සිවුමංසල කොලූගැටයා #153 කාබනික ගොවිතැන: උද්‍යොග පාඨවලින් ඔබ්බට?

Go organic! That call is heard increasingly in Sri Lanka, which has been late to get on this bandwagon. Much of the island nation’s organically produced fruit, spices and vegetables was exported to high-paying overseas markets until recently. But concerned with health effects of agrochemical residues in the good, more Lankans are now looking for organic products.

Is this an upper middle class fad, or can organic food become the mainstream? What about the significant price difference? What assurance of quality and where are the certification schemes?

In my latest Ravaya column (in Sinhala), I survey the small but rapidly growing organic produce market in Sri Lanka, and raise some questions that need regulatory and consumer attention.

Sri Lanka is evolving its own demand for organic produce, as seen at the Good Market in Colombo and Battaramulla - image courtesy Good Market Facebook page
Sri Lanka is evolving its own demand for organic produce, as seen at the Good Market in Colombo and Battaramulla – image courtesy Good Market Facebook page

කෘත‍්‍රිම (රසායනික) පොහොර හෝ කෘමිනාශක, වල්නාශක වැනි කෘෂි රසායනික හෝ යොදා නොගෙන සොබාවික ක‍්‍රමයට බෝග වැවීම කාබනික ගොවිතැන (organic farming) ලෙස හඳුන්වනවා.

මෙය අළුත් ක‍්‍රමයක් නොවෙයි. වසර දහස් ගණනක් පුරා පෙර අපර දෙදිග ම භාවිතා වූ අත්දුටු ක‍්‍රමයක්. මෑත දශකයන්ගේ කෘෂි රසායනික භාවිතයට ඇබ්බැහි වීම නිසා අපෙන් ඈත් වූ කාබනික ගොවිතැනේ අගය දැන් යළිත් වැටහී තිබෙනවා.

ගිය වසර අගදී කොළඹ සම්බෝධි විහාර භූමියේ සෙත්සුව මැදුර නම් වූ කාබනික ආහාර අලෙවි සැලක් ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවා. එය සම්බෝධි විහාරයේ හා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ (GMOA) සාමුහික ප‍්‍රයත්නයක්. මාධ්‍ය වාර්තාවලට අනුව ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගොවීන්ගෙන් ඉල්ලා ඇත්තේ මේ සද්කාරියට දායක වීම පිණිස රසායනික පොහොර භාවිතයෙන් වැළකී ආහාර බෝග වවන ලෙසයි.

වස විසෙන් තොර ආහාර වැවීම හා පරිභෝජනය ගැන රටේ ඉහළ ම මට්ටමින් අවධානය යොමු වීම හොඳ ප‍්‍රවණතාවක්. එහෙත් රටේ නායකයා යහපත් දෙයක් කරන්නට යැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටීම පමණක් සෑහෙන්නේ නැහැ.

අපේ ගොවිතැන මෙතරම් විස භාවිතයට යොමු වුණේ අඩ සියවසකට වැඩි කලක් අපේ ම රජයන් පවත්වා ගෙන යන කෘෂි ප‍්‍රතිපත්ති නිසායි. ඒ නිසා ගොවීන්ගේ හෘද සාක්ෂියට හා බුද්ධියට ආයාචනා කරන අතර මේ ජාතික ප‍්‍රශ්නයට තුඩු දුන් සාධක හඳුනා ගෙන රාජ්‍ය මට්ටමින් හා සමාජයීය මට්ටමින් ප‍්‍රතිකර්ම යෙදීම ද අත්‍යවශ්‍යයි.

(මා මීට පෙර ද මේ කොලමින් කියා ඇති පරිදි) කෘෂි රසායනිකවලට ඇබ්බැහිවීම හරියට මත්ද්‍රව්‍යවලට පුද්ගලයකු ඇබ්බැහි වූවා වැනියි. කලකට පසු එය නැතිව ම බැරි වනවා. එයින් අත්මිදීමට අවංක උත්සාහයක් හෝ  ඕනෑකමක් නැති වෙනවා. රටක් හැටියට අපට සිදුව ඇත්තේ එයයි.

කලක් තිස්සේ පැවතුණු දැඩි ඇබ්බැහිකමකින් මිදීමට පුද්ගලයකුට මෙන් ම ප‍්‍රජාවකටත් ලොකු ආයාසයක් හා තල්ලූවක් අවශ්‍යයි. දුම්කොළවලට ඇබ්බැහි වූවන් බොහෝ දෙනකු එහි මාරාන්තික විපාක දැන දැනත් එය නතර නොකරන්නේ දැන් අතහැරිය නොහැකි තරම් එහි එල්බ ගෙන සිටින නිසයි.  ඕනෑ ම ඇබ්බැහිකමක් දුරලන්නට ආයාචනාවලට සමාන්තරව ප‍්‍රතිපත්තිමය, නියාමක හා වෙළඳපොල මට්ටමේ පියවර ද අවශ්‍යයි.

අපේ රටේ කාබනිකව වවන ලද එලවළු හා පලතුරු මෑතක් වනතුරු වැඩිපුර ම පිටරට යවනු ලැබුවා. එහෙත් කෘෂි රසායනික අධිභාවිතයේ හා අනිසි භාවිතයේ බරපතල සෞඛ්‍ය විපාක හඳුනා ගැනීම සමග කාබනික ආහාර බෝග සඳහා දේශීය වෙළඳපොල ඉල්ලූම ද මතු වෙමින් තිබෙනවා.

මෙය හුදෙක් මධ්‍යම පාංතික විලාසිතාවක් ද? නැතහොත් වස විසෙන් තොර ආහාරපාන මිලියන් 20කට වැඩි සියළු ලක්වැසියන්ට ලබා දෙන්නට හැකි ද? වෙළඳපොල ආර්ථිකය තුළ මේ සඳහා රජයකට කෙතරම් බලපෑම් කළ හැකි ද?

The Good Market (Sri Lanka) Logo
The Good Market (Sri Lanka) Logo

පාර්ලිමේන්තු සංකීර්ණයට යන මාර්ගයේ බත්තරමුල්ලේ පිහිටි දියත උයන නම් පොදු ස්ථානයේ බ‍්‍රහස්පතින්දාට නූතන පන්නයේ පොලක් පැවැත් වෙනවා. Good Market නම් වූ එතැන අලෙවි කැරෙන්නේ සුළු පරිමාන ආහාරපාන හා වෙනත් එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍යයි. බොහෝ ඒවා ගෘහස්ථව නිපදවා තිබෙනවා. කෘෂි රසායනික නොයොදා ගෙවතුවල වැවූ එලවළු හා පළතුරු ඒ අතර විශේෂයි.

බි‍්‍රතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමාරයා 2013 නොවැම්බර් මෙරටට ආ වෙලේ මේ Good Marketහි කාබනික ආහාර වවන්නෝ ඔහුට විශේෂ අලෙවියක් කළා. ඔහු තමන්ගේ ආහාරපාන ගැනත් පරිසරය ගැනත් ඉතා සැලකිලිමත් වන කෙනෙක්. ලොව කොතැන ගියත් කෑමට ගන්නේ කාබනිකව වැවූ එළවලූ, පළතුරු හා ධාන්‍යන්, සොබාවික ලෙස සත්ත්ව පාලනය කොට ලබා ගත් මස් වර්ගත් පමණයි.

තමන්ගේ අරක්කැමියා හා කාර්ය මණ්ඩලය සමග සංචාරය කරන චාල්ස් කුමරුට මේ අන්දමට කෑමබීම සම්පාදනය කර ගැනීම ප‍්‍රශ්නයක් නොවෙයි. එහෙත් ඔහුගේ රටේත්, අපේ රටේත් සාමාන්‍ය ජනයාට එය තවමත් ලොකු අභියෝගයක්.

Prince Charles visits the Good Market and meets organic producers of Sri Lanka - Nov 2013 in Colombo
Prince Charles visits the Good Market and meets organic producers of Sri Lanka – Nov 2013 in Colombo – Photo courtesy Good Market Facebook page

එයට හේතුව කාබනිකව වවන ආහාරවල මිල අනෙකුත් ආහාරවලට වඩා අවම වශයෙන් සියයට 30 – 40ක් වැඩි වීමයි. ඉහළ මධ්‍යම පාංතිකයින් ටික දෙනෙකුට මේ මිල ප‍්‍රශ්නයක් නොවුවත් අන් අයට ඒ අමතර වියදම නිතිපතා දරා ගැනීමට අමාරුයි. කාබනික ගොවිතැන වෙළඳපොළ ප‍්‍රධාන ප‍්‍රවාහය වීමට නම් මේ මිළ පරතරය තුරන් කළ යුතුයි.

මේ මූලික වෙළඳපොල යථාර්ථය නොදැන හෝ නොදැක අප සැම කාබනික ආහාර පමණක් පරිභෝජනය කළ යුතු යැයි අපේ සමහර පරිසරවේදීන් කියන්නේ මේ පොළවේ පය ගසා ගෙන ද? නැතිනම් වෙනත් හරිත ලෝකයක කොටු වෙලා ද?

ඕනෑ ම සමාජයීය ප‍්‍රශ්නයකට නිර්දේශ කරන විසඳුම් ප‍්‍රායෝගික විය යුතුයි. ‘පාන් නැති නම් කේක් කාපල්ලා’ ආකාරයේ නිර්දේශ යථාර්ථවාදී නොවනවා සේ ම අසංවේදියි.

තවත් සමහර පරිසරවේදීන් කියන්නේ වහා ක‍්‍රියාත්මක වන පරිදි කෘෂිරසායන මෙරටට ගෙන්වීම හා භාවිතය තහනම් කළ යුතු බවයි. එවිට වෙනත් විකල්ප නැති නිසා සියළු ගොවිතැන් කාබනිකව කැරෙනු ඇතැයි ඔවුන් සිතනවා.

සමාජ ප‍්‍රශ්න විසඳීමට සීමා, තහංචි හා දණ්ඩන යෙදීම කලක සිට අපේ රටේ ජනප‍්‍රිය පුරුද්දක්. තහනම් කිරීම හරහා ප‍්‍රශ්න සැබෑවට විසඳෙනවා වෙනුවට ඒ වටා නීත්‍යනුකූල නොවූ වෙළඳාමක් සිදු වීම ඇරඹෙනවා. කළුකඩ සම්ප‍්‍රදාය කියන්නේ එයටයි.

නූතන ජන සමාජයන්ගේ මිනිසුන් කන බොන සැටි රාජ්‍යයට පාලනය කරන්නට නොහැකියි. වෙළඳපොලේ ආහාර හිඟයක් පවතින කාලවලට පමණක් යම් සලාක ක‍්‍රම අනුගමනය කළ හැකියි. (බිඳ වැටුණු සෝවියට් දේශයේත්, වෙළඳපොල ක‍්‍රමයට විවෘත වන්නට පෙර මහජන චීනයේත් සාමාන්‍ය ජනයා එදිනෙදා මිලට ගන්න ආහාරපාන මොනවාද හා කොපමණක් ද යන්න නිලධාරි තන්ත‍්‍රයක් දැඩි සේ පාලනය කළා. අද ඒ රටවලත් එබන්දක් කැරෙන්නේ නැහැ.)

රාජ්‍යයට කළ හැක්කේ සමබර ආහාරවේලක හා නිසි පෝෂණයේ වැදගත්කම ගැන ජන සමාජය දැනුවත් කරන අතර දිගුකාලීනව සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කිරීමට හැකි යැයි මනාව තහවුරු වූ ආහාර සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් ලබා දීමයි.

එහෙත් එය සෞඛ්‍ය විද්‍යාත්මක පදනමකට එහා ගියොත් ප‍්‍රශ්නයක් වනවා. නිර්මාංශ ආහාරයේ වැදගත්කම පිළිගෙන එය සියයට සියයක් හෝ යම් තරමක් ප‍්‍රගුණ කරන අය අප අතර සිටිනවා. එසේ ම මස්මාළු කෑමට කැමති අය ද සිටිනවා. මේ දෙපිරිසට ම තමන් රිසි සේ ආහාර සම්පාදනයට ශිෂ්ට සමාජයක ඉඩ තිබිය යුතුයි. යමක් තහනම් කිරීම හෝ බලෙන් ජනතාව මත පැටවීම වැඩවසම් සමාජ ලක්ෂණයක් මිස නූතන යුගයට ගැලපෙන සිරිතක් නොවෙයි.

සෙත්සුව මැදුරට සමාන්තරව healthysrilanka.lk නමින් අළුත් වෙබ් අඩවියක් ද අරඹා තිබෙනවා. කාබනික ආහාර පමණක් නොව ශරීර සෞඛ්‍යයට හිතකර ආකාරයෙන් සියළු ආහාරපාන මිලට ගැනීම හා සම්පාදනය ගැන ප‍්‍රායෝගික උපදෙස් එහි තිබෙනවා. දැනට ඉංග‍්‍රීසියෙන් පමණක් අන්තර්ගතය ඇති එහි සිංහල හා දෙමළ බසින් ද සන්නිවේදන සිදු වනු ඇතැයි අප පතනවා.

රටක් කාබනික ආහාරවලට වඩාත් නැඹුරු වන විට ඒ වටා වෙළඳපොල විභවයක් ගොඩ නැෙඟනවා. එවිට එයට අදාල ප‍්‍රමිතීන් හා සහතික කිරීම් ක‍්‍රමවේදයන් (certification schemes) බිහි විය යුතුයි. හේතුව එළවලූවක් හෝ පළතුරක් බැලූ බැල්මට කාබනික යැයි පාරිභෝගිකයකුට කිව නොහැකි වීමයි. යම් අමතර මිලක් ද ගෙවා සෞඛ්‍ය සම්පන්න අරමුණින් කාබනික ආහාරයක් (ධාන්‍ය, එලවළු, පලතුරු, කිරි) මිලට ගෙන පරිභෝජනය කරන විට එහි බොරුවක් හෝ වංචාවක් නැතැයි සහතික විය යුතුයි.

කාබනික ආහාර ඇත්තට ම එසේ වවන ලද බවට සහතික කරන ක‍්‍රමවේදයන් යුරෝපා රටවල හා ජපානයේ හමු වනවා. ඒ රටවලට කාබනික ආහාර යවන අපේ රටේ ගොවීන් ද එම ප‍්‍රමිතිවලට අනිවාර්යයෙන් අනුකූල වනවා.

එබඳු ප‍්‍රමිතීන් හා සහතික වීමේ ක‍්‍රම (standards and certification) දේශීය වෙළඳපොලට ද අවශ්‍යයි.

කාබනිකව වගා කර ගත් ආහාර ලොව බොහෝ රටවල මිලෙන් තරමක් හෝ සැලකිය යුතු වශයෙන් වැඩි බව සත්‍යයක්. එහෙත් අපේ රටේ මේ වෙළඳපොල විසමතා වඩාත් තීව‍්‍ර වන්නේ කෘෂි රසායනිකවලට ලැබෙන සහනාධාර නිසයි. මහජන මුදල්වලින් මහා පරිමාණ පොහොර සහනාධාරය පවතින තුරු මෙරට කාබනික ගොවිතැනට හරිහැටි ස්ථාපිත වන්නට ඉඩක් නැති බව සුළුතරයක් වන කාබනික ගොවීන් දන්නවා. අප එය විස්තරාත්මකව මේ කොලමින් පෙන්වා දී තිබෙනවා.

K M Wijepala exhibits his organic fertiliser suited for any  crop  - Photo by Janaka Sri Jayalath
K M Wijepala exhibits his organic fertiliser suited for any crop – Photo by Janaka Sri Jayalath

නව නිපැයුම් පිළිබඳ මා රූපවාහිනි නාලිකාවේ 2012 ඉදිරිපත් කළ “මාලිමා” වැඩසටහනට වරක් පැමිනි කේ. එම්. විජේපාල මහත්තයා නුවරඑළියේ ඔහුගේ සමාගම හරහා මුළුමනින් ජෛවීය ද්‍රව්‍ය යොදා තනන කාබනික පොහොර, වල්නාශක, කෘමිනාශක හා අනෙකුත් කෘෂි රසායන අලෙවි කරනවා. එ් සියල්ල ඔහු කලක් තිස්සේ අත්හදා බලා සොයා ගත් වට්ටෝරුවලට අනුව නිෂ්පාදිතයි.

ගොඩ හා මඩ  ඕනෑම බෝගයකට යෙදිය හැකි GOLF (Gold Organic Lanka Fertilizer) නම් කාබනික පොහොරක් ඔහු නිපදවා තිබෙනවා. ශාක වර්ධනයට අවශ්‍ය සියළු මුලද්‍රව්‍ය අඩංගු මේ පොහොර තනා ගන්නා සැටි මාලිමා තුළින් ඔහු පෙන්වා දුන්නා. එයට අමුද්‍රවය ලෙස ගන්නේ එළඟිතෙල්, මීපැණි, මෝරතෙල් ගුලි, කොහොඹ තෙල්, තල්/පොල්/කිතුල් පැණි හා බියර් ආදී ලෙහෙසියෙන් සොයා ගත හැකි දේ. මේවා ජලයේ මුසු කිරීමේ නිසි අනුපාතයන් දැක්වෙන වට්ටෝරුවට ලාංකික ජේටන්ට් බලපත‍්‍රයක් ලබා ගෙන තිබෙනවා. http://tiny.cc/Malima10

මේ පොහොර යෙදීමෙන් රසායනික පොහොරවලට සමාන හෝ වැඩි අස්වනු ලබා ගත හැකි බව තේ පර්යේෂණායතනය (TRI), කාර්මික පර්යේෂණායතනය (ITI) හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ස්වාධිනව තහවුරු කර තිබෙනවා.

මේ කාබනික පොහොර ගෙදරදී ම තනා ගැනීමට අනුපාත හා පියවර කියා දෙන උපදෙස් පත‍්‍රිකාවක් මෙරට ගොවීන්ට නොමිළයේ ලබා දෙන්නට විජේපාල මහත්තයා ඉදිරිපත්ව සිටිනවා. (එ් සඳහා ලිපිනය ලියු, මුද්දර ගැසු කවරයක් යවන්න: විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය).

රසායනික පොහෙර වෙළඳාමේ නියුතු බහුජාතික හා දේශීය සමාගම් සමඟ තරඟකාරීව අලෙවිකරණයට ඔහු ලැහැස්තියි. ඔහු කියන හැටියට මේ ජෛවීය පොහොර ප‍්‍රචලිත කරන්නට තිබෙන ලොකු ම බාධකය රසායනික පොහොරවලට ලැබෙන රාජ්‍ය සහනාධාරයයි.

Malima: Episode 10 presented by Nalaka Gunawardene from Nalaka Gunawardene on Vimeo.

පොහොර සහනාධාරය යටතේ 90%ක් සහන මිලට රසායනික පොහොර ලැබීමට දිගු කලක් තිස්සේ හුරු වූ ගොවීන් දැන් එය අයිතිවාසිකමක් ලෙස සලකනවා. වස විස ගොවිතැනට වැට බැඳීමට අවංක උවමනාවක් ඇත්නම් මහා පරිමානයේ පොහොර සහනාධාරයට එළිපිට ම එරෙහි වන්න.

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

 

SciDev.Net: Going upstream for lasting kidney disease remedies

High inputs to  make high yields - at a heavy price
High inputs to make high yields – at a heavy price

“For sure, the double-edged legacy of the Green Revolution which promoted high external inputs in agriculture must be critiqued. Past mistakes can be rectified at least now.

“However, corrections have to begin upstream by questioning macro-level policies. For example, for half a century, Lankan farmers have had a huge — 90 per cent — state subsidy on chemical fertilisers. This does not encourage thrifty use, yet successive governments have hesitated to fix the massive drain of taxpayer funds.

“Thus, mass kidney failure is more than just a public health emergency or environmental crisis. It is symptomatic of cascading policy failures in land care, water management and farming over decades.”

This is an excerpt from the first of a monthly series of analysis blogs (columns) I will be writing for SciDev.Net in 2014.

Titled “Going upstream for lasting kidney disease remedies“, the first essay looks at the broader implications of a chronic kidney disease that is spreading in India and Sri Lanka for which medical and other researchers still cannot pinpoint a specific cause.

I have been writing and broadcasting about this public health issue for sometime, and have listened (or interviewed) most key players on the Lankan side of the investigation. In this opinion essay, I look at the policy dilemmas and healthcare challenges posed by Chronic Kidney Disease of uncertain aetiology, or CKDu.

I argue: “There are no quick fixes. In searching for solutions, health and environmental activists must rise above their single-issue advocacy positions. They can bring grassroots concerns to national debates. Collaboration – not confrontation or conspiracy theories – is the need of the hour.

“Hijacking a human tragedy for scoring some debating points is not worthy of any true follower of Rachel Carson.”

Full text: Going upstream for lasting kidney disease remedies

South Asian Coasts Reeling Under Pressure

News feature published in Ceylon Today broadsheet newspaper, 23 January 2014

South Asia Coastal Management Convention in Pondicherry - L to R Chandra Bhushan, Aurofilio Schiavina, Sunita Narain, Tahir Qureshi, Anil Premaratne
South Asia Coastal Management Convention in Pondicherry – L to R Chandra Bhushan, Aurofilio Schiavina, Sunita Narain, Tahir Qureshi, Anil Premaratne

South Asian Coasts Reeling Under Pressure

By Nalaka Gunawardene in Pondicherry, India

As economic development gathers pace in South Asia, its coastal regions are coming under pressure as never before. More ports, power plants and tourist resorts are jostling with fishermen and farmers.

Balancing livelihoods, economic growth and environmental conservation is the only way to avoid a major resource crisis, acknowledged participants at the South Asia Convention on Coastal Management held in Pondicherry, India, from 19 to 21 January 2014.

Over 70 senior government officials, researchers, civil society activists and journalists from Bangladesh, India, Maldives, Pakistan and Sri Lanka came together for this event, organised by Delhi-based Centre for Science and Environment (CSE) and Pondicherry-based citizen group, PondyCAN.

They reported how a disproportionately high share of South Asia’s industrialisation, urbanisation and tourism development is concentrated along its combined 11,240 km of coastline. In total, coastal areas support livelihoods of some 400 million South Asians through fisheries, tourism and other activities.

In many parts of the region, high population density exists alongside sensitive ecosystems – such as mangroves and coral reefs and river estuaries. This intensifies the challenge of managing coastal resources. Climate change impacts, already felt as extreme weather events, add to these pressures.

Participants discussed strategies for regulating coastal development, protecting coastal habitats and coping with climate change.

They agreed on the urgent need for improving scientific understanding of coastal regions, which begins with clearly defining, demarcating and mapping such areas. Evidence based policy making and effective regulation depend on such a knowledge base, currently lacking or inadequate.

“There is a need to strengthen regulatory systems, build capacity and do more research to better manage coastal challenges in South Asia,” said Sunita Narain, Director General of CSE.

In CSE’s view, she said, the most important intervention is to strengthen existing institutions to get them to deliver with greater transparency and accountability.

She added: “We need to balance conservation with benefits to local communities. We also need partnerships between conservation, development and livelihoods without which coastal resource management is not possible in a region like South Asia”.

Ibrahim Naeem, Director of the SAARC Coastal Zone Management Centre, located in the Maldives, explained the value of integrated coastal zone management (ICZM) in balancing competing interests.

Only such an approach can reconcile the many pressures faced by South Asia’s maritime countries including poverty, depleting resources, increasing hazards and large scale enterprises seeking quick profits from the coastal resources.

“We need to make sure these plans incorporate climate change to make them more meaningful to countries like ours,” he added.

Large scale infrastructure development projects are adding to other pressures. India – which already has 202 commercial ports and 27 thermal power plants on its coastline – is planning another 76 ports and 59 power plants. Over 70% of Sri Lanka’s tourist hotels are located in the coastal zone, with more coming up. The scramble for the coast is increasing in other countries, too.

Meanwhile, over two thirds of the world’s ship breaking takes place on open beaches in Bangladesh, India and Pakistan with little regard for worker health or environmental pollution. It is a highly hazardous industry with lucrative returns for operators.

Participants agreed on the need for the South Asian countries to share experiences and approaches and to learn from each other.

“It is important for South Asian countries to learn from each other’s successes and failures,” said Dr Anil Premaratne, Director General of Sri Lanka’s Coast Conservation Department.

Premaratne pointed out that laws and regulations are just one strategy for better managing coastal areas. Other strategies include awareness raising and public education, and the involvement of local communities in resource management and benefit sharing.

Participants also stressed the need for placing all scientific information and maps in the public domain. Right now, these are often trapped in state agencies or research institutes, with no easy access to researchers or other citizens.

Probir Banerjee, President PondyCAN, stressed that the “worst affected are the people living at the margins and the objective has to be to enhance livelihoods, and not compromise them.”

සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

In this week’s Ravaya column, I feature Indian agricultural scientist and activist Dr Anupam Paul, who is committed to organic farming and preserving traditional varieties of rice (folk rice).

He was in Colombo in December 2013 when I had an interesting interview on the uphill struggle to sustain in-situ conservation efforts working with a handful of committed farmers who still grow folk rice varieties instead of hybrid ones promoted by the Green Revolution.

For more info in English, see his paper:
Indigenous Rice: Ignored in Conventional Agriculture

Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com
Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com

ලෝකයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දෙනා නිතිපතා බත් ආහාරයට ගන්නවා. මේ නිසා සහල් යනු ලෝකයේ වැදගත් ආහාරයක්.

වී වගා කිරීම මීට වසර 8,200 – 13,500කට පමණ පෙර චීනයෙන් ඇරැඹී ටිකෙන් ටික දකුණු හා අග්නිදිග ආසියානු රටවලට පැතිර ගිය බව ජාන විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබෙනවා. වී ශාකය හා එයින් ලැබෙන සහල් හුදෙක් ආහාරයක් හැටියට පමණක් නොව මේ රටවල ජන සංස්කෘතියේ කොටසක් බවට ද පත් වුණා.

අපේ දිවයිනෙහි වී වගාව ඇරැඹුණේ කවදාදැයි හරියට කිව නොහැකි වුවත් එය අපේ ම රටට ආවේණික ශාකයක් තරමට අද අපට සමීපයි. ඉන්දියාව, බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල තත්ත්වයන් එයයි.

සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද රැක ගනිමින් ඒවා ගොවීන් අතර ප‍්‍රවර්ධනය කරන්නට වෘත්තීය හා පෞද්ගලික මට්ටමින් කැප වී සිටින අසාමාන්‍ය ගණයේ ඉන්දියානු කෘෂි විද්‍යාඥයෙක් මට ළඟදී හමු වුණා.

ආචාර්ය අනුපම් පෝල්ගේ (Dr Anupam Paul) නිල තනතුර බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ කෘෂිකර්මය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ. ප‍්‍රාන්ත රජයේ කෘෂි ජෛවවිවිධත්ව සංරක්ෂණ ගොවිපලක් ද ඔහු යටතේ පාලනය වනවා.

සොබාවික පරිසරයේ ජෛව විවිධත්වය තරම් ම කෘෂි ජෛව විවිධත්වය (agro-biodiversity) ද වටිනා බව ඔහුගේ විශ්වාසයයි. අපේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නට කෘෂි ජෛව විවිධත්වය රැක ගත යුතු යැයි ද ඒ සඳහා එහි ප‍්‍රධානතම භාරකරුවන් වන ගොවීන් සමඟ පර්යේෂකයන් හා නිලධාරින් සමීපව ක‍්‍රියා කළ යුතු යැයි ද ඔහුගේ අදහසයි.

ඉන්දියාවේ වී වගාව බහුලව කැරෙන ප‍්‍රදේශයක වෙසෙන ඔහුගේ වැඩි අවධානය යොමුව ඇත්තේ සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද වෙතයි. ඔහු ඒවා හඳුන්වන්නේ ජන වී ප‍්‍රභේද  (folk rice varities) යනුවෙන්.

හරිත විප්ලවය හරහා දෙමුහුන් වී ප‍්‍රභේද හඳුන්වා දීමට පෙර ඉන්දියාව පුරා ජන වී ප‍්‍රභේද 82,000ක් පමණ තිබු බවත්, බටහිර බෙංගාලයේ පමණක් එබඳු ප‍්‍රභේද 5,500ක් වූ බවත් ඔහු කියනවා. එහෙත් රාජ්‍ය කෘෂි ප‍්‍රතිපත්තිය යටතේ දෙමුහුන් වී ප‍්‍රභේද කිහිපයක් පමණක් මුළු භාරතය පුරා ම ප‍්‍රවර්ධනය කෙරුණු නිසා මේ ජන වී ප‍්‍රභේද භාවිතයෙන් ඉවත්ව ගියා. මේ වන විට බෙංගාලයේ සොයා ගත හැක්කේ ජන වී ප‍්‍රභේද 250ක් පමණයි.

කෘෂි ජෛව විවිධත්වය රැක ගැනීමේ හොඳම ක‍්‍රමය නම් ඒවා වගා කිරීමයි. ඓතිහාසිකව අතිවිශාල බෝග ප‍්‍රභේද සමුදායක් බිහි වූයේ හා පැවත ආයේ රාජ්‍ය මැදිහත්වීමකින් නොව රට පුරා විහිදුණු ගොවීන් තමන් ලැදි බෝග ප‍්‍රභේද කන්නයෙන් කන්නයට වගා කළ නිසයි.

මෙයට අමතරව නූතන ජාන බැංකු හරහා ද වඳ වී යාමේ තර්ජනයට ලක් වූ බෝග ප‍්‍රභේද රැක ගත හැකි නමුත් එය හැම රටක ම හා හැම බෝගයකට ම කළ හැක්කක් නොවෙයි. එසේ ම බීජවල ජෛවී බව කෘත‍්‍රිම පරිසරයක දිගට ම පවත්වා ගැනීම ද අභියෝගයක්.

ඉන්දියාවේ ජාතික පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ ආයතනයේ වී ප‍්‍රභේද 80,000ක් පමණ තැන්පත් කර ඇතැයි නිල වාර්තා කියතත්, ඒවායේ සාඵල්‍යය බව ගැන සහතික වීමට බැරි යැයි පෝල් කියනවා. ‘‘ජන වී පැවතිය යුත්තේ විවෘත පරිසරයේ, කුඹුරුවල, ගොවීන්ගේ භාරකාරත්වය යටතේයි. සුළු වී ගොවියා කරන කාර්යය වායුසමීකරණය කළ රසායනාගාරවලට කළ නොහැකියි!’’

Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene
Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene

ඉන්දියාව පුරා තිබෙන රජයට අයත් ගොවිපල 150න් කාබනික ගොවිතැන කැරෙන එක ම ගොවිපල භාරව සිටින්නේත් අනුපම් පෝල්. 1950දී ඇරැඹූ මේ ගොවිපල කල්කතාවෙන් කිමී 86ක් උතුරට වන්නට නාඩියා ප‍්‍රදේශයේ අක්කර 15ක් වසා පැතිරෙනවා. කෘෂි රසායනික කිසිවක් නොමැතිව සොබාවික පොහොර හා සොබාවික ක‍්‍රම පමණක් යොදා ගනිමින් ජන වී ප‍්‍රභේද වගා කොට හොඳ අස්වනු නෙළා ගන්නා ක‍්‍රම මේ ගොවිපලේ අත්හදා බලනවා. එහිදී ගොවීන් හා විද්‍යාඥයින් සමසමව කටයුතු කරන බවත්, දෙපිරිස ම එකිනෙකාගෙන් අළුත් දේ උගන්නා බවත් ඔහු කියනවා.

බංකුරා නම් ස්ථානයේ පිහිටි (VRIHI) බීජ සංරක්ෂණ කේන්ද්‍රයේ (www.vrihi.org) ජන වී ප‍්‍රභේද 750ක් සුරැකෙන අතර නාඩියා සංරක්ෂණ ගොවිපලේ ජන වී ප‍්‍රභේද 207ක් වගා කිරීම හරහා සුරකිනවා.

‘‘ජන වී ප‍්‍රභේද නූතන අවශ්‍යතාවලට සරිලන තරම් අස්වනු ලබා නොදෙනවා යැයි සමහරුන් කියනවා. මා එය පිළිගන්නේ නැහැ. ඇතැම් ජන වී ප‍්‍රභේද, හරිත විප්ලවයේ දෙමුහුන් වී තරම් ම ඵලදාව ලබා දීමට සමත්’’ පෝල් කියනවා.

ඔහු අවධාරණය කරන්නේ වෙල් යායක සමස්ත ජෛවීය නිෂ්පාදනය (total biological production) සැළකිල්ලට ගත යුතු බවයි. දෙමුහුන් වී ප‍්‍රභේද වැඩිපුර සහල් ප‍්‍රමාණයක් ලබා දුන්නත් ඒවායේ පිදුරු ප‍්‍රමාණය අඩුයි. වගා බිමට වැඩියෙන් රසායන පොහොර දැමීම අවශ්‍යයි. කෘෂිරසායන යොදන කුඹුරක මිරිදිය මාළුන් ඇති කිරීම වැනි අතුරු ඵලදායක් ලද නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා. එහෙත් කාබනිකව ජන වී වවන විට මේ සියල්ල කළ හැකියි.

සමස්ත ඉන්දීය මට්ටමින් ජන වී රැක ගැනීම තමාට තනිව කළ නොහැකි වුවත් බෙංගාල ප‍්‍රාන්ත මට්ටමින් හෝ එය කිරීමට පෝල් වෙර දරනවා. 2001දී ඇරැඹි මේ ප‍්‍රයත්නය හරහා මේ වන විට ජන වී ප‍්‍රභේද 127ක් එයට උනන්දුව හා කැපවීම ඇති ගොවීන් 80 දෙනෙකු අතර බෙදා දී ඒවා වගා කිරීම සිදු වෙනවා.

බටහිර බෙංගාලය පුරා මේ වන විට ජන වී ප‍්‍රභේද සුළු පරිමාණයෙන් වවන ස්ථාන 15ක් ඇතැයි ද එය කන්නයෙන් කන්නයට පවත්වා ගෙන යාම ලොකු අභියෝගයක් යැයි ද ඔහු කියනවා.

‘‘අද රට පුරා තරුණ තරුණියෝ ගොවිතැනට කැමති නැහැ. මවුපිය උරුමයෙන් ලද ගොවිකම වෙනුවට නගරයේ රැකියා සොයා ගෙන යාම හෝ පිටරට රැකියාවලට යාම බහුලව සිදු වනවා. ඉන්දියානු ගොවිතැනේ අනාගතය අවිනිශ්චිතයි.’’

ඉන්දියාවේ ප‍්‍රගතිශීලි ගොවීන් මෙන් ම සංවේදී විද්‍යාඥයන් ද ජන වී ප‍්‍රභේද ගොවිතැන් කිරීම හරහා රැක ගැනීමේ වැදගත්කම වටහා ගෙන තිබෙනවා. එහෙත් කෘෂි විද්‍යාව උගන්වන කිසිදු ඉන්දියානු සරසවියක් තවමත් ජන වී ගැන අවධානය යොමු නොකරන බව පෝල් කියනවා.

දැන් අප‍්‍රකට එහෙත් තවමත් ගොවීන් ටික දෙනකු වගා කරන ජන වී ප‍්‍රභේද අතර සුවිශේෂ ගුණාංග තිබෙනවා. දිගටි හාල් ඇට, කෙටි හාල් ඇට, විවිධාකාරයේ සුවඳවත් සහල් වර්ග, සීත පරිසරයක වැවෙන වර්ග, නියඟයට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග ආදි වශයෙන් ජන වී ප‍්‍රභේදවලට ආවේණික ලක්ෂණ හමු වනවා. තවත් සමහර ජන වී ප‍්‍රභේද ජලයට යට වී දින ගණනක් පැවතිය ද විනාශ වන්නේ නැහැ.

එක් වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් හෝ තුනක් ඇති ජන වී ප‍්‍රභේද තිබෙනවා. ජුගාල් (jugal) නමින් හඳුන්වන ජන වී ප‍්‍රභේදයේ වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් තිබෙනවා. සටීන් (sateen) ජන වී තුළ සහල් ඇට තුනක් හමු වනවා.

Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013
Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013

‘‘ජන වී ප‍්‍රභේදවල විවිධත්වයේ හා විචිත‍්‍රත්වයේ ඉඟියක් මෙයින් ලැබෙනවා. මේවා (අවභාවිතය නිසා) වඳ වී ගියොත් කෙතරම් තැත් කළත් නවීන විද්‍යාවට යළි බිහි කළ නොහැකියි. දැනට මේවා වගා කරන්නේ බටහිර බෙංගාලයේ ගොවීන් ටික දෙනකු පමණයි. මේ ගොවීන් සංඛ්‍යාව වැඩි කර ගැනීම අපේ ලොකු ම අරමුණයි,’’ ඔහු කියනවා.

‘‘මෙබඳු ගති ලක්ෂණ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් වී ප‍්‍රභේදවල දකින්නට නැහැ. එම ගති සොබා ලබා දෙන ජාන, සාම්ප‍්‍රදායික වී වලින් වෙන් කොට නවීන වී ප‍්‍රභේදවලට මුසු කළත් එතරම් සාර්ථක වී නැහැ. සොබාදහම වසර මිලියන් ගණනක් පුරා බිහි කළ වී ප‍්‍රභේද ඉක්මවා යන්නට අපේ විද්‍යාවට තවමත් නොහැකියි.’’ පෝල් කියනවා.

සමහර ජන වී ප‍්‍රභේද ඉතා කුඩා පරිමාවක් ආහාරයට ගැනීම සෑහෙනවා. උදාහරණයක් නම් පච්චපෙරුමාල් වී ප‍්‍රභේදය. එහි තන්තු (fibre) ප‍්‍රමාණය වැඩියි. යකඩ හා විටමින් බී තිබෙනවා. ආහාරයට ගත් විට ප‍්‍රතිඔක්සිකරණයවීම සිදු වන නිසා පිළිකා ඇති වීම වැළැක්වීමට එය උපකාර වෙතැයි ඔහු කියනවා.

මේ අතර දෙමුහුන් වී ප‍්‍රභේදවලින් ලබා ගත හැකි වූ අධික වී අස්වැන්න කෙමෙන් අඩු වීමට පටන් ගෙන ඇතැයි පෝල් කියනවා. මෙයින් කැළැඹුණු ගොවීන් පෙර තිබු අස්වනු ලබා ගැනීමට වඩ වඩාත් කෘෂිරසායනික යෙදීම කරනවා. එහෙත් පසේ සාරවත් බව අඩු වී ගිය භූමියෙන් එක දිගට වැඩි අස්වනු ලබා ගැනීමට නොහැකියි.

දෙමුහුන් වී වර්ග, ලවණ මුසු වූ බිම්වල හෝ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශවල වගා කිරීමට ද නොහැකියි. එහෙත් එබඳු දුෂ්කර පරිසරවල වැවීමේ හැකියාව ඇති සමහර ජන වී ප‍්‍රභේද තිබෙනවා.

දෙමුහුන් වී ප‍්‍රභේදවල තව සීමා තිබෙනවා. ඒවා වැවීමට වැඩිපුර ජල ප‍්‍රමාණයක් අවශ්‍යයි. හරිත විප්ලවය හඳුන්වා දුන් බෝරෝ වී (Boro Rice) වැවීමට එක් කිලෝවක් සඳහා ජලය ලීටර් 3,000 – 4,000 පමණ කුඹුරට යෙදිය යුතුයි. ජල හිඟයකට මුහුණ දෙන අද මේ අවශ්‍යතාව පිරිමසා ගැනීම ලෙහෙසි නැහැ.

සියවස් ගණනක් තිස්සේ ජන වී (වගා කිරීම හරහා) රැක ගත්තේ රාජ්‍ය ආයතන හෝ විද්‍යාඥයන් නොව කුඩා පරිමාණයේ ගොවීන්. ඔවුන්ට නිලධාරි බලපෑම් හා වෙළඳපොල බාධක නැතිනම් තව දුරටත් එය කළ හැකියි. එහෙත් හැම කාරියකට ම මැදිහත් වීමේ වත්මන් රාජ්‍ය පාලන ක‍්‍රමය යටතේ ගොවීන්ට සාම්ප‍්‍රදායික බීජ සංරක්ෂණය පෙර තරම් ලෙහෙසි නැහැ.

ජීව විද්‍යාඥයන් හොඳින් දන්නා පරිදි  ඕනෑ ම ජීවි (ශාක හා සත්ත්ව) විශේෂයක පැවැත්ම හා සවිමත් ජාන පදනම රඳා පවතින්නේ එහි ප‍්‍රභේද වැඩි සංඛ්‍යාවක් සොබාවිකව පරිසරයේ රැඳී තිබීම හරහායි. හරිත විප්ලවය නිසා වගා කරන බෝගවල ප‍්‍රභේද විශාල ලෙස අඩු වූවා පමණක් නොව ඒවායේ වල් ප‍්‍රභේද (crop wild relatives) ද ක්ෂීන වී ගොසින්.

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

අනුපම් පෝල් ඇතුළු කාබනික වගාවේ හා ජන වී සංරක්ෂණයේ නිරත වූ බොහෝ දෙනකුට ආදර්ශය හා ප‍්‍රබෝධක ආවේගය ලැබෙන්නේ ආචාර්ය වන්දනා ශිවා (Dr Vandana Shiva) නම් ප‍්‍රකට ක‍්‍රියාකාරිනිය හරහායි. ඇය ඇරැඹූ නව්ධාන්‍ය (Navdanya.org) නම් සාමූහිකත්වයේ පෝල් යාවජීව සාමාජිකයෙක්.

වන්දනා ශිවා ඔහුට වරක් මෙසේ කීවා: ‘‘ඔබ රජයේ සේවකයකු ලෙස කෘෂි සමාගම්වල අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කෙරෙතැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොකරන ඔබ ඇත්තට ම කඩාකප්පල්කරුවෙක්!’’

ගොවිතැන් කරන බෝගවල ජාන විවිධත්වය රැක ගන්නට පරිසරවේදීන් ඇති තරම් උනන්දු නොවීම ඛේදවාචකයක් බව පෝල් කියනවා. ‘‘වන ජීවි විවිධත්වය වගේ ම කෘෂි බෝග විවිධත්වයත් අපේ පැවැත්මට අතවශ්‍යයි. එය හීන වී නැති වී ගියොත් අපට ආහාර සුරක්ෂිතභාවය අහිමි වනවා පමණක් නොව අපේ ජන සංස්කෘතියේ වැදගත් අංග ද විනාශ වනවා.’’

Indian Ecologist Dr Debal Deb speaks of conserving folk rice

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

Don’t exaggerate Lanka’s kidney disease, its discoverer pleads

Feature article published in Ceylon Today newspaper,  28 Dec 2013

Don’t exaggerate Lanka’s kidney disease, its discoverer pleads

 By Nalaka Gunawardene

See also: Science and Politics of Mass Kidney Failure in Sri Lanka, Groundviews.org, 19 Aug 2012

Image courtesy Down to Earth magazine, India
Image courtesy Down to Earth magazine, India

While unexplained mass kidney failure is a serious public health problem in Sri Lanka, some persons are exaggerating the number of cases and deaths resulting from it, says the kidney specialist who first detected the disease.

Consultant Nephrologist Dr Tilak Abeysekera, who heads the Department of Nephrology and Transplantation at the Teaching Hospital Kandy, told a recent scientific meeting that it is very important to correctly diagnose the ailment – and not get it mixed up with other types of kidney disease.

“For example, only 16% of kidney patients in the Anuradhapura district can be classified as affected by what is now called Chronic Kidney Disease of unknown aetiology, or CKDu,” he said. He was speaking at a national symposium organised by the National Academy of Sciences of Sri Lanka (NASSL).

The symposium, held in Colombo on 10 December 2013, brought together senior representatives from many public institutions, research organisations and advocacy groups. It discussed the current status of knowledge of the disease, its occurrence, cause(s) and the short and long-term action needed to combat or mitigate it.

Wide-ranging discussions at the symposium highlighted the need for better disease surveillance, and further research. Participants also agreed on the need for much caution by policy makers and the media to avoid creating panic and confusion.

“Some writers to newspapers have claimed that the kidney disease is worse than the (2004) tsunami. The two tragedies are not comparable, and many numbers being mentioned in the media are gross exaggerations,” Dr Abeysekera said.

 Mystery disease

CKDu emerged in the early 1990s, when hundreds of people in Sri Lanka’s Dry Zone – heartland of its farming — developed kidney failure without having the common causative factors of diabetes or high blood pressure.

Most affected were men aged between 30 and 60 years who worked as farmers. The disease built up inside the body without tell-tale signs or symptoms, manifesting only in advanced stages.

Dr Abeysekera was the first to notice and report this variation of the disease that had no immediately apparent cause. As the numbers rose, doctors and other scientists began probing further, trying to identify factors that triggered kidney failure.

Having first appeared in the North Central Province, CKDu has since been reported from parts of five more provinces: the North Western, Uva, Eastern, Central and Northern. The endemic area now covers around 17,000 square km, which is home to over 2.5 million people. To date, it remains exclusively a Dry Zone disease.

Owing to discrepancies in record keeping, it is difficult to arrive at a reliable estimate of deaths resulting from CKDu, According to Dr. Kingsley de Alwis, President of NASSL, deaths have variously been estimated at between 20,000 and 22,000 over the past 20 years. These numbers are not fully verified.

According to him, some 8,000 persons are currently undergoing treatment. This costs the public health sector over Rs. 4,000 million every year.

Over the years, many scientific studies have been carried out and various environmental, geochemical and lifestyle related factors have been probed. Researchers now suspect environmental and genetic factors as causes – but a definitive link to a specific factor has yet to be found.

The National CKDu research project, initiated and led by the Ministry of Health during 2009-2011, has concluded that CKDu is caused by multiple factors instead of a single one (see also box below).

In particular, it found chronic exposure of people in the endemic area to low levels of Cadmium through the food chain and also to pesticides. It also reported a genetic susceptibility in individuals with CKDu.

 Many causes

Dr Shanthi Mendis, Director, Management of Non-communicable Diseases at WHO, told the symposium that kidney disease due to environmental factors is not unique to Sri Lanka. It has also been reported from Japan, Nicaragua, El Salvador, Croatia, Bulgaria and Serbia among others.

In Sri Lanka, WHO-supported research has shown that men over 39 years of age who are engaged in chena cultivation are more prone to CKDu. A positive family history in parents or siblings also increases the risk.

According to Dr Mendis, among the factors that appear to play a role are: chronic exposure to low levels of Cadmium through the food chain; exposure to nephrotoxic (kidney-damaging) pesticides; concurrent exposure to other heavy metals (Arsenic and Lead); deficiency of Selenium in diet; genetic susceptibility to kidney failure; and the use of Ayurvedic herbal remedies containing the Sapsanda plant (Aristolochia indica).

Cadmium enters the environment mainly through chemical fertilisers. The national research project did not find drinking water as a main source of Cadmium.

“In endemic areas, high Cadmium levels were found in certain vegetables such as lotus roots, freshwater fish and tobacco. But Cadmium in rice in both endemic and nonendemic areas was less than the allowable limit of 0.2 milligrams per kilogram,” Dr Mendis said.

Traces of Fluoride and Calcium naturally occurring in groundwater may also aggravate the effect of nephrotoxins and contribute to CKDu, she added.

Agrochemicals are not the only substances to watch. Dr Mendis also highlighted 66 Ayurvedic medicinal prescriptions that contain Aristolochia, being used for treating over 20 ailments. These include remedies for snakebite, fever, body pains, labour pain, indigestion and headache. Most people have no idea what their medicine contains, making it particularly difficult to assess exposure to this factor.

As often happens, research has raised more questions while clarifying some issues. Further studies are needed to understand exactly how certain plants accumulate heavy metals from their surroundings.

According to NASSL President Dr de Alwis, this is the typical process of science. “We need not be unduly alarmed about the number of different causes to which CKDu is attributed by scientists…Science works through a series of interactions, as well as the clash of ideas.”

Dr Tissa Vitarana, Senior Minister of Scientific Affairs who opened the symposium, asked all researchers to keep an open mind in such scientific investigations, ensure rigour of testing and analyis, and discuss their findings widely.

“There has been a spate of media abuse on CKDu. I’m glad to note that the media hype has died down so that a more sensible evaluation becomes possible,” he said.

Dr Vitarana, who is a virologist by training, added: “Cadmium, the main heavy metal suspected of being responsible for CKDu, enters our environment mainly through chemical fertilisers. There is no argument that we need to reduce use of such fertilisers. But as a scientist, I need to be convinced that Cadmium is the main cause. Right now, there is no such conclusive evidence, so we need to keep an open mind.”

Remedies & prevention

While the debate on exact causes of CKDu continues in scientific circles, the public health toll keeps rising.

“CKDu is a major public health issue placing a heavy burden on Government health expenditure and is a cause of catastrophic expenditure for individuals and families leading to poverty and stigma in the community,” WHO’s Dr Mendis said.

And as Minister Vitarana noted, in affected areas of the Dry Zone, farmers’ morale is breaking down. “This can raise questions on the future of farming in Sri Lanka.”

Based on the National CKDu research project, WHO has recommended a number of short and long term actions for ministries and other state agencies concerned with health, water supply, food and agriculture sectors.

An urgent priority is to supply clean drinking water to all people living in the endemic districts. Most people currently rely on groundwater, tapped through tube wells, hand pumps, or dug wells. The government’s 2014 budget proposals have recently allocated Rs 900 million to set up Reverse Osmosis small treatment plants that can purify ground water at local level.

Meanwhile, acting on other recommendations, the Ministry of Health has intensified public education and CKDu surveillance.  At the same time, more treatment facilities – including kidney dialysis units – are being set up.

Many families of patients living with CKDu face economic hardship as their breadwinner can no longer work. They need both livelihood and counselling support.

On the preventive front, the Health Ministry now advises against consuming lotus roots in endemic areas, and asks people to be careful with all herbal medicines containing Sapsanda. One study recommendation is for regulating the use of nephrotoxic herbal medicines.

The national research study has also recommended action for stricter regulation of agrochemicals. It specifically calls for regulating the indiscriminate use of synthetic fertilisers, in particular phosphate fertilisers containing traces of Cadmium, Arsenic and Lead. Farmer reliance on these can be reduced by greater use of locally made rock phosphate. Similarly, better regulation of pesticide distribution and use is also needed.

Going a step further, the study has advocated strengthening tobacco regulation to protect people from exposure to Cadmium through passive smoking. This should add to the already strong case against tobacco.

The humanitarian crisis of CKDu has reached such levels, notes WHO, that urgent remedial actions are needed even as researchers continue their investigations.

“Translating available research findings into action should not be delayed. Implementing multisectoral measures to people’s (especially children’s) exposure to nephrotoxins is a top priority,” said Dr Mendis. “Follow-up research should not be a barrier for implementing WHO recommendations.”

Text box:

 It was a national study, clarifies Health Ministry

The national research project on CKDu was co-funded by the World Health Organization (WHO) and Sri Lanka National Science Foundation (NSF). Comprising 11 studies, it is most comprehensive investigation on the topic so far, and involved dozens of local researchers and senior public health officials.

Research teams measured arsenic, cadmium, lead, selenium, pesticides and other elements, often linked with kidney failure, in biological samples from CKDu patients from three endemic areas (Anuradhapura, Polonnaruwa and Badulla). They compared the data with control groups from the endemic areas and a non-endemic area, i.e. Hambantota. They also analysed food, water, soil and agrochemicals from all the areas for the presence of heavy metals such as Cadmium, Arsenic and Lead.

The research findings were formally released in mid 2013. They were also published as a scientific paper in the international medical journal BMC Nephrology in August 2013. The full paper can be accessed free online at: http://www.biomedcentral.com/1471-2369/14/180

“This is a national study carried out by our own experts, with World Health Organization (WHO) providing technical advice and part of the funding,” said Dr P.G. Mahipala, Director General of Health Services at the Ministry of Health.

He clarified: “It is not correct to refer to this study as a WHO study.”

Don’t exaggerate Lanka’s kidney disease - by Nalaka Gunawardene - Ceylon Today, 28 Dec 2013
Don’t exaggerate Lanka’s kidney disease – by Nalaka Gunawardene – Ceylon Today, 28 Dec 2013

සිවුමංසල කොලූගැටයා #149: සිරිල් පොන්නම්පෙරුමගේ දැවැන්ත සෙවනැල්ල

In this week’s Ravaya column, I pay another tribute to Dr Cyril Ponnamperuma, Lankan biochemist who was one of the best known and most accomplished scientists produced by Sri Lanka.This explores the time he spent in Sri Lanka in the late 1980s, working as Presidential Science Adviser and Director of the Institute of Fundamental Studies (IFS) in Kandy.

See also my English tribute published in 2009: Dr. Cyril Ponnamperuma (1923-1994): A Passionate Champion of Public Science

Dr Cyril Ponnamperuma at IFS Kandy - Photo by Samanmalee Sugathadasa
Dr Cyril Ponnamperuma at IFS Kandy – Photo by Samanmalee Sugathadasa

‘එයා මොනවද හදල තියෙන්නේ?’

ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1923 – 1994) ගැන 2013 අගොස්තු 11දා මා ලියූ කොලමට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ එයයි.

පොන්නම්පෙරුමයන්ගේ ජෛව රසායනික විද්‍යා පර්යේෂණ ගැන විවාදයක් නැතත්, ඔහු විසිවන සියවසේ මෙරටින් බිහි වූ ශෙෂ්ඨතම විද්‍යාඥයකු යයි මේ ප‍්‍රශ්නය මතු කළ මගේ මිතුරා පිළිගත්තේ නැහැ. ඉංජිනේරුවකු වන ඔහු බොහෝ විට භෞතික ඉදිකිරීම් සළකා බලා එම තක්සේරුවට එළඹුණා විය හැකියි. එකී නිර්ණායකය අනුව බලන විට නම් මේ විද්‍යාඥයා පාලම්, ජලාශ, මහාමාර්ග හෝ වරාය නොතැනූ බව ඇත්තයි.

එහෙත් හැම විද්වතකුගේ ම දායකත්වය එබඳු තනි කෝදුවකින් මනින්නට බැහැ. පොන්නම්පෙරුම මා දකින්නේ විවෘත මනසකින් ලෝකය ගවේෂණය කරන්නට හැකියාවත්, ගැටඵ විසඳන්නට ආත්ම විශ්වාසයත් තිබෙන ගෝල පරපුරක් බිහි කළ නැණ පහනක් හැටියටයි. පර්යේෂණ ලෝකය හා ප‍්‍රතිපත්ති ලෝකය යා කළ මාහැගි පාලමක් ලෙසටයි. මේ කෝණවලින් ඔහුගේ දායකත්වය තව ටිකක් විග‍්‍රහ කරන්නට මා කැමතියි.

පොන්නම්පෙරුම ලොව මුල් පෙළ් දැනුම් ගවේෂකයෙක්, පර්යේෂකයෙක් හා ගුරුවරයෙක් වුණත් ඔහුගේ කුසලතා එයට සීමා වූණේ නැහැ. ඔහු ප‍්‍රතිපත්ති මට්ටමෙන් දේශපාලකයන් සමග විද්වත් ලෙස ගනුදෙනු කරන්නත්, මාධ්‍ය හරහා විද්‍යාත්මක චින්තනය පොදු ජනයාට සමීප කරන්නත් සමතකු වුණා. තනි පුද්ගලයකු තුළ මේ හැකියාවන් සංකලනය වන්නේ කලාතුරකින්.

1984 – 1990 කාලය තුළ ශී‍්‍ර ලංකාවේ ජනාධිපති විද්‍යා උපදේශක ලෙස ජේ. ආර්. ජයවර්ධන හා ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරුන් සමග කටයුතු කළ ඔහු, මූලික අධ්‍යයන ආයතනයේ (IFS) දෙවන අධ්‍යක්‍ෂවරයා ලෙසත් සේවය කළා.

විද්‍යාව හා තාක්‍ෂණය දියුණු වන ලෝකයේ රටවල ආර්ථික හා සමාජ සංවර්ධණ්‍ය නැණවත් සේ යොදා ගැනීම ගැන ඔහුට මුහුකුරා ගිය දැක්මක් තිබුණා. විද්‍යාවේ මූලික පර්යේෂණ (fundamental research) පවා සැබෑ ලොව ප‍්‍රශ්න හා අභියෝග විසදීමට ඉලක්ක කර ගත හැකි බව ඔහු විශ්වාස කළා.

පර්යේෂණ සඳහා මහජන මුදල් වැය කිරීම දියුණු වන රටකට කළ හැකි ප‍්‍රශස්ත ආයෝජනයක් බවත්, නිවැරදි ප‍්‍රතිපත්ති රාමුවක් තුළ, චින්තනයේ නිදහස පර්යේෂකයන්ට ලබා දෙමින් ඔවුන්ට යම් මග පෙන්වීම් කිරීම ඔහුගේ ක‍්‍රමවේදය වුණා. සාම්ප‍්‍රදායික සරසවි විද්‍යා පීඨ හා රාජ්‍ය පර්යේෂණායතනවලින් වෙනස් වූ IFS හරහා මේ සියල්ල කි‍්‍රයාවට නගන්නට ඔහු වෙර දැරුවා.

1981දී ජයවර්ධන රජය IFS පිහිටු වන විට එයට ගුරු කොට ගත් පර්යේෂණායතන දෙකක් තිබුණා. එකක් නම් ඉන්දියාවේ ටාටා මූලික පර්යේෂණායතනයයි. අනෙක ඊශ‍්‍රායලයේ වයිස්මාන් විද්‍යායතනයයි. දැනුමේ නිම් වළලූ පුඵල් කරන්නට කරන විද්‍යා පර්යේෂණවලින් රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට අදාල සංවර්ධන ගැටඵ විසදීමට ද තැත් කිරීම මේ පර්යේෂණායතනවල ප‍්‍රවේශයයි.

IFS මුල් අධ්‍යක්‍ෂවරයා වූයේ තවත් කීර්තිමත් ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය චන්ද්‍ර වික‍්‍රමසිංහයි. කොළඹ කුඩා කාර්යාලයකට සීමා වුණු IFS මහනුවර හන්තානේ ඉඩකඩ හා පහසුකම් ඇති පර්යේෂණාගාර සංකීර්ණයක් බවට පත් වූයේ පොන්නම්පෙරුම එහි දෙවැනි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ කාලයේයි.

Institute of Fundamental Studies, Kandy, Sri Lanka
Institute of Fundamental Studies, Kandy, Sri Lanka

රට තුළ බුද්ධි ගලනයක් වීම වැළැක්වීමට ඔහු කළේ තෝරා ගත් විද්‍යාඥයන්ට තමන් දැනට සේවය කරන සරසවිවල සිටින අතර ම IFS සමග ද පර්යේෂණ සබඳතා පවත්වා ගැනීමේ නම්‍යශීලී ක‍්‍රමයක් ඇරඹීමයි. නිලධාරිවාදී කාර්යාලීය වේලාවන්ට වඩා ඔහුට වැදගත් වුණේ කැපවීම හා ප‍්‍රතිඵලයි. හොඳ පර්යේෂණ හා බුද්ධි ගවේෂණ කාර්යාල වේලාව තුළ එක් තැනකට කොටු වී කළ නොහැකි බව ඔහු ජාත්‍යන්තර අත්දැකීමෙන් දැන සිටියා.

රජයෙන් ලැබෙන ප‍්‍රතිපාදන මත පමණක් නොයැපී, ජාත්‍යන්තර මට්ටමෙන් පර්යේෂණවලට තිබෙන අරමුදල් තරගකාරී ලෙසින් හොඳ යෝජනා (proposals) ලියා දිනා ගැනීමේ සම්ප‍්‍රදායට ඔහු  IFS පර්යේෂකයන් යොමු කළා. වැඩ කරන්න  ඕනෑකම හා කැපවීම තිබේ නම් විකල්ප සම්පත් සොයා ගත හැකි බව ඔහු විශ්වාස කළා.

ඔහු කළෙ පොදු අභියෝග ජය ගන්නට සාමූහිකව හා විවිධ කෝණවලින් පර්යේෂණ කරන්නට විවිධ විද්‍යා ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් දිරිමත් කිරීමයි (multi-disciplinary research).

උදාහරණයකට මෙරට ගොවිතැනේ ප‍්‍රබල සීමාකාරී සාධකයක් වන පොහොර ප‍්‍රශ්නය ගන්න. 1960 ගණන්වල සිට හරිත විප්ලවය හරහා ගොවිබිම්වලට යොදන රසායනික පොහොර හා අනෙකුත් කෘෂිරසායනික මගින් අස්වනු ඉහළ නැංවූවත් එයින් ගොවියාත්, රටත් වඩාත් විදේශවලට ණයගැති වන සැටි ඔහු දුටුවා.

IFS පර්යේෂකයන්ට ඔහු දුන් ඉලක්කයක් වූයේ මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර මෙරට ම නිපදවා ගන්නා ක‍්‍රම දියුණු කිරීමයි. වාතයෙන් නයිට‍්‍රජන් සංශ්ලේෂණය කරන (රනිල කුලයේ) ශාක වැඩිපුර වැවීමත්, එප්පාවල ෆොස්ෆේට් නිධිය වඩා කාර්යක්‍ෂම ලෙස පොහොර බවට පත් කිරීමත් සොයා බලනු ලැබුවා.

මෙබඳු ගවේෂණ සඳහා කෘෂි විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන් හා භෞතික විද්‍යාඥයන් පමණක් නොව සමාජ විද්‍යාඥයන් ද හවුල් කර ගැනීම පොන්නම්පෙරුමගේ දර්ශනයේ කොටසක් වුණා. කෙතරම් අනගි විසඳුමක් විද්‍යාඥයන් සොයා ගත්ත ද අවසානයේ එය ගොවීන්ට ප‍්‍රායෝගිකව යොදා ගත හැකි වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළා.

මෙරට මැණික් ගැරීම් සාම්ප‍්‍රදායිකව කෙරුණේ රත්නපුරය කේන්‍ද්‍රකොට ගත් සබරගමු පළාතේ හා මධ්‍යම පළාතේ ප‍්‍රදේශවලයි. මැණික් ඉල්ලම් පිහිටීම විද්‍යානුකූලව සිතියම් ගත කිරීමේ උත්සාහයක් හරහා මේ සාම්ප‍්‍රදායික කර්මාන්තයට යම් පදනමක් ලබා දෙන්නට IFS පර්යේෂණයක් උත්සාහ කළා. ඒ අතර මැණික් කැපීමට රොබෝ අතක් නිපද වූ තරුණ ඉංජිනේරුවකුට අවශ්‍ය දිරි ගැන්වීම හා ප‍්‍රතිපාදන ලබා දී එය ලෝක මට්ටමේ නව නිපැයුමක් බවට පත් කරන්නට ද පොන්නම්පෙරුම මූලික වූණා.

මෙබඳු උදාහරණ රාශියක් තිබෙනවා. සමාජ පසුබිම හා වයසින් අඩු බව නොතකා හොඳ අදහස් ඇති  ඕනෑ ම පර්යේෂකයකුට අතහිත දීමට ඔහු සැදී පැහැදී සිටියා.

Dr Cyril Ponnamperuma (right) and artist George Keyt
Dr Cyril Ponnamperuma (right) and artist George Keyt

විද්‍යාව හා කලාව බද්ධ කිරීම හරහා ද දැනුමේ නව මානයන් සොයා යා හැකි බව පොන්නම්පෙරුමගේ අදහස වුණා. මේ නිසා ජෝර්ජ් කීට් වැනි සම්මානනීය කලාකරුවන්, ප‍්‍රවීණ නර්තන ශිල්පීන් IFS වෙත ගෙන්වා ඔවුන් මුණ ගැසීමට පර්යේෂකයන්ට අවස්ථාව උදා කළා. ජපන් රජය IFS පර්යේෂණාගාර සංකීර්ණය තනා පරිත්‍යාග කරන විට IFS තුළ ජපන් සෙන් උද්‍යානයක් (Japanese Zen Garden) ද ඉදි කිරීමට ඔහු කි‍්‍රයා කළා.

IFS ආයතනය මහජනයාට විවෘත කරන දින පැවැත්වීමට ද පාසල් සිසුන් ගෙන්වා විද්‍යා පර්යේෂණ ගැන ඔවුන් දැනුවත් කරන වැඩසටහන් කිරීමට ද ඔහුගේ විද්‍යාව ජනතාව අතරට ගෙන යාමේ ප‍්‍රයන්තයේ අංගයන් වුණා. රටේ දක්‍ෂම සිසුන් වෘත්තික ක්‍ෂෙත‍්‍ර (වෛද්‍ය, ඉංජිනේරු හා නීති) වලට ඇදී යන පසුබිමක විද්‍යා පර්යේෂණ සඳහා හොඳ මොළ ඇද ගන්නේ කෙසේද යන්න ඔහු නිතර මෙනෙහි කළා.

ධූරානුක‍්‍රමවලට කොටු වී සිටි මෙරට පර්යේෂණ ක්‍ෂෙත‍්‍රයේ ක‍්‍රමවේදය වෙනස් කොට තරුණ පර්යේෂකයන්ට හා දක්‍ෂ සිසුන්ට පවා සංවාදමය අවකාශය විවර කැරෙන ආකාරයේ කෙටි සම්මන්ත‍්‍රණ (Research colloquium) නිතිපතා පැවැත්වූවා. මේවායේදී මුල් තැන ලැබුණේ විචාරශීලී දැනුම ගවේෂණයට මිස පර්යේෂකයන්ගේ පැටිකිරියට නොවෙයි.

එසේ ම ජෛව විද්‍යා, භෞතික විද්‍යා හා සමාජ විද්‍යා ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් නිතර එකට මුණ ගැසී සාමීචි කරන සංවාදශීලී වාතාවරණයක් ඔහු ඇති කළා. මේවා අද කාලේ සුලබ වූවත් මීට වසර 25කට පෙර මෙරටට අඵත් හා අමුතු අත්දැකීම් වුණා.

එය යම් තරමකට IFS තුළ ස්ථාපිත කළත් විද්‍යා උපදේශක ලෙස මෙරට විද්‍යා අධ්‍යාපනය, පර්යේෂණ පිළිවෙත් හා විද්‍යා පර්යේෂණායතන පරිපාලනය නවීකරණය කරන්නට ඔශු ගත් උත්සාහයන් එතරම් දුර ගියේ නැහැ. එයට හේතුව අඵත් යමක් කරන්නට, හොඳ වැඩක් කරන්නට යන  ඕනෑ ම කෙනෙකුට ලක් සමාජයේ මතු වන ප‍්‍රතිරෝධයයි. පොන්නම්පෙරුම පිටස්තරයකු ලෙස දුටු අපේ සමහර විද්‍යාඥයන් ඔහු යෝජනා කළ හැම දේට ම සංවාදයකින් තොරව විරුද්ධ වුණා.

එහෙත් පොන්නම්පෙරුම විවර කළ නව මගෙහි ගිය එවකට තරුණ වියේ සිටි පර්යේෂකයෝ ගතානුගතිකත්වයෙන් හා වැඩවසම්බවින් මිදී කි‍්‍රයා කරන්නට පටන් ගත්තා.

පොන්නම්පෙරුමගේ ලොකු ම දායකත්වය ලෙස මා දකින්නේ ඔහු මුල් වී තැනූ ආයතන හෝ ඔහු දිරිගැන් වූ පර්යේෂණ නොවෙයි. විවෘත මනසක් ඇති හා අභිමානයෙන් යුතුව ලෝක මට්ටමේ පර්යේෂණ අපේ රට තුළ ම කිරීමට හැකි පර්යේෂක පරපුරක් බිහි කිරීමයි. ඔහුගේ සෙවනේ හැදුණු මහාචාර්ය රොහාන් සමරජීව වැනි විද්වතුන් අද සිය පර්යේෂණායතනය (LIRNEasia) හරහා ඉදිරියට ගෙන යන්නේ ඒ සම්ප‍්‍රදායයි.

තමා ලංකාවේ සිටින  ඕනෑම විටෙක දුරකථනයෙන් ඇමතීමට ඔහු මාධ්‍යවේදීන්ට ඉඩ සළසා තිබුණා. මේ විවෘත බවෙන් වැඩිපුර ප‍්‍රයෝජන ගත්තේ Daily News පත‍්‍රයේ ටී. සබාරත්නම් හා මායි.

පොන්නම්පෙරුම ඉතා නිරහංකාර චරිතයක් බව ටික කලකින් මා තේරුම් ගත්තා. අද මෙන් ජනාධිපති උපදේශකයන් දුසිම් ගණන් නොසිටි එකල ජනාධිපති විද්‍යා උපදේශක යනු ගාම්භීර තනතුරක්. එහෙත් පොන්නම්පෙරුමට කිසි දිනෙක තනතුරේ මාන්නයක් තිබුණේ නැහැ.

ඔහු ගමන් කළෙ සාමාන්‍ය පෙළේ කුඩා ජපන් මෝටර් රථයකයි. කොළඹ සිටින විට IFS අගනුවර කාර්යාලයේ ම කාමරයක නවාතැන් ගත්තා. කොළඹ-නුවර ගමන නිතර කරන නිසා මෙය වඩාත් ඉක්මනින් කළ හැකි ක‍්‍රමයක් තිබේදැයි ඔහු සොයා බැලූවා. රේ විජේවර්ධන විසින් දිය මත ගොඩ බැස්විය හැකි ආකාරයේ කුඩා ගුවන් යානයක් සැළසුම් කොට නිර්මාණය කළේ මේ සඳහායි. කොළඹ බේරේ වැවෙන් පිටත් වී නුවර වැවේ ගොඩ බෑ හැකි ඒ ගුවන් යානය නියමුවකු හා තනි මගියකුට පමණක් යා හැකි කුඩා එකක්. තාක්‍ෂණික අතින් අවශ්‍ය ප‍්‍රමිතීන් සියල්ල එය සපුරා ගත්ත ද යම් හේතුවක් නිසා භාවිතයට ගත නොහැකි වූවා.

පොන්නම්පෙරුමගේ සමහර අදහස් ප‍්‍රායෝගික වූයේ නැහැ. දඹල පර්යේෂණායතනයක් ඇරඹුවත් එය කල් පවත්වා ගන්නට බැරි වුණා. මහනුවර-පේරාදෙණිය ප‍්‍රදේශවල තිබෙන විවිධ විද්‍යාත්මක ආයතන ඒකරාශී කොට ‘විද්‍යා රාජපුර’ ලෙස නම් කිරීමට ඔහු ගෙනා යෝජනාව ද කි‍්‍රයාත්මක කළ නොහැකි වුණා. ඔහුගේ තවත් සමහර දුරදර්ශී සංකල්පයන් කි‍්‍රයාවට නැගුණේ 1990 ඔහු මෙරටින් නික්මී වසර කිහිපයක් ගත වුවාට පසුවයි.

අමෙරිකාවේදී පොන්නම්පෙරුමයන්ගෙන් උගත් හෝ ඔහු ලියූ පර්යේෂණ නිබන්ධවලින් දැනුම සරු කර ගත් පර්යේෂකයන් දහස් ගණනක් ලොව පුරා සිටිනවා. එබඳු අය ජපානය, ඉන්දියාව, ඉතාලිය, කැනඩාව, අමෙරිකාව හා බ‍්‍රසීලය වැනි රටවලදී මට මුණ ගැසී තිබෙනවා. ඒ සමහරකුට පොන්නම්පෙරුමගේ නම හරිහැටි උච්චාරණය කරන්නට අමාරු වුවත් ඔහු ඉතිරි කර ගිය දැනුම් සම්භාරය හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ගැන ඉතා කෘතඥ පූර්වකව කථා කරනවා.

මේ යශෝරාවය භෞතික ඉදිකිරීම්වලට වඩා දහස් වාරයක් වටිනවා. යම් දිනෙක ග‍්‍රහකයක් හෝ ග‍්‍රහලොවක් මත ආවාටයක් පොන්නම්පෙරුම ලෙස නම් කැරෙනු ඇතැයි මා පතනවා. විශ්වයත් අපත් අතර සබඳතා ගවේෂණය කළ අපේ කොල්ලාට ලැබිය හැකි ඉහළ ම ගෞරවය එයයි.

See also:

සිවුමංසල කොලූගැටයා #129: විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම

Remembering Dr Cyril Ponnamperuma: Inspirational maverick of Sri Lankan science

Dr Ray Wijewardene (left) with two-seater plane he designed for Dr Cyril Ponnamperuma in 1990
Dr Ray Wijewardene (left) with two-seater plane he designed for Dr Cyril Ponnamperuma in 1990

සිවුමංසල කොලූගැටයා #148: වර්ණභේදවාදය පිටු දැකීමට ලැබුණු ලාංකික දායකත්වය

In this Ravaya column, I look back at Sri Lanka’s support for the anti-Apartheid struggle, extended in various ways — both officially and personally. Three times Prime Minister Mrs Sirimavo Bandaranaike was vocal in international forums, and also wrote personal letters to Nelson Mandela when he was in prison.

At a scholarly level, Lankan-born legal scholar Dr Christopher Weeramantry wrote a book titled ‘Apartheid: The closing phases?’ in 1980 which had far-reaching influence in the prolonged campaign against Apartheid.

Justice C G Weeramantry & Mrs Sirimavo Bandaranaike
Justice C G Weeramantry & Mrs Sirimavo Bandaranaike

නෙල්සන් මැන්ඩෙලා සිය දිගු ගමන නිමා කොට නික්ම ගියා. ඔහුගේ පරමාදර්ශී චරිත කථාව හා නොනිමි අරගලය ගැන මේ මාසය පුරා බොහෝ මාධ්‍ය හා සභාවන්හි කථා කැරෙනවා.

අපට කිලෝමීටර් දහස් ගණනක් ඈත රටක් වූ දකුණු අපි‍්‍රකාවේ අඩ සියවසක් පමණ කලක් කි‍්‍රයාත්මක වූ මර්දනකාරී වර්ණභේදවාදය (Apartheid) එකල අපේ අවධානයට ලක් වූයේ ඉඳහිටයි. 1982දී අපේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් කිහිප දෙනකු නිල නොවන කි‍්‍රකට් සංචාරයකට එරටට යාම මහත් ආන්දෝලනයක් ඇති කළා.

වර්ණභේදවාදය නිසා කී‍්‍රඩා ලෝකයෙන් කොන් කර සිටි දකුණු අපි‍්‍රකාවේ පාලකයන් මුදල් වීසි කරමින් මෙසේ කී‍්‍රඩා කණ්ඩායම් ගෙන්වා ගැනීම සිදු වුණා. ඒ සංචාරයට සහභාගී වූ සියඵ ලාංකික කී‍්‍රඩකයන්  වසර 25ක කී‍්‍රඩා තහනමකට ලක් වූ බව අප දන්නවා. ඒ හරහා අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවට ඇති වූ පසුබෑම විශාලයි. එහෙත් ඒ මොහොතේ ශී‍්‍ර ලංකාව ගත් ප‍්‍රතිපත්තිමය ස්ථාවරය ප‍්‍රගතිශීලී ලෝකයේ හා දකුණු අපි‍්‍රකානු විමුක්ති නායකයන්ගේ ප‍්‍රසාදයට හේතු වුණා.

1960 හා 1970 දශකවලදී ශී‍්‍ර ලංකාව ඉඩක් ලද සැම විටෙක ම ජාත්‍යන්තර තලයේදී දකුණු අපි‍්‍රකාවේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කථා කළා. නොබැදි ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සභාවලදී ශී‍්‍ර ලංකා විදේශ ප‍්‍රතිපත්තිය පැහැදිලිව වර්ණභේදවාදයට එරෙහි වුණා. 1977 බලයට පත් රජය ද මේ ස්ථාවරය දිගට ම පවත්වා ගත්තා.

ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය තනතුරට අමතරව විදේශ අමාත්‍ය ධූරය ද හෙබ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නිල මෙන්ම පෞද්ගලික මට්ටමින් ද අපේ රට ගැන හිතකර ප‍්‍රතිරූපයක් විදෙස් රටවල ඇති කරන්නට සමත් වුණා. සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලාට ඇය ලියුම් ගණනාවක් යැවූ අතර තමන් එය මහත් සේ අගය කළ බව මැන්ඩෙලා පසු කලෙක ප‍්‍රකාශ කළා.

බණ්ඩාරනායක මැතිනිය හා මැන්ඩෙලා කිසි දිනෙක මුණ ගැසුණේ නැතත් ඇය ගැන ගෞරවාන්විත හැගීමක් මැන්ඩෙලා තුළ තිබුණා. ඒ බව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය හමු වූ දෙවතාවක ම මැන්ඩෙලා මහත්  ඕනෑකමින් කියා තිබෙනවා.

රටක යහපත් ප‍්‍රතිරූපය ගොඩ නංවන්නට රාජ්‍ය නායකයන්, තානාපතිවරුන් හා වෙනත් නිලධාරීන් පමණක් නොව එරටින් බිහි වන බුද්ධිමතුන් හා කලාකරුවන් ද දායක වනවා.

වර්ණභේදවාදය එරෙහිව වැදගත් බුද්ධිමය මෙහෙවරක් කළ කීර්තිමත් ලාංකිකයකු නම් ආචාර්ය කි‍්‍රස්ටෝෆර් වීරමන්තී‍්‍රයි. මෙරට ශෙෂ්ඨාධිකරණ විනිසුරුකරුවකු ලෙස කලක් (1967-72) කි‍්‍රයා කොට පසුව  ඕස්ටේ‍්‍රලියාවේ නීති මහාචාර්යවරයකු ලෙස පත්ව ගිය ඔහු ජාත්‍යන්තර නීති හා අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ගෞරවනීය චරිතයක්. මානව හිමිකම් සුරැකීමට හා ලෝක නීතියේ ආවරණය පුඵල් කිරිමට ඔහු දශක ගණනක මෙහෙවරක් කොට තිබෙනවා.

ඔහු වර්ණභේදවාදයට එරෙහි අරගලයට සම්බන්ධ වූයේ 1980දී ඒ ගැන පොතක් ලිවීමෙන්.

1970 දශකය මැදදී දකුණු අපි‍්‍රකාවේ ස්ටෙලන්බෝච් සරසවියේ (Stellenbosch University) රෝමන් ලන්දේසි නීතිය ඉගැන්වීමට ආරාධිත මහාචාර්යවරයකු ලෙස ආචාර්ය වීරමන්තී‍්‍රට ඇරැයුමක් ලැබුණා. තනතුරට සරිලන ගෙවීම් හා වරප‍්‍රසාදවලට අමතරව ‘ගරු සුදු ජාතිකයකු’ ලෙස ඔහු සැළකීමට ද සරසවිය ප‍්‍රතිඥා දුන්නා.

වීරමන්තී‍්‍ර මේ ශාස්තී‍්‍රය ඇරැයුම පිළිගත්තේ කොන්දේසි සහිතවයි. එනම් දේශනාගාරවල තමන් උගන්වන කිසිවක් වාරණය කළ නොහැකි බව හා තමා කැමති  ඕනෑ ම තැනකට ගොස් එරට  ඕනෑ ම කෙනකු සමග කථාබහ කිරීමේ අවකාශය තිබිය යුතු බවට. පවතින දැඩි වර්ණභේදවාදී රාමුව තුළ වුව ද සරසවිවලට යම් නම්‍යශීලිතාවක් හා නිදහසක් තිබූ බැවින් සරසවි පාලකයන් මේ කොන්දේසිවලට එකඟ වුණා.

මේ අනුව ඔහු පූර්ණකාලීනව සේවය කළ  ඕස්ටේ‍්‍රලියානු සරසවියෙන් නිවාඩු ලබා දකුණු අපි‍්‍රකාවට ගිය වීරමන්තී‍්‍ර, එහි මාස කිහිපයක් ගත කළා. මානව හිමිකම් නීති ගැන පර්යේෂකයකු ලෙස එම හිමිකම් මුඵමනින් ම පාහේ බහුතර ජනතාවකට අහිමි කළ රටකට ගොස් සැබෑ තත්ත්‍වය සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව ඒ හරහා ඔහු ලබා ගත්තා.

සමේ වර්ණය මත පදනම් වී සමස්ත ජන සමාජයක් බෙදා වෙන් කොට දැඩි ලෙස ස්ථරීයකරණය කිරීම හරහා පාලනය කරන එරට ගැන පොතපතින් කියවා තිබුණත් එය අත්විදීම තමා තුළ බලවත් කම්පනයක් ඇති කළ බව වීරමන්තී‍්‍ර සිහිපත් කරනවා.

සුදු සුඵතරයකට රටේ හොඳම ප‍්‍රදේශවල පදිංචිවීමට, ඉහළ ම අධ්‍යාපනික හා ව්‍යාපාරික අවස්ථා භුක්ති විදීමට නීතියෙන් ඉඩ සළසා තිබූ අතර සම කඵ හා දුඹුරු බහුතරයට දැඩි සීමා බන්ධනවලට යටත්ව දුක සේ ජීවත් වීමට සිදුව තිබුණා. පොදු ස්ථානවලදී පවා සුදු ජාතිකයන්ට එක් දොරටුවකුත් අන් අයට තවත් දොරටුවකුත් නියම කැරුණා.

‘‘යුක්තිය, සාධාරණත්වය හා සමානාත්මතාවය ගැන මා දැන සිටි සියඵ ම මූලධර්මවලට මුඵමනින් එරෙහි වූ ක‍්‍රමයක් එවකට දකුණු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක වුණා.  ඕනෑ තැනෙකට යාමේ අසාමාන්‍ය නිදහසක් මට තිබූ නිසා මා කඵ ජාතිකයන්ගේ ජනාවාස, පතල් හා ගොවිපළවලට ගියා. එසේම ඉහළ මධ්‍යම පාංතික සුදු ජාතිකයන්ගෙන් සැදුම් ලත්  ශෙෂ්ඨාධිකරණය හා අනෙක් නීති ක්‍ෂෙත‍්‍රවල මා සංසරණය වුණා. එක ම රටේ අන්ත දෙකක යථාර්ථය මේ හරහා මා පෞද්ගලිකව අත් දුටුවා,’’ යයි වීරමන්තී‍්‍ර කියනවා.

වර්ණභේදවාදයට විරුද්ධ වූ සුදු ජාතිකයන් ගණනාවක් ද තමා දැන හඳුනා ගත් බවත්, ඔවුන් සමග රටේ නොයෙක් ප‍්‍රදේශවල සංචාරය කළ බවත් ඔහු සිහිපත් කරනවා.

‘‘මා එහි ගත කළ කාලයේ නෙල්සන් මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී රොබන් දුපතේ දැඩි ආරක්‍ෂිත බන්ධනාගාරයේ සිටියා. එහෙත් ඔහු ඇතුඵ දේශපාලන සිරකරුවන්ගේ නම් එරට සාමාන්‍ය ජනතාව හොදින් දැන සිටියා. ඔවුන් ගැන නිතර ගෞරවයෙන් කථා බහ කැරුණා.’’

මැන්ඩෙලා හමුවීමට වීරමන්තී‍්‍ර ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ. ඒ කාලයේ පවුලේ අයටවත් මැන්ඩෙලා බලන්නට ඉඩක් තිබුණේ නැහැ.

වීරමන්තී‍්‍ර පසුව සිය චරිත කථාවේ ලියූ හැටියට: ‘‘වර්ණභේදවාදී ක‍්‍රමය දැඩි ලෙස ස්ථාපිත වී ඇතැයි මතුපිටින් බැලූ විට පෙනුණත් එයට දිගු කල් පැවතීමට බැරි බව මා තේරුම් ගත්තා. යුක්තිය හා සාධාරණත්වය ගරු කරන කඵ, දුඹුරු හා සුදු සමැති සියඵ දෙනා මේ ක‍්‍රමය පිළිකුල් කළා. එයට එරෙහි ජන විරෝධය කැකෑරෙමින් තිබූ සැටි මා දුටුවා.’’

Apartheid, the closing phases - book cover
Apartheid, the closing phases – book cover

තම ඉගැන්වීම හමාර කොට ආපසු  ඕස්ටේ‍්‍රලියාවට ගිය වීරමන්තී‍්‍ර, තම අත්දැකීම් කැටි කොට වර්ණභෙදවාදය අවසන් කිරීමට කුමක් කළ යුතු ද නමින් පොතක් ලිව්වා. (‘Apartheid: The closing phases?’, 1980). වර්ණභේදවාදය සාධරණීකරණය කරන්නට දකුණු අප‍්‍රිකාවේ සමහර අවස්ථාවාදී උගතුන් මතු කර තිබූ තර්ක සියල්ල නිෂ්ප‍්‍රභ කරමින්, මේ නීතිගත අසාධාරණයේ දැවැන්ත සමාජ, ආර්ථික හා මානුෂික හානි පිටස්තරයකුගේ විග‍්‍රහයක් ලෙස පෙන්වා දුන්නා.

අපි‍්‍රකාවේ ස්වදේශිකයන් ම්ලේච්ඡ පිරිසක් බවත්, ස්වයං පාලනයකට හෝ සම අවස්ථා භුක්ති විදීමට ඔවුන්ට හැකියාවක් නැති බවත් කියමින් වර්ණභේදවාදී පාලකයන් ලෝක ප‍්‍රජාව නොමඟ යවමින් සිටි ඒ වකවානුවේ ස්වාධීන ආසියාතික උගතකු මෙසේ තර්කානුකූලව හා සාවධානව වර්ණභේදවාදය විවේචනය කිරීමේ ලොකු වැදගත්කමක් තිබුණා.

වර්ණභේදවාදය පිටුදැකීමට ප‍්‍රචණ්ඩත්වය වෙනුවට දේශපාලන කි‍්‍රයාදාමයකට යොමු වීමේ වැදගත්කමත්, ඒ සඳහා එරට තුළ හා එරටින් පිටත ගත හැකි නිශ්චිත පියවර 51කුත් වීරමන්තී‍්‍ර සිය පොතෙන් පෙන්වා දුන්නා.

සුදු ජාතික සුඵතර පාලනය ලෝක ප‍්‍රජාවෙන් කොන් කිරීමට ඔහු යෝජනා කළ පියවර අතර විදේශ ආයෝජන නොකර සිටීම, රටට විදේශීය බැංකු ණය දීම ප‍්‍රතික්‍ෂෙප කිරීම, එරටින් ඉදිරිපත් කැරෙන බුද්ධිමය දේපළ සඳහා පේටන්ට් ඉල්ලූම්පත් ප‍්‍රදානය නොකිරීම, හා ජනමතයට ප‍්‍රබලව බලපෑ හැකි කි‍්‍රස්තියානි පල්ලිය මේ සමාජ අරගලයට සෘජුව මැදිහත්වීම ආදිය ද වූවා.

මෙකී නොකී පියවර හරහා පාලකයන්ට බලපෑම් කරන අතර සාධාරණත්වය අගය කරන, නිර්දේශපාලනික සුදු ජාතික දකුණු අපි‍්‍රකානුවන් හැකි තරම් දෙනා උපක‍්‍රමශීලිව හවුල් කරගත යුතු යැයි ද වීරමන්තී‍්‍ර නිර්දේශ කළා.

1990දී නිදහස ලබා පැමිණී මොහොතේ පටන් මැන්ඩෙලා ගෙන ගියේ ද සුදු විරෝධී හෝ අධිරාජ්‍ය විරෝධි අරගලයක් නොවෙයි. සුදු-කඵ-දුඹුරු හැම දෙනාට සම අයිතිවාසිකම් දීමේ සාරධර්මීය ප‍්‍රයන්තයක්.

‘‘කෙතරම් දැඩි ලෙස කොපමණ කලක් කි‍්‍රයාත්මක කළත් අසාධාරණ පාලන ක‍්‍රමයක් සංවිධානාත්මක හා ප‍්‍රතිපත්තිගරුක විරෝධතාවයක් හරහා අවසන් කළ හැකි බව මා පෙන්වා දුන්නා. මගේ පොතේ බුද්ධිමය හා චින්තනමය බලපෑම් බොහෝ දුර විහිදුණු බව එරටින් ලැබුණු ප‍්‍රතිචාරවලින් මට පෙනී ගියා,’’ යයි වීරමන්තී‍්‍ර කියනවා.

පොත ප‍්‍රකාශයට පත් වූ විගස එය දකුණු අපි‍්‍රකාවට ගෙන ඒම හා ළඟ තබා ගැනීම එරට රජය විසින් තහනම් කරනු ලැබුවා. එහෙත් පොතේ මයික්‍රෝෆිල්ම් පිටපතක් පෑනක් තුළ සඟවා ගෙන එරටට හොරෙන් ගෙන යන ලදුව එය යටිබිම්ගත දේශපාලන කි‍්‍රයාකාරිකයන් විසින් රහසේ මුද්‍රණය කර බෙදා හරිනු ලැබුවා.

මේ පොත ලිවීම නිසා වර්ණභේදවාදී පාලකයන්ගේ උදහසට ලක් වූ වීරමන්තී‍්‍රට යළිත් එරටට යා හැකි වූයේ 1994 මැන්ඩෙලා ජනාධිපති වීමෙන් පසුවයි.

1994 එරට බහුතර ඡන්දයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් බලයට පත් වූ පසු වීරමන්තී‍්‍ර තමන් කලකට පෙර ඉගැන් වූ ස්ටෙලන්බෝච් සරසවියට ගියා. ඒ වන විට හේග් නුවර ලෝක අධිකරණයේ  උපසභාපති ලෙස ජාත්‍යන්තර සම්මානයට පත්ව සිටි ඔහු ඒ සරසවියේදී මහ ඉහළින් පිළිගනු ලැබුවා. කලක් තහනම් කරන ලද තමාගේ පොතේ පිටපත් දැන් එහි ආඩම්බරයෙන් ප‍්‍රදර්ශනය කැරෙන බව ඔහු දුටුවා.

images

මැන්ඩෙලා ගැන මෙරට මාධ්‍ය හරහා ගුණකථන හා විග‍්‍රහයන් කළ සමහරුන් ඔහු අධිරාජ්‍ය විරෝධියකු හා සුදු විරෝධියකු ලෙස ලඝු කළත් එය වැරදියි. ඔහු සියඵ අධිපතිවාද විරෝධියෙක්.

දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය 1948-1990 කාලයේ කි‍්‍රයාත්මක කළේ පිටතින් පැමිණ එරට අල්ලා ගත් පිරිසක් නොවෙයි. පරම්පරා ගණනක් එරට පදිංචිව සිටින, යුරෝපීය සම්භවයක් සහිත අෆි‍්‍රකානර් (Afrikaners) නමින් හඳුන්වන සුඵ ජාතිකයන් පිරිසක්. (මේ අය යම් තරමකට අපේ රටේ බර්ගර් ජාතියන්ට සම කළ හැකියි. අප තව දුරටත් බර්ගර්වරුන්ට යුරෝපීයයන් හෝ අධිරාජ්‍යවාදීන් යයි කියන්නේ නැහැ. ඒ අයත් අපේ ම මිනිස්සු.)

වර්ණභේදවාදී පාලනයට එරෙහිව මතවාදීව අරගල කොට ඉනික්බිති යටිබිම්ගත දේශපාලනයට පිවිසි මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයෝ යම් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවල ද නිරත වුණා. මේ හේතුවෙන් අත්අඩංගුවට පත් වූ ඔහු ඇතුඵ පිරිසක් බරපතල චෝදනා ලබා 1963-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වුණා.

එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් මැන්ඩෙලා තර්ක කළා. නඩු තීන්දුව දෙන දවසේ ඔහු අධිකරණයේ චූදිතයකු ලෙස සාවධානව හා අභිමානවත් ලෙසින් කළ කථාව ලෝක ඉතිහාසයේ හොද ම කථා කිහිපය අතරින් එකක් ලෙස සැළකෙනවා.

ඔහු එය අවසන් කළේ මෙසේයි: ‘‘අපි‍්‍රකානුවන් සැමගේ නිදහසේ අරගලය වෙනුවෙන් මා මගේ මුඵ ජීවිතය ම කැප කොට තිබෙනවා. සුදු අධිපතිවාදයට එරෙහිව මෙන් ම කඵ අධිපතිවාදයට එරෙහිවත් මා සටන් වැදුණා. මගේ සිහිනය හා අරමුණ නම් සියඵ දෙනා සම අයිතිවාසිකම් හා සම අවස්ථා භූක්ති විදිමින් සාමකාමීව වෙසෙන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයක් බිහි කිරීමයි. මේ පරමාදර්ශය සාක්ෂාත් කර ගන්නා තුරු ජීවත්වීම මගේ බලාපොරොත්තුවයි. එහෙත්  ඕනෑ වුවහොත් ඒ වෙනුවෙන් මිය යන්නට වුවත් මා සූදානම්!’’

Nelson Mandela (1918 - 2013) - Thank you & Goodbye!
Nelson Mandela (1918 – 2013) – Thank you & Goodbye!

Can the Development Community catch up with Nelson Mandela?

Op-ed essay originally published by the Communications Initiative (CI) on 12 Dec 2013 and reprinted in Ceylon Today  newspaper on 17 Dec 2013.

Image courtesy - ICTD Cape Town 2013 website
Image courtesy – ICTD Cape Town 2013 website

Nelson Mandela was not only an effective communicator, but also a champion of communication for development.

He spoke and wrote with conviction and empathy, which in turn enhanced his credibility and appeal. He changed history with his careful choice of words and images delivered with the right degree of passion. Social communicators can learn much from him.

However, his communications prowess extended beyond thoughtful prose and skillful oratory. He also understood the power of mass media in today’s information society — and used it well for nation building.

When they are in office, many political leaders of the majority world tend to overuse or misuse the media, for example by forcing public broadcasters to peddle ruling party propaganda. During his term as South Africa’s president, Mandela carefully avoided such excesses.

Instead, he strategically tapped the country’s pluralistic broadcast media to unify the divided nation. Clint Eastwood’s 2009 movie Invictus re-enacted a highlight of that approach.

As a policy maker, Mandela grasped the role of communication in development – both the concepts and delivery tools.

He promoted the use of information and communications technologies (ICTs) as part of socio-economic development in Africa and elsewhere.

The International Telecommunications Union (ITU), the UN agency promoting and tracking the progress of information society, recently saluted Mandela for having been a firm supporter of ICTs as a catalyst for social change and economic development.

At the same time, Mandela’s vision went beyond mere gadgets and telecom networks. Speaking at the ITU Telecom World in Geneva in 1995, he underlined the importance of communication and access to information to human beings. He called for eliminating the divide between information-rich and information-poor countries.

Three years later, while hosting ITU Telecom Africa in Johannesburg, President Mandela said: “As the information revolution gathers yet more pace and strikes deeper roots, it is already redefining our understanding of the world. Indeed, the speed of technological innovation could bring the ideal of the global village sooner than we thought possible. For the developing world, this brings both opportunity and challenge.”

Lofty statements like these are common at policy gatherings. But Mandela went further – and believed that communication should be seen as a basic human need. That set him apart from many members in the development community who have long considered it a secondary need.

Although it has been discussed for centuries, there is no universally accepted definition of basic human needs. During the 1970s, basic needs emerged as a key topic in development debates. Various studies — catalysed by UN agencies and the Club of Rome – tried to define it.

In 1976, the International Labour Organisation (ILO) prepared a report that identified basic needs as food, clothing, housing, education and public transportation. It partially drew on ILO’s country reports on Columbia, Kenya and Sri Lanka.

Since then, different development agencies have adopted variations of the original ILO list. National planners have used the concept to benchmark economic growth.

The ground reality has changed drastically since those heady days. About a year ago, I asked Frank La Rue, the UN Special Rapporteur on Freedom of Opinion and Expression, if communication should be considered a basic human need. He welcomed the idea, especially in view of rapid evolution of information society.

I soon found that Mandela had thought of it years earlier. Perhaps because he had such limited access to communication during his long years in prison, he appreciated its central value to all human beings.

You Can Hear Me Now - book coverIn a 2007 book titled You Can Hear Me Now: How Microloans and Cell Phones are Connecting the World’s Poor to the Global Economy, US writer Nicholas Sullivan quotes Mandela saying in a 1995 speech: “The desire to be in touch lies deep within us. It is a basic need.”

That remark, made while opening a mobile telecom network, was rather perceptive. At the time, less than 1 per cent of all Africans had access to a fixed phone, and there were only around one million mobile phones on the continent of 800 million.

Since then, mobile phones and other low-cost digital tools have spread phenomenally, transforming lives and livelihoods across the majority world. Sullivan calls it an external combustion engine: “a combination of forces that is sparking economic growth and lifting people out of poverty in countries long dominated by aid-dependent governments.”

While the market and society have marched ahead, many development professionals are still stuck in obsolete development paradigms. That is probably why some worry that there are more mobile phones than toilets in India. (So what? Mobiles are personal devices; toilets are a shared household amenity. Comparing their numbers is meaningless.)

It’s high time we revisited basic human needs and redefined them to suit current realities. The development community must finally catch up with Nelson Mandela.

Science journalist and development communicator Nalaka Gunawardene has been following social and cultural impacts of ICTs for over 20 years. 

Can Development Community Catch up with Nelson Mandela - Ceylon Today, 17 Dec 2013
Can Development Community Catch up with Nelson Mandela – Ceylon Today, 17 Dec 2013

සිවුමංසල කොලූගැටයා #145: තුන්වන ලෝකයට බුද්ධිමය පහන්ටැඹක් වූ ආචාර්ය ගාමිනී කොරෙයා

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Dr Gamani Corea (1925 – 2013), Lankan economist, diplomat, international civil servant and public intellectual.

For an English version, see: When Worlds Collide #91: Gamani Corea – Champion of the Global South

Dr Gamani Corea - photo courtesy The Hindu
Dr Gamani Corea – photo courtesy The Hindu

අදීනව හා අභිතව, එහෙත් සියුම් හා උපක‍්‍රමශීලී ලෙසින් දේශීයත්වය හා අපේ අනන්‍යතාවය බාහිර ලෝකයට ප‍්‍රක්‍ෂෙපනය කරමින් සංකීර්ණ නූතන සමාජයේ තානාපති හා විදේශ සබඳතා පවත්වා ගැනීම ලොකු අභියෝගයක්.

ප‍්‍රතිපත්ති ගරුක හා ස්වාධීන විදේශ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා 1960-1970 දශකවලදී ශී‍්‍ර ලංකාවට ලෝකයේ බොහෝ රටවල ගෞරවාදරය හිමි වුණා. මෙරටින් බිහි වූ විද්වතුන් හා තානාපතිවරුන් අන්තර් රාජ්‍ය සංවිධානවල ඉහළ තනතුරු හොබවමින් උපන් රටට කීර්තියක් මෙන් ම දියුණු වන ලෝකයට ම මඟ පෙන්වීමක් ද ලබා දුන්නා. මේ අය අතර දැවැන්තයකු වූයේ මෑතදී මිය ගිය ආචාර්ය ගාමිනී කොරෙයා (1925-2013) යි.

කොරෙයාගේ අභාවයත් සමඟ ලෝකයේ නන් දෙසින් නිකුත් කෙරුණු ශෝක පණිවුඩ හා ගුණ සමරු දෙස බලන විට ඔහු කෙතරම් කීර්ති නාමයක් දිනා සිටියා ද යන්න පැහැදිලි වනවා.

මෙරට ඉසුරුබර ප‍්‍රභූ පවුලක ඉපිද, ලංකා විශ්ව විද්‍යාලයේත්, ඉනික්බිති ඔක්ස්ෆර්ඞ් හා කේම්බි‍්‍රජ් යන බි‍්‍රතාන්‍ය සරසවි දෙකෙහිත් උසස් අධ්‍යාපනය ලැබූ කොරෙයා, 1952-1973 වකවානුවේ ලක් රජයේ විවිධ ඉහළ තනතුරු හෙබ වූවා. ආර්ථික විශේෂඥයකු ලෙස අඵතින් නිදහස ලැබූ ලංකාවේ ජාතික සැළසුම් හා මූල්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට මූලික වූ ඔහු, පැවති හැම රජයක් යටතේ ම වෘත්තීය ගෞරවය රැක ගනිමින් සේවය කළා.

මෙරට නිල් – කොළ – රතු හැම දේශපාලන පක්‍ෂයක ම හොඳහිත හා ගෞරවය ලැබ සිටි ඔහු, දෙවරක් මෙරට මුදල් ඇමති ධූරය ප‍්‍රතික්‍ෂෙප කොට තිබෙනවා. (1965 ඩඞ්ලි සේනානායක රජයේ හා 1988 ජයවර්ධන රජයේ අවසාන වසරේ.)

ජාතික සැළසුම් මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ, හා සැළසුම් හා ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වැනි තීරණාත්මක තනතුරු දැරීමෙන් පසුවයි ඔහු 1970 දශකයේ ජාත්‍යන්තර තලයට ප‍්‍රවේශ වූයේ. ඒ වන විට ඔහු ලක් රජය නියෝජනය කරමින් විවිධ එක්සත් ජාතීන්ගේ සම්මේලනවලට සහභාගි වී අත්දැකීම් රැසක් හිමි කර ගෙන සිටියා.

කොරෙයා යුරෝපීය රටවල් ගණනාවකට අනුයුක්ත කළ ලංකා තානාපති හැටියට 1973දී පත් කරනු ලැබුවත් එහි කටයුතු කළෙ මාස කිහිපයයි. වෙළදාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය (UNCTAD, http://www.unctad.org) නම් අන්තර්-රාජ්‍ය සංවිධානයේ මහ ලේකම් තනතුරට ඔහු තෝරා පත් කර ගනු ලැබුවා. එය එජා සංවිධාන ජාලයේ ඉහළ තනතුරක්. (පසු කලෙක ජයන්ත ධනපාල උප මහලේකම් තනතුරකට පත් වන තුරු එජා සංවිධානයේ ඉහළට ම ගිය ලාංකිකයා වූයේ ගාමිනී කොරෙයායි.)

Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)
Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)

1964දී ඇරැඹුණු UNCTAD සංවිධානය ජාත්‍යන්තර වෙළදාම, ආයෝජනය හා සංවර්ධනය ගැන ප‍්‍රතිපත්ති නිර්දේශ කරන, මේ ක්‍ෂෙත‍්‍ර අරභයා දියුණු හා දියුණු වන රටවල් අතර යම් තුලනයක් පවත්වා ගන්නට අරමුණු කළ ආයතනයක්. විශේෂයෙන් 1970 – 80 දශක දෙකේදී නව ලෝක ආර්ථික රටාවක් බිහි කිරීමේ උතුරු – දකුණ සංවාදවලදී UNCTAD තීරණාත්මක බුද්ධිමය හා තානාපති මෙහෙරවක් ඉටු කළා. එම මෙහෙවරේ නායකත්වය දැරූවේ 1974-1984 කාලය තුළ (එක පිට එක) ධුර කාල හතරක් එහි මහලේකම් තනතුර දැරූ කොරෙයායි.

ඉසුරුබර රටවල් සමඟ ගැටුම් ඇති කර නොගෙන, සාධාරණත්වය හා සමානාත්මතාවය සඳහා ආචාරධර්මීය කතිකාවතක් දිගට ම පවත්වා ගන්නට ඔහු සමත් වුණා. දියුණු රටවල් (ගෝලීය උතුර) හා දියුණු වන රටවල් (ගෝලීය දකුණ) අතර මේ දිගුකාලීන සංවාදය, සංවේදීතාවන් හා තුලනයන් රැසක් පවත්වා ගත යුතු ඉතා අසීරු කාරියක්.

ධනවත් රටවල මුදල් බලයට හා ප‍්‍රබල තානාපති බලපෑම්වලට නතු නොවී, එමෙන්ම සමහර රැඩිකල්වාදී දකුණේ රටවල ආක‍්‍රමණකාරී හා කලබල ප‍්‍රවේශයන්ට ද ඉඩ නොදී කාගේත් හොඳහිත රැක ගනිමින් වැඩ කිරීමට කොරෙයා අතිශයින් දක්‍ෂයකු වූ බව ඔහුගේ සමකාලීනයන් සිහිපත් කරනවා.

ඔහුට සමාන්තරව ජිනීවා නුවර ගෝලීය සංවාදවලට එකතු වූ තවත් ආර්ථික විශෙෂඥයෙක් නම් වත්මන් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං. මේ දෙදෙනා අතර දශක ගණනක සමීප මිතු දමක් පැවතුණා.

කොරෙයා ගැන අනුස්මරණ නිවේදනයකින් වත්මන් UNCTAD කාර්යාලය කියා සිටියේ ‘‘ලෝකයේ දුගී රටවලට වඩාත් සාධාරණ, දිගු කාලීන සංවර්ධනයකට පිවිසීමට උපකාර වන විදියේ ගෝලීය ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහාත්, ජාතීන් අතර වෙළදාමේදී එම රටවලට වඩාත් වාසි සහගත වන පරිසරයක් බිහි කරන්නටත් ඔහු ඉමහත් බුද්ධිමය දායකත්වයක් ලබා දුන්නා’’ කියායි.

ඔහුගේ ජිනීවා සගයකු වූ ජ්‍යෙෂ්ඨ ඉන්දීය පුවත්පත් කලාවේදී චක‍්‍රවර්ති රාඝවන් මෙසේ ආවර්ජනය කළා: ‘‘තුන්වන ලෝකයේ රටවලට ලෝක ආර්ථික ක‍්‍රමය තුළින් වඩාත් හිතකර තත්ත්වයන් උදා කිරීමට කුමක් කළ යුතු ද යන්න ගැන කොරෙයාට තියුණු හා දිගු කාලීන දැක්මක් තිබුණා. එය ආර්ථික විද්‍යා න්‍යායවලට සීමා නොවී, ප‍්‍රායෝගික හා උපායමාර්ගික මට්ටමට විහිදුණා. ඔහු ඇරැඹූ යම් කි‍්‍රයාදාමයන් ඵල දරන්නට වසර හෝ දශක ගණනක් ගත වුණා.’’

මෙබඳු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය විප්ලවයකට හොඳ උදාහරණයක් නම් අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ක‍්‍රමවේදයක් බිහි කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සමීපව කි‍්‍රයා කරමින්, බහුජාතික ඖෂධ සමාගම්වලට නතු නොවී එම ප‍්‍රතිපත්ති සැකසීමට ලාංකික ඖෂධවේදී මහාචාර්ය සේනක බිබිලේට අවශ්‍ය පසුබිම සකසා දුන්නේ ගාමිනී කොරෙයා සහ UNCTAD සංවිධානයයි. පසුව ආචාර්ය කුමාරයියා බාලසුබ‍්‍රමනියම් බිබිලේ නැවතු තැනින් ඒ ගමන ඉදිරියට ගෙන ගියේ ද UNCTAD හරහායි.

රාඝවන් සිහිපත් කරන හැටියට කොරෙයා කිසි විටෙක තදබල හෝ සැරපරුෂ ලෙස කථා කළේ නැහැ. අතිශයින් ආචාරශීලී හා සුහද ලෙස එහෙත් බුද්ධිමය ස්ථාවරයන්ගෙන් නොසැළී ඔහු ආන්දෝලනාත්මක සමුඵ සැසිවාරයන් හැසිර වූ බවත්, අමෙරිකාව හා යුරෝපීය ප‍්‍රජාව තුළින් මතුව ආ උද්දච්චකම ඔහු හීන්සීරුවේ නිශේධනය කළ බවත් රාඝවන් කියනවා.

මේ නිසා ධනවත් රටවලට කොරෙයා රිස්සුවේ  නැතත්, ඔවුන් පවා ඔහුගේ අවංක බව හා බුද්ධි මහිමය අගය කළා.

පසු කලෙක ලංකා තානාපති සේවයට ආලෝකයක් ගෙන දුන් විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මෙන් ම ගාමිනී කොරෙයාත් ඉංගී‍්‍රසි බස ව්‍යක්තව හා සියුම්ව හැසිරවීමට ගජ හපනෙක්. ඔහු කී සමහර වදන් කලක් ගත වීත් ලෝක ආර්ථික හා දේශපාලන තලයන්හි තවමත් ප‍්‍රතිරාවය වනවා.

මා ඇසූ එක් කොරෙයා කියමනක්: ‘‘තුන්වන ලෝකයේ බොහෝ රටවලට සැබැවින් සිටින්නේ එක ම එක මුදල් ඇමතිවරයෙක්. ඒ තමයි ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල!’’ (මේ ආයතන ද්විත්වය UNCTAD ප‍්‍රතිසංස්කරණවලට කැමති නොවී දිගින් දිගට ම කොරෙයා සමඟ වාදවලට පැටඵණා.)

පූර්ණකාලීන එජා සංවිධාන සේවයෙන් ඉවත් වූ පසුවත් ඔහු විවිධ රජයන්, ලෝක ආයතන හා සිවිල් සංවිධානවල ගරු තනතුරු හා උපදේශක තනතුරු රැසක් දරමින් තවත් කලක් ජිනීවා නුවර රැදී සිටියා. වයස 75 පමණ වනතුරු ඔහු සකි‍්‍රය වෘත්තීය දිවි පෙවෙතක් ගත කළා.

තිරසාර සංවර්ධනය ගැන ගෝලීය චින්තනයක් ගොඩ නැංවීමට 1970 හා 1980 දශකවල මුල් සංවාද රැසකට ද ඔහු සහභාගී වූවා. එබඳු සංවාදවලදී අන්ත හරිතවාදය මෙන් ම අන්ත ධනවාදයටත් එකඟ නොවී යම් සමබර ප‍්‍රවේශයන් වෙත ලෝකයේ ආණ්ඩු යොමු කළා. මේ මෙහෙවර නිසා 1992 බ‍්‍රසීලයේ රියෝ නුවර පැවති මිහිතල සමුඵවට ගිය ශී‍්‍ර ලංකා රාජ්‍ය දුත පිරිසේ විශෙෂ උපදේශකයකු ලෙස ඔහු පත් කරනු ලැබුවා.

ලෝක සංවිධානවල තනතුරුවලට පත් වන බොහෝ ලාංකිකයන් උඩගු හා උද්දච්ච බවින් පිරී යනවා. එහෙත් කොරෙයා හැමදාමත් ඉතා නිහතමානී, මිත‍්‍රශීලී චරිතයක් වුණා. මෙය මා අත්දුටුවේ වයස 24ක තරුණ මාධ්‍යවේදියකු ලෙස එවකට 65 හැවිරිදි ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නට ගිය විටදීයි. ඒ 1990 අග භාගයේදී.

හොංකොං නුවරින් පළ කෙරුණු Asia Technology කලාපීය විද්‍යා සඟරාවේ නියෝජිතයකු ලෙස මා ඔහු මුණ ගැසුණේ ආසියාවේ දියුණු වන රටවල ආර්ථික සංවර්ධනයට විද්‍යාව හා තාක්‍ෂණය කෙසේ යොදා ගත හැකි ද යන්න ගැන ඔහුගේ අදහස් විමසීමටයි. ඉන් පෙර කිසිදු හැඳුනුම්කමක් නොතිබුණත් මා සාදරයෙන් පිළිගත් ඔහු මහත් උද්‍යොගයෙන් හා සුහද ලෙසින් මා සමඟ කථා කළා. 1950දී ඇරැඹි කොළඹ ක‍්‍රමය (Colombo Plan) නම් කලාපීය සහයෝගිතා සංවිධානයට විද්‍යා හා තාක්‍ෂණය පිළිබඳ නව අරමුණක් ආරෝපනය කළ යුතු යයි ඔහු යෝජනා කළා.

විද්‍යාව හා තාක්‍ෂණය හරිහැටි ජාතික සංවර්ධනයට යොදා ගන්නා රටවල් අන් රටවල් අභිබවා ඉදිරියට යන බවත්, එමගින් සිය ජනයාගේ ජීවන මට්ටම් දියුණු කරන බවත් ඔහු පෙන්වා දුන්නා. අද මෙය ප‍්‍රකට කරුණක් වුවත් මීට දශක දෙක හමාරකට පෙර මෙබඳු දැක්මක් බොහෝ ආර්ථික විද්‍යාඥයන්ට තිබුණේ නැහැ.

එසේ ම මතුව එන දැනුම් සමාජය ගැන ඔහු අනාගතවේදීව කථා කළා. ඒ වන විට ඉන්ටර්නෙට් හා පරිගණක තිබුණේ මූලික හා සීමිත අවධියකයි. එහෙත් එහි විප්ලවකාරී විභවය හා වැදගත්කම ඔහු කල් තබා දුටුවා.

අපේ සංවාදය පැයක් පමණ පැවතුණා. එය අවසානයේ ඔහුගේ ඡුායාරූපයක් ගන්නට මට  ඕනෑ වුණා. එයට ඔහු එකඟ වූයේ තරමක දෙගිඩියාවකින්. ‘මගේ නාසය හුඟක් විශාලයි. හැම ඡායාරූපයක ම වැඩිපුර පෙනෙන්නේ එයයි!’ ඔහු සිනාසෙමින් කීවා. ‘එහෙත් ඔබේ ලොකු නාසය ජේ. ආර්. ගේ තරම් ප‍්‍රකට නැහැ නේද?’ මාත් සැහැල්ලූවෙන් උත්තර දුන්නා.

ගාමිණී කොරෙයා සමඟ මා කළ සාකච්ඡාවේ කොටස් 1990 නොවැම්බර් Asia Technology කලාපයේ පළවුණා. මා වැනි ලාබාලයකුට ගරුසරු ඇතිව සැළකූ මේ ජ්‍යෙෂ්ඨයා ඉන් පසුවත් දෙතුන් විටක් මට විවිධ සභාවලදී මුණ ගැසුණා. ඒ හැම විටක ම සුහදව සුවදුක් විමසන්නට තරම් ඔහු කාරුණික වුණා.

කථාවට වැටුණාම ඇත්තට ම ඔහු කුඩා දරුවකු මෙන් නිර්ව්‍යාජයි. ආඩම්බරයක් ඇත්තේ ම නැහැ. මේ ගතිගුණය ඔහු ඇසුරු කළ සැවොම සනාථ කරනවා. අඩුවෙන් පිරුණු කළගෙඩි මහත් ඝෝෂා නඟන අපේ සමාජයේ පිරුණු කළයක් වූ ගාමිනී කොරෙයා හැමදාමත් සැහැල්ලූවෙන් හා සිනාවෙන් කල් ගත කළා.

එහෙත් මා ඔහු හමු වූ අවසන් දිනයේ නම් ඔහු සිටියේ වික්ෂිප්තව හා ශෝකබරිතවයි. ටික කලකට මා ජිනීවා නුවරට අනුයුක්ත කොට සිටියා. මගේ ප‍්‍රධානියා වීටස් ප‍්‍රනාන්දු එනුවර ලාංකිකයන්ගේ අවුරුදු සාදයකට මා කැඳවා ගෙන ගියා. ඒ 1993 අපේ‍්‍රල් 23 වනදා. ලලිත් ඇතුලත්මුදලිගේ ඝාතනය පිළිබඳ ප‍්‍රවෘත්තිය අපට ලැබුණේත් එදා සවසයි.

ජිනීවාහි වසන ජ්‍යෙෂ්ඨතම ලාංකිකයකු ලෙස ටික වේලාවකට කොරෙයා එම සාදයට පැමිණියත්, ඔහු බෙහෙවින් සලිත වී සිටිනු මා දුටුවා. එතරම් කථාබහ කළේත් නැහැ. ජිනීවා සාදයේ සමහරුන් නටන ගයන අතරේ අප ටික දෙනකු සමඟ කොරෙයා නිසොල්මනේ බලා සිටියා.

නිදහසෙන් පසු ලංකාවේ ගමන්මග තීරණය කරන්නට සමීපව දායක වූ ඔහු මොකද්ද මේ අපේ රටට වෙන්නේ යන ප‍්‍රශ්නය මෙනෙහි කරන්නට ඇති. ඒ අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි කොළඹදී මගේ පරම්පරාවේ ඇත්තන්ගේ අනාගතය බෙහෙවින් අවිනිශ්චිත වී තිබුණා.

Dr Gamani Corea interviewed by Nalaka Gunawardene - Asia Technology, Nov 1990
Dr Gamani Corea interviewed by Nalaka Gunawardene – Asia Technology, Nov 1990

Stopping the waves: How can natural barriers like mangroves protect coastal areas?

Cartoon in The Philippine Star, 26 Nov 2013
Cartoon in The Philippine Star, 26 Nov 2013

Arriving in the Philippines just two weeks after the super typhoon Haiyan (local name Yolanda) hit the archipelago nation on 8 November 2013, I’ve been following many unfolding debates on disaster recovery and resilience.

The Filipino media have been full of post-disaster stories. Among them, I came across an editorial in the Philippine Star on 26 Nov 2013, titled Stopping the Waves, which touched on the role of protecting natural barriers that can guard coastal areas from storm surges.

A key excerpt: “Nothing can stop a storm surge, but there are ways of minimizing the impact of powerful waves. Levees have been built in some countries, although the ones in New Orleans were breached by the storm surge during Hurricane Katrina. Another option is to develop mangrove forests, which can also function as bird sanctuaries and breeding grounds for marine life.”

It added: “Yolanda has revived the debate over the proposed destruction of the coastal lagoon to make way for commercial development. That mangrove forest must be protected and expanded rather than destroyed, and more mangrove areas must be propagated throughout the archipelago. You can’t roll back deadly waves, but their punch can be blunted. Natural barriers should help do the job.”

This is just what TVE Asia Pacific’s regional TV series The Greenbelt Reports highlighted. Filmed at 12 locations in four Asian countries (India, Indonesia, Sri Lanka and Thailand) which were hardest hit by the Indian Ocean tsunami of December 2004, the series showcased Nature’s protection against disasters and climate change.

It covered three coastal ecosystems or ‘greenbelts’ — coral reefs, mangroves and sand reefs. Reporters and producers from TVE Asia Pacific journalistically investigated the state of greenbelts in South Asia and Southeast Asia by talking to researchers, activists and government officials. They also looked at efforts to balance conservation needs with socio-economic needs of coastal communities.

Here’s the overview documentary (additionally, there were 12 stand-alone short videos as well):

The Greenbelt Reports: Armed by Nature: Part 1 of 3

The Greenbelt Reports: Armed by Nature: Part 2 of 3

The Greenbelt Reports: Armed by Nature: Part 3 of 3

Watch the entire TV series online for free at: http://www.greenbelts.net/