සිවුමංසල කොලූගැටයා #225: සංවේදී හා සංවර මාධ්‍යකරණයක් කවදා අපට ලැබේද?

Sri Lanka’s mainstream media – especially in the Sinhala language (and perhaps in Tamil too?) – lacks sensitivity and restraint when reporting and/or commenting on incidents of violence – covering suicide, homicide, rape and child abuse – as well as on topics like mental illness and HIV/AIDS.

This is my cumulative impression having closely watched different print and broadcast media outlets for over a quarter century. It is good that some younger professionals recognise the need to improve in this respect – to correct the ways of industry seniors who have set bad precedents for long.

I was thus happy to speak at a recent public forum on sensitive media reporting, organised by Sri Lanka Young Journalists Association and held in Colombo on 9 June 2015. In my remarks, I tried to understand why large sections of Lankan media so lacks sensitivity, respect for privacy and respect for societal diversity. This is a complex sociological situation that I cannot fully explain, but among the reasons I cited are: cultural orthodoxy, gender insensitivity, heightened competition among media groups for market share; and an overall lack of professionalism.

I sum up my remarks, and some discussion points, in this week’s Ravaya column (published on 28 June 2015).

Ravaya Chief Editor K W Janaranjana speaks at Public Forum
Ravaya Chief Editor K W Janaranjana speaks at Public Forum

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජුනි 9 වැනිදා කොළඹදී සංවිධානය කළ මහජන සංවාදයේ තේමාව වූයේ ‘සංවේදී සිදුවීම් වාර්තාකරණය’යි.

උතුරේ පුණ්ඩතිවුහි ලිංගික අපරාධයට ලක්වූ පාසල් දැරියගේ මරණය මෙරට මාධ්‍ය සමහරක් වාර්තා කළ ආකාරය එම සිදුවීම තරම්ම කම්පනයක් ඇති කිරීමට සමත් වුණා.

ඍජුවම සමාජයට අදාළ හා වැදගත් එහෙත් සංවරයකින් යුතුව වාර්තා කළ යුතු සිදුවීම් අරභයා අපේ මාධ්‍යවල ක‍්‍රියා කලාපය කෙසේ දියුණු විය යුතුද? දැනට අප අසන දකින භාවප‍්‍රකෝපකාරී හා සංත‍්‍රාසය දනවන පුවත් හා රූප වඩාත් සංවේදී තලයකට ගෙන යා හැකිද? එසේ කිරීමේදී මාධ්‍ය නිදහසට හානි නොකර, මාධ්‍ය කර්මාන්තයේ ප‍්‍රායෝගික සාධක ද සැලකිල්ලට ගෙන ආචාරධර්මීය රාමුවක් සකසා ගන්නේ කෙසේද?

මෙවැනි හරවත් ප‍්‍රශ්න පැය තුනක් පුරා එදින සාකච්ඡා වුණා. එහිදී මා පළ කළ අදහස් කිහිපයකුත් සංවාදයට ලක් වූ අදහසුත් බෙදාගැනීම මේ කොලමේ අරමුණයි.

සිදුවීම් ලෙස මතු වන්නේ සමාජය තුළ පවතින කැකෑරෙන හා කැළඹෙන ප‍්‍රවණතායි. හරවත් මාධ්‍යකරණය යනු එදිනෙදා සිදුවීම් සමබරව හා සංවරව වාර්තා කරනවාට අමතරව ඒ සිදුවීම්වලට තුඩු දෙන සමාජ සාධක හා ප‍්‍රවණතාද හඳුනා ගෙන විග‍්‍රහ කිරීමයි. මේ දෙවැනි වගකීම ඉටු කිරීමට මාධ්‍යවේදීන්ට පර්යේෂකයන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගේ මගපෙන්වීම හා උදව් අවශ්‍යයි.

එහෙත් ප‍්‍රවණතා හෝ සමාජ විද්‍යාත්මක හේතු සාධක සොයා යනවා වෙනුවට සිදුවීම් උවමනාවට වඩා සරල ලෙසින්, මතුපිටින් හා සමාජ අවස්ථාවලදී විකට ලෙසින් මාධ්‍ය වාර්තා කරනු අප දකිනවා.

විද්‍යුත් මාධ්‍යවේදියෙක් වරක් මට කීවේ ‘මේ තමයි අපේ මාධ්‍යයේ හැටි. විනාඩියෙන් දෙකෙන් ඕනෑම ස්ටෝරි එකක් අපි හසු කර ගත යුතුයි. පත්තර විශේෂාංග ලිපි නැතිනම් විශ්වවිද්‍යාල නිබන්ධ අපේ මාධ්‍යවල කරන්න බැහැ.’

රේඩියෝ හා ටෙලිවිෂන් ආවරණයේදී සීමිත ගුවන් කාලය අභියෝගයක් බව ඇත්තයි. එහෙත් එය කලබල හා අසංවේදී වාර්තාකරණයට හේතුවක් නොවෙයි. අතිශය සංකීර්ණ සමාජ ප‍්‍රශ්න කෙටියෙන් හා හරබරව වාර්තා කරන ආසියානු හා ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතන තිබෙනවා. එනිසා මෙතැන ඇත්තේ මාධ්‍යයේ සීමාවක් නොව අපේ ඇත්තන්ගේ ආකල්පමය හා ශිල්ප හැකියාවන්ගේ සීමාවන්.

Nalaka Gunawardene speaking at public forum on 9 June 2015
Nalaka Gunawardene speaking at public forum on 9 June 2015

අතිශයින් කනගාටුදායක හා සංවේදී සිදුවීමක් නම් සියදිවි නසා ගැනීමයි. 1990 දශකය වන විට ජනගහනයට සමානුපාතිකව සියදිවි නසා ගැනීම් වැඩිම රටක් බවට ශ‍්‍රී ලංකාව පත්ව සිටියා. 1996න් ඇරැඹී ප‍්‍රතිපත්ති මට්ටමින් ගත් යම් පියවර නිසා මේ ප‍්‍රවණතාව දැන් තරමකට සමනය වී තිබෙනවා. (එය වෙනම විග‍්‍රහ කළ යුතුයි.)

සියදිවි හානි කර ගැනීම ජීවන ගමනක ඛේදජනක අවසානයයි. ඒ හැම එකකටම පසුබිම් වන සිදුවීම් මාලාවක් තිබෙනවා. අපේ සමහර මාධ්‍ය එවන් ඛේදවාචකයක තෝරා ගත් පැතිකඩ පමණක් තලූ මරමින් රස කරමින් වාර්තා කරනවා. ඒ මදිවාට කාටුන් ආකාරයේ රූප පවා අඳිනවා.

සියදිවි හානිකර ගැනීම් ආවරණයේදී සංවේදී විය යුතු සාධක ගැන දශකයකට වැඩි කලෙක පටන් මාධ්‍ය පුහුණු වැඩමුළු හා දැනුවත් කිරීම් කොට තිබෙනවා. උදාහරණයට භාවිත කළ ක‍්‍රමය විස්තර නොකරන්නට හා අදාළ පුද්ගලයාගේ හා පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන්නට වග බලා ගත යුතුයි.

එහෙත් අපේ රටේ ප‍්‍රවෘත්තියැ’යි කියා පෙන්වන සමහර ටෙලිවිෂන් නාටකත්, සමහර පුවත්පත් වාර්තාත් මේ සංවරය පවත්වා ගන්නේ නැහැ. ඔවුන් දුකට පත් අයගේ කදුළු හා ලේ සොයමින් රට වටා යනවාග සිදුවීම වන විට හරියට එතැන සිටියාක් මෙන් විස්තර වාර්තා කරනවා.

අපේ සංවාදයේදී මතු වූ එක් උදාහරණයක් නම් එක්තරා ටෙලිවිෂන් නාලිකාවක් විස සහිත කනේරු ඇට ගැන සමීප රූප පෙන්වමින්, පෙර තරම් මේවා දිවි හානියට දැන් දැන් යොදා නොගන්නේ මන්දැයි වාර්තා කිරීමයි! සිංහල පුවත්පත් බොහොමයක් දිවි හානි කර ගැනීම් වාර්තා කරන්නෙ ද සුචරිතවාදී හෝ විකට ලෙසින්.

සමාජ විද්‍යා, මානව විද්‍යා, මනෝවිද්‍යා කෝණවලින් සීරුවෙන් විග‍්‍රහ කොට ග‍්‍රහණය කර ගත යුතු දිවි හානි කරගැනීම් අපේ මාධ්‍ය සරල හා සිල්ලර ලෙසින් විග‍්‍රහ කරනවා. එහිදී බොහෝ වාර්තාකරුවන්ට (හා ඒ ගැන කතුවැකි ලියන අයට) ඉක්මනින් සොයා ගත හැකි ‘දුෂ්ටයකු’ අවශ්‍යයි. මෙකී ‘දුෂ්ටයා’ පවත්නා රජය, වෙළෙඳපොළ ආර්ථිකය, නව තාක්ෂණයක් (ජංගම දුරකතන, ඉන්ටර්නෙට්) හෝ පුද්ගලයකු විය හැකියි.

සංකීර්ණ ප‍්‍රශ්නයක් මෙසේ සිල්ලරට ලඝු කිරීම හරහා ද අපේ මාධ්‍යකරණය සමස්ත සමාජය ගැන අසංවේදී වනවා.

Dr Harini Amarasuriya speaks at public forum
Dr Harini Amarasuriya speaks at public forum

එසේම තමන් හුවා දක්වන ‘දුෂ්ටයන්ට’ ඉක්මන් විසඳුම් සමහර මාධ්‍ය යෝජනා කරනවා. සංවාදයේදී සමාජ විද්‍යාඥ ආචාර්ය හරිනි අමරසූරිය කීවේ: ‘‘දුෂ්ටයා පුද්ගලයකු නම් ගල් ගසා මරන්න, මරණීය දණ්ඩනය නියම කරන්න, නැතිනම් අධිකරණ ක‍්‍රමයට පරිබාහිරව දඬුවම් කරන්න සමාජයේ ඇතැම් අය යෝජනා කරන විට මාධ්‍ය ඒවා උලූප්පා දක්වනවා. සමස්ත අපරාධවලට අපේ සමාජයේ හා බහුතරයක් මාධ්‍යවල ප‍්‍රතිචාරය ඉතා බියජනකයි. සංකීර්ණ සමාජ ප‍්‍රශ්නවලට අතිශය සරල විග‍්‍රහයන් හා ඉක්මන් විසඳුම් යෝජනා කිරීම ද මාධ්‍යයේ වගකීම වන්නේ?’’

මාධ්‍ය මෙන්ම සමස්ත ලක් සමාජයද අසංවේදී වන තවත් අවස්ථාවක් නම් මානසික සෞඛ්‍යයයි.

මානසික රෝගාබාධ ඕනෑම මානව සමාජයක 10%ක් පමණ හමු වනවා. අපේ වැනි ප‍්‍රචණ්ඩත්වය ඉහළ, පශ්චාත් යුද සමාජයක මෙය 20%ක් හෝ ඊටත් වැඩිවිය හැකියි.

මානසික රෝගා බාධ විවිධාකාරයි. ඒවා සියල්ල එක ගොඩට නොදැමිය යුතු බවත්, ඒ කිසිවක් කරුමයක් හෝ පාපයක් නොව මොළයේ රසායනික අසමතුලිතතාවකින් හටගන්නා තත්ත්වයන් බවත් මනෝ විද්‍යාඥයන් කියනවා. එසේම නිසි ප‍්‍රතිකාර (උපදේශන, බෙහෙත් හෝ රෝහල් ගත වීම) හරහා මේ රෝග සමනය කිරීමට හෝ සුවපත් කිරීමට හැකියි. ඕනෑම කෙනකුට හටගත හැකි මේ රෝග තත්ත්වයන් යමකු කොන් කිරීමට හෝ හංවඩු ගැසීමට (stigma) හේතුවක් නොවෙයි.

ගතානුගතික ලක් සමාජය මානසික රෝගවලට සංවේදී හෝ සානුකම්පිත නැහැ. ඔවුන් පිස්සන් ලෙස කොන් කිරීම තවමත් සිදු වනවා. සමහර මාධ්‍ය (විශේෂයෙන් ටෙලිනාට්‍ය හා විකට වැඩසටහන් හරහා) මේ අසංවේදීත්වය තවත් ප‍්‍රබල කරනවා.

අංගොඩ පිහිටි මානසික රෝග පිළිබඳ ජාතික රෝහලට ගොස් එහි අධ්‍යක්ෂවරයා හා සෙසු වෛද්‍යවරුන් හමු වන්නටත්, ඔවුන් මුහුණ දෙන යථාර්ථය දැන ගන්නටත් මීට දෙවසරකට පමණ පෙර මට අවස්ථාවක් ලැබුණා. ඒ මානසික සෞඛ්‍ය ගැන සානුකම්පිත බැල්මක් හෙලන අසාමාන්‍ය ගණයේ සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් වන ‘පේ‍්‍රමය නම්…’ චිත‍්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණු විටදී, (2014 අගදී නිමා වූ මෙය තවමත් මහජන ප‍්‍රදර්ශනයට පැමිණ නැහැ.)

Bx44chNCUAACzb-

මනෝ වෛද්‍ය විද්‍යාව හා ප‍්‍රතිකාර ක‍්‍රම මෑත දශකවල බෙහෙවින් දියුණු වී තිබෙන බව මා එදා වැඩමුලුවේදී දැන ගත්තා. රෝහල්ගත වී ප‍්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේ මානසික රෝග හට ගත් ටික දෙනකුට පමණයි. බහුතරයක් දෙනාට උපදේශනය, මානසික සහනය හා (වෛද්‍ය අධීක්ෂණය යටතේ) බෙහෙත් ගැනීමෙන් තත්ත්වය පාලනය කර ගන්නට හෝ සුවය ලබන්නට හෝ හැකියි.

මේ මූලික තොරතුරු පවා නොදන්නා හෝ නොතකා සිටින මාධ්‍ය එමට තිබෙනවා. පුළුල් සමාජ ප‍්‍රශ්නයක විසඳුම් සෙවීමට දායක වනු වෙනුවට එය තවත් උග‍්‍ර කරන්නටත්, එයින් ‘චීප් ත‍්‍රිල්’ගැනීමටත් අසංවේදී මාධ්‍ය ආවරණය දායක වනවා.

Chandana Sirimalwatte speaks at the Forum
Chandana Sirimalwatte speaks at the Forum

සියදිවි හානිකර ගැනීම්, මානසික සෞඛ්‍යය මෙන්ම HIV/AIDS ගැනත් අපේ මාධ්‍ය වාර්තාකරණය පවතින්නේ නොදියුණු මට්ටමකයි.

විටින් විට HIV/AIDS මෙරට තත්ත්වය ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ අංශය පවත්වන වැඩමුළුවලදී අසන එක් ප‍්‍රශ්නයක් නම්: ‘දැන් අපේ ස්කෝර් එක කීයද?’

මේ විමසන්නේ HIV ආසාදනයේ උච්ච අදියර වන AIDS නිසා මිය ගිය සංඛ්‍යාව ගැනයි. හරියට ක‍්‍රීඩා තරගයක ලකුණු අසනවා වගේ. මෙය උපුටා දක්වමින් ආචාර්ය හරිනි අමරසූරිය කීවේ සමස්ත සමාජයේ සංවේදී බව මෙවන් මාධ්‍ය ආකල්ප හා වාර්තාකරණය හරහා මරා දැමෙන බවයි.

HIV ආසාදිතයන් ගැන නිර්දය වූත්, අනුකම්පා විරහිතවූත් ආකල්ප මෙරට මාධ්‍යවේදීන් මෙන්ම සෙසු සමාජයේත් බහුලයි. එයට එක් හේතුවක් නම් HIV ආසාදනය හුදෙක් ලිහිල් හා අනාරක්ෂිත ලිංගික චර්යාවලින් සිදු වන බවට ඔවුන් විශ්වාස කිරීමයි. නැතිනම් අනෙක් ආසාදන ක‍්‍රම (එන්නත් ඉඳිකටු යළි භාවිතය, ආසාදිත රුධිරය ඒ බව නොදැන පාරවිලයනය කිරීම, ආසාදිත මවකගෙන් ඇතැම්විට උපදින දරුවාට සම්පේ‍්‍රෂණය වීම) ඔවුන් නොතකා හරිනවා. හේතුව, සුචරිතවාදී ප‍්‍රහාර එල්ල කළ හැක්කේ ලිංගික සාධකය පදනම් කර ගෙන පමණක් නිසා විය යුතුයි.

HIV ආසාදිතයන් හැකි තාක් හඳුනාගෙන, ඔවුන් සිය පුවත්පතින් නම් කර සමාජ නින්දාවට ලක් කළ යුතුයැ’යි නිතර කී සිංහල පුවත්පත් කතුවරයකු මීට දශකයකට හමාරකට පෙර සිටියා. මෙබඳු ආන්තික ස්ථාවරයන් දැන් මඳක් වෙනස් වී ඇතත්, තවමත් HIV/AIDS වාර්තාකරණය බොහෝ මාධ්‍ය කරන්නනේ සංවේදීව හෝ සානුකම්පිතව නොවෙයි.

HIV ආසාදිතයන් වැළඳගන්නා නේපාලය නමින් මීට කලකට පෙර මා කොලමක් ලිව්වා (2011 දෙසැම්බර් 11දා රාවය:) කුමන හෝ ආකාරයකින් HIV ශරීර ගත වී, දැන් බෙහෙත්වල උපකාරයෙන් ජීවත් වන දිරිය ගැහැනුන් හා මිනිසුන් හෙළා දකිනු වෙනුවට ඔවුන් සමාජ ආශ‍්‍රයට ගන්නට හා ඔවුන්ට උපකාර වන්න නාගරික හා ග‍්‍රාමීය නේපාල ජාතිකයන් පටන් ගත්තේ මීට දශකයකටත් පෙරයි. මෙය දැන් එරට මාධ්‍ය වාර්තාකරණයේ ද දැකිය හැකියි. ලක් සමාජය හා මාධ්‍ය කවදා එතැනට පැමිණේද?

Part of audience at Public Forum on June 9
Part of audience at Public Forum on June 9

ජුනි 9 වැනිදා සංවාදයෙන් මතු වූ මූලික කරුණු කිහිපයක් තිබෙනවා.

මාධ්‍යවේදීන් සුචරිතවාදීන් වීම හරිද? මෙයට නම් කිසිදු පිළිගත හැකි හේතුවක් මා දන්නේ නැහැ. පුද්ගල නිදහස ගරු කරන නූතන සමාජයේ නීතියට ඔබ්බෙන් යන සුචරිතවාදයක් කිසිවකු මත බලෙන් පැටවිය නොහැකියි.

හැම අසංවේදී වාර්තාකරණයක්ම තනිකර මාධ්‍යවල වරදක්ද? නැතිනම් අසංවේදී ජන සමාජයේ පිළිබිඹුවක්ද? මේවා පුළුල්ව විවාදයට ලක් විය යුතුයි.

මාධ්‍ය කළ යුත්තේ කුහක හා ගතානුගතික සමාජයේ ආකල්ප එලෙසින්ම (කැඩපතක් මෙන්) හසු කර ගැනීම පමණක්ද? නැතිනම් සංවේදී හා දැනුවත් මාධ්‍යවලට සමාජයේ පෙරගමන්කරුවන් වීමට හැකිද? එසේ විය හැකි නම් එය ඉතා අගෙයි. එසේ බැරි නම් අඩුම තරමින් ඇවිලෙන සමාජ ගිනි ජාලාවලට තවත් පිදුරු නොදමා පසෙකට වන්නයැ’යි මා එදා විවෘත ඉල්ලීමක් කළා.

ස්වයං ඇගයීමකින් පසු හෝ සෙසු සමාජයේ බලපෑම නිසා හෝ අපේ රටේ මාධ්‍ය තමන්ගේ ශෛලිය හා ප‍්‍රමුඛතා වෙස් කර ගත් අවස්ථා ද තිබෙනවා.

කලකට ඉහත පුවත්පත් මහත් ඕනෑකමින් රස කරමින් වාර්තා කළ දෙයක් වූයේ උසාවිවල දිග හැරෙන දික්කසාද නඩුයි. එහෙත් අද එබන්දක් කෙරෙන්නේම නැති තරම්. ඇත්තටම ඒ පුද්ගලික කථාවල කිසිදු මහජන වැදගත්කමක් නැහැ.

එසේම මීට දශකයකට පමණ පෙර වන තුරු ආබාධිතයන් හඳුන්වනු ලැබුවේ කොරා, අන්ධයා, බීරා, අංගවිකලයා ආදී යෙදුම්වලින්. එහෙත් මේ වන විට සමාජයත්, මාධ්‍යයත් ඊට වඩා සංවේදී හා සානුකම්පිත යෙදුම් භාවිත කරනවා. කලක් තිස්සේ සමාජ ක්‍රියාකරිකයන් ගෙන ගිය දැනුවත් කිරීම් මේ වෙනස ඇති කළා.

මෙයින් පෙනෙන්නේ ඕනෑකම තිබේ නම් අප කාටත් දැනට වඩා සංවේදී විය හැකි බවයි. අපේ මාධ්‍යකරුවන්ට අද තිබෙන තේරීම නම් තමන් සෙසු සමාජයට ඉදිරියෙන් යනවා ද නැතිනම් ශිෂ්ටත්වයට යන සමාජ පරිනාමීය ගමනේ අන්තිමයා වනවා ද යන්නයි.

Public Forum on June 9 - part of audience
Public Forum on June 9 – part of audience

ඡායරූප: තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය

 

සිවුමංසල කොලූගැටයා #222: ඉන්දියානු සාගරයේ වාර්ෂික රිද්මය – මෝසම් සුළං

Not quite singing in the rain - but welcoming it all the same!
Not quite singing in the rain – but welcoming it all the same!

Every year in May, over a billion and a half South Asians join a waiting and guessing game for the mighty rain-carrying oceanic winds, one of the great forces of nature on this planet. Few things – human or natural – evoke such anxiety and anticipation of the South Asian Summer Monsoon, also known as Southwest Monsoon.

The rains that the summer monsoon brings are literally life giving for most parts of South Asia – for drinking, farming, industry and power generation.

An ample monsoon that arrives on time boosts harvests, drives production and generates wealth across South Asia where large numbers are still engaged in farming. A delayed or failed monsoon, on the other hand, causes much concern for governments and communities. Former Finance Minister (now President) Pranab Mukherjee acknowledged this power when he described the monsoon as the country’s “real finance minister”.

The big question – and growing worry – is whether human induced climate change is affecting the Indian Ocean monsoons…and how.

In this week’s Ravaya column (published on 7 June 2015) I explore our close historical and cultural nexus with the Monsoon.

Southwest Monsoon paths and average start dates
Southwest Monsoon paths and average start dates

සොබාදහම් රටාවක් ලෙස නිරිතදිග මෝසම් සුළං (Monsoons) ගෙන එන වැසි ඇරඹෙන්නේ හැම වසරකම මැයි අගදී හෝ ජුනි මුලදී. අප රට තෙත් කලාපයට හා අතරමැදි කලාපයට වැඩිපුරම වර්ෂාපතනය ලැබෙන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා හමන මේ මෝසම් සුළං හරහායි.

වැසි ගෙනෙන මේ සුළං අපට පමණක් නොවෙයි, සමස්ත දකුණු ආසියාවේ සිටින බිලියන එක හමාරක පමණ ජනයාට බෙහෙවින් වැදගත්.

මෝසම් කියන වචනය බිඳී ඇත්තේ මොසිම් (Mausim) නමැති අරාබි වචනයෙන්. එහි තේරුම නිසි කලට හමන සුළං යන්නයි.

මෝසම් සුළං ලෝකයේ සාගර ආශ‍්‍රිතව සිදුවනවා. උතුරු ඕස්ටේ‍්‍රලියාවට, අප‍්‍රිකාවේ ඇතැම් පෙදෙස් හා දකුණු ඇමරිකාවේ සමහර රටවලට මෝසම් සුළං වැසි ගෙන එනවා.

එහෙත් මෝසම් වඩාත්ම ප‍්‍රබලව බලපාන්නේ දකුණු ආසියාවටයි. එනම් ඉන්දියානු අර්ධද්වීපය හා අවට රටවලටයි. හේතුව එක් පසෙකින් අරාබි මුහුදත් අනෙක් පසින් බෙංගාල බොක්කත් පිහිටීම.

වසරේ මාස හයක් ඉන්දියානු සාගරයේ සුළං නිරිතදිග සිට ඊසාන දිගට හමනවා. ඉතිරි මාස හයේදී සුළං හමන දිශාව ප‍්‍රතිවිරුද්ධ ලෙසට මාරු වනවා. මේ නිසා හැම වසරකම මෝසම් සුළං දෙකක් හට ගත්තත්, වඩාත් වැසි රැගෙන එන්නේ නිරිතදිග මෝසම් ලෙස හඳුන්වන, වසරේ මැද මාසවල සිදු වන සුළං හැමීමයි.

මෙයට තුඩු දෙන ස්වාභාවික සිද්ධි දාමයක් තිබෙනවා. සරලව කිවහොත් උතුරු අර්ධගෝල වසන්තයත් සමග අපේ‍්‍රල් මස සිට උතුරු ඉන්දියාවේ හා හිමාලය ප‍්‍රදේශයේ භූමිය උණුසුමෙන් වැඩි වන්නට පටන් ගන්නවා. එමගින් වායුගෝලයේ අඩු පීඩනයක් ඇති කරනවා. එයට දකුණින් සමකය අවට ඉන්දියානු සාගරයට ඉහළින් වාතය ඊට වඩා සිසිල්. ඒ ප‍්‍රදේශවල වායු පීඩනය වැඩියි.

මේ පීඩන වෙනස නිසා සාගර ප‍්‍රදේශවල සිට භූමි ප‍්‍රදේශ වෙතට සුළං හමන්නට පටන් ගන්නවාග ඒ සුළං සමග සාගරයෙන් උකහා ගත් තෙතමනය සහිත ජලවාෂ්ප ද ඇදී එනවා. මැයි මස අගදී මාලදිවයින හා ශ‍්‍රී ලංකාවට ළඟා වන නිරිතදිග මෝසම් සුළං ජුනි මුලදී දකුණු ඉන්දියාවේ කේරළය හා තමිල්නාඩුව දෙසින් ඉන්දියාවට පිවිසෙනවා. ඉනික්බිති සති කිහිපයක් මුළුල්ලේ මෝසම් සුළං පෙරමුණ ටිකෙන් ටික උතුරට ගමන් කරනවා. උතුරු ඉන්දියානු ප‍්‍රාන්ත හා නේපාලය, භූතානය යන රටවලට වැසි ලැබීම ඇරඹෙන්නේ ජුනි අග පමණ වන විටයි.

දකුණු ආසියාවේ අප සැමට පානයට, ගෙදරදොර භාවිතයට, ගොවිතැනට, විදුලිබල ජනනයට හා වෙනත් කර්මාන්තවලට වැසි ජලය ගෙනැවිත් දෙන මෝසම් සුළං අපේ පණ නල ගැට ගසන ජීව ප‍්‍රවාහය යයි කීම නිවැරදියි.

ඉන්දියානු පරිසරවේදී හා පත‍්‍ර කලාවේදී අනිල් අගර්වාල් (1947-2002) වරක් මෙසේ කීවා. ‘‘මෝසම් සුළං හා වැසි අපට පෙන්වා දෙන්නේ සොබාදහම කෙතරම් සියුම් ලෙසින් ක‍්‍රියා කරනවාද යන්නයි. ජල වාෂ්ප ටොන් මිලියන් 40,000ක් සාගරවලට ඉහළින් සැතපුම් දහස් ගණනක් දුර සුළං මගින් රැගෙන විත් එය විශාල භූමි ප‍්‍රදේශයක් මත වර්ෂාව ලෙස ක‍්‍රමානුකූලව පතිත කරන්නට තුඩු දෙන්නේ උෂ්ණත්වයේ කුඩා වෙනසක් පමණයි. මේ සංකීර්ණ වූත් සියුම් වූත් සොබාදහම් පද්ධති අප හරිහැටි තේරුම් නොගැනීම බොහෝ පාරිසරික අර්බුදවලට මුල් වනවා.’’

ලෝකයේ ඇතැම් රටවලට ජල ප‍්‍රභව ලෙස (වර්ෂාවට අමතරව) ග්ලැසියර හා හිම පතිත වූ කඳු ආදිය ද තිබෙනවා. ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය හා භූතානය එයට උදාහරණ. එහෙත් ශ‍්‍රී ලංකාවට එබඳු ජල සංචිත නැහැ. අපේ දිවයින මතුපිට ගලා යන මෙන්ම භූගත ජලය ලෙස කිඳා බැස ඇත්තේ ද වර්ෂාවෙන් ලැබෙන ජලයයි.

අපට වර්ෂාව ලැබෙන ප‍්‍රධානතම ක‍්‍රමය නම් නිරිතදිග හා ඊසානදිග මෝසම් සුළං. කිලෝමීටර් දහස් ගණනක් පුරා ඉන්දියානු සාගරයට ඉහළින් හමා එන මේ සුළං දේශීය නොව විදේශීය සම්භවයක් සහිත ඒවායි. මේවාට සාපේක්ෂව අන්තර්-මෝසම් කාලවලට හට ගන්නා සංවහන වර්ෂා (Convectional rainfall) හරහා ලැබෙන වර්ෂාපතනය සීමිතයි.

විදේශීය බලවේග අපේ දිවයිනට බලපෑම් කරනවා යයි කෑ මොර දෙන කුමන්ත‍්‍රණවාදීන් නොදන්නා හෝ නොදකින යථාර්ථය මෙයයි. ඉතිහාසය පුරා අපේ රටේ භූමිය, තුරුලතා හා ජනජීවිතයට ප‍්‍රබලතම බලපෑමක් කළ හා කරන ‘විදෙස් බලවේගය’ නම් මෝසම් සුළං දෙකයි.

ඉන්දියානු සාගරයේ වෙළෙඳාම, දේශ ගවේශනය, නාවුක යුද්ධ චාරිකා ආදී විවිධ මානව ක‍්‍රියාකාරකම්වලට මෝසම් සුළං හමන කාල රටාව හා දිශාවන් ඍජුවම බලපෑම් කළා.

Empires of the Monsoon by Richard Hall
Empires of the Monsoon by Richard Hall

2008දී ප‍්‍රකාශිත ඓතිහාසික පාරිසරික විද්‍යා පර්යේෂණයකට අනුව පුරාණ චීනයේ දිගු කලක් පැවති රාජ වංශයන් හා රාජධානි අඩපණ වී බිඳ වැටීමට එක දිගට දුර්වල මෝසම් වැසි ලැබීම හේතු වූවා යයි අනුමාන කැරෙනවා. (ඓතිහාසික වර්ෂාපතනයේ අඩු-වැඞී වීම හිරිටැඹ stalagmite රසායනික විශ්ලේෂණයෙන් සොයාගත හැකියි.) වැසි අඩු වසරවල සහල් ඵලදාව අඩුවීම නිසා සාගතයක් ඇතිවීමත්, ඒ හරහා රජුන්ගේ බල පරාක‍්‍රමය හීන වී යාමත් යළි යළිත් සිදුව තිබෙනවා.

මෝසම් වර්ෂා ලේඛකයන් කුතුහලයටත් මවිතයටත් පත් කළා. රවීන්ද්‍රනාත් තාගෝර්ගේ සිට රුඞ්යාඞ් කිප්ලිං දක්වා පෙර අපර දෙදිග ලේඛකයන් රැසක් මෝසම් නම් මහා ප‍්‍රපංචයෙන් ප‍්‍රබෝධක ආවේගය ලබා ගෙන තිබෙනවා.

ඉන්දියානු සාගරයේ ඉතිහාසය (Empires of the Monsoon: A History of the Indian Ocean and Its Invaders) නම් ගවේශනාත්මක කෘතිය 1991දී ලියූ බි‍්‍රතාන්‍ය පත‍්‍ර කලාවේදී හා ඉතිහාසඥ රිචඞ් හෝල් නියන්නේ ‘‘ඉතිහාසයේ බොහෝ කලක් පුරා

එදිනෙදා ජන ජීවිතයට වැඩි බලපෑමක් එල්ල කළේ රාජ්‍ය පාලකයන් නොව සොබාදහමේ රිද්මයයි. ඉන්දියානු සාගරය අවට ජනයාගේ ජීවිත රාජ – ආධිරාජයන්ට වඩා මෝසම් වැසි රටාවලින් පාලනය කැරුණා.’’

Monsoon by Robert D Kaplan
Monsoon by Robert D Kaplan

වඩා මෑතකදී ඉන්දියන් සාගරය හා ඇමරිකානු බල පරාක‍්‍රමය ගැන ‘මෝසම්’ (Monsoon: The Indian Ocean and the Future of American Power, 2010) නමින් පොතක් ලියූ ඇමරිකානු ලේඛක රොබට් ඞී. කප්ලාන් මෝසම් වර්ෂා හැඳින් වූයේ සොබාදහමේ බලපරාක‍්‍රමය සියුම්ව එහෙත් නොවරදින ලෙස ප‍්‍රකාශ වීමක් ලෙසයි. පරිසරයත් සමග තව දුරටත් අනුගත නොවී ජනාකීර්ණ හා අසමතුලිත සමාජයන් ගොඩ නගන ඉන්දියානු සාගර රටවල ජනයා ලොකු අවදානමකට මුහුණ දෙන බව ඔහු කියනවා.

1987දී ඕස්ටේ‍්‍රලියානු ජාතික දේශාටන ලේඛක ඇලෙක්සැන්ඩර් ෆ්‍රෙටර් (Alexander Frater) නිරිතදිග මෝසම ඉන්දියාව හරහා උතුරට ඇදෙන විට ඒ සමග ගොඩබිමින් ගමන් කළා. කේරල වෙරළින් පටන්ගෙන කොඩින්, ගෝව, බෝම්බාය, කල්කටාව හරහා ඔහු ගිය සංචාරය හමාර වූයේ ලෝකයේ වැඩිපුරම වර්ෂාපතනය ලබන ස්ථානය යයි පිළිගැනෙන මෙගාලය ප‍්‍රාන්තයේ චෙරාපුංජි (Cherrapunji) නගරයෙන්.

Chasing the Monsoon by Alexander Frater
Chasing the Monsoon by Alexander Frater

ජනගහනයෙන් ලොව දෙවන විශාලතම රටේ ජනජීවිතය, දේශපාලනය, ආර්ථිකය හා ඉතිහාසය සමග මෝසම් සුළං හා වර්ෂා සබැඳී ඇති සැටි කතාන්දරයක් මෙන් ඔහු විස්තර කරනවා (Chasing the Monsoon, 1990).

නිසි කලට නිසි පමණට මෝසම් සුළං ලැබෙන වසරක ගොවිබිම් සාර වී, අස්වනු වැඩි වී කෘෂි ආර්ථිකයන් ප‍්‍රාණවත් වනවා. එසේම වඩා ලාබදායක ලෙස විදුලිය ජනනය කර ගත හැකි ජල විදුලි ජලාශ පිරී යාම නිසා තාප බලාගාර මත යැපීම සීමා කර ගත හැකි වනවා.

පමා වී පැමිණෙන හෝ දුර්වලව ලැබෙන හෝ මෝසම් වැසි දකුණු ආසියාවේ රජයන්ට හා ජනයාට ගැටලූ රැසක් ඇති කරනවා. ආහාර හිඟයන්, ගොවි ණය අර්බුදයන්, නාගරික ජල හිඟයන් හා විදුලි ජනන වියදම් අධික වීම ආදිය මතුවනවා.

මෙකී සියල්ල සැලකිල්ලට ගත් ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය (හා වත්මන් ජනාධිපති) ප‍්‍රනාබ් මුඛර්ජී වරක් කීවේ ‘ඉන්දියාවේ සැබෑ මුදල් අමාත්‍යවරයා වන්නේ මෝසම් සුළං හා වර්ෂායි’ කියායි. කොතරම් අපූරු හැඳින්වීමක්ද?

මෝසම් සුළං හා වර්ෂා යනු හුදෙක් ස්වාභාවික සංසිද්ධියක් හා ආර්ථික වශයෙන් වැදගත් සාධකයක් පමණක් නෙවෙයි. සමශීතෝෂ්ණ රටවල මෙන් පැහැදිලි ඍතු භේදයක් නොමැති ඝර්ම කලාපීය අපේ වැනි රටවල ජන ජීවිතයට වාර්ෂිකව හුරුපුරුදුු රිද්මයක් ලබා දෙන්නේ නිරිතදිග හා ඊසානදිග මෝසම් වැසි කාලයන්.

මානව ජනාවාස ඇති වන්නටත් පෙර පටන් දකුණු ආසියාවට රිද්මයක් හා ජවයක් සැපයූ මෝසම් සුළං හා වර්ෂා රටා දැන් සිදු වෙමින් පවතින දේශගුණ විපර්යාසයත් සමග කෙසේ වෙනස් විය හැකිද? මෙය බොහෝ කාලගුණ හා දේශගුණ පර්යේෂකයන්ගේ දැඩි අවධානයට ලක් වූ ප‍්‍රශ්නයක්.

හැම වසරේම අපේ‍්‍රල් මාසය වන විට ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එළැඹෙන්නට නියමිත නිරිතදිග මෝසම් වර්ෂා ගැන පුරෝකථනයක් (annual summer Monsoon forecast) කරනවා. අපේ කලාපයේ වඩාත් දියුණු තාක්ෂණය හා ශිල්ප දැනුම ඇති කාලගුණ දෙපාර්තමේන්තුව ඇත්තේ ඉන්දියාවෙයි. මේ නිසා ඔවුන්ගේ විග‍්‍රහයන් සෙසු රටවල් හා පර්යේෂණයන්ගේ දැඩි අවධානයට ලක් වනවා.

2015 අපේ‍්‍රල් 22 වනදා නිකුත් කළ මෝසම් පුරෝකථනයට අනුව මෙරට නිරිතදිග මෝසමෙන් ලැබෙන සමස්ථ වර්ෂාපතනය දිගු කාලීන සාමාන්‍යයෙන් 93%ක් වනු ඇති. එනම් වැස්ස තරමක් අඩුයි.

ඔවුන්ගේ දත්ත විශ්ලේෂණවලට අනුව 2013දී නිරිතදිග මෝසම් වැසි අපේක්ෂි කළාටත් වඩා වැඩි වූ අතර 2014දී එය අඩු වුණා.

එල් නීනෝ (El Nino) නම් දේශගුණික සංසිද්ධිය පවතින වසරවල නිර්තදිග මෝසම් වැසි අඩු වීමේ ප‍්‍රවණතාවක් තිබෙනවා. ගිය වසරේ මෝසම් වැසි අඩු වීම ගැන කල් තබා දැන ගත් විට අස්වද්දන කුඹුරු ප‍්‍රමාණය අඩු කරන්නට යැයි අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගොවීන්ට නිර්දේශ කොට තිබුණා. එහෙත් එය නොතකා හැරි නිසා යල කන්නයේ වී අස්වැන්න 25%කින් අඩු වුණා.

මෝසම් වැසි ගැන විද්‍යාත්මකව කැරෙන පුරෝකථන ගැන ගොවීන් හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ තීරකයන් මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

දේශගුණ විපර්යාස නිසා හට ගන්නා මෝසම් වැසි විසමතා අපට වළක්වා ගන්නට බැහැ. එහෙත් උපක‍්‍රමශීලී ලෙසින් ගොවිතැන් අනුවර්තනය කළ හැකියි. එයට ක‍්‍රමවේදයන් විද්‍යාඥයන් යෝජනා කළ විට ඒවා ගොවීන්ට හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට ඉක්මනින් හා තේරෙන බසින් සන්නිවේදනය වීම වැදගත්.

Indian Ocean is South Asian Monsoon's vast playground
Indian Ocean is South Asian Monsoon’s vast playground

ඝර්ම කලාපීය කාලගුණ විද්‍යා අධ්‍යයන ආයතනය නම් ඉන්දියානු පර්යේෂණායතනය කේන්ද්‍ර කර ගෙන දැවැන්ත මෝසම් පර්යේෂණ ව්‍යායාමයක් 2012දී ඉන්දීය රජය දියත් කළා (National Monsoon Mission). දකුනු ආසියාවේත්, එයින් පිටතත් සිටින පර්යේෂකයන් හා පර්යේෂණායතන හවුල් කර ගෙන ඉන්දියානු සාගරයේ මෝසම් සුළං හා වර්ෂා ගැන දැනුම හා අවබෝධය වැඩි කර ගැනීම එහි අරමුණයි.

ඉන්දියානුවන් පමණක් නොවෙයි, ඉන්දියානු සාගර රාජ්‍යයන් බොහොමයක වැසියන් මෝසම් වෘත්තාන්තයේ කොටස්කරුවන්. අපට මතුපිටින් නොතේරෙන මානයක මෝසම් රිද්මයක් අප ජීවිත තුළ ගැබ් වී තිබෙනවාග මෙය වරෙක ඉංග‍්‍රීසියෙන් මේ ගැන ලියූ ලිපියක මා කැටි කළේ: ‘අප සැවොම මෝසම් දරුවෝ’ (“We are all Children of the Monsoon”).

 

සිවුමංසල කොලූගැටයා #219: දිවයිනේ හදවත සොයා ගිය යාත‍්‍රිකයා – නිහාල් ප‍්‍රනාන්දු

Nihal Fernando, 1927-2015
Nihal Fernando, 1927-2015

To describe Nihal Fernando (1927-2015) simply as a photographer leaves out so much more that he was: explorer, writer, conservationist and cultural historian. He excelled in each field without having had any formal training – he was entirely self-taught, and mostly self-funded in his lifetime of public interest work.

In fact, in a 2001 interview with journalist Malinda Seneviratne, Nihal claimed that he was not a technical photographer in the sense that he did not have a technical mind. “I only have an eye,” he said, adding that his one-time colleague Luxman Nadarajah was a far superior photographer.

Malinda thoughtfully added: “With this ‘eye’ Nihal saw and gave the world some wonderful images, serene and magical, richness imbued with delicate tones of the simplicity that he lives and appreciates. “This is a country that the gods made for themselves, it has tremendous potential, it has been ruined by politicians and the people who appointed them.”

Nihal has, in his photography, not just produced a variegated visual cartography of this ‘country of the gods’ he has in fact helped identify for us landmarks in the never ending journey of discovering who we are, where we came from and the more benevolent paths that we might choose to walk. Yes, he has shied away from its ugly side. ‘I only wanted to help people appreciate what we have. The ugly side I leave to the foreigners to photograph.’

Read the full profile: Nihal Fernando: the Lanka lover behind the lens by Malinda Seneviratne. The Island 15 April 2001.

I didn’t get to know Nihal at close range; we only met briefly on a few occasions – including at his last public exhibition, where he autographed two of his photos that I bought. In fleeting conversations, he urged me to pay attention to the unrelenting destruction of Lanka’s natural and cultural heritage.

In writing a tribute, I chose to look at what this extraordinary man did with his eyes, heart and mind –often (but not always) aided by his cameras and team. It appears in this week’s Ravaya column (published on 17 May 2015).

All photos courtesy Studio Times.

A way of life, at once serene and deep, captured by Nihal Fernando
A way of life, at once serene and deep, captured by Nihal Fernando

අප අතර සිටි ජ්‍යෙෂ්ඨතම හා ප‍්‍රතිභාපූර්ණ ඡායාරූප ශිල්පියකු වූ නිහාල් ප‍්‍රනාන්දු 2015 අපේ‍්‍රල් 20 වනදා 87 හැවිරිදිව මිය ගියා. දේශපාලන කලබල අතරේ බොහෝ මාධ්‍යවලට එය ප‍්‍රවෘත්තියක් වූයේ නැහැ.

නිහාල් ප‍්‍රනාන්දු (1927-2015) කැමරාවෙන් සිතුවම් නිර්මාණය කළ අයකු පමණක් නොවෙයි. ඔහුගේ භූමිකාව නන් අයුරින් විග්‍රහ කළ හැකියි.

ජෝර්ජ් කීට්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, පී. ඊ. පී. දැරණියගල ආදී දැවැන්තයන් මෙන් අපේ දිවයිනේ හා සභ්‍යත්වයේ අක්මුල් සොයා දිගු කාලීන ගමනක් ගිය කෙනෙක්. තනි ජාතියක් හෝ ආගමක් ඉක්මවා යන ලාංකිකත්වයේ ලකුණ පාදා ගන්නට තැත් කළ අයෙක්. තම උපන් රටට හා එහි සියලූ වැසියන්ට අසීමිත ලෙස ඇලූම් කළ සැබෑ දේශපේ‍්‍රමියෙක්. ගොවිතැනින් හා සොබා දහමින් පෝෂණය වූ අපේකම හා නූතනත්වය එකිනෙක ගැටෙන සැටි කල් තබා දැක අනතුරු ඇඟ වූ දාර්ශනිකයෙක්. මැකී යන අපේ උරුමයන් නව තාක්ෂණය හරහා දෘශ්‍ය සම්පත් මට්ටමින් රැක ගන්නට දායක වූවෙක්.

නිහාල් ප‍්‍රනාන්දු උපන්නේ 1927දී පුත්තලම් දිස්ත‍්‍රික්කයේ මාරවිල. ඔහුගේ ජීවිතයේ මුල් වසර කිහිපය ගෙවී ගියේ මුහුද අසබඩ තිබුණු ඔවුන්ගේ මුල් නිවහනේ. ඔහුගේ පියා නීතිඥයකු වූවත් මුදල් හඹා ගිය අයකු නෙවෙයි. මේ නිසා ඔවුන් ගත කළේ කිසිසේත් ඉසුරුබර නොවූ ඉතා සාමාන්‍ය ජීවිතයක්.

නිහාල්ට වයස හතේදී දරුවන්ට වඩා හොඳින් උගැන්වීමට පවුල කොළඹ පදිංචියට ගියා. එහෙත් අගහිඟකම් නිසා ඔහු පාසලකට ඇතුල් කළේ වයස අවුරුදු 10 පසුවීයි. ඒ වන තුරු ඔහුට ගෙදරදී උගන්වනු ලැබුවා. කොළඹ සාන්ත පීතර විද්‍යාලයට ඇතුලූ වූවත් තමා දිගටම පිටස්තරයකු හෙවත් නොගැළපෙන්නකු (misfit) ලෙස පාසල් ජීවිතය ගත කළ බව ඔහු පසුව ලියා තිබෙනවා.

1930 හා 1940 දශකවල කැමරා සුලබ නැහැග නිහාල් පාසල් වියේදීම කාගෙන් හෝ ඉල්ලා ගත් පරණ කැමරාවකින් ඡායාරූපකරණය තනිව උගත්තේ එයින් සුළු ආදායමක් උපයා ගන්නට. මීට අමතරව කොලූ ගැටයකු ලෙස ඔහු මාළුන් බෝ කිරීම, කුකුළන් ඇති කිරීම, හා පැළ බද්ධ කිරීම ආදිය ද කළේ “පොකට් මනී” සොයා ගැනීමට.

බයිසිකලයේ නැගී මිතුරන් සමග දුර ගමන් යාමට ද ඔහු පුරුදු වුණා. උපන් රටේ විසිතුරු මුල් වරට හඳුනා ගත්තේ මෙසේ ගිය සයිකල් සංචාරවලදී.

1940 ගණන්වල ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත් සමාගමේ සේවයට බැඳුණු නිහාල් වඩාත් වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පයට පිවිසුණා. එදිනෙදා පුවත් වාර්තාකරණය නොව ජන ජීවිතය, සොබා අසිරිය, සාංස්කෘතික උරුමය හා ලංකා දිවයින තුළ හමු වන අසීමිත විවිධත්වය සංවේදීව හසු කර ගැනීමට ඔහු පටන් ගත්තා. මුල් යුගයේ ඔහුගේ ඡායාරූපවලින් සමහරක් ටයිම්ස් හා ඔබ්සර්වර් වාර්ෂික සඟරාවලත් වෙනත් ප‍්‍රකාශනවලත් පළ වුණා.

තනිව හෝ සහෘදයකු සමග හෝ නිහාල් ප‍්‍රනාන්දු අපේ දූපතේ හැම අස්සක් මුල්ලක්ම ගවේශණය කළා. කලබලයකින් තොරව හා සංවේදීව තමා දුටු දසුන් ඡායාරූප ගත කළා.

Dawn at Sri Pada (Adam's Peak). Photograph by Nihal Fernando
Dawn at Sri Pada (Adam’s Peak). Photograph by Nihal Fernando

බොහෝ ඡායාරූප ශිල්පීන් යම් ක්ෂේත‍්‍රයකට විශේෂ අවධානය යොමු කරනවා. වන සතුන්, ගැමි ජීවිතය, කලා ශිල්ප, ජන සංස්කෘතිය ආදී වශයෙන්. එහෙත් සැබෑ ලෝකයේ මේ සියල්ල එකට මුසු වී කැලතෙනවා. වෙන් කරන්නට බැහැ. නිහාල් අපේ දිවයිනේ මේ හැම පැතිකඩක්ම කැමරාවෙන් ගවේෂණය කළා.

එමෙන්ම තමා ගත් හැම ඡායාරූපයක්ම නිසා ලෙස විස්තර කිරීමට හෙවත් කැප්ෂන් කිරීමටත්, එයට කදිමට ගැළපෙන දෙස් විදෙස් සාහිත්‍යමය උධෘතයන් සොයා ගන්නටත් ඔහු අති සමතෙක් වුණා.

1963දී ටයිම්ස් සමාගම සිය ස්ටූඩියෝව විකුණා දමන්නට තීරණය කළා. එහි අගය මනාව දත් නිහාල් අමාරුවෙන් වූවත් එය මිලයට ගත්තා. ස්ටුඩියෝ ටයිම්ස් (Studio Times Limited; www.studiotimes.net) වෙනම සමාගමක් ලෙස විකාශනය වූයේ එතැන් පටන්.

Photo by Nihal Fernando
Photo by Nihal Fernando

උපතින් කිතුනුවකු වූවත්, පවුල් පසුබිමෙන් ඉංගරීසියෙන් සිතන හා කතා කරන අයකු වූවත් නිහාල් ඉතා සමීපව ලාංකික ජන හදගැස්ම හා ජන විඥානය හඳුනා ගත්තා. ජෝර්ජ් කීට් හා ලෙස්ටර් මෙන්ම පෙර අපර දෙදිග සභ්යත්වයන් පිළිබඳව ගැඹුරු දැනුමක් තිබූ නිසා අධි තක්සේරුවකින්, අනවශ් සැරසිලි හා රලාපවලින් තොරව තමන්ගේ සංස්කෘතික උරුමය සැබැවින් තේරුම් ගන්නට ඔහු සමත් වුණා.

සංචාරයෙන්, කියැවීමෙන් හා සහජයෙන් ලද තියුණු බුද්ධියක් හා එයට රාමුවක් සැපයූ දැක්මක් ඔහු සතු වුණා. අසීමිත ධනවාදී තන්ත‍්‍රයක් තුළ නොතිත් ආශාවන් හඹා යන සමාජය දෙස ඔහු තිගැස්මෙන් හා කම්පාවෙන් බලා සිටියා.

1997දී ඔහු පළ කළ ශ්‍රී ලංකාව: මගේ චාරිකාව (Sri Lanka: A Personal Odyssey) නම් රූපමය පොතේ පූර්විකාවේ එක් තැනෙක ඔහු මෙසේ කියනවා: “බටහිර සමාජයන්හි සංවර්ධන ආකෘතිය ගෙඩි පිටින් අප අනුගමනය කළ යුතුද? ඔවුන්ගේ දියුණුවේ අතුරුඵල ලෙස අපරාධ වැඩි වීම, මත්ද්‍රව්‍ය, පාරිසරික විනාශය, සමාජ විසන්ධිවීම හා භෞතිකවාදයට පමණක් ලොල් වූ ජීවන රටාවක් බිහි වී තිබෙනවා. අපට මේ අන්ත කරා නොයන එහෙත් කෙමෙන් දියුණු වීමට හැකි විකල්ප මාර්ග ඇත්ද? ඒ මාර්ගවලට පිවිසීමට කුමක් කළ යුතුද? අයාලේ යන සංවර්ධනය අපේ සමාජය ප‍්‍රපාතයකට කැඳවා ගෙන යනු දැක මට නිහඬව සිටිය නොහැකියි. ටික දෙනකුගේ සුඛවිහරණය සඳහා බොහෝ දෙනකු කැප කරන මේ ක‍්‍රමයට එරෙහිව කලින් කලට ජන විරෝධය පුපුරා යන විට අප කුමක් කරමුද?”

ලක් දිවයින, එහි උරුමය හා ජනයා ගැන ඔහුගේ විග‍්‍රහය මෙන්ම අනාගත අවිනිශ්චිත බවද එහි සේයාරූ හා සීමිත වදන් අතරින් මැනවින් මතුවනවා.

“මගේ රටේ කලකට පෙර සරුසාර හා තිරසාර වූ මානව සභ්‍යත්වයක්ද එය පෝෂණය කළ සොබා දහමක්ද තිබුණා. මෝසම් වැසි කාලයන් දෙකකින් අවශ්‍ය තරමට ජලය ලැබුණා. වැසිදිය අපතේ නොයා නිසි සේ ප‍්‍රයෝජනයට ගන්නට දියුණු වාරි කර්මාන්ත අපේ පැරැන්නෝ සකස් කළා. වනයෙන් වැසුණු කඳු නිසා වියළි කාලයටවත් ගංඟා ඇළදොළ සිඳී ගියේ නැහැ. නැතිබැරිකම නොතිබුණු එසමයෙහි කලා ශිල්ප හා තාක්ෂණයන් දියුණු වුණා. ඉන්දියානු සාගරය තරණය කළ හැකි නැව් තැනීමට අපේ ඇත්තෝ දැන සිටියා.”

Eloquence in stone: Gal Vihara, Polonnaruwa, Sri Lanka. Photo by Nihal Fernando,
Eloquence in stone: Gal Vihara, Polonnaruwa, Sri Lanka. Photo by Nihal Fernando,

ශ‍්‍රී ලංකාව පුරා විසිර පැතිරුණු දහස් ගණනක් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන, වෙහෙර විහාර හා වෙනත් ඉදිකිරීම් සියැසින් දැක සිටි නිහාල් ඒ අතරින් වඩාත්ම අගය කළේ පොළොන්නරුවේ ගල් විහාරයයි. එය ගලින් බිහි කළ විස්කමක් බවත්, ලෝකයේ මහා පුදුමයන්ගෙන් එකක් බවත් ඔහු ප‍්‍රකාශ කළා.

‘‘ගල් වෙහෙර නිහඬව එහෙත් ව්‍යක්තව මූර්තිමත් කරන්නේ අපේ දිවයින හා එහි ජනයාගේ උරුමයට හා හැදියාවට තෝතැන්නක් සැපයූ, ආදරය, මෛත‍්‍රිය, ඉවසීම හා ලෝකාවබෝධය මත පදනම් වූ සාමයික දර්ශනයක්.’’ යයි ඔහු කියා තිබෙනවා.

සෙමින්, දැහැමින් හා සොබා සබැඳියාවෙන් ගොඩ නැගුණු ලාංකික ජන ජීවිතය 20 වන සියවසේ මැද වන විට නූතනත්වය විසින් ටිකෙන් ටික උඩුකුරු කිරීම ඇරඹුණා. අනවශ්‍ය ලෙස රොමෑන්ටික් නොවී එහෙත් තමා දකින දෙයට සත්‍යවාදී වෙමින් ඉක්මනින් මැකී යන ලාංකික ජන ජීවිතයේ විවිධ පැතිකඩ නිහාල් ප‍්‍රනාන්දු ඡායාරූප ගත කළා.

එසේ කරද්දී ඔහුට ජාති, ආගම්, පළාත් හෝ වෙන භේදයක් තිබුණේ නැහැ. බෙදුම්කාරක සමාජ සාධකවලට වඩා ගැඹුරු පොදු සාධකවලින් හා සහශ‍්‍ර ගණනක පොදු උරුමයකින් අපේ ජනයා බැඳී සිටිනු ඔහු දුටුවා.

ඔහු මනසින් ග‍්‍රහණය කර ගත් හා හදවතින් ස්පර්ශ කළ යථාර්ථය සේයාපටවල හසු කර ගත්තා. මැකී යන උරුමයක් අඩු කරමින් එසේ රැක ගන්නට ඔහු ජීවිත කාලය පුරාම කැප වී සිටියා.

Photo by Nihal Fernando
Photo by Nihal Fernando

නාගරිකව දිවි ගත කළත් නිහාල් ගොවිතැනට බොහෝ සේ ගරු කළාග අපේ පසින් හා දියෙන් බොහෝ දේ වැවිය හැකි බව පෙන්වා දෙන්නට 1965දී ‘Handbook for the Ceylon Farmer නම් පොත රචනා කළා. නිර්නාමිකව ඔහු ලියූ එය 2001දී ගොවි අත්පොත නමින් සිංහලයට පෙරලනු ලැබුවා.

ගොවිතැන හුදෙක් බව බෝග වවා ගැනීමට වඩා බොහෝ ඔබ්බට යන අපේ උරුමයක් බව ඔහු නිතර සිහිපත් කළා. එය ජන ජීවිතයේ රිද්මය, ආහාර නිෂ්පාදනය, ශ‍්‍රම ආයෝජනය, පණ ගැට ගසා ගැනීම මෙන්ම ජනයාගේ තනි හා සාමූහිත සිහිනයන්වලටද පාදක වන සාධකයක්.

ගොවිතැන හා ගොවිකම ගැන ඔහුගේ දාර්ශනික අදහස් මෙසේ අනුවාදය කළ හැකියි: “අතීතයේ සිටම බහුතරයක් ලාංකිකයන්ගේ ජීවිකාව හා ජීවිතය වූයේ ගොවිකමයි. මේ රටේ ආර්ථික සංවර්ධනයක් හා සාංස්කෘතික පුනරුදයක් සැබැවින්ම ඇති කිරීමට නම් ගොවිතැන හා ගොවිකම යනු ජනයා හා සොබාදහම අතිශයින් සමීපව බැඳ තබන රන් හුයක් බව සිහි තබා ගත යුතුයි. එය කඩා බිඳ දැම්මොත් ජනයා මෙන්ම සොබාදහම ද විනාශය කරා ඇදී යනු ඇති”

වෙනස් වන දිවයිනක් සේයාරූ ගත කළත්, වෙනස්වීම්වලට දෙස් දෙවොල් තබමින් සාප කරන තැනට ඔහු ගියේ නැහැ. අතීතය ගැන හා උරුමය ගැන බොහෝ ලාංකිකයන්ට වඩා ගැඹුරු දැනුමක් තිබුණ අතීතකාමය හෝ අන්තගාමී ජාතිකත්වයකට කිසිදා යොමුවූයේ නැහැ.

හැට වසරකට වැඩි වෘත්තීය ඡායාරූප ශිල්පීය ජීවිතය තුළ ඔහු ඡායාරූප ප‍්‍රදර්ශන ගණනාවක් ද උසස් ගණයේ ඡායාරූපමය පොත් කිහිපයක්ද අපට දායාද කළා. සමහර ඡායාරූපශිල්පී මුදලාලිලා මෙන් වර්ණ පින්තූර ගොනුවක් ඔහේ එක් තැන් කර පොත් ලෙසින් එළිදැක්වීමේ සිරිතක් නිහාල්ට තිබුණේ නැහැ. එක පොතකට ඇතුළත් කරන ඡායාරූප තෝරන්නට හා ඒ වටා හරවත් වදන් පෙළක් ලියන්නට ඔහු අවුරුදු ගණනක් ගත කළා.

වෙළඳපොළ ආර්ථිකය ගැන පෞද්ගලිකව ඔහුට රශ්න තිබුණත් සමහර සමාජ රියාකාරිකයන් මෙන් ආර්ථිකයට බැන වදිමින් ලෝකයේ කොහේවත් නැති සමාජවාදයක් ගැන සිහින දුටුවේ නැහැ. වෙනුවට වෙළෙඳ සමාගම්වලට වාණිජ මට්ටමේ ඡායාරූප සේවා ලබා දෙමින් සිය සමාගම පවත්වා ගෙන ගියා.

එයින් ලබන ලාබයෙන් කොටසක් ජාතික වශයෙන් වැදගත් දේ කරන්නට ඔහු වැය කළා. විදේශ ආධාර හෝ රජයේ අනුග්‍රහය කිසිදා පැතුවේත් නැහැ. ගත්තේත් නැහැ. ස්ටුඩියෝ ටයිම්ස්හි අති වැදගත් සමාජ සේවා ලෙස ජාත්‍යන්තර මට්ටමේ පොත් හරහා අපේ උරුමය හා අපේකම අපේ ඇත්තන්ටත් ලොවටත් පෙන්වා දුන්නා.

From the Studio Times bookshelf - time machines to explore a whole civilisation...
From the Studio Times bookshelf – time machines to explore a whole civilisation…

ඊට අමතරව දශක ගණනක් පුරා එකතු කළ, ඉතා ආදරයෙන් රැක බලා ගත් දහස් ගණනක ඡායාරූප එකතුවක් ස්ටුඩියෝ ටයිම්ස් සතුයි. මෙය කිසිදු රාජ්‍ය ආයතනයක් නොකළ ලෙසින් ජාතියේ දෘශ්‍ය දායාදය ඉදිරි පරම්පරා සඳහා සුරැකීමක්.

ඔහුගේ මුල්බස වූ ඉංග‍්‍රීසියෙන් නිහාල් පොත්පත් හා පුවත්පත් ලිපි ලියූ නිසා මෙරට සමහර සිංහල පාඨකයෝ ඔහු හඳුනන්නේ නැහැ. එසේම අප‍්‍රකටව හා නිහඬව තම වැඩ කර ගෙන ගිය නිසා ඉංග‍්‍රීසි පාඨකයන් අතර පවා සැවොම දන්නේ නැහැ.

දේශපේ‍්‍රමය, ජාතිමාමකත්වය හා ඉතිහාසය බදා ගෙන මොර දෙන බකපණ්ඩිතයන්ට නිහාල් ප‍්‍රනාන්දුට කිසිදා සමීප වන්නටවත් බැහැ. ටිකක් කතා කොට බොහෝ දේ කළ, පරපුරක් ඉතිරි කර ගිය නිහාල් ප‍්‍රනාන්දුගේ අපූර්ව ඡායාරූප අතරින් කිහිපයක් අද අප බෙදා ගන්නේ ඔහුට ප‍්‍රණාමයක් ලෙසින්.

Sri Lanka: A Personal Odyssey by Nihal Fernando (1997)
Sri Lanka: A Personal Odyssey by Nihal Fernando (1997)

සිවුමංසල කොලූගැටයා #218: භූමිකම්පා, අනුකම්පා සහ මෝඩකම්පා

_82566881_nepal_earthquake_624

In this week’s Ravaya column (in Sinhala, published in issue of 10 May 2015), I explore the aftermath of the major earthquake that hit Nepal on 25 April 2015, causing widespread damage. I quote Nepali experts and activists on how the lack of preparedness aggravated impact, and the challenge of recovery that now faces Nepali society.

I quote my journalist and activist friend Kanak Mani Dixit, who wrote on May 1: “There’s nothing to do but to try to convert the Great Nepal Earthquake of 2015 into an opportunity to transform the conduct of politics and in the process lift up Nepal at least from the status of a ‘least developed nation’ to that of a ‘developing nation’. For a beginning to be made in that direction, the polity must be jolted out of its stu­por. Only then can the advantages Nepal has—of nature, history and demography—be fully realised.”

I also comment on outrageous claim by some religious nuts who make a bizarre claim that Nepal’s earthquake was “karmic justice” for the sacrifice of some 5,000 buffaloes for a religious festival held last year. I paraphrase in Sinhala these words by young Lankan blogger Yudhanjaya Wijeratne.

After the Nepal Earthquake on 25 April 2015
After the Nepal Earthquake on 25 April 2015

2015 අපේ‍්‍රල් 25 වැනිදා මධ්‍යහනයේ සිදු වූ ප‍්‍රබල භූමිකම්පාවකින් නේපාලයේ බරපතල ආපදාවක් සිදු කළා. කම්පන මාපකයේ 7.8ක් ලෙස ගණනය කළ භූමිකම්පාවේ කේන්ද්‍රය වූයේ නේපාල අගනුවර කත්මණ්ඩු සිට කි.මී. 80ක් පමණ ඊසාන දිගින්.

එම භූමිකම්පාවෙන් හා ඉනික්බිති හට ගත් පසුකම්පා (aftershocks) රැසක් නිසා නේපාලය පුරා බෙහෙවින් ජීවිත හානි හා දේපළ හානි සිදු වූවා. එතරම්ම දරුණු නොවූවත් අසල්වැසි උතුරු ඉන්දියාවේ, බංග්ලාදේශයේ, භූතානයේ හා චීනයේ ටිබෙට් ප‍්‍රාන්තයේ ද මේ කම්පා බලපෑම තිබුණා.

භූමිකම්පා යනු මුළුමනින් ස්වාභාවික සිදුවීමක්. භූමිකම්පා හට ගැනීමට හේතුව පෘථිවි අභ්‍යන්තරයේ නිරන්තරයෙන් සිදු වන විපර්යාස බව විද්‍යාඥයන් කියනවාග භූවිද්‍යාත්මක තැටිවල (tectonic plate) මායිමේ භූ චලන ඇති වන බවත් දන්නා කරුණක්.

භූ විද්‍යාත්මකව සලකන විට හිමාලය කඳුවැටිය ලෝකයේ වයසින් අඩුම කඳුවැටියක්. එය බිහි වූයේ මීට අවුරුදු මිලියන 50කට පමණ පෙර ඉන්දියාව හා ලංකා දුපත රැගත් ඉන්දු භූ විද්‍යා තැටිය (Indian tectonic plate) උතුරු දෙසට ටිකෙන් ටික ඇදී ගොස් සෙසු ආසියාව හා යුරෝපය පවතින යුරේසියානු භූ තැටිය (Eurasian Plate) සමග ගැටීම නිසයි.

මේ මහා භූ තැටි දෙක එකිනෙක තෙරපීම නිසා කාලයාගේ ඇවෑමෙන් හිමාල කඳුවැටිය ඉහළට මතුවී ආවා. එය දැන් තරමක් සන්සුන්ව ඇතත් පොළොව යටින් තවමත් මේ තැටි දෙකේ නොනිමෙන ගැටීමක් පවතිනවා. වසරකට මිලීමීටර් 67ක් පමණ ඉන්දියානු තැටිය තවත් ටිබෙට් සානුව තුළට කිඳා බසිනවා. මෙය ඉතා කෙටි දුරක් වුවත් දැවැන්ත භූමි සමුදායක් මෙසේ තෙරපෙන විට අධික පීඩනයක් හට ගන්නවා. වසරක් පාසා ගොඩ නැගෙන මේ පීඩනය දශක කිහිපයකට වරක් එක්වරම නිදහස් වනවා. උතුරු ඉන්දියාවේ භූමිකම්පා සිදු වන්නේ එවිටයි.

භූමිකම්පා කවදා කොතැනක් කේන්ද්‍ර කර ගෙන සිදුවේදැ’යි කිසිදු භූ විද්‍යාඥයකුට හෝ වෙනත් කිසිදු පිළිගත් ශාස්ත‍්‍රයකට කල් තබා කියන්නට බැහැ.

අපේ‍්‍රල් 25 භූමිකම්පාව නොසිතූ මොහොතක සිදු වුවත් එය අපේක්ෂිත වූවක්. ගෙවී ගිය වසර 100 තුළ නේපාලයේ ප‍්‍රබල භූමිකම්පා 4ක් සිදුව තිබෙනවා. 1934 ජනවාරි 15 වැනිදා මෙයටත් වඩා ප‍්‍රබල (කම්පන මානයේ 8.0ක් සටහන් කළ) භූමිකම්පාවක් සිදු වුණා. උතුරු ඉන්දියාවටද සැරෙන් දැනුණු එයින් ජනයා 16,000ක් පමණ මිය ගොස් බරපතළ දේපළ හානි කළා.

ප‍්‍රබල භූමිකම්පාවක් සිදුවීමට නියමිත බව නම් නේපාල වැසියෝ වසර ගණනාවක සිට දැන සිටියා. ආසන්න වශයෙන් වසර 50-60කට වරක් මේ ප‍්‍රදේශවල ප‍්‍රබල භූමිකම්පාවක් සිදු වන බවට ඓතිහාසික වාර්තා අනුව අනුමාන කළ හැකි වුණා. එයට මුහුණදීමේ සූදානමක් වසර 20ක පමණ පෙර පටන් නේපාල විද්‍යාඥයන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් ඇරඹුවා.

ඒ අනුව අලූතෙන් ඉදි කරන ගොඩනැගිලිවල සැකිල්ල යම් පමණක භූචලනයන්ට ඔරොත්තු දිය හැකි අන්දමේ අමතර සවියක් හා උපක‍්‍රම යෙදීම ප‍්‍රවර්ධනය කළා. (ජපානය වැනි භූමිකම්පා නිතර සිදුවන රටවල සියලූ ගොඩනැගිලි තනන්නේ මෙලෙසයි.) දැනට පවතින ගොඩනැගිලි යම් පිරිද්දීම් හා උපක‍්‍රම මගින් සවිමත් කරනු ලැබුවා (retro-fitting). විශේෂයෙන් ජනයා එක් රැස්වන පාසල්, රෝහල් හා කාර්යාල වැනි ස්ථාන.

මීට අමතරව භූමිකම්පාවක් හට ගන්නා මොහොතේදී එසැණින් ගතයුතු පියවර මොනවාදැ’යි එරට වැසියන් හැකිතාක් දැනුවත් කෙරුණා.

මේ සියල්ල කළේ රාජ්‍ය නොවන සංවිධාන හා විද්වතුන්. දේශපාලන කඹ ඇදීම්වල වසර ගණනක් ඇලී ගැලී සිටින එරට දේශපාලකයන් හෝ රාජ්‍ය නිලධාරීන් මේ තරම් මහජන ආරක්ෂාවට වැදගත් කරුණක් ගැන ඇති තරම් අවධානය යොමු කළේ නැහැ. කොටින්ම කිවහොත් වසර 5කට පෙර කෙටුම්පත් කරන ලද ආපදා කළමනාකරණ පනත තවම සම්මත කරන්නවත් එරට පාර්ලිමේන්තුව උනන්දු වී නැහැ.

SciDev.Net 26 April 2015: Nepal caught unprepared for disasters

Volunteers help remove debris of a building that collapsed at Durbar Square, after an earthquake in Kathmandu, Nepal, Saturday, April 25, 2015. A strong magnitude-7.9 earthquake shook Nepal's capital and the densely populated Kathmandu Valley before noon Saturday, causing extensive damage with toppled walls and collapsed buildings, officials said. (AP Photo/ Niranjan Shrestha)
Volunteers help remove debris of a building that collapsed at Durbar Square, after an earthquake in Kathmandu, Nepal, Saturday, April 25, 2015. A strong magnitude-7.9 earthquake shook Nepal’s capital and the densely populated Kathmandu Valley before noon Saturday, causing extensive damage with toppled walls and collapsed buildings, officials said. (AP Photo/ Niranjan Shrestha)

දියුණු රටක් වන ජපානයේ කලක සිට අනුගමනය කරන සමහර ආරක්ෂණ පියවර, ආසියාවේ ඉතා දුප්පත් රටක් වන නේපාලයට ගැළපෙන පරිදි හැඩගසා ගන්නටද සමාජ ක‍්‍රියාකාරිකයෝ පියවර ගත්තා. උදාහරණයකට ගෙල වටා මාලයක් මෙන් නිරතුරුව විසල් එකක් පැළඳීම. (විසල් එක පැළඳ සිටියහොත් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර තමා කොටු වූ විට බේරා ගන්නට එන අයට යම් ඉඟියක් දිය හැකියි.) නේපාල භූමිකම්පා තාක්ෂණ සංගමය (Nepal Society for Earthquake Technology) නම් රාජ්‍ය නොවන සංවිධානය 1990 ගණන්වල සිට මෙබඳු උපදෙස් එරට ජනයාට දෙනවා.

නේපාල වැසියන්ට සිදු වුණේ තමාගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නට සිදු වීමයි. එහෙත් අකාර්යක්ෂම, නිසි සම්බන්ධීකරණයකින් තොර වූ එරට රාජ්‍ය අංශයට මේ මහා ආපදාවට හරිහැටි ප‍්‍රතිචාර දැක්විය නොහැකි වුණා.

දේශපාලකයන් තුෂ්නිම්භූත වී ගිය බවත්, නිලධාරීන් කරකියා ගන්නට කිසිවක් නැතිව අසරණ වූ බවත් මගේ නේපාල මිතුරන් සමාජ මාධ්‍යවල වාර්තා කළා. මේ ජාතික හිදැස පිරවීමට ස්වේච්ඡුාවෙන් හා කැපවීමෙන් පෙරට ආවේ එරට වෘත්තිකයන් (විශේෂයෙන් වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන්) හා ප‍්‍රබල ලෙස පවතින රාජ්‍ය නොවන සංවිධානයි.

දේශපාලන අස්ථාවර බව නිසා නේපාලයේ පළාත් පාලන ආයතන සඳහා වසර 12කට වැඩි කලක් මැතිවරණ පවත්වා නැහැ. මේ නිසා ප‍්‍රාදේශීය මට්ටමින් ක‍්‍රියාත්මක විය හැකිව තිබූ යාන්ත‍්‍රණයද අකර්මණ්‍ය වෙලා.

නේපාලයේ යහපාලනය හා ජනතා පෙළගැස්ම ගැන සක‍්‍රියව මැදිහත් වී සිටින මා මිත‍්‍ර පත‍්‍ර කතුවර කනක් මානි ඩික්සිත් මේ තත්ත්වය මෙසේ විග‍්‍රහ කරනවා.

‘‘විටින් විට හට ගන්නා සොබාවික ආපදාවලට අමතරව නේපාලයට සදාකාලිකව උරුම වී තිබෙන මිනිසා අතින් බිහි වූ ආපදාවක් තිබෙනවා. ඒ තමයි අපේ ආත්මාර්ථකාමී හා අදක්ෂ දේශපාලකයෝ. භූමිකම්පා උවදුර ගැන විද්වතුන් හා සිවිල් සංවිධාන කෙතරම් කීවත් එය නොතකා ඔවුන්ගේම දුෂණ, වංචා හා අඩදබර කරමින් සිටි දේශපාලකයන් පාලක පක්ෂ විපක්ෂ දෙකේම බහුතරයයි. රටම අසරණ වූ මේ අවස්ථවේවත් දේශපාලකයන් නායකත්වය දෙන්නට පෙරට එන්නේ නැහැ.

‘‘ජනතාවට දැන් මේ රොත්තම එපා වෙලා. විදෙස් රටවල ද උදව් ඇතිව හැකි පමණින් අපටම තමයි මේ ආපදාවෙන් පසු යළි හිස ඔසවන්නට සිදුව ඇත්තේ. දේශපාලකයන්ට හා නිලධාරීන්ට අප කියන්නේ මෙයයි; අඩුතරමින් අප අපටම සහන සලසා ගන්නා විට එයට බාධා නොකර පසෙකට වී සිටින්න. හැකි නම් පමණක් නිසි නායකත්වය පමා වී හෝ ලබා දෙන්න!’’

Outlook magazine, 1 May 2015: Alarms For The Sirsastas: It will be good if Nepal’s lazy, grasping politicians wake up by Kanak Mani Dixit

Earthquakes don't kill; poorly constructed buildings do
Earthquakes don’t kill; poorly constructed buildings do

නේපාලය මුහුණ දෙන තවත් ලොකු අභියෝගයක් කනක් පෙන්වා දෙනවා. එනම් රටේ ජනගහනයෙන් 10%කටත් වැඩි පිරිසක් (මිලියන් 2.2ක් පමණ) මැදපෙරදිග, ඉන්දියාවේ හෝ මැලේසියාවේ ශ‍්‍රමිකයන් ලෙස සේවය කිරීමයි. එරටින් පිටරට යන බහුතරය පිරිමි නිසා බොහෝ ප‍්‍රදේශවල තරුණ වියේ පිරිමින් ඉතා අඩුයි. සුන්බුන් ඉවත් කිරීම වැනි දෙයට අසල්වැසි රටවලින් පැමිණි හමුදා හා අනෙක් ස්වේච්ඡුා සිවිල් ක‍්‍රියාකාරිකයන්ගේ උදව් ඕනෑ වී තිබෙනවා.

බොහෝ දුක් කරදර මැද එදිනෙදා ජීවිතය ගෙවන සාමාන්‍ය නේපාල වැසියන් මේ ආපදාව නිසා වඩාත් පීඩිතව සිටියත්, ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව ඉතා ඉහළයි. මේ නිසා (දින කිහිපයක් ශෝක වීමෙන් පසු) යළි ඉදි කිරීම හා ජීවනෝපායන් යළි ගොඩනගා ගැනීම ගැන දැන් ඔවුන් ක‍්‍රියාත්මක වනවා. විදේශවලින් උදව්වට ආ අය මේ ප‍්‍රත්‍යස්ථතාව (resilience) ගැන මවිත වෙනවා.

නේපාලයේ මේ දිරිය මිනිසුන් හා ගැහැනුන් ඛේදවාචකයකින් පසු යළි නැගී සිටීමට වෙර දරන විට අපේ රටේ සමහරුන් කරන්නේ කුමක්ද? මේ අහිංසකයන්ගේ විපත ගැන අනුකම්පා වනු හෝ හැකි පමණින් උපකාර කරනු වෙනුවට අවිද්යාත්මක තර්ක මතු කරමින් කාලකණ්ණි වින්දනයක් ලැබීමයි.

ඇතැම් දෙනා මේ විපතින් තම පටු තර්ක සනාථ කරන්නට තැත් කරනු අප පසුගිය දිනවල දුටුවා. හින්දු ආගමික සම්ප්‍රදායකට සතුන් රැසක් බිලි දුන් පූජා කළ නිසා මහා භූමිකම්පාව කර්ම විපාකයක්ලු! මේ තර්කය මොහොතකට පිලිගතහොත්, අපේ ජනයා 40,000ක් පැය කිහිපයක් තුළ මරණයට පත් කළ 2004 සුනාමිය කිනම් මහා “පාපයක” විපාකයද?

සමහර පරිසරවේදීන් කියන්නේ මිහිතලය නේපාලයට දඩුවම් කළාලු. මෙහි සම්පූර්ණ අවිද්‍යාත්මක තර්කය එක සැනන් බැහැර කළ හැකියි.

පෘථිවිය සක‍්‍රිය ග‍්‍රහලෝකයක් ලෙස එහි අභ්‍යන්තරයේ භූවිද්‍යාත්මක ක‍්‍රියාදාමයන් නිරතුරුව සිදු වනවා. මානවයන් මිහිපිට බිහි වන්නට බොහෝ කලකට පෙරත් භූමිකම්පා සිදු වුණා. අනාගතයේ යම් දිනෙක මානවයන් මිහිපිටින් තුරන් වී ගිය පසුද මේ සක‍්‍රියත්වය පවතිනු ඇති. ඒ නිසා මේ ආකාරයේ ආපදා කිසිසේත්ම මානව ක‍්‍රියාදාමය සමග පටලවා නොගත යුතුයි. භූමිකම්පා හා ගිනි කඳු විදාරණය යනු මිහිතලය අපට දඬුවම්දීමක් නොවෙයි.

2013 ජූනි 2දා මා ලියූ පරිදි: “අප කෙතරම් ආදරයෙන්, භක්තියෙන් හා ගෞරවයෙන් මිහිතලයට සැළකුවත් එහි භෞතික රියාකාරිත්වය නිසා විටින් විට අපට ස්වාභාවික ආපදා හා වෙනත් උවදුරුවලට මුහුණ දීමට සිදු වනවා. අප මිහිතලය රැක ගත හොත් එය අපව රැක ගනීවි යන්න විද්යාත්මකව නිවැරදි දැක්මක් නොවෙයි.

2 June 2013: සිවුමංසල කොලූගැටයා #120: මිහිතල මෑණියෝ ද? මිහිතල අම්මණ්ඩි ද?

මේ සියල්ල පසෙක තබමුග අසල් වැසියකුට දුකක් කරදරයක් වූ විටෙක එය තම පිලේ ර්‍ණවැඩි උතුම් බව” පෙන්වන තර්කයක් බවට පෙරළා ගැනීම කෙතරම් පහත් ක්‍රියාවක්ද?

මේ ගැන හොඳ විචාරයක් බ්ලොග් ලේඛක යුධන්ජය විජේරත්න ඉංග‍්‍රීසියෙන් ලියා තිබෙනවා. ඔහුගේ පණිවුඩය සැකෙවින් මෙයයි:

‘‘නේපාලයේ මිය ගිය දහස් ගණනක් ජනයා ගැන අනුකම්පා උපදවා ගන්නට බැරි නම් නිහඬව සිටින්න. මහා ඛේදවාචකයක් වැරදි ලෙස විග‍්‍රහ කොට එය කර්ම විපාකයක්යැ’යි උද්දාමයට පත් නොවන්න. භූමිකම්පා ඇති වන්නේ කර්ම විපාකයට නොව භූ විද්‍යාත්මක තැටිවල චලනයෙන්. මීහරකුන්ගේ මරණයන් හා මේ ස්වාභාවික ප‍්‍රවාහයන් අතර හේතු-ඵල සම්බන්ධයක් ඔබ යන්තමින් හෝ පිළිගන්නවා නම් අපෙ විද්‍යා අධ්‍යාපනය මුළුමනින්ම අසාර්ථක වී ඇති බව පැහැදිලියි.’’

See: Nepal’s Earthquake: Nature, not Karma

Illustration by Outlook magazine India
Illustration by Outlook magazine India

Echelon April 2015 column: Managing Demographic Transition: The ‘Silver Dividend’

Text of my column written for Echelon monthly business magazine, Sri Lanka, April 2015 issue. Published online at: http://www.echelon.lk/home/managing-the-demographic-transition-the-silver-dividend/

Managing Demographic Transition: The ‘Silver Dividend’

 By Nalaka Gunawardene

Infographic by Echelon based on HelpAge International analysis
Infographic by Echelon based on HelpAge International analysis

Back in December 1993, Wired magazine asked readers to nominate seven modern wonders of the world – extraordinary structures or phenomena that characterise our age. Its editors made the final choices based on hundreds of ideas received.

Predictably enough, the list was dominated by high tech developments like the Human Genome Project, the Internet and micro-manufacturing. With remarkable foresight, they also included senior citizens.

That’s right! The editors said: “Among the greatest feats of bio-social engineering ever executed and yet one that remains strangely overlooked is our abundance of senior citizens.”

There is no historical precedent for this, in any place or any time. Prior to the Second World War, Wired noted, an old person was ‘an oddity’ in Western cultures, with only an insignificant proportion of the population reaching that age. But by end 20th century, old people and their needs “will dominate political and social debate.”

“The dream of an immortal society is the dominant engine powering the bulk of most 20th century research in countless areas including medicine, pharmaceuticals, surgery, and life extension techniques as well as developments in politics and finance — entitlements, pension funds and mutual funds,” added Wired.

Now, into the second decade of the new century, societies worldwide are facing the challenge of ageing populations. To manage this demographic transition well, they need the right attitudes and policies.

Gradual shift

Population ageing happens when older people (typically over 60) account for an increasingly large proportion of the total population. It is the result of declining fertility rates, lower infant mortality and increasing survival at older ages – all triumphs of development.

Infographic by HelpAge International
Infographic by HelpAge International

This happened slowly but steadily during the last few decades. Worldwide, older people’s share of population has risen sharply. In 1950, when the world’s population was 2.5 billion, there were 205 million persons over 60. In 2014, there were 868 million such persons – nearly 12% of the total.

Meanwhile, the number of new-borns has been falling. In 2000, for the first time in history, there were more people over 60 globally than children below 5. And within the next decade, the number of older persons will surpass 1 billion.

Proportions matter more than absolute numbers. It is the age structure of a country’s population that directly affects economic productivity and human development.

In South Asia (SAARC region), Sri Lanka has the highest proportion of older people, which was 13% in 2014. This is projected to rise to 20% by 2031, and a quarter by 2041. Parallel to this, the proportion of working age population – which reached its peak in 2006 (65.1%) – will keep falling. This is similar to what is happened in many East Asian countries.

“As Sri Lanka experiences a demographic transition, the country will face several economic and social challenges, especially in handling the social protection and health care needs of a rising elderly population,” cautioned the Institute of Policy Studies (IPS) in its ‘Sri Lanka State of the Economy 2014’ report. “In addition, Sri Lanka will also have to address the implications of a shrinking workforce on the growth of the country.”

How can we prepare for this shift, to avoid being overwhelmed economically and socially?

Philip O’Keefe, the World Bank’s lead economist on social protection and labour, says the risks associated with ageing are real — but can be mitigated with the right policy responses.

“We always look at the costs (of ageing), but the economic and business opportunities are enormous,” he told HelpAge International’s Asia regional conference in Thailand in September 2014.

Sri Lanka Population Pyramid 2014 - from http://www.indexmundi.com/sri_lanka/age_structure.html
Sri Lanka Population Pyramid 2014 – from http://www.indexmundi.com/sri_lanka/age_structure.html

Retirement Age

For example, as people enjoy longer and healthier lives, retirement age and habits need rethinking.

O’Keefe says that many Asian countries’ retirement age has not kept up with rising life expectancy. But rather than embarking on the often contentious revision of retirement age, countries could gradually ‘blur the line’ between working and stopping it – as Japan, Korea and Singapore have done.

In Sri Lanka, mandatory retirement age for public servants is 60 years (with some exceptions). Last year, then health minister (and now President) Maithripala Sirisena proposed that this be raised to 65, with the option of retiring at 60.

The rationale is clear. Lankans have an average life expectancy of over 76 years, with women living a few years longer than men. Also, today’s older people are markedly different compared to those two generations ago. They are healthier and remain more active well into their 70s or 80s. This enhances their value to society: they are a resource to be harnessed.

This is the trend across Asia. To benefit from this, societies must redesign and realign themselves, says Eduardo Klien, regional director of HelpAge International for East Asia and Pacific. Countries need to make far-reaching changes to address population ageing so as to optimise older people’s contributions.

Governments, civil society, private sector, development donors and the research community all have roles to play. The policy window is limited, Klien says. “The time to act is the next few years.”

In formulating policies, it is important to avoid alarmism. The common media portrayal of ageing as a ‘demographic time-bomb’ or ‘silver tsunami’ is not accurate. Nor is this fate inevitable as developed country experience shows.

Global AgeWatch 2014 report - country rankings
Global AgeWatch 2014 report – country rankings

Evidence-based policies

Better data gathering and analysis can help promote a more balanced approach. For example, censuses need to collect statistics that are more disaggregated by age and gender (lumping together everyone over 60 or 65 is no longer good enough).

The Global AgeWatch Index, which ranks countries by how well their ageing populations are faring, takes stock of how countries are faring. Compiled by HelpAge International, it measures performance in four areas: income, health, employment and education, and existence of an ‘enabling environment’ (based on factors like physical safety, civic freedom and access to public transport).

Global AgeWatch Index 2014 assessed 96 countries which covered nine out of ten people over 60 worldwide. Norway topped the list, followed by Sweden and Switzerland. The only Asian country among the top 10 was Japan (No 9). In South Asia, Sri Lanka was placed higher (No 43) than other SAARC countries – but there is much to be done.

According to the data crunched, an average Lankan of 60 years can expect to live for another 20 years, 16.2 of which are likely to be in good health. But many of our older persons experience problems of psychological wellbeing – and a lack of counseling support.

More worrying is income security. Pension income coverage in Sri Lanka is 17% of older persons, despite there being several public and private schemes. Given that more people work in the informal sectors – such as farming, fishing and trading – enhancing coverage will need a multi-pronged approach.

One option is non-contributory social pension schemes, but this needs to be balanced with long-term viability. Sri Lanka already spends around 1.5% of GDP on public sector pensions. Pension reform with innovation thus becomes a policy priority.

Modern wonders do come with a price!

Sri Lanka analysis in Global AgeWatch 2014 Report
Sri Lanka analysis in Global AgeWatch 2014 Report

සිවුමංසල කොලූගැටයා #214: අඩසියවසක් ජාතිය ගොඩනැංවූ දුරදර්ශී නායකයා – ලී ක්වාන් යූ

Lee Kuan Yew (1923-2015)
Lee Kuan Yew (1923-2015)

In this week’s Ravaya column (in Sinhala, published in issue of 5 April 2015), I explore Lee Kuan Yew’s legacy from the perspective of many public education efforts in Singapore during his time as Prime Minister (1959-1990) and afterwards.

Such public awareness and motivation campaigns have been an integral part of Singapore’s national heritage. Over four decades, these campaign movements have not only shaped Singapore’s surroundings but also the thoughts and behaviour of the people.

As Lim Tin Seng of the National Library, Singapore, has written: “Singapore has conducted many campaigns covering a wide range of topics. For instance, there have been campaigns encouraging the population to keep Singapore clean, take family planning measures, be courteous, raise productivity in the workplace and speak Mandarin as well as good English. There have also been others that remind the people not to litter, be a good neighbour, live a healthy lifestyle and even to wash their hands properly. Collectively, the purpose of these campaigns is to instil certain social behaviours and attitudes that are considered by the government to be beneficial to both the individual and the community. They are also used by the state as an instrument for policy implementation.”

See also my own past writing on this topic:

1 May 2009: TV playing nanny: How Asian broadcasters helped fight SARS

30 April 2009: Digital Defenders: How 24/7 media can help fight swine flu worldwide

Lee is seen sweeping the streets during a mass clean-up campaign in Singapore, 1959
Lee is seen sweeping the streets during a mass clean-up campaign in Singapore, 1959

1959 – 1990 වකවානුවේ සිංගප්පූරුවේ ප්‍රථම අගමැතිවරයා වූ සහ එරට නිදහසෙන් පසු දියුණු රටක් බවට පත් කළ ලී ක්වාන් යූගේ අභාවය ලෝක පුවතක් බවට පත් වුණා.

ඔහු ආන්දෝලනාත්මක චරිතයක්. එහෙත් ඔහු සිය රටට දුන් දුරදක්නා හා කල් පවත්නා නායකත්වය ගැන නම් කවුරුත් පිළි ගන්නවා.

අපේ රටේ ලී (චීන සම්ප්‍රදායට වාසගම ලියන්නේ මුලින්) ගැන පළ වූ බොහෝ විග්‍රහයන් එක්කෝ ඔහු ශ්‍රී ලංකාව මුලදී අගය කළ සැටි හෝ ඔහුගේ දරදඩු පාලන පිළිවෙත්වලට සීමා වූ බවක් පෙණුනා.

ඇත්තටම ලී මාන රැසකින් යුත් අසාමාන්‍ය චරිතයක්. ඔහු අපේ කොළඹ දිස්ත්‍රික්කය පමණ බිම් ප්‍රමාණයකින් යුතු, පසුගාමීව තිබූ දූපතක් භාර ගෙන පරම්පරාවකට අඩු කාලයක් තුළ ඉසුරුබර හා ඒකාග්‍ර ජාතියක් බවට පත් කළේ කෙසේද යන්න සමීපව විමසා බැලිය යුතුයි.

සිංගප්පූරුව මලයා සමූහාණ්ඩුවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වූයේ 1965දී. වර්ග කිලෝමීටර 718.3ක බිම් ප‍්‍රමාණයක් ඇති, සොබා සම්පත් කිසිවක් නැති නගර රාජ්‍යයක අනාගත දියුණුව මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ සේවා හා දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම මත බව ලී ඇතුලූ ඔහුගේ දක්ෂ කැබිනට් ඇමතිවරුන් මුල පටන්ම වටහා ගත්තා. එවකට මිලියනයක් පමණ වූ එරට ජනගහනයේ අධ්‍යාපන මට්ටම්, විනය හා හැදියාව හැකි තරම් දියුණු කරන්නට එරට රජය නොමසුරුව මුදල් යෙදවූවා.

ඉදිරියේදී සිංගප්පූරුව දියුණු රටක් කරන්නට දේශීය හැකියාව ප‍්‍රමාණවත් නොවන බවත්, උගත් හා දක්ෂ විදේශික වෘත්තිකයන් ආකර්ශනය කර ගත යුතු බවත් රජය දැන සිටියා. එරටට ආවේණික වූ චීන, මැලේ හා ඉන්දියානු ජන සංස්කෘතින් රැක ගනිමින් නූතනත්වය වැළඳගත් සිංගප්පූරුව, පිළිවෙළකට වැඩ කිරීම ජාතික ප‍්‍රතිපත්තියක් බවට පත් කළා.

මේ ගැන විවේචන තිබෙනවා. එහෙත් වැරදි පුරුදු හා විනය රහිත බව “සංස්කෘතික උරුමයක්” කියා තව දුරටත් පවත්වා ගෙන යන්නට ලී ඉඩ දුන්නේම නැහැ.

සිංගප්පූරුව ගැන සමීපව අධ්‍යයනය නොකළ හෝ කිසි දිනෙක එහි නොගිය උදවිය බොහෝ දෙනකු තුළ ඇති මනෝචිත‍්‍රය නම් දැඩි නීතිරීති හා දඬුවම්වලින් ගහන වූ දරදඬු රාජ්‍යයක් බවයි.

එරට පාරිසරික පිවිතුරු බව, පිළිවෙළට වැඩ කිරීම හා මාර්ග ආරක්ෂාව ආදී කරුණු සම්බන්ධයෙන් සාපේක්ෂව තදබල නීති ඇති බව ඇත්තයි. එසේම තරාතිරම නොබලා ඕනෑම කෙනකු වරදක් කළ විට අධිකරණ ක‍්‍රියා මාර්ග හරහා දඬුවම් දීම කැරෙනවා.

Tree Planting Campaign was launched by then Prime Minister, Mr Lee Kuan Yew, in 1963
Tree Planting Campaign was launched by then Prime Minister, Mr Lee Kuan Yew, in 1963

බටහිර විචාරකයන් බොහෝ විට හුවා දක්වන්නේ චුවිංගම් තහනමයි. 1992දී හඳුන්වා දුන් මේ තහනම බැලූ බැල්මට පෞද්ගලික නිදහස අනවශ්‍ය ලෙස සීමා කිරීමක් සේ පෙනෙනවා. එහෙත් එයට හේතුව වූයේ චුවිංගම් රස උරා ගත් පසුව ඉතිරි වන ඇලෙනසුළු හපය ප‍්‍රසිද්ධ ස්ථානවල ඔහේ දමා යාමේ නරක පුරුද්දයි.

චුවිංගම් පෝෂණය හෝ වින්දනය අතින් අත්‍යවශ්‍ය නොවූවක්. පදික වේදිකා, බස් හා දුම්රිය පොළ, බස් රථ හා දුම්රිය ඇතුළත මෙන්ම රඟහල්, පාසල් ආදී තැන්වලත් ඉවත දැමූ චුවිංගම් නගරය පිරිසිදුව තබා ගැනීමට මහත් බාධාවක් වුණා. එසේම ඒවා හරිහැටි ගලවා ඉවත් කිරීම වෙහෙසකර, වියදම් අධික කාරියක්. මහජන මුදල් ලක්ෂ ගණනක් නිතිපතා වියදම් කිරීමෙන් පසු සිංගප්පූරුව මේ තහනම හඳුන්වා දුන්නේ අන්තිම පියවර ලෙසයි.

2004දී චුවිංගම් තහනම මඳක් ලිහිල් කෙරුණා. ඖෂධමය චුවිංගම් දැන් එරට ඔසුසල්වලින් අලෙවි කරනවා. එහෙත් ඒවායේ හපය ප‍්‍රසිද්ධ තැනක ඉවත දැමීම ඉහළ දඩයක් ලැබෙන වරදක්.

චුවිංගම් පමණක් නොවෙයි, වෙනත් ඕනෑම ආකාරයක ඉවතලන දෙයක් නිසි සේ බැහැර නොකළොත් එයට ලොකු දඩයක් ගෙවීමට සිදු වෙනවා. පළමුවරට ප‍්‍රසිද්ධ ස්ථානවල කසල දැමීමේ වරදට දඩය සිංගප්පූරු ඩොලර් 2,000යි (රු. 995,000). දෙවන වතාවට හසු වූ විට ඩොලර් 4,000ක් හා ඉන් පසු යළි යළිත් වරද කරන අයට වරකට ඩොලර් 10,000 බැගින් දඩ නියම කැරෙනවා.

සිංගප්පූරුවේ තවත් තහංචි ගණනාවක් තිබෙනවා. කිසිදු ප‍්‍රසිද්ධ ස්ථානයක හෝ විවෘත අවකාශයක කෙළ ගැසීම, මුත‍්‍රා කිරීම, තාප්ප හෝ බිත්තිවල අකුරු ලිවීම හෝ පෝස්ටර් ගැසීමට ඉඩක් නැහැ. එසේම මහපාරේ පදික වේදිකාවල ගමන් කළ යුතුයි. පාර පැනීමට කහ ඉරි සළකුණු කර ඇති තැන් පමණක් යොදා ගත යුතුයි. මෙසේ නොකරන ඕනෑම අයකුට දඩ ගැසීම කරනවා.

එසේම නීතිරීතිවලින් පමණක් රට හදන්නට බැරි බව හොඳාකාර දත් ලී මහජනයා දැනුවත් කිරීම හා හොඳ පුරුදු වර්ධනය කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ කැම්පේන් ආකාරයේ වැඩසටහන් රැසක් දියත් කළා.

Posters used by Singapore's public-health campaigns in the 1970s and 1980s - Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/
Posters used by Singapore’s public-health campaigns in the 1970s and 1980s – Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

2000දී බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී ලී කියා සිටියේ මෙයයි. ‘‘අපේ පවිත‍්‍ර බව හා සංවර බව ඉබේ ඇති වූවක් නෙවෙයි. එය ආයාසයෙන් ගොඩනංවා ගත් ජාතික පුරුදු සමුදායක්. සමාජයට අහිතකර ක‍්‍රියා තහනම් කොට ඉහළ දඩයක් නියම කිරීමෙන් අප නතර වුණේ නැහැ. මහජනයා දිගින් දිගටම දැනුවත් කළා. උද්යෝගය හා උනන්දුව වර්ධනය කළා. ඒ සඳහා කැම්පේන් කළා. සමහර විදේශිකයෝ අපට සමච්චල් කරනවා – අප ‘ආයා රාජ්‍යයක්’ (nanny state) වැනියි කියා. එහෙත් මේ සියල්ල නිසා අප පරම්පරාවක් තුළ වඩාත් හික්මුණු, වගකීම් සහිත ජනතාවක් බවට පත් වී සිටිනවා.”

මුල් යුගයේ සිංගප්පූරු කැම්පේන් අතර කැපී පෙනුණේ 1968දී ඇරඹි ‘සිංගප්පූරුව පිරිසිදුව තබා ගනිමු’ හා 1971 පටන් ගත් රුක් රෝපණයයි. දැනුවත් කිරීමට අමතරව නාගරික නීතිරීති, ගොඩනැගිලි ඉදිකිරීමේ ප‍්‍රමිතීන්, වෙනත් කළමණාකරණ පිළිවෙත් ද විමර්ශනය කොට ප‍්‍රතිසංවිධානය කළා.

එරට මොන වැඬේට අත ගැසුවත් මුල සිට අගට කළ යුතු සියල්ල හඳුනාගෙන, වැඬේ සාර්ථක වනතුරු අල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් මහජනයා වෙතට යන කැම්පේන් අදියර ඇරඹුණේ අවශ්‍ය පරිපාලනමය හා සැළසුම් සම්බන්ධීකරණය හමාරකළ පසුවයි.

Singapore’s Anti-smoking campaign posters used in the 1970s and 1980s. Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/
Singapore’s Anti-smoking campaign posters used in the 1970s and 1980s. Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

මේ හැම කැම්පේන් එකක්ම ඉහළ වෘත්තීය මට්ටමකින් සැලසුම් කොට බහු මාධ්‍ය හා වෙනත් ක‍්‍රියාකාරකම් යොදා ගනිමින් දියත් කළා. දැන්වීම් කර්මාන්තයේ පළපුරුදු වෘත්තිකයන් හා විවිධ ක්ෂේත‍්‍රවල විශේෂඥයන්ගේ දායකත්වය ලැබුණා. උදාහරණයකට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන සියලූ කැම්පේන් කළේ වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් මුල් කර ගෙනයි.

යහපත් සෞඛ්‍යය යනු ලෙඩ වූ විට බෙහෙත් දීම නොව, හැකි තරම් ලෙඩ රෝග වළක්වා ගැනීමයි. ලීගේ දැක්ම වූයේ සෞඛ්‍ය අධ්‍යාපනයට බොහෝ සම්පත් ලබා දී එය රටේ මාධ්‍ය හරහා සූක්ෂ්ම ලෙසින් කිරීමයි. මේ කැම්පේන් හරහා බෝවන රෝග (AIDS,ඩෙංගු) වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන හෘද රෝග, දියවැඩියාව, මානසික රෝග ආදිය ගැනද වෛද්‍ය විද්‍යාත්මක දැනුම ලබා දුන්නා. කිසිදු රෝග ලක්ෂණයක් නැතත් වාර්ෂිකව සෞඛ්‍ය පරීක්ෂණ (annual health check-ups) කර ගන්න යයි ජනතාව දිරිමත් කෙරුණා.

1970 දශකයේ ක්ෂය රෝගය, කොළරාව ආදී බෝවන රෝග එරට තවමත් හමු වුණා. ඒවා පැතිරීම වැළැක්වීමට නිතර අත් සබන් ගා සේදීමට ද ජනතාව උනන්දු කෙරුණා. දුම්බීමට හා මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව 1980 ගණන්වල පටන් ගත් කැම්පේන් අද දක්වා කර ගෙන යනවා.

Singapore: A City of Campaigns

එයට අමතරව මවුකිරි දීමේ අගය, සමබර ආහාරවේලක ගුණය, මාර්ග නීති පිළිපැදීමේ වටිනාකම, පොදු ප‍්‍රවාහන සේවා භාවිතයේ අගය ආදියද තවත් කැම්පේන්වල තේමා වූවා.

1980 හා 1990 දශක වන විට වඩාත් ඉසුරුබර රටක් බවට පත්ව සිටි සිංගප්පූරුව සම්පත් හා බලශක්ති සකසුරුවම්කම, මිනිසුන් අතර ආචාරශීලී බව, වයස 60ට වැඩිමහලූ අයට සැලකීමේ වැදගත්කම ආදී තේමා යටතේ ප‍්‍රබල කැම්පේන් දියත් කළා. එයට සමාන්තරව ජාතික ඵලදායීතාව දියුණුකිරීමේ වැඩ පිළිවෙලක් හා කැඩුණු ඉංග‍්‍රීසි වෙනුවට හොඳ නිවැරදි ඉංග‍්‍රීසි කතා කිරීම දිරිමත් කිරීමත් ඇරඹුනා.

Singapore National Courtesy Campaign posters: 1979 - 2000 Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/
Singapore National Courtesy Campaign posters: 1979 – 2000
Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

මේ ආදායම් ඉහළ යාමත් සමග ජනයා එකිනෙකාට විනීතව කතාබහ කිරීම අඩු වන බව දුටු සිංගප්පූරු රජය 1979දී දිගු කාලීන දැනුවත් කිරීමක් ඇරඹුවා. ආත්මාර්ථකාමී නොවී අන් අයගේ යහපත හා සුවදුක් ගැන සංවේදී වීමටත්, පොදු ස්ථානවල විනීතව හා ආචාරශීලීව හැසිරීමටත් ජනයා උනන්දු කළා.

මුලින් මේ ව්‍යාපාරය ඇරඹුවේ එරටට මිලියන ගණනින් එන සංචාරකයන්ට ආචාරශීලී හා උදව් සහගත වීමට කියායි. එහෙත් ලීගෙ යෝජනාවකට අනුව එය එරට ජනයා එකිනෙකට සම්බන්ධ වන චර්යා සඳහාත් ව්‍යාප්ත කරනු ලැබුවා. National Courtesy Campaign of Singapore

ජාතික ආචාරශීලීබව ප‍්‍රවර්ධනය කිරීමේදී ‘කරුණාකර’ හා ‘ස්තූතියි’ වැනි මූලික යෙදුම් භාවිතයේ සිට විනෝදාස්වාදය ලැබීම, මහමග යාම හා විනෝද චාරිකා යාම ආදිය අන් අයට කරදරයක් නොවන ලෙස කෙසේ කළ හැකිද යන්න පෙන්වා දෙනු ලැබුවා.

ජනතාවට බණ කියනු වෙනුවට රසවත්, ආකර්ශනීය ලෙස පණිඩුඩ සකසා පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන්, දැන්වීම් පුවරු හා සංස්කෘතික සංදර්ශන ආදිය හරහා ඒවා බෙදාහැරියා. බොහෝ කැම්පේන්වලට කාටුන් චරිත, ඉෂ්ට ලංඡන (Mascot) හා හාස්‍ය රසය කාටුන් යොදා ගත්තා. සමහර විට දක්ෂ පොප්, රැප් හෝ වෙනත් සංගීත කණ්ඩායම් තේමා ගීත නිර්මාණය කළා.

Singa
Singa

උදාහණයකට ආචාරශීලීබව පිළිබඳ කැම්පේන් සුරතලා ලෙස සිංගා නම් සිංහයෙක් නිර්මාණය කළා. වසර 30ක් පුරා සිංගා එරට ජන ජීවිතයේ සුපුරුදු අංගයක් වුණා. 1990 දශකයේ ඉන්ටනෙට් භාවිතය පැතිර ගිය පසු මේ කැම්පේන් වෙබ් අඩවි හා ජංගම දුරකථන හරහා ද සමාජගත වුණා.

ජනයා වැඩිදෙනකු කාර්යාලීය ජීවන රටාවකට හුරු වන විට ව්‍යායාම කිරීමේ අවශ්‍යතාව කියා දෙන්නට තවත් කැම්පේන් එකක් දියත් කළා. දිනකට පැය බාලයක්වත් යම් සක‍්‍රීය ව්‍යායාමයක් ගැනීම කොතරම් වැදගත්ද යන්න ඒ හරහා අවධාරණය කෙරුණා. මේ ව්‍යායාම රිද්මානුකූල හා විනෝදජනක ලෙසින් කිරීමට සංගීතමය වීඩියෝ හා වෙනත් උපදේශක මාධ්‍ය රටපුරා බෙදා හරිනු ලැබුවා.

ලීට ඕනෑ වුණේ තුන්වන ලෝකයේ රටක් සේ නිදහස ලැබූ සිය කුඩා රාජ්‍යය පරම්පරාවක් තුළ පළමුවන ලෝකයේ රටක් බවට පත් කරන්න. එහිදී භෞතික යටිතල පහසුකම් තැනීම හා ඒක පුද්ගල ආදායම වැඩිකිරීමට අමතරව සමාජ ඒකාග‍්‍රතාවය, ජාතික අනන්‍යතාව හා රටවැසියන්ගේ අභිමානය ගැනද ඔහු ලොකු අවධානයක් යොමු කළා. ලෝකයේ කිසිදු රටකට නොදෙවැනි රෝහල්, විද්‍යා පර්යේෂණාගාර හා සරසවි එරට බිහි කිරීමට නොමසුරුව රජයේ මුදල් ආයෝජනය කළා.

සංස්කෘතික වශයෙන් කලා, සාහිත්‍ය හා අනෙකුත් නිර්මාණශීලී ප‍්‍රවාහයන්ට ආධාර කළත් රජය ඒ ක්ෂේත‍්‍රවලට අනවශ්‍ය ලෙස අරක් ගත්තේ නැහැ. (නමුත් මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශන නිදහස ගැන නම් දැඩි සීමා පැන වූවා.) චීන, මැලේ හා ඉන්දියානු සම්භව්‍ය ඇති එරට වැසියන් අතර ජාතිවාදය මතු වන්නට ඉඩ දුන්නේ නැහැ. ආගම පෞද්ගලික ක‍්‍රියාවක් ලෙස කිරීමට නිදහස තබා රාජ්‍ය පාලනයට කිසි ආගමක් සම්බන්ධ කර නොගැනීමට ලී දුරදර්ශීව ක‍්‍රියා කළා.

Disneyland with the Death Penalty, by William Gibson

සමහර විවේචකයන් සිංගප්පූරුව සිය ජනතාවට ඕනෑවට වඩා කළ-නොකළ යුතු දේ කියන, හැම දේටම ඇඟිලි ගසන රාජ්‍යයක් කියා හෙළා දකිනවා. එහෙත් මා හමු වී ඇති බොහෝ උගත් සිංගප්පූරු ජාතිකයන් පවා මේ කැම්පේන්වල ප‍්‍රතිඵල අගය කරනවා.

මෙතරම් කෙටි කලෙකින් දියුණු රටක් බවට පත් වූයේ හුදෙක් කොන්ක‍්‍රීට් හා වානේ පිහිටෙන් නොව දුරදක්නා නුවණින් හා නොසැලෙන අධිෂ්ඨානයෙන් එරට මිනිසුන් දියුණු කිරීමයි.

ලී ක්වාන් යූ ඉතිරි කර ගිය ලොකුම දායාදය එයයි!

Speak Mandarin Campaign posters used by Singapore since 1979  - Images courtesy  Remember Singapore website
Speak Mandarin Campaign posters used by Singapore since 1979 – Images courtesy
Remember Singapore website

 

සිවුමංසල කොලූගැටයා #213: පරමාණු භීතිකාවෙන් තොරව න්‍යෂ්ටික තාක්ෂණය තේරුම් ගනිමු!

atom_colorOn 16 February 2015, India and Sri Lanka signed a bilateral agreement to cooperate in peaceful uses of nuclear technology. Under this, India will help the island nation build its nuclear energy infrastructure, upgrade existing nuclear technologies and train specialised staff. The two countries will also collaborate in producing and using radioactive isotopes.

On the same day, Reuters news agency reported: “India could also sell light small-scale nuclear reactors to Sri Lanka which wants to establish 600 megawatts of nuclear capacity by 2030”. Sri Lanka has no nuclear reactors, even though the option has been under discussion for some years.

The full text of the Indo-Lanka nuclear agreement has not been made public. Sri Lanka’s minister of power and energy clarified that it does not allow India to unload any radioactive wastes in Sri Lanka. He also assured that all joint activities will comply with standards and guidelines set by the IAEA.

In this week’s Ravaya column (in Sinhala, published in issue of 29 March 2015), I look at nuclear power generation and nuclear technologies used in medicine, agriculture, industry and construction, etc. I advocate moving away from shrilly rhetoric and call for an informed discussion and debate on nuclear related issues.

I covered similar ground in English here:

SciDev.Net, 28 Feb 2015: Critical nuclear issues in South Asia

radioactiv

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ඉන්දියානු නිල සංචාරය අතරතුර 2015 පෙබරවාරි 16 වනදා ඉන්දු-ලංකා සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණ සහයෝගීතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මෙය එම සංචාරයේ වැදගත් ප‍්‍රතිඵලයක් ලෙස දෙරටේම මාධ්‍ය හඳුන්වා දුන් අතර ඒ ගැන විවිධ ප‍්‍රතිිචාර හා විග‍්‍රහයන් පළ වුණා.

මේ සහයෝගීතා ගිවිසුම හරහා මෙරට න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීමට ඇති යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත්, විශේෂඥ පුහුණුවක් අපේ අදාළ ශිල්පීන් හා වෘත්තිකයන්ට ලබාදීමටත් ඉන්දියාවේ උපකාර ලැබෙනවා. එසේම විකිරණශීලී සමස්ථානික (radioactive isotopes) නම් වන න්‍යෂ්ටික ද්‍රව්‍ය නිපදවීමටත්, භාවිත කිරීමටත් දෙරට හවුලේ ක‍්‍රියා කරනු ඇති.

සාක් කලාපයේ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත‍්‍රවලින් ඉදිරියෙන්ම සිටින ඉන්දියාව සමග මෙසේ සහයෝගීතාවට එළඹීම අපට ප‍්‍රයෝජනවත් පියවරක්.

මේ ගිවිසුම හරහා ඉන්දියාවේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය කිසිසේත්ම මෙරට බැහැර කිරීමට ඉඩ නොදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළා.

න්‍යෂ්ටික මාතෘකාව ගැන ඕනෑම කතාබහකදී සැකය, බිය හා ත‍්‍රාසය එයට එක් කිරීම සමහරුන්ගේ සිරිතයි. මේ නිසා අනුමාන හෝ කුමන්ත‍්‍රණවාදී කතා වෙනුවට කරුණු හා තර්ක මත පදනම් වී න්‍යෂ්ටික තාක්ෂණ ක්ෂේත‍්‍රය අවබෝධ කර ගැනීම වැදගත්.

පරමාණු බෝම්බ, න්‍යෂ්ටික බලශක්තිය හා බහුවිධ ප‍්‍රයෝජන ලබා දෙන න්‍යෂ්ටික තාක්ෂණය යනු එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍රයන් තුනක්. පරමාණුවේ න්‍යෂ්ටික අන්තර්ගතය පිළිබඳ විද්‍යාත්මක දැනුම මත පදනම් වූවත් මේවායේ භාවිතයන් හා අරමුණු අතර පැහැදිලි වෙනස්කම් තිබෙනවා.

පරමාණු බෝම්බ මිනිසා විසින් නිපදවා ඇති බිහිසුණුම අවියක්. දෙවන ලෝක යුද්ධ සමයේ මුල් වරට තනනු ලදුව 1945 අගෝස්තුවේදී ජපානයේ හිරෝෂිමා හා නාගසාකි දෙනුවරට පරමාණු බෝම්බ දෙකක් හෙළනු ලැබුවා. එයට වඩා අතිශයින් බලවත් පරමාණු බෝම්බ සතු රටවල් ගණනාවක් තිබෙනවා.

2014 estimate of the world's nuclear weapons. Image from: http://walizahid.com/2014/07/pakistan-15th-most-powerful-military-in-the-world/
2014 estimate of the world’s nuclear weapons. Image from: http://walizahid.com/2014/07/pakistan-15th-most-powerful-military-in-the-world/

දකුණු ආසියාවේ ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටද මේ ගණයට ඇතුළත්. න්‍යෂ්ටික අවි ප‍්‍රචලිත වීම සීමා කරන ජාත්‍යන්තර සම්මුතිවලටද බැඳී නොමැති මේ දෙරට අතර දශක ගණනාවක් ඇදී යන භයානක න්‍යෂ්ටික අවි තරගයක් තිබෙනවා.

මේ දෙරටේම න්‍යෂ්ටික අවි ද නිපදවා ඇතත් ඒවා කීයක් තිබේද, පිපිරීම් ධාරිතාව කොපමණ ද යන්න හෙළිදරව් වී නැහැ. සාර්ක් කලාපයේ න්‍යෂ්ටික අවි සන්නද්ධ දෙරටම තම මිලිටරි හා අනෙකුත් න්‍යෂ්ටික භාවිතයන් ගැන එතරම් විවෘතභාවයක් දක්වන්නේද නැහැ.

න්‍යෂ්ටික බලශක්තිය යනු පරමාණුවේ ඇතුළත කැටි වූ ප‍්‍රබල ශක්තිය සීරුවෙන් මුදචා හැර එයින් විදුලිබලය නිපදවීමයි. මෙය වාණිජ මට්ටමින් කිරීම ඇරඹුණේ 1950 දශකයේදී.

න්‍යෂ්ටික තාක්ෂණය ශ‍්‍රී ලංකාවට අලූත් දෙයක් නෙවෙයි. මේ විෂයට අදාළ එක්සත් ජාතීන්ගේ විශේෂඥ ආයතනය වන ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය (International Atomic Energy Agency, IAEA) ආරම්භ වූ 1957 වසරේ පටන්ම ශ‍්‍රී ලංකා රජය එහි රාජ්‍ය මටට්මේ සාමාජිකයකු වූවා. එම ආයතනයෙන් මෙරටට ආ විශේෂඥයන්ගේ උපදෙස් මත 1962දී කොළඹ සරසවියේ විකිරණශීලී සමස්ථානික කේන්ද්‍රයක් පිහිටවනු ලැබුවා.

න්‍යෂ්ටික තාක්ෂණය ජන ජීවිතයට හා ජාතික සංවර්ධනයට යොදා ගැනීම සඳහාම කැපවුණු ශ‍්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරිය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කළේ 1969දී. එහි මුල්ම සභාපතිවරයා වූයේ කොළඹ සරසවියේ ද උපකුලපති වූ කීර්තිමත් විද්‍යාඥ මහාචාර්ය පී. පී. ජී. එල්. සිරිවර්ධනයි.

පරමාණු බලශක්ති අධිකාරිය (2014 පටන් පරමාණුක බලශක්ති මණ්ඩලය) ක‍්‍රමානුකූලව මෙරට න්‍යෂ්ටික තාක්ෂණ භාවිතයන් ප‍්‍රවර්ධනය කළා. වඩාත් ප‍්‍රකට භාවිතයන් ඇත්තේ වෛද්‍ය විද්‍යාවේයි. එක්ස්-රේ (එක්ස් කිරණ) හරහා ශරීරය තුළ අවයව පිළිබඳ අධ්‍යයනය රෝග නිශ්චයේදී බහුලව කරන්නක්.

මෙයින් ඔබ්බට යන වඩාත් සංකීර්ණ පරිලෝකනය කිරීම් (ස්කෑනිං) සඳහා යොදා ගන්නා යන්ත‍්‍රවලද විකිරණශීලී සමස්ථානික භාවිත කෙරෙනවා. මේවා ආරක්ෂිතව භාවිතය ගැන මෙරට රෙගුලාසි පැනවූයේ 1975දී.

කොළඹ ජාතික රෝහලේ න්‍යෂ්ටික වෛද්‍ය කටයුතු 1983දී ඇරඹුණා. අද වන විට රාජ්‍ය හා පෞද්ගලික රෝහල් ගණනාවක න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා තාක්ෂණය පුළුල්ව යොදා ගැනෙනවා.

Radiation-Therapy WideShot(Cropped) එතරම් ප‍්‍රකට නොවුවත් තවත් ක්ෂේත‍්‍ර ගණනාවක න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනෙනවා. ගොඩනැගිලි හා මහ පරිමාණ ඉදි කිරීම් කර්මාන්ත, කෘෂිකර්ම පර්යේෂණ (විශේෂයෙන් සත්ත්ව පාලනයට අදාළව) ආදී ක්ෂේත‍්‍රයන්හි සියුම් විමර්ශන හා වෙනත් අවශ්‍යතා සඳහා විශේෂඥ මට්ටමේ න්‍යෂ්ටික භාවිතයන් රැසක් තිබෙනවා.

ඉන්දු-ශ‍්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම අත්සත් කළ රජයන් දෙකම එය ප‍්‍රසිද්ධියට පත් කොට නැහැ. එහෙත් එහි අන්තර්ගතය ගැන සාරාංශයක් න්‍යෂ්ටික බලශක්ති මණ්ඩලය වෙබ් අඩවියේ පළ වී තිබෙනවා. http://goo.gl/uYUN8o

පරමාණුක බලශක්ති නියාමන කවුන්සිලය (Sri Lanka Atomic Energy Regulatory Council) මෑතදී පිහිට වූ රාජ්‍ය ආයතනයක්. එහි අධ්‍යක්ෂ අනිල් රංජිත් ‘සන්ඬේ ටයිම්ස්’ පත‍්‍රයට කීවේ ඉන්දු-ශ‍්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම න්‍යෂ්ටික බලාගාර ගැන කොතැනකවත් ආවරණය නොකරන බවයි. ‘මේ ගිවිසුම හරහා සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණය දියුණු කිරීමට අප ඉන්දියානු උපකාර ලබනවා. වෛද්‍ය හා කාර්මික ක්ෂේත‍්‍ර මෙයින් ප‍්‍රයෝජන ලබනු ඇති’ ඔහු කියනවා.

ගිවිසුම අධ්‍යයනය කළ අය කියන්නේ න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ දැනට ඇති බලපවත්නා ජාත්‍යන්තර සම්මුති දෙරටම අත්සන් කර ඇති බව ගිවිසුමේ පූර්විකාවේම සිහිපත් කරන බවයි.

එහෙත් මේ ගිවිසුම කිසි තැනක ඉන්දියානු න්‍යෂ්ටික බලාගාරයක අනතුරක් සිදු වුවහොත් එයින් එරරට මතු වන වගකීම හා එයට වන්දි ගෙවීම ආවරණය කර නැහැ.

මෙය අතපසුවීමක් නොව හිතාමතාම මඟ හැරීමක් බව සිතිය හැකියි. මේ ගිවිසුම මාස ගණනාවක් තිස්සේ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡා කොට එකඟ වූවක්.

Nuclear Power Plants in India - official map 2014
Nuclear Power Plants in India – official map 2014

ඉන්දියාව තම විදුලිබල ජනනය සඳහා න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම ඇරඹුවේ 1960 දශකයේයි. බටහිර රටවල් න්‍යෂ්ටික බලාගාර සඳහා මුල් යුගයේ ඉන්දියාවට තාක්ෂණික ආධාර දුන්නේ මිලිටරි අවශ්‍යතා සඳහා න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට යොමු නොවනු ඇතැයි යන අවබෝධය ඇතිවයි. එහෙත් 1974දී ඉන්දියාව ‘සාමකාමී න්‍යෂ්ටික බෝම්බයක්’ අත්හදා බැලූ අතර බොහෝ කොට රහසිගත වූ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළක් කලක සිට එරට ක‍්‍රියාත්මක වනවා.

එරට අති විශාල විදුලිබල ඉල්ලූම සපයා ගැනීමට වැඩි වැඩියෙන් විදුලි බලාගාර තැනීමේ අභියෝගයක් තිබෙනවා. ජල විදුලිය, ගල් අඟුරු හා ඞීසල් බලාගාර මෙන්ම න්‍යෂ්ටික බලාගාර ද තැනීම එරට බලශක්ති සැලසුමේ කොටසක්. (එසේම 2022 වනවිට සූර්ය බලයෙන් මෙගාවොට් 100,000ක් විදුලිය ජනනය කිරීමට එරට සැලසුම් කරනවා.)

2014 අග වනවිට න්‍යෂ්ටික විදුලි බලාගාර සංකීර්ණ 7ක් ඉන්දියාවේ විවිධ ප‍්‍රාන්තවල ක‍්‍රියාත්මක වුණා. ඒවායේ න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක 21ක් මගින් මෙගාවොට් 5,780ක ජනන ධාරිතාවක් එරට විදුලිබල පද්ධතියට එක් කළා. එය එරට සමස්ත විදුලි ජනනයෙන් 3.5%ක් පමණ වූවා.

2020 වසර වනවිට න්‍යෂ්ටික බලාගාර ධාරිතාවය මෙගාවොට් 20,000 දක්වා වැඩි කිරීමට ඉන්දියාව සැලසුම් කරනවා. මේ සඳහා තවත් බලාගාර 4ක් ගොඩනගමින් තිබෙන අතර කිහිපයක් සැලසුම් අදියරේ පවතිනවා.

2011 මාර්තුවේ ජපානයේ ෆුකුෂිමා නුවර ඇති වූ න්‍යෂ්ටික බලාගාර අනතුරට පසු ඉන්දියාව පුරා න්‍යෂ්ටික බලයට එරෙහිව මහජන විරෝධතා උත්සන්න වුණා. විශේෂයෙන්ම මහාරාශ්ට‍්‍රයේ හා තමිල්නාඩුවේ ජන විරෝධතා ප‍්‍රබලයි.

Image courtesy - www.dnaindia.com
Image courtesy – http://www.dnaindia.com

රුසියානු තාක්ෂණය යොදා ගෙන තමිල්නාඩුවේ පිහිටුවා ඇති කූන්ඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය මෙසේ විරෝධතා මැද දිගටම කරගෙන යන ව්‍යාපෘතියක්. එහි මුල් අදියර 2013දී විදුලි ජනනය ඇරඹුවා.

ඉන්දියානු න්‍යෂ්ටික නියාමන අධිකාරිය කියන්නේ අනතුරු වළක්වා ගැනීමට ගත හැකි සියලූ ආරක්ෂිත පියවර ගෙන ඇති බවයි. එහෙත් ජනාකීර්ණ පෙදෙසක පිහිටි කූන්ඩන්කුලම් බලාගාරය නොසිතූ පරිද්දෙන් අනතුරකට පත් වුවහොත් කඩිමුඩියේ ජනයා ඉවත් කිරීමට කොහෙත්ම හැකියාවක් නැති බව න්‍යෂ්ටික විරෝධී ජන සංවිධාන කියනවා.

ඔවුන් සමහරෙක් මේ බලාගාර සංකීර්ණයට එරෙහිව එරට ශ්‍රෙෂ්ඨාධිකරණයේ 2011දී පෙත්සමක් ගොනු කළා. එහෙත් 2013දී ඉන්දියානු ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළේ බලාගාරය පොදු උන්නතියට දායක වන බව හා අනතුරු වීමේ අවදානම සීමිත බවයි.

න්‍යෂ්ටික බලාගාරවලට එරෙහි ජන සංවිධාන තම විරෝධතා තවමත් අත්හැර නැහැ.

ශ‍්‍රී ලංකාවේ අපට වඩාත් සමීප වූ ඉන්දියානු බලාගාර දෙකක් තමිල්නාඩුවේ තිබෙනවා. එනම් ඉහත කී කුන්ඩකුලම් හා කල්පක්කම් නම් බලාගාරයි. මෙයින් කුන්ඩන්කුලම් ස්ථානයට ඍජු රේඛාවක් ඇන්දොත් අපේ රටේ වයඹ මුහුදු තීරයේ සිට කිලෝමීටර් 230ක් පමණ දුරයි. න්‍යෂ්ටික අනතුරකදී පිට විය හැකි ඇසට නොපෙනෙන, නාසයට නොදැනෙන විකිරණශීලීත්වය මෙදෙසට ඇදී ඒවිද යන්න තීරණය වන්නේ සුළං හමන දිශාව අනුවයි.

Construction of the Koodankulam Nuclear Power Plant in Tamil Nadu, India
Construction of the Koodankulam Nuclear Power Plant in Tamil Nadu, India

එහෙත් මෙබඳු උවදුරක් ගැන අප අනවශ්‍ය ලෙස කළබල විය යුතු නැහැ. වාතය සමග මුසුව එන විකිරණශීලිත්වය වහා හඳුනාගත හැකි ගැමා කිරණ නිරීක්ෂණ උපකරණ මෙරට ස්ථාන 6ක සවිකර ඇති බව පරමාණුක බලශක්ති මණ්ඩලය කියනවා.

‘විකිරණශීලතාවයේ’ වැඩිවීමක් සිදු වූ විගස එය අපට දැනගත හැකියි’ මණ්ඩලයේ අධ්‍යක්ෂ අනිල් රංජිත් පවසනවා.

ඉන්දු-ශ‍්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම අත්සන් තැබූ සතියේ නවදිල්ලියෙන් වාර්තා කළ රොයිටර් ජාත්‍යන්තර පුවත් සේවය කීවේ 2030 පමණ වනවිට මෙගාවොට් 600ක පමණ ධාරිතාව ඇති කුඩා න්‍යෂ්ටික විදුලි බලාගාරයක් පිහිටුවීමටද ඉන්දියානු තාක්ෂණික ආධාර මෙරටට ලැබිය හැකි බවයි. නිල ගිවිසුම මෙබන්දක් ගැන කතා නොකළත් මෙය න්‍යෂ්ටික ක්ෂේත‍්‍රයේ විද්වත් මතයක් ලෙස ඉදිරිපත් කෙරුණා. මෙය මෙරට බලධාරීන් විසින් තහවුරු කොට නැහැ.

ඉන්දියාව සමග ගිවිසුමට පෙර ශ‍්‍රී ලංකාව රුසියාව සමගද න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළා. ඉදිරි සති කිහිපයේදී පාකිස්ථානය සමගද එබඳු ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි.

ඉන්දියාව ළඟට සාක් කාලාපයේ න්‍යෂ්ටික තාක්ෂණයෙන් පෙරමුණ ගන්නේ පාකිස්ථානයයි. එරටද න්‍යෂ්ටික බලාගාර කිහිපයක් ඇති අතර චීන ආධාර ඇතිව කරච්චි නුවර තවත් බලාගාර ඉදි කෙරෙමින් තිබෙනවා.

ශ‍්‍රී ලංකාව විදුලි බලශක්ති ජනනය සඳහා අනාගතයේ යම් දිනෙක න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමට සැලසුම් කළහොත් එය පුළුල් මහජන සංවාදයකට ලක් විය යුතුයි. විවෘත රාජ්‍ය ප‍්‍රතිපත්ති හා තීරණ ගැනීමේ ක‍්‍රියාදාමයක් පෙරටු කොට ගත් යහපාලන රජයෙන් එය පුරවැසියන් උදක්ම අපේක්ෂා කරනවා.

සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණය මානව සුභ සිද්ධියට යොදා ගැනීම කිසිසේත්ම කලබල විය යුතු හෝ හෙළා දැකිය යුතු දෙයක් නෙවෙයි. එහෙත් ‘පරමාණුක‘ හෝ ‘න්‍යෂ්ටික’ කී පමණින්ම භයානක මනෝ චිත‍්‍රයක් මවා ගැනීම සමහරුන්ගේ ගතියක්. මේ තාක්ෂණයන් ප‍්‍රවර්ධනය කරන අපේ රාජ්‍ය ආයතන මීට වඩා සංවේදීව හා කාර්යක්ෂම ලෙසින් සන්නිවේදනය කළ යුතු යයි මා සිතනවා.

ඉතා අඩු මාත‍්‍රාවකින් හෝ මට්ටමකින් යුතු විකිරණශීලීත්වය ආරක්ෂිත උපක‍්‍රම ගණනාවක් සමග වෛද්‍ය, කාර්මික හෝ ජීව විද්‍යාත්මක භාවිතයන්ට යොදා ගැනීම ආර්ථිකයට හා ජන ජීවිතයට ප‍්‍රයෝජනවත් වන සැටි මීට වඩා ලක් සමාජයට පෙන්වා දිය යුතුයි. එසේ කිරීමේදී තාක්ෂණිකව නිවැරදි එහෙත් බොහෝ දෙනාට නුපුරුදු ‘විකිරණශීලී’ යෙදුම්වලට වඩා ‘සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණය’ හෝ ‘හිතකර න්‍යෂ්ටික තාක්ෂණය’ වැන්නක් වඩා සුදුසුයි.

Media Sector Reforms in Sri Lanka: Some ‘Big Picture’ Level Thoughts

නොගැලපෙන  රෝද - четыре колеса сказка
නොගැලපෙන රෝද – четыре колеса сказка

I’m a story teller at heart. I sometimes moonlight as a media researcher or commentator but have no pretensions of being academic. I always try to make my points as interesting as possible — using analogies, metaphors, examples, etc.

This is the approach I used when asked to talk to the working group on Sri Lanka Media Reforms, convened by the Media Ministry, Sri Lanka Press Institute, International Media Support (IMS) and the University of Colombo.

I used a well-loved Russian children’s story that was known in Sinhala translation as නොගැලපෙන රෝද — the story of one vehicle with different sized wheels, and how animal friends tried to make it move and when it proved impossible, how they put each wheel to a unique use…

A framework for media reform in Sri Lanka...by Nalaka Gunawardene
A framework for media reform in Sri Lanka…by Nalaka Gunawardene
A framework for media reform in Sri Lanka...by Nalaka Gunawardene
A framework for media reform in Sri Lanka…by Nalaka Gunawardene

Well, in the case of media reforms, we can’t go off in different directions. We must make the vehicle work, somehow.

Full presentation here: http://www.slideshare.net/NalakaG/media-reforms-in-lanka-big-picture-ideas-by-nalaka-gunawardene

සිවුමංසල කොලූගැටයා #210: නිදන්ගත වකුගඩු රෝගයේ ඇත්ත නැත්ත හඳුනා ගනිමු!

In this week’s Ravaya column (in Sinhala, appearing in issue dated 8 March 2015), I revisit a public health emergency that I also commented on in August/Sept 2012: Chronic Kidney Disease of unknown/uncertain etiology (abbreviated as CKDu).

CKDu was first reported in the early 1990s from a single Province in Sri Lanka’s heartland of rice farming, but it has now spread across approximately 17,000 sq km (a quarter of the island). An estimated 20,000 to 22,000 persons have died since the disease was identified. Several thousand more are living with the disease, on medication and (in advanced stages) receiving regular kidney dialysis.

Investigating causes of this ailment — still not pinned down to a specific cause or factor — has been difficult. While scientists follow rigorous scientific methods, ultra-nationalists and politicians trying to hijack the issue for their own agenda setting. Some journalists have added fuel to the fire with sensationalist reporting and fear-mongering.

In this update, I share findings of the National CKDu Research Project carried out by the Ministry of Health of the Lankan government with technical assistance from World Health Organisation, WHO. It was academically published in Aug 2013.

See also my other writing on the subject (some early ones are updated in this latest Ravaya column):

2 Sep 2012: සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

3 Nov 2012:

18 August 2012: When Worlds Collide #29: Science and Politics of Kidney Disease in Sri Lanka

28 Dec 2013: Don’t exaggerate Lanka’s kidney disease, its discoverer pleads

23 January 2014: SciDev.Net: Going upstream for lasting kidney disease remedies

25 January 2015: Mysterious Kidney Disease in Sri Lanka: Nalaka Gunawardene answers BBC’s questions

15 Feb 2015: Public perceptions of pesticides & how they influence policy: Case of CKDu in Sri Lanka

Image courtesy Down to Earth magazine, India
Image courtesy Down to Earth magazine, India

නිදන්ගත වකුගඩු රෝගය මෙරට ප‍්‍රධානතම මහජන සෞඛ්‍ය ගැටලූවක් හා ප‍්‍රතිපත්තිමය අභියෝගයක් බවට පත් වී තිබෙනවා. මෙයට වඩාත් විධිමත් ප‍්‍රතිචාර දැක්වීමේ හදිසි අවශ්‍යතාව නව ජනාධිපතිවරයාත්, සෞඛ්‍ය අමාත්‍යවරයාත් මෑතදී අවධාරණය කළා.

මේ ගැන කථා කරන හැම විටම අප සිහි තබා ගත යුතු වැදගත් මූලික කරුණක් තිබෙනවා. අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට ප‍්‍රබල ප‍්‍රශ්නයක් වී ඇත්තේ නිශ්චිත හේතුකාරකයක් හඳුනා නොගත් වකුගඩු රෝගය බවයි (Chronic Kidney Disease of uncertain aetiology, CKDu).

සාමාන්‍යයෙන් වකුගඩු ආසාදනය වීමට අධික රුධිර පීඩනය, දියවැඩියාව, ජානමය සාධක, (බටහිර ක්‍රමයේ හෝ දේශීය ක්‍රමයේ) සමහර බෙහෙත් අනිසි භාවිතය ආදී හේතුකාරක මුල් වනවා. මේ දන්නා හේතු නිසා වකුගඩු රෝගී වූ අය සැළකිය යුතු පිරිසක් මෙරට සිටිනවා. ඇත්තටම සංඛ්‍යාත්මකව බහුතරය ඔවුන්.

ඒ අතර 1990 දශකය මුල සිට වියළි කලාපයේ ප‍්‍රදේශවලින් වාර්තා වූ අසාමාන්‍ය ආකාරයේ වකුගඩු රෝගයට මේ දන්නා සාධක බලපා නැහැ. එයට තුඩු දෙන්නේ කුමක්දැයි සොයා විද්‍යාත්මක පර්යේෂණ රැසක් සිදු කොට තිබෙනවා.

මේ හේතු නොදන්නා වකුගඩු රෝගය මුල් වරට හඳුනා ගත් වකුගඩු විශේෂඥයා, වෛද්‍ය තිලක් අබේසේකර. මීට මාස කිහිපයකට පෙර කොළඹ පැවති ජාතික විද්‍යා ඇකඩමිය සංවිධානය කළ මේ පිළිබඳ ජාතික සමුළුවකදී ඔහු ප‍්‍රබල ඉල්ලීමක් කළා.

Dr Tilak Abeysekera
Dr Tilak Abeysekera

‘‘දෙආකාරයක වකුගඩු ආසාදන අප රටේ දැන් හමු වනවා. මේ දෙවර්ගය පටලවා නොගෙන වෙන් වශයෙන් හඳුනා ගැනීම ඉතා වැදගත්. උදාහරණයකට මා දන්නා පරිදි අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වකුගඩු රෝගීන් අතරින් හේතුව නොපැහැදිලි වකුගඩු රෝගයෙන් පෙළෙන්නේ 16%ක් පමණ සංඛ්‍යාවක්.’’

වෛද්‍ය අබේසේකර කනගාටුවෙන් කියා සිටියේ පුවත්පත්වලට ලිපි ලියන ඇතැම් දෙනා මේ වෙනස නොදැන හෝ නොසලකා හැර තත්ත්වය සැබෑවට වඩා වැඩිකොට දක්වන බවයි.

‘‘සමහරු මෙය 2004 සුනාමියටත් වඩා බිහිසුණු යැයි කියනවා. මාධ්‍යවල මේ රෝගය ගැන සඳහන් කැරෙන බොහෝ සංඛ්‍යා ලේඛන අතිශයෝක්තීන්. මෙසේ කිරීමෙන් මේ රෝගය හරිහැටි තේරුම් ගැනීමට හා ප‍්‍රතිචාර දැක්වීමට තිබෙන වෛද්‍ය හා සෞඛ්‍ය බලධාරීන්ට තිබෙන අවකාශය ඇසිරෙනවා. අනවශ්‍ය බියක් හා කලබලයක් ඇති කෙරෙනවා.’’

CKDu රෝගය හඳුනාගත් කාලයේ සිට මේ වන තුරු මිය ගිය සංඛ්‍යාව පිළිබඳව නිවැරදි ගණනයක් ද නැහැ. වසර 25කට ආසන්න කාලයක් තුළ එය 20,000 – 22,000 අතර බවට අනුමාන කෙරෙනවා. රෝගයත් සමඟ ජීවත් වන හා ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 2013 අගදී 8,000ක් පමණ බව වෛද්‍ය අබේසේකර ප‍්‍රකාශ කළා.

2010දී සෞඛ්‍ය අමාත්‍යාංශය මේ රෝගය ගැන ජාතික පර්යේෂණයක් දියත් කළා (National CKDu research project). මෙහි මුලික අරමුණ වූයේ රෝගයේ ගති සොබා අධ්‍යයනය කිරීම, හේතුකාරක හඳුනාගැනීම, හා වළක්වා ගැනීමේ ක‍්‍රමවේදයන් නිර්ණය කිරීමයි.

විවිධ විද්යා ක්ෂේතරයන්ගේ විද්වත් දායකත්වය ලබා ගත් මේ පර්යේෂණයට ලෝක සෞඛ් සංවිධානයේ (WHO) සහයෝගය ලබා ගත්ත එය WHO පර්යේෂණයක් නොව රී ලංකා ජාතික ව්යායාමයක් බව සෞඛ් අමාත්යාංශය අවධාරණය කරනවා.

එහිදී අනුරාධපුර, පොළොන්නරුව හා බදුල්ල දිස්ත‍්‍රික්ක තුනට විශේෂ අවධානය යොමු කෙරුණා. රෝගීන්ගෙන් ලබා ගත් මුත‍්‍රා හා රුධිර සාම්පල, නියපොතු හා කෙස්වල වකුගඩුවලට හානි කළ හැකි බැරලෝහ (ආසනික්, කැඞ්මියම්, ඊයම්) ඇත්දැයි පරීක්ෂා කරනු ලැබුවා. කෘෂිරසායන ශේෂයන් (agrochemical residues) සඳහා ද රසායනාගාර පරීක්ෂා කරනු ලැබුවා. රෝගය වාර්තා වී නැති හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පුද්ගලයන්ගෙන් ලබා ගත් සාම්පල සමග සන්සන්දනය කෙරුණා.

එසේම මේ දිස්ත‍්‍රික්ක හතරේම ළිංවලින්, නල ළිංවලින්, සොබාවික උල්පත්වලින් හා වාරි ඇළ මාර්ගවලින් ජල සාම්පල එකතු කොට පරීක්ෂා කෙරුණා. මේ ප‍්‍රදේශවල පස් සාම්පල, ආහාර බෝග හා වල්පැළෑටි සාම්පල එකතු කොට ඒවායේ බැරලෝහ අන්තර්ගතය ද පිරීක්සනු ලැබුවා. මීට අමතරව ෆොස්ෆේට් පොහොර, වල්නාශක හා කෘමිනාශකවල බැර ලෝහ ප‍්‍රමාණයන් සාම්පල් හරහා පරීක්ෂා කෙරුණා.

මේ පුළුල් වූත්, ක‍්‍රමානුකූල වූත් පරීක්ෂාවන් සිය ගණනකින් මතු වූ දත්ත සංඛ්‍යාලේඛන විද්‍යාවේ මූලධර්මවලට අනුකූලව සියුම් ලෙස විශ්ලේෂණය කෙරුණා.

මේ සියල්ල විස්තරාත්මකව 2013 අගෝස්තු මාසයේ BMC Nephrology නම් ජාත්‍යාන්තර වෛද්‍ය විද්‍යා පර්යේෂණ සඟරාවේ විද්‍යාත්මක නිබන්ධයක් ලෙස ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙය මෙම වෙබ් අඩවියෙන් කියවිය හැකියි.

Chronic kidney disease of uncertain aetiology: prevalence and causative factors in a developing country

http://www.biomedcentral.com/1471-2369/14/180

Sri Lanka National CKDu Research Project findings academically published in August 2013
Sri Lanka National CKDu Research Project findings academically published in August 2013

දේශීය විද්‍යාඥයන් දුසිම් ගණනකගේ සහභාගීත්වය පැවති CKDu ජාතික පර්යේෂණ කණ්ඩායම වෙනුවෙන් මේ පර්යේෂණ නිබන්ධයට කර්තෘ බව දී තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වූ වෛද්‍ය නිහාල් ජයතිලක හා වෛද්‍ය පාලිත මහීපාලත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය නියෝජිත වෛද්‍ය ෆිර්ඩෝසි ආර්. මේතා සහ ජීනීවා මූලස්ථානයේ බෝනොවන රෝග පිළිබඳ අංශයේ වෛද්‍ය ශාන්ති මෙන්ඩිස් යන සිවු දෙනායි.

නිබන්ධය අවසානයේ ඔවුන් නිගමනය ලෙස මෙසේ කියනවාථ ‘‘CKDu නිදන්ගත වකුගඩු රෝගයට දායක වන හේතුකාරකයන් ගණනාවක් පැවතිය හැකි බව පෙනී යනවා. අප සොයා ගත් කරුණුවලට අනුව පැළෑටි මත පදනම් වූ ඖෂධ ගැනීම හෝ (බටහිර) වේදනානාශක ඖෂධ අනිසි ලෙස ගැනීම හෝ මෙම රෝගයට හේතුවන්නේ යැයි සිතිය නොහැකියි.’’

‘‘අපේ ප‍්‍රතිඵලවලට අනුව මේ රෝගය හමුවන ප‍්‍රදේශවල ජනයා දිගු කාලීනව සිය ආහාර හරහාත්, කෘමිනාශක හරහාත් කැඞ්මියම් බැර ලෝහයේ අඩු මට්ටම්වලට නිරාවරණය වී තිබෙනවා. මීට අමතරව මේ ජනයා ඊයම් හා ආසනික් ලෝහවලට ද ආහාර හරහා නිරාවරණය වී තිබිය හැකියි. රෝගීන්ගේ මුත‍්‍රා සාම්පල්වල තිබූ කැඞ්මියම් හා ආසනික් මට්ටම් වකුගඩුවලට හානි කරන මට්ටමේ වූවා. විශේෂයෙන්ම කැඞ්මියම් බැර ලෝහය මෙරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුවක් විය හැකි අවදානම් සාධකයක් (risk factors) බව පෙනෙනවා. මීට අමතරව සෙලීනියම් පෝෂණ ඌණතාවය හා පාරම්පරිකව ජානමය වශයෙන් වකුගඩු රෝගීන් වීමේ වැඩි නැඹුරුවක් පැවතීමද මෙකී රෝගය හට ගැනීමට තුඩු දිය හැකි යැයි විශ්වාස කළ හැකියි.’’

නිබන්ධය පුරාම ඔවුන් කියන්නේ තව දුරටත් විවිධ කෝණයන්ගෙන් මේ රෝගය විද්යාත්මකව අධ්යයනය කිරීමේ වැදගත්කමයි. මිනිස් දේහය එකවර ආහාර, පාන, ආශ්වාස වාතය හා වෙනත් රම හරහා බහුවිධ බලපෑම්වලට පත්වන බැවින් එක් රෝගයකට හේතු වන සාධකයක් නිශ්චිතව වෙන් කර තහවුරු කර ගැනීමේ අපහසුතාවට මේ පර්යේෂකයන් මුහුණ දුන්නා.

මේ සීමාවන් තුළ අවදානමක් මතු කරන හෝ තීව‍්‍ර කරන සාධක මොනවාදැයි හඳුනා ගැනීමේ උත්සාහයක් තිබුණා. විශේෂයෙන් රෝගයෙන් පෙළෙන අයගේ සාම්පල්වල කැඞ්මියම් මට්ටම් වඩා ඉහළ වීම සැලකිය යුතුයි. එසේම කැඞ්මියම් හා ආසනික් ලෝහ දෙකට එකවර නිරාවරණය වූ විට ඒ එකක් තනි තනිව ශරීරගත වීමට වඩා දිගු කාලීන බලපෑමක් කරන බවද පෙනෙනවා.

සෙලිනියම් යනු අපේ ශරීරයට මඳ වශයෙන් අවශ්‍ය අංශුමාත‍්‍ර මූලද්‍රව්‍යයක් (ක්ෂුද්‍ර පෝෂකයක්). ශරීරයට සෙලිනියම් ලැබෙන්නේ බිත්තර, මාළු, මස්, හතු වර්ග හා සමහර ඇට වර්ග හරහායි. ස්වාභාවික වකුගඩු සිරුර තුළ රැක ගැනීමේදී ශරීරගත සෙලීනියම් මට්ටම උපකාර වන බවත්, මෙම පරීක්ෂාවලට ලක් වූ රෝගීන්ගේ සෙලීනියම් ඌණතා පැවතීම හරහා එම ආරක්ෂාව ඔවුන් නොලද බවත් පර්යේෂකයෝ කියනවා.

පොදුවේ හඳුනා ගත් ප‍්‍රවණතාවක් නම් නිදන්ගත වකුගඩු රෝගය හට ගන්නේ භූගත ජලය පානයට ගැනීම බහුලව සිදුවන ප‍්‍රදේශවල ජනයාට බවයි. මේ ප‍්‍රදේශවල භූගත ජලයේ ස්වභාවය කැල්සියම් හා ෆ්ලෝරයිඞ් මට්ටම් ඉහළයි. ඓතිහාසිකව ජනයා මේ ජලය පානය කළද වකුගඩු රෝගයක් වාර්තා වී තිබුණේ නැහැ. එහෙත් වඩා මෑත කාලයේ ආහාරපාන රටා වෙනස්වීම, ජලයේ ඛනිජ ප‍්‍රමාණය වැඩිවීම, අධික උණුසුම් පරිසරයක ඇති තරම් ජලය දිනපතා පානය නොකිරීම ආදී සාධක ගණනාවක සංකලනය මේ ප‍්‍රදේශවාසීන්ට නිදන්ගත වකුගඩු රෝගය සෑදීමේ ඉඩ වැඩි කළාද?

මෙම ප‍්‍රදේශවල පරීක්ෂා කළ එළවළුවල හා මසුන්ගේ කැඞ්මියම් හා ඊයම් මට්ටම් ජාත්‍යන්තරව නිර්දේශිත උපරිම මට්ටම්වලට වඩා ඉහළින් පැවතියා. ඒ කියන්නේ මිනිස් සිරුරට නුසුදුසු තරම් බැර ලෝහ ආහාර හරහා නිරායාසයෙන්ම ශරීරගත වන බවයි. මේ කැඩ්මියම් එන්නේ කොහි සිටද?

නිදන්ගත වකුගඩු රෝගයන් ලෝකයේ වෙනත් රටවලින් ද වාර්තා වී තිබෙනවා. එම රටවල එයට දක්වන ප‍්‍රතිචාරවලින් ශ‍්‍රී ලංකාවට ද ආදර්ශ ගත හැකි බව CKDu ජාතික පර්යේෂණය කළ විද්වතුන් කියනවා. විශේෂ අවධානයක් යොමු කළ යුතු පියවර නම්:

  • එම ප‍්‍රදේශවල සියලූ ජනයාට පිරිසිදු පානීය ජලය ලැබීමට සැලැස්වීම.
  • රසායනික පොහොර ඇතුලූ සියලූ කෘෂිරසායනික නිසි නියාමනයක් හා අධීක්ෂණයක් යටතේ භාවිතය.
  • බැර ලෝහ අඩංගු බැටරි භාවිතයෙන් පසු ඉවත දැමීමේදී පරිසරය දුෂණය විය හැකි ලෙස මුදා නොහැරීම.
  • දුම්පානය හා වකුගඩු රෝග අතර ඍජු සබඳතාවක් සොයා ගෙන ඇති බැවින්, දුම්කොළ පාලනය.
  • බැර ලෝහ සමහරක් වාත දුෂණය හරහා ආශ්වාස කිරීම සිදු වන නිසා වාත දුෂණය පාලනය කිරීම.

මෙයින් පෙනී යන්නේ සරල තනි පියවරක් නොව පොදුවේ මහජන සෞඛ්‍යයට හිතකර වන පියවර රැසක් ගත හැකි හා ගත යුතු බවයි.

CKDu ජාතික පර්යේෂණයේ ප‍්‍රතිඵල වාර්තාව පදනම් කර ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ පාර්ශවයන්ගේ සහයෝගයෙන් විවිධ පියවර ගැනීම අරඹා තිබෙනවා.

‘‘කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, විද්‍යා හා තාක්ෂණ ආයතන, සමාජසේවා රාජ්‍ය ආයතන ආදියේ සහභාගීත්වය ඇතිව අප උත්සාහ කරන්නේ අපේ රටේ ජනතාව වකුගඩුවලට හානි කරන සාධකවලට නිරාවරණය වීම හැකිතාක් අවම කිරීමටයි. නිදන්ගත වකුගඩු රෝගය හමු වන ප‍්‍රදේශවල ජල සැපයුම විධිමත් කිරීමටත්, රසායනික පොහොර හා කෘමිනාශක රටට ලබා ගැනීම හා රට තුළ බෙදා හැරීම වඩා හොදින් නියාමනය කිරීමටත් පියවර ගනු ලබනවා’’ යැයි පර්යේෂණ නිබන්ධය අවසානයේදී එහි කතුවරුන් ප‍්‍රතිඥාවක් දෙනවා.

Villagers carry coffin containing body of Seneviratnalage Jayatillake, Lankan farmer who suffered from a mystery kidney disease, during his funeral in Padaviya Sri Lanka - Photo by Eranga Jayawwaardena, Associated Press
Villagers carry coffin containing body of Seneviratnalage Jayatillake, Lankan farmer who suffered from a mystery kidney disease, during his funeral in Padaviya
Sri Lanka – Photo by Eranga Jayawwaardena, Associated Press

මෙම රෝගයට ප‍්‍රතිචාර දැක්වීමේදී සෞඛ්‍ය අමාත්‍යංශය පෙරටු කරගත් සමස්ත ලාංකික රාජ්‍ය තන්ත‍්‍රය හා ලක් සමාජයටම විශාල අභියෝගයක් වන්නේ රෝගකාරක සාධකය නිශ්චිත ලෙස හඳුනාගන්නා තුරු බලා නොසිට ප‍්‍රතිකාර මෙන්ම වැළැක්වීමේ ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීමයි.

2013 වන විට මෙරට සෞඛ්‍ය සේවා සඳහා රජය වාර්ෂිකව වෙන් කෙරෙන මහජන මුදල්වලින් 5%ක් පමණ මෙම රෝගයෙන් පෙළෙන අයට ප‍්‍රතිකාර කිරීමට වැය කෙරුණා. රෝගයේ උත්සන්න අවස්ථාවලට එළැඹි විට සතියකට 3-4 වතාවක් රුධිරය කාන්දු පෙරීම (kidney dialysis) අවශ්‍යයි. මේ සඳහා යොදා ගන්නා යන්ත‍්‍ර මුළු රටේම රාජ්‍ය රෝහල් පද්ධතියේ ඇත්තේ 200කට අඩු සංඛ්‍යාවක්.

රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් ප‍්‍රමාණවත් නොවීම නිසා සෞඛ්‍ය සේවා පීඩනයට ලක්ව තිබෙනවා. බොහෝ රෝගීන්ට හා ඔවුන්ගේ පවුල්වලට පෞද්ගලික රෝහලකින් රුධිර කාන්දු පෙරීම සිදුකරගන්නට වත්කමක් නැහැ. (එබඳු එක් සැසිවාරයකට රු. 12,000ක් පමණ වැය වනවා.)

රෝගයට ලක් වූ පවුල් සාමාජිකයා බොහෝ විට පවුලේ ප‍්‍රධාන හෝ එකම ආදායම් උපදවන්නායි. මේ නිසා රෝගීන්ගේ පවුල් ආර්ථික වශයෙනුත්, ඉනික්බිති මානසිකව හා සාමාජයීය ලෙසත් මහත් පීඩාවට පත්වනවා.

මෙය සෙමෙන් දිග හැරෙන මානුෂික ඛේදවාචකයක්. මේ ව්යසනයට මුහුණ දී සිටින පවුල් දහස් ගණනක් සිටිනවා. මෙයට රතිචාර දැක්වීම හා රෝගීන් රැක බලා ගැනීම හුදෙක් රජයට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. පෞද්ගලික අංශය, ස්වේච්ඡා ආයතන, විද්වත් කණ්ඩායම් ඇතුලූ සමාජයේ සැමට මෙම සුබසාධනයේ කොටස්කරුවන් විය හැකියි.

මේ මානුෂික ප‍්‍රශ්නය තමන්ගේ පටු න්‍යායපත‍්‍රවලට අමතර තර්කයක් බවට හරවා ගත් සමහර අන්තවාදී පරිසරවේදීන් හා දේශපාලන ක‍්‍රියාකාරිකයන් ද සිටිනවා. ඔවුන්ගේ ප‍්‍රකාශ හා උද්ඝෝෂණ නිසා මේ අභියෝගය හරිහැටි තේරුම් ගෙන එයට ප‍්‍රතිචාර දැක්වීම ව්‍යාකූල වී තිබෙනවා. ඒ ගැන මීළඟ සතියක කථා කරමු.

සිවුමංසල කොලූගැටයා #208: තොරතුරු අයිතිය තහවුරු කරන්නට තොරතුරු සාක්ෂරතාව අත්‍යවශ්‍යයි!

In this week’s Ravaya column (in Sinhala), I discuss the history and current state of play in relation to right to information (RTI). This is in the context of the new Lankan government planning to introduce an RTI law.

To review the work of government at all levels, citizens/voters need to access public sector information – about decisions, proceedings, budgets, expenditures, problems and performance. Close to 100 countries now have laws guaranteeing people’s RTI.

Sadly, Sri Lanka is lagging behind all other SAARC countries, five of which have already enacted RTI laws and two (Afghanistan and Bhutan) have draft bills under consideration. Attempts to introduce RTI in Sri Lanka were repeatedly thwarted by the previous government, which cited various excuses for avoding such a progressive law.

In this column, I also argue that RTI’s effectiveness depends on imagination, innovation and persistence on the part of all citizens. Its best results will accrue in a society and political culture where evidence and analysis are respected. Sri Lanka is not there yet.

RTI will be a significant milestone in a long journey that must continue.

ACT

තොරතුරු අයිතිය නීතිගත කෙරෙන කෙටුම්පතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරෙනවා. මෙය නව රජයේ එක් යහපාලන ප‍්‍ර‍්‍රතිඥාවක් ඉටු කිරීමක්.

තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information) ශිෂ්ට හා ප‍්‍රජාතන්තවාදී සමාජවල මුලික අංගයක් වී තිබෙනවා. ජාතික ආරක්‍ෂාවට බලපෑමක් කළ හැකි රහස්‍ය තොරතුරු හැර රාජ්‍ය පරිපාලනයට හා පලාත්පාලනයට සම්බන්ධ එදිනෙදා තොරතුරු පැහැදිලි ක‍්‍රමවේදයක් හරහා ඕනෑම පුරවැසියකුට ලබා ගත හැකි වීම මෙහි අරමුණයි.

ලෝකයේ රටවල් සියයකට වැඩි සංඛ්‍යාවක් තොරතුරු නීති පනවා තිබෙනවා. දකුණු ආසියාවේ මේ සම්බන්ධයෙන් වඩාත් පසුගාමීව තිබෙන්නේ ශී‍්‍ර ලංකාවයි. සාක් රටවල් අටෙන් පහක (ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය, මාලදිවයින) එම නීති සම්මත වී කි‍්‍රයාත්මක වන අතර රටවල් දෙකක (ඇෆ්ගනිස්තානය, භූතානය) නීති කෙටුම්පත් විවාද කරමින් සිටිනවා.

තොරතුරු අයිතිය හුදෙක් මාධ්‍යවලට හෝ සිවිල් සමාජ සංවිධානවලට හෝ සීමා වූවක් නොවෙයි. මිලියන 21ක් වන අප සියලූ දෙනාගේ අයිතියක්. ඒ නිසා එය හරිහැටි සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න මෙනෙහි කිරීම වැදගත්.

තොරතුරු ගලනය මා දකින්නේ ජල ගලනයට සමාන සංසිද්ධියක් ලෙසයි. වාරි ජලය රඳවා තබන ජලාශයක සොරොවු විවර කිරීමත් සමඟ ජලය යටිගංබලා ගලා යනවා. එවිට එයින් ප‍්‍රයෝජන ගන්නට නම් ඇළ මාර්ග හරිහැටි තිබීම හා සූදානමක් පැවතීම අවශ්‍යයි.

කලක් තිස්සේ නිලධාරිවාදී බැමි මඟින් අවුරා තිබූ මහජනයාට අදාළ තොරතුරු මේ නව නීතිය හරහා ගලා යාමට සැලැස්වූ විට එයින් හරිහැටි ප‍්‍රයෝජන ගන්නට ද නිසි සූදානමක් හා කුසලතා තිබිය යුතුයි. එසේ නැතිනම් තොරතුරු ප‍්‍රවාහය පොදු උන්නතියට යොදා ගන්නට බැරි වනවා.

National Right to Ino laws status - as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm
National Right to Ino laws status – as of 2013 Source: http://home.broadpark.no/~wkeim/foi.htm

තොරතුරු අයිතිය පිළිබඳ සංකල්පය මුලින්ම මතුව ආවේ 18 වන සියවසේ යුරෝපයේයි. එයට පදනම වැටුණේ පොදු ජනයාට රාජ්‍ය පාලනය විමසීමේ අයිතිය තහවුරු වීමත් සමගයි. ප‍්‍රභූවරුන්, උගතුන් හෝ වෙනත් වරප‍්‍රසාද ලත් පිරිස්වලට සීමා නොවී හැම පුරවැසියකුටම තම රට පාලනය කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට හා ඒ ගැන විමර්ෂණයට අයිතියක් ඇතිබව ලිබරල් මතවාදී යුරෝපීයයන් පිළිගත්තා.

මේ අනුව ක‍්‍රියා කරමින් ලෝකයේ මුල්ම තොරතුරු දැනගැනීමේ නීතිය හඳුන්වා දුන්නේ 1766දී ස්වීඩනයේ. රාජාණ්ඩු මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රික ආණ්ඩු පවතින යුරෝපීය රටවල මේ සංකල්පය පිළිගෙන නීතිගත කරනු ලැබුවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංගයක් ලෙස ගෝලීයකරණය වූයේ 20 වන සියවස දෙවන භාගයේ.

එයට දායක වූ වැදගත් සිදුවීමක් නම් 1948දී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සම්මත කරගනු ලැබීමයි. මේ වන විට ශ‍්‍රී ලංකාව ද ඇතුලූ ලෝකයේ අති බහුතරයක් රාජ්‍ය මේ ප‍්‍රඥප්තියේ මානව හිමිකම් දැක්ම හා මූලධර්ම නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. www.un.org/en/documents/udhr/

වගන්ති 30කින් සමන්විත සංක්ෂිප්ත ලේඛනයක් වන මෙහි 19 වන වගන්තිය කියන්නේ තමන් කැමති මතයක් දැරීමට හා එය ප‍්‍රකාශ කිරීමට හැම මානවයකුටම මූලික නිදහසක් ඇති බවයි. බලපෑමකින් තොරව එසේ මත දැරීමටත්, තොරතුරු ලබා ගැනීමට හා බෙදා හැරීමටත්, ඕනෑම මාධ්‍යයක් හරහා දේශසීමා ඉක්මවා ක‍්‍රියා කිරීමටත් මානව අයිතියක් තිබෙන බව එයින් පැහැදිලිව කියනවා.

Article 19 of Universal Declaration of Human Rights
Article 19 of Universal Declaration of Human Rights

අප මීට පෙර ද විග‍්‍රහ කළ පරිදි ආසියාවේ තොරතුරු අයිතිය පිළිගෙන නීතිගත කිරීමේ පෙරගමන්කරුවකු වූයේ ඉන්දියාවයි. එය දශකයකට වඩා සිවිල් සමාජ ක‍්‍රීයාකාරකයන්ගේ උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක්.

ඇත්තටම මෙබඳු නීතියක ප‍්‍රායෝගික වැදගත්කම මුලින්ම හඳුනා ගත්තේ ඉන්දියාවේ බිම් මට්ටමේ සමාජ ක‍්‍රියාකාරිකයන් (නගරයේ සිටින ප‍්‍රතිපත්ති මට්ටමේ ක‍්‍රියාකාරිකයන් නොවේ). මහජන සුබසාධනය හා ග‍්‍රාමීය යටිතල පහසුකම් නඩත්තුවට වෙන් කැරෙන රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන අකාර්යක්ෂම හා දුෂිත ලෙසින් භාවිත කිරීම 1980 දශකයේ හා 1990 දශකයේ එරට ප‍්‍රබල ප‍්‍රශ්නයක් වූවා.

ග‍්‍රාම හා ප‍්‍රාන්ත මට්ටමේ දේශපාලකයන් හා නිලධාරීන් කරන කියන දේ විමර්ෂණයට මහජනයාට බලය ලබා ගැනීමටයි තොරතුරු අයිතිය අවශ්‍ය වූයේ. එයට ප‍්‍රාන්ත මට්ටමින් නීති පැනවීම තමිල්නාඩුව (1997), ගෝව (1997), රාජස්ථානය (2000), දිල්ලිය (2001), මහාරාෂ්ට‍්‍රය (2002) සිදු වුණා. (ඉන්දියාවේ ප‍්‍රාන්ත බොහොමයක් ශ‍්‍රී ලංකාවට වඩා භූමියෙන් හා ජනගහනයෙන් විශාලයි.) ජාතික මට්ටමේ තොරතුරු නීතියක් සම්මත කර ගත්තේ 2005දී.

ඉන්දියානු තොරතුරු නීතිය යටතේ එරට ඕනෑම පුරවැසියකුට (මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත්පාලන මට්ටමේ) රජයේ ආයතනයකින් තොරතුරු ඉල්ලා සිටිය හැකියි. එය දින 30ක් ඇතුළත ලබා දීමට එම ආයතන නීතියෙන් බැඳී සිටිනවා. එසේ නොවුවහොත් හෝ ලබා දුන් තොරතුරු ගැන සෑහීමකට පත් විය නොහැකි නම් හෝ පැමිණීලි කිරීමට මධ්‍යම තොරතුරු කොමිසමක්ද (Central Information Commission) පිහිටුවා තිබෙනවා.

රජයේ විධායකය, පාර්ලිමේන්තුව හා අධිකරණය යන අංග ත‍්‍රිත්වයේම තොරතුරු මේ නීතියට ආවරණය වනවා. එසේම රාජ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබන අර්ධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරුද පුරවැසියන්ට මේ හරහා ඉල්ලා සිටිය හැකියි.

තොරතුරු අයිතිය නීතිගත වීම හොඳ ආරම්භයක් පමණයි. තොරතුරු අයිතිය නීතිගත වීමෙන් පසු බිහි වන නව යථාර්ථයට අනුගත වීමට සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය ද අලූත් දිශානතියකට යොමු වීම අවශ්‍යයි. යටත් විජිත පාලන සමයේ සිට මහජනයාට කරුණු වසන් කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ රාජ්‍ය පරිපාලනය වඩාත් විවෘත හා පාරදෘශ්‍ය කිරීමට නීතිමය රාමුවක් පමණක් නොව ආකල්පමය වෙනසක් අත්‍යවශ්‍යයි.

RTI Activist bb

2005 තොරතුරු අයිතිය නීතිගත වීමත් සමඟ ඉන්දියාවේ සියලූ රාජ්‍ය ආයතන සිය තොරතුරු පරිගණක ගත කළ යුතු බවටත්, හැකි සෑම විටම එසේ ඩිජිටල්කරණය වූ තොරතුරු නිල වෙබ් අඩවි හරහා ඕනෑම කෙනකුට ලෙහෙසියෙන් බැලිය හැකි ලෙස ඉන්ටර්නෙට් ගත කළ යුතු බවත් තීරණය වුණා. මෙය ක‍්‍රියාත්මක වීම තොරතුරු ගලනයට මහත් සේ දායක වී තිබෙනවා.

එසේම පසුගිය සතියේ සම්මුඛ සාකච්ඡාවේදී ආචාර්ය රාජේෂ් ටැන්ඩන් කී පරිදි තොරතුරු ලද හැකි වීම හරහා යහපාලනයට දායක වීමේ ප‍්‍රායෝගික අවස්ථා හා විභවය ගැන පුරවැසියන්ට හා සිවිල් සංවිධානවලට නිසි දැක්මක්, පරිකල්පනයක් හා කැප වීමක් අවශ්‍යයි.

තොරතුරු සාක්ෂරතාව (information literacy) මෙහිදී වැදගත් හා තීරණාත්මක වෙනවා. තොරතුරු යටතේ බොහෝ දේ රාජ්‍ය තන්ත‍්‍රය තුළ තිබෙනවා. රැස්වීම් වාර්තා, ටෙන්ඩර් මණ්ඩල තොරතුරු, අයවැය ප‍්‍රතිපාදන, මූල්‍ය වියදම් වාර්තා, විගණන වාර්තා ආදිය පමණක් නොව විද්‍යාත්මකව රැස් කරන ලද දත්ත ද එයට ඇතුළත්.

මේ දෙවැනි කාණ්ඩයට ජන සංගණන හා අනෙකුත් රාජ්‍ය සමීක්ෂණවල සම්පූර්ණ තොරතුරු හා විශ්ලේෂණත්, අස්වනු සංඛ්‍යා ලේඛන, විදේශ වෙළදාම් (ආනායන- අපනයන) සංඛ්‍යා ලේඛන ආදියද අයත් වනවා.

නූතන තොරතුරු බොහොමයක ස්වභාවය නම් ඒවා තාක්ෂණික ස්වභාවයකින් යුක්ත වීමයි. සමහරක් තොරතුරු තේරුම් ගැනීමට විශේෂඥ දැනුමක් හා කුසලතා අවශ්‍යයි. මෑත වසරවල රාජ්‍ය අංශය පරිගණක භාවිතය වැඩිවීමත් සමඟ තොරතුරු ඩිජිටල් ආකාරයෙන් පවත්වා ගැනීම ඇරඹී තිබෙනවා. එහෙත් සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයට බලපාන ඩිජිටල් දත්ත ප‍්‍රමිතීන් තවමත් දක්නට නැහැ.

මේ නිසා ඩිජිටල් දත්ත විවිධ තාක්ෂණික පරිමානයන් හා මෘදුකාංගයන් යටතේ පවතිනවා. මේවා ලබා ගන්නා සමාජ ක‍්‍රියාකාරිකයන් හෝ පර්යේෂකයන් ඒ දත්ත විශ්ලේෂණය කරන විට නොගැලපීම්වලට (data incompatibility) මුහුණ දෙනවා.

තොරතුරු අයිතිය නීතිගත වීමේ නිසි ඵල නෙලා ගන්නට නම් අප සැවොම අපේ තොරතුරු සාක්ෂරතාව දියුණු කර ගත යුතුයි. එසේ නොවුවහොත් තොරතුරු ප‍්‍රවාහයට හසු වී අප ගසා ගෙන යාමේ අවදානමක් තිබෙනවා.

තොරතුරු සාගතය ගැන කලක් තිස්සේ පැමිණීලි කරමින් සිටින අපේ සමාජ රියාකාරිකයන් හා මාධ්යවේදීන් තොරතුරු ගලනය උත්සන්න වූ විට එයට කෙසේ හැඩ ගැසේද?

හුදෙක් ආවේගයන් හෝ අනුමානයන් හෝ මත පදනම් නොවී සංඛ්‍යාලේඛන හා විශ්වාස කටයුතු මූලාශ‍්‍ර හරහා නිගමනවලට එළඹීම අද කාලේ අත්‍යවශ්‍ය කුසලතාවක්. අපේ සමහරුන් පිලූණු වූ දත්ත හෝ වැරදි නිරීක්ෂණ (පක්ෂග‍්‍රාහී) හෝ යොදා ගෙන යම් වැරදි ස්ථාවරයන්ට එළඹෙනු නිතර දත්නට ලැබෙනවා.

(සුලභ උදාහරණයක්: ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් යැයි පුන පුනා කීවත් තව දුරටත් එය සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වන්නේ නැහැ. මහබැංකු වාර්ෂික වාර්තාවට අනුව 2013දී දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මයේ දායකත්වය 10.6% පමණයි. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2013දී කෘෂිකර්මාන්තයට සම්බන්ධ ජීවිකාවක නියැලි මෙරට රැකියා නියුක්තිකයන්ගේ ප‍්‍රතිශතය 22.5%යි. මේ සංඛ්‍යා ලේඛන රහසිගත නොව විවෘතව ඒ ආයතනවල ප‍්‍රකාශනවල අඩංගුයි.)

තවත් උදාහරණයක්: ජංගම දුරකථන භාවිතය ජනගහණයෙන් 100කට ගිණුම් 105 දක්වා ඉහළ ගොස් තිබියදීත් තවමත් සමහරුන් කියන්නේ මෙය නාගරික හා වරප‍්‍රසාද ලත් අයගේ තාක්ෂණයක් බවයි.

මේ තොරතුරු මහජනයාට දැනටමත් විවෘතව තිබියදීත් ඒවා පරිශීලනය නොකරන උදවිය තොරතුරු අයිතියෙන් නිසි ප‍්‍රයෝජන ගනියිද?

Do we know how to cope with all this info?
Do we know how to cope with all this info?

තොරතුරු ගලනය විධිමත් වීමත් සමඟ එය ක‍්‍රම ක‍්‍රමයෙන් වඩාත් විවෘත වූත්, වගකීම් සහිත වූත් රාජ්‍ය පාලනයකට හැසිරවීම අප හමුවේ විශාල අභියෝගයක්.

සිල්ලර මට්ටමේ රාජ්‍ය තොරතුරු මෙන්ම තොග මට්ටමේ රාජ්‍ය තොරතුරු ද ඉලක්කගත ඉල්ලීම් හරහා ලබා ගෙන ඒවා සූක්ෂම ලෙස විමර්ෂණය කොට නොගැලපීම්, සැක කටයුතු තැන් හෝ අක‍්‍රමිකතා හඳුනා ගැනීමේ හැකියාව පුරවැසියන් හැටියට අප ප‍්‍රගුණ කළ යුතුයි.

වර්තමානයේ රාජ් ක්ෂෙතරයේ බොහෝ අකටයුතුකම් හා අකරමිකතා සිදු කැරෙන්නේත් සුක්ෂම හා සටකපට ලෙසින්. මේ නිසා ගවේෂණාත්මක මාධ්යකරුවන්ගේ හා රහස් පරීක්ෂකයන්ගේ කුසලතා ගොන්න වඩාත් අවශ් වනවා.

විද්වත් ස්වරූපයකින් පවතින සමහර රාජ්‍ය දත්ත ද විකෘති කොට කෙන්ද කන්ද කළ අවස්ථා පසුගිය දශකයක කාලයේ අප දුටුවා. ආර්ථික වර්ධනය ගැන මෑත වසරවල මහ බැංකුව මහත් උජාරුවෙන් හුවා දැක්වූ සමහර සංඛ්‍යා ලේඛන, සැබෑ තත්ත්වය වැඩිකොට පෙන්වීමක් බව දැන් තහවුරු වී තිබෙනවා. මෙබඳු අවස්ථාවල විද්වත් රාජ්‍ය තොරතුරු විචාරශීලීව කියැවීමේ හැකියාව මාධ්‍ය හා සිවිල් ක‍්‍රියාකාරිකයන්ට තිබිය යුතුයි.

අවසාන විනිශ්චයේදී විවෘත හා වගකීම් සහිත රාජ්‍යකරණයක් (open and accountable government) බිහි වීමට රාජ්‍ය නායකයාගේ අවංක ප‍්‍රතිඥා පමණක් සෑහෙන්නේ නැහැ. කලක් රහසිගතව හා ඇතැම් විට වංචනිකව පැවත ආ රාජ්‍ය පරිපාලනය විවෘත කර ගැනීමට පුරවැසි සැමගේ මැදිහත්වීම, සංශයවාදී බව හා තොරතුරු සාක්ෂරතාව අවශ්‍යයි.

දැන ගියොත් යහපාලනය. නොදැන ගියොත් අතරමඟ!