සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

This is the Sinhala text of my Ravaya newspaper column published on 11 March 2012. Today I write about How Sri Lanka Missed the Moon. I wrote an English article in July 2009 covering the same ground, but this is NOT a translation. I don’t do translations.

‘විශ්වයේ අන්තිම සිංහල වචනය’ මැයෙන් මා පසුගිය සතියේ ලියූ කොලමට ප‍්‍රතිචාර කිහිපයක් ලැබුණා. අමෙරිකානු වොයෙජර් අභ්‍යවකාශ යානා ලෝකයේ භාෂා 55කින් විශ්වයට යැවෙන කෙටි පණිවුඩ ඇතුළත් රන් ආලේපිත තඹ තැටියක් රැගෙන උඩුගුවන්ගත කොට වසර 35ක් ගත වී තිබෙනවා. පිටසක්වල ජීවීන්ට යොමු කෙරුණු ඒ සන්නිවේදනයේ සිංහලෙන් ‘ආයුබෝවන්’ කීමට අහම්බෙන් තෝරා ගත් ලාංකිකයා ගැන ඇතැම් අයට ප‍්‍රශ්න මතු වී තිබෙනවා.

සිංහල කථා කරන සැම වෙනුවෙන් විශ්වය ඇමතීමේ වරප‍්‍රසාදය ලැබුණේ කාටද – ඒ තීරණය නිල නොවන මට්ටමින් අමෙරිකානු සරසවියක් ගත්තේ කෙලෙසද – එය අමෙරිකානු අධිපතිවාදයේ ම තවත් උදාහරණයක් ද – ආදී වශයෙන් ඇතැම් පාඨකයන් මා සමග තර්ක කළා.

නාසා (NASA) මූලාශ‍්‍රවලින් තොරතුරු උකහාගෙන වාර්තා කිරීම හැරෙන්නට ඒ ගැන විනිශ්චයක් දීමට මා උත්සාහ කළේ නැහැ. නමුත් එයට අට වසරකට පෙර සඳ තරණය සම්බන්ධයෙන් නිල වශයෙන් ම ලංකා නියෝජනයක් ලබා ගන්නට අමෙරිකානු රජය ගත් උත්සාහයක් ගැන තවත් කථාවක් අද මගේ තේමාවයි.

අවධාරණය කළ යුතු එක් කරුණක් නම් නාසා යනු ලෝක අභ්‍යවකාශ එජන්සියක් නොව අමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ අධිකාරිය බවයි. අමෙරිකානු ජනයාගේ බදු මුදලින් පවත්වා ගෙන යන ඒ රාජ්‍ය ආයතනය වග කියන්නේ එරට රජයට හා ජනතාවටයි. හැකි අවස්ථාවල මානව වර්ගයා ම උදෙසා අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවල යෙදීමට උත්සාහ කළත් එසේ කිරීමට නාසා ආයතනයට නීතිමය බැදීමක් නැහැ. නමුත් අභ්‍යවකාශ ගවේෂණයේ යෙදෙන අනෙකුත් රටවල් (රුසියාව, ජපානය, යුරෝපා රටවල්, ඉන්දියාව හා චීනය) සමග නාසා සහයෝගයෙන් ක‍්‍රියා කරනවා.

1969 ජුලි 20 වනදා ඇපලෝ 11 යානයෙන් ගිය අමෙරිකානු අජටාකාශගාමීන් (නීල් ආම්ස්ට්‍රෝං සහ එඞ්වින් ඔල්ඞ්රින්) මුල් වරට සද මතු පිට පා තැබූ ඓතිහාසික අවස්ථාවේ එය අමෙරිකාවේ පමණක් නොව මුළු මානව වර්ගයාගේ ම ජයග‍්‍රහණයක් ලෙස හුවා දැක්වීමට නාසා ආයතනය කටයුතු කළා. ඒ දෙදෙනා සඳ මතුපිට තැන්පත් කළ ඵලකයේ (ඉංග‍්‍රීසියෙන්) මෙසේ සඳහන් වුණා. “1969 ජුලි මාසයේ පෘථිවියේ සිට පැමිණි මානවයෝ මුල් වරට සඳට පා තැබුවෝය. මුළු මිනිස් සංහතියට සාමය පතා ගෙන මෙහි ආවෙමු.” එහි අත්සන් හතරක් තිබුණා: ඇපලෝ 11 අජටාකාශගාමීන් තිදෙනා සහ එවකට අමෙරිකානු ජනාධිපති රිචඞ් නික්සන්ගේ.

මාධ්‍ය හරහා විශාල ප‍්‍රසිද්ධියක් ලද මේ ඵලකයට අමතරව ඇපලෝ 11 ගොඩ බැසි හඳ නිසල මුහුදේ තැන්පත් කළ තවත් සිහිවටනයක් තිබුණා. එය අමෙරිකානු සත 50ක කාසියක් (අපේ සත 50 ට සමාන) තරම් වූ සිලිකන් තැටියක්. එහි ඉතා කුඩා ප‍්‍රමාණයට (miniaturized) සටහන් කර තිබුණේ මේ මුල් ම සඳ ගමනට ලෝකයේ එවකට සිටි නායකයන් 73 දෙනකුගෙන් ලද සුභාශිංසන පණිවුඩයි.

මිනිසුන් සඳ ට යවා නිරුපද්‍රිතව ආපසු ගෙන්වා ගැනීමේ දැවැන්ත ඇපලෝ වැඩපිළිවෙල 1961 සිට ක‍්‍රියාත්මක වූවා. රුසියාව (එවකට සෝවියට් දේශය) සමග මහා අභ්‍යවකාශ තරගයක නියැලී සිටි අමෙරිකාව ඒ සඳහා ඉතිහාසයේ විශාලතම තාක්‍ෂණික ප‍්‍රයත්නය හා මුදල් ආයෝජනය කළා. එහි මල්ඵල ගැන්වෙන 1969 ජුලි මාසයට සති කිහිපයකට පෙර එවකට නාසා අධිපති වූ තොමස් පෙන්ට ලෝක නායකයන්ගේ පණිවුඩ ලබා ගැනීමේ අදහසක් ආවා.

එරට විදේශ අමාත්‍යාංශය වන රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය එයට ලැබුණේ 1969 ජුනි මුලදී. ඇපලෝ 11 උඩුගුවන්ගත වීම නියමිතව තිබුණේ ජුලි 16දා. මේ නිසා සති කිහිපයක් තුළ හැකි තාක් රටවලින් පණිවුඩ ලබා ගන්නට නාසා ආයතනයත්, රාජ්‍ය දෙපාර්තමේන්තුවත් උත්සුක වුණා.

එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලද රටවල් 127ක් තිබුණා (දැන් 193යි). ඒ අතරින් වොෂිංටන් නුවර තානාපති කාර්යාල තිබූ රටවල් 116කට මේ ආරාධනය යොමු වුණා. අද මෙන් ෆැක්ස්, ඊමේල් හෝ වෙනත් දියුණු සන්නිවේදන ක‍්‍රම නොතිබූ ඒ කාලයේ ටෙලෙක්ස් හා ටෙලිෆෝන් මගින් සිදු කළ රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලට යම් කාලයක් ගත වුණා. අන්තිමේදී රටවල් 72ක නායකයන්ගෙන් සුභ පැතුම් ලැබී ඒවා ඇපලෝ 11 සිලිකන් තැටියේ අන්තර්ගත කළා. අමෙරිකානු ජනාධිපතිගේ පණිවුඩයත් සමග මුළු සංඛ්‍යාව 73ක් වුණා.

තාක්‍ෂණය අද තරම් දියුණු නොවූ 1960 දශකයේ මෙබදු තැටියක් නිර්මාණය කිරීම ද අභියෝගයක් වුණා. ඒ සඳහා නාසා ආයතනයේ ඇනවුම පරිදි නව තාක්‍ෂණ ක‍්‍රමයක් අමෙරිකාවේ ස්ප‍්‍රාග් ඉලෙක්ටි‍්‍රක් සමාගම (Sprague Electric Company) නිපද වූවා. මෙයට සිලිකන් තෝරා ගත්තේ හඳ මතු පිට අධික උණුසුමට ඔරොත්තු දීම පිණිසයි. හැම රාජ්‍ය නායක ලිපියක් ම 200 වාරයක් කුඩා කොට ඒ තැටියට සුරක්‍ෂිතව ආලේප කළා. පරිගණකවල භාවිතා වන ක්ෂුද්‍ර පරිපථ (integrated circuits) මුද්‍රණය කිරීමේදී මේ තාක්‍ෂණය තවමත් යොදා ගන්නවා.

මේ ප‍්‍රයත්නයට අදාල සියළු ලිපි ගනුදෙනු හා ලියවිලි වොෂිංටනයේ කොංග‍්‍රස් පුස්තකාලයේ ලේඛනාගාරගතව තිබෙනවා. ඒවා පරිශීලනය කිරීමෙන් මේ සිලිකන් තැටියේ කථාව ගැන වෛද්‍ය ටහීර් රහ්මන් (Dr Tahir Rahman) නම් අභ්‍යවකාශ ඉතිහාසවේදියා 2007දී පොතක් ලියා පළ කළා.

1969 ජුනි-ජුලි කාලයේ ලෝක නායකයන් 73 දෙනකු කඩිමුඩියේ ලියූ පණිවුඩ හරහා ඒ වකවානුවේ පැවති චකිතයන් හා බලාපොරොත්තු ගැන දළ හැගීමක් ලැබෙන බව වෛද්‍ය රහ්මාන් කියනවා. මේ ගැන නාසා ආයතනයේ නිල ප‍්‍රවෘත්ති නිවේදනය බලන්න (සියළු රාජ්‍ය නායක පණිවුඩවල ඉංග‍්‍රීසි පරිවර්තන මෙහි තිබෙනවා) http://tiny.cc/MoonPR

සමහර නායකයන් ටයිප් කරන ලද ලියුම් එවන විට ඇතැම් දෙනකු තම අත්අකුරින් ම ලියා එව්වේ මේ ඓතිහාසික අවස්ථාවේ වැදගත්කම හොඳ හැටි තේරුම් ගත් නිසායි. (තවමත් සිහසුන දරණ) තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදෙජ් රජතුමා මේ ප‍්‍රයත්නය ගැන මුලින් වැඩි විස්තර ඉල්ලා සිටියා. එය ලැබුණු පසු අන්තිම මොහොතේ ඔහු පණිවුඩයක් දුන්නා. එදා පණිවුඩ දායක කළ රාජ්‍ය නායකයන් 73 දෙනාගෙන් තවමත් තනතුරේ සිටින්නේ තායිලන්තයේ රජතුමාත්, එංගලන්තයේ දෙවන එලිසබෙත් රැුජිනත් පමණයි.

එවකට ලෝකයේ පැවති සීතල යුද්ධයේදී සෝවියට් පිලේ සිටි රටවල් (ඇරැයුම් ලැබුණත්) මේ තැටියට පණිවුඩ දීමෙන් වැළකුණා. (රුමේනියාවේ නායක නිකලායි චෞචෙස්කු පමණක් තනි වැකියක පණිවුඩයක් එවා තිබුණා.) ආසියාවේ රටවල් රැසක් උද්‍යොගිමත් පණිවුඩ ලබා දුන්නා. ඒ අතර ජපානය, කොරියාව, පිලිපීනය, මැලේසියාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා මාලදිවයින ද වූවා.

නමුත් මේ ඓතිහාසික අවස්ථාවේ නිල වශයෙන් එයට සහභාගි වීමට ලැබුණු ආරාධනය ශ්‍රී ලංකාව පිළිගත්තේ නැහැ! එවකට බලයේ සිටි ඩඞ්ලි සේනානායක අගමැතිවරයාගේ රජය කාරුණිකව මේ ඇරයුම ප‍්‍රතික්ෂේප කළා!

ඇපලෝ 11 උඩුගුවන්ගත කිරීමට පෙර දිනයේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නාසා ප‍්‍රධානියාට ලියූ ලිපියේ හරය මෙයයි: පෙන් මහත්මයාණෙනි, (1969) ජුනි 23 දා ඔබ එවූ ලිපිය සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයාගේ පණිවුඩයක් ද සඳ මතු පිට තැන්පත් කිරීම සඳහා නාසා ආයතනයෙන් ඉල්ලා සිටීම ගැන ස්තුතිවන්ත වන අතර, මේ අවස්ථාවේ එබදු පණිවුඩයක් නිකුත් නොකිරීමට ලක් රජය තීරණය කර ඇති බව දැනුම් දෙමු.”

එයට අත්සන් කර ඇත්තේ එවකට වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනියා ලෙස ක‍්‍රියා කළ ඒ. ටී. ජයකොඩි නම් විදේශ සේවා නිලධාරියායි. ඔහු එසේ ලියුවේ කොළඹින් ලද උපදෙස් මත බව පැහැදිලියි. එහෙත් මේ ප‍්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක්දැයි කීම අපහසුයි.

දශක හතරකට පසු අපට කළ හැක්කේ ඒ ගැන අනුමාන කිරීම පමණයි. 2009 දී මේ ගැන ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියන විට සිලිකන් තැටියේ කථාව ගවේෂණය කළ වෛද්‍ය රහ්මාන් සමග මා ඊමේල් සන්නිවේදනය කළා. ඔහු කීවේ අදාල සියළු ලිපි ගනුදෙනු පිරික්සීමෙන් පසුව වූවත් ලංකාව මේ අවස්ථාව මග හැරියේ ඇයිද යන්නට කිසිදු ඉගියක් ඔහුට සොයා ගත නොහැකි බවයි.

ඇපලෝ සඳ ගමන් ගැන අමෙරිකානු ටෙලිවිෂන් සජීව විකාශයන්ට කථනයෙන් සහභාගී වූ ආතර් සී ක්ලාක්ට වෛද්‍ය රහ්මාන් සිය පොතේ පිටපතක් එවා තිබුණා. ක්ලාක් මිය යන්නට වසරකට පමණ පෙර මා ඔහුගෙන් ද මේ ගැන විමසුවා. තමන් ඩඩලි සේනානායක අගමැතිවරයා හා ඔහුගේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් දැන හදුනාගෙන සිටියත් මේ තීරණය ගැන කිසිවක් නොදත් බව ඔහු කීවා. ”සමහර වෙලාවට රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමින් රටවල් ක‍්‍රියාකරන ආකාරය තර්කානුකූල නැහැ.” ඔහු ප‍්‍රකාශ කළා.

ඇපලෝ 11 සඳ ගමනට වසර 40 ක් පිරුණු 2009 ජුලි මාසයේ Groundviews.org වෙබ් අඩවියේ මේ ගැන මා ලියූ ලිපිය පළ වුණේ ”ලංකාවට හඳ අහිමි වූ සැටි” නම් හෙඩිම සමගයි. එයට පාඨක ප‍්‍රතිචාර රැසක් ලැබුණත් එකී තීරණයට පසුබිම් වූ හේතු සාධක මොනවාදැයි හෙළිදරව් වූයේ නැහැ. ඒ වෙනුවට මාතෘකාවට ඍජුව අදාල නොවන කාරණා ඇතැම් පාඨකයන් මතු කර තිබුණේ අපේ ඇත්තන්ගේ පටු මානසිකත්වය ලොවට ම පෙන්වා දෙමින්.

දිවයිනේ දැවෙන ප‍්‍රශ්න රැුසක් විසදීමේ අභියෝගයට මුහුණ දී සිටි ඩඞ්ලි රජයට හඳ මතුපිට තැන්පත් කැරෙන සිලිකන් තැටියක් ගැන සිතීමට ඉස්පාසුවක් නොතිබුණා විය හැකි යයි ඇතැම් පාඨකයෝ අනුමාන කළා. සෙනසුරාදා-ඉරිදා සති අන්තය වෙනුවට පෝය හා පෙරපෝය සති අන්තය බවට පත් කළ ඩඞ්ලි රජය, එවකට බෞද්ධ බලපෑම්වලට බොහෝ සේ නතුව සිටි නිසාත් සඳ ශුද්ධ වස්තුවක් ලෙස සළකා සඳ ගමන් ගැන විමතියෙන් හෝ සැකයෙන් හෝ පසු වන්නට ඇතිදැයි තවත් අය විමසුවා.

සඳ ගමන එවකට පැවති සීතල යුද්ධයේ එක් පෙරමුණක් වූ නිසා නොබැදි පිළිවෙතට අනුව යමින් අමෙරිකානු පිළට පක්‍ෂග‍්‍රාහී වීම නොමනා යයි එවකට විදේශ කටයුතු උපදේශකයන් සිතන්නට ඇත් ද? මේ තවත් තර්කයක්. (එහෙත් නොබැදි ජාතීන්ගේ පුරෝගාමියෙකු වූ යුගොස්ලාවියාවේ ජෝසිප් බ්‍රෝස් ටිටෝ ජනාධිපතිවරයාත් මේ තැටියට පණිවුඩයක් ලබා දුන්නා.)

අමෙරිකානුවන් සඳ තරණය කොට එය තවත් අමෙරිකානු ජනපදයක් කිරීමේ උත්සාහයක යෙදී සිටි නිසා ලක් රජය එයට සහභාගි නොවූවා යයි කියන උදවිය නොදන්නා සත්‍යයක් තිබෙනවා. තනි රටක් පෘථිවියෙන් බැහැර කිසිදු අභ්‍යවකාශ වස්තුවක් අයිති කර ගැනීම වළක්වන පිටසක්වල ගිවිසුම (Outer space Treaty) 1967 දී ජාත්‍යන්තර නීතියක් ලෙස ලෝකය පිළි ගත්තා. අද වන විට අභ්‍යවකාශ තරණයේ නියැලෙන සියළු රටවල් එයට බැදී සිටිනවා.

බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියේ උගත්, බටහිර ලිබරල් ආකල්ප දැරූ ඩඞ්ලි සේනානායක අගමැතිවරයා අමෙරිකානු විරෝධියකු වූවා යයි සිතීම අපහසුයි. ඔහුගෙ රජය දේශපාලන වශයෙන් දක්‍ෂිනාංශික යැයි අපට සැළකිය හැකියි. සඳ තැටියට එක් නොවීමට ඊට වඩා තර්කානුකූල හේතුවක් ඔහුගේ රජයට තිබෙන්නට ඇති. එය කුමක් ද? මෙය කියවන පාඨකයකුවත් එයට ඉගියක් ලබා දෙයි ද?

මෙරටින් බිහි වූ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකුට අවමන් කරනවා යයි මගේ ඉංග‍්‍රීසි ලිපියට ප‍්‍රතිචාර දැක් වූ එක් (නිර්නාමික) පාඨකයෙක් මගේ බ්ලොග් අඩවිය හරහා මට චෝදනා කළා. හඳට පණිවුඩ නොයැවුවාට ඩඞ්ලිගේ දේශපාලන ප‍්‍රතිරූපයේ අඩුවක් සිදු වී නැහැ. එහෙත් නිල වශයෙන් අභ්‍යවකාශ කටයුත්තකදී ලක් රජය සම්බන්ධ කර ගන්නට 1969දී ගත් උත්සාහය ව්‍යර්ථ වූ නිසා 1977දී වොයෙජර් යානාවල තැන්පත් කැරුණු හඩ තැටියට නිල නොවන මට්ටමින් විද්වත් දායකත්වයක් ලබා ගැනීම ගැන නාසා ආයතනයට දොස් තැබිය හැකි ද?

සිවුමංසල කොලූගැටයා #56: විශ්වයේ අන්තිම සිංහල වචනය?

This is the Sinhala text of my Ravaya newspaper column published on 4 March 2012. Today, I talk about the gold-plated disk containing sounds and images of our Earth that was sent to the universe with Voyager 1 and 2 spacecraft launched by NASA in mid 1977.

In particular, I look at how a Sinhala language greeting was included on it, and thank Cornell University and project leader astronomer Carl Sagan for keeping it entirely a scholarly effort with nothing official about it. Thank you, Carl, for keeping the babus out of humanity’s ‘message in a bottle’ sent adrift to the depths of space.

සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

සිංහල භාෂාව මවුබස ලෙස කථා කරන සමස්ත ජන සංඛ්‍යාව මිලියන් 16ක් පමණ වන අතර තවත් මිලියන් 2ක් ජනයා එය ප‍්‍රායෝගිකව භාවිත කරන බව විකිපීඩියාව කියනවා. භාෂා නිතිපතා පරිනාමය වෙනවා. කිසිදු භාෂාවක් සදා කල් පවතින්නේ නැහැ. සංස්කෘතිය යනු කෞතුකාගාරයක හෝ සංරක්‍ෂණාගාරයක දමා දැඩි ආරක්‍ෂාව යටතේ ප‍්‍රවේශම් කළ හැකි දෙයක් නෙවෙයි. එය සජීව හා ගතික සංසිද්ධියක්.

නූතන සිංහලය ක‍්‍රි.ව. 12 වන සියවසෙන් පමණ පසු භාවිතයේ පවතින නමුත් ගෙවී ගිය සියවස් කිහිපය පුරා විවිධ භාෂාවලින් එය පෝෂණය වී තිබෙනවා. යටත්විජිත බලපෑම්, වෙළඳ සබඳතා, ගෝලීයකරණය හා තාක්‍ෂණය සිංහල භාෂාවට බලපා ඇති සාධක අතර වනවා.

සිංහල භාෂාවේ ආරම්භය හරියට ම කවදා කෙලෙස සිදු වී දැයි කිව නොහැකිවාක් මෙන් ම සිංහලයේ අනාගතය කෙසේ පරිනාමය වේ දැයි කියන්නටත් බැහැ. නමුත් එක් තොරතුරක් මා දන්නවා. දුර අනාගතයේදී විශ්වයේ ඉතිරිවන අවසාන සිංහල වචනය ‘ආයුබෝවන්’. එය දැනටමත් කථා කර හමාරයි!

මා එසේ කියන්නේ ඇයි? මේ පිටුපස රසවත් කථාවක් තිබෙනවා.

මීට 35 වසරකට පෙර 1977දී අමෙරිකානු අභ්‍යවකාශ අධිකාරිය වන නාසා (NASA) ආයතනය ග‍්‍රහලෝක ගවේෂණය සඳහා වොයෙජර් 1 හා වොයෙජර් 2 නම් ස්වයංක‍්‍රීය අභ්‍යවකාශ යානා දෙකක් උඩුගුවන් ගත කළා. බ‍්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග‍්‍රහලෝක හතරට සමීප වෙමින් 1979-89 කාලය තුළ මේ යානා දෙක අති විශාල තොරතුරු හා ඡයාරූප සමුදායක් රේඩියෝ සංඥා මගින් පෘථිවියට සම්පේ‍්‍රෂණය කළා.

කිසිදු ග‍්‍රහලෝකයකට ගොඩ නොබැස, සමීපවීම් හරහා පමණක් මේ ගවේෂණයන් කළ වොයෙජර් යානා දෙක ඉනික්බිති අපේ ග‍්‍රහමණ්ඩලයෙන් පිටත ඈත අභ්‍යවකාශයට ගමන් කිරීමට සළස්වා තිබෙනවා. මේ වන විට මිනිස් සංහතිය උඩුගුවන් ගත කළ යානාවලින් පෘථිවියෙන් වැඩි ම දුරකට ගොස් ඇත්තේ මේ යානා දෙකයි. අභ්‍යවකාශයේ වේගය බාල වීමක් නැති නිසා (යම් අනතුරක් නොවුණොත්) මේ යානා දෙක දිගින් දිගට ම සියවස් හා සහශ‍්‍ර ගණනක් තිස්සේ අභ්‍යවකාශයේ ගමන් කරනු ඇති. යානා දෙක කිසිදු නිශ්චිත ඉලක්කයක් කරා ගමන් නොකළත්, වෙනත් තරුවකට ළගා වන්නට තව වසර 40,000ක් වත් ගත වනවා.

මිනිස් සංහතියේ යාන්ත‍්‍රික නියෝජිතයා ලෙස විශ්වයට යන මේ දුතයන් දෙදෙනා තුළ තැන්පත් කර තිබෙන විශ්ව පණිවුඩයක් තිබෙනවා. එය රත්රන් ආලේපිත තඹ තැටියක් (phonographic record). පෘථිවි ග‍්‍රහලෝකය හා මානව වර්ගයා නියෝජනය කැරෙන විවිධ ශබ්ද හා රූප රැසක් එහි තැටිගත කොට තිබෙනවා. වසර දහස් ගණනක ගමනකින් පසුව යම් දිනෙක බුද්ධිමත් ජීවීන්ට මේ යානා මුණ ගැසුණොත් ඔවුන්ට වොයෙජර් යානා නිපද වූ හා අභ්‍යවකාශයට යැවූ මානව වර්ගයා පිළිබඳ ඉගියක් ලබා දීම එහි අරමුණයි.

මෙබදු සංක්‍ෂිප්ත සන්නිවේදයක් හරහා විස්තරාත්මක තොරතුරු දිය නොහැකි වූවත් එය සම කළ හැකි වන්නේ මුහුදේ පාළු දුපතක අතරමං වූවකු බෝතලයක් තුළ පණිවුඩයක් ලියා සාගර රැුලි අතර එය පාකොට යැවීමටයි. වොයෙජර් යානාවල තැන්පත් කළ ශබ්ද හා රූප තැටිල අපෙන් විශ්ව සාගරයට යැවෙන බෝතල් පණිවුඩයකට සමාන බව එම අදහසේ මූලිකයා වූ අමෙරිකානු තාරකා විද්‍යාඥ හා කෝනෙල් සරසවියෙ ආචාර්ය කාල් සේගාන් (1934 – 1996) කියා තිබෙනවා.

මිනිස් හඩට අමතරව සොබා දහමේ ශබ්ද (අකුණු, ගිගිරුම, මුහුදේ රළ බිෙඳන සැටි, සැඩ සුළග ආදිය) සහ විවිධ සතුන්ගේ ශබ්ද (කුරුළු නාද, තල්මසුන්ගේ සංගීතමය හඩ) එම තැටියට ඇතුළත් වුණා. එමෙන්ම විවිධ සංස්කෘතීන් නියෝජනය කැරෙන පරිදි සංගීත ඛණ්ඩයන් ගණනාවක් ද තෝරා ගනු ලැබුවා.
පෘථිවියේ ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වය ඡයාරූප ගොන්නකුත් එහි අඩංගුයි.

මේ තැටියේ අන්තර්ගතය තීරණය කිරීමේ භාරදුර වගකීම නාසා ආයතනය කෝනෙල් සරසවියෙ විද්‍යාඥ පිරිසකට පැවරුවා. කෝනෙල් සරසවිය විද්‍යා – කලා ක්‍ෂෙත‍්‍ර දෙකෙහි ම පෙරමුණ ගත් අමෙරිකානු සරසවියක් නිසා මෙබදු ඓතිහාසික තේරීම් ක‍්‍රියාවලියකදී තිබිය යුතු බහුවිධ ක්‍ෂෙත‍්‍ර නියෝජනය හරිහැටි සිදු වුණා. එසේ නොවන්නට එය රාජ්‍ය තාන්ත‍්‍රික මට්ටමේ සංකීර්ණ ක‍්‍රියාවලියක් වන්නට ඉඩ තිබුණා!

ලෝකයේ කථා කැරෙන භාෂා 55කින් භාෂිත ඉතා කෙටි සුභාශිංසන පණිවුඩ මේ තැටියේ ශබ්ද අතර තිබෙනවා. කවදත් තම ජාතිකත්වයට වඩා දුර දැක්මකින් ක‍්‍රියා කළ කාල් සේගාන්ට ඕනෑ වුණේ හැකි තාක් මානව සංහතිය නියෝජනය කරන ආකාරයේ රූප-ශබ්ද එකතුවක් හදන්නටයි. එහෙත් ඒ සඳහා ඔහු ඇතුළු කෝනෙල් සරසවියේ පිරිසට තිබුණේ මාස කිහිපයක කාලයක් හා සීමිත මුදල් ප‍්‍රතිපාදනයක් පමණයි.

ඔවුන්ට උදක් ම ඕනෑ වුණේ ලෝකයේ වැඩිපුර ජන සංඛ්‍යාවක් කථා කරන භාෂා 25කින් මේ තැටියට සුභාශිංසන ලබා ගන්නටයි. ඒ ඉලක්කය ළගා වූ පසු තවත් භාෂා 30කට එය පුළුල් කරනු ලැබුවා. සිංහල භාෂාව එයට එක් වූයේ එලෙසයි.

“මේ තේරීම අප කළේ පිටසක්වල බුද්ධිමත් ජීවීන් සඳහා වූවත් මේ හරහා අපේ ලෝකයේ දැනට ජීවත්ව සිටින මානවයන්ටත් ප‍්‍රබල සංකේතාත්මක පණිවුඩයක් ලැබෙන බව අප හො`දාකාරව දැන සිටියා,” ආචාර්ය සේගාන් ලියා තැබුවා.

එහෙත් භාෂා 55ක සම්මාදම කෙටි කලක් තුළ ලබා ගැනීම ඔවුන්ට ලොකු අභියෝගයක් වුණා. කෝනෙල් සරසවියේ එවකට (1976-77 වකවානුවේ) සිටි ශිෂ්‍යයන්, ඇදුරන් හා ඔවුන්ගේ නෑ හිතමිතුරන් අතරින් ලෝකයේ භාෂා රැසක් කථා කරන පුද්ගලයන් සොයා ගන්නට හැකි වුණා.

‘පිටසක්වලට ඔබේ භාෂාවෙන් ඉතා කෙටි පණිවුඩයක් දෙන්න’ යන පොදු ඉල්ලීමට ප‍්‍රතිචාර ලෙස නොයෙක් දෙනා විවිධාකාරයේ අදහස් ගැබ් වූ කෙටි වාක්‍ය තැටිගත කළා. කිසිදු රජයක, තානාපති කාර්යාලයක හෝ නිල ආයතනයක මැදිහත්වීමක් තිබුණේ නැහැ. අන්තිමේදී විශ්වයට ගිය මානව පණිවුඩ තැටිය නිල නොවන, ශාස්ත‍්‍රීය තේරීමක් වීම ගැන මා ඉතා සතුටු වනවා!

සිංහලෙන් මේ සුභාශිංසනය විශ්වයට යැවීමේ දුර්ලභ අවස්ථාව ලැබුණේ ආචාර්ය කමල් ඩි ආබෲ (Dr Kamal De Abrew) නම් ලාංකිකයාටයි. මෙය සිදු වී ඇත්තේ අහම්බෙන්. මීට වසර කිහිපයකට පෙර ටෙලිවිෂන් වැඩසටහනකට සූදානම් වෙද්දී මෙහි පසුබිම් කථාව මා අසා දැන ගත්තා.

ඒ කාලයේ ඔහු සිය ආචාර්ය උපාධියට කෝනෙල් සරසවියේ පශ්චාත් උපාධි සිසුවෙක්. සේගාන්ගේ පිරිස ඔහුගෙන් ඉල්ලා සිටියා සිංහලෙන් පණිවුඩයක් දෙන ලෙස. ඒ අනුව ඉතා කෙටි එහෙත් අපේ සංස්කෘතිය හරවත් ලෙස නියෝජනය කැරෙන ‘ආයුබෝවන්’ යන වචනය ඔහුගේ හඩින් මේ තැටියට ලබා දුන්නා. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු හැටියට විවිධ සරසවිවල සේවය කර ඇති ආචාර්ය ඩි ආබෲ තවමත් සක‍්‍රීය සරසවි ඇදුරෙක්.

කමල් ඩි ආබෲ එසේ 1977 වසරේ දිනෙක කෝනෙල් සරසවියේදී පැවසූ ‘ආයුබෝවන්’ වචනය අන් සියළු සිංහල වචනවලට වඩා වැඩි කලක් පැවතීමේ ඉඩක් පවතිනවා. මිහිතලය මත කාලගුණ, දේශගුණ, සොබාවික විපත් හා වෙනත් අනපේක්‍ෂිත සිදුවීම් නිසා සහස‍්‍ර ගණනක් යම් දෙයක හෝ යම් භාෂාවක පැවැත්ම ගැන සහතික වන්නට බැහැ. එහෙත් හිස් අභ්‍යවකාශය හරහා අපෙන් ඔබ්බට ඇදී යන (එකිනෙකට වෙනස් දිශාවලට යොමු වී ඇති) වොයෙජර් 1 හා 2 යානාවල ඇති විශ්වයට යැවෙන පණිවුඩයල අපේ වර්ගයාට වැඩි කාලයක් පවතිනු ඇති. විශ්වයේ කිසිවක් සාදාතනික නොවූවත්, සාපේක්‍ෂව තව වසර 40,000ක් හෝ ලක්‍ෂයක් වූවද එය නිරුපද්‍රිතව තිබීමේ සම්භාවිතාව ඉහළයි. ආයුබෝවන් වචනයේ අරුතින් ම ඒ අන්තිම සිංහල වචනය වැඩි ම කලක් රැදී පවතිනු ඇති.

ලෝක නායකයන් අතරින් මේ තැටියේ ලිඛිත පණිවුඩ යවා ඇත්තේ එවකට සිටි අමෙරිකානු ජනාධිපති ජිමී කාටර් සහ එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම් කුර්ට් වෝල්ඩයිම් පමණයි. මෙය දේශපාලකයන් දුරස්ත කරමින්, විද්වතුන්, කලාකරුවන් හා සාමාන්‍ය මිනිසුන්ගේ සාමුහික ප‍්‍රයත්නයක් කළ කාල් සේගාන්ට අපේ ප‍්‍රණාමය!

“අපට ලෙහෙසියෙන් සිතා ගත නොහැකි තරම් ඉදිරි අනාගතයේ දී, එනම් අදින් වසර මිලියන් ගණනක් ගෙවී ගිය පසු අපේ පෘථිවියේ මහාද්වීප වෙනස් වී, ජීවීන් මුළුමනින් පරිනාමය වී හෝ වඳ වී හෝ තිබිය හැකියි. අපේ විවිධ ශිෂ්ඨාචාරයන් ඉදි කළ සියල්ල කාලයාගේ ඇවෑමෙන් දුවිලි බවට පත්වනු ඇති. එහෙත් මේ සියල්ලෙන් දුරස්තව විශ්වයේ යම් තැනෙක 1977දී අප උඩුගුවන් ගත කොට යැවූ වොයෙජර් යානා දෙක අපේ රූප හා හඩ පමණක් නොවෙයි, අපේ සිහින හා පැතුම් ද රැගෙන ගමනේ යෙදෙනු ඇති. යම් දිනෙක මුළු මිහිතලය වෙනුවෙන් විශ්වයේ ඉතිරි වන්නේ එය පමණක් ද විය හැකියි.” ඉතා දාර්ශනික ලෙසින් ආචාර්ය කාල් සේගාන් එසේ කියනවා.

ඇත්තට ම මෙබදු තැටියක් වාදනය කොට අපේ රූප හා ශබ්ද ග‍්‍රහණය කිරීමෙන් අපේ ලෝකය හා එහි විවිධ සභ්‍යත්වයන් ගැන දළ හැගීමක් හෝ ලබන්නට පිටසක්වල ජීවීන්ට හැකි වේද? මෙයට හරි පිළිතුරක් දෙන්න අමාරුයි. පියාඹන පීරිසි ගැන විවිධ ප‍්‍රබන්ධ කථා කෙතරම් ප‍්‍රචලිත වුණත් බුද්ධිමත් පිටසක්වල ජීවයක් ඇති බවට පැහැදිලි සාක්‍ෂි තවමත් අපට ලැබී නැහැ.

විශ්වයේ අප වැනි හෝ අපටත් වඩා දියුණු ජීවීන් වාසය කරන බව අද බහුතරයක් විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. නමුත් විශ්වයේ ලෝක අතර ඇති ඉමහත් දුර ප‍්‍රමාණ නිසා ඔවුන් හා අප අතර සන්නිවේදනය දුෂ්කර කාරියක්.

යම් දිනෙක අපට බෙහෙවින් වෙනස් පිටසක්වල ජීවීන් මේ තැටියට සවන් දුන්නොත් ඔවුන් අපේ ලෝකය හා අපේ වර්ගයා ගැන කුමක් සිතයි ද?

වොයෙජර් තැටියේ අන්තර්ගතය සඳහා බලන්න
http://voyager.jpl.nasa.gov/spacecraft/goldenrec.html

විශ්වයේ අන්තිම සිංහල වචනයට සවන් දෙන්න
http://voyager.jpl.nasa.gov/spacecraft/greetings.html

සිවුමංසල කොලූගැටයා #57: ශ්‍රී ලංකාවට හඳ අහිමි වූ සැටි

සිවුමංසල කොලූගැටයා #55: මෙන්න අපේ ගෙදර හැටි!

This is my weekly Sinhala language column published in Ravaya Sunday newspaper dated 26 Feb 2012. In this, I explore some of the many fascinating insights into how Lankans live and work, as revealed by the Household Income and Expenditure Survey 2009/10 conducted by the Department of Census and Statistics, Sri Lanka. It was based on a large, countrywide sample of 22,500 households and conducted over a 12-month period in 2009-2010.

I am grateful to economist friend Dr Rohan Samarajiva, who first drew my attention to this treasure trove of public data. He has written media articles and blogposts about some findings, including in his Choices column in LBO (see 11 Oct 2011: Poverty: Where should Sri Lanka focus resources? and 17 Oct 2011: Resurgence of Sri Lanka’s North Central Province) and on LIRNEasia blog.

සංඛ්‍යාලේඛන ගැන අපේ ඇතැම් දෙනාගේ ඇත්තේ සැකයක්. විශේෂයෙන් ම නිල සංඛ්‍යාලේඛන නිවැරදි ද නැද්ද යන්න ගැන විටින් විට මෙරට විද්වත් සභාවලත්, මාධ්‍ය හරහාත් විවාද මතු වනවා.

සංඛ්‍යා ලේඛන අංග සම්පූර්ණ නොවූවත් යම් පදනමක් මත පිහිටා කාලීන ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට හොඳ රාමුවක් එමගින් ලැබෙනවා. මෙහිදී සිහි තබා ගත යුතු වැදගත් ම කරුණ නම් විශාල නියැදියක් (සාම්පලයක්) හරහා එකතු කරන දත්ත විශ්ලේශණය කළ විට ලැබෙන සාමාන්‍යයන් (average) හා මධ්‍යන්‍යයන් (medians) අප පෞද්ගලිකව අත්දකින යථාර්ථයට තරමක් වෙනස් විය හැකි බවයි.

එහෙත් අනුමානයන් හෝ ආවේගයන් හෝ යොදාගෙන තර්ක කරනවාට වඩා (අසම්පූර්ණ වූවත්) සංඛ්‍යාලේඛන පදනම් කර ගැනීම වඩාත් පරිපූර්ණ වාදවිවාද හා විග‍්‍රහයන්ට හේතු වන බව කිව යුතුයි. අවාසනාවකට අපේ බොහෝ මාධ්‍යවල හා විද්වත් සභාවලත් මෙය ඇති තරම් සිදු වන්නේ නැහැ.

එමෙන්ම පැරණි වූ තොරතුරු මත පදනම් වී කැරෙන වාද දකින්නට ලැබෙනවා. මෙයට හොඳ උදාහරණයක් නම් මෙරට දුරකථන භාවිතය ගැන අපේ සමහරුන් කියන කථායි. එනම් දුරකථන නාගරික, පොහොසත් අයට සීමා වූ පහසුකමක් බවයි. මෙබදු පිළුණු වූ පදනම් මත තර්ක කරන අයගේ දැනුම එක තැන පල්වන බව හොඳට පෙනෙනවා!

සංඛ්‍යාලේඛනයක නිරවද්‍යතාවය හා විශ්වාසනීයත්වය රදා පවතින්නේ එහි ක‍්‍රමවේදය මතයි. මෙරට වෙනත් ආයතන කෙසේ වෙතත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නම් තවමත් වෘත්තීය විශ්වාසනීයත්වය රැක ගෙන ක‍්‍රියා කරන බව මැදහත් විචාරකයන් හා පර්යේෂකයන්ගේ මතයයි.

2011-12 ජන සංගණනය නිසා අවධානයට ලක්ව තිබෙන මේ දෙපාර්තමේන්තුව, එම ප‍්‍රධාන සංගණනයට අමතරව තවත් සමීක්‍ෂණ රැසක් කරනවා. එයින් එකක් නම් ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයයි. (Household Income and Expenditure Survey). එක්සත් ජාතීන්ගේ සංඛ්‍යලේඛන කාර්යාලයේ උපදෙස් මත 1970 දශකයේ මෙරටට හදුන්වා දෙන ලද මේ සමීක්‍ෂණ මාලාව, සාමාන්‍යයෙන් වසර 5කට වරක් පවත්වනවා. ලැබෙන දත්තවල කාලීන විචලනය (seasonal variations) අවම කර ගන්නට මාස 12ක් පුරා කරනවා.

වඩා ම මෑතදී නිකුත් කළ වාර්තාව 2009-2010 වසරවලට අදාලව සිදු කළ ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයයි. මෙය 2009 ජුලි සිට 2010 ජුනි දක්වා කාලයේ (මන්නාරම, කිලිනොච්චි හා මුලතිවු දිස්ත‍්‍රික්ක තුන හැර) රට පුරා නිවෙස් 22,581ක් සම්බන්ධ කර ගනිමින් සිදු කෙරුණා.

21වන සියවසේ දෙවැනි දශකයට පිවිස සිටින ලක් සමාජය ගෘහස්ත මට්ටමින් දිවි ගැට ගසා ගන්නේ කෙසේ ද? මෙයට තොරතූරු රැසක් මේ සමීක්‍ෂණයෙන් ලැබෙනවා. එය මේ දක්වා නිකුත් වී ඇත්තේ ඉංග‍්‍රීසියෙන් පමණක් වූවත් ඉදිරියේදී සිංහලෙන් හා දෙමළෙන් ද නිකුත් වනු ඇති.

මේ සමීක්‍ෂණයේ සියළු ප‍්‍රතිඵල හසුකර ගන්නට නම් කොලම් ගණනාවක් ලිවිය යුතුයි. අද මා උත්සාහ කරන්නේ එයින් මතු කර දෙන අපේ වත්මන් පාරිභෝගික සමාජයේ පැතිකඩ කිහිපයක් ගැන කෙටියෙන් කථා කරන්නයි. මෙහි ඇතැම් සොයා ගැනීම් අප ඉගියෙන් දැන සිටි දෑ තහවුරු කරන අතර තවත් සොයා ගැනීම් අපේ බහුතරයක් දෙනා සැබෑ යයි සිතා සිටින තත්ත්ව හා ප‍්‍රවණාතවලට එරෙහිව යනවා.

මේ සමීක්‍ෂණයට පසුබිම් වන ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සමාජ ආර්ථික දත්ත ගැන මෙනෙහි කිරීම ප‍්‍රයෝජනවත්. 2009-2010 වන විට මෙරට සමස්ත ජනගහනය මිලියන් 20.3ක් බව ඇස්තමේන්තු කරනු ලැබුවා. පිරිමි මිලියන් 9.7ක් හා ගැහැණු මිලියන් 10.7ක් සිටිනවා. මේ ජනගහනය වාසය කරන නිවෙස් සංඛ්‍යාව මිලියන් 5.1ක්. මෙරට එක් නිවෙසක පදිංචිකරුවන්ගේ සාමාන්‍යය 4ක්. කාන්තාවන් ගෘහමූලිකයා වන නිවෙස් ගණන මෑතදී ඉහළ ගොස් ඇති අතර එය මුළු සංඛ්‍යාවෙන් 23% ක්.

මෙරට නිවෙසක සාමාන්‍ය මාසික ආදායම රු. 36,451 බවත්, එහි සැළකිය යුතු නාගරික, ග‍්‍රාමීය හා වතුකරයේ වෙනස්කම් තිබෙන බවත් සමීක්‍ෂණ ප‍්‍රතිඵලවලින් පෙනෙනවා. එයටත් වඩා ප‍්‍රබලව මතු වන්නේ ඇති නැති පරතරයයි. මෙරට වඩා පොහොසත් නිවාස 20% සමස්ත ආදායමින් සියයට 54.1% ලබන විට දිළිදු ම නිවැසියන් 20% ලබන්නේ සමස්ත ආදායමින් 4.5% පමණයි.

දුප්පත්කම හෙවත් දිළිදුබව ආර්ථික විද්‍යාඥයන් නිර්වචනය කරන ආකාරය ගැන මතභේද තිබෙනවා. ඒවාට විසදුම් සොයනවා වෙනුවට මේ සමීක්‍ෂණයෙන් අප කන බොන සැටි ගැන හෙළිදරවු වන තොරතුරු බලමු.

මෙරට එක් නිවෙසක මාසික වියදමේ සාමාන්‍ය අගය රු. 31,331ක් වූ බව 2009/10 තොරතුරුවලට අනුව මේ සමීක්‍ෂණය ගණනය කර තිබෙනවා. (එයින් පසු ඇති වූ වියදම් මෙයට එක් වී නැහැ.) නිවැසියන් තම එදිනෙදා අවශ්‍යතා සඳහා කරන වියදම් පිළිබඳ තොරතුරු විස්තරාත්මකව මේ සමීක්‍ෂණය අධ්‍යයනය කළා.

ගෙදරක වියදමෙන් ආහාරපාන සඳහා කරන වියදම ප‍්‍රතිශතයක් ලෙස බැලූ විට ඒ ගෙදර ආර්ථික තත්ත්වය ගැන දළ වැටහීමක් ලද හැකියි. උපයන මුදලින් වැඩි ප‍්‍රමාණයක් කෑම බීමට වැය කිරීමට සිදුවීම අද බොහෝ දෙනා මුහුණ දී තිබෙන යථාර්ථයයි. මීට පෙර 2006දී මේ සමීක්‍ෂණය කළ විට මෙරට නිවෙසක් ආහාරපාන සඳහා කළ සාමාන්‍ය වියදම ගෙදර මුළු වියදමින් 37.6%ක් වූ අතර මෙවර එම අගය 42.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. (සමස්ත ආහාරපාන වියදමෙන් 17.3%ක් වැය වන්නේ සහල් මිළට ගැනීමටයි.)

ආහාරපාන නොවන වියදම් සමස්තය 100ක් නම් එයින් 19.1ක් නිවාස (ගෙවල්කුලී හෝ නඩත්තුව) සඳහාත්, 17.0ක් ප‍්‍රවාහන හා සන්නිවේදන සඳහාත් වැය කරනවා. ඉතිරි වියදම් කාණ්ඩ අතර විදුලිය හා ඉන්දන (7.1), අධ්‍යාපනය (5.6), ඇදුම් පැළදුම් (5) බෙහෙත් හා සෞඛ්‍යය (7.9) ප‍්‍රධානයි. සංස්කෘතික අවශ්‍යතා හා විනෝදාස්වාදයට වැය කරන්නේ 2.2% පමණයි. එයට වැඩි ප‍්‍රතිශතයක් 3.7%) දුම්වැටි හා මත්පැන් සඳහා වැය කරනවා!

අධ්‍යාපන වියදම්වලින් වැඩිපුර කොටසක් වෙන් කෙරෙන්නේ ළමයින්ගේ ටියුෂන් ගාස්තු ගෙවීමටයි. ඉන් පසු අභ්‍යාස පොත් හා ලිපිද්‍රව්‍ය ගැනීමටයි. මෙරට නිවෙසක් මාසයකට තැපැල් වියදම් ලෙස සාමාන්‍යයෙන් රු. 4.41ක් වැය කරද්දී (ජංගම හා රැහැන් සහිත) දුරකථන සේවා සඳහා රු. 345.36ක් වැය කරනවා.

ඒ අතර නිවෙසක පොත් සගරා හා පුවත්පත් මිළදී ගන්නට මාසයකට සාමාන්‍යයෙන් රු. 42.63ක් වැය කරන අපේ ඇත්තෝ ලොතරැයි හා ඔට්ටු ඇල්ලීම් සඳහා නම් රු. 50.05ක් වියදම් කරනවා. සිනමා, නාට්‍ය හා වීඩියෝ නැරඹීමට නිවෙසක මාසික වියදම රු. 7.37ක් පමණයි.

මේ සැබෑ අගයන්ගේ වෙනස්කම් වී ඇතත් අනුපාතයන් හැටියට අපේ සමාජයේ වියදම් රටාවන් ගැන හැගීමක් ලබාගන්නට මේ සමීක්‍ෂණයෙන් හැකියාව ලැබෙනවා.

2012 වසර අවසන් වන විට මෙරට හැම නිවසකට ම විදුලිය සැපයීමේ ඉලක්කයක් ප‍්‍රකාශ වී ඇතත්, දැනට (2010) විදුලිය ඇත්තේ නිවාස වලින් 85.3%කට පමණයි. ඉතිරි නිවාස බහුතරයක් (12.8%) භුමිතෙල් කුප්පි ලාම්පුවලින් රාත‍්‍රී එළිය ලබා ගන්නා අතර සූර්ය බලයෙන් එලිය වන නිවෙස් 1.8% ද තිබෙනවා.

ගෙදර ඇති ප‍්‍රධාන බඩු බාහිරාදිය ගැනත් සමීක්‍ෂණය විපරම් කළා. අපේ රටේ නිවාසවල ඇති විදුලි හා විද්යුත් භාණ්ඩ අතරින් ඉතා වැඩි නිවෙස් ගණනක හමුවන භාණ්ඩය නම් ටෙලිවිෂන් යන්ත‍්‍රයයි (80%). රේඩියෝ හෝ කැසට් සහිත රේඩියෝ නිවෙස් 75.4%ක තිබෙන අතර මේ විද්යුත් මාධ්‍ය උපකරණ හිමිකාරත්වයේ නාගරික-ග‍්‍රාමීය වශයෙන් ලොකු වෙනසක් නැහැ. ටෙලිවිෂන් නගර හා ගම් හැම තැනකම ඉතාම පුළුල් ලෙස මෙරට ප‍්‍රචලිත මාධ්‍යය බව නැවත වරක් තහවුරු වනවා.

පොදුවේ ගත් විට මෙරට නිවාස වලින් 70%කම මේ වන විට ටෙලිවිෂනයක්, දුරකථනයක් හා රේඩියෝවක් තිබෙනවා. මේ සන්නිවේදන උපකරණ අනෙක් සියළු උපකරණවලට වඩා වැඩියෙන් ප‍්‍රචලිතවීමෙන් පෙනෙන්නේ තොරතුරු ලැබීමට හා සන්නිවේදනයට ලක් සමාජයේ ඇති නැඹුරුවයි.

සමීක්‍ෂණයට පාත‍්‍ර වූ නිවෙස්වලින් 35.9%ක VCD/DVD යන්ත‍්‍ර තිබූ අතර පරිගණක තිබෙන නිවෙස් ගණන 12.5%ක්. අනෙකුත් විදුලි භාණ්ඩ අතරින් වැඩිපුර ම නිවෙස්වල ඇත්තේ විදුලි පංකා (50.8%) යි. මහන මැෂින් නිවාස 42.7%කත්, ශීතකරණ නිවාසවලින් 39.6%කත් හමු වනවා.

කිසිදු වාහනයක් නැති නිවාස 41.8%ක් තිබෙන මේ රටේ, වැඩිපුර ම ගෙදර හමුවන වාහනය බයිසිකලයයි. එය 39.8%ක් නිවෙස්වල තිබෙනවා. මෝටර් වාහන අතරින් වඩාත් ම ප‍්‍රචලිත මෝටර් බයිසිකල් හා ස්කූටර් (නිවාසවලින් 25.8%ක්) හා ඊළගට ත‍්‍රීරෝද රථ (6.5%ක්) හා කාර් හෝ වෑන් රථ (5.6%ක්) වනවා. බයිසිකල් හා මෝටර් සයිකල් හිමිකාරත්වය ගම්බද වඩාත් පුළුල් වන විට ත‍්‍රීරෝද රථ හිමිකාරිත්වයේ එබදු ගම්-නගර වෙනසක් නැහැ.

බොහෝ භාණ්ඩ හා සේවා පරිභෝජනයේදී දීපව්‍යාප්ත සාමාන්‍ය අගයන්ට වඩා ඉහළින් බස්නාහිර පළාත පවතින බව නැවත වරක් මේ සමීක්‍ෂණයෙන් ද තහවුරු වනවා. එමෙන්ම උතුරු හා නැගෙනහිර පළාත් දිවයිනේ අන් සියළු පළාත්වලට වඩා පිටුපසින් සිටින බව ද පෙනී යනවා. එහෙත් උතුරු මැද පළාත නිර්නායක ගණනාවකින් ම මෑතදී පෙරට පැමිණ තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #54 කුස්සියේ දුම් පටලයෙන් ඔබ්බට…

The ‘gas chamber’ in every home that rarely draws any attention!

In this week’s Ravaya column, I look at indoor air pollution. This is often a neglected environmental and health issue caused mostly by inefficient cooking stoves that burn biomass. This affects mostly housewives and children who are exposed to kitchen smoke from poor ventilation and badly designed stoves.

In India, smoke from firewood use is estimated to cause half a million premature deaths every year. Studies indicate that indoor air can have more damaging impacts that outdoor air pollution in even some of the most polluted cities. People spend as much as 90% of their time indoors.

The numbers for Sri Lanka are not known, but it is wideapread. We look at not only the extent of the problem, but also attempts to reduce it — through a new fuel efficient cooking stove now on the market, and by improving kitchen ventilation. I cite the example of the rural community in Aranayake, off Mawanella, in Sri Lanka’s Kegalle district where Integrated Development Association (IDEA) has introduced a kitchen improvement project.

අප කන සැටි ලිපා දනී!

මේ අප අතර ප‍්‍රචලිත කියමනක්. උග‍්‍ර වන ජීවන වියදමත් සමග නිතර සිහියට එන කථාවක්. මුළුතැන්ගෙයි ලිප හෙවත් උදුන එතරම් ම අපේ එදිනෙදා ජීවිතයට සමීපයි. අප බොහෝ දෙනකු දිනකට එක් ආහාර වේලක්වත් ගෙදර පිස ගන්නවා. ඊට අමතරව වතුර උණු කරන්නට, බෙහෙත් සිඳ ගන්නට නැතුව ම බැරි උදුනල අප නොදැනුවත්ව අපේ සෞඛ්‍යයට හානි කළ හැකියි. අද කථා කරන්නේ ඒ ගැනයි.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ 2009/2010 ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයට අනුව මෙරට නිවෙස්වලින් සියයට 80ක් තවමත් ආහාර පිසීමට ඉන්ධන හැටියට යොදා ගන්නේ දර. (දීපව්‍යාප්ත මට්ටමින් ඉතිරියෙන් සියයට 16ක් LP ගෑස් ද සියයට 2.5ක් භූමිතෙල් ද භාවිත කරනවා. නාගරික ප‍්‍රදේශවල දරවලට වඩා ගෑස් භාවිතයක් තිබෙනවා. වතුකරයේ සියයට 97ක් යොදා ගන්නේ දරයි.) මෙරට ගෘහස්ත ඒකකයක් මාසයකට දර කිලෝ 19.38ක් මිළට ගන්නට රු.104.51ක් වැය කරන බව මේ සමීක්‍ෂණයේ සාමාන්‍ය අගය ලෙස සොයා ගෙන තිබෙනවා. (www.tiny.cc/HIES910)

මේ සංඛ්‍යා දැන් යම් තරමකට වෙනස් වී තිබිය හැකි වුවත් මෙරට බහුතරයක් තවම දර උදුන යොදා ගන්නා බව පැහැදිලියි. ඉන්ධන හා බලශක්ති ගැන කථා කරන විට කාගේත් සිහියට එන්නේ ඛණ්ජතෙල් හා විදුලි බලයයි. එහෙත් මෙරට සමස්ත බලශක්ති භාවිතය සැළකිල්ලට ගත් විට (Primary Energy Supply) සියයට 48ක් ලබා ගනුයේ ජෛව ඉන්ධන (biomass) ප‍්‍රභවයන්ගෙන්. එහි බහුතරයක් ආහාර පිසීමට දර භාවිතය.

මිලියන් 4ක් පමණ නිවෙස්වල සිදුවන විමධ්‍යගත ඉන්ධන භාවිතයක් නිසාත්, එය වැඩිපුර ග‍්‍රාමීය ප‍්‍රවණතාවක් නිසාත් ඒ ගැන පර්යේෂණ හා විමර්ශන සිදුවන්නේ මඳ වශයෙන්. පර්යේෂකයන්ගේ හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය එතරම් යොමු වන්නේ ද නැහැ. මෙරට ජෛව ඉන්ධන නැණවත් ලෙස යොදා ගැනීම ගැන වෙනම කථා කළ යුතුයි. අද අප කථා කරන්නේ ගෙදරදොරේ දර ලිපෙන් ආහාර පිසින විට සිදු වන අභ්‍යන්තර වාත දූෂණය (indoor air pollution) ගැනයි.

වාහන හා කර්මාන්ත ශාලාවලින් පිටවන දුමාරයෙන් ඇති වන වාත දූෂණය ගැන අප මීට පෙර විග‍්‍රහ කළා. එහෙත් එයටත් වඩා සමීප හා අහිතකර බලපෑමක් ඇති කරන්නේ කුස්සියේ උදේ සවස ඇති වන වාත දූෂණයයි.

සාම්ප‍්‍රදායික දර ලිප දියුණු කිරීමකින් තොරව වසර දහස් ගණනක් තිස්සේ  භාවිත වෙනවා. මෙය බොහො දියුණු වන රටවල පවතින තත්ත්වයක්. දර ලිපෙන් කෑම පිසින බිලියන් 3ක් (මිලියන් 3,000 ක්) ලෝකයේ සිටිනවා.

දර ලිප අකාර්යක්‍ෂමයි. එයට යොදන දරවල තාපයෙන් සියයට 90ක් ම අපතේ යනවා. ඒ අතර අසම්පූර්ණ දහනය නිසා හට ගන්නා දුමෙන් විවිධාකාර සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කරනවා. දර දහනයේදී තරමක වාත දූෂණයක් ඇති වීම වළක්වන්නට බැහැ. විදුලිබලය හා ගෑස් තරම් පවිත‍්‍ර හා කාර්යක්‍ෂම දහනයක් දරවලින් ලබා ගන්නටත් අමාරුයි. එසේ වූවත් බහුලව භාවිතයේ ඇති අකාර්යක්‍ම හා දූෂණකාරක උදුන සෑහෙන දුරට දියුණු කළ හැකියි.

පේරාදෙනිය සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම කියන්නේ සෑම දර කිලෝග‍්‍රෑම් එකකින් ම දහනයේදී කාබන් මොනොක්සයිඞ් ග‍්‍රෑම් 370ක් හා විවිධ රසායනික සංයෝග විශාල සංඛ්‍යාවක් පිට වන බවයි. මේ අතර පිළිකා ජනක සංයෝග ද තිබෙනවා. දරවලින් පිසීමේ කිසිදු වරදක් නැතත්, දර උදුන් භාවිතයේදී හැකි තරම් වාතාශ‍්‍රය ලැබෙන තැනක එය කිරීම ඉතා වැදගත් බව ඔහු කියනවා. (මේ අවවාදය දර උදුන්වලට පමණක් නොවෙයි, භූමිතෙල් හා ගෑස් උදුන්වලටත් අදාලයි.)

දර දුමාරයේ බහුලව අඩංගු වන්නේ ප‍්‍රකෘති ඇසට නොපෙනෙන තරම් කුඩා, වාතයේ පාවන අංශුයි (Suspended Particulate Matter හෙවත් SPM). ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා ඇති ආකාරයට මේ අංශු ශරීර ගත වීමේ දිගු කාලීන විපාක ලෙස රෝගී වන හා අකලට මිය යන සංඛ්‍යව ලෝක මට්ටමින් මිලියන් 2ක් පමණ වනවා. දුගී ජනයාගෙ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන ප‍්‍රධාන සාධක 5 අතර දර ලිපේ වාත දූෂණය ද වනවා. බෙහෙවින් ම පීඩාවට පත් වන්නේ කාන්තාවන් හා දරුවන්.

කුස්සියේ වාත දූෂණය වින කරන්නේ පෙනහළුවලට හා ශ්වසන මාර්ගයට පමණක් නොවෙයි. දුම් පිරුණු, හරිහැටි වාතාශ‍්‍රය නැති කුස්සිවල දිග කාලීනව වැඩ කිරීමෙන් ඇසේ සුද ඇතිවීම, හෘදයාබාධ, පෙනහළු පිළිකා ආදිය ද හටගත හැකියි. දරවලින් වැඩි ප‍්‍රමාණයක් අපතේ යාම දිගු කාලීනව දර හිග වීමට හා ඒවා ලබා ගන්නා කැලෑබද ප‍්‍රදේශ වඩ වඩාත් හෙළි කිරීමට ද දායක වනවා. දර කඩා ගැනීමට දවසේ පැය ගණනක් ගත කිරීමට ද ගම්බද කාන්තාවන්ට සිදුවනවා.

මේ සියළු හේතු නිසා වඩාත් අරපිරිමැසුම් දායක හා පිවිතුරු දර උදුනක් සැළසුම් කිරීමේ හා ප‍්‍රවර්ධනය කිරීමේ අභියෝගයක් පවතිනවා. මේ අභියෝගය හදුනාගෙන දශක කිහිපයක් ගත වී ඇතත් ගෘහනියන් අතර පිළිගැනීමට ලක් වන විධියේ දියුණු කළ දර උදුනක් තවමත් වෙළඳපොලට පැමිණ නැහැ.

දර ප‍්‍රමිතිගත කළ හැකි ඉන්දනයක් නොවෙයි. එය සමාජ ආර්ථික සාධක මෙන් ම සංස්කෘතියට හා චර්යා රටාවලට ද බැදී පවතින දෙයක්. ‘දර’ යටතේ ලොකු කුඩා ලී කැබලි, කෝටු, හනසු, පොල්කටු, වේලාගත් ගොම රිටි ඇතුළු විවිධ ජෛවීය ද්‍රව්‍ය දහනය කරනු ලබනවා. දර උදුනක් වැඩි දියුණු කිරීමේදී මේ විවිධාකාර ඉන්ධන සඳහා එය යෝග්‍ය විය යුතුයි. නව නිපැයුම්කරුවන් මේ යථාර්ථය හදුනාගත යුතුයි.

Anagi stove – trying to improve an ancient practice

සාම්ප‍්‍රදායික දර උදුන නිසා වාත දූෂණයට අමතරව රස්නය මුහුණ ඇතුළු ශරීරයට වැදීම, භාජනය හා අවට දැලිවලින් අපිරිසිදු වීම හා පිඹීම අවශ්‍ය වීම වැනි අතුරු ප‍්‍රශ්න ද තිබෙනවා. මේ අවාසි ඉවත්කොට, ඉහළ කාර්යක්‍ෂම බවක් ලබාදෙන දර අරපිරිමසින අතරම දුම අඩු කරන නව දර උදුනක් පසුගියදා මගේ ‘මාලිමා’ ටෙලිවිෂන් වැඩසටහනෙන් දැක ගන්නට ලැබුණා. කලක් තිස්සේ නව නිපැයුම් රැසක් මෙරටට හදුන්වා දී ඇති නිරංජන් වීරකෝන්ගේ නිෂ්පාදනයක් වන මෙය LAKRO වෙළඳ නාමයෙන් දැන් වෙළඳපොලේ අලෙවි කැරෙනවා.

සාම්ප‍්‍රදායික දර උදුනේ දුරවලතා රැසක් මග හරවා ගත් මේ නව උදුන සඳහා අඩියක් පමණ දිගට කපා ගත් දර කැබලි හතරක් අවශ්‍ය වනවා. දර අඩු ප‍්‍රමාණයක් වැය වන, පිඹීමට අවශ්‍ය නැති, මුළුතැන්ගෙය අපිරිසිදු නොකරන හා ක‍්‍රියාකාරීත්වයේ ආරක්‍ෂාව ඇති මේ නව දර උදුන පහසුවෙන් තැන තැන ගෙන යාමටත් හැකියි.

නිරංජන්ට අමතරව මෙරට වඩාත් ප‍්‍රශස්ත දර උදුන් හදුන්වා දීම සිදු කළ අවස්ථා හා උත්සාහයන් ගණනාවක් තිබෙනවා 1970 දශකයේ සිට ප‍්‍රවර්ධනය කළ ‘අනගි’ උදුන රාජ්‍ය අංශයේ ද මැදිහත් වීමක් තිබූ නිපැයුමක්. 2008 වසරේ මා විධායක නිෂ්පාදනය කළ ‘2048 ශ්‍රී ලංකාව’ ටෙලිවිෂන් සංවාද මාලාවේ එක් වැඩසටහනකදී (http://tiny.cc/SLAir) අප වාත දුෂණය ගැන කථා කරද්දීත් එය ඉස්මතු කළා.

මහනුවර කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වන ඒකාබද්ධ සංවර්ධන සංගමය (IDEA) මගින් අනගි හදුන්වා දුන්නා. කෑගල්ල, අරණායක ගම්මානයේ මෙය කර ගෙන යන්නේ ගැමි කාන්තාවන්ගේ ආදායම් තත්ත්වය දියුණු කිරීමට සහය දෙන ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන්.

“මුල් කාලයේදී ගෙවල්වල ළමයින්ට තිබුණු හෙම්බිරිස්සාව වගේ තත්ත්වයන් නිතර බෙහෙත් ගේන්න ගිය තත්ත්වයන් බොහොමයක් දැන් අඩු වෙලා තියෙනවා,” යයි ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ දමයන්ති ගොඩමුල්ල කියනවා.

චිමිනියක් සහිතව හදුන්වා දුන් මෙම ‘අනගි’ උදුනෙන් ආහාර පිසීම කාන්තාවන්ට අලූත් අත්දැකීමක්. සීතා පද්මිණී ගෘහණිය කියන්නේ “ඉස්සර කුස්සිය ඉතින් අපි අඩ අඩා වගේ තමයි උයා ගත්තේ…දැන් ඉතින් දුම ඇතුලට එන්නේ නෑ. චිමිනියෙන් යනවා.”

ඒකාබද්ධ සංවර්ධන මධ්‍යස්ථානයේ ආර් එම් අමරසේකර කියන හැටියට, “දර භාවිතය අඩුවන අතර ම මේ නව උදුන නිසා ඉවීමට ගතවන කාලයත් බාගයකින් පමණ අඩු වනවා. මේ නිසා දුමෙන් බේරීමට මුළුතැන්ගෙයි සිටින අඩු කාලයත් උදවු වනවා.”

ස්වේච්ඡ සංවිධානයක් හැටියට IDEA තමන්ට හැකි පරිදි මේ ප‍්‍රශ්නයට විසදුම් දෙනවා. දිස්ත‍්‍රික් 20ක නියාමක මුළුතැන්ගෙවල් පිහිටුවා මේ සංකල්පය ලක් සමාජයේ ප‍්‍රචලිත කිරීමට ඔවුන් ක‍්‍රියා කරනවා. ගෘහස්ත වාත දූෂණය පිටුදැකීමට නම් වඩාත් කාර්යක්‍ෂම දර උදුන් භාවිතයට ගන්නා අතර මුළුතැන්ගෙයි සැළසුම හරිහැටි නිර්මාණය කර ගැනීමත් වැදගත්. (http://ideasrilanka.org)

“වාහනවල දූෂණය ගැන බොහෝ දෙනා කථා කරනවා. එහෙත් ඒවායේ දූෂණයටත් වඩා දැඩි සේ බලපාන ගෘහස්ත වාත දූෂනයට වැඩිපුර ම මුහුණ දෙන්නේ කාන්තාවන්!” අමරසේකර කියනවා.

මුළුතැන්ගෙයි කාර්යක්‍ෂමතාවයට එහි පිළිවෙලත් බලපානවා. බඩුබාහිරාදිය තබන රාක්ක ආදිය නිවැරදිව ස්ථානගත කිරීම ප‍්‍රයෝජනවත්. උදුන අසල ඇති විවෘත ජනේලයත්, බිත්ති සහ වහළ අතර ඇති ඉඩත් මුළුතැන්ගෙට හොඳ වාතාශ‍්‍රයක් ගෙන එනවා.

පුරාණ කාලයේ ගෘහ සැළසුම්වල දර කුස්සිය තනනු ලැබුවේ ප‍්‍රධාන නිවසට පිටතින්. එහෙත් අද සීමිත ඉඩක නිවාස හදන විට එසේ කිරීම ප‍්‍රායෝගික නැහැ. එහෙත් ගෘහනිර්මාණ ශිල්පීන්ගේ පටන් සැවොම මේ සාධකය සැළකිල්ලට ගත යුතුයි.

“දැන් කාලයේ ගෘහ සැළසුම් කිරීමේදී කුස්සිවලට කුඩා ජනේලයකුත් විසිත්ත කාමරයට විශාල ජනේලත් යොදනවා. මගේ අදහස නම් විශාල ජනේල් අවශ්‍ය කුස්සිවලටයි. කිසි විටෙකත් ජනෙල් වසා ගෙන උදුන් භාවිත නොකළ යුතුයි.” මහාචාර්ය ඉලේපෙරුම අවධාරණය කරනවා.

ගෘහස්ත වාත දූෂණය ගැන බොහෝ සාකච්ඡ සීමා වී ඇත්තේ සිගරට් හා බීඩි දුම් පානය නිසා ඇති වන ද්විතියික දූෂණයට (secondary smoking). කලක් තිස්සේ දැනුවත් කිරීම හා නීති තදකිරීම නිසා දුම්බීමේ ප‍්‍රවණතා යම් තරමකට පාලනය වී ඇතත්, මුළුතැන්ගෙයි නිතර දෙවේලේ සිදු වන හානිකර වාත දූෂණය ගැන සිතන්නේ කීයෙන් කී දෙනා ද?

සිවුමංසල කොලූගැටයා #53: අපේ ම ටෙලිවිෂන් කලාවක් දැන්වත් බිහි කරමු!

The Island)
Doyen of Sri Lankan cartoonists, Wijesoma, saw it all coming (courtesy: The Island)

In this Sinhala language column, published in Ravaya issue of 12 Feb 2012, I look at the state of Television Broadcasting in Sri Lanka. While TV was introduced in urban areas in April 1979, it was on 15 Feb 1982 that countrywide TV broadcasts commenced with national TV channel Rupavahini. A full generation has grown up with TV, but the Lankan TV industry hasn’t yet matured — there is no impartial history, no conservatory for TV programmes, and no proper TV awards festival that covers all 3 languages and various genres of TV. Now that we have 18 terrestrial channels (6 state owned and the rest, privately owned), and many more cable channels, how can we enhance the quality of programming and the industry as a whole? I raise this as someone who has been associated with all the major TV stations in Sri Lanka and has been appearing on TV for 30 years.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සිය විකාශයන් ඇරඹුවේ 1982 පෙබරවාරි 15 වනදා. ඒ නිසා මේ සතියට මෙරට ජාතික ටෙලිවිෂන් සේවය වන රූපවාහිනියට වසර 30ක් පිරෙනවා.

වසර 30ක් මාධ්‍ය ලෝකයේ සැළකිය යුතු කාලයක් වගේ ම පරම්පරාවක පරතරයක් ද වනවා. ශ්‍රී ලංකාවේ පළමුවැනි ටෙලිවිෂන් පරම්පරාව දැන් වැඩිහිටියන් වී ජන සමාජයට පිවිස සිටිනවා. විද්යුත් මාධ්‍යයකට හා සන්නිවේදන තාක්‍ෂණයකට එහා දිවෙන සමාජ ප‍්‍රවාහයක් ලෙස ටෙලිවිෂන් මාධ්‍යය මා දකිනවා. ටෙලිවිෂන් ලක් සමාජයට ඇති කරන බලපෑම ගැන මා විටින් විට කථා කරන්නේ ඒ නිසයි.

ටෙලිවිෂන් ලංකාගමනය හැත්තෑ හතේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිවල එක් ප‍්‍රතිඵලයක්. අපේ ටෙලිවිෂන් කර්මාන්තයේ මුල 1979 අපේ‍්‍රල් මාසයේ ඇරඹි ස්වාධීන ටෙලිවිෂන් සේවයයි (ITN). තනිකර පෞද්ගලික අංශයේ උත්සාහයක් ලෙස එළි දුටු එය, සති කිහිපයක් තුළ රජයට පවරා ගනු ලැබුවා. මුල් යුගයේ ITN සංඥා සීමා වූයේ බස්නාහිර පළාතේ නාගරික ප‍්‍රදේශවලට නිසා රටේ බහුතරයක් සිය මුල් ටෙලිවිෂන් අත්දැකීම ලැබුවේ 1982 පෙබරවාරියේ රූපවාහිනිය ඇරඹීමත් සමගයි. එතෙක් කල් චිත‍්‍රපට හා වීඩියෝ පට නැරඹීමට සීමා වී තිබූ අපේ ඇත්තන්ගේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිම්වලලූ පුළුල් වූයේ ටෙලිවිෂන් නිසයි.

1980 දශකය තුළ ටෙලිවිෂන් මාධ්‍යය ඉක්මනින් මෙරට ප‍්‍රචලිත වුණා. පත්තර, සගරා හා රේඩියෝ යන ජනමාධ්‍ය සමග ළමා අවධිය ගත කළ මගේ පරම්පරාවට ටෙලිවිෂන් නැවුම් අත්දැකීමක් වූවා මෙන් ම ලෝකයට අළුත් කවුලූවක් ද විවර කළා.

ටෙලිවිෂන් මාධ්‍යය මගේ ජීවිතයටත් සමීප වී වසර 30ක් පිරෙනවා. වයස 14 දී මුල්වරට ටෙලිවිෂන් විකාශයක් (ITNහි සෙසමි ස්ටී‍්‍රට්) දුටු මා, රූපවාහිනිය අරඹා දින කිහිපයක් තුළ ප‍්‍රචාරය වූ මෙරට මුල් ම ටෙලිවිෂන් ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන වූ Dulux Do You Know තරගයට සහභාගි වූයේ 16 හැවිරිදි පාසල් සිසුවකු ලෙසයි. එදා ඒ තරගය ජය ගැනීමත් සමග පටන් ගත් මගේ ටෙලිවිෂන් හාදකම අද දක්වාත් පවතිනවා. නව නිපැයුම් හා නව දැනුම ගැන මා මේ වසරේ ඉදිරිපත් කරන ‘මාලිමා’ වැඩසටහන පටිගත කරන්නට රූපවාහිනියට යන විට මුල් යුගයේ සිට එහි සේවය කරන ඇතැම් දෙනා තවමත් හමු වනවා.

එදා මෙදා තුර මෙරට ප‍්‍රමුඛ පෙළේ හැම ටෙලිවිෂන් නාලිකාවක් සමග ම මා සම්බන්ධ වී කි‍්‍රයාකර තිබෙනවා. මේ නිසා අපේ ටෙලිවිෂන් කර්මාන්තය, කලාව හා සංස්කෘතිය ගැන මා විග‍්‍රහ කරන්නේ පිටස්තර ආගන්තුකයකු ලෙස නොවෙයි. මේ මාධ්‍යයන් සමග ම හැදුණු වැඩුණු එහි හිතමිතුරකු හැටියටයි.

අද වන විට නොමිලයේ ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි ටෙලිවිෂන් නාලිකා 18ක් පමණත්, කේබල් සේවා (cable TV) හරහා මුදල් ගෙවා ලබා ගන්නා තවත් නාලිකා ගණනාවකුත් මෙරට තිබෙනවා. එහෙත් මේ සංඛ්‍යාත්මක වර්ධනයට සමාන්තරව ගුණාත්මක දියුණුවක් වී නැති බව පිළිගත යුතුයි. අපේ ටෙලිවිෂන් මාධ්‍යය තවමත් කලාවක් හා කර්මාන්තයක් ලෙස හරිහැටි පරිනත වී නැති බවට ක්‍ෂෙත‍්‍රයේ සිටින සමහරුන් තර්ක කරනවා.

මෙයට එක් ප‍්‍රධාන හේතුවක් නම් ටෙලිවිෂන් ආයතන හා නාලිකා මට්ටමට ඉහළින්, රාජ්‍ය – පෞද්ගලික හිමිකාරත්වයේ බෙදීම ද ඉක්මවා යමින් පොදුවේ කර්මාන්තයක් හැටියට මේ ක්‍ෂෙත‍්‍රය ගැන විධිමත් ලෙස සිතා කිසිවකු ක‍්‍රියා නොකිරීමයි. මෙය රජයකට තනිව කළ හැකි දෙයක් නොවෙයි. ලොව බොහෝ රටවල එය සිදුව ඇත්තේ ටෙලිවිෂන් ක්‍ෂෙත‍්‍රයේ ශිල්පීන්, කළමනාකරුවන් හා හිමිකරුවන්ගේ සාමූහික උත්සාහයෙන්.

• 33 වසරක ටෙලිවිෂන් ඉතිහාසයක් තිබුණත් අපට තවමත් නාලිකා බෙදීම ඉක්මවා යන අපක්‍ෂපාත ටෙලිවිෂන් ඉතිහාසයක් ලේඛනගත වී නැහැ. (ටෙලිවිෂන් මාධ්‍යයේ 25 වසර පිරීම සමරන්නට 2004දී අර්නස්ට් පෝරුතොට පියතුමා සංස්කරණය කළ ග‍්‍රන්ථය ඒ සඳහා ප‍්‍රයෝජනවත් මුල් ප‍්‍රවේශයක්.)

• ටෙලිවිෂන් නාලිකාවල විකාශය වූ විද්යුත් මාධ්‍ය නිර්මාණ ලේඛනාගාර ගත වීමක් අපේ රටේ තවමත් කැරෙන්නේ නැහැ. පුවත්පත් හා සගරා මෙන් ජාතික ලේඛනාගාරයේ තැන්පත් කිරීමක් ද නැහැ. යම් ශිල්පියකු තනි උත්සාහයෙන් තමන්ගේ නිර්මාණ පිටපත් සංරක්‍ෂණය කර නොගතහොත් කලකට පසු ඒවා සොයා ගත නොහැකි වී ජන මතකයෙන් ද ගිලිහී යනවා. (ජාතික සිනමා සංරක්‍ෂණාගාරයක් නැති අපේ රටේ, ටෙලිවිෂන් වැඩසටහන් රැක ගැනීම ගැන කථා කිරීමේ තේරුමක් ඇත් ද?)

• කාටත් පිළිගත හැකි නිර්නායක මත, පුළුල් වූ පරාසයක ටෙලිවිෂන් නිර්මාණ සඳහා අගැයිමී කැරෙන හරිහමන් සම්මාන උළෙලක් ද තවම බිහි වී නැහැ. සුමති හා රයිගම් ටෙලි සම්මාන උළෙල හොඳ උත්සාහයන් වූවත් භාෂා මාධ්‍ය තුනේ ම ප‍්‍රවෘත්ති, කාලීන වැඩසටහන් හා විනෝදාත්මක වැඩසටහන් ආදී හැම ටෙලිවිෂන් අංගයක් ම ඒ සම්මානවලින් නිසි ලෙස ආවරණය නොවීම අඩුවක්.

කොටින් ම කියනවා නම් ටෙලිවිෂන් කලාව හා කර්මාන්තය යනු හුදෙක් සිංහලෙන් ටෙලි නාට්‍ය හා රියැලිටි වැඩසටහන් නිපදවීම පමණක් නොවෙයි. ටෙලිවිෂන් රසවත් හා ගුණවත් ‘හොද්දක්’ වන්නට එයට නිසි පමණින් එක් විය යුතු තවත් ‘කුළුබඩු’ ගණනාවක් තිබෙනවා. ඒ අංගයන්ගෙන් අපේ ටෙලිවිෂන් ක්‍ෂෙත‍්‍රය තවමත් පවතින්නේ ළදරු මට්ටමකයි.

මෙයට හේතුව මුදල් නැති වීමට වඩා දැක්මක් හා පරිකල්පනයක් නොතිබීමයි. ටෙලිවිෂන් කර්මාන්තය පොදුවේ ගත් විට අති විශාල මුදල් ප‍්‍රමාණයක් දැන්වීම් හා අනුග‍්‍රහකයන් වෙතින් එයට ගලා එනවා. එහෙත් මීට පෙරද මා පෙන්වා දී ඇති පරිදී, ටෙලිවිෂන් ගුවන් කාලය පුරවන්නට ඍජුව ම දායක වන ශිල්පීන්ට ගෙවන්නේ හැකියාවට හා ශ‍්‍රමයට සාධාරණ නොවූ ඉතා අඩු ගෙවීමක්.

ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදනයට හා විකාශයට ඉහළ වියදමක් යන බව ඇත්ත වුණත් ඒ ආයෝජනය නිසි ලෙස බෙදී යන්නේ නැහැ. හොඳ වැඩසටහන් නිපදවන්නට, ශිල්පීන්ට නිසි ලෙස පුහුණුව ලබා දෙන්නට මේ රටේ කිසිදු ටෙලිවිෂන් ආයතනයක් තම ආදායමින් සාධාරණ ප‍්‍රතිශතයක් වෙන් කරන්නේ නැති බව මා දන්නවා. කර්මාන්තය හා කලාව එක තැන පල් වන්නේත්, අනුකාරක හා සංකල්ප සොරකම බහුල වන්නේත් මේ නිසයි.

මෙහිදී මට සිහිපත් වන්නේ රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය දෙකේ ම හපන්කම් කළ, රූපවාහිනියේ මුල් ම නිවේදකයා බවට පත් වූ පාලිත පෙරේරාගේ වටිනා අදහසක්. වැඩසටහන් වඩාත් ජනතාවට සමීප හා ප‍්‍රයෝජනවත් වීමට නම් නිෂ්පාදකයන් අළුත් වූත් විවිධාකාර වූත් වැඩසටහන් ආකෘති බිහි කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා. ඔහුගේ ම වචනවලින් කිවහොත් අපේ විද්යුත් මාධ්‍යවලට අළුත් ‘අච්චු’ අවශ්‍යයි. ටෙලිවිෂන් නාලිකා ගණන වැඩි වුණත් ඒවායේ බොහෝ වැඩසටහන් ඒකාකාරී වීමට හේතුව නැවුම් ආකෘති හෙවත් අළුත් ‘අච්චු’ සොයා ගන්නට නිර්මාණාත්මක අත්හදා බැලීම් සිදු නොවීමයි.

මෙරට හෝ විදෙස් රටක හෝ එක් නාලිකාවක ජනප‍්‍රියත්වයට පත් වූ ආකෘතියක් අමු අමුවේ කොපි කිරීම ලෙහෙසියි. එහිදී නව නිර්මාණයක් කිරීමේ අභියෝගය හා අවදානම මතු වන්නේ නැහැ. ඇතැම් නිෂ්පාදකයන්ට අළුත් දෙයක් කිරීමේ ඕනෑකම තිබුණත් එයට අවකාශය හා පහසුකම් ඔවුන්ගේ නාලිකාවලින් ලැබෙන්නේ ද නැහැ. ආප්ප පුච්චන්නා සේ එක ම මාදිලියේ වැඩසටහන් දිගින් දිගට ම අප දකින්නේ ඒ නිසයි.

මෙරට ටෙලිවිෂනයට වසර 25ක් පිරීම සමරන්නට 2004දී කොළඹ මහවැලි කේන්‍ද්‍රයේ පැවති මහජන රැස්වීමකදී මේ සාධනීය යථාර්ථය මා මතු කළ විට එයට දැඩි විරෝධයක් දැක් වූයේ මෙරට ටෙලිවිෂන් පුරෝගාමියෙක්. ‘අත්දැකීම් අඩු’ මා වැන්නන්ට ප‍්‍රශස්ත ටෙලිවිෂන් කලාවක් හා කර්මාන්තයක් ගැන ‘සිහින මැවීම’ ලෙහෙසි වූවත්, ව්‍යාපාරයක් හැටියට ටෙලිවිෂන් විකාශයක් පවත්වා ගෙන යාමේ බැරුම්කම දන්නා ඔහු වැනි අයට මේ ‘අළුත් අච්චු’ ගැන සිතන්නට ඉඩක් නැති බවට ඔහු තර්ක කළා!

ටෙලිවිෂන් ව්‍යාපාරිකයන් සමග මගේ විවාදයක් නැහැ. වාණිජමය, දේශපාලන හා සමාජයීය යථාර්ථයන්ට දිනපතා මුහුණ දෙමින් අපේ රටේ ටෙලිවිෂන් නාලිකාවක් පවත්වාගෙන යාම ලොකු අභියෝගයක්. එහෙත් දිනපතා ගුවන් කාලය පුරවන්නට මොනවා හෝ නිපදවා විකාශය කිරීම නම් තව ටික කලකින් රොබෝවරුන්ටත් කළ හැකි වේවි. (දැනටමත් බොහෝ දුරට ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන FM රේඩියෝ විකාශයන් වෙන රටවල තිබෙනවා.)

හිතන පතන මිනිසුන්ගෙන් ඊට වැඩි දෙයක් ටෙලිවිෂන් කලාවට හා කර්මාන්තයට අප අපේක්‍ෂා කරනවා. එය නොදී හැමදාමත් මේ ගතානුගතික, පරණ පුරුදු ‘අච්චු’ ටිකට ම වැඩසටහන් හදමින් සිටියොත් තව වසර කිහිපයකින් ඉන්ටර්නෙට් හා වෙනත් නව මාධ්‍යයන්වලට ටෙලිවිෂන් පේ‍්‍රක්‍ෂකයන් සංක‍්‍රමණය වේවි.

අපේ ටෙලිවිෂන් කලාව දියුණු නොවීමට තවත් හේතුවක් ලෙස මා දකින්නේ එයට සම්බන්ධ වූ බොහෝ දෙනාට ඒ මාධ්‍යය ගැන ලොකු කැක්කුමක්, ලෙන්ගතුකමක් නොමැති වීමයි. ටෙලිවිෂන් පටන් ගත් මුල් කාලයේ එයට අවශ්‍ය ශිල්පීන් සොයා ගත්තේ රේඩියෝ මාධ්‍යයෙන්. වෘත්තිය ජීවිතයේ වැඩි කලක් රේඩියෝවත් සමග වැඩ කොට එයට ඇලූම් කළ ඔවුන් බහුතරයකට ටෙලිවිෂන් මාධ්‍යයට හරිහැටි හුරු වන්නට හෝ නව මාධ්‍යයට මානසිකව ‘පෙම් බදින්නට’ නොහැකි වුණා.

ටික දෙනෙක් පමණක් ඒ මාධ්‍යයට නිසි ලෙස හැඩ ගැසුණා. පේ‍්‍රමකීර්ති ද අල්විස් හා පාලිත පෙරේරා එයින් දෙදෙනෙක්. එහෙත් වැඩි දෙනෙක් තැත් කළේ රේඩියෝ වැඩසටහන් ටෙලිවිෂන් ගත කොට පෙන්වීමටයි. මුල් යුගයේ අධ්‍යාපනික වැඩසටහන් සියල්ල ම පාහේ පන්ති කාමරයකට ටෙලිවිෂන් කැමරාවක් එල්ල කිරීමට සීමා වූයේ පරිකල්පනයේ හා දැක්මේ අඩුපාඩු නිසයි.

ITN කෙසේ වෙතත් රූපවාහිනියට නම් තාක්‍ෂණයෙන් හා ශිල්ප ඥානයෙන් විශාල පරිත්‍යාගයක් ජපානයෙන් ලැබුණා. නිසි ලෙස ටෙලිවිෂන් දේශීයකරණය කොට අපේ ම ටෙලිවිෂන් කලාවක් බිහි කරන්නට මේ ජපන් තෑග්ගෙන් අපි උපරිම වාසි නොගත් බවයි මා සිතන්නේ.

සිනමාවේ සිට ටෙලිවිෂන් මාධ්‍යයට සම්බන්ධ වූ ටික දෙනකුත් සිටියා. ඒ අතරින් ටයිටස් තොටවත්ත ටෙලිවිෂන් මාධ්‍යය ‘අපේකරණය’ කළ හැටි මා පසුගිය කොලමකින් විග‍්‍රහ කළා (2011 ඔක් 30). අපේ අවාසනාවට ටයි මාමා වැනි අය ඉතා දුර්ලභයි. ටෙලිවිෂන් මාධ්‍යයේ මුල් දශකය තිස්සේ මෙරට සිනමා ශිල්පීන් වැඩි දෙනා නව මාධ්‍යය දෙස බැලූවේ සැකය මුසු සාවඥ බවකින්.

සිනමාව ‘රිදී තිරය’ වන අතර ටෙලිවිෂනය ‘පුංචි තිරය’ වුණා. මේ දෙක ඍජුව සැසදිය නොහැකි, වෙනස් මාධ්‍ය දෙකක්. සිනමාවේ ශිල්පීන් පසු කලෙක වාණිජමය හේතූන් නිසා ටිකෙන් ටික ටෙලිවිෂන් කර්මාන්තයට සමීප වූවත් ඔවුන් වැඩි දෙනකු ආකල්පමය වශයෙන් ටෙලිවිෂනය තවමත් දකින්නේ චූල මාධ්‍යයක් හැටියටයි. මේ චූල මාධ්‍ය – මහා මාධ්‍ය බෙදීම නිසා සිනමාවෙන් එන අය ටෙලිවිෂනයේ එලිපත්තෙන් ඇතුළට ප‍්‍රවේශ වන්නේ නැහැ. ආවත් හැසිරෙන්නේ ආගන්තුකයන් හැටියට.

‘බඩ වියත සොයා ගන්නට ටෙලිවිෂන් වැඩ කළත් කවදා හරි යළිත් සිනමාවට යාමේ අදහස ඇති බව’ එබදු ඇතැම් ශිල්පීන් කියනවා. එහි වරදක් නැතත් එවැනි අය අතින් මෙරට ටෙලිවිෂන් කලාව හෝ කර්මාන්තය දිගුකාලීනව දියුණු වන්නේ නැහැ.

ටෙලිවිෂන් යනු ලෝකය දකින්නට, දැනුම් සයුරේ සැරිසරන්නට අපට තිබෙන මැජික් පලසක්. මේ මැජික් විභවය ගැන නොදැන අප බොහෝ දෙනා ටෙලිවිෂන් පලස යොදා ගෙන ඇත්තේ දෙපා පිස දමන්නට පමණයි! මේ පලස මත නැගී විශ්වය පුරා ගමන් කරන්නට හැකියි. අපි දැන්වත් ටෙලිවිෂනයේ මැජික් බලයෙන් වැඩ ගනිමු ද?

සිවුමංසල කොලූගැටයා #52: කොලූගැටයා දෙවැනි වසරට පිවිසෙයි!

Nalaka G at a giant digital clock in Tokyo: Wandering everywhere with a sense of wonder...

This is the Sinhala text of my weekly column published in Ravaya newspaper for 5 February 2012. Here, I look back at one year of weekly columns and reflect on some reader feedback and their participation in my efforts to make sense of the world in turmoil that is all around me. I say ‘Thank You’ to the few writer friends and public intellectuals who have advised and guided me. I reaffirm my commitment to keep asking questions, connecting dots and following my own simple language style with none of the intellectual pretensions common in Sinhala newspaper writing.

‘සිවු මංසල කොලූ ගැටයා’කොලම ඇරඹුණේ 2011 පෙබරවාරි මුලදී. දෙවැනි වසරට පිවිසෙන මේ මොහොතේ මඳකට ආපසු හැරී බලන්නට කල්පනා කළා.

අවුරුද්දක් යනු මහ කාලයක් නොවෙයි. ඉන්දියාවේ කුෂ්වාන්ත් සිං වැනි ප‍්‍රවීණ ලේඛකයෝ දශක ගණනාවක් නොකඩවා සතිපතා කොලම් ලියමින් සිටිනවා. පුවත්පතක වෙනත් විශේෂාංගවලට වඩා කොලමක් (හෙවත් තීරු ලිපියක්) වෙනස් වන්නේ එම ලේඛකයාගේ දැක්ම හා පෞරුෂත්වය මතු කිරීමට අවකාශ ඇති නිසායි.

කොලමක් ලිවීමේ ආශාව කලක් තිස්සේ මගේ සිතේ තිබුණත් එයට අවස්ථාව ලැබුණේ රාවයෙන් ලැබුණු ඇරැයුමත් සමගයි. 1990 ගණන්වල ජපන් පාරිසරික සගරාවකට මා දෙවසරක් තිස්සේ මාසික කොලමක් ලිව්වා. එහෙත් ඉංග‍්‍රීසියෙන් මා ලියූ කොලම් ඔවුන් ජපන් බසින් පළ කළ නිසා පාඨකයන් සමග ඍජු සබඳතාවක් ගොඩ නගා ගත නොහැකි වුණා.

කොලමකට ලැබිය හැකි හොඳම දිරිගැන්වීම නම් එය නිතිපතා කියවන හා විටින් විට ප‍්‍රතිචාර දක්වන ලෙන්ගතු පාඨක පිරිසක් සිටීමයි. මගේ කොලම කියවන පාඨකයන්ගෙන් ඇතැම් දෙනෙක් මට ඊමේල් මගින් ප‍්‍රතිචාර දක්වනවා. තවත් සමහරුන් විවිධ විද්වත් සභාවල හා සමාජශීලී අවස්ථාවල මුණ ගැසී කථා කරනවා. මේ ප‍්‍රතිචාර මට ඉතා ප‍්‍රයෝජනවත්. එයින් සමහරක් මගේ කොලම් සඳහා නිමිති බවට ද පත් වුණා. එමෙන් ම මා නොදැන සිටි හා නොදුටු පැතිකඩ වෙතට මා යොමු කළා. මේ සියල්ලන්ට ම බොහොම ස්තුතියි!

පොදු උන්නතියට කැප වුණු විද්වතුන් හිඟ වූ අපේ රටේ සිටින එබඳු කිහිප දෙනෙකු මට තොරතුරු, උපදෙස් හා දිරි ගැන්වීම් ලබා දෙනවා. මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය ජානක රත්නසිරි, ආචාර්ය තිලක් සියඹලාපිටිය, වෛද්‍ය වින්යා ආරියරත්න, ආචාර්ය කාවන් රත්නතුංග හා මහාචාර්ය කපිල දහනායක ඔවුන් අතර සිටිනවා. නිල තනතුරු දරණ නිසා නමින් උපුටා දැක්විය නොහැකි එහෙත් තොරතුරු ලබා දීමෙන් උපකාර වූ විද්වතුන් ටික දෙනෙකු ද මේ වසර පුරා අනුග‍්‍රහය දැක් වූවා. මෙකී නොකී හැම දෙනාටමත් බොහොම ස්තුතියි.

මගේ භාෂා ශෛලියට ආභාෂය ලැබුවේ මුල් යුගයේ මට මහත් සේ අතහිත දුන් ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී හා ගත්කතුවර ගුණදාස ලියනගේ සූරීන්ගෙන්ග ඔහු අනුව යමින් මා උත්සාහ කරන්නේ හැකි තාක් සරලවල නිරවුල්ව හා ඍජුව ලියන්නයිග මගේ බස් වහරේ ව්‍යංගාර්ථ නැහැග ද්විත්ව ඍණ භාවිතයන් (‘නොකියා බැරි’ ආදී) හෝ සංකීර්ණ වචන හරඹයන් හෝ කරන්නට මා දන්නේ නැහැ.

මගේ ප‍්‍රවේශය උද්‍යොගශීලීයිග කුතුහලය මුල් කර ගෙන මා සොයා ගන්නා දේ මා විවෘතව ලියනවා. එහිදී මට හමු වුණු අය, මා අත් විදි දේ මෙන් ම මට කියවන්නට හෝ දකින්නට ලැබුණු රසවත් හා හරබර කරුණු එයට පාදක කර ගන්නවා.

උත්තම පුරුෂ ඒක වචනයෙන් ලියන්නට මා එදත් අදත් කැමතියි. අද නව මාධ්‍ය භාවිතයේ වඩාත් මතු ව එන්නේත් එසේ තමන් කේන්‍ද්‍ර කර ගත් හෘදයංගම සන්නිවේදනයයි. මට හිතෙන දේ හා මා කළ කී දේ ගැන ලියන විට කොහේවත් සිටින ‘ලියුම්කරුවකු’ පිටුපස සැගවීමට ඕනෑ නැහැ.

දශක දෙකකට වැඩි කාලයක් විද්‍යා ලේඛනයේ ආධුනිකත්වයක් මා ගත කළේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ සෙවනේයිග ඔහු නිතර ප‍්‍රගුණ කළ උපදෙසක් වූයේ ‘We write to express, not to impress’ යන්නයි. ඒ කියන්නෙ අප ලිවිය යුත්තේ අදහස් පළ කිරීමට මිස අපේ පණ්ඩිතකම පෙන්වීමට නොවෙයි. රටට පෙන්වීමට කිසිදු පණ්ඩිතකමක් හෝ පුම්බන්නට ප‍්‍රතිරූපයක් හෝ මට නැහැ. ඒ නිසා සැහැල්ලූවෙන්, උද්‍යොගයෙන් කාලීන ප‍්‍රශ්න විග‍්‍රහ කරන්නටත්, නිරවුල් හා නිවැරදි තොරතුරු සොයා යන්නටත් මට ඉඩ තිබෙනවා.

පොතෙන් උගත් මගේ ඇතැම් මිතුරන්ගේ එක් ප‍්‍රතිචාරයක් වන්නේ මා ලියන දේ සරල වැඩි බවයි. හැමට තේරෙන මිත‍්‍රශීලී බසකින් ලිවීමෙන් මගේ ‘තත්ත්වය හෑල්ලූ විය හැකි’ බවත්, ඉඳහිට හෝ පණ්ඩිත වචන හා බරපතල සංකල්ප යොදා ගැනීම නුවණට හුරු බවත් එක් අයකු මට අවංකව ම අවවාද කළා.

අපොයි දෙයියනේ!

‘කොලූ ගැටයා’ හරහා මා නිතිපතා සිංහල ලේඛනයට ආපසු ආවේ විසි වසරක ස්වයං පිටුවහල්වීමකින් (self-exile) පසුවයි. ඒ කාලය පුරා මා විද්‍යා සන්නිවේදනයේ යෙදුණේ ඉංග‍්‍රීසි බසින්. අවභාවිතය නිසා මලකඩ බැදුණු මගේ සිංහලය නැවත පණ ගන්වන්නට සමකාලීන හා ජ්‍යෙෂ්ඨ විද්‍යා ලේඛක මිතුරන් කිහිප දෙනකු මහත් සේ උදවු කළා. එස් එම් බන්දුසීලල අසෝක ඩයස් හා චානුක වත්තේගම එදත් අදත් මගේ සුහද විචාරකයෝ. ඔවුන්ගෙන් උපදෙස් ගන්නා අතර මට ආවේණික බස හැසිරවීමක් මා කරනවා.

එහි ඇතැම් තැන් විවාදාත්මකයි. උදාහරණ හැටියට මා සිංහලෙන් යොදන්නේ රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන ඉංග‍්‍රීසි වචනමයි. ඉන්ටර්නෙට් ගැන මෙලෝ හසරක් නොදත් සිංහල පණ්ඩිතයකු අතින් නිම වුණු ‘අන්තර්ජාලය’ වැරදි යෙදුමක්. ඉන්ටර්නෙට් යනු ජාල රැසකින් සමන්විත සුපිරි ජාලයක් මිස ජාල අතර (අන්තර්) අවකාශයක් නොවෙයි!

රේඩියෝ හා ටෙලිවිෂන් වචන මා යොදන්නේ පොදුවේ එකී විද්යුත් මාධ්‍යයන් ගැන කථා කරන විට කිසිදු එක් මාධ්‍ය ආයතනයකට හෝ නාලිකාවකට පක්‍ෂග‍්‍රාහී නොවීමටයි. ‘ගුවන් විදුලිය’ හා ‘රූපවාහිනිය’ යන වචන ටොරින්ටනයේ ලැගුම් ගත් රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකට අදාල වෙළඳනාම (brands) බවට පත් වී තිබෙන බව බොහෝ පාඨකයන්ගේ අවබෝධයයි. ඒ නිසා තව දුරටත් ඒවා එකී විද්යුත් මාධ්‍ය ක්‍ෂෙත‍්‍ර හැදින්වීමට යොදා ගැනීම නොමග යන සුළුයි.

මගේ ඇතැම් කොලම් හරහා යම් පුද්ගලයන්, ආයතන හෝ සංකල්ප හුවා දක්වන බවත්, ඒවා ගැන මා මහත් පැහැදීමෙන් කථා කරන බවත් ඇත්තයි. පිදිය යුත්තාට පිදීමේ වරදක් නැහැ. එහෙත් කිසිවක් හෝ කිසිවකු හෝ ගැන අන්ධ භක්තියක් ද මා තුළ නැහැ. ඇතැම් විටක හාස්‍යය හා උපහාසය කැටි කළත් කිසි විටෙක පුද්ගලයන්ට හෝ ආයතනවලට හෝ අපහාස කරන්නට මට ඕනකමක් නැහැ.

එහෙත් මා විටින් විට සියුම්ව එල්ල කරන ටිකිරි ටොකු පාරවල් ඇතැම් අධිපතිවාදීන්ට හා වැඩවසම්වාදී උගතුන්ට රිදවන බව සමහර ප‍්‍රතිචාරවලින් පෙනෙනවාග එවැනි අවස්ථාවල කියන්නට ඇත්තේ: තොප්පිය හරි යනවා නම් ඉතින් දා ගන්න!

‘කොලූ ගැටයා’ අවිහිංසක හා නිර්ව්‍යාජ ලෙස ප‍්‍රශ්න මතු කරන්නට කවදත් කැමතියි. එසේ අසන්නේ ගාම්භීර හෝ සංකීර්ණ බුද්ධිමය සංවාද නොතේරෙන නිසයි. 1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකයන්හි හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට තිබෙන අත්දැකීම්, රුචි අරුචිකම් මගේ මාතෘකාවලට හේතු පාදක වනවා. නව යොවුන් වියේ ටෙලිවිෂන් මුල්වරට දුටු අප, ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වල ලංකාගමනය සිදු වන විට වයස විසි ගණන්වලට පිවිස සිටියා.

මේ නිසා අද පවතින තොරතුරු සමාජයට අප සංක‍්‍රමණිකයෝ. ඉංග‍්‍රීසියෙන් Digital Immigrants යැයි කියනවා. ඩිජිටල් අරුතින් ‘රට ගිය ඇත්තන්’ වන මා වැනි අයට ඇත්තේ දෙමුහුන් දැක්මක්. එහෙත් අපේ දරුවන්ට මේවා උපන්දා සිට ම හුරු පුරුදුයි. ඒ නිසා ඔවුන්ට Digital Natives යැයි කිව හැකියි. ඩිජිටල් ආගමනයට පෙර හා පසු ලක් සමාජය පිළිබඳව සංසන්දනාත්මකව දකින අතර, යටගිය දවස ගැන අධිතක්සේරුවක එල්බ නොසිටීමට මා උත්සාහ කරනවා.

ඉඳහිට මට ලැබෙන ප‍්‍රශ්නයක් වන්නේ මගේ මූලික මතවාද රාමුව කුමක්ද යන්නයි. එය මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, ජාතිකවාදය, හේතුවාදය හෝ වෙනත් වාදයක් ද? ඇත්තට ම මට ප‍්‍රවර්ධනය කරන්නට මතවාදයක් නැහැ.

මට තනිව පිළිතුරු සොයා ගත නොහැකි තරමේ ප‍්‍රශ්න කන්දරාවක් ඇසීම කවදත් මගේ සිරිතයි. ඒවාට පිළිතුරු සොයා මා පර්යේෂකයන්, වෘත්තිකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන්, කලාකරුවන් හා අන් අය සමග බොහෝ සේ කථාබහ කරනවා. ඔවුන්ගේ වියත් සභා සහ සමාජ අරගල අවස්ථාවන්ට නිරීක්‍ෂකයකු ලෙස සහභාගි වනවා. කිසිදු සමිතියක, සමාගමක, විද්වත් සමූහයක මා නිල සාමාජිකයකු නොවෙයි. ඔවුන් තර්කානුකූලව පොදු උන්නතියට දායක වන විට මා ඔවුන් සමගයි. එහෙත් ඔවුන් සංඛ්‍යා ලේඛන හා විද්‍යාත්මක විශ්ලේෂණ පසෙක තබා ආවේගශීලී වන විට මා අවස්ථානුරූපී ලෙස ඔවුන් විවේචනය කරනවා.

විද්‍යාව, තාක්‍ෂණය හා පරිසර සංරක්‍ෂණ ක්‍ෂෙත‍්‍රවල මගේ සහෘදයන්ට ඇතැම් විට දිරවා ගන්නට බැරි වන්නේත් මේ විචාරශීලී ගුණයයි. ඉංග‍්‍රීසියෙන් මා හදුන්වා ගන්නේ critical cheerleader කියායි. එය ‘විචාරශීලීව දිරි ගන්වන්නකු’ ලෙස සිංහලට පෙරැළිය හැකියි.

මාධ්‍ය හරහා අද අවශ්‍ය තරම් සිදු නොවන්නනේත් මේ ටිකයි. තමන්ගේ ගුරුවරුන්, ජ්‍යෙෂ්ඨයන්, වෘත්තීය දැවැන්තයන් නැතහොත් වෙනත් සමාජ නාමධාරීන් පදනම් සහිතව විවේචනය කළ නොහැකි ඇයි? එසේ නොකරන මාධ්‍ය කලාවක හා වෙළඳ ප‍්‍රචාරණයක ඇති වෙනස කුමක් ද?

සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

A message from your friendly producers…?

Please turn off your brain cells!

Is this the message that should be displayed at the entrance of some media and public institutions in Sri Lanka? In this latest Sunday column, appearing in Ravaya newspaper of 29 January 2012, I make a tongue-in-cheek suggestion for doing so. This is entirely justified given how much of superstition, half-baked stories and mind-rotting nonsense that a gullible public seems to lap up with little critical examination.

This week I continue what I started last week discussing challenges faced by rationalists in today’s Sri Lanka, a land under siege by dogma, charlatans and religious fanatics all of who operate with impunity, claiming ‘sacred cow’ status under various labels of religion, indigenous knowledge or national heritage.

Once again I pay tribute to the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. Kovoor’s successors today have more communications tools and platforms than ever before, but find that charlatans have mastered many of them for hoodwinking the public…

Media publishers and broadcasters turn a blind eye to such practices as these represent a steady income source. I touched on this aspect in a blog post in Nov 2008: Meet the new Pied Pipers of our Global Village: the Media!

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

“ඔබේ ජංගම දුරකථන අක‍්‍රීය/නිහඩ කරන්න!”

මෙය චිත‍්‍රපට හා රංග ශාලා හැම තැනක ම කැරෙන සාධාරණ ඉල්ලීමක්. අපේ රටේ තවත් සමහර තැන්වලට ඇතුළු වන දොරටුවේ මෙබදු අවවාදයක් ප‍්‍රදර්ශනය කළ යුතු යයි මා සිතනවා: “ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!”

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?

ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න සූරීන් (1944 – 2011) මෑතදී වියෝවන තුරු නිතර මතු කළ ප‍්‍රශ්නයක් වූයේත් එයයි. මේ තේමාවට අප යළි පිවිසෙන්නේ එය ලක් සමාජයේ බහුලව දැකිය හැකි, එහෙත් විවෘතව සාකච්ඡ නොකැරෙන පැතිකඩක් නිසායි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යැයි හැඟීමක් ඇතැම් දෙනා තුළ තිබෙනවා. ඇත්තට ම හේතුවාදීන් කරන්නේ ආගමික දේශනා හා ඇදහීම්වලට ද හේතුවාදී ක‍්‍ර‍්‍රමවේදය යොදා ගනිමින් ඒවා විචාරශීලි ලෙස සාකච්ඡුා කිරීමයි. එබඳු අවස්ථාවල ආධානග‍්‍රාහය (dogma) මත එල්බ ගෙන, අන්ධ භක්තියෙන් ආගම්වල ඉගැන්වීම් අදහන අය අභියෝගයට ලක් වනවා. නමුත් අන් හැම ශාස්ත‍්‍රයක් මෙන් ම ආගම් ද විචාරශීලි සාකච්ඡවට විවෘත විය යුතු බව හේතුවාදීන්ගේ තර්කයයි.

හේතුවාදී සංගමයේ ආරම්භක ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් නිතර උපුටා දැක් වූ උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

සරල උදාහරණයක් ගනිමු. ආවේශ වූ කනප්පු මඟින් හොරු ඇල්ලීම තවමත් විටින් විට අපේ රටේ වාර්තා වනවා. 2010දී ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති හරහා ධර්මපාල සේනාරත්න මේ වැඬේ මුළුමනින් ම ප‍්‍රතික්‍ෂෙප කළා. අප‍්‍රාණික ලී බඩුවකට විඥානයක් හෝ තනිව චලනය වීමේ කිසිදු හැකියාවක් හෝ නැති බවත්, මෙබඳු අවස්ථාවල එය චලනය වන දිශාව, වේගය ආදී සියල්ල තීරණය කරන්නේ කනප්පුවට අත තබා ගෙන සිටින අය බවත් කියා සිටි ඔහු කියා සිටියා.

‘කනප්පුවකට හොරු අල්ලන්න හෝ තනියම චලනය වන්නට බැහැ. මේ කථාව ඇත්ත නම් අපේ රටේ පොලිස් අපරාධ පරීක්‍ෂණවලට කනප්පු යොදා ගන්න පුළුවන්නේ’ ඔහු තර්ක කළා. ‘එහෙම කනප්පුවක් තනිව ම ගමන් කරලා පෙන්නුවොත් මම රුපියල් ලක්ෂයක් දෙනවා!’ ඔහු ප‍්‍රසිද්ධ අභියෝගයක් ද කළා.

මෙය අපට සිහිපත් කළේ 1960 දශකයේ කොවූර් නිකුත් කළ අභියෝගයයි. ප‍්‍රයෝගවලින් තොරව (fraud-proof), විවෘත ස්ථානයක දී මහජනයා ඉදිරියේ විශ්වාස කටයුතු (foolproof) විධියට ඕනෑ ම අද්භුත සංසිද්ධියක් සිදු කළ හැකි නම් (සහ එය ගවේෂණයට ඉඩ දෙන්නේ නම් එවකට මුදලින් රුපියල් ලක්ෂයක් දෙන බවට ඔහු 1963දී නිකුත් කළ අභියෝගය, 1978 ඔහු මිය යන තුරු ම කිසිවකු භාර ගත්තේ නැහැ!

කොවූර් හා කාලෝ ෆොන්සේකා වැනි පුරෝගාමී හේතුවාදීන්ගේ විද්‍යාත්මක පදනමට ධර්මපාල නීතිමය විග‍්‍රහයක් ද එකතු කළා. “ඕනෑ ම කෙනෙකුට තනිව ඕනෑ ම විශ්වාසයක එල්බ ගෙන සිටීමේ නිදහස තිබෙනවා. එහෙත් බොරු පොරොන්දු හා මුලා කිරීම් පදනම් කර ගෙන අනෙක් අය රවටා මුදල් අය කිරීමට ඉඩක් නැහැ. එය නීති විරෝධීයි. එය ප්‍රෝඩාව නැතහොත් වංචාව හැටියට සළකා සිවිල් හා අපරාධ නීති යටතේ ක‍්‍රියා කළ හැකියි!”

එහෙත් විශ්වාස හා ඇදහිලි මත පදනම් වු වංචනික ක‍්‍රියා කෙතරම් අප සමාජයේ එළිපිට සිදු කැරෙනවා ද? විභාග ජය, රැකියා ජය, විවාහයන් හා ව්‍යාපාර සාර්ථකත්වය වැනි විවිධාකාර ජීවන අභියෝගවලට උපකාර ලබා දෙන බවට පොරොන්දු වන දැන්වීම් ඉරිදා පුවත්පත්වලත්, ඇතැම් ටෙලිවිෂන් නාලිකා තීරයේ පහළිනුත් ප‍්‍රසිද්ධියේ පළ කරනවා. ඊටත් එහා යන ප‍්‍රබල ගුරුකම්, අණවින හා කොඩිවින ද තිබෙනවා. මේවායේ සේවය ලබා ගන්නට විශාල වශයෙන් මුදල් ගෙවන බොහෝ දෙනෙකු සිටියත්, ඒ ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

මහජන උන්නතිය සඳහා කැප වීමේ සදාචාරාත්මක වගකීමක් තිබෙන මාධ්‍ය ආයතන හිමිකරුවන්, පරිපාලකයින් හා කතුවරුන් ද තමන්ට විශාල වශයෙන් දැන්වීම් ආදායම් උපදවා දෙන මේ පොරොන්දු හා මවා පෑම් ගැන ප‍්‍රශ්න කිරීමෙන් වළකිනවා. ඉඳහිට විචාරශීලි මාධ්‍යවේදියෙකු නැතහොත් බුද්ධිමතකු මේ ඇදහිලි හා විශ්වාස ගැන ගවේෂණාත්මකව යමක් ලිව්වොත්, එය පළ කරවා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දෙනවා.

“හේතුවාදී විමර්ශන” නමැති කාලීන සංවාද රැගත් ටෙලිවිෂන් වැඩසටහන් මාලාවක් මීට දෙවසරකට පෙර ඇරඹුණත් එය මාස කිහිපයක් තුළ නතර වුණා. එබන්දක් කර ගෙන යාමේදි මතු වන ප‍්‍රතිරෝධයට අමතරව අද සමාජයේ මෙබඳු මාතෘකා ගැන මැදහත්ව හා විචාරශීලිව කථා කරන්නට නිර්භය බුද්ධිමතුන් සොයා ගැනීමත් ප‍්‍රශ්නයක් වෙලා.

පොදු උන්නතිය හා රටේ සම්පත් රැක ගැනීම පිණිස තම විශේෂඥ දැනුම පසුබිම් කර ගෙන කාලීන මාතෘකා ගැන ප‍්‍රසිද්ධ සභාවල හෝ මාධ්‍ය හරහා හෝ විවෘතව අදහස් දක්වන විද්වතුන් (public intellectuals) අපට සිටින්නේ සීමිත සංඛ්‍යාවක්. බහුතරයක් උගතුන් නිහඩව පසෙකට වී බලා සිටිනවා. ටික දෙනෙක් පෞද්ගලිකව විවේචන කළත් ප‍්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැහැ. සමහරු වැල යන අතට මැස්ස ගසමින් තමන්ගේ දැනුම ඉහළ ම ඉල්ලූමට අලෙවි කරනවා.

ධර්මපාලගේ වඩාත් නිර්දය විවේචනය එල්ල වූයේ ජන සමාජයේ අන්ධ විශ්වාස හා ඇදහිලි තවත් තීව‍්‍ර කරමින් ඒවායෙන් බඩ වඩා ගන්නා විද්වතුන් වෙතටයි. විද්‍යා විෂය ක්‍ෂෙත‍්‍රයන්හි ඉහළට උගෙන, නිසි මාර්ගයේ ගොස් ආචාර්ය උපාධි ලබා ගත් (සම්මාන උපාධි නොවේ!) සමහර විද්‍යාඥයන්, පසු කලෙක තම උගත්කමට අදාළ නොවු අද්භුත ක්‍ෂෙත‍්‍රවල නියැලෙන සැටි අප දන්නවා.

වායුගෝලීය භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, තාරකා විද්‍යාව හෝ භූ විද්‍යාව ප‍්‍රගුණ කළ විද්‍යාඥයෝ තම ක්‍ෂෙත‍්‍රයට අමතරව මෝහනය, පුනර්භවය, ජ්‍යෙතිෂය ගැන විශේෂඥයන් ලෙස ප‍්‍රතිරූප තනා ගන්නවා. (ඔවුන් එම ක්‍ෂෙත‍්‍ර විචාරශීලිව ගවේෂණය කරනවා වෙනුවට ඒවායේ පවතින අධිපතිවාදයෙන් ප‍්‍රයෝජන ලබනවා.) අධිපතිවාදයට හා අන්ධ විශ්වාසවලට ඉඩක් නොමැති විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ එක් පයක් තබා ගෙන, අද්භුතවාද පෙරටු කර ගත් ඇදහිලිවල අනෙක් පය තබා ගෙන දෙබිඩි චරිත නිරූපණය කරන මේ “බුද්ධිමතුන්” ගැන ධර්මපාල කථා කළේ කලකිරීමෙන්.

“මේ වැනි විද්‍යා උගතුන් අන්ධ භක්තිය හා අවිචාරශීලි ඇදහිලිවලට ප‍්‍රසිද්ධියේ ආවඩන විට සාමාන්‍ය මහජනයා නොමඟ යනවා. විද්‍යාත්මක චින්තනය වඩාත් අවශ්‍ය අද වැනි කාලයක, කියන ඕනෑ දෙයක් ගෙඩි පිටින් පිළිගෙන ඇදහීමේ භයානක පුරුද්දට ජන සමාජය යොමු වනවා!” ඔහු අනතුරු ඇඟවුවා.

ශ්‍රී ලංකා හේතුවාදී ව්‍යාපාරය හා එහි නොනිමි සමාජ වගකීම් සමුදාය ගැන මා 2012 ජනවාරි 13 වනදා groundviews.org මාධ්‍ය වෙඞ් අඩවියට ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියුවා. දින කිහිපයක් ඇතුළත එයට පාඨක ප‍්‍රතිචාර 70කට වඩා ලැබුණත් ඒවාගෙන් බහුතරයක් සනාථ කරන්නේත් එම ලිපියෙන් හා මෙම කොලමින් මා මතු කරන තර්කයයි. එනම් විචාරශීලී ලෙස යමක් විග‍්‍රහ කිරීමට හා බුද්ධිගෝචරව සිතා බැලීමට හැකියාව ඇති පිරිස අපේ සමාජයේ සීමිත බවයි.

මගේ ලිපියට ලැබී ඇති එක් පාඨක ප‍්‍රතිචාරයක් ලියන විද්‍යාඥ ආචාර්ය යූ. පෙතියාගොඩ කියන්නේ ඉරිදාට පළ වන සිංහල පුවත්පත් බහුතරයක් පාඨක බුද්ධියට නිගා කරන, හරසුන් අන්තර්ගතයන් කැටි කර ගත් කඩදාසි ගොනු බවට පත්ව ඇති බවයි. “ජ්‍යෙතිෂවේදීන්, වාජීකරණ හා ගබ්සා කිරීමේ සේවාවන් ආදිය ස`දහා වන අනේකවිධ දැන්වීම්, සම්බාහන සේවා ගැන කෙලවරක් නැතිව ලියන විශේෂාංග හා කලාව ගැන මෙලෝ හසරක් නොදත්තවුන් ලියන කලා විචාර ආදිය පසෙකට දැමූ විට කියවන්නට ඉතිරිවන්නේ ඉතා ස්වල්පයක් පමණයි,” යයි ඔහු කියනවා.

ආචාර්ය පෙතියාගොඩගේ තක්සේරුව සමග මා එකග වන නමුත් ඉරිදා පත්තර මේ තත්ත්වයට පත්වීමට දායක වූ සමාජයීය සාධක ඇති බව ද පිළිගත යුතුයි. විවෘත ආර්ථික ක‍්‍රමයක් තුළ නීති විරෝධී නොවන භාණ්ඩ හා සේවා ප‍්‍රචාරණය කිරීමට මුදල් ගෙවා මාධ්‍ය දැන්වීම් පළ කිරීමට නිදහස තිබෙනවා.

පැහැබර හෙට දවසක් උදා කර දෙන බවට ශාන්ති කර්ම, පුද පූජා සේවා සපයන ජ්‍යෙතිෂවේදීන් හා එබදු ම පින්බර අනාගතයක් ගැන පොරොන්දු දෙන දේශපාලකයන් අතර ලොකු වෙනසක් නැහැ. එහෙත් දේශපාලකයන්ගේ මැතිවරණ පොරොන්දු දෙස සැකයෙන් හා අවඥාවෙන් බලන අපේ බොහෝ දෙනා, ජ්‍යෙතිෂ හා දෛවඥ සේවාවන් ගැන විචාරශීලීව විමසන්නේ නැහැ. මේ ඇයි?

මාධ්‍ය ඔස්සේ අපට ලැබෙන තොරතුරු හා මතවාදයන් තෝරා බේරා ගැනීමේ හැකියාවට මාධ්‍ය සාක්‍ෂරතාවය කියනවා (Media Literacy). අද අකුරු සාක්‍ෂරතාවයටත් වඩා වැදගත් වන්නේ මේ හැකියාවයි. එය නිසි පමණට නොතිබීම නිසා මාධ්‍ය හරහා දැවැන්ත ප‍්‍රතිරූප තනා ගැනීමට දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට මෙන් ම වංචනිකයන්ට ද හැකි වී තිබෙනවා. අදහාගත නොහැකි තරම් ඉහළ පොලී අනුපාතයන් දෙන බවට පොරොන්දු වෙමින් ජනයාගෙන් කෝටි ගණන් මුදල් තැන්පතු ලබා ගත් සක්විති වැනි චරිත පුවත්පත් හා ටෙලිවිෂන් මාධ්‍ය සූක්‍ෂම ලෙස යොදා ගත්තා.

මෙබදු සමාජයක විචාරශීලීව කොයි දේ ගැනත් සිතීමට අනුබල දීම හා ප‍්‍රශ්න කිරීමේ හැකියාව වැඩි කිරීම පොදු උන්නතිය අගයන සැවො ම කළ යුතු දෙයක්.

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

Keepers of Rationalist Flame L to R - Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne

Assorted charlatans and religious zealots across the island of Sri Lanka must have heaved a collective sigh of relief when they heard that Dharmapala Senaratne was no more. He had made it his business to make life difficult for those preying on the gullible public. Dharmapala was President of the Sri Lanka Rationalist Association (SLRA), a small group of earnestly sceptical enquirers who won’t take anyone’s word about anything. They want to investigate and debate.

The voluntary group was originally set up in 1960 by the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. He found adequate physical or psychological explanations for almost all of them. In that process, he exposed many so-called ‘god men’ and black magicians who thrive on people’s misery and superstitions.

My column (in Sinhala) for Ravaya newspaper on 22 Jan 2012 is an exploration of the many challenges that rationalists and free thinkers face in today’s Sri Lanka. It’s also a critique of our mainstream media, where space/time for open discussion and debate today is LESS than what it was a generation ago — despite the channel explosion and proliferation of print publications.

I have covered the same ground in an English op ed essay published on Groundviews on 13 Jan 2012, titled Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

අපේ සමාජයේ කී දෙනෙකු මේ වටිනා උපදේශය අනුගමනය කරනවා ද? කටකථා හා ප‍්‍රලාපවලට රැවටෙන, අන්ධ විශ්වාසවල එල්බ ගෙන සිටින හා ප‍්‍රතිරූප වන්දනාවේ යෙදෙන අය බහුල වත්මන් ලක් සමාජයේ, විවෘත මනසකින් යුතුව විචාරශීලිව කටයුතු කිරීම අසීරු කාරියක්. නිදහස් මතධාරියා සැක කටයුතු පුද්ගලයෙකු ලෙස හංවඩු ගැසීමේ අවදානමක් ද තිබෙනවා.

මේ අභියෝග මැද්දෙන් නොසැලී, නොබියව අඩ සියවසකට වැඩි කාලයක් කටයුතු කර ඇති ප‍්‍රතිපත්තිගරුක කණ්ඩායමක් නම් ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයයි. 2005 සිට එහි සභාපති ලෙස කටයුතු කළ නීතිඥ ධර්මපාල සේනාරත්න 2011 දෙසැම්බර් අගදී මිය ගියා. ඔහුගේ වියෝව නිමිත කර ගෙන හේතුවාදීන්ගේ වත්මන් භූමිකාව හා දායකත්වය ගැන අද ටිකක් කථා කරමු.

නිර්දේශපාලනීය, නිර්ආගමික හා වෙනත් කිසිදු ලේබලයකින් තොර වූ හේතුවාදී සංගමය (Sri Lanka Rationalists Association) ආරම්භ කළේ ආසියාවේ බිහි වූ විශිෂ්ඨතම හේතුවාදියෙකු හා නිදහස් චින්තකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් (1898 – 1978) විසින්. හේතුවාදීන් අද දක්වා පවත්වා ගෙන එන්නේ අඩ සියවසකට පෙර කොවූර් දැල් වූ විචාරශීලි ගවේෂණයේ පහන් සිළුවයි. එහෙත් අද පවතින අන්ධකාරයට හා සැඩ සුළංවලට එරෙහිව මේ පහන් සිළුව ප‍්‍රමාණවත් ද?

හේතුවාදීන් යනු ඉන්ද්‍රීය ගෝචර ප‍්‍රත්‍යක්‍ෂයන් (facts) හා නිරීක්‍ෂණ (observations) සැලකිල්ලට ගනිමින්, මේ සාධක තර්කානුකූලව ගොනු කරන පිරිසක්. ඔවුන් ඇදහිලි හා විශ්වාස මත එල්බ ගන්නේ නැහැ. හැම දෙයක් ම ප‍්‍රශ්න කරනවා. මේ විචාරශීලි බව වත්මන් සංකීර්ණ සමාජයේ යහතින් ජීවත්වීමට අත්‍යවශ්‍ය කුසලතාවක් (survival skill).

ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ උපත ලබා, කල්කටාවෙන් විද්‍යා අධ්‍යාපනය ලැබු කොවූර් 1950 දශකයේ ශ‍්‍රී ලංකාවට ආවේ විද්‍යා ගුරුවරයෙකු ලෙස. තර්ස්ටන් විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා ලෙස 1959දී විශ‍්‍රාම ලැබූ ඔහු, ස්ථිර පදිංචියට ශ‍්‍රී ලංකාව තෝරා ගත්තා. ඔහු ප‍්‍රකට වූයේ විශ‍්‍රාම ගැනීමෙන් පසු වඩාත් සක‍්‍රිය ලෙස නියැළුණු හේතුවාදී විමර්ශන කටයුතු නිසායි. භූතයන්, හොල්මන්, ආවේශ වීම් ඇතුළු අද්භුත හෝ අසාමාන්‍ය යැයි පිළිගැනෙන සිදුවීම් හා සම්ප‍්‍රදායන් රාශියක් ඔහුගේ විමර්ශනයට ලක් වුණා. තර්කානුකූලව, ගවේෂණාත්මකව විග‍්‍රහ කරන විට මේවා සියල්ල ම පාහේ භෞතික ලෝකයේ විද්‍යාත්මක සංකල්පවලින් හෝ මනෝවිද්‍යාත්මක හේතු මගින් හෝ පහදා දීමට ඔහු සමත් වුණා.

‘‘තමන්ගේ ආශ්චර්යයන් පරීක්‍ෂා කිරීමට ඉඩ නොදන්නා වංචනිකයෙක්. එබඳු දේ විමසීමට ධෛර්යය නොමැත්තා පහසුවෙන් රැවටිය හැකි කෙනෙක්. එබඳු ආශ්චර්යයන් හා මතවාදයන් ඉස්මුදුනින් පිළිගෙන අදහන්නා මෝඩයෙක්’’ යැයි කොවූර් එදා කී දේ අදටත් හරියට ම ගැලපෙනවා.

කොවූර්ගේ හපන්කම් ගැන අපේ පාඨකයන් බොහෝ දෙනෙකු අසා, කියවා තිබෙනවා. ඒ නිසා එය පුන පුනා කීමට අවශ්‍ය නැහැ. කොවූර් 1978දී මිය යන විට මගේ වයස අවුරුදු 12යි. ඒ නිසා කොවූර් ජීවමානව දැක අසා ගන්නට හෝ මුණගැසෙන්නට හෝ මට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙත් ඔහුගේ සමකාලීනයන්ට අනුව කොවූර් කිසි දෙයකින් නොසැළුණු, දැඩි අධිෂ්ඨානයක් හා තියුණු බුද්ධියකින් හෙබි කෙනෙක්. උපන් රටින් තවත් රටකට සංක‍්‍රමණය වී, අළුත් රටේ ජන සමාජයට බද්ධ වී එහි ජන විඥානයට ධනාත්මකව දායකවීම පහසු කාරියක් නොවෙයි.

කොවූර් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ආරම්භ කළේ 1960දී. විවෘත මනසකින් යුත් විචාරශීලී ලාංකිකයන් රැසක් එයට ඇද ගන්නට ඔහු සමත් වුණා. එනයින් බලන විට කොවූර් හේතුවාදී සංගමයෙන් හා ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක චින්තන විප්ලවයකට මුල පිරුවා යයි කිව හැකියි. මේ සඳහා විද්‍යාව ඉහළට උගත් එහෙත් ඒ උගත්කමින් මනස මොට කර නොගත් බුද්ධිමතුන් ගණනාවක් මෙන්ම සිංහලෙන් හා දෙමලෙන් ජන සමාජයට මේ පණිවුඩ ගෙන යා හැකි ලේඛන හැකියාව ඇති කලාකරුවන් කිහිප දෙනකු ද ඔහු සම්බන්ධ කර ගත්තා.

එයින් මුල් ගණයට වැටුණු අයගෙන් වඩාත් ප‍්‍රකට වූ චරිතයක් වෛද්‍ය කාලෝ ෆොන්සේකා. තරුණ වෛද්‍යවරයකු හැටියට 1970 දී පමණ ඔහු ගිනි පෑගීමේ විද්‍යාත්මක පදනම ගවේෂණාත්මකව ඔප්පු කළේ එය කිසිදු හාස්කමක් හෝ දේවබලයක් හෝ නැතිව කළ හැකි බව ප‍්‍රායෝගිකව පෙන්වා දෙමින්.

කොවූර් වටා ඒකරාශී වූ දෙවැනි ගණයේ චරිත අතර පසු කලෙක ප‍්‍රවීණ ලේඛකයන් වූ අජිත් තිලකසේන හා අමුණුගොඩ තිලකරත්න ද සිටියා. ධර්මපාල සේනාරත්න තරුණයකු හැටියට හේතුවාදී ව්‍යාපාරයට ඇදී ආවේ මේ 1960-1970 යුගයේයි.

මෙරට හේතුවාදී ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ ද ඒ දශක දෙකයි. එයට එක් හේතුවක් නම් කොවූර් හා ඔහු වටා එක් වූ දක්‍ෂයන් පිරිසයි. එහෙත් එවකට ලක් සමාජය අදට වඩා එදා විවෘත හා බුද්ධිගෝචර වූ බවට ද තර්ක කළ හැකියි. ඒ ඇයි?

1963 ජන සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 76.8ක් දෙනා සාක්‍ෂරතාවය ලබා සිටියා. 1971 සංගණනය වන විට එය සියයට 78.5 දක්වා දියුණු වූ අතර මේ වන විට එය සියයට 92ක් පමණ වනවා. මෙරට අධ්‍යාපන මට්ටම් හා ඒවාට යොමු වන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතයන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි.

සන්නිවේදන තාක්‍ෂණයය පැත්තෙන් බැලූ විට ද සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. දුරකථන, රේඩියෝ හා පුවත්පත් පරිශීලනය කරන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතය වැඩි අතර එදා නොතිබුණු ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යත්, ජංගම දුරකථනත් අද සමාජයේ ස්ථාපිත වෙලා. තොරතුරු හා දැනුම ලබා ගන්නට හා බෙදා ගන්නට හැකියාව මීට වසර 50 කට වඩා අද පැහැදිළිව ම වැඩියි.

මේ ප‍්‍රමාණාත්මක දියුණවත් සමග ගුණාත්මකව දියුණුවක් ඇති වී තිබේ ද යන්න විවාදත්මකයි. අපේ ඇතැම් අය මෙන් මා යටගියාව ගැන රොමෑන්ටික් ලෙසින් අතිශයොක්තියෙන් දකින්නකු නොවේ. එහෙත් හේතුවාදීන්ගේ ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ සමාජ මෙහෙවරට අනුබල දෙන්නට, දිරි ගන්වන්නට මෙරට බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන් හා පුවත්පත් කතුවරයන් රැසක් ඉදිරිපත්ව සිටියා. කොවුර් නඬේ ගුරා වූවත් ඔහු ඒ අභීත බුද්ධිමය චාරිකා ගියේ ලොකු කුඩා බොහෝ දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ඇතිවයි.

කොවුර්ගේ අභාවයෙන් පසු හේතුවාදී සංගමයට තවත් වසර කිහිපයක් නායකත්වය දුන්නේ නීතිඥයකු හා ඉංග‍්‍රීසි කවියකු ලෙස ප‍්‍රකටව සිටි මර්වින් කාසි චෙට්ටියි. එහෙත් කොවුර්ගේ යුගයේ තිබූ ක‍්‍රියාකාරීත්වය දිගට ම පවත්වා ගැනීම අභියෝගයක් වුණා. වසර ගණනාවක් අකර්මණ්‍යව තිබූ හේතුවාදී සංගමය නැවත ප‍්‍රාණවත් කරනු ලැබුවේ 2005දී. එයට හවුල් වූ ධර්මපාල සේනාරත්න එහි සභාපති හැටියට පත් වී, මිය යන තුරු ම නායකත්වය ලබා දුන්නා.

2005දී හේතුවාදී සංගමය යළි පණ ගන්වන විට ලක් සමාජය ප‍්‍රබල ලෙස වෙනස් වී තිබුණා. සංවෘත ව තිබූ ආර්ථිකය 1977දී විවෘත කිරීමෙන් හා 1979දී ටෙලිවිෂන් හදුන්වා දීමෙන් පසු බිහි වූ පළමුවන පරම්පරාව සමාජයේ විවිධ ක්‍ෂෙත‍්‍රවල බලපෑම් කිරීම ඇරැඹි තිබුණා. එමෙන් ම දකුණේ තරුණ අරගල දෙකක් ප‍්‍රචණ්ඩ හිංසනයෙන් හමාර වී, උතුරේ සන්නද්ධ යුද්ධයක් දිගින් දිගට ම දැල්වෙමින් පැවතුණා. ධනවාදී හා සමාජවාදී කඳවුරු දෙකකට බෙදා දශක ගණනක් ගෙන ගිය සීතල යුද්ධය හමාර වුණු ලෝකයක බටහිර සභ්‍යත්වය හා ඉස්ලාම් මූලධර්මවාදය අතර නොනිමෙන ගැටුමක් ඒ වෙනුවට ඉස්මතුව ඇවිත්.

මේ නිසා කොවුර් හා පිරිස 1960-1970 යුගයේ අත් විදි ශ්‍රී ලංකාවට හා ලෝකයට වඩා බෙහෙවින් වෙනස් වූ යථාර්ථයකට ධර්මපාල සේනාරත්නගේ නායකත්වයෙන් යුතු හේතුවාදී සංගමය මුහුණ දුන්නා.

හේතුවාදීන්ගේ සමාජ මෙහෙවර හා නොනිමි අභියෝග ගැන තව බොහෝ දේ කථා කළ හැකියි. මා කොවූර් ඇතුළු පුරෝගාමී හේතුවාදීන් පිරිස දකින්නේ තම කාල වකවානුවේ පැවති සමාජ තත්‍වය හොඳින් ග‍්‍රහණය කර ගෙන තීරණාත්මක සමාජ දායකත්වයක් ලබා දුන් පිරිසක් හැටියටයි. ඔවුන්ගේ මූලධර්ම තවදුරටත් වලංගු නමුත් අද වඩාත් සංකීර්ණ වූත් ඇතැම් සාධකවලින් 1960ට වඩා පසුගාමී වූත් ලක් සමාජයට බලපෑම් කරන්නට නම් හේතුවාදීන් සිය උපක‍්‍රම වෙනස් කළ යුතුයි.

අපේ මවුපියන්ගේ තරුණ අවධියේ කෙටි කලෙකින් ලක් සමාජයේ බුද්ධිමත් ස්ථරයන්ගේ පිළි ගැනීමට පාත‍්‍ර වූ ආචාර්ය කොවූර් බැරි වෙලාවත් අද මුල් වරට මෙරටට පැමිණ ඒ මෙහෙවර ම ඉටු කරන්නට තැත් කළොත් ප‍්‍රතිචාරය කෙබඳු වේවි ද?

ඔහු කියන දෙයට සවන් දෙනවා වෙනුවට ඔහුගේ සම්භවය, පෙනුම හා පසුබිම ගැන අවධානය යොමු වෙයි. ”රැවුල වවා ගත්, දකුණු ඉන්දියානු සම්භවය ඇති මලයාලි ජාතිකයෙකු අපේ සංස්කෘතික උරුමයට හා ජාතික අනන්‍යතාවයට (සමහර විට ජාතික ආරක්‍ෂාවට පවා!) තර්ජනයක් කරන බවට” චෝදනා එල්ල විය හැකියි. නැතහොත් පුවත්පත් සාකච්ඡවල දී ඔහුට ’ජාතිද්‍රෝහ’, රාජ්‍ය විරෝධි’ ලේබල් ලෙහෙසියෙන් ඇලවිය හැකියි! අදෘශ්‍යමාන භුත අවතාර හා පිල්ලි වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ගේ තර්ජනයට ඔහු ලක් විය හැකියි!

කොවූර් නිතර උපුටා දැක් වූ ප‍්‍රියතම උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

කොවූර් සහ ඔහුගේ හේතුවාදී සහෘදයන්ගේ ක‍්‍රමවේදයත් එයයි.
බහුතර බෞද්ධයන් සිටින මේ රටේ අති බහුතරයක් දෙනා නොකරන්නේත් එයමයි!

සිවුමංසල කොලූගැටයා #49: මාමයිට් බෝතලයෙන් ඇරඹුණු දිවි සුරකින විප්ලවය

In December 2009, I wrote in a blog post: “It’s easy to curse the darkness, and many among us regularly do. Only a few actually try to light even a small candle to fight it. Dr Wijaya Godakumbura of Sri Lanka is one of them – he literally lights lamps, thousands of them, against the darkness of ignorance and poverty.”

“But his lamps are different, and a great deal safer compared to normal lamps and kerosene, which can start fires risking life and property of users. The design is simple yet effective, inspired in part by the Marmite bottle known the world over: it’s small and squat, with two flat sides – equipped with a safe metal screw cap to hold the wick. It’s quite stable and hard to topple.”

I have written this week’s Ravaya Sinhala science column about Dr Godakumbura and his innovative, life-saving bottle lamp. I also feature him in an interview in MALIMA – the new TV series on science, technology and innovation I host from this month on Sri Lanka’s national TV Rupavahini.

The inventive doctor and his life-saving bottle lamp

විසඳන්නට කැප වෙනවා නම් අපේ වැනි රටවල බොහෝ දෙනකුට දිනපතා බලපාන ගැටළු හා ප‍්‍රශ්න කෙතරම් තිබෙනවා ද? එහෙත් එයට ඉදිරිපත් වන්නේ කී දෙනා ද?

පසුගිය දෙසතිය පුරා මේ කොලමින් මා සම්පිණ්ඩනය කළේ නව නිපැයුම් කරන්නට යොමු වන, අසම්මත විදියට හිතන මානවයන්ට ඉතිරිව තිබෙන තාක්‍ෂණික, සමාජයීය හා වෙළදපොල අභියෝග ගැනයි. ඒ සඳහා මා පාදක කර ගත්තේ ඉන්දියාවෙන් පැමිණ මෙරට නව නිපැයුම්කරුවන්ට උපදෙස් හා දිරිගැන්වීම් ලබා දුන් ආචාර්ය අනිල් කුමාර් ගුප්තගේ අදහස්.

ආචාර්ය ගුප්ත 2011 දෙසැම්බරයේ කොළඹ කළ දේශනයේදී හුවා දැක් වූ එක් ශ්‍රීලාංකික නව නිපැයුමක් ගැන මා ද දිගු කලෙක සිට අවධානයෙන් සිටිනවා. ඒ තමයි ‘සුදීප’ ආරක්‍ෂිත කුප්පි ලිම්පුව. එහි නිර්මාතෘ හා ප‍්‍රවර්ධකයා ශෛල්‍ය වෛද්‍ය විශේෂඥ විද්‍යාජ්‍යොති විජය ගොඩකුඹුර. 1964දී වෛද්‍යවරයකු ලෙස රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක් වී 1970 දශකය මුල බි‍්‍රතාන්‍යයේ විශේෂඥ පුහුණුව ලද ඔහු, පිලිස්සුම් අනතුරු වැළැක්වීම හා ඒවාට ප‍්‍රතිකාර කිරීම ගැන ලොව පිළිගත් විද්වතෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය හා විදෙස් රටවල් ඔහුගෙන් උපදෙස් ලබා ගන්නවා.

ඔහුගේ ලොකු ම සමාජ මෙහෙවර 1992දී ඇරඹි අද දක්වා කර ගෙන එන ආරක්‍ෂිත කුප්පි ලාම්පු ප‍්‍රචලිත කිරීමේ ව්‍යාපාරයයි. රූපවාහිනියෙන් මේ මාසයේ සිට මා ඉදිරිපත් කරන නව නිපැයුම් පිළිබඳ වැඩසටහන් මාලාවේ මුල් ම වැඩ සටහනෙන් මා ඔහු සමග සම්මුඛ සාකච්ඡුාවක් කළා.

ඕනෑම වීදුරු බෝතලයකට මූඩියක් හා තිරයක් සවි කිරීමෙන් කුප්පි ලාම්පුවක් තනා ගත හැකි යයි සිතීම වරදක්. වරදේ බරපතලකම තේරුම් යන්නේ කුප්පි ලාම්පුව පෙරළුණු විටයි. කොයිතරම් ප‍්‍රවේශමෙන් කි‍්‍රයා කළත් නිතිපතා පාවිච්චියේ දී ලාම්පු අහම්බෙන් පෙරළීමට ඉඩක් තිබෙනවා. එසේ පෙරළීමේදී වීදුරු නොබිදී වූවත් ඇතුළේ තිබෙන භූමිතෙල් ඉවත විසිර ගොස් ඒ සැනින් අවට තිබෙන දෙයට ගිනි අවුළුවන්නට හැකියි. ගෙදරදොරේ කුප්පි ලාම්පු අනතුරු බහුතරයක් සිදු වන්නේ මේ අන්දමින්.

ලාම්පු එළියෙන් පාඩම් කරන දරුවන් හා කෑම පිසින ගෘහනියන් වඩාත් ම මේ අන්තරායට මුහුණ දෙනවා. ගෙයක් තුළ බලාපොරොත්තු නැති විටෙක හට ගන්නා එබදු ගින්නක් සිරුරට පැතිරීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබන සැළකිය යුතු සංඛ්‍යාවක් වාර්ෂිකව රෝහල්ගත වනවා. වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීමෙන් ඇතැම් දෙනකුගේ ජීවිත බේරා ගත්ත ද දිවි ඇති තෙක් පිලිස්සුම් කැලැල් ඉතිරි වනවා.

සමාජ ආර්ථික සංවර්ධනය පැත්තෙන් බැලූවොත් මිනිසුන් කුප්පි ලාම්පු භාවිත කරන්නේ විදුලි බලය තම ප‍්‍රදේශයට තවමත් ලැබී නොතිබීම හෝ විදුලි බලය ලබා ගන්නට තරම් වත්කමක් නැති වීම හෝ නිසා විය හැකියි. විදුලිය ඇති නිවෙස්වලත් විදුලිය විසන්ධි වූ විට ඉටිපන්දම් හා කුප්පි ලාම්පු යොදා ගන්නවා.

“කුප්පි ලාම්පු භාවිත කරන්නන් බහුතරයක් දුගී ජනයායි. ඔවුන් දිනපතා මුහුණ දෙන අවදානම ගැන විද්‍යාඥයන්ගේ හා සමාජයේ අනෙක් අයගේ ප‍්‍රබල හැ`ගීමක් තිබුණේ නැහැ” වෛද්‍ය ගොඩකුඹුර සිහිපත් කරනවා.

පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කැරෙන රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය විදින වේදනාව හා සිත් තැවුල ගැන වෛද්‍ය ගොඩකුඹුර හොදින් දන්නවා. පිලිස්සුම් රෝගීන්ට දිගට ම ප‍්‍රතිකාර කිරීමෙන් කම්පාවටත්, විඩාවටත් පත් වූ ඔහු අනතුරට නිමිත්ත වූ කුප්පි ලාම්පු රෝගීන්ගේ පවුලේ සාමාජිකයන් හරහා ගෙන්වා ගෙන පරීක්‍ෂා කළා. අවිහිංසක පෙනුමක් ඇතත් මේ ලාම්පු බහුතරයක් භයානක අනතුරු ඇති කිරීමේ හැකියාවකින් යුක්ත බව ඔහු තේරුම් ගත්තා.

බොහෝ අනතුරුවලට හේතුව ප‍්‍රමිතයක් තොරව නිපදවා වෙළඳපොලේ තිබෙන අනාරක්‍ෂිත කුප්පි ලාම්පුයි. ඒවා පෙරැළීමට තිබෙන හැකියාව වැඩියි. එමෙන් ම පෙරැළුණු විගස ඇතුළත ඇති භූමිතෙල් අවට හැම තැනෙක ම විසිර යනවා. මේ සාධක දෙක පාලනය කළොත් අනතුරු අවම කළ හැකි බව වෛද්‍ය ගොඩකුඹුර වටහා ගත්තා. භූමිතෙල් සිරුරට වැටීමෙන් හට ගන්නා ගින්නක් ලෙහෙසියෙන් නිවා ගන්නටත් බැහැ. එයට විනාඩි ගණනක් ගත වනවා. ඒ කාලය තුළ ගිනි ගත් දරුවා හෝ වැඩිහිටියා හෝ දරුණු පිළිස්සීමකට ලක් වීමට හැකියි.

Dr Wijaya Godakumbura holding his invention - Photo courtesy Rolex Awards/Tomas Bertelsen

ලාංකිකයන් සිය ගණනකගේ ජීවිත අදුරු කරන, හානි කරන මේ අනතුරු වළක්වා ගැනීමට නම් ගිනි ගැනීමේ හැකියාව අවම කළ කුප්පි ලාම්පු භාවිතයට යොමු විය යුතු බව ඔහු තේරුම් ගත්තා. වඩාත් ආරක්‍ෂිත ලාම්පු සැළසුමක් යෝජනා කරන මෙන් ඔහු ජනතාවට විවෘත ඇරයුමක් ද කළා. එහෙත් එයට ප‍්‍රතිචාර ලෙස ලැබුණු බොහෝ සැළසුම් එක්කෝ සංකීර්ණ වැඩියි. නැතිනම් නිපදවීමේ වියදම අධිකයි.

දිගු කලක් සිට අපේ රටේ ප‍්‍රචලිත මාමයිට් බෙදා හරින්නේ එයට ම ආවේනික වූ බෝතලයක. එය ලෙහෙසියෙන් පෙරළන්නට බැහැ. කුප්පි ලාම්පුවක් ආරක්‍ෂිත වීමට එයට මාමයිට් බෝතලයේ හැඩය ඉතා සුදුසු බව වෛද්‍ය ගොඩකුඹුර තීරණය කළා. හැඩයට අමතරව කුප්පි ලාම්පුවේ මුදුනට හොඳට තද කළ හැකි ස්කුරුප්පු ආකාරයේ මුඩියක් ද ඔහු යොදා ගත්තා. මේ අත්හදා බැලීම්වල අවසන් ප‍්‍රතිඵලය තමයි සුදීප ආරක්‍ෂිත කුප්පි ලාම්පුව.

සුදීප ලාම්පුවේ බෝතලය බර වැඩි, මහත හා මිටි බැවින් ලෙහෙසියෙන් පෙරැළෙන්නේ නැහැ. පැතලි මතු පිටවල් දෙකක් තිබෙන නිසා පෙරැළුනත් රෝල් වී යන්නේ නැහැ. මනා සේ තද කරන ලද කරාමය නිසා ඇතුළත තිබෙන භූමිතෙල් අවට විසිරෙන්නේත් නැහැ. ආයාසයකින් පෙරැළුවත් අහම්බෙන් ගිනි ඇති කිරීමට ඇති හැකියාව විශාල වශයෙන් අඩු වනවා. එමෙන් ම සියුම් කොටස් නැති නිසා වසර ගණනාවක් පාවිච්චි කළ හැකියි.

පවතින සමාජ තත්ත්වයක් ගැන කම්පාවට පත් වූ මේ නිපැයුම්කරුවා එයට සරල තාක්‍ෂණික විසදුමක් සොයා ගත්තා පමණක් නොවෙයි. එය ලක් සමාජයට හදුන්වා දී ප‍්‍රචලිත කරන්නට වසර 20ක කාලයක් මහත් සේ කැප වී සිටිනවා. මා වෛද්‍ය ගොඩකුඹුර තුළ දකින සුවිශේෂත්වයත් එයයි.

සුදීප ලාම්පුව මහ පරිමාණයෙන් තැනීමට වීදුරු කර්මාන්ත ශාලාවක් එකග වුණා. ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය, ශෛල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය හා පිළිස්සුම් අනතුරු වැළැක්වීමේ ජාතික කමිටුව යන හැමගේ ආශිර්වාදය ඇතිව එය හදුන්වා දුන්නේ 1992 දී. නිෂ්පාදන වියදම හැකි තාක් අවම කරගෙන අඩු මිළකට සුදීප ලාම්පු වෙළඳපොලට ගෙන ආවාග

එය ජනප‍්‍රිය කිරීමට මාධ්‍ය හා ස්වේච්ඡ සංවිධාන හරහා වෛද්‍ය ගොඩකුඹුර ජාතික මට්ටමේ ව්‍යායාමයක නිරත වුණා. තමන්ට ඇති විවේක කාලවල ස්වේච්ඡවෙන් ක‍්‍රියා කරමින් සුදීප ලාම්පු ගැන දැනුවත් කරන්නට සිංහ සමාජ, රොටරි සමාජ, සර්වෝදය හා වෙනත් ජනතා සංවිධාන සමග සහයෝගයෙන් ඔහු ක‍්‍රියා කළ හැටි මා දන්නවා.

1990 දශකය පුරා වෛද්‍ය ගොඩකුඹුර මේ දැනුවත් කිරීම් හා සුදීප ලාම්පු ප‍්‍රවර්ධනය කර ගෙන ගියා. එහි වැදගත්කම ගැන හැම දෙනා ම පිළි ගත්තත් එයට බරපැන දැරීමට පෙරට ආවේ ටික දෙනයි. 1993දී කැනේඩියානු තානාපති කාර්යාලය ඔහුට ආධාර කළ අතර මේ සද්කාර්යය ගැන මාධ්‍ය හරහා දැන ගත් ආචාර්ය ආතර් සී ක්ලාක් ද පරිත්‍යාගයක් කළා.

සුදීප ලාම්පුවේ තීරණාත්මක කඩඉම වූයේ 1998දී රෝලෙක්ස් ජාත්‍යන්තර සම්මානය (Rolex Award for Enterprise) පිරිනැමීමයි. නව අදහස් හා නිපැයුම් හරහා ජන සමාජයට අසාමාන්‍ය දායකත්වයක් දෙන ව්‍යාපෘති පහක් තෝරා දෙවසරකට වරක් පිරිනමන මේ ත්‍යාගය නිසා සුදීප ලාම්පුව හා වෛද්‍ය ගොඩකුඹුර ලෝක අවධානයට ලක් වුණා. එම ත්‍යාගයෙන් ලද අමෙරිකානු ඩොලර් 50,000 යොදවා ආරක්‍ෂිත කුප්පි ලාම්පු පදනම නමින් ස්වේච්ඡ සංවිධානයක් ඔහු පිහිට වූවා. එදා මෙදා තුර ජාත්‍යන්තර සම්මාන, ත්‍යාග හා පිළිගැනිම් රැසක් මේ නිපැයුමට ලැබී තිබෙනවා. BBC, CNN, Reader’s Digest හා Newsweek ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මේ නිර්මාණය ගැන ප‍්‍රශංසාත්මකව වාර්තා කොට තිබෙනවා.

එක නිවෙසකට කුප්පි ලාම්පු දෙකක්වත් අවශ්‍ය වන බැවින් දිවයින පුරා අඩු තරමින් කුප්පි ලාම්පු ලක්‍ෂ 14ක් පාවිච්චි වන බවට අපට අනුමාන කළ හැකියි. 1992 සිට අද දක්වා සුදීප කුප්පි ලාම්පු ලක්‍ෂ 8ක් පමණ බෙදා හැර තිබෙනවා. එයින් බහුතරයක් තවමත් භාවිතයේ ඇතැයි සිතුවත් ඉතිරිය සඳහා යොදා ගැනෙන්නේ මරු කැඳවිය හැකි අනාරක්‍ෂිත ලාම්පුයි.

මුල් වසර කිහිපයේ සුදීප ලාම්පුව සහනදායී මිළකට විවෘත වෙළඳපොලේ අලෙවි කරනු ලැබුවා. එහෙත් වාණිජමය මට්ටමින් සම්බන්ධීකරණය ස්වේච්ඡ ආයතනයකට දිගට ම කළ නොහැකි වූ නිසා මෑත වසරවල වෛද්‍ය ගොඩකුඹුරගේ පිළිවෙත වී ඇත්තේ නොමිළයේ සුදීප ලාම්පු බෙදා දීමයි. එහිදී නිපදවීමේ වියදම දානපතීන්ගේ හා අනුග‍්‍රාහකයන්ගෙන් පියවා ගන්නවා. රාජගිරියේ පවත්වා ගෙන යන කුඩා කාර්යාලයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාර්ෂිකව ප‍්‍රතිපාදනයක් ලැබෙනවා.

මෑතක පටන් සමෘධි ජාලයන් හරහා සුදීප ලාම්පු බෙදා හැරීමට එකගතාවක් ඇති කර ගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත්වල සුදීප ලාම්පු නොමිලයේ බෙදා දෙන්නට ආරක්‍ෂක හමුදාවල සහය ලැබුණු බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා. මෙකී නොකී සැමගේ උදවු උපකාර ගැන ඔහු කථා කරන්නේ මහත් කෘතඥපූර්වකවයි.

වෛද්‍ය ගොඩකුඹුරගේ අනෙක් සුවිශේෂ දායකත්වය නම් පිළිස්සුම් අනතුරු වළක්වා ගැනීම සඳහා දිගු කලක් තිස්සේ ඔහු ස්වේච්ඡවෙන් කරන දැනුවත් කිරීම් මාලාවයි.

දීප ව්‍යාප්තව නමුත් තනි තනිව හට ගන්නා පිළිස්සුම් අනතුරුවලින් වාර්ෂිකව මෙතරම් දෙනකුට හානි සිදුවන බව බොහෝ මාධ්‍යවේදීන් හා වෛද්‍යවරුන් පවා ඒ දක්වා වටහා ගෙන තිබුණේ නැහැ. එමෙන්ම භූමිතෙල් නිසා හට ගන්නා ගිනි නිවන ක‍්‍රම හා වහා දිය යුතු ප‍්‍රථමාධාර ගැනත් ඔහු ජනතාව දැනුවත් කළා.

රාජ්‍ය හෝ විද්වත් ආයතනික තන්ත‍්‍රයකින් සිදුවිය යුතු මේ කාර්යය තවමත් ඔහු නිහඩව කරගෙන යනවා. පොදු උන්නතියට කැප වූ වෘත්තිකයකුට වෙළඳපොල සමාජය තුළ වුවද කළ හැකි සමාජ මෙහෙවර ගැන ඔහුගේ කථාවෙන් ඕනෑතරම් ආදර්ශ ගත හැකියි.

“පිලිස්සුම් අනතුරු ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා සෞඛ්‍ය සේවා ක්‍ෂෙත‍්‍රයේ අවධානය යොමු වනවා මදි. තවමත් බොහෝ සේ තැත් කරන්නේ බෝවන හා බෝ නොවන රෝගවලට ප‍්‍රතිකාර කරන්නයි. අනතුරු ගත්ත ද රිය අනතුරුවලට ලැබෙන මාධ්‍ය අවධානය පිලිස්සුම්වලට ලැබෙන්නේ නැහැ,” ඔහු කියනවා.

සුදීප කුප්පි ලාම්පු ගෙවී ගිය දශක දෙක තුළ කොපමණ ජීවිත ගණනක් බේරා දී ඇත්දැයි මා ඔහුගෙන් ඇසුවා. ඒ ගණන ඔහු දන්නේ නැහැ. එය සිය ගණනක් බවට අපට අනුමාන කළ හැකියි. දියේ ගිලීම් පිළිබඳ මහජන අවධානය හා දැනුවත් කිරීමේ වැඩ සටහනකට ද මේ දිනවල වෛද්‍ය ගොඩකුඹුර ප‍්‍රවේශ වී සිටිනවා.

අපේ රටට තව ඕනෑ කරන්නේ තම දැනුම හා අත්දැකීම් පදනම් කර ගනිමින් රටේ ප‍්‍රශ්නවලට හැකි පමණින් විසදුම් සොයා යන මෙවන් විද්වතුන්.

බලන්න: http://www.safebottlelamp.org

සිවුමංසල කොලුගැටයා #48: නව නිපැයුම්කරුවන්ට සැබෑ ලෝකයෙන් අභියෝග රැසක්

In our age of technology, hundreds of millions of people — most of them poor, and women — are still toiling away in tasks where simple machines or devices could reduce their daily drudgery. Few inventors have bothered with these — probably because the beneficiaries are on the margins of society. Their needs are not a priority for most research institutes or high tech laboratories.

This is the theme of my Ravaya column (in Sinhala) published on 8 Jan 2012, reproduced in full below.It was inspired by, and mostly based on the inaugural Ray Wijewardene memorial lecture delivered by Dr Anil Kumar Gupta, India’s top innovation-spotter, in Colombo on 13 December 2011. He spoke on “Grassroots Innovation for Inclusive Development: From Rhetoric to Reality”

It covers the same ground as did my English op-ed essay, published in The Sunday Times on 25 Dec 2011: Wanted: More ‘Idiots’ to tackle grassroots innovation challenges.

Tea plucking, water fetching and rice transplanting -- three tasks that millions of women do manually everyday...

‘එළිමහනේ එදිනෙදා වැඩකටයුතුවලදී අපට ඉතා ප්‍රයෝජනවත් වන, මිනිස් බලයෙන් දිවෙන තනි රෝදයේ වාහනය කුමක්ද?’

මා පාසල් යන කාලයේ රසවත්ව හා හරවත්ව විද්‍යාව ඉගැන් වූ ගුරුවරයෙකු මේ ප්‍රශ්නය අපට යොමු කළා තවමත් මතකයි. උත්තරය – වීල් බැරෝව නැතිනම් වීල් බැරැක්කය.

මීට සියවස් 24කට පෙර පුරාණ ග්‍රීසියේත්, සියවස් 18කට පෙර චීනයේත් වීල් බැරැක්ක භාවිත වූ බවට සාක්ෂි තිබෙනවා. වීල් බැරැක්කය ලීවර හා රෝදය නමැති යාන්ත්‍රික සංකල්ප දෙක දක්ෂ ලෙස සංකලනය කොට නිපදවා ගත් සරල විසඳුමක්. එදිනෙදා ජීවිතයේ මානවයන් වෙහෙස කරන ආයාසය (drudgery) අඩු කරමින් ඔවුන්ගේ ඵලදායීතාව වැඩි කරන නිපැයුමක්.

වීල් බැරැක්කය මගේ සිහියට ආවේ 2011 දෙසැම්බරයේ කොළඹදී රේ විජේවර්ධන සමරු දේශනය පැවැත් වූ ඉන්දියාවේ ආචාර්ය අනිල් කුමාර් ගුප්තට සවන් දෙන විටයි. නවෝත්පාදනයන් (innovations) ගම් මට්ටමින් හා බිම් මට්ටමින් හඟනා ගෙන ප්‍රවර්ධනය කිරීමේ භාරත-ව්‍යාප්ත ප්‍රයත්නයක යෙදී සිටින මේ අසාමාන්‍ය ගණයේ විද්වතා දැක් වූ අදහස් කීපයක් අප ගිය සතියේ සාරාංශගත කළා.

සිය දේශනයේදී අනිල් ගුප්ත අවධානය යොමු කළ එක් තේමාවක් වූයේ නව නිපැයුම්කරුවන්ට තවමත් හරිහැටි විසඟම් සොයා ගන්නට නොහැකිව ඉතිරි වී තිබෙන ප්‍රායෝගික අභියෝගයි. වසරක් පාසා ලෝකයේ නව නිපැයුම් හා සංකල්පවල බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් ලක්ෂ ගණනක් අදාල බලධාරීන් නිකුත් කරනවා. එසේ වූවත් මානවයන් මිලියන් සිය ගණනක් දිනපතා මුහුණදෙන ගැටළු ගණනාවකට තවමත් පිළිගත හැකි හා ප්‍රචලිත මට්ටමේ විසඟම් ලැබී නැහැ.

“කෘත්‍රිම චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීමේ හැකියාව ඉන්දියාව ලබා තිබෙනවා. ලෝකයේ ඉහළ ම පෙළේ විද්‍යා පර්යේෂණාගාර හා පරිගණක සමාගම් රැසක් ඉන්දියාවේ තිබෙනවා. ඒත් දිගු කලක් තිස්සේ මිලියන් ගණනක් දුගී ඉන්දියානුවන් දිනපතා මහත් සේ වෙහෙස කරවන ප්‍රායෝගික ගැටළු රැසකට හරිහැටි විසඟම් සපයාගන්නට අපට තවමත් නොහැකි වී තිබෙනවා,” ආචාර්ය ගුප්ත අවංක තක්සේරුවක් කළා. ඔහු මෙය දකින්නේ අධි තාක්ෂණික ජයග්‍රහණ ගැන උදම් වන විද්‍යාවේ පසුබෑමක් හැටියටයි.

ආචාර්ය ගුප්තගේ පුරෝගාමීත්වයෙන් 1987දී ඇරඹි මී මැසි ජාලය (Honey Bee Network) හරහා ගම් හා බිම් මට්ටමේ සාමාන්‍ය ඉන්දියානුවන් අතින් බිහි වූ නවෝත්පාදන දහස් ගණනක් ලේඛනගත කොට තිබෙනවා. එහෙත් තවමත් සාර්ථක ලෙස විසඳා ගත නොහැකි වූ ප්‍රායෝගික අභියෝග ගණනාවක් ද ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එයට ප්‍රබල උදාහරණ තුනක්:

• ආසියාව පුරා ම හමුවන වෙල්යාය බොහොමයක ගොයම් සිටුවීමේ කාර්යය තවමත් කැරෙන්නේ දෛනික ශ්‍රමිකයන් ලෙස සුළු ගෙවීමක් ලබන කාන්තාවන් අතින්. දිගු වේලාවක් කොන්ද නවා ගෙන වතුරේ බැස ගෙන කළ යුතු මෙය ලෙහෙසි පහසු කාරියක් නොවෙයි. වතුරේ සිටීමෙන් විවිධ සමේ රෝග ඇති වීමේ අවදානමක් ද තිබෙනවා. ගොයම් සිටුවීමේ යන්ත්‍ර සැළසුම් කිහිපයක් ම යෝජනා වී ඇතත් කාර්යක්ෂම හා පාවිච්චියට පහසු යන්ත්‍රයක් තවමත් භාවිතයට පැමිණ නැති බව ගුප්ත කියනවා.

• ලිප් ගල් තුනක් මත පදනම් වූ දර ලිප ආසියාව හා අප්‍රිකාව පුරා සියවස් ගණනක් තිස්සේ පාවිච්චි කැරෙනවා. සාම්ප්‍රදායික දර ලිප, බලශක්තිය අපතේ යවන අතර දුම් පිට කිරීම හරහා ගෘහණියන්ගේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් කරනවා. වඩාත් අරපිරිමැසුම්දායක දර ලිපක් සැළසුම් කිරීමට දශක ගණනාවක සිට විවිධ රටවල උත්සාහ කර ඇතත් විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් යෝජනා කරන සැළසුම් බොහොමයක් ගෘහණියන් අතර ජනප්‍රිය වී නැහැ. විවිධ හැඩයේ භාජන යොදා ගනිමින්, විවිධාකාර ආහාර ද්‍රව්‍ය නොයෙක් ක්‍රමවලට පිස ගැනීමට හැකියාව ඇති සරල දර ලිපක් සැළසුම් කිරීමේ අභියෝගය තවමත් මුළුමනින් ජය ගෙන නැති බවයි ගුප්තගේ මතය. මේ සඳහා තාක්ෂණය, සැලසුම්කරණය හා සාංස්කෘතික සාධක යන කාරණා ත්‍රිත්වය ම සැලකිල්ලට ගත යුතුයි.

• ලංකාව, ඉන්දියාව, කෙන්යාව වැනි රටවල තේ කර්මාන්තයේ තේ දළු නෙළීම තවමත් මුළුමනින් ම පාහේ කරන්නේ කාන්තාවන් විසින්. තේ දළු කූඩයක් පිටේ බැඳ ගෙන, බෑවුම් සහිත බිම්වල ගමන් කරමින් සියුම්ව තේ දළු නෙළීම දිනකට පැය කිහිපයක් කළ යුතුයි. තේ පානය රස විඳින බොහෝ දෙනෙකු දළු නෙළීමේදී අතට හා ගතට දැනෙන වේදනාත්මක විඩාව ගැන දන්නේ නැහැ. දළු නෙළීමේ කාර්යය අර්ධ වශයෙන් හෝ යාන්ත්‍රීකරණය කළ හැකි නම් නෙළන්නියන්ගේ රැකියාවලට තර්ජනයක් නොකොට ඔවුන්ගේ ආයාසය අඩු කළ හැකියි.

“මේ අභියෝග ගැන සරසවි හා විද්‍යා පර්යේෂණ ආයතන එතරම් තැකීමක් කරන්නේ නැහැ. මේ දෛනික කාර්යයන්ගෙන් පීඩාවට පත් වන්නේ දුගී හා ග්‍රාමීය මිනිසුන් – විශේෂයෙන් ම කාන්තාවන්. එබඳු අයට තමන්ගේ ගැටළු ගැන හඬක් නැඟීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. බිම් මට්ටමේ නව නිපැයුම්කරුවන් පවා මේ අභියෝග ගැන ඇති තරම් අවධානයක් යොමු කර නැහැ!” ඔහු පෙන්වා දුන්නා.

සමහර ගැටළුවලට අර්ධ විසඳුම් ලබා දීමට නව නිපැයුම්කරුවන් සමත්ව සිටිනවා. උදාහරණයක්ථ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බීමට ජලය සොයා කිලෝමීටර් ගණනක් දුර ගමන් කරනවා. සොයා ගන්නා ජලය කලගෙඩි හෝ වෙනත් භාජනවලට පුරවා හිසේ හෝ ඉනේ තබා ගෙන ගෙදර ගෙන යාමයි සිරිත. මේ ක්‍රියාවේ ආයාසය අඩු කර ගන්නට පානි හාරි (Pani Hari) නම් සරල ඇටවුමක් ඉන්දියාවේ කිම්ජිබායි කනාඩියා (Khimjibhai Kanadia) නිපද වූවා. එයින් කරන්නේ හිස මත තබා ගත් වතුර කලයේ බර, උරහිස් දෙකට බෙදා හැරීමයි. මීට අමතරව වතුර පුරවා පැළඳගෙන යා හැකි වතුර කබායක් (water-carrying jacket) තවත් නිපැයුම්කරුවෙකු සැලසුම් කර තිබෙනවා. මේවා යම් මට්ටමකට ගැටළුව විසඳන නමුත් පුළුල් භාවිතයට ගන්නට පෙර වැඩි දියුණු කළ යුතු බව ගුප්ත කියනවා.

තවත් පුළුල්ව අත්දකින ප්‍රායෝගික ගැටළුවක් නම් කඳුකර බෑවුම් ප්‍රදේශවල භාණ්ඩ ප්‍රවාහනයයි. අඩි පාරක් පමණක් ඇති, බයිසිකලයක්වත් පැද ගෙන යා නොහැකි බෑවුම් ප්‍රදේශවල පදිංචිකරුවන් හැම දෙයක් ම කරපිටින් ඔසවා ගෙන යා යුතුයි. නැතිනම් ගවයන්, බූරුවන් වැනි සතුන් යොදා ගත යුතුයි. කඳුහෙල් බහුල බෑවුම් බිමෙහි යා හැකි ට්‍රොලියක් වැනි ප්‍රවාහන ක්‍රමයක් නිපද වූවොත් කඳුකර වැසියන් මිලියන ගණනක් එයින් වාසි ලබනවා නියතයි.

පසුගිය අඩ සියවසක කාලය පුරා විශාල වශයෙන් ආයෝජන කළත් තවමත් සාර්ථකව විසඳා නොගත් සංවර්ධන අභියෝගයක් නම් ග්‍රාමීය වැසිකිළි සැළසුමයි. ජලය භාවිතය අරපිරිමසින, මළ මුත්‍ර මනා සේ ඉවත දමන, අඩු වියදමින් තනා ගත හැකි වැසිකිළි සැළසුම් තවමත් ජය නොගත් අභියෝගයක්. ලෝකයේ බිලියන 7ක ජනගහනයෙන් බිලියන 2කට කිසි වැසිකිළි පහසුමකමක් නැහැ. නිරාවරණය වූ එළිමහන් තැන්වල මළපහ කිරීම නිසා ජලය අපවිත්‍ර වීමෙන් හට ගන්නා පාචන රෝග හා අකල් මරණ සංඛ්‍යාව විශාලයි.

හඳ මතුපිට ජල සම්පත් ගවේෂණය කරන්නට ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානා නිර්මාණය කළ ඉන්දියාවේ ම තවමත් මිලියන් 400ක් මිනිසුන් අන්ත දුගී ජීවිත ගත කරමින් බීමට පිරිසිදු වතුර සොයා ගැනීමේ දෛනික අරගලයක යෙදෙනවා. දියුණු වන ලෝකයේ බොහෝ රටවල යථාර්ථය මෙයට වෙනස් නැහැ. තවමත් හරිහැටි විසඳා නොගත් මෙකී නොකී ප්‍රායෝගික අභියෝගවල ලැයිස්තුවක් ආචාර්ය ගුප්ත සම්පාදනය කර තිබෙනවා.

නාගරික හා ග්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන ආයාසකාරී තත‍වයන්ට හැකි තාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන් ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.

අප ගිය සතියේ ද සඳහන් කළ පරිදි හැම නව නිපැයුමක් ම ලොව හොල්ලන හෝ වෙළඳපොළ අල්ලන හෝ ඒවා වීම අවශ්‍ය නැහැ. ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් සොයා යාමේදී කුඩා පරිමාණයේ දියුණු කිරීමකින් වුවත්, බොහෝ දෙනෙකුට සහනයක්, උපකාරයක් ලබා දිය හැකියි. එබන්දකට පේටන්ට් බලපත්‍රයක් නොලැබෙන්නට පුළුවනිග එහෙත් නව නිපැයුම්කරුවන්ගේ එක ම අරමුණ විය යුත්තේ පේටන්ට් ගොන්නක් හිමි කර ගැනීම නොවෙයි.

‘3 Idiots’ හින්දි චිත්‍රපටයේ එක් ජවනිකාවක යාන්ත්‍රික ඉංජිනේරු ගුරුවරයා යන්ත්‍රයක් නිර්වචනය කරන ලෙස සිසුන්ට කියනවා. අමීර් ඛාන් රඟපාන චරිතය වන රංචෝගේ විග්‍රහයට අනුව යන්ත්‍රයක් යනු මිනිස් ආයාසය අඩු කරන ඕනෑ ම උපක්‍රමයක් හෝ උපකරණයක්. එහෙත් උගත්කමේ මාන්නයෙන් පිම්බුණු මහාචාර්යවරයාට ඒ සරල විග්‍රහය සෑහෙන්නේ නැහැ. පාරිභාෂික වචන හා බරපතල සංකල්ප ඇතුළත් මහ දිග නිර්වචනයක් ඔහුට අවශ්‍යයි. ඉංජිනේරු තාක්ෂණය ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට මීට වඩා යොදා නොගැනීමට හේතුව මෙබඟ පොතේ ගුරුන් අපේ සමාජයේ බහුලවීමයි.

එදිනෙදා ගැටළු විසඳන්නට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ තැනට සුදුසු විදියට හා සූක්ෂම බුද්ධියෙන් යුක්තව පවතින මෙවලම් (tools) සහ යන්ත්‍ර (machines) යොදා ගැනීමයි. පවතින මෙවලමක් හෝ යන්ත්‍රයක් හෝ සකසා ගත නොහැකි නම් අලුතින් යමක් නිපදවීමේ අවකාශය තිබෙනවා. එහිදී නිපැයුම්කරුවන් කළ යුත්තේ හැකි තාක් සරල හා අඩු වියදම් විසඳුම් සොයා යාමයි.

ප්‍රායෝගික ගැටළු විසඳීමේදි ඒවාට නිතිපතා මුහුණ දෙන මිනිසුන්, ගැහණුන් හා ළමයින් සම්බන්ධ කර ගැනීම ද වැදගත්. තාක්ෂණවේදීන්, ඉංජිනේරුවන් හා විද්‍යාඥයන්ට ගැටළු විසඳීමේ මූලධර්ම මට්ටමේ චින්තනය ලබා දිය හැකියි. අත්හදා බැලීම් කළ හැකියි. එහෙත් අන්තිමේදී විසඳුමක් සාර්ථක වන්නේ එය පාවිච්චි කරන අය අතර පිළිගැනීමට ලක් වූවොත් පමණයි.

නාගරික හා ග්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන ආයාසකාරී තත‍වයන්ට හැකි තාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන් ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.

ගැටළු විසඳීමේ සාර්ථකත්වයට සාධක තුනක් මුසු වීම අවශ්‍ය බව ගුප්තගේ මතයයි. ඉංග්‍රීසි C අකුරෙන් ඇරඹෙන ඒ වචන තුන: curiosity (කුතුහලය), compassion (මානව දයාව) හා collaboration (සාමුහික ක්‍රියාකාරිත්වය).

ආචාර්ය ගුප්ත ලාංකික විද්වතුන්ට හා නව නිපැයුම්කරුවන්ට දාර්ශනික ඔවදනක් ද දුන්නා. “දශක ගණනාවක් ඉන්දියාවේ උගතුන් හා පර්යේෂකයන් අපට තිබෙන ගැටළු හා අභියෝග ගැඹුරින් අධ්‍යයනය කළා. ඒවාට විසඳුම් ගැනත් බෙහෙවින් වාද විවාද කළා. ඒත් ප්‍රායෝගිකව යමක් කරන්නට අප පෙරට ආවේ නැහැ. මගේ පරම්පරාවේ උගතුන් කළ මේ ලොකු වරද නැවතත් නොකරන්නට වග බලා ගන්න!”

නව නිපැයුම්කරුවන්ට ඔහු දුන් වැදගත් ම අවවාදය මෙයයි: “පන්ති කාමර, විද්‍යාගාර හා වැඩපොළවලට කොටු වී නොසිට සැබෑ ලෝකයේ හැකි තරම් සැරිසරන්නග මඟ තොටේ, කඩමණ්ඩියේ, වෙල් යායවල, හේන්වල හා ගං ඉවුරුවල විසඳා ගත යුතූ – හැකි ප්‍රායෝගික ගැටළු රැසක් තිබෙනවාග පවතින සමාජ තත්ත‍වයන් ගැන තෘප්තිමත් නොවූ මානවයන් ඒවා ගැන සංවේදී වනවා. නව නිපැයුම් බිහිවන්නේ ඔවුන් අතින්. ඔවුන්ගේ පර්යේෂණාගාරය මුළු මහත් ජන සමාජයයි!”