 දශකය අග භාගයේ සිට මේ සුවිශේෂි චින්තකයා හා නිර්මාණශීලි ලේඛකයා සමඟ ඔහුගේ පර්යේෂණ සහායකයා ලෙස ක‍්‍රියා කිරීමේ දුර්ලභ අවස්ථාව මට ලැබුණා. ඒ ගැන ආවර්ජනා සමූහයක් මෑතදී එළි දුටු මගේ පොතෙහි ඇතුළත් වනවා. නමුත් තවත් පොතක් පිරවිය හැකි බොහෝ මතකයන් ද තිබෙනවා.

ශ‍්‍රී ලංකාවට ටෙලිවිෂන් ආගමනය 1979දීත්, වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සබඳතාවන් හඳුන්වා දීම 1995දීත් සිදු වුණා. මේ සන්නිවේදන තාක්ෂණයන් වඩාත් ප‍්‍රචලිත වී තොරතුරු සමාජයක් බිහිවීම සමඟ දැනුම සොයා යාමේ අලූත් මාර්ග විවෘත වී තිබෙනවා.

පුද්ගල පරිගණක (Personal Computer) වඩාත් පුළුල්ව අපේ රටේ භාවිතයට ආවේ 1990 දශකයේ. ඒ සමග ම සංගත තැටි (CD-ROM) අපේ අංකුර තොරතුරු සමාජයේ සංසරණය වන්නට පටන් ගත්තා. ඉන්ටර්නෙට් සබඳතා ඇරඹෙන්නට කලින් නව දැනුම ගවේෂණය සඳහා වටිනා අත්වැලක් ලැබුණේ සංගත තැටිවලින්.

සංගත තැටි ආ අළුත අපට ඒවා පෙනුනේ තාක්‍ෂණික මැජික් වගෙයි. බලා ගෙන ගියා ම සංගත තැටියක් කරන්නේ අපූරු වැඩක්. ඉතා විශාල තොරතුරු ප‍්‍රමාණයක් සංයුක්ත විධියට ගබඩා කරනවා. වචන පමණක් නොවෙයි. ඡයාරූප, වෙනත් රූප සටහන්, සිතියම්, වීඩියෝ ඛණ්ඩ, සංගීත භාණ්ඩ, හඩ පට කොටස් වැනි අන්තර්ගතයන් රැසක් එක ම ගබඩා මාධ්‍යයක හසු කර ගෙන තිබෙනවා. එමෙන් ම පහසුවෙන් ඒ අන්තර්ගතයන් අතර සැරිසරන්නට, යමක් ඉලක්කගතව සොයා යන්නට හැකියාව ද තිබෙනවා.

මෙකී හේතු නිසා සංගත තැටියක් කියන්නේ නූතන මැජික් තමයි. 1970 දශකයේ වුණත් මෙබන්දක් ගැන විස්තර කළ හැකි වූවා නම් එය විද්‍යා ප‍්‍රබන්ධයක් හැටියට සැළකෙන්නට ඉඩ තිබුණා.

ආතර් සී. ක්ලාක් තමන්ගේ සුප‍්‍රකට ක්ලාක්ගේ තුන්වන නියමයෙන් (Arthur C Clarke’s Third Law) මෙහෙම කිව්වා: “අතිශයින් දියුණු වූ තාක්‍ෂණයක් අපට මැජික්වලින් වෙන් කර හදුනා ගන්නටත් අපහසුයි.” (“Any sufficiently advanced technology is indistinguishable from magic.”)

Bill Gates with CD in hand - from National Geographic Magazine, 1994

සංගත තැටි ලෝකයේ ජනප‍්‍රිය වන්නට පටන්ගත් 1990 දශකයේ මුල් යුගයේ නැෂනල් ජියෝග‍්‍රැෆික් (National Geographic) සගරාවේ ඒ ගැන ලිපියක් සමග අපූරු ඡයාරූපයක් පළ කර තිබුණා. තොරතුරු සමාජයේ ඉදිරි ගමනට පාර කැපූ දැවැන්තයකු වන බිල් ගේට්ස් විශාල ගසක කඹයකින් එල්ලී සිනාසෙමින් සිටිනවා. ඔහු අතේ සංගත තැටියක් තිබෙනවා. ඒ අසලින් මහ කන්දක් වගේ කඩදාසි ගොන්නක් ගොඩ ගසා තිබෙනවා.

මීටර් බර ගානක් උසට විහිදෙන මේ කඩදාසිවල තිබෙන සියළු අන්තර්ගතය අර තනි සංගත තැටියේ ඇති බව ඡයාරූපය ගැන විස්තරයේ කියැවෙනවා. සංගත තැටියේ හපන්කම් ගැන මා දුටු ඉතා ම විසිතුරු පැහැදිලි කිරීම එයයි.

දැනුම් ගවේෂණයට අවශ්‍ය මූලික ගුණාංග එදත් අදත් වෙනස් වී නැහැ. අසීමිත කුතුහලය, දැඩි උද්‍යෝගය, නොසිඳෙන දැනුම් පිපාසය හා චිත්ත ඒකාග‍්‍රතාව ඒ අතර වනවා. පොත් රැසක් ඇති පුස්තකාලයකට පිවිසි විට හෝ වෙබ් අඩවි ලක්ෂ ගණනක් හමුවේ හෝ අවශ්‍ය කුමක් ද කියා අප සීරුවෙන් තෝරා බේරා ගත යුතු වනවා.

එමෙන්ම තොරතුරු නිරවුල්ව හා නිවැරදිව අපේ අවශ්‍යතාවන්ට අදාළ කරගත් විට පමණයි එය දැනුම (knowledge) බවට පත් වන්නේ.

සිවුමංසල කොලූගැටයා #72: ඉන්ටර්නෙට් නොදැන ගොස් මංමුලා වූ උගත්තු…

My Sunday (Sinhala) column in Ravaya this week was on impressions of the National Media Summit 2012 held at the University of Kelaniya, Sri Lanka, on 24-25 May 2012. My own talk at the Summit, during a session New Media policies for Sri Lanka, was titled New Media, Old Minds: A Bridge Too Far?.

I shared my impressions in an English blog post on May 25 itself.

National Media Summit 2012 at University of Kelaniya, 25 May 2012

සාමාන්‍ය ජනතාව බැලූ බැල්මට පෙනෙන පරිද්දෙන් හෝ කලක් තිස්සේ සිතේ මුල් බැසගත් ආකල්පයන් පදනම් කර ගෙන හෝ ප‍්‍රශ්න විග‍්‍රහ කළත්, සරසවි ඇදුරන් හා පර්යේෂකයන් ඊට වඩා විවෘත මනසකින් ක‍්‍රමානුකූලව කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂාවක් තිබෙනවා.

පෙනෙන මානය (perception) හා සැබෑ තත්ත්‍වය අතර වෙනසක් තිබිය හැකියි. මේ හිඩැස අඩු කර ගන්නට අපට සමීක්‍ෂණ, නිල සංඛ්‍යා ලේඛන හා විද්වත් පර්යේෂණ උදවු වනවා. සාක්‍ෂි මත පදනම් වූ තර්ක වඩාත් ප‍්‍රබලයි. එහෙත් යල්පැන ගිය දත්ත හා තොරතුරු භාවිත නොකිරීමට අප සැවොම වග බලා ගත යුතුයි.

කැළණිය සරසවිය 2012 මැයි 24 – 25 දෙදින පැවැත් වූ 2012 ජාතික මාධ්‍ය සමුළුවේ නව මාධ්‍ය හා ප‍්‍රතිපත්ති ගැන සැසියේ කථා කරන්නට මට ද ඇරැයුම් කර තිබුණා. සංවාද කරන්නට ඇරැයුම් ලද විට මා කරන්නේ බහුලව එල්බගත් මතවාදයන් හා ජනප‍්‍රිය තර්කවලින් ඔබ්බට ගොස් අසම්මත විදියට ප‍්‍රශ්න විග‍්‍රහ කිරිමට මා අමතන සභාවට අභියෝග කිරිමයි.

මෙරට ජන මාධ්‍ය හා සන්නිවේදනය උගන්වන හැම සරසවියකින් ම ඇදුරු හා සිසු මට්ටමේ නියෝජිතයන් කැළණිය සරසවියට පැමිණ සිටියා. අපේ ජන මාධ්‍ය ක්ෂේත‍්‍රයට ඉදිරි වෘත්තිකයන් බිහි කරන්නෙත්, මාධ්‍ය හා තොරතුරු සමාජයට අදාළ ප‍්‍රතිපත්ති ගැන රජයට උපදෙස් දෙන්නෙත් මේ දැනුම් ගවේෂක උදවියයි.

මේ අයට මා සරල ප‍්‍රශ්න දෙකක් ඉදිරිපත් කළා. මේ ප‍්‍රකාශ දෙක සත්‍ය ද අසත්‍ය දැයි විමසුවා.

• මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශවල තවමත් වැඩිපුර ම ප‍්‍රචලිත ජනමාධ්‍යය රේඩියෝවයි.

• ඉන්ටර්නෙට් යනු අපේ ජනගහනයෙන් 5%කට අඩු ප‍්‍රතිශතයක් භාවිත කරන, ඇති හැකි අයට සීමා වූ වියදම් අධික මාධ්‍යයකි.

සභාවේ බහුතරයක් දෙනා කියා සිටියේ රේඩියෝව අපේ ගම්වල ප‍්‍රචලිත ම මාධ්‍යය බවයි. ඉන්ටර්නෙට් ගැන ප‍්‍රකාශය හරි ද වැරදි ද යන්න ගැන ඊට වඩා මත බෙදුමක් ඇති බව පෙනී ගියා.

මෙහි සැබෑ තත්ත්වය මොකක්ද? නිල සංඛ්‍යා ලේඛන පදනම් කර ගනිමින් මා පෙන්වා දුන්නේ බොහෝ දෙනා සිත් සෝදිසියට විශ්වාස කරන දේ සත්‍ය නොවන බවයි.

• ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ 2009-2010 ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමික්ෂණයට අනුව මෙරට නාගරික, ග‍්‍රාමීය හා වතු යන ප‍්‍රදේශ තුනේ ම නිවෙස්වල මේ වන විට රේඩියෝ යන්ත‍්‍රවලට වඩා ටෙලිවිෂන් යන්ත‍්‍ර තිබෙනවා. දීප ව්‍යාප්තව නිවාස 80%ක ටෙලිවිෂන් හමු වන විට රේඩියෝ ඇත්තේ නිවාස 75.4%ක පමණයි. (2012 පෙබරවාරි 26 කොලම කියවන්න) www.tiny.cc/HIES910 බලන්න.

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම එක් රැස් කරන නිල තොරතුරුවලට අනුව 2011 අවසන් වන විට මෙරට ස්ථාපිත ඉන්ටර්නෙට් සබඳතා 375,000ක් සහ ජංගම ඉන්ටර්නෙට් සබඳතා 711,000ක් තිබුණා. මේ දෙක එකතු කළ විට සබ`දතා 1,086,000 (මිලියන් එකයි අසුහය දහසක්) වුණා. එක සබඳතාවකින් තිදෙනකු ඉන්ටර්නෙට් හා බද්ධ වනවා යයි උපකල්පනය කළොත් ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන් 3 ඉක්මවා යනවා. ලෝක විදුලිසංදේශ සංගමය (ITU) දත්ත දුවා දක්වන තවත් මුලාශ‍්‍රයක් කියන්නේ ශ‍්‍රී ලංකාවේ අඩු තරමින් ඉන්ටර්නෙට් නිතිපතා (සතියකට දෙතුන් වතාවක්වත්) භාවිත කරන සංඛ්‍යාව මිලියන් 2.5ක් පමණ වන බවයි. මේ අඩු ඇස්තමේන්තුව ගත්ත ද එය ජනගහනයෙන් 10% ඉක්මවා යනවා.

මෙරට ඉන්ටර්නෙට් භාවිත කරන සමස්ත සංඛ්‍යාව හරිහැටි ගණන් බැලීම ඉතා අසීරු නමුත් 2012 පෙබරවාරිය වන විට එය මිලියන් 2 හා 2.5 අතර සංඛ්‍යාවක තිබු බව තොරතුරු සමාජයේ ප‍්‍රගමනය අධ්‍යයනය කරන ලර්න්ඒෂියා (LIRNEasia) පර්යේෂණායතනය ඒ මාසයේ ප‍්‍රකාශයට පත් කළ Broadband in Sri Lanka නම් වාර්තාවේ කියනවා. http://tiny.cc/BBSL බලන්න.

මෙබදු නිල සංඛ්‍යා ලේඛන හා විද්වත් විශ්ලේෂණ අද වන විට පහසුවෙන් ඉන්ටර්නෙට් හරහා ම සොයා ගත හැකියි. එසේ තිබියදීත් අපේ ඇතැම් ජනමාධ්‍ය ඇදුරන් පිළුණු වූ දත්ත මත එල්බ ගෙන සිිටින්නේ ඇයි?

ශ‍්‍රී ලංකාවට ජංගම දුරකථන තාක්ෂණය 1989දීත්, වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා 1995දීත් හදුන්වා දුන්නා. වසර 23ක ජංගම දුරකථන ඉතිහාසයක් හා වසර 17ක ඉන්ටර්නෙට් අත්දැකීමක් ලක් සමාජයට තිබෙනවා. මුල් වසරවල ඇති හැකි අය අතර සෙමින් පැතිරුණු මේ නව මාධ්‍ය තාක්ෂණයන් 2000 දශකයේදී සමාජයේ විවිධ ආර්ථික මට්ටම් හරහා විහිද ගියා. නිසි විදුලි සංදේශ නියාමන ප‍්‍රතිපත්ති හා වඩා ලාබදායක විද්යුත් උපකරණ බිහි වීම මෙයට දායක වුණා.

ඉක්මණින් පරිනාමය වන විද්යුත් මාධ්‍ය හා වෙබ් මාධ්‍ය ගැන විද්‍යාත්මක පර්යේෂණ නිබන්ධන හා පෙළපොත් ලියැවෙන තුරු බලා සිටිය නොහැකියි. ලෝකයේ වෙනත් රටවල මාධ්‍ය ඇදුරන් හා පර්යේෂකයන් කරන්නේ නව මාධ්‍ය හා නව තාක්ෂණය ඔස්සේ ම ඒවා ගැන නිරික්ෂණ කරමින්, අළුත් මතවාද හා සංවාද ඒ හරහා ගොඩ නැංවීමයි.

බි‍්‍රතාන්‍යයේ විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජෝන් නෝට්න් (Dr John Naughton) එවැනි අයෙක්. ප‍්‍රධාන ප‍්‍රවාහයේ The Observer පුවත්පතට කොලම් ලියන අතර ඔහු මාධ්‍ය හා තොරතුරු සමාජය ගැන ඒවා හරහා ම බ්ලොග්, ට්විටර් ආදිය ඔස්සේ නිතර කථා බහ කරනවා. එබදු ගවේෂණය කරන ඉන්දියානු, ඉන්දුනීසියානු, තායි හා සෙසු ආසියානු පර්යේෂකයන් ද සිටිනවා.

අපේ කිසිදු සරසවියක එබදු නව මාධ්‍ය පෙරගමන්කරුවකු සිටිදැයි සොයා ගන්නට අපහසුයි. කැළණියේ මාධ්‍ය සමුළුවේ වෙබ් මාධ්‍ය ගැන සංවාද හරවත්ව හෝ ඉලක්කගතව කිරීමට රැස්ව සිටි උගතුන් අපොහොසත් වුණා.

නව මාධ්‍ය (new media) අර්ථ දක්වන්නේ කෙසේ ද? මෙය සෙද්ධාන්තිකව ක්ෂේත‍්‍රය හැදැරීමේදී අදාළ සහ වැදගත් වුවත් ප‍්‍රායෝගිකව විග‍්‍රහ කිරිම එතරම් ලෙහෙසි නැහැ. නව මාධ්‍ය සැසියේ සැළකිය යුතු කාලයක් මේ ගැන තර්ක විතර්කවලට වෙන් කෙරුණා. මගේ අදහස වුයේ ඕනෑ ම මාධ්‍යයක් “නව” මාධ්‍යයක් වීම පුද්ගලයාට මෙන් ම ජන සමාජයකටත් සාපේක්ෂ සාධකයක් බවයි. (1980 දශකයේ ටෙලිවිෂන් අපට නව මාධ්‍යයක් වන විට ලෝකයේ බොහෝ රටවල එය අරභයා පරම්පරාවක හෝ දෙකක අත්දැකීම් සමුදායක් තිබුණා.)

ඉන්ටර්නෙට් මාධ්‍යය හරහා ප‍්‍රවෘත්ති හෝ ඕපාදුප බෙදා හරින වෙබ් අඩවි සුළුතරයක් තිබෙනවා. මේවා ගැන උඩින් පල්ලෙන් බලා පොදු නිගමනවලට එළඹීම හා ප‍්‍රතිපත්ති නිර්දේශ කිරිම අනතුරුදායක මෙන්ම ඇතැම් විට හාස්‍යජනක ක‍්‍රියාවක්. “රජයට හා ප‍්‍රභූන්ට අපහසා කරන වෙබ් අඩවි පාලනය කළ යුතුයි”, වැනි සරල උද්‍යොගපාඨ දේශපාලන වේදිකාවලින් ඇසී පුරුදු වුණත්, විද්වත් සභාවල මීට වඩා කරුණු තෝරා බේරා ගෙන සමබරව විග‍්‍රහ කිරිමේ හැකියාවක් උගතුන්ට තිබිය යුතුයි. අවාසනාවකට එදා සංවාදයේ මෙබදු විසමතා, අතිශයෝක්තීන් හා අනවශ්‍ය තරමට ලඝු කිරීම් ගණනාවක් දකින්නට හා අසන්නට ලැබුණා.

උදාහරණයකට බොහෝ කොට සංවෘත අවකාශයක් වන Facebook සහ සහජයෙන් ම විවෘත හා පොදු අවකාශයක් (Public Space) වන සමස්ත ඉන්ටර්නෙට් මාධ්‍යය අතර මූලික වෙනස පවා තේරුම් නොගත් උගතුන් සිටින බව පෙනී ගියා.

ලක් සමාජය අන් කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. එය ආර්ථික, දේශපාලනමය, සාංස්කෘතික මෙන් ම තාක්ෂණික අංශයන්ට ද අදාළයි. මේ වෙනස්කම්වලට ජන ව්‍යූහයේ (demographic), තාක්‍ෂණයේ මෙන්ම පාරිභෝගික රටාවල බලපෑම ද හේතු වනවා. අපේ පෞද්ගලික අත්දැකීම්වලට සීමා වී මිලියන් 20ක ජන සමාජයේ තත්ත්‍වය ගැන නිගමනවලට එළඹීම ශාස්ත‍්‍රවේදීන් නොකළ යුත්තක්. ඔවුන් ඊට වඩා පර්යේෂණ හා තර්කානුකූල පදනමකින් ක‍්‍රියා කළ යුතුයි.

ඉන්ටර්නෙට් හරහා පැමිණෙන මාධ්‍ය අපේ සමාජයේ හා ජනප‍්‍රිය සංස්කෘතියේ තවත් පැතිකඩක් බවට පත් වී ගෙන යනවා. මෙය එයට සමීප හා එයත් සමග ගනුදෙනු කරන අයට නම් අරුමයක් හෝ අසාමාන්‍ය දෙයක් නොවෙයි. එහෙත් එයට ආගන්තුක උදවියට නම් මේ ප‍්‍රවාහය “උන්මාදයක්” හෝ “මනෝ විකාරයක්” ලෙස පෙනිය හැකියි.

නමුත් ඉන්ටර්නෙට් නොදැන හා පරිහරණය නොකර වත්මන් තොරතුරු සමාජයේ යම් මට්ටමකින් ඔබ්බට යා නොහැකි ආකාරයේ යථාර්ථයක් බිහි වෙමින් පවතිනවා. විශේෂයෙන් නව දැනුම සොයා යන, දැනුම ගවේෂණය කරමින් එයට එකතු කරන පර්යේෂකයන්ට, ශිෂ්‍යයන්ට හා සරසවි ඇදුරන්ට නව මාධ්‍ය හැකියාව අවශ්‍යයි.

එයින් අදහස් වන්නේ පරිගණක දෘඩාංග හා මෘදුකාංග ගැන ඉංජිනේරු මට්ටමේ දැනුමක් හැමට තිබිය යුතුයි කියා නොවෙයි. වසර 20කට වැඩි කලක් දිනපතා පරිගණක භාවිත කරන මට පරිගණකයක් අළුත්වැඩියා කිරීමට හෝ එහි කාර්මික ගැටළු විසඳීමට හැකියාව නැහැ. මා එය දකින්නේ මෝටර් රථ භාවිතය වගෙයි.

වත්මන් සමාජයේ මධ්‍යම පාංතික බොහෝ දෙනා තමන්ගේ කාරයක්, මෝටර් බයිසිකලයක් හෝ ත‍්‍රීරෝද රථයක් මිළට ගෙන පදවා ගෙන යන්නට පෙළඹෙනවා. එසේ කරන බොහෝ දෙනා මෝටර් කාර්මික තාක්ෂණය ගැඹුරින් දන්නේ නැහැ. වාහනයේ ඉන්ධන, ලිහිස්සි තෙල් හා වතුර අවශ්‍ය පමණට යොදන්නටත්, හදිසියේ රෝදයක හුළං බැස්සොත් එය මාරු කර ගන්නටත් රියදුරන් වන අප බොහෝ දෙනාට හැකියි. එමෙන්ම මාර්ග නීතිවලට අනුව ආරක්‍ෂාකාරී ලෙස රිය පදවන සැටි අප දන්නවා. වඩාත් සංකීර්ණ නඩත්තු හෝ අලූත්වැඩියාවක් අවශ්‍ය වූ විට අප මෝටර් කාර්මික ගරාජයකට යනවා.

පරිගණක භාවිතය හරහා සයිබර් අවකාශයේ සැරිසරන අයටත් තිබිය යුතු මූලික දැනුමක්, කුසලතාවක් හා රීති මාලාවක් තිබෙනවා. මේවා නොදත් ඇතැම් විද්වතුන් හා වෘත්තිකයන්, ලෙහෙසියෙන් වළක්වා ගත හැකි තොරතුරු තාක්‍ෂණ වැරදි කරනවා. බැට කෑ විට තාක්‍ෂණයට දොස් පවරනවා. කුමන්ත‍්‍රණවාදී තර්ක කරනවා!

ස්වයංමුලාවට පත් සරසවි ඇදුරන්ගෙන් උගන්නා සිසුන් මෙන් ම ඔවුන්ගෙන් ගුරුහරුකම් ගන්නා රාජ්‍ය නිලධාරින්ට කුමක් සිදු වේද? තොරතුරු සමාජයේ ඉදිරි ගමන උපෙක්ෂා සහගතවත්, මැදහත් ලෙසිනුත් නිරික්සමින් විද්වත් අදහස් දැක්වීමේ වගකීම සරසවි ඇදුරන්ට තිබෙනවා. එය හරිහැටි ඉටු නොවන බව පැය කිහිපයක් ඔවුන් සමග ගත කිරිමෙන් මට පෙනී ගියා. http://tiny.cc/NMOM ද බලන්න.

New Media, Old Minds: A Bridge Too Far?

National Media Summit 2012 at University of Kelaniya, 25 May 2012

New Media, Old Minds: A Bridge Too Far?

This was the title of a presentation I made at National Media Summit 2012, at University of Kelaniya, Sri Lanka, this morning. I was asked to talk about New Media and policies for Sri Lanka.

In my audience were academics and researchers on journalism and mass communication drawn from several universities of Sri Lanka. I was told the biennial event is to help frame new research frameworks and projects.

Now, I’m not a researcher in the conventional sense of that term, and am fond of saying I don’t have a single academic bone in my body. Despite this, occasionally, universities and research institutes invite me to join their events as speaker, panelist or moderator.

University of Kelaniya, a state university in Sri Lanka, has the island’s oldest mass communication department, started in the late 1960s.

Perhaps inertia and traditions weigh down such places — while I had a patient hearing, I found our ensuing discussion disappointing. The historical analogies, policy dilemmas and coping strategies I touched on in my presentation didn’t get much comment or questions.

Instead, rather predictably, the ill-moderated discussion meandered on about the adverse social and cultural impacts of Internet and mobile phones and the need to ‘control’ everything in the public interest (where have I heard that before?).

And much time was wasted on debating on what exactly was new media and how to define and categorise it (I’d argued: it all depends on who answers the question!).

Part of the confusion arose from many conflating private, closed communications online (e.g. Facebook) with the open, more public interest online content (e.g. news websites). Similarly, the critical need for common technical standards (to ensure inter-operability) was mistaken by some as the need for dull and dreary orthodoxy in content!

Concepts like Citizen Journalism, user-generated content, privacy, right to information were all bandied around — but without clarity, focus or depth. Admittedly we couldn’t cover everything under the Sun. But we didn’t even discuss what options and choices policy makers have when confronted with rapidly evolving new media types.

Half anticipating this, I had included a line in my talk that said: “Academics must research, analyse & advise (policy makers). But are Lankan academics thought-leaders in ICT?

I was being a polite guest by not explicitly answering my own question (but as a helpful hint, I mentioned dinosaurs a few times!). In the end, my audience provided a clear (and sadly, negative) answer: far from being path-finders or thought-leaders, they are mostly laggards who don’t even realise how much they have to catch up!

And some of them are framing Lankan media policy and/or advising government on information society issues. HELP!

Don’t take my word for it. Just try to find ANY online mention of National Media Summit 2012 that just ended a few hour ago. Google indexes content pretty fast these days — but there is NONE that I can find on Google as May 25 draws to an end (except my own PPT on SlideShare!).

Or try accessing the Mass Communication Dept at University of Kelaniya. For the past few weeks and even now, it remains inaccessible while the rest of that university website works.

New Media, Old Minds: A Bridge Too Far? YES, for now, it does seem that way…

Do You HEAR Me? New film looks at voice-based emergency communications

Phoning each other during personal or shared emergencies is one of the commonest human impulses. Until recently, technology and costs stood in the way. No longer.

We now have practically all grown-ups (and some young people too) in many Asian countries carrying around phones or having easy, regular access to them. For example, Sri Lanka’s tele-density now stands at 106.1 phones 100 people (2011 figures).

What does this mean in times of crisis caused by disasters or other calamities? This is explored in a short video I just made for LIRNEasia:

Synopsis:

With the spread of affordable telecom services, most Asians now use their own phones to stay connected. Can talking on the phone help those responding to emergencies to be better organised? How can voice be used more efficiently in alerting and reporting about disasters? Where can computer technology make a difference in crisis management?

These questions were investigated in an action research project by LIRNEasia in partnership with Sarvodaya, Sri Lanka’s largest development organisation. Experimenting with Sahana disaster management software and Freedom Fone interactive voice response system, it probed how voice-based reporting can fit into globally accepted standards for sharing emergency data. It found that while the technology isn’t perfect yet, there is much potential.

Produced by TVE Asia Pacific for LIRNEasia with funding support from Humanitarian Innovation Fund in the UK.

සිවුමංසල කොලූගැටයා #64: අවුරුදු සුනාමිය 2: ඉතිං ඊට පස්සෙ?

In this week’s Ravaya Sunday column (in Sinhala) appearing on 29 April 2012, I reflect on the Indian Ocean undersea quake on 11 April 2012, and the tsunami watch that followed.

Taking Sri Lanka as the example, I raise some basic concerns that go beyond the individual incident, and address fundamentals of disaster early warning and information management in the Internet age.

I ask: Was the tsunami warning and coastal evacuation on April 11 justified in Sri Lanka? I argue that this needs careful, dispassionate analysis in the coming weeks. ‘Better safe than sorry’ might work the first few times, but let us remember the cry-wolf syndrome. False alarms and evacuation orders can reduce public trust and cooperation over time.

I have covered similar ground in an English op ed essay just published on Groundviews.org: Nurturing Public Trust in Times of Crisis: Reflections on April 11 Tsunami Warning

Map showing epicentre of undersea quake in Indian Ocean on 11 April 2012 - courtesy Pacific Tsunami Warning Centre & US Geological Survey

“පිටසක්වලින් ආ අවුරුදු සුනාමිය” මැයෙන් කොලමක් මා ලිව්වේ හරියට ම වසරකට පෙර, 2011 අපේ‍්‍රල් 24දා. ඒ 2011 අපේ‍්‍රල් 15 වනදා මෙරට ටෙලිවිෂන් නාලිකාවක් වගකීම් විරහිතව කළ සජීව විකාශයක් නිසා හට ගත් මහජන භීතිය හා එයට පසුබිම් වූ කරුණු විග‍්‍රහ කරමින්.

2012 අපේ‍්‍රල් 11 වනදාත් ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ බොහොමයක සුනාමි අනතුරක සේයාව මතු වීම නිසා කලබල තත්ත්වයක් හටගත්තා. මෙය ආවේ පිටසක්වලින් නෙවෙයි. ඉන්දියානු සාගරයේ පතුලෙන්. හරියටම කිවහොත් ඉන්දුනීසියාවේ බන්ඩා අචි නගරයට කිමි 440ක් නිරිතදිගින් සාගරයේ කිමි 33ක් යටින්. එදින ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.08ට භූකම්පන මානයේ 8.6ක් සටහන් කළ ප‍්‍රබල භූමිකම්පාවක් හට ගත්තා.

එය සැර බාල වූ භූචලනයක් ලෙස අපේ රටේද විවිධ තැන්වලට දැනුනා. එයින් විනාඩි 6ක් ගත වූ පසු අමෙරිකාවේ හවායි දුපත්වල පිහිටි, අමෙරිකානු රාජ්‍ය ආයතනයක් වන පැසිෆික් සුනාමි අනතුරු ඇගවිමේ කේන්ද්‍රය (PTWC) විසින් ඒ ගැන මුල් ම විද්‍යාත්මක තොරතුරු සන්නිවේදන සිය වෙබ් අඩවිය හරහා නිකුත් කළා. එයින් කියැවුණේ ඉන්දියානු සාගර සුනාමියක් හට ගැනිමේ යම් අවදානමක් ඇති බවත්, මේ කලාපයේ වෙරළබඩ රටවල් තව දුරටත් ආරක්ෂාකාරි පියවර ගැනිම සදහා සුදානමින් හා සීරුවෙන් සිටිය යුතු බවත්. මේ සීරුවෙන් සිටීම විද්‍යාඥයන් Tsunami Watch ලෙස ලෙස නම් කරනවා.

මුහුදු පතුලේ ප‍්‍රබල භූචලනයක් සිදු වූ මොහොතේ පටන් PTWC විද්‍යාඥයන් ඉතා කඩිසර ලෙසින් මුහුදු රළ ක‍්‍රියාකාරිත්වය හා සාගර තරංග ගැන දුර සිට මැනීම කරනවා. මේ සදහා ස්වයංක‍්‍රීය ලෙස තොරතුරු සැපයීමේ හැකියාව ඇති සංවේදී උපකරණ ඉන්දියානු සාගරයේ බොහෝ ස්ථානවල පිහිටුවා තිබෙනවා. සමහරක් සාගරයේ පාවෙමින් චන්ද්‍රිකා හරහා තොරතුරු එවේලේ ම විකාශය කරන අතර තවත් ඒවා වෙරළබඩ යම් ස්ථානවල සවි කර තිබෙනවා.

මේවායින් එසැනින් ලැබෙන අළුත් ම විද්‍යාත්මක දත්තල එම සාගර ප‍්‍රදේශයේ ඓතිහාසික සුනාමි ඇති වීමේ ප‍්‍රවණතා ද සැලකිල්ලට ගෙන සුනාමියක් හට ගැනීමේ හැකියාව ගැන PTWC විද්‍යාඥයින් ඉක්මන් තක්සේරුවක් කරනවා.

අපේ‍්‍රල් 11 වනදා ඉන්දියානු සාගරයේ මුල් භූචලනයෙන් හා ඉනික්බිති හටගත් පසු කම්පන (aftershocks) නිසා සුළු මට්ටමේ සාගර තරංග බලපෑමක් හට ගත්තත් එය සුනාමියක් බවට පත් වූයේ නැහැ. මේ නිසා ශ‍්‍රි ලංකා වේලාවෙන් පස්වරු 2.15ට හදුන්වා දෙනු ලැබූ සුනාමි සීරුවෙන් සිටීම සවස 6.06ට PTWC විසින් නතර කරනු ලැබුවා.

මේ පැය හතරකට ආසන්න කාලය තුළ ඔවුන් විද්‍යාත්මක නිවේදන (Indian Ocean Tsunami Watch Bulletins) හයක් නිකුත් කළා. එම විග‍්‍රහයන් සැළකිල්ලට ගෙන ජාතික මට්ටමෙන් තීරණ ගැනීම හා ක‍්‍රියාත්මක වීම එක් එක් රටවලට භාර වගකීමක්. අපේ‍්‍රල් 11 වනදා එය අදාළ රටවල විවිධ ආකාරයෙන් සිදු වුණා. මුල් භූ චලනයෙන් විනාඩි 6ක් ඇතුළත එයට සමීපතම රටවන ඉන්දුනීසියාව අනතුරු ඇගවීමක් නිකුත් කළ අතර, ඉන්දියාව විනාඩි 8කින් සිය නැගෙනහිර වෙරළට එබදු අනතුරු ඇගවීමක් නිකුත් කළා.

ශ‍්‍රි ලංකාවේ ජාතික මට්ටමේ නිල අනතුරු ඇගවීම නිකුත් කරනු ලැබුවේ එදින පස්වරු 3.30ට පමණයි. ශ‍්‍රි ලංකාවේ නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප‍්‍රදේශවල ජිවත් වන ජනතාව හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙස අවවාද කරනු ලැබේ, එයින් කියැවුණා.

සුනාමි අනතුරු ඇගවීමක් දේශීය වශයෙන් නිකුත් කිරිම ඉතා වගකිම් සහගත තීරණයක්. එහිදී විද්‍යාත්මක සාධක මත පදනම් වී, මහජන ආරක්ෂාව ද සැලකිල්ලට ගෙන හැකි තාක් ඉක්මනින් ක‍්‍රියා කළ යුතු වනවා. එහෙත් හැමදෙයක් ම මුළුමනින් තහවුරු කර ගන්නා තුරු බලා සිටිය හොත් කඩිනමින් පැමිණෙන සුනාමි වැනි ආපදාවකදී අනතුරු ඇගවීම ප‍්‍රමාද වැඩි විය හැකියි.

අවම වශයෙන් වෙරළ ප‍්‍රදේශවලින් රට තුළට යාමට පැය බාගයකට කාලයක් තිබිය යුතුයි. මේ නිසා තමන්ට තිබෙන අළුත් ම එහෙත් අසම්පුර්ණ විද්‍යාත්මක තොරතුරු මත, රට ලෝකය ගැන තමන් සතු පුළුල් අවබෝධය ද යොදා ගනිමින් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කරනවා ද නැද්ද යන තීරණය ගන්නට අදාළ නිලධාරින්ට සිදු වනවා.

මාධ්‍ය, සිවිල්, සංවිධාන හා ආරක්ෂක හමුදාවලට කළ හැක්කේ එසේ නිල වශයෙන් ගන්නා තීරණයක් පතුරුවා හැරිම පමණයි. අනතුරු ඇගවීමක් නිකුත් කිරිමේ බලය තනිකර ම රටක මධ්‍යම රජයට පමණක් සීමා විය යුතුයි.

2004දී අපට තිබුනු ලොකු ම අඩුපාඩුව වූයේ ජාත්‍යන්තරව ලැබෙන සුනාමි අනතුරු ඇගවීමක් ගැන දේශීය වශයෙන් තීරණයක් ගැනීමට හා ඒ තීරණය හැකි ඉක්මණින් අදාළ ප‍්‍රදේශවල මහජනතාවට දැනුම් දීමට නොහැකි වීමයි. 2004 සුනාමියෙන් පසුව මේ මුලික අඩුපාඩු මග හරවා ගෙන ඇතත්, සුනාමි අනතුරක සේයාව මතු වූ විටෙක ආරක්ෂිත පියවර මනා සේ සම්බන්ධිකරණය වීම ගැන තවමත් විසදා නොගත් ගැටළු තිබෙන බව අපේ‍්‍රල් 11දා අත්දැකීමෙන් පෙනී ගියා.

සුනාමි අනතුරු ඇගවීමකදී හැසිරිය යුතු ආකාරය ගැන බොහෝ වෙරළබඩ ප‍්‍රදේශවල ජනතාව මේ වන විට දැනුවත් කර තිබෙනවා. මෙයට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය (DMC) මෙන් ම සර්වෝදය හා රතු කුරුස සංගමය වැනි ස්වේච්චා ආයතන ද මුල් වුණා. එහෙත් සුනාමි අනතුරු ඇගවීමෙන් පසු බටහිර, දකුණු හා නැගෙනහිර වෙරළ ප‍්‍රදේශවල ඇති වුණු විකෂිප්ත තත්ත්වය හා සංත‍්‍රාසය (panic) ගැන පසු විපරමක් කළ යුතුයි.

2004 – 2011 කාලය තුළ සන්නිවේදන තාක්ෂණය බොහෝ සේ දියුණු වී තිබෙනවා. 2004දී මිලියන් 2ක් පමණ වූ මෙරට ජංගම දුරකථන සංඛ්‍යාව 2011 අග වන විට මිලියන් 18 ඉක්මවා ගියා. මෙරට ජනගහනයෙන් සියයට 15 – 20ක් දෙනා නිතිපතා ඉන්ටර්නෙට් භාවිතා කරනවා. මේ නිසා සම්ප‍්‍රදායික රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍යවලට අමතරව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් හරහා ද හදිසි අවස්ථාවල තොරතුරු ගලා යනවා.

හදිසි අවස්ථාවක ජංගම දුරකථන ජාල ධාරිතාව ඉක්මවා ගොස් තදබදයක් හට ගැනීම සුලබයි. ඉන්ටර්නෙට් සේවා අඩාල නොවී ක‍්‍රියාත්මක වූ නිසා Facebook හා Twitter වැනි වෙබ් මාධ්‍යවල සැලකිය යුතු තොරතුරු හුවාමරුවක් සිදු වුණා. ඒ අතර ඇතැම් රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකාවල නිවේදකයන් ආවේගශීලිව ජනතාව බියපත් කිරිමට හා කලබල වැඩි කිරිමට දායක වූ බවත් කිව යුතුයි.

මේ ගැන විග‍්‍රහයක් කරමින් මෙරට හිටපු විදුලි සංදේශ නියාමකවරයකු හා සන්නිවේදන විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් සමරජීව කීවේ: “හදිසි අවස්ථාවක තොරතුරු හුවමාරු වීමේදි නිල මුලාශ‍්‍රවලට හෝ ප‍්‍රධාන ප‍්‍රවාහයේ (විද්‍යුත්) මාධ්‍යවලට සීමා වූ යුගය හමාරයි. ඉන්ටර්නෙට් ප‍්‍රචලිත වීම හා ජනප‍්‍රියවිමත් සමග ලෝකයේ නොයෙක් තැන්වලින් මතු වන අළුත් ම තොරතුරු හා විග‍්‍රහයන් එසැනින්ම ලබා ගැනිමේ හැකියාව අපේ සමාජයේ දැන් විවෘත වී තිබෙනවා. මේ නව සන්නිවේදන යථාර්ථය ආපදා අනතුරු ඇගවීම් නිකුත් කිරිමේ වගකීම හා නිල බලය ඇති රාජ්‍ය ආයතන හා නිලධාරින් සැලකිල්ලට ගත යුතුයි.”

නිල රාජ්‍ය මුලාශ‍්‍ර මුලික අනතුරු ඇගවීමෙන් පසු දිගින් දිගට අළුත් තොරතුරු සැපයීමට පෙරට ආවේ නැහැ. මෙබදු අවස්ථාවක රාජ්‍ය නිලධාරින් තනි නාලිකාවකට දෙකකට සම්බන්ධ වීම සෑහෙන්නේ නැහැ. එමෙන්ම ජේ්‍යෂ්ඨ නිලධාරින් මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු දීම ඉතා වැදගත්. ජන මනස කැළඹි ඇති විට යම් තරමකට හෝ ඔවුන්ට අස්වැසිල්ලක් ලැබෙන්නේ එවිටයි.

භූ චලනයෙන් කෙටි වේලාවක් ඇතුළත දෙස් විදෙස් ජනමාධ්‍ය සියල්ලට ම විවෘත වෙමින් බහුවිධ මාධ්‍ය හරහා මිලියන් 235කට අධික සිය රටවැසියන්ට සම්බන්ධ වූ ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ යොදියෝනෝ ඒ කාර්යය ඉතා දක්ෂ ලෙස ඉටු කළ බව ටයිම් සගරාවේ ශ‍්‍රී ලංකා වාර්තාකරු අමන්ත පෙරේරා පෙන්වා දෙනවා.

“තනතුරෙන් උසස් රාජ්‍ය නිලධාරියකු හෝ නායකයකු එදින අපේ රටේ දේශීය සන්නිවේදනයට මැදිහත් නොවීම කණගාටුවට කරුණක්. සජීව විද්‍යුත් මාධ්‍ය වාර්තාකරණයේදී හදිසි අවස්ථාව පහව යන තුරු දිගින් දිගට ම ජනමාධ්‍ය හරහා ජනතාවට තොරතුරු දීම හා සන්සුන් කිරිම අත්‍යවශ්‍යයි. මේ සදහා ඇති තරම් ලක් රජයෙන් නිල ප‍්‍රකාශකයන් සොයා ගන්නට මාධ්‍යවලට නොහැකි වුණා,” අමන්ත කියනවා.

අපේ‍්‍රල් 11දා සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරිම හා එයින් පසු සිදු වූ සමස්ත ක‍්‍රියාදාමය ගැන මැදහත් විමර්ශනයක් කළ යුතුයි. එදා බලය ලත් නිලධාරින් ක‍්‍රියා කරන්නට ඇත්තේ පරිස්සම හා ආරක්ෂාව පැත්තට වැඩි බරක් තබමින් විය යුතුයි. එය එදින තත්ත්වය බේරා ගන්නට උදවු වුණත්, මෙබදු අනතුරු ඇගවීම් විටින් විට නිකුත් කර සුනාමි නොඑන විට අනතුරු ඇගවීම් පිළිබද මහජන විශ්වාසය ටිකෙන් ටික අඩු වීමේ අවදානමක් තිබෙනවා. False Alarms නමින් හැදින්වෙන මේ තත්ත්වය දිගු කාලීනව ආපදා කළමණාකරනයට අහිතකරයි.

“කොටියා ආවා” යයි නිතර නිතර කෑගසමින් විහිලූ කරන්නට පුරුදුව සිටි තරුණයාගේ කථාව අප දන්නවා. ඇත්තට ම කොටියකු ආ විට ඔහුගේ අනතුරු ඇගවීම කිසිවකු විශ්වාස කළේ නැහැ!

බංගලාදේශය, පිලිපීනය, තායිලන්තය වැනි අපේ කලාපයේ රටවල මෑත වසරවල අත්දැකීම්වලින් පෙනී යන්නේ අනවශ්‍ය ලෙස කලබල වී අනතුරු ඇගවීමක් නිකුත් කොටල එනවා යැයි කී සුනාමි නොපැමිණි විට අදාල නිල ආයතන ගැන ජන මනසේ ඇති විශ්වාසය පළුදු වන බවයි. මේ නිසා අපේ‍්‍රල් 11 වනදා ප‍්‍රවේශම්කාරිවීම ගැන උදම් අනන අතරේ මේ දිගු කාලීන විපාකය ගැන සීරුවෙන් සිතා කටයුතු කළ යුතු බව මහාචාර්ය සමරජීව අවධාරණය කරනවා.

එසේ ම සුනාමි සන්නිවේදනයේදී වචන හරඹයේ සිදුවන ව්‍යාකුලතා වළක්වා ගැනිමට සරල වර්ණ සංකේත ක‍්‍රමයක් යොදා ගත හැකියි. එහිදී සුනාමි නොමැති තත්ත්වය කොළ පාටිනුත්, සුනාමියක් සිදුවීමේ සේයාව හෝ අවදානම (Watch) තැඹිලි පාටිනුත්, නියත වශයෙන්ම සුනාමියක් මහ එන බව දත් විට (Warning) රතු පාටිනුත් නියෝජනය කළ හැකියි. මෙය රථවාහන සංඥා ක‍්‍රමයට සමාන නිසා මාධ්‍යවේදීන් හෝ පොදු මහජනතාව හෝ වරදවා වටහා ගන්නට ඉඩක් නැහැ.

Public Trust in Times of Crisis: Reflections on April 11 Indian Ocean Tsunami Warning

Entrance to Pacific Tsunami Museum in Hilo, Hawaii, photo by Nalaka Gunawardene, Jan 2007

Five years ago, on a visit to the Pacific Tsunami Museum in Hilo, Hawaii, I played an interesting simulation game: setting off an undersea earthquake and deciding whether or not to issue a tsunami warning to the many countries in and around the Pacific.

The volunteer-run museum, based in ‘the tsunami capital of the world’, engages visitors on the science, history and sociology of tsunamis. The exhibits are mostly mechanical or use basic electronic displays, but the messages are carefully thought out.

The game allowed me to imagine being Director of the Pacific Tsunami Warning Centre (PTWC), a US government scientific facility in Ewa Beach, Hawaii, where geophysicists monitor seismic activity round the clock. When the magnitude exceeds 7.5, its epicentre is located and a tsunami watch is set up. Then, combining the seismic, sea level and historical data, PTWC decides if it should be upped to a warning.

Tsunami simulation game - low tech, high lesson
The museum game allows players to choose one of three locations where an earthquake happens — Alaska, Chile or Japan — and also decide on its magnitude from 6.0 to 8.5 on the Richter Scale.

This is an instance where scientists must quickly process large volumes of information and add their own judgement to the mix. With rapid onset hazards like tsunamis, every second counts. Delays or inaction can be costly — but false alarms don’t come cheap either.

I played the game thrice, and erring on the side of caution, issued a local (Hawaiian) evacuation every time. If it were for real, that would have caused chaos and cost the islanders a lot of money.

In fact, those who make decisions on tsunami alerts or warnings have to take many factors into account – including safety, economic impact and even political fall-out.

After playing the simulation game, I can better appreciate the predicament government officials who shoulder this responsibility. They walk a tight rope, balancing short-term public safety and long term public trust in the entire early warning system.

This is how I open a new op ed essay that reflects on the Indian Ocean undersea quake on 11 April 2012, and the tsunami watch that followed.

Taking Sri Lanka as the example, but sometimes referring to how other Indian Ocean rim countries reacted to the same situation, I raise some basic concerns that go beyond this individual incident, and address fundamentals of disaster early warning and information management in the Internet age.

Another except:
“So was the tsunami warning and coastal evacuation on April 11 justified? This needs careful, dispassionate analysis in the coming weeks. ‘Better safe than sorry’ might work the first few times, but let us remember the cry-wolf syndrome. False alarms and evacuation orders can reduce public trust and cooperation over time.”

In particular, I focus on nurturing public trust — which I call the ‘lubricant’ that can help move the wheels of law and order, as well as public safety, in the right direction.

Read full essay on Groundviews.org:
Nurturing Public Trust in Times of Crisis: Reflections on April 11 Tsunami Warning

සිවුමංසල කොලූගැටයා #55: මෙන්න අපේ ගෙදර හැටි!

This is my weekly Sinhala language column published in Ravaya Sunday newspaper dated 26 Feb 2012. In this, I explore some of the many fascinating insights into how Lankans live and work, as revealed by the Household Income and Expenditure Survey 2009/10 conducted by the Department of Census and Statistics, Sri Lanka. It was based on a large, countrywide sample of 22,500 households and conducted over a 12-month period in 2009-2010.

I am grateful to economist friend Dr Rohan Samarajiva, who first drew my attention to this treasure trove of public data. He has written media articles and blogposts about some findings, including in his Choices column in LBO (see 11 Oct 2011: Poverty: Where should Sri Lanka focus resources? and 17 Oct 2011: Resurgence of Sri Lanka’s North Central Province) and on LIRNEasia blog.

සංඛ්‍යාලේඛන ගැන අපේ ඇතැම් දෙනාගේ ඇත්තේ සැකයක්. විශේෂයෙන් ම නිල සංඛ්‍යාලේඛන නිවැරදි ද නැද්ද යන්න ගැන විටින් විට මෙරට විද්වත් සභාවලත්, මාධ්‍ය හරහාත් විවාද මතු වනවා.

සංඛ්‍යා ලේඛන අංග සම්පූර්ණ නොවූවත් යම් පදනමක් මත පිහිටා කාලීන ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට හොඳ රාමුවක් එමගින් ලැබෙනවා. මෙහිදී සිහි තබා ගත යුතු වැදගත් ම කරුණ නම් විශාල නියැදියක් (සාම්පලයක්) හරහා එකතු කරන දත්ත විශ්ලේශණය කළ විට ලැබෙන සාමාන්‍යයන් (average) හා මධ්‍යන්‍යයන් (medians) අප පෞද්ගලිකව අත්දකින යථාර්ථයට තරමක් වෙනස් විය හැකි බවයි.

එහෙත් අනුමානයන් හෝ ආවේගයන් හෝ යොදාගෙන තර්ක කරනවාට වඩා (අසම්පූර්ණ වූවත්) සංඛ්‍යාලේඛන පදනම් කර ගැනීම වඩාත් පරිපූර්ණ වාදවිවාද හා විග‍්‍රහයන්ට හේතු වන බව කිව යුතුයි. අවාසනාවකට අපේ බොහෝ මාධ්‍යවල හා විද්වත් සභාවලත් මෙය ඇති තරම් සිදු වන්නේ නැහැ.

එමෙන්ම පැරණි වූ තොරතුරු මත පදනම් වී කැරෙන වාද දකින්නට ලැබෙනවා. මෙයට හොඳ උදාහරණයක් නම් මෙරට දුරකථන භාවිතය ගැන අපේ සමහරුන් කියන කථායි. එනම් දුරකථන නාගරික, පොහොසත් අයට සීමා වූ පහසුකමක් බවයි. මෙබදු පිළුණු වූ පදනම් මත තර්ක කරන අයගේ දැනුම එක තැන පල්වන බව හොඳට පෙනෙනවා!

සංඛ්‍යාලේඛනයක නිරවද්‍යතාවය හා විශ්වාසනීයත්වය රදා පවතින්නේ එහි ක‍්‍රමවේදය මතයි. මෙරට වෙනත් ආයතන කෙසේ වෙතත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නම් තවමත් වෘත්තීය විශ්වාසනීයත්වය රැක ගෙන ක‍්‍රියා කරන බව මැදහත් විචාරකයන් හා පර්යේෂකයන්ගේ මතයයි.

2011-12 ජන සංගණනය නිසා අවධානයට ලක්ව තිබෙන මේ දෙපාර්තමේන්තුව, එම ප‍්‍රධාන සංගණනයට අමතරව තවත් සමීක්‍ෂණ රැසක් කරනවා. එයින් එකක් නම් ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයයි. (Household Income and Expenditure Survey). එක්සත් ජාතීන්ගේ සංඛ්‍යලේඛන කාර්යාලයේ උපදෙස් මත 1970 දශකයේ මෙරටට හදුන්වා දෙන ලද මේ සමීක්‍ෂණ මාලාව, සාමාන්‍යයෙන් වසර 5කට වරක් පවත්වනවා. ලැබෙන දත්තවල කාලීන විචලනය (seasonal variations) අවම කර ගන්නට මාස 12ක් පුරා කරනවා.

වඩා ම මෑතදී නිකුත් කළ වාර්තාව 2009-2010 වසරවලට අදාලව සිදු කළ ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයයි. මෙය 2009 ජුලි සිට 2010 ජුනි දක්වා කාලයේ (මන්නාරම, කිලිනොච්චි හා මුලතිවු දිස්ත‍්‍රික්ක තුන හැර) රට පුරා නිවෙස් 22,581ක් සම්බන්ධ කර ගනිමින් සිදු කෙරුණා.

21වන සියවසේ දෙවැනි දශකයට පිවිස සිටින ලක් සමාජය ගෘහස්ත මට්ටමින් දිවි ගැට ගසා ගන්නේ කෙසේ ද? මෙයට තොරතූරු රැසක් මේ සමීක්‍ෂණයෙන් ලැබෙනවා. එය මේ දක්වා නිකුත් වී ඇත්තේ ඉංග‍්‍රීසියෙන් පමණක් වූවත් ඉදිරියේදී සිංහලෙන් හා දෙමළෙන් ද නිකුත් වනු ඇති.

මේ සමීක්‍ෂණයේ සියළු ප‍්‍රතිඵල හසුකර ගන්නට නම් කොලම් ගණනාවක් ලිවිය යුතුයි. අද මා උත්සාහ කරන්නේ එයින් මතු කර දෙන අපේ වත්මන් පාරිභෝගික සමාජයේ පැතිකඩ කිහිපයක් ගැන කෙටියෙන් කථා කරන්නයි. මෙහි ඇතැම් සොයා ගැනීම් අප ඉගියෙන් දැන සිටි දෑ තහවුරු කරන අතර තවත් සොයා ගැනීම් අපේ බහුතරයක් දෙනා සැබෑ යයි සිතා සිටින තත්ත්ව හා ප‍්‍රවණාතවලට එරෙහිව යනවා.

මේ සමීක්‍ෂණයට පසුබිම් වන ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සමාජ ආර්ථික දත්ත ගැන මෙනෙහි කිරීම ප‍්‍රයෝජනවත්. 2009-2010 වන විට මෙරට සමස්ත ජනගහනය මිලියන් 20.3ක් බව ඇස්තමේන්තු කරනු ලැබුවා. පිරිමි මිලියන් 9.7ක් හා ගැහැණු මිලියන් 10.7ක් සිටිනවා. මේ ජනගහනය වාසය කරන නිවෙස් සංඛ්‍යාව මිලියන් 5.1ක්. මෙරට එක් නිවෙසක පදිංචිකරුවන්ගේ සාමාන්‍යය 4ක්. කාන්තාවන් ගෘහමූලිකයා වන නිවෙස් ගණන මෑතදී ඉහළ ගොස් ඇති අතර එය මුළු සංඛ්‍යාවෙන් 23% ක්.

මෙරට නිවෙසක සාමාන්‍ය මාසික ආදායම රු. 36,451 බවත්, එහි සැළකිය යුතු නාගරික, ග‍්‍රාමීය හා වතුකරයේ වෙනස්කම් තිබෙන බවත් සමීක්‍ෂණ ප‍්‍රතිඵලවලින් පෙනෙනවා. එයටත් වඩා ප‍්‍රබලව මතු වන්නේ ඇති නැති පරතරයයි. මෙරට වඩා පොහොසත් නිවාස 20% සමස්ත ආදායමින් සියයට 54.1% ලබන විට දිළිදු ම නිවැසියන් 20% ලබන්නේ සමස්ත ආදායමින් 4.5% පමණයි.

දුප්පත්කම හෙවත් දිළිදුබව ආර්ථික විද්‍යාඥයන් නිර්වචනය කරන ආකාරය ගැන මතභේද තිබෙනවා. ඒවාට විසදුම් සොයනවා වෙනුවට මේ සමීක්‍ෂණයෙන් අප කන බොන සැටි ගැන හෙළිදරවු වන තොරතුරු බලමු.

මෙරට එක් නිවෙසක මාසික වියදමේ සාමාන්‍ය අගය රු. 31,331ක් වූ බව 2009/10 තොරතුරුවලට අනුව මේ සමීක්‍ෂණය ගණනය කර තිබෙනවා. (එයින් පසු ඇති වූ වියදම් මෙයට එක් වී නැහැ.) නිවැසියන් තම එදිනෙදා අවශ්‍යතා සඳහා කරන වියදම් පිළිබඳ තොරතුරු විස්තරාත්මකව මේ සමීක්‍ෂණය අධ්‍යයනය කළා.

ගෙදරක වියදමෙන් ආහාරපාන සඳහා කරන වියදම ප‍්‍රතිශතයක් ලෙස බැලූ විට ඒ ගෙදර ආර්ථික තත්ත්වය ගැන දළ වැටහීමක් ලද හැකියි. උපයන මුදලින් වැඩි ප‍්‍රමාණයක් කෑම බීමට වැය කිරීමට සිදුවීම අද බොහෝ දෙනා මුහුණ දී තිබෙන යථාර්ථයයි. මීට පෙර 2006දී මේ සමීක්‍ෂණය කළ විට මෙරට නිවෙසක් ආහාරපාන සඳහා කළ සාමාන්‍ය වියදම ගෙදර මුළු වියදමින් 37.6%ක් වූ අතර මෙවර එම අගය 42.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. (සමස්ත ආහාරපාන වියදමෙන් 17.3%ක් වැය වන්නේ සහල් මිළට ගැනීමටයි.)

ආහාරපාන නොවන වියදම් සමස්තය 100ක් නම් එයින් 19.1ක් නිවාස (ගෙවල්කුලී හෝ නඩත්තුව) සඳහාත්, 17.0ක් ප‍්‍රවාහන හා සන්නිවේදන සඳහාත් වැය කරනවා. ඉතිරි වියදම් කාණ්ඩ අතර විදුලිය හා ඉන්දන (7.1), අධ්‍යාපනය (5.6), ඇදුම් පැළදුම් (5) බෙහෙත් හා සෞඛ්‍යය (7.9) ප‍්‍රධානයි. සංස්කෘතික අවශ්‍යතා හා විනෝදාස්වාදයට වැය කරන්නේ 2.2% පමණයි. එයට වැඩි ප‍්‍රතිශතයක් 3.7%) දුම්වැටි හා මත්පැන් සඳහා වැය කරනවා!

අධ්‍යාපන වියදම්වලින් වැඩිපුර කොටසක් වෙන් කෙරෙන්නේ ළමයින්ගේ ටියුෂන් ගාස්තු ගෙවීමටයි. ඉන් පසු අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය ගැනීමටයි. මෙරට නිවෙසක් මාසයකට තැපැල් වියදම් ලෙස සාමාන්‍යයෙන් රු. 4.41ක් වැය කරද්දී (ජංගම හා රැහැන් සහිත) දුරකථන සේවා සඳහා රු. 345.36ක් වැය කරනවා.

ඒ අතර නිවෙසක පොත් සගරා හා පුවත්පත් මිළදී ගන්නට මාසයකට සාමාන්‍යයෙන් රු. 42.63ක් වැය කරන අපේ ඇත්තෝ ලොතරැයි හා ඔට්ටු ඇල්ලීම් සඳහා නම් රු. 50.05ක් වියදම් කරනවා. සිනමා, නාට්‍ය හා වීඩියෝ නැරඹීමට නිවෙසක මාසික වියදම රු. 7.37ක් පමණයි.

මේ සැබෑ අගයන්ගේ වෙනස්කම් වී ඇතත් අනුපාතයන් හැටියට අපේ සමාජයේ වියදම් රටාවන් ගැන හැගීමක් ලබාගන්නට මේ සමීක්‍ෂණයෙන් හැකියාව ලැබෙනවා.

2012 වසර අවසන් වන විට මෙරට හැම නිවසකට ම විදුලිය සැපයීමේ ඉලක්කයක් ප‍්‍රකාශ වී ඇතත්, දැනට (2010) විදුලිය ඇත්තේ නිවාස වලින් 85.3%කට පමණයි. ඉතිරි නිවාස බහුතරයක් (12.8%) භුමිතෙල් කුප්පි ලාම්පුවලින් රාත‍්‍රී එළිය ලබා ගන්නා අතර සූර්ය බලයෙන් එලිය වන නිවෙස් 1.8% ද තිබෙනවා.

ගෙදර ඇති ප‍්‍රධාන බඩු බාහිරාදිය ගැනත් සමීක්‍ෂණය විපරම් කළා. අපේ රටේ නිවාසවල ඇති විදුලි හා විද්යුත් භාණ්ඩ අතරින් ඉතා වැඩි නිවෙස් ගණනක හමුවන භාණ්ඩය නම් ටෙලිවිෂන් යන්ත‍්‍රයයි (80%). රේඩියෝ හෝ කැසට් සහිත රේඩියෝ නිවෙස් 75.4%ක තිබෙන අතර මේ විද්යුත් මාධ්‍ය උපකරණ හිමිකාරත්වයේ නාගරික-ග‍්‍රාමීය වශයෙන් ලොකු වෙනසක් නැහැ. ටෙලිවිෂන් නගර හා ගම් හැම තැනකම ඉතාම පුළුල් ලෙස මෙරට ප‍්‍රචලිත මාධ්‍යය බව නැවත වරක් තහවුරු වනවා.

පොදුවේ ගත් විට මෙරට නිවාස වලින් 70%කම මේ වන විට ටෙලිවිෂනයක්, දුරකථනයක් හා රේඩියෝවක් තිබෙනවා. මේ සන්නිවේදන උපකරණ අනෙක් සියළු උපකරණවලට වඩා වැඩියෙන් ප‍්‍රචලිතවීමෙන් පෙනෙන්නේ තොරතුරු ලැබීමට හා සන්නිවේදනයට ලක් සමාජයේ ඇති නැඹුරුවයි.

සමීක්‍ෂණයට පාත‍්‍ර වූ නිවෙස්වලින් 35.9%ක VCD/DVD යන්ත‍්‍ර තිබූ අතර පරිගණක තිබෙන නිවෙස් ගණන 12.5%ක්. අනෙකුත් විදුලි භාණ්ඩ අතරින් වැඩිපුර ම නිවෙස්වල ඇත්තේ විදුලි පංකා (50.8%) යි. මහන මැෂින් නිවාස 42.7%කත්, ශීතකරණ නිවාසවලින් 39.6%කත් හමු වනවා.

කිසිදු වාහනයක් නැති නිවාස 41.8%ක් තිබෙන මේ රටේ, වැඩිපුර ම ගෙදර හමුවන වාහනය බයිසිකලයයි. එය 39.8%ක් නිවෙස්වල තිබෙනවා. මෝටර් වාහන අතරින් වඩාත් ම ප‍්‍රචලිත මෝටර් බයිසිකල් හා ස්කූටර් (නිවාසවලින් 25.8%ක්) හා ඊළගට ත‍්‍රීරෝද රථ (6.5%ක්) හා කාර් හෝ වෑන් රථ (5.6%ක්) වනවා. බයිසිකල් හා මෝටර් සයිකල් හිමිකාරත්වය ගම්බද වඩාත් පුළුල් වන විට ත‍්‍රීරෝද රථ හිමිකාරිත්වයේ එබදු ගම්-නගර වෙනසක් නැහැ.

බොහෝ භාණ්ඩ හා සේවා පරිභෝජනයේදී දීපව්‍යාප්ත සාමාන්‍ය අගයන්ට වඩා ඉහළින් බස්නාහිර පළාත පවතින බව නැවත වරක් මේ සමීක්‍ෂණයෙන් ද තහවුරු වනවා. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් දිවයිනේ අන් සියළු පළාත්වලට වඩා පිටුපසින් සිටින බව ද පෙනී යනවා. එහෙත් උතුරු මැද පළාත නිර්නායක ගණනාවකින් ම මෑතදී පෙරට පැමිණ තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #45: තොරතුරු සමාජයේ මාධ්‍ය භාවිතය හා වාරණය

As I have often said on this blog, Television used to be the favourite whipping boy of those who love to criticise communication technologies and consumer gadgets — until the Internet and mobile phones came along.

When it finally arrived in Asia in 1991, direct TV broadcasting by satellite scared the daylights out of many Asian governments and self-appointed guardians of culture and public morals. How can the unexposed (i.e. ‘unspoilt’) hundreds of millions of Asians cope with massive volumes of information and entertainment beaming down from the skies, they asked. Their real concern was the loss of control over what the public watched, which governments and ruling elites had tightly controlled for decades since radio and TV emerged as mass media.

So, for much of that decade, we witnessed howls of protests from them — but their worst fears never materialised. Satellite TV found its niche alongside terrestrial transmissions, and Asian broadcasters soon mastered the medium. Today, global broadcasters like CNN, BBC and Al Jazeera compete with hundreds of Asian satellite TV channels and the audiences have a far greater choice.

As I wrote in September 2008: “In 1990, most Asian viewers had access to an average of 2.4 TV channels, all of them state owned. This has changed dramatically — first with the advent of satellite television over Asia in 1991, and then through the gradual (albeit partial) broadcast liberalisation during the 1990s. Asian audiences, at last freed from the unimaginative, propaganda-laden state channels, exercised their new-found choice and quickly migrated to privately owned, commercially operated channels.”

Sir Arthur Clarke was the man who triggered this satellite communication revolution. In 1945, while still in his late 20s, he was the first to propose the concept of using a network of satellites in the geo-synchronous orbit for television and telecommunications. His vision became a reality in the mid 1960s, and within a generation, humankind has come to rely critically on the network of comsats placed, in what is now called the Clarke Orbit, some 22,300 miles above the earth.

In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS) and days before his 86th birthday, I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of information societies. It was published in One World South Asia on 5 December 2003.

For my Ravaya column this week (18 Dec 2011), I have adapted parts of that interview into Sinhala, making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet. It’s also a nice way to mark his 94th birth anniversary this week.

Sir Arthur C Clarke: Opened up the heavens as part of information superhighway...

අතට හසු නොවන, මනසට අළුත් හා නුහුරු ඉන්ටර්නෙට් ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. 2011 නොවැම්බර් 20දා මා කීවේ වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමග බවයි.

ඉන්ටර්නෙට් ආගමනයට කලින් මේ අයුරින් ම බය හා සැක ඇති කළ මාධ්‍ය ප්‍රවණතාවක් වූයේ කෘත්‍රිම චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශයන් විසුරුවා හැරීමයි. (direct broadcasting by satellite)’ ආසියා කලාපයේ මෙය ඇරඹුණේ 1991දී. AsiaSat චන්ද්‍රිකාව BBC, CNN හා STAR TV නාලිකාවල උඩුගුවනින් එන ටෙලිවිෂන් සංඥා, අඩු වියදමකින් තනා ගන්නා දීසි ආකාරයේ ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි වුණා.

රාජ්‍ය දේශ සීමා ගැන තැකීමක් නොකර නිදහසේ පාවී එන මේ විකාශ ගැන එවකට ආසියානු රජයන් සලිත වූ සැටි මට මතකයි. වර්තමානයේ ඉන්ටර්නෙට් මාධ්‍යයට එරෙහිව නගන චෝදනාවලට සමාන චෝදනා ගොන්නක් 1990 දශකය පුරා අපේ පණ්ඩිතයෝ චන්ද්‍රිකා හරහා එන ටෙලිවිෂන් විකාශයන්ටත් එල්ල කළා. එය ආසියානු රටවල දේශපාලන ස්ථාවරත්වයට, සංස්කෘතීන්ට හා ජන සමාජයන්ට බරපතල අහිතකර බලපෑම් ඇති කළ හැකි යයි ඇතැම් උගතුන් හා ‘සංස්කෘතික බහිරවයන්’ අනතුරු ඇගවීම් ද කළා.

එහෙත් එබන්දක් සිදු වූයේ නැහැ! නොබෝ කලකින් ආසියානු නාලිකා තම ප්‍රේක්ෂකයන්ට වඩාත් අදාල හා ප්‍රයෝජනවත් වැඩසටහන් විකාශය කරන්නටත් ඒ චන්ද්‍රිකා තාක‍ෂණය ම යොදාගත්තා. මේ වන විට ලෝක ටෙලිවිෂන් නාලිකා, ආසියානු නාලිකා හා දේශීය නාලිකා තුන ම අපේ ටෙලිවිෂන් යන්ත්‍ර හරහා බලා ගත හැකියි.

හාස්‍යජනක කරුණක් නම් මේ දැඩි විවේචනවල යෙදෙන ඇතැම් දෙනා එකී මාධ්‍ය දැක හෝ භාවිතා කර නැති අය වීමයි! එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් මත පදනම් වී කරන මේ විවේචන පිළි ගන්නා රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් ද සිටීම තමා අපේ ඛේදවාචකය. විෂය දත්තවුන් නිහඩව සිටින මේ දූපතේ, කුමන්ත්‍රණවාදීන් හැම දෙයක් ම නොපිටට හරවා ගන්නවා. (විකිලීක්ස් හා විකිපීඩියා දෙක පටලවා ගැනීම පිළිබද මගේ විග්‍රහය බලන්න: 2011 ජූලි 10)

වඩාත් ප්‍රබලව මතුව එන තොරතුරු තාක‍ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. එයට මුල් වුයේ යුනෙස්කෝ සංවිධානය, ලෝක විදුලි සංදේශ සංගමය (ITU) හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යන ආයතන ත්‍රිත්වයයි. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා.

මගේ ඉලක්කය වූයේ තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වු ක්ලාක් එවකට දැකිය හැකි වු අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ඒ තීරණාත්මක මොහොතේ ලෝකය සමග ඛෙදා ගැනීමයි. ක්ලාක්ගේ 94 වන ජන්ම සංවත්සරය (2011 දෙසැම්බර් 16) සැමරෙන මේ සතියේ ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා.

එදා චන්ද්‍රිකා ටෙලිවිෂන් ගැන ක්ලාක් කී බොහෝ දේ අද ඉන්ටර්නෙට් සඳහා ද වලංගූයි. නමුත් එක් ප්‍රබල වෙනසක් නම් චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශ කිරීමට තාක්ෂණය හා වත්කම තිබුණේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සමාගම්වලට පමණක් වුවත් ඉන්ටර්නෙට් හරහා ලොවට සන්නිවේදනය කිරීමේ හැකියාව ලොකු පොඩි කාටත් එක සේ උදා වී තිබීමයි. දැවැන්ත මාධ්‍ය සමාගම් අතළොස්සක් නීතිමය හා නීතියට පරිබාහිර උපක්‍රමවලින් හැසිරවීමේ අත්දැකීම් ඇති ලෝකයේ ආණ්ඩුවලට, කුඩා පරිමාණයේ පුරවැසි මාධ්‍යවේදීන් සිය දහස් ගණනක් සමග කුමන ආකාරයෙන් ගනුදෙනු කළ හැකි ද යන්න විශාල අභියෝගයක් වී තිඛෙනවා. ක්ලාක් අප අතර නැතත්, වසර අටකට පෙර ඔහු පළ කළ අදහස් අදටත් අදාලයි.

නාලක: චන්ද්‍රිකා ටෙලිවිෂන් නාලිකා ඔස්සේ එන වැඩසටහන්වල අන්තර්ගතය ගැන කිසිදු රජයකට පාලනයක් නැහැ. රටක පවතින මාධ්‍ය නීති රීති හෝ සාරධර්ම ඒ අයුරින් ම පිළිපැදිය යුතු යැයි චන්ද්‍රිකා ටෙලිවිෂන්වලට බලපෑම් කරන්නටත් බැහැ. මේ පසුබිම තුළ මෙම මාධ්‍යය වඩාත් තදින් හැසිරවිය යුතු යැයි ඔබ සිතනවාද?

ක්ලාක්: පෘථීවියට ඉහළ කක‍ෂගතව තිඛෙන පණිවුඩ චන්ද්‍රිකාවලින් එන ටෙලිවිෂන් විකාශයන් පාලනය කිරීමට හෝ තහනම් කිරීමට හෝ කිසිදු ආණ්ඩුවකට හැකි වේ යැයි මා සිතන්නේ නැහැ. කෙසේ වෙතත් මාධ්‍යයක් තහනම් කිරීම, නීති විරෝධී කිරීම හෝ වාරණය කිරීම ප්‍රගතශීලි පියවරක් ලෙස මා පිළිගන්නේත් නැහැ. අපි මේ තත්ත්වය පුළුල් දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කළ යුතුයි. මෙබඳු ප්‍රශ්න ගැන කථාබහ කරන අප බොහෝ දෙනකුට තොරතුරු හා විනෝදාස්වාදය ලබා ගත හැකි මාර්ග ගණනාවක් තිඛෙනවා. බොහෝ විට අප සිටින්නේ තොරතුරු අධිපෝෂණය නැතහොත් තොරතුරු දූෂණය (information pollution) නමැති තත්ත්වයේයි. මේ නිසා එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයල එනම් තොරතුරු සාගතය (information starvation) ගැන අපට හරි වැටහීමක් නැහැ.

මට සිතෙන්නේ චන්ද්‍රිකා ටෙලිවිෂන් වැඩසටහන්වලින් ජන ජීවිතයට, සංස්කෘතියට හෝ සභ්‍යත්වයට හානි සිදුවේ යැයි කෑ මොර ගසන උදවිය තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට වඩා වැඩි අධ්‍යාපනයක් ලැබීම නිසා බක පණ්ඩිතයන් වී සිටින අය බවයි. සමාජයේ බහුතරයකගේ සිතුම් පැතුම් හෝ රුචි අරුචිකම් හෝ ගැන මේ ‘කල්චරල් අප්පුලාට’ හැඟීමක් හෝ තැකීමක් නැහැ. ඔවුන් සිතන්නේ ඔවුන් ටික දෙනෙකුගේ අභිමතය හා අභිරුචිය මත සියලූ දෙනාගේ කියැවීමේ පුරුදු හෝ ටෙලිවිෂන් නැරඹීමේ රටා සකස් විය යුතුයි කියායි. බටහිර සභ්‍යත්වයට හෝ ජාත්‍යන්තර ප්‍රවාහයන්ට අනාවරණය නොවු ගැමි ජනයා සදහට ම එම තත්ත්වයේ තබා ගත යුතු බවත්, චන්ද්‍රිකා ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් බඳු මාධ්‍ය මඟින් මේ ජනයාගේ මනස දූෂණය වන බවත් මෙකී පණ්ඩිතයෝ කියනවා. එසේ කියමින් ඔවුන් තමන්ගේ පවුල්වල පාවිච්චියට මේ හැම නවීන තාක‍ෂණයක් ම යොදා ගන්නවා. (මෙය හරියට රටේ බහුතරයකට ස්වභාෂාවලින් වැඩ කරන්නට යැයි කියමින් ටික දෙනෙකු ඉංගිරිසිය දිගට ම භාවිත කිරීම වැනි ක්‍රියාවක්!) මෙබඳු ආත්මාර්ථකාමී, වංක විද්වතුන්ගෙන් රටට හා සමාජයට වන යහපතට වඩා හානිය වැඩියි.

චන්ද්‍රිකා ඔස්සේ එන ටෙලිවිෂන් විකාශයන් මෙන් ම පොළව මත පිහිටි සම්ප්‍රේෂණාගාරවලින් ඛෙදා හැරෙන (terrestrial) ටෙලිවිෂන් විකාශයන් ඔස්සේත් හොඳ-නරක දෙයාකාරයේ ම වැඩසටහන් අපට හමු වෙනවා. අප කළ යුතුව ඇත්තේ ක්‍රමානුකූලව ප්‍රේක‍ෂකයන් වඩාත් දැනුවත් හා නැණවත් පිරිසක් බවට පත් කිරීමෙන් මේ ගුණාගුණ තෝරා බේරා ගන්නට හැකි පිරිසක් බවට ඔවුන් පත් කිරීමයි. දිගු කලක් තිස්සේ ටෙලිවිෂන් මාධ්‍යය හා සම්බන්ධව ක්‍රියා කිරීමෙන් පසුව මා තීරණය කර ඇත්තේ මෙයයි: ගුණාත්මක බවින් අඩු ටෙලිවිෂන් වැඩසටහන් පවා, කිසියම් වටිනාකමකින් යුක්තයි. (Even bad TV is better than no TV!). අප කළ යුත්තේ ටෙලිවිෂන් යන්ත්‍ර නිවා දැමීම හෝ විකාශ තහනම් කිරීම හෝ නොවේ. ගුණාත්මක පැත්ත වර්ධනය කර ගන්නට වෙර දැරීමයි.

ස්වාධීනව පාලනය කැරෙන, ස්වාධීනව අදහස් දක්වන මාධ්‍ය ආයතන – විශේෂයෙන් ටෙලිවිෂන් ආයතන – කෙරෙහි බොහෝ ආණ්ඩු දක්වන්නේ අයහපත් ආකල්පයක් නේද?

එයට හේතුව නිදහසේ තොරතුරු හා අදහස් ගලා යාම හරහා සිවිල් සමාජය ශක්තිමත් වන නිසායි. එවිට ඒකාධිපති පාලකයන්ට හා ආණ්ඩුවලට එය තර්ජනයක් වෙනවා. පසුගිය දශක දෙක පමණ කාලය තුළ තමයි චන්ද්‍රිකා ඔස්සේ විකාශය වන ටෙලිවිෂන් සේවාවන් ප්‍රචලිත වී ඇත්තේ. ඊට පෙර සියලූ ටෙලිවිෂන් විකාශයන් මහ පොළොව මත පිහිටි සම්ප්‍රේෂණයන් හරහායි සිදු කෙරුණේ. ඒ යුගයේ මෙම මාධ්‍යය මීට වඩා පාලනය කිරීමට ආණ්ඩුවලට හැකි වුණා. කොටින් ම කිවහොත් මේ මාධ්‍යයට බිය වූ ඇතැම් පාලකයෝ තමන්ගේ රටවල ජාතික ටෙලිවිෂන් සේවාවන් ඇරඹීම වසර ගණන් ප්‍රමාද කළා.

Arthur C Clare (extreme right) with Indian ISRO engineers who installed satellite antenna at his Colombo home, in 1975
හොඳම උදාහරණය ලැඛෙන්නේ දකුණු අප්‍රිකාවෙන්. 1960 දශකය වන විට ලෝකයේ ඉසුරුබර රාජ්‍යයන් අතුරෙන් ටෙලිවිෂන් සේවාවක් අරඹා නොතිබූ එක ම රට වූයේ දකුණු අපිකාවයි. එවකට එහි පැවති සුදු පාලකයන්ගේ රජයේ සන්නිවේදන අමාත්‍යවරයා එරට ටෙලිවිෂන් සේවාවක් ඇරඹීමට කිසිසේත් එකග වූයේ නැහැ. ‘ටෙලිවිෂන් තමයි අප්‍රිකාවේ සුදු මිනිසාගේ පාලනය හමාර කරන්නේ’ යයි ඔහු කළ ප්‍රකාශයෙහි ලොකු අරුතක් ගැබ් වී තිබුණා. ^‘Television will mean the end of the white man in Africa.’)

ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කළ විට ඔහු කී දේ හරියට ම හරි! පසු කලෙක වර්ණභේදවාදයට විරුද්ධව ගෙන ගිය අරගලයට ටෙලිවිෂන් මාධ්‍යයේ බලපෑම හා දායකත්වය ලැබුණා. කඩුවට වඩා පෑන බලවත් බව අප අසා තිඛෙනවා. ඔය දෙකට ම වඩා ටෙලිවිෂන් කැමරාව බලවත්. මේ නිසා ලෝකයේ හැම ආකාරයේ ආණ්ඩුවක්ම – ප්‍රජාතාන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා – මේ මාධ්‍යය හසුරුවන්නට අඩු වැඩි පමණින් උත්සාහ කිරීම පුදුමයක් නොවෙයි.

මාධ්‍ය හා පුවත් වාරණය (media censorship) ගැන ඔබ සිතන්නේ කුමක්ද?

මාධ්‍ය වාරණය යනු සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ ගැන සරලව හා පොදුවේ අදහස් දැක්වීමට අපහසුයි. මාධ්‍ය වාරණයට මා එක`ග නැති වුවත්, ඇතැම් අවස්ථාවල යම් යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ ටික කලකට මාධ්‍ය වාරණය කිරීමට අවශ්‍ය වන බව මා පිළිගන්නවා. බහුතරයකගේ යහපත සදහා. ඒ වාගේ ම කාගේත් යහපත උදෙසා මාධ්‍යවලින් පිටු දැකිය යුතු හා තුරන් කළ යුතු අංග ද තිඛෙනවා. උදාහරණ නම් ලිංගික වශයෙන් විකෘති අදහස් ඉදිරිපත් කරන රූප හා තොරතුරු, සහ ජාති-ආගම් භේද අවුස්සමින් ප්‍රචන්ඩත්වයට දායක විය හැකි ආකාරයේ ලියකියවිලි.

නමුත් යම්කිසි තොරතුරක්, විග්‍රහයක් හෝ අදහසක් සමාජයට හිතකර ද නැත් ද යන්න නිර්ණය කිරීම ලෙහෙසි නැහැ. එය විවිධ පුද්ගලයන් විසින් විවිධාකාරයෙන් විනිශ්චය කළ හැකියි නේද?

ඇත්තෙන්ම ඔව්. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදහත්, අපක‍ෂපාතී පුද්ගලයන් පවා බොහෝ විට එකග වන්නේ නැහැ. මහජනයාට ඉදිරිපත් කළ යුත්තේ කුමක් ද? වසන් කළ යුත්තේ කුමක් ද යන්න තෝරා බේරා ගැනීම ඉතා අසීරුයි. එහෙත් රජයන් හා පාලකයන්ගේ පැත්තෙන් බැලු විට මෙන්න මෙසේ කිව හැකියි. දූෂණ, අක්‍රමිකතා, වංචා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම් ආදිය පිළිබද මාධ්‍ය මගින් කැරෙන අනාවරණයන් පාලකයන් බොහෝ විට බලවත් අපහසුතාවයට පත් කරන බව ඇත්ත. එහෙත් එය ඔවුන්ට ඉතා ප්‍රයෝජනවත් හා වැදගත් වන්නට ද පුළුවන්.

තමන්ගේ රටේ සැබැවින් ම සිදු වන්නේ කුමක්දැයි හරිහැටි දැන ගන්නට නිසි අවකාශ තිබුණා නම් බොහෝ පාලකයන්ට තමන්ගේ බලය – ඇතැම්විට ජීවිතය පවා – මීට වැඩි කාලයක් රැක ගන්නට තිබුණා යයි අපට කිව හැකියි. ඕනෑ ම පාලකයකු වටා ඒකරාශී වන වන්දිභට්ටයන් පිරිස ඉදිරිපත් කරන පක‍ෂග්‍රාහී විග්‍රහයට වඩා ඔබ්බට ගොස් තොරතුරු දැනගැනීමේ උපක්‍රමයක් හැම පාලකයකුට ම අවශ්‍යයි. මේ නිසා තමයි එක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයකු වරක් කියා සිටියේ නිදහස් මාධ්‍ය පාලකයන්ට මහත් හිසරදයක් විය හැකි වූවත්, බොහෝ විට ඔවුන්ගේ හිස රැක ගන්නත් ඒ නිදහස් මාධ්‍ය ම දායක වන බව.

මෙය ටෙලිවිෂන් ප්‍රවෘත්ති වාර්තාකරණය පැත්තෙන් බැලු විට මුද්‍රිත මාධ්‍යයටත් වඩා ප්‍රබල සත්‍යයක්. විශේෂයෙන්ම චන‍ද්‍රිකා සන්නිවේදන තාක‍ෂණය නිසා අද ටෙලිවිෂන් ඔස්සේ ප්‍රවෘත්ති විකාශය කිරීම බොහෝ විට සජීවී ලෙසින් සිදු කැරෙනවා. මේ නිසා අළුතෙන් යමක් සිදුවන විට ඒ මොහොතේම ලොව හැමතැනටම එය දැක බලාගත හැකියි. මෙය කිරීමේදී ඉමහත් වගකීමකින් යුතුව ක්‍රියා කිරීමට ටෙලිවිෂන් ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවෙනවා.

සන්නිවේදනයේ මීළඟ වසර 50 ගැන නෙතඟ බැල්මක් හෙළිය හැකි ද?

පුළුල්ව කිව හොත්, සන්නිවේදනයේ අපට රිසි ඕනෑ ම දෙයක් කළ හැකි තත්ත්වයට අද අප පත්ව සිටිනවා. මේ ඉදිරි ගමන සීමා කරන්නේ තාක්ෂණික හෝ ඉංජිනේරුමය හෝ සාධක නොවේ. එය සිදු වන්නේ නීතිමය, මූල්‍යමය හා දේශපාලනික සාධක මගින්. මෙකී සාධකල තාක්ෂණයේ ප්‍රගමනය තරම් වේගවත්ව හා කාලානුරූපව හැඩ ගැසී නැහැ.

මාධ්‍ය මත බල පෑ රාජ්‍යමය හා අනෙකුත් සීමාකාරී සාධක එකින් එක බිද වැටෙන විට මාධ්‍යවල බලය හා මාධ්‍ය අනිසි ලෙස පරිහරණය කිරීමේ ඉඩකඩ ද ඒ හා සමානුපාතිකව වැඩි විය හැකි බව අප සිහි තබා ගත යුතුයි. ජන සමාජයට හා රටට අහිතකර ප්‍රවාහයන් නූතන සන්නිවේදන මාධ්‍යයන් හරහා ඒමට එරෙහිව ගත හැකි හොද ම ආරක‍ෂක විධි විධානය ලෙස මා දකින්නේ අධ්‍යාපනයයි. මේ රටේ ප්‍රධානතම ප්‍රමුඛතාවයක් විය යුත්තේ ඉදිරි සියවසට ගැලපෙන හා විශ්ව ගම්මානයේ අභියෝගවලට මුහුණදිය හැකි ආකාරයේ ජනතාවක් බිහි කරන අධ්‍යාපන රටාවක් ගොඩ නැගීමයි.

සිවුමංසල කොලූගැටයා #41: ඉන්ටර්නෙට්වලට කවුද බය?

This is the Sinhala text of my weekly column in Ravaya newspaper of 20 Nov 2011. This week, I continue our discussion on Internet freedom: what can – and must – be regulated online, and how regulation is fundamentally different from control and censorship. I insist that conceptual clarity is as important as technical understanding of how the Internet works.

Similar grounds was covered in two blog posts:
April 2007: Press Freedom in the Digital Age – Seeing beyond our noses and tummies
May 2008: Who is afraid of Citizen Journalists? Thoughts on World Press Freedom Day

The web is (largely) free for now...but for how long? Assorted babus are out to cage it!

දස වසරක් කියන්නේ මානව ඉතිහාසයට කෙටි කාල පරාසයක්. එහෙත් මානවයකුගේ ජීවිතයේ සැළකිය යුතු කාල වකවානුවක්. නව සන්නිවේදන තාක‍ෂණයන් පැත්තෙන් බැලූවොත් දිගු කාලයක්. ඉන්ටර්නෙට් මාධ්‍යයේ එක් වසරක් තුළ සාමාන්‍ය ලෝකයේ වසර ගණනාවක තරම් පරිනාමයක් සිදු වනවා. මේ පරිනාමීය සීඝ්‍රතාව හා එයින් මාධ්‍ය ලෝකයට හා සමස්ත ජන සමාජයට ඇති වන බලපෑම් ගැන අවධියෙන් සිටීම වැදගත්.

දස වසකට පෙරල 2001 ලෝක මාධ්‍ය නිදහස් සමරු දිනය (මැයි 3) සමරන්නට කර්තෘ මණ්ඩල සංසදය හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන ගණනාවක් එක්ව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වූ රැස්වීමේ කථීකයකු ලෙස මටත් ඇරැයුම් කළා. සංවිධායකයන් මගෙන් ඉල්ලා සිටියේ නව සන්නිවේදන තාක‍ෂණයන් මාධ්‍ය නිදහසට දායක වන සැටි ගැන කථා කරන්නයි.

එවකට ජංගම දුරකථන භාවිතය ඇරඹී වසර 12ක් හා වාණිජ මට්ටමෙන් ඉන්ටර්නෙට් ලංකාවට හදුන්වා දී වසර 6ක් ගත වී තිබුණා. නමුත් ජංගම දුරකථනවල වටිනාකම හදුනා ගත්ත ද මාධ්‍ය ආයතන ඉන්ටර්නෙට් ගැන හරිහැටි අවබෝධයක් ලබා තිබුණේ නැහැ. ගෝලීය ප්‍රවණතා හා ආසියා කලාපීය අත්දැකීම් හුවා දක්වමින් මා තර්ක කළේ එළඹෙන වසරවල මාධ්‍ය නිදහසට හා තොරතුරු ගලනයට විප්ලවීය දායකත්වයක් ඉන්ටර්නෙට් හරහා ලැඛෙන බවයි. ඉන්ටර්නෙට් ප්‍රගමනය මාධ්‍යවේදීන්ට ප්‍රයෝජනවත් වන අතර එයින් නව අභියෝග ද මතු කරන සැටි මා පෙන්වා දුන්නා.

මගේ කරුණු දැක්වීම මෙරට මාධ්‍යවේදීන්ට අදාල නොවන ‘බටහිර’ සංකල්පයක් බවට ප්‍රබල තර්කයක් සභාවෙන් මතුව ආවා. මාධ්‍යවේදීන් හා කතුවරුන් බහුතරයක් නිහඩව සිටිද්දී සුළුතරයක් පුන පුනා කියා සිටියේ රජය හා මාධ්‍ය හිමිකරුවන්ගෙන් විවිධාකාර හිරිහැර විදින අපේ මාධ්‍යවේදීන්ට ‘ඔය ඉන්ටර්නෙට් විලාසිතාවලට කාලයක් නැති’ බවයි. එක් පසෙකින් මරණීය තර්ජනවලට මුහුණ දෙමින්, තවත් පසෙකින් අඩු වැටුප් හා අවම පහසුකම් යටතේ වැඩ කරමින් සිටින බහුතරයක් මාධ්‍යවේදීන්ට ඉන්ටර්නෙට් ගැන කථා කිරීම ම ඔවුන්ට අවමන් කිරීමක් බවට එක් තරුණ මාධ්‍ය සගයෙක් කියා සිටියා!

ඔවුන්ගේ සංදේහවාදය (scepticism) අගය කරමින් මා ඉල්ලා සිටියේ මාධ්‍ය නිදහස සදහා අරගල කරද්දී අද ගැන පමණක් නොව හෙට ගැන ද අවධානය යොමු කරන ලෙසයි. ඉන්ටර්නෙට් පෙරටු කරගත් නව සන්නිවේදන තාක‍ෂණයන්ගේ සිඝ්‍ර ව්‍යාප්තිය සමග සාම්ප්‍රදායිකව තොරතුරු ගලනය පාලනය කරන්නට රාජ්‍යයන්, සමාගම් හා වෙනත් බලාධිකාරයන් යොදා ගත් උපක්‍රම තව දුරටත් සාර්ථක නොවනු ඇතැයි මා අනාවැකි පළ කළා. එහෙත් ඒ තොරතුරු ප්‍රවාහය උත්සන්න වීමත් සමග තොරතුරු ජනනය හා ගලනය කරවන මාධ්‍යවේදීන් හා අනෙකුත් විද්වතුන්ට අළුත් වගකීම් සමුදායක් බිහි වන බවත්, තොරතුරු ප්‍රවාහයට වේලි බැදීමේ නව උපක්‍රම බලාධිකාරීන් සොයා ගනු ඇති බවත් මා තව දුරටත් කියා සිටියා.

එදා ආවේගශීලීව මා සමග තර්ක කළ තරුණ මාධ්‍යවේදීන් වසර පහක් යන්නට පෙර තමන්ගේ ම ප්‍රවෘත්ති හෝ මතවාදී වෙබ් අඩවි ඇරඹීම දෙස මා බලා සිටියේ උපේක‍ෂා සහගතවයි. එමෙන් ම දස වසක ඇවෑමෙන් ඉන්ටර්නෙට්, මාධ්‍ය නිදහස හා මාධ්‍ය සදාචාරය ගැන මා එදා කී ලෙසින් ම සංවාදයක් ඇති වී තිඛෙන ආකාරය මා දකින්නේ ද මහත් ඕනෑකමින්.

සරසවි ඇදුරන්ට සීමා වූ ඉන්ටර්නෙට් භාවිතයක් 1990 සිට මෙරට ක්‍රියාත්මක වූවත් වාණිජ මට්ටමෙන් ඕනෑ ම කෙනකුට මුදල් ගෙවා ලබාගත හැකි ඉන්ටර්නෙට් සේවා ඇරඹුණේ 1995 අප්‍රේල් මාසයේ. 1995 සැප්තැම්බර්යේ ලේක්හවුස් ඉංග්‍රීසි පුවත්පත්වල වෙබ් අඩවි ඇරඹීමත් සමග මෙරට මාධ්‍ය ටිකෙන් ටික ඉන්ටර්නෙට් වෙත ප්‍රවේශ වුණා.

මේ වන විට මෙරට ජනගහනයෙන් අඩු තරමින් සියයට 10ක් (ලක‍ෂ 20 ක් දෙනා) නිතිපතා ඉන්ටර්නෙට් පරිශීලනය කරනවා. (ඉන්ටර්නෙට් ගිණුම් සංඛ්‍යාව මීට අඩුයි. ඇතැම් දෙනා හවුලේ භාවිත කරන ගිණුම් රැසක් තිඛෙනවා.) සෘජුව භාවිත කරන ජන සංඛ්‍යාවට අමතරව එම මාධ්‍යයේ බලපෑම වක්‍රව ලබන තවත් ජන පිරිසක් ද සිටිනවා.

අද වන විට ඉතා විශාල තොරතුරු සමුදායක් නිතිපතා ඉන්ටර්නෙට් හරහා හුවමාරු වනවා. එය විවිධ මට්ටම්වල සිදු වනවා. පුද්ගලයන් හෝ ආයතන අතර පෞද්ගලිකව සිදුවන හුවමාරු තිඛෙනවා. (email, Skype, Facebook කථා බහ ආදිය). මේවා සෙසු අයට විවෘත නැහැ. ඇතැම් වෙබ් අඩවි ද මුරපදයක් (password) යොදා අවසර ගෙන ඇතුල් විය යුතු ආකාරයේ ඒවායි. සමහර මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි මේ ගණයට අයිතියි.

එසේ නොමැතිව ඕනෑ ම කෙනෙකුට නොමිළයේ පිවිසීමට හැකි වෙබ් අඩවි අති විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. ඒවා තුළ ප්‍රවෘත්ති, මතවාද, ඡායාරූප, කාටුන් රේඩියෝ හා ටෙලිවිෂන් වැඩසටහන් මෙන්ම අධ්‍යාපනික හා වෙනත් විශේෂිත අන්තර්ගතයන් තිඛෙනවා. අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන වෙබ් අඩවි, මිනිසුන් මුලා කරමින් මුදල් වංචා කරන්නට තැත් කරන වෙබ් අඩවි මෙන්ම අසභ්‍ය පින්තූර හා විඩියෝ ඇතුළත් අඩවි ද තිඛෙනවා.

බලා ගෙන ගියා ම මුද්‍රිත මාධ්‍යයේත් අඩු වැඩි පමණට මේ විවිධත්වය හමු වනවා. එහෙත් එක් ප්‍රධාන වෙනසක් වන්නේ මුද්‍රිත මාධ්‍ය සංසරණයට තැපෑල හෝ පත්තර ලෑලි හෝ පොත් සාප්පු හෝ අවශ්‍ය වූවත් ඉන්ටර්නෙට් හරහා මේ අන්තර්ගතයන් පරිශීලනයට අවශ්‍ය වන්නේ පරිගණකයක් හෝ ඉහළ මට්ටමේ ජංගම දුරකථනයක් හා ඉන්ටර්නෙට් පහසුකම පමණයි. එ නිසා නිවසේ, කාර්යාලයේ මෙන් ම මහමගදී වූවත් එයට බද්ධ විය හැකියි.

අතට හසු නොවන, මනසට පවා නුහුරු මේ අළුත් ‘සෙල්ලම’ ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමගයි. අළුත් දෙයකට හුරු වන්නට කල් ගත වීම ස්වාභාවික වූවත්, දිගින් දිගට ම නව මාධ්‍යයක් දෙස වපර ඇසින් බැලීම හොද ද?

වත්මන් ආන්දෝලනයට හේතු වී ඇත්තේ සුළුතරයක් වෙබ් අඩවි විසින් ප්‍රවෘත්ති වාර්තාකරණයට හා කාලීන සිදුවීම් විග්‍රහයන්ට යොමු වීමයි. මේ ප්‍රවණතාව රජයට පමණක් නොව සාම්ප්‍රදායික ජන මාධ්‍යවලටත් ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙනවා.

ලොව පුරා ම ඉන්ටර්නෙට් හරහා පමණක් ප්‍රවෘත්ති ඛෙදා හරින හා අදහස් ප්‍රකාශනයේ යෙදෙන වෙබ් අඩවි ගණන වැඩි වෙමින් තිඛෙනවා. මේවා ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත්වල වෙබ් අඩවිවලට වඩා ආකෘතියෙන් හා ස්වභාවයෙන් වෙනස්. යම් තරමකට මේවා සම කළ හැක්කේ පැය 24 පුරා ම පුවත් ආවරණයේ යෙදෙන, චන්ද්‍රිකා හරහා විකාශය කැරෙන ටෙලිවිෂන් නාලිකාවලටයි (උදා. CNN). දේශ සීමා හා රාජ්‍ය නීතිරීතිවලට නතු නොවී වාර්තාකරණයේ යෙදීමේ හැකියාව මේ දෙවර්ගයට ම තිඛෙනවා. අසාධාරණ මාධ්‍ය මර්දනය හෝ නිල පුවත් පාලනයක් හෝ පවතින රටවල (උදා. බුරුමය) සැබෑ තොරතුරු එරට වැසියන් දැන ගන්නෙත්, පිටස්තර ලෝකයට යන්නේත් මෙබදු සේවා හරහායි.

ඉන්ටර්නෙට් යනු මුළුමනින් පාලනය (control) කළ හැකි මාධ්‍යයක් නොවේ. අපේ රට තුළ වෙබ් අඩවි තහනම් කිරීම ගැන විටින් විට සංවාදයන් මතු වනවා. වෙබ් අඩවියක් තහනම් කිරීම යනුවෙන් මෙරට අදහස් වන්නේ රට තුළ ඉන්ටර්නෙට් සබදතා හරහා යම් වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කිරීම (blocking) පමණයි. ඒ වෙබ් අඩවි සෙසු ලෝකයට ම බලා ගත හැකියි. එසේම චරදංහ නම් වට රවුම් තාක‍ෂණික ක්‍රමයක් හරහා අවහිර කළ වෙබ් අඩවි මෙරට සිට බලා ගන්නටත් හැකියි. මෙරට හිතුමතයට, හිතෙන වෙලාවට වෙබ් අඩවි අවහිර කරන්නට බලධාරීන් කි්‍රයා කළත් පරිනත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති රටවල එසේ කළ හැක්කේ අධිකරණ නියෝග මත පමණයි. එහිදී නිශ්චිත අපහාසයක් හෝ අගතියක් හෝ සිදු වන බවට අධිකරණයට ඒත්තු ගිය යුතුයි.

පුවත් වාර්තාකරණයේ යෙදෙන ඉන්ටර්නෙට් වෙබ් අඩවිවල හිමිකරුවන් හා සංස්කාරකයන් සොයා ගත නොහැකි යයි කීම මුළුමනින් ම සත්‍ය නැහැ. ඉන්ටර්නෙට් අක්මුල් ආපසු සොයා ගෙන යා හැකි තාක‍ෂණයක්. අවශ්‍ය තාක‍ෂණික දැනුම, ශිල්ප ඥානය හා අධිකරණ නියෝගයක් තිබේ නම් අනන්‍යතාවය හෙළි නොකර ප්‍රකාශනයේ යෙදෙන වෙබ් අඩවියක පසුබිම අනාවරණය කර ගත හැකියි. එහෙත් එය ලෙහෙසි නැහැ. එමෙන් ම ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. බොහෝ වෙබ් අඩවි යොදා ගන්නා වෙබ් ඉඩකඩ (servers) ඇත්තේ බටහිර රටවල හෝ සිංගප්පූරුව වැනි ස්ථානවලයි. (මෙයට වෙළදපොල හේතු තිඛෙනවා)

ලංකාවේ ඉන්ටර්නෙට් ආගමනය වූ දා පටන් ඒ ගැන අධ්‍යයනය කරන මා මිත්‍ර චානුක වත්තේගම කියන්නේ රුසියාව වැනි රටවල් එබදු සහයෝගය නොදෙන නිසා එබදු රටක වෙබ් අඩවියක් මුල්ගත (host) කළොත් එහි හිමිකරුවන් හදුනාගැනීම දුෂ්කර වන බවයි.

චානුක අවධාරණය කරන පරිදි, මුද්‍රිත මාධ්‍ය (පුවත්පත්, සගරා) හා විද්යුත් මාධ්‍ය (රේඩියෝ, ටෙලිවිෂන්) සම්බන්ධයෙන් අදාල භෞතික තත්ත්වයන් හා නියාමන/පාලන හැකියාවන් ඉන්ටර්නෙට් මාධ්‍යයට ඍජුව අදාල නොවන බව තේරුම් ගැනීම ඉතා වැදගත්. එය මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය මෙන් භෞතික ලෝකයේ සංසරනය වන මාධ්‍යයක් නොවෙයිග පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන් මානසිකත්වයේ හැදී වැඩුණු අප බොහෝ දෙනකුට ඉන්ටර්නෙට් සංකල්පමය අභියෝගයක් එල්ල කරනවා.

ඉන්ටර්නෙට් මුල පටන් ම සැළසුම් කොට නිර්මාණය කර ඇත්තේ කිසිදු තනි බලාධිකාරියකට (රාජ්‍ය, හමුදා හෝ සමාගම්) නතු කර ගෙන පාලනය කළ නොහැකි ලෙසටයි. ඉන්ටර්නෙට් බිහි කිරීමට තාක‍ෂණික දැනුම හා මූල්‍යමය සම්පත් ලබා දුන් අමෙරිකානු රජයට වුවත් ඉන්ටර්නෙට් හසුරුවන්නට බැහැ. විකිලීක්ස් වෙබ් අඩවිය හරහා අමෙරිකානු රාජ්‍ය තාන්ති්‍රක රහස් හෙළදරවු වීම නතර කරන්නට ඔවුන්ට මහත් ඕනෑකමක් තිබුණත් එයට තාක‍ෂණික හැකියාවක් තිබුණේ නැහැ. තනි රජයකට නොව ලෝකයේ රාජ්‍යන්ගේ සාමුහිකය වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා ඉන්ටර්නෙට් පාලනය පිළිබද අවසන් බලතල නැහැ.

නමුත් මෙයින් අදහස් කරන්නේ ඉන්ටර්නෙට් ඇති සයිබර් අවකාශය අරාජික, අනාරක‍ෂිත හා අන්තරාදායක පරිසරයක් යන්න නොවෙයි. ඉන්ටර්නෙට් හරහා ඩිජිටල් (අංකිත) ස්වරූපයෙන් තොරතුරු ගලා යාමට ලොව පුරා ක්‍රියාත්මක වන පරිගණක විද්‍යාත්මක ප්‍රමිතීන් හා එකගතාවයන් තිඛෙනවා. ඒවා ස්වයං නියාමනය කැරෙන ක්‍රමවේදයන් ද පසුගිය වසර 25 තුළ බිහි වී තිඛෙනවා.

සරල උදාහරණයකට රාවය වෙබ් අඩවියේ www.ravaya.lk ලිපිනය බලන්න. මේ ලිපිනය (URL) රාවය වෙඩ් අඩවියට සුවිශේෂීයි. එය ලබාගෙන ඇත්තේ .lk මගින් අවසන් වන සියළු වෙබ් ලිපිනයන් අනුමත කිරීමේ බලය ලත් LK Domain Name Registry (www.nic.lk) නම් ආයතනයෙන්. එය මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව ක්‍රියාත්මක වෙතත් එහි බල මූලය වන්නේ ICANN (www.icann.org) නමැති ලෝකයේ ම වෙබ් නාමකරණය නියාමනය කරන සංවිධානයයි. ඔබ .lk නොකැමති නම් .com හා .org වැනි ලිපිනයන් භාවිත කළ හැකියි. ඒවා නිකුත් කිරීමේ වරම ඇති සමාගම් විශාල සංඛ්‍යාවක් තිඛෙනවා. එහෙත් ඒ සියල්ල අන්තිමේදී සම්බන්ධ වන පොදු ICANN ප්‍රමිති හා රීති මාලාවක් තිඛෙනවා. මේ රාමුවට පිටින් යන හිතුවක්කාර කිසිවකුට ඉන්ටර්නෙට් හරහා තොරතුරු දෙන්න හෝ ලබන්න හෝ නොහැකියි. නමුත් මේ නියාමනය සිදු වන්නේ ඉන්ටර්නෙට් යටිතල පහසුකම්වලට (internet infrastructure) අදාල ව මිස ඒ හරහා ගලා යන තොරතුරු සම්බන්ධයෙන් නොවෙයි.

අප කැමති වූවත් නැතත් නව සන්නිවේදන තාක‍ෂණයන් හා මාධ්‍යයන් ලෝකයේ පරිනාමය වනවා. ඒවා අභිමුඛව අපට තෝරා ගත හැකි ප්‍රතිචාර දෙකක් තිඛෙනවා. එකක් නම් ‘ඕවා අපට එපා’ කියමින් අපේ රටට එම තාක‍ෂණය/මාධ්‍යය පිවිසීම නතර කිරීමයි. (1968දී ජර්මනියෙන් ත්‍යාග කරන්නට ගිය ටෙලිවිෂන් විකාශ පහසුකම් එවකට පැවති රජය ප්‍රතික්ශෙප කළේ ඇතැම් පණ්ඩිතයන්ගේ අවවාද නිසයි.) දෙවැනි විකල්පය නම් අවධි වූ සිහියෙන් යුතුවල නිසි නියාමනයක් (regulation) සහිතව නව සන්නිවේදන තාක‍ෂණයන් මෙරට ස්ථාපිත වන්නට ඉඩ දීමයි.

ළිං මැඩියන් බදු ජාතියක් බිහි නොකර, ලෝකයත් සමග ගනුදෙනු කරන තත්ත්වයකට යන්නට නම් දෙවැනි විකල්පය තෝරා ගත යුතුයි. එහිදී ප්‍රශස්ත ප්‍රතිපත්ති රාමුවක් හා නියාමන ක්‍රමවේදයක් අවශ්‍ය වනවා. එය හරි හැටි තෝරා බේරා නොගැනීම නිසයි අද දක්වා ම ඉන්ටර්නෙට් ගැන මේ තරම් බයක් සැකක් පවතින්නේ.

සිවුමංසල කොලූගැටයා #36: ස්ටීව් ජොබ්ස් – අසම්මතය සුන්දර කළ ‘විකාරකාරයා’

We might admire – even revere – genius mavericks like Steve Jobs from afar, but few Asians have any idea where mavericks come from, or how best to deal with them. Our conformist and hierarchical societies don’t nurture mavericks. Our cultures tend to suppress odd-balls and iconoclasts. That’s probably why we don’t have enough of our own Steve Jobses.

This is the crux of my argument in my latest Sinhala column published in Ravaya newspaper on 16 Oct 2011. For a longer discussion of the same topic, see my English essay Goodbye, Steve Jobs; Long Live Mavericks!

පසුගිය වසර 35ක කාලය තුළ ඇපල් පරිගණක හා විද්යුත් උපකරණ නූතන තොරතුරු සමාජයේ ප්‍රගමනයේ පෙරගමන්කරුවන් ලෙස ක්‍රියා කළ බව ලෝකය ම පිළිගන්නවා. මේ නව ලොව තනන්නට මහත් සේ දායක වුණු ඇපල් සමාරම්භක ස්ටීවන් පෝල් ජොබ්ස් හෙවත් ස්ටීව් ජොබ්ස් (Steve Jobs) 2011 ඔක්තෝබර් 5 වනදා මිය ගිය විට ලෝකය ම කම්පාවට පත්වුණා. පිලිකාවක් සමග වසර ගණනක් පොර බැදීමෙන් ඔහු අන්තිමට පරාජය වන විට වයස අවුරුදු 56යි.

සරසවි ඉගෙනුම වෙනුවට තමන්ගේ ම නිර්මාණශීලී අදහස් ඔස්සේ දැඩි අධිෂ්ඨානයෙන් ඉදිරියට ගිය ස්ටීව් ජොබ්ස්, තොරතුරු තාක‍ෂණය, පාරිභෝගික විද්‍යුත් උපකරණ හා ජනප්‍රිය සංස්කෘතිය යන ෙක‍ෂත්‍ර තුනෙහි ම දැවැන්තයකු වූ බව ඔහුගේ ව්‍යාපාරික තර`ගකරුවන් පවා එක හෙළා පිළිගත්තා. අසම්මතය, පරිකල්පනය හා සුන්දරත්වය කැටි කළ ස්ටී්ව් ජොබ්ස් කථාවේ එක් පැතිකඩක් ගැන අපි අද කථා කරමු. එහි යටි අරමුණ අපේ රටවලත් ස්ටීව් ජොබ්ස්ලා බිහි විය හැකිද යන්න විග්‍රහ කිරීමයි.

1997දී ඇපල් සමාගම අපූරු ප්‍රචාරණ ව්‍යාපාරයක් හදුන්වා දුන්නා. තමන් තවත් එක් පරිගණක නිෂ්පාදන සමාගමක් නොවන බව හුවා දැක්වීම ඉලක්ක කර ගත් ඒ දැන්වීම් පෙළේ මුඛ්‍ය තේමාව වූයේ වෙනස් විධියට සිතන්න (Think Different) යන්නයි. එහි වඩාත් ම සිත් ඇද ගන්නා අංගය වූයේ තත්පර 30 හා 60 යන ධාවන කාලයන්ට නිර්මාණය වූ ටෙලිවිෂන් දැන්වීමක්. ඉතිහාසය පුරා විවිධ ෙක‍ෂත්‍රයන්ගේ විපර්යාස ඇති කරන්නට දායක වුණු චරිත 17ක රූප ඉතා ඉක්මනින් තිරයේ දිස් වුණා. තනිකර කළු-සුදු වර්ණයෙන් නිර්මිත එයට මහත්මා ගාන්ධි, ඇල්බට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන් හා අමීලියා ඉයර්හාට් වැනි චරිත මෙන් ම බීට්ල්ස් ගායක ජෝන් ලෙනන්, පබ්ලෝ පිකාසෝ හා මොහමඩ් අලි වැනි විවිධ ෙක‍ෂත්‍රවල දැවැන්තයන් ද ඇතුළත් වුණා. මේ හැම දෙනා ම සම්මතයට එරෙහිව ගිය නිදහස් මතධාරීන් හෙවත් මැව්රික්ස් (mavericks) හැටියට පිළි ගැනෙනවා.

ඒ දැන්වීමේ කථනය සාරාංශයක් ලෙස කිවහොත්: ‍”මෙන්න විකාරකාරයෝ. විප්ලවවාදියෝ. කරදරකාරයෝ. හැම දෙයක් ම වෙනස් විධියට දකින මේ අය පිස්සන් කියා බොහෝ දෙනකු සිතුවා. එහෙත් අප ඔවුන් දකින්නේ මහ මොළකාරයන් හැටියටයි. ඉතිහාසය පුරා ම අපේ ලෝකය වෙනස් කළේ මෙවැනි අසම්මත විකාරකාරයන් තමයි.” ඒ දැන්වීම YouTube හරහා නරඹන්න: http://tiny.cc/ThinkD

ඒ දැන්වීමේ කිසි තැනෙක පරිගණකයක් දිස් වූයේ නැහැ. එහි අරමුණ වූයේ සංකල්පමය වශයෙන් ඇපල් සමාගම අනෙකුත් සියළු පරිගණක හා තොරතුරු තාක‍ෂණ සමාගම්වලට වඩා වෙනස් බව කියා පෑම පමණයි. එය ප්‍රචාරය වීම අරඹන කාලයේ ඇපල් සමාගමට තිබූ වෙළදපොල ඉතා සීමිතයි. එවකට අලෙවියෙන් හා ලාබයෙන් කුඩා වූවත් මේ අසම්මත සමාගම විකාරකාරයන්ගේ මගෙහි යන පෙරළිකාරයෙක් වීමේ පෙරනිමිති පළ කළා.
1997 දී ලෝකයට දුන් ඒ ප්‍රතිඥාව දශකයක් ඇතුළත ඉතා මැනවින් ක්‍රියාවට නැංවීමට ස්ටීව් ජොබ්ස් දිවා රෑ වෙහෙසී වැඩ කළා. iMac පරිගණකය (1998), iPod ජංගම සංගීත/මාධ්‍ය උපකරණය (2001), iTunes නම් වූ සයිබර් අවකාශයේ මහා සල්පිල (2003) iPhone ජංගම දුරකථනය (2007) හා iPad ජංගම ටැබ්ලටය (2010) ඔහු ආ අසම්මත මගෙහි අමතක නොවන පියසටහන්. කලක් සාපේක‍ෂව කුඩා පරිගණක හා විද්්‍යුත් උපකරණ සමාගමක් හැටියට පැවතුණු ඇපල් සමාගම 2010 වන විට Microsoft, IBM ඇතුළු අනෙකුත් සියළු තාක‍ෂණ සමාගම් අභිබවා ගියා.

ජොබ්ස්ගේ තාක‍ෂණ, සැළසුම් (design) හා අලෙවිකරණ කුසලතා ගැන පසුගිය දිනවල බොහෝ සෙයින් කථාබහ කෙරුණා. ඒ තොරතුරු යළිත් කීම මගේ අරමුණ නොවෙයි. නව නිපැයුම් සදහා පේටන්ට් 338ක් ඔහුට තිබුණා. එහෙත් ඔහුට වඩා පේටන්ට් ලබාගත් තව බොහෝ නිර්මාපකයන් සිටිනවා. (උදාහරණ: තෝමස් අල්වා එඩිසන් 1,093යි. පෝලරොයිඩ් කැමරාව තැනූ එඩ්වින් ලෑන්ඩ් 525යි.) කුඩා පරිමාණයේ නව නිපැයුම් විශාල ගණනක් බිහිකරනවා වෙනුවට ජොබ්ස් වැඩි අවධානය යොමු කළේ සමස්ත කර්මාන්තයක් හෝ ෙක‍ෂ්ත්‍රයක් ම විප්ලවයකට ලක් කරන ආකාරයේ වැඩ කරන්නයි. පුද්ගල පරිගණකය, ජංගම සංගීත/මාධ්‍ය උපකරණය, ජංගම දුරකථනය වැනි කිසිවක් මුල්වරට නිපදවූයේ ස්ටීව් ජොබ්ස් නොවේ. එහෙත් ඔහු කළේ පවත්නා තාක‍ෂණය උඩුකුරු වන මට්ටමේ ප්‍රබල දියුණු කිරීම් ඇති කිරීමයි. මේ සුවිශේෂී ගුණය නිසා ඔහු අපේ කාලයේ සිටි දක‍ෂතම තාක‍ෂණික ප්‍රතිනිර්මාපකයා (technology’s great re-inventor) හැටියට ටයිම් සගරාව හදුන්වා දෙනවා. එය ජොබ්ස්ගේ අසම්මත කථාව ගැන කළ හැකි හොද සම්පිණ්ඩනයක්.

බොහෝ නිපැයුම්කරුවන්ගේ කුසලතාවය හා දැක්ම පටු පරාසයකට සීමා වන නමුත් ජොබ්ස් පුළුල් දැක්මකින් යුක්තව ක්‍රමීය වෙනස්කම්වලට (systemic changes) යොමු වූ කෙනෙක්. එබදු වෙනස්කම් සදහා තාක‍ෂණය, සෞන්දර්යාත්මක සැළසුම (aesthetic design) අලෙවිකරණය (marketing) හා හොද සන්නිවේදනය යන සතරවිධ හැකියාවන් ඔහුට නොඅඩුව තිබුණා.

ස්ටීව් ජොබ්ස් තුළ මේ සංකල්ප බිහි වූයේ කෙලෙස ද? අමෙරිකාවේ වඩාත් ලිහිල් සමාජ පසුබිමක් පවතින බටහිර වෙරළේ කැලිෆෝනියාවේ ඉපදි හැදී වැඩීම ද? සහජ හැකියාවන් තියුණු කර ගනිමින් වෙහෙස මහන්සි වී වැඩ කිරීම තුළින් ඕනෑ ම කෙනකුට හිස එසවීමට ඉඩක් තිඛෙන සමානාත්මක :ැට්කසඒරස්බ- අමෙරිකානු සමාජ ක්‍රමය ද? 1960-70 දශකයන්වල බටහිර රටවල තරුණ තරුණියන් බොහෝ දෙනාට බලපෑමක් ඇති කළ හිපි සංස්කෘතිය ද? (තරුණ වියේ ඉන්දියාවට පැමිණ ආශ්‍රමයන්හි කල් ගත කළ ඔහු පෙරදිග දර්ශනයන් — විශේෂයෙන්ම ටිඛෙට් හා ජපන් සම්ප්‍රදායයන් — ගැන උනන්දු වූවා.) එසේ නැතිනම් මේ සියළු සාධකයන් මිශ්‍ර වීමේ අවසාන ප්‍රතිඵලය ද?

මේ ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු දෙන්න අමාරුයි. නිර්මාණශීලිබව (creativity) පැන නගින්නේ මිනිස් මනසේ කොතැනින් ද, එයට රුකුල් දෙන අධ්‍යාපනික, සමාජයීය හා සාංස්කෘතික බලපෑම් මොනවා ද යන්න මානව විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන් මහත් ඕනෑකමින් අධ්‍යයනය කරනවා. එවන් පර්යේෂකයන්ට ස්ටීව් ජොබ්ස් චරිතය ඉතා ප්‍රයෝජනවත්.

ඔහුගේ අසම්මත ජීවන කථාව ආසියාවේ අපට වැදගත් වන තව හේතුවක් තිඛෙනවා. ජන සමාජයන් සමස්තයක් වශයෙන් ගෙන සසදන විට ගණිතය, ඉංජිනේරු විද්‍යාව හා තාක‍ෂණයට සම්බන්ධ කි්‍රයාවලදී ආසියානුවන් ලෝකයේ වෙනත් බොහෝ ජාතීන්ට වඩා ඉදිරියෙන් සිටිනවා. 1950-2010 කාලය තුළ ලෝකයේ වැඩි ම ආර්ථීක වර්ධන වේගය පවත්වා ගන්නට ආසියානු කලාපයට හැකි වූයේ තාක‍ෂණ ෙක‍ෂත්‍රයන්හි නව නිපැයුම්, ආයෝජන හා හපන්කම් නිසායි. ජපානය, චීනය, කොරියාව හා ඉන්දියාව වැනි රටවල් අද විද්‍යාව හා තාක‍ෂණය අතින් ලෝකයේ පෙරමුණ ගෙන සිටිනවා. පර්යේෂණ නිබන්ධන, පේටන්ට් බලපත්‍ර ආදී නිර්නායක හරහා මේ ප්‍රවණතා මැනිය හැකියි.

එසේ වූවත් තාක‍ෂණ ෙක‍ෂත්‍රයේ ආසියානුවන්ගේ හපන්කම් බහුතරයක් සාමූහික ප්‍රයත්නයන්. අද ලොව සංකීර්ණ අවශ්‍යතාවලට නිපැයුම්කරුවන්ට තනිව ම මුහුණදීම අපහසු බව ඇත්ත. එහෙත් ලොව ජය ගත් පාරිභෝගික තාක‍ෂණයන් විශාල සංඛ්‍යාවකට මුල් වූ ජපානයේ Sony කොරියාවේ Samsung වැනි සමාගම් අප හදුනන්නේ වෙළද නාමයෙන් (brands) පමණයි. නිපැයුම්කරුවන්ගේ නමක් අප දන්නේ නැහැ. මේ රටවල සංචාරය කරන විට මට පෙනී ගිය දෙයක් නම් ඒ රටවල සාමාන්‍ය ජනයා පවා සිය නිපැයුම්කරුවන් ගැන දන්නේ ඉතා අඩුවෙන් බවයි. මෙයට හේතුව තොරතුරු ගලනයේ දුර්වලතා ද? නැතිනම් බටහිර රටවල තරම් තනි පුද්ගල මට්ටමේ නව නිපැයුම්කරුවන් ආසියාවේ මතු නොවීම ද?

මෙය මතු පිටින් විග්‍රහ කොට නිගමනවලට එළඹිය හැකි සරල ප්‍රශ්නයක් නොවේ. එහෙත් පෙරදිග අපේ රටවල අසම්මත මගක යන නිදහස් මතධාරීන්ට එරෙහි වන සමාජයීය හා සාංස්කෘතික සාධක තිඛෙන බව පිළි ගත යුතුයි. (මෙහිදී මා කථා කරන්නේ පොදුවේ ආසියානු ජන සමාජයන් ගැනයි.) ආසියාවේ බොහෝ සමාජයන්ගේ දරදඩු සමාජ මට්ටම් හා ධූරානුක්‍රම (hierarchies) තිඛෙනවා. ඒවා වත්කම, උගත්කම ආදී සාධකවලින් තවත් තීව්‍ර වනවා. සමාජ පසුබිමින් එක හා සමාන අය අතර වයස්ගත වූවන්ගේ මතයට වැඩි පිළිගැනීමක් ලැඛෙනවා. ගුරුකුල බිහි වීමේ අන්තරායක් තිඛෙනවා.

මේ සියල්ල නිසා අමුතු විදියට සිතන, සම්මතයට අභියෝග කරන නිදහස් මතධාරීන්ට ආසියානු සමාජවල ඇති අවකාශය ඉතා අඩුයි. හැම කෙනෙකු ම එක හා සමාන රේඛීය ජීවන මගක ගමන් ගත යුතු බවත්, එසේ නොගොස් ‘අයාලේ යන’ අය පිස්සන්, විකාරකාරයන් හෝ සමාජ විරෝධීන් වන බවත් මුල් බැස ගත් මතයක්. මෙබදු වාතාවරණයක අළුත් දෙයක් හිතන, කියන හා අත්හදා බලන දරුවන් හා තරුණ තරුණියන් ඔවුන්ගේ පවුල්වලින්, පාසලෙන්, සරසවියෙන් හා ජන සමාජයේ අන් අයගෙන් දැඩි පීඩනයකට ලක් වනවා. මෙය මගේ මතවාදයක් පමණක් නොවෙයි. ඉතා සරල උදාහරණයක් ගත හොත් උපතින් ම වමත්කරුවන් වන අයට ලාංකික සමාජය දක්වන ප්‍රතිචාරය ගැන මදක් සිතන්න!

මේ ගැන ශාස්ත්‍රීයව ගවේෂණය නොකළත්, අදාල අත්දැකීම් රාශියක් සොයා ගැනීමේ අවස්ථාවක් 2009-10 කාලයේ මට ලැබුණා. සියත TV හරහා නව නිපැයුම්කරුවන් හදුන්වා දෙන සතිපතා වැඩසටහන් මාලාවක් මා ඉදිරිපත් කළා. දෙස් විදෙස් සම්මාන ලද නව නිපැයුම්කරුවන් සැළකිය යුතු සංඛ්‍යාවක් සමග මා සම්මුඛ සාකච්ඡා කළා. එහිදී මා නිතර ඇසූ ප්‍රශ්නයක් වූයේ කුඩා කාලයේ අළුත් දෙයක් කරන්නට ලැබුණු උපකාර, උපදෙස් මෙන් ම බාධක මොනවා ද යන්නයි.

නව නිපැයුම්කරුවන්ගෙන් බහුතරයකට තම පවුලෙන්, අසල්වාසීන්ගෙන් බහුතරයකට තම පවුලෙන්, අසල්වාසීන්ගෙන් හෝ පාසලෙන් ලැබී ඇත්තේ දිරිගැන්වීම් නොවෙයි – උදාසීන හෝ අයහපත් ප්‍රතිචාරයක්. අසම්මත දේ කරන්නට ගොස් විභාග අසමත් වී අනාගතය අදුරු කර නොගන්නා ලෙස ඔවුන්ට අවවාද ලැබී තිඛෙනවා. එදිනෙදා ජීවිකාවක් සදහා ශිල්ප ඉගෙනීමෙන් ඔබ්බට ලෝකය වෙනස් කරන්නට සිතීම නිශ්චල ‘දැගලිල්ලක්’ බව වැඩිහිටියන් ඔවුන්ගේ මුහුණට ම කියා තිඛෙනවා.

නිතිපතා එල්ල වන මේ පීඩනය නොතකා ඒකායන අරමුණින් ‘දඩබ්බර’ විදියට ඉදිරියට යන ටික දෙනකු තමයි අවසානයේ නව නිපැයුම් බිහි කරන්නේ. එය ද එක් රැයකින් කළ හැක්කක් නොවෙයි. එහෙත් නොසැළුණු අය අතර තව කී දෙනෙක් තමන්ගේ සිහින අත්හැර දමන්නට ඇත් ද? › ලංකාවේ නව නිපැයුම්කරුවන් අතර කාන්තා නියෝජනය ඉතා අඩු ඇයි?

අපේ නව නිපැයුම්කරුවන් මුහුණ දෙන ආර්ථීක, තාක‍ෂණික බාධකයන් රැසක් ද තිඛෙනවා. ඒවා දැනටමත් හදුනා ගෙන ඇති අතර ඒ බාධක දුරුකිරීමට යම් පියවර ගන්නා බව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වත්මන් ප්‍රධානියා මෑතදී මට කියා සිටියා. එහෙත් තනි රාජ්‍ය ආයතනයකට හෝ අධ්‍යාපන/පුහුණු ආයතනයකට හෝ නව නිපැයුම්කරුවන් බිහි කිරීමට නොහැකියි. එය සමාජ ප්‍රවාහයන් ගණනාවක අවසන් ප්‍රතිඵලයක්.

බොහෝ ආසියානුවන්ට මෙන්ම ලාංකිකයන්ට ද තාක‍ෂණ ෙක‍ෂත්‍රයේ සහජ හැකියාවක් තිඛෙනවා. එහෙත් ඒ විභවය දැගලිල්ලක්, දඩබ්බරකමක් හරහා අළුත් සංකල්පයක් හෝ නිපැයුමක් හෝ බවට පත් වන්නට පියවර ගණනාවක් පසු කළ යුතුයි. ස්ටීව් ජොබ්ස්ලා අපේ රටවල බිහි නොවන්නේ පහසුකම් හා ආයෝජන නැති නිසා පමණක් නොවෙයි. අසම්මතයට සිතන ‘විකාරකාරයන්ට’ අපේ සමාජවල ඉඩක් නොදෙන නිසා යයි මා තර්ක කරනවා. මා එසේ කියන්නේ අසම්මත මගක නිර්මාණශීලීව ගමන් කළ කෙනකු හැටියට මගේ අත්දැකීම් ද පාදක කර ගනිමින්.