සිවුමංසල කොලූගැටයා #139: නෙල්සන් මැන්ඩෙලා විශිෂ්ට සන්නිවේදකයකු වූ සැටි

In this week’s Ravaya column (in Sinhala), I discuss how Nelson Mandela was a master communicator in terms of public speaking skills, media relations and strategy.

See also: Invictus – Clint Eastwood and Morgan Freeman serve more Mandela magic

Nelson-Mandela in prison

නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය (Apartheid) හමාර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජන සම්මතවාදී රාමුවකට එරට යොමු කළේ ඉමහත් පරිශ‍්‍රමයකින්. එම සංක‍්‍රාන්තියේදී ප‍්‍රතිවිරුද්ධ මත දරණ, ආවේගශීලී අනුගාමිකයන් හා සහෘදයන් සමග සාවධානව සාකච්ජා කරමින්, එහෙත් සිය මූලික අරමුණු පාවා නොදෙමින් ඔහු ගිය ගමන විසි වන සියවසේ දිරිය ජිවිතයක කථාවයි.

ඒ හපන්කම් කරන්නට ඔහුගේ ප‍්‍රතිපත්තිගරුක බව හා අධිෂ්ඨාන ශක්තිය මෙන් ම ව්‍යක්ත සන්නිවේදන හැකියාව ද උපකාරී වුණා. මැන්ඩෙලා සාර්ථක නායකයකු වූයේ මිනිස් සිතුම් පැතුම් හඳුනා ගෙන, උපක‍්‍රමශීලී ලෙසින් සන්නිවේදන ක‍්‍රම හා තාක්‍ෂණයන් යොදා ගැනීම හරහායි. මේ ගැන ටිකක් විපරම් කිරීම වටිනවා.

මැන්ඩෙලාගේ සන්නිවේදන කුසලතාව හුදෙක් ඔහුගේ චිත්තාකර්ෂණීය ගති සොබාව (charisma) නිසා ම මතු වන්නක් නොවෙයි. එය පිටුපස පැහැදිලි චින්තනයක් තිබෙනවා.

20 වන සියවස මුල් කාලයේ (1918) ඉපිද, දෙවන ලෝක යුද්ධ සමයේ තරුණ වියට පත් වූ මැන්ඩෙලා ගෙවී ගිය සියවසේ සන්නිවේදන තාක්‍ෂණයන්ගේ ප‍්‍රගමනය සීඝ‍්‍රව සිදු වූ සැටි පෞද්ගලිකව අත් දුටුවා.

ඔහු උපදින විට රේඩියෝ හා සිනමා මාධ්‍ය තවමත් ලෝකයට අඵත්. දේශීය මට්ටමේ ටෙලිවිෂන් විකාශයන්, ලෝක මට්ටමේ චන්ද්‍රිකා ටෙලිවිෂන් විකාශයන්, ඉන්ටර්නෙට් මාධ්‍යය හා ජංගම දුරකථන සේවා යන සියල්ල ම පැන නැගී, කෙමෙන් ජන සමාජයේ ප‍්‍රචලිත වනු ඔහු බලා සිටියා.

දකුණු අපි‍්‍රකාවේ සුඵතර සුදු පාලකයන්ගේ දරදඩු, වර්ණභේදවාදී පාලනයට එරෙහිව මතවාදීව අරගල කොට ඉනික්බිති යටිබිම්ගත දේශපාලනයට පිවිසි මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයෝ යම් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවල ද නිරත වුණා. මේ හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ඔහු ඇතුඵ පිරිසක් බරපතල චෝදනා ලබා 1962-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වුණා. එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් මැන්ඩෙලා තර්ක කළා.

Nelson Mandela hands the 1995 Rugby World Cup to Francois Pienaar, captain of South African team (Photo courtesy The Sun, UK)

සිරගත කර සිටි 1962 – 1990 වකවානුවේ ඔහුට බරපතල සන්නිවේදන සීමා පනවා තිබුණා. එයින් වසර 18ක් ඔහු ගත කළේ රොබන් දුපත (Robben Island) නම් බන්ධනාගාර දිවයිනේ. කේප්ටවුන් වෙරළබඩ නගරයේ සිට කිලෝමීටර් 7ක් මුහුදට වන්නට පිහිටි මේ කුඩා දිවයිනේ සිර කරනු ලැබූ මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයන්ට යළි කිසිදා නිදහසක් ලැබෙතැයි ලෝකයා හෝ ඔවුන්වත් සිතුවේ නැහැ.

රේඩියෝ අසන්නට හෝ පත්තර කියවන්නට හෝ දේශපාලන සිරකරුවන්ට බොහෝ විට අවකාශ තිබුණේ නැහැ. තම පවුලෙන් ලියුමක් පවා ලද හැකි වූයේ මාස හයකට වතාවක් පමණයි. එමෙන් ම සිර ගෙදර ජීවිතයේ සමහර කාලවලදී ඔහුට කැලැන්ඩරයක් හෝ ඔරලෝසුවක්වත් පාවිච්චි කරන්නට ඉඩ ලැබුණේ නැහැ.

සිර ගතව සිටි දිගු කාලය තුළ සුදු සම ඇත්තවුන් සමග තිබූ කේන්තිය කෙමෙන් පහව ගිය බවත්, ඒ වෙනුවට විෂම ක‍්‍රමය ගැන තමන්ගේ කෝපය හා පිළිකුල වඩාත් තීව‍්‍ර වූ බවත් මැන්ඩෙලා සිය ආත්ම චරිත කථාවේ (Long Walk to Freedom, නිදහසට ගිය දිගු ගමන) කියනවා.

සිර ගෙදර බරපතල කම්කරු වැඩ කරන අතර මනස ඒකාග‍්‍ර කර ගනිමින්, තම මර්දකයන්ගේ චරියාව සමීපව අධ්‍යයනය කරමින් මැන්ඩෙලා අනාගත දකුණු අපි‍්‍රකාව ගොඩ නඟන සැටි සැළසුම් කළා. කර්කෂ තත්ත්‍වයන් හමුවේ එයින් නොසැළී පැහැබර අනාගතයක් ගැන සිතීමට හැක්කේ බෙහෙවින් අධිෂ්ඨානශීලී පුද්ගලයකුට පමණයි.

සීමා බන්ධන මැද වුවත් රට, ලෝකය හා ඓතිහාසික ප‍්‍රවාහයන් ගැන ඔහු ගැඹුරින් අධ්‍යයනය කළා. පොදුවේ නූතන ලෝකයේත්, විශේෂයෙන් දකුණු අපි‍්‍රකාවේත් මිනිසුන් සිතන පතන ආකාරය නවීන සන්නිවේදන මාධ්‍ය හා තාක්‍ෂණයන් මගින් බලපෑමට ලක් වන සැටි ඔහු මෙනෙහි කළා.

නිදහස පතා අරගල කළ වෙනත් විප්ලවකරුවන් බොහෝ විට තැත් කළේ මුඵමනින් තමන්ගේ මතයට හැකි තාක් ජනයා හැකි ඉක්මනින් නතු කර ගන්නයි. එහෙත් මැන්ඩෙලා සිය ජනයාට අවිහිංසාවාදීව හා තර්කානුකූලව සිතන්නට බලපෑම් කළා.

උද්වේගකර කථා හා වචන හරඹයන්ට වඩා නූතන මාධ්‍ය හරහා ජන මනසට සැහැල්ලූ ලෙසින් සමීප විය හැක්කේ කෙසේ ද යන්න ඔහු සොයා බැලූවා. මේ නිසා මැන්ඩෙලා පරමාදර්ශීය ජන නායකයකු වනවාට අමතරව සූක්‍ෂම ජන සන්නිවේදකයකු ද වනවා.

වසර 27ක් දේශපාලන සිරකරුවකු ලෙස සිටීමෙන් පසු 1990 පෙබරවාරි 11 වනදා මැන්ඩෙලා නිදහස් කරනු ලැබුවා. මේ ඓතිහාසික සිදුවීම වාර්තා කරන්නට දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් කේප්ටවුන් නුවරට පැමිණියා.

මෙතැන් පටන් තමන් කියන හැම වචනයක් ම, කරන හැම කි‍්‍රයාවක් ම ඉතා සමීප ලෙසින් මාධ්‍ය විසින් හසු කර ගන්නා බවත්, තම දේහ චලන ඉගිවලින් පවා තම ජනයා යම් පණිවුඩ උකහා ගන්නා බවත් මැන්ඩෙලා තේරුම් ගත්තා. කැමරා සිය ගණනක් ඉදිරිපිට තාවකාලික වාසි තකා චණ්ඩියකු වනවා වෙනුවට දැඩි සංයමයෙන්, උපේක්‍ෂා සහගතව යුක්තිය හා සාධාරණය සඳහා ක‍්‍රමීය වෙනසක් කිරීමට ඔහු කි‍්‍රයා කළා.

ඔහු ජීවිතයේ මුල් වතාවට ප‍්‍රවෘත්ති සාකච්ජාවක් ඇමතුවේ හිරෙන් නිදහස් වුවාට පසුදා. 1963ට පෙර යටිබිම්ගත දේශපාලනය කරන කාලේ ඔවුන්ට ප‍්‍රසිද්ධියේ මාධ්‍ය ඇමතීමට ඉඩක් තිබුණේ නැහැ. එවකට එරට ටෙලිවිෂන් තිබුණේ ද නැහැ.

වයස 71දී තම මුල් ම ප‍්‍රවෘත්ති සාකච්ජාව අමතමින් මැන්ඩෙලා සාවධානවත්, උපේක්‍ෂා සහගතවත් ANC ප‍්‍රතිපත්ති හා ස්ථාවරය පැහැදිලි කළා. ලොව පුරා මාධ්‍ය ආයතනවලින් ආ මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට හැකි තාක් සත්‍යවාදීව උත්තර දුන්නා. එතැනින් පටන්ගත් මැන්ඩෙලාගේ මාධ්‍ය ජීවිතයට පොඩියක්වත් විරාමයක් ලැබුණේ නැහැ.

ටෙලිවිෂන් කැමරාවලට කථා කළ යුතු විලාසය හා එහිදී පවත්වා ගත යුතු දේහ චලන ආදිය තලතුනා වියේදී වුවත් මැන්ඩෙලා ඉක්මනින් ම ප‍්‍රගුණ කළා. ඔහු තැනේ, වෙලාවේ හා මාධ්‍යයේ හැටියට තම කථිකත්වය වෙනස් කිරීමට දක්‍ෂයි. ගාම්භීර හා ගැඹුරු සංකල්ප පවා සන්සුන්ව හා සුහදව කියන්නට ඔහුට ඇති හැකියාව විශිෂ්ඨයි.

1990 වන විට දකුණු අපි‍්‍රකාව පැවතියේ මහත් ව්‍යසනයක් අභිමුඛවයි. දශක ගණනක් තිස්සේ කැකෑරෙමින් තිබූ කඵ ජනයාගේ කෝපය එක් පසෙකිනුත්, ඔවුන්ගේ ඉමහත් ප‍්‍රාර්ථනා තව පසෙකිනුත් තුලනය කර ගන්නට අවශ්‍ය වුණා.

නිදහස ලැබූ මොහොතේ පටන් මැන්ඩෙලා කළේ සුදු පාලකයන් සමග සාකච්ජා විවෘතව හා මාධ්‍ය විසින් වාර්තා වන පරිද්දෙන් පමණක් කිරීමයි. රහසිගත ගනුදෙනු හෝ හොර ‘ඞීල්’ කිසිවකට ඉඩ දුන්නේ නැහැ. තමාගේ විශ්වාසනීයත්වය හා මාධ්‍ය හරහා රටත් ලෝකයත් ග‍්‍රහණය කිරීමේ හැකියාව ඔහු යොදා ගත්තේ ඉතා අසීරු දේශපාලන කි‍්‍රයාදාමයක් පාරදෘශ්‍ය ලෙසින් පවත්වා ගන්නටයි. මෙයත් ඔහුගේ සන්නිවේදන හැකියාවේ තවත් උදාහරණයක්.

අතිශයින් දුෂ්කර සංක‍්‍රාන්ති සමයක් පසුකර, රට අරාජික වන්නට ඉඩ නොතබා කි‍්‍රයා කළ මැන්ඩෙලා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු ANC පක්‍ෂය එරට පැවති මුල් ම සර්වජන මැතිවරණයෙන් පැහැදිලි ජයක් අත් කර ගත්තේ 1994 අපේ‍්‍රල් මාසයේ. එරට මුල් ම කඵ ජාතික රාජ්‍ය නායකයා ලෙස 1994 මැයි 10 වනදා මැන්ඩෙලා දිවුරුම් දී වැඩ බාර ගත්තා. ඒ වන විට වර්ණභේදවාදය තුරන් කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට පිවිසීම උදෙසා එරට අවසන් සුදු ජනාධිපති F W ඩි ක්ලර්ක්ට හා මැන්ඩෙලාට 1993 නොබෙල් සාම ත්‍යාගය ලැබී හමාරයි.

One poem + two men = Rainbow Nation

රටේ දේශපාලන බලය මැතිවරණයක් හරහා දිනා ගත්ත ද ආර්ථික බලය තවමත් බොහෝ කොට සුදු සම ඇති දකුණු අපි‍්‍රකානුවන් සතු බවත්, රට හදන්නට ඒ අයගේ දායකත්වය නැතිව ම බැරි බවත් මැන්ඩෙලා වටහා ගත්තා. එහෙත් ඓතිහාසිකව අසාධාරණකම්වලට ලක්ව සිටි කඵ ජාතික බහුතරය, ඉක්මන් විසඳුම් හා සාධාරණයක් පතන බවත් ඔහු දැන සිටියා.

සම්මානනීය අමෙරිකන් නඵ හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ක්ලින්ට් ඊස්ට්වුඞ් 2009දී නිපද වූ Invictus නම් චිත‍්‍රපටයට හසු වන්නේ මැන්ඩෙලා ජනාධිපති වී මුල් මාස 18 තුළ සංහිදියාව හා සහජීවනය ඇති කරන්නට ඉතා සියුම් හා උපක‍්‍රමශීලී ලෙස කටයුතු කළ ආකාරයයි. සැබෑ සිදුවීම් මත පදනම් වී තැනූ මේ චිත‍්‍රපටය මැන්ඩෙලාගේ සන්නිවේදන හැකියාවේ උච්චස්ථානයක් මනාව කැටි කර දක්වනවා.

බලයට පත්වන බොහෝ රාජ්‍ය නායකයන් සුලබව කරන දෙයක් නම් රාජ්‍ය බලය යොදා ගෙන ජාතික මෙන් ම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා හරහා දිගට හරහට රටවැසියන් ඇමතීමයි. ෆිදෙල් කැස්ත්‍රෝ වැනි විප්ලවීය නායකයන් පැය ගණන් ටෙලිවිෂන් හරහා රට අමතන්නට සමතුන්.

ඕනෑ නම් මැන්ඩෙලාටත් එබන්දක් කළ හැකිව තිබුණා. එහෙත් ටෙලිවිෂන් හරහා නිතර නිතර පෙනී සිටින දේශපාලකයන් ජනතාවට ඉක්මනින් එපා වන බව ඔහු තේරුම් ගත්තා.

1995දී ලෝක රග්බි පාපන්දු (රගර්) තරඟාවලිය පැවැත් වීමේ වරම දකුණු අප‍්‍රිකාවට ලැබී තිබුණා. රගර් කී‍්‍රඩාවේ යෙදෙන ප‍්‍රබල ජාතික කණ්ඩායමක් එරට තිබුණා. ජාතික යයි කීවාට එම කණ්ඩායමේ වැඩිපුර ම සිටියේ සුදු ජාතිකයන් හා මිශ‍්‍රිත සම්භවයක් තිබූ කී‍්‍රඩකයන්. වර්ණභේදවාදය බල පැවැති වසර 50කට ආසන්න කාලයේ රගර් සුදු ජාතික වරප‍්‍රසාදයක්ව තිබුණා. මේ නිසා රගර් ගැන බහුතරයක් ජනතාව තුළ තිබුණේ උදාසීනත්වයක් සහ කොන් කිරීමක්.

1994 මැයි මාසයේ මැන්ඩෙලාගේ ANC පක්‍ෂය මැතිවරණය ජය ගෙන බලයට පත් වූවත් රගර් කී‍්‍රඩා කණ්ඩායමේ ඉක්මන් වෙනසක් කළ හැකි පසුබිමක් තිබුණේ නැහැ. දශක ගණනාවක් තිස්සේ කඵ ජාතිකයන්ට හරිහැටි කී‍්‍රඩා අවස්ථා නොදීම නිසා කුසලතාව ඇති කී‍්‍රඩාකයන් ඔවුන් අතරින් බිහිව සිටියේ නැහැ. මේ නිසා 1995 ලෝක රගර් ශුරතාවලියට එරට නියෝජනය කළේ බහුතරයක් සුදු කී‍්‍රඩකයින්ගෙන් සමන්විත වූ පිළක්.

වර්ණභේදවාදය පැවති කාලය පුරා ම වාගේ දකුණු අපි‍්‍රකානු රගර් කණ්ඩායමට එරෙහිව විදෙස් පිළක් තරග වදින විට දකුණු අපි‍්‍රකාවේ බහුතරයක් කඵ ජනතාව කළේ විදෙස් පිළට ආවැඞීමයි.

මේ ආකල්පය වෙනස් කොට, ජාතික රගර් කණ්ඩායමට ‘චියර්’ කරන්නට මුළු රට ම කුළුගැන්විය හැකි නම් කෙතරම් අපූරු ද කියා මැන්ඩෙලා කල්පනා කළා. රගර් පිළේ නායක ප‍්‍රංශුවා පිනාර් (François Pienaar) හමු වී මේ ගැන කථාබහ කළ ජනාධිපති මැන්ඩෙලා, රට එක්සත් කිරීමට රගර් ශූරතාවලිය අවස්ථාවක් කර ගන්නට එකඟත්වයකට ආවා.

කී‍්‍රඩාකයන්ගේ සමේ වර්ණය කුමක් වුවත් ඔවුන් නියෝජනය කරන්නේ සමස්ත දකුණු අපි‍්‍රකාව ම බව මැන්ඩෙලා තම පාක්‍ෂිකයන්ට මතක් කරනවා. ඔවුන් සමහරක් විශ්වාස කරන්නේත් නැහැ බහුතර කඵ ජනයා මෙබඳු සුදු පිළකට චියර් කරාවිය කියා.

එහෙත් තරගවලිය ඇරැඹී ටික දිනකින් එය සිදු වනවා. දකුණු අපි‍්‍රකාව සහභාගි වූ දෙවන තරගය වන විට සුදු, කඵ, මිශ‍්‍රිත වර්ණ හා ජාති හේද නොතකා මුඵ රටම තම පිළට ආවඩනවා. මෙය මතක ඇති කාලෙක සිදු නොවූ අරුමයක්. එයට ප‍්‍රබල ලෙස දායක වන්නේ කී‍්‍රඩා තරග සජීව ලෙස ටෙලිවිෂන් හරහා රටට ම පෙන්වීමයි.

ජාතික ඒකාග‍්‍රතාවය, ජාතීන් අතර සංහිදියාව. සමගිය ආදී උතුම් සංකල්ප ගැන ඕනෑ තරම් හරවත් ලෙස රටවැසියා අමතා කථා කිරීමේ කථික හැකියාව මැන්ඩෙලා සතු වුණා. එසේ ම ඉතා ජනපි‍්‍රය රාජ්‍ය නායකයකු හැටියට ඕනෑ නම් ටෙලිවිෂන් ගුවන් කාලය එයට ලබා ගැනීමේ බලතල හා වරප‍්‍රසාදය ද ඔහුට තිබුණා. එහෙත් ඔහු කළේ ටෙලිවිෂන් හරහා බණ කීම වෙනුවට ව්‍යංගාර්ථයෙන් එහෙත් ප‍්‍රබලව මේ සංකල්ප නිරූපණය වන රගර් ශූරතාවලිය රටට පෙන්වීමයි.

Invictus චිත‍්‍රපටයේ උච්ච අවස්ථාව එළැඹෙන්නේ රගර් දැවැන්තයන් වන නවසීලන්ත පිළට එරෙහිව අවසන් මහ තරගය සමගයි. තියුණු තරගයකට පසු දකුණු අපි‍්‍රකාව ලෝක රගර් කුසලානය දිනා ගන්නවා. මුඵ රට ම එකම පී‍්‍රති ඝෝෂාවක් බවට පත් වනවා.

ඊට මාස කීපයකට පෙර බහුජන උදහසට ලක්ව සිටි ජාතික රගර් කණ්ඩායම කොයි කාගේත් වීරයන් බවට පත් වනවා. මේ හරහා තමන් ද අඵත් දකුණු අපි‍්‍රකාවේ ගෞරවනීය කොටස්කරුවන් බව සුදු ජනයාටත් තේරුම් යනවා.

වචයක්වත් මුවින් නොබැන, නවීන සන්නිවේදන තාක්‍ෂණය හා මාධ්‍ය සියුම් හා සංවේදී ලෙස හැසිර වීම හරහා මැන්ඩෙලා ලෝකයට අගනා සන්නිවේදන පාඩමක් කියා දෙනවා.

සිවුමංසල කොලූගැටයා #135: එගොඩහ යන්නෝ මෙගොඩහ එන්නෝ තව කවුරුද ඉන්නේ?

Boatman photo

යුද්ධය බරපතල ලෙසින් සිදු වන 2007 කාලෙදි මම ටිකක් භයානක වැඩක් කළා. කොළඹ පැවති දකුණු ආසියාතික සමාජ කි‍්‍රයාකාරිකයන් හා මාධ්‍යවේදීන්ගේ වැඩමුඵවක් අමතා ආරම්භක දේශනය කරමින් මා කීවේ ඔවුන් බොහෝ දෙනකුත්, මාත් ‘බෝම්බකරුවන්’ බවයි!

කොයි වේලේ කොතැනක බෝම්බ පිපිරේදැයි ලක් සමාජය බියෙන් සිටි, ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසු වූ එම වකවානුවේ එබන්දක් පැවසීමත් අවදානම් සහගතයි. ඒත් මා අදහස් කළේ මනස් බෝම්බ. මා එය ඔවුන්ට පැහැදිලි කළා.

ස්වීඞ්න් ජාතික ආර්ථික විශේෂඥ ගුනාර් මයර්ඩාල් (Gunnar Myrdal, 1898 – 1987)  වරක්  කීවේ ‘පොත්පත් හා ලිපි ලේඛන හරියට කාල බෝම්බ වගෙයි. ඒවායේ හරවත් හා ගැඹුරු අදහස් නිසි ලෙසින් ගලපා තිබුණොත් පාඨකයන්ගේ මනස තුළ කවදා හෝ ඒවා පුපුරා යාවි. එසේ නොවන අදහස් කොයි කාටත් අමතක වී යනු ඇති.’

කොයි තරම් අපූරු හා විප්ලවකාරී අදහසක් ද?

ඒ අරුතින් ගත් කල මාධ්‍ය හරහා ලියන කියන දේ මා දකින්නේ මනසේ පුපරා යන කාල බෝම්බ තනා මුදා හැරීමක් හැටියටයි. භෞතික බෝම්බ වගේ නොවෙයි, මනස් බෝම්බ පුපුරා යන සැටි එකවර අපට පෙනෙන්නේ නැහැ. සමහර විට අදහසක් මනසට කිදා බැස ගත් බව, එය ග‍්‍රහණය කර ගත් අය පවා සවිඥානිකව වටහා නොගන්නට පුඵවන්.

මනස් කාලබෝම්බ උපමිතිය මා වැන්නවුන් කරන කාරිය මැනවින් හසු කර ගන්නවා වුවත් එය ටිකක් බිහිසුණුයි. පශ්චාත් යුධ සමාජයක් (කලක් තිස්සේ ආවඩනු ලැබූ) කලහකාරී ආවේග සමනය කර ගන්නට තැත් කරන අද වැනි කාලයක මීට වඩා සාමකාමී උපමිතියක් ඇත්දැයි මා කල්පනා කළා.

එවිට මගේ මනසට ආවේ පාලම් හා ඔරුපාරු  පිළිබඳ සිතුවිල්ල. මේ සියල්ලෙන් කරන්නේ දෙගොඩක් නැතහොත් දෙඉවුරක් යා කිරීම. සිවුමංසල කොලූගැටයා හරහා මා කරන්නෙත් සංකල්පීය වශයෙන් හෝ සමාජයීය වශයෙන් බෙදුණු දෑ යා කරන්නට තැත් කිරීම.

වත්මන් ලක් සමාජය නොයෙක් අයුරින් විනිවිද දැකිය හැකියි. ඓතිහාසිකව හෝ ජෛව විද්‍යාත්මකව හෝ උරුම වූ ලේබල් අපේ බොහෝ දෙනා සිය ජීවිත කාලය පුරා අලවා ගෙන සිටිනවා. උපතේදී අහම්බෙන් හිමි වූ ජාතිය, ආගම, කුලය ආදී ලේබල් ගැන විවෘතව සිතන්නේත් ප‍්‍රශ්න කරන්නේත් ඉතා ටික දෙනයි.

උපතෙන් පසුව සමාජ ආර්ථික හේතු සාධක නිසා අප වැටුණු ගොඩවල් ද තිබෙනවා. සිංහල පමණක් දත් අය, දෙමළ පමණක් දත් අය මෙන්ම ද්විභාෂික හා ඉඳහිට ති‍්‍රභාෂික අය ද අප අතර සිටිනවා.

උපතෙන් ලද ලේබල් මෙන් ම මෙකී දෙවැනි ආකාරයේ නැඹුරුවීම් ද අපට  ඕනෑ නම් උත්සාහයෙන් වෙනස් කර ගත හැකියි. අවම වශයෙන් අප අයත් නොවන අනෙකුත් (පිටස්තරයන් හෙවත් ‘අනෙකා’ ලෙස අප දකින) පිරිස් ගැන අපේ දැනුම හා අවබෝධය වැඩි දියුණු කර ගත හැකියි.

ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් දිවයිනක් වූ පමණට අප දුපත් මානසිකත්වයට සීමා විය යුතු නැහැ. දැනුම හා සංකල්ප මට්ටමෙන් වැඩෙන්නට නම් අපේ සමීප දෙයින් හා අපට හුරුපුරුදු දෙයින් ඔබ්බට අප නෙත් යොමු කළ යුතුයි. චිත්ත ගවේෂණය පුඵල් කළ යුතුයි. මේ කොලම හරහා මා උත්සාහ කරන්නෙත් එබඳු චාරිකාවලට අපේ පාඨකයන් යොමු කරන්න.

මෑතදී නිකුත් වූ මගේ දෙවැනි කොලම් එකතුවේ පසු කවරයට කෙටි වදනක් ලියමින් තරුණ ලේඛක දිලීප අබේසේකර මෙහෙම කියනවා.

‘‘ලෝකය තිබෙන්නේ ලංකාවේය කියා තවමත් සිතා ඉන්නා අපට සිවු මංසල කොලූ ගැටයා කලාතුරකින් හමු වෙන ජාතියේ කෙනෙකි. එහෙත් මෙහෙ වගේම ද? මෙහෙ වගේ දේවල්වලට එහෙ මොනව ද කරන්නේ? ඇත්තට ම මෙහෙට වඩා එහෙ වෙනස්දැයි අපට ම තෝරා බේරා ගන්නට ඔහු කරුණු ගෙන හැර පාන්නේ ය. ඉරිදාට රාවයේ සිවුමංසල කොලූ ගැටයා කියවන මා දන්නා බොහෝ දෙනකු සුබවාදී හුස්මකින් සදුදාට මුහුණ දෙනු පෙනේ.’’

හැබැයි එහෙ මෙහෙ යා කරන වැඬේ ලේසි නැහැ. ඇසදිසි මානයෙන් එහා කොයි දේ ගැනත් සැකයෙන් බලන්නට පොළඹවන අද කාලේ එය ලොකු අභියෝගයක්.

මා ලියන දේ කරුණු හා තර්ක මත පදනම් වූවත් මා හුදෙක් දැනුම බෙදන්නකු නොවෙයි. (දැනුම  ඕනෑ නම් අද කාලේ ඉන්ටර්නෙට් හරහා එය ලබා ගත හැකි මූලාශ‍්‍ර තිබෙනවා.) මට පතුරුවන්නට මතවාදයක් ද නැහැ. මා ලියන්නේ මගේ පාඨකයන්ගේ මනස කිති කවන්නට, පොඩියක් විවර කරන්නට හා යම් දේ ගැන ඔවුන්ට වැඩිදුර සිතන්නට පෙළඹවීමට පමණයි.

යුද්ධය හමාර වීමෙන් පසු දිගට හරහට පාරවල් හා පාලම් හදනවා. භෞතික සංවර්ධනයට නිසි යටිතල පහසුකම් අවශ්‍යයි. (අන්තවාදී හරිතවේදියෝ මොනවා කිව්වත් හැමදාම ගල් යුගයේ හිටියා වගේ ඉන්න බැහැ!)

නමුත් කොන්කී‍්‍රට් හෝ ලෝහමය පාලම් විතරක් මදි. අපේ සමාජය තුළත්, අපේ රට හා පුඵල් සෙසු ලෝකය අතරත් මානසික හා චින්තනමය මට්ටමෙන් නිසි පරිදි යා කැරෙන මනෝ පාලම් ද (bridges inside our minds) අවශ්‍යයි.

මේ දෙක සමාන්තරව සිදු නොවුණොත් කොන්කී‍්‍රට් පාලම් ගොඩක් මැද වුවත් අප සංකල්පීය වශයෙන් බෙදී, හුදකලා වී දිගට ම සිටිනු ඇති.

කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ ප‍්‍රබලව පෙනුණු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශෙෂයෙන්ම නවකථා හා චාරිකා සටහන්) සිංහලයට පරිවර්තනය කිරීම දැන් මහා පරිමානයෙන් සිදුවන සැටියි. පරිවර්තනවල නිවැරදි බව හා භාෂා අගය ගැන මා තක්සේරු කර නැහැ. නමුත් මේවා බිහි වන්නේ වෙළඳපොල ඉල්ලූමක් ඇති නිසයි. අපේ පාඨකයන් තමන්ට හුරු බසින් වුවද මේ දුපතෙන් එහා යථාර්ථයන් හා මායා ලෝකයන් (ෆැන්ටසි) ගැන උනන්දු වන බව එයින් අපට සිතා ගත හැකියි.

එහෙත් පරිවර්තනවලට ඔබ්බට යන සංසන්දනාත්මක හා තුලනාත්මක විග‍්‍රහයන් දුර්ලභයි. අපේ සිංහල පුවත්පත්වල විදේශ විත්ති විචාර හැටියට තවමත් බහුලව පළ වන්නේ වම-දකුණ දෙපිළට බෙදී ලෙස ඇණ කොටා ගත් සීතල යුද්ධය කාලේ මල බැඳුණු තර්කයි. සීතල යුද්ධය (1990) අවසන් වී වසර 23ක් ගත වීත් අපේ ‘විදේශ පුවත් විචාරකයන්ගේ’ ඇස් ඇරී නැහැ.

තොරතුරු සමාජය, ජනපි‍්‍රය සංස්කෘතිය, ගෝලීයකරණය, නව මාධ්‍ය හා වෙනත් විසි එක් වන සියවසේ ප‍්‍රබල ප‍්‍රවාහයන් ගැන අපේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය හරහා අපට ලැබෙන්නේ ද පිඵණු  වූ හෝ අන්තගාමී වූ හෝ විග‍්‍රහයන්.

Sivu Mansala Kolu Getaya - two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene
Sivu Mansala Kolu Getaya – two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene

මේ අඩුපාඩු හා හිදැස් වසන්නට තනි ප‍්‍රකාශනයකට හෝ තනි ලේඛකයකුට හෝ පමණක් බැහැ. එහෙත් සිවුමංසලේ සිට අවට පිරික්සමින්, විවිධ ප‍්‍රශ්න මතු කරමින් අප තැත් කරන්නේ යම් තරමකටවත් ඒ විචාරශීලී දිශාවට අපේ සමාජය යොමු කරවන්න.

නිසි පාලම් ඇති තරම් බිහි වන තුරු බලා නොසිට මට හැකි පරිද්දෙන් ටික දෙනෙකුවත් එගොඩ මෙගොඩ ගෙන යනවා. මේ අරුතින් බැලූ විට මා ඔරුපාරු පදවන්නකු වගෙයි.

මගේ ඔරුවේ ගමන් කරද්දී පොඩි පසුබිම් කථනයක් ද තිබෙනවා! මා සමග ටික වේලාවක් ගමනේ යෙදෙන මගීන්ට (පාඨකයන්ට) මා එගොඩ හා මෙගොඩ ගති සොබා කියා දෙනවා. ගමන් කරන ප‍්‍රවාහයේ යම් විසිතුරු ද පාඨකයන් දකිනවා.

එගොඩට වඩා මෙගොඩ හොඳ යයි මා කිසි විටෙක කියන්නේ නැහැ. මා ගමන් කරන දිශාවට අනුව එගොඩ හා මෙගොඩ නිරතුරු වෙනස් වනවා.

එමෙන්ම මගීන්ට/පාඨකයන්ට මගේ අදහස් බලහත්කාරයෙන් පටවන්න තැත් කරන්නේ නැහැ. එමෙන් ම මට මුදලක් ගෙවා මගේ ඔරුවේ ප‍්‍රචාරණය කැරෙන අන් අයකුගේ අදහස් ද නැහැ. සියඵ අදහස් සංවාදයට විවෘතයි.

ඔහේ යනවා වෙනුවට කථා සාමීචියේ යෙදෙමින්, ඔවුනොවුන් අතර සංවාද කරමින් විවෘත වූත් ප‍්‍රබෝධජනක වූත් මනසකින් ගමනේ යෙදෙනවා දකින්නට මා කැමතියි. ඒ නිසා ඔරුකාරයාගේ උපමිතිය මට හොදින් ගැලපෙනවා.

හොඳ දෙයක් ගැන යහපත් ප‍්‍රතිචාර දැක්වීම අපේ බොහෝ අයගේ සිරිතක් නොවේ. මට ස්තුති හෝ ප‍්‍රශංසා කරන පාඨක ප‍්‍රතිචාර ද ලැබෙතත් බහුතරයක් ප‍්‍රතිචාර එන්නේ මා ලියූ දෙයකින් කලබලයට හෝ කෝපයට හෝ පත් වූ අයගෙන්. සමහරුන් මහත් ආවේගශීලී වනු දැකිය හැකියි. අන්ධ භක්තිය හා ඇදහිලි මත තමන්ගේ සියඵ මතවාද ගොඩ නංවා ගෙන සිටින අයට පුංචි පහේ ප‍්‍රශ්න කිරීමක්වත් දරා ගන්නට අමාරු වගෙයි.

මතවාද පතුරුවන්නෝ තැත් කරන්නේ මිනිසුන්ගේ ඔලූගෙඩි විවෘත කොට තමන්ගේ මතය එයට වත් කොට ආයෙත් වසා සීල් තබන එකයි. මාවෝ සේතුං වරක් ජනතාවගේ මනස සමාන කළේ පාලකයන්ට  ඕනෑ දෙයක් ලිවිය හැකි හිස් සුදු කඩදාසිවලට.

එහෙත් ඇත්තට ම අප කළ යුත්තේ පාඨකයන්ගේ මනස විවෘතව පවත්වා ගැනීම. කිසිදු තනි ප‍්‍රවාහයකට එහි අරක් ගෙන මනස සින්නක්කර ගන්නට ඉඩ නොතැබීම. බහුවිධ අදහස් හා තර්ක විතර්කවලට ඔලූගෙඩි ඇතුලේ වගේ ම සමාජයේ හැම තැන ම පොදු අවකාශයේත් නිදහස රැක ගැනීම.

යම් දිනෙක නිසි පාලම් බිහි වී, ඔරු පාරු භාවිතය අනවශ්‍ය වීම සමාජ පරිනාමයේ සොබාවයි. සමහර විට අනාගතයේදී කොලූගැටයාගේ ඔරුවටත් ඉල්ලූමක් හෝ අදාල බවක් නැති විය හැකියි. මෙරට සියඵ හෝ බොහෝ මාධ්‍ය මා කරන දේ ම කරන්නට ගත් විට මා මේ පාරුව නවතා දමනවා. පාලම්වලින් එතෙර කළ හැකි මහා පරිමානයෙන් තනි පුංචි ඔරුකරුවකුට එගොඩ මෙගොඩ යා කළ නොහැකි නිසා…

එතෙක් කල් ඔහොම යං! එගොඩහ යන්නෝ – මෙගොඩහ එන්නෝ තව කවුරු ද ඉන්නේ?

සිවුමංසල කොලූගැටයා #127: මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ:

Nelson Mandela

In my Ravaya column this week (in Sinhala), I look at the role of public intellectuals and artistes who supported Nelson Mandela in his anti-apartheid struggle as well as in forging the Rainbow Nation after majority rule started in 1994. In particular, I look at how the Nobel Laureates Nadine Gordimer and Desmond Tutu critically cheer-led Mandela and ANC.

නෙල්සන් මැන්ඩෙලා පරමාදර්ශී ජන නායකයා ගැන නෙතඟ බැල්මක් හෙළමින් පසුගිය කොලමින් මා කළ විග‍්‍රහයට ඉතා හොඳ ප‍්‍රතිචාර ලැබුණා.

මැන්ඩෙලා සෘජුව ම ඇසුරු කළ හා ඔහුගේ කථාව ලොවට කී මිතුරන් දෙදෙනකු තමයි මගේ ප‍්‍රධාන මූලාශ‍්‍ර වූයේ. ඈත සිට බලන අපට සද්දන්ත චරිතයක් හා වීරයකු ලෙසට පමණක් පෙනුණත් සමීපව අධ්‍යයනය කරන විට හැම මිනිස් ජීවිතයක මෙන් ම මැන්ඩෙලාගේ 95 වසරක ජීවන චරිතයේත් සංකීර්ණතා, ව්‍යාකූලතා හා පරස්පර විරෝධතා තිබෙනවා.

තමන්ගේ චරිතගති හා දැක්ම එක තැන පල් නොවී දශක ගණනක් විකාශනය වූ සැටි මැන්ඩෙලා විසින් ම අවංක හා ව්‍යක්ත ලෙසින් ලියා තිබෙනවා. පරිවර්තන හරහා හෝ ඔහුගේ ජීවන කථාව කියවා මෙනෙහි කිරීම වැදගත්.

මහත්මා ගාන්ධි මෙන් ම නෙල්සන් මැන්ඩෙලා ද යුග පුරුෂයකු වූයේ හුදෙක් තමන්ගේ ප‍්‍රඥාව, අධිෂ්ඨානය හා ප‍්‍රතිපත්ති ගරුක වීම නිසා පමණක් නොවෙයි. එයට නන් අයුරින් සම්මාදම් වූ හා පන්නරය ලබා දුන් සහෘදයන්, අනුගාමිකයන් හා විචාරශීලී ප‍්‍රතිමල්ලවයන් ද මේ විශිෂ්ඨ චරිතවල සමාජයීය බලපෑම තීව‍්‍ර කළා. මෙනයින් බලන විට මැන්ඩෙලා හරි හැටි අගය කරන්නට නම් ඔහුගේ සමකාලීනයන් ගැනත් යමක් දැන ගැනීම වටිනවා.

දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය නිල වශයෙන් වසර 50ක් පමණ කි‍්‍රයාත්මක වූවත් (1948 – 1994) එයට තුඩු දුන් අධිරාජ්‍යවාදී හා යුද්ධමය බල අරගලයන් 19 වන සියවස දක්වා ආපස්සට විහිදෙනවා. ඒ ඉතිහාසය මෙබඳු කෙටි විග‍්‍රහයකින් සම්පිණ්ඩනය කරන්නට අමාරුයි.

නීතිමය වශයෙන් Apartheid නම් වූ ජාතීන් බෙදා වෙන් කිරීමේ ප‍්‍රතිපත්තිය දකුණු අප‍්‍රිකාවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ලෙස නීතිගත කරනු ලැබුවේ 1948 මැතිවරණයෙන් පසුව. එම නීති යටතේ එරට ජනයා කාණ්ඩ හතරකට වර්ග කරනු ලැබුවා. එනම් ස්වදේශික (Native), සුදු (White), ආසියානු (Asian) හා වර්ණ මිශි‍්‍රත (Coloured) වශයෙන්.

මේ අතරින් සියඵ පාලන බලතල හා වැඩිපුර ව්‍යාපාරික හා වෘත්තික වරප‍්‍රසාද ලැබුණේ යුරෝපීය සම්භවයකින් පැවතෙන, ඇෆ්රිකානර් (Afrikaner) නම් සුදු ජාතිකයන්ටයි. එයට වඩා සීමිත වූ යම් වරප‍්‍රසාද ඉන්දියානු සම්භවයක් සහිත ‘‘ආසියානු’’ හා ‘‘වර්ණ මිශි‍්‍රත’’ අයට ලැබුණත්, අතිශයින් කොන් කිරීමක් හා පීඩිත තත්ත්‍වයකට බහුතර ස්වදේශික (කඵ) ජාතිකයන් පත් වුණා.

මෙය හුදෙක් දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව රැකියා අවස්ථා, පදිංචිය, දේපළ අයිතිය, අධ්‍යාපන අවස්ථා ආදී සියඵ ජීවන අංගයන්ට බලපෑ පුඵල් වූත්, ගැඹුරු වූත් වෙනස්කම් සමුදායක් (discrimination) වුණා.

මෙයට එරෙහිව එරට තුළින් හා ශිෂ්ට සම්පන්න මුඵ ලෝකයෙන් ම දැඩි විවේචන මතු වූවත් දකුණු අපි‍්‍රකානු සුදු පාලකයන් තම දරදඩු හා අමානුෂික ස්ථාවරය වෙනස් කළේ නැහැ. රත්රන්, දියමන්ති වැනි වටිනා ඛනිජ සම්පත් හරහා ලබා ගන්නා අතිවිශාල ජාතික ධනය කොටසක් ඔවුන් යෙද වූයේ වර්ණභේදවාදය සාධාරණීකරණය කරන්නට සිය රට තුළත්, ප‍්‍රධාන පෙළේ බටහිර රටවලත් ගැත්තන් පිරිසක් කුලියට ගැනීමටයි.

වර්ණභේදවාදයේ ඉතිහාසය විදහා දක්වන, එයට ම වෙන්වූ කෞතුකාගාරයක් දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් නුවර තිබෙනවා. එය විද්වතුන් හා ඉතිහාසඥයන්ගේ උපදෙස් මත පෞද්ගලික සමාගමක් විසින් ලාබ නොලබන මට්ටමින් පවත්වාගෙන යන අධ්‍යාපනික සේවාවක්. 2011දී එනුවර සතියක් ගත කරන අතරවාරයේ මා මේ කෞතුකාගාරය මුඵ දවසක් පුරා නැරඹුවා. http://www.apartheidmuseum.org

වර්ණභේදවාදයේ කුරිරු බව ගැන පොතපතින් කියවා, චිත‍්‍රපට හරහා තරමක් දැක තිබුණත් මේ අත්දැකීම ඒ අවබෝධය වඩාත් පුඵල් කළා.

Simulation at the Apartheid Museum entrance
Simulation at the Apartheid Museum entrance

කෞතුකාගාරයට ටිකට් මිළ දී ගන්නා අපට සැමට තාවකාලික වර්ණභේදවාදී ලේබලයක් ලබා දෙනවා. ඒ අනුව එහි මුල් ප‍්‍රදර්ශන ශාලාවට ඇතුඵ වීමට සුදු සමැති අයට එක් කොරිඩෝවකුත්, අන් අයට තව කොරිඩෝවකුත් තිබෙනවා. මෙය තනිකර ම මවා පෑමක් (simulation). එය බල පවතින්නේ විනාඩියකට පමණයි.

එහෙත් සුපර්මාකට් එකකට, අවන්හළකට, කාර්යාලයකට, රෝහලකට ආදී  ඕනෑ ම පොදු හෝ පෞද්ගලික හෝ ස්ථානයකට පිවිසීමේදීත්, සේවා ලබා ගැනීමේදීත් සමේ වර්ණය හා අහම්බෙන් උපතේදී හිමි වූ ජාතිය නිසා බරපතල වෙනස්කම්වලට අඩ සියවසක් පුරා මිලියන් ගණනක් දකුණු අපි‍්‍රකානුවන් ලක් වූ සැටි ගැන එය කෙටි සිහිපත් කිරීමක්.

මේ කෞතුකාගාරයේ එරට 20වන සියවසේ දේශපාලන ඉතිහාසය හා වර්ණභේදවාදයට එරෙහිව රට තුළත්, රටින් පිටතත් දශක ගණනක් තිස්සේ ගෙන ගිය අරගලය ගැනත් ඡයාරූප හා වාර්තා චිත‍්‍රපට හරහා සංවේදී ලෙසින් මතකයන් අවධි කරනවා. එය කරන්නේ සුදු ජාතිකයන් හැමදෙනා හෙළා දැකීම හෝ අධීරාජ්‍යවාදී යුගයට සියඵ දොස් තැබීම හෝ වැනි සරල, ජනපි‍්‍රය රටාවකට නොවෙයි.

වර්ණභේදවාදය නම් වූ නීතිගත අසාධාරණකම්වලට ප‍්‍රසිද්ධියේ විරුද්ධ වූ සුදු සම තිබූ දකුණු අපි‍්‍රකානු ජාතිකයන් ද සිටියා. ඔවුන් අතර ප‍්‍රමුඛ පෙළේ විනිසුරුකරුවන්, සරසවි ඇදුරන්, පත‍්‍ර කලාවේදීන් හා කලාකරුවන් ද වුණා. තමන්ගේ වරප‍්‍රසාද ගැන නොසළකා, මානව සාධාරණත්වය උදෙසා හඬ නැගූ මේ ටික දෙනා ජාති ද්‍රෝහීන් (traitors) යයි හංවඩු ගසා ගැරහීමට, තර්ජනවලට හා හිංසනය ලක් කරනු ලැබුවා.

රාජ්‍ය තන්ත‍්‍රයේ බලතල යොදා ගෙන ගිය මේ මර්දනය ඉවසා ගත නොහැකිව ඇතැම් සංවේදී පුද්ගලයන අකාලයේ මිය ගියා. තවත් අය පණ පමණක් බේරා ගෙන දකුණු අපි‍්‍රකාවෙන් පළා ගියා. එසේ රට හැර යන කිසිවකුට තමන්ට පරපුරෙන් උරුම වූ හෝ රැකියාවෙන් උපයා ගත් කිසිදු වත්කමක් රටින් පිට ගෙන යාම තහනම් කර තිබුණා.

එබඳු එක් අයකු පසු කලෙක මා දැන හඳුනා ගත්තා. දක්‍ෂ ජිව විද්‍යාඥයකු වූ ඔහුගේ  නම අයිවන් හැටිංග් (Ivan Hattingh). සුදු දකුණු අපි‍්‍රකානුවකු වූ ඔහු පර්යේෂක හා සරසවි ඇදුරු තනතුරු අතහැර 1960 ගණන්වල මවු රටින් පළා ගියේ වර්ණභේදවාදයට එරෙහිව මතවාදීව අරගල කිරීමෙන් අනතුරුව රාජ්‍ය මර්දනය දරා ගත නොහැකිවයි.

උගත්කම හා හැකියාව නිසා බි‍්‍රතාන්‍යයේ රැකියාවක් සොයා ගත් ඔහු පසු කලෙක එරට පුරවැසියකු වුණා. එහෙත් හදවතින් දිගට ම මවු රටට සමීප වූ ඔහු, වර්ණභේදවාදය නිල වශයෙන් නතර කොට බහුතර ජනයාගේ ඡුන්දයෙන් මැන්ඩෙලා 1994 ජනාධිපති වන තුරු කිසිදා එහි ගියේ නැහැ. මෙබඳු ප‍්‍රතිපත්ති ගරුක සුදු, කඵ, මිශි‍්‍රත දකුණු අපි‍්‍රකානුවන් විශාල සංඛ්‍යාවක් සිටියා.

මේ නිසා වර්ණභේදවාදයේ අමිහිරි ඉතිහාසය සුදු හා කඵ අතර අරගලයක් පමණක්  නොවෙයි. ඊට වඩා සංකීර්ණ වුවක්. මේ මතකයන් හා ඉතිහාසයේ යථාර්ථය සත්‍යවාදීව ඉදිරිපත් කරන්නට වර්ණභේදවාද කෞතුකාගාරය ප‍්‍රවේශම් වී තිබෙනවා. (ඉතිහාසය ලියන්නේ ජයග‍්‍රාහකයන් විසින් තමන්ට  ඕනෑ හැටියට යන්න අපට අසන්නට ලැබෙනවා. එහෙත් එයට වෙනස් වූ මඟක දකුණු අපි‍්‍රකාව යන්නේ මැන්ඩෙලා වැනි නායකයන්ගේ චින්තනය නිසා විය යුතුයි.)

කෞතුකාගාරයේ මා දැන ගත් කරුණු අතර මා කම්පනයට පත් කළ පැතිකඩක් වූයේ රාජ්‍ය තන්ත‍්‍රයේ වර්ණභේදවාදී පිළිවෙත් සාධාරණ යයි තර්ක කරමින් ඒ වෙනුවෙන් රට තුළ හා ජාත්‍යන්තර විද්වත් සභාවල පෙනී සිටි එරට උගතුන්, බුද්ධිමතුන් හා වෙනත් මතධාරීන්ගේ කි‍්‍රයා කලාපයයි.

ජෛව විද්‍යාත්මකව, පරිනාමීයව හා සමාජ විද්‍යාත්මකව කඵ සම ඇති මිනිසුන් ජන්මයෙන් ම පහත් බවට මේ අය කෙස් පැලෙන තර්ක හා මතවාද මතු කළා. මෙසේ මර්දනකාරී රෙජීමයට සුදුහුණු ගෑම සඳහා ඔවුන්ට තනතුරු, ධන සම්පත් හා වෙනත් වරප‍්‍රසාද එමට ලැබුණා. අවස්ථාවාදී බුද්ධිමතුන් හා බඩගෝස්තරවාදී කලාකරුවන් එදා දකුණු අපි‍්‍රකාවේ පමණක් නොව අද තව රටවලත් සිටිනවා!

Nadine Gordimer
Nadine Gordimer

මේ නිලමැස්සන් ගණයට නොවැටී, රට තුළ පදිංචිව සිටිමින් රාජ්‍ය මර්දනය නොතකා දිගටම යුක්තිය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට සුදු දකුණු අපි‍්‍රකානු කලාකාරියක් නම් නැඞීන් ගෝඩිමර් ලේඛිකාවයි  (Nadine Gordimer).

2002 අගෝස්තුවේ මා මුල් වරට ජොහැන්නස්බර්ග් නුවරට ගිය අවස්ථාවේ ඇය සහභාගී වූ විද්වත් සංවාදයක් මා නැරඹුවා. රටේ පාලකයන් සුදු වුණත්, කඵ වුණත් තමා කවදත් විශ්ව සාධාරණය හා මානවයන් අතර සමානාත්මතාවය වෙනුවෙන් හඬ නගන බව ඇය සාවධාන්ව, සියුම් කට හඬකින් කී සැටි මට මතකයි. එවිට 79 හැවිරිදිව සිටි ඇය එදින සවස එනුවර වීදි උද්ඝෝෂණයකට සහභාගි වූයේ මහත් උද්‍යොගයෙන්.

1923 උපන් නැඞීන් ගෝඩිමර් ප‍්‍රබන්ධ රචනා කිරීම ඇරැඹුවේ 1949දී. ඇගේ මුල් ම නවකථාව (The Lying Days) 1953දී පළ වුවා. 1960දී ඇය අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ (ANC) හා නෙල්සන් මැන්ඩෙලාගේ අරගලයට විවෘතව ම සහයෝගය දැක්වීමට පටන් ගත්තා. මේ නිසා ඇගේ සමහර නවකථා දකුණු අපි‍්‍රකාව තුළ තහනම් කරනු ලැබුවා. එහෙත් ඒ වන විට ඇය ජාත්‍යන්තරව පාඨක ජනාදරයට පත්ව සිටි නිසා ඇගේ කෘතීන් රටින් පිටත දිගට ම අලෙවි වුණා.

වර්ණභේදවාදයට මුඵ හිතින් විරුද්ධ වූවත් ANC ව්‍යාපාරයේ ඇතැම් ක‍්‍රමෝපායන් ගැන ඇය එකඟ වූයේ නැහැ. ඇත්තට ම යුක්තිය හා සාධාරණත්වය සඳහා කැරෙන හැම ජනතා අරගලයකට ම ඉතා වැදගත් වන්නේ මෙසේ විචාරශීලිව සහයෝගය දෙන බුද්ධිමතුන් හා කලාකරුවන්.

ANC අරගලකරුවන් යටිබිම්ගත දේශපාලනය කරද්දී ඔවුන් සිය නිවසේ සඟවා අවදානම් සහගත ලෙස උදව් කළ ඇය ම 1994 මැතිවරණයෙන් පසු ANC බලයට පත් වූ විට ඔවුන්ගේ ඇතැම් ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාදාමයන් ප‍්‍රසිද්ධියේ විවේචනය කළා. දිගුකාලීනව රටට වැඩදායක එහෙත් ජනපි‍්‍රය නොවන සමහර ප‍්‍රතිපත්ති හඳුන්වා දීමේදී මැන්ඩෙලාට සවියක් වූයේ නැඞීන් වැනි විචාරශීලි හිතමිතුරන්.

1991දී සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය ඇයට හිමි වූණා. තවත් දෙස් විදෙස් සම්මාන රැසක් ලැබුණා. මේ වසරේ 90 වන විය සපුරන ඇය තවමත් යුක්තිය හා සමානාත්මතාවය වෙනුවෙන් හඬ නගනවා.

මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාව යළි ගොඩ නැංවීමේ දුෂ්කර කාරියේ නඬේ ගුරා වන විට ඔහුට දේශපාලන කරලියෙන් පිටත සිට ඉතා තීරණාත්මක සහයෝගයක් දුන් තවත් දැවැන්ත චරිතයක් නම් කේප්ටවුන් නුවර හිටපු ආච්බිෂොප් ඩෙස්මන්ඞ් ටූටූ (Desmond Tutu).

Desmond Tutu
Desmond Tutu

1931 උපන් ඔහු බි‍්‍රතාන්‍යයේ දේවධර්මවාදය උගත්, කථාවෙහි හා විවාදයෙහි අති දක්‍ෂ කඵ ජාතිකයෙක්. වර්ණභේදවාදයේ උච්චතම වකවානුවේ (1970 – 1980 දශකවල) ඔහු එහි ම්ලේච්ඡු ස්වභාවය බටහිර රටවලට මනා සේ පැහැදිලි කර දුන්නා. සමහර බටහිර රටවල් වර්ණභේදවාදී පාලකයන් සමග ප‍්‍රසිද්ධීයේ හෝ හොර රහසේ හෝ ව්‍යාපාරික සබඳතා පවත්වා ගෙන යාම ඔහු විවේචනය කළා.

දකුණු අපි‍්‍රකාවේ නිදහස් අරගලය සුදු, කඵ, මිශි‍්‍රත හැමගේ අරගලයක් බවට දිගින් දිගට ම ඔහු හඬ නැගුවේ මැන්ඩෙලා නිහඬ කොට සිරගත කොට සිටින කාලයේ පටන්. පලිගැනීමේ හා වෛරයේ දේශපාලනයෙන් ANC පාක්‍ෂිකයන් මුදවා ගෙන සමාව දීමේ මාර්ගයට යොමු කරන්නට සාමයික හා දාර්ශනික මට්ටමෙන් ද ටූටූ ඉතා විශාල මෙහෙවරක් ඉටු කළා.

සාමය හා සාධාරණත්වය උදෙසා අවිහිංසාවේ හඬ නැගීම වෙනුවෙන් 1984 නොබෙල් සාම ත්‍යාගය ඔහුට පිරි නැමුණා.

ඩෙස්මන්ඞ් ටූටූ 1994 සිට බලයට පත් හැම දකුණු අපි‍්‍රකානු රජයක් ම නොබියව විවේචනය කරන අයෙක්. මැන්ඩෙලාගේ පස් අවුරුදු ධූර කාලයේ එරට සත්‍යය හා සංහිදියාව කොමිසමේ සභාපති වූ ඔහු, ඉනික්බිති සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයකු ලෙස මානව හිමිකම්, HIV/AIDS, කාන්තා අයිතිවාසිකම්, පාරිසරික ප‍්‍රශ්න, දුප්පත්කම පිටුදැකීම ආදී බොහෝ වැදගත් සමාජ අරගලයන්ට අනුබල දෙනවා.

නෙල්සන් මැන්ඩෙලාගේ හා දකුණූ අපි‍්‍රකාවේ වාසනාවට මෙන් නැඞීන් ගෝඩිමර්, ඩෙස්මන්ඞ් ටූටූ වැනි සම්මානීය, නිදහස් මතධාරීන් ගණනාවක් වර්ණභේදවාදය පිටු දකින්නට හා ඉන් පසු නව දේශයක් බිහි කරන්නට ඒක රාශී වුණා. මැන්ඩෙලා දේශපාලන ගනුදෙනු කරමින් පාක්‍ෂිකයන් සතුටු කරන්නට ඇතැම් විට කෙටිකාලීන පියවර ගන්නට යන විට ඔහුව දේශපාලන මඩගොහොරු හා බොරු වලවලින් බේරා ගත්තේ මෙබඳු විචාරශීලි සහෘදයන්.

රටක් හදන්නට සැබෑ ජන නායකයන් පමණක් නොව ඔවුන්ට විචාරශීලීව පන්නරය දෙන එඩිතර බුද්ධිමතුන් හා කලාකරුවන් ද අත්‍යවශ්‍යයි.

සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Nelson Mandela whose 95th birthday was on 18 July 2013 — which was marked worldwide as Nelson Mandela Day.
See also my English essay published earlier this week:

Waiting for My Own Mandela…not any longer!

(Note: The two cover similar ground, but I don’t translate myself.)

President Nelson Mandela at UN General Assembly Oct 1995 - UNDPI Photo by G  Kinch

‘‘පිටසක්වල බුද්ධිමත් ජීවීන් රැගත් යානයක් පැමිණ ඔබේ ලෝකයේ නායකයා වෙතට අප යොමු කරන්න යැයි ඉල්ලා සිටියොත් මා නොපැකිලාව කියන්නේ නෙල්සන් මැන්ඩෙලා හමු වන්නට කියායි. ඔහු තරම් අපේ මානව සංහතියේ ඉදිරි දැක්ම හා අපේක්‍ෂා සංකේතවත් කළ තවත් නූතන නායකයකු මට නම් සිතා ගන්නට බැහැ.’’

මා එසේ (ඉංගී‍්‍රසියෙන්) ලිව්වේ මීට දශකයකට පමණ පෙර. එය කියවූ බොහෝ දෙනෙකු එයට එකඟ වූයේ දකුණු අපි‍්‍රකානු නායකයා වැනි පරමාදර්ශී චරිතයක් මුඵ ලෝකයේ ම දායාදයක් වන නිසායි. සියඵ මතවාද පසෙක දමා අප නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් එක් සිත් වන්නේ එබැවින්.

මැන්ඩෙලා ජනාධිපති සිටියදී වරක් ඔහුට සජීව ලෙස සවන් දීමේ අවස්ථාව මට ලැබුණා. ඒ 1995 ඔක්තෝබරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 50ක් පිරීම නිමිත්තෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවර එජා මූලස්ථානයේ පැවැත් වූ රාජ්‍ය නායක මහ සමුඵවේදී. ලෝක ව්‍යාප්තව තරගකාරී මට්ටමින් පිරිනැමෙන මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලබා මා ඒ දිනවල සිටියේ එජා සංවිධානය අධ්‍යයනය කරමින් හා වාර්තා කරමින්.

1995 ඔක්තෝම්බර් 22-24 තෙදින තුළ රාජ්‍ය නායකයන් හා ආණ්ඩු නායකයන් 150කට අධික සංඛ්‍යාවක් එහි පැමිණියා. ඒ අතර කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ, පලස්තීන නායක යසර් අර්ෆත් ආදී විචිත‍්‍ර චරිත සිටියත් මා ඉතා  ඕනෑකමින් සවන් දුන්නේ නෙල්සන්  මැන්ඩෙලාටයි.

මෙබඳු විශෙෂ අවස්ථාවල හැම රාජ්‍ය නායකයාට ම ලැබෙන්නේ විනාඩි 5ක් පමණයි. අන් බොහෝ නායකයන් සාම්ප‍්‍රදායික රාජ්‍ය තාන්ති‍්‍රක කථා කරද්දී තමන්ට ලැබුණු තත්පර 300න් මැන්ඩෙලා උපරිම ප‍්‍රයෝජන ගත් සැටි මට මතකයි.

එය දාර්ශනික වූත්, කාව්‍යමය වූත් කථාවක්. සියඵ දකුණු අප‍්‍රිකානුවන්, සියඵ අපි‍්‍රකානුවන් මෙන් ම දුප්පත් හා අසරණ ලෝකයේ සැම තැනෙක ම වෙසෙන සියඵ දෙනා වෙනුවෙන් ඔහු කථා කළා. එසේ කථා කිරීමේ සදාචාරමය අයිතියක් ඔහුට තිබූ බවට විවාදයක් නැහැ.

නිව්යෝක්හි ගත කළ සති කිහිපයේ මගේ කාමර සගයා වූයේ එවකට 25 හැවිරිදි වූ, දකුණු අපි‍්‍රකානු විද්යුත් මාධ්‍ය සංස්ථාවේ (SABC) නිෂ්පාදක ඩාන්ටේ මෂීලේ (Dante Mashile). 1990දී වර්ණභෙදවාදී ප‍්‍රතිපත්ති අත් හිටු වන විට ඔහුට වයස 20යි. මේ නිසා කඵ සමක් සහිතව ඉපදීම නිසා ම සිය මවු රටේ විදින්නට සිදු වූ අවමන් හා අසාධාරණකම් ගැන අත්දැකීම් හා මතකයන් ඔහුට තිබුණා.

මැන්ඩෙලා ඇතුඵ ANC (African National Congress) පාක්‍ෂිකයන්ගේ දශක ගණනක අරගලය නිසා නොවන්නට තමා වැන්නකුට කිසි දිනෙක SABC නියෝජනය කරමින් පිටරටකට යන්නට හෝ තමන්ගේ කුසලතාවන්ට සරිලන රැකියාවක නිරත වන්නට හෝ ඉඩ නොලැබෙන බව ඩාන්ටේ පුන පුනා කී දෙයක්.

1994 වසර ඩාන්ටේගේ රටේ මෙන් ම මගේ රටේත් දේශපාලන සංධිස්ථානයක් සනිටුහන් කළා.

1994.04.27දා පැවැත් වූ, දකුණු අපි‍්‍රකාවේ සියඵ වැඩිහිටියන්ට සර්වජන ඡුන්ද බලය හිමි වූ මුල් ම මහ මැතිවරණයෙන් ANC ජයග‍්‍රහණය කළා. එහි නායකයා හැටියට මැයි 10දා නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකානු ජනාධිපති ලෙස දිවුරුම් දී වැඩ ඇරඹුවා.

ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ එදා මෙදා තුර අපේක්‍ෂකයකු ලද ඉහළ ම ඡුන්ද ප‍්‍රතිශතය (62%) ලබමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති බවට පත් වූයේ ඊට මාස කිහිපයකට පසු 1994 නොවැම්බර් 12දා.

1995 ඔක්තෝබර් වන විටදීත් මේ නායකයන් දෙපළ ගැන අපේක්‍ෂා රැසක් ඩාන්ටේ හා මා වැනි තරුණයන් තුළ පැවතුණා. නිව්යෝක් නුවර වැස්ස හා සීතල මැද්දේ හිමිදිරියේ අපේ දෙරටේ නායකයන් එජා සමුඵව අමතනු අසන්නට අප පෙළ ගැසුණේ ඒ නිසායි. ලෝක ඉතිහාසයේ එතෙක් පැවති ලොකු ම නායක හමුවට දැඩි ආරක්‍ෂක රැකවරණ යොදා තිබුණා.

1994-1999 වකවානුවේ පස් අවුරුදු ධූර කාලයක් නිමා කළ මැන්ඩෙලාට ලෙහෙසියෙන් ම තවත් ධූර කාලයකට නීතමය අවසරය තිබුණා. ජන ප‍්‍රසාදය ද පැවතුණා. එහෙත් බොහෝ අපි‍්‍රකානු නායකයන් මෙන් බලලෝභීව තනතුරේ එල්ලී සිටිනු වෙනුවට ඔහු ගෞරවනීය ලෙස විශ‍්‍රාම ගියා.

ඒ වන විට මුඵ ලෝකයට ම ආදර්ශයක් වන ඉතා ප‍්‍රගතිශීලි නව ව්‍යවස්ථාවක් හා තවත් ජන හිතකාමී රාජ්‍ය ප‍්‍රතිපත්ති රාශියක් ඔහු හඳුන්වා දී තිබුණා. ජනපි‍්‍රයත්වය සඳහා සිල්ලර වැඩ කරනවා වෙනුවට දිගු කාලීනව හිතකර ක‍්‍රමීය වෙනස්කම් කිරීමත්, ඒ සඳහා අවශ්‍ය බහු විධ මත සන්ධානයන් ගොඩ නැගීමත් මැන්ඩෙලාගේ සුවිශෙෂී නායකත්වයේ සළකුණක්.

අඩ සියවසක් තිස්සේ වර්ණභේදවාදී රාජ්‍ය තන්ත‍්‍රයට පෑගී, මිරිකී සිටි බහුතරයක් දකුණු අපි‍්‍රකානුවන් තමන්ගෙන් ඉක්මන් ප‍්‍රතිඵල බලාපොරොත්තු වන බව මැන්ඩෙලා දැන සිටියා. එමෙන්ම ඓතිහාසික අකටයුතුකම් හා අසාධාරණයන් ගැන කල්ගත වී හෝ විභාග කිරීමත්, යුක්තිය ඉටු කිරීමත් අවශ්‍ය බව ඔහු තේරුම් ගත්තා.

එසේ වුවත් දකුණු අපි‍්‍රකාව නිජබිම කර ගත්, බුද්ධිමත් හා කාර්යශූර සුදු හම ඇති විශාල පිරිසක් සිටින බවත්, නව දේශය ගොඩ නැංවීමේදී ඔවුන්ගේ අත්දැකීම් හා දක්‍ෂතා නැතිව බැරි බවත් මැන්ඩෙලා දුරදක්නා නුවණින් වටහා ගත්තා.

මුඵ ලෝකයේ ම ප‍්‍රශංසාවට ලක් වූයේ දශක ගණනක් කඵ ජනයා හිංසනයට හා පීඩනයට ලක් කළ සුදු දකුණු අපි‍්‍රකානුවන් (රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක හමුදා හා පොලිස් නිලධාරීන්, වර්ණභෙදවාදය සාධාරණීකරණය කළ අවස්ථාවාදී විද්වතුන්) සියඵ දෙනාට සමාව දීමේ අසාමාන්‍ය කි‍්‍රයාදාමයයි.

රාජ්‍ය බලය හා පාර්ලිමේන්තු බහුතරය යොදා ගෙන සුදු දකුණු අපි‍්‍රකානුවන්ගෙන් පළි ගැනීමට මැන්ඩෙලාට  ඕනෑ තරම් අවකාශ තිබුණා. වර්ණභෙදවාදය යටතේ දැඩි කොන්කිරීම් හා වද දීම්වලට ලක් වූ ANC පාක්‍ෂිකයන් සමහරුන් ද බල කර සිටියේ එබන්දක් කළ යුතු බවයි.

එහෙත් වෛරීය හෝ ද්වේශ සහගත මාර්ගයක් වෙනුවට සමාව දෙමින් පාඩම් උගැනීමේ මාර්ගයට (forgive, but not forget) අමාරුවෙන් වුවත් මේ විශාල රට යොමු කරන්නට මැන්ඩෙලා සමත් වුණා.

ඔහුගේ නායකත්වය යටතේ මේ ආදර්ශවත් මානුෂීය පිළිවෙත් කි‍්‍රයාත්මක කරන්නට තවත් දේශපාලන හා සමාජ නායකයන් ගණනාවක් ඉදිරිපත් වීම තීරණාත්මක ලෙස බලපෑවා. 1984 නොබෙල් සාම ත්‍යාගය ලද, වර්ණභෙදවාදයට ජීවිත කාලය ම එරෙහි වූ කේප්ටවුන්හි ආච්බිෂොප්වරයා ලෙස කටයුතු කළ ඩෙස්මන්ඞ් ටූටූ (Desmond Tutu) ඒ අතර කැපී පෙනුණා. දකුණු අපි‍්‍රකාවේ සත්‍යය සෙවීමේ හා සංහිදියාවේ කොමිසමේ ප‍්‍රධානියා ලෙස 1995-98 කාලයේ ඔහු දැඩි සංයමයකින් යුතුව මෑත ඉතිහාසයේ මානව හිමිකම් උල්ලංඝනයවීම් විමර්ශනය කළා. (South African Truth and Reconciliation Commission)

මැන්ඩෙලා කිසි දිනක මුණ ගැසී කථා නොකළත් ඔහුගේ කථාව ලොවට කී හා ඔහුගේ අරගලයට සහාය දුන් ලේඛකයන් දෙදෙනකු හදුනා ගන්නට මට අවස්ථාව ලැබුණා. මේ දෙදෙනා ම සමේ වර්ණයෙන් සුදු වීම ඔවුන්ගේ කාර්යයට කිසිසේත් බාධාවක් වූයේ නැහැ.

කි‍්‍රස්ටිනා ස්කොට් (Christina Scott) කැනඩාවේ උපත ලබා පසු කලෙක දකුණු අපි‍්‍රකාවට සංක‍්‍රමණය වූ ලේඛිකාවක් හා රේඩියෝ මාධ්‍යවේදිනියක්. ඇය, මැන්ඩෙලා ගැන චරිතාපදානයක් රචනා කළා. ඔහුගේ ජීවිත කථාව හා නිදහසේ අරගලය ගැන සරල ඉංගී‍්‍රසියෙන් කියැවෙන ඒ කෘතිය සඳහා විවිධ අවස්ථාවල ඇය මැන්ඩෙලා හා ඔහුගේ කාර්ය මණ්ඩලය සමග තොරතුරු ගවේෂණය කළා.

මැන්ඩෙලා හා ANC ගැන 1960 දශකය මැද සරසවි සිසුවකුට සිටින කාලයේ පටන් මහත්  ඕනෑකමින් වාර්තා කරන අනෙක් මිතුරා නම් අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෂෙක්ටර් (Danny Schechter). වර්ණභේදවාදයට එරෙහි අරගලය බටහිර මාධ්‍ය වලින් දිගට ම වාර්තා කිරීමේ දී ඔහු ඉමහත් සේවයක් කර තිබෙනවා. South Africa Now නම් ටෙලිවිෂන් කාලීන පුවත් වැඩසටහනක් වසර තුනක් (1988-1991) සතිපතා නිෂ්පාදනය කළ ඔහු මැන්ඩෙලා ගැන ගවේෂණාත්මක වාර්තා චිත‍්‍රපට පහක් ද නිපදවා තිබෙනවා.

ඩැනී කියන්නේ මැන්ඩෙලා සිය දිගු ජීවිතය පුරා යථාර්ථයේ අභියෝගවලට ප‍්‍රතිචාර දක්වමින් පරිනාමය වූ බවයි. තරුණ වියේ රාජ්‍ය හිංසනයට එරෙහිව ඔහු යටිබිම්ගත විප්ලවවාදියකු වුණා. මර්දනකාරී රාජ්‍යයට එරෙහිව සැළසුම් හා ආක‍්‍රමණ කළා. ඉනික්බිති දේශපාලන සිරකරුවකු ලෙස ඔහු වඩාත් තර්කානුකූලව හා සානුකම්පිත ලෙසින් සිය රටේ ගැඹුරට කිදා බැස ගත් බෙදීම්වලට මුල අවබෝධ කර ගෙන විසඳුම් ගවේෂණය කළා.

ප‍්‍රතිපත්තිගරුක එහෙත් ප‍්‍රායෝගික නායකයකු ලෙස මැන්ඩෙලා විවිධ මතධාරී කැරලිකරුවන් හා කි‍්‍රයාකාරිකයන් ඒකරාශී කළා. ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්‍ෂා බිඳ වැටෙන්නට නොදී දිගු ගමනක් ගියා. අන්තිමේ දී මුඵ ලෝකයේ ම සම්මානනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියකු හා සදාදරණීය පරමාදර්ශී චරිතයක් බවට පත් වුණා.

ඩැනී කියන හැටියට: ‘‘මැන්ඩෙලා අංග සම්පුර්ණ මිනිසෙකු නොවෙයි. ඔහුගේ චරිතයේ දුර්වල තැන් තිබුණා. ඔහු සමහර විට නාහෙට නාහන කෙනෙක්. යම් අවස්ථාවල ඔහුගේ ස්ථාවරයන්හි පරස්පර විරෝධතා ද තිබුණා. එහෙත් ඔහුගේ අවංක බව හා කැපවීම පිළිබඳ නම් කිසිවකුත් කිසි විටෙක සැක කළේ නැහැ. තම පාක්‍ෂිකයන්ගේ පමණක් නොව විරුද්ධවාදීන්ගේ පවා ගෞරවයට ඔහු ලක් වූයේ මෙසේ විවෘත මනසකින් සත්‍ය ගරුක වීම නිසා යයි මා සිතනවා.’’

මැන්ඩෙලා තමාට වන්දනාමාන කරන වන්දිභට්ට පිරිසක් (cult) බිහි වන්නට ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනුවට තම චින්තනය හා ඉදිරි දැක්ම ප‍්‍රවර්ධනය කරන ලෝක ව්‍යාප්ත පදනමක් (Nelson Mandela Foundation) හා ජාතියේ මතකය සුරකින ආයතනයක් (Nelson Mandela Centre of Memory) බිහි කරන්නට අනුගාමිකයන් හා අනුග‍්‍රාහකයන් යොමු කළා.

වසර 40ක් පමණ තිස්සේ දකුණු අපි‍්‍රකාවේ සමාජයීය හා දේශපාලන ප‍්‍රවණතා විග‍්‍රහ කරන ඩැනී ෂෙක්ටර් කියන්නේ මැන්ඩෙලා ඇතුඵ ANC පරමාදර්ශවාදීන්(idealists) කලක් තිස්සේ සිහින මැවූ සර්ව සාධාරණ හා සමානාත්මතාවය රජයන දකුණු අප‍්‍රිකාවක් තවම බිහි වී නැති බවයි. සුදු ධනපතියන් පමණක් වෙනුවට සුදු, කඵ හා දුඹුරු ධනපතියන්ට දුගී ජනයා සූරාකෑමට මාර්ගය සැළසුවා යයි ඇතැම් දෙනා මැන්ඩෙලාට දොස් කියනවා.

එහෙත් මහා විනාශයක් අභිමුඛව සිටි සුවිසල් රටක් 1994 මැයි මාසයේ බාර ගෙන, වසර 5ක් තුළ එය දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමට පත් කිරීම ඔහුගේ ලොකු ජයග‍්‍රහණයක්.

දකුණු අපි‍්‍රකාව යනු අපි‍්‍රකා මහාද්වීපයේ විශාලතම ආර්ථිකයයි. අද එය දියුණු වන ලෝකයේ ප‍්‍රබල ආර්ථිකයන් අතර ප‍්‍රමුඛයි. එහෙත් දුගී දුප්පත්කම, අපරාධ හා ප‍්‍රචණ්ඩත්වය හා වෙනත් බොහෝ සමාජයීය හා සංවර්ධනාත්මක අභියෝග රැසක් ඔවුන් හමුවේ තිබෙනවා.

මැන්ඩෙලා විශ‍්‍රාම ගියේ ක‍්‍රමීය විපර්යාසයන් සිදු කොට, ආයතනික ව්‍යුහයක් ඇති කිරීමෙන් පසුවයි. ඔහුගෙන් පසුව බලයට පත් වූ නායකයන්ට ඔහුට තරම් පුඵල් චින්තනයක් හා අධිෂ්ඨාන ශක්තියක් නැති වීම නිසා යම් පසුබෑමක් හට ගත් බව ඇත්තයි. එහෙත් වෛරීය දේශපාලනය හා බෙදුම්වාදී අන්ත ජාතිකවාදය වෙනුවට කොයි කවුරුනුත් හවුල් කරගෙන යන දිගු ගමනකට මුල පිරීම ගැන මැන්ඩෙලාට සුදු-කඵ හැම දකුණු අපි‍්‍රකානුවෙක් ම ප‍්‍රණාමය දක්වනවා.

පසුගිය දශකය තුළ මා තුන් වතාවක් දකුණු අප‍්‍රිකාවේ සංචාරය කොට තිබෙනවා. සුදු-කඵ-දුඹුරු සම ඇති දකුණු අපි‍්‍රකානුවන් රැසක් මුණ ගැසී කථා බහ කොට තිබෙනවා. තම රටේ බරපතල සමාජ හා ආර්ථික ප‍්‍රශ්න ඇතත් ඔවුන් හැම දෙනකු ම අනාගතය පිළිබඳ අපේක්‍ෂා සහගතයි.

යටත්විජිතවාදයෙන් හෝ සුඵතර සුදු පාලනයකින් හෝ නිදහස් වූ වෙනත් අපි‍්‍රකානු රටවල් ගිය මගට වඩා සමබර වූත්, තිරසාර වූත් මාර්ගයකට තම රට යොමු කළේ මැන්ඩෙලා බව ඔවුන් පිළි ගන්නවා. මැන්ඩෙලා ඉතා අමාරුවෙන් පීලි මාරු කොට, මහා ව්‍යසනයක් මග හරවා යොමු කළ සහජීවන මාර්ගයේ දිගට ම යාම බහුවාර්ගික, බහු ආගමික රටක් හැටියට දකුණු අපි‍්‍රකාවට ඇති හොඳම විකල්පය බව ඔවුන් දන්නවා.

1995 මැන්ඩෙලා ලියූ ස්වයං චරිතාපදානයට ඔහු දුන් නම Long Walk to Freedom (නිදහසට ගිය දිගු ගමන). ඒ ගමන වර්ණභේදවාදය හමාර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වීමෙන් පමණක් නතර නොවන බව ඔහු නිතර මතක් කළා.

ඔහුගේ එක් ප‍්‍රකට ප‍්‍රකාශයක් වූයේ මෙයයි. ‘‘නිදහස කරා යන කිසිදු ගමනක් ලෙහෙසි වන්නේ නැහැ. අප ප‍්‍රාර්ථනා කරන කඳු මුදුනට ළගා වීමට පෙර මරණයේ සේයාව පතිත වූ බියකරු නිම්න හරහා අපට යළි යළිත් ඇවිදින්නට සිදුවනු ඇති….’’

දකුණු අපි‍්‍රකානුවන්ට තව බොහෝ දිග ගමනක් යන්නට තිබෙනවා.

සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

My weekend column in Ravaya newspaper (in Sinhala) is devoted this week to remember the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993).

See also: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

Varindra Tarzie Vittachi (1921 - 1993)
Varindra Tarzie Vittachi (1921 – 1993)

නිව්ස්වීක් සඟරාව මුඵමනින් ඩිජිටල්කරණය වීම ගැන 2013 ජනවාරි 27දා කොලමින් කථා කරද්දී කලක් එයට කොලම් ලියූ කීර්තිමත් ලාංකික පත‍්‍ර කලාවේදී ටාසි විට්ටච්චිගේ (Tarzie Vittachi) හපන්කම් ගැන මා සඳහන් කළා.

කවුද මේ ටාසි විට්ටච්චි?

1921-1993 කාල වකවානුවේ ජීවත් වූ ඔහු 1959දී විදේශ ගත වීම නිසා පරම්පරා කිහිපයක මෙරට පාඨකයන් ඔහු හදුනන්නේ නැහැ. විශෙෂයෙන් ම සිංහල පාඨකයන් අතර ඔහුගේ නම පවා ආගන්තුකයි.

සමහරුන්ට ටාසි ගැන ඇත්තේ වැරදි වැටහීමක්. 1956 සමාජ පෙරලියට අනුගත වන්නට නොහැකි හෝ නොකැමති හෝ වූවකු හැටියට. මා දන්නා තරමට නම් ටාසිට පක්‍ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. එහෙත් අදීන පුවත්පත් කතුවරයකු හා මාධ්‍ය ලේඛකයකු හැටියට දශකයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේත්, ඉනික්බිති දශක තුනකට වඩා ජාත්‍යන්තර තලයේත් කි‍්‍රයා කළ ඔහු, මගේ වීරයෙක්.

එසේ කියන්නේ ඇයි?

මා ඔහු මුණ ගැසී ඇත්තේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ කිහිප වතාවක් පමණයි. එහෙත් ඔහු සමඟ එකට වැඩ කළ හා ඔහුගෙන් පුහුණුව හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ලද බොහෝ දෙනකු ලොව පුරා මට හමු වී තිබෙනවා. ඔවුන් ඔහු ගැන තවමත් කථා කරන්නේ ගුරු දෙවියකු බදු ගෞරවාදරයෙන්.

ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසි බස හැසිරවීමේ හැකියාව නිසා අපේ දුපතෙන් ඔබ්බට වෘත්තීය නිම්වළලූ පුඵල් කරගත් ලාංකික පුවත්පත් කලාවේදීන් ගණනාවක් විසිවන සියවසේ සිටියා. ඔවුන් සමහරෙක් සිංගප්පුරුව, තායිලන්තය, හොංකොං හා මැදපෙරදිග රටවල ඉංගී‍්‍රසි පුවත්පත්වල කර්තෘ මණ්ඩල තනතුරු දැරුවා. තවත් සමහරුන් ජාත්‍යන්තර පුවත් සේවාවල හෝ පුවත් සඟරාවල ලාංකික වාර්තාකරුවන් ලෙස හපන්කම් කළා. මේ අය අතර ප‍්‍රමුඛ චරිත දෙකක් නම් ඩෙන්සිල් පීරිස් (1917 – 1985) හා ටාසි විට්ටච්චි.

අභය ගාමිණී පෙරේරා ‘ටාසි’ විට්ටච්චි 1921දී කොළඹ උපත ලැබුවා. ගුරුවරුන් වූ ඔහුගේ දෙමවුපියෝ කුඩා වියේ පටන් හැම දෙයක් ගැන ම ප‍්‍රශ්න කරන්නට හා ස්වාධීනව සිතන්නට අනුබල දුන්නා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබු ඔහු 1944දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ආර්ථීක විද්‍යාව හා දේශපාලන විද්‍යාව ගැන උපාධියක් ලබා ගත්තා.

ගුරු වෘත්තියේ හා බැංකු ක්‍ෂෙත‍්‍රයේ වසර කිහිපයක් රැකියාව කිරීමෙන් පසු 1950දී ඔහු (පෞද්ගලික සමාගමක්ව පැවති) ලේක්හවුසියේ සේවයට ගියේ ඬේලි නිවුස් පත‍්‍රයේ සහකාර කතුවරයකු හැටියට. කෙටි කලකින් පාඨකයන් අතර ජනාදරයට පත් කොලම් (තීරු ලිපි) දෙකක් ඔහු ඇරඹූවා. Cursory Glances නම් එකකින් ඔහු රජයේ දුෂණ හා පරිපාලන අක‍්‍රමිකතා හෙළි කළා. Bouquets & Brickbats නම් අනෙක, උපහාසාත්මකව ලක් සමාජයේ පැතිකඩ විග‍්‍රහ කළා.

ලොකු පොඩි කාහටත් සරදම් කිරීමට සහජ හැකියාවක් ටාසිට තිබුණා. ඔහු ලීවේ Fly by Night යන ආරූඪ නමින් වුවත් එය පිටුපස සිටින ලේඛකයා කවුද යන්න බොහෝ දෙනා දැන සිටියා. ඔහුගේ කුසලතා නිසා 1953දී Ceylon Observer පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා ලෙස පත් කරනු ලැබුවා. ආසියාවේ පැරණිතම ඉංගී‍්‍රසි පත‍්‍රයේ ලාබාල ම කතුවරයා වන විට ඔහුගේ වයස 32යි.

බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් මෙරට රාජ්‍යකරණය භාර ගත් දේශීය පාලකයන්, සිය ඡන්දදායකයන්ට හා සමස්ත පුරවැසියන්ට මුඵමනින් වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය විසින් පාලකයන්ට දිනපතා බලපෑම් කළ යුතු බවත් ටාසිගේ මාධ්‍ය කලාවේ මුලික සාරධර්මය වුණා. මෑතදී නිදහස ලැබූ රටෙහි සුවහසක් පැතුම් දේශපාලන මඩ ගොහොරුවේ ගිලී යා නොදී බේරා ගත යුතු බව ඔහු විශ්වාස කළා.

1950 දශකය පුරා අගමැතිවරුන් සිවු දෙනකුගේ පාලන යුගයන් තුළ ඔහු පවතින රජයන් දැඩි විමර්ශනයට හා විවේචනයට ලක් කළා. ලේක්හවුසියේ හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව හා මෙරට වරප‍්‍රසාද ලත් ‘බමුණු කුලයේ’ අවශ්‍යතා නියෝජනය කළා යයි ඇතැම් දෙනා ටාසිට චෝදනා කළත් ඔහුගේ ලාංකික මාධ්‍ය කාර්ය භාරය තුලනාත්මක ඇගැයීමකට ලක් වී නැති බව මගේ හැගීමයි.

Emergency '58 book cover1958 මැයි මාසයේ ඇති වූ සිංහල-දෙමළ වාර්ගික ගැටුම් ගැන පත‍්‍ර කලාවේදියකුගේ වාර්තාකරණය ඇතුළත් කොට ටාසි Emergency ’58: The Story of the Ceylon Race Riots නම් ඉංගී‍්‍රසි පොත රචනා කළා. සිදුවීම්වලින් මාස කිහිපයක් ඇතුළත එළි දුටු මේ පොත මහත් ආන්දෝලනයක් ඇති කළා. පක්‍ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමින් සිදුවීම් හා එයට තුඩු දුන් ඓතිහාසික, සමාජයීය හා දේශපාලනික සාධක විග‍්‍රහ කළ ටාසි යළි යළිත් කියා සිටියේ ගෝති‍්‍රක බෙදීම් හා කුලල් කා ගැනීම් ඉක්මනින් පාලනය කර නොගතහොත් ලංකාව ප‍්‍රචණ්ඩත්වයේ හා අස්ථාවර බවෙහි ගිලී යනු ඇති බවයි.

වාර්ගික බෙදීම් ඇති රටක ඇති-නැති පරතරය දැඩි ලෙස පැවතීම ගැටුම් ඇති කිරීමේ හැකියාව වඩාත් තීව‍්‍ර කරන බවත්, දුගී බව හා විරැකියාව සැළකිය යුතු අන්දමින් අඩු කිරීමේ ප‍්‍රබල අභියෝගයට ලක් රජයන් මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

සමාජයීය විපර්යාසයන් සීඝ‍්‍රගාමීව සිදු වන කාලයක නීතියේ ආධිපත්‍යය (Rule of Law) නොකෙලෙසී පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ගැටුම් හා හදිසි අවස්ථාවල පවා පාලකයන්ට පැවරෙන බලය පාර්ලිමේන්තු හා අධිකරණ අධීක්‍ෂණයට නතු විය යුතු බවත් මේ පොතෙන් හා සිය මාධ්‍යකරණයෙන් ටාසි තර්ක කළා.

පුවත්පත් කතුවරයකු මෙලෙස ස්වාධීනව හා නිර්භයව අදහස් පළ කිරීම එවක රජයන්ට අභියෝගයක් වුණා. අද මෙන් එදාත් පණිවුඩයේ වැදගත්කමට වඩා පක්‍ෂ දේශපාලනය ඉස්මතු කරනු ලැබුවා. මහජන ඡුන්දයෙන් පත් වූ ජනතා රජයකට මෙසේ අභියෝග කරන්නට පත්තරකාරයකුට අයිතියක් නැතැයි රජයේ වන්දිභට්ටයෝ කියා සිටියා!

ජනතාවාදී යයි කියා ගන්න රජයක අඩුපාඩුකම්, ප‍්‍රතිපත්තිමය දුර්වලතා සහ පරිපාලන අක‍්‍රමිකතා පෙන්වාදීමට මාධ්‍යවේදීන්ට අයිතියක් මෙන් ම වගකීමක් ද තිබෙනවා. ටාසි හා ඔහුගේ සමකාලීන ස්වාධීන චින්තකයන් මීට අඩසියවසකට පෙර කළ අනතුරු ඇඟවීම් ගැන ලක් සමාජය මීට වැඩි අවධානයක් යොමු කළා නම් අපේ මෑත ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා.

1959 අගෝස්තු මාසයේ පිලිපීනයේ මැනිලා නුවරදී පත‍්‍රකලාව හා සාහිත්‍යය සඳහා වන රේමන් මැග්සායිසායි ත්‍යාගය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ටාසිට පිරිනමනු ලැබුවා. ඒ වසරේ ත්‍යාගය බුරුමයේ ‘ද නේෂන්’ පුවත්පත ආරම්භක කර්තෘ එඞ්වඞ් මයිකල් ලෝ යෝන් (Edward Michael Law Yone) හා ටාසි විට්ටච්චි අතර සමසේ බෙදුණා.

හේතු පාඨයෙන් කියැවුණේ මෑතදී නිදහස ලැබු මේ දෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සවිමත් කරන්නට තර්ජන ගර්ජන නොතකා අදීනව හා අභීතව කි‍්‍රයා කිරීම නිමිත්තෙන් ත්‍යාගය පිරිනමන බවයි. (මැග්සායිසායි සම්මානය ලැබූ දෙවැනි ලාංකිකයා වූයේ ටාසියි. ගෙවී ගිය 54 වසර තුළ එය ලාංකිකයන් 9 දෙනෙකුට හිමි වී තිබෙනවා.)

ස්වාධීන මතධාරීවීම හා අදීනව වෘත්තිමය කටයුතු කිරීම නිසා ඇති වූ දැඩි බලපෑම් හමුවේ රට හැර ගිය මුල් ම ලාංකික පත‍්‍රකලාවේදියා ටාසි ද? මෙයට නිශ්චිත පිළිතුරක් මට නැතත්, 1959දී ටාසි හදිසියේ ම විදේශගත වුණා.

1960-65 කාලයේ මැලේසියාවේ ක්වාලා ලම්පුර් නුවර ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ (International Press Institute)ආසියානු අධ්‍යක්‍ෂවරයා ලෙසත්, ඉනික්බිති පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු පුවත්පත් පදනමේ (Press Foundation of Asia) සමාරම්භක අධ්‍යක්‍ෂවරයා ලෙසත් කි‍්‍රයා කළා. ඔහු නිත්‍ය පදිංචියට බි‍්‍රතාන්‍යයට ගියේ 1970 දශකයේයි. 1971-72 කාලයේ ලන්ඩනයෙන් පළ කළ The Asian ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කතුවරයා වුණා.

මීට අමතරව ලන්ඩනයේ Sunday Times පත‍්‍රයට හා The Economist පුවත් සඟරාවටත්, BBC රේඩියෝවටත් විශේෂ වාර්තාකරුවකු ලෙස 1965-1972 කාලයේ ඔහු දායකත්වය දුන්නා. මෙකී නොකී සැම තැනකදී ම ඔහු උත්සාහ කළේ (එවකට බහුලව තුන්වන ලෝකය යයි හදුන්වනු ලැබූ) ආසියාවේ, අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකාවේ දියුණු වන රටවල ජනයාගේ සිතුම් පැතුම්, ආකල්ප හා ප‍්‍රශ්න බටහිර දියුණු රටවල පාඨකයන්ගේ හා පාලකයන්ගේ අවධානයට ලක් කරන්නයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයේ උච්චතම අවධියේ ලොව හැම ප‍්‍රශ්නයක් ම ධනවාදය හා සමාජවාදය/කොමියුනිස්ට් චින්තනය අතර අරගලයක් බවට ලඝු කරන්නට බොහෝ චින්තකයන් හා මාධ්‍යවේදීන් උත්සාහ කළා. ටාසි වැනි කිහිප දෙනෙක් කියා සිටියේ මේ න්‍යායාත්මක් විග‍්‍රහයෙන් ඔබ්බට යන, සමාජ සාධාරණත්වය හා ආචාරධර්ම මත පදනම් වූ දැක්මක් අවශ්‍ය බවයි.

1970-1980 දශකයන්ගේ බොහෝ බටහිර මාධ්‍ය ආයතන සමස්ත තුන්වන ලෝකය ම මතුපිටින් හා සරලව වාර්තා කළේ අන්ත දිළිදු බව, සමාජ විසමතා, දේශපාලන අස්ථාවර බව හා ගැටුම්වලින් පිරි මහා කාලකන්නි ලෝකයක් හැටියටයි. අපට බරපතල ප‍්‍රශ්න ඇතත්, ඒවාට විසදුම් ද තිබෙන බවත්, රටවල් අතර මෙන් ම රටවල් තුළත් අති විශාල විවිධත්වයක් පවතින බවත්, සියඵ තෙවන ලොව රටවල් එක අච්චුවකට දමා විග‍්‍රහ කිරීම මුඵමනින් ම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නා.

ටාසි මේ සන්නිවේදනය කළේ ආවේගශීලිව, උද්‍යොග පාඨ සහිතව ලිවීමෙන් නොවෙයි. ඉතා සංවරව, සංවාදශීලිව හා බොහෝ විට හාස්‍යය හා උපහාසය මුසුකර ගනිමින්. ඔහු මුල් යුගයේ ජාත්‍යන්තර ප‍්‍රකාශනවලට ලියූ ලිපි දැන් සොයා ගැනීම අපහසු වුවත් 1980 දශකය පුරාම Newsweek සඟරාවට ලියූ තීරු ලිපි මෙකී සරල, සුගම හා රසබර ශෛලියෙන් නිමැවුණු බව මට මතකයි.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට නැඹුරු වූ බටහිර රටවල, නිල රාජ්‍ය ප‍්‍රතිපත්තියට කිසිසේත් අනුගත නොවූ ස්වාධීන මතධාරී විද්වතුන්, පර්යේෂකයන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් සිටිනවා. ජනමතයට බලපෑම් කිරීමේ හා ජනමාධ්‍ය හරහා ප‍්‍රතිපත්තිවලට පවා දායකවීමේ හැකියාව මේ පිරිසට තිබෙනවා. (අමෙරිකා එක්සත් ජනපදය යනු අමෙරිකානු රජය හෝ එරට සමාගම් නොවේ!)

ටාසි සිය ලිපි හරහා ඇමතුවේ මෙකී සංවේදී, බුද්ධිමත් පිරිසටයි. ඒ අයට තර්කානුකූලව, නිර්ව්‍යාජව හා ලිහිල්ව ඕනෑ ම සංකීර්ණ ප‍්‍රශ්නයක් සන්නිවේදන කිරීමේ හැකියාව ටාසිට තිබුණා. උතුරු-දකුණු සබඳතාවල විසමතා සහ ගෝලීය මට්ටමේ අසාධාරණකම්වලට එරෙහිව කථා කරන අතර, අපේ වැනි රටවල පවතින කැකෑරෙන ප‍්‍රශ්න (කුලවාදය, පවුල්වාදය, වංචාව හා දුෂණය) ගැන කථා කිරීමට ඔහු පැකිඵණේ නැහැ.

කිසිදු රටක් හෝ සමාජයක් ගැන ඒකාකෘතික (stereotyped) ලෙස කථා නොකළ ඔහු ඒ වෙනුවට කියැවීමෙන්, දේශ සංචාරයෙන් හා ජාත්‍යන්තර සබදතා හරහා ලබා ගත් අවබෝධය කැටි කොට ගෙන රසබර, හරබර කථා ඉදිරිපත් කළා.

මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් සංවර්ධන ක්‍ෂෙත‍්‍රයට ටාසි සංක‍්‍රමණය වූයේ 1970 දශකයේ මැදදී. ජනගහනය, ළමා අයිතිවාසිකම්, පරිසරය හා කාන්තා අයිතිවාසිකම් ආදිය ගැන මාධ්‍යවේදියකු ලෙස ඔහු ලබා තිබූ අත්දැකීම් හා අවබෝධය හරහා ඔහු එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනවල සන්නිවේදන කටයුතු වඩාත් හෘදයාංගම හා සාර්ථක කිරීමට කි‍්‍රයා කළා. ටාසිගේ ජීවිතයේ මේ අවධිය ගැන තවත් දවසක කථා කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් හෙබවීමෙන් පසු විශ‍්‍රාම ගිය ටාසිට කොළඹ සරසවියේ සංවර්ධන මාධ්‍යවේදය (Development Journalism) ගැන මහාචාර්ය පදවියක් පිරිනැමීමේ යෝජනාවක් 1980 දශකයෙදී මතු වුණා. ලොව වටා මාධ්‍යවේදීන් දහස් ගණනක් පුහුණු කොට සිටි මේ දැවැන්තයාගෙන් අපේ රටට වැඩක් ගත හැකි වනු ඇතැයි එවකට මේ ක්‍ෂෙත‍්‍රයට අඵතින් පිවිසි අප බලාපොරොත්තු වුණා. එහෙත් ටාසිට ආචාර්ය උපාධියක් නොතිබූ නිසා එබදු තනතුරක් දීමට නොහැකි යයි සරසවි තන්ත‍්‍රය තීරණය කළා. සමහර විට මෙබදු ගලිවරයකුගේ ආගමනය ගැන එහි ලිලිපුට්ටන් බිය වන්නට ඇති!

ටාසි ජීවිතයේ අවසන් කාලය ගත කළේ ඔහුගේ දියණිය අනුරාධා විට්ටච්චි සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි නිස්කලංක ගැමි පරිසරයක. 1993 සැප්තැම්බරයේ ටාසි මිය ගිය විට ඔහු ගැන ප‍්‍රශංසාත්මක ස්මරණයන් ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක පළ වුණා. ටාසි විට්ටච්චි අද බොහෝ දෙනකුට අමතක වුණත්, අපේ ලෝකය ගැන අභීතව, සත්‍යවාදීව හා රසබර ලෙස කථා කළ අපේ කාලයේ කථා කාරයකු ලෙස ලොව පුරා තවමත් ඔහු සිහි කරනු ලබනවා.

What a Bureaucrat does, by Tarzie Vittachi

සිවුමංසල කොලූගැටයා #88: පාකිස්ථානයට තිත්ත ඇත්ත කියන ටෙලිවිෂන් නාලිකා

In this week’s Ravaya column (in Sinhala), I reflect on my recent visit to Pakistan, after 15 years.

When I last visited, in 1997, there were only state owned radio and TV channels. That changed in 2002 when private ownership was allowed. In a decade, private broadcasting has grown and expanded — especially in news and current affairs TV channels, which are now a dominant factor in Pakistan’s everyday life.

What does this mean for media pluralism, governance and social order in a country as complex as Pakistan? Are 24/7 news channels part of the problem or part of the solution? Since the genie cannot be sent back into the lamp, how best can its powers be harnessed for the public interest?


“ඇෆ්ගනිස්ථානයට යාබදව තිබෙන විකාර දේශය” හැටියට මගේ මිය ගිය පාකිස්ථානු මිතුරිය සනියා හුසේන් ඇගේ උපන් බිම හදුන්වා දෙන්නට පුරුදුව සිටියා. එය වඩාත් තිව‍්‍ර ලෙස දැනුනේ ඉංගී‍්‍රසියෙන් කී විටයි. ‘I live in Absurdistan, located next to Afghanistan!’

සනියා තමාගේ මවු රටට ඇලූම් කළ, එරට පොදු ජන උන්නතියට මාධ්‍යවේදිනියක හා සමාජ ක‍්‍රියාකාරිනියක ලෙස විශාල සේවයක් කළ අයෙක්. එහෙත් සිය රටේ දැවෙන ප‍්‍රශ්න හා දැඩි සමාජ විසමතා ගැන නොවලහා කථා කිරීමටත්, සමාජ සාධාරණත්වය හා ප‍්‍රජතාන්ත‍්‍රවාදය උදෙසා උද්ඝෝෂණ කරන්නටත් ඇය පසුබට වූයේ නැහැ.

පාකිස්ථානය අද ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක්. ඉස්ලාමීය මූලධර්මවාදය ප‍්‍රවර්ධනය කොට පිටරට පටවන බවට බටහිර රටවල් පාකිස්ථානයට චෝදනා නගනවා. මෙය එරට රජය හා ජන සමාජය එක එල්ලේ පිලි ගත්තේ නැතත්, නීතිය හා සාමය රැක ගැනීම පිළිබද බරපතල ගැටළු මතුවී ඇති බවට නම් ඔවුන් හැම කෙනකු ම එකග වනවා.

වසර 15කට පසු මා මෑතදී යළිත් පාකිස්ථානයට ගියා. එහි වඩාත් ම ජනාකීර්ණ වූත්, වානිජමය කේන්ද්‍රස්ථානය වූත් කරච්චි නගරයේ දින කිහිපයක් මා ගත කළේ එරට ටෙලිවිෂන් වාර්තාකරුවන් හා නිෂ්පාදකයන් සඳහා පුහුණු වැඩමුළුවක ප‍්‍රධාන පුහුණුකරුවා හැටියටයි. මේ නිසා කෙටි කාලයක් තුල එරට ජන සමාජය හා දේශපාලන ප‍්‍රවාහයන් ගැන මාධ්‍යවේදී මිතුරන් රැසක් සමග කථා බහ කරන්නට ඉඩ ලැබුණා. ඊට අමතරව මගේ පැරණි පාකිස්ථානු මිතුරු මිතුරියන් කිහිප දෙනකු ද හමුවුණා.

පාකිස්ථානය වැනි සංකීර්ණ රටක ප‍්‍රශ්න ගැන කෙටි සංචාරයකින් තේරුම් ගත නොහැකියි. එහෙත් මා ඇසූ දුටු ඇතැම් දේ අපටත් අදාල යැයි සිතෙනවා.

පාකිස්ථානය වෙන ම රටක් ලෙස බිහිවූයේ 1947 අගෝස්තුවේදී බි‍්‍රතාන්‍ය පාලකයන් නික්ම යද්දී ඔවුන් පාලනය කළ භාරතය, ඉන්දියාව හා පාකිස්ථානය ලෙස බෙදීමත් සමගයි. එදා මෙදා තුර ගෙවී ගිය වසර 65 තුළ ඉන්දියාව දිගට ම ප‍්‍රජාතන්ත‍්‍රික රටක් ලෙස පැවතුනත් පාකිස්ථානය කිහිප වාරයක් හමුදා ආඥාදායකත්වයට නතු වූවා. (නිදහසෙන් පසු වසර 32ක් පාකිස්ථානය පාලනය කර ඇත්තේ හමුදා පාලකයන්.)

Map of Pakistan, courtesy Lonely Planet
පාකිස්ථානයේ හා ඉන්දියාවේ මුල සිට ම ස්ථාපිත වූ එක් ප‍්‍රබල සමාජ සංස්ථාවක් නම් ජනමාධ්‍යයි. මුළුමනින් ස්වාධීන වූ ජනමාධ්‍ය ලෝකයේ කිසි රටක නැහැ. එහෙත් බලයේ සිිටින රජයට, හමුදා හා ආගමික නායකයන්ට හෝ වෙනත් බලාධිකාරයන්ට දැඩි සේ නතු නොවූ, අදීන මාධ්‍ය සම්ප‍්‍රදායක් මේ දෙරටේ තිබෙනවා. සමහර මාධ්‍ය ආයතන තම සීමා ඉක්මවා ජනමතය හසුරුවන බවට චෝදනා ඇතත්, එයින් පෙනෙන්නේ රූකඩ ලෙස නැටවෙන මාධ්‍යවලට වඩා ඔබ්බට පරිනාමය වූ සංකීර්ණ මාධ්‍ය පද්ධතියක් එහි ඇති බවයි.

පාකිස්ථානයේදී මා හමු වූ පුවත්පත් කතුවරුන්, ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති ප‍්‍රධානීන් හා මාධ්‍ය හිමිකරුවන් අතර විවිධ දේශපාලන මත දරණ අය සිටියා. ඇතැම් දෙනා ජාතිකවාදී වන අතර සමහරුන් ලිබරල්වාදීන්. එරට ඇති මහා ප‍්‍රශ්නවල මූලයන් ගැන ඔවුන්ට ඇත්තේ වෙනස් වූ විග‍්‍රහයන්. ඇතැමුන් බොහෝ ප‍්‍රශ්නවලට මුල ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් යයි තර්ක කරන අතරේ තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉන්දියාව විවිධ කූඨ උපක‍්‍රම මගින් පාකිස්ථානයට හිරිහැර කරන බවයි.

එහෙත් ප‍්‍රතිවිරුද්ධ මත දරණ මාධ්‍යවේදීන් එක් හඩින් එකග වන තනි සාධකයක් තිබෙනවා. එනම් කාගේවත් පටු අරමුණු සඳහා තමන්ගේ මාධ්‍ය කලාව හා කර්මාන්තය පාවා නොදෙන බවයි.

අපේ රටේ මෙන් ම පාකිස්ථානයේත් රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් යුගයේ පැවතුණේ රාජ්‍ය ඒකාධිකාරයන් හැටියටයි. 1990දී මා මුල් වරට පාකිස්ථානයට ගියේ එරට රාජ්‍ය ටෙලිවිෂන් ආයතනය වූ PTVහි ආරාධිතයෙකු ලෙස. එවිට සියා උල් හක් ඒකාධිපති පාලනය අවසන් වී, බෙනාසීර් භූතෝ අගමැතිනිය ලෙස සිය ප‍්‍රථම ධුර කාලය අරඹා තිබුණා. එහෙත් සියාගේ අනුගාමිකයන් වෙනුවට ඇගේ දේශපාලන හිතවතුන්ට රාජ්‍ය මාධ්‍ය ආයතන තනතුරු දීමට එහා යන ප‍්‍රතිසංවිධානයක් ඇය කළේ නැහැ. ඇයට පසුව බලයට ආ නවාස් ෂරීෆ් කළේත් නැහැ. (එරට මුද්‍රිත මාධ්‍ය නම් රාජ්‍ය ග‍්‍රහණයෙන් පිටත වඩාත් ස්වාධීනව කි‍්‍රයා කරනවා.)

අන්තිමේදී 2002දී පෞද්ගලික අංශයට පාකිස්ථාන විද්යුත් මාධ්‍ය කේෂත‍්‍රයට එන්නට ඉඩ සලසා දුන්නේ මහජන ඡුන්දයෙන් බලයට ආ නායකයෙකු නොව හමුදා පාලක පාර්වේස් මුෂාරෆ් (Pervez Musharraf). ඒ කාර්යයට මූලික වූයේ පාකිස්ථානයේ මාධ්‍ය පර්යේෂණ හා ප‍්‍රතිපත්ති මට්ටමින් ඉහළ දැනුමක් හා දැක්මක් ඇති ජාවෙඞ් ජබාර් (Javed Jabbar). කලක් මුෂාරෆ්ගේ සන්නිවේදන අමාත්‍යවරයා ලෙස ක‍්‍රියා කළ ඔහු, රටේ විශාලත්වය නිසා පණිවුඩ චන්ද්‍රිකා හරහා මේ නාලිකාවල සංඥා විකාශය කළ යුතු යයි නිර්දේශ කළා.

ගෙවී ගිය දශකයක කාලය තුල ටෙලිවිෂන් හා FM නාලිකා විශාල සංඛ්‍යාවක් බිහි වී පාකිස්ථානු සමාජයේ ප‍්‍රචලිත වී තිබෙනවා. මේවා නාගරික ප‍්‍රදේශවලට සීමා වී නැහැ. රටට ම දැනෙන්න, රට ම ආවරණය කරන්නට ප‍්‍රධාන පෙලේ පෞද්ගලික නාලිකා දැන් සමත්. Geo TV, Aaj TV වැනි නාලිකා ප‍්‍රවෘත්ති ආවරණය හරහා තමන්ට ආවේණික අනන්‍යතාවයක් ගොඩ නගා ගෙන තිබෙනවා. අද පාකිස්ථානයේ ප‍්‍රබල ම සමාජ සංස්ථාව කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනා කියන්නේ ප‍්‍රවෘත්ති ටෙලිවිෂන් නාලිකා බවයි.

තරගකාරීත්වය නිසා එරට රාජ්‍ය මාධ්‍ය ආයතන ද පෙරට වඩා විවෘත, ජනතාවාදී මුහුණුවරක් ගෙන තිබෙනවා. රට තුළ දේශපාලනය හා වෙනත් කරුණු ගැන බහුවිධ හා ප‍්‍රතිවිරුද්ධ මත දැරුවත් මේ සියළු නාලිකා නොවැරදී ම එකග වන කාරණා ද තිබෙනවා. තමන්ගේ ප‍්‍රතිවාදියා ලෙස බොහෝ පාකිස්ථානුවන් හදුනා ගන්නා ඉන්දියාව ගැන නාලිකා විග‍්‍රහය බොහෝ විට එක සමානයි.

පෞද්ගලික හිමිකාරිත්වයට ටෙලිවිෂන් කේෂත‍්‍රයට පිවිසෙන්නට ඉඩ සළසා දුන් මුෂාරෆ් ජනාධිපතිවරයාට අන්තිමේදී බලය හැර දමා යන්නට පාර කැපුවෙත් ඒ ටෙලිවිෂන් නාලිකා සමහරක් වීම දෛවයේ සරදමක්. එහෙත් 2002දී විද්‍යුත් මාධ්‍ය කේෂත‍්‍රය පුළුල් නොකර සිටියා නම් පාකිස්ථානුවන් හොර රහසේ ඉන්දියාවේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා බැලීමට යොමු වෙනවා. ජාවඞ් ජබාර් සූක්ෂම ලෙසින් කලේ දේශීයත්වය මතු කරන පෞද්ගලික නාලිකාවලට ඉඩ දීමයි.

එහෙත් අද ඇතැම් පුවත් නාලිකා උවමනාවට වඩා බලවත් වී ඇත් ද? මේ ගැන එරට මාධ්‍ය හා සමාජ පර්යේෂකයන් අතර ලොකු විවාදයක් තිබෙනවා.

බටහිර රටවල ඇත්තේ කලක් තිස්සේ සෙමින් පරිනාමය වූ ටෙලිවිෂන් සංස්කෘතියක්. ලෝකයේ මුල් ම පැය විසි හතරේ පුවත් ටෙලිවිෂන් නාලිකාව CNN බිහි වූයේ 1980දී. ඒ වන විට අඩ සියවසකට වඩා පැරණි ටෙලිවිෂන් සංස්කෘතියක් ඇමෙරිකාවේ තිබුණා. එහෙත් සියල්ල සීඝ‍්‍රගාමීව සිදු වන අද කාලයේ, ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල එබදු පරිනත බවක් ලබන්නට කලින් පැය විසි හතරේ පුවත් නාලිකා බිහි වුණා.

ප‍්‍රවෘත්තියක් උවමනාවට වඩා පුම්බමින් දිගට ඇද ගෙන යාම දකින්නට හැක්කේ මේ නිසයි. මේ Breaking News කලාව හොඳට මෙන් ම නරකටත් සිටින, දෙපැත්ත කැපෙන දැලි පිහියක්. එය අතට ගෙන ඇති මාධ්‍යවේදීන්ගේ සංවරබව හා ආචාර ධර්ම ගරු කිරීමේ නැඹුරුව මත පුවත් ටෙලිවිෂන්වල සමාජ මෙහෙවර තීරණය වනවා.

පාකිස්ථානයේ උද්ගතව ඇති ප‍්‍රශ්නවලට පැලැස්තර විසදුම් වෙනුවට ක‍්‍රමීය විසදුම් සෙවිය යුතු බව එරට විද්වතුන් පිළි ගන්නවා. එහෙත් ඒ විසදුම් ගැන එකගත්වයක් නැහැ. රටේ බහුතරයක් ජනයා දැඩි දුප්පත්කමින්, නූගත්කමින් හා වැඩවසම් සම්ප‍්‍රදායන්ගෙන් මිරිකී සිටිනවා. බොහෝ දියුණුවන රටවල මේ සමාජ විසමතා ඇතත් පාකිස්ථානයේ ඒවා ඉතා තීව‍්‍ර මට්ටමක තිබෙනවා.

පාරම්පරිකව ධනය හා බලය නතු කර ගත් සුළුතරයක්, සෙසු ජනයා බලහත්කාරයෙන් තලා පෙලා ගෙන සිටිනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා රැකියා අවස්ථා වැනි මූලික මානව අවශ්‍යතා සඳහාවත් මේ පීඩිතයන්ට සාධාරණ අවස්ථා ලැබෙන්නේ නැහැ. රදල ඉඩම් හිමියන් මුළු පළාතක් ම හිමි කර ගෙන එහි ජනයා වහලූන් සේ පාගා ගෙන සිටීම සුලබ දෙයක්. මෙබදු ප‍්‍රදේශවල ගැහැණු දරුවන් පාසල් යැවීමට හෝ සමාජ සුබසාධන සේවා සැපයීමට හෝ රදලයන් රජයට ඉඩ දෙන්නේ නැහැ.

මේ අසාධාරණකම් සොයා යමින් බිම් මට්ටමේ වාර්තාකරණය ඔස්සේ ඒවා මතු කිරීමට පාකිස්ථාන පුවත් ටෙලිවිෂන් නාලිකා ක‍්‍රියා කරනවා. මේ නිසා එරට සමාජ කලබගෑනියක් ඇති වෙලා. වාර්තාකරුවන් හා කැමරා කණ්ඩායම් ගම් දනවුවල සැරිසැරීම නිසා රදලයන්ට, දේශපාලකයන්ට හා නිලධාරින්ට වංචනික හා අසාධාරණ ක‍්‍රියා කරන්නට බැරි වී තිබෙනවා.

2010 මැද දී පාකිස්ථානයේ ඉන්දුස් ගංගාව පිටාර ගැලීම නිසා මහ ගංවතුරක් ඇති වුණා. මිලියන් 20ක් ජනයා අවතැන් කල මේ ගංවතුර දින සති ගණන් අල්ලා සිටින විට එරට සිවිල් හා හමුදා නිළධාරීන් ගංවතුර බස්වන්නට විවිධ අසම්මත උපක‍්‍රම භාවිත කළා. මේ අසීරු අවස්ථාවේ පවා පුවත් නාලිකා ප‍්‍රධාන නගරවලින් දුර බැහැර ප‍්‍රදේශවල ගංවතුර තත්ත්වය ගැන හරවත්ව හා සංයමයෙන් වාර්තා කළා.

වාර්තාකරණයේදී ලිහිල්ව නැතිනම් ගෞරවාන්විතව ආවරණය වන සුපිරි පැලැන්තියක් (sacred cows) ඇත්දැයි මා විමසුවා. ආගමික නායකයන්ට හා විනිසුරුකරුවන්ට තනතුරේ ගෞරවය රැකෙන පරිදි වාර්තාකරණය කළත්, ඔවුන්ගේ අක‍්‍රමිකතා හෝ දුෂණ හෝ ගැන තොරතුරු ලැබුණොත් දෙගිඩියාවකින් තොරව එය හඹා යන බව ඔවුන් කියනවා.

දේශපාලකයන් හා හමුදාව නිරතුරු මාධ්‍ය අවධානයට හා විවේචනයට ලක් වන බවත්, දරදඩු හමුදා පාලනයන් පවතින විටදී පවා පාලකයින්ට තමන් දණ නැමුවේ නැති බවත් එරට මාධ්‍ය සිහිපත් කරන්නේ අභිමානයෙන්.

මෙතරම් පිටකොන්දක් පාකිස්ථානු මාධ්‍යවලට ලැබුනේ කොහොම ද? එය ගැඹුරින් විග‍්‍රහ කල යුතුයි. කෙටි පිළිතුර නම් වෙනත් ව්‍යාපාරික අරමුණුවලට වඩා මාධ්‍ය ව්‍යාපාරයෙන් ම සාධාරණ ලෙස මුදල් උපයා ගන්නා හිමිකරුවන් සිටීමත්, සමාජයේ වෙනත් වෘත්තිකයන් හා උගතුන් මාධ්‍යවලට සහය දැක්වීමත්. මෑත කාලයේ පාකිස්ථානයේ මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වූ සෑම විට ම පාහේ වීදි උද්ඝෝෂණවලට මාධ්‍යවේදීන් පමණක් නොව නීතිඥයන්, සරසවි ඇදුරන්, විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් පවා එක් වුණා.

පාකිස්ථානයේ පුවත් ටෙලිවිෂන් නාලිකාවලට ඇත්තේ දශකයක අත්දැකීම්. ඒ මත වඩාත් ජනතාවට වග කියන, බලපෑම්වලට නතු නොවන ටෙලිවිෂන් මාධ්‍ය කලාවක් සාදා ගත යුතු බව එරට ටෙලිවිෂන් පරිපාලකයන් හා මාධ්‍යවේදීන් පිළි ගන්නවා.

මැජික් ලාම්පුවෙන් එළියට පැමිණ ලොකු වැඩ කරන පුවත් ටෙලිවිෂන් යෝධයාව ආයෙත් ලාම්පු ඇතුලේ සිර කරන්නට බැරි බව එරට පාලකයන් දන්නවා. ඔවුන් කවුරුත් දැන් තැත් කරන්නේ යෝධයාගේ ජවය හා උද්‍යෝගය පොදු උන්නතියට වඩාත් ප‍්‍රශස්ත ලෙසින් යොදා ගන්නටයි.

සිවුමංසල කොලූගැටයා #78: කනක් මානි ඩික්සිත් – හිමාල කඳු සොළවන පුංචි වැඩකාරයා

This is the (Sinhala) text of my Sunday column in Ravaya newspaper on 12 August 2012, which is about the journalistic, political and social endeavours of my friend Kanak Mani Dixit of Nepal, whom I introduced in Colombo a few days ago.

Kanak Mani Dixit challenges Nepali Army arresting him for peaceful street protests on 5 April 2006, Kathmandu – Photo by Shehab Uddin

ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය හා ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ 2011 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස පැමිණියේ නේපාල පුවත්පත් කතුවර හා ප‍්‍රකාශක කනක් මානි ඩික්සිත් (Kanak Mani Dixit). මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදියාගේ සමාජ මෙහෙවර ගැන දේශනයක් ද ඔහු කොළඹ දී පැවැත්වූවා.

ශ‍්‍රී ලංකාවට නිතර යන එන හා අපේ රට ගැන ඕනෑකමින් අධ්‍යයනය කරන මේ දකුණු ආසියාතික හිතවතා එසේ මෙසේ චරිතයක් නොවේ. මා ඔහු දකින්නේ හිමාලයේ කඳු හොල්ලන්නට තරම් සමත් ඉමහත් ධෛර්යයක් හා කැපවීමක් ඇති, අතිශයින් කාර්යශූර පුද්ගලයකු හැටියටයි. ඔහු මගේ මිතුරකු වගේ ම මා බෙහෙවින් අගය කරන අසාමාන්‍ය ගණයේ චරිතයක්. එයට හේතු ගණනාවක් තිබෙනවා.

ඩික්සිත්වරුන් නේපාලයේ ඉසුරුබර, ප‍්‍රභූ පවුලක්. පෙළපතින් උරුම වූ සම්පත් හා වරප‍්‍රසාද භුක්ති විඳිමින් සැහැල්ලූවෙන් හෝ විනෝදකාමීව හෝ සිටීමට හැකියාව තිබුණත් ඔවුන් පොදු උන්නතියට කැප වෙමින්, විද්‍යා, කලා හා ශිල්ප ශාස්ත‍්‍ර ප‍්‍රගුණ කරන පිරිසක්. එබඳු පෙළපතක වුවත් කනක් සුවිශේෂීයි.

නේපාලයේත්, ඉන්දියාවේත් ඉගෙනුම ලැබ මාධ්‍ය කලාවේ ඉහළ ම පශ්චාත් උපාධියක් අමෙරිකාවේ කොලම්බියා සරසවියෙන් ලද කනක්, වසර කිහිපයක් නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ තොරතුරු අංශයේ සේවය කළා. එබඳු තනතුරකට පත් වන අපේ වැනි රටවලින් මතු වන බහුතරයක් දෙනා නැවත සිය රට එන්නේ නැහැ.

එහෙත් බටහිරින් හා ජාත්‍යන්තර සංවිධාන ක්ෂේත‍්‍රයෙන් ලත් දැනුම හා අත්දැකීම් රැගෙන කනක් ආපසු නේපාලයට ආවේ 1980 දශකය මැදදී. 1987දී ඔහු හිමාල් (HIMAL) නම් සඟරාවක් ඇරඹුවා. හිමාලයට සාමුහිකව හිමිකම් කියන භූතානය, ඉන්දියාව, නේපාලය, ටිබෙටය, පකිස්ථානය හා චීනය යන රටවල් කෙරෙහි මුලින් අවධානය යොමු කළ මේ ඉංග‍්‍රීසි සඟරාව, වසර කිහිපයකින් සමස්ත දකුණු ආසියාවම ආවරණය කැරෙන පරිදි HIMAL Southasian නමින් යළි නම් කළා.

හිමාල් සඟරාව දේශපාලන, සමාජ විද්‍යාත්මක, කලා, විද්‍යා හා අන් මාතෘකා දකුණු ආසියාතික කෝණයෙන් බලමින් විග‍්‍රහ කරන ප‍්‍රකාශනයක්. වසර 25ක් ගත වීත් එයට ඍජුව තරඟකාරී වෙනත් කලාපීය ප‍්‍රකාශනයක් නැහැ. (ඉන්දියානු පුවත් සඟරා බොහෝ කොට තම රටෙහි සිදුවීම්වලට වාර්තාකරණය හා විග‍්‍රහයන් සීමා කරන අතර දකූණු ආසියාවේ සෙසු රටවල් ගැන ඇස යොමු කරන්නේ ඉඳහිට පමණයි.)

කනක් ඩික්සිත්, මිලියන් 26කට අධික ජනතාවක් වෙසෙන, ලෝකයේ අන්ත දුගී රටවල් 49න් එකක් වන නේපාලයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න ගැන සංවේදී වන අතර දකුණු ආසියාතික පොදු චින්තනයක් හා අනන්‍යතාවයක් ගොඩ නංවන්නට කවදත් උත්සුක වූ අයෙක්.

දකුණු ආසියාවේ ආණ්ඩු 1985දී අටවා ගත් සාර්ක් (SAARC) නම් අන්තර්-රාජ්‍ය කලාපීය සහයෝගිතා සංවිධානයට වඩා කනක්ගේ දැක්ම පුළුල් හා ගැඹුරුයි. රාජ්‍ය නායකයන්, නිලධාරීන් හා තානාපතීන් විටින් විට මුණ ගැසී නිල කථාබහ කරන අතර සාර්ක් රටවල් අටෙහි වසන මිලියන් 1,400ක් සාමාන්‍ය ජනයා ද ආර්ථික, සාංස්කෘතික හා සමාජයීය මට්ටමින් සබඳතා දියුණු කර ගත යුතු බව ඔහු දැඩි සේ විශ්වාස කරනවා. සැබෑ කලාපීය සහයෝගීතාව බිහි වන්නේත්, අන්‍යෙන්‍ය විශ්වාසය හා සුහදතාව වැඩෙන්නේත් අන්තර්-රාජ්‍ය ගිවිසුම් හරහා නොව මිනිස් සබඳතා හරහා යයි ඔහු නිතර කියනවා.

දකුණු ආසියාතික මට්ටමින් ජන සබඳතා, කලා සබඳතා හා මාධ්‍ය සබඳතා වැඩි කරන්නට Film South Asia නමින් කලාපීය වාර්තා චිත‍්‍රපට උළෙලක් 1997දී ඔහු ඇරඹුවා. දෙවසරකට වරක් කත්මණ්ඩු නුවර පැවැත්වෙන මේ උළෙලට දකුණු ආසියාවේ ඕනෑ ම තේමාවක් ගැන නිපදවුණු චිත‍්‍රපට ඉදිරිපත් කැරෙනවා. උළෙලක හොඳම චිත‍්‍රපට ලෙස සම්මාන ලබන චිත‍්‍රපට ඉන්පසු වසරක් පුරා දකුණු ආසියාවේ ප‍්‍රධාන නගරවලටත්, වෙනත් රටවලටත් සංචාරය කරනවා.

මා කනක් හරිහැටි හඳුනා ගත්තේ මුල්ම Film South Asia චිත‍්‍රපට උළෙලේ ජූරි සභිකයකු ලෙස 1997 ඔක්තෝබරයේ ඔහු සමග කටයුතු කළ කාලයේ. සීමිත සම්පත් හා පහසුකම් මැද, එහෙත් දැඩි උද්‍යොගයෙන් හා ස්වේච්ඡ සේවකයන්ගේ උදවුවෙන් ලොකු වැඩ කරන්නට මේ පුංචි මිනිසාට ඇති සුවිසල් සංවිධාන ශක්තිය මා හොඳාකාර දුටුවා.

චිත‍්‍රපට උළෙල, සම්මන්ත‍්‍රණ, විද්වත් වැඩමුළු මෙන් ම වෙනත් නොයෙක් පොදු උන්නතියට දායක වන ක‍්‍රියාකාරකම් කනක් නිතර සංවිධානය කරනවා. එසේ කරන්නේ හිමාල් මීඩියා නම් මාධ්‍ය ආයතනය හරහා සතිපතා හා මාස්පතා පත්තර සඟරා කිහිපයක් ද පළ කරන අතරයි.

තමන්ගේ ම ප‍්‍රකාශන ආයතනයක අධිපති හා ප‍්‍රධාන කර්තෘ වීමේ වාසිය ඔහුට ඇතත්, එ් වාසියම අවදානමක් වන අවස්ථා ද තිබෙනවා. ඔහු තර්කානුකූලව හා ප‍්‍රතිපත්ති ගරුකව ගන්නා ඇතැම් ස්ථාවරයන් නිසා නේපාලයේ ප‍්‍රබල දේශපාලකයන් හා නිලධාරීන් කෝපයට පත්ව විවිධ තර්ජන, හිරිහැර හා දැන්වීම්කරුවන් බිය වැද්දීම ආදිය සිදු කළ අවස්ථා තිබෙනවා. එහෙත් ප‍්‍රබල විවේචකයන් පවා ඔහුගේ අවංක බව හා පක්ෂග‍්‍රාහී නොවීම අගය කරනවා.

වාමාංශික මාවෝවාදී (Maoist) ගරිල්ලා ව්‍යාපාරයක් නේපාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පත් වූ රජයට එරෙහි වන්නට පටන් ගත්තේ 1996 සිටයි. ටික කලෙකින් සන්නද්ධ අරගලයක් බවට පත් වූ එය වසර 10ක් තිස්සේ 12,000කට අධික ජීවිත බිලි ගත්තා. නේපාල දේශපාලන ඉතිහාසය ගැන කියන්නට මේ අවස්ථාව නොවූවත්, මාවෝවාදීන් ප‍්‍රබල වී හා දරුණු වී, බලයේ සිටි රජය අසරණව සිටින වකවානුවේ පවා ගරිල්ලන්ගේ ප‍්‍රචන්ඩත්වය ප‍්‍රසිද්ධියේ හෙළා දැකීමට පුවත්පත් කතුවරයකු ලෙස කනක්ට ධෛර්යය තිබුණා.

2005 පෙබරවාරියේදී පාර්ලිමේන්තුව අත්හිටුවමින් පූර්ණ විධායක බලය සියතට ගත් නේපාලයේ ඥනේන්ද්‍ර රජු, අත්තනෝමතික පාලනයකට යොමු වුණා. රජුගේ ආඥදායකත්වය යටතේ නේපාල හමුදාව මාවෝවාදී ගරිල්ලන්ට එරෙහිව බිහිසුණු රාජ්‍ය ප‍්‍රචන්ඩත්වයක් රට පුරා මුදා හරින්නට ගත් විට එය විවේචනය කරන්නට තරම් පිට කොන්දක් තිබුනේ නේපාල සමාජයේ හා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඉතා ටික දෙනකුටයි.

ප‍්‍රභූ පැලැන්තිය හා පීඩිත බහුතරයක් අතර පංති අරගලයක් ලෙස ඇවිලෙමින් තිබූ නේපාල සිවිල් යුද්ධයේදී, කනක් ප‍්‍රභූ පෙළපතකින් ආවත් යුක්තිය, සාධාරණත්වය හා මානව හිමිකම් වෙනුවෙන් දිගට ම මතවාදීව පෙනී සිටියා. එහිදී ඔහු නිතර ජීවිත තර්ජනවලට ලක් වූ බව ප‍්‍රකට කරුණක්.

What Himal is all about…

2005 සැප්තැම්බරයේ මාවෝවාදීන් මාස තුනක එ්කපාර්ශවික සටන් විරාමයක් ප‍්‍රකාශ කළා. එ් රජුගේ පාලනයත් සමග යම් මට්ටමක එකඟත්වයකට පැමිණිමට. දෙපසින් ම දරුණු ලෙස බැට කා හෙම්බත් වී සිටි නේපාල ජනතාව එ් විරාමය අතරතුර වීදි උද්ඝෝෂණ කරන්නට පටන් ගත්තා. පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඔවුන් බල කර සිටියා.

හමුදාව හා පොලිසිය යොදා ගෙන හදිසි නීතිය යටතේ ජන බලවේගය පාලනය කරන්නට රජු උපරිම උත්සහ ගත්තා. නේපාල ජන ආන්දෝලනයේ සුවිශේෂී ලක්ෂණයක් වූයේ දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිතිවලට අමතරව විද්වතුන්, වෘත්තිකයන් හා ඉහළ පැලැන්තියේ උදවියත් වීදි බැසීමයි.

රජුගේ දඩබ්බර ඇඳිරි නීතියක් කඩ කරමින් වීදි ගත වී උද්‍යොග පාඨ කියමින් සිටි සිය ගණනක් අත්අඩංගුවට ගනිද්දී කනක් ඩික්සිත් ද සිර බාරයට පත් වුණා. බලාධිකාරීන් සමග පෞද්ගලික සබඳතා ඇති පුවත්පත් ප‍්‍රකාශකයකු හා කතුවරයකු ලෙස ඕනෑ නම් ඔහුට තම හිතවත්කම් මත පැය කිහිපයක් ඇතුලත නිදහස් වන්නට ඉඩ තිබුණා. එහෙත් ප‍්‍රතිපත්තිමය ස්ථාවරය මත ඔහු එසේ කළේ නැහැ. දින 19ක් තමා රඳවා තැබූ කත්මණ්ඩු හිර ගෙදර, එයින් නිදහස් වූ පසු වතාවක් ඔහු පිටතින් මට පෙන්වූයේ හැඟීම් බරවයි.

ජන බලවේගය ගිනි අවි හා මැර බලයෙන් මැඬ පවත්වන්නට බැරි වූ තැන රජු 2006 අපේ‍්‍රල් 24 වනදා එයට හිස නැමුවා. පාර්ලිමේන්තුව නැවත ස්ථාපිත කොට, අගමැතිවරයකුට කැබිනට්ටුවක් පත් කර ගෙන රට පාලනය කරන්නට ඉඩ දී, පෙර පරිදි නාමික රාජ්‍ය නායකයා ලෙස සිටීමට රජු කැමති වුණා. එහෙත් ඉනික්බිති දිග හැරුණු සිදුවීම්වල අවසානය වූයේ රාජාණ්ඩු සංකල්පය ම ඉවත දමා නේපාලය 2008දී ජනරජයක් බවට පත් වීමයි.

මේ දේශපාලන හා ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ තවමත් හරිහැටි නිමා වී නැහැ. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගන්නට නේපාල දේශපාලන පක්ෂ තවමත් වෙර දරනවා. ඔහුත් සමග වීදි අරගල කළ, එකට සිරබත් කෑ සමහරුන්ව අද කනක් විවේචනය කරනවා. මේ නිසාදෝ දැන් බලයේ සිටින ඇතමුන්ට මේ ප‍්‍රතිපත්තිගරුක කතුවරයා හිසරදයක් වෙලා. අන්තවාදී දේශපාලන කණ්ඩායමක් මෑතදී ඔහුව ‘ජන සතුරකු’ (Enemy of the People) ලෙස හංවඩු ගසනු ලැබුවේ එ නිසායි.

මේ අතර රටේ සාමාන්‍ය ජනතාවගේ සුබ සිද්ධිය ගැනත්, අනාගත ආර්ථික හා සමාජයීය ස්ථාවරය ගැනත් කනක් ඩික්සිත් දිගට ම විග‍්‍රහ කරනවා. දේශපාලනයෙන් ඔබ්බට දිවෙන දැක්මක් කනක්ට තිබෙනවා. ඉන්දියාවට හා චීනයට මැදි වී තිබෙන නේපාලය, ආර්ථික වශයෙන් දියුණු කරන්නට ගත යුතු ප‍්‍රතිපත්ති හා උපායමාර්ග ගැන ඔහු මාධ්‍ය හරහාත්, විද්වත් සභා සහ සිවිල් සමාජය තුළත් සංවාද කරනවා.

උදාහරණයක් හැටියට ජනාකිර්ණ හා තදබදයට ලක් වූ කත්මණ්ඩු නිම්නයේ පොදු මාර්ග ප‍්‍රවාහනය දියුණු කරන්නට උපක‍්‍රම සොයා ඔහු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කොයි කවුරුත් සමග වැඩ කරනවා. මෝටර් බයිසිකල් හා රටවලින් පිරී ඉතිරී ගිය මංමාවත් වෙනුවට කාටත් ලෙහෙසියෙන් ගමන් යා හැකි, වාත දුෂණය පාලනය කරගත් ප‍්‍රවාහන පද්ධතියක් බිහි කර ගන්නට තවමත් කත්මණ්ඩු නුවරට ඉඩක් ඇතැයි ඔහු විශ්වාස කරනවා.

එ අතර ඓතිහාසික වශයෙන් වැදගත් සිද්ධස්ථාන හා පුරාණ ගොඩනැගිලි සංරක්ෂණය කිරීම ගැනත් ඔහු බොහෝ උනන්දු වනවා. මේ සියල්ල කරන අතරේ නේපාලයේ ඉතිහාසය හා සංස්කෘතික උරුමය ගැන දරුවන්ට රසවත් ලෙස කියා දෙන ලමා පොත් ලියන්නටත් ඔහු පටන්ගෙන තිබෙනවා.

වයස 45දී ඔහු නේපාල බසින් එරට පුවත්පත් වලට ලිපි ලිවීම ඇරඹුවා. එ දක්වා ඉංගී‍්‍රසි පුවත්පත් ලේඛකයකු හා කතුවරයකු ලෙස ක‍්‍රියා කළ ඔහු දැන් වසර හත අටක සිට එරට ප‍්‍රධාන දේශීය බස හරහා වැඩි ජන සංඛ්‍යාවක් අමතනවා. ර්‍ණමෙය මුලදී මට ලෙහෙසි වූයේ නැහැ. නමුත් සැබෑ සමාජ, ආර්ථික හා දේශපාලන පරිනාමයකට හරිහැටි දායකවන්නට නම් නේපාල බසින් ද සන්නිවේදනය කළ යුතු බව මා තේරුම් ගත්තා” පසුගිය සතියේ ඔහු කොළඹදී මට පැහැදිලි කළා.

කනක් තමා කරන දේ ගැන අළුත් තොරතුරු බ්ලොග් අඩවියක් හරහාත් (www.kanakmanidixit.com), ට්විටර් වැනි වෙබ් මාධ්‍ය හරහාත් ලොව පුරා විසිර සිටින මිතුරන් සමග බෙදා ගන්නවා.

කනක් ඩික්සිත් කරන හපන්කම් අසන දකින මට නිතර සිතෙන්නේ අපේ ප‍්‍රභූ පැලැන්තිවලත් ඉඳහිටවත් මෙබඳු පොදු උන්නතියට කැප වන, එඩිතර චරිත හමු වනවා නම් කෙතරම් අපූරු ද කියායි! අපට සිටින ප‍්‍රකාශක හාමුලා හා පත්තර මුදලාලිලාට මේ හිමාලයේ කඳු සොළවන පුංචි මිනිසාට කිට්ටු කරන්නත් අමාරුයි!

Introducing Kanak Mani Dixit, a ‘Media Typhoon’ in South Asia

Journalist Kanak Dixit in a protesting rally in Kathmandu on 5 April 2006, Kathmandu. Photo by Shehab Uddin

Expanded from introductory remarks at Ceylon Newspapers Limited office in Colombo, Sri Lanka, on 2 Aug 2012:

There are many ways to introduce my good friend and partner in crime, Kanak Mani Dixit.

Aunty Google, as well as his own website (www.kanakmanidixit.com) can tell you the basic info about his education and career path, which I won’t repeat here. Instead, let me personalise what I know about this courageous man I’ve known and worked with for over 15 years.

Kanak is a journalist, editor and activist – all rolled into one. And if you think that journalists cannot become effective social or democracy activists, just watch him balance these seemingly daunting roles. Study how he juggles reporting, commentary writing, editing and social intervention.

Kanak came from a privileged family background, and could easily have spent his life in leisurely scholarship and endlessly doing the cocktail and conference circuits in South Asia and beyond. He CHOSE to be different.

Kanak spent a few years with the UN Department of Public Information in New York, and yet chucked up a promising international career to return to South Asia – a chaotic, unpredictable but also exhilarating part of the world that we call home. Another conscious choice.

Back home, Kanak could have watched over his beloved Kathmandu Valley and simply commented or satirised about the politics, economy and society of his impoverished land, one of 49 least developed countries in the world. He does that, too, but when needed he takes to the streets. As he did back in 2005/2006 when Nepalis rose against a tyrannical king…

He paid a price for his frontline activism. He was arrested – along with thousands of others – for defying a curfew and demanding democratic reform. He spent 19 days in a Kathmandu jail that he once pointed out to me from afar. As an influential publisher, he could have worked out some deal for a quicker release, but again, chose not to.

How many other South Asia editors or publishers do you know who won’t peddle influence for their personal gain or safety?

Some editors and publishers think of themselves as ‘king-makers’ in the political arena. This editor-publisher was literally a ‘king-dumper’: Nepal’s People Power forced autocratic King Gyanendra to restore Parliament in April 2006. Two years later, the whole monarchy was phased out.

Kanak has spoken truth to power, stared authority in the eye, and yet he has not allowed himself to be corrupted by the temptations of political, diplomatic or other positions. He continues to critique and needle those in public and elected office.

In fact, the very revolutionaries he too helped to bring into office – through elections – now don’t seem to like him much: he was recently dubbed ‘an Enemy of the People’.

He must be doing a few things right to be reviled by both monarchists and republicans!

But Kanak is much more than a media and political activist. He has too many involvements and interests to keep track of.

To cite but a few:

What Himal is all about…
• He is a great believer in the idea of South Asian integration, going well beyond the bureaucratic trappings of SAARC. (His Southasia, which he insists on spelling as one word, includes Tibet and Burma.)
• He founded Himal Southasian magazine in 1987, and sustained it for 25 years with great effort and dedication. It is the first and only regional news and analysis magazine in our region of 1.4 billion people.
• He promotes documentaries as a means of cultural self expression and exchange, and in 1997 founded Film South Asia, a biennial festival that brings the best of South Asian films.
• He nurtures social science research and scholarly exchange, and is endlessly incubating new ventures or institutions in the public interest.
• He supports spinal injury rehabilitation in Nepal, having realised the pitiful state of such care when he suffered serious spinal injury himself a few years ago after a mountain hiking accident.

Amidst all this, he finds time to write regular columns and op-eds – in both English AND Nepali – as well as occasional books.

For these and many other reasons, Kanak Dixit is one of my role models, and a constant source of inspiration. He is one of the few human beings that I’d like to CLONE if and when that becomes a real prospect.

We need many more Media Typhoons like him to drive change in South Asia.

In fact, I sometimes wonder if there is more than one Kanak Dixit already! But that’s only speculation. For now, my friends, meet the one and only Kanak Mani Dixit confirmed to exist…

සිවුමංසල කොලූගැටයා #73: රියෝ නුවර සැණකෙලියෙන් එහා ලෝකය

In this week’s Ravaya column (in Sinhala), I share my impressions and reflections of the city of Rio de Janeiro that just hosted the Rio+20 conference. But this piece is not about the event, but its venue — where the first world of affluence and third world of deprivation co-exist.

Similar impressions were shared in an English column last week: When Worlds Collide #21: Walking in Rio with Three Friendly Ghosts…

Statue of Christ te Redeemer looks down on Rio de Janeiro from Corcovado Mountain

තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UN Conference on Sustainable Development, Rio+20) බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත්වුණා.

රාජ්‍ය නිලධාරී, සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්, විද්වතුන් හා ජනමාධ්‍ය නියෝජිතයන් 50,000කට අධික සංඛ්‍යාවක් 2012 ජූනි මස මැදදී රියෝ නුවරට පැමිණියා.

එයින් බොහෝ දෙනකු රැස්වීම්, ප‍්‍රදර්ශන හා උද්ඝෝෂණ ආදිය පැවැත්වෙන තැන්වල කල් ගත කළ නිසා රියෝ නුවර දැක බලා ගන්නට කෙතරම් අවකාශ ලැබුණාදැයි කියන්නට අමාරුයි. රාජ්‍ය නායක සමුළුව ඇරඹුණු දිනයේ ඒ සියල්ල පසෙක තබා රියෝ නුවර එදිනෙදා ජීවිතය අත් විඳින්නට මා පැය කිහිපයක් වීදි සංචාරය කළා.

රියෝ ද ජනෙයිරෝ නුවර බ‍්‍රසීලයේ දෙවන විශාලතම නගරයයි. (පළමු තැනට එන්නේ සාවෝ පෝලෝ මහා නගරයයි.) වර්ග කීමී 1,260ක් විශාල රියෝ නගර සභා ප‍්‍රදේශයේ මිලියන 6ක් දෙනා වාසය කරනවා. එමෙන් තුන් ගුණයක් විශාල මහා රියෝ (Metro Rio) ප‍්‍රදේශයේ සිටින පදිංචිකරුවන් ගණන මිලියන් 12.5කට වැඩියි.

අත්ලාන්තික් සාගරය අබියස පිහිටි මේ මනරම් වෙරළබඩ නගරය, දකුණු අමෙරිකානු සාංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙසත්, සංචාරක ආකර්ශනයක් ලෙසත් ලෝක ප‍්‍රසිද්ධයි. වාර්ෂිකව පැවැත්වෙන, දින ගණනක් පුරා දිවෙන වීදි සැනකෙලිය (Rio Carnival) නිසාත්, අවට පිහිටි ගිරි ශිඛර හා කඳු මුදුන් නිසාත්, පියකරු වෙරළ තීරයන් නිසාත් මේ නගරය ගැන ලොව පුරා පවතින්නේ හිතකර ආකල්පයක්. දැඩි තරගකාරී පසුබිමක් තුළ 2016 ඔලිම්පික් උළෙල පැවැත්වීමේ වරම දිනා සිටින්නේ ද රියෝ නුවරයි.

එහෙත් රියෝ හුදෙක් පියකරු දසුන් හා විනෝද කෙළිවලට සීමා වූවක් නොවෙයි. ඉසුරුබර බ‍්‍රසීල ජාතිකයන් හා දුගී දුප්පත් වැසියන් දෙපිරිසට ම නිවහනක් වන මේ නගරය ලෝකයේ විසමතා හා අසමානතා කැටි කරන කැඩපතක් වගෙයි.

සමස්තයක් ලෙස එනුවර යටිතල පහසුකම් හා පොදු ප‍්‍රවාහන සේවා යම් මට්ටමකට දියුණු වී ඇතත්, ඉසුරුබර රියෝ වැසියන් වෙසෙන ප‍්‍රදේශ හා දුප්පත් ජනයා වෙසෙන ප‍්‍රදේශ අතර ඇස් පනාපිට පෙනෙන වෙනස්කම් තිබෙනවා.

රියෝ වැසියන්ගෙන් සියයට 20ක් පමණ වෙසෙන්නේ ෆවෙලා (favela) නමින් හඳුන්වන අඩු ආදායම් නිවාස ගොනුවලයි. එබඳු ෆවෙලා දහසකට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. ඒවායේ ජීවත්වන වැසියන්ගේ ආදායම, සෞඛ්‍ය හා අධ්‍යාපන මට්ටම් මෙන් ම අනෙකුත් සමාජ-ආර්ථික සාධක වඩාත් පහළයි. දුගී බවින් මතුව එන වීදි ප‍්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය භාවිතය, අපරාධ වැඩි වීම හා පොලීසියේ දුෂණ වංචා ආදී සමාජ විසමතා රැසක් එහි හමු වනවා.

City of God, 2002
2002දී නිෂ්පාදනය කළ ‘දෙවියන්ගේ නගරය’(City of God) නම් බ‍්‍රසීල වෘතාන්ත චිත‍්‍රපටය හරහා මේ ෆවෙලා ජනපදවල එදිනෙදා ජීවිතය ගැන නෙතඟ බැල්මක් සෙසු ලෝකයට ලැබුණා. දරිද්‍රතාවයේ හා ප‍්‍රචණ්ඩත්වයේ ග‍්‍රහණයට හසු වූවත් ෆවෙලා යනු මිනිසත් බවේ කාන්තාර නොවෙයි. හිත හොඳ මිනිසුන් හා ගැහැනුන් එහි සිටිනවා. එනයින් බලන විට ෆවෙලාහි යථාර්ථය බොම්බාය, ජකර්තාව හා මැනිලා වැනි ආසියානු මහා නගරවල පැල්පත්වලට සමානයි. මෙබඳු සංකීර්ණ සමාජ සම්බන්ධතා කෙටි සංචාරයකින් තේරුම් ගැනීමත් අසීරුයි.

‘දෙවියන්ගේ නගරය’ චිත‍්‍රපටයේ නිරූපණය වූ රියෝ ෆවෙලා, දශකයක් ඉක්ම ගිය පසු තරමක් යහපත් අතට හැරී තිබෙන බව බ‍්‍රසීල මාධ්‍ය මිතුරන් කියනවා. ෆවේලා වැසියන්ගේ දායකත්වය නැතිව එනුවර ඉසුරුබර ප‍්‍රදේශවලට පැවතිය නොහැකි බවත් ඔවුන් පිළි ගන්නවා.

‘දෙවියන්ගේ නගරය’ චිත‍්‍රපටයේ නිරූපණය වූ රියෝ ෆවෙලා, දශකයක් ඉක්ම ගිය පසු තරමක් යහපත් අතට හැරී තිබෙන බව බ‍්‍රසීල මාධ්‍ය මිතුරන් කියනවා. ෆවේලා වැසියන්ගේ දායකත්වය නැතිව එනුවර ඉසුරුබර ප‍්‍රදේශවලට පැවතිය නොහැකි බවත් ඔවුන් පිළි ගන්නවා.

රියෝ නුවර අවිධිමත් ආර්ථිකය, වීදි හා පදික වෙළඳුන්, කැලි කසල ඉවත් කරන්නන් හා තවත් බොහෝ සේවා සපයන්නේ ෆවෙලා වාසීන් විසින්. ඉසුරුබර සුළුතරයක ඉහළ ජීවන තත්ත්‍වය පවත්වා ගන්නට මේ බහුතරයකගේ ක‍්‍රියාකාරිත්වය නැතිව ම බැහැ. සුවිශේෂත්වය නම් දුප්පත් – පොහොසත් දෙපිරිස රියෝ නගරය බෙදා ගෙන සමාන්තර ජීවිත ගත කිරීමයි. මෙබඳු සාපේක්‍ෂව සාමකාමී සහජීවනයක් ලෝකයේ හැම මහා නගරයක ම හමු වන්නේ නැහැ.

2002දී මිහිතල සමුළුව පැවැත් වූ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර තත්ත්‍වය මීට ඉඳුරා ම වෙනස්. 1994දී වර්ණභේදවාදී අමිහිරි අතීතයෙන් මිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ, නව ව්‍යවස්ථාවක් යටතේ දකුණු අප‍්‍රිකානු ජනයා දිවි ගෙවනවා. එහෙත් ඓතිහාසිකව මුල් බැස ගත් දැඩි ඇති නැති පරතරයක් එරට තිබෙනවා. දකුණු අප‍්‍රිකාවේ ඉසුරුබර සුළුතරය කල් ගෙවන්නේ මංකොල්ලකෑම්, මිනීමැරුම් ආදිය පිළිබඳ නිරන්තර බියෙන් හා සැකයෙන්.

ජොහැන්නස්බර්ග් හා කේප්ටවුන් නගර සමඟ සසඳන විට ඊට වැඩි සැහැල්ලූවකින් රියෝ නුවර දිවි ගෙවෙන බව පෙනෙනවා. මෙයට එක් හේතුවක් විය හැක්කේ දශකයකට වැඩි කලක් තිස්සේ මානුෂික මුහුණුවරක් ඇති ධනවාදී ආර්ථිකයක් ඇති කරන්නට එරට රජයන් ගන්නා උත්සාහයයි.

බ‍්‍රසීලය සොබා සම්පත් හා ජන සම්පත් අතින් පොහොසත්. අද ලෝකයේ මතුව එන ආර්ථක බලවතකු ලෙස සැළකෙන ප‍්‍රමුඛ පෙළේ රාජ්‍යයක්. භූමි ප‍්‍රමාණයෙන් මෙන් ම ජනගහනයෙන් ද බ‍්‍රසීලය ලෝකයේ පස් වන විශාලතම රටයි. එය ඉන්දියාව මෙන් තුන් ගුණයක් විශාලයි. ජනගහනය මිලියන් 192යි. එරට ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 12,000යි. ඇති නැති පරතරය පැවතුණත් ගෙවී ගිය දශකය තුළ එරට දුගී ජනයාගේ ජීවන මට්ටම ද ඉහළ ගොස් තිබෙනවා.

මිහිතලයේ ඉදිරි පැවැත්ම ගැන පුළුල්ව හා ගැඹුරින් විවාද කරන ජගත් සමුළුවක් සිය නගරයේ පැවැත් වෙන අතර, තමන්ගේ ජීවන අරගලයේ නිරත වන රියෝ වැසියන් ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අපේ පොදු අනාගතය (Our Common Future) බඳු උතුම් සංකල්ප ගැන සිතන්නට කලින් අද දවසේ දිවි ගැට ගසා ගන්නා අභියෝගයට බහුතරයක් රියෝ වාසීන් හා බ‍්‍රසීල ජාතිකයන් මුහුණ දෙනවා.

ලොව පුරා තිරසාර සංවර්ධනයට යොමු වන සමාජයන්ට ඇති පොදු අභියෝගය වන්නේත් එයයි. පැහැබර හෙට දවසක් ගැන සිතන්නට අවකාශයක් නැති අති විශාල ජනකායකට අද දවසේ මූලික ජීවන අවශ්‍යතා සපයා දෙන්නේ කෙසේ ද? එබඳු පසුබිමක් තුළ පරිසරය හා සොබා සම්පත් ප‍්‍රවේශමින් පරිහරණය කරන අතර ආර්ථික සංවර්ධනයේ ප‍්‍රතිලාභ හැමට බෙදී යන ආකාරයේ ප‍්‍රතිපත්ති හා සැළසුම් සකස් කරන්නේ කෙසේ ද?

1992 ජූනි මාසයේදීත් රියෝ නුවර මිහිතල සමුළුවක් පැවැත්වුණා. තිරසාර සංවර්ධනයේ අභියෝග ගැන රාජ්‍ය නායකයන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් විවාද කරන අතර, මගේ ජ්‍යෙෂ්ඨ සහෘදයකු වූ බි‍්‍රතාන්‍ය පුවත්පත් කලාවේදී හා වාර්තා චිත‍්‍රපට නිෂ්පාදක රොබට් ලෑම්බ් (Robert Lamb) අසම්මත රටාවක වාර්තාකරණයකට මුල පිරුවා.

සමුළුව පැවැත් වූ කාලයට ආසන්නව උපත ලත් දරු දැරියන් 11 දෙනකුගේ ජීවිතය, ඔවුන්ගේ සමාජ හා ආර්ථික සාධක මගින් තීරණය කැරෙන්නේ කෙසේදැයි දිගු කාලීන විමර්ශනයක් ඔහු ඇරඹුවා. බ‍්‍රසීලය, චීනය, කෙන්යාව, පැපුවා නවගිනියාව, දකුණු අප‍්‍රිකාව (කළු සහ සුදු දරුවන් දෙදෙනෙක්), වෙනසුවෙලාව හා ඉන්දියාව යන දියුණු වන රටවලත්, අමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා නෝර්වේ යන දියුණු රටවලත් 1992 උපන් දරුවන්ගේ ප‍්‍රගමනය මේ යටතේ වසර දෙකෙන් දෙකට චිත‍්‍රපට ගත කරනු ලැබුවා.

රොබට් එයට දුන් කථාමාලා නාමය ‘Children of Rio’ හෙවත් ‘රියෝ පරම්රාවේ දරුවෝ’ යන්නයි. විසි වසරකට පෙර ලෝකයේ රටවල් සිය වැසියන්ට වඩාත් හොඳ අනාගතයක් බිහි කරන්නට දුන් ප‍්‍රතිඥාවන් කෙතරම් දුරට ක‍්‍රියාත්මක කොට හා සාර්ථක වී ඇත්දැයි ඉඟියක් මේ හරහා ලද හැකියි.

අද වන විට මේ දරුවන් වයස 20ට ආසන්නයි. මේ දශක දෙක තුළ ඔවුන් හා පවුල් අත්දුටු යථාර්ථය සංවේදී ලෙස හසු කර ගැනීම හරහා තිරසාර සංවර්ධනයේ සැබෑ තත්ත්‍වය පිළිබිඹු වන ලෝක ව්‍යාප්ත මාධ්‍ය අත්හදා බැලීමක් බවට මෙය පත්ව
තිබෙනවා.

රියෝ පරම්පරාවේ එක් දරුවකු රියෝ නුවර ම ෆවෙලා පවුලක උපන් රෝසාමරියා (Rosamaria) දැරියයි. ඇය කුඩා කල ඇගේ පියා ඔවුන් හැර දමා යන්නට ගියා. ඇය හදා වඩා ගත්තේ මව හා ඥාතීන් විසින්. රෝසාමරියා පාසල් ගියත් ඉගෙනීමට ඇල්මක් හෝ පසුබිමක් තිබුණේ නැහැ. විනය හේතුන් නිසා පාසලෙන් නෙරපනු ලබන ඇය නව යෞවන වියේ දරු දැරියන් සමග නිදැල්ලේ කල් ගෙවීම කෙළවර වන්නේ වයස 18දී ඇයත් මවක බවට පත් වීමෙන්.

මේ දරුවා හදා ගන්නට ඇයත් සහකරුවාත් දැඩි අරගලයක යෙදෙනවා. හරිහැටි අධ්‍යාපනයක් නැති නිසා ඇයට ආදායමක් ඉපැයීමට ඇති අවස්ථා සීමිතයි. අපරාධ හා විෂමාචාර මෙන් ම හොඳහිත හා ධෛර්යවන්තකම ද බහුල ෆවේලාවක සිට කවදා හෝ තමන් නොලද වරප‍්‍රසාද සිය බිළිඳු පුතුට ලබා දීමට රෝසාමරියා අධිෂ්ඨාන කර ගෙන සිටිනවා. http://tiny.cc/CORosa

ඇගේ කථාව අනුවේදනීය වනවා මෙන් ම රියෝ සමුළුවේ ගෝලීය අරමුණු අවසන් විනිශ්චයේදී සැබෑ ලෝකයේ ගැහැනුන්. මිනිසුන් හා දරුවන්ට අදාල වන සැටි ගැන ප‍්‍රබල විවරණයක් සපයනවා.

‘Children of Rio’ බඳු දිගු කාලීන මාධ්‍ය වාර්තාකරණයන් කිරීමට මාධ්‍ය සම්පත් හා කුසලතා පෙළගැස්මක් අවශ්‍යයි. දුවන ගමන් ප‍්‍රවෘත්ති වාර්තා කරන මාධ්‍යවේදීන්ට එබඳු විමර්ශනාත්මක හා සංවේදී වාර්තාකරණයකට අවකාශ නැහැ. එබඳු දිගු කාලීන ආයෝජනයක් කරන්නට බොහෝ මාධ්‍ය ආයතන කැමතිත් නැහැ.

1980 දශකයේ මුල මහවැලි ජනපදවල පදිංචි කෙරුණු පවුල් කිහිපයක ඉදිරි ගමන දශක දෙක තුනක් තිස්සේ රූපමය ආකාරයෙන් වාර්තා කළ හැකි වී නම් කෙතරම් අපූරු ද? යුද්ධයෙන් පසු අධිවේගී සංවර්ධනයකට යොමුව ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳව දිගු කාලීන මානුෂික වාර්තාකරණයකට දැන් වුවත් යොමු විය හැකි නම් ශීර්ෂ පාඨයන්, උද්‍යෝග පාඨයන් හා දේශපාලන සංකල්ප සියල්ලෙන් ඔබ්බට යන ගැඹුරු විග‍්‍රහයක් ලද හැකියි.

රියෝ පරම්පරාවේ කථාව දශක දෙකක් සම්පූර්ණ වන මොහොතේ එය බෙදා හදා ගන්නට මගේ ටෙලිවිෂන් ගුරුවරයා වූ රොබට් ලෑම්බ් අප අතර නැහැ. පිලිකාවකින් පරාජය වූ රොබට් මේ වසරේ පෙබරවාරියේ මිය යන විට වයස 59යි.

රියෝ පරම්පරාවේ කථාව ඔහුගේ අනුගාමිකයන් දිගට ම වාර්තා කරයි ද? තවත් වසර 10කින්, 20කින් මේ ජීවිතවල ඉදිරි කථාව කුමන අයුරකින් ලියැවේද? මේ අවිනිශ්චිත බවට මැදි වෙමින් මා රියෝ නුවරින් සමු ගෙන ආපසු පැමිණියා.

Video: Sri Lanka’s Lost Generations: Systems Ecologist Ranil Senanayake on genepool implications of insurrection & war


Last year, I read an uncommon book with an unusually long title written by an unorthodox author.

Clowns to the Left of Me, Jokers to the Right and Here I am Stuck in the Middle again: 30 years of attempting policy change in Sri Lanka was an author-published volume by systems ecologist Dr Ranil Senanayake. In it, he collected some of his more noteworthy media articles and non-technical writing on forestry, biodiversity, agriculture, conservation and the broader issues of sustainable development, published over three decades.

In his Epilogue, I came across one of the most chilling passages I read that year: “It has been commented that this nation twice removed from its gene pool the genes for activism. In 1971 the government ‘removed’ up to 20,000 or more of the educated. Those who attended university, demonstrated interest in radical politics, were young or unemployed were singled out for liquidation. The next programme was in the late 1980s when over 40,000 were ‘removed’ with hardly a word being uttered in protest on any international stage…These people never passed their genes on. Genetically speaking, we removed from our race a large percentage of the traits for high intellectual potential and activism. Metaphorically it has become the time of the bottom feeders to manifest themselves as intellectuals and leaders.”

I touched on this when I filmed a long interview with Ranil (now published on Groundviews.org: read Part 1 and Part 2). Here is the short video I edited, where his expressions match the gravity of his concerns:

Reproduced below is the full transcript of this short video (11 mins). My questions posed to him have been paraphrased on-screen; his spoken answers are verbatim.

You can debate Ranil’s views either on this blog, or on Groundviews where this video is also published.

Sri Lanka’s Lost Generations: Ranil Senanayake Speaks

An Eye for an Eye?

See, in 1971 and in the late 80s, when we heard these so called JVP revolution. We went out and we killed first 20,00 mass of men, more or less. And the second time, about 40,000. Young people, children of this country. Why? Because they were a threat to the established government of this country.

Now, I can see that if there is indeed a revolution, a country must respond. But responding in this brutal manner because the response was not merely a military response, it was a response of pure terrorism. It was terrorised the whole nation.

Collateral Damage?

One story that I can share with you is that a senior person who was involved in this, in the control, at a table made the statement that “If 10% of the people that we destroy were hardcore JVPers we would have broken the back of the revolution”. This totally horrified me. It, it…I was depressed for weeks when I heard that.

It meant 90% of those people they killed were innocent. Their only ‘crime’ was they were young, they were educated and they had the fire of youth in them.

I, as a person, said I could not live in a country that kills its own people — own children — for its survival and I left, I went away for sometime. I wrote a poem which Hon Lakshman Jayakody read into the Parliament, into the Hansard, pointing out where we were going wrong, in this case.

What Have We Done?

But worse, what that action brought was the REMOVAL from our gene pool of the genes for intellect, education. The genes for revolution. The genes that would drive people forward; the genes that produced people who would fight and die for a country, for a nation. We removed this and as from my genetics, as an geneticist, you remove 60,000 children from a population as small as ours, you are taking away a large ocean of the cleverest of our population. And we shot ourselves in the foot.

This is karma vipaka, as the Buddha says. For the action ghastly action, for the action of taking away of our youth, killing our youth, removing them from our gene pool, we will have to suffer the fate of having a gene pool, well, you see what we have today…

We ALL live with the consequences…

Unfortunately, there is something else, as a Sri Lankan and as a Buddhist, which I find loathsome and that is — when ever somebody dies for whatever reason even a murderer, it is our tradition to give a dana (alms giving). First, a week after they deceased, then a month and annually. We have lost 60,000 children for our own society, for maintaining our status quo. Has anyone EVER given a Dane to these people who have departed? Up to today, no!

So is it a surprise that as a nation we suffer what we suffer? We are responsible for that and yet uptodate we are not willing to accept the responsibility for the actions we did. I think that is something that we have to deal with. Sri Lankans will have to deal with in the future to come. Because, as Buddha says, karma vipaka — for every action there is a reaction. And for that action, look what we have today.

On Sri Lanka’s Separatist War…

The separatism that came after the youth insurrection was again something that was building up for sometime. It was the similar, shall we say almost parallel, political moment that happened in the North. Where the separatism when they were talking about it on a political platform then descended into a violent struggle, if you want to call it.

I think it was, it is still pointless, but I think what most people fail to realise is that it is rooted in our history. It’s rooted in 3,000 years of history. And that is why it is so difficult for us to deal with the subject of finding a common ground, to deal with the subject of extending our hands out, to deal with the subject of trying to understand the other position, because unfortunately we are still rooted in these many, many years, thousands of years of history.

Breaking Free of History’s Grip?

It is indeed, it should be the task of the leaders and the politicians to bring us into the modern age. To demonstrate that that history is past, that we have to now forge something into the future. That involves all of us.

But our shallow politicians have chosen otherwise, from both areas, from both sectors. They have chosen division as their power, division as their source of strength, because as I told you , because of the past history this is the easiest, this is the least common denominator — this is the easiest place to go to, it’s the shallowest political refuge.

And that’s what politicians from both sides have been doing. Not looking at the future, not working towards bringing us into the future but dragging us back into the past and opening up the old wounds and the old fears that we brought along with this for all these years and capitalising on them, from both sides.

Aren’t we ALL immigrants on the island of Lanka?

Indeed, you are absolutely right! Humanity has been wandering around this planet for thousands and thousands, tens of thousands of years. People have come and people have gone. I mean, this whole question of I came first or you came first is spurious at best, I mean, this is just the refuge of a cheap politician to say I came first, you came later, you came first, I came first, this is all ridiculous…

Prisoners of Our Fathers’ Hopes & Fears?

We are prisoners of our own constructs. Or, as the song goes, “We are indeed prisoners of our father’s hopes and fears.”

Fears. Fears is where the politicians move to. Fear is what they use as their tool of power. We are trapped in this thing and until that fear is removed, and until we are educated into understanding where we are, and we are educated into understanding that there is nothing lost, in treating another human being as equal and as a brother, we are lost.

We are a nation of people who claim to live by the words of the Buddha. If we do, this would never come about. Never. So it shows as a nation a loss, it shows as a nation, that we have failed to live up to what we claim we are – Buddhists…

Dr Ranil Senanayake
Interviewed by Nalaka Gunawardene
Colombo, Sri Lanka, on 19 March 2012

Released online: June 2012
Dr Ranil Senanayake Online profile

No copyright restriction.This video may be used by anyone, anywhere.