සිවුමංසල කොලූගැටයා #220: ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ කෙසේ විය යුතුද?

The National Summit for Media Reform in Sri Lanka was organised by the Ministry of Mass Media and Information, University of Colombo, Sri Lanka Press Institute (SLPI) and International Media Support (IMS) and held on 13 – 14 May 2015 at the Sri Lanka Foundation Institute, Colombo 7.

Its aim was “to maximise the contribution of all stakeholders in initiating and sustaining the process facilitating media structural reforms that will foster democracy, good governance and sustainable development in Sri Lanka”. It brought together high level reps from government, media industry, academia and civil society groups concerned with the state of our media.

Ahead of this, I was commissioned by the organisers to carry out a rapid assessment of the state of media in Sri Lanka using UNESCO’s Media Development Indicator framework – a globally used methodology adopted by the inter-governmental body in 2009. At the Summit opening plenary, I presented highlights of this study which was based on literature review and interviews.

To capture the diversity and disparities in the media sector,I used a well-loved Russian children’s story that was known in Sinhala translation as නොගැලපෙන රෝද — the story of one vehicle with different sized wheels, and how animal friends tried to make it move and when it proved impossible, how they put each wheel to a unique use…

This week’s Ravaya column (published on 17 May 2015) captures some of these highlights. I plan to write another one, with specific focus on the broadcast sector, in the coming weeks.

නොගැලපෙන රෝද කතාව
නොගැලපෙන රෝද කතාව

ශ‍්‍රී ලංකාවේ නූතන ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය සියවස් දෙකක පමණ කාලයක් පුරා අනුක‍්‍රමයෙන් හා අවිධිමත්ව පරිනාමය වූවක්. එහි අඩුපාඩු හා දුර්වලතා රැසක් ඇති බව ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනකු පිළිගන්නවා.

දේශපාලන ප‍්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සංශෝධන ඉදිරියට ගෙන යන අතර හා අධිකරණ ස්වාධීනත්වය තහවුරු කරන අතර අපේ රටේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ද ප‍්‍රතිසංවිධාන කළ යුතුව තිබෙනවා. එහෙත් එය පාර්ලිමේන්තුවට හෝ බලයේ සිටින රජයේ විධායකයට හෝ පමණක් කිරීමට ඉඩ දීම ප‍්‍රකාශන නිදහසට හා මාධ්‍ය නිදහසට හානිකර විය හැකියි. එනිසා එය මාධ්‍ය ක්ෂේත‍්‍රයේ සියලූ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් කළ යුතුයි.

මාධ්‍ය ප‍්‍රතිසංවිධානයේ ප‍්‍රමුඛතා හඳුනා ගන්නටත්, ගත යුතු පියවර ගැන යම් මූලික එකඟත්වයකට එන්නටත් ජාතික මාධ්‍ය සමුළුවක් (National Summit on Media Reforms) මැයි 13-14 දෙදින තුළ කොළඹ දී පැවැත්වුණා. එය සංවිධානය කළේ ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI), කොළඹ සරසවියේ මාධ්‍ය අධ්‍යයන අංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මාධ්‍ය හිමිකරුවන්, වෘත්තිකයන්, පර්යේෂකයන් හා ග‍්‍රාහකයන් මෙන්ම මාධ්‍ය නිදහස පිළිබඳ ක‍්‍රියාකාරිකයන් ද මේ සමුළුවට සහභාගී වුණා.

Karunaratne Paranavithana, Secretary to the Media Ministry of Sri Lanka, speaks during opening of National Media Summit in Colombo, 13 May 2015
Karunaratne Paranavithana, Secretary to the Media Ministry of Sri Lanka, speaks during opening of National Media Summit in Colombo, 13 May 2015

මාධ්‍ය සමුළුවට විද්වත් දායකත්වයක් ලෙසින් මෙරට මාධ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳ කඩිනම් ඇගැයීමක් සති 6ක කාලයක් තුළ කිරීමට මට ඇරැයුම් කර තිබුණා. එයට රාමුව ලෙස තෝරා ගැනුනේ 2009දී අන්තර්-රාජ්‍ය මට්ටමින් ලෝක ප‍්‍රජාව පිළි ගත් යුනෙස්කෝවේ මාධ්‍ය උන්නති දර්ශක ක‍්‍රමවේදයයි (UNESCO’s Media Development Indicator framework).

රටක මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වත්මන් තත්ත්වය ගැන නෛතික, ප‍්‍රතිපත්තිමය, වෘත්තිමය, ආර්ථික හා අධ්‍යාපනික කෝණයන්ගෙන් විග‍්‍රහ කිරීමට එය උදවු වනවා. එසේම ආවේගීලී නොවී හා මතවාදයන්ට සීමා නොවෙමින් සාක්ෂි මත පදනම්ව ක්ෂේත‍්‍රය ගැන විග‍්‍රහ කරන්නට හැකියාව ලැබෙනවා.

මැයි 13 වනදා සමුළුවට මා ඉදිරිපත් කළේ එවන් ඇගැයීමකින් මතු වූ ප‍්‍රධාන නිරීක්ෂණයි. එය කෙටුම්පත් වාර්තාවක් ලෙස එදින සහභාගීවූවන්ට බෙදා දෙනු ලැබුවා. සංවාදයට හා වැඩි දියුණු කිරීමට තවමත් විවෘත මේ විග‍්‍රහයේ සම්පිණ්ඩනයක් එතැන නොසිටි අයගේ අවධානය සඳහා මා අද ඉදිරිපත් කරනවා.

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය ගැන සරල උපමිතියක් (analogy) මට තිබෙනවා. අප කුඩා කාලයේ ආසාවෙන් කියැවූ රුසියානු ළමා කතාවක් වූයේ නොගැලපෙන රෝද කතාවයි. එකිනෙකට බෙහෙවින් වෙනස් ප‍්‍රමාණයෙන් යුතු රෝද හතරක් සහිත කරත්තයක් කැලේ සතුන් පිරිසකට හමු වනවා. ඔවුන් කෙතරම් තැත් කළත් මේ කරත්තය ඉදිරියට යන්නේ නැහැ.

අන්තිමේදී රෝද හතර ගලවා ගන්නා සතුන් එක් එක් රෝදවලින් වෙනත් ප‍්‍රයෝජන සඳහා ඒවා යොදා ගන්නවා. හැබැයි වාහනය මුලුමනින් කොට උඩ!

Stakeholders for media sector reforms in Sri Lanka...
Stakeholders for media sector reforms in Sri Lanka…

අපේ මාධ්‍ය ක්ෂේත‍්‍රය ඒ කරත්තයට මොහොතකට සම කළොත්, එහි ලොකුම “රෝදය” වන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවන්. පත්තර, රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් මාධ්‍ය හිමි ලක් රජයත් මෙරට ප්‍රධානතම මාධ්‍ය හිමිකරුවෙක්.

මීට සමාන්තරව පත්තර, ටෙලිවිෂන් හෝ රේඩියෝ ව්‍යාපාර ලෙස පවත්වා ගෙන යන සමාගම් ගණනාවක් තිබෙනවා. ඒ හරහා රටේ ජනමතයට හා දේශපාලනයට අඩුවැඩි වශයෙන් බලපෑම් කරන්නට හිමිකරුවන්ට හැකියි. දිනපතා අප මාධ්‍ය හරහා ඔවුන් නොදුටුවත්, හිමිකරුවන්ගේ සෙවනැල්ල ප‍්‍රබලව මුළු ක්ෂේත‍්‍රය පුරා වැටී තිබෙනවා.

සමහර හිමිකරුවන් සියුම්වත් තවත් අය එළිපිටත් කරන දේශපාලන හා වාණිජමය උපක්‍රම සමනය කිරීමට නියාමනයක් තිබිය යුතුයි. ප්‍රකාශන නිදහස සීමා නොකර මෙය කිරීම ලොකු අභියෝගයක්.

මාධ්‍ය කර්මාන්තය රටේ පවතින නීතිවලට අනුකූලව පවත්වා ගෙන යන ව්‍යාපාරයක්. අප පෞද්ගලිකව කැමති වුවත් නැතත් මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා ඔවුන් සම්බන්ධ කර ගත යුතුමයි. (මාධ්‍ය ජනසතු කිරීම වැනි ගෙවී ගිය දශකවල කළ දේශපාලන මෝඩකම්වල විපාක තවමත් අප අත්විඳින නිසා එබන්දක් කිසිසේත් නැවත සලකා බැලිය යුතු නම් නැහැ.)

මාධ්‍ය ‘කරත්තයේ’ දෙවැනි ලොකු “රෝදය” නම් දැන්වීම්කරුවන්, අනුග‍්‍රාහකයන් හා දැන්වීම් ඒජන්සියි. අද වෙළඳපොළ යථාර්ථය වන්නේ මාධ්‍ය නිෂ්පාදන වියදම බොහෝ දුරට පියවා ගන්නේ දැන්වීම් ආදායමින් වීමයි. මේ හරහා දැන්වීම්කරුවන්ට ලොකු බලපෑමක් මාධ්‍යවලට එල්ල කළ හැකියි. දැන්වීම් නැතිව බැරි වුවත් දැන්වීම් නමැති “වල්ගය” විසින් මාධ්‍ය නම් “සුනඛයා” වැනීමේ අහිතකර ප‍්‍රවණතාව සමනය කර ගත යුතුව තිබෙනවා.

Sri Lanka’s total advertising spend on the media was estimated at approximately LKR 77 billion in 2014 (=USD 587.23 million at Dec 2014 exchange rate)
Sri Lanka’s total advertising spend on the media was estimated at approximately LKR 77 billion in 2014 (=USD 587.23 million at Dec 2014 exchange rate)

මාධ්‍ය වෙළඳපොළ අධ්‍යයනය කරන නීල්සන් සමාගම සම්පාදිත දත්තවලට අනුව මෙරට සමස්ත මාධ්‍යවලට 2014දී ලැබුණු දැන්වීම්වල වටිනාකම රුපියල් බිලියන 77ක් වුණා. (ටෙලිවිෂන් සඳහා බිලියන 55යි, රේඩියෝවලට බිලියන 16, මුද්‍රිත මාධ්‍යවලට බිලියන 6යි). දැන්වීම් ලබා දෙන සමාගම් සමහරක් තමන්ට අහිතකර ප‍්‍රවෘත්ති වළක්වන්නටත්, හිතකර ප‍්‍රවෘත්ති වඩා පුළුල්ව ප‍්‍රචාරණය කරන්නටත් තැත් කරන බවට උදාහරණ එමට තිබෙනවා.

අපේ රටේ සමස්ත දැන්වීම් කලාව සඳහා නීතිමය නියාමනයක් හෝ ආචාර ධර්ම පද්ධතියක් හෝ නැති නිසා මෙබඳු විසමතා හා අකටයුතුකම් පාලනය කිරීමට ක‍්‍රමයක් නැහැ. (දුම්කොළ, මත්පැන්, සමහර ආහාරපාන හා බෙහෙත් ප්‍රචාරණයට නම් නීතිමය සීමා තිබෙනවා.)

එසේම බිලියන 71ක් වටිනා ටෙලිවිෂන් හා රේඩියෝ දැන්වීම් බෙදී යාමට පදනම ලෙස දැන්වීම් ඒජන්සි භාවිතා කරන ජනප‍්‍රියතාව මැනීමේ ක‍්‍රමවේදය (television & radio ratings) ගැන විද්‍යුත් මාධ්‍ය කර්මාන්තය තුළම බරපතල ප‍්‍රශ්න මතු වී තිබෙනවා. (එය ගැන වෙනම කතා කළ යුතුයි.)

තුන්වන “රෝදය” ලෙස මා දකින්නේ මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය කරන පත‍්‍ර කලාවේදීන්, විද්‍යුත් මාධ්‍ය නිෂ්පාදකයන් හා ඔවුන්ගේ කතුවරුන්.

අභ්‍යන්තරයෙන් හා බාහිරින් එල්ල වන විවිධ බලපෑම් මැද අපේ රටේ මාධ්‍යවේදීන්ට කටයුතු කිරීමට සිදුව තිබෙනවා. මාධ්‍යවේදියා සමාජයේ ප‍්‍රතිරූපධාරී කෙනකු වුවත් ඔහු/ඇය බොහෝ විට වැඩ කරන පරිසරය හිතකර එකක් නොවෙයි. අඩු වැටුප්, සීමිත පහසුකම්, අධික වැඩ ප‍්‍රමාණයක් සමග පොර බදන අතර දේශපාලනික, වාණිජමය හා වෙනත් සමාජයීය ප‍්‍රවාහයන්ට නතු නොවී සිටීමට ලොකු වෙහෙසක් දැරිය යුතු වනවා.

හෘද සාක්ෂියට එකඟව, වෘත්තියේ ගරුත්වය රැක ගෙන ක‍්‍රියාකිරීමට මඟ පෙන්වන මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා. (www.pccsl.lk/content/editors-code). කර්තෘ මණ්ඩල සංසදය කෙටුම්පත් කළ මෙය අවසන් වරට 2014දී සංශෝධනය කෙරුණා. එයට අනුව කරුණු මත පදනම් වී, ගවේෂණාත්මකව, පක්ෂග‍්‍රාහී හෝ අගතිගාමී නොවී මාධ්‍යකරණයේ නියැලිය යුතු බව කියැවෙනවා.

Full text: www.pccsl.lk/content/editors-code
Full text: http://www.pccsl.lk/content/editors-code

එහෙත් අධික තරගකාරීත්වය හා අනිසි ලෙස දේශපාලනීකරණය යන සාධක නිසා මාධ්‍යවල වෘත්තීය මට්ටම හා විශ්වසනීයත්වය (credibility and professionalism) මෑත කාලයේ බෙහෙවින් පලූදු වී තිබෙනවා. දේශපාලකයන්ට බය නැති, හිමිකරුවන්ගේ පදයට නැටීමට සූදානම් නොවූ, තම සගයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ඞී. බී. ධනපාල, ගුණදාස ලියනගේ, මර්වින් ද සිල්වා වැනි පෞරුෂයකින් හෙබි කතුවරුන් අද කාලයේ දුර්ලභයි.

මාධ්‍ය අන්තර්ගතය පිරිහීමට තුඩු දෙන හේතු සමීපව හඳුනා ගත යුතුයි. අද අපේ මාධ්‍යකරුවන් සන්නිවේදනය කරන්නේ පොදු උන්නතිය හා සමාජ වගකීම් ඉටු කරන්නට නොව පටු අරමුණු ප‍්‍රවර්ධනයට බව පෙනෙනවා. යුද්ධය පැවති කාලයේත්, ඉනික්බිතිවත් අපේ රටේ සිංහල හා දෙමළ පුවත්පත් බහුතරයක් වාර්තාකරණය හා විශ්ලේෂණය කරන්නේ ජාතිවාදී හෝ ජාතිකවාදී කෝණයකින්.

මෙය වැරදි බව දැන දැනත් සමහර කතුවරුන් උවමනාවෙන්ම එසේ කරන්නේ සමාජයේ තමන්ගේ ප‍්‍රතිරූපය ඒ හරහා තර කර ගැනීමට උවමනා නිසයි. (‘සංහිඳියාව ගැන ලියලා මම අපේ ගමේ යන්නේ කොහොමද’ යයි මෙරට එක් ප‍්‍රධාන පෙළේ සිංහල පුවත්පත් කතුවරයෙක් විවෘතව අසනවා.)

දේශපාලනය පසෙක තැබුවත්, වෙළඳපොළ ජයගැනීමට ඕනෑම බහුබූතයක්, ප‍්‍රලාපයක් හෝ අසැබි දේ පවා පොල්ගෙඩි අකුරින් යුත් හෙඩිම් සහිතව පළ කිරීම සමහර පත්තරවල සිරිතක් වී තිබෙනවා. හොල්මන්, භූත, අවතාර හා අනෙකුත් අසභ්‍ය කතා සත්‍ය වාර්තා මෙන් එක් පසෙකිනුත්, බොහෝ දුරට අතිශයෝක්ති හා ප‍්‍රබන්ධ මත පදනම් වූ ඉතිහාස වාර්තා තව පසෙකිනුත් මාධ්‍යවල නිතර පළ වනවා. ප්‍රමිතියක් හෝ චාරයක් නැහැ.

විද්‍යුත් මාධ්‍යවල ඔවුන්ට ආවේණික දුර්වලතා රැසක් පවතිනවා. අන් කවරදාටත් වඩා අද මාධ්‍ය අංග (චැනල්) සංඛ්‍යාව වැඩිවී ඇතත් ගුණාත්මක බැවින් නම් දශක ගණනක් අපේ මාධ්‍ය කලාව ආපස්සට ගොස් ඇති බව මගේ වැටහීමයි.

Media freedom under threat in Sri Lanka
Media freedom under threat in Sri Lanka

මාධ්යවේදීන්ට සිය වෘත්තිය නිදහසේ, බාධා හා පීඩාවලින් තොරව කිරීමට හිතකර වාතාවරණයක් තිබිය යුතු බවට විවාදයක් නැහැ. මෑත කාලයේ රාජ් නිල වාරණයක් නොතිබුණත් පුළුල් ලෙසින් ස්වයංවාරණයට රබල හේතු තිබුණා. මාධ්යවේදීන්ට හා මාධ් ආයතනවලට රචණ්ඩ රහාර මෙන්ම වාණිජ බලපෑම් රැසක් එල්ල වුණා.

සාපරාධී රියා විභාග කොට රහාරකයන්ට දඬුවම් කිරීම රජයේ වගකීමක්. එය මාධ් නිදහසට අවශ් සාධකයක්. එහෙත් එය රමාණවත් නැහැ (necessary, but not sufficient)

‘මාධ්‍යවලට අත නොතබනු’ යන උද්‍යොග පාඨයට ශිෂ්ඨ සමාජයේ බහුතරයක් දෙනා එකඟයි. මාධ්‍ය අන්තර්ගතය නියාමනයට රජය හෝ බාහිර පාර්ශ්වයන් මැදිහත් නොවිය යුතුයි. එහෙත් ආචාර ධර්මීය රාමුවක් තුළ වෘත්තිමය මට්ටම ඉහළ නැංවීමේ සැබෑ උනන්දුවක් මාධ්‍යවේදීන් තුළින් ම මතුවීම ද අවශ්‍යයි.

වෘත්තීය බවින් උසස් මාධ්‍යකරණයක් බිහි කර ගැනීම අද ප‍්‍රමුඛතාවක්. අර්ධ වැඩවසම්, ගතානුගතික ආකල්ප අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන තුළ මුල් බැසගෙන තිබෙනවා. ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨයන් සමහරුන් ඊළඟ පරපුරක් බිහි කරන්නේ නැහැ. මතු වන්නට ඉඩ දෙන්නේත් නැහැ.

හිමිකරුවන්ටත් වඩා මාධ් අන්තර්ගතය සීමා කරන්නේ මේ වෘත්තිය තුළම සිටින දොරටුපාලකයන් (media gatekeepers). හණමිටි අදහස් කරපින්නා ගත්, එහෙත් සූක්ෂ්ම ලෙස ඒවා දේශීයත්වයනම් කඩතුරාවෙන් වසා ගත් මේ උදවිය මාධ් රතිසංස්කරණ මාවතේ හමු වන මහා බාධක පර්වත වගෙයි.

හිමිකරුවන්ට, දේශපාලකයන්ට හා දැන්වීම්කරුවන්ට මෙන්ම මෙකී ජ්යෙෂ්ඨයන්ටද මාධ් ක්ෂේතරයේ අර්බුදය ගැන වගකීමේ ලොකු කොටසක් හිමි වනවා.

බහුවාර්ගික, බහු ආගමික හා බහු දේශපාලනික සමාජයක බහුවිධ මත ඉවසීම හා ඒවාට ඉඩදීම මාධ්‍යවලින් අප බලාපොරොත්තු වනවා. කර්මාන්තය විසින්ම ස්වයං නියාමනය කිරීමේ උත්සාහයක් නම් 2003දී පිහිටුවා ගත් පුවත්පත් පැමිණිලි කොමිසමයි (www.pccsl.lk). මෙහි තීරණ පිළිගැනීමට බහුතරයක් පුවත්පත් එකඟ වී සිටිනවා.

එහෙත් රටේ තිබෙන 50කට අධික රේඩියෝ නාලිකා හා 20කට අධික ටෙලිවිෂන් නාලිකාවල අන්තර්ගතය ගැන ස්වයං නියාමනයක් කිරීමට මෙබඳු ආයතනයක් නැහැ. එය හදිසි අවශ්‍යතාවක්. එසේම 1973දී පනතක් හරහා පිහිට වූ රජයට අයත් පුවත්පත් මණ්ඩලය (Press Council). බොහෝ මාධ්‍යවේදීන් දකින්නේ මර්දනකාරී ආයතනයක් ලෙසයි. නව රජය එහි අලූත් පාලක මණ්ඩලයක් පත් කොට නැහැ. එය මුළුමනින් වසා දමා එහි අදාළ නීතිය ද නීති පොතෙන් ඉවත් කළ යුතුයි.

මාධ්‍ය කර්මාන්තයේ හා කලාවේ ගුණාත්මක බව නැංවීමට මෙරට සරසවි හා මාධ්‍ය පුහුණු කිරීමේ ආයතනවලට ද ලොකු වගකීමක් තිබෙනවා. මාධ්‍ය කලාව මුළුමනින් පුහුණු කළ නොහැකි වූවත් මූලික ශිල්පීය ක‍්‍රම මෙන්ම ආචාරධර්ම ද සියලූ වෘත්තිකයන්ගේ මූලික සුදුසුකමක් විය යුතුයි.

මාධ්‍ය කරත්තයේ පුංචිම “රෝදය” හා බොහෝ මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සංවාද අමතක කරන පාර්ශ්වය නම් මාධ්‍ය ග‍්‍රාහකයායි (පාඨකයා, ශ‍්‍රාවකයා, පේ‍්‍රක්ෂකයා). මාධ්‍යවලින් දෙන ඕනෑම දෙයක් මහජනයා ඔහේ බාර ගන්නා යුගය අවසන් කළ යුතුයි.

මාධ්‍ය කියන කරන දේ විචාරශීලීව ග‍්‍රහණය කළ හැකි වීමට නම් අපේ මාධ්‍ය සාක්ෂරතාව (media literacy) දියුණු කිරීම අවශ්‍යයි. අකුරු සාක්ෂරතාව හා අධ්‍යාපනික මට්ටම් උසස් අපේ සමාජයේ මාධ්‍ය සාක්ෂරතාව ප‍්‍රමාණවත් නැහැ. මේ නිසා මාධ්‍ය හරහා ජන මනස හැසිරවීමට හා නොමඟ යැවීමට නොයෙක් පිරිස්වලට හැකිව තිබෙනවා. වෙන කවරදාවත් නොවූ තරමට මිථ්‍යා, අවිද්‍යාත්මක මතවාද අපේ සමාජයේ ප‍්‍රචලිත කිරීමට හැකිව තිබෙන්නේ මේ නිසයි.

මාධ් රාහකයන්ට ගරු කරන, ඔවුන්ගේ අයිතීන් පිළි ගන්නා මාධ්යකරණයක් අපට අවශ්යයි. මෙනයින් බලන විට මාධ් රතිසංස්කරණ යනු විවිධ මට්ටම්වල වෙනස්කම් හරහා සිදු කළ යුතු රියාදාමයක්.

මගේ උපමිතියට අනුව මාධ්‍ය වාහනයේ රෝද හතරම එක ප‍්‍රමාණයට පත් කළ නොහැකි වූවත් පවතින විසමතා හා අසමතුලිතතා අඩු කිරීම හරහා දැනට ‘කොට උඩ’ තිබෙන වාහනය ටිකෙන් ටික හෝ හරි ඉදිරි දිශාවට ගමන් කිරීම ඇරඹිය හැකියි!

මාධ්‍ය ප‍්‍රතිසංවිධානයට ජාතික මාධ්‍ය සමුළුව (National Summit on Media Reforms) - 13 & 14 May 2015, Colombo, Sri Lanka
මාධ්‍ය ප‍්‍රතිසංවිධානයට ජාතික මාධ්‍ය සමුළුව (National Summit on Media Reforms) – 13 & 14 May 2015, Colombo, Sri Lanka

 

සිවුමංසල කොලූගැටයා #219: දිවයිනේ හදවත සොයා ගිය යාත‍්‍රිකයා – නිහාල් ප‍්‍රනාන්දු

Nihal Fernando, 1927-2015
Nihal Fernando, 1927-2015

To describe Nihal Fernando (1927-2015) simply as a photographer leaves out so much more that he was: explorer, writer, conservationist and cultural historian. He excelled in each field without having had any formal training – he was entirely self-taught, and mostly self-funded in his lifetime of public interest work.

In fact, in a 2001 interview with journalist Malinda Seneviratne, Nihal claimed that he was not a technical photographer in the sense that he did not have a technical mind. “I only have an eye,” he said, adding that his one-time colleague Luxman Nadarajah was a far superior photographer.

Malinda thoughtfully added: “With this ‘eye’ Nihal saw and gave the world some wonderful images, serene and magical, richness imbued with delicate tones of the simplicity that he lives and appreciates. “This is a country that the gods made for themselves, it has tremendous potential, it has been ruined by politicians and the people who appointed them.”

Nihal has, in his photography, not just produced a variegated visual cartography of this ‘country of the gods’ he has in fact helped identify for us landmarks in the never ending journey of discovering who we are, where we came from and the more benevolent paths that we might choose to walk. Yes, he has shied away from its ugly side. ‘I only wanted to help people appreciate what we have. The ugly side I leave to the foreigners to photograph.’

Read the full profile: Nihal Fernando: the Lanka lover behind the lens by Malinda Seneviratne. The Island 15 April 2001.

I didn’t get to know Nihal at close range; we only met briefly on a few occasions – including at his last public exhibition, where he autographed two of his photos that I bought. In fleeting conversations, he urged me to pay attention to the unrelenting destruction of Lanka’s natural and cultural heritage.

In writing a tribute, I chose to look at what this extraordinary man did with his eyes, heart and mind –often (but not always) aided by his cameras and team. It appears in this week’s Ravaya column (published on 17 May 2015).

All photos courtesy Studio Times.

A way of life, at once serene and deep, captured by Nihal Fernando
A way of life, at once serene and deep, captured by Nihal Fernando

අප අතර සිටි ජ්‍යෙෂ්ඨතම හා ප‍්‍රතිභාපූර්ණ ඡායාරූප ශිල්පියකු වූ නිහාල් ප‍්‍රනාන්දු 2015 අපේ‍්‍රල් 20 වනදා 87 හැවිරිදිව මිය ගියා. දේශපාලන කලබල අතරේ බොහෝ මාධ්‍යවලට එය ප‍්‍රවෘත්තියක් වූයේ නැහැ.

නිහාල් ප‍්‍රනාන්දු (1927-2015) කැමරාවෙන් සිතුවම් නිර්මාණය කළ අයකු පමණක් නොවෙයි. ඔහුගේ භූමිකාව නන් අයුරින් විග්‍රහ කළ හැකියි.

ජෝර්ජ් කීට්, ලෙස්ටර් ජේම්ස් පීරිස්, පී. ඊ. පී. දැරණියගල ආදී දැවැන්තයන් මෙන් අපේ දිවයිනේ හා සභ්‍යත්වයේ අක්මුල් සොයා දිගු කාලීන ගමනක් ගිය කෙනෙක්. තනි ජාතියක් හෝ ආගමක් ඉක්මවා යන ලාංකිකත්වයේ ලකුණ පාදා ගන්නට තැත් කළ අයෙක්. තම උපන් රටට හා එහි සියලූ වැසියන්ට අසීමිත ලෙස ඇලූම් කළ සැබෑ දේශපේ‍්‍රමියෙක්. ගොවිතැනින් හා සොබා දහමින් පෝෂණය වූ අපේකම හා නූතනත්වය එකිනෙක ගැටෙන සැටි කල් තබා දැක අනතුරු ඇඟ වූ දාර්ශනිකයෙක්. මැකී යන අපේ උරුමයන් නව තාක්ෂණය හරහා දෘශ්‍ය සම්පත් මට්ටමින් රැක ගන්නට දායක වූවෙක්.

නිහාල් ප‍්‍රනාන්දු උපන්නේ 1927දී පුත්තලම් දිස්ත‍්‍රික්කයේ මාරවිල. ඔහුගේ ජීවිතයේ මුල් වසර කිහිපය ගෙවී ගියේ මුහුද අසබඩ තිබුණු ඔවුන්ගේ මුල් නිවහනේ. ඔහුගේ පියා නීතිඥයකු වූවත් මුදල් හඹා ගිය අයකු නෙවෙයි. මේ නිසා ඔවුන් ගත කළේ කිසිසේත් ඉසුරුබර නොවූ ඉතා සාමාන්‍ය ජීවිතයක්.

නිහාල්ට වයස හතේදී දරුවන්ට වඩා හොඳින් උගැන්වීමට පවුල කොළඹ පදිංචියට ගියා. එහෙත් අගහිඟකම් නිසා ඔහු පාසලකට ඇතුල් කළේ වයස අවුරුදු 10 පසුවීයි. ඒ වන තුරු ඔහුට ගෙදරදී උගන්වනු ලැබුවා. කොළඹ සාන්ත පීතර විද්‍යාලයට ඇතුලූ වූවත් තමා දිගටම පිටස්තරයකු හෙවත් නොගැළපෙන්නකු (misfit) ලෙස පාසල් ජීවිතය ගත කළ බව ඔහු පසුව ලියා තිබෙනවා.

1930 හා 1940 දශකවල කැමරා සුලබ නැහැග නිහාල් පාසල් වියේදීම කාගෙන් හෝ ඉල්ලා ගත් පරණ කැමරාවකින් ඡායාරූපකරණය තනිව උගත්තේ එයින් සුළු ආදායමක් උපයා ගන්නට. මීට අමතරව කොලූ ගැටයකු ලෙස ඔහු මාළුන් බෝ කිරීම, කුකුළන් ඇති කිරීම, හා පැළ බද්ධ කිරීම ආදිය ද කළේ “පොකට් මනී” සොයා ගැනීමට.

බයිසිකලයේ නැගී මිතුරන් සමග දුර ගමන් යාමට ද ඔහු පුරුදු වුණා. උපන් රටේ විසිතුරු මුල් වරට හඳුනා ගත්තේ මෙසේ ගිය සයිකල් සංචාරවලදී.

1940 ගණන්වල ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත් සමාගමේ සේවයට බැඳුණු නිහාල් වඩාත් වෘත්තීය මට්ටමේ ඡායාරූප ශිල්පයට පිවිසුණා. එදිනෙදා පුවත් වාර්තාකරණය නොව ජන ජීවිතය, සොබා අසිරිය, සාංස්කෘතික උරුමය හා ලංකා දිවයින තුළ හමු වන අසීමිත විවිධත්වය සංවේදීව හසු කර ගැනීමට ඔහු පටන් ගත්තා. මුල් යුගයේ ඔහුගේ ඡායාරූපවලින් සමහරක් ටයිම්ස් හා ඔබ්සර්වර් වාර්ෂික සඟරාවලත් වෙනත් ප‍්‍රකාශනවලත් පළ වුණා.

තනිව හෝ සහෘදයකු සමග හෝ නිහාල් ප‍්‍රනාන්දු අපේ දූපතේ හැම අස්සක් මුල්ලක්ම ගවේශණය කළා. කලබලයකින් තොරව හා සංවේදීව තමා දුටු දසුන් ඡායාරූප ගත කළා.

Dawn at Sri Pada (Adam's Peak). Photograph by Nihal Fernando
Dawn at Sri Pada (Adam’s Peak). Photograph by Nihal Fernando

බොහෝ ඡායාරූප ශිල්පීන් යම් ක්ෂේත‍්‍රයකට විශේෂ අවධානය යොමු කරනවා. වන සතුන්, ගැමි ජීවිතය, කලා ශිල්ප, ජන සංස්කෘතිය ආදී වශයෙන්. එහෙත් සැබෑ ලෝකයේ මේ සියල්ල එකට මුසු වී කැලතෙනවා. වෙන් කරන්නට බැහැ. නිහාල් අපේ දිවයිනේ මේ හැම පැතිකඩක්ම කැමරාවෙන් ගවේෂණය කළා.

එමෙන්ම තමා ගත් හැම ඡායාරූපයක්ම නිසා ලෙස විස්තර කිරීමට හෙවත් කැප්ෂන් කිරීමටත්, එයට කදිමට ගැළපෙන දෙස් විදෙස් සාහිත්‍යමය උධෘතයන් සොයා ගන්නටත් ඔහු අති සමතෙක් වුණා.

1963දී ටයිම්ස් සමාගම සිය ස්ටූඩියෝව විකුණා දමන්නට තීරණය කළා. එහි අගය මනාව දත් නිහාල් අමාරුවෙන් වූවත් එය මිලයට ගත්තා. ස්ටුඩියෝ ටයිම්ස් (Studio Times Limited; www.studiotimes.net) වෙනම සමාගමක් ලෙස විකාශනය වූයේ එතැන් පටන්.

Photo by Nihal Fernando
Photo by Nihal Fernando

උපතින් කිතුනුවකු වූවත්, පවුල් පසුබිමෙන් ඉංගරීසියෙන් සිතන හා කතා කරන අයකු වූවත් නිහාල් ඉතා සමීපව ලාංකික ජන හදගැස්ම හා ජන විඥානය හඳුනා ගත්තා. ජෝර්ජ් කීට් හා ලෙස්ටර් මෙන්ම පෙර අපර දෙදිග සභ්යත්වයන් පිළිබඳව ගැඹුරු දැනුමක් තිබූ නිසා අධි තක්සේරුවකින්, අනවශ් සැරසිලි හා රලාපවලින් තොරව තමන්ගේ සංස්කෘතික උරුමය සැබැවින් තේරුම් ගන්නට ඔහු සමත් වුණා.

සංචාරයෙන්, කියැවීමෙන් හා සහජයෙන් ලද තියුණු බුද්ධියක් හා එයට රාමුවක් සැපයූ දැක්මක් ඔහු සතු වුණා. අසීමිත ධනවාදී තන්ත‍්‍රයක් තුළ නොතිත් ආශාවන් හඹා යන සමාජය දෙස ඔහු තිගැස්මෙන් හා කම්පාවෙන් බලා සිටියා.

1997දී ඔහු පළ කළ ශ්‍රී ලංකාව: මගේ චාරිකාව (Sri Lanka: A Personal Odyssey) නම් රූපමය පොතේ පූර්විකාවේ එක් තැනෙක ඔහු මෙසේ කියනවා: “බටහිර සමාජයන්හි සංවර්ධන ආකෘතිය ගෙඩි පිටින් අප අනුගමනය කළ යුතුද? ඔවුන්ගේ දියුණුවේ අතුරුඵල ලෙස අපරාධ වැඩි වීම, මත්ද්‍රව්‍ය, පාරිසරික විනාශය, සමාජ විසන්ධිවීම හා භෞතිකවාදයට පමණක් ලොල් වූ ජීවන රටාවක් බිහි වී තිබෙනවා. අපට මේ අන්ත කරා නොයන එහෙත් කෙමෙන් දියුණු වීමට හැකි විකල්ප මාර්ග ඇත්ද? ඒ මාර්ගවලට පිවිසීමට කුමක් කළ යුතුද? අයාලේ යන සංවර්ධනය අපේ සමාජය ප‍්‍රපාතයකට කැඳවා ගෙන යනු දැක මට නිහඬව සිටිය නොහැකියි. ටික දෙනකුගේ සුඛවිහරණය සඳහා බොහෝ දෙනකු කැප කරන මේ ක‍්‍රමයට එරෙහිව කලින් කලට ජන විරෝධය පුපුරා යන විට අප කුමක් කරමුද?”

ලක් දිවයින, එහි උරුමය හා ජනයා ගැන ඔහුගේ විග‍්‍රහය මෙන්ම අනාගත අවිනිශ්චිත බවද එහි සේයාරූ හා සීමිත වදන් අතරින් මැනවින් මතුවනවා.

“මගේ රටේ කලකට පෙර සරුසාර හා තිරසාර වූ මානව සභ්‍යත්වයක්ද එය පෝෂණය කළ සොබා දහමක්ද තිබුණා. මෝසම් වැසි කාලයන් දෙකකින් අවශ්‍ය තරමට ජලය ලැබුණා. වැසිදිය අපතේ නොයා නිසි සේ ප‍්‍රයෝජනයට ගන්නට දියුණු වාරි කර්මාන්ත අපේ පැරැන්නෝ සකස් කළා. වනයෙන් වැසුණු කඳු නිසා වියළි කාලයටවත් ගංඟා ඇළදොළ සිඳී ගියේ නැහැ. නැතිබැරිකම නොතිබුණු එසමයෙහි කලා ශිල්ප හා තාක්ෂණයන් දියුණු වුණා. ඉන්දියානු සාගරය තරණය කළ හැකි නැව් තැනීමට අපේ ඇත්තෝ දැන සිටියා.”

Eloquence in stone: Gal Vihara, Polonnaruwa, Sri Lanka. Photo by Nihal Fernando,
Eloquence in stone: Gal Vihara, Polonnaruwa, Sri Lanka. Photo by Nihal Fernando,

ශ‍්‍රී ලංකාව පුරා විසිර පැතිරුණු දහස් ගණනක් පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන, වෙහෙර විහාර හා වෙනත් ඉදිකිරීම් සියැසින් දැක සිටි නිහාල් ඒ අතරින් වඩාත්ම අගය කළේ පොළොන්නරුවේ ගල් විහාරයයි. එය ගලින් බිහි කළ විස්කමක් බවත්, ලෝකයේ මහා පුදුමයන්ගෙන් එකක් බවත් ඔහු ප‍්‍රකාශ කළා.

‘‘ගල් වෙහෙර නිහඬව එහෙත් ව්‍යක්තව මූර්තිමත් කරන්නේ අපේ දිවයින හා එහි ජනයාගේ උරුමයට හා හැදියාවට තෝතැන්නක් සැපයූ, ආදරය, මෛත‍්‍රිය, ඉවසීම හා ලෝකාවබෝධය මත පදනම් වූ සාමයික දර්ශනයක්.’’ යයි ඔහු කියා තිබෙනවා.

සෙමින්, දැහැමින් හා සොබා සබැඳියාවෙන් ගොඩ නැගුණු ලාංකික ජන ජීවිතය 20 වන සියවසේ මැද වන විට නූතනත්වය විසින් ටිකෙන් ටික උඩුකුරු කිරීම ඇරඹුණා. අනවශ්‍ය ලෙස රොමෑන්ටික් නොවී එහෙත් තමා දකින දෙයට සත්‍යවාදී වෙමින් ඉක්මනින් මැකී යන ලාංකික ජන ජීවිතයේ විවිධ පැතිකඩ නිහාල් ප‍්‍රනාන්දු ඡායාරූප ගත කළා.

එසේ කරද්දී ඔහුට ජාති, ආගම්, පළාත් හෝ වෙන භේදයක් තිබුණේ නැහැ. බෙදුම්කාරක සමාජ සාධකවලට වඩා ගැඹුරු පොදු සාධකවලින් හා සහශ‍්‍ර ගණනක පොදු උරුමයකින් අපේ ජනයා බැඳී සිටිනු ඔහු දුටුවා.

ඔහු මනසින් ග‍්‍රහණය කර ගත් හා හදවතින් ස්පර්ශ කළ යථාර්ථය සේයාපටවල හසු කර ගත්තා. මැකී යන උරුමයක් අඩු කරමින් එසේ රැක ගන්නට ඔහු ජීවිත කාලය පුරාම කැප වී සිටියා.

Photo by Nihal Fernando
Photo by Nihal Fernando

නාගරිකව දිවි ගත කළත් නිහාල් ගොවිතැනට බොහෝ සේ ගරු කළාග අපේ පසින් හා දියෙන් බොහෝ දේ වැවිය හැකි බව පෙන්වා දෙන්නට 1965දී ‘Handbook for the Ceylon Farmer නම් පොත රචනා කළා. නිර්නාමිකව ඔහු ලියූ එය 2001දී ගොවි අත්පොත නමින් සිංහලයට පෙරලනු ලැබුවා.

ගොවිතැන හුදෙක් බව බෝග වවා ගැනීමට වඩා බොහෝ ඔබ්බට යන අපේ උරුමයක් බව ඔහු නිතර සිහිපත් කළා. එය ජන ජීවිතයේ රිද්මය, ආහාර නිෂ්පාදනය, ශ‍්‍රම ආයෝජනය, පණ ගැට ගසා ගැනීම මෙන්ම ජනයාගේ තනි හා සාමූහිත සිහිනයන්වලටද පාදක වන සාධකයක්.

ගොවිතැන හා ගොවිකම ගැන ඔහුගේ දාර්ශනික අදහස් මෙසේ අනුවාදය කළ හැකියි: “අතීතයේ සිටම බහුතරයක් ලාංකිකයන්ගේ ජීවිකාව හා ජීවිතය වූයේ ගොවිකමයි. මේ රටේ ආර්ථික සංවර්ධනයක් හා සාංස්කෘතික පුනරුදයක් සැබැවින්ම ඇති කිරීමට නම් ගොවිතැන හා ගොවිකම යනු ජනයා හා සොබාදහම අතිශයින් සමීපව බැඳ තබන රන් හුයක් බව සිහි තබා ගත යුතුයි. එය කඩා බිඳ දැම්මොත් ජනයා මෙන්ම සොබාදහම ද විනාශය කරා ඇදී යනු ඇති”

වෙනස් වන දිවයිනක් සේයාරූ ගත කළත්, වෙනස්වීම්වලට දෙස් දෙවොල් තබමින් සාප කරන තැනට ඔහු ගියේ නැහැ. අතීතය ගැන හා උරුමය ගැන බොහෝ ලාංකිකයන්ට වඩා ගැඹුරු දැනුමක් තිබුණ අතීතකාමය හෝ අන්තගාමී ජාතිකත්වයකට කිසිදා යොමුවූයේ නැහැ.

හැට වසරකට වැඩි වෘත්තීය ඡායාරූප ශිල්පීය ජීවිතය තුළ ඔහු ඡායාරූප ප‍්‍රදර්ශන ගණනාවක් ද උසස් ගණයේ ඡායාරූපමය පොත් කිහිපයක්ද අපට දායාද කළා. සමහර ඡායාරූපශිල්පී මුදලාලිලා මෙන් වර්ණ පින්තූර ගොනුවක් ඔහේ එක් තැන් කර පොත් ලෙසින් එළිදැක්වීමේ සිරිතක් නිහාල්ට තිබුණේ නැහැ. එක පොතකට ඇතුළත් කරන ඡායාරූප තෝරන්නට හා ඒ වටා හරවත් වදන් පෙළක් ලියන්නට ඔහු අවුරුදු ගණනක් ගත කළා.

වෙළඳපොළ ආර්ථිකය ගැන පෞද්ගලිකව ඔහුට රශ්න තිබුණත් සමහර සමාජ රියාකාරිකයන් මෙන් ආර්ථිකයට බැන වදිමින් ලෝකයේ කොහේවත් නැති සමාජවාදයක් ගැන සිහින දුටුවේ නැහැ. වෙනුවට වෙළෙඳ සමාගම්වලට වාණිජ මට්ටමේ ඡායාරූප සේවා ලබා දෙමින් සිය සමාගම පවත්වා ගෙන ගියා.

එයින් ලබන ලාබයෙන් කොටසක් ජාතික වශයෙන් වැදගත් දේ කරන්නට ඔහු වැය කළා. විදේශ ආධාර හෝ රජයේ අනුග්‍රහය කිසිදා පැතුවේත් නැහැ. ගත්තේත් නැහැ. ස්ටුඩියෝ ටයිම්ස්හි අති වැදගත් සමාජ සේවා ලෙස ජාත්‍යන්තර මට්ටමේ පොත් හරහා අපේ උරුමය හා අපේකම අපේ ඇත්තන්ටත් ලොවටත් පෙන්වා දුන්නා.

From the Studio Times bookshelf - time machines to explore a whole civilisation...
From the Studio Times bookshelf – time machines to explore a whole civilisation…

ඊට අමතරව දශක ගණනක් පුරා එකතු කළ, ඉතා ආදරයෙන් රැක බලා ගත් දහස් ගණනක ඡායාරූප එකතුවක් ස්ටුඩියෝ ටයිම්ස් සතුයි. මෙය කිසිදු රාජ්‍ය ආයතනයක් නොකළ ලෙසින් ජාතියේ දෘශ්‍ය දායාදය ඉදිරි පරම්පරා සඳහා සුරැකීමක්.

ඔහුගේ මුල්බස වූ ඉංග‍්‍රීසියෙන් නිහාල් පොත්පත් හා පුවත්පත් ලිපි ලියූ නිසා මෙරට සමහර සිංහල පාඨකයෝ ඔහු හඳුනන්නේ නැහැ. එසේම අප‍්‍රකටව හා නිහඬව තම වැඩ කර ගෙන ගිය නිසා ඉංග‍්‍රීසි පාඨකයන් අතර පවා සැවොම දන්නේ නැහැ.

දේශපේ‍්‍රමය, ජාතිමාමකත්වය හා ඉතිහාසය බදා ගෙන මොර දෙන බකපණ්ඩිතයන්ට නිහාල් ප‍්‍රනාන්දුට කිසිදා සමීප වන්නටවත් බැහැ. ටිකක් කතා කොට බොහෝ දේ කළ, පරපුරක් ඉතිරි කර ගිය නිහාල් ප‍්‍රනාන්දුගේ අපූර්ව ඡායාරූප අතරින් කිහිපයක් අද අප බෙදා ගන්නේ ඔහුට ප‍්‍රණාමයක් ලෙසින්.

Sri Lanka: A Personal Odyssey by Nihal Fernando (1997)
Sri Lanka: A Personal Odyssey by Nihal Fernando (1997)

සිවුමංසල කොලූගැටයා #218: භූමිකම්පා, අනුකම්පා සහ මෝඩකම්පා

_82566881_nepal_earthquake_624

In this week’s Ravaya column (in Sinhala, published in issue of 10 May 2015), I explore the aftermath of the major earthquake that hit Nepal on 25 April 2015, causing widespread damage. I quote Nepali experts and activists on how the lack of preparedness aggravated impact, and the challenge of recovery that now faces Nepali society.

I quote my journalist and activist friend Kanak Mani Dixit, who wrote on May 1: “There’s nothing to do but to try to convert the Great Nepal Earthquake of 2015 into an opportunity to transform the conduct of politics and in the process lift up Nepal at least from the status of a ‘least developed nation’ to that of a ‘developing nation’. For a beginning to be made in that direction, the polity must be jolted out of its stu­por. Only then can the advantages Nepal has—of nature, history and demography—be fully realised.”

I also comment on outrageous claim by some religious nuts who make a bizarre claim that Nepal’s earthquake was “karmic justice” for the sacrifice of some 5,000 buffaloes for a religious festival held last year. I paraphrase in Sinhala these words by young Lankan blogger Yudhanjaya Wijeratne.

After the Nepal Earthquake on 25 April 2015
After the Nepal Earthquake on 25 April 2015

2015 අපේ‍්‍රල් 25 වැනිදා මධ්‍යහනයේ සිදු වූ ප‍්‍රබල භූමිකම්පාවකින් නේපාලයේ බරපතල ආපදාවක් සිදු කළා. කම්පන මාපකයේ 7.8ක් ලෙස ගණනය කළ භූමිකම්පාවේ කේන්ද්‍රය වූයේ නේපාල අගනුවර කත්මණ්ඩු සිට කි.මී. 80ක් පමණ ඊසාන දිගින්.

එම භූමිකම්පාවෙන් හා ඉනික්බිති හට ගත් පසුකම්පා (aftershocks) රැසක් නිසා නේපාලය පුරා බෙහෙවින් ජීවිත හානි හා දේපළ හානි සිදු වූවා. එතරම්ම දරුණු නොවූවත් අසල්වැසි උතුරු ඉන්දියාවේ, බංග්ලාදේශයේ, භූතානයේ හා චීනයේ ටිබෙට් ප‍්‍රාන්තයේ ද මේ කම්පා බලපෑම තිබුණා.

භූමිකම්පා යනු මුළුමනින් ස්වාභාවික සිදුවීමක්. භූමිකම්පා හට ගැනීමට හේතුව පෘථිවි අභ්‍යන්තරයේ නිරන්තරයෙන් සිදු වන විපර්යාස බව විද්‍යාඥයන් කියනවාග භූවිද්‍යාත්මක තැටිවල (tectonic plate) මායිමේ භූ චලන ඇති වන බවත් දන්නා කරුණක්.

භූ විද්‍යාත්මකව සලකන විට හිමාලය කඳුවැටිය ලෝකයේ වයසින් අඩුම කඳුවැටියක්. එය බිහි වූයේ මීට අවුරුදු මිලියන 50කට පමණ පෙර ඉන්දියාව හා ලංකා දුපත රැගත් ඉන්දු භූ විද්‍යා තැටිය (Indian tectonic plate) උතුරු දෙසට ටිකෙන් ටික ඇදී ගොස් සෙසු ආසියාව හා යුරෝපය පවතින යුරේසියානු භූ තැටිය (Eurasian Plate) සමග ගැටීම නිසයි.

මේ මහා භූ තැටි දෙක එකිනෙක තෙරපීම නිසා කාලයාගේ ඇවෑමෙන් හිමාල කඳුවැටිය ඉහළට මතුවී ආවා. එය දැන් තරමක් සන්සුන්ව ඇතත් පොළොව යටින් තවමත් මේ තැටි දෙකේ නොනිමෙන ගැටීමක් පවතිනවා. වසරකට මිලීමීටර් 67ක් පමණ ඉන්දියානු තැටිය තවත් ටිබෙට් සානුව තුළට කිඳා බසිනවා. මෙය ඉතා කෙටි දුරක් වුවත් දැවැන්ත භූමි සමුදායක් මෙසේ තෙරපෙන විට අධික පීඩනයක් හට ගන්නවා. වසරක් පාසා ගොඩ නැගෙන මේ පීඩනය දශක කිහිපයකට වරක් එක්වරම නිදහස් වනවා. උතුරු ඉන්දියාවේ භූමිකම්පා සිදු වන්නේ එවිටයි.

භූමිකම්පා කවදා කොතැනක් කේන්ද්‍ර කර ගෙන සිදුවේදැ’යි කිසිදු භූ විද්‍යාඥයකුට හෝ වෙනත් කිසිදු පිළිගත් ශාස්ත‍්‍රයකට කල් තබා කියන්නට බැහැ.

අපේ‍්‍රල් 25 භූමිකම්පාව නොසිතූ මොහොතක සිදු වුවත් එය අපේක්ෂිත වූවක්. ගෙවී ගිය වසර 100 තුළ නේපාලයේ ප‍්‍රබල භූමිකම්පා 4ක් සිදුව තිබෙනවා. 1934 ජනවාරි 15 වැනිදා මෙයටත් වඩා ප‍්‍රබල (කම්පන මානයේ 8.0ක් සටහන් කළ) භූමිකම්පාවක් සිදු වුණා. උතුරු ඉන්දියාවටද සැරෙන් දැනුණු එයින් ජනයා 16,000ක් පමණ මිය ගොස් බරපතළ දේපළ හානි කළා.

ප‍්‍රබල භූමිකම්පාවක් සිදුවීමට නියමිත බව නම් නේපාල වැසියෝ වසර ගණනාවක සිට දැන සිටියා. ආසන්න වශයෙන් වසර 50-60කට වරක් මේ ප‍්‍රදේශවල ප‍්‍රබල භූමිකම්පාවක් සිදු වන බවට ඓතිහාසික වාර්තා අනුව අනුමාන කළ හැකි වුණා. එයට මුහුණදීමේ සූදානමක් වසර 20ක පමණ පෙර පටන් නේපාල විද්‍යාඥයන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් ඇරඹුවා.

ඒ අනුව අලූතෙන් ඉදි කරන ගොඩනැගිලිවල සැකිල්ල යම් පමණක භූචලනයන්ට ඔරොත්තු දිය හැකි අන්දමේ අමතර සවියක් හා උපක‍්‍රම යෙදීම ප‍්‍රවර්ධනය කළා. (ජපානය වැනි භූමිකම්පා නිතර සිදුවන රටවල සියලූ ගොඩනැගිලි තනන්නේ මෙලෙසයි.) දැනට පවතින ගොඩනැගිලි යම් පිරිද්දීම් හා උපක‍්‍රම මගින් සවිමත් කරනු ලැබුවා (retro-fitting). විශේෂයෙන් ජනයා එක් රැස්වන පාසල්, රෝහල් හා කාර්යාල වැනි ස්ථාන.

මීට අමතරව භූමිකම්පාවක් හට ගන්නා මොහොතේදී එසැණින් ගතයුතු පියවර මොනවාදැ’යි එරට වැසියන් හැකිතාක් දැනුවත් කෙරුණා.

මේ සියල්ල කළේ රාජ්‍ය නොවන සංවිධාන හා විද්වතුන්. දේශපාලන කඹ ඇදීම්වල වසර ගණනක් ඇලී ගැලී සිටින එරට දේශපාලකයන් හෝ රාජ්‍ය නිලධාරීන් මේ තරම් මහජන ආරක්ෂාවට වැදගත් කරුණක් ගැන ඇති තරම් අවධානය යොමු කළේ නැහැ. කොටින්ම කිවහොත් වසර 5කට පෙර කෙටුම්පත් කරන ලද ආපදා කළමනාකරණ පනත තවම සම්මත කරන්නවත් එරට පාර්ලිමේන්තුව උනන්දු වී නැහැ.

SciDev.Net 26 April 2015: Nepal caught unprepared for disasters

Volunteers help remove debris of a building that collapsed at Durbar Square, after an earthquake in Kathmandu, Nepal, Saturday, April 25, 2015. A strong magnitude-7.9 earthquake shook Nepal's capital and the densely populated Kathmandu Valley before noon Saturday, causing extensive damage with toppled walls and collapsed buildings, officials said. (AP Photo/ Niranjan Shrestha)
Volunteers help remove debris of a building that collapsed at Durbar Square, after an earthquake in Kathmandu, Nepal, Saturday, April 25, 2015. A strong magnitude-7.9 earthquake shook Nepal’s capital and the densely populated Kathmandu Valley before noon Saturday, causing extensive damage with toppled walls and collapsed buildings, officials said. (AP Photo/ Niranjan Shrestha)

දියුණු රටක් වන ජපානයේ කලක සිට අනුගමනය කරන සමහර ආරක්ෂණ පියවර, ආසියාවේ ඉතා දුප්පත් රටක් වන නේපාලයට ගැළපෙන පරිදි හැඩගසා ගන්නටද සමාජ ක‍්‍රියාකාරිකයෝ පියවර ගත්තා. උදාහරණයකට ගෙල වටා මාලයක් මෙන් නිරතුරුව විසල් එකක් පැළඳීම. (විසල් එක පැළඳ සිටියහොත් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර තමා කොටු වූ විට බේරා ගන්නට එන අයට යම් ඉඟියක් දිය හැකියි.) නේපාල භූමිකම්පා තාක්ෂණ සංගමය (Nepal Society for Earthquake Technology) නම් රාජ්‍ය නොවන සංවිධානය 1990 ගණන්වල සිට මෙබඳු උපදෙස් එරට ජනයාට දෙනවා.

නේපාල වැසියන්ට සිදු වුණේ තමාගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නට සිදු වීමයි. එහෙත් අකාර්යක්ෂම, නිසි සම්බන්ධීකරණයකින් තොර වූ එරට රාජ්‍ය අංශයට මේ මහා ආපදාවට හරිහැටි ප‍්‍රතිචාර දැක්විය නොහැකි වුණා.

දේශපාලකයන් තුෂ්නිම්භූත වී ගිය බවත්, නිලධාරීන් කරකියා ගන්නට කිසිවක් නැතිව අසරණ වූ බවත් මගේ නේපාල මිතුරන් සමාජ මාධ්‍යවල වාර්තා කළා. මේ ජාතික හිදැස පිරවීමට ස්වේච්ඡුාවෙන් හා කැපවීමෙන් පෙරට ආවේ එරට වෘත්තිකයන් (විශේෂයෙන් වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන්) හා ප‍්‍රබල ලෙස පවතින රාජ්‍ය නොවන සංවිධානයි.

දේශපාලන අස්ථාවර බව නිසා නේපාලයේ පළාත් පාලන ආයතන සඳහා වසර 12කට වැඩි කලක් මැතිවරණ පවත්වා නැහැ. මේ නිසා ප‍්‍රාදේශීය මට්ටමින් ක‍්‍රියාත්මක විය හැකිව තිබූ යාන්ත‍්‍රණයද අකර්මණ්‍ය වෙලා.

නේපාලයේ යහපාලනය හා ජනතා පෙළගැස්ම ගැන සක‍්‍රියව මැදිහත් වී සිටින මා මිත‍්‍ර පත‍්‍ර කතුවර කනක් මානි ඩික්සිත් මේ තත්ත්වය මෙසේ විග‍්‍රහ කරනවා.

‘‘විටින් විට හට ගන්නා සොබාවික ආපදාවලට අමතරව නේපාලයට සදාකාලිකව උරුම වී තිබෙන මිනිසා අතින් බිහි වූ ආපදාවක් තිබෙනවා. ඒ තමයි අපේ ආත්මාර්ථකාමී හා අදක්ෂ දේශපාලකයෝ. භූමිකම්පා උවදුර ගැන විද්වතුන් හා සිවිල් සංවිධාන කෙතරම් කීවත් එය නොතකා ඔවුන්ගේම දුෂණ, වංචා හා අඩදබර කරමින් සිටි දේශපාලකයන් පාලක පක්ෂ විපක්ෂ දෙකේම බහුතරයයි. රටම අසරණ වූ මේ අවස්ථවේවත් දේශපාලකයන් නායකත්වය දෙන්නට පෙරට එන්නේ නැහැ.

‘‘ජනතාවට දැන් මේ රොත්තම එපා වෙලා. විදෙස් රටවල ද උදව් ඇතිව හැකි පමණින් අපටම තමයි මේ ආපදාවෙන් පසු යළි හිස ඔසවන්නට සිදුව ඇත්තේ. දේශපාලකයන්ට හා නිලධාරීන්ට අප කියන්නේ මෙයයි; අඩුතරමින් අප අපටම සහන සලසා ගන්නා විට එයට බාධා නොකර පසෙකට වී සිටින්න. හැකි නම් පමණක් නිසි නායකත්වය පමා වී හෝ ලබා දෙන්න!’’

Outlook magazine, 1 May 2015: Alarms For The Sirsastas: It will be good if Nepal’s lazy, grasping politicians wake up by Kanak Mani Dixit

Earthquakes don't kill; poorly constructed buildings do
Earthquakes don’t kill; poorly constructed buildings do

නේපාලය මුහුණ දෙන තවත් ලොකු අභියෝගයක් කනක් පෙන්වා දෙනවා. එනම් රටේ ජනගහනයෙන් 10%කටත් වැඩි පිරිසක් (මිලියන් 2.2ක් පමණ) මැදපෙරදිග, ඉන්දියාවේ හෝ මැලේසියාවේ ශ‍්‍රමිකයන් ලෙස සේවය කිරීමයි. එරටින් පිටරට යන බහුතරය පිරිමි නිසා බොහෝ ප‍්‍රදේශවල තරුණ වියේ පිරිමින් ඉතා අඩුයි. සුන්බුන් ඉවත් කිරීම වැනි දෙයට අසල්වැසි රටවලින් පැමිණි හමුදා හා අනෙක් ස්වේච්ඡුා සිවිල් ක‍්‍රියාකාරිකයන්ගේ උදව් ඕනෑ වී තිබෙනවා.

බොහෝ දුක් කරදර මැද එදිනෙදා ජීවිතය ගෙවන සාමාන්‍ය නේපාල වැසියන් මේ ආපදාව නිසා වඩාත් පීඩිතව සිටියත්, ඔවුන්ගේ දරා ගැනීමේ හැකියාව ඉතා ඉහළයි. මේ නිසා (දින කිහිපයක් ශෝක වීමෙන් පසු) යළි ඉදි කිරීම හා ජීවනෝපායන් යළි ගොඩනගා ගැනීම ගැන දැන් ඔවුන් ක‍්‍රියාත්මක වනවා. විදේශවලින් උදව්වට ආ අය මේ ප‍්‍රත්‍යස්ථතාව (resilience) ගැන මවිත වෙනවා.

නේපාලයේ මේ දිරිය මිනිසුන් හා ගැහැනුන් ඛේදවාචකයකින් පසු යළි නැගී සිටීමට වෙර දරන විට අපේ රටේ සමහරුන් කරන්නේ කුමක්ද? මේ අහිංසකයන්ගේ විපත ගැන අනුකම්පා වනු හෝ හැකි පමණින් උපකාර කරනු වෙනුවට අවිද්යාත්මක තර්ක මතු කරමින් කාලකණ්ණි වින්දනයක් ලැබීමයි.

ඇතැම් දෙනා මේ විපතින් තම පටු තර්ක සනාථ කරන්නට තැත් කරනු අප පසුගිය දිනවල දුටුවා. හින්දු ආගමික සම්ප්‍රදායකට සතුන් රැසක් බිලි දුන් පූජා කළ නිසා මහා භූමිකම්පාව කර්ම විපාකයක්ලු! මේ තර්කය මොහොතකට පිලිගතහොත්, අපේ ජනයා 40,000ක් පැය කිහිපයක් තුළ මරණයට පත් කළ 2004 සුනාමිය කිනම් මහා “පාපයක” විපාකයද?

සමහර පරිසරවේදීන් කියන්නේ මිහිතලය නේපාලයට දඩුවම් කළාලු. මෙහි සම්පූර්ණ අවිද්‍යාත්මක තර්කය එක සැනන් බැහැර කළ හැකියි.

පෘථිවිය සක‍්‍රිය ග‍්‍රහලෝකයක් ලෙස එහි අභ්‍යන්තරයේ භූවිද්‍යාත්මක ක‍්‍රියාදාමයන් නිරතුරුව සිදු වනවා. මානවයන් මිහිපිට බිහි වන්නට බොහෝ කලකට පෙරත් භූමිකම්පා සිදු වුණා. අනාගතයේ යම් දිනෙක මානවයන් මිහිපිටින් තුරන් වී ගිය පසුද මේ සක‍්‍රියත්වය පවතිනු ඇති. ඒ නිසා මේ ආකාරයේ ආපදා කිසිසේත්ම මානව ක‍්‍රියාදාමය සමග පටලවා නොගත යුතුයි. භූමිකම්පා හා ගිනි කඳු විදාරණය යනු මිහිතලය අපට දඬුවම්දීමක් නොවෙයි.

2013 ජූනි 2දා මා ලියූ පරිදි: “අප කෙතරම් ආදරයෙන්, භක්තියෙන් හා ගෞරවයෙන් මිහිතලයට සැළකුවත් එහි භෞතික රියාකාරිත්වය නිසා විටින් විට අපට ස්වාභාවික ආපදා හා වෙනත් උවදුරුවලට මුහුණ දීමට සිදු වනවා. අප මිහිතලය රැක ගත හොත් එය අපව රැක ගනීවි යන්න විද්යාත්මකව නිවැරදි දැක්මක් නොවෙයි.

2 June 2013: සිවුමංසල කොලූගැටයා #120: මිහිතල මෑණියෝ ද? මිහිතල අම්මණ්ඩි ද?

මේ සියල්ල පසෙක තබමුග අසල් වැසියකුට දුකක් කරදරයක් වූ විටෙක එය තම පිලේ ර්‍ණවැඩි උතුම් බව” පෙන්වන තර්කයක් බවට පෙරළා ගැනීම කෙතරම් පහත් ක්‍රියාවක්ද?

මේ ගැන හොඳ විචාරයක් බ්ලොග් ලේඛක යුධන්ජය විජේරත්න ඉංග‍්‍රීසියෙන් ලියා තිබෙනවා. ඔහුගේ පණිවුඩය සැකෙවින් මෙයයි:

‘‘නේපාලයේ මිය ගිය දහස් ගණනක් ජනයා ගැන අනුකම්පා උපදවා ගන්නට බැරි නම් නිහඬව සිටින්න. මහා ඛේදවාචකයක් වැරදි ලෙස විග‍්‍රහ කොට එය කර්ම විපාකයක්යැ’යි උද්දාමයට පත් නොවන්න. භූමිකම්පා ඇති වන්නේ කර්ම විපාකයට නොව භූ විද්‍යාත්මක තැටිවල චලනයෙන්. මීහරකුන්ගේ මරණයන් හා මේ ස්වාභාවික ප‍්‍රවාහයන් අතර හේතු-ඵල සම්බන්ධයක් ඔබ යන්තමින් හෝ පිළිගන්නවා නම් අපෙ විද්‍යා අධ්‍යාපනය මුළුමනින්ම අසාර්ථක වී ඇති බව පැහැදිලියි.’’

See: Nepal’s Earthquake: Nature, not Karma

Illustration by Outlook magazine India
Illustration by Outlook magazine India

සිවුමංසල කොලූගැටයා #217: වසර 800කට පෙර යහපාලන අඩිතාලම දැමූ මැග්නා කාටාව

In this week’s Ravaya column (in Sinhala, published in issue of 3 May 2015), I talk about the Magna Carta, one of the most famous documents in the world. This years marks the 800th anniversary of its adoption in medieval England in 1215.

It was the first formal document stating that a King had to follow the laws of the land (‘Rule of Law’). It guaranteed the rights of individuals against the wishes of the King. This laid the way for trial by jury which means people are tried by their peers and guaranteed the civil rights of the individual.

The Magna Carta established the principle that the people of England, at this stage represented by the Barons, could limit the power of a King, if he was doing things that were not good for the country. It had far-reaching influence on both sides of the Atlantic over the centuries.

However, the Lankan monarchy always remained absolute until it ended in 1815. There were no formal limits to the monarch’s powers, even though Dasa-Raja-Dhamma or the ‘Ten Royal Virtues’ in Buddhism were meant to moderate that power. In practice, many monarchs ignored it.

Those who clamour for the restoration of monarchy in Sri Lanka don’t know — or overlook — just how feudal, unrestrained and unaccountable the monarchy was.

King John seals the Magna Carta on 15 June 1215. Photo by Universal History
King John seals the Magna Carta on 15 June 1215. Photo by Universal History

මෙබඳු තත්ත්වයක් මොහොතකට පරිකල්පනය කරන්න.

යම් රටක සර්වබල සම්පන්න රජෙක් සිටිනවා. රාජ්‍ය ආරක්ෂාව හා රාජ්‍ය පාලනය ගැන වග කියනවාට අමතරව ඔහු රටේ සියලූ භූමියේ තනි හිමිකරුවායි. රටේ භාණ්ඩාගාරය ඔහුගේ පෞද්ගලික ධන සම්පත ලෙස සිත් සේ වියදම් කරනවා.

ඔහුට, රජ පවුලට හා ඔහුගේ සමීපතයන්ට රටේ අන් අයට බලපාන නීතිරීති අදාළ වන්නේ නැහැ. ඉහළට එන සියලූ නඩු අසන්නේත්, තීන්දු දෙන්නේත් රජු විසින්. එපමණක් නොවෙයි. රටේ ඕනෑම පුරවැසියකුගෙන් වේතනයක් නොගෙවා බලහත්කාරයෙන් වැඩ කරවා ගැනීමට රජ වාසලට හැකියි. එයට රාජකාරිය යයි කියනවා. රජුට හා ඔහුගේ පුත‍්‍රයන්ට රටේ ඕනෑම කාන්තාවක් හිතුමතයට අන්තඃපුරයට ගෙන යා හැකියි. එම කතුන් පුරවැසියකුගේ දියණියන් හෝ බිරිඳන් වීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවෙයි.

කොටින්ම කිවහොත් රටේ වැසියන්ට කිසිදු අයිතිවාසිකමක් නැහැ. මේ කිසිවක් ගැන ප‍්‍රශ්න කළොත් හෝ විවේචනය කළොත් හිරබත් කන්නට හෝ හිස ගසා දැමීමට ලක් වනවා. රජු යම් තරමකට හෝ සවන් දෙන්නේ ආගමික පූජකයන්ට පමණයි. මේ වරප‍්‍රසාදයෙන් පූජකයන් බොහෝ අනිසි ප‍්‍රයෝජන ගන්නවා.

සියලූ සැප සම්පත් හා බලතල ඇතත් රජු නිතරම සිටින්නේ කුමන්ත‍්‍රණ හා පරලොව ගැන බියෙන්…

ඉතිහාසයේ වැඩි කලක් තිස්සේ බොහෝ පාලකයන්ට සීමාරහිත බලතල හිමිව තිබුණා. මේ නිසා බලකාමයෙන් මත් වූ ඇතැම් පාලකයො අත්තනෝමතික හා අන්තවාදී ලෙස ක‍්‍රියා කළා. ඔවුන් නීතියට, සදාචාරයට ඉහළින් යන විට සමනය කර ගන්නට ක‍්‍රමවේදයක් තිබුණේ නැහැ.

පාරම්පරිකව හෝ කුමන්ත‍්‍රණයකින් හෝ යටත් කර ගැනීමකින් හෝ රටක බලයට පත් වන පාලකයා හිතුමතේ ක‍්‍රියා කිරීම ඉතිහාසයේ බොහෝ කලක් පැවතුණු සම්ප‍්‍රදායක්. (ශී‍්‍ර ලංකාවේ 1815න් අවසන් වූ රාජ වංශයටත් එය අදාළයි.)

අද රාජාණ්ඩු ලෝකයේ ඉතිරිව ඇත්තේ කිහිපයක් පමණක් වුවත් අසීමිත බලය අතට ගත් ජනාධිපතිවරුන්, අගමැතිවරුන් හෝ හමුදා පාලකයන් ගැන අපට විටින් විට අසන්නට ලැබෙනවා.

එහෙත් මෙය ශිෂ්ට සමාජවලට කිසිසේත් නොගැලපෙන බවත්, පාලකයා රටේ නීතියට යටත් විය යුතු බවත් අද ලෝක සම්මත පිළිගැනීමයි. දේශපාලන චින්තනය මෙතැනට ගෙන ඒමට තීරණාත්මකව වූ වැදගත් ලියවිල්ලකට 2015දී වසර 800ක් සපිරෙනවා.

එය මැග්නා කාටා (Magna Carta) හෙවත් මහා ප‍්‍රඥප්තිය නමින් 1215දී මධ්‍යකාලීන එංගලන්තයේ සම්මත කරනු ලැබූවක්. පසු කලෙක එය ලෝකයටම බලපෑමක් කළා. මැග්නා කාටාව මානව ඉතිහාසයේ යුක්තිය, සාධාරණත්වය හා මූලික අයිතිවාසිකම් නිරවුල්ව පැහැදිලි කළ හා ප‍්‍රබලව ලේඛනගත කළ මුල්ම ලියවිල්ලයි.

The Magna Carta of 1215, written in iron gall ink on parchment in medieval Latin, using standard abbreviations of the period, authenticated with the Great Seal of King John (image courtesy Wikipedia)
The Magna Carta of 1215, written in iron gall ink on parchment in medieval Latin, using standard abbreviations of the period, authenticated with the Great Seal of King John (image courtesy Wikipedia)

පාර්ච්මන්ට් කඩදාසියේ මුළුමනින්ම ලතින් බසින් ලියැවුණු එය වචන 3,550ක් දිගයි. (එකල ගරු ගාම්භීර භාෂාව වූයේ ලතින්.) කෙටි පරිච්ෙඡ්ද 63කට එය බෙදා තිබෙනවා.

http://www.bl.uk/magna-carta

එංගලන්තයේ එවකට සිටි ජෝන් රජු 1215 ජූනි 15 වනදා තම රාජකීය මුද්‍රාව තබා එය නිල ලියවිල්ලක් බවට පත් කළා. එයට පසුබිම වූයේ ඔහුට එරෙහිව රටේ ප‍්‍රභූන් හා මහජනතාවගෙන් මතු වී ආ ප‍්‍රබල විරෝධයයි.

ප්‍රංශයේ නෝමැන්ඩියේදී ලද හමුදාමය පරාජයත්, රජු විසින් රට වැසියන්ට නිර්දය ලෙස සැලකීමත් නිසා දැඩි කලකිරීමට පත් බොහෝ දෙනා ඔහුට එරෙහිව කැරලි ගසන්නට ආසන්න වෙමින් තිබුණා. කිරුල හා පණ බේරා ගැනීම සඳහා යහපාලන ප‍්‍රතිඥා ගණනාවක් දීමට රජුට සිදු වුණා.

ජෝන් රජුගේ මේ පියවරෙන් වුවද ඔහුට රජකම රැක ගත හැකි වූයේ ටික කාලයකට පමණයි. 1216 ඔක්තෝබරයේ ඔහු මිය ගියා. ඔහුගේ අනුප‍්‍රාප්තික ලාබාල තුන්වන හෙන්රි රජු වඩාත් ප‍්‍රගතිශීලි මැග්නා කාටා සංශෝධනයක් සම්මත කළා. 1225දී යළිත් සංශෝධනය කරනු ලැබූ ලියවිල්ල තමයි දැන් ඓතිහාසිකව පිළි ගැනෙන්නේ.

මධ්‍ය කාලීන එංගලන්තයට වැදගත් වූ බොහෝ දේ එහි ඇතුළත් වුවද සදාතනික වටිනාකමක් ඇති ප‍්‍රධානතම සංකල්පය ලෙස එයින් මතු වූයේ නීතියේ ආධිපත්‍යයයි (Rule of Law). එනම් රජුට හිතුමතයට නීති හෝ බදු පැනවීමට නොහැකි බව හා අන් සෑම දෙනා මෙන්ම රජු හා ඔහුගේ පවුල, ඇමතීන් හා ප‍්‍රභූන් ද එක සේ රටේ නීතියට යටත් වන බව පැහැදිලිව පිළිගැනීමයි.

What is the Rule of Law? Simplified explanation

මෙය අද කාලේ ලෝක සම්මත ශිෂ්ට සම්ප‍්‍රදායක් ලෙස අප දැන සිටියත්, ඒ වන තුරු එය සිදු වූයේ නැහැ. රාජ්‍යය යනු තමාය (“I am the State!”) යන අතිශය උද්ධච්ච උපකල්පනය මත පිහිටා තමන් රිසි ඕනෑම දෙයක් කිරීමට රජුට බලය තිබුණා.

ඕනෑම කෙනකු අත්අඩංගුවට ගන්නට, දඬුවම් කරන්නට, මරා දමන්නට, අත්අඩංගුවට ගන්නට, දේපල සින්න කර ගැනීමට හා වෙනත් බලහත්කාරකම් කිරීමට කිසිදු නීතිමය සීමාවක් තිබුණේ නැහැ. කිසිදු හේතුවක් හෝ පදනමක් උවමනා වූයේත් නැහැග

මැග්නා කාටා ප‍්‍රඥප්තියේ 12 හා 14 වන පරිච්ෙඡ්ද මගින් රජුට රිසි පරිදි රටවැසියන්ගෙන් බදු අය කිරීම සීමාවන්ට යටත් කළා. එය යුක්ති යුක්ත විය යුතු බවත්, ජන සම්මත විය යුතු බවත් කියැවුණා.

ඊටත් වඩා වැදගත් වූයේ 39 වන පරිච්ෙඡ්දයයි. ‘රටේ සම්මත නීතියට හා එම නීති මත පදනම් වී කරන නඩු විභාගයකින් මිස වෙනත් කිසිම අයුරකින් මිනිසකු අත්අඩංගුවට ගැනීම, සිරිගත කිරීම, දේපල පවරා ගැනීම, පිටුවහල් කිරීම හෝ කිසි අයුරකින් විනාශ කිරීම නොකළ යුත්තේය.’ යැයි එහි කියැවුණා.

ඊළඟ 40 වන පරිච්ෙඡ්දයේ මෙසේ ප‍්‍රතිඥා දෙනු ලැබුවා. ‘‘මානව අයිතිවාසිකම් හා යුක්තිය කිසිවකුට පමා කිරීම, නොදී සිටීම හෝ මිලකට විකිණීම නොකළ යුත්තේය.’’

අද ලෝකයේ නීතියේ ආධිපත්යය හා මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ මූලධර්ම බවට පත්ව ඇති මේ රතිඥා මීට වසර 800කට පෙර පැවති වැඩවසම් යථාර්තයට සාපේක්ෂව බෙහෙවින් රගතිශීලි වූවා.

එසේම මේ හරහා එංගලන්තයේ (පසු කලෙක සමස්ත බි‍්‍රතාන්‍යයේම) රජුගේ බලතල පැහැදිලිව නීතිවලට යටත් කරනු ලැබුවා. රජු නීතියට ඉහළින් හෝ බාහිරින් හෝ සිටීමට ඇති ඉඩකඩ අසුරනු ලැබුවා. මෙය එංගලන්තයට හා බි‍්‍රතාන්‍යයට පමණක් නොව සමස්ත ලෝකයටම ඉතා වැදගත් යහපාලන මූලධර්මයක් හඳුන්වා දුන්නා.

What is Magna Carta? Short animation by the British Library

පාලකයා රටේ නීතියට අනුකූල විය යුතු බව ඊටත් සියවස් ගණනකට පෙර පටන් යුරෝපයේ කෙමෙන් මතුව ආ සංකල්පයක්. පුරාණ රෝමයේත්, ඉන් පසුව ස්පාඤ්ඤය, හංගරිය හා ප‍්‍රංශයේත් විද්වතුන් මේ ස්ථාවරය ප‍්‍රවර්ධනය කළා.

එහෙත් බුද්ධිමය තර්කයක් වශයෙන් පමණක් පැවති එය නීති පොතකට නිල වශයෙන් එක් වූයේ මැග්නා කාර්ටාවේ. එය එතැන් පටන් වඩාත් ශිෂ්ට දේශපාලන හා නීති සම්ප‍්‍රදායක අඩිතාලම බවට පත් වුණා.

ඉනික්බිති එලැඹි සියවස්වල ඇතැම් රජවරුන් නීතියේ නොතකා ක්‍රියා කරන්න තැත් කළ විට ප්‍රභූන් හා විද්වතුන් උද්ඝෝෂන කළා. 17 සියවසේ පටන් බි‍්‍රතාන්‍යය යටත් කර ගත් රටවලට ද නීතියේ ආධිපත්‍යය හඳුන්වා දෙනු ලැබුවා. ආණ්ඩුකාරයාට අසීමිත බලතල තිබුනේ නැහැ. නීතියට යටත්ව හා අධිකරණ ක්‍රමයකට යටත්ව ඔහු යටත් විජිත පාලනය කළා.

1776දී අමෙරිකානු යටත් විජිත නිදහස ප්‍රකාශ කොට අමෙරිකන් එක්සත් ජනපදය පිහිටු වන විට එයට මුල් වූ ප්‍රාරම්භකයෝ නීතියේ ආධිපත්‍යයට සුවිශේෂ තැනක් දුන්නා. පාලකයන්ට වඩා නීතිය ඉහලින් තිබීම එරට මූලිකයි. වැරදි වැඩ කළ ජනාධිපති නික්සන්ට ඉල්ලා අස් වන්නට පවා සිදු වුණා.

1800 ගණන්වල පුවත්පත් නිදහස වෙනුවෙන් අරගල කරන බි‍්‍රතාන්‍ය කතුවරු හා ප්‍රකාශකයෝ මැග්නා කාටාව පදනම් කර ගනිමින් රජු හා රජ පවුල විවේචනය කිරීමේ අයිතිය තමන්ට ඇතැයි තර්ක කළා. සර්වජන ඡන්ද බලය ලබා ගැනීමේ දශක ගණනක ජන අරගලයේදීත් බොහෝ ක්‍රියාකාරිකයෝ මේ ලියවිල්ලේ බුද්ධිමය ආභාෂය ලබා ගත්තා.

"It is a struggle for the right to live" - Nelson Mandela address from the dock as first accused at the Rivonia Trial
“It is a struggle for the right to live” – Nelson Mandela address from the dock as first accused at the Rivonia Trial

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහිව අරගල කළ නෙල්සන් මැන්ඩෙලා ඇතුලු පිරිස තම රටටත් මැග්නා කාටාවේ ලෙසින් නීතිය කාටත් එක සමානව අදාල වන අනාගතයක් ගැන සිහින දුටුවා. රජයට එරෙහිව කැරලි ගසා බරපතල චෝදනා ලබා 1962-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වූ මැන්ඩෙලා එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් තර්ක කරන්නට මැග්නා කාටාව ගෙන හැර දැක්වූවා.

මෙසේ සියවස් අටක් ලොව විවිධ රටවල මානව අයිතීන් හා සාධාරණය උදෙසා මැග්නා කාටාව ප්‍රබෝධක ආවේගය ලබා දී තිබෙනවා.

අවාසනාවකට මෙවැනි බලය සීමා කිරීමක් අපේ රටේ රාජ ඉතිහාසයේ සිදු වුණේ නැහැ. රාජ පාලනය යටතේ අතිශයින් වැඩවසම් රමයක අන්ත අසරණ යටත් වැසියන් ලෙස ඉතිහාසයේ වැඩි කාලයක් අපේ මුතුන් මිත්තෝ ජීවත් වුණා.

මෙරට රාජාවලිය හා ඉතිහාසය දෙස බලන විට දසරාජ ධර්මයෙන්, දැහැමින් සෙමෙන් රජකම් කළ රජුන් සිටියේ කිහිප දෙනකු පමණයි. බහුතරයක් ඉවක් බවක් නොමැතිව බලකාමයෙන් රාජ පාලනය කළ අයයි.

මේ ඓතිහාසික ඇබ්බැහිය නිසාදෝ රජකු හා රාජාණ්ඩුවක් නැවත ලබා ගැනීමේ සිහින දකින සමහර ලාංකිකයන් තවමත් සිටිනවා. එසේම ඡන්දදායකයන් මුසපත් කිරීමේ හොඳ උපකරමයක් ලෙස තමන් කිරුළු නොපැළ රජකුලෙස පෙනී සිටීමට අපේ ඇතැම් දේශපාලකයන් දක්ෂයි

ජන ප්‍රවාදයෙන්ද මීට උඩගෙඩි ලැබෙනවා. 1815 මාර්තු 2 වනදා කන්ද උඩරට ගිවිසුම අත්සන් තැබීම සමග සමස්ත ලංකා දිවයින බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණා. එයින් ටික දිනකට පසු කුංකුනාවේ හිමියන් බිම දිගේ සීරුවෙන් ඇදී යන කුහුඹු පෙළක් දැක ‘අනේ කූඹියනේ, තොපටත් රජෙක් ඉන්නේ’ නම් කව කී බව කියැවෙනවා.

ඔහු තව දුරටත් කීවේ මෙයයි:
‘රජෙක් ලැබුණෝතින්

එදා කිරිබත් කන්නේ

පෙරහැර කරන්නේ

සාදු නාදෙන් ගිගුම් දෙන්නේ’

Dr Nirmal Ranjith Dewasiri
Dr Nirmal Ranjith Dewasiri

මේ රාජ උන්මාදය වත්මන් සමාජයට උචිත වූවක් නොවෙයි. ඉතිහාසඥ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මෙයට අදාලව මෑතදී ඔහුගේ ෆේස්බුක් එකේ මෙසේ කියා තිබුණා:

“රජෙක් සදහා වන ෆැන්ටසිමය ආකර්ශනය මිනිස් විෂයේ සැකැස්ම සමග සම්බන්ධිත වූවකි. මෙම ෆැන්ටසිය නවීන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිකල්පනය සමග ප්‍රතිවිරෝධී වේග කෙසේ වෙතත් දේශපාලන වශ‍ෙයන් ප්‍රජාතන්ත්‍රීකරණය මුහුකුරා ගිය සමාජවල මේ ගැටලුවට ප්‍රායෝගික විසදුමක් සොයාගෙන ඇත. ඒ රජෙක් හෝ රැජනක් සංකේතාත්මක වශයෙන් දේශපාලන ධූරාවලියේ ඉහලින් තබා ගැනීමෙනි. මේ මගින් පොදුජන දේශපාලන ෆැන්ටසිය සහ ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණය අතර ඇති විය හැකි ආතතිය සමනය කරගෙන ඇත. අරාබි ලොකය මේ ගැටලුව විසදා නොගැනීම පිළිබද වර්තමානයේ හොදම උදාහරණයයි. ජර්මනියේ හිට්ලර් පිළීබද උදාහරණයද එවැන්නකි. ලංකාවේ මහින්දවාදයද මේ ගැටලුව තුළ හිරවී ඇත. එය විසින් රජෙක් පිළිබද පොදුජන ෆැන්ටසිය හා දේශප්‍රෙමය පිළිබද ව්‍යාජ දෘෂ්ටිවාදී පිරිවැස්ම උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අඩස්සිගත කරනු ලැබ ඇත. මේ ප්‍රවණතාවය පරාජය කිරීම වර්තමානයේ ලංකාවේ ප්‍රමුඛ දේශපාලන අවශ්‍යතාවයයි.”

සියවස් අටකට පෙර මැග්නා කාටාවෙන් පටන් ගත් පුරවැසි පරමාධිපත්‍යයේ දිගු ගමන තවම හමාර නැහැ!

 

සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

In this week’s Ravaya column (in Sinhala, published in issue of 26 April 2015), I question the wisdom of a new project by the Lankan government’s Information and Communication Technology Agency (ICTA) on “ICT for Citizen’s Journalism”.

ICTA’s CEO was recently quoted in the media as saying: “For this programme, what we are planning to show people is that every person can become a journalist and contribute towards media organisations. First, taking photographs and videos and sending it to a reporter which will enable him/her to have more information in order to analyse an incident further and report on it…”

If he has been quoted correction (no denial so far), the apex ICT institution of the Lankan government shows a shocking ignorance in its limited understanding of citizen journalism: must they be limited to gatherers of raw material for mainstream media? What about bearing witness, self-publication and countervailing functions of citizen media?

In today’s column, I call it particularly shocking as ICTA now comes under the purview of Ministry of Foreign Affairs — whose deputy minister, Ajith P Perera, was an active blogger for some years and became the first blogger to be elected to Lankan Parliament in 2010. If only this technical agency were to ask its own minister for some clarity before formulating such misguided national programmes…

I place ICTA’s imminent blunder in the wider context of other governmental agencies making a mockery of ICTs and public communication – for example, the state broadcaster SLBC running so-called community radio.

Yaha-paalanaya (good governance) is not just ensuring a clean and efficient government but also having clarity of purpose and making well reasoned and evidence based interventions to societal needs. ICTA fails once again on this count.

ICTA - ඉබාගාතේ යන, මහජන මුදල් නාස්ති කරමින් ලෝකයාගේ විහිලූවට ලක් වන රජයේ ආයතනය
ICTA – ඉබාගාතේ යන, මහජන මුදල් නාස්ති කරමින් ලෝකයාගේ විහිලූවට ලක් වන රජයේ ආයතනය

1990 දශකය මුලදී පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඇඟලූම් කම්හල් 200 ව්‍යාපෘතිය යටතේ කම්හලක් පිහිට වූ හැම තැනෙකම ආසන්න මංසන්ධියක අදාල සමාගමේ වියදමින් ඔරලෝසු කණුවක් ඉදි කිරීමට නියෝග කළා. 20 වන සියවස මුලදී අත් ඔරලෝසු හෝ (වේලාව බලා ගත හැකි) ජංගම දුරකථන නොතිබි නිසා මහජනයාට එබඳු පහසුකමක් ප‍්‍රයෝජනවත් වූවත් 20 වන සියවස අවසන් දශකය එළඹෙන විට මේ යථාර්ථය මුළුමනින්ම වෙනස් වී තිබුණා.

එහෙත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට තිබූ දැඩි බිය නිසාදෝ ඔරලෝසු කණු පිහිටුවීම යල් පැන ගිය බොරු වැඩක් බව කියන්නට නිලධාරීන් හා ව්‍යාපාරිකයන් පැකිලෙන්නට ඇති. ටික දිනෙකින්ම අකර්මන්‍ය වූ ඔරලෝසු කණු ජනතාව අතර උපහාසයට ලක් වූවා.

රජයක්, රාජ්‍ය සංස්ථාවක් හෝ ඒජන්සියක් දැක්මකින් තොරව සංදර්ශනාත්මක වැඩකට අත තබන්නට යන විට එය කල් තබා විවේචනය කර ඇස් ඇරවා ගැනීමට පුරවැසියන් ලෙස අප තැත් කළ යුතුයි.

යහපාලනය යනු හුදෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, ජනතාවට වග කියමින්, දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රාජ්‍ය පාලනය කිරීම පමණක් නොවෙයි. නිසි දැක්මක්, අවබෝධයක් හා කාර්යක්ෂමතාවකින් යුතුව ‘ස්මාට්’ ලෙස රාජ්‍ය තන්ත‍්‍රය කර ගෙන යාමත් යහපාලනයෙ තවත් මූලික අංගයක්.

අපේ රටේ ඕනෑ දෙයටත් හැම තැනෙකම හැම කාරියකටම රාජ්‍ය තන්ත‍්‍රය මැදිහත් වීම කලක් තිස්සේ පැවතෙන ජාතික ඇබ්බැහියක්. රාජ්‍ය-කේන්ද්‍රීය (state-centred) මානසිකත්වයක් දශක ගණනක් තිස්සේ ස්ථාපිත වීම නිසා උගතුන් ද ඇතුලූ අපේ බොහෝ දෙනකු මෙහි වරදක් දකින්නේ නැහැ.

හැම දෙයක්ම රජය විසින් සම්පාදනය කර දෙන තුරු බලා සිටින අපේ ඇත්තන්ම අනෙක් පසෙකට හැරී ජන ජීවිතයේ හැම පැතිකඩක්ම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය වීම ගැන මැසිවිලි ද නගනවා!

විවෘත වෙළඳපොළ හා ජනමාධ්‍ය යන ක්ෂේත‍්‍ර දෙකේම මේ විසමතාව තිබෙනවා. පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ව්‍යවසායකයන් ද දිරි ගන්වමින් වෙළඳපොළ නිසි නියාමනය කිරීම රජයක මූලික හා ප්‍රධානතම වගකීමයි. එසේම ප‍්‍රතිපත්ති හා රෙගුලාසි මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් කරමින් ඵලදායීව හා පොදු උන්නතිය ප‍්‍රවර්ධනය කිරීම ද අප රජයෙන් බලාපොරොත්තු වනවා.

රජයන්ට පමණක් කළ හැකි මේ වගකීම් හරිහැටි ඉටු කරනවා වෙනුවට හැම වැඩේම බදා ගෙන කිරීමට යාම අපේ රටේ ආණ්ඩුවල කලක සිට ඇති දුසිරිතක්. උදාහරණ ලෙස ගොවිතැන් කරන්නට, වෙළදාම් කරන්නට, මාධ් රකාශනයේ යෙදෙන්නට රී ලංකාවේ රජයන් හැම එකක්ම පාහේ කලක සිටම බොහෝ සෙයින් නැඹුරු වී සිටිනවා.

තොරතුරු හා සන්නිවේදන ක්ෂේත‍්‍රය ගනිමු. සමාජවාදී යයි කියූ සංවෘත ආර්ථිකය 1977දී විවෘත කොට වසර 38ක් ගත වීත්, රාජ්‍ය ඒකාධිකාරත්වය තිබූ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය 1992දී විවෘත කොට වසර 23ක් ගත වීත් අපේ ආණ්ඩු තවමත් පත්තර සමාගමක් (ලේක්හවුස්) පාඩු පිට පවත්වා ගෙන යනවා. රේඩියෝ හා ටෙලිවිෂන් ආයතන ද මහජන මුදලින් විශාල වියදම් දරා නඩත්තු කරනවා. ඒ මදිවාට රජය බහුතර හිමිකාරීත්වය (51%) දරණ ටෙලිකොම් සමාගමක් ද තිබෙනවා.

මේ අස්සේ ලොවම හිනස්සන ප්‍රෝඩාකාරී විහිළු ද කරනවා. 100%ක් රජයට අයත්, රාජ්‍ය නිලධාරීන් මුළුමනින් පාලනය කරන ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 1980 පටන් ප‍්‍රජා රේඩියෝ (community radio) යයි කියා ගන්නා ග‍්‍රාමීය විකාශයන් පවත්වා ගෙන යනවා.

ප‍්‍රජා රේඩියෝවට ලොව පිළිගත් නිර්වචනයට අනුව එය ප‍්‍රජාවට අයිති වූ, ප‍්‍රජාව නඩත්තු කරන හා ප‍්‍රජාවම අන්තර්ගතය තීරණය කරන ජනතා මාධ්‍යයක්. මේ ගුණාංග කිසිත් නැති කොත්මලේ හා ඌව වැනි “ප්‍රජා” යයි කියා ගන්නා රේඩියෝ මෙරට තිබෙනවා. සැබෑ තත්ත්වය නොදත් හෝ නිරවුල් අවබෝධයක් නැති හෝ මාධ්‍ය ශිෂ්‍යයන් මෙන්ම සමහර විදේශිකයන් ද මේ රැවටීමට ලක් වනවා.

7 June 2007: Lions and community radio: part of Sri Lanka’s mythical lore

22 Oct 2003: Radio suffers as Colombo bosses call the shots. By Nalaka Gunawardene. Panos Features, London.

fullමුළුමනින්ම වාණිජ අරමුණු ඇති වෙළඳ සමගම්වලට FM රේඩියෝ විකාශනයන් අරඹන්නට බලපත‍්‍ර රැසක් නිකුත් කර ඇතත් එදා මෙදා තුර කිසිදු සිවිල් සමාජ සංවිධානයකට, පර්යේෂණායතනයකට හෝ පුරවැසියන් පිරිසකට සැබෑ ප්‍රජා රේඩියෝ අරඹන්නට එබඳු බලපත‍්‍රයක් ලබා දී නැහැ. මේ ඇයි?

මේ ගැන මීට වසර ගණනාවකට පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියාතික මාධ්‍ය වැඩමුළුවකදී එවකට සිටි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාර් අබේසිංහගෙන් විමසනු ලැබුවා. එවිට ඔහු කීවේ සැබෑ ප‍්‍රජා රේඩියෝ සඳහා මෙරට අවසර දීමට තරම් (එවකට රජයට) සිවිල් සංවිධාන හා පුරවැසි කණ්ඩායම් ගැන විශ්වාසයක් නොතිබූ බවයි.

මෙයට අභියෝග කෙරුණු විට ඔහු උදාහරණයකට ගත්තේ දැන් සියවසක් පැරණි සමූපකාර ව්‍යාපාරයයි. උතුම් අරමුණු පෙරදැරි කර ගත් සමූපකාර සංකල්පය අයාලේ ගොස් විනාශ වූයේ දේශපාලනය එයට පිවිසීම නිසා බවත්, ප‍්‍රජා සංවිධානවලට රේඩියෝ බලපත් දුන් විට දේශපාලන පක්ෂ එය ප‍්‍රචාරණ මෙවලමක් බවට පත් කර ගැනීමේ අවදානමක් ඇති බවත් ඔහු තර්ක කළා.

විද්‍යුත් මාධ්‍ය දේශපාලනීකරණය වී ඇති බව ඇත්තයි. රාජ්‍ය මාධ්‍ය පවතින රජයට අසීමිත ලෙස ප‍්‍රචාරක හොරණෑ බවට පත් වන අතර පෞද්ගලික මාධ්‍ය ද ඒවායේ හිමිකරුවන්ගේ දේශපාලන ව්‍යාපෘතීන්ට විවෘතවම පෙනී සිටිනවා. මෙය මෑත වසරවල ඉතා හොඳින් අප අත්දුටු යථාර්ථයක්.

කුමාර් අබේසිංහ රජා සංවිධාන විද්යුත් මාධ් ක්ෂේතරයට පිවිසීම වැළැක්වීම යුක්ති යුක්ත කිරීමට මතු කළ අවදානම පෞද්ගලික රේඩියෝ නාලිකා හරහා දැනටමත් හොඳටම සිදු වී තිබෙනවා.

මෙනයින් බලන කොට සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රවල නිසි දැක්මක් හා නිශ්චිත ප‍්‍රතිපත්ති නැති කමින් අපේ රට දශක ගණනක් තිස්සේ වැරදි මාර්ගවල යනවා. රෑ වැටුණු වළේ දවාලෙත් යළි යළිත් වැටෙනවා. එසේ වූවාට පසුතැවීමක් හෝ වැරදි හදා ගැනීමක් ද එතරම් පෙනෙන්නට නැහැ.

ICTA = Ignorant on Communications and Technology agency of Lankan government?
ICTA = Ignorant on Communications and Technology agency of Lankan government?

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ඒජන්සිය හෙවත් ICTA නම් රජයේ ආයතනය ගැන මීට පෙර 2015 මාර්තු 15දා කොලමින් ද අපි කතා කළා. 2003 පටන් මහජන මුදලින් හා විදේශාධාරවලින් නඩත්තු කරන මේ ආයතනයේ ඵලදායීතාව ගැන බරපතල ප‍්‍රශ්න තිබෙනවා.

15 March 2015: සිවුමංසල කොලූගැටයා #211: සැබෑ තොරතුරු සමාජයක් බිහි කිරීමට නිසි ඉදිරි දැක්මක්

2015 අපේ‍්‍රල් 12 වනදා සන්ඬේ ටයිම්ස් පුවත්පත ICTAහි අලූත් ප‍්‍රධාන විධායක නිලධාරී මුහුන්තන් කනගේ සමග සාකච්ඡාවකින් ලියූ වාර්තාවක් පළ කළා. එහි වැඩි කොටසක් වෙන්කර තිබුණේ මෑතදී ඇරැඹූ, ප‍්‍රසිද්ධ ස්ථානවල නොමිලයේ රැහැන් රහිත ඉන්ටර්නෙට් සේවා (free public WiFi) ලබා දීම ගැන කතා කරන්නයි.

මෛත‍්‍රීපාල සිරිසේන මැතිවරණ ප‍්‍රකාශනයෙහි මෙසේ නොමිලයේ WiFi ලබා දීමට පැහැදිලිව ප‍්‍රතිඥා දී තිබුණා. ටෙලිකොම් සමාගම් හරහා මේ පොරොන්දුව ඉටු කිරීම ICTA ආයතනය මගින් සම්බන්ධීකරණය කිරීමේ කිසිදු වරදක් නැහැ.

එහෙත් මෙබඳු සන්දර්ශනාත්මක මට්ටමේ වැඩවලින් ඔබ්බට දිවෙන රතිපත්තිමය හා දිගුකාලීන පියවර ගැනීමට ICTA රමුඛත්වය දිය යුතුයි. ගෙවී ගිය දශකයේ ICTA නොකළේ එයයි.

The Sunday Times, 12 April 2015: ICTA steps into its next project, ‘ICT for Citizen Journalism’

Muhunthan Canagey - image courtesy ReadMe.lk
Muhunthan Canagey – image courtesy ReadMe.lk

සන්ඬේ ටයිම්ස් වාර්තාවේ අවසානයේ කනගේ කියන්නේ ICTA ආයතනයේ ඊළඟ ව්‍යාපෘතිය ‘තොරතුරු තාක්ෂණය හරහා පුරවැසි මාධ්‍යවේදය’ බවයි. මෑතකදී එයට පාලක මණ්ඩල අනුමැතිය ලද බවත් ඔහු කියනවා.

සන්ඬේ ටයිම්ස් වාර්තාකරු නිවැරදිව ඔහුට උපුටා දක්වා ඇතැයි උපකල්පනය කරමු. එවිට මේ ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ නව සන්නිවේදන තාක්ෂණ මෙවලම් හරහා පුරවැසියන් හසු කර ගන්නා ඡායාරූප හෝ වීඩියෝ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට යැවීම ගැන ජනතාව දැනුවත් කොට එයට අවශ්‍ය හැකියාව ලබා දීමලු. මේ හරහා පුරවැසියන් 100,000ක් සම්බන්ධ කර ගන්නට ICTA අදහස් කරනවාලූ.

පුරවැසි මාධ්‍යකරණය ගැන අප මේ කොලමින් විස්තරාත්මකව විටින් විට විග‍්‍රහ කොට තිබෙනවා. ඒ සැම විටම අප අවධාරණය කළේ නවීන සන්නිවේදන තාක්ෂණයන් නිසා අද ඕනැම කෙනකුට තමාගේම තොරතුරු, රූප, වීඩියෝ හා අදහස් එසැනින් සමාජමාධ්‍යගත කළ හැකි බවයි.

බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් නිතිපතා කරන්නේ මෙයයි. මෙය අලූත් දෙයක් නොවෙයි. සමාජ මාධ්‍ය හා බ්ලොග් භාවිතයේ දශකයකට වැඩි අත්දැකීම් මෙරට දැන් තිබෙනවා.

පුරවැසි මාධ්‍යවලට වඩා බෙහෙවින් ගතානුගතික, පසුගාමී හා වැඩවසම් මානසිකත්වයකින් යුතු මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ද මෑතක පටන් තමන්ගේ පුවත් සම්පාදනයට පුරවැසි දායකත්වය ලබා ගන්නට තැත් කරනවා. News 1st කරන U-Report (http://ureport.lk/) උදාහරණයක්. මේ ස්වේච්ඡා පුරවැසි මාධ්‍ය ජාලයට දැන් 18,000කට වැඩි සංඛ්‍යාවක් බැඳී සිටිනවා.

එහෙත් පුරවැසි මාධ්‍යකරණය (citizen journalism) යනු ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලට (සලකා බලා කැමති පරිදි භාවිතයට) බිම් මට්ටමෙන් අමුද්‍රව්‍ය සැපයීම නොව එම අධිපති මාධ්‍යවලට සමාන්තරව තමන්ගේම විකල්ප මාධ්‍ය පවත්වා ගැනීමයි. අධිපති මාධ්‍යවල දොරටු පාලකයා හරහා යන්නට සිදු වූ විට ස්වයං ප‍්‍රකාශක අයිතිය පුරවැසියන්ට අහිමිවනවා පමණක් නෙවෙයි. එම ආයතනවල රුචි අරුචිකම්වලට අනුගත වීමට ද සිදු වනවා.

හැම පුරවැසියකුටම තමන් කැමති අධිපති මාධ් ජාලයකට තොරතුරු හා රූප සැපයීමට අයිතියක් තිබෙනවා. එහෙත් රජයේ ආයතන තොරතුරු සමාජයේ ඉදිරි ගමන රවර්ධනය කළ යුත්තේ ස්වයං රකාශනය හා විකල්ප මාධ් බිහි වීමට අනුබල දීම හරහායි. එසේ නැතිව අධිපති මාධ්යවලට මුක්කු ගැසීමෙන් නොවෙයි.

මේ තරම් මූලික මට්ටමේ නිරවුල් බවක් හා දැක්මක්වත් ICTA ප‍්‍රධානීන්ට නැති හැඩයි.

Ajith P Perera, first Lankan blogger to be elected a Member of Parliament
Ajith P Perera, first Lankan blogger to be elected a Member of Parliament

මෙහි තවත් ඛේදජනක පැතිකඩක් තිබෙනවා. නව රජය යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමත්, ICTA ආයතනයත් අනුයුක්ත කොට තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයටයි. නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙරට පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත් වූ මුල්ම බ්ලොග් ලේඛකයායි.

2010 අපේ‍්‍රල් මහ මැතිවරණයෙන් කලූතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු බවට පත් වන තුරු ඔහු වසර කිහිපයක් ‘බණ්ඩාරගම’  නමින් බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගියා. එය ඉනික්බිති නතර වූවත් දැනටත් ඔහුට ක්ෂුද්‍ර බ්ලොග් වේදිකාවක් වන ට්විටර්හි ගිණුමක් තිබෙනවා. @ajithpperera_p

ICTA ආයතනය අයාලේ යන්නේ පුරවැසි මාධ්‍යකරණ අත්දැකීම් සතු මෙබඳු දේශපාලනඥයකුගේ අධීක්ෂණය යටතේයි!

ICTA වසර 12ක පමණ කාලයක් රජයන් කිහිපයක් යටතේ ක‍්‍රියාත්මක වුවත් තොරතුරු සමාජය ප‍්‍රවර්ධනය සඳහා ප‍්‍රතිපත්තිමය හා දිගු කාලීන වශයෙන් ගත හැකි පියවර ගැන නිසි දැක්මක් ඇති බවක් පෙනෙන්නට නැහැ. මුල පටන් එහි ක‍්‍රියාකාරීත්වය ගැන විචාරශීලීව බලා සිටින මට එය සාක්ෂි සහිතව කිව හැකියි.

Chanuka Wattegama
Chanuka Wattegama

2003-4 වකවානුවේ ඊ-ජර්නලිස්ට්ලා යයි පිරිසක් බිහි කරන්නට මෙම ආයතනය තැත් කළ සැටි මට මතකයි. ඒ ගැන විජය පරිගණක සඟරාවේ 2004 ජනවාරි කලාපයේ කතුවැකියක් ලියමින් එහි ආරම්භක සංස්කාරක මා මිත‍්‍ර චානුක වත්තේගම කීවේ මෙයයි.

‘‘අනෙක් අතට ICTA ඒජන්සියට ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප‍්‍රචලිත කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් එයට මාධ්‍ය සම්මානදීම හෝ ඊ-ජර්නලිස්ට්ලා යයි කියමින් රජයේ මාධ්‍ය ආයතනවල තාක්ෂණ නිලධරයන් පිරිසකට පුහුණු වැඩසටහන් පැවැත්වීම වැනි සෝබන වැඩ කරනවාට අමතරව තමන් කළ යුතු කාර්යයන් රාශියක් තිබේ. එහෙත් මේ කිසිදු කටයුත්තකට වඩා ඉක්මනින් කළ යුතු එකක් ලෙස ඒජන්සියේ අවධානය යොමු වී ඇත්තේ විශාල ප‍්‍රචාරයක් සේම තමනට හිතවත් මාධ්‍යවේදීන් ද උපයා ගත හැකි මාධ්‍ය සම්මාන වැඩපිළිවෙළ දෙසටවත්ද?’’

යහපාලන රජය යටතේ ICTA පාලක මණ්ඩලයට මෑතදී පත්ව සිටින චානුක වත්තේගම මැදිහත් වී හෝ ඉබාගාතේ යන, මහජන මුදල් නාස්ති කරමින් ලෝකයාගේ විහිලූවට ලක් වන මේ රජයේ ආයතනය බේරා ගනු ඇතැයි අපි උදක්ම පතමු.

 

සිවුමංසල කොලූගැටයා #215: සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ

Nelum Yaya bloggers award ceremony 2014
Nelum Yaya bloggers award ceremony 2014

April 2015 marks 20 years of commercial Internet connectivity in Sri Lanka. Nearly a quarter of our 21 million population is estimated to get online, most of them using mobile devices.

Blogging — as an activity of self-expression using the web – is being pursued by a few thousand people, and many thousands more participate as readers or discussants. Some blogs offer serious political and social commentary, while others have become platforms for nurturing new talent in prose, verse, photography, videography or graphic art. Bloggers fit into a larger new media ‘ecosystem’ called citizen journalism, which is constantly evolving. Although not well studied by media researchers, this phenomenon is now a part of our public sphere.

In this week’s Ravaya column (in Sinhala, published in issue of 12 April 2015), I report on the winners and speeches of the recently held Nelum Yaya blog awards ceremony that recognized outstanding Sinhala language bloggers of 2014.

See also:

23 June 2013: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

Cyber invitation that went out to everyone inviting to Nelum Yaya Blogger awards
Cyber invitation that went out to everyone inviting to Nelum Yaya Blogger awards

නෙළුම්යාය සහෘද සමූහය සංවිධානය කළ 2014 හොඳම සිංහල බ්ලොග් සඳහා සම්මාන පිරිනැමීමේ උළෙල මාර්තු 26 වැනිදා මාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත් වුණා. එහිදී මෙරට බ්ලොග් අවකාශය, පුරවැසි මාධ්‍යකරණය හා ඒ හරහා මතු වන අභියෝග ගැන කතා කිරීමට මටද ඇරැුයුම් කොට තිබුණා.

මෙරටට වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා හඳුන්වා දුන්නේ 1995 අපේ‍්‍රල් මාසයේ. එයට විසි වසරක් පිරෙන මේ වන විට මෙරට ජනගහනයෙන් 22%ක් පමණ නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරනවා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. මේ නිසා වෙබ් අවකාශයේ එක් සුවිශේෂී අන්තර්ගත කොටසක් වන බ්ලොග් ගැන ටිකක් විමසා බැලීමට මෙය හොඳ අවස්ථාවක්.

බ්ලොග් (blog) ඉංග‍්‍රීසි වදන සෑදී තිබෙන්නේ වෙබ් ලොග් (web log) යන වදන් දෙක එකතු වීමෙන්. සරල අරුත නම් වෙබ් අවකාශයේ ලියන සටහන් යන්නයි. මේ වචනය බිහි වුණේ 1997දී වුවත් බ්ලොග් ලෙස සැලකිය හැකි වෙබ් ලියවිලි 1994 පටන් පැවතුණා.

වෙබ් අවකාශය අද අප දන්නා ආකාරයෙන් (World Wide Web) නිපදවනු ලැබුවේ 1989දී. 1990 දශකය තුළ එය සෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වුණා. මුල් යුගයේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්නට, සංශෝධනය හෝ යාවත්කාලීන කරන්නට පරිගණක ශිල්ප දැනුම ඉහළට දැන සිටීම ඕනෑ වුණා.

මේ තත්ත්වය වෙනස් වූයේ 1990 දශකය අගදී බ්ලොග් ලිවීම පහසු වන, නොමිලේ වෙබ් ඉඩ ලබා දෙන සයිබර් වේදිකා බිහිවීමෙන් පසුවයි (Blogger 1999; WordPress 2003). වෙබ් අඩවි තැනීමට අවශ්‍ය කිසිදු HTML ශිල්ප දැනුමක් නැති මා වැනි අයටත් විනාඩි කිහිපයක් ඇතුළත අලූත් යමක් ලියා වෙබ් අවකාශයට එකතු කරන්නට හැකියාව ලැබුණේ එවිටයි.

බ්ලොග් යනු පෞද්ගලික අදහස් ප‍්‍රකාශනයක්. එයට වචන, රූප, වීඩියෝ හෝ හඬ යොදා ගෙන කළ හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ) අන්තර් ක‍්‍රියාකාරී බවයි.

බ්ලොග්කරණය කිසිවකුගෙන් අවසර නොපතන, හිතෙන වෙලාවට ස්වේච්ඡාවෙන් කරන කාරියක්. එසේම බොහෝ විට බ්ලොග් රචකයන් ප‍්‍රසිද්ධිය සොයා නොයන, සමහරවිට ආරූඪ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත‍්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරිහැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.

ශ‍්‍රී ලංකාවේ මේ වන විට බ්ලොග් රචකයන් – ලේඛකයන් කීදෙනකු සිටිනවාද යන්න හරිහැටි පැහැදිලි නැහැ. නෙළුම්යාය සංවිධායකයන්ගේ අනුමානය සිංහල බ්ලොග් රචකයන් 300ක් පමණ සිටින බවයි.

මේ ක්ෂේත‍්‍රය කලක සිට සමීපව අධ්‍යයනය කරන මා මිත‍්‍ර චානුක වත්තේගම කියන්නේ මෙරට භාවිත වන තිබසින් එකක් යොදා ගනිමින් බ්ලොග් පවත්වාගෙන යන සිය ගණනක් (සමහර විට දහසකට වැඩි) දෙනා සිටින බවයි.

මේ සමහරුන් සංඛ්‍යාත්මකව ඉතා කුඩා පාඨක පිරිසක් ආකර්ෂණය කර ගන්නා අතර කැපී පෙනෙන බ්ලොග් අඩවිවලට දිනකට දහස් ගණනක් පාඨකයන් පැමිණෙනවා. එවැනි බ්ලොග් රචනා සමහරකට දුසිම් ගණන් ප‍්‍රතිචාර ලැබෙන අතර බොහෝ විට මුල් රචනයට වඩා දිගු පාඨක සංවාද හා විසංවාද දිග හැරෙනවා.

නෙළුම්යාය (http://nelumyaya.com) සංස්කාරක (හා ‘කොළඹ ගමයා’ නමින් බ්ලොග් ලියන) අජිත් ධර්මකීර්ති කියන්නේ මෑත වසරවල සිංහල බ්ලොග් අවකාශය විවිධත්වයෙන් හා සහභාගිත්වයෙන් වඩාත් පුළුල් වී ඇති බවයි. විවිධ මාතෘකා යටතේ දේශපාලන, සමාජයීය, ආර්ථික හා වෙනත් කාලීන විග‍්‍රහයන් බ්ලොග්වල නිතර පළ වනවා. එසේම නිර්මාණාත්මක සාහිත්‍යයක්ද දැන් බ්ලොග් හරහා මතුවී තිබෙනවා. කෙටිකතා, කවි, සංචාරක සටහන්, විහිළු කතා, හමුදා කතා මෙන්ම ඡායාරූප, කාටුන් හා කෙටි වීඩියෝ ද බ්ලොග් අවකාශයේ හමු වනවා.

Ajith Dharmakeerthi, Editor of Nelum Yaya - - Photo by Randika Ahangama
Ajith Dharmakeerthi, Editor of Nelum Yaya – – Photo by Randika Ahangama

‘ඉතාමත් නිර්මාණශීලී බ්ලොග් රචකයන් සිටියත් ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළින් ඉඩ දුන්නේ පිළිගැනීමක් ඇති මාධ්‍යකරුවන්ට පමණයි. මෙතැනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සීමිත පාඨක පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සූදානමක් පෙනෙන්නට තිබුණේ නැහැයැ’යි බ්ලොග් සම්මාන උළෙලේදී ඔහු කියා සිටියා.

ඇත්තටම බොහෝ බ්ලොග් රචකයන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල පිළිගැනීම හෝ ආවරණය පතන්නේ ද නැහැ. බ්ලොග් යනු උප සංස්කෘතියක්. එයටම ආවේණික ජවයක් හා ගතිගණ සමුදායක් එහි තිබෙනවා.

එහෙත් එන්න එන්නම රසබර හා හරබර අන්තර්ගතය වැඩියෙන් බිහි වන බ්ලොග් අවකාශය වැඩි ලාංකික පාඨක පිරිසක් වෙත ගෙන යා යුතුයැ’යි ධර්මකීර්ති මතු කරන තර්කයට නම් මා එකඟයි.

බ්ලොග් අවකාශයට ඔබ මුල් වරට පිවිසෙන්නේ නම් එහි අගමුල හඳුනා ගැනීම තරමක අභියෝගයක්. හැම බ්ලොග් එකකම නිතිපතා අලූත් රචනයක් හෝ එකතු කිරීමක් සිදු වන්නේ නැහැ. අලූතින් බ්ලොග් රචනයක් හෙවත් පෝස්ටුවක් එකතු වූ බ්ලොග් ලැයිස්තු ගත කරමින් ගතික ලෙස නිරතුරු යාවත්කාලීන වන මාර්ගෝපදේශක වෙබ් අඩි තිබෙනවා. මේවාට බ්ලොග් කියවනයන් (blog syndicators, blog aggregators) යයි නමක් යෙදෙනවා.

Kottu.org Screenshot taken on 7 April 2015 - courtesy http://readme.lk/
Kottu.org Screenshot taken on 7 April 2015 – courtesy http://readme.lk/

ලාංකික බ්ලොග් කියවනයක් මුලින්ම බිහි වූයේ මීට දශකයකට පෙර. 2005 අපේ‍්‍රල් මාසයේ. කොත්තු (http://www.kottu.org) නම් වන එහි ස්වයංක‍්‍රීයව අලූත්ම බ්ලොග් පෝස්ටුවල හෙඩිම හා මුල් වැකිය පෙන්වනවා. කැමැති අයට එතැනින් ක්ලික් කොට මුලු බ්ලොග් එකම කියැවීමට යා හැකියි. කොත්තු නිර්මාණය කර මහජන සේවාවක් ලෙසින් පවත්වා ගෙන යන්නේ බරට ඉංග‍්‍රීසි බ්ලොග්කරණයේ පුරෝගාමියකු වන ඉන්දි සමරජීවයි.

මීට අමතරව දැන් සතුටු වැස්ස http://blogs.sathutu.com, ලාංකීය සිතුවිලි http://syndi.lankeeya.lk, ටොප් සිංහල බ්ලොග් http://topsinhalablog.com, අඹ ගහ යට http://ambagaha.blogspot.com වැනි කියවනයන් කිහිපයක් තිබෙනවා. මේ එකක්වත් සියලූ ලාංකික හෝ සිංහල බ්ලොග් ආවරණය නොකළත් අලූත් බ්ලොග් නිර්මාණ ගැන ඉක්මනින් දැන ගැනීමට මෙවැන්නකට පිවිසීම ප‍්‍රයෝජනවත්.

තනි පුද්ගලයන් පවත්වාගෙන යන බ්ලොග්වලට අමතරව සමූහයකගේ ලියවිලි හා වෙනත් නිර්මාණ පළකරන, බ්ලොග් ද තිබෙනවා. කලා-සංස්කෘතික හා දේශපාලනික ප‍්‍රශ්න විචාරයට ලක් කරන බූන්දි අඩවියත් www.boondi.lk, කාලීන සමාජ හා දේශපාලන සංවාදයන්ට වේදිකාවක් සපයන විකල්ප අඩවියත් www.vikalpa.org කැපී පෙනෙන උදාහරණයි.

Ajith Perakum Jayasinghe - Photo by Randika Ahangama
Ajith Perakum Jayasinghe – Photo by Randika Ahangama

සිංහල බ්ලොග් අවකාශයේ ප‍්‍රබල භූමිකාවක් හිමි කරගත් W3Lanka www.w3lanka.com නමින් ද්විභාෂික බ්ලොග් අඩවියක් කරන, අජිත් පැරකුම් ජයසිංහ කෙටි දේශනයක් කරමින් කීවේ අපේ බ්ලොග්කරණය තවමත් මූලික අදියරයක පවතින බවයි.

ඔහු දන්නා තරමට අපේ පූර්ණකාලීන බ්ලොග් ලේඛකයන් නැහැ (පූර්ණ කාලීන මුද්‍රිත ලේඛකයන් පවා අපට ඉන්නේ කී දෙනාද?). ජීවිකාවට කාලය හා ශ‍්‍රමය කැප කරන අතර ඉතිරි වන විවේකය යොදා ගෙනයි අපේ ඇත්තෝ බ්ලොග් ලියන්නේ. එහෙත් බටහිර රටවල දැන් හොඳ පිළිගැනීමක් ලද ප‍්‍රමුඛ බ්ලොග් ලේඛකයන්ට එයින්ම ජීවත් විය හැකියි (වෙබ් දැන්වීම් ආකෘතිය හරහා).

අමෙරිකාවේ බ්ලොග්කරණය ඊළඟ අදියරට ගෙන යෑමට මූලික වූයේ ආරියානා හෆිංටන් Arianna Huffington නම් බ්ලොග් ලේඛිකාවයි. හෆිංටන් පෝස්ට් නමින් ඇය ඇරඹූ සමූහ බ්ලොග් ප‍්‍රකාශනය මේ වන විට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග කරට කර තරග වදින, ව්‍යාපාරික මට්ටමේ මාධ්‍යයක් බවට පත් වෙලා. (එහෙත් ස්වේච්ඡාවෙන් හා විනෝදයට බ්ලොග් ලියන බොහෝ දෙනකු බටහිර රටවල තවමත් සිටිනවා.)

සිංහල බ්ලොග් අවකාශය (හා දෙමළෙන්, ඉංග‍්‍රීසියෙන් ලියැවෙන ලාංකික බ්ලොග්) වසරක් පාසා පුළුල්වෙමින් ඇතත් බ්ලොග් ලේඛකයන්ට සමාජ පිළිගැනීමක් තවමත් බිහි වී නැහැ. ඔවුන්ට ‘බ්ලොග්කාරයෝ’ යැයි කීම හරහාම යම් අවතක්සේරුවක් සිදු වනවා. එකම ලිපිය පත්තරයක, සඟරාවක පළ වූ විට ලැබෙන සමාජ ප‍්‍රතිචාරය එය බ්ලොග් එකක පළවූ විට තවමත් ලැබෙන්නේ නැහැ.

Karunaratne Paranavithana
Karunaratne Paranavithana

මෙයට එක් හේතුවක් නම් අපේ බොහෝ දෙනකු බ්ලොග් ගැන නොදැනීම හෝ වෙනත් වෙබ් ප‍්‍රකාශන සමග බ්ලොග් පටලවා ගැනීමයි. නෙළුම්යාය සම්මාන උළෙලේදී මාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන කීවේ මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ සමහර පුවත්පත් කර්තෘවරුන් බ්ලොග් ගැන අසාවත් නැති බවයි!

‘සතර දිගන්තය’ http://satharadiganthaya.blogspot.com නමින් කලක් බ්ලොග් රචනයේ යෙදුණු පරණවිතානයන්ටද මේ ගැන පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. ‘බ්ලොග් ලිවීම රස්තියාදුකාර වැඩක්. එය ඔබේ වෘත්තීය තත්ත්වයට ගැළපෙන්නේ නැහැ’ යයි ඇතැම් සහෘදයන් ඔහුට අවවාද කොට තිබෙනවා!

බ්ලොග් අවකාශය තුළ අන්තර්ගතය නියාමනයට වත්මන් රජයට කිසිදු අදහසක් නැති බවට මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහතික වූවා. බ්ලොග්කරණය යම් ප‍්‍රමිතීන්ට යටත් කරන්න යැ’යි එම සභාවේම එක් කථිකයකු කළ ඉල්ලීම ඔහු කාරුණිකව බැහැර කළා.

පසුගිය රජය පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට ක‍්‍රියා කළ බවට උදම් අනන අතර විචාරශීලීව වෙබ් අවකාශයේ සන්නිවේදනය කිරීමට අකුල් හෙළුෑ බව අප දන්නවා. ගෙවී ගිය වසර කිහිපය තුළ විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) අණ පරිදි සමහර දේශපාලන වෙබ් අඩවි හා බ්ලොග් මෙරට තුළ කියැවීම අවහිර කළත් දැන් මේ තහංචි ඉවත් කර තිබෙනවා.

‘මෙබඳු තාක්ෂණික අවහිරකිරීම් මින් මතු සිදු වන්නට අප ඉඩ තියන්නේ නැහැ. අදහස් ප‍්‍රකාශනයේ අයිතිය සීමා නොකරන මාධ්‍ය ප‍්‍රතිපත්තියක් අප පවත්වා ගන්නවා’ යැයි පරණවිතානයන් කළ ප‍්‍රකාශය වැදගත්.

බ්ලොග් අවකාශයේ හිමිකරුවන්, දොරටු පාලකයන් හෝ වෙනත් අධිපතියන් නැහැ. බෙහෙවින් අධිපතිවාදී අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට බ්ලොග් නොපෑහෙන්නේත් ඒ නිසා විය හැකියි. සම්මාන උළෙලේදී මා කීවේ ඔඩොක්කු මාධ්‍යවේදීන් බහුල අධිපති මාධ්‍යවලට වඩා ජනතාවාදී සමාජ හිතකාමී මෙහෙවරක් අද සමහර ප‍්‍රමුඛ බ්ලොග් ලේඛක ලේඛිකාවන් ඉටු කරන බවයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී අප මෙය දුටුවා.

 

Blogger of the Year 2014 Priyantha Hewage gets his Award - Photo by Randika Ahangama
Blogger of the Year 2014 Priyantha Hewage gets his Award – Photo by Randika Ahangama

මෙයට හොඳ උදාහරණයක් නම් 2014 වසරේ හොඳම සිංහල බ්ලොග් ලේඛකයා ලෙස පිදුම් ලද මාතලන් හෙවත් ප‍්‍රියන්ත හේවගේ. ඔහුටම ආවේණික පොදු ජන වහරක් යොදා ගනිමින් සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික මාතෘකා ගැන ගැඹුරු එහෙත් පණ්ඩිත නොවූ විග‍්‍රහයන් ඔහු ලියනවා. විටෙක හාස්‍යය හා උපහාසයත්, තවත් විටෙක ශෝකය හා වික්ෂිප්ත බවත් ඔහුගේ බ්ලොග් රචනා තුළ හමුවනවා. යථාර්ථය උඩුකුරු යටිකුරු වූ වත්මන් ලක් සමාජය එහි සාමාන්‍ය මිනිසුන්ට ග‍්‍රහණය වන සැටි ගැන එය හොඳ කැඩපතක් http://maathalan.blogspot.com.

තවත් උදාහරණයක් නම් වසරේ හොඳම බ්ලොග් පෝස්ටුවට (ලිපිය) මුල් තැන දිනූ දසයා බ්ලොග් ලේඛක සඳුන් දසනායක. හීන් සැරෙන් ටිකිරි ටොකු දීමේ කලාව මැනවින් ප‍්‍රගුණ කොට ඇති මේ ලේඛකයා බරපතල සමාජ විශ්ලේෂණ සරල හා සුගම බසින් ගෙන එනවා. සම්මාන දිනූ ‘ආඩම්බරකාර අපේ තාත්තා’ ලිපිය ගෙවී ගිය අඳුරු දශකයේ ලාංකික සමාජයේ ඛේදවාචකය ඇඟට පතට නොදැනී නිර්දය ලෙස විවේචනය කිරීමක්. http://iamdasaya.blogspot.com

බ්ලොග්වල හමු වන්නේ කාලීන විමර්ශන පමණක් නොවෙයි. ගද්‍ය හා පද්‍ය නිර්මාණ ද වැඩි වැඩියෙන් දැන් පළ වෙනවා. තමන්ගේ නිර්මාණයක් පත්තරයක පළ කරවා ගන්නට හඳුනන හෝ නොහඳුනන කෙනකු පසුපස යෑම දැන් අවශ්‍ය නැහැ. සම්මාන උළෙල ඇමතූ බන්දුල නානායක්කාරවසම් කලාකරුවා කීවේ ඉතා ප‍්‍රශස්ත මට්ටමේ පද්‍ය නිර්මාණ දැන් අපේ බ්ලොග්වල නිතර කියවිය හැකි බවයි.

රත්නපුරේ බට්ටි (ඩබ්ලියු. ඒ. කාන්ති) අමානුෂික පොලිස් ප‍්‍රහාරයට ලක් වූ අවස්ථාවේ එම සිදුවීම වීඩියෝ ගත කොට සමාජ මාධ්‍ය ජාල හරහා රටට පෙන්වූයේ පුරවැසි මාධ්‍යකරුවෙක්. එය පාදක කර ගෙන ‘බට්ටි’ නමින් නිසඳැස් කවියක් ලියූ දමිත් ගුණවර්ධනට වසරේ හොඳම බ්ලොග් කවියට සම්මානය පිරිනැමුණා.

Yashodha Sammani Premaratne (Bassi) - second best verse in blog award
Yashodha Sammani Premaratne (Bassi) – second best verse in blog award

නිසඳැස් කවි සඳහා දෙවැනි ස්ථානය ලබා සම්මාන දිනුවේ බස්සී නමින් බ්ලොග් ලියන යසෝධා සම්මානි පේ‍්‍රමරත්න. නූතන ලාංකික කාන්තාවගේ ජීවන අරගලය ගැන හෘදයාංගම ලෙස ගද්‍ය හා පද්‍ය හරහා විවරණය කරන ඇගේ බ්ලොග් අඩවිය ඈ හඳුන්වා දෙන්නේ ‘රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්’ හැටියට. http://bassigenawathana.blogspot.com

මේ කෙටි විග‍්‍රහයේ උදාහරණ ලෙස දැක්විය හැකි වූයේ බ්ලොග් කිහිපයක් පමණයි. බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නේ මෙයයි: ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරිසරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත‍්‍රත්වය හා ගති සොබා හඳුනා ගන්න. එසේ ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමනවලට එළැඹෙන්න.

එසේම පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි සමග බ්ලොග් අඩවි පටලවා නොගන්න. හොඳ පත්තර හා කැලෑ පත්තර අතර වෙනස මෙන් වෙබ් අවකාශයේද හැම ආකාරයේම ප‍්‍රකාශන ඇති බව සිහි තබා ගන්න.

More winners at Nelum Yaya bloggers award ceremony 2014
More winners at Nelum Yaya bloggers award ceremony 2014

සිවුමංසල කොලූගැටයා #214: අඩසියවසක් ජාතිය ගොඩනැංවූ දුරදර්ශී නායකයා – ලී ක්වාන් යූ

Lee Kuan Yew (1923-2015)
Lee Kuan Yew (1923-2015)

In this week’s Ravaya column (in Sinhala, published in issue of 5 April 2015), I explore Lee Kuan Yew’s legacy from the perspective of many public education efforts in Singapore during his time as Prime Minister (1959-1990) and afterwards.

Such public awareness and motivation campaigns have been an integral part of Singapore’s national heritage. Over four decades, these campaign movements have not only shaped Singapore’s surroundings but also the thoughts and behaviour of the people.

As Lim Tin Seng of the National Library, Singapore, has written: “Singapore has conducted many campaigns covering a wide range of topics. For instance, there have been campaigns encouraging the population to keep Singapore clean, take family planning measures, be courteous, raise productivity in the workplace and speak Mandarin as well as good English. There have also been others that remind the people not to litter, be a good neighbour, live a healthy lifestyle and even to wash their hands properly. Collectively, the purpose of these campaigns is to instil certain social behaviours and attitudes that are considered by the government to be beneficial to both the individual and the community. They are also used by the state as an instrument for policy implementation.”

See also my own past writing on this topic:

1 May 2009: TV playing nanny: How Asian broadcasters helped fight SARS

30 April 2009: Digital Defenders: How 24/7 media can help fight swine flu worldwide

Lee is seen sweeping the streets during a mass clean-up campaign in Singapore, 1959
Lee is seen sweeping the streets during a mass clean-up campaign in Singapore, 1959

1959 – 1990 වකවානුවේ සිංගප්පූරුවේ ප්‍රථම අගමැතිවරයා වූ සහ එරට නිදහසෙන් පසු දියුණු රටක් බවට පත් කළ ලී ක්වාන් යූගේ අභාවය ලෝක පුවතක් බවට පත් වුණා.

ඔහු ආන්දෝලනාත්මක චරිතයක්. එහෙත් ඔහු සිය රටට දුන් දුරදක්නා හා කල් පවත්නා නායකත්වය ගැන නම් කවුරුත් පිළි ගන්නවා.

අපේ රටේ ලී (චීන සම්ප්‍රදායට වාසගම ලියන්නේ මුලින්) ගැන පළ වූ බොහෝ විග්‍රහයන් එක්කෝ ඔහු ශ්‍රී ලංකාව මුලදී අගය කළ සැටි හෝ ඔහුගේ දරදඩු පාලන පිළිවෙත්වලට සීමා වූ බවක් පෙණුනා.

ඇත්තටම ලී මාන රැසකින් යුත් අසාමාන්‍ය චරිතයක්. ඔහු අපේ කොළඹ දිස්ත්‍රික්කය පමණ බිම් ප්‍රමාණයකින් යුතු, පසුගාමීව තිබූ දූපතක් භාර ගෙන පරම්පරාවකට අඩු කාලයක් තුළ ඉසුරුබර හා ඒකාග්‍ර ජාතියක් බවට පත් කළේ කෙසේද යන්න සමීපව විමසා බැලිය යුතුයි.

සිංගප්පූරුව මලයා සමූහාණ්ඩුවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වූයේ 1965දී. වර්ග කිලෝමීටර 718.3ක බිම් ප‍්‍රමාණයක් ඇති, සොබා සම්පත් කිසිවක් නැති නගර රාජ්‍යයක අනාගත දියුණුව මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ සේවා හා දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම මත බව ලී ඇතුලූ ඔහුගේ දක්ෂ කැබිනට් ඇමතිවරුන් මුල පටන්ම වටහා ගත්තා. එවකට මිලියනයක් පමණ වූ එරට ජනගහනයේ අධ්‍යාපන මට්ටම්, විනය හා හැදියාව හැකි තරම් දියුණු කරන්නට එරට රජය නොමසුරුව මුදල් යෙදවූවා.

ඉදිරියේදී සිංගප්පූරුව දියුණු රටක් කරන්නට දේශීය හැකියාව ප‍්‍රමාණවත් නොවන බවත්, උගත් හා දක්ෂ විදේශික වෘත්තිකයන් ආකර්ශනය කර ගත යුතු බවත් රජය දැන සිටියා. එරටට ආවේණික වූ චීන, මැලේ හා ඉන්දියානු ජන සංස්කෘතින් රැක ගනිමින් නූතනත්වය වැළඳගත් සිංගප්පූරුව, පිළිවෙළකට වැඩ කිරීම ජාතික ප‍්‍රතිපත්තියක් බවට පත් කළා.

මේ ගැන විවේචන තිබෙනවා. එහෙත් වැරදි පුරුදු හා විනය රහිත බව “සංස්කෘතික උරුමයක්” කියා තව දුරටත් පවත්වා ගෙන යන්නට ලී ඉඩ දුන්නේම නැහැ.

සිංගප්පූරුව ගැන සමීපව අධ්‍යයනය නොකළ හෝ කිසි දිනෙක එහි නොගිය උදවිය බොහෝ දෙනකු තුළ ඇති මනෝචිත‍්‍රය නම් දැඩි නීතිරීති හා දඬුවම්වලින් ගහන වූ දරදඬු රාජ්‍යයක් බවයි.

එරට පාරිසරික පිවිතුරු බව, පිළිවෙළට වැඩ කිරීම හා මාර්ග ආරක්ෂාව ආදී කරුණු සම්බන්ධයෙන් සාපේක්ෂව තදබල නීති ඇති බව ඇත්තයි. එසේම තරාතිරම නොබලා ඕනෑම කෙනකු වරදක් කළ විට අධිකරණ ක‍්‍රියා මාර්ග හරහා දඬුවම් දීම කැරෙනවා.

Tree Planting Campaign was launched by then Prime Minister, Mr Lee Kuan Yew, in 1963
Tree Planting Campaign was launched by then Prime Minister, Mr Lee Kuan Yew, in 1963

බටහිර විචාරකයන් බොහෝ විට හුවා දක්වන්නේ චුවිංගම් තහනමයි. 1992දී හඳුන්වා දුන් මේ තහනම බැලූ බැල්මට පෞද්ගලික නිදහස අනවශ්‍ය ලෙස සීමා කිරීමක් සේ පෙනෙනවා. එහෙත් එයට හේතුව වූයේ චුවිංගම් රස උරා ගත් පසුව ඉතිරි වන ඇලෙනසුළු හපය ප‍්‍රසිද්ධ ස්ථානවල ඔහේ දමා යාමේ නරක පුරුද්දයි.

චුවිංගම් පෝෂණය හෝ වින්දනය අතින් අත්‍යවශ්‍ය නොවූවක්. පදික වේදිකා, බස් හා දුම්රිය පොළ, බස් රථ හා දුම්රිය ඇතුළත මෙන්ම රඟහල්, පාසල් ආදී තැන්වලත් ඉවත දැමූ චුවිංගම් නගරය පිරිසිදුව තබා ගැනීමට මහත් බාධාවක් වුණා. එසේම ඒවා හරිහැටි ගලවා ඉවත් කිරීම වෙහෙසකර, වියදම් අධික කාරියක්. මහජන මුදල් ලක්ෂ ගණනක් නිතිපතා වියදම් කිරීමෙන් පසු සිංගප්පූරුව මේ තහනම හඳුන්වා දුන්නේ අන්තිම පියවර ලෙසයි.

2004දී චුවිංගම් තහනම මඳක් ලිහිල් කෙරුණා. ඖෂධමය චුවිංගම් දැන් එරට ඔසුසල්වලින් අලෙවි කරනවා. එහෙත් ඒවායේ හපය ප‍්‍රසිද්ධ තැනක ඉවත දැමීම ඉහළ දඩයක් ලැබෙන වරදක්.

චුවිංගම් පමණක් නොවෙයි, වෙනත් ඕනෑම ආකාරයක ඉවතලන දෙයක් නිසි සේ බැහැර නොකළොත් එයට ලොකු දඩයක් ගෙවීමට සිදු වෙනවා. පළමුවරට ප‍්‍රසිද්ධ ස්ථානවල කසල දැමීමේ වරදට දඩය සිංගප්පූරු ඩොලර් 2,000යි (රු. 995,000). දෙවන වතාවට හසු වූ විට ඩොලර් 4,000ක් හා ඉන් පසු යළි යළිත් වරද කරන අයට වරකට ඩොලර් 10,000 බැගින් දඩ නියම කැරෙනවා.

සිංගප්පූරුවේ තවත් තහංචි ගණනාවක් තිබෙනවා. කිසිදු ප‍්‍රසිද්ධ ස්ථානයක හෝ විවෘත අවකාශයක කෙළ ගැසීම, මුත‍්‍රා කිරීම, තාප්ප හෝ බිත්තිවල අකුරු ලිවීම හෝ පෝස්ටර් ගැසීමට ඉඩක් නැහැ. එසේම මහපාරේ පදික වේදිකාවල ගමන් කළ යුතුයි. පාර පැනීමට කහ ඉරි සළකුණු කර ඇති තැන් පමණක් යොදා ගත යුතුයි. මෙසේ නොකරන ඕනෑම අයකුට දඩ ගැසීම කරනවා.

එසේම නීතිරීතිවලින් පමණක් රට හදන්නට බැරි බව හොඳාකාර දත් ලී මහජනයා දැනුවත් කිරීම හා හොඳ පුරුදු වර්ධනය කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ කැම්පේන් ආකාරයේ වැඩසටහන් රැසක් දියත් කළා.

Posters used by Singapore's public-health campaigns in the 1970s and 1980s - Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/
Posters used by Singapore’s public-health campaigns in the 1970s and 1980s – Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

2000දී බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී ලී කියා සිටියේ මෙයයි. ‘‘අපේ පවිත‍්‍ර බව හා සංවර බව ඉබේ ඇති වූවක් නෙවෙයි. එය ආයාසයෙන් ගොඩනංවා ගත් ජාතික පුරුදු සමුදායක්. සමාජයට අහිතකර ක‍්‍රියා තහනම් කොට ඉහළ දඩයක් නියම කිරීමෙන් අප නතර වුණේ නැහැ. මහජනයා දිගින් දිගටම දැනුවත් කළා. උද්යෝගය හා උනන්දුව වර්ධනය කළා. ඒ සඳහා කැම්පේන් කළා. සමහර විදේශිකයෝ අපට සමච්චල් කරනවා – අප ‘ආයා රාජ්‍යයක්’ (nanny state) වැනියි කියා. එහෙත් මේ සියල්ල නිසා අප පරම්පරාවක් තුළ වඩාත් හික්මුණු, වගකීම් සහිත ජනතාවක් බවට පත් වී සිටිනවා.”

මුල් යුගයේ සිංගප්පූරු කැම්පේන් අතර කැපී පෙනුණේ 1968දී ඇරඹි ‘සිංගප්පූරුව පිරිසිදුව තබා ගනිමු’ හා 1971 පටන් ගත් රුක් රෝපණයයි. දැනුවත් කිරීමට අමතරව නාගරික නීතිරීති, ගොඩනැගිලි ඉදිකිරීමේ ප‍්‍රමිතීන්, වෙනත් කළමණාකරණ පිළිවෙත් ද විමර්ශනය කොට ප‍්‍රතිසංවිධානය කළා.

එරට මොන වැඬේට අත ගැසුවත් මුල සිට අගට කළ යුතු සියල්ල හඳුනාගෙන, වැඬේ සාර්ථක වනතුරු අල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් මහජනයා වෙතට යන කැම්පේන් අදියර ඇරඹුණේ අවශ්‍ය පරිපාලනමය හා සැළසුම් සම්බන්ධීකරණය හමාරකළ පසුවයි.

Singapore’s Anti-smoking campaign posters used in the 1970s and 1980s. Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/
Singapore’s Anti-smoking campaign posters used in the 1970s and 1980s. Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

මේ හැම කැම්පේන් එකක්ම ඉහළ වෘත්තීය මට්ටමකින් සැලසුම් කොට බහු මාධ්‍ය හා වෙනත් ක‍්‍රියාකාරකම් යොදා ගනිමින් දියත් කළා. දැන්වීම් කර්මාන්තයේ පළපුරුදු වෘත්තිකයන් හා විවිධ ක්ෂේත‍්‍රවල විශේෂඥයන්ගේ දායකත්වය ලැබුණා. උදාහරණයකට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන සියලූ කැම්පේන් කළේ වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් මුල් කර ගෙනයි.

යහපත් සෞඛ්‍යය යනු ලෙඩ වූ විට බෙහෙත් දීම නොව, හැකි තරම් ලෙඩ රෝග වළක්වා ගැනීමයි. ලීගේ දැක්ම වූයේ සෞඛ්‍ය අධ්‍යාපනයට බොහෝ සම්පත් ලබා දී එය රටේ මාධ්‍ය හරහා සූක්ෂ්ම ලෙසින් කිරීමයි. මේ කැම්පේන් හරහා බෝවන රෝග (AIDS,ඩෙංගු) වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන හෘද රෝග, දියවැඩියාව, මානසික රෝග ආදිය ගැනද වෛද්‍ය විද්‍යාත්මක දැනුම ලබා දුන්නා. කිසිදු රෝග ලක්ෂණයක් නැතත් වාර්ෂිකව සෞඛ්‍ය පරීක්ෂණ (annual health check-ups) කර ගන්න යයි ජනතාව දිරිමත් කෙරුණා.

1970 දශකයේ ක්ෂය රෝගය, කොළරාව ආදී බෝවන රෝග එරට තවමත් හමු වුණා. ඒවා පැතිරීම වැළැක්වීමට නිතර අත් සබන් ගා සේදීමට ද ජනතාව උනන්දු කෙරුණා. දුම්බීමට හා මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව 1980 ගණන්වල පටන් ගත් කැම්පේන් අද දක්වා කර ගෙන යනවා.

Singapore: A City of Campaigns

එයට අමතරව මවුකිරි දීමේ අගය, සමබර ආහාරවේලක ගුණය, මාර්ග නීති පිළිපැදීමේ වටිනාකම, පොදු ප‍්‍රවාහන සේවා භාවිතයේ අගය ආදියද තවත් කැම්පේන්වල තේමා වූවා.

1980 හා 1990 දශක වන විට වඩාත් ඉසුරුබර රටක් බවට පත්ව සිටි සිංගප්පූරුව සම්පත් හා බලශක්ති සකසුරුවම්කම, මිනිසුන් අතර ආචාරශීලී බව, වයස 60ට වැඩිමහලූ අයට සැලකීමේ වැදගත්කම ආදී තේමා යටතේ ප‍්‍රබල කැම්පේන් දියත් කළා. එයට සමාන්තරව ජාතික ඵලදායීතාව දියුණුකිරීමේ වැඩ පිළිවෙලක් හා කැඩුණු ඉංග‍්‍රීසි වෙනුවට හොඳ නිවැරදි ඉංග‍්‍රීසි කතා කිරීම දිරිමත් කිරීමත් ඇරඹුනා.

Singapore National Courtesy Campaign posters: 1979 - 2000 Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/
Singapore National Courtesy Campaign posters: 1979 – 2000
Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

මේ ආදායම් ඉහළ යාමත් සමග ජනයා එකිනෙකාට විනීතව කතාබහ කිරීම අඩු වන බව දුටු සිංගප්පූරු රජය 1979දී දිගු කාලීන දැනුවත් කිරීමක් ඇරඹුවා. ආත්මාර්ථකාමී නොවී අන් අයගේ යහපත හා සුවදුක් ගැන සංවේදී වීමටත්, පොදු ස්ථානවල විනීතව හා ආචාරශීලීව හැසිරීමටත් ජනයා උනන්දු කළා.

මුලින් මේ ව්‍යාපාරය ඇරඹුවේ එරටට මිලියන ගණනින් එන සංචාරකයන්ට ආචාරශීලී හා උදව් සහගත වීමට කියායි. එහෙත් ලීගෙ යෝජනාවකට අනුව එය එරට ජනයා එකිනෙකට සම්බන්ධ වන චර්යා සඳහාත් ව්‍යාප්ත කරනු ලැබුවා. National Courtesy Campaign of Singapore

ජාතික ආචාරශීලීබව ප‍්‍රවර්ධනය කිරීමේදී ‘කරුණාකර’ හා ‘ස්තූතියි’ වැනි මූලික යෙදුම් භාවිතයේ සිට විනෝදාස්වාදය ලැබීම, මහමග යාම හා විනෝද චාරිකා යාම ආදිය අන් අයට කරදරයක් නොවන ලෙස කෙසේ කළ හැකිද යන්න පෙන්වා දෙනු ලැබුවා.

ජනතාවට බණ කියනු වෙනුවට රසවත්, ආකර්ශනීය ලෙස පණිඩුඩ සකසා පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන්, දැන්වීම් පුවරු හා සංස්කෘතික සංදර්ශන ආදිය හරහා ඒවා බෙදාහැරියා. බොහෝ කැම්පේන්වලට කාටුන් චරිත, ඉෂ්ට ලංඡන (Mascot) හා හාස්‍ය රසය කාටුන් යොදා ගත්තා. සමහර විට දක්ෂ පොප්, රැප් හෝ වෙනත් සංගීත කණ්ඩායම් තේමා ගීත නිර්මාණය කළා.

Singa
Singa

උදාහණයකට ආචාරශීලීබව පිළිබඳ කැම්පේන් සුරතලා ලෙස සිංගා නම් සිංහයෙක් නිර්මාණය කළා. වසර 30ක් පුරා සිංගා එරට ජන ජීවිතයේ සුපුරුදු අංගයක් වුණා. 1990 දශකයේ ඉන්ටනෙට් භාවිතය පැතිර ගිය පසු මේ කැම්පේන් වෙබ් අඩවි හා ජංගම දුරකථන හරහා ද සමාජගත වුණා.

ජනයා වැඩිදෙනකු කාර්යාලීය ජීවන රටාවකට හුරු වන විට ව්‍යායාම කිරීමේ අවශ්‍යතාව කියා දෙන්නට තවත් කැම්පේන් එකක් දියත් කළා. දිනකට පැය බාලයක්වත් යම් සක‍්‍රීය ව්‍යායාමයක් ගැනීම කොතරම් වැදගත්ද යන්න ඒ හරහා අවධාරණය කෙරුණා. මේ ව්‍යායාම රිද්මානුකූල හා විනෝදජනක ලෙසින් කිරීමට සංගීතමය වීඩියෝ හා වෙනත් උපදේශක මාධ්‍ය රටපුරා බෙදා හරිනු ලැබුවා.

ලීට ඕනෑ වුණේ තුන්වන ලෝකයේ රටක් සේ නිදහස ලැබූ සිය කුඩා රාජ්‍යය පරම්පරාවක් තුළ පළමුවන ලෝකයේ රටක් බවට පත් කරන්න. එහිදී භෞතික යටිතල පහසුකම් තැනීම හා ඒක පුද්ගල ආදායම වැඩිකිරීමට අමතරව සමාජ ඒකාග‍්‍රතාවය, ජාතික අනන්‍යතාව හා රටවැසියන්ගේ අභිමානය ගැනද ඔහු ලොකු අවධානයක් යොමු කළා. ලෝකයේ කිසිදු රටකට නොදෙවැනි රෝහල්, විද්‍යා පර්යේෂණාගාර හා සරසවි එරට බිහි කිරීමට නොමසුරුව රජයේ මුදල් ආයෝජනය කළා.

සංස්කෘතික වශයෙන් කලා, සාහිත්‍ය හා අනෙකුත් නිර්මාණශීලී ප‍්‍රවාහයන්ට ආධාර කළත් රජය ඒ ක්ෂේත‍්‍රවලට අනවශ්‍ය ලෙස අරක් ගත්තේ නැහැ. (නමුත් මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශන නිදහස ගැන නම් දැඩි සීමා පැන වූවා.) චීන, මැලේ හා ඉන්දියානු සම්භව්‍ය ඇති එරට වැසියන් අතර ජාතිවාදය මතු වන්නට ඉඩ දුන්නේ නැහැ. ආගම පෞද්ගලික ක‍්‍රියාවක් ලෙස කිරීමට නිදහස තබා රාජ්‍ය පාලනයට කිසි ආගමක් සම්බන්ධ කර නොගැනීමට ලී දුරදර්ශීව ක‍්‍රියා කළා.

Disneyland with the Death Penalty, by William Gibson

සමහර විවේචකයන් සිංගප්පූරුව සිය ජනතාවට ඕනෑවට වඩා කළ-නොකළ යුතු දේ කියන, හැම දේටම ඇඟිලි ගසන රාජ්‍යයක් කියා හෙළා දකිනවා. එහෙත් මා හමු වී ඇති බොහෝ උගත් සිංගප්පූරු ජාතිකයන් පවා මේ කැම්පේන්වල ප‍්‍රතිඵල අගය කරනවා.

මෙතරම් කෙටි කලෙකින් දියුණු රටක් බවට පත් වූයේ හුදෙක් කොන්ක‍්‍රීට් හා වානේ පිහිටෙන් නොව දුරදක්නා නුවණින් හා නොසැලෙන අධිෂ්ඨානයෙන් එරට මිනිසුන් දියුණු කිරීමයි.

ලී ක්වාන් යූ ඉතිරි කර ගිය ලොකුම දායාදය එයයි!

Speak Mandarin Campaign posters used by Singapore since 1979  - Images courtesy  Remember Singapore website
Speak Mandarin Campaign posters used by Singapore since 1979 – Images courtesy
Remember Singapore website

 

සිවුමංසල කොලූගැටයා #213: පරමාණු භීතිකාවෙන් තොරව න්‍යෂ්ටික තාක්ෂණය තේරුම් ගනිමු!

atom_colorOn 16 February 2015, India and Sri Lanka signed a bilateral agreement to cooperate in peaceful uses of nuclear technology. Under this, India will help the island nation build its nuclear energy infrastructure, upgrade existing nuclear technologies and train specialised staff. The two countries will also collaborate in producing and using radioactive isotopes.

On the same day, Reuters news agency reported: “India could also sell light small-scale nuclear reactors to Sri Lanka which wants to establish 600 megawatts of nuclear capacity by 2030”. Sri Lanka has no nuclear reactors, even though the option has been under discussion for some years.

The full text of the Indo-Lanka nuclear agreement has not been made public. Sri Lanka’s minister of power and energy clarified that it does not allow India to unload any radioactive wastes in Sri Lanka. He also assured that all joint activities will comply with standards and guidelines set by the IAEA.

In this week’s Ravaya column (in Sinhala, published in issue of 29 March 2015), I look at nuclear power generation and nuclear technologies used in medicine, agriculture, industry and construction, etc. I advocate moving away from shrilly rhetoric and call for an informed discussion and debate on nuclear related issues.

I covered similar ground in English here:

SciDev.Net, 28 Feb 2015: Critical nuclear issues in South Asia

radioactiv

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ඉන්දියානු නිල සංචාරය අතරතුර 2015 පෙබරවාරි 16 වනදා ඉන්දු-ලංකා සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණ සහයෝගීතා ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. මෙය එම සංචාරයේ වැදගත් ප‍්‍රතිඵලයක් ලෙස දෙරටේම මාධ්‍ය හඳුන්වා දුන් අතර ඒ ගැන විවිධ ප‍්‍රතිිචාර හා විග‍්‍රහයන් පළ වුණා.

මේ සහයෝගීතා ගිවිසුම හරහා මෙරට න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනීමට ඇති යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත්, විශේෂඥ පුහුණුවක් අපේ අදාළ ශිල්පීන් හා වෘත්තිකයන්ට ලබාදීමටත් ඉන්දියාවේ උපකාර ලැබෙනවා. එසේම විකිරණශීලී සමස්ථානික (radioactive isotopes) නම් වන න්‍යෂ්ටික ද්‍රව්‍ය නිපදවීමටත්, භාවිත කිරීමටත් දෙරට හවුලේ ක‍්‍රියා කරනු ඇති.

සාක් කලාපයේ විද්‍යා හා තාක්ෂණික ක්ෂේත‍්‍රවලින් ඉදිරියෙන්ම සිටින ඉන්දියාව සමග මෙසේ සහයෝගීතාවට එළඹීම අපට ප‍්‍රයෝජනවත් පියවරක්.

මේ ගිවිසුම හරහා ඉන්දියාවේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය කිසිසේත්ම මෙරට බැහැර කිරීමට ඉඩ නොදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළා.

න්‍යෂ්ටික මාතෘකාව ගැන ඕනෑම කතාබහකදී සැකය, බිය හා ත‍්‍රාසය එයට එක් කිරීම සමහරුන්ගේ සිරිතයි. මේ නිසා අනුමාන හෝ කුමන්ත‍්‍රණවාදී කතා වෙනුවට කරුණු හා තර්ක මත පදනම් වී න්‍යෂ්ටික තාක්ෂණ ක්ෂේත‍්‍රය අවබෝධ කර ගැනීම වැදගත්.

පරමාණු බෝම්බ, න්‍යෂ්ටික බලශක්තිය හා බහුවිධ ප‍්‍රයෝජන ලබා දෙන න්‍යෂ්ටික තාක්ෂණය යනු එකිනෙකට වෙනස් ක්ෂේත‍්‍රයන් තුනක්. පරමාණුවේ න්‍යෂ්ටික අන්තර්ගතය පිළිබඳ විද්‍යාත්මක දැනුම මත පදනම් වූවත් මේවායේ භාවිතයන් හා අරමුණු අතර පැහැදිලි වෙනස්කම් තිබෙනවා.

පරමාණු බෝම්බ මිනිසා විසින් නිපදවා ඇති බිහිසුණුම අවියක්. දෙවන ලෝක යුද්ධ සමයේ මුල් වරට තනනු ලදුව 1945 අගෝස්තුවේදී ජපානයේ හිරෝෂිමා හා නාගසාකි දෙනුවරට පරමාණු බෝම්බ දෙකක් හෙළනු ලැබුවා. එයට වඩා අතිශයින් බලවත් පරමාණු බෝම්බ සතු රටවල් ගණනාවක් තිබෙනවා.

2014 estimate of the world's nuclear weapons. Image from: http://walizahid.com/2014/07/pakistan-15th-most-powerful-military-in-the-world/
2014 estimate of the world’s nuclear weapons. Image from: http://walizahid.com/2014/07/pakistan-15th-most-powerful-military-in-the-world/

දකුණු ආසියාවේ ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටද මේ ගණයට ඇතුළත්. න්‍යෂ්ටික අවි ප‍්‍රචලිත වීම සීමා කරන ජාත්‍යන්තර සම්මුතිවලටද බැඳී නොමැති මේ දෙරට අතර දශක ගණනාවක් ඇදී යන භයානක න්‍යෂ්ටික අවි තරගයක් තිබෙනවා.

මේ දෙරටේම න්‍යෂ්ටික අවි ද නිපදවා ඇතත් ඒවා කීයක් තිබේද, පිපිරීම් ධාරිතාව කොපමණ ද යන්න හෙළිදරව් වී නැහැ. සාර්ක් කලාපයේ න්‍යෂ්ටික අවි සන්නද්ධ දෙරටම තම මිලිටරි හා අනෙකුත් න්‍යෂ්ටික භාවිතයන් ගැන එතරම් විවෘතභාවයක් දක්වන්නේද නැහැ.

න්‍යෂ්ටික බලශක්තිය යනු පරමාණුවේ ඇතුළත කැටි වූ ප‍්‍රබල ශක්තිය සීරුවෙන් මුදචා හැර එයින් විදුලිබලය නිපදවීමයි. මෙය වාණිජ මට්ටමින් කිරීම ඇරඹුණේ 1950 දශකයේදී.

න්‍යෂ්ටික තාක්ෂණය ශ‍්‍රී ලංකාවට අලූත් දෙයක් නෙවෙයි. මේ විෂයට අදාළ එක්සත් ජාතීන්ගේ විශේෂඥ ආයතනය වන ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය (International Atomic Energy Agency, IAEA) ආරම්භ වූ 1957 වසරේ පටන්ම ශ‍්‍රී ලංකා රජය එහි රාජ්‍ය මටට්මේ සාමාජිකයකු වූවා. එම ආයතනයෙන් මෙරටට ආ විශේෂඥයන්ගේ උපදෙස් මත 1962දී කොළඹ සරසවියේ විකිරණශීලී සමස්ථානික කේන්ද්‍රයක් පිහිටවනු ලැබුවා.

න්‍යෂ්ටික තාක්ෂණය ජන ජීවිතයට හා ජාතික සංවර්ධනයට යොදා ගැනීම සඳහාම කැපවුණු ශ‍්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරිය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කළේ 1969දී. එහි මුල්ම සභාපතිවරයා වූයේ කොළඹ සරසවියේ ද උපකුලපති වූ කීර්තිමත් විද්‍යාඥ මහාචාර්ය පී. පී. ජී. එල්. සිරිවර්ධනයි.

පරමාණු බලශක්ති අධිකාරිය (2014 පටන් පරමාණුක බලශක්ති මණ්ඩලය) ක‍්‍රමානුකූලව මෙරට න්‍යෂ්ටික තාක්ෂණ භාවිතයන් ප‍්‍රවර්ධනය කළා. වඩාත් ප‍්‍රකට භාවිතයන් ඇත්තේ වෛද්‍ය විද්‍යාවේයි. එක්ස්-රේ (එක්ස් කිරණ) හරහා ශරීරය තුළ අවයව පිළිබඳ අධ්‍යයනය රෝග නිශ්චයේදී බහුලව කරන්නක්.

මෙයින් ඔබ්බට යන වඩාත් සංකීර්ණ පරිලෝකනය කිරීම් (ස්කෑනිං) සඳහා යොදා ගන්නා යන්ත‍්‍රවලද විකිරණශීලී සමස්ථානික භාවිත කෙරෙනවා. මේවා ආරක්ෂිතව භාවිතය ගැන මෙරට රෙගුලාසි පැනවූයේ 1975දී.

කොළඹ ජාතික රෝහලේ න්‍යෂ්ටික වෛද්‍ය කටයුතු 1983දී ඇරඹුණා. අද වන විට රාජ්‍ය හා පෞද්ගලික රෝහල් ගණනාවක න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යා තාක්ෂණය පුළුල්ව යොදා ගැනෙනවා.

Radiation-Therapy WideShot(Cropped) එතරම් ප‍්‍රකට නොවුවත් තවත් ක්ෂේත‍්‍ර ගණනාවක න්‍යෂ්ටික තාක්ෂණය යොදා ගැනෙනවා. ගොඩනැගිලි හා මහ පරිමාණ ඉදි කිරීම් කර්මාන්ත, කෘෂිකර්ම පර්යේෂණ (විශේෂයෙන් සත්ත්ව පාලනයට අදාළව) ආදී ක්ෂේත‍්‍රයන්හි සියුම් විමර්ශන හා වෙනත් අවශ්‍යතා සඳහා විශේෂඥ මට්ටමේ න්‍යෂ්ටික භාවිතයන් රැසක් තිබෙනවා.

ඉන්දු-ශ‍්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම අත්සත් කළ රජයන් දෙකම එය ප‍්‍රසිද්ධියට පත් කොට නැහැ. එහෙත් එහි අන්තර්ගතය ගැන සාරාංශයක් න්‍යෂ්ටික බලශක්ති මණ්ඩලය වෙබ් අඩවියේ පළ වී තිබෙනවා. http://goo.gl/uYUN8o

පරමාණුක බලශක්ති නියාමන කවුන්සිලය (Sri Lanka Atomic Energy Regulatory Council) මෑතදී පිහිට වූ රාජ්‍ය ආයතනයක්. එහි අධ්‍යක්ෂ අනිල් රංජිත් ‘සන්ඬේ ටයිම්ස්’ පත‍්‍රයට කීවේ ඉන්දු-ශ‍්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම න්‍යෂ්ටික බලාගාර ගැන කොතැනකවත් ආවරණය නොකරන බවයි. ‘මේ ගිවිසුම හරහා සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණය දියුණු කිරීමට අප ඉන්දියානු උපකාර ලබනවා. වෛද්‍ය හා කාර්මික ක්ෂේත‍්‍ර මෙයින් ප‍්‍රයෝජන ලබනු ඇති’ ඔහු කියනවා.

ගිවිසුම අධ්‍යයනය කළ අය කියන්නේ න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ දැනට ඇති බලපවත්නා ජාත්‍යන්තර සම්මුති දෙරටම අත්සන් කර ඇති බව ගිවිසුමේ පූර්විකාවේම සිහිපත් කරන බවයි.

එහෙත් මේ ගිවිසුම කිසි තැනක ඉන්දියානු න්‍යෂ්ටික බලාගාරයක අනතුරක් සිදු වුවහොත් එයින් එරරට මතු වන වගකීම හා එයට වන්දි ගෙවීම ආවරණය කර නැහැ.

මෙය අතපසුවීමක් නොව හිතාමතාම මඟ හැරීමක් බව සිතිය හැකියි. මේ ගිවිසුම මාස ගණනාවක් තිස්සේ දෙරටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡා කොට එකඟ වූවක්.

Nuclear Power Plants in India - official map 2014
Nuclear Power Plants in India – official map 2014

ඉන්දියාව තම විදුලිබල ජනනය සඳහා න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම ඇරඹුවේ 1960 දශකයේයි. බටහිර රටවල් න්‍යෂ්ටික බලාගාර සඳහා මුල් යුගයේ ඉන්දියාවට තාක්ෂණික ආධාර දුන්නේ මිලිටරි අවශ්‍යතා සඳහා න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට යොමු නොවනු ඇතැයි යන අවබෝධය ඇතිවයි. එහෙත් 1974දී ඉන්දියාව ‘සාමකාමී න්‍යෂ්ටික බෝම්බයක්’ අත්හදා බැලූ අතර බොහෝ කොට රහසිගත වූ න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළක් කලක සිට එරට ක‍්‍රියාත්මක වනවා.

එරට අති විශාල විදුලිබල ඉල්ලූම සපයා ගැනීමට වැඩි වැඩියෙන් විදුලි බලාගාර තැනීමේ අභියෝගයක් තිබෙනවා. ජල විදුලිය, ගල් අඟුරු හා ඞීසල් බලාගාර මෙන්ම න්‍යෂ්ටික බලාගාර ද තැනීම එරට බලශක්ති සැලසුමේ කොටසක්. (එසේම 2022 වනවිට සූර්ය බලයෙන් මෙගාවොට් 100,000ක් විදුලිය ජනනය කිරීමට එරට සැලසුම් කරනවා.)

2014 අග වනවිට න්‍යෂ්ටික විදුලි බලාගාර සංකීර්ණ 7ක් ඉන්දියාවේ විවිධ ප‍්‍රාන්තවල ක‍්‍රියාත්මක වුණා. ඒවායේ න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක 21ක් මගින් මෙගාවොට් 5,780ක ජනන ධාරිතාවක් එරට විදුලිබල පද්ධතියට එක් කළා. එය එරට සමස්ත විදුලි ජනනයෙන් 3.5%ක් පමණ වූවා.

2020 වසර වනවිට න්‍යෂ්ටික බලාගාර ධාරිතාවය මෙගාවොට් 20,000 දක්වා වැඩි කිරීමට ඉන්දියාව සැලසුම් කරනවා. මේ සඳහා තවත් බලාගාර 4ක් ගොඩනගමින් තිබෙන අතර කිහිපයක් සැලසුම් අදියරේ පවතිනවා.

2011 මාර්තුවේ ජපානයේ ෆුකුෂිමා නුවර ඇති වූ න්‍යෂ්ටික බලාගාර අනතුරට පසු ඉන්දියාව පුරා න්‍යෂ්ටික බලයට එරෙහිව මහජන විරෝධතා උත්සන්න වුණා. විශේෂයෙන්ම මහාරාශ්ට‍්‍රයේ හා තමිල්නාඩුවේ ජන විරෝධතා ප‍්‍රබලයි.

Image courtesy - www.dnaindia.com
Image courtesy – http://www.dnaindia.com

රුසියානු තාක්ෂණය යොදා ගෙන තමිල්නාඩුවේ පිහිටුවා ඇති කූන්ඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරය මෙසේ විරෝධතා මැද දිගටම කරගෙන යන ව්‍යාපෘතියක්. එහි මුල් අදියර 2013දී විදුලි ජනනය ඇරඹුවා.

ඉන්දියානු න්‍යෂ්ටික නියාමන අධිකාරිය කියන්නේ අනතුරු වළක්වා ගැනීමට ගත හැකි සියලූ ආරක්ෂිත පියවර ගෙන ඇති බවයි. එහෙත් ජනාකීර්ණ පෙදෙසක පිහිටි කූන්ඩන්කුලම් බලාගාරය නොසිතූ පරිද්දෙන් අනතුරකට පත් වුවහොත් කඩිමුඩියේ ජනයා ඉවත් කිරීමට කොහෙත්ම හැකියාවක් නැති බව න්‍යෂ්ටික විරෝධී ජන සංවිධාන කියනවා.

ඔවුන් සමහරෙක් මේ බලාගාර සංකීර්ණයට එරෙහිව එරට ශ්‍රෙෂ්ඨාධිකරණයේ 2011දී පෙත්සමක් ගොනු කළා. එහෙත් 2013දී ඉන්දියානු ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළේ බලාගාරය පොදු උන්නතියට දායක වන බව හා අනතුරු වීමේ අවදානම සීමිත බවයි.

න්‍යෂ්ටික බලාගාරවලට එරෙහි ජන සංවිධාන තම විරෝධතා තවමත් අත්හැර නැහැ.

ශ‍්‍රී ලංකාවේ අපට වඩාත් සමීප වූ ඉන්දියානු බලාගාර දෙකක් තමිල්නාඩුවේ තිබෙනවා. එනම් ඉහත කී කුන්ඩකුලම් හා කල්පක්කම් නම් බලාගාරයි. මෙයින් කුන්ඩන්කුලම් ස්ථානයට ඍජු රේඛාවක් ඇන්දොත් අපේ රටේ වයඹ මුහුදු තීරයේ සිට කිලෝමීටර් 230ක් පමණ දුරයි. න්‍යෂ්ටික අනතුරකදී පිට විය හැකි ඇසට නොපෙනෙන, නාසයට නොදැනෙන විකිරණශීලීත්වය මෙදෙසට ඇදී ඒවිද යන්න තීරණය වන්නේ සුළං හමන දිශාව අනුවයි.

Construction of the Koodankulam Nuclear Power Plant in Tamil Nadu, India
Construction of the Koodankulam Nuclear Power Plant in Tamil Nadu, India

එහෙත් මෙබඳු උවදුරක් ගැන අප අනවශ්‍ය ලෙස කළබල විය යුතු නැහැ. වාතය සමග මුසුව එන විකිරණශීලිත්වය වහා හඳුනාගත හැකි ගැමා කිරණ නිරීක්ෂණ උපකරණ මෙරට ස්ථාන 6ක සවිකර ඇති බව පරමාණුක බලශක්ති මණ්ඩලය කියනවා.

‘විකිරණශීලතාවයේ’ වැඩිවීමක් සිදු වූ විගස එය අපට දැනගත හැකියි’ මණ්ඩලයේ අධ්‍යක්ෂ අනිල් රංජිත් පවසනවා.

ඉන්දු-ශ‍්‍රී ලංකා න්‍යෂ්ටික ගිවිසුම අත්සන් තැබූ සතියේ නවදිල්ලියෙන් වාර්තා කළ රොයිටර් ජාත්‍යන්තර පුවත් සේවය කීවේ 2030 පමණ වනවිට මෙගාවොට් 600ක පමණ ධාරිතාව ඇති කුඩා න්‍යෂ්ටික විදුලි බලාගාරයක් පිහිටුවීමටද ඉන්දියානු තාක්ෂණික ආධාර මෙරටට ලැබිය හැකි බවයි. නිල ගිවිසුම මෙබන්දක් ගැන කතා නොකළත් මෙය න්‍යෂ්ටික ක්ෂේත‍්‍රයේ විද්වත් මතයක් ලෙස ඉදිරිපත් කෙරුණා. මෙය මෙරට බලධාරීන් විසින් තහවුරු කොට නැහැ.

ඉන්දියාව සමග ගිවිසුමට පෙර ශ‍්‍රී ලංකාව රුසියාව සමගද න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළා. ඉදිරි සති කිහිපයේදී පාකිස්ථානය සමගද එබඳු ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි.

ඉන්දියාව ළඟට සාක් කාලාපයේ න්‍යෂ්ටික තාක්ෂණයෙන් පෙරමුණ ගන්නේ පාකිස්ථානයයි. එරටද න්‍යෂ්ටික බලාගාර කිහිපයක් ඇති අතර චීන ආධාර ඇතිව කරච්චි නුවර තවත් බලාගාර ඉදි කෙරෙමින් තිබෙනවා.

ශ‍්‍රී ලංකාව විදුලි බලශක්ති ජනනය සඳහා අනාගතයේ යම් දිනෙක න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමට සැලසුම් කළහොත් එය පුළුල් මහජන සංවාදයකට ලක් විය යුතුයි. විවෘත රාජ්‍ය ප‍්‍රතිපත්ති හා තීරණ ගැනීමේ ක‍්‍රියාදාමයක් පෙරටු කොට ගත් යහපාලන රජයෙන් එය පුරවැසියන් උදක්ම අපේක්ෂා කරනවා.

සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණය මානව සුභ සිද්ධියට යොදා ගැනීම කිසිසේත්ම කලබල විය යුතු හෝ හෙළා දැකිය යුතු දෙයක් නෙවෙයි. එහෙත් ‘පරමාණුක‘ හෝ ‘න්‍යෂ්ටික’ කී පමණින්ම භයානක මනෝ චිත‍්‍රයක් මවා ගැනීම සමහරුන්ගේ ගතියක්. මේ තාක්ෂණයන් ප‍්‍රවර්ධනය කරන අපේ රාජ්‍ය ආයතන මීට වඩා සංවේදීව හා කාර්යක්ෂම ලෙසින් සන්නිවේදනය කළ යුතු යයි මා සිතනවා.

ඉතා අඩු මාත‍්‍රාවකින් හෝ මට්ටමකින් යුතු විකිරණශීලීත්වය ආරක්ෂිත උපක‍්‍රම ගණනාවක් සමග වෛද්‍ය, කාර්මික හෝ ජීව විද්‍යාත්මක භාවිතයන්ට යොදා ගැනීම ආර්ථිකයට හා ජන ජීවිතයට ප‍්‍රයෝජනවත් වන සැටි මීට වඩා ලක් සමාජයට පෙන්වා දිය යුතුයි. එසේ කිරීමේදී තාක්ෂණිකව නිවැරදි එහෙත් බොහෝ දෙනාට නුපුරුදු ‘විකිරණශීලී’ යෙදුම්වලට වඩා ‘සාමකාමී න්‍යෂ්ටික තාක්ෂණය’ හෝ ‘හිතකර න්‍යෂ්ටික තාක්ෂණය’ වැන්නක් වඩා සුදුසුයි.

සිවුමංසල කොලූගැටයා #212: විද්‍යා සන්නිවේදන ජගතා – වෛද්‍ය බුද්ධදාස බෝධිනායක

Dr Buddhadasa Bodhinayake - Science communication trail-blazer in Sri Lanka
Dr Buddhadasa Bodhinayake – Science communication trail-blazer in Sri Lanka

Dr Buddhadasa Bodhinayake, who died on 4 March 2015 in the UK, was a trail-blazing science and health communicator in Sri Lanka in the 1960s and 1970s. While still a schoolboy, he wrote the first Sinhala language book on space travel in 1961, which he co-authored with Arthur C Clarke. In the early 1970s, he also wrote the first local book on child psychology.

While being a high school student, medical student and after becoming a medical doctor, Bodhinayake continued writing to newspapers and presenting science programmes on radio. In June 1966, he launched Vidya monthly science magazine, which had a long and illustrious innings until 2006.

In this week’s Ravaya column (in Sinhala, published on 22 March 2015), I recall highlights of Dr Bodhi’s science communication work, and capture memories of some of his teachers and contemporaries. I also acknowledge the inspiration I derived from his work while growing up in the 1970s.

විද්‍යා, කලා, වාණිජ විෂය ධාරා වශයෙන් වෙන් කරන ලද පාසල් හා උසස් අධ්‍යාපනයක් පවතින අපේ රටේ කලාවට ලැදි විද්‍යා සිසුනට එම කුසලතා දියුණු කර ගන්නට ඇත්තේ සීමිත අවකාශයක්.

විද්‍යා-කලා ක්ෂේත‍්‍ර දෙකෙහිම දස්කම් පෑ, ඉංග‍්‍රීසි-සිංහල ද්විභාෂා සමතකු වූ වෛද්‍ය බුද්ධදාස බෝධිනායක මේ සාම්ප‍්‍රදායික සීමා ඉක්මවා ගිය අයෙක්. මෙරට සිංහල විද්‍යා සන්නිවේදනයේ නිම්වළලූ පුළුල් කළ, මුද්‍රිත හා රේඩියෝ මාධ්‍ය දෙකෙන්ම සරලව හා රසවත්ව විද්‍යා දැනුම බෙදා දුන් ඔහු මාර්තු 4 වනදා ලන්ඩනයේදී මිය ගියා.

වසර තිහකට වඩා ඔහු පදිංචිව සිටියේ බි‍්‍රතාන්‍යයේ බැවින් අපේ නව පරපුරට ඔහුගේ නම පුරුදු නැති විය හැකියි. එහෙත් 1960, 1970 දශකවල විද්‍යා, කලා හා දේශපාලන ක්ෂේත‍්‍රවල බෝධිනායක නම නිතර කියැවුණා.

බෙන්තොට උපත ලද ඔහු කොළඹට ආවේ වයස දහයේදී පමණ. කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් හා කාර්යශූර සිසුවකු ලෙස බෝධිනායකයන් 1950 දශකයේ හා 1960 ගණන්වල මුලදී රටම දැන හඳුනා ගත්තේ මාධ්‍ය හරහායි.

Buddhadasa Bodhinayake as a young man
Buddhadasa Bodhinayake as a young man

ඔහුගේ ගුරුවරුන්ට හා සමකාලීනයන්ට ඒ කාලය හොඳහැටි මතකයි. දශක ගණනක් ආනන්දයේ සිංහල බස ඉගැන් වූ ඒ. ඒ. ප‍්‍රනාන්දු මහතා බෝධිනායක සිහිපත් කරන්නේ ලියන්නට හා කථිකත්වයට දක්ෂ, බහුවිධ කුසලතා තිබූ, අසාමාන්‍ය ගණයේ සිසුවකු හැටියටයි.

‘ඒ කාලයේ මම සිංහල දරුවා නමින් සඟරාවක් කළා. බෝධිනායකගේ මුල්ම ප‍්‍රකාශිත ලිපි එහි පළ වූ ඒවා විය හැකියි. පාසලේ සාහිත්‍යයට, කලාවට, විද්‍යාවට එක සේ ලැදි වූ ඔහු සිංහල, ඉංග‍්‍රීසි දෙබසම මනා ලෙස හැසිර වූවා,’ යැයි ප‍්‍රනාන්දු මහතා ගිය සතියේ ආවර්ජනා කළා.

එවකට ආනන්දයේ සිංහල ගුරුවරයකු වූ මගේ පියා (ඩබ්ලිව්. ඞී. කේ. ගුණවර්ධන) බෝධිනායක හඳුනා ගත්තෙ 1960 දශකය මුලදී ඔහු උසස් පෙළ පන්තියට ආ පසුයි. ඔහු බෙහෙවින් උද්‍යොගශීලී සිසුවකු වූ බවත්, සිංහල බසෙහි නොයෙක් ගුරුහරුකම් ගන්නට නිතර ආ සැටිත් පියාට මතකයි.

‘බෝධිනායක කියන්නේ දක්ෂතා රැසක් තිබුණු, ගුණගරුක හා ආචාරශීලී ශිෂ්‍යයෙක්. විෂයමාලාවට හෝ පන්ති කාමරයට හෝ සිමා නොවී ඔහු විෂයබාහිර බොහෝ දේ කළා. බයිසිකලයකින් හැම තැනම යනවා. හාමුදුරුවරුන් හා ගුරුවරුන් සමග නොයෙකූත් දේ සාකච්ඡා කරනවා. මෙහෙම ශිෂ්‍යයන් හමු වන්නේ කලාතුරකින්’ මගේ පියා කියනවා.

වරක් ෂෙල් තෙල් සමාගම අනුග‍්‍රහයෙන් සංවිධානය කළ දීපව්‍යාප්ත රචනා තරගයකට සහභාගි වන්නට බෝධිනායක සිසුවාට ඕනෑ වුණා. එය පාසල විසින් සහතික කළ යුතු වූවා. එවකට සිටි ආනන්ද විදුහල්පති එස්. ඒ. විජේතිලක එසේ කිරීමට එකඟ වූයේ රචනය පාසලේදී ලියුවොත් පමණයි. එය අධීක්ෂණය කිරීම භාර වූයේ මගේ පියාට.

එකල බොහෝ රචනාල කථික හා විවාද තරගවලින් බෝධිනායක ජය ගත්තේ ගුරුවරුන් උද්දාමයට පත් කරවමින්. පණ්ඩිත බස වෙනුවට සරල සුගම බසකින් කීම හා ලිවීම ඔහුගේ හපන්කම වුණා.

Dayawansa Jayakody
Dayawansa Jayakody

බෝධිනායක සමකාලීනයකු හා සහෘදයකු වූ පොත් ප‍්‍රකාශක දයාවංශ ජයකොඩි කියන්නේ ඔහු නිර්මාණශීලී හැකියාව, දැනුම මෙන්ම සංවිධාන ශක්තියත් කැටි කර ගත් අසාමාන්‍ය චරිතයක් වූ බවයි.

‘ඔහු මට වඩා දෙවසරක් ජ්‍යෙෂ්ඨ වුණත් අපි බොහෝ සමීපව වැඩ කළා. මා එකල පළ කළ ‘හෙළබිම’ පත්තරයට ඔහු නිතර ලිපි ලියුවා. විද්‍යාව උගත්තත් සාහිත්‍යය, ඉතිහාසය ආදිය ගැන හොඳ දැනුමක් ඔහුට තිබුණා. බද්දේගම විමලවංශ හිමියන්ගේ (1913-1993) අනුශාසකත්වයෙන් ත‍්‍රිසිංහල ශිෂ්‍ය සංවිධානය පිහිටුවා ගෙන තරුණ තරුණියන් ඒකරාශී කරන්නත් ඔහු ක‍්‍රියා කළා’ යයි ජයකොඩි මහතා සිහිපත් කරනවා.

චිත්තාකර්ෂනීය කටහඬක් තිබූ බෝධිනායකයන් රේඩියෝ මාධ්‍යයට ද සම්බන්ධ වුණා. වසර ගණනාවක් තිස්සේ ගුවන් විදුලි සංස්ථාව හරහා විද්‍යාව, තාක්ෂණය, සෞඛ්‍යය තේමා කර ගත් බොහෝ වැඩසටහන් ඉදිරිපත් කළා. මෙයට අතහිත දුන්නේ කරුණාරත්න අබේසේකරයන්.

ජාතික පුවත්පත් හා සඟරාවලට ලියන අතරම බෝධිනායක තමන්ගේ සඟරාවක් ද ඇරඹුවා. ‘විද්‍යා’ නම් වූ එහි මංගල කලාපය එළි දුටුවේ 1966 ජුනි මාසයේ. ඒ වන විට ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙක්.

Cover of Vidya magazine first issue - June 1966 - edited by Buddhadasa Bodhinayake
Cover of Vidya magazine first issue – June 1966 – edited by Buddhadasa Bodhinayake

විද්‍යා ගුරුවරුන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් මෙන්ම විද්‍යාවට ලැදි සිසුන් ද හවුල් කර ගෙන පළ කළ විද්‍යා සඟරාව 1960 හා 1970 දශකවල විශිෂ්ඨ විද්‍යා සන්නිවේදන මෙහෙවරක යෙදුණා. අද මෙන් තොරතුරු මූලාශ‍්‍ර බහුල නොවූ එකල නව දැනුම සොයා ගන්නට තිබූ මාර්ග සීමිතයි.

විද්‍යා මංගල කලාපයේ කවරයට ආතර් සී. ක්ලාක්ගේ සේයාරුවක් යෙදු බෝධිනායක, ඇතුලේ පිටුවක් පුරා ක්ලාක්ගේ අනාගතවේදී විග‍්‍රහයන් සිංහලෙන් ඉදිරිපත් කළා. සිහි නැති කරන්නේ කෙසේද යන මැයෙන් වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය එන්. ඞී. ඩබ්ලිව්. ලයනල්ගේ ලිපියක් ද, අපේ විද්‍යාඥයෝ තේමාවෙන් ගණිත මහාචාර්ය ඩග්ලස් අමරසේකර හඳුන්වා දෙන ලිපියක් ද එහි තිබුණා.

පාඨකයන්ගේ විද්‍යා ගැටලූවලට පිළිතුරු සැපයුවේ තරුණ ශිෂ්‍ය නිමල් සිරිපාල ද සිල්වායි. කොළඹ නාලන්දා විද්‍යාලයේ උගත් ඔහු බෝධිනායක සමග විද්‍යා සඟරාව මෙන්ම තරුණ සංවිධාන වැඩ ද කළා. 1970 මහ මැතිවරණයට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සහයෝගය දෙමින් තරුණ පෙරමුණක් ඔවුන් ගොඩ නැගුවා. පසු කලෙක ජාතික දේශපාලනයට පිවිසි ඔහු අද ශ‍්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයායි.

බෝධිනායකයන් බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය පසු විද්‍යා සඟරාව කලේ තුසිත මලලසේකරයි. 1960 ගණන්වල සිට බෝධිනායක හා මලලසේකර සමීප මිතුරෝ.

“මුල් යුගයේ සිංහලෙන් විද්‍යාව ලියන්න හැකියාව තිබුණේ ටික දෙනකුටයි. ඒ අතර වෛද්‍ය නන්දදාස කෝදාගොඩ හා වෛද්‍ය බෝධිනායක කැපී පෙණුනා. විද්‍යා සඟරාව ඇරඹුවේ පාසල් සිසුන් ඉලක්ක කර ගෙනයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලද එහි පිටපත් රැසක් රජය මිළට ගෙන පාසල් පුස්තකාලවලට බෙදා හරිනු ලැබුවා. එහෙත් පළාත්සභා ක්‍රමය යටතේ මෙවැනි මිළ දී ගැනීම් විමධ්‍යගත කළ පසු එසේ කිරීම ටික කලකින් නතර වුණා,” මලලසේකර කියනවා.

වසර 40ක් නොකඩවා පවත්වා ගෙන ආ විද්‍යා සඟරාව 2006දී නවතා දැමීමට සිදු වුනේ දැන්වීම් හා අනුග්‍රාහකයන් නැති වීම හා අලෙවි කර ගැනීමේ දුෂ්කරතා නිසායි. එය යුග මෙහෙවරක් ඉටු කළා යයි කිව හැකියි. 1987දී සුවිසල් පත්‍ර සමාගමකින් ඇරඹූ විදුසර සහ තවත් විදු ප්‍රකාශන ඒ වන විට බිහිව තිබුණා.

තම විද්‍යා සන්නිවේදනයට මහත් සේ උදව් කළ දෙදෙනකු ගැන බෝධිනායකයන් ඉඩ ලද සැම විටම සඳහන් කළා.

එක් අයෙක් ආතර් සී. ක්ලාක්. 1960 දශකයේ ඇමරිකාව හා සෝවියට් දේශය අතර මහා අභ්‍යවකාශ තරඟයක් පැවති නිසා අභ්‍යවකාශ ගවේෂණය ගැන බොහෝ දෙනා උනන්දු වුණා. ක්ලාක්ගේ සහයෝගය හා සම කර්තෘත්වය ඇතිව සිංහලෙන් අභ්‍යවකාශය ගැන ලියූ මුල්ම පොත 1961දී බෝධිනායක රචනා කළේ ‘ඔබ වැන්නෙක් හඳට යයි’ නමින්. එවිට ඔහු තවමත් පාසල් සිසුවෙක්. (පොත බෙදා හැරීම හා විකිණීම කළේ දයාවංශ ජයකොඩි විසින්.)

ක්ලාක්ගේ දැනුම හා පරිකල්පනය සිංහල පාඨකයන් වෙත ගෙන ඒමට බෝධිනායක ලියූ පොත් හා පුවත්පත් ලිපි සමත් වුණා. ක්ලාක් පසු කලෙක බෝධිනායකට බි‍්‍රතාන්‍යයට යාමටත් උපකාර කළා.

ඔහුට බොහෝ උදව් කළ අනෙක් දැවැන්තයා වූයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ, චිත‍්‍ර හා මූර්ති ශිල්පී මෙන්ම ඉංජිනේරු හපුගොඩ රන්කොත්ගේ (එච්. ආර්.) පේ‍්‍රමරත්නයි. වෛද්‍ය සිසු අවධියේ තමන්ට නොමිළයේ කොළඹ නවාතැන් දුන් පේ‍්‍රමරත්න දෙවැනි පියකු බඳු වූ බව බෝධිනායක නිතර සිහිපත් කළා.

3 February 2013: සිවුමංසල කොලූගැටයා #103: එච් ආර් පේ‍්‍රමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’

1965දී පේ‍්‍රමරත්න හා බෝධිනායක එක්ව කෘති‍්‍රම චන්ද්‍රිකා ගැන සිංහල පොතක් රචනා කළා. ‘හැදු හඳේ හාස්කම්’ නම් වූ එහි වැදගත්කම චන්ද්‍රිකා යුගය ඇරඹී දශකයක්වත් ගෙවී නොතිබූ එවකට එම ක්ෂේත‍්‍රයේ අනාගත විභවය හා විකාශනය ගැන ඉතා හොඳ විග‍්‍රහයක් ඇතුළත් වීමයි.

පොත ආරම්භයේ කතුවරුන් මෙසේ ලියනවා. ‘‘කෘති‍්‍රම චන්ද්‍රිකාවක් යනු කුමක්ද යනුවෙන් මතු කෙරෙන ප‍්‍රශ්නයට දිය හැකි හොඳම පිළිතුර ‘මිනිසා විසින් සාදන ලද හඳකි’ යන්නය. එවැන්නක් පෘථිවිය වටා ගමන් කිරීමේදී හඳ පෘථිවිය වටා ගමන් කිරීමේදී පිළිපදින සොබාවික නීතිම පිළිපදී.’’

විශ්ව ගවේෂණයට, පෘථිවි නිරීක්ෂණයට, කාලගුණ අනාවැකි කීමට, පණිවුඩ සන්නිවේදනයට ආදී විවිධ භාවිතයන් සඳහා චන්ද්‍රිකා යොදා ගත හැකි අන්දම රූප සටහන් හා ඡායාරූප රැසක් සමගින් මේ පොත ලිහිල් බසින් කියා දෙනවා. තොරතුරු කල් ඉක්ම වී ඇතත් වසර 50කට පසුව අදත් එය ආසාවෙන් කියවිය හැකියි.

Cover of ‘හැදු හඳේ හාස්කම්’ (Wonders of the man-made Moon) by H R Premaratne & Buddhadasa Bodhinayake, 1965
Cover of ‘හැදු හඳේ හාස්කම්’ (Wonders of the man-made Moon) by H R Premaratne & Buddhadasa Bodhinayake, 1965

බෝධිනායක වෛද්‍යවරයකු ලෙස කළ දස්කම් ගැන කතා කිරීමට අපට ඉඩක් නැහැ. අයුක්තියට හා අසාධාරණයට නොබියව එරෙහි වීමේ ගුණය ද බෝධිනායකයන්ට ළාබාල වියේ සිටම තිබුනා. කොළඹ වෛද්‍ය පීඨයට පිවිසි පසු නවකවදයට ලක් වූ ඔහු එයට විරුද්ධව කතා කළා. සිසු විරෝධයක් ගොඩ නැගුවාග වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබූ පසු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේත්, වෛද්‍ය වෘත්තිකයන් අතරත් නිලධාරිවාදයට ඔහු නතු වූයේ නැහැ.

1969දී වෛද්‍ය විද්‍යාලයෙන් පිට වූ ඔහු සීමාවාසික පුහුණුව (medical internship) කළේ ප‍්‍රවීණ ශෛල්‍ය වෛද්‍ය පී. ආර්. අන්තෝනිස් හා ප‍්‍රකට ළමා රෝග විශේෂඥ එම්. එච්. එම්. හම්සා යටතේයි.

ඉන්පසු කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරමින් ළමා රෝග ගැනත්, ළමා හා තරුණ මනස ගැනත් අධ්‍යයනය කළ බෝධිනායක, කරුණා රාමනායක (පසුව බෝධිනායක) සමග ළමා මනෝවිද්‍යාව ගැන මෙරට පළ වූ මුල්ම සිංහල පොත රචනා කළා. එහි නම ‘දරුවන්ගේ හැටි තේරුම් ගන්න’. පසු කලෙක ඔහු බි‍්‍රතාන්‍යයට ගොස් මනෝ විද්‍යාව හා මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයකු වූවා.

පක්ෂ දේශපාලනයට පිවිසීම ඕනෑම පුරවැසියකුගේ, වෘත්තිකයකුගේ අයිතියක්. එහෙත් බෝධිනායක වැනි හපනකු දේශපාලන රාමුවකට සීමා වීම සමහරුන්ගේ කනස්සල්ලට හේතු වුණා. ඔහුගේ ගුරුවරයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වරක් මා සමග එබඳු අදහසක් පළ කළා. එහෙත් එසේ කී කාලෝත් මෙරට වාමාංශික දේශපාලනයේ කලක් සක‍්‍රීයව සිටි අයෙක්! 1977 ආණ්ඩු මාරුවෙන් පසු බෝධිනායකයන්ට එතරම් නිල පිළිගැනීමක් නොලැබුණු බව නම් ඇත්තයි.

L to R - Prime Minister Mrs Sirimavo Bandaranaike, Dr Buddhadasa Bodhinayake, Nimal Siripala de Silva, around 1970
L to R – Prime Minister Mrs Sirimavo Bandaranaike, Dr Buddhadasa Bodhinayake, Nimal Siripala de Silva, around 1970

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

1960 දශකය මැද උපන් මා බුද්ධදාස බෝධිනායක හඳුනා ගත්තේ පාඨකයකු ලෙසයි. 1970 හා 1980 දශකවල විද්‍යා සඟරාව පාසල් පුස්තකාලයෙන් කියැවූ සැටි කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

1979දී පමණ බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය ඔහු මා පෞද්ගලිකව මුණ ගැසුණේ දෙතුන් වතාවක් පමණයි. ඒ විටින් විට කෙටි නිවාඩුවකට ඔහු මෙරට ආ විටයි.

එයින් එක් වතාවක ඔහු මාත් කැඳවා ගෙන ඔහුට සුපුරුදු ගුවන් විදුලි සංස්ථාවට ගියා. මට මතක හැටියට නම් ගුණරත්න අබේසේකර මෙහෙය වූ ‘සරස්වතී මණ්ඩපය’ට සහභාගී වන්නයි. ‘අපි නතර කළ තැනින් ඔබ වැනි විද්‍යා ලේඛකයන් සන්නිවේදන මෙහෙවර දිගටම කර ගෙන යා යුතුයි’ ඔහු සුහදව ගුරුහරුකම් දුන්නා.

බෝධිනායක ලියූ පොත්පත් අද මුද්‍රණයේ නැහැ. විද්‍යා සන්නිවේදනයේ ඔහු ලබා දුන් ලොකුම දායකත්වය ලක් පරම්පරාවකට නව ලොවක් විවර කර දීමයි. උත්සාහය, උද්‍යොගය හා කැපවීම පෙරටු කර ගෙන ඔහු ගිය ගමන ළාබාලයන් වූ අපට ප‍්‍රබෝධක ආවේගයක් ලබා දුන්නා. එදාට වඩා බෙහෙවින් වෙනස් යථාර්ථයක් තුළ වුව ද අපට තවමත් එයින් ආදර්ශ ලද හැකියි.

From Vidya magazine's first issue of June 1966 - Young Nimal Siripala de Silva answers readers' science questions
From Vidya magazine’s first issue of June 1966 – Young Nimal Siripala de Silva answers readers’ science questions

See also:

10 Nov 2013: සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

15 Sep 2013: සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

11 Nov 2012: සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

සිවුමංසල කොලූගැටයා #211: සැබෑ තොරතුරු සමාජයක් බිහි කිරීමට නිසි ඉදිරි දැක්මක්

In this week’s Ravaya column (in Sinhala, published in issue of 15 March 2015), I discuss what policy and regulatory measures can help promote information society in Sri Lanka. In that process, I critique the Telecommunications Regulatory Commission (TRCSL) and the ICT Agency (ICTA), two state institutions with relevant mandates that they have mismanaged, and sometimes squandered, during the past decade.

I argue that, for the most part, ICTA has been dabbling in ‘retail’ level (and politically driven) projects such as setting up rural tele-centres and designing government websites, while neglecting ‘wholesale’ level needs – such as resolving local font standardization, supporting ICT innovation, and being a facilitator of meaningful e-government. Similarly, TRC has been engaging in indiscriminate blocking of political websites critical of the former government, without creating an enabling environment in which pluralistic web content could thrive.

Info society icons

“තොරතුරු ගලා ගිය පමණට තොරතුරු හෝ දැනුම් සේවා දියුණු වූ පමණට හෝ රටක ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. නවීන ලෝකයේ රටක ඉදිරි ගමනට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයන් අත්‍යවශ්‍ය බව සැබෑවක්. එහෙත් ඒවා නිසි දැක්මක්, සැළැස්මක් හා ප‍්‍රතිපත්ති රාමුවක් තුළ ප‍්‍රවර්ධනය වීම ඉතා වැදගත්. එසේ නැති විට වඳුරන් අතට පත් දැලිපිහිය වැනි අවදානමක් මතු විය හැකියි.”

තොරතුරු හා සන්නිවේදන ක්‍ෂෙත‍්‍රවල ප‍්‍රාඥයකු වූ ශී‍්‍රමත් ආතර් සී ක්ලාක් මේ අදහස පළ කළේ මීට දශක දෙකකට පමණ පෙරයි. එදාටත් වඩා මෙය අද ශී‍්‍ර ලංකාවට අදාල යයි මා සිතනවා.

තාක්‍ෂණයේ හා වෙළඳපොල ආර්ථිකයේ ඉදිරි ගමන නිසා තොරතුරු හා සන්නිවේදන සේවා රැසක සේවය ලැබී ඇති මේ යුගයේ පොදු උන්නතිය, ජාතික සංවර්ධනය හා සමාජ සමානාත්මතාවය උදෙසා අප කෙසේ නම් මේවා යොදා ගත යුතුද? එහිලා රජය, විද්වතුන්, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය සතු වගකීම් මොනවාද?

තොරතුරු තාක්‍ෂණයන් මෙරට ප‍්‍රචලිත වීම හරහා කෙමෙන් මෙරට තොරතුරු සමාජයක් (information society) ස්ථාපිත වීම දශක ගණනාවක් තිස්සේ සිදු වෙමින් පවතින සමාජයීය පරිනාමයක්. 1925දී රේඩියෝ විකාශයන් ඇරඹීම හා 1976දී පාදුක්කේ චන්දිකා සන්නිවේදන මධ්‍යස්ථානය පිහිටුවීම වැනි මංසළකුණු හරහා සෙමෙන් ඉදිරියට ආ එම ප‍්‍රවාහය වඩාත් වේගවත් වුයේ 1979දී ටෙලිවිෂන්, 1989දී ජංගම දුරකථන සේවා හා 1995දී ඉන්ටර්නෙට් ආගමනයෙන් පසුවයි.

මුලින් සීමිත පිරිසකට ග‍්‍රහණය වූ මේ සන්නිවේදන සේවා කල් යාමේදී වැඩි ජන සංඛ්‍යාවක් භාවිත කරන එදිනෙදා තොරතුරු සේවා බවට පත් වූවා. තාක්‍ෂණය ඉක්මවා යන සාංස්කෘතිකමය, සමාජයීය හා දේශපාලන බලපෑම් මේ හරහා ජනිත වී තිබෙනවා.

තොරතුරු තාක්‍ෂණ මෙවලම්වලට වඩා වැඩි අවධානයක් අප යොමු කළ යුත්තේ ඒ හරහා බිහි වන තොරතුරු සමාජය ගැනයි. එය හුදෙක් පරිගණක, ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වලට වඩා පුළුල් සමාජීය සංසිද්ධියක්.

Planet Info

මෙය උපමිතියකින් පහදා දිය හැකියි. නාගරික හා අර්ධ නාගරික පෙදෙස්වල ජලය බෙදා හැරීමට ජලාශ, ටැංකි, විශාල නල හා කුඩා නල වශයෙන් ජලප‍්‍රවාහන පද්ධතියක් තිබෙනවා. ගංගාවලින් ලබා ගත් ජලය යම් පිරිසිදු කිරීමකින් පසු නිවෙස් වෙත ගලා එන්නේ මේ හරහායි.

තොරතුරු තාක්‍ෂණ ජාලයන් මීට වඩා බෙහෙවින් සංකීර්ණ බව සැබෑයි. එහෙත් මේ අවස්ථා දෙකෙහිදීම වඩා වැදගත් වන්නේ පද්ධතියේ භෞතික හෝ තාක්‍ෂණික කි‍්‍රයාකාරිත්වය නොව නොකඩවා ජලය/තොරතුරු ලැබේද හා එය භාවිතයට සුදුසු ද ආදී සාධකයි.

ජලප‍්‍රවාහන පද්ධති මෙන් නොව සන්නිවේදන පද්ධතිවල දෙපසටම තොරතුරු ගලනය සිදු වනවා. එසේම වාරණයක්, අවහිරයක් හෝ විකෘති කිරීමකින් තොරව තොරතුරු ලැබීමේ හා බෙදා ගැනීමේ මුලික අයිතිවාසිකම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවල සියලූ දෙනාට තිබෙනවා. මෙය සහතික කිරීම රජයන්ගේ වගකීමක්.

තොරතුරු සමාජ ප‍්‍රගමනයට රාජ්‍ය මට්ටමින් ගත යුතු ප‍්‍රතිපත්ති හා නියාමන කි‍්‍රයාමාර්ග තිබෙනවා. ආර්ථික උපමිතියකින් කිව හොත් තොරතුරු සමාජයේ ප‍්‍රගමනයට රජයක් විසින් ගත යුතු ප‍්‍රතිපත්ති හා නියාමන යනු ‘තොග මට්ටමේ’ මැදිහත්වීම් වැනියි.

‘සිල්ලර මට්ටමේ’ යයි කිව හැකි ටෙලිකොම් සේවා පවත්වා ගෙන යාම, සන්නිවේදන කේන්ද්‍ර (නැණසල හෝ ටෙලිසෙන්ටර්) පිහිටුවීම හා නඩත්තුව ආදිය වෙළඳපොලට භාර කළ යුතුයි. නිසි නියාමනයකින් යුතුව, දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව සන්නිවේදන තාක්‍ෂණයන් රටක පවතින විට පෞද්ගලික අංශය ආයෝජනය කිරීමට ඉදිරිපත් වනවා.

තොරතුරු සමාජයට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය භෞතික ලොව මහාමාර්ග, ජලප‍්‍රවාහන පද්ධති ආදියට වඩා වෙනස්. රජයන් මෙහි සම්පුර්ණ බරපැන දරනවා වෙනුවට එය බොහෝ දුරට වෙළඳපොල ප‍්‍රවාහයන්ට භාර කැරෙනවා. 1990 දශකය මැදදී චන්ද්‍රිකා රජය යටතේ සිදු කළ දුරදක්නා ටෙලිකොම් නියාමන ප‍්‍රතිපත්ති තීරණ හා ප‍්‍රතිසංස්කරණ නිසා මෙරට දුරකථන හා තොරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයන් විශාල වර්ධනයක් හා ජවයක් ලැබුවා.

එසේම පෞද්ගලික අංශයේ ආයෝජන හරහා වැඩිපුරම මේ ක්‍ෂෙත‍්‍රයේ වර්ධනය හා ව්‍යාප්තිය සිදු වූ අතර රජයට පැවරුණු ලොකු වගකීම වුයේ ක්‍ෂෙත‍්‍රය නිසි ලෙස නියාමනය කිරීමයි. තරගකාරිත්වය හරහා සාපේක්‍ෂව අඩු මුදලකට වැඩිපුර දුරකථන ඇමතුම් හා දත්ත (ඉන්ටර්නෙට්) සන්නිවේදන සේවා ලබා ගැනීමට හැකි වීම මේ නියාමනයේ තවමත් අප අත් විඳින ප‍්‍රතිඵලයක්.

නුතනත්වයට පිවිසි බොහෝ රටවල ආණ්ඩු තව දුරටත් (ස්ථාවර හෝ ජංගම) දුරකථන සේවා පවත්වා ගෙන යනවා වෙනුවට කරන්නේ නිසි නියාමනය හරහා පාරිභෝගිකයන් රැකීමයි. සැබැවින්ම සමාජයට අහිතකර පරිගණක වයිරස, සයිබර් ආක‍්‍රමණ ආදී ප‍්‍රවණතාවලට ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමයි.

නිසි දැක්මක් හා නිරවුල් ප‍්‍රතිපත්ති රාමුවක් ඇති ආණ්ඩුවකින් තොරතුරු සමාජයේ ප‍්‍රගමනයට වැඩිපුරම අවශ්‍ය වන්නේ මේ ආකාරයේ ‘තොග’ මට්ටමේ දායකත්වයයි. නමුත් පසුගිය දශකය තුළ අදාල රාජ්‍ය ආයතන බොහෝ දුරට කර ඇත්තේ ‘සිල්ලර’ මට්ටමේ වැඩයි.

තොරතුරු තාක්‍ෂණ ඒජන්සිය හෙවත් ICTA ආයතනය මීට දශකයකට පමණ පෙර පිහිටුවනු ලැබුවේ මෙරට තොරතුරු සමාජය ප‍්‍රචලිත වීමට අවශ්‍ය මග පෙන්වීම හා ජවය ලබා දීමටයි. එහෙත් එ වෙනුවට ICTA ආයතනය හුදෙක් නැණසල පිහිටුවීම හා රාජ්‍ය වෙබ් අඩවි නඩත්තුව ආදි සංදර්ශනාත්මක මට්ටමේ වැඩවලට බොහෝ දුරට සීමා වී සිටිනවා. ‘සිල්ලර’ කි‍්‍රයාවලට මුල් තැන දෙමින් දේශපාලන ව්‍යාපෘතියකට පිවිසීම නිසා ICTA පිහිටුවීමේ අරමුණු සාක්‍ෂාත් කර ගෙන නැහැ.

උදාහරණයකට සිංහල හා දෙමළ භාෂාවලින් පරිගණක මෘදුකාංග හා ජංගම දුරකථන app තැනීමේදී මතු වන තාක්‍ෂණික ප‍්‍රමිතිකරණ ප‍්‍රශ්න ආදියට රාජ්‍ය මට්ටමින් විසදුම් දිය හැකිව තිබූ නමුත් ICTA එම වගකීම් ඉටු කොට නැහැ.

මේ නිසා එක්කො නිසි දැක්මක් හා වඩාත් පුලූල් වගකීම් හා ඉලක්ක සමඟ ICTA ආයතනය ප‍්‍රතිව්‍යුහකරණය කළ යුතුයි. නැතිනම් භාණ්ඩාගාරයේ මහජන මුදල් හා විදේශ ආධාර මුදල් කා දමන මේ අකාර්යක්‍ෂම ආයතනය වසා දැමිය යුතුයි.

විදුලිසංදේශ නියාමන කොමිසම (TRC) තොරතුරු සමාජය බිහි කිරීමට ඉතා ඉහළ වගකීමක් දරණ අනෙක් ආයතනයයිග එහි ද පසුගිය දශකයේ සිදුව ඇත්තේ තාක්ෂණික මූලධර්ම මත පදනම් වූ සුසාධ්‍ය කිරීම (facilitate) වෙනුවට හුදෙක් දේශපාලන සාධක හා තීරණ මත නව මාධ්‍ය හැසිරවීමට තැත් කිරීමයිග

නියාමනය සම්බන්ධයෙන් කළ යුතු හා නොකළ යුතු දේ තිබෙනවා. නියාමකයාගේ වගකීම තොරතුරු ප්‍රවාහන පද්ධතිය මනා සේ ක්‍රියා කරන බවට සහතික වීමයිග එසේ නැතිව තොරතුරු තාක්‍ෂණ පද්ධති හරහා ගලා යන අනේකවිධ තොරතුරු හා අදහස් අනිසි ලෙස අවේක්ෂණය (surveillance) කරමින් සෘජු හෝ වක‍්‍ර ලෙසින් එම ප‍්‍රවාහයන් වාරණය කිරීම නොවෙයි.

2007 සිට විදුලිසංදේශ නියාමන කොමිසම කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව හිතුමතයට සමහර වෙබ් අඩවිවලට මෙරට තුළ සිට පිවිසීම අවහිර කිරීමට ටෙලිකොම් සමාගම්වලට නොනිල මට්ටමින් අණ දෙමින් සිටිනවා.

2007දී ටැමිල්නෙට් (TamilNet.com) අවහිර කිරීමේ ඇරැඹි මේ විපරීත කි‍්‍රයාදාමය පසුව දේශපාලන තොරතුරු හා විකල්ප අදහස් රැගත් වෙබ් අඩවි රැසක් අවහිර කිරීම දක්වා පැතිර ගියා. මෙරට දුරකථන හා දත්ත සන්නිවේදන සේවා සපයන ටෙලිකොම් සමාගම් තමන්ගේ බලපත‍්‍රය රැක ගැනීමේ බියෙන් කොමිසම වාචිකව දෙන නියෝග පවා කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව කි‍්‍රයාත්මක කරනවා.

නව රජය මෙය නොකරන බව කියා ඇතත් ක්‍රමයේ වෙනසක් නොකරන තාක් කල් දේශපාලක හා නිලධාරි බලයට ටෙලිකොම් සමාගම් නතු වීමේ අවදානම දිගටම තිබෙනවා.

මේ නිසා ක්‍රමය වහාම වෙනස් විය යුතුයි. යුක්තියුක්ත සමහර අවස්ථාවල යම් වෙබ් අඩවි අවහිර කිරීමේ අභිමතය ආණ්ඩුවලට තිබෙනවා. එහෙත් ශිෂ්ඨ සමාජවල වෙබ් අඩවි වාරණය කරන්නේ අධිකරණ නියෝග හරහා පමණයි. එබදු රටවල තර්කානුකූල හේතුවක් නිසා පිවිසීම අවහිර කළ වෙබ් අඩවිවල නිල ලැයිස්තුවක් පවත්වා ගන්නවා.

එසේම ටෙලිකොම් බලපත‍්‍ර මෙන්ම ටෙලිවිෂන් හා රේඩියෝ විකාශ සඳහා බලපත‍්‍ර දීමේ පාරදෘශ්‍ය හා නිසි ක‍්‍රමවේදයක් ඇති කළ යුතුයි. එවිට හොර පාරෙන් දෙන අනියම් නියෝග නිලධාරින්ට බියේ කි‍්‍රයාත්මක කිරීමට ටෙලිකොම් සමාගම්වලට මෙතෙක් පැවැති දැවැන්ත පීඩනය සමනය වනවා. මෙය අත්‍යවශ්‍ය හදිසි පියවරක්.

රාජ්‍ය මට්ටමමේ (තොග මට්ටමේ) ප‍්‍රතිපත්ති හා නියාමන කටයුතු වලට තොරතුරු තාක්‍ෂණ ඒජන්සියත් විදුලි සංදේශ නියාමන කොමිසමත් සිය මැදිහත් වීම් සීමා කර ගැනීම හරහා ‘සිල්ලර’ මට්ටමේ කි‍්‍රයා වෙළඳ පොල ප‍්‍රවාහයන්ටත් පෞද්ගලික මට්ටමේ නවෝත්පාදනයටත් ඉතිරි වනවා. වෙනත් ආසියානු රටවල් තොරතුරු තාක්‍ෂණය හා තොරතුරු සමාජය සම්බන්ධයෙන් දියුණුවට පිය නැගුවේ මෙබදු රාමුවක් තුළයි.

අපේ රටේ ආණ්ඩු හැම දෙයම කිරීමේ යල් පැන ගිය හා අවදානම් සහගත සම්ප්‍රදාය නතර කළ යුතුයි!

Digital communications