සිවුමංසල කොලූගැටයා #76: ඞීසල් දුමාරයෙන් මතු වන පිළිකා උවදුර

In this week’s Sunday column in Ravaya (22 July 2012, in Sinhala), I discuss the far-reaching public health implications of the World Health Organisation (WHO)’s recent assessment that diesel engine fumes do certainly cause cancer, especially lung cancer, in humans.

I have already written an English column on this: ‘Slow Murder’ by Subsidised Diesel Fumes

පිළිකා පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර ඒජන්සිය (International Agency for Research on Cancer, IARC) යනු ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කොටසක්. 2012 ජුනි 12දා මේ ආයතනය ඉතා වැදගත් ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා. එයින් කියැවුණේ නවතම වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ ප‍්‍රතිඵල සළකා බැලීමෙන් පසු ඞීසල් දහන දුමාරය නියත වශයෙන් පෙනහළු පිළිකා සාදන බව WHO ආයතනය පිළිගත් බවයි.

WHO යනු ලෝකයේ සියලූ රටවල රජයන් සාමාජිකත්වය දරණ අන්තර් රාජ්‍ය ආයතනයක්. ශ‍්‍රී ලංකාව ද එහි සාමාජික රටක්. ලෝකයේ වෛද්‍ය විද්‍යාත්මක හා මහජන සෞඛ්‍ය කරුණු සම්බන්ධයෙන් අවසන් විනිශ්චය ලබා දෙන්නට හැකි විද්වත් මට්ටමක් හා නිල පිළි ගැනීමක් එයට තිබෙනවා.

WHO/IARC ඞීසල් දුමාරය ගැන අවධානය යොමු කිරීම ඇරඹුනේ දශක දෙකකට පෙර. වසර ගණනාවක් තිස්සේ පිළිකා-කාරක වීමට ඉඩ ඇති දෙවැනි පෙළ ලැයිස්තුවේ ඞීසල් දුමාරය ඇතුළත් කර තිබුණා. ගිය මාසයේ කළේ ඞීසල් දුමාරය මුල් පෙළ ලැයිස්තුවට “උසස්” කිරිමයි. මේ අනුව දුම්කොළ දුමාරය, ඇස්බැස්ටස් වැනි නියත පිළිකා-කාරක අතරට ඞීසල් දුමාරය ද එකතු වෙනවා.

WHO/IARC අධ්‍යක්ෂ වෛද්‍ය ක‍්‍රිස්ටෝෆර් වයිල්ඞ් කිවේ මේ තීරණය ලොව පුරා වෛද්‍ය හා සෞඛ්‍ය ක්ෂේත‍්‍රවල බලධාරින්ගේ හදිසි අවධානයට ලක්විය යුතු බවයි. “ඞීසල් දුමාරයට නිරතුරු හසු වන බොහෝ දියුණුවන රටවල ජනයාට එයින් බේරීමට අවශ්‍ය පසුබිම හෝ තාක්ෂණය හෝ නැති බව අප දන්නවා. මෙයට පිළියම් යෙදිය යුතුයි,” ඔහු ප‍්‍රකාශ කළා.

ඞීසල් දුමාරයේ දුෂක රැසක් තිබෙනවා. එයින් අපට වඩාත් හානි කරන්නේ PM10 නම් ඉතා කුඩා දහන අංශුයි. මේවා ආශ්වාසය හරහා අපේ පෙනහළුවලට ඇතුළු වනවා. ගර්ත (Alveoli) නම් ඉතා කුඩා කෝෂ දක්වා ගමන් කොට එහිදී ආසාදන ඇති කළ හැකියි. ඞීසල් දුමාරය කලක් තිස්සේ ආශ්වාස කිරීමෙන් පෙනහළු පිළිකා හට ගත හැකියි.

දකුණු ආසියාවේ මහාමාර්ගවල ඞීසල් වාහන සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් වැඩි වෙමින් තිබෙනවා. 2010 වන විට මෙරට ධාවනය වන සමස්ත වාහනවලින් 45%ක් ඞීසල් වාහන. බස් හා ලොරි පමණක් නොවේ. වෑන් රථ, කාර්, අධිසුඛෝපබෝගී වාහන මෙන් ම මෑත පටන් ත‍්‍රිරෝද රථ ද ඞීසල් දහනය කරන වාහන අතර තිබෙනවා. මේ වාහන තම සංඛ්‍යාවට වඩා විශාල වූ වාත දුෂක ප‍්‍රමාණයක් දුමාරය හරහා පිට කරනවා. මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයෙන් පිටවන වාත දුෂක සළකන විට සල්ෆර් ඩයොක්සයිඞ් 96%ක් ද PM10 89%ක් ද එන්නේ ඞීසල් වාහනවලින්.

සාක් කලාපයේ වාත දුෂණය ගැන කලෙක සිට පර්යේෂණ හා උද්ඝෝෂණ කරන පරිසරය හා විද්‍යාව සඳහා වන කේන්ද්‍රය (Centre for Science and Environment, CSE) නම් ඉන්දියානු ආයතනය මෙය හදුන්වන්නේ අපේ මහාමාර්ගවල “මාරක ඞීසල්කරණය” (Deadly Dieselisation) කියායි. සියළු ඛනිජ ඉන්ධන දහනයේදී දුෂණයක් ඇති වෙතත් එය වඩාත් දරුණු වන්නේ ඞීසල් දහනයේදී බව ඔවුන් වසර ගණනාවක සාක්ෂි සහිතව පෙන්වා දෙන්නක්.

CSE ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ අනුමිතා රෝයිචෞද්‍රි WHO/IARC තීරණයට ප‍්‍රතිචාර දක්වමින් කිවේ: “ඞීසල් දුමාරයේ බිහිසුණුකම ගැන වසර 20ක් පමණ අප බොහෝ දේ දැන සිටියා. WHO කර ඇත්තේ එය තහවුරු කිරීමයි. මේ කාලය තුළ ලෝකයේ වෙනත් රටවල් තම ජනතාව රැක ගැනීමට යම් පියවර ගෙන තිබෙනවා. නමුත් දකුණු ආසියාවේ අප සිට්න්නේ පිටුපසින්.” (සම්පුර්ණ ප‍්‍රකාශය කියවන්න http://tiny.cc/DieIndia)

මෙරට තත්ත්වය ඉන්දියාවටත් වඩා බරපතලයි. ඞීසල් දහනයේදී වැඩිපුර සල්ෆර් ඩයොක්සයිඞ් නම් දුෂකය පිට වන්නේ ඞීසල්වලක වැඩි සල්ෆර් අන්තර්ගතයක් තිබීමෙන්. වාත දුෂණය ගැන ක‍්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරින්, පර්යේෂකයන් හා පරිසරවේදීන්ගේ Clean Air Sri Lanka නම් එකමුතුවක් තිබෙනවා. එහි වත්මන් සභාපති රුවන් වීරසූරිය කියන්නේ මෙරට බෙදා හැරෙන ඞීසල් ඉන්ධනවල සල්ෆර් අන්තර්ගතය කොටස් මිලියනයකට 3,000ක් (3,000 ppm) බවයි. ඉන්දියාවේ මෙය 300 ppm වන අතර ජපානයේ එය 30 – 50 ppm තරම් අඩු බව ඔහු කියනවා.

Sulphur content in diesel around the world – UNEP map 2012

“ලංකා ඛනිජතෙල් සංස්ථාව වඩාත් පිරිසිදු (සල්ෆර් මට්ටම අඩු) ඞීසල් මෙරට බෙදා හැරීමට පියවර ගෙන නැහැ,” යයි ඔහු කියන්නේ මේ ගැන වෛද්‍යවරුන්, විද්‍යාඥයන් හා පරිසරවේදින් කලක සිට බලපෑම් කරන පසුබිමකයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම WHO/IARC තීරණය සම කරන්නේ මීට කලකට පෙර දුම්කොළ දුමාරය ගැන ඔවුන් ගත් තීරණයටයි. “දුම්බීමෙන් පෙනහළු පිළිකා සෑදෙන බවට දශක ගණනක් වෛද්‍ය සාක්ෂි එකතු වෙමින් තිබුණා. ඒ බව මුළුමනින් සහතික කරමින් දුම්කොළ දුම පිළිකා-කාරකයක් යයි WHO පිළිගත් ආකාරයට ම අද ඞීසල් ගැනත් නියත තීරණයකට ඔවුන් එළැඹ සිටිනවා.”

දුම්කොළ සමාගම් එම වෛද්‍ය විද්‍යාත්මත තීරණය එකවර පිළි නොගෙන එම වගකීමෙන් අත්මිදීමට නොයෙක් සූක්ෂම උප්පරවැට්ටි ක‍්‍රියාත්මක කළා. මහජන මනසේ දෙගිඩියාව, අවිනිශ්චිත බව ඇති කළා. ඞීසල් වාහන නිෂ්පාදකයන් මෙන් ම ඛනිජ තෙල් සමාගම් දැන් ඞීසල් සම්බන්ධයෙන් ද නොයෙකුත් කතාන්දර පතුරුවා හරින්නට හැකියි. මෙය වෛද්‍යවරුන්, විද්‍යාඥයන් හා පරිසරවේදීන් එක්සත්ව හා එක්සිත්ව ක‍්‍රියා කළ යුතු තීරණාත්මක මොහොතක්.

අපේ තෙල් පිරිපහදුවෙන් නිකුත් කැරෙන ඞීසල් මෙන් ම විටින් විට පිටරටින් ගෙන්වන පිරිපහදු කරන ලද ඞීසල් ද තත්ත්වයෙන් බාල, පිරිසිදු බවින් අඩු මට්ටමක ඇති බව මහාචාර්ය ඉලේපෙරුම කියනවා. ඞීසල් දහන දුමාරය තුළ අඩංගු දුෂක ප‍්‍රමාණය ඉක්මණින් අඩු කිරීමේ හොඳම පියවර නම් වඩාත් පවිත‍්‍ර ඞීසල් මෙරට වෙළඳපොලට හදුන්වාදීම බව ඔහු කියනවා.

එයට සමාන්තරව ඞීසල් වාහන හිමියන්ට ද වගකීමක් පැවරෙනවා. තම වාහනවල එන්ජින් නිසි කලට නිසි ලෙසට නඩත්තු කිරීමෙන් දහන දුමාර දුෂක තරමක් දුරට සීමා කළ හැකියි. (ඒ සමග එන්ජිමේ කාර්්‍යක්ෂමතවායද වැඞී වෙනවා.)

WHO/IARC තීරණය සමග ඞීසල් දහනය පාරිසරික ප‍්‍රශ්නයක් පමණක් නොව මහජන සෞඛ්‍යය සම්බන්ධ තීරණාත්මක සාධයක් බවට ද පත් වනවා. දුම්කොළ නිසා හට ගන්නා පිළිකාවලට ප‍්‍රතිකාර කිරීමට දැනටමත් අපේ ජාතික සෞඛ්‍ය පිරිවැයෙන් සැලකිය යුතු මුදලක් වැය වනවා. ඞීසල් දුමාරය පිළිකා-කාරක බව දැන දැන ම එය පාලනය කරන්නට තව දුරටත් බලා සිටිය නොහැකියි.

මේ ගැන මෙරට මාධ්‍ය හරහා මුලින් ම විග‍්‍රහ කළ ආර්ථික විද්‍යාඥ හා ප‍්‍රතිපත්ති පර්යේෂක මහාචාර්ය රොහාන් සමරජීව කීවේ ඞීසල්වලට දැනට ලැබෙන සහනාධාරය ඉක්මණින් සමාලෝචනය කළ යුතු බවයි. (ඔහුගේ ලිපි දෙකක් ජුනි 17දා හා ජුලි 15 දා රාවයේ පළ වුණා.)

“මෙරට ඞීසල් වාහන සංඛ්‍යාව සිඝ‍්‍රයෙන් වැඩිවීමට ප‍්‍රධාන හේතුව නම් ඞීසල් (පෙට‍්‍රල්වලට වඩා) ලාබ වීමයි. මේ මිළ වෙනසට මුල් වන්නේ රජය කලෙක සිට ම ඞීසල්වලට සහනාධාරයක් ලබා දීමයි. මේ සහනාධාරය වෙළඳපොල විසමතාවයක් වී පිළිකාවලට වක‍්‍රව කැරෙන සහනාධාරයක් වීමට ඉඩ තැබිය යුතු ද?” ඔහු ප‍්‍රශ්න කරනවා.

ඞීසල් සහනාධාරයට හේතුව භාණ්ඩ ප‍්‍රවාහනයට මෙන් ම බස් හා දුම්රිය මගී ප‍්‍රවාහනයට සහනයක් ලබා දීම. නමුත් ඉන්ධන අලෙවියේදී වෙනස්කම් කළ නොහැකි නිසා පෞද්ගලික ප‍්‍රවාහනය සඳහා වැඩි වැඩියෙන් ඞීසල් වාහන යොදා ගැනිම නතර කළ නොහැකියි.

මෙය ඉන්දියාවේ ද කලෙක සිට සිදු වන්නක්. අඩු ආදායම් ලබන අයට සලසා ඇති සහනාධාරයෙන් අතමිට සරු අයත් හොඳ හැටි ප‍්‍රතිලාභ ලබනවා. අන්තිමේ මහජන සෞඛ්‍යයට විපත් සිදු වූ විට එයට උර දෙන්නට වන්නෙත් සහනාධාර දෙන අපේ රජයන්ට ම බව CSE ආයතනය කියනවා.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව මෙසේ කරන අතර පෙට‍්‍රල් හා ඞීසල් අතර මිළ වෙනසක් නොකිරීමට චීනය වග බලා ගන්නවා. ලෝකයේ තවත් රටවල් ඞීසල් වාහන සඳහා අය කැරෙන තීරුබදු හා වාර්ෂික බලපත‍්‍ර ගාස්තු වැඩි මට්ටමක පවත්වා ගෙන ඞීසල් වාහන ව්‍යාප්තියට පාලනය කරන්නට වෙර දරනවා.

මෙරට වාත දුෂණය ගැන අධ්‍යයනයකින් පසු විස්තරාත්මක ප‍්‍රකාශයක් කරමින් CSE ආයතනය 2011 අපේ‍්‍රල් මාසයේ අවධාරනය කළේ 2012 අවසන් වන්නට පෙර EURO IV ප‍්‍රමිතියට යොමු වීමට ශ‍්‍රී ලංකාව පියවර ගත යුතු බවයි.

මෙරට ප‍්‍රතිපත්ති සම්ප‍්‍රදායකයන්ට සිදු වන්නේ කෙටි කාලීන ආර්ථික සහන හා දිගු කාලීන සමාජයීය ව්‍යසනයක් තුලනය කර ගැනීමටයි. ඞීසල් වාහන භාවිතය නතර කිරීම ප‍්‍රායෝගික නැහැ. මහාමාර්ගවල ධාවනයට අමතරව දුම්රිය ධාවනය හා නැව් ධාවනයටත් බොහෝ කොට යොදා ගන්නේ ඞීසල්. අවශ්‍ය වන්නේ හැකි තාක් සල්ෆර් අඩු ඞීසල් ඉන්ධන, වඩාත් ඉහළ දහන ප‍්‍රමිතියක් තිබෙන හා මනා සේ නඩත්තු කැරෙන වාහනවල දහනය කිරීමයි.

මහාචාර්ය සමරජීව විශේෂ අවධානය යොමු කර ඇත්තේ මෑත සිට ප‍්‍රචාරණය කැරෙන ඞීසල් තිරෝද රථවලටයි. “මේ වාහන ඞීසල් දුමාර පිට කරනවා පමණක් නෙවෙයි සාපේක්ෂව පහත් මට්ටමක හිඳගෙන ගමන් කරන සිය මගීන් මහාමාර්ගවල දුෂිත වාතයට වඩාත් නිරාවරණය කරනවා.”

අඩුතරමින් දහන දුමාර තත්ත්ව ප‍්‍රමිති සහතිකය වාර්ෂිකව විශාල ප‍්‍රමාණයේ ඞීසල් වාහනවලටත් අනිවාර්ය කළ යුතු බව මහාචාර්ය ඉලේපෙරුම කියනවා. “පොදු ජන මිතුරන්” යයි සළකමින් ලංගම බස්රථ හා ලොරිවලට දුම් සහතිකය තවමත් අනිවාර්ය කොට නැහැ. මේ නිසා ඒ වාහනවල එන්ජින් නඩත්තුව හරිහැටි පවත්වා ගන්නට බලපෑමක් ද නැහැ. අබලන් ඞීසල් වාහන හැකි ඉක්මණින් ධාවනයෙන් ඉවත් කිරීම ද, මහ මග දිවෙන හැම ඞීසල් වාහනයක් ම නිසි ලෙස නඩත්තු කිරීම ද කළ යුතු බව ඔහු කියනවා.

වැඩි විස්තර සඳහා බලන්න http://tiny.cc/Gasp සහ http://tiny.cc/Gasp2

Diesel Addiction can be dangerous – Cartoon courtesy CSE India

Serendib Quiz with Nalaka Gunawardene: Test Your Brain Power, Win Prizes!

Media Release: 15 July 2012

Quizzing is a well established hobby as well as a mind sport around the world. Participants engage in a friendly tussle using quick wits and sharp memories.

Also known as general knowledge competitions, quizzing has been a popular programme type on Lankan radio and TV for several decades. Recently, reality quiz shows on TV have renewed interest in this activity.

Now, a group of quiz enthusiasts have launched named Serendib Quiz, a live quizzing event to nurture a serious quizzing culture in Sri Lanka.

The first Serendib Quiz will be held on Sunday, 29 July 2012 at 2.00 pm at Galadari Hotel, Colombo 1.

The quiz, in English, will involve 50 questions from all areas of knowledge, both local and global. It will be compiled and conducted by Nalaka Gunawardene, one of the most versatile quizzing professionals in Sri Lanka who has over 30 years of experience as a quiz kid turned quizmaster.

Participation in this team event is open to all educational institutions (schools, universities, training institutes), public and private establishments, banks and other financial institutions, as well as groups of private individuals.

Prizes worth a total of Rs. 225,000 can be won by the highest performing teams at this quiz, organised by Quiz World (Pvt) Limited, an educational services company dedicated to promoting quizzing as a mind sport. http://quizworldlanka.com

Serendib Quiz is sponsored by Commercial Credit PLC in partnership with Sarasavi Bookshop (Pvt) Limited and Fast Ads (Pvt) Limited. The media sponsors are Daily News, Sunday Observer and TV Derana.

Prior registration is required (by or before 24 July 2012). More information, along with the Entry Form, are available on request from Vindana Ariyawansa, phone 0773 996 096; Email: Vindana@gmail.com

සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

In this Sunday (15 July 2012) Ravaya column (in Sinhala), I briefly trace the history of comics in Sri Lanka in the Sinhala language and ask: what lessons can we derive from that experience on integrating a new media type or form to Lankan society?

Comics in Lankan newspapers started 60 years ago in October 1951 — and a vocal minority of cynics and puritans resisted it from the beginning. I argue that this misplaced resistance prevented Lankan media houses and society at large from harnessing this versatile medium for greater good – in both entertainment and educational terms.

I first presented these ideas in my talk at National Media Summit 2012, held at University of Kelaniya, Sri Lanka, in late May 2012.

Comics in Sri Lanka – a montage courtesy http://www.wimalonline.com/srilankancomics

“වඩා බියකරු ඩෙංගු මාරයා ද – ඉන්ටර්නෙට් මාරයා ද?”

පාසල් යන වයසේ දරුවන් සිටින නාගරික මැද පාංතික මවක් ලගදී මගෙන් මේ ප‍්‍රශ්නය විමසුවා. පරිගණකයක් සිය නිවසේ ඇතත්, ඉන්ටර්නෙට් සබඳතාවක් ගැනීමට වත්කම තිබුණත් තම දරුවන් ලොකු මහත් වන තුරු ඉන්ටර්නෙට් තහනම් බව ඇය කියා සිටියා.

මා ඇය සමග තර්ක නොකළත්, ඇගේ ස්ථාවරය මට සිහිපත් කළේ මීට දශක තුනකට පෙර අපේ බොහෝ දෙමවුපියන් හා ගුරුවරුන් චිත‍්‍රකථා පත්තර තහනම් කළ සැටියි. වගකීමකින් යුතු පුවත්පත් ආයතන පළ කළ චිත‍්‍රකථා පත්තර පවා ඒ ගෙදරදොර තහනමට ලක් වුණා. එහෙත් තහනම් පත්තර කෙසේ හො සොයා ගෙන කියැවූ දරුවන් එමට සිටි බවත්, ඒවා නිසා ඔවුන් අයාලේ නොගිය බවත් මා දන්නවා.

අළුතෙන් සමාජයට පිවිසි දේ ගැන සැකයෙන් හා බියෙන් පසු වීම අපේ ඇතැම් දෙනාගේ පුරුද්දක්. සමාජයේ සෙසු අයගේ ජනමතයට බලපෑම් කළ හැකි පොතේ උගතුන්, කලාකරුවන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් ආදීන් අතරත් මේ ආකල්පය සුලබයි. යමක් අළුත් වූ පමණට ම ඒ ගැන නිසි විමර්ශනයක් නොකොට එයට එරෙහි වීම යුක්ති සහගත ද? යම් තාක්ෂණයක්, ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් හෝ නව සමාජ රැුල්ලක් පැතිර යන විට තමන් එයට ආගන්තුක වූ නිසා ම එය නිර්දය ලෙස හෙළා දැකීම සාධාරණ ද? මෙරට චිත‍්‍රකථා ඉතිහාසයෙන් වත්මන් නව මාධ්‍ය සංවාදයට යම් ආදර්ශයන් ගත හැකි ද?

2007දී ප‍්‍රකාශිත “චිත‍්‍රකථාවේ වංශකථාව” නම් කෘතියේ මහාචාර්ය සුනිල් ආරියරත්න සුරීන් පෙන්වා දෙන පරිදි කතන්දර කීම සඳහා චිත‍්‍ර උපයෝගි කර ගැනීමේ දිගු ඉතිහාසයක් අපට තිබෙනවා. එසේ වුවත් අද අප හදුනන චිත‍්‍රකථා කලාව අපට ලැබුණේ බටහිර ආභාෂයෙන්. 19වන සියවසේ බිහි වූ බටහිර චිත‍්‍රකථාවල පිටපත් 20වන සියවස වනවිට ක‍්‍රමයෙන් මෙරටට පැමිණියා. ටාසන් කථා, ගොපලූ (කව්බෝයි) කථා හා අභ්‍යවකාශය ගැන කථා ඒ අතර තිබුණෘ. මුල් යුගයේ සිංහල චිත‍්‍රකථාවලට ආදර්ශය කර ගත්තේ මේවායි.

First Sinhala chitra katha, Neela, later published as a book

මෙරට ජාතික පුවත්පතක චිත‍්‍රකථාවක් මුල් වරට පළ වූයේ 1951 ඔක්තෝබර් 28දා “ඉරිදා ලංකාදීප” පත‍්‍රයේ. ප‍්‍රධාන කතුවරයා වු ඞී බී ධනපාලගේ අදහසකට අනුව ලංකාදීප මාණ්ඩලික ලේඛක ධර්මසිරි ජයකොඩි ලියු “නීලා” නම් කථාව චිත‍්‍රයට නැගුවේ චිත‍්‍රශිල්පි හා කාටුන් ශිල්පි ජී එස් ප‍්‍රනාන්දුයි. නීලා නම් වැද්දකුගේ චරිතය වටා ගෙතුණු මේ සරල කථාවට ටාසන් කථාවල ආභාෂය පැහැදිලි බව ආරියරත්නයන් කියනවා.

සති 52ක් පුරා කොටස් වශයෙන් පළ වූ “නීලා” පාඨකයන් අතර ඉතා ජනප‍්‍රිය වූ අතර එය අවසන් වන්නටත් පෙර සුසිල් පේ‍්‍රමරත්න ශිල්පියාගේ නිර්මාණයක් දෙවන චිත‍්‍රකථාව ලෙස හදුන්වා දෙනු ලැබුවා. පේ‍්‍රමරත්න පසු කලෙක නිර්මාණය කළ “බිලි පූජාව”, “ලන්දේසි හටන” හා “රන් දුපත” වැනි චිත‍්‍රකථා හරහා චිත‍්‍රකථා කලාව ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් ලෙස ඉක්මණින් ම මෙරට සමාජයේ ස්ථාපිත වුණා.

ටයිම්ස් පුවත්පත් සමාගමේ මේ අත්හදා බැලීම අනුකරණය කරමින් ටික කලක් ඇතුළත ලේක්හවුස් ආයතනයත් සිය ජාතික පුවත්පත්වල චිත‍්‍රකථා පළ කිරිම ඇරඹුවා. 1960 දශකයේ චිත‍්‍රකථා “අපේකරණය” කිරිමට චිත‍්‍රශිල්පීන්, රචකයන් හා පුවත්පත් කතුවරුන් සමත් වුණා. ජාතක කථා, බෞද්ධ හා ක‍්‍රිස්තියානි සාහිත්‍යය හා ලංකා ඉතිහාසය පාදක කර ගනිමින් හොඳ චිත‍්‍රකථා රැසක් බිහි වුණා.

චිත‍්‍රකථා පමණක් අඩංගු මෙරටමුල් ම පත‍්‍රය 1972 අගෝස්තු 29දා ලේක්හවුස් ආයතනය ආරම්භ කළ “සතුට”යි. 1975දී මල්ටිපැක්ස් ආයතනය “සිත්තර” ආරම්භ කළා. වසර 5ක් ඇතුළත සතිපතා අලෙවිය පිටපත් 225,000 දක්වා වැඩි වූ සිත්තර සාර්ථකත්වය දුටු ව්‍යාපාරිකයන් දිගට හරහට අනුකාරක චිත‍්‍රකථා පත්තර ඇරඹුවත්, 1980 දශකයේ වෙළඳපොල ජය ගන්නට ඔවුන්ට හැකි වුයේ නැහැ.

මෙරට චිත‍්‍රකථා ව්‍යාපාරය හා කලාව බිඳ වැටීමට විවිධ හේතු ඉදිරිපත් කැරෙනවා. චිත‍්‍රකථා නිර්මාණ ශිල්පීන් කාලීනව අනුගත නොවීම, ප‍්‍රකාශකයන්ගේ මුදල් කෑදරකම, 1979දී ටෙලිවිෂන් ආගමනය, ප‍්‍රධාන ප‍්‍රවාහයේ ලේඛකයන් හා චිත‍්‍රශිල්පීන් දිගින් දිගට ම චිත‍්‍රකථා හෙළා දැකීම ආදිය මේ අතර තිබෙනවා. එය වෙන ම සංවාදයකට සුදුසු මාතෘකාවක්.

Covers of first editions: Sathuta (top) & Siththara (bottom) - first and second all-comic Sinhala newspapersසිය ග‍්‍රන්ථයේ පෙරවදනේ මහාචාර්ය ආරියරත්න මෙසේ කියනවා: “චිත‍්‍ර කථාවෙන් ප‍්‍රවෘත්ති පත‍්‍රවලට ලැබුණේ වාණිජමය පෝෂණයකි. ඇතැම් චිත‍්‍රකථා නිසා පත‍්‍රවල අලෙවිය සීඝ‍්‍ර ලෙස වර්ධනය විය. පත‍්‍රවලින් චිත‍්‍රකථාවට පෙරළා ලැබුණේ ප‍්‍රමිති සහතිකයයි. ඒ මෙසේය. පත‍්‍ර කර්තෘවරු ද විශේෂාංග කර්තෘවරු ද කර්තෘ මණ්ඩලිකයෝ ද දැන උගත් මහත්වරු වුහ. පත‍්‍රවලට චිත‍්‍රකතා ගලා ආයේ ඔවුන්ගේ අධික්ෂණය යටතේය. එහෙයින් ඉතා බාල මට්ටමේ චිත‍්‍ර කතාවලට ජාතික පුවත්පත්වලට දොරගුළු විවර වුයේ නැත.”

“චිත‍්‍රකතාවේ ප‍්‍රමිතිය දෙදරන්ට පටන් ගත්තේ එය ජාතික පුවත්පත්වලින් ඔබ්බට ගමන් කිරිමත් සමගය. වෙළඳ ව්‍යාපාරිකයෝ චිත‍්‍රකතා ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කළහ. ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව චිත‍්‍රකතා පත‍්‍ර ද චිත‍්‍ර කතා පොත් ද පළ විය. එයින් බහුතරයක අඩංගු වුයේ බාල බොළඳ කතාන්තර හා ආධුනික මට්ටමේ චිත‍්‍ර ය. වෙළඳ තරගය ජයග‍්‍රහණය කිරීම පිණිස ඔවුහු චිත‍්‍රකතාව තුළට ලිංගිකත්වය පවා ගෙන ආහ. රූපවාහිනියේ ආගමනය ද චිත‍්‍රකතාවෙහි ඉල්ලූම අඩු කරන්නට විය.”

මෙරට චිත‍්‍රකථා ඉතිහාසය (1950 – 1980 දශක) දෙස පොදුවේ බලන විට නව මාධ්‍යක් මෙරටට පිවිසීමේදී අත්දකින අවධි තුනක් මා හදුනා ගන්නවා. මැයි මස කැළණිය සරසවියේ පැවති ජාතික මාධ්‍ය සමුළුවේ මා කළ කථාවේදී මෙය ඉදිරිපත් කළා.

පළමුවන අවධිය: පිටත ලෝකයෙන් පැමිණෙන නව අදහසක් හෝ සම්ප‍්‍රදායක් විවෘත මනසකින් යුතු ටික දෙනෙකු දේශීයව අත්හදා බලනවා. එයට ඉක්මන් ප‍්‍රතිරෝධයක් මතු වන්නේ සමහර ප‍්‍රවීණයන් හා සුචරිතවාදීන්ගෙන්. අළුත් මාධ්‍යය වෙළඳපොළ ජය ගන්නා ආකෘති හරිහැටි පැහැදිලි නැතත්, එඩිතර ව්‍යාපාරිකයන් ටික දෙනෙකු එයට ආයෝජන කරනවා. ඒ අතර රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් කුමක් සිදු වේදැයි හරිහැටි නොදැන තුෂ්නිම්භූත වනවා.

දෙවන අවධිය: නව මාධ්‍ය හෝ මාධ්‍ය අංගය වඩාත් මෙරට ප‍්‍රචලිත වන විට එයට වැඩි දේශීය ස්වරූපයක් ලැබෙන (අපේකරණය) නිර්මාණාත්මක අත්හදා බැලීම් කැරෙනවා. මුලින් මතු වූ දැඩි ප‍්‍රතිරෝධය තරමකට සැර බාල වුවත් සර්වදෝෂදර්ශීන් (cynics) බලා සිටින්නේ නව මාධ්‍යයේ කුඩා අඩුපාඩුවක් වුවද විශාල කොට පෙන්වා ආන්දෝලන කිරීමටයි. නව මාධ්‍යය නියාමනය කළ යුතු ද එසේ නම් කෙසේ ද යන්න ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන් වඩාත් නිරවුල් ස්ථාවරයකට කල් ගත වී හෝ එළැඹෙනවා. ඒ අතර වඩා සාර්ථක වෙළඳපොළ ආකෘතින් මතු වනවා.

තෙවන අවධිය: තව දුරටත් නැවුම් බවක් සමාජයට නොදැනෙන මේ මාධ්‍යය සමස්ත මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තමන්ට හිමි තැනක ස්ථාපිත වනවා. වෙළඳපොල ප‍්‍රවාහයන් නිසා මුදලට කෑදර ආයෝජකයන් ද ක්ෂේත‍්‍රයට පිවිසෙනවා. මුල් යුගයේ මාධ්‍යය දැඩි සේ විවේචනය කළ උදවියත් හින්සැරේ තම න්‍යායාත්මක අරමුණු ප‍්‍රචාරණයට එම මාධ්‍යයට ම පිවිසෙනවා. මතවාදයන් හා පුද්ගලවාදයන් නිසා ඇතැම් විට අන්තවාදී ප‍්‍රකාශන බිහි වී අධිකරණය දක්වා යන ගැටුම් ද හට ගන්නවා. ඒ අතර පුරෝගාමින් සමහරෙක් වෙළඳපොළ තරගය නිසා ඉවතට විසි වෙනවා.

නව මාධ්‍යයක ආගමනය හමුවේ මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් බහුවිධ බලපෑම්වලට පාත‍්‍ර වනවා. එක් පසෙකින් ඔවුන් නව මාධ්‍යයේ තාක්ෂණික, වෙළඳපොල හා සමාජයිය සීමාවන් තේරුම් ගත යුතුයි. එයට ඉස්පාසුවක් ලැබෙන්නට පෙර හැම දේට ම එරෙහි වන ගතානුගතික පිරිසගේ උද්ඝෝෂණවලට මුහුණදීමට සිදු වනවා. තහනම් කරන්න, දැඩි නීතිරිති දමා පාලනය කරන්න ආදි බලපෑම් කරන බොහෝ දෙනා තමන් එරෙහි වන්නේ කුමකට ද කියාවත් හරිහැටි නොදත් පිරිසක්. (1960 හා 1970 දශකයේ මෙරටට ටෙලිවිෂන් හදුන්වා දීමට එරෙහි වු ටික දෙනා කවදාවත් ටෙලිවිෂන් නොදුටු අයයි!)

නව මාධ්‍යයකින් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය සෝදාපාලූ වන බවත්, එය ආර්ථිකයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් කියමින් සර්වදෝෂදර්ශින් නගන තර්කවලට යම් ආකාරයකින් ප‍්‍රතිචාර දක්වන්නට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට සිදු වනවා. එබදු අවස්ථාවල ඔවුන් කලබල වී නොනිසි ප‍්‍රතිචාර දැක්වීමට ඉඩ තිබෙනවා.

සන්සුන්ව කරුණු එක් රැස් කොට, මැදහත්ව ඒවා විග‍්‍රහ කොට තුලනාත්මකව ප‍්‍රතිපත්ති නිර්දේශ කිරීම රටේ සරසවි ඇදුරන් හා අනෙකුත් බුද්ධිමතුන්ගේ වගකීමක්. එහෙත් වැල යන අතට මැස්ස ගසන, කෙටිකාලීන උපදේශක තනතුරු හා නිලතල පතන උගතුන්ගෙන් මේ පෙරගමන්කරුවන් වීමේ වගකීම කිසිසේත් ඉටු වන්නේ නැහැ.

මෙරට ජනමාධ්‍ය පර්යේෂණ කරන, සරසවි මට්ටමින් එය උගන්වන ඇදුරන් රැසක් හමුවේ මා ඇසුවේ මේ ජාතික හා සමාජයීය වගකීම ඔවුන් අතින් ඉටුවනවා ද කියායි. (එයට හරිහැටි පිළිතුරක් නොලැබුණත් ඔවුන්ගේ නිහැඬියාව ම යථාර්ථය ගැන හොඳ ඉඟියක් සපයනවා! http://tiny.cc/NMOM බලන්න.

ජනප‍්‍රිය සංස්කෘතිය හා නව මාධ්‍ය ප‍්‍රවණතා දෙස අපේ බොහෝ උගතුන් බලන්නේ සාවඥ හෝ නොරිස්සුම් ආකල්පයකින්. (සුනිල් ආරියරත්නයන් වැනි උගතුන් මෙරට ඉතා දුර්ලභයි.) නොදන්නා දේ ගැන නොවිමසා එරෙහි වන මෙබදු උගතුන්, අළුත් හැමදේට ම සහජයෙන් විරෝධය දක්වන සුචරිතවාදීන්ට උඩගෙඩි සපයනවා. බහුතර උගතුන්ගේ නිහැඬියාව මැද, මොර දෙන සුචරිතවාදීන්ගේ හඩ පමණක් රැව් දෙන පසුබිමක ප‍්‍රතිපත්ති සම්පාදකයන් ද තමන්ට ඇසෙන සැකය, භීතිය හා කුමන්ත‍්‍රණවාදී තර්කවලට අනුගතවීම පුදුමයක් නොවේ.

මතුව එන හැම දෙයක් ම බදා ගත යුතු යයි මා කියන්නේ නැහැ. එහෙත් අළුත් දෙයක් අළුත් වූ පමණට, නුහුරු වූ පලියට ම ප‍්‍රතික්ෂේප නොකර එය විචාරශීලීව හා විවෘත මනසකින් විග‍්‍රහ කළ යුතු බවත්, අළුත් ප‍්‍රවණතා අපට ගැලපෙන පරිදි හැඩගස්වා ගෙන “අපේකරණය” කළ හැකි බවත් මගේ අදහසයි.

චිත‍්‍රකථා මෙරට සමාජ උන්නතිය හා ජන වින්දනය සඳහා නිසි ලෙස යොදා ගන්නට ලක් සමාජය අසමත් වුණා. චිත‍්‍රකථා කලාවේ ස්වර්ණමය යුගය 1960 හා 1970 දශකයන්. ඒ වකවානුවේ පැවති සමාජ සාධක හා පසුබිම දැන් මුළුමනින් වෙනස් වී තිබෙනවා. චිත‍්‍රකථා පදනම වැනි සංවිධාන මේ මාධ්‍යය නැවත පණ ගැන්වීමට අවංකව වෙර දැරුවත් ඒ ස්වර්ණමය යුගයට යළි පිවිසීම අපහසුයි.

චිත‍්‍රකථාවලට එරෙහි වූ සුචරිතවාදී අතලොස්ස ඊට කලකට පසු මෙරටට ටෙලිවිෂන් හදුන්වා දෙන විට එයට ද දැඩි විරෝධය දැක් වූවා. 1990 දශකයේදී චන්ද්‍රිකා තාක්ෂණය හරහා විදේශ ටෙලිවිෂන් විකාශයන් එවේලේ ම මෙරට ග‍්‍රහණය කර ගත හැකි වූ විට අපේ සභ්‍යත්වය මුළුමනින් විනාශ වී යනු ඇතැයි අනතුරු ඇඟවීම් කළා.

හැම අළුත් දෙයට ම එරෙහි වන සුළුතරය දෙස උපෙක්ෂා සහගතව බලා සිටින මට පෙනී යන්නේ මේ අයට කන්නට උවමනා වූ විට කබරගොයාත් තලගොයා වන බවයි. ටෙලිවිෂන් අති භයානක බටහිර ආක‍්‍රමණයක් යයි මොර ගෑ උදවිය ම අද විවිධ ටෙලිවිෂන් නාලිකාවල දේශපාලන හා කාලීන සංවාදවල ප‍්‍රබල චරිත රග පානවා!

මේ ඇත්තන්ගේ අළුත් ම ඉලක්කය ඉන්ටර්නෙට් මාධ්‍යයයි. එදා මෙදා තුර සුචරිතවාදී චරිත වෙනස් වී ඇතත් ඔවුන්ගේ තර්කවල වෙනසක් නැහැ. ඉන්ටර්නෙට් මාධ්‍යයට බිය නොවී එය අපේකරණය කර ගන්නට තවමත් ඉඩක් තිබෙනවා. එහෙත් සුළුතරයක් පුවත් වෙබ් අඩවිවල ක‍්‍රියා කලාපය දෙස බලා අතිශය සංකිර්ණ වූත්, විවිධාකාරවූත් ඉන්ටර්නෙට් මාධ්‍යය ගැන උවමනාවට වඩා සරල හා දැඩි ප‍්‍රතිචාරයක් දැක්වීම හරහා අනාගත තොරතුරු සමාජය මොට වීමේ අවදානම ද තිබෙනවා.

අත්ත බිෙඳයි – පය බුරුලෙන්…..

http://www.wimalonline.com/srilankancomics/index.html ද බලන්න

Malima: Episode #8: Aspiring for better TV viewng and smarter painting

Malima (New Directions in Innovation) is a Sinhala language TV series on science, technology and innovation. This episode was produced and first broadcast by Sri Lanka’s Rupavahini TV channel on 24 May 2012.

Malima: Episode 8 presented by Nalaka Gunawardene from Nalaka Gunawardene on Vimeo.

Produced by Suminda Thilakasena and hosted by science writer Nalaka Gunawardene, this episode features three stories:

• An interview with Asanka Jayamal Rajakaruna, who has developed a concept for a more realistic TV screen. Named Multiplex Optical Macrocosm for Parallax Replicated Observation, and abbreviated as MOMPRO, it has been demonstrated at prototype level. The inventor is now looking for an investor to commercialise this idea which he says can revolutionise TV and video industries.

• There are less than 700 mountain gorillas left in the wild, most of them in the in the area surrounding the Virunga National Park in Democratic Republic of Congo. These endangered Mountain Gorillas population are getting a helping hand from a fuel-efficient ‘Jiko’ stove. Partnering with local group AIDE-Kivu, the UK charity Gorilla Organization launched the fuel-efficient stove in 2008, reducing the consumption of firewood and charcoal by at least 75 per cent – reducing pressure on the forest.

• An interview with young inventor Gayathra Amodh Dharmaratna, a student of Ananda College, Colombo. He has invented an air pressure-operated painting device which ‘extends’ the reach of a painter up to 10 m or 35 ft. It can be used to uniformly paint 100 square feet in 20 minutes, and saves paint, time and effort. Having already won a junior inventor award for this, he has now applied for a Lankan patent.

Produced by Suminda Thilakasena

සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකි ද?

I’ve been writing op-ed essays in newspapers for a decade, and features for a quarter century in mainstream, broadsheet newspapers. Do they make a difference? I often ask that myself. There are no easy ways to measure the influence or impact of what we write — except when a reader tells me how a particular piece changed his/her mind. It’s always good to have such feedback, but most people don’t reach out even when they like what they read.

In this week’s Ravaya column (in Sinhala), I ask the big question: can an op-ed article in a newspaper make a difference? I cite four specific instances where they did — leading to the founding of WWF, Amnesty International, Sri Lanka Eye Donation Society and the Suriya Mal Movement in Sri Lanka that was a peaceful defiance of British rule in early 20th century Ceylon.

AI, WWF and Sri Lanka Eye Donation Society logos: each organisation started with a newspaper op-ed

‘පත්තරවලට ලියන්න ලැජ්ජා නැද්ද?’

මීට වසර කිහිපයකට පෙර මේ ප‍්‍රශ්නය මට යොමු කළේ ව්‍යාපාර කළමණාකාරීත්ව ක්‍ෂෙත‍්‍රයේ ඉහළට උගත්, රටේ සිදු වන දේ ගැන අවධියෙන් සිටින තරුණ වෘත්තිකයෙක්. ඇතැම් දෙනා මෙන් ඔහු සාවඥව කථා කරන්නකු ද නොවෙයි.

ඔහුට සැබැවින් ම ප‍්‍රශ්නයක් වී තිබුණේ මගේ නමින් ඉංග‍්‍රීසි හා සිංහල පුවත්පත්වලට ලිවීම මා දිගින් දිගට කරන්නේ ඇයි ද යන්නයි. මෙරට ජනමාධ්‍ය කලාව හා කර්මාන්තය ගැන පාඨකයකු හැටියට පමණක් හදුනන ඔහුගේ අවංක ආකල්පය වූයේ විසමතා රැසක් කැටි කර ගත් මේ ක්‍ෂෙත‍්‍රයේ සිය ආත්ම ගරුත්වය හා විශ්වාසනීයත්වය ගැන තකන කිසිවකුත් තව දුරටත් නොසිටිය යුතු බවයි.

වසර 25ක් තිස්සේ මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ විවිධාකාරයෙන් නියැලී සිටින මගේ මනසේ ද විටින් විට මතුවන ප‍්‍රශ්නයක් නම් මේ අප ලියන දෙයින් ජන සමාජයට හා පොදු උන්නතියට දායකත්වයක් ලැබේ ද යන්නයි.

හැම පුවත්පත් ලිපියක් ම එක හා සමාන වැදගත් වන්නේ නැහැ. ඇති කරන කෙටි කාලීන හා දිගු කාලීන සමාජයීය බලපෑම් ද වෙනස්. පුවත්පත් හා සගරාවල පළ වන ලිපි අති බහුතරයක් ඒ මොහොතේ කියවා පසෙක තබන නමුත් ඉඳහිට කලක් පවතින සමාජයීය වෙනස්කම් හා චින්තන විප්ලවයන් කරන්නට ලිපියක් සමත් වනවා. එයට ලේඛකයාගේ කරුණු ගවේෂණය හා ඉදිරිපත් කිරිමේ දක්ෂකම මෙන් ම එය පළ වීමෙන් පසු සමාජය එයට දක්වන ප‍්‍රතිචාරය ද බලපානවා.

අප කථා කරන්නේ ප‍්‍රවෘත්ති වාර්තාකරණය ගැන නොවෙයි. විශේෂාංග ලිපි හා මති මතාන්තර ලිපි ගැනයි. මේවා බොහෝ විට පුවත්පතක මාණ්ඩලික ලේඛකයන් නොව බාහිරව සිටින අය ලියන ඒවායි. පොදු උන්නතියට කැප වු බුද්ධිමතුන් (public intellectuals) සමාජමය වශයෙන් වැදගත් කාලීන මාතෘකා ගැන මහජන හා රජයේ අවධානය යොමු කිරිමටත් මෙබදු ලිපි යොදා ගැනීම ලොව ප‍්‍රචලිත සම්ප‍්‍රදායක්.

පුවත්පතක පළ වූ ලිපි නිසා පැහැදිලි සමාජ ප‍්‍රතිචාරයක් හා ක‍්‍රියාදාමයක් ඇති වූ බවට උදාහරණ හතරක් මට සිහිපත් වනවා.

1960 නොවැම්බර් 13 වනදා බි‍්‍රතාන්‍යයේ The Observer පත‍්‍රයට විද්වත් ලිපියක් ලියමින් ප‍්‍රකට ජීව විද්‍යාඥයකු වූ ආචාර්ය ජුලියන් හක්ස්ලි (Julian Huxley) අප‍්‍රිකාවේ වනජීවින් රැක ගැනීමට ජාත්‍යන්තර පෙළ ගැස්මක් අවශ්‍ය බවට ආයාචනයක් කළා. යුනෙස්කෝව වෙනුවෙන් නැගෙනහිර අප‍්‍රිකානු රටවල් 10ක කළ සංචාරයකදී මිනිස් ක‍්‍රියාකාරකම් නිසා වනාන්තර හා වනජීවීන් මහා පරිමානයෙන් විනාශ වන සැටි තමා දුටු බවත්, මේ ප‍්‍රවණතා දිගට ම පැවතුණොත් දශක කිහිපයක් තුළ සමස්ත අප‍්‍රිකානු වනජීවී සමුහය වඳ වී යනු ඇත බවටත් ඔහු අනතුරු ඇගවූවා. වනාන්තර හා තණබිම් මිනිස් ජනවාස සඳහා එළි කිරිම. වගා බිම්වල ගවයන් ඇති කිරිම, දඩමස් සදහා වනසතුන් මැරිම, වනාන්තරවලට ගිනි තැබීම ආදි තර්ජන රැසක් ගැන තමා විසින් ම ගත් ජායාරූප ද සමග ඔහු සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කළා.

කොටස් තුනකින් පළ වූ මේ ලිපිය කියැවු වික්ටර් ස්ටෝලන් නම් ව්‍යාපාරිකයා වන ජීවීන් බේරා ගැනීමට අරමුදලක් පිහිටුවිය යුතු බවට හක්ස්ලිට ලියුමක් ලියමින් යෝජනා කළා. තවත් ජීව විද්‍යාඥයක් කිහිප දෙනෙකු ද එකතු කර ගනිමින් ලෝක ව්‍යාප්ත වනජීවි අරමුදල (World Wildlife Fund, WWF) නමින් සංරක්ෂණ සංවිධානයක් බිහි වූයේ ස්ටෝලන්ගේ උනන්දුව හා මුලික පරිත්‍යාග නිසයි. තවත් ධනවත් ව්‍යාපාරිකයන් ගණනාවක් මේ සඳහා පරිත්‍යාග කිරිමට ඔහු කැමති කරවා ගත්තා.

WWF නිල වශයෙන් පිහිටු වනු ලැබුවේ 1961 අපේ‍්‍රල් 29දා. එහි මුල් කාර්යාලය ස්විට්සර්ලන්තයේ මෝර්ජස් නුවර විවෘත කළා. අද වන විට WWF සංවිධානයට ලෝකයේ රටවල් 100ක පැතිරුනු සාමාජිකයන් මිලියන් 5ක් සිටිනවා. එය ලෝකයේ බලගතු සංරක්ෂණ සංවිධානයක්. එහි ලාංජනය වන පැන්ඩා ලකුණු ලොව වඩාත් ම හොදින් හදුනන ප‍්‍රචාරණ සංකේතයක් (Brand).

දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රගතශීලි මති මතාන්තරවලට ඉඩ දෙන, වඩාත් ම පාඨක විශ්වාසය දිනු පුවත්පත් ලෙස මතුව ආයේ The Observer පත‍්‍රයයි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ පුවත්පත් ලෙහෙසියෙන් ඉඩක් නොදෙන අසම්මත තේමා හා මතවාද සඳහා මේ පත‍්‍රය සිය පිටු විවෘත කළා.

1961 මැයි 28දා The Observer පත‍්‍රයේ විද්වත් ලිපියක් ලියමින් පීටර් බෙනෙන්සන් (Peter Benenson) නම් නීතිඥයා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය (UDHR) 1948දී සම්මත කර ගත්ත ද ලොව බොහෝ රටවල එහි අඩංගු මුලික මානව අයිතීන් කඩ වන බවත්, ඒ ගැන උද්ඝෝෂණය කිරීමට එකමුතුවක් අවශ්‍ය බවත් පෙන්වා දුන්නා. ඔහු විශේෂ අවධානය යොමු කළේ ප‍්‍රඥප්තියේ 18 වන වගන්තිය (චින්තන හා මත දැරිමේ නිදහස) හා 19 වන වගන්තිය (අදහස් ප‍්‍රකාශනයේ නිදහස) ගැනයි.

රටේ නීතියට අනුව කිසිදු වරදක් නොකළත් පාලකයන්ට නොරිසි, විරුද්ධ මතයක් දැරීමේ හා ප‍්‍රකාශ කිරීමේ හේතුව නිසා පීඩාවට පත් කොට සිර ගත කරනු ලබන පුද්ගලයන් ‘දේශපාලන සිරකරුවන්’ ලෙස හදුන්වනවා. මෙබදු මතධාරීන් හා ක‍්‍රියාකාරිකයන් වෙනුවෙන් හ`ඩක් නගන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානය පිහිටුවීමට මේ ලිපියේ රචකයා මුලික වුණා. එයට නිමිත්ත වුයේ 1961 ඔහු ලියු ලිපියට ලැබුණු පාඨක ප‍්‍රතිචාරයයි. ඒ ලිපිය පළ වී සති කිහිපයක් තුළ ලන්ඩන් නුවර සුළුවෙන් ඇරුඹුණු ඇම්නෙස්ටි සංවිධානයට අද සාමාජිකයන් මිලියන් 3කට අධික සංඛ්‍යාවක් සිටිනවා.

උඋත්‍ මෙන් ම ඇම්නෙස්ටි ද සිය අරමුදල් සම්පාදනය කර ගන්නේ මහජන පරිත්‍යාගවලින්. ලොකු කුඩා ඕනෑ ම ගණනක් පරිත්‍යාග ලෙස ඔවුන් බාර ගන්නවා. ඇම්නෙස්ටියේ ලාංජනය වන්නේ කටු කම්බියකින් වට වූ, දැල්වෙන ඉටිපන්දමක්. අන්ධකාරයට සාප කරනු වෙනුවට පහනක් දල්වන්න යන්න එයින් සංකේතවත් කැරෙනවා. 1977 නොබෙල් සාම ත්‍යාගය ලැබූ මේ ලෝක ව්‍යාප්ත සංවිධානය ඇරඹුණේ පුවත්පත් ලිපියකින්.

ශ‍්‍රී ලංකාවේ ද වසර 180 ක පුවත්පත් ප‍්‍රකාශන ඉතිහාසයක් තිබෙනවා. (මුල් ම ඉංග‍්‍රීසි පුවත්පත් පළ වූයේ 1832දී). මේ ඉතිහාසය තුළ වැදගත්, හරවත් ලිපි රැසක් අපේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රිසි පුවත්පත්වල පළ වී තිබෙනවා. රටට, සමාජයට දිගු කාලීන බලපෑමක් ඇති කළ ලිපිවලට උදාහරණ දෙකක් මට සිහිපත් වනවා.

පළමුවන ලෝක යුද්ධය නිල වශයෙන් හමාර වූ දිනය ලෙස සැළකෙන්නේ 1918 නොවැම්බර් 11දායි. එදා පටන් හැම වසරක ම නොවැම්බර් 11දා යුද්ධ සමරණ දිනය ලෙස බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට නතුව තිබූ හැම රටක ම සැමරීම කැරුණා. යුද්ධයට ගොස් පැමිණි හමුදා සෙබළුන්ට හා ඔවුන්ගේ පවුල්වලට අනුග‍්‍රහය දැක්වීමට පොපි මල් විකුණා මුදල් එකතු කිරිම සම්ප‍්‍රදායක් වුණා.

සැතපුම් දහස් ගණනක් දුරු රටක විශ‍්‍රාමික හමුදා සෙබළුන්ට ආධාර එකතු කිරිමට වඩා ලංකාවේ දුගී දුප්පත් මිනිසුන්ට උපකාර කිරිම වඩාත් වැදගත් හා හදිසි අවශ්‍යතාවයක් යයි විකල්ප මතයක් 1933 නොවැම්බරයේ Ceylon Daily News පත‍්‍රයේ ලිපියක් හරහා මතු වුණා. එය ලියා තිබුණේ ඊට වසර තුනකට පෙර ලංකාවේ ඉගැන්වීමට පැමිණි ඩොරීන් යංග් (Doreen Young)නම් බි‍්‍රතාන්‍ය ජාතික තරුණියක් විසින්. (ඇය පසුව වාමාංශික දේශපාලන නායක ආචාර්ය එස්. ඒ. වික‍්‍රමසිංහ සමග විවාහ වුණා).

මේ ලිපිය එවකට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ දැඩි නොසතුටට හේතු වුවත් රැඩිකල්වාදී හා නිදහස් මතධාරි ලාංකිකයන්ගේ ප‍්‍රශංසාවට ලක් වුණා. පොපි මල් වෙනුවට සුරිය මල් අලෙවි කරමින් මෙරට අවශ්‍යතා සඳහා මුදල් එකතු කිරිමේ සුරියමල් ව්‍යාපාරය ඒ වන විටත් යුද්ධයේ සේවය කළ ලාංකික හමුදා භටයන් කිහිප දෙනෙකු විසින් සුළුවෙන් අරඹා තිබුණා. එය වඩාත් පණ ගැන්වී, දේශපාලන මුහුණුවරක් ද සහිතව පෙරට ආවේ මේ ලිපිය පළවීමෙන් අනතුරුව හට ගත් ආන්දෝලනය නිසා බව ඉතිහාස වාර්තා සඳහන් කරනවා.

1958 ජනවාරි 19 වනදා ලංකාදීප පත‍්‍රයේ ‘මළ නෙතට පණ’ නමින් ලිපියක් පළ වුණා. එය ලියා තිබුණේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුට සිටි හඞ්සන් සිල්වා නම් තරුණයායි. නිරෝගී නෙත් යුවලක් හිමි කෙනකු මිය ගොස් පැය කිහිපයක් ඇතුළත ඒ නෙත්වල කුණිතය (cornea) වෛද්‍ය විද්‍යාත්මකව හා ඥාතීන්ගේ අවසරය ඇතිව ගලවා ගෙන හැකි ඉක්මණින් එය බද්ධ කිරිම හරහා ඇතැම් දෘශ්‍යාබාධවලින් ඇස් පෙනීම අඩාල වූ අයට නැවත පෙනීම ලබා දිය හැකි බව ඔහු කියා සිටියා. එය ඒ වන විටත් වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ක‍්‍රමවේදයක් බවට පත්ව තිබුණත් බොහෝ රටවල විශාල ප‍්‍රශ්නයක් වූයේ දන් දීමට කුණිත සොයා ගැනීමේ අපහසුතාවයි.

ඇතැම් ආගම් හා සංස්කෘතීන්ගේ මිය ගිය කෙනකුගේ අවයව (බද්ධ කිරිමට) ඉවත් කිරිමට අවසරයක් නැහැ. 1955 අංක 55 දරණ ඇස් දන්දීමේ පනත මෙරට සම්මත වී තිබුණත් රෝහල්වලට අවශ්‍ය තරම් කුණිතයක් සොයා ගැනිමට නොහැකි වී තිබුණා. එයට පිළියමක් ලෙස (බෞද්ධ සංස්කෘතික උරුමයේ ඉඩ දී ඇති පරිදි) අක්ෂිදාන සංගම් රට පුරා පිහිටු විය හැකි බවත්, තම ඇස් මරණින් පසු දන්දීම සඳහා ජීවත්ව සිටියදී ම ප‍්‍රතිඥා දීමට ලාංකිකයන්ට හැකි බවත් මේ ලිපියෙන් හඞ්සන් සිල්වා යෝජනා කළා.

පසු කලෙක අක්ෂිදාන ව්‍යාපාරය හා ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය නමින් ජන සංවිධානයක් බිහි වුයේත්, ලොව පුරා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් අත්කර දෙන ඇස් දන් දීමේ සත්කාර්යය ඇරඹුණෙත් මේ පුවත්පත් ලිපියෙන්.

මගේ උදාහරණ හතර ම මීට දශක කිහිපයකට පෙර පළ වූ පුවත්පත් ලිපි ගැනයි. ටෙලිවිෂන් නොතිබුණු හා නව මාධ්‍ය බිහි වීමට පෙර පැවති ඒ යුගයේ අද තරම් මාධ්‍ය ආයතන සංඛ්‍යාවක් තිබුණේ නැහැ. ඒ නිසාදෝ පත්තරයක, සගරාවක හොඳ ලිපියක් පළ වූ විට ඒ ගැන වාද විවාද ඇති වීමට වැඩි ඉඩක් තිබුණා. එමෙන් ම අසම්මත මාතෘතකාවක් ගැන වුවත් තර්කානුකූල ලිපියක් විද්වතුකුගෙන් ලද විට නොබිය එය පළ කිරිමට එකල පුවත්පත් කතුවරුන් හා ප‍්‍රකාශකයන් මැලි වුයේ නැහැ. එය ඞී ආර් විජේවර්ධනගේ සිට ඞී බී ධනපාල දක්වා පැවත ආ ගුණාංගයක්.

අද සමාජ යථාර්ථය හා මාධ්‍ය කර්මාන්තයේ ස්වභාවය සහමුලින් ම වෙනස්. පාඨකයන් සලිත කරවා පොදු උන්නතියට වැදගත් කරුණක් ගැන සමාජය කුළු ගන්වන ලිපි ඉඳහිට තවමත් ලියැවුණත් එයට ප‍්‍රතිචාර දක්වන්නේ කීයෙන් කී දෙනා ද? අපේ පුවත්පත් කලාවේ ස්වර්ණමය යුගය අවසාන ද?

සිවුමංසල කොලූගැටයා #72: ඉන්ටර්නෙට් නොදැන ගොස් මංමුලා වූ උගත්තු…

My Sunday (Sinhala) column in Ravaya this week was on impressions of the National Media Summit 2012 held at the University of Kelaniya, Sri Lanka, on 24-25 May 2012. My own talk at the Summit, during a session New Media policies for Sri Lanka, was titled New Media, Old Minds: A Bridge Too Far?.

I shared my impressions in an English blog post on May 25 itself.

National Media Summit 2012 at University of Kelaniya, 25 May 2012

සාමාන්‍ය ජනතාව බැලූ බැල්මට පෙනෙන පරිද්දෙන් හෝ කලක් තිස්සේ සිතේ මුල් බැසගත් ආකල්පයන් පදනම් කර ගෙන හෝ ප‍්‍රශ්න විග‍්‍රහ කළත්, සරසවි ඇදුරන් හා පර්යේෂකයන් ඊට වඩා විවෘත මනසකින් ක‍්‍රමානුකූලව කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂාවක් තිබෙනවා.

පෙනෙන මානය (perception) හා සැබෑ තත්ත්‍වය අතර වෙනසක් තිබිය හැකියි. මේ හිඩැස අඩු කර ගන්නට අපට සමීක්‍ෂණ, නිල සංඛ්‍යා ලේඛන හා විද්වත් පර්යේෂණ උදවු වනවා. සාක්‍ෂි මත පදනම් වූ තර්ක වඩාත් ප‍්‍රබලයි. එහෙත් යල්පැන ගිය දත්ත හා තොරතුරු භාවිත නොකිරීමට අප සැවොම වග බලා ගත යුතුයි.

කැළණිය සරසවිය 2012 මැයි 24 – 25 දෙදින පැවැත් වූ 2012 ජාතික මාධ්‍ය සමුළුවේ නව මාධ්‍ය හා ප‍්‍රතිපත්ති ගැන සැසියේ කථා කරන්නට මට ද ඇරැයුම් කර තිබුණා. සංවාද කරන්නට ඇරැයුම් ලද විට මා කරන්නේ බහුලව එල්බගත් මතවාදයන් හා ජනප‍්‍රිය තර්කවලින් ඔබ්බට ගොස් අසම්මත විදියට ප‍්‍රශ්න විග‍්‍රහ කිරිමට මා අමතන සභාවට අභියෝග කිරිමයි.

මෙරට ජන මාධ්‍ය හා සන්නිවේදනය උගන්වන හැම සරසවියකින් ම ඇදුරු හා සිසු මට්ටමේ නියෝජිතයන් කැළණිය සරසවියට පැමිණ සිටියා. අපේ ජන මාධ්‍ය ක්ෂේත‍්‍රයට ඉදිරි වෘත්තිකයන් බිහි කරන්නෙත්, මාධ්‍ය හා තොරතුරු සමාජයට අදාළ ප‍්‍රතිපත්ති ගැන රජයට උපදෙස් දෙන්නෙත් මේ දැනුම් ගවේෂක උදවියයි.

මේ අයට මා සරල ප‍්‍රශ්න දෙකක් ඉදිරිපත් කළා. මේ ප‍්‍රකාශ දෙක සත්‍ය ද අසත්‍ය දැයි විමසුවා.

• මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශවල තවමත් වැඩිපුර ම ප‍්‍රචලිත ජනමාධ්‍යය රේඩියෝවයි.

• ඉන්ටර්නෙට් යනු අපේ ජනගහනයෙන් 5%කට අඩු ප‍්‍රතිශතයක් භාවිත කරන, ඇති හැකි අයට සීමා වූ වියදම් අධික මාධ්‍යයකි.

සභාවේ බහුතරයක් දෙනා කියා සිටියේ රේඩියෝව අපේ ගම්වල ප‍්‍රචලිත ම මාධ්‍යය බවයි. ඉන්ටර්නෙට් ගැන ප‍්‍රකාශය හරි ද වැරදි ද යන්න ගැන ඊට වඩා මත බෙදුමක් ඇති බව පෙනී ගියා.

මෙහි සැබෑ තත්ත්වය මොකක්ද? නිල සංඛ්‍යා ලේඛන පදනම් කර ගනිමින් මා පෙන්වා දුන්නේ බොහෝ දෙනා සිත් සෝදිසියට විශ්වාස කරන දේ සත්‍ය නොවන බවයි.

• ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ 2009-2010 ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමික්ෂණයට අනුව මෙරට නාගරික, ග‍්‍රාමීය හා වතු යන ප‍්‍රදේශ තුනේ ම නිවෙස්වල මේ වන විට රේඩියෝ යන්ත‍්‍රවලට වඩා ටෙලිවිෂන් යන්ත‍්‍ර තිබෙනවා. දීප ව්‍යාප්තව නිවාස 80%ක ටෙලිවිෂන් හමු වන විට රේඩියෝ ඇත්තේ නිවාස 75.4%ක පමණයි. (2012 පෙබරවාරි 26 කොලම කියවන්න) www.tiny.cc/HIES910 බලන්න.

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම එක් රැස් කරන නිල තොරතුරුවලට අනුව 2011 අවසන් වන විට මෙරට ස්ථාපිත ඉන්ටර්නෙට් සබඳතා 375,000ක් සහ ජංගම ඉන්ටර්නෙට් සබඳතා 711,000ක් තිබුණා. මේ දෙක එකතු කළ විට සබ`දතා 1,086,000 (මිලියන් එකයි අසුහය දහසක්) වුණා. එක සබඳතාවකින් තිදෙනකු ඉන්ටර්නෙට් හා බද්ධ වනවා යයි උපකල්පනය කළොත් ඉන්ටර්නෙට් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන් 3 ඉක්මවා යනවා. ලෝක විදුලිසංදේශ සංගමය (ITU) දත්ත දුවා දක්වන තවත් මුලාශ‍්‍රයක් කියන්නේ ශ‍්‍රී ලංකාවේ අඩු තරමින් ඉන්ටර්නෙට් නිතිපතා (සතියකට දෙතුන් වතාවක්වත්) භාවිත කරන සංඛ්‍යාව මිලියන් 2.5ක් පමණ වන බවයි. මේ අඩු ඇස්තමේන්තුව ගත්ත ද එය ජනගහනයෙන් 10% ඉක්මවා යනවා.

මෙරට ඉන්ටර්නෙට් භාවිත කරන සමස්ත සංඛ්‍යාව හරිහැටි ගණන් බැලීම ඉතා අසීරු නමුත් 2012 පෙබරවාරිය වන විට එය මිලියන් 2 හා 2.5 අතර සංඛ්‍යාවක තිබු බව තොරතුරු සමාජයේ ප‍්‍රගමනය අධ්‍යයනය කරන ලර්න්ඒෂියා (LIRNEasia) පර්යේෂණායතනය ඒ මාසයේ ප‍්‍රකාශයට පත් කළ Broadband in Sri Lanka නම් වාර්තාවේ කියනවා. http://tiny.cc/BBSL බලන්න.

මෙබදු නිල සංඛ්‍යා ලේඛන හා විද්වත් විශ්ලේෂණ අද වන විට පහසුවෙන් ඉන්ටර්නෙට් හරහා ම සොයා ගත හැකියි. එසේ තිබියදීත් අපේ ඇතැම් ජනමාධ්‍ය ඇදුරන් පිළුණු වූ දත්ත මත එල්බ ගෙන සිිටින්නේ ඇයි?

ශ‍්‍රී ලංකාවට ජංගම දුරකථන තාක්ෂණය 1989දීත්, වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා 1995දීත් හදුන්වා දුන්නා. වසර 23ක ජංගම දුරකථන ඉතිහාසයක් හා වසර 17ක ඉන්ටර්නෙට් අත්දැකීමක් ලක් සමාජයට තිබෙනවා. මුල් වසරවල ඇති හැකි අය අතර සෙමින් පැතිරුණු මේ නව මාධ්‍ය තාක්ෂණයන් 2000 දශකයේදී සමාජයේ විවිධ ආර්ථික මට්ටම් හරහා විහිද ගියා. නිසි විදුලි සංදේශ නියාමන ප‍්‍රතිපත්ති හා වඩා ලාබදායක විද්යුත් උපකරණ බිහි වීම මෙයට දායක වුණා.

ඉක්මණින් පරිනාමය වන විද්යුත් මාධ්‍ය හා වෙබ් මාධ්‍ය ගැන විද්‍යාත්මක පර්යේෂණ නිබන්ධන හා පෙළපොත් ලියැවෙන තුරු බලා සිටිය නොහැකියි. ලෝකයේ වෙනත් රටවල මාධ්‍ය ඇදුරන් හා පර්යේෂකයන් කරන්නේ නව මාධ්‍ය හා නව තාක්ෂණය ඔස්සේ ම ඒවා ගැන නිරික්ෂණ කරමින්, අළුත් මතවාද හා සංවාද ඒ හරහා ගොඩ නැංවීමයි.

බි‍්‍රතාන්‍යයේ විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජෝන් නෝට්න් (Dr John Naughton) එවැනි අයෙක්. ප‍්‍රධාන ප‍්‍රවාහයේ The Observer පුවත්පතට කොලම් ලියන අතර ඔහු මාධ්‍ය හා තොරතුරු සමාජය ගැන ඒවා හරහා ම බ්ලොග්, ට්විටර් ආදිය ඔස්සේ නිතර කථා බහ කරනවා. එබදු ගවේෂණය කරන ඉන්දියානු, ඉන්දුනීසියානු, තායි හා සෙසු ආසියානු පර්යේෂකයන් ද සිටිනවා.

අපේ කිසිදු සරසවියක එබදු නව මාධ්‍ය පෙරගමන්කරුවකු සිටිදැයි සොයා ගන්නට අපහසුයි. කැළණියේ මාධ්‍ය සමුළුවේ වෙබ් මාධ්‍ය ගැන සංවාද හරවත්ව හෝ ඉලක්කගතව කිරීමට රැස්ව සිටි උගතුන් අපොහොසත් වුණා.

නව මාධ්‍ය (new media) අර්ථ දක්වන්නේ කෙසේ ද? මෙය සෙද්ධාන්තිකව ක්ෂේත‍්‍රය හැදැරීමේදී අදාළ සහ වැදගත් වුවත් ප‍්‍රායෝගිකව විග‍්‍රහ කිරිම එතරම් ලෙහෙසි නැහැ. නව මාධ්‍ය සැසියේ සැළකිය යුතු කාලයක් මේ ගැන තර්ක විතර්කවලට වෙන් කෙරුණා. මගේ අදහස වුයේ ඕනෑ ම මාධ්‍යයක් “නව” මාධ්‍යයක් වීම පුද්ගලයාට මෙන් ම ජන සමාජයකටත් සාපේක්ෂ සාධකයක් බවයි. (1980 දශකයේ ටෙලිවිෂන් අපට නව මාධ්‍යයක් වන විට ලෝකයේ බොහෝ රටවල එය අරභයා පරම්පරාවක හෝ දෙකක අත්දැකීම් සමුදායක් තිබුණා.)

ඉන්ටර්නෙට් මාධ්‍යය හරහා ප‍්‍රවෘත්ති හෝ ඕපාදුප බෙදා හරින වෙබ් අඩවි සුළුතරයක් තිබෙනවා. මේවා ගැන උඩින් පල්ලෙන් බලා පොදු නිගමනවලට එළඹීම හා ප‍්‍රතිපත්ති නිර්දේශ කිරිම අනතුරුදායක මෙන්ම ඇතැම් විට හාස්‍යජනක ක‍්‍රියාවක්. “රජයට හා ප‍්‍රභූන්ට අපහසා කරන වෙබ් අඩවි පාලනය කළ යුතුයි”, වැනි සරල උද්‍යොගපාඨ දේශපාලන වේදිකාවලින් ඇසී පුරුදු වුණත්, විද්වත් සභාවල මීට වඩා කරුණු තෝරා බේරා ගෙන සමබරව විග‍්‍රහ කිරිමේ හැකියාවක් උගතුන්ට තිබිය යුතුයි. අවාසනාවකට එදා සංවාදයේ මෙබදු විසමතා, අතිශයෝක්තීන් හා අනවශ්‍ය තරමට ලඝු කිරීම් ගණනාවක් දකින්නට හා අසන්නට ලැබුණා.

උදාහරණයකට බොහෝ කොට සංවෘත අවකාශයක් වන Facebook සහ සහජයෙන් ම විවෘත හා පොදු අවකාශයක් (Public Space) වන සමස්ත ඉන්ටර්නෙට් මාධ්‍යය අතර මූලික වෙනස පවා තේරුම් නොගත් උගතුන් සිටින බව පෙනී ගියා.

ලක් සමාජය අන් කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා. එය ආර්ථික, දේශපාලනමය, සාංස්කෘතික මෙන් ම තාක්ෂණික අංශයන්ට ද අදාළයි. මේ වෙනස්කම්වලට ජන ව්‍යූහයේ (demographic), තාක්‍ෂණයේ මෙන්ම පාරිභෝගික රටාවල බලපෑම ද හේතු වනවා. අපේ පෞද්ගලික අත්දැකීම්වලට සීමා වී මිලියන් 20ක ජන සමාජයේ තත්ත්‍වය ගැන නිගමනවලට එළඹීම ශාස්ත‍්‍රවේදීන් නොකළ යුත්තක්. ඔවුන් ඊට වඩා පර්යේෂණ හා තර්කානුකූල පදනමකින් ක‍්‍රියා කළ යුතුයි.

ඉන්ටර්නෙට් හරහා පැමිණෙන මාධ්‍ය අපේ සමාජයේ හා ජනප‍්‍රිය සංස්කෘතියේ තවත් පැතිකඩක් බවට පත් වී ගෙන යනවා. මෙය එයට සමීප හා එයත් සමග ගනුදෙනු කරන අයට නම් අරුමයක් හෝ අසාමාන්‍ය දෙයක් නොවෙයි. එහෙත් එයට ආගන්තුක උදවියට නම් මේ ප‍්‍රවාහය “උන්මාදයක්” හෝ “මනෝ විකාරයක්” ලෙස පෙනිය හැකියි.

නමුත් ඉන්ටර්නෙට් නොදැන හා පරිහරණය නොකර වත්මන් තොරතුරු සමාජයේ යම් මට්ටමකින් ඔබ්බට යා නොහැකි ආකාරයේ යථාර්ථයක් බිහි වෙමින් පවතිනවා. විශේෂයෙන් නව දැනුම සොයා යන, දැනුම ගවේෂණය කරමින් එයට එකතු කරන පර්යේෂකයන්ට, ශිෂ්‍යයන්ට හා සරසවි ඇදුරන්ට නව මාධ්‍ය හැකියාව අවශ්‍යයි.

එයින් අදහස් වන්නේ පරිගණක දෘඩාංග හා මෘදුකාංග ගැන ඉංජිනේරු මට්ටමේ දැනුමක් හැමට තිබිය යුතුයි කියා නොවෙයි. වසර 20කට වැඩි කලක් දිනපතා පරිගණක භාවිත කරන මට පරිගණකයක් අළුත්වැඩියා කිරීමට හෝ එහි කාර්මික ගැටළු විසඳීමට හැකියාව නැහැ. මා එය දකින්නේ මෝටර් රථ භාවිතය වගෙයි.

වත්මන් සමාජයේ මධ්‍යම පාංතික බොහෝ දෙනා තමන්ගේ කාරයක්, මෝටර් බයිසිකලයක් හෝ ත‍්‍රීරෝද රථයක් මිළට ගෙන පදවා ගෙන යන්නට පෙළඹෙනවා. එසේ කරන බොහෝ දෙනා මෝටර් කාර්මික තාක්ෂණය ගැඹුරින් දන්නේ නැහැ. වාහනයේ ඉන්ධන, ලිහිස්සි තෙල් හා වතුර අවශ්‍ය පමණට යොදන්නටත්, හදිසියේ රෝදයක හුළං බැස්සොත් එය මාරු කර ගන්නටත් රියදුරන් වන අප බොහෝ දෙනාට හැකියි. එමෙන්ම මාර්ග නීතිවලට අනුව ආරක්‍ෂාකාරී ලෙස රිය පදවන සැටි අප දන්නවා. වඩාත් සංකීර්ණ නඩත්තු හෝ අලූත්වැඩියාවක් අවශ්‍ය වූ විට අප මෝටර් කාර්මික ගරාජයකට යනවා.

පරිගණක භාවිතය හරහා සයිබර් අවකාශයේ සැරිසරන අයටත් තිබිය යුතු මූලික දැනුමක්, කුසලතාවක් හා රීති මාලාවක් තිබෙනවා. මේවා නොදත් ඇතැම් විද්වතුන් හා වෘත්තිකයන්, ලෙහෙසියෙන් වළක්වා ගත හැකි තොරතුරු තාක්‍ෂණ වැරදි කරනවා. බැට කෑ විට තාක්‍ෂණයට දොස් පවරනවා. කුමන්ත‍්‍රණවාදී තර්ක කරනවා!

ස්වයංමුලාවට පත් සරසවි ඇදුරන්ගෙන් උගන්නා සිසුන් මෙන් ම ඔවුන්ගෙන් ගුරුහරුකම් ගන්නා රාජ්‍ය නිලධාරින්ට කුමක් සිදු වේද? තොරතුරු සමාජයේ ඉදිරි ගමන උපෙක්ෂා සහගතවත්, මැදහත් ලෙසිනුත් නිරික්සමින් විද්වත් අදහස් දැක්වීමේ වගකීම සරසවි ඇදුරන්ට තිබෙනවා. එය හරිහැටි ඉටු නොවන බව පැය කිහිපයක් ඔවුන් සමග ගත කිරිමෙන් මට පෙනී ගියා. http://tiny.cc/NMOM ද බලන්න.

Dispatch from Rio+20: Ensure Good Governance and People’s Rights for a Sustainable Sri Lanka

Text of my news feature published in Ceylon Today newspaper on 21 June 2012

Hemantha Withanage in Rio de Janeiro

Ensure Good Governance and People’s Rights for a Sustainable Sri Lanka, urge civil society in Rio

By Nalaka Gunawardene in Rio de Janeiro, Brazil

As world leaders gather in Rio de Janeiro for the United Nations Conference on Sustainable Development, 50 Lankan civil society organisations (CSOs) have issued a joint statement calling for good governance and respect for people’s rights in Sri Lanka.

Mere economic growth – by raising per capita Gross National Product (GNP) — can be a highly misleading indicator of development, the statement said.

“Better governance is a must for a sustainable society. Better environmental governance and environmental justice should be ensured for sustainable living,” it added.

The 15-page document is signed by 50 people’s organisations working on environment, development and human rights issues at the grassroots level. It urged the government of Sri Lanka to “follow the middle path in development as we proposed in 2002 for the World Summit on Sustainable Development (WSSD)”.

The statement has been released on the web and is being distributed to over 40,000 participants attending the major UN conference, also known as Rio+20. (Full text at: http://tiny.cc/SLRio20)

The government of Sri Lanka was also due to release its official report for the conference, but copies of it were not available. There was also no mention of it anywhere on the Ministry’s official website.

CSOs underlined the need to respect the basic rights of people while ensuring environmental safeguards and maintaining a slow growth. It emphasized that sustainable development and good governance were inseparable.

The statement called for greater media freedom, right to freedom of expression and right to dissent as articulated in Article 14 of the Universal Declaration of Human Rights, and in Agenda 21, an action plan for sustainable development that countries adopted at the original Earth Summit in Rio in June 1992. Sri Lanka has committed itself to both.

“It is very well known that without access to information, public participation, accountability, rule of law and predictability — which are the basic pillars of good governance — you cannot achieve sustainable development,” said Hemantha Withanage, the statement’s principal author in an exclusive interview.

“The sustainable development principles agreed at the Earth Summit in 1992 had environment, social and economical pillars. But today, we know that without a political pillar, sustainable development cannot be achieved,” added Withanage, Executive Director of the Centre for Environmental Justice in Sri Lanka.

“The space for CSOs and recognition of their role in development is vital,” the statement noted, calling for greater civil society involvement in policy formulation in all areas of development.

The statement mentions a wide array of issues and concerns raised by ordinary Lankans who were consulted during its preparation. These range from local and national to global, and cover sectors such as agriculture, water, livelihoods, energy, public health, disaster management and biodiversity conservation.

“The world needs to move towards a simultaneous action at local, national, regional and international level to confront the social, economic and ecological crises which the present development model has caused,” it notes. “What we need instead is to defend our commons and total transformation towards sustainable consumption and production patterns.”

It explicitly called “to stop all kinds of corporate control, capture and monopolisation of natural resources.”

“Our demands are not only for Rio+20. After all, this is just another meeting of the world nations under the UN flag. We should not treat this as an end of everything. It is an on-going process,” Withanage said.

He recalled being involved in the ‘Citizens Report on Environment and Development’ that Sri Lanka civil society organisations collectively prepared for the Earth Summit in 1992. Many of its aspirations were never met, he lamented.

“Meanwhile, we have seen more deterioration of the social and environmental rights over the past two decades,” he said.

CSOs also called for an assessment of environmental and social costs of Sri Lanka’s prolonged civil conflict that ended in 2009. Its impact on natural resources remains little understood even as economic development projects are being rolled out in conflict affected areas, the statement said.

The CSO statement was produced at the end of Sri Lanka Civil Society Dialogue on Rio+20 held in Negombo on 17 – 18 May 2012. It was convened by the Centre for Environmental Justice/Friends of the Earth Sri Lanka, National Fisheries Solidarity Movement (NAFSO) and the Sri Lanka Nature Group.

Read my interview with Hemantha Withanage on Groundviews.org
Rio+20 interview: “Green Economy should not justify Greed Economy!”

සිවුමංසල කොලූගැටයා #71: රියෝ සමුළුව – තිරසාර අනාගතයකට හුදකලා චාරිකාවක්?

This week’s Ravaya column (in Sinhala) is a preview of a key challenge being taken up at the UN Conference on Sustainable Development being held in Rio de Janeiro, Brazil, this month. I raise the question: how can Sri Lanka transform its economy into a green economy in pursuit of sustainable development?

I explored similar ground in my English column on 10 June 2012: When Worlds Collide #19: How Green is the Lankan Economy?

Rio+20 UN Conference Logo

පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවක් බ‍්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර පැවැත් වෙනවා. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, අමාත්‍යවරුන් හා රාජ්‍ය නායක මට්ටමින් පවත්වන අන්තර්-රාජ්‍ය රැස්වීම්වලට අමතරව විද්‍යාඥයන්, පරිසරවේදීන් හා වෙනත් විද්වතුන් එක් රැස් කරන සාකච්ඡ, වැඩමුළු, සම්මන්ත‍්‍රණ රාශියක් ද මේ දිනවල එම නගරයේ සංවිධානය කැරෙනවා.

1955 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජ්‍ය මට්ටමින් සාමාජිකත්වය දරණ (සහ ඒ සඳහා වාර්ෂිකව සාමාජික ගාස්තුවක් මහජන මුදලින් ගෙවන) ලක් රජය ද මේ සමුළුවට රාජ්‍ය මට්ටමින් සහභාගි වනවා.

මෙය හුදෙක් හරිත ප‍්‍රශ්න පිළිබඳ පාරිසරික සමුළුවක් නොවෙයි. ලෝකයේ දුගී දුප්පත්කම, සමාජ අසමානතා හා විසමතා දුරු කිරීමට ආර්ථික සංවර්ධනය අත්‍යවශ්‍ය බවත්, එම සංවර්ධනය තිරසාර කරගැනීමට ක‍්‍රමවේදයන් සකසා ගත යුතු බවත් රියෝ සමුළුවේදී එයට සහභාගි වන රටවල් ප‍්‍රතිපත්ති මට්ටමින් පිළි ගන්නවා.

ලක් රජයේ ඇතැම් කොටස්කරුවන් නොදන්නාකමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දැක්කත්, මේ සමුළුවේ වැදගත්කම අවබෝධ කරගත් මෙරට පරිසර අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය මාස ගණනාවක් තිස්සේ ඒ සඳහා නිල සුදානමක් සිදු කළා. එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරණ රටවල් 193න් එකක් හැටියට රියෝ සමුළුවේදී ශ‍්‍රී ලංකාව ද තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් දේශීය මට්ටමේ ප‍්‍රගතිය හා ඉදිරි දැක්ම කැටි කැරෙන වාර්තාවක් ඉදිරිපත් කරනු ඇති.

මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ රාමුව තුළ අනවශ්‍ය ලෙස ගැටුම් ඇති කර ගන්නා ලක් රජය, අනාගත මානව සුබසිද්ධිය ගැන ලෝක මට්ටමින් කථාබහ කරන මේ සමුළුවේදී වඩාත් සුබවාදී ලෙසින් සහභාගි වීම අගය කළ යුතුයි.

රියෝ සමුළුවේ එක් ප‍්‍රධාන තේමාවක් වන්නේ වර්තමාන ආර්ථික රටාව වඩාත් පරිසරයට හා මානවයන්ට හිතකර එකක් බවට පත්කර ගන්නේ කෙසේ ද යන්නයි. මෙයට Green Economy හෙවත් හරිත ආර්ථිකය යයි කීව ද මෙහිදී ‘හරිත’ යන්න විග‍්‍රහ කැරෙන්නේ වඩාත් පුළුල් අරුතින්. අපේ ඇතැම් හරිතවේදීන් බහුලව යොදා ගන්නා ගස්කොළ, වනසතුන් හා සොබාදහම යන පටු අරුතින් නොවෙයි.

එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP) හරිත ආර්ථිකය විග‍්‍රහ කරන්නේ “මානව උන්නතිය හා සමාජ සාධාරණත්වය ප‍්‍රවර්ධනය කරන අතර ම පාරිසරික අවදානම් අඩු කරමින් සොබා සම්පත් නැණවත්ව පරිහරණය කරන අන්දමේ ආර්ථික ක‍්‍රමයක්” හැටියටයි.

එබදු ආර්ථිකයක මූලික ගුණාංග හා අරමුණ තුනක් හදුනාගෙන තිබෙනවාථ

• පාෂාණිභූත ඉන්ධන (පෙට‍්‍රල්, ගල් අගුරු හා ගෑස්) වඩාත් අඩුවෙන් දහනය කරමින්, මිහිතලය උණුසුම් කරන කාබන් ඩයොක්සයිඞ් අඩුවෙන් පිට කරන ආර්ථිකයක්.

• සොබා සම්පත් අරපිරිමැස්මෙන් භාවිත කරන, නාස්තිය අවම කළ, වඩාත් කාර්යක්ෂම ආර්ථිකයක්.

• සංවර්ධනයේ ප‍්‍රතිලාභ දුප්පත් හා පොහොසත් හැම අතර සාධාරණව බෙදා ගන්නා ආර්ථිකයක්.

මෙයින් තෙවැනි අරමුණ ඉටු කර ගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. සියවස් ගණනාවක් තිස්සේ යුතෝපියානු (Utopian) ඉලක්කයක් ලෙස සැළකුණු මේ සමානාත්මතාවය, ධනවාදය තුළන් හෝ සමාජවාදය තුළින් හෝ ළගා කර ගන්නට නොහැකිව තිබෙනවා. මේ සදාතනික පැතුමට හරිත ආර්ථිකයෙන්වත් නව ජවයක් ලැබෙයි ද? එය කියන්නට බැහැ. එයට මුල් වන්නේ දේශපාලනික හා සමාජයීය සාධක නිසා.

ඉහත පළමු හා දෙවැනි අරමුණු සඳහා නම් විද්‍යාව හා තාක්ෂණය නැණවත්ව හා ක‍්‍රමවත්ව යොදා ගත හැකියි. එහෙත් හරිත ආර්ථිකයක් වසරකින් හෝ දශකයකින් එකවර පැන නැෙඟන්නේ නැහැ. එය සෙමෙන් හා ක‍්‍රමයෙන් ගොඩ නැඟිය යුතු ක‍්‍රමීය වෙනසක්. සොබාදහම රැක ගැනීමට පමණක් ලඝු කළොත් එය සිදු වන්නේත් නැහැ. හරිත ආර්ථිකයකට යොමු වීම හරහා රටක, ප‍්‍රජාවක මෙන් ම පවුලක ආර්ථිකයකටත් ලාබදායී හා ප‍්‍රයෝජනවත් විය යුතුයි.

විශේෂයෙන් බලශක්ති සම්බන්ධයෙන් හරිත ආර්ථිකයකට යොමු වීමේ වැඩි නැඹුරුවක් ඇතැයි UNEP කියනවා.මෙයට එක් ප‍්‍රධාන හේතුවක් නම් ඉහළ යන තෙල් මිළයි. ඛනිජ තෙල් වඩාත් පිරිමැසුම්දායක ලෙස භාවිතා කරන අතර පුනර්ජනනීය ඉන්ධන ප‍්‍රභවයන් (Renewable energy sources) වෙත යොමු වීමේ හදිසි අවශ්‍යතාවය අද ලෝකයට ම තේරුම් ගොස් තිබෙනවා.

සූර්ය, සුළං හා ජෛව ඉන්ධන බලශක්තිය වඩාත් කාර්යක්ෂමව ජනනය කොට, ගබඩා කොට, ප‍්‍රයෝජනයට ගැනීමේ තාක්ෂණයන් දියුණු කරන්නට ඉන්දියාව, චීනය, ජපානය, අමෙරිකාව, බ‍්‍රසීලය වැනි රටවල් අද විශාල ලෙස පර්යේෂණ කරනවා. මුදල් ආයෝජනය කරනවා.

එහෙත් හරිත ආර්ථිකයක් බිහිවීමට නවීන තාක්ෂණයන් හා ක‍්‍රමවේදයන් පමණක් සෑහෙන්නේ නැහැ. එයට හිතකර ප‍්‍රතිපත්ති රාමුවක් හා සමස්ත රාජ්‍ය ක්ෂේත‍්‍රයේ ම කැපවීම අවශ්‍යයි. මෙරට පුනර්ජනනීය බලශක්ති ප‍්‍රවර්ධනය කරන පෞද්ගලික සමාගම් මෙන් ම ස්වෙච්ඡ ආයතනවලටත් කලක් තිස්සේ තිබෙන ගැටළුවක් නම් එබදු පැහැදිලි හා හිතකර ප‍්‍රතිපත්ති රාමුවක් නොතිබීමයි.

මේ තත්ත්වය කෙමෙන් හොඳ අතට හැරෙන බව ද කිව යුතුයි. විදුලි හා බලශක්ති අමාත්‍යාංශය පුනර්ජනනීය බලශක්තිය නිපදවන තනි පුද්ගලයන්ගෙන් හා සමාගම්වලින් අතිරික්ත විදුලිය ලබා ගැනීමට කැමති වීම එක් මෑත හොඳ ප‍්‍රවණතාවක්. Net Metering ලෙස හැදින්වෙන මෙය ජාතික විදුලිබල ජනන ජාලය මත දැනට ඇති පීඩනය යම් තරමකට හෝ සැහැල්ලූ කිරීමට උදවු වනු ඇති.

Ernst “Fritz” Schumacher

තිරසාර සංවර්ධන ගැනත්, අළුත් ආර්ථික ක‍්‍රමයක දැඩි අවශ්‍යතාවය ගැනත් මීට වසර 40කට පෙර පෙන්වා දුන් ජර්මානු-බි‍්‍රතාන්‍ය ආර්ථික විද්‍යාඥ අර්න්ස්ට් ෂූමාකර්ගේ (Ernst Schumacher) ජන්ම ශත සංවත්සරය සමරන්නට මාර්තුවේ කොළඹදී වැඩමුළුවක් පැවැත් වුණා. අසීමිත ලෙස ආර්ථික වර්ධනය පසුපස හඹා යාම සොබා සම්පත්වලට හා මානව සමාජයට දිගු කාලීනව දරා ගත නොහැකි බව කල් තබා වටහා ගෙන ලෝකයට අනතුරු ඇගවූ අසාමාන්‍ය ගණයේ විද්වතකු හැටියට ෂූමාකර් පිළි ගැනෙනවා.

එහෙත් “පුංචි නම් ලස්සනයි” (Small is Beautiful) නමින් 1973දී ඔහුගේ වඩාත් ම ප‍්‍රකට කෘතිය ලියූ වකවානුවේ එබදු සංකල්ප මතු කරන්නන් දෙස බොහෝ දෙනා බැලූවේ සැකයෙන් හා අවඥාවෙන්. මානව චින්තනය වෙනස් කරන්නට අසම්මත ලෙස සිතු හා අදහස් පළ කළ බොහෝ දෙනා මෙන් ෂූමාකර් ද තමන් ජීවත් වූ යුගයට වඩා ඉදිරියෙන් සිටි බව කොළඹ වැඩමුළුවේ කථිකයන් කියා සිටියා.

එහිදී කථා කළ බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්ෂක හා බලශක්ති අමාත්‍යාංශයේ උපදේශක අසෝක අබේගුණවර්ධන කීවේ මෙරට බලශක්ති ජනනයට සිදු කැරෙන කාබන් ඩයොක්සයිඞ් විමෝචනය ටිකෙන් ටික සීමා කිරීමේ උවමනාව හදුනාගෙන ඇති බවත්, ඒ සඳහා 2020න් පසුව ක‍්‍රමානුකූලව යොමු වනු ඇති බවත්. එහෙත් මේ ඉලක්කය වෙත ළගා වීමට හරස්වන තාක්ෂණික හා ආර්ථික බාධක ඉවත් කළ යුතුව ඇතැයි ද ඔහු සඳහන් කළා. (මේ බාධක මොනවාදැයි ඔහු විස්තර කළේ නැහැ.)

තිරසාර සංවර්ධනයට මෙරට තිබෙන ලොකු ම බාධකයක් ලෙස හදුනාගෙන ඇත්තේ රජයේ විවිධ ආයතන අතර සම්බන්ධිකරණයක් නැති විමයි. මේ සම්බන්ධිකරණය ඇති කිරීමට තිරසාර සංවර්ධනය සඳහා ජාතික කවුන්සිලයක් (National Council for Sustainable Development) 2008දී පිහිටුවනු ලැබුවා. ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් එහි ආර්ථික ක්ෂේත‍්‍රයට අදාළ අමාත්‍යාංශ 22ක් නියෝජනය වනවා. රජයේ පාරිසරික ප‍්‍රතිපත්ති හා හරිත ලංකා පාරිසරික වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට සහය වීම මේ කවුන්සිලයේ වගකීමයි.

හරිත ලංකා වැඩසටහන යටතේ පුළුල් ඉලක්ක 10ක් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. සැමට පිවිතුරු වාතය ලබා දීම, වගකීමක් සහිත ඉඩම් පරිහරණය, නාගරික ප‍්‍රදේශවල පාරිසරික තත්ත්ව පාලනය, කාර්මික ක‍්‍ර‍්‍රියාවලින් ඇති වන පාරිසරික බලපෑම් කළමණාකරණය, දේශගුණ විපර්යාසවලට මුහුණදීම ආදිය ඒ අතර තිබෙනවා.

නම සඳහන් නොකිරිමේ එකගත්වය මත පරිසර අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ නිලධාරියකු කීවේ මේ උතුම් අරමුණු සදඟා රජයේ සෙසු අමාත්‍යාංශ හා ආයතන ඒකරාශි කොට සම්බන්ධිකරණය කිරිම ඉතා අපහසු වී ඇති බවයි. ඉඩම්, ජලය, කෘෂිකර්මාන්තය, බලශක්ති ජනනය, කර්මාන්ත, ප‍්‍රවාහනය ආදී ප‍්‍රධාන ප‍්‍රවාහයේ ක‍්‍රියාකාරකම් සියල්ල සිදු වන්නේ පරිසර අමාත්‍යාංශයෙන් පරිබාහිරවයි.

මේ යථාර්ථය තුළ තිරසාර සංවර්ධනයක් ඇති කරන්නට නම් සොබා සම්පත් කළමණාකරණය කරන හෝ පාරිසරික බලපෑම් ඇතිකරන හෝ දැවැන්තයන්ගේ දායකත්වය අත්‍යවශයි. එය හුදෙක් පරිසර දිනයකට, මිහිතල දිනයකට හෝ හරිත ලියවිල්ලකට සීමා නොවිය යුතුයි.

මෑත උදාහරණයක් ගනිමු. හරිත ලංකා වැඩසටහනේ එක් ඉලක්කයක් නම් 2016 වන විට මෙරටට අවශ්‍ය ඛනිජ තෙල් ප‍්‍රමාණයෙන් 10%ක් ජෛව ඉන්ධනවලින් (biofuel) නිපදවා ගැනීමයි. (පෙට‍්‍රල් වාහනවල එන්ජින් වෙනස්කමක් නොකොට, එන්ජින්වලට හානියක් ද නොවී 10-15%ක් ඊතයිල් මද්‍යසාරය මිශ‍්‍ර කළ හැකියි. වාහනවල ඛනිජ තෙල් බිල අඩු කර ගන්නට ඒවාට මධ්‍යසාර මිශ‍්‍ර කිරිම විද්‍යාත්මකව අත්දුටු ක‍්‍රමයක්.)

එහෙත් මෑතදී මාධ්‍ය වාර්තා කලේ මෙරට අතිරික්ත බඩඉරිගු ටොන් 10,000ක් කැනඩාවට හා තායිවානයට විකිණූ බවයි. එය අපේ කෘෂිකර්මයේ හා ජාත්‍යන්තර වෙළදාමේ ජයග‍්‍රහණයක් ලෙස හුවා දක්වා තිබුණා. බඩඉරිගු ටොන් 10,000 අලෙවියෙන් මෙරට කොපමණ විදේශ විනිමයක් ලැබෙනවා දැයි ප‍්‍රකාශිත නැතත්, මේ අතිරික්තය ජෛව ඉන්ධන නිපදවීමට යොදා ගත්තා නම් කොපමණක් වටිනා ඛනිජතෙල් සඳහා ආදේශ කළ හැකිව තිබුණා ද?

බඩඉරිගු පැසවීමෙන් ජෛව ඉන්ධන මද්‍යසාර නිපදවා ගත හැකියි. රියෝ සමුළුවට බ‍්‍රසීලයට යන අපේ නිලධාරින්ට හා අමාත්‍යවරුන්ට එරට ජෛව ඉන්ධන අත්දැකීම දැක බලා ගත හැකි නම් අගෙයි. බහුලව වවන උක් යොදා ගෙන ජෛව ඉන්ධන නිපදවා ඛනිජතෙල්වලට මිශ‍්‍ර කිරීම බ‍්‍රසීලය ඇරඹුවේ 1976දී. අද දියුණු වන රටවල් අතර ජෛව ඉන්ධන බහුලව ම භාවිතා කරන රටත්, ඒ සදහා හොදම තාක්ෂණික හැකියාව ඇති රටත් බ‍්‍රසීලයයි.

තිරසාර සංවර්ධනය කරා යන ගමන පරිසර අමාත්‍යාංශයට පමණක් තනිව යා හැකි හුදකලා චාරිකාවක් නොවෙයි. පරිසර අමාත්‍යාංශයට හැක්කේ ඒ සඳහා ගමන් මග හෙළි පෙහෙළි කොට, පෙර ගමන්කරුවන් වීම හා මාර්ගෝපදේශනයයි. අන්තිමේදී එය පාළු මාවතක් බවට පත් නොකර තිරසාර අනාගතයකට දිවෙන සක‍්‍රිය මාර්ගයක් කිරීමේ වගකීම රාජ්‍ය ක්ෂේත‍්‍රයේ මෙන් ම පෞද්ගලික හා විද්වත් ක්ෂේත‍්‍රවල ආයතන හා තීරක හැම දෙනාට පැවරෙනවා.

අභියෝගයේ බැරුම්කම හරිහැටි හදුනා ගෙන, මනා පෙළගැස්මකින් තිරසාර ගමන ගයොත් රියෝ සමුළුවෙන් ඔබ්බට ශ‍්‍රීලංකාවට බොහෝ දුර යා හැකියි. එහෙත් හිස් වදන් හා ප‍්‍රකාශවලට සීමා වී එක තැන පල් වුණොත්, සමුළුවෙන් සමුළුවට ගොස් එක ම තනුව වාදනය කරන පිරිසක් බවට පත්වීමේ අවදානම ද තිබෙනවා.

දැන ගියොත් රියෝ. නොදැන ගියොත් අනාථයි!

Eco Myths Can’t Save the Planet. Wake Up and Smell the Foul Air!

We Can’t Save the Planet with Green Myths!

This was the title of a talk I gave to Sri Lanka Rationalists’ Association (SLRA) in Colombo, Sri Lanka, on 7 June 2012 — two days after World Environment Day.

In this, I shared my observations on how attempts aimed at environmental conservation and sustainable resource use in Sri Lanka are often hindered by many misconceptions and myths about natural resources and our impact on them.

I invoked the words of George Monbiot, journalist/columnist, The Guardian, UK: “One of the most widespread human weaknesses is our readiness to accept claims that fit our beliefs and reject those that clash with them. We demand impossible standards of proof when confronted with something we don’t want to hear — but will believe any old cobblers if it confirms our prejudices…”

At the outset, I proposed a basic categorization of eco-myths as myths of the first, second and third kind – the last one being the most pervasive and harmful. Drawing on my 25 years of experience as a science writer and journalist, I cite several examples from air pollution, biodiversity and climate change.

There is also the mother of all eco-myths that Lankan nationalists never tire of repeating: romanticising the ‘good old days’ before modernisation and colonisation. Ah, if only real life were that simple…

I acknowledged that scientific knowledge and understanding on some ecological matters are evolving so have to keep an open, inquisitive mind: science does not have all the answers, but provides a framework in which to ask the right questions and to go in search of answers supported by evidence.

I also conceded that many individuals – and their societies – are not always rational. Governments (at least in democracies) take their cue from the people, and so…irrationality feeds on itself.

The bottomline: it’s a free world and individuals may cling on to any fantasy or belief. As long as it doesn’t harm others around the believer, and/or affects collective thinking. When it does, the good of the many must outweigh the good of one.

The last time I took on a myth was April 2009 with my blog post: ‘Chief Seattle speech’: Global environmental legend, or pervasive myth?

See, in particular, the kind of comments and berating I received from the true-believers!

සිවුමංසල කොලූගැටයා #70: ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට දායාද කළ සදෘශ්‍ය වනවගා විප්ලවය

In this week’s Ravaya column (in Sinhala), I write about Analog Forestry, a Lankan innovation that is now adopted in many tropical countries in Africa, Asia and Latin America.

Analog Forestry is a system of planned, managed forests that are designed to mimic the function and ecology of the pre-existing climax vegetation for the area, and are also designed to provide economic benefits.

Read: Just like a forest by Aditya Batra, Down to Earth magazine, 15 June 2011

තවත් ලෝක පරිසර දිනයක් ජුනි 5 වනදා සමරනු ලැබුවා. සෑම වසරක ම මේ කාලයට පරිසරය හා සොබා සම්පත් ගැන අවධානය යොමු වනවා. පරිසරවේදීන් කියන්නේ මහා පරිමානයේ සංවර්ධන ව්‍යාපෘති හා පාරිභෝගික සමාජය නිසා අපේ පරිසරයට විශාල තර්ජන ඇති බවයි. පරිසරයේ නිල සුරැකුම්කරුවන් ලෙස නීතිමය බලතල හා ප‍්‍රතිපත්තිමය වගකීම් ඇති රාජ්‍ය ආයතන කියන්නේ අභියෝග බොහොමයකට නිසි ප‍්‍රතිචාර දක්වන බවයි.

මේ දෙපිරිස වාද විවාද කරන අතරේ නිහඩව නමුත් ගැඹුරින් පාරිසරික තත්ත්වයන් අධ්‍යයනය කරමින් ප‍්‍රායෝගික විසදුම් සොයන හා නව සංකල්ප අත්හදා බලන ටික දෙනෙකුත් සිටිනවා. නිලබලය හෝ ප‍්‍රසිද්ධිය හෝ හඹා නොයන එහෙත් සොබා සම්පත් හා මානව සමාජය අතර සංහිදියාවක් ඇති කරන්නට වෙර දරන පර්යේෂකයන්, බිම් මට්ටමේ ක‍්‍රියාකාරිකයන් අපේ රටේ සිටිනවා. බැනර්, මාධ්‍ය ප‍්‍රකාශ හෝ පෙළපාලිවලින් තොරව නිහඩව වැඩ කර ගෙන යන මේ අය සැබෑ පරිසර වීරයෝ. මා කවදත් වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන් ගැනයි.

අපට සොබා දහම මවන්නනට බැහැ. එහෙත් සොබාදහම අධ්‍යයනය කොට එහි ක‍්‍රියාදාමයන් අනුකරණය කළ හැකියි. සොබාදහමට එරෙහි වනවා වෙනුවට සොබාදහම සමග සහයෝගයෙන් අපේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ ක‍්‍රමවේදයන් දැන් හඳුනා ගෙන තිබෙනවා. ගිය සතියේ කොලමින් මා හදුන්වා දුන් මෙරට සිටින ප‍්‍රවීණතම පාරිසරික විද්‍යාඥයකු වන ආචාර්ය රනිල් සේනානායකගේ නව්‍යකරණයක් වන සදෘශ්‍ය වන වගාව (Analog Forestry) ගැන සොයා බලමු.

සදෘශ්‍ය වන වගාවේ ආරම්භය 1975 දක්වා අතීතයට යනවා. රනිල් සේනානායක සිය පරිසර විද්‍යා ආචාර්ය උපාධියට ක්ෂේත‍්‍ර පර්යේෂණ කරමින් ශ‍්‍රී ලංකාවේ බොහෝ ගම්බද හා කැලෑබද ප‍්‍රදේශවල සංචාරය කළා. කෙටි කලකින් පසුව වුවත් එක ම ස්ථානයට නැවත ගිය විට එතැන ඉන් පෙර හමු වූ උභයජීවින්, කටුස්සන්, සර්පයන් හා අනෙකුත් ජීවීන් සංඛ්‍යාවෙනුත් විවිධත්වයෙනුත් අඩු වන සැටි ඔහු දුටුවා. මෙයට හේතුව ඔවුන්ට උන්හිටි තැන් අහිමිවීමයි. ස්වභාවික වනාන්තර අඩු වීමයි.

ස්වභාවික වනාන්තරවලට පසුව වඩාත් ම මේ ජීවින්ට හිතකර පරිසරයක් ඇත්තේ අපේ පුරාණ ගම්වල බව විකී අතුකෝරාල නම් මිතුරකු රනිල්ට පෙන්වා දුන්නා. මේ ඔස්සේ ගවේෂණය කළ රනිල් සොයා ගත්තේ පුරාණ ගම්වල තුරුලතා හා භූමි සැකසුම බොහෝ දුරට ස්වභාවික වනාන්තරය අනුකරණය කළ බවයි. මේ නිසා මිනිස් ජනවාස අතර වුවත් අනතුරකින් තොරව පවතින්නට සොබා දහමට ඉඩ ලැබී තිබුණා.

අමෙරිකාවේ කැලිෆෝනියා සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා 1978දී යළි ශ‍්‍රී ලංකාවට ආ රනිල්, 1980 දශකයේ වැඩි කලක් ගත කළේ වනාන්තර අනුකරණය කරමින් සොබා දහමටත් ගැමියන්ටත් හිතකර හා ප‍්‍රයෝජනවත් පරිසර පද්ධති බිහි කළ හැකි ද යන්න සෙවීමටයි.

වනාන්තරයක් වැවෙන්නේ පියවරෙන් පියවර දශක ගණනාවක් පුරා. තණ කොළ හා කුඩා පදුරුවලින් ඇරැඹී ටිකෙන් ටික වඩාත් විශාල ගස් බිහි වනවා. ඒ වටා සංකීර්ණ වූත් විචිත‍්‍ර වූත් ශාක හා සත්තව සමුහයක් එක්තැන් වනවා. මේ ක‍්‍රියාදාමය සමීපව අධ්‍යයනය කිරිමෙන් පසු මුඩුබිමක් හෝ විවෘත බිම් පෙදෙසක ටිකෙන් ටික වනාන්තරයක් අනුකරණය කැරෙන විදියේ ගස්වැල් වැඩෙන්නට සැලැස්විය හැකියි.

අපේ පුරාණ ගම්මානවල භූමි පරිභෝජන රටාවට අමතරව දකුණු අමෙරිකාවේ ගෝතමාලා රටේ වනාන්තර හා ගම්බද ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් ඔහු පර්යේෂණ කළා. මේ සියල්ලේ ප‍්‍රතිඵලය හැටියට සදෘශ්‍ය වනවගාව නමින් අළුත් සංකල්පයක් ලෝකයාට ඉදිරිපත් කරන්නට රනිල්ට හැකි වුණා.

සදෘශ්‍ය වන වගාව යනු වනාන්තරයක හා ගොවි බිමක සම්මිශ‍්‍රණයක්. සීමිත භූමි ප‍්‍රමාණයක මිලියන් 20ක මානව ජනගහනයක් හා විශාල ජෛව විවිධත්වයක් පවත්වා ගන්නට උපකාර වන එක් ක‍්‍රමවේදයක්. ගොවිබිම් සොයා වනබිම් ගිනි තබා එලි පෙහෙලි කරනවා වෙනුවට වනාන්තර හා ගොවිබිම් එක ම බිම් පෙදෙසහි එක ම කාලයේ පවත්වා ගැනීමට හැකිවිම මෙහි සුවිශේෂී ලක්ෂණයයි.

මෙහි විද්‍යාත්මක සිද්ධාන්ත තහවුරු කර ගත් පසු ප‍්‍රායෝගිකව අත්හදා බලන්නට රනිල්ට ඕනෑ වුණා. එහෙත් රජයේ වන දෙපාර්තමේන්තුව මේ සංකල්පය ගැන කිසිදු උනන්දුවක් දැක් වූයේ නැති බව ඔහු කියනවා.

එයින් අධෛර්්‍යයට පත් නොවූ ඔහු, පාරම්පරිකව තමන්ට කොළඹ හිමි වූ ඉඩමක් විකුණා ඒ මුදලින් ඌව පළාතේ බණ්ඩාරවෙලට සමීප මිරහවත්ත ප‍්‍රදේශයෙන් ඉඩමක් මිළට ගෙන සදෘශ්‍ය වන වගාවේ ප‍්‍රායෝගික අත්හදා බැලීම් ඇරඹුවා. පුරාණ ගම්මානවලින් හා ලෝකයේ වෙනත් රටවලින් උගත් දේ එහිදී වසර අටක් පුරා පෞද්ගලික වියදමින් හා පරිශ‍්‍රමයෙන් ක‍්‍රියාත්මක කළා. මේ සඳහා තවත් උද්යෝගිමත් පර්යේෂක පිරිසක්ද සම්බන්ධ කරගෙන Neo-Synthesis Research Centre (NSRC) නම් ලාබ නොලබන, පර්යේෂණ ආයතනයක් ද ආරම්භ කළා.

‘‘අපේ වන දෙපාර්තමේන්තුව යටත් විජිත යුගයේ ආරම්භ කළේ දැව උකහා ගැනීමේ මුඛ්‍ය අරමුණින් මිස වනාන්තර රැුක ගැනීමට නොවෙයි. අවාසනාවකට අද දක්වා එහි බොහෝ නිලධාරීන් වනාන්තර දකින්නේ දැව සඳහා උකහා ගත හැකි ගස් එකතුවක් ලෙසයි. වනාන්තර යනු ඉතා සංකීර්ණ පරිසර පද්ධති බවත්, ඒවායේ ජෛව විවිධත්වයේ බහුතරයක් ඇත්තේ මහ ගස්වල නොව කුඩා පැළෑටි, පඳුරු, වැල්, අපිශාක හා පාංශු ජීවින්ගේ බව ඔවුන් දකින්නේ නැහැ’’ ඔහු කියනවා.

සදෘශ්‍ය වන වගා බිමෙහි ආර්ථික වශයෙන් ප‍්‍රයෝජනවත් කුළුබඩු, පළතුරු හා වෙනත් බෝග වර්ග වවන්නට හැකියි. වගා කරන්නට පෙර ස්වභාවිකව යම් තැනෙක තිබෙන සියළු ගස්වැල් කපා ඉවත් කිරිම වෙනුවට ඒවා සෙවනෙහි ම වගා කළ හැකියි. සමශීතෝෂ්ණ දේශගුණය ඇති රටවල පුළුල්ව කැරෙන විවෘත වගාබිම් සංකල්පය ගෙඩිපිටින් ඝර්ම කලාපීය අපේ රටට ආදේශ කරනු වෙනුවට මේ විකල්පය වඩාත් පරිසර හිතකාමියි.

එමෙන්ම බෝග ඵලදායිතාවේ හා ගොවීන්ගේ ආදායම්වල වැඩිවීමක් මිස අඩුවක් වන්නෙත් නැහැ. එහෙත් බටහිර සංකල්පවලට නතු වූ අපේ කෘෂි විද්‍යාඥයන්ට හා කෘෂි ව්‍යාපෘති නිලධාරින්ට මෙලෙස වනය හා ගොවිබිම මුසු කිරිම දිරවා ගන්නට අමාරුයි. මේ නිසා සදෘශ්‍ය වන වගාවේ සාර්ථක හා හිතකර බව හොදින් සනාථ වී තිබියදීත් අපේ කෘෂි හා වන දෙපාර්තමේන්තු තවමත් එය පිළි ගන්නේ නැහැ.

“1980 දශකයේ වන දෙපාර්තමේන්තුව හා ඔවුන්ගේ විදේශ විශේෂඥයන් විශ්වාස කලේ මෙරටට තනිකර ම ආගන්තුක පයිනස් හා යුකැලිප්ටස් ගස් යොදා ගෙන කෘත‍්‍රිම වන වගා කිරීම ගැන පමණයි. වන බිම් අසල වෙසෙන ගම් වාසීන්ගේ ආදායම් උවමනාකම් ගැන කිසිදු හැගීමක් හෝ තැකීමක් වන නිලධාරින්ට තිබුණේ නැහැ. මේ නිසා සදෘශ්‍ය වන වගාව වැනි සංකල්පයක් නිලධාරින් අගය කළේ නැහැ,” රනිල් කියනවා.

වනාන්තර අනුකරණය කරමින් ගම්වල සදෘශ්‍ය වන වගා කිරීම හරහා වනය රැක ගන්නා අතර ගැමි ජනයාගේ ආදායම් ද වැඩි කළ හැකි බව වසර 25 ක් පුරා NSRC පර්යේෂණ ආයතනය මෙරට බදුල්ල, මොණරාගල වැනි දිස්ති‍්‍රක්කවල අත්දැකීමෙන් ඔප්පු කොට තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ මිරහවත්තෙන් පටන් ගත් වනය හා ගොවිබිම් එක්තැන් කිරිමේ විප්ලවය දැන් ලෝකයේ ඝර්ම කලාපීය රටවල් ගණනාවකට පැතිර ගොස් තිබෙනවා. Analog Forestry Network (www.analogforestrynetwork.org) නමැති විද්වත් ජාලයට රටවල් 16ක සදෘශ්‍ය වන වගාකරුවන් අයත්. එය ක‍්‍රියාත්මක වන්නේ ඒ රටවල රාජ්‍ය නිලධාරී, පර්යේෂක හා ගොවි සංවිධානවල සහභාගිත්වයෙන්. සදෘශ්‍ය වන වගාව දශක දෙකක් තිස්සේ විද්‍යාත්මක අධ්‍යයනයට ද ලක්ව තිබෙනවා. ඒ ගැන MSc හා PhD මට්ටමේ පර්යේෂණ නිබන්ධන ගණනාවක් හා ජාත්‍යන්තර නිබන්ධන රැසක් ලියැවී තිබෙනවා.

“සදෘශ්‍ය වන වගාව සෑබැ ලෝකයේ ප‍්‍රායෝගික ලෙස ක‍්‍රියාත්මක වන, පාරිසරික මෙන් ම සමාජයීය ලෙසින් විපුල ඵල දෙන ක‍්‍රමවේදයක් බවට අද ආසියාව, අප‍්‍රිකාව හා දකුණු ඇමෙරිකාව පුරා පිළි ගෙන තිබෙනවා. එහෙත් එය උපන් ශ‍්‍රී ලංකාවේ තවමත් කිසි පිළි ගැනීමක් නොලැබීම අපේ අවාසනාවක්. නිලධාරින්ගේ අධිපතිවාදයේ දරුණුකම එයින් පෙනෙනවා,” යයි රනිල් සේනානායක කියනවා.

2008දී මා විධායක නිෂ්පාදනය කළ “2048 ශ‍්‍රී ලංකාව” ටෙලිවිෂන් සංවාද මාලාවේ එක් වැඩසටහනකට, මොණරාගල මාරගලකන්ද ගම්මානය ආශ‍්‍රිතව කැරෙන සදෘශ්‍ය වන වගාව ගැන කෙටි වීඩියෝ වාර්තාවක් නිෂ්පාදනය කළා. රජයේ සෘජු මැදිහත්වීමකින් තොරව, පෞද්ගලික ඉඩම් යොදා ගෙන ගම්වාසීන්ගේ විශ්වාසය හා සහයෝගය දිනා ගෙන කරගෙන යන මේ වන වගාවේ සාර්ථකත්වය හොඳාකාර දැක බලා ගන්නට අපට හැකි වුණා. http://tiny.cc/SL48AF

රනිල් සේනානායක ඇරඹු NSRC අද ඉදිරියට යන්නේ එහි වත්මන් අධ්‍යක්ෂ කැමී මෙල්වානිගේ නායකත්වයෙන්. උඩරට කදුකරයේ ලොකු කුඩා තේ වතු ආශ‍්‍රිතව සදෘශ්‍ය වන වගා ඔවුන් අරඹා තිබෙනවා. මේවා අවට ගම්වාසීන්ට අතුරු ආදායම් ලබාදෙන අතර කලක් තිස්සේ වගාකිරිමෙන් නිසරු වූ බිම්වලට නැවත ජීවය ලබා දීමක් (Ecological Restoration) හැටියටත් NSRC දකිනවා. කුරුදු, කරාබුනැටි, අලිගැට පේර වැනි ආර්ථික වටිනාකමක් ඇති බෝග මේ වන වගා අතර වවනවා. මේ සඳහා තේවතු හිමියන් මෙන් ම වතු කම්කරුවන් ද හවුල් කර ගෙන තිබෙනවා.

“සදෘශ්‍ය වන වගාවක සාර්ථකත්වය දකින්නට වසර ගණනාවක් ඉවසිල්ලෙන් ක‍්‍රියා කළ යුතුයි. සොබාවික පරිසරයේ සිටින ගෙම්බන්, සමනලයන්, කූරන් ආදී සතුන් සදෘශ්‍ය වන වගාවට පැමිණෙන්නට ගත් විට එය වනයක හොඳ අනුකරණයක් බවට පත්ව හමාරයි,” මෙල්වානි කියනවා.

NSRC අමතරව ඌව පළාත කේන්ද්‍ර කර ගත් අනාගතේ අපේ අතේ (Future in Our Hands) නම් ස්වෙච්ඡ සංවිධානය ද සදෘශ්‍ය වන වගාවේ යෙදෙනවා. හේන් ගොවිතැන සඳහා අක්කර ගණන් කැලෑ බිම් ගිනි තබා හෙළි පෙහෙලි කරනු වෙනුවට සදෘශ්‍ය වන වගාවේ නිරත වීම හරහා ආදායම් ලැබීමට ගොවීන් කැමතියි.www.futureinourhands.org

මේ ක‍්‍රියාදාමයන්ට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්ගේ සහයෝගය ලැබෙනවා. ජාතික මට්ටමේ නිල පිළගැනිම හෝ අනුදැනුම නැතිව වුවත් දැනුම, කැපවීම හා සංවිධානය වීම හරහා පරිසරය රැක ගනිමින් ගැමි ආදායම් ද ඉහළ නැංවිය හැකි බවට සදෘශ්‍ය වන වගාව හොඳ උදාහරණයක්.

පරිසරය රැක ගන්නවා කියන්නේ සොබා සම්පත් පරිහරණය නොකර ඒවා කොටු කර, හමුදා ආරක්ෂාව යටතේ තැබීම නොවේ! සොබාදහමේ පුනර්ජනනීය සම්පත්, යම් සීමාවන්ට අදාළව නැණවත්ව හා ප‍්‍රවේශමින් පරිහරණය කිරීමේ කිසිදු වරදක් නැහැ. අද අපට අවශ්‍ය වන්නේ පරිසරය ද නොනසා, මානවයන් ද රැක ගන්නට හැකි තිරසාර වූත් ප‍්‍රායෝගික වූත් සංවර්ධන දැක්මක්.