සිවුමංසල කොලූගැටයා #263: ගරු සරු නැති විවෘත සංවාද අවකාශයක් අවශ්‍ය ඇයි?

Nalaka Gunawardene (left) & Ajith Perakum Jayasinghe at Nelum Yaya Blog awards for 2015, held on 26 March 2016
Nalaka Gunawardene (left) & Ajith Perakum Jayasinghe at Nelum Yaya Blog awards for 2015, held on 26 March 2016

In this week’s Ravaya column (appearing in the print issue of 3 April 2016), I probe why the blogosphere and other social media platforms are vital for public discourse in the Lankan context.

Sri Lanka’s mainstream media does not serve as an adequate platform for wide-ranging public discussion and debate. Besides being divided along ethnic and political lines, the media is also burdened by self-imposed restrictions where most don’t critique certain social institutions. Among the top-ranked ‘sacred cows’ are the armed forces and clergy (especially Buddhist clergy).

No such “no-go areas” for bloggers, tweeps and Facebookers. New media platforms have provided a space where irreverence can thrive: a healthy democracy badly needs such expression. I base this column partly on my remarks at the second Nelum Yaya Blog Awards ceremony held on 26 March 2016.

I also refer to a landmark ruling in March 2015, where the Supreme Court of India struck down a “draconian” law that allowed police to arrest people for comments on social media networks and other websites.

India’s apex court ruled that Section 66A of the Information Technology Act was unconstitutional in its entirety, and the definition of offences under the provision was “open-ended and undefined”.

The provision carried a punishment of up to three years in jail. Since its adoption in 2008, several people have been arrested for their comments on Facebook or Twitter. The law was challenged in a public interest litigation case by a law student after two young women were arrested in November 2012 in Mumbai for comments on Facebook following the death of a politician.

Speaker Karu Janasuriya presents Lifetime Award to Nalaka Gunawardene at Nelum Yaya Blog Awards on 26 March 2016 - Photo by Pasan B Weerasinghe
Speaker Karu Janasuriya presents Lifetime Award to Nalaka Gunawardene at Nelum Yaya Blog Awards on 26 March 2016 – Photo by Pasan B Weerasinghe

මගේ මාධ්‍ය ගුරුවරයා වූ ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් නිතර දුන් ඔවදනක් වූයේ  ඕනෑම කාලීන ප‍්‍රශ්නයක හෝ සංවාදයක සමීප දසුන මෙන්ම දුර රූපය හෙවත් සුවිසල් චිත‍්‍රය (Bigger Picture) ද විමසා බලන්න කියායි.

බොහෝ එදිනෙදා අරගල හා මත ගැටුම්වලට පසුබිම් වන ඓතිහාසික සාධක හා දිගුකාලීන ප‍්‍රවාහයන් තිබෙනවා. ඒවා හඳුනා ගැනීම හරහා වත්මන් සිදුවීම් වඩාත් හොඳින් අවබෝධ කර ගත හැකියි.

අපේ සමාජයේ ගතාතනුගතිකත්වය හා නූතනත්වය අතරත්, වැඩවසම් අධිපතිවාදය හා සමානාත්මතාව අතරත් නොනවතින අරගලයක් පවතිනවා.

මෙය හුදෙක් දේශපාලනමය හෝ පන්ති අතර ගැටුමක් පමණක් නොවෙයි. අධ්‍යාපන ක‍්‍රමය, වෘත්තීන් මෙන්ම ජන මාධ්‍ය ක්ෂේත‍්‍රය ආදී බොහෝ තැන්හිදී එය විවිධාකාරයෙන් අපට හමු වනවා.

ඓතිහාසිකව වරප‍්‍රසාද භුක්ති විඳින සමාජ පිරිස් සෙසු අය නැගී එනවාට කැමති නැහැ. උදාහරණයකට 1931දී බි‍්‍රතාන්‍ය පාලකයන් අපට සර්වජන ඡන්ද බලය ප‍්‍රදානය කිරීමට සැරසෙන විට අපේ සමහර ප‍්‍රභූන් හා උගතුන් එයට එරෙහි වුණා. තමන්ගේ ඡන්දය නිසි ලෙස භාවිත කිරීමට නොතේරෙන අයට එම බලය දීම අවදානම් සහගත බවට තර්ක කෙරුණා.

එහි යටි අරුත වූයේ ලක් ඉතිහාසයේ කිසිම දිනෙක සාමාන්‍ය ජනයාට කිසිදු අයිතියක් හෝ වරප‍්‍රසාදයක් හෝ නොතිබීමයි.

නූගතුන්ට හා දුප්පතුන්ට ආණ්ඩු තේරීමේ බලයක් නොදිය යුතුය යන්න එදා යටත් විජිත ශ‍්‍රී ලංකාවේ පමණක් නොව වත්මන් තායිලන්තයේ ද ප‍්‍රභූන් තවමත් මතු කරන තර්කයක්. (සරසවි අධ්‍යාපනයක් නොලද හෝ ආදායම් බදු ගෙවීමට තරම් නොඋපයන අයගේ ඡන්ද බලය අහිමි කළ යුතු යයි තායි ප්‍රභූ පිරිසක් යෝජනා කොට තිබෙනවා.)

එහෙත් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සංකල්පීය ලෙස කැප වී සිටි බි‍්‍රතාන්‍ය පාලකයෝ අපේ ප‍්‍රභූ විරෝධතා මැද සර්වජන ඡන්ද බලය අපට දායාද කළා. යම් අඩුපාඩු සහිතව වුවත් වසර 85ක් තිස්සේ මැතිවරණ දුසිම් ගණනකදී අපේ ජනයා මේ බලය භාවිත කර තිබෙනවාග

මව්පියන්ගෙන් පාසල් ගාස්තු අය නොකර, මහජනයාගෙන් එකතු වන බදු මුදල් යොදවා අධ්‍යාපන ක්ෂේත‍්‍රය නඩත්තු කිරීමේ සංකල්පය 1940 දශකයේ යෝජනා වූ විට ද සමහර ප‍්‍රභූන්ගේ ප‍්‍රතිරෝධයක් මතුව ආවා. (නිදහස් අධ්‍යාපනය ලෙස වැරදියට හඳුන් වන්නේ මේ ක‍්‍රමයයි.)

එහිදී ද යටි අරුත වුයේ වරප‍්‍රසාද භුක්ති විඳිමින් සිටි සංඛ්‍යාත්මක සුළුතරය, අධ්‍යාපනය හරහා සාමාන්‍ය ජනයාගේ දු දරුවන් සමාජයේ උසස් යයි පිළිගත් වෘත්තීන්ට හා තනතුරුවලට පිවිසීම දැකීමට නොකැමැති වීමයි.

පසුගිය සියවසේ මේ තීරණාත්මක අවස්ථා දෙකෙහිදීම මෙරට සමහර පුවත්පත් (එවකට තිබූ ප‍්‍රබලම මාධ්‍යය) පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටියා. සර්වජන ඡන්දයේත්, මුදල් අය නොකරන අධ්‍යාපනයේත් දිගු කාලීන සමාජ වටිනාකම තර්කානුකූලව පෙන්වා දීමට ප‍්‍රගතිශීලී පුවත්පත් කතුවරුන් පෙරට ආවා. (ඒ අතර ප‍්‍රතිගාමී බලවේග වෙනුවෙන් පෙනී සිටි පුවත්පත්ද තිබුණා.)

කන්නන්ගරයන්ගේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව නැගී ආ ප‍්‍රතිරෝධයට ප‍්‍රතිචාර දැක්වීමට ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, ආචාර්ය ගුණපාල මලලසේකර හා ආනන්ද මීවනපලාන තිදෙනා ආරක්ෂක වළල්ලක් මෙන් ක‍්‍රියා කළ සැටි ලේඛනගතව තිබෙනවා. පොදු උන්නතිය සඳහා වැදගත් තීරණ හා පියවර වෙනුවෙන් ජනමතය ගොඩ නැංවීමට මාධ්‍ය සමහරකගේ සහයෝගය ඔවුන් ලබා ගත්තා.

එදාට වඩා මාධ්‍ය ආයතන බහුල වී ඇති, තාක්ෂණය ඉදිරියට ගොස් තිබෙන අද තත්ත්වය කුමක්ද? ඇන්ටනාවකින් නොමිලයේ හසු කර ගත හැකි ටෙලිවිෂන් සේවාවන් 20කට වැඩි ගණනක්, FM නාලිකා 50ක් පමණ හා භාෂා තුනෙන්ම විවිධාකාරයේ පුවත්පත් දුසිම් ගණනක් අද මෙරට තිබෙනවා.

එහෙත් පොදු උන්නතියට ඍජුවම අදාළ වන අවස්ථා හා සංවාදවලදී මේ මාධ්‍ය බහුතරයක් සිටින්නේ කොතැනක ද යන්න සීරුවෙන් විමසා බැලිය යුතුයි.

මගේ දිගු කාලීන නිරීක්ෂණය නම් වැඩවසම්, ගතානුගතික හා අධිපතිවාදී වුවමනාකම්/මතවාදයන් සඳහා අපේ මාධ්‍ය එළිපිටම පෙනී සිටීම ප‍්‍රබල වී ඇති බවයි.

මෙයට හේතුව මාධ්‍ය ක්ෂේත‍්‍රය අධික ලෙස දේශපාලනකරණය ලක් වීම යයි යමෙකුට තර්ක කළ හැකියි. ඔව්, එයත් එක් හේතුවක්. එහෙත් මීට පරම්පරාවකට හෝ දෙකකට හෝ පෙර තිබූ මාධ්‍ය වෘත්තීය බව හා සමාජ කැප වීම ටිකෙන් ටික හීන වී යාමට මාධ්‍ය කර්මාන්තය තුළ අභ්‍යන්තර පිරිහීම ද දායක වී තිබෙනවා. මේ තත්ත්වය රාජ්‍ය මෙන්ම පෞද්ගලික හිමිකාරිත්වයෙන් යුතු මාධ්‍යවල දැකිය හැකියි.

වසර ගණනක් පුරා පැවති මාධ්‍ය මර්දනය හමුවේ සමහර මාධ්‍ය ආයතන හා මාධ්‍ය තීරකයන් (කතුවරුන්, කළමනාකරුවන්) හීලෑ වී ඇති බවක් පෙනෙනවා.

එසේම බහුතරයක් මාධ්‍ය අනවශ්‍ය පුජනීයත්වයකින් සලකන, එනිසාම හේතු සහගත විවේචනයකට හෝ බියවන ප්‍රසිද්ධ චරිත හා පොදු ආයතන සංඛ්‍යාව වෙන කවරදාටත් වඩා වැඩි වී තිබෙනවා.

මේ බොල් පිළිම වන්දනාවේ යන ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සාමාන්‍ය ජනයා වෙනුවෙන් හෝ පොදු උන්නතිය සඳහා හෝ පෙනී සිටීම කාලයක්, අවශ්‍යතාවක් නැහැ. මෙය ඛේදජනක යථාර්ථයක්.

කුලියාපිටියේ පාසල් දරුවා HIV ආසාදිත යැයි කියා කොන් කරනු ලැබූ විට අපේ බොහෝ බහුතරයක් මාධ්‍ය කළේ එය තලූ මරමින් වාර්තා කිරීම පමණයි. අඩු තරමින් ඒ දරුවාගේ හා මවගේ පෞද්ගලිකත්වයටවත් ගරු කෙරුණේ නැහැ. දරුවාට දුරින් පිහිටි විකල්ප පාසලක් සොයා දීමේ යෝජනාව මතු වී ඉදිරියට ගියේ ෆේස්බුක් සමාජ මාධ්‍යය හරහායි.

මහනුවර දළදා මාලිගය ඉදිරිපිටින් දිවෙන මාර්ගය වසර ගණනාවක් පුරා වාහන ධාවනයට ඉඩ නොදී වසා තිබීම නිසා ඇති වන අධික වාත දුෂණය හා අති මහත් ජනතා අපහසුතාව ගැන බොහෝ ප‍්‍රධාන ධාරාවේ (සිංහල) මාධ්‍ය ඇති තරම් කතා නොකළේ ඇයි? අස්ගිරි විහාරය එය යළිත් විවෘත කිරීමට අහේතුකව විරුද්ධ වීම නිසාද?

නාමධාරී ටික දෙනෙකුගේ අත්තනෝමතික විරෝධය නිසා මේ ගැන විග‍්‍රහ කැරෙන විද්‍යාත්මක ලිපි පවා පළ කිරීමට සමහර පුවත්පත් පැකිලෙනවා. එම පසුබිම තුළ විවෘත සංවාද වෙබ්ගත වී තිබෙනවා. නැතිනම් සාපේක්ෂව වැඩි පරාසයක මත ගැටුමට ඉඩ දෙන ඉංග‍්‍රීසි පුවත්පත්වලට සීමා වී තිබෙනවා.

අපේ ඉංග‍්‍රීසි පුවත්පත් වුවද සමහර මාතෘකා ගැන විවෘත මත දැක්වීමට බියයි. මාධ්‍ය වාරණයක් හෝ මාධ්‍යවලට මැර බලය පෑමක් නැති අද දවසේත් සමහර කතුවරුන් මහ දවල් බියට පත් වන, අහම්බෙන්වත් විවේචනය නොකරන සමාජ ආයතන තිබෙනවා. හමුදාව හා සංඝ සමාජය ඒ අතර ප‍්‍රධානයි. විශ්වවිද්‍යාල ගැනත් බොහෝ මාධ්‍ය තුළ ඇත්තේ බය පක්ෂපාතීකම පෙරදැරි කර ගත් ආකල්පයක්.

මේ හැම ආයතනයකම හොඳ මෙන්ම නරකද සාක්ෂි සහිතව දැකීම හා මැදහත්ව විග‍්‍රහ කිරීම අපට මාධ්‍යවලින් බලාපොරොත්තු වන්නට බැහැ. තමන්ගේ සරසවි ඇදුරන් මාධ්‍ය හරහා අනවශ්‍ය ලෙස පිම්බීම මාධ්‍යකරුවන් අතර බහුල පුරුද්දක්.

වුවමනාවට වඩා බය පක්ෂපාතී වූ, අධිපතිවාදයන්ට නතු වූ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයට යම් තරමකට හෝ විකල්ප අවකාශයක් මතු වන්නේ වෙබ් හරහා ලියැවෙන බ්ලොග් රචනා හා සමාජ මාධ්‍ය අදහස් ප‍්‍රකාශනය තුළින්. මෙය සමාජයීය හිදැසකට හෙවත් රික්තයකට මතුව ආ සාමූහික ප‍්‍රතිචාරයක් ලෙසද දැකිය හැකියි.

මාර්තු 26 වනදා දෙවන වරටත් පවත්වන ලද නෙළුම් යාය සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී මේ ගැන මා අදහස් දැක්වීමක් කළා. එහිදී මා කීවේ බ්ලොග් අවකාශය හා සමාජ මාධ්‍ය තුළ හමු වන ‘ගරු සරු නැති ගතිය’ (irreverence) දිගටම පවත්වා ගත යුතු බවයි.

මේ ගතිය අධිපතිවාදී තලයන්හි සිටින අයට, නැතිනම් ජීවිත කාලයක් පුරා අධිපතිවාදය ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළි ගෙන සිටින ගතානුගතිකයන්ට නොරිස්සීම අපට තේරුම් ගත හැකියි.

ඔවුන් මැසිවිලි නගන්නේ සමාජ මාධ්‍ය නිසා සාරධර්ම බිඳ වැටන කියමින්. ඇත්තටම එහි යටි අරුත නම් පූජනීය චරිත ලෙස වැඳ ගෙන සිටින අයට/ආයතනවලට අභියෝග කැරෙන විට දෙවොලේ කපුවන් වී සිටින ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කතුවරුන්ට දවල් තරු පෙනීමයි!

සමාජ මාධ්‍ය පාලනය කරන්න යැයි ඔවුන් කෑගසන්නේ දේවාලේ ව්‍යාපාරවලට තර්ජනයක් මතු වීම හරහා කලබල වීමෙන්.

මෙයින් මා කියන්නේ  ඕනෑම දෙයක් කීමට හෝ ලිවීමට ඉඩ දිය යුතුය යන්න නොවෙයි. එහෙත් සමාජ මාධ්‍ය නියාමනය ඉතා සීරුවෙන් කළ යුත්තක් බවයි. නැතහොත් සමාජයක් ලෙස දැනට ඉතිරිව තිබෙන විවෘත සංවාද කිරීමට ඇති අවසාන වේදිකාවත් අධිපතිවාදයට හා සංස්කෘතික පොලිසියට නතු වීමේ අවදානම තිබෙනවා.

අපටත් වඩා ගතානුගතික වූ ඉන්දියානු සමාජය පුරවැසි අයිතීන් වෙනුවෙන් නව තාක්ෂණය හා නූතනත්වය යොදා ගන්නා සැටි අධ්‍යයනය කිරීම වැදගත්.

Image courtesy The Hindustan Times
Image courtesy The Hindustan Times

2015 මාර්තුවේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළා. එනම් 2008දී පනවන ලද එරට තොරතුරු තාක්ෂණ පනතේ 66A වගන්තිය ව්‍යවස්ථා විරෝධී බවයි. එම වගන්තිය යටතේ ක‍්‍රියා කරමින් ෆේස්බුක් හා ට්විටර් සමාජ මාධ්‍යවල විකල්ප මත පළ කළ ඉන්දියානුවන් කිහිප දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ ගැන කම්පාවට පත් නීති ශිෂ්‍යාවක් මෙයට එරෙහිව එරට ඉහළම උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළා.

BBC Online: 24 March 2016

Section 66A: India court strikes down ‘Facebook’ arrest law

‘ඕනෑම සමාජයක භාෂණ නිදහස පැවතිය යුතු අතර එයට කරන සීමා කිරීම් අතිශයින් යුක්ති සහගත විය යුතුයි. තොරතුරු තාක්ෂණ පනතේ 66A වගන්තිය මේ සීමා ඉක්මවා ගිය, පුරවැසි ප‍්‍රකාශන අයිතිය අනිසි ලෙස කොටු කරන්නක්’ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වූවා.

තව දුරටත් තීන්දුව මෙසේද කීවා. ‘ඕනෑම කරුණක් ගැන සාකච්ඡා කරන්නත් (discussion), යම් ක‍්‍රියාමාර්ගයක් වෙනුවෙන් එයට පක්ෂව මත පළ කරන්නත් (advocacy) පුරවැසියන්ට නිදහස තිබෙනවා. එම මත දැක්වීම් කෙතරම් ජනප‍්‍රිය ද නැද්ද යන්න එහිදී අදාළ නැහැ. මත දැක්වීම ඉක්මවා යම් සමාජ විරෝධී උසිගැන්වීමක්  (incitement) සිදු වේ නම් පමණක් නීතිය හා සාමයට තර්ජනයක් කියා එය පාලනය කළ හැකියි. වෙබ් හරහා පළ කරන අදහස් සමහරුන්ට දිරවා ගත නොහැකි වූ පමණටවත්, අතිශයින් ආන්දෝලනාත්මක වූ පමණටවත් එයට මැදිහත් වීමට පොලිසියට හෝ රජයට හෝ ඉඩක් නොතිබිය යුතුයි.

The Hindu, 26 March 2016: The judgment that silenced Section 66A

Image source: http://www.news18.com/news/india/cartoon-of-the-day-23-977140.html
Image source: http://www.news18.com/news/india/cartoon-of-the-day-23-977140.html

මේ ඉතා වැදගත් තීන්දුව ගැන අදහස් දැක්වූ ප‍්‍රකට ඉන්දියානු නීති ක‍්‍රියාකාරකයකු වන ලෝරන්ස් ලියැං (Lawrence Liang) කිවේ මෙයයි. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක විවේචනය කිරීමට හා විසමුම්තියට  ඕනෑම අයකුට නිදහස තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නැවත වරක් පිළිගෙන තියෙනවා. යම් මත දැක්වීමක් නිසා සමහරුන්ගේ මාන්නයට හෝ අධිපතිවාදයට පහර වැදුණු පමණට එය කිසිසේත්ම නීති විරෝධී වන්නේ නැහැ!’

Free speech Ver.2.0, by Lawrence Liang. The Hindu. 25 March 2015

21 වන සියවසේ ප‍්‍රකාශන නිදහස ගැන විමර්ශනය කරන විට සාමාන්‍ය ජනයා ඉන්ටර්නෙට් හරහා කරන තොරතුරු හුවමාරුවට හා මත දැක්වීම්වලට අනිවාර්යයෙන්ම ඉඩ සහතික කළ යුතු බව ඔහු කියනවා. ප‍්‍රකාශන නිදහස ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට පමණක් සුවිශේෂී වන අයිතියක් නොවෙයි.

‘භාෂණ හා ප‍්‍රකාශන නිදහස ගැන ඉන්දියාවේ අලූත් ආකාරයේ සංවාදයන් බිහි වන සැටි මා දකිනවා. 66A වගන්තිය ඉවත් කිරීමට පෙළ ගැසුණේ නීතිඥයන්, බ්ලොග් රචකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන් හා සමාජ මාධ්‍ය භාවිත කරන්නන්. සන්නිවේදනය නම් වූ පරිසර පද්ධතිය තුළ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට අමතරව දැන් වෙබ්ගත සන්නිවේදකයන් ද හරි හරියට සක‍්‍රීයව සිටිනවා. මේ නිසා රජයන්ට හා අධිපතිවාදීන්ට හිතුමතයට ක‍්‍රියා කළ නොහැකියි.’ ලියැං තවදුරටත් කියනවා.

ළිංමැඬියාවෙන් පෙළෙන අපේ සමාජයට කවදා හෝ ළිඳෙන් ගොඩ යන්නට අත්වැලක් සපයන්නේ අධිපතිවාදය හෙළා දකින නූතනත්වය පමණයි!

Image courtesy www.livemint.com
Image courtesy http://www.livemint.com

සිවුමංසල කොලූගැටයා #260: විද්‍යුත් මාධ්‍ය නියාමනය යනු වාරණය නොවේ!

Sri Lanka’s broadcast sector, which was a state monopoly for decades, was finally opened up for private sector participation in 1992. However, it has been an ad hoc process ever since – with no clear rules nor any independent enforcement or regulatory mechanism. The broadcast licensing process remains undefined, opaque and discretionary on the part of politicians and officials in charge of media.

This has led to a squandering of the electromagnetic spectrum, a public property: private sector participation in broadcasting has been open only to business confidantes of various ruling parties that have been in office since 1990.

In this Ravaya column (appearing in issue of 6 March 2016), I further discuss the highly problematic broadcast ‘liberalisation’ in Sri Lanka and the resulting complications. I quote from an expert analysis titled Political economy of the electronic media in Sri Lanka by Tilak Jayaratne and Sarath Kellapotha (2012). I also discuss potential ways of resolving the current chaos by regularizing the broadcast licensing process, setting up an independent broadcast regulator, and belatedly bringing transparency and accountability to the sector.

Finally, I clarify that media regulation is not the control of media content or messages, but merely creating a level playing field for all participant companies including the state broadcasters in ways that would best serve the interest of audiences who are the public.

Photo by Louie Psihoyos, National Geographic
Photo by Louie Psihoyos, National Geographic

වසර 25ක කාලයක් තිස්සේ, විද්‍යුත් මාධ්‍ය (රේඩියෝ, ටෙලිවිෂන්) ක්ෂේත‍්‍රයට පෞද්ගලික සමාගම්වලට පිවිසීමට ඉඩ දීම හරහා පොදු සම්පතක් වන විද්‍යුත් සංඛ්‍යාත අපහරණය වී ඇති සැටි අප ගිය සතියේ කතා කළා.

මගේ විග‍්‍රහයේ අරමුණ වූයේ රජයේ විද්‍යුත් මාධ්‍ය භාවිතය හා (පෙර පැවති) ඒකාධිකාරය සාධාරණීකරණය කිරීම නොවෙයි. රටට තනි රේඩියෝ ආයතනයක් හා ටෙලිවිෂන් ආයතන දෙකක් තිබූ, ඒ සියල්ලම රජයේ හොරණෑ වූ 1992ට පෙර යුගයට ආපසු යන්නට මා නම් කැමති නැහැ.

එහෙත් පොදු දේපළක් වන සංඛ්යාත පාරදෘශ් රමවේදයක් හරහා රාජ්, පෞද්ගලික හා රජා මාධ් අතර බෙදා නොදීමේ විපාකයි අප දැන් අත් විඳින්නේ. රමාද වී හෝ විද්යුත් මාධ් ක්ෂේතරයේ බලපත් ලබා දීම, සංඛ්යාත බෙදා දීම හා ඒවා ලබන්නන්ගේ සමාජයීය වගකීම් සහතික කිරීම සඳහා නිසි නියාමනයක් අත්යවශ්යයි.

වඩාත් පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් හා ආණ්ඩුකරණයක් ඇති රටවල විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය නිසියාකාරව නියාමනයට ලක් වනවා. නියාමනය (media regulation) යනු කිසිසේත් මාධ්‍ය අන්තර්ගතය පාලනය කිරීම (content control) හෝ වාරණය කිරීම (censorship) නොවෙයි.

පොදු දේපළක් භාවිත කරමින් විකාශයන් කරන ආයතන නිසි නීතිමය හා ආචාරධර්ම රාමුවකට නතු කිරීම හා ඒ හරහා පොදු උන්නතියට මුල් තැන දීම පමණයි.

විදුලි සංදේශ ක්ෂේත‍්‍රයේ මෙය සිදු කෙරුණේ 1990 දශකයේදී. ඓතිහාසිකව ටෙලිකොම් ඒකාධිකාරය හිමිව තිබූ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ප‍්‍රතිව්‍යුහගත කිරීමෙන් හා එයට පරිබාහිරව ටෙලිකොම් නියාමන කොමිසමක් (TRCSL) බිහි කිරීමෙන්. ඒ හරහා තරගකාරීත්වයට ඉඩ දී පාරිභෝගිකයාට වාසි වැඩි කළා.

අපේ ටෙලිකොම් නියාමන කොමිසම රජයේ ආයතනයක් නිසා එය ස්වාධීන නැහැ. එහෙත් ටෙලිකොම් ක්ෂේත‍්‍රය විධිමත් කිරීමට සැලකිය යුතු මෙහෙවරක් කරනවා. මේ හා සමාන ආයතනයක් රේඩියෝ හා ටෙලිවිෂන් ක්ෂේත‍්‍රවල තවමත් නැහැ.

එයට රාමුව සපයන නීතියක් ද නැති පසුබිම තුළ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයට ඇත්තේ 1966 ගුවන් විදුලි සංස්ථා පනත හා 1982 රූපවාහිනී සංස්ථා පනත පමණයි. මේ දෙකම යල්පැන ගිය, නූතන අභියෝගවලට මුහුණ දීමට නොහැකි නීති දෙකක්. මෙනයින් විද්‍යුත් මාධ්‍ය නියාමනයට අප තවම ප‍්‍රවේශ වී හෝ නැහැ. කළ යුතු බොහෝ දේ තිබෙනවා.

1925 සිට 1992 දක්වා වසර 67ක් මුළුමනින්ම ලක් රජයේ ඒකාධිකාරයක් ලෙස පැවති විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයට 1992 සිට පෞද්ගලික අංශයේ ඇතැම් සමාගම්වලට පිවිසීමට ඉඩ ලැබුණා. මුලින් රේඩියෝ නාලිකා ඇරැඹීමටත්, පසුව ටෙලිවිෂන් නාලිකා පවත්වා ගෙන යාමටත් ඉඩ දීම විද්‍යුත් මාධ්‍ය විවෘත කිරීම (Broadcast liberalisation) ලෙස හඳුන්වනු ලැබුවත් එය විවෘත, ක‍්‍රමවත් හා අපක්ෂපාත ලෙස සිදු වූයේ නැහැ.

මුල පටන් අද දක්වාම සිදු වෙමින් ඇත්තේ බලයේ සිටින පක්ෂවලට සමීප හා හිතවත් ව්යාපාරිකයන්ට විද්යුත් මාධ් ඇරැඹීමේ බලපත් (ලයිසන්) ලබා දී සඳහා සංඛ්යාත අනුයුක්ත කිරීමයි. 1992 සිට පැවති සියලූම රජයන් සිය ගජමිතුරු ව්යාපාරිකයන් හා හිතවතුන් අතර මේ වරපරසාදය බෙදා දී තිබෙනවා.

1994 අගෝස්තු 15 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ බලයට පත් වුණා. ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ මාධ්‍ය ගැන කරුණු කිහිපයක් සඳහන් වූවා. ජනමාධ්‍ය රජයේ හා දේශපාලකයන්ගේ පාලනයෙන් නිදහස් කිරීම, මාධ්‍ය නිදහස සහතික කිරීම, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දෙකේම ගුණාත්මක අගය දියුණු කිරීම මෙන්ම නව භාවිතයන් තුළින් අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම ඒ අතර තිබුණා.

මේ ප‍්‍රතිඥා රාජ්‍ය මාධ්‍ය ප‍්‍රතිපත්තිය ලෙස 1994 ඔක්තෝබරයේ කැබිනට් මණ්ඩලය විසින් පිළිගනු ලැබුවා. මාධ්‍ය ප‍්‍රතිසංස්කරණය සඳහා විද්වත් කමිටු තුනක් පත් කළා. ඒවා පුළුල් සංවාදයන්ගෙන් පසු හරබර නිර්දේශ රැසක් යෝජනා කළත් අවාසනාවකට චන්ද්‍රිකා රජය ඒවා ක‍්‍රියාත්මක කළේ නැහැ.

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දශක ගණනක අත්දැකීම් තිබූ නැසී ගිය තිලක් ජයරත්න සූරීන් හා කෘතහස්ත රේඩියෝ මාධ්‍යවේදී සරත් කැල්ලපත දෙපළ මෙරට විද්‍යුත් මාධ්‍යයේ පරිණාමය හා වත්මන් අභියෝග ගැන විචාරශීලී නිබන්ධයක් 2012දී රචනා කළා. [Political Economy of the Electronic Media in Sri Lanka. http://goo.gl/H8UYeq]

Tilak Jayaratne
Tilak Jayaratne

ඔවුන් 1990 දශකයේ මුල් භාගය ගැන මෙසේ කියනවා. ‘(තෝරා ගත්) පෞද්ගලික සමාගම්  හරහා රේඩියෝ සේවාවන් කිහිපයකුත් ටෙලිවිෂන් සේවාවන් දෙක තුනකුත් ඇරඹුනේ මේ කාලයෙයි. එහෙත් දේශීය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීම ඔවුනට තහනම් වුණා. විදෙස් ප‍්‍රවෘත්ති සේවා මෙරට ප‍්‍රතිරාවය කරන විටදී පවා ශ‍්‍රී ලංකාව ගැන කිසිදු සඳහනක් වූවොත් එය අවහිර කළ යුතු වුණා. මේ සාපේක්ෂ විවිධත්වය හරහා සැබැවින්ම මාධ්‍ය බහුවිධත්වයක් හෝ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රජාතන්ත‍්‍රීකරණයක් හෝ බිහි වූයේ නැහැ. එසේම මුල් වසර කිහිපයේදී රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය සතුව තිබූ ඒකාධිකාරයට ප‍්‍රබල අභියෝගයක් එල්ල වූයේද නැහැ.’

විද්‍යුත් මාධ්‍ය ප‍්‍රතිව්‍යුහකරණයේ දේශපාලන සීමාවන් මනාව පෙනී ගිය අවස්ථාවක් ලෙස රජයේ ගුවන් විදුලි සංස්ථාවේ නව අධ්‍යාපන සේවය ඔවුන් ගෙන හැර දක්වනවා. විජේතුංග ජනාධිපතිවරයා යටතේ 1994 ජුනි මාසයේ අරඹන ලද මේ සේවය වඩාත් විවෘත, සංවාදශීලී ආකෘතියක් හඳුන්වා දුන්නත් එය ටික කලකට පමණක් සීමා වූ සැටි ඔවුන් විස්තර කරනවා.

මාධ්‍ය නිදහස ස්ථාපිත කරන බවට ප‍්‍රතිඥා දෙමින් බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ වුවත් පවතින රජයේ දේශපාලන දැක්මට වෙනස් වූ අදහස් සාකච්ඡා කිරීමට මේ සේවය තුළද ඉඩක් ලැබුණේ නැහැ.

1997 මාර්තුවේ චන්ද්‍රිකා රජය ශ‍්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය අධිකාරියක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් (Sri Lanka Broadcasting Authority Bill) ගැසට් කළා. මෙය අභියෝගයට ලක් කරමින් පුරවැසියන් 15 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළා.

රාජ්‍ය මාධ්‍යවලට එක් අන්දමකටත්, පෞද්ගලික මාධ්‍යවලට තවත් අන්දමකටත් නියාමනය කිරීමට යෝජිතව තිබීම වෙනස්කමක් හා අසාධාරණයක් යැයි ඔවුන් තර්ක කළා. මේ ඇතුලූ තවත් තර්ක සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බව තීරණය කළා.

එම වැදගත් නඩු තීන්දුවේ මෙසේ ද සඳහන් වුණා. ‘විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර ලබා දෙන ආයතනය රජයෙන් ස්වාධීන විය යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික හිමිකාරිත්වය යටතේ ඇති සියලූම විද්‍යුත් මාධ්‍ය එක් නියාමන අධිකාරියක් යටතේ තිබීම වඩාත් යෝග්‍යයි. එවිට එම ක්ෂේත‍්‍රයට අදාළ ප‍්‍රතිපත්ති  නිසි ලෙස සාදාගෙන ක‍්‍රියාත්මක කළ හැකි වනවා. මේ ස්වාධීන නියාමන අධිකාරියට විද්‍යුත් සංඛ්‍යාත බෙදාදීම ඇතුළු සියලූ තාක්ෂණික සාධක ගැන වගකිව යුතුයි.’

TV-Tower-Spectrum

එම පනත් කෙටුම්පත සංශෝධිතව යළි ඉදිරිපත් කෙරුණේ නැහැ. මේ නිසා අද දක්වාත් මෙරට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය අවිධිමත්, නිසි නියාමන රාමුවකින් තොරව ක‍්‍රියාත්මක වනවා. නිලධාරීන්ගේ හා අමාත්‍යවරුන්ගේ හිතුමතයට තීරණ ගැනීම දිගටම සිදු වනවා.

1992-2012 දශක දෙකක කාලය තුළ විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර රැසක්ම නිකුක් කළත්, අපේක්ෂිත පරිදි සැබෑ මාධ්‍ය බහුවිධත්වයක් (media pluralism) මෙරට බිහි වී නැහැ.

බහුවිධත්වය සඳහා නාලිකා/සේවා ගණන වැඩි වීම පමණක් සෑහෙන්නේ නැහැ. සමාජයක සියලූ ජන කොටස් හා මතවාදයන් නිසි ලෙස නියෝජනය කරන, ඉඩ සලසන මාධ්‍ය පාරිසරික පද්ධතියක් බිහිවීම අවශ්‍යයි. අගනුවර කේන්ද්‍රීය, රාජ්‍ය මූලික හා වෙළඳපොළ ප‍්‍රාග්ධනයට නතු මාධ්‍යවලින් පමණක් මෙය සපුරා ගන්නට බැහැ.

ජයරත්න හා කැල්ලපත මෙරට විද්‍යුත් මාධ්‍ය ඉතිහාසය මෙසේ කැටි කරනවා. “යුරෝපයේ රේඩියෝ පටන් ගත් කාලයේම වගේ මෙරටටත් එම මාධ්‍යය හඳුන්වා දෙනු ලැබුව ද, එයට ආවේණික වූ බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදායන් මෙහි ආයේ නැහැ. අපට ආවේණික විද්‍යුත් මාධ්‍ය සම්ප‍්‍රදායක් අප බිහි කර ගත්තේ ද නැහැ. දශක ගණනක් තනිකරම රජයේ ප‍්‍රචාරක මාධ්‍යය වූ රේඩියෝ (පසු කාලීනව ටෙලිවිෂන්) ඉනික්බිති පෞද්ගලික සමාගම්වලට ලාභ උපදවන ව්‍යාපාර වූවා. ඉඳහිට මහජන සේවා විද්‍යුත් මාධ්‍යවල ගතිගුණ දක්නට ලැබුණත් බොහෝ කොටම අපට ඇත්තේ අධිපතිවාදී, ප‍්‍රචාරාත්මක මාධ්‍ය කලාවක්.

“එසේම මෙරට ප‍්‍රජා ගුවන්විදුලි සේවා ඇතැයිද කීම ද මුලාවක්. මන්ද මෙරට ඇත්තේ රජයේ ගුවන් විදුලියේ ග‍්‍රාමීය විකාශයන් මිස සැබැවින්ම ප‍්‍රජාව පාලනය කරන රේඩියෝ නොවේ. වාණිජකරණය හමුවේ තොරතුරු හා මහජන අධ්‍යාපනයට වඩා විනෝදාස්වාදයට මුල් තැන දීම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ප‍්‍රතිපත්තියයි.”

26 April 2015: සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

රාජ්‍ය-පෞද්ගලික දෙඅංශයම පොදු දේපළක් වන විද්‍යුත් සංඛ්‍යාත යොදා ගෙන රේඩියෝ-ටෙලිවිෂන් විකාශය කළත්, අන්තිමේදී මේ දෙපිරිසම පොදු උන්නතියට කැප වන්නේ සීමිත අන්දමින් පමණයි. 1990 සිට විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර ලැබූවන් අතර වත්මන් අග‍්‍රාමාත්‍යවරයාගේ සහෝදරයන් දෙදෙනෙකුද සිටිනවා. (ශාන් වික‍්‍රමසිංහ හා නිරාජ් වික‍්‍රමසිංහ).

ගජමිතුරන්ට හිතුමතයට විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර හා සංඛ්‍යාත ලබා දීමේදී ඔවුන් නිසි නියාමනයකට යටත් කොට නැහැ. එසේම හේතු නොදක්වා බලපත්  ඕනෑම විටෙක ආපසු ගත හැකි වීම හරහා මාධ්‍ය අන්තර්ගතයට අනිසි බලපෑම් කිරීමටද දේශපාලකයන්ට හා නිලධාරීන්ට අවකාශය ලැබෙනවා.

1992 සිට 2012 දක්වා විවිධ රජයන් යටතේ නිකුත් කළ විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍රධාරීන්ගේ ලැයිස්තුවක් මාධ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබෙනවා. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය හැරුණු කොට පෞද්ගලික සමාගම් 38කට බලපත‍්‍ර දී තිබෙනවා. සමහරුන්ට රේඩියෝ පමණයි. තවත් අයට රේඩියෝ ටෙලිවිෂන් දෙකම. සමහරුන්ට භෞමික සංඥා බෙදාහැරීමටත්, තවත් සමාගම්වලට චන්ද්‍රිකා හරහා බෙදා හැරීමටත් අවසර දී තිබෙනවා. http://www.media.gov.lk/images/pdf_word/licensed-institutions-tv-radio.pdf

මේ බලපත් 38න් 25ක්ම නිකුත් කොට ඇත්තේ 2006-2011 වකවානුවේ. එනම් රාජපක්ෂ පාලන සමයේදී. බලපත් ලද සැවොම විකාශ අරඹා නැහැ.

හරි පාරේ ගොස් තරගකාරීව, විවෘතව ඉල්ලා සිට විද්‍යුත් මාධ්‍ය බලපත් ලද නොහැකි පසුබිම තුළ හොර පාරෙන් ලබා ගත් බලපත්වලට ලොකු ඉල්ලූමක් බිහිව තිබෙනවා. සමහර බලපත‍්‍ර කිහිප විටක් අතින් අත ගොස් ඇත්තේ රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරුවටයි.

ඇත්තටම විද්යුත් සංඛ්යාත කළු කඩයක් බිහිවීම (black market in broadcast licences) ගැන 1990 සිට බලයේ සිටි සියලූම රජයන් වගකිව යුතුයි.

මේ ගැන මෑතදී විග්‍රහයක් කළ දේශපාලන විචාරක හා බ්ලොග් ලේඛක අජිත් පැරකුම් ජයසිංහ මෙසේ කියනවා:

Ajith Perakum Jayasinghe
Ajith Perakum Jayasinghe

“ලංකාවේ විකාශන තරංග පරාසය බෙදා දෙන ආකාරය නීත්‍යානුකූල නැත. එය ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ ප්‍ර‍ජාතාන්ත්‍රික මූලධර්මවලට ද පටහැණිය. පාසලක කැන්ටිමක් බදු දෙන විටත් ටෙන්ඩර් කැඳවාල ඕනෑම කෙනෙකුට විවෘතව මිළ ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී සුදුස්සා තෝරා ගනු ලැබේ.

“පොදු දේපලවල භාරකරු වන රජය ඒවා සම්බන්ධයෙන් පාරදෘෂ්‍ය අන්දමින් කටයුතු කළ යුතු බව ඉතා පැහැදිලිය. රජය පොදු දේපලවල හිමිකරු නොව ඒවායේ භාරකරු පමණක් බව එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් මහමාන්කඩවල පියරතන හිමියන් විසින් පවරන ලද නඩුවට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවෙහි පැහැදිලිව දැක්වේ.

“එසේ නම්, මහජනතාවට අයිති පොදු දේපලක් වන ගුවන් විදුලි විකාශ පරාසය පමණක් යාලු මිත්‍ර‍කමටල පගාවට හිතවතුන්ට බෙදා දුන්නේ කෙසේද? මහජනතාවගේ ගුවන් විදුලි පරාසයෙන් සංඛ්‍යාත සොරකම් කළ සොරුන් අතර ජනතා විමුක්ති පෙරමුණ ද සිටින නිසා ඔවුන් දැන්වත් මේ ගැන කතා කළ යුතුය.

“මහජනතාවගේ සංඛ්‍යාත සොරකම් කරගත් අයට ජන මනස විකෘති කරන. ජාතිවාදී, ආගම්වාදී, ස්ත්‍රී විරෝධී වැඩසටහන් විකාශය කිරීමට ඉඩ දීමට ආණ්ඩුවට අයිතියක් නැත. එහෙම වැඩසටහන් ඉදිරිපත් කිරීම මාධ්‍ය නිදහස වන්නේ ද නැත.”  http://www.w3lanka.com/2016/02/blog-post_15.html

විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සමහර පරාසයන්වල තව දුරටත් දීමට සංඛ්‍යාත ඉතිරිව නැහැ. FM පරාසය දැනටමත් තදබදයට ලක් වෙලා. මෙයට හේතුව රටේ නීතියක් නැති වුවත් භෞතික විද්‍යාවේ නීති කවදත් කොතැනත් එක ලෙස ක‍්‍රියාත්මක වීමයි.

හිටපු ටෙලිකොම් නියාමක හා සන්නිවේදන විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ හොඳම ක‍්‍රමවේදය නම් සංඛ්‍යාත සඳහා වෙන්දේසියක් පවත්වා ඉහළම ඉල්ලූම්කරුවන්ට ඒවා ප්‍රසිද්ධියේ බදු දීම බවයි.

ජයරත්න හා කැල්ලපත ලියූ නිබන්ධය සිංහලෙන්:

http://mediareformlanka.com/files/Media_Book_Sinhala.pdf

සිවුමංසල කොලූගැටයා #259: වසර 25ක් පුරා සිදු වන විද්‍යුත් සංඛ්‍යාත කොල්ලය

Broadcast transmission tower

Broadcasting uses the electro-magnetic spectrum, a public resource. It is also a finite resource: there is only so much of the spectrum available for broadcasting and other uses such as telecommunications, emergency communications and military uses. And because it is a scarce resource, it is valuable.

In a landmark 1995 judgment, the Supreme Court of India held that the airwaves or frequencies in the electro-magnetic spectrum are a public property. Thus, their use had to be controlled and regulated by a public authority in the interests of the public and to prevent the invasion of their rights. Since the broadcast media involves the use of the airwaves, this factor creates an inbuilt restriction on its use, as in the case of any other public property.

Sri Lanka’s broadcast sector, which was a state monopoly for decades, was finally opened up for private sector participation in 1992. However, this decision was not accompanied by any specific laws or regulations; it has been an ad hoc process ever since. There are no clear rules nor any independent enforcement or regulatory mechanism. The broadcast licensing process remains undefined, opaque and discretionary on the part of the minister and officials in charge of media.

There are no published guidelines or criteria. In their absence, there is no legal provision to support public service media or community media through licensing. Licence issuing practices so far do not indicate any such interest. The private sector participation in broadcasting has been open only to business confidantes of various ruling parties that have been in office since 1990.

In this week’s Ravaya column (appearing in issue of 28 February 2016), I discuss the plundering of the electromagnetic spectrum in Sri Lanka and the resulting chaos in the broadcast sector. I quote former Media Ministry secretary Dr Charitha Herath and Colombo University mass media academic Dr Pradeep Nishantha Weerasinghe whose masters degree thesis analysed the early years of broadcast sector ‘liberalization’ in Sri Lanka during the 1990s.

See also:

BBC Online: Profile of Sri Lanka’s media

Political economy of the electronic media in Sri Lanka by Tilak Jayaratne and Sarath Kellapotha (2012)

Electromagnetic Spectrum
Electromagnetic Spectrum

කොළඹ කොටුවේ, කොල්ලූපිටියේ හෝ බම්බලපිටියේ වාණිජ වශයෙන් ඉතා ඉහළ ඉඩම් වටිනාකමක් පවතින ප‍්‍රදේශයකින් රජයට (එනම් මහජනයාට) අයත් අක්කර සිය ගණනක් කිසිදු ගෙවීමකින්/අය කිරීමකින් තොරව රජයට හිතවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනකුට දිගු කාලීන කුලී ක‍්‍රමයට පවරා දුන්නා යයි සිතන්න.

 

ලිපි ලේඛන සැකසීම රහසේ කළත් එම ඉඩම්වල ව්‍යාපාරික ක‍්‍රියා අරඹන විට එළිපිට කළ යුතු නිසා ජන අවධානය නිතැතින් යොමු වනවා. එවිට එම ඉඩම් කුමන පදනමක් මත එසේ පැවරුවාද යන්න ගැන මාධ්‍යවල හා පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කළ හැකි වනවා.

මෙකී කල්පිත තත්ත්වයට සමාන්තර රියාදාමයක් දැන් වසර 25 පමණ කාලයක් මෙරට සිදු වෙමින් තිබෙනවා. නියත වශයෙන්ම මෙරට මහජනයාට අයත් සම්පතක්, කිසිදු රමවේදයක් නොමැතිව 1990 සිට බලයේ සිටි එජාප, රීලනිප හා හවුල් රජයන් විසින් තමන්ගේ ගජමිතුරු ව්යාපාරිකයන්ට නොමිලයේ දී තිබෙනවා.

ඒවා ලද ව්‍යාපාරිකයෝ කිසිදු හිරිකිතයකින් තොරව ප‍්‍රසිද්ධියේ හා බොහෝ විට සංදර්ශනකාමී ලෙසින් එම සම්පත යොදා ගෙන ව්‍යාපාර කරනවා. එයින් කෝටි ගණන් ලාබ ලබනවා. එපමණක් නොව ඔවුන් රටේ දේශපාලනයට, සංස්කෘතියට හා ජන ජීවිතයට ප්‍රබල බලපෑම් ද කරනවා.

හැම රජයක් යටතේම දිගින් දිගටම සිදු වන මේ මහජන සම්පත් මංකොල්ලය ගැන රටේ මහජනයාට, සිවිල් සමාජ සංවිධානවලට, වෘත්තිකයන්ට හෝ පාර්ලිමේන්තුවට බැලූ බැල්මට තැකීමක් නැහැ. අඩු තරමින් මෙබඳු කොල්ලයක් සිදු වනබවට හෝ ඇති තරම් අවබෝධයක් නැහැ.

අප මේ කතා කරන්නේ ඇසට නොපෙනෙන, ස්පර්ශයට හසු නොවන මහජන සම්පතක් වීම එයට මූලික හේතුවයි. නොපෙනෙන දෙයක් අගයන්නට හා රැක ගන්නට අප බොහෝ දෙනකු පෙළඹෙන්නේ නැහැ.

කුමක්ද මේ සම්පත?

එය විද්‍යුත් චුම්බක වර්ණාවලියයි (Electro-magnetic Spectrum). එය භෞතික විද්‍යාවේ මූලික සංසිද්ධියක්. තොරතුරු සමාජයට හා මාධ්‍ය කර්මාන්තයට අතිශයින් වැදගත්ල නැතිවම බැරි සම්පතක්. එසේම නිශ්චිත සීමාවන් ඇති සම්පතක්.

අපට ඇසට පෙනෙන ආලෝකය ද ඇතුළු බොහෝ ස්වාභාවික තරංගයන් මේ වර්ණාවලියේ විවිධ පරාසයන්ට අයත්. වර්ණාවලියේ එක් එක් තැන්වල විවිධාකාර තරංග හමු වනවා. සංඛ්‍යාතය අඩු රේඩියෝ තරංගවල සිට සංඛ්‍යාතය වැඩි ගැමා කිරණ දක්වා වර්ණාවලිය විහිදෙනවා. මේ අතර මයික්‍රෝ තරංග, අධෝරක්ත ආලෝකය, පරාජම්බුල ආලෝකය, X-කිරණ ආදිය ද වනවා. මේ සියල්ල අවකාශය හරහා ගමන් කිරීමට සමත්.

අපට ප‍්‍රකෘති ඇසට පෙනෙන්නේ වර්ණාවලියෙන් සාපේක්ෂව කුඩා කොටසක් වන සූර්යාලෝකය පමණයි. (එහිද වර්ණ හතක් එකට මිශ‍්‍රව තිබෙනවා. දේදුන්නක් බිහි වන විට තාවකාලිකව වෙන් වී පෙනෙන්නේ මේ වර්ණ හතයි.)

වර්ණාවලියේ ඇතැම් තරංග යොදා ගනිමින් දුරස්ත සන්නිවේදනය කළ හැකි බව 19 වන සියවසේදී භෞතික විද්‍යා පර්යේෂණවලින් සොයා ගනු ලැබුවා. මෙයට දායක වූ විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් රැසක් සිටියා.

මේ සොයා ගැනීම් මත පදනම් වී රේඩියෝ විකාශයන් 20 වන සියවසේ මුල් දශක දෙකෙහිදී ඇරඹුණා. ඊට ටික කලකට පසු තරංග හරහා ශබ්දය හා රූප දෙකම යැවීමේ ටෙලිවිෂන් තාක්ෂණය භාවිතයට ආවා. රැහැන් රහිතව දුරකතන සංඥා යැවීමට වර්ණාවලියේ තරංග යොදා ගැනීම ගැන 1950 ගණන්වල සිට කළ අත්හදා බැලීම් නිසා 1980 දශකය වන විට ජංගම දුරකතන සේවාද බිහි වුණා.

දුරකතන (කථාබහ හා දත්ත) සන්නිවේදනය, විද්‍යුත් මාධ්‍ය සන්නිවේදනය, ආපදා සන්නිවේදනය, ගුවන්යානා සහ නැව් සමග සන්නිවේදනය මෙන්ම හමුදාමය සන්නිවේදන සඳහාත් වර්ණාවලියේ විවිධ කොටස් බෙදා වෙන් කොට තිබෙනවා. මේ සඳහා ලොව සියලූ රටවල් එක්ව ජාත්‍යන්තර සම්මුති පිහිටුවා ගෙන තිබෙනවා.

එසේ නොකළොත් වර්ණාවලිය කාටවත් වැඩක් ගත නොහැකි පරිදි ව්‍යාකූල වූ මහා ගාලගෝට්ටියක් වනවා. ලෝක සම්මුතීන් දේශීය මට්ටමෙන් ක‍්‍රියාත්මක කිරීමට හා නිසි ලෙස නියාමනය කිරීමට හැම රටකම රාජ්‍ය ආයතනයක් තිබෙනවා. අපේ රටේ මේ වගකීම දරන්නේ විදුලි සංදේශ නියාමන කොමිසමයි (TRCSL).

මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය (රේඩියෝ, ටෙලිවිෂන්) අතර ප‍්‍රධාන වෙනසක් තිබෙනවා. ප‍්‍රාග්ධනය සපයා ගත හැකි ඕනෑම අයකුට පුවත්පතක් හෝ සඟරාවක් ඇරැඹිය හැකියි. එහෙත් කිසිවකුට හිතුමතයට රේඩියෝ හෝ ටෙලිවිෂන් සේවාවක් පටන් ගන්න බැහැ. රටේ තිබෙන සංඛ්‍යාත පරාසය (Frequency Spectrum) සීමිත වූ මහජන සම්පතක්. එයින් සංඛ්‍යාත කිහිපයක් ලබා ගැනීමට TRCSL හරහා යා යුතුයි. එසේ නොමැතිව විකාශයන් කිරීම නීතිවිරෝධීයි.

විද්‍යුත් මාධ්‍ය ආයතන ඇරැඹීමට බලපත් ලබා දෙන්නේ මාධ්‍ය අමාත්‍යාංශයයි. මේ බලපත් ලබා දෙන නිසි, විවෘත ක‍්‍රමවේදයක් ගෙවී ගිය වසර 25 පුරාම විවිධ රජයන් යටතේ සකස් කෙරී නැහැ.

බලපත් ලබන සමාගම් ඉනික්බිති TRCSL වෙතින් විකාශය සඳහා සංඛ්‍යාත ලබා ගත යුතුයි. මේ සංඛ්‍යාත ලබාදීමේ ක‍්‍රමවේදය හා මෙතෙක් දුන් සංඛ්‍යාත පිළිබඳ විස්තර ඔඍක්‍ වෙබ් අඩවියේ තිබෙනවා. www.trc.gov.lk/spectrum-management/spectrum-management-in-sri-lanka.html

‘‘රටක සංඛ්‍යාත පරාසය සීමිතයි. එසේම එය පොදු දේපළක්. සංඛ්‍යාත පුද්ගලයන්ට හෝ සමාගම්වලට අයිති නැහැ. රජය යනු මේ පොදු දේපළහෙි භාරකරුවායි. භාරකරුවා ලෙස රජය කළයුත්තේ සංඛ්‍යාතයන් කුලියට හෝ බද්දට දීම මිස කිසිවකුට ඒවා සින්නක්කරයට දීම නොවෙයි. එහෙත් අපේ සංඛ්‍යාත බෙදා දීම කිසිදු පිළිවෙළකට සිදුවී නැහැ. මෙය විධිමත් කිරීමට නව පනතක් අප කෙටුම්පත් කළත් එය සම්මත කර ගන්නට හැකිවූයේ නැහැයැ’යි 2012-14 කාලයේ මාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස ක‍්‍රියා කළ ආචාර්ය චරිත හේරත් කියනවා.

එසේම තම සේවා කාලයේ අලූත් විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර කිසිවක් නොදුන් බවත් ඔහු පෙන්වා දෙනවා. පවතින අවුල ලෙහා ගැනීම අමාරු වැඩක්. එය තවත් ව්‍යාකූල නොවීමට නම් නිසි ක‍්‍රමවේදයක් බිහි කරන තුරු අලූත් බලපත් හෝ සංඛ්‍යාත කිසිවක් නොදීම ඉතා වැදගත්.

රාජ්‍ය ඒකාධිකාරය නිමා කරමින් පෞද්ගලික සමාගම්වලටද රේඩියෝ හා ටෙලිවිෂන් සේවා කිරීමට ඉඩ ලැබීම ගැන මාධ්‍ය ග්‍රාහකයෙක් ලෙසා මා එදත් අදත් සතුටුයි. එහෙත් එය සිදු වී ඇති ආකාරය ඉතා ගැටලු සහිතයි.

මේ ගැන ගවේෂණය කළ අයෙක් නම් කොළඹ සරසවියේ ශ‍්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රදීප් නිශාන්ත වීරසිංහ. වසර 2000දී ඔහු නිම කළ ශාස්ත‍්‍රපති උපාධි නිබන්ධයට තේමා වූයේ 1990 දශකයේ මෙරට විද්‍යුත් මාධ්‍ය ප‍්‍රතිපත්තියයි. මහජනයාට අයත් වර්ණාවලිය ගජමිතුරන්ට බෙදා දීම ඇරඹුණේ ඒ කාලයේයි.

1988 ජනාධිපතිවරණය හා 1989 මහ මැතිවරණය ජය ගත් එක්සත් ජාතික පක්ෂය කැම්පේන් වකවානුවේ ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශවල මාධ්‍ය ගැන එතරම් සඳහනක් හමු වූයේ නැහැ. 1989දී උතුරේත්, දකුණේත් සන්නද්ධ තරුණ අරගල උත්සන්න වීම නිසා පුවත් වාරණය, පුවත් තහනම් කිරීම හා මාධ්‍ය ආයතන කෙරෙහි ඍජු හා අනියම් රාජ්‍ය බලපෑම් කිරීම සිදු වූ සැටි ප‍්‍රදීප් සිහිපත් කරනවා.

1989 අගදී පැවැත් වූ සර්ව පාක්ෂික සමුළුවේදී සාකච්ඡාවට බඳුන් වූ ප‍්‍රධාන කරුණු 7ක් අතර ජනමාධ්‍ය ස්වාධීනත්වය ද වූවා. ජවිපෙ හා එල්ටීටීඊය සහභාගි නොවූ මේ සාකච්ඡා අක‍්‍රියවීමේ අවදානම මතු වුණා. එහිදී ප‍්‍රධාන යෝජනා ලෙස බලය බෙදා හැරීම, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ, සුළු ජන නියෝජනය, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම හා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආදිය ගැන නිසි පියවර ගැනීමට නොහැකි වූ පසුබිම තුළ ඉක්මනින් කළ හැකි යමක් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා සෙවූ බව ප‍්‍රදීප්ගේ තර්කයයි. එවකට සිටි ප‍්‍රවෘත්ති අමාත්‍යාංශ ලේකම් හා ප‍්‍රවෘත්ති ඇමතිවරයා හරහා මෙය තහවුරු කර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය කඩිනමින් ඇරඹීමට ජනාධිපතිවරයා 1990දී තීරණය කළා. ‘ඔහු මේ තීරණය පෞද්ගලිකවම ගෙන ඇති අතර ඒ පිළිබඳව සිය කැබිනට් මණ්ඩලය තුළ පවා සාකච්ඡා කළ බවට සාක්ෂි හමු නොවේ. එම තීරණය ගැනීමෙන් සර්ව පාක්ෂික සමුළුවෙන් ඉදිරිපත් වූ යෝජනා එකින් එක ක‍්‍රියාත්මක කරමින් සිටින බවත්, තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයෙක් බවට පෞරුෂයක් ගොඩ නගා ගැනීමට පේ‍්‍රමදාස ජනාධිපතිවරයා එම තීරණය හරහා උත්සාහ ගත් බවත් පෙනේ. මෙයින් පැහැදිලි වන්නේ 1990දී ශ‍්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට ගත් තීරණය දේශපාලන අවශ්‍යතා මත ගත් දේශපාලන තීරණයක් බවයි.’ ප‍්‍රදීප් කියනවා.

පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය සඳහා අවසර දීමට බලතල පවරා 1990 මාර්තු 14දා ජනාධිපතිවරයා කමිටුවක් පත් කළා. එහි සභාපති වූයේ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ එවකට ලේකම් කේ. ඒ. එස්. ගුණසේකරයි. අධ්‍යාපන, තැපැල් හා විදුලි සංදේශ, සැලසුම් ක‍්‍රියාත්මක කිරීමේ හා ආරක්ෂක අමාත්‍යාංශවල ලේකම්/අතිරේක ලේකම්වරුත්, ජනාධිපති සහකාර ලේකම්වරයකුත්, ගුවන්විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වූ ලිවි විජේමාන්නත් එහි සාමාජිකයන් වුණා.

මේ කමිටුව මාස 16ක් පුරා කතා කළත් සලකා බලා ඇත්තේ කරුණු තුනක් ගැන පමණයි. එනම්: රටේ ආරක්ෂක තත්ත්වයට විය හැකි බලපෑම්ත රටේ විදුලි සංදේශ සංඥා පද්ධතියට වන බලපෑම්ත හා බලපත‍්‍ර ලබාදීමට සුදුසු පුද්ගලයන් හා ආයතන.

රටේ පෞද්ගලික විද්යුත් මාධ් ඇරඹීමේ අවශ්යතාව ගැන හෝ ඇති විය හැකි සමාජ බලපෑම් පිළිබඳව හෝ මහජන අදහස් විමසීමක් කර නැහැ. විශේෂඥ උපදෙස් ලබා ගෙනද නැහැ.

‘මෙහිදී ප‍්‍රතිපත්ති සම්පාදනයක් සිදු වී නැති අතර අවසර දෙන ආයතන තෝරා ගැනීමේ කමිටුවක් පමණක් වූ බව පෙනේ’ යැයි ප‍්‍රදීප් කියනවා.

1992 අපේ‍්‍රල් 1 වැනිදා කේ. ඒ. එස්. ගුණසේකර කමිටුව විසින් ගුවන්විදුලි සංස්ථා පනතේ හා රූපවාහිනී සංස්ථා පනතේ බලතලවලට අනුව සමාගම් දෙකකට අවසරය ලබා දුන්නා. එනම් සීමාසහිත කලම්බු කමියුනිකේෂන් සමාගම හා සීමාසහිත ටෙල්ශාන් සමාගමයි.

මෙයින් කලම්බු කමියුනිකේෂන්හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වූයේ ලිවි විජේමාන්නයි. ජනාධිපති පේරමදාසගේ සමීපතමයකු වූ ඔහු අවසර දෙන කමිටුවේද සාමාජිකයකු වීම කෙතරම් සදාචාර සම්පන්නද?

එසේම ටෙල්ශාන් සමාගමේ සභාපති වූයේ පේ‍්‍රමදාස රජයේ සභානායක වූ රනිල් වික‍්‍රමසිංහගේ සහෝදර ශාන් වික‍්‍රමසිංහයි. මොහු 1979දී ITN Sri Lanka ඇරඹීමට හවුල් වූ මෙරට ටෙලිවිෂන් පුරෝගාමියෙක්.

1992 අගෝස්තු 7 වනදා සීමාසහිත මහාරාජා සමාගමටද බලපත‍්‍ර දෙනු ලැබුවා. එයද පේ‍්‍රමදාස ජනාධිපති සමග සමීප සබඳතා තිබූ ව්‍යාපාරික සමාගම් සමූහයක්.

ලිවී විජේමාන්නම කියා ඇති පරිදි අවසරය ලැබෙන විට කලම්බු කමියුනිකේෂන් සමාගම පිහිටුවා තිබුණේද නැහැ. එය ලියාපදිංචි කොට ඇත්තේ 1992 අපේ‍්‍රල් 27 වනදායි!

‘මෙයින් පැහැදිලි වන්නේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ඇරඹීමේ තීරණය ක‍්‍රියාත්මක වූයේද කරුණු සොයා බැලීමෙන් තොරව ඉතා කඩිනමිනි.’ යයි ප‍්‍රදීප් කියනවා.

මේ බලපත‍්‍ර දීමට කිසිදු ආකාරයක ප‍්‍රසිද්ධ ඉල්ලූම්පත් කැඳවීමක් සිදු වූයේ නැහැ. කිසිදු මුදලක් රජය විසින් අය කර නැහැ. බලපත‍්‍ර වලංගු කාල සීමාවක් ද සඳහන් නැහැ. බලපත‍්‍රලාභීන්ට තිබූ එකම කොන්දේසිය වූයේ ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය නොකිරීම පමණයි. (1994 බලයට පත් චන්ද්‍රිකා රජය එම සීමාව ද ඉවත් කළා.)

විද්‍යුත් මාධ්‍ය රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේදී තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංග වන විවෘතභාවය, පැහැදිලි ලෙස ප‍්‍රකාශ වීම හා ජනතා සහභාගිත්වය යන සාධකවලින් එකක්වත් 1990-92 වකවානුවේ ක‍්‍රියාත්මක වූයේ නැහැ.

1988-93 වකවානුවේ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ස්වරූපය ගැන යුක්තිය පුවත්පතට ලියූ ලිපියක කුසල් පෙරේරා මාධ්‍ය විචාරකයා මෙසේ කියා තිබෙනවා:

‘‘1988න් පසු පේ‍්‍රමදාස යුගය මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ද්විත්ව මුහුණුවරක් ඉසිලූ යුගයක් විය. මෙරට ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ පැහැදිලි හා නින්දිත දේශපාලන මැදිහත් වීම් අප දුටුවේ මේ වකවානුවේදීය. රාජ්‍ය ස්ථාපිත හා රාජ්‍ය ගත මාධ්‍යයන්හි මාධ්‍යවේදීන් ඕනෑම රාජ්‍ය ආයතනයක සේවකයන් මෙන්ම රජයේ සේවකයන් විය. මෙම ප‍්‍රවණතාව එක පැත්තකින් වර්ධනය වූ අතර අනෙක් පැත්තෙන් මෙරට පළමුවරට විද්‍යුත් මාධ්‍ය රාජ්‍ය පාලන ප‍්‍රතිපත්තියෙන් බැහැරව බාහිර ප‍්‍රාග්ධනය සමග පෞද්ගලික විකාශන ආරම්භ වූයේ මේ යුගයේදීය. එය ප‍්‍රතිවිරෝධී බලවේග දෙකක ගැටුමක් විය.’’

තවත් සමාගම් විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රයට පිවිසීමට රජයට ඉල්ලූම් කළ නිසා ඒ ගැන සොයා බලා නිර්දේශ කිරීමට ජනාධිපති ඞී. බී. විජේතුංග 1993 අගෝස්තු 20 වැනිදා තවත් කමිටුවක් පත් කළා. ජනාධිපති අතිරේක ලේකම් චන්ද්‍ර වික‍්‍රමසිංහ සභාපති වූ එම කමිටුව පිටු හතක වාර්තාවක් සම්පාදනය කරනු ලදුව ජනපතිවරයා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

විකාශන අධිකාරියක් පිහිටුවීමට පනතක් සකස් කරන්නට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට මේ වාර්තාව යැවීමට අමාත්‍යවරුන් අනුමැතිය දුන්නා. එයින් පසු යෝජිත නීතියට සිදු වූ දෙය වෙනම කතා කළ යුතුයි.

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය විධිමත් කිරීමට හා වර්ණාවලිය නම් අති වටිනා මහජන සම්පත තව දුරටත් දේශපාලන හා ව්‍යාපාරික ගජමිතුරන් අතර බෙදා ගැනීම නතර කිරීමට කුමක් කළ හැකිද?

මේ ගැන ලබන සතියේ වැඩිදුර කතා කරමු.

 

 

 

 

 

සිවුමංසල කොලූගැටයා #256: විචාර බුද්ධියෙන් තොර සමාජයක් සැබැවින්ම නිදහස්ද?

In this week’s Ravaya column (appearing in issue of 7 February 2016), I reflect on the value of independence of thought and critical thinking. It coincides with the 68th anniversary of Sri Lanka’s political independence from Britain observed on Feb 4.

I argue that for much of Sri Lanka’s recorded history, we had open frontiers that welcomed traders, scholars, pilgrims, artistes, missionaries and others from the East and West. This was the ‘ehi-passika‘ (meaning ‘come and see’) formula in Buddhism, which made our kings and courtiers open-minded.

Such engagement had their pros and cons, but on the whole, the island nation was richer for the free flow of genes, ideas and technologies. It was only during the last five centuries – out of 25 in recorded history – that the balance was lost due to European colonisation.

Indeed, the island’s fauna, flora and people would be radically different today if such influences and cross-fertilisation didn’t happen. Excepting our aboriginal veddahs, all other races are immigrants from elsewhere. All our religious faiths are also ‘imported’. Sri Lanka today is a result of endless assimilating and remixing.

Yet, today, many Lankans are highly apprehensive of the outside world.

They constantly warn of elaborate international plots to ‘undermine and destabilise’ Sri Lanka. The usual suspects include cocktail of acronyms – among them the CIA, MI5, RAW, the IMF (and its twin, the World Bank), certain UN agencies and an assortment of supposedly ‘evil’ multinational corporations.

Worryingly, an alarmingly high number of Lankans take these imaginary scenarios for real. High levels of literacy and schooling make little difference. Our media often peddle — and amplify – these for cheap thrills or higher ratings.

We will not be a free nation until and unless we can develop independent and critical thinking.

Tagore, Mahagama Sekera, Amaradeva
Tagore, Mahagama Sekera, Amaradeva

දේශපාලන හා පරිපාලනමය නිදහස ලැබීමේ සංවත්සරය සමරන මේ සතියේ, නිදහස පිළිබඳව අපට විවිධාකාරයෙන් මෙනෙහි කළ හැකියි.

නිදහසින් පසු අපේ රටට සිදු වූ දේ ගැන කතා කිරීමත්, අපට අතහැරුණු අවස්ථා සහ ගිය වැරදි මාර්ගයන් ගැන දුක් වීමත් සමහරුන්ගේ ප‍්‍රියතම ආවර්ජනයයි.

මගේ අරමුණ චින්තන ස්වාධීනත්වය නොහොත් අදීනව සිතීමේ හැකියාව සමාජයක් ලෙස අප පොදුවේ ලබා ගෙන ඇත්දැයි විපරම් කිරීමයි.

නිදහසෙන් පසු රටේ තීරණ ගත් දේශපාලන නායකයන්ගේ දැක්මේ අඩුපාඩු හා බරපතල දෝෂයන් තිබූ බවට අප දන්නවා. එහෙත් සමාජයක් ලෙස පුරවැසියන් හා ඡන්දදායකයන් වන අපේ චින්තනයේ දුර්වලතා බොහෝ විට අප දකින්නේ නැහැ. නැතිනම් නොදුටුවා සේ සිටිනවා.

උපතේදී අහම්බෙන් ලද (ජාතිය, ආගම, කුලය ආදී) හෝ පසු කලෙක ආරෝපණය වූ (උගත් පාසල, කැමති දේශපාලන පක්ෂය ආදී) හෝ ලේබල කන්දරාවක් අලවා ගෙන, ඒවා වෙනුවෙන් කුලල් කා ගනිමින් සිටිනවා. මෙහි ස්වාධීන චින්තනයක් කොහින්ද?

එහෙත් අපේ ඉතිහාසගත උරුමය මෙය නොවෙයි. ශ‍්‍රී ලංකාව භෞතිකව දුපතක් වුවද ශිෂ්ටාචාරමය වශයෙන් ගත් විට එය කිසි දිනෙක ඉතිහාසයේ හුදෙකලා වූ දිවයිනක් වූයේ නැහැ.

සහශ‍්‍රකයන් ගණනාවක් පුරා අප රට ලෝකය සමග ගනුදෙනු කොට තිබෙනවා. අනුරාධපුර යුගයේ රජුන් පුරාණ ග‍්‍රීසියේ හා රෝමයේ පාලකයන් සමග විදේශ සබඳතා පවත්වා තිබෙනවා. ඉන්දියානු සාගරයේ දේශාටනයේ යෙදුණු චීන, පර්සියන් හා යුරෝපීය වෙළෙඳුන්/ගවේෂකයන් මෙහි යාම ඒම නිතර සිදු වුණා.

ඓතිහාසිකව අපේ ශිෂ්ටාචාරය ලෝකයට විවෘතව තිබූ අතර එයින් අපේ අනන්‍යතාවලට හෝ සංස්කෘතියට හෝ හානියක් වූයේ නැහැ. පිටතින් ආ දැනුම, භාණ්ඩ හා සම්ප‍්‍රදායන් හරහා අපේ දිවයිනේ විචිත‍්‍රත්වය තවත් වැඩි වූවා පමණයි. අද රටේ වෙසෙන (වැදි ජනයා හැර) අන් සියලු ජාතීන් පිටරටකින් මෙහි ආ සංක්‍රමණිකයන්.

ලෝකය අපට හිරිහැර කොට අප රටක් ලෙස අස්ථාපිත හා බෙලහීන කරන්නට සැරසී සිටී යන මානසිකත්වය අපේ සමහරුන්ට සාපේක්ෂව මෑතදී ආරෝපණය වූවක්. මේ නිසා ඔවුන් ලෝකයම ගැන බියෙන්, සැකෙන් හා කුමන්ත‍්‍රණවාදී තර්ක කරමින් විපරීත මානසිකත්වයෙන් කල් ගෙවනවා.

1948දී ලද දේශපාලන හා පරිපාලනමය නිදහස මෙන්ම අප ආයාසයෙන් වර්ධනය කර ගත යුතු චින්තනයේ නිදහස ද (independence of thought) මා අගය කරනවා. එනයින් බලන විට අපේ සමාජයේ බහුතරයක් දෙනා චින්තන නිදහස තවම ලබා නැහැ!

ස්වාධීනව සිතන රටක් හා ජාතියක් කුමන සුපිරි බලවතකුට හෝ ඇත්තටම යටත් කර ගන්නට බැහැ. එසේම මොන දේශපාලන නිදහස තිබුණත් තර්කානුකූලව සිතීමේ විචාරශීලී හැකියාව සමාජයට නැතිනම් එය නිදහස් සිතුවිලිවලට ඉඩක් නොදෙන, පටු හා ගතානුගතික සමාජයක් වනවා. අපේ සමාජය එවැන්නක්.

එවන් සමාජයන්හි නව නිපැයුම් හා නවෝත්පාදන එතරම් පැන නගින්නේ නැහැ. තරුණ අදහස් උදහස්වලට නිසි තැනක් නැහැ. බහුතරයක් තරුණ තරුණියන් බලා සිටින්නේ කෙසේ හෝ රටින් නික්ම ගොස් වෙන රටක වාසය කිරීමටයි. සමාජ විද්‍යා සමීක්ෂණවලින් මෙය තහවුරු වනවා.

සමාජයේ හැම කෙනකුම එකම අච්චුවේ, එකම ශෛලියකට ජීවත් විය යුතුය යන ආකල්පය ද සැබෑ නිදහස් හා පරිනත සමාජයකට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. සංඛ්‍යාත්මක බහුතරය කරන කියන දෙයට වෙනස් මගක යන වමත් හුරු වූවන්, නිර්මාංශ භක්ෂිකයන්, නිර්ආගමිකයන් ආදීන්ට අපේ ගතානුගතික සමාජයේ මතු වන ප‍්‍රශ්න, සමච්චල් හා හෙළා දැකීම් වැඩියි. ලිංගික සුළුතරයකට අයත් වූවන්ට (සමරිසි, සන්ක්‍රාන්ති ලිංගික හා ද්විලිංගික) නම් සමාජ ප‍්‍රතිරෝධය එළිපිටම ප‍්‍රබලව පැන නගිනවා.

මේ සියල්ල වැඩවසම් හා වහල් මානසිකත්වයක් මත පදනම් වූ පසුගාමී සමාජයක ලක්ෂණයි. සංස්කෘතික හා මානව විවිධත්වය ඉවසා දරා ගැනීමට බැරිකමයි. ඉතින් අප නිවහල් සමාජයක්ද?

බහුතරයකට විචාරශීලීව හා පුළුල්ව සිතීමට බැරි වීමේ තවත් බරපතල සමාජ ප‍්‍රතිඵලයක් නම් මිථ්‍යාව, අවිද්‍යාව හා ව්‍යාජ විද්‍යාවන් අන් කවරදාටත් වඩා ප‍්‍රචලිතවීමයි.

මා කවදත් කියන පරිදි ඕනෑම කෙනෙකුට කැමති දෙයක් විශ්වාස කිරීමට පුද්ගල නිදහස තිබෙනවා. එහෙත් තමන්ගේ ඇදහීම නිල බලය හරහා සමාජය පිට පැටවීමට ඉඩ නොතිබිය යුතුයි.

උදාහරණයකට රාහු කාලය විශ්වාස කිරීම වැනි ප‍්‍රාථමික ක‍්‍රියා තනි පුද්ගලයකුට කළ හැකි වුවත් එය රටේ දරුවන් ලක්ෂ ගණනකට බලපාන විභාග කාලසටහනකට අදාළ කිරීමට අධ්‍යාපන බලධාරීන්ට කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ.

ජ්‍යොතිෂය වැනි අවිද්‍යාත්මක ගුප්ත ව්‍යාපාර තම නිවසේ හෝ කඩයක හෝ සිට කිරීමට එය ප‍්‍රගුණ කරන අයට නිදහස ඇතත් ඒවා ටෙලිවිෂන් නාලිකා හරහා රටටම බෙදීම බෙහෙවින් විවාදාත්මකයි. සියලූ ටෙලිවිෂන් හා රේඩියෝ නාලිකා විකාශයන්ට යොදා ගන්නේ පොදු දේපලක් වන විද්‍යුත් තරංග සංඛ්‍යාතයි. ඒ නිසා පත්තර හා වෙබ් අඩවිවලට වඩා වගකීම් සමුදායක් විද්‍යුත් මාධ්‍යවලට තිබෙනවා.

දකුණු ඉන්දියානු ප‍්‍රාන්තයක් වන කර්ණාටකයේ පාලක කොංග‍්‍රස් පක්ෂය මෑතදී යෝජනා කර ඇත්තේ ටෙලිවිෂන් නාලිකා බොහොමයක ජනප‍්‍රිය වී තිබෙන ජ්‍යොතිෂ වැඩසටහන් තහනම් කළ යුතු බවටයි. එයට හේතුව ලෙස කර්ණාටක මහ ඇමති සිද්ධරාමයියා කියන්නේ මිථ්‍යාවන් අධික ලෙස ජන සමාජයේ පැතිරවීමට මේ වැඩසටහන් දායක වන බවයි.

මෙය ජ්‍යෙතිෂකරුවන්ගේ ප‍්‍රකාශන නිදහස බාධා කිරීමක්ද?

ඇත්තටම නැහැ. අවිද්‍යාත්මක බව තහවුරු කරන ලද තොරතුරු මාධ්‍ය හරහා සමාජගත කිරීමෙන් සිදු වන සමාජ හානියට වැට බැඳීමක් පමණයි. (එසේ නැතුව ප‍්‍රකාශන නිදහස යන තර්කය පිළිගත හොත් ඕනෑම හොර වෙදකුට, යකදුරකුට හෝ පිරමිඞ් ආකාරයේ මූල්‍ය වංචාකරුවකුටත් මාධ්‍ය හරහා එම නිදහසම දෙන්නට සිදුවේවි!)

සාක්ෂරතාව මෙතරම් ඉහළ ගිය, අධ්‍යාපන මට්ටම්ද උසස් වූ අපේ වැනි සමාජයක උගත් උදවිය පවා ලෙහෙසියෙන් මිථ්‍යා හා ව්‍යාජ විද්‍යාවන්ට රැවටෙන්නේ ඇයි? මෙය වෙනම විග‍්‍රහ කළයුතු සමාජ විද්‍යාත්මක ප‍්‍රශ්නයක්.

එහෙත් චින්තනයේ නිදහසේ නාමයෙන් මෝඩකමට හා අන්ධ විශ්වාසයට නිදහස ලැබීම නම් සමාජයකට අතිශයින් හානිකරයි.

පරමාදර්ශී චින්තන නිදහස ඉතා මැනවින් හසු කර ගන්නා කවියක් මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර් මීට සියවසකට පෙර රචනා කළා. ‘චිත්තෝ ජේතා භොයිශුන්යෝ’ නමින් බෙංගාලි බසින් ලියූ එය ඔහු විසින්ම 1911දී ඉංග‍්‍රීසියට පෙරළනු ලැබුවා. 1912දී ලන්ඩනයේ පළ කරන ලද ගීතාංජලී කාව්‍ය සංග‍්‍රහයේ 35 වන කවිය ලෙස ඇතුළත් වූ මෙය සියවසක් පුරා ඉන්දියාවේත්, බංග්ලාදේශයේත් පුළුල්ව උපුටා දැක්වෙන දාර්ශනික අදහස් මාලාවක්.

සිංහල රසිකයන් මේ කව හඳුනා ගත්තේ මහගම සේකරයන් විසින් ගීතයක් ලෙස රචනා කරනු ලැබ අමරදේවයන්ගේ හඬින් ගයනු ලැබූ පසුවයි. පරමාදර්ශී නිදහස ගැන සිහින මවන කාගේත් පැතුම විය යුත්තේ මේ තාගෝර්-සේකර-අමරදේව ගීයේ අදහස් මාලාවයි.

“පටු අදහස් නම් පවුරෙන් ලෝකය කැබැලි වලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන සිටිනට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ!

”සත්‍යය පතුලින් ගලනා පිරිසිදු වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ සිඳි ගීලී නොගියේ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ!

”පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතිවිලි උදෙසා කම්කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තෙ කොතැනක දෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ!”

 

Information Society is Rising in Sri Lanka: ARE YOU READY?

Launch of the top-line report of a survey on the consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka, 27 Jan 2016
Launch of the top-line report of a survey on the consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka, 27 Jan 2016

On 27 January 2016, the Centre for Policy Alternatives (CPA) launched the top-line report of a survey on the consumption and perceptions of mainstream and social media in the Western Province of Sri Lanka.

I was one of the launch speakers, and my presentation was titled: Information Society is Rising in Sri Lanka: ARE YOU READY?

The report draws on a survey of 1,743 randomly selected men and women, interviewed in Sinhala or Tamil language during June-July 2015. They were asked about mobile phone use and web access. The survey was conducted by Social Indicator, CPA’s survey research unit.

As the launch media release noted, “From the use of Facebook to smartphones, from news on TV to news via SMS, from how information read digitally is spread to others who are offline, the report offers insights into how content is produced, disseminated and discussed in Sri Lanka’s most densely populated province and home to the country’s administrative and business hubs.

It added: “The report offers government, media, civil society and social entrepreneurs insights into the platforms, vectors, languages and mediums through which news & information can best seed the public imagination.”

Dilrukshi Handunnetti (centre) speaks as Nalaka Gunawardene (left) and Iromi Perera listen at the launch on 27 Jan 2016 in Colombo
Dilrukshi Handunnetti (centre) speaks as Nalaka Gunawardene (left) and Iromi Perera listen at the launch on 27 Jan 2016 in Colombo – Photo by Sampath Samarakoon

In my remarks, I said it was vital to draw more insights on what I saw as ‘demand-side’ of media. But at the same time, I noted how a growing number of media consumers are no longer passively receiving, but also critiquing, repackaging and generating related (or new) content on their own.

I applauded the fact that this survey’s findings are shared in the public domain – in fact, Iromi Perera, head of Social Indicator, offered to share the full dataset with any interested person. This contrasts with similar surveys conducted by market research companies that are, by their very nature, not going to be made public.

A case in point: Jaffna has highest per capita Internet penetration in Sri Lanka, according to a market research by TNS Sri Lanka – but neither the findings nor methodology is available for scrutiny.

Why do demand-side insights being available in the public domain matter so much? I cited four key reasons:

  • The new government is keen on media sector reforms at policy and regulatory levels: these should be based on evidence and sound analysis, not conjecture.
  • Media, telecom and digital industries are converging: everyone looking for ‘killer apps’ and biz opps (but only some find it).
  • Media companies are competing for a finite advertising budget: knowing more about media consumption can help improve production and delivery.
  • Advertisers want the biggest bang for their buck: Where are eyeballs? How to get to them? Independent studies can inform sound decision-making.

On this last point, I noted how Sri Lanka’s total ad spend up to and including 2014 does not show any significant money going into digital advertising. According to Neilsen Sri Lanka, ad-spending is dominated by broadcast TV, followed by radio an print. Experience elsewhere suggests this is going to change – but how soon, and what can guide new digital ad spending? Studies like this can help.

I also highlighted some interesting findings of this new study, such as:

  • Private TV is most popular source of news, followed by Facebook/web.
  • Across different age groups, smartphone is the device most used to access web
  • Online culture of sharing engenders TRUST: peer influence is becoming a key determinant in how fast and widely a given piece of content is consumed

None of this surprises me, and in fact confirms my own observations as a long-standing observer and commentator of the spread of ICTs in Sri Lanka.

Everyone – from government and political parties to civil society groups and corporates – who want to engage the Lankan public must take note of the changing media consumption and creation patterns indicated by this study, I argued.

I identified these big challenges particularly for civil society and others engaged in public interest communication (including mainstream and citizen journalists):

  • Acknowledge that we live in a media-rich information society (Get used to it!)
  • Appreciate that younger Lankans consume and process media content markedly differently from their elders and previous generations
  • Understand these differences (stop living in denial)
  • Leverage the emerging digital pathways and channels for social advocacy & public interest work

In my view, rising to this challenge is not a CHOICE, but an IMPERATIVE!

I ended reiterating my call for more research on information society issues, and with particular focus on mobile web content access which trend dominates user behaviour in Sri Lanka.

Award winning journalist Dilrukshi Handunnetti, and head of Social Indicator Iromi Perera were my fellow panelists at the launch, which was moderated by the study’s co-author and CPA senior researcher Sanjana Hattotuwa.

L to R - Dilrukshi Handunnetti, Iromi Perera, Sanjana Hattotuwa at CPA report launch, Colombo, 27 Jan 2016
L to R – Dilrukshi Handunnetti, Iromi Perera, Sanjana Hattotuwa at CPA report launch, Colombo, 27 Jan 2016

සිවුමංසල කොලූගැටයා #254: ලක් සමාජයේ නිදන්ගත රාජ උන්මාදය තුරන් කරමු!

Last king of Ceylon, Sri Wickrama Rajasinghe's court
Last king of Ceylon, Sri Wickrama Rajasinghe’s court

In this week’s Ravaya column (appearing in issue of 24 January 2016), I wonder why some people in Sri Lanka – including educated ones – keep clamouring for a return to monarchy that ended 200 years ago.

The Lankan monarchy always remained absolute until it ended in 1815. There were no formal limits to the monarch’s powers, even though Dasa-Raja-Dhamma or the ‘Ten Royal Virtues’ in Buddhism were meant to moderate that power. In practice, many monarchs ignored it.

There was never a local equivalent of the Magna Carta, adopted in medieval England in 1215 as the first formal document stating that a King had to follow the laws of the land (‘Rule of Law’). It guaranteed the rights of individuals against the wishes of the King. This paved the way for trial by jury which means people are tried by their peers and guaranteed the civil rights of the individual.

This was never the case in Sri Lanka where all powerful and feudal king could – and often did – execute anyone who disagreed with him.

Those who clamour for the restoration of monarchy in Sri Lanka don’t know or overlook how feudal, unrestrained and unaccountable the monarchy was. And shrewd politicians use this misplaced desire to project themselves as modern-day monarchs, i.e. figures of veneration who by historical implication need to be treated as ‘above the law’, and custodian of all the state’s wealth. Hmm…

I also look at how Nepal abolished its monarchy in 2008 and Bhutan became a Constitutional Monarchy in recent years – steps towards modernity and democracy.

Controversial song to mark first anniversary of Maithripala Sirisena - later disowned by the Presidential Secretariat of Sri Lanka
Controversial song to mark first anniversary of Maithripala Sirisena – later disowned by the Presidential Secretariat of Sri Lanka

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත්වී පළමුවන සංවත්සරය නිමිති කර ගෙන නිර්මාණය කළ ‘නුඹ අපේ මිනිහෙක්’ ගීතය මහත් ආන්දෝලනයක් ඇති කළා.

ජනපතිගේ නිජබිම වන පොළොන්නරුවේ අතීත ශ‍්‍රී විභූතිය හා රාජධානිය නිරූපණය කළ මේ ගීතය මගින් සිරිසේන චරිතයට රාජභාවයක් ආරෝපණය කරන්නට තැත් කරනවා යන හැඟීම එය දුටු සමහරුන් තුළ හට ගත්තා.

එවන් අරමුණක් තමන්ට නොතිබිණියැ’යි නිෂ්පාදකයන් පසුව කියා සිටි අතර මෙය කිසිසේත්ම නිල ගීතයක් නොවේයැ’යි ජනාධිපති ලේකම්වරයාට කීමට සිදු වුණා.

මගේ අරමුණ මේ තර්ක විතර්ක ප‍්‍රශ්න කිරීම නොවෙයි. ශ‍්‍රී ලංකාවේ රාජ පෙළපත අවසන් වී වසර 200ක් ගත වූ පසුත් අප සමාජයේ ඇතැම් තලයන්හි රජ කාලයට හා රාජ පාලනයකට ඇති නොමඩනා ලද අතීතකාමය (රාජ-කාමය?) ගැන විග‍්‍රහ කිරීමයි.

මෙය හුදෙක් ශාස්ත‍්‍රීය ගැටලූවක් පමණක් නොවෙයි. රාජකාමය මගින් අපේ සමහරුන්ගේ තර්ක බුද්ධිය මොට කිරීම හෝ අන්ධ කිරීම හෝ සිදු වන බව පෙනෙනවා. ශාස්ත‍්‍රාල උගතුන් ඇතැම් දෙනා පවා මේ අන්ධානුභක්තියට දායක වන්නේ ඉතිහාසය සීරුවෙන් ප‍්‍රතිවිග‍්‍රහ කිරීමෙන්. පුරා විද්‍යාත්මක සාක්ෂිවලට වඩා අර්ධ-ප‍්‍රබන්ධාත්මක හා අතිශයෝක්තිවලින් ගහන වංශ කතා යොදා ගනිමින් මෙරට අතීත ශ‍්‍රී විභූතිය වර්ණනා කරනවා.

අපේ සංස්කෘතික උරුමය හා තාක්ෂණික හපන්කම් ගැන කිසිදු විවාදයක් නැහැ. එය මැදහත් පර්යේෂකයන් විසින් ගවේෂණාත්මකව තහවුරු කර තිබෙනවා.

එහෙත් අතිශයින්ම වැඩවසම් වූ රාජ පාලන ක‍්‍රමය යටතේ සාමාන්‍ය ජනයාගේ ජීවිතය කෙසේ වීද?

රජ පවුලට හා රභූන් සීමිත පිරිසකට දිවි ඇති තෙක් යටත්වැසියන්ව, බයෙන් හා පක්ෂපාතීකමින් සිටි ඔවුන්ට ලොකු සිහින දකින්නට ඉඩක් හෝ කිසිදු මූලික මානව අයිතිවාසිකමක් හෝ තිබුණේ නැහැ. මේ පැතිකඩ යන්තමින් හෝ අපට හෙළි වන්නේ රොබට් නොක්ස් වැනි පිටස්තරයන් තැබූ වාර්තාවල පමණයි.

Painting by Lankan artist Prasanna Weerakkody. http://prasannaweerakkody.com
Painting by Lankan artist Prasanna Weerakkody. http://prasannaweerakkody.com

රජුගේ බලතල සාධාරණව සීමා කැරෙන, බි‍්‍රතාන්‍යයේ 1215දී සම්මත කරගත් මැග්නා කාටාව (Magna Carta) වැනි ලේඛනයක් කිසි දිනෙක අපේ රටේ මතුව ආයේ නැහැ. රජු යම් තරමකට හෝ සවන් දුන්නේ පූජකයන්ට පමණයි. මේ වරප‍්‍රසාදයෙන් පූජකයන් බොහෝ අනිසි ප‍්‍රයෝජන ගත්තා.

සිවුමංසල කොලූගැටයා #217: වසර 800කට පෙර යහපාලන අඩිතාලම දැමූ මැග්නා කාටාව

රජුට එරෙහිව කලාතුරකින් හෝ ප‍්‍රශ්න කළ සියලූ අය රාජ ද්‍රෝහීන් යයි සළකා අත්තනෝමතික ලෙස මරා දමනු ලැබුවා. රාජ්‍යය යනු රජුය යන ප්‍රාථමික අදහස හැමදාමත් පැවතියාග විකල්ප මතවාදයන් හා ස්වාධීන චින්තනය වැනි දෙයට කිසිදු ඉඩක් තිබුණේ නැහැ.

මහරජාණෙනි කියා ගීතවලින් ප‍්‍රශස්ති ලද හිටපු පාලකයන් අප කැඳවා ගෙන යන්නට තැත් කළේත් එබඳු යුගයකටද?

වත්මන් දේශපාලනයට එහා මානයකට අයත් සමාජ විද්‍යාත්මක ප‍්‍රවණතාවක් මෙහි තිබෙනවා.

තමන් පැරණි රජ පෙළපතකින් පැවත එන බව ප‍්‍රසිද්ධියේ කීමට පුරුදු වූ ටික දෙනකු මෑතක් වන තුරු මෙරට සිටියා. එයින් සමහරුන් එය සනාථ කිරීමට පෙළපත් පවුල් ගස් පවා ඉදිරිපත් කළා. එහෙත් ඒ කතා පම්පෝරිවලින් ඔබ්බට ගියේ නැහැ.

වඩා මෑතදී මහජන ඡන්දයෙන් පත්වූ නායකයන්ට පැරණි වැඩවසම් රාජ තත්ත්වය දීමට අදූරදර්ශී වන්දිභට්ටයන් හා සටකපට කලාකරුවන් උත්සාහ කළ සැටි අප දන්නවා.

(හීනමානයක් ඇති?) නායකයන් මේ උත්සාහයන් ඉවසන්නේ හා සමහර රටවැසියන් මේ ප‍්‍රලාප අදහන්නේ ඇයි? ප‍්‍රබන්ධාත්මක රාජ කතා රූප ගතකොට චිත‍්‍රපට යයි ලේබල් ගසා මහජන ප‍්‍රදර්ශනය කරන විට දහස් ගණනින් පෙළ ගැසී ඒවා නරඹන්නේ ඇයි? අවශේෂ වූ රාජකාමය (residual monarchism) මෙයට හේතු විය යුතුයි.

මේ ඓතිහාසික ඇබ්බැහිය නිසාදෝ රජකු හා රාජාණ්ඩුවක් නැවත ලබා ගැනීමේ සිහින දකින සමහර ලාංකිකයන් තවමත් සිටිනවා. ජන ප්‍රවාදයෙන්ද මීට උඩගෙඩි ලැබෙනවා.

1815 මාර්තු 2 වනදා කන්ද උඩරට ගිවිසුම අත්සන් තැබීම සමග සමස්ත ලංකා දිවයින බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණා. එයින් ටික දිනකට පසු කුංකුනාවේ හිමියන් බිම දිගේ සීරුවෙන් ඇදී යන කුහුඹු පෙළක් දැක ‘අනේ කූඹියනේ, තොපටත් රජෙක් ඉන්නේ’ නම් කව කී බව කියැවෙනවා.

ඔහු තව දුරටත් මෙසේ කීවාලු:

‘රජෙක් ලැබුණෝතින්

එදා කිරිබත් කන්නේ

පෙරහැර කරන්නේ

සාදු නාදෙන් ගිගුම් දෙන්නේ’

එහෙත් මෙහි සත්ත්ව විද්යාත්මක පදනමක් නම් නැහැ. ලෝකයේ මේ දක්වා කුහුඹු විශේෂ 20,000කට වඩා සොයා ගෙන තිබෙනවා. මානවයන්ට පසුව වඩාත්ම සමාජ සංවිධානයක් ඇත්තේ කුහුඹියන්ට බව ඔවුන් අධ්‍යනය කරන කීට විද්‍යාඥයන්ගේ අදහසයි.

Queen Ant and worker ants
Queen Ant and worker ants

ඇත්තටම කුහුඹි ගුලක ඉන්නේ රජෙක් නොවෙයි රැජිනක්. රැජිනට කිසිදු පරිපාලන හෝ විධායක බලයක් නැහැ. ඇගේ එකම කාරිය රජනනයයි. කුහුඹි ප‍්‍රජාවක් ගොඩ නැගුණු විට ඇය දිගටම බිත්තර දැමීම කරනවා. ඇයට අවශ්‍ය ආහාර ලබා දීමත්, අපද්‍රව්‍ය ඉවත ගෙන යාමත් අනෙක් කුහුඹුවන් විසින් කරනු ලබනවා. මෙය ඇගේ සමාජ තත්ත්වයට වඩා වර්ගයාගේ පැවැත්ම සඳහා ක‍්‍රියාත්මක වන පරිණාමීය ආවේගයක් පමණයි.

කුහුඹි රැජින කොලනියක හෙවත් ගුලක සෙසු සියලූ කුහුඹින්ගේ මාතාවයි. සමහර කුහුඹි විශේෂ විරුද්ධ ලිංගිකයන්ගේ සහායකින් තොරව ජෛව පිටපත් බිහි කිරීමට (cloning) සමත්. කුහුඹි විශේෂය අනුව එක ගුලක එක් රැජින කුහුඹියකු හෝ රැජිනන් ගණනාවක් සිටිය හැකියි. මිනිසුන් විසින් රැජින යන නාමය (Queen Ant) යෙදුවත් එහිදී සිදු වන ක‍්‍රියාවලිය මිනිස් සමාජවල රජ පරපුරකට සම කරන්නට බැහැ.

රාජ පාලනය මානව සමාජ පරිණාමයේ එක් අවස්ථාවක් සටහන් කරනවා. එහෙත් අද වන විට බහුතරයක් සමාජ එම අවධිය පසු කර ඉදිරියට ගොස් තිබෙනවා.

21 වන සියවස 2001දී ඇරඹෙන විට දකුණු ආසියානු (සාක්) කලාපයේ රජුන් සහිත රටවල් දෙකක් තිබුණා. එනම් භූතානය හා නේපාලයයි. මේ හිමාලයානු රාජධානි දෙකම ගෙවී ගිය දශක එක හමාර තුළ ලොකු විපර්යාසවලට බඳුන් වුණා. ඔවුන්ගේ අත්දැකීම කෙටියෙන් විමසීම වැදගත්.

භූතානයේ රජ පෙළපතට එතරම් දිගු ඉතිහාසයක් නැහැ. ප‍්‍රාදේශීයව එරට බලයක් තිබූ ප‍්‍රභූවරයකු වූ උග්යන් වංචුක් (Ugyen Wangchuck) 1907දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේද උදව් ඇතිව සෙසු ප‍්‍රභූන් අබිබවා නැගී සිටියා. එතැන් පටන් ඔහු භූතානයේ මකර රාජ වංශය ඇරඹුවා.

භූතානය කිසි දිනෙක බි‍්‍රතාන්‍ය යටත්විජිතයක් වූයේ නැහැ. එහෙත් භූතානයේ රජුන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව ඉන්දියාවේ මහරාජාවරුන්ට බි‍්‍රතාන්‍ය පාලනය යටතේ දී තිබූ නිදහසට සමාන ස්වයංපාලන අයිතියක් භූතානයට ද ලැබුණා. එහෙත් විදේශ සබඳතා හා ජාතික ආරක්ෂාව බි‍්‍රතාන්‍ය අධීක්ෂණය යටතේ පැවතුණා. මේ තත්ත්වය අවසන් වූයේ 1949දීයි.

1907 සිට මේ දක්වා භූතානයේ රජවරුන් පස්දෙනකු රජකම් කොට තිබෙනවා. ඒ අතරින් 1972 සිට 2006 දක්වා රජ කළ ජිග්මේ සිංයේ වංචුක් (Jigme Singye Wangchuck) රජු එරට සෙමින් හා සීරුවෙන් නවීකරණය කිරීම ඇරඹුවා. ලොව ප‍්‍රකට වූ දළ ජාතික සන්තුෂ්ටිය (Gross National Happiness) පිළිබඳ සංකල්පයේ නිර්මාතෘවරයා වූ ඔහු එරටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා.

එහෙත් එය සම්මත කරගත්තේ ඔහුගේ පුත් ජිග්මේ කේසර් නම්යල් වංචුක් (Jigme Khesar Namgyel Wangchuck) 2006 දෙසැම්බරයේ කිරුළ භාර ගත් පසුවයි. මේ දක්වාත් රජ කරන මේ පස්වන භූතාන රජු, සිය රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හඳුන්වා දුන්නා.

ඒ අනුව අසීමිත බලතල සහිත රජකු වෙනුවට දැන් භූතානයේ ඇත්තේ ව්‍යවස්ථානුකූල රාජ්‍ය පාලනයක් (Constitutional Monarchy). මහජන ඡන්දයෙන් තේරී පත් වන පාර්ලිමේන්තුවක් ආණ්ඩු කරනවා. රටේ රාජ්‍ය නායකයා ලෙස සීමිත හා නිශ්චිත බලයක් රජුට තිබෙනවා. මෙය බි‍්‍රතාන්‍යයේ හා තායිලන්තයේ රජුන්ට සම කළ හැකියි.

සියවස් ගණනක් පැවති වැඩසම් සම්ප‍්‍රදායකින් නූතන ජනසම්මතවාදී රාජ්‍ය පාලනයකට එක් පරම්පරාවක් තුළ පිවිසෙන්නට භූතානයට හැකිව තිබෙනවා. හොඳ අධ්‍යාපනයක් ලැබූ, රට ලෝකය ගැන අවබෝධයක් ඇති රජ පෙළපතක් සිටීම ඔවුන්ගේ භාග්‍යය වුණා.

එහෙත් ඔවුන්ගේ අසල්වැසි නේපාලයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.

නේපාලය රාජධානියක් ලෙස පිහිටුවනු ලැබුවේ 1788දී. වෙනම පාලනය වූ ප‍්‍රාදේශීය රාජධානි කිහිපයක් එක්සත් කළ ප‍්‍රථම රජු වූයේ ප‍්‍රිත්වි නාරයන් ෂා (Prithvi Narayan Shah). එතැන් පටන් 2008 දක්වා වසර 220ක කාලයක් පුරා ෂා පෙළපතේ රජුන් 14 දෙනකු නේපාලය පාලනය කළා. මෙයින් යම් වකවානුවකදී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ආරක්ෂාව ලබා ගත්ත ද නේපාලය ද කිසි දිනෙක යටත් විජිතයක් වූයේ නැහැ.

බොහෝ කාලයක් පුරා අසීමිත බලැති වැඩවසම් රාජ පාලනයක් තිබූ නේපාලයේ ජන උද්ඝෝෂණවලට ප‍්‍රතිචාරයක් ලෙස 1990දී ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබුවා. මේ අනුව ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තුවකට ආණ්ඩුකරණය භාර වූ අතර රජු ව්‍යවස්ථානුකූලව රජකු බවට පත්වුණා.

1996දී මාවෝවාදී නේපාල කොමියුනිස්ට් පක්ෂය, එරට රාජ පෙළපත මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරමින් රට ජනරජයක් බවට පත් කිරීම සඳහා සන්නද්ධ අරගලයක් ඇරඹුවා. 1996-2006 දශකය තුළ ඇවිලී ගිය නේපාල සිවිල් යුද්ධයෙන් 12,000කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් රට අරාජික තත්ත්වයට මුහුණ දුන්නා.

තත්ත්වය බැරෑරුම් වූ විට රටේ ව්‍යවස්ථාව අත්හිට වූ ඥානේන්ද්‍ර රජු, 2005 පෙබරවාරි 1 වනදා සිට ආඥාදායක ඍජු පාලනයක් ඇරඹුවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අඩුපාඩු ඇතත් නැවතත් වැඩවසම් රාජ්‍ය පාලනයකට නතු වීමට නොකැමැති වූ ලක්ෂ සංඛ්‍යාත නේපාල ජාතිකයෝ රජුට එරෙහිව දිගින් දිගටම වීදි උද්ඝෝෂණ කළා. දැඩි මර්දනයක් හරහාත් තත්ත්වය සමනය කර ගන්නට බැරි වූ විට රජු පියවරක් ආපස්සට ගත්තා.

2006 අපේ‍්‍රල් මස අසීමිත බලතල අත්හැරි රජු නැවත එරට පාර්ලිමේන්තුවට ආණ්ඩුකරණයට ඉඩ දුන්නා. 2006 නොවැම්බර් 21දා සිවිල් යුද්ධය හමාර වූයේ මාවෝවාදීන් හා නව රජය අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන්.

2007 ජනවාරියේ එරට පාර්ලිමේන්තුව නීත්‍යනුකූල ලෙස රජුගේ බලතල සියල්ල අත්හිට වූවා. අන්තිමේදී 2008 මැයි 28 වැනිදා රාජ පාලනය මුළුමනින් තුරන් කොට, නේපාලය ජනරජයක් බවට ව්‍යවස්ථානුකූලව පත් වුණා.

මෙසේ මා සම්පිණ්ඩනය කළේ සංකීර්ණ ක‍්‍රියාවලියක්. එය තවමත් පරිපූර්ණ වී නැහැ. එහෙත් අසීමිත බලැති වැඩවසම් රජකු හා රජ පෙළපතක් නූතන රාජ්‍යයකට අවශ්‍ය නැති බව නම් නේපාල වැසියන් අති බහුතරයකගේ පිළිගැනීමයි.

මේ දකුණු ආසියාතික දෙරටේම ජාතික මට්ටමේ රාජ පාලනයක් පැවතියේ සාපේක්ෂව කෙටි කාලයක් බවත්, එනිසා එරටවල රාජ ඇබ්බැහිය එතරම් කිඳා බැස නොතිබූ බවත් කියා යමකුට තර්ක කළ හැකියි. එහෙත් අපටත් වඩා දිගු හා ප්‍රෞඨ රාජ වංශයන් පැවති ඊජිප්තුව, ඉරානය (පර්සියාව) හා භාරතය වැනි රටවල අපේ මෙන් රාජ උන්මාදයක් දක්නට නැහැ. මේ ඇයි?

ඊජිප්තුවේ 1 වන ෆාරුක් රජු (1920-1965) වරක් කීවේ ‘අන්තිමේදී ලෝකයේ ඉතිරි වනු ඇත්තේ බි‍්‍රතාන්‍ය රජුත්, කාඞ් කුට්ටමේ රජුන් හතර දෙනාත් පමණයි.’ සමහර විට මෙය යම් දිනෙක සැබෑ වේවි. එහෙත් අසීමිත බලතල සතු වැඩවසම් රජවරුන්ට නම් ශිෂ්ට ලෝකයේ තව දුරටත් ඉඩක් නැති බව නම් පැහැදිලියි.

මේ රාජ උන්මාදය වත්මන් සමාජයට උචිත වූවක් නොවෙයිග ඉතිහාසඥ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මෙයට අදාලව 2015 මැදදී මෙසේ කීවා:

“රජෙක් සදහා වන ෆැන්ටසිමය ආකර්ශනය මිනිස් විෂයේ සැකැස්ම සමග සම්බන්ධිත වූවකි. මෙම ෆැන්ටසිය නවීන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිකල්පනය සමග ප්‍රතිවිරෝධී වේ. කෙසේ වෙතත් දේශපාලන වශ‍ෙයන් ප්‍රජාතන්ත්‍රීකරණය මුහුකුරා ගිය සමාජවල මේ ගැටලුවට ප්‍රායෝගික විසදුමක් සොයාගෙන ඇත. ඒ රජෙක් හෝ රැජනක් සංකේතාත්මක වශයෙන් දේශපාලන ධූරාවලියේ ඉහලින් තබා ගැනීමෙනි. මේ මගින් පොදුජන දේශපාලන ෆැන්ටසිය සහ ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණය අතර ඇති විය හැකි ආතතිය සමනය කර ගෙන ඇත.

“අරාබි ලොකය මේ ගැටලුව විසදා නොගැනීම පිළිබද වර්තමානයේ හොදම උදාහරණයයි. ජර්මනියේ හිට්ලර් පිළීබද උදාහරණයද එවැන්නකි. ලංකාවේ මහින්දවාදයද මේ ගැටලුව තුළ හිරවී ඇත. එය විසින් රජෙක් පිළිබද පොදුජන ෆැන්ටසිය හා දේශප්‍රෙමය පිළිබද ව්‍යාජ දෘෂ්ටිවාදී පිරිවැස්ම උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අඩස්සිගත කරනු ලැබ ඇත. මේ ප්‍රවණතාවය පරාජය කිරීම වර්තමානයේ ලංකාවේ ප්‍රමුඛ දේශපාලන අවශ්‍යතාවයයි.”

Crowd-sourcing a New Constitution for Sri Lanka: Mind the Gaps!

Cartoon by Gihan de Chickera, Daily Mirror
Cartoon by Gihan de Chickera, Daily Mirror

“Sri Lanka wants to make a new Constitution in a radically different way. It is poised to become the first developing country in the world to ‘crowd-source’ ideas for making the highest law of the land.

“That is all well and good – as long as the due process is followed, and that process has intellectual rigour, transparency and integrity. Therein lies the big challenge.”

So opens my latest op-ed essay, just published by Groundviews.org

Crowd-sourcing a New Constitution for Sri Lanka: Mind the Gaps!

In it, I describe the experience of Iceland which was the world’s first country to ‘crowd-source’ a new Constitution. From 2011 to 2013, the European nation of 330,000 people engaged in an exercise of direct democracy to come up with a modern Constitution to replace the existing one adopted in 1944. That involved many public hearings as well as using social media and other communications platforms to gather public inputs and to ensure public scrutiny.

Facebook was used as part of a public consultation strategy to draft Iceland's new Constitution in 2011-13
Facebook was used as part of a public consultation strategy to draft Iceland’s new Constitution in 2011-13

This is the path that Sri Lanka has now chosen: open and participatory Constitution making. To be sure, tropical Sri Lanka is vastly different. Its population of 21 million is 60 times larger than Iceland’s. But the Arctic nation’s generic lessons are well worth studying – both for inspiration and precaution.

I point out: “In doing so, it is important to ensure that public consultative process is not limited to the web and social media. Instead of dominating, technologies should only enable maximum participation.”

“The bottom-line: gathering public proposals is commendable, but not an end by itself. The government needs to adopt a systematic method to study, categorize and distil the essence of what is suggested. And that must happen across English, Sinhala and Tamil languages.”

Read full essay:

Crowd-sourcing a New Constitution for Sri Lanka: Mind the Gaps!

yourconstitution.lk website calls for public inputs for making Sri Lanka's new Constitution.
yourconstitution.lk website calls for public inputs for making Sri Lanka’s new Constitution.

සිවුමංසල කොලූගැටයා #253: රටවැසියන්ට සවන් දෙන, සංවාදයට රිසි ජනාධිපතිවරයෙක් ඕනෑ කර තිබේ!

In this week’s Ravaya column (appearing in issue of 17 January 2016), I critique the public communications practices President Maithripala Sirisena of Sri Lanka – and call for better listening and more engagement by the head of state.

I point out that Sirisena is in danger of overexposure in the mainstream media, which I call the ‘Premadasa Syndrome’ (as this bad practice was started by President R Premadasa who was in office from 1988 to May 1993). I argue that citizens don’t need to be force-fed a daily dose of presidential activities on prime time news or in the next day’s newspapers. If public documentation is needed, use the official website.

Like other politicians in Sri Lanka, Sirisena uses key social media platforms like Facebook and Twitter to simply disseminate his speeches, messages and photos. But his official website has no space for citizens to comment. That is old school broadcasting, not engaging.

This apparent aloofness, and the fact that he has not done a single Twitter/Facebook Q&A session before or after the election, detracts from his image as a consultative political leader.

On the whole, I would far prefer to see a more engaged (yet far less preachy!) presidency. It would be great to have our First Citizen using mainstream media as well as new media platforms to have regular conversations with the rest of us citizens on matters of public interest. A growing number of modern democratic rulers prefer informal citizen engagement without protocol or pomposity. President Sirisena is not yet among them.

See my English essay which covers similar ground: Yahapalanaya at One: When will our leaders ‘walk the talk’? Groundviews.org, 4 January 2016

President Maithripala Sirisena (seated) launched Tell the President service on 8 January 2016 - Photo by Presidential Media Division
President Maithripala Sirisena (seated) launched Tell the President service on 8 January 2016 – Photo by Presidential Media Division

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පදවි ප‍්‍රාප්තියේ ප‍්‍රථම සංවත්සරය යෙදුණු 2016 ජනවාරි 9 වනදා ජනපතිට කියන්න නම් නව සේවාව ඇරඹුණා.

තැපැල් පෙට්ටි අංක 123 වෙත යොමු කරන ලියුමක් හරහාත්, දුරකථන අංක 1919 හරහාත් ජනතාවට සිය ප‍්‍රශ්න හා ගැටලූ ඉදිරිපත් කළ හැකි බවයි මේ සේවය හඳුන්වා දෙමින් කියැවුණේ. එයට අමතරව ජනපතිගේ නිල වෙබ් අඩවියත් (http://tell.president.gov.lk/), ජංගම දුරකථන ඇප් එකක් හරහාත් විමසීම් හා පැමිණිලි යොමු කළ හැකියි.

මෙය හොඳ අරමුණකින් කරන උත්සාහයක්. ගාල්ලෙන් බිහි වූ දක්ෂ මාධ්‍යවේදියකු වන සජීව විජේවීරත් මෙයට සම්බන්ධයි. ‘යහපාලනයේදී ජනාධිපතිවරයා තනි නොකරමු’ යයි කියමින් තමන් මෙයට දායක වූ සැටි ගැන ඔහුගේ ෆේස්බුක් එකෙන් ගිය සතියේ කෙටි විස්තරයක් පළ කර තිබුණා.

යහපාලන රජයේ මහජන සන්නිවේදන පිළිවෙත් හා ක‍්‍රියාකලාපය ඇගැයීමකට ලක් කරන්නට මෙය හොඳ අවස්ථාවක් යයි මා සිතනවා.

යහපාලනයේ මොන අඩුපාඩු හා විසමතා තිබුණත් භාෂණ නිදහස හා ප‍්‍රකාශන නිදහස නම් අපට ලැබී තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද අපට රටේ ජනපති හා අගමැති දෙපළත්, ඇමතිවරුනුත් නොබියව විවේචනය කළ හැකියි.

මේ නිදහස ගෙවි ගිය වසර පුරා මා රායෝගිකව අත්හදා බැලූවා. රටේ නායකයන් දෙපළ හේතු සහගතව හා කිසිදු දේශපාලන මතවාදී එල්බ ගැනීමකින් තොරව විවේචනය කිරීමට යළිත් හැකි වීම ඉතා වැදගත්.

එහෙත් නායකයන් පොදු අවකාශයේ කැරෙන විවේචන හා වෙනත් අදහස් පළ කිරීම්වලට සංවේදීද? ඔවුන් මේවා ගැන අවධානයෙන් සිටිනවාද? ඔවුන්ගේ කාර්යමණ්ඩල රටවැසියන්ගේ සිතුම් පැතුම් ගැන නිවැරදි ප‍්‍රතිශෝෂණයක් ජනපති හා අගමැති දෙපළට ලබා දෙනවාද?

යහපාලනයේ වසරක් ගෙවී ගියද මේවාට පිළිතුරු හරිහැටි පැහැදිලි නැහැ.

රටේ ජනපතිවරයා රටවැසියා සමග සන්නිවේදනය කරන සැටි මා කලෙක සිට අධ්‍යයනය කරනවා. සිරිසේන ජනපතිගේ සන්නිවේදන රටා මේ වන විට පැහැදිලියි.

සිරිසේනගේ මැතිවරණ ප‍්‍රකාශයේ (දෙසැම්බර් 2014) 62 වන පිටුවේ මෙසේද සඳහන් වනවා. ‘දියුණු වන සන්නිවේදන තාක්ෂණයත් සමාජ මාධ්‍යයන්හි ව්‍යාප්තියත්, සමාජ යහපතටම හේතු වන පරිදි කළමනාකරණය කර ගැනීම සඳහා මාධ්‍ය සංවර්ධන ප‍්‍රතිපත්තියත් බලගැන්වීමටද කටයුතු කරමි.’

ප‍්‍රතිපත්ති මට්ටමින් ඉදිරියට යාම අවශ්‍යයි. එහෙත් එයට සමාන්තරව ක‍්‍රියාවෙන් ද ආදර්ශයක් දීමට රටේ නායකයාට හැකියි.

රාජ්‍ය නායකයා සන්නිවේදනය කිරීම යනු හැම ජනමාධ්‍යකින්ම හැකි තාක් ඔහුගේ හෝ ඇයගේ ප‍්‍රතිරූපය පිම්බීම නොවෙයි. මේ අතිශය අදුරදර්ශී සම්ප‍්‍රදාය ඇරඹුණේ පේ‍්‍රමදාස ජනාධිපති කාලයේදීයි. රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය හරහා අනිවාර්යයෙන්ම දිනපතා ජනපති පුවත් ආවරණය කළ යුතුව තිබුණා. ඒ ගැන රටේ උපහාසාත්මක කතාද එකල පැතිරුණා. ඇත්තටම එය රටටම විහිලුවක් වුණා.

Cartoon by Gihan de Chickera, Daily Mirror
Cartoon by Gihan de Chickera, Daily Mirror

එයින් පසුව පත් වූ ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ සහචරයන් ද කළේ පේ‍්‍රමදාස මාවතේම යාමයි (විජේතුංග හැරෙන්නට). එහි අන්තයටම ගියේ මහින්ද රාජපක්ෂයි. මාධ් හරහා අධිආවරණය තුළින් තම නායකයාගේ අගය අඩු වන බව හා මහජන අපරසාදය වැඩි වන බව නායකයා වටා සිටින අය තේරුම් ගත්තේ නැහැ. නැතහොත් තාවකාලික ප‍්‍රමෝදයක් තකා නොදන්නා සේ සිටියා විය යුතුයි.

2015 නොවැම්බරයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ කාර්ය මණ්ඩලය අමතා දේශනයක් කිරීමට මට ඇරයුම් කරනු ලැබුවා. එහිදී විවෘත හා විවේචනාත්මක මත දැක්වීමක් කරමින් මා උදක්ම ඉල්ලා සිටියේ ‘පේ‍්‍රමදාස ව්‍යාධියෙන්’ ජනාධිපති සිරිසේන රෝගී වීමට ඉඩ නොතබන ලෙසයි. එසේ වීමේ පෙරනිමිති මා දකින බවද කීවාග

රටේ නායකයා කුමක් කරන්නේද යන්න දැන ගැනීමට රටවැසියන්ට අයිතියක් තිබෙනවා. එහෙත් ඔහු සහභාගි වන හැම මුල්ගල තැබීම, විවෘත කිරීම, අමුත්තන් බැහැ දැකීම හා සෙසු කටයුතු ප‍්‍රධාන ධාරාවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීම අවශ්‍ය නැහැ.

ඕනෑම නම් ඒ සඳහා ජනාධිපති නිල වෙබ් අඩවිය යොදාගත හැකියි. එවිට (කැමති කෙනෙකුට කැමති විටෙක බලන්නට) තොරතුරු හෙළිදරව් කිරීම ඉහළ මට්ටමින් සිදු වෙතත් පත්තර කියවන, ටෙලිවිෂන් බලන ජනයාට ජනපති ගැන පුවත් කන්දරාවක් බලෙන් පැටවෙන්නේ නැහැ.

දිනපතාම සිල්ලර මට්ටමේ ජනපති පුවත් සියලූ මාධ්‍ය හරහා බෙදා නොහැර විටින් විට ජාතික මට්ටමෙන් වැදගත් නිමිති සඳහා පමණක් සියලූ මාධ්‍ය හරහා ජනයාට සමීප වුවොත් එහි අගය වැඩි වන බවත් මගේ කතාවේදි මා අවධාරණය කළා. එහෙත් මේ උපදෙස් පිළි ගත්තාද යන්න මට සැකයි. මාධ්‍ය මෛත‍්‍රීකරණය දිගටම සිදු වන බවක් පෙනෙන නිසා.

ජනාධිපතිවරයාගේ නව මාධ්‍ය භාවිතය ගැනත් මගේ විචාරයක් තිබෙනවා.

2015 ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ විගස සිරිසේන ජනපතිවරයා සමාජ මාධ්‍ය ජාල හරහා තමන්ට ලැබුණු ස්වේච්ඡා හා නොනිල සහයෝගයට ප‍්‍රසිද්ධියේ ස්තූති කළා.

එසේම රටේ ඉන්ටර්නෙට් භාවිත කරන පිරිස සමස්ත ජනගහනයෙන් 25%ක් වී, එය තව දුරටත් ටිකෙන් ටික වැඩි වන කාලයක තනතුරට පත් මේ ජනාපතිවරයාට මින් පෙර කිසිදු නායකයකුට නොතිබූ සන්නිවේදන අවස්ථාවක් උදා වී තිබෙනවා. එනම් සෙසු මාධ්‍යවලට සමාන්තරව නව මාධ්‍ය හරහා ද රටවැසියන් සමග සම්බන්ධ වීමටයි.

සෙසු මාධ්‍ය කිසිවකට වඩා නව මාධ්‍ය හරහා සංවාද කිරීමේ විභවය තිබෙනවා. එසේ කිරීමට ජනපතිට සැම විටම විවේක නැතත්, අඩුම තරමින් (කාර්ය මණ්ඩලය හරහා) සමාජ මාධ්‍යවල ජනයා මතු කරන අදහස් උදහස්වලට සවන් දිය හැකියි. වියදම් අධික ජනමත සමීක්ෂණ නිතර කරනු වෙනුවට බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල නායකයන් දැන් කරන්නේ සමාජ මාධ්‍ය කතාබහ නිරීක්ෂණය කිරීමයි.

ජනපති සිරිසේන පදවි ප‍්‍රාප්තියෙන් පසු නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම් ඇරඹුවා. ගෙවී ගිය වසර තුළ ඒවාට ඒකරාශී වූ ජන සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. 2015 මැද පමණ සිට ෆේස්බුක් වේදිකාව මත සිටින ලාංකික දේශපාලන චරිත අතරින් වැඩිම පිරිසක් එක් රැස්ව සිටින්නේ සිරිසේනගේ නිල ගිණුමටයි. (එතෙක් මුල් තැන සිටි මහින්ද රාජපක්ෂ දැන් දෙවැනි තැනට පත්වෙලා.)

සිරිසේන නිල ෆේස්බුක් ගිණුමෙන් කරන්නේ ඔහුගේ කතා, සුබපැතුම් හා උත්සව ඡායාරූප බෙදා හැරීම පමණයි. එහි එන පාඨකයන් සමග අන්තර් ක‍්‍රියා සිදුවන්නේ ඉතා අඩුවෙන්. එහෙත් මහින්ද රාජපක්ෂ නිල ෆේස්බුක් ගිණුම ඔහු තනතුරේ සිටින විටත්, ඉන් පසුවත් වඩා සංවාදශීලී ලෙසින් පවත්වා ගෙන යනවා.

සමාජ මාධ්‍ය සාර්ථකත්වය යනු හුදෙක් ගොඩ වැඩි කර ගැනීම නොවෙයි. එහි එන ජනයා සමග සාකච්ඡාමය ගනුදෙනු වැඩියෙන් කිරීමයි (engagement). සියයකට අධික ජනපති මාධ්‍ය ඒකක කාර්ය මණ්ඩලයේ දෙතුන් දෙනකු මෙයට කැප කිරීම වටිනවාග

ෆේස්බුක් හා ට්විටර් සමාජ මාධ්‍ය හරහා කලින් දැනුම් දෙන ලද නිශ්චිත කාලයක (පැය 2-3) මහජන ප‍්‍රශ්නවලට පිළිතුරු දීමේ සම්ප‍්‍රදායක් මතුව තිබෙනවා (FB/Twitter Q&A). මහින්ද රාජපක්ෂ මෙන්ම චම්පික රණවක වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලකයන්ද මෙය විටින් විට කරනවා. එහිදි ලැබෙන ප‍්‍රශ්න ගැන කිසිදු පාලනයක්/වාරණයක් කළ නොහැකි නමුත් තමන් කැමති ප‍්‍රශ්නවලට පමණක් තෝරා ගෙන කෙටියෙන් පිළිතුරු දිය හැකියි.

කණගාටුවට කරුණ වන්නේ ජනපති සිරිසේන හෝ අගමැති විකරමසිංහ වසරක් ගත වීත් කිසි විටෙක මෙබන්දක් නොකිරීමයි. සයිබර් අවකාශය හරහා රට වැසියන්ට මුහුණ දීමට ඇයි මෙතරම් පැකිලෙන්නේ?

Tell the President web banner
Tell the President web banner

‘ජනපතිට කියන්න’ සේවාවෙන් මේ අඩුපාඩු සපිරෙන්නේ නැහැ. එය ට්විටර් හා ෆේස්බුක් මෙන් විවෘත හා පාරදෘශ්‍ය වේදිකාවක් නොවෙයි.

සේවාව ඇරැඹුණු දවසේම රාජ්‍ය තොරතුරු සේවය දුරකථන අංක 1919 හරහා මා ප‍්‍රශ්නයක් යොමු කළා. එනම් මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට ලක් වී එදිනට හරියටම වසර 7ක් පිරුණත්, යහපාලන පොරොන්දුවක් වූ එම අපරාධ විමර්ශනය කඩිනම් කිරීමට දැන් සිදු වන්නේ කුමක්ද යන්නයි.

මෙය පොදු උන්නතියට අදාළ ප‍්‍රශ්නයක්. මෙබඳු ප‍්‍රශ්න පොදු අවකාශයේ විවෘතව රාජ්‍ය නායකයන්ගෙන් ඇසිය හැකි නම් එහි වටිනාකම වැඩියි. එසේම මට ලැබෙන උත්තරය ද පොදු අවකාශයේ කාටත් කියවා ගත හැකි විවෘත එකක් විය හැකි නම් වඩාත් හොඳයි.

ජනපතිට කියන්න සේවය විවෘත ආණ්ඩුකරණයට (Open Government) තුඩු දෙන්නක් නොවන්නේ ඉහත කී සීමා නිසායි. මුල් පැය 24 තුළ ප‍්‍රතිචාර 3,000කට වඩා ලැබුණා යයි මාධ්‍ය වාර්තා කළත් ඒවා මොනවාද? කෙතරම් ඉක්මනින් ජනපති පිළිතුරු ලබා දෙනවාද යන්න දැනගත හැකි ක‍්‍රමයක් නැහැ.

සිවුමංසල කොලූගැටයා #246: තොරතුරු අයිතිය විවෘත ආණ්ඩුකරණයට මුල් පියවරයි

පෞද්ගලික ප‍්‍රශ්න, ආයාචනා හා පැමිණිලි යොමු කිරීමේදී සංවෘත ක‍්‍රමවේදයකුත්, පොදු ප‍්‍රශ්න සඳහා විවෘත ක‍්‍රමවේදයකුත් අවශ්‍යයි. මේ විවෘත ක‍්‍රමවේදයට කිසිදු අලූත් පරිශ‍්‍රමයක් දැරිය යුතු නැහැ. ජනාධිපතිවරයාගේ පවතින ෆේස්බුක් හා ට්විටර් නිල ගිණුම් හරහාම කළ හැකියි.

එවන් විවෘත සයිබර් සංවාදයක තවත් වැදගත්කමක් නම් මතු පරිශීලනය සඳහා වෙබ්ගතව සංරක්ෂණය වීමයි. කලින් කලට වචනය වෙනස් කරන දේශපාලකයන් මෙයට නොරිසි විය හැකි වුවත් ප‍්‍රතිපත්තිගරුක හා අවංක ජන නායකයකුට තමන් අද කියන දෙය ලබන සතියේ, ඉදිරි මාසයක හෝ වසරක කාටත් ලෙහෙසියෙන් බලා ගත හැකි පරිදි සංරක්ෂණය වීම ප‍්‍රශ්නයක් නොවෙයි.

ජනපතිට කියන්න සේවාව කිනම් රාමුවක් තුළ පවත්වා ගන්නවාද යන්න පැහැදිලි නැහැ. එහෙත් මේ හරහා යළිත් වරක් රටේ හැම මට්ටමේම ප‍්‍රශ්න ජනපතිවරයාට කේන්ද්‍ර වීමේ අවදානමක් ද තිබෙනවා.

හිටපු ජනපතිවරයා රටේ දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ හා සෙසු රාජ්‍ය ආයතන තන්ත‍්‍රය කොන්කර දැමීමේ හැම ප‍්‍රශ්නයක්ම විසඳන එකම ජගතා හා තීරකයා තමා පමණක් යන හැඟීම සමාජගත කරමින්. එය රාජ්‍ය පරිපාලනයට ඉතා අහිතකරයි.

විශේෂයෙන්ම 19 වන සංශෝධනයෙන් පසුව බලාත්මක කරන ලද ස්වාධීන කොමිසන් සභා ක‍්‍රියාත්මක වන පසුබිමෙක යළිත් අනවශ්‍ය ලෙස ජනපති-කේන්ද්‍රීය මහජන පැමිණිලි හා දුක් ගැනවිලි සම්ප‍්‍රදායක් ගොඩනැගීමට ඉඩ නොතැබිය යුතුයි.

එසේම රටවැසියන්ටත් මෙහි වගකීමක් තිබෙනවා. පත්වීම්, උසස්වීම්, වැටුප් වර්ධක, මාරුවීම්, විභාග ප‍්‍රතිඵල, පරිපාලන අක‍්‍රමිකතා ආදී බොහෝ කරුණු අරභයා නොවිසඳුණු ගැටලූ ඇති බව ඇත්තයි. එහෙත් මේ බොහොමයකට අදාළ පැමිණිලි හා පරීක්ෂණ ක‍්‍රමවේදයන් ඉමහත් මහජන මුදලකින් පවත්වා ගෙන යන බවත් අප දන්නවා. පවතින ක‍්‍රමවේදයන්ට යොමු නොවී හැම ප‍්‍රශ්නයම ජනපතිට කියන්න යාම ඔහුගේත්, රටේත් කාලය හා සම්පත් අපතේ යැවීමක්.

මේ අතර ජනපති නව මාධ්‍ය ගැන දක්වන ආකල්ප ගැනද යමක් කිව යුතුයි.

දෙසැම්බර් 27 වනදා අම්පාරේ රැස්වීමක් අමතමින් ජනපති සිරිසේන කළ සුචරිතවාදී කතාව සමාජ මාධ්‍යවල මහත් ආන්දෝලනයක් ඇති කළා. එන්රිකේ ගායකයාගේ දෙසැම්බර් 20 කොළඹ ප‍්‍රසංගයේ යම් පේ‍්‍රක්ෂක හැසිරීම් ගැන ජනපතිවරයා නොසතුට පළ කළ අතර එසේ කිරිමට ඔහුට පූර්ණ භාෂණ නිදහස තිබෙනවා. තමා කැමති මතයක් දැරීමට අන් සියලූ රටවැසියන්ට ඇති නිදහස එපමණින්ම ඔහුට ද තිබෙනවා.

එමෙන්ම රටේ නායකයා සමග ප‍්‍රසිද්ධියේ එකඟ නොවීමට හා ඔහු තරයේ විවේචනය කිරීමට ඒ හා සමාන අයිතියක් රටවැසියන් වන අප සතුයි. ජනපතිගේ මඩුවලිග කතාවට මාත් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන බොහෝ දෙනෙකු විරෝධය දැක්වූවා.

‘අපේකම’ යන්න පටු ලෙසින් විග‍්‍රහ කිරීම ගැන මෙන්ම පුරාණ ලංකාවේ යොදා ගැනුණු, ශිෂ්ට සමාජයකට තව දුරටත් නොගැළපෙන ම්ලේච්ඡ දඬුවමක් (අඩු තරමින් කට වචනයෙන් හෝ) නිර්දේශ කිරීම ද අපේ විවේචනවලට හේතු වුණා.

President Sirisena of Sri Lanka lashes out at online critics claiming a plot to destroy him - Lankadeepa, 30 December 2015
President Sirisena of Sri Lanka lashes out at online critics claiming a plot to destroy him – Lankadeepa, 30 December 2015

මගේ වැටහීමට අනුව සංවාදය එතැනින් හමාර විය හැකිව තිබුණා. එහෙත් ලංකාදීප වාර්තාවකට අනුව දෙසැම්බර් 29 වනදා බත්තරමුල්ලේ කතාවක් කළ ජනාධිපතිවරයා නිවී යමින් තිබූ ප‍්‍රතිවිරෝධයට ඉන්දන එකතු කළා. වෙබ් අඩවි හෝ ෆේස්බුක් ඔස්සේ තමා ‘පොඩි පට්ටම් කිරීමට, අඹරා දැමීමට සහ නැති කිරීමට’ සමහරුන් කටයුතු කරන බවට චෝදනා කළා.

තමා වට කොට (වාචිකව) පහරදීමේ සංවිධානාත්මක ප‍්‍රයත්නයක් ඇතැයි යන උපකල්පනය මත රටේ නායකයා සැකමුසු මානසිකත්වයක් ගොඩ නගා ගනී නම් එය ඔහුටත්, රටටත් අහිතකරයි. සමාජ මාධ්‍ය තුළ දේශපාලන ප‍්‍රතිවාදීන් ද සිටිය හැකි නමුත් මා දන්නා තරමට එබඳු සංවිධානාත්මක ප‍්‍රයත්නයක් නැහැ.

එහෙත් එක් පැහැදිලි සත්යයක් තිබෙනවාග සමාජ මාධ් විශේෂයෙනුත්, වෙබ් අවකාශය පොදුවේත් ගරුසරු නොකරන තැනක්. අධිපතිවාදයන්ට හා උද්දච්චකමට නොකැමැති පිරිස එහි වැඩියි.

උදාහරණයකට වෙනත් මාධ්‍යවල තවමත් යෙදෙන තුමා හා තුමිය ආදිය එහි අදාළ නැහැ. හොඳ දෙයට සයිබර් අත්පොළසන් නාදයත් (එනම් දිගින් දිගටම ෂෙයාර් වීම් සහ ලයික් වීම) මෙන්ම අධිපතිවාදී හෝ පණ්ඩිත කථාවලට සයිබර් හූවත් මතුව එනවා. මඩුවලිග කථාවට ලැබුණේ දෙවැන්නයිග

හිමිකරුවන් නැති, කතුවරුන් නැති සමාජ මාධ්‍ය (වෙනත් මාධ්‍ය මෙන්) රාජ්‍ය බලය යොදා මෙල්ල කරන්නට බැහැ. හැකි එකම දෙය සීරුවෙන්, සුහදව හා සහයෝගීතාවෙන් එහි ගැවසෙන පිරිස සමග ගනුදෙනු කිරීමයි.

සමාජ මාධ්‍යවල ද උදව්වෙන් තනතුරට ආ සිරිසේන ජනාධිපතිවරයාට ඒ හරහා රටවැසියන් සමග හරවත් හා මිත‍්‍රශීලී සංවාදයකට යාමට තවමත් ඉඩ තිබෙනවා. දෙවැනි වසරේවත් ඔහු එය කරනු ඇතැයි අපි පතමු!

මාධ්‍යය කුමක් වුවත් රටවැසි අපට සවන් දෙනල අප සමග සුහදව කථා කරන හා අපට බණ නොකියන නූතන නායකයකු ඕනෑ!

See also:

4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

18 January 2015: සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

15 January 2014: සිවුමංසල කොලූගැටයා #160: දේශපාලන සන්නිවේදනයෙ ටෙලිවිෂන් සාධකය

සිවුමංසල කොලූගැටයා #252: ප්‍රජාතන්ත්‍රවාදයේ ඩිජිටල් මුහුණුවර හා ජනවාරි 8 පෙරළියේ ඉතිරි අභියෝග

"For only the second time in my life, I voted for a winning candidate on 8 Jan 2015. I now keep insisting that be delivers on his promises." - Nalaka Gunwardene
“For only the second time in my life, I voted for a winning candidate on 8 Jan 2015. I now keep insisting that Maithripala Sirisena delivers on his promises.” – Nalaka Gunwardene, blogger and tweep

At Sri Lanka’s seventh presidential election, held on 8 January 2015, we citizens sent the despotic Rajapaksa regime home. Contrary to some assertions, it was an entirely a home-grown, non-violent and democratic process. An impressive 81.52% of registered voters (or 12.26 million persons) took part in choosing our next head of state and head of government: Maithripala Sirisena.

It was also Sri Lanka’s first national level election where smartphones and social media played a key role and probably made a difference in the outcome. During the weeks running up to 8 January, hundreds of thousands of Lankans from all walks of life used social media to vent their frustrations, lampoon politicians, demand clarity on election manifestos, or simply share hopes for a better future.

As I documented shortly afterwards, most of us were not supporting any political party or candidate. We were just fed up with nearly a decade of mega-corruption, nepotism and malgovernance. Our scattered and disjointed protests – both online and offline – added up to just enough momentum to defeat the strongman Mahinda Rajapaksa. Just weeks earlier, he had appeared totally invincible.

Thus began the era of yaha-palanaya or good governance.

In real life, democracy is a work in progress and good governance, an arduous journey. In this week’s Ravaya column (appearing in issue of 10 January 2016), I argue that voting in two key elections during 2015 (including Parliamtnary Election held on 17 August) was the easy part. We citizens now have to be vigilant and stay engaged with the government to ensure that our politicians actually walk their talk.

Here, we can strategically use social media among other advocacy methods and tools.

See my English essay which covers similar ground: Yahapalanaya at One: When will our leaders ‘walk the talk’? Groundviews.org, 4 January 2016

මීට වසරකට පෙර තීරණාත්මක මැතිවරණයක් අබිමුඛ්හාව නාලක ගුණවර්ධන සමාජ මාධ්‍ය හරහා බෙදාගත් 2015 අවුරුදු පැතුම
මීට වසරකට පෙර තීරණාත්මක මැතිවරණයක් අබිමුඛ්හාව නාලක ගුණවර්ධන සමාජ මාධ්‍ය හරහා බෙදාගත් 2015 අවුරුදු පැතුම

ජනාධිපතිවරණයට දින කීපයකට පෙර 2015 ජනවාරි 1 වනදා මගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා එළැඹෙන වසරට මගේ පැතුම රූප-වචන මිශි‍්‍රත මීම් (meme) එකක ස්වරූපයෙන් මුදා හැරියා. එහි කියැවුණේ 2015 මගේ පැතුම: යටත් වැසියකු නොවන නිදහස් පුරවැසියෙක්!

2015 ජනවාරි 8 වනදා උදෙන්ම ගොස් මා ඡන්දය දුන්නේ මෛතී‍්‍රපාල සිරිසේන නම් මැතිවරණ අපේක්ෂකයාට නොවෙයි. ඔහු සංකේතවත් කළ පරමාදර්ශී යහපාලන සංකල්පයටයි. දේශපාලනයේදී පුද්ගලයින්ට වඩා සංකල්ප වටිනා බව කලක් ගත වී හෝ මා තේරුම් ගෙන සිටිනවා.

යහපාලනයේ ජයග‍්‍රහණයෙන් මා ප‍්‍රමෝදයට පත් වූයේ කිසිදා සිරිසේනගේ හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක හෝ හිතවතකු නොවූ ස්වාධීන පුරවැසියකු හැටියටයි.

ජනවාරි 9 වන දා සිට සාපේක්ෂව වඩා නිදහස් හා මානව හිමිකම් ගරු කරන වාතාවරණයක ජීවත්වීමේ අවකාශය ලක්වැසියන්ට උදා වූ බව කිව යුතුයි. බියෙන් තොරව රටේ නායකයා හා සෙසු පාලක පිරිස නිර්දය ලෙස විවේචනය කිරීමේ හැකියාව 2015 වසර පුරා මා රායෝගිකව අත්හදා බැලුවා. රටේ නායකයා යහපත් දෙයක් කළ විට එය පසසන්නත්, වැරදි දෙයක් කළ විට එය විවේචනය කරන්නත් හැකි පසුබිමක් යළි උදා වීම ලොකු දෙයක්.

එහෙත් අප හමුවේ තවමත් අභියෝග රැසක් ඉතිරිව තිබෙනවා.

එයින් එකක් නම් ජනවාරි 8 මැතිවරණ ප්‍රතිඵලය පිළිගන්නට සමහරුන් නොකැමැති වීමයි. ඒ ගැන විවිධ කුමන්ත්‍රණ තර්ක මතු වනවා. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ ජයග‍්‍රහණය පිටුපස අදිසි හස්තයක් නැතහොත් ජාත්‍යන්තර බලපෑමක් කි‍්‍රයාත්මක වූවා ද? එය මෙරට අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ මහා “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” කොටසක්ද? මෙවන් ප‍්‍රශ්න වසරක් ගත වීත් තවමත් සමහරුන්ගේ මනසේ සැරිසරන බව පෙනෙනවා.

මෙය විග්‍රහ කරන්න මා එක්තරා උපමිතියක් යොදා ගන්නට කැමතියි.

අනුරාධපුරයේ හා පොළොන්නරුවේ හමු වන මහා දාගැබ් පුරාණ ලෝකයේ දැවැන්ත ඉදිකිරීම් අතරට ගැනෙනවා. ඒවායේ වාස්තු විද්‍යාත්මක හා ඉංජිනේරුමය නිමාව අපේ පැරැන්නන්ගේ විද්‍යා හා තාක්ෂණය හැකියාවන්ට මනා උදාහරණයි.

අනුරාධපුරයේ පිහිටි මිරිසවැටිය, රුවන්වැලි සෑය හා ජේතවනය යන මහා දාගැබ් තුන දිශා පිහිටුවීමේදී හා ඉදි කිරීමේදී පිටසක්වල බුද්ධිමත් ජීවීන්ගේ සහාය ලැබී ඇතැයි 1997දී ලාංකිකයකු ලියූ පොතකින් අසාමාන්‍ය තර්කයක් මතු කරනු ලැබුවා (Alien Mysteries in Sri Lanka & Egypt, by Mihindukulasuriya Susantha Fernando, 1997). ඊජිප්තුවේ මහා පිරමීඩ හා අපේ මහා දාගැබ් සසඳමින් ලියා ඇති මේ පොත විද්‍යාත්මක සාධක හා තර්කවලට වඩා පරිකල්පනය හා විශ්වාස මත පදනම් වූවක්.

එම පොත ගැන මගේ ප්‍රතිචාරය වූයේ මෙයයි. “ඕනෑම ඓතිහාසික හෝ කාලීන හෝ කරුණක් ගැන තමන් රිසි ලෙසින් ප‍්‍රතිවිග‍්‍රහ කිරීමේ අයිතිය විවෘත සමාජයක තිබිය යුතුයි. එසේම එවන් විග‍්‍රහයන් සංවාදයට ලක් විය යුතුයි. එසේ නමුත් අපේ මහා දාගැබ් තැනීමට පිටසක්වල ජීවීන්ගේ සහාය ලැබුණා යන කල්පිතයේ යටි අරුත එවැනි හපන්කම් අපේ ඇත්තන්ට තනිවම කළ නොහැකි වූ බවද?”

ඈත හෝ මෑත ඉතිහාසය ගැන ෆැන්ටසි ආකාරයේ කල්පිත හෝ කුමන්ත‍්‍රණ කථා මතු කරන විට බෙහෙවින් ප‍්‍රවේශම් විය යුතු බවට මෙය හොඳ උදාහරණයක්.

2015 ජනවරි 8 වනදා සිදු වූ දේශපාලන බල සංක‍්‍රාන්තිය ගැන පරාජිතයන් හා ඔවුන්ගේ අනුගාමිකයන් මතු කරන විග‍්‍රහයන් අභව්‍යයි.

එදා මෙරට සිදු වූයේ මෑත ඉතිහාසයේ සාපේක්ෂව වඩා සාමකාමී මැතිවරණය හරහා ඡන්දදායකයන් විසින් නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමයි. ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 81.52%ක් (එනම් 12,264,377ක්) ඡන්දය ප‍්‍රකාශ කළා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයා හා කාර්ය මණ්ඩලය වග බලා ගත්තා.

මැතිවරණ කැම්පේන් කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයාගේ වාසියට රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය සම්පත් අනිසි ලෙස යොදා ගත් නමුත් අවසානයේදී තීරකයන් වූයේ ඡන්දදායක අපියි. වැඩි ඡන්ද 449,072කින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජය ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ කි‍්‍රයාකාරීත්වය සංකේතවත් කරමින්.

අපේ මැතිවරණ නිලධාරීන් මහත් ආයාසයෙන් පැවැත් වූ මැතිවරණයකින් අපේ ඡන්දදායකයන් බහුතරයකගේ රහසිතගව රකාශ ඡන්දවල සමුච්චිත රතිඵලය ලෙස සාමකාමී බල සංකරාන්තියක් සිදු කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමි වන්නේ අපටමයි.

එය රටින පිටත සිටින කුමන හෝ බලවේගයකට පැවරීමට තැත් කිරීම අපේ ඡන්දදායකයින්ට, මැතිවරණ යාන්ත‍්‍රණයට හා සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කරන නිග‍්‍රහයක්. පටු අරමුණු තකා උඩ බලාගෙන කෙළ ගැසීමක්.

මැතිවරණයේ ප‍්‍රතිඵලය ගැන සමහරුන් ප‍්‍රමෝදයට පත්වූ අතර, තවත් සමහරුන් කණගාටුවට පත් වූවා. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ස්වභාවයයි. අපේ පෞද්ගලික රුචි අරුචිකම් කුමක් වුවත් එම කි‍්‍රයාදාමය හා ප‍්‍රතිඵලය අවතක්සේරු කිරීම හෝ ගැරහීමට ලක් කිරීම අනුවණකාරී වැඩක්.

ජනාධිපතිවරණයට පසුදා නාලක ගුණවර්ධන කඩිමුඩියේ නිමවා සමාජමාධ්‍යවලට මුදා හැරි මීමය - සිය ගණනින් ෂෙයාර් කරන ලදී
ජනාධිපතිවරණයට පසුදා නාලක ගුණවර්ධන කඩිමුඩියේ නිමවා සමාජමාධ්‍යවලට මුදා හැරි මීමය – සිය ගණනින් ෂෙයාර් කරන ලදී

 

ජයග‍්‍රාහකයාගේ වැඩි ඡන්ද 449,072ට දායක වූ සාධක ගැන ද විවාදයක් තිබෙනවා.

රාජපක්ෂ පාලනය යටතේ පැවති දශකයක පමණ කාලය තුළ රටේ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගරා වැටීම ගැන කලකිරීමට පත් සිංහල මධ්‍යම පාන්තිකයක්ගෙන් කොටසක් වෙනසක් සඳහා ඡන්දය ප‍්‍රකාශ කළ බව එක් මතයක්. මාන්නාධික පාලකයකුගේ යටත් වැසියන් ලෙස නොව නිවහල් පුරවැසියන් ලෙස යළිත් විසීමට අපට ඕනෑ වුණා.

එසේම පසුගිය පාලන සමයේ නිතර අවමානයට හා වෙනස්කම්වලට ලක් වූ සුළුජාතීන් හා ආගමික සුළුතරයන් අතර සමහරෙක් ද පැවති පාලනය වෙනස් කිරීමට ඡන්දය දුන්නා යයි අනුමාන කළ හැකියි.

මෙයට අමතරව එතරම් අවධානයට ලක් නොවූ සාධකයක් මා දකිනවා. ජනවාරි 8 වනදා ජනාධිපතිවරණයට ලියාපදිංචි ඡන්දදායකයන් 15,044,490ක් සිටියා. මේ අතර මෑතදී වයස 18 පසු කිරීම නිසා ජීවිතයේ මුල් වතාවට ඡන්දය දැමීමේ වරම ලද තරුණ තරුණියන් මිලියනයක් පමණ ද සිටියා.

මේ පිරිසේ බොහෝ දෙනෙකු ජංගම දුරකථන භාවිත කරන, ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් සම්බන්ද වන අයයි. (ඉන්ටර්නෙට් තව දුරටත් ටික දෙනෙකුට සීමා වූ නාගරික වරප‍්‍රසාදයක් නොවෙයි.) ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය ජාල (විශේෂයෙන් ම ෆේස්බුක්, ට්විටර් හා යූටියුබ්) හරහා මැතිවරණ සමයේ බොහෝ නොනිල තොරතුරු ගලා ගියා. සංවාද සිදු කෙරුණා.

මේ හරහා තරුණ ඡන්දවලට යම් බලපෑමක් සිදු කරන්නට ඇතැයි මා සිතනවා. මෙය ආසියානු කලාපයේ වෙනත් රටවල සමාජ මාධ්‍ය හා මැතිවරණ කි‍්‍රයාදාමයන්ට සමකළ හැකියි.

ජනවාරි 8 වනදා සිදුවූ සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු පෙරළියට වෙබ්ගත සමාජ මාධ්‍යයද සැළකිය යුතු මට්ටමින් දායක වූ බව ජනාධිපති වීමෙන් ටික දිනකට පසු මෛතී‍්‍රපාල සිරිසේන කියා සිටියා. ජනාධිපතිවරණයේ සන්නිවේදන කි‍්‍රයාදාමයන් ගැන කළ විග‍්‍රහයකදී මා එයට හේතු වූ සාධක විස්තරාත්මකව සාකච්ඡා කළා. [කියවන්න: Was #PresPollSL 2015 Sri Lanka’s first Cyber Election? By Nalaka Gunawardene. Groundviews.org, 13 January 2015].

සැකෙවින් කිව හොත් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හරහා මුදල් ගෙවා හෝ මැතිවරණ ප‍්‍රචාරණය කිරීමට විපක්ෂයේ පොදු අපේක්ෂකයාට තිබුණේ සීමිත සම්පත් හා හැකියාවක්. බලයේ සිටි නායකයාට මෙන් ව්‍යාපාරික අනුග‍්‍රහය ලැබීමට හෝ රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස භාවිතයට හෝ හැකි වූයේ නැහැ.

මේ පසුබිම තුළ සිරිසේනගේ යහපාලන මැතිවරණ පණිවුඩ සමාජගත කිරීමට ප‍්‍රබලව දායක වූයේ (නිල මැතිවරණ ව්‍යාපාරයට කිසිසේත් සම්බන්ධ නොවූ) ස්වේච්ඡාවෙන් පෙරට ආ ඩිජිටල් හැකියාවන් තිබූ නිර්මාණශීලී තරුණ තරුණියන් පිරිසක්.

ඔවුන් සමාජ මාධ්‍යවලට හා වෙනත් වෙබ් අඩවිවලට මුදා හැරි කෙටි පණිඩුව, හාස්‍යජනක රූපමය පණිවුඩ (මීම්) හා වෙනත් අන්තර්ගතයන් ඉක්මණින් වෙබ් භාවිත කරන්නන් අතර සංසරණය වුණා. එතැනින් නොනැවතී සෙසු ජන සමාජයට ද කාන්දු වී පැතිරුණා.

මේ මගේ නිරීක්ෂණ පමණක් නොවෙයි. එය ගැන අවධානයෙන් සිටි තවත් අයගේ ද පිළිගැනීමයි. මට අමතරව රංග කලන්සූරිය හා අජිත් පැරකුම් ජයසිංහ වැන්නවුන් ද මේ සයිබර් සාධකය තහවුරු කරමින් ගෙවී ගිය වසරේ ලියා තිබෙනවා.

ජනවාරි 8 වනදා බහුතරයක් ලක්වැසි ඡන්දදායකයින් විසින් විවර කර ගත් යහපාලන අවකාශය, අගෝස්තු 17 වනදා පාර්ලිමේන්තු මැතිවරණයේදී යළිත් තහවුරු කරනු ලැබුවා.

එහෙත් පුරවැසි අපේ වගකීම එතැනින් හමාර වී නැහැ. යහපාලනය අයාලේ යන්නට, බඩගෝස්තරවාදයට නතු වන්නට බොහෝ ඉඩ තිබෙනවා. මේ අවදානම අවම කර ගත හැක්කේ අප දිගටම ආණ්ඩුකරණ කි‍්‍රයාදාමයේ සකි‍්‍රය කොටස්කරුවන් ලෙස සිටිය හොත් පමණයි.

කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි! යහපාලනයේ කයිය හා කෙරුවාව අතර මහා හිදැසක්!
කියන කොට එහෙමයි, කරන කොට මෙහෙමයි! යහපාලනයේ කයිය හා කෙරුවාව අතර මහා හිදැසක්!

මැතිවරණ අතරතුර කාලයේ දේශපාලනය හා ආණ්ඩුකරණය (politics and governance) එම කාර්යයේ පූර්ණකාලීනව නිරතවන දේශපාලකයන් පිරිසකට පවරා අපේ වැඩක් බලාගෙන ඔහේ ඉන්නට ඉඩක් අපට නැහැ. දශක ගණනක් එසේ කිරීමේ බරපතල විපාක අප දැන් අත් විඳිනවා.

තොරතුරු තාක්ෂණයෙන් ජවය ලබන හා ඒකරාශී වන තරුණ පුරවැසියන් තව දුරටත් පාලකයන්ට රිසි පරිදි “අමන පාලනයක්” ගෙන යාමට ඉඩ නොදෙනු ඇති. බොහෝ ගතානුගතික දේශපාලකයන් නව සන්නිවේදන තාක්ෂණයන්ට හා සමාජ මාධ්‍යවලට බිය වන්නේ ද මේ නිසායි! මෙතෙක් කල් කළ සටකපටකම් දිගටම කිරීම අසීරු වන බැවින්.

25 August 2015: සිවුමංසල කොලූගැටයා #233: ප‍්‍රජාතන්ත‍්‍රවාදය නවීකරණය කරන සමාජයීය වගවීම

අඩ සියවසකට වැඩි කාලයක් (1956 – 2008) ශී‍්‍ර ලංකාවේ පදිංචිව සිටි, විද්‍යා ලේඛක හා අනාගතවේදී ශී‍්‍රමත් ආතර් සී ක්ලාක්ගේ අදහස් කිහිපයක් සිහිපත් කිරීම වැදගත්.

ඔහු අවසන් වරට මෙරට ප‍්‍රකාශනයක් සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් කළේ 2005 මුලදී. සුනාමියෙන් සති කිහිපයකට පසු LMD ව්‍යාපාරික සඟරාව සමග කළ ඒ සංවාදය අතරතුර මෙරටට උචිත ආණ්ඩුකරණයක් ගැනත් කථා කළා.

රටේ අවශ්‍යතාවලට ගැළපෙන හොඳම පාලන ක‍්‍රමය කුමක්දැයි ඔහුගෙන් ඇසූ විට දුන් පිළිතුර මෙයයි.

රජාතන්තරවාදය හොඳයි හා නරකයි යන තර්ක දෙකම අපට නිතර අසන්නට ලැබෙනවා. රජාතන්තරවාදය පරිපූර්ණ නැහැ. එය යාවත්කාලීන කිරීම හා රටේ හැටියට යම් තරමකට හැඩගස්වා ගැනීම අවශ්යයි. එසේම සියවස් ගණනක් පැවත රජාතාන්තිරක සම්ප්‍රදායන් නූතන තාක්ෂණයන්ගේ පිහිටෙන් වඩාත් දියුණු තියුණු කළ හැකියි.

 “සීඝරයෙන් ගෝලීයකරණය වන අපේ ලෝකයේ දුගී බව පිටු දැකීමට හා සියලූ ජනයාගේ ජීවන මට්ටම් නඟා සිටුවීමට නම් රාජ් තන්තරයේ නිසි වගකීම සහ වගවීම අවශ්යයි. එය මධ්යම, පළාත් හා පළාත් පාලන යන සියලූ මට්ටම්වල සිදුවිය යුතුයි.

 “මෙය සාක්ෂාත් කර ගත හැක්කේ පුරවැසියන් මැතිවරණවල ඡන්දය දීමෙන් හා කලින් කලට ආණ්ඩු මාරු කිරීමෙන් නොනැවතී දිගටම රජයන් හා ජනතා නියෝජිතයන් සමග ගණුදෙනුවක යෙදීමෙන්. මෙයට සමාජයීය වගවීම (social accountability) යයි කියනවා.

 “තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් ශූර ලෙස යොදා ගනිමින්. දත්ත හා සාක්ෂි මත පදනම් වී ආණ්ඩුකරණය විචාරයට ලක් කිරීමට අද පුරවැසියන්ට හැකියාව තිබෙනවා. මීට පෙර පරම්පරාවල ආවේගශීලීව හෝ හුදු දේශපාලන මතවාද මත පමණක් උද්ඝෝෂණ කළ පුරවැසියන්ට දැන් ඊට වඩා හරවත්ව හා ඉලක්කගතව රාජ් තන්තරය විවේචනය කළ හැකියි.

 “මහජන මුදල් භාවිතය, රාජ් ආයතනවල අකාර්යක්ෂමතා, දූෂණ, වංචා හා බොරු ප්රෝඩා ගැන සූක්ෂම ලෙස ගවේෂණය කිරීමට හා තමා සොයා ගන්නා දේ ඉක්මණින් වෙබ් ගත කිරීමට අද ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ වූ පුරවැසියන්ට හැකියි. මේ නව හැකියාවන් හරහා යහපත් ආණ්ඩුකරණයට සියලූ දේශපාලකයන්ට හා රාජ් නිලධාරීන්ට බල කිරීමේ විභවය ජනතාවට ලැබෙනවා. මේ බලය නිසි ලෙස භාවිත කිරීමට අප උත්සුක විය යුතුයි.

Arthur C Clarke's remarks on ICTs and good governance, made in 2005
Arthur C Clarke’s remarks on ICTs and good governance, made in 2005

2008 මාර්තුවේ අප අතරින් නික්ම යන තුරුම ක්ලාක් නිතර කීවේ මේ නව සියවසේ ප‍්‍රබලම අවිය හා වටිනාම ඉන්ධනය වන්නේ තොරතුරු හා දැනුම බවයි. (තොරතුරුවලට සමාජයීය අගයක් එකතු කළ විට එය දැනුම බවට පත් වනවා.)

See also:
4 January 2015: සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

11 January 2015: සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

18 January 2015: සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

 

My Wish for 2016: For an Open Society engaged with the world!

Here are my wishes for 2016, shared on Facebook and Twitter as home-made web memes.

I wish for a truly OPEN SOCIETY in ‪Sri Lanka in 2016
where good ideas flow freely,
public debate is informed, wide-ranging and courteous
and there are no Sacred Cows!

Let’s make it so! The power is with each and every one of us.

And here is the Sinhala language version:

හරබර අදහස් නිදහසේ ගලා යන,
පුළුල් හා ආචාරශීලී සංවාද නිරතුරු සිදුවන
අධිපතිවාදයන් හා හණමිටි ආකල්ප පිටු දකින
විවෘත ලක් සමාජයක් 2016 බිහි කරමු!

Nalaka Gunawardene's New Year Wish for 2016
Nalaka Gunawardene’s New Year Wish for 2016

 

On New Year’s eve, I shared this timeless quote of Mahatma Gandhi, which I felt was relevant for raging debates in Sri Lanka on what constitutes ‘our culture’ and how best to preserve it.

Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies
Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies

 

And here is how I rendered it into Sinhala language:

මගේ නිවස වටා සැම අතින් පවුරු බැඳ,

එහි කවුළු සියල්ල වසා දමන්නට මා කොහෙත්ම කැමති නැහැ.

ලොව නොයෙකුත් සංස්කෘතීන්ගේ ආභාෂ ප්රවාහයන්

මනිවසේ නිදහසේ සංසරණය වීම මට අවශ්යයි.

එහෙත් කිසිවකින් මා පෙරළා දමන්නට නම් මා ඉඩ දෙන්නේ නැහැ.

Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies - translated by Nalaka Gunawardene
Mahatma Gandhi on the value of open, inclusive and multicultural societies – translated by Nalaka Gunawardene