සිවුමංසල කොලූගැටයා #85: අපට සිටින්නේ නව නිපැයුම්කරුවන් ද? පේටන්ට්ධාරින් ද?

In this week’s Ravaya column (in Sinhala), published on 30 September 2012, I discuss how to nurture a culture of innovation in Sri Lanka — a topic that I’ve been writing and talking about for over two decades.

On the eve of the first major national exhibition of inventions, I discuss the role of Sri Lanka Inventors’ Commission (SLIC), state agency mandated to promote innovation, and talk to its head, Deepal Sooriyaarachchi.

I revive a question first asked when Apple co-founder Steve Jobs departed one year ago: how do we nurture innovation in our kind of conformist and hierarchical societies don’t give mavericks a fleeting chance. Our cultures instead suppress individualism and iconoclasts. What is to be done?

Sahasak Nimawum: Sri Lanka’s national exhibition of inventions and inventors

ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සංවිධානය කරන ”සහසක් නිමැවුම්” ජාතික ප‍්‍රදර්ශනය සැප්තැම්බර් 30, ඔක්තෝබර් 1 හා 2 දිනවල කොළඹ BMICHහිදී පැවැත් වෙනවා. අපේ නව නිපැයුම්කරුවන්ගේ කුසලතා හා නිර්මාණ රටට කියා පෑම මේ ප‍්‍රදර්ශනයේ අරමුණයි.

නව නිපැයුම්කරුවන්ට අතහිත දීමට 1979දී මේ රාජ්‍ය ආයතනය බිහි කරන ලද්දේ දුරදක්නා දැක්මක් තිබූ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි විසින්. කොමසාරිස්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් සැදුම් ලත් එය දැනට තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වනවා. ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ හා ආචාර්ය රේ විජේවර්ධන වැනි කීර්තිමත් ලාංකික නව නිපැයුම්කරුවන් කලකට පෙර දැරූ කොමසාරිස් තනතුර දැන් හොබ වන්නේ අලෙවිකරණ ක්‍ෂෙත‍්‍රයේ විශේෂඥයකු වන දීපාල් සුරියාරච්චියි. පෞද්ගලික අංශයේ ප‍්‍රධාන විධායක තනතුරු දරා ඇති ඔහු මෙරට නව නිපැයුම්කරුවන්ට වෙළඳපොල ජය ගැනීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් ඇති අයෙක්.

නව නිපැයුම් කොමිසම ගැන කලක් තිස්සේ අවධානයෙන් සිටින මට පෙනෙන්නේ එය පිහිට වූ 1979 අංක 53 දරණ පණතින් ලබා දී ඇති වරම හා බලතල කාලයෙන් කාලයට වෙනස් ලෙසින් ක‍්‍රියාත්මක කොට ඇති බවයි. විටෙක උද්‍යොගිශීලිවත්, තවත් විටෙක නිද්‍රාශීලීවත් සිටි මේ ආයතනය ගැන මෙරට නව නිපැයුම්කරුවන් තුළ එතරම් පැහැදීමක් නැති බව ඔවුන් සමඟ කථාබහ කිරීමෙන් මා දන්නවා.

විද්‍යා ලේඛකයකු ලෙස මාධ්‍ය හරහා නව නිපැයුම් ගැන ලිවීම මා දශක දෙකකට වැඩි කාලයක් කරන දෙයක්. නව නිපැයුම්කරුවන් හා ඔවුන්ගේ නව නිර්මාණ හඳුන්වා දෙන “මාලිමා” නම් ටෙලිවිෂන් වැඩසටහන් මාලාව මේ වසර මුල සිට මා රූපවාහිනී නාලිකාවෙන් ඉදිරිපත් කරනවා. 2009-10 කාලයේ සියත TV නාලිකාවෙන් “නවකම්” නම් වැඩසටහනෙන් ද මා එබන්දක් කළා. මේවා හරහා විවිධ වයස් මට්ටම්වල හා පසුබිම්වලට අයත් නව නිපැයුම්කරුවන් මුණ ගැසීමටත්, තොරතුරු විපරම් කිරීමටත් මට අවස්ථාව ලැබුණා.

පොදුවේ ගත් විට මෙරට නව නිපැයුම්කරුවන් දැඩි උද්‍යොගයෙන්, කැපවීමෙන් හා ඒකායන අරමුණින් ක‍්‍රියා කරන පිරිසක්. සිය පවුලේ, පාසලේ හෝ කාර්යාලයේ දිරි ගැන්වීමක් ලැබුණත් නැතත් ධෛර්යවන්තව සිය ගමන යන්නට සවිය ඔවුන්ට තිබෙනවා. එහෙත් මේ පිරිස තුළ අපේ ජන සමාජයේ ඇති පුද්ගල හා චරිතගතිවල විවිධත්වය එලෙසින් ම හමුවනවා.

ඇතැම් නව නිපැයුම්කරුවන් සංකල්පමය නව්‍යකරණයෙන් නොනැවතී ප‍්‍රායෝගිකව වෙළඳපොළ ජය ගන්නට වෙර දරන අතර තවත් සමහරු පසෙකට වී තමන්ගේ නව අදහස් හා නිපැයුම් රජය නැතිනම් වෙනත් පාර්ශවයක් මැදිහත්ව ප‍්‍රවර්ධනය කරන තුරු බලා සිටිනවා.

නව නිපැයුමක බුද්ධිමය දේපළ තහවුරු කැරෙන පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගැනීම මහත් උත්සාහයෙන් කළ යුතු, කල් ගත වන හා ශ‍්‍රමය වැය වන කටයුත්තක්. එය මා කිසිසේත් අවතක්සේරු කරන්නේ නැහැ. එහෙත් හැම උපාධිලාභියා ම සැබෑ උගතකු නොවන්නා සේ හැම පේටන්ට්ධාරියා ම සැබෑ නිපැයුම්කරුවකු වන්නේත් නැහැ. පේටන්ට් යනු නව නිපැයුමක එක්තරා අදියරක් පමණයි.

දීපාල් කියන්නේ “පේටන්ට් බලපත‍්‍රයක් හරියට ඉඩමක හෝ නිවසක ඔප්පුවක් වගෙයි. හිමිකම තහවුරු කිරිමටත්, යම් ගණුදෙනුවකටත් එය ඕනෑ කරනවා. ඔප්පුවක් මෙන් පේටන්ට් එකක් ද නිර්මාණයක සීමා හා මායිම් හුවා දක්වනවා. එහෙත් එතැනින් ඔබ්බට පේටන්ට් එකක් යනු ලියවිල්ලක් පමණයි. එයින් නිපැයුම්කරුවාට හා සමාජය වැඩක් වන්නේ එම නිර්මාණයෙන් ප‍්‍රයෝජනයක් ගත හැකි ලෙස වෙළඳපොලට ඒමෙන්.”

Deepal Sooriyaarachchi
වෙනත් වචනවලින් කිව හොත් පේටන්ට් එකක් හිස් ඉඩමක් හෝ පාලූ නිවසක් හෝ අයිති කර ගෙන සිටීමට සමානයි. දීපාල් තව දුරටත් පැහැදිලි කරන පරිදි: “බොහෝ දෙනා සිතන්නේ යම් සංකල්පයක් පේටන්ට් කළ පසු එය තව දුරටත් අන් අයට දියුණු කිරීමට ඉඩක් නැත කියායි. එය සැබෑවක් නොවෙයි. එමෙන් ම බුද්ධිමය අයිතිය තහවුරු කළ පසු නිපැයුමක් මුලාදර්ශය (prototype) මට්ටමට ගොඩ නැගිමේදී එම ක්‍ෂෙත‍්‍රයේ මේ දක්වා අන් අය කර ඇති දේ සොයා බැලීමත්, අන් අය පේටන්ට් කොට ඇති අදහස් පාදක කර ගනිමින් වඩාත් ඉදිරියට යාමත් ගත හැකි හොඳම පියවරයි.”

පේටන්ට් එකක් හෝ කිහිපයක් දැඩි ඇල්මෙන් හා ආඩම්බරයෙන් බදා ගෙන, එයින් ඔබබ්ට කිසිදු පියවරක් නොතැබූ හා එසේ නොවීම ගැන රජයට හා සමාජයට දොස් කියමින් සිටින නිපැයුම්කරුවන් ද විටින් විට මට හමු වනවා. මේ අය ගැන අනුකම්පා කරන අතර ඉතිහාසය පුරා ඔවුන් වැනි අය ඕනෑ තරම් සිටි බවත් සිහිපත් කළ යුතුයි.

අමෙරිකාවේ ජේටන්ට් කාර්යාලය 1790 සිට 2008 දක්වා කාලය තුළ පේටන්ට් මිලියන 8කට වඩා නිකුත් කර තිබෙනවා. ගෙවෙන හැම වසරක ම නිසි විමර්ශනවලින් පසු අළුත් පේටන්ට් 150,000ක් පමණ නිකුත් කරනවා. මේවා අතරින් නව භාණ්ඩ හෝ සේවා ලෙස වෙළඳපොලට ළඟා වන්නේ සීමිත සංඛ්‍යාවක් පමණයි.

පේටන්ට් කළ හැම නිපැයුමක් ම වෙළඳපොළට නොඑන්නට හේතු රැසක් තිබෙනවා. දැනට වෙළඳපොළේ හා පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටළුවක් විසඳීම අත්‍යවශ්‍යයි. එමෙන් ම එසේ විසඳන අතර එය භාවිතයට පහසු, සාධාරණ මිළ ඇති, මනා සේ බෙදා හැරෙන හා අලෙවිකරණය කැරෙන භාණ්ඩයක් හෝ සේවාවක් හෝ විය යුතුයි.

”නව්‍යකරණයේ වැදගත් ම ගුණාංගය නම් පාරිභෝගික අවශ්‍යතාවයන් හඳුනා ගෙන නිපැයුම් එ්වාට නිසි පරිදි අනුහුරු (adapt) කිරීමයි,” දීපාල් කියනවා.

පේටන්ට්වලට ඔබ්බෙන් තිබෙන ඊළඟ අභියෝග ජය ගැනීමේදී මෙරට නව නිපැයුම්කරුවන්ට මඟ පෙන්වීම හා ආයෝජකයන් සොයා දීම සඳහා නවනිපැයුම්කරුවන්ගේ කොමිසම ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) හා ශ‍්‍රීජයවර්ධනපුර සරසවියේ පශ්චාත් උපාධි කළමණාකරණ ආයතනය (PIM) සමඟ සහයෝගයෙන් ක‍්‍රියා කරනවා.

දිගු කලක් තිස්සේ නිලධාරිවාදය හා උගත්වාදය කරපින්නා ගත් කොමිසම, මෑතක පටන් නව නිපැයුම්කරුවන් කේන්‍ද්‍ර කොට ගෙන, ඔවුන්ට ගරුසරු ලෙසින් ආමන්ත‍්‍රණය කරමින්, සුහද මට්ටමකින් සිය අරමුණු සාක්‍ෂාත් කර ගන්නට තැත් කරන බව පෙනෙනවා. රාජ්‍ය ආයතනයක මෙවන් ආකල්පමය වෙනසක් කිරීම පහසු නැහැ.

මෙරට නව නිපැයුම් ක්‍ෂෙත‍්‍රයේ නිලධාරිවාදයට එහා යන උගත් අධිපතිවාදයක් ද තිබෙනවා. පොතේ උගතුන් හා සරසවි ඇදුරන් මේ ආයතනවලට පිවිසී තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්නට අහිංසක නව නිපැයුම්කරුවන්ට අසාධාරණ කොන්දේසි පැනවීමේ අවලස්සන සම්ප‍්‍රදායක් තිබෙනවා.

නව නිපැයුම්කරුවන් තම දෙපතුළට කැඳවන, ඔවුන්ගේ නවතම අදහස් විද්වත් ඇගැයීමට යයි කියා ලබා ගෙන තමන්ගේ පර්යේෂණ නිබන්ධනවලට ඒවා රහසේ ම ඇතුලූ කරන ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් ද මෙරට සිටිනවා. කොමිසම ටිකෙන් ටික නිලධාරිවාදය දුරු කරන අතරේ මෙරට උගතුන්ගේ දැඩි අධිපතිවාදයෙන් නව නිපැයුම්කරුවන් රැක ගන්නට ද යම් පියවර ගත යුතුයි.

ශ‍්‍රිමත් ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ මා සේවය කළ දශක දෙක තුළ ඔහු හමු වීමට විවිධාකාරයේ නව නිපැයුම්කරුවන් පැමිණියා. තමා කෙතරම් කාර්ය බහුල වුවත් නව නිපැයුම් හා සංකල්ප රැගෙන එන අයට විශේෂ සැළකිල්ලක් දැක්වීම ඔහුගේ සිරිත වුණා. ඒ බොහෝ අවස්ථාවල සන්නනිවේදනයෙන් හා පසුවිපරම්වලින් මා සම්බන්ධ වුණා.

පෞද්ගලික කාර්යාලයක ඇති සීමා තුළ දිය හැකි උපරිම දිරි ගැන්වීම, දැනුම හා ජාත්‍යන්තර සබඳතා ආදිය ලබා දීමෙන් අනතුරුව නිපැයුම්කරුවන් සමහරකු මොරටුවේ පිහිටුවා තිබෙන, ආතර් සී. ක්ලාක්ගේ නම දී ඇති (එහෙත් ක්ලාක් පරිපාලනයට කිසිසේත් මැදි නොවූ) රාජ්‍ය තාක්‍ෂණ ආයතනයට යොමු කරනු ලැබුවා. එබඳු අවස්ථාවල නව නිපැයුම්කරුවන්ගේ සමාජ තරාතිරම හා අධ්‍යාපන පසුබිම ක්ලාක්ට වැදගත් නොවූවත්, ඒ රාජ්‍ය ආයතනයේ ලොක්කන්ට එය මහ ලොකු සාධකයක් වූ සැටි මට සිහිවන විට තවමත් කම්පනයක් හට ගන්නවා.

ගතානුගතික නිලධාරීන්ට හා උඩඟු උගතුන්ට වඩා වෙනස් ආකල්ප දරණ වත්මන් කොමසාරිස්වරයා, නව නිපැයුම්කරුවන් හරියට කලාකරුවන් වැනි යයි පවසනවා.

”නව නිපැයුම්කරුවන් බහුතරයක් දෙනා තමන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිටින, අමුතු ආකාරයට සිතන අය. එබඳු අය හඳුනාගෙන ඔවුන්ට නිසි ඇගැයීම හා දිරි ගැන්වීම දිය යුතුයි. ජාත්‍යන්තර ක‍්‍රීඩා තරඟාවලදී පදක්කම් දිනා ගෙන මෙරටට පැමිණෙන ක‍්‍රීඩකයන් උත්සවාකාරයෙන් ගුවන් තොටුපලේ පිළිගන්නා ලෙසින් ම නව නිපැයුම් තරඟවලදී සම්මාන දිනා සිය රට එන නිපැයුම්කරුවන්ටත් පිළි ගැනීමක් දිය යුතුයි,” ඔහු කියනවා.

නව නිපැයුම් කරන්නට උසස් අධ්‍යාපනය හා පශ්චාත් උපාධි තිබිය යුතුම ද?

දීපාල් කියන්නේ අසම්මත විදියට සිතීම අධ්‍යාපනය හා සෘජුව සම්බන්ධ නැති බවයි. සමහර නව නිපැයුම්වලට විද්‍යා හා තාක්‍ෂණික දැනුම ප‍්‍රයෝජනවත් වුවත් වැදගත් ම අවශ්‍යතාවය නම් විවෘත මනසකින් හා දැඩි කුතුහලයකින් හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීමේ හැකියාවයි. ඒත් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය බොහෝ විට කරන්නේ සිසුන්ගේ මේ හැකියාවන් මොට කිරීමයි!

ඇපල් සමාගමේ ආරම්භක, නිපැයුම්කරු ස්ටීව් ජොබ්ස් මීට වසරකට පෙර මිය ගිය අවස්ථාවේ (2011 ඔක්තෝබර් 16 කොලමින්) මා මතු කළ ප‍්‍රශ්නය වුයේත් එයයි. මා කී පරිදි: “බොහෝ ආසියානුවන්ට මෙන් ම ලාංකිකයන්ට ද තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ සහජ හැකියාවක් තිබෙනවා. එහෙත් ඒ විභවය දැගලිල්ලක්, දඩබ්බරකමක් හරහා අළුත් සංකල්පයක් හෝ නිපැයුමක් හෝ බවට පත් වන්නට පියවර ගණනාවක් පසු කළ යුතුයි. ස්ටීව් ජොබ්ස්ලා අපේ රටවල බිහි නොවන්නේ පහසුකම් හා ආයෝජන නැති නිසා පමණක් නොවෙයි. අසම්මතයට සිතන ‘විකාරකාරයන්ට’ අපේ සමාජවල ඉඩක් නොදෙන නිසා යයි මා තර්ක කරනවා…අළුත් දෙයක් හිතන, කියන හා අත්හදා බලන දරුවන් හා තරුණ තරුණියන් ඔවුන්ගේ පවුල්වලින්, පාසලෙන්, සරසවියෙන් හා ජන සමාජයේ අන් අයගෙන් දැඩි පීඩනයකට ලක් වනවා.”

නව නිපැයුම් සංකල්පයන් හට ගන්නේ පවත්නා තත්ත්‍වය එලෙසින් පිළි නොගන්නා, වඩා හොඳින් යම් යම් දේ කරන්නට ක‍්‍රම සොයා යන පුද්ගලයන් අතින්. ඕනෑ ම සමාජයක එබඳු අය ඉන්නේ ටික දෙනයි. රජයට හා විද්වත් ආයතනවලට හැක්කේ මේ දුර්ලභ මානව සම්පත් හඳුනාගෙන ඔවුන්ට නිසි පහසුකම්, මඟපෙන්වීම හා පිළිගැනීම ලබා දීම පමණයි.

සිවුමංසල කොලූගැටයා #36: ස්ටීව් ජොබ්ස් – අසම්මතය සුන්දර කළ ‘විකාරකාරයා’

We might admire – even revere – genius mavericks like Steve Jobs from afar, but few Asians have any idea where mavericks come from, or how best to deal with them. Our conformist and hierarchical societies don’t nurture mavericks. Our cultures tend to suppress odd-balls and iconoclasts. That’s probably why we don’t have enough of our own Steve Jobses.

This is the crux of my argument in my latest Sinhala column published in Ravaya newspaper on 16 Oct 2011. For a longer discussion of the same topic, see my English essay Goodbye, Steve Jobs; Long Live Mavericks!

පසුගිය වසර 35ක කාලය තුළ ඇපල් පරිගණක හා විද්යුත් උපකරණ නූතන තොරතුරු සමාජයේ ප්‍රගමනයේ පෙරගමන්කරුවන් ලෙස ක්‍රියා කළ බව ලෝකය ම පිළිගන්නවා. මේ නව ලොව තනන්නට මහත් සේ දායක වුණු ඇපල් සමාරම්භක ස්ටීවන් පෝල් ජොබ්ස් හෙවත් ස්ටීව් ජොබ්ස් (Steve Jobs) 2011 ඔක්තෝබර් 5 වනදා මිය ගිය විට ලෝකය ම කම්පාවට පත්වුණා. පිලිකාවක් සමග වසර ගණනක් පොර බැදීමෙන් ඔහු අන්තිමට පරාජය වන විට වයස අවුරුදු 56යි.

සරසවි ඉගෙනුම වෙනුවට තමන්ගේ ම නිර්මාණශීලී අදහස් ඔස්සේ දැඩි අධිෂ්ඨානයෙන් ඉදිරියට ගිය ස්ටීව් ජොබ්ස්, තොරතුරු තාක‍ෂණය, පාරිභෝගික විද්‍යුත් උපකරණ හා ජනප්‍රිය සංස්කෘතිය යන ෙක‍ෂත්‍ර තුනෙහි ම දැවැන්තයකු වූ බව ඔහුගේ ව්‍යාපාරික තර`ගකරුවන් පවා එක හෙළා පිළිගත්තා. අසම්මතය, පරිකල්පනය හා සුන්දරත්වය කැටි කළ ස්ටී්ව් ජොබ්ස් කථාවේ එක් පැතිකඩක් ගැන අපි අද කථා කරමු. එහි යටි අරමුණ අපේ රටවලත් ස්ටීව් ජොබ්ස්ලා බිහි විය හැකිද යන්න විග්‍රහ කිරීමයි.

1997දී ඇපල් සමාගම අපූරු ප්‍රචාරණ ව්‍යාපාරයක් හදුන්වා දුන්නා. තමන් තවත් එක් පරිගණක නිෂ්පාදන සමාගමක් නොවන බව හුවා දැක්වීම ඉලක්ක කර ගත් ඒ දැන්වීම් පෙළේ මුඛ්‍ය තේමාව වූයේ වෙනස් විධියට සිතන්න (Think Different) යන්නයි. එහි වඩාත් ම සිත් ඇද ගන්නා අංගය වූයේ තත්පර 30 හා 60 යන ධාවන කාලයන්ට නිර්මාණය වූ ටෙලිවිෂන් දැන්වීමක්. ඉතිහාසය පුරා විවිධ ෙක‍ෂත්‍රයන්ගේ විපර්යාස ඇති කරන්නට දායක වුණු චරිත 17ක රූප ඉතා ඉක්මනින් තිරයේ දිස් වුණා. තනිකර කළු-සුදු වර්ණයෙන් නිර්මිත එයට මහත්මා ගාන්ධි, ඇල්බට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන් හා අමීලියා ඉයර්හාට් වැනි චරිත මෙන් ම බීට්ල්ස් ගායක ජෝන් ලෙනන්, පබ්ලෝ පිකාසෝ හා මොහමඩ් අලි වැනි විවිධ ෙක‍ෂත්‍රවල දැවැන්තයන් ද ඇතුළත් වුණා. මේ හැම දෙනා ම සම්මතයට එරෙහිව ගිය නිදහස් මතධාරීන් හෙවත් මැව්රික්ස් (mavericks) හැටියට පිළි ගැනෙනවා.

ඒ දැන්වීමේ කථනය සාරාංශයක් ලෙස කිවහොත්: ‍”මෙන්න විකාරකාරයෝ. විප්ලවවාදියෝ. කරදරකාරයෝ. හැම දෙයක් ම වෙනස් විධියට දකින මේ අය පිස්සන් කියා බොහෝ දෙනකු සිතුවා. එහෙත් අප ඔවුන් දකින්නේ මහ මොළකාරයන් හැටියටයි. ඉතිහාසය පුරා ම අපේ ලෝකය වෙනස් කළේ මෙවැනි අසම්මත විකාරකාරයන් තමයි.” ඒ දැන්වීම YouTube හරහා නරඹන්න: http://tiny.cc/ThinkD

ඒ දැන්වීමේ කිසි තැනෙක පරිගණකයක් දිස් වූයේ නැහැ. එහි අරමුණ වූයේ සංකල්පමය වශයෙන් ඇපල් සමාගම අනෙකුත් සියළු පරිගණක හා තොරතුරු තාක‍ෂණ සමාගම්වලට වඩා වෙනස් බව කියා පෑම පමණයි. එය ප්‍රචාරය වීම අරඹන කාලයේ ඇපල් සමාගමට තිබූ වෙළදපොල ඉතා සීමිතයි. එවකට අලෙවියෙන් හා ලාබයෙන් කුඩා වූවත් මේ අසම්මත සමාගම විකාරකාරයන්ගේ මගෙහි යන පෙරළිකාරයෙක් වීමේ පෙරනිමිති පළ කළා.
1997 දී ලෝකයට දුන් ඒ ප්‍රතිඥාව දශකයක් ඇතුළත ඉතා මැනවින් ක්‍රියාවට නැංවීමට ස්ටීව් ජොබ්ස් දිවා රෑ වෙහෙසී වැඩ කළා. iMac පරිගණකය (1998), iPod ජංගම සංගීත/මාධ්‍ය උපකරණය (2001), iTunes නම් වූ සයිබර් අවකාශයේ මහා සල්පිල (2003) iPhone ජංගම දුරකථනය (2007) හා iPad ජංගම ටැබ්ලටය (2010) ඔහු ආ අසම්මත මගෙහි අමතක නොවන පියසටහන්. කලක් සාපේක‍ෂව කුඩා පරිගණක හා විද්්‍යුත් උපකරණ සමාගමක් හැටියට පැවතුණු ඇපල් සමාගම 2010 වන විට Microsoft, IBM ඇතුළු අනෙකුත් සියළු තාක‍ෂණ සමාගම් අභිබවා ගියා.

ජොබ්ස්ගේ තාක‍ෂණ, සැළසුම් (design) හා අලෙවිකරණ කුසලතා ගැන පසුගිය දිනවල බොහෝ සෙයින් කථාබහ කෙරුණා. ඒ තොරතුරු යළිත් කීම මගේ අරමුණ නොවෙයි. නව නිපැයුම් සදහා පේටන්ට් 338ක් ඔහුට තිබුණා. එහෙත් ඔහුට වඩා පේටන්ට් ලබාගත් තව බොහෝ නිර්මාපකයන් සිටිනවා. (උදාහරණ: තෝමස් අල්වා එඩිසන් 1,093යි. පෝලරොයිඩ් කැමරාව තැනූ එඩ්වින් ලෑන්ඩ් 525යි.) කුඩා පරිමාණයේ නව නිපැයුම් විශාල ගණනක් බිහිකරනවා වෙනුවට ජොබ්ස් වැඩි අවධානය යොමු කළේ සමස්ත කර්මාන්තයක් හෝ ෙක‍ෂ්ත්‍රයක් ම විප්ලවයකට ලක් කරන ආකාරයේ වැඩ කරන්නයි. පුද්ගල පරිගණකය, ජංගම සංගීත/මාධ්‍ය උපකරණය, ජංගම දුරකථනය වැනි කිසිවක් මුල්වරට නිපදවූයේ ස්ටීව් ජොබ්ස් නොවේ. එහෙත් ඔහු කළේ පවත්නා තාක‍ෂණය උඩුකුරු වන මට්ටමේ ප්‍රබල දියුණු කිරීම් ඇති කිරීමයි. මේ සුවිශේෂී ගුණය නිසා ඔහු අපේ කාලයේ සිටි දක‍ෂතම තාක‍ෂණික ප්‍රතිනිර්මාපකයා (technology’s great re-inventor) හැටියට ටයිම් සගරාව හදුන්වා දෙනවා. එය ජොබ්ස්ගේ අසම්මත කථාව ගැන කළ හැකි හොද සම්පිණ්ඩනයක්.

බොහෝ නිපැයුම්කරුවන්ගේ කුසලතාවය හා දැක්ම පටු පරාසයකට සීමා වන නමුත් ජොබ්ස් පුළුල් දැක්මකින් යුක්තව ක්‍රමීය වෙනස්කම්වලට (systemic changes) යොමු වූ කෙනෙක්. එබදු වෙනස්කම් සදහා තාක‍ෂණය, සෞන්දර්යාත්මක සැළසුම (aesthetic design) අලෙවිකරණය (marketing) හා හොද සන්නිවේදනය යන සතරවිධ හැකියාවන් ඔහුට නොඅඩුව තිබුණා.

ස්ටීව් ජොබ්ස් තුළ මේ සංකල්ප බිහි වූයේ කෙලෙස ද? අමෙරිකාවේ වඩාත් ලිහිල් සමාජ පසුබිමක් පවතින බටහිර වෙරළේ කැලිෆෝනියාවේ ඉපදි හැදී වැඩීම ද? සහජ හැකියාවන් තියුණු කර ගනිමින් වෙහෙස මහන්සි වී වැඩ කිරීම තුළින් ඕනෑ ම කෙනකුට හිස එසවීමට ඉඩක් තිඛෙන සමානාත්මක :ැට්කසඒරස්බ- අමෙරිකානු සමාජ ක්‍රමය ද? 1960-70 දශකයන්වල බටහිර රටවල තරුණ තරුණියන් බොහෝ දෙනාට බලපෑමක් ඇති කළ හිපි සංස්කෘතිය ද? (තරුණ වියේ ඉන්දියාවට පැමිණ ආශ්‍රමයන්හි කල් ගත කළ ඔහු පෙරදිග දර්ශනයන් — විශේෂයෙන්ම ටිඛෙට් හා ජපන් සම්ප්‍රදායයන් — ගැන උනන්දු වූවා.) එසේ නැතිනම් මේ සියළු සාධකයන් මිශ්‍ර වීමේ අවසාන ප්‍රතිඵලය ද?

මේ ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු දෙන්න අමාරුයි. නිර්මාණශීලිබව (creativity) පැන නගින්නේ මිනිස් මනසේ කොතැනින් ද, එයට රුකුල් දෙන අධ්‍යාපනික, සමාජයීය හා සාංස්කෘතික බලපෑම් මොනවා ද යන්න මානව විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන් මහත් ඕනෑකමින් අධ්‍යයනය කරනවා. එවන් පර්යේෂකයන්ට ස්ටීව් ජොබ්ස් චරිතය ඉතා ප්‍රයෝජනවත්.

ඔහුගේ අසම්මත ජීවන කථාව ආසියාවේ අපට වැදගත් වන තව හේතුවක් තිඛෙනවා. ජන සමාජයන් සමස්තයක් වශයෙන් ගෙන සසදන විට ගණිතය, ඉංජිනේරු විද්‍යාව හා තාක‍ෂණයට සම්බන්ධ කි්‍රයාවලදී ආසියානුවන් ලෝකයේ වෙනත් බොහෝ ජාතීන්ට වඩා ඉදිරියෙන් සිටිනවා. 1950-2010 කාලය තුළ ලෝකයේ වැඩි ම ආර්ථීක වර්ධන වේගය පවත්වා ගන්නට ආසියානු කලාපයට හැකි වූයේ තාක‍ෂණ ෙක‍ෂත්‍රයන්හි නව නිපැයුම්, ආයෝජන හා හපන්කම් නිසායි. ජපානය, චීනය, කොරියාව හා ඉන්දියාව වැනි රටවල් අද විද්‍යාව හා තාක‍ෂණය අතින් ලෝකයේ පෙරමුණ ගෙන සිටිනවා. පර්යේෂණ නිබන්ධන, පේටන්ට් බලපත්‍ර ආදී නිර්නායක හරහා මේ ප්‍රවණතා මැනිය හැකියි.

එසේ වූවත් තාක‍ෂණ ෙක‍ෂත්‍රයේ ආසියානුවන්ගේ හපන්කම් බහුතරයක් සාමූහික ප්‍රයත්නයන්. අද ලොව සංකීර්ණ අවශ්‍යතාවලට නිපැයුම්කරුවන්ට තනිව ම මුහුණදීම අපහසු බව ඇත්ත. එහෙත් ලොව ජය ගත් පාරිභෝගික තාක‍ෂණයන් විශාල සංඛ්‍යාවකට මුල් වූ ජපානයේ Sony කොරියාවේ Samsung වැනි සමාගම් අප හදුනන්නේ වෙළද නාමයෙන් (brands) පමණයි. නිපැයුම්කරුවන්ගේ නමක් අප දන්නේ නැහැ. මේ රටවල සංචාරය කරන විට මට පෙනී ගිය දෙයක් නම් ඒ රටවල සාමාන්‍ය ජනයා පවා සිය නිපැයුම්කරුවන් ගැන දන්නේ ඉතා අඩුවෙන් බවයි. මෙයට හේතුව තොරතුරු ගලනයේ දුර්වලතා ද? නැතිනම් බටහිර රටවල තරම් තනි පුද්ගල මට්ටමේ නව නිපැයුම්කරුවන් ආසියාවේ මතු නොවීම ද?

මෙය මතු පිටින් විග්‍රහ කොට නිගමනවලට එළඹිය හැකි සරල ප්‍රශ්නයක් නොවේ. එහෙත් පෙරදිග අපේ රටවල අසම්මත මගක යන නිදහස් මතධාරීන්ට එරෙහි වන සමාජයීය හා සාංස්කෘතික සාධක තිඛෙන බව පිළි ගත යුතුයි. (මෙහිදී මා කථා කරන්නේ පොදුවේ ආසියානු ජන සමාජයන් ගැනයි.) ආසියාවේ බොහෝ සමාජයන්ගේ දරදඩු සමාජ මට්ටම් හා ධූරානුක්‍රම (hierarchies) තිඛෙනවා. ඒවා වත්කම, උගත්කම ආදී සාධකවලින් තවත් තීව්‍ර වනවා. සමාජ පසුබිමින් එක හා සමාන අය අතර වයස්ගත වූවන්ගේ මතයට වැඩි පිළිගැනීමක් ලැඛෙනවා. ගුරුකුල බිහි වීමේ අන්තරායක් තිඛෙනවා.

මේ සියල්ල නිසා අමුතු විදියට සිතන, සම්මතයට අභියෝග කරන නිදහස් මතධාරීන්ට ආසියානු සමාජවල ඇති අවකාශය ඉතා අඩුයි. හැම කෙනෙකු ම එක හා සමාන රේඛීය ජීවන මගක ගමන් ගත යුතු බවත්, එසේ නොගොස් ‘අයාලේ යන’ අය පිස්සන්, විකාරකාරයන් හෝ සමාජ විරෝධීන් වන බවත් මුල් බැස ගත් මතයක්. මෙබදු වාතාවරණයක අළුත් දෙයක් හිතන, කියන හා අත්හදා බලන දරුවන් හා තරුණ තරුණියන් ඔවුන්ගේ පවුල්වලින්, පාසලෙන්, සරසවියෙන් හා ජන සමාජයේ අන් අයගෙන් දැඩි පීඩනයකට ලක් වනවා. මෙය මගේ මතවාදයක් පමණක් නොවෙයි. ඉතා සරල උදාහරණයක් ගත හොත් උපතින් ම වමත්කරුවන් වන අයට ලාංකික සමාජය දක්වන ප්‍රතිචාරය ගැන මදක් සිතන්න!

මේ ගැන ශාස්ත්‍රීයව ගවේෂණය නොකළත්, අදාල අත්දැකීම් රාශියක් සොයා ගැනීමේ අවස්ථාවක් 2009-10 කාලයේ මට ලැබුණා. සියත TV හරහා නව නිපැයුම්කරුවන් හදුන්වා දෙන සතිපතා වැඩසටහන් මාලාවක් මා ඉදිරිපත් කළා. දෙස් විදෙස් සම්මාන ලද නව නිපැයුම්කරුවන් සැළකිය යුතු සංඛ්‍යාවක් සමග මා සම්මුඛ සාකච්ඡා කළා. එහිදී මා නිතර ඇසූ ප්‍රශ්නයක් වූයේ කුඩා කාලයේ අළුත් දෙයක් කරන්නට ලැබුණු උපකාර, උපදෙස් මෙන් ම බාධක මොනවා ද යන්නයි.

නව නිපැයුම්කරුවන්ගෙන් බහුතරයකට තම පවුලෙන්, අසල්වාසීන්ගෙන් බහුතරයකට තම පවුලෙන්, අසල්වාසීන්ගෙන් හෝ පාසලෙන් ලැබී ඇත්තේ දිරිගැන්වීම් නොවෙයි – උදාසීන හෝ අයහපත් ප්‍රතිචාරයක්. අසම්මත දේ කරන්නට ගොස් විභාග අසමත් වී අනාගතය අදුරු කර නොගන්නා ලෙස ඔවුන්ට අවවාද ලැබී තිඛෙනවා. එදිනෙදා ජීවිකාවක් සදහා ශිල්ප ඉගෙනීමෙන් ඔබ්බට ලෝකය වෙනස් කරන්නට සිතීම නිශ්චල ‘දැගලිල්ලක්’ බව වැඩිහිටියන් ඔවුන්ගේ මුහුණට ම කියා තිඛෙනවා.

නිතිපතා එල්ල වන මේ පීඩනය නොතකා ඒකායන අරමුණින් ‘දඩබ්බර’ විදියට ඉදිරියට යන ටික දෙනකු තමයි අවසානයේ නව නිපැයුම් බිහි කරන්නේ. එය ද එක් රැයකින් කළ හැක්කක් නොවෙයි. එහෙත් නොසැළුණු අය අතර තව කී දෙනෙක් තමන්ගේ සිහින අත්හැර දමන්නට ඇත් ද? › ලංකාවේ නව නිපැයුම්කරුවන් අතර කාන්තා නියෝජනය ඉතා අඩු ඇයි?

අපේ නව නිපැයුම්කරුවන් මුහුණ දෙන ආර්ථීක, තාක‍ෂණික බාධකයන් රැසක් ද තිඛෙනවා. ඒවා දැනටමත් හදුනා ගෙන ඇති අතර ඒ බාධක දුරුකිරීමට යම් පියවර ගන්නා බව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ වත්මන් ප්‍රධානියා මෑතදී මට කියා සිටියා. එහෙත් තනි රාජ්‍ය ආයතනයකට හෝ අධ්‍යාපන/පුහුණු ආයතනයකට හෝ නව නිපැයුම්කරුවන් බිහි කිරීමට නොහැකියි. එය සමාජ ප්‍රවාහයන් ගණනාවක අවසන් ප්‍රතිඵලයක්.

බොහෝ ආසියානුවන්ට මෙන්ම ලාංකිකයන්ට ද තාක‍ෂණ ෙක‍ෂත්‍රයේ සහජ හැකියාවක් තිඛෙනවා. එහෙත් ඒ විභවය දැගලිල්ලක්, දඩබ්බරකමක් හරහා අළුත් සංකල්පයක් හෝ නිපැයුමක් හෝ බවට පත් වන්නට පියවර ගණනාවක් පසු කළ යුතුයි. ස්ටීව් ජොබ්ස්ලා අපේ රටවල බිහි නොවන්නේ පහසුකම් හා ආයෝජන නැති නිසා පමණක් නොවෙයි. අසම්මතයට සිතන ‘විකාරකාරයන්ට’ අපේ සමාජවල ඉඩක් නොදෙන නිසා යයි මා තර්ක කරනවා. මා එසේ කියන්නේ අසම්මත මගක නිර්මාණශීලීව ගමන් කළ කෙනකු හැටියට මගේ අත්දැකීම් ද පාදක කර ගනිමින්.

Celebrating Steve Jobs, we ask: Where are all the Asian tech mavericks?

Steven Paul Jobs (1955 – 2011): The Crazy One

In my own tribute to Steve Jobs, just published on Groundviews.org, I raise some pertinent questions about nurturing discovery and innovation in Asian societies.

Here’s an excerpt:

We might admire – even revere – mavericks like Steve Jobs from afar, but few Asians have any idea where mavericks come from, or how best to deal with them. Our conformist and hierarchical societies don’t nurture mavericks. Our cultures tend to suppress odd-balls and iconoclasts. That’s probably why we don’t have enough of our own Steve Jobses, Richard Bransons and Anita Roddicks.

Mark Twin said: “The man with a new idea is a crank – until the idea succeeds”. The question is: do we Asians hush down our home-grown cranks even before they have a sporting chance? Are we culturally too biased against individualism that propels useful – and potentially transformative ­ mavericks?

As a ‘maverick spotter’ and cheerleader for all types of innovation, I often worry that we are. I have come across bright young men and women who were ridiculed in the classroom (‘freaks!’) or scorned at home (‘losers!’) for not wanting to be doctors, engineers or lawyers.

This is the central argument in my latest op-ed, a tribute to Steve Jobs and a reflection on individualistic tech innovation in our own Asian societies.

Read full essay on Groundviews.org: Goodbye, Steve Jobs; Long Live Mavericks!